සියබස් ලකර විවරුව-පලමු සග-පණ වග

4. පණ වග


31. මට සිලුටු යැ, පහන් සම බව්, මියුරු, සුකුමාර අරුත් පළ, උලාර, ඔද දත කල්, සමාදි, මෙසේ


32. දස පමණි කිවි කමැ පණ; ලකර වේ පන් තිස්. එයින් මේ රුවන් දිව්හි දනනට යුත් කියත් පත්.


පහන් පණ

සංස්කරණය

33. පහන් නම් පළවත් සුදැතිය බස් යැ; හෙ මෙසේ සිසිහු සසලේ පුල් නිල් මහනෙල් කැලුම් ලගනේ.

34. පළ දු මිහි අත්, මෙය නො ඉස්නෝ ඉස්ති මෙසේ “නුසුදු පුලුපුල සුරක් පළ අක් සේර‍ස් දිසේ,”

මියුරු පණ

සංස්කරණය

35. මියුරු නමෙ රෙසෙන් රසවත් සදත්හිදු මත් යමෙක්නි වෙද වියත් දෙනෙ මියෙනෙවු බිඟු මුළු.

36. ඉතා නුදුරු සම වණෙක්හි දෙක්නි වුව හොත් ලකුළු රස මෙමෙති යෙත් වදන් රස දන්තො මෙසේ.

37. මෙ රද දෙරණිසුරූ ලද ද යම් කල් විප්කල් එ කල් හිමින් ලෙව්හි පැවැත් දහමිසුරු මහත්.

38. ඉසිත් මෙ සේ සද රස නුදුර ‘කුරිනි දුනු නො ඉස්ති “කල් බඳ වත් පියුමෙක් දිසි උළිදු” වී.

39. තහවුරු වැ’ම ලකර අරුතෙහි රස මමා වා! ඉති දු අගම් සියෝ බව් වහා එ හැම බොහෝ සේ.

40. කුලුණු වියො වියොවග සොර වෙසෙසින් මා දෙස්, මියුලැසිය තීට නො එසේ වියත්; මෙ අත් රස මෙමේ.

41. “කැමැතිය මමන කන් කෙසේ නො ඉස්හි” වියත් මෙ ගම්වැසි වදතැ අරුත රස හුන් බවට මෙ වැටේ

42. දුවදන් පද ස‍ඳෙහි වදන් පබඳ තෙහිදු වූ සොයන්නැ සේ කිවිනෙයට පවුත් නො යුත් නිදසුන්.

43. එ වන් පෙරැ පියොවක් දුටු ද නොහැරැබෙත් වත්; දිව වදනෙව් යත් යත් පෙරැළේ ද නො සිය වදන්?

අරුත් පළ පණ

සංස්කරණය

44. අරුත් පළ නම් නො තෙ බව’රුත්; හේ මෙගින් “වෙන් කුර සුන් නා හුරිරු රත් දලනිඳිනි උපුළෙ පොළෝ.

45. මී උපුළෙ ඒ මහ හූරු රත් සයුරුනෙන් වී මෙ තෙක් මත් දුට හොත් උරිඳු හුරිරට නේ බව්.

46. බැඳුම්හි මෙ නියර බුහුමන් නැත් මහ දනා නොහඟවන තම අරුත් වදන් නියරතෑ කවර?

උලාර පණ

සංස්කරණය

47. වැජැඹි ගුණ නේ රැස් හැඟේ ද යම් දැයක් වත්, ‍ උලාර නමයිනි සියල් කිවි මඟ වොජරනෙ මෙසේ.

48. යදි කවණැස් කෙණෙකැ හිණි නම් මෙ තා වත්හි එ වනින් අති’සුරු මුහුණු පිළි නො බලා මහ කුලුණු.

49. මෙ දා ගුණය මෙන් නන් ගුණ රැස් හී වෙසෙස් හැ‍ඟෙත හොත් හඟිනු යුත් උලාර සිරි සියෝ බව්.

50. මහඟු වෙසෙසුන් යුත් අත් කෙනෙකුලාරැයි යෙත්; මෙ සේ හේ “මිණි හිනුදම් රුවන් වළා, දිමුත් හර.”


51. සමස්නි ලකළ වද පබ‍ඳෙහි ඔද පණ නම්, පසසිත් කෙනෙක් එ නියර පද බැඳූමෙහි දු; හෙ මෙසේ.

52. සුපුන් සරා සිසි රස් කලබෙවු සෙමෙර රජ දහසැඳිලි මුදුනැ වි රජ පලඹතෙහි ත-බජත් කග.

දනකල් පණ

සංස්කරණය

53. දනකල් නමික්මැ නො පැවැතුම් ලොවී වැටමෙන්, හෙ වැත්තෑ වදනෙහි වේ; පිළි වැන්මෙහි දු. හෙ මෙසේ.

54. ගෙ නම් හෙ මෙ තවසර යමක් ත-බඳෝ තමන් පිවිතුරු වූ සරණ යුග රජ රැස්නි රඳවත් නම්.

55. වැජැඹෙන මෙ පියොවුරු බරට අත් ලිය අතුරු පමණ නො මෙ වේ වැඩමට කලහස ලස ගමන් තී.


56. ඉසිත් මෙ සෙ නුවනත දනෝ ලෙව්හි වැටුම්, කෙනෙක් තුසිත් ලු මෙසේ කියත් වියතුන් මෙ කෙරේ.

57. සුර ගෙ නීයමින් අද හිමින් ඇයදමට වත් නිවෙස් තමා සරණ තා සරණ රජ දෝ පව් රැස්.

58. නහමා නො කැරැ මඳ මැවී බඹ නුබ සියල් මෙ බඳු වැ තී වන බව් පියොවුරු පතර පැතැරුම්.

59. නො වේ පණ දන කල් නම් අතිසය ලකර වී; කියත් යුත් සලෙළු කල් මෙයට පෙරැ කී මඟ සර.

සමාදි පණ

සංස්කරණය

60. අන් දහමක් අතෙක් තැනෙක්හි ලෝ වැටමෙන් මොනොවට පිහිටුවත් හොත් සමාදි යැ යෙත්; හෙ මෙසේ.

61. කුමුදු නිදා පියුම් වෙනෙ පුබුදු වෙ වියුමෙන් මෙ නෙත් කිරිය දැරී මෙන් කියන වදන් සුලබ වේ.

62. සම බව්, මට සිලුටු, සුකුමාර මෙ තුන් වියතුන් දිව වදනින් මෙ යෙදේ පවසත් හොත් පළට කොටැ.

63. සකුරු කිරි මී උගු වෙන් වෙන් රස වෙසෙස් වේ. කියතේ අසැකිය ගින් දුකිය පිළි කිවියර මඟ.