සිරි රහල් පබඳ-පරෙවි අස්න ii

මග වැනුම්

සංස්කරණය

49 සිනිමල් ලමැණිකුලැ - තිලකෙව් උදුළ හැම කලැ


සි රි සඳ තොසින් රැඳි පියුමෙව්6 නො කලම්බා

සි රි යස තෙදැති නරනිඳු මෙ පැරකුම්බා


පතා බුදු සිරි සව් - සත වෙතැ කුලුණු දියුණු වැ


ක ර වා දෙ මාලින් මුනි මැඳුරක් මහරු

පු ර වා සව් සිරින් කැරැ තෙ සින පිවිතුරු


සියගුරු බිසෝ හිමි සඳ නමිනි පිරිවෙනක්

කරවා පැපිළියානෙහි මහ සඟන නොයෙක්

වසනුව දෙවු වෙහෙරට පිවිසැ තොසිනුදක්

ඉඳැ සැතැපී ගත සරතස නිවා මඳක්


50 සැ ඬ නා යක් අසුර බඹ නර මුරු7 නො මඳ

ම ඬ නා උදම් කෝ දළ දප සිඳැ8 පසිඳ

දි ඩ නා රදෙව් තිත් නළරණ පෙත9 පබඳ

ව ඩ නා මැනැවි මුනි රජ සිරි පා නැමැඳ


1 සක්,          2 සකිවි,            3 මල් කැන්,          4 විඳ මඳ පවන - විඳැ පවන,                   

5 සිතු ලෙස, 6 කුසුමෙව්, 7 මරු, 8 තෙද උදම් කෝ දළ දප්, 9 නළ වන පත,


51 පෑ යෙ න් අදර පබළ’කරන් ගත් එඩිය

තෝ යෙ න් සිහිලු’ පුල් මුවරඳ වත් වැඩිය

ගී‍ යෙ න් කොවුල් සර අඟවන මත් වැඩිය

ඒ යෙ න් එතෙරැ අඟන් දකු අත් තිඩිය


52 නි සා කර අයුරු වත් පැහැදැ බැබැළියේ

ග සා පවන් හන් සළු’ කුළිනි ඉගිළියේ

ල සා නො වැ යනෙන ලිය දැකැ නොවැ මැළියේ

තො සා වඩන මඟ බැසැ මොරටුව එළියේ


53 උ ගු සැවු ගුරු සයුරු අළලත මඳර ගිරේ

අ ඟු පළඳන වැදැ1 මිණි රැස් විසුළ යුරේ

දි ගු එළි කැරැ තරුතර පෙනෙන නුබ’ තුරේ

ල ගු කලරැවු දෙව් විමනතැ පාණදුරේ


54 පෙර දිගඟන දිවයුරු රන් දපණ තල

ගත රළතින් දල නිදු වසනතින් නිල

නොතැ නිඳි දැහැ සිහි කැරැ තුනුරුවනැ බල

ලැගි නිවෙසින් නැඟැ සිටැ කැරැ පිය සසල


55 ත ද තෙ ද පැවැති යුගතග විලසින් නිබඳ

ස ඳ න ඳ කරන විලසින් මද රදෙක ‍බඳ2

ඉ ඳ අ ද රින් වැඩ සිදු වන ලෙසැ ලො බඳ

යැ ද සු ද සුන් දෙවිඳුද3 යා ගන් සබඳ


56 ක මි න් තලා ගිනිමැලි4 පංගං නැටිය

ල ව න් පැහැය කළ විලසින් ගුරු මැටිය

ව ස න් මුගුරු නොපහළ දණිනුඩැ සිටිය

මෙව න් ගෙපලු අඟනන් දකු පොතුපිටිය


57 තව ද, මෙහි මඟ ‍ෙද පසැ තුරු පතර වෙසෙස අස!


58 සි ය ඹ ර ස බ ර ක ර මො ර පඟර කළුහර

ස ම ද ර ඩෙබ ර ප ර සො ර තුවර අන්දර

සි ඳු ව ර කෙස ර කි ණි හි ර1 බිජුපුර මඳර

ම ඟ තු ර2 නොහැර තු ගු තු ර වල3 බල මිතුර


59 ත ළා අවුලු හැරැ රිටි සුඹුළු ඇඳැ නිති

ද ළා පමින්4 ලු සිරියෙල් තිලක ඇති

වෙ ළා වරලැ සිකි පිල් සහ මල් කැනිති

දු ළා5 යනෙන බල මල දූනෙ වන6 පෙති


60 එ ව න සබර සෙන්7 දැකැ මිරිකී මුවන

ලෙව න පලු රොසින් කන වැනි ලවන වන

ග ම න පැරැදැ හසඟන පිවිසි විල් වන

කොවි න අදන8 වැනි සෙවෙලුන්9 වරල වන


61 ස රා වසත් කැරැ තුඩුමල් කැකුඵයෙන

         අ රා  කෑල තුරුවලැ උන් රිසින්                                                  කන
         ගි රා  කැලන් දැකැ නැමුනෙව් කරල්                                          ගන

පු රා ත ‍ ‍ෙද්රැ ළ ඇල් කෙත්වලැ කෙඵ යෙහෙන


62 අ යා නෙත් බලන රූ සිරි අනැගීය

නො යා දෙන බැහැරැ වූවන් සමඟීය

කි යා සතර ඇල් ගෙවි ලිය ලිය ගීය

තො යා සබඳ ඒ අසමින් නො ලැගීය



63 එ තැ නි න් තයත විලකුන් කෙම් වැලැ සැදුණු

සොබ ම න් එ ඇල් ගෙවි යෝනන් ගේ දිලුණු

පැ හැ ස න් දසන් වරණට හෙයිනි පැරැදුණු

වි ල සි න් දිසෙයි10 ගෙලැ වැල ලැගෙනැ එලුණු


64 රු කු හිමි සිටියැ දී ලිය ලිය ගෙනැ වෙතට

දු කු දී සා මුවහු යෙති පැනැ පැනැ හිසට

එ කු වන් වෙසෙස් ඇති වන වන ‍ පෙතිනෙපිට

ද කු ගොස් ඉසුරු බර මන නඳන කළුතොට


65 ස ම නො ළ ගිරි ගිජිඳු දිය ගනුව සමුදුර

දි ගු ක ළ සලෙළ දිගු සොඩ සිරි පෑ නිතර

රැ ළි ර ළ පෙළින් බබළන කළු ගඟිනෙතර

ඔ ළ මො ළ නො වී පවනින් කර පියා සර


66 ම ද න දුවන් නිවෙසට වදිත දිනැ පෙර

දු ල න ව‍ෙටාර රන් රඹ කඳ අගැ සොඳුරු

ර ඳ න ට කළ1 වැටුපෙව් දඟනි මනහර

සි ටි න දෙ තෙරැ ළද අඟනන් බල මිතුර


67 හ ඳ වි ය නො යන දිස්නා මෙනි2 කෙලෙස කුළ

න ඳ වි ය3 එ තෙරැ ඉවුරසැ සැදි වෙහෙර දුළ

ම ඳ වි ය4 එහි සිය නෑ දැකැ යනෙන කෙළ

රැ ඳ වි ය5 නො ලැබැ නික්මෙව සකි සඳ කොමළ


68 එ ක සුරඟන පැහැ සර රුසිරින් දුල්ල

එ ක එක බසින් වඩවන සලෙළුන් ලොල්ල

ස ක එක’ සෙකින් දිටු සර ලන සිවුමැල්ල

දැ ක නො වැ ලස6 පරෙවිදු සඳ කලමුල්ල


69 ස ම ද අඟන7 රඟ දෙන වැලි තලා රැස

නොම ඳ නෙරළු තුරු සෙවණතැ මඟ දෙ පස

ත ස ඳ ලෙසට සැතැපී මා වතට බැස

නෙතැ ඳ වඩන පය්යාගල සිරි විලස


70 දු ල ය මලු සරය ලැබැ ගෙනැ මල්1 සැවුව

මු ල ය හිඳැ පුලුපු නො පැවැති රිවි තැවුව

ලොල ය වඩන අසමින් ලිය ගී රැවුව

ප ල ය බලගෙනැ මත්ගොන කලරැවුව


71 අ ‍රා2 අ ත ය පැණ අවුරු මුගුරා ගෙල3

බො රා ම ත ය නන් දෙඩුමෙන් කල විකල

පු රා මැ ත ය අඟවන මොළ බබුරු කැල

ප රා ප ත ය බල පෙර මඟැ බේරුවල


72 ර න් තැ ටි අයු තුඟු පින් පියොවුරු උඳුල

ම න් අ ටි කරන අඟනන් රඟ දෙත ඉපිල

උ න් සැ ටි බලා සිටි සලෙළුන් නො පෑ ඇල

බෙ න් තො ටි නොතෙරැ සැතැපෙව කාලි‍ කෝවිල


73 එත දද රද රද එ ගුව න වා ස ය ට

අඳුරු රුපුන් වන් සඳැ ව න වා ස ය ට

ගොසින් තොසින් බොන්තොට ව න වා ස ය ට

වදු මිතුරිඳු රෑ දිනැ ව න වා ස ය ට


74 එ වු රිවි හිමි විල් කත කිරණ රන් පත

එ වූ කියවන බිඟු රැවු වතිනි සියපත

සි වූ දිගිනෙන එ ස‍ඳෙහි නල සුවඳ යුත

ය වු ම මිතුර වැඳ මුනිඳුන්4 බැතින් සිත


75 නි ල් ල ද ළ ය6 වන පෙතැ මුව ගණ කෙළන

වැ ල් ල තු ළ ය මුතු රැස තුල මන නඳන

පු ල් ල දු ළ ය කුසුමැති තුරු සුමු සොබන

නි ල් ල ‍ පො ළ ය දකිමින් එ පිට යා ගන


76 ග ස් බ ඩ සෙයැ උ ස් ඉ ඩ මෙව් ලඟ ලියළු තො ස් ව ඩ ව න ඇ ස් අ ඩ දිටිනි කල් මුළු දො ස් සැඩ ම ඳ බ ස් තු ඩ තුඩැ අම එකළු ගො ස් වැඩ කරු කොස් ගොඩ සැතැපෙව යහළු


77 අ යු රු තිසර තන බැඳැ රන් ප ටි න් පි ටි න්1 මි යු රු තෙපුල් තෙපලන ලිය ක ටි න් ක ටි න් සොඳු රු සලෙළු මුළු දැකැ එන ව ටි න් පි ටි න් මි තු රු වඩින් මනහර වැලි තො ටි න් තු ටි න්


78 මැ ල ව රිවි රැසින් සිවුමැලි තොප වෙරය තු ල ව මුතු පලක් මැදැ නිල් මිණි හරය ග ල ව සිලිලැ සරතස පැහැරැ බැහැරය ලොල ව නො රඳ මහදම්පා මුව දොරය


79 ක ම ලැ ස සමාගම වන ස‍ඳෙහි සිරි සඳ මු හු ල ස ඉනී ගිලි කුසුමෙව් ඔහු ළ මැද ග හ රැ ස පෙනෙත ගුවනතැ සේ රස නො මඳ අ ද හ ස විලසැ සැදි තොටගමු වෙහෙර රඳ


80 දි ව යු රු පෙණ පෙනෙන සිඳු උරග ගෙලැ බඳ දි ව යු රු රත මිණෙකැ සිර සර පාන සඳ දි ව යු රු සිය නාත දෙව් හිමිඳුන් නැමැඳ දි ව යු රු මඟට වැදෑ යා ගන් මිතුරු සඳ


81 පෙත් මඟැ දකුනු දිගැ - රන් තැඹිලි’ රම් නරඹා දුනුකේ කුසුම් රොන’ වල3 - එ තෙරවැ යාමොලපුයෙන්.


82 ලි ය න් කියන ගී පිළිමල්4 ක ඩි න් ක ඩි න් ස සි න් සැදුණු වෙල් යා දැක ගො ඩි න් ම ඩි න් ක මි න් ගොදුරු බැසැ මුං වතු බ ඩි න් උ ඩි න් සෙ මි න් සිටැ මැ සකි මාවෙකඩින් ව ඩි න්


83 ල ප් අ ඩු වෙ න් මිසැ සඳ සදිසි වුවනින තෙ ප් ක ඩු වෙ න් මෙන් නෙතගින් පහර දෙන ඔ ප් වැ ඩු වෙ න් ලිය සරි ලිය දැක සොබන සි ප් ක ඩු වෙ න් යා සැතැපි යාදසන1


84 සේ පෙ ළි නා සුසැදුණු පොල් වතු කැටිය සේ පු ළි නා තල එන සත ගැටි ගැටිය ‍ෙන් ර ළි නා යන නැව් සමුදුරැ වැටිය මී කෙ ළි නා කලැ වදු උඩුගල්පිටිය


85 අ ව ර සයුර සරතුරැ රැඳි ‍සරෙව් රත ප ව ර දිනිඳු වටැ තම බිඟු රැසෙව් වත ප ව ර අන් ලියන් සසඟින් වත නියත එ ව ර ලඟින් රත්ගමැ මුනිඳු මැඳුරත


86 දි ගු කැ ර තරඟ අත් බැම2 බමර බැමැ නිතින් ඉ ඳු ව ර නුවන’ යා සහ කැරැ තඹර වතින් සි ය ක ර හිමිහු දැකැ රඟනෙව් විලඹු මතින් ම මි තු ර එ සඳැ වඩනේ මැනැවි ගුවනතින්


87 පො ල ඹා සපිරි සිරි ලක් තුනුව‍ඟේ යා නෙ ළු ඹා සුසැ දි පුලුපුල් මල් වගේ යා ස සො බා ගොතා හෙළු කෙස් වැටි ර‍ඟේ යා න ර ඹා පියා සර ගිර ගිං ග‍ඟේයා


88 ස රා සොඳින් මහ සයුරතැ මුළුල්ලේ පෙ රා රැලෙනැ රන් මිණි මුතු සියල්ලේ ස රා තුබු මෙන් සල් පිල් උදුල්ලේ පු රා මැ සිරි දැකැ යා ගන් ගාල්ලේ


89 ස ල ග මි යු රු ස හ යු රු සමතුවන්නේ ම ල ඟ බ ම රු පි පි තු රු හිසැ සැදෙන්නේ ව ල ග ළැ තු රු ස ගැ තු රු1 ඉන් කැරෙන්නේ බ ල ග මි තු රු වි සි තු රු මිහිරි පැන් නේ


90 න ල වැ ද සසල සිහිලඹ රළ ගලා යා ම න න ඳ කරන පළ හෙළ වැලි තලා යා මු ව ර ඳ වග ළ ඉවුරසැ තුරු නිලා යා ස කි ස ඳ වඩින් ලණුමෝදර බලා යා


91 ප ල් ල ව බැබළි නා තුරු ගිනි සිළු සදිසි නි ල් ල ව ගිලි පෙති වැලි අඟුරු අළු රැසි ලොල් ල ව බලා මෙ විලස බිය නොවැ සතොසි පොල් ල ව මඳක් සැතැපී යන් නො වී ලැසි


92 පා ක ර වන නෙත් මද පස් වන සරය සේ ක ර උවම්2 පැහැ සර වත් මනහරය ආ ක ර යුරු පිහිටි ලිය මිණි ඇම වරය පෝ ක ර පිටිය බලමින් යව මඟතුරය


93 ක ර කැ වි යා නො මැ දෙන සත පටු දෙළෙන කු සු ම වි යා සැවු දිය මෙන් බැම ලෙළෙන ති සු ල වි යා කල් බඳ කල් බඳ කෙළෙන ම හ නැ වි යා පොකුණට වදු කෙළි දෙළෙන


94 තව ද විකසිත කුමුදු කුවලය කමල කහ්ලාරාදී කුසුම සමූහයෙන් හා හංස කාදම්බ කාරණ්ඩවාදී විවිධ පක්ෂි ජාතීන් ගෙන් හා මනෝහර වූ ඒ පුෂ්කරණියෙහි -


95 පු ලා තුරු කුසුම් කඩමින් කෙළැ ඇවිද ම ලා නික වැ ඩා බිඳු පෙනුණු සඳැ බඳ නි ලා කෙස් වැටිය බැඳැ රත් වසන් ඇඳ බ ලා සිටුව දිය කෙළනා ළඳුන් සොඳ


96 ම න් තොස කැරැ නරඹා කොමළඟක වත දු න් රසවත් රස පහරින් පිය උරත ව න් සිහ නිය ඇත් කුඹු තලැ උරිරු යුත මෙ න් මුතු දිසි දිය බිඳු සහ කෙකුම මුත


97 සි රි ම ත් මතඟනක දුන් දිය පහරකට ග ම නොත් බමර ගුම් කැරැ නො සතුටිනෙ’විට පැ මිණෙ ත් ඔවුන් හිමි සවනත් නිලුපුලට වැ දැ ග ත් ගහට ගිය වැනි පමුණන ලෙසට


98 දි ය රළ වැදීමෙන් තම පියතම කරණ නි ය පද කොකුම් පළලින් මුසු වත පොරණ සි ය සන් විලස් නො හැඳිනැ දැකැ රත කිරණ ලි ය අන් සමඟැ සැක දිගැසක් වූ උරණ


99 ප හ රි ත1 කෙළි රසින්2 පියතම ලියක වත සි ලි ල ත ගිලුණු තෙනිනෙත දිය බිඳු දිමුත දැ නැ3ප ත වසර කිසි කළ4 කපට ලෙස ඇත ලොවැ ප ත රැකෙනු සැබැව යැ සමහර විපත


100 දිය කෙළනා ලෙස දිකිමින් කලුන් නඳා පොකුණඹු තොමො ද5 සමඟ වැ උන් කෙළන සඳා කලදෝ සිලිල යැ යි ඇරැගන් විතින් එදා සිතේ දුටුව පැලැඹෙන හස පියුම් මැදා


101 හස රද සරන පසු හිර දී සිලිල් පිට මේ මේ තොපට යැ යි දෙන වැනි සියොතුනට දිය කා කෙ වැනි එහි පිය යුග විදා සිට දුන මැනැවැ යි යන වැනි මෙ පමණක් මට


102 ර ත් සර කැකුළකට තුඬු දී හසෙක් මොළ සි ත් සහතොසින්1 සෙද විදහා පුබුදු කළ ප ත් නූ අනඟ රස අහනකට කැරැ දොළ ම ත් සලළකු ගිය වැනි අවල කෙළි කෙළ


103 පි ය කර ලකර වන තම ගතට ඇම කලි නි ය ත මැ දැනැ සිඳි බව පියුමන් එ කලි සි ය හිමි හට කියනුව විල් කත් සසලි සි ය පත් අතින් ගණනෙව් පෙතියෙන් ඇඟිලි


104 කෙ ළු තු සිලිල් මෙ විලැසැ මනකල් කලුන දි මු තු දසන් පැහැ සර අදර නෙතොවුන2 ග නු තු සර තඹර නිලුපුල් සල නෙලෙන අ මු තු ලදින් දිය සිරි රඟනෙව් තොසින


105 පැ ළ දිගු සුනිල් මිණි තර යුතු බිතෙහි ලඹා ප ළ පැහැ ‍පළොල් වන් මිණි තල් වටෙකැ සුබා අ ළ සඳැ අසඳ බිඹු සොඳ සපිරි සිහිලඹා කෙ ළ අවසන පත් වත පියඹ ලෙසැ ලොබා


106 ස ඳ වෙල ‍වසන් හන් නිලඹර මුහුල බඳ3 සො ඳ පෙර දිගු දිගුනෙත සැදි4 නළල් මැද ස ඳ න තලා ටික5 සිරි ගත සුපුන් සඳ ර ඳ ම මිතර අග්බෝ වෙහෙරැ මන නඳ


107 පෙරගිරි1 නිරිඳු පැහැ සර දිඟු රැහැන ගෙන හළ නිලඹරෙහි2 ගන රන’හස් පතක් මෙන බබළත ළ හිරු මොහොතක් මුනි ගුණ මෙනෙන සිහි කැරැ නැමැඳැ සෙද යා ගන් ගුවනතින


108 දි ලි හෙ ම් පබළු මුතු මිණි පැහැ වන් විහිඳි බ ලි න ම් පසිඳු විප් වෙස් ඈ දනන් රැඳි ගෙ ලි ද ම් තිසර බරණින් හෙබි ලියන් සැදි වැ ලි ග ම් පටුන වදු සව් සිරි පිරි වොරැඳි


109 පැ හැ යෙ න් නැහැස්මන් අගයෙන් ද කිරුමෙන මෙ ඇ ‍මි න් මඳින් මඳ සැලැසීමෙන් රැගෙන ඉ සු රි න් පසිදු දිය දෙස්3 වෙසවුණු සෙයින වෙ ළෙ දු න් බලන් මඟැ සල්පිල්වලැ හිඳින


110 ත රා දියෙහි ලූ කස්තුරු සෙ වෙළෙඳුන පු රා ඉඳින ගුම් නැති බමර සමඟින කි රා දෙත’ත වැදැ උන් දැකැ ඉගිළැ යන ත රා සවන බල පිටිසර ගැහැවියන4


111 ත ල් අ තු සොලවමින් කැරැ කල කල නිනද ග ල් ම තු ගඟුල් හැලි විහිගුම් ගිගුම් ඇඳ ම ල් ව තු පෙළින් එන මඳ සුවඳ නල විඳ පො ල් ව තු මෝදරින් යා ගන්නැ සකි සඳ


112 නි ල් දු ම් යොන් වැළෙව් ගුම් ගත් මිහිලොලුන ම ල් ද ම් යුරු5 වෙළෙප් යුතු වෙළෙමින් ඉඳින පො ල් හෙ ම් තැඹිලි පුවකුගු රඹ වන සොබන ව ළ් අ ම් බලමැ ඉඳැ සැතැපෙමිනි යාගන


113 මි හි ක ත සුනිල් මුහුලස මෙන් තර වැ බැඳී ව න පෙ ත මැදැ කුසුම් සුඹුළෙකැ සිරින් සැදී සි ය ග ත පැපෑ වන සූර කැලට එහි රැඳී ග මනො ත යෙහෙකි මිතුරිඳු සඳ තොසින් යෙදී


114 නි රි ඳු න්1 සදිසි සිළු මිණි කුලැ සතපාය දි රි යෙ න් ගිරිඳු සරි යසසින් පිනිපාය සි රි බ න් තැනැ පිහිටි විජයබ නරපාය සි රි බ න් ද ලෙහි සැතැපෙව පිය සතපාය


115 ප ඟු ර න් සහ සිඟුරු ගැවැසුණු සුනිල් අතින් ව ගු ර න් නෙන් පවන මල් අසලැ වන පෙතින් ම ගු ර න් කා නැගෙන නව වතුරු දිය2 රුතින් ප ඟු ර න් වෙල් එළිය දැකැ යන්නැ වෙන් පතින්


116 නො ස රු ප් පා කරනුව එන කුරුලු කැලා නො ස ත ප් පා සොලවන ටක පෝරු වැලා ක ස රු ප් පා වෙලැ කිරි වන් ගොයම් වලා තො ස ත ප් පා3 යව ඇල් ගෙවි ලියන් බලා


117 බි ඟු බ ට ක ල ට තඹරට සුවඳට රොනට මු තු ප ට ලෙ ස ට සැදි වැලි පිටැ දෙන දවට ලි ය දු ට නො සි ට සහතුට නෙතට සැපයට එ මැ වි ට ම ඟ ට බැසැ යව මහතොට ගමට


118 තා ල ම4 දෙටුන් හා දලයන් ඉඳැ5 නිතොර කෑ ල ම නැති වැ දොස් පිරිසිඳින බැවහර සී ල ම සිහිල පිරි හේ මැඳුරින්6 සොඳුර පා ල ම යෙහෙන් සැතැපී යන්නැ මමිතුර


119 දෙ තෙ ර මුහුළු සල් දොඹ පු ල් ව ලා අගින් නි තො ර සපිරි සිහිලඹැ නි ල් ව ලා රඟින් වැ ති ර කෙළෙන මත් ගජ නි ල් ව ලා ගඟින් එ ත ර පියා සර කර න නි ල් ව ලා මඟින්


120 මී පා සෙවුන1 සිරි පා සර සරණැ පෙමා මා පා වීරබා කැරැවු නමින් තමා මා පා පටන් වැදැ එ තැනින් මිතුරු තුමා තා පා සතපමින් යාගන් නිවා ගිමා


121 ස ක් ක ල් සදිසි ලිය පද පහර පැදැ ගෙන අ ක් මු ල් නො හැරැ මල් පිපි හෝ පලු සොබන දි ක් ග ල් තලින් යුතු සිකි කැන් පිලඹරන උ ක් ග ල් බැවුල ගෙවමින් මඟට බැස ගෙන



වන වැනුම්

සංස්කරණය

122 සු පි පි ම ලී බ ම ර2 දැ ලී ත ම ලු වැ ලී ත ලා වැ ලී3 තු ටු කෙ වි ලී4 ස‍කො ල හ ලී සු පි පි ස ලී වෙනෙහිපිලී5 ළ ප ලු හැ ලී සෙවෙණව’ ලී පැ හැ සු නි ලී ග න වැ දි ලී බ ල මෙ වෙ ලී තු රු සි ය ලී ව ල වි දු ලි සි රි ළ ක ලී


123 මෙ නි ඳු නි ලී පැ හැ ඉ සි ලී එ ව න වි ලි පි යු මු පු ලී ව ත ළ සැ ලී7 ව ග ළ ම ලී රොනිනවලි එ න ග ගු ලී ස තු රු කැ ලී බ ම වි ස ලී යු තු සි හි ලි පි රි සි ලි ලි නු බ කි යෙලි ස කි එ ක ලි දොළසෙගිලී3 ය ව ඉ පි ලී


124 තු රු ප ත රා අ ත ර ත රා ර ඳ න ගි රා කැ ල නි තො රා කු සු ම ස රා රි ය සොඳුරා අ දි න ව රා බැ රි වැ හැ රා සැඟැවිසොරා පැ මි ණියුරා මෙසිරි සරා දැ කැ නො හැ රා ත ම9 නු තු රා තොසසපුරා යා ව මිතුරා10 එ ව න තු රා


125 කැරැ සුසුමෙන්1 උපුල් ලෙලී බොත පය මුව ගිම විසලී ඔවුන් නුවන් සඳැස් පිලී පිල් බර සරි2 විලස් හැලී


126 ස ස ල වැ ව න න ලා එ ත ම ල් කැ ල බලා රැ ඳි මු ව ර ඳ ලොලා ම න3 ක ල් මිහිලොල තු ඟු තු රු අ ගැ පු ලා ස පු ම ල් සුවිපුලා උ ඩ නැ ගි දු ම් න ලා පැ හැ දු ල් දියුණැ ලා4


127 ගු ම් ග ත් ‍මේ කුළු වනැතුන් තුංගේ5 ද ම් ද ත් පැහැ දැකැ ලෙළ විදු හැංගේ6 පෙම් සි ත් කැරැරෙනැ සෙබඩුන් ළංගේ ස ම් ප ත් වි ගිරි රඟැ සිකි රංගේ


128 අ ද නා මන වනැ7 නඳුනුයනෙ’කළූ සො බ නා පිපි කුසුමන්8 සන් මුහුළූ ර ඳ නා එහි දෙවඟන කැන් බැබැළූ ස ද නා ‘තුරු සළු පට වැනි යහළූ


129 ලි ය කැ ලේ යන මුව කැලේ මි හි‍ ලො ලේ සර පුල් විලේ වැ දැ න ලේ9 ලිය පලු සලේ සි තු ඇ ලේ දුටු කලැ වලේ


130 ක න් ප සා10 උ පු ල න් ගසා ව න්11 හ සා ග ම නි න් ලසා ර න් රු සා අ ඟ න න් රැසා ය න් තොසා ද කි මි න්12 බැසා


131 ය ළි ම ල් කැ න් නව සල් යටි සි ඳ න1ලෙ සි න් කර මල් සැටි පෑ2 දු ටු ව න් වන ලෙසැ අටි ය ව බ ල මි න්3 අඟනන් සිටි4


132 කොකුම් ලියෙහි වැකුණු කොමළ වදීමින් නුඹ ගඟැ රොන් රළ පිවිසැ නැවතැ හිම වන ගළ එන නළ විඳැ වඩු කෙළ කෙළ


133 සැ ක ම න් කරන නාගන යැයි රුවිනුදුල මු ක ර න් පියුම තැළැ අඟනන් ගෙ මනකල ස ක ව න් බමර5 මෙහෙයා රැඳි ‍සලෙළු කැල දැ ක ය න් මිතුර පෙර මඟැ නාග කෝවිල


134 ක මි න් පියුම්රා මිණි සමුදුර බඩම බො මි න් දිය මියුරු වන6 නිල් මිණි කඩම යෙ මි න් ඇතුළ වැදැ වැඳැ ගිණිසුරු මඩම එ මි න් පිටත ලැගැ ගන් වැල්ලේ මඩම


135 දැහ නන් දිගත පිහිකුළු ගනතර7 පුවළ පහරැ බරින් මෙන් සිය මඬුලැ’තුළු කළ සහසකර වැටෙන සැහැසි8 සයුර තුළ9 පහළෙව් පෙ‍ෙන් පිටතට වළබ ගිනි සිළ


136 වි ය ළනු සිය කරින් යුගතෙහි මහ සයුර සි ය කුලැ පෙර සිරිත් කරුණින් සහසකර දි ය කඳ අතරැ එහි මෙ තෙකැ යි ඇති ගැඹර වි ය ගිලුණෙව් බලනුව විමසා එ වර


137 නුඹ සා මඬුලු සඳ වෙල ළ පලු පැහැ පත උදයග රුකැ සඳ මල් කැනෙකැ සිරි ගත කර පතරින්1 සඳ’ ඳර තර2 පහර දෙත දිවැ ගත එව බියෙනැ’ල පමිණි3 දස අත


138 පු ලා කමල මුවරඳ පිණිසැ වැසි4ඳිනා ම ලා ගියෙන් දද රද මෙ රද වැද ගෙනා ලො ලා වමින් බමරුන් තම වෙතට එනා බ ලා වෙනේ ලිය ගත මල් මුවිනි සිනා


139 හැම ගනඳුරු බොන වරැ නිසයුරා ගත පහන් බැවින් පිටතට සස ලෙසින් වත පුල් නිලුපුල් සැම් වන්5 කතක වුවනත කලදෝ කැට තෙලෙකැ6 දිසි වැනි පැහැ දිමුත


140 වි සේ ස වන සරතුරු7 එ වෙතැ වන පසේ තො සේ බමර වැළ හෙත8 පුල් කුමුදු දෙසේ ල සේ නො වැ ගුවන’ඳුරු බිඳුතු සේ රැසේ දි සේ එයින් විසිරෙන අඳුරු බිඳු ලෙසේ


141 මල’වල වරල් යුතු සඳුනන් සිහිල් ගතුන් මලවිය කෙළියැ පැලැඹෙන මොළ සළෙළ කතුන් ගල රැවු අසා හඬ යැ යි සිය පරෙවි කතුන් කලරැවු ගොසින් නො රැවැටැ පහර9 පිය පතුන්


142 ලිය වෙස් උපුල් මල් තවසුන් ද දැහැනිනි පිරිහුණු කෙරෙයි ඉන් එ මැ පැහැ පත්10 ගතින‍ි දැකැ ලිය පරෙවි’ඳිනැ’ සට වර රති සෙයිනි ලොබ නො මැ කැරැ එහි නිඳි ගනු රිසි ලෙසිනි


143 වි ඳ මුළු රෑ රති සමහම් සැප දියුණු ම දන’ ගනේ අඟනන් ඇඟැ සන්හිඳුණු ම ද පවනින් මලිගිය රොන් සුනු මැකුණු සෙ ද දිලිහිණි යළි පෙරැ නැඟුමට අරුණු


144 වෙ ත ව න පහළ නද කෙලහලිනි දද රැසින් න ඳ ව න මුහුණු යුතු හැම දිගඟනන් විසින් බ බ ළ න කිරණ දිගු ලණුබැඳැ නොයෙක දෙසින් ගො ඩ ල න රන් සැළෙව් දිවයුරු සයුරු කිසින්


145 ප සි ඳු රාම සුන්දර වෙසිඳු ගෙ නමින ග ණි ඳු විමනැ අලු යම් බෙර ගන ගොසින පු බු දු දෙමළ කිවි මියුරන් සහතොසින සි නි ඳු කෙකා නද වන් තියු ගී කියන


146 පෙ ර දිගු සරැ සැපත් දිවයුරු රන තිසර ත ර සර තුඬින් ගනඳර සෙවෙල’දන වර හැ ර නෙතැ නිඳි නැහැ සිටැ මිතුරුඳු එ වර ව ර මුනි ගුණ සිහි කැරැ වඩන මහතුර