"උග්ගල් අලුත්නුවර/නව දේවාලය ගොඩ නැගීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== "......මෙතන දෙවිඳුට නුවර කරවා ගමුත් පුදවා පඬුරු ද...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
 
64 පේළිය:
 
ලෙසින් විස්තර කෙරේ. නව දේවාල මන්දිරයට දේවාභරණ වැඩමකරවීම සඳහා '''"නාරායන අප්පුහාමිත් රාමචන්ද්‍ර කියන අප්පුහාමිත්"''' සහභාගී වූ බව දක්වා ඇත්තේ '''“බ්‍රාහ්මණ”''' යන පසු නාමය අත හරිමිනි. ඉන් හැඟ‍නවන තවත් වැදගත් අදහසක් වන්නේ මීට වසර 200 කට පෙර සංක්‍රමණය වූ බ්‍රාහ්මණ පිරිස දේශීය ජනතාව හා එක්වෙමින් නෑදෑකම් වගා කරගනිමින් '''“අප්පුහාමි”''' වැනි නම්ද පට බැඳගෙන ඇති බවය. උක්ත පෙරහර අබියස දවුල් පන්දන් ලවමින් කවි සින්දු හා නොයෙක් නළු නාටක නැටුම් ද තිබුණු බව කියවේ. මේ අප්පුහාමිවරුන් දෙදෙන '''“මහරන්කෙණ්ඩියෙන් නානුමුර කර තුනුමුදුනෙන් යාපා මහා රාජෝත්තමයන් වහන්සේ කරවා වදාරාපු දේවාලේට කන්දකුමාර දෙවියන් වහන්සේගේ ස්වර්‍ණායුද වැඩමෙව් සේක්වා෴”''' යනුවෙන් දේවාලය කරවා ආභරණ වැඩමවා තැන්පත් කිරීමේ විස්තර නිමා කරයි. මේ විස්තර කන්දකුමාර සිරිත හා පවතින ජනකතා හා සැසඳීමේ දී දක්නට ඇති සමාන කමත් දැනට විද්‍යමාන පුරාවිද්‍යාත්මක සාධක අනුව සනාථ වන ආකාරයත් සලකන විට පුරාණ ලේඛනය ලියූ තැනැත්ත‍ා අඥාත වුවද ලියන ලද කාලය නිශ්චිතව සඳහන් නුවූවද මූලාශ්‍රයක් වශයෙන් ඇති විශ්වස්‍යතාවයේ වටිනාකම අඩු නොවන බව කිය හැකිය.
 
{{chapnav|කතරගම දේවාලය හා මැදගම දේවාලය|මහා පෙරහර මූලාරම්භය}}