සියබස් ලකර විවරුව-විවරුවviii

1. අඩ යමාව

351. තැනෙකැ යම බැඳැ එක් එකෙකන් තන්හි නො මෙ බැඳැ නොඑක් තැනැ පියම්නි දු බඳුතු යමා සිය පමණ.

පෙළ ගැසුම - එක් එකෙකැ තැනෙකැ යම බැඳ; අන් තැන්හි නො මැ බැඳැ නො එක් තැනැ පියම්නි දු බදුතු යමා සිය පමණ.

තේරුම - එක එක පැදියෙකැ සමහර තැනෙකැ යමාව බැඳැලාත්; අන් සමහර තන්හි යමාව නො බැඳැලාත්; මෙසේ නොඑක් තැනැ අත්හරිමින් යමා බඳුත් හොත් යමාවෝ සිය වගයකට බෙදෙති.

i. පළමු පද මුල් අඩ යමාව

352. නටත් නටත්හි රන් ගිරි මුදුනෙ සිදු වමියන් මහරජ වැදැ ත- රුපු බොළො නුවන් පල ලදහ තමන්.

‍ෙපළ ගැසුම - මහරජ ත- රුපු බොළො නටත්හි රන් ගිරි මුදුනෙ වැද, සිදු වමියන් නටත් තමන් නුවන් පල ලදහ.

තේරුම - මහරජ, ඔබ ගේ හතුරු සෙබළෝ උන් ගේ වනසෙහි දී මහමෙර මුදුනට වැදැ, සිදු දෙව් අඟනන් නටන කලැ තමන් ගේ ඇස් පල ලැබුවාහු යැ.

පැහැදුම - මෙහි පළමු පියෙහි මුලට මැ “නටත් නටත්” යන සෙයින් නොදුරස් යමාව වියැ. එ හෙයින් මේ පළමු පද මුල් අඩ යමාවට නිදසුනි.

ii. පළමු අඩ මුල් අඩ යමාව

353. මිහි මිහිර සිත් නර පවර පවර සිරි සිලි ලෙව් තා සියලු සියුරු දලනිදු මෙවුල් උසුලන.

පෙළ ගැසුම - මිහිර සිත් නර පවර, සියලු සියරු දලනිදු මෙවුල් මිහි තා උසුලන ලෙව් පවර සිරි ඉසිලි.

තේරුම - මිහිරි මනස ඇති මිනිස් උතුම්, සියලු හතර මහ මුහුද නමැති මෙවුල් දම ඇති මිහි මඬල තා උසුලන කල්හි ලෙවියා උතුම් සැපත දැරුයේ යැ.

පැහැදුම - මේ පැදියේ පළමු දෙ වැනි යන දෙ පදයෙහි “මිහි මිහි” ‘පවර පවර’ යන සැටියෙන් යමාව යෙදිණ. එ හෙයින් ඒ පළමු අඩ මුල් අඩ යමාව නමි පැදියේ පළමු අඩැ මුලට මැ යමාව යෙදුණ හෙයිනි.

iii. මුල් තුන් පද අඩ යමාව

354. වියන් වියන් කැරැ වී පළ තෙද තා පවත්වත්, සහස් සහස් පණ දරණ නැස්ම නත‘ක්සනුදු කැරැ.

පෙළ ගැසුම - පළ තෙද තා පවත්වත්; වියන් නත සහස් පණ වියන් කැරැ, දරණ අක්සනුදු කැරැ නැස්මේ සහස් වී

තේරුම - පළට වූ තෙද ගුණය තා පවත්වන කල්හි වෙනු දෙවියා, අනත් නම් නයා ගේ පෙණ දහස වියන කොටැගෙනැ දරණ වැල වටතිරය කොටැගෙන සැඟවීමේ ඉක්මන් වූයේ යි.

පැහැදුම - තෙද ගුණය ඉමක් කොනක් නැති සේ ඇතැ මැ ඈතැ විහිදුණ වගයි මේ කියමනින් පෑයේ. වෙනු දෙවියා තෙද ගුණයෙන් මහ හෙටුවා යැ. ඔහු පවා ඉමක් කොනක් නැති දුරට පැලැවිමට තෙද කවර තරම් සැඬ වියැ යුතු ද? පළමු පදයේ මුලට මැ වියන් වියන් යන සෙයින් යමාව යෙදිණ. දෙ වැනි පදයේ අගට “වත් වත්” යන සෙයිනුත් තෙ වැනි පදයේ මුලට සහස් සහස් යන සෙයිනුත් යමාව යෙදුණේ යැ.

ගැට ලිහුම

වියන් = වෙනු දෙවියා “වී” නම් සියොතා යැ. කුරුල්ලා යැ. සියොතකු (ගුරුළකු) යානය කොටැගත් හෙයින් වෙනු දෙවියා “වියාන්” නම ලබයි.

සහස් පණ = පෙණ දහස. අනන් නම් නයාට පෙණ දහසක් ඇති වග කිවි දහමේ පළට යැ.

අක්සන = වට තිරය, කඩතුරාව

සහස් වී = ඉක්මන් වූයේ යැ.

පවත්වත් = පවත්වන කලැ.




iv. මුල් තුන් පද අඩ යමාව

355. කලතුරු කළතුරුහි නසුත් නසුත් පැසැසි තම කිඳුරන් රන් ගිරි ර‍ඟෙහි රනැසිරු ත- රුපු වග රජ.

පෙළ ගැසුම - රජ රන ඇසිරු ත-රුපු වග, රන්ගිරි ර‍ඟෙහි කිඳුරන් කලතුරු කළ තුරුහි නසුත්; තම නසුත් පැසැසි.

තේරුම - එම්බා නිරිඳ, කැලෑව ඇසුරු කළා වූ තගේ හතුරු සමූහය මහමෙර නමැති රඟ බිමෙහි දී කිඳුරු බිරියන් විසින් කරන ලද තුරු වැයුමට නටන කල්හි සිය වැනැසිල්ල ගැනැ පවා බලවත් සේ කැමැති වූයේයි.

පැහැදුම - (හටනින් මළාහු දෙව් ලොවැ යෙති. එයයි ඉපැරණි හේළි දහම්තාව.) මහරජාණෙනි, ඔබ ගේ හතුරු සෙනඟ පැරැදැ පලාගියාහු වන පෙදෙස් ඇසුරු කැරැ ඉඳිමින් එහි දී මැ පරලෝ ගියාහුයි. පරලෝ ගිය උන් හට මහ මෙර මුදුන නමැති රඟ බිමේදී කිඳුරු බිරියන් විසින් පවත්වන ලද වැයුම් අනුවැ නටන්නට අවසර ලැබිණ. ඒ නැටුමෙන් ඌ තුමූ කවර තරම් සොම්නස් වූවාහු ද යත්; හටනින් පැරැදැ තමන් ලද ඒ වැනසීම ගැනැ පවා ඌ තුමූ බලවත් සේ කැමැති වූවාහුයි.

මෙහි පළමු පියෙහි “කලතුරු කළතුරු” යන ලෙසිනුත්; දෙ වැනි පියෙහි “නසුත් නසුත්” යන සෙයිනුත්; තෙ වැනි පියෙහි “රන් රන්” යන සැටියෙනුත් යෙදුණේ අඩ යමාව යැ.

ගැට ලිහුම-

කලතුරු = බිරිය. ( කල් නම් හිත් අදනා ගතියයි. කල් ගුණයෙන් යුතු; හිත් අදනා ගුණයෙන් යුතු අතුරුල්ල (තුරුල්ල) ඇත්තේ යමක හට ද ඕ කලතුරු නමි. ඔවු; හිත් අදනා තුරුල්ල ඇති යැ යන අරුතින් බිරිය කලතුරු යන නම ලබයි.( කල්+ අතුරු> කලතුරු) -කලත්ර. සකු-

කළ තුරුහි = කරන ලද වැයුමෙහි.

නසුත් = නටත් මැ.

නසුත් = නසුවත්, වැනැසිල්ලත්.

පැසැසි = බලවත් සේ කැමැති වූයේයි.

රනැසිරු = අරන ඇසුරු කළ. ( කැලෑ වැදුණු යැ කියූ සේයි.)


356. තුනෙක්නි දෙක්නි මෙ සේ යුත් එක්නි හුදු පෙදෙනුදු වත් සිව් වණ පස් වණෙන් අඩ යමාහි පමණ වේ.

පෙළ ගැසුම - මෙසේ එක්නි දෙක්නි තුනෙක්නි හුදු පෙදෙනුදු යුත්, සිව් වණ පස් වණින් වත් මහ යමාහි පමණ වේ.

තේරුම - මේ සැටියට එක පියෙකින්, දෙපියෙකින් තුන් පියෙකින් (නො එසේ නම්) තනිකර පැදියෙකින් හෝ යුතු වැලා අකුරු හතරෙකින් පසෙකින් හෝ වත් හොත් අඩ යමාවට පමණ වෙයි.

පැහැදුම - අඩ යමාවෙහි සැටි යැ මේ පැහැදිලි කරනු ලැබුයේ. අඩ යමාව පැදියෙකැ එක පියෙකැ වියැ හැකියි. නො එසේ නම් දෙ පියෙකැ හෝ තුන් පියෙකු හෝ මුළු හතර පියේ මැ හෝ වියැ හැකියි. හතර වණෙකින් හෝ පස් වණෙකින් හෝ යමාව වීම සෑහෙයි.

2. වට මහ යමාව

357. පියුම් සියුරු පද කැරැ එහි යම් දෙ පදක් කරත් යමා එක් වණෙන් හේ වට මහ යමා වේ.

පෙළ ගැසුම - පියුම් සියුරු පද කැරැ, එහි යම් දෙ පදක් එක් වණෙන් යමා කරත් හේ වට මහ යමා වේ. ‍ තේරුම - කව හතර පදයෙන් යුතු කොටැ එහි යම්කිසි පද දෙකක් එක වණෙකින් යමා කරත් හොත් ඒ වනාහී වට මහ යමා නම් වෙයි.

පැහැදුම - සිව් පද කවෙකැ ඒ සිව් පදයෙන් දෙ පදයක් සම හැඩයෙන් යුත් වූ විටැ ඒ වට මහ යමා නමින් හැඳින් වේ. සමහර විටැ ඒ දෙ පදය, පළමු දෙ වැනි දෙ පදය වියැ හැකියි නො එසේ නම් දෙ වැනි තුන් වැනි දෙ පදය වියැ හැකියි. සමහර විටැ පළමු, සතරවැනි. දෙ පදය ද වියැ හැකියි. ඒ කෙසේ වුව ද වරදෙක් නැති ඇවැසි වනුයේ පද දෙකෙකැ වදන් අතරැ සමතාවයි.

ගැට ලිහුම -

වට මහ යමාව = වටයක් බඳු වැ ආපහු කැරැකී පවත්නා මහ යමාව,

සියුරු පද = හතර පද

පියුම් = පැදි කවි. පියෙන් යුතු හෙයින් ( පාදයන්ගෙන් යුතු හෙයින්) පැදි කව පියුම් නමින් ගැනේ.

වණෙන් = මෙහි මෙ තැනට නිසි අදහස අකුරින් යනු නො වේ. හැඩයෙන්, සැටියෙන් යනු යැ “ හේ සිටි වණ මැ ඇද වැටුණේ යැ” යන ඈ වහර විමසා බලත්වා!

i. මුල් දෙ පද වට මහ යමාව

358. මිණි ලකළ සල් දොර මිණිල කළ සල් දොර වී රුපු රජුනැත පුරැ තුරඟ සුවහස් ගඳැත් බස්නා.

පෙළ ගැසුම - මිණි ලකළ සල් දොර; සුවහස් තුරඟ ගඳැත් බස්නා රුපු රජුන් ඇත පුරැ මිණිල කළ දොර වී

තේරුම - මැණික් වලින් සැරැහුණා වූ සල්පිල් හා වෙළෙඳ පොළවල් ද ඇති, සිය දහස් ගණන් අසුනුත් ගඳැතුනුත් පැමිණෙන්නා වූ හතුරු රජුන් ගේ ඇතුළු නුවරැ නික, කර, සල්, දොරන යන ගස් වූයේ යැ.

පැහැදුම - හතුරු රජුන් ගේ ඇතුළු නුවර මැණික් වලින් සැරැහුණු මහ වෙළෙඳ හල්වලින් යුතු යැ. නිතොර ඇත් අස් සෙනඟින් ගිගුම් නැ‍ඟෙයි. එහෙවු ඇතුළු නුවර පවා වැනැසිණ. වල්බිහි වී ගිය්යි. මේ පැදියේ පළමු පදයේ අකුරු යෙදුම ඒ සැටියෙන් මැ දෙ වැනි පදයේ අකුරු යෙදුම ද වියැ. එ හෙයින් ඒ වට මහ යමාවෙකි.

ගැට ලිහුම-

මිණිල = වල් නික නම් මහ ගස් වෙසෙස.

කල = “කර” නම් ගස, කර ගස පැරැණි දවසේ ඉතා පළට ගසෙකි, බැමිණිටියා සායෙහි දී මේ ගසේ කොළ කා බොහෝ රැටියෝ රැකුණහ.

දොර = දොරන නම් ගස් වෙසෙස

මිණි ලකළ = මැණික් වලින් සැරැහුණා වූ.

ඇත පුර = ඇතුළු නුවර.

ගඳැත් බස්නා = ගඳැතුන් පැමිණෙන්නා වූ.



ii. මැදි දෙ පද වට මහ යමාව

359. ගැවැසිණ සියල්ලෙන් පළ නල වරන සී‍ෙයන් පළ නල වරන සීයෙන් ත-මෙ නුවර ද රුපුන් පුර.

පෙළ ගැසුම - ත මෙ නුවර නල පළ වරන සීයෙන් සියල්ලෙන් ගැවසිණ රුපුන් පුර ද පළ නල වරන සීයෙන් සියල්ලෙන් ගැවසිණ.

තේරුම - ඔබ ගේ මේ නුවර සුළඟ මෙන් පළට වූ එ නොහොත් සුළඟ මෙන් විසුළා වූ ඇත් සමූහයෙන් හාත්පසින් ගැවසිණ. හතුරන් ගේ පුරය ද කෑල, උණ, ලුනුවරන, යන ගස් සමූහයෙන් හැම සැටියෙන් මැ ගැවසිණ.

පැහැදුම - ඔබ ගේ පුරය දියුණු වීගිය බවත් හතුරන් ගේ පුරය වල් බිහි වුණ බවත් මේ පැවසූ සැටියි. මේ පැදියේ මැදි පද දෙක මහ යමා ගුණයෙන් හෙබිණ.

ගැට ලිහුම -

පළ = කෑල ගස පරගස. ගොඩපර, දියපර, හොඬපර යන ගස් තුන් වගය පර නමින් ගැනේ.

නල = හුණු ගස

වරන = වරනුයේ; අවුරනුයේ යැ වරන නම්. පෙරැ හටන් බිමේ හතුරන් හට මූණ දීම සඳහා මුලට මැ ඉදිරියට මැ යෙදැවුණේ ඇත් සෙනඟයි අනෙක් තුන් සෙනග වරනය කල හෙයින් ඌ වරන නම් වූ හ.

iii. වසම් පිය වට මහ යමාව

360. නොඑක් වන් වණස් වී ත-විමන් විසිත්තම්හි නොඑක් වන් වනස් වී තමෙ සියල් මිහි මඬුලු.

පෙළ ගැසුම - ත- විමන් විසිත්තම්හි නොඑක් වන් වණස් වී ත මෙ සියල් මිහි මඬුලු එක් වන් නොවනස් වී.

තේරුම - ඔබ ගේ විමනේ වෙසෙසි සිත්තම්වලැ නොඑක් සැටියේ පැහැමත් බව වී යැ. ඔබ ගේ මේ පොළෝ මඬල සදා නො වැනැසී පවතීන්නක් වූයේ යැ.

පැහැදුම - මහරජ, ඔබ ගේ මේ පොළෝ මඬල කිසි කලෙකැ නො වැනැසෙයි එය සදා එක් සැටියෙන් මැ පවතියි. හැයි මා එසේ කියන්නේ? බැලුව මැනැවි ඔබ විමනේ බැබැළෙන මේ වෙසෙසි සිත්තම් දෙස. ඒ සිත්තම් අතරැ ඔබ තුමන් ගේ සිත්තම වැනි වෙසෙසි සිත්තම් ඉතා පැහැමත් වැ බබළයි. සිත්තම් පැහැමත් වැ බබළනුයේ මනසේ සොම්නස නිසායි. රට වැනැසේ නම් මනසට කවර සොම්නසෙක් ද? එහෙනම් සිත්තමට කවර බැබැළිල්ලෙක් ද? සිත්තමේ බැබැළීමෙන් මැ හැ‍ඟෙයි ඔබ ගේ සොම්නස් බර බවත්, එ නිසා මැ රටේ සුහුඹුල් බවත්. පැදියෙකැ වූ පළමු තුන් වැනි පද විසම පදයි, ඒ විසම පදවලැ පිහිටුවන ලද වට මහ යමාව මේ පැදියෙන් පෙනෙයි.

ගැට ලිහුම

වණස් = වණ මැ වණස් යැ. වණස් ගුණයෙන් යුතු වූයේත් වණස් නම මැ ලබයි. පැහැමත්.

විසිත්තම් = වෙසෙසි සිත්තම්. ( ජීවත් වන්නවුන් ගේ සිත්තම්)

නො එක් වන් වනස් වී = එක් වන් නොවනස් වී. සදා මැ, නිතොර වැ මැ පවත්නා සුලු වියැ.

iv. අග පිය වට මහ යමාව

361. එදා විල් පුවුටු සලෙළි නිල් වලා ගප් සඳ වත් පබවත් වත් සඳ වත් පබවත් වූ.

පෙළ ගැසුම - එදා විල් පුවුටු සලෙළී සඳ වත් වත් පබවත්; නිල්වලා ගජ පබවත් සඳ වත් වූ.

තේරුම - එදා විලට පිවිසුණා වූ ලෙළුම් සහිත සඳ බඳු මුහුණ ඇති පබවතිය, නිල් වලාව තුළට පිවිසුණු, කැලුමෙන් යුතු සඳ බඳු වූවා යැ.

පැහැදුම - කුසදා පවත සමරමින් ලියනලද පැදියෙකි. මේ පැදියේ අග පද දෙක වට මහ යමා ගුණයෙන් යුතු වියැ.

ගැට ලිහුම

සලෙළි = ලෙළුම් සහිත. අඟර දඟර සහිත මේ පදය රුවන් මීපාණන් ගේ සන්නයේ සඳවන් වනුයේ “සැලලි” යනසේ යැ. “තරුණ”යැයි ඌ තුමූ එයට අරුත් බිණූහ. එහෙත් එබඳු අරුතක් ඇති සැලලි සදෙක් හෙළ බසේ නම් නැති.

පුවුටු = පිවිසුණු


3. සුමුගු යමාව

362. පියුම් සියුරු පෙදෙන් මැදැවසන්හි ද මෙසේ බඳ සුමුගු නො බ‍ඳෙහිදු පද අත්හි නො බඳුත් පත්.

පෙළ ගැසුම - පියුම් සියුරු පෙදෙන් මැදැ ද අවසන්හි ද මෙසේ බඳ සුමුගු. නොබඳ. එහිදු පද අත්හි නො බඳුත් පත්.

තේරුම = පැදියේ හතර පදයෙන් මැද දෙ පදයත් අගත් යන තුන් පළ මෙ සැටියෙන් බඳ හොත් සුමුගු නමි. මෙහි එ නො බඳනා ලදි. එහි පවා පද අවසනැ යමාව නො බඳුත් හොත් සුදුසුයි.

ගැට ලිහුම-

නොබඳ = සුමුගු යමාවට නිදසුන් පිණිසැ පැදි නොබඳින ලද බව යැ මේ කීයේ.

4. මහ යමාව

363. පියුම්හි නන් පදන් පද ‘වසන’කර නොවෙනස් නන් වැද හුන් සමවත් මහ යම යැ යෙත්; හෙ මෙසේ.

පෙළ ගැසුම - පද අවසන අකර නොවෙනස් වැද නන් වැද හුන් පියුම්හි නන් පදන් සමවත් මහ යම යැ යෙත්. හෙ මෙසේ.

තේරුම - පදයන් ගේ අවසන් අකුර වෙනස් නො වීත් නොයෙක් සැටි වීත් පිහිටියාවූ පැදිවලැ නොයෙක් පදයන් සමාන වත හොත් මහ යම යැයි කියති. ඒ මෙසේ යි.

පැහැදුම - සිව් පදයෙකැ ( සිව් පද විරිතෙකැ) අවසන් අකුර සමහර විටැ සම වියැ හැකියි. සමහර විටැ නොසම වියැ හැකියි. එසේ ඒ අග අකුර සම වුව ද නොසම වුව ද ඒ ගැනැ මෙහි එ තරම් තැකී‍ෙමක් නොසිදු වේ. එහෙත් ඒ පැදියේ අනෙක් පද බැඳුම් මුළුමනින් මැ වගේ එක් සම වතහොත් ඒ මහ යමාව නමින් ගැනේ.

ගැට ලිහුම

පදවසනකර = පද අවසන් අකර. පදයන් ගේ අවසන් අකුර.


364. නො ත මා ත මා ම න, නො තමා තමා මන වූ නො තමා තමා මන වී නො තමා තමා තමා මන සේ.

පෙළගැසුම - ත-මා මන නො ත-මා තමා මන නොතමා වූ තමා මන නො තමා සේ ත-මා ත-මා වී මන නො.

තේරුම - ඔබ ගේත් මගේත් හිත ඔබ ගේත් මගේත් නො වේ. තමා ගේ මනස තමා ගේ නොවූ තැනැත්තා හට මානයෙක් නැති. තමා වැනි වූ ( එක පණ වැනි වූ) ඔබත් මාත් ඔබ යැ මා යැ කියා තැකීමෙක් (අමුතු වෙනස් තැකුමක්) නැති.

පැහැදුම - මේ පැදියේ අග අකුරු වෙනස් විණ. එහෙත් අන් සියලු පද හතර පියට මැ සමාන වැ යෙදිණ. එහෙයින් මේ මහ යමා යෙදුමෙකි. සද ලකර පිළිබඳ වැ කොතෙකුත් සැලැකුම එල්ල කරන විටැ අරුත් ලකරනය මුළුමනින් මැ පිරිහෙන වග පෑමට ද මේ පැදිය හොඳ නිදසුනෙකි.

365. මේ කල් වනනට කල් මෙ කල් වන නට කල් වී මෙකල් වනනට කල් සේ මෙකල් වනනට කල් වේ.

පෙළගැස්ම - මෙ කල් වනනට කල් නට වන මේ කල් කල් වී මෙකල් වනනට කල් සේ; මෙකල් වනනට කල් වේ.

තේරුම - වැහි කල දවස වන රොදට කල් ගුණයෙන් යුතු යැ පහවූ වියොව ඇත්තන් හට වැහි කල පියකරු වී යැ. එහෙත් මේ කාලය වියෝවන් හට නම් යමයා වැනි යැ. මෙහෙවු කල දවස වැනීම - වර්ණනාව - සඳහා ළගන්නේ යැ.- මෙය ද මහ යමා බැඳුමෙක් වෙයි.-


5. සඳට යමාව

366. වණෙක්නි යම් පද වසන් කැරැ එ මෙ වණෙනි ළඟ පෙදෙහි දු කල පටන් සඳට යමැ යෙත්. හෙ මෙසේ.

පෙළ ගැසුම - පද යම් වණෙක්නි අවසන් කැරැ ළඟ පදෙහි දු එ මෙ වණෙනි පටන් කළ සඳට යමැ යෙත්. හෙ මෙසේ.

තේරුම - පදය යම් වණෙකින් අවසන් කොටැ ඒ ළඟ පදයෙහි දු එ මැ වණින් මැ ඇරැඹීම කළ හොත් සඳට යමාව යැයි පවසති. ඒ මෙසේ යැ.

පැහැදුම - “පෙදෙන පෙදෙ පිරියතැ- අකුරු ඩැඩෑ පද නැ‍ඟේ නම්” සඳට යමාව යැයි එළු සඳස් ලකුණ පැවැසී යැ “පදයක් පදයක් අවසනෙහි අකුරු ඩසිමින් පදය නැගේ නම්” යන ලෙසින් පැවසුණේත් මුල් පදය අවසන් වූ වණින් මැ යළි පදය ඇරැඹුණ මනා බවයි.

ගැට ලිහුම

සඳට යමාව = සන්දෂ්ට යමකය (සඩට >සඳට) ඩසින ලද යැ ඩට නම්. එ සහිත යැ සඩට නම්.

367. දිටිම් තා වනවුන් නවුන් සුරන් දියගුවන් ගුවන් විමල් මහරු වන් රුවන් විමන් දහම් ගත්.

පෙළ ගැස්ම - දියගුවන් ගුවන් විමල් මහරු වන් දහම් ගත් තා වනවුන් සුරන් නවුන් රුවන් විමන් දිටිම්.

තේරුම - ලෝ දෙටුවාණන් ගේ - බුදුන් ගේ - අහස මෙන් පිවිතුරු වූ මාහැඟි වන්නා වූ දහම පිළිගත් ඔබ බඳු දෙව් නයුවන් ගේ මැණික් විමන් දුටුයෙමි.

පැහැදුම - මේ පැදියේ එක් එක් පදයක් අවසන් කළ වණින් මැ ඊළඟ පදය ඇරැඹුණ සැටි විමසන්නැ. ඒ සම වදන් යෙදුම නිසා මෙය සඳට යමා ගුණයෙන් යුතු වෙයි

ගැට ලිහුම

වනවුන් = වැනියවුන්

සුරන් නවුන් = සුරන් නයුන්, සුරන් ගේ නයුවන්. සුර නායකයන්, දෙව් රදුන්.

දියුගුවන් = ලෝ අගුවාණන්, - ලෝකාග්රුයාණන් අගෙහි වූයේ අගු යැ , දියෙහි - ජගත්හි - අගෙහි වූයේ යැ දියගු නම්.

මහරු වන් = මහ ඇඟි වන්නා වූ, මහාර්ග වු

දහම් ගත් = දහම හසළා වූ. දහමට කන් දුන්නා වූ, “කනින් දහම ගත්තා වු” කියූ සේයි.

ගුවන් විමල් = අහස මෙන් පිවිතුරු වූ 6. කල යමාව

368. හඹා එක් දෙ වණනි අඩ බඳුතුදු කව්හි යළ වණෙක්නි දු එක් කෙවල පළට අත් කල. හෙ මෙසේ.

පෙළ ගැසුම - එක් දෙ වණනි හඹා කව්හි අඩ බඳුතු දු; යළ එක් කෙවල වණෙක්නි දු හඹා අඩ බඳුතු දු අත් පළට, කල හෙ මෙ සේ.

තේරුම - එක දෙ අකුරෙකින් නිමැවුම කරමින් කවෙහි පද බඳුතු හොත් ද; නැවැතැ එක තනි අකුරෙකින් හෝ නිමවා පද බඳුත් හොත් ද අදහස පළට නම් කල පබඳ නමි. ඒ මෙසේ යි.

පැහැදුම - කල - කාන්ත - පද බැඳීමෙහි දී සමහර විටැ එක දෙ අකුරෙකින් මැ කවෙහි පද නිමැවුම කළ හැකි යැ. නො එසේ නම් සමහර විටැ තනි අකුරෙකින් හෝ ඒ නිමැවුම කළ හැකි යැ. අකුරු දෙකෙකින් හෝ වේ වා එකෙකින් හෝ වේ වා, නිමැවුම යහපත් වන්නේ - කාන්ත ගුණයෙන් යුතු වන්නේ - එහි අදහස පළට නම් පමණි.

ගැට ලිහුම

හඹා - මෙහි පැවැසෙන හැඹීම් නම් නිමැවුමයි. - නිර්මාණයයි-

කවෙහි අඩ බඳුතු දු = කවෙහි කොටස් බැඳිම කරත හොතුදු කවෙකැ එක් එක් පාදයක් එහි එක් එක් අඩෙකි. කව බැඳීම යනුයෙන් නො යොදා එහි පාද බැඳිම යනුයෙන් මෙහි තකහනියක් යෙදුණේ සැලැකිලිමත් බව තකා යැ. හැයි, මේ පැවැසෙන්නේ එක කුරු බැඳුම් ගැනැ නොවැ? එ හෙයින් කව් පද බැදීම යන සෙයින් ඒ ගැනැ වෙසෙසි සැලකිල්ලක් යොමු කරන ලදි.

අත් පළට; කල = අදහස පළට නම් කල් යැ. කාන්ත යැ. තනි අකුරු බැඳුම් හෝ වේ වා, අදහස මනා සේ පළට වුව හොත් නිබැඳුම කාන්තා ගුණයෙන් යුතු වන වගත් කිවියා මෙයින් හැඟවී.

i. සිව් වණ කල යමාව

369. තනනා තනා තුනු තුනු නිත්තෙන් තෙනා තී; රුසිරු සිරී සුරු සරා සිසි රස් සේ සරා සිරි.


පෙළ ගැසුම - තුනු තුනු, තී තනනා තනා; සරා සිසි රස් සේ අසිරි සූරූ රුසිර සරා සිරි තිත්තෙන් තෙනා.

තේරුම - කෙසඟිය, තී ගේ වෙවුලන පි‍ෙයාවුරු තෙමේ, සරත් සමයේ හඳ කැලුම් සෙවුනාලද පුදුම සොබාව ඇති, රූපත් වූ පියුමෙකැ සිරියාව නිතොර වැ සොරකම් කරයි.

පැහැදුම - මේ වනාහී පියොවුර නෙළුම් කැකුළක් වැනි යැ යි කී සැටියි. මේ පැදියේ මුල් අඩ “ත න” යන දෙ අකුරිනුත්, අග අඩ “ස ර” යන දෙ අකුරිනුත් බැඳිණ.

ii. නිවණ කල යමාව

370. නොනු නෑයා නොනෑ වනුයේ, වැවුවා වුනු නන් නොනෑ නෑ වේ. වියැවූවා වැවේ වා!

පෙළ ගැසුම - නොනු නෑයා නොනෑ වනුයේ. වැවුවා වු අනු වූ නන් නොනෑ නෑ වේ. වියැවූවා වැවේ වා!

තේරුම - නො අනු වන්නා වූ නෑයා - සැපෙහි දීත් දුකෙහි දීත් අනුවැ නොහැසිරෙන්නා වූ නෑයා - නොනෑයෙක් වන්නේ යැ. වැවුවා වුත් අනුවැ හැසිරෙන්නා වූත් සැපෙහි දී සැප වැවුවා වූත් දුකෙහි දී අනුවැ හැසිරෙන්නා වූත් - නොයෙක් වගයේ නොනැයා නෑයා වන්නේ යැ. අනුන් ලවා මෙ බන්දක් - කියවාගත් තැනැත්තේ වැඩි දුයුණු වේ වා!

iii. දෙ වණ කල යමාව

371. නව වු නන් වෙනෙන් නොවෙන් වැ නේ නී වන් වන නින් වැව වානෙන්. නිවිනි, වෙනෙන් වැවෙනුවා.

පෙළ ගැසුම - නව වු නන් වෙනෙන් නොවෙන් වැ වන්නේ නී වන වැව් වානෙන් නින්. නිවිනි වැවෙනුවා වෙනෙන්.

තේරුම - අලුත් වු නොයෙක් වනයෙන් වෙනස් නො වී පැමුණුණු නොයෙක් ගනවලැ ජලය වැවේ වානෙන් නික්මිණ. ගොවියෙනි, රැකෙත හොත් ජලයෙන් යැ.

පැහැදුම - අලුත ලිය ලන ලද වනයන් හෝදාගෙනැ ආ තඹ වතුරු වැවේ වානෙන් නික්මිණ. එසේ නික්මුණු බොර දියෙහි පොළොවේ උසස් රස ගුණ රැඳී පවතී. ජීවත් වන්නට නම් ඒ දියෙන් වැඩ ගත යුතු යැ. ගලාගෙනැ ආ හැටියට මැ තඹ පැහැ රැඳුණු ජලය මුහුදට වදින්නට ඉඩ නො දිය යුතු යැ.

ගැට ලිහුම

නව වූ නන් වෙනෙන් - අලුත දලු ලෑ නොයෙක් කැලෑවෙන් නොවෙන් වැ වන් - වෙනස් නො වී පැමුණුණු. අලුත ලිය ලූ කැලෑව තඹ පැහැමත් යැ. එයින් ගලා ආ ජලයත් ඒ පැහැයෙන් මැ යුතු වැ ආ වගයි මේ පැවසුණේ.

නේ නී - නොයෙක් ඟඟවල්.

වැවුවාන - වැවේ වැඩි දිය ගලා බස්නා කපොල්ල.

නිවිනි - ගොවියෙනි.

වන - ජලය.

iv. තනි වණ කල යමාව

372. නා නී නු නේ නී නී නා නූ නා නී නො? නෝනු නා නේ නා නා නී නී නන් නොනන්නී.

පෙළ ගැසුම - නේ නී අනු නා නී, නී නා අනුවූ නා නී නො? නී, නී නොඅනු නා නා, නන් නේ නා නොනන්නී.

තේරුම - නොයෙක් ඟඟවල් අනුවූ මද දියකඳ, දියෙහි නයු බවට එකඟ වූ ඇතුන් ගෙනැයනවා නේද? ඟඟ වනාහී, ජලයට නොයටගත් වූ මහ ඇතුන්- තබා- නොයෙක් කුඩාතම නයින් වත් නො ගෙනපන්නී යැ.

පැහැදුම - මේ තනි වණ කල පබ‍ඳෙකි. කලින් පැදියෙන් කැවුණු අදහස පිළිබඳ වැ වැඩි විතරෙක් මේ පැදියෙන් පැවැසිණ. ගංගා ජලය ගැනැ නො සැලැකිලිමත් වුව හොත් රටේ මුළු මහ දනය පවා (රටේ සියලු සරු සාරය පවා) ඒ මහ දිය දහරින් මුහුදට මැ තල්ලු වෙයි. එහෙත් ඒ ගැනැ සැලැකිලිමත් වුව හොත්, රට හෝදාගෙනැ යන්නට එයට ඉඩ නො දුන හොත්; රටේ දනයෙන් බිඳක් හෝ අපතේ ‍ෙනා යයි. යන අරුතයි මේ වැකියෙන් දැක්වුණේ.

373. පිළිලොම්, හත් බදුරු, මිහිඟු බහනුදු ගෝමුත් නැත ද බැ‍ඳෙන පියුම්නෙන් පියුම් සක් ලක් පෑයෙම්.

පෙළ ගැසුම - පිළිලොම්, හත්බදුරු, ගෝමුත් යැ මිහිඟු බහනුදු නැත ද, පියුම්නෙන් බැ‍ඳෙන පියුම් සක් ලක් පෑයෙමි.

තේරුම - පිළිලොම් යැ හත්බදුරු යැ ගෝමුත් යැ මිහිඟු බහන් යැ යන දුකර බැඳුම් මෙහි නො පෑ නමුත්; පැදියෙන් බඳිනු ලබන පැදිමුවා සිත් පබ‍ඳෙහි සලකුණු දැක්වූයෙමි.

ගැට ලිහුම

පිළිලොම් - ප්ර තිලෝම යමකය - සකු - හත්බදුරු - සර්තෝභද්ර යමකය ගෝමුත් - ගෝමුත්රිකා යමකය මිහිඟු බහන් - මුරජ බන්ධන යමකය පියුම්නෙන්- පැදියෙන්.

374. පෙරැ දෙ පෙදෙන් පෑරුම් පද එක්නි එක් දක්වා කළන් නියරින් අඩ යම යමා නියර පෑයිම් මෙසේ.

පෙළ ගැසුම - පෙරැ දෙ පෙදෙන් පෑරුම් පද; අන් නියරින් කළ අඩ යම, එක්නි එක් දක්වා මෙසේ යමා නියර පෑයීමි.

තේරුම - කලින් දෙ පදයෙන් පිරියැ යුතු පද ද; අන් සැටියෙන් කරන ලද අඩ යමා ද එකින් එක දක්වමින් මෙසේ යමාවන් පිළිබඳ පනත් පිළිවෙළ පෙන්වීයෙමි.

පැහැදුම -

“තනනා තනා තුනු තුනු නිත්තෙන් තෙනා තී රුසිර සිරී සුරු සරා සිසි රස් සේ සරා සිරි”

යන තුන්සිය හැට නව වැනි පැදියේ සිටැ දැක් වූ යමා නියර ගැනැ යැ මේ පැවසුණේ මේ පැදියේ සිව් අකුරු යමාව දෙ පදයෙන් දෙ පදය පිරියැ යුතු වූයේයි. පළමු දෙ පදය දෙ අකුරෙකි දෙ වන දෙ පදය ද දෙ අකුරෙකි. මෙසේ අඩ යමා දෙකක් එක් වීමෙන් සිව් අකුරු යමාව සකස් විණ. කල පබඳ නමින් ඊ ළඟ පැදි තුනින් දැක් වුණේත් අන් සැටියෙන් කරන ලද අඩ යමා යැ. මහ යමා නො වේ.

375. නට බිය මග මඟන පර වැඩැ සමත වැඩ කළ නිවූ තමන් නුසිත් යුත් කිවිනට මෙ බැඳුම් යෙදේ.

පෙළ ගැසුම - නට බිය මඟ මඟන, පර වැඩැ සමත වැඩ කළ, තමන් නුසිත් නිවූ, යුත් කිවිනට මෙ බැඳුම් යෙදේ.

තේරුම - බියෙන් තොර වූ මඟ විමසා බලන්නා වූ අනුන් ගේ වැඩි දියුණුව සඳහා කොවුල් කම කළා වූ, (පර වැඩැ පිණිසැ මැ කිවි කම කළා වූ) තමන් ගේ නුරා හැඟුම් යටපත් කැරැගත්තා වූ සුනිසි කිවියන් හට මේ බැඳුම් පිළිවෙළ ගැළපේ.

පැහැදුම - මේ යමා බැඳුම් පිළිවෙළ සුනිසි කිවියන් හට පමණක් ගැළැපෙයි. සුනිසි කිවියෝ; ලොවින් දොස් නැඟෙතියි යන හැඟුමෙන් යුතු වැ, එසේ ලොවින් නැඟෙන දොසට බියෙන්, ඒ බිය දුරු කැරැගනු සඳහා නිසි නිවැරදි මඟ විමසා බලන්නෝ යැ. එ හෙයින් ඌ තුමූ ඔහි ආවාට ගියාට පැබැඳුම් නො කරති. මනසට අදහස පහළ වූ පලියට පැවැසීම් නො කරති. නියම සංයමයෙකින් යුතු වැ; රොස නුරාව ඈ පව් හැඟුම් මැඩැපවත්වා ගත් මනසින් යුතු වැ කිවි කමේ යෙදෙති. උන් ගේ බස් වහර ද ඌ තුමූ මනාසේ සකස් කැරැ ගත්තාහු යැ එහෙයින් නො සැබි කුහු පුහු කියමන් එ යුත් කිවියන් ගේ මුවින් නම් නො නික්මෙයි අන්න එබඳු යුත් කිවියන් හට යැ මේ යමා බැඳුම් නියර ගැළැපෙන්නේ. නො එසේ වූ වල් වැදි කිවියෝ යමා මැඳුම් මඟට බටුවාහු නම් කරය අතට ගත් මෝඩ වඳුරන් මෙන් දුටු දුටු තැන කපා පියා මහ වනසක් මැ කරැගනිති. ඌ තුමූ “යමා බඳුම්හ” යි මුළුමනින් මැ කිවි මඟ කෙලෙ‍සති නිසි වදන් වෑවහර වනසති. බසෙහි සම්මත පනත් පෙළ පවා කාබාසිනියා කෙරෙති. අන්න ඒ හෙයින් යුත් කිවියන් හට පමණක් මේ බැඳුම් නියර ගැළපෙයි.

ගැට ලිහුම

සමත වැඩ = කොවුල් කම, ගැයුම් කම, කිවි කම

නුසිත් = අනුගියා වූ හිත. දුටු දුටු පලියට, අරමුණු වූ පලියට කිසි ද විමැසීමක් බැලීමක් නැති වැ අනු වැ දිවෙන කිලිටි සිත යැ නුසිත නම්.

376. පැනුණු බැවින් මෙසේ කිවි ගුණ සමඟ මේ මඟ සියල් වසම් බැඳුම්හි දු කිවින් පියල් වනු යෙදේ.

පෙළ ගැසුම - කිවි ගුණ සමඟ මේ මඟ මෙසේ පැනුණු බැවින්, සියල් වසම් බැඳුම්හි දු කිවින් පියල් වනු යෙදේ

තේරුම - පැදියෙහි නියම ඔද ගුණ සමඟ වැ මැ මේ යමා බැඳුම් මඟ ද මෙසේ දැක්වුණු හෙයින් සියලු සැටියේ විසම බැඳුම්හි පවා කිවියන් බුහුටි වීම සුදුසු යැ.

පැහැදුම - පැදියක් නම් කිමෙක් ද කවක් නම් කිමෙක් ද යනු දැන් ඔබට පැහැදිලි නේද? හතර පදයක් පුරවාගත් පලියට ඒ කිසි විටැ කවෙක් නො වේ. කවෙකැ වියැ යුතු නිසි පණ ගුණ කලින් විදහා දැක්විණ. පැදියෙකැ වියැ යුතු වදන් සැරැසිල්ල ද තරමක් දුර යමා බැඳුම් නියරින් පැහැදිලි කරනු ලැබිණ. ඉතින් සියලු හැටියේ කිවි කම් පිළිබඳ වැ බොරු බිය දුරු කොටැ බුහුටි බව ලබාගැන්මයි කිවියන් විසින් කළ යුතු. ඔවු; මග දැක්වීම මිස මඟෙහි ඔබ ඔසවාගෙනැ යාම නොනිසි වැ‍ෙඩකි. මඟෙහි කෙසේ යා යුතු ද යන වග හිතා මතා බලා ගමන් කිරීම පිළිබඳ පියල් බව ඔබ මැ ලබාගත යුත්තෙකි. ඒ ගුණය ඔබ කෙරෙහි මැ සැඟවී පවතී. ඒ සැඟවි ගුණය පුබුදුවාගෙනැ එයින් වැඩ ගැනීම ඔබ සතු යුතු කමයි.

ගැට ලිහුම -

වසම් බැඳුම් = විසම බැඳුම්, නොයෙක් සැටියේ දුකර බැඳුම්.

පියල් = බුහුටි ( ප්රසගල්භ , සකු )

2. දොස් වග

377. නොසබඳ සිඳුම් හුන් විරුදත් එකත් බුන්සඳ නොසුසද නොපිළිවෙළ හා සැකි දෙසැ විරුදු ද යන.

378. කිවින් මේ නව දොස් කිවි කමැ පියන්නට යුත් නොසබඳ මෙහි උමතු මත් බල්නට මුතනුනට දොස්.

පෙළ ගැස්ම - නොසබඳ, සිඳුම් හුන්, විරුදත්, එකත්, බුන් සඳ, නොසුසද, නොපිළිවෙළ සැකි හා දෙස් ඈ විරුදු ද යන මේ නව දෙ‍ාස් කිවින් කිවි කමැ පියන්නට යුත්. මෙහි නොසබඳ උමතු මත් බල්නට මුත් අනුනට දොස්.

තේරුම - නොගැළැපියා දොස යැ, පඳ බෙඳුම් සිඳැදැම්මේ දොස යැ, විරුදු අදහස් දොස යැ, තනි අරුත් දොස යැ, සඳැස් බිඳීමේ දොස යැ, හරුප වදන් දොස යැ, පිළිවෙළ වැරැද්දීමේ දොස යැ. සැක අදහස් දොස යැ දෙස, කලාව, කල ආදියට විරුදු වීමේ දොස යැ යන මේ දොස් නවය කිවියන් විසින් සිය කිවි කමෙහි දී දුරු කරනු ලැබීම යුතු යැ. මෙහි නොගැළැපියා දොස උමතු මත් බොළඳ යන අයට මිසැ අන් අයට දොස් යැ.

ගැට ලිහුම -

නොසබඳ = අසම්බන්ධ දෝෂය අපාර්ථ දෝෂය ( සකු )

සිඳුම් හුන් = යති භ්රෂ්ට දෝෂය

විරුදත් = විරුද්ධාර්ථ දෝෂය

එකත් = ඒකාර්ථ දෝෂය

බුන්සඳ = භින්න ඡන්දස් දෝෂය

නොසුසද = අපශබ්ද දෝෂය

නොපිළිවෙළ = අපක්රෂම දෝෂය

සැකි = සංශයාර්ථ දෝෂය

දෙසැ විරුදු = දේශ විරෝධ, කාල විරෝධ, න්යා)ය විරෝධ, කලා විරෝධ ආදී දෝෂ

උමතු මත් බල්නට මුත් = මේ පැවසුණේ නොගැළැපියා දොස ගැනැයි තමන් ගේ කියුම් එකක් අනෙක හා නො ගැළපේ නම්; මුල මැද අග නො ගැළපේ නම්; ඒ දොසකි එහෙත් උමතුවන් ගේත්, මත් වූවන්ගේත් බිලිදුන්ගේත් කියුම් හැටියට එබඳු නොගැළපුම් යෙදුම් වෙසෙසා යොදා දක්වත හොත් එහි දොසෙක් නැති. උමතුවකු විසින් පැවසුණ නොගැළැපි කියුමක් ඒ හැටියෙන් මැ ඇද දැක්වීම කවර වරදෙක් ද? එහි වරදෙක් නැති එහෙත් මේ පිළිවෙළ පවා අද ලිවිසැරි කමට හෙණ එල්ල කරනු පිණිසැ ‘තාත්ත්වික” යැ “තාත්ත්වික” යැ කියමින් පමණ ඉක්මවාපියා යොදනු ලබන බව සමහර සරසවි ඇදුරන් ගේ පබඳ වලින් පෙනේ. අනුන් ගේ කියුම් මතක් හෝ හිතැවිලි මතක් හෝ ඉඳැහිටැ ඇද දැක්වීම පබඳට පණ ගැන්විමෙකි එහෙත් ඇරැඹි වේලේ සිටැ කිවි කම අවසන් වන තුරු මැ, “පැබැඳුම” නිමහම දක්නා තුරු මැ අසංයම හිතැවිලි ගොන්නෙකින් මුළු කතා පවත මැ පුරවන ලද හෙවණැලි පැබැඳුම් කා අතින් බිහිවුණ ද මුළුමනින් බොළඳ පැබැඳුම් යැ.

නොසබඳ අරුත් දොස

379. මෙ මුහුදු බො මෙ තවුස්. මම දැන් දෙරෙන් දිරුණෙම්. මේ මේ ගැජුම් වැජැඹී. දෙවිඳුට වි එරවණ කල්.

පෙළ ගැසුම - මෙ තවුස් මෙ මුහුදු බො. මම දැන් දෙරෙන් දිරුණෙමි. මේ මේ ගැජුම් වැජැඹී. එරවණ දෙවිඳුට කල් වී.

තේරුම - මේ තවුසා මේ මුහුදු බොයි. මම වනාහි දැන් ජරාවෙන් දිරාගි‍ෙයමි. මේ වැහි කළු ගිගිරිල්ල වැජැඹිණි. එරවණ ඇතා සක් දෙවිඳාට පිය වූයේ යැ.

පැහැදුම - මේ කියමන් තනි තනි වැ ගත් විටැ එහි යම් කිසි අරුතෙක් වෙයි. එහෙත් ඒ එක එක අරුතෙක් අනෙක් කියමනින් ලැබෙන අරුත හා නො ගැළපෙයි. එ හෙයින් පැදිය ගැනැ එහෙම පිටින් හිතාබලන විටැ එය සුසිහි ඇතියකු ගේ නිමැවුමක් ලෙස නො හැඟෙයි. ඒ නිසා මේ නොසබඳ කියමනට නිදසුනි. පැදියෙකින් කැවෙන අරුත මුලට මැදත්; මැදට මුලත්, මුලට අගත්, අගට මුලත්, මැදට අගත්, අගට මැදත් මනා කොටැ සිහියැ යුතු යැ. එසේ නො සීහෙතොත් ඒ නොසබඳ දොසට වැටේ.

ii. විරුදු අරුත් දොස

380. පෙරැ පසුහි නොසුදුසු විරුදත්. “තො සතුරන් හරු. සව් සත්නට කුලුණුතම තට රුපු කවර” යන සේ.

පෙළ ගැසුම - පෙරු පසුහි නොසුදුසු විරුදත් “තො සතුරන් හරු. සව් සත්නට කුලුණුතම, තට රුපු කවර” යන සේ.

තේරුම - මුලින් කී කියමනෙහිත් පසු වැ කී කියමනෙහිත් නොගැළපෙන බව; අරුතින් එරෙහි බව විරුදු අරුත් නම් වේ. “තෝ සතුරන් දුරු කරව. සියලු සතුන් හට කුලුණුතමය, තට සතුරු කවරේ ද” යන සැටියෙනි.

පැහැදුම - කලින් පැවසූ අරුත හා ඉක්බිති වැ පැවසූ අරුතත් මනා සේ ගැළැපුණ මනා යැ. ඒ ගැළපී බව තුරන් වී නම් විරුදු අරුත් දොසක් පැනැ නැඟෙයි. “තෝ සතුරන් දුරු කරව. සියලු සතුන් හට කුලුණුතමය, තට සතුරු කවරේ ද?” මේ කියමන් දෙක එකක් අනෙකට නො ගැළැපෙයි. “තෝ සතුරන් දුරු කරව” යන මේ කියමනින් මැ හැඟෙයි සතුරන් ඇති වග. එහෙත් “තට සතුරු කවරේ ද” යන ඉක්බිති කියමනින් සතුරන් නැති වගක් අඟවන්නට තැත් ගනියි. එ හෙයින් ඉදිරි කියමන පසු කියමනට විරුදු යැ.


iii. එක් අරුත් දොස

381. සදත්නි පෙරැ යුවක් යළ කියතේ එකත් නම්. හෙ මෙසේ “මෙ ගන විදුමත් උකටලි කල කුසි කෙරේ.”

පෙළ ගැසුම - සද අත්නි පෙරැ යුවක් යළ කියත ඒ එකත් නම්. හෙ මෙසේ. “මෙ විදුමත් ගන උකටලි කල කුසි කෙරේ.”

තේරුම - සද අරුනින් මැ; ශබ්දයෙන් දෙන අදහසින් මැ කලින් පවසනු ලැබුවක් ආයේ කියත හොත් ඒ එකරුත් නම් වේ. ඒ වනාහී මේ සැටියි. “මේ විදුමත් වැහි වලාව උකටලී වූ අඟන කුසී කෙරෙයි”

පැහැදුම - වැහි වලාව යන වදන යෙදුණු විටැ එය විදුමත් බව ආයේ පවසන්නට අවැසි නැති. හැයි; විදුලිය වැහි වලාවට මැ නොවැ උරුම? උකටලී, කුසී, යන දෙ වදන ද සම අරුත දෙයි. උකටලී කල; ( උකටලි වූ ගැහැනිය) කුසී කෙරෙයි (කුසී බවට පමුණුවයි) කී විටැ අර කලින් කී පැවසුණු උකටලී අරුත මැ ආයේ වරක් කිසි ද වැඩක් අරුතක් පලක් නැති වැ යෙදුණා වෙයි. එ හෙයින් මේ කියමන “මෙ විදුමත් ගන උකටලී කල කුසී කෙරේ” යන මේ කියමන එක අරුත් දොසින් යුතු වූයේ යැ. යම් කිසි කියමනෙකැ කලින් පැවැසුණු අදහස මැ ආයේ ආයේ කියැවෙත හොත්, ඒ එකරුත් නම් දොස් ගණයට වැටෙයි පුනරුත් යනුවෙන් සැඳැහෙනුයේ ද මේ දොස් වග මැයි. ‍‍ හැබැයි, මෙහි දී ඔබ මඳක් සිහිමත් වැ හිතා බැලියැ යුතුයි. සමහර විටැ එක කියමනේ දී මැ, එක පැදියේ දී මැ අප කලින් පෑ අදහස ආයේ, ආයේ, සඳහන් කරන්නට අපට සිදුවෙයි තරහව ඇල්ම වැනි මනස් හැඟුම් අනුවැයි එසේ වන්නේ. එ බඳු හැඟුම් පණ පොවා ඉදිරිපත් කළ යුතු වූ විටැ කලින් ඉදිරිපත් කිරීමෙන් හැඟුම බලවත් සේ ඇවිස්සෙනු සොබාවෙකි. එහෙම විටෙකැ දී එ බඳු පැවැසුම් එකරුත් දොස් ගණයට වැටෙයි ද? නැති. මේ බලන්නැ.

382. කියුම් හි දු පිළි දොස් නැති කුලුණෑ අතිසයෙන්. “මලවි කල් බඳ වනසා! පිය තෙපුල් කල වනසා!

පෙළ ගැසුම - කුලුණු ඈ අතිසයෙන් පිළි කියුම්හි දු දොස් නැති. “මලවි කල්බඳ වනසා! පිය තෙපුල් කල වනසා!”

තේරුම - කුලුණු ආදි ගුණයන් ගේ වැඩිමනත් කම නිසා ආයේ කියුම්හි පවා දොස් නැති. “මලවියා කල්බඳ වනසයි. පිය තෙපුල් ඇති කත වනසයි”

පැහැදුම - මෙහි “වනසයි වනසයි” යන සේ එක මැ වදන එක මැ අරුතට දෙ වරක් යෙදිණ. එහෙත් එහි වරදෙක් නැති. හැයි? එසේ යෙදිමෙන් කිවියා ඇඟැවූයේ මනසේ නැඟුණු හැඟුම ඉතා බලවත් බවයි. සමහර විටැ එක මැ වදන එක මැ අරුතට තුන් හතර වරක් කිවියා යොදයි. මනසේ නැගුණු හැගුමේ බලවත් බව පැවසීම සඳහා යෙදුණු ඒ යෙදුම් එකරුත් දොස් ගණයට නො වැටේ.

“ නැ‍ඟෙවු, නැඟෙවු, නැඟෙවු, නැඟෙවු, නැ‍ඟෙවු දරුවනේ ගයවු වයවු අදයි මඟුල අදයි මේ තොපේ.”

මේ යෙදුම පුනරුත් යෙදුමක් සේ නො සැලැකෙයි. හැයි? මෙහි එක් මැ වදන කිහිප විටක් යෙදුණේ මනස් වෙස බලවත් වැ සිත්තම් කිරිමට යැ.

iv. සැකි අරුත් දොස

383. නිරණට යූ වදන් කුහුලට වැටෙත් සැකි නම්, ‘නියවත් දෙනෙ සෙරෙන් පත් ගුණ හුන්නනට වස දේ”

පෙළ ගැසුම - නිරණට යූ වදන් කුහුලට වැටෙත් සැකි නම්. “නියවත් දෙනෙ ‍සෙරෙන් පත් ගුණ හුන්නනට වස දේ”

තේරුම - නිසැක බවට පවසන ලද වදන් සැක ගතියට වැටෙත හොත් සැකි නම් වෙයි. “ නැණවත් දන තෙමේ කලෙකින් පැමිණි ගුණවත් සුදනන් හට ජලය දෙයි.”

පැහැදුම - “නැණවත් දන තෙමේ කලෙකින් පැමිණි ගුණවත් සුදනන් හට ජලය දෙයි” යන මේ අදහස පැවැසීම සඳහා යෙදුණ වදන් වැළෙහි සමහර වදන් බලවත් සැකයක් උපදවන වදන් වි යැ.

“සුදනනට” යන වදන කලක් මුළුල්ලේ වෑවහර කිරිමේ දී - හුද්නනට> හුන්නනට- යන සේ සකස් විණ. කිවියා ඒ සකස් වුණු වදන තමා ගේ කම පිණිසැ යෙදුයේ යැ. “නියවත් දෙනෙ සෙරෙන් පත් ගුණ හුන්නනට වස දේ” යන සැටියෙන් හේ සිය අදහස සිත්තම් කළේයි. කිවියා වස යනුවෙන් අදහස් කළේ දියයි. ගුණ හුන්නනට යන්නෙන් අදහස් කළේ ගුණවත් සුදනන් පිළිබඳ වැ යැ. කිවියා එහෙම අදහස් කළ නමුත්; ඔහු ගේ පබඳ කියැවූවන් හට ඔහු අදහස් කළ අරුතට හාත්පසින් වෙනස් අදහසක් ඔහු ගේ මැ කියමනින් නැඟඑන්නට බැරි කමෙක් නැති. ‘නැණවත් දන තෙමේ කලෙකින් ආ ගුණ සුන් වූවන් හට විස දෙයි” යන සැටියෙන් අමුතු මැ හැඟුමක් එයින් නැඟැඑන්නට බැරි ද?

මෙසේ එක වගේ මැ පළට; නො එසේ නම් නිසි මුල් අදහසටත් වඩා පළට අන් අදහසක් නැඟීම නිසා එය හරි ද, මෙය හරි ද යන සැටියෙන් කියවන්නා සැකයට ගොදුරු වන්නේ යැ. එහෙයින් මේ සැක අරුත් දොස නමි. සමහර විටැ කිවියා සැක උපදවනු පිණිස මැ සිය ලියැවිල්ල ඉදිරි පත් කරන ලද නම් එහි දී ඒ දොස ගැනැ නො තැ‍ෙකයි.

මේ සැක අරුත් දොසට බලවත් සේ වැටෙන්නේ කා ගේ පබඳ ද? අවුරුදු දහයක් පහළොහක් ඉංගිරිසිය වැනි විදෙසි බසක් වෙනුයෙන් කල් කා-දමා; එහෙත් එක සමසක් වත් සිංහල බස වෙනුයෙන් කල් ගෙවන්නට මැළි වැ ඉඳැ, එනමුත් අපි සිංහලය දතිමු’ යි උදම් වෙමින් සිංහල පබඳ කරන්නට බසින රට පට දරුවන් ගේ පබඳ තමා. උන් ගේ පබඳෙහි වියයුරුව ගැනැ තැකුණු තැනක් වුව හොත් එය අරුමයෙකි. හැම තැන මැ වියයුරුව කා දැමූ යෙදුම් යැ එහි දිසි වන්නේ. ඒ නිසා අදහස හැම විට මැ සැක හැඟුම් උපදවයි. එහෙයින් එබන්දන් ගේ පැබැඳුම් සැක අරුත් දොසට නිදහන් යැ.

v. නොපිළිවෙළ අරුත් දොස

384. පෙරැ යු වත යළ කියු නොයෙදෙන නොපිළිවෙළ නම්. “මැවුම් පැවැතුම් හැකුළුම් හර බඹ ගොවිඳුහු කෙරෙන්”.

පෙළ ගැසුම - පෙර යු වත යළ කියු නො යෙදෙත නොපිළිවෙළ නම්. මැවුම් පැවැතුම් හැකුළුම් හර බඹ ගොවිඳුහු කෙරෙන්.

තේරුම - කලින් පවසන ලද පවත, ආයේ පැවැසූ පවත හා නො යෙදෙත හොත් ඒ නොපිළිවෙළ නමි. “මැවීමත්, පැවැතීමත්, හැකිළීමත් මෙහෙසුරා කෙරෙනුත්, මහ බඹා කෙරෙනුත් වෙනු දෙවියා කෙරෙනුත් වෙයි.”

පැහැදුම - මැවීම වනුයේ මහ බඹා කෙරෙන් යැ. පැවැතීම වනුයේ වෙනු දෙවියා කෙරෙන් යැ. වැනැසීම වනුයේ මෙහෙසුරා කෙරෙන් යැ. මේ පවත කිවි දහමේ පළට යැ. එහෙයින්, මැවීම, පැවැතීම, වැනැසීම, මහ බඹ, වෙනු, මෙහෙසුරු කෙරෙන් වේ යැයි කියුව හොත් මුල් යෙදුමට දෙවැනි යෙදුම ගැළැපේ. එහි පිළිවෙළ රැකිණ. එහෙත් මැවීම, පැවැතීම, වැනැසීම, මෙහෙසුරු, බඹ, ගොවිඳුහු කෙරෙන් වේ යැයි කියත හොත් එහි දී අර නිසි ගැළැපෙන නියාව කන පිටට හැරෙයි. එවිටැ පබඳ උපිළිවෙළ නම් දොසින් යුතු වන්නේ වෙයි.


vi. නොසුසද අරුත් දොස

385. නො මහා ලක් ලකුණු පියෙසු වදන් නොසුසද. “දලිනිඳු මෙවුල් මෙ දෙරණ නරනිඳු හට බුජෙහි රකි.”

පෙළ ගැසුම - ලක් ලකුණු තො මඟා පියෙසු වදන් නො සුසසද “දලනිඳු මෙවුල් මෙ දෙරණ නරනිඳු හට බුජෙහි රකි”

තේරුම - අරමුණුත්, අරමුණු පිළිබඳ ලකුණුත් නො බලා පැවසූ කියමන් “නොසුසද” නම් ගණයට වැටේ. “මහ සයුර මෙවුල කොටැ ඇති මේ පොළොව රජු හට අතෙහි රකින්නේ යැ.”

පැහැදුම - අරමුණු නම් ගනුවයි. හෙවත් ප්රුස්තුතය යි ඒ අරමුණ පිළිබඳ ලකුණු තමා වනුව නමින් හැඳින්වෙන්නේ. “මේ පොළොව රජු ගේ අතින් රැකෙන්නේ යැ.” යන කියමන විමසමු. එහි මේ පොළොව යනු අරමුණයි හෙවත් ගනුවයි. “පොළොව” නමැති අරමුණ පිළිබඳ වැ අපි යම් කිසි වැනුමක් කරමු. “රජුගේ අතින් රැකෙන්නේ යැ” යනු යි අප විසින් ඒ ගනුව පිළිබඳ වැ කරන ලද වැනුම. කියමනෙකැ ගනුවත් වනුවත් නිසි සේ ගැළපියැ යුතුයි. එසේ ගැළැපීමට නම් වියරණ නය නො දෙදැරැවියැ යුතුයි. “මහ සයුර මෙවුල කොටැ ඇති මේ පොළොව රජු හට අතෙහි රකින්නේ යැ” යෙදුණ විටැ වියරණ වහර මුළුමනින් දෙදැරුම් කයි. එවිටැ කියමනෙකින් ලැබියැ හැකි අරුතෙක් නැති.

“රජු හට අතෙහි රකින්නේ යැ” කියූ විටැ රකින්නේ කවරෙක් දැයි ගැටළුවෙක් නැ‍ඟේ. රැකුම් කම කරන්නේ මහ සයුර ද; පොළොව ද; එ නැති නම් රජ ද? මේ අයුරින් විමසත කියමන අරුත් තොර බොල් පද හෑල්ලක් බවට වැටෙනවා විනා ඉන් පැතියැ හැකි කිසි ද අදහසෙක් නැති. කිවියා ගේ මුල් මැ අරමුණ තමා ගේ හැඟුම අනෙක් අය ගේ මනසට බලවත් ලෙස කාවැද්දීමයි. කිවියාට ඒ බලවත් අදහස ඉටු කරැගත හැකි වන්නේ සුනිසි වියරණයට එකඟ වැ හොඳ පණවත් වදන් වලින් සිය අදහස සිත්තම් කළ හොත් පමණෙකි නො එසේ වූ විටැ කිවියා අඳ ඇතකු කැළෑවේ දි අඩියක් පාසා මුළා වන්නාක් මෙන් කිවි කමෙහි දී පදයක් පාසා මුළා වෙයි. තමා මුළා වීමෙන් පමණක් නො නැවතී ලොව ද මුළාවේ හෙළයි. එහෙයින් “අපශබ්දය” පිළිබඳ දොසින් මෑත් වීමට සුකිවියෝ නිතොර වැ වෙහෙස ගත යුත්තෝ යැ. නො එසේ වුව හොත් ඔවුන් ගේ පරම අරුත එහෙමැ පිටින් මැ කැළෑ ගැසෙන්නේ මැයි.

ගැට ලිහුම-

නරනිඳු හට = නරනිඳු තෙමේ යැයි යෙදියැ යුතු තැනි,

බුජෙහි - “බුජෙන්” යන සේ විණි නම් කියමනට අරුත ලැබේ.


vii. හුන් පද සිඳුම් දොස

viii. බුන් සඳ දොස


386. සිය බසැ කියු පියුම් ලකුණු කී පද නො බෙදතු හුන් පද සිඳුම් දොස් වේ බුන් සඳ අඩු වැඩි වෙණෙන්.

පෙළ ගැසුම - සිය බසැ කියු පියුම් ලකුණු කී පද නො බෙදතු හුන් පද සිඳුම් දොස් වේ. අඩු වැඩි වෙණෙන් බුන් සඳ දොස් වේ.

තේරුම - සිය බසින් පවසන ලද පැදි ලකුණුවලැ කියූ පද නො බෙ‍දත හොත් ‘හුන් පද සිඳුම” නම් දොස වෙයි. අඩු වැඩි අකුරු නිසා “බුත් සඳ” නම් දොස වෙයි.

පැහැදුම - මෙ තැන දොස් දෙකෙකි හුන් පද සිඳුම යති භ්රෂ්ට නමින් සකුයේ හැඳින්වේ. බුන් සඳ, භින්න ඡන්දස් නමින් හැඳින්වේ. යති භ්රෂ්ටය යතිය බිඳීම නිසා ඇති වෙයි. පිහිටුවියැ යුතු නියම මත් ගණනට අනුවැ යතිය නොපිහිටුවීමෙන් යතිය බිඳිමේ දොස එයි. ඒ ඒ සඳසට අනුවූ මත් ගණන අඩු වැඩි වීමෙන් බුන් සඳ හෙවත් භින්න ඡන්දස් පිළිබඳ දොස ඇති වේ.

ix. දෙස් කල් ඈ විරුදු දොස

386. දෙස් කල් කලාවට ලෝ හේ විදු මහ ගතට වන වරද කිවි පමදින් පිළි නිවරද ද කියනෙම්.

පෙළ ගැසුම - දෙස් කල් කලාවට ලෝ හේ විදු මහ ගතට කිවි පමදින් වන වරද, පිළි නිවරද ද කියනෙම්.

තේරුම - දෙසටත් කල් දවසටත් කලාවටත් ලොවටත් හේතු පල පිළිවෙළටත් විදුවටත් ආගම දහමටත් කිවියන් ගේ පමාවෙන් සිදුවන වරද හා යළි නිවරද ද පවසන්නෙමි.

දෙස් විරුදු දොස

387. මෙ දකුණු මරු සුවඳ කපුරු තුරුන් පහස් ලද; කලිඟු වෙනෙ ගජ රැස් පිරි; අගිලින් සැදි සොළී ගඟ.

පෙළ ගැසුම - සුවඳ කපුරු තුරුන් පහස් ලද මෙ දකුණු මරු; ගජ රැස් පිරි කලිඟු වෙනෙ; අගිලින් සැදි සොලී ගඟ.

තේරුම - සුවඳවත් කපුරු ගස් වලැ පහස ලැබූ මේ දකුණු සුළඟ යැ; ඇත් සමූහයෙන් පිරුණු කලිඟු වන තෙමේ යැ; අගිලින් සැදුණු සොළී ගඟයි.

පැහැදුම - මේ පවසනු ලැබූ දකුණු සුළඟ නම් වින්ධ්යා කඳු බිම් ඇසුරු කොටැ උතුරු දෙසට හමායන මලය සුළඟයි. මලය සුළඟ සඳුන් ගස් ඇසුරු කොටැ හමනු විනා, කපුරු ගස් පිසැගෙනැ නො හමයි. එ හෙයින් ඒ දෙස් විරුදු කියමනෙකි. කලිඟු වනයේ ඇත්තු නැති. සොළි ගඟ නම් කාවේරි ගඟයි. ඒ ගං දෙණියේ අගිල් ද නැති. එ හෙයින් ඒ කියුම් දෙස් විරුදු කියුම් යැ.

කල් විරුදු දොස

388. පිපේ පියුමිළු රෑ; කුමුදිළු දහවල් පිපේ. වසත් පුල් දිය මිදෙල්. සිරිකඩ සිසිර කල් කල්.

පෙළ ගැසුම - පියුම් ඉළු රෑ පිපේ; කුමුදු ඉළු දහවල් පිපේ. වසත් පුල් දිය මිදෙල්. සිරිකඩ සිසිර කල් කල්.

තේරුම - නෙළුඹු වනය රැයට පිපෙයි; කුමුදු වනය දහවලට පිපෙයි. වසත් කල දවසට පිපුණා වූ දිය මිදෙල් ගස යැ. සුදු හඳුන් සිසිර කලට යහපති.

පැහැදුම - දහවල් පිපෙන නෙළුඹු වදුල රැයට පිපෙන වගක් කීමත්; රැයට පිපෙන කුමුදු වදුල දහවල් පිපෙන වගක් කීමත්; වැහි කලට පිපෙන දිය මිදෙල් ගස් වසත් කලට පිපෙන වගක් කීමත්; ගිම් කලට යහපත් සුදු හඳුන්, සිසිර කලට මනා යැයි කිමත් කල් විරුදු කියුම් යැ.


කලා විරුදු දොස.

389. විරු විසඹ දෙ රෙසේ සිටුනා කෝ විස්ම බව්. වෙණෙහි දව ගම් නවතා සරය. ගමුනු විසි මුසන්.

පෙළ ගැසුම - විරු, විසඹ, දෙ රෙසේ සිටුනා බව් කෝ විස්ම. වෙණෙහි සරස නවතා ගම් දව. ගමැ උනුවිසි මුසන්.

තේරුම - විරු යැ විසඹ යැ යන රස දෙකෙහි තැන් හැඟුම් නම් කොවත් විස්මයත් යැ. වෙණෙහි සරු සයෙකි, යළි එහි ගැමියා දෙකෙකි. ගැමියාවෙහි මුසන් දහ නවයකි.

පැහැදුම - විරු රසයෙහි තැන් හැඟුම හෙවත් ස්ථායි භාවය නම්, උසභ බවයි; කොව නොවේ. විසඹ රසයෙහි තැන් හැඟුම රතිය යැ, විස්මය නො වේ එහෙත් විරු රසයෙහි තැන් හැඟුම කොව බවත් විසඹ රසයෙහි තැන් හැඟුම විස්මය බවත් පැවැසීම කලා විරුදු කියමනෙකි.

වෙණෙහි සරු සතෙක් වෙයි. එහි සරු සයෙකැයි පැවැසුම ද කලාවට විරුදු යැ. ගැමියාව වනාහි කුදු යැ මැදි යැ උසස් යැයි තුන් සැටියෙකි. එහෙත් ගැමියාව දෙ සැටියක් ලෙස පැවැසිණ එදා කලා විරුදු පැවසූමෙකි. මුසන් විස්සක් බව කලාවට නොරහසෙකි. එහෙත් මුසුන් දහ නවයෙකැයි පැවැසීම ද කලා විරුදු කියමනෙකි.

ගැට ලිහුම -

මුසන් = සත් සරෙහි නැඟුම් බැසුම් පිළිබඳ ලෙළැවියාව. මේ මූර්ඡනා නමින් සකුයෙහි ගැනේ.

ලෝ විරුදු ලෙස

390. සලා ගජ කෙසරු. සලා තුරඟ තියුණු හඟ. ගුරු සර ගඳඹඅත් තුර. මෙ කිහිරි තුර සර වියෝ.

පෙළ ගැසුම - ගජ කෙසුරු සලා. තුරඟා තියුණු අඟ සලා. ගඳඹඅත් තුර ගුරු සර. මෙ කිහිරි තුර සර වියෝ.

තේරුම - ඇතා කෙසුරු සලයි. තුරඟා තියුණු වූ අඟ වනයි. එරඬු ගස බරවූ අටුයෙන් යුතු යැ. මේ කිහිරි ගස අරටුයෙන් දුරු යැ.

පැහැදුම - ඇතුට කොහි ද කෙසුරු? අසුට කොහි ද අං? කෙසුරු නැති ඇතු කෙසුරු සලන වගක් පැවැසීමත් අං නැති අසු අං වනන බවක් පැවැසීමත් ලොවට විරුදු යැ. හරය නැති එරඬු ගසේ හර ඇති වගක් පැවැසීමත් හරවත් කිහිර ගස හරයෙන් තොර වගක් කීමත් එසේ මැ ලෝ විරුදු යැ.

අගම් විරුදු දොස

391. මුනි විරු සව් සකර නො නසී වී සබා වී එසේ මෙ නො? හෝ සියුරුනෙත් පවතී අද දු ළෙහි මා

පෙළ ගැසුම - මුනි විරු සව් සකර නො නසි වී, වී සබා. එසේ මෙ නො? සියුරු නෙත් හෝ අද දු මා ළෙහි පවතී.

තේරුම - මුනි විරුවා - බුදුහු- සියලු සකර දහම් නො වැනැ සෙන්නේ යැයි කීයේ සැබෑව යැ. එය එසේ මැ නොවැ? ඇටි කුකුළු නෙත් ඇති ඕ තොමෝ අද පවා මගේ හදෙහි පවතියි.

පැහැදුම - මේ අගම් විරුදු කියමනෙකි. සියලු සකර දහම් නැසෙන්නේ යැයි බුදුහු කීහ ඒ නො නැසෙන්නේ යැයි බුදුන් කී වගක් පැවැසීම් අගම් දහමට පටහැනි යැ.

ගැට ලිහුම

සියුරු = ඇටි කුකුළු.

සකර දහම් = සංස්කාර ධර්ම. අවිදුව නිසා සතුන් විසින් රැස් කරනු ලබන පින්, පව්, නොපින්පව්, යන සොබා තුන.

නිය විරුදු දොස

392. නො මෙ කළ සකර කම් දද පිත් වෙද හදාරා. පියවි වර ‍පිරිසුදු පිළි මිණියට සකර කම් කුම්?

පෙළ ගැසුම - සකර කම් නො මෙ කළ දද පිත් වෙද හදාරා. පියවි වර පිරිසුදු පිළිමිණියට සකර කම් කුම්?

තේරුම - සැකැසුම් කම් නො මැ කළා වූ බමුණු පුතා වේදය හදාරයි. සොබායෙන් මැ උතුම් වූ පිරිසුදු වූ පළිඟු මැණිකට සකස් කිරීමේ කම කුමකට ද?

පැහැදුම - පූන නුල පැළැඳවීම හෙවත් උපනයන කම කරනු නොලැබූ බමුණු දරුවන් හට වේදය හැදෑරැවීම වේද නියාවෙන් මැ තහනම්. ඉතින් එ බඳු බමුණු දරුවකුට වේදය හැදෑරවීමක් ගැනැ පැවැසීම ඒ නියාවට විරුදු යැ.

ගැට ලිහුම -

දද පිත් = බමුණු පුතු.


දෙස් විරුදු පිරිහැරුම

393. එ රජහු පින් තෙදින් සිරිසර වී එහු උයන් විසිතුරු වතුරු පලු පත් අසිරී සුර තුරු සියෙන්.

පෙළ ගැසුම - එ රජහු පින් තෙදින් ඔහු උයන් විසිතුරු වත් හුරු පලු පත් සුර තුරු සියෙන් සිරි සර වී. අසිරී!

තේරුම - ඒ රජු ගේ පින් තෙද නිසා ඔහු ගේ උයන්වතු නොයෙක් සැටියෙන් ලස්සන වූ රෙදිවලට හුරු වූ දලු පත් ඇති දෙව් ගස් සමූහයෙන් සිරිසර වූයේ යැ. පුදුමයි!

පැහැදුම - නර පල්ලකු ගේ උයන් වත්තෙකැ දෙව් ගස් වන වගක් පැවැසීම දෙස් විරුදු කියමනෙකි. එහෙත් ඒ රජු ගේ පින් තෙදින් යැයි කිවියා අමුතු සඳහනක් කළේ යැ. පින් තෙදින්! ඔවු; කෙනෙකු ගේ පින් බලයෙන් කවර දෙ‍ෙසකැ හෝ වැවෙන ගසක් ඔහු ගේ වත්තෙකැ වැවීම වන්නට බැරි සොබාවෙක් නො වේ. මෙසේ පින් තෙද යන අමුතු පවතක් ඇදැ හෙළීම නිසා කිවියා සිය කියමන දෙස් විරුදු බැවින් වළකාගති.

ගැට ලිහුම-

වතුරු = වත් හුරු. රෙදිවලට හුරු වූ වතුරු යන්නට කෙනෙක් වස්ත්රි යැයි අරුත් බෙණෙති. ගන බොල් මුසා බිණුමෙකි.

සියෙන් = සීයෙන්, සියයෙන් යන දෙ රුව ද මේ අරුතෙහි මැනැවි. කැළයෙන් = කැළෙන්; නිලයෙන් = නිලෙන් ඒ වගේ සියයෙන් යනු සියෙන් යන සේ යෙදෙයි.

කල් විරුදු පිරිහැරුම

394. කොලොඹ වන රොන් ඉඟි කපවන සත් පත් කුසුම් හඟවන වනස් නිරිඳුන් හැසිරිණි කැකුළු මෙ පවන.

පෙළ ගැසුම - කොලොඹ වන රොන් ඉඟි සත්පත් කුසුම් කපවන, නිරිඳුන් වනස් හඟවන මෙ කැකුළු පවන හැසිරිණි.

තේරුම - කොලොම් වනයේ රොන් සමඟ අත්තන මල් වෙවුලවන්නා වූ රජවරුන් ගේ වැනැසීම හඟවන්නා වූ මේ සැඩ පරුස හුළඟ හැසුරුණේ යැ.

පැහැදුම - කොලොම් නම් බක්මී ගස් යැ. - බකිනි; බම්බි, යන දෙ සැටියෙන් ගැමියෝ එය හඳුන්වති - කොලොම් වනය මලින් ගැවැසෙනුයේ වැහි කල දවසටයි. රුක් අත්තන ගස්වලැ මල් පිපෙනුයේ සීත කල දවසටයි. ඉතින් දෙ කලෙකැ පිපෙන මල් එක් කලෙකැ මැ පිපී රොනින් ගැවසීගිය වගක් පැවසීම කල් විරුදු කියමනෙක් නු? එහෙත් කිවියා ඒ කල් විරුදු බව මකා දැම්මේ යැ. ඒ කෙසේ ද?

“නිරිඳුන් වනස් හඟවන” යන අමුතු පවතක් සඳහන් කිරීමෙනි. රජ වරුන් ගේ වනස (විනාශය) හඟවන දරුණු සැඬ සුළඟක් හමා ආ වග පවසන විටැ කවර කලෙකැ පිපෙන කවර මල් රොනක් වුව ද රජවරුන් ගේ වැනැසීමට කරුණු වීම සඳහා මැ හුළඟට එක්වැ කැලැතී ගිය හැකි නො?

ගැට ලිහුම-

කපවන = වෙවුල්වන. කම්පා කරවන.

කැකුළු පවන = තද සැඩ සුළඟ. සුලී සුළඟ, රළු සුළඟ.

කලා විරුදු පිරිහැරුම

395. දවත සෙද හෝවිලි බියපත් වමියන් මියෙන් නැඟුණු වසම් ලිය ගී රස දන්නන් වැඩී රා.

පෙළ ගැස්ම - හෝවිලි සෙද දවත බියපත් වමියන් මියෙන් නැඟුණු වසම් ලිය ගී රස දන්නන් රා වැඩී.

තේරුම - උන්සිල්ලාව වහා දිවෙන කල්හි බිය පත් වූ අඟනන් ගේ මුවින් නැඟුණු විසම ලිය ගීය රසවත් දනන් කෙරෙහි නුරාව ලියලැවී යැ.

පැහැදුම - විසම ලිය ගීයේ ඇති මිහිරි බවෙක් නැති. සමහර විටැ මත් ගණන වැඩියෙන් ඇදීයන හෙයිනුත් සමහර විටැ ඒ මත් ගණන ලුහු වී යන හෙයිනුත් එහි ඇති රසවත් බවෙක් නැති ඉතින් එයින් රස වැඩියැ හැකි ද? ඔවු, රස වැඩියැ හැකි ද? නොහැකි නො? රස වැඩුණු බවක් පැවසුණු හෙයින් මේ කලා විරුදු කියමනෙක් නොවැ? එහෙත් කිවියා එහි කලා විරුදු බව පිරිහරියි ඒ කෙසේ ද? “රස දන්නන් රා වැඩී” යන සේ යෙදීමෙන්. මෙහි රස දන්නෝ නම් කැමි දනෝ යැ. (කාමික ජනයෝ යැ) අඟනන් මියෙන් නැ‍ඟෙන ගීය කොතරම් විසම වුව ද ඔවුන් ගේ වදන් මතක් පවා ඇසීම කැමි දනන් ගේ රසය වැවෙන්නට කරුණු වෙයි එ හෙයින් “වසම් ලිය ගීය රා වැඩී” යන කලා විරුදු බව රස දන්නන් යන යෙදුම නිසා පලාගිය සේ පෙනේ.

ගැට ලිහුම-

රස දන්නන් = රස හඳුනන්නවුන්. මෙහි කියවුණේ කැමි රස හඳුනන්නවුන් ගැන යැ. - කාමී ජනයා -

ලෝ විරුදු පිරිහැරුම

396. වියවුල් කල් වියෝ මන වස සඳට වැඩි කල් සඳ රසට ද වඩා අග සිහිලැයි දෙතා සලකා.

පෙළ ගැසුම - මන වියවුල් කල් වියෝ වස සඳට වැඩි කල් යැයි, සඳ රසට ද වඩා අග සිහිල් යැයි දෙතා. සලකා.

තේරුම - මනස වියවුල් වූ කල් වියොවා ( කල ගෙන් වියෝ වූ තැනැත්තා) වස වනාහී හඳට ද වඩා මනා යැයි ද; හඳ කැලුමට ද වඩා ගින්න සිහිල් යැයි ද දෙ ගුණ බවෙන් ( බැවින් ) සලකයි. (ද්වීගුණත්වයෙන් සලකයි.)

පැහැදුම - “වස” සඳට වඩා මනා යැයි කීම ලෝ විරුදු කීමෙකි. ගින්න හඳ කැල්මට වඩා සිහිල් යැයි කීම ද එ බන්දෙකි. එහෙත්; “පියාව ගෙන් වියෝ වූ තැනැත්තා එසේ සලකයි” කීමෙන් ඒ ලෝ විරුදු බව දුරු වෙයි. හැයි? එ බඳු වියෝ ගින්නකට ගොදුරු වූ අයකු හට සමහර විටැ සැබැවින් මැ එසේ හිතෙන්නට පිළිවන් හෙයිනි.

ගැට ලිහුම =

අග = ගින්න.

දෙතා සලකා = ඉතා බලවත් ලෙස සලකයි. දෙ ගුණ. බව යැ දෙතා නම්. තමා කලින් සලකන තරමට වඩා දෙ ගුණ බවෙකින් සැලකීම දෙතා සැලකීම නමි. කල්තා, දෙනෙතා ඈ වදන් ද මේ අනුවැ විමසා බලන්නේ යැ.


හේ විදු විරුදු පිරිහැරුම

397. අපමණ පමණ වැ ද පෙනෙමිනුදු නොපෙනෙනු වූ එකත්ම වැ ද නොඑක් වූ නමකර සියල් වෙස් තට.

පෙළ ගැසුම - පමණ වැ ද අපමණ වූ; පෙනෙමිනුදු නො පෙනෙනු වු; එක් අත්ම වැ ද නොඑක් වූ සියල් වෙස්, තට නම කර.

තේරුම - පමණින් යුතු වීත් අපමණ වූ; පෙනෙමිනුත් නොපෙනෙන්නා වූ; එක් අත් බැවින් යුතු වැලාත් නොඑක් අත්බව ඇති වූ සියල්වෙ‍සාණෙනි, ඔබට නමැදුම් කිරීම වේ වා!

පැහැදුම - මුලින් පමණවත් යැයි කියා ඉක්බිති වැ අපමණ යැයි කීමත්; කලින් පෙනෙනවා යැ කියා ආයේ නො පෙනෙනවා යැ කීමත්; ඉස්සරියෙන්ලා එක් අත්බව යැ කියා නැවැතැ නොඑක් අත්බව යැ කීමත් හේතු දහමට විරුදු කියුම් යැ. එහෙත් “සියල් වෙසාණෙනි” යන සේ මහ දෙවි නම සඳහන් කිරීම නිසා එසේ වන්නට බැරි නැතැයි හැඟීමෙක් මනසට නැගේ. හැයි මහ දෙවියාට එසේ වන්නට බැරි ද? යන සේ සලකත් මැ ඒ හේ විදු විරුදු දොස කැලෑ ගැසීයයි.

ගැට ලිහුම - සියල් වෙස් = මහ දෙවියා. (විශ්ව මූර්ති) සියලු මැ වෙසින් යුතු එක් තැනැත්තා.

නමකර = මෙයින් එක එල්ලේ ලැ‍බෙන අරුත, වැඳීම යනුයි. එහෙත් මෙතැනට ගැළැපෙන ලුදුළු අරුත වැඳීම් වේ වා යනුයි. නමස්කාර යන සකු වදනට මෙහි ඇති අයතියෙක් නැති. “මෙ මා කළ නමකරින්” (වෙසතුරුදා සන්නය)

දහම් වුරුදු පිරිහැරුම

398. පස් පඬි සුතන් එක් කලතුරු වූ දොරබ නමු අග වූ යැ පැතිනියනට; මෙ ලෙසි දෙවියන් නිපැදුම්.

පෙළ ගැසුම - පස් පඬි සුතන් එක් කලතුරු වූ දොරබ නමු පැතිනියනට අග වූ යැ; දෙවියන් නිපැදුම් මෙ ලෙසි.

තේරුම - පස් පඬි පුතුන් ගේ එක් බිරිය වූ දොරබ නමැත්ත පැතිනියන් හට අග වූ යැ. දෙවියන් ගේ නිපැදීම මේ සැටියි

පැහැදුම - දොරබ ( ද්රෞපදී) බිසොව පණ්ඩු රජු ගේ දරුවන් පස් දෙනා ගේ මැ හවුල් බිරිය යැ. පස් දෙනෙකුට බිරිය වූ අඟනක් පතිවතියන් අතරැ අග පත් වුයැ යි කීම දහම් විරුදු කීමෙකි. එහෙත් “දෙවියන් නිපදුම් මෙ ලෙසි” යි කීමෙන් කිවියා ඒ දොසින් අයින් කළේ යැ තම පබඳ.

ගැට ලිහුම -

පස් පඬි සුතන් - පඬු රජු ගේ දරුවන් පස් දෙනා ( පඤච පාණ්ඩවයෝ) යුඩිෂ්ඨර යැ, අර්ජුන යැ, භීම යැ, නකුල යැ, සහදේව යැ යන පස් දෙනා.

අරුත් බෙය

399. පෙනෙන් අත් බෙලෙන් එන අරුතුදු සදතු දෙකැ. යම් සද සවනතෙහි හෙත හැඟෙනු පෙනෙනත නම් වේ.

පෙළ ගැසුම - පෙනෙන අත්, අත් බෙලෙන් එන අරුතුදු සදතු දෙකැ. යම් සද සවනතෙහි හෙත හැ‍ඟෙනු පෙනෙනත නම් වේ.

532 සියබස් ලකර විවරුව තේරුම-පෙනෙන අදහස යැ, අදහසෙහි බලයෙන් ඵන අදහස යැයි සඳ අරුත් දෙක යැ, යමි හඬක් කනෙහි වැටෙත් මැ ඇඟීමි ඇනි වත හොත් ඵ් පෙනෙන අදහස නමි වේ.

පැහැදුම- කියමන්වලැ බොහෝ විටැ අදහස් දෙ‍ෙකක් වෙයි. පළමු අදහස පෙනෙන අදහස නමි.අදහසේ බලයෙන් නැ‍ඟෙන අදහස දෙ වැනි අදහසයි. යම් කිසි හඬක් කනට වැටෙන මොහොතේමැ හැඟී යත හොත් එය පෙනන අදහස නමි. ඉක්බිති වැ හිතා මතා ගත යුතු අරැත අදහසේ බලයෙන් නැගෙන අදහසයි.

401. වෙන වෙන දුටු සඳින්

              බඳනෙවි පහතින් පෙනෙ‍න
              දැනෙන අනුමෙනෙනරුතට
              අත් බෙලෙනෙනරුත් වියත්.

පෙළ ගැසුම- පහතින් පෙනෙන වෙන බඳන එවි දුටු සදින් වෙන අනුමෙනන් දැනෙන අරුතට අත් බෙලෙන් එන අරුත් වියත්.

තේරුම- පහනින් පෙනෙන වෙන අන් බඳන මෙන් දුටුවා වූ සඳින් වෙනස් වූ අනුමානයෙන් දැනෙන අරුතට අත් බෙලෙන් එන අරුත යැයි කියති.


පැහැදුම- පහනද එක්තරා බඳුනකි පහඑන දැල්වුණු විටැ ඒ පහන් බඳුන සකසා පෙනෙයි. ඒ හැරැ ඒ පහන් එළියෙන් ඒ අසැලැ වූ අන් බඳනක් වුවද පෙනෙයි. හරියට අන්න ඒ වගේ කියමනෙකින් එක එලලේ මැ නැගෙන අරුත හැරැ සමහර විටැ අනුමානයෙන් හිතා මතා ගරා පෙරා ගත හැකි අන් අරුනෙක්ද වෙයි. ඒ අන් අරුත අත් බෙලෙන් එන අරුත යැයි පවසනු ලැබේ.



සියබස් ලකර විවරුව 533

402. “තු‌‌ඹුල් සිරුරැති මේ

             දහවල් බත නො බුදි” යත
             දහවල් නොකන පෙනෙනත;
             රෑ බිත් බෙලෙනෙන අරුත්.

පෙළ ගැසුම-“තුමුල සිරැර ඇති මේ තෙමේ දහවල් බත නොබුදි” යත දහවල් නොකනු පෙනෙන අත. රෑ බිත් බෙලෙන් එන අරුත්.

තේරුම-“මහත් සිරුර ඇති මේ තෙමේ දහවල් බත නොකයි” මෙසේ පවසන කලැ දහවල් නො කනබව පෙනෙ‍න අදහසයි. රෑ කන බව (අදහසේ) බලයෙන් එන අදහසයි. හෙවත් අදහස අනුවැ නැ‍ඟෙන අදහසයි.

403. වසම් පළඟ දෙසක්

             ලඟ මහ කව් ඇඳින්මෙහි
             පැන සසඟ ලද දන හට 
             උව වූ වසම් සගැ මේ:

පෙළ ගැසුම-මහ කව් වසම් පළඟ දෙසක් ඇඳින්මෙහි ලග පැණ සසඟ ලද දන හට උව වූ මේ වසම් සග යැ.

තේරුම - මහ කව්හි විසම බැඳුම්වලැ සැටි යන්තමක් ඇඳිනගැන්මෙහි ඇලුණා වූ නුවණ පිළිබඳ යහළු කම ලැබූ දනන් හට උදවු වූ මෙය වසමි සග නමි යැ.

පැහැදුම - සියබස් ලකරෙහි වසම් සග යැ මේ දැන් නිමහන් වූයේ, මහ කවි වලැ නොයෙක් සැටියේ පද බැඳුම් පිළිවෙළවල් වෙයි. පැණ සසඝ ලද දනන් හට ඒ නොයෙක් බැඳුම්වලැ සැටි තොරා බේරා හිතා මතා ගැන්මට එතරම් අපහසු නැති. එහෙත් ඒ පැණ සසඟ ලද දනන් හට වුව ද මහ කවිවල ැ විසම බැඳුම්, යමා බැඳුම්, නොසම බැඳුම් තොරා බේරා ඒවා පිළිබඳ නිසි වැටහුමක් ලබා ගැන්ම නම් එතරම් මැ


534 සියබස් ලකර විවරුව

ලෙහෙසි පහසු කමක් නො වේ.අන්න ඒ හෙයින් ඒ පැණ සසඟ ලද දනන් හට මහ කවිවලැ විසම බැඳුමි පිළිබඳවැ යන්තම් එළියක් ලබා ගැනීම සඳහා උදවුවක් ලෙසින්ය මේ සඟ පැබැඳුණේ.

කිවිපවත 404. ලකුණු පණ අක සඳ

                 ලකර ද ඔසල එක් දෙස් 
                  බොළඳ නමා මෙ වදනූදූ
                   හුදු පර වැඩෙහි වෙිවා !

පෙළ ගැසුම- ලකුණු පන අන සඳ ලකර ද, එක් දෙස් ඔසළ බොළඳ තමා මෙ වදනදූ හුදු පර වැඩෙහි වේ ව!

තේරුම - කවි ලකුණු කවි පණ අරුත් සඳස් හා ලකරන ද යන මේ ඉසවු- එක් පමණකට රැස් වූණා වූ මගේ මේ බොළඳවදනුත් තනිතර මැ පර වැඩ පිණිස වේවා!

ගැට ලිහුම = ඔසළ - රැස් වුණා වූ. “පුවළ සිහළ බළ මුළු බල නිති ඔසළ” - ගිරා ස‍ඳෙස

405. වළඳ වැ සත් ලොවට

                  සඳ මිඳුළු දු මහත්මෝ
                  පහන් මෙනෙන් පවත්නට 
                   කෙරෙත් නු මන පිනිදහන්.

පෙළ ගැසුම - මහත්මෝ සත් ලොවට සඳ මිඳුළු දු වළඳ වැ පහන් මෙනෙන් පවත්නට මන පිනිදහන් කෙරත් නු?

තේරුම - මහත්මෝ සතුන් රැසට තමන්ගේ සඳ මිඳුළු පවා වළඳනු ලබන දෙයක් වැලාත් පැහැදුණු හිතින් පවතිණු පිණිසැ පැරුම දමි පුරන්නෝ නොවෙද්ද?



                       සියබස් ලකර විවරුව                                            535

පැහැදුම - බුදුකුරු මහත්මෝ මන පිනිදහන් පුරති මනෝප්රණිධාතයන් පුරති - මන පිනිදහන් පුරන මහත්මෝ තමන්ගේ සඳ මිඳුළු පවා සතුන් හට වළඳිණු ලබන දෙයක් වනු පිණිසැ හිතින්මැ පහදින්නට හිතුමි පැතුමි කරති. අයේ වදනින් හේම නො වේ. වදනින් පැවසීම නිකමි බොරු මායාවක් වන්නටත් බැරියැ? මන පිනිදහන් පුරණ පුරණ උතුමෝ ඒ තම හුදක් හිතින් මැ කෙරෙති. ඉතින් ඒ උතුමන්ගේ පැවැත්ම එසේ නම්; මගේ මේ බොළඳ වදන් හුදක් පර වැඩ පිණිසැ මැ මා විසින් පකනු ලැබීමේ කවර නම් වරදෙක් ද?

406. i කිවි ගුණ මැණ ම‍ඳොස්

                 නිදොස් ඇමැති සිරි නිවෙස්
                  කළ තැතිනෙකත්ම තමා
                  අමරගිරි කසුබු තුමා 
407.   ii සිරිමත් සෙන් වියත්
                  මිණි රස්නි කිරුළු මෙ ගත් 
                  පැහැයු වස් සේසත් කිස් 
                  නිරිඳු කළේ සලමෙවන්.

පෙළ ගැසුම - ගුණ මැණ කිවි ම‍ඳොස් , නිදොස් ඇමැති සිරි නිවෙස්, තමා අත්ම අමරගිරි කසුබු තුමා කළ තැතින්: සිරිමත් වියත් සෙන් කිරුළු මිණි රස්නි සේසත් කිස් පැහැයු වස් සලමෙවන් නිරිඳු කළේ

තේරුම - ගුණ නමැති මැණික්වලට කිවියන් කරඬු වූ: නිදොස් වූ ඇමැති සිිරියට නිවෙස වූ, මා හා එක පණ වැනි වූ, අමරගිරි කසුබු නම් උතුමා කරණ ලද උසහව නිසා; සිරිමත් වූ නැණවත් සෙනඟ ඇති: වොටුනුයෙහි මැණික් එළියෙන් සෙසත් කුස පැහැදවූ කුල පරපුර ඇනි සලමෙවන් නම් රජ තෙමේ ගත කළේ යැ.




536 සියබස් ලකර විවරුව

පැහැදුම - මේ ගත කැරුණේ අමර ගිරි කසුබු නමි උතුමා විසින් ගන්නා ලද තැත නිසා යැ අමර ගිරි කසුබු තුමා අසැස් මැ ගුණවතෙකි එහුගේ ගුණ කිවියන්ගේ හද පත්ලෙහි හොඳින් රැඳී පවතියි කිවියෝ ඔහු ගුණ විතර කොටැ කො තෙකුත් පබඳ කෙරෙති. එ හෙයින් ඔහු ගේ ගුණ මැණික් නමි ඒ මැණික් රැස් කරනු ලැබූ කරඬු වැන්නෝ යැ කිවියෝ.

අමර ගිරි කසුබු තුමා නිදොස් ඇමති සැපත නැමැති සිරි කතට නිවෙසෙකි. එ පපමණෙක් නොවේ: සලමෙවන් රජු හා එක පන වැනියෙකි. ඉතින් එහෙවු අමර ගිරි කසුබු තුමා ගත් තැත නිසා “සලමෙවන්” නම් රජ තෙමේ මේ ගත කළේ යැ හේ තෙමේ - පරපුරින්මැ ලක් රජයට හිමි කම් ඇත්තේ යැ කිරුළෙහි මැණික් දිස්නයෙන් සේසත් කුස බැබැළවූ පරපුර යැ ඔහුගේ පරපුර.

408. විසිතුරු දස පණින්

             ලකර මිණැන් මහ යමැ
              නව දොස් යූ මෙසියබස්
               ලකරෙහි සිව් සියැ’ටැ කව්

පෙළ ගැසුම - දස පණින් විසිතුරු ලකර මහ යමා ඈ මිණි ඇත් නව දොස් යූ මෙසියබස් ලකරෙහි කව් සිව් සිය අට යැ.

තේරුම - දස පණින් විසිතුරු වුණා වූ ලකරන මහ යමා ආදී මැණික් ඇති ; නව දොස් පවසනු ලැබූ මේ සියබස් ලකරෙහි කව් හාරසිය අට යැ.