සිය බස් මල් දම-හැඳින්වීම
හැඳින්වීම
කිරම ධම්මානන්ද හිමියන්ගේ කෘතියක් වූ සිය බස් මල් දම,
සිංහල සාහිත්යදයෙහි අඳුරු යුගයකට පසු යන්තමින් ශාස්ත්රා ලෝකය බැබැළෙන්නට වූ මාතර යුගයට අයත් කාව්යෘයකි. විජයාවතරණයෙන් හා මහින්දාගමනෙයන් පසු මෙ රට වැසියන් අතර සිංහල ය යි භාෂාවක් හැඩ ගැසී මඳ කලකින් ම එය ඉතා උසස් තත්වයකට පැමිණි අයුරු ෙවස්සගිරි තෝනිගල හා රිටිගල ආදී සෙල් ලිපිවලින් පටන් ගෙන අනුරාධපුර යුගයෙහි බිහිව ඉතිරි ව ඇති සිය බස් ලකර හා ධම් පියා අටුවා ගැට පදෙයනුත්, පොළොන්නරු යුගයෙහි නිපැදවුණු ජාතක අටුවා ගැට පදය, අමා වතුර, ධර්ම ප්රොදීපිකාව,බුත් සරණ සසදා වත හා මුව දෙව්දා වත ආදී පද්යර ගද්යන ග්රොන්ථයන්ගෙනුත් මනාව පැහැදිලි වේ. අනතුරව දඹදෙණි හා ගම්පොළ යුගයන්හි දී රචිත කුසදා කව් සිඵමිණ, සද්ධර්ම රත්නාවලිය, මයුර සන්දේශය හා තිසර සන්දේශයෙනුත්, ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ බිහිවුණු කාව්යන ශේකරය, ගුත්තිලය, සැළලිහිණිය, ගිරා, හංස, කෝකිල ආදී සංදේශයෙනුත් සිංහල සාහිත්ය්යේ ෙපෘඩත්වය ෙමන් ම ශ්රේලෂ්ඨත්වට ද ෙදස් ෙදන බව ෙනාකිව මනාය.
කෝට්ටේ යුගෙයන් පසු ව සිංහල රාජ්‍න්ෙය් මෙන් ම සිංහල සාහිත්ය යේ ද ආදීනවත්වයත්, ශ්රේ ෂ්ඨත්වයත් පිරිහී ගිෙය්ය. ආත්මාර්ථෙයන් මඩනා ලද රජ දරුවන් ඔවුෙනාවුන් අතර කල කෝලාහල කර ගැනීමත්, රටේ සාරය පිරිහී ගිය අතර, අලුත් සංවර්ධන ව්යා පාරයන් කිසිවක් නැතිවීමත් ආදී කරණු නිසා මහත් දුක්ඛිත තත්වයකට රට පා තබා සිටි අවදියක දී ෙහවත් දහසය වන සියවස මුල දී ම යුරෝපයෙන් පෘතුගීසීන් මෙහි පැමිණ මෙහි තත්ත්වයන් ප්රයයෝජනය ගෙන ලංකාවේ මුහුදු බඩ පෙෙදස් සතුකර ගැනීමත් සමග ම සිංහලයාෙග් වහල් යුගය ඇරඹිණි. භාෂා සාහිත්යැයත්, කලා ශිල්පත් පහතට ම ඇද වැටිණි.
කෝට්ටේ රාජ්යැ කාලෙයන් පසුව මඳ වුව ද ශ්රාිස්ත්රායලෝකයක් ඇති වූයේ සීතාවක රාජ්යය කාලෙයහි දී ය. ධර්මධ්වජ පඩිතුමන්ගෙන් හා එ තුමන්ගේ පුත් අලගියවන්න කවියාෙගන් සිදුවූ ශාස්ත්රී්ය සේවය නිසා මේ රටේ සාහිත්ය් කලාවන් පිළිබද ඇතිවූ ප්රෝබෝධය පවා, සීතාවක රජ පැමිණි පළමුවැනි රාජසිංහ රජු විසින් බුදු සමය හැර සිව සමය වැළඳ ගෙන ඇති තාක් පොත් පත් සොයා ගිනි බත් කිරීම නිසා නැති වී, රට අවිදු අදුරෙහිත් අවාසනාවෙහිත් ගිලී ගියේ ය.
viii
සිංහල රාජ්ය යෙහි අවසාන කාල පරිච්ඡේදය වූ මහනුවර සමයෙහි යළිත් මඳක් දුරට සාහිත්ය. කරණය ඇති විය. මහනුවර සමයේ අවසාන භාගයේ හෙවත් ශ්රීත වීර පරාක්ර්ම නරෙන්ද්රඇසිංහ නර දේවයාගේ රාජ්යේ කාලයෙහි ඇරැඹුණු මේ සාහිත්යක නිෂ්පාදනය ඒ තරම් උසස් තත්ත්වයක නො වූවත්, එයින් ශාස්ත්රාසලෝකය පිළිබද නව යුගයක් උදාවිය. ගන අඳුර තුළින් ආලෝකයක් උදා කරවමින් මේ නව යුගය ගොඩ නැංවූ ජාති හිතෛෂියා වැලිවිට සරණංකර සංඝරාජ මා හිමියාණෝ ය.
1698 දී ජනිත වූ වැලිවිට සරණංකර හිමියෝ ශ්රීි වීර පරාකම නරෙන්ද්රිසිංහ, ශ්රීි විජය රාජසිංහ හා කිර්ති ශ්රීස රාජසිංහ යන රජවරුන් ති දෙනාගේ රාජ්යර කාලයන්හි (1707 – 1780) බෞඬ ශාසනයත් සිංහල භාෂාව හා සාහිත්ය්යත් නඟා සිටුවීම සදහා ජීවිත පරිත්යාජගයෙන් ක්රි යා කළහ. සරණංකර හිමියන් පැවිදි වීමට පිළිපන්නේ මෙරට උපසපන් වහන්සේලා පස් නමක් ව් සොයා ගැනීමට අපහසු කාලයක ය. ඉතා වෙහෙස ගෙන, මහත් දුෂ්කරතායන් මධ්ය යේ සිංහල හා පාලි භාෂාවන් ඉගෙන ගෙන එතෙක් සොයා ගත හැකිව තිබුණු හැම පොතක් ම එකතු කරවා යළිත් පිටපත් කරවීමෙහි යෙදුණු මේ හිමියෝ මේ රටෙහි උපසම්පදාව ඇති කරවා ගැනීමෙහි මාවත් ද සොයන්නට වන් හ. අනතුරුව සියම් රටට පණිවිඩය යවා කීර්ති ශ්රීහ රාජසිංහ මහ රජුගේ උපකාරය ද ඇතිව සියම් රටෙන් වැඩමවන ලද භික්ෂූන් වහන්සේලා වෙතින් යළිත් මේ උපසම්පදාව පිහිටුවන ලදී. සරණංකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හය නමක් මෙහිදී උපසම්පදාව ලැබූ හ. එවකට සරණංකර හිමියන්ගේ වසය පණස් වසකි. නොබෝ කෙලකින් කීර්ති ශ්රීස රාජසිංහ මහ රජුන් අතින් සංඝරාජ පදවිය ද ලැබූ සරණංකර මාහිමියන් විසින් භාෂා සාහිත්යු සදහා කරන ලද සේවය ඉතා විශාල ය. එ තුමන් විසින් කෙරුණු පොත් කිහිපයක් ම විය.
ඉන් සරාර්ථ සංග්රුහය, බුදු ගුණය වනමින් ලියැවුණු දහම්පොතකි. ශ්රීා වීර පරාක්ර ම නරෙන්ද්ර සිංහ රජුගේ ප්රමසාදය දිනා ගැනුම් වස් රචිත මෙය එම රජුට ම පිළිගන්වා තිබේ.
මධුරාර්ථ ප්රකාශිනී වූ කලී දහ වැනි සියවසෙහි දාඨානාග හිමියන් විසින් ලියන ලද පාලි මහා බෝධි වංශයට ලියන ලද
ix
විස්තර සන්නයකි. එ හෙයින් ම එය මහා බෝධි වංස සන්නය යන නමින් ද හැදින් වේ.
අත්ථදස්සී නම් තෙර නමක් විසින් ලියන ලද පාලි වෛද්ය ග්රාන්ථ කිහිපක් ම සකස් කර සිංහලයට නඟා දක්වන ලද ග්රලන්ථයකි, භේසජ්ජ මංජුසා. මෙය ද නරෙන්ද්රයසිංහ මහ රජුගේ අයැදුම පරිදි රචිත ග්රගන්ථයකි.
සාරාර්ථ දීපනී හෙවත් සතර බණ වර සන්නය, පිරිත් දෙසුමහි ප්රයධාන බණ වර සතර සදහා ලියන ලද සිංහල සන්නයකි.
අභිසම්බෝධි අලංකාරය, සුමේධ තාපස කාලයේ සිට බුඬත්වය දක්වා බුදුන්ගේ චරිය විස්තර කරමින් ගාථා සියයකින් පරිමිත පාලි කාව්යාකි.
රූප මාලාව හා මුනි ගුණාලංකාරය, සරණංකර හිමියන්ගේ සෙසු ග්ර න්ථ ය.
1779 දී සරණංකර සංඝ රාජ හිමියන් පරලෝ සැපත් වුව ද, එතුමන්ගේ ගිහි පැවිදි ශිෂ්ය සමූහයා විසින් භාෂා සාහිත්යත පෝෂණය නො නවත්වා ම කරගෙන යන ලදී. වැලිවිට සරණංකර මා හිමියන්ගේ ශිෂ්ය්යන් අතර තිබ්බොටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමියෝ ප්ර ධාන වෙති. හතරවැන පණ්ඩිත පරාක්රදමබාහු රජු දවස සිට ක්රීධර්ති ශ්රීි රාජසිංහ රජු දක්වා ලංකා ඉතිහාසය ලියා මහා වංශයට එකු කරන ලද්දේ මේ ස්ථවිරයන් වහන්සේ විසිනි.
සරණංකර මා හිමියන් හා එක් ව බොහෝ කලක් එ තුමන්ගේ ශාසනික හා ශාස්ත්රීාය සේවයට ආධාර කළ සංඝ රක්ඛිත නා හිමියන් ද මේ ශාස්ත්රී ය ව්යාතපාරයේ පුමුඛයෙකු වසයෙන් සැලකිය හැකි ය. පහළ දොළොස් පත්තුවේ නායක පදවිය දැරූ මෙතුමන් ග්රකන්ථකරණයෙන් නො ව දේශනා මාර්ගයෙනි මේ සටනට ආධාර කරන ලද්දේ. බෞද්ධ විනය පිළිබද විශේෂ ඥානයකින් යුතු ව වැජඹි දැරමිටිපොළ ධම්මරක්ඛිත හිමියෝ ද සරණංකර මා හිමියන්ගේ ප්රවධාන ශිෂ්යමයෙකි. ඉහළ දොළොස් පත්තුවේ නායක පදවිය දැරූ මෙ තුමෝ සංඝරාජ හිමියන්ගේ අභාවයෙන් පසු සංඝ රාජ පදවියක් පවරනු නොලැබුව ද මෙ රට ප්රළධාන නායක ස්වාමීන් වහන්සේ වූ හ. මෙ තුන්ගේ ගෝලයෙකි සාලි ඇලේ මණිතන හිමියෝ.
x
සරණංකර හිමියන්ගේ සෙසු පැවිදි ශිෂ්ය යන් අතර රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත, මොරතොට ධම්මක්ඛන්ධ, කොටිකාපොළ රතනජෝති, මැදවෙල ආනන්ද යන ස්වාමීන් වහන්සේලාගේ නම් වෙසෙසින් සදහන්කළ යුතුය.
එ තුමන්ගේ ගිහි ශිෂ්යමයන් අතර ප්රමධාන වසයෙන් සැලැකිය යුත්තේ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිවරයා ය. පාලි මිලින්ද පඤ්හය සිංහලයට නැගූ හීනටිකුඹුරේ සුමංගල හිමියෝත්, ග්රවන්ථ බොහෝගණනක් කළ කොරතොට ධර්මාරාම මාහිමියෝත්, දෙහිගස්පේ අත්ථදස්සී ස්ථවිරයෝත්, සිටිනාමලුවේ සාමිත්, මේ පඬිවරයා වෙතින් ශාස්ත්රවය හදාරා ශාස්ත්රාටලෝකය ඉදිරියට ගෙන ගිය පඬිවරයෝ ය.
වැලිවිට සරණංකර මා හිමියන්ගේ ශිෂ්යරයන් අතර ප්රිධාන තැනක් ගත් දැරමිටිපොළ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ශිෂ්ය යෝ දෙ දෙනෙක් වූ හ. බෝවල ධම්මානන්ද හිමියෝත්, සාලි ඇලේ මණිරතන හිමියෝත් ඒ දෙ දෙනා ය.
සාලි ඇලේ මණිරතන මා හිමියන්ගෙන් ශාසනයටත් ශාස්ත්රතයටත් ඉමහත් සේවයක් සිදුවිය. මාතර ගඟබඩ පත්තුවේ සාලි ඇලේ ජනිත මේ හිමියෝ මාතර කන්ද බඩ පත්තුවේ දෙයියන්දර කළුගල විහාරාධිපති ව වැඩ විසූ හ. පන්සිය පනස් ජාතකයෙහි එන දස රථ ජාතකය කවියට නඟා කව් මුතුහර නමින් මෙ තුමන් විසින්කවි හත්සිය හතළිස් හතරකින් යුතු කාව්යියක් නිපදවන ලදී. දස රථ ජාතකය මහා භාරතයේ ද එන කථා වස්තුවකි. එහෙත් මේ කාව්යදය පන්සිය පනස් ජාතකයේ කථාව ම විස්තර සහිත ව කවියට නගා දැක්වුණකි. බාල වියෙහි ම තම පුතකු මිය ගිය හෙයින් ඔහුට පින් පැමිණවීමේ අදහසින් අභයරත්න ඒකනායක නම් මහතකු විසින් කරන ලද ඇරයුම් පරිදි ය ම් කව රචනා කර ඇත්තේ.
මණිරතන හිමියන්ගේ ප්රාාතිහාය්‍ර්‍ය ශතකය බුදුන් වහන්සේගේ යමා මස පෙළහර පිළිබද ව විස්තර කෙරෙන රමණීය කාව්යරයකි. නොයෙකුත් විරිතින් යුත් ගී එක සියයකින් සමන්විත මේ කවෙන් මණිරතන හිමියන්ගේ කවිත්වය පැහැදිලි වේ.
සාලිඇලේ මණිරතන හිමියන්ගේ ශිෂ්ය යෝ සතර දෙනෙක් වූහ. කිරම ධම්මානන්ද මා හිමියෝ එයින් අග්ර තැන් ගනිති. සෙසු තිදෙන වූ අකුරැස්සේ සුවණ්ණජෝති ගල්ඇටුඹෙ පියදස්සී් හා පරපාමුල්ලේ ධම්මාරාම යන ස්වාමීන් වහන්සේලා විසින් ලියන ලද කිසියම් පොතක් ගැන දැනගන්නට නැත.
XI
එහෙත් මණිරතන හිමියන්හට ද වඩා උත්කෘෂ්ට ලෙස සාහිත්යම සේවයක් කිරීමට සිය බස් මල් දම් කතුවර කිරම ධම්මානන්ද මා හිමියනට හැකි විය.
සරණංකර සංඝරාජ මා හිමියන් විසින් දල්වන ලද ශාස්ත්රාමලෝකය සුරැකිව ගෙන යාමට මහත් සේ ආධාර දුන්නා වූ ද, අසදිස කව වැනි කාව්යන ග්රුන්ථයන් රචනා කිරීමෙහි සමත් වූ ද, රාජාධි රාජසිංහ මහ රජ තුමන් විසින් පහත රට තම හිතවතකුගෙන් පහත රට එ වකට සිටි උගතුන් ගැන අසා එවන ලදැයි සැලකෙන කවියකි මේ.
“ස ං වර සතර සිල් පිරිසිදු මිතුර සො ඳ ලෙ න් දැරු සසුන සිව් සික පද කසුන ඛ ඳ මෙ න් සුර ගුරු ලකුණු දැරු එළු සකු මග ද දැ න් විසි උතුරු යති මාතොට කොපමණ ද?” මීට යවන ලද පිළිතුරැ කවියෙහි එ වකට පහත රට ප්රකසිද්ධ උගතුන්ගේ නම් දැක්වෙන තැන කිරම ධම්මානන්ද හිමියන් ගැන ද මෙ සේ සඳහන් වේ.
ක ර ෙතාට බෝවල ද ගාලකුරැස නමි න කි ර මද කිවිඳු දෙනගම දම්කිත් පටු න තෙ ර සත් දත් ගල් ඇටුඹේ බහු වටි න ප ර සිදු සමත් යති රට පාත මෙ පම ණ”
මෙහි කිරම යනුවෙන් දැක්වෙන්නේ කිරම ධම්මානන්ද හිමියන් බව පැහැදිලි ය. දකුණු පළාතේ බටහිර පත්තුවේ කිරම ජන්ම දායාදය ලද ධම්මානන්ද හිමියෝ අගලකඩ නායක හිමියන් බව පැහැදිලි ය. දකුණු පළාතේ බටහිර පත්තුවේ කිරම ජන්ම දායාදය ලද ධම්මානන්ද හිමියෝ අගලකඩ නායක හිමියන්ගේ ගෝලයකු වසයෙන් පැවිදි බිමට ඇතුළු වූ හ. භාෂා ශාස්ත්රමයන් පිළිබද ව එතුමන්ගේ ආචය්යළර් වරයා වූයේ සාලි ඇලේ මණිරතන හිමියෝ ය. ගොඩපිටිය විහාරාධිපති ව වැඩ විසූ කිරම ධම්මානන්ද මා හිමියන්ගෙන් සිංහල සාහිත්යළයට වූයේ ඉමහත් සේවයකි. එ හෙයින්ම ම එ තුමෝ මාතර යුගයේ කවියන් අතර වෙසෙසි තැනක ලා විද්වතුන් විසින් සම්භාවිතය හ.
මෙ තුමන් විසින් සද්ධර්මාලංකාරයෙහි ස වන නන්දිරාජ වග කාංචන දේවී කථා වස්තුව කවියට නගා කාංචන දේවී කථාව හෙවත් කව් මුතුහර යනුවෙන් ප්ර සිඬියට පමුණුවන ලදී .
xii
සද්ධර්මාලංකාරයෙහි ම දෙ විසි වන නන්ද වාණිජ වග, නන්දි වාණිජ වතද මෙ තුමන් විසින් කවි කර ඇත මහා කණ්හ ජාතකය, දේව ධර්ම ජාතකය හා සඹුලා ජාතකය ද මෙ තුමන් විසින් රචිත ජාතක කවි පොත් ය සිංහවල්ලි කථාව ප්රේජත වස්තුව ගංගාරෝහණය හෙව් ස්තුති පූජා කාව්යකය හා විබත් මල් දම ද මේ හිමියන්ගේ අනෙක් කෘති ය.
කිරම ධම්මානන්ද හිමියන්ගේ ඉතාම ජනප්රිහය වූ පොත සිය බස් මල් දම යි. විජය රජ තුමාගේ පරපුර හෙවත් සිංහලයන්ගේ පරපුර මේ කවෙහි වස්තුව වීම මෙහි ජනප්රිහ භාවයට ප්ර ධාන හේතුව වසයෙන් සැලැකිය හැකිය. මෙහි කථා පුවත සම්පූර්ණරයෙන් ම මහාවංසයෙහි හය වන පරිච්ඡේදයෙහි මෙසේ දැක්වේ.
“අතීතයෙහි වගු රට වගු නුවර වගු නම් රජෙක් විය. කලිගු රට රපුගේ දුවක් ඔහුට අග මෙහෙසුන් වූවා ය. ඔවුනට එක් දුවක් ලැබුණි. නිමිති දන්නෝ ඇය සිංහයකු හා වසති යි කීහ. ඉතා රූමත් ඕ කාමයෙන් මඩනා ලද්දී දෙ මව්පින්ගේ පිළිකුලට භාජනය වූවා ය.
“සිය සිතැගි අනුව ජීවත් වීමට කැමති ඈ හුදෙකලා ව අප්රනසිඬ වේසයෙන් පිටත් වී මගධ රට බලා න වෙළද සමූහයකට එකතු ව ඔවුන් කැටුව ගමන් කරන්නට විය. ලාට රට මහ වනයෙහි දී සිංහයකු ඔවුන් වෙත දිව ආයෙන් වෙළෙන්දෝ ඔහුගෙන් ෙබ්රී දිව ගත්හ. කුමාරිකාව සිංහයා පැත්තටම දිව්වා ය. දුරදීම ඇය දුටු සිංහයා සිත් අලවා කන් හෙලා නගුට සොලවමින් ඈ කෙරෙහි පැමිණියේ ය. නිමිති දන්නන්ගේ වදන්දැන සිටි කුමරිය කිසිත් බියක් නැතිව ආදරයෙන් සිංහයාගේ සිරුර පිරිමැද්දා ය. ඇගේ පහසින් ඉතා සතුටට පත් සිංහයා විසින් ඇය තම පිටෙහි නංවාගෙන සිය ගල් ලෙනට ගෙන ගියෙන් එ තැන් සිට ඔවුන් දෙ දෙනට එක් ව විසිය හැකි විය.
“එසේ එක්ව විසීමෙන් ඔවුහු පුතකු හා දුවක නිවුන් දරුවන් වසයෙන් ලැබූහ. පුතණුවන්ගේ අත් පා සිංහාකාර වූ හෙයින් සිංහබාහු යයි ඔහු නම් ලද්දේ ය. දියණිය සිංහ සීවලී නම් වූහ. සොලොස් වියට පත් සිංහබාහු කුමාරයා ‘මෑණියෙනි, අප පියා හා සම නොවන්නේ කුමන හේතුවක් නිසා දැ? යි මවගෙන් ඇසූ විට ඈ විසින් ඔහුට සියලු පවත් දන්වන ලදී.
‘කුමක් හෙයින් මිනිස් පියසට නො යන්නෙමු ද? යි ඇසූ විට සිංහයා ගල් ලෙන දොරකින් වසා යන හෙයින් පිටතට යා නොහැකි ය යි ඈ පිළිතුරු දුන්නාය. දිනක් කුමාරයා ගල් දොර
xiii
උසුලා ගෙන පනස් යොදුනක් යෑම් ඊම් කර බලා පසු දිනෙක සිංහයා ගොදුරු සොයා ගිය විට දකුණු කර මෑණියන්ද වම් කර නැගනියන්ද හිදුවා ගෙන ගල් ලෙනෙන් පිටත් ව කොළ අතු හැද ගෙන පසල් දනව්වකට පිවිසියේ ය. එවකට එ පසල් දනව්වෙහි වූයේ එ රජ දුවගේ මයිලණුවන්ගේ පුත් සෙනෙවියෙකි නුග රුකක් මුල කර්මාන්තයක් විධානය කරමින් හුන් සෙනෙවියා ඔවුන් දැක, තෙපි කවරහුද? යි අසා අපි වනයෙහි වසන්නෙමු ‘යි කී කල ඔවුනට වස්ත්රක දුන්නේ ය. ඒ වස්ත්රස ඉතා වටිනා බවට පත් විය. ඔවුනට කොළවල බත් දෙවන ලදී. ඒ කොළ ද රන් බදුන් බව පත් විට මෙයින් පුදුමයට පත් සෙනෙවි තෙමේ නැවතත් තෙපි කවුරුනදැ? යි’ විචාළේ ය. එ විට රජ දුව තම පරපුර ඔහුට කීයෙන් ඈ තම නැන්දණියගේ දියණිය බව දැන, ඇය රැගෙන වගු පුරයට ගොස් ඇය හා ජීවත් විය.
“ගුහාවට පැමිණි සිංහයා ඒ ති දෙන නොදැක ශෝකයෙන් පෙළෙමින් නො කා නො බී හිද, ඔවුන් සොයා පසල් දනව්වට පිවිසියේ ය. සිංහයා පිවිසි හැම ගමක් ම ඔහු අතින් විනාස වු හෙයින් පසල් දනව් වැසියෝ රජු වෙත ගොස් දේවයෙනි, සිංහයෙක් පැමිණ ඔබගේ රට නසන්නේ ය .ඔහු වැළැක්වුව මැනව යි කියා සිටිය හ සිංහයා නැසීමට කෙනෙකු නොලද රජතුමා දහසින් බැදි පියල්ලක් ඇතකු පිට තබවා.සිංහ හිස ගෙන දෙන තැනැත්තෙක් ගනීව’යි නුවර බෙර පියවි කරවි. එය දෙදහස ,තුන් දහසකැයි නැවත ද බෙර පියවි කරවන ලදී.
‘මවු විසින් දෙවතාවක් ම නවත්වන ලද සිංහබාහු කුමාරයා තුන් වන වර, ‘සිංහයා මරන්නෙමැ’ යි රන් තුන් දහස ගත්තේ ය. කුමාරයා රජහට දන්වන ලදී.
“තොප විසින් සිංහයා නසනු ලබන්නේ නම්, එම රට තොපට ම දෙන්නෙමැ’යි රජ තුමා කුමාරයාට කීවේ ය. කුමාරයා ඊ පහරක් විද්දේ ය. උහුගේ නළලෙහි වැදුණු හීය උහුගේ මෛත්රියය නිසා ආ පසු විත් කුමාරයාගේ පා මුල වැටිණි. තුන් වෙනිවර දක්වා එය එසේ වීය. ඉන් පසු සිංහයා කෝපයට පත් විය. එ විට යවන ලද හීය සිංහයාගේ සිරුර විද බිම පතිත වූයෙන් කුමාරයා කේසර සහිත හිස කපා ගෙන නගරයට ගෙන ගියේ ය.
“ඒ වගු රජ මිය ගොස් සත් වෙනි දවස ය. රජතුමා අප්රතත්රමක වූ හෙයින් ද, මොහුගේ කාය්ය්මියයෙහි ජනයා සතුටට ත් හෙයින් ද, ඔහු රජුගේ ම මුණු බුරකු බැව් ද අසා ඔහුගේ මව ද හැදින, ‘රජකමට පත් වනු මනවැ’ යි අමතිමන් වෙතින් ආරාධනා ලද්දෙන්
xiv
කුමරා එම රාජ්යෙට තම මවගේ සැමියාට බාර දී නැගණිය රැගෙන තම ජාත භූමියට ගොස් එහි සිංහ පුරය යි. නුවරක් ඉදි කරවා වෙනෙහි සියක් යොදුන්හි ගම් ද පිහිටුවා සිංහ සීවලිය අග මෙහෙසුන් කොට ලාට රට රජ කළේ ය. ඒ අග මෙහෙසිය වරකට පුතුන් දෙදෙන බැගින් සොළොස් වරෙක පුතුන් දෙ තිස් දෙනකු වැදුවා ය. ඉන් වැඩිමහල් තැනැත්තේ විජය නම් ය. දෙවැන්නා සුමිත්ර ය. සුදුසු කල විජය කුමරු යුව රජ වසයෙන් අභිෂේක ලැබුවේ ය.
විජය කුමාරයා විෂර ආචාර ඇත්තේ විය. ඔහුගේ පිරිස ද එසේ ම විය. ඔවුන් ඉවසිය නොහෙන සේ නොයෙකුත් බලහත්කාර කම් කරන්නට වූයෙන් කිපුණු මහජනයා ඒ බව මහ රජුට දැන්වූහ. රජතුමා ඔවුනට කරුණු කියා, පුතුට අවවාද කළේ ය. දෙවෙනි වර ද එ සේ ම විය. තෙවෙනි වර කිපුණු ජනයා ‘ඔබ ගේ පුත් කුමරුවා මැරිය යුතුය’ යි හඩ නගා සිටියෙන් රජ තුමා විජය කුමරුත් ඔහුගේ පිරිසත් යන සත් සිය දෙන හිස මුඩු කරවා නැවක පටවා මුහුදට දැම්මේ ය. ඔවුන්ගේ භය්‍ර්‍යාවන් ද දරුවන්ද වෙන වෙන ම නැව් නංවන ලදින් ඔව්හු වෙන වෙන ම දිවයින් හි ගොඩ බැස්සෝ ය. දරුවන් ගොඩ බැස්ස දිවයින නග්නවිපයයි ද, භාය්යා.්කරවන් ගොඩ බටු දිවයින මහින්ද වීපයය ද ප්රනසිද්ධ විය. විජය කුමාරයා සුප්පාරක දිවයිනට ෙගාඩ බැස්සේ ය . එහි ජනයාගේ බිහිසුණු ක්රි යාවන්ගෙන් බියට පත් ඔව්හු යළිත් නැව් නැග, බුදුන්වහන්සේ පිරි නිවන් පෑම සඳහා සල් රුක් දෙක අතර සැතපුණු දා ලක්දිව තම්බ පණ්ණි පෙදෙසට ගොඩ බැස්සෝ ය.” මහා වංසයෙහි එන මේ කථා පුවත ඡන්දස් අලංකාර ආදියෙන් විසිතුරු කොට, විස්තර සහිත ව සිය බස් මල් දම්හි දැක්වේ.
කාව්යං කර්තෘහුගේ නම හා වාසයත්, කාව්යැ කර නිම වු දිනයත් කාව්යිය අවසානයේ 225 වෙනි කවියෙන් මෙසේ දැක්වේ.
“ස ක ව සි න් එක් දහස් සත්සිය දෙසාළිසකට පැමිණි මෙවසේ රි කහයෙන් යුත් බක් මසෙහි පුර පෑලවිය ලත් සිකුරු දව සේ නෙක සිරින් සැදි ගොඩපිටියෙ මහ
වෙහෙර නිරතුරු වසන සුව සේ සි කපෙමින් රැකි කිරමදම්නදයතිමෙකවිකැරැ නිමවී සිතසේ”
මේ අනුව මේ කාව්යිය කර නිමවන ලද්දේ ක්රිඃස වඃ 1820 දී හෙවත් සිංහල රාජ්යුය ඉංග්රී සීන් හට පවරා දී අවුරුදු පහක් පත වූ තැන ය මේ වූ කලී ලංකා ඉතිහාසයේ ඉතා ම අදුරු යුගයකි.
xv
උඩ රට රදල වරුන් අතර පෞද්ගලික ඊර්ෂියා, ක්රෝතධාදිය උත්සන්න වීමෙන් කුමන්ත්ර ණ ,හා කැලැඹිලි ආදියත්, මහජනයා තුළ අසමගියක් තම රජු කෙරෙහි අප්ර්සාදයත් ඇති වී අත්තිමට සිංහල රාජ්ය ය වැටුණේ ය. 1818 ඌවේ මහ කැරැල්ල නිසා ද රටෙහි බොහෝ පළාත් හා බොහෝ ජනයා විනාස වී ගිය මෙ කල කිසි ලෙසකිනුත් රට සමෘධිමත් හෝ භාග්යෝවත් හෝ නො වූ බව පැහැදිලි ය. කරුණු මෙසේ පවතිද්දීත් රටෙහි භාෂා සාහිත්යනය අභාවයට යෑමට නො දී රැක බලාගත් පඩිවරුනට අපගේ කෘතඥතාව හිමි විය යුතුය.
මෙ වැනි යුගයක බිහි වූ පොත පතෙහි ඉතා උසස් තත්ත්වියටක් බලාපොරොත්තු වීම උගහට ය. ඒවායෙහි අඩු ලුහුඩු කම් ඇති වීම ස්වභාවික ය. මෙ කල බිහි වූ උසස් කෘතීන් වයසෙන් සැලැකෙන ගංගාරෝහණ වර්ණනාව කව් මුතුහර ප්රාවතිහාය්ය් සැ ශතකය ආදී පොත් මෙන් ම මේ සිය බස් මල් දම ද දොසින් ගහන බව කීමට සිදු වී තිබේ.
ක්රිදයා කාරක පද සම්බන්ධය පවා වරදවා යෙදුණු තැන් මෙහි බොහෝ ය.
61 වැනි “හි මි ස ද එ කුමරි තොමො මන ක ලා පි රි ස ද මෙන් යොවුනග පත් ක ලා නොමහිද මෙ පුරෙන් ගොස් සැගවී ලා රු දු ත ද මිගිදෙක් හට අසු වෙ ලා”
යන කවෙහි අන්තිම පදයත්,
106 වැනි “සො දු රු මෑණියනි නඳ නා - මෙම න පු රු වෙනෙහි නිරතුරුව ම වස නා කෙ ස රු ට දා අපි දෙ දෙ නා - පිය අ යු රු නොවන්නට කාරණ කුම නා
යන කවෙහි තෙ වෙනි පදයත්,
110 වැනි “මෙලෙස බිසෝ වර කී බ සා - ඇසූ නි දො ස සිංහබා කුමරිදු වීම සා දි ගැ ස කෙනෙක් පෙර දව සා - මෙම වි ල ස මීගෙක් සහ විසුවෙද කෙදෙ සා” යන කවෙහි අන්තිම පදයත්,
xvi
129 වැනි “තු රු පති සස ලප ලෙස සමගි නේ ද රු දෙ දෙනෙක් වන තුරු වසමි නේ දු රු ක ර ම වෙතට තුබූ තද සෙ නේ ක රු මය ම යි මගෙ උන් සැගවූ නේ”
යන කවෙහි දෙ වෙනි පදයත්,
130 වැනි “සැ ම සැප දෙන හිමි හට ක ර ම දා ස ම දරු දසයක් ඇතිවත් ව දා ක ම නැති හොර හිමියෙක් දුටු ස දා පෙ ම වෙති කත් ඔහුට ම වැඩි ත දා”
යන කවෙහි තෙ වෙනි පදයත්,
155 වැනි “බල තර යුද කර පෙර දිනුමට සෙනෙහැති ඇමතිවරු නි රුදුතර මීග රදෙක් අවුත් අප සතු රට නසන බැවි නි පුව තර සිව් රග සෙන් ගෙන ගොස් යුදකර එහු මරමී නි දුරු කර එව් අප රට පත් විපත් එ බිය තොප බලයෙ නි”
යන කවෙහි දෙ වෙනි පදයත්,
169 වැනි,
“මැති වරුනි මසු දහසකින් බැදි පියල්ලක් ගෙනැ තබා ඇතු පි ට අති දරුණු මිග රදුගෙ ඉස සිද යමෙක් ගෙනැවුත් දුනොත් මෙ අප ට ව ති සුරූ ද සහ මෙ රන් දහස ද ඔහුට දෙන බව කියා තුටු කො ට ඉ ති සියලු වගු රටෙහි අප සතු ලව්ව අණ බෙර ඉතා විගස ට”
කවෙහි දෙ වෙනි පදයත්,
xvii
207 වැනි, “හි මි ස දා පල වැල සදා පට වන මැදා ගිය කල සෙ දා ලෙන හිදා සැගවී එදා අපි නොම රදා මෙහි ආ ස දා ත ද ලෙ දා සිත දුක් වැදා ගිරි ලෙන රදාලා නොම හි දා රට මැදා විත් මෙම ලෙදා දුක් විදැ වදාළේ අප ස දා”
කවෙහි දෙ වෙනි පදයත්,
මෙ සේ වියරණය වරදවා යොදන ලද තැන් කීපයකි. මේ තැන්හි වියරණය නිසි සේ යෙදීමට කිසි ම අපහසුවක් නොපෙනේ. කාව්යන කර්තෘ වරයා න, ණ, ල, ළ භේදය ගැන දැනුමක් ඇති ව සිටි බවක් මේ කවෙන් නො පෙනේ. බොහෝ තැන්හි න, ණ, ල, ළ අකුරු වරදවා යොදා ඇති සැටි මේ කවෙහි සදහන් පෙළින් බලා ගත හැකි ය. ඒ සියල්ල අපගේ ෙපළෙහි ශුද්ධ නො කරන ලද්දේ ඒ කාව්යල කර්තෘහු ගේ ම දොස් හෙයින්, එය පොත හදාරන්නවුන් විසින් දැන ගත යුතු නිසා ය.
කවි වල සක්ක ගැයූ තැන් ද බොහෝ ය. “ලොබ බැදැ නමදිමි එ සුගත් දම් රද” ( 1 වැනි කව)
“දිව සර ලෙසින් තනි ව ,කම් සැප ලොබින් එ දින කිසි බිය නොවී එ යන සදෙහි ලසිනා” (82 කව) “සැක නොව දෙ දෙන එ දින උමයග නිසුරු සිරින වන මැදතුරට පැමිණ ගියෝ එ රුදු” (83 කව) “එ වන මැදා එ විද විදා දෙදෙන සොදා ගියෝ එදා” (86 කව) “ඉදුනොවරා එ පෙල ඉරා රසය උරා බී මදුරා” (88 කව) “තිබෙන මෙ නුඹ බලා විය මට දුක් දළා” (185 කව) “එ තුරු ලිය මුල් ගල් උගුළුවා එ බිම සම කරැ සදමිනා” (216 කව) “මෙ සිය බසින් කවි කළ නෙක විරිත යුත” (226 කව) යනාදී තැන්හි කව පදවල මාත්රා පිරවීම සදහා එ යන්න සහ මෙ යන්න සක්ක වසයෙන් ගසා තිබීම දුබල කවීත්යක ලක්ෂණය යි. කිව යුතු ය එළිසමය රැක ගැන්ම සදහා ද මාත්රා වෘඩි කරන ලද තැන් මෙන් ම හානි කරන ලද තැන් ද බොහෝ කව්හි දක්නට ලැබේ.
xviii
පසු තැවිලි හා විලාප ආදිය දක්වන බොහෝ තැන්හි ඉතා ග්රා ම්යන භාෂාවක් යොදා තිබීමෙන් කාව්ය යෙහි අලංකාරය බොහෝ දුරට අඩු වේ.
“ම ත් වුණු මම කම් සැපතෙහි අ ටීන් ක ත් සමග වැ වැසලා මන තු ටින් ල ත් සැප දැන් නැති වී යෙහෙම පි ටින් අත් පිට පව පල දුන් සැටි දු ටින්” (124 කව)
“ඉ න් අප කුල සි දෙනුන් දුටු තැ නේ උ න් වත කෙසෙ බලමිනෙ දෙවිය නේ පි න් නැණ මද තිරිසන් බව ගැ නේ දැ න් ලියො තිර නැති වග නො දැනු නේ” (127 කව)
“මෙ ෙවනෙහි විසූ නිතිනේ බල තර තද තෙද නෙ දෙවිය නේ වියො දුක් ගිනි කදිනේ මට වන් හදවත දයි තදි නේ නිදිමත නැත එයිනේ ටිකකුත් බඩ ගිනි මට නො දැ නේ නොකි හැකි තද දුකිනේ මගෙ දිවි නො රැකෙහි අද මෙයිනේ” (140 කව)
විලාප වසයෙන් කියන ලද මේ කවි කෙ තරම් ග්රාදම්යේ ද?
“ලොවට අග පත් හිමි සදිනි පඩි නො ලැබෙතත් අප හැමට අද සි ට අ ප ට බැරි මය යුද කරන්නට තද වකුම් මිග රදකු ළග සි ට නු ඹ ට අපගෙන් වැඩක් ඇතහොත් කුමට ඇරියෙද මෙබදු සටන ට දනට මිගිදකු ලවා අප මැරවුමෙන් වන පල මොකද නිරිදු ට” (166 කව)
“පි වි ස වනයට එසිරද දැකැ වරෙන් සිහ රද යුදට නො ලසි න කි බ ස අසමින් ඉතා සතුටු වැ මිගිදු එ කුමරැ ළගට එනතැ න වි ග ස විස පෙව් කරල් හීයක් රැගෙනැ කෙසරැට විදපි සරොසි න එලෙස විදි ඒ සැරය ආ පසු බලා වැටුණෙය මිගිදු කුළුණෙ න” (177 කව)
xix
ග්රා1ම්ය යෙදුම්වලින් ගහන මෙ වැනි කවි බොහෝ ගණනක් මේ කාව්ය ය කියවන විට හමු වේ.
සිය බස් මල් දම කවි කතාවකි. මහ නුවර සමයෙහි කොතෙකුත් පළ වූ විරහ කාව්ය්යන් ද, ප්රනශස්ති කාව්යපයන් ද මේ කාව්ය කෙරෙහි බල පා ඇති බව පැහැදිලව පෙනේ. අලගියවන්නයන්ගේ කුස ජාතකය ද මේ කව ලිවීමෙහි දී ගුරු කොට ගත් බව පෙනේ. සක් රජුන් පැමිණ යුදට සැරසෙද්දී ,පිය රජු තමා සත් කඩකට කපා දීමට සැරසෙන බව දකින පබවත වැළපුණු අයුරු දක්වන කව් පෙළ මෙහි ගිරි ලෙනෙහි අඹු දරුවන් නො දුටු සිංහයාගේ විලාපය දක්වන කව පෙළට ගුරැ වන්නට ඇතැයි සිතිය හැකි ය.
තම අඹු දරුවන් වනයෙහි සොයා නො දැක ළ තවන සිංහයාගේ විලාපය ච කුස, ජාතකයෙහි දෙ පොළකට ණය ගැති කම් දක්වයි.
“එ ව් ය න ලිය ලියෝ තුරු හිමි වැළද ෙග න ලෙලදෙන අතු අතින් සා-මුව සුතන් ගෙ න සුපිපෙන ලතු ලවන් යුත් කුසුමන් වති න න ල ව න වැන්න බිගුසන් සුරතල් බසි න”
යන කුස ජාතක කව, මෙහි “තුරු හිමි වලදමිනා ලිය ලිය ලෙල දෙන අතු අති නා සා මුව දරු රැගෙනා බිගු රැව් සුරතල් පිය බසි නා මුව රද මුද්රැ දසනා පුල් මල් මනහර දුල් වති නා අම පල යුග තෙනෙනා දිගු නිල් දල නෙතගින්වැහෙනා”
(135) යන කවට කොතෙක් ගුරැ වී දැයි පරීක්ෂා කිරීම වටී, එ මෙන් ම මෙහි,
උර පිය පලු සමගා පුල් මල් වැද එන මඳ සුල ගා ගොර ගිනි සිළු සෙ ඇඟා වැද දයි සඳ හිම දුනි නර ගා මියුරඞ ඇති විහඟා නද වනි දෙ කණට යවුල් ර ගා මගේ අඹු දරු නො ළගා- විය ඉන් මට වනි මෙ දුක් සු ගා
(141) යන සිංහ විලාපය ,පබවත වෙන් ව ගියෙන් හඬන කුස රජුගේ
xx
“සි හි ල් සොමි තරිදු රිවි මෙන් දිසේ යා කොවුල් නද ඇසෙයි යකු හඩ ලෙසේ යා ල ක ල් පබාවති සහ නොම වැසේ යා මෙ ක ල් මෙ මා සිතු නලවමි කෙසේ යා”
යන විලාපයට කෙ තෙක් ණය ගැති කම් දක්වන්නේ ද?
සිය බස් මල් දම් කතු වරයාට ම විශේෂ යෙදුම් කීපයකින් ද මේ කවෙහි තැනින් තැන දක්නට ඇත. සර යනු අප්සර වෙනුවට දෝ කාන්තාව යන අරුතෙහි මෙහි යෙදී තිබේ. තර යන සකු හා පෙළ බස්හි අධිකාර්ථය දෙන නිපාත, සුදු තර ආදී වසයෙන් නො සැලකිලි ලෙස යොදා තිබෙනු පෙනේ. උමයඟ නිසරු, සරැඟිලි, ඉදුනෙවරා, සහියුරු ආදී වසයෙන් අස්වභාවික ලෙස සන්ධි වු පද ද බොහෝ ගණනකි.
සාහිත්යු කලා පිරිහී ගිය කාලයක නිෂ්පාදිත ග්රොන්ථයක් හෙයින් මෙ සේ දොසින් ගහන වු ද, කිරම ධම්මානන්ද හිමියන්ගේ කවීත්වය පළවෙන තැන් ද මේ පොතෙහි කොතෙකුත් ඇත සිහල බසෙහි මෙන් ම කාව්යා කරණයෙහි ද සෑහෙන දැනුමක් ඒ හිමියන් තුළ තිබුණු බවට මේ පොත දෙස් දන්නේ ය.
පොතේ මුල් භාගය අවසාන භාගයට වඩා හැම අතින් ම උසස් බව කිව හැකි ය. සංස්කෘත හා සිංහල මහා කාව්ය්යන් අනු ව යමින් වුව ද කර ඇති දඹදිව වැනුමෙන් කාව්යස කර්තෘහුගේ වර්ණන ශක්තිය පිළිබිඹු වේ. වගු රදුගේ බිසව පිළිබද කර ඇති වැනුම ද අගනේ ය. වගු රදුගේ දූ කුමරියගේ රූ සිරි වැනුම ද උසස් තැනක් ගන්නකි.
“ සොබන කනක ගිරි මුදුනත රඟ- දෙන රන් මයු රා හ ර ණ සුමුදු දිගු වරලස නිල් ව බැබලි නො ව රා වැ සු ණ අඩක් මේ ගැබකින් සඳුගෙ සිරි අයු රා න ද න වේය දුටු දන මන ඇගෙ නළලත පව රා”
ආදී වසයෙන් දැක්වෙන ඒ වර්ණනාව කාව්ය කර්තෘගේ ප්රූතිභා ශක්තියට දෙස් දෙන්නකි.
සිංහයා රට පෙළූ සැටි වැසියන් රජුට පැමිණිළි කළ අයුරු දැක්වෙන කවි කීපය ද උසස් තත්ත්‍වයක් ගන්නා බව කිව හැකි ය.
xxi
“ පි රි ස ද සොමි උවන පියයුරු රණ තිස ර ම න ර ද දුනු මිටෙව මැද දෙස ඇති පව ර සු ර ර ද ලියෙව් රැසිරැති අග-නක් නො හැ ර
මි ග ර ද ගම් මැදට පැන මැරිය නද ක ර”
වැනි කවි හැම අතින් ම උසස් කවියකුගේ නිර්මාණ වසයෙන් උසස් තැනක් ගනු ඇත.
මාතර යුගයේ සාහිත්ය ග්රයන්ථයන් අතර ඉතා ජන ප්රි්ය ග්රගන්ථයක් වුව ද සිංහල සාහිත්යහ වංශයෙහි සිය බස් මල් දමට එ තරම් උසස් තැනක් හෝ ජනප්රි ය තාවක් හෝ ලැබී ඇති වක් නො පෙනේ. මෙහි කථා වස්තුව වුව ද , සිංහල පාඨකයාට වඩා හුරු පුරුදු නැති යෙදුම්වලින් පොත ගහන ව තිබීමෙන් මෙය සාමාන්ය පාඨකයාගේත් , පොතෙහි සදොස් තැන් අනූන වීමෙන් මෙය විද්වතුන්ගේත් සැලකිල්ලට එ තරම් නොලක් වූ බව පෙනේ.
සිය බස් මල් දම පිළිබද ව මඳ වුව ද ප්රවබෝධයක් ඇති වූයේ මෑතක සිට එය උසස් පාඨ පරීක්ෂණවලට නිය ම වූවායින් පසුව ය. මේ ග්රින්ථයෙහි ගැට මුසු තැන් සියල්ල ලිහා, හැම කවියක ම අන්වය ද, අර්ථය ද, විස්තර කළ යුතු තැන්හි විස්තර ද සහිත ව අපහසු වචන සදහා සිංහල ඉංග්රීධසි ගැට පදයකින් ද, යුතු ව මෙ සේ මේ සංස්කරණය පිළයෙළ කරන ලද්දේ මේ පොත පාඨ පරීක්ෂණයන් සදහා හදාරන්නන් ඇතුළු හැම ආධුනිකයන්ගේ ම ප්රීයෝජනය සලකමිනි.
මේ රටෙහි ජනතාවගේ හිත සුව සදහා තම කාලයත්, ධනයත්, මොළයත් නො මසුරු ව යොදවා, රටටත්, ජාතියටත්, සාහිත්ය්යටත් උදාර සේවයක් කර පරලෝ සැපත්. ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා විසින් පළ කරවන ලද සිය බස් මල් දම් පෙළ අපගේ සංස්කරණය සදහා ප්රුයෝජන වූ බැව් කෘතඥ තාවෙන් යුතු ව සදහන්- කරනු කැමැත්තෙමි. ඒ පෙළෙහි ඇති කොතෙකුත් දොස්, පොත පිටපත් කළ අයගේ නො ව , කාව්යි කර්තෘහුගේ ම බව මේ යුගයේ නිපදවන ලද සෙසු පොත් වලින් මෙන් ම, ඔහුගේ අනෙක් කෘතීන්ගෙන්ද පැහැදිලිව පෙනේ. පෙළෙහි ඒ කිසිවක් වෙනස් කර දැක්වීම අප සතු වැඩක් නොවේ. පොත හදාරන්නවුන් විසින් කාව්ය කර්තෘගේ ඒ දෝෂ ස්ථානයෙන් දැනගත යුතු හෙයිනි.
xxii
කවිවල අන්වයෙහි දී ඒ හැම දොසක්ම ශුද්ධ කර දැක්වීමටත්, බොහෝ සදොස් තැන් පිළිබදව වෙනම විස්තර වසයෙන් සදහන් කිරීමටත් වෙහෙස දැරුවෙමු. එහෙයින් කවිවල සදොස් තැන් නි දොස් විය යුතු අයුරු අන්වය හා විස්තර බැලීමෙන් වටහා ගත හැකිය.
යම් ආධුනිකයෙකු මේ සංස්කරණයෙන් ප්රවයෝජන ගෙන සිය බස් මල් දම හැදෑරීමට වෙහෙසෙතොත්, ඔහු බලාපොරොත්තු වන හැම උපකාරයක් ම මෙහි ඇතැයි සිතමු. යම් නොපැහැදිලි වන තැනක් වෙතොත් එය සදහන් කර එවන කාහට වුවද එය විස්තර කර දීමට මැළි නො වෙමු.
කෙසේ වෙතත්, මේ සංස්කරණය විවේචනය කිරීම විද්වතුන්හට ම බාර වැඩකි. භාෂා සාහිත්‍ංරයන් පිළිබද උසස් අවබෝධයක් ඇති විචාරකයන් විසින් කෙරෙන වැදගත් විවේචනයන් නිසා සාහිත්යි පෝෂණයට ලැබෙන්නේ මහත් රුකුලකි.
නොබෝ දා ප්ර්කාශයට පමුණුවන ලද අපෙග් හංස සන්දේශ සංස්කරණයෙහි දූත වැනුම් හි “ තොප පිට පිහිටි කැරැල්ල බඹ තෙ දිය ඇවිදි ය” යනු “ Standing on your back, Brahma Wunders about in the three world” යනුවෙන් අප විසින් කෙරුණු ඉංග්රීaසි අනුවාදය ස දොස් තැනකැයි කවුදෝ පින්වතකු පුවත් පතක පල කර තිබෙනු දක්නට ලැබිණි. එහෙත් කුමන ෙහ්තුවකින් ඒ ස දොස් දැයි නො දැක්වීම දුබලකමකි. ඔහු එසේ ලියන්නට ඇත්තේ, හංසයකු පිට බ්ර්හ්මයා නැගිට යෑම අස්වාභාවික යැ යි සිතා විය හැකිය. බ්රයහ්මයා හංස පිට වාහනයක් කරගෙන යන බව කවෙහි සදහන් යැයි, ඔහු හංස පිටෙහි යන්නේ කෙසේද? නො නැඟිට යාම අපහසු නම් හිදගෙන හෝ නිදාගත් ගමන් බ්රුහ්මයා හංස පිටෙහි යන්නේ යයි අදහස් කරනු ලැබේද?
අපගේ අදහස ස දොස් ය යි කී තැනැත්තා, එසේ කීවේ, බ්රරහ්මයා හංස පිට පිහිට කර ගමන් කරන සැටි දැකීමෙන් පසු ව දැයි නො දනිමු. ඔහු යම් දිනෙක මේ අපූර ගමන දැක ඇත් නම් , එය අප කාහටත් විස්තර කරදීම ඔහුගේ යුතුකමකි. නො එසේ නම්, මේ ප්රිශ්නය දෙස බැලිය යුත්තේ තර්කානුකූල වය. බ්රුහ්මයකු හංසයකු පිට වාහනය කර ගෙන ඇවිදීමක් ගැන සදහන් වන්නේ කවි සමයෙහි හා හින්දු දේව කථාවන්හී ය. බ්රහහ්මයාගේ ප්රූමාණය නො දනිතත් හංසයකුගේ ප්රනමාණය නම් අපි කවුරුත් දනිමු. බ්රේහ්මයා යටත් පිරිසෙයින් මිනිසකු තරම් වුව ද, ඔහුට හංසයකු වාහනය කරගෙන ඇවිද්ද හැකිද?
xxiii
මෙය අතිශයින් ම අස්වාභාවික ය. එසේ වූ විට බ්රහහ්මයා හංස පිටෙහි නැගිට යෑම අපහසු යයි ද, ඔහු හිදගෙන හෝ නිදාගෙන යනු ඇතැයි ද සැලකීම මහත් අනුවණ කමෙකි. ඔහු හංස පිටෙහි හිද ගෙන යන්නේ කෙසේ ද? හංසයා වැනි කුඩා සතකුට බ්ර හ්මයකු පිටෙහි හිදුවාගෙන ගිය හැකි ද ? මෙය අස්වාභාවික වැඩකි. යම් හෙයකින් බ්රහහ්මයාට තම දේව බලය එ සේ යත හැකි නම්, එම බලයෙන් ම හංසයා පිට නැගිට යාම බැරි ඇයි?
කවි සමයෙහි දෙව් බඹුන් පිළිබදව දැක්වෙන අස්වාභාවික දේ බොහෝ ය. ඒ කවි වෙන බසකට අනුවාදය කරන්නා ඒ අස්වාභාවික තත්වය ගැන වගකිව යුත්තෙක් නො වේ. අනුවාදකයා විසින් කළ යුත්තේ අදහස අනෙක් බසකින් දැක්විම පමණකි. එකම දේ ඇතැම් තැනෙක දෙ තුන් අයුරෙකින් දැක්විය හැකි ය. එහෙත් ඒ කිසිවක් ස දොස් යැ යි පෑමට පෙර මදක් වත් ඒ ගැන නුවණ මෙහෙයවා බැලීම පරෙස්සම් සහිත ය . නැතහොත්, ඒ තමාගේ ම අනුවණ කම ලෝකයාට පෙන්වා දීමක් පමණක් වන හෙයිනි.
එ හෙයින් එ වැනි ආධුනිකයන්ගේ නො ව , අපේ සාහිත්යහ ග්ර්න්ථයන් පිළිබද සැබෑ අවබෝධයක් ඇති මධ්යෙස්ථ විද්වතුන්ගේ ම විවේචනාක්ෂියට මේ සියබස් මල් දම් සංස්කරණය ද ලක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
කේ. ඩී. ජී. වික්ර මසිංහ