"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
7 පේළිය:
:* [[/ ප්‍රාථමික මූලාශ්‍ර/]]
:* [[/ දැනමුත්තන් සමග කෙරෙන සාකච්ඡා/]]
 
== '''උග්ගල් අලුත්නුවර ඉතිහාසය අනාවරණය කරගැනීමට උපකාර වන ප්‍රාථමික මූලාශ්‍ර''' ==
'''පුරාණ පුස්කොල ලේඛනය'''
 
දේවාලය ගැන තොරතුරු සොයා යාමේදී ලේඛකයා වෙත දැනට දේවාලයේ වයෝවෘද්ධම අත්තනායක මොහොට්ටාල නිළමේ වරයා වන ඒ.එම්.එස්.එම් කරැණාරත්න බණ්ඩාර මහත්මා විසින් පුරාණ ලේඛනයක උපුටනයක් ලැබිණි. එය දේවාලයේ ආරම්භය ඇතුළු පුරාණ තොරතුරු සඳහන් වන ඉතා වැදගත් ලේඛනයක් විය. කටු පෑනකින්, පුරාණ අත් අකුරින් පුල්ස්කැප් පිටුවල පිටපත් කර ඇති එකකි. මේ මහතාණන්ට දී ඇත්තේ සිය මුත්තා විසිනි. මේ ගැන විමසීමේ දී එය 1860 ගණන් වල ලියූවක් බව ඒ කරුණාරත්න බණ්ඩාර මහත්මා ප්‍රකාශ කරයි. එම ලේඛනය දේවාල ලේකම් මිටයේ කොටසක් බව පිටපත් කළ අය විසින් එහිම සටහන් කරන අතර පුරාණ ලේකම් මිටිය දිරාපත්වෙමින් පවතින හෙයින් මෙසේ ලියන බවද සටහන් කර ඇත්තේය. කොළඹ කෙෘතුකාරයේ ඇති "සීමාසංකර විනෝදනී" පුස්කොළ පොතේ අග කොල දෙක හමාරක හෙවත් පිටු පහමාරක දක්නට ඇති ලේඛනය ද මීට සමාන එකකි. කටුගේ ඇති ලේඛනයේ උපුටනයක් මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන්ගේ "සොරගුණු දේවාල පුවතේ" දැක්වේ. 1940 දශකයේ උග්ගල් අලුත්නුවර ගවේශන වල යෙදීමට ගත් වෑය‍මෙන් පසු පූජ්‍ය කිරිඇල්ලේඥානවිමල හිමිපාණන් රචනා කළ "සපරගම්වේ පැරණි ලියවිලි" පොතේ උපුටා දක්වා ඇත්තේද, කුළසිංහ මහතා ලියා ඇති "උග්ගල් අලුත්නුවර වත" නම් වූ පොතේ උපුටා දක්වා ඇත්තේද එයම බව පෙනේ. මුල් ලේඛනය මෙම දේවාලයේ පැවති බවට නිසැක සාක්ෂි වන්නේ ඉහත කී කරුණාරත්න බණ්ඩාර මහතා ලබාදුන් ලේඛනයේම ඒ බව සඳහන්ව තිබීමෙනි. දේවාලයේ ප්‍රධාන ස්ථිර විධායක නිළධාරී තනතුර වූ '''"අත්තනායක මොහොට්ටාල නිළමේ"''' තනතුරේ දැනට සිටින වයොවෘද්ධ බහුශ්‍රැතයා වන්නේ 84 වියැති කරුණාරත්න බණ්ඩාර මහතාය. හෙතෙම එය ලේඛකයාට භාරදී ඇත්තේ සිය පරම්පරාවසතු මේ මහඟු ලියවිල්ල ප්‍රසිද්ධ කිරීමේ අයිතියද ලබා දෙමිනි. මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලයන් උපුටා දක්වන ලියවිල්ල "මැදගම සන්නස" ලෙස නම් කරන අතර කිරිඇල්ලේඥාණවිමල හිමියෝ එය ලේකම් මිටිය සේ නම් කරති. ඒ.එම්.කුලසිංහ මහතා එය උග්ගල් අලුත්නුවර දේවාල තුඩපත සේ සිය කෘියේ නම් කරයි. '''සන්නස''' යනු වෙන් අර්ථ දක්වන්නේ මහවාසලින් '''"ශ්‍රී"''' යනුවෙන් රාජකීය මුද්‍රාව සටහන්කර දෙන ලේඛයන් බවත් අධිකාරම්වරුන් විසින් ලබා දෙන බලපත් පැවරුම් ආදිය '''තුඩපත්''' ලෙස සැලකෙන ඒවා බවත් සැලකුවහොත් මෙම ලේඛනය ලියන ලද තැනැත්තකු සඳහන් නොවන හෙයින් ද එහි රාජකීය මුද්‍රාව සටහන්ව නොමැති හෙයින්ද එවැනි ලේඛනයක් බවට සාක්ෂි නොදක්වයි. සබරගමුව පළාත තුළ පැරණි ලියවිලි පිළිබඳ ගවේශනයේ යෙදුනු කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ සිය "සපරගමුවේ පැරණි ලියවිලි" හි 6 පිටුවතුළ ඉදිරිපත් කරන අර්ථ නරූපණ අනුව මෙය සැලකිය හැක්කේ වට්ටෝරු ලිපි ගණයටය.(රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන්වහනසේ, 1942 කිරිඇල්ලේ ජේ.ඇම්. සමරකෝන් මහතා විසින් මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරන ලද ග්‍රන්ථය) මේ අනුව මෙහිදී '''පුරාණ පුස්කොල ලේඛනය''' ලෙස භාවිත කිරීම වඩා උචිත විය හැකිය යනුවෙන් ලේඛකයා අදහස් කරයි.
 
'''කන්දකුමාර සිරිත '''
 
ලේඛකයාගේ සොයා බැලීම් වලදී හමු වූ තවත් වැදගත්ම ‍පුරාණ ලේඛනයක් වෙයි. එහි නම ලෙස සඳහන් වන්නේ "කන්දකුමාර සිරිත" ලෙසය. ක්‍රි.ව. 2003 දී අභාවප්‍රාප්තවූ දේවාලයේ ප්‍රධාන කපුනිළමේ වරයා ලේඛකයාට ලබාදුන් අත්පිටපතක දක්නට ලැබුණ එය ක්‍රි.ව.1712 දී ප්‍රබන්ධ කළ කාව්‍ය ප්‍රබන්ධයක් බව සටහන්ව ඇත. පුරාණ ‍පුස්කොල ලේඛනය මෙන්ම ලේඛකයාට මෙවර ද ලැබුණේ මුල් පිටපත නොව පසුකාලයක, මුල් පිටපතින් උපුටා ලියාගත් තවත් අත්පිටපතකි. එම අත් පිටපතෙන් පිටපත්කරගත් කොපියක් ළඟ තබාගෙන ලේඛකයා ලද අත්පිටපත කපුනිළමේවරයාගේ ඉල්ලීම පරිදි ආපසු භාර දෙන ලදී. මෑත දී ලේඛකයා කළ විමසීමේ දී එම අත්පිටපත දැනට සොයාගත නොහැකිව පවතින බව ඔහුගේ ඇවෑමන් කපුනිළමේ රාජකාරිය කරන භාරතරත්න බණ්ඩාර මහත්මාගේ පුතණුවන් වන සාලිය බණ්ඩාර මහතා පැවසීය. එම අත්පිටපත ලැබුණු අවදියේ ඡායාපිටපත් කිරීමේ පහසුකම්ද නොවූ බැවින් ඔහු ළඟ ඉතිරි වූයේ තමන් ලියා පිටපත් කළ එකකි. එහෙයින් මේ "කන්දකුමාර සිරිත" යනු ලේඛකයාගේ ප්‍රබන්ධයක් යයි සැකයක් ඇති වීමෙන් වැලකීමට ක්‍රමයක් නොවීය. 2007 දී පමණ එක්තරා දිනෙක, හිටපු කීර්තිමත් විදුහල්පතිවරයකු හා සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකවරකු වශයෙන්ද කටයුතු කළ අභාවප්‍රාප්ත කීර්ති ඒකනායක මහතාණන් වෙතින් දුන් දුර්ලභ ගණයේ පොතක් ලැබුණි. මේ මාහැඟි ග්‍රන්ථ‍ය කියවා බැලීමේ දී එය අහම්බෙන් ලැබුණ වාසනාවක්වන බව පැහැදිලි විය. මහා පඬිවරයකු වූ හිටපු කෙෘතුකාගාර අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල ශූරීන් විසින් එළිදක්වා ඇති එය පුරාණ පුස්කොල පොත් එකතුවක මුද්‍රිත සංස්කරණයකි. එහි මෙම කන්දකුමාර සිරිත ද අඩංගුවීමෙන් ලේඛකයාගේ ප්‍රබන්ධයක් නොවන බව පෙන්වා දීමට හැකියාව ලැබී ඇත. දේවාලයේ තිබූ මුල්ම ලේඛනය හෝ එහි මුල්කාලීන පිටපතක් පී.ඊ.පී. දැරණියගල ශූරීන්ට ලැබී ඇති බව පැහැදිලි වෙයිත. කන්දකුමාර සිරිත නම් වූ එම පුරාණ කවි පෙළ එතුමාගේ සම්පාදකත්වයෙන් එළිදක්වා ඇති "දේව වර්‍ණනා කාව්‍ය" ග්‍රන්ථයේ පිටු අංක37 සිට 47 දක්වා ඇත්තේය. (ප.එ.ප. දැරණියගල (සැප්තැම්බර් මස 10,1960)කොතුකාගාර පුස්කොල ග්‍රන්ථමාලා අංක IX දෙව වර්ණනා කාව්‍ය)
 
'''1870 විහාර දේවාලගම්පනත'''
 
බ්‍රිතාන්‍ය පාලන අවදියේ පත්කරන ලද කොමසාරිස් මණ්ඩල වල අවශ්‍යතාව පරිදි සකස් කර ඇති ක්‍රි.ව.1870 අංක 4 දරන විහාර දේවාලගම් ආඥාපණත යටතේ කොමසාරිස්වරුන් සටහන් කරන ලද තොරතුරු සමුදාය මෙහි මෑත කාලීන ඉතිහාසය අනාවරණය කරන මූලාශ්‍රයක් ලෙස දැක්විය හැකි ඉතා වැදගත් ලේඛයකි. තීරු හතක් යටතේ සකස්ව ඇති මේ ලේඛනය
'''පළමු තීරය''' දේවාලගමේ නම (අළුත්නුවර හා නළුවෙල ආදී වශයෙන් ඇති දේවාලගම් )''' දෙවනතීරය''' පංගුවේ අංකය '''තෙවන තීරය''' පංගුවේනම තොරතුරු සහ ප්‍රමාණය '''සිව්වන තීරය''' ප්‍රවේනි නිල කාරයාගේ නම(එකල සිටි දේවාලයේ රාජකාරිය කරන අයගේ නම) '''පස්වන තීරය''' වැඩවල අන්දම සහ ප්‍රමාණය නම(නියමව ඇති රාජකාරියේ විස්තරය) '''හයවන තීරය''' වැඩවෙනුවට අවුරුදු පතා ගෙවන මුදල '''සත්වන තීරය''' අයිතිකාරයාගේ නම(මෙහිදී අයිතිකරු ලෙස සටහන්ව ඇත්තේ උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය යනුවෙනි) ඉහත කිය වෙන ලෙස සකස්ව ඇති ලේඛනය අධ්‍යයනයෙන් 1870 වකවානුවේ පැවති පෙරහර පිළිබඳ කදිම චිත්‍රයක් සකස් කරගත හැකිය. අනෙක් අතින් එය දේවාලයේ වත්පිළිවෙත් නිසිපරිදි පවත්වා ගැනීම සඳහා අත්තනායක මොහොට්ටාල නම් වූ ප්‍රධාන විධායක නිළයටත් බස්නායක නිලමේටත් මහත්සේ උපකාරවත් වන එකකි. මේ නයින් එය ආරවුල් විසඳාලීමේ නීතිමය ලේඛනයක්ද වෙයි. මේ සම්ප්‍රදාය ගණන් නොගෙන නොසලකා හරින කෙනෙකු මෙහි හයවන තීරයේ සඳහන් මුදල ගෙවා වැඩවලින් ඉවත් වීමට උත්සාහ කළ අවස්ථා වූ බව 1996 දී සිටි බස්නායක නිළමේතුමා පැවසීය. එහි සඳහන්වන්නේ ඉතා සුළු මුදලක් බැවින් කෙසේවත් රාජකාරිය කුලියට කරවිය නොහැකි අතර විශේෂ ශිල්පීය හැකියාවන් අවශ්‍ය ඇතැම් රාජකාරි හා පෙරසිරිත නොදන්නා කෙනෙකුට අදාල රාජකාරිය කෙසේවත් කළ නොහැකි වෙයි. එහෙත් තමාගේ උරුම‍ෙය් වටිනාකම ගැන දන්නා සහ එය තමාට පමණක් කළ හැකි දෙයක් බව දන්නා ඒ වෙනුවෙන් යහපත් ආකල්ප ඇති පිරිසක් සිටින බැවින් සම්ප්‍රදාය නොනැවතී ඉදිරියට යන ලක්ෂණය තිබීම දක්නට හැකිය.
 
'''නටබුන්, දේවාලයේ ඇති පුරාණ කාසි, පුරාණ භාණ්ඩ හා ගොඩනැගිලි'''
 
දැනට විද්‍යාමාන ගොඩනැගිලිවල දක්නට ඇති පුරාණ කැටයම් සහිත බාල්ක,උඩමාලිගය,වැඩහිටින මාලිගයට පිවිසෙන කැටයම් කළ උළුවස්ස, දේවාලයේ ඇති පුරාණ භාණ්ඪ රාශිය, දේවාලයට පිවිසෙන පඩි පෙළ ඉදිරිපස ඇති පුරාණ හදගල(සදකඩපහන),දැනට වසා ඇති පුරාණයේ තිබූ ලිඳ වටා අතුරා ඇති ගල්තහඩුවල දැක්වෙන කැටයම්, ටැම්පිට විහාරයක් වූ බවට දෙස් දෙන විහාර මන්දිරයේ පුරාණ ගල්ටැම්,පුරාණයේ ස්ථාපනය කර හිදුවා ඇති බෝධීන් වහනස්සේ, පුරාණ ලේඛනවල දක්නට ඇති දැනටත් රාජකාරි කෙරෙන හා රාජකාරි ලේඛනගතව නියමව ඇති පුරාණ කොස්ගස, ‍පරිශ්‍ර‍ෙය් සීමා සටහන් කරනු පිණිස ඉදි කළ ගල් ටැම් හෝ වාහල්කඩ යැයි අනුමාන කළහැකි ලෙස සීමාවන්හි පිහිටුවා ඇති විශාල ගල්ටැම්, පත්තිනි දේවාල ගොඩනැගිලි, දැනට විද්‍යාමාන දේවාලයට කලින් ඉදි කළ බව කියවෙන මැදගම දේවාලයේ පුරාණ අත්තිවාරමේ පාෂාණ ඇතුරුමි, පුරාණ පාලමක් සදහා භාවිත කළ අඩි 40 කට ආසන්න දිගකින් යතු දැව කඳ(මෙය පතල් කැපීමකදී හමුවී ඇති දැවකඳන් කීපයක් අතරින් ගොඩට ගෙන දේවාලයාසන්නයට ගෙන ආ බව කියති.) ආදී නටබුන් හා ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වෙයි. තවම කැනීම් කර නැති බැවින් ඉදිරියේදී තවත් නටබුන් ස්ථාන හා වැදගත් තොරතුරු අවනාවරණය වනු ඇත.දේවාලය තුළ තිබී හමුව ඇති ගම්පල යුගයේ සිට භාවිත වූ කාසි සංචිතය ද වැදගත් මූලාශ්‍රයකි.
 
== '''තදාසන්න ස්ථාන,ජනශ්‍රැතිය සහ රාජකාරි මණ්ඩලයේ වයෝවෘද්ධ දැනමුත්තන් සමග කෙරෙන සාකච්ඡා ''' ==
"https://si.wikibooks.org/wiki/උග්ගල්_අලුත්නුවර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි