හෙන්රි රෙනේ ඇල්බර්ට්

ඔහු‍‍ගේ මුතුන් මිත්තෝ වංශාධිපතීන් වුහ.ශ්‍රේෂ්ඨ ප්‍රංශ ලේඛකයෙකු වු "ගුස්ටාව් ෆ්ලොබර්ට්" ගේ දේව පියා වශයෙන් කටයුතු කර ඇත්තේ ඔහුගේ සීයාය.ඔහු උපන්නේ 1850 දී ය.ඔහු ළමා කාලය ගත කෙරෑයේ ප්‍රංශයේ නෝමන්ඩි ප්‍රදේශයේය.පියා නොමැති ඔහු ට අවුරැදු 11 න් පසු ජිවත් වීමට සිදු වුයේ මවත් සමගය.නෝමන්ඩි ප්‍රදේශයෙන් සමුගත් ඔහු මවත් සමග වෙරළබඩ පිහිටි දර්ශනීය එත්‍රිතාත් නගරයට පදිංචියට පැමිණියෙ‍ ය.මුලින්ම ඉවෙතොත් නම් නගරයේ සෙමනේරියක ඉගනුම ලැබු ඔහු පසුව රෑන් ලීසී හි ඇතුළු විය.එහි දී ඔහු කවී ලිවීම ආරම්භ කළේය.

හෙන්රි රෙනේ නමින් හැදින්වුවද ලොකු කුඩා කවුරැ වුව ඔහු දැන හදුනන්නෙ ගී ද මෝපසාං යන නමිනි.1869 සෝබෝන් විශ්ව විද්‍යාලයට ඇතුලු වී නීතිය පිළිබද හැදෑරැවේය.ප්‍රංශයට ඔහු ශ්‍රේෂ්ඨ ලේඛකයකු විය.හොද යුධ භටයෙක් විය.

මවගේ මිතුරන් වූ ලේඛක එමිල් සෝලා හා ඉවාන් තුර්ගෙනිව්,හෙන්රි ජේම්ස් වැනි ප්‍රසිද්ධ ලේඛකයන් ඔහු ඇසුරැ කිරීමට භාග්‍යවත් විය. ගුස්ටාව් ප්ලොබෙට්ගේ සාහිත්‍ය කවයට බැදුණු ඔහු,ඔහුගේ විශිෂ්ට ලේඛන කලාව ආරම්බ කළේය.වසර අටක කාලයක් පමන සිවිල් සේවකයකු ලෙස කටයුතු කළ ඔහු නාවික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ කටයුතු කළේය.ඉනික්බිති අධ්‍යාපනඅමාත්‍යාංශයේ සේවයට බැදුන ද එම රැකියාවට ඔහු එතරම් කැමැත්තක් නොදැක් වීය.ඹහු වැඩි කාලයක් මිඩංගු කළේ කාන්තාවන් පසුපස යාමටත් පුවත්පත් වලට ලිපි ලිවීමටත්ය.ඔහුට ලිපි ලිවීමට ආරෑඩ නමක් විය.එනම් ගී ද වැල්මොන්ට් මෝපසාං යනුයි.

ඔහුගේ මුල්ම කෙටි කතාව "BOUL DE SUIF" වු අතර එය ඇතුලත් කර තිබුනේ "LES SOIRES DE MADAN" යන කෙටි කතා සංග්‍රහයෙහි ය.පුද්ගල සිත් සංහිදියාවන්ට ඇමතු ඔහුගේ කෙටිකතා නිර්ව‍්‍යාජ විය.ඒ නිසාවෙන්ම ගී ද මෝපසාං ශ්‍රේෂ්ඨ විය.


සුනේත්‍රා විජයන්ති සමරකෝන් - AR/50878 - AF/04/3266 - SINH 2105


"https://si.wikibooks.org/w/index.php?title=හෙන්රි_රෙනේ_ඇල්බර්ට්&oldid=6280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි