"ගණ දෙවි හෑල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
169 පේළිය:
 
==ගණදෙවි හෑල්ල==
 
39.*<poem>ගණපති දෙති නුවණ
මිහිකත රකියි මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි මේ දේවගණ
40.</poem>*<poem>ගනඳුරු දුරලවන්
නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්
41.</poem>*<poem>පුදම් ආලංගා
සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා
42.</poem>*<poem>ගණදෙවියන් නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න
43.</poem>*<poem>සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා
44.</poem>*<poem>ඊශ්වරා ලෙසින් තමා
ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා
45.</poem>*<poem>චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා
46.</poem>*<poem>නිත්ත ඇවිද මෙර වටමා
සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා
47.</poem>*<poem>ඔදැති තෙදැති සමාගමා
අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා
48.</poem>*<poem>ගණිසුරු මහසෙන් කන්දා
ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා
49.</poem>*<poem>ඉසුරු උමා කී බසෙකින්
මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම් </poem>
 
ගණදෙවි හෑල්ල නිමි.
"https://si.wikibooks.org/wiki/ගණ_දෙවි_හෑල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි