සියබස් ලකර විවරුව-විවරුවii
51. තෙපුල මැ අතිසය සෙ
ලකුණු පණ තුබූ සේ
කියූ මනා මෙරුම් මඟ ගියේ යැ මේ පළමු සග.
පෙළ ගැසුම - තෙපුල මැ අතිසය සෙ ලකුණු පණ තුබු සේ; මනා මෙරුම් මඟ කියූ මේ පළමු සඟ ගියේ යැ.
තේරුම - වදන මැ ඉතා බෙහෙවිනුත් කව් ලකුණු හා කව් පණ ද තුබූ සැටියෙනුත්; නිසි මඟ හා නොනිසි මඟත් පැවැසුණු මේ පළමු සග නිමි.
පැහැදුම - පළමු සග නිමියේ යැ එහි කුමක් කෙසේ කියැ විණි ද? වදන් වැවහර පිළිබඳ වැ හුඟක් වැඩිපුර කරුණු පැවැසිණ. ඒ හැයි; එන්න හට මේ රටේ මේ දැයේ පහළ වන කුහුවන් හට ඇස් පාදනු සඳහායි. එන්නහට මේ රටේ සරසවි නම් විදු පිල් වෙසෙසක් හතු පිපෙන්නා වගේ පහළ වනු ඇති. ඇත්තේ සරසවි නමට ද නිඟා පමුණුවන ඒ හඩු තිප්පොළ වලින් කොතෙකුත් පට දරුවෝ නික්මෙති ඌ නමට පට දරුවෝ යැ. බස් වැවහර මකන්නට; සැබි වැවහර කිබිසිනියා කරන්නට; පැරිසි ලෙඩ මේ රටේ බෝ කරන්නට ඌ ගජ සමත්තු යැ. අන්න උන් සඳහා තමා බස් වහර ගැනැ ටිකක් වැඩිපුර කරුණු පවසන්නට සිදු වුණේ; කමන්නැ. එහෙත් කව් ලකුණුත් කව් පණත් පිළිබඳ වැ නම්, දංඩීන් වැනි ඇජරන් පැවැසූ සේ මැයි පැවැසුණේ. හැබැයි කිවියාව සඳහා ගත යුතු සුමහත් නෙරියැ යුතු නොමඟන් මෙහි විතර කරන ලදී. එහෙවු පළමු සග දැන් ඉතින් නිමියේ යැ.
ගැට ලිහුම මෙරුම් මඟ - නෙරි යැ යුතු, දුරු කළ යුතු පිළිවෙළ. ‘ම’ වෙනුවට ‘න’ අදෙස් වීම හෙළ බස් නියරෙකි. අම්මි, අන්නි, මියර, නියර, ඈ තැන් විමසන්නැ. මේ අදෙස් වීමේ වහර අනුවැ යැ. එදා මෙර පවතුව අද නෙර යන සෙයින් වැවහර වන්නේ.
දෙවැනි සග
52. කව් සිරි අරන දම් ලකරු. ඔහු අද දක්වා විකැපෙත්. කෙ ඔවුන සියල් කියත පොහොසත් හු දියේ?
පෙළ ගැස්ම - කව් සිරි අරන දම් ලකරු. ඔහු අද දක්වා විකැපෙත්. ඔවුන සියල් කියත දියේ කෙ පොහො සත්හු?
තේරුම - කවෙහි සොබාව ගෙනැදෙන දහමෝ ලකරහු නම් වෙති. ඔහු තුමූ
අද දක්වා මැ වෙනස් වෙති. ඔවුන් සියල්ල මැ පවසත හොත් ලොවේ කවුරු හපක් වෙති ද?
පැහැදුම - කව සරසන, කව හැඩ වැඩ ගන්වන දහම් සොබාව ලකර නමින් හැඳින්වේ. ඒ ලකර නිතොර වැ මැ වෙනස් වෙයි. නිතොර වැ මැ වැවෙයි. කොතෙකුත් ලියලයි. ඒ නිසා හැම ලකරත් මැ නො වරදවා පවසන්නට කවරෙක් හෝ සමත් නොවේ. මෙන්න සියල් ලකර යැයි යමකු විඳහා දක්වත් හොත, තව මොහොතෙකින් ඔහුගේ කියමන බොරු වෙයි. ඒ හැයි? කිසිවකු මින් පෙරැ කිසි කලෙකැ නුදුටු ලකර වෙසෙසක් තව මොහොතෙකින් වෙන එකකු ගේ මනසට අරමුණු වන්නට ඉඩ ඇති හෙයිනි.
ගැට ලිහුම දම් - සොබාවෝ ලකර - සැරැසිලි (අලංකාර, සකු) විකැපෙත් - බෙදී වෙනස් වෙත්. විකප් යනු පවතුවයි.
53. ඉතිදු හොත වියත් පෙරැ ඇදුරන් කළ විකප් වහරෙන් එක් දෙක් බිඳු කියනැත් පවස් මෙ තමා.
පෙළ ගැස්ම - ඉතිදු හොත වියත් පෙරැ ඇදුරන් කළ විකප් වහරෙන් බිඳු එක් දෙක් කියනු පවස් මේ තමා ඇත්.
තේරුම - ඒ නමුත් විදුමත් වූ පෙරැ ගුරුවරයන් විසින් කරන ලද බෙදුම් නමැති වැස්සෙන් බින්දු එකක් දෙකක් කියා පෑමේ පවස මා හට ඇත්තේයි.
පැහැදුම - කිවි ලකරු මහ වැස්සක් බඳු යැ. වැස්සෙකැ බිඳු ගනින්නට කවුරු සමත්තු ද? ඒ වගේ හැම කිවි ලකර මැ පැවැසීමට ද සමතෙක් නැති. එහෙත්, ඔය මහ වැස්සෙන් බින්දු එකක් දෙකක් ගෙනැ දක්වන්නට මට තිබහක් තිබේ. හැයි එය බැරි.
ගැට ලිහුම ඉතිදු හොත = එසේ වුවත් වහරෙන් = වැස්සෙන් කියනැත් පවස් = කියනු පවස් ඇත් 54. වත් කියමන්, උවම්, රූපක, දීපක නම්; ඇවැතුම්, අකෙව් නම් ඇත් පිළි අනතුරුනැසුදු ඇත්.
තේරුම - වත් කියමන් යැ, උවම් යැ, රූපක යැ, දීපක යැ, නම් වූත්; අවැතුම් යැ, අකෙවි යැ නම් වූත් ලකර ඇති. එපමණෙක් නො වේ; අනතුරුනැසි නම් (ලකර වෙසෙසෙක්) ද ඇති.
ගැට ලිහුම -
වත් කියමන් = පැවැතුම් පැවැසුම. වස්තු කථන ස්වභාවෝක්ති නම්න් ද මේ ගැනේ. ඇවැතුම් = ආවෘත්ති. සකු අකෙව් = ආක්ෂේප. සකු අතතුරුනැසි = අර්ථාන්තරන්යාසස. සකු
55. වැතිරෙක, විබහවුන් සමස, අතිසය හා නම්, අයළ සිතැවිලි හේ නම්, සියුම් ලව පිළිවෙළ නම්;
තේරුම - වැතිරෙක යැ, විබහවුන් යැ, සමාස යැ, අතිසය නම් යැ, අයළ සිතැවිලි යැ, හේ යැ, සියුම් යැ, ලව යැ, පිළිවෙළ නම් යැයි - ලකර වෙසෙස් වෙයි.
වැතිරෙක = ව්යතතිරේක. සකු - විබහවුන් = විභාවනා. සකු- අයළ සිතැවිලි = උත්ප්රේහක්ෂා. සකු - හේ = හේතු. සකු ලව= ලේශ. සකු
72. පිය, රසවත්, හිවි,
පරියා, සමාහිත නම් උදත්තා, නම පිළිකෙව් සෙලෙසැත් වෙසෙස් සමයෝ.
තේරුම - පිය යැ, රසවත් යැ, හිවි යැ, පරියා යැ, සමාහිත නම් යැ, උදත්තා යැ, පිළිකෙවු යැ, සෙලෙස් යැ, වෙසෙස් යැ, සමයෝ යැ යි ලකර වෙසෙස් ඇති.
ගැට ලිහුම -
පිය = ප්රේයයස් හිවි = ඌර්ජස්වි පරියා = පර්යාය - පර්යායෝක්ති - උදත්තා =උදාත්ත පිළිකෙවු = ප්රයතික්ෂේප සෙලෙස් =ශ්ලේෂ. සමයෝ =තුල්ය යෝග.
73. විරුදත් නොපත් වැනුම
වැජවැනුමුද්රන නිදසුන් සහ කියමන්, පෙරැළුම් පිළි ආසී මුසු හැඟුම්;
තේරුම - විරුදත් යැ, නොපත් වැනුම් යැ, වැජ-
වැනුම් යැ, නිදසුන් යැ, සහකියමන් යැ, පෙරැළුම් යැ, ආයේ ආසී යැ, මුසු යැ, හැඟුම් යැ, යන (ලකර වෙසෙස් ද ඇති.)
ගැට ලිහුම
විරුදත් = විරුද්ධාර්ථ නොපත් වැනුම = අප්රාප්ත ස්තුති වැජ වැනුම = ව්යාාජ ස්තුති සහකියමන් = සහෝක්ති, පෙරැළුම් =පරිවෘත්ති, මුසු = සංකීර්ණාලංකාර හැඟුම් = භවික,
74. මෙ බස් ලකුණු ලකුළු
ලකර මුළු රුවන් රැස් කළ හොත් සිත් මඳොස්හි සිරිමත් නොවන්නො කවර?
පෙළ ගැසුම - බස් ලකුණු ලකුළු මෙ ලකර මුළු
රුවන් රුස් සිත් මඳොස්හි කළ හොත් සිරිමත් නොවන්නො. කවර?
තේරුම - බස් ආරෙන් හැඩ ගැසුණා වූ සැරැසුණාවූ
මේ ලකර ගොන්න නමැති මැණික් රැස හිත නමැති කරඬුයෙහි කළ හොත් සිරිමත් නොවන්නෝ කවරහු ද?
පැහැදුම - මේ කලින් පෑ ලකරු රැස අගනා මැණික්
රැසෙකි. මැණික් රැසක් කරඬුයෙකැ තැන් පත් කැරගත්තෝ සිරිමත් වෙත් මැයි. ඉතින් ඔය ලකරු නමැති මැණික් ගොන්න තැන් පත් කැරැ ගන්නට සුනිසි කරඬුව කිමෙක් ද? පොත ද? නැති නැති. හිත යැ. ඔවු හිත නමැති කරඬුයේ ඔය මැණික් ගොන්න. කැන් පත් කැරැගත් හොත් සැපවත් නො වන්නෝ: කවරහු ද? හැබැයි ඔය මැණික් මනා සේ තැන් පත් කැරැගත යුතු යැ. නිකම් ආවාට ගියාට නො වෙ; හොඳ සැලකිල්ලෙන් මනා සේ තැන් පත් කැරැගත යුතු යැ.එයට මඟ තමා; බස් වහර තමන් ගේ බස් වහර අනුවැයි, තමන් ගේ බස් ආර අනුටැයි, තහන්ගේ බසෙහි සියත් ලකුණු අනුවැයි ඔය මැණික් ගොන්න තමන් ගේ බවට හරවාගත හැක්කේ. අන්න එ විටැ තමා හොරුන් හට හතුරන් හට එය පැහැරැගන්නට බැරි සේ සකසා තැන් පත් කැරැගත හැක්කේ.
ගැට ලිහුම -
ලකර මුළු = ලකුරු ගොනු. (අලංකාර සමූහ) සිත් මඳොස් = සිත නමැති කරඬුව. ඈතැ දවසේ දී මිනීම සඳහා උවාරනය මෙන් ගැනුණේ කුඩා බඳුන් වෙසෙසෙකි.ලාභ, කුරුණිය වැනි මේ බඳුන් මැනීම සඳහා උවාරන වසයෙන් ගැනුණ හෙයින් ඒ මනු නමින් හැඳින්විණ. මනනු යේ යමෙකින් ද ඒ මනු යැ. කල් යත් මැ මිනුමට නො ගත් නමුත් කවර සැටියේහෝ කුඩා බඳුනට මනු යන නම වැවහර විණ. වරලස්, මුහුලස්, රකුස් යන තන්හි මෙන් අස් යන සියරුත් පස ඇදී පසු වැ ඒ මනුස් නමින් වැවහර විණ. තව දු කලක් ගත වත් මැ ඒ වදන තව හොඳට හැඩ ගැහිණ.
වනුරු -වඳුරු කිනුරු =කිඳුරු මොනර = මොඳර යන තන්හි මෙන් නුනැහැසි බවට යෑම නිසා මනුස් යනු මඳුස් යන සේ හැඬ ගැහිණ. ඔන්න ඔය මඳුස් යන වදන කුඩා බදුන සඳහා හෙළයන් වැවහර කරන දවසේ දී අපේ අසල්වැසි ගනුදෙනු කරුවෝ- දඹදිවඇත්තෝ- මඤ්ජුසා යන සේ එය ඔවුන් ගේ බසේ මූණුවරට හරවා ගත්හ. එහෙත් හෙළ වදනේ හැඩය තව තවත් වෙනස් විණ. “මඳුස්” යන වදනේ අ + උ යන දෙ හඬේ නෑ කම නිසා ඒ වදන මදොස් යැයි කලකට පසු හැඩ ගැහිණ. මේ නිසි වදන් වහරක් ගැනැ. නොදත් සමහර ගුඩු හිංගලයෝ හත්ථවතගල්ල යන්නෙන් අත්තනගල්ලත් මහියංගන යන්නෙන් බිම්තැන්නත් හැදුණා යැ කියන බොළඳුන් මෙන් මඤුජුසා යන්නෙන් මදොස් යන හෙළ වදන තැනිණැයි කටට ආවා වෙනුවට කියන්නට වූහ.
75. පදත් නන් නියරිනි
සිටුනා රෑ දක්වත් වත් කියමන් නම් යැ ඒ, පිළි දෑ කියුම් හෙ මෙසේ.
පෙළ ගසුම - පදත් නන් නියරිනි සිටුනා රූ දක්වත් ඒ
වත් කියමන් නම් යැ. පිළි දෑ කියුම්, එ මෙසේ.
තේරැම - නොයෙක් දෙයෙහි නොයෙක් සැටියෙන්
සිටුනා හැඩ නිල දක්වත් හොත් ඒ වත්කියමන් නමි. යළි දෑ කියුම් නමින් ද ඒ ගැනේ. එහි සැටි මෙසේ යැ.
පැහැදුම - ස්වභාවෝක්ති නමින් සකුයෙහි ගැනෙන්
නේ මේ ලකර වෙසෙස යැ. යම් කිසි දෙයකැ හෝ යම් කිසි කෙනෙකු ගේ හෝ හැඩ නිල, පැවැතුම්, ගති ගුණ ගැනැ සොබාහුරු වැ; වැඩි මනත් වැනුම් කයිවාරු පුරසාරම් නැති වැ වග තුග පැවැසීමයි මෙයින් අදහස් කැරෙන්නේ. මේ සොබා කියුම දැ, කිරිය, ගුණ, වත් යන සෙයින් සිව් වගකට බෙදේ.
ගැට ලිහුම -
පදත් - ලොවේ වූ පණ ඇති නැති හැඩ ඇති නැති, සිත් ඇති නැති, සියලු දෑ පදත් නමින් ගැනේ. නියරිනි = සැටියෙන්. පිළිවෙළින්.
1. දෑ වත් කියමන
76. තුඩින් වක් සුරත්
මරා පැහැ කොමළ පියෙන් ගෙලෙන් මොහු තිවන රජ මියුරු වදන් සුවො සියල්.
පෙළගැසුම වක් සුරත් තුඩින් මරා පැහැ කොමළ
පියෙන් තිවණ රජ ගෙලෙන් මොහු සියල් මියුරු වදන් සුවො.
තේරුම නැමුණු මනා රතු හොටෙන් හා කොළ
පාට මොළොක් පියා පතින් හා තුන් පාට ඉරි ඉරි ඇති බෙල්ලෙන් ද -යුතු -මොහු සියල්ලෝ මිහිරි වදන් ඇති ගිරවු යැ.
පැහැදුම මේ ගිරවුන් ගේ සොබා තතු පැවැසී
මෙකි. ගිරා නම් එක්තරා දැයක් පිළිබඳ වැ, තතු පැවැසීමක් කළ හෙයින් දැ හෙවත් වග ‘වත් කියුම්’ නමින් මෙ ගැනෙයි. -ජාති වස්තු කථනය- “වග සොබා කියුම” යන නම ද මෙයට මැනැවි.
ගැට ලිහුම
මරා පැහැ = කොළපාට. මරා මිණියේ පාට. මරා මිණි. මරකත නමින් සකුයේත්, පච්ච ගල් නමින් හෙළ. ගැමි වහරේත් හැඳින්වෙයි. කොළ පාටමැණික් වෙසෙසෙකි. කොමළ =මොළොක්. තිවණ =තුන් පාට රජ =ඉරි යැ, දුහුලි යැ, රජ දරු යැ යන අරුත් දෙයි. සුවෝ = ගිරවු.
2. පැවැතුම් වත් කියමන
77. කල රැවු ගබ ගෙලෙන්
පරෙවි පිය සසල නෙතින් පිරිවත්මින ‘ඟන තමා සිඹී විසඹ රිසි සියෝ.
පෙළ ගැසුම - විසඹ රිස සියෝ පරෙවි පිය කල
රැවු ගබ ගෙලෙන් සසල නෙතින්; පිරිවත් මින් තමා අඟන සිඹී.
තේරුම - සමහම් කැමැත්ත යුතු පරෙවි පෙම්බර
යා මිහිරි හඬ ගබ් වූ ගෙලෙන් හා සසලන්නා වූ- වෙව්ලන - ඇසින් හා යුතුවැ හාත්පසැ කර කැවෙමින් තමා ගේ අඟන සිඹියි.
පැහැදුම - මේ කිරිය වත් කියුම හෙවත් පැවැතුම්
සොබා කියුමෙකි. විසඹ රිසිය නම් සමහම් කැමැත්ත යැ; කැමි රිසිය යැ. එයින් සියෝ වූ; ඒ කැමැත්තෙන් යුතු වූ පරැවි පෙම්වතා තමා ගේ අඟන සිඹියි. ඇය වටා කරකැවෙමි න් ඇය සිඹියි. ඔහු ගේ ඇස් වෙව්ලන්නේ යැ. වහා ඔබ මොබ සැලෙන්නේ යැ. ඇතුළු ගෙලෙන් නොපැහැදිලි ගල රැවුව නික්මෙන් නේ යැ. යම් කිසි පැවැත්මක් සොබා හැටියට පැවැසීමයි මෙයින් සිදු කැරුණේ.
ගැට ලිහුම
කල රැවු = මිහිරි හඬ යැ, ගෙලෙන් - ගලයෙන්- නික්මෙන හඬයැ,යන පළට අරැත් දෙකක් දෙන වදනෙකි. ගලයෙන් නික්මෙන හඬ ඇතියේ යැ යන අදහසින් පරැවියා “ගලරැවු” යන නම ලබයි. ඒ වදන කලක් වැවහර කිරීමේ දී “ඟ” තොගො හුවට යෑමෙන් කල රැවු යන්න නිපැයිණ.
ග. ජ. ඩ. ද. බ. යන පස ‘කුර වෙනුවට පිළිවෙළින් ක. ව. ට. ත. ප. යන පස ‘කුර පැමැණීම නොගො හුවට යෑම නමි. - අඝෝපාදේශය. සකු- මේ පැදි යේ සඳහන් “කල රැවු” යන්න පරැවියා යන අරුත දෙන කලරැවු යන්න නො වේ. මෙ තැන කල රැවු යනුයෙන් වදන් දෙකෙකි, මිහිරි හඬ යනු යැ මෙහි අරුත- කලධ්වනී. සකු-
පිරිවත්මින්= කරකැටවමින්; බමමින්. ‘පිරි’ නම් හාත්
පස යැ වැතුම නම් පැවැතීම යැ. හාත්පස පැවැතීම තමා කර කැවීම. පිරිවතමින් පිරිවත්මින්. හාත් පසැ කර කැවීම යන අරුතක්ද මේ වදනින් ලැබේ. එ විටැ වැතුම යන්නේ අදහස පැවැතුම නොවේ. බිමුම (කරකැවුම) යැ. වටා යෑම යැ වැටුම නම්. එය පසු වැ වැතුම යන සේ සැකැසිණ.
3. සොබා වත් කියමන
78. ලොමු දැහැඟ බදමින් සිතුහි ද නිවුම් කෙරෙමින් පියවම්නි නුවන් යුගද පියන් පහස් පවත්නේ.
පෙළ ගැස්ම - ලොමු දැහි ඇඟ බදමින් සිතුහි ද නිවුම් කෙරෙමින් නුවන් යුග ද පියවම්නි පියන් පහස් පවත්නේ.
තේරුම - ලොම් උදැහුම ඇඟ වලැඳැ ගනිමින් හිතෙ හි ද නිවිම කෙරෙමින් ඇස් දෙකත් පියවමින් පියාවන්ගේත් පියයන්ගේත් පහස පවත්නේ යි
පැහැදුම - පියාගේ පහස පියාවට කවර කවර දැ කෙරෙයි ද? පියාවගේ පහස පියයාට කවර කවර දැ කරෙයි ද ? ඔවු, දෙදෙනාගේ පහස දෙදෙනාට මැ එක සමාන දැ සිදු කෙරෙයි. මුළු ඇඟෙහි මැ ලොම් උදැහීම වෙයි. - හිරු ගඩු පිපීම වෙයි. - එ හෙයින් ලොම් උදැහුම ඇඟ බදාගන්නේ නමැ. බලවත් වූ සොම්නස හිතට වදියි ඔව්; එ හෙයින් හිතෙහි නිවීම කැරෙන්නේ නම් යැ.ඇස් දෙක පියැවී යයි. ඒ බලවත් සෑහීමත් සැනැහීමත් නිසා යැ එ හෙයින් දෙනුවන් පියැවෙන්නේ තමැ. පියන් පහස පවත්නේ කෙසේදයන වග යැ මෙයින් පැවැසුණේ. එ හෙයින් මේ ගුණ සොබා කියුම යන නම ලබයි.
ගැට ලිහුම
ලොමු දැහි = ලොම් උදැහුම; ලොම් උඩට නැඟී සිටීම; මයිල් කෙලින් වීම; හිරි ගඬු පිපුම - උදහනු - උඩට නඟනු ලබනුයේ යැ උදැහි නම් ලොම් උදහනු ලබනුයේ ලොම් උදැහි යැ. සමහරු මේ පැදියට “ලොමුදැහැ ඇඟැ බඳමින්” යයිඅරුත් බිණීමට හැරැහුණාහු යැ. ඌ තුමූ සිංහල බස් වහර නම් කිමැ යි නො දන්නා පඬුවෝ යැ. ලොමු දැහැ යන්නේ අරුත ලොම් උදහාගෙනැ- හිරි ගඬු තංගාගෙනැ- යනුයි එබඳු කුඩාතමක් හෝ නො වටහාගෙන අරැත් බණන්නට හැරැහෙන්නෝ මුළු දැයේ මැ හතුරෝ යැ. හැයි? එවුන් නිසා බස් වහර අවුල් වැ බස වැදිගියාවට යන හෙයින්; ඒ නිසා මැ රැහේ ඔද වියැකි රැහැ ද නැහෙන හෙයින්.
පියවම්නි = පියවමින්, බලමින්, රකිමින්,බසිමින් යන ඈ නොගියකල් පවතු හෙළි බලම්නි, රකිම්නි,බසිම්නි යන සැටියෙනුත් බලවමින්, රක්වමින්,බස්වමින් යන ඈ නොගියකල් පියොදු පවතු හෙළි බලවමිනි, රක්වමිනි,බස්වමිනි යන සැටියෙනුත් විකර වීම හෙළ බස් නියරෙකි.
පියන් = පියාවෝ යැ පියයෝ යැ යන දෙ වගය මැ පියන් යන්නෙන් හැඟිණ.
සිතුහි = සිතෙහි සිත්හි යන වහර මෙන් මැ සිතුහි යනු ද මනා ය. නෙතුහි යනුද මෙ බන්දකි.
4. දැව් වත් කියමන
79. නිල් ගෙලෙනත්ලෙ ලු
කබල්ලෙන් සිනිඳු තඹ දෙළෙන් ගවයාන් පළ වී සිසි කඩ කඩා මල් කඩ.
පෙල ගැස්ම- නිල් ගෙලෙන්, අත්ලෙ ලූ කබල්ලෙන්, සිනිඳු තඹ දෙලෙන්, සිසි කඩ කඩ ගවයාන්පළ වී.
තේරුම - නිල් වන් බොටුයෙන් ද; අත්ලේ බහන ලද කබල්ලෙන් ද; සිනිඳු තඹ වන් ජටාවෙන් ද-යුතු වැ- හඳ කලාව මුදුන් මල් කඩ කැරැගත් ගවයාත් තෙමේ පළට වූයේයි.
පැහැදුම ගවයානයා නම් මෙහෙසුරා යැ; මහ දෙවියා යැ. ගවයකු යානය කොටැගත් හෙයින් හේ ගවයාන් නම් වෙයි.ඉතින් එහෙවු ගවයානයා පළ වූයේයී. කාටත් පෙනෙන්නට වැඩැහිටියේයි. කොයි හැටියෙන් ද ඔහු පළ වූයේ?
නිල් පැහැය ගැන්වුණු බොටුයෙන් යුතු වැ; අත්ලේ තබාගත් කබල්ලෙන් යුතු වැ; සිනිඳු තඹ පාට දුළුල්ලෙන් යුතු වැ;හඳ කලාව හිස මත්තේ පැලැඳගෙනැ හේ පළට වූයේ යැ, නිල් වන් බොටුව අත්ලේ වූ කබල්ල, ඉහේ වූ දුළුල්ල යන අ්ැ දේවල සැටි සොබායෙන් පෑ නිසා මේ වත් සොබා කියුම නම් වේ.
ගැට ලිහුම
අත්ලෙ ලූ කබල්ලෙන්= මෙහෙසුරා ගේ අත්ලෙහි මිනී හිස් කබලක් වෙයි. ඒ සලකා යැ මෙසේ කියැවුණේ.
නිල් ගෙලෙන්= බොහෝ ඉස්සර කලෙකැ දී හෙළයනුත් මැදි ආසියාවේ ‘සුර’ නමින් පළට වූ එඬේරෙනුත් අතරැ මහ හටනෙක් ඇවිළිණ. ඔය හටනේදී හෙළයන් අතින් කොතෙකුත් සූරයෝ නැසුණහ. මේ යග දැනැගත් වෙනු දෙවියා සූරයන්හට අමාව බී හටනේ යෙදෙන්නට ඔවා බස් දුන්නේයි. අමාව වූයේ කිරි මුහුද පත්ලේ යැ. ටික කලකට හටන් නැවැතූ සූරයෝ හෙළයන් සමඟ විගසේ බොරැ යාළු කමක් බැඳැගෙනැ උන් ගේත් උදවුව ඇති වැ කිරි මුහුද කැලැම්බූහ. මේ කමෙහි මුල් වූයේ වෙනු දෙවියා යැ. හැබැයි සකු මෙහෙසුරු ආදී දෙවි වරුන් ද එයට හවුල් වූහ.බලවත් ලෙස කිරි මුහුද කැළැඹෙත් මැ එහි පත්ලේ වූ නොයෙක් දෑ උඩට නැඟුණේ යි. සත් මුහුණ අසෙක් යැ, කොතබු නම් මහ මැණිකක් යැ; යෝද හක් ගෙඩියක් යැ; එරවණ නම් ඇතෙක් යැ; දෙවඟනන් රෑතක් යැ හලා හල නම් දරුණු වස වගයක් යැ; අමාව නම් බීමක් යැ සුරා නම් පැනක් යැ යන ආදී රුවන් දහ හතරක් ඒ මතු වූ ඒවා අතරින් වැදැගත් වියැ.හෙළයෝ සුරාව බොන්නට වූ හ. මත් වැ බමන්නට වූහ. සුරයෝ පූහ අමාව. පහළ වූ අනෙක් රුවන් සකුත් වෙනුත් හබයක් නැති වැ බෙදා ගත්හ. ඉතිරි වූයේ හලාහල නම් මහ වස යැ.ැන්න එය ගිලැ දමන්නට ගොහින් යැ මහ ඉසුරාට හෙණ පතය කඩා- වැටුණේ. හැබෑව නේන්නම්. මුළු ගෙල මැ පිළිස්සිලා නිල්පාට වැලා හේ යන්තම් අනූනවයාමාරෙන් බේරුණේ යැ. ඉතින්; එ දා හිටන් තමා මෙහෙසුරා “නිල්ගෙල” යන නම ලද්දේ. විකාර වැඩට ගොහින් කැරැගත් හදිය නිසා එ දා එ තැන කවුරුනුත් පාහේ විහිළුවට වගේ ඔය නම යොදන්නට ඇති.
තඹ දෙළෙන් = තඹ පැහැය ගත් ජටාවෙන්. හැඩ පළු ගෙතුණු කැරැලි ගැහුණු කෙස් වල්ල එකට ගොතා ගුටි වෙන්නට ඉඩ හළ විට එය ජටා තැනෙන සේ හිස කෙස් සකස් කැරැගන්නෝ එක්තරා වගයෙකැ තවුස් සෙනඟෙකි. ඌ තුමූ දුළුලු-ජටිල- නමින් ගැනෙති . මහ ඉසුරා ද එ බඳු තවසරෙකි. එ හෙයින් යැ ඔහුට තඹ පැහැගත් දළල්ලක්- ජටාවක්- ඇති වූයේ.
ගවයාන් = ගවයකු යානය කොටගෙනැ ඇති
හෙයින් මහ දෙවියා සඳහා මෙ සේ කියනු යෙදෙයි.
“මහලු ගොන් වාහනෙන් ඇවිදින” යන සේ බුදු ගුණ ලකර කරුවෝත්
“පුත්රීල කෘතෝසෞ වෘෂහධ්චජේන”
යන සේ රුහුවස්කරුවෝත් මේ ඉසුරු ගව පවත සඳහන් කළහ.
යාන = යවනයාන.
අඳනය පිසිනය ලියනය ඈ වදන් ගණයට යැ මේ යවන යන්නත් අයිකි වනුයේ. ඔබ මොබ ගමන් කරවනුයේ යමෙකින් ද එය යැ යවන නම්. යවන යන ඔය වදන යැ කලක් වැවහර වීමේ දී යාන යන සේ සකස් වූයේ. යා ධාතුව භාවාර්ථයෙහි හැඩ ගැන්වීමෙන් සකු බසේ තැනී තිබෙන “යාන” සඳට වඩා ගමන් උවාරන වූ රිය ආදිය සඳහා; මේ හෙළ වදන් මුලෙකින් තැනුණු හෙළ වදන අරුත් විහිදෙන්නේ යැ.
සිසි කඩ = සඳ කලාව. සඳ බිඹුයෙන් සොළොසින් කොටස. කඩාමල් කඩ = මුදුන් මල් කලබ, සිසි කඩ කඩා මල් කඩ = මල් කලබක් සේ වැ හද කලාව හිසේ පැලැඳැගෙනැ වසන්නේ යැ මෙහෙයුරා.
80. දැ කිරිය ගුණ වත්
සතර කියුම් මේ නියරැ මුළු ගත්හි ඉසුරු බෙජේ පිළි කව්හිදු පළට වේ.
පෙළ ගැසුම
දෑ කිරිය ගුණ වත් සතර කියුම් මෙ තියර යැ. මුළු ගත්හි ඉසුරු බෙජේ. පිළි කව්හි දු පළට වේ. තේරුම - වග යැ, පැවැතුම යැ, ගුණ යැ වත් යැ යන සතර වගයේ සොබා කියුම් මේ සැටියෙනි, -මේ සොබා කියුම - මුළුගතෙ හි මැ උසස් තැන ඇසුරු කෙරෙයි. එ
නොහොත් මුළු කව් සතෙරිහි මැ උසස් තැන ඇසුරු කෙරෙයි - එපමණෙක් නොවේ. ආයේ ,කියනවා නම් කව් ලොවෙහි දු මේ පිළවෙල ඉතා මැ පළට වේ.
2. උවම් කියමන
81. කියත එක් පළඟක්
තැනෙ හි වූ යම් සේ උවම් නම් යැ, එහි විතර නියර කියනෙම් හෙ මෙ සේ
පෙළ ගැස්ම - තැනෙක් හි වූ එක් පළඟක් යම් සේ
කියත උවම නම් යැ; එහි විතර නියර කියනෙම්. හෙ මෙ සේ.
තේරුම - කිසි යම් තැනෙකැ වූ එක් සැටි බවක් යම්
පිළිවෙළෙකින් කියත් හොත් උවම් නම් වෙයි. එහි විස්තර පිළිවෙළ කියන්නෙමි. ඒ මෙසේයැ.
පැහැදුම - උවම නම් කිමෙක් ද යන වග මේ විතර
කළ සැටියි. යම් කිසි දෙයෙකැ හෝ වේවා; ගුණයෙකැ දහමෙකැ. හෝ වේවා යම් කිසි පැවැත්මෙකැ හෝ වේවා; යම් තැනක් පිළිබඳ වූ එක් සම බවක් කුමක් හෝ පිළිවෙළෙකින් දක්වත් හොත් එය උවම් නමි. එහි විතර නියර මෙ තැන් සිට පවසමි.
ගැට ලිහුම
එක් පළඟක්= මේ වදන දෙ සැටියෙකින් සැකැසිණ. එක් පල අඟක් එක සැටියෙන් පළට වූ අවයවයක්.යම් දෙයක් හෝ දහමක් හෝ පැවැත්මක් හෝ පිළිබඳ වැ මුළුමනින් හැම අතින් මැ සම අන් දෙයක්, දහමක්, පැවැත්මක් ලොවේ නැති. අන් යන්නෙන් මැ හැඟෙනුයේ එක්තරා වෙනස් බවෙකි, එහෙත් යම් දෙයෙකැ යම් දහමෙකැ, යම් පැවැතුම් සොබාවෙක පෙදෙසක් පිළිබඳ වැ නම් සමතාවක් දැකිය හැකියැ. උවම් නමින් දැක් වෙනුයේ අන්න ඒ ෙපදෙසක වඓක් පළ බවය .
එක් සැටිසෙන් පළට වූ බවයැ.
උවම් = උවකම්. ‘උව’’ නම් ළඟ යැ බව යනු යැ කම්
යන වදනේ අරැත, - බව යන අරැත සඳහා ‘කම්’’ යන වදනේ යෙදුම අද වහරටද ඉතා හුරැ යැ. – මුගේ පහිච්ච කම යන ඈ තැන් විසන්නැ.- උව + කම් >උවහම්>උවාමි>උවම්. උව කම් නම් ළග බව, අසල් බවයැ, අප සම කමයැ, කියනුයේ මේ අහල් බවටැ යැ. ළඟ බවට යැ. –
82. කමලෙවු රතත් රත
ති, මෙ වියත් දහමුවම්; දෙ වන්හි ඇති දහම් පළ කොටැ නිදීස්වීමෙන්
පෙළ ගැස්ම- ‘තී අත්තල කමල එවු රත් ’ මේ වියත් දෙ වත්හි ඇති දහම් පළ කොටැ නිදිස්වීමෙන් දහම් උවම්.
තේරුම - කීගේ අත් තලය- අත්ල නෙළුඹ වගේ රතු යැ.
මෙසේ කියන කල්හි දෙ වතෙහි- දේවල් දෙකෙහි- ඇති සොබාව පැහැදිලි වැ ඒ අනුව මැ දැක්වීම නිසා දහම් උවම් නම් වෙයි.
පැහැදුම- “තී ගේ අත්ල නෙළුඹ ටගෙයි.” මෙසේ කී කලැ
අත්ලේත් නෙළුඹේත්සම බව හරි හැටි මැ පැහැදිලි නැති. කුමක් නිසා අතුල නෙළුඹ හා සම වේද යන ගැටළුවක් මොහොතින් නැඟෙයි. එහෙත් “තීගේ අත් ල නෙළුඹ වගේ රතු යි” යන කියමනේ දී අර ගැටළුව නොනැඟෙන හැටියට කරුණ පැහැදිලි යැ.හැයි? නෙළුඹේ රතු ගුණය අප අද්දුටු සොබාවෙකි. අත්ලේ පැහැය, නෙළුම් පැහැය පිළිබඳ වැ අප කලින් ලබා ඇති අත් දැකීම අනුවැ අපට මනා සේ හැඟී යයි. ඉතින් මෙසේ අත්ල යැ නෙළුඹ යැ යන දේවල් දෙකෙ වූ සොබා ගුණයේ එක්තරා සමතාවක් මනා සේ හඟවන හෙයින් මේ වනාහි දහම් උවම් යන නම ලබයි”
ගැට ලිහුම
වියත්= පවසත් හොත්, පවසත් මැ යන දෙ අරුත දෙයි.
කමලෙවු = නෙළුඹ මෙන්. “කමල” යන්නෙන් වෙසෙසින්
රත් නෙළුඹ මැ ගැනේ නම් යැ මේ යෙදුම නිසි වන්නේ. එහෙත් සුදු යැ රතු යැ යන පියුම් දෙ වගය මැ කමල් සඳින් ගැනෙන හෙයින් දංඩීන් ගේ කියමනට වඩා මේ කියමන දුඹුල් යැ. තඹර යන්න යෙදුණා නම් මැනැවි හැයි? තඹර යනු රත් නෙළුම් මැ වෙසෙසෙන හෙයිනි. සර නම් නෙළුඹ යැ. තඹ පැහැ ගත් නෙළුඹ - රන් නෙළුඹ- තඹ සර යැ. එය යැ, තඹර යයි අද වහරේ යෙදෙන්නේ.
තඹ සරතඹ හරතඹර
83. පියුමෙවු තී වුවන්
වී ඉඳුවරෙවු දෙ නුවන්. වියත් වත් උවම මේ පිළි හැඟනෙක් දහම් වේ.
පෙළගැස්ම - තී වුවන් පියුම එවු; දෙනුවන් ඉඳුවර එවු
වී වියත් එක් දහම් පිළිහැඟෙන මේ වත් උවම් වේ.
තේරුම - තීගේ මුහුණ නෙළුඹ වැනි යැ, දෑස
මහනෙල් වැනි යැයි කියන කලැ එක් වැනි සොබාවක් වැටහීයන මෙය වත් උවම් නම් වෙයි.
පැහැදුම - වත් උවම් යන්න වස්තු උපමා නමින් සකු
යේ හැඳින්වෙයි. සොබායෙන් ගතියෙන් ගුණයෙ න් පැවැත්මෙන් සම වුව ද; ඒ සොබාව හෝ ගති ය හෝ ගුණය හෝ පැවැත්ම හෝ ඉස්මතු වෙන්න ට ඉඩ නොදී හුදෙක් යම් කිසි පුඟුලකු හෝ යම් කිසි දෙයක් හෝ පිළිබද වතක්- වස්තුවක්- මැ ඉස්මතු වැ කැපී පෙනෙන්නට සැලසෙන සේ උවම් කැරුම යි මෙ වත් උවම් නමින් හැඳින් වෙන්නේ. “තීනෙත් මහනෙල් බඳු යැ, මුහුණ නෙළුඹ බඳු යැ” යන මේ කියුමේ දී කවර කවර හෙයක් නිසා කවර කවර කරුණු අතින් නෙත් මහනෙල් හා සම වේ ද? මුහුන නෙළුඹ හා සම වේ ද යන වගක් පැහැදිලි කරන්නට කිවියා තැත් නො ගනියි. එහෙත් ඔහු ගේ කියමනින් ම කියමනේ හැටියෙන් මැ ඒ සමතාව අහන්නාට හැඟී යයි. මේ බලන්නැ කුමරදස් කිවියාණන් ඔය වත් උවම රූපකයක් කොටගෙනැ සිය කියමනක් සරසන හැටි.,
තට විශාල කපෝල තලේ චලත් තපන මණ්ඩල කුණ්ඩල මණ්ඩනම්
විවිධ භුරුහ ෂණ්ඩ විනිර්ජිතත්
ත්රිදශ නන්දන නන්දන චන්දනම්.
මූදු වෙරළ මහත් කොපුල් තලයෙකි, ඈතැ දසුන් මඬුල්ලේ ගැටුණු රිවිමඬල ඒ කොපුල සරසන කොඬොල යැ, මෙහි වෙරළ කොපුල් තලයට සම වූයේ හැයි ද යන වග කිවියා විතර කළේ නැති. එද; ඒ සමතාව අහන්නාට හොඳට හැඟෙයි.
මෙයට නො නිවට වත් උවම් ලකරක් ගුරුළු දැමි මුනුබුරාණන් මවත සැටි මේ බලන්නැ.
“එන වේලා දැනැ වේලා බුදින ලොලා
කදුළු දුලා පිනි මැ නලා සවස ලලා
ළය වෙවුලා එවු සසලා ළපලු දුලා
ලොඳුළු වැලා නව මිදෙලා තුරු දුදුලා”
ගසින් වැටෙන පිනි කඳුළු සැටියටත් එ දෙසින් හමන සුළඟ හීල්ලිල්ලක් හැටියටත් උවම් කරමින් ඒ කිවියාණෝ වත් උවමට නවමු ආරක් කැවූහ.
ගැට ලිහුම
වුවන් = මුහුණ, ඉඳුවර = මහතෙල, නුවන් = ඇස්
84. වුවනෙවු තී පුබුදු
පියුම් වී යැයි යත් ලෙව් පළටත් පෙරැළුමෙන් මෙ පෙරැළුම් උවම් නම් වේ.
පෙළ ගැස්ම - තී වුවන් එවු පුබුදු පියුම් වී යැයි යත්; ලෙව් පළට අත් පෙරැළුමෙන් මේ පෙරැළුම් උවම් නම් වේ.
තේරුම - තී ගේ මුහුණ වැනි පිපුණු නෙළුම් වූයේ යැයි කියන කල ලෙවියා කෙරෙහි පතළා වූ අදහස පෙරැළීමෙන් මේ පෙරැළුම් උවම් නම් වේ.
පැහැදුම - මෙහි පැවැසෙන ලෙවියා කෙරෙහි පතළා වූ අදහස කිමෙක් ද?
“තී ගේ මුහුණ පිපුණු පියුම වැනි යැ” යන ඔය කියමන යැ ලෙවියා අතරැ නිතොර පළට වැ පවත්නේ. මුහුණ උවැමිය ලෙසත් පියුම උවම ලෙසත් තමා ලෙවියා කොතෙකුත් දකින්නේ. මේ කියමනේ ඒ ගතිය පෙරැළී සිටී. මුහුණ උවම ලෙසත් පියුම උවැමිය ලෙසත් යැ මේ කියමනේ දැක්වෙන්නේ. ඒ හෙයින් මේ පෙරැළුම් උවම් නම් වෙයි.
ගැට ලිහුම.
පළටත් = පළට අත් - පතළා වූ අදහස -
85. වුවනෙවු තී පියුම්
පියුමෙවු ති පිළි වුවන්, වියත් උනුනුවම් වේ උසසොවුනොවුන් දිස්වූ.
පෙළගැසුම - “පියුම් තී වුවන් එවූපිළි තී වුවන් පියුම් එවු” වියත් ඔවුනොවුන් උසස් දිස්වු උනුනුවම් වේ.
තේරුම - නෙළුඹ තී ගේ මුහුණ බඳු යැ. ආයේ- කියනවා නම් - තී ගේ මුහුණ නෙළුඹ බඳුයැ. මෙසේ පවසන කලැ ඔවුනොවුන් ගේ උසස්තාව දැක්වුණු හෙයින් ඒඋනුනුවම් වේ.
පැහැදුම -“තී ගේ මුහුණ නෙළුඹ වැනි යැ, ආයෙ කියනවා නම්; නෙළුඹ තීගේ මුහුණ වැනි යැ” යන ඔය! කියමනේ දී උවම යැ උවැමිය යැ යන දෙක එකක් අනෙක හා සම වෙමින් ලකරින් වැවෙයි. දෙක මැ එක සේ ඉස්මතු වැ නැඟෙයි. එහෙයින් එයට උනුනුවම් යැයි කියනු ලැබේ.
ගැට ලිහුම -
උනුනුවම් = උන් උන් උවම්. උසසොවුනොවුන් =ඔවුනොවුන් උසස.
ඔවුනොවුන් ගේ උසස්තාව.
86. තී වුවන් කමලක්
හා සෙ සුදුසු නොවන් හා. වියතනුවම් වැළැක්මෙන් නියම උවම් වියත් මේ.
පෙළගැස්ම - “තී වුවත් කමලක් හා මැ සුදුසු නො අන් හා” වියත අත් උවම් වැළැක්මෙන් මේ නියම උවම් යෙත්.
තේරුම - “තී ගේ මුහුණ නෙළුඹක් හා සමඟ මැ ගැළැපෙයි, අනෙකක් හා නො වෙයි” -මෙ සේ -කියන කලැ අන් උවම් වැළැක්වීම නිසා මේ වනාහී නියම උවම යැ කියති.
ගැට ලිහුම -
සුදුසු =සුදුසු වෙයි. ගැළැපෙයි. නොවන් හා =නො අන් හා; අන් හා නො; අනෙකක් හා නො වෙයි.
87. තී වුවන් පියුමෙක්
වැනි පිළි අනෙපළඟ වත් එ උවම් ද වේ වා මේ වියත ‘නියම උවමැ යෙත්’
පෙළ ගැස්ම - තී වුවන් පියුම එක් වැනි, පිළි අන්
එ පළඟ වත් එ උවම් ද වේවා. මේ වියත අනි යම් උවම් යැ කියත්.
තේරුම - තී ගේ මුහුණ පියුම හා එක් සම යැ, ආයේ අන් දෙයක් ඒ හා සම ද එය ද උවම් වේ වා! මෙසේ පවසන කලැ අනියම් උවමැයි කියති.
පැහැදුම - අනියම් උවම, නියම උවමේ විරුදු පසයැ.
“තීගේ මුහුණ නෙළුඹ හා සම යැ අන් කිසිවක් හා නො වේ හුදෙක් නෙළුඹ හා සම යැ.” මේ තියම් උවමයි, මෙහි දී මුහුණ සඳහා ලොවේ සම වූ එක මැ වත නෙළුඹ විය, එහෙත් අනියම් උවමේ දී නෙළුඹ එ තරම් මැ තිර තැනකට නො යෙයි. මේ බලන්නැ, “තී ගේ මුහුණ නෙළුම වැනි යැ” “ඒ හැර තවත් එයට සම දෑ ඇති වන්නට පිළිවනි, එසේ වුව හොත් තී ගේ මුහුණට එය ද උවම වේ වා!” මේ කියමනින් කලින් නෙළුඹට තුබුණු බලවත් තැන නියම මැ තැන දෙදැරුම් කයි, එ හෙයින් ඒ අනියම් උවම් නම් වේ.
88. පැහැයෙන් මතු වුවන්
සිරි තී සඳ නො අනු වේ, සැනැහීමෙනුදු අනු වේ, වියත් සමුසු උවම් නම්.
පෙළ ගැස්ම - “තී වුවන් සිරි පැහැයෙන් මතු සඳ
අනු නො වේ; සැනැහීමෙනුදු අනු වේ” වියත් සමුසු උවම් නම්.
තේරුම - “තී ගේ මුව සිරියාව (තී ගේ සිරියාවත්
මුහුණ) පැහැයෙන් පමණක් සඳ හා සම වන්නේ නො වේ. සැනැහුම් ගුනයෙනුදු සඳ වැනි යැ.” මෙසේ පවසන කලැ ඒ සමුසු උවමැයි කියතී.
පැහැදුම - සමුසු උවම දහම් උවමේ මැ එක්තරා
වෙසෙසෙකි. “පැහැයෙන් තී ගේ මුහුණ සඳ වැනි යැ” මේ දහම් උවමෙකි.
“තී ගේ මුහුණ පැහැයෙන් පමණක් මැ සඳ වැනි නො වේ; සැනැහීමෙ ගතිය නිසා ද එය සඳ වැනි යැ” මෙය සමුසු උවමෙකි.
ගැට ලිහුම -
සමුසු උවම = සමුසු වූ උවම. මුසු බව සහිත වූ උවම. (සමුච්චයෝපමා -සකු)
89. තී කෙරෙ වේ වුවන්
සිරි තී, නුබෙ සුපුන් සඳ දිටිම් මෙතෙක් මෙ අතුරු වියතතිසය උවම් යෙත්.
පෙළ ගැස්ම - “තී වුවන් සිරි ති කෙරෙ වේ, සුපුන්
සඳ නුබෙ, මෙ තෙක් මෙ අතුරු දිටිමි” වියත අතිසය උවම් යෙත්.
තේරුම - “තී ගේ මුහුණේ සිරියාව තී කෙරෙහි
වන්නේය, සුපුන් සඳ අහසේ වන්නේ යැ. මෙ පමණක් මැ වෙනස දිටිමි,” යි කියන කලැ අතිසය උවමැ යි කියති.
පැහැදුම - ඇත්තෙන් මැ හඳේත් මුහුණේත් වෙනස්
කම් නැද්ද? ඒ දෙක අතරැ ඉමක නැති වෙනස් කම් වෙයි.එහෙත් කිවියා ඒඑකක් හෝ නොතකයි. එසේ නො තකා මෙසේ කියයි. “තීගේ මුහුණු සිරියාව
තී කෙරෙහි යැ. එහෙත් සුපුන් සඳ වන්නේ
තී කෙරෙහි නො චේ,එය චන්නේ අහසෙහි යැ. තීගේ මුහුණේත් සඳේත් ඇති වෙනස එ පමණෙකි”ඔහුගේ මේ කියුම වැඩි වැනුමෙකි. එ හෙයින් වියත්හු ඒ පිලිවෙලට අතිසය උවම් යැයි කියත්.
ගැට ලිහුම
මෙතෙක් මෙ අතුරු = මෙ පමණ මැ ඉඩ - මෙ
පමණ මැ වෙනස-
90. ම- මෙ කෙරේ ඈ වත්
සිරි වී දැපෙත් සඳු හට නො පත් හෝ පියුමැ ද ඇත්. චියත‘යළසිතුචම් චේ.
පෙළ ගැස්ම- ‘:ඈ චත් සිරි ම -මෙ කෙරේ වී යි දැ පෙත් සදු හට නො පත්. හෝ පියුමැ ද ඇත්” වියත් අයළ සිත් උවම් වේ.
තේරුම- ඇය ගේ මුහුණේ සිරියාව මා කෙරෙහි මැ වී යැයි උඬඟු වත හොත් සඳු හට නො ගැළැපේ. ඇයි? ඒ (සොබාව) තෙළුඹෙහි ද වෙයි. මෙසේ පවසන කලැ අයළසිත් උවම් නම් වෙයි.
පැහැදුම- අයළ සිත් උවම නම් අමුතු සැටියෙකින් හිතා මතා බැලීමේ උවමයි. “ඇයගේ මුහුණේ සිරියාවම මා කෙරෙහි මැ වේ යැයි හඳ දැපේ” මේ පළමු සිතැවිල්ලයි. මෙ සේ හඳ දැපෙත් හොත් ඒ නො මැනැවි. ඇයගේ මුහුණේ සිරියාව තව ද තැනෙකැ වනහෙයිනි. එ තැන තමා නෙළුඹ”මේ දෙ වැනි අමුතු හිතැවිල්ලයි. මෙ බඳු අමුතු සැටියෙකින් හිතනු ලබනහිතැවිල්ලක් ඉස්මතු වූ හෙයින් ඒ උවම් නියර අයළ සික් උවම් යන නම ලබයි. ගැට ලිහුම :-
ම-මෙ කෙරේ = මා කෙරේ මෙ, මා වෙතැ මැ. වත් සිරි = මුහුණු සොබාව. මුහුණු සිරියාව. නො පත් = නුසුදුසු.
සුදුසු යන අරුත සඳහා “පත්” යන හෙළ වදන දෙන අරුත සකුයෙහි ලැබෙන්නේ පාත්රද යන්නෙනි.
“වීද්යා දදාති විනයං විනයාද්යාති පාත්රංතාම්. පාත්රදත්වාත් ධනමාප්නෝති ධනාත් ධර්මම් තතඃ සුඛම්.”
යන ඈ කියමන් විමසන්නැ.
91. නැඟි බැම සසල නෙත්
යම් කමලක් වත් හොත් හේ වත් සිරි දෙරේ කී වියක් අසිරි උවම් නම්.
පෙල ගැස්ම- බැම නැඟි නෙත් සසල යම් කමලක් වත් හොත් හේ තී වත් සිරි දෙරෙයි. වියත් අසිරි උවම් නම්.
තේරුම - “බැම නැඟී ගත්තා වූ; ඇස් සල සහිත වූ යම් නෙළුඹක් වත හොත් ඒ (නෙළුඹ) තී ගේ මුහුණු සොබාව දරන්නේ යැ යි පවසන කලැ අසිරි උවම් නම් වෙයි.
පැහැදුම- අසිරි උවම ; ආශ්චර්යෝපමා, අද්භුතෝපමා, අකිශයෝක්ති, යන නම් කිහිපයෙකින් සකුයේ හැඳින්වෙයි. “මුහුණේත් නෙළුම් මලේත් ඇති වෙනස මෙයින් පැහැදිණ. එහෙත් නෙළුඹේ කිසි සෙයින් නූඅසිරි බවක් මවන්නට කිවියා යත්න දැරෑ හෙයින්යැ; මේ උවම මේ වෙසෙසි නම ලද්දේ.
ගැට ලිහුම :-
දෙරේ = දර දයින් නිපන් නො ගිය කල්,
එක්ගිණි අන්තැතිව රුව යැ දෙරේ නම්.
1. තනි පද:-
පර පද =දරා - දරති -දැරී- දැරෑ. කම්කරු = දැරේ -දැරෙති -දැරිණි -දැරුණු.
3. උබය පද:-
පද = සකම්. දරා- දැරති -දිරී -දිරෑ -දුරු.
අත් පද = දෙරේ -දෙරෙති. කම්කරු = දැරේ -දැරෙති -දැරිණි -දැරුණු.
92. සුපුන් සිසි මඬලැයි
මෙ තී වුවනත උපෙයිම්; පිළිපදිමියි එ ද වතෙවු වියත්. එ මොගො උවමැ යෙත්.
පෙළ ගැස්ම - මෙ තී වුවනත සුපුන් සිසි මඬලැ යි උපෙයීම්. ඒ ද වත එවු පිලිපදිමි’ යි වියත් එ මොහො උවම යැ යෙත්.
තේරුම - මේ තිගේ මුහුණ සුපුන් සඳ මඬල සේ සලකමි. ඒ සඳ මඬලට ද තී ගේ වතට මෙන් මැ පිළිපදිමි. මෙ සේ පවසන හොත් ඒ මුළා උවම යැ කියති.
පැහැදුම - මේ ගෑනු සොඬකු ගේ කියුමෙකැ සැටි යැ.
ඔහු බලවත් මැ විසඹ ගිජු කමින් මුළා වූ සේයැ. ඒ මුළාවේ සැටිය උවමින් ද මනා වැ පැහැදිලි වෙයි. “තීගේ මුහුණ සඳ මඬල මෙන් සලකමි. එ හෙයින් ඒ සඳ මඬල ද තී ගේ මුහුණ වැනි නිසා මගෙන් බලවත් හරසර ලබයි. තී ගේ වත මම සිය දහස් විටක් බලමි. මගේ එක මැ දැහැන ද තී ගේ මේ මුහුණ බඳු වූ මෙ සඳ මඬලට ද මම ඒ මුහුණට පිළිපදින සැටිෛයෙන් මැ පිළිපදිමි.”කැමි මුළාවෙන් බලවත් වැ මුළා බව පැහැදිලි කරන මේ උවම මොහො උවම නමින් ගැනේ.
ගැට ලිහුම -
උපෙයිම් = උ+ ප+සෙව්+ ඉම්> උපසෙවිම්> උපහෙයිම් > උපේයිම්.>උපෙයිම්. උසස් ලෙස මනාකොටැ ඇසුරු කරමි. උපෙයීමට උත්ජරේක්ෂා යන සකු අරුත දෙන්නට සමහරු තැත් ගනිති. එහෙත් ඒ දෙ වදන අතර බලවත් පරතරයෙක් වේ. උසස් ලෙසසකසා බැලීම යැ උත්ප්රේරක්ෂා නම්. (උද්+ප්රන+ඊක්ෂ)එහෙත් හෙළ වදනින් කවන්නේ ඇසුරු කිරීම් අරුතක් විනා බැලීම් අරුතෙක් නො වේ.
උවමැ යෙත් =උවම් යැ යෙත්. උවමැයි පවසති.
93. අතුරැ බමන බමර
කමලෙකැ හො; සසල නුවන් වුවනත හො තී මමෙනේ ලෙළෙ යත් සැක උවමැ යෙත්.
පෙළ ගැස්ම - “අතුරැ බමර බමන කමලෙක් යැ හෝ! සසල නුවන් තී වුවනත හෝ; ම මෙනෙ ලෙළෙ”යත් සැක උවම් යැ යෙත්.
තේරුම -“ඇතුළෙහි බමරුන් බමන නෙළුම් මලෙක්ද හෝ; (එ නැත්නම් ) සැසැලුම් ගත් ඇස් ඇති තී ගේ මුහුණ දොහෝයි මගේ මනස් තෙමේ වෙවුලුම් ගනියි” කියත් හොත් සැක උවම යැයි පවසති.
පැහැදුම - මේ සැක උවමෙ සැටියි. මේ සැක හැඟුමෙන් මනසේ වියවුල් බව සකසා සටහන් කරන්නට පැරණි සමහර කිවියෝ බලවත් සේ හපන් වූහ.
“සංගීත මෘදඞ්ඟ ධ්වනිතේෂු කේකා ශඞ්කයා ධාරා ගෘහ මරකත මණි මයුර මුඛානි ස්ථගයති.”
“සගයු මිහිඟු බෙර රැවුයෙහි දී කේකාව යැයි සැකයෙන් දහරා ගෙහි මරා මිණි මොනර කටවල් වසයි”.
මෙසේ භූෂණ භට්ටයෝ ද, වියෝ මුළාවෙහි
කෙළපත් වැ මුසපත් වූවකගේ සැටි පෑමට සැකය පිටු බල කැරැගත්හ. ගැට ලිහුම-
මෙනේ = මනස් තෙමේ.
ලෙළෙ = වෙව්ලයි.(තිගැස්සෙයි.)
94. සඳ නිගත් කමලහු කැල්මෝ සඳ නො වෙළපත්. වුවනත මෙ තී මෙ එයින් වියත නිරන උවම නම්.
පෙළ ගැස්ම - “සඳ නිගත් කමලහු කැල්මෝ සඳ නො වෙළපත්. එයින් මෙ තී වුවනත මෙ” වියත නිරත උවම නම්.
තේරුම - සඳ විසින් නිගන්නා ලද පියුමන් ගේ දිස්නයෝ හඳ විලි ගැන්වීම ටනාකරත්. එ හෙයින් මේ තී ගේ මුහුණ මැ යි මෙසේ පවසත හොත් ඒ නිරන උවම නමි.
පැහැදුම -නිරන උවම නම් තිරටුවකට බැසැගැන්ම පිළිබඳ උවම යැ. එය සැක උවමේ විරිදු පස යැ. යම් යම් කරුණු අනුවැ මුළුමනින් යම්කිසි නිනවුවකට පැමිණීම යැ. මෙයින් හැඟැවෙන්නේ. මේ තිගේ මුහුණ ද නෙළුඹ දැයි මට කලින් සැක හිතිණ. දැන් ඒ සැකය සුන් වී ගියේ යැ. හද පායත් මැ නෙළුම් ඇකිළෙයි. එහෙයින් හඳ නැඟෙන විටැ නෙළුඹේ පැහැමත් බවෙක් නැති නො පැහැමත් නෙළුඹේ මැලැවි කැල්මෙන්කිසිසේත් හඳ විළි වද්දන්නට පිළිවන් කමෙත් නැති.එහෙත් තිගේ මුහුණ එ සේ නො වේ. හද පායත් මැ වඩා එය ඔද වැඩෙයි. ඒ හඳ තිගේ මුහුණේකැල්ම නිසා මුළුමතින් මැ ලැජ්ජාවට පැමිණෙයි.එ හෙයින් මේ නම් කමල නො වේ. තීගේ මුහුණමැයි. මෙ සේ තිනවු දුටු නිසා යැ මේ උවම “තිරනඋවම්” යන නම ලබන්නේ.
ගැට ලිහුම - නිගත් = නිගන්නා ලද ( නිගා පමුණුවන ලද ) ‘තිගත්’ යනු යැ පවතුව. නිගනී - නිගනිති - නිගති - නිගතු. නිගැනේ - නිගැනෙති - නිගැනිණි - නිගැනුණු. යන සේ ගන් පවතුව මෙන් යැ මේ වර නැඟෙන්නේ. වෙළපත් = විළිගන්වත් - අවඥා කෙරෙත්. නිරනය = තිරවුවකට බැසැගැන්ම - නීර්ණය- සකු.
95. මෙ තී වුවන් සසක් පිළිවක් සුවඳ සිරිමත් සුපුල් කමලෙවු ළගනී වියතෙක් මේ සෙලෙසුවම්.
පෙළ ගැස්ම - සසක් පිළිවක්, සුවඳ සිරිමත් මෙ තී වුවන් සසක් පිළිවක්, සුවද, සිරිමත්, සුපුල් කමල එවු ළගනී” වියත් මේ එක් සෙලෙසුවම් නම්.
තේරුම - හඳට එදිරි වූ; සුවඳවත් වූ, සිරියාවෙන් යුතු මේ තිගේ මුහුණ හඳට එදිරි වූ; සුවදින් යුතු වු සිරි ලිය රඳනා පිපි පියුම මෙන් හිත් ගන්නේ යැ. යි කියන කලැ මේ එක් සෙලෙසුවම් නම්.
පැහැදුම - කියමනේ ඇති අරුත් බෙදන ගුණය නිසා මෙයට සෙලෙස් උවම් යන නම ලැබිණ. ලෙස් - සැටි විලස් - සහිත යනු යැ සෙලෙස් යන්නේ අරුත. - ස + ලෙස් > සෙලෙස් - අදහසින් සමතාව ඇති කියමන සෙලෙස් නමින් ගැනෙයි. සසක් පිළිවක්; සුවඳ; සිරිමත්; යන මේ තුන් වදන පියුමට මෙන් මැ මුහුණට ද ගැළැපෙන අරුත් දෙන සේ යෙදිණ.
ගැට ලිහුම
සසක් = සඳ. සස + අක් - හා ලකුණින් යුතු නිසා හඳ සසක් නම ලබයි. පිළිවක් = පිළිපක් > පිළිවක් - ප්රමතිපක්ෂ සකු - ලගනී = හිත් ග්න්නේ යැ.
96. කළ, හෝපලු, මුහුළු වරලින් යුත් රුපු නුවර මෙ තා ඇතොරන් හා සෙසැ වියත් පබඳ සෙලෙසුවම්
පෙළ ගැස්ම - කළ, හෝපලු, මහළු, වරලින් යුත් රුපු නුවර; හෝපලු මහළු කළ වරලින් යුත් මෙ තා ඇතොරන් හා සෙයැ; වියත් පබඳ සෙලෙසුවම්.
තේරුම - කර යැ අසෝක යැ මුහුළු - වකුල - යැ; වරල් යැ යන ගස්වලින් ගැවැසී ගත් හතුරු නුවර හෝපලු මල් කෙස් වැටියේ යොදා බැඳීම් කළ වරලින් යුත්; මේ තගේ අතොරන් වැනියැයි කියත් හොත් පබඳ සෙලෙසුවම් නමි.
පැහැදුම - නොයෙක් හැටියට සිහෙන්නට මනා සේ යොදන ලද සෙලෙස් ගුණය පබඳ සෙලෙස් නමි. රුපු නුවරවල්, ඇතොරන් සේ යැ කියුමෙන් අහන්නා ගේ මනසට අරුත හොඳට බැඳී මනා වැ කාවැදෙයි.
තිර අයතිය; මනා නිසල බව; හුදක් රිසි සේ පවත්නා බව; සොම්නසත් සුවයත් ළඟා කරන බවයැයි ඇතොරෙකැ - අන්නඃපුරයෙකැ - පළට ගුණ හතරෙකි. ඇතොරේ වූ ඒ ගුණ ඇතොරන් - ශුද්ධාන්තස්ත්රී න් - කෙරෙහි දු වේ මැයි. හතුරු නුවරවල් ඇතොරන් සේ දැක්මෙන් ඒ නුවරවල් පිළිබඳ වැත් ඒ ගුණ හැගවුණේ මැයි. නුවරවල් අතොරන් වැනි වූයෙත් නිකම් මැ නො වේ. සුනිසි වැ සැකැසුණු සෙලෙස් අරුතිනි. මොනොවට පැබැඳුණ සෙලෙස් අරුතිනි. හතුරු නුවරවලැ කර ගස් වෙයි. හෝපලු ගස් වොයි. මහළු වෙයි. වරල් ගස් ද වෙයි. අතොරන් කෙරෙහි මේ වදන්පෙළ මෙයට වඩා අමුතු සැටිෙයකින් පැබැඳිණ. හෝපලු මහළු කළ වරලින් යුත් යැ යන සේ. මෙන්න මේ පබැඳුම් ගුණය නිසා යැ මෙය පබද සලෙසුවම් නම ලබන්නේ.
ගැට ලිහුම ඇතොර = පැරැණි රජුන් ගේ; බිසොවුන් වසන ගෙය මේ නමින් ගැනිණ. තැනේ නමීන් තැනේ ඇත්තන් ද තැනේ පතියන් ද ගිණුම මැනැවි. “විජයබා පිරිවෙන කියන මේ බණ අසවු සතොසින” යන තැනැ “විජයබා පිරිවෙන” නමින් එහි පතියා ගැනුණේ යැ. අන්න ඒ වගේ “ඇතොර” යන නමින් ඇතොරේ වූවෝ ද ගැනෙති ඒ අරුත පතා යැ මෙහි “ඇතොරන්” යන්න යෙදුණේ. කළ = කර නම් ගස් වෙසෙස. වරල් = වැරැල්ල ගස්.
97 පියුම් රජ රැස් මුසු
සසක් කිය අත් මේ බෙජේ
මේ දෙක සෙමෙදිතිරි නිවත්
වියත් ගරහ උවමැ යෙත්.
පෙළ ගැස්ම - පියුම් රජ රැස් මුසු. සසක් කිස අත් මෙ බෙජේ. මෙ දෙකක සෙමෙ ද තී වත් ඉතිරි. වියත් ගරහ උවම් යැ යෙත්.
තේරුම - නෙළුඹ රොන් සුණු රැසින් මුසු වූයේ යැ. එ නොහොත් කිලිටි ගොන්නෙන් දුහුලි ගොන්නෙන් යුතු යැ. සසකා - හඳ - ගෙවෙන පස මැ; ගෙවී - යන පැත්ත මැ ඇසුරු කෙරේ එ නොහොත් වියැකී යන අත්බවක් ඇසුරේ කෙරේ. මේ දෙක හා සම වුව ද තී ගේ මුහුණ උතුම් බව ඇතියේ යැ. මෙ සේ පවසන කලැ ඒ ගරහ උවමැයි කියති.
පැහැදුම - මෙය ද එක්තරා සෙලෙස් ගුණයක් ඇති පැදියෙකි. එද මෙහි තැකුණේ ඒ සෙලෙස් ගුණය
නො වේ. උවමක් ඉදිපත් කැරැ උවමට ගරහාපියා උවමේ නුගුණ දක්වාපියා උවැමිය උසස් වන්නට ඉඩ හැරීමයි මෙහි කැරැණේ. උවම ගැරැහීමට ලක් වන හෙයින් යැ මෙයට ගරහ උවම් නම යෙදෙන්නේ. රජ රැස් මුසු පියුමත් කිස අත් බජන හදත් තීගේ මුහුණට සම යැ. එහෙත් තීගේ මුහුණ උතුම් යැ යි පැවැසුමේ දී නෙළුඹ මෙන් රජ රැස් මුසු බවක් හෝ හඳ මෙන් කිස අත් බිජිමක් හෝ නැති වගක් හැඟෙන්නට කිවියා වදන් යෙදුයේ යැ එහෙයින් නෙළුඹත්, හඳත් ගැරැහිල්ලට ලක් විණ. මුහුණ එයට වඩා උසස්තාවක් ඇසුරු කැරිණ හැබැයි; ගරහ උවම යන නම් නො මැනැවි ගැරැහීම ලැබෙනුයේ උවමට යැ. එ හෙයින් ඒ ගැරැහි උවම යනු යැ වියැයුතු.
ගැට ලිහුම
රජ රැස් = රොන් රැස යැ දුහුලි රැස යැ යන දෙ අරුත දෙයි. කිස අත් = කළු පස යැ ගෙවෙන පැත්ත යැ වියැකෙන දිරාපත් වන බව යැ යන අරුත් දෙයි. මෙදෙක සෙමෙ දිතිරි තිවත් = මෙදෙක සෙමෙ ඳ ඉතිරි තී වත්. තිවත් මෙදෙක සෙමෙ ද ඉතිරි. ඉතිරි = උතුරු නම් උතුම් යැ. උතුරු බව අතීතයේ; උතුම් ගුණය ඇතියේ යැ ඉතිරි නම්.
98 සිවිවතු ‘පත් කමල සඳසුරු සිරෙනි දැරු මෙ දෙක් සෙමෙ තී වත් හා වියත් පසස් උවම් නම්.
පෙළ ගැස්ම - සිව් වත් උපන් කමල, ඉසුරු සිරෙනි දැරූ සඳ මෙ දෙක් ති වත් හා සෙමෙ. වියත් පසස් උවම් නම්,
තේරුම - මහ බඹුට උපත වූ කමල යැ මෙහෙසුරා හිසින් දරන ලද සඳ යැ යන මේ දෙක තී ගේ මුහුණ හා සම යැ යි කියත හොත් ඒ පසස් උවම නම් වේ.
පැහැදුම - “මහ බඹු ලොව මැවූ මහ හෙටුවා යැ. ඉසුරා මහ දෙවියා යැ. ලොව මැවූ මහ හෙටුවා වූ බඹුන්ගේත්
උපත වූයේ කමලෙහි යැ. ඉතින් කමල කවර තරම් මැ
උසස් දෙයෙක් ද? සඳ! හහ් සඳ එයට නිවට ද?මෙහෙසුරා; මහ දෙවියනක් හඳ හිසින් නොවැ දරාගෙන ඉන්නේ එහෙවු හඳත් අර කමලත් තී ගේ මුහුණ වැනි යැ” මේ කියමනේ දී උවම පැසැසුමට ලක් වූයේ යැ. එ හෙයින් ඒ පැසැසුම් උවම් නම ලබයි. අර කලින් පෑ ගැරැහුම් උවමේ අනෙක් පස යැ මේ පැසැසුම් උවම. උවම ගැරැහීමෙනු දු උවම පැසැසීමෙනුදු කවියා බලාපොරොත්තු වන්නේ කිමෙක් ද? කිවියා ගේ අරමුණ බලවත් වැ ඉස්මතු කිරීමයි. ඔවු; කිවියා ගේ අරමුණ තමා උවැමිය. - උවමක් ඇති හෙයින් ඒ උවැමි නම් ලබයි. උපමේයය - එය කෙරේ කියවන්නා ගේ මනස බලවත් වැ අද්දන්නට යැ කිවියා ගේ එක් මැ බලාපොරොත්තුව. ඒ නිසා එයට මඟ කිවියා නොයෙක් හැටියෙන් යොදයි. උවමට ගැරැහීම කළේත් පැසසීම කළෙත් කියවන්නා ගේ මනසට උවැමිය බලවත් සේ ඇතුළු කිරීමට යැ.
ගැටලිහුම
සිව්වත් = මහබඹුට . හැයි මහ බඹුට මේ නම් යෙදෙන්නේ? වත් නමි පැවැත්මයි. මහබඹු නමු ලෝ සොබාවයි. ඉදීම, රැදීම, සිදීම යනුයෙන් ඔය ලෝ සොබාව තුන් පැවැතුමෙකින් යුතු වේ. එහෙයින් තුන් පැවැත්මක් ඇතීයේ යැ යන අරුතින් ඔය ලෝහිමියාට දොඩනුයේ යන්න, එන්න, කන්න, බොන්න ඈ ලෙස මිහිරි වදන් යැ. සහළුවා ගේ වදන් ද එ බඳු මැ මිහිරි යැ. ඒ නිසා එ බඳු මිහිරි හැඟුම කවන උවම; සෙවි වදන් උවම් නමි.
ගැට ලිහුම -
තී මියුලැස්ති යුත් = හැයි අගනට මියුල් ඇසින් යුතු වුවනැත්ති යැ කියැ වුණේ? මියුල ගේ මුව දෙන ගේ ඇස දිගැටි යැ. අඟන ගේ ඇස ද; එ බඳු යැ. පිරිමි ඇසට වඩා එය දිගටි හුරු යැ, ඒ නිසා මියුලැසි, දිගැසි යන නමිනුදු අඟනෝ හැඳින්වෙත්. මුව = මෙහි මුව සඳ “සිව්පා” අරුත් දෙයි,