සීගිරි ගී-විවරණය ii
101. පරණ්ගම්(හි) වැසි දළසවල් පැවිජන ගී. නොබලත් අ(න්) මයු 1 යහ අය්හ අය් වින යෙන දෙස තම ගත මය් බෙයන්ද හි රන්වනුත් අතුරෙ
අන්වය :- බෙයන්දතහි රන්වනුන් අතුරෙ මය් ගත, තම යහ අය්හ අය් වින, අන් යෙන දෙස මයු නොබලත්.
අර්ථයය :- පරණ්ගම්හි වැසි දළසිවල් (නම්) පැවිද්දාගේ ගියයි. බෙයදෙහි, රන්වන් (ලියන්) අතර සිටින (කාන්තාවන් විසින්) මා (පිළි) ගනු ලැබූ හෙයින්, 2 ඔවුන් (කෙරෙහි) යහපත හෝ අයහපත පැමිණියේ වි නමුත් 3 අන්අය යන දෙස (පමණවත්) ඔවුහු නොබලත්.
සීගිරි ගී 129
1. ‘මොහු’ යන සර්වහනාම පදයෙහි පුරාතන රූපයකි. 2. තම ගත මය්. 3. යහ අය්හ අය් වින.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂෙයේ අවසාන භාගයට හෝ 9 වන ශත වර්ෂතයේ මුල් භාගයට අයත් විය හැක.
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
102. තොප සෙ අනුන් ළ කුකුළුවන් ඉතා නොයෙදෙය කළසෙය් මුළ දුටුන් දුට මෙහි නො දෙනෙය් දහවැ සිහිගිරි.
අන්වය :- ළ කැකුළුවන්, දහවැ, මෙහි සිහිගිරි තොප සෙ අනුන්, දුටුන් දුට ඉතා නොයෙදෙය. මුළ කළ සෙය් නො දෙනෙය්.
අර්ථයය :- ළදැඩි වූ, කිපුණු 1 (ස්වභාවයකින්) මේ සිහිගිරියෙහි (සිටින) තොප බඳු ආගන්තුකයන් 2 (තමන්) දුටුවන් (ඔවුන් විසින්) දක්නා ලද කල්හි, මුළා කළ (බියපත් කළ ) ආකාරය (මට) නොදැනේ. (ඒ) ඉතා නො යෙදෙයි. (නුසුදුසුයි.)
1. දහවැ 2. අනුන්
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ)යේ අවසාන භාගය.
වෘත්තය - ‘කැකුළුවන්’ යන්නෙහි ‘කැ’ අක්ෂනරය පළමුවන පාදයෙහි අවසානය සේ ද, එය දීර්ඝෙයක් සේ ද ගතහොත් දුවඟ ගී විරිත ලැබේ.
103. කොමුල් අමඩ් ලෙඩ් ලිත සී එ බොන්දද මියුර් යහ බැ සී එ කපල්දල වන් දිගැ සී මන ජල්(ව)යි (සිත්) නොමු සී
9
130 සීගිරි ගී
අන්වය :- ලිත කොමුළ් සී අමඩ්ලෙඩ්, යහ බැසී එ මියුර් බොන්දෂ දිගැසී එ කපල්දල වන්, මන ජල්වයි. සිත් තොමුසී.
අර්ථදය :- (ඇය)ලු 1 කොමළ සිනාව කොමඬු 2 ගෙඩියක බීජ 3 (පඞක්තිය දැක්වූවා මෙනි ). (ඇගේ) පිය තෙපල එම (කොමඬු ගෙඩියෙහි ) මදය 4 මෙන් මියුරුය. (ඇගේ) දිගු ඇස, එම (කොමඩු ගෙඩියෙහි) පිට පොත්ත 5 මෙන් (දෙකෙළවර දෙසට කුමයෙන් සිහින් වී ඇත්තේය) (ඕතොමෝ) මා හද දල්වයි. සිත(ඇය කෙරෙන්) නොමුදයි 6
1. ලිත 2. අමඩ්(පා ආමණ්ඩ) 3. ලෙඩ්. (පා ලෙඩ්ඩු) 4. බොන්ද (සං. මජ්ජන් + ක, *මජක > * මොද > බොන්දෙ) 5. කපල්දල 6. නොමුසී.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂනයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.
වෘත්තය - යොන් -මත්-වැල විරිතින් බඳනා ලද එලිසම සිවුපදයෙකි.
104. සැගැ දිටි(මි අසරනන්) සි(ටි සෙ මෙ බෙ)යන්ද්හි සිරින් උපුළ උන් කෙළී රසන්වැළැ (ග)න්නා රිසින හත්
අන්වය :- මෙ බෙයන්ද්හි සිරින් සගැ අසරනන් සිටි සෙ දිට්මි. උන් රසන්වැළැ ගන්නා රසින හත් කෙළී උපුළ.
අර්ථවය :- බෙයදෙහි ශොභාව නිසා ස්වර්ගලයෙහි අප්සරාවන් සිටි ආකාරය දිටිමි. ඔවුන්ගේ රසනාදාමය ගන්නා රිසියෙන් (මගේ) හස්නය කෙළි(මතින් මෙන්) එසවිණි. 1
1. උපුළ (සං. උද් + √ සෘප්, උත්සෘප්) (සිං √ උපුර) උඩ පැනීම.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ√යේ මුල් භාගය.
වෘත්තය - යා ගී.
සීගිරි ගී 131
105. අතක් හැගෙ(බ)ට් සෙය් මහගැලැ ඔලම්බුයුක් සෙය් එ වෙය් දු පිපි ලටිගොළ ගමසිවපය් වි උදක් වය් 1
අන්වය :- හැගෙ අතක් බට් සෙය් මහගැලැ ඔලම්බුයුක් සෙය්. එ පිපි ලටිගොළ වෙය් දු වි උදක් ගම්සිවපය් වය්.
අර්ථයය :- ඇගේ අතක් (පහතට) එල්ලි තිබෙන 2 (සේ සිත්තම්වූ) ආකාරය, මහ ගලකින් (මල් දමක්) එල්වෙන බඳුය.3 ඒ (හස්තය) පිපිණු වැල් ගුළාවක් 4 (බව තොප විසින් කියනු ලැබේ නම් තෝ) හුදෙක් ගමේහි සිව්පාවෙකි.
1. මේ ගීය දෙබසක් සේ රචිතය. කාන්තාවන්ගේ හස්තය ගලකින එල්වෙන මල්දමක් මෙනැයි පළමුවන පාදයෙන් කියවේ. ඒ අදහස නොපිළි ගන්නා අයෙක් ඊට පටහැණි වී එබඳු උපමාවක් මෙනෙහි කළ හැක්කේ සිව්පාවකුට පමණකැයි කියයි.
2. බට් සෙය් 3. ඔලම්බුයුක් 4. ලටි - ගොළ (ලටි. පා. ලට්ඨි - ලතාව)
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂාය.
වෘත්තය - යා ගී.
106. ................... ල ................ සමන ගී. සලතලහි හුණඅකර සෙය්ත ලයු (තුබු) සිත් මුළා වෙ මෙනෙ මය බෙයදහි රතවතැන දුටුයෙන්.
අන්වය ,- සලතලහි හුණඅකර සෙය්ත සිත් ලයු තුබු බෙයදෙහි රනවතැන දුටුයෙන් මය මෙනෙ මුළා වෙ.
අර්ථයය :- .............. සමන (නමැත්තාගේ ) ගී යයි.
ගල්තලයෙහි හුණු අංකුරයකට සමාන හදවතක් 1 සැබැවින්ම ඇති බෙයදෙහි රන්වන් (කතුන්) දැක, ම සිත මුළාවෙයි 2
132 සීගිරි ගී
1. සිත් 2. කතකගේ හදවතෙහි ආලය නොරඳන බව කීම මෙයින් අදහස් විය.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂළය
වෘත්තය - කව් ගී.
107. ස්වස්ති ගිරිහි(ස්නි ෙ)හනයුන් නො බෙණෙත් බුණුෙ(යනි කි) ම එයුත බැලීමි බෙයන්ද හි අව තා සි වෙයි.
අන්වය :- ගිරිහිස්නි හෙතයුන් නො බෙණෙත්. බුණුයෙනි කිම? තා බෙයන්ද හි අව හය සි වෙයි එයුත බැලීමි.
අර්ථයය :- යහපතක් වේවා! ගිරිහිසින් හෙන්නා වූ (ලියෝ) නොබෙණත්. බිණුවද (ඇති පලය) කිම? තොප බෙයදට ආ අය සමග (මට) සිනා 1 වෙතැයි (සිතා) මම ඔවුන් බැලීමි.
1. තා සි වෙයි.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ.යේ මුල් භාගය.
වෘත්කය - ‘බෙයන්දආහි’ යන්නෙහි අවසාන අක්ෂේරය දීර්‍ි යක්සේ උච්චාරණය කළ හොත් කව් ගී විරිත ලැබේ.
108. ස්වස්ති
තොස වි යත සැනෙකින් ය හෙම්හයි සිතුයුමො මෙ දනැ සුක කළනි තො(මො) නො(යෙ)ත්(හ යි) කන් කෙළෙය් මො
අන්වය :- තොස වි යත සැනෙකින් ය හෙම්හයි සිතුයුමො. මෙ දන සුක කළනි තොමො, ‘නො යෙත්හ’ යි මො කන් කෙළෙය්.
සිගිරි ගී 133
අර්ථරය :- යහපතක් වේවා ! තොස පත්වී යාමට (අදහස් ඇති) නම්, අපට සැනෙකින්ම යත හැකියි සිතුවෙමු. නමුත්, මෙ ජනයා තොස පත් කළ තොමෝම ‘මොවුන් නොයතී’ යි කන්නලවු කළාය. 1
1. කන් කෙළෙය්. (සං. ක්ර න්දො. කන්නලවු යන්නෙහි අලවු යනු සං. ආලාප යනු හා සසඳනු )
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂයේ අවසාන භාගය.
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝතයක් සේ ගතහොත් කව් ගී විරිත ලැබේ. 109 බැලුමො ගිරිබිතැ ළකොළ් හෙළිල්ලමබුයුත් කො ජ ගියෙ හිමිය බලමි
සිටියුයුන් වැන්නො
අන්වය :- ගිරිබිතැ ළකොළ් හෙළිල්ලම්බුයුත් බැලූමො හිමි කොජ ගියෙයි බලම් සිටියුයුත් වැන්නො.
අර්ථ ය :- පර්ව ත බිත්තියෙහි සිටි හදවත බිඳින 1 රූමත් කතුන් බැලුවෙමු. (ඔවුන් තම) හිමියා කොයි ගියේදෝයි. බලමින් සිටියවුන් වැන්න.
1. ළකොළ් (කෙළ් - සං. √ කුට්.පා. ආකොටිත.) සිඳ බිඳ දැමීම. විනාශ කිරීම.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - පළමුවන පාදයෙහි ‘මො’ අක්ෂ රය, තුන්වන පාදයෙහි ‘යෙ’ අක්ෂාරය සහ සතරවන පාදයෙහි අවසාන අක්ෂයරය,දීර්ඝි මාත්රා වශයෙන්ද, දෙවන, පාදයෙහි ‘ම්බු’ යන්නෙහි අනුනාසිකය අර්ධ් වශයෙන්ද උච්චාරණය කළ හොත් කව් ගී විරිත ලැබේ.
134 සීගිරි ගී
110. ස්වස්ති
තමන් අත දි ය(මිනි නින්දිශ)තයුන් සෙ තුළුලින් වී තද(සෙ ර)න්වනක් අකුත් මෙ මා (දෙසෙ නුයු)න් ලූ
අන්වය :- තුළුලින් හින්දිලතයුන් තමන් අත දි යමිනි සෙ රන්වනක් මා දෙසෙ නුයුන් ලූ මා දකුන් මෙ තද සෙ වී.
අර්ථනය :- යහපතක් වේවා! ප්රේනමයෙන් 1 (පසුවන) අය අත දෙමින් යනු මෙන් රන්වන් (ලියක්) මා දෙස නුවන් ලූවාය. එහෙත් මා දක්ත්ම, ඈ තද (ළයැත්තියක) සේ වූවාය.
1. තුළුලින් - සතුටින් - (‘පෙමින් පසුවන’ යන අරුත අදහස් වී යයි හගිමු.) (සං.තුෂ්ට පා. තුට්ඪ.) තුළු, තිළී.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂපය
වෘත්තය - දෙවැනි හා තුන්වැනි පාදයන්හි එන ‘සෙ’ අක්ෂ.රය දීර්ඝේ සේ ගත හොත් දුවග ගී විරිතයි.
111. ස්වස්ති බිසරියෙ වසැරියුත කලුත ගැණිතයුත සද1 බලනනට රිසි ෙ(ම)ය නො වෙයි බෙයද ගියනට
අන්වය :- කලුන බිසරියෙ වසැරියුත ගැණිනයුත සද බෙයද ගියනට මෙය බලනනට රිසි නොවෙයි.
අර්ථටය :- යහපතක් වේවා! කතුන් අබිසරුවන් 2 ලෙස හැසිරෙන 3 (අය වශයෙන්) ගැණෙන කල, බෙයදට ගියවූන්ට මෙය බැලීමට රිසියක් (ඇති) නොවේ.
1. සඳ - කාලාර්ථකවාචී නිපාත පදයෙකි. 2. අභිසාරිකා 3. වසැරියුත. (වසර - සං. වි + √ වර්)
සීගිරි ගී 135
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.ය වෘත්තය - තුන්වන හා සතරවන පාදයන්හි අවසාන අක්ෂවර දීර්ඝ√ සේ ගතහොත් කව් ගී විරිත ලැබේ.
112. ස්වස්ති. හුණතරුබිම්වැසි දාපුළ්මි ගීයක් බද්මි. මුතු පලන් මහතෙල්වනක් බෙ(ය)න්ද්හි මය් රුස්නා බණවත් නො ජ බෙණයු මහතෙල්වනින් (යමො) ගිරි(යෙන්)
අන්වය :- බෙයන්ද්හි මුතු පලන් මහතෙල්වනක් මය් රුස්නා බණවත් බෙණයු නො ජ. මහනෙල්වනින් ! ගිරියෙන් යමො.
අර්ථයය :- යහපතක් වේවා! හුණනරු පෙදෙසෙහි වැසි දා පුළ් වෙමි. ගීයක් රචනා කළෙමි.
බෙයදෙහි (සිටි) මුතු පැලඳි මහනෙල්වන් එකියකට පියකරු වදන් කියූ මුත්, (ඕ තොමෝ) කථා නොකළාය. මහතෙල්වන් කතුනි! අපි පව්වෙන් (පිටත්ව) යමු.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ්ය
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
113. (නින්දිැ) ඇත්මි මෙ ගීය ලීමි. පෙලෙම්බු බලය් බෙයන්ද්හි රන්වනක් දුට් මය් නුයුත්අත්නි (ර))ගත් සුරතත් නගය් ඔසැරියෙ ලය්
අන්වය :- බෙයන්ද්හි රන්වනක් රාගත් නුයුතන්නි බලය් සුරතත් නඟය් ඔසැරියෙ ලය් දුට් මය් පෙලෙම්බු.
136 සීගිරි ගී
අර්ථිය :- (තින්දිර නමැත්තා) වෙමි. මේ ගීය ලීවෙමි. බෙයදෙහි සිටි රන්වන් එකියක්, රතුවන් 1 ඇස් කොනින්2 මා දෙස බලා, සුරත නගා ඔසරියෙහි ලා, (ඇය දුටු මා) පෙලඹුවාය.
1. රා-ගත්. ‘රා’යනු අරුත් කිහිපයක යෙදිය හැකි වචනයකි. පැහැය, වර්ණ.ය , ආලය, සුරාව ආදි වශයෙනි. සුරාපානය කිරීමෙන් ඇස් රතුවූ බවක් මින් සලකා ගත හැකිද ? 2. නුයුන් - අත්නි = සං. නයනාන්නෙත
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂකයේ අවසාන භාගය
වෘත්තය - පෙලෙම්බු යන්නෙහි අවසාන අක්ෂිරය, බෙයන්ද්හි ‘හි’ අක්ෂමරය සහ අත්නි යන්නෙහි ‘නි’ අක්ෂිරය හ්රතස්ව සේ ගතහොත් දුවඟ ගී විරිත ලැබේ.
114. මෙ බලමින් (කිපි)මන විසි නිබද ඇස්සැල්මෙ මන (දිවි)යන හෙයින් ඇසිපියුමන් නවත්නා තෙක්
අන්වය :- මෙ බලමින් ඇස් නිබද සැල්මෙ මන කිපි වියි. ඇසිපියුමන් නවත්නා තෙක් මන දිවි යන යෙහින්.
අර්ථ ය :- මෙ බලමින් සිටි (මගේ) ඇස් නිබඳව සැලෙන්නට වූ හෙයින්, (මගේ) සිත කිපිණි. ඇසිපිය (සැලීම) නවත්නා තෙක් මා (නොකමැති සේ) (මින් බැහැර) සිත දිවයන හෙයිනි.
විස්තර:- කාලය - 8 වෙනි ශතවර්ෂපය.
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝයක් සේ ගතහොත්, යා ගී විරිත ලැබේ.
සීගිරි ගී 137
115. ත සෙය් කණස්වලු 1 සගඉසිරැමද් හිමි කිරත් ල ස(ග තු)ල එක්පසෙක්හි දුජුල ගල.
අන්වය :- හිමි! ත සෙය් කණස්වලු සගඉසිරැමද්. සග තුල කිරත්ල, දුජුල ගල එක් පසෙක්හි.
අර්ථපය :- හිමියෙනි! තොප වැනි කණස්සලු (අයකුට) ස්වර්ග් සම්පත්තිය පවා මදිය. ස්වර්ග ය තුලාවෙක (බහා) කිරන කල, බබලන (සීගිරි) ගල (එහි) එක් පසකට (වෙයි).
1. දොම්නසට පත්, කලකිරුණු, අධෛය්ය්ස යට පත් යන අරුත් දිය හැකිය. (සිං - කණ + අස්වලු - සං. ක්ෂීයණ + ආස්වාදනක හා සසඳනු)
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - පළමුවැනි, දෙවැනි, හා සතරවන පාදයන්හි අවසාන අක්ෂතර සහ සතරවැනි පාදයෙහි ‘හි’ අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් කව් ගී විරිත ලැබේ.
116. හිම(බි) මෙ බිතෙහි විසු ම ගත (ළ) මොළොක් සෙ නාඅන් දන දෙ තද මෙ ළ ගත නො ගත සෙ(ක)
තද මෙ පත් ජනන්
අන්වය :- හිමබි! මෙ බිතෙහි විසු තා ළ මොළොක් සෙ ම ගත. මෙ ළ තද සෙ අන් දන ගත මෙ පත් ජනන් තද සෙ නොගත ක ?
අර්ථදය:- ආය්ය්කර්‍ාවෙනි ! මේ (ගල්) බිත්තියෙහි විසූ ඔබේ හදවත මොළොක්යැයි මවිසින් ගැණිනි. මේ හදවතම තද එකකැයි අන් ජනයන් විසින් ගැණිනි. මෙහි පත් ජනයා අතරින්, (එය)තද එකකැයි නොගන්නා ලද්දේ කවරකු විසින්ද ?
138 සීගිරි ගී
විස්තර :- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශතවර්ෂසය.
වෘත්තය - දෙවැනි පාදයෙහි එන ‘සෙ’ අක්ෂවරය දීර්ඝයක් සේ ගතහොත් දුවග ගී විරිත ලැබේ.
117. ස්වස්ති
වසසැ යෙහෙ නැත මා ම(හගි)ර පැනින් සි(තැ) වියි බෙයදහි (ප)වනින් එ රන්වනුන් බැලීයැනොහි යෙහෙන්
අන්වය :- බෙයදහි පවනින් එ රන්වනුන් යෙහෙන් බැලියැ නොහි. මා වසනැ යෙහෙ නැත මහගිර සිතැ පැනින් වියි.
අර්ථ ය :- යහපතක වේවා ! බෙයදෙහි (පවනින) සුළඟ නිසා ඒ රන්වන් (ලියන්) හොඳින් බලා ගිනීමට නොහැකි විය. (එහෙයින්) මා නිවසෙහි 1 මට ප්රීිතියක් නැත මහගිර (සිහිනයක් මෙන්) සිතෙහි දිස්වේ. 2
1. වසනැ. 2. මහගිර සිතැ පැනින් වියි.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂවය
වෘත්තය - යා ගී
118. නහම් හඟු මෙයි යෙහෙ යි මෙ හමුවූයෙක් මෙනෙහි කැරැ තුන්ලකුණ් අනිස් බට්මුල් පිරික්සයු එ.
අන්වය :- මෙ හමුවුයෙක් මෙයි යෙහෙයි නහම් හඟු! තුන්ලකුණ්මෙනෙහි කැරැ මුල්බට් එ අනිස් පිරික්සයු.
අර්ථ ය :- මෙය හමුවූ අයෙක්, මෙය යහපතැයි නහමක් සිතත්වා! ත්රිනලක්ෂ්ණය 1 මෙනෙහි කර (ලොව) මුල් බැසගත් 2 ඒ අනිත්යා (ධර්මරයද) පරීක්ෂාක කෙරෙත්වා!
1. අනිත්ය , දක්ඛ, අනාත්ම ලක්ෂතණ 2. අනිස් බට් මුල්
සීගිරි ගී 139
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂලයේ අවසාන භාගය.
වෘත්තය - දෙවැනි පාදයෙහි ‘වූ’ අක්ෂරය හ්රාස්වයක් සේද, සතරවැනි පාදයෙහි අවසාන අක්ෂයරය දීර්ඝයක් සේද ගතහොත් කව් ගී විරිත ලැබේ.
119. මිහිදල ඇපාණන්ගෙ පයමුල්ලෙය්දරු1 බොහොදෙවියා ගී ෙම සපුකුසුම් සුරත්අත්නි ගත් හෙළිලබියුක මන ම තමහට් නමය් ම හය් නො මෙ බුණු අනියා
අන්වය :- සුරන්අත්නි සපුකුසුම් ගත් හෙළිලබියුක ම මන තමහට් නමය්. ම හය් නො මෙ බුණු අනියා
අර්ථනය :- මිහිදල් ඈපාණන්ගේ සේවකයා සහ ලියන්නා වන බොහොදෙවියාගේ ගීයයි මේ.
සුරත් අතින් සපු කුසුම් ගත් රූමත් කතක් මසිත ඇය කෙරෙහි යොමු කළාය. (නමුත් ) මා සමග කථා නොකළායත (ඒ) අයුතුය.
1. පය මුල් -පැමිලි ( E Z I 213 ) යනු හා සසඳනු. සේවකයා, ආරක්ෂ යා, භටයා අරුත් දිය හැකිය.
ලෙය්දරු - ලෙදරු ( E Z I 111 ) යනුවෙන්ද එයි. ලේඛකයා යන අරුත් ඇත්තේය.
පයමුල්ලෙය්දරු යනු පුද්ගලික ලේකම් තැන යනුවෙන්ද තේරුම් කළ හැක
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය
වෘත්තය - යොන් ගී
120. ස්වස්ති රජතමා1 වැසි රියතමි(ය)2 පැවිජන ගී නො දැටැ යෙයි නොහෙ දැ සිකි රනවනුත වනෙ වෙසෙ යි ම හැදි අ මන මසිකි රනවනු අතුරෙ
140 සීගිරි ගී
අන්වය :- රනවනුත නො දැටැ සිකි යෙයි නොහෙ ද ? වන වෙසෙයි අ මසිකි ම මන රනවනු අතුරෙ හැදි.
අර්ථ ය :- යහපතක් වේවා! රජතමා (පෙදෙසෙහි) වැසිරියතමිය (නමැති) පැවිද්දාගේ ගී යයි.
රනවන් (ලියන්) නො දැක (මා) යහලුවා යන්නේ නොවේද? (මේ) වනයේ ඔවුන් වෙසෙතියි (කියමින්) (මෙහි) ආ (විට), මා යහලුවා, මගේ සිත,. රන්වන් (ලියන්) අතරට ඇද්දේය.
1. ‘රත්තමා - පිරිවෙන’ ගැන අනුරාධපුරයෙන් ලැබුණු සෙල්ලිපියක ලැබේ. ( E. Z. II. 227 පිටුව බලනු ) 2. සං රත්න - මධු.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ)යේ මුල් භාගය.
වෘත්තය - පාද සතරෙහිම ලැබෙන අවසාන අක්ෂවර දීර්ඝ සේ ගත හොත් කව් ගී විරිත ලැබේ.
121. (ස්ව)ස්ති (ද)ළසිවලහු ම(ය්) ගී. ගැතියෙ හිමිය යි මුළ වී රන්වන් ලි බණත බණියි නො හොයි මෙ (බැ)ලි රන්වන් තත බමා.
අන්වය :- ගැතියෙ හිමිය යි මුළ වී රන්වන් ලි බණත, බිණියි නො හොයි මෙ රන්වන් තන බමා බැලි.
අර්ථනය :- යහපතක් වේවා! දළසිවල (වන) මගේ ගී යයි. ඇගේ ගැත්තා 1 (තම) ස්වාමියා යි (වරදවා තේරුම් ගෙන) මුළාවි රන්වන් ලිය කථා කළ වි, (ඊට පිළිතුරු වශයෙන්) කථා කෙරේදැයි (දැන ගැනිම සඳහා) රන්වන් (එකියක්) පියොවුරන් කරකවා බැලුවාය.2
සීගිරි ගී 141
1. කවිය තමන් හඳුන්වා දුන්නේ රන්වන් ලියගේ ගැතියා වශයෙනි.
2. අත තිබූ කුසුමක ආධාරයෙන් (සිතියම්ගතවූ) රන්වන් ලියක් තමාට කථා කළ බව කවියා පවසයි. සීගිරිය නැගීමට ඔහු සමග ගිය එකියක් (ඊර්ෂ්යාආ පරවශව) මිට ඔහුගෙන් පිළිතුරු ලැබේදැයි විමසුම් සහිතව පියොවුරන් කරකවා බැලුබව මින් අදහස් කරගත හැක.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - එලූ සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
122. ශ්රීඑ + වැරැජැ ගියහොත් ජනු නො මය් නම් සිහිගිරී දයල්මු මම් අ ගල් ගිමම්බු(යු) ගෙ ගියක් බන්ද්නා සිසිරැසින් (ඔයු)නට් කිම ප(ල) ලද් උන්
මෙ (සෙය්)
(උ)දයග්හි මෙ සිසි(රැ)ස් යහ(පස්)
නො(ලය්) කාහට්
දයල් බතී ලියූ මෙ (දෙ) කවි.
අන්වය :- සිහිගිරි ! වැරැජැ ගියහොත් මය් නම් ජනු තො. හිමම්බුයු ගල් ගෙ අ ගියක් බන්ද්නා මම් දයල්මු. “මෙසෙය් උන් ඔයුනට් සිසිරැසින් කිම පල ලද්” ? “උදයග්හි මෙ සිසිරැස් කාහට් යහපස් නොලය් ?
අර්ථ්ය :- ශ්රී් - (එම්බා) සිහිගිරිය ! (මට) වැරදී ගිය හොත් (මගේ) නම දැනගත යුතු නොවේ. (මගේ) ලියගේ නිවස වන 1 (සිහිගිරි)ගලට පැමිණ ගීයක් රචනා කරන මම, දයල් (නමැත්තා) වෙමි.
“මෙසේ සිටි ඔවුන් සිසි රැසින් ලද පලය කිම?” “උදයගිර මේ සිසිරැස් කාහට නම් සැප පහසුව 2 නො එලවාද ?” 3
142 සීගිරි ගී
1. හිමබුයු ගෙ ගල් අ 2. යහ - පස් (පහස් > පාස් > පස්) 3. දෙවැනි ගීයෙහි ප්රසශ්නයක් හා පිළිතුරක් අඩංගු වූ බව හැඟේ.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂඅයේ අවසාන භාගය.
වෘත්තය - i. පළමුවැනි ගීය කව් ගී විරිතින් බඳනා ලද්දේය.
ii. තුන්වන පාදයෙහි එන මෙ’ අක්ෂවරය දීර්ඝයක් සේ ගතහොත් දෙවැනි ගීයෙහි විරිත යාගී නමි.
123. රුහුණින් ආ(ති)ළි(මල)ගී.
ගැහැනී ලියන් බෙයන්ද්හි රන්වනුන් අතුරෙ මන ම තමහට් මෙ ගත් දිගැස්නි කුම් කොට් සහන්නෙමි තිළිමල ගී
අන්වය :- බෙයන්ද්හි රන්වනුන් අතුරෙ ගැහැනී ලියන් ම මන තමහට් මෙ ගත්. දැගැස්නි ! කුමක් කොට් සහන්නෙමි ?
අර්ථයය :- රුහුණින් පැමිණි තිළිමල (මෙය) ගැයී.
බෙයදෙහි රන්වනුන් අතර සිටි ලතාවන් වැනි ගැහැනු1 මගේ සිත තමහට ම ගත්තාහ. දිගැසිය කුමක් කොට ඉවසා 2 සිටිම්ද ?
තිළිමලගේ ගීයයි.
1. ගැහැනී ලියන් - ලතා ,වැල, යන අරුත දීම සඳහා ‘ලියන්’ යනුවෙන් යෙදුනු බව පෙනේ. 2. සහන්නෙමි (සං √ සහ්.)
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - පළමුවන පාදය ‘බෙයන්ද්හි’ ‘බෙ’ අක්ෂලරයෙන් කෙළවර වන සේ ගත හොත් බමර ගී විරිත ලැබේ.
සීගිරි ගී 143
124. වනවූ දිගැස්සන් නරනින්ද්හු දුන්මැස්සන් පියල් බැලි අවුජ් බෙයන්ද්හි පුල්නිල් උපුල් ඇස්සන් සිත්වාමට් ගැ ගී.
අන්වය :- වනවූ නරතින්ද්හු දුන්මැස්සන්, පුල්නිල්උපුල් ඇස්සන්, බෙයන්ද්හි දිගැස්සන්, පියල් අවුජ් බැලී .
සිත්වාමට් ගැ ගී.
අර්ථවය :- (ප්රි යයාගෙන්) වියෝවූ, නිරිඳාගේ දුකෙහි දුක්වන, 1 පිපුණාවූ නිල් උපුල් වැනි ඇස් ඇති, බෙයදෙහි දිගැසියන්, පියල් (තෙමෙ) මෙහි පැමිණ බැලිය.
සිත්තම (ගැන) ගැයූ ගී යයි.
1. දුක්- මැස්සන් - දුකෙහි මැසිවිලි වූ ( මැයි = සං. මෘෂිත - ආමර්ෂ ) (කව්සි. ස. 300, 401 පද්යව බලනු.)
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - දුවඟ ගී.
125. බලන් මෙ(දි)ග්නෙත් නො කියන් ගී (හැ)ජෙ (ත වෙ)ත කුමට් ජු 1 හූ 2 තො මො තුබු ළ මෙහි අ 3 බලනුයුන් දග 4 රුහුණින් ආ නන්ද්(මි)
අන්වය :- මෙ දිග්නෙත් බලන් ගී නො කියන් ත වෙත හැජෙ. මෙහි අ බලනුයුන් හද තුබු තොමො කුමට් ජු හූ දග ?
අර්ථය :- මේ දිගැසිය බලනු (මැනවි) (එහෙත්) ගී නොකියන්න. (මන්ද?) ඇය (තොප වෙත) ඇදෙන 5 හෙයිනි. මෙහි විත්, (ඇය දෙස) බලමින් සිටින අය, හදවතක් ඇති 6 ඇය විසින් කවර හෙයින්, හූයෙකින් මෙන් අඟ කරනා ලදද ?
රුහුණින් ආ නන්ද් (නමැත්තා) වෙමි.
144 සීගිරි ගී
1. කුමට් ජු - කුමටද ?
2. හූ - (සං. √ සිව් - ‘මැහීම’ හා සසඳනු)
3. අ - ආ, අද, අවුත්
4. දග - අඟ (සං දෘංහ). බැඳීම - තදකිරීම.
5. හැජෙ ත වෙත
6. තුබු ළ.
විස්තර:- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශත වර්ෂතය.
වෘත්තය - පළමුවන පාදයෙහි මෙ’ අක්ෂ9රය, තුන්වන පාදයෙහි ‘හු’ අක්ෂ-රය සහ සතරවන පාදයෙහි අවසාන අක්ෂ්රය දීර්ඝු සේ ගත හොත් යාගී විරිත ලැබේ.
126. (නු) යුන් මන බද්නා පියවුරු බැලුම්රුස්නා අ බෙයදහි රන්වන් මත මතහස් යොමු කළ තමා
අන්වය :- අ! බැලුම් රුස්නා පියවුරු, මන නුයුන් බද්නා බෙයදහි රන්වන්, තමා මන, මතහස් යොමු කළ
අර්ථයය :- 1හා ! බැලීමට රිසි උපදවන පියොවුරු ඇති, සි. නෙත බඳින්නාවූ, බෙයදෙහි සිටි රන්වන් (ලිය), මගේ සිත2 මත්වූ හසුන් 3 (කෙරෙහි) යොමු කළාය.
1. අ. 2. තමා මන 2. පියුම් මී බීමෙන් හංසයින් මත් වෙතැයි කියනු ලැබේ.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - යා ගී.
127. අවු(ජ්) මෙහි සිරිබර්නි කුම්සෙ(යි)න් අ හර්වයු බ(ට) තෙක් තැන් (ති)බොළොවැළි සුවෙ (ඇ)ත් නොයෙක් තැන්හි
සීගිරි ගී 145
අන්වය :- අ! අවුජ් මෙහි සිරිබර්නි කුම් සෙයින් හර්වයු ? බට තෙක් තැන් තිබොළො වැළි. නොයෙක් තැන්හි සුවෙ ඇත්.
අර්ථළය :- හා! (මෙහි) පැමිණි අය, මෙහි සිරිබරින් කවර හෙයින් පැහැර ගනු ලැබුවාහුද ? 1 බටුවා වූ තාක් තැන්හි තිබොළො2 වැල් (ඇත්තේය) (මෙ හැරෙන්ට) සුවය (ලැබෙනා තැන්) නොයෙක් තැන්හි ඇත.
1. හර්වයු - (සං. √ හෘ - පැහැරගැනීම් අර්ථඇයි) 2. තිබොල් වැල්.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂකයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගයට අයත් වියට හැක.
වෘත්තය - යා ගී
128. රියන්සෙන් පැවිජන (ගී ) උක(ැ)ටැලි (වි) අ(යි)මි උකැටැලි බලනට නවත 1 තුප උකැටැලි දිති බෙයදහි රනවනනි නො බණ.
අන්වය :- උකැටැලි වි .අයිමි . බලනට උකැටැලි. නවන තුප උකැටැලි දිති. බෙයදහි රතවනනි! නො බණ,
අර්ථහය :- රයියෙන් සෙන් (නමැති) පැවිද්දාගේ ගී යයි.
උකටලීව මෙහි ආමෙවි. මෙය බලන්නවුන්ටද උකටලී බව (ඇතිවේ) නැවත තොප (විසින්) උකටලි බව ජනිත කරවන ලදී. බෙයදෙහි රන්වන්(ලියෙති)! නො බණනු (මැනමි) 2
1. නැවත 2. මේ ගීය රචනා කළ තැනැත්තා සීගිරියට පැමිණෙයේ උකටලී ස්වභාවයකිනි.සීගිරි පර්විතය සහ එහි ඇඳි සත්තම් ද දැකීමෙන් 10
146 සීගිරි ගී
ඔහුගේ උකටලී ස්වභාවය දියුණුවිය. කාන්තාවන්ගෙන් බසක් ලැබුණේ වි නම් මේ අවස්ථාව උග්රණවන්ට තිබුණි. කථා නොකරන සේ ඔවුන් අයැද සිටියේ එහෙයිනි.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ්ය
වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ.රය දීර්ඝ්යක් සේ ගතහොත් යොන් ගී විරිත ලැබේ.
129. රුහුණින් ආ සොන් (බ)ද් ගී.
නැතක් සිතිවිලි සිති අන් පතම් නො නිසි වසයු සබවින් දිගැස් පැනිපැනිහට බුහුන්ද් සෙය්.
අන්වය :- අන් පතම් නැතක් සිතිවිලි සිති නොනිසි. පැති පැතිහට සබවින් බුහුන්ද් සෙය් දිගැස් වසයු !
අර්ථනය :- රුහුණින් ආ සොන් (නමැත්තා) බැඳී ගී යයි.
අනිකකු පතා (තොප) කෙළවරක් 1 නැති සිතිවිලි සිතීම නුසුදුසුය. (ඇය) පැතූ පැතූ අයහට, සැබවින්ම සොහොයුරියක 2 සේ (මේ) දිගැසිය පවතීවා !3
1. නැතක්. (නැති + අක්) - කෙළවරක් නැති 2. බුහුන්ද්. (සං. භගිනී) 3. වසයු (සං √වස්. - වාසය කිරීම ). වසයු යනු ආශිර්වාමද ක්රිදයායි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂවයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂශරය දීර්ඝයයක් සේ ගත හොත් යොන් ගී විරිත ලැබේ.
සීගිරි ගී 147
130. ස්වස්ති මෙසෙය් මෙ සව්සතු සියොව්සිරී විද් ද වි තබය් පිළිබිබ් රජු යිහි මෙ ගියයුත් නොජත් සෙය් කිම් තරල්පා පිරිවෙන්වැසි සිරිනා පැවිජේජ (මි) සිතීම්.
අන්වය :- මෙසෙය් මෙ සව් සතු සියොව් සිරි විද් වීද මෙ පිළිබිබ් යිහි තබය් රජු ගියයුන් නොජත් සෙය්. කිම් ?
අර්ථගය :- යහපතක් වේවා!
මෙසේ මේ සියලු ජනයා (සිය පෙම්වතියන් හා) සම්භොග සැපය 1 විඳි2 මුත්, මේ පිළිබිඹු මෙහි 3 තබා රජතුමා (මිය) ගිය බව (ඔවුන්) නොදත් බඳුය. කිමෙක්ද ?
තරල්පා පිරිවෙන්වැසි සිරිනා (නම්) පැවිද්දා වෙමි. (මෙසේ) සිතීමි.
1. සියොව් සිරි 2. විද්. (සං. √ වින්ද්.) 3. යිහි. (සං. ඉහ) මෙහි
විස්තර:- කාලය - 8 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - පළමුවැනි පාදයෙහි සතරවන අක්ෂහරය වන ‘මෙ’ කාරයද, සතරවැනි පාදයෙහි ‘මෙ’ අක්ෂ රයද දීර්ඝස සේ ගත හොත් දුවගී ගී විරිත ලැබේ.
131. වැටි මියන් පියහට් ඇන්දිර වැන්නි ගල්හී යහමඟයන්න සස ලෙස ලෙණැසි තෙ වැන්දිුය කා නම්
අන්වය :- යහ මග යනන් සස ලෙස ලෙණැසි කා නම් තෙ වැන්දිහය ? පියහට් වැටී මියත් ගල්හි ඇන්දි වැන්නී.
148 සීගිරි ගී
අර්ථ ය :- යහ මග යන (අය විසින්) සත්යදය 1 (පුදනු ලබන්නා) සේ ලෙණැසිය 2 කවරකු විසින් නොවඳනා ලදද ? ප්රි්යයා වෙනුවෙන් වැටී මියන සේ (ඇය) ගලෙහි සිත්තම් වූ බඳුය.
1. සස. (සං. සත්ය.. පා. සච්ච. සිං. සස්.) 2. ලෙණ + ඇසි. (ලෙ = සං ලොහිත - මෘග විශෙෂයකි.) ‘ලෙ’ යන්නට ‘ණ’ ප්රිත්ය ය එකතු කිරීමෙන් ‘ලෙණ’ යනු සිද්ධ වී යයි සලකමු.
විස්තර :- කලය - 9 වෙනි ශත වර්ෂය
වෘත්තය - යා ගී.
132. නැගී (බැ)ලු (ස)න්දල සිහිපත් (නො මෙ) වි ද අඟනන් සුරත් අතැගත් ඇකැ ම(ල්) මෙහි අඟනන් සිහි කෙරෙ.
අන්වය :- නැගී බැලු සන්ද අඟනන් සිහිපත් නො මෙ වී ද? සුරත් අතැ මල් දැකැ, මෙහි අඟනන් සිහි කෙරෙ.
අර්ථයය :- (ගලට) නැගී බැලූ විට (තොපට) අගනන් සිහි පත් නොම වීද? සුරත් අතින් ගත් මල් දුටුවිට, (මෙහිවූ) අඟනෝ සිහි වෙත්.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂහය
වෘත්තය - සතර වැනි පාදයෙහි අවසාන අක්ෂීරය දීර්ඝ්යක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.
133. අසය අ මුත් මෙ සිත් මෙ සෙය් ඇත පවත්නන් (හු) නහ පවත්නවිනයුහු හිමබු නැති වත් තිප වන්
අන්වය :- “ සිත් මෙ සෙය් පවත්නන් ඇත අසය මුන් මෙ අ.” “තිපවන් හිමබු නැතිවත්, පවත්නවිනයුහු හුනහ.”
සීගිරි ගී 149
අර්ථරය :- “සිත් (රිසි) සේ පවතින (හැසිරෙන) අය 1 මෙහි ඇතයි අසා මේ (ජනයා) මේ (ගල ළඟට) පැමිණි බඳුය .” “ එබඳු අයුරින් පවතින අය 2 සිටින මුත්, තොප වැනි (ලියෝ) එසේ නො පවතිත්.”3
1. සිත් සෙය් පවත්නන්. 2. පවත්නවිනයුහු = පැවැත්වුනාහු. 3. දෙබසක්සේ රචිත ගීයකි. පළමුවැනි පාදය සිත්තමෙහි සිටි කතක විසින් කියැවුණකි. සීගිරිය බැලීමට පැමිණි තැනැත්තකුගේ ඊට ලැබෙන පිළිතුර දෙවැනි පාදයෙහි අඩංගුවී ඇත.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය.
වෘත්තය - යා ගී.
134. (දිග) ලවාණවැසි සිරිතහිමියන ගී
වන්දියමි හිමි වලා තො ගොසින් ඇය නෙවෙස්නට පිරිබුන්පගා මලයුනදිවොට තො හදහව කිය කියයි.
අන්වය :- වලා හිමි! තො වන්දිපමි. තො ඇය නෙවෙස්නට ගොසින්, පිරි බුන් පගා මලයුත දිව් ඔට කිය කියයි හදහව.
අර්ථමය :- දිගලවාණ වැසියකුවූ සිරිනහිමියන්ගේ ගී යයි. මේඝය නමැති හිමියනි! තොප වඳිමි. ඇය නිවෙසට ගොස්, ලිහිල් වූ ධෛර්යනය ඇති1 මැලවී ගියා දිව හා තොල් ඇති 3 (ඇයට නැවත නැවතත්) කිය කියා, විශ්වාසය3 තබවන්නෙහි 4
1. පිරිබුන් පගා = නැතිවූ ධෛර්යලය (සං. ප්රවග්රපහ). ප්රිතයයාගෙන් දිගු කලක් වෙන්වී සිටිම නිසා කාන්තාවගේ ධෛර්යවය නැතිවූ බව මින් පැවසෙයි. 2. මලයුත දිවොට - දිව් + ඔට = දිවොට. 3. හදහ - (සං. ශ්රධද් + √ ධා ) ‘අදහ’ . 4. කාලිදාසගේ මෙඝදූතය සිහිපත් කරවන අදහසක් මෙහි ගැබ්වී ඇත.
150 සීගිරි ගී
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂීය වාත්තය - දුවඟ ගී
135. ඇදී සසලප සෙ සුකි(දු)හු1 සද්මඬලෙ
පවතු වාදහසක් එක් (ද)වසක් සෙ මෙනෙ(හි) මා
අන්වය :- සුකිදුහු සද් මඩාලෙ ඇදී සසලප සෙ දහසක් වා පවතු ! මා මෙනෙහි එක් දවසක් සෙ
අර්ථඑය :- සුරිඳුන් විසින් සඳ මඞලෙහි ඇඳි සසලපය සේ (තොප) දහස් වසක් පවතීවා! (එනමුත් එය) මා සිතෙහි එක් දිනයක් සේය2
1. ‘සුරිඳුහු’ යනන ලීමේදී ඇතිවූ ලෙඛක දොෂයෙකි. 2. සිත්තමෙහි ඇඳි ලියන් දෙස බලා සිටින මේ තැනැත්තාට දහසක් හවුරුද්ද එක් දිනයක් බඳුය.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර් හයේ අවසාන භාගය හෝ 10 වෙනි ශත වර්ෂවයේ මුල් භාගය විය හැක.
වෘත්තය - පළමුවැනි හා සතරවැනි පාදයන්හි එන ‘සෙ’ අක්ෂයරය සහ දෙවැනි පාදයෙහි එන ‘හු’ සහ ‘ලෙ’ අක්ෂයර දීර්ඝ සේ ගත හොත් යාගී විරිත ලැබේ. 136. පොත 1 (ෙ)දවු ගී
සිව යි සිව්පත තෙපුල රහස බෙලුම් නැත්නත්. ගෙහෙනි ගයෙ ත කෙ නම් බෙයදහි අදහ ගත සිටුවයි.
අන්වය :- රහස බෙලුම්, තෙපුල නැත්තන් සවයි සිවි පත. බෙයදහි බෙහෙනි සිටුවයි අදහ ගත,ත කෙ නම් ගයෙ ?
අර්ථවය :- පොත දෙවු (නමැත්තාගේ ) ගී යයි.
සීගිරි ගී 151
රහස් බැලුම් නැති, කථාවක් නැති (ගැහැණු) (අන් අය ඔවුන්ට) සිනාසුණු යෙහින්, සිනාසුණහ 2 බෙයදෙහි (තම) භාර්යාව 3 සිටුවා විශ්වාසය තබා 4, තෝ කෙසේ නම් ගියෙහිද ?
1. ලෙඛකයා, පෙත් - තබන්නා යන අරුත්ද දිය හැකිය. චූළවංසයෙහි ‘පොත්ථෙකි’ නම් පදවියක් ගැන සඳහන් වි ඇත. 2. සිව යි සිවී පත. 3. ගෙහෙනි = ගැහැණි, ගෑණි 4. අදහ ගත
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය.
වෘත්තය - යා ගී
137. නැගී සන් දෙව හෙ නො වෙ සිග්සෙ පනත් බණ සඟරෙන් නිගොම් තුබූ අත්පායසලකුණින්
අන්වය :- නැගී සත් දෙව. හෙ සිග් සෙ පනත් නොවේ. නිගොම්, අත් පා සලකුණින් තුබූ සඟරෙන් බණ
අර්ථ ය :- (පර්ව.යටය) නැගී සංඥාවක්1 කරව. එය ශීඝ්රතව 2 (කළ හොත්) නුසුදුසු වේ. 3 නිශ්ශබ්දව, 4 අත් පා සලකුණු වලින් (එකිනෙකාට) ගැලපෙන 5 සේ කථාකරව.
1. සන් 2. සිග් සෙ 3. පනත් නොවෙ. 4. නිගොම් - අර්ථවය සැක සහිතයි. නි + ගුම් (ගුමු තද දීම) (නිගොම්) යනු විසින් ගන්නා ලදී 5. සඟරෙන් - සගර. (සං. පා. සංගර ) (සිං. සසැඳිලි) අනුකූලතාව, එකඟවිම, ගිවිසුම, කැමැත්ත යන අරුත් දිය හැකිය. ගීයෙහි ලැබෙන් වචනයේ අරුත මෙය විය හැකියයි සිතිය හැකිය. එහේත් සැක සහිතයි.
152 සිගිරි ගී
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - යා ගී.
138. අනග් රජ් මිහිද්මි ලීතිම්. බදිත් කිසෙය් බෙයන්ද්හි රන්වනුත් දුටුවො ළද පියොවුර් දකුත් දකුත් ඔවුන් නිසසල නුයුනට
අන්වය :- බෙයන්ද්හි රන්වනුන් දුටුවො, ළද පියොවුර් දකුත් ඔවුන් නිසසල සුයුනට කිසෙය් බදිත්.
අර්ථනය :- අනග් රජ් මිහිද් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
බෙයදෙහි රන්වන් (ලියන්) දුටු අය, (ඔවුන්ගේ) ළද පියයුරු දැක දැක, ඔවුන්ගේ නිසසල නුවන් ගැන කෙසේ නම් ගි රචනා කෙරෙත්ද ?
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂරයේ මුල් භාගය
වෘත්තය - බමර ගී.
139. පි(න) යෙමි ද ලයු 1 බලමනි රතවනක දිගැනෙත (ම) කිව ද කීමි ත බසිත නො දී මා ආ මන මා (සල)දළලමි මෙ ලෙමි.
අන්වය :- දිගැනෙත රනවනක බලමිනි ලයු පිතයෙමිද ? ම කිවද, තබසිත කීමි. මා මන නොදී මා ආ.
අර්ථනය :- “දිගුනෙත් ඇති රන්වන් (ලියක) බැලීමෙන් සැබවින්ම පිනා යම්ද “ ? මා (එසේ) කිවද, කීයේ තොප බසින විටය. මා හදවත (ඇයට) නොදී ආයෙමි.
සලදළල වෙමි. මෙය ලිමි.
1. ලයු- (සං. ඛලු. පා. වත ) ‘සැබවින්ම’ යන අරුත දෙන නිපාත පදයෙකි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂපය
වෘත්තය - යා ගී. සීගිරි ගී 153
140. ස්වස්ති මි(ද්)හලු දළ්මි.
අසය තොප අයුතින් 1 මෙ දක්නා රිසින් ආ සැබැවින් සසැන්දගලි කළයුන් බැවින්ම හය් නො බුණු.
අන්වය :- ආ! සැබැවින් සසැන්ද ලි කළයුත් බැවින්, අසය, තොප දක්නා රිසින් මෙ අයුතින්, ම හය් නො බුණු.
අර්ථයය :- යහපතක් වේවා! මිද්හලු දළ් (නමැත්තා ) වෙමි
හා! (ලෝකයා පිළිගත්) සම්බන්ධ යකට 2 (හවුල් වී ඇති හෙයින් ) (තොප) ගැන අසා ඇති මා තොප දක්නා රිසියෙන්ම ආ නමුත් මා සමග (තොපි) කථා නොකළාහුය.
1. ‘ඵ’ ධාතුයි. (සං. ආ + √ ඵ) 2. සැබැවින් සසැන්දිධලි (සසැන්ද්ලි - සං. සං. + √ ස්යමන්ද්. පා. සංසන්දසති.)
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂආයේ අවසාන භාගය
වෘත්තය - කව්ගී විරිතයි . (දෙවැනි පාදයෙහි ‘මෙ’ අක්ෂ රය, සහ තුනවැනි පාදයෙහි ‘ලි’ අක්ෂ’රය දීර්ඝශ සේ ගතහොත් යාගී විරිත ලැබේ. )
141. උතුර්පස්වැසි අග්බොය් මේ ගී
ම සෙය් එ මෙදෙස සැනැහැත්නන් ඇත්තක් සෙය් තෙමෙ ගතු(ද්) එ මෙ සිත් සෙ දස යෙය් බලය් නො (තමා)
අන්වය :- ම සෙය් සැනැහැත්නන් ඇත්තක් සෙය් මෙදෙස එ තමා සිත් සෙ තෙමෙ ගතුද් එ මෙ දස නොබලය් යෙය්.
අර්ථය :- උතුරු පෙදෙසෙහි වැසියකුවූ අග්බොයි (නමැත්තාගේ ) මේ ගීයයි.
154 සීගිරි ගී
මා මෙන් සෙනෙහෙ ඇත්තන්, (සෙනෙහෙ) ඇතියක1 කරා (එනසේ) (ඔහු) මෙදෙස 2 එයි තම සිත්වූ පරිදි, මා (තෝරා) ගත් (තැනැත්තියම) ඔහු විසින්ද (තෝරාගත්) නමුත්, ඇය දෙස වත් නොබලා ඔහු යයි.3
1. ඇත්තක් - ස්ත්රීපලිංගයි. ‘සෙනෙහෙ ඇති ස්ත්රිතය’ යනු අර්ථසයි. 2. ‘සීගිරිය දෙසට’ යනු අධ්යාගහාරයි. 3. මේ ගීය ලියූ තැනැත්තාද, තවත් අයෙක් ද, සීගිරි කතුන් බැලීම සඳහා පැමිණ එකම කතක තෝරා ගත්තාහ නමුත් අනික් තැනැත්තා තමා තෝරාගත් එකිය දෙසවත් නොබලා යයි. කවියා විසින් තම තරඟකරුවා බියපත් කර ඵලවූ බව මින් සලකා ගත හැක.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂතයේ අවසාන භාගය .
වෘත්තය - පළමුවන පාදය, ‘සැඟැනැන්තන්’ යන්නෙහි ‘නැ’ කාරයෙන් කෙළවර වන සේ ගතහොත් කව් ගී විරිත ලැබේ.
142. ස්වස්ති
බෙය(ද්) බැලුමො ඇ(ල) වැ එක කැනැ දකින අතුරෙ බෙයද් දකුත්(ළ) නො වැහැවෙයි දෙතා දෙතා දිස්තා
අන්වය :- එක කැනැ දකින අතුරෙ බෙයද් ඇලවැ බැලුමො. දෙතා දෙතා බෙයද් දිස්නා දකුත් ළ නො වැහැවෙයි.
අර්ථය :- යහපතක් වේවා!
එක ක්ෂදණයක් අතුරෙහි 1 දකින සේ බෙයද දෙස ඇලවී බැලුමු නැවත 3 බෙයද දර්ශ්නයට (ලක්වත්ම) (එය දකින විට) ළය නො වැහැවෙයි.
සීගිරි ගී 155
1. අතර කාලය තුළ. 2. දෙතා දෙතා - ද්විගුණ වශයෙන් යන අර්ථනයි.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය.
වාත්තය - යා ගී
143. ස්වස්ති එ මළ ද නො බණය සහනෙ මෙ කී ම නම කළ යි පින ත පවසමො හිම්බ අකමය වය. මපරුම ගී .
අන්වය :- එ මළද නො බණය . සහනෙ. මෙ නම කිම ? ත පින කළයි පවසමො. හම්බ! අකමය වය.
අර්ථය :- ඔහු මළේවී නමුත්, (තොප කෙරෙහි) කථා නැත 1. ඉවසීම (ඇත්තේය) මෙහි අදහස කිමෙක්ද ? (පෙර අත්බැව්හි) තොප පින් කර ඇති බව බවසමු. කාන්තාව 2 ! (මට) සමාවනු 3 මැනවි.
රජතුමාගේ ගීයයි.
1. නො බණය. 2. හිමබ.
3. අකමයවය (සං. √ ක්ෂ්ම්)
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය.
වෘත්තය - පවසමො යන්නෙහි ‘මො’ අක්ෂ.රය සහ ‘අකමයවය’ යන්නෙයි අවසාන ‘ය’ අක්ෂමරයද දීර්ඝසේ උච්චාරණය කළහොත් මත්වල ගී විරිත ලැබේ.
144. අවුදු සිටැ මුරුන් සිකි සන්දෂන 1 නෙත්කැල්ලන් බලන්නට් සසිරි ගෙනැ සුරඅගනන් සිහිගිරී.
අන්වය :- සිකි! සසිරි සිහිගිරි බලන්නට් සන්ද න තෙක් කැල්ලන සුර අගනන් ගෙනැ මුරුන් අවුදු සිටැ.
අර්ථය :- යහළුව ! සසිරි සිහිගිරී බලන්නට, සැලෙන නෙත් කැලුමින් යුතු 2 සුර අඟනන් ගෙන දෙව්වරු අවුත් සිටියාහ.
156 සීගිරි ගී
1. සැලෙන (සං. √ ස්යංරද්)
2. දෙවඟනන්ගෙ ඇසි පිය සැලීම් නැත, එහෙයින් මේ ගීයෙන් අදහස්වන්නේ, සීගිරිය බැලීමට දෙවියන් හා දෙවඟනන් සමාන පිරිසක් පැමිණි බවයි.
විස්තර :- කිලය - 10 වන ශතවර්ෂය
වෘත්තය - යොන් ගී
145. ස්වස්ති
සදකත් පව්(ර) මෙසෙ දිෙ(ල)නු ගෙන තුප සිරිබර කෙළිමු ව අත්පත් ළදුන් කරය් මුන් අප තොර් (නොවැ)
අන්වය :- තුප සිරිබර ගෙන සදකත් පව්ර මෙසෙ දිලෙනු මුත් ළදුන් අප අත්පත් කරය් නො තොර් වැ කෙළිමුව.
අර්ථය :- යහපතක් වේවා! තොපගේ ශ්රී හාරය ගෙනැ චන්ර්ත් කාන්ත (පාෂාණයෙන් කළ) ප්රාතකාරය 1 මෙසේ දිලෙයි. රම් කතුන් අප අත්පත් කරගෙන, ඔවුන් හා නිතර 2 ක්රීරඩාවෙහි යෙදෙමු.
1. සදකත් පව්ර. 2. තෙරේ නොවැ
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්‍න යේ අවසාන භාගය 7 හෝ 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය විය හැක.
වෘත්තය- යා ගි
146. ශ්රී - වජිරාමි ලීතිමි. යහ ය් ඇති මිණිවිට් එ වර්වනින හුන් මෙහි යහදස්නෙ ඇසිරැස් මිනිසුන් මෙ අදහැනි කරන්නට්
අන්වය:- එ වර්වනින හුන් මෙහි ඇති මිණිවිට් යහය්. යහදස්නෙ! මිනිසුන් මෙ අදහැනි කරන්නට් ඇස් ඉරැය් .
සීගිරි ගී 157
අර්ථරය :- ශ්රීෙ - වජිරා වෙමි (මෙය) ලීමි. ඒ උතුම් පැහැයෙන් යුත් තැනැත්තිය 1 හුන් මෙහි ඇති මිණි පහන 2 යහපති 3 ප්රිතය දර්ශිනාවෙනි ! 4 මිනිසුන්ට මෙය අදහා ගිනීමට, ඇස් දල්වා 5 බලන්නැ.
1. වර්වනින 2. මිණිවිට් 3. යහය් 4. යහදස්නෙ 5. ඇස් + ඉරැය් (ඉරැය් = සං. ඊරය)
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂරරය සහ සතරවෙනි පාදයෙහි ‘මෙ’ අක්ෂෂරය දීර්ඝසේ උච්චාරණය කළ හොත් දුවඟ ගී විරිත ලැබේ.
147. ස්වස්ති තරල්පාවැසි සිරිනාපැවිජේජමි. නිරිද්සිරැ සිටැ බැහැරට් නො(ෙ)ම යම පරවිටි එවන් වී නැවතැ බලමි(න්) සිටියවුන් වැන්නො
අන්වය :- “නිරිද් සිරැ සිටැ, පරවිටි, බැහැරට් නො මෙ යම”. එවන් වී නැවතැ බලමින් සිටියවුන් වැන්නො.
අර්ථනය :- යහපතක් වේවා! තරල්පාහි 1 වැසියකුවු සිරිනා (නම්) පැවිද්දා වෙමි.
“ නිරිදාගේ අන්තඃ2 පුරයෙහි සිටි (අපි), ඔහු නැති කල,3 ඉන් බැහැරට නොයමු” එසේ (සිතමින් මෙන්), ඔවුන් නැවතී (ඉදිරිපස) බලමින් සිටියා වැන්න.
1. තරල්පා නම් පිරුවනක් වූ බව නො. 130 වැනි ගීයෙන් පෙනේ. තරල්පා නම් ප්ර දෙශයෙහි පිහිටි නිසා එය එනමින් හැඳින් වූ බව සිතිය හැක. 2. සැරැ - (සං. ස්ථිර ) 3. පරවිටි- (පා පරාම්බුඛ යන්නට සමානාර්ථි වශයෙන් ධම්පියා අටුවා ගැටපදය ( පි. 143)මේ වචනය දක්වයි. සං. පරාවෘත්ති)
158 සීගිරි ගී
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂදය.
වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ3රය දීර්ඝකයක් සේ ගතහොත් කව් ගී විරිත ලැබේ.
148. මෙසා කණස්වලු දවරැය් සිතැ වසත් හොත් ඔතැ බර නොබැරැ බව් ලයු තොපට් මෙ ලයු ජැනෙන්නෙය් මෙය්
අන්වය :- මෙසා කණස්වලු සිතැ දවරැය් වසත් හොත්, ඔතැ බර නොබැරැ බව් ලයු! තොපට් මෙ මෙය් ලයු ජැනෙන්නෙමි
අර්ථයය :- මෙබඳු කනස්සල්ලෙක් (තොප) සිත දිවා රෑ ඇතොත්, කවර 1 (අයුරු) බරක් වුවද, නොබරක් මැයි! තොපට ම මෙය (ඇත්තෙන්ම) 2 දැනෙයි.
1. ඔනැ 2. ලයු. (සං. ඛලු පා වත.)
විස්තාර :- කාලය - 8 වෙනි ශත වර්ෂඇයේ අවසාන භාගය
වෘත්තය - පළමු වැනි පාදයෙහි අවසාන අක්ෂ-රය දීර්ඝලයක් සේ ගත හොත් දුවඟ ගී විරිත ලැබේ. 149. ඇවිදැ දුරකතර් එ(ගි)ය මෙන් පැතු සිතු ජැහි දුට් ජ මා ඇස් පුරා ලද මෙන් බස (නො) වි තී.
අන්වය :- එ දුරකතර් ඇවිද, පැතු සිතු ජැහිගිය මෙන් මා ඇස් පුරා තී දුට් ජ, බස ලද මෙන් නොවී.
අර්ථදය :- දුරු කතරකට ඇවිද (විත්) (බැලූ විට), පැතුවා වූද, සිතුවාවූද (දැය) අතහැර (දැමුවාක්) 1 මෙන් (පෙනේ). මා ඇස් පුරා තොප දුටු මුත්, තොප බසක් ලැබීම තරම් (එය තුෂ්ටිජනක) නොවිය.
1. ජැහි ගිය.
සීගරි ගී 159
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ.යේ අවසාන භාගය හෝ 10 වෙනි ශත වර්ෂීයේ මුල් භාගය විය හැක.
වෘත්තය - කව් ගී.
150. පද(ගම) සිවල්(මිලු)න් ගී ත සිත්හි වැන්නාක් නොජන්නෙ වින්ද් සිටවය් වසන මහසිත් දු ලයු ත සිත්හි වැන්නාක් ජතහොත්
අන්වය :- ත සිත්හි වැත්තාක් නො ජන්නෙ වින්ද් සිටවය්. ලයු මහසිත් වසත දු! ත සිත්හි වැන්නාක් ජතහොත්!
අර්ථයය :- පදගම (වැසියකුවූ) සිවල්මලගේ ගී යයි. තොප සිත පවතින දෙය 1 නොදත් (සිත්තරා) තොප හැඟීම් 2 (ඇත්තෙන්ම) (තොප කෙරෙහි) ආරූඪකරයි 3 සැබැවින්ම තොප මහසිත්හි 4 ඇති දැයද (සිත්තමට නංවයි) තොප සිත්හි ඇති දැය ඔහු දුටුවේ නම්! 5
1. වැත්තාක්. (සං. වර්ත්තිත + ක) 2. වින්ද්.
3. සිටවය්. 4. පා. මහග්ගතං විත්තං. සාංඛ්යන දර්ශසනයේ ‘මහත්’ නමින් හැඳින්වෙන් ආත්ම විඥානයේ මුල ස්වරූපයයි.
5. නො. 541 වැනි ගීයට ලියූ පිළිතුරක් සේ පෙනේ. ගැහැණු සිත දැකීම සිත්තරාට නුපුළුවන්වූ බව මෙයින් අදහස් කරන ලදැයි සිතමු.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂමයේ අවසාන භාගය.
වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘හි’ අක්ෂරයද, දෙවෙනි පාදයෙහි ‘නෙ’ අක්ෂ රයද දීර්ඝක සේ ගතහොත්, යා ගී විරිත ලැබේ.
151. ජිවිතොටිහි අරකෙලෙ සිවලැහ ගී.
අහස පොකණ (වියි) මඩදොරක කිළියකට තැ(න්) නැත්තෙන් මන තා නො ගත
(බෙයන්දිරහි) තට බිත්ත
160 සීගිරි ගී
අන්වය :- අහස පොකණ වියි. මඩදොරක කිළියකට තැන් නැත්තෙන් බෙයන්දිනහි නට බිත්ත තා මන ගත නො ?
අර්ථ්ය :- ජිවිතොට (වැසියකුවූ) අරකෙලෙ 1 සිවලගේ ගී යයි. ආකාශය (තොපහට)පොකුණක් වීය. මණ්ඩප ද්වාරයක 2 කුටියක් 3 (තනාගැනීම) සඳහා තැනක් නොමැති හෙයින්, බෙයදෙහි නටුවාවූ භික්තිය තොප සිත් ගත්තේ නොවේද ?
1. වත්මන් වහරෙහි එන ‘ආරච්චි’ යන වචනය හා පාර්යාවයැයි. සිතිය හැකිය.
2. මඩ - දොරක. 3. කිළියකට
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂයය
වෘත්තය - පළමුවැනි හා දෙවැනි පාදයන්හි අවසාන අක්ෂතර දීර්ඝසේ ගත හොත් යාගී විරිත ලැබේ.
152. මහමත අ(ම්බු) දෙවා(මි).
මන මෙසි නැගි බෙයන්දීහි ලෙ(ණැ)සි යොවනක් මය් අතින් මුතුවැළැ ගත බැලුමැ සෙපත අප (හ)ය ගත.
අන්වය :- බෙයන්දාහි ලෙණැසි යොවනක් මය් මත මෙසි නැගි. අතින් මුතුවැළැ ගත බැලුමැ අප හය සෙපන ගත.
අර්ථය:- මහමතගේ හාර්යාහවවූ දෙවා(නමැත්තිය) වෙමි.
බෙයදෙහි මියුලැස්1 යුවතියක් ම සිත, (ඇය කෙරෙහි) අමර්ෂ ය ඉපදවීය. අතින් මුතු වැලක් ගත් ඕ තොමෝ බැලුමින් අප හා සපත්තියක 2 වී.
1. ලෙණැසි. 2. සෙපත. (සං. සාපත්ත්යබ - සහකාර අඹුවීම)
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂහය
වාත්තය - කව් ගී
සීගිරි ගී 161
153. ස්වස්ති
දැකැ අයුත් තමන් දහ(රදි)හි සෙදි යන්නන් බෙයන්ද්හි රන්වනුන් ඇජැ ගිය සෙය් කසුබ්රජ්පය්.
අන්වය :- තමන් අයුන්, දිහි දහර සෙදි යන්නන් දැකැ, රත්වනුන් බෙයන්ද්හි ඇජැ කසුබ්රජ්පය් ගිය සෙය්.
අර්ථය :- යහපතක් වේවා!
තමා මැ පැමිණ, දිය දහරෙහි 1 සේදී යන්නවුන් දැක, (එ) රන්වනුන් බෙයදෙහි සිත්තම් 2 කොට, කාශ්යදප රාජපාදයන් 3 ගිය බඳුය.
1. දහර - දිහි 2. ඇජැ 3. කසුබ් - රජ් - පය්.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.ය
වෘත්තය - පළමුවැනි පාදයෙහි එක අක්ෂ රයක් අඩුව පෙනේ. නො එසේ නම් යා ගී විරිති.
154. මත කා නො ගනනී ලයු බැලූ සැන්දැඑ සිහිගිරි වියොවුන් වුයු සියොව් සියොවුන් වතන් කුම් කියන්නෙයි. මහඅමුණ්දොරැ වසන බොයකලසැමි මහසත්තය්මි මෙ ගිය ලීමි.
අන්වය :- සිහිගිරි බැලු සැන්දැ ලයු කා මත නො ගනතී වියොවුන් සියොව් වුයු සියොවුන් වතන් කුම් කියන්නෙයි ?
අර්ථවය :- සිහිගිරිය බැලු සඳ සැබවින්ම කවරකුගේ සිත නම් (පැහැර) නොගන්නේද ? වියෝගයට (පැමිණියාහු) එක්වූහ. 1 (එසේ) එක්වූවන්ගේ 2 පැවතුම් 3 ගැන කවර කථාද ?
මහඅමුණ්දොර (නම් ස්ථානයෙහි) වසන බොය (නම්) කාන්තාවගේ සැමියාවූ මහසත්තය් (වන) මම මෙ ගීය ලීමි.
11
162 සීගිරි ගී
1. වියොවුන් වුයු සියොව් - වියෝගයට පත්වූ (ප්රේීම වන්තයෝ) සංයොග වූහ. (එක්වූහ)
2. සියොවුන්.
3. වතන්. (සං. වර්ත නන ) චරිතය, හැසිරීම, පැවැත්ම.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය
වෘත්තය - දුවඟ ගී
155. (ස්වස්ති)
කීව ජු එ (නො)කිය ව(ජන්) තමන් මුනට තජ තැගැ (මෙ)ළෙයින් මුත් (මෙ) ගල සිහි වෙ දැන් සිහිගිරි
අන්වය :- එ කිව ජු තමන් මුනට තජ තජ වජන නො කිය. මුත් මෙ ගල නැග මෙළෙයින් දැන් අව සිහි සිහිගිරි වෙ.
අර්ථයය :- (යහපතක් වේවා!) ඔහු කී නමුත්, මුන්ට තද 1 වදන් (තොපි) නොම කියව්. මේ (කාන්තාවන්) මේ ගලට නැග මළ හෙයින් (මෙහි) දැන් එන (මිනිසුන්ගේ) සිහියෙහි සිහිගිරිය පවත්නේය.)
1. තජ
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය
වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘එ’ අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් විරිත ලැබේ.
156. නිරින්ද් ගෙ රි(සි)වන් අසා (සි)තදනෙ ද(නි)මින් අව නෙත් මය තරුගණන් බැලුව සිත (තිත්) 1 වනු නැත
අන්වය :- නිරින්ද් ගෙ සිත් අදනෙ රිසිවන් අසා දනිමින්, මය තරුගණන් නෙත් අව බැලුව සිත තිත් වනු නැත.
සීගිරි ගී 163
අර්ථරය :- නිරිඳුගේ ගෙය (මාලිගය) සිත් අදනා බව, රිසිවු පිරිදි අසා දැන (සිටින මට) තරු ගණත් ඇස් ලැබ එය බැලුව මුත්, සිත තෘප්ත නොවේ.
1. තෘප්ත
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්යේ මුල් භාගය විය හැක.
වෘත්තය - පළමුවැනි පාදයෙහි එන ‘ගෙ’ අක්ෂෂරය දීර්ඝයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.
157. මෙලෙසි වී මා (ද)සු සි(වි)න් කෙළි බසක් (නැ)ත (ද) (මෙහි) (සිත්සෙය්) අ(ව ම) බෙ(ය)න්ද්හි රන්(වනුත් අතරෙ)
අන්වය :- බෙයන්ද්හි රන්වනුන් අතරෙ සිත් සෙය් ම මෙහි අව, කෙළි බසක් නැතද, සිවින් මා මෙලෙසි දසුවී.
අර්ථයය :- බෙයදෙහි රන්වන් (ලියන) අතරට සිත්සේ මා මෙහි 1 පැමිණි විට, (ඔවුන් කෙරෙහි) කෙළි බස් නොමැත්තේ වුවද, (ඔවුන්ගේ) සිනාව 2 නිසා, මම මෙසේ (ඔවුන්ගේ) දාස භාවයට 3 (පත්) වීමි.
1. අවම 2. සිවින් 3.මෙලෙසි වී මා දසු.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්‍වීයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.
වෘත්තය - යා ගී.
158. ස්ව(ස්ති)
ගලැකළ තදළ බවින එයුත අසද වත කිම පුරුජු එය මළහොත නො මෙ මියමි (නො) සි (තන්නෙයි)
අන්වය :- ගලැකළ තදළ බවිත එයුත අසද වත කිම ? පුරුජු එය මළහොත නො මෙ මියමියි නොසිතන්නෙ ?
164 සීගිරි ගී
අර්ථෙය :- යහපතක් වේවා!
ගලින් කළාවූ තද සිත් ඇති ඔවුන් ද්රෝ හී 1 වුවද කිම ? (තමාට) පුරුදුව (සිටි) තැනැත්තිය 2 මළහොත්, මා(ද) නොමියෙනියි නො සිතන්නේද ? 3
1. අසද (සං. අ + ශ්රිද්ධා) 2. පුරුජු එය 3. කවියා තමාගේ භාර්යාව කෙරෙහි ඇති ස්නේහය මෙයින් ප්ර,කට කරයි.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයේ මුල් භාගය
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලුබෙන විරිතකි. (ගීයෙහි අවසාන පාදයෙහි අක්ෂුර මැකී ගොස් ඇති හෙයින්, නිසැකවම විරිත හඳුනා ගත නොහැකිය.)
159. ස්වස්ති
වෙළල අ අමහ අරකට ල මෙ ගලෙ. සෙ ක(තු)න ලයු ලන මහවන හෙළිල(ලබුයුත) 1
අන්වය :- අ! වෙළල අරකට මෙ ගලෙ ල අමහ. හෙළිලලබුයුත කතුන මහවන ලන සෙ! ලයු!
අර්ථය :- යහපතක් වේවා!
හා! සිහින් තැනැත්තිය 2 ආරක්ෂාතව 3 සඳහා මේ ගලෙහි තබා (අපි) ආවෙමු 4 ඉතා රූමත් කතුන් මහ වනයෙහි තැබීම (යහපත්) සේ ය. සැබැවින්ම !
1. හෙළිලි + අබි (හෙළ් සං. ශ්වෙත.) හෙළ + ලිය = පා. ඔදාතය. ධ.අ.ගු. 118 රූමත් ස්ත්රි3ය. හෙළිලබි, හෙළිලඹු, හෙළිල්ලබි, හෙළිල්ලඹි, හෙළිල්ලඹු, ඈ විසින්ද ලැබේ.
2. වෙළල - (වහළ = කෘශ. සං. විද්රැ8ත + ක) වැළැළ - වැහැරී ගියාවූ. 3. අරකට 4. අමහ.
සීගිරි ගී 165
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂිය.
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
160. මිහි(න්ද්)මි ලි(තිමි) ඔ1 අර්2 කෙසෙය් යෙත් තන්වුසු 3 මෙ දත් බෙයදහි (බෙ)ණෙතිත් නො(ෙ)බනණතින් මට පුර්ජු එ සන්ද්හන් නෙත
අන්වය :- අර් ඔ තන්වුසු කෙසෙය් යෙත්? මෙ බෙයදහි දත්. බෙණෙතින් නො බෙණෙතින්, මට් පුර්ජු එ සන්ද්හන් නෙත.
අර්ථය :- අර (තැනැත්තිය) තන්වැසි(බස් කියන බව ඔවුහු) කෙසේ කියත්ද ? මෙය බෙයදෙහිදී ම විසින් දැනගන්නා ලදී. (ඇය) කථා කළද, නො කළද මට පුරුදු (තැනැත්තිය) සිහි නොවන්නේය 4
1. ඕ - හෝ - ඈ 2. අර 3. ‘තන්වැසි’ යන්නෙහි මුල් රූපයකැයි සිතමු. 4. සන්ද්හන් නෙත. = සඳහනක් නැත.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ2ය
වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘ඔ’ අක්ෂ2රය සහ සතරවැනි පාදයෙහි ‘එ’ අක්ෂ රය දීඝීයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.
161. රුහුණින් ආ මුගලන හෙ ගී වන යි මෙ සිතුවර් තබය අයිමි අජහස් අවන් කො ජ මෙය නො ජන්නො බෙයන්දයහි රනවනුත අතුරෙ
අන්වය :- මෙ සිතුවර් වන යි අජහස් තබය අයිමි. බෙයන්දරහි රනවනුත අවන් අතුරෙ මෙය නො ජන්තො කො ජ?
166 සීගිරි ගී
අර්ථය :- රුහුණින් පැමිණි මුගලන් (නමැත්තාගේ) ගී යයි.
මේ සිත්තරා වර්ණකනය 1 (චිත්රමගත) කරතියි බියෙන් (මගේ) අදහස් (සිතුවලි) තබා පැමිණියෙමි. බෙයදෙහි රන්වන් (ලියන්) කරා පැමිණි අය අතර මෙය නොදත් අය කොහිද ?
1. වනයි. වර්ණ?නය, ‘සිත්තම් කිරීම’ යන අමතර අරුතක්ද මින් ලැබිය හැක 2. මේ ගීය සිගිරි සිත්තම් ඇඳි චිත්රලකාරයාට කළ උපහාරයකැයි හැඟේ. මනුෂ්යච චිත්ත සන්තානයේ පවත්නා අදහස් පවා ඔහුට සිත්තමට නැගිය හැකි බව මින් කියවේ. කවියා සිගිරියට පැමිණෙන විට තම සිතිවිලි සුරක්ෂිචතව තැන්පත්කර තබා පැමිණියේ සිත්තරාට බියෙනැයි කියන ලදී.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්‍කරය
වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘මෙ’ අක්ෂෂරය සහ සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ රයද දීර්ඝන සේ ගත හොත් ගුවඟ ගී විරිත ලැබේ.
162. මෙ කල්හි මෙ සුවහස් සිටිත් හැලී ගැහැවියො බලත් මෙ(ය්) සුවහස් ඇති සිහිවන්නට් සිහිගිරි.
අන්වය :- මෙකල්හි සුවහස් ගැහැවියො මෙ හලී සිටිත්. සිහිගිරී ඇති සිහිවන්නට් සුවහස් මෙය් බලත්.
අර්ථය :- මෙකල සිය දහස් (ගණන්) ගහපතියෝ මීට ඇලී 1 සිටිත්, සිහිගිරියෙහි (ඇති දෙය) සිහිකර ගැනීනමට සියදහස් (වාරයක්) මෙ (දෙස) (ඔවුහු) බලත් 2
1. හැලී - (සං සං + √ ලි) - ඇලී.
2. සිහිගිරියට පැමිණ ජනකායක් සිත්තම් බලමින් වහා නොහොස් රැඳී පැවති යෙහින් ඔවුන් කෙරෙහ නැඟූ අපවාදයකි
සීගිරි ගී 167
විස්තර :- කාලය - 9 වෙනි හෝ 10 වෙනි ශත වර්ෂ(ය.
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂහරය දීර්ඝයක් සේ ගතහොත් යාගි. විරිත ලැබේ.
163. නො යන්නෙ ආ යහපත් ද රන්වන් බලත මෙ නො යන්නෙ මා (පැහැපත්)රන්වන් ම හය්.
නොබෙණෙත
අන්වය :- රන්වය බලත මෙ ආ නොයන්නෙ යහපත්ද ? පැහැපත් රන්වන් ම හය් නොබෙණෙත මා නොයන්නෙ.
අර්ථය :- රන්වන් (ලිය) බලමින් සිටින මේ පැමිණි1 (තැනැත්තා) නොයන්නේ (ඇය) යහපත් (හෙයින්ද)? පැහැපත් රන්වන් (ලිය) මා සමග කථා නොකරන හෙයින් මම නොයමි.
1. ආ. (සං. ආගත.)
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ)ය
වෘත්ත්ය - වෘත්තය - යොන් ගී .
164. ස්වස්ති
අගො ජනිම් මම් පිරිජුන් සෙය් සිහිගිරි මොයුන් නැවතෙන් අසද්නි නැවැතැ රසඇතියවුන් ඇත්තෙන්
අන්වය :- මොයුන් සිහිගිරි පිරිජුන් සෙය්. අහො! මම් ජනිම්. අසද්නි! නැවැතැ රජ ඇතියවුන් ඇත්තෙන් නැවතෙන්.
අර්ථය :- යහපතක් වේවා! මොවුන් සිහිගිරිය නටබුන් 1 කළ සැටි, අහෝ මම දනිමි. ද්රෝමහී (කාන්තාවෙනි) 2! නැවතද (වරක්) රස දතුවන් 3 ඇති වී (සිටින හෙයින්) නැවතියව් ! 4
1. පිරිජුන් (සං. පරිජීර්ණණ. පා. පරිජිණණ. පිරිජුනු ධ.අ.ගු. 80 ) විනාශවූ, නටබුන්, යන අරුත් ඇත.
168 සීගිරි ගී
2. අසද්නි. 3. රස ඇතියවුන් 4. නැවතෙන්. ‘රසභාව’ නොහඳුනන අය පැමිණ (ගී ලියා) සීගිරිය නටබුන් කළ බවද එහෙයින් ඉන් කළකිරුණු කතුන් පව්වෙන් පිනීමට සැරසෙන බවද කවියා සිතයි. ‘රස’ දත් අය නැවත පැමිණ සිටින හෙයින් කතුන්ට තොපිනීමට ආයාචනා කරන ලදී. ‘රසදත්’ අයගේ ගණයට මේ ගීය ලීයූ තැනැත්තාද අයත් බව ඔහු විසින් ම හඟවන ලද්දේය
විස්තර :- කාලය -9 වෙනි ශත වර්ෂඅයේ අවසාන භාගය. වෘත්තය - යා ගී.
165. නාල්මි ලම්ජනව්
වැසැ ගොස්නි (දු) ර්රටැ වනවූ හිමින් (සිටි නි) යා වුසූ තෙවෙසුන් අවුජ බලමිනි යන්නඋන් වැනි නො බුදස්මලුන් ගෙ නාමලමි. 1
අන්වය :- වනවූ හිමින් දුර්රටැ ගොස්නි වැසැ වුසූ නෙවෙසුන් අවුජ සිටි නියා බලමිනි යන්නඋන් වැනි නො ?
අර්ථනය :- ලම්ජනව්හි (වැසියෙකු වූ) නාල් (නමැත්තා) වෙමි. (අපගෙන්) වියෝ වූ 2 හිමියා දුරු රටකට ගොස් වැස (නැවත) (පළමු) විසූ නිවෙසට (මාලිගයට) අවුත් (අප) සිටි අයුරු බලා යනු වැනි නොවේ ද ? 1 බුදස්මල්ගේ (වංශයෙහිවූ) නාමල (නමැත්තා වෙමි)
1. ගීය ලියූ තැනැත්තාගේ නාමය ගීයට පෙරාතුව ද පසුවද සඳහන් වේ.තාල්, නාමල යනුවෙන් දෙවිධියකට සිය නාමය සඳහන් කළ නමුත් ගීය ලියා ඇති අක්ෂනර එක අයකු අතින් ලියවුණු බවට සැකයක් නැත්තේය. 2. වනවූ
සීගිරි ගී 169
3. සීගිරි කතක විසින් ගැයූ ගීයක් ලෙස මෙහි සඳහන් වී ඇත. සීගිරිය බලන්නට පැමිණි අයකු කාශ්යීප රජතුමා බවට කතුන් විසින් වරදවා ගෙන ඇති බවද , එම තැනැත්තා අන් කිසිවකු නොව කවියාම බවද මින් අදහස් කරන ලද්දේය.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂුයේ අවසාන භාගය.
වෘත්තය - යා ගී.
166. සරගමලඅවළ (මෙ) ගිරිහි(සැ) හෙළිලලබියක
මන මය නමය හො වි(සි) කළෙ යි න(ැ) ගි
එයට නො ගියෙ ම.
අන්වය :- මෙ ගිරි හිසැ හෙළිලලබියක සරග මල අවළ හො මය මන නමය විසි කළෙයි. එයට නැගි නොගියෙම.
අර්ථ ය :- මේ ගිරි හිස සිටින රූමත් කතක් සුවඳ මලින් 1 එතී 2 (ආකුලවී) සිටින්නීය. ඕ තොමෝ මගේ සිත (ඇය කෙරෙහි) නමා වශී කළාය. (එහෙයින් මම) එයට නැග නොගියෙමි.
1. සරග මල 2. අචළ
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂවයේ මුල් භාගය
වෘත්තය - යා ගී
167. (ඇවිද් නැගි මෙහි ඇතිසෙ) පුවත් බැලී යන්නට් ආමො සිහිගිරි බෙ(ය)දහි රන්වනත් ගත මන මා
අන්වය :- මෙහි ඇවිද් නැගි ඇතිසෙ පුවත් බැලී යන්නට් ආමො, බෙයදහි රන්වනක් මා මන ගත.
අර්ථය :- මෙහි පැමිණ නැගී, ඇතිතාක් තොරතුරු 1 බලා යන්නට ආවෙමු. (එහෙත්) බෙයදෙහි සිටි රන්වන් (ලියක්) ම සිත (පැහැර) ගත්තාය.
1. ඇතිසෙ පුවත්
170 සීගිරි ගී
විස්තර :- කාලය - 9 වෙනී ශත වර්ෂුය
වෘත්තය - යා ගී
168. (දු)ටුවන් ත(මා) වී යන්නට් ආ වෙ සිහිගිරි ගල්බෙයන්ද්හී රන්වන දැකැ ගත මන මෙසී මා
අන්වය :- තමා දුටුවන් වී යන්නට් සිහිගිරි ආ වෙ. ගල් බෙයන්ද්හී රන්වන දැක මා මන මෙසී ගත.
අර්ර්ථ ය :- තමාම දුටු අයකු වී යන්නට (තමා විසින්ම දැකගෙන යාමට) සීගිරියට පැමිණියෙමි. (එහෙත්) ගල් බෙයදෙහි රන්වන් (ලිය) දුටුවිට ම සිත (අය විසින්) බඳිනු 1 ලැබිය.
1. මා මන මෙසී ගත මෙසී = ‘මස’ ධාතු (සං. √ සීව් - විවීම, එක්කාසු කිරීම, බැඳීම)
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය
වෘත්ත්ය - යා ගී
169. ස්වස්ති ජහග මෙ සිතිවිලි අන් කුම් කියන්තෙය් ගියක් බද් මා නෑ බදනෙ (ස)ග්(ඉ)සිරැ නැග ගත් සිහිගිරි
අන්වය :- මෙ සිතිවිලි ජගහ. ගියක් බද් මා අන් කුම් කියන්නෙය් ? සග්ඉසිරැ බදනෙ නෑ. සිහිගිරි නැගගන්.
අර්ථය :- යහපතක් වේවා!
මේ (දුක්බර) සිතිවිලි අතහරිනු 1 ගීයක් බැඳි මට,වෙන කුමන දෙයක් කිව හැකිද ? ස්වර්ග ෙඑශ්චර්ය1ය2 මා නොබඳියි 3 (තමාම) සිහිගිරිය නැග ගන්න.
1. ජහග 2. සග්ඉසිරැ 3. බදනෙ නෑ.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - දෙවැනි පාදයෙහි මාත්රාස දොළොසෙකි. නො එසේ නම් යා ගී විරිතයි.
සීගිරි ගී 171
170. ශ්රීි. රුහුණ්මහගැමැ අනුරැමහපායින් ආ පහණද(ස) වැසි සමනල් බතිමි 1 ලීමි.
බැලූබැලුයුන් ක(ළු)වන් සිසි මුහැණ්හි මහනෙල්වනක් මෙ දුට් බෙයන්ද්හි රන්වනුත් අතුරෙ
අන්වය :- බැලූ බැලූයුන් මුහැණ්හි කළුවන් සිසි මහනෙල් වනක්, බෙයන්ද්හි රන්වනුත් අතුරෙ මෙ දුට්.
අර්ථය :- ශ්රී රුහුණේ මහගම පහණදස (නම් ස්ථානයෙහි වැසියකුවූ), අනුරුමහපායෙහි සමනල් බත (නමැත්තා) වෙමි. (මෙය )ලීමි.
මහතෙල්වන් (ලියක විසින්) (තමා දෙස) බැලූ බැලූ අයගේ මුහුණු වලට කලු පැහැය විදි 2 හෙයින් බෙයදෙහි රන්වන් (ලියන්) මධ්යුයෙහි (ඔහු විසින්) ඇයම දක්නා ලදී.
1. සමනල = පා. සමණ බත යනු සං. භ්රාපතෘ යනු හා සසඳනු. 2. සිසි = ඉසින ලද (සං. √ සිව් හා සසඳනු)
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.
වෘත්තය - දෙවැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂශර දීර්ඝ සේ ගතහොත් බමර ගී විරිත ලැබේ.
171. (ෙ)මසෙ තොප ලි (ය)ඉසිරැ දුටු වෙ පෙරෙ දුට සෙ(ය්) (ෙ)ම බෙයන්ද්හි තමනට් ෙතාප පරවිටිෙය මනාෙකාට් දියවැල්ලැ මහ(සෙන්මි)
අන්වය :- බෙයන්ද්හි තොප ලි තොප පරවිටියෙ, පෙරෙදුටු සෙය් මෙසෙ තමනට් යස, ඉසිරැ මනාකොට් දුටු වෙ.
172 සීගිරි ගී
අර්ථය :- බෙයදෙහි තොපගේ ලිය, 1 තොප නැති අතර, 2 පෙර දුටු අයුරින්, මෙසේ තමා විසින්ම, කීර්තියද ඓශ්චර්ය1යද 3 මනා කොට දුටුවාය.
දියවැල්ල (නම් ස්ථානයෙන් පැමිණි) මහසෙන් වෙමි.
1. ලි. 2. පරවිටියෙ. 3. යස - ඉසිරැ.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂවයේ අවසාන භාගය
වෘත්තය - දෙවැනි පාදයෙහි ‘වෙ’ අක්ෂරය සහ සතරවෙනි පාදයෙහි ‘පරවිටියෙ’ යන්නෙහි ‘යෙ’ අක්ෂසරයද දීර්ඝෙ සේ උච්චාරණය කළහොත් යා ගී විරිත ලැබේ.
172. (ස්වස්ති)
වෙ(ද්)නා....... (හි) .......... අ(ග්බොමි) ලී(මි) අයුත (බැ)ණවි (ද මා නො) බණත ම හය් තම සි(ත) (ෙ)මහි අ(ච) නියළෙය ඔයුත අසද යි. නො ජත්නීන (මා)
අන්වය :- ඔයුත අසද යි නො ජත්නින මෙහි අව මා නියළෙය. අයුත මා බැණවි ද ම හය් තම සිත නො බණත.
අර්ථය :- (යහපතක් වේවා! )
අග්බෝ (නමැති) වෛද්ය යා වෙමි. මෙය ලීමි.
ඔවුන් ද්රෝහහී (තැනැත්තියන් බව) නොදත් ෙහයින් ෙමහි පැමිණ මම ශෝකී වෙමි. 1 මෙහි අවුත් ඔවුන්ට කථා කළේ වී නමුත්, තම සිත දක්වා ඔවුහු මා සමග කථා නොකරත් .
1. නියළෙය. (සං. නි + √ කෘෂ් - නිකාෂ්ට. පා. නිකට්ඨ) (සිං. නියැළුම්. කව්සි. 634 පද්ය ය)
සීගිරි ගී 173
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය
වෘත්තය - යා ගී
173. ස්වස්ති යහගොවු සගල්මි මෙ ගී ලීමි. හිමම්බුයුන් සොනයෙ කිසිදවාස එක් කිහි (තො) මෙය් දහහය් 1 (ක)ළ වු(ව) යහ දකුම පින් කළකළ 2 වූයෙක්
අන්වය :- හිමම්බුයුන් සෙනෙයෙ කිසි දවසෙ එක් නො කිහි. මෙය් හදහය් කළ යහ වුව, පින් කළ වූයෙක් දකුම.
අර්ථය :- යහපතක් වේවා!
සගල් (නමැති) යහන් ගොවුවා 3 වෙමි. මේ ගීය ලීමි.
කාන්තාවන්ගේ ස්නේයහ කවර දිනක (වුවද) එකාකාරවම 4 (නොවෙනස්ව පවත්නේයයි) තෝ කීවෙහි. මෙය අදහා ගෙන ක්රිෙයා කළ අයට යහපතක් 5 වි නම්, (පෙර අත් බැව්හි) පින් කළවුන් දකිමු.
1. ‘හදහස්’ යනුවෙන් කියවිය යුතු . 2. ලෙඛක දොෂයකැයි සිතා අතහළ යුතුය. 3. රජුගේ යහන් ගැබ රැකුමෙහි යෙදෙන නිලධරයායි. ‘යහන්’ යනු ‘ඇත්’ යන අරුතද දෙන හෙයින් ‘ඇත්ගොවු’ යනුවෙන්ද අරුත් පැවසිය හැක. 4. කිසිදවසෙ එක්. 5. මෙය් හදහය් කළ යහ වුව.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය
වෘත්තය - සතරවෙනි පාදයෙහි ‘කළ’ යන වචනය දෙවරක් ලැබේ. එන් එකක් ලෙඛක දෝෂයකැයි සිතිය යුතුය. දෙවැනි පාදයෙහි අවසාන අක්ෂලරය දීර්ඝයක් සේ ගතහොත් බමර ගී විරිත ලැබේ.
174 සීගිරි ගී
174. (අවුද්) මුළු වෙ ගිරිහි යන වී අප මුළු විසිරි (සි)හිදුන් සෙය හැඟැ අප සිහි වන්නට් සිහිගිරි
අන්වය :- අවුද් ගිරිහි මුළු වෙ. සිහිඳු හැඟැ, මුළු අප විසිර යනවී , සිහිගිරී සිහිවන්නට් උන් සෙය.
අර්ථය :- (ජනයා මෙහි අවුත් පව්වෙහි රොක්වූහ. 1 සී රජුට 2 (මෙය) හැගී, රාශිභූතවූ අප විසිර යන සේ(ද), සිහිගිරිය අපට සිහිවන්නටද, (ඔහු මෙහි) සිටගත් 3 බඳුය.
1. මුළු වෙ. 2. සිහි + ඉදු = සිහිදු 3. සිහිදු උන් සෙය.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂපයේ අවසාන භාගය හෝ 10 වෙනි ශ තවර්ෂරයේ මුල් භාගය විය හැක.
වෘත්තය - තුන්වෙනි සහ සතරවැනි පාදයන්හි අවසාන අක්ෂවර දීර්ඝයේ ගතහොත් යා ගී විරිත ලැබේ.
175. (ස්වස්ති)
සහජපියනට් නො මෙය්හි සරන් (අන්ද්) ව තුබු (දිගැ)ස්නි අ සෙය් ගනු සන්ද්පහනට් සුළග් මන්ද් වන්
අන්වය :- සරන් මෙය්හි අන්ද්ව තුබු සහජ පියනට් නො ? දිගැස්නි ! අසන්ද් පහනට් මන්ද් සුළග් වන් සෙය් ගනු.
අර්ථය :- යහපතක් වේවා ! අප්සරාවන් 1 මෙහි අඳවා තුබුයේ සහජ ප්රිදයයන් 2 සඳහා නොවේද ? දිගැසියෙනි! (මෙහි) ආ (මා) සඳපහනට මඳ සුළඟ අයුරින් (සලකා) ගත්න.
1. සරන්. 2. සහජපියනට් .
සීගිරි ගී 175
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය
වෘත්තය - පළමුවෙනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.
176. ස්වස්ති
නා(ස්වැසෙයි) බලය් (මි)යුලැසිය(න්) හරන්තන් යෙත සග (මෙහි) සිරන් ඇති ඇස් ගන්නා සෙයින් උන්
අන්වය :- ඇති සිරින් ඇස් ගන්නා, මෙහි උන් හරන්තන් මියුලැසියන් බලයි, සග යෙත නාස්වැසෙයි.
අර්ථය :- යහපතක් වේවා! (තමන් කෙරෙහි) ඇති ශොභාවෙන් (දනන්ගේ) ඇස් අදනා, මෙහි සිටින ප්රිතය උපදවන 1 මියුලැසියන් දැකීමෙන්, ස්වර්ගනය කරා යන කල්හි පවා අස්වැසීමක් (නොලැබේ.)
1. හරන්තන් - ‘හර’ ධාතු (පැහැර ගැනීම අර්ථ්යි.) ප්රි.යජනක, සිත්ගන්නා, යන අරුත් සඳහා මෙහි යොදන ලදී. (සං. √ හෘ)
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ)ය
වෘත්තය - යා ගී
177. සාතා(හි)මියන් ගෙ වි(ජුර්මි මෙ ගී ලීමි) කුමුන්ද් පිනිබින්ද් සන්ද්මෙරෙජින් ජත් වරජ් නැත ඔයුන් ම හය් (බසක්) නො මෙ බිණියෙන් ළතැවිලී වත
අන්වය :- ඔයුන් ම හය් බසක් නො මෙ බිණියෙන් ළතැවිලී වත. කුමුන්ද්, පිනිබින්ද්, සන්ද් මෙරෙජින් වරජ්ජත් නැත.
176 සීගිරි ගී
අර්ථය :- සාතා හිමියන්ගේ ( වංශයෙහිවූ ) විජුර් (නමැත්තා) වෙමි. (මේ ගීය ලීමි)
ඔවුන් (කාන්තාවන්) මා සමග වචනයක් පවා කථා නොකළ හෙයින් ළ තැවිලිය (සිත් පීඩාව) විය. 1 කුමුදු, පිනිබිඳු සහ සඳරැස 2 (යන මෙයින්) ඇතිවන වරදක් (ගැන) දත නොහැක. 3
1. වත - වන කල්හි.( අසම්භාවන ක්රිතයායි.) ‘ළතැව්ලිය වන කල්හි’ යනුවෙන් වර්ත)මාන සිංහලයට නැගිය යුතු වුවද, අරුත් වටහා ගැනීමේ පහසුව සලකාගෙන ‘ළතැවිලිය විය’ යනුවෙන් යෙදිමු. 2. සන්ද් මෙරෙජින් - චන්ද’ මරීවයෙන් 3. ආක්ෂෙ ප නම් අලංකාරයයි. ළ තැව්ලියට හේතුවූ කරුණ දක්වා කුමුදු, පිනිබිඳු ස සදරැස්, ආදියෙහි ඇති නිර්දෝෂි භාවය පළකරන ලදි.
විස්තර:- කාලය - 8 වෙනි ශතවර්ෂළයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂඳයේ මුල් භාගය වියහැක.
වෘත්තය - යා ගී
178. කිමිජබරවිල්හි අත්යුගලෙන් ඉගිලී ගෙලෙ ල විජලි (නි)ව ගිම් දිවඅසර අස (මෙ)හි ආ
අන්වය :- අබර විල්හි කිම්ජ, අත් යුගලෙන් ඉගිලී, විජලි ගෙලෙ ල, ගිම් නිව, දිව අසර මෙහි අස ආ.
අර්ථය :- ආකාශය (නමැති) තඬාගයෙහි 1 කිමිද, අත්යුගලය (නමැති පියාපත් වලින්) ඉගිලී, විදුලිය නමැති (ලතාවන්) ගෙලෙ ලා, ගිම් නිවා දිව්යිප්සරාව මෙහි අසලට ආවාය.
1. කිම්ජ් + අබර විල්හි 2. විජ + ලි. (විද්යුඅත් නමැති ලතාව)
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය.
වෘත්තය - නව් ගී.
සීගිරි ගී 177
179. ශ්රී1 කළියා ගී. ෙ(ම)සා දුදුළ් අහස් බෙයන්ද්හි රුස්නා සෙය් වුසු තිරින්දවක්හු සෙය් බැලිමි ඇස්යි ඇස්පොල්ලෙන්
අන්වය :- මෙසා දුදුළ් අහස් බෙයන්ද්හි නිරින්දයක්හු රුස්නා සෙය් වුසු සෙය් ඇස්හි ඇස්පොල්ලෙන් බැලීමි.
අර්ථය :- ශ්රී - කළි (නමැත්තගේ ) ගී යයි.
මෙ බඳු දුගීමවූ 1, අහස (මෙන් උස්වූ) බෙයදෙක, නරපතියකු (තමහට) රිසිවූ පරිදි විසූ අයුරු, කඳුලු 8 සහිත ඇස්වලින් (මම) බැලීමි.
1. දුදුළ් (සං. √ ) දෲ - දැදිරි (කව්සි. 333 පද්යයය) දැදුර. (සිදත. 181) ‘දෙදරනවා’ (වර්ත්මාන සිංහල) ධ. අ. ගැ. 262. = පා. දුග්ග. ධ. අ. ගැ. 274. = ‘ජුදුළ = පා විසමට්ඨාන දුදුළ = පා. විදුග්ග. ජා. අ. ගැ. 202 විෂමස්ථානය, දුර්ග ය, බලකොටුව යන අරුත් ඇත්තේය.
2. ඇස් - පොල්ලේන්. (අර්ථ.ය සැකසහිතයි) (සමානාර්ථතයාවි පදයක්ද සොයා ගෙන නැත)
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂසය
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
180. ස්වස්ති ඇවිද් සුවෙ (ල) ද අප සිහිගිරි (කතුන්) අතුරෙහි සිකිසන්දි තමන් බල නැ(ගැ) සිහි තමහට (වෙ) එහි ඇති. ස්වස්ති. නොවි සිහි යන්නමහ මහවන් හෙළිල්ල(බි)යැන් නො හින්දැි යැ(ත) මෙතැනින සෙද ම මන සිටිය නො වන්නෙන්
12
178 සීගිරි ගී
අන්වය :- අප සිහිගිරි ඇවිද් කතුන් අතුරෙහි සුවෙ ලද සිකිසන්දැ! නැගැ තමන් බල එයි ඇති තමහට සිහි වෙ.
මහවන්! හෙළිල්ලබියැන් ! සිහි නොවි යන්තමහ. නොහින්දැ සෙද මෙතැනින යැත ම මන සිටිය නොවන්නෙන්.
අර්ථය :- යහපතක් වේවා !
සිහිගිරියට පැමිණ, කතුන් අතුරෙහි සුවය ලදිමු. උතුම් යහලුව ! 1 නැගී (තමා ම) බලා(ගන්න) එහි ඇති (දෙය) තමහට සිහි වන්නේය.
යහපතක් වේවා!
සමාවන්න! 2 රූමත් කතුනි ! (තොප) සිහි(නොකර) යමි 3 (මෙතැන) නොහිඳ, වහා 4 මෙතැනින් යන කල, ම සිත මෙහි නොසිටියි (නොරැඳෙයි) 5
1. සිකිසන්දව 2. මහවන්
3. යන්නමහ (බහු වචනයයි) එසේ වුවද ගීයෙහි (උක්ත කර්තෘය) ‘මි’ යන්න යෙදී ඇති හෙයින් ‘යමි’ යනුවෙන් ආඛ්යා තයද එක වචනයෙන්ම තැබීමු.
4. සෙද 5. කතුන්ට කියූ සේ පෙනෙන මුත් මේ වනාහි මුලින් ආ ගීයට පිළිතුරකි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය
වැන්නය - ගී දෙකම යා ගී නම් විරිතින් බැඳුනේය.
181. සතාගතවුයුන් වනවූසෙයින් මෙ තමන් බණවත් ද නො මෙ බෙණෙත් ගෙණෙත් සිකි මොයුන් අසදුන් අතුරෙ
අන්වය :- වනවූ සෙයින් සතා ගතවුයුන් තමන් මෙ බණවත්ද, නො මෙ බෙණෙත්. සිකි! අසදුන් අතුරෙ මොයුන් ගෙණෙත්.
සීගිරි ගී 179
අර්ථය :- විරහවූ 1 නිසා (වැන්දඹු වූ නිසා) ඝනවූ ස්නෙහය 2 ඇති (කාන්තාවෝ), තමන් බැණවූ කලද, නො ම බෙණෙත්. යහලුව ! ද්රෝ හී තැනැත්තියන් 3 අතරෙහි මොවුන්ද (ලා) ගිණිය යුතුය.
1. වතවු සෙයින් - ප්රිොයයන්ගෙන් වෙන්වූ නිසා. 2. සනාගතවූයුන්. 3. අසදුන්
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂූයේ මුල් භාගය
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නො ලැබෙන් විරිතකි. එහෙත් සතරවැනි පාදයෙහි එන ‘මොයුන් අසදුන්’ යනු ‘මොයුනසදුන්’ යි උච්චාරණය කළ හොත් දුවඟ ගී විරිත ලැබේ.
182. ................ ක(සබ)ල් (ගී) බලය සිහිගිරි අ ම නිවය වෙය අසවැසිලි බෙයද ආ නු මා ඔකන්දන බල නො දී (හුන්) මි(ඩි)යන්
අන්වය :- සිහිගිරි බලය අ ම නිවස අසවැසිලි වෙය. බෙයද මා ඔකඳ ආ නු, හුන් මිඩියන් බල නොදී.
අර්ථය :- ..... කසබල් (ගේ) ගී යයි. සිහිගිරිය බලා ආ 1 විට (මගේ ශොකය) නිවී අස්වැසිලි (ඇති) වෙයි. බෙයදෙහි දී, මා (කොපමණ) ඔකඳින් 2 (යුතු වීද යනු 3 කිවහොත් මට එහි) හුන් කතුන් 4 බලාගත නොහැකි විය.
1. අ = ‘අව’ යනු පැරණි සිංහලයි.
2. ඔකඳ = පා. ඔක්කන්තික - පීති
3. ඔකඳ ආ නු
4. මිඩියන්. (සං. ‘වෘද්ධ + ඊ’ ) හා සසඳනු )
ජා. අ. ගැ. 210
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ+ය
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂතරය දීර්ඝයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.
180. සිගිරි ගී
183. නො මද නො සුනිල් (ම)ල තමන් නෙතකින් බැල්මෙක් උරදෙක්හි එක් ළඟ (ම)ල් (ගු)ළු 1 දතා යත වෙ(ත) ගල.
අන්වය :- මල තමන් නෙතකින් බැල්මෙක් සුනිල් නොමද නො ? එක්, දනා ගල වෙත යත, උරදෙක්හි ළග මල් ගුළු.
අර්ථය :- මල දෙස තම නෙතින් බලනුයේ, (එහි) අතිශය නීල වර්ණරය භාවය නොමඳවූ (හෙයින්ද) ? (මෙසේ සිතමින් මෙන්) එකියක්, ජනයා පර්වොතය වෙත යන කළ, (තම) දෙ පියොවුරන්හි වූ මලක් (ගෙන පහතට) දැමුවාය. 2
1. ‘ගළ’ ධාතුයි. (සං. √ ගල්. පා ඔසීදාපෙන්ති = ගළත්. ධ. අ. ගැ. 79) ගලවා දැමීම. 2. සිය දෙනෙත්හි වූ අධික නිලවර්ණ? භාවය මල කරා ගින්වීමට කතක් එය දෙස බලයි. එහෙත් මලද අධික නීල වර්ණමයෙන් යුක්තය. එහෙයින් එ දෙස බැලීමෙන් වන වැඩක් නැති මිනිසුන් මග යන විට කතුන් මල් හෙලන්නේ අන් අදහසක් සිතෙහි ඇතිවය.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂිය
වෘත්තය - යා ගී
184. ස්වස්ති කොබළ අ(ග්බො)මි ලීමි.
තොපට් වැ මෙ(ත්) නො එ යහි අන් කිසිතැනෙක්හි සිත් වැ(මෙ)න් මා පිරිබුන් කැතෙක්නට යහක් වෙතී
අන්වය :- තොපට් මෙත්වැ නො එ. අන් කිසි තැනෙක්හි යහි. වැමෙන් මා සිත් පිරිබුන් කැනෙක්නට යහක් වෙතී.
සීගිරි ගී 181
අර්ථය :- යහපතක් වේවා!
කොබළ අග්බො (නමැත්තා වෙමි). (මෙය ) ලීමි.
තොප (කෙරෙහි) මෛත්රී සහගතව 1 ඔහු නොඑයි. එහෙයින් අන්කිසි තැකනට යව (දුක) ඉසිලීමෙන් 2 මා සිත බඳි අයකුහට 3 යහපතක්(ම) වන්නේය. 4
1. මෙත් වැ. 2. වැමෙන්. (‘වහ’ ධාතුයි සං. √ වහ්) 3. මා සිත් පිරිබුන් කැනෙක්නට. 4. උපහාසය ගැබ්කළ ගීයකි. සිත්තමෙහි සිටි ගැහැණියකට කළ ඇමතුම ගීයෙහි පළමුවැනි භාගයෙහි ද, ඇය ඊට දුන් පිළිතුර දෙවැනි භාගයෙහි ද ලැබේ.
විස්තර :- කාලය - 9වෙනි ශත වර්ෂනයේ මුල් භාගය
වෘත්තය - පළමුවෙනි, දෙවෙනි හා සතරවෙනි පාදයන්හි අවසාන අක්ෂවර දීර්ඝපයේ ගතහොත් යාගී විරිත ලැබේ.
185. (අ)සි(ගි සග)ල මල(න ගෙ)හි සගල ගී. නිල්පිළියක් හ(නගුලවන ජපක ගෙති) (සබද අප නො දී ) බෙය(ද)හි රනවනුන් අතරෙ
අන්වය :- අප සබද බෙයදහි රන්වනුන් අතරෙ දී, ලවන ජපක ගෙති අගු නිල් පිළියක් හන්.
අර්ථය :- අසිග්රාබහක සගල මලනගේ වංශයෙහිවූ සගල (නමැත්තාගේ ) ගීයයි.
අප යහලුවා බෙයදෙහි රන්වන් (ලියන්) අතර (සිටින කල) ලේ නමැති ජප 1 මලින් ගෙතූ වාටිය 2 සහිත නිල්වස්ත්ර වක් හැඳ3 සිටියි.
1. සං. ජපා. (වදමල්) 2. අගු (සං. අග්රව + ක) 3. හන් (සං. ඡන්න.)
182 සීගිරි ගී
විස්තර :- නො 366 වැනි ගීයද මෙය මැයි. එකම ගීය රචකයන් දෙදෙනෙකු අතින් ලියවුණ සේය. මේ දෙදෙනා අතුරින් කව්ය චෞරයා කවරේදැයි සොයා ගැනීම අපහසු වී ඇත.
කාලය - 9 වෙනි ශත වර්ෂයේ මුල් භාගය
වෘත්තය - 366 වැනි ගීය බලන්න.
186. ................(විට් මෙයල්මි) බද් ගී.
(ම)හතෙල්(වනුන්) (ත)ම තබය් (අජ්)වය් පිළිබි(බ්) ගල්බෙයන්ද්හි ම(ය්) අ හිස්මත්තෙ මහනෙල්මල් ඇති
අන්වය :- මහනෙල් මල් ඇති තම මහනෙල්වනුන් පිළිබිබ් අජ්වය් හිස්මත්තෙ තබය් ගල් බෙයන්ද්හි මය් අ
අර්ථය :- (මෙයල්) ................. (නමැත්තා) වෙමි. (මවිසින්) බඳනා ලද ගී යයි.
මහනෙල් (අත්හි) ඇති මගේ මහනෙල්වන් (තැනැත්තියන්ගේ) පිළිබිඹු සිත්තම්කර, ඔවුන් හිස් මතුයෙහි තබා, බෙයදට පැමිණියෙමි 1-2
1. මය් අ. 2. මේ ගීය ලියූ තැනැත්තා මහනෙල්වන් ඇති තැනැත්තියන් තමාගේ බිරියන් යයි හඟවයි. මතුයෙහි ඔවුන්ගේ සිත්තම් ඇඳ, ඔවුන් බැලීම සඳහා පර්වයත පාර්ශ්වයට ආ බව සටහන් කරයි.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂඇය
වෘත්තය - යි ගී
187. ස්වස්ති (ගැඩුබ)වනවැසි සෙනහිමියත ගෙ
බුයුරු කසබා ගෙ ගී
රත අත පලු (ම)ලෙන අබුළ ළපතක සෙයි ලි මෙ (බිණි) වි සැබ(විත) හිමබුයු නොබණනතො කී නොවදන
සීගිරි ගී 183
අන්වය :- අබුළ ළපතක සෙයි මෙ ලි සැබවිත රත අත පලු මලෙන බිණිවි. “හිමබුයු නොබණනතො” කී නොවදන ?
අර්ථය :- යහපතක් වේවා
සෙනහිමියන්ගේ වංශයෙහිවූ (ගැඩුබ) වනයෙහි වැසි බුයුරු කසබ (නමැත්තාගේ) ගීයයි.
සෙලෙවෙන 1 ළදල්ලක් මෙන්වූ මේ ලඳ, සැබවින්ම, තම රතු අතෙහිවූ පලු මල් හා බිණුවාය. “කාන්තාවෝ නොබෙණෙති” යනුවෙන් කී වදන (එහෙයින්) අසත්යූයක් 2 නොවේද ?
1. අබුළ . - අඹළ - (සං. සං + √ භ්රතම්) “අබර” ධාතුයි. ඇඹරීම, සෙලවීම. 3. නො - වදන් = අසත්ය ය.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - යා ගි.
188. මල් ග(ත්) අත (බ)ලත කෙ ද (මො)යුන් නො දස් වනො ගැහැනින් ගිරිබිත සිටි ගල(ල)ග මල්බරවරල
අන්වය :- මල්බර වරල ගලලග, ගිරිබිත සිටි ගැහැනින් මල්ගත් අත බලන, මොයුත් නො දස් වනො කෙ ද ?
අර්ථය :- මල්බර වරල පර්ව තයෙහි ඇලුණු 1, පර්වැත භික්තියෙහි සිටි (ගැහැණුන්ගේ) මල්ගත් හස්තය බලන කල, මොවුන්ට දාස නොවන2 අය කවුද ?
1. ගලලග. 2. නොදස් වනො.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂමයේ අවසාන භාගය
වෘත්තය - කව් ගී
184 සීගිරි ගී
189. ස්වස්ති. මානාපිරිවනවැසි දහම්සෙනල් (පැවි)ජ්(ජන් ගී) හින්දිව සෙ ගලැ ක(තුන්) ත එත තුළුළෙන් සෙයි වී (බ)ලයි මයි එ රන්වන් නො (මෙ) බිණි සෙයි වියොවු සෙයි.
අන්වය :- ත එත කතුන් ගලැ හින්දිි සෙ තුවළෙන් සෙයි වී එ රන්වන් මයි බලයි වියොවු සෙයි නො මෙ බිණි සෙයි.
අර්ථය :- යහපතක් වේවා! මානාපිරිවන වැසියකු වූ දහම්සෙනල් (නම්) පැවිද්දාගේ ගීයයි.
තා එන කල, කතුන් පර්වාතයෙහි සිටියේ ප්රේකමයෙන් 1 පසුවෙන නියායෙනි. ඒ රන්වනුන්, මා දෙස බලා, (පෙම්වතුන්ගෙන්) වියෝවූවන් සෙයින් කථා නොකළ සේය.
1. තුළුළෙන් - තුළු - සං තුෂ්ට. පා.තුට්ඨ. (‘ප්රිවතයෙන්’ යන අර්ථඔයි) ‘ප්රේතමයෙන්’ ‘ආලයෙන්’ යන අරුත් දීම සඳහා මෙහි භාවිතා වී යයි. සිතිය හැක.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂයය
වෘත්තය - යා ගී.
190. යෙහෙ(නි) ගිරිවැසි සලමෙය්හිමියන් ගෙ මෙයලු ගී ගනගල් බින්දැරර සිලග දුට් පැනින්නක් සෙය සෙනෙහින් ම ලද් විසම්බ් ජු තො හය් තිප අක්මය් වුසු
අන්වය :- සෙනෙහින්ම ලද් විසම්බි ජු ගනගල් බිඳ ඇර සිලග දුට් පැනිත්තක් සෙය. හය්! තිප අක්මය් වුයු නො ?
සීගිරි ගී 185
අර්ථය :- සලමෙය්හිමිගේ වංශයෙහිවූ, යෙහෙනිගිරි (නම් ස්ථානයෙහි ) වැසියකුවු මෙයලු) නමැත්තාගේ ගීයයි.
ස්නේහය නිසා (තොපගෙන්) මා ලත් විශ්රෙම්භය 1 (වූ කලී) ඝන පර්වහතයක් බිඳහැරි කල, පර්වතාග්රරයෙහි පෙනී ගිය පැනිත්තක් මෙනි. අහෝ! තොප (කෙරෙහි) ක්ෂශමාවීමේ 2 (ස්වභාවයක්) නොවීය.
1. විසම්බ් - සං. විශ්රමම්භ පා. සන්ථවො = ධ.අ.ගැ. 228 ‘ආශ්රධය’, ‘මෙවුන්දම’, ‘ප්රේවමය’ යන අරුත් අරත්තේය.
2. අක්මය් = සං √ ක්ෂ්ම්.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය.
වෘත්තය - ප්රරථම පාදය ‘සිලග’ යන්නෙහි ‘ල’ යන්නෙන් කෙළවර වනසේද, දෙවන පාදයෙහි අවසාන අක්ෂ්රය දීර් වයක් සේද ගතහොත් යා ගී විරිත ලැබේ.
191. සිතන්නො ජු වෙත් සිරිබර්නි මන්ද්ගන්නායු තොප නුයුන් මානෙල්සඟළ හය් සරිකළයුත්
අන්වය :- තොප නුයුත් මානෙල්සඟළ හය් සරිකළයුත් සිතන්නො ජු වෙත්! සිරිබර්නි මන්ද් ගන්නායු
අර්ථය :- තොප නුවන් මහනෙල් යුග්මයක් 1 හා සරිකළ (තැනැත්තෝ සැබවින්ම) චින්තකයෝයි! (එහෙත් ඔවුන්) (තොප) සිරිබරින් ගන්නේ මදක් පමණි 2
1. සඟළ. 2. ස්ත්රියයකගේ නුවන් මහනෙල්වලට උපමා කිරීම අසාධාරණ යැයි කිවියා සිතූ පරිදියි.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය.
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
186 සීගිරි ගී
192. දැකැ තර් නිවය් කිසෙය්ති සිත්වර් සා ලළයුන් බෙයන්ද්කියැ සගරා විජ්ලියවන් වූ වරඟනන්.
අන්වය :- බෙයන්ද්කිසැ සහරා විජ්ලියවන්වූ ලළයුන් වරඟනන් දැකැ සිත්වර් කිසෙයිනි තර් සා තිවය්?
අර්ථය :- බෙයද කුසෙහි පැහැපත් 1 විදුලිය වන්වූ රූමත් 2 වරඟනන් දැක, සිත්තරා කෙසේ නම් දැඩි 3 ශොකය 4 නිවාගනියිද ?
1. සහ - රා = රාග සහත (සං. රාග = ප්රදභාව ) 2. ලළයුත් = සං ලලිත > සිං. ලළය. ‘රූමත් කන්තාව’ යන අර්ථැයි. 3. තර් = සං ස්තාර; විස්තාර; මහත්, අධික . 4. සා = පා. ජාත. කුසගින්න, ශොකය.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය.
වෘත්තය - ප්රයථම පාදයෙහි එක් මාත්රාෂවක අධිකය නොවි නම් යා ගී විරිතයි.
193. (ර)කවාණැ තාල් ගී (පි)රිමි බැණැ ලත තමහට රවල (බැලු) දික්නෙත් ගලකළ(ළ)තිරිබැ(ව්) බෙයන්දිහි රන්(වනු)න් (ද)න්නෙ(ය්)
අන්වය :- පිරිමි බැණැ ලත දික්නෙත් තමහට රවල බැලු බෙයන්ද්හි රන්වනුත් ගල කළ ළ තිරි බැව් දන්නෙය්
අර්ථය :- රකවාණැ නාල් (නමැත්තාගේ) ගීයයි. පිරිමින් (විසින්) බැණවූ කල්හි දිගැසිය ඔවුන්ට රවා 1 බැලුවාය. (එයෙහින්) පව් බෙයදෙහි සිටි රන් වනුන් ගලින් කළ සිත් ඇති ස්ත්රිවන් 2 බව දතයුතුය. 3 1. ‘රව’ ධාතු = සං. √ රුහ්. 2. තිරි = ඉතිරි සං. ස්ත්රී( 3. රන්වනුන් ගල කළ ළ තිරි බැව් දන්නෙය්.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය
වෘත්තය - යා ගී.
සීගිරි ගී 187
194. පින්වෙසෙසින් කරයි එරජ් තට තබයි මෙයි ගියෙ යෙමිනි මයි ඇති, පොළොබ()) තද් රන්වනු නුයුන් ලයි. මෛත්රිෙමි මෙයට් නැගී ගීයක් නො කී.
අන්වය :- එ රජ් පින් වෙසෙසින් මෙයි. කරයි තට තබයි ගියෙ. රනවනු යෙමිනි, තද් පොලොබා ඇති නුයුන් මයි ලයි.
අර්ථය :- ඒ රජතුමා (තමාගේ) පින් වෙසෙසින් මෙය කර, තොප (සඳහා) තබා ගියේය. යමින් සිටින රන්වන් (ලිය) (මිනිසුන්) තදින් පෙලඹවු 1 නුවන් මා දෙස ලයි.
මෛත්රීම (නමැත්තා ) වෙමි. මෙයට නැගී ගීයක් නො කීම්ද ?
1. තද් පොලොබා ඇති.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂටයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.
වෘත්තය - දුවඟ ගී.
195. සුපසන් (මෙ)න ගොසින් එමො එ දි(ග්)නෙතුන් බලය් සිගිරියට දිවන්නේ ස(ැ)මැ දන දැකැ (වී) තුට ද සිත්
අන්වය :- ‘සුපසන් මෙන ගොසින් එ දිග්නෙතුන් බලය් එමො’ සැමැ දන සිගිරියට දිවන්නෙ. දැකැසිත් තුටද වී.
අර්ථය :- ‘අතිශයින් ප්රදසන්න බවෙන් යුතුව 1 ගොස් ඒ දිගැසියන් බලා එන්නෙමු’ (යි සිතමින්) සැම දෙනා සීගිරියට දුවන්නාහ.
(ඔවුන්) දැක (තමන්ගේ ) සිත්ද තුටුවීය.
1. සුපසන් මෙන.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ්ය
වෘත්තය - යා ගී
188 සීගිරි ගී
196 ස්වසති
(නො යන්) ආ බෙයදහි මහනෙල්වන් අම්බු තී දිළින්ද් මට් අසරක් සෙය් පැති අයිමි වැනදිමි.
අයිමි වැන්දිිමි. සෙරිත්න ග(ම) නිය ගී.
අන්වය :- ආ! බෙයදහි මහතෙල්වන් අම්බු! නොයන් තී දිළින්ද් මට් අසරක් සෙය් පැනි අයිමි. තමා වැන්දිෙමි.
අර්ථය :- යහපතක් වේවා ! ආ ! බෙයදෙහි මහතෙල්වන් තැනැත්තිය 1 නොයන්න. තී දිළිඳු මට ආශ්රටය 2 සඳහා (යහපත් යයි) පෙනී 3 ගිය (නිසා) මෙහි අාවෙමි. තොප වැන්දෙමි. සෙරිත්තගම තිය (නමැත්තාගේ ) ගී යයි.
1. අම්බු 2. අසරක් සෙයි 3. පැනි
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ මුල් භාගය
වෘත්තය - දෙවැනි පාදයෙහි ම්ල් මාත්රායවක් වි නම් යා ගී විරිතයි. ‘අම්බු’ යන්න මාත්රාම තුනක් වනසේ උච්චාරණය කළ හොත් එම විරිත ලැබේ.
197. සිටින් මෙකල්හි මෙ සුවහස් හැලී ගැහැවියො සිහි වැ නුවළා අවුද් බලත් ල එක්වන් සිහිගිරි .
අන්වය :- මෙකල්හි සුවහස් ගැහැවියො මෙ හැලී සිටිත් සිහිවැ නුවළා අවුද්, එක්වන් සිහිගිරි බලත් ල.
අර්ථය :- මේ කාලයෙහි සිය දහස් (ගණන්) ගහපතියෝ මීට ඇලි සිටිත්. (මෙය) සිහිකර ආපසු අවුත් 1 (ඔවුහු) නිරතුරු 2 සිහිගිරිය බලත් ල. 3
1. නුවළා = සං. අනු + √ වෘත් . නුවළ. නුවළා. අනුව යාම, ආපසු ඒම.
2. එක්වන් = පා. අභික්ඛණම්, ධ. අ. ගැ. 199.
අධිකව , නිරතුරුව
3. ශ්රැ,ති සුවනාර්ථයෙහි නිපාත පදයයි.
සිගිරි ගී 189
විස්තර :- නො. 162 ගීයද මීට බොහෝ සෙයින්ම සමානය. ගී දෙකම රචනා කරන ලද්දේ එක් අයෙකු විසින් බව අක්ෂෙර විභාග කිරීමෙන් දත හැකිය.
කාලය - 9 වෙනි ශත වර්ෂයේ අවසාන භාගය හෝ 10 වෙනි ශත වර්ෂ-යේ මුල් භාගය විය හැක.
වෘත්තය - සතර වැනි පාදයෙහි අවසාන අක්ෂඅරය දිර්ඝයක් සේ ගතහොත් බමර ගී විරිතයි.
198. (ස්වස්ති)
තතු දත් වි හි(න්දැ ) ගී . තමන් පිය නට් සෙවින් අදන් වැ නො බණනන් මොයුත් බෙයන්ද්හි අද්හ යෙත් (බණ)ත අ(ප හය්) නො දහම්
මගණවැ සෙන්මි.
අන්වය :- තමන් පිය නට් අදන් වැ සෙවින් නොබණතත් අද්හ මොයුන් බෙයන්ද්හි යෙත් අප හය් බණත නො දහම්.
අර්ථය ;- යහපතක් වේවා!
(මෙහි) හිඳ, තතු දැන ගෙන, (ලියූ මේ) ගී යයි. තම ප්රිියයා තට හෙයින් දුකටපත්ව 1 ශොකයෙන් නොබණත එකියන් කෙරෙහි විශ්වාසය 2 ඇතිව මොවුහු බෙයද කරා යත්. (ඔවුන්) අප හා බෙණෙත හොත් (ඒ) අධර්මතයෙකි. 3 මගණවැ සෙන් (නමැත්තා)වෙමි.
1 අදන් වැ = සං. අර්දන.
ධ.අ.ගැ. 99 = පා. පීළිත. කව්සි. ස. (409 පද්ය.ය) මීට ‘බින්න’ යනුවෙන් අරුත් පවසයි. 2. අද්හ 3. නො දහම්.
190 සීගිරි ගී
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ මුල් භාගය විය හැක.
වෘත්තය - බමර ගී.
199. මහනෙල් ගත් ක(තු)න් (ද)කුත් (මා) දග් කොට් තිබි බියෙන් මෙන් බිණිය නොහෙයි බැලු හිමියා
සි(ටි)ය මෙන්.
අන්වය :- මහතෙල් ගත් කතුන් දකුත් මාදග් කොට් තිබි. බියෙන් මෙන් බිණිය නොහෙයි හිමියා සිටිය මෙන් බැලු
අර්ථය :- මහනෙල් (අතින්) ගත් කතුන් දකින කල, මා දඟකර තබනු ලැබීය. බියෙන් මෙන් (සිටින නිසා) ඇයට බිණිය නොහැක. සිය හිමියා (එතැන) සිටියි මෙන් (ඕ තොමෝ අවට) බැලුවාය.
විස්තර :- ගියෙහි පළමු කොටසින් කතුන් ගැන කීයවෙන්නේ බහුවචනයෙන් වුවද, දෙවැනි කොටසෙහි එකවචනය යෙදී ඇත. බිණිය නොහැකිව අවට බලමින් සිටි පුද්ගලයා ඇතැම් විට ගීය රචනා කළ කවියාම විය හැක.
කාලය -9 වෙනි ශත වර්ෂියේ මුල් භාගය
වෘත්තය -යා ගී.
200. කුදු(ගත්) සෙනල්පැවි(ජ්ජන් ගී ) බෙයන්ද් බැලුමො (එ)හි කොමුළ් යොවනුන් (දැ)කැ දැකැ නුයුන් මහනෙල් තොප නුයුන් මහනෙල් හැජවෙ(ය්)
අන්වය :- එහි මහනෙල් නුයුන් කොමුළ් යොවුනුන් දැකැ දැකැ බෙයන්ද් බැලුමො. තොප මහනෙල් නුයුන් හැජවෙය්.
අර්ථය:- කුදු ගත් 1 (පිරිවහන) සෙනල් (නම්) පැවිද්දාගේ ගී යයි.
සීගිරි ගී 191
එහි මහනෙල් නුවන් ඇති කොමළ යුවතියන් දකිමින් (ඔවුන් ෆිටි) බෙයද බැලුවෙමු. තොප මහනෙල් නුවන් (නිසා) (තොප කරා) අදවනු 2 ලැබෙයි.
1. සූත්ර පිටකයට අයත් ඛුද්දක නිකායයි. 2. හැජවෙයි.
විස්තර :- කාලය -9 වෙනි ශත වර්ෂ.ය
වාත්තය -තුන්වන පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝයක් සේ ගත හොත් යොන් ගී විරිත ලැබේ.