සුමුගුදා කාව්‍ය සංග්‍රහය-විවරණය ii

61 අන්වය - දිලි තුරු පිය අතු රැඳි පල තිළි ලිය ලිය මල් මුව ගෙන යෙදී. යළි විලි මුව නොදී උදුරා ගනිමින් සිය පියඹුව මුව ගෙන යෙදී.

පදාත්‍ථි - දීප්ති වූ වෘක්ෂප නමැති වල්ලභ තෙ‍ම ශාඛා නමැති හස්තයෙහි රඤ්ජිතවූ ඵලයන් තුෂ්ටව ලතා නමැති ස්ත්රියයගේ පුෂ්ප නමැති මුඛයෙහි ග්රලහණය කොට ‍ෙයාජිත කළේය. නැවත වලි මුඛ තෙම දානය නොකොට පැහැරගෙන ස්වකීය



සුමුගුදා කාව්යය සංග්රකහය 117

ප්රිගයම්බිකාවගේ මුඛයෙහි ග්රරහණය කොට යුක්ත කෙළේයි.

විස්තර - වෘක්ෂෙයන්ගෙන් බීමට පතිතවූ ගෙයි බිම සිටී වඳුරන් විසින් අවුදා ගෙන වැඳිරියනට අනුබව කරවූ බව වක් කොට කී නිසායි.

ටිප්පණි -

1. තිළි - තුළ , සතුටෙහි ධාතුයි. “ ‘තුඨ’ යන්නෙන් ‘තුට’ යයි බිඳී ‘තුට’ කියා සිටී. තුට යන්නට ඊ ප්රිත්යයය වී තුටී = තිටී. (ටකාරයට ළකාර වීමෙන්) ‘තිළි’ කියාවේ. කිරීට = කිරුව ආදිය වූසේය” යනුද මතයෙකි.

2. යෙදී - යොද - ධාතුයි. 3. විලිමුව - ‘වලිමුඛ’ යනු වඳුරාට (රිළවාට) නමි. “වඳුරු - වානර - කළුමුව - ගොනඟුල් - සාමුව - පවඟ රිලා - කිව් - මකලා හරි - මකුළු - වනකස් - විලිමුව” යනු රුවන් මලයි. 4. උදුරාගනිමින් - ‘උදුර’ ධාතුයි. 5. යළි - පුනරාත්ථ‘වාචී නිපාතයෙකි. 6. පියඹුව - පිය + අඹුව = පියඹුව - ප්රියයාම්බිකාව. ‘අඹු’ ශබ්දය වර්තනමාන ව්යථවහාරයෙහි භාය්යාුව ද වාචක වේ. එහෙත් පැරණි වහරෙහි එහි අර්ථිය ස්ත්රීි විය. සංස් කෘත - පාලි ‘අම්බා’ යන්නෙන් ‘අඹු’ කියා බි‍ඳේ. ‘අම්බා’ යන්නෙහි මුඛයර්ථය නම් ‘මවු’ යනුයි. අප්රෙධාන වශයෙන් මාතෘ පය්යාේන් යවූ ‘අම්බා’ ශබ්දය ආදරුමන්ත්ර ණයේදී කවර ස්ත්රි යකුට වුවත් ‍ෙයාදනු ලැබේ. සිංහල ‘අම්මා’ යනු මේ ‘අම්බා’ ශබ්දයෙන් නොව දෙමළ ‘අම්මල්’ ශබ්දයෙන් භින්න යයි වාසළ මුදළිඳු ගුණවර්ධවනයෝ පවසති. එයට සාධක විසින් තත් සහවාරි වූ ‘අප්පා - අයියා - අක්කා’ ආදි ශබ්ද ද දක්වති.





118 සුමුගුදා කාව්යද සංග්රවහය

62

අන්වය - කොවුල් සහයුරු පලරස විඳ හැරගිය තුරුයට ගිලි ලකල් මිහිබිඳු දැක මිරුඟුය රැවටී තැවුල් විඳ මියුල් යළි සැක දුරුකර රස විඳි.

පදාත්ථි - කෙ කිලයන් විසින් සහකාර ඵලරසය ආස්වාදනය කොට අත්හැර යන ලද්දාවූ වෘක්ෂියන්ගේ අධොභාගයෙහි ගලිතවූ අලඩ්කෘත වූ මධු බින්දූන් දර්ශානය කොට මරිචියයි ‘වඤ්චිතව සන්තාපය වින්දතනය කොට මෘග තෙම නැවත ශඩ්කා විනොදය කොට රසාස්වාදනය කෙළේය.

විස්තර - කොකිලයන් මී අඹ ගස්හි ඵලරස විඳින විට එහි මධු බින්දුන් බිමට වැටෙයි. මෘගයෝ පළමුව ඒ මිරිඟුයයි රැවටෙති. එහෙත් මරීවි නොව මීම යයි දැන සැකහැර ගොස් රසාස්වාදනය කෙරෙත්.

ටිප්පණි -

1. සකයුරු - සහකාර. මී අඹ ගසට නමි. 2. ගිලි - ගල - ගිලිහිමෙහි ධාතුයි. 3. ලකල් - ‘ලකුරු’ අලංකාරයෙහිය. 4. මිරුඟු - ‘මරීචී’ ශබ්දයෙන් භින්නයි. ‘මිරිඟු’ යනු පවනින් කම්පිත හිරු රැසට හා අව්වෙහි ග්රී ෂ්ම කාලයෙහි දක්නා ලැබෙන දිය වැනි ඉර අව්වටද ව්යටවහෘතයි. 5. රැවටී - රැවටීම නම් බිඩම්බනයයි. ‘රවට’ ධාතු රැවටුම්හිය.

63

අන්වය - සැඬනල දුත වැද ගතිතෙයි සිතා රොන් රද මල් මුව දල ලවනතා ලද ලිය නද රතසක් පිලිරැවු කතාකර තුරුහිමි සිපගත් යුත.

පදාත්ථින - චණ්ඩමාරුතය ශීඝ්රුව ප්ර හෘතව ග්රයහණය කරන්නේයයි චින්තනය කොට පුෂ්ප රෙණු (නමැති) දන්තයන් ඇති පුෂ්ප (නමැති) මුඛය ඇති පත්රන



සුමුගුදා කාව්ය සංග්රතහය 119

(නමැති) අධරයන් ඇති තරුණ ලතාවන් මනොඥ වූ චක්ර්වාක පක්ෂිග ප්රඛතිරාව (නමැති) කථාකොට වෘක්ෂර (නමැති) ස්වාමීන් වැළඳගත්තවුන් වැනිය.

විස්තර - ගස් වල්ලභයෝය. වැල් තරුණ කාන්තාවෝය. මොවුන්ගේ මුළු පුෂ්පයෝය. පුෂ්පරෙනු දන්තයෝය. ලා දළු තොල්ය. සක්වැලිහිණි නාදයය මොවුන්ගේ කටහඬ මෙබඳු තරුන ලතාවෝ සුළඟට බියවී වාක්ෂ ලිඩගනය කළහ. වනයෙහි ගස්හි වැල් දැවටුණු පරිදි මේ වැණු සැටිය. වැල් නිකම්ම දැවටුණු බවක් නොකියති. සැඩ සුළඟ විසින් වහා ගනු ලැබෙයයි භීතියෙන් දැවටුණු බවය කීයනුයේ.


ටිප්පණි-

සැඩනල - චණ්ඩමාරුතයයි “සුලඟද - මරු - පවන් - නල - වා - හුත - සන සහා” යනු රුවන්මලයි. 2. දූත - සංස්කෘත ‘ද්රැසත’ ශබ්දයෙන් භින්නයි. ‘වහා’ යනාර්ථයි.

“ජවො ශීඝ්රංන ත්වලර්තං - ලඝුක්ෂිසප්රනමරං ද්රැ.තම්” යනු අමරකොෂයි. 3. ගනිතෙයි - සිංහලයෙහි සංශයාදි - අර්තයක් ගර්භර කොට ඇති අන්තවාක්යනයක් ‘‍යි’ යන නිපාතයෙන් ප්රඅධාන වාක්යියයට සම්බන්ධ වන විට අන්තර් වාක්යයයෙහි උක්තය එකවචන වූවත් ආඛ්යාපත පදය ප්ර ථම පුරුෂ බහුවචනයෙන් සිටීම ජෙකාහිමත ප්‍ එෙයාගයෙකි. උක්තය කර්තෘු විභක්තිය ගනී. මෙහි ‘සැඬනල’ යනු කර්තෘා විභක්ත්යකන්තයයි සැලකිය යුතුයි.







120 සුමුගුදා කාව්ය සංග්ර හය


ගුත්තිලයෙහි -

“ඇදුර තුටු නොවෙතියි - නොසිත අප සිප් නො දතියි උනිමු වෙන සදතියි - නොදත්තමු ගායනා කෙරෙතියි

සගය ඒ ඇදුරා - කිසි කාරියක නුදුරා ගියෙය නොව බැහැරා - කිවුය දැන් දැන් එතිය ඉඳුරා එපුර ගිලෙතෙයි දැන - බඹා ලු තර වළල්ලක් මෙන” හංස සන්දේශයෙහි :- “වුහුටු හස සෙනඟ කුර රොන් වැද තිද ස කිලුටු වෙතිදෝ සැඩ කර කර පහ ස” තිසරෙහි - “පිළිබිඹු සෙයින් එහි සැදි සිට ර ගේ යා අඩු වැඩි සුර ‘ගන’ නු ගනිති හැගේ යා” මෙය මෙසේ වතුදු ධම්පියා ගැටපදයෙහි “වඩක් පෙනේ බීනාස්වෝජ කම්සුව ඉවසති හගමි සෙවිනී - හඟමි” යනුවෙන් පැනෙන බැවින් සන්ද් හාර්ය අධ්යාිතයා හා ප්ර-ථමා බහු වචන උක්තයාද යෙදෙන බව පැනේමැයි. 4. සිතා - ‘සිත’ සිතුම්හිය. හආදෙශයෙන් ‘හිත’ යනුද වේ. 5. රද - දන්තයෝයි. ‘රද’ යනු සංස්කෘතය හා තත්සම් ශබ්දයෙකි. “රද නා - දශනා - දන්තා - රදා” යනු අමරකොෂයි. 6. රොන්- ‘රෙණු’ සදිනි. 7. රතසක් - වක්ර-වාක සක්වාලිහිණියායි. “සක්වාරියඟ - සක්” යනු නමි. 8. සිපගත් - සිප - සිපුම්හි (බදාගැන්මෙහි) ධාතුයි. මෙහි ‘ලවනතා - යුතා’ ආදි තන්හි අන්ත්යෙ දීර්ඝිය සදැස් රක්තටය.






සුමුගුදා කාව්යන සංග්රාහය 121

64

අන්වය - කොඳ කැකුළුවන් දිලි සමදසන් පිරිසඳ උවන් දල දළවසත් තම නුමුසුවන් වත් වසන් කළ හැසිරෙන පසන් වන දෙවඹුවන් (දිටී.)

පදාත්ථින - කුන්ද කුඩ්මලාකාර වු දීප්තවූ සමදනහයන් ඇති පූර්ණදචන්ද්රාතකාර මුව ඇති ජ්වලිතවූ දන්තාවරණ ඇති අන්ධකාර මිශ්රිදත නොවු වස්ත්‍ දයන් ආච්ඡාදනය කළාවූ සංචාරණය කරන්නාවූ ප්රකසන්නවූ වන දිව්යතප්සරාවියන් (දුටුවේය.)

ටිප්පණි - 1. කොඳ කැකුළු - ‘කොඳ’ නම් වෘක්ෂන විශෙෂයෙකි. මල් සමන්මල් වැනිය. පිපෙනුයේ සමසය. කැකුළු සිහින් හෙයින් දතට සමාන වෙයි. 2. දසන් - දත් - ‘දශන’ යනු සංස් කාත නාමයි. එයින් දශනය (ඩැසීම - සැපිම) කෙරෙනුයි දශන නමි. 3. උවන් - චක්ත්රම. ‘උවන්’ යනු සංස්කෘත මාගධි ‘වදන’ යන්නෙන් භින්නයි. වදන = ව අන = වු අන් වුවන් (වකාරාගමයෙහි) සුබෙච්චාරණයෙන් ‘උවන්’ යි වේ. ‘වදන’ යනු ‘වද්’ වාක්යෙග යන ධාතුවෙන් නිෂ්පන්න වුයේ වාක්යවයට උපකරණවූ වක්ත්රපයෙහි හෙවත් මුඛයෙහි වැටේ. 4. දළවසන් - දන්තාවරණයි. එනම් අධරයෝයි. ‘දළ’ යනු දතට නමි. එය වසනුයේ දළවසන් ය. 5. තම - ‘තම’ යනු අන්ධකාරයයි. ‘තමස්’ යන්න මා සමයි. “අඳුරු - තමස් - හා තිමිර - අඳර - ඇඳිරි සමත් වේ” යනු රුවන්මලයි. 6. හැසිරෙන - ‘හසුරු’ ධාතුයි.






122 සුමුගුදා කාව්යර සංග්රඅහය


65

අන්වය - රුදු පවන් ගොලුතුර බැස සුරත් ලෙල දිලි අළුත් ලවන් බුදිමින් මුවන් රද දැක දැක බිය නුමුත් යන එන මුවන් අතුරක් නොදත්.


පදාත්ථ - මහත්වූ වනෂණ්ඩමධ්ය යට අවතීර්ණිව අතිරක්ත වර්ණයවූ ලීලොපෙතවූ ජ්වලිතවූ අභිනවවූ පල්ලවයන් අනුබව කරමින් මෘගරාජයා දර්ශ.නය කොට භයින් මුක්ත නොව ගමනා ගමනය කරන්නාවූ මෘගයන්ගේ අන්තරයක් විඥානය නොකළේය.

ටිප්පණි -

1. පවන්ගොලු - සමූහාත්ථ ‘ගොලු’ ශබ්දය නිෂ්පන්න ශබ්දයෙක්ල. 2. ලවන් - මෙහි ‘ලවන්’ යනු පල්ලවාත්ථ්යෙහි යෙදුණු සේය. “පබලු - කියල - (ද) ලපලු - වෙ” යනු රුවන් මල් පාඨ හෙයිනුදු සිංහලයෙහි පල්ලව වාචී ‘ලවන්’ ස‍ඳෙක් ඇද්දයි නොදනිමි. විමසනු. 3. බුදිමින් - බුදු - බිඳීමෙහි (කෑමෙහි) ධාතුයි. 4. දැක දැක - මිශ්රම ක්රිුයායි. පූර්වික්රිචයා දෙකක් එක්වීමෙන් මිශ්රෘකරිතමසයාත්ථරය දෙයි. එසේ වීමේදී ආදිම පූර්වැක්රිුයාව බෙහෙවින් හුස්ව වීමය සිරිත. “අඬ අඬා - කකා” යනාදියෙහි මෙනි. 5. මුවන්රද - මුවන්ගේ රද මුවරදයි. මෙහි එළි රක්නට විභක්ත්ය්ත්තය ලොප් නොවූ සේය. මෘග රාජයායි. එනම් සිංහයායි. සාමාන්ය්යෙන් වන වාසි සියලු සිව්පාවුනට ‘මෘග’ නාමය යෙදේ. 6. එන - එ - ගමන්හි ධාතුයි. අතීත නිපාත ක්රි්යාව අද අවුදු - අවුත් - ඇවිත් - අවුදින් - ඇවිදින් යයි නිපනිතව යෙදේ.





සුමුගුදා කාව්යද සංග්ර හය 123


66

අන්වය - සුවිපුල් රසයුතු මනකල් තුවරල තළිස් බුදිමින් සතොස් වඩවා පැහැදුල් මිණිහිරි උසස් රඟතල ලොල් කර වෙසෙස් රඟදුන් කිඳුරන් (දිටි.)

පදාත්ථි් - අතිවිපුල වූ රසයෙන් යුක්තවූ මනොඥවූ තගර හා තාළිස පත්ර්යෙන් අනුබව කෙරෙමින් සන්තොෂ වර්ධනය කොට ප්රිභාවෙන් ජ්වලිතවූ මාණික්යෙ පර්වවතයාගේ අත්යු‍ච්චවූ රඩගස්ථලයෙහි ලොභ කොට විශෙසයෙන් නෘත්යසකළාවූ කින්නරයන් (දර්ශරනය කෙළේය.) විස්තර - ඉමහත් රසයෙන් යුත් මනහර තුවරලා හා බුලත් කොල කමින් සතුටු වී, පැහැයෙන් දිලිසෙන මැණික්ගල් තලා නමැති නැටුම් බිමෙහි ආශාව උපදවා විශෙෂයෙන් නැටුම් නැටූ කිඳුරන් (දිටි.)

ටිප්පණි - 1. තුවරල - සිව්දැ ගඳට අයත් සුවඳ විශෙෂයකි. 2. තළිස් - තාළිය - පත්රියන් ‘තළිස්’ යනු තාම්බූල විශෙෂයෙකි. 3. වඩවා - ‘වඩ’ ධාතුව සකර්ම කවූ විට අර්ථ චතුස්කයකද අකර්මාකවූ විට අර්ථවයෙකදැයි අර්ථ යයෙක යෙදේ. ක්රිවයා විවරණයෙහි :- “සකර්මැක වඩ ධාතුව i වර්ධ නයෙහි = දරුවන් වඩා ii සේදීමෙහි = සුවඳ පැනින් වත් වඩා iii පැමිණවීමෙහි = අත‍ට පැන් වඩා iv හැදීමෙහි = සළු වඩා අකර්මiක වඩ ධාතුව i අධිකව්‍ ටමහි = ගුණෙන් වඩි ii යෑමෙහි = බුදුහු වඩිති ”

යනුවෙන් දැක්විණ 4. සතොස් - තොස් සහිත වූයේ = සහතොස් = සතොස් 5. රඟතල - රඬග්යොථලය - නෘත්යහ භූමිය. 6. කිඳුරන් - කිම්පුරුෂයන්. කුත්සිත පුරුෂයෝයි.



124 සුමුගුදා කාව්යව සංග්රුහය


අශ්ව ශරීරයෙහි මනුෂ්ය් මුහුණද මනුෂ්යක ශරීරයෙහි අශ්ව මුහුණද පිහිටියාවූ හිමාලයෙහි වෙසෙන දෙව්යනට ගායනා කරන දෙව කොටසකි. තවද ඉහෙන් පහළ පක්ෂිි රූපයද ඌර්ධව කොටස මනුෂ්යො ශරීරයද ඇති පක්ෂිහ කින්නර නම් වර්ගයයක්ද ඇති. පෙර සමහර තාපස වරුද කිඳුරියන් හා විසීමෙන් ශීලදූෂණාදියට පැමිණි බවද කිඳුරු බිජුවලින් දරුවන් ලැබුණු බවද ඇතැම් කථාවන්හි ප්රපකාශව තිබේ. කිඳුරන් බොරු කියවේය යන බියෙනුත් අනුන්ට නින්දා වචන කියවේය යන බියෙනුත් මනුෂ්යක භාෂාවෙන් කථා නොකරන බවත් මනුෂ්යව භාෂාව කථා කටහැකි බවත් ආංගුත්තර නිකායේ දුක නිපාතයේ ප්රාකාශව තිබේ. ධර්මායශොක රජතුමා විසින් කථා කරවන ලද බවත් මනොරථ පූරර්ණපයේ කියා තිබේ.

67

අන්ව්ය - වනපසේ වැද තමල් සිඳ බිඳ කමල් වරලසේ සහ බැඳ බැඳ ලකල් රූ රැසේ යුතු සිඳ ලද සඟ වැසේ සඳ ඔද විපුල් කළ.

පදාත්ථිත - වනපාර්ශවයෙහි ප්ර විෂ්ටව තමාලයන් ජින්න භින්න කොට පද්මයන් කෙශකලාපය මා බන්ධ නය කෙරෙමින් අලඩ්කෘතවූ රූපරාශීන් යුක්ත වූ සිඬාඩගනාවෝ ස්වර්ගසවාසීන්ගේ චිත්තයෙහි උද්දාමය මහත් කළහ.

ටිප්පණි - 1. තමල් - තමාල නම් කොල්ලම් යන ගච්ඡ විශෙෂයයි. මෙය උස් මහත් නොවන හෙයින් වෘක්ෂසයක්ද නෙවේ. උසෙහි ප්රෂමාණයට ඉතා සිහින් නොවන හෙයින් වැළක්ද නොවේ. එහෙත් උභය පාර්ශ්ව යෙහිම ගිණිය හැකි. දෑ සමන් ආදී ඇතැම් ගච්ඡයන් මෙනි. මෙහි වර්ණිය නිල්ය. පත්රෙ සිහින්ය. කුසුම් රම්යමය. “කොල්ලම් ගසින් නිල්ඉවුරැති





සුමුගුදා කාව්යය සංග්රරහය 125

පොකුණ සිනි” යයි කියූ තන්හි මෙය විශෙෂ වශයෙන් ගසක් කොට සලකන ලදි. ගීතගොවින්දය යෙහි අන්යතතරවූ විශාල ගසක් බව පෙනේ. කව්සේකරයෙහි - “තමලු වරලස නිලුපුලන් නෙත් සුරත් බිඹුවැල් ලවන‍තේ” යයි කියූ තන්හි වැළක් යයි ප්රබතීත කරන ලදි. දක්ෂිණ ජම්බුබීපයෙහිද මේ ගච්ඡය වනාහි ඉතා සිහින්වූ දික්වූ පත්රබයන් ගෙන් යුක්තව වැළැක්සේම දක්නා ලැබේයයි කියති. එහි ද්රවවිඩයෝ ඊට “පච්චකොලුන්ද්රක” යයි කියත්ල. මෙය සාමාන්ය් මතය මුත් මේ ගැන විනිශ්චයක් ඇති බව නොපෙනේ. 2. කමල්වරලසේ - කෙශ කලාපයෙහි මල් පැලඳීම පෞරාණික චාරිත්ර්යකි.

කාව්ය්ශෙඛරයෙහි :- “දුම් දී තුවරලා - මල්බර නැමුණු සුනි ලා එලද දිඟුවරලා - බැඳපු ඊතණ මිප් දම ලා” යනුවෙන්ද

කොකිල සන්දෙශයෙහි :- “නිල්ල දුලන වරලස ගවසා මලි න තුල්ල කළැකි සුරඟන වරඟන යනෙ න” යනුවෙන් ද පැනේමැයි.

3. සිදලද - සිද්ධාඩගනාවෝ ‘සිද්ධ’ යනු දෙවයොනි විශෙසයකට නමි.

“විද්යාදධරො’ප්සරො යක්ෂව ර‍කේෂාගන්ධයර්වවකින්නරඃ පිශාචො ගුහ්ය‍කඃ සිද්ධො භූතොමී දෙවයොනයඃ”

යනුයෙන් අමරසිංහයෝ විද්යාසධරය - අප්සරස්ය - යක්ෂවය - රාක්ෂීසය - ගන්ධෙර්වෝය - කින්නරය - පිශාචය - ගුහ්යයකය - සිද්ධය - භූත යයි දෙවයොති දශයක් දැක්වූහ. අෂ්ටවිධ සිද්ධියෙන් යුක්තවූවෝ සිද්ධ්යෝය. “අර්ණකමා මහිමාවෛව ලඝිමා ගරිමා තථා ප්රාඅප්තිඃ ප්රාාකාම්යමමිශිචං වශිත්වංා ත්ව්ඡට සිද්ධයඃ”




126 සුමුගුදා කාව්යර සංග්රාහය

යනුවෙන් දැකිවුණු අණිමා (කුඩාවීම)ය - මහිමා (මහත්වීම)ය - ලඝිමා (ලුහුවීම) ය - ගරිමා (ගුරුවීම) ය- ප්රායප්ති (කුමකට වුවද පැමිණීම) ය - ප්රාලකාම්යි ( නොවැළැක්විය හැකි කැමති ඇතිවීම) ය - ඊශිත්වද (ප්රණභූභාවය) ය වශිත්වහ (වශිභාවය) ය යන මේ අර්ථවය සිද්ධි නමි.

4. සගවැසේ - ස්වර්ගඩ වාසීන්ගේ - එනම් දෙවියන්ගේයි. රූප රාශීන් යුක්තවූ තරුණ සිද්ධාඩගනාවන්ගේ දර්ශසනයෙන් දෙවියන් ඔදවැඩුණු බවය මින් පැවසෙනුයේ.

68

අන්වය - මත්ගය තම තුඩදී තඹරින් ගත් මනා මුවරද නොම බුදිමිනා පත් අත් හසඟන මුව හෙළමින සිත් බැඳි ලොබහස හැඟවූ මෙනා.

පදාත්ථු - මත්ත හංසතෙම ස්වතුණ්ඩදානය කොට පද්මයෙන් ග්ර්හණය කළාවූ මනොන්දුවූ මකරන්දැය අනුභව නොකොට ප්රා්ප්තවූ අන්යදහංස ධෙනුවකගේ මුඛයෙහි ප්රළක්ෂේප කෙරෙමින් චිත්තයෙහි බඬවූ ලොභාඬ්යා්සය විඥාපනය කළ ආකාරයි.

ටිප්පණි - 1. මත්හස - මත්තහංසය. රාජහංස - කාල හංස - මලින හංස - ශ්වේත හංස යයි හංසයෝ සිව් කොටසකි. එයින් රන්තුඩු හා පා ඇති සුදු හංසයෝ ‘රාජ හංස’ නම් වෙත්. කළු පැහැති හංසයෝ ‘කාල හංස’ නමි. පාතුඩු කිලුට් වූවාහූ ‘මලින හංස’ යි. සුදු පැහැ ඇතියෝ ‘ශ්වෙත හංසයෝ’ යි. ‘හංස’ ශබ්දය උත්තමාර්ථයෙහිද යෙදේ. ‘රාජ හංස’ යන්නෙහි හංස ශබ්දය පරපද කොට ඇති උත්තමාර්ථය කවිහු පවසති.






සුමුගුදා කාව්ය සංග්රථහය 127


ඒ බව හංස සන්දේශකාරයෝ - “තොප නම ඉදිරි කළ නමටත් උතුම යෙති” යි මෙසේ පවසති. හංසයා අති ප්රිතය සතෙකි. බ්ර හ්මයාගේ වාහනයද හංසයෙකි. කිරිත් දියත් මිශ්රප කොට දුන් කල්හි කිර ජලයෙන් වෙන්කොට බීමේ ශක්තියත් ඇත්තේ හංසයාටමය. ඒ බව - “අනෙක ශාස්ත්රාව බහුවෙදිතව්යංඇ මල්පගව කාලො බහවශ්ව විඝ්නාඃ යත්සාර භූතං තදුපාසිතව්යංා හංසෛර්යභථා ක්ෂිර මිවාම්බු ම‍ඬ්යා ත්” යනුවෙන්ද සුබොධය 2. තුඩ - වඤ්වුව - හොට - හංසයාගේ ගෙල දික් බැවින් හොටද දිගුය. 3. පත්- පමුණ - ධාතුයි - අතීත කෘදන්තයි. 4. හෙළමිනා - ‘හෙළ’ හෙළුම්හිය. ‘ඵළ’ යනුද ධාතු වෙයි. 5. හැඟවූ - ගඟ - හැඟුම්හි ධාතුයි. හලොපයෙන් ‘අඟ’ යනුද ධාතුවෙයි.


69 අන්වය - නැඹුල් ගව සැමුව ගෝ මිහිමුන් වනසා රතරැඳි දිගුනිය අතුල් මස්වැදැල් බුදිමින් බඩසා සිඳ සිටී සඳුල් දුට නොනසා දිවියෙයි.

පදාත්ථැ - මහත්වූ වෘෂගය ශාඛාමෘගය එළහරක්ය මහීෂය යන මොවුන් නසාලේ වැකුණාවූ දීර්ඝමනඛයන් හා පාණිතලයන් ක්ෂුධා වනසා ස්ථිතවූ ගාර්දූලයන් දර්ශණනය කළහොත් ඔවුන් විසින් නොනසන ලදුවත් මරණය වන්නේය.

ටිප්පණි -

1. සාමුව - ශාඛාමෘග - වානරයෝ - වානරයන්ගේ නිරන්තර වාසය වනුයේ වෘක්ෂණ ශාඛාවන්හිය. එහෙයින් ඔව්හු ශාඛාමෘගයෝය.





128 සුමුගුදා කාව්යි සංග්ර හය

2. වනසා - වනස - වැනසුම්හිය. 3. රත - ලෙයට (රුධිරයට) නමි. “රත් - රද ‍- ලේ - හුරිරු” යනු රුවන්ලෙය. 4. බඩසා - ක්ෂු ධාව - බඩගින්නයි, ‘සා’ යනු සංස්කෘත ‘ක්ෂු-ධා’ ශබ්දයෙන් භින්නය. ‘සා’ සඳ ආපණ - අතු - උල, සවස්කාලය - රුක - ගෘහ විශෙෂ ප්ර්මාණය (බඩ) සාය යනාදි අත්ථෝයන්හි වැටේ. පාළියෙහිද ‘සා’ ස‍ඳෙක්වෙයි. හේ සුනධ වාචිය. 5. දුට - දර්ශුනය කළහොත් - ‘අ’ ප්ර ත්යා න්ත ආවස්ථික නිපාත ක්රිඳයායි. දුටු + අ (පූර්වනස්වරලොපයෙන්) දුට ‘අ’ අන්ත නිපාත ක්රි යා යෙදෙනුයේ අනියමෙහිය. “දුන පින් සමඟ යස සිරි වඩිපුත් රුවන” යනුද සලකන්නේය 6. සඳුල් - දිවියායි. “දිවි - සඳුල් - (යළි) ගෝරුපු” යනු රුවන්මල්පාඨයි.

70

අන්වය - රස වනසූරණමුල් බිඳකමින් උකුතලමින් බමින් සිටි ඌරන මතවාරණ කුඹුසිඳ සිටි පෙමින් රණ කෙළි කෙළිනා නොමින් සී දිටි.

පදාත්ථික - රසවත්වූ වල් කීඩාරම් අල කඩා ඛාදනය කර මින් උකු අණිමින් භය ගනිමින් ස්ථිතවූ ශුකරයන් ද මත්තගස්තීන්ගේ කුම්භප්රරදාලනය කොට ස්ථිතවූ ප්රෙතමයෙන් රණක්රිීඩා කරන්නාවූ අප්රොමාණවූ සිංහයන්ද දර්ශයනය කෙළේය. ටිප්පණි - 1. වනසූරණ - වල්කීඩාරම් ‘සූරණ’ යනු කීඩාරම්වලට නමි. ‘ශුරණ’ ශබ්දයෙන් භින්නය. අමරකොෂයෙහි - “අර්ශොපඝනඃ - ශුරණඃ - කනේද්රෙ” යනුයි. 2. උකුතලමින් - ‘උකු’ යන අනුකරණ්යර පවත්වමින්. 3. බමින් - බා - බියෙහි ධාතුයි. මිශ්ර ක්රිදයායි.





සුමුගුදා කාව්යි සංග්ර හය 129

71 අන්වය - දිලි වලා ගුම්තුළා වනදරගුම් දන් සුපසන් සිව් දිගු රජගුණ බලා නොමදින් සිහසන රැඳී රඟදුන් රුදු නිලා සෙබඩුන් මගමින් -

පදාත්ථි - ජ්වලිතවූ වනයෙහි ගුල්මයන් අතරෙහි වැස, ජලධර ඝොෂය දැන සුප්රථසන්නවූ සතර දිශාවන්ගේ රජොරාශිය නිරීක්ෂ ණය කොට අමන්ද වූ ශිබිස්වන යෙන් යුක්තවූ නෘත්යුදානය කළාවූ මහත්වූ නිල් පැහැ ඇත්තාවූ මයුර ධෙනුත් අවලොකන කර මින්.

ටිප්පණි - 1. වනදරගුම් - ජලධර ඝොෂය - මේඝ නාදය. අහස ගුගුරණ විට මොනරු පිල් විදහා නටන බව මියුරෙහි - “මුළු ලෝ සනසමින් එන ගන රදහු වෙ ත තුටු රැවු මගුල් ගී නහමින් රැඟුම් ග ත” යනුවෙන්ද පැනේ. 2. රදගුණ - රජොරාශිය - වර්ෂාූව නොවැස සිට වස්නා විට පොළොවෙන් රජස් නැගීම සිරිතය. මෙහි ‘ගුණ’ ශබ්දය රාශ්යැත්ථවයෙහි යෙදුණු සේය. 3. සිහසන - ‘ශිඛි ස්වාන’ ශබ්දයෙන් භින්නය. (මයුර නාදයයි) කෙකඃධව්නියයි. 4. සෙබඩුන් - මයුර ධෙනුන් ‘මයුරයනට ‘නීලකණ්ඨ’ යනුද නමෙකි. එහෙයින් ඔවුන්ගේ නීලවර්ණනත්ව ය යෙදේමය. 5. මගමින් - මඟ - මැඟුම්හි (බැලුම්හි) ධාතුයි. මිශ්රෙක්රිබයායි. තිසෙරෙහිදු - “මහා සතොස ලබසුබ නිමිති මන රඟා” යනාදි තන්හිද මැඟුම්හි ‘මඟ’ ධාතු යෙදුණු සේ පෙනේ.






130 සුමුගුදා කාව්ය‘ සංග්රනහය


72 අන්වය - පැහැසර හිඟුලින් රැදියුරු සුරත් මනහර පත් පිය යුවලින් දිමුත් දිලි මරකත මිණි මෙන් තුඩු සිළුත් සරණවි හිමතුර තියුරැ වු කෙරෙත්.

පදාත්ථිණ - ප්රමභාස්වරවූ ජාතිහිංගුලයෙන් රඤ්ජිතාකාරවූ අති රක්තවූ මනොඥවූ පත්ර් ඇති පක්ෂළයුග්මයෙන් දීප්තිමත්වූ ජ්වලිතවු මරකත මාණික්යාවකාරවූ තුණ්ඩය හා ශිඛාව ඇති චරණායුධයෝ වනමධ්යතයෙහි ස්තුතිරාවය කෙරෙත්.

ටිප්පණි -

1. මරකතමිණි - මරකත මාණික්යයය ‘පච්ච’ වලට නමි. සැවුලාගේ ශිඛාව රක්තවර්ණමය. මරකත මිණද අතිශය රක්තවර්ණරය. 2. සිළුත් - සිළුදු =සිළුද් = සිළුත් - ශිඛා ශබ්දයෙන් භින්නයි. 3. සරණවී - වරණායුධයෝ - කුකුළෝ පොර ඇණ ගැනීමේදී ස්වපාදයන් ආයුධ කොට ගනිත්. එහෙයින් සරණ අවි වූයේ යමක් හටද හේ සරණවි. “කුකුළු - බඹරු - තඹසිළු - සරණවිය - සැවුළු” යනු රුවන්මලයි.

73

අන්වය - නිල්මිණි තරසර බිගු වලාමුද පලගුණ අඹරෙව් පුලින දුලා සොඳ සෙවෙල දිගුවරල සළා මල් නද හැමකලා සඳ ලෙස සැරසි දිලි.

පදාත්‍ථි - නීල මාණික්යි නමැති ප්ර භාසාරයෙන් යුක්තවූ භෘඩය නමැති වළළු ඇත්තාවූ මෘදුවූ ව්යමක්ත (ධාවල්යය) ගුණයෙන් යුක්රතවූ වස්ත්රභය වැනිවු ‍වාළුකායෙන් බබලන්නාවූ සුන්දාර වූ ශෛවාල නමැති දීර්ඝ ධම්මිල්ල ඇති උදකච්ඡටා නමැති පුෂ්පයෙන් යුක්තවූ තදිතොමෝ සැමකල්හි ස්ත්රි යක මෙන් ප්රචසාධිතව දීප්ය්මාන වූවාය.




සුමුගුදා කාව්ය සංග්රනහය 131

විස්තර - නදිය කාන්තාවකි. ඇයගේ ප්ර හාසාරය (කාන්තිය) නීලමාණික්යිය. (ජලයද නීලවර්ණ- හෙයිනි) වළලු හෘංගාවලිය - ශ්වතවස්ත්රඋය ප්ර්ලිනතලාවය. කෙශ කලාපය ශෛවාලය.ඇය ප්රවසාධිත පුෂ්පයෝ නම් උදකච්ඡටාවෝය. මෙහෙයින් නදියගේත් කාන්තාවකගේත් සාම්ය ය එකදෙශයකින් පැවසේ. ටිප්පණි - 1. නද - නදියයි. ‘නද’ යනු නදියට පය්යාධ ය බව රුවන්මලෙහි - “ගඟ - හෝ - සිඳු - වසා - නී - සඳ - නද (එකත්වනු) ” යනුවෙන් පෙනේ. 2. තරසර - ‘තර’ යනු රශ්මියට - පැහැයට නමි. 3. පලගුණ - ව්යයක්තගුණය. එනම් ධාවල්ය ගුණය ලෝකයේ සුප්ර කටය. එහෙයිනි. 4. පුලිනඹරෙව් - පුලින + අඹරෙව් = පුලිතඹර + එව් = පුලිනඹරෙව්. ‘අඹර’ යනු වස්ත්රයයට නමි. ‘එව්’ යනු සමානාර්ථයෙහි අව්යරයකි. 5. සෙවෙල - ‘ශෛවාල’ ශබ්දයෙන් භින්නයි. 6. සළා - ‘ජටා’ ශබ්දයෙනි. දිය සුළියි. 7. සඳ - ‘සඳ’ යනු කාන්ත පය්යාි ය නාමයකි. 8. සැරසී - සරස - ධාතුයි. හකාරා දෙශයෙන් ‘සරහා’ යනාදි රූපද ලැබේ. 9. වෘත්තය - අවිනිශ්චිතයි.

74

අන්වය - ගිරිරූ පහ හැලි සෙමෙර කරිගිගුම් තුරු සසල කිඳු දද සුමිහිරි බිඟු මිණි කිකිණි පිකනද ලියගී මියුරු පිල් සත්දැරි වනගල නිතොරි පිරි රදසිරි නොහැර දිලි.







132 සුමුගුදා කාව්යී සංග්රුහය

පදාත්ථින - පවර්තප රාජ (නමැති) ප්රාුසාද ඇති නිර්ඣර (නමැති) වාලව්යුජන ඇති හස්ති ගර්ජනා (නමැති) තූය්ය්සත නාද ඇති චඤචල ලතා (නමැති) ධවජ ඇති අතිමධුර වූ ගෘඩ්ගරව (නමැති) මණිකිඩ්කිණික ඇති කොකිල ධ්වනි (නමැති) ලයාන්විත ගී ඇති මයුර පිච්ඡ (නමැති) ඡත්ර්ධාරීවූ වනඝටය තෙමේ නිරන්තරයෙන් පරිපූර්ණව රාජ්යරශ්රීණය අවර්ජිතව දීප්යනමාන විය.

විස්තර - හිමාලය වනඝටය රාජ්යියකි. රාජ්යියෙහි ප්රාාසාදයෝ නම් පර්වතතරාජයෝය. වාලව්යාජන නිර්ඣරයෝය. තූය්ය්ි පනාදය කුඤචනාදයය. ධවජයෝ නම් චංචල ලතාවෝය. මණිකිඩ්කිණික රාවය භෘංග රාවයයි. ලියගී නම් කොකිලනාදයය. ඡත්රියෝ නම් මයුර පිචඡය. (මෙහි පිරිපුන් රාජ්ය ශ්රීයය නැතද මනහර වැණුමෙකි)

ටිප්පණි -

1. සෙමෙර - චාමර ශබ්දයෙනි. සෙමෙර මුවන්ගේ වාලධියයි. ඒ ඉතා සුදුය. පුළුන් රොදක් හා සමානය. සෙමෙරා ස්වකීය ජීවිතය වඩා වල්ගයට ඇලුම් කෙරේ. 2. ගිඟුම් - ‘ගුම් ගුම්’යි කීය යුතු තන්හි පූර්වම ‘ගුම්’ ශබ්දයාගේ මකාරලොපයෙන් හා ගකාරස්ථ උකාරයට ඉකාරයක්ද කිරීමෙන් ‘ගිගුම්’ යි සිද්ධල. 3. කරී - ‘කර’ යනු ඇත්සොඬට නමි. ‘කර’ ඇතියේ ‘කරී’යි ඇතායි. 4. කිඳු - ‘කිඳු’ යනු වැලට නමි. 5. පිකනද - ‘පික’ යනු කොවුලාට නමි. “වනප්රිකයඃ පරහෘතඃ කොකිලඃ පික ඉත්යමපි” යනු අමරකොෂයි. 6. වනගල - වනඝටය. වනසමූහය. ඝන කැලෑවයි






සුමුගුදා කාව්ය සංග්ර හය 133

75

අන්වය - ගජ රජුන් කොපුල‍ඟේ මදසුවඳ ඉතිරී පැතිරී ගොස් නෙලෙති බමර පවනතේ වැද ඉතිරී ගුම් හඬිනි නොනැවත තරණී පතේ පැතිරී එන සසිරි සියපතේ කියලීය.

පදාත්ථ - ගජ රාජයන්ගේ කපොලාන්තයෙහි මදජල සුගන්ධය අතිරික්තව ප්රතස්තරිතව ගමනය කොට මාරුතයෙන් භෘංගයන්ගේ ශ්රමවණයෙහි ප්රකහෘතව අධිකව ගුමු ගුමු රාවයෙන් අනිවර්තීතව ආකාශයෙහි පැතිරී එන්නාවූ ශොභාව ශතපත්‍රය තෙම ප්රතකාශ කෙළේය.

විස්තර - මල්මුවරද පිණිස පද්මයන් කරා ගිය භෘංගයෝ ඔවුන් මුකුලිත වන කල්හි ඇත්මද සුවඳ අසා එහි පැමිණෙනි. පද්මයන්ගේ මුකුලිතභාවයම් ඔවුන් ගේ එම ප්රමයාණය හඟවාලයි.

ටිප්පණි -

1. ඉතිරි - උතුර - ඉතිරුම්හිය. 2. මදසුවඳ - භෘඩ්ගයෝ පුෂ්ප මධ්ය්යෙහි මෙන්ම හස්ති මද්ය්යෙහිද ලොභය කෙරෙති. භ්රඟමර සමූහයා හස්තිකපොලය හාත්පස භ්ර්මණය කොට කර්ණතයෙහි මොහොතක් හිඳ මදගෙන නැගෙන සැටි,

මුවදෙව් දා හි - “මත ගජ රජකට - කසතළසල් යටියෙහි දැහැලොල් මත් බමර මුළු - මොහොතක් අහස්හිබුමු” යනුවෙන්ද

සෙතුබන්ධයෙහි - “පරිහොලන්තක්බලි අං සත්තච්ඡඅ කුසුම ධවලරෙණුක්ඛ ඉ අම් උප්පු සඉ දාණවඩ්කං මුහුනත ගජ කණ්ණ චාමරං භමර උලම්”



134 සුමුගුදා කාව්යම සංග්ර හය


(හාත්පස බමමින් හුණුවාවූ සත්පත් කුසුම්හි සුදු රොන් තැවරුණු, මොහොතක් ඇත් කණට සෙමෙරවූ භ්රසමර සමූහයා ඇත්මදමඩ උඩට නඟති) යනුවෙන්ද සුබොධය. 3. ගුම්හඬිනි - භ්රහමර නාදය ගුමු - ගුමු යන අනුකරණයෙන් පවතී. 4. නොනැවත - නැවත - නැවතුම්හි ධාතුයි. 5. තරණිපතේ - ‘තරණී’ යනු සූය්යායි ට නමි. ඔහු හැසිරෙන පදය (මාර්ගාය) තරණිපථයි. එනම් අහසයි. ‘තරණී’ සඳ ස්ත්රීො - නැව - යනාර්ථගයන්හිද යෙදේ. 6. කියලීය - ‘කියොල’ (පැවසුම්හි) ධාතුයි. (කියලී - ය) කියෙලි සිදතෙහි පැණෙන මුදාගනී - කියාලන්නේ යනාදිය සලකා ඇතමෙක් මෙය ‘කියාලීය’ යනුවෙන්ද යොදති. එහෙත්,

ගිරෙහි - “වියොවග දඳ ලෙල සිරි කියෙලී යා” (82) “සතොසින් ලොමු දහගත් සිරි කියෙලී” (85)

සැළෙහි - “බැඳ හළ රුවන් තනපට කියලිය පවුර” (9) තිසරෙහි - “පුවතර මිණි අකර සිරි කියලිය මිතුර” (44) කව්සිළුමිණෙහි - “මුව ගැබෙහි අස්කළ - පුවතො දිනද රජ වීමන් පිවිස උවතින් ‍කියොලා පලගත්තේ සිත්ලියන්”(222) යන මේ ආදි ඡෙකප්රතයොග දක්නා බැවින් ‘කියාලීය’ යනු සාවද්යවය. 7. සියපතේ - ශතපත්රදය. පද්මයට නමි. පියුමෙක පත්‍ර සියයක් ඇතැයි සැලකීමය සිරිත. ඇතැමි විට සියයට අඩුවැඩි වන්නටද පිළිවන. එහෙත් අධිකත්ව හැඟවීමටම මෙසේ යෙදිණැයි සැලකිය හැක. ‘සිය - දහස්’ ආදි ශබ්ද සංඛ්යරර්ථයෙහි පමණක් නොව අධිකාර්ථයෙහිද යෙදෙන බව මෙයින් පෙනේ.




සුමුගුදා කාව්යය සංග්රණහය 135

76

අන්වය- විලි මිණිමුතු පියුම් මීරස බොමිනි කලි හැර බිඟු කැළුම් සහ රොන් පට පෙරව ගෙන තිළි නොමඳ මිහිලොලී ලියගී තියු ගිගුම් කර රඟමඬල රැඟුම් දෙන ලෙස සිරි ඉසිලී.

පදාත්ථි - සරසී තොමෝ, ප්රමබුඬවූ පද්ම‍යන්ගේ මකරන්ද’ය පානය කරමින් කාලාතික්රිමණය කොට සිටි භෘඩ්ගයන්ගේ කාන්ති සහිතව රෙණු පටය ප්රාතවෘතව, තුෂ්ටව, අමන්ද වූ භෘඩ්ග (නාද) නමැති ලය ගීත හා ස්තුතිඝොෂණය කොට, නෘත්යක මණ්ඩලයෙහි නෘත්ය කරනාකාරවූ ශොභාව උද්වහනය කළා.

ටිප්පණි - 1. බොමිනි - ‘පො’ - බිමෙහි - ධාතුයි. අතීත නිපාත ක්රි යාව ‘බි’ යනුයි. 2. රොන් - ‘රොන්’ ශබ්දය ‘පුෂ්පරෙණු - ධූලි - දියබින්දු - ගිනිසිළු’ යනාදි අරුත්හි යෙදේ. 3. පෙරවගෙන - ‘පොරෝ’ ධාතු පෙරැවුම්හිය. 4. සිරි’සිලි - සිරි + ඉසිලි = සිරිසිලි - ‘උසුල’ - ධාතුයි. 5. වෘත්තය - සමුද්රරඝොෂයි.


77

අන්වය - නෙකලෙස විසාලය හිම සිරිනි සාළය දනාලය වඩවන හිමිලය මහබෝසත් වැඳී.

පදාත්‍ථි - අනෙක‍ාකාරවයන් මහත්වූ හිම ශොභාවෙන් සාරවත් වූ ජනයාගේ චිත්තය වර්ධීනය කරන්නාවූ හිමවත් මහාවනයට මහාබොධිසත්ව් තෙමේ ප්ර්විෂ්ටව.





136 සුමුගුදා කාව්යය සංග්රමහය


ටිප්පණි -

1. සාළය - සාරවත්වූ. එළිරක්නට ගොස් ‘ර’කාරයට ‘ළ’ කාරය කරන ලද්දේ මාතෘභාෂානුගත රීතියක් අනුව යයි සිතේ. රකාරය ළකාරයන්ගේ සාවර්ය්ය ය එහි පවසා තිබෙන හෙයිනි. 2. දනාලය - දන + ආලය - දනාලය.


78

අන්වය - කෙලෙසුන් තවනලෙද නිසි නද තවුස් පැවිදිව සොඳ පස ‘බි’ නුවණද උපදවා අටසමවතට වැද.

පදාත්ථිට - ක්ලෙශයන් තාපනය කරන පරිද්දෙන් යොග්යිවූ මනොඥවූ තාපස ප්රතව්රදජ්යාතවෙන් ප්ර ව්ර ජිතව සුන්දඥර වූ පංචාභාඥාවද උත්පාදනය කොට අෂ්ටසමාපත්තියට සමා පන්නවැ.

ටිප්පණි -

1. තවන - ‘තව’ ධාතු තැවුම්හිය. 2. පසබිනුවණ - පස් + අබිනුවණ = පසබිනුවණ - පංචාභිඥා ඥානය. “ඉඬිවිධං දිබ්බදොතං- පරචිත්ත විජානනා. පු‍බ්බේනිවාසානුස්සති - දිබ්බචක්ඛුතිපඤ්වධා” යනුවෙන් දැක්වුණු. i සෘඬිප්රිභෙද දැනගන්නා සෘධිවිධඥානය ii දිව්යනලොකාදියෙහිද පිටසක් වළද පවත්නා ශබ්ද ඇසීමට හැකි දිවකණය iii අනුන්ගේ සිත් දැනගන්නා නුවණය iv පෙර විසූ කඳ පිළිවෙළ දැනගන්නා නුවණය v දිව ඇසය යන පසයි. 3. උපදවා - උ - පද - ඉපැදුම්හිය. 4. අටසමවතට - අෂ්ටසමාපත්තියට i ප්රදථමධ්යා න iiවිතීයධ්යා න iii තෘතියධ්යාටන iv චතුත්ථ ධ්යාින යන රූපාවචර ධ්යාගන සතර හා v ආකාසා



සුමුගුදා කාව්යට සංග්රනහය 137

නඤවායතන vi විඤඤානඤවායතන vii ආකිඤ්වඤඤායතන viii නෙවසඤඤායතන යන අරූපාවචර සමාධි සතරද යන මොහුයි.

79

අන්වය - වනසුර කැළන් සඳ මිහිරි තෙපුලෙන් නඳකර නියමය වැද වොරද අනගි මහසත් එහි වසන සඳ

පදාත්ථහ - වනදෙවතා සමූහයාගේ චිත්තය මධුර වචනයෙන් සතුටු කොට ව්රිත නියමප්රසවිෂ්ටව විරාජමානව නිෂ්පාපීවූ මහා සත්වධයන් ඒ වනයෙහි වාසය කරන කල්හි - 80

අන්වය - එහි අසපුව අසල රුදු ගිරිලෙණක මස්ලොල එක් රකුසෙක් නොපැකිළ දනන් නසමින් එකල විසී.

පදාත්ථි - ඒ වනයෙහි තාපසාශ්රණමය ස්වමීපයෙහි මහත්වූ හල්ලෙණෙක්හි මාංශ ලොලවූ එක්තරා රාක්ෂ්සයෙක් අප්රනස්බලිතව ජනයන් විනාශ කරමින් ඒ කාලයෙහි වාසය කෙළේයි.

ටිප්පණි - 1. නොපැකිළ - පකුළු - පැකිළිමෙහි ධාතුයි.

81 අන්වය - අතරතුර මහසත් වෙත පැමිණ අත් මුදුන් බැඳ දිමුත් පායුග වැඳ බැතිසිත් වඩා සදහම් අසයි.

පදාත්ථි් - අන්තර නගරයෙහ හෙවත් කලින්කල මහබොධි සත්වබයන් සමීපයට ප්රා්ප්තව පාදයුග්මය වන්දනනය කොට භක්තිචිත්තය වර්ධමනය කොට සඬර්මයය ශ්රාවණය කරයි. ටිප්පණි - 1. අතරතුර - අතර + අතුර = අතරතුර 2. අසයි - ප්ර්වෘත්ති කථනයේදී වර්තවමානඛ්යා තය යෙදීම ඡෙකාභිමතය.


138 සුමුගුදා කාව්යය සංග්ර හය


82

අන්වය - මොක්රස සිදුකරන අමරස දහම් අසතත් තම කුලවූ පිණිස පරහිංසා නොමඳ ලෙස කෙරේ.

පදාත්‍ථි - මොක්ෂරරසය සිඬකරන්නාවූ අමෘත රසයක් වැනි වූ ධර්මයය ශ්රාවණය කරතත් ස්වකීය කුලයෙහිවූ චාරිත්රුය සඳහා පරපීඩනයත් බොහෝ සෙයින් කරන්නේය.

83

අන්වය - ඉන් තම උපන් කුල විලසට පවට සතුටුව මහ දන නොහැර හැමවිට සරණ වන මැද මගට වැද.

පදාත්ථිම - එහෙයින් තමා උපන් කුල චාරිත්රො විලාසයෙන් පාපයට සන්තුෂ්ටව මහාජනයා පහනාකොට සියලු කාලයෙහි සඤවරණය කරන්නාවූ වන මධ්යනයෙහි මාර්ගියට ප්රරවිෂටව.

84

අන්වය - ලියතුරු නොසොල්වා රැක සිට අද වෙවුල්වා යුහුව දන අල්වා රැගෙන සල්වා සල්වා බුදිනේ.

පදාත්ථස - ලතාවෘක්ෂ යන් චංචල නො කොට ගුප්තව සිට චිත්තය කම්පාකරවා ශීඝ්රථව ජනයන් ප්ර ග්ර හණය කොට ගෙන චාලනය කරමින් අනුභව කරන්නේය.

ටිප්පණි -

1. නොසොල්වා - සල - සැලුම්හි ධාතුයි. ‘සලවා’ යන ප්රතයුක්ත රූපයෙහි ‘ස’ කාරයෙහි ‘අ’ කාරය ‘ඔ’ වැ සොලවා - සොල්වා - සොල්ලා - සොලවති - සොල්වති - සොල්ලති යනාදී රූප ද ලැබේ. 2. වෙවුල්වා - වෙවුල - වෙව්ලුම්හි ය.


සුමුගුදා කාව්යා සංග්රවහය 139

3. අල්වා - අල්ල - ඇල්ලීමෙහි ධාතුයි. ‘අත්’ යන නාමය හා ‘ල’ යන ධාතුව එක්ව නිපන්නෙකි මේ. අත් + ල = අල්ල. 4. රැගෙන - හැරැගෙන = ඇරැගෙන = රැගෙන - (රැපැයි යනුද මෙසේම හිඬයි.)

85

අන්වය - ලොල් දානව රකුස් සැඩ රුදු කොපුල් යුග දුල් රතදර වගුරුවා සරණි අසල්සිට මස් බුදී.

පදාත්ථි - මාංසලොලවූ දානව රාක්ෂයස තෙමේ චණ්ඩගවූ රෞද්රශ වූ කපොල යුග්මයෙහි උජ්වලිතවූ ලේ ධාරාව වැගිරීම්කොට මාර්ග සමීපයෙහි ස්ථිතව මාංසයන් අනුභව කරයි.

ටිප්පණි - 1. වගුරුවා - වගුර - වැගිරුම්හිය. 2. සරණි - සරණුයේ යම්තැනෙක්හිද ඒ සරණියි. මාගර්යඩයි. 3. දානව - දානව රාක්ෂතසයා දක්ෂි ප්රිජාපතීන්ගේ ‘දනු’ නම් බිරියක් වූවාය. ඇයගේ දරුවෝ දානව නම් වූහ. ‘දානව’ යනු සිංහලයෙහි සිටිනුයේ ‘දන්වා’ කියාය. දානවයෝ අසුර වර්ග යට අයත්හ. ඇතැම් තන්හි ‘දානව’ යනු සියලු අසුරයනට සාධාරණ නමක් සේද යෙදිණ.

86

අන්වය - එකල එහි කසීරට දුටුවන් රුසිරට විසි සුරකතකට සදිසි නොකිලිට රුවින් කුමරියක් වූ.

පදාත්‍ථි - තත්කාලයෙහි කශීදෙශයෙහි දර්ශිනය කළවුන් රූපශ්රීරයට වසඟ කළාවූ දිව්ය්ස්රිූසා යකට සදාශවූ අක්ලිෂ්ටවූ රූපයෙන් යුක්තවූ කුමාරිකාවක් තොමෝ වූවාය.




140 සුමුගුදා කාව්යර සංග්රකහය


ටිප්පණි - 1. එකලෙහි - එකල + එහි = එකලෙහි - 2. කසීරට - දඹදිව සොළොස් මහජනපද අතුරෙන් මෙය ඉතා සමෘඬව බැබලුණු රටයි. උසස් දියුණුවක් පැවති කාලයෙහි මෙහි ප්රතමාණය සැතැපුම් දෙදාහකට අඩු නොවී යයි කියනලදි. කලක් දකුණුඉන්දිහයාවේ ‘අස්සක’ ජනපදයන් කාශි දෙශයාගේ පළාතක්ව පැවැත්තේය. තවත් කාලයෙක ‘කොශල’ රටත් කාශි ජනපදයට ඇතුළත් වූයේය. පළමු පැවති දියුණුවෙන් මදක් පහත බැස්ස මේ ජනපදය බුඬකාලයෙහි කොශල රාජ්යුයට අයත් විය. 3. රුසිරට - ‘රුසිරු’ යනු ප්රුකෘති ශබ්දයයි. එය ‘රුසිරු’ යන්නෙන් විපය්ය්ෙර්ස්තථවූවකි. ‘රුසිරු’ නම් රූපශ්රීබයයි. හෙවත් සෞන්දිය්ය්න ධ සම්පත්තියයි. මේ ‘රුසිරු’ ශබ්දය වූකලි ‘රුසිරු -‘රුසිරු - රුසිරි - රුසිරු’ යයි රූප චතුස්කයකින් දක්නා ලැබේ. සුන්දලර - මධුර - මනොහරාදි අර්ථුයන්හි යෙදෙන්නාවූ ‘රුසිරු’ ශබ්දයෙක්ද ඇති. හේ ‘රුචීර’ ශබ්දයෙන් භින්නය. ඒ නාම විශේසණ ශබ්දයෙකි. අනික නාම ශබ්දයෙකි.

ගුත්තිලයෙකි -

“සරණ සල සලඹා - රැවින් දනමන කලඹා සිටින නරවර ඹා - රුසිරු රිසිලෙස නරඹ නරඹා’ යන මෙහි ‘රුසිරු’ යනු සෞන්දඹය්ය් ර්යම පිණිසය.








සුමුගුදා කාව්යා සංග්රවහය 141


කව්සිළුමිණෙහි - “විසිත් සව් බරණ, - මෙ රජනවල තුනු සිරින් පරයා නන් රුවන් රැස් - විහිදි රුසිරු දැගුම් මෙර සුරත ලවනත සෑදු - වහ සසිනෙහි රුසිරූ සිරි පෑ ළසඳ කැල්මේ - පැහැසර සඳ වලලඟෑ” යන මේ දෙතන්හි ‘රුසිරු - රුසිරු’ වූයේ රුචිරවූ හෙවත් සිත්කළුවූ යනාර්ථයෙහිය.

තිසරෙහි - “සයුරු අයුරු මෙවෙහෙර බබළන රුසිරු රුසිරු සරින් යුතු තුන් දිය වෙත ඉසුරු”

මෙහි යථෙ‍ාක්ත විවිධාර්තයෙහිම ‘රුසිරු’ ශබ්දය යෙදිණ.

4. කුමරියක්වූ - මෙහි ‘වූ’ යනාඛ්යාෙතයට උක්තය වූයේ ‘කුමරියක්’ යනුයි. එකවචන උක්තය හා බහුවචන ආඛ්යාරතය යෙදීම සාමාන්යළ රීතියට නම් විරුඬය. එහෙත් ස්ත්රීයලිඬග එකවචන පදයක් උක්තය‍ව සිටි විට ඒ හා යෙදෙන ආඛ්යා තය අතීත කාලික නම් බහු වචනයෙහි යෙදීමද ඡෙකාභිමත ප්ර‍යොගයක් සේ පෙනේ. ඒ බව කවිසිළුමිණෙහි -

“කළ උතුමහ සමග - සරණ තල පුල්තඹරන් අවුදූ එදූනට යුත් - පියසු බිසෝ මෙවදන්”

අමාවතුරෙහි - “මහාමායා දේවී ..........ස්වප්නයක් දුටු”

පූජාවලීහි - “මහාමායා දේවී ..............එදා රෑ නිද්රාටවට පටන් ගත්හ.

කව්සේකරෙහි - “බමුණුලිය පුත්රුවන වැදූ” යනාදියෙන් හේ ප්ර‍ස්ඵුටය. මේ මෙසේ චතුදු ආඛ්යා තය’ වර්ත්මානකාලික වූවද, බහුවචනයෙන් යෙදීම ගුරුළුගෝමීන්ගේ කාලයෙහි වූ බව අමාවතුරෙහිම - “ලිච්ඡවී රජහු ඔවුන් දැක, තෝ කවරෙහි, තී කවරහුයි පුවවුත්හ” යන්නෙන් හැ‍ඟේ.



142 සුමුගුදා කාව්යෙ සංග්රඅහය

87

අන්වය - සරණ කරතල ලවනත් දිලි නවපන් ලෙලෙන පියයුරු පල රැගත් සුපුල් රණලිය සිරින් පැහැපත්.

පදාත්ථිර - චරණය හස්තතලය අධරය නමැති ජ්වලිතවූ අභිනව පත්ර යන්ද ලෙල දෙන්නාවූ පයොධර නමැති ඵලයන් ද ග්රහහණය කළාවූ සුත්ඵුල්ලවූ ස්වර්ණ් ලතාශ්රීූන් ප්ර භාප්රා්ප්තවූ.

ටිප්පණි - 1. පියයුරු - පයොධරයි. ‘පයොධර’ ශබ්දය පියොවුරුය - වළාකුල්ය යන දෙඅරුතෙක යෙදේ. පයස්ධරනුයේ පයොධරයි. ‘පයස්’ යනු කිරටද ජලයටද එකසේ නමි. එහෙයින් වළාකුලත් - පියයුරුත් ‘පයොධර’ ශබ්දයෙන් ගැනෙත්. මෙහි ක්ෂීලරවාචී පයස් දරණ සෙයින් ස්ත්රීො පයොධර ගන්නා ලදි. ‘පියයුරු’ ශබ්දය නපුංසක ලිංගිකය.

88

අන්වය - ඇය දිගු නුවන් කෙළවර බැල්මෙන් සිත් විසිකර සබඳුන් අදර ලැබ දෙමවුපිය වෙත වැඩෙන වර.

පදාත්ථිය - ඒකාන්තාව දීර්ඝනනෙත්රාරග්ර නිරීක්ෂගණයෙන් හෙවත් කටාක්ෂය නිරීක්ෂයණයෙන් චිත්තයන් වසඟ කොට ඤාතීන්ගේ ආදරය ලබ්ධව මවුපියදෙදෙනා සමීපයෙහි වර්ධ්නය වන කල්හි.

89

අන්වය - නොයෙක් ඉසුරෙන් යුතු එක් පසල් ජනපදයෙක් දැක ඉන් එක් මිනිසකු සමඟ ඵලඳුන් විවා මඟුලෙක් කෙළේ.

පදාත්‍ථි - අනෙකෛශචය්‍් නේ යුක්තවූ එක් ප්රනත්ය‍න්ත ජනපදයෙක් දර්ශධනය කොට ඒ ජනපදයෙන් එක්තරා මනුෂ්ය යකු සමග ඒ ස්ත්රියයහට විවාහමංගල්යෙයෙක් කෙළේ ය.


සුමුගුදා කාව්ය සංග්රෙහය 143

ටිප්පණි - 1. විවා - ‘විවාහ’ යනු දුවක පුරුෂයකුට දීමය. පුතකුට ස්ත්රීියකු ගෙන ඊම ආවාහයි.

90

අන්වය - ඇය දුක් සැප දෙක වෙනස නොකර එකලෙස පැවත ඇම දවස හිමි සහ රන්රස ලෙසින් නොතොරව විසූ.

පදාර්ථ - ඒ ස්ත්රි.ය දුඃධසෞඛ්යක දෙක්හි විශෙෂයක් නොකොට එකාකාරයෙන් ප්රරවෘත්තව සියලු කාලයෙහි ස්වාමියා හා සමග ස්වර්ණ‍ය හා පාරදය මෙන් වියුක්ත නොව වාසය කළහ.

ටිප්පණි - 1. රන්රස - ‘රස’ යනු බොහෝදෙන පාරද (රසදිය) යයිද - සමහරු රශ්මියයයිද විද්යාක චක්රහවර්ත ති ආදිහ් ලොගො - කැටි කැබිලිති ආදිය රන්බවට පෙරළන ඖෂධ විශෙෂයකැයි ද කියති. 2. විසූ - 86 වන පදයට ලියූ ටිප්පණිය බලන්නේය.

91

අන්වය - ඵලඳ දෙගුරුවර දකිනට ලොබකර කුලගම් සරණ යුර පවර සියහිමි හට දවසක් දන්වමින් -

පදාත්ථි් - ඒ කාන්තව මවුපිය දෙදෙන් දර්ශ නය කිරීමට ලොභකොට කුලග්රා මයට හෙවත් ස්වකීය ග්රාවමයට යෑම පිණිස උතුම්වූ ස්වකීය ස්වාමියාට දිනයක් විඥාපනය කොට.

ටිප්පණි - 1. දෙගුරුවර - මවුපියදෙදෙනා දරුවන්ගේ පූර්වමචාය්‍්ා යෝය. ඒබව - “බ්ර හ්මාත් මාතා පිතරො - පුබ්බාචරියාති වුව්වරෙ” යනුවෙන් පැනේ.

2. කුලගම් - කුලග්රාෙමය නම් තමා උපන් ගමයි.


144 සුමුගුදා කාව්ය් සංග්රගහය

92

අන්වය - ඔහු තාවුරු නොකර දුරු ඇය ගම් යන ලෙසින් පියකරු ඵලදහට උවාරන සඳ තොරතුරු කීවෙන්.

පදාත්‍ථි - ඒ හිමිහූ ප්රගපඤව නොකොට දුරස්ථානයෙහිවූ ඇයගේ ජාතග්රාේමයට ගමනය කරන පරිද්දෙන් පියඬ්කරවූ ඒ කාන්තාව හට උපකරණයන් සජ්ජිත කරවයි වෘත්තාන්තය කථනය කළ හෙයින්.

ටිප්පණි - 1. තාවුරු - ‘තහවුරු’ යනු හකාර ලොපයෙන් හා ‍සවර්ණා දීර්ඝයයෙන් ‘තාවුරු’ යි වී. ‘ස්ථාවර’ ශබ්දයෙන් භින්නයි. 2. උචාරණ - ‘උපකරණ’ ශබ්දයෙන් ‘උවරණ’ යි බිඳී පසුව ‘උවාරණ’ වී.

93

අන්වය - ගිතෙල් උඳු මුං ගෙන දෙමවුපිය මෙන විලසින් නන්රස මුසු බොජුන සුරැකිව අදර බැතියෙන සදා.

පදාත්ථව - ඝ්රමතද උඳු හා මුංද ග්ර හණය කොට මවුපිය දෙදෙනාගේ සිත්වූ පරිද්දෙන් අනෙක රසයෙන් මිශ්රෙවූ භොජනය සුරක්ෂිතතව ආදරභක්තියෙන් සජ්ජිත කොට.

94

අන්වය - ඇය උමායුර වරල මලවුල් කර ගෙළ මුතුහර බැඳ සරා සිය පෝමන් විතර බරණින් සැදී.

පදාත්‍ථි - ඒ කාන්තව උමයාඬගනාව මෙන් ධම්මිල්ලය පුෂ්පයෙන් ආකුල කොට ග්රී‍වයෙහි මුක්තාහාරය බන්ධවනය කොට අලඬ්කෘත කොට ස්වකීය පොහොසත් ප්ර මාණයෙන් ආභරණයෙන් සජ්ජිතව.



සුමුගුදා කාව්යද සංග්ර්හය 145

ටිප්පණි -

1. වරල - ධම්මිල්ලය, ‘මුහුළු - වරල් - කියඹු’ යනාදිය හිසකෙයට නමි. 2. මලවුල් - මල් + අවුල් = මලවුල් - ‘ආකුල’ ශබ්දයෙන් ‘අවුල්’ යී බි‍ඳේ. පුරාණයෙහි ස්ත්රී න් කණකර ආයිත්තම් පිණිස මල් භාවිතකළ බව නොයෙක් තන්හි පෙනේ. කව්සේකරයෙහි :- “සැනහී මෙහි නිමල් - දුම් සුවඳ දුන් කළුවැල් ඇතුළත නිල්වරල් - බැහූ නවමල් දමින් මනකල්” දුම්දී තුවරලා - මල් බර නැමුණු සුනිලා’ ඵලඳ දිගු වරලා - බැඳපු ඊතණ මීප් දමලා” 3. බැඳ - බඳ - ධාතුයි. 4. සරා - සර - ධාතු චරණ - අලඩකරණ යනාර්ථහයන්හි යෙදේ. 5. පෝමන් - ‘පභ්ර-මාන’ ශබ්දයෙන් භින්නයි. පභූ = පහු = පඋ = පෝ - මාන = පෝමන්. 6. විතර - “විත්ථ ර” ශබ්දයෙනි. ප්රටමාණාර්ථයෙහිය. 7. බරණින් - අබරණින් යන්නෙහි ආදි ලොපයෙන් සිඩයි. 8. උමා - ඊශ්වර ප්රි්යාවයි. ‘උ’ යනු ඊශ්වරයායි. ‘ම’ යනු ලක්ෂ්මියයි. ඉසුරුගේ සිරිකත යනු අර්ථයි. ‘උ’ යනු ආමන්ත්රයණාර්ථ නිපාතයි. ‘ම’ යනු ප්රරතිෂධාර්ථයි. “එම්බා දරුව නොකරව” යි තපස කෙරෙන් වළක් වනු ලැබූහෙයින් ‘උමා’ නම් වී යයි කුමාර සමඟ ව යෙහි කියැවිණ. “උමෙති මාත්රාය තපසො තිෂිද්ඛා පශ්වා දුමාඛ්යංය සුමුඛී ජගාම” යි මෝ හිමාලය පර්වරතයාගේ දුවයයිද එහෙයින් පාර්ව්තී නම්පූ යයිද කියති. ඉසුරු උමා දෙදෙනාගේ සම්බන්ධගය අතිමහත්ය. ඔවුන් දෙදෙනාගේ ශරීරාර්ථතය බැගින් එකිනෙකට







146 සුමුගුදා කාව්යය සංග්රපහය

බැඳී පවත්නා බව “දෙහද්චයාඨ්ඝවනාරවිතං ශරීර මෙකං යයොර නුපලක්ෂි්ත සන්ධිෙභෙදම්” යි කාදම් බරී කාරයෝ කීහ. එයින් වාමාර්ධතය (ගෞරී) උමාවගේය. දක්ෂිරණාර්ධකය ඊශ්වරයාගේ ය. ඒ බව ප්රාගකෘත චන්ද්රිේකායෙහි :- “චෙපඉ ජස්ස සවිඩිඅං - වලිඋං මහඉපුල ආ ඉ අත්ථචණ අලසං පෙම්ම සභාව විමුහිඅං - විආවාස ගමණුසු අං වමඬං” යනුවෙන් ( ජස්ස, යමෙකුගේ, සවිඩිඅං, විධාසහිතවූ: පුලආඉඅ, ලොමුදැහැගත්; ථණ අලසං, පියයුරු කුමු ඇති, පෙම්මසභාව, ප්රෙදමස්වභාවයෙන් ; විමූහිඅං, මුළාවූ ; විආවාස, දක්ෂිඅනාර්ධ ය කරා; ගමණ ඌසුඅං’ යාමෙහි උත්සුකවූ ; වාමඅඬං, උමාර්ධ සංඛ්යාවත වාමාර්ධෙයතෙම; වෙපඉ, කම්පිතවේද; වලිඋං, වක්ර,වීමට, මහඉ, කැමතිවේද.)

95

අන්වය - යුවන් හිස් සඳ මෙන් මියුලැස් හිමි සහ කැලුම් රැස් විහිදෙන අවි රැගත් යෙහෙළි දැසි දැස් පිරිවරින් -

පදාත්ථ - යුවතින් මස්තකයෙහි චන්ර්ි යා වැනිවූ ඒ මෘගාක්ෂිැය ස්වාමියා සමග කාන්ති සමූහය පැතිරෙන්නාවූ ආයුධයන් ග්රසහණය කළාවූ සඛීන් හා දාසිදාස පරිවාරයෙන් යුක්තව.

ටිප්පණි - 1. යුවන් - ‘යෞවන’ ශබ්දයෙනි. 2. යෙහෙළි - හින්දි් ‘යාර්’ යන්නෙන් බිඳී ආ (යරු = යාළු = යහළු) යහළු ශබ්දයෙන් ස්ත්රීෙ ප්රආත්යදව සිඩයි. 3. පිරිවරින් - ‘පරිවාර’ සදින් ‘පිරිවර’ යි වි. 4. විහිදෙන - විහිද - ධාතුයි.





සුමුගුදා කාව්යන සංග්රයහය 147

96 අන්වය - ඵලඳුන් ගව මී දැසි දසුන් රකිනට මිනිසුන් යොදා අසුන් අරා හිමි සහ නලසුන් ලියසෙනික්ම.

පදාත්ථිල - ඒ කාන්තාව ගවමහීෂ දාසිදාසයන් රක්ෂාය කිරීමට මනුෂ්යනයන් යොජනය කොට ආසනයට හෙවත් වාහනයට ආරූඪව ස්වාමියා සමග අනඬගයාගේ කාන්තාව මෙන් නිෂ්ක්රාටන්තව.

ටිප්පණි - 1. මී - ‘මහිස’ සදින් මිහි - හකාර ලොපයෙන් හා සවර්ණි දීර්ඝායෙන් ‘මී’ යි වේ. 2. අරාසුන් - අරා + අසුන් = අරාසුන්. ‘අර’ ධාතුව ආරෝහණ - ආරොපණාර්තයන්හි යෙදෙත්. ‘අරා’යන්න ගැන ඇම්. ද. සිල්වා වික්රආමසිංහ මහත්මායින්ගේ “ලක්දිව , පැරණි ලියවිලි සඟරාව” නමැති ග්ර න්ථයෙහි මෙසේද සඳහන් වී තිබේ. එනම් :- “අරා සකුබස ‘ආරහ්ය ’ යන්නට සමානය. ඇතැම්විට මේ පෙර කිරිය අරභය් - අරය් - ඇරැ යන රූපයන්ගෙන්ද පෙනේ. දෙ‍මළෙහි ‘ඒරූ’ යන වචනය හා සසඳනු නැඟැ යනු අර්ථයි.” 3. නල්යුුන්ලිය - අනඬග ප්රිෙයාවයි. ‘අනඟා’ නම් සියලු දෙවියන් අතුරෙන් ඉතා අභිරාමවූ රූප සම්පත්තීන් ශොභාවත් තරුණයෙකි. ‘රති’ නම් පරම රමණීය තරුණ දිව්ය ඬගනා තොමෝ ඔහුගේ භාය්යාි වයි. ‘රතිස්වාමි’ යනුද මොහුට යෙදෙ‍නුයේ එහෙයිනි. රති දෙවඟන ඊශ්වරයාගේ දුවයයිද අනංගයා විෂුණුගේ පුත්රුයයිද දෙවකථාවන්හි කියැවේ. ඊශ්වරයා ධ්යායන නිපදවීම පිණිස වන වැදුණු කලෙක ‘ශු ද්ම’ නම් රකුසෙක් දෙව් ලොව දෙවගනන්ට හිරිහැර කරන්නට පටන්ගත්තේය. උමාවගේ නියමය පරිදි දෙවඟනෝ






148 සුමුගුදා කාව්යට සංග්රේහය

මේබව ශක්රුයාට දැන්වූහ. ශක්රරයා අනඬගයාට කීමට නියම කෙළේය. ඔව්හු එසේ කීහ. හෙතෙමේ පියවූ ඉසුරුගෙන් පිහිට ලබාදෙවන ලෙස රතියට කීය. ඕ එය නොපිළිගත්තීය. එවිට අනඬගයා වනයට ගොස් තම මල් හීයෙන් පසුපස සිට විද ඊශ්වරයාගේ භාවනාවට අන්තරාය කෙළේය. ඊශ්වරයාගේ කෝපයෙන් ඔහුදෙස හැරී බැලූකල ඔහුගේ නළලෙහිවූ ඇසින් නැඟි ගින්නෙන් අනංගයා දා හළු විය. පසුව රතියගේ අයැදීම පරිදි දිවි ලැබුණ නමුත් අනංගයා සිර‍ැර කළුවන් වී විරූප විය.

97

අන්වය - මග දෙපස කෙත්වත් වැද කුසුම් බිඳ සිඹ සිඹ සොඳ ඇල් ගෙවි ලඳුන් කියත ලිය ගී අස අසා ලඳ.

පදාත්ථි - ‘මාර්ගොදභය පාර්ශිවයෙහි ක්ෂෙත්රෙවාස්තුවලට ප්ර්විෂ්ටව පුෂ්පයන් භග්න කොට ආඝ්රාගණය කෙරෙමින් සුන්ද්ර වූ ශාලිගොපකාඬගනාවන් කථනය කරන්නාවූ ලයාන්විත ගීතිකාවන් ශ්රුවණය කෙරෙමින් ඒ ස්ත්රිා තොමෝ.

ටිප්පණි - 1. සිඹසිඹ - මිශ්රොක්රිමයායි. ‘සුඹු’ ධාතුයි. හකාරාදෙශයෙන් ‘හුඹු’ යනුද ධාතුවෙයි. ‘සිඹි - සිඹිති’ යන තන්හි ධාතුස්වරය අනම්ය වෙයි. ‘චුම්බ’ ශබ්දයෙන් ‘සුඹ - සිඹ’ යි සිඬයි. පසුව හිඹ = සිව = ඉව යනුද එයින්ම සිදුවේ. සිඹීම නම් චුම්බනයයි. 2. කෙත්වත් - ක්ෂෙත්ර වාස්තු, කෙන්ද වතුද - කෙත්වත් හෝ කෙත් ම වත් = කෙත්වත්. 3. වැද - වද - ධාතු විජායනයෙහි හා ප්රහවේශයෙහි යෙදේ. ‘වද්දා’ යන ප්රුයුක්ත රූපය යෙදෙනුයේ ප්රුවෙශාර්ථයෙහි පමණෙකි.






සුමුගුදා කාව්යප සංග්රශහය 149

4. ඇල්ගෙවිලඳුන් - ශාලිගොපී ලතාවන් - ‘ඇල්ගෙවී’ යන්නෙන් ස්ත්රීෙවිශෙෂයක් නිරිදිෂට හෙයින් නැවතත් ඊට ‘ලඳුන්’ යනු සමාසකර කියනු පුනරුක්තයක්සේ පැනෙතත් එහි පුනරුක්ත නොවේයයි ආචාර්යපමතයි. මෙහි සමාසයාගේ ප්රයධාන පදය නම් ‘ලඳුන්’ යනුයි. කෙබඳු වූ ලඳුන් ද යන චොදනාවට ‘ඇල්ගෙවිලඳුන්’ යනු පරිහාරයි. ‘ලඳුන්’ යනු සාමාන්ය ලතාවා එක බැවින් ඇල්ගෙවී ලඳුන් යන්නෙන් විශෙෂලතා විභාගයෙක් දර්ශිතය යනු යථොක්ත මතයට කාරණය යි.

98

අන්වය - සිලිල් පිරි ගං හෝ ඉසුරු බර ගම්රටවල් පසුකර ගොස් ලකල් සුවිපුල් මවු පිය නිවෙස පිවිසි.

පදාත්ථිි - සලිල පූර්ණංවූ ගංගා හා හොයවල්ද ඓශචය්‍් නේ භාරවූ ග්රාලමයන් හා රාෂ්ට්රියන්ද පසු කිරීමෙන් ගමනය කොට අලංකෘතවූ අතිවිශාලවූ දෙමවුපියන්ගේ ගෘහයට ප්රපවිෂ්ට වූවාය.

ටිප්පණි - 1. ගං - ගංගා - ගග - අතග්යෙ ස්වර ලොප අනුනාසික වෘද්ධි යන දෙකිනි. ගංග් - ද්විතීය ව්යපජන ලොපයෙන් ‘ගං’ යි සිද්ධයි. 2. පිවිසි - පිවිස - පිවිසුම්හි ධාතුයි.

99

අන්වය - තිළි දෙගුරුන් කොඳ උදුලී වත සඳ සිරින් නඳ දුන් මනකලී ඇගෙන් එදා එ පියස බැබලී.

පදාත්‍ථි - සන්තුෂ්ටවූ දෙමවුපිය නමැති කුන්ද්යන් උජීවලිතවූ වක්ත්රසවන්දයශ්රීීන් ප්රතබොධ කළාවූ සිත් කළුවූ ඒ ස්ත්රිපයගෙන් ඒ දිනයෙහි ඒ ප්රීදෙශය බැබලුනේය.




150 සුමුගුදා කාව්යළ සංග්රදහය


100

අන්වය - දිගුනෙත හිමිසඟ දෙගුරුන් වෙත පැමිණ රස මුසු බසින් සිතගෙන සිත බුහුමන් වඩා බැතින් වැඳ.

පදාත්ථිු - දීර්ඝාුක්ෂිමය ස්වාමියා සමග මවුපිය දෙදෙනා සමීපයට ප්රාුප්තව රසදසු වචනයෙන් චිත්තග්රබහණය කොට ස්වකීය චිත්තයෙහි බහුමාන වර්ධ්නය කොට භක්තියෙන් අභිවාදනය කොට.

101 අන්වය - තම කුල නිවෙස වැද කල්නොයවමින් එදිගැස පෙරකී ලෙස නොහැර තමා හිමි පියසටම එනලෙස.

පදාත්‍ථි - ස්වකීය කුල ගෘහටය ප්රගවිෂ්ටව කාලානික්රිමණය නොකොට ඒ දීර්ඝාතක්ෂිසකා තොමෝ පූර්වොුක්තාකාරය අවර්ජිතව ස්වකීය ස්වාමියාගේ නිවසටම ආගමනය කරන පරිද්දෙන්.

102

අන්වය - යෙහෙළි පිරිවරමින් දිලි අවිගත් පිරිවරින් හිමිසමගින් නියැලි සුරකලී ලෙසින් යානෙක නැගී.

පදාත්ථිල - සබින් පරිවාර කොටගෙන ජ්වලිතවූ ආයුධ ග්ර්හණය කළාවූ පරිවාරයෙන් යුක්තව ස්වාමියා සමග නියුක්තව සුරකාන්තාවක මෙන් යානාවකට ආරූඪව -

ටිප්පණි - 1. නියැලි - නි + ඇලි= නියැලි - නිරන්තර බද්ධවූ. 2. යානෙක - යහනෙක (හකාර ලොපයෙන් හා සවර්ණි දීර්ඝයයෙන්) යානෙක.




සුමුගුදා කාව්ය් සංග්රසහය 151

3. සුරකලී - සුරකාන්තාවක ‘කල්’ යනු ස්ත්රීඝපය්යාන ය නාමයෙකි. එහෙත් ඇතැම් විට පුරුෂාර්ථයෙහිද යෙදේ. කව්සිළුමිණෙහි :- “මහපින් සඹර පුතු - තුමහට මේ රූ වෙළපු කලක් ලැබේ නොසරස් - නරනිඳු නොතොකර කුහුල්” “මුළු ලෝ නෙත බඳන - මනකල් කලුන් නෙත්සිත්”

යනාදී තන්හි ස්ත්රීනවාචක ‘කල්’ ශබ්දය යෙදුණුසේය -

කව්සේකරෙහි :- “වැලැඳදකලුන්කර - දුකට පැමිණෙති ‍ලියෝ සමහර” යනු ‘කල්’ ශබ්දය පුරුෂාර්ථයෙහි යෙදුණු තැනි.

103 අන්වය - සතපත් ගිහිණි වැද සුනිල් තුරුහිස නැගෙමිනි පිය පියඹ සමගිනි දෙන නොමඳ මිහිරි රැවු අසමිනි.

පදාත්ථිඳ - කෑරල් පක්ෂී න් වනගහණයට ප්ර විෂ්ටව අති නීලවර්ණනවූ වෘක්ෂාශිඛාවට ආරූඪව ප්රිියවූද යිතාවන් සමග දානය කරන්නාවූ බොහෝ වූ මධුරස්වණයන් ශ්ර වණය කෙරෙමින් -

ටිප්පණි -

1. සතපත් - ‘සතපත්’ යනු කෑරලාට නමි. ‘ඡතපත්රලක’ යනු සංස්කෘතයි.

104

අන්වය - පිපී විල්තුර වැද කුමුදු සුවඳ ගෙන මිහිලොල් දුල් රොන්පට පෙරව සියඹ සහ දෙන නද ලොල් අසමින්-

පදාත්‍ථි - පුෂ්පිතවූ තඩාගාග්යෙන්තරයට ප්රරවිෂ්ටව කෞමද සුගන්ධ ය ග්රතහණය කොට මධුලොලයන් ඔබ ලන්නාවූ රෙණුපටටය පාරුපණය කොට ස්වකීයාම්බිකාවන් සමඟ දානය කරන්නාවූ නාදය ලෞල්ය යෙන් ශ්රයවණය කෙරෙමින්.


152 සුමුගුදා කාව්යා සංග්රනහය

ටිප්පණි - 1. පිපි - පුප් ධාතුයි. 2. කුමුදු - ‘කෞමද’ ශබ්දයෙනි. 3. මිහිලොල් - මිහිඟි ලොල්වූයේ මිහිලොල් භෘඬගයෝයි. ‘මධුලොල’ ශබ්දයෙනි. 4. සියඹ - සිය + අඹ = සියඹ - ස්වාමිබිකාව. 5. නදසමින් - නද + අසමින්.

105

අන්වය - නන් කුසුමෙන් ගැවසී සිහිල් සුවඳින් රිසිකළ පවන මැද බට දිසි මග අතුර මියුලැසි සරණ සඳ.

පදාත්‍ථි - අනෙකපුෂ්පයෙන් ආකීර්ණ්වූ ශීතලභාවයෙන්ද සුගන්ධියෙන්ද චිත්තාභිරමණය කළාවූ වනමධ්යුයට අවතීර්ණනව ( ඒ වනමධ්ය යෙහි) දෘශ්යාමානවූ මාර්ගාුන්තරයෙහි ඒ මෘගාක්ෂිවය ගමනය කරන කල්හි.

106

අන්වය - ලෙලෙන දිව් සල විදූ වක් බැම උදු සුරසැවු දිලි සුදු දළ යුවල රුදු බලා පෙළ සෙවු විලසින්.

පදාර්ථ - ලීලොපෙතවන්නාවූ ජිව්හා නමැති චඤ්චලවූ විද්යුයත් ඇති චක්ර වූ බ්රෑ‍ නමැති සෘජුවූ ඉන්ර්න් චාප ඇති ජ්වලිතවූ ශුභ්රඤවූ දෘෂ්ට්රාය යුග්ම නමැති මහත්වූ කොක් පංකතිය විසින් සේවනය කළාක් වැනිවූ.

විස්තර - මේඝයක් සදාශවූ රාක්ෂිසයා මෙයින් වර්ණිතය. රකුසාගේ ජිහ්වා මේඝයෙහි විද්යුසත්ය. චක්රකවූ භ්රෑ යුග්මය ඉන්ර්ාගේචාපය ධවල වූ දෘෂ්ට්රාඉ යුග්මය කොක්පෙළය. විද්යුඝත් - ඉන්ර්්රෑචාප - බලාකපඬික්ති යන මේ ලක්ෂාණයෝ මේඝයාගේ ආසන්න භාවය හඟවා මැයි. එහෙයින් වර්ෂා්වට අත්යාගසන්න වැසි වලාකුළක් වැනි රකුසායි.



සුමුගුදා කාව්යව සංග්රයහය 153

ටිප්පණි 1. උඳු - ‘සෘජු’ ශබ්දයෙන් භින්නයි. මෙම ‘ඉඳු’ කියාද සිටී. 2. සෙවු - සෙවු - සෙවුම්හි (සේවනයෙහි) ය. 3. බළාපෙළ - කොක්කු සුදුය - දෘෂ්ට්රායද සුදුය. බලා කාවන්ගේ ගෙළ දිගය. සිහින්ය. දළද දිගය. සිහින්ය. මේයැසමානත්වටය. කෙකින්නනට ගර්භනධානයවනුයේ මේඝධ්වෙනිය ඇසීමෙන් යයි සලකනු ලබන බැවින් ඔව්හු වර්ෂාවවට මයුරයන් මෙන්ම ප්රි්ය කෙරෙති.

මේඝදූතයෙහි “ගභීධානක්ෂරණ පරිචයාන් - නූන මාබඬ මාලාඃ සෙව්ෂ්‍ධාෙන්තේ නයනසුගගං - චෙ ගවන්තං බලංකාඃ” යනුවෙන්ද.

කව්සිළුමිණෙහි - “ගනපොද කෙසුරුබර දිගු දළ වතළ කොක්පෙළ ගනගුම් ගැඹුරු නදයෙන් පැලඹිණි පැදුම් සීරජ

විදුයොත් දෙව්දුනු පට ගිඟුම් ගැජුම් කොක් පෙළ දළ පොද මෙදේ මේ ගජා පියුම් වනන් කෙළෙක බලා” යනාදියෙන්ද හේ මැනවින් ඔප්පු වේ.

107 අන්වය - උරිරු පානය කර ලොම්සළා දීමෙනි වෙර එතර මඳ මඳ රැඳී වැහෙන රතබිඳු පොද පතර බර.

පදාර්ථර - රුධිර පානය කොට රොමච්ඡටාදානය කිරීමෙන් ශරීරයෙහි වූ එකෙණෙහි මන්දථ මන්දපව රඤ්ජිතව වැහෙන්නාවූ රක්ත බින්දුශශිකරසාරයෙන් භාරවූ.




154 සුමුගුදා කාව්යම සංග්රරහය

ටිප්පණි - 1. උරිරු - රුධිර = රුහිර = හුරිර = උරිර. 2. එතර - ‘එතර’ යනු එක්ෂ්ණාත්ථරවාචී බව කව්සිළුමිණෙහි - “ලැබ ඔහු ඉඟි එතර - රූ දැක්වී ගුරුවරන් ගුරුවිස්මලෙන් හැඟිගෝ - රූ එසිරි සර ළූ ගියෝ”

108 අන්වය - සැඬලෙස් වතළ හඬ රුදු බිරම්වෙස් ගෙන නොසරුස් දානව නම් රකුස් තරණි පතතුර පහළ.

පදාර්ථත - ප්ර චණ්රවඩාකාරයෙන් ව්ය්ප්තවූ ඝොෂ ඇත්තාවූ රෞද්ර්වු භීෂණ‍ෙවශයක් ග්රඬහණය කොට අගාන්තවූ දානව නම් රාක්ෂනස තෙමේ නහොමධ්ය යෙහි ප්රා්දුර්භූතව -

109 අන්වය - සුනිල් මහමේකුලලෙස හිම තුළ සසලකර නැබල සැඬ එරකුස් එමකල් වනමගට සැපත් විය.

පදාර්ථව - අති නීලවූ මහා මේඝකූටයක් සේ වනාන්තරය චඤවලකොට විශාලවූ චණ්ඩවූ ඒ රාක්ෂනසයා තත් කාලයෙහි වනමාර්ගසයට සම්ප්රා ප්ත වූයේය.

110 අන්වය - එසඳ එහි රැසින දිලි අවි ගෙන සිටි පිරිස් දන ඔවුනොවුන නොහැඳින බියෙන් සසලා ඵලද හරිමින.

පදාර්ථන - එකල්හි ඒ ස්ථානයෙහි රශ්මියෙන් ජ්වලිතවූ ආයුධයන් ග්රනහණය කොට සිටියාවූ පර්ෂලද්හි ජනයෝ අන්යොාන්යෙයන් සඤජානනය නොකොට භීතියෙන් චඤචල වී ඒ ස්ත්රිදය පහ කොට - ටිප්පණි - 1. නොහැඳින - හඳුන - ධාතුයි. 2. ඔවුනොවුන - ඔවුන් + ඔවුන = ඔවුනොවුන. 3. සසලා - සසල ධාතුයි.


සුමුගුදා කාව්යු සංග්රහහය 155

අන්වය - බිහිසුණු ගොර වෙසින් එන රකුස් දුටු දසිදස් අත අවිරැස් දමා තමන් හිස් ලූ ලූ දිවි දිවූ.

පදාර්ථූ - භයජනකවූ ඝෙ‍ාරවූ වෙශයෙන් ආගමනය කරන්නාවූ රාක්ෂ සයා දර්ශ්නය කළාවූ දාසි දාසයෝ හස්තයෙහි තුබූ ආයුධ සමූහය ඉවතලා ස්වකීය ශීර්ෂශයන් ප්රාක්ෂේප කළ කළ දිශාවන්හි ධාවනය කළහ.

ටිප්පණි - 1. වෙසිනෙන - වෙසින් + එන = වෙසිනෙත. 2. ලූ - ‘ල’ ධාතු ලීම් - බැහීම් - කැපීම් අරුත්හි යෙදේ. 3. දමා - දම - දැමුම්හි ධාතුයි. 4. දිවූ - දුව - ධාතු දිවුම්හිය.

112

අන්වය - වනපති නිසාදෝ යුහුගමන් න‍ුසුදුසු දෝ කුමක් සලකාදෝ ඵලදෝ උන් යහන නොබැස හුන්. පදාර්ථ - වෙනෙහි (පලාහියාවූ) ස්වාමියා නිසා දෝ (නොහොත්) ශිඝ්රනගමනය අනුවිත නිසාදෝ අන්යාවූ යම්කිසිවක් සංලක්ෂයණය කොටදෝ ඒ ස්ත්රීි තොමෝ නිෂණ්ණවූ යානයෙන් අවතිර්ණස නොවී හුන්නීය.

ටිප්පණි - 1. නුසුදුසුදෝ - නො + සුදුසු ( ස්වරපූර්වමරූපයෙන්) නුසුදුසු. ද + හෝ (ස්වරපරරූපයෙන්) දොහෝ ( හ ලොපයෙන්) දො + ඕ = දෝ. (‘දෝහෝ’ යනු සාවද්යරයි.) 2. සලකාදෝ - සලක - ධාතුයි. 3. යහන් - සයන = හයන = යහන =යහන් - වි සිඬයි. 4. ල‍ඳෝ - ලඳ - ශබ්දය ප්ර්ථමා ඕ විබත ගෙන සිටී.





156 සුමුගුදා කාව්යෙ සංග්ර හය


113 අන්වය - වන රැදි වලාකඩ පෙරවිලෙස ගනගුම්මඬ දී එන සැඬ රකුස් දැක බිය මැඩ යහන කෙසේ උන්. පදාර්ථ - වෙනෙහි රඤ්ජිතවූ වලාහකඛණ්ඩයක් පාරූපනය කරන ලද්දාක් වැනිවූ මේඝ ගර්ජනා නාදය දානය කොට ආගමනය කරන්නාවූ චණ්ඩවූ රාක්ෂූසයා දර්ශයනය කොට භීතිය මර්දණනය කොට යානයෙහි කවරාකාරයකින් උන්නීද?

114

අන්වය - එසඳ දානව නම් රකුස් මනරම් අස්නෙහි. උන් දිලි පුල් හෙම්ලිය සෙ උතුම් රුසිරැති ලඳුන් දැක. පදාර්ත - එකෙණෙහි දානවාභිධානවූ රාක්ෂහය තෙම සිත් කලුවූ ආසනයෙහි නිෂණ්ණවූ ජ්වලිතවූ ඵුල්ලවූ ස්වර්ණධලතාවක සේ උත්තමවූ රූප ශ්රීආ ඇත්තාවූ ඒ සත්රිතය දර්ශ්නය කොට. ටිප්පණි - 1. රුසිරැති - රුසිරු + ඇති - රුසිරැති. 2. හෙම්ලිය - ස්වර්ණ ලතාව - ‘හෙම්’ යනු රත්රනට නමි. රුවන්මලෙහි -

“සුවන් - රන් - කසුන් - හෙම් - කනා - කනක - කන - හරිදු - දාරූ - රන් - පොළෝබිජු - රුවනුදු නම් වේ.” යනු රනට පය්යාියි ය නාමයෝයි.

115

අන්වය - අඩවිදු යුග දළැති රතැස් යවථින් නිති දිලි එරකුස් නවයුවති රුවට රුතිකර දිවි නොගලවා - පදාත්ථ - අඨිචන්රා රතැකාරවූ දෘෂ්ට්රාතයුග්මයක් ඇත්තාවූ රක්තනෙත්රක නමැති අයොගුලයෙන් නිත්ය යෙන් දීප්තවූ ඒ රාක්ෂ ස තෙමේ නවයෞවනියගේ රූපයට ආලය කොට (ඇගේ) ජීවිතය තොරනොකොට -



සුමුගුදා කාව්ය් සංග්රනහය 157

ටිප්පණි - 1. අඩවිදු - අර්ධරචන්ර්නො යා - ‘විදු’ යනු චන්ර්ුවනයාට නම් බව - “විධුඃ සුධාංශුඃ ශුභ්රාංරශුරොෂධීශො නිශාපතිඃ” යන අමරකෝශ පාඨයෙන් පැනේ. ‘විදු’ යනු තත්සමයි. අර්ධ‘චන්ර් ර යා වක්වූ රෙඛාවක් වැනිය. එහෙයින් උහුගේ දාෂ්ට්රාටද චක්රර විය යුතුය. 2. යවටින් - ‘අයොවටට’ ශබ්දයෙන් අයවට (ආදීලොපයෙන්) යවට - 3. ගලවා - ගල - ධාතු වහනය වීම් - ගිලීම් - ගිලිහීම් අර්ථවයන්හි යෙදේ. වහනයෙහි = ගඟ ගලා ගොස් මුහුදට වදී. ගිලී‍මෙහි = කොකා මසු ගලා. ගිලිහීමෙහි = ගසින් මල් ගලා. 4. රුති - ‘රුචි’ ශබ්දයෙන් භින්නයි.

116

අන්වය - නව යොවුනෙත් ලකල් මනකල් රුසිරෙන් දිලෙන සුපුල් රන්කිඳුවන් ඵලදහට රකුසා ලොල්වඩා. පදාත්ථු - අභිනව යෞවනයෙන් අලඩකාරවූ සිත්කලුවූ රූපශ්රීුයෙන් බබලන්නාවූ සුත්ඵුල්ලවූ ස්වණර්ල තාවක වැනිවූ ඒකාන්තාව හට රාක්ෂලස තෙමෙ ආශාවර්ධතනය කොට -

117

අන්වය - කිඳු සඳ වෙලපතර කුසුම් තුරු හිම නුබතුර ගොර රකුස්රූ උරග ඇය සුපුන් හිමකර රැගත් මෙන්.

පදාත්ථු - ලතා නමැති සන්ය්ු භ්රුරාශීන් යුක්තවූ පුෂ්ප නමැති තාරකා ඇති වන නමැති නගො මධ්යරයෙහි ගොරවූ රාක්ෂුස රූපීවූ පණි (රාහු) තෙම ඒ කාන්තාව නමැති සම්පූර්ණෙ චන්ර්ව යා ග්රවහණය කෙළේයයි හඟිමි.





158 සුමුගුදා කාව්යෙ සංග්රවහය


විස්තර - අරණ්ය ය ආකාශයෙකි. එහි සන්යාහණය භ්රෙ නම් වෙනෙහි ලතාවෝය. තාරකා නම් වෙනෙහි පුෂ්පයෝය. එහි උදාවූ පුන්සඳ නම් යථොක්ත ප්රකමදාවය. උහු ගැනුමට පැමිණි රාහු අසුරිඳු නම් දානව රාක්ෂ්සයාය.

ටිප්පණි - 1. රූ රඟ - රූ + උරඟ = රූ රඟ - ‘උරඟ’ යනු රාහුට නමි. රාහු අසුර රාජයෙකි. ‘විප්ර චිත්ති’ පියාය. ‘සිංහිකා’ මවය. හෙතෙම යාර දහස් අට සියයක් යොදුන් උස ඇති. එක් දෙසියක් යොදුන් පළල උතුර ඇති. නවසියයක් යොදුන් වට හිසක් ඇති තුන්සියක් යොදුන් දිගු පුළුල් නලළක් ඇති. දෙසියයක් යොදුන් අතුල් ඇති. පනස් යොදුන් ඇඟිලි පර්ව ඇති. සත්සියපනස් යොදුන් දිග පතුල් ඇති. එක් දහස් දෙසියයක් යොදුන් දිග රියන ඇති. සත්සියයක් යොදුන් දිග වියත ඇති. ඔහුට අත්සතරෙකි. අධඃ ශරීරය වළගෙකින් කෙළවර වෙයි. 2. සුපුන් හිමකර රැගත් - ක්ෂීිර සාගර මථන සමයෙහි රාහු අසුරෙන්ර්ඃ යා ද සුරයකුගේ වේශයෙන් ගොස් අමෘතය බොන්නට විය. මේබව දුටු සඳ හිරු දෙදෙන විෂ්ණුහට කීහ. විෂ්ණු තෙමේ චක්රාහයුධයෙන් ඔහුටගේ හිසද අද්දෙකක්ද කපා දැමීය. එකල අමෘතය ශරීර ගතවූ හෙයින් හේ අමර විය. හිස ‘රාහු’ ග්ර්හයා විය. අනෙක් කොටස ‘කෙතු’ ග්රෙහයා වූයේ ය. එතන් පටන් ‘රාහු’ සඳ හිරු දෙදෙනා කෙරෙහි වෛර බැඳ වරින්වර උන් ග්ර්හණය කෙරේල බෞඬ ග්ර න්ථනයන්හි එනුයේ මීට වෙනස් අයුරෙකිනි.








සුමුගුදා කාව්යණ සංග්රගහය 159

118

අන්වය - කාන්තය රුසිර‍ට එරකුස් කාන්තය වී කාන්තය ගෙනගොස් තම ඒකාන්තය පියඹුකර -

පදාත්ථය - මන වඩන්නාවූ රූපශ්රීරයට ඒ රාක්ෂගය තෙම සන්තොෂව වනයට ග්රතහණය කොට ගමනය කොට තමන්ගේ ඒකාන්ත ප්රිීයම්බිකාව කොට -

ටිප්පණි - 1. කාන්තය - මෙහි මනොඥාර්ථයෙහිය. 2. කාන්තය - මෙහි ආනන්දා්ර්ථයෙහිය. 3. කාන්තය - මෙහි ස්ත්රීා පය්යා.බිකයය. 4. ඒකාන්තය - නිත්යානර්ථයෙහිය.

මාතෘ භාෂාගත ශබ්දයන් එසේම ගෙන යෙදීම බොහෝ සිංහල කවිනට සුපුරුදු ක්රිබයාවෙකි.

119

අන්වය - බිතු සිතියමින් දිලිහෙන තම නිවසේ ගිරිලෙන දිගුනයන ගෙන ගොස් අදරින නිළි අතුළ යහන වඩා. පදාත්ථද - භික්තිචිත්රහ කර්මරයෙන් බබලන්නාවූ තමන්ගේ නිවාසයවූ ගල්ගුහාවට ඒ දීර්ඝා‍ක්ෂිහය ග්රිහණය කොට ගමනය කොට ආදරයෙන් ඇතිරිලි අතුළාවූ ආසනයෙහි නිසිදනය කරවා. ටිප්පණි - 1. සිතියමින් - සිති - කමින් (ඉයන්නෙන් පර ‘ක්’ යන්නට ‘ය්’ ආදෙශයවී) ව්ය්ඤ්ජනාදෙශයෙන් සිතියමින්. ‘ගිනියම් - පිළියම්’ ආදියද මෙසේයි. 2. තිළි’තුළ - තිළි + අතුළ = තිළිතුළ - ( අත්ථටරණ = ඇතිරිළි = තිරිළි = තිළි - ) අතුර - ඇතිරුම්හි ධාතුයි.




160 සුමුගුදා කාව්යළ සංග්රාහය


120

අන්වය - උඳුමුං තලගිතෙල් මී උක්සකුරු රසැඹුල් උලුවා දුරු සහල් මෙසියල් දෙමින් තොසකර රකී. පදාත්ථ - උඳු හා මුං ද තල හා සෘතද මධුඉක්ෂු සර්කසරාද රගාම්බිලයන්ද උලුවා ආදිවූ දුරුබඩු හා තණඩුලද යන මේ සියලු දේ දානය කරමින් සන්තෝෂකොට රක්ෂාා කරයි.