සිය බස් මල් දම-අන්වය, අර්ථය හා විස්තර i

අන්වය අර්ථය හා විස්තර

නමව් මුනි සරණ

1 සු බ අග අප වග දුන් සත්නට සො ඳ බ ඹ සුර’සුර නර මතැ සැදු සිරි ප ද පොබ යන විනෙ දනගණ සර දින ර ද ලොබ බැඳැ නමදිමි එ සුගත් දම් ර ද

අන්වයඃ සොඳ සුබ අග අපවග සතනට දුන්, බඹ සුර නර මතැ සිරි පද සැදු විනෙ දන සර ගණ පොබයන, දින රද, එ සුගත් දම් රද ලොබ බැඳ නමදිමි.

අර්ථයඃ යහපත්, සුබ, උතුම් නිවන් සැප ලෝ සතහට ගෙන දුන්නා වූ ද, බඹුන්, දෙවියන් හා මිනිසුන්ගේ හිසින් තම සිරිපා වෙත වැඳුම් ලැබුවා වූ ද, හික්ම විය හැකි ජනයා නැමති නෙළුම් මල් සමූහය පුබුදු කරවීමට සුය්යවර්යාන වැනි වූ ද, එ සුගත් දම් රදාණන් වූ බුදුන් වහන්සේ ඉතා ආසාවෙන් වඳිමි.

විස්තරඃ අග - ශ්රෙ ෂ්ඨ විනෙදන - හික්ම විය හැකි ජනයා සරගණ - නෙළුම් මල් සමූහය, විල් සමූහය කියා ද අරුත් කිව හැකි ය. එහෙත් හැම විලක්ම හිරු නිසා පුබුදු නොවේ. සමහර විල්වල ඇත්තේ හඳ එලියෙන් පිබිදෙන මල්ය. සමහර විල්වල හිරු රැසින් පිබිදීමට කිසිවක් නැත. එ හෙයින් මෙහි ගැලපෙන්නේ නෙළුම් මල් සමූහය යන අර්ථය ය.

2 සු ර දෙට අයදුම පිළිගෙණ මොනව ට ව ර දෙ සතර මග පල මොක් පළ කො ට සු ර නට සුර සුගතිඳු දෙසු දහම ට තොර නො ව නමදිමි අදරින් තුති කො ට

අන්වයඃ සුර දෙට අයදුම මොනවට පිළි ගෙන, වර දෙ සතර මග පල මොක් පළ කොට, සුරනට සුර සුගතිඳු දෙසු දහමට තොර නොව, අදරින් තුති කොට නමදිමි. 34 සිය බස් මල් දම

අර්ථයඃ උසස් ම දෙවියා වූ මහ බඹුගේ ආරාධනාව හොඳින් පිළිගෙන, උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, එම ඵලත්, නිවණත්, පෙන්වා දෙමින් දෙවියන්ගේත් දෙවියන් වූ, සුගත් බුදු රදුන් දෙසූ දහමට අත් නො හැර ම ස්තුති කරමින් ආදරයෙන් නමදිමි.

විස්තරඃ සුර දෙට - දේවගණයාගේ නායකයා යන අදහසින් යෙදුණු වචනයකි. මේ සහම්පතී මහ බඹු ය. දෙ සතර මගපල - සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මහත්, සතර පලත්.

3 සි රි ගණ වදළහ සදහම් සිතෙල ට පි රි සිදු රන් පා වන් සුත දිනුඳු ට සැ රි යුත් මුගලන් ඈ මහ සඟන ට පි රි සතුටින් මම නමදිමි හැම වි ට

අන්වයඃ සිරි ගණ වදහළ සදහම් සිතෙලට පිරිසිදු රන් පා වන්, දිනිඳුට සුත, සැරියුත් මුගලන් ඈ මහ සඟනට හැම විට මම පිරි සතුටින් නමදිමි.

අර්ථයඃ බුදුන් වහන්සේ වදාරන ලද සදහම් නමැති සිංහ තෙල- දැරීමට පිරිසිදු රත්රන් පාත්ර්යක් වැනි වූ, බුදුන් වහන්සේගෙන් පැවතෙන සැරියුත් මුගලන් ආදී මහා සංඝයා වහන්සේට මම හැම විට ම ඉතා ම සතුටින් නමස්කාර කරමි.

විස්තරඃ සිරි ගණ - ඓශ්වය්ය් වැයෙන් ගහන බුදුන් රන් පා - රත්රන් පාත්රවය - සිංහ තෙල් දැරීමට සමත් වන්නේ රන් බඳුනක් පමණකැයි අදහස් කෙරේ.

4 බ ඹ සුර පති සුර ගුරු සුර ගුරුන ත නැ බ සර සිරි සර සරකර බරනෙ ත බ ඹ කත ඈ හැම සුර ගණ කර මෙ ත සු බ සෙත දී රකු මේ හැම ලෙව් ස ත

අන්වයඃ බඹ සුරපති, සුර ගුරු, අසුර ගුරු, නත, නැබසරළ සිරිසර, සකසර, බරනෙත, බඹ කත ඈ හැම සුර ගණ මෙත කර, සුබසෙතදී මේ හැම ලෙව් සත රකු.

අර්ථයඃ මහ බඹු, ශක්රලයා, බ්ර හස්පතී, සිකුරු, නාථදේවයා (අනන්ත හෝ ඊශ්වර) විෂ්ණු, ශ්රී,කාන්ත, සූර්ය , බරනෙත්, සරස්වතී ආදී මේ දේව ගණයා මෙත් වඩා මේ සියලු ලෝ සතුන් යහපතත්, සෙතත්, දී රකිත්වා. සිය බස් මල් දම 35

  5	තු න් 	    ලොව ඇති හැම ර-වනට තුම් ව				   න

තු න් සිත සතුටු ව වැදැ පිදු හැම දෙ න තු න් සැප දීමෙන් සුවපත් කර ව න තු න් රුවනට වැඳ පුදමින් මෙ ලෙසි න

   අන්වයඃ	තුන් ලොව ඇති හැම රුවනට උතුම් වන, තුන් සිත

සතුටු ව වැඳැ පිදු හැම දෙන තුන් සැප දීමෙන් සුවපත් කරවන, තුන් රුවනට මෙ ලෙසින් වැඳ පුදමින්.

   අර්ථයඃ	තුන් ලොවෙහි ඇත්තා වූ හැම රුවන්වලට ම වඩා

උතුම් වූත්, තුන් සිත පහදා ගෙන වැඳ පිදු සියලු දෙන දෙව් මිනිස් හා නිවන් යන තුන් සැප දී සැපවත් කරවන, බුදුන් දහම් සඟුන් යන තෙ රුවනට මෙසේ වැඳ පුදා

  විස්තරඃ	තුන් ලොව-කාම රූප අරූප යනුවෙන් ද, සවණී, මත්යස--, 

පාතාල යනුවෙන් ද බෙදිය හැකි ය. තුන් සිත-පිනක්, කිරීමට පෙරත්, කරද්දීත්, පසුවත් ඇති වන සිතෙඟි ස්ව-භාවය.

 6	   හැ ම ස ඳ	    ලෙව් සත සුව පත් කරමි				න

සි ත ලෙ ද ආසිරි දී රක්නා මෙ න එ ක ලෙ ද ලො සසුන රැක නිති බබල න ත ද තෙ ද දෙවියන් යදැ මෙත් කරමි න

     අන්වයඃ	    හැම සඳ ලෙව් සත සුව පත් කරමින, සිත ලෙද ආසිරි දී

රක්නා මෙන. එක ලෙද ලො සසුන රැක නිති බබළන තද තෙද දෙවියන් මෙත් කරමින යදැ,

     අර්ථයඃ	    කවදත් ‍ලෝ වැසියන් සැපතට පත් කරමින්, කැමතිපරිදි

ආසිරි දී ඔවුන් රැකීම සඳහා, ලෝකයත් සාසනයත් එක ලෙසින් සුරකිමින් හැම විට ම වැජැඹෙන ස්ථිර සාර, තේජාන්විත දෙවි වරුන්හට මෛත්රීසයෙන් ආයචනාකර.

   විස්තරඃ	   තෙරුවන් වැඳීමෙන් පසු ලෝක පාලක හා සාසන

පාලක දේව සමූහයාට වැඳ පින් දීම පැරණි කවි‍යන්ගේ සිරිත ය. මෙහි කැයැවෙන්නේ හතර වෙනි කවෙන් නො කියවුණු දෙවි වරුන් විය හැකි ය. නැතහොත් මේ කව අනවශ්යෙ වේ. 7 පෙ ර මෙ ම සිරි ලක පලමු ව රජ ක ළ ව ර තර එ විජයබා රජුහුගෙ දු ල ප ර පුර ගෙණ හැර දක්වමි මනක ල ක ර ‘දර සුදනෙනි’සව එහි පිළිවෙ ළ


36 සිය බස් මල් දම

අන්වයඃ පෙර මෙම සිරි ලක පළමු ව රජ කළ වර තර දුල එ විජයබා රජුහුගෙ මනකල පරපුර ගෙනහැර දක්වමි. සුදනෙනි, එහි පිළිවෙල අදර කර අසව්. අර්ථයඃ පුරාණයේදී මේ ලක් දිව පළමුවෙන් ම රජ බවට පැමිණි, ඉතා උසස් ලෙස බැබළී ඒ විජය රජ තුමන්ගේ සිත් ගන්න‍ා සුළු රසවත් පර පුර විසිතර කරමි. යහපත් ජනයින් එහි පිළිවෙල ආදරයෙන් ඇසිය යුතු ය. විස්තරඃ ඡේක ප්රආයෝග අනු ව නම් පලමු ව යනු පළමු ව, යනු- වෙන් යෙදිය යුතු ය. එ විජයබා යන තැන ‘එ’ යනුන්, දුල, මනකල යන විශේෂණ පදත් යොදා ඇත්තේ මාත්රාු- සම්පුර්ණ, කිරීම සඳහා බව පෙනේ. එ වැනි සක්ක ගැසීම් වලින් කවියාගේ දුබල කම පිළිබිඹු වේ.

විජය බාඃ මේ කියැවෙන්නේ මෙ රට පළමු වෙනි අර්ය- රජු වූ විජය රජුය. මහාවංස‍ාදියෙහි පවා ඔහුගේ නම- සඳහන් වන්නේ විජය යනුවෙනි.

8 සිසිර කර හර සිසිර හර ගිරි ප‍ෙඬර සුර ගජ කිරණකොඳ රස අ මර ගඟ තුගු තරග රඟ හෙළ විපුල යස රැස පතළ දස දෙස තඹර කර’යුරු යුගත දිලියෙන අනත තද තෙද ගහණ දිය කුස සත ර මරමරමත මතඟ මත බිඳි අනගි විකුමෙන් සදිසි නන පස

    අන්වයඃ	  සිසිර කර, හර, සිසිර, හරගිර  ‍ප‍ෙඬර, සුර ගජ, කිරි අණ-

කොඳ රස, අමර ගඟ තුඟු තරඟ රඟ හෙළ විපුල යස රැස දස දෙස පතළ, යුගත දිලියෙන තඹර කර අයුරු දිය කුස අනත තද තෙද ගහන, සතර මර මත මතඟ- මත බිඳි අනගි විකුමෙන් නනපස සදිසි,

    අර්ථයඃ	 චන්ද්රගයා, මුතු පට, පිනි, කෛලාසකූටය, සුදු නෙළුම්,

දිව්යර හස්තියා, කිරි මුහුද, කොඳ මල් පොකුරු, සුර- ග‍වෙඟහි උස් ව නැ‍ෙඟන තරංගයන් ආදිය සම වූ සුදු පැහැයෙන් යුතු විසාල කීර්ති කදම්බය සැම දෙසෙහි පතළා වූ ද, යුගාන්තයෙහි බබළන සූය්යාස-- මෙන් ලෝකය තුළ නිම් නැති තද තෙදින් පිරුණු වූ ද, සතුරු මාරයින් නැමති මත් ඇතුන්ගේ හිස් බිඳීමෙන් ලද උසස් වික්රනමයෙන් සිංහයකු සමාන වූ ද,

        විස්තරඃ	කිරණඃකිරි+අණ, කිරි මුහුදයි. ක්ෂිර අර්ණලව යන්නෙන්

බිඳී ආයේ ය.

සිය බස් මල් දම 37

කීර්තිය කවි සමයෙහි සුදු පැහැයෙන් යුතු සේ හැඳින්- වේ. මෙහි කීර්තිය සම කිරීමට ගන්න ලද්දේ සුදු පැහැති වස්තු ම වේ.

රහ ගිරඃ මේ කෛලාශ කූට පර්වතතය යි. සුදු පැහැයෙන් බබළන මේ කඳු මුදුනෙහි ඊශ්වරයා වෙසෙති යිසැලකේ. ප‍ෙඬරඃ සකුපුණුඩරික ශබ්දයි. සුදු නෙළුම් වලට නමකි.

9 දිරි බෙලෙන් දිනු මදුරු ගිරි රද සොමි ගුණෙන් පිරි සරද දද රද නත ගුණෙන් මහ වියත් ජයගත් ගැඹුරු ගුණයෙන් පැරයු ගිරි රද ලොව සතුන් හට උතුම් දෙගුරුන් ගුරුන් මිතුරන්හරණ නිව රද සුර න ර න් මිණි කිරුළු මුදුනත සැදු සිරි පද කමල් ඇති ‍ෙසාඳ

අන්වයඃ දිරි බෙලෙන් මඳුරු ගිරි රද, සොමි ගුණෙන් පිරි සරද දද රද දිනු නත ගුණෙන් මහ වියත් ජය ගත්, ගැඹුරු ගුණයෙන් සිඳු රද පැරයූ, ලොව සතන් හට උතුම් නිවරද දෙ ගුරුන් මිතුරන් හරණ, සුර නරන් මිණිකිරුළු මුදුනත සැදූ සොඳ සිරි පද කමල් ඇති.

අර්ථයඃ ස්ථිර භාවයෙන් මන්දාර පර්වත රාජයා ද, සෞම්යත ගුණයෙන් සරත් සමයෙහි පූර්ණ චන්ද්රායා ද පුරද වූ, නොයෙකුත් ගුණයන්ගෙන් විසාල ආකාසය ද, ගම්භීර ගුණයෙන් මහා සමුද්ර ය ද පැරදවූ, ලෝ

    වැසියන් හට උතුම් නි‍වැරදි මව්පියන්, ගුරු වරයන්
     හා මිතුරන් වැනි වූ දෙවි මිනිසුන්ගේ මැණික් සහිත
    ඔටුනු මුදුනෙහි තම ශ්රී  පාද නැමති නෙළුම් මල් තැබූ.

විස්තරඃ මඳුරු ගිරිඃ මන්දාර පර්වතය හෙවත් මහා මේරූ පර්වතය.

වියත්ඃ ආකාසය. සකු, විය ශබ්ද යි. හරණ සමාන වන ගුත්තිලයෙහි ද උ දා දිනිඳු කර හරණේ වි දා අඳුරු දිසි කිරණේ

යන තැන්හි ද හරණේ යනු යෙදී ඇත්තේ සමාන යන අරුත්හි ය.

38 සිය බස් මල් දම

10 ස ත ර දස බුදු නැණ ද සබි නැණ

   කබල නැණ බල  ‍	දසය   දසය 		ද

ස ත ‍ර දෙක විදු‍ දසට අ‍ෙව්ණික දහ‍ම් තෙපසක් සරණ දහම ද ස‍ ත ර වෙස‍රද සත‍ර ඉදිපා සතර සි‍ව‍ටන් බෙ‍ාදඟ සත්වි ද ස ත ර පිළිසිඹි පත ද යන ඈ අණත ‍ ගුණ ‍මිණි ‍පිරුණ‍ු සිඳු ර ද

     අන්වයඃ	  සතර දස බුදු නැණ ද, සවි නැණ ක බල, නැණ	බල	

දාසය දසය ද, සතර දෙක විදු, දස අට අ‍ෙවණික දහම්, ‍ෙත පසක් සරණ දහම ද, සතර වෙසර ද, සතර ඉදි පා, සතර සිවටන්, සත් විද බොදඟ, සතර පිළිසිඹි පත ද යන ඈ අනත ගුණ මිණි පිරුණු සිඳු රද.

අර්ථයඃ දස සතරක් වූ බුඞ ඥානය ද, ෂඩ් අභිඥානය ද, කාය බල හා ඥාන බල දසය බැගින් ද , අෂ්ට විද්යා ද, දස අටක් වූ ආවේණික ධර්ම ද, පසළොසක් වර්ණ ධර්ද ද, චතුර් වෛශාරද්ය ඥාන ද,

සතර ඉද්ධි පාද ද, සතර සති පට්ඨාන ද , භේද සතරකින් යුතු බෝධි අංග ද, සිව් පිළි සිඹියා පත ද යනාදී නොයෙකුත් ගුණ නැමැති මැණික් පිරුණු සමුද්රස රාජයා වැනි වූ

විස්තරඃ බුදු නුවණ 14. ඉන්ද්රයය ‍පරො පරියත්ත, ආසයානුසය, යමක පාටිඟීර, මහා කරුණා සමාපත්ති, සබ්බඤ්ඤුත, අනාමරණ, සෝවාන් මාර්ගම, සකෘදාගාමී මාර්ගබ, අනාගාමී මාර්ගු, අර්හත් මාර්ග,, අතථි ප්රගතිසම්භි දා හා සම්බන්ධ ඤාණ දස සතර,

ඤාණ බල දශයඃ- ස්ථාන අස්ථාන දන්නා නුවණ, කාලාත්රරයවර්තී කර්මණ සමාදානයන්ගේ යථාභූත විපාක දන්නා නුවණඃ නා නා ධීමුක්තිකත්ව -- දන්නා නුවණ,ඉන්ද්රාය පරාවරතා දන්නා නුවණ, ධ්යාකන විමොක්ෂ සමාධී සමාපත්තීන් සංක්ලෙශ ව්යා වඥාන ව්යුවත්ථාන දන්නානුවණ, පූර්වල නිවාස දන්නා නුවණ, චුති උත්පත්ති දන්නා නුවණ, ආශ්රණ චක්ෂය දන්නා නුවණ.

ෂට් අභිඥාඃ- ඉර්ධිවිධ ඥාන, දිව්ය ශ්රොනතෘඥාන, පරවිත්ත වීජානන ඥාන, පූර්වෙි, නිවාස ඥාන, දිව්යා චක්ෂූර් ඥාන, ආශ්ර - වක්ෂයකර ඥාන.


සිය බස් මල් දම 39

චතුර් වෛශාරද්යන ඤාණඃ- බුදු බවය, ආශ්රය වක්ෂය බවය, අන්තරායකර ධර්මිය, නීයානික ධර්ම,ය, යන මේ සතර පිළිබඳ පැවති නුවණ සතර. ඉර්ධි පාද සතරඃ- ඡන්දිඞි පාද, චිත්තිඞිපාද, විරියිඩි පාද, වීමංසිඬිපාද යන සතර. සතර සතිපට්ඨ්න :- කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, හා ධම්මා පස්සනා ය. සප්තබොධ්යංනග :- සති, ධම්මචිවය. වීරිය , පීති,පස්සධී, සම‍ාධි, හා උපෙක්ඛා. සිවු පිළිසිඹියා:- අථර්‍, ධමර්‍, නිරුක්ති, ප්රතතිභාන යන නුවණ සතර අෂ්ට විද්යා හා පසළොස්චරණ ධමර්‍ :- විදර්ශනා නුවණ , මනොමය ඉර්ධි නුවණ, ඉර්ධි ප්රතභෙද දන්නා නුවණ , දිදවකන , පරසිත් දන්නා නුවණ , පෙර විසු කඳ පිළිවෙල දන්නා නුවන , දිව ඇස. ආශ්රතව ක්ෂය නුවණ, යන අට දැනීම අෂ්ට විද්යානය . ප්රාාතිමෝක්ෂ සීලය , ඉන්ද්රීරය සංවර සීලය , භොජනයෙහි පමණ දැනීම . නිදිවජ්ජිත කිරීම , ශ්ර ර්ධාව , හිරිය , අපත්රෙපාය, බහ්ශ්රැිත බව , පරාක්රරමය. සිහිය , ප්රිඥාව , ප්ර ථම ධ්යා‍නය , විතීය ධ්යා‍නය, තෘතීය ධ්යාතනය , චතුර්ථ ධඡ්යාහනය යන පසළොසචැණ ධර්ම වේ.

11 ස ත ර අව මග අවරණය කර සුර පුර‍ට මග සැරසු මනහර ස ‍ම ර සුර දෙට පැරයු තුන් සිය විසි අටක් වර ‍‍

                                                                   ලකුණු සිරිද  ර 

ත ඹ ර කර කුල කමලකර ‍ ‍ෙපාබයන‍ට ස‍හ

                                                            ‍ෙමාහදුර‍ට සැඩකර

ස ම ර කළ සත් ස‍මර සමරෙන් මිදෙන සදහම්

                                                                 දෙසු ගරුත     ර

අන්වය : සතර අව මග අවරණය කර සුර පුර‍ට මන හර සැරසු සමර , සුර දෙට පැරයු තුන් සිය විසි අටක් වර ලකුණු සිරි දර, තඹර කර කුල කමල කර පොබයන‍ට සහ මොහඳුරට සැඬ කර, සමර කළ සත් සමර සමරෙන් මිදෙන ලරුතර සදහම් දෙසු.

අර්ථය :- සතර අපාය මාර්ගයන් වසා , දෙව් ලොවට යන ස‍ිත් කළු මාවත සැරසුවි වුද අනංගයා හා ශක්ර යා රූ සිරියෙන් පරදවමින් තුන් සිය වීසි අටක් උතුම් ලකුණු දැරුවාවු ද සුය්ය්ස වංශය නමැති නෙළුම් විල ප්‍ි ෙබාධ නර වීමට හා මෝහාන්ධ කාරය නැති කිරිමට සුය්ය්ම යා වැනි වුද, සිහි කළ සත්වමයන් කාම යුද්දයෙන් මීදිවීම උසස් ධර්මය දෙසුවා වු ද ,

                                                                      ‍‍                                                            


40 සිය බස් මල් දම

විස්තර : සමර : මේ අනංගයාට නමකී. ඊශ්වරයා විසින් දවනු ලැබීමට පෙර ඔහුගේ රූ සිරිය සියල්ලන් අභිභවා පැවැති සේ සැලකේ. සමර කළ : ස්මරණය කළ හෙවත් සිහි කළ .

  ස, ර, යන දේ අකුරු අනුප්රා ස වන පරිදි මේ කවෙහී යෙදී  ඇති බව පෙනේ . 

12 බුදු පසේ බුදු මහ රහත් ගණ සමග සක්විති රදහු දියන ද සුදු කිරණ බදු නිමල ගුණවල අනෙක තවසුන් ‍උතුම් පඩිහු ද රුදු බලැති යෝ බලන් ඈ හැම පින්වතුන් ඉපදුනු ඉතා හො ද ඉ දු රු පුර දිනු මහත් සැපතැති පවර දඹදිව තෙලෙහි මනන ද

    අන්වය: බුදු පසේ බුදු මහ රහතන් ගණ සමඟ දියනද සක් විති රදහු 

සුදු කිරණ බදු නිමල ගුණ අ‍චල අනෙක තවුසුන් උතුම් පඬිහු ද,රුදු බලැති යෝ බළන් ඈ ඉතා සොඳ හැම පින් වතුන් ඉපදුණු ඉඳුරු පුර දිනු මහත් සැපත් ඇත මනනඳ පවර දඹදිව් තලෙහි.

අර්ථයඃ බුදු පසේ බුදු මහ රහත් සමූහයා ද, ලොවට සතුටු ගෙන දෙන චක්රඳ වර්ති රජ වරු ද, සඳ වැනි පිරිසිදු ගුණ ගහන නොයෙකුත් තපස් වී වරුන් හා උතුම් පඬි වරු ද, මහත් බල ඇති යෝධ භටයන් ආදී ඉතා යහපත් සියලු පින් වන්තයින් උපත ලද, ශක්රි පුරය පැරද වූ මහත් සැප සම්පතින් යුතු සිත් අලවන උදාර දඹ දිවෙහි.

විස්තරඃ සුදු කිරණඃ සුදු පැහැති රැස් ඇති හෙයින් මේ චන්ද්රමයාට නමකි. ඉඳු පුරඃ ශක්රසයාගේ පුරය යි. එය නැ‍ නෙ හිරින් පිහිටි සේ සැලකේ. ශක්රරයා ඉඳුරු දික් හෙවත් නැගෙනහිරට අධිපතියා ය.

13 ස ව න සුරපුරෙන කඩක් මිහි බට විලස හැම පිරිසුරෙන් බබල න ස ව න දම් සග දෙ ලොව පිහිටය සිතා තිසරණ දිවි සේ සුරකි න ස ව ණ කර දම් පෙවෙන් වැළකී පුරණ දස විද කුසල අපමණ ස ව න ගුණ නැණ’බරණ සිය ගත පැලදි දනගණ ගහන හැම දි න

සිය බස් මල් දම 41 අන්වයඃ සවන සුර පුරෙන් අඩක් මිහි බට විලස හැම පිරි ඉසුරෙන් බබලන, සවන දම් සඟ දෙ ලොව පිහිට ය සිතා දිවිසෙ තිසරණ සුරකින, දම් ‍සවණ කර, පවෙන් වැළකී, අපමණ දස විඳ කුසල පුරාණ, සවන ගුණ නැණ අබරණ සිය ගත පිළඳි දන ගණ හැම දින ගහන.

අර්ථයඃ සය වෙනි දෙව් ලොවින් කොටසක් ‍පොළවට පතිත වූ කලෙක් හි මෙන් සියලු සැප සම්පතින් බබළන්නා වූ ද, බුදුන්, දහම් හා සඟුන් දෙ ලොවට පිහිට බව දැන තෙ සරණ තම පණ මෙන් රකිමින්, දහම් අසා පවෙන් වෙන් වී, නොයෙකුත් දසකුසල ධර්මයන්, පුරමින්, බුදුන්ගේ ගුණ නුවණ නැමති අබරණ තම ගතෙහි පැළඳ ගත් ජන සමූහයාගෙන් හැම විට පිරුණා වූ ද,

විස්තරඃ සවන පුර පුරඃ දෙව් ලෝ සයෙකි. එයින් ඉහළින් ම පිහිටි, සවන දෙව්ලොව පරිනිර්මිත වසවර්තීය යි.

14. වි පු ල සැප දල සපිරි මන කල දවන හය රල රලැති හැමස ද නි ස ල නිලපෙළ රසල කැල දුල නනවිදලසර සරණ මනන ද තු මු ල පල හෙළ මතහ පෙළ නැව් මහගු වර රද බවන ගිරි රද ලකළ වු නම් පුරවරෙක් විය සිදු රදුගෙ සිරි ඉසිලු එක ලෙ ද

අන්වයඃ විපුල සැප දල සපිරි, හැම සඳ දවන මන කල හය රල රලැති, නිසල නිල පෙළ රසල කැළ දුල, නන් අවි දල සර මනනඳ සරණ තුමුල පළ හෙළ මතඟ පෙළ නැව්, මහඟු වර රද බවන ගිරි රද, සිඳු රදුගෙ සිරි එක ලෙද ඉසුලු ලකළ වගු නම් පුර වරෙක් වීය.

අර්ථයඃ මහත් සැප සම්පත් නැමති ජලය පිරුණු, හැම විට දුවන සිත් ගන්නා අශ්ව පෙළ නැමති තරංගයෙන් යුත්, ස්ථිර ගෙවල් පෙළ නැමති වාසස්ථාන පෙළින් බබළන, නොයෙකුත් ආයුධ නැමති මත්ස්යෙයන් සිත් කළු ලෙස හැසිරෙන, විසාල සුදු ඇතුන් නැමති නැව් සමූහයන් ගහන, අනර්ඝ රාජ භවන නැමති මේරූ පර්වතයෙන් යුත්, මහා සමුද්රභයේ විලාසය මෙසේ එක ලෙස ම දැරුවා වූ ඉතා අලංකාර වගු නම් උතුම් නුවරක් විය.


42 සිය බස් මල් දම

විස්තරඃ දවනඃ සකු ජවන ශබ්ද යි. ගමන් ගන්නා යන අර්ථ ය රසල කැළඃ සමුද්රඃය යට ඇතැයි සැලකෙන වාසස්ථාන මෙයින් අදහස් වේ. රසා තලය යනු පොළවෙන් යට ලෝකය ය. රසා ආලය යනු පොළොවෙන් යට වූ වාසස්ථාව වේ. රසාලය යන්නෙහි බහු වචනය සේ රසල යෙදී ඇත.

15. එ පු ර සුපිරි ඉසුරැ වතුර එයින් පිටත නොයන විල ස ස තර වතහු මවා ලුවයි දුටුවන් හට සිතෙනා ලෙ ස වි ත ර නොවන බලැති දස’ට රියන් උසැති පවුර නිදො ස එ පු ර අවට බැබලු නිති දවල රසින් විලස කෙලෙ ස

අන්වයඃ එ පුර සු පිරිඉසුරු වතුර එයින් පිටත නොයන විලස සතර වතහු මවාලූව යි දුටුවන්හට සිතෙනා ලෙස, චීතර නො වන බල ඇති දස අට රියන් උස ඇති ති දොස පවුර, නිති දවල රසින් කෙලෙස විලස එ පුර අවට බැබළූ.

අර්ථයඃ ඒ නගරයෙහි පිරී ගිය‍ ඓශ්චර්ය--- නැමති වතුර ඉන් පිට නොවන ලෙස මහා බ්ර‍හ්මයා විසින් මවන ලදැ යි දකින අයට වැටහෙන දස අට රියන් උස, මහත් බල ඇති කිසි පලුද්දක් නැති එහි ප්රා කාරය කෛලාස කූට පර්වතය මෙන් සුදු රැසින් යුතු ව ඒ නගරය වටේට බැබළිණි.

විස්තරඃ සතර වතහුඃ මේ මහා බ්ර හ්මයා ය. ඔහුට මුඛ සතරක් ඇති සේ සලකනු ලැබේ. දවල රසින්ඃ ධවල රශ්මියෙන්, හෙවත් සුදු රැසින්.

16. ඉ දු ව ර රතු පුල් හෙල්මැලි ඈ පස් පියුමෙන් සුසැදු න සැ ම ව ර නද දෙන බිගු කැන් දියරට හස රදුන් කෙලි න බ ල ත ර කිඹුලන් දැති මුවරුන් සහ රුදු මසුන් ගහ න ප ර ර ද පොකුණට සම විය දියගල එ පුරෙහි බබල න

අන්වයඃ ඉඳුවර, රතු උපුල්, හෙල් මැලි ඈ පස් පියුමෙන් සුසැ- දුන, හැමවර නද දෙන බිඟු කැන්, දියරට හස රදුන් කෙළින, බලතර කිඹුලන්, දැතිමුවරුන් සහ රුදු මසුන් ගහන ඒ පුරෙහි බබළන දිය අගල පුරදර පොකුණට සම විය. සිය බස් මල් දම 43

අර්ථයඃ ඉන්දීවර, රතු නෙළුම්, සුදු නෙළුම් ආදී පස් පියුමෙන් අලංකාර වූ ද, නිබඳ ව ම නාද කරන්නා වූ මී මැසි සමූ- හයා හා ධෘතරාෂ්ට්ර4 නම් හංස රාජයින් ක්රීනඩා කරන්නා වූ ද, බලවත් කිඹුලන්, දැති මෝරුන් හා විශාල මත්ස්යනයන් ගහන වූ ද, එහි බබළන දිය අගල ශක්රමයාගේ පොකුණ හා සමාන විය.

විස්තරඃ ඉඳුවරඃ ඉන්දීවර, මේ නිල් පැහැති නෙළුම් වෙසෙසකි. පුරඳර පොකුණඃ මේ දෙව් ලොව ඇතැයි සැලකෙන ‍ යොදුන් පන් සියයක් දිග නන්දා නම් පොකුණ ය. දිය අගල පොකුණට උපමා කරන ලද්දේ පොකුණ අලංකාර හෙයින් හා යොදුන් පන් සියයක් දිග හෙයින් විය යුතුය

17. ද ස වි ද රුවනින් නිමි බිතු ටැඹ පේකඩ දැව ගෝනැ ස ද ඹ න ද රන් උළු සෙවනැති මිණිකොත් ඇති නේ සුවහ ස සු ර ර ද විමනෙව් දිලියෙන නරරද බවනට සිවුදෙ ස හි ර ස ද බදු රැස් විහිදෙන අපමණ නිල පෙල විය ය ස

අන්වයඃ දස විද රුවනින් නිමි, බිතු, ටැඹ, පේකඩ, දැව ගෝනෑස, දඹනද රන් උලු සෙවණ ඇති නේ සුවහස මිණි කොත් ඇති, සුර රද බවන එව් දිලියෙන නර රද බවනට සිව් දෙස, හිර සඳ බඳු රැස් විහිදෙන අපමණ යස නිල පෙල විය.

අර්ථයඃ දස විධ මැණික් වලින් නිම කෙරුණු බිත්ති, කණු, කණු හිස්, පරාල ද, තනි රත්රන් උලු සෙවෙණි කෙරුණු නොයෙකුත් සිය දහස් ගණන් මැණික් කොත් ද ඇති, ශක්රක භවනය මෙන් බැබළෙන රජ මාළිගයට සතර පැත්තෙන් හිරු හා සඳ මෙන් රැස් විහිදුවන නොයෙකුත් අගනා ගෙවල් පේලි ඇත.

විස්තරඃ ටැඹඃ සකු සථම්භ ඔබ්දයෙන් බිඳුණේය. කණු වලට යෙදේ. පේකඩඃ කණු හිස්. දඹ නද රන්ඃ ඉතා පිරිසිදු තනි රත්රන්. ජාම්බු නද සවණි දස විද රුවන්ඃ මුතු, මැණික්, වෙරළු මිණි, සක්, සිලා, පබළු , රන්, රිදී, මසාරගල්ල හා ලෝහිතංක යන දස වර්ගය යි.

44 සිය බස් මල් දම

18. ම න හ ර සත් රුවනින් කළ දොරටු අටලු සහ බිහි දො ර පු ර ව ර තුර අතරු නොවන අනත විහිදි සැදි එක යු ර පු ව ත ර මිණි නිකර සපිරි නන් වග සුදු රතු නිලඹ ර දො ර දො ර වල සදා තිබෙන අවන් හලින් නො විය අතු ර

අන්වයඃ මන හර සක් රුවනින් කළ දොරටු අටලූ සහ බිහි දොර, අතුරු නො වන අනත විහිදි පුරවර තුර එක අයුරු සැදි පුවතර මිණි නිකර සපිරි නන් වග සුදු රතු නිල් අඹර දොර දොර වල සාදා තිබෙන අවන් හලින් අතුර නො වීය.

අර්ථයඃ සිත් කළු සත් රුවනින් කෙරුණු දෙරටු අට්ටාල හා ඇතුළු වීමේ දොරටු පිරී ගිය ‍නොයෙකුත් වීදි එම නගරය තුළ එක ලෙස අලංකාර ව ඇත. අනඟි මැණික් සමූහයේ හා නොයෙකුත් වර්ගයේ සුදු රතු නිල් වස්ත්රඅ දොරක් දොරක් පාසා සරසා ඇති වෙළද සැල් වලින් ද එහි ඉඩක් නැත.

විස්තරඃ අටලුඃ අට්ටාල. ඉතා උස් කණුවලින් යුතු ගොඩනැඟිලි වෙසෙසින්.

බිහිදොරඃ සකු බහි වාර ශබ්දයෙන් බිඳුණේ ය. අඹරඃ වස්ත්රු හා ආකාස යන අරුත්හි වැටේ. මෙහි වස්ත්රය යන අරුතෙහි යෙදී ඇත.

අවන් හල්ඃ ආපණ සාලා හෝ ආපාන සාලා යන වචන දෙකෙන් ම අවන් හල් කියා බිඳී එයි. ආපාන සාලා නම් සුරා සැල්ය. ආපණ සාලා වෙළඳ සැල් ය. මේ දෙ වෙනි අරුතෙහිය මෙහි යෙදී ඇත්තේ.

19. සු සැ ට කලා සිප් පර තෙර පැමිණි අනෙක විදු දන හු ද යු ද ට ඉතා නිපුණ සියලු සරම සතර වෙරැති අය ද ලො ව ට පිහිට රජු මැති සිටු ඈ තනතුරු ලත් සෙට හු ද රු ව ට එ පුර දෙවියන් මෙන් සැරූ පමණ නැතිව නිබ ද

අන්වයඃ සූ සැට කලා සිප් පර තෙර පැමිණි අනක විදු දනහු ද, යුදට ඉතා නිපුණ සියලු සරම සතර වෙර ඇති අය ද, ලොවට පිහිට රජ මැති සිටු ඈ තනතුරු ලත් සෙටහු ද, පමණ නැති ව රුවට දෙවියන් මෙන් නිබඳ එ පුර සැරූ.

අර්ථයඃ කලා ශිල්ප හැට හතරෙහි කෙළ පැමිණි නොයෙකුත් පඬිවරු ද, යුඞයෙහි ඉතා දක්ෂ හැම යුඞ ශිල්පයෙහි ම වීර්ය ඇත්තෝ ද, ලෝකයාට පිහිට සලසා දෙන රජවරු. සිය බස් මල් දම 45

මන්ත්රී වරු සිටු වරු ආදී පදවි ලත් ශ්රෙසෂ්ඨයෝ ද, කෙළවරක් නැති ව, දෙවි වරුන් මෙන් රුවින් බබළමින් හැම විට ඒ නගරයෙහි හැසිරුණෝ ය.

විස්තරඃ සූ සැට කලා සිප්ඃ පුරාණයේදී කෙනෙකුගේ සැබෑ උගත්කම දැක්වීම සඳහා ඔහු සූ සැට කලා ශිල්පයන්හි කෙළපැමිණි බැව් සඳහන් කිරීම සිරිත ය. උගත යුතු හැමවිද්යාරවක් ම පාහේ මීට ඇතුළත් බව පෙනේ. ඒ සූ සැට කලා ශිල්ප පූජාවලිය බලා දත හැකිය.

20. ල ක ළ කමල හරණ සරණ දිව් සිළු එව් යුග දග දු ල නි ම ල කනක රඹ කද’යුරු වටොර මදෙන රියෙ’ව් උකු ල ද ව ල කිරණ සදිසි වතැති දෙනුවන් සිරිවන නිලුපු ල ස ක ල රුවින් සුර’ගන දිනූ පුර’ගන විසුහු ය පුර තු ල

අන්වයඃ සරණ දිව් සිළු එව් දුල දඟ යුග, නිමල කනක රඹ කඳ අයුරු වට උර, මදන රිය එව් උකුල දවල කිරණ සදිසි වත ඇති, නිල් උපුල සරි වන ‍ෙද නුවන්, සකල රුවින් සුර අඟන දිනු ලකළ කමල හරණ පුර අඟන පුර තුළ විසූහු ය.

අර්ථයඃ ඇවිදින පහන් සිළු වැනි බබළන ජංඝා යුග්මයෙනුත්, පිරිසිදු රත්රන් කෙහෙල් කඳන් වැනි වට කලවායෙනුත්, අනංගයාගේ රථය වැනි උකුළෙනුත්, චන්ද්රුයා සමාන මුහුණෙනුත්, නිල් නෙළුම් සම වන දෙ නෙතිනුත්, යන සියලු රූප ශ්රීනයෙන් දෙවඟනන් පැරද වූ, අලංකාරයෙන් ශ්රීු කාන්තාව හා සම වූ කාන්තාවෝ නගරය තුළ විසූහ.

විස්තරඃ කමලඃ ලක්ෂ්මී, ශ්රී කාන්තාව ආදී වසයෙන් හැඳින්වෙන විෂ්ණු දේවයාගේ භාය්ය්ා සව ය. - මෝ තොමෝ ධන සම්පත්තියට මෙන් ම රූප සම්පත්තියට ද අධි පති සේ සැලකේ.දෙවියන් කිරි මුහුද කලඹන විට හමු වූ සොළොස් වස්තුඅතර මේ ශ්රීය කාන්තාව ද ගැනේ. මදන රියෙව් උකුළඃ නඟරයේ ගැහැනුන්ගේ උකුළ අනන්ගයාගේ රථය වැනි ය යි වනා තිබේ. උකුළ හැඩහුරු කමින් රියකට උපමා කළ නො හැකි වුවද ‍, කාමුක හැඟීම් වලට වාහනයක් වන හෙයින් උකුළ අනංනයාගේ රියට උපමා කරන ලදැ යි සිතිය හැකි ය. සාමාන්යසයෙන් 46 සිය බස් මල් දම

ඉතිරින්ගේ උකුළ උපමා කර ඇත්තේ රිය සකට ය. මෙහිදී ද රිය යනු වෙන් රිය සක අදහස් කරන ලදැයි ද සිතීම අපහසු නො වේ.

දිව් සිළුඃ දීප ශිද්ධා යන්නෙන් බිදුණේ ය. දීප යනු පහන් වලට යෙදේ. ශීද්ධා යනු දැල්ල ය.

දවල කිරණඃ සුදු රැස් ඇති හෙයින් මේ චන්ද්ර යාට නමකි. 21. අ ග රු සදුන් දෙව්වරු කළුවැල් සිරි පල දැරූ පොසො න ම හ රු නෙරළු පණස කුමුකු ඈ මල් පල තුරැති නොමි න ඉ දු රු නදුන් උයන විලස සව් ඉස‍ුරෙන් පිරි අපම න සො දු රු උයන් පොකුණු දහස් සුවහස් විය එහි තැන තැ න

අන්වයඃ පොසොන දැරූ අගරු, සඳුන්, දෙව් දුරු, කළු වැල්, සිරි පල, මහරු නෙරලු, පණස, කුමුකු ඈ නොමින මල් පල තුරු ඇති, ඉඳුරු නදුන් උයන විලස අපමණ සව් ඉදුරෙන් පිරි, සොඳුරු උයන් පොකුණු දහස්, සුවහස් එහි තැන තැන විය.

අර්ථයඃ මල් බර අගිල්, සඳුන්, දේව දාරු, කළු වැල්, බෙලි, වටිනා පොල්, කොස්, පුවක් ආදී බොහෝ මල් පලතුරු ඇති ශක්රවයාගේනදුන් උයන වැනි වූ බොහෝ සැප සම්පතින් පිරුණු සුන්දරඋද්යාුන ද පොකුණු ද එහි දහස් ගණනින් තැනින් තැන විය. විස්තරඃ පොසොන දැරූඃ මල් හටගත්. 22. උ ර ණ ත රුණ රඹ රණ බිද හරණ දෙරණ සතග පිහි ටි ත රු ණ කි ර ණ හරණ දවල දළ දැරූ තද යුදෙහි බුහු ටි සු ර ණ ව රණ සදිසි සියලු සුබ ලකුණෙන් පිරෙමින් සි ටි ව ර ණ ව ර ණ සෙන් එ පුරෙහි කෙළ සුවහස් විසූ ගැහැටි

අන්වයඃ උරණ තරුණ රඹ අරණ බිඳ හරණ, දෙරණ සත් අග පිහිටි තරුණ කිරණ හරණ දවල දළ දැරූ, තද යුදෙහි බුහුටි සුරණ වරණ සදිසි සියලු සුබ ලකුණෙන් පිරෙමින් සිටි, වරණ වරණ සෙන් කෙළ සුවහස් එ පුරෙහි ගැහැටි විසූ.

අර්ථයඃ කෝපයෙන් තරුණ කෙසෙල් වනය බිඳ දමන්නා වූ ද, පොළවෙහි අංග සතක් ගෑවෙන්නා වූ ද, බාල හිරු රැස් සම වුසුදු පැහැති දළින් යුතු වූ ද, බිහිසුණු යුදෙහි දක්ෂ වූ ද දෙව් ලොවහස්ති රාජයා මෙන් හැම සුබ ලකුණකින්


සිය බස් මල් දම 47

යුතු වූ ද, උතුම් හස්ති සමූහයා කෝටි, සිය දහස් ගණනින් ඒ නගරයෙහි ගැටෙමින් විසූහ.

විස්තරඃ දෙරණ පිහිටි සතඟඃ පා සතරක්, සොඬ වැලත්, වලිගයත් ලිංගයක් පොළොවෙහි ගෑවීම උසස් ඇතුන්ගේ ලකුණක් සේ සැලකේ.

සරණ වරණ - දෙවියන්ගේ ඇතා. ‍ඒ ඓරාවණ නම් හස්තියා ය. ශ්ර ක්ර යාගේ වාහනය වේ. වරණ වරණ - උතුම් හස්ති යන අරුතෙහි යෙදී ඇත. පාලියෙහි වර වාරණ ආදී යෙදුම් බලා යෙදුණකි. වර යනු වරණ වී ඇත්තේ එළි සමය සඳහාය. 23. පොරණ න ර ණ මදර ගිරෙන් කිරණ මතන කරණ කල ට ව ර ණ නෙවණ දෙසෙහි උලැගි නිමල දවල තරග රහ ට අ ර ණ හ රණ උරණ රජුන් තද සටනට සපැමිණි වි ට දෙ ර ණ ස ර ණ භය පෙළ එහි බැබළූ දිව හසුන් ලෙස ට

අන්වයඃ පොරණ නරණ මඳර ගිරෙන් කිරිඅණ මතන කරන කලට නෙවණ වරුන දෙසෙහි උලැගි නිමල දවල තරඟ රඟට තද සටනට සපැමිණි විට උරණ රජුන් අරණ හරන දෙරණ සරන හය පෙල එහි දිව හසුන් ලෙසට බැබළූ.

අර්ථයඃ පුරාණයේ දී විෂ්ණු විසින් මන්‍දාර පර්වතය ගෙන කිරි සයුර කලඹන විට නොයෙකුත් පැහැයෙන් යුත් බටහිර දෙසෙහි නැඟි පිරිසිදු සුදු රැලි මන් තද යුදට පැමිණි සතුරු රජුන් නැමති වනය නසා දමා පොළොවෙහි හැසිරෙන අශ්ව සමූහයා එහි දිව්යා අශ්වයින් මෙන් බැබළුණෝය.

විස්තරඃ පෙර සුරා සුර යුඞයේදී දෙවියන් එක්ව විෂ්ණුගේ අණ පරිදි වාසුකී නාගයා මේරූ පර්වතයෙහි පටලවා එය කිරි සයුරට දමා කැලඹවූ වත්, ඉන් සොලොස් වස්තුවක් නැගී බවත් හින්දු දේව කථාවන්හි දැක්වේ.

24. සු දු සිදු යොදමින් මනරම් රන් දද බැදැ තිබෙන අව ට මු දු විසිතුරු වතුරු අතුරමින් සැරසිලි කළ මෙ‍ාන ව ට රු දු සෙබළන් අවි දරමින් උර සදලා සිටි හැම වි ට ස දු රිවි මඩලෙව් දිලියෙන රිය පෙළ වැඩිවිය කෙළක ට

අන්වයඃ සුදු සිඳු යොදමින් මනරම් රන් දද අවට බැඳැ තිබෙන, මුදු විසිතුරු වතුරු අතුරින් මොනවට සැරසිලි කළ, අවි දරමින්උර සද ලා රුදු යො බලන් හැම විට සිටි, සඳු රිවි මඩල එව් දිලියෙන රිය පෙළ කෙළකට වැඩි විය. 48 සිය බස් මල් දම

අර්ථයඃ සුදු සෛන්ධව අශ්වයින් යොදා, ලස්සණ රන් කොඩි වටේට එල්ලා ඇති, නොයෙකුත් වර්ණයන් ගෙන් යුතු වස්ත්රල අතුරා හොඳින් සැරසිලි කරන ලද, ආයුධ සහිතව, යුද ඇදුම් (සැට්ට) හැඳගත්මහත් යුච සෙබළුන්ගෙන් නිතර පිරුණු කෝටියකටත් වැඩි රථ පන්තිය චන්ද්රි හා සූය්ය්කෝට මණ්ඩල මෙන් දිලිසෙමින් පැවැතිණි.

විස්තරඃ සිඳුඃ මේ සෛන්ධව නම් අශ්වයෝ ය. ඔවුන් ඉන්දියාවේ සින්ධු පෙදෙසින් ගෙනෙන ලද හෙයින් සිඳු නම් වේ. වතුරුඃ මෙය වස්ත්රෙ සඳහා යෙදුණේ ය. වස්ත්රු යන්නෙන් වත් කියා බිදෙනු විනා ‍මෙසේ වතුරු යයි බිඳ ගැන්ම ඡේක ප්රෙයෝග නො වේ. උරසදඃ උර ඡන්ද හෙවත් උරහිස් ඇතුළු උඩුකය වැසෙන සේ අඳින යුද ඇඳුමකි. සැට්ටයක් ‍වැනි ය.

25. ස ර සන සර සිරි මඩළග සද සක් ඈ නනවි රැගෙ න උ ර සදලා සුර බටයෙන් යුරු උරෙනුර ගැටී සිටි න ගොර යුදයට වැදැ එඩියෙන් අඩියක් වත් පසු නො තබ න ම ර සෙනගට වැඩි පා බළ සෙන් එ පුරෙහි විසු වටි න

අන්වයඃ සරසන, සර, සිරි, මඬළග, සඳ, සක් ඇ නන් අවි රැගෙන උරසද ලා, සුර බටයන් අයුරු උරෙන උර ගැටී සිටින ගොර, යුදයට වැද එඬියෙන් අඩියක් වත් පසු නොතබන, මර සෙනඟට වැඩි වටිනා පාබළ සෙන් එ පුරෙහි විසූ. අර්ථයඃ දුන්න, ඊතල, කුඩා කුඩු, පාරා වළලු සඳ, සංඛ ආදී නොයෙකුත් ආයුධ ගෙන, යුද ඇඳුම් හැඳ දෙව් ලොව යුද සෙබළුන් මෙන් තද බද වෙමින්බිහිසුණු යුදයෙහි පවා මඳක් වත් පසු නොබා එඬිතර ව සිටින මාර සේනාවට ද වැඩි වටිනා පාබල සේනාව ඒ නගරයෙහි විසූහ. විස්තරඃ සරසනඃ සකු සරාසන ශබ්දයෙන් හින්න යි. සර හෙවත් ඊතලයට ආසනය වන හෙයින් දුන්න සරාසන නම් වේ. මඬලගඃ මෙයින් වටකුරු අවියක් කියැවෙන හෙයින් එය පාරා වළල්ල විය හැකි ය. සඳඃ අඩ සඳ හැඩය ඇති අවියකි. සක්ඃ යුද බි‍මෙහි දී පිඹින සංඛ මෙයින් හැඳින්වේ. වක්ර ය හෙවත් වළල්ල යන අරුතට වඩා එය සුදුසු බව පෙනේ.


සිය බස් මල් දම 49

26. ස ත ත සකත තලත තිනෙත බඹ කත සිරි කත කිවි ගු රු ස ව ත වතත අනත තරිදු දිය නෙත් බුද රුදුරු මිතු රු දි ය ත පසිදු අනත නැණැති තෙද බල දැරූ සමත මෙමු රු වි ත ත යසැති එ පුර ඉසුරු වණත සමති වෙන කොද සු රු

අන්වයඃ සතත, සකත, තලත, තිනෙත, බඹ කත, සිරි කත, කිවි ගුරු, සවත, වතත, අනත, තරිඳු, දිය නෙත්, බුද, රුදුරු මිතුරු, දියත පසිඳු අනත නැණැති තෙද බල දැරූ සමත මෙ මුරු, විතත යස ඇති එපුර ඉසුරු වනත සමති, වෙන කො සුරුද? අර්ථයඃ බ්රපහ්මයා, විෂ්ණු, හලභද්රන, ඊෂ්වර, සරස්වතී, ශ්රීර කාන්තා, සිකුරු, බ්රතහස්පතී, ස්කන්ධ, ගණ දෙවි, අනන්ත නා රාජ, චන්ද්රුයා, සුය්ය්ස් යා, බුදුහු, වෛශ්රනවණ, යන ලොව පුරා ප්ර‍සිද්ධ අනන්ත ඥානයෙන් යුතු , තේජස් හා බල දැරූ, දක්ෂ මේ දේව සමූහයා, මහත් කීර්තියෙන් යුතු ඒ නගරය වර්ණනා කිරීමෙහි සමත් වෙති. ඒ හැර වෙන කවුරු ඒ සඳහාසමත් වෙත් ද? විස්තරඃ සතතඃ බ්රහහ්මයා, සතක් හෙවත් කූඩයක් අතෙහි ඇති හෙයින් (සත්+අත) සතත ය යි බ්රතහ්මයාට යෙදේ. සකතඃ විෂ්ණු, සකක් හෙවත් භක් ගෙඩියක් අතෙහි ඇති හෙයින් (සක්+අත) මේ විෂ්ණුට යෙදෙන නමකි. තලතඃ භලඟද්රර, තල් අත්තක් ඔහුගේ අතෙහි ඇත. තිනෙතඃ ඊශ්වරයා. ඊශ්වරයාට ඇස් තුනෙකි. එකක් නළලහි ය. බඹ කතඃ සරසවි. සරස්වතිය බ්ර හ්මයාගේ බිරිය ය යි සැලකේ. සිරි කතඃ ලක්ෂ්මී, විෂ්ණුගේ භාය්ර්්‍යාවයි. කිවිඃ සිකුරු, දෙවියන්ගේ ගුරුවරයා ය. ගුරුඃ බ්රුහස්පතී, මේ අසුරයන්ගේ ගුරුවරයා ය. සවතඃ කඳ කුමරු. මොහුට මුණු සයක් ඇත්තේ ලු. වතතඃ ගණ දෙවි. වතෙහි අතක් ඇති හෙයිනි. ගණ දෙවිට ඇත්තේ ඇත් හිසෙකි. එහි සොඬවැල අත ය. අනතඃ අනන්ත නා රජ, මොහුට පෙණ දහසකි. මුව දහසකි. දියනෙක්ඃ සුය්ය්ෙහ ය‍ා. ලොවට ආලෝකය දෙන තැනැත්තා ය. රුදුරු මිතුරුඃ වෛශ්ර‍වණ, මේ යක්ෂයින්ගේ නායකයා වේ.

50 සිය බස් මල් දම

27. මෙලෙස පිරි හැම පුරග සිරි නොමිනා, ගරුතර, එ වගු නම් පුරවරෙහි මන නද නා දි යැ ස කුලවර තිලක වන සොබනා, රුපු ගජ, වන සකල සරි විකුම් සිරි රද නා තු නැ ස රුපු දිනු අනගි තුනු රුවිනා, සුර පති, සදිසි සව් සිරි බරින් නිති දිලෙ නා ස තො ස කරමින් පමණ නැති නෙදනා, වගු නම්, රජ තුමෙක් විය ගුණ දහම් රකි නා

අනවයඃ මෙ ලෙස හැම අග පුර සිරි නො මිනා පිරි, ගරුතර, මන නඳනා, එ වගු නම් පුර වරෙහි, දියැස කුල වර තිලක වන සොබනා රුපු ගජ වනස කළ හරි විකුම් සිරි දරනා, අනගි තුනු රුවිනා තුනැස රුපු දිනු, සර පති සදිසි සව් සිරි බරින් නිති දිලෙනා පමණ නැති නෙ දනා සතොස කරමින්, ගුණ දහම් රකිනා, වගු නම් රජ තුමෙක් විය. අර්ථයඃ මෙ සේ සියලු උසස් ම නගර ශ්රීියෙන් නො අඩුව පිරුණු සැලකිය යුතු, සිත්පිනවන, ඒ වගු නම් උතුම් නගරයෙහි (පෙදෙසෙහි), සුය්ය්යෙ වංශයංට තිලකයක් බඳු වූ ද, සතුරන් නැමති ඇතුන් වැනසූ ඊශ්වරයා සමාන වික්රුමයෙන් යුතු වූ ද, අගනා රූප ශ්‍රීයෙන් අනංගයා පැරද වූ ද, ශක්රවයා මෙන් සැම සම්පතින් හැම විට බබළන්නා වූ ද, වගු නම් රජ කෙනෙක් බොහෝ ජනතාව සතුටු කරමින් ගුණ දහම් රකිමින් විසී ය. විස්තරඃ දියැස කුලඃ දියැස යනු ලොවට හළිය දෙන සුය්ය්යෙ ය.— දියැස කුල සුය්ය්ස ක වංශය ය. තුනැස රුපුඃ තුනැස යනු ඊශ්වරයා වේ. ඔහුගේ සතුරා අනංගයා ය. තපස් රකිමින් හුන් ඊශ්වරයා ගේ තපසට බාධා කළ අනංගයා ඔහු නළලෙහි වූ ඇසින් ගිනි දැල් යව‍ා හළු කළේය.

28. ප ව ර දස විද ලකුණු දැරෑ සකසා, මෙම රජ, මෙතින් ජය ගෙණ හළේ රුපු නොන සා වි ත ර නැති තද තෙදින් සරි දියැසා, කුළුණෙන්, අමාකිරණෙව් බැබලි හැම දව සා අ ම ර ගුරුනත සවත කිවි අටැසා, විදුරත, පැන මිණි රුවන කර සදි සා නි ත ර දෙන යදි ගණට එක විලසා, තිලිනෙන්, සුරබි සුර තුරු ගණට කළෙ අය සා සිය බස් මල් දම 51

අන්වයඃ සකසා පවර දස විද ලකුණු දැරු මෙම රජ රුපු ජයගෙන මෙතින් නො නසා හළේ. දියැසා සරි විතර නැති තද තෙදින්, අමා කිරණ එව් කුළුණෙන් හැම දවසා බැබළි. පැන මිණ රුවනකර සදිසා, අමර ගුරු, නත, ස වත, කිවි ඇටසා, විදුතර දිනූ, නිතර එක විලසා යදි ගණට දෙන තිළිණෙන් සුරබි, සුර තුරු, ගණට අයසාකළෙ. අර්ථයඃ හොඳින් උතුම් දස විධ රාජ ධර්මයන් පුරන්නට වූ මේ රජතුමා තම සතුරන් පරදවා මෛත්රි්යෙන් ඔවුන් නො නසා ඉතිරි කළේය. සූය්ය්රියයාමෙන් නිම් නැති තේජසින් ද, චන්ද්රූයා මෙන් කරුණාවෙන් ද , කවදත් බැබළුණේය. ප්ර්ඥා නමැති මාණික්යුය දැරීමට සමුද්රයය බඳු ඔහු බ්ර්හස්පති, අනන්ත ස්කන්ධ, සිකුරු, බ්රබහ්ම හා ශක්රබ අභිභවා සිටියේ ය. හැමවිටම යාචකයනට එක ලෙස දෙන හෙයින් ත්යා්ගයෙන් සුරබි දෙන, කප් රුක ආදිය ද යට කළේ ය. විස්තරඃ අටැසඃ ඇස් අටක් ඇති තැනැත්තා. ඒ නම් බ්ර්හ්මයා ය. විදුරතඃ (වීදුරු+අත) අතෙහි වජුයක් හෙවත් දියමන්ති ආයුධයක් ඇති ශක්රවයාට නමකි. වීදුරවි යනු ද ඔහුට ම මේ හෙයින් යෙදුණකි. 29. නි ස ල වන දිරි බෙලෙන් මෙර අයුරා, හරිසද, නිරිදු වැනි සබවසට අතිමිහි රා න කු ල රජ දිනු හය සරම සතරා, සිව් සැට, කලා සිප් සමුදුරෙහි පත් එත රා වි පු ල දසවිද දන් වතුන් නිතරා, වෙසතුරු, නිරදුමෙන් දුනි සතන් සිත් සපු රා ස ක ල රජදම් නොහැර එක අයුරා, රකිමින්, මෙ රජ සත තුටු කළේ නො ම විත රා

අන්වයඃ දිරි බෙලෙන් මෙර අයුරා නිසල වන, අති මිහිරා සබවසට හරි සඳ නිරිඳු වැනි, භය සරම සතරා නකුල රජ දිනූ, සිව් සැට කලා සිප් සමුදුරෙහි එ තරා පත්, විපුල දස විද දන් වතුරෙන් නිතරා සතන් සිත් සපුරා වෙසතුරු නිරිඳු මෙන් දුනි. සකල රජ දම් නො හැරා එක අයුරා. රකිමින් මෙ රජ නොම විතරා සත තුටු කළේ.

අර්ථයඃ ධෛය්ය්වි යෙන් මහා මේරු පර්වරතය මෙන් නිශ්චල වන්නා වූ ද, ඉතා මිහිරි සත්යස වචන කීමට හරිශචන්ද්රම රජ වැනි වූ ද, අශ්වාරෝහණයෙහි නකුල රජ පැරද වූ ද,


52 සිය බස් මල් දම

කලා ශිල්ප සැට සතර නමැති සමුද්රෝය තරණය කළ වූ ද, වෙස්සන්තර රජු මෙන් මහත් දශ විධ දානයන් ගෙන් මහ ජනයාගේ සිත් පුරා දුන්නා වූ ද, මේ රජ සියලු රාජ ධර්මයන් සම්පූර්ණයෙන් රකිමින් බොහෝ ජනයා සතුටු කළේ ය. විස්තරඃ හරිසඳ නිරිඳුඃ ජීවිතයටත් වඩා සත්යජ වචනයට කැමති හරිශ්චන්ද්රර රජ තුමා ඉන්දියාවේ අයෝධ්යස පුරයෙහි විසූහ යි සැලකේ. ඔහු‍රගේ සත්යදවාදී බව දෙවියන් අතර ද ප්රහසිද්ධ විය. නකුල රජඃ මහා භාරතයෙහි එන්නේ කුරු හා පාණ්ඩව රජ වරුන් අතර පැවති යුඞයක විස්තර ය. මේ දෙගොල්ල ම නෑදෑයෝ වෙති. පාණ්ඩව කුමරුවෝ සොහොයුරු පස් දෙනෙකි. ඔවුන්ගේ වැඩි මල් තැනැත්තේ යුධිෂ්ඨීර ය. ඔවුනතරින් නකුල අශ්වාරෝහණයෙහි ප්ර සිද්ධ විය. ඔහුගේ ප්රාසිඬිය ගැන.

පැරකුම්බා සිරිතෙහි ද විමල උබය රිවි කුළ මිණි අකිල බුවන රාජ රාජ උදුල ලකුණු ගරුඩ රෝග හයා රෝහ නකුල රාජ යනුවෙනුත්, කෝකිල සන්දේශයෙහි ප ත ඟ කුලග පැරකුම් රජුගෙ කුමරි ඳු ස ත ඟ පිහිටි මිහි මතඟුන් තුරඟ රු ඳු නි ස ග නැගී පවනෙව් විහිදුවා උ ඳු ලෙ සැ ඟ විය උදේනී නකුල දෙ නිරි ඳු යනුවෙනුත් දැක් වේ.

30. එ පු ර ඹර මැති බදුරු තුරු පබදා, මැද නිති, දිලෙන ලෝ වැඩ පිණිස රජ තරි දා ප ත ර අමිතුරු සතුරු රජ සමුදා, සියපත්, මුකුළු විය එක ලෙසට ලෙව් සැම දා ප ව ර නෑසිය මිතුරු කොද නොමදා, පොබ විය, ගුණ සුවද රැස් දෙසනුදෙස විහි දා ල ත ර තුබු දුක් අදුරු හැම නෙරදා, දුරු විය, මෙත් කිරණ සත් ලොවට වැද නිබ දා

සිය බස් මල් දම 53

අන්වයඃ එ පුර අඹර බදුරු මැති තුරු පබඳා මැද නිති ලෝ වැඩ පිණිස රජ තරිඳා දිලෙත, පතර අ මිතුරු සතුරු රජ සමුද්රර සිය පත් එක ලෙසට ලෙව් සැම දා මුකුළු විය. නො මඳා පවර නෑ සිය මිතුරු කොඳ, ගුණ සුවඳ රැස් දෙසනු දෙස විහිදා පොබ විය. මෙත් කිරණ සත් ලොවට නිබඳා වැදැ, ළතර තුබු දුක් අඳුරු හැම නො රඳා දුරු විය. අර්ථයඃ ඒ නගරය නමැති අහසෙහි යහපත් මන්ත්රීුන් නමැති තාරකා සමූහය මැද, හැම විට ‍ලොවට වැඩ තකා රජ තුමා නමැති චන්ද්රයයා බැබළෙද්දී පැතිර සිටි සතුරු රාජ සමූහයා නමැති නෙළුම් මල් එක ම පිළිවෙලට ‍ලොව සැම දා හැකිළී ගියේ ය. බොහෝ වූ උතුම් ඥාතීන්, ස්වකීයයන් හා මිත්රෙයින් නමැති කොඳ මල්හි ගුණ සුවඳ රැස් හැම දිසාවක ම විහිදී පොබ විය. මෛත්රීව රශ්මි සමූහය සත්වයා වෙතට නිතර වැදි සිත්හි තුබු දුක් අඳුරු අතුරුදන් විය. විස්තරඃ පබඳාඃ ප්ර්බන්ධ ශබ්දයෙන් භින්න යි. එකට බැඳුණු යන අරුත් ඇති මෙයින් සමූහයක් අදහස් වේ. ළතරඃ පෙළෙහි ‘ලතර’ යි යෙදුණ ද, මෙය ‘ළතර’ වියයුතු ළ+අතර සිත තුළ යනු අදහස යි.

31. එ ර ද දිනිසුරු තද තෙදින් දිලෙනා, රද නිය, සොදුරු යුගදුරු මුදුන්පත් කෙණෙ නා නොමද රෝ දුක් දුඛික් බිය නොමිනා ගනදුරු, අතුරුදන් විය මිහි තෙලෙහි තිබෙ නා සු හ ද නෑසිය වර තඹර අරණා, නද විය, ඔවුන් සහ සපදනට මදු දෙමි නා දු හ ද රුපු මහවත්හු ලෙව් වසනා තැන තැන, ගියෝ මහ වනලැහැප් වැද සෙදි නා

අන්වයඃ තද තෙදින් දිලෙනා ඒ රද දිනිසුරු රද නිය යුගඳුරු මුදුන් පත් කෙණෙනා මිහි තෙලෙහි තිබෙනා නො මඳ රෝදුක් දුඛික් බිය ගණඳුරු නොමිනා අතුරුදන් විය. ඔවුන් සහ සපදනට මදු දෙමිනා සුහද නෑ සියවර තඹර අරණා නඳ විය. ලෙව් වසනා දු හද රුපු මහ වත්හු මහ වන ලැහැප් වැදැ, සෙදිනා තැන තැන ගියෝ. අර්ථයඃ මහත් තේජසින් බැබළෙන ඒ රජ නැමති සුර්ය්න තයා-- සුන්දර වූ රාජ නීතිය නැමති යුගන්ධර කඳු මුදුනට පත් විට, ලොවෙහි ඇති බොහෝ වූ රෝග, දුර්භික්ෂ 54 සිය බස් මල් දම

ඝනාන්ධාරය බොහෝ සෙයින් නැති වී ගියේ ය. ඔහු ස්වකීයයන් නැමති මී මැස්සනට මධු ද‍ීමෙන් නෑදෑ මිතුරු වර නෙළුම් වනය ප්ර බෝධ විය. ලොවෙහි වසන දුෂ්ට සතුරන් නමැති මහ මුහුණෝ වනගත වී තැනින් තැන සැඟවී ගියහ. විස්තරඃ යුගඳුරුඃ මේ මහා මේරු පර්වතය වටා පිහිටි අඩකින් එකිනෙකට මිටි සත් කුල පව්වලින් එකකි. යුගන්ධර, ඊශධර, කරවික, සුදර්ශන, නේමින්ධ, විනතක හා අශ්වකර්ණ යනු ඒ සත් කුල පව්ය. 32. පෙ ර සුසිරි නෙලු’ඹ’ලින් දිනු ලකලා, වගුපුර තඹර කර මැද දිලෙන නිති විපු ලා තොර නො ව ම ගුණ සුවද පිරි නිමලා, දස රද, දහම් පිවිතුරු මුව රදිනි අව ලා ස ර අටට සිප් කොමල දලිනුදුලා, සත වෙත, පතළ මහ මෙත් කෙමි සිරිනි බබ ලා ව ර මිතුරු නෑ සපද නද කරලා, දිලුමෙන්, කමල සිරි ලදි එ රජ කල් සිය ලා

අන්වයඃ පෙර සු සිරි නෙළුම් අලින් දිනූ ලකලා විපුලා වගු පුර තඹර කර මැද නිති දිලෙන, තොර නො ව ම, නිමලා, ගුණ සුවඳ පිරි, දස රද දහම් පිවිතුරු මුවරඳිනි අව ලා, සර අට’ට සිප් කොමල දලින් උදුලා, සත වෙත ලතළ මහ මෙත් කෙමි සිරිනි බබළා, වර මිතුරු නෑ සපද නඳ කරලා දිලුමෙන්, එ රජ සියලා කල් කමල සිරි ලදී. අර්ථයඃ පෙර අත් බැව්හි පුරන ලද සු සිරිත නමැති නෙළුම් අලයෙන් උපත ලැබ, අලංකාර විසාල වගු පුරය නමැති නෙළුම් මල මැද ‍‍හැම විට බැබැළෙන, සම්පූර්ණ යෙන් පිරිසිදු ගුණ නමැති සුවඳින් පිරුණු, දශ රාජ ධර්ම නම් වූ පිරිසිදු මකරන්දයන් ගැවසුණු, සාර සූ සැට ශිල්පයන් නම් වූ මෘදු පෙති වලින් දිලෙන, සත්වයා කෙරෙහි පතළා වූ මහා මෛත්රි ය නමැති කර්ණිකාවේ ශෝභාවෙන් බබළන, උතුම් නෑ දෑ මිතුරන් නමැති මී මැස්සන් සතුටු කරවන, ඒ රජ තුමා හැම කල්හි ‍ෙනළුම මලක ශෝභාව දැරුවේ ය. විස්තරඃ මේ කවෙන් රජ තුමා නෙළුම් මලකට උපමා කර තිබේ. අටට - අට+අට. මේ සැට සතර දැක්වීමට යෙදිණි. දලින් - දල යනු සාමාන්ය්යෙන් කොළ වලට යෙදේ. එහෙත් මෙහි යෙදී ඇත්තේ පත්ර -මල් පෙතිවලටය. සිය බස් මල් දම 55

33. ස ත ර වත සර රැදු මුව තඹරා, සිරිසද, නිතර විසු වර රුසිරු උර මැදු රා ස ත ර සදහම් තබා සිත අතරා, දුසිරිත, දුරින් දුරු කර ලමින් එක පැහැ රා ස ත ර අව දුක් මුලින් සිද උදුරා, මොක් සිරි, ලබනු වස් පින් කර වැජඹි නිත රා ස ත ර සගරාවතින් දන නිතරා, තුටු කර, රජ කරණ සද එ රජ නර පව රා

අන්වයඃ සතර වත සර මුව තඹරා රැඳු , වර රුසිරු උර මැඳුරා සිරි සඳ විසූ, එ රජ, සතර ස දහම් සිත අතරා තබා, දු සිරිත එක පැහැරා දුරුකර ලමින්, සතර අව දුක් මුලින් සිඳ උදුරා මොක් සිරි ලබනු වස් නිතරා පින් කර වැජැඹිඃ සතර සඟරාවතින් නිතරා දන තුටු කර රජ කරන සඳ. අර්ථයඃ සරස්වතිය මුව කමලෙහි ද, ශ්රීි කාන්තාව උතුම් රූප ශ්රීයයෙන් යුත් උර මඬලෙහි ද ලැබූ ඒ රජතුමා ශාස්තෲන් වහන්සේගේ සද්ධර්මය සිත තුළ තබා, දු සිරිත සම්පූර්ණශයෙන් දුර ලා සතර අපා දුක් මුලින් උපුටා, නිවන් සැප ලැබීම් වස් නිතර පින් කරමින්, සතර සංග්රරහ වස්තුවෙන් ජනයා සතුටු කර රජ කරන විට. විස්තරඃ සතර අවඃ නිරය, තිරිසන්, ප්රේරත, හා අසුරු ලෝක සතර සඟරා වතඃ දානය, ප්රිසය වචනය. අර්ථචය්ය් යෙව හා සමානාත්මතාව යන, රජකු තුළ තිබිය යුතු ගති ගුණ හතර. 34. මෙලෙස කළ දිය න ද එ රදු ට උතුම් ගුණ බ ද දු වන කලිගු ර ද බිසෝ රුවනක් විය මනනද අන්වයඃ මෙ ලෙස දිය නඳ කළ උතුම් ගුණ බඳ එ රදුට කලිඟු රද දූ වන මන නඳ බිසෝ රුවනක් වී ය. අථීයඃ මෙ ලෙසින් ලෝකය සතුටු කළ, උතුම් ගුණයෙන් යුත් ඒ රදුට, කලිඟු රටෙහි රජ තුමාගේ දුවක වූ පිය කරු උතුම් බිසවක් වූවා ය. විස්තරඃ බිසෝ රුවනක්ඃස්ත්රීළ රත්නය, සක්විති රජුනට පහළ වෙන එක් රත්නයකි.


56 සිය බස් මල් දම

35. සුරගණ පරදව න එ බිසව රුවැති අපම න නලලතෙහි වරග න සැදු ති‍ලකෙව් බැබලිහැම දින

අන්වයඃ සුරඟන පරදවන අ පමණ රුව ඇති එ බිසව වරඟන නළලතෙහි සෑදු තිලකෙහි හැම දින බැබළි. අර්ථෙයඃ දිව්යද ස්ත්රී.න් පරදවන තරමේ බොහෝ රූප ශෝභාවෙන් යුත්, ඒ බිසෝ තොමෝ උතුම් කාන්තාවන්ගේ නළලෙහි සෑදූ තිලකයක් විලස හැම දින බැබළෙන්නට වූවාය.

36. සැමතිර ලකුණු දැ රු ගුණයෙන් සපිරි සිසියු රු එබිසවගෙ පියක රු රුසිරු ‍සැකෙවින් කියමි විසිතුරු

අන්වයඃ සැම ඉතිරි ලකුණු දැරූ සිසි අයුරු ගුණයෙන් සපිරි, පිය කරු එ බිසවගෙ රුසිරු සැකෙවින් කියමි. අර්ථකයඃ සියලු ම ශ්රේෙෂ්ඨ ස්ත්රී ලක්ෂණයෙන් යුතු ව, චන්ද්රයයා සමාන ගුණයෙන් යුත්, දැකුම් කළු ඒ බිසවගේ රූප ශ්රී ය කොටින් වර්ණනා කරමි. 37. ව ර ල මියුරු පිල් අයු රා-පටු න ල ල ඩ දද රද මෙන් දිලි පව රා උ දු ල දෙබැම නිඹ පත රා- දිසි ල ක ල ගහණ රණ’කුස ලෙස නිත රා

අන්වයඃ වරල මියුරු පිල් අයුරා, පටු නළල පවරා අඩ දද රද මෙන් දිලි. උදුල දෙ බැම නිඹ පතරා දිසි, ගහණ රන් අකුස ලෙස නිතරා ලකළ. අර්ථ යඃ ඇගේ කෙස් කලඹ මොනර පිලක් මෙන් ද, සිහින් නළල උතුම් අඩ සඳ මෙන් ද බැබළිණි. පැහැපත් දෙ බැම නිම්බ පත්රේ මෙන් පෙනිණ. නැහැය රන් හෙණ්ඩුවක් මෙන් නිතර අලංකාර විය. 38. සු නි ල නෙතිදු වර හර නා-නව ප බ ල දලසෙ දෙ’යදර දිලි නොම නා නි ම ල දසන් කොද පෙලි නා-යුතු ක ම ල සදිසි විය එ බිසව මුහු නා

සිය බස් මල් දම 57

අන්වයඃ සුනිල නෙත් ඉඳුවර හරනා, නව පබල දල සෙ දෙ අදර නො මිනා දිලි. නිමල දසන් කොඳ පෙළිනා යුතු, එ බිසව මුහුණා කමල සදිසි විය.

අර්ථසයඃ තද නිල් පැහැති ඇස් මහනෙල් මල් සම විය. අළුත් ප්රථවාල පතු මෙන් දෙතොල් බොහෝ සේ බැබැළිණි. පිරිසිදු දත් කොඳ මල් පෙළක් බඳු වූ ඒ බිසව ගේ මුහුණ නෙළුම් මලක් හා සම විය.

39. ගෙල කුමුකු වට සෙ බබ ලා-පිරි දු ල පියයුරු රන්හස පැටි යුව ලා අ ල ගද රද කර සග ලා-වර ම ල විය රිය සක සිරි ගත් උකු ලා

අන්වයඃ ගෙල කුමුකු වට සෙ බබළා, පි පිරියයුරු රන් හස පැටි යුවලා දුල. කර සඟලා අලගද රද, උකුළා වර මලවිය රිය සක සිරි ගත්. අර්ථ යඃ බෙල්ල පුවක් ගසක වට වූ කඳක් මෙන් ද, පුන් පියයුරු රන්වන් හංස පැටවුන් යුවළක් මෙන් ද ශෝභාවත් විය. දෙ අත් සර්පයකු මෙන් විය. උකුළ අනංගයාගේ උතුම් රථ චක්රවයෙහි ශෝභාව දැරී ය. 40. ව ර ණ කරෙව් මුදු වටො රා-දන දි ලෙ න උතුරු සිදු බුබුලු සෙ නිත රා ත රු ණ තැඹිලි මල් අයු රා-දග ම ද න සතුටු කර බැබලි නොව රා

අන්වයඃ මුදු වටොරා වරණ කර එව් දණ, උතුරු සිඳු බුබුලු සේ නිතරා දිලෙන. තරුණ තැඹිලි මල් අයුරු දඟ මදන සතුටු කර නො වරා බැබැළි. අථියඃ මෘදු වට වූ කලවා යුග්මය ඇත් සොඬ වැන්න. දණ හිස් උතුරු මුහුදෙහි දිය බුබුලු මෙන් නිතර බැබ‍ැළේ.

තරුණ තැඹිලි මල් මෙන් ජංඝා (කෙණ්ඩ) යුග්මය සරා ගි හැඟීම් ඇති කරවමින් නිතර බැබළුණි.



58 සිය බස් මල් දම

විස්තරඃ වරණ කරෙව් මුදු වටොර කලවා වට බව දැක්වීම රූමත් බව දැක්වීමේ ලකුණකි. කලවා ඇත් සොඬට හැඩය අනුව උපමා කිරීම වරදක් නැතත්, මුදු වටොර ඇත් සොඬට උපමා කිරීම සුදුසු ය යි සිතිය නො හැකි ය. ඇත් සො‍ෙඬහි මුදු බවක් නැති හෙයිනි.

41. කො ම ල සුපිපි සර සදි සා-පද යු ව ල මලවි රද තුටුකළ නෙලෙ සා නි ම ල කනක පලු විල සා ල ක ළ ඇගිලි පෙළ දිලි පද සර සා

අන්වයඃ කොමල සුපිපි සර සදිසා, පද යුවල නෙ ලෙසා මලවි රද තුටු කෙළෙ. නිමල කනක පලු විලසා දිගු ලකළ ඇඟිලි පෙළ පද සරසා දිලි. අර්ථයඃ සුලලිත, සුපිපුණු නෙළුම් මල් මෙන් පා යුවල නොයෙක් අයුරින් අනංගයා සතුටු කළේ ය. පිරිසිදු රන් පත්රන මෙන් දිග ලක්ෂණ ඇඟිලි පෙළ පා පියුම්හි බැබැළිණි. විස්තරඃ මලවි රදඃ මේ අනංගයාට නමකි. ඔහුගේ දුන්නෙහි ඊ පස් මල් හෙයිනි. ඔහුට මලට (මල්+අවි) යි යෙදෙන්නේ.

42. ව ර වදන සු පිරි සදිනා-පද ස රැ’ ගිලි දල රැදි අම බිදු ලෙසිනා තොර නොව දිලි නිය පෙලි නා-යස ස ර එබිසව රුසිරි කෙ වණා

අන්වයඃ වර වදන සූ පිරි සඳිනා, පද සර ඇඟිලි දල රැඳි අම බිඳු ලෙසිනා, නිය පෙළිනා තොර නො ව යස සර දිලි එ බිසව වෙර රුසිරු කෙ වනා? අර්ථයඃ ශෝභන මුහුණ නමැති සම්පූර්ණ චන්ද්රරයාගෙන්, පාද පද්මයෙහි ඇඟිලි නමැති පෙතිවල රැඳුණු අමෘත බින්දු මෙන් නිය පෙළින් යුතු ව, කීර්ති සාරයෙන් බැබැළෙන එ බිසවගේ රූපශ්රීයය කවුරුන් විසින් වැනිය හැකි ද?

43. හෙල් මැලි සිවුමැලි කොම ලී-මිහි ප ල් ‍මිහිලොල් ලොබ කළ පුල්කම ලී දු ල් සිරිකල් දිනු ලක ලී-හැම ක ල් මුදුනත මල් කඩමෙන් බැබ ලී


සිය බස් මල් දම 59


අන්වයඃ හෙල් මැලි සිවුමැලි කොමලී, මිහි පල් මිහි ලොල් ලොබ කළ පුල් කමලී, දුල් සිරි කල් දිනු ලකළී, හැම කල් මුදුනත මල් කඩ මෙන් බැබැළී.

අර්ථයඃ සුදු නෙළුම්හි ඇති සුකුමාල භාවයෙන් යුතු කෝමළ ඒ බිසව, රජ තුමන් නමැති මී මැස්සාගේ ආදරය දිනාගත් පිපුණු නෙළුම් මලකි. ශෝභමාන ශ්රීක කාන්තාවකගේ මුදුනෙහි මල් කඩක් මෙන් බැබැළෙන්ට වූවා ය.

විස්තරඃ මිහි ලොල්: මධු ලෝල, මේ මී මැස්සාට නමකි. හැම කල්: හැම කාන්තාවක ම.

44. සු ර තු ර මනහර හරණා-යදි න ද ක ර නිරතුර දෙන සර තිලිනා ග රු ත ර පුරදර අගණා-යුරු හැ ම ව ර එබිසව ඉසුරෙන් දිලුණා අන්වයඃ යදි නඳ කර නිරතුර දෙන සර තිළිනා, මනහර සුර තුර හරණා. ගරුතර පුරඳර අඟනා අයුරු එ බිසව හැම වර ඉදුරෙන් දිලුණා.

අර්ථයඃ යාචකයන්ගේ සිත් සතුටු කර දෙන්නා වූ සාරවත් ත්යායගයන් නිසාමෝ තොමෝ දිව්යද වෘක්ෂයක් හා සමාන වූවා ගරුතර ශක්රයයාගේ ස්ත්රීදන් මෙන් ඒ බිසව හැම දා ‍ෙඑශ්චය්‍ර්‍යයෙන් දිලෙන්නට වූවා ය. විස්තරඃ සර තිළිනාඃ සාර වූ ත්යාරගයන් නිසා සර යනු මේ කවෙහි බොහෝ තැන්හි යෙදී ඇත්තේ සාර යන අරු‍ෙතහි ය. පුරඳරඃ පුරන්දරයා යනු ශක්රනයාගේ නමකි. පෙර අත් බැව්හි දී සතුරන්ගේ පුරයන් විනාස කර ලූ හෙයින් ඔහු පුරන්දර නම් විය.

45. ස ත ත පමද සිරි ගිරිදු-සරි අ න ත ගැඹුරු පැනයෙන්‍ ලොවැ පසිදු- ස ම ත කතුන් මත සුසැදු-මිණි ස හි ත කිරුළු මෙන් දිලි එම රජදු


60 සිය බස් මල් දම

අන්වයඃ සතත පමද, සිරි, ගිරිදු, සරි අනත ගැඹුරු පැනයෙන් ලොවැ පසිඳු, සමත කතුන් මත සු සැදු, මිණි සහිත කිරුළු මෙන් එම රජ දූ දිලි.

අර්ථයඃ සරස්වතිය, ශ්රී් කාන්තාව හා පාර්වතිය සමාන අනන්ත ගැඹ‍ුරු නුවණින් ලෝකයෙහි ප්රීසිද්ධ සමර්ථ කාන්තා- වන් මුදුනෙහි සෑදු මණික් ඔබ්බවනලද ඔටුනු මෙන් ඒ රාජ කුමාරිකාව වැජඹුණා ය. විස්තරඃ සතත පමදඃ සතත යනු අතෙහි කුඩයක් (සතක්) ඇති හෙයින් බ්රතහ්මයාට යෙදෙන නමකි. ඔහ‍ුගේ ප්රිමදාව හෙවත් භාය්ය්ඩයකසරස්වතීය ය.

ගිරිදුඃ මේ ඊෂ්වරයාට භාය්යාය්ය්ව වූ පාර්වතියයි. ඈමේරූ පර්වතයෙහි දියණිය වශයෙන් සලකනු ලැබේ. 46. සි රි ප ති පුරපති නතනා-ගුරු තු රු ප ති පසුපති රතිපති සුමනා ග ණ ප ති සහ මෙමුරු ගනා-හැර නො සමති කීමට වෙන අය ඇගුනා

අන්වයඃ සිරි පති, සුර පති, නතනා, ගුරු, තුරු පති, පසු පති, සුමනා, ගණපති, සහ මෙ මුරුගණා හැර වෙන අය ඈ ගුණ, කීමට නො සමති. අර්ථයඃ විෂ්ණු, ශක්ර , අනන්ත, බ්ර්හස්පති, චන්ද්රි, ඊෂ්වර, සුමන, ගණදෙවි යන මේ දේව සමූහයා හැර වෙන කිසිවෙක් ඇගේ ගුණ කීමට සමත් නොවෙති. විස්තරඃ සිරිපතිඃ විෂ්ණු සිරි පති වනුයේ, ඔහු සිරි කතගේ සැමියා හෙයිනි. පසුපතිඃ මොහෙන්ජොදාරාවෙහි මෑතක දී සොයා ගන්නා ලද පුරා වස්තු අතර ඊශ්වරයා සතුන් විසින් ‍පිරිවරන ලදුව පුරාවස්තු ද ‍සොයාගෙන තිබේ. ඔහු පුරාණයේ පටන් ම පසු පති යනු- වෙන් හැඳින්වේ. මේ කවෙහි දැක්වෙන දෙවි වරුන් තෝරාගෙන තිබෙන්නේ සැලකිල්- ලෙන් නො වේ. මේ සියලු දෙවියන්, වර්ණිනා කිරීමෙහි සමතුන් ලෙස නො සැළකෙන හෙයිනි.


සිය බස් මල් දම 61

47. මෙ ලෙ ස රුසිරු ගුණ ගහණා-සොද එ බි ස ව ව අග මෙහෙසුන් කර පෙමිණා ස තො ස ව සුරපති සිරිනා-නොව වෙ න ස සදේ ලප ලෙස විසු දෙ දෙණා

අන්වයඃ මෙ ලෙස රුසිරු ගුණ ගහනා, සොඳ එ බිසව පෙමිනා අග මෙහෙසුන් කර, සතොස ව සුර පති සිරිනා වෙනස නො ව, ස‍ෙඳ් ලප ලෙස දෙ දෙනා විසූ. අර්ථයඃ මෙසේ රූප ශ්රීායෙන් ද, ගුණයෙන් ද, අනූන වූ ඒ යහපත් බිසව ප්රේ මයෙන් අග මෙහෙසුන් කර ගෙන සතුටින් ශක්ර යා මෙන් රජු පසු විය. වෙනස් නො වී, සඳ හා එහි සස ලපය මෙන් ද සදොස් බව පෙනේ. විස්තරඃ මේ කව ගැල පීම සදොස් බව පෙනේ.

48. පු ව ත ර එවගු නම් නරවර ණා ම න හ ර බිසව, සමගින් යෙහෙ නා පි ය ත ර එපස්, කම් සැප නොමි ණා සි ත යු ර විඳින, කල සහතොසි ණා

අන්වයඃ ඒ වගු නම් පුවතර නර වරණා මන හර බිසව සමගින් යෙහෙනා, පිය තර එ පස්කම් සැප නොමිනා සහ ‍තොසිනා සිත අයුරු විඳින කල, අර්ථයඃ ඒ වගු නම් උතුම් රජ තුමා, තම පිය කරු බිසව හා හොඳින් ප්රඋසන්න ලෙස බොහෝ සේ පස් කම් සැප සිත් පරිදි විඳින විට. විස්තරඃ එ පස් කම්, යන මෙහි එ යනු අනවශ්ය් පදයකි. මාත්රා පිරවීම සඳහා යෙදුණකි. 49. ය ස පිරි එ රජු, වෙනුවට සතු ටා කු ස දරු ගැබෙක්, විය එ බිසව ටා බි ස වුන් එ බව, කී කල රජු ටා අ ස මින් සතුටු, නරනිඳු එවි ටා

අන්වයඃ යස පිරි ස රජු සතුටා වෙනුවට, එ බිසවටා කුස දරු ගැබෙක් විය. බිසවුන් එ බව රජුටා කීකල, එ විටා අසමින් සතුටු නරනිඳු අර්ථයඃ කීර්තිමත් ඒ රජු සතුටු වන පිණිස ඒ බිසවගේ කුසයෙහි දරු ගැබක් හට ගත්තේ ය. ඒ බව බිසව රජුට කීවිට ඒ අසාසතුටට පත් රජතුමා.

62 සිය බස් මල් දම

50. රැ ස් කරවමින්, නුවරුන් සිය ලූ දො ස් නොව එ පුර, සරසා ලක ලූ තොස් වඩවමින්, සතියක්ම මු ලූ වි ස් තරව ගැබ, පෙලහර කර ලූ

අන්වයඃ සියලු නුවරුන් රැස් කරවමින්, දොස් නො ව, එ පුර ලකුළු සරසා, මුලු සතියක් ම තොස් වඩවමින්, විස්තර ව ගැබ පෙළහර කරලූ. අර්ථයඃ සියලු නුවර වැස්සන් එක් තැන් කරවා, කිසි වරදක් ඇති නොවන පරිදි නගරය අලංකාර කොට සරසා, සතියක් පුරා සතුටු වඩවමින් සම්පූර්ණා ලෙස ගැබ පෙරහර කර විය. විස්තරඃ ‘ගැබ පෙලහරඃ මේ සදොස් යෙදුමකි. පෙලහර යනු පෙළහරය යි පළමුවෙන් ශුඬ විය. යුතු. පෙළහර යන්නෙහි අර්ථය

                                          ප්රාශතිහාය්ය්යු  යනු ය . එහෙත් එය 

මෙ තැනට නො ගැලපේ. මෙ තැන යෙදිය යුත්තේ පෙරහර යන වචන ය යි. ගැබ් පෙරහර යනු දරු ගැබ ආරක්ෂා කිරීමේ උත්සව ක්රරමයයි. පෙරහර යන්නෙහි අර්ථය ආරක්ෂා කිරීම යනුයි. 51. පි ළි මිණි ම‍ෙඳාස, තුල දිලි නොමි නා පි ළි බිඹු රුවක්, ලෙස බබල මි නා පි ළි සිඳ පටන්, දසෙකඩ මසි නා වි ළි රද පැහැර, එ බිසව කුසි නා

අන්වයඃ පිළිමිණි ම‍්දොස තුළ නොමිනා දිලි පිළිබිඹු රුවක් ලෙස බබළමිනා, පිළිසිඳි පටන් දස එකඩ මසිනා විළි රද පැහැර එ බිසව කුසිනා. අර්ථ යඃ පළිඟු මිණියෙන් කෙරුණු පෙට්ටික් තුළ බොහෝ සෙයින් දිලිසෙන ප්රසතිබිම්බයක් ඇති රූපයක් මෙන් බබළමින් පිළිසිඳ ගෙන මාස නවය හමාරක් ගිය තැන විළිරුදා ඇති කරවා ඒ බිසවගේ කුසින්. විස්තරඃ විළිරදඃ මේ ප්රඒසව වේදනා ය. දරුවකු මව් කුසින් බිහි වීමේදී මවට ඇති වන වේදනා.