කූක්බුක් | අවශ්‍ය දෑ | ආහාර වට්ටෝරු

පොලොස් ඇඹුල
විකිමීඩියා Cookbook හි කොටසකි.



සාමාන්‍ය ප්‍රමානයේ පොලොස් ගෙඩියකට ගන්න ප්‍රමානය දෙන්නම්. ඒක කුඩා කැබලි කපල කෑලි වල පොත්ත පැත්තෙ ගැබුරට පිහියකින් ඉරි ටිකක් ගහන්න වෙන් නොවෙන විදියට හොදට තැම්බෙන්නත් තුනපහ හොදින් අල්ලගන්න එහෙම කරන්න ඕන දැන් ඒක මෙහෙම හදාගන්න තුනපහ ප්‍රමානය එක්ක රෙසිපි එක දෙන්නම් මුලින්ම පොලොස් කෑලි කපල උයන්න ගන්න භාජනේට නැතිව වෙනම භාජනේකට දාගන්න ඒකට බැදපු මිරිස් කුඩු මම දැන්මෙ පුරවල තේ හැදි තුනක් ඔයාලගෙ රසය අනූව දාන්න,ලුනු ප්‍රමානය වෙනස් වෙනව රස බලල ඒක දාන්න,කරදමුංගු ඇට 7-8 සහ කුරුදුපොතු කැබලි 6-7ක් දෙකම වංගෙඩික තලල දාන්න,බිලින් දානවනම් සාමාන්‍ය තරමේ ගෙඩි 4ක් විතර පල දාන්න නැත්නම් ගොරක අඩු 6-7ක් දාන්න,හීන් කොච්චි කරල් 10-15ක් නැත්නම් අමුමිරිස් කරල් හතරක් විතර පලල දාන්න,කලුකුඩු තේ හැදි දෙකක්,රම්පෙ කොලයක්,කරපිංචා කිනිති 4ක් පමන කොල,උම්බලකඩ සිහින්ව කැබලි ටිකක් දාල මේකට පොල් ගෙඩි 1 1/2කිරි ඕන අමු පොල් ගෙඩියකයි වේලුනු පොල් බෑවකුයි ගාල කිරි උකුවට මිරිකාගන දාන්න කෑලි වලට වඩා උඩින් එන තරමට කිරි තියෙන්න ඕන දැන් මැටි හට්ටියක් ලිප තියල ඒකට තෙල් මේස හැදි තුනක් විතර දාන්න ඒකට සිහින්ව කපාගත් රතුලූනු ගෙඩි 5-6ක්,රම්පෙ කොලයක කෑලි,කරපිංචා කොල ටිකක් දාල බැදෙන්න දෙන්න රන්ව න් පාට උනාම ඒකට කහ ස්වල්පයක් දමන්න,මිරිස් කුඩුටිකක් මේකටත් දාන්න දාල හැන්දෙන් කලවම් කරල වැඩිවෙලාවක් තියන්න එපා පසුවන්පොලොස් එක දාන්න දාල හොදට ගින්දර දාන්න කිරි පැහුනම ඇවිලෙන ගින්දර නිවල පොල්ලෙලි වලින් පමනක් ගින්දර ඇවිලෙන්න නොදී අගුරු ගොඩේ තියන්න පොල්ලෙලි නිවෙන්න එනකොට තව ඒව දාන්න එහෙම පැය 3-4ක් පිසගන්න ඕන එහෙමයි හරි විදිය සැරෙන් සැරේට හොදින් සොලවන්න ගින්දර ඇවිලෙන්න දෙන්නනම් එපා එතකොට ඉක්මනින් කිරි හිදිල යනව අගුරු ගොඩේ තියෙනකොට කිරි වලින් තෙල් බේරිලි රස වගේම පාටත් එනව පොලොස් ඒ විදියට කලාම පොලොස් ඉදුනම මදුලෙ ඇතුල රතු පැහයක් එනව දැන් ඉතින් කන්න තියෙන්නෙ,පොලොස් හදනකොට සවස් කාලයේ හදන්න පහුවදාට කෑමට ගන්න එතකොට රසයි,(බැදපු මිරිස්කුඩු කලුකුඩු දාලා හදන්න එතකොටයි නියම රසය එන්නෙ බැදපු මිරිස් කුඩු එකටයි කලුකුඩු එකටයි පහේ බැදල දාල නිසා රසයි කලින් මම ඒව දෙකම හදන විදිය දාල තියෙනව ඒ දෙක තියෙනවනම් ඔයාලට ගොඩාක් රසට කෑම හදාගන්න පුලුවන්,මම මේකෙ හොදි ගතිය තියල නැහැ ඔයාලගෙ කැමැත්ත පරිදි ඒක කරන්න)

"https://si.wikibooks.org/w/index.php?title=Cookbook:පොලොස්_ඇඹුල&oldid=25080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි