සිරි රහල් පබඳ-කව් සේකරය vi

එකොළොස් වන සග

සංස්කරණය

1 මහ සමුදුර සිලිල වැටෙමින් කෙනෙක් ගංවල මෝරුන් කිඹුල් කැල බත් වැ වැන‍ැසෙති කෙනෙක් වැදැ වල

2 හුණු වැ ද දහන් දැල සෙලිනුත් රිකින්3 හුණු කල ගෙලෙහි වැල් ලූ කල කෙනෙක් වැනැසෙති ඇනි උල්වල

3 යුද වැද වැදැ නො බා දිව දිවැ උනුන් පසු බා නන අවි මුණ ලබා කෙනෙක් වැනැසෙති සතන් කලඹා


1. නොකිවෙයි නොකීය වනදෙය අප නොකීවෙයි නොකියා අප දත් දෙය 2. ගිය ගෙට 3. රුකින්


4 වැටෙමින් නරා වළ ගොර වස විස කමින් යළ ගන සීතෙන් ඇකිළ පිසස් සිවුපා විසින් පළ කළ

5 කා විතර නො මැ දැන නොයෙක් රෝ දුක් වැදැ ගෙන රොසින් දිව ඇදැ ගෙන කෙනෙක් වැනැසෙති සපුන් වසයෙන

6 දා දොස් මල විසින මෝ රා දොස් වැ‍ඩිමෙන වැනැසෙත් නො දහමින කෙනෙක් රජ සොර සතුරු බියයෙන

7 මෙ ඈ නර ලොවතුරු විමසා සියලු උවතුරු කුමකින් මේ අතුරු වෙ දො යි සිතමින් කෙණෙකැ පඬි විරු

8 මෙ තෙල කරැ ලා සිටි පයියට1 නයකු වන් සැටි ඉති බෝසත් බුහුටි සිතා එ පවත් ඇම නො හැරැ2 දිටි

9 යළි බමුණු පිටි පස පැහැරැ ද කයින් මෙ පිරිස අසා කොලහල බස සෙමින් ඉන්නෙන්‍3 නිසොල්මන් ලෙස;


1. පහියට. පයිතුළ 2. සිතා නොපවත් නොහැර හැම; සිතා එ පවත් මෑ නොහැර 3. උන්නේ


10 කිසි පිය නැති ළැදැඩි කළු නයෙකැ මෙ විස දැඩි සිතූ ලෙස මහ පඬි මඳ ද නහනුව1 ති ලෝ ජය කොඩි?

11 රකුසා කුසැ පිවිටු කරඬු තැළැ විදුදර දෙටු ඉසි වැ දිවැසින්2 දුටු සරි ද ඒ මේ3 නුවණැසින් දුටු?

12 නයි පයි තුළැ4 වදින බලා සිටි කෙනෙකුන්5 මෙන පිරිස් මැදැ වොරදින මෙ වී6 උතුමා මියුරු තෙපුලෙන

13 අගතිසිහු දිය රැස ඇඳිලින් ගතෙව් දිය රැස දත යුතු තිලෝ කුස නැණින් පිරිසිඳැ7 දිටිමි මේ ලෙස

14 දද අද මඟැ එමින මහ වලැ පැන් පාසු තැන රුකක් මුල හිඳ ගෙන මුදා තොප උපකරණ පයියෙන8

15 ගෙනැරැ අත්සුනු කා පයි9 කට බඳිනු තරකා නො වීමෙන් මතකා නැඟිටැ යා දී සිලිල් සලකා


1. බඳිනුව; නගනුව 2. දිවසින් 3. ලෙස ද සරිමේ 4. පහියට 5. කෙනෙකුන් 6. මෙ කී 7. පිරිසිදු 8. පහියෙන 9. පහී


16 පවනින් යන බැහැර අත් සුනු සුවඳ ඉව කැර1 රැඳි එක් රුක් සිදුර පිවිසි කළු රළු නයෙක් පයි2 තුර

17 ඔහු නො දැන වන්නා සම් පයිය3 බැඳැ ගන්නා මෙ නුඹ නික්මෙන්නා බලා දෙවියෙක් රුකෙකැ4 ඉන්නා

18 එළඹ5 මේ සබයට දැනැ ලැ කියන බව මට කී පැනයක් තොපට එයිදු6 තොරතුරු කියම් පළ කොට

19 තොප ගිය කලැ බිමිණි අතොබයි පයිය සපැමිණි කයි නයි විස ගිහිණි එයින් ගෙට ගිය නසි යි7 ගුරුහිණි

20 අතර මඟැ නුඹ වයි අත්සුනු කන්න ගෙනැ පයි අතෙළුව හොතින් නයි නපුරැ මඟැ ලැග්ගොත් කඩා කයි

21 එ සෙයින්8 සෙබෙහි මෙ ම බා තබමින් පයිය බිම මුදමින් බැඳි බැඳුම රැගෙනැ දණ්ඩක් එහි පැහැරැ තොම


1. කර 2. පහි 3. පහීය 4. රුකක 5. එලබ 6. එහිදු 7. නසී 8. එබැවින් ඔ හෙයින්


22 පෙණ කැරැ දිව ලෙළෙන විස දිය කොළිනි1 සිලියෙන දැකැ නයිඳු නික්මෙන දැන් මැ සැක හරු ඇත නැතැයි යන


23 බමුණු මහ බෝසත් මෙ කී බසසා බිය පත් සඬ2 ගසමින් මහත් හෙළා3 පයි කඩ ඉවතැ4 පැනැගත්

24 ඔහු මහ සබය මැද වදහළ රඟට5 හිමි සඳ දණ්ඩෙන් පහළ සඳ නිකුත් සූ ගා කළු නයිඳු සෙඳ

25 උන් මා ‍ නො දැනියා වැඩ ඉඳැ තැනෙකැ මෙ නියා සොඳ යැ යි දුටු නියා දෙ දිව් සොලවා කියන වැනියා

26 හිමි පැන පැරැම් බර ලී දැලි අකුරු ගන6 කැර පොතක් විදහන යුර රැපැයි පෙණ කුසැ සොවැති විසිතුර

27 දළ දරණ වැළ දර නිලුපුල් දමෙව් පැහැ සර සුස්මා පෙණේ කැර බලා සිටියේ සෙබෙහි විසදර7


1. කොණින් : කොටින්: හොටින් 2. අඬ 3. එළා 4. එපිට 5. ලෙසට 6. හත 7. සබේ විසිතුර


28 එ කෙණෙහි මහ වියත් කී ලෙස1 මෙ තතු බෝසත් නො හැරැ සව්නේ දත් වදන් මෙන් වී මුනි මුවෙන් පත්

29 නැඟුණු සෙයින් යකුන්2 අමුතු මත් වූ මෙන් ලෙසින්3 උමතු බලා සියැසැ4 දනෝ මෙ තතු නමන් තමන් බව නො මැ දතු

30 සමග උතුරු සළු තුලුලී දැමූ බමුණු5 දනෝ මෙ තතු රජ දරුවෝ ඇම6 එ කලී දැමූ රුවන් කිරුළු දිලී

31 කෙ සේ මෙ හිමි වදාළ හා කිවිහු උනුන් විතාළ හා සිටැ යස ගොස හදාළ හා ගෙනැ සළු හිසැ සිසාළ හා

32 උ ස් වූ සුරු සන් දහසී ඇ ස් වූ කොක් සන් ගැවැසී රැ ස් වූ රජ මහ පිරිසී වැ ස් වූ සත්රුවන් වැසී

33 ලූ සරණත මිණි සලඹා කැරැ කොලහල මන පොලඹා ගැටී පෙරට ඇවිත් ‍නො බා දැමු පයොවුරු හර7 පුරඹා


1. බස 2. අකුන් 3. වෙසින් 4. සියලු 5. බමුණෝ 6. හැම 7. පියවුරු; පියයුරු


34 පසිඳු නියම් ගම් වැස්සෝ රට රටවලැ නිසි නිස්සෝ පුද කොලහල බඳ රිස්සෝ පැළැඳි බරණ ගෙනැ ඉස්සෝ

35 ලෙළුකුළැ බැඳි සිහින් වසන් අසින්1 පෙනෙත රුවන් රසන් රතොටැ වතළ රසින් දසන් කියූ තියූ ගී ලියෝ පසන්


36 හිසින් වැඳවැ ඳැ සිට නුවනින් බල බලා සිට සිතින් බුහුමන් කොට සො සැ‍තැපුණු2 ලොව් මුවෙන් තුති කොට

37 උතුමා පැන වෙසස සියලු දෙවියෝ එ දවස බලා සිටැ නුබ කුස කළෝ මල් වැසි සමඟ තියු ගොස

38 පරසතු ඇසළ මල් ගන රන් සුනු කොළොඹ3 මල් පෙති බර පුල් කමල් කළෝ සකු ගුරු කඳහු පුද මල්

39 කඬුපුලෙනි මනහර පෙණ මිනි ගෙණෙන් පැහැ බර මහ සතුට පුද කැර අනත තියු කෙළෙ සහඟැ පිරිවර


1. ඇසින් 2. නොසැතැපිණි 3. කොලොම්, කොළඹ


40 යුග කෙළැ ගන හඩෙව් දෙරණත පැළෙන යුර සියලු මැ පතළ සක්වළ ගැබැ එක පැහැර සකුහුල් සුර නරන් තියු කොලහරිනෙවර නො පිහිල් සිත්න් එක රඟ හුනි හිමි පවර



දොළොස් වන සග

සංස්කරණය

1 පුද කොලහල රැසේ පවතින කලැ ද වෙසෙසේ1 මහසතු අනුහසේ දපණ බා හොති2 නයිඳු එ මැ සේ

2 එ ස‍ඳෙහි පැහැරසුරු දපමින් මතුරු පිවිතුරු ගෙනැ විස වෙදෙක් සුරු අළේ3 ඇස රණ උරග බියකුර

3 අනතුරු දුනු බමුණු රජු වෙතටවුත් සකුලුණු ඔසොවා අත දකුණු කියා මෙ තෙපුල් 4 තොසින් සපිරුණු

4 මිතුරු සත මන දොළ සිරි ගිරි සිරින් සිදු කළ අප අග රජු පුවළ දිනේ යස රැස පතළ ලොව තුළ5

5 පුවතර සක් රුවන් ඇත් හය ලිය මිණි රුවන් මැති මිණි සුත රුවන් සැපත් කැලුමැති පහළ ඉරු වන්

1. මෙ ලෙසේ 2. දරණලා හොති; දරණ ගතු - දෙපණ බා හොති 3. හළේ 4. තෙපුල 5. දිගත පළ කළ


6 සිවු දිවු හි සක්විති නිරිඳන් නො ලත් නුවණැති මෙ සෙන් පඬි අග මැති බැවින් මුළු ලොව තොපට සරි නැති

7 ලද හැකි ගජන් මත් ලද හැකි රුසිරු දිගුනෙත් ලැබේ මුතු මිණි වත් නො ලද හැකි මැ යි තැනක් පැනවත්

8 එයින් මෙ වදන පති දැකැ දැකැ ඉඳින ලෙ‍සැ රුති ඔබට මහ පින් ඇති ලැබිණි දිවි ලත් පලය සැක නැති

9 වදනෙ සෙ කිරීම යි මෙ මහතු නිති දැකීම යි බස කනැ වැකීම යි තොපට රජ සිරි මෙ ඇම වීමයි

10 යළි අග විපු වෙතට සිටැ කරකැවි සහ තුට එ බමුණු මියුරු කොට පුවළ තියු ගී පැවැසි මෙ ලෙසට

11 ගුණ මිනි මහ සයුර සව් සත කුමුදු නිසයුර නුවණින් ති ලෝ ගුර සැරද1 දද කුල කමල දිවයුර


1. සැරදෙ


12 පිරිසුදු දෝ අනඳ එකලා අනත් නැණ බඳ සිතන රුසිනනුබඳ පරම බඹ නම් තො මැ යැ ගුණ බඳ

13 පැල් ලැගැ විමන් හැර ගොයම් රක්නා ගොවි යුර තො දැන් වෙන් ලොව හැර සතුන් රකිනෙහි1 බැසැ දෙරණ තුර

14 සුර මඟ සමීරණ කිනු මඟ සිලිල් මෙ දෙරණ හොතුරු සඳ නුබ මෙණ තො මැ යැ අට තුනු උළිඳු සිළුමිණ

15 සිටුතු2 පුල් විල සේ ගමනොත මඳ පවන් සේ දුරැ හිම කැලුම් සේ ති ලොව3 සනහව ළඟැ අමා සේ

16 බඹ සුර ගුර අනත තෙපලිය නො හැකි ත - පවත වෙත කො පමණ සෙසු4 වියත කියනු කිමැ ඇළ සයුර වියැළෙත

17 යම් තම්5 කිවින් සෙසු අබිමන් තොප නො වේ මුසු ලෝ තලි රැවු සුදුසු නො වේ දනුවෙක්6 රන් තලිය ගැසූ


1. රකිනේ; රකිනෙව් 2. දිමුතු 3. තිලෝ 4. තෙසු 5. යන්තම් 6. දනුවෙක: දනුවක්


18 නො මැ යැදිය ද නිතොර පර වැඩ කෙරෙහි මහ විර පෙමැති මව පියොවුර1 කුමරු නො බොතත් එරේ කිරි බර

19 ඉක්මැ ද සිටි තෙපල වැඩ දේ ත ගුණ තියු2 ලොල තුඟු තුරු සෙවුම් පල කෙරේ සැතැපුම් නො ලැබෙතත් පල3

20 සුපිපි බඳුවද මල් ඉදිරියෙ4 දැවාණ ගල් රතු වේ ඔබ අසල් එ මට හැඟුණේ එ මෙන් මෙ තෙපුල්

21 දත් දහමෙකින් යම් තිලොවට උත්ම් වෙහි5 නම් හිමි තට ථ මැ උවම් වෙනතැ සරිකොටැ ගහට නොකෙරෙම්

22 තොප නුවණට ගැඹර ගො කුරැ දිය වැනි සමුදුර හිමි තොප ගුණට තිර පොළොව මහරි කුසුම් පෙති යුර

23 සිතුවොත් නැණලු තොප නො ලබා රිවි කදෝ ඔප පිරිසිදු බසළ තොප සිතුව සිසි වේ විලස සස ලප


1. පියයුරු ; පියවුරු 2. වැඩගෙන ගුණැති තියු: වැඩ දේ තගුණ සිතූ 3. බලැ 4. ඉදිරියැ, ඉදිරියේ 5. වේ


24 තොප නූ ගිය දවස මෙ දියෙහි1 නොයෙක් දන රැස පල මඳි උපන් මිස වපුළ බිජුවට මෙන්2 බිණර මස

25 සත රෝ දුකින් පෙළි සුව කරව දහමින්3 වැළි යා ගිනි රත බැබැළි කසුන් කරනෙව් දමා රස ගුළි

26 සමහරු දුටු දෙයත් විමසා මිසක් නො දනිත් නො ඇසූ නුදුටු වත් අහෝ! කෙ සෙයින් දතු ද මෙ පවත්

27 මෙ බඳු ගුණයට හිවී දිවි දුන නො වේ නො මැනැවි එයි දු තො මැ හිමි දෙවි4 ම දිවි ම දිවිය දිවි දියත් දිවි

28 ඇසුවෙමි දියනෙතේ පෙරැ යස පතළ දියතේ දුටු මට මෙ පවතේ නුබුදු වූව යි තො දැන් නො සිතේ

29 කෙළ සුවහස් දනත් සිවු දිව් රජය සිරිමත් සක් රුවන ද ඇතොත් පුදම් දිය බප ඔබට සැක නැත්


1. මෙ දියේ 2. වෙනි 3. සුවකර සදමින් 4 . තොප හිමි දෙවි තො මදිවි දෙවි


30 පුදනු සත නිතියෙන් සිරි හිමිට මල් පලයෙන් නො වේ නො ලැබෙනුයෙන් සැදැහැ පෙම් බැඳි බැවිනි බැතියෙන්

31 එයින් දළ පෙම් බැඳ මා කරන දුප්පත්1 පුද පිලිගනුව දැන් සෙද නො ගත සහතොස නො හොබි2 හිමි සඳ

32 කියා දද මෙ තෙපල3 දුක සේ ලත් වහල් මිල සත් සිය බැඳි4 පියල පිදී මහසතු සිරි පතුල් මුල

33 හිමි ඔහු බස’ වසන නුවනග බිඟන් ලෙළ දෙන මඳ හස කෙ‍සුරු ගන විදා මුව තඹර කී මෙ වදන

34 ලෙස මියුරස විසර5 තෙපලා බසින් පියකර තොප දැන් දද පවර කීමෙකැ නො කෙළේ මෙමට උවසර

35 සත් පදයක් විතර ගිය පමණෙකින්6 පෙම් කැර මිතුරු වනු අරතර7 පැවැති මහතුන් සිරිති සිටැ පෙර


1. දුක්පත් 2. නොවෙමි 3. තෙපුල 4. බඳ 5. වසර. මිසර 6. කී පමණකින් 7. අනුතර


36 නො මැ ඉල්වනු සිරිත් යහළුවන් ගෙන් දුප්පත් නුඹ ගෙන් සොයා ලත් එයින් නො ගනුමු මෙ රන් එකකුත්

37 තවද මහපඬි වරු සුබැසි තරගෙන්1 විසිතුරු ගුණ අඩු වෙති2 ගරු කුලී නො ගනිති සිතින් පිවිතුරු

38 කහවණු සත් සියක් බව දැනැ ලවා තෙ සියක් පුරා රන් දහසක් දෙමින් බමුණුට කියා3 මෙ‍ ලෙස ක්

39 ලද මහලු වයසේ සග ලිය සමඟ සතොසේ විසා විස සදිසේ කියත් පඬුවෝ සැබැවි එ බසේ

40 බමුණ දැන් තොප ළඟ වාසය කරන කොමළඟ වසත පුල් ලිය රඟ පැමිණි යොවුනෙන්4 සැදුනු මනරඟ

41 වෙන සළෙළුව කෙරේ ඇල්මෙන් බැමිණි මෙ ව‍රේ කැරැ ගෙන් තොප දුරේ නො බා ඉඳිනුව උනුන්5 අතුරේ


1. සුබැසි රසින්, සුබ සිරිතයෙන් 2. ගුණය අඩුවෙයි 3. කි යෑ 4. යෝනෙන් 5. ඔවුන්


42 සිඟිනුව එවූ මිස කටයුතු නො වේ ඇති ලෙස ඉන් නුඹ1 රන් දහස ඉදින් ගෙනැ ගිය ගෙට මැ මඟ බැස

43 විඳි දුක්2 නො දන්නි කහවණු දහස ගන්නී නුඹට නො කියන්නී බැමිණි සොර හිමියාට දෙන්නී

44 තොප පියෙසින් බැහැර එ බැවින් තැනක්3 අවදැර4 තබා තන්පත් කැර යව යි සමු දිනි කියා පැනසර

45 එ තෙපුල් අසා තො‍ස් තියු කැරැ සිතින් සහතොස් ඉඳුව යි සියක් වස් කියා නික්මිණි5 බමුණු නො සරස්

46 පැමිණැ ගම6 අසලට රුකක් මුලැ තන්පත් කොට කහවණු තබා ගෙට ගියේ මහ රෑ බමුණු එ මැ විට

47 හෙළලුව ලෙසින් කල පියවර සටහනින් දුල දුටු ස‍ඳෙහි ම මිදුල සතුටු වී දුටු මෙන් මැ මනකල


1. තොප 2. දුක 3. තැනෙක 4. අවසර 5. නික්මුණ 6. ගම



48 දොරකඩ සිටැ එ දද බණවාලා තමා ළඳ දොර හරිනට එ සඳ කී යැ තැනෙකැ යි සිතා නිවරද

49 සුරා බී මතිනී සුරතකෙළි සරතසිනි හිමි සමඟ දෙවැනි බැමිනි සැතැපුණු යහනැ යෙහෙනි

50 දොර බැණැවූ බසා අසමින් නැඟිටැ නො ලසා සොර හිමි එ විගසා පිබිදැවූවා1 එ තතු2 පවසා

51 තම සොරකම් බලා සිටිනැ යි ඉස සලසලා රොසින් මෙන් එ කලා පහන නිවුවා කටින් පිඹැලා

52 සොර දොර මුල්ලේ සිටුවා එ තැනැ එල්ලේ වසා සියුමැල්ලේ අගුළ ඇරියා එ මැ ඇසිල්ලේ

53 ඔහු නො දැනැ තොරතුරු වන් කෙණෙහි මැ විමනතුරු බැමිණිය අවැ‍ඩකරු යන්න සැලැසූ පිටි පසින් සොරු


1. පුබුදුව, ලා 2. එ බව


54 වෙනත සිත දැපුනු යැකිනියක මෙන් පෙනුණු බැමිණි ගුන දරුණු නො පිළිවිසැ කිසි උපන් කරුණු

55 පසුම්බි අතෙළා බලමින් එකක් නොවළා අත්සුනු අග්ගළා මිසක් කිසිවක් නුදුටු අවුළා

56 ගොස් රට මුළුල්ලා ලත් දෙය කොයි ද ඉල්ලා කියමින් මහල්ලා තදේ ඇදැ ගතු රවුළ අල්ලා

57 එ විටැ බිය ගෙනැ විප් සොමි සඳ වන් නො වැකි ලප් බලා ඇගෙ වත ඔප් කී යැ සඳහන් මඳ වැ1 මෙ ඇලුප්

58 පෙ‍රැ එක දිවි සෙ ඉඳ රැහැණි නො මැ වන් දැන් තද වටැ ඇවිදැ දුක් විඳ රනින් දහසක් ලදිමි පියබඳ

59 එ ළඳ මොළොකින් සිත් එරන් කොයි දැ යි පුළුවත් අසවල් වෙළෙප්2 වෙත් තිබීමියි කී බමුණු ගුණ වත්


1. නැතිව 2. වෙලෙපි


60 එ ගෙහි මැ පෑළ දොර සිටියා දැනැ1 බමුණු සොර බැමිණි ගොස් එ වර3 කිවු යැ කොඳුරා එකී තොරතුර

61 සොර විප් එ දිගැසේ කී තැනට ගොස් නො ලසේ සියතින් තුබූ3 සේ රැගත් කහවණු දහස ‍සතොසේ

62 ගෙහිමි රෑ ගෙවමින් උදයැ රුක මුලැ බලමින් කහවණු නො දකිමින් ගියේ බෝසතු ළඟට අඬමින්

63 ඔහු දුරැ දැක නරසි නුවණින් මැ දැනැ තතු ‍ ලෙසි දහස කහවණු නිසි ලියට කී දැ යි කියා පිළිවිසි

64 ම ගෙ දිවි වැනි දෙවන පියබඳට ගෙයි දැවැටෙන කී පමණෙකි4 නො දැන එ රන් නො දිටිමි දැන් තුබු තැන

65 ඉති ඔහු සැළ කරත් මහ කුලුණු අප බෝසත් තගෙ ලියට එක් සිත් ඇද්ද සබඳෙක් කියා පිළිවත්


1. දැකැ 2. බැමිණි ගොස් එ මැ වර 3. තිබූ 4. පමණක


66 බමුණෙක් නිති දවස් සමඟින් එ මා මියුලැස් සමත1 බණි සිතු ලෙස් ඔහුට ඇති සැටි සඳක් විස්වස්

67 බමුණානන් මෙ පද සැළ කළ සඳෙහි හිමි සඳ පිළිපන් තතු එ ළඳ තියුණු නුවණින් බලා2 පිරිසිඳ

68 සුවඳැල් ගිතෙල් රුසි3 ලුණැඹුල් සුං4 කසා පැසි එළවළු දුරු මිරිසි මෙ ඈ වියද්ම දෙවා එ දවසි

69 මෙ දුන් විටියල ගෙන සත් සත් දෙනා බමු‍ණත ලිය ද තො ද වෙන වෙන රැගෙනැ දන් දි සිටැ පළමු දින

70 දෙවැනි දින පටනේ ඇරැ එක එකකු එයිනේ5 සිටි සත් වන6 දිනේ දෙවව් දන් දෙන්නකුට දෙ දෙනේ

71 කා පළමු සතියේ නැවතත් කමින් නිතියේ7 එන බමුණු රුතියේ8 මෙ මට කියව යි කී යැ මැතියේ


1. සමග 2. බැලි 3. රසි; රැසි 4. මුං 5. එකෙක බැගිනේ 6.වැනි 7. රුකියේ 8. නීතියේ


72 එ අසා බමුණු වර හැම1 පිළියෙළ එ සේ කැර2 පැසුළු දැකැ පින්සර නිබඳ දන් කන දදා කී වර

73 දැනැ සියලු තොරතුරු සේවායන් යවා සුරු ගෙන්වා ගෙනැ එ සොරු දෙන්න3 කී රන් දහස පඬි සුරු4

74 එ වදන්5 අසා සොරු රවටමි සිතා පඬි විරු නො වී කිසි විළි බිරු කියා6 මෙ තෙපුල් නො දැනැ උවදුරු

75 පවා බඩ සහ7 ගත් මැඬව් ඉසිවර ගුණවත් විමැසු සොරු නො වත් නුදුටු දෙස් බස් වෙ ද මැදහත්

76 ගෙන්වා දැන් නිකම් කළ දෙය නැති වැ සොර කම් මෙ කරන ළ දැඩි කම් තමා දහමෙක් නො වෙයි8 සලකම්

77 කියමින් ඉති සහස නිල සිටි සෙයින්9 එ විගස සොර බමුණුට නො ලස දියග කීයේ යළි දු මේ බස


     1.	සම            2. එලෙස කර           3. දෙන්ඩ            4. පඩිවරු            5. එතෙපුල්
    6.  කියැ            7. පවා සහ වඩු          8. නොවේ         9. ලෙසින්


78 ගෙනැ මිණි ඔසු මතුරු දිව් කෙරෙති නියමින් බොරු කීමෙන් දෙසූ දු බොරු කෙරෙති වියතුන් බස් නොවේ බොරු

79 හුණු රිහිරි ඔස්සේ විත් කෑ වෙහෙල් පස්සේ ගොස් දකින ලෙස්සේ නැණැති1 සලකයි2 යුත්ති දස්සේ

80 හරනුව බහලඳුරු නො ගනී පහන් දිවයුරු එ මෙන් මහ පඬි විරු කෙරෙත් දැනුමට අනුන් බස් දුරු

81 අත් කර ලූ වළා දැපණින් බලන සහළා තා සොර කම් කළා කුමට විමැසුම් දුටුව නො වළා

82 කියමින් මැත මෙ සේ අප ගෙන් නො විඳැ වෙහෙසේ දේ ද3 රන් දහසේ එ නැත නො ගනිම් ද මම් අනිසේ

83 කියතිති මහසතු ගැටවා බමුණු සෙද බිය ගෙනා උරගිඳු පසුම්බියැ උන් කිව මේ තමා කිම බලනා4 සිතමින් රන් තමා සොරා රැගත් සොබෙහි ලමිනා දිනි ගැණැ පාවා ඒ දන හිමි හට ගිවිසිමිනා


1. ගුණැති 2. සලකති 3. දෙයිද 4. මෙ තතු මා කුමකැයි බලනා; මෙකු මකැයි බලනුවනා


තෙළෙස් වන සග

සංස්කරණය

1 දැකැ1 වෙදු ලෙඩ තරම් කරන විලසින්2 ගිනියම්3 එ සොරුට හිමි උතුම් කැරැවි විරදට සුදුසු දඬුවම්

2 තව ද නරවරණා4 කැඳවා ළඟට බමුණා ඔහු ලිය ගෙ නුගුණා කියා, සාය ද ලියෝ දෙරණා

3 එ හෙයින් ලියක වෙන සම සිත් වැ නිති වෙසෙමින දන් පින් කරයි5 දැන බණත් හිමි; කී එ විප් මෙ ලෙසින

4 පිරිමියනුදු පතන අවසර කල් රහස් තැන මිසැ නො ලැබෙන සෙයින ගැහැනු කවරු ද වරදැ නො බැ‍ඳෙන

5 දෙ තිස් කුණු ඇති වත් සත ගත ඇලුම් නො හරිත් එ බැවින් වරදැතත් සරණ පුරුදු වූ ලිය මැ යහපත්

6 එ මේ දන්වා ලිය ගමනින් සදිසි නාලිය ගෙන්වා බැමිණි ලිය6 ඉසුරු මෙ තෙපුල් යළි කියා ලිය


1. දැන 2. කරවන ලෙසින් 3. පිළියම් 4. පඬිවරණා 5. කරව 6. බමුණු ලිය


7 රන් වන් පැහැ ගතැති නළඹළ ලියක විලසැති ලියක් රූ සිරි ඇති මැකේ නුගුනෙණන් මීට සැක නැති

8 වෙමන් කිසි රැහැණිය සිය හිමි කෙරෙන් පැරැණිය සිතු වෙනතැ පැමිණිය කළල වෙයි අඟනනට බැමිණිය

9 පෙමින් පිළිබද්දේ රැදැවු එකකු මැද්දේ උන් ලිය නො ඉද්දේ ඇසූ අනෙකෙක් කෙ සේ බද්දේ

10 මල් සුවඳෙහි නපුරූ සෙයින් නො ලැ‍ඟෙන බමුරූ අඟනන් වනු දුරූ තමන් නුගුණෙන් මෙ බස නිබොරූ

11 නැති ගුණය පෙන්නා පිරිමින් නිති ළ ගන්නා බොළඳ කම් දන්නා කවුරු අඟනන්1 පියති පන්නා

12 සැප ඇති කලැ සරණ ඉඳිති අඟනෝ නො පමණ නාහස්නා පහණ වැන්නා හිමි දුක් ඔවුන් ගේ ගුණ


1.ගැහැනුන්



13 නො වන හිමි හරණේ දරුවැදු ගැහැනි1 නුගුණේ රඟින් පුතු මුහුණේ රහසැ තම කළ වරද පමුණේ

14 දවසැරැ එකකු2 වෙත් වැදු දරුවන් ගෙනැවිත් අනෙකක්හු ගෙයි කත් මීට වැඩි විලි නැති කමෙක් නැත්

15 හිමි හට ඇති පදම් පිටතට කියන නො තරම් පෙන්වන කොහොල කම්3 ඉතිරි ගෙයි වසන සැතිරි නම්

16 හන් කිලුටු වත් ඇති ගෙතුණු හිස කේ වැටි ඇති නෙතට දුරිනා පති ඔබල වෙස් වැනි වෙන පඬුරු නැති

17 ම ලිය දිවි දෙයි යන ඇදැහිලි නොවන නිතියෙන හිමි සහ දවස් යන දුකට සරි කො ද දුකෙක් ලොවැ වෙන

18 ගෙ හිමි අන් නිවෙසා ලැග්ගැයි කියන බසසා ඉඳින ලිය ඉවසා කවර නම් දෙය නො ඉඳි ඉවසා


1. ගැහැනු 2. එකෙකු 3. කොහොල් කම්


19 ළද කලැ පෙරැ දවස යහපතැ සිතා සනහස මැහැලි කල්හි ද තොස පුරව ගුණ අත් නො හරිනා ලෙස

20 තම වරදින් සබා වේ මැදැ සියන් සසොබා යන ලෙසැ කර නො බා කරව යහපත ගුණෙන් සුලබා

21 දරුවනට සිනෙහැත විමල් යසසට සිනෙහැත තම හට ද සිනෙහැත තරේ සිනෙහැති වන්නැ හිමි වෙත

22 සැබැවින් කළ වරද අඟවන සිතින් නිවරද කරන තැත1 ගෙයි ඉඳ දෙ වැනි වරදැයි දනුව කල්බඳ

23 බැරම2 පල ගත් අතු නැමෙන විලසින් තම නතු හිමි පෙම් වත දිමුතු නැමෙව ඔහු වෙතැ සිතා කටයුතු

24 ඇසි පිය හෙන කලේ වැලැඳි අත කලැලිහි ලේ තිබෙන පිය තෙපලේ හිමින් වියොව යි සිතව එ කලේ


1. තැත් 2. බරට


25 පවතු ලෙසැ වැඩකරු හිමි හට නො වැ නො කිකරු සම ගැහැනුන් සොඳුරු නො සෙන පනතෙකැ මතු දවස් හරු

26 ඉති බැමිණිට එ වර තම පියතම මැ දෙවි කැර දවසරිනුව නිතොර ඔවා කැරැ තරවටු වැ පඬිවරු

27 එ බමුණුට සනහස තමා මාළිගා අබියෙස හිවි මහලින් සකස ගෙයක් සලසා නිති හිඳින ලෙස

28 ගම් බිම් වහල් යුතු ගව සිය කසුන් මිණි මුතු සළු අබරණ දිමුතු මෙ ඈ සව් සිරි දෙවී මහසතු

29 එ මහත්මා එ වර කුලුණින් පතළ නරතුර දිය වැඩ මඟුල් කැර විසි සැප සේ වෙමින් සිරිසර

30 සෙන් මහපඩි සුගත් එ රුක් දෙවි නම් සැරියුත් මහලු දද ගුණවත් අනඳ මහ තෙර මහණ සෙසු සත්

31 සදහම් සි තෙල් රන පා සඟනටසන කැරැ පිනිපා සග අපවග දෙකට උපා මෙ දා මුනිඳු කී ගළපා


32 සුර නර මන කරවන තොස් විහිද අටඟ යුතු බඹ ගොස් දෙසන ලෙසට ඇති අනුසස් මුනිඳු පටන් ගති සිවු සස්