සිරි රහල් පබඳ-කව් සේකරය iii

තෙවන සග සංස්කරණය

1 පුරන දම් බුදුකුරු ඵ කලැ බෝසත් වැඩකරු ඵ බැමිණි ළඳ සොඳුරු කුසේ පිළිසිඳැ9 දිනී පිවිතුරු

2 යෙහෙළි මන කුමුදු පුබුදු කරවන සිනිඳු මෙරජ බඳු තරිඳු දැරූ දොළ දුක් ලකුණු දද දූ


3 සහ දද නිඳු සතොස දිනැ දිනැ වැඩිණි මැද දෙස සමඟ වැ ඔහු යසස ඇඟ ද සුදු මැලි වී යැ මියුලැස

4 සරසවි කුමරු වෙත සියපත් තල් වැටින් යුත දෙන පවනෙව් එකත පෙදෙන් පෙදැ වී සුසුම් ගමනොත

5 කුමරුට අමා පිරු කුඹු වන් එ ළඳ පියොවුරු1 ගන නිල් පුඬු සොඳුරු වැසූ ඉඳු නිල්2 පියන් එක යුරු

6 සතුටු එ බමුණුවර තම පුහුණු වේ සතතුර කි විදි අඩු නො කැර කෙළේ නිසි ලෙසට ගබ පෙරහර

7 ගහන් සිටි තුඟු බා මෙහොතින් නුවන3 සුලබා බැමිණි ලිය ‍සසොබා එ පුත් රුවනග වැදු මහ බා

8 දස දිග එකලු වී හුනනග ද පැදකුණු වී සුවඳ මඳ නල වී එ දා දඹදිව මඟුල් ගෙය වී


9 පින්වත් කුමරු ඇඟ පැහැයෙන් පතළ මනරඟ ගබ ගේ1 සහන් ළඟ පහන් සිතුවමැ වි යැ ඇදි රඟ

10 උපන් බව තම පුත් කිකීවනට තුටු සිත් බප2 ඇම වත් දෙවත් දෙ වත් පමණෙකි ඉතිරි ඇඳැගත්

11 බලා සුබ මොහොතක් මව් ඇකය පත් පැළ දික් පැමිණි වැනි ළ සඳක් බුමුණු පුතු දැකැ හළේ සිතැ දුක්

12 පිය බමුණු සිරිමත දෑ කම් සියලු නිම වත ගෑ සණ මිණෙව් රත කුමරු බැබැළිණි මහත් පින් යුත

13 එ බමුණු වර සිනිඳු කුමරුන් රන් රුවක් බඳු තම කුලැ පෙරැ පුරුදු කෙළේ සේනක නමින් පරසිදු


14 තම ඉණැ ඉඳි පවර රන් රසු දැලන්3 නද කැර පිළි මිණි4 දෙරණ තුර දිවේ පිළිබිඹු ගන්න ලොබ කැර


15 දත් කැකුළු පෑලා සුරතල් සිනා සීලා ‍ බොළඳ බස් දීලා කෙලී සියලැඟැ දූලි ගාලා

16 කඳ කුමරිඳු ලෙසින බමුණු පැටියන් සමගින නො මඳ සව් ඉසුරින වැඩිණි නව සඳ මෙන් දිනෙන් දින

17 තබන ලද සිළු ඇති එ කුමරු තියුණු නුවණැති එ කලට රටැ පැවැති කියා සෝඩිය අකුරු දැනැගති

18 පෙරැ කි විදි නො හැර මඟුලින් උපනයන කැර මොහු විය පැමිණි වර ළඟට කැඳවා1 දෙදෙන ගුරුවර

19 දරුවෙනි ගුණෙනුතුම් තිලකෙව් සැදි දකුණු බිම් උතුම් තක්සල නම් පවති පුරයෙක් සසිරි මනරම්

20 සුර ගුරු මෙන් පසක් පුවතර නුවණ අණ සක් එ පුරැ දියටෙක සක් වෙසේ ඇදුරෙක් දිසාපාමොක්


21 ඔහු වෙතට ගොස් සෙද මේ පියැලි දහසින් බඳ දී සිත් ගෙනැ නිබඳ කියා සව්සත උගන්නා ලෙද

22 කැටුවැ ලා පිරිවර සනහා මුඳුන මනහර බෝසත් විප් කුමර යන්න දුක සේ දුන්නු අවසර

23 දෙ මාපිය සිනෙහැති1 වඳිනුව පා පියුම් පෙති එ කුමරු නැමිගති ඔවුන් කඳුළින් පිට තෙමිගති

24 නුවරුන් නුවන් පෙළ ඉඳු නිල් තොරණ සුලකළ මඟට බැසැ නිකසළ යන්න නික්මිණි කුමරු සිරි දුළ

25 බැඳැලා සිඟා සුඟ ලෙලවා දැත මනරඟ කුමරු මඟැ යන රඟ බලා ඇදැගත හැකි ද නෙත් යුග?

26 මිණි බිමැ කෙළැ ඇවිදි කුමරිඳු සව් ඉසුරු විදි යන සඳැ මඟැ සුසැදි කුසල් බලයෙන් දුකක් නො මැ ලදි


27 සෙවණින් වලා නිල් සුවඳින් පවන් මලවුන් සිහිලඹින් වන විල් එ කල සෙවියේ කුමරු මනකල්

28 මිහි ලිය ගෙ මන හර සිරි ගත් දිමුතු මුතු හර දෙළෙන් ගිලි උරහර1 කුමරු ගඟ දිටි2 ලෙසින් පෙරහර

29 සුපිපි සිය පත් වත රතුපුල් ලවන් පැහැ පත කුමුදු මඳ හස යුත කෙළන පෙටි පෙළ බලන දිගු ‍ නෙත

30 තරඟ වැළ බැම ලෙළ සක සිරි ගෙලෙන් සුලකළ සළා නැබ පළ කළ පුළින තල පුළුලුකුළු සරි කළ

31 සක්වා ළිහිණි තන සැදි විල් ළිහිණි මෙවුලෙන සයුරු රජ බිසොවුන විලස ඉඳුරා එ ගඟ පෑ මෙන

32 දිය කෙළන3 සුර කල වරලස පැළැඳි මනකල මල් සුවඳැති සිසිල සුරිඳු ගජ රජ ගිලේ ඇම කල


33 සත් රුසිවර පුදන පරසතු කුසුම් රැස් වන ඉවුරසැ ගිනි පුදන සකොලහල ගුරු මතුරු1 ගිගුමෙන

34 පිළිබිඹු පත් ගඟට මියුලඟන දිගු නුවනට තම සතුරු සැක කොට නිබඳ මින් කැල විදිති සටනට

35 කළ හස ගමන් යුත් සලළ නළවන වෙත පත් ලෙළ නිල් වරල නෙත් එ ගඟ වෙසහන වැන්නා රසවත්

36 හෝ පලු තුරු පතර ලඹ දෙන ළ තඹ පලු බර එහි පැනට ලොබ කැර තමන් දිව් දිගු කැරැ සිටින යුර

37 එ ගඟ පිළිබිඹු පත් නාරි උපුල් පැහැ පත් කෙළන දිය සුර කත් සැකින් නරඹති බොළඳ සුදුකත්

38 එ ගඟ වර මියුලැස් තමපියතම බලන ලෙස් පුබුදු නිලුපුල් රැස් මැවුවා වැනි සිය දහස් ඇස්


39 නිලන කුස තණ පෙළ පිළිබිඹු පැමිණි ගඟැ තුළ රිවි රැස් බියෙනොසළ අඳුරු සැඟැවුණු විලස පළ කළ

40 රජ හස සුපුන් තන රළ සළු පටින් වසමින ඇළ පෑ පෙටි නෙතින බලන වැනි ඔහු එ ගඟ වරඟන

41 සිහිල් සඳ රස් සේ මිණිමුතු කුසුම් ගස් සේ සැතැපී නො ලස්සේ1 ගියේ කුමරිඳු එ ගඟ ඔස්සේ

42 කිසි තැනෙකැ ඉඳු නිල් මිණි ඇවුණු මුතු හර තුල් කිසි තැනැ හෙළ කමල් ගෙතූ නිලුපුල් දමෙව් මනකල්2

43 ඇතැම් තැනැ කළ හස බබළන සිරින රජ හස සරා කලැ ගන රැස අතුරැ දිසි මෙන් තැනෙකැ නුබ කුස

44 එක්3 තැනෙකැ මී කත කළුවැල්4 සුනිල් පැහැ පත ඇඳැලා කොපොල් පත සොඳුරු සඳනන් කළ බෙඳුම් යුත


45 තැනෙකැ අතුරින් තුරු පත් සඳ කැලුම් සේ යුරු පිපි මලිනි විසිතුරු තැනෙකැ නිල් වන ගැබෙව් පියකුරු

46 අහස් ගඟ යමුනා එක් වූ තැනෙහි සොබනා පායාගයැ1 දියනා ගිමන් සැනැහි කුමරු දියනා

47 ලො ලා කෙළන වන දෙව් යුවළ ඇම කලේ පු ලා කුසුමතුළ2 සළු පටින් මනකලේ නි ලා සිටින ගඟ සුදු වැලි ඉවුරු තෙලේ බ ලා නො යේ3 රිසි නිසි හෝ මුවඟු කැලේ

48 නි සි අඳුන් දිවි සම් ඇඳි දිඟු පුළුල දි සී තඹර රොන් පැහැ බැඳි4 දළ මඬල වි සී පසිඳුරන් කළ එ මැ ගඟ අසල ඉ සී වරන් වැඳි කුමරිඳු අසපුවල