සිය බස් මල් දම-අන්වය, අර්ථය හා විස්තර v
201 එ ක ලෙ සි නා පලයුරු තෙලිනා ගොඩ බැස දවනා සිඳු රදු විසි නා නොව ප ම ණා පසතුරු ගොසිනා කුඩ කොඩි රැගෙනා වසමින් ගුව නා මෙ බ ඳු ම නා මහ පෙළහරිනා කුමරිඳු සොබනා නුවරට පැමිනා
අන්වය : එක ලෙසිනා පල නෙලිනා විසිනා ගොඩ බැස දවනා සිඳු රද අයුරු පමණා නො ව ; කුඩ කොඩි රැගෙනා ගුවනා වසමින් පසතුරු ගොසිනා හැම ද නොමිනා දෙන ඔල්වර හඬිනා , නෙක තුති ගොසිනා කරනා මෙ බඳු මනා මහ පෙළහරිනා සොබනා කුමරිඳු නුවරට පැමිණා;
අර්ථෙය : එකාකාර ව ( කල්පාන්තයෙහි හමන ) ප්ර ලය වායුව නිසා ගොඩ බිමට වැද දුවන රාජයා මෙන්, කෙළවරක් නැති ව කුඩ කොඩි ගෙන අහස වසමින්, පංචාංගතූය්ය්කෙළ නාද පතුරවමින්. සියලු ජනයා දෙන බොහෝ වූ ප්රී්ති ඝොෂාවෙන් ද නොයෙක් ස්තුති ඝෝෂාවෙන් ද මෙ සේ මහත් ප්රාවතිහාය්‍්ති ෙයන් යුතු ව ශෝභමාන කුමාරයා නුවරට පැමිණියේ ය.
විස්තර : පල නෙලිනා : ප්ර්ලය වායුව. කල්පාන්තයෙහි ලෝක විනාසය සඳහා හමන වායුව.
202 සි ටි ය ස දා තම එමුත් සඳා සුරපුරව වැදා ගත් දින ගත දා කු ම රු ස දා ගෙණැ ආ මිහිඳා මිද චතික ලෙදා මවු බිසෝ ස දා ස ම ඟ එ දා නැගණි ද නො රඳා ගොස් එම මිගිදා හිස වැලඳ බ දා සි ර ස හ දා අතගසමිනෙදා හැඬුවයි එ ලඳා කියමින් මෙලෙ දා
අන්වය : ( සිටිය සඳා ) තම එ මුත් සඳා සුර පුරට වැදා සත් දින ගත දා කුමරු සඳා ගෙන මිගිඳා හිස දකින ලෙදා, මවු බිසෝ සඳා එ දා නැගණි ද සමග නො රඳා ගොස්, එම මිගිඳ හිස බදා වැළඳ. සිරස හදා අත ගසමින් එදා එ ළදා මෙ ලෙදා කියමින් හැඬුව යි.
සිය බස් මල් දම 129
අර්ථබය : ( කුමරා එ සේ පැමිණ සිටිය කල, ) තම මුත්තණු රජ තුමා පරලොව ගොස් සත් දිනක් ගත වූ විට, කුමරුවන් ගෙන ආ සිංහ හිස දැකීම සඳහා මවු බිසව එ දා කුමරුගේ නැඟණිය ද සමඟ, නො නැවතී ගොස්, සිංහ හිස බදා වැළඳ ගෙන තම හිසෙහි හා පපුවෙහි අත් ගසමින් මෙ සේ කියමින් හඬන්නට වුවා ය.
203 පෙ ර දි නේ මට ලොබයෙන් පිට තබමින් ගෙණැ ගොස් ව නේ ග ල් ලෙනේ මා ලා ගණේ රන් රස මෙනේ පළ කරැ සෙ නේ තැ න තැ නේ විදැ මහ වනේ පල රස අනේ ගෙණැ දිනේ වෙ න වෙනේ සළු’ බරණින් තුනු සරසනේ ම ය දින දි නේ
අන්වය : සු ම ග ම යි.
අර්ථයය : පෙර දවසෙක මා කෙරෙහි ඇලුම් ඇති ව, පිටෙහි තබා ගෙන මා ගෙන ගොස් වනයෙහි ගල් ලෙනක් තුළ රඳවා. රත්රන් හා රස දිය මෙන් ආදරය දක්වා, වනයෙහි තැන තැන ඇවිද රස පල ගෙන දී වෙන වෙන සළු හා අබරණ දිනෙන් දින ගෙන දී මා සැරසුවෙහි ය.
විස්තර : තුනු. සිරුර
204 පෙ ර ක ළා දරු ගැප්වෙලා දොළ දුක් වොල මා සිටි කලා උ ද ක ළා වම හැම දොළා එම පිසඳළා දුක් දුරු ක ලා මු හු ක ළා යින් පසු එලා ගැබ වැදු කලා දරු මන ක ලා නො ම හෙ ළා බිම දොහොතලා ගණ සිඹදුලා වත පෙම්කළා
අන්වය : පෙර කලා දරු ගැබ් වෙලා දොළ දුක් වෙලා මා සිටි කලා උදකලා ව ම, එම හැම දොළා පසිඳ ලා දුක් දුරු කළා. එ ළා ගැබ මුහු කළායින් පසු මන කලා දරු වැදු කලා, බිම නො හෙළා දොහොතලා ගන දුලා වත සිඹ පෙම කළා.
අර්ථවය : පෙර මා දරු ගැබ් ව දොළ දුකින් පසුවෙද්දී, තනි ව ම ඒ සියලු දොළ පසිඳවා දුක් දුරු කරන ලදී. එ ළපටි දරු ගැබ මෝරා, සිත් කළු දරුවන් වැදූ විට ඔවුන් බිම නො තබා දැතට ගෙන පැහැපත් මුහුණු සිඹ ආදරය කරන ලදී.
විස්තර : දරු ගැප් වෙලා. දරු ගැබ් වෙලා යනු අදහස යි.
130 සිය බස් මල් දම
205 එ ම වැ දූ පුතු සමග දු යන එ පසිඳු දරු අප බ ඳු මෙ හ රි ඳූ දැක කර මුදු සිත දිවි බඳු සෙනෙහස රැ ඳූ අ ම බ ඳූ හැම රස යෙදු හර දී එ දූ දරු රැක සැ ඳූ හි මි ස ඳූ ඇති ගුණ කඳු ඔබ පිරිසිදු සම විය ඉ ඳූ
අන්වය : එම වැදූ පුතු සමග දූ යන එ පසිදු අප බඳු දරු. මෙ හරිඳු දැකැ සිත මුදු කර දිවි බඳු සෙනෙහස රැඳු, අම බඳු හැම රස යෙදු අහර දී එ දු දරු රැකැ සැදු, පිරිසිදු ගුණ කඳු ඇති හිමි සඳු ඔබ ඉඳු සම විය.
අර්ථකය : අප වැදු අප වැනි ඒ ප්රුසිද්ධ පුතා හා දියණිය දුටු මේ සිංහයා සිත මෙළෙක් කර ගෙන සිටය පණ මෙන් ඔවුන් කෙරෙහි ඇල්ම කළේ ය. අමෘතය ( දිව බොජුන්) හා සමාන රසවත් ආහාර ගෙනදී ඒ දූ දරුවන් රැක ගත්තේ ය. පිරිසිදු ගුණ සමුදායෙන් හෙබි හිමියෙනි, ඔබ චන්ද්රරයා හා සම විය.
විස්තර : හරිඳු : හරි + ඉඳු , සිංහ රාජයා, හරියනු සිංහයාට නමකි.
ඉඳු : චන්ද්රියා ඉඳු හෙවත් ඉන්ද්ර+ යනුවෙන් හැඳන්වේ. ‘වතිනි සරි ඉන් දූ රුසිරෙන් දල නිදුන්දු යන තැන ද නිදසුනි.
206 ව ය සි නා සොළාස් වනා තුරු මෙ දෙදෙනා දරු සමගිනා අ ප ගැ ණා මහ දුක් ගෙනා රැකි නිතියෙනා සිය නෙත මෙනා ඔ බ ගු ණා එම නොම දැනා සැර පහරිනා විදැ මරමි නා මෙ ම වී නා සය කරමිනා හළෙ පුතු විනා කවුරුද වෙ නා
අන්වය : වයසිනා සොළොසක් වනා තුරු මම දරු දෙ දෙනා සමගිනා, අප ගැනැ මහ දුක් ගෙනා සිය නෙත මෙනා නිතියෙනා රැකි ඔබ එම ගුණා නොම දැනැ සැරා පහරිනා විදැ මරමිනා මෙම විනාසය කරමිනා හළෙ පුතු විනා වෙන කවුරු ද?
අර්ථය : දහසය අවුරුද්දක් වන තෙක් මෙ දරු දෙ දෙනා හා අප ගැන මහත් දුක් විඳ තම ඇස මෙන් හැම විට අප රැක්කෙහි ය. ඔබ ගේ එම ගුණ නො දැන ඊ තල පහරින් විද මරා මේ විනාසය කරන ලද්දේ පුත් කුමරුවා හැර වෙනකකු විසින් නො වේ.
207 හි මි ස ඳා පල වැල සඳා ‘පට වන මැදා ගිය කල සෙ දා ලෙන හි දා සැඟාවී එදා නොම රඳ මෙහි ආ ස ඳා ත ද ලෙ දා සිත දුක වැදා ගිරි ලෙණ රදාලා නො ම හි දා ර ට මැ දා විත් මම ලෙදා දුක් විඳ වදාළේ අප ස ඳා
සිය බස් මල් දම 131
විස්තර : නො නවතා නො නැවතී . කීප වරක් ම. බිසව දෙවරක් ම පුත්රයයා වැලැක්වූවා ය.
210 මෙ ලොවැ සැපත තිරා, නැති වග මමිඳු රා ම පු තු ට කී ව රා, ගොසින් මටත් සො රා සි ය පි ය වි ද ම රා, කළ පව ගොර ත රා දු ක් වි ඳැ සි ව් නි රා, ගෙවනෙ ද කොයි ව රා
අන්වය : මෙ ලොව සැපත තිරා නැති වග මම ඉඳුරා ම පුතුට කී වරා මටත් සොරා ගොසින් සිය පිය විඳැ මරා කළ ගොරතරා පව සිව් නිරා දුක් විඳැ කොයි වරා ගෙවනේ ද?
අර්ථය : මේ ලෝකයෙහි සම්පත් ස්ථිර නැති බව මා සම්පූර්ණයෙන් ම මගේ පුත්ර යාට කී විට මට ද නො දන්වා ගොස් තම පියා මරා කරන ලද මේ බිහිසුණු පාපය සතර අපා විඳීමෙන් කවර කලෙක ගෙවන්නේ ද?
විස්තර : මම කී වරා යනු වියරණ දොසකි. මා කී වරා යි ශුද්ධ විය යුතු.
211 නළ වැනැ දිනු නලා, දවයි එ හැම න ළා එම ලෙස නොවැ මුළා, නුඹට ම දා වෙ ලා ම කුසින් බිහි වෙලා, වැඩි විය පැමිණි ලා සිටි මෙ කුමරු දුලා, නුඹ නැසි රුදු වෙ ලා
අන්වය : නළ වනැ දිනු නලා එ හැම නළා දවයි. එම ලෙස මුළා නො ව නුඹට ම දා වෙලා ම කුසින් බිහි වෙලා. වැඩි විය පැමිණිලා සිටි දුලා මෙ කුමරු රුදු වෙලා නුඹ නැසි.
අර්ථ ය : බට වනයෙහි හටගත් සුළඟ ඒ හම බට ගස් පුළුස්සයි. එසේ ම මුළා නො වී, නුඹටම ජාතක ව මගේ කුසින් ඉපදී වැඩි වියට පැමිණි සිටි මේ ශෝභන කුමාරයා රෞද්රු වී නුඹ නසා දැම්මේ ය.
විස්තර : රුදු වෙලා : රෞද්ර වී යන අදහස දිමට යෙදු ස දොස් වචනයකි. මෙය රුදුරු වෙලා යනුවෙන් ශුද්ධ වුවහෝත ය නියම අර්ථය ලැබෙන්නේ.
212 නු ඹ ති රි ස න් නි සා, කිසිවක් නො වීම සා නොම හි ඳැ ලෙ ණ කු සා, ඇවිදින් අප නි සා හි මි ම ළ බ ව අ සා, යලි දැකැ සිය ඉ සා ම ට ව න් දු ක් රැ සා, කියනෙමි කොයි ලෙ සා
132 සිය බස් මල් දම
අන්වය : තිරිසන් නිසා කිසිවක් නො විමසා, ලෙන කුසා, නොම හිඳ, අප නිසා ඇවිදින් හිමි නුඹ මළ බව අසා, යළි සිය ඉසා දැකැ මට වන් දුක් රැසා කොයි ලෙසා කියනෙමි.
අර්ථ ය : තිරිසන් සතකු වූ හෙයින් කිසිවක් නො බලා, ගල් ලෙන තුළ නො ඉඳ අප නිසා ඇවිත් නුඹ මළ බව අසන්නට වී, නැවතත් නුඹගේ හිස දැක මට හටගත් දුක කෙ ලෙස කිව හැකි ද?
විස්තර : සිය ඉසා : ස්වකීය හිස. තමාගේ හිස. මෙහි සිය යනු යෙදී ඇත්තේ ස දොස් ව ය. නුඹ ඉසා යි වී නම් මෙය මීට වඩා යොග්යන ය.
213 මෙ ලෙස ඒ රද’ඟ න සමග දූ දරු තුන් දෙ න සි රද ගුණ කියමි න හඬා වැලපී නිසෝ වූ තැ න
අන්වය : මෙ ලෙස එ රද අඟන, දු දරු සමඟ තුන් දෙන සි රද ගුණ කියමින් හඬා වැලපී නිසෝ වූ තැන.
අර්ථීය: මෙ සේ ඒ රාජ කුමාරිකාව හා ඇගේ දරු දෙදෙනා යන තුන් දෙන සිංහයාගේ ගුණ කියමින් හඩා වැලපී ඔවුන් ගේ ශෝකය තුනී වූ විට.
විස්තර : නිසෝ : නිස්සෝකී යන්නෙන් බිඳිණි.
214 සියලු ම ළු වගු ර ට වසන දන ගණ සෙට දෙ ට සිහබා කුමරිඳු ට අනත තුති කොට තුටු වැ එම වි ට
අන්වය : එම විට එ වගු රට වසන සියලු ම සෙට දෙට දන ගණ සිහබා කුමරිඳුට තුටු වැ අනත තුති කොට.
අර්ථනය : එ විට ඒ වගු රටෙහි වාසය කරන සියලු ම උසස් ජ්යෙටෂ්ඨ ජන සමූහයා සිංහ බාහු කුමාරයා කෙරෙහි සතුටු වී ඔහුට බොහෝ සේ ස්තුති කර.
215 ඇමති වරු හම දෙ න අව මඟුල් වෙන් ගණිමි න අපමණ පෙරහරි න මිගිඳු හිස ගෙණ දවා හිරිමි න
සිය බස් මල් දම 133
අන්වය : සු ගම යි.
අර්ථය ය : අමාත්යඔ වරු සියලු දනා ම අවමංගලයට නිසි ඇඳම් හැඳ, මහත් පෙරහරින් ගොස් සිංහ හිස ආදාහන කළහ.
විස්තර : මිය ගිය බලවතුනට සැලකිලි දැක්වීමේ සිරිත මේ කවෙන් අනාවරණ වේ.
216 නු වරු හැම දෙන එක්ව සොයමින් පවර මැතිගණ සම්හි නා සොඳු රු එපුරට නුදුරු මහ හිම වතක් දැක එහි සපැමි නා එ තු රු ලිය මුල් ගල් උගුළුවා බිම සමකරැ සදමි නා ඇ දු රු වරු වඩු සතර තෙරපත් කැඳවමින් රැස් කරමි නා
අන්වය : නුවරු හැම දෙන එක්ව පවර මැතිගණ සමගිනා සොයමින්, සොඳරු එපුරට නුදුරු මහ හිම වතක් දැකැ එහි සපැමිණා, එ තුරු ලිය මුල් කල් උගුළුවා, එ බිම සම කරැ සදමිනා, වඩු සතර තෙරපත් ඇදුරවරු කැඳවමින් රැස් කරමිනා.
අර්ථසය : නගර වැසියන් සියලු දෙන එක් වී උසස් මන්ත්රීැ සමූහයා සමග තැනක් සොයන්නට වී. සුන්දර වූ ඒ නගරය අසල මහා වන ගහනයක් දැක, එහි ගොස් ගල් වැලි හා ගල් මුල් උදුරා දමා බිම සම කර, වඩු ශිල්පයෙහි කෙළ පැමිණි ආචාය්ය්හා වරුන් කැඳවා. ඔවුන් රැස් කර.
විස්තර : එ තුරු ලිය, එ බිම ආදි තැන් වල එ යනු මාත්රා පිරවීම සඳහා ගසන ලද සක්ක බව පෙනේ.
217 ඉ ඳු රු පුරවර අයුරු මාහැඟි උතුම් නුවරක් කරමි නා සොඳු රු එ පුරට බවර මිහබා පුරය යන නම තබමි නා අ බි රු සිහබා කුමරු හට එ ම නුවර රජ සිරි දෙවමි නා ම හ රු සිහවල්ලිය කුමරි අග බිසෝ කර තැබු එම දි නා
අන්වය : සු ගම යි.
අර්ථයය : ශක්ර.යාගේ පුරය වැනි අනර්ඝ උතුම් නගරයක් සදවා, ඊට සිංහබාහු පුරය යි නම් තබා, අභීත සිංහබාහු කුමාරයාට එහි රාජ්යඝශ්රී්ය පවරා, උසස් සිංහ වල්ලි කුමාරිකාව අග බිසෝ තනතුරෙහි තැබූ එ දිනෙහි.
විස්තර : අබිරූ : භීරු යනු බිය සුළු වේ. අබිරු යනු බිය සුළු නො යන යන අරත් දෙයි
මහරු : මහාර්ග මහාර්ඝ යන සකු වදන් වලින් බිඳිණි.
6
134 සිබ බස් මල් දම
218 එ ර ද එබිසව සමග දස රජ දමින් ලෙව් සත රකින අත රා නොමඳ මහ පින් බලැති දෙ තිසක් කුමරු ලබමින් පියත රා නි බ ඳ පුරඳුරු සිරින් බබළා සියලු සැප විඳැ කෙළව රා සු හ ද නෑ සිය දුක් මුහුද ලා කෙළේ කලුරිය ගොරත රා
අන්වය : එ රද එ බිසව සමග නො මඳ මහ පින් බලැති දෙතිසක් පියතරා කුමරු ලබමින්, දස රජ දමින් ලෙව් සතර රකින අතරා, නිබඳ පුරුඳරු සිරින් බබළා සියලු සැප විඳැ කෙළවරා, සුහද නැ සිය ගොර තරා දුක් මුහුද ලා කලුරිය කළේ.
අර්ථුය : ඒ රජ, බිසව සමග බොහෝ පින් වත් ප්රිලය වඩන කුමාරයින් තිස් දෙනෙකු ද ලබා දශ රාජ ධර්මයෙන් ලෝක සත්වයින්රක්ෂා කරමින්, හැම විට ශක්රායාෙග් ශ්රීකයෙන් බබළා හැම සැපයක් ම විඳ කෙළවර නෑ දැ හිතවතුන් මහත් දුක් මුහුදෙහි ගිල්වාප පරලෝ සැපත් විය.
විස්තර : පිය තරා : පිය තර . බොහෝ සේ ප්රි ය වඩවන
219 ප ව ර එ රජු ගෙ කුමරුනතුරෙන් විජයබා නම් දෙට කුමරව ර ස ත ර තුම මොක් පුරට සපැමිණි දිනම නැව’රා අවුත් සිරිස ර ප ත ර ලක්දිව තම්මැන්න නම් පුරට ගොඩබැස යකුන් දුරුක ර වි ත ර නැති සව් සිරින් රජ කළෙ මෙ ලක පළමු ව මිනිස් වසක ර
අන්වය : පවර එ රජුගෙ කුමරුන් අතුරෙන් විජය බා නම් දෙටු කුමර වර. සතර තුම මොක් පුරට සපැමිණි දින ම නැව් අරා අවුත්, සිරි සර පතර ලක් දිවැ තම්මැන්න නම් පුරට ගොඩ බැසැ යකුන් දුරු කර මෙ ලක පළමු ව මිනිස් වස කර විතර නැති සව් සිරින් රජ කළෙ.
අර්ථරය : උතුම් ඒ රජ තුමාගේ කුමාරයින් අතරින් වැඩිමලා වූ විජයබාහු නම් කුමාරයා ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ දිනයෙහි ම නැව් නැඟී ඇවිත්, සැප සම්පතින් පිරුණු ලක් දිව තම්මැන්නා නුවරට ගොඩ බැස යක්ෂයින් පලවා හැර, ලංකාව පළමුවෙන් ම මනුෂ්ය් වාසයක් කරවා අපමණ ඓශ්චය්‍්, ්පනේ යුතු ව රාජ්යා කළේ ය.
විස්තර : සතර තුමා : ශාස්තෲන් වහන්සේ බුදුරජාණන් වහන්සේ.
සිය බස් මල් දම 135
220 මෙ ම රදුට සත්වෙනි සිරිලක රජ පැමිණි තද තෙදට දින ක ර හි ම කිරණ බඳු යසින් බැබලූ දෙවෙනි පෑතිස් නරණ ගරු ත ර අ ම ඇදුරු සුත දඹදිවින් වැඩි මිහිඳු මා හිමි සඳහු දුටු ව ර පෙ ම සිතින් බණ අසා සතුටුව තෙ රුවනෙහි සැදැහැතිව බලත ර
අන්වය : මෙම රදුට සත් වෙනි ව සිරි ලක රජ පැමිණි, තද තෙදට දින කර, හිම කිරණ බඳු යසින් බැබැළූ ගරුතර දෙ වන පෑ තිස් නරණ . දඹ දිවින් වැඩි අම ඇදුර සුත මිහිඳු මා හිමි සඳහු දුටු වර, පෙම සිතින් බණ අසා සතුටු ව තෙ රුවනෙහි බල තර සැදෑහැ ඇති ව
අර්ථය : මේ රජුට සත් වෙනි ව ලංකාවෙහි රජකම දැරූ, මහත් තේජසින් සූය්ය්ව යා සම වූ ද, කීර්තියෙන් චන්ද්රකයා මෙන් බැබළුවා වූ ද ගෞරවාන්විත දෙවානම් පිය තිස්ස රජතුමා ඉන්දියාවෙන් පැමිණි, බුදුන්ගේ ශ්රාවවයකු වු මිහිඳු මහ රහතුන් වහන්සේ දැක, ආදරයෙන් බණ අසා සතුටු වී තුන් රුවන කෙරෙහි බොහෝ සේ ශ්රසද්ධා ඇති ව
විස්තර : මෙම රදුට සත් වෙනිව : දෙ වන පෑතිස් රජු විජය රජුට පසු රජ වූ සත් වෙනියා ය. විජය උප තිස්ස සෙනෙවි පඬිවස් දෙව් අභය, පණ්ඩුකාභය, මුටසීව හා දෙ වන පෑතිස් යනු සෙ සේ රජ වූ සත් දෙනා ය.
අම ඇදුරු : මෙ බුදුන් වහන්සේ සඳහා යෙදුණු පදයකි.
221 බු දු ස සු න් හිරු උදා කරවිය මෙලක’ ඹර දිටු අඳුරු දුරු ක ර පි ළි වෙ ළි න් ලක් දිවෙහි ඉන් පසු රජ කරපු රජ තුමෝ පැණසර ත ද බැ ති න් බ බුදු සසුන් රැකැ වැඩි දියුණු කරමින් තමන් දිරි’ යුර ස ම සි ති න් නෙක කුසල් කරමින් ලද හ සුර නර ඉසුරු නොවිත ර
අන්වය : මෙ ලක් අඹර දිටු අඳුරු දුරු කර, බුදු සසුන් හිරු උදාකර විය. ඉන් පසු ලද් දිවෙහි පිළිවෙලින් රජ කරපු පැනසර රජ තුමෝ තමන් දිවි අයුර තද බැතින් බුදු සසුන් රැක වැඩි දියුණු කරමින් සම සිතින් නෙක කුසල් කරමින් නො විතර සුර නර ඉසුරු ලදහ.
136 සිය බස මල් දම
අර්ථය : මෙම ලක් දිව නමැති අහසෙහි වූ මිථ්යාස දෘෂ්ටි නමැති අන්ධ කාරය දුරු කර, බුද්ධ සාසනය නමැති සූය්ය්දිවයා උදා කර වී ය. ඉන් පසු ලක් දිවෙහි පිළිවෙලින් රජ පැමිණි නැණ වත් රජ වරු තම පණ මෙන් මහත් භක්තියෙන් බුදු සසුන රැක එය වැඩි දියුණු කර ගෙන.
විස්තර : දිටු: දෘෂ්ටීන්, ආගම්, මින් අදහස් කෙරෙන්නේ මිථ්යා දෘෂ්ටී ය. බුදු සසුන මෙහි ඒ මට පෙර, මෙ රට වූයේ නොයෙකුත් ක්රමමයේ මිථ්යාු ඇදහිලි ය.
222 මෙ ල ක ට රජ පැමිණි නිදෝ පවා හැ ම මෙලෙ ස ට අනත පින් කරමින් පමා නො ම තිලො ව ට උතුම් සැප ලත්හු ය නිමාව ම ක දි ම ට පින් කරව් සුදනනි අසා මෙ ම
අන්වය : මෙ ලක රජ පැමිණි හැම නිරින්ඳෝ පවා, පමා නොම මෙලෙසට අනත පින් කරමින්, නිමාව ම ති ලොටව උතුම් සැප ලත්හු ය. සු දනනි, මෙම අසා කදිමට පින් කරව්.
අර්ථටය : මේ ලංකාවෙහි රජ බවට පත් සියලු ම රජ වරු පවා ප්රමමා ද නො ව මෙ සේ බොහෝ පින් කරමින් තුන් ලොවෙහි උතුම් සැප සම්පූර්ණයෙන් ම ලැබුවෝ ය. යහපත් ජනයිනි, මෙය අසා හොඳින් පින් කරව්.
විස්තර : ති ලොවට උතුම් සැප : දෙව් මිනිස් කෙළවර ලැබෙන නිවන් සැප.
පමා නො ම, මෙම අසා, ආදිය දුබල යෙදුම් ය.
223 ප ව ර රජ සිහ නිරිඳු සිරි පද කමල සෙව් මැති තුරෙන් සසොබ න නොහැ ර පැවතා දිසාපති පිළිවෙළින් නෙක සව් ඉසුරු ලබමි න ස ත ර වන යුද මැද කෝරළේ දිසාපතිඳුට මුනුපුරා ව න තු ස ර හර ගිර තුසර කර හර සදිසි යසසින් බැබලු නොපම න අන්වය : පවර රජ හිහ නිරිඳු සිරි පද කමල සෙව් ස සෙබන මැති අතුරෙන් නෙක සව් ඉසුරු ලබමින නො හැර පැවත ආ දිසා පති පිළිවෙලින් සතර වන යුද මැද කෝරළේ දිසා පතිඳුට මුණුබුරා වන, තුසර, හරගිර. තුසරකර, හර සදිසි යසසින් නො පමණ බැබළු
සිය බස් මල් දම 137
අර්ථබය : උතුම් රාජ සිංහ රජුගේ ශ්රී පාද පද්මය අසුරු කළා වූ ශ්රෙැෂ්ඨ මන්ත්රීාන් අතරින්, නොයෙකුත් සැප සම්පත් ලබා, නො කඩව දිසාපති පිළිවෙලින් පැවත ආවා ද වූ ද, මැද යුද කෙරුණු සතර කෝරළේ දිසාපතිගේ මුණුබුරා වූ ද, හිම, කෛලාස කුටය, චන්ද්රියා හා මුත් පට මෙන් කීර්තිය නිසා බොහෝ සේ බැබළුණු.
විස්තර : රජ සිහ නිරිඳු : මෙහි කියැවෙන්නේ සිය පිය මායාදුන්නේ රජු මරා සීතාවක රජ බවට පැමිණ, බුදු සසුන අත හැර සිව් ආගම වැළඳ, බුදු සසුනත් සිහල පොත පතුතු විනාස කළ බළමු වැනි රාජ සිංහ රජු විය හැකි ය. ඔහු මහා රණශූරයකු වූ හෙයින් ඔහුගේ නම මෙ සේ සඳහන් කළැ යි සිතිය හැකි වුව ද, බුදු සසුනට හානියක් නො කළ, රටට වැඩ වැඩු දෙ වෙනි රාජසිංහ රජු ද මින් අදහස් විය. හැකි ය.
සතර වන මැද කොරළේ : මේ කෑගලු දිස්ත්රිැක්කයේ සතර කෝරළයයි. යුද මැද යන විශේෂණයක් ද යෙදී ඇත්තේ මෙහි කෙරුණු යුද්ධ ගැන සැගකීමෙන් විය යුතුය.
224 ක ල ණ සිරි දරු කොළඹ වාසල දෙවෙනි මහ මුදලිඳුගේ නන්ද න නො මින පර දෙස වදන් සමගින් සතර තොරතුර සිත සෙ දැන ගෙ ණ පැ මි ණ මාතර පුරට කොන්සෙජුවේ තුප්පහි කම ලබාහෙ ණ ව ස න හෙන්ද්රිමක් සරම් මුකවෙටි මුදලි සඳු කළ යදුම පිළි ගෙ ණ
අන්වය : කලණ සිරි දැරු කොළඹ දෙවෙනි වාසල මහ මුදලිඳුගෙ නන්දන නොමිණ පර දෙස වදන් සමගින් සිත සෙ සතර තොරතුරු දැන ගෙන මාතර පුරට පැමිණ කොස්සේජුවේ තුප්පහි කම ලබා ගණ වසන හෙන්ද්රිරක් සමර මුකවෙටි මුදලි සඳු කළ අයදුම පිළිගෙන
අර්ථෙය : යහපත් ලක්ෂණ දැරුවා වූද, කොළඹ දෙවෙනි වාසල මුදලිඳුගේ පුත්රයයා වූ ද, පර භාෂාවන්හි බොහෝ වචනත් ශාස්ත්රායනුත් හොඳින් දැනගෙන මාතරට පැමිණ
138 සිය බස මල් දම
කොන්සේජුවේ තුප්පහි තනතුර දරමින් සිටින හෙන්ද්රිරක් සමර මුකවෙට්ටි මුදලි තුමන් කරන ලද ආරාධනය පිළිගෙන.
විස්රත : කොන්සේජුවේ තුප්පහි කම: මේ පෘතුග්රීරසින් යටතෙහි වූ තනතුරකි මේ වචන දෙක ම පෘතුග්රීොසි ය.
මුකවෙට්ටි: කෝට්ටේ රාජ්ය කාලයේදී සිට මෙ රට මුකවේට්ටි වරු සියහග හංසසන්දේශයෙහි ද
සිටිති පසෙක වසාල මුකවෙට්ටි වරුත් යනු වෙන් මේ ගැන සඳහන් වේ.
සීතාවක සමයේ අලගිය වන්නයෝ ද මුකටේටි කෙනෙක් වූහ. ඔහු තෝම්බු ලියූ බව ද කියනු ලැබේ. කෙ සේ වෙතත් මේ මුකවෙට්ටි වරු අදිකරණ නිලධාරින් කොටසක් බව සැලකිය හැකි ය.
225 ස ක සි න් එක් දහස් සත් සිය දෙ සාළිසකට පැමිණි මෙව සේ රි ක හයෙ න් යුත් බක් මසෙහි පුර පෑළවිය ලත් සිකුරු දව සේ නෙක සි රි න් සැදි ගොඩපිටිය මහ වෙහෙර නිරතුරු වසන සුව සේ සිකපෙමින් රැකි කිරම දම්නඳ යති මෙ කිවි කරැ නිමවි සිත සේ
අන්වය : සක වසින් එක් දහස් සත් සිය දෙ සාළිසකට පැමිණි මෙ වසේ, රික හයෙන් යුත් බක් මසෙහි පුර පැලවිය ලත් සිකුරු දවසේ. නෙක සිරින් සැදි ගොඩපිටියෙ මහ වෙහෙර නිරතුරු සුව සේ වසන, පෙමින් සික රැකි කිරම දම්නඳ යති සිත සේ මෙ කවි කරැ නිමවි.
අර්ථඳය: ශක වර්ෂයෙන් එක් දහස් සත් සිය හතළිස් දෙකක් වූ මේ අවුරුද්දේ සා නැකතින් යුත් බක් මස පුර පැල වියෙහි සිකුරාදා දිනයෙහි නොයෙක් ඓශ්චය්‍් බක්නේ යුතු ගොඩපිටිය මහා විහාරයෙහි නිතර සැපතින් වෙසෙමින් භක්තියෙන් සිල් රකින කිරම ධම්මානන්ද හිමියන් විසින් සිත් පරිදි මෙ කාව්යයය ලියා නිම කරන ලදි.
සිය බස් මල් දම 139
විස්තර : රික හය. රිකයන්නෙන් නැකත යනුත් හය යන්නෙන් සා යනුත් අදහස් වේ. මේ සැ නැකත යි.
සික. සික්ඛා. සිල්.
226 ස සි ය විජබා නිරිඳුහුගෙ පුව ත මෙ සි ය බිසින් කවි කළ නෙක විරිත යු ත දෙ සි ය සවිස්සක් කවීයෙන් නිම මෙ පො ත ඇ සි ය යුතු ය සුදනන් තුටු කරැ තෙසි ත
අන්වය : ස සිය විජය බා නරනිඳුහුගෙ පුවත මෙ සිය බසින් නෙක විරිත යුත කවි කළ දෙ සිය ස විස්සක් කවියෙන්නිමි මෙ පොත සු දනන් නෙ සිත තුටු කරැ ඇසිය යුතු ය.
අර්ථ ය : විජය රජ තුමාගේත්, ඔහුගේ නෑ දෑයින්ගේත් කථා විස්තරය සිහංල භාෂාවෙන් මෙ සේ නොයෙකුත් වෘත්තයනට අනුව කවි කරන ලදී. කවී දෙ සිය විසි හයකින් යුතු මේ පොත සුදනන් තුන්සිත සතුටු කරමින් ඇසීම වටී.
විස්තර : ස සිය: ස්වකීයයන් සහ නෑදෑ පරපුර සමග මේ පොතෙහි විස්තර ව ඇත්තේ විජය රජුගේ මව් පියන් ඇතුළු පර පුරරෙහි කථා විස්තරය යි.
දෙ සිය සවිස්සක් කවි : කවි දෙසිය විසි හයක් වනුයේ මේ කවියත් සමගිනි.
තෙ සිත : යමක් කිරීමට පෙර හා පසු වැ ඇති වන සිත ද, එය කිරීමේ දී ඇති වන සිත ද තුන් සිත යනුවෙන් ගණන් ගැණේ.
227 ම ත් වෙ ත් වා සියලු සත් ඔවුනොවුන් හ ට සි ත් වෙ ත් වා පින් කරමින් හැසුරුම ට සෙත් වෙ ත් වා මෙ ලොවැ සව් ලෙව් සතුන් හ ට අ ත් වෙ ත් වා මතු මොක් පුර අප හැම ට
අන්වය : සියලු සත් ඔවුනොවුන් හට මිත් වෙත්වා, පින් කරමින් හැසුරුමට සිත් වෙත් වා. මෙ ලො වැ සම් ලෙව් සුතුන් හට සෙත් වෙත්වා, අප හැමට මතු මොක් පුර අත් වෙත් වා.
140 සිය බස මල් දම
අර්ථඅය : සියලු සත්වයෝ ඔවුනොවුන් කෙරෙහි මිත්රි වෙත්වා පින් දහම් හි යෙදී ජිවත් වීමට සිත් පහළ වේවා! මේ ලෝකයේ සියලු සත්වයන් හට ශාන්තියක් වේවා! අප සියලු දෙනාටත් අනාගතයේදී මොක්ෂය හෙවත් නිර්වානය . අයිති වේවා!
228 අ ම පි ය බ ස් දුන් තුන් ලොව හිමි සුග ත ගු ණ නි ය රැ ස් පළමු ව පළ කළ අන ත මෙ ම සි ය බ ස් මල් දම නමැති කව් පො ත ලොවැ සි ය ව ස් පවතිවා තුටු කරැ නෙ ස ත
අන්වය : අම පිය බස් දුන් තුන් ලොව හිමි සු ගත අනත ගුණ නිය රැස් පළමු ව පළ කළ මෙම සිය බස් මල් දම නමැති කව් පොත නෙ සත තුටු කරැ ලොවැ සිය වස් පවතිවා!
අර්ථවය : අමෘතය වැනි ප්රි ය වදන් ප්රටකාශ කළා වූ, තුන් ලොවට නායක සුගත් හිමියන්ගේ අනන්ත ගුණ නුවණ රාශිය පළමුවෙන් ප්ර කාශ කළා වූ මේ සිය බස් මල් දම නමැති කව් පොත බොහෝ දෙනා සතුටු කරවමින් ලෝකයේ සියක් අවුරුද්දක් පවතීවා!
විස්තර : සුගත. හොඳින් ගිය හෙවත් සසරින් ගොඩ වූ තැනැත්තා යන අදහස ඇති ව බුදුන් වහන්සේට යෙදෙන නමකි.
- නිමි -