"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
69 පේළිය:
මේ සියලු කටයුතු වල ඇත්තේ අපූරු සංකේතාර්ථයන්ය. කප්සිටුවීමේ අරුත හා එහි සංකේත පිළිබඳ විග්‍රහයේදී විද්වතුන් විවිධ මතවාද දක්වන බව පෙනේ. මෙවැනි මත අතර සිත්ගත් මතවාදයක් වන්නේ '''එය මනුෂ්‍යවර්ගයාගේ චිරපැවැත්මේ හා සෞභාග්‍යයයේ උදාව සංකේතවත් කෙරෙන බවයි.''' පෘථිවිය හෙවත් පොළව '''“මහිකාන්තාව”'''යි. අහස හෝ වායු ගෝලය '''“ඊශ්වර හෙවත් පිරිමියා”''' සංකේතවත් කෙරෙයි. දෙබලයක් සහිත කිරි ගසේ ඒලලෙන පොත්ත සහිත පොල් ගෙඩි දෙක ගැන සිතන්න. ඒවා එකිනෙක ගැටගසා ඇත්තේද පොත්ත ඉිතිරිවනසේ භාගයට ඉරාගත් පට්ටා දෙකකිනි. ඒ ආසන්නයේ වටා එල්ලෙන ගොක් රැහැන් හා පොලව මත වෛතාල වේලාවට සිටුවීම '''පෙරහර නිමවීමෙන් දින හතකට පසුව පොකුණට වැඩමවාගෙන යාම''' වැනි සිදුවීම් දාමය පිළිබඳ සංකේතාර්ථ විමසන ඇතැමෙක් එය ස්ත්‍රී පුරුෂ සංසර්ගය සිහිගන්වන බව ද, දරුවන් නමැති මාහැඟි උතුම් සම්පත පහළ කර ගැනීම සංකේතවත් කරන බව ද පවසති. මනුෂ්‍යවර්ගයා ඇතුළු සත්වසංහතියේ චිරපැවැත්ම සහතික වන්නේ ස්ත්‍රී පුරුෂ සහවාසයෙනි. එ බැවින් ඒ සියල්ල පූජනීය කාර්යයන් වශයෙන් පෙරදිග වැසියෝ සැලකූහ. අහස - පොලව ඉර - හඳ වැනි ස්වාභවික සම්පත් දෙවියන් ලෙස සැලකීම ද මෙවැනි සංකේතවත් අර්ථ සැපයීම හා ඒ සියල්ල පූජනීය කාර්යයන් සේ සැලකීම පෙරදිග උරුමය වේ. මේ අනුව සිතන විට මුළුමහත් පෙරහර උත්සව ක්‍රියාවලිය මනුෂ්‍ය සංහතියේ පැවැත්ම උදෙසා ස්වාභාවිකව සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලිය සංකේතවත් කරන බවට මතයක් සේ ගැනීම වුව ද හැකිය. අලුතෙන් විවාපත් යුවලකට යහන්ගතවීම හා සහවාසය සඳහා ද සුබනැකත් සාදා දීම පුරාණ සිරිත විය. කප්සිටුවීමෙන් අනතුරුව, කාක්කා අඬනවාත් සමගම (පාන්දර 5.00ට පමණ) වාගේ දේවාල මහ දොරටුව ඉදිරිපිට සිට තම්මැට්ටම් පංගුවේ ඇත්තන් වයන '''“පුරප්පට්ටු වාදනය”''' ප්‍රදේශය පුරා පැතිරයයි. එහි පදයේ හඬ අර්ථගන්වන ගමේ ඇත්තෝ ඒ වයන්නේ '''“දැන් දන් වරෙන්! අද හවසට වරෙන් මහ පෙරහර පවත්තන්ඩ... දැන් දැන් වරෙන් !දැන් දැන්වරෙන්!! දැන් වරෙන්!!!”''' යනුවෙන් ප්‍රකාශ කරති. පුරප්පට්ටු වාදන පදය කුමක්ද යන්න තෝරා ගැනීමට ලේඛකයා ශිල්පියා විමසමින් ගත් උත්සාහය අසාර්ථක විය. තම මුතුන්මිත්තන් කළ වාදනය අනුකරණය කරනු විනා තමන් එහි පද නොදන්නා බව ‍පවසනු ලැබිණි. බෙහෝ දෑ පෙරසිරිත අනුව යමින් කරනවා විනා ඒවායේ අර්ථ විග්‍රහයන් හෝ වැඩිදුර යම්යම් තොරතුරු නොදැනීම රාජකාරිමණ්ඩලයේ ස්වභාවය වැන්න. එහෙත් '''පෙරසිරිත''' ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කරගැනීමට දක්වන දැඩි සැලකිල්ල සියලු දෙනාතුළම පාහේ දක්නට හැකි ලක්ෂණයක් බැවින් ඒවා වෙනස්වී ඇත්නම් එය ඉතා සුළුවෙන් බව නිගමනය කළහැකිවේ. තමන් දේව උදහසට ලක්වේය යන බිය නිසා හිතුවක්කාර ලෙස වෙනසක් කිරීමට යමෙකු නොපෙළඹේ. එවැනි අවස්ථා පිළිබඳ ලැබූ දඬුවම් පිළිබඳ උදාහරණ ද ඔවුහු දක්වති.
 
<big>'''<big>කුඹල් පෙරහර</big>'''</big>
 
මාසෙ‍ පෝයගිය ගිය පෑලවිය දින (අමාවක දින හෙවත් මසෙ පෝය දිනට පසුදින) පටන්ගෙන කුඹල් පෙරහර දින පහක් පැවැත්වේ. මේ දින පහ මෙන්ම ඊ ළඟ වීදි පෙරහර දින පහද මහා පෙරහරට පේවීමක් බඳුය. කුඹල් පෙරහර දින උදෑසන බස්නායක නිළමේ ගේ ප්‍රධානත්වයෙන් දේවාල පරිශ්‍රයේ සිදුවන ප්‍රධාන කටයුත්ත වන්නේ කඩබිම් වෙන්දේසියයි. මෙදින ගැමියන් අතර ඇතිවන තරගයේදී ඇතිවන සුළු ගැටුම් කාරී තරගය මළුවේ විදානේ විග්‍රහකරන්නේ සුරඅසුර යුද්දයේ ආරම්භක නිරූපනය සේය.ඔහුගේ මතය පරිදි පෙරහරේ එක් සංකේතාර්ථයක් වන්නේ ද එම යුද්දයද සිහිපත් කරමින් සුරයන් ගේ ජයග්‍රහනය සැමරීමකි. මේ වෙන්දේසියේදී බොහෝ විට එකම පවුලේ අය අතර පවා ගැටුම් කාරී බවක් ඇතිවේ. එය මෑතදී පමණක් නොව ඉතා ඈතදී පවා එසේම වූ බව ද පැවසේ. මෙහිදී නරක අය යැයි ඔවුන් විස්නම සම්මත කර එක් පක්ෂයක් විසින් හඳුන්වන ප්‍රතිවිරුද්ද පක්ෂයේ අයට '''දේවක්කේඩුව''' ඇතිවන බවක් පවසනු ඇසිය හැකිය. පෙරහර අරඹී නිමවන තෙක්ම බොහෝ රාජකාරි ඇත්තන් ආවේගශීලීව හැසිරෙන ආකාරයක් නිතරම දක්නට ලැබීම ද ස්වභාවයක් බඳුය. එහෙත් මේ සියලුම ගැටුම් දිය කැපීමත් සමග නිමාවන බවත් පෙරසේම පවුල් බැඳීම් ශක්තිමත්ව තහවුරුවෙමින් ප්‍රජාව අතර ඇති සුහද සබඳතාව පුනර්ජනනය වෙමින් තහවුරු වන බවත් මළුවේ විදානේ ගේ විග්‍රහයට ද ඇතුලත්ය. ලේඛකයා ගේ අත්දැකීමද නිගමනයද ඒවා අපූරු තාවකාලික ආරවුල් පමණක් බවය.
79 පේළිය:
යනුවෙන් දැක්වෙන පදය අනුව වාහල් බෙරය පමණක් මේ අවස්ථාවේ දිගින් දිගටම නොකඩවාම වාදනය වන්ට පටන්ගනී. ඇසෙන්නේ එම හඬ පමණි. ක්‍රමයෙන් මුළු පරිසරයම නිහඬතාවයට පත්ව මේ බෙර හඬ පමණක් ඇසෙන්නට වේ. 1950 සහ 1960 දශකවල ඉතා මැනවින් පැවති මේ තත්වය අද පවා කිසියම් ප්‍රමාණයකට අඩ්වී ඇත්නම් ඊට හේතුව වී ඇත්තේ සාම්ප්‍රදායික බෙරය වෙනුවට ආදේශකයක් සේ දවුල භාවිතා කිරීම හේතුවෙනි. එකල පැවති මේ විශේෂ බෙරයේ හඬ කෙතරම් පැතිරේද යත් මහ පෙරහරේදී පවා දේවාලයෙන් පිටත පහත පරිශ්‍රයේ සිටින සිටින බැතිමතුන්ට පමණක් නොව ඈත ගෙවල්වලට පවා නින්නාද වෙමින් ඇසෙමින් පැතිරයයි.(උක්ත බෙර කඳ තවම පවතී. එය අළුත්වාඩියාකර මේ තේවාව නැවත පණගැන්වීමේ හැකියාව සහිත ශිල්පියාද තවම සිටී) '''ඈතින් පවා සිටින බොහෝ බැතිමතුන්ගේ දෑත් ඉහළට ඔසවා වැන්දවීමට මේ හඬ සමත්ය.''' වාහල් බෙරය වාදන ආරම්භයේදී දේවාලය තුළ දැකිය හැක්කේ උඩුවියන අල්ලන අය සහ ඒ සම්බන්ධ සෙසු අය සූදානම්වන ආකාරය සහ දෝලාගෙනයන අය සන්සුන්ව සූදානම්වීම, සෙසු වාදන ශිල්පීන්ද සූදානම්ව තමන්ට නියමිත ස්ථානවල රැඳී සිටීම වැනි කටයුතු පමණි. අත්තනායක මොහොට්ටාල නිළමේවරයාද නැගී සිට දෙවියන්ට නමස්කාර කිරීමට සූදානම්ව සිටී. වැඩසිටින මාලිගයේ මහ දොරටුවේ තිරය මෑත්වෙමින් දේවාභරණ සෙසු අයට යන්තමින්න් හෝ පෙනෙන විගසම මහත් හඬනගම්න '''හක්ගෙඩිය හා තුරම්පේත්තු හඬ පැතිරයයි'''. වාහල් බෙර නාදය ඒ සමගම නවතී. සක්නාදය හා තුරම්පේත්තු නාදයද හේවිසි හඬ ද සමග රාවප්‍රතිරාව නැගෙද්දී කපුමහතා විසින් දේවාලභරණ ඉතා යුහුසුළුව දෝලියේ තැන්පත් කරයි. මේ අවස්ථාව ප්‍රකට වීම වැලැක්වීමට මෙන් පලිහදරන්නා, චාමර සලන්නා සහ ඉදිරිපස පිරිසිදු කරන පිණිස හඳුන් කිරිපැන් ඉසින වට්ටෝරු රාල හා ඉදිරි මග අමදින මළුවේ විදානේ ද නිසා සෙසු අයට දර්ශනය ලබාගත හැක්කේ ඉතාම අමාරුවෙනි. ඒ මොහොතේම දේවාලයේ පෙරහර ගමන්කරවන හේවිසි කණ්ඩායමේ දවුල් තම්මට්ටන් හා හොරණෑ වාදනය ද සිදුවේ. මෙසේ මහදොරටුවෙන් දිග්ගෙයට පිවිසුනු පෙරහර දිග්ගේ දොරටුවෙන් නික්මෙන්නේ ගණිත පංගුවේ ඇත්තා විසින් '''ඔහු අසලම එල්වා ඇති ඝණ්ඨාරය නාද කිරීම''' සමගය. කුඹල් පෙරහරේ පළමු පෙරහර දින මහ හඩින් '''කාලතුවක්කු නාදය''' පිටවන්නේද මේ මොහොතේය. කාලතුවක්කුව දැල්වීම '''“ගෙබලන පංගුවේ”''' ඇත්තන්ගේ රාජකාරියේ කොටසකි. එම ඝණ්ඨාරය ගණිත පංගුවේ ඇත්තා විසින් හැර අන්කිසිවකු විසින් කවර විටකදී හෝ වාදනය නොකෙරේ. මෙතෙක් විස්තර කළ ක්‍රියා පිළිවෙලට තවත් අංග එකතුවෙමින් දේවේලේ පෙරහර හා මහා පෙරහර දිනවල තේවා සකස්වේ. තවත් අංග එකතුවනවා මිස මේ ප්‍රධාන අංග අඩුවීමක් ඒ කිසිදු අවස්ථාවක සිදු නොවේ. කුඹල් පෙරහර හෙවත් තවත් විටක ගැමියන් හඳුන්වන පරිදි '''මළුවේ පෙරහර දින පහක්''' පැවැත්වේ. විශේෂත්වය වන්නේ සුදුරෙදි වලින් වසාගත් පුන්කලස් දෙකක් (පොල්මල් පිටතට පෙනෙන පරිදි) '''පෙරහර පෙරමුණේම කුඹල් රාජකාරි ඇත්තන් විසින් ගෙනයාම වෙයි'''. පෙරහර දිග්ගෙයි දොරටුවෙන් නික්ම හෙවිසි මණ්ඩප‍ෙය් දකුණු දොරටුව හෙවත් රජමහා විහාර පරිශ්‍රයට පිවිසෙන දොරටුවෙන් නික්ම එම මිදුලට සම්ප්‍රාප්ත වී නවතී. මේ සමගම පත්තිනි දේවාලය වටා පැදකුණු කරමින් පෙරහර පළමවු පැවැත්වීම සිදුකිරීම පිණිස රාජකාරි හෙවිසි කණ්ඩායම පත්තිනි දේවාලයට යති. පත්තිනි දේවාලය ඇත්තේ කතරගම දේවාලයට ඉදිරිපසින් මීටර 75 ක පමණ දුරකින් වීම මීට හේතුව විය හැකිය. වෙනත් දේවාල වල පත්තිනි දේවාලය ද මෙම පරිශ්‍රයේම පවතිනමුත් මෙහි ඇත්තේ වෙනම ස්ථානයක වීම මීට හේතුව වේ. කෙසේවුවද පත්තිනි දේවාභරණ සහිත පෙරහර පළමුවෙන් පැවැත්වීම හෙවත් ගමන් කිරීම ලංකාවේ දේවාල පෙරහර සම්ප්‍රදායේ දක්නට හැකි විශේෂ ලක්ෂණයකි. එසේ පත්තිනි දේවාල පෙරහර නිම කර අදාල හේවිසි කරුවන් පැමිණෙන තෙක් කතරගම දේවාල ආභරණ දෝලි සහ සෙසු අයද ඉදිරියේ වෙනත් සාම්ප්‍රදායික රාජකාරි ප්‍රසංගයක් පැවැත්වේ. එහි පළමු අංගය වන්නේ '''“දැකුම් අත්නැටීම”''' යන විශේෂාංගයයි. ඒ සඳහා වාදනය වන්නේ සබරගමු දවුල වන අතර වාදනය කරනු ලබන්නේ '''කරපේ වාදන ශිල්පීන්''' විසිනි. ඒ අය දේවාලයේ පෙරහර ගමන් කරවන හේවිසි කණ්ඩායමට අයත් පිරිස නොව මේ සාම්ප්‍රදායික නැටුම් වාදන සඳහාම වෙන් වූ විශේෂිත ශිල්පී පරම්පරාවකි. '''දැකුම් අත් නැටීම''' හෙවත් තවත් විටෙක ඒ අය විසින්ම හඳුන් වන පරිදි '''“දෙවියන් දකින අත”''' නැටුම යනු මුලින්ම ඉදිරපත්වන අයිතමය වෙයි.
 
කන්දමුදුනටකන්ද ගිරි මුදුනට...... බැන්ද ලෙස ආසනයට....
රන්ද මයුරා පිට..... කන්ද සුරපති වඳිම් මුල් කොට...
යනාදී වශයෙන් ඉදිරිපත්වන එම ගායනයෙන් හැඟවෙන්නේද එය මුලින්ම කරන රංගනය හා මුලින්ම කරන නමස්කාරය යන්නය. මේ ආකාරයට කෙරෙන දැකුම් අත්නැටීමේ පදය හා එම නැටුම් සම්ප්‍රදාය අන් තැනෙක දැකිය නොහැකි මේ දේවාලයට පමණක් ආවේනික එකකි. දැකුම්අත් නැටීමෙන් අනතුරුව '''කෝලක්කාරපංගුවේ''' නැටුම් ඉදිරිපත්වන අතර එහි ගායන අන්තර්ගතය හා නැටුම් විලාසිතාවද '''කෝලම් හෙවත් විහිළු කරන ස්වරූපයක් ගනී.''' ඉදිරිපත්වන ගායනයේ දී