සිරි රහල් පබඳ-ඇඳිනැවීම
සිරි රහල් පබඳ යන්නෙන් මෙහි ලා ඇඟැවෙන්නේ තොටගමුවේ විජයබා පිරුවන් හිමි, සබස් පරම ඉසුරු, තෙවළා වදන් ඉසුරු සිරි රහල් මාහිමියන් විසින් බපඳ කරන ලද ගත් රැසයි. ඒ පරෙවි (කල රැවු) අස්න, කව් සේකරය, සැලළිහිණි අස්න, පඤ්චිකා ප්ර්දීපය බුද්ධිප්පසාදනී නම් වූ පදසාධන ටීකාව යන ගත් පසින් යුත් වෙයි.
සිරි රහල් හිමියන් ගේ පබඳ ලක් දිවේ ඉතා පසිදුයි. මහ පඬි රුවන් රැසෙකැ එළියෙන් සිරි ලක්දිව එළිය වූ කෝට්ටේ අවදියේ සිටි සෙසු වියතුන් ගේ බපඳට වැඩියෙන් සිරි රහල් හිමියන් ගේ බපඳ අගනේ වෙයි. හෙළ පස පිළිබඳ හොඳ දැනීමක් ලබන්නට රිසි මේ දිවයිනේ කවුරුත් එ බපඳ එදාත් කියැවූ හ. අදත් කියවති. බසට රැසට දෙසට මහත් වැඩ සිදු කළ මෙ මා හිමියන් ගේ පබඳ පමණට මැ පළ නො වෙයි ඔවුන් වහනසේ ගේ පුඟුලු පවත. කාත් සැක හැර දන්නේ නම් එ තුමන් දෙමටාන ගමේ කඳවුරු කුලෙහි උපන් කෙනෙකු බවත්, තොටගමු වෙහෙරේ වුසූ බවත්, එ වෙහෙරේ මැ වැඩැ සිටි උතුරු මූළ මහ තෙරිඳුන් ගේ මුනුබුරු බවත් යැ. එ සියල්ල කාත් දන්නේ එතුමන් ගේ මැ බසින් අසා යි. තමන් පැරැකුම් රජු විසින් දරු සනායෙන් වඩන ලද බව ද එ හිමියෝ මැ වදාරති. ඉන් වැඩි යමක් අපට දත හැකි වන්නේ අනෙක් තැනින් අසා දන්නට ලැබෙන පවත් අනුවැයි. දරු සනායෙන් වැඩීම එකෙකි. පුත් තනතුරේ සිටුවා වැඩීම අනෙකෙකි. යමකු යම් පැටියකු දරු සනායෙන් වැඩූ පමණෙකින් ඔහු ගෙන් පසු ඔහු ගේ දේපල එ පැටියා හිමි නො වන්නේයි. එ හෙත් යමකු යම් පැටියකු පුත් තනතුරේ සිටුවා වැඩුව හොත් ඔහු ගේ මරණින් පසු ඔහු ගේ දේපල එ පැටියා හිමි වන්නේ යි. පැරැකුම්බා රජු රහල් කුමරුන් දරු සනායෙන් වැඩුවත් එ රජු විසින් පුත් තනතුරේ සිටුවා වඩන ලද්දේ පිය පසින් පණික්කර පෙළ පතට අයත් සපු (චම්පක = සෙම්බග)
කුමරා යි. එ හෙයින් රහල් කුමරා සිය මුත්තණුවන් වූ තොටගමු පායේ රහල් හිමියන් ගේ දේපල (අට අරී සඟ පෙළින් උරුම දනය) තකා පැවදි බිමට පත් වූයේය.
සිරි පැරකුම්බා රජු ගේ මව වූ සුනෙත් දේවිය හට උපතින් හිමි පරවේණි බිම වූයේ රයිගම් පුරයි. නො දැමුණු අලගක්කෝනාර අදිපතියන් ගෙන් විපත් පැමිණෙතියි සැක බිය පත් ඕ තොමෝ තම නෑයන් වුසූ සිව් කෝරලයට සැඟී ගොස් එහි වුසු. එහි රුකුල් ගමැ ඇය රැඳී සිටිත් දී යි සවුලු පැරකුම් රජුට මුනුබුරු වූ ජය මහ ලෑන කුමරු හා ඇය පවුල් වූයේ. මෙ විටැ ඇගේ නෑයන් ගෙන් බොහෝ දෙනෙක් ද අලගක්කෝනාරයන් හට නො කැමැත්තෙන් පැලෑ ගොස් රුකුලේ ගම අවට රැඳුම් ගත්හ.
කල් යත් යත් නො දැමුණු නො හික්මුණු අලගක්කෝනාරයන් ගේ පිරිහීම පටන් ගත්තේයි. මේ අලහක් කෝනාරයෝ ගිරි වසෙහි වූ වන් නො වැ අලගක්කෝනාර නම බැදු මේණවර වසැ පබු දනෝ යි. ගිරිවසැ අලගක්කෝනාරයෝ වෙණෙඳ කුලැ දනෝ වෙති. උන් ගෙන් බිඳී ආවෝ වෙති ඉරුගල් පසැ ඇත්තෝ පණික් කරයෝ ඉරුගල් පසැ දනන් ගේ නෑයෝ යි.
අලගක්කෝනාරයන් ගේ බලය පිරිහෙත් මැ ඇසල් වැසි පබු දනන් ගේ ද ඉහළ වැඩි මහලු පෙළේ පැවිදි උතුමන් ගේ ද පිටු බල ලත් රුකුලේ පැරැකුම්බා තෙමේ සිය මව ගේ පරවෙණි බිම අත් කොටැ ගන්ට ඉදිරිපත් වූයේ බල පිරිස් සහිත මැ රයිගමට පැමිණැ එහි රැඳුණේයි. (ක්රිේ. ව. 1412). එහි ඔහුට සතුරු කමට යමකු නැඟී නො සිටියත් රජ බවට උරුම කියා පෙනී සිටින්නවුනුන් සැහැසි කමට සැදුණු වන මැ සිටන්නවුනුත් මැඩැලීමට අවුරුදු තුනක් සටන් කරනට සිදු වූයේ යි. එ සටන්හි යෙදී විපතට පත් සෙනෙවියෙකි අම්බුළුගලැ රැඳී සිටි පණික්කරයා. ඔහු පාවා ගෙනැ සිටියේ පැරැකුම් කුමරුට නෑකමින් නඟ වු කුමරිය බැවින් එ පණික්කරයා ගේ දෙටු පුත් සපු කුමරා ඔහුට එ අතිනුත් පුතෙකි. සතුරන් මැඬැ ජය ගෙනැ අබිසෙක් ලැබූ (ක්රිා. ව. 1415) සිරි පැරැකුම්බා තෙමේ සපු කුමරු තම හට පුත් තනතුරේ සිටුවා සෙනෙවි පදවියෙන් ද ඔහු සගති.
රහල් කුමරු රජුට නෑ වූයේ මෙහෙසියන් ගේ පසිනි. එ හෙයින් රජු ගේ දූ කුමරියන් ගේ පසට එ කුමරු ගේත් එ කුමරු ගේ පසට එ කුමරියන් ගේත ඇදීමක් ඇති වීම දහමෙකි. මෙහෙසියන් පසේ වූවන්ගේ අදහස වූයේ කෙසේ හෝ පණික්කර පසට රජ බව අත් වෙන්නට ඉඩක් නො තිබා මැකීමයි. පැවිදි බිමට පත් පසු වූව ද සිරි රහල් හිමියන් ගේ සිය නැ පසට ලැදි බැවේ වෙනසේක් නූවුයේයි. මුලින් මුලින් දෙ ගොඩේ මැ ඇත්තන් ගේ සිත් සන්හුන් වැ පැවැත්තේ රජු ගේ සොහොවුරු කුමරා සිටි හෙයිනි. සිංහලයන් ගේ පෙර සිරිත් නයින් ලත් යුවරද බව ඇති වැ එකුමරා මායාදුනු නුවරේ රැඳී සිටියේ යි. රජ බව පිළිබඳ වැ අවුලක් පැනැ නගින්නේ ඔහු ගේ ද ඇවෑමෙනි. සිරි පැරැකුම් රජුට සඳවත, ලෝනා (උලකුඩය) යි දුන් දෙදෙනකු මිසැ උරෙයි දා පුත් කුමරෝ නුවූ.
1 පරෙවි අස්න
සංස්කරණයඑ පවත් එ අයුරින් පවත්නා සෙමේ දි යි රහල් හිමියන් පරෙවි අස්න (කල රැවු සඳෙස) පබඳ කෙළේ. එ හිමියන් කඳ කුමරු ගෙන් වර ලැබැ සිටුනා බවෙක් ද එහි සඳහන් වෙයි. කඳ කුමරා නම් යුදට අදිපත් දෙවියායි. මේ හිමියන්, ඔහු ගෙන් වර ලැබුයේ කුමකට ද යනු දන්නට නැති. එ කුමක් වූවත් පරෙවි අස්න කිවි කම්හි වර ලැබීමට කළ බපඳ යි. එය රසයා ඇත්තේ රජු ගේ දූ වූ සඳ වත් කුමරියට සරි කලෙන් (පණික්කර කුලෙන් නො වෙයි, ඇයට සරි ලන කුලෙන්) තමන් ද වර ලැබූ කඳ කුමරු සදිසි හිමියකුත් , පුතකුත් ලැබෙන්නට සලසන සේ දෙව් නුවරේ රැඳී සිටිති යි සලකනු ලබන උපුල්වන් දෙව් රජු අයදින්නට පරෙවියකු ජයවද්දන පුරේ සිටැ එහි යවන අයුරක් අඟවමිනි.
iv
‘මෙ ත් කැරැ මෙ ලක රකිනා දැරුමෙන් කිරුළු
පු ත් රුවනක් දෙන ලෙස අයදින් යහළු’
යන්නෙන් මැ ඇඟැවෙයි පුත් රුවනෙකැ මෙ හැටි ඇවැසීමෙක් ඇයි ද යනු.
අස්නින් පැතුවා ඉටු නො වූයේ යි. සඳවත් කුමරියට මෙලොවින් හමියකු නොලැබෙන තුරු මැ ඔ ළු ලෝ ගියා.
පරෙවි අස්නේ රැසැයුම මැදුම් පමණේ සිටි. පබඳ කරුවාණන් ගේ කෝඩු බව එහි නො එක් යෙදුම් අසරින් පෙනේ. වෙසෙසින් ඒ පළ වන්නේ දෙව් රුව වැනිමේ දී යි. වැනුම්වලින් වැඩි හිරියක්, පබඳ කරුවාණන් පෙරැ අසා හදාරා මතක ඇති වැනුම් මැ පෙරළා පැවැසුම් බව ඉතා පළයි. ඒ මෙ වකට නිඟා ලැබියැ යුතු, පවතක් වෙතත් එ වකට පැසැසුම් ලැබෙන සිරිතෙකි. එ මෙ දා නිගැනුම් ලැබියැ යුතු වන්නේ එ වන් පවතින් නිමැවීමේ හැකියාව පිරිහියන හියිනි. එ දා පැසැසුම් ලැබුයේ එයින් බපඳකරු හදාරා ඇති ගත් රැස පළ වූයෙනි. රහල් හිමියන් කෙළේ එ වකට කිසිවකුත් වරදැයි නොකියු දැයකි. බුදුන් වදාළා මැ පුනපුනා දෙසීමට පවත කොටැ ගත් පැවිදි රැසේ කෙනකුන් එ වකට කිසි කෙනකුන් අතින් බුහුමන් මැ මිසැ අවමන් නො ලත් සිරිතෙකැ පිළිපැදීම ද වරද, එ සේ නැත් නම් ඒ නිගැනුම් ලැබියැ යුත්තක් බව ඉර හඳ සේ පළ වැ පවත්නා මෙ දවසේ මහ වියතුන් හැටියට නීවරණ ලබා ඇත්තවුන් ඒ මැ කිරීම ද? එ කොයි හැටි වෙතත් ඕනෑකම් කළා නම් එ නො පැසුණු වියේ දී වුව ද සිරි රහල් හිමියනට සැලැකියැ යුතු හැටියට වැනීමක් කිරීමේ හැකියාවක් පැවැති බව :-
“ එ තැ නි න් ත යත විලිකුන් කෙම් වැලැ සැදුණු
සො බ ම න් එ ඇල් ගෙවීයෝනන් ගේ දිලුණු
පැ හැ ස න් දසන්වනරට හෙයිනි පැරැදුණු
වි ල සි න් දිසි යැ ගෙලෙ වැල ලා ගෙනැ එලුණු”
ඈ පරවි අස්නේ ඇති පැදිවලින් පෙනේ.
V
පරෙවි අස්න පබඳ කරන ලද අවදිය සදහන් කොටැ නැති. එ හත් ඒ ජයවද්දන පුරේ වෙහෙරේ වනරතන මාහිමියන් වැඩැ සිටියැ දී කරන ලද බව,
‘වනරතන මා හිමි වඳු සහ මහසඟන’
යන්නෙන් පෙනේ. මේ වනරතන මා හිමියන් කෑරගල පිරිවෙනේ වනරතන මාහිමියන් නොවන බව සැලැකියැ යුතු යි.
2. කව් සේකරය
සංස්කරණයසිරි රහල් හිමියන් ගේ මහත් මැ පැදි බපඳ නම් කව් සේකරය යි. එය පැරැකුම් රජුට සිවු තිස් වැන්නේදී කරන ලද බව එහි මැ සඳහන් වෙයි. එ වනාහි එක් අතෙකින් කවෙකි. තවත් අතෙකින් දහම් පොතෙකි. සත් බතුරු දාව මුල් කොටැ ගෙන කරන ලද එ කවේ ඉතිරියක් සහිත තුදුස් සගෙක් වෙයි. දඹදිවේ කිවියන් ගේ වැනුම් එහි කොතෙක් වත් ඇතත් මහ කවක් පිළිබඳ වැ එහි ඇදුරන් පහළ කොටැ ඇති නියායන් රහල් හිමියන් පිළිපන් බවෙක් නො පෙනේ. මෙහි මුසු විරිත් සග කිහිපයක් දක්නට ලැබේ. ඒ එහි නියායනට එකඟ නො වෙයි. පබඳට මුල් කොටැ ගන්නා ලද කතා පුවත, දහම් සතර ඈ දැය පැවසීමට ඉඩ ගනීමෙන් කිහිප පළෙකින්සිඳැ ඇත්තේ යි. සිතුරු බැඳුම් දුකර බැඳුම් පිණිසැ වෙන් කොටැ ගන්නා ලද සගෙක් මෙහි දක්නා නො ලැබේ. එ අයුරු හිස් බැඳුම් ගැනැ සිරි රහල් හිමියන්ට සිත යොමු කළ බවෙක් නො පෙනේ. ඇති තාක් සිහළ ගැදි පැදි පබඳ පොතින් ද, පසිදු තාක් දඹදිවේ ගැදි පැදි කව් පොතින් ද, දහම් සතර, ඈ පොතින් ද ගන්නා ලද පවත් මෙහි දක්නට ලැබේ. පබඳ ගැනැ රහල් හිමියන් මැ ද බොහෝ ආඩම්බර වූ බව :-
‘මෙ කියන වදන් රැස
කිවිහු මැ දනිති ගුණ දොස
දන්නා තැනට මිස
වෙසෙස නො දැනෙයි රුවන් කතු ලෙස’
vi
යන්නෙන් මැ පළ වෙයි. පොතට ‘කව්සේකරය’ යන නම දෙන ලද්දේ ද මෙ හිමියන් මැ විසිනි.
පොතේ අවසන් සග සැකෙවින් අබිදහම් නය ගෙනැ ඇරැ දැක්වීමට වෙන් කොටැ ගෙනැ ඇති.
තුදුස් වන සගින් පසු ඇති ඉතිරි කොටස සිරි පැරැකුම් රජු ගේ පරපුර ඉතා සැකෙවින් දැක්වීම පිණිසැ වෙන් කොටැ - ගෙනැ ඇත්තේ යි.
පබඳ කරන ලද්දේ, හෙළු බසින් පද බැඳැ සොඳ බණක් කියන සේ උඩකුලය දේවිය ආරාදනා කළ හෙයින් බව පළමු වන සගෙහි දී සඳහන් කොටැ ඇති. එයට කව් ලකර එක් කිරීම හිමිපාණන් ගේ රිස්ස වනැ.
‘රජ රුවන මන රඟ සිවු සැට බරණ හා ඇඟ තේරි පෙනෙන රඟ දැනේ කිවි ලකර හා බණ මඟ’
යැ යි මේ හිමියෝ මැ වදුරති, තම බපදේ ඇති කව් ලකරත් බණ මඟත් දෙක වෙන් වෙන් වැ පෙනී යන අයුරු. මෙහි පායා පෙනෙන්නට සලස්වන ලද්දේ මුනි උතුමන් විසින් කොටන ලද, මහ සවුවන් විසින් සෙවුනා ලද බණ මඟයි. එ සේ මැ වෙසෙස් කොටැ පෙන්වන ලද්දේ පෙරැ මහ කිවි ඇදුරන් සරසවියට පළඳවා හැඩ නිල බලා තුටු වූ කව් ලකර යි. පෙර ඇදුරන් ගේ ගත් හැදෑරීමේ දී වෙසෙසින් තම සිතට කා වැදුණු තන් රහල් හිමියෝ මෙ බපඳෙහි ගන්වා දක්වති. එ හෙයින් මේ පෙරැ ගත් කරුවන් ගේ ඇම බපඳින් රස ඇති කොටස් ගෙනැ සඟරා කරන ලද අපූරු ගුරු පොතක්, (නැන්නම් කව් සඟරාවක්) හැටියට සැලැකියැ හැකි යි. දඹදිවේ කවර කිවියකු ගේ වූව ද කියමනක් දෙකක්, ලක්දිවේ කවර කවියකු ගේ වූව ද කියමනක් නිදසුන් පිනිසැ මෙ පබඳින් උපුටා දැක්වියැ හැකි යි. නුගත් මැ පෙළේ, උවසුවකු ගේ උවැසියක ගේ සැදෑ බැතිය පුබුදු කැරැවීමට සමත් වන :-
vii
‘දන් සිල් බාවනා
පින් දෙනු අනුමෝදනා’
ඈ විසින් පැවැසෙන ඉතා පළ පුරුදු බණ පද සේ මැ, මැදි පෙළේ දහම් දතුවන් ගේ සිත් සරම කරවන :-
‘කම් නැමැති කුඹුරේ එ සිත් බිජුවට නො හැරේ අවිදු කස වපුරේ උපදි තණ පින් මෙ කඳ අකුරේ ’
ඈ තෝරා බේරා සිතට ගත යුතු දහම් පද ද මෙහි ඇත්තේ යි. ඉහළ මැ පෙළේ දහම් දරුවන් හට වුව ද සිත එකඟ කරවන්නට සලකා බැලියැ යුතු
‘සසර දොස් විසිඳින් නිරෝදය නම් නිවනි සැපවන් ’
ඈ ගැඹර දහම් පද ද, මෙහි ඇති. ඒ බණ මඟ අතින්.
කව් ලකර අතින් ද ඉතා පළ උපමාව, මැදි පෙළේ වියතුන් ගේ රිසි වඩන රූපකය, ඉතා සියුම් ඉඟි අරුත යන සියල්ලට නිදසුන් මෙහි ඇත්තේ යි.
කවරකුට කවර තැනෙකැදී වුව ද දෙසුමක් කිරීමේ දී නිදසුන් පිණිසැ ‘බුද්ධ භාෂිතයක්, ඍෂිභාෂිතයක්’ හැටි යට ගෙනැ ඇරැ දැක්වීමට උපුටාගත හැකි පැවැසුම් මෙහි ඉතා බොහෝයි. පැරැණි සිරිතේ හැටියට හැදුණු ඇදුරකු, හැදෙන සිසුවකු, පුතුන් දුන් ඇති පියකු, පති කුලයට යන අඟනක, ගෙ හිමියකු, ගේ හැඹුවක, ඈ විසින් කවරකු කවර වූව ද දතයුතු දැයි මෙහි ගප් කොටැ ඇත්තේයි. මේ බපඳ කිරීමට බොහෝ දැය ගන්නා ලද්දේ පද්යක චූඩාමාණික්යදයෙන් යැයි අයෙක් පවසති.
කවර මගේ මලිනුත් රොන් රැස් ‘කොටැගෙනැ බැඳි’ මියක් සේ කවර පබඳිනුත් සිත් ගත් සරිය ඇසුරු කෙරෙමින් බපඳ කරන ලද මෙ කව අසුවල් පොත ඇසුරු කිරීමෙන්ගොතන ලද්දේ යැයි පැවැසීම කොළොඹ
vii
කටු ගෙට බොහෝ දේ ගන්නා ලද්දේ සුමනක්කා ගේ ආප්ප කඩෙන් යැ’යි කිමට ද වැඩි විහිළුවෙකි. කව් සේකරයට අරත් ගන්නා ලද බපඳ නො වෙයි දක්වන්නට අමාරු; නො ගන්නා ලද බපඳයි.
3. සැලළිහිණි අස්න
සංස්කරණයකව් සේකර කරන ලද්දේ පැරැකුම් රජුට සිවු තිස් වැන්නෙ දීයි. සැලළිහිණි අස්න කරන ලද්දේ ඒ රජුට පන් තිස් වැන්නේ දී යැයි එයට සන්නයක් සැපැයූ ඇදුරුවරයෝ පවසති. පළමු වර ලවන්නට අසුන් කවක් ද කොටැ එයින් ඉක්බිතිවැ ‘විශ්ව කෝෂයක’ වන් මහ කවක් ද කළ සිරි රහල් මා හිමියන් එ දෙකට මැ පසු වැ කළ සැලළිහිණි අස්න, රැසැයුම, බසෙහි සිලිටි බව, නිමැවුම්හි සියත් බව යන මේ සියල්ලෙන් පළමු දෙ පබඳට වැඩියෙන් උස් වැ සිටීම පුදුමයෙක් නො වේ. මේ සැබැවි රෙසෙන් අඩුවක් නැති බොරු ලකරින් බොහෝ දුරට තොර පහන් ගුණෙන් යුත් පබඳෙකි. එහෙයින් එහි අරුත් රසය සේ මැ පද රසය ද ඇත්තේ යි. එහෙයින් එදා සිටැ මෙදා තෙක් සැලළිහිණි අස්න අන් ඇමට වැඩියෙන් මෙ දිවි වැසියා ඇසුරු කරන්නේ. අන් ඇම අසුන් කව් ඔබා මෙය අරුතින් ලිහිල් වැ පවත්නේ යි. එහෙත් පැරැණි සන්නයෙකින් සගැනුම් ලත් අපේ එක් මැ අසුන් කවත් ඒ මැයි. එයින් පෙනී යන්නේ එය අන් ඇමට වැඩියෙන් එය මෙ දිවයින් වැසියා ඇසුරු කළ බවයි.
මේ අසුන් කව රසයා ඇත්තේ උලකුඩය දේවින් හට පුත් රුවනක් දෙන සේ, එ දේවිය ගේ හිමියා වූ නන්නූරු තුනයා (මිණි සන්හස්) මැතිඳුන් වෙනුයෙන් කැලැණියේ විබිසණ දෙවියා යදිනු පිණිසැ සැලළිහිනියකු (ජයවද්දන පුරේ සිටැ කැලැණි පුරට) යවන අයුරක් පළ කිරීම විසිනි. එ නිමිත්තෙනක් උලකුඩය දේවීන් හට පුත් රුවනක් ලැබුණු බව පැරැණි සන්න කාරයෝ කියති.
ix
සැලළිහිනි අස්නේ සිලිටි බවත්, සෙසු කිවියන් ගේ වැනුම් පෙරළා පැවැසුම් විසින් කරන ලද පැදි එහි අඩු බවත්. එහි අගට එය එ හිමියන් කළ බවට (එ හිමියන් මැ යෙදු) හනක් නැති බවත් සැලැකීමෙන් මෙය කරන ලද්දේ සිරි රහල් හිමියන් විසින් නො වෙයි, නන්නූරු තුනයා විසින් යැ යන ඇඟීමක් මින් තිස් වසකට පෙරැ ඇති වූ පිබිදිමේ දී නො එක් අය ගේ සිතේ පහළ වූයේයි. එහෙත් ඒ නිකම් ඇඟීම් මතක් මිසැ පළ වීමෙක් නො වේ. මේ ඇඟීම් මත ඇත්තක් කොටැ මවා පාන්නට නිකම් පේන කීම් මිසැ දෙස් බසක් මෙතෙක් කිසිවකු විසිනුත් පවසන ලද්දේ නො වේ.
අ: සැලලිහිණි අස්නට සන්නයක් සපයන ලද්දේ මෑතැ පඬිවරයකු විසින් නො වෙයි, ඈතැ පැඬිවරයකු විසිනි. ඒ පඬිවරයා සැලළිහිණි අස්න කළ අවදිය ද, එහි විපා විසින් උල කුඩය දේවිය පුත් රුවනක් ලත් අවදිය ද ඉඳුරා කියන්නට දත් තැනැත්තෙකි. එසේ වු ඔහු තමා විසින් සන්නයක් සපයනු ලබන අසුන් කව කරන ලදදේ කවුරුන් විසින් දැයි කියන්නට ඉඳුරා නොදන්නකු නො වියැ හැකියි. එය කරන ලද්දේ නන්නූරුතුනයා විසින් නම් එ බව ඔහු නො දන්නට හේ එ යට කොටැ ලන්නට හෝ කරුණු නැති. නන්නූරුතුනයා විසින් කරන ලද කව සිරි රහල් හිමියන් විසින් කරන ලදැයි ඔහු පවසන්නේ කවර ඉසුරකට ද?
ආ; සිරි රහල් හිමියන් පරෙවි අස්නත්, කවි සේකරයත් බපඳ කිරීමට කව් අරුත් බෙහෙිව්න ගන්නා ලද්දේ සකු පබඳින් බවත් සැලළිහිනි අස්න බපඳ කිරීමට සකු බපදින් කව් අරුත් ගැනැ නැති බවත් සලකා එ අනුසරින් සැලළිහිණි අස්න සිරි රහල් පබඳක් නොවන සේ දැක්ම වැඩි දුරැ නොවිමැසිමන් කැරෙන්නෙකි. පරෙවි අස්නටත් කව් සේකරයටත් කව් අරුත් බෙහෙවින් ගන්නා ලද්දේ සකු බපඳින් යැයි කීමඅමු බොරුවෙකි. එ දෙ පබඳට මැ කව් අරතු සිංහල පොතකින්ද සරි සරියේ ගෙනැ ඇති. සිංහල පොත් සිහි
x
නුවණින් යෙදී කියවා බලන්නෙකුට ඒ පෙනෙනු ඇති. නිදසුන් පිණිසැ පෙරවි අස්නේ,i පෙර නිමිති, ii උදා වැනුම්,iii සැදෑ වැනුම්,iv දෙව් රද වැනුම්,v දෙව් නුවර වැනුම්; කව් සේකර යේ i, 106-116 iv, 23;vi. 49-54;vii. 31;viii. 6; x 78-85 ඈ තන් විමසා බැලියැ යුතු.
සැලළිහිණි අස්නේ පැදි සියල්ල මැ සියත් යැයි කීම ද ඉතා දුඹුල් දෙස් බස් දීමෙකි.
‘ත ව ර කැරැ කොකුම් සඳනෙන් තුනු සියල ප ව ර සුවඳ මල් දම් පැළැඳ මනකල බැ හැ ර සිතු නුලු හිමිනඹුවො කෙළි ලොල එ පු ර ඉඳිති සඳපානේ සඳලුවල ’
යන සැලළිහිණි අසුන් පැදියේ සියත් බව සිංහල පත් පොත් කියවා ඇති අයට විසුළු යි.
‘යදගාරඝටාට්ට කුට්ටිම ස්රාවදින් දුපලතුන් දිලාපයා මුමුවේ න ප්රරතිව්ර්තෞචිති ප්රුතිවන්ද්රෝිදය මග්රතගඩ්ගයා’
යන සකු බපඳ අසා ඇත්තකු :-
‘උද යග පියුම්රා පැහැ වැදැ මෙන් රැඳුණු පෙර දිග පෙනෙත සඳ සඳ කැල්මෙන් දිලුණු මන රඟ එ පුරැ සඳකත ගෙහඹින් වැඩුණු සුර ගඟ පතිනි දම් රැකුමෙහි වැනි දැපුණු ’
යන සැලළිහිණි අසුන් පැදියේ සියත් බව සලකන්නේ උවහස් පෙර දැරි වැ යැ. මගේ ඇඟීම නම් නන්නූරුතුනයා මහතාත් මෙය අසා නැති යනුයි.
ඇ: අනෙක් ඇම පබදේ සිය නම සඳහන් කළ සිරි රහල් හිමියන් සැලළිහිනි අස්නේ පමණක් එය නො සඳහන් කෙළේ කවර හෙයින් ද, එ අස්න තමා ගේ එකක් හැටියට නැති වැ නන්නුරුතුනයා මැති ගේ එකක්
xi
හැටියට සැල කැරැවුයේ කවර හෙයින් ද යනුත් මෙහි දී සැඳැහැවෙන්නෙකි.
සිරි රහල් හිමියෝ පැවිදි බිමේ සිටියහු ද මේ විමසු වනට වඩා මැනවින් ගිහි මිනිස් දහම දන්නෝ යැ, ඇඳුනන්නෝ යැ. අබුන් බුනක නඟක උදෙසා හිමියකු පුතකු අයැදීම බෑයකු මලකු විසින් කළ යුත්තෙකි. ගිහි මිනිස් දමින් එහි ඔහුට සරසෙක් නැති. එහෙත් පති කුලයට ගිය බූනක නඟක හට පුතකු අයැදීම ඇගේ බෑයකු මලකු හට තිබා පියා හට ද වර නැති නැහැදුණු කමෙකි. උලකුඩය දේවිය නන්නුරුතුනයා හට අමු වූ පසු ඇයට දරුවකු දීම හෝ දෙවාගනීම හෝ කළ යුත්තේ ඔහු විසිනි. හිමියකු ඇති ලියකට දරුවකු දීම දෙවියන් විසින් වුව ද කළ යුත්තේ ඇගේ හිමියා ගේ අවසරිනි. සිල්වත් මෙහෙසනට සුරුඳා වූව ද දරුවන් දුන්නේ එ මෙහෙසන ගේ පියා ගේ හො බැයන් ගේ මලුන් ගේ හෝ අවසරින් නො වැ, එ මෙහෙසන ගේ හිමියා වූ ඔකාවස් රජුගේ අවසරිනි.
උලකුඩය දේවිය ගේ ආරාදනයෙන් (පැරකුම් රජුට සිවු තිස් වැන්නේ) සිරි රහල් සිහියන් විසින් පද බැඳැ වදාරන ලද කව්සේකර බණ එ දෙවිය ඇසු බව :-
‘ලියන කිවන ලෙස දන්නා මගද එළු බස විසිතුරු නුවණ රැස සොඳුරු ගුණ යස පතළ දස දෙස
සසිරි ලක සිරි සඳ උලකුඩය රජ දූ සොඳ පද බැඳැ කියන ලද මෙ බණ ඇසුවෝ සිතින් මනනඳ ’
යන්නෙන් එ හිමියෝ මැ පවසති.
බණ ඇසූ වෙහෙර මහ දේවිය බණ දෙසූ තෙරුන් හා කතා කළ හැටි :-
xii
‘ තදා තථේව කත්වා සා සඩ්ඝත්ථේරස්ස සන්තිකේ නිසීදි ධම්මං දේසෙන්තෝ ථේරෝ තං ඉදමබ්රමවී.
“ මහා සම්පත්ති තුම්හේභි
ලද්ධාය පුඤ්ඤකම්මුනා
අප්පමාදෝ ‘ව කතාබ්බෝ
පුඤ්ඤකම්මේ ඉදානි’පි.”
‘ ඒවං වුත්තේ තු සා ආහා:
කිං සම්පත්ති අයං ඉධ
යේසං නෝ දාරකා නත්ථි
වඤ්ඣා සම්පත්ති තේන නෝ ?” යි
(ම.ව. xxii. 30-32)
මහානාම හිමියෝ වදාරති.
ඉතින් සිරි රහල් හිමියන් පද බැඳ - වදාළ බණ ඇසූ වෙහෙර මහ දේවිය සේ මැ - පුතකු නැති බැවින් තැවෙමින් එ අවැසියායෙන් මිරිකෙමින් සිටි උලකුඩය දේවියත් එ දුක සිය නෑ; සිය පසැ හිමි පාණනට සැළ කරන්නට ඇතිවාට කවර නම් සැකයෙක් ද? එ බණ ඇසීමට සුවිසි වසකට පෙරැ සිංහල නාමාවලිය පද බැඳි බව,
‘ සකවසිනේක් දහස් තුන් සිය තෙ සාලිස නෙක සඳ කිරණ වන් යස පතළ දස දෙස සිරි පැ පියුම් පිළිමල් රජ නැමූ හිස පැරැකුම්බා නිරිඳු දස වන වෙසක් මස
මෙ මැ නරනිඳුන් නිසි ලෙසැ දවසරිඳු සඳ නන්නුරුතුන් මිණි සන්හස් මැතිඳු සඳ පර වැඩ යෙදී තෙරුවන් මුදුනතැ පැළඳ කවියෙන් කෙළේ නාමාවලිය මනනඳ ’
යැයි පවසන නන්නුරුතුනයා හා බැඳී මෙ විටැ දිගු කල් වූව ද තම හට පුතකු නො ලැබීම සපු මල්පසට ඉබේ මැ
xiii.
රජය පැවැරී යාමට කරුණු වන හෙයින් එ දේවිය වෙසෙසින් දුක් වන්නට ඇති. නන්නූරුතුනයා එ නාමාවලිය කරන අවදියේ විසි වියේ සිටියේ නම් මෙ විටැ හේ සුසැළිස් විය පිරී ඇති මිනිසෙකි. එ වන් වියකට නො පත් වන තුරුත් දරුවකු නොලැබීම ඇත්තෙන් මැ දෙවියන්ට කියැයුත්තෙක් තමා.
උලකුඩ දේවිය පුතකු නො ලැබීමෙන් දුක් වනු දුටු සිරි රහල් හිමියන් විසින් ඇයට කැලැණියේ විබිසණ දෙව් රජු ගේ පිළිසරණ ලබා දීමට නැමීම පුදුමයෙක් නො වේ. එ හෙත් එ පිළිසරණ යැදීම කළ යුතු වන්නේ ඇය ගේ හිමියා විසින් මිසැ තමා විසින් නොවන බව දන්නා; දහම් නය සේ මැ ලෝ සිරිත ද අඳුනන එ හිමියෝ එ දෙවියා අයැදීම, එ කැරැවියැ යුතු තැනැත්තා වූ නන්නූරුතුනයා ගේ නමින් මැ වනසේ සැලැසූ හ. එ හිමියන් කොටැ වදාළේ කළ යුත්තෙක් මැ යි. එද කළ යුතු හැටියට මැ යි.
එක් මැ ගුරුළු දැමි උවසු මහතා ගේඅමාවතුර ගතත් ‘ධර්ම ප්ර දීපිකා’ බපඳත් අතරැ ඇති වෙනස පමණට මහත් නො වෙයි සිරි රහල් හිමියන් ගේ සෙසු පැදි බපඳ දෙකත් සැලළිහිණි අස්නත් අතරේ ඇති වෙසෙස් බව.
පරෙවි අස්නේත් කව් සේකරයේ දක්නට ලැබෙන මුණුවරින් මඳෙකුත් වෙනස් නො වෙයි සැලළිහිණි අස්නේ දක්නට ලැබෙන මුණුවර,
‘ ඔ ළ මොළ රුපුන් දප මැඩැ පෑ උපා නැණ ක ළ මුළු ලක් දිවැ එක සේසත් සෙවණ ’
(සැල: 97)
යනු, ගිය අවුරුද්දේ පද බැඳි බණෙහි වූ :-
‘ තැන තැන නො එක රණ ජය ගෙනැ පෑ උපා නැණ එක සේසත් සෙවණ කෙළේ සිරි ලක තෙදින් අපමණ ’
යන්න මැ යි.
xiv
අස්නක් පවසන්නට මුල පුරන සිරි රහල් හිමියන් පවසන් නේ ඉතා සැබැවි අයුරිනි. පරෙවි අස්නෙන් සැලළිහිණි අස්නත් එහි පවත් ඒ දෙ තැන එක් මූණුවර ගනී. අස්නක් දෙවියාට සැළ කොටැ එය දෙව් මෙහෙසියනට හා පුත් දෙවියාටත් සඳහන් කරන්නට යැ යි කීම ‘සිරි රහල් හිමියන් හට’ මැ ඇරුණු, පුරුදු පුවතෙකි. එහි දි දූ සැලළිහිණි අස්නේ පෙනෙන්නේ පරෙවි අස්නේ මූණු වර යි. දූතයා කුසල් පැනයෙන් උදම් කැරැවීම සැල පරෙවි යන දෙ අස්නේ මැ එක් අයුරු යි.
‘ ත මා ඉටු මිතුරු කරනි පැමිණි වර ප මා නො වෙති සුදනෝ මෙත් කයැටකැර ’
(පරෙවි:)
යන පරෙවි අස්නේ මිතුරු දම් සැඳැහීමේත්,
‘ මිතු රු තුමෝ දුක් සැප දෙකෙහි මැ පැවති බිතු සිතුවම් රූ මෙන් පිටු නො පවිති ’
(සැල :)
යන සැලලිහිණි අස්නේ මිතුරු දම් සඳැහීමේත් දක්නට ලැබෙන්නේ එක් මුණුවර යි. දෙ වැන්නේ වෙසෙස මූ කළ බව පමණෙකි.
ජයවද්දන පුර වැනීම අවසන් කොටැ ඇත්තේ අසුන් කව් දෙකේ මැ එක් අයුරෙකිනි.
‘ රැඳි රජ මිතුරු මහ සෙන් උවිඳු කිවි ගුරු සුවිමල් කමල් සර මින් දද දන ඉසුරු යුතු හරි සඳු නිරිඳු විජයොත් පහ නෙ සුරු මෙ ලෙසින් මෙ පුරවර පුරඳර පුර අයුරු ’
(පරෙවි)
‘ සො ඳු රු සිය නදන් අනුතුරු දෙසැ සිටින කි නු රු නිස සරන් කදහස වෙතැ නොවන ඉ සු රු දන ද සිය නිකෙලෙස් තැනැ රඳන උ තු රු දිගිඳු පුර දිනි මෙ පුර වැජඹෙන ’ (සැල:) xv
යන එ දෙකේ මැ ඇත්තේ එක් මූණුවරෙකි. දෙ වැන්න මඳක් මූ කළ බව පමණක් වෙසෙසකට පෙන්නයි. සිරි රහල් වාහිමියනට ඉතා හුරු පුරුදු වැනුම් නිරයෙකි ඒ පරෙවි අස්නේත් සැලළිහිණි අස්නේත් මූණුවරෙහි දක්නට ලැබෙන වෙස තුරුණුවකු ගේ මුහුණුවරේත් තතන් පතුවකු වූ, ඉක්බිති වැ ඔහු මැ ගේ මුහුණුවරේත් දක්නට ලැබෙන වෙනසින් අමුතු නො වෙයි.
පුතකු පිණිසැ විබිසණ දෙවියන් අයැදීම නන්නූරතුනයා ට කළ හැකි වි නම් ඔහු එ පිණිසැ මෙ තෙක් කල් බලා නො සිටිනු නියති. නාමාවලිය කරන විටැ දු හෙ තෙමේ උලකුඩය දේවිය හා විවා පත් වැ සිටියේ නම් මේ විටැ පුතකු පිණිසැ කෑ තැතට පස් විසි වසක් ඉක්මැ ගොස්යැ.
සැලළිහිණි අස්න කරන ලද්දේ මීට පළමුවෙනැයි කීමට ද ඉෙඩක් නැති :-
‘ බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන බල සේනානායක සපු කුමරු එන ’
යන්නක් එහි සඳහන් හෙයින්.
සෙනෙවි සපු කුමරු ගේ සඳහනින් ඇඟැවෙන්නේ ඔහු යාපා පටුන ඔබන්නට දෙ වැනි වරට ගොස් එන ගමනෙකැයි අදහන් නෝ කොවුල් අස්න සැලළිහිණි අස්නට පළමු බපඳ කළ ලෙසක් හඟිති. සෙනෙවි සපු කුමරා යාපා පටුන මඬින්නට දෙ වරක් ගියහ යි හැඟීම අනන් මනන් දොඩන රාජාවලි කරු ගේ බස් වරදවා වටහා ගැන්ම නිසා වන්නෙකි. සපු කුමරා දෙ වරක් යාපා පටුනේ සටන් කළේ නැති. මහ රජු ගේ නියොවින් සටනකට ගිය සෙනෙවියකු සටනින් පසු පෙරළා මහ රලු වෙතැ පැමිණැ, කළා වූ ඇම පවත් දක්වා විත්ති ඔප්පු කැරැ සිටීම සිංහල ආණ්ඩු සිරිත යි. එ සිරිත නොපවත්තවන සෙන්පතියා සැහැසි බව පළ කරන්නෙකි. යාපනයේ යුද දිනා (ක්රිත. ව. 1449) පෙරළා පැමිණැ විත්ති ඔප්පු කිරීම ගැන
xvi
පහන් වූ මහ රජ තෙමේ ඔහු යාපා පටුනේ ආණ්ඩුකාරයා හැටියට පත් කොටැ එහි යැවී (ක්රිහ. ව. 14500) . කොවුල් අස්න යැවුණේ යාපා පටුන ආණ්ඩු කරමින් සිටි සපු කුමරු මිසැ සටන් දිනා සිටි සපු කුමරකුට නො වේ.
‘ උ න් ආරිය සක්විති රජ දැහැ දුරට දැ න් වැජඹෙන යාපා පටුන තිර කොට න න් සිරි යුත් සපු මල් රජ කුමරිඳුට දෙ න් මෙ හසුන් ගෙනැ ගොස් ම මිතර සතුට ’
යන්නයි කොවුල් අස්න පවසන්නේ.
සැලළිහිණි අස්න බෙහෙවින් දනන් කෙරේ පළ වූයේ එයින් අදහස් කරුණු කාරිය ඉටු වීම නිසා යැයි කීම රූමත් තුරුනුවියක දෙසැ දනන් ඇස් යොමු කරන්නේ ඇගේ සුසිල් බල මහිමය නිසා යැයි කීමට නො දෙ වැනි වන විසුළුවෙකි. ඇත්ත නම් එහි ඇති මිහිටි බව, සිලිටි බසින් රසයන ලද බව, සරල බව, දිගු පබඳක් නො වන බව යන කරුණු නිසායි එය වෙසෙසින් කාගේත් ඇසුරට පත් වූයේ. බැහැරි ගත් පිළිබඳ මනා දැනීමක් නැති අයට සිරි රහල් හිමියන් ගේ සෙසු පබඳ වටහා ගැන්ම අසීරු වෙයි. සැලළිහිණි අස්න වටහා ගැන්මට එ වන් අසීරුවෙක් නො පැමිණේ. එහි පැදි මිහිරියට ගැයීම ද කළ හැකියි. ඒ සිලිටි බැවේ වෙසෙස මේ එක් නිදසුනින් පෙනී යනවා ඇති.
‘ නි ල් දුම් යොන් වැළෙව් ගුම් ගත් මිහිලොලුන ම ල දම් යුරුවෙළෙප් යුතු වෙළෙමින් ඉඳින පො ල් හෙම් තැඹිලි පුවකුගු රඹ වන සොබන ව ල් අම්බලමැ ඉඳැ සැතැපෙමිනි යාගන ’
(පරෙවි :)
‘ ම ල් දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි ක ල් ගිම් නිවා සැනැහෙන සිහිලස රසිනි කො ල් ගම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි ව ල් අම්බලම දැකැ යාගන සහතොසිනි ’
(සැල :)
xvii
සකු බසින් කරුණු ‘මේඝ දූත’ නම් අස්න එක් යකකු විසින් යවන හැටියට යි රැසැයි ඇත්තේ. එය කරන ලද්දේ ‘කැලිදස්’ නම් කිවියා විසින් බවයි දඹදිවේ ඇදුරන් අදහන්නේ. එහෙත් නන්නූරුතුනයා විසින් යවනු ලබන අස්නක් හැටියට බපඳ කරන ලද සැලළිහිණි අස්න නන්නූරුතනයා මැති විසින් මැ කරන ලද සේ අපි සලකමු නම් ‘මේඝ දූතය’ අර යකු විසින් කරන ලද්දක් කොටැ එ නයින් සලකන්නට සිදු වේ.
පඤ්චිකා ප්රිදීපය
සංස්කරණයජයවද්දන පුර කෝට්ටේ අවදියේ දී සිරි රහල් හිමියන් පඬි සිළුමිණි වූ සේ මැ එ හිමිපාණන් ගේ රැසැයුම්හි සිළුමිණ වන්නේ පඤ්චිකාප්රිදීපයයි. එ හිමිතුමන් ගේ ගත් නැණ, වදන් පති බව :-
‘සත්ථන්තරේව විවිධෙ සමයන්තරේ ච භාසන්තරේච සකලේ පිටකත්තයේ ච ආවේරභාවමූපගම්ම භාජම පීතිං’ යනු
ඇත්ත මැ බව පිළිබිඹු වැ දිස්නා කැට පතක් වන් මේ පොත අපේ රැසට අගනා අත්සරු දැයෙකි. බස, වියරණය, වදන් නය, දසුන් යන දැය පිළිබඳ සපිරි ‘විශ්ව කෝෂයක්’ බඳු වූ මෙ පොත කරන ලද්දේ සිරි පැරැකුම්බා රජුට පන්සාලිස් වැන්නේ (ක්රිබ. ව. 1460) දී බව :-
‘තස්සේව වස්සේ නවපඤ්චකස්මිං රජ්ජෝදයා කත්තිකපූණ්ණමායං........’
ඈ විසින් එහි මැ සඳහන් වෙයි. එහි දැක්වෙන්නේ පැරැකුම්බා රජු අබිසෙක් ලැබූ අවුරුද්ද නො වැ රයිගමැ වෙසෙමින් රජකම් කරන්නට පටන් ගත් අවුරුද්ද යි. එහෙත් වෙසෙසින් පසිදු වන්නේ කව්සේකරය, පැපිළියානේ සන්නස, මහ සමන් දෙවොල් සන්නස, සද්ධර්ම රත්නාකරය ඈ තන්හි සඳහන් වන (අබිසෙස් ලැබූ) වරසර (ක්රිස. ව. 1415) යි. මුගලන් පඤ්චිකා නම් මගද වියරණයට එළියක් විසින් සපයන ලද මේ පොත
xviii
පිළිබඳවැ, මෑත අවදියේ සියුම් සිහිනුවණිනුත්, සකු බස පිළිබඳ දැනීමෙනුත් පසිදු වැ වැජඹි පඬි රුවන වූ, කොළොඹ හලාවත දෙදිසායේ නායක පදෙවි ලත් දහම් කිත් සිරි දම්රම් (විදුලකර පිරුවන්) හිමි පාණෝ මෙ පොත පිළිබඳ වැ මෙ සඳහවති.
“මුගලන් පංචිකාවට ග්රවන්ථිපදවිවරණසවරූපවූ පංචිකා ප්රමදීපය නම් නිබන්ධග්ර්න්ථය සිංහල භාෂාවෙන් රචනා කරන්නාවූ මේ ආචාය්ය්රමෙ පාදයන් විසින් පණිතජන විස්මාපනීය වු අර්ථව්යාාඛ්යාකන විධි නිරූපිතය. චාන්ද්රා පාණිනීයව්ය්කරණයන්හි පැනෙන යමක් පංචිකාවෙහි දක්වන ලද්දේ නම් ඒ මේ සූත්රී වර්තතක භාෂය පැ ඉෂ්ටි උප සංඛ්යාදනයන් ඒ නිසායයිද වෙසෙසා නිරූපණය කරන ලද්දේය. න්යාය වෛශෙෂිකාදි තාර්කිකයන්ගේ මත ද සුදුසු තන්හි ප්ර කාශිතය. පංචිකා කර්තෘහු විසින් සංස්කෘත වෛයාකරණමතාවලම්ඛනය නොකළ තැන්හි තදනුගත යුක්.්යාින්තර ද විස්තර කරන ලද්දේය.
පංචිකාප්රහදීපගත ග්රයන්ථ නාමාදයි.
ග්රින්ථ කර්තෘර
චාන්ද්ර්පංචිකා (සංස්කෘත)...රතනමතිපාද (රතනශ්රී ඥාන) පංචිකාටිකා (පාළි)...සඬ්ඝරක්ෂිතමහාස්වාමි සරස්වතීකණ්ඨාභරණ (සං)...ශ්රීරභොජදෙව මනොරථපූරණි (පා)...බුධඝෙෂ මහාස්වාමි න්යාථයසාරපද පංචික (සං)... රූපසිඩි (පා)...බුධප්රිඝයමහාස්ථිවර කච්චායනවුත්තිවණ්ණන (පා)...විමලබුඬිමහාස්ථිවර න්යාායප්රපදීපිකා (පා)... පාණිනීව්යා්කරණ (සං)...මහාර්ෂි පාණිනී (පාණිනීය) ලඝුවෘත්ති (සං)...පුරුෂොත්තමදෙව සාරස්වත (සං)...(අනුභූතිස්වරූප) රුදුර්ගසිංහවෘත්තිපංචික (සං)...ත්රි ලෙචනදාස පාත්රීගකරණටිකා (සං)...බුධනාගස්ථවීර රූපාවතාර (සං)...ධර්මකීර්තිපාද කාතන්ත්ර (සං)...ශර්වදචර්මම පදාවතාර (පා)...ශ්රීකශාරිපුත්ර්මහාස්වාමි හලායුධකොශ (සං)... හලායුධ මහාභාෂ්ය (සං)...මහර්ෂිපතංජලි භාගවෘත්තීපංචිකා (සං)...ශ්රීෂධරාචාය්ය්ෙ අමරකොශ (සං)...අමරසිංහ
xix
ග්රකන්ථ කර්තෘ.
(රූපසිඩිටිකා) (පා)...බුඬප්රිියමහාස්ථවිර ප්රකයොගයිඬි (පා)...වනරතනමහාස්වාමි නිරුක්තනිබන්ධ (සං)... (පාණිනීය) පංචිකා (සං)...ජිනෙන්ද්රවබුශිපාද ශ්ලොකවාර්තික (වාක්යංපදීය) (සං)...(හර්තෘහරි) චොලිතකොග (සං)...චොපාලිත සාරසඩ්ග්රතහ (සං)... භාගවෘත්ති (සං)... යාදවප්රතකාශ (සං)...පරිව්රා.චකයාදව ගණිතශාස්ත්රක (සං)...මානාහිමි බයාමලු විරීනසන්යාරය (සිං)... කාශිකාවෘත්ති (සං)...ජයාදින්ය . (වාමන) අභිධර්මෘකොෂ (සං)...(ධර්මකීර්තිපාද?) නිරුක්තිමඤ්පූජා (පා)... රූපසිඩිසන්යපගැටපද (සිං)... භාෂ්යඩප්රදීප (සං)...කෛයටාචාය්ය්ප ශබ්දනීති (පා)...(අග්රසවංශාචාය්ය්ට නිරුක්තිපිටකං (පා)... වූළනිරුත්ති (පා)...යමක මහා ස්ථිවිර මහානිරුත්ති (පා)...මහාකෘත්යාමයන ස්ථවිර වාර්තික (සං)...කාත්යාායන මුනි සමෘති (සං)...(මනු) අනුන්යාතස (සං)... (න්යාස) (සං)...(ජිනෙන්ද්රසබුඬිපාද) ෙදසාධන සන්යර (සිං)...(ආනන්ද මහා ස්ථවීර ජාතක ගැටපද (සිං)... දෙමළජාතික ගැටපද (ද්රා( )... හරතශාස්ත්රග (නාට්ය.) (සං)...(භාරතමුනි) ජාතකගාථාසන්ය (සිං)... කසයින් පිටපත (සිං)... රුවන්සූත්රපඅටුවා ගැටපද (සිං)... විශූඩිමාර්ගතසන්යට (සිං)...(පණ්ඩිතපරාක්රභමබාහු රජ) රූපසිධිසන්යඅ පිටපත් (සිං)... විනය ගැටපද (සිං)... හෛෂ්යගමඤ්පූෂා
සන්යප (පුරාණ) (සිං)...
අමරසිංහසන්යධ (සිං).. බාලාවතරතා (සිං)... (මහාභාරත) (සං)...(වෙදව්යා.ස) චන්ද්රාව්යාිකරණ (සං)...ශ්රී චන්ද්රගොමි පාද රාමායණ (සං)...වාල්කිමි ගෘඩ්ගාරප්රතකාශ (සං)... ස්ථවිරිඅපදාන (පා)... ජාතකඅටුවා (පා)...(බුද්ධඝොෂමහා ස්වාමි) ජාතකපාළි (පා)... මාගධිකාශබ්දකලිකා (පා)... සර්වශගුණාකර මහා ස්ථවිර
xx
ග්රධන්ථ කර්තෘ.
වෛජයන්තිකොෂ (සං)... දෛවඥමුඛමණ්ඩන (සං)... (අෂ්ටාඩ්ගහෘදයසංහිතා) (සං)...ෛවද්යමපතිබාහට තාර්කිකරක්ෂා (සං)... බාර්හස්පත්යා (සං)...(බෘහස්පති) වෘත්තිසමුද්දෙශ (සං)... අමරකොශශෙෂ (සං)... ත්රිොකාණ්‍ඩශෙෂ (සං)...(පුරුෂොත්තම්දෙව) [කිරාතාර්ජුනීය] (සං)...ශ්රී)භාරවි [ශාකටායන ව්යායකරණ] (සං)...ශාකටායන වෛශෙෂිකදර්ශ න (සං)...(කණාදමුනි) න්යාෂයදශන (සං)...(ගොතමමුනි) රත්නමති පචිකලඩ්කාර (සං)...ශ්රීමශාරිපුත්ර්මහාස්වාමි කවිකාමධෙනු (සං)...සුභූතිචන්ද්රම ශබ්දාථිචින්තා (සං)...
“මේ ආදි ග්ර්න්ථනාමයෙන් හා කර්තෘතනාමයෙන් ද නිර්දිෂ්ට උපදෙශරාශියෙකින් මේ පඤ්චිකාප්රනදීපය සමලඩ්කෘතය. ග්ර්න්ථ නාමාදිය නොගෙන අවිශෙෂයෙන් දැක්වූ න්යාරය පරිභාෂාශ්ලොකවාක්ය ද බොහෝ තැන්හි පෙනේ. පඤ්චිකාප්රයදීපයෙහි “වර්ථනකුමනිර්දෙශවන්නිරර්ථකම්.” යන අක්ෂපාදසූත්‍රය පුමුඛකොට අනියමින් දක්වන ලද්ද වාත්ස්යාදයන භාෂ්ය තර්කග්රසන්ථයෙහි දක්නා ලැබේ. හේ ඊට ස්වල්පමාත්රායක් වෙස් නමුදු භාෂ්යන වචනමැයි සැලකිය යුතුය. ඒ මෙසේයි:
“වර්ණක්රකමනිර්දෙශවන්නිරර්ථකම්” 5. 2. 8.
යථා නිත්යඃර ශබ්දඃ කචටතපඃ ජබගඩදශත්වාත් ක්ධභඤ් ඝඪධෂ්වදිති.” යනුයි.
එම පිටේ අනන්තරොක්ත පාඨය ද මඳක් වෙනස් ලෙස වාත්ස්යාවයන භාෂ්යටයෙහි ම පැනේ. එ මෙසේ යි:
“පෞර්වානපය්යාේ යොගදප්රවතිසම්බන්ධාර්ථමපාර්ථකම්.” 5. 2. 10.........යථා දශ දාඩිමානි ෂඩපූපාඃ කුණ්ඩමජාජානම් පලලපිණ්ඩඃ”යනුයි.
xxi
ව්යාපකරණමහාභාෂ්යාාදියෙන් මේ පොතට ගන්නා ලද පාඨද මෙකලැ බරණස්යා්දියෙහි මුද්රිඃත පොත්හි පැනෙන ලෙසට අසමානපාඨයෙන් බොහෝ තැන දක්නා ලැබේ. ඒ එසේ වූයේ ලෙඛකදොෂවශයෙන්මයයි සිතිය නො හැකි ය. දක්ෂිණාත්යුයන් ගේ පොත් පත් පෙර ලක්දිව බහුලව පැවති බැව් විසර්ග්ස්ථානිය ශෂසොච්ඡාරණ බහුලත්වා දියෙන් හැ‍්දඟේ. දක්ෂිණාතයන් ගේ පොත්පත් මධ්යග දෙශාදියෙහි පොත් පත් හා පාඨ වශයෙන් මෙ කල්හි ද විසදෘශ ය එහෙයින් පාඨවිශෙෂ වගයෙනුදු යථොක්තවෛෂම්ය්ය වියයි සලකමු.”
මෙ පොත ඇඳිනිමට ඒ මැ පමණි.
බුද්ධිප්පසාදනිය
සංස්කරණය මෙ වනාහි මුගලන් වියරණය ඇසිරින් කරන ලද ‘පදසාධන’ නම් වූ මගදක වියරණ පොතට මගද බසින් මැ කරන ලද ටිකාවෙකි. මෙය කරන දවස්හි සිරි රහල් හිමියන් සඟ රජ වැ වැඩැ සිටි බව :-
‘සෝ වාවිස්සර සංඝරාජ පවරෝ ව්යාබක්යාාසි ටිකං ඉමං’ යන්නෙන් පෙනෙයි. පොත කරන ලද්දේ ගහතළා කරඹවළාන් පරපුරේ ‘දීපංකර’ නම් හිමිපාණ කෙනකුන් ගේ ආරාදනයෙන් බව එහි මැ සඳහන් වෙයි. එ වකට කිත්සිරි මෙවන් කැලණි වෙහෙර හා පස් පිරිවෙන් ඇසුරු පැවදි උතුමෝත් ගභතළා කරඹවළාන් පරපුරේ වූ රයිගම් පෙදෙසේ සිරි ගනානන්ද පිරිවෙන් වැසි පැවදි උතුමෝත් මහනෙන් පැමුළ පසේ උතුමෝ යි. ‘සිරි රහල් හිමෙියෝ සිය මුත්තණු රහල් හිමියන් සේ මැ උතුරුමුළ පසේ උතුමෝයි.
‘නත්තා උත්තරමූළ රාහුල මහා ථෙරස්ස සික්ඛා ගරු’යන්නෙන් ද පළවෙන්නේ ඒ මැයි.
‘බුද්ධිප්පසාදනී’ ටීකාව කළ අවුරුද්ද එහි සඳහන් වැ නැත්තේ යි. එයින් පෙනෙන්නේ එ වකට සිරි පැරැකුම්බා රාජු දිවමනු ලොවේ නො සිටි බවයි. සිරි පැරැකුම්බා
xxii
රජුට පළමු එ රජ සොහොවුරු මායාදුනු නුවරේ යුව රජු මළ හෙයින් රජු ගේ අවෑමෙන් ජයවද්දන පුරේ රජ බව පැවැරුණේ උලකුඩය දේවිය හට සැල ළිහිණි අස්නෙහි ආරාදනා ලැබූවිබිසණ දෙවිඳු දුන් පුතා වූ ජයබා කුමරාට යි. එ හෙත් රජු ගෙන් පසු (එ රජු සොහොවුරන් නො සිටි තොත්) රජ බව අත්විය යුත්තේ ඔහු ගේ පුතුට බවත්, ඒ හෙයින් ඒ රජු ගේ (වඩා ගත් හෝ) පුතා හැටියට රජ බව ලැබියැ යුත්තේ තමා හට යැ යි සැලැකූ සපුමල් කුමර තෙමේ වහා යාපා පටුනෙන් අවුත් ජයබා රජු ඇද දමා ‘සිරිසඟබෝ සිරිබුවනෙකබා යැ යි අස්වාරජ තන්පත්තෙයි. (ක්රිය. ව. 1472) එ හෙයින් ජයබා පසෙහි වූ සිරි රහල් හිමියෝ රජුන් ඇසිරින් ඉවත් වූ හ. බුවනෙකබා නිරිඳු රජු හැටියට නො පිලිගත් සිරි රහල් හිමියෝ ඔහු රජ තන් පත් වසක් සඳහන්නට නො කැමති වූයෙන් එ දවස්හි කැරුනු ‘බුද්දිප්පසාදනී’ ටීකාව කළ අවුරුද්ධ එහි නො යොදු හ.
මෙ විටැ යස උදා වූයේ මහනෙන් පැමුළැ පසට යි. ජයබා රජු ඇදැ දමා රජ තන් පත් බුවනෙකබා රජ තෙමේ තමා ලක්දිවේ රජ බවට පත්තේ සිරි පැරැකුම් රජු මළ අවුරුද්දේ මැ බව පළ කෙරෙමින්, තම හට අහිමි රජ බවක් ලත් ජයබා රජු ගේ ආණ්ඩුව පැවැති අවදිය වසා ලන්නට යි ඇම විටැ බැලුයේ. ජයබා යැයි රජකු සිටි බවක් සඳහන් වෙනවාට හේ කැමැති නො වී. ඇත්තේ හැටියට නම් ඔහු රජ තන් පත් වූයේ ජයබා රජුත් තුන් වසක් රජ කතම් කළ ඉක්බිති (ක්රි . ව. 1472) යි. එ හෙත් ඔහු සඳහන් කරන්නේ තමා සිරිපැරැකුම්බා රජු ගෙන් පසු (ක්රි).ව. 1469) මහ රජ තන් පත් බව යි. එ හෙත් ඒ සෙසු ගත් කරුවන් විසින් නො කළ යුත්තෙකි. මෙ දවසැ වර පත්තේ මහනෙන් පාමුළැ වීදාගම හිමියන් හටයි. බුවනෙකබා රජු යාපාපටුන් යත් දී ඔහු හා එහිදු වැඩ වදාළ බව :- ........ සිරිසඟබෝ ශ්රීි බුවනෙකබාහු චක්ර වර්ති ස්වාමි යාපා පටුනේ වැඩ එහි දී මැදින් දින පුර පසළොස්වක් දවස්හි විදාගම ශ්රීු මෛත්රීි මහනෙත් පාමුළ
xxiii
මහ තෙර සාමින් ගෙන් බණ අසා මෙ කියන සාමීන්ට සන්තෝසව.......’ ඈ විසින් අරම් කැලේ සන්නසෙහි සඳහන් වෙයි. එ රජුට තුන්වැන්නේ බුදුගුණ අලංකාරය කළ එ හිමියෝ :-
‘ ස ම තැ ස් මුනිඳු පිරිනිවි වසැ පටන් ලද දෙ ද හ ස් පසළොසක් අවුරුදු ගෙවුණු සඳ දි යගො ස් පතළ බුවනෙක බුජ නිරිඳු සඳ පි රි ව ස් තුනෙහි සිරි ලක රජ බිසෙව් ලද’
ඈ විසින් අපූරු විදියකට එ නිමැවූ අවුරුද්ද සඳහන් කෙරෙති. මේ දෙ දහස් පසළොස බුවනෙකබා රජු රජ තන් පත් අවරුද්ද සේ ගනු රිසියනට එ සේ ගන්නට ද, එය එ රජුට අවුරුදු තුන පිරුණු අවරුද්ද සේ ගනු රිසියනට එ සේ ගන්නට ද ඉඩ සැලැසෙන සේ තිබීම නිසායි මා එයට අපූරු විදිය යැයි කීයේ. මෑතැ සිටි සිරිමත් දොම් බාරොන් ජයතිලක ආදීහු මෙ දෙ වැනි විදිය බැදුවෝයි. කොඩ්රින්ටන ආදීහු පළමු වන විදිය බැදුවෝයි.
ආණ්ඩුවක පෙරළුණු විට එක් පළමු අවදියේ පළ වැ සිටියවුන් නො පළ බවට පැමිණිම ද දහමෙකි. මෙ පෙරැළියේ දී විදාගම හිමියෝ පෙරට නැගී ආහ. සිරි රහල් හිමියෝ පසුබා ගත්හ. තමන් නො කැමැති ආණ්ඩු වෙකැ පෙරමුණේ සිටීම එ හිමියනට රිසි නො වී. එ වුව ද එ තුමන්ගේ දැනීමට එයින් හානියෙක් නො වී.
‘එවෙහෙරැ රඳන නීති - දියතුළ පතළ යස ගොස කඳවුරු කුල තඹුරු පොබයන දිනිඳු යුරු වැඩකරු උතුරු මුළ මහ තෙරිදු මුනුබුරු කුළු කිවිමුළු වරණ - දප් කුඹු බිඳි කෙසර යුරු තෙවළා සත් රුවන් හර පැළැදි උර තමා තෙවළා වදනිසුරු විජයබ තොරිඳු තුමා සබා සමුව ලොවැ වෙසෙසින් පෙනුණු ලෙස සබාස කව් බැඳැ උන් සඳ තො පිවිස සබා සිරිඳු සපු මල් කුමර වැනු යස සබාසයෙන් අස්නක් ගෙනැ යමි පවස’
(කොවුල්)
xxiv
ඒ කීයේ සිරි රහල් හිමියන් වැනීමට මැ සැරැසුණු ගිරා අසුන් කරු හෝ සෙසු සිසූ කෙනකු හෝ කී බසෙක් නො වෙයි. වෙසෙසින් සපු කුමරු ගේ පසෙහි වූ එ කුමරු ගේ වැඩ වැඩුම පතන :-
‘සැපතින් දිනිඳු සිමි සඳ දැන් ඔබට
ඔප තුනු සිරින් යුත් පත් තෙනෙ තනත්රට’
යැයි සපු කුරමු පැරැකුම් නිරිඳුට සැදැහැවූ ‘ඉරුගල්’ කුලෙහි වූ තිලක පිරිවෙන් පති තුමන් විසිනු යි එ පවසන ලද්දේ. එදා ඇයි; අද වුව ද ලොබ නැති වැ අන් ඇඳුරකු සඳහන් වියතුන් මෙ දිවයිනේ හිඟ බව පළ පවතෙකි. තමන් ගෙන් අනෙක් පිලෙකැ වූ පිරුවන් පතියකු විසින් කරන ලද එවැනුම බොල් එකක් නො වියැ හැකියි. සිරි රහල් හිමියන් ගේ සබස් පරම ඉසුරු බවත් තෙවළා වදන් ඉසුරු බවත් ගැන එදා පැනයක් නුවූ බව මීන් පෙනේ. ඔවුන් වහන්සේ ගේ තෙවළා වදන් ඉසුරු බවත් ගැන එදා පැනයක් නුවූ බව මින් පෙනේ. ඔවුන් වහන්සේ ගේ තෙවළා වදන් ඉසුරු බවටත් වදන් පති බවටත් අනුන් ගේ දොස් නැතත් ඒ ඇදැහීමට අපට පඤ්චිකා ප්රවදීපය මැ පමණ වෙයි. සබසක් පිළිබඳ වැ අපට යමක් නො කියැ හැකි වෙයි. ඔවුන් වහන්සේ විසින් බඳනා ලද ‘සබාසා කව්’ අද අපට දක්නට නැති. එ හෙත් පාණිනි මුනිවරයා බඳු වියරණ ඇඳුරකු ගේ නියායයන් බොල් කරන්නට දිරිමත් වන පමණට (දෙව් බසැයි කියන) සකුව අඳුන ශ්රී රාමචන්ද්රන භාරතීන් වැන්නවුන් සිසු බව්හි සිටුවන පමණට දැනීමෙන් සරු පඬි කෙනකුන් හබ එකියන බස් යස අඳුනන්නට පිළිවන් වීම අරුමයෙක් නො වේ.
1. සංස්කෘත 2. ප්ර්කෘත 3. මාගධි 4. ගෞරසේනි 5. පෛශාවි 6. අපංභ්රිශ
යන නම් සයෙනි එ බන් සැඳැහෙන්නේ. එයින් ‘සංස’කෘතය වියතුන් විසින් සකස් කොටැ ගන්නා ලද කතා
xxv
වහරේ නො ඇසෙන බසෙකි. එය මෙහි අදත් පළ කෙනකි. සෙසු පස ඇත්තේ හැටියට නම් ඒ ඒ පියෙසේ මිනිසුන් ගේ හුරු කමේ හැටියට උසුරු වීම වෙනස් වූ එක් මැ බසෙකි. ඒ එක එකේ වෙනස ඇත්තේ උසුරු වීමයහි යි. අප ‘රාලහාමි බල්ලා බැඳැලා ද? යන්න වඩක්කර මිනිසකු ලා කියවතොත් අපට ඇසෙන්නේ ඔහු ‘ලාලාමි වල්ලා වැන්තලා ත’ යි කියන්නා සේ යි. ඒ උසුරු කිරීමේ වෙසෙස් බවක් මිසැ අමුතු බසෙක් නො වෙයි.
‘සකුයෙහි යෙදෙන කාර්ය යන්න අපේ මිනිසා උසුරු කරන්නේ කාරිය කියායි. සූරසේන රට වැසියා එදා එය උසුරු කෙළේ ‘කජ්ජ’ යන්නෙනි. මගද මිනිසා එය ‘කය්ය’ යැයි උසුරු කෙළේයි. ආර්යයනුද එ නයින් අප ‘අරිය’ යන්නෙන් ද සූරසෙන් රට වැසියා ‘අජ්ජ’ යන්නෙන් ද, මගද මිනිසා ‘අය්ය’ යන්නෙන් ද අස්වනු දහමි. ඔන්න ඔය අයුරු වෙසෙසෙකි එ කියන මුල් බස්හි පැවැත්තේ වියත් බමුණා ගේ ‘ආර්ය පුත්රි!’ යන්න සූරසෙන් වැසියා ‘අජ්ජ උත්ත’ යැ යි ද මග රට වැසියා ‘අය්ය පුත්ත’ යැ යි ද උසුරු කළහ. ඒ ඒ පියෙසේ වහරේ පැවැති බස්හි වෙසෙස දැක්වීමට සකු වියරණ ඇඳුරෝ සිය ගත්හි වෙන මැ සගක් ගෙවු හ. ඇද හින්දි යැයි වහර වන්නේ කෙමෙන් වැඩුණු ශෞරසේනිය මැයි. ප්රා.කෘත යැයි සැඳැහුණු (මහා රාෂ්ට්රිණය) බස තමා අද ‘මරාථ’ දනන් වහරකරන්නේ, අද අප ‘වංග’ යැයි අඳුනන බස ඇතිවූයේ ‘මාගධී’ නම් වූ ‘ප්රනකෘතයෙනි’ පෛශාචියෙහි ලකුණු දක්නට ලැබෙන්නේ අපේ බසේයි. අපභ්රංරශය යනුවෙන් ඇඳින්වෙන්නේ කිසි වියරණයකට නැති නිකම් අමු මැ අමු වදන් රැසෙකි. ආදි උතුරු දඹදිවේ වියත්හු සංස්කෘතය දෙවියන්ටත් රුසියන්ටත් සුදුසු බස හැටියට සැලැකූ ප්රාඋකෘතය කින්නරනටත්, පෛශාචිය පිසසුනටත්, ගෞරසේනිය සූරසෙන් රට වැසියන්ටත් අපග්රංාශය අශිෂ්ටයන්ටත් ඇරුණු සේයි ඔවුන් සැලැකූයේ සකුව සපුරා ඇඳුනන පඬි කෙනකන් හට ට වදන් දක්නට හැකි වීම පුදුමයෙක් නො වේ. එ හෙයින් සිරි රහල් හිමියන් ගේ සබන් පරම ඉසුරු බවට පැනයෙක් නැති.
xxiv
ජයබා පසෙහි වූවන් බුවනෙකබා රජුගේ දෙමළ පරපුර ඉදිරිපත් කිරීමෙන් ඇති කළ ‘සිංහල සංගේදම’ යි දන්නා ලද ඇගළය (ක්රිර. ව. 1475) නිසා දිවයිනේ සන්හුන් බව සිඳී ගියෙන් සිරි රහල් මාහිමියන් ගේ පමණක් නො වැ සෙසු හිමිපාණවරුන් ගේත් පත් පොත් කිරීමාදී කටයුතු ඇනැහිටියේයි. සිංහල සංගේදම දිවයිනේ නො එක් තැනැ පුබුදනන්ගේ නැඟී සිටීමක් මිසැ දිවයින් වැසියා ගේ පොදු නැඟී සිටීමෙක් නො වී එ සේ වූයේ සපු කුමරු ගේ පිය පස සේ මැ ජයබා කුමරු ගේ පිය පසත් දෙමළ බව රට වැසියා දැනැ සිටි හෙයිනි. එහෙත් බුවනෙකබා රජුට ඔහු මල් අම්බුළුගල කුඩා කුමරු ගේ උදවු නො ලැබෙන්නට සතුරන් ජය ගැන්ම නො හැකි වන තැනට කරුණු සැලැසී පැවැත්තේ යි.
මේ සංගේදම පවත්නා විටැ මැයි මෙයින් උපසපන් බව ලැබැගෙනැ යන්ට බුරුම රටින් පැවැදි උතුමන් පැමිණියේ. (ක්රිට. ව. 1476)
‘තස්මිංපන වල්ලිගාමේ ගුරුවි නාම සීහළයාමව්වෝ රඤ්ඤා දාමරිකකම්මං කත්වා පටිවසති. තස්සා නාවාය සම්පත්ත කාලේ පන සීහළරඤ්ඤෝ කණිට්ඨහාතා නාවාහි රූහෝ යෝධාහිරූළ්හානි බහු නාවාහි සද්ධිං තේන දාමරිකා මච්චේ සද්ධිං යුජ්ජනත්ථාය භීයාසි. තතෝ සෝ අමච්චෝ හීතෝපටියුජ්ජිතුං අසක්කොන්තෝ තම්භාගාමා නික්ඛමිත්වා පලායිත්වා වනං පාවිසි,’ ඈ විසින් එ පවත ‘කල්යායණ’ සෙල් ලිපියෙහි සඳහන් වේ. එ සෙයින් උපසපන් බව පතා මෙහි පැමිණි බුරුම පැවිදි පිරිසේ අදහස් ඉටු කිරීම රජු විසින් පවරන ලද්දේ සඟ රජු වූ රහල් හිමියනට නො වේ. තමහට ඇරතින් දහමින් උවදෙස් දෙමින් සිටි වීදාගම මෙත් මහ තෙරුන් හටයි. රජු ගේ එ පැවැරුම පිළිගත් වීදාගම මෙත් හිමියන් දහම් කිත්, වන රතන, පස් පිරිවෙන් වැසි මංගල සීහල රාජයුරාවාචාරි ය ඈ මහ තෙරුනට එ පිණිසැ ආරාදනා කළා මිසැ සිරි රහල් මා හිමියනට ආරාදනයක් කළේ නැති. කළත් රජු ද මැදහත් වැ කරන ඒ පින් කමට සිරි රහල් හිමියන් හවුල් නො වනු ද නියතයි.
xxvii
එයින් පෙනෙන්නේ පැරැදුණු ආණ්ඩු පිලේ වූ සඟරජ හිමියන් මෙ විටැ ආන්ඩුව පිලිබඳ සියලු කටයුත්තේ ෙකාන් වී සිටි බවයි. ඒ දහමි. මෙන්න මේ උපසපන් පින් කමට වීදාගම මෙත් මහ තෙරුන් හා හවුල් වූ වන රතන මහ තෙර උතුමෝයි හස් සඳසෙහි සඳහන් වන කෑරගල පිරුවන් හිමියෝ. සිහල රාජුයුවරාජාවරිය මහ තෙර යනුවෙන් සඳහන් වූවෝ කොස්ගම ඒකනායක මැතිඳුන් පුත් බුවනෙකබා හිමියෝ යි.
සිරි රහල් හිමියන් සවන පැරැකුම් රජු ගෙන් ලත් මහ වෙල ගොඩ පිටිය ඈ ගම් පියෙස්හි සරමින් තොටගමු ජයවද්දන පුර පැත්ත ගැන සිත මෙහෙයවා වදාළේ නැති. පරැ දවස්හිදු උතුරුමුළැ හිමියන් තොටගමු පියෙසට පැඩ වඩමින් සිටි බව :-
‘කඳවුරු කුලැ උපන්, රැඳී තොටගමු පියෙය’ යනුයෙන් පරෙවි අස්නේ එ තුමන් මැ සඳහන්කළ පවතින් ද,
‘තොට ගමු පාය රැඳි මහ තෙරිඳු ගුණ හිවී සත සැත පේය යන ලෙසැ රැකැ තමන් දිවී දළ සල මේය තර කැරැ කැරැවූ බැහැවී වැලි තොට ඒය සිරි දැක වඩිනේ මැනැවි’
කොවුල් අසුන් කරු කී බසින් ද පෙනී යයි. එ කියන මහ තෙරිඳු නම් සිරි රහල් හිමියනට මුත්තා වූ රහල් මහ තෙර තුමායි.
සිරි රහල් හිමියන් සිංහල සංගේදමට හවුල් වැ කිරියා කළ බවක් කිසි කෙනකුන් සිතනත් එ වැන්නක් ගැන සිතීමට කැරුණු නැති. නම් දරා වැජැඹුණු උතුමන් පිළිබඳ වැ පසුවට නොඑක් පවත් පහළ කිරීම මෙ දිවේත් දඹ දිවේත් මිනිසුනට උරුම වැ ඇති පුරුද්දෙකි. සිංහල සංගේදමට හවුල් වූවන් හට කමා කරන බව ඒ මේ තැනැ හඟව් විසින් ගල්හි කොටවා සවන බුවනෙකබා රජ එය සංහිඳුවා ගත්තේ යි (ක්රි . ව. 1478) එ රජු අවදියේ දී මෙයින් උපසපන් බව ගෙනැ ගිය පැවිදි පිරිසේ සිල් පිරිහීම වූයෙන් ආයේ සස්න පිරිසිදු කොටැ - ලන්නට සිතූ බුරුමයේ
xxviii
පළමු. මෙයින් උපසපන් බව ලැබැගෙනැ ගිය, සුවණ්ණ සෝභන නම් පැරැණි පැවැදි උතුමකු විමසා එ තුමන් උපසපන ලද පරිදි දත් බවක් ‘කල්යා ණි’ ලිපියේ සඳහන් වෙයි. සිංහල සංගේදමෙන් පසු ද සිරි රහල් හිමියන් සඟ රජ වැ මැ වැඩැ සිටි බව එ රජ යැ මහ තෙර යැ යන දෙදෙනා ගේ කතාවෙන් පෙනී යයි.
(රජ:) සීහල දීපං, හන්තේ! කතර සීමායං කිත්තකස්ස ගණස්ස සන්තිකේ උපසම්පන්නෝසි? කෝ පන තේ උපජ්කධාවෝ, කම්මවාචරියෝ? සීහළදීපේ උපසම්පන්න කාලතෝ පට්ඨාය දානි කති වස්සෝසීති.?
(තෙර) කළම්බුනාමේ,මහා රාජ, මහාජාතස්සරේ සජ්ජිතායමුදකුක්ඛෙපසිමායං අප්පමාණස්ස ගණස්ස සන්තිකේ වනරතන නාමකං පෝරාණ මහා සංඝ රාජානමුපජ්ක්ධයං, පුබ්බකාලේ රාහුලභද්දකේමිදානි විජයබාහු සංඝ රාජානං කම්මවාවාරියං කත්වා වාහමුපසම්පන්නදතෝ, තතෝ පට්ඨාය ජබ්බිසවස් සොම්හී’ති.
එයින් එක් අතටකට පෙනෙන්නේ සිංහල සංගේදම පැවති අවදියේ :-
“වනරත්න මා හිමි වඳු සඟ මහ සඟන” යැයි පරෙවි අස්නේ සඳහන් වනරතන හිමියන් අපවත් වැ සඟ රජ පදෙවිය සිරි රහල් හිමියනට පත් ව පැවැති බවත් විදාගම මහ තෙරුන් හා උප සපන් පින් කමට හවුල් වූ වනරතන මහ තෙර හිමියන් ඔවුන් වහන්නේ නො වූ බවත් යැ. අනෙක් අතට පෙනෙන්නේ කැලැණි නදියේ උපසන් පින් කමට හවුල් නුවූ වත් එ දවස්හිදු සිරි රහල් හිමියන් සඟ රජ වැ වැඩ සිටි බවයි.
සිරි රහල් හිමියන් යකුන් ගෙන් මෙහෙ ගත් අයුරු, ඔවුන් වහන්සේ ඔසු බෙලෙන් නැණ වඩාගත් අයුරු, උන් වහන්සේ ගේ සිරුර පරංගි දනන් විසින් ගෝවයට ගෙන යන ලද අයුරු ආදිය පැවැසෙන අන්දර පසු වැ ඇති වූ ඒවායි.
xxix
‘කඳ කුමරු වර ලද
සිඳු අලු රස වැළඳු තෙද දස ලක් දිනා ලද රහල් හිමි නැඟු දියත දිය දද
විරුදු බුවනෙකබා
බලය තෙවිටක් පසු බා
මර යුදයෙහි නො බා
මම යි පැරකුම් රජු ගෙ රජ බා.
ඈ විසින් අසන්නට ලැබෙන පැදි මැතැ දී බල ඇදුරන් ගේ පවතින් ඇති කරල ලද ඒවා යි. අයෙක් මේ සිදු අලු (සිද්දාලෝක) රසය වෙනුවට ‘සරස්වතී’ නම් තෙලක් සඳහන් කෙරෙති. ඒ සියල්ල ඇති වූයේ ඔවුන් වහන්සේට පැවැති පුදුම ‘දාරණ සවිය’ නිසායි මිනිස්සු ටය අසබාකොටැ සැලැකූ.
‘ස තු රු සිංහල සාවියෙල් සෙන්
පතිඳු යුදයට පත් වතාවේ
ඉ ඳු රු ගල ගල් ලෙනේ යක් සෙන්
අරක් ගනිමිනි තුබු මනාවේ
අ තු ර අවුරුදු දහස් ගණනක්
පවතිනුව කළ මතුරු ජීවේ
ම හ රු රාහුල තෙරිඳු ගේ මළ
සිරුර ගෙන ගොස් තැබිය ගෝවේ
යනු ගෝවා පුරේ ‘පුරන්සික්කු සාවියෙල්’ නම් පාදිලි තුමා ගේ මළ සිරුර අසබා අසිරියක් පළ කරමින් පවත්නා බවක් ඇසීමෙන් එය සිරි රහල් හිමියන් ගේ සිරුර මිසැ පාදිලි කෙනෙකුන් ගේ සිරුරක් නො වේ යැ’යි සලකවන්නට ගෙතුණෙකි. ගෝවාපුරේ සාවියෙල් පාදිලි තුමා ගේ මළ සිරුර ඇති බවක් අසන්නට ලැබෙන බව නම් ඇත්තයි. සාවියෙල් නැමැති පරංගි සෙන්පතියකු මෙහි සටනකට පැමිණ නැති. දළදාවක් යැයි පළවූ එකක් අතට අසුවූ පරංගියන් එයට කළ දැයඅපි දනුමු. එ සේ කලැ බුදුනු පැවිදි කෙනෙකුන්ගේ මළ සිරුරක් පාදිලි කෙනකුන් ගේ මළ සිරුරක් හැටියට ඔවුන් තිබාගනිති යි කාට කියැ හැකි ද? පැවිදි උතුමකු ගේ, මළ සිරුරක් ආදී මිසර
xxx
හැකි ද? පැවිදි උතුමකු ගේ, මළසිරුරක් ආදි මිසර රජකු ගේ මළ කඳක් සේ තිබෙන්නට ඇරීම ලක් දිවේ බුදුනුවන් නො කරන දැයෙකි. එ සෙයින් මෑ තමන් ගේ මළ සිරුර එ අයුරින් පවතින්නට සැලැසීම පැවිදි උතුමාණ කෙනකුන් කරන හෝ අනුදක්නා හෝ දැයෙක් නො වෙයි.
සිරි රහල් හිමියන් ගේ අවසන් අවදිය පිළිබඳ පවත් නො පළ බව ඇත්ත යි. එය ඒ හිමියන් පිළිබඳ වූ මැ දැයෙක් නො වෙයි. කවර හිමියන් ගේ වූව ද පුඟුලු, පැවැත්ම එ අයුරු යි. අප දැන් ඒ ඒ තැනැත්තා ගේ සිරිත පිලිබඳ පවත් විමසන්නේ පැළ දිග මිනිසුන් ගේ නියායෙනි. පුඟුලු පවත් පිළිබඳ වැ පැළ පෙර දෙ දිගැ මැනිසුන් පිළිපදනේ දඳුරා එකිනෙකින් වෙනස් දෙ මඟෙකැ වේ. පැළ දිගැ දනෝ මිනිසුන් කළ කී දේත් ඔවුන් පැවැතුණු සැටිත් විත්ති පවතිහි සඳහන් කළහ. පෙර දිග දනන් ඒ තැනැත්තන් ගේ දසු සසුන මතු ඔවුන් ගේ පුඟුලු දිවිය ගැනැ සිත මෙහෙයැවූයේ නැති. ඒ ඒ මිනිසා ගෙන් තමනට එළැවුණු සරිය මිසැ සෙසු සරිය ගැනැ පෙර දිග දනන් සිත මෙහෙයවන්නට පුරුදු වූයේ ද නැති. එ හෙයින් මෙහි වූ කවර හිමියන් ගේ වූව ද කවර ඇඳුරන් ගේ වූව ද කවර නිරිඳුන් ගේ වූව ද පුඟුලු සිරිත පිළිබඳ පවත් පළ නැත්තේ යි.
සිරි රහල් මාහිමියන්ගේ පසු පවත් මෙ පමණට මැ මැකී යාමට කරුණු වූයේ තොටගමුව බද පියෙස් පරංගියන් ගේ සැහැසිකම්වලට හසු වීමයි. පරංගියෝ තුමු මිනිසුන් නසමින් තළමින් පෙළමින් මූදු බඩ ගම් පෑරීමේ යෙදුණෝ තොටගමු වෙහෙර වැනැසූ හ. අවැසි නුවූ දැය සිඳ බිඳ වනසා - ලූ හ. පත පොත ගෙනැ ගියහ. ඔවුන් විසින් ගෝවයට ගෙනැ යන ලද්දේ සිරි රහල් හිමියන් ගේ මළ සිරුර නො වෙයි. තොටගමුවෙහෙරේ වූ පත පොතයි. මෙ දිවයිනෙන් ඔවු විසින් ගෙනැයන ලද කවර පතක් හෝ පොතක් හෝ පෙරළා මෙහි නො පමුණුවන ලද්දේ යි.
රැ. තෙන්නකෝන
1957 සැප්තැම්බර 5
නුගේගොඩ, ගංගොඩවිල විදුහලේ දීයැ.