සිඛවලඳ හා සිඛවලඳ විනිස - සිඛවලඳ විනිස i

23. සිඛවලඳ විනිස.

තුන් ලොවට උතුම් රුවන්තියා වැඳැ උපසපුව ලද පැවිජ්ජා පටන් හික්මෙනුව1 වස් කළ සිඛවලඳ විනිස සැඛෙවින් කියනෙම්-

1. මිනිස් අමිනිස් තිරිසන් තුන් මාගම් හු යි. මොවුන්ගේ වසමඟ පසමඟ මියෙ යන තුන් මගි හේ ‍නවෙක් වෙ-

මිනිස් අමිනිස් තිරිසන් තුන් උභතො‍ඛ්යඛඤ්ජනක යෝ යි. මොවුන්ගේ වසමග පසමග මිය යන තුන් තුන් මගි. හෙද නෙවෙක් වෙ-

මිනිස් අමිනිස් තිරිසන් තුන් පඬුවෝයි. මොවුන්ගේ වසමග මිය යන දෙ දෙ මගි. හේ සයෙක් වෙ-

මිනිස් අමිනිස් තිරිසන් තුන් පිරිමිනීහු යි. මොවුන් ගේ වසමග මියෙ යන දෙ දෙ මගි. හේ සයෙක් වෙ-

මිනිස් අමිනිස් තිරිසන් ‍තුන් පිරිම්නීහු යි. මොවුන් ගේ වසමග මියෙ යන දෙ දෙ මගි. හේ සයෙක් වෙ-

මේ දොළොස් සතුන්ගේ තිස්මග අතුරෙන් එක්තරා මගෙක්හි පියැලි තුඹු ආදිනෙත්3 වැසූයෙහි එව් නොවැසූ යෙහි එව් පියවී සුළඟින් නොපහළ තෙත් පියෙසැ සිඛ නොපසකූ5 පැවිජි තමා හදන්6 වැසූයෙන් එව් නොවැසූ යෙන් එව් සෙවුනා සිතින් තල බිජු මාත්ර යකුදු මෙහෙයා නම් පරිජි වෙ- සස්නෙන් නටූයේ යැ යූ තැති-


හඳන්හි නොනට කාය ප්රිසාද ඇති සම් එව් පිළිකා එව් මෙහෙයා නම් පරිජි වෙ. නට කාය ප්රාසාද ඇති සම් එව් පිළිකා එව් ලොම් එව් මෙහෙයා නම් දුකුළා වෙ-



1. භික්මෙනුවස් 2. එක්තරා. 3. ආදියෙන්, ආදීන්ගෙන් ආදිතයෙන්. 4. පියෙවි. 5. නොපස්විකු. 6. හදන්. 24. සිඛවලඳවිනිස

දීමනු1 මිනිසුන්ගේ නිමිත් උපුළ තැන්හි තියපිටු සා මස් පිඬක් එව් නහරක් එව් ඇත එහි මෙවුන්ධම් සෙවි නම් පිරිජි වෙ නැත2 වණසංඛෙපයෙන් ඵුලැසිවෙ. දීමනු1 මිනිසුන්ගේ ඇස්වළැ නැහැ තොලියෙ3 කන්සිදුරෙවත් කොසැ -සැත් ආදීන් කළ වෙණෙහි එව් මෙවුන්රාශියෙන් තල බිජු මාත්රවයක් තමා සඳන්4 මෙහෙයා නම් ඵුලැසි වෙ. සෙසු කිසිලි කළවෙ5 ආදියැ මෙහෙයා නම් දුකුළා වෙ-

ඇත් අස් ගොන් මී ගවර ආදී සතුන්ගෙන් නැහැ තොලියෙ වත්කොස්හි මෙහෙයා නම් ථුලැසි වේ. හැම තිරිසනු‍න්ගේ ඇස්වළැ කන්සිදුරෙ වෙණෙහිදු සෙසු සිරුරෙහිදු මෙහෙයා නම් දුකළා වෙ-

මෙවුන්රායෙන් බැහැර ඝටන රිසින් මිනිස් අමිනිස් තිරිසන් මාගම් නිමිත් තමා නිමිතින් ඝටා නම් ථුලැසි වෙ-

කාසසගරායෙන් මිනිස් මාගම් නිමිත් තමා නිමිත් තිජු මියෙනිජු8 පහරී නම් සඟවෙසෙස් වෙ-

කාසසගරායෙන් මිනිස් පිරිම්නීනුදු හැම තිරිසනුදු සිරුර පහරී නම් දුකුළා වෙ-

පිළියැනියෝ මාගමක ලවා යුහුයෙන් විකුම් කරවත් නම් පැවිජ්ජෝ වැජුම් එව් සියලු වන් සඳ එව් නඟන සඳ එව් සිටිනා සඳ එව් ඉවසත් නම් පරිජි වෙ-

මළ අලුත් සිරුරැ නොකෑ නිමිත්හිදු මඳක් කෑ නිමිත්හිදු මෙවුන්ධම් සෙවී නම් පරිජි වෙ. සමහර කෑ නිමිත්හිදු බොහොසුයෙන් කෑ නිමිත්හිදු මෙවුන්ධම් සෙවී නම් ථුලැසි වේ. ඉතා මද මස් ඇති නිමිතැ සෙවී නම් දුකුළා වෙ. නිමිත් මාත්ර තබා කෑ සෙසු සිරුරැ



1. දිවුනු, දිවිනු. 2. නැවත. 3. තොලිමියෙ. 4. හදන්. 5. කලවා 6. මියෙහිජුත 25. සිඛවලඳ විනිස

නිමිත්හි මෙවුන්ධම් සෙවී නම් පරිජි වෙ. විගද පත් නිමිත් ආදී සියලු සිරුරැ සෙවිය දුකුළා වෙ. කපා බැහැර හැරපි නිමිති සෙවී නම් දුකුළා වෙ-

අගාළ1 මියෙහි තමා හඳන් මෙහෙයා කවරි තැනෙක්හි නොපහරවා නෙරී නම් දුකුළා වෙ. හුණු දඬු ආදී මෙහෙයූ නිමිත්හි තමා හඳන් මෙහෙයා කවරි තැනෙක්හි නොපහරවා නෙරී නම් දුකුළා වෙ. උපුළ තොල් මස් ඇති දත්ගිජු තොලින් බැහැර නිකුත් දත් ගිජු ඇතු‍ළැ නොවදවා මෙවුන්ධම් සෙවී නම් ථුලැසි වෙ. ඇටසැකිලි මුළුලුකොට එහි මෙවුන්රායෙන් එව් කාස සගරායෙන් එව් මෙවුන් ධම් සෙවී නම් සුකුරු මුතද නුමුදත දුකුළා වෙ. මෙවුන්රායෙන් මාගම සුඹුනා සිරුරු සිපගන්නා ආදී කළ දුකුළා වෙ-

අපා සතුන් කෙරේ මස්හ දිග්දැහ, දිපා සතුන් කෙරේ පරෙවියහ, සියුපා සතුන් කෙරේ ගොහ, යටත්පිරි සෙයින් මෙවුන් ධමට මොහු වත්හු යි. සෙවුනා සිත මගිනි මග මෙහෙයීම් යන මෙහි දෙ අගි. මෙවුන්ධම් පරිජියට දුකුළා සාමන්තාපත්ති වෙ. සෙසු තුන් පිරිජ්ජට ථුලැසි සාමන්තාපත්ති වෙ. නොදන්නාහට නො ඉවසන්නාහට අනාපත්ති වෙ-

පළමුවන පරිජි නිමි.


2. නෑ නොනෑ පරමිනිසක්හු අයත් පල් පොහොනා වතක් සොරසිත් ඇතියා වැ පස්විසි අවහාර යන් අතුරෙන් එක්තරා2 අවහාරයෙකින් ගනී නම් පරිජි වෙ. මෙහි පලෙක් නම් පස් මඳටක් අමු රනි-

මෙහි පස්විසි අවහාර නම් කවර යත්? නානා භාණ්ඩ පඤ්චකයැ එකභණ්ඩ පඤ්චකයැ සාහිත්ථිකක



1. අහාළ 2. එක්තරා. 26 සිඛවලඳවිනිස

පඤ්චකයැ පුබ්බපයොග පඤ්චකයැ ථෙය්යා වහාර පඤ්චකයැ යන මේ පස් පඤ්චකයන් විසින් පස්විසි අවහාරයෝ යි-

මෙහි නානාභාණ්ඩපඤ්චක නම් කවර යත්? ආදියෙය්යය, හරෙය්යා, අවහරෙය්ය?, ඉරියාපථං විකො පෙය්යක, ඨානාවාවෙය්ය යන මේ පස යි.

හේ කෙසෙනි?1 යත්:-

අදියෙය්යි යනු අනුන්ගේ අරම් ආදී ගන්නට කරන හැම කාවිසින පියෝගි දුකුළා වෙ. හිමියා විමති උපයා නම් ථුලැසි වෙ. නොදෙමි යන තමා ධුරනිඛෙව් නිජු ළු සිත2 යන හිමියා ධුරනිඛෙව්නිජු පරිජි වෙ. එකක්හි ධුරනිඛෙව් නොකළ නොවෙ. සටන් තුබු වතින් පල් පොහොනා වතක් සොර සිතින් ගත පරිජි වෙ-

‍හරෙය්ය යනු අනිකක්හුගේ පිරිකර ගෙනැ යෙමින් සොර සිතින් පිරිමඳී නම් දුකුළා වෙ. සො‍ලවා නම් ථුලැසි වෙ. ඨන්සවුන් කෙරෙ නම් පරිජි වෙ-

අවහරෙය්යන යනු මෙරමා තමා කෙරේ තුබු පිරිකරක් හිමියා ඇරැ වූ සඳ නොගත්මි යේ නම් අයිනාදන් පුහා බැවින් දුකුළා වෙ. හිමියා විමති උපයා නම් ථුලැසි වේ නො දෙමි යන තමා ධුරනිඛෙව්තිජු එ සිත2 යන හිමියා ධුරනිඛෙව්නිජු පරිජි වෙ. එකක්හු ධුරනිඛෙව් නොකළ නොවෙ-

ඉරියාසථං විකොපෙය්යජ යනු බඬු ගෙනැ යන්නහු හා සමඟ ගතැටි වැ ඉරියවු කොවන පියොව්හි දුකුළා වෙ. පියවරක් ඉකුම් වූ3 සඳ ථුලැසි වෙ. දෙවන පියවර ඉකුම්3 සඳ පරිජි වෙ-

ඨානා වාවෙය්යක යනු අනුන්ගේ පිරිකරක් සොර සිතින් පිරිමඳී නම් දුකුළා වෙ. සොලවා නම් ථුලැසි වෙ. තැනින් උගුළුවා නම් පරිජි වෙ-



1. කිසෙනි. 2. එසිතන. 3. ඉකුත්. 27 සිඛවලඳවිනිස

සවිඤ්ඤණක අවිඤ්ඤාණක මුසුවූයෙන් මේ නානා භාණ්ඩ පඤ්චක නම්-

එකභාණ්ඩඤ්චක නම්; අදියෙය්ය , හරෙය්ය , අව‍හරෙය්යය, ඉරියාපථා, විකොපෙය්ය , ඨානා චාවෙය්ය යන මේ පස් සෙයින් හුදු සවිඤ්ඤාණක වස්තු ගත එකභාණ්ඩපඤ්චක නම් වෙ.

සාහත්ජිණක පඤ්චක නම් කවර? යත්: - සාහත්ථිණකො, ආණ්ත්තිකො,නිස්සග්ගියො, අත්ථ සාධකො ධූරනිකේඛපො යන මෙ පස යි-

‍ හේ කෙසෙනි? යත්:-

සාහත්ථිකකො යනු මෙරමාගේ බඬුවක් තමා අතින් තෙනාගැන්මි-

ආණත්තිකො යනු අස්වල්හුගේ බඬු තෙනා ගනැයි අනිකක්හට ඇණැවීමි-

නිස්සග්ගියො යනු සුංවත්1 ගන්නා තැන් එව් අනුන්ගේ බඬු අසෝ තැනට ගිය සැඳෑ ගන්මියි පිරිකැපූ තැන් එව් ඉකුම්වා ගැන්මි-

අත්ථ සාධකො යනු අසවල්හුගේ බඬු අසෝ සැඳෑ තෙනා ගනැයි අනිකක්හට ඇණැවූ සඳමැ හේ එසදැ නොගතහෙමි. යේණම් යම්තාක් තා යෙහෙන සැඳෑ ගනැයි ඇණැවුව හේ එකත්නෙන්2 ගනී නම් ඇණැවුවා හට ඇණැවූ කෙණෙහි පරිජි වෙ. මෙරමාහට ගත් කෙණෙහි පරිජි වෙ-

නොහොත්:- මෙරමාගේ තෙල්සැළ ආදියැ පලක් අගනා තෙල් බොන වහන් ආදී සොර සිතින් බහාලා නම් අතින් මුත් කෙණෙහි පරිජි වෙ- ධුරනිකේඛපො යනු අරම් ආදී ගන්නා තැන්හිදු තමා කෙරෙ තුබු පිරිකරක් නොගත්මී ගන්නා තැන්හිදු


1. සුත්වත්. 2. එකත්තෙන්. 28. සිඛවලඳවිනිස

තවුකැලි කොට ගත්තා නො දෙන තැන්හිදු තමා නො දෙමි යන ධුරනිඛෙව්තිජු එ සිත යන ‍හිමියා ධුරනිඛෙව් තිජු පරිජි වෙ. එකක්හු ධුරනිඛෙව් නොකළ නො වෙ-

මේ සාහත්ථ ක පඤ්චක නම් පුබ්බපයොගපඤ්චක නම්:- පුබ්බපයොගො, සහපයොගො! සංවිදාවහාරො, ස‍ෙඞ්කතකමෂං! නිමිත්තකම්මං යන මේ පසයි -

හේ කෙසෙනි? යත් -

පුබ්බපයොගො යනු අසවල්හුගේ බඬු තෙනාග නැයි ඇණැවූ සඳ ඇණවන ලද්දහු එකත්තෙන්2 ගනුත් ඇණැවූවාහට ඇණැවූ කෙණෙහි පරිජි වෙ. ගත්තාහට ගත් කෙණෙහි පරිජි වෙ-

අත්ථිසාධක පුබ්බපයොගෙහි නනස1 මෙ කියන සෙයින් දන්නේ:- ඇණවන ලද්දහු ගන්නා පෙරට වැ මෙ ඇණැවූවාහට පරිජි අත්ථි සිද්ධවන බැවින් අත්ථිගසාධක නම් ඇණවන ලද්දහු ගන්නා පෙරටවැ මෙ ඇණවූවා හට පරිජි වන බැවින් පුබ්බපයොග නම් වෙ-

සහපයොගො යනු අනුන්ගේ අරම් ආදී කෙත් ආදී බිම් වඩා ගන්නට කරන පියොව්හි අවසන් පියොව හා සමග පරිජි වෙ. හේ දෙදෙනා ධුරනිඛෙවින් වෙ-

සංවිදාවහාරො යනු අසවල්හුගේ බඞු තෙතාගනුම් හයි අනුන් හා සැසැඳ ගැන්මි. මෙසෙයින් සැසැඳ ගියවුන් අත‍රේ එකක්හුජු එ බඬු ඨන්සවුන් කළ හැම ජනයනට පරිජි වෙ-

සංකෙතකම්මං යනු පෙරවරු පස්වරු ආදී කල්හි අසවල්හුගේ බඬු අසෝ සැඳෑ තෙනාගනැයි කියන ලද්දේ සකුල් නො වරදවා ගනී නම් සකුල් කළහට සකුල් කළ කෙ‍ණෙහි පරිජි වෙ. ගත්තාහට ගත් කෙණෙහි පරිජි වෙ-

1. වෙනස්. 29 සිඛවලඳවිනිස

නිමිත්තකම්මං යනු ඇසින් නරු බැම නඟන ආදී මා ‍කළ සැඳෑ අසවල්හුගේ බඬු තෙනාගනැයි කියන ලද්දේ කළ නිමිත් නො වරදවා ගනී නම් නිමිත් කළ හට නිමිත් කළ කෙණෙහි පරිජි වෙ. ගත්තාහට ගත් කෙණෙහි පරිජි වෙ-

මෙ පුබ්බපයොග පඤ්චක නම්- ‍ ථෙය්යාොවහාරපඤ්චක නම් කවර? යත්:- ථෙය්යා වහාරො, පසය්හාවහාරො, පරිකප්පවාහාරො, පරිච්ඡන්තාවහාරො, කුසාවහාරො යන මේ පස යි-

හේ කෙසෙනි? යත්:-

‍‍ෙථය්යාඤවහාරො යනු උමං බිඳනා ආදී කොටින් ගනී. එව් තුලාකූට මානකූට ආදී විසින් වඤ්වනා කොටින් එව් කුළුකහවණු ආදී පෙරළන විසින් එව් වඤ්චනා කොටින් ගනී නම් පරිජි වෙ-

පසය්හාවහාරො යනු ගම් වොලෝගන්නවුන් සෙයින් පරා අයත් යුහුයෙන් ගනී එව් ගතැයුතු කරවු රින් වඬා ගම් ලද රාජභටයන්සේ ගනී. එව් පරිජි වෙ-

පරිකප්පාවහාරො යනු තෙනන්නට වැඳැ පිළීවුව ගන්මි හූවුව නොගන්මි පරිකපා පීවා නගා ගත්නම් එහි පිළී වුව ඨන්සවුන් කෙණෙහි පරිජි වෙ. හූ වුව නොවෙ. ගෙනැ සිටැ හූ බැව් දැනැ ලද්දෙක්මැ මැනැවි නොයි1 ගෙනැ යේනම් පළමු පියවරැ ථුලැසි වෙ. දෙවන පිය වරැ පරිජි වෙ. බිමැ තබා හූ බැව් දැනැ ගනීනම් ඨන් සවුන් කෙණෙහි පරිජි වෙ. හූ බව් නොදත් සැඳෑ සොරු! සොරු!!යි අනුබඳනා ලද්දේ පියා පලායේ නම් පරිජි නොවෙ. හැම පියො හි දුකුළා වෙ. පියා පලා ගියා හිමියෝ දැක ගනිත් නම් මැනැවි. අනිකක්හු දැකැ ගත බඬු දීම් වෙ. අනුන් නොගත හිමියන් ධූරතිඛෙව් නොකොට ගිය පුන තෙමෙ මැ අවුදු සොර සිතින් ඨන්



1. නොවෙයි. 30 සිඛවලඳවිනිස

සවුන් කෙරෙ නම් පරිජි වෙ. සක සඤ්ඤයෙන් පසුල් සඤ්ඤයෙන් ගත ඇවැත් නැති. බඬු දීම් වෙ. ධූර නිඛෙව් කොටින් ගියා ගනී නම් බඬු දීම් මතු වෙ. මේ භණ්ඩ පරිකප්ප නම්-

බඬු දීම් නම් - එමැ බඬු හෝ බඬු වටනා මිල හෝ දියැ යුත්තේ යි-

පුන එක් කෙනෙක් අනුන්ගේ පිරිකර ගෙනැ අසෝ තැනට ගිය සඳැ ගන්මී පිරිකපා අනුන්ට දුට දී නොදුට නොදී පිරිකැපූ තැන් ඉක්මවත් නම් පරිජි වෙ. මේ ඹකාස පරකප්ප නම්-

මෙ කී සෙයින් භාණ්ඩපරිකප්ප ඹකාස පරකප්ප දන්නෙ

පටිච්ඡන්තාව‍හාරො යනු අනුන්ගේ මුදු ආදී දැකැ ඔවුන් ධුරනිඛෙව් නොකළා සොර සිතින් පරණළා2 ආදී නෙන් පිළී සොයා නම් දුකුළ වෙ. සොළවා නම් ථුලැසි වෙ ඨන්සවුන් කෙරෙ නම් පරිජි වෙ. පසුල් සඤ්ඤයෙන් එව් සකසඤ්ඤයෙන් එව් ඨන්සවුන් කෙරෙ නම් ඇවැත් නැති. බඬු දීමේ වෙ. ධුරනිඛෙව් කළා සොර සිතින් ගත පරිජි නැති- දුකුළා වෙ. බඬු දීමුදු වෙ. හිමියෝ දැක අරවත් නම් දියැයුත්තේ යි. නොදුන දෙදෙනා ධුරනි ඛෙවින් පරිජි වෙ. මුඳු ආදී පියා ඉල්වා නොදැකැ ධුරනිඛෙව් නොකොට ගියා පැචිජ් සොර සිතින් එතැනැමැ ගලාමතු කෙළවර පාත් පමුණුවා ඨන්සවුන් කෙරෙ නම් පරිජි වෙ-

කුසාවහාර නම් කුසපත් ලා සිවුරු ආදී බෙදන සැඳෑ තමාගේ බොහෝ වටනා කොටසකුදු පෙරැළී කොටැ මෙරමාගේ පල්පොහොනා කොටස තෙනා ගතැටිවැ තමාගේ කොටස කුසපත් නගා මෙරමාගේ කොටසැ ලූ සැඳෑ පරිජි නැති. නැවත මෙරමාගේ




2. පරඬලා. 31. සිඛවලඳවිනිස

කොටස කුසපත් නගා අතින් ගත් සැඳෑ පරිජි වෙ. පළමු මෙරමාගේ කුසපත් නඟා ගනී නම් තව පරිජි නැති. තමාගේ කොටස ලූ සැඳෑ තමාගේ කොටසින් කුසපත් නඟා ගත් සැඳෑ පරිජි නැති. මෙරමාගේ කොටස ලන සැඳෑ අතින් මුත් කෙණෙහි පරිජි වෙ-

‍මෙ ථෙය්යාතවහාරපඤ්චක නම් පස්විසි අවහාර නිමි.

සකසඤ්ඤයෙන් ගත අනාපත්ති වෙ. විස්වසින් ගතදු තව් කැලිකොට ගතදු යක් පේ පියස් තිරිසනුන් අයත් ගතදු පසුල් සඤ්ඤයෙන් ගතදු උමතු ආදිවැ නො දැනැ ගතදු ආනාපත්ති වෙ-

අනික් මිනිස් සතක්හු අයත් බැවැ, මෙරමා අය තැයි දන්නා බැවැ, වත් පල් පොහොනා බැවැ, සොර සිත් ඇති බැවැ, කී පස්විසි අවහාර‍යන් අතුරෙන් එක් තර අචහාරයකින් ගත් බැවැ, යන මේ අයිනාදන් පරිජ්ජෙහි පසහි-

අයිනාදන් පරිජි නිමි.

මිනිස් සතක්හු මව්කුසැ පිළිසිඳ ගත් දවස් පට1 තවන හඹන බෙහෙද්දෙන ආදි පියොවින් මරා නම් පරිජි වෙ-

ගොරෙක් මුත් සැඳෑ පටා සාහත්ථිාක නිස්සග්ගිය ආණත්තික ථාවර විජ්ජාමය ඉඞිමය යන මෙ සපියො වුන් අතුරෙන් එක්තරා පියොවකින් මරා නම් පරිජි වෙ-

මෙහි සාවත්ථිාකපියො නම් කවරයත්? - කයින් එව් සිරිරින් නොමුඳා කා පිළිබද්දෙන් එව් පැහැරැ මිනිස් සතක්හු මරා නම් පරිජි වෙ-

මෙහි නිසැඟි පියෝ නම් කවර? යත්:- සිරිරින් මුදා කයින් එව් කා පිළිබදෙන් එව් මරා නම් පරිජි වෙ.


1. පටන්. 32. සිඛවලඳවිනිස

යමක්හු අවක්සා පහළ ඔහුමැ මළ පරිජි වෙ. සෙස්සන් මළ පරිජි නො වෙ. යම් කවරිවෙක් මියේවයි පහළ1 යම් කවරිවකු මෙළෙන් පරිජි වෙ. එවිගස එව් කලා තු‍රකින් එව් ළු පහරින් මෙ මියේ නම් පහළ කෙණෙහි මෙ පරිජි වෙ-

ආණත්තික පියෝ නම් කවර? යත්:- වත් කල් ඔවස් ආයුධ ඉරියවු කිරීම් වෙ‍සෙස යන මෙසෙයින් ස වැදෑරුම් වෙ-

මෙහි වත් නම් - මැරියූ2 පුගුලි. අසවල්හු මරවයි ඇණැවූ සැඳැ ඔහුමැ මරා නම් ඇණැවූවාහට ඇණැවූ කෙණෙහි පරිජි වෙ. මැරුවාහට මැරූ කෙණෙහි පරිජි වෙ. අනිකකු මැරුව ඇණැවුයේ මුස්සි. මැරූවා හට පරිජි වෙ. මා මරයි ඇණවුව ඇණවූවාහට දුකුළා වෙ. (මැරූවාහට පරිජි වෙ)-

කල් නම් පෙර පත් ආදි කලි. අද පෙරවරු මරායි ඇණවන ලද්දේ ඔහු ඇණැවූයේ මරා නම් දෙදෙනාහට මැ පරිජි වෙ. කී වේලා ඉකුම්වා අනික් වේලෙකැ මරා නම් ඇණැවූවාහට පරිජි නැති. දවස් අවුරුද්දෙහිදු මෙ මැ නියෙ-

ඔවස් නම් අසවල් තැනදී මරායි ස්ථාන නියම කිරීම්-

ථාවර නම් නොහසුරුම්1 වන උවාරණින්2 මැරීමි. හේ අනිකකු මැරියැටිවැ වළ කණන වස යොජන කඩු ආදී එළවා තබන රූසද ආදී එළවන මරණෙහි ගුණ කියන මරන්නට උවා3 දෙන ආදි විසින් නො එක් ප්රිකාරයි-

අසවල් මිනිස් මියේවායි වළ කණී නම් හැම පියොව් හි මෙ දුකුළා වෙ. ඔහු එහි හී දුක් විඳුත් ථුලැසි වෙ. මළ



1. මොහු පහළ. 2. මැරියයුතු 3. නොහැසිරෙනවාම්. 4. උනාස්රණින්. 5. ඔවා. 33. සිඛවලඳවිනිස

පරිජි වෙ. අනිකකු මළ ඇවැත් නැති. එක්තරා මිනිසෙක් මෙහි හී මියේවයි කැණිය එක්තරා මිනිසෙක් එහි හී මෙළේ නම් පරිජි වෙ. යක්පේ පිශාචයන් අවක්සා කැණිය කණනා හැම පියොව්හි දුකුළා වෙ. ඔවුන් එහි හී දුක් විඳුත් දුකුළා වෙ. මළ ථුලැසි වෙ. තිරිසනුන් අචක්සා කැණිය කණනා හැම පියොව්හි දුකුලා වෙ. ඔවුන් එහි හී දුක් විඳුත් දුකුලා වෙ. මළ පවිති1 වෙ-

වස යෙජිම් ආදියෙහි වළ කැණීමෙහි කී සෙයින් විනිස දන්නෙ-

විජ්ජාමය නම් මරන්නට මතුරු ජැපීම් ජපන සැඳෑ2 හැම කා විසි පියොව්හි දුකුළා වෙ. මෙරවා දුක් විඳුනා සැඳෑ ථුලැසි වෙ. මළ පරිජි වෙ-


ඉධ නම්: කම් විවා ඉධයි. මෙරමා මරන්නට දළ කොළන දැහැව මුහුණු බලන ආදී පියොව්හි දුකුළා වෙ. මෙරමා දුක් විඳුත් ථුලැසි වෙ. මළ පරිජි වෙ-

සාහත්ථිෙක ආදී සපියෝ විනිස නිමි.

මරණ සිත් තැනැත්තාහට අනාපත්ති වෙ. නොදන් නාහටද මරන සිත් තැත්තාහටද උතුම් ආදීනටජු අනාපත්ති වෙ-

මිනිස් සතකු බැවැ, සතෙකැ යන සඤ් ඇති බැව, මරම් යන සිත් ඇති බැවැ, මරණ පියෝ ඇති බැවැ, ළුපියොවින් චුතවීමැ3 යන මේ මිතිස්විකා පරිජ්ජෙහි පසඟි-

මිනිස්ටිකා පරිජි නිමි.




1. පරිජි. 2. විඳුනා සඳ. 3. සතුන් මියයාම. 34. සිඛවලඳවිනිස

4 තමා කෙරෙහි නැති පඨමඣන් තමා කෙරෙහි ඇති එව් සමවැජිමි සමවජිමි සමවජින්නෙම්1 එව් අනික් මිනිස් සතක්හට බුහුමන් කැමැති සිත්නෙන් පරියා මුඳා ඉඳුරා කිව වැළැතැ සිටැ2 මොහු දන්වමි යන මිනිසුන් එවිගස දත පරිජි ‍වෙ. නොදැන ලසා දත ථුලැසි වෙ. නොදත ලසා දත දුකුළා වෙ. දුතිය ජඣාන ආදී ලොවී ලොවුතුරා උතුරු මිනිස්ධම් කීමෙහිදු මෙමැ නියෙ-

පරියායෙන් කියැටිවැ ‘තාගේ සෙනස්නෙහි වසන පැවිජ්ජො පඨමඣන් ලදහ’ යනාදී විසින් කිව මෙරමා එවිගස දත ථුලැසි වෙ. නොදත ලසා දත දුකුළා වෙ-

ලදිමි යන අධිමනින් කිව අනාපත්ති වෙ. නොකියැ ටිවැ කිවද උමතු ආදීනටද අනාපත්ති වෙ-

ඣානාදී ධමර්ය්න් තමා කෙරෙහි නැතිබැවැ, බුහුමන් කැමැතිවැ ඇරැජිමැ, අරොජන තැනැත්තහු මිනිස් බැවැ, පරියාය මුදා කීමැ, ඔහු එකෙණෙහි දැන්මැ, යන මේ උතුරු මිනිස්ධම් පරිජ්ජෙහි පසගි-

උතුරු මිනිස්ධම් පරිජ් විනිස නිමි.

සතර පරිජි විනිස නිමි.

1. නොනිඳන සඳ සුකුරු මිඳියැටි සිතින් අද ඇති බැහැරිවත්හි සවිඤ්ඤණ අවිඤ්ඤණ එක්තරා වතෙක්හි තමා හඳන් තෙමේ ඝටා එව් අනුන් ලබා ඝටවා එව් සුකුරු මිඳුව සගවෙසෙස් වෙ: මිඳියැටි සිත්නෙන් කළ තැත නොමුත ථුලැසි වෙ. මුඳන රිසි තැනැත්තාහට මි‍ඳෙන සඳ එව් මුත් සැඳෑ එව් ආස්වාද ඉපැදැවුව3 ඇවැත් නැති-




1. සමවන්නෙම්. 2. වැළැඅතසිටැ. 3. ඉපවුව. 35. සිඛවලඳවිනිස

මෙවුන්රායෙන් මාගම් පහරනා සිපගන්නා ආදී කළ සැඳෑ සුකුරු මුත ඇවැත් නැති. මාගම් පැහැරුම් ආදී පස යෙන් දුකුළා වෙ. කාසසගරායෙන් මාගම් වෙර පහරන ආදී කළ සැඳෑ සුකුරු මුත ඇවැත් නැති පහළ පසයෙන් වන ඇවැත් මත්තේ කාසසගරා ඇවැතමැ කියමො1-


කසත රිසින් හඳන් කසල සැඳැ සුකුරා මුත ඇවැත් නැති. මාගම් හඳන් ආදී බලන සැඳෑ සුකුරු මුත ඇවැත් නැති රාසිතින් හඳන් බැලූ පසෙයෙන් දුකුළා වෙ. මාගම ‍හා නොරඹුරෙ හිඳිනා අස්වාදයෙන් හුන් සැදෑ සුකුරු මුත ඇවැත් නැති. හුන් පසයෙන් පචිති වෙ-

මාගමට තුළුල් තෙපුල් කී සැඳැ සුකුරු මුත ඇවැත් නැති. තෙපුල් පසයෙන් වන ඇවැත් මත්තේ දුටුල් වසු සඟවෙසෙසමැ කියමො1-

නෑයන් මා නෑයහ යන සඤ්ඤයෙන් පහළ සඳ සුකුරු මුත ඇවැත් නැති. පහළ පසයෙන් දුකුළා වෙ-

මාගම කෙරෙන් අළ මල් පලු ආදී රාසිතින් පිරීමට සැඳෑ සුකුරු මුත ඇවැත් නැති. පිරීමට පසයෙන් දුකුළා වෙ-

මුඳන රිසි නැති සැඳෑ සුකුරු මුතද සිහින දක්නා සඳස උමතු ආදීනටද ඇවැත් නැති-

සුක්විසැටි සඟවෙසෙස් විනිස නිමි.

2. කාසසගරායෙන් මිනිස් මාගම කෙරෙ මාගම යන සඤ්ඤ ඇතියා වැ පහරනා සිතින් කයින් කාහී පහරී නම් සඟවෙසෙස් වෙ-

මිනිස් මාගම කෙරෙ මාගම යන සඤ්ඤ ඇතියා වැ කමා කය2 ඈ කා පිළිබද්දෙන් පහරී එව් තමා කා පිළිබද් දෙන් ඈ සිරුරු පහරී එව් ථුලැසි වෙ. මිනිස් ‍මාගම


1. කියමු. 2. කයින් 36. සිඛවලඳවිනිස

කෙරෙ නොමිනිස් මාගම යන සඤ්ඤ ඇතියා වැ එව් පඬුයෙකැ තිරිසනෙකැ පිරිම්නියෙකැ යන සඤ්ඤ ඇතියා වැ එව් මාගම හෝ නොමාගම හෝ යන විමති ඇතියා වැ එව් කයින් කාහී පහරී නම් ථුලැසි වෙ. කයින් කා පිළිබද්දෙහි එව් කා පිළිබද්දෙන් කාහී එව් පහරී නම් දුකුළා වෙ. මිනිස් මාගම කා පිළිබද්දෙන් තමා කා පිළි බද්දෙහි එව් නිසග්ගෙන් කාහි එව් කා පිළිබද්දොහි1 එව් නිසග්ගෙන් නිසග්ගෙහි එව් පහරී නම් දුකුළා වෙ. යක්, පේ, පඬු, තිරිසනුන් පිරිම්නීහුදු කාහී එව් කා පිළිබද් දෙන් එව් නිසග්ගෙන් එව් පහරී නම් දුකුළා වෙ-

මාගම තමා පහරනා සැඳෑ තෙමෙ නොසෙලවී ඉවසා නමුදු මාගම තමහට ඔකඳ කරන සැඳෑ භවා පලවම් යන සිතින් පහළ සඳදු නොජැනැ පහළුවාහටදු උමතු ආදීනටදු ඇවැත් නැති-

මිනිස් මාගමක බැවැ, ගොරෙක් මුත් සඳ පටා2 මිනිස් මාගම කෙරෙ මාගම යන සඤ්ඤ ඇති බැවැ. කාසසගරා ඇති බැවැ, පහරනට මිනිස්පියෝ ඇති බැවැ එපියොවින් ඈ පහළ බැවැ, යන මෙ කාසසගරා ‍සඟවෙසෙසැ3 පසඟි-

ක‍ාසසගරා සඟවෙසෙස් විනිස නිමි.

3. තුළුල් තෙපුල් ‍කියැටි රාගයෙන් නාමනා දන්නා මිනිස් මාගම කෙරෙ මාගම යන සඤ්ඤ ඇතියා වැ වස මඟ පසමඟ මෙවුන්ධමුදු අරභයා තුළුල් තෙපුල් කියා නම් හිවී ගිය මස් ඇත්තියැ යි එව් මුසුවූ හඳන් ඇත්ති යැ යි එව් දෙහඳන් ඇත්තියැ යි එව් හවා නම් ඈ එවිගස දත සගවෙසෙස් වෙ. නොදත ලසා දත ථුලැසි වෙ. මෙහි වසමග පසමග හෙතුයැ නො හෙතු යැ සුවඳ විගඳ යනාදි ගුණ අයුණු විසින් කිව තුළුල් තෙපුල් වෙ-




1. පිළිපද්දෙන්. 2. පොවා. 3. සඟවෙසෙස්. 37. සිඛවලඳවිනිස


මෙවුන්ධම් නොදෙහි නො ලබමොනෙහි කී සැඳැ, තොපහද තී පහන් සැඳැ මෙවුන්ධම් ලබමොනො යි කී සැඳෑ, මෙවුන්ධම් දුන දෙවියෝ පහදිති යනාදී විසින් මෙවුන්ධම යන තෙපුල් හා මුසු කොට කී සැඳැ තුළුල් තෙපුල් වෙ. හිවී ගිය මස් ඇත්තියැ, මුසුවූ හඳන් ඇත්තීයැ, දෙහඳන් ඇත්තීයැ යන මේ තුළුල් තෙපුල් අතුරෙන් එක්තෙරකින් තුළුල් තෙපුල් රායෙන් හැවුව තුළුල් තෙපුල් වෙ. එක් තුළුල් තෙපුලක් නො එක් මාගම්නට කියා නම් මාගම් ගණනින් සඟවෙසෙස් වෙ. එක් මාගමකටද බොහෝ තුළුල් තෙපුල් කියා නම් තෙපුල් ගණනින් සඟවෙසෙස් වෙ-

මිනිස් මාගමක කෙරෙ මාගමක‍ හෝ නොමාගමක හෝ යන විමති ඇතියා වැ එව් යක් පේ පඬු පිරිම්නී තිරි සන් යන සඤ්ඤ ඇතියා වැ එව් වසමඟ පසමඟ ඈ සපද අතුරෙන් එක්තර පෙදෙකින් තුළුල් තෙපුල් කියා නම් හෝ එවිගස දත් නම් ථුලැසි වෙ. නො දත ලසා දත දුකුළා වෙ. යන් පේ පඬුවන් කෙරෙ යැකින්නකැ පේතියකැ පඬියකැ1 යන සඤ්ඤයෙන් වසමග පසමග ආදී අරභයා තුළුල් තෙපුල් කිව ඔවුන් එවිගස දත ථුලැසි වෙ. නොදත ලසා දත දුකුළා වෙ. මේ යක් ආදීන් කෙරෙ විපරීත සඤ්ඤයෙන් තුළුල් තෙපුල් කිව ඔවුන් එවිගස දත නො දත දුකුළා වෙ. මිනිස් මාගම වසමඟ පසමඟ තබා අකුඇටින්2 යට දණින් මත්තේ තුළුල් තෙපුල් කියැටි රායෙන් ගුණ අයුණු කිව ඈ එවිගස දත ථුලැසි වෙ. නොදත ලසා දත දුකුළා‍ වෙ-

අකුඇටින්2 මත්තෙහිදු දණින් පාත්හිදු ඈ කා පිළි බජ්ජේහිදු ගුණ අයුණු විසින් තුළුල් තෙපුල් කිව ඈ එවිගස දත නො දත දුකුළා වෙ-

ඔවා දෙමින් එව් බණ කියමින් එව් තුළුල් තෙපුල් කියා නමුදු උමතු ආදීනටදු ඇවැත් නැති-



1. යක් පේ පඬු තිරිසන්. 2. අකුයටින්. 38. සිඛවලඳවිනිස

මිනිස් මාගමක බැවැ, මාගම යන සඤ්ඤ ඇති බැවැ, තුළුල් තෙපුල් කියන රා ඇති බැවැ, එ රායෙන් තුළුල් තෙපුල් කියන3 බැවැ, ඈ එවිගස දත් බැවැ, යන මේ දුටුල්වසු සඟවෙසෙසැ පසගි-

දුටුල්වසු සඟවෙසෙස් විනිස නිමි.

4. මෙවුන්ධම්රායෙන් මිනිස් මාගම කෙරෙ මාගම යන සඤ්ඤ ඇතියා වැ තමහට මෙවුන් ධමින් මෙහෙ කිරීමෙහි ගුණ කියා නම් ඈ එවිගස දත සඟවෙසෙස් වෙ! නො දත ලසි දත ථුලැසි වෙ. යක් පේ පඬුවන් කෙරෙහි යැකින්නකැ පේතියකැ පඬියකැ යන සඤ්ඤ යෙන් තමහට මෙවුන්ධමින් මෙහෙ කිරීමෙහි ගුණ කියා නම් ඔවුන් එවිගස දත ථුලැසි වෙ. නො දත ලසා දත දුකුළා වෙ-

මේ යක් ආදීන් කෙරෙහි විපරීත සඤ්ඤයෙන් මෙවුන්න්ධැමින් මෙහෙ කිරීමෙහි ගුණ කියා නම් ඔවුන් එවිගස දතද නොදතද දුකුළා වෙ. සිවුරු ආදී වත් කැමින් මෙහෙ කිරීමෙහි ගුණ කියා නම් මෙ සිඛයෙන් ඇවැත් නැති. නො නෑ නො පැවැරූවන් කෙරෙහි ගුණ කිව අඤ්ඤාතිකවිඤ්ඤත්ති සිඛයෙන් දුකුළා වෙ- උමතු ආදීනට ඇවැත් නැති-

මිනිස් මාගමක බැවැ, මාගම යන සඤ්ඤ ඇතිබැවැ, තමහට මෙවුන් ධමින් මෙහෙ කිරීමෙහි ගුණ කියැටි රා ඇති බැවැ, එ රායෙන් ගුණ කිමැ, ඈ එවිගස දැන්මැ යන මෙ අත්තකාම පරිචරියා සඟවෙසෙසැ පසඟි-

අත්තකාම පාරිචරියා සඟවෙසෙස් විනිස නිමි

5 නෑ‍ නො නෑ මිනිස් මාගමක විසින් එව් පිරිම්තියක්හු විසින් එව් කෙළෙස පිළිබැඳි කොටින් කී හසුන් පිළිගෙනැ හසුන් දුන් තැනැ මාගමකට එව් පිරිමිතියක් හට එව් ඔවුනට එකැත්තෙන් කියන අනික


3. ඇති


39. සිඛවලඳවිනිස


නට එව් කියනු හෝ කියවනු හෝ කොටින් පුන ඇරැ තමා කියනු එව් අනිකකු ලබා කියවනු එව් කළ මෙතුන් අඟින් සඟවෙසෙස් වෙ-

මෙහි තුනඟ නම්: කී හසුන් පිළිගන්නෙයැ, කී තැනට පිළිපයන්නෙයැ, පුන ඇරැ අසුන් කී තැනට ඇරැ ඇරොජිමයැ යන මෙ තුනඟි. මෙහි දෙඅගින් ථුලැසි වෙ. එක් අඟින් දුකුළා වෙ. යක් පේ පඬුවන් කෙරෙ තුන් අඟින් ථුලැසි වෙ. දෙ අගින් එක් අගින් දුකුළා වෙ-

කලහ කොටැ නොපීවවුන් සමඟ කළ ඇවැත් නැති. මහසෑ මහබෝ සඟ ගිලන් පැවිජ්ජන්ගේ හසුන් ගෙනැ යතුදු උමතු ආදීනටදු ඇවැත් නැති-

මාගම් පිරිම්නීන් මිනිස් බැවැ, මැගම් පිරිම්නීහු නො පිළිබැඳි බැවැ, හසුන් පිළිගත් බැවැ, ඇරැ පිළිපෑයූ බැවැ, පුන ඇරැ ඇරැජු බැවැ, යන මෙ සසුරුතු සඟ වෙසෙසැ පසගි-

සසතුරු ‍සඟවෙසෙස් විනිස නිමි.

6. අමුලු සඟවෙසෙසැ සූවිසි පරිජි දතයුතු. හෙ කෙසෙනි? යත්:-

මාගම් පැවිජි කාසසගරායෙන් තෙත්ති තමා අකු ඇටින් යට දණින් මත්තේ කාසසගරායෙන් තෙත් පිරිම්නීහු කයින් කාහි පහරනා ඉවසා එව් තාමගේ සිරිරින් ඔහු පහරී එව් පරිජි වෙ. මෙ උඛජාණු මණ්ඩලික පරිජි නම්-

සස්නෙහි සිටැ පරිජි අවන් අනික් මාගම් පැවිජ්ජක ගේ පරිජි ඇවැත් තොමො ‍දැනැ පිළිසොයා නම් අන්නට නොකියමි. ධුරනිඛෙව් කළ නම් පරිජි වෙ. මෙ වජ්ජ පටිචඡාදක පරිජි නම්-


1. පිළිගත් 2. අභබ්බපුග්ගලයෝ යි, අභව්යනපුගුලෝ යි. 3. කා. 40. සිඛවලඳවිනිස

මාගම් පැවිජි උඛෙව්නීකම් කළ පැවිජ්ජා ලද ගෙනැ ඔහු අනු වැ සිටැ ඤත්ති සතරවන කම්වදන් කියවන තාක් නොපියා නම් පරිජි වෙ. මෙ උක්ඛිත්තා නුවත්තක පරිජි නම්-

කාසසගරායෙන් තෙත් මාගම් පැවිජි කාසසගරා යෙන් තෙත් පිරිම්නීහු අත ගැනුම් ඉවසා එව්. සිවුරෙහි ගැනුම් ඉවසා එව්. ඔහු වළැතැ සිටී නම් එව් වැළැතැ සිටැ බෙණේ නවම් එව් ඔහු කී තැනට යේ නම් එව් තමා කරා ඔහු ඊම් ඉවසා නම් ඔහු හා පිළිසන් තැනට වදී නම් එව් තමා සිරුරු ඔහු කරා එළවා නම් එව්. මෙඅට වත් සපිරුණු සැඳෑ පරිජි වෙ. මෙ අඨවත්ථු ක පරිජි නම්- මාගම් පැවිජ්ජ ගිහි වියැටි වැ හෙළ පිළී හඳී නම් පරිජි වෙ. මෙ රුස්වා හෙළිහන්1 පරිජි නම්-

මාතුඝාතක, පිතුඝාතක, අරහන්තඝාතක, සඞඝ භේදක, ලොහිතුප්පාදක, පණ්ඩක උභතොක්යරඤ්ජනක, ථෙය්යසසංවාසක, තිත්ථිපයපක්කත්තක, භික්ඛුනීදුසක, තිරවඡානගත යන මෙ එකොළොස් අභ්යථව්යකපුඟුලෝයි2 මෙහි මාතුඝාතක නම් තෙමෙ මිනිස් වැ මිනිස් මවක මැරුයේ යි . පිතුඝාතක නම් තෙමේ මිනිස් වැ මිනිස් පියකු මැරූයේ යි. අරහන්තඝාතක නම් තෙමෙ මිනිස් වැ මිනිස් රාතකු මැරූයේ යි. සඞඝභෙදක නම් තෙමෙ උපසපන් පැවිජි වැ සමඟ සඟහු බුන්නේයි. ලොහි තුප්පාදක නම් දැහැවැ වධක සිතින් බුදුන් සිරිරින් ලේ සෙලවූයේ යි. පණ්ඩක නම් නො මාගම් නො පිරිම්නි නිපුසදු බිජු හැරැ නොපිරිම්නී කෙළෙයිදු. උභතො ඛ්ය ඤ්ජනක නම් මාගම් පිරිම්නී දෙහඳන් ඇත්තේ යි. ‍ෙථය්ය.සංවාසක නම් පැවිජි කෙනෙකුන් නුදුන් කහ3 ගෙනැ සෙරියෙන් හෙරණ පැවිජි වූ ලිඞග‍ත්ථගනකයැ, ඇජුරන් විසින් හෙරණ පැවිජි කරන ලදු වැ පිළිගනු4


1. පිළිගත්, හෙළිගත්. 2. අභබ්බපුග්ගලයෝ යි. 3. කා 4. පිළිගන්වනු.


41. සිඛවලඳවිනිස

කැපකරනු ආදී මාලු පැවිජි කිස කළ සංවාස‍ෙත්ථ නක යැ මෙ දෙක1 සමඟ කළ උභය‍ෙත්නෙකයැ යන මෙ සෙයින් ථෙය්යසසංවාසක තුන් වැදෑරුම් වෙ. තිත්ථියය පක්කන්තක නම් මාලු පැවිජියෙහි සිටැ තිථයන්ගේ ලද ගෙනැ ඔවුන්ගේ වෙස් ගත්තේ යි. භික්ඛුානීදූසක නම් පුවතත්2 මාගම් පැවිජ්ජ තුන් මඟ අතුරෙන් එක්තර ම‍ඟෙකැ මෙවුත්ධර්මක සෙවියේ යි. තිරච්ඡානගත නම් නා3 ගුරුළු ආදී තිරිසන්හු යි. මෙ මාතුඝාතකාදී එකොළොස් අභව්යු පුගුලනට හෙරණ පැවිජිදු නැති-

මොළොක් පිටු පරිජි ලම්බී පරිජි මියෙන් ගන්නා පරිජි මෙරමා නිමිතැ හිඳිනා පරිජ්ජ යන මෙ සතර අනුලොම් පරිජි නම්-


මොළොක් පිටු ඇත්තේ තමා හඳන් තමා මියෙන් ගනී එව් තමා වසමඟැ මෙහෙයා එව් පරිජි වෙ. මෙ මොළොක් පිටු පරිජි නම් -

දික් හඳන් ඇත්තේ තමා හඳන් මියෙන් ගනී එව් වසමඟැ මෙහෙයා එව් පරිජි වෙ. මෙ ලමඞි පරිජි නම්-

අනිකක්හු නිඳන්නහුගේ එවී ‍මළාක්හුනේ එව් හඳන් පැවිජි තමා මියෙන් ගනී නම් පරිජි වෙ. මෙ මියෙන් ගන්නා පරිජි නම්-

අනිකක්හු නිදන්නහුගේ එව් නො නිඳන්නහුගේ එව් නො නිඳන්නහුගේ එව් කර්ම ණ්යනවූ නිමිතැ තමාගේ වසමඟින් හිඳී නම් පරිජි වෙ. මෙ මෙරමා නිමිතැ හිඳිනා පරිජි නම්-

මෙහි කී මෙවුන්ධම් පරිජ්ජ අයිනාදන් පරිජ්ජ මිනිස් විකා පරිජ්ජ උතුරුමිනිස්ධම් පරිජ්ජ යන සතර හා මෙ කී අනුලොම් පරිජි හා මේ සූවිසි පරිජි -

දැකුම් ඇසුම් සැකකිරීම් නැතියා වැ උපසපන් පැවිජ්ජක්හු සස්නෙන් ගැළැවියැටි සිත් ඇතියා වැ


1. යන මෙ දෙක. 2. පුවතක්. 3. නිරද. 42 සිඛවලඳවිනිස

දොළොස් රියනින් ඇතුළු වැ සිටැ මෙහි කී මාතුඝාතක පිතුඝාතකාදී එකුන්විසි පරිජ්ජින් අතුරෙන් එක්තරා පරිජ්ජකින් තෙමෙ සොයා එව් අනිකක්හු ලවා සොයවා එව් ඔහු එවිගස දත සඟවෙසෙස් වෙ-

මෙහි දැකුම් නම් තමා මසැසින් එව් දිවැසින් එව් දුටුයේ යි. ඇසුයේ නම් තමා පියෙවි කනින් එව් 1දිව සොවින් එව් ඇසුයේ යි. සැක කිරීම් නම් තුන් වැදෑරුම් වෙ. මාගමක හා පැවිජ්ජින් හා පිළිසන් තැනැ දැකැ එව් පිළිසන් තැනින් නික්මෙන්නා දැකැ එව් මොහු පරිජි අවන්නහු වෙතී සැක කිරීම, පිළිසන් තැනැ මාගමක හා පැවිජ්ජන් හා බණන තෙපුල් අසා එහි අනුන් ඇති බැවැ නොදැනැ මොහු පරිජි අවන්නාහු වෙති සැකකිරීම, පැවිජ්ජන් සිරුරෙහි එව් වසන තැනින් එව් මල් ගඳසුරා2 ආදී සුවඳ අසා මාගමක හා මොහු පරිජි අවන්නාහු වෙතී සැක කිරීම යන මෙසෙයින් සැක කිරීම දැකුම් ඇසුම් සමරවීම්3 විසින් තුන් වැදෑරුම් වෙ-

මෙකී දැකුම් ඇසුම් සැකකිරීම් නැතියා වැ සස්නෙන් ගැළවියැටි සිත් ඇතියා වැ වැළැතැ සිටැ පරිජි වතින් තෙමෙ සොයා එව් අනිකකු ලවා සොයවා එව් ඔයහු එවිගස දත සඟ ‍වෙසෙස් වෙ. සඟවෙසෙසින් සෙවුව පචිති වෙ. ථුලැසි4 පචිති ඇවතින් පිළිදෙස්නී දුකුළා දුබැසියෙන් සොයා නම් දුකුළා වෙ. මෙකී පරිජි ආදී සත් ඇවැත් කඳින් හවනු නිසා සොයා නම් පචිති වෙ-

දැකුම් ඇසුම් සැකකිරීම් ඇතියාහටදු උමතු ආදී නටදු ඇවැත් නැති-

තමා විසින් සොයන පැවිජ්ජා මහලු පැවිජ්ජා යන වැවහර ඇති බැව, ඔහු නොපිරිසිදුවද පිරිසිදු යන සඤ්




1. දිවසෝධයින්, දිවසොතසින්. 2. මල්ගදක්රනර. 3. සැමරුම්. 4. ථුලැසිවතින්. 43. සිඛවලඳවිනිස

ඇති බැවැ, දැකුම් ඇසුම් සැක කිරීම් නැතියාවැ පරිජි වතින් සෙවූ බැවැ, සස්නෙන් ඔහු ගැළැවියැටි බැවැ, ඔහු එවිගස දත් බැව යන මෙ අමුලුසඟවෙසෙසැ පසඟි-

අමුලු සඟවෙසෙස් විනිස නිමි.

7 උපසපන් පැවිජ්ජක්හු සස්නෙන් ගැළැවියැටි සිත් ඇතියාවැ පරිජි අවදනා අනික් කැතයක්හු දැකැ ‘තෝ කැතයෙහි, පරිජි අවන්නෙහි’ මෙසේ කැතලෙසින් වැළැතැ සිටැ පරිජි වතින් තෙමෙ සොයා එව් අනුන් ලබා සොයවා එව් ඔහු එවිගස දත සඟවෙසෙසේ වෙ-

මෙහි ලෙස් නම්:- දැ4 නම් ගොත් ලිගු ඇවැත් පා සිවුරු චත්තෙරුන් ඇදුරුතෙරුන් සෙනසුන් ලෙස යන මෙ දසලෙසි මෙහි එක්තරා ලෙසකිනුදු සෙවුව සඟවෙසෙස් වෙ-

අඤ්ඤාභාගික සඟවෙසෙස් විනිස නිමි.

සඟවෙසෙස් ඇවැදැ ‘මා අවන්නේ සඟවෙසෙ‍ස කැ’ යි දැනැ එව් ‘මෙ බික්සඟනට නො වටී’ දැනැ එව් ‘මොහු අපට ගොරොක්හ’යි එව් නෑහයි එව් නො ඇරොජා පිළිසෙවිය සොයන1 අන්තරායක් නැති වැ අරුණු නැඟුව ඇවැත් පිළිසෙවුවා වෙ. දුකුළා ඇවැ තුදු වෙ. ‘මෙ මා කළ වරද සඟවෙසෙස් හෝ වෙයි නො වෙ හොයි එව් අනික් ඇවැතෙක් වෙ හොයි’ එව් ඇවැත් නැති යන සඤ්ඤ ඇතියා වැ එව් ඇරොජිකැ යුතු කෙනකුන් නො ලදින් එව් අන්තරායෙකින් එව් නො ඇරජු ච ඇවැත් පිළිසෙවුවා නො වෙ-

“නික්ඛිත්තකා‍ලතො පාඨාය පකතඨානෙ තිඨති” යු බැවින් සඟවෙසෙසට පිළියම් කෙරෙමින් ‍සිටැ නො නිපන් සැඳැ මියත් එමුල්නෙන් සගට මොකට ඩැහැ2 නැති වත් තුබු සැඳෑ පොහො පවුරුණට ඞහක් නො ද ඇති-

සත් සඟවෙසෙස් විනිස නිමි.

‍1. දෑ ලෙසින් 2. විසින් 2. ඩහයක්. 44. සිඛවලඳවිනිස

1. නො ඉටු නො විකැපු නො කල් සිවුරු දස දවසක් ඉකුම්වා නම් තිසැගි වෙ-

මෙහි ඉටන් දෙවැදෑරුම් වෙ, - කයින් ඉටීම්, තෙපු ලෙන් ඉටීමි, කයින් ඉටීමි නම්:- පොරණ1 සගළ “ඉමං සඞඝාටිං පච්චුඬාරමි”!යි පසුදුරා අලුත් සඟළ අතින් ගෙනැ මඳක් සොලවා “ඉමං සඞඝාටිං අඨිඨාමි”!යි සිතින් සිතන්නේ “ඉමං උත්තරා සඞගං - ඉමං අන්තරචාසකං පච්චුඬරාමි”!යි! පොරණ3 සිවුරු පසුදුරා අලුත් සිවුරු අතින් ගෙනැ මඳක් සොලවා -“ඉමං උත්තරාසඞගං- ඉමෙ අන්තරවාසකං අධිඨාමි”!යි වෙන වෙන මැ සිතින් ඉටන්නේ. මෙ කයින් ඉටන සේයි-

තෙපුලෙන් ඉටනසඳ සිවුරු අත්පසැ වුව “ඉමං සඞඝාටිං” “ඉමං උත්තරාසඞගං- ඉමං අන්තරවාසකං අධිඨාමි’!යි වෙන වෙන විසි බේ කොට ඉටන්නෙ. සිවුරු දොළොස් රියනින් දුරුවුව “එතං සඬඝාටිං- එතං උත්තරාසඞගං- එතං අන්තරවාසකං” යි විසි බේ කොටින් ඉටන්නෙ-

මෙ තුන්සිවුරු ‍ඉටන සෙ යි.

පිරිකරසොළ නමින් ඉටා තුබූ පිළි ගෙනැ කළ සිවුරු තුන් සිවුරු නිමින්! ඉටියැටි වුව පසදුරා පමණින් යුත් සිවුරු “ඉමං සඬඝාටිං අධිඨාමි”! යනාදී විසින් ඉටන්නෙ- මෙහි පමණ නම්:- සඟළ උතුරුසඟටද යටත්පිරි සෙයින් දිග මිටි පස්රියන් පුළුල මිටි තුන්රියන්, උඩත් පිරිසෙයින් බුදුන් සිවුරට උනු වැ වටී. අතුරුවසා සිවුරට දිග මිටි පස්රියන් පුළුල දෙරියන් වියත්. දෙරියනුදු වටී. මෙකි පමණින් උතු වුව අධික වුව පිරිකරසොළ නමින් ඉටන්නේ. පිරිකරසොළ නමින් ඉටන සඳ අතින්



1. පොරෝනා.

45. සිඛවලඳවිනිස

ගෙනැ මඳක් සොලවා එකක් වුව “ඉමං චීවරං පරික්ඛාර චොළං අධිඨාමි”! යි සිතින් සිතන්නෙ. බොහෝ වුව “ඉමානි චීවරානි පරික්ඛාරචොළානි අධිඨාමි”! යි සිතින් ඉටන්නෙ. තෙපුලෙන් ඉටන සඳැ අත්පසැ වුව “ඉමං චීවරා පරික්ඛාරචොළං අධිඨාමි”! යි විසිබේ කොටින් ඉටන්නෙ. බොහෝ වුව “ඉමානි” යි ඉටන්නෙ. දුර එක් සිවුරක් වුව “එතං” යි ඉටන්නෙ බොහෝ වුව “එතාති චීවරානි පරික්ඛාරචොළානි අධිඨාමි”! යි විසි බේ කොටැ ඉටන්නෙ. තුන්සිවුරු3 වුව පරිභොග නිසා පිරක‍රසොළ නමින් ඉටන්නෙ. එබැවින් පිරිකරසොළ නමින් ඉටු සිවුරු ඇත්තහු3 දුවඟ4 සමාදන්කළ තෙසි විරි නම් වෙ. සිවුරු කී පමණින් උනු වැ මැද සිල් වුව අත්පසින් වියෝ වැ අරුණු නැඟුව වරද නැති දැ විසින් ස සිවුරි - කොමුමුවා සිවුරු කපුමුවා සිවුරු තිහිරිමුවා සිවුරු පලස්මුවා සිවුරු ‍සැණමුවා සිවුරු කොමු ආදී මුසු කොට කළ සිවුරුයි. පටදු නිර්මිතදු5 දෙවාඟදු අනුලොම් සිවුරි. වඩුරියනින් රියන් දිග පුළු‍ලයෙන් වියත් කඩ පත්ති පෙරහන් ආදී පිරිකරසොළ නමින් ඉටියැයුතු. රියනින්6 උනුවූ කඩ ආදී දු කන්චයින් බිසි කොදු ගිදොල පට පවුරු සෙනසුන් සිවුරු දන් දෙන්නට පුදන්නට තුබූ පිළි නො ඉටුව වරද නැති. අනිකක්හට දීමෙන් අනිකකු විස්වසින් ගැන්මෙන් අසිඳ ගැන්මෙන් කලුරිය කරීමෙන් ලිගු පෙරැළීමෙන් පසුදිරීමෙන් ගිහි වීමෙන්7 පැවිජ්ජන් සිඛපස කීමෙනුදු ඉටන් බි‍නඳේ.8 (තෙසිවුරු නමින් ඉටු තුන් සිවුරු දිගත් වියතින් ඇතුළු සඟළ උතුරුසඟට සිවුරු පුඵලයේ5 අටගුලෙන් ඇතුළු ‍අතුරුවසා සිවුරු දිග වියතින් පුළුලයේ9 සතරගුලෙන් ඇතුළත් සිල්නිදු ඉටන් බි‍ඳේ.)† මෙහි සිල් නම් සුලැගිලි නියපිටු සා අතුරෙ හූ නැති සිල්-




1. සඟළද 2. තුන්සිවුරු 3. ඇත්තාහුදු 4. දුඅග 5. නෙතුදු.

    6.  රියනින් වියතින්.     7.  මාගම්පැවිජ්ජ ගිහිවීමෙන්.  8.  මි‍ඳෙ

9. පුලුලයෙන්: † ව්යා කූලයි. 46. සිඛවලඳවිනිස

පමණින් යුත් පයක් අතින් ගෙනැ මඳක් සොලවා “ඉමං පත්තං අධිඨාමි”, යි සිතින් සිතන්නෙ යි. මෙ කයින් ඉටන සෙ යි-

දොළොස්රියනින් වැළැතැ තුබූ පයක් අතින් නො ගෙනැ “ඉමං පත්තං අධිඨාමි”! යි විසි බේ කොටින් ඉටන්නෙ. දුරු වුව “එතං පත්තං” යි ඉටන්නෙ. මෙ විසි බෙ කොටින් ඉටන සෙ යි.- ඉටන විධි නිමි.

වික පුන් නම්: විකපුන් දන්නා පැවිජි කෙනෙක් නට මැ නො ඉටු එක් සිවුරක් වුව “ඉමං චීවරං තුය්හං විකපේපමි” යි විකපන්නෙ. මෙසෙ විකැපූ සිවුරු නො ඉටා තබත් ඇවැත් නැති. පරිභොග කරත් අන්නට දෙත් ඉටත් නො වටී. විකපනලද පැවිජ්ජන් විසින් මය්හං සන්තකං පරිභූඤ්ජ වා විස්සජේජහි වා යථාප්පච්ච යං කරොහි” යි* මෙසෙ පසුදුළ සැඳැ පරිභොග ආදී වටී. නො පසුදුළ සැඳැ පරිභොග කරත්. පචිති වෙ. නො පසුදුළ විස්වසින් පරිභොග ආදී කරත් වටී. බොහෝ වුව “ඉමානි” යි විකපන්නෙ. දුරුවුව “එතං” “එතානි චීවරානි” සි විකපන්නෙ. පසුදුරන්නහුදු “මය්හං සන්තකානි පරිභූඤ්ජ වා විස්සජේජහි වා” යනාදී විසින් පසුදුරන්නෙ. පයට ද මෙමැ තියමි. “ඉමං පත්තං විකපේපමි” යනාදී නම් මතු තොර- විකපන විධි නිමි.

වප්මස මැඳි පොහොයින් හිල්මස මැඳි පොහෝ දක්වා මෙ මසක් දවස් කිළින් නො අතුළ වෙහෙර සිවු රට කලි. සෙසු එකොළොස් මස් නො කලී. කිළින් අතුල ගිමත් සාරමස් ලා මෙ පස් මස සිවුරට කලි. සෙසු සත් මස නො කලි. මෙ නො කල්හි උපන් සිවුරු ලද දවස් එකැ යි ගැණැ දස දවසක් ඉකුම්වා එකොළොස්වන අරුණ නැගුව නිසැගි වෙ-




• විනයට්ඨ කථා 467 46. සිඛවලඳවිනිස

කල්හිදු සඟහට අයල් සිවුරු නමින් උපන්නෙයිදු ගණසතු පුගුල්සතු නෑපැවැරූවත් කෙ‍රෙන් ලද්දෙයිදු පසුල් විසින් ලද්දෙයිදු දස දවසක් ඉකුම්වුව නිසැඟි‍ වෙ-

නිසැඟි වු සිවුරු පැවිජි කෙනෙක්නට “ඉදා මෙ භන්තෙ! චීවරං දසාභාතික්කන්තං තිස්සග්ගියං ඉමාහං ආයස්මතො නීස්සජාමි” යි නිසජා1 ඇවැත් දෙසන්නෙ. මෙසෙ නිසජු සිවුරු “ඉමං චීවරං ආයස්මතො දම්මි” යි හිමියහට මැ දියැ යුත්තෙයි. ‘මට දුන්නෙයැ’ යි සක සඤ්ඤයෙන් නොදේ නම් දුකුළා වෙ-

සකස්සඤ්ඤ නැතියා වැ ලෙසිත් ගනී නම් දෙදෙනා ධුර නිඛෙවින් බඩු තුබුසෙයින් පරිජි ඇවැත් වෙ-*

නිසැගි වුව නො තිසජා පරිභොග කෙරෙ නම් දුකුළා වෙ-

ඇතුළු දස දවස අන්නට තිසජ්ව අනුන් විස්වසින් ගන්නටද ඉටුව විකැපුව ඇවැත් නැති. උමතු ආදීනටදු ඇවැත් නැති-

2 සඟහු විසින් ගිලන් පැවිජ්ජනට තුන්සිවුරෙන් වියෝ වැ විසුව වරද නැති යි දුන් සම්මුති නැතියා වැ කිළින් නො අතුළ නො කලැ යි ගත් එකොළොස් මස එව් කිළින් අතුළ නො කල්වූ සත්මස එව් තුන්සිවුරෙන් සිවුරකුදු අත්පසින් වියෝ වැ එක් අරුණකුදු ඉකුම්වුව නිසැඟි වෙ-

මෙහි අත්පස් නම් යෙළ දෙරියනි.2 එක් පුඟුලක් හුගේ සෙනසුන් වී නම් ව‍ටාලු වැටපවුරු ආදි පිරිඛෙව් ඇත් නම් ඇතුළු සෙනස්නේ සිවුරු තබා කැමැති තැනෙකැ දවස් ලත් වටී. පිරිඛෙව් නැති වුව සිවුරු තුබූ ගැබැ හෝ විසියැ යුත්තෙ යි. ගබ්හි දෙරියන් වියත් අත්පස්හි යෝ විසියැ යුත්තෙ යි. ගබ්හි දෙරියන් වියත් අත්පස්හි හෝ විසියැ යුත්තෙ යි. නො එක් පුඟුලන්ගේ


1. නිසදා. * “සාම්කස්ස ධුරතිකේඛපෙන භණ්ඩං අග්ඝා පෙත්වා. කාරෙතඛේඛාති” කඬ්ඛාවතරණී. 57. 2 රියනි.

47. සිඛවලඳවිනිස

සෙනසුන් වුව පරිඛෙව්දු ඇත සිවුරු තුබු ගබ්හි එව් ගබ් දෙරියන් වියත් අත් පස්හි එව් සර්වතසාධාරණ1 දොරමුල් ලෙහි එව් දොර අත්පස්හි එව් විසියැ යුත්තෙ යි. පිරිඛෙව් නැත සිවුරු තුබු ගබ්හි එව් ගබ අත් පස්හි එව් විසියැ යුත්තෙ යි. මෙ ගැමින්2 බැයහැර සෙනස්නෙ විනිසයැ-

සෙනසුන් අත්පස් කරනු ඇත්ගම්හි3 මියැ ගැමන්2 බැහැරැ නො ලැබ. අරුණු නැ‍ඟෙන විගස සිවුරු අත්පස නොකටහොත් පසුදුරා අල්ලෙ ඉට‍ාගන්නෙ වටී. නිසැගි වුව “ඉදං මෙ භනේ‍ත! චීවරං රත්තිං විප්ප වුත්ථංන අඤ්ඤත්රග භික්ඛු සම්මුතියා නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි නිසජා ඇවැත් දෙසන්නෙ-

3 දෙමාපියන් ආදී නෑයන් හා සිය ලේ නෑකම් නැති උභතොසඟගි උපසපන් මාගම් පැවිජ්ජ ලබා එක් චටෙක්හිදු පරිභොග කළ රැඳු පොරණ සිවුරු දොවා නම් රඳන් කරවා නම්4 කොළවා නම් නිසැගි පචිති වෙ. දොවනු ආදී දෙකක් කැරැවුව නිසැග්ගක් හා දුකුළා වෙ. දොවනු ආදී තුනක් කැරැවුව නිසැග්ගෙක් ‍හා දෙ දුකුළෙක් වෙ. “ඉදං මෙ භනෙත! පුරාණ චීවරා අඤ්ඤාතිකාය භික්ඛුනියා ධොචාපිතං නිස්සග්ගියං. ඉමාහං ආයසම තො නිස්සාජාමි” යි නිසජා ඇවැත් දෙසන්නෙ-

4 යටකී සලකුණු ඇති නොනෑ මාගම් පැවිජ්ජ අතින් යටත් පිරිසෙයින් ඉටන් පො‍ෙහානා සිවුරක් අරළු පකක් මාත්රට නොදී ගනී නම් නිසැගි වෙ. අනුපසපනක්හු අත්හි දී එවුවා එව් ඈ බෑර පීවා පසුල්සඤ්ඤයෙන් එව් කිසි වතක් දී එව් දෙමියන ආහොග ඇතියාවැ එව් විස් වසින් තව්කැලි කොටින් එව් ගනී නම් ඇවැත් නැති. “ඉදං මෙ භනේත! චීවරං අඤ්ඤතිකාය භික්ඛුනියා භත්ථ තො පග්ගහිතං අඤ්ඤත්රස පාරිවට්ටකා නිසග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි නිසජා ඇවැත් දෙසන්නෙයි-



1. සව්සාධාරණ. 2. ගැබින් 3. ඇත්ගබ්හි. 4. රඳන්වානම් 49. සිඛවලඳවිනිස

5 පස්සහධැමියන් තබා නොනෑ නො පැවැරූ ගිහි මිනිසක්හු අසුන් සිවිරි නට සිවිරි නොවැ අරවා ගනී නම් තිසැගි වෙ. අසුන් සිවිරි වැ හෝ නට සිවිරි වැ හෝ හඳනා පොරෝනා මාත්රීයක් අරවාගත ඇවැත් නැති. නිසජනසඳ “ඉදිං මෙ භනේත! චීවරං අඤ්ඤතිකං ගහ පතිකං අඤ්ඤත්ර සමයා විඤ්ඤපිතං නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි තිසජා ඇවැත් දෙසන්නෙ. අනිකක්හු තකා විනවත් එව් තමා නෑ පැවැරුවන් එව් විනවත් ඇවැත් නැති-

6 රන් රිදී මසු කහවණුහි එක්තරා වතක් කිහි වක්හු1 තමහට තකා දෙනු2 ලබන්නා තෙමෙ ගනී එව් තමහට තකා අනිකකු ලවා ගන්වා එව් හිමියෙ එව් පර විටිලියෙහි එව් තුබූවාක් මෙ තොපට දෙමි යි කියනලද්දා නො වටී නො කියා සිතින් ඉවසා එව් ගත නිසැගි වෙ. ගතැටි වැ ද මෙ තො වටි යි කියා නම් වරද නැති නො ගතැටි වැ මෙ නො වටී නො කියා නම් වරද නැති රන් රිදී මසු කහවණුහි යමක් යමක් ගත වත්ගණනින් නිසැගි වෙ. නිසජනසඳ “අහං භනේතෙ! රූපියං පටිග්ග හෙසිං ඉදං මෙ නිස්සග්ගියං. ඉමාහං සඞඝස්ස නිස්ස ජාමි” යි මෛස සඟමැඳ මෙ නිසජා පැවිජි කෙනකුන් කෙරෙ ඇවැත් දෙසන්නෙ-

මුතු මැණික් වෙරළුමිණි රන් කසුකම් කළ සක් සල පබළු රත්මිණි විරිවන්මිණි හැල් ආදී හැම ධඤ්ඤදු දස් දැස් ගෙරි සරක් ආදී මෙ දුකුළා වත් තමහට ගනී නම් දුකුළා වෙ. මෙ දුකුළා වතුදු කැල කී රන් ආදී නිසැඟිවතුදු අනික් පුගුල් සඟගණ මහසෑ නවාමටද තකා දුකුළා වෙ. නිසැගි වත් දුකුළා වත් මහසෑයට නවාමට දෙමි යි කිව පිළිඛෙව් නොකොට ඇරැමි ආදීනට මොහු මෙසෙ කියතී කියත් වටී. රන්





1. කහිවක්හු 2. දෙන්නා 50. සිඛවලඳවිනිස

රිදී ආදී වත් ‍ෙමාහු ගත්හයි කුකුස් කරන අරම් ආදී තැන පියාගියා හිමියනට දෙමි ගෙනැ තබත් වටී. උමතු ආදීනටත් වරද නැති-

නිසැගිවතින් උපන් රුක්සේ වළල්ලෙහිජු පිළිගත්1 පැවිජි හිඳී නම් දුකුළා වෙ-

7 රන් රිදී මුසු කහවණු යන මෙ නිසැගිවතින් නිසැගිවත් එව්† දුකුළාවත් එව්2 කැපවත් එව් බැවහර3 කළ නිසැගි වෙ. මෙහි කැපවත් නම් උඳු මුඟු සිහිවැල් කපු ආදියි. දුකුළෘවතින් කැපවතින් නිසැගිවත් බැවහර කළ නිසැගි වෙ. දුකුළාවතින් දුකුළාවත් එව් කැපවත් එව් බැවහර කළ දුකුළා වෙ. කැපවතින් බැවහර කළ දුකුළා වෙ5 බැවහර මත්තෙ සිඛයෙහි කියනු ලැබෙ මෙ සිඛයෙහි කීයෙ පස්නිසැග්ගක් හා තුන් දුකුළාවෙක් වෙ. “ අහං භනේත නානප්පකාරකං රූපියසංවො‍හාරං සමාපජ්ජිං. ඉදං මෙ භනේතෙ! නිස්සග්ගියං ඉමාහං සඞඝස්ස නිස්සජාමි” යි සඟමාදැ මෙ මෙසෙ නිසජා පැවිජි ‍කෙනකුන් කෙරෙ ඇවැත් දෙසන්නෙයි. මෙ සිඛයෙහි සෙසු විනිස අනතුරු සිඛයෙහි කී සෙයින් දත්නෙ-

8 පස්සගධැමියන් හා මිසැ දෙමාපියන්ගෙ කැප වතකුදු තමාගෙ කැපවතින් මෙ ගෙනැ මෙ දෙවයි බැවහර කොටැ ගනී නම් නිසැගි වෙ. මෙ ගෙනැ මෙ බිදැ මෙ කා මෙ දෙ මෙ කර මෙ ගෙනෙ යි කියා එව් මෙ ගන්වනු ආදී කෙරෙ නම් නිසැගි වෙ. මෙ අපට ගෙනැ දෙයි අනිකක්හු ලබා බැවහර කරවා එව් අපගෙ වත් ඇති ඇපි තෙලෙ කැමැත්තෙම්හයි කී සඳ මෙරමා දුන් වතක් ගනී එව් තෙමෙ මිල නො කොට මෙරමා කළ



1. රන් රිදී පිළිගත්. † විනයට්ඨකථා 505 පිට බලනු. 2. දුකුළාවතින් දුකුළාවත් එව්. 3. ව්යිවහාර 4. කැපවතින් කැපවත් දුකුළාවන් බැවහර කළ දුකුළා වෙ.


51. සිඛවලඳවිනිස

මිලයෙන් ගනී එව් මෙ කුමක් අග්ගි අග පුළුවුසි එව් ඇවැත් නැති. නිසැජනසඳ “අහං භනේ‍ත! නානාප්ප කාරකං කයවික්කයං සමාපජ්ජිං. ඉදං මෙ නිස්සග්ගියං ‍ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි පැවිජි කෙනෙක්නට නිසජා ඇවැත් දෙසන්නෙ. පස් සහධැමියන් හා කැප වතින් බැවහර කළාහටද උමතු ආදීනටදු ඇවැත් නැති-

9 නො ඉටු නො විකැපු පමණින් යුත් පා ලද දවස් එකැයි ගැනැ දස දවසක් ඉකුම්වා එකොළොස් වන අරුණු නහා නම් නිසැගි පචිති වෙ. නිසජන සඳ - “අයං මෙ භනෙත! ප‍තේතා දසාහතික්කනේතා නිස්සග්ගියො. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි පැවිජි කෙනෙක්නට නිසජා ඇවැත් දෙසන්නෙ-

මෙහි පමණින් යුත් පා නම්:- මොනවට සුදු කොට පැහැසි නොකඩ පරණ ගැල්සහල් මගධනැළියෙන් දෙ නැළියක් ගෙනැ නො උයාලා නො විලිකුන් නො කැටිවූ නිය පා පක් කොඳ කැකුළු සුදුසුවූ සවක් වතුදු මෙ බත් සතර කොටසින් කොටස පමණ අතින් ගෙනැ යා හැකි මුගුහුජු අවසන් පිඬු දක්වා පිඬට පිඬට සෑහෙන මස්මසාදී ව්යපඤ්ජනුදු පයක එවැ ගිරටක් හො හුයක් හො හුයක් හො ගෙනැ මුව විටින් ගහන සඳ ගිරට නො පහරී නම් මෙ උකටභිඋකට පා නම්. පහරී නම් උකට පා නම් හිරටින් ඉතිරි වැ තුබූයෙ නම් උකටෙහි ඔමුපා නම් මෙකී තාක් බත් සූපව්යහඤ්ජන සමහරක් ගෙනැ පයක ලා හිරටක් හෝ හූයක් හෝ ගෙනැ මුවවිටින් ගහනසඳ හිරට නො පහරී නම් මෙ මැඳුමෙහි උකට පා නම් පහරී නම් මැඳුම් පායි. ඉතිරි වැ ‍තිබී යේ නම් මැඳුමෙහි ඔමුපා නම්. මැඳුම් පයට කී තාක් බත් සූපව්යපඤ්ඡන සමහරක් ගෙනැ පයක ලා හිරටක් ගෙනැ මුවවිටින් ගහනසඳ හිරට නොපරී නම් ඔමුයෙහි උකට පා නම් පහරී නම් ඔමු පා නම්. ඉතිරි වැ තිබීයේ නම් ඔමුයෙහි ඔමුපා නම්. මෙ නව පය උකටහිඋකට පාගා





52. සිඛවලඳවිනිස

ඔමුයෙහි ඔමු පාහා මෙ දෙපය තබා සෙසු සත් පය පමණින් යුත් ඉටන් පොහෝනා පායි. මෙහි මගධනැළි නම් මැඳුම් පිරිම්නියක්හු අතින් අටපතක් ගන්නා නැළියයි-

සිවි නඟා පක් පයක් ලදින් තමා කෙරෙ ඇති පොරණ පා පසුදුරා දස දවසක් නො ඉකුම්වා ඉටන්නෙ යි. දෙපා ඉටත් නො වටී. පය හෙටු1 කරම්හයි පිසත්2 නො වටී. පය මුවවිටින් යට දෙ අඟුලෙන් ඔබ්බෙ එක් තණඔළක් නික්මෙන සිදුරෙකිනුදු යට සිවු‍රු සිඛයෙහි කියූ අනිකක් හට දීමෙන් යන ආදි අට කරුණෙනිජු3 පය ඉන් ‍බි‍ඳෙ. බදුලු ආදිනෙන් පය සිල් හැසවා නැවැතැ ඉටා ගන්නෙ. ඉටන විකපන විධි සිවුරු සිඛයෙහි කී සෙයින් මැ දන්නෙ-*

10 උනු පස්බාන් ඉටන් පොහෝනා පා ඇති යා වැ නො නෑ නො පැවැරූ ගිහිමිනිසුන් අයත් පයක් විනවා ගත නිසැගි පචිති වෙ-

මෙහි උනු පස්බාන් පා නම්: මුවවිටින් යට වඩු අඟුලෙන් දසගුලෙන්උනු වැ බුන් පායි. නන් නන් තැනැ බුන දෙදෙඅඟුලේ එකි එකී බාන් බැවින් ගැණැ ගන් නෙ. පස්බාන් එව් අයිරා පස්බාන් එව් ඇතිවූ පා බදුලු ආදිනෙන් තරකළද දුප්පරිභොග කරත් එව් අනෙක් පයක් විනවාගනුත් එව් වටී. යපා වුව බොහෝ ගෙඩි හෙළුවද සන්නිධි නො සිටී නම් අනික් පයක් විනවා ගනුත් නො වටී. සන්නිධි නො සිටිනාක් නො ‍කට හැකි වුව අනික් පයක් විනවා ගනුත් වටී. උනු පස්බාන් පා ඇතියා වැ එව් අමින් නො සිටිනා පා ඇතියා වැ එව් විනවාගත් පා සඟ මාදැ4 නිසජිය යුත්තේයි. නිසජන පැවිජ්ජන් මිසැ යටත්පිරිසෙයින් සතරපස්5 පැවිජි කෙනෙකුන් තමන් තමන් පරිභොග කරන පා ගෙනැ


1. හෙතු. 2. පිසිත්. 3. අටකුරානිජැ. * 40 පිට 4. මැදැමැ. 5. සතර



53. සිඛවලඳවිනිස

මළුවට නැගී අත්පස් නො පියා හිඳිනේ. පා විනවාගත් පැවිජ්ජන් විසින් “අයං මෙ භනේත! පතේතා ඌණ පඤ්චබන්ධානෙන පතේත න චෙතාපිතො නිස්සග්ගියො. ඉමාහං සඞඝස්ස නිස්සජාමි” යි නිසැජියැ යුත්තෙයි. ඉකිබිති ඡන්දඉ දොස මොහ භයාගලති නොයන1 ගැන්වූ නො ගැන්නුවා ජන්නා පැවිජු කෙ‍නකුන් ‘සුණාතු මෙ භනේත! ස‍නෙඞයා ආදී සඞඝස්ස පත්තකල්ලං ස‍ෙඞඝා ඉත්ථමන්නාමං භික්ඛුං පත්තගාහාපකං සම්මනේනය්යන එසා ඤත්ති. සුණාතු මෙ භනේ‍ත! ස‍ෙඞඝා ඉත්ථකන්නාමං භික්ඛුං පත්තගාහාපකං සම්මන්නති! ය ස්සා යස්මතො ඛමති ඉ‍ත්ථතන්නාමස්ස භික්ඛුනො පත්පත්තගාහාපකස්ස සම්මති‍ සො තුණහස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්යම. සම්මතො ඝ‍ෙඞඝන ඉත්ථ්න්නාමො භික්ඛු පත්තගහා පකො ඛමති සඞඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි” යි සමජනෙ. මෙහි “ඉත්ථතන්නාමං” යනාදී තැන්හි

මෙසෙ සැමැජි පැවිජ්ජන් සහමැඳැ නිසජූ පය ගෙනැ හංතෙර පැවිජ්ජනට පයැ ඇති ගුණ කියා ගන් වන්නෙ. ගත ඔවුන්ගෙ පය ගෙනැ නො ගත එමැ පය ගෙනැ ඉක්බිති පැවිජ්ජනට පය ඇති ගුණ කියා ගන් ‍වන්නෙ මෙසෙයින් හැම දෙනා ගන්වා කෙළවර ලද පා ගෙනැ මෙ පා බි‍ඳෙන තාක් තොප පරිභොග කට යුතුයැ යි නිසජු පැවිජ්ජහට දියැයුත්තෙ. මළුවට නැගි බික්සඟ නපුරු පා දී මනා ‍පා ගතැටි වැ නපුරු පා ගෙනැ යෙත් නමුදු ඔහු කෙරෙ අනුකපියෙන් නො ගනී නමුදු දුකුළා වෙ. අපිසින් නො ගත වරද නැති-

පා නිසජු පැවිජි සඟ පා නිසජා සඟින් ලදස පා දුප්පරිභොග කෙරෙ එව් නසන්නට නිසි තන්හි තබා එව් අන්නට දෙ එව් දුකුළා වෙ. අන්හු අනික් පයක් දී එපය ගනිත් නම් වරද නැති-




1 නොවූ


54. සිඛවලඳවිනිස

10 වැළැඳියැයුතු ගිතෙල් මී වෙඬුරු තෙල් සකුරු පිළිගන්වා ගෙනැ සත්දවසක් ඉකුම්වා නම් නිසැගි පචිති වෙ-

මෙහි වැළැඳියැයුත්තෙ නම් ගිතෙල් ආදී උග්හු1 පිළිග්හු2 නො වූයෙයි. පිළිගතයුතු වතක් නො පිළිගත් බව දැනැ දැනැ නඟා ගත මෙ උග්හු1 නම්. බිමැ බහා තබයිජු නො බහා තබයිජු නැවත ඒ පිළිගන්වා ගනී ‍නම් මෙ පිළිග්හු2 නමි. මෙ කී සෙයින් උග්හු පිළිග්හු2 වූ ගිතෙල් ආදි පිළිගන්වා ගත් සත්දවසක් ඉකුම්වුව නිසැගි නො වෙ. වළඳත් නො වටී. සිරුරු ගාහන ආදී බැහැර පරිභොග වටී. මස් නො වැරූ සතුන්ගෙ වෙඬු රුදු ගිතෙලු ලු නිසැගිවත් වෙ. සෙසු වෙඬුරුදු ගිතෙලුදු දුකුළාවත් වෙ. තල‍ෙතල් මී තෙල් එඬුරු3 තෙල් සිද්දතු තෙල් වසාතෙල් නිසැගිවත් වෙ. සෙසු තෙල් දුකුළාවත් වෙ. කණවෙ මැස්සහ දඬුඑල්බෑ මැස්සහ මහබමර මැස්සහ මිහිමැස්සහ යන මෙතෙක් දෙනා විසින් ඔත් මී නිසැගිවත් වෙ. සෙසු මී දුකුළාවත්‍ වෙ. පක් නො පක් උක්රස නිසැගි වත් වෙ. සිහිල් දියෙ මීජ ලා තබා නො මැඩැ පරහාගත්4 මීප් දුකුළාවත් වෙ. ගිතෙල් ආදී4 සතැවුකැලිවත් පිළි ගැන්වූ දවස් එකැයි ගැණැ සත්දවසක් ඉකුම්වා අටවන අරුණු නැගුව නිසැගි පචිති වෙ-

නිසජන සඳ - “ඉදං මෙ ‍භනේත! භෙසජ්ජං සත්තා භාතික්කන්තං නිස්සග්ගියං. ‍ඉමාහං ආයස්ම‍ෙතා නිස්ස ජාමි” යි පැවිජි කෙනෙක්නට නිසජා ඇවැත් දෙසත් නෙ. නිසජා ලද බෙ‍හෙද් සති ඇතුළු බැහැර සිරුරු පරිභොගයට නො වටී. වැටුප් පහන් ආදියට එව් අනු පසපනක්හට දෙනු එව් වටී. සතී අහතුරෙහි සුද්ධසිතින් උපසපන් පැවිජි නෙනෙක්නට නිසජුව පිළිගත් සත් දවස ඉකුත නිසැගිජු ඇවැතුදු නො වෙ. දෙදෙනාහටද



1. උග්ගූහු. 2. පිළිග්ගුහු. 3. එරුඬු 4. පරාගත්. 5. ආදීවූ.


55. සිඛවලඳවිනිස

වළඳත් නො වටී. සෙසු හැම ‍පරිභොගයට වටී. සතී අභතුරෙහි1 අනුපසපනක්හට සුද්ධසිතින් පියා ලද්දෙ නැවත සතියකට වටී-

* කිරි දිහි උක්දඬු තල එව් පෙරවරු පැවිජ්ජො පිළිගන්වා ගෙනැ වෙඬුරු ගිතෙල් සකුරු තෙල් කොළො නම් එ දවස් පෙරවරු නිරාමිසවැ මෙ වටී. පස්වරු පටා වළඳත් නො වටී. තුමුහු ගිනියැ නො පිසැ කොළො නම් එ දවස් පෙරවරු සාමිසවැයිදු වටී. කිරි එව් උක්දඬු ආදී එව් යව්කැලිවත් පස්වරු පිළිගන්වා ගෙනැ කළ වෙඬුරු සකුරු ආදී නො වටී. අනුපසපනක්හු ගිගුරු ආදී සව්දිව් කැලි මුදු කොටැ පෙථෑ උක්රස නිරාමිස වැ සත්දවසක් වටී. ලුණු මිරිස් ආදී යව්ජිව්කැලි මුසු කොටැ මැඬි දඹපැනු ආදී පස්වරු වටි. ‍අනුපසපනක්හු කිරි ආදී යටකී යව්ජිව්කැලි වත් ලා තෙල් පක්හු නම් එහි කහා නො වටී- තෙල් වටී. බෙහෙද් අඹියෙහි වළස් තෙල් හූරුතෙල් ආදී කැමැති තෙලක් එවැ බොත් වටී. අයප කිරි දිහි වෙඬුරු ගිතෙල් නම් නැති. පිළිගත් වෙඬුරුහි සියුම් දිගුළිකාදු තක්බිඳුදු සිඟා ලද ගිතෙල් මීතෙල් වෙඬුරුහි සහල්හුළු ආදී වී නම් අබේබාරිකායි. ගිනියැ නො තවා එහැරැ පෙරවරු පස්වරු වළඳත් වටී. මී බියල් සිද්දතු3 ආදී යව්ජිව්කැලි වත් තෙල් තකා පිළිගන්වා තබා සත්දවසක් ඉකුම්වා නම් නිසැගි නො වෙ- දුකුළා වෙ. ගිතෙල් ආදී වත් නො මුදු කොටැ වෙන වෙන තබා සත්දවසක් ඉකුම් වුව වත් ගණනින් නිසැගි වෙ. එක් බජු‍ෙනක්හි මුහු කොටැ තබා සත්දවසක් ඉකුම් වුව එක් නිසග්ගෙක් වෙ. සතවුකැලි යව්දිවිකැලි වත් පස්වරු ඇති පසයෙහි පස්විකා වළඳත් වටී. පය ඇත නො පස්විකා වැළැඳුව එව් පස්නැති වැ පස්විකා වැළඳුව එව් නො වටී. දුතිය දවස් පටා5 පෙරවරු පස්වරු නිරාමිස කොටැ වළඳත් මෙ මෙ තියෙ. පස්වරු




1. සති අතුරෙහි, සතී අයතුරෙහි. 2. නොමුහු. 3. නොතබා

  • පාළිමුත්තකවිනය විනිශ්චය 97 පිට 4. සිඬතු. 5. පවා:

56. සිඛවලඳවිනිස

පිළිගත් සතර කැල්ලන් එදා පෙරවරු මුසු කොටැ නො මුසු කොටැ වළදත් පස නැතද වටී. පනු පස්වරු පැන් පවස් මාත්රා ඇත වටී. සකුරු පැන් කකාළදු නො කකාළදු1 පස් නැතදු වටී. බැහැර සිරුරු පරිභොග නිසා පිළීගන්වා ගත් සතැවුකැලි සත්දවසක් ඉකුම්වුව වරද නැති. වැළැඳියැටි වැ වළඳත් වටී. පටනැ නො පිළිගත පිළිගන්වා ගෙනැ වළඳන්නෙ. වැළඳු සත් දවස් නො ඉකුම්වා පුන පියන්නෙ-

12 උපසපන් පැවිජ්ජක්හට සිවුරු දී එක්තරා කරුණෙකින් නො සියමනා වැ ‍මාගෙ සිවුරු මැම්මැ ගන්මි යන සකසඤ්ඤයෙන් විකපුන් පොහොනා සිවුරු වුව ගත වත් ගණනින් නිසැඟි පචිති වෙ. අනිකක්හට හැරැගනැයි ඇණැවූ සඳ දුකුළා වෙ. යම්තාක් ගනැයි ඇණැවිද ඔහු ගත්සඳ එ වත් ගණනින් නිසැගි පචිති වෙ -

උපපසන් පැවිජ්ජාගෙ කි සිවුරු තබා සෙසු පිරි කරක් එව් සකසඤ්ඤයෙන් ගනී එව් ගන්වා එව් වත් ගණනිදු දුකුළා වෙ. නිසජන සඳ “ඉදං මෙ භනෙතෙ! චීවරං භික්ඛුස්ස සාමං දත්ථාහ අචජින්නං සිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි පැවිජි කෙනෙක්නට නිසජා ඇවැත් දෙසන්නෙ. විසිවසින් ගනී එව් නො දැහැවැ ඔහු අරවා ගනීඑව් මෙරමා දැහැ වැ නො දැහැව දුන්නෙන්2 ගනී එව් වරද නැති-

13 නො නෑ නො පැවැරූ ගිහිමිනිසක්හු අයත්හු විනවා ගෙනැ නො නෑ නො පැවැරූ පෙහෙරකු ලවා සිවුරු වියවන සඳ පෙහෙරාගෙ හැම පියොවින් පැවිජ්ජනට දුකුළා වෙ. වී සිවුරු ලද කළ නිසැගි පචිති වෙ. නිසජන සඳ “ඉදං මෙ ‍භන්තෙ! චීවරං සාමං සුත්තං විඤ්ඤපෙත්ථාෙ තන්තවායෙහි වායාපිතං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි පැවිජි කෙනෙක්නට නිසජා ඇවැත් දෙසන්නෙ-




1 නොකකාළත්. 2. දුන්නේ නම්. 57. සිඛවලඳවිනිස

14 ‘සඟහට දෙම්හ’ යි පිරිණැමූ ලාභයක් සඟහට පිරිණැමුබව1 දැනැ දැනැ ‘අපට දෙව’ යි තමහට පිරිණමා ගත නිසැගි පචිති වෙ. නිසජන සඳ “ඉමං මෙ ‍භන්තෙ! ජානං සඞඝිකං ලාභාං පරිණතං අත්තනො පරිනාමිතං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො සිස්සජාමි” යි පැවිජි ‍කෙනෙක්නට නිසජා ඇවැත් දෙසන්නෙ. නො දැනැ පිරිණැමුව ඇවැත් නැති-

තුදුස් නිසැගි විනිස නිමි.