සියබස් ලකර විවරුව-පලමු සග-පෙරවදන
2. පෙරවදන
4. මෙහි වියත් අවියත් වදන් තෙමේ හැම පහන් ගුණෙන් පවති සවාරෙන් සව් ලෝ යා පවත්මින්.
5. මේ තුන් ලොවැ ඉදින්
සව් සද වැටුප් රැස් රස්
තො දිළියෙත’ඳ බව් දා
තම කඳ නො කල්තායෙන්?
6. පෙරැ මහරු මහරජ
යස පිළිබිඹු ගොස් බස්
කැට තෙලෙහි සිටුතෙ පෙනේ
පිළි ඹවුන තට කල්හි දු.
7. ගවඟන වේ පසස් න-දා බස් කැරැ සකස් පියසුව හට; අන් හට ගව බව් මෙ හුදු සාදා.
8. එ බව්නි කව්හි මඳ
දොසුදු සොයන්නට වත්
තුනු එක් ලපෙක්නි සියල්
සිරි හුන් වෙ සොඳුරු වූ.
9. ගුණ දොස් කෙසේ ගත් නො දන්තා දෙනෙ කෙරෙ තොර? කිම’ඳ හට ඇතෑ සබඳ රූ බේ දස්නෙහි සියල්?
10. එ මැ හෙයිනි සත් ලෝ වියත් කරන පවස් යුත් පෙරැ පඩුවෝ බඳහු ලකුණු විසිතුරු මඟෙ වදිනුනට.
11. ඔවුන් විසින් පෙනිණි කව් සිරුරුත් ලකරුත් කැමැතිය අත් දැක්වූ වදන් පබඳෙ’හි සිරුරු.
12. ඒ හුදු පෙදෙන් වේ සියල් වදන් පබඳිනුදු එ දෙක්නි යුත් පියොවිනුදු පිළි එහි තුන් මේ නියරැ.
13. වනු මැනැවි සිය බසි- තේ කව් බද සිරි දු යම් වදන් පබඳෙක් ද කියූ පෙදෙන් විසිතුරු සපුයි.
14. කොසු, මුත් සඟාන දු යළ කුලකත් සගෙහි පළ වනුයෙනෙ’ පද විතර පෙරැ ඇදුරෝ ද නො කියත්.
15. කලාගුරු සුළු පා වැසි කුලුණු නුවණින් යුත් කලණමිත් ඒ වියතුන් ගත්හි පියුම් ලකුණු ඈ;
16. පියුම් ගී දෙ සතර’ට
දොළොස් සොළොස් පද නම්
සැහැලි ඇහැලි දු නම් ඇත්
පිළි උපහැලි බැහැලි නම්.
17. අඹහැලි නමැත් දැයෙක්; පිළි පිහියොඹු තම් ඇත්, සිතිලි ගී නම් යමෙකැත්, උනු සඳ, වසම් සඳ නම්.
18. යළි ගල සඳ නමැත්, සුන්හිස් යන්තෙකුදු ඇත්; දෙව්පාණි නමුදු ඇත් පද බැඳුමෙහි නියර මේ.
19. ගැඹුරු කව් සයුරු වැදමේ බඳ සිතැත්නට ඒ නැව වේ පිය වහන් විසිත් ලකර මිණි රුවන්.
20. පෙදෙන් බුදු සිරිතෑ බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් නළු ඈ අනතුරු ලකුණු දක්වම්.