සිරි රහල් පබඳ-කව් සේකරය i

කව් සේකරය


පළමු වන සග සංස්කරණය

1 පිරි සරසවිය රස සුබ තරහ නත මින් රැස රන් වනඹර නිවෙස වඳිම් මුනි රජ සයුර සහ තොස


2 සෙවි සුවිමල යවග පළ කළ මහ වියත් මඟ කෙලෙසග නිවු නිසග වඳිම් සදහම් බාරුසි ගඟ


3 දිනිසුරු බසැ පුබුදු අග තෙක් ගුණෙන් පිරිසුදු කෙමි දුලන ළෙන් ඉදු වඳිම් මහ සඟ තඹුරු කැල බඳු


4 සතත සක යක අත සුර ගුරු ගණිදු බර නෙත රිවි කිවි සඳ ති නෙත මෙ දෙවිගණ නිති කෙරෙත් සුබ සෙත


5 තෙ රුවන් පුදා වැඳ මෙත් සිත් කැරැ සුරන් යැද1 බුදුන් ගුණයක් සොඳ කියම් එළුයෙන් මඳක් පද බැඳ


6 බුදු වසිනෙක් දහස නවසිය අට පනස් වස රි වි සඳ තෙද යසස පතළ නිරි‍ඳෙක් ආ යැ1 ලෝකුස


7 නමින් පැරැකුම්බා තෙදින් රුපුනද තම්බා රුදු විරුදු පුම්බා බජඹි පුළුලුරැ සිරි ඔලොම් බා


8 සදහම් දැනැ සියල් බුදුකුරු සිරින් මනකල් ලෙව් සාසන නිමල් රකී යුවළැස ලෙසින් ඇම කල්


9 තැනැ තැනැ නොයෙක රණ දිය2 ගෙනැ පැ උපා නැණ එක සේ සත් සෙවණ කෙළේ සිරි ලක තෙදින් අපමණ


10 කොතබු ගල පහස වෙහෙසුණු සිරි වෙනුරැ වැස ලිය මඳ ලස වහස වතළ සැනැහේ මොහුර තලැ වැස


11 සමුදුර ගැඹුරු ගුණ මඳුරු ගිර තර සර ගුණ සිසිර කර සොමි ගුණ පවති මොහු කෙරෙහි මැ මෙ තුන් ගුණ3


12 පින් පැන සිරි රුසිරු සදැහැ සර පැරැකුම් සුරු රූ බල කුලුණුතුරු තිළින තෙද යස ගුණග පිළිතුරු


13 සිය සරණ නිය පෙළ රසිනන් රජ ‍බාසෙස් කළ ලැමැණි කුල මිණි වැළ අනැගි නායක මිණෙව් පැහැ දුළ


14 මෙ නිරිඳු ගෙ දු ළඳ උලකුඩය දේවී සඳ සොමි ගුණෙනි පුන් සඳ පවති සිරි සඳ සිරින්1 ඇම සඳ


15 රුසිරු ගුණ සිතා සුර තුරු දිනු දෑතා විලසින් විනීතා ලොවට කුලුණින් සදිසි මාතා


16 සිටිය ද ළද වයස පින් කමට මැ යි අදහස පන් සිල් ඇම දවස පෝයැ අට සිල් රකී නිසි ලෙස

17 සිතු බුදු රුවන වෙත සදහම් කෙරේ සවනත සැපත් මහ සඟ වෙත මොවුන් සරි කොද එයින් තෙ දියත2


18 යස සුර නිකා ව න් තිළිනෙන් දෙන එකා ව න් කල්ප සාකා ව න් ‍ලොවට පෑ වැනි විසාකා ව න්


19 තෙ වළා බණ අසා දැනැගෙනැ සිතින් විමසා පැවැතැ මැ එ මැ ලෙසා දනන් තුඩැ තුඩැ සැදු යසසා


20 සක් දෙව් කලාවන් නො තබා දත් කලාවන් නව සඳ කලාවන් නළල තිලකෙව් මන කලාවන්


21 නැණි සරසවි ඉත මේ කතට ගුණ බරණ යුත පෙනුණු බිඹු කැට පත මිසක් සරිවනු ලොවැ කවර ඇත


22 උතුම් මෙ බිසෝ සඳ හෙළු බසිනි නිසි පද බැඳ කියවනුව1 බණක් සොඳ කෙළෙන් ආරාදනා මනනඳ


23 කුලග මිණි පිවිතුරු දෙමටාන ගමැ කඳවුරු තොටගමු වැසි සොඳුරු උතුරු මුළ මහ තෙරිඳු මුනුබුරු



24 සව් සත කෙළ පැමිණි ගුරු වන් දෙරණ සපැමිණි පිරිසුදු සිල් ගිහිණි සියල් ලොවැ පියතුනට1 සිළුමිණි


25 තෙවළා දැනැ යෙහෙන දස අත යෙසෙන්2 හොබවන විජය බා පිරුවන කිය බණ මේ3 අසවු සතොසින


26 රජ රුවන මන රඟ සිවු සැට බරණ හා4 ඇඟ තේරී පෙනෙන රඟ දැනේ කිවි ලකර හා බණ මඟ


27 පුබුදු කළ කුමුදන සඳ රස් මෙන් දියුණු වන මෙරමා ගුණ වනන වියත් පැලඹේ සෙබෙහි සොබමින5


28 මෙ කියන වදන් රැස කිවිහු මැ දනිති6 ගුණ දොස දන්නා තැනට මිස වෙසෙස නොදැනෙයි7 රුවන් තතු ලෙස


29 අප මුනි රජ පවර සේනක නම පඬි වැ පෙර ලොවට පෑ විසුතුර ගුණෙකි පරමත් පැරුම්8 පැන සර


30 දඹදිව ඉසරු බර රැස් කොටැ1 තුබූ තැන යුර කොසොල් රට මනහර සැවැත් නම් වී පුරෙක් පුවතර


31 නරනිඳු සකර කර සෙවුනා ලෙසින් නිරතුර කිරි සිඳුරිඳු එ පුර වැන්නැ වට කළ පිරි මහවුර


32 පහග කොත් රත මෙණ2 එ පුර යන සඳැ නුබ මෙණ බිසරුව වන උරණ3 කිරණ රැඳු ණෙව් බැබළි අපමණ


33 පුරඟන මුව කමල නරඹා පැකිලැ4 සිදු කැල නුබ විරි තෙද තැවුල පැමිණැ සැතැපුණු සදිසි දදවල5


34 සඳලුවලැ පන්දු කෙළනා6 සොඳුරු7 ලන්දු රුසිරු නෙතැ ඇන්දු සලෙළු සිත් තමන් වෙතැ කැන්දු

35 මිණි සලඹෙහි දිගැස කොලහල අසා රන හස පස්සේ යන විලස උගන්නා වැනි8 ගමන් ඒ ලෙස


36 නෙළුම් මල් ගඳ යත් පවන් බිඟු ලුහුබැඳැ යත් සුරත සරතස යුත් පුරඹ හළ කවුළුයෙන් ගෙට පත්


37 ගිජිඳු ගිරි පෙළ රැදි රිය හය තරඟ වැළ සැදි හිවි තුරු ගොස නිසැදි සයුරු සිරිසිලි එ පරු මන බැඳි


38 කිවි කිවි කඳකුමරු අනත සිවු වත ගිරි ගුරු1 සරසවිය සුර ගුරු එපුර වනතොත් මඳක් වෙති සුරු


39 දඹදිව එකතපත් කෙරෙමින් බෙලෙන් බල වත් කොසොල් රජ පොහොසත් විඳී රජ සිරි එ පුරැ සිරිමත්


40 ඔහු රණ දෙරණ බැස ලෙළ වත2 සුරතැ සඳහස සුර ලිය රුපු දිගැස අහෝ ලෙළ දිණි වමැස දකුණැස


41 යස ගි ළු නිරිඳුන නා ලිය කියත නිතියෙන නා රජ හට අසන මඳක් බාදා සතුටු කඳුළෙන


42 එ නිරිඳු පැදුම් රද1 මහ දන් වැසි වසින සඳ දිළිඳුන් ළ වෑ2 බඳ උඩඟු දළ ලොබ නියර3 ගියෙ බිඳ


43 ආකාරයෙන් රුවන් වෙනෙනිබු4 වෙලින් අස්වන් සිය රැකුමැ තුටු වන් දෙරණ ලිය දුනු ඔහුට එකුවන්


44 මහ සයුරු මිණි ගණ තෙද කලඹ මෙන් නුබ මෙණ5 පමණ නැති මොහු ගුණ ඉක්මැ පවතී වැනුම් කිවි නැණ


45 සිවුපා ස ගුණ සොඳ තෙ සක්6 පසගින්7 මනනඳ රජ දහම පිළිබැද එ රජ සැප සේ රජ කරන සඳ


46 එ නිරිඳු ගෙන් මහත් අනැගි සිටු තනතුරු ලත් අනේපිඬු නම් යුත් යුදත් මහ සිටු තුමා පින්වත්


47 ගණන් දැනැ පුඬු කළ දනයෙන් සිවු පනස් කෙළ විසඳා රුවිනුදුළ8 නිසි වැ කැරැවු ලකළ පහ පෙළ


48 සෙවුනා සිවු වරම් සුවඳ මල් තුරු මන රම් බඹ ලොව එක තරම් බිජි වෙහෙරෙක් නමින් දෙව්රම්


49 පිළිමිණි සියල්ලේ බඳ එහි පවුර තුල්ලේ මිහි කත ගෙ දුල්ලේ සුරත ලූ වැනි සක් වළල්ලේ


50 වෙහෙර පහ මුදුනේ1 රන් කොත් දහස් ගණනේ නැඟි මිණි කැලුමෙනේ තමා රෑ දාවලැ යි නො දැනේ


51 සදහම් නදින්2 යුතු ඉඳු නිල් මිණි පහය මතු ලෙළරන්3 දද දිමුතු බලා මේ හැගි!4 මියුරු රඟ ගතු


52 දෑවාණ පහ පෙළ සරන පුහුදුන් සහ වැළ වඩනා ගුවන් තුළ5 උතුම් රහතුන් වෙනස නැති කළ


53 නොයෙක මිණි පැහැ දිලි තොරණ කිරණින් මනකලි වෙහෙරඹර ඇම කලි නො කල්6 දෙව් දුනු සියන්7 සිරිසිලි


	54			සපු නා පළොල්	දොඹ

කුසුම් සුව‍ඳෙහි මිහි අඹ බඹර කැල බඳ ලොබ නිබඳ නද දෙති එ වෙතැ වන ගැබ


55 එහි නද දෙන නිතොර1 පුරවි කෙවිලි මනහර සුගතිඳු මියුරු සර උගන්නා වැනි සිතින් ලොබ කැර


56 දෙසන බණ සඟ වැළ උගත් ගිරවුන් නිකසළ කියත ඉඳැ බිල තුළ තුරු දු බණනෙව් මගද ගා පෙළ


57 පිපි කුසුමෙන් සොඳුරු එහි රඳන එරහැඳි තුරු අසා බණ තොරතුරු පෙරෙවියා වැනි සිවුරු පිවිතුරු


58 සැදිගන නිල් කොළග හෙළ කඳිනුදුල එහි නුග මහ සමුදුර සමඟ වන්නැ එසැවුණු වතළ සුර ගඟ


59 කුඩ සහ සුපිපි නා පුවක් මල් වල් විදුනා සපු මල් පහනිනා කරන පුද වැනි එ වන සුරනා


60 අඹ මහරි මිදෙල් පියුම් සහ කොඳ ලොත් මල් පඬුරු ගෙන සයු කල් පිදු වැනි එක විට මැ දසඹුල්


61 වෙතැ නික මල් මහරු මුතු ලැල්1 ලකළ පියකරු පුසුල් කිණිහිරි තුරු සැදී බැබැළෙන රන් තොරණයුරු


62 පිය ගඳ සිහින් ගෙඳි කීණ දොඹ බෙලි අඹගෙඳි ලවඟ2 සල් සව්ගෙඳි සුපුල් වනයෙන් දනන් මන බැඳි


63 රසඳුන් සුනිල්ලන් වනන් කලඹන සුල්ලන් අඹ දලුයැ ලොල්ලන් හඬන3 තැනැ තැනැ මත කොවුල්ලන්


64 දෙව් දර තුරු අගරු තුවරලා මුල4 පිවිතුරු කෙළන5 මුව කස්තුරු යොහොඹු ලිය මඬු අවට විසිතුරු


65 පුල් මහනෙල් පියුම් රැඳි ඉඳු නිල් ඉවුරු බිම් රජ හස යුතු උතුම් පතැස් පොකුණින් සැදුණු6 මනරම්


66 සරන බිඟු ලොල්ලෙන් වගළ මුවරඳ හැල්ලෙන් දිමුතු සුදු වැල්ලෙන් සැදුණු වන පස මලා වැල්ලෙන්


67 සියපත් විල් අසල කොකුම් ලිය තල1 මනකල කපුරු තුරු කොබොලිල සඳුන් වනයෙන් ලකළ2 මලවල


68 වඳනා3 ලෙසැ මුනිඳු ආ බඹ උවිඳු4 සුරනිඳු කිරුළු මිණි රස් කඳු සැඳෑ වෙලෙ සිරි පෑ නො කල්හි දු


69 යසසින් ලොවැ පැතිර සියල්5 සත හට වැඩ කැර සතරින් බඹ වෙහෙර වසන සඳැ අප මුනිඳු එ වෙහෙර


70 දවසෙකැ නැණග පත් පෙරටු කැරැ හිමි සැරියුත් මිණි කවසින් දිමුත් ගඳැත් විලසින් සඟහු ගුණ වත්


71 සිරි බර දෙව් සබා විසිතුරු කැලුම් පසු බා මඬලෙහි දම් සබා රැස් වැ හිඳැ ලෙව් නුවන් පෙලඹා


72 “දියටෙක නෙතක් බඳු ඈවත්නි1 අප සුගතිඳු මුහුදෙව් ගැඹුරු රුදු නැණින් බබළන සේකැ පිරිසිදු


73 තද රත් කළ ය හුල2 නො පැකිලෙන මෙන් පරණල තතු මුළු නේ මඩල සෙයින් දැනැ ගත් සේකැ ඇතැඹුල


74 රා දොස් ද නුනුවණ මසුරු දුසිරිත්3 නොපමණ උසුන්මුලු4 කළ නැණ ඇති වැ වැජැඹෙන සේකැ5මුනි මෙණ


75 සුර ගුරු ද කණසර කපිල අක්පද මුනිවර දින වියස ඉසිවර දිනූ නුවණැති සේකැ පුවතර


76 සිවු වේ සත් මුහුදු පර තෙර පැමිණි වදිනිඳු කුළුදත් පොකුරුසඳු6 මෙ ඈ බමුණන් ද ලොවැ පරසිදු


77 සබිය සත්තක නම් මෙ ඈ පඩිනුදු මෙනුදම් අළවක යකු බිරම් දෙසු පුළුවුත් පැනු දු7 මනරම්

\\ 78 සක් දෙවිඳු ඈ මුරු බක බඹ ඇතුළු ලොවැදුරු දමා නුවණින් සරු කොනෙකැ අප මුනි රජ ති ලෝ ගුරු


79 දත යුතු දෙය1 සියලු නො වැළැකැ මැ2 දන්නා3 සුලු නුවණින් කළ එකලු කෙනෙකැ අප මුනි රජහු සිත් කලු


80 වැදැ අට පිරිස් මැද සී රජු4 මෙන් නො බා හිඳ තෙපලන දහම් කඳ ලොවෙක වියතෙකැ මුනි විසාරද


81 ති ලොවට එන උතුම් දෙ කෙළ නො පැමිණැ සදහම් දෙසූ මඟ අග බිම් තෙ විදු සිවු වෙසරදින්5 මනරම්


82 පස් ගති දත් නුවණ නුවණ ද ස සාදාරණ සත් බොජඟ දත් නැණ අටහ මඟ නව ලොවුතුරා නැණ


83 නැණින් යුතු දස බල එකොළොස ද දත් මෙත් පල දොලොසක් පස සියල තෙළෙස් දුහඟ ද6 මිනූ මනකල \\

84 බුදු නුවණැති තුදුස සරණ දහමැති පසළොස නාපන්සී සොළොස රුවා දත් සිත් සණ ද සතළොස


85 බුදු දහම අටළොසි සැලැකුම් නැණැති උනු විසි වසම් දිටු වත් විසි පසක් කැරැ දත් පැරුම් සම තිසි

86 කමටහන් සතලිස පනසුදය වැය නැණ ලෙස කුසලුත් වැඩි පනස දැනෙන සිවු සැට කලා මුල් පිස


87 සත් සැත්තෑ නුවණ අසූ නව සිත් දත් නැණ සයනු සමය නැණ සූවිසි කෙළ ලක් සමාපත් නැණ


88 අනතෑනය සමත1 පටන් නුවණැති සුනිසිත මුළු ලෝ අපිරියත සතුන් අදහස් දැනෙන පැන යුත


89 මහත් පස්2 තිළිණෙන සිවු සඟර සිවුදිටනින3 තෙ සර දස පැරැමෙන4 පහළ5 සුසිරි සිරින් පෙසෙසින


90 පමණ නැති සක්වළ සව් සත සියක් වරැ කළ පින් සිය දියුණු කළ කුසල් ඇති මුනි රජහු මුහු කළ


91 අනත නැණිනෙක දෙස කියනුව සිතනු ඇති ලෙස පර තෙර යන පිණිස අතින් පිහිනනු වැනි මුහුදු1 බැස”


92 අම බොන සුරන් ලෙස් නොමඳ වැ වෙමින් සොම්නස් බුදු නුවණෙහි වෙසෙස් මෙ ලෙස වහ සඟන පවසන2 බස්


93 මුනිඳු ලෝ සෙත් කළ බඹ විමන මෙන් සුලකළ මහ ගඳකිළි ඇතුළ යහනැ වැඩැ හිඳැ කොඳු පලසතුළ


94 පියකරු සිත සිතට3 මහ කුලුණු යුත් ඇම විට සමවතිනි නැඟැ සිට අසා දිව කන යොමා එ දෙසට


95 “දන් මේ මහ සඟන ම නුවණ වනති මෙ ලෙසින මැණිකක් මෙන් පසින වැසුණු නොදනිති නුවණ බ‍වයෙන”


96 එයින් දම් සබයට මම ගොස් එ බස1 මුල් කොට පෙර නුවණ පළ කොට කියමි සලකා ඇදුරු ති ලොවට


97 සක් රුවන හැරියද එ සක් ලකුණින් මනනඳ ඇසිරු කළ එව් සොඳ සරණ දෙරණතට දිගු කළ සඳ


98 සත් දහසක් විතර පෙති පතර ඇති මන හර සුවඳ මුවරඳ බර පියුම් පිටැ සිටැ නැඟුණු පැහැ සර


99 තෙත් ලා රසින් වර මුරුත මල් කලඹක් යුර විහිදින2 රස් පතර දෙ පට අඳනා සිවුරු සිරි බර


100 රන් කතුරෙකින් රත් පියුම් පෙති පෙළ පැහැ පත් කපන විලසින් යුත් වසා තෙ මඬුලු යොදා3 ඇඳගත්


101 සුරත් මහනෙල් වට රන් පමුයෙන් කරන වට විලසින් එ මතු පිට පටී දා බැ‍ඳැ දෙ පට සිරි කොට


102 රසුදුළ රත් පලස වසනෙව් රන් ඇගෑ පස නුග පල වන් සකස පෙරෙවැ මතු සිවුර රිසියෙන ලෙස


103 දෙ තිස් ලකුණින් පළ අසූ අනුවියදුන් ලකළ කොත් මල් සිරි ලකළ රුවින් තුන් ලෝ නෙත් විසි කළ


104 කැලුම් සඳ සුවහස පහන් දිවයුරු1 සුවහස දිලුම් බඹ සුවහස රුසිරු තුනු සිරිනිසිලි එ විගස


105 නව දෙව් දුනු වැලැඳි රන් වන් සුනෙර සිරි රැඳි පබ මඬලෙහි2 වොරැඳි සුගත රුසිරි3 වනත මුව මඳි


106 මේ ගබෙකින් නිකුත් සර පුන් සඳ සිරි ගත් ගඳ කිළියෙන් මහත් නිකමැ ගත් සඳැ මුනිඳු සිරිමත්


107 රන් වන් බුදුන් බඳ නික්මුණු දිලි කැලුම් කඳ යතුරු නළිනළ සොඳ කසුන් රස සේ අලු කෙළේ සෙද


108 මුනි දකුණු සිරිපද දම් සබ ඇතුළු කළ සඳ සවනක් රස් බපඳ නික්මැ පහකුළු වැසී විනිවිද


109 සදන වෙන් කස මල් වසනෙව් දියමෙරළි මල් අතුරන ලෙසිඳුනිල් කරන නවහම් මෙන් මොනර පිල්


110 විහිදි නිල් රස් කඳ මහත් සක්වළ ගිරි රද හිස පැනැ ගෙනැ එ සඳ දුවන්නට වන ඉතිරැ අනුබඳ


111 සපු පෙති සදන ලෙස කිණි හිරි මල් ඉසින ලෙස මුල නැඟුණු දඹ ගස කොමළ රන් දලුයෙන් වසන ලෙස


112 රන් වන් කැරැ අහස් පොළොව ද මුහුද එ මැ ලෙස් දවී1 රන් වන් රස් හෙළා හැලි2 සිය දහස් සුවහස්


113 සඳෑ3 ගන කැන් සැටි සිඳුරු බඳුවද මල් සැටි පියුම් රා මිණි සැටි සුරත් බුදු රස් ලොව වසා සිටි


114 දවහත් තරු අයුරු කලදෝ රස1 දහර යුරු සුදු බුදු රස් සොඳුරු කොළේ මුළු ලොව එකලු නිරතුරු


115 මදට වන් රස් කඳ කෙළෙ මෙර රතිඳු ගොවු බඳ කුල ගිරි මුරුනෙ’සඳ මදට දමු වන් කරන බුදු පුද


116 ඇති සියලු ලොවතුර පැහැය ගෙනැ ඇලැළූ යුර කැලුම් කඳ පබසර දිවී2 තල් කඳ පමණ මනහර


117 සවනක් පැහැ සිරි ලෙසැ සත් රුවන් ඇතිරි සළා දෙමිනැඹැ’රී දිවී2 නො පැකිලැ දිගතැ පැතිරි


118 වා පොළොවෙහි කිමිද ගැවැසී ගොසින් බවගැ ද මුළු සක්වැළැ විහිද දිවී2 රැළි දි මුනිඳු රස් කඳ


119 අතුරැ මහ සඟ රැස තරු පිරිවැරූ සඳ ලෙස සිහයසුන් උදා හිස මුනිඳු වැජැඹිණි තිලෝ පින් රැස


120 නව දිවයුරු උමුව පුල් සියපතෙව නවමුව සන් හුන් දුන්1 යොමුව බලා සිරිගන එ කලැ සඟ මුව


121 මහණෙනි රැස් වැ හිඳ කි පුවතක්යෙමිනුන්2 හු ද ඉති මියුරු කැරැ පද බසින් පිළිවින් සෙබෙන්3 එ මැ සඳ


122 එ තෙපුල් අමා ලත් මහ සඟ ගණට ඇතුළත් මහණෙක් යුතු වියත් සෙමෙන් නැඟැ සිටැ වෙමින් බැති යුත්


123 ඔබ මින් බිමැ පසඟ මුනිඳුට නැමදැ උතුමඟ මුහුලත් තඹර යුග පුදා අඩ දැණි වැ කි මෙ රඟ


124 “හිමි ඔබ නැණ වෙසෙස පැසැසැ උන්නමු3 සබ බැස කියා මෙ පමණ බස එ යති සන්හින් හැඳිනැ අදහස


125 එ අසා වැසි පෙරට සිනිඳු ගන ගුම් විලසට බඹ ගොස පහළ කොට මෙ වි කියනුව මුනිඳු පසුවට4


126 දැන් බුදුබව පැමිණ අරුම කිම ලත් මෙ නුවණ? බෝසත් වැ ද පොරණ පසිඳු වූයෙමි නැණින් නොපමණ


127 පුරවී නද මෙන් මියුරස නාදේ අකරත්1 ලකරින් විසිතුරු පාදේ මෙ තෙපුල් පැවැසි2 නැණ ගුණ මූදේ එ පවත් යැදි ලොල් සඟ ගණ පෑදේ


128 පැහැදුම් රඟ වන්නමිනුදුලාහා සිවු සස් නිමහම්3 යුතු නිමලාහා සිතියම් වන මේ රස තෙපලාහා එළැවී සවනා සබ4 සියලාහා