සිරි රහල් පබඳ-කව් සේකරය ii
දෙ වැනි සග
සංස්කරණය- සව් ඉසුරට නිවෙස්
- සුසැදි සුර පුර එක ලෙස්
- දඹදිව් තල සකස්
- නමින් නුවරෙක් වී යැ බරණැස්
- පිරි මෙවුලෙන් බැබැළු
- මහවුරු වැළ පුළුලුකුළු
- ගෙ දි ගු විල් තඹරිළු
- සුවඳ මඳ නල සුසුම් සුලකුළු
- සැදි රන් විමන් වත්
- ඉදු නිල් මිණි 6 කවුඵ නෙත්
- සුරත් ද්රෙිර මුව යුත්
- ගදැව් පියකුරු නදින් සිත් ගත්
- උයන් නිල් වරලී
- රුවන් වැලි තල දුහුලී
- මිණි තර සිව් දිලි
- ඵ පුර වරඟන විලස කියෙලි
- පහ කොත නිල් රතන
- පැහැ රැඳි දුහුල් දද වන
- වැසි කලැ වලා මෙන
- විමන් මොනරුන් පහන් කෙළෙ මන
- අට රට ගිජිඳු පෙළ
- පෙරැ නුදුටු තම වන ගළ
- බලා පුර සිරි දුළ
- සිනා සෙන වැනි බපා දළ දළ
- එහි ස විසි කුල හස
- දැකැ හස දිවෙන සේ හස
- නෙසැහැ මෙන් නුබ කුස
- වැසූ කුර රජ පෙළින් ගිම් රැස
- තොලතුල් පතුල් පලු
- හස මල් කැනින් සිත් කලු
- පියොවුරු පල ඉසුලු
- ලියෝ ලිය වැනි පුර සරන සුලු
- සසක් මිණි පබළූ
- ගණන වෙළඳත් කකුළූ
- කපුරු වැලි බැබැළූ
- අවුණු සිඳු එහි ගොසින් නැඹුළූ
- මුළු තුන් ලොව තුරේ
- පතළ යස අම වතුරේ
- කෙළන සත නිතොරේ
- ජනක නම් වී රජෙක් එ පුරේ
- සුර තුර නම් ගසෙකි
- සිතු රුවන නම් පහණෙකි
- සුරබිය යනු දෙනකි
- මොහුට තිළිනෙන් කවර උවමෙකි
- සසිර සිඟු නැගෙතත්
- ගිරි හිසැ පියුම් පිපෙතත්
- මෙර මදුරු විදිතත්
- මෙ නරනිඳු කි බසෙකැ බොරු නැත්
- මොහු රණ දෙරණතා
- ගජ භය බළන් සිඳුතා
- රත වැකි කග ලතා
- වැන්නැ විරු සිරි සරණැ අලතා
- කිත් නළඟන මෙ රද
- රඟත කිවි ගොස බෙර නද
- කරකැවුණු සඳැ සෙද
- පතළ තරු වැළ6 විසුළ හර බඳ
- මොහු නෙත නිලු පුලේ
- වූවනත සුපුන් සස ලේ
- හළු කළ8 රුපු කැලේ
- කෙ ලෙසැ ඇති විද තෙදග විපුලේ
- දුන් පිය බසින් සිරි
- එ දත් අසරින් පෙර දැරි
- අදර ගුණයට සරි
- කෙළේ නරනිඳු පැමිණි රජ සිරි
- පිරිසුදු කුල දිමුත්
- සිරි බර දිය පතළ කිත්
- ඔහු අගහර මහත්
- බමුණු උතුමෙක් වෙසේගුණ වත්
- එ දද වර සුනි මල
- කරන නිසි ලෙසැ ඇම කල
- හුනන් ගිනි දුම් කැල
- දිඹිලි ගත් වැදැ ගොසින් නුබ තල
- ඉතිහස කිවි කලා
- ලකුණු දම් වෙද සකලා
- උගත් නැණ සක ලා
- ඔහුට නැති ගුණෙන් එකලා
- කම් සය දත් සොඳුරු
- එ බමුණු වර සඳුන් තුරු
- වැලැඳි රන් ලිය යුරු
- බැමිණි අහනක් වූ යැ පියකරු
- ඇගෙ නිල් මිණි නුදුළ
- සලඹින් සරණ සුලකළ
- බමර වැළ වට කළ
- සුපිපි තඹරන් විලස දුරෑ හළ
- නුපුබුදු තැඹිලි මල්
- ඇගෙ දඟ යුගට මන කල්
- පැරැදැ සැඟැවුණු තුල්
- කොළපු ඇතුළට පිවිසි ඇම කල්
- පැහැ සර සිලුටු මට
- සරි නො වන ඇගෙ වටෙරට
- ගජනත් ඉදිරි කොට
- සරනු විළි නැති බැවින් ඇම විට
- සුලකළ මිණි මෙවුල්
- රත සක ලෙසින් සුවිපුල්
- පුළුලුකුළ මන කල්
- යොවුන් මිණි ගඟැ වැලි තලා තුල්
- කරන දන මන දඟ
- ගත හැකි මිටින් ඉහ යුග
- සපිරි පියොවුරු යුග
- නිබඳ උසුලා වැහැරැ ගිය රඟ
- රැඳුණු පැහැ සිසිලේ
- නැබ තෝ තැන්න නිමලේ
- වසා රොද සුනිලේ
- තමලු ලිය සිරි රැපැයි ළකලේ
- ඇගෙ තුනු සිරි මැඳුර
- සුසැදු රන් කළස යුර
- මහරු පියොවුරු බර
- බැලුවන් ගේ සිතට එ මැ බර
- මලවි දෙව් මුදුනත
- සපු මල්දමෙව් පැහැ පත
- ඇ ගෙ යුවළ මොළො කත
- නිතොරැ දිසි විදු දමෙකැ3 සිරි ගත
- සොඳුරු තුන් හිරි රැඳි
- ඇගෙ කරට දන මන බැඳි
- නිසැක වැ සක පැරැදි
- රජුට මුර ගා නිබඳ දුක් විඳි
- ඇගෙ එක වත පවර
- සිරි ලබන රසි5 නැම වර
- එ දෙදෙන සඳ තඹර
- සිතේ බැන්ද යි අනුන් වෙතැ වෙර
- සළමුතු පෙළිනි සුලකළ
- පබළු දළු සිරි පළකළ
- ඇගෙ මඳ හිසි නුදුරළ
- සුරත් ලවනත පුරා මන දොළ
- දෙමට තල මල ලෙස
- දිගු තුගු ගහන මියුලැස
- නළල් තල රන හස
- පෙවූ තුඩු වැනි වුව තඹර දෙස
- දිග යන සඳැ සෙදින
- රොසිනෙව් කනට නවතන
- කෙළවර රත ලෙළෙන
- නුවන් යුග ඇගෙ බැබැළි වෙසෙසින
- දෙ බැම දෙව්දුනු වන්
- පටු නළල අඩ සඳ වන්
- ඇගෙ දිගු යුග සවන්
- කෙළන රුසිරු රනෝවිලි වන්
- ඇය පිල් බර එකළු
- මුහුළට පැරැදැ සුලකුළු
- ඉසිමින් පොද කඳුළු
- සොවින් වලපින වන් කළබ කුළු
- මිණි සලඹ මුතු වැළ
- පට සළු ද රන් කම් කළ
- සුවඳ මල් දම් ලෙළ
- මෙ ඇම සැරැසිණි ගතින් එ කොමළ
- මඳ මඳ සිනා යුත්
- ඇගෙ නුවනගින් බැල්මත්
- මොළොකැටි රස බසත්
- මඳ ද බඳිනුව දුටු දනන් සිත්
- ගෙලෙ මිණි මල් පවර
- මුහුලස කුසුම් සිරිහර
- නළලත තලා දර
- සඳස් ලකුණින් එ ළඳ සැදි යුර
- නත් වරද ලොප් වන
- කිරිය අදියර සත් වන
- අදෙස් හැදහිලි වන
- එ සඳ ගුණයෙන් සද ලකුණු වන
- එ බැමිණි දොසින් මුත්
- රූපේ ලකර සිරි යුත්
- මියුරු ගුණ රස වත්
- වියත් මහ කව් සබඳ තන් පත්
- දුටුව ද නොයෙක කල
- දුට ද අමුතු වැ මනකල
- රිසි එක ලෙසැ මැ කල
- කෙ සේ පවසති රුසිරි කිවි කැල
- සි ලි ලේ බිදු නොලග5 වන පොකුරු පත මෙන
- නො ඇ ලේ ඇසිතු හිමි දෙසැ මිසැ තැනෙකැ වෙන
- වි පු ලේ බැඳි සනහස ඉන් ඔවුනොවුන
- එ ක ලේ වූයුූ සමඟ වැ6 රන් රස ලෙසින
- මෙ ළඳුන් සමගින් එ බමුණු දනුමැති
- ලබනුව පුත් රුවනක් රූ පින් ඇති
- පුදමින් දෙවියන් යෙදිමින් කැරැ තුති
- මතුරු දපා පණසා දන් දේ නිති