බුද්ධගුණවණ්තාමුඛයෙන් කරන ලද, “බුත්සරණ යා යුතු” යන්වෙන් එක් එක් අංශයක් අවසන්හි කරන්නා වු විද්යා්චක්රු වත්තීන්ගේ අමෘතාවහය “බුත්සරන” ය යි ප්ර්සිද්ද වුවාක් මෙන් සඟගුන වැණුම නිමිති කොට කරණ ලද මේ ග්රාන්ථය ‘සඟසරණ” යන නාමයෙන් ම ප්ර සිද්ද ය. මෙහි කර්තා වනාහි උපමාකථනයෙහි මහාකවි කාලිදාසයන්ගේ කිර්ත තිය ද පසු බැස්වු විද්යාසචක්ර වර්තිමහාකවිවරයා ම ය යි සමහරු සළකති. සඟරණ පොත පරීක්ෂාවෙන් කියවන්නෙකුට එහි ශක්ති වයයක් පිළිබිඹු ව පවත්නා බව පෙණි ය යි. සඟසර‍ණෙහි මුල පටන් සැරියුත් තෙරුන්ගේ කථාව තෙක් වු භාගය එක් ශක්තියක පිළිබිඹුවකි. එතැන පටන් අවසන තෙක් ඇති භාගයෙන් පෙණෙන්නේ එයින් අන්යක වු ශක්තියකි. ඒ මුල භාගයෙන් ප්රෙකට වන්නේ බෙහෙවින් දියුණු වු ප්රයතිභානශක්තියකි. දෙවැන්නෙන් කර්තෘ‍හුගේ සුවල්ප වු ද ප්රයතිභානයක් නො පෙණේ. ඒ දෙවැනි භාගයෙහි ඇතුළත් වන්නේ අටුවා පොත්වල පෙළ බසින් ලියු ඇතැම් කථාවන්ගේ සිංහලපරිවර්තතන ය ඒ පරිවර්තින ද මුළුමනින් නිවරද ය යි කීමට ඉඩක් නො මැතියි.

මේ කරුණ නිසා මේ සඟසරණ පොත එක ම කර්තා වරයෙකු ගේ නොව කර්තෘ වරයන් දෙදෙනෙකුන්ගේ කෘර්තෘරත්වයට පවරා දීම එතුමාට කරුණු ලබණු ලබන නින්දාවකි.


වැලිවිටියේ සොරත නායක හාමුදුරුවන් විසින් බුත්සරණට මෑත දී ලියු සංඥපනයෙන් කොටසක් අපේ මේ කථාවට සාක්ෂියක් වශයෙන් මෙහි දක්වමු: ඒ මෙසේ යි:-

“දහම්සරණ හා සඟසරණ ද විද්යාථචක්රෑවර්තතතීන්ගේ ම කෘති ය යි සමහරු කියති. හෙතුව ලෙස දක්වන්නේ දහම්සරනෙහි එන ‘ත්රුවන් පුරා ගිය බව ම රත්තත්ර ය සරණ ගියවුන්ට සියලු දුක් දුරු වෙයි කියා මා කියන්නා වු තෙසරණගුණයට ම දෙසා යන පාඨ ය යි. මේ පාඨයෙන් බුත්සරණ ආදි පොත් ද දහම්සරණ කතු වරයා විසින් ම කළබවක් නො හැගේ. දහම්සරණ ගුන කියන විට බුත්සරන -සඟසරණ ගුණ ද ඉබේම කියවේ. එහෙයින් දහම්සරන කතුවරයා ‘මා කියන්නා වු තෙසරන ගුණ’යි යෙදීම යුතු ම ය. එයින් ඔහු විසින් බුත්සරණ සඟසරණ යන පොත් ද ලියු සේ නිශ්චය කිරිම යුතු නො වේ. “අප කියන්නේ මේ පොත් තුණ කාල තුනකට අයත් තුන් දෙනෙකුන්ගේ කෘතිය යන බවයි. මේ පොත් තුනෙන් ප්‍රකාහ වන ප්රතතිහානිය හා වර්ණොනා විලාසයත් වාක්යේරචනා රීතිය හා ශබ්දප්ර යොගයන් හාත්පසින්ම එකිනෙකට වෙනස් ය.

“බුත්සරණින් ප්ර්කාශ වන අන්දමේ ශ්රේෂ්ඨ ප්රවතිහාන යක් දහම්සරණින් ප්ර්කාශ නො වේ. සඟසරණින් ප්ර‍කාශ වන විශෙෂ ප්ර්තිහ‍ානයක් නැත්තේ ය. බුත්සරණෙහි පෙනෙන වර්ණ්නාවන් තරම් දහම්සරණෙහි වර්ණ නා ස්වාභාවික ද නිරුත්සාහකෘත ද චමත්කාරජනක ද නො වේ. දහම්සරණකාරයන් නොයෙක් විට බුත්සරන අනුගමනය කරන්නට උත්සාහ එතරම් සාර්ථක වු බවක් නො පෙණේ. දහම් සරණෙහි මුල කොටස කාදම්බරි ආදි සංස්කෘතගද්යන කාව්යසයන්හි පෙණෙන දීර්ඝආසමාසපදයන් වැනි සංස්කෘත සමාසපදබහුලභාෂාවෙන් රචිත ය. විද්යාදචක්රසවර්තීහු එබඳු භාෂාවට රුචි නො කළහ. දහම්සරණෙහි අග කොටස සාමාන්යර සිංහල භාෂාවෙන් රචිත නමුත් ඒ භාෂාව බුත්සරනෙහි භාෂාව මෙන් ලලිත ද මනොහර ද නොවේ . සඟසරන මේ හැම කරුණින් ම දිලිඳු ය. “බුත්සරන රන ලද්දේ පොලොන්නරු කාලයේ දී නොහොත් ඊට පෙර ය යි මුල දී කිමු. දහම්සරන කරණ ලද්දේ දඹදෙණි කාලයෙන් පසු ව ය යි කීමට කරුණු තිබේ.

“ සද්ධර්ම රත්නාවලිය දඹදෙණි කාලයේ කරණ ලද ග්රදන්ථයකි පුරාණ ග්රවන්ථකර්තෘේවරයන්ගේ නම් දක්වන නීකායසංග්රණහය සද්ධර්මරත්නාවලිකර්තෘකනාමය දක්වන්නේ පුජාවලිකර්තෘ‍නාමයටත් පසු ව ය. සද්ධම් රත්නාවලිය ධම්මපදට්ඨ කථාවේ විසතෘතපරිවර්තෘනයෙකි. ධම්මපදට්ඨකථාවේ එන කථාවස්තු සිංහලයට පෙරළන්නෙකු එය බලනු නිසැක ය. දහම්රන කර්තෘක ද ධම්මපදඨකථාවෙහි එන කථාවස්තු ලියද්දි සද්ධර්මම රත්නාවලිය බැලු බව ඔප්පු වන තැන් කීපයක් තිබේ. ඒ දෙ පොතෙහි ම පෙනෙන ඝොෂකකථාවෙහි භාෂාව සමාන ය.

“එසේ හෙයින් සත්පුරුසයන් විසින් අනික් කරන කුශලයක් නැත ද තුනුරුවන් කෙරෙහි ස්නෙහමාත්රසයක් උපදවා අසාධාරණ වු අනුපම වු දිව්යසසම්පත් අනුභව කරන්නට උත්සාහ කට යුත්තේ ය’

යන වාක්යතය සද්ධර්මදරත්නාවලිකාරයන්ට නොයේ තැන පුරුදු ලෙසින් ම ඝොෂක කථාවෙහි ද ලියුවකි. ඊට සමාන පාළිපාඨයක් ධම්මපදඨ කථාවෙහි නො මැති යි දහම්සරණෙහි 229 වන පිටුවෙයි මේ වාක්ය ය.

‘එහෙයින් සත්පුරුෂයන් විසින් ඉතිරි කරන ලද කුසල් නැත් ද තුණුරුවන්හි ස්නෙහමාත්රෂයක් කොට ද අසාධාරන වු අනුපම වු දිව්යස සම්පත් අනුභව කරන්නට උත්සාහ කට යුතු. යන ලෙසින් පෙනේ. දෙකෙහි වෙනස ඉතා ස්වල්පයකි. මෙබඳු තවත් තැන් එහි තිබේ. සද්ධර්ම රත්නාවලි කර්තෘඳපාදයන් තමන්ගේ ප්ර තිහානයෙන් උපදවා අමුතු දෙය එකතු කරමින් ධම්මපදඨකථාව පරිවර්තහනය කරද්දි ඝොෂකකථාව ලිවීමට දහම්සරණ පෙරළා බැලුව යි සිතිම යුතු නො වේ. ඝොෂකකථාව අනික් පොකතට ඇතුළත් කරන්නා එය තිබෙන මුල් පොත නොහොත් එහි පරිවර්තරනය බැලිම ස්වභාවික ය. එහෙයින් දහම්සරණ කාරයන් සද්ධර්මකරත්නාවලිය බලමින් ම ඝොෂකකථාව ලියුව යි සිතීම යුතුය.

“මේ කරුණුවලින් තීරණය කට හැක්කේ දහම් සරන විද්යා චක්රතවතින්ගේ කෘතියක් නො ය සද්ධම් රත්නාවලියට ද පසුව ලියු පොතක් බව ය.

"https://si.wikibooks.org/w/index.php?title=ස_ඟ_ස_ර_ණ-සංඥපනය&oldid=4817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි