සිඛවලඳ හා සිඛවලඳ විනිස - සිඛවලඳ ප්‍රදීපය iii

239 සිඛවලඳ ප්ර දීපය

පූකිස :- සීමාවට පැමිණි භික්ෂූනන් විසින් පාමොක් උදෙසන්නට ප්රිථ‍මයෙන් කටයුතු කෘත්යෂය සෘතු විචෑරීම් ආදියයි.

පූභා :- පූර්වය අවස්ථාව (පුබ්බභාග - පූභව - පූභව් - පූභා)

පෙණහෙන් :- පණාවෙන් (ඵෙණ - පෙහෙණ - පෙණෙහ)

පෙණහෙළි :- ගිනිපෙණෙළි (පණාළි - පෙණෙළි - පෙණහෙළි)

පෙරටින් :- ඉදිරිපසින්. (පුරත්ථබ - පෙරට)

පෙරවරියෙහිජු :- පෙරවරුයෙහිත්. (පෙරවරු - පෙරවරි)

පෙරවරුමතු :- පූර්වායහ්ණය පමණක්

පෙරවයන වසානොවූවාහු විසිනුදු :- පෙරවසෙහි වස් නොවැසූවාහු විසිනුත් වස්විසීම පෙර වස්විසීම් ‍පසුවස් විසීම් වශයෙන් දෙ පරිදිය. පෙරවස ඇසළ පුර පසළොස්වකදාත් පසුවස නිකිණි පුර පසළොස්වකදාත් වසනු සිරිති. මෙහි වසන ශබ්දය වස්සාන ශබ්දයෙන් එන්නකි. වසා නොවූවාහු යන්නෙන් වස් නොවිසුවාහු යන අර්ථෙය ගත යුතුය. (වස්ස - වසා) “ව” ධාතුව වීම් අර්ථයෙහි මෙන්ම විසීම් අර්ථයයෙහිත් යෙදේ.

පෙහෙරක්හු :- රෙදි වියන්නකු ලවා (පෙසකාර - පෙහෙර)

පොත්රූ :- මැටි සහ ලෝහාදියෙන් සාදනු ලබන බෝනික්කන් වැනි රූපවිශෙෂ. (පොත්ථසක - පොත්)

පොරණසිවුරු :- පුරාණ සිවුරු. කඨිනයක් අතිරීමේදී ඒ කඨිනය අලුත් සිවුරක් වන අතර පො‍රොවා ගෙන සිටින සිවුර පරණ සිවුරු සඞඛ්යාසයෙහි ගැනේ.


240 සිඛවලඳ ප්ර දීපය

පොලොබා නම් :- යම් යම් දේ දීමෙන් ආශා කරවා නම්. (පලොහෙති -පොළොබයි - පොලොබා)

පොලොබන විසින් එව් :- ප්රදලොහ කිරීම් වශයෙන් හෝ

පොළොවි :- පොළොව වේ. (පොළොවයි - පොළොවි) පොටකීතුල :- තෘණ පුලුන්

බග්මස :- චන්ද මාස ක්ර-මයේ හැටියට ප්රඨථම මාසය. (මාර්තු අප්රේපල්) මේ මාසය ලෝවැස්සන්ට භාග්ය:දායක හෙයින් නම අනුරුත්ය (භාග්යහ - බග - බග්) බණවර - එකවරකට කටපා‍ඩමෙන් කියා නිමවියැ හැකි තරම් බණ කොටසක් බණවරකට අටකුරු ගාථා 250 කි. එකකාරණයක් විස්තර කරමින් වාදාළ බණ කොටසකටත් ඒ නාමය යෙදියැ හැකිදැයි සොයා බැලියැ යුතුය.

බජනෙ :- භාජනයෙහි.

බට :- පහත්

බඬැරි :- භාණ්ඩාගාරික (භාණ්ඩාගාරික - බඬහැරි - බඬැරි)

බඩෙක් :- භාණ්ඩයක් වේ. (බඩෙකි - බඩෙක්)

බතාදී :- බත් ආදී.

බදවෙළු :- මෙහි පාළිනාමය “‍ෙකාච්ඡ” යනුයි. තෘණ වගී සැවැන්දරාදී මුල් වර්ගන ඉරටු ආදී කූරු වර්ගඩ මේවා අතුරෙන් අභිමත වර්ගඅයක් රැගෙන හීන් වන සේ මැදින් බැඳ දෙකොණ විහිදෙන සේ සාදනු ලබන පුටු විශේෂය බදවෙළුව නමි. එහි සාමාන්යි පෙනීම උඩැක්කියකට සමානය. වෙළු ශබ්දය පීඨ ශබ්දයෙන් ආවක් නම් බැඳ සෑදු පුටුව යනු බදවෙළු


241 සිඛවලඳ ප්ර්දීපය

ශබ්දයාගේ අර්ථඨය සේ සලකන්නට පුළුවන. කොච්ඡන්ති භද්දපීඨං,යි ජාතක පාළිය ආදී පොත්වල කී හෙයින් කොච්ඡයත් භද්දාපීඨයත් දෙක එකක් සේ ගණන්ගතැ යුතුය. පසු කාලයක භද්දපීඨ, කියා සකස්කර ගන්නා ලද්දේ “බදවෙළු” යන සිංහල වචනයවත්දැයි සොයා බලනුත් සුදුසය.

බඳුලුආදිනෙන් තරකළද :- මැටි පාත්රතයක් බිඳී ගිය කල්හි එහි බදුලු ආදියෙන් පිළියම් කළ නමුත් බදුලු මොනවාදැයි නිශ්චය කරනු දුෂ්කරය. “බදුලු ඈ බද හම් ලාටු ආදීන් බැන්ද යුතුය” යනු කඞඛාවිතරණී පිටපතෙහි පෙනෙන හෙයින් බදුලු ශබ්දය බදාම විශෙෂයක් බැව් හැගේ. බදුලු නම් ගස් විශෙෂයෙක් ද වෙයි. එහි කිරි මැලියම් වලට සුදුසුය. (බන්ධබන -බඳුනු - බදුලු)

බබ්ර ස්තණ :- හරක් බඳින කඹ ඇඹරීම් ආදී නොයෙක් දෙයෙහි යෙදුණු තෘණ විශෙෂයකි. “බබ්බජ” යන පාළි නාමය වේ. වෙද පොත්වල “බල්බජ”ශබ්දය යොදන ලද්දේත් මේ තණ විශෙෂය කියනු සඳහාය. මේ රටේ තිබෙන “බැලතණ” බබුස්තණ දැයි සොයත්වා.

බලයිජු නම් :- බලා නම් හෝ.

බවනරිසින් :- බියගන්වන කැමැත්තෙන්.

බවානම් :- බයගන්වා නම්

බවු :- බව

බැජුන් :- භාජන

බැවැ :- බවයි. (බවයැ - බැවැ)



242 සිඛවලඳ ප්ර්දීපය

බැහැහැර :- ගනුදෙනු කිරීම (බ්යැවහාර - බැව් හැර)

බැවියටිරිසින් :- බියගන්වනු කැමැත්තෙන්

බැහැරයීමැ :- ඉවත යෑම.

බැහැරිවත්හි :- සියසිරුරෙන් පිටත්හි වූ වස්තුවක

බැළරූ :- ව්යාසඝ්රාටදි චණ්ඩ සත්ව යන්ගේ රූප (ව්යා ල - වෑල - බෑල)

බික අහර :- භික්ෂායසඞඛ්යා‍ත ආහාරය.

බිඳැ :- අනුභව කරව. (බුද - බිදැ)

බිම්බොහනුජු :- කොට්ට ද

බිසි :- ගුදිරි (හිසි - බිසි)

බජුත් :- අනුභව කරත්හොත්.

බුද :- අනුභව කරව. (බුදහි - බුද)

බුදයි :- අනුභව කරවයි.

බුදුනාදී :- වැළදීම් ආදිය

බුදුල :- ඉස්සර ලඞකාවේ තිබුණු උසස් නාමයකි. සික්ඛාපද වලඤජනියෙහි බුද්ධරක්ඛිත, යි පාළියට පෙරළා ඇත්තේය. මධ්යූකාලීන නම්වල අගට දෙමළ “අර්” ප්ර ත්යරය බෙහෙවින් යෙදුනේය. මිහිදල්, කිතල් සෙනල් යනාදිය ගැන සලකනු. එකොළොස්වන සියවසට අයත් ලිපිවල “බුදල්” ශබ්දයෙක් පෙනේ. එහි පාළි රූපය “බුද්ධ” යනු යි. බුදු ශබ්දයට “අල්” ප්රදත්ය. ගැන්වීමෙන් බුදල් ශබ්දය නිපන් බව දැන්

‍242 සිඛවලඳ ප්රරදීපය

අපට සිතාගත හැකිය. බුදුල, බුදල් යන දෙ ශබ්දයාගේ සාම්යියත් බෙහෙවි. එහෙයින් “බුදුල” වූයේ “බුද්ධරක්ඛිත” යනුව නොවැ බුද්ධ යනුව‍ වේ. බුනජු :- බිඳුනත්.

බුන්නේයි :- හෙදකළ තැනැත්තේ වෙයි. බුනුයේ - බුන්යේ - බුන්නේ)

බුමුදු :- තට්ටු ද, (භූමක - බුමු)

බුහුරු :- සිදුරු.

බෙඩුමුවා :- එනම් පුෂ්පදාමය. නූල් ආදියෙහි ඇවුණු මල් දම්ගෙන පන්දුවක හැඩය සිටිනසේ සකස් කොට ඒවා එකට ඇවිණීමෙන් සාදන මල්මාලා විශේෂය බෙඩුමුවා මල්දම් නමි. එය පෙනීමෙන් එකට අමුණනලද පන්දුවැලකට සමානය. (හෙණ්ඩුක - බෙඩු) හෙණ්ඩුක ශබ්දය වෙනුවට ඇතැම් තැනක ගෙණ්ඩුක ශබ්දය පෙනේ. එසේ යොදන ලද්දේ සියම් පොත් බලාගෙන වියැ හැකිය.

බෙහෙරුපලා :- “නිල්ලි” යනු පාළිනාමයයි. කුදුසික සන්නයෙහි බේරුකොළ යි අර්ථෙ දක්වා තිබේ. බේරුනම් පැලෑටි විශෙෂයකි. බේරුවල පළාතේ තිබෙන බව කියති.

බොරලුදමුන් :- උගුරැස්ස. හින්දිලයෙහි “ජමුන්” නාමයෙන් හැඳින්වෙන්නෙත් උගුරැස්සමය. ඒවාත් මාදන් සමාන හෙයින් ඒ නාමය යෙදෙන්නට ඇත.

බොහොසුයෙන් :- බෙහෙවින්. (භීයොසො - බොහොසු)

මකුළුසටු :- මකුණුදැල් මේ සටු ශබ්දය කොයින් ආවක් දැයි සොයනු. “සුත්ත” ශබ්දයෙන් ආවක් සේ පෙනේ. (“සුක්ත” - සුතු - සතු - සටු)


244 සිඛවලඳ ප්රරදීපය

මගහිලා :- මාර්ග යෙහිදී. මේ “ලා” යනුව “දී” පස වෙනුවට යෙදුනේය. නුවරලා යනාදිය සමඟත් සසඳනු. මඟුදු :- මාර්ගායද මධුමෙහ :- මුත්රා සමඟ සීනි යෑමෙන් සෑදෙන රොගය. වේදනාවක් නොමැති හෙයින් “උක්කටඨ රොග” නාමය ලබයි.

මරායි :- මරවයි. (මරහි -මරා)

මල්කඩ :- මල් ඇතිරිය

මල්පල්ලේ :- මල් සහ ගෙඩිවල. (මල්පලයේ - මල්පල්යේ - මල්පල්ලේ)

මල :- (මල්ය - මල) මලියෙහි :- “ලහුකාපත්ති මලියෙහිලා” යන නිදසුනි. මල්ලෙහි සඞඛ්යාියෙහි යනු අථීයි.

මලෙක්නිජ් :- මලකිනුත්. (මලෙකිනිජු - මලෙක් නිජි)

මලොලඹු :- උඩුවියන් ආදියෙන් එල්වනු ලබන මල්

මහදිටනු :- වැකිකිළිය. මහදිය පවත්වන තැන.

මහණමැයේ :- ශ්රිමණ මාතෘකායෙහි, භික්ඛු භික්ඛුණී ප්රානතිමොක්ෂන දෙකෙහි. (මාතිකා - මෑය)

මහණසම්මුති :- භික්ෂූදන් වහන්සේලා විසින් නොයෙක් කරුණු සඳහා දෙනු ලබන සම්මුති හෙවත් අවසර

මස්වා :- දිය බළල්ලු - මොවුන්ට දියබලු නාමය යොදතත් එය නොමැනවැයි සිතේ. ඒ සතා බළලාට


245 සිඛවලඳ ප්රුදීපය

මිස බල්ලාට සමාන නොවන හෙයිනි. මොග්ගල්ලානණවාදී වෘත්තියෙහිත් ජලබිළාල නාමය පෙනේ. පියා බළලා (වවුලා) වල්බළලා (උගුඩුවා) දිය බළලා, ගම් බළලා, යි බළල්ලු සිව් දෙනෙකි.

මහරි :- මාරගස්

මහවුලෙහි :- පාශ්ර්වායෙහි. මේ මහවුලු ශබ්දය කෙසේ සෑදුනක් දැයි සලකා බැලියැ යුතුය. ධම්පියා අටුවා සන්ය්ය ආදී අනෙක් ග්රසන්ථිවලත් මේ ශබ්දය මෙසේම යෙදී ඇත්තේය. “පාර්ශව” ශබ්දයෙන් බිඳී ආ ලෙසක් අපට පෙනේ. (පාර්ශව ශබ්දයෙන් පහවුල - මහවුල) “පාවුල” යනු පාර්ශව ශබ්දයෙන් ආ අනෙක් රූපය වේ.

මළදර :- මැරී ගිය දර

මාගමයිජ් :- මාගම ද,

මාපල :- තල් පොල් කොස් දෙල් ලබු කොමඩු පුසුල් තියඹරා කැකිරි යන මේ නව ඵලයෝ මහා පළ ‍නම් වෙති (මහ - මා)

මානකූට :- මැනීමෙන් කරන වංචාව.

මානත්තවාරීය :- මාතත පිරීමෙහි නියුක්තයාය.

මානත්තාරහයැ :- මානත පිරීමට සුදුස්සාය.

මාහැල්ල :- වතුරේ මට්ටමට සෑදෙන්නා වූ ද, කොත්ත මල්ලි කොළ වැනි කොළ ඇත්තවුද, කිතුල් කෙඳිවැනි කෙඳි ඇත්තාවූද ජලඡ වර්ගලයකැයි කියති. (මාහැලිය - මාහැල්ය - මාහැල්ල)

මැඩිලිපතාදියි :- මැඩිලිපතාදිය වේ. තල්කොළ ආදියෙන් රවුමට වියන බුමුතුරුණු විශෙෂය මැඩිලි පත්නම්. “තට්ටිකා” යනු පාළි නාමයයි.


246 සිඛවලඳ ප්රශදීපය

මැදතුරෙන් :- මධ්ය්ය අතුරෙන්, මැදින්

මැදපොහොය :- චන්දමමාසය ආරම්භවන්නේ පුර පක්ෂ්යෙහි පළමුවනදා හෙයින් පුර පසළොස්වක පොහොයට මැදි පොහෝ නාමය යෙදුනේයයි සිතන්නට ඉඩ තිබේ. මාසයෙහි මැද යෙදෙන හෙයිනි. හුදකලාවැ යෙදුණු මැදිපොහෝ ශබ්දයෙන් පසළොස්වක පොහොය කියැවෙතත් ඇතැම් තැනක අව මැදි පොහෝ ශබ්දය අමාවක් පොහොයත් කියන හෙයින් මේ කාරණය තවදුරටත් සොයා බැලිය යුතුය. අව මැදිපොහෝ යනුව පුර පසළොස්වක අව ප‍සළොස්වක යන ව්යමවයහාරයන් බලාගෙන පසුවැ ඇතිවුණු ව්යිවහාරයකැයි සිතන්නටත් ඉඩ තිබේ. මැදිම් :- මධ්ය ම.

මැදිම් දින :- මෙහි පාළිනාමය ඵග්ගුණ යනුයි. පෙබරවාරි මාර්තු යන මාසයන්ගේ සංකල‍නයෙන් සැදේ. මැදිම් දින ශබ්දයාගේ ඉතා පැරැණි රූපය මිහින්තලා ලිපියකත් හබරණ ලිපියෙහිත් දැක්කැහැකිය. “මජිමොදිනි” යනු ඒ ලිපිවල එන රූපයවේ. එය “මධුමොදිනී” ශබ්දයට සමානය. සිංහල අවුරුද්දට ඵලගන්නා ගස්වැල් මල් ගන්නේ මේ කාලයෙහිය. එබැවින් මේ කාලය මී මැස්සන්ට සන් තෝෂ දායක වේ. ඵග්ගුණ මාසය මැදින් දින නමින් හැඳින්වීම් හේතුව මේය. (මධුමොදිනි - මජිමොදිනි - මැදිම්දිනි - මැදිම්දින)

මැදුමෙහි :- මධ්ය-ම කොටසෙහි.

මැනව්නො යි:- මනාප නොවේදැයි. ‘නො’ යනුව ප්රිශ්නාර්ථමයෙහි නිපාතයි.

මැරියූපුඟුලි :- මැරියැයුතු පුද්ගලයාවේ යනු අර්ථයයි. මේ “මැරියූ” යනුව තව දුරටත් පරීක්ෂා කළයුතුය.



247 සිඛවලඳ ප්රකදීපය

මෙහි ප්රසකෘතිය “මැරියැයුතු” යනුයි. බැලියැ යුතු සිටියැ යුතු යනාදී තැන් සමඟ සසඳා බලනවිට පෙනෙන්නේ “යුතු” යනුව “යූ” යි සිටින තැනක් වත්මන් බසින් ‍සොයාලත නොහැකි බවය. පැරැණි බසෙහි එවැනි රූපයක් තිබී නැතිවැ ගියේදැයි දැන ගැනීමට මගකුත් නොහමුවීය. සිංහල වාග් විද්යාැව අනුව නම් “මැරියැයුතු” යන්න “මැරියූ” යි සිටීමේ වරදක් නැත.

මිණිබානුදු :- මැණික බඳින ස්ථානය හෙවත් මැණික් කටුව යනු අර්ථබය. මැණික් කට්ටු යන්න දෙමළ ආශ්රකයෙන් සෑදුණේය. දැනට වැඩි වශයෙන් මැණික් කටු නාමය ලබන්නේ “කප්පර” නම් සන්ධියස්ථානය වේ. නමුත් ‍නියම මැණික් කටුව නම් :- අත්ලළඟම තිබෙන සන්ධි්ස්ථානය බැව් පෙනේ. පැරැණියන් මැණිකක් බැඳි වළල්ලක් වැඩි වශයෙන් පැළැන්දේ එහිය. මෙහිදී විශෙෂයෙන් සලකා බැලියැ යුත්තක් කම් සුපිළිසන්වැ සිවුරු පෙරවීමේදී වැසියැයුතු ස්ථානයක් හැටියට හැඳින්වෙන ගළවලුව මිණිබාන, කෙණ්ඩය යන ස්ථානයත් අතුරෙන් මිණිබානි සිවුරෙන් වැසූයේ කෙසේ ද? යන ප්රසශ්නය වේ.

සුපිලිසන් පාරුපණයෙන් කප්පරය වැසෙනු අපට පෙනෙතත් මණිබන්ධනය වැසෙන බවක් නො පෙනේ. මිණිබන්ධ‍ය බැසෙන සේ සිවුරු පෙරවූ විට වම් අතින් පාත්රොය දැරීම ආදී කිසි කාරියක් නොකළ හැකිය. එහෙයින් සිඛවළඳ විනිසේ පෙනෙන “ගලවළුදු” මිණිබානුදු, පිඩිමසුදු වැසෙනසේ සිවුරු හැඳ පෙරැවැ හුන්නෙ සුපිළිසන් නම්” 108 යන වාක්ය,ය ඒ සැටියෙන්ම නො පිළිගත හැකිය. මිණිබානුදු යනුව මිණි බාන් දක්වාදු, අර්ථකය ලැබේ. මණිබන්ධිය දක්වා සිවුරෙන් වැසියැ යුතු බව විනා මණබන්ධුයත් සිවුරෙන් වැසියැ යුතු බව “යාව මණිබන්ධංධ” යනාදී වාක්යසයෙන් නොකියැවේ.





248 සිඛවලඳ ප්රිදීපය

මිහිරනුදු :- මාලාකර්මව‘දිය සඳහා ගනු ලබන තලාතු මීරන් මෙයින් අදහස් කරනු ලදැයි සිතේ. තලාතු මීරන් අදත් මාලාකර්මාහ’දිය සඳහා යොදා ගනිති. ඒවා රන්වන් පාටින්යුත් දිලිසෙන මාලුකොට වලට සමානය.

මිසැ :- හැර, (මුඤ්චිත්වාව - මිසිය - මියැසි - මිසැ)

මිස්සැටිවැ :- මිදෙනු කැමැතිව. (මුඤ්චිතුං - මිසිය - මිස්ය - මිස්ස)

මිහිප් :- මීමල් (මධුක පුප්ඵ - මිහිපුප් - මිහිප්)

මිඹියල් :- මී ඇටවල දෙහගව ගිය මද “බියල් සිද්දතු ආදී යව්ජීව් කැලිවත් තෙල් තකා පිළිගන්වා තබා සත් දවසක් ඉකුම්වා නම් තිසැගි නොවෙ” 55 යනු සිඛවලඳ විසින පාඨයි. මෙයින් ගතැයුතුයේ පෙනෙන අර්ථපයනම් තෙල් ලබාගත හැකි අබ ආදිය පිළිගන්වා තබා සත් දිනක් ඉක්මුවත් ඒවා තිසැගි නොවන බවය. හුදකලා බියල් ශබ්දයට මී ඇටමද කීමේ ශක්තියක් නැත. එය මුං ආට වාචක බිදල ශබ්දයෙන් ආවක් හෙයිනි. බියල් ශබ්දය මී බියල්, යි අප විසින් යොදන ලද්දේ කුදුසික සන්තයෙහිත් ඒ වචනය එසේම යෙදි ඇති හෙයිනි.

මුකුණු :- සොටු. (මක්ඛණ - මුකුණු)

මුගුහුජු :- මුග්ගසුපද යන අර්ථකයි. මුග්ගසුපය මුං වලින් සාදනුලබන (සුප්) හොදි විශෙෂයකැයි සමහරුන් කියති. යූස (බොන හොදි) වාචක සුප් ශබ්දය ඉංග්රි වචනයකි. සූප යනු කොළ ආදියෙන් කළ මැල්ලුමට නමකි. “සූපෙය්යව පණණං වජ්ජෙත්වාක” (කුදුසික 77 පිට) සමාන මුහුණුවරින් යුත් මේ සූප, සුප් යන දෙක ගැන නො විමසා සූප යනු බොන හොද්ද යයි කීම අවිචාර මතයෙකැයි නො ‍හැ‍ඟේ ද? මුං මැල්ලුම අදත් අ‍ප‍ රටේ ව්යයවහාර භොජනයකි.



249 සිඛවලඳ ප්රහදීපය

අලුවා කැබලි මෙන් අතින් ගෙන අනුභව කළ හැකි කෑම වගර්යසක් ද මුග්ගසූප නාමයෙන් අදහස් කළ බව කඞධා විතරණියෙහි පෙනේ. (සූප - හුව් - හූ)

මූලායපටිකස්සනා’රහ :- මූලාය පටිකස්සන නම් :- විනය කර්ම යට සුදුසු ගරු ඇවැතකට පැමිණි භික්ෂූරහු වක් එකට පිරිවෙස් හෝ මානත්පුරමින් සිටියදී නැවතත් ගරු ඇවතකට පැමිණියේ නම් පිරිවෙස් පිරූ දිනගණන අතහැර දමා යළිත් මුල සිට පිරිවෙස් පිරූ දින ගණන අවලංගු කොට නැවතත් මුලට ඇදීම මූලාය පටිකස්සන නමි.

මුස්සි :- මිදේ. (මුසියි - මුස්යි - මුස්සි)

මුහුදුපෙණිනුජු :- මුහුදු පෙණවලිනුත් නො යෙක් කටයුතු සඳහා ගනු ලබන රබර්මෙන් මෘදු ද්ර ව්යදයකි. ඒවා ඉස්සර පාපිස්නා වෙනුවටත් පාවිච්චි කළහ.

මෙරමා :- අන්ය‍යන් වාචක මෙ මෙර යනුව දෙමළ ‍බසෙහි ලැබෙන වෙරු ශබ්දයෙන් ආවකැයි හැ‍ඟේ මා කෙරෙන් අන්යමවූ යනු අර්ථවයි.

මෙමැනියෙ :- මේ ආකාර මැයි.

මෙරුම් :- අන්යක මෙරමා බලනු

මෙහෙයුජු :- (මෙහෙයජු) මේ මෙහෙය උපස්ථානය බැව් සැලැකියැ යුතුය.

මෙහෙයුවහුගේ :- යොදනු ලැබූ තැනැත්තහුගේ

මොරවා :- “පාතටු 230” බලනු. කෑම බඳුන තබාගෙන කෑම පිණිස පාවිච්චිකළ භාණ්ඩ විශෙෂයකි. එය බෙහෙවින් උපකාර වූයේ බිම හිඳගෙන අනුභව කළ කාලයෙහිය. කීප ආකාරයකට සාදනලද මොර


250 සිඛවලඳ ප්රයදීපය

වාවන් අතර මොනරකුයේ අඩියක් මෙන් පෙනෙන සේ පාදයන් සවිකළ මොරවාවනුත් තිබෙන්නට ඇත. නම ඇතිවූයේ එහෙයිනැයි සි‍ෙත්. මොරවා ශබ්දයාගේ අග තිබෙන “වා” යනුව පාද ශබ්දයෙන් මෙන්ම පත්ත ශබ්දයෙනුත් ආහැකිය.

මොලොක් පිටු පරිජි :- නැමී තමාගේ නිමිත්ත මුවින් ගත හැකි සේත් මළමගෙහි මෙහෙය වියැ හැකි සේත් මොලොක් වූ පිටක් ඇති හෙයින් පරිජි වූවකු සේ සලකනු ලබන්නා.

මොහොරුපුටු :- මසාරකනම් පටුවිශෙෂය කකුල්විද විට්ටම් එහි වද්දා සාදනු ලබන පුටු විශෙෂය (මසාරක - මොහොරු)

යටහිර :- පාත්රශයේ ගැටියට පහතින් පාත්ර් බ‍ඳේ තිබෙනඉර.

යටකෙළවරනුසුන :- යට කෙළවර නො සිඳුනොත්

යටිමිනිය :- යටට හැරැ වූ මුහුණ යටිමිනය නමි. යටිම්නි ශබ්දය කම්විබත් එකබස ගැනීමෙන් යටිමිනිය, යී සිටියේය. (යටිමුහුණ - යටිමිහිණි - යටිමිණි - යටිම්නි) “උසිම්නිය” ‍යනුවත් සමඟ සසඳනු.

යත්නසඳ :- තල්ලුකරන කල්හි. යමකින් මිරිකී මත් යතනයකි. යත (පාළි යන්ත) දයින් නිපන් වර්තයමා‍න කෘදන්තයි.

යතා :- තල්ලුකොට, මිරිකා, ඔබා. (යන්තෙත්වා - යතය - යතය් - යතා)

යතාසුඛ :- සැපයේ.

යාපා :- යකඩපාත්රේය. (අය - ය)



251 සිඛවලඳ ප්රනදීපය

යම් කවරිවෙක් :- යම්කිසි කෙනෙක්. ඉකාරන්ත ශබ්දයන් කෙරෙන් මෙසේ වකාරාගම වනු සාමාන්ය සිරිත නොවේ. සෙවියැ යුතු තැනකි. යම්කැලි :- (යාමකාලික) ඉරහැරුණු පසුත් වළැඳියැ හැකි අෂ්ටපානාදියට මේ නමි. යමුවාතලුතබා :- යකඩින් කළ තලි හැර.

යලක් :- වරක්. යල් ශබ්දයා කෙරෙන් පරවැ ස්වාර්ථඳයෙහි “අක්” ප්ර්ත්ය ය වූ තැනි. යව්කැලි :- (යාවකාලික) ඉරහැරුණු පසුත් වළැඳියැ හැකි අෂ්ටපානාදියට මේ නමි. යමුවාතලුතබා:- යකඩින් කළ තලි හැර. යලක් :- වරක්, යල් ශබ්දයා කෙරෙන් පරවැ ස්වාර්ථ්යෙහි “අක්” ප්රවත්ය ය වූ නැති. සව්කැලි :- (යාවකාලික) ඉර හැරෙන්නට ප්රරථමයෙන් අනුභව කළයුතු පස්වැදෑරුම් ආහාර වර්ග( යාවත් :- යම්තාක්. යුහුයෙන් :- බලාත්කාරයෙන්. යූකීම් :- සෘතුකීම. (උතු - උයු - යූ)

යූතැනි :- කීතැන වේ - “යූ” යනු ය (කියූම්හි) දයින් නිපන් අතීත කෘදන්තයි. (තැනයි - නැති)

යෙහෙන :- හැකිවන - යහ (හැකිවීමෙහි) දයින් නිපන් වර්ත“මාන කෘන්තයි.

රකවල් :- මෙහි “වල්” ශබ්දය තවමත් ‍අවිනිශ්චිතය. කාවල් ශබ්දයම කකාර ලෝපයෙන් මෙසේ සිටියා වන්නට ත් පුළුවන හින්දි්යෙහි එන “බාලා” ශබ්දය මෙහි නොයෙදුනේය. ආහාරක්ෂානසඞඛ්යා්ත කාවල යනු අථර්යා සේ පෙනේ. වල් ශබ්දයාගේ මූලය “පාල” ශබ්දය වන්නටත් නොබැරිය. රැකවළෙහි නියුක්තයා රැකවලා නමි.

රකින්නො යන :- ආරක්ෂා් කරත් නොවේද යන. මේ “නො” යනුව ප්රනශ්නාර්ථ-යෙහි නොහොත් පරිචිතර්කාේර්ථ යෙහිය.

252. සිඛවලඳ ප්රකදීපය

රජධූලි :- රජස් සඞඛ්යාොත ධූලි.

රජන් :- පඬු (රඤ්ඡන - රජන - රජන්)

රණහුණු:- රන්වන් පාට උණගස් රද :- ධූලි.

රන්කසුකම් කළ :- රනින් කළ මල් ලියකම් එබ්බීමෙන් කර්මයන්ත කළ. (ඛචිත - කසුය - කසු)

රන් රිදී මසු කහවණු :- මෙහි මසු ශබ්දයෙන් කාශි වි‍ශෙෂයක් මෙන්ම ප්රමමා‍ණ විශෙෂයකුත් කියැවේ. ගුඤඡා (හුණි ද) දශයක් මාසයකැයි ලීලාවතියෙහි පෙනේ. මසු නමින් හැඳින්වෙන කාශි විශෙෂය ‍ස්වර්ණාලදි ලොහ, ලීපතුරු ලාකඩ යන තුන්වර්ග යෙන්ම සෑදූ බැව් පොතපතින් දැක්ක හැකිය. ලෝහමාසක, ජතුමාසක යන නම් වලින් හඳුන්වන ලද්දේ ඒවාය. ලෝහ වර්ගුය අනුව මසුවල වටිනාකමත් වෙනස් විය. නොවටිනා ලොහ වලින් සහ දරපතුරු ආදියෙන් කළ වසුවල රාජකීය ලාඤ්ඡනය පිහිටු වන ලදී. පිරිසිදු රනින් හෝ රිදියෙන් කළ කාසි ලට රාජකීය ලඤ්ඡනය අවශ්යව නොවීය. ලෝහයේ පිරිසිදුකම සහ බර ප්රරධාන වශයෙන් සැලකුණු හෙයිනි.

කහවණුවේ වටිනාකමත් කලින්කල වෙනස් විය. කර්ෂියක වටිනාකම රු. 16 ය කැයි ලීලාවතිය කියයි. ලොහ මිශ්රාණයකින් සාදන ලද පුරාණ නීල කහාපණය වර්තනමාන මුදලින් රු. තුනක වටිනාකම ඇත්තකැයි ශාසනික උගතුන් අතුරෙන් වැඩි දෙනෙක් සලකති. පාරාජිකා වස්තුව පණම් 12 හ වූයේ මෙයින් පාදයක් සතරෙන් කොටසක් වූ හෙයිනි.

රවුළු දත් :- (රාවණ දන්ත) පිටියේ කෙළවර තිබෙන පාසාන්තය ආරක්ෂාද කරනු පිණිස ,ඒ පාසාන්තයෙහි‍ යොදනු ලබන දත් සහ අං වර්ගාාදියෙන් කළ


253 සිඛවලඳ ප්රනදීපය

මුදු විශෙෂයකි. නූල් වලින් ගෙතීමෙනුත් රවුළු දත් සෑදූහ. දැන් ත‍බෙන සමහර බුරුම පටිවලත් ‍තිබේ. වීටු (පාළි වීඨ) යනුත් නමි. විට්ටම යනුත් මෙයින් බිඳුනකි.

රසයිජු :- රසය ද.

රසහඬු :- “මස් නැති රසයෙහි පිසූ හඹු ද” යනු කුදුසික සන්න පාඨයි, (73 පිට)

රහමෙර :- සුරාව සහ මෙරය. සුරාව පිටි ආදි යෙනුත් මෙරය මල් ආදියෙනුත් සාදති.

රැයිම්මේ :- බලවත් උදාසන කල්හිම. (රැයින්මෙ - රැයිම්මෙ)

රැසියෙහි :- රාශියෙහි.

රිවිනි :- රොපණය කළ ගස් වැල් නොහොත් වැවෙන ගස් වැල්. (රූහණ - රිහිණි -රිවිනි)

රුක්සේ වලල්ලෙහිඳු :- ගහ වටේට තිබෙන ඡායා මණ්ඩලයෙහිත්.

රුප්පයැ එව් :- ගසක් මුල හෝ මේ පාද ශබ්දය ‍ගසේ මුල කියයි. (පාද - පය)

රුප්වත් :- රොපණය කළ (රොපිත - ‍රුපුය - රුපු)

රුවන්තියා :- (රතනත්තය - රුවනතිය - රුවන්තිය - රුවන්තියා) තුනුරුවන.

රුස්වැ හෙළිහන් පරිජි :- භික්ෂූපණියක් ගිහිවනු කැමැත්තෙන් සුදු වස්ත්ර හැඳීම නිමිති කොට සිදුවන පරිජි ඇවැත.


254 සිඛවලඳ ප්රමදීපය රුදු :- රූප ද.

රොජු :- ඇඹැරූ නූල් ආදිය. (ර‍ජ්ජු - රොජු)

රොදි :- රොදු වේ. (රොදුයි - රොදි)

රොන් කොඳ කිරු :- රෙණු, නැටි, කිරි. මෙහි රොන් ශබ්දයෙන් මල් රේණු ද, කොඳු ශබ්දයෙන් මල් වල නැටි ද, කිරි ශබ්දයෙන් මල්වල කිරිද, ගනු ලැබේ. “පානීය ඝටෙ ‍සරෙණුකාතිවා සවණට ඛිරානි වා පුප්ඵානි වා පක්ඛිත්තානි හොන්ති” යනු පාළි මුත්තක විනය විනිශ්චය පාඨයි (116 පිට)

රොවා :- රොපණය කොට. (රොපෙත්වා - රොවය - රොවස් - රොවා)

ලග්නානැති :- ශයනය කරන ස්ථානය වේ. (තැනයි - තැති) ‍ ලකවලි :- කුරුඳු සුණු මිශ්රන ලාකඩ බෝල අමුණා සාදාගන්නා ලද වැල. මෙය පි‍ටේ කුණු ඉලීම සඳහා පාවිච්චි කරනු ලැබේ. (ලාඛ - ලක)

ලණුජ් :- නූල් ආදියෙන් ඇඹරූ ලණුත්

ලතු :- ලාකඩ. (අලත්තක. අලතු - ලතු)

ලම්බී :- දන දක්වා එල්ලෙන ලිඞය ඇත්තා

ලහුකාපත්තිමලියෙහිලා :- පරාජික සඟවෙසෙස් යන ගරු ඇවැත් හැරුණු විට ඉතිරිවා ලහුකා පත්ති නමි. ලඝු ඇවැත්යනු අර්ථහයි. ඒ ගරු ඇවැත් ලඝු ඇවැත් සඞඛ්යාතයෙහි දමා. (මලුයෙහි - මලියෙහි) මල්ලෙහි යන අත්ථඝයි.

ලදගත් :- ලබ්ධිය හෙවත් දෘෂ්ටිය ගත් ලවන :- ලැවීම. 255 සිඛවලඳ ප්රිදීපය

ලාහෙළා :- ගරුසරු නැතිවැ සැහැසිව යනු අර්ථ(යි.

ලිඞග‍ෙත්ථ-නක :- ලිඞගසඞඛ්යාථත චීවරය සොරකම් කළ තැනැත්තා, තමාම මහණ වෙස් ගත් තැනැත්තා.

ලිඟී :- ලිඬගය වෙයි. (ලිඟයි - ලිඟියි - ලිහී)

ලිහිනි :- නග්න යනු අර්ථියි. මෙහි ශ්ර ද්ධ පාඨය ලිගිනි,යි සලකනු ලැබේ. එසේ නම් එය “නග්න” ශබ්දයෙන් ආහැකිය. (නග්න - නගන - නිගිනි - ලිගිනි - ලිහිනි) ඉවත් කළ වස්ත්ර ඇත්තා යන අර්ථිය ගතහොත් ලි+හිණි යි වෙන්කළ යුතුය. හිණි යනුව සාටක ශබ්දයෙන් ආයේය. (සාටක - සළු - සිළි - සිණි - හිණි) හිණිකුනා යන තැන පෙනෙන හිණි යනු වස්ත්රය වාචක ද මද්ධ්යයප්රිදෙශ වාචක ද වෙයි.

ලෙයිජු :- ලේද, (ලෙහෙ - ලේ - ලෙය)

ලෙස් :- ඉතා ස්වල්ප හේතුව. එළුවකු එලිස්සියක් සමඟ මෙවුන්දම් සොයනු දැකැ එළුවාට දබ්බමල්ලපුත්ත යන නම තබා ජබ්බග්ගිය භික්ෂූ්හු දබ්බමල්ලපුත්ත ස්ථවිරයන් වහන්සේට මෛථුන පරාජිකාපත්තියෙන් චොදනා කළහ. එසේ කිරීමට ඔවුන් කරුණුකොට ගත්තේ දබ්බ මල්ලපුත්ත යන නාම මාත්රේය වේ. එහෙයින් එය නාම ලෙසයකි. ග්රොසත ලෙසාදියත් මේනයින් සැකියැ යුතුය.

ලොකායත :- අටුවාවන්හි එන සැටියෙන් ගනිතොත් තීර්ථකයන් විසින් නිපදවනලද එක්තරා ‍හෙතුවාද විශෙෂයක් ලොකායත නාමයෙන් ගැනේ. මේ හේතුවෙන් කාක්කා සුදුසුය. මේ මේ හේතුවෙන් කොකා කලුය යනාදිය එහි උගන්වන්නේලු. වර්තමමාන උගතුන් සලකන්නේ වාර්වාක වාදය හෙවත් භෞතික




255 සිඛවලඳ ප්රුදීපය

වාදය ලොකායතය හැටියටය. ලෝකය දෙවනබ්ර‍හ්මාදීන් විසින් මවන ලද්දක් නොවැ හේතුප්රයත්යල රහිතව ඉබේ මැවුණකැයි භෞතික වාදය උගන්වයි. ලොකය හෙවත් සසර දික්කිරීම ලෝකායත නමි.

ලොණසොවීර :- ලුණුසහ සියලු බෙහෙත් වර්ගා දමා පල්කොට සාදන අරිෂ්ට විශෙෂයක්.

ලොත්සුඬුලු :- ලොත්ගසේ පොත්තේ ඇතුල් සුඹුල. ඉතා සියුම් පොතු විශෙෂයකි. (ලොද්රහ - ලොදද - ලොත්)

ලොඬු :- ලෙලි වර්ගහ - මේ අර්ථමයෙහි යෙදුණු ගෙඹි ශබ්දය මාතර පලාතේ දැනුත් ව්ය වහාර වේ. එය කුදුසික සන්නයෙහි 154 සහ පූජාවලියෙහි 651 දැක්ක හැකිය. ‍(ලොඹු - ලෙඹි) දත් නැති කටටත් ලොඹු නාමය යෙදේ.

ලොහොපණා :- කට ලොකු ලොහමය හට්ටි. (හාණක - බණා - පණා)

ලොහොපැණ :- කටලොකු ලොහමය හැළි විශෙෂයක්. තෙලිඟු බසෙහි “බාණ” කියාත්, මලයාලම් බසෙහි “පාණ” කියාත් දෙමළ බසෙහි “පාණෛ” කියාත් වහරති. “පැණ” යනුව පාණ ශබ්දයෙන් ආයේය.‍

ලෝහකටාර :- ලෝහමය කල්දේරම් “ලෝහ කටාහ” යනුත් නමි. මලයාලම් බසෙහි “කිඩාරම්” යි කියත්ලු.

ලෝහිතකූපධාන :- (ලොහිතක + උපධාන) රතු ‍පාට කොට්ට.

වගපුල් :- තිප්පිළි (වක් + උපුල් - වගුපුල් - වගපුල්) තිප්පිලි කරලෙ වක් බව නිමිත්තෙන් වක් යයි



257 සිඛවලඳ ප්රතදීපය

යොදා උපුල් ශබ්දය හා සමාස වීමෙන් මෙය සිද්ධවී තිබේ. වල්ගම්මිරිස් වලට ප්ර්පෞණ්ඩරික යයි කීවා මෙනි.

වජ්ජපටිච්ඡාදක පරිජි :- අනෙක් භික්ෂූ+ණියකගේ පරිජි ඇවැත කියැ යුත්තන්ට නොකියා සඟවා ගැනීමෙන් භික්ෂුඅණීන්ට සිදුවන පරිජි ඇවැත.

වජනාසඳ :- වදනා කල්හි ගම්නාර්ථිවත් වද ධාතුවෙන් නිපන් වදනා යනුවම වජනා, යී සිටියේය.

වටදියෙන් :- අහසින් වැටුණු ජලයෙන්.

වටන :- පැවැත්වීම, පොෂණය කිරීම.

වටලෝ :- වට්ටලෝහ නම් වැට ආදී කැරැ විරුවාවත් කරනලොයී” “වට්ටලොහන්ති, පිත වණ්ණං” යනු (විනයසන්යව) වට්ටලොහං, වැට ආදියට ගන්නා වටට ලොහය ද (කඞඛාවිතරණී පිටපත) 106 “සීසතම්බෙ මිස්සෙත්වාන කතං වට්ටලොහං” (පාළි මුත්තක විනය විතිශ්චය) කලු ඊයම් සීස නමි. මේ සියල්ලෙන් ‍පෙනෙනුයේ පිත්තල වට්ටලෝහ බවය.

වටවන් නොකොටැ :- ගුලි නො‍ කොට.

වඩුරියන :- ඉස්සර වඩුවන් විසින් පාවිච්චි කළ රියන වඩුරියන නමි. සාමාන්ය යෙන් වඩුරියනකට අඟල් සූවිස්සකි. දැන් තිබෙන අඩි කෝදුවෙන් දෙකකි. අඩි කෝදුවේ පෙනෙන අඟලක ප්රඅමාණයත් නිඝණ්ඩු වෙහි එන හරහට තැබූ වී ඇට හතේ ප්රඟමාණයත් හොඳින් ගැළපේ. පැරැණියන් අඟලක් හැටියට ගණන් ගන්නා ලද්දේ අතේ වියතින් දොළහෙන් පංගුව නොවැ පියවරෙන් දොළහෙන් පංග්රදව සේ පෙනේ. අඩිය (පුfට්) යන වචනය අනුව සිතන විටත් ඒ කාරණය අවබොධ වන්නේය. වඩුරියනකට අඟල් අටලොසකැයි ගත් මතය ප්ර තිෂ්ඨා රහිතය.


258 සිඛවලඳ ප්ර දීපය


වත්හිමි :- උපාධ්යාඟය ‍ස්වාමි. මේ වචනය පසු කාලයක සාමාන්යි ගෞරවාර්ථසයෙහිත් වැටුනේය. කලුදිය පොකුණු ලිපියේ එන “හෙරණ්වත් හිමි” යනාදිය සලකනු. වත්හිමි බුවනෙකබා යනාදි තන්හි එන වත්හිමි යනුව “අර්ථපති” යන බලාගෙන නිපදවා ගත්තකැයි හැ‍ඟේ (උපජඣාය - උවජය - වජය - වජ වද - වද් - වත්) වත් තෙර යනාදිය සමඟත් සසඳනු.

වති :- වත වේ. (වතයි - වති)

වත්තුබූසඳ :- පුරමින් තිබුණු වත නි‍ෙක්ෂ)ප කළ කල්හි.

වඳවන්නේයැ :- “අප වඳ වන්නේයැ” යනු නිදසුනකි.

වනකම් :- විනයකර්මඅ . (විනය - වන)

වනනය නො හසල :- විනය නීතිය නො හදාළ.

වනධරුන් :- විනයධරයන්.

වනුක් මල් :- “කුසුම්හ” යනු මෙහි පාළි නාමය වේ. මේ මල් වර්ගදය ලංකාවේ නැති බැව් සැල’කිය යුතුය. සමහරු හෙන්දිරික්කා මල් සේ සලකති.

වමත් පසැ හසුනක් තබා :- වම් පැත්තෙහි වස්ත කෝණය තබා - අඳනය කෙළවර වමට සිටින සේ පොත් කොට තබා.

වර :- වරයෙන්, සම් රොදින් කරන ලද්දේ වර නමි. සම් පටි යයි.

වරජ :- (විරුද්ධ - වරද - වරජ)

වරනු :- විවෘත කිරීම. වර ධාතුවෙන් නිපන්.


259 සිඛවලඳ ප්රෘදීපය

වරපට :- වරයෙන් කළ පටිය. (පට - පටි)

වරවා :- විවෘත කරවා.

ටරා :- විවෘත කොට.

වරා :- එනම් ධාන්යප විශෙෂය. කුරක්කන්, දෙමළ බසෙහි එන වරිකෙ යනුත් කර්ණාලට බසෙහි එන බරකු යනුත් මලයාම් බසෙහි එන වරකු යනුත් එකම “වරක” ශබ්දය ප්රතභව කොට ඇත්තේය. වනමුද්ග (කැලෑ මුං) යනුත් වරා වලටම නමකැයි කියති. වීනා යනු මගධ දේශීය නාමය වේ. එය අපේ “තණ” ශබ්දයට සමානය. කුදුසික සන්නයෙහි හෙළවරා, යි (71) අර්ථ” දක්වන ලදී. එහෙයින් ලංකාවේ තිබෙන තණ නැමැති ධාන්යය විශෙෂය වරක ශබ්දයෙන් කියැවෙන්නේ යයි කල්පනා කළ හැකිය. “වරා අතුරෙහි නැගි හැල්පත උදුරන්නා වූ මලය වැස්සන් සේ” යනු බුත්සරණ පාඨයි. (159 පිට)

වරා :- (වරයි) වලක්වයි. “සොවණ්ණමය රජතමය විවුවරා” යනු නිදසුනි.

වරාදෙරිය :- වරකචොරක යනු කුදුසිකේ පෙනෙන නාමය වේ. එහිදී දුන් අර්ථහය (71) වරා සොර‍ හෙවත් සිහින් වරා යනුයි. හුණුදෙරි මිදේරි යන තැන්වලත් දෙරි යනුව දක්නා ලැබේ. උණ ගසේ සෑදෙන හාල් විශෙෂය හුණදෙරි නමි. මිදේරි වූයේ මහදෙරි ශබ්දයම දැයි සොයනුත් සුදුසුය. “බජිරි, නැමැති ධාන්යස විශෙෂයත් මිදේරි (මිණෙරි) වලට හුරුය. බදර සාලව නැමැති කෑම විශෙෂය අඹරා ගත් මසන් ඇටවලින් සාදතැයි කියතත් ඒවා බජිරි පිටි වලින් සාදන ලද්දේ යයි සලකන්නටත් ඉඩ තිබේ.




260 සිඛවලඳ ප්රයදීපය


වරි :- වාරය වේ. (වරයි - වර)

වරිනම් :- විවෘත කෙරේ නම්.

වහපිටි වැනි :- වැහැයාගේ පිටේ වර්ණ ය වැනි; වැහැයා, යි අර්ථෙ කියන ලද්දේ විනය අටුවාදියෙහි එන “සතපදී” ශබ්දයටය. සතපදීහු නම්;- ගරුඬා නීල ගරුඬා රත්වෑයා පත්තෑයා යන සිව් කොටසටය. දත් වෑයා කන්වෑයා යනාදිය සමඟත් සසඳනු සියපත් වෑයා යන්නම ආදී ලෝපයෙන් (පත්වෑ - පත්තෑ) වූයේ දැයි සොයනු.

වස්දෙණියෙහි :- පස්සාවදොණියෙහි. වැසිකිළි වළෙහි මල පහකරන විට මුත්රය කරනු පිණිස සාදා තිබෙන කුඩා දොණිය වස්දෙණිය නමි. වැසිකිළි වළෙන් පිට මුත්රා කිරීමෙන් වැසිකිළිය අපවිත්රල වන බැවින් එය වළක්වනු සඳහා වස්දෙණිය නියම කරන ලදී. (පස්සාව දොණි - පස්දෙණි- වස්දෙණි)

වසගෙකින් :- වස් කොටසකින්. (පස + අග - පසග - වසග)

වසන් :- වස්සාන සෘතුව. (වස්සාන - වසන - වසන්)

වසාවන්නෙයැ :- (වසාවනයෙ ය) වස් වැසියැ යුතුය යනු අථර්යින. (වස්ස - වසා)

වසාවන :- වස්වසන. මේ වන යනුව විසීම් අර්ථසවත් “ව” දයින් නිපන් වර්ත මාන කෘදන්තයි.

වසා වූ :- වස් විසූ.

වසැකි :- ඇතිසැටිය නැති කොට නැතිසැටිය ඇති කොට ප්රරකාශ කිරීම (චඤ්චක - වසැකි)


261 සිඛවලඳ ප්ර දීපය

වහනුජු :- වහන්ද. (උපාහන - උවහන - වහන වහන්)

වහන්කසු :- සෙරෙප්පු දමන පසුම්බි. ( කඤ්චුක - කසු)

වැටිහුණු :- අර්ථප වශයෙන් බලන විට මේ ශබ්දයට සමාන වූ වැටි තිබුණු යන අර්ථයයත් ගැළපේ. හුණු යනුව හෙ (හීමෙහි) දයින් නිපන් අතීත කෘදන්තයි.

වෑත්තා :- වාර්තාප - තොරතුරු. (වාර්තා - වැර්තා - වැත්තා)

වැටියැ යුතු :- ගුලි කළ යුතුය.

වැරූතාක් :- යම්තාක් තහනම් කෙළේ ද? ඒ තාක්. (තාවතක - තාක්) (වාරිත - වැරිය - වැරුය - වැරූ)

වැවහර කළ :- ගනුදෙනු කළහොත්. (ව්යතවහාර - වැවහර)

වැළැතැ :- සමීපයෙහි. (වැළඅත - වැළත)

වැහැරී :- ගස්වල පට්ටා වලින් සහ පොතුවලින් සාදා ගනුලබන වස්ත්ර විශෙෂයක්. වැහිරි යනුත් පාඨයි. පාළි “වාකචීර” ශබ්දයෙන් ආ හැකිය.

වැව්හි පස්වඩනා :- පස් දමා වැව් ඉවුරු බැඳීමි.

විකතික :- දික්ලොම් ඇතිරි.

විකලැ :- විකාලයෙහි

විකැපූ :- විකල්පනය කළ. අන් භික්ෂු වකට බාර දෙන ලද.

විජයිජු :- විදියි ද.


262 සිඛවලඳ ප්රෂදීපය

විඤ්ඤූවක්හු :- නුවණැත්තකු.

විටු :- පටියේ පාසාන්තය ආරක්ෂාැ කරනු පිණිස එහි දමන මුදුවක හැඩහුරුව ඇති සිදුරක් සහිත උපකරණයක්. රන් රිදී විටු අකැප බවත් අන් දළ වර්ගා දියෙන් කළ විටු කැප බවත් සුලුවග පාළියෙහි කියන ලදී.රවුළු දතු බලන‍රු252

විතණ්ඩ :- පරවාද මදීනය පිණිස යොදා ගන්නා ලද ශාස්ත්රි විශෙෂයකි. පරයන් විසින් ඔවුන්ගේ මතයන් ඔප්පු කරනු පිණිස ගෙනහර පාන හේතු යුක්ති සියල්ලම - එයත් නොවේ. එසේත් නො වේයි. කියමින් ප්රලති‍ෙක්ෂේප කිරීම විතණ්ඩාවෙහි ලක්ෂදණය වන්නේය. විතණ්ඩ වාදයෙහි නියුක්තයා විතණ්ඩවාදි නමි. ඔහුට තහහුරු කළ යුතු සිය පක්ෂායක් ඇත්තේ නොවේ. විතණ්ඩවාදයත් ලෝකායතයත් දෙක එකක් සේ මේ ආචාය්ය්ක් වරයා පිළිගත් බව “විතණ්ඩ ශාස්ත්රයයැයි ගත් ලොකායත ද උගනී නම් දුකුළා වේ” යන වාක්ය්යෙන් පෙනේ. අටුවා‍වන්හි එන විතණ්ඩ වාදියා වනාහි නොයෙක් කරුණු ගෙනහැර දක්වමින් අන්යන මතයන්ට විරුඞවැ නැගී සිටින්නෙකි.

විනවා :- ඉල්වා. (විඤ්ඤාපෙත්වාස - විනවය - විනවස් - විනවා)

විදා :- (විදහා - විදා)

විනිසයිජ් :- විනිශ්චයත්. (විනිසජු - විනිසයිජු - විනිසයිජ්)

විරීවන්මිණි :- කබරමණි හෙවත් මැසිරි ගල්.

විළී :- මුහුණේ හටගන්නා රැළි. (වලි - විලි)

වියේ නම් :- වියන ලද්දේ නම්.



263 සිඛවලඳ ප්රඑදීපය ‍

චුත්තපටීයෝගී වූ :- කියන ලද්දට විරුඞ වූ.

වෙණි :- වෙලුකවා ගත් වස්ත්ර පිදුරු ආදිය මෙන්ම ස්වරූපයෙන් එවැනි වූ අමු කරල් බහුවලිගය යනාදියත් වෙණී නාමය ලබයි. පිදුරු වෙණිය බලු වෙණිය යනාදිය හා සසඳනු.

වෙත්ගෙන් :- සමීප ගෘහයෙන්.

වෙරළුමිණි :- වෙළුරිය නමින් හැඳිනෙන මැණික් විශෙෂය “වෙළුරියොති වංසවණ්ණ මණි” පාළි මුත්තක විනය විනිශ්චය ටිකා 20 පිට වෙළුරියොති අල්ලවෙළුවණ්නමණි වජ්ජාරක්ඛිමණ්ඩල වණෙණාතිපි වදන්ති ( විමති විනොදනී 219 පිට) යනාදිය පෙනෙන හෙයින් වෙරළුමිණිය පුනක්කන් විශෙෂයයකැයි හැ‍නඟේ. පුනක්කන් යනු :- බළල් ඇසට දෙමළ බසින් කියන නමකි. බළල් ඇස්වලට බඳු වණීයක් ඇති හෙයින් වෙරළුමිණියටත් පුනක්කන් යන නම යෙදුනේය. (වෛඩූය්ය්ෙයි - වෙඩුරු - වෙරළු - වෙරළු)

වෙරුපස් :- ඉවුරු පාර්ශවය (කුදුසික සන්න 260 ගාථාව බලනු) අටුවායෙහිත් “ජින්නතටාදිසු” යන්න පෙනේ. ඉවුරු යන්නම ආදී ලොපයෙන් වෙරු විය. විවර ආදී තන්හි යන අර්ථෙයද දිය හැකිය.

වෙහෙරවත :- විහාරයෙහි පිහිටි වත්ත.

වෙහොයි :- වන්නේ හෝයි ‍නොවේ හෝ වෙයි යනාදියත් සලකනු.

වෙලෙවිවැ :- ඉක්මන්වැ දෙමළ විරෛවු ශබ්දයෙන් ආයේය. (විරෛවු - විලෙවි)

විධිම :- මල්විද එකට ඇමිණීමෙන් සාදන මල්මාලා විශෙෂය.



264 සිඛවලඳ ප්රතදීපය

වෙලෝ ගන්නවුන් :- පැහැර ගන්නවුන් (විලොප - වොලොව් - වොලෝ)

සංවාස‍ෙත්ථ්නක :- හෙරණ සිඛ විසින 130 පිට බලනු.

සකුරුවුවකිම :- සකුරු වුවහොත් වරද කුමක් ද?

සකුල් :- සලකුණ. (සි‍ෙඞකත - සකුල්)

සගන්නා :- ‍සඞ්ග්ර(හ කිරීම.

සගනුදු :- වස්ගණනින් අඩුභික්ෂූකන් විසින් ද - ප්රනකෘතිය “සග” යනුයි.

සගවුව :- බාලවුවහොත්.

සඟළ :- සඞඝාටිය - දෙපට සිවුර.

සඟවෙසෙස් :- යම් ඇවතකට දඬුවම් ලැබීමේදී මෙන්ම දඬුවම් විඳ නැවත සඞඝ සමාජයට ඇතුළු වීමෙහිදීත් සිදු කළ යුතු - වත, මානත, අබ්හානය යන ත්රි විධ විනය කර්මයයම මහා සඞඝයා ඉදිරිපත් කොට ගෙන සිදු කළ යුතුහෙයින් සංඝාදිසෙස යයි කියන ලදී. (සංඝාදිසෙස - සඟවෙසෙස්)

සඟලවත් :- හිරිවත් සඟළවත් යනු සම්පූර්ණ පාඨයි.

සඟා :- සඞ්ග්රරහ. (සඞගහ - සඟහ - සඟා)

සඟා නො අරාගිය කල :- සඞගායනාරූඪ නො කළා වූ තිසදෙන්නට සුදුසු ආචාය්ය්ර වරයා විසින් උගතො වීහඞගය, (පරජි පචිති දෙපොත) කමා’කම විනිස, කඳුවත් (මහවග සුලුවග) පස්මහ සඟියෙන් එක සඟියක් යන මේවා කටපාඩම් කොට ආපත්ති අනාපත්ති දත



265 සිඛවලඳ ප්රකදීපය

යුතු යයි කීයේ පොත් සඞගායනාවට ප්ර ථමයෙනැයි ද, පොත් සඞගායනා කළ පසු ඒ පොත් ගුරුන් සමීපයෙහි අසා උගතකු පොත් බලා කියවන්නට පුළුවන් වූ කල නිසදෙන්නට සුදුසු වන්නේ යයි ද, කියන ලදී. ලක්දිවැ අලුලෙනැදි සිදු කළ සඞගායනාවට ප්රටථමයෙන් ත්රි්පිටක පොත් වශයෙන් නොපැවැත්තේ යයි ද පොත බලා ගෙන නියමිත දේ ශිෂ්යෙයාට උගන්වන්නට පුළුවන් ආචාය්ය්ගෙනවරයා නිස දෙන්නට සුදුසු වූයේ දලුලෙන සඞගායනාවෙන් පසුව යයි ද සිතන්නට ඉඩ තිබේ. 138 පිට බලනු.

සඟවූ :- සඞඝයාවහන්සේ (සඟහු - සඟවු)

සඟින් :- සඞගීතියෙන් - පස්මහ සගියෙන්. මෙහි ප්‍රකෘතිය “සහි” යනුයි. (සඞ්ගීති - සඟිය - සඟි) සඟින් යනු ශුද්ධ පාඨයක්ද යනුත් සොයා බැලියැ යුත්තකි.

සඤ් ඇතියාවැ :- සංඥා ඇතිවැ. (සඤ්ඤා - සඤ් - සඤ්)

සතප්නාපයිනුදු :- වළඳන පාත්ර්යෙනුත්. (පත්ත - පත - පය)

සතප්තුදු :- අනුභව කරතත්.

සත් ඇවැත්කඳ :- පරිජි, සඟවෙසෙස්, ථුලැසි, පවිති, දුක්කට, දුබ්භාසිත, පටිදෙසනීය.

සතරකැල්ලන් :- යාවකාලිකා’දි සිව් කාලයට අයත් ප්ර ත්යසයන්. (කැලියන් - කැල්ලන්)




266 සිඛවලඳ ප්ර්දීපය

සතර බණවර :- පිරිත් පොතේ එන බණවර හතර - ගාථා 250 ක් බණ වරකැයි මුලදී කියන ලදී. (240) නමුත් මේ පොතේ පෙනෙන “නිසදෙන්නට නිසි ඇදුරා උභතො විභඞග කමා’කම් විනිසයැ කඳුවත සඟින් එක් පොතෙකැ යන මෙතෙක් බණවර පිරිවහා ආපත්ති ආනාපත්ති දතවටී” යන වාක්යකයෙහි එන බණවර එයට වඩා වැඩිය. මෙය සලකා බැලියැ යුතුතැනකි. “මෙතෙක් බණවර” යනුව මෙතෙක් බණ, යී සිටියැ යුතුදැයි සොයත්වා.

සතැව්කැලි :- සත්තාහකාලික. එක් වරක් පිළි ගෙන සත් දිනක් තිස්සේ වැළැඳියැ හැකි ගිතෙල් ආදී බෙහෙත් වර්ගඩ.

සතී :- සතිය. (සත්තාහ - සතැව් - සතිව් - සතී)

සත්තු :- බැද ගත් ධාන්යි පිටි. අක්සුනු.

සන්ජු :- කාලයෙහිත්. (සඳජු - සන්ජු)

සන්නිධි :- ආහාර වර්ගායන් නැවතත් වළඳනු සඳහා තමාම තැන්පත් කර තැබීම.

සඳි :- කාලයවේ. (සඳයි - සඳී)

සප්පැහැර :- වපු චපු යන ශබ්දය ඇති වනසේ තලුගසා. (චපු - සපු - සප්)

සපත්තානට :- (සපතු + ආනට) පැමිණියැවුන්ට

සභාග ඇවැත් :- සමාන ඇවැත්. භික්ෂූමන් දෙනමක් විකල් බොජුන් ආදී එකම ඇවැතකට පැමිණියාහු නම් ඒ භික්ෂූ)හු දෙනම සභාව ඇවැත් ඇත්තහු වෙත්.

සම්ලිය :- දියේ සෑදෙන සෙවෙල් වෙසෙසක්.

සමජනෙ :- සම්මත කළ යුතුය.


267 සිඛවලඳ ප්රැදීපය

සමජිනම් :- සම්මත. කළේ නම්. සමජ (සම්මත කිරීමෙහි) ධාතුය. (සම්මත - සමත - සමජ)

සමරවීම් විසින් :- මේ සමරවීම් ශබ්දය වෙනුවට සික්ඛාපද වලඤඡනයෙහි “මුත” ශබ්දයත් කුදුසික ටීකාහි “මුතපරිසඞකිත” ශබ්දයත් යොදා ඇත්තේිය. ඇසත් කනත් හැරැ ඉතිරි තුන් ඉන්රි් යන්ගෙන් ගන්නා අරමුණු මුත නමි. මෙහිදී ගණන් ගන්නා ලද්දේ ගන්ධාතරම්මණය පමණකැයි හැගේ. අමූලික සඟවෙසෙස් ශික්ෂාලපදයෙහි එන සැකයට නිමිත්ත වනුයේ සුරා ආදී ගන්ධශය හෙයිනි. ඟඳ සුවඳ ආඝ්රාහණය නිමිති කොටගෙන සැකකිරීම සමරවීම් ශබ්දයෙන් ලැබෙන අර්ථෙය වුවත් ආඝ්රානණ‍ර්ථදයෙහි යෙදෙන සමරවීම් ශබ්දයක් අප විසින් නො දක්නා ලදී. එහෙයින් මේ සමරවීම් ශබ්දය පරිසඞකිතාර්ථයයෙහි යෙදුනේ යයි කල්පනා කළ හැකිය. මුතය පරිගඞකිත‍යක් නොවේ. ඉන්රි නො යත්රිය සමග ප්රනකට වශයෙන් ගැටෙන - හැපෙන ආරම්මණය මුතය නමි.

සමරුවන් වනසිතින් :- පිරිසිදු භවඞග සඞඛ්යා.ත විත්ත ප්ර කෘතිය අතහැරැ චිත්ත විකෘතියක් වූ රාගයට ආරොපණය වන සිතින් යනු අර්ථ යි. මේ වචනය ධම්පියා අටුවා සන්යපය ආදී තවත් පොත් කීපයකත් යෙදි ඇත්තේය. (සම‍ාරොපන - සමරුවන - සමරුවන්)

සමවස් ඇත්තෙයි :- සමානවස් සඞඛ්යාොවක් ඇති භික්ෂුවවත්.

සමසිරිපුටු :- සම සතරැස් පුටු.

සම්මුතිකිළි :- භික්ෂූැන් විසින් ඤත්තිදුතිය කර්මු වාක්යතයෙන් සම්මත කරනලද කැපකුටිය. සන්නිධි නො වන සේ ආහාර වර්ග්යන් තබා ගැනීමට සම්මත කිළිය. (උපකාර වේ).



268 සිඛවලඳ ප්රුදීපය

සයික්සි :- වාතුද්දසී පොහොය. (චාතුද්දසී - සයුත්සි - සයිත්සි - සයික්සී)

සරතල්ලෙන් :- සරක සඞඛ්යා ත තලියෙන්. සර කය කෝප්පය වෙනුවට පාවිච්චි කරන ලදී.

සරුප්කලි නොවේ :- සාරුප්යව නොවේ.

සරුපි :- සරුප් වේ. (සරුප් + යි - සරුපි)

සල :- “රන් හා එක්කොට විරුවා කළ මුංවත් සල” යනු කඞඛා විතරණී පිටපත් පාඨය. (49 පිට) (සිලා - සල)

සලා :- සලාක - ඉරටු.

සලා :- සොලොවා.

සලාතුරු :- උඩැක්කිය. මෙහි තුරු යනු තූය්ය්-ි ශබ්දයෙන් ආයේය. සලා යනුව කුමකින් ආයේ දැයි නො දත හැකිය. හෙරී විශෙෂ වාචක “සොලී” ශබ්දයක් බොහෝ තැන්වල දක්නා හෙයින් එයින් ආවක් දැයි සොයා බැලිය යුතුය.

සලැජ :- ලජ්ජාසම්පන්න වූ. (සලජ්ජා - සලැජ)

සචක්බතුඳු :- හොඳින් පැසුණු බතුත්. (සූපක්ක - සවක්)

සසුරුතු සඟවෙසෙස් :- ගිහියන්ගේ පණිවිඩ පණත් එහි මෙහි ගෙන යාමෙන් (මගුල් කපුකමින්) සිදුවන සඟවෙසෙස්.

සහට තැන :- සී සෑ ස්ථානයෙහි. සහට යනුව කසිත ශබ්දයෙන් එන්නට පුළුවන. නමුත් එය තරමක් පැටලිලි සහිතය. සංකඪ (මනාකොට සී යෑ) ශබ්දයෙන් ආයේ යයි සිතනු එයට වඩා කරුණ සහිත සේ පෙනේ.


169 සිඛවලඳ ප්ර්දීපය

සහසෙය්යු :- අනුපසම්පන්නයන් හෝ මාගමුන් වසනගෙහි සයනය කිරීමෙන් සිදුවන ඇවතක්. අනුපසම්පත්තයන් සමඟ තෙරැයකුත්, ස්ත්රිියක් සමඟ එක ගෙයි එක් රැයකුත් සයනය කිරීමෙන් වරද සිදුවේ.

සාලුජු :- සාලව නම් කැවිලි විශෙෂය. ගිවුල් සාලව ඩෙබරසාලව ඈ විසින් එහි ප්ර-භෙද කීපයක් තිබුනේය. ඩෙබර ගෙඩි දමා පිසූ කැඳ ආදිය ඩෙබර සාලව සේ විමති ‍විනෝදනී ‍කාරයෝ දකිති. දැන් අනුවා නමින් ව්යිවහාරයට ගොස් තිබෙන්නේත් මේ කෑම වර්ග ය වියැ හැකිය. ඩෙබර (මසන්) ඇට වියලා සුනු කොට සාදන කෑම විශෙෂය බදරසාලව නමැයි සාරත්ථනදීපනිය කියයි. (896) බොඩහලුවා යන්න සමඟත් සසඳනු.

සාමංපාකයෙ :- තමාම පිසීමෙහි.

සාමියවැයිජු :- ආමිස සහිතව ද.

සැතරියනට :- සද්ධිවිහාරිකයන්ට.

සැණමුවා :- හණ වැහැරියෙන් කළ. (සාණ - සැණ)

සැතාදීන් :- ආයුධාදියෙන්.

සැමරුම් :- ආඝ්රායණය කිරීම.

සැසැදි නම් :- සන්සන්දයනය කළේ නම්.

සිඛකරණීයැ :- සෙඛියායෙහි

සියදැමිදි :- ජාතිමධු - අමිශ්ර් මිදියුෂ.

සිරුරුගහන :- සිරුර ඇතිල්ලීම. සිවි නගා :- ඔපදමා සිවිනැගෙන කොරොස්බිම :- පාත්රමය මැදෙන කර්කශ භූමියෙහි (කර්කශ - කොරොස්) යනු ද සලකනු.

269 සිඛවලඳ ප්රමදීපය

සිසාරවා :- වටේට කරකවා

සිසාළේයි :- වටේට වෙලන ලද්දේවයි.

සුලුදියටනු :- මුත්රද පවත්වන ස්ථානය. (සුලුදිය වටනු - සුලුදියටනු)

සූවිසි පරිජි :- 1 උබහජානු මණ්ඩලික පරිජි. 2. චජ්ජ පටිච්ඡාදක පරිජි. 3 උක්ඛිත්තානුවත්තක පරිජි. 4 අට්ඨවත්ථුපක පරිජි. 5 රුස්වා හෙළිහන් පරිජි. 6 මාතු ඝාතක. 7 පිතූඝාතක. 8 අරහන්තඝාතක. 9 සඞඝ භෙදක. 7 පීතුඝාතක. 8. අරහන්තඝාතක. 9 සඞඝ භෙදක. 10 ලොහිතුප්පාදක. 11 පණ්ඩක. 12 උභ තොඛ්යතඤ්ඡනක. 13 ථෙය්යුසංවාසක 14. තිත්ථි ය පක්කන්තක. 15 භික්ඛුඝණී දූසක. 16. තිරච්ඡානගත. 17 මොලොක් පිටු 18 ලම්බී පරිජි 19 මියෙන් ගන්නා පරිජි. 20 මෙරමා නිමිතැ හිඳිනා පරිජි. 21 මෙවුන්ධම් පරිජි. 22 අයිනාදන් පරිජි. 23 මිනිස්විකා පරිජි. 24 උතුරු මිනිස්ධම් පරිජි. (39 පිට බලනු)

සුත්එව් :- සුත්ත නම් පාන විශෙෂය හෝ එය ලොණසොවීරකය වැනි අමද්යර පාන විශෙෂයකි. ලොණසොවීරකය සියලු ශෂ්යිඵලයන් සහ බෙහෙත් වර්ගි බහා පල්කොට පෙරා ගන්නා අතර, සුත්තය සකස් කරන ලද්දේ අරළු බුලු නෙල්ලි ආදිය බහා පල්කර ගැනීමෙනි. ඉහත කී දෙ පානයම අරිෂ්ඨ විශෙෂයෝය.

සුන්න :- (සුනුය - සුන්ය - සුන්න)

සෙනසුන් අත්පත් කරනු :- ඇඳ පුටු ආදී තැන්පත් කිරීම. අත්පස් යනුව දැන් ව්ය්වහාරයෙහි අස්පස් යී යෙදේ.

සෙරියෙන් :- හොරන්

සෙවලල්ල :- ගහ වටේ රවුමට වැටී තිබෙන ඡායා මණ්ඩලය.


270 සිඛවලඳ ප්රුදීපය

සෙවිනි :- පියස්සත (ඡදන - සියනි - සිවිනි - සෙවිනි)

සේතබන්නට :- ක්ෂ මව - ආරක්ෂා් සහිතවැ තබන්නට.

සොයන :- චොදනා කරන. සොය (චොදන කිරීමෙහි) ධාතුවෙන් නිපන් වර්තඛමාන කෘදන්තයි.

සොයවා :- චොදනා කරවා

සොයා එව් සොයවා එව් :- තමා චොදනා කෙරෙයි හෝ අනුන් ලබා චොදනය කරවයි හෝ වේ ද,

සොවීර :- ලොණසොවීර බලනු. (256) අරළු බුළු නෙල්ලි ආදී කසට වර්ග ද, සියලු ධාන්ය වර්ගුයන් ද උඳු මුං ආදී අපරණ්ණ වර්ග ද, සියලු ධාන්යර වර්ගණයන් ද උඳු මුං ආදී ‍අපරණ්ණ වර්‍ගද සප්තවිධ ධාන්ය යන්ගේ බත් ද, කෙසෙල් ගෙඩි ආදී සියලු ඵල වර්ග් ද, වේගොබ වැටකෙය්යාගොබ ඉඳි ගොඩ ආදී කලීර වර්ග් ද, මස් මාංස වර්ගය ද, මීපැණි උක්සකුරු සවින්දිව ලුණු යන මේවා ද සියලු කටුක බෙහෙත් වර්ගම ද බඳුනක දමා මුව වසා මැටි ආලේප කොට වසක් හෝ දෙ වසක් හෝ තෙ වසක් පල්කර ගැනීමෙන් ලොණසොවීරය සාදනු ලැබේ. විස්තර සමන්තපාසාදිකාවේ 342 පිට බැලීමෙන් දත හැකිය. විශෙෂයෙන් සවින්දක ලුණු සෑහෙන ප්රේමාණයක් ගන්නා හෙයින් ලොණසොවීර නාමය යෙදුණු සේ පෙනේ.

හඟු :- අං. (සිඞග - හඟු)

හඟලා තටු :- ඉරටු පන් ආදියෙන් වියා සාදන හඟලා තටුව ඉලත්තට්ටුවකට සමානය. එහි තටු දෙකක් තිබෙන හෙයින් නාමයත් අත්වතත්ථි ය.

හටුකොටු තුබූ :- මැසි උඩ දමා තිබුණු -


271 සිඛවලඳ ප්රසදීපය

හති :- සත්තු වේ. (හතුයි - හති) හත් යනු සත්තු ශබ්දයෙන් ආයේය.

හදාරන :- ඉගෙන ගන්නා (සංධාරන - හදාරන)

ගඬු :- 184 පිට අඹියෙහි යන්න බලනු.

ගම්වා :- උසුලා.

ගයිජු :- සමඟ ද. (සඞිං - හයි)

හසර :- හැසිරීම. (සංචාර - හසර)

හවානම් :- ආක්රොමශ කෙරෙහි නම්. (සපති - හවයි - හවා)

ගංතෙර :- සඞඝ ස්ථවීර. සඞඝ සමූහයක ප්රරධාන ස්ථවීර. (සඞඝ - සඟ - හඟ - ගං)

හැමියැ යන :- අමුය යන. (හමුය - හැමිය).

ගැස්වා : - සිදුරු අහුරා. සංසකත කරවා.

හැවිලි :- ආක්රො ශ කිරීම්. (සපන - සැවින් - හැවිනි - හැවිලි)

ගිදොළු :- පැද්දෙන දෝලාව.

හිල්මස :- සීතල මාසය. (සීතල - හීයල - හීල - හිල - හිල්) ‍ හිවා :- මසා. (සිඛ්ඛෙත්වාත - හිවය - හිවය් - හිවා)

හිස්වෙළුජු :- ජටා ද, ‍හුණුදොර :- උණ ගසේ සෑදෙන සහල් විශෙෂයකැයි සිතේ. දොර යනුව චොරක ශබ්දයෙන් එයි. (චොරක - දෙරි) වූයේ දොර ශබ්දය මැයි. මිදේරි වරා දෙරි යනාදිය සමඟත් සසඳනු.

272 සිඛවලඳ ප්රාදීපය

හූරු අතුනුපටි :- ඌරන්ගේ බඩවැලට බඳු සටහන් ඇතිවැ සාදනු ලබන පටි විශෙෂයක්. (අන්ත - අතුනු)

හෙකවර? යත් :- ඒ කවරේ දැයි:- කියතොත්.

හෙටු කටම්හයි :- යහපත් කරම්හයි. (සුට්ඨු හෙටු)

හෙයිජු :- හේ ද, ඇවැත සඟවන්නට කියනු ලැබූ තැනැත්තා ද,

හෙටුය, නො හෙටුය :- යහපත් ය අයහපත් ය යනු අර්ථබයි. (සුඪු - හෙටු)

ගෝලුපනු :- ඕලු ඇට මිරිකා ගත් පානය.