11. මහාසඬඝරක්ඛිතතෙර වත

සංස්කරණය

තව ද මහාසඬඝරක්ෂිමත නම් එක් තෙරකෙනකුන් වහන්සේ සැට අවුරුද්දක් ආයු වළඳා මරණමඤ්චකයෙහි වැඩැ හොත් සේයෙක උන්වහන්සේගේ මියන්නට වැඩැ හොත් බව අසා “අපගේ ස්වාමි වු මහාසංඝරක්ෂිඩත ස්ථවිරයන් වහන්සේ රහත් වැ අප හැමදෙනා අත කුසල් පුරා දැන් ආයු කෙළවරැ මියන්නට වැඩැ හෛාත් සේක් ල. ඔවුන් වහන්සේට පුජා කරම්හයි සිතා නොයෙක් දිගින් දොළොස් යොදනක් පමණ තැන බොහෝ දෙන පුජා ලෙණැ රැස් වුහ.

“නුඹවහන්සේ පෘථග්ජන වැ කාලක්රිැයා කරණ කලිහි නුඹ වහන්සේට පුජාභාණ්ඩ ගෙණැ රැස් වු මහාජනයාට බොහෝ පශ්වාත්තාප වන්නේ ය”යි උපස්ථාන කරණ ලදරුභික්ෂුබන් වහන්සේ දැැන් වු කලිහි එපවත් අසා තෙරුන් වහන්සේ “ඇවැත්නි, මම මෛත්රි සම්මාසම්බුදුරජානන් වහන්සේ දකිමියි. විදර්ශානා නො වැඩීමි. එබැවින් මා ඔල්බවා හිදුවාලා අවකාශ දෙව”යි වදාළසේක.

උපස්ථාන කරණ වහන්සේ තෙරුන් වහන්සේ වඩා හිඳුවා පිටතට වැඩි සේක, ගිය ක්ෂාණයෙහි විදර්ශිනා වඩා රහත් වු සේක, රහත් වැ අසුර ගයා වදාළසේක, ස්වාමිනි, මරණ සඤ්චකයෙහි හෙවැ ැපොවා ගුණවිශෙෂය ලැබීම ඉතා ආශ්චය්ය්ිර්යග”යි වදාළසෙයෙක මෙසේ පැවිදි වු වේලෙහි පටන් මරණාන්තය දකිවා සුපරිශුඬශීලය ැක්ෂාබ කළ උන්වහන්සේ ආදී සුපිළිපන්සඬඝය වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.


12. අන්යනතරස්ථවිර වත

සංස්කරණය

තව ද, එක් කෙනකුන් වහන්සේ “සර්ව්ඥයන් වහන්සේ වදාළ පාළි උගන්නට ය”යි රුහුණු වඩනා සේකැ. තෙරුන් වහන්සේ හා‍ එක් කුසෙහි හොත් උපාසිකාවෝ ද තමන් පුතනුවන් වහන්සේගේ පවත් තෙරුන් වහන්සේ විචාරන්නාහ.

තෙරුන්වහන්සේ එක් දවසක් “තමන් වහන්සේගේ බෑනනුවන් ගෙණෙමි’යි කියා රුහුණට වැඩිසෙයෙක, උපාසිකාවන්ගේ පුතනුවන් වහන්සේ ද බොහෝ කලක් මා විසින් මෙහි වසන ලද. උපාඬ්යා්යයන් වහන්සේ බලාපියා උපාසිකාවන්ගේ පවත් දැනැ එමි” සිතා රුහුණීන් නික්මුනු සෙයෙක දෙදෙනා වහන්සේ ඔවුනොවුන් දැකැ තෙරුන් වහන්සේ විසින් කොයි දැ”යි විචාරණ ලද සේක් එපවත් සැළකළසේක.තෙරුන් වහන්සේ ද “ඉතා යහපත තොප විසින් කරණ ලද. උපාසිකාවෝ ද තොප නිරන්තරයෙන් විචාරන්නාහ මම ද තොප කැඳවා ම ආමි. තෙපි යව. මම මෙහි ම වස් වෙසෙමි”යි කියා උන්වහන්සේ නඟා යැවු සෙයෙක. ඔවුන් වහන්සේ ද වස් වසන දවස් ම පියානන් කරවු සෙනස්නට වැඩිසේක.

ඉක්බිති, ඔවුන් වහන්සේගේ පියානෝ දෙවන දවස් අවුත් “ස්වාමිනි, අපගේ සෙනස්ස කවුරුන් වහන්සේ පිළිගත් සේක් දැ?යි විචාරා” ආගන්තුකලදරුභික්ෂුන කෙනෙකුන් දැ”යි අසා උන් වහන්සේ කරා එළඹැ පසඟ පිහිටුවා වැඳැ “ස්වාමිනි, අපගේ සෙනස්නේ වස් විසීමට පැමිණියවුන් කළ මනා වතෙක් ඇතැ”යි කීහ. ඔවුන් වහන්සේ “කිමෙක් ද? උපාසකයෙනි” යි වදාළ සේක. උපාසකයෝ ද ‘ස්වාමිනි, තුන්මසක් මුළුල්ලෙහි අපගේ ගෙයි දී ම වළඳා වඩනා කල අපට කියා වැඩිය මැනැවැ”යි සැළකළාහ. ඔවුන් වහන්සේ ද ඔවුන් බස් අසා මුවෙන් නො බැණීමෙන් ඉවසා වදාළ සේක. උපාසකයෝ ද තමන්ගේ ගෙට ගොස් “අපගේ සෙනස්නට එක් ඇගන්තුක වහන්සේ කෙනෙක් වැඩිසේක. සකස් කොට උපස්ථාන කටයුතු ය”යි ිකීහ.උපාසිකාවෝ ද යහපතැයි මුදුනෙන් පිළිගෙණ ඉතා මධුර වු කනබොන දෑ සැපයුහ.

භික්ෂුනන් වහන්සේ ද බත්වේලෙහි නෑදෑයන්ගේ ගෙදරට වැඩිසේක. කිසි නෑදෑ කෙනෙක් ඔවුන් වහන්සේ නො අඳුනන්නාහ. ඒ ආය්ය්ලර්යකන් වහන්සේ ද තුන්මසක් මුළුල්ලෙහි වළඳා “අපි ියම්හ”යි වදාළසේක ඉක්බිති ඔවුන් වහන්සේගේ නෑදෑයෝ ගෙයි දී ම වළඳවා තෙල් නැළියක් හා හකුරුපිඬක් හා නවරියන් කඩක් හා දන්දී “වැඩිය මැනවැ”යි කීහ.

ඔවුන් වහ්නසේ ද අනුමෙවෙනිබණ වදාරා “රූණට යම්හ”යි වැඩිසේක. උපාධ්යා්යයන් වහන්සේ ද වස් වැසැ (පවරා පෙරමඟ වඩනා සේක් පෙර දුටු තැන්හි ම ඔවුන් වහන්සේ දුටුසේක.) ඔවුන් වහන්සේ (උපාධ්යාවයයන් වහන්සේ) දැකැ එඑක්තරා රුක්මුලෙක්හි වඩා හිඳුවා වතාවත් කළ සෙයෙක. ඉක්බිති තෙරුන්වහන්සේ ද “ඇවැත්නි, උපාසිකාවන් දුටුදැ”යි විචාළසේක. “එසේය ස්වාමිනි”යි සියලු පවත් දන්වා තෙලින් තෙරුන් වහන්සේගේ පතුල් මැඩැසකුරුපැන් වළඳවා ඒ පිළිය තෙරුන් වහන්සේට පිළිගන්වා පසඟ පිහිටුවා වැඳැ “ස්වාමිනි, මට රොහණය ද සැපයැ”යි කියා වැඩිසෙයෙකැ. තෙරුන් වහන්සේ ද විහාරයට අවුත් දෙවන දවස් කොරණක නම් ගමට වැඩි සේක. උපාසිකාවෝ ද “මාගේ බෑයන් වහන්සේ මාගේ පුතනුවන් කැඳවා ගෙණැ දැන් වඩනා සේක, දැන් වඩනාසේකැ”යි එකාවනු වැ පෙරමඟ බලබලා හිඳිනාහු හුදකලා වැ වඩනා තෙරුන් වහන්සේ දැකැ මහාශොකයෙන් මඩනා ලද්දාහු උන්වහන්සේගේ පාමුල්හි හී මහාහඬින් හැඬුහ තෙරුන් වහන්සේ ද “තොපගේ පුතනුවෝ තමන් ඉතා අපිස් බැවින් නො හඳුන්වා ගියාහ”යි උපාසිකාවන් අස්වයා සියලු පවත් සැළ කොට පාත්රයපය්යෙහි තුබු පිළිය දැක්වු සේක. මෙසේ තමන් වහන්සේගේ නෑදැයන්ගේ ගෙහි පොවා තුන් මසක් මුළුල්ලෙහි අහර වළඳා තමන් වහන්සේ නො හඳුන්වා ම අපිස් බව ම මස්තකප්රාාප්ත කළා වු ඔවුන් වහන්සේ ආදි කොට සුපිළිපත් වු මහාසඬඝයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.


13 මලියදේවවත

සංස්කරණය

තව ද, මලියදේව ස්ථවිරයන් වහන්සේ කලලග්රාිමයෙහි වැඩැ වදාරා මණ්ඩලාරාම නම් මහාවිහාරයෙහි බුදුන් වදාළ පාළි උගන්නා සෙයෙක.ග්රදන්ථිධුර පුරණසේක. එක් දවසක් කලලග්‍රාමයෙහි පිඬු සිඟා වඩනා වු ඔවුන් වහන්සේට එක් උපාසිකාවක් කැඳ සරළුවක් දී පුත්රුසෙනහං උපදවා තෙරුන් වහන්සේ ඇතුළුගෙහි වඩා හිඳුවා ප්රරණීත වු ආහාර වළඳවා “ස්වාමිනි, කවර ගමක වසන සේක් දැ? යි කියා විච‍ාළහ. ඔවුන් වහන්සේ “උපාසිකාව සණ්ඩලා රාම මහාවිහාරයෙහි ග්ර්න්ථධුර පුරමි”යි වදාළසේකැ. උපාසිකාවෝ ද “ස්වාමිනි, එබැවින් යම්තාක් ග්ර න්ථධුර පුරණසේක් ද, ඒ තාක් මාගේ ගෙයි දී ම වළඳා වදාළ මැනවැ’යි කීව. ඔවුන් වහන්සේ ද එහි දී නිබඳ වැ ආහාර ාවළඳා අන්තයෙහි අනුමෙවෙනිබණ වදාරණ සෙයෙක් “දුකින් මිදී සුවපත් ව”යි යන මේ දෙපදය ම කියා වඩනා සෙයෙක.

මෙසේ ක්රයමයෙන් ඇතුළුවස් තුන්මස්හි උපාසිකාවන්ට අනුග්රරහ කරණසේක් තමන් වහන්සේ වැළඳු අහරට පුජා කොට වස් පවරණ දවස් සිවුපිළිසිඹියාපත් රහත් බවට පැමිණි සේක. ඉක්බිති මහා ස්ථවිර කෙනෙකුන් වහන්සේ ඇවැත්නි, “අද විහාරයෙහි මහා ජනයා රැස් වුහ. ඔවුන්ට ධර්ම් දේශනා කරව”යි ‍වදාළසේක. තෙරුන් වහන්සේ ද ඉවසා වදාළසේක. එකෙණෙහි ලදරු වු ශ්රාසමණෙරයන් වහන්සේ කෙනෙකුන්දැ ගොසින් උපාසිකාවන්ට “අද තොපගේ පුතනුවන් වහන්සේ බණ වදාරණසෙයෙක.විහාරයට ගොස් බණ අසව”යි වදාළසෙයෙක. උපාසිකාවෝ ද “ස්වාමිනි, හැමදෙන බණ ද්නනාහු නො වෙති. මාගේ පුතනුවන් වහන්සේ මට මෙතෙක් කල් අනුමෙවෙනි බණ වදාරණසේක් ‘සුවපත් ව දුකින් මිදෙව, යන මේ දෙපදය ම වදාරණසේක. එහෙයින් නාමක් කෙළිය මැනවැ’යි කීහ, සාමණෙරයන් වහන්සේ ද “උපාසිකාවෙනි, දනුතුදු නො දනුතුදු තෙපි විහාරයට ගොස් බලව”යි වදාළසේක. උපාසිකාවෝ ද ගඳමල් ගත් අත් ඇති වැ විහාරයට ගොස් ගන්ධි මාලාදීන් පුජා කොටැ පිරිස් කෙළවරැ බණ අසඅසා හුන්හ.

දහවල් ධර්මඅකථික වහන්සේ ද පාඨය කියව්නාහු ද තමන් පමණක් කියවා හුනස්නෙන් නැගී සිටියාහුය. ඉක්බිති මලිය දෙව ස්ථවිරයන් වහන්සේ ද ධම්මා සනයේ වැඩැ හිඳැ විජිනිපත අල්ලා ගෙණැ “මහාඋපාසිකාවන්ට තුන්මසක් මුළුල්ලෙහි දෙපදයෙකින් ම අනුමෙවෙතිබණ කීමි. අද සියලු රාත්රිලයෙහි තුන් පිටකය ම සම්මශීතය කොට එම දෙප‍දයෙහි ම අන්ථිෙව්යා ඛ්යාමත කෙරෙමි”යි සිතා ධමර්දෙදශනාවට පටන් ගෙණැ අසන්නවුන් කන්හි අමාවතුරක් බණදෙසුම්කෙළවරැ මහාඋපාසිකාවෝ සෝවාන්පෙලෙහි පිහිටියාහ.

මෙසේ තමන් වහන්සේ ලද නිවන්සුව තමන් වහන්සේට මවුතනතුරෙහි සිටි මහාඋපාසිකාවන්ට ද බෙදා අනුභව කළ සිවුපිළිසිඹියා පත් රහත් වු ඔවුන් වහන්සේ ආදි කොට සුපිළි පන් මහාසඬඝයා වහන්සේ සරණ යෙමි යි සඟසරණ යා යුතු.


14. තිස්සභුති වත

සංස්කරණය

තව ද, මහාවිහාරයෙහි තිස්සභූති නම් එක් තෙරකෙනෙකුන් වහනසේ විනය හදාරා පිරිවඟනසේක. සිඟා වඩනා වේලෙහි ඇතුළුගමට පිඬු සිඟා වඩනාදැ ය. ගෑණු අරමුණක් දැකැ එහි ලොභ ඉපැදවුසේක. ඔවුන් වහන්සේ ඔබා ගත් පියවර නො සොල්වා ම තමන් වහන්සේගේ පාත්රතයෙහි කැඳිත්ත උපස්ථාන කරණ ලදරු භික්ෂු න් වහන්සේගේ පාත්රෙයෙහි ඇවියැ “මේ විතකීය වඩනේ මා සතර අපායෙහි හෙළා මහදුක් දෙන්නේ ය”යි සිතා එයින් නැවත ආචාය්ය්හර්යදන් වහන්සේ සමීපයට ගොස් ඔවුන් වහනසේ වැඳ එකත් පස්හි සිටිසේක් “ස්වාමිනි, මට ව්යාේධියෙක් උපන. මම එයට පිළියම් කරන්නට නො පොහොසත්මි”යි ාමි. ඔබ වහන්සේ ද දවල් කියවන පාළිවචනය ද සවස් වේලෙහි කියවන පාළිවචනයද මා බලා තබා වදාළ මැනවැ”යි කීහ. මෙසේ එවුන් වහන්සේ තමන්දැගේ ආචාය්ය් ර්යකන් වහන්සේට එපවත් සැළකොට ගල්වල වසනන සංඝරක්ෂිසත තෙරුන් වහන්සේ සමීපයට වැඩිසේක ඔවුන් වහන්සේ තමන් වහන්සේගේ පන්සල පිරිබඩ ගන්නා සේක් වැඩි වහන්සේ නො බලා ම “ඇවැත්නි, තොපගේ පාසිවුරු නගා තබවයි වදාළසේක. ඔවුන් වහන්සේ ද “ස්වාමිනි, ම‍ාගේ එක් ව්යානධියෙක් ඇත, ඉඳින් නුඹවහන්සේ පිළියම් කරන්නට පොහොසත් සේක් නම්, නඟා තබමි’යි වදාළසේක. ඔවුන් වහන්සේ ද “ඇවැත්නි, උපන්නා වු රොගයට පිළියම් කරන්නට පොහොසතුන් සමීපයට ම ආව. පාසිවුරු නඟා තබව”යි වදාළ සේක. (ආගන්තුක වහන්සේද) “අපගේ ආචාය්ය්යර්යදන් වහන්සේ නො දැනැ මෙසේ නොවදාරණ සේකැයි පා සිවුරු නඟා තබා තෙරුන් වහන්සේට වතාවත් දක්වා වැඳැ එකත්පස් ව හුන්සේක.

තෙරුන් වහන්සේ “මොහු රාගචරිතයෝ ය”යි දැනැ ඔවුන් වහන්සේට සුදුසු කොට කමටහන් දුන්සේක ඔවුන් වහන්සේ ද හුනස්නෙන් නැඟී සිටැ පාසිවුරු උරෙහි ලා තෙරුන් වහන්සේ නැවත නැවත වැඳිසේක් “ස්වාමිනි, ඉදින් මම මාගේ කටයුතු කරන්නට පොහොසත් වීම් නම්, ඉතා යහපත. නො එසේ වී නම් මේ මාගේ අන්තදැක්මය”යි වදාළ සෙයෙක ඔවුන් වහන්සේ ද “යව, ඇවැත්නි, මහාතිස්සභුතීනි තොප බඳු වු වීය්ය්“ර්ව ත් වු කුල පුත්රයයන්හට ධ්යාිනය වත් විදර්ශීනාව වත් මාර්ග යවත් ඵලය වත් දුලීභ නො වෙ”යි වදාළසෙයෙක, ඔවුන් වහන්සේ තෙරුන් වහන්සේගේ බස් අසා ඔබට ආදර දක්වා එයින් නික්මැ එන වේලෙහි ම සලකුණු කරණ ලද සැඟවී තුබු දෙමටගසක් මුලට වැදැ පලක් බැඳ වැඩැ හිඳැ අසුබකමටහන් පාදක කොටැ විදර්ශලනාවට පටන් ගෙණැ රහත්බැව්හි පිහිටා අලුයම්වේලෙහි පාළිවචනය උගන්නට ආචාය්ය්ගර්යැන් වහන්සේ සමීපයට ම වැඩිසෙයෙක.

මෙසේ උපන්නා වු කාමවිතකිය තමන් වහන්සේගේ ඤාණ බලයෙන් දුරු කොට එයට සුදුසු වු කමටහන් ලදින් භාවනා කොටැ රහත් වු ඔවුන් වහන්සේ ආදි කොට සුපිළිපන් වු මහා සඬඝයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.


15 මහාසීවනෙර වත.

සංස්කරණය

තව ද, මහාසීව නම් තෙරුන් වහන්සේ කෙනෙක් මහගම තිස්සමහවෙහෙර වසනසෙයෙක් තෙවළා අන්ථිතවශයෙන් ද පාළිවශයෙන් ද අටළොස්මහගණයක් උගන්වනසේක. ඒ තෙරුන් වහනසේගේ අවවාදයෙහි සිටැ තිස්දහසක් භික්ෂුයන් වහන්සේ රහත් වුසේක. ඔවුන් වහන්සේ අතුරෙන් එක් කෙනෙකුන් වහන්සේ තමන්වහන්සේ ලද්දා වු ධර්මෙමය අරභයා උපන්නා වු ප්රීවති හා සොම්නස් ඇතිසෙයක් “මෙ වැනි අමාමහනිවන්සුවය අපගේ ආචාය්ය්්ර්යහන් වහන්සේට ඇත් දෝ හො’යි සලකනසෙයෙක් තෙරුන් වහන්සේ රහත් නො වු බව දැනැ “මෙ වැනි උපායකින් ‍තෙරුන් වහන්සේට කලකිරීම් උපදවමි”යි සිතා තමන් වහන්සේ වසන තැනින් තෙරුන් වහන්සේ සමීපයට ගොස් වැඳැ වතාවත් දක්වා වැඩ හුන්සේක.

ඉක්බිති තෙරුන් වහන්සේ “ඇවැත්නි, කුමක් පිණිස අවු දැ?”යි විචාළසෙයෙක. ඔවුන් වහන්සේ ද “ද්වාමිනි, ඉදින් මට අවකශයක් ලැබේ නම්, එක්ධර්ම පදයක් උගන්නට ආමි”යි කීසෙයෙක. තෙරුන් වහන්සේ ද “ඇවැත්නි, බොහෝ දෙන උගන්නාහ. එහෙයින් තොපට අවසරයක් නැතැ”යි වදාළසෙයෙක. භික්ෂුවන් වහන්සේ සියලු රෑදහවල් අවකාශයක් නො ලබනසේක්. “ස්වාමිනි, මෙසේ අවක‍ාශයක් නැති කල නුමවහන්සේ කරා එන මරුට කෙසේ අවසරයක් ලැබේ දැ?’යි විචාළසෙයෙක. එකල්හි තෙරුන් වහන්සේ “මොහු මා සමීපයෙන් කිසිවක් උගන්නට ආවාහු නො වෙති. මට ම කලකිරීම් උපදවනු පිණිස ආ වහන්හ”යි සිතා වදාළසෙයෙක. ඔවුන් වහන්සේ ද “ස්වාමිනි, භික්ෂුලන් නම් මා බඳු වුවමනා වේදැ?”යි කියා තෙරුන් වහන්සේගේ ශ්රීවපාදය වැඳැ ඉන්ද නීලමාණික්යතයක් සේ නිල් වු අහසට නැඟී තමන් වහන්සේ වසන තැනට ම ඔළඹිසෙයෙක.

තෙරුන් වහන්සේ ඔවුන් වහන්සේ වැඩි වේලෙහි පටන් කොට උපන්නා වු මහකලකිරීම් ඇතිසේක් දහවල් දවස් ද ගණ රදාරවා පිරිවහවා පාසිවුරු අත පෙවෙන තැන්හී තබා උදාසන පාළිවචන ඉගෙණ බස්නා වු භික්ෂුපන් වහන්සේ හා සමග පාසිවුරු ඇරැ ගෙණැ බැසැ තෙළෙස්ධුතාඬගයන් පුරා සමාදන් වුසේක.ගම් කෙළවරැ ගලෙක්හි විහාරයට ගොසින් ඒ පිළිදැගැ එහි ඇඳපුටු නගා “නො රහත් වැ මාගේ පිට හැඳෙක නො තබමි”යි දැඩි කොට ඉටා ගෙණැ සක්මනට බටසෙයෙක. “අද රහත් වෙමි. අද රහත් වෙමි”යි උත්සාහ කරන්නවුන්ට පවාරණය ආසන්න වි ය.එකල්හි ඔවුන් වහන්සේ “පුහුදුන්බව හැරැ විසුඬිපවරුණෙන් පවරමි’යි සිතා වීය්ය්නර්‍‍ කොට ඉතා විඩා වුසේක. ඒ පැවරුමට මාර්ගසයක් වත් ඵලයක් වත් උපදවා ගන්නට නො පොහොසත් වුසෙයෙක. “පටන් ගන්න ලද විදර්ශනනා ඇති ම බඳෙක් පොවා රහත් බව නො ලබයි ඒ ඉතා උගහට දෙයක් වනැ”යි සිතා එම ලෙස ම සිටීම් සක්මන් කිරීම් යන මෙහි ම තත්පර වැ තිස්අවුරුද්දක් පමණ මහණධම් පුරා මහාපවාරණ දවස් ආකාශමඬ්යුයෙහි සිටියා වු පිරුණුසඳ බලා “කිම් දෝ හො?”යි පරීක්ෂාු කරණසේක් “සඳමඬලෙහි සසලකුණ පෙණෙයි. මාගේ ශීලයෙහි වුකලි උපසම්පන්න වු දවස් පටන් අද දක්වා කැලලෙක් නැතැ”යි බලා උපන්නා වු ප්රීපති හා සොම්නස් ඇති සෙයෙක් මුහු කළා වු ඥාන ඇති බැවින් උපන්නා වු ප්රීසතිය ඔබා සිවුපිළිසිඹියාපත් රහත් වුසෙයෙක.

මෙසේ සඳමඬලට පොවා අධික කොට ශතගුණයෙන් සහසුගුණයෙන් තමන් වහන්සේගේ හීලය පිරිසිදු කොට රක්ෂාම කළ, බුදුන් වහන්සේ වදාළ ප්ර්තිපත්ති වු පරිද්දෙන් පුරණ මහාසිව නම් තෙරුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් මහාසඬඝයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.


16. මහාතිස්සතෙර වත

සංස්කරණය

තව ද මහාතිස්ස නම් තෙරුන් වහන්සේ වස් නො වැසු කල්හි පටන් අෂ්ටසමාපත්තිලාභි සෙයෙක. තමන් වහන්සේ සමාපත්තීන් ඔබනලද කෙලශයන් නැවත නුපදනා මෙන් සැටවයස් වැඩු කල්හි දු තමන් වහන්සේ පුදුන්බව නො දන්නාසෙයෙක. එසමයෙහි එක් දවසක් මාගම්හි තිස්සමහාවෙහෙරැ භික්ෂුහසඬඝයා වහන්සේ තළගුරු වැසි වු ධම්මදින්න නම් තෙරුන් වහන්සේට “ස්වාමිහු මෙයට වැඩැ බණ වදාරණසේක්ව”යි කියා හසුන් යැවුසේක. තෙරුන් වහන්සේ ‘යහපතැ’ යි ඉවසා, “මා සමීපයෙහි වැඩි මහලු වහන්සේ කෙනෙකුන්දැ නැත. මහා තිස්ස නම් තෙරුන් වහන්සේ වනාහි මට ආචාය්ය්කර්‍ සෙයෙක. ඔවුන් වහන්සේ සඬඝස්ථවිර කොට යෙමි”යි භික්ෂුිසඬඝයා විසින් පිරිවරණ ලද සෙයෙක් තෙරුන් වහන්සේගේ විහාරයට ගොස් දිවාස්ථානෙයහි සිටි තෙරුන්ට වත් දක්වා එකත්පසෙක හුන්සේක. තෙරහු “කිම, ධම්මදින්නය, බොහෝ කලෙකින් ආයෙහි දැ?”යි (යි ඇසුහ) “එසේ ය වහන්ස, තිස්සමහවෙහෙරින් භික්ෂු සඬඝයා මට හස්නක් එවුහ මම හුද කලා වැ එහි නො යමි. නුඹවහන්සේ කැටි වැ යනු කැමැත්තෙන් මෙහි ආමි”යි සිහි කට මුතු කථා කියමින් කල් යවා “වහන්සේ, නුඹ විසින් මේ ලොවුතුරාධම් කවර දවසෙක ලැබී දැ?”යි විතාළහ. ‘සැටවසෙක් වී ය”යි කීහ. “වහන්ස, සමවත්සුව වළඳව් දැ?”යි විතාළහ. “එසේ ය, ඇවැත්නි” “වහන්ස, එක් පොකුණක් මැවිය හැකි ද?” “ඇවැත්නි, මෙය නො බර ය”යි ඉදිරියෙහි පොකුණක් මැවුහ. “වහන්ස, මෙහි එක් පියුම්පඳුරක් මවනසේක්ව”යි කියන ලදු ව හෙද මැවුහ. “මෙහි දැන් මහනෙලුම්මලක් දක්වන සේක්ව”යි කීහ.තෙරණුවෝ එද දැක්වුසේයෙක. “මෙහි සොළොසැවිරිදි පමණ ස්ත්රී.රූපයක් දක්වන්නැ”යි කියන ලද්දේ එද මවා දැක්වුහ. “මේ රුව සුභ සේ මෙනෙහි කරන්නැ”යි කීහ. තෙරහු තමා මැවු ගෑණුරුව බලන්නෝ ලොභ ඉපැදවුහ. එවිට තෙමේ පුදුන්බව දැනැ “සත්පුරුෂය, මට පිහිට වෙව”යි අතවැසියා වෙතැ උක්කුටුකයෙන් හුන්සෙයෙක.

“වහන්ස, මේ සඳහා ම ආමි”යි සැහැල්ලු අසුබ කමටහනක් කියා තෙරුන්ගේ විවේකය සඳහා පිටතට නික්මුනු සෙයෙක් සංස්කාරයන් මෙනෙහි කොට ඔහු දිවාස්ථානයෙන් නික්මෙන් ම සිවුපිළිසිඹියාපත් රහත්බවට පැමිණිසෙයෙක. ඉක්බිති ඔවුන් වහන්සේ සඟතෙර කොට ධම්මදින්න තෙරුණුවෝ තිස්සමහා විහාරයට ගොස් ධර්මස දෙශනා‍ කොට වදාළසෙයෙක.

මෙසේ තමා ම මැවු ගෑණුරුව ශුභවශයෙන් මෙනෙහි කිරීමෙන් පුදුන් බව දැනැ නැවැත අනුන් අවව‍ාදයෙහි පිහිටා එය අශුභවශයෙන් මෙනෙහි කොට රහත්බව පසක් කළ මහාතිස්ස තෙරුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු මහාසඬඝයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.


17. දෙමළ දොරටුපල් වත.

සංස්කරණය

තව ද, මධුඅඬගණ නම් එක් දෙමළදොරටුගොව්වෙක් උදාසන ම බිළී ඇරැ ගෙණැ ගොස් මස් මරා තුන්කොටසක් කොට එක් කොටසකින් සාල් ගණියි. එක් කොටසකින් දී ගණියි.එක් කොටසක් පියයි. මෙම ලෙසින් ම පණස් හවුරුද්දක් මුළුල්ලෙහි සතුන් මරා ජීවත් වෙයි. හෙතෙම කල්යාමකින් මහලු වැ ගිලන් වැ හොත් තැනින් නැගී නො සිටිය හෙන අවස්ථාවට පැමිණියේ ය.

එකසමයෙහි ගිරිවිහාරවාසී වු චුල්ලපිණ්ඩපාතික නම් තෙරුන්වහන්සේ “ම බඳු එකක්හු බලා සිටිය දී මෙතෙම නාමක් තසීව’යි සිතා වදාරා යුහු වැ ගොස් ඔහුගේ ගෙදොරැ වැඩැ සිටි සේක. ඉක්බිති ඔහුගේ අඹු “ස්වාමිනි, තෙරුන් වහන්සේ වැඩි සෙයෙකැ”යි තමාගේ ස්වාමිහට කීවා ය. හෙ ද “මම පණස්අවුරුද්දක් මුළුල්ලෙහි තෙරුන් වහන්සේ සමීපයට නො ගියවීරිමි. මාගේ කවර ගුණයක් සඳහා ාතෙරුන් වහන්සේ මා කරා වැඩි සේක් ද? ගොස් ඔවුන් වහන්සේ විචා‍රව”යි කී ය. ඔහු අඹු ද තෙරුන් වහන්සේ සමීපයට ගොස් “ස්වාමිනි, වැඩැ සිටි සෙයෙක් නු?”යි කිව. තෙරුන් වහන්සේ “උපාසකයාට අවස්ථා කිම් දැ?”යි විචාළසෙයෙක. හෝ ද “ස්වාමිනි, ඉතා ගිලන්නු ය”යි කීවා. ඉක්බිති තෙරුන් වහන්සේ ඇතුළුගෙට වැදැ ඔහුට සිහි එළවා “සිල් ගන්ව”යි වදාළසේක. උපාසකයා ද “යහපත ස්වාමිනි, දෙවා වදාළ මැනැවැ”යි කී ය. තෙරුන් වහන්සේ ආදි කොට තිසරණ දී පන්සිල් දෙන්නට පටන් ගත්සේක. එකෙණෙහි ම දිව කැඩී වැටින.

ඉකිබිති තෙරුන් වහන්සේ ද “මෙතෙක් පහණැ”යි කියා වැඩි සෙයෙක. හෙ ද මියැ ගොස් සවුමාරජයෙහි ඉපැදු එවිගස්හි “කවර කුසලක් කොට දෝ හෝ මා මෙ වැනි සැපත් ලද්දේ ය?”යි බලන්නේ තෙරුන් වහන්සේ නිසා ලද බව දැනැ දෙව්ලොවින් අවුත් තෙරුන් වහන්සේ වැඳැ එකත් පස් වැ සිටියේ. තෙරුන් වහන්සේ විසින් “තෝ කවරෙක් දැ?”යි විචාරණ ලද්දේ “ස්වාමිනි, මම “දෙමළදොරටුගොවු වෙමි”යි කී ය. තෙරුන් වහන්සේ “කොයි උපත් දැ?” විචාළසේක. හේ ද “ස්වාමිනි, සවුමහරජයෙහි උපන්මි. ඉඳින් ස්වාමිදරුවෝ පන්සිල් මට දෙවා වද‍ාළසෙයෙක් වී නම්, මත්තෙහි දෙව්ලොවැ උපන්නම් වීමි’යි කී ය. තෙරුන් වහන්සේ ද “ඇපි කුමක් කරමෝ ද? තෙපි සිල් ගන්නට නො පොහොසත් වුව”යි වදාළසේක. ඉක්බිති දිව්යනපුත්රදතෙමේ තෙරුන් වහන්සේගේ ශ්රීයපාද වැඳැ දෙව්ලොවට ගියේ ය.

මෙසේ පණස්හවුරුද්දක් මුළුල්ලෙහි සතුන් මරා ජීවත් වු මෙවැනි පවිටහු පොවා “ම බඳු එකක්හු ඇති වැ නිරායන බව සුදුසු නො වෙ”යි සිතා වදාරා තමන් වහන්සේගේ ඥානබලයෙන් ඕහට දෙව්සැපත් දෙවා වදාළ මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු මහාසඬඝයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.



18. වාතකාළ වත.

සංස්කරණය

තව ද, රජගහානුවරැ වාතකාළ නම් එකෙක් රාජනියොග යෙන් පණස්අවුරුද්දක් මුළුල්ලෙහි සොරුන් මරා එක ම කටයුත් තෙහි යෙදී වෙසෙයි. ඉක්බිති අමාත්ය යෝ “ස්වාමිනි, වාතකාළයා දැන් ඉතා මහලු ව ගියේ. සොරුන් මරන්නට නො පොහොසත. ඔහු ඒ තනතුරෙන් පහ කොට වදාළ මැනැවැ”යි කියා රජ්ජුරුවන් ගිවිස්වා අනිකක්හු ඒ තනතුරෙහි පිහිටවුහ.

වාතකාළ යම් තාක් සොරුන් මරණ කටයුත්තෙහි යෙදී විසී ද, ඒතාක් නො හිරුණු කඩක්වත් යහපත් බතක් වත් ඇඟ ඉළීම් නෑමක් වත් නො ලත්විරී ය. වතෙකාළතෙමේ සොරුන් මැරීමෙන් නැවැත්තේ ‘බොහෝ කලක් මා විසින් කිලිටු වෙසින් ම ඇවිදිනා ලද. කිරිබතක් මට පිසව’යි කියා තමාගේ අඹුවට නියොග කොට උළනු නානු ආදි වු උපකරණ ගෙන්වා ගෙණ නාන තොටට ගොස් ඉස් සොධා නහා සුදුපිලී හැඳැ සුවඳ ගහා සුවඳමල් පැලැඳැ ගෙණැ ගෙට එන අතරමගැ සැරියුත්මහතෙරුන් වහන්සේ “කිලිටු වු කම්‍්ැ ාන්තයෙන් පහවීමි. ආය්ය්ේර්යයන් වහන්සේ දිටිමි”යි සතුටු සිත් ඇත්තේ තෙරුන් වහන්සේ ගෙට වඩැ ගෙණැ ගොස් අළුත් ගිතෙල් හා සකුරෙන් පිසන ලද කිරිබත් වැළඳැවී ය. තෙරුන් වහන්සේ ද ඕහට අනුමෙවෙනිබණ වදාළසෙයෙක. ඉක්බිති වාතකාළයා අනුමෙවෙනිබණ අසා අනුලොමක්‍ාළ න්ති ලදින් තෙරුන් වහන්සේ හා කැටි වැ ගොස් නැවැත්තේ, අතරමගැ අළුත වැදු දෙනෙක විසින් මැඩැ මරණ ලද්දේ ගොස් තව්තිසාභවනයෙහි උපන.

ඉක්බිති භික්ෂුනන් වහන්සේ “ස්වාමිනි, චොරඝාතකයා අද ම කිලිටි කර්ම‍මාන්තයෙන් පහ වි ය. අද ම මෙළේ ය. කොයි උපන් සොහො?”යි කියා සර්ව ඥයන් වහන්සේ අතින් විචාළසේක. සර්ව”ඥයන් වහන්සේ ද “මහණෙනි, තව්තිසාභවනයෙහි උපනැ”යි වදාළ සෙයෙක. භික්ෂු න් වහන්සේ “ස්වාමිනි, චොරඝාතක බොහෝ කලක් සොරුන් මරමරා ඇවිද්දේ. නුඹවහන්සේ මෙසේ වදාළ සෙයෙක. වැළි පාපකර්ම“මයෙහි විපාක නැද්දැයි”? යි විචාළසේක. සර්ව ඥයන් වහන්සේ ද “මහණෙනි, එසේ නො කියවු. ධර්ම සෙනෙවි සැරියුත්මහතෙරුන් වහන්සේ වැනි ආය්ය්පර්කෙිනෙකුන් ලදින් ඔවුන්ට ආහාර දී අනුමෙවෙනිබණ අසා අනුලොමක්ෂ්න්ති ලදින් චොරඝාතකයා තව්තිසාභවනයෙහි උපන්නේ වේ දැ”යි වදාළසේයෙක. මෙසේ පණස්හවුරුද්දක් මුළුල්ලෙහි පර්වඝකම් කොට දුශචරිතයෙහි ම යෙදී සිටී මෙ වැනි පවිටා ද පවා නමින් වහන්සේට අහරක් දීපු පමණෙකින් දෙව්ලෙව්හි අනන්තා’පරිමාණ දෙව්සැපත් දෙවා වදාළ සැරියුත්තෙරුන් වහන්සේගේ පරම්පරා යෙන් ආවා වු මහාසුඬඝයා වහන්සේ සරණ යෙමි යි සඟසරණ යා යුතු.


19. මැදිබැතෙරුන්වත.

සංස්කරණය

තවද, මැදි වැ තෙරුන් වහන්සේ මහාක්ෂිහණා’ශ්රුව සේක. ඒ තෙරුන් වහන්සේගේ පාසිවුරු සතරඅකක් අගනේ ය. ඔවුන් වහන්සේ ධර්මාේශොක රජ්ජුරුවන්ගේ විහාරය පුජා කරණ දවස් සඬඝස්ථවිර වුසේක.

ඉක්බිති මිනිස්සු ඒ ක්ෂීරණාශ්රොවයන් වහන්සේ ඉතා ම රුක්ෂව බව දැකැ “ස්වාමිනි, මඳ ඇසිල්ලක් පිවිතැ වැඩැ සිටිය මැනැවැ”යි කීහ. තෙරුන් වහන්සේ ද මෙබඳු ක්ෂී්ණා’ශ්රැවයකු රජ්ජුරුවන්ට සඬග්රිහ නො කරතොත් අනික් කවුරු කෙරෙත් දැ?”යි වදාරා පෘථීවියෙහි ගැලී ගොස් ‘සඬගස්ථවිරයන් වහන්සේට ය’යි ිනඟා ගත් බත්පිඩ පිළිගෙණ ම නැගිසේක.

මෙසේ තමන් වහන්සේ ක්ෂීාණා’ශ්රපව්බව කිසිවක්හට පහළ නො කොට අපිස්සතොස්ගුණ මස්තකප්රා්ප්ත කළ මොවුන් වහන්සේ ආදි කොට සුපිළිපන් මහාසඬඝයා වහන්සේ සරණ යෙමි යි සඟසරණ යා යුතු.


20 ‍වෙභාතික වත.

සංස්කරණය

තව ද, සිතුල්පව්වේ (එක්) මවුන් දරු වු තෙරුන් වහන්සේ (දෙනමක්) විසු සෙයෙක. දෙදෙනා වහන්සේ අතුරෙන් බාල වහන්සේ තමන් වහන්සේට උපස්ථාන කරණ උපාසකයක්හු විසිනි දෙන ලද උක්දණ්ඩක් හැරැ ගෙණැ බෑනන් වහන්සේ සමීපයට ගොස් “ස්වාමිනි, වළඳා වදාළ මැනරවර”යි කීසේක. එවේලෙහි තෙරුන් වහන්සේ ද බතක් වළඳා මුව සොධන්නට වැඩැ හුන් සේක් “ඇවැත්නි, නො කැමැත්තෙමි”යි වදාළ සේක. නැවත භික්ෂුවන් වහන්සේ “ස්වාමිනි, එකාසනිසායෙක් දැ?”යි විචාළසේක. ඉක්බිති තෙරුන් වහන්සේ “ඇවැත්නි, උක්දණ්ඩ මෙසේ ගෙණෙමි”යි වදාරා පණස්හවුරුද්දක් මුළුල්ලෙහි තමන් වහන්සේ රක්ෂාය කළ ඒකාසනිකධුතාඬගගුණය සඟවා උක්දණ්ඩ අනුභව කොට නැවත ධුතාඬගය සමාදන් වුසේක.

මෙසේ පණස්හවුරුද්දක් මුළුල්ලෙහි එකතැන්හි වැසැ ද තමන් වහන්සේගේ ගුණය මලනුවන් වහන්සේට පොවා නො හඟවා අපිස්සතොස්ගුණය ම මස්තකප්රාේප්ත කළා වු මොවුන් වහන්සේ ආදිකොට ඇති සුපිළිපන් සඟරුවන් සරණ යෙමියි සඟසරණ යා යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=ස_ඟ_ස_ර_ණ-ii&oldid=4819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි