සිඛවලඳ හා සිඛවලඳ විනිස - හෙරණසිඛ විනිස ii

අන්තයෙහි දැක්වූ දසපරිජි පස් සබ්බනාසනා නම් කුමට වියැ? යත්:-

මහණලිගු නැසියැ යුත්තෙන් යම් කවර ගුණදහමටැ පිහිට නොවන්නෙන් සබ්බනාසනා නම් වී. එහි භිඛ්ඛුනී දූසකයා විනා තුබූ සතරදෙනහට අවවාද කොටැ ගත් ලැ බැලිදඬුවම් කරවා ලිඞ්ගනාසනායෙන් සංව‍රයෙහි පිහිට වියැ යුතු වෙ. නො එසෙ වූවාහු නැසුවාහුමැ දුරු කටයුතු වෙත්-





151 හෙරණසිඛ විනිස

(v) දසදඬුවම් වත්හි ආදියැ පස පළමු කීසෙයින් දත යුතු. අන්තයෙහි පස “පැවිද්දන් ලබන ලාභායෙන් පිරි හෙලීමැ” යූ සේයැ. යම් පියොවකින් පැවිද්දෝ ලාභ නොලැබෙද් ද, එවැනි පියෝ කිරීමැ යු සේයි. “උපද්රභව” නම්.- භයංකාරණා එලවීමැ. “ආකොසාබිණීම්” නම් ;- හොත් ඈ දක්වා හැවී මැ. “පරිකො සාබිණිම්” නම්;- භය දක්වා කලකිරුවා හැවීමැ. “පැවිද්දන් පැවිද්දන් කෙරෙහි බිඳිවීම් නම්;- යූ සේ යැ. ඔවුනොවුන් කිපී බි‍ඳෙන්නටැ නිසි තෙපුල් ‍ඔවුනොවුන්ට කියා බිඳුවීමැ යු සේයි. විකල්‍බොජුන් ආදී පස විකුම් කොටැ බුන්කලැ බැලිදඬුවම් කැරැවියැ යුත්තේයැ. සිල් දුන ද නුදුන ද වටී. එත කුදු බුවත් ආයති සංවරෙයෙහි පිහිටුවනු සඳහා දසසිල්හි ඔහු දළකරවනු සඳහා දසසිල් දියැයුතු වෙ-

සඟරමින් තෙරනා වත් පස විකුම් කළහු නෙරනා කලැ වත් පද දුන් වත්තෙරුන් තමන් නිසා වාසය කරනුවා තමන් වසන පිරිවෙණට හෝ තමන් වසගින් පැමිණි සෙනස්නට හෝ නො වැද්ද දියැ යුත්තෙයැ. සියල් සඟරමින් නෙරියැයුතු නොවෙ. සඟරමින් නෙරනා වත් පස දක්වනුවන් විසින්; ‘භික්ඛුනං අලාභාය පරිසක්කති” යනාදින් පාඨ දැක්වූ හෙයින් එහි අටුවා දක්වනු ලැබේ.

“අලාභාය පරිසක්ක ති ති යථා ‍ලාභං න ලභන්ති එවං පරක්කමන්ති. අනත්ථාායා’ති උපද්දවාය. අවාසායා’ති කින්ති. ඉමස්මිං ආවාසෙ ‍න වසෙය්යුන’න්ති පරක්කමති. අක්කොසති පරිභාසතී’ති අක්කොසති වෙව භයදස්සනෙ න ච තජේජති. හෙදෙතී’ ති පෙසු ඤ්ඤං උපභරිත්වාය හෙදෙති” යි-*



  • 1. 8



152 හෙරණසිඛ විසින

මෙ හෙරණසිඛයෙහි මුසවායෙන් වන පරිජි අයිනාදන් පරිද්දෙහි ආරාමාදි අභියුඤ්ජනයෙහි සෙයින් තමා නොගැති වත් තමා ගත්තෙ යැයි කියනුවහට ද වෙයි. එසෙමැ උපනිධි කථාවෙහි සෙ‍යින් තමා කෙරෙහි තුබු වත් නොතිබූයෙයි කියනුවහට ද වෙයි. උතුරු මිනිස්ධම් පරිද්දෙහි සෙයින් තමා සතන්හි නැති මහඟු ලොවී ලොව්තුරා දහම් තමාසතන්හි ඇතැයි කියවනුහට ද; දුඨූල්ලසිඛයෙහි ‡සෙයින් රාසිතින් මාගම් පිරිම්නීනස් පඩුවන් තිරිසනුන් සිරුරැදු සිරුරු පිළිබැඳියෙහිදු, නැති අයුණු කියනුවහට ද, අමූල අඤ්ඤාභාගිය සිඛයෙහි සෙයින් මුල්නැති වතින් ‍චොදනා කරනුවහට ද; ඔමසවාසිඛයෙහි සෙයින් නැති නම් හොත් ඈ කියනුවහට ද වෙයි. පෙසුඤ්ඤ සිඛයෙහි§ සෙයින් බිඳිනා නිසා නොකී අයුණු කියනු වහටද1 ඡන්‍දාදින් නොපවත්නවුන්ට එසේ පවතීයි කියනුවහට ද වෙයි. එසේ හෙයින් මුසවා නිමිත්ත කොටැ ආපත්තිවිධාන කළ තාක් සිඛයෙහි විනිස “දැනැ දැනැ සිනාසූ බසිනුදු මුසවා කිව පරිජි වෙයි” යන සිඛයෙහි මුසවා බැවකින් ඇතුළු වෙයි. එසේ ඇතුළු වූ තාක් සිඛයෙහි හික්මෙනුවස් විසින් හික්මියැ යුතු වෙ-


මෙකී සෙයින් අසංවරයෙන් දුරුවැ සංවරයෙහි පිහිටි කුලපුත්හු විසින් තුන්දුසිරින් දුරුවැ තුන් සුසිරි පිරියැ යුතු බැවින් මෙවුන්ධම හා සමකොටැ අයුණු දක්වනලද සුක්ක විසඪීන් සිද්ධවන කායදුශ්චරිත වාග්දුශ්චරිත මනොදුශ්චරිත යෙනුදු දුරුවැ; එසේමැ රාසිතින් මාගම් පිරිම්නීන් පඩුවන් තිරිසනුන් සිරුරු පිළිබැඳියෙහි පහස් විඳුමෙන් නොපිරිමට මනාතාක් වත් පිරිමැදි



‡ 33 ‡ 64 § 55

1 කියා බිඳි කෙරෙහි පරියැයුතුවතුදු දහගබ් මහබොයැ පිරියැයුතු වතුදු නාවුහට


153 හෙරණසිඛ විනිස

මෙන්; රා සිතින් ගිරිති කැබීමෙන්; දියෙහි කෙළියෙන්; කෙළ ලීමෙන්; දැහැවි සිතින් මෙරමා පැහැරමෙන් අත්සැත් කියපීමෙන් සිද්ධවන කායදුශ්චරිත මනො දුශ්චරිතයෙනුදු; සඟුන් බිඳිනවුහට වහල්වැ බිණීමෙන් සිද්ධවන වාග්දුශ්චරිත මනොදුශ්චරිතයෙනුදු; එසේමැ සඟුන් බුදුන්නවුන්ගෙ ගුණ කීමෙන් අනුන් තමහට අවවාද නොකරන්නට පැවරීමෙන් සිද්ධවන වාග්දුශ්චරිත මනොදුශ්චරිත යෙනුදු; රාසිතින් මාගම් පිරිම්නීන් පඩුවන් තිරිසනුන් සිරුරැදු සිරුර පිළිබැඳියෙහිදු ඇති ගුණ අයුණු කීමෙන් හැවීමෙනුදු; මෙවුන්ධමින් මෙහෙ කිරීමෙහි ගුණ කියන විසින් හඟවනු විසිනුදු සිද්ධවන තුන්දුසිරිනුදු; එසේමැ මාගම් පිරිම්නීන්ගෙ මෙවුන්ධම් පිළිබැඳි හසුන් පිළිගැණුම් ආදිනුදු; කුල සංග්රමහය සඳහා මල්පල ආදී දෙවීමෙන් ගස් තුරුලිය ආදිය පිරිනැමීමෙන්, මාගමක හා රහස් කැමැතිවැ, නොරඹුරෙහි හිඳිනාදින්, එක්තැනකට පිරිනැමූ ලාභයක් අනෙක් තැනකට පිරිනැමීමෙන්, මාගම් පිරිම්නීන්ගෙ ඇති අයුණු කියා හැවීමෙන්; බිඳිනා නිසා ඇති අයුණු කීමෙන්; අවවාද කළවුන් කෙරෙහි අනාදර කිරීමෙන්; අනුන් බැවීමෙන්, නොකියා පාසිවුරු ආදි සඟවනු කිරීමෙන්; බුදුන් විසින් දෙසූ තාක් අන්තරාය කර නොවෙතියි කියන ආදී සිඛපද උගත් කලැ කුකුස් උපද්දී එ බැවින් එ නුගන්නේයැ.

යනාදීන් සිද්ධවන තුන්දුසිරිනුදු; මෙසේ තුන්දුසිරි වැරූතාක් සිඛයෙහි විකුම් නොකරනුවන් විසින් තුන්සුසිරි පුරා මතු මාලයෙහි ලැබියයුතු වෙසෙසටැ පිහිට වන කුල පුතක්හු විසින් සතරපසයෙහි පවත්නා විධි ද, මහලු සබ්රලම්සරුන් සෙනසුන් සොධන වතුදු; අත්පස් අත්දෙණි දිය වටන්හිප පිරියැයුතු වතුදු, තමා ලග්නා සෙනස්නෙහි පවත්නා විධිදු; සඟසතු ඈ වත්හි පවත්නා විධිදු; මතක පරිකරැ පවත්නා විධිදු: කුලගම් එලඹෙනුවහු විසින් පිරියැයුතු වතුදු තමා ලග්නා





154 හෙරණසිඛ විනිස

වෙහෙරින් අනෙක් වෙහෙරකටැ එළඹෙනුවහු විසින් පිරිපැයුතු වතුදු; එළඹුනු වෙහෙරැ පිරියැයුතු වතුදු; තමා ලග්නා වෙහෙරටැ වැඩි ආගන්තුකයන් කෙරෙහි පිරියැයුතු වතුදු; ගිලනුන් කෙරෙහි පිරියැයුතු වතුදු; නීදෙස් විසින් කියනු නොපිළිවන් බැවින් උදෙස් විසින් එකී එකී තැන කියනු ලැබෙ. එසේ කීවත් හැම කල්හි හික්මියැයුතු බැව් දැන ඉගෙනැ හැම කලමැ හික්මියැ යුතු -


(1) මෙහි සතරපසයෙහි පවත්නා විධි කිසේයැ? යත්;-

අලුත රැදු සිවුරු උපන මෙවෙනි වණගඳරස සපන් සිවුරු සිරුරටැ පැමිණැ පිළිකුල් බවට පැමිණෙයි. පළමු පිළිකුල් විසින් මෙණෙහි කොටැ ඉක්බිති හඳනා සිවුරු පස් විකාගෙනැ පෙකිණිය ද දෙදණමඬල ද වසා දණින් අටගුලක් පාත තබා වට කොටැ කහබහන් බැඳැ පොරොනා සිවුරු ද පස්විකා ගෙනැ පත්පට ඇත්පිටැ බහාලූ ඇත්ගොව්වක් සේ සමකොටැ පෙරවැ මෙනියායෙන් කයින් තොරවූ කල්හි පස්විකා සිවුරු වළඳ කටයුත්තෙයැ-*

අහර වළඳන කලැ මෙවෙනි වනගඳරස සපන් මෙ අහර මෙසිරුරටැ පැමිණැ පිළිකුල් බවට පැමිණෙයි. පළමු පිළිකුල් විසින් මෙනෙහි කොටැ ඉක්බිති අටඟ සමන්නා පස්විකා ගෙනැ දැහැමි සිතින් අනුන් සතප්නා පා නොබලා සූපයට අවකාශ කොටැ එලවූ සූප ව්යනඤ්ඡන ගෙනැ බොහො කැමැති වැ අළුවා අහරින් මුවැ නො කොටැ අහර අනා කැටි කොටැ මුදුනෙන් නොගෙනැ තමා දිශාවෙන් පන්තියෙන් ගෙනැ මොනර බිජුසේ මහත් නොකොටැ කිකිළි බිජු සේ කුඩා නො කොටැ පිරිමණ්ඩලකොටැ



  • 101



155 හෙරණසිඛ විනිස


ආලොපය වට මුවට ළං නොවනතුරු මුවය විවර නොකොටැ අ‍ාපොපය සැපත් කලැ විවරකොටැ උණ්ඩිවටසේ මුවට දමානොලා අත ඇතුළු මුවට නොබහා දිව පිටතට නොහැරැ අලොපය ගන්නා කලැ මුවෙන් සමහරක් කඩා නොගෙනැ සුසුරෙහි නොගහා මියෙහි ඉඳුල් අහර වළඳන පය නොවගුරුවා “සුරුසුරු” යන අනු කරණ ඇති‍නොකොටැ නොඋරා කබළගෙනැ මියෙහි තුබූ කබළ වඳුරන්සේ කොල්හි කැටිනොකොටැ “චපුවපු” යන අනුකරණ ඇති නො කොටැ සප් නො පැහැරැ පරඟලා කොටැ අත් නොසලා ඉදුහුළු බිමැ නොවගුරුවා දිවින් තොල් නොලෙවැ අත් නොලෙවැ පා නොලෙවැ පැන්තලු එලවුව ඉඳුළ් අතින් නො ගෙනැ අලොපයෙහි අටඟ සමන්නා පස්විකා අහර වළඳා දැහැටු කිස නිමවා අතීත පස්විකුන් සඳහන් කටයුත්තෙයැ-

සෙනස්නට වදනා කලැ දියහෙළුමෙන් නුදුරුවැ පිටතැ සිටැ සෙනස්න පස්විකා ගෙනැ සෙනස්නට වැදැ හස්නෙ හිඳිනාකල ද හස්න පස්විකා ගෙනැ ඟින්දැ යුත්තෙයැ-

ගිලන්පස බෙහෙසත් ගන්නා කලැ ඇති කරුණු සලකාගෙනැ නැත හොත් කරුණක් ඇති කලැ වළඳමියි ගෙනැ පෙරවරු වළඳත් පිඬු පස්විකුමෙන් පස්විකා ගෙනැ පස්වරු වළඳත් ඇති කරුණු සලකා ගිලන් පස්විකුරෙමන් පස්විකා වැළඳියැ යුත්තෙයැ-

‍ මෙසේ පරිභොග ‍කරන සතරපසය එක්විසි අනෙස්නෙන්* දුරු කොටැ ධැමෙන් ඉපදවියැ යුත්තෙයැ. ලදුලද්දා සඟවනු විසින් හැරගනු විසින් අපරිභොගයට නොපමුණුවා පිරියසනා තැනැ ද, ගන්නා තැනැ ද, වළඳකරන තැන ද ‍පරහට දීමෙහි පමණ දැනැ දුස්සීල භාවයෙන් වන ථෙය්ය්පරිභොගයෙනදුසු, නොපස්



  • 84


156 හෙරණසිඛ විනිස

විකීමෙන් වන ඉණපරි භොගයෙනුදු, දුරුවැ සිල්වත් වැ පස්විකා දායාද පරිභොගයෙන් පරිභොග ‍කටයුත්‍ තෙයැ. සවසද උදයද අතීත පස්විකුම් සඳහන් කටයුත්තෙයැ--

මෙතෙකින් සතරපසෙහි පවත්නාවිධි සැඛෙවින් දක්වනලදි.


(2) මහලු සබ්රපම්සරුන් කෙරෙහි පවත්නා විධි කිසේය? යත්:-

ඔහු තුන්වේලෙහි වන්දතනාදින් හරසර කටයුත්තොයි. කෙසෙනි? යත්:- පළමු කී සෙයින් හැඳැ පෙරවැ “කමන්නැ වඳනම්හ”යි පළමු කියා ‍ඉක්බිති දෙපත්ල සමකොටැ තබා ඉදිවැ සිටැ මවිසින් මෙවැනි සිවුපිරිසුදු සිල්හි පිහිටි අපිස් සතොස් සලෙගුණෙන් යුත් පින්කෙත් වූ මහපිනැ’තියන් දක්නාක් වඳනාක් ලද සේ යහපතැයි සිතා උපන් සොම්නසින් පිණා ඇඳිලිබැඳැ, මෙ‍තෙකින් හන්සිවුරෙහි පෙරටැ හිසින් කකුලෙහි පහරණ පමණටැ නැමී තුන්විටැක වැඳ පත්කඩ තබා චඳුත්හොත් අන්යිවිහිත නූවූනම් මුහුණ පෙනේක නම් නොනිදත් නම් නොවළඳත් නම් තබත් කිම් දෝහෝ? යි කියා පළමු පත්කඩ තබා “කමන්නැ වඳනම්හ” කියා පසඟ ඔබා පළමු සෙයින් ආදර බුහුමානයෙත් දෙ අත්ලෙන් දෙපත්ල හඹහඹා පත්ල සිඹැ පෙමුදු ආදරදු උපය වැන්දැ යුත්තෙයි-

වෙතගෙනැ හසර කරත්පළමු කී සෙයින් උපන් සොම්නසින් පිණා ඇදිලි ‍බැඳැ ආදර දක්වා නැමී ගෙනැ ඔබට යත්න කිමේදෝ හෝ? යි කියැ යුත්තෙයි. පාපිස්නියැ පා පිසුත්හොත් එසේමැ බද ඇදිලි ඇතිවැ ආදර දක්වා මෙහි පාපිසුත් කිම්දෝ හො? යි කියා පිස්ස යුත්තෙයැ. පෙනෙන තැනැ හිඳුත් ආසන්නයෙ හිඳුත් කී




157 හෙරණසිඛ විනිස

සෙයින්මැ ඇදිලි බැඳැ අවසර වදාළ මැනවැයි කියා අවසර ඉල්වා ගෙනැ හින්ද යුත්තෙයි. තමා කිය වාගණුත්, පැණි පුළුවුසුත් බණ කියවත් අන්නටැ කියවා දෙත් පැණ විසදුත්, පළමු කී සෙයින් මැ ඇඳිලි බැඳැ අවසර ඉල්වා ගත යුත්තෙයැ. පහන් දල්වත් පහන්වනසේ දනුත් කිම්දෝ හො? යි කියැයුත්තෙයැ. නිවන් පහන් පියවි කරත් කිම්දෝ හො? යි කියැ යුත්තෙයැ. ගිනි දල්වත් සෙනසුන් ගුත්තියැ වනසේ දනුත් කිම්දෝහො? යි කියැයුත්තෙයැ. නිවන් සෙනසුන් ගුත්තියැ නිවන් කිම්දෝහො? යි කියැයුත්තෙයැ. දොර වරුත්හොත් දොර වරුත් කිම්දෝහො? යි කියැයුත් තෙයැ පියාලත් දොර පියාලත් කිම්දෝහො? යි කියැයුත්තේයැ. සනහන්නට බස්නහු විසින් නැගෙනවුන්ට අවසර දී පහවියැ යුත්තෙයැ. නැගෙන්නහු විසින් බස්නවුන්ට අවසර දී පහවියැ යුත්තෙයැ. එක තොටැ සනහන කලැදු, පෙරටැදු, උඩු හොයැද නො සැහියැ යුත්තෙයැ. එකසෙනස්නෙහි ලගුත් අරුණුවේලේ නො හොත යුත්තෙයි-

මෙතෙකින් මහලු සබ්රුම්සරුන් කෙරෙහි පවත්නා විධි සැඛෙවින් දක්වන ලදී.


(3) දහගබ් මහබොයැ පිරියැයුතු වත් කෙසේය? යත්:-

පාදෙවැ හමදනා මුසුන් ගෙනැ දීමනු බුදුන්කරා එළඹෙනු චක්හු සෙයින් දාගබට එළඹැ හැමදැ දිග බලා දස නොබලා අනුන් හා තොබණ නව අරහාදී බුදුගුණ සඳහන් කොටැ පිදියහැකි වතක් ඇත, පුදා මහත් දාගබෙක් වීනම් තුන්විටෙකැ පැදකුණු කොටැ අට තැනකැ සිටැ වැන්ද යුත්තෙයැ. කුඩා දාගැබෙක් වීනම් සොළොස් තැනකැ සිටැ වැන්ද යුත්තෙයැ. මහබොයට ද මෙකී සෙයින්මැ එළඹැ හැම ද දිග බලා





158 හෙරණසිඛ විනිස

දස නො බලා අනුන් හා නො බැණ නවඅරහාදී බුදුගුණ සඳහන් කොටැ එසේ වූ බුදුරජහට උපකාර වූ මහා බොධියයි ගුණ සලකා බුදුන් කෙරෙහි කරන ආදර කොටැ පිදියැහැකි වතක් ඇත, පුදා පළමු කී සෙයින්මැ පැදකුණු කෙ‍ාටැ සොළොස් තැනකැ හෝ අටතැනකැ හිඳ වැන්ද යුත්තෙයැ-

මෙතෙකින් දහගබ් මහබොයැ පිරියැයුතු වත් සැඛෙ‍වින් දක්වනලදී.

(4) සෙනසුන් සොධන වත් කෙසේයැ? යත්:-

සෙනස්නෙහි ගහළ බොහො වීනම් බොහෝ වත් කළමනා වීනම් හෝ පළමු ගෙයි තිබූතාක් සෙනසුන් පිරිකර තුබු තුබු නියායෙන් සලකුණු කොටැ බිසි කඩ පත්කඩ හැඳපුටු පාඅළු පුවරුකඩ කෙළමලා බුමුතුරුණු ආදී කී පිළිවෙළින් ගෙන් පිටතට ‍හැරැ සෙනස්නට උඩුසුලගින් සෙනසුන් වතින් පණ්ඩප පැන්පොකුණු සඟුන්වෙතින් දුරු කොටැ ධූලි නැගෙන බිමෙක් වී නම් සුළං ගස්වා අව් දක්වා පිසැ ශුද්ධ කොට යුත්තෙයැ. නෙස්න හමදනා කලැ මකුළුහූ ආදිය හැරැ පළමු උඩ හැමදැ බිතක් හැමදැ බිම හමදනාකලැ ධූලි නැගෙන බිම වීනම් දිය ඉසැ නො එසේ වුව දිය නො ඉසැ හමදනා කලැ හීපතින් උගහට තෙනැ ගහළ හැරැ හැම දැ හමදනා මුස්නෙහි දඬුව ඉදි කොටැ සිටුවා දකුණ’තින් පාත ගෙනැ වතනින් මත්ත ගෙනැ මුස්නෙහි ඇළයෙන් නො හැම දැ මුසුන් කොල නො ඇක්මැ මසුන් දඬුව තමා දිශාවට නැමෙන නියායෙන් ධූලි උඩට නො නැගෙන සේ ගෙකුස හැමදැ පිටත ද හැමදැ ගහළ නොලුව ද හීපත ද දකුණ’තින් ගෙනැ ගහළ වෙතැ බහා තබා වමතින් සිවුරුපතට එවාගෙනැ පළමු එව ගෙනැ ඉක්බිති හී පතින් ගහළ ශුද්ධ





158 හෙරණසිඛ විනිස

කොටැ එවගෙනැ පිවමනා ‍තැනකටැ ගහළ බලා හැරැ අත්දෙව පළමු බුමුතුරුණු අතුට පාඅළු තබා හැඳ පුටු තබා පුවරුකඩ පත්කඩ බිසිකඩ ආදීන් හැරැ පළමු පැනවූසේමැ පැනවිය යුත්තෙයැ-

මෙතෙකින් සෙනසුන් සොධන වත් සැඛෙවින් කියනලදී.

(5) අත්පස් අත්දෙණි දියවටන්හි පිරියැයුතුවත් කිසේයැ? යත්:-

සිරුරු කිස සපයනු සඳහා අත්පසටැ එළඹියැහොත් ආපිළිවෙල නො ඉක්මවා දිය හෙළුමෙන් පිටතැ සිටැ සෙනස්න පස්විකා ගෙනැ නො වෙළෙව්වැ අක්දෙරියටනැගි කෙසිවිදට කොටැ නියපිටින් දොරගසා උකසි පැහැරැ ඇතුළෙහි බිණුවන් නැතහොත් සෙමෙන් අගුල හැරැ දොර හැරැ ගෙට වැදැ පාදුකායෙහි කෙලෙසුන් තැන් ඇති නැති බලා දොරඅඟුළු ගෙනැ පාදුකායෙහි තැන්පත්වැ සිටැ හන්සිවුරු ගෙනැ හුන්නහු විසින් නො තතනා වස් පවත්වා නොකොරොස් පුසනින් පුසන්කිස සාහා පුසන්කවුළුවෙන් පුසන් පිටතට හැරැ ඉදිචැ පාදුකායෙහි සිටැ හන්සිවුරු බහා පාදුකාවෙන් පහවැ දොර හැරැ පාදුකායෙහි කෙලෙ සුනු තැන් ඇති නැති බලා ඇ‍තහොත් දෙව ගහළඛ ඇත, ඇමදැ හැරැ සෙමෙන් නික්මැ දොර අගුළු ගෙනැ අත්දෙණියටැ ගියකලැ අත්පස් ගෙයි පැවති සෙයින්මැ පිළිපැද ඇතුළටැ වන්කලැ පාදුකාමෙහි තැන්පත්වැ සිටැ හන්සිවුරු ගෙනැ හිඳැ “චකවපු” යන අනුකරණ නැති කොට නොහඬවා දියකිස සාහා නැගී සිටැ සිවුරු බහා පාදුකායෙන් නැගී සිටැ පහවැ ගිහිමිනිසුන් කෙළ ඔත් තැන් ඇති නැති බලා ඇත හොත්, දෙව ගහළ ඇත, හැමැද දියවටන්හි ත් මෙ සේමැ පැවැත්ත යුත්තෙයැ-

මෙතෙකින් අත්පස් අත්දෙණි දියවටන්හි පිරියැ යුතු වත් සැඛෙවින් දක්වනලදී.




160 හෙරණසිඛ විනිස

(6) තමා ලග්නා සෙනස්නෙහි පවත්නා විධි කෙසේ යැ? යත්:-

තමා වළ1 දොරින්වත් ආගන්තුක‍යන් අත්රැකැ පිටපත් කටයුත්තෙයැ නොසුරැකි තෙනැ තුබු පිරිකර සුරැකි තෙනට පහකරනකල ද, පහකොටැ හමදනාකල ද, පරාගෙ පාසිවුරු පහකරන කල ද, ගිනියෙහි අත්ලනුවන් සෙයින් විෂඝොර සපුන් වෙරැ අත්ලනුවන් සෙ‍යින් සුරැකි තැනැ තබම්හයි පහකොටැ අමදුම්හ යන ශුද්ධ සිත් එළවා පැවැත්ත යුත්තෙ යැ. නො දක්වා දුන් පිරිකර සොරසිතින් පහකළ පරිජි වන බව දත යුතු දක්වා දුන් පිරිකර සොරසිතින් ‍පහකළ දරදි බව දතයුත්තෙයැ. පසුවැ තමාගෙද, හිමියා ගෙ ද, ධුරනිකෙව් බැවින් පරජි බව දතයුත්තෙයැ. සෙනස්නෙහි මෙරමා තුබූ පිරිකර තමා පහකළ කල්හි හිමියන්ට දක්වා දෙන තාක් තමා රැක්ක යුතු බව දතයුත්තෙයැ. තමා ගැත්තෙයයි සිතා නො හැඳිනැගත් පිරිකර හැඳිති කලැ දක්වා දියැ යුත්තෙය. සබ්රොම්සරුන් දෑ ආසන්නයෙහි ද මහත් කොටැ බණ හදාරත් අසනතැන් කියත් කැමැත්ත කටයුත්තෙයැ. ග්රින්ථසධූර විදර්ශතනාධූරයෙහි යෙදී වාසයකරනු හට ද අපාසුවන කායාවාක් ප්රැයොග නො‍ කොට යුත්තෙයැ. සක්මන් කරත් සෙනස්නෙහි හුන් සඟනටැ අපාසුවන කථාකරත් පිටතට යා යුත්තෙයැ. දොර වරනකල ද පියාලන කල ද සෙනස්නෙහි හුන් සඟනට අපාසු නො වන සේ සෙමෙන් අපිස්ලීලා දක්වා දොර හැරියැ යුත්තෙයැ.

පියා ලියා යුත්තෙයැ හිඳිනා අස්නා සලකා එලඹෙන කලැ අනුන් නො ඝටා සමාහිත ‍පියොවින් ගොස් අස්නෙහි හිඳිනා කලැ සෙමෙන් අවසර ඉල්වා ගෙනැ හින්ද යුත්තෙයැ. පිරිවත් හොත් වෙතැ



					1.  හළ




161 හෙරණසිඛ විනිස

හුන්නවුන්ට අපාසු නොවන සේ පිරිවහා නො කොඳුරා නො තතනා මහත් කොටැ සුසුම් නොලා ඇසෙන සේ මහත් කොටැ අත්පා නොසලා සමාහිත පියොවින් හොත හින්ද යුත්තෙයැ. සෙනස්නෙහි හුන් සබ්රතම් සරුන් බණ ඇසියැටි වුවහොත් තමාගෙ ශබ්දයෙහි තමාහට රාග නො උපදනා සේ අනුන් රාග නො කරන සේ ගිහි මිනිසුන් අවඥා නොකරන සේ ඇසුවන්ගෙ ළයලා කියනු උගන්නා සේ තමහට උපන් සමාධිය නො පිරිහෙන සේ අකුරු දික්කොටැ ගීතස්වරයෙන් නො කියා පරිමණ්ඩල වූ පදච්යදඤඡනයෙන් උච්චාරණ ශුද්ධ කොටැ පිරිවියැ යුත්තෙයැ. තිරච්ඡාන කථා නො උපදවියැ යුත්තෙයැ. නො දැනැ කළ බිණු වරදකට දැහැවිවුව වහා ක්ෂදමා කටයුත්තෙයැ. සතතයෙන් නවකයන් ආගන්තුක‍යන් සෙයින් වාසයැ කටයුත්තෙයැ. සෙනස්නෙන් පහවත්හොත් එසෙනස්නෙහි රැකවල් යම් කෙනෙකුන් පමණ වී නම් ඔවුනට දක්වා දියැයුත්තෙයැ. එරක්නට තිස්සනට හො දක්වා දියැයුත්තෙයි-

මෙතෙකින් තමා ලග්නා සෙනස්නෙහි පවත්නා විධි සැඛෙවින් දක්වනලදී.


(7) සඟසතු ඈ වත්හි පවත්නා විධි කෙසේයැ? යත්;-

සඟසතු අරමුදු, අරම් කරන්නට නිසි බිමුදැයි දක්වනලද පලමුවන ගුරුබඩ ද; වෙහෙරදු, වෙහෙර කරන්නට නිසි බිමුදැයි දක්වන ලද දෙවන ගුරුබඩ ද; හැඳ පුටු බිසි කන්වයින් ඈ තුන්වන ගුරුබඩ ද; ලොහො සැළ හොහොකටාරම් ලොහො පැණ කෙටේරි වෑ පොරො උදළු නියන් ඈ සතරවන ගුරුබඩ ද; වේවැල් ඈ වැලුදු, රණ හුණදු, ගෙ සොයන තණ ද,




162 හෙරණසිඛ විනිස

මැටියෙහි කළ දඬුයෙහි කළ පිරිකරදැයි දක්වනලද පස්වන ගුරු බඩ ද;* නොද තමා ගතයුත්තෙයැ. නොද අන්නට දියයුත්තෙයැ. නොද පුගුලි කොටැ පරිභොග කට යුත්තෙයැ. නොද බෙදාගත යුත්තෙයැ. සොරසිතින් ගත අන්නට දුන පරිජි වෙයි. ඉසුරු පමුණුවා දුන දර දී වෙයි. මෙහි තාවුරුවකින් නොතාවුරුවත් නොද ගතයුත්තෙයැ. බොහෝ වටනාක් දී මදවටනාක් නොද ගතයුත්තෙයැ. බොහෝ වටනාක් දී මඳවටනාක් නොද ගතයුත්තෙයැ. මෙහි තාවුරුවත් තමහට ගණුත් අන්නටැ ගෙනැ දෙත් වඩනාක් කටයුත්තෙයැ. සඟනට පිරිනැමුණු ලාභයක් ‍ගණපුගුල් දාගබ් මහබෝ ආදියට නොපිරිනැමියැ යුත්ාතෙයැ. එයටැ පිරි නැමුණු දැ අනෙක් තෙනෙකටැ නොපිරිනැමියැ යුත්තෙයැ. සඟසතු සෙනසුන් පිරිකර පිළිබඳ ගුරුබඩ සිවුරු ආදී තුන් පසයෙහි නොඔත යුත්තෙයැ. එතුන් පසයැ පිළිබඳ නොතාවුරුවත් වුවත් තමන් තන්හිමි බැවිනුදු දායකයන්ගෙ අදහස් වැනිව ද, එ අනෙකකට නො පිරිනැමිය යුත්තෙයැ. එබැවින් එවිනා වත් එනුයෙහි එසිමැ ඇතිතාක් දෙනා හිමි ‍වූ නොතාවුරුවත් සෙනසුන් ආදියැ ඔවුන් සඟනට වළඳ නොවේ නම් වළඳකටැටියො නැත්නම් එහිමිතාක් දෙනා සිත ඉපද ගිවිස්ය. ඔතයුත්තෙයැ. සෙනසුන් දහගබ් මහබෝ ඈ පිළිබඳ වත් සොරසිත නැතිවැ වැම්කළ පසු තන් කටයුත්තෙයැ. බොහෝදෙනා ගිවිසකළ ඔවුන් හැම දෙනාමැ තන් කටයුත්තෙයැ. සඟසතු සෙනසුන් හැඳ පුටු ආදියැ මහලු පිළිවෙල නො ඉක්මියැ යුත්තෙයැ. සඟසතු පිඬු ආදී තුන්පසය උවසර සිමින් ඇතුළු වූ තාක් දෙනා හා සමකොටැමැ බෙදා වළඳ කටයුත්තෙයැ. හැමදෙනාහට නො සැප වෙත් වරින් සැපැවියැ යුත්තෙයැ. සඟසතුවත්හි විධාන කරනුවත් විසින් සිහි නුවණ එළවා විනයානුකූල කොටැ පැවැත්ත යුත්තෙයැ. එසේ පැවත්මෙහි සැක නො කටයුත්තෙයැ. සඟසතු



  • 76



163 හෙරණසිඛ විනිස

වත්හි විධානකරනුවන් විසින් එයින් වරද ඇත නැතැයි සැක නො කටයුත්තෙයැ. එයින් වරද නැති.

එබැවින් සඟසතුවත්හි මෙනම් මෙනම්දෑ කළ මැනවැයි පිහිටුවන තෙන ද වරදවා පැවැත්තහොත් පරිජි ආදී වන බැවින් කුකුසු කළමනා තැනැ. එහි කුකුස් නො කරනුයෙ එක් බාලයෙකැ. සඟසතු වත්හි මෙනම් දෑ කළ මැනවැයි නොවිචාරන තෙන ද මෙමැ කළ මැනවැයි නො පිහිටුවන තෙන ද පාරා ජිකාදි අසම්භව වන බැවින් කුකුස් නොකළමනා තෙනැ. එහිකුකුස් කරනුයෙ එක් බාලයෙකි. උක්ත මැනො මෙමැ අත්ථී.යැ;- “චෙ මෙ භික්ඛවෙ! පුග්ගලා බාලා කතමෙ? චෙ. යො ච කුක්කුච්චායිතබ්බං නකුකකුච්චායති. යො ච න කුක්කුච්චායිතබ්බං කුක් කච්චායති ඉමෙ ඛො භික්ඛවෙ චෙ පුග්ගලා බාලා” යි පාඨ දක්වා: “කථං කුක්කුච්චායිතබ්බං න කුක් කුච්චායති? සඞ්ඝිකස්ස චීවාරණං, පඨපනං ඉදං කුක්කුච්චායිතබ්බං. තස්මිං න කුක්කුච්චායති. කථං න කුක් කුච්චායිකබ්බං කුක්කුච්චායති? සඞ්ඝිකස්ස අවිචාරනං අපඨපනං ඉදං න කුක්කුච්චායිතබ්බං නාම තස්මිං කුක්කුච්චායති.” යි අත්ථිතවිචාරණ කළ බැවින් සඟසතු සෙනසුන් හැඳපුටු ඈ පනවනුවහු විසින් මොහු අප කෙරහි විස්වස් ඇත්තහයි ඡන්දුයෙන් අගතියටැ ගොස් මනා සෙනසුන් ඈ නොද පැනවියැ යුත්තෙයැ. මොහු අප කෛරහි නොසිය මනාහයි වෙෂයෙන් අගතියටැ ගොස් නොතැන්පත් සෙනසුන් කොටැ නොද පැනවියැ යුත්තෙයැ. මොහු විෂමයහ බලවහත්හ මනා සෙනසුන් ඈ නොපැනවුව තමහටමැ උපද්රහවයැයි භයින් අගතියටැ ‍ගොස් ඔවුන්ට නොපත් සෙනසුන් ඈ නොද පැනවියැ යුත්තෙයැ-

සෙනසුන් ලදුවත් නොලදුවත් නොහැඳින නොද පැනවියැ යුත්තෙතයැ. මෙසේමැ බත් බෙදා දෙනුවහු විසිනුදු හඹු බෙදා දෙනුවහු විසිනුදු; බජ්ජක බෙදා




164 හෙරණසිඛ විනිස

දෙනුවහු විසිනුදු; ඵලා’ඵල බෙදා දෙනුවහු විසිනුදු; යටත්පිරිසෙයින් හිදිකටු බෙදා දෙනුවහු විසිනුදු ඡන්දාලදින් අගතියටැ ගොස් නොබෙදා දියැ යුත්තෙයැ. කුමක් කටයුත්තෙය? යත්; - දායකයන් විසින් දෙන ලද දෙයැ ලබන්නටැ නිස්සො ලබති. මෙහි මැද තුන්වැ දෙලෝ නෙ‍ාවැරැදැ වුව මැනවැයි සිතා පැවැත්ත යුතු ආරාමිකයනටැ කම්සන් ඕනහු විසිනුදු මොහු අප කෙරෙහි විස්වස් අත්තාහයි ඡන්‍දයෙන් අගතියටැ ගොස් ඔහු මෙහෙ නොගෙනැ නොද පිරිහෙළියැ යුත්තෙය. වෙෂයෙන් අගතියටැ ගොස් වඩා මෙහෙ නොද කැරුවිය යුත්තෙයැ. මො‍හයෙන් අගතියටැ ගොස් ඔහු මෙහෙ නොගෙනැ නො පියැයුත්තෙයැ. මෙ කළවුන් නො කළවුන් නොහැඳිනැ මෙහෙ නොද කැරවියැ යුත්තෙයැ. මෙ හැම තෙනැ අගතියටයැ ගියහට කිමෙක් වෙයි? යත්;- නරකයෙහි උපත් වෙයි. එබැවින් මෙකී තාක් තෙන වරදවා පැවැත්ත නරක යෙහි නො උපන ද එහි ඇරැ සිටුවාක්හු වැනි වෙයි. මෙද ආයෙමැනො

“පවහි භික්ඛවෙ! අ‍ෙඞ්ගහි සමන්නාගතො සෙනාසන පඤ්ඤාපකො යථා ‘භතං නික්ඛිත්තො එවං නිරයෙ; කතමෙහි? පවහි:- ඡන්දාපගතිං ගච්ඡති; දොසාගතිං ගච්ඡති මොහාගතිං ගච්ඡති භයාගතිං ගච්ඡති පඤ්ඤත්තා, පඤ්ඤත්තං න ජානාති; ඉමෙහි ඛො භික්ඛවෙ! පවහි අ‍ඟෙභි සමන්තාගතො සෙනාසන පඤ්ඤාපකො. යථා’ හතං නික්ඛිත්තො එවං නිරයෙ.

පඤ්චහි භික්ඛවෙ! අ‍ ෙඞ්ගහි සමන්තාගතො භන්තු දේදසකො යථා’ භතං නික්ඛිත්තො එවං නිරයෙ; කතමෙහි? පවහි:- ඡන්දාඡගතිං ගච්ඡති දොසාගතිං ගච්ඡති මොහාගතිං ගච්ඡති භයාගතිං ගච්ඡති උද්දීඪානු’ද්දි ඪ‍ාං න ජානාති. ඉමෙහිඛො භික්ඛවෙ! පඤ්චහි අ‍ෙඞ්ගහි සමන්නාගතො භන්තුදේදසකො යථා’ භතං නික්ඛි‍ත්තො එවං නිරයෙ.





165 හෙරණසිඛ විනිස

පඤ්චහි භික්ඛවෙ! අ‍ෙඞ්ග්හි සමන්නාගතො යාගු භාජකො ඵලභාජකො ඛජ්ජකහාජකො යථා’භතං නික්ඛි‍ත්තො එවං නිරයෙ; කතමෙහි පචහි;- ඡන්දාතගතිං ගච්ඡති දොසාගතිං ගච්ඡති මොහාගතිං ගච්ඡති භයාගති ගච්ඡති භාජිතා’භාජිතං නජානාති; ඉමෙහි ඛො භික්ඛවෙ! පඤ්චහි අ‍ෙඞ්ගහි සමන්තාගතො යාගු‍භාජකො ඵලභාජකො ඛජ්ජභාජකො යථාහතං නික්ඛිත්තො එවං නිරයෙ -

පඤ්චහි භික්ඛවෙ! අ‍ෙඞ්ගහි සමන්නාගතො අප්ප මන්තක විස්සජ්ජකො යථා’භතං නික්ඛිත්තො එවං නිරයෙ කතමෙහි? පවහි:- ඡන්දාජගතිං ගච්ඡති දොසාගතිං ගච්ඡති මොහාගතිං ගච්ඡති භයාගතිං ගච්ඡති විස්සජ්ජිතා’විස්සජ්ජිතං න ජානාති; ඉමෙහි ඛො භික්ඛවෙ! පඤ්චහි අ‍ෙඞ්ගහි සමන්තාගතො අප්පමත්තක විස්සජ්ජකො යථා’ගතං නික්ඛිත්තො එවං නිරයෙ-

පඤ්චහි භික්ඛවෙ! අ‍ෙඞ්ගහි සමන්නාගතො ආරාමික පෙසකො යථාහතං නික්ඛිත්තො එවං නිරයෙ; කත මෙහි ? පවහි;- ඡන්දාිගතිං ගච්ඡති දොසාගතිං ගච්ඡති මොහාගතිං ගච්ඡති භයාගතිං ගච්ඡති පෙසිතා’පෙසිතං න ජානති. ඉමෙහි ඛො භික්ඛවෙ! පඤ්චහි අ‍ිෙඞ්ගහි සමන්තාගතො ආරමික පසකො යථා’ භතං නික්ඛි‍ත්තො එවං නිරයෙ” යි-

මෙතෙකින් සඟසතු ඈ වත්හි පවත්නා විධි සැඛෙවින් දක්වනලදී.


(8) මතකපිරිකරැ පවත්නා විධි කෙසේයැ? යත්;-

පරා ගැති විස්වසින් ගන්නාකලැ දුටුවිරු මිතුරුන් ගැතිවත් ඔවුන් නොමළහොත් ගත්කලැ සතුටුවත් ගතයුත්තේයැ. දළ මිතුරන් ගැතිවත් ඔවුන් නො



166 හෙරණසිඛ විනිස

මළහොත් ගත්කලැ සතුටුවත් ගත යුත්තේය. අප අයිති කැමැත්තක් කරවයි පැවරූකලැ ඔවුන් නොම ළකලැහොත් ගත්කලැ සතුටුවත් ගතයුත්තේයැ. පස්සැහැ ධැමියන්කෙරෙහි දුටුවිරූ මිතුරුනුදු දළ මිතුරනුදු පැවරුවනුදු ගැතිවත් විසිවස් ගන්නාතුරු ඔවුන් මළහොත් සාංඝිකවන බැවින් නොගත යුත්තේයැ. අපගේ පිරිකර තොපටදෙම්හයි කීකලද තොප ගැතිකොටැ ගන්වයි කීකලද දුන්නානම් නො වන බැවින් ඔවුන් මළහොත් සංඝිකවන බැවින් නො ගතුයුත්තේයැ. අප මළහොත් අපගේ පිරිකර තොප ගන්වයි කී කලද එහි ගිහි මිනිසුන් අයත් ගත හැක්ක. සඟුන් අයත් සංඝිකවන බැවින් නොගත යුත්තේයැ. මෙහි භික්ඛුනී සික්ඛමාණා සාමණෙරින් අයත් පිරිකරැ මාගම් සඟුන් ‍පමණ වෙයි. භික්ඛු සාමණෙර දෙදෙනා අයත් පිරිකරැ පිරිමි සඟුන් පමණ වේ. මාගැති පිරිකර තොපට දෙමියි. දින්මියි දුන් කලැ දුනනම්. මළද, නො මළද, ලදුවත් ගැතිවෙයි. තොපට දෙමියි තොපට ගැති කරමියි දියැටි සිතින් කීකලැ ඉතා මැනවැ. මා ගැත්තේයැයි ගත්කලුදු, ගත්තාමැ වේ. මේ මෙසේ වන බැවින් දානලක්ෂතණයෙන් දුන් පිරිකර ලබන්නාහු මියත්හොත් නොමියනතුරු ඔහුකෙරෙහි විස්වසින් ගතයුත්තේයැ-

මෙකීසෙයින් නුදුන් නොගත් පිරිකර තබා මල හොත් එපිරිකර පළමුකීසෙයින් සිමැ ඇතුළුවූතාක් දෙනා බෙදාගත යුත්තේයැ. උවසරසිමැ ඇතිතාක් දෙනා එක්කෙනෙකුන්ට දුන්නුනම් දුන්නානම්වෙත්. යම්කලෙකැ හුදකලාවුවහොත් කොටස්කොටැ බෙදා ‍තබා ගෙඩිඇත, ගෙඩිගසා නැතහොත් ආගන්තුකයන් බලාහිඳැ ආවන් නැතහොත් මෙමට පැමිණෙයි. එක් කොටසක් ගතයුත්තේයැ. වැලිදු බලාහිඳු ආවන්






167 හෙරණසිඛ විනිස

නැතහොත් මෙයිදු මට පැමිණෙයි ගතයුත්තේයැ. මෙසේ ගත්කලැ වැලිදු මතක පිරිකර බෙදන තැනින් ‍කොටසක් ලැබේ. නොබෙදා එක්කොටැ තබා පළමු කීසෙයින් ආගන්තුකයන් බලාහිඳැ නොආකලැ මෙමට පැමිණෙයි එකවටෙකැ පවාගත් නමුදු ගත්තානම් වෙයි. මෙසේ ගත්කලැ වැලින් මනකපිරිකර බෙදූ තැනින් ‍කොටස නොලැබෙයි. පරාපිළිබද” පිරිකර ගෙනැ අධන්මග පිළිපන්කලැ පිරිකර හිමියන් මළ‍ හොත් මළහයි යනු ඇසුවහොත් ආසන්නයෙහි සඟුන් ඇති වෙහෙරකටැ එළඹැ පළමු කීසෙයින් පිළිපැද්ද යුත්තේයැ. සඟුන් එ වෙහෙරැ නැතහොත් පළමු කී සෙයින් පමුණුවා ගතයුත්තේයැ. හෙරණ පැවිද්දෝ වනාහි මෙ කීසෙයින් නො මියනතුරු විස්වසින් ගන්නට නිස්සහ, දෙනකලැ වනාහි භාග ලැබෙති-

මෙතෙකින් මතක පිරිකරැ පවත්නා විධි දක්වනලදී.

(9) කුලගම් එළැඹෙනුවහු විසින් එළැඹියහු විසින් පිරියැයුතු වත් කිසේයැ? යත්;-

කුලගම් එළැඹෙන වෙලේ හඳනාසිවුරු පළමු කී සෙයින් වට කොටැ පිළිගන්වැ හැඳැ සඟලසිවුර පෙරවැ ගම්වැදැ එක්තෙ‍නකැ සිටැ අතුරුවෙයැ උවදුරු ඇතිනැතිබලා ඉක්බිති ‍අත්නොසලා ‍පානොසලා සිනා වට නිසතන්හි සතුටු පමණකින් මහත්සේ නොසී දොළොස් රියනකටැ ඇස‍නසේ මහත්කොටැ නොබැණැ කයත් දසරුවන් නොසලා කර ඉදිකොටැ ඉස ඉඳුවා උකුලෙහි අත නොතබා හිසින්වටා නො පෙරැවැ විළුඹෙන් නො ඇක්මැ විය දඬුපමණනි වඩා නොබලා සමාහිතවැ ඇතුළුවෙහෙරැ සිටැ යන්නහු විසින් දොරටැ සැපැත්කලැ සෙනඟට ඉතා නුදුරුවැ ආසන්න නොවැ ගෙට ඉදිරිවැ සිටැ හූ කටිනා මාගමක හුයක් කැටැ ගෙන පමණ කලක් සිටැ බික නො අළහොත් ගෙය




168 හෙරණසිඛ විනිස

බලා ගෙයි සිටියවුන් බඳුන් පිරිමදුත්හොත් සරළු කෙනෙසි ගණුත්හොත් බලා බික අළහොත් වමතින් සඟළසිවුර පටලා සිටියන් පහකොටැ දෝතින් බික සිඟනපය ගෙනැ බිකගෙනැ සූපාදී දෙනු නොදෙනු බලා නොදෙසසේ හැඟුන වමතින් සිවුරුපට ගෙනැ පාමුව වට වසා මෙ කී සෙයින් දොරැදොරැ සිටැ හිඟනුවහුවිසින් යපෙන පමණක් සිඟාගෙනැ කුලගෙයි උපාසකයන් විසින් නවතා ගෙට වැඩුව හොත් තම හටපත් අස්නෙහි අත ඔබා විමසා බලා සුපිළිසනවැ හිඳැ අත් නොසලා පා නොසලා සිනාවට නිසිතන්හි සතුටු පමණකින් වඩා නොසී දොළොස් රියකට ඇසෙන සේ මහත් කොටැ නොබැණැ කයද දසරුවද නොසලා කය ඉදිකොටැ ඉසැ ඉඳුවා උකුලෙහි අත් නොතබා ඉසින්වටා නොපෙරවැ අතින්හෝ සිවුරෙන් හෝ අකවටු නොගන්වා වියදඩු පමණකින් වඩා නො බලා සමාහිතවැ ඉඳැ එළවූ අහර ගෙනැ පළමු කී සෙයින්මැ පරිභොග කොටැ දැහැටිකිස නිමවා අතීත පස්විකුන් සඳහන්කොටැ හුනස්නෙන් නැගීසිටැ හුනස්න දක්වා පළමු කීසෙයින්මැ සමාහිත පියොවින් වෙහෙරටැ අවුත් සඟළසිවුර මැද නොබිදෙනසේ සතරගුලක්1 උස්කොටැ තබා හකුළුවා සිවුරු වසැ තබන කලැ එකතින් සිවුරු ගෙනැ එක් අතකින් සිවුරුවසපිසැ බිත්දසාවට නුවා ගෙකුසට හොවනසේ සිවුර තබා පයද වියලා මනාකොට අව්දක්වා යටහැ‍ඳෙක තබත්හොත් එක් අතකින් පය ගෙනැ එක් අතකින් පය තබනතැන නියම කොටැ පය සිව් නොනස්නාස කිසිවක් අතුට පාමුව විටින් තිබියැ යුත්තේයැ-

මෙතෙකින් කුලගම් එළැඹෙනුවහු විසින් එළඹියහු ‍විසින් පිරියයුතු වත් සැඛෙවින් දක්වනලදී.


1. අතගුලක්.




169 හෙරණසිඛ විනිස

(10) තමා ලග්නා වෙහෙරින් අනෙක්වෙහෙරකට එළැඹෙනුවහු විසින් පිරියැයුතුවත් කිසේය? යත්;-


අනෙක් වෙහෙරකට එළඹෙනුවවිසින් තමාලැගි වෙහෙරැවත් අවාසිකයන් ඇත. ඔවුනට දක්වා දියැයුත්තේයැ. නොහොත් සෙනසුන් සොධනවත්හි කී සෙයින් සෙනසුන් සොධනකල හැඳපුටු ඇත, වේයන් නොකත හැකි සේ පහණපිට තබා පුවරුකඩ පත්කඩ ඈ එ ඇඳපුටුමත්තෙහි තබා නොහොත් උඩුමහල් ඇත, එහි තබා පිදූ මල්ඇත, හැමදැ හැරැ පාපිස්නියදු පිටතැ තුබූ බණසුන් සෙනසුන්ද ඇතුළෙහි තබන්නට සිසි සෙනසුන් පිරිකර ඇතුළෙහි තබා අඟුළු ගෙනැ සෙනස්න වට ඇවිදැ දොරකවුළු ඇත, බලා අත්පස් ගෙය හැමදැ වේයන් නැගෙන්නට තිසිවැ තුබූ කවුළුවෙන් පීපුසන්දුරුකොටැ හැරැ ඇතුළෙහි තුබූ පුසනුදු මුසුනුදු නො නස්නාසේ තබා අත්දෙණි දියවටනුදු හැමදැ මෙකි සෙයින් තැන්පත් කොටැ තබා මලු හැමදැ පුවරුගහා වෙහෙරැ පිටැත ලූවත් බලා සඟවා කෙසි කරන්නවුන්ට දක්වා “කරණීයමෙත් සුත්” සඳහන් ‍කරනුවහු විසින් එළඹියැ යුත්තේයැ-

මෙතෙකින් තමා ලග්නාවෙහෙරින් අනෙක් වෙහෙරකට එළැඹෙනුවහු විසින් පිරියයුතු වත් සැඛෙවින් දක්වනලදී.

(11) එළැඹුනු වෙහෙරැ පිරියැයුතු වත් කිසේය? යත්;-

ආගන්තුකවැ අනෙක්වෙහෙරකටැ එළඹෙනුවහු විසින් උවසර සිමන් පිටතැ පයලූ වහන්ඇත හිසටැ කළ සත් ඇත සිවුරු ඇත, පහකොටැ “කරණීය මෙත් සුත්” සඳහන් කෙරෙමින් ආවාසයට වැදැ පාසිවුරු තිබුවමනා තන්හි තබා පැන් පොකුණෙහිදු




170 හෙරණසිඛ විනිස

පැන් කෙම්හිදු පානොදෙවැ ආවාසිකයන් පිළිවිසැ පරිභොගයට නිසි දියෙන් පාදෙවා මහලු සබ්රආම්සරුන් වැඳැ ලග්නාසෙනසුන් ඉල්වා ගෙනැ වාසය ඇති සෙනස්නෙක් වීනම් හැමැදැ වාසයැ කටයුත්තේයැ. වාසයැ නැතිවැතිබූ සෙනස්නෙක් වී නම් කෙසිසිඳට කොටැ නියපිටින් දොරගසා ඉක්බිති දොරවරුත් කිම්දෝහෝ? යි කියා කෙසි විචාරා අඟුළුහැරැ මඳක් බලා සිටැ ඉක්බිති එහි මුඪවැ හොත් සත්කෙනෙකුන් ඇත, යාහැකිසේ දොරසිඳින්පහවැ සිටැ දොර මඳක් හැරැ ඉක්බිති දොර වැරැ බිමද උඩද බලා ගෙටවැදැ කවුළු හැරැ සෙනසුන්සොධන වත්හි කීසෙයින් සෙනස්නෙහි වත් සපයා සෙනසුන් ගුත්තියැ තුබුව මනා සෙනස්නෙක් වී නම් සෙනසුන් ගුත්තිය තබා වෙහෙරැ වැටෙ‍න විනයානුකූලවූ කතිකාවතුදු කුලගමුදු පිළිවිස්වා වාසයැ කටයුත්තේයැ-

මෙතෙකින් එළඹුනු වෙහෙර පිරියයුතු වත් සැඛෙවින් දක්වන ලදී.


(12) තමාලග්නා වෙහෙරට වැඩි ආගන්තුකයන් කෙරෙහි පවත්නා විධි කෙසේයැ? යත්:-

ආවාසිකයන්විසින් ආගන්තුකයන් පෙරමගැ දකින්මැ පෙර ගමන් ගොස් පාසිවුරුගෙනැ තැන්පත් කොටැ තබා හිඳිනා අසුන් පණවා වඩාහිඳුවා දාහනිවා පත්සලා නොදෙවි පාතබන පාදපීඨද, දෙවිපාතබන පාදකඨලිකාද, පාදෝනා දියද, එළවා පාදෙවිකලැ ඇගන්තුකයන් දසරුවෙහි. පිටැ රුජා ඇත, කැමත සම්බාහනා කොටැ පැන්පවස් පිළිවිසැ කැමත පැන් වළඳවා පයැ තෙල් ගල්වා සෙනසුන් පණවා සෙනස්න වත්1 වෙලා ද අත්පස් අත්දෙණි දිය වටනුද කතුරු


1 වටවන්.



171 හෙරණසිඛ විනිස

යටදු එළඹුනමනා කුලගම් ද වෙහෙරැ වැටෙන විනයානුකූල කතිකාවතුදු, කුලගමුදු කියැ යුත්තෙයැ-

මෙතෙකින් තමා ලග්නා වෙහෙරටැ වැඩි ආගන්තුකයන් කෙරෙහි පිරියයුතුවත් සැඛෙවින් දක්වන ලදී.


(13) ගිලනුන් කෙරෙහි පිරියයුතු වත් කෙසෙනි, යත්;-

ගිලන්වූ සිල්වත්හට පස්සහධැමියන් විසින සතරපසයෙන් අත්පා මෙහෙයෙන් සැපවියැයුතු වත්. කෙසෙනි? යත්;- “මහණෙනි! තොපට උපස්ථාන කරනු මවු නොද ඇත. පියා නොද ඇත. ඉදි‍න් තෙපි ඔවුනොවුන්ට මෙහෙ නො කරන්නහු වීනම් අනෙක් කවුරු පොතට මෙහෙ කෙරෙති. යමෙක් මාගේ අවවාද අනුශාසනායෙහි පවතිත් ද ඔහු විසින් ගිලන්හට මෙහෙ කටයුත්තෙයැ. යමෙක් ගිලන් වී නම් වත්පද දුන් වත්තෙරුන් ඇත ඔවුන් විසින් දිවිහිමියෙන් ලෙඩ මනාවනතාක් මෙහෙ කටයුත්තෙයැ. නිස දුන් ඇදුරු තෙරුන් ඇත වත්පද ගත් සිද්ධිවිහාරිකයන් ඇත. නිසගත් අන්තේවාසික‍යන් ඇත, ඔවුන් විසින් උපස්ථාන කටයුත්තෙයැ. ඔවුන් හැමදෙනාමැ නැතහොත් සබ්ර්ම්සරුන් විසින් උපස්ථාන ‍කටයුත්තෙයැ. නො කළහොත් දුකුළා ඇවැත් වෙ” යි වදාළ බැවින් පස්අඟින් යුත් ගිලන් උවටාවන් ගිලන්හට මෙහෙ කරන්නට නිසි වෙත්.


ඒ කවරේද? යත්;- ගිලන්හට හිත බෙහෙත් නියත කොටැ සංවිධාන කරන්නට නිසිවෙ ද, ගිලන්හට මෙ සැපය මේ අසැපය යනු දැනැ සැප වූ බොජුන් ආදී එළවා ද අසැප වූ බොජුන් ආදී පහකෙරෙ ද, මෙත් කුළුණෙන් යෙදී පාසිවුරු ආදී නොනිසා මෙහෙ



172 හෙරණසිඛ විනිස

කෙරෙ ද, සිරුරු වළඳ ගත් වටින් කෙ‍ළදු නැගු බත් ආදිදු පියනකලැ පිළිකුල් නැති වෙ ද, ගිලන්හට කලින්කලට බණකියන්නට නිසිවෙ ද යන මෙ පස් අඟින් යුත් ගිලන් උවටා ගිලන්හට මෙහෙකරන්නට නිසි වෙ. මෙ කීවාට විපිරිත අඟින් යුත් ගිලන් උවට ගිලන් හට මෙහෙකරන්ට නො නිසි වෙ. පස්අඟින් යුත් ගිලන් උවටාවන් විසින් මෙහෙකරන්ට නිසිවෙ. එ කවර? යත්;- සැප වූ ආහාරවිහාරාදියැ පවතී ද, සැප වූ ආහාරවිහාරාදියැ පමණ දැනැ උනු, තිරි නො කොටා පවත්වා ද, හිතපිළිවෙළ බෙහෙත් එළ වූ කලැ වළඳා ද තම හට හිතකැමැති ගිලන් උවටාවනට අතිතාක් ලෙඩ නොවහහා වඩනා ලෙස වඩනා සේ නො වඩනා ලෙඩ නො වඩනා සේ කියා ද සිරුරැ උපන් තියුණු වූ කැකුළු වූ නො මිහිරි වූ දිවි නො තිබෙන පමණ වූ ලෙඩ අධිවාසනා කෙරෙ ද මෙ පස්අඟින් යුත් ගිලන් උවටාවන් විසින් මෙහෙකරන්ට නිසි වෙ. මෙ කීවාට විපිරීත අඟින් යුත් ගිලන් උවටාවන් විසින් මෙහෙ කරන්නට නො නිසි වෙ. ගිලන් උවටාවන් විසින් ගිලනුන් යම් දුකකුදු විඳිත් මළදහයි නො සිතා කුළුණු නුවණින් යෙදී ලෙඩ මනාවුව දහයි සිතා දිගාවැ පවතිත්වයි සිතා මෙහෙ කටයුතු. ගිලනුන් හා කථා කරනුවත් මළදහයි යන සිත් ඇතිවැ කථා නො කටයුතු. එසේ සිතූ සිතින් නරකයෙහි උපත්වෙයි. මොහු තමා කීවා සිතින් ගෙනැ මියන්නාහු වීනම් පරිජි වෙ-

මෙතෙකින් ගිලනුන් කෙරෙහි පිරියයුතු වත් සැඛෙවින් දක්වනලදී.


මෙසේ සැමවත් පුරණුවහු විසින් හැමගුණයට මුල් වූ හිරිඔතජ දෙක්හි ඉන්රිපුරණයසංවරයෙහි පළමු පිහිටා අරිවස්හි කීසෙයින් අපිස් සතොස් සලේ ගුණයන්





173 හෙරණසිඛ විනිස

ළුළවා තමහට වත්අඞග සමාදන්වැ කෙලෙසුන් පළා පෙරයමෙහිද සිට සක්මන් කොටැ පස්නීවරණයන් දුරුකොට රිසියෙන කමටහනකින් දවස් යවා මැදියම්යමැ දකුණැ’ළයෙන් හෙවැ සිහිනුවණ එළවා මනසිකාරයෙන් යෙදී අලුයම නැගෙමියි යන සිත්ඇතිවැ නිදි ගෙනැ1 පුබුදුනා කලැ නිසිපෙරට ගත් කමටහන් සඳහන් කෙරෙමින් පිබිඳ හිඳැ අලුයමැ සිට සක්මන් කොට රිසියෙන කමටහනින් දවස්යවා මහලු සබ්ර ම් සරුන්ට වත් දක්වා දැහැටි දිය දී හිඳිනා අසුන් පණවා නිදිගත් පත්කඩ සඳහන් කොටැ නහන සෙනෙස්න හැමදැ බොජුන්හල කළමනාතාක් වත් සපයා පෙරවරු ද පස්වරු ද පැන්බදනෙහි කළමනාතාක් වත් සපයා සතරපසය ආදී කොටැ දැක් වූ තෙළෙස් තන්හි අහිකුණප පිළිකුල් ආදී අත්ථිොද අනත්ථිට ද නියම කොටැ අනත්ථිප පිළිබහා අත්ථීක සෙව්නා බැවින් සාත්ථදකසම්පජඤ්ඤයෙන් යෙදී; අත්ථිළ ඇති දු කලැ සැප අසැප රූපාදිය නියත කොටැ අසැප පිළිබහා සැප සෙව්නහු විසින් සප්පායසම්පජඤ්ඤයෙන් යෙදී; මෙ හැම තන්හිමැ කමටහන් මෙනෙහි කරනුවත් විසින් ගොචර සම්පජඤ්ඤයෙන් යෙදී; මෙ හැමතන්හිමැ මෙකීතාක් සිතසැපයෙන පස්කඳින් පිටත් ආත්මාදි නම් නැති කම් ඈ පසයෙන් උපදනා දහම්හුමැ නොපමා බැව් පිණිසැ මෙසේ පවත්තී සලකණ විසින් අසම්මොහ සම්පජඤ්ඤයෙන් යෙදී හැම අකුසලින් දුරුවැ හැම කුසලුන් පරන්නහු විසින් තමාගේ අධිමුක්ති වූ පරිදෙස් තුන්බොධියෙන් එක්තරා බොධියකටැ පැමිණියැ යුතු-


හෙරණසිඛ විනිස නිමි.



1 දවස්ගත්.