සිඛවලඳ හා සිඛවලඳ විනිස - සිඛවලඳ ප්‍රදීපය

සිඛවලඳ ප්‍රදීපය


අක්පයින් :- අග්ර.පාදයෙන්, මෙහි අක්පය නම්, යටිපතුලේ අග ඇඟිලි සහිත පෙදෙස වේ. (අග්ග අග - අග් - අක්)

අකවටු;- පෙළබසෙහි එන ‘පල්ලත්ථි කා” ශබ්දයට අකවටුයි හෙළුයෙහිදී අත්ථුපල්ලත්ථිෙකා, චීවරපල්ලත්ථිථකා, ආයොගපල්ලත්ථිෙකායි තෙවැදෑරුම් වේ. භික්ෂූසන්ගේ චීවර පල්ලත්ථිගකාව තෝරන ද කුදුසික ටීකාකාරයෝ “පාදෙ පරිග්ගහෙත්ථාෂ ආසනං පල්ල‍ෙත්ථා ” යි කීහ. එයින් හැ‍ඟෙන්නේ අතින් හෝ ඉටූ දෙපයට සිවුරෙන් හෝ ආයෝග (සක්මන් කිරීමාදියෙහි නියුක්තයන්ට එල්බැ සිටිනු පිණිස සුදුසු තැන්වල යොදා තිබෙන ලනු රෙදි පටි පුවරුකැබලි ආදී යමක්) පට්ටයෙන් හෝ දෙපය වැළඳගෙන සිටීම පල්ලත්ථිලකාව බවය. අතින් දෙදණ වැළඳැ ගෙන සිටීම ප්රමසිද්ධය. සිවුරකින් හෝ වස්ත්රයයකින් හෝ අ‍ායොග පට්ටයකින් හෝ දෙදණ වැළැඳ ගෙන සිටින්නේ කෙසේද? යනු මෙහිදී සලකා බැලියැ යුතුය. ඒවායින් දෙදණ බැඳගෙන සිටින්නේ තුනටියත් සමඟ බව පෙනේ. එහෙයින් වස්ත්රටයකින් හෝ සිවුරකින් හෝ ආයොග පට්ටයකින් හෝ තුනටිය සමඟ දෙදණ බැඳ ගෙන සිටීම ක්ර්මයෙන් දුස්පල්ලත්ථිටකා චීවරපල්ලත්ථිෙකා ආයොග පල්ලත්ථිසකා යන නම් වලින් හඳුන්වන ලදී. අකවටු බැඳීම වූ කලී ඉද‍ ගෙන ඉඳීමේ පහසුව සඳහා කරනු ලබන්නකි. විහාරයෙහිදී හෝ වස්විසූ ගෙදරකදී නම් ඉටු දෙපට






175 සිඛවලඳ ප්රඳදීපය

සිවුර හැරැ අනෙක් සිවු‍රකින් අකවටු බැඳීම භික්ෂූ වකටත් අකැප නොවේ. සාමාන්යැයෙන් බිම වැතිරී සිටීමත් පල්ලත්ථි්කාවිශෙෂයක් ‍බව තිපල්ලත්ථස මිග ජාතකයෙන් පෙනේ. “පල්ලත්ථං වුච්චති සයනං” යි කීයේ එහෙයිනි. මේ අක ශබ්දයෙන් උකුල අදහස් කරන හෙයින් වස්ත්රාවදියකින් උකුළ වටා දෙදණ බැඳගෙන විසීම අකවටු ඇවිලීමයයි සලකම්හ . “අත්වටු ගැළ” යනාදිය සමඟත් සසඳනු-

අකුඇටින්;- අකුඇටයෙන්, දෙ උරහිසින් නික්මැ බෙල්ලේ ඉදිරිපැත්තේ තිබෙන පහළ ගළවළුවට තුඩු දී තිබෙන අස්තියුග්මය අකුඇට නමි. දකුණු අකුඇට වම් අකුඇට විසිනුත් ඒවා හඳුනනු ලැබේ. (අක්ඛක අකු)

අග්ගි;- “අග” ධැතුවෙන් සෑදෙන වත්මන් අන්කරු එකබස් රූපයත් අග්ගි, යි සිටී ( අගියි - අග්යි අග්ගි) නමුත් මේ අග්ගි යනුව ‍එය තරමක් වෙනස්ව සෑදුනක් සේ පෙනේ. (අගීදැයි- අගීයැයි- අගීයි අගියි- අග්ගි) යනු මේ පද සිද්ධ වූ සැටිය. මෙ “යි” කාරය ප්රිශ්නථර්යෙගහිය -

අගනාක්:- වටිනාකම ඇත්තක්, කම්විබත් එක බසෙහි “අක්” ප්රාත්ය-ය සේම ආක් යන්නත් බෙහෙවින් යෙදුනේය-

අගාලමියෙහි;- අඟාල, අගාල යනුත් පාඨාන්තරයි. එහෙයින් මේ අගාල ශබ්දය තවමත් සැක සහිතය. එයින් ලැබෙන අර්ථාය නම්, විවෘත කළ යනුයි. විල් (පොකුණු) කටලොකු බඳුන් යන මේවා කියන “අකල්” ශබ්දයක් දෙමළ බසෙහි ඇතත්, මෙ ‘අගාල” යනුව එයින් ආයේයයි සිතනු දුෂ්කරය. සිතුල්පවු ලිපියෙහි අකලකිටු යන තැන පෙනෙන “අකල” යනුව එයින් ආයේය. පොකුණ කරවා යනු එහි අර්ථැයි. අගාල යන තැන අග පෙනෙන අල යනුව




176 සිඛවලඳ ප්ර දීපය

“වළ” ශබ්දයෙන් සෑදුනේය. ඒ වනාහී වර (විවෘත කිරීම් අර්ථෘ) දයින් නිපන් අතීත කෘදන්තයකි. අග යන්නෙන් අග්රාඒර්ථයය ගත හැකිය. එ‍ හෙයින් අගාල මියෙහි යන්නෙන් අග විවෘතකළ මුඛයෙහි යන අර්ථරය ගත යුතුසේ අපට පෙනේ. තවත් සොයනු -

අඤ්ජලිපගෙනැ:- ඇඳිලි බැඳගෙන - වැඳගෙන යනු අර්ථවයි. (පග්ගණහිත්වාන - පගෙනැය - පගෙනැ)

අජුන් :- පෙනීම දියුණු කරන පිණිස ඇසවල ගානුලබන අඳුන්, ද - ජ දෙදෙනාගේ සාම්ය-ය පැරැණි බසෙහි බහුලවැ ලැබේ.

අඤ්ඤාතික විඤ්ඤත්ති සිඛ‍පදයෙන් :- නො ගිලන්වැ නො නෑයන්ගෙන් මිහිරි ආහාර ඉල්ලා ගෙන වැළඳීම තහනම්කළ ශික්ෂාෙපදයෙන්, තෙල මධු පාණීත මච්ඡ මංස යනමේවා මිහිරි ආ‍හාරයෝය-

අටමඟලා :- සඞඛය, චක්ර්ය, පුන්කළසය, ගදාව ශ්රීගවත්සය, අඞ්කුශය, ධ්වජය, ස්වස්තිකය, යන මේ මඞගල සම්මත වස්තු අට, විෂ්ණුගේ පපුවෙහි පැතිරැ බුරිය දක්වා විහිද ගිය රොමරාජිය ශ්රීමවත්ස ශබ්දයෙන් ගැණෙන හෙයින් එවැනි චිත්රියක් මෙහිදී කරන්නට ඇතැයි සිතේ.

අටුරික්ළිඳු :- මැසි වෘක්ෂර ළිං යන මේවා ද, (රුක් - රික්).

අට්ඨවත්ථූඳක පරිජි:- භික්ෂූළණින්ට සිදුවන වස්තු අටකින්යුත් පරිජි ඇවැත, පුරුෂයකුගේ කාය ස්පශීය විඳගනු කැමැති යම් භික්ෂූදණියක් එවැනිම පුරුෂ‍යකු විසින් තමාගේ අත ගත් කලිහි එය ඉවසා ද, සිවුරු ගත් කල්හි එම ඉවසා ද, ඒ පුරුෂයා සමීපයෙහි සිටී ද, ඔහු සමීපයෙහි සිටගෙන ඔහු හා කථා කරයි ද, ඔහු කියූ තැනකට යෙයි ද තමා කරා ඔහුගේ පැමිණීම ඉවසා ද, ඔහු හා පිළිසන් තැනකට වදියි ද ඔහු වෙත සිය සිරුර එළවයි ද එවිට අට්ඨවත්ථුකක පරිජි ඇවැත ඇයට සිදුවන්නේය-


177 සිඛවලඳ ප්රරදීපය

අත්සැත්කිය පානම්:- අත් සහ ආයුධාදිය ඔසොවා දක්වයි නම්, අත් නැමැති ආයුධය ඇත් සැතෙයි සමහරු සලකති. “අත් මෙ සැතක් සේ ගෙනැ හොමු කළහ” යනු ධම්පියා අටුවා සන්ය පාඨයි. (178 පිට) “අත්සැත් කියවීම” යනු කුදුසික සන්න පාඨයි. එය අත්සැත් කියපීම, යි ශුද්ධවියැ යුතුය. මෙහි “කිය” යනුව උක්ඛිත්ත ශබ්දයෙන් ආ සේ පෙනේ. (උක්ඛිත්ත - උකිය - කිය)එහෙයින් හස්තයා‍(ෙග් සහ ආයුධයන්ගේි එසවීම අත්සැත්කිය යන්නෙන් ගත හැකිය-

අත්පෙණහෙන්:- අත් කැමිත පණාවෙන්, පණාවක්මෙන් සකස් කර ගත් අතින් යනු අර්ථකයි. නයකුගේ පෙණයක් වැනි හෙයින් ඇගිලි එක්තැන් කර ගත් අත්ලටත් ඵණ නාමය යෙදේ. (ඵණ - පහණ - පණහ - පෙණහ)

අත්ලා :- අත් තබා ගෙනැ.

අත්මත්තෙ:- අත උඩ.(මතුයෙ -මත් යේ - මත්තෙ)

අත්දෙණියෙ:- වැකිසිළියට ගියවුන් අතපය ශුද්ධ කරන තැන. ඉස්සර වැසිකිළිවලැ අත්දෙණිය සාදා තිබුණේ වැසිකිළියෙන් තරමක් ඈතිනි. දොණියක (ඔරුවක) හැඩහුරුව ඇතිවැ සැදන තැන්වලටත් දෝණි නාමය යෙදේ. පාදෙණිය, පස්දෙණිය; බලු දෙණිය (බල්ලන්ට ආහාර දෙන බඳුන) යනාදිය සමඟත් සසඳනු -‍

අත්පස:- අත ළඟ යන අර්ථසයි. මේ පස ශබ්දය සමීපය කියයි. අත්පස ගැනීම තැනේ හැටියට කළ යුත්තකි. දන්ගෙයි සහ සීමායෙහි අත්පස දෙරියන් හමාරිකිනුත්, ගමේ අත්පස දොළොස් රියනකිනුත්,

ප්රෙමාණ කළ හෙයිනි.   වැඩ සිටිනා භික්ෂුතවගේ ආසනා න්තයෙහි පටන් ද, සිටිනා භික්ෂු වගේ විලුම් කෙළවරේ 




178 සිඛවලඳ ප්රාදීපය

පටන්ගත් ද, සැතපෙන භික්ෂුකවගේ පිටිපැත්තේ පටන් ද, අත්පස ගතයුතු සේ කියන ලදී. යමක් පිළිගන්වන දායකයාගේ දිගු කළ අතහැර භික්ෂු,වට ළංව පැවතිඅ අංශයෙහි සිට අත්පස ගනු ලැබේ. දෙන්නාගේ ඉදිරි පසත් ගන්නාගේ පසුපසත් අතරින් දෙරියන් හමාරක් තිබියැයුතු බව මෙයින් අදහස් කරනු ලැබේ. ආසනය අනුව අත්පස ගැනීම බොහෝ පොත්වල වරද්දා තිබෙන බැව්පෙනේ. ආසනය බොහෝ පුළුල් එකක් නම් අත්පස බඹගණනක් වන්නටත් ඉඩ ඇති හෙයිනි. “ආනිසදස්ස” යන ශුද්ධ පාඨය ආසනස්ස, යී ශුද්ධ කරන්නට යෑමෙන් මේ අවුල සිදුවී තිබේ. බුරුම පොතෙහිත් මේ අවුල මෙසේමය.

අත්වර:- හස්තවාරය අතින් දියට ගසන වාරය මෙයින් අදහස් කරන ලදී.

අත්පස් කරනු:-ච එහි මෙහි දමා තිබෙන දෙයක් ආරක්ෂාඅවන සේ තැන්පත් කර තැබීම අත්පස් කිරීම නමි. අස්පස් කිරීම යන්නෙන් අදහස් කරන්නේත් මෙයමයි-

ආනිසදය නම්:- උකුළු පෙදෙස බව අපි දනිමු. වාඩිවී සිටින්නකුගේ අත්පස ගන්නේ ඒ උකුළු පෙදෙසේ පසු කෙළවරේ සිටය. ආසනයේ පසු කෙළවර ගත්තොත් ප්රකමාණය අඩුවැඩි විය හැකිය. එසේ ම අත්පස පුද්ගල යන් දෙදෙනකු අතර නොවන්නටත් පුළුවන. කඞ්ඛාවිතරණීය ශුද්ධකළ කරඳන ජිනරතන නායක ස්ථවීරයන් වහන්සේ මේ සුලු කාරණය වරද්දන ලද්දේ කරුණු සැලකීමෙනැයි හැගේ. උන්වහන්සේ ශුද්ධකළ කඞ්ඛාවිතරණියෙහි 10 වන පිටේ 12 වන පෙළේ “කාලකාරක කත්තබ්බාකාර වසෙන” යන සම්පූණී පාඨයකුත්අඩුවී තිබේ. හේවාවිතාරණ පොත්වල මුද්රමණය යහපත් වුවත් ශොධනය බෙහෙවින්ම නුසුදුසුය. ඒ පොත් කියවා බැලීමෙන් කාරණය තේරුම් ගත හැකිය.



179 සිඛවලඳ ප්රයදීපය

අතරණ :- ඇතිරිල්ල (අත්‍ථරණා - අතරණ)

අතරණි :- ඇතිරිල්ල වේ. ( අතරණයා අතරණී)

ඇතුළෙයි:- අතුරන ලද්දේ වෙයි.

අතුරවසා:- අන්තරවාසකය හෙවත් අඳනය ශරීරයාගේ මධ්යු ප්ර දේශය අතුරුනමි. එය වසන සිවුර අතුරුවසාවයි (අන්තරවාසක - අතුරුවසා)

අතුරි;- ඇතිරිය වේ. (අතුරයි - අතුරි.)

අතොනයිජු; ගැසීම ද; (අතොනාජු - අ‍ාතොනායිජු - අතොනයිජු) මෙබඳු තන්හි යකාරාමගමය සිංහලයෙහි සිරිති. තබයිජු, නොතබයිජු, පහරනෙයිජු, සාමියවැයිජු, යනාදිය සමගත් සසඳනු.

අත්තකාම පරිචරිය සඟවෙසෙස්:- තමාට මෙවුන් දමින් මෙහෙ කිරීමෙහි අනුසස් ස්ත්රිසයක් සමඟ කීමෙන් සිදුවන සඟවෙසෙස් ඇවැත.

අදඇති:- අභ්යරන්තර - අධ්යාඟත්මික යනු අර්ථයය. (අඩි අත්ත - අද ඇති) මේ ශබ්දය අජ්ඣත්ත ශබ්දයෙන් ආවක් නම් මේ අයුරින් සිටිනු දුෂ්කරය. අදඇති යනුව අදැති, යි සන්ධිුවී සිටින බවටත් පැරැණි බසෙහි නිදසුන් අඩුය.

අදවත්:- අදවත්හොත් - සිතියම් කරවත්හොත්

අඳුන්දිවිසම්:- දොඹමල් වැනි සුදුපුල්ලි ඇති දිවිසම් කොළදිවි අඳුන්දිවි හා කොටිය යි දිවියෝ තුන් වර්ග යකි-

අධන්මග:- දීඝීමාර්ගවය. යටත් පිරිසෙයින් දෙයොදුන් මග (අධාන අධන්)

අධරත්:- දැරුවහොත් වෙසතුරුදා සන්යගය, හෙරණ සිඛවිනිස යනාදියෙහිත් මේ වචනය යෙදී තිබේ. මුල තිබෙන ආකාරය “ආ” උපසර්ගෙය ප්රයභවකොට ඇත්තේ ය. අධරා - දරා. – 180 සිඛවලඳ ප්රයදීපය

අධිමනින්:- අධිමානයෙන් - නොරහත්වැ රහත්මියි ඇතිවන මානය අධිමානය නමි. එය ඇතිවන්නේ දිගු කලක් ධ්යාරන වැඩීමෙන් කෙලෙස් ඔබා ගත් යෝගීන්හටය. මේ අධිමානයෙන් උන්වහන්සේලාගේ මහණ කමට පලුද්දක් නොවේ.

අධියරහි:- සම්බන්ධඇයෙහි යනු අර්ථේයි. “පවන‍න්තො ජිරති” දහකන දිරයි) යන්න සම්බන්ධමකොට ගෙන “අනුජානාමි භික්ඛවෙ වීඨං,” යි වදාළසේක-

අනතිරින්:- භික්ෂුමවක් වළඳා ඉතිරි නොකළ ආහාරය මෙයින් අදහස් කරන ලදී. පාත්රනයට බෙදූ ආහාර කොටස අතින් ස්පර්ශහ කිරීමත් ඉතිරි කිරීමකි. උදේ හෝ දවල් ඔදන කුම්මාස සත්තු මච්ඡ මංස යන පස් ආහාරයන්ට ඇතුළත් යම් ආහාරයක් වළඳමින් සිටියදී එවැනිම ආහාරයක් ඉහත දැක්වූ අත්පසට ගෙනා කල එය නොපිළිගෙන ප්රීති‍ෙක්ෂ් ප කිරීමෙන් භික්ෂුකව පවාරිතයෙක් (අත්පසයට ගෙනා ආහාර ප්ර්ති‍‍ෙක්ෂ්භප කළ භික්ෂුවක්) වන්නේ ය. එසේ පවාරිත භික්ෂුතවක් වූ විට ඒ භික්ෂුතව විසින් තමා වළඳද්දී වැඩ හුන් ආසනය හැර අනෙක් ආසනයට ගොස් අනතිරික්ත (අනුන්විසින් ඉතිරි නොකළ) ආහාරයක් වැළඳුව හොත් ඒ භික්ෂුඅවට පචිති ඇවැත් වේ. යම්කිසි දායකයකුගේ ගෙදරදී අත්පසට ගෙනා ආහාර ප්රතති‍ෙක්ෂ්ාපකොට අන්ය යකුගේ ගෙදරට ගොස් වැළඳීම මුලින් දන්දුන් දායකයාට මදිකමක් වන හෙයින් මේ නියමය කළ බැව් ශික්ෂාපපද නිදානයෙන් පෙනේ. උදේ කෑම සහ දවල් කෑම මිනිසුන් අතර සම්මතවැ පවතී. සම්මත පරිදි උදේ දානය එක ගෙදරකින් වළඳා වෙන ගෙදරකදීත් උදේ දානයම වළඳා නම් වරද සිදුවන්නේ එසේ වළඳන භික්ෂුවවට වේ. දවල් දානය සම්බන්ධ්යෙනුත් කාරණය මෙසේමය. සම්මත පරිද්දෙන් උදේ දවල් දාන දෙකකදී වළඳන භික්ෂු ව මේ වරදට හසු නොවේ. වර්තඋමාන





181 සිඛවලඳ ප්රීදීපය

බොහෝ භික්ෂූවන්වහන්සේලා මේ ශික්ෂා පදය අවුල් ‍ගොඩවක් ‍කරගෙන තිබෙන බව නොකැමැත්තෙන් නමුත් කියැ යුතුය. –

අනතුරු සිඛපදයෙහි:- විස්තර කරන්නට පටන්ගත් ශික්ෂාකපදයට මුලින් හෝ අගින් ඒ එක්කම අතරක් නැතිවැ තිබෙන ශික්ෂානපදය අනතුරු ශික්ෂා පදය නමි. මෙතන්හිදී අනතුරු ශික්ෂාටපද නාමයෙන් අදහස් කරන ලද්දේ ඊළඟට මුලින් ඇති ශික්ෂා්පදය බැව් සැලකියැ යුතුය.-

අනන්මන:- ඔවුනොවුන්, (අඤ්ඤමඤ්ඤ අඤ්මඤ - අනමන අනන්මන) මෙබඳු තන්හි ආගන්තුක නකාරයක් යෙදෙනු සිංහලයේ සිරිති. කටුන්නරු (කටුනරු) හුනන්නරු හුනනරු යනාදියත් නිදසුනි. සංස්කෘතියෙහි සුගන්තිහ යන තන්හිත් දෙමළබසෙහි පොන්නම්බලම් යන තන්හිත් ලැබෙනුයේ මේ නකාරගමය නො වේ.-

අනදුරු :- අනාචාර - සිදු නොකළ යුතු දේවල් (අනාචාර-අනදරු- අනදුරු)-

අනාදරිය :- ආදර (ගෞරව) නොදැක්වීම, අනාදරික - අනාදරිය)-

අනුකපියෙන්:- අනුකම්පාවෙන් - (අනුකපුවෙන් - අනුකපියෙන්)-

අනුමොව්නාට:- අනුමොදන් කරනු පිණිස, තමා හෝ අනුන් කළ හොඳ දෙය අනුව සලකා සතුටුවීම අනොමදනා නමි. ඒ සඳහා කරන දේශනා කථා ආදියත් අහොදොපචාර වශයෙන් අනුමොදනා නාමය ලබයි. (අනුමෝදනා - අනුමොවනා = අනුමෙව්නා) ඈත පළාත්වල වන්දනාවේ ගොස් පෙරළා ගෙදර එන වන්දනා කරුවන් උදෙසා සාදනු ලබන කැවිලි පෙවිලි ආදියටත් “මෙව්වාව” යයි මාතර පළාතේ කියති.



182 සිඛවලඳ ප්ර දීපය

වන්දනා කරුවන් සතුටු කිරීම සඳහා සාදන කැබිලි යනු අථීයි. මෙව්වාවෙ ප්රදධාන කැවිලි වර්ග ය අග්ගලා හෙයින් අග්ගලාත් මොදක නාමය ලබයි. (මොදක - මෙවුව - මෙවුවා - මෙව්වා)-

අනුලොම්පරිජි:- ප්ර ධාන පාරජිකා හතරට අනුලොම්වැ ඒ වාට සඞ්ග්ර්හවන අප්රෙධාන පරාජිකාවෝ. ඒවා සියල්ල විස්සකි.

අනුසස්ලි:- (අනුසාසනා - අනුසසිනි - අනුසසිලි - අනුසස්ලි)

අනෙසුනි:- අනෙසන වේ. (අනෙසුනයි - අනෙසුනි) සුදුසු දීමනා, නුසුදුසුකිය, නුසුදුසුකීම් යනාදිය අනෙසනයන්හි ඇතුළත් වේ. නුසුදුසු පරිද්දෙන් සිවුපසය සොයනු සඳහා කරන උපක්රනමයෝ අනෙසනාවෝය. නුසුදුසු සෙවීමයනු වචනාර්ථනයි. අනෙසුන් සියල්ල එක්විස්සකි.-

අනෙකක්හු කිරීම දැකැ :- අන්ය‍යකුගේ මෙථුන සේවන කෘත්ය්යදැක.-

අපරණ්ණයිජු:- අපරණ්ණජු - අපරණ්ණයිජු “යි” යනු ආගම සිද්ධය, උදු මුං ආදී ඇතැම් ධාන්යන විශේෂයෝත් ලබු පුහුල් ආදී ගෙඩි වර්ග්ත් අපරණ්ණ නාමය ලබති. මේ නාමය සම්බන්ධතයෙන් පෙර පටන්ම ඒකමතික තීරණයක් නොතිබුණු බැව් පෙනේ. ශාලි ව්රිපහි ආදිය ලොකයෙහි මුලදීම ඇතිවුණු හෙයින් පුබ්බණ්ණනාමයත්, උදු මුං ආදිය පසුවැ ඇතිවුණු හෙයින් අපරණ්ණනාමයත්, ලැබූහ යනු නිඝණ්ඩු ටීකාකාරයන්ගේ හැඟීම වේ. සිරිත් වශයෙන් පෙර වරුයෙහි වපුරන හෙයින් ඒ නම් ලැබුනේයයි ජාතක ගැටපද කාරයෝ කියති. පෙරවරුයෙහි සහ පස්වරුයෙහි කෑ හෙයිනුත් ඒ නම ලැබෙන්නට පුළුවනැයි කුදුසික සන්නාදියෙහි දැක්වේ. පියලි සහිත “ශිම්බී”



138 සිඛවලඳ ප්රැදීපය

වර්ග යට අයත් ධාන්යී විශේෂය අපරණ්ණ වන්නට ඇතැයි අපි මුලදී කල්පනා කළෙමු. නමුත් ලබු පුහුල් ආදී ගෙඩි වර්ග යෝ ඒ අදහසට හරස්වැ සිටිති. වගාකරන අවස්ථා අනුව මේ නම් ලැබුනේ ද? යනුත් සොයා බලන්නට වටනේය. ඉස්සර ඉන්දිැයා ලඞකා’දී රටවල ජල බහුල නො වූ ඕවිටි වැනි ඉඩම් වගාකිරීමේ ක්රදම දෙකක් තිබුනේය. පළමුකොට ධාන්ය වර්ගගත් ඒවා කපා පාගාගත් ඉක්බිති, ලබු පුසුල් උඳු මුං ආදියත් වගාකරනු ඒ ක්ර්ම දෙක වේ. ඉසුරුමුනියට (දැන් වෙස්සගිරියට) අයත් කුඹුරුවල හීනැටි ගොවිතැන විනා මුං ඇට ගොවිතැන නොකරන‍ සේ ‘සිවුවන මිහිඳු රජු නීති පණවා තිබුණු බව ද, මෙහිදී සිහිකළ යුතුය. (වෙස්සගිරි ශිලාලිපිය බලනු. ඇ.ශෙ. 1 – 31) නුවර දළදාමාලිගයට අයත් මාවැලි ග‍ඟේ දෙපස පිහිටි ඉඩම් වල මේ ගොවිතැන් අදත් සිදුකරති. වරකට රන්වන් කරලින් බරවන මේ කුඹුරු ඒවා කපා පාගාගත් හැටියේම වගාවන පතෝල ලබු පුසුල් උඳු මුං මෑ බෝන්ඩි ආදියෙන් සශ්රීේකභාවයට පැමිණෙන සැටි අපට පෙනේ. මේ අනුව සලකන විට ඉහතින් දැක්වූ දෙගොවිතැන පුබ්බණ්ණ අපරණ්ණයන නාමයන්ගෙන් ප්ර්සිද්ධියට ගිය බව සිතියැහැකිය. මෙය තවදුරටත් සොයා බැලිය යුත්තක් බව කියමු.-

අපිළිගතු:- නොපිළිගන්නා ලද්ද.-

අපිසින්:- අප්පිච්ඡනායෙන් - ලෝහ නො කිරී මෙන් - (අප්පිච්ඡා - අපිස්)-

අබ්ගානාරහයැ:- අබ්හානා කර්ම-යට සුදුසුභික්ෂු ව යනු අර්ථඅයි. ගරුවරදට (සඟවෙසෙසට) සඞඝයා විසින් දඬුවම් දෙනලද (වත්මානත් පිරිම) ඉටුකර ඉවරවනතුරු සඞඝ සමාජයෙන් ඈත්කොට තැබුණු භක්ෂුෙව යළින් සඞඝ සමාජයට ඇතුළුකර ගැනීම පිණිස සිදුකරනු ලබන විනයකර්ම ය අබ්හාන (සං. ආහ්වානනමි. අවහාන ශබ්දයත් ඒ අර්ථියෙහිම වැටේ-


184 සිඛවලඳ ප්රයදීප අබ්බෝහාරිකයි:- අව්යිවහාර බවට ගියේ වෙයි. සිඟාගන්නාලද ගිතෙල් මීතෙල් වෙඬරු යනාද‍ියෙහි ඇති සහල් බත්හුලු යනාදිය යාවකාලික ව්යෙවයහාරයට නොයයි යනු මෙයින් ගතැයුතු අර්ථිය වේ.-

අහබ්බපුඟුලෝයි:- මහණකමට නුසුදුසු පුද්ගලයෝ වෙත්.-

අබවසැ:- අභ්ය-වකාශයෙහි ආවරණයක් ‍නොමැති තැන (අ‍බ්හොකාස - අබවස)- අඹපනු:- අම්බපානය ඉදුනු නොයිදිනු අඹ මිරිකා ගත් ගිලන්පස (පාන - පනු)- අඹියෙහි :- (හඹුයෙහි) හඹු ශබ්දය ජල වාවක ශබ්දයෙන් එතැයි සමහරුන් කියතත්, එහි සත්ය)යක් නැත්තේය. එකවෙලේම මේ ශබ්දය බිඳගතහැකි පාළි සංස්කෘත ශබ්දයකුත් අපට තවමත් නොහමු විය. එහෙයින් මේ ශබ්දය කඩා ගැනීමට වහළ ලැබෙන්නේ දෙමළ භාෂාවෙනි, එහි මේ අර්ථ යෙහි යෙදෙන “ශම්පා” ශබ්දයක් ලැ‍බේ. ගම්මිරිස්කුඩු දුරුවර්ග්, කරාබුනැටි, ගිතෙල් ආදිය මිශ්රාණය කොට දෙවාලයවලැ පූජාව පිණිස සකස් කරනු ලබන බත් විශෙෂයක් ‘ශම්පා’ නාමයෙන් අදහස් කරනු ලැබේ. එය අපේ උකු කැඳකට වඩා තරමක් ඝනවන්නට සාදන ලද්දකැයි සිතනුත් යුක්තිසහගතය. බජ්ජයාගු ‍ෙහාජ්ජයාගු දෙකගැනත් සිතා බලනු. බුදුරජාණන් වහන්සේ අනුසස් දශයක් වදාළ යාගුව අපේ ලුණු කැඳ නොවේ. එහි එකී ගුණ නොමැති හෙයින් ද්ර ව ගතියෙන් අඩුවැඩිකම් ඇතත්, බණපොතේ එණ යාගුවත් ඉහතකී ශම්පාවත් එකක්මය. එයින් “හඹු” ශබ්දය ශම්පා ශබ්දයෙන් ආවකැයි අපි කියමු.-

අඬුලු:- අමූලික, අසත්ය (අමූලික - අමුලු - අඹුලු) ඇතැම් සිංහල වචනයන් සමග මධ්යිම යුගයේදී පමණ ආගන්තුක අනුනාසිකයන් බැ‍ඳෙන්නට පටන්



185 සිඛවළඳ ප්රධදීපය

ගත්තේය. ද්රමවිඩ ආශ්ර්යේ බල පැවැත්වීමකින් ඇති වූ වෙනසක් වන්නට පුළුවන. ආරාම - අරම- අරඹ, ශ්රිම - සරම - සරඹ, යනාදිය සමඟත් සසඳනු-

අමිස්:- ආහාර (ආමිස - අමිස්)- අමුල්සඟ වෙසෙස්:- අමූලික සඞඝා’දිසෙස ඇවැත. දැකීමක් හෝ ඇසීමක් හෝ බාහිර හේතූන් නිසා ඇතිකරගත් යම්කිසි සැකයක් හෝ නොමැතිවැ උපසපන් භික්ෂුගවකට පරිජි ඇවැතින් චෝදනා කිරීම නිසා ඇතිවන සඞඝාදිසෙස ඇවැතයි. දැකීම ඇසීම පරිසඞකිතය යන තුන මුලනමි. ඒවා නැතියෙන් අමුලික විය.-

අයජ්ජි:- ඉල්ලයි. අයජිය - අයජ්යි - අයජ්ජි.- අයජගන්නෙ:- ආයාචනය කොට (ඉල්ලා) ගන්නේය.-

අයතැයි:- (අයත්යැයි - අයතැයි)-

අයතින්:- අයත්දෙයින්.-

අයප :- අකැප - නුසුදුසු. (අකප්පිය - අකැප අයප)-

අයපයෙහි :- නුසුදුසු දෙයහි.-

අයල්සිවුරු:- අකාල චීවර, පසුවස් විසීම් ආදී හේතූන් නිසා කඨීන නොඅතුළ විහාරයෙහි භික්ෂූඅන්ට එක්මසකුත් කඨින අතුළ විහාරයෙහි පස්මසකුත් චීවරකාලය වශයෙන් සලකුනු ලැබේ. නොඅතුළ විහාරයට අවුරුද්දෙහි වප්මාසය හැර ඉතිරි එකොළොස් මාසය අකාලය වන අතර කඨිනයක් අතුළ විහාරයෙහි භික්ෂූරන්ට චීවරමාසය වශයෙන් ගැණෙන වප් මාසයත් සම්පූණී හෙමන්ත සෘතුවට අයත් සිවුමාසයත් යන පස්මාසය හැර ඉතිරි සත්මාසය අකාලය වන්නේය. මේ නො කාලයන්හි ලැබුණු සිවුරු අකාල සිවුරු නම් වෙති. (අකාල - අකල - අයල - අයල්)-

186 සිඛවලඳ ප්ර දීපය

පළමු නිසැගි සික්ෂා පදයෙහි නොඉටු නොවිකැපු අතිරෙක චීවරය අසල් සිවුරු නාමයෙන් හඳුන්වන ලදී. අතිරෙක චීවරය අයිරා සිවුරු නාමයෙන් මිසැ අයල් සිවුරු නාමයෙන් හඳුන්වනු නුසුදුසුසේ පෙනෙතත් අතිරෙක චීවරයටත් අයල් සිවුරු නාමය ගන්ථාවන්තරයෙහි යෙදී ඇති හෙයින් ඒ හැඳින්වීම නිදොස් සේ සැලැකියැය යුතුය. අයලින් ලද සිවුරු ඉටා වැළැඳැ ගතයුතුය. යන කුදුසික පාඨයෙහි (16 පිට) අයලින් ලද සිවුරු,යි කීයේ අතිරෙක චීවරයට වේ. ඉටු විකැපූ සිවුරෙන් බාහිර වූ නොඉටු නො විකැපූ සිවුරු යන අර්ථුයි. බාහිර, පිටත, අන්ය යන අර්ථරයන්හි යෙදෙන අයළ ශබ්දය සාමාන්යව ව්යථවහාරයෙහි අයාල,යි යෙදේ. අයාලෙ යනවා (පිටත යනවා) යනාදිය නිදසුනි.-

අයිරා :- අතිරෙක, අධික යනු අර්ථියි. (අතිරෙක - අයිරය - අයිරස්- අයිරා)-

අයිරිත් නොවූ බොජුනක්:- ඉතිරි ‍ෙනාවූ භොජනයක් ඔදන, කුම්මාස සත්තු මච්ඡ මංස යන පස් ආහාරය වළඳමින් සිටියදී බෙදන්නට ගෙනා එවැනිම ආහාරයක් ප්රනති‍වෙක්ෂෙප කිරීමෙන් පවාරිතයකු වූ භික්ෂුිව විසන් අනෙක් භික්ෂු්වක් විසින් ඉතිරි කළ භොජනය වැළැඳිය යුතුය යනු විනය නීතිය වේ. මෙහි අයිරිත් නොවූ බොජුන හැටියට හැඳිනෙන්නේ අනෙක් භික්ෂූේවක් විසින් එසේ ඉතිරි නොකළ භොජනය බැව් සැල කියැ යුතුය.-

අරම්, අරම්වත:- ආරාමය සහ ආරාමය පිහිටි වත්ත, ආරාම ශබ්දයෙන් මෙහිදී අදහස් කරන ලද්දේ ගස් වැල්ය.-

අරවත්නම්:- ඉල්වත්නම්.-





187 සිඛවලඳ ප්රමදීපය

අරුත් හා බැජුන් :- අර්ථ. සහ ඛ්ය.ඤ්ඡන - ව්යමඤ්ජන ශබ්දය අකුරු පද වාක්ය යන මේවා කියයි.-

අරොජා:- අරොචනය කොට - කියා (ආරොචෙත්වා - අරොජය - අරොජය් - අරොජා) –

අල්ලේ :- දෙවන දිනයෙහි. 1 එපිළිගන්දීය අල්ලේ අමිස් මුසුකොට වළඳත් නොවටී (70) 2. අල්ලේ අසො ඔවාදෙන පැවිජ්ජන කරහ එළැබෙව (112) 3. අල්ලේ ඉටාගන්නේවටී (44) යනාදිය නිදසුනි. අමාවතුරු බුත්සරණාදියෙහිත් පෙනෙන මේ වචනය සික්ඛාපද වලඤ්ඡන පාළිමුත්තක විනය විනිශ්චය යන ග්රයන්ථමයන්හි “දුතියදිවසෙ,”යි පාළියට පෙරළා ඇත්තේය. (අලුයේ - අල් යේ - අල්ලේ)

අළකෙනකුන් :- ඉල්වූ කෙනකුන් අළ යනු අර (ඉල්වීම් අර්ථුයෙහි) දයින් නිපන් අතීත කාදන්තයි.-

අළුවහු :- ඉල්වු තැනැත්තෝ-

අළුවා:- (හළුවාහට) දඬු ආදිය අතින් බිමට දැමූ තැනැත්තාහට ඉවත දැමීම් අර්ථ යෙහි යෙදෙන අළ (පාළි හර ධාතුයෙන්) සිද්ධය.-

අවක්සා:- අපක්ෂායකොට බලාපොරොත්තුවෙන් (අපෙක්ය්න - අවෙක්සය - අවක්සය අවක්සය් - අවක්සා)-

අවටඇත්තාකොට :- හාත්පස ඇතිකොටැ යනු අර්ථනයි. සිවුරු අදින පොරොවනවිට ඇතැම් පැති උස් පහත් වන්නට ඉඩනොදී හාත්පස එකසේ පිරිමඩුලුව තිබීම මේ අවට යන්නෙන් අදහස් කරන ලදී.-

අවන් :- පැමිණි (ආපන්න - අවන - අවන්) –

අවන්නෙ:- ඇවැතට පැමිණි භික්ෂුඅව (අවනුයෙ - අවන්යෙ - අවන්නෙ)-


188 සිඛවලඳ ප්රේදීපය

අවාමටගිය සඳපටා:- නොපෙනීමට ගිය කල්හි පටන් (අපක්කම - අවහම - අවාම) ඉවත්වැ යෑම හෙවත් නොපෙනී යෑම අපක්කම නමි.

අවුත්ත අප්පටයොගි පරමාසවන බැවින්:- නොකියන ලද අවිරුඞදෙය හෙවත් අසමාන දෙය හැ‍ඟෙන හෙයින්.-

අවුස්බඩුඳු :- තූය්ය්න භාණ්ඩද, (ආතොද්යන- අතොදු - අවොදු - අවුතු - අවුසු - අවුස්)-

අවුළුවා:- අකවටු අවුළුවා:- යනාදිය නිදසුනි. බැඳ යනු අර්ථ-යි. ආවට්ට - අවුටු - අවුළු)-

අවෙන්වා:- ආදීනව (ආදීනව - අදෙනව - අවෙන්ව - අවෙන්වා)-

අස්වඳු :- පාතු පසුම්බියේ පටිය. අංසබඞ අසබද - අස්බදු - අස්වදු)-

අස්සීඑවු :- අස්වයිහෝ වේද.

අස්නෙකින් මෙහෙයුවා:- ලියමනකින් මෙහෙයන ලදුවා-

අස්තියා :- සිහිනැතිවීමෙන්-.

අසමානාසනිකයා:- උපසම්පදාවෙන් තමාට වඩා වස් දෙකකට වැඩිමහලු වූ හෝ බාල වූ භික්ෂුමව-

අසයිජු :- අසයිද.-

අසරමිණි බජුන් := එරමිණියගොතා වාඩිවීම. (බන්ධ න - බජුන්)-

අසා :- ආඝ්රා ණය කොට මුලදී ‘අඝා’ යි තිබී පසුව අසා, යි සිටියේ දැයි සොයනු.-

අසිඳැඑව් අසිඳුවාඑව්:- තමා විසින් පැහැරගෙන හෝ අනුන් ලවා පැහැරගන්වාහෝ අච්ජින්දි්ත්වාණ - අසිදිය - අසිදැ) 189 සිඛවලඳ ප්රනදීපය

අසිඳුනා සිඛය:- දොළොස්වන නිසැගි ශික්ෂාැපදය භික්ෂු වක් විස්න තවත් භික්ෂුවවකට දෙනලද සිවුරු, දුන් භික්ෂුදව විසින් නැවතත් උදුරා ගැනීමෙන් මේ නිසගිය සිදුවේ.-

අසන්සිවිරිවැ:- සොරුන් විසින් පැහැරගන්නා ලද සිවුරු ඇත්තෙක්වැ (අච්ජින්න - අසිදි - අයින් - අසුන්) සිවුරු - සිවිරි.

අයෝතැනට :- අසුවල් ස්ථානයට. (අසුක - ‍අසොව් - අසෝ)-

අළුවා :- සමීපයට ගෙන එන ලද්ද, අහරිත - අළු)-

ආකෘතිජු:- වගපුල් ආකෘතිජු යනු නිදසුනි. තිප්පිලි කරලකට බඳු ආකාර ඇති පටිද යනු අර්ථුයි.-

ආදිනටජු:- ආදීන්ටද-

ආදිනෙන්:- ආදියෙන් නෙන් විබත් යෙදුණු තැනි-

ආණත්තිකප්පියෝ :- සොරකම් කරන්නට ඇණ වීම හෙවත් යෙදවීම- ආපදායෙකින්:- විපතකින්-

අභොගකොට :- සිතින් සිතා-

ආවඩා:- ආයුබෝවේවා කියා.-

ආසිත්ත කූපදාන :- පාතටු යන්න බලනු.-

ඇක්මේනම් :- පාගයිනම්.-

ඇකෙස්ලි :- ආක්රොනශ (අක්කොසනා - ඇකෙසිනි ඇකෙසිලි - ඇකෙස්ලි)- ඇජුරො:- ආචාය්ය්ට වරයෝ.-

ඇටියෙල්පනු:- ඇටකෙහෙල් මිරිකාගත් පානය. 190 සිඛවලඳ ප්රඅදීපය

(ඇටිකෙහෙල්- ඇටියේල් - ඇටියෙල්) පනු යන්න පානක ශබ්දයෙන් ආයේය=

ඇත්තා:- අවට ඇත්තා‍කොට යනු නිදසුනි. හාත්පස පරිමණ්ඩලය ඇති‍කොට යනු අර්ථඇයි.-

ඇතිදියෙහි;- දියඇති කල්හි-

ඇතිපසයෙහි:- කාරණයක් ඇතිකල්හි-

ඇතුළුලා :- (මුඛය) ඇතුළට දමා-

ඇදුරු වත් තෙරුන් නිසා වසන:- ආචාය්ය්ළ ස්ථවිරයන් වහන්සේ සහ උපාධ්යාතය ස්ථවිරයන් වහන්සේ ඇසුරුකොට වාසය කරන ඇදුරුතෙරුන් වත්තෙරුන්, යී වෙන්කළ යුතුයි-

ඇධැරීම්:- දැරීමවේ. (ඇධැරීමයි - ඇධැරීමි)

ඇධැරුව:- දැරුවහොත්-

ඇරැ සිඳ වූ :- ගෙනවුත් පිහිට වූ -

ඇරොජා :- අරොවනයකොට, කියා (ආරොවෙත්වාධ - ඇරොජයජා ඇරොජය්- ඇරොජා) =

ඇවැත් ඇවැද්මෙහි :- ඇවැත්වලට පැමිණීමෙහි (ආපජ්ජන- ඇවැදුම - ඇවැද්ම)-

ඇවැත්වනවා:- ඇවැත් සිදුවන බව “වනවා” යනු භාව ක්රි යාවකි. වන බව යනු අර්ථ යි-

ඇවිස්නා ළුවින්:- බෙදන හැන්දෙන් (ඇවිසිනා - ඇවිස්නා) “එව” යනු උළුඞ්ක ශබ්දයෙන් ආයේය. (උළුඞ්ක - උළුව - ළුව) –

ඇවිස්ලි :- විචෑරීම. (ආපුච්ඡන - ඇවිස්නි - ඇවිස්ලි)

ඇටියැ :- විචාරා (අපුච්ඡිය - ඇවිසිය - ඇවිසැ) 191 සිඛවලඳ ප්ර්දීපය

ඇස්නරැබැමනඟන :- මේ පාඨය “ඇස්නෙරන බැම නඟන,” යි සිටියේ නම් මැනවි. යමක් දෙස තදින් බැලීම ඇස්නෙරීම නමි. “ඇස්තරු” යනුත් පාඨාන්තරයි.-

ඉකිළියේ:- මේ ඉකිළි ශබ්දය උක්ඛලි ශබ්දයට නෑකම් කියතත් සමාන්යේ සැළියක් නොකියයි. වතුර බොණු පිණිස පාවිච්චි කරන කුඩා මුට්ටි ‍විශේෂයෙක් එයින් හැගඟ්.

ඉකුත :- ඉක්මැ ගියහොත්-

ඉකුම්වා :- ඉක්මවා අතික්කමාපෙති - ඉකුම්වයි - ඉකුම්වා)

ඉත්බැවින්:- මෙසේ බැවින් -

ඉතිරි:- අතිරිත්ත - ඉතිරිය ඉතිරි)=

ඉඳුරා:- සෘජුවැ - වක් නො කොට - (සෘජුක - ඉඳුරු ඉඳුරා)-

ඉඞිමය :- සඞිමය : - සෘඞියෙන් නිපන්-

ඉන්සල් :- ඉන්දාබසාල, නුගපවුලට අයත් ගස් විශේෂයක් සේ හැ‍ඟේ. (ඉඳුසල් - ඉන්සල්) අරලියසේත් සලකති= ඉසුරුවුව :- උච්චාරණය කළහොත්. කියුවොත් -

ඉලියනසඳ :- සොයන කල්හි - ඉල්වනසඳ - බලනසඳ යන දෙපාඨයම සුදුසු නොවේ. ඉලිය දයින් නිපන්නේය. (උල්ලොක - ඉලිය)-

ඉසුජු :- ඉස්මද=

ඉස්වූ පා:- ථවික (=පසුබිම්) යෙහි ‍දමනලද පාත්රරය ඉස්වූ පා දතලා කඳටලා යන්න වෙනුවට සික්ඛාපද වලඤ්ජනයෙහි පෙනෙන්නේ “අංසෙනවා අංසකූටෙනවා බ‍ෙන්ධිවා පත්තං ල‍ග්ගොත්වා ” කියාය.


192 සිඛවලඳ ප්රෙදීපය

විනිසෙහි සම්පූර්ණර පරිවර්තනනයක් සික්ඛාපද වලඤ්ජනයෙන් නොලැබෙන බවට මේත් නිදසුනකි- ඊමි:- ඊම වේ. (ඊමයි - ඊමි) මෙබඳු තන්හි යහට ලොප් වැ ඉකාරය පමණක් ඉතිරි වැ පූර්ව-ස්වර ලොප‍ෙඉයන් සන්ධිවය වේ- උකටහි උකට පා:- උත්කෘෂ්ට පාත්රයයක් අතුරෙහි උත්කෘෂ්ට පාත්රඳය - උකටලී - කලකිරිලි, (උක්කණ්ටනා - උකටනී - උකටලී)- උකැසි :- කෑරීම. (උක්කාසික - උකැසි)- උක්ඛිත්තකයා :- අකීකරුකම් ආදිය නිසා සඞඝයා විසින් ආශ්රියෙන් ඉවත් කළ භික්ෂූරව- උක්ඛිත්තතානුවත්තකයා: ඉහත කී පරිදි සංඝයා සභාවෙන් ඉවත් කළ භික්ෂුාවට අනුව ක්රිෂයාකරන භික්ෂුඝව-

උඛෙව්නිකම්:- උක්ඛෙපනීය කර්මවය. කලකෝලාහාදිය කිරීම නිසා ආයතිසංවරයෙහි පිහිටනතුරු සංඝයාගන් වෙන් කිරීමේදී සිදුකරනු ලබන විනිය- කර්මනය - (උක්ඛෙපනීය - උඛව්නිය - උඛෙව්නී)-

උග්හු:- පිළිගතයුතු යමක් නොපිළිගත් බව දැන දැන එය ඔසොවා ගැනීම (උග්ගහ - උගුහු - උග්හු)- උගත්තෙ: -උගත් තැනැත්තා-

උගහට :- දුෂ්කර -

උජඣානසඤ්ඤා:- දොස් කීමේ අදහස-

උත්තේ:- පොල් ආදියෙහි පිටකටුව උත්ත නමි. (උතුවේ - උත්වේ - උගත්තේ) උතුකටුව, උතුගොඩ, උතු වළද යනාදිය සමඟත් සසඳනු -

උතු - උගත්තේ යනුව බලනු -

උද්දලෝමික :- “එකපැත්තක පමණක් උද්ගත වූ ලොම් ඇති බලස් විශේෂය. “එකදාය ඇතිරිය” යනුත්


193 සිඛවලඳ ප්රතදීපය

නමි. දෙපැත්තෙහිම උද්ගත වූ ලොම් ඇති ඇතිරිය “විදාය” නමි.

උදෙකලාහු විසින් :- සම්පූර්ණයෙන්ම තනිවූවහු විසින් මෙහි උදු - යනුව ශුද්ධ ශබ්දයෙන් ආ බව පෙනේ. “එක ලාහු” යන්නෙහි නිෂ්පත්තිය තරමක් පැටලිලි සහිතය. එක්වැනි - තනි යනු එහි අර්ථදය හෙයින් එක - ලෙස යන්නෙන් සෑදුණු සේ සමහරු සලකති. එහෙත් එකලා යනුව “එකාලය” යන්නෙන් සෑදුනේයයි. සලකනු එයට වඩා කරුණු සහිතය. ගිලානාලය (ගිලන් ස්වභාවය) යනාදී තන්හි සෙයින් “ආලය” ශබ්දය ස්වභාවය කියන හෙයින් එක ස්වභාව යන අර්ථෑය එයින් ගතහැකිය. තවත් සොයනු.

උදෙස් :- ගුරුන් ලබා පෙළපොත කියවා ගැනීම. (උ‍ද්දෙස - උදෙස්)

උණුපස්බාන් :- බැඳුම් පහනකට වඩා අඩු (පාත්රැය)

අනුපස්වැසිවැ :- උපසම්පදාවෙන් අඩු පස්වස් ඇතිවැ.

උනුවිස්සේ:- අවුරුදු විස්සකට අඩු වයසෙහි. (විසියේ - විසේසේ)

උපහතවැ:- මඩනාලදුවැ.

උපුරාඑව්:- උදු‍රයි හෝ වෙයි ද

උඟතො ඛ්යේඤ්ඡනක :- පුල්ලිගු ස්තත්රී.ලිගු යන දෙලිඞගම ඇත්තා - ඛ්යා ඤ්ජන ශබ්දය ලිඞගය කියයි.

උභතො සඟානි :- භික්ඛු භික්ඛුණී යන උභතො සඞඝයා කෙරෙන්.

උබ්හජානු මණ්ඩලික පරිජි:- කායසංසගී රාගයෙන් තෙත් වූ යම් මෙහෙණක් සිය සිරුරෙහි අකු


194 සිඛවලඳ ප්රහදීපය

ඇටින් යටත් දණහිසෙන් උඩත් ප්ර්දෙශය පුරුෂයකු විසින් ස්පර්ශ කරනවිට කැමැත්තෙන් ඉවසයි ද එසේම සිය සිරුරින් පුරුෂයාගේ ශරීරය පහරයි ද එවිට ඒ භික්ෂුසණියට සිදුවන පරිජි ඇවැත උබ්හජානුමණ්ඩලික නමින් හඳුන්වනු ලැබේ.

උරවා : - දෙතොලින් උඩට ඇද, උරා යනුත් පාඨාන්තරයි.

උවසර :- ගරුබුහුමන්.

උවසරහිම් :- උපචාර සීමාව - උපචාර සීමාවෝ කීපයකි. මෙහිදී ඒ නමින් ගතැ යුත්තේ තමා නිසගන්නා ආචාය්ය් සීවරයා වාසය කරන විහාරස්ථානයත් එය පිහිටිගමත් අතර ඇති උපචාර සීමාව වේ.

උවාරණින් :- උපකරණයෙන් (උපකරණ - උවහරණ - උවාරණ)

උවා :- උපාය (උපාය - උවය - උවස් - උවා)

උස්සාවනන්තිකා කුටි - භික්ෂුසවක් හෝ භික්ෂූාන් උදෙසා ගෙයක් සාදන විට අත්තිවාරම් ආදිය සකස් කළ ඉක්බිති ප්ර‍ථමයෙන් ම භිත්තිබඳින්නට ආරම්භ කිරීමේදී එයට තබන මුල්ගල අල්ලා ගෙන භික්ෂුබසඞඝයා විසින් “කප්පියකුටිං කරොම” යන වාක්යෂය තෙවරක් කී පසු සාදනු ලබන ගෙය උස්සාවනන්තිකා නම් වන්නේය.

එක්දණ එ ව් දෙදණ එව් සිවුරු නගාලා :- එක් දණක් හෝ දෙදණම හෝ පෙනෙන සේ සිවුර ඔසවාගෙන.

එක්තරාක්හු විසින් :- එක්තරා කෙනකුන් විසින්.

එක්තෙරකින් :- එක්තරා එකකින් ‍ ‍ එක්ත්නෙන් :- ඒකාන්තයෙන් (එකත්ත - එකත - එකත්).


195 සිඛවලඳ ප්රසදීපය

එකු :- එකක් වේ යනු අර්ථෙයි එකු මෙකු යන රූපයෝ ශිලාලේඛනයන්හි බෙහෙවින් දක්නා ලැබෙති.

එකැ :- එකක් වේ යනු අර්ථනයි. (එකයැ - එකැ)

එක්වැලරොජු : - නනිවැලින් යුත් රජ්ජුව.

එක්වසගෙහි :- එක්කොටසෙහි ( වස්සග්ග - වසග)

එකුකෙළ :- (එකඋකුළෙ) උකුළෙහි එක පැත්තක උකුළෙහි වම්දකුණු වශයෙන් දෙපැත්තකි.

එරුපත්පිළි:- එරුපත් මොනවාදැයි අපට තවමත් තේරුම්ගත නොහැකි විය. කදලි එරක අක්ක (=වරා) යන මොවුන්ගේ නූල්වලින් සකස් කළ සිවුරු භික්ෂූපන්ට ‍ෙනාකැප බව පෙනේ. (කුදු සික 63 ගාථාව බලනු) කුදු සික ටීකායෙහි (93 පිට) “තූලත්තයං” යන්න තෝරන්නට ගොස් “සිම්බලී රුක්ඛාදීනං ඛීරවල්ලි ආදීනං එරකාදීනං තූලත්තයං” යි කියනලදී. එරු ගංගා ඉවුරුවල බෙහෙවින් තිබුණු බව එරපත්ත නාගරාජයාගේ කථාප්රුවෘත්තියෙන් පෙනේ.

පොටකී නම් තෘණවිශෙෂය දැයි සොයා බලනු සුදුසුය. කටුනැති එරමුදු විශෙෂය එරක නමැයි සමහරු සලකති. බෙරුතණවල බඩෙහිත් පුලුන් වැනි ද්රයව්යකයක් තිබේ. ඒවා පහන්තිරවලට ගනිති. (එරක අල සහ ගොබ ආහාරයක් වශයෙන් ගණිති)

එළැබෙවැ: - සමීපයට යනු අර්ථ්යි

එළුයෙහි :- එළුවෙක් වන්නෙහිය.

එවකාරයෙන්:- “මුරජං මද්දවීණං ඉදං දසාසු යෙව අනුඤ්ඤතං” යන වාක්ය්යෙහි පෙනෙන අවධාරණථර්වවත් එවකාරය කරණකොට ‍ගෙන.

එසිතයන :- මෙහි “එසිත” යනුව අතීත අඛාතයක්සේ සැලකෙතත් එහි නිෂ්පත්තිය සොයනු


196 සිඛවලඳ ප්රනදීපය

දුෂ්කරය. මේ වචනය මේ පොතේ තුන් තැනකම යෙදී ඇතත් වෙන ලිපි ලෙඛනාදියක යෙදී ඇති බවක් අප දන්නා තරමින් නොකියැහැකිය. වචනය යෙදී තිබෙන අයුරින් පෙනෙනේ බලාපොරොත්තු වූ යමක් ඉටු නොවීමෙන් ඒ බලාපොරොත්තුව ඉවත්කර ගැනීම ඉටු නොවීමෙන් ඒ බලාපොරොත්තුව ඉවත්කර ගැනීම එයින් අදහස් කළ බවය. එහෙයින් තමාගේ බලාපොරොත්තුව සිදු නොවීය යන අර්ථ ය දෙන්නට “එසිත” යන්න වෙනුවට යෙදුනක් ද යනුත් සොයා බැලියැ යුතුයි.

එව් :- විකල්පර්ථොවත් නිපාතයකි. “උත” නිපත‍ යෙන් ආවක්සේ හැ‍ඟේ. තවත් සොයනු ඔකඳ :- මේ ශබ්දය පැනීම ආදී අර්ථ. කීපයකම වැටෙතත් මෙහිදී එයින් ගතැ යුත්තේ ගෘඞගාරනිශ්රිිත ප්රීථතික්රී ඩාව බැව් සැලකියැ යුතුය. ඔකැසි :- කෑරීම, උකැසි යන්න බලනු ඔටුයෙහි :- ඔටුවෙක් වැන්නෙහිය. ඔත්තා :- බහාලූ දෙය. (ඔතුව - ඔත්තා) ඔබ්බේ :- එහා (ඔබයෙහි - ඔබ්බෙහි - ඔබ්බේ) ඔමුපා :- ලාමක (කුඩා) පාත්රබය. (ඔමක = ඔමු). ඔරැ:- ඔඩොක්කුවෙහි. මේ ඔර ශබ්දය ඌරු ශබ්දයෙන් ආවක්දැයි සොයනු. ඔබා :- බහාදම්. (ඔපෙත්වාඔ - ඔවය ඔවය් - ඔවා) ඔවත් :- බහාදමතොත්. ඔවස් :- ස්ථෘනය (ඕකාස - ඔවස - ඔවස්) ඔවස්ගෙය:- වැසිකිළිය. මේ ඔවස් යනුව අවස්කාර යනාදී තන්හි එන “ අවස්” ශබ්දයෙන් ආවකැයි සිතේ. අවස් යනුයෙන් බාහිරාර්ථඩයත් කියැවෙන හෙයින් වාසය





197 සිඛවලඳ ප්රයදීපය

කරන ගෙයින් පිටත තිබෙන ගෘහය අර්ථිය සලකා වැසිකිලිය ඒනාමයෙන් හැඳින්විණැයි සිතනුත් නිවරැදි සේ පෙනේ.

ඔවුත් :- දැමුවොත් - වතුර වත් ක‍ළහොත්.

ඔවුන්කියනු:- ඔවුන්ගේ කියමන.

ඔසොවානම් :- අනුන්ගේ පිරිසක් උපලාලනාදිය කොට වෙන තැනකට ගෙනයානම් යනු මෙහි අර්ථ්යවේ. පරිවාරෙත්වාෙ යනුවට හුවාගෙන, යී කොසඹ ජාතක ගැටපදයෙහි අර්ථා කියනලදී.

ඕනට :- ඔවුන්ට (ඔහුනට - ඕනට).

ඕනාකුඳු :- “මියෙහි ඕනාකුදු” යනු නිදසුනි. කටේ දමන දෙයක් වුවත් යනු අර්ථ යි.

කකාලදු :- ගින්නෙන් හෝ අව්වෙන් කැකෑරුවත්.

කටාර : - කටලොකුබඳුන් - කල්දෙරම් ලෝහකටාර ඈ විසින් එහි ප්රරභෙදයෝත් වෙති. කටාහ ශබ්දය දෙමළ ස්වරූපය ගන්නාවිට කටාර, කියාත් මලයාලම් ස්වරූපය ගන්නාවිට කිඩාරම් කියාත් සිටී. මහා බොධිය ලඞකාවට ගෙන එන ලද්දේ කටාරමකිනි.

කටටිවැ :- කරනු කැමැතිවැ.

කඩින් :- වස්ත්රැයෙන්.

කඳට :- බෙල්ල. (කන්ධ්ර - කඳට)

කඳමුවා :- වීදුරුවලින් කරනලද යන අර්ථරය ගැළපේ යයි සිතේ. (කාච - කජ - කද) තවත් සොයනු. කඳරජන :- කොස් කීරි ආදී අරටු තම්බා සාදාගනු ලබන පඬු. 198 සිඛවලඳ ප්රේදීපය

කඳුවත : -මහවග සුළුවග දෙක්හි එන දෙවිසි කඳුවත්.

කන්වයින්:- කොට්ටය

කබල්:- කපාලය - මැඳින් බිඳගත් කළයේ යට කොටස වැනි භාජනය (කපාල - කබල - කබල්)-

කම්විවා ඉධයි:- කර්මකවිපාක සෘද්ධියවේ. වලගමිණි මහරජු දත්කූරු කමින් සුමන නම් සිටුවරයකුගේ මුහුණ බැලූවත් එයින් ඔහු මළබවත් විනය අටුවාවෙහි සඳහන්වේ. මෙවැනි දේ කළහැක්කේ කර්මිවිපාක සෘද්ධියෙනි.

කම්සන්ඕනා:- විධානය කරන. මේ දේ මෙසේ කරවයි නියම කරන (ඔවනා ඕනා) ඔව (බහලීම) ධාතුවෙන් සිද්ධයි.

කම්සනින්:- විධානයෙන්, නියොගයෙන්, (කම්ම සඤ්ඤා - කම්සන්) කමා’කම් විනිස :- පොහො පවුරුණු ආදී ඒ ඒ විනය කර්‍ා යන් වැරැදි සහ නිවැරැදි කර්මුයන් වන සැටිය පිළිබඳ විනිශ්චය. කරඩුවම් :- බදාම - කරඬුකම් - කරඬුවම්. කරවුවරින් :- බද්දෙන්, කරවූ යනු දෙමළ කරෛවූ ශබ්දයෙනුත් වර යනු කර ශබ්දයෙනුත් ආහෙයින් කරවූ සඞ්ඛ්යාුත බද්ද කරවුවර නමි.

කරහ :- “පැවිජ්ජන් කරහ එළඹෙව” සමීපාර්ථු වාචක කර ශබ්දය නම් විබත් ගත්තැනි. “බුදුන් කරා” යනාදී තන්හි යෙදුනේය. කර ශබ්දයාගේ රූප අතුරෙන් ඉතිරිවැ තිබෙන්නේ කරා (දුතියා) කරාට (සපදන්) කෙරෙන් (අවදි) කෙරෙහි (අදර) යන මේවා පමණකැයි අපදන්නා පමණින් කියැ යුතුය.




199 සිඛවලඳ ප්රැදීපය

කරුවන් විසින් :- (පොහෝ) කරන භික්ෂූ න්ගේ වශයෙන්.

කල්දෙස් කිස කර්තෲරන්:- කාල දෙශ කෘත්යි කර්තෘ් යන මොවුන්. කළවැදි:- ස්වරූපයෙන් බල්ලාට සමාන ‍සතෙක්. කොලවැදියනුත් නමි. “රුක්ඛසුනඛො, කලවැද්දහ” යනු (විනය සන්යනයි)

කලකරුවානම් :- සිඳීම් බිඳීම් ආදියෙන් විනාශ කෙරෙයි නම්. කළත් :- උඳු (කුලත්ථී - කලත්). කලාබුක:- කළ සහ කුඩාකළ (කළස්) ‘කොතලා’ යනුව කොත්ථමල ශබ්දයෙක් ඇහැකිය. ජෛන ප්රා කෘතග්ර)න්ථකයක් වන බහ්මදත්තයෙහි අමෙජඣ කොත්ථැල, යී පෙනේ. අමෙධ්යකයට කොතලයක් බඳුයි යනු එහි අර්ථතයි.

කළපැදුරු :- කටඩ්ඛ්යාපත පැදුරු නොහොත් කළාල පැදුරු (කට - කළ) පැදුරු යනුව පත්ථපර ශබ්දයයෙන් ආහැකිය. (පත්ථ(ර - පතුරු - පැදුරු)

කළවෙ: - කළව, කළවා යනුත් රූපාන්තරයෝය. ඌරු යුග්මය මේ නම්වලින් හැඳින්වේ. කළසකලා:- කැටගල් (කඨ සක්ඛර - කළසකළ - කළසකළා)

කස්සෙහි:- පසුම්බියෙහි. කස් :- ලෝකඩ - ඊයම් සහ තඹ මිශ්ර-ණයෙන් සාදනු ලැබේ. කංස සද්දෙන පංචලොහොපි පඞගහීතො, යි කුදුසික ටීකාහි (145) කීහෙයින් කාච තිපූ සීය ඵලික තම්බ යන පංච ලෝහයම කංස ශබ්දයෙන් ගත හැකිය. (කංස - කස්).






200 සිඛවලඳ ප්රසදීපය

කසාපලා :- හීන් කොරකහ කොළ. කසුජු :- සැට්ටද (කඤ්චුක - කසු) කහබාන් :- පටි. (කායබන්ධමන - කහබහන - කහ බහන්). කහා :- තෙල් ආදිය සිඳිනවිව එහි යටටබස්නා මණ්ඩි කහා නමි. (කසාය - කහා) කහිනක්හට:- කිසිවකුහට, මේ වචනය අපට සම්පූර්ණියෙන්ම අලුත්ය. කශවන ශබ්දයෙන් එන්නට පුළුවන. (කශ්වන - කහින) කාදලිමිග පවර පච්චත්ථකරණ :- සුදු වස්තු මත්තෙහි කෙසෙල්මුව සම් ද ඒවාමත්තෙහි නොයෙක් පාටින් ගෙත්තම්කළ ඇතිරිලි විශෙෂද අතුරා එකට මැසීමෙන් සාදන ඇතිරිලි විශෙෂයක්. කාබාන් :- කායබන්ධෙන - පටි කායප්ර සාද :- ශරීරයෙහි පවත්නා ස්පර්ශශ විඳගැනීමේ ශක්තිය කාරදු :- කන්මල, කන්කෑඳුරු. කාල් :- ජාතක ගැටපදය අටදාසන්යකය ආදී ඇතැම් පොත්වල මේ ශබ්දයට බඩ්ගාර්ථවය දී තිබේ. නමුත් කරුණු අනුව සලකන විට ඒ අර්ථකය එතරම් සාර්ථක සේ නොපෙනේ, මේ පොතේ (86 පිට) කඩු කාල් ගත් අත් ඇත්තාහට බණ කියානම් දුකුළාවේ” යිද කුදුසික සන්නයෙහි “කඩුකාල් දුනුහී දඩු ඈ” යි ද (130 පිට) පෙනෙන හෙයින් උසස් සිංහලාචාය්ය්දුන වරයෝ කාල්ශබ්දය ඛඩ්ගාර්ථ3යෙහි නොයෙදුහයි කියැ හැකිය. ගොණාක ජාතක ගැටපදයෙහි කාල් ශබ්දයග අඩයටිය හෙවත් ඉල්ලීය කියා ද තීඝණ්ඩු සන්නයෙහි “ඉල්ලීය කරපාලිකායනු කාලට නම,







201 සිඛවලඳ ප්ර්දීපය

කයිසරඩුව යයිද කියත්” (53 පිට) කියා ද පෙනෙන නිසා මේ කාරණය තවත් සොයා බැලියැ යුතුය. ඉහත දැක්වූ ‍නිදසුන් අනුව නම් කාල් ශබ්දයෙන් අඩයටි විශෙෂයක් කියැවෙන බව සිතාගත හැකිය.

කා විසින් :- කයින් සහ වචනයෙන්. කාසසගරායෙන්:- තමන්ගේ කයින් අනුන්ගේ කය ස්පර්ශද කිරීමේ කැමැත්තෙන්, කැතයක්හු:- ක්ෂැත්රිියකු. කැතයෙහි:- ක්ෂැත්රිියෙක් වන්නෙහිය. කැතිරි කඩුදු :- නිය ද පට්ටාවලින් කළ වස්ත්රය ද “පොත්ථදක” යනු පාළිනාමයි. මෙහි “කඩ” යනුව වස්තු වාචක හෙයින් “කැතරි” යනු නියද වැහැරි වාචක වියැ යුතුය. කැටිතිහිරි හුයින්:- කටිනාලද තිහිරිනූලෙන්, (තිහිරි බලනු) කැපකිලි :- දුර්භික්ෂාිදී අවස්ථාවන්හිදී ආහාරවර්ගක තැන්පත් කොට තබාගෙන වැළැඳියැ හැකි ගෘහ විශෙෂයක්, කැපකුටිවල ආහාර තබාගත් විට ඒවා සන්නිධි නොවේ. කැපකරායි :- කැපකරවයි. කැමැ :- කර්මකයෙහි කැමි:- කර්මකය වේ. (කැමැයි - කැමි) කැමිහුගේ :- ලෙඛකයාගේ හෝ ඒ ඒ කටයුතු සංවිධානය කරන්නාගේ. කැල්ලන්:- යාව කාලික යාම කාලික සත්තාහ කාලික යාවජීවික යන සිව්කොටසට අයත් ප්රරත්යකයෝ සිව්කැල්ලෝ වෙති. උදේ වරුවේ පමණක් වැළැඳියැ යුතු දේ යාමකාලික නමුත් හවස් වරුවේ පමණක්






202 සිඛවලඳ ප්රුදීපය

වැළැඳියැ යුතුදේ යාමකාලික නමුත් එක්වරක් පිළිගෙන සත්දිනක් තිස්සේ වැළැඳියැ යුතුදේ සත්තාහ කාලික නමුත් ජීවිතාන්තය දක්වා වැළැඳිය හැකිදේ යාව ජීවික නමුත් වන්නේය. (කැලියන් - කැල්යන් - කැල්ලන්)

කැලකී :- මුලදී කියනලද. කලින්කී යනුත් අර්ථගයි. මේ කැලැ යනුව කල් ශබ්දය අදර විබත් ගැනීමෙන් සිඬය. මුලින් ප්රළථමයෙන් යන අර්ථතවලැ යෙදෙන “කල” ශබ්දය හෙළුයෙහි බෙහෙවින් ප්රනසිඞය.

කැසැ හඩු පියස:- කිසිලිවලැ සහ සම්භාධස්ථාන යන්හි යනු අර්ථ යි. මේ හඬු ශබ්දයෙන් අපිරිසිදු යන අර්ථිය ගතයුතුසේ පෙ‍නේ. “හැඩිකරන්නටඑපා” යනාදී ව්යතවහාරයන් ගැනත් සලකනු. අපිරිසිදු ප්රහදේශය හඩු පියෙස නමැයි ඒ අනුව සැළැකියැ හැකිය. “සස්සසම්බාධ” යන්නට හැසාඩු යි දම්පියා අටුවා සන්යකයෙහි අර්ථ කියන ලදී. එහි පෙනෙන හැස යනුව සස්ස ශබ්දයෙනුත් අඩු යනුව ඝණ්ඩ ශබ්දයෙනුත් ආසේ පෙනේ. බාධාර්ථවත් ඩහ යනුව ගැනත් සිතනු. කිධමැ:- කිනම් ධර්ම යක් ද (ධමදැ - ධමයැ ධමැ) කිබුදහැ :- කිනම් බුදුකෙනෙක් ද. (බුදුහුයැ - බුදහැ) කියන්නේයි:- කියැයුත්තේය. කිරිදැස:- ලමයින්ට කිරිදෙන දාසිය; දායම්මා. කිරිපායස්:- කිරිබත්. කිළිද්:- කුටි ද, කිළින්:- කඨිනසිවුර කිළිට්- කිළිටි කිසෙනි යත්:- කෙසේදැයි කියතොත් කෙසේ ශබ්දය තෙවන බිවත් ගැනීමෙන් කෙසෙනි,යි සිඬවිය.





203 සිඛවලඳ ප්රෙදීපය

කිහිවක්හු :- කිසිවකු විසින් කිසන්ජු :- කියා ඉවර කළ කල්හි ද (සඳජු - සන්දජු - සත්ජු). කුම්මාස:- යව ආදියෙන් කළ පිට්ටු ආදී ආහාර. කුමුදුනා :- කිමිදීම කුරුඳුටුවාහි:- කුරුන්දකට්ඨකථා නම් සිංහල අටුවායෙහි කුරුන්දද නම් ස්ථානයකදී ලියූ හෙයින් ස්ථාන නාමයෙන් අටුවාවත් ප්ර්සිඬ විය.

කුරුඳුවැලිනුජු :- කුරුවින්ද ක නම් ගල්සුනු විශෙෂය ලාකඩත් සමඟ මිශ්රුකොට සාදාගත් සිදුරු සහිත ගුලි වැලක අමුනාගත් විට එය කුරුඳුවැල නම වෙ. පිටේ කුණු ඉලීම පිණිස එය දෑතින් ගෙන අදිනු සිරිති. මැණික් කපනු සඳහාත් කුරුඳු සුණු පාවිච්චි කරති.

කුරුඟුලා:- බුත්සරණෙහි උතුරුසළුව ද ජාතක ගැටපදයෙහි වස්ත්ර. කැබෙල්ල ද කුරුඟුලා ශබ්දයෙන් අදහස් කරන ලදී. කුලදුසුකැමිනුජු:- කුලදූෂණ කර්ම.යෙනුත්. කුළුකහවණු ආදී පෙරළන විසින් :- නියම කහවණුවල හැඩය ඇතිවැ සකස් කළ බොරු කහවණු ආදිය පරිවර්තමනය කිරීම් වශයෙන්.

කහනා :- වැඩිවැඩිය ලාභසත්කාර උපදවනු පිණිස කටුක ආහාරාදිය පරිභොග කිරීමෙන් සහ ප්රාණීත ආහාරාදිය ප්ර ති‍ෙක්ෂබප කිරීමෙන් අනුන් පුදුමට පැමිණවීම, වර්තරමාන තාපසයන් මෙනි. කෙදැයි :- මට වඩා උසස් කෙනෙක් කවුරුදැයි. කෙම :- කුඩා ගල්පොකුණ. කෙලමලා :- කෙල ගසන භාජන - පඩික්කන් - (මල්ලක - මලා)






204 සිඛවලඳ ප්රුදීපය

කෙලින් සිවුරු:- කඨින සිවුරු, කෙළු :- “කෙළුපටි” යන තැන එයි. වියූ යන අර්ථියි. කෙසග්:- කෙශාග්රසය. කෙසෙනි? යත්:- කවරාකාරයකින් දැයි කිව්වොත් (කෙසේනි - කෙසෙනි) ‍ කේල්පනු:- කෙලෙස් ගෙඩි මිරිකා ගත් පානය. කෙල්වාපිළි :- කෙසෙල් වැහැරියෙන් කළ වස්ත්රව වාක - වාය - වය් -වා) කොජු:- කෝජව - කොඳුපලස් - පකතිකොජව මහා පිට්ඨි කොජව, යි කෝජවය දෙයාකාර වේ. කොඩ:- බාහුව, උරහිස. කොඩවර පවුරුහි :- කොඩවර සඩ්ඛ්යා ත ප්රිකාරය. භිත්ති කුඩා තාප්ප යන මේවා කොඩවර ශබ්දයෙන් කියැවේ. (කුඩ්ඩ + පාකාර = කොඩවර) ඇතැම් තැනක හිත්තිය සහ පවුර යන අර්ථඩයත් දේ. උඩුවර යනුත් මේ අර්ථ යෙහි ඇතැම්විට යෙදී තිබේ. (ජා. ගැටපද 103 පිට බලනු) කොතලාවන්:- කොතලාවන්ගේ - කුඩා කලස කොතලය නමි. කොරොස් පුසනින් :- කොරසැටි පුසන් කූරු වලින්. මල පිසින ඉරටු ආදිය පූසන් කූරු නමි. (පුඤ්ඡන - පූසන - පූසන්) ‍කොළනා බැවින් :- කොට්ටනය කරන බැවින් මැසීම් පිට මැසීම් ලන බැවින්, කොළ:- සිටුවුව, ගසව යන අර්ථමයි. වගා කළ ඉඩම් කියන කොළවෙලි යන තැන පෙනෙන කොළ ශබ්දත් මේ අර්ථ යෙහිම යෙදුණු සේ පෙ‍නේ.






205 සිඛවලඳ ප්රෙදීපය

කොළා :- නැවත නැවත මසා. කොට්ටෙත්වාෙ කොළය - කොළය් - කොළා) කොළවා එවු:- අතින් හෝ දඬුවෙකින් සිවුරට ගස්වයි හෝ වේද සිවුර ඔසොවා යමක ගැසීමත් මේ ශබ්දයෙන් අදහස් කරනු ලැබේ. කොළනා බැවින් :- එකතැන නැවත නැවත මසන බැවින්. කොළවන්නා හට:- කෝපනය කරන්නාහට. මෙහි කෙවීම නම් පොළව කෙටීම ආදියයි. (කොවනු වාහට - කොවන්නාහට) කොවනු යන්න කොපනක ශබ්දයෙන් ආයේය. ගතැටිවැ:- (ගත + ඇටිවැ) ගතහොත් කැමැතිවැ. ගඩවුල් පස්:- ගැඩිවුලන් විසන් තමාගේ වර්චස් වශයෙන් මතු කරන පස්. ගම් අතුරකට :- අනෙක් ගමකට ගමත්:- ග්රාඅමන්තය. මෙයින් ග්රාමමයාගේ කෙළවරත් ගමත් යන දෙ අර්ථයම ගත හැකිය. (ගමම - ගමත්) ගමති :- ගමන වේ. (ගමනයි - ගමති) ගමනීවැ:- ගමන් යන්නෙක්වැ. ගමලා :- ගමෙහිදී. ගමීපවිජ්ජා:- ගමන් යනසුලු පැවිද්දා (ගමික - ගම්) ‍ ගරුකට්ඨයනුදු :- ගරු ඇවැත්වලට (සඞඝාදිසෙස ඇවැත්වලට) පැමිණැ දඬුවම් සඳහා පිරිවෙස් පුරන්නන් ද. ගලතුලු :- ගල්තලා ගරුකට්ඨකයා:- ගරුකටඨකයනුජු යන්න බලනු.







206. සිඛවලඳ ප්රිදීපය

ගලවලුව :- බෙල්ලේ වළවල් තුනක් ඇත්තේ ය. එයින් දෙකක් ඉදිරි බෙල්ලේ ද එකක් පසු බෙල්ලේ ද වෙයි. ඉදිරි බෙල්ලේ ඇති දෙවල අතුරෙන් අකු ඇට දෙක එක්වන තැන බෙල්ලේ පහළම තිබෙන වළ මෙහිදී අදහස් කරන ලදී. (ආවාට - අවළු - වළු) ගවර :- කැලේ වසන ගවයාට සමාන සතෙක්. ගළවත්:- ඉවත් කරත්හොත්. ගැටවටු:- ගණඨිපාසය ගැටය දමන සිදුර. දොරටුව යනාදිය සමගත් සසඳනු. ගැටවායෙහි :- ගැට කපන සොරොක් වෙහිය. දශ ජාතකය 354, උමංදා 167, කාව්යපශෙඛරය 12 – 83 යනාදී තැන් බලනු. කාව්යේශෙඛර සන්නයෙහි ග්ර1න්ථ වචනකයන්; යී දැක්වූ අර්ථ ය අයුක්තය. (ගණ්ඨිහෙද ගැටවරය). ගැන්නු නොගැන්නූ ජන්නා :- ගැන් වූ බව සහ නොගැන් වූ බව දන්නා භික්ෂු්ව ගැලාදි :- කරත්තාදී ගැල යනුව ගාඩි ශබ්දයෙන් එයි. ගිනි එලනු:- ගිනි පත්තු කිරීම. එලීම නම් දැමීමයි. ගිහි පත්තුකිරීමට ගිනි දැමීම යයි ද කියත්. හිමැ :- ග්රීයෂ්ම සෘතුයෙහි ගිරිති :- කිති බුත්සරණයෙහි විරිති, යි පෙනේ. ගිලුව :- ගිල්ලොත්. ගුරුබඩු :- පෞද්ගලිකවැ භික්ෂූවන් විසින් බෙදාගත නොහැකි වූත් අන් කෙණෙකුට නොදියැ හැකි වූත් බඩු. ගෙකක් :- ගෙයක්, පැරැණි ව්යනවහාරයෙහි ගෙයක් යනුව මෙසේ යෙදුනේය. විකක් (වියක්) එකු මෙකු යනාදියත් සිහියට නගනු. ගෙඩි :- අණ්ඩය. (ගණ්ඩි - ගෙඩි)