සිංහල සැහැලි - viii
16 පරිච්ඡේදය
සංස්කරණයඉතිහාස සැහැලි
ඉතිහාස ප්රැවෘත්ති පද්යේයෙන් ලියා තැබීමට පෙරදිග වාසීහු ප්රිභය කළෝ ය. ලඬ්කාව ඉනුත් විශේෂ තත්වයක් දරන ලබ පෙනී යන්නේ ය. අපේ, රටේ ඉතිහාසය, ජාතියේ ඉතිහාසය, පූජනීය වස්තුන් ගේ ඉතිහාසය, සිඬස්ථෘනයන් ගේ ඉතිහාසය ආද් මේ සියල්ලම ලියැවී තිබෙන්නේ පද්ය්යෙන්ම ය. මේ සෑම සිහිකටයුතු කරුණක් පිළීබඳවම වාසගමෙන් කීමට වඩා, කාවැදි යන ලෙසත්, රසවත් ලෙසත්, එසේම මතක තබා ගැනීමට ලෙහෙසි වන ලෙසත් කවියෙන් පහසුවෙන් කිව හැකි ය. එහෙත් මේ කිසිම වාසියක් ඉහත කී ඉතිහාසයයන් ගෙන් එකකින් හෝ රටේ වැඩි මනත් ජනතාවට ලබා ගත නොහැකි විය. ඒ ඉතිහාසයන් පාලි ගාථාවන් ගෙන් ලියවුන බැවිනි. පාලිය ආගමික භාෂාව වුවද බෞද්ධ සිංහලයන් ගෙන් සියයකට කී දෙනකුට නිවැරදි පාලි අවබෝධයක් තුබුනා දැයි නොකිය හැකි ය. පොදු ජනතාව අතර නම් පාලි උගත්තු විරලවූ බවට සැකයක් නැත.
දීපවංශ, මහා වංශ, දාථාවංශා දියෙන් උගතුන්ට සැලසුනු සේවය, එතරම්ම සම්පූර්ණන අන්දමින්ම නොවුවද සාමාන්ය් ජනතාවට සැලසීම සඳහා ජනකවියා ඉදිරිපත් විය. ඉතිහාසයේ එකිනෙකට ඈදි ගිය සෑම ප්රාවෘත්තියක්ම හැදෑරීමට කාලය හෝ වුවමනාවක් හෝ ගැමියාට නොමැත්තේ ය. සාසනවංශ කථාව පිළිබඳව ද එසේම ය. ඔහු තුළ ජාතිකාභිමානයත්, ආගමාලයත් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ප්රිවෘත්ති මොනවාද තයන්න හොඳ හැටි දන්නා ජනතා කවියා ඒවා ඔවුන්ගේම බසින් කවියට නඟා ඉදිරිපත් කරන්නේ ය. මේ මගින් පොදු ජනතාව ජාතිකාගමික ඉතිහාසයන් ආශාවෙන් හදාරන්නෝ ය.
ජනකවියා තම වගකීම ගැන සැලකිල්ලෙන් කටයුතු කර තිබෙන බව ඉතිහාසයෙන් ඔහු විසින් උපුටා ගෙන ඉදිරිපත් කර තිබෙන කොටස් වලින් මනාව පෙනී යන්නේ ය. සිංහල ජාතියේ ආදී කර්තෘ ගේ සම්භවය පිළිබඳ ඔහු විසින් කර තිබෙන පොතේ නම සිංහ වල්ලි කථාව හෙවත් සුප්පාවති කුමරියගේ චරිතය ය.
සුප්පාවති කුමරිය උපන් දින ඇය ගේ අනාගතය බමුණන් විසින් කියනු ලබන්නේ මෙලෙසය.
උතුම් ගරු මහ රජතුමානනි
සවන් දෙනු මැන මෙබස ටා අලන්කාරැති දූ කුමාරිය උපන් මොහොතේ විලස ටා යොවුන් වසපත් සඳ මෙකුමරිය මදින් මත්වී මොනව ටා හොරෙන් පැන යති රාජ මැඳුරෙන් පිටව ඇගෙ සිතුමතය ටා
සිහ රදෙක් සහ වසයි කුමරිය කාම සැපතට ලොබ වෙ ලා තිර බසක්මය කීවෙ මේ අප මෙපිළි ගනු මැන එක හෙ ලා උපදෙසක් නැත එයින් මෙ කුමරිය බේර ගැනුමට දනු ලො ලා රජු උදක් එම තෙපුල අසමින් සෝක සිත් විය .එම ක ලා”
කෙතරම් රැකවල් තුබුවද කම් නියමසේ හැටියටම කරුණු සිදු විය. සුප්පාව සිංහයකු විසින් ගෙන යනු ලැබ ඔහුට දාකොට දුවෙකු සහ පුතකු එක්වරටම වැදුවා ය. ඇය දරුවන් නලවන්නේ මෙලෙස ය.
“රනෙන් වලලු අතලූවේ - නැත අරන් දේනනේ කවුරුද දුවේ මෙදැන් වීය පෙරකල පවේ - නොම හඬන් මෙමගෙ ආදර දුවේ
ඉනට සවඩි දෙන්නට පුතේ - අහො අපට කවුද මේ වන ගතේ මෙමට ඉතින් සැනසුම් නැතේ - නුඹ කිරට නාඬ නිදියන් පුතේ”
සොළොසැවිරිදි පුතා මව සහ නැඟනියන් ද වනයෙන් නික්ම ගියේ ය. අඹූ දරුවන් නැති සොවින් :-
“පෙමාදර වූ මගෙ මෙහෙසිය සහ දෙදරුන් අනේ - අද මෙමා හැරලා පැන ගියාදෝ දෙවිය නේ ලමා වයසෙ සිට වැඩුයෙමි දෙදරුන් නෙත මෙනේ මම දමා යන්ට කිසි වරදක් නම් නැත සිදු උනේ”
ඈ විසින් හඬා වැලපී ඔවුන් සෙවීම සඳහා වන පෙදෙස ද ඉක්මවා ජනපදයට ද බට සිංහයා ස්වකීය පුත්ර යා විසින් ම විද මරන ලදී. වැසියාට හිරිහැරයක් වූ සිංහයා මැරීම නිසා සිංහබාහුට රටේ රජකම ලැබුනේ ය. ඔහු කුල ගෝත්ර ය ආරක්ෂා කර ගැනීම සඳහා තම නැගනිය වන සිංහවල්ලිය බිසව කර ගත්තේ ය. ඈ ඔහුට දා කොට සොළොස් වරකට දරුවන් දෙතිස් දෙනෙකු වැදුවා ය. ලංකාව මනුෂ්යො වාසය කළේ ඔවුන්ගෙන් වැඩුමලාවන විජය කුමාරයා විසිනි.
පොත අවසන් කරන මේ කව් තුනෙන් කවිවරයා ඒ ප්රංවෘත්තිය පවසන්නේ මෙලෙසය.
“දෙතිස් පුතුන් අතුරෙන් එම නිරිඳගෙ විජය නමැති වැඩිමල් කුම රා සොළොස් වසට පත් සඳ පුර වැසියට අනදර කලසෙන් එපිරි ව රා එදෙස් නිසුව ජන කැලවිත් රජු වෙත වඳිමින් පැවසිය එතෙර තු රා සරොස් වෙමින් සිහබා මහ නරනිඳ කල කරුණක් අසනුය මෙව රා
විජය කුමරු හට පිය නරනිඳු ඔවදන් දුනමුත් නෙක විල සේ කලෙය එම මහසෙන් පිරිවරමින් පුතු වැසියට අනදර දරුණූ ලෙ සේ විජය කුමරු සහ සත්සිය පිරිවර නැවකට නන්වා රජු සරො සේ යැවීය එමහ මුහුදෙහි පා කරමින් පුරයෙන් නෙරපා එම දව සේ
උතුන් මේ අප මුනි පිරිනිවි වැඩි දින විජය කුමරු සහ සියළු දෙ නා නැවෙන් ඇවිත් සිරි ලක්දිව පරසිදු තම්මැන්නාවට ගොඩ බසි නා එවන් සඳෙහි විදු රුදුරු යකුන් සැම වනසා දමමින් ජය රැගෙ නා ඉතින් මෙලක් පුර මනුවාසය උනෙ එතැන් සිටය මින් දනු සුදනා”
සුප්පා දේවිය ගේ පුවතම කවියට නැඟූ තවත් පොතක් වෙයි. කිරම ධම්මානන්ද ස්වාමීන් ගේ කෘතියක් වූ එහි නම සියබස්මල්දම ය. ව්යාාකරණ, අලංකාර රසාදිය විසින් සිංහවල්ලි කථා එහි අසලකටවත් තැබිය නොහැකි ය. එහෙත් පොදු ජනතාව සාදරයෙන් භාවිත කරනු ලබන්නේ නවමත් නොදත් ජනකවියා ගේ පොතය.
සිංහලයන් ගේ ජාතික මෙන්ම ආගමික හැඟීම් ද උසි ගැන්වීමට දුටුගැමුණු රාජ සමය තරම් තවත් එකද කාලයක් මුළු සිංහල ඉතිහාසයේ නොමැත්තේ ය. ජනකවියා තම ජනතාවට එයින් සම්පූර්ණ් ප්රුයෝජනය අත්කර දෙන්නේ යත මේ වකවානුව අලළා, එහි නොයෙක් සිඬි අලළා ලියැවුන පොත් කිහිපයක් ම ඇත්තේ ය. එයින් “සිංහල දෙමළ යුඬය හෙවත් දුටු ගැමුණු එළාර මහ සටන” නැමති කව්පොත සිංහලයන්ගේ වීරෝදාර ක්රිැයාවන් වර්ණ”නාකරන්නකි. එහි අවසාන කවිය මෙසේය :
සිංහල දෙමළ දනයින් අතර සිදු යු ද සිංහල දනට දැන ගන්නා විලස සො ඳ සිංහල මහා වංසයෙ තිබෙනා ලෙස ද සිංහල මුසු බසින් කවි කෙළෙමි දත් ලෙ ද
“දුටුගැමුණු රජ සහ ස්වර්ණ මාලි දෙව්දුව හෙවත් රන් තෙළඹු වර්ණදනාව” මේ පොත් අතරින් විශේෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ එහි ප්රණකට ඉතිහාස ප්රණවෘත්ති මෙන්ම අප්ර කට පුරා වෘත්තයන් ද ඇති බැවිනි. දුටුගැමුණු කථාව ආරම්භ කරන්නේ කැළණිය මුහුදට යටවූ ප්රවවෘත්තියේ සිටය.
විහාරමහා දේවිය ගේ දොළදුක, සහෝදර වරුන් දෙදෙනා ගේ හබය, එළාර රජු පරදවා ගැමුණු කුමරු මුළු ලංකාවටම රජවීම ආදි සෑම ප්රාවෘත්තියක්ම එහි අඩංගු වන්නේ ය. රුවන්මැලි චෛත්යසය සෑදවීම පිළිබඳ මහා ඉතිහාස ග්ර්න්ථයන්හි අඩංගු නොවන පුවතක් ද එහි කියවෙන්නේ ය.
රුවන්වැලි වෙහෙර පිහිටා තිබෙන තැන විමාන දේවතාවියක් අරක්ගත් රන් තෙළඹුවක් තිබුනේ ල. - ඇගේ නම ස්ව ස්වර්ණවමාලීයත වෙහෙරට බිම සකස් කිරීම සඳහා තෙළඹුව ඉවත් කිරීමට අවශ්යස විය. එහෙත් දේවතාවිය ඉන් ඈත්වීමට නොකැමති වූව යා. දුටුගැමුණූ රජ නොයෙක් ලෙසින් ඇවටිලි කොට ඇයගේ නමින් චෛත්යයට නම් තබන බවට පොරොන්දුවී ගසෙන් ඉවත් වීමට ස්වර්ණ.මාලිය කැමති කරවා ගත්තේ ය. චෛතය ස්වර්ණ්මාලි නම් වුයේ ඒ පොරොන්දුවේ ප්රතතිඵලය වශයෙනි. රජ දේවතාවියට කළ ඇවටිල්ල ජනකවියා ලගන්නා බසින් පවසන්නේ මෙසේ ය.
“උගත් රජුනි ඇයි ඔබ කරුනා නොකරන් නේ මෙරන් තෙළඹු රුක හැර මම කෙලෙසද යන් නේ සොවින් මෙමගෙ හදවත ගිනි වැද කකි යන් නේ බැවින් තෙළඹු ගස කැපීමට නැත ඉඩ දෙන් නේ
එතුන් මුනිඳු සමයෙහි රන් මැලි මහ සෑ යේ නමින් වේති පිහිටා ඇත මෙගරු බූමි යේ අලංකාර ලෙස රුසිරෙන් දිලෙන දෙව්ලි යේ ගසෙන් බිමට බැසපන් අද ස්වර්ණෙමාලි යේ
ග ව් තම මුනි මොහොතක් වැඩ ඉඳ මෙබූමි යේ ස ව් සරි මුවගින් සදහම් දෙසුවෙ ප්රීේති යේ ලොව් තුරු මුනිගුන සලකා නොවම කෝප යේ ස ව් ම්යමවූ තොප ගසෙන් බසුව ස්වර්ණපමාලි යේ
ර හ ත් මිහිඳු මහ තෙර වැඩ මෙගරු බූමි යේ එ ද ත් අනගි ප්රහතිහාරය කෙලේ ප්රීේති යේ අ ද ත් එදත් ගරු ඉඩමකි මෙතැන දෙව්ලි යේ දු ක ක් නොවම බැස පලයන් ස්වර්ණ්මාලි යේ
උ නා වරල රන් සිකි පිලි සේම බැබැලි යේ ව නා දෙතොල මිහිරි තෙපුල් කියන දෙව් ලි යේ සි නා සිසිලි බස් නොකියන් මෙ අද සුර ලි යේ ව හා තෙළඹුවෙන් බැස පල ස්වර්ණමමාලි යේ
නු ව න් සපිරි ඉඳුනිල් මින සේම සුදිලි යේ අ ල න් කාර ගෙලවට රන්මාල බැබලි යේ උ තු න් තිසරනේ අනුහස් හැඳින දෙව්ලි යේ මෙර න් තෙළඹු වෙන් බැස පල ස්වර්ණදමාලි යේ
ලෝ ක සතට මොක් සිරි ගෙන දෙන සෙ ප්රීලති යේ ලෝ ක නාත මුනි දාතුන් තබා ගර්බ යේ නේ ක රුවින් සෑ බඳවමි මෙගරු බූමි යේ සෝ ක නොවම බැස පල අද ස්වර්ණ මාලි යේ
ස ක් බඹ සර සුර නරන් ආදි සතට දෙව් ලි යේ මෙත් කොට පිං අනුමෝදන් කරමි ප්රීෙති යේ එ ක් කම පිංදෙමි නුඹටද මෙමම සුර ලි යේ මොක් සැප පතමින් බැස පල ස්වර්ණසමාලි යේ
මනා රුවින් තෙළඹූව උඩ සිටින ලි යේ සිනා බසින් දන මන තුටු කරන ලි යේ දිලේ නුවන් නිල් මිනි පරදන සෙ ලි යේ ඉතා සැනින් බැස පල ස්වර්ණනමාලි යේ
උ ව න ය දිලෙයි පායන පුර සඳසෙ ලි යේ හු නු වි ය මහද නුඹ කියනා බසට ලි යේ අ ල ලි ය මල් කැකුල සෙ රුව දිලෙන ලි යේ බැ ස පි ය තෙළඹූවෙන් අද ස්වර්ණලමාලි යේ
රන්වන් එරන්වන් රන්වන් කොමළ ලි යේ රන්වන් එරන්වන් ගෝමර බඳ දිලි යේ රන්වන් එරන්වන් නුඹෙ රුන කළ එලි යේ රන්වන් තෙළඹුවෙන් බසු ස්වර්ණඑ මාලි යේ
ප්රී3 ති ය සිතින් මකියන බස් අසන් ලි යේ චේති ය බඳවන්ට ඕනෑ මෙතන ලි යේ නෝබිය තෙපුල් අද මට නොකියන්න ලි යේ කා රි ය හැඳින බැස පල ස්වර්ණේමාලි යේ
ම සි ත ට දුකයි ඉකිබිඳ නොහඬන්න ලි යේ ස සු න ට ලොබින් මම විත් පවසන්නේ ලි යේ ම තු ව ට පවතින්ඩ දා ගැබ බඳිමි ලි යේ නොමසි ට ගසෙන් බැස පල ස්වර්ණගමාලි යේ
මගේ විමන හැර යන්ට දුකයි අ නේ ගඟේ වතුර මෙන් කඳුලැලි ගලයි සෙ නේ මගේ නමත් මතු පවතින ලෙසට අ නේ මගේ නමින් බඳවනු දා ගැබ මෙත නේ
ස්වර්ණි මාලි දෙව් දුව නුඹ විසුව තැ න ස්වර්ණි මයවූ බූමිය හෙලි කොට රුවි න ස්වර්ණි මාලි චේතිය බඳවා මෙතැ න ස්වර්ණි රුසිරු කොත් පළඳමි තිර සරි න”
ජාතික හැඟීම් කිති කැවිය හැකි තවත් අවස්ථාවක් නම් පළමුවෙනි ගජබා රාජ කාලයයි. මහාවංසය යන්තමින් මෙන් සඳහන් කරන ගජබා පුවත ජන කවියා ජන ප්රවවාදයන් ද ඇතුළත් කොට විජය ගීත ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ ය. ඔහු එයට දී ඇති නම ගජබා කථාව (2 – 17 වෙනි ශත වර්ෂතයේ අගභාගයේ රචිත යැයි සැළකෙත මෙය 1899 දී මුද්රගනය කරන ලදී. කව් 82 කි. කර්තෘය පනාමය “උඩුවේ” යනුවෙන් සඳහන් වේ) ය. ගජබා කථාවෙහි වීරයෝ දෙදෙනෙකි. එනම් ගජබා රජ සහ ඔහු සේවක නිල යෝධයා ය. එදෙදෙනා සොලීන් මට්ටු කිරීම සඳහා එතෙර ගිය හැටි ගජබා කථාව කියන්නේ මෙලෙස ය.
“දිසී සුවහස් විදුලි ගනපුට නීල ලෝහිත බවන ළක රා රුසිරු දිලිරැස් තන තිමිර ගිරි සිකර ගොස ලෙසට පැති රා වැසී සිටි රැළ ගණ කුහර බිඳි දෙරණ දකිනාතුරා ඉඳු රා ගැසී රජු යකදාව සුරතින් අකුණු සිය දහසක් ගුගු රා
මූද මනිමේකලා දෙව් ලඳ අසා තොරතුරු පෙනී වැඩ සි ට ආදරව කරුනා උපදවා මවා පෑ මග සොළී පුරය ට වේදනා නොව නාබි මඬලෙන් රැලෙං නොතෙමා යමින් එතර ට යෝධයා සහ දිවුව කුමරුසේ රජු ගොසින් කාවේරි පට න ට
මෙසේ මූදි දිය දෙබෑ කිරීමට උපකාරවූ මහ යගදාව මිරිකා දිය පෙන්නා සොළී රජ බිය පත්කළ අයුරු පවසන්නේ එබදු වෙර ලැබීමට පූර්වක ජාතියෙක කළ කුශලය ද සඳහන් කරමිනි. ඒ මෙසේ ය.
ප සේ මුනිඳු දැක එක් කලෙ කා ර සේ උතුන් උක් සැවුවක් දුනි මිරි කා තොසේ වඩන එම අනුසස් ගෙන සල කා ල සේ පෑපි යකදාවෙන් දිය මිරි කා
විජය ග්රෑහනය ලඟාකර දුන් ඒ යගදාව්, ස්වදේශීනය අභිමානයත් ධෛර්යයත් මෙන්ම, විදේශීනට අවමානයක් අධෛයර්යක් ගෙන දෙන සේ, රජ සහ යෝධයා පෙරළා ලක්දිවට ගොඩබට වෙරළ සමීපයේ සිටුවා එහි තර්ජනාත්මක නියෝගයක් ද කෙටවූ සැටි සැහැලි සින්දුවෙහි සඳහන් වන්නේ මෙසේ ය.
“පොලි කියා සිර සුවිසි දහසක් අල්ලාලා තව මදිව කියාලා පත්තිනි දෙවිඳුගෙ රුවන් සළඹ ගෙන්නාලා, ගෙණෙනට සැලකරලා, සිව් දේවාලේ ආවුද සමග දරාලා ගමනට සැරසීලා, අතින් ගෙනා සැරමිටිය ඔන්න දැනගල්ලා, වට අකුරු කොටාලා ඉතින් කෙනෙක් එනවා න්ම මේක බලාලා මින් නොඑනු කියාලා අතින් ගෙනා හැටියට නම ගම සලකුණු කරලා පාරේ සිටුවාලා
ගොඩින් ඇවිත් සෙන් සමගින් එනුවර බැසලා සිට අවසර දීලා තම පරවෙනි සර ගම්වලට තවත් ඉතුරු පුර වැඩි සිර දැකලා අලුත් කූරුවේ ඉන්ට සලස්සා දීලා ගම් ගෙවතු ලැබීලා සූවිසි අවුරුද්දක් මහ රජකම් කරලා දෙව්පුර ලිය ලීලා”
හුදු යාදිනි විලාශයම ගත් ඉතිහාස සැහැල්ලක් ද ඇත. එහි නම “කුවේනි හෑල්ලය.” විජය කුවේනි කථා ප්ර වෘත්තිය එහි සඳහන් වන්නේ යත සැහැලි වලින් මේ රටෙ පැරණි සංස්කෘතියේ නොයෙක් අංශයන් ගැන කරුණු ලබා ගත හැකි බවට එය සාක්ය්ස යකි.
ජාතිකාගමික ඉතිහාසයේ හැඟීම් දනවන එකද පුවතක් හෝ ජනකවියා මග හැරුනේ නොවේ. සීගිරි ලංකාවේ අගනුවර වීමට හේතුවූ ධාතුසේන - කාශ්යොප ප්රවවෘත්තිය ඔහු කවිකර එයට නම දී ඇත්තේ “නැන්දාගේ හා ලේලියගේ සන්ඩුව” නමිනි. මේ ඉතිහාස ප්රඇවෘත්තිය පිළීබඳ සුදුවීම් වැලේ ඉතාම අල්ප කරුණ මේ නැදි ලේලි හබය ය. එහෙත් ජනකවියා එය මතු කොට පෙන්වන්නේ ගැමි ඇසට එකපාරටම වැදෙන දෙයක් බැවිනි. එපමණක්ම නොවේ. නැන්දා ගේ ලේලිය ගේ සන්ඩුව රටක් රාජ පම්පරාවක් පවා නැති කිරීමට සමත් කොඩි විනයක් බව සිහිපත් කරදමක් ද වශයෙනි.
සුප්පා දේවිය ගෙන් පටන් ගත් සිංහල වංශ ජනකවිය අවශාන වන්නේ ඇහැලේපොළ කුමාරිහාමි ගේ දරුවන් කෙටවීමේ පුවතිනි.
එහි ද ජන කවියා දරුවන් කෙටවීම පිළිබඳව පොත පතේ එන ප්ර වෘත්තියට වෙනස් දෙයක් කියන්නේ ය. ඇතැම් විට මේ ප්ර වෘත්තිය ශ්රීා වික්ර ම රාජසිංහයන් ගේ ඉතිරිවී තිබුන යම් කිසි හොඳ නාමයක් වූවා නම් එහිද තාර ගෑමෙ අදහසින් ඇති කරන ලද සෝලියක් විය හැකිය. ඇත්ත නැත්ත කෙසේ වෙතත් එයින් නඟනු ලබන නිහීන චෝදනාව නම් ගැමියන් විසින් එක පයින්ම අනුමත කරන්නකි. දුබල සමාජයට ප්රතබලයන් ගෙන් එවැනි අතුල් පහරවල් ලැබීම නොසිදු වන්නක් නොවන බැවිනි. ඒ සෝලිය මෙසේ ය :-1
ර ණෙ රුවසේ දෙතනේ කිරි බොන කුම රා ගෙනේ හඬව හඬවා බොටුව වෙන් ක රා ව නේ දමා කෙටවිය හිස අනසෙ ති රා අ නේ දෙවියනේ මගෙ හද වෙයි විව රා
පි රි යේ නිරිදු මා දකිමින් උයන සි ට හැ රි යේ පනිවිඩය යනමෙන් වාසල ට ස රි යේ නැති බැවින් ගෙදරින් යාම පි ට බැ රි යේ කී නිසා මේ දුක් උනේ ම ට
ලො වේ මවැනි පව් කල අඟනෝ ඇද් ද බ වේ වසන තෙක් වෙන මේ ලෙස දුක් ද නොවේ සිතමි සැකැවින් මම දැනෙන ත ද කි වේ කුමාරි හාමි අඬ අඬා ඉ ඳ
ජාතික ඉතිහාසය මෙන්ම ආගමික ඉතිහාසයද ලුහුඬු ලෙසත් පැහැදිලි ලෙසත් පොදු ජනයා සඳහා පිළීයෙල වී තිබෙන්නේ ය. ඔවුන් සඳහා ම සකස් වූ දළදා විස්තරය, රුවන්වැලි සෑ පුවත, තිස්ස මහාරාම වර්ණ නාව, සමනල හෑල්ල ආදී වු නොයෙක් කව් සැහැලි ඇත්තේ ය. මේ අංශයේ පොත් වලින් විශේෂයෙන් ම සඳහන් කළ යුත්තකි ධාතු විස්තරය. බුදු හාමුදුරුවන් වහන්සේ ගේ විශිෂ්ට ශෘරීරික ධෘතු පිහිටුවා තිබෙන පූජනීය ස්ථානයන් එහි මොනවාට සඳහන් වන්නේ යත සිවුපද වෘත්තයෙන් බැඳි ඇති කව් පිළීයෙල වී තිබෙන්නේ ප්රසශ්නෝත්තර විලාශයෙනි. සිඬස්ථාන පිළිබඳව මහා ග්රෝන්ථ කිහිපයකින් හෝ නොළඳ හැකි අවබෝධයක් මින් නිරායාසයෙන් ම ලැබෙන්නේ ය. පහත දැක්වෙන කව්වලින් ධාතු විස්තරය පිළිබඳව අවබෝධයක් ඇති කර ගත හැක.
සරොස නොවන් මම මේ වග ඇසුවා ට සිහි නුවණින් විමසාලා බලන ව ට බුදු ගුණ තොසින් තෝරාලා බලන ව ට පිහිටා දාතු මයියං ගන කියන් ම ට
ම යි ය න් කළේ දෙවියෝ වැඩ ඉන්ට ම තු දෙ යි ය න් බුදුන් එක තැන පවතින්ඩ ම තු කොයිය න් කෙනෙක් වත් වැඳ වැඳ යන්ට යු තු ම යි ය න් ගනේ පිහිටියෙ ග්රී වා දා තු
මදක් සිනාවෙන් බෝ මැඩ සිතින් සි තූ අදිෂ් ඨාන බලයෙන් බුදු බවට පැ තූ තුදුස් රියන් වජ්රාබසන පිට දා තූ අදිෂ් ඨෘන කොතනද ලලාට දා තූ
කලෙ ක මුනිඳු උපනිය සද්දන්ත කු ලේ ද ළ දෙක කපා දුන්නයි බුදු බවට ලො ලේ ද ළ පිහිටා දාගැබ් බන්දාපු ක ලේ ල ලා ට දාතු පිහිටියෙ සේරුවා වි ලේ
බලි තොවිල් ආදි ශාන්ති කර්මුයන්හිදී ද ගැමියන්ට බොහෝ ආගමික තොරතුරු දැන ගැනීමට ඉවහල් වන සැහැලි ගැයෙන්නේ ය. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, ධාතු ගුණ සහ සිඬ්ස්ථෘන ගුණයද පිහිටුවා සෙත් සැලැස්වීමමේ රටේ ශාන්ති කර්ම වල මූලික සම්ප්රසදාය වන්නේ ය. සුමිහිරි වෘත්ත වලින් බැඳුන කාවියම් බෙර තාලයට අනුව මිහිරි සේ ගයනු ඇසෙන ආතුරයන් ගේ රෝග ව්යටපසමනයට සිතෙහි උතුරා යන ආගමික ශ්රනඬා භක්ති ආනුභාවය හේතු වනවා ඇත. ශාන්ති කර්මියන්හි භෘවිත වන ආගමික කව් කිහිපයකි. පහත දැක්වෙන්නේ ;-
ල කු ණු ඇතුව බුදු උනු බව දනිද යකූ අ කු ණු ලෙසින් බුදු රැස් විහිදුනේ යකූ මෙකු ණු කයට සීනෙන් රෑ පෙනෙයි යකූ ක කු සඳ මුනිඳු අණයට නට ඉනා යකූ
(ඉනාමාලය)
අ ම් මා කරපිට හිඳුවා පීනා සමුදුර ගොඩ ක ළ න ම් මා සිත එතැන් පටන් බුදු වෙම් මැයි පව්දුරු ක ළ වෙම්මා මුනි ගුණ පිහිටා මුක දළ දිව දොස පහක ළ සමමා සම් බුද්ධ බෙලෙන් රන් පඬුරෙන් ජය මංගළ (රන් පඬුරේ ජය මංගල කවි)
නර මරඟන නරු ඇඳ ගෙන, නටති එතන නරු, නාටක වෙස් ගෙ න නතර නොවන, නද කරවන, නපුරු සිතින නස, මැයි නිති සිත මි න නපුරු දුජන, නමකුරු ගෙන, නම නැකතින නපු, රට කළ මේ වි න නව මුනි ගුණ, නලළ එලන, නලළෙ තිබුන හැම, අනවින දුරු වෙ න (ශාරීරික ශාන්ති කවි)
පසු ඉටි අරගන රූපෙ තනන් නේ නමකුරු පිහිටා කටුද ගසන් නේ සොහොන් පොළේ පස්යට වලලන් නේ කේසදාතු අනයට ඉගිලෙන් නේ (ධාතු සාන්තිය)
තුන් ලෙව් සතහට අමා රසය දෙන ගෞතම මුනි වඩිතෙ යි ලන් කර බුදු බව අසංක ගණනක් දැහැමට එකුරු වෙතෙ යි පින් කළ මුනිදුගෙ දහම් ගුණෙන් මෙම යකුන්ට ගිණී හරි තෙ යි මින් සත් අඩියට කළවින බන්දන එමුනි අනිත් කපතෙ යි (ධාතු සාන්තිය)
සාව කුලේ ඉපදි අපේ බෝසත් දන් දු න ආව එසක් රජ දෙවියෝ දුගී වෙසක් ගෙ න පේවී සිටා සඳ මැද ඇන්දේ බුදු ගු ණ ලෝවා මහ පායෙ බෙලෙන් කඩතුර හරිමි න ( කඩතුරා කවි)
සාර සංකය රහත් මතුලොව පැවිදි මුන දීපංක රා දීර බල ඇති තවුස් බෝසත් එමුනි දැක දිවි පුදක රා ගෝර මරු ජය රැගෙන බුදු වෙමි පැතූ මහිමෙන් ලොවුතු රා නෑර ඔබගේ ග්රිහා දෝසය පළමු විවරණයෙන් දු රා(සූවිසි විවරණ සාන්තිය)
14 වෙනි පරිච්ඡේදය
කවි කථා
ගැමි ජනතාව බෙහෙවින්ම ප්රිසය මනාප දෙයකි, කථා ඇසීම. විවේක කාලයන්හි පමණක් නොව යම් යම් කර්මාරන්තවල යෙදී සිටින විට කථෘවලට ඇහුන්කම් දීම ගැමියෝ සප්රායෝජනවත් ලෙස කරත්. කථාව කවියෙන්වූ විට වඩාත්ම මන වඩන්නේ ය. ඉනුත්, විෂ්මය, සන්ත්රා සය හා ප්රයමෝදය ඇති කරවන කථා ජනප්රිනය භාවයට පත් ව තිබේ. මේ රටේ පොදුජන සමාජයේ විශේෂ ලක්ෂවණයක් නම් සුඛාන්ත කථාවලට ආශා කිරීමය. ඒ අංශයෙන් ද මහා ජනයා පිනවීම සඳහා ජනකවියා සිය කොටස ප්රීශංසාත්මක ලෙස ඉටු කොට තිබේ. සද්ධර්මරත්නාවලිය සහ පන්සිය පනස් ජාතකය පමණක්ම මේ සඳහා ඔහු උපයෝගි කර ගත්තා නොවේ. මේ රටේ ජන ප්රශවාදයෙහි පවත්නා කථා විසිතුරු කාවියම් වලට ඔහුගෙන් පෙරළුනේය. එපමනින්ද නොනැවතුනු ඔහු විදේශ ගැමි කථාවන්ද ලිහිල් සිංහල කවියෙන් ඇසීමට සැලැස්සුවේ ය.
පොත කියවා කවිවලත් කථවේත් රස විඳීමිට ජනකාය පොළඹවන නම් වලින් සිය කෘතීන් සුරසීමේ සහජ දක්ෂමතාවයක් ජනකවියාට ඇත්තේ ය. ඔහු මේ අතින් ප්ර චාරක කලාවේ අගතැන් පත් වූවන් ද පරදවන රුසියෙකි. බලන්න ඔහු යොදන නාමයන්. සසද කුමාරි - ඉරසරා - පංච සුන්දදරී හෙවත් පේරැස් මුදුව - පුදමු රුවන් කිරිල්ලි - මුතු කුමාරි - ලියනෝරා - පුදුම දුන්න - සිල් බින්ද කුමාරි - ඉන් කිහිපයකි. මේ සෑම කථාවක්ම සමාජයේ කුතුහලය ඇවිස්සීමට සමත් අයුරින් සකස් වී තිබේ.
කවිකථා අතරින් විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කාපිරි කථාව, මුතු කුමාරි කථාව සහ දඬු මොණර කථාවත් ය.
නමස්කාර අශිර්වාිද ආදි කිසිවක් නොමැතිවම කාපිරි කථාව ආරම්භ වන්නේ ය. එය මෙසේ ය :-
“චි ත්රා නම් පුර නුවරෙහි සැපති න උ ත්ර දිසාවෙන් එනුවර පිහිටු න වස්ත්රා බත බුලතින් අඩු නොවමි න චි ත්රර අංග රජු එනුවර වැජඹෙ න”
කාපිරි කථාවේ සාරාංශය මෙසේ ය. බිසොවුන් සොළසක් සිටි රජ කෙනෙක් තවත් කුමාරියක පාවා ගෙන ඇය අග බසෝ තනතුරෙහි තැබීය. රජ බැහැර ගොස් සිටි අවස්ථාවක අග බිසව විසින් ප්රහසූත කරන ලද කුමරා සැඟවූ බිසෝ සොළොස ඇයට ලැබුනේ දඬු කඳකැයි ප්රතසිඬ කළෝ ය. උදහස් වූ රජ ඇය එළවා දමන ලදී. ලදරු කුමරා මැරීමට සොළොස් බිසවුන් විසින් දරන ලද සෑම උත්සාහයක්ම ව්ය.ර්ථ වී ගියේ ය. ඔහු තැනින් තැන ගොස් රැකුනේ ය. අන්තිමේ දී රකුසෙකු විසින් කාපිරි හමක් පොරවනු ලැබු කුමාරයා එක් රජ වාසලකට පැමිණ කලක එහි සිට එරජුගේ දූ කුමරියක් සරණ පාවාගෙන කාපිරි හම ඉවත දමා ස්වකීය දෙමාපියන් වෙ පැමිණයේ ය. කුමාරායා කුඹල් ගෙයි ගත කළ ප්රාවෘත්තිය කියවෙන්නේ මෙසේ ය.
මූට කාබී තෙල වැටීලා මාව පන්නන්නට හදන් නේ එවිට කුමරා කතා නොකරම ගොසින් වලනුත් තලන් නේ සොඳට මා කී බසක් මරණයට මුල් වෙමින් නේ සවස් උන විට අහර බුදිමින් වන ගතේ ගොස් සැතපී ඉන් නේ
කාපිරි සම පෙරවු වග
එවිට රකුසට නොකා ඉන්නට බැරි සෙයින් දේසට ගොසින් නේ විතර කාපියෙකුට අල්ලා සමගසා පොරවන්ඩ දුන් නේ නිතර ඔහුවගේ රුව මැකෙන්නට වේලවා සම පොරව මින් නේ එවර පද් දෙන දවස යවමින බොහෝ දිනයක් පසුව යන් නේ
සහෝදරියන් සත් දෙනෙකගෙන් බලාම තුමාරිය කාපිරියාට කරුණාව දැක්වූවා ය. එයට වැඩිමල් කුමරියෝ ඇය වෙහෙසුවෙ මෙලෙසය :-
පළමු දින ඉස නානු ගාලා සුද්ද කර ගත්තයි ටික ක් දෙවෙනි දින ඇඟ සඳුන් ගාලා සුවඳ කරගත්තයි මඳ ක් පසුව දිනයේ බුලත් කවලා මූන සිඹ ගත්තයි මඳ ක් මෙතුන් දවසේ සුද්ද කෙරුවේ හිමි තමයි නුඹ ගේ මඳ ක්
කව් 169 ක් සහ සින්දු අඩියක් ද ඇති කාපිරි කථාවේ 141 වන කිවයට පද හයකි. එය මෙසේය :-
අළුයම උදා වෙමිනේ - අඳුරට පුන් සඳසේ දිළු නේ බැහිය මෙ ගුණ වරුනේ - කියා නිම, වන්නට මගෙ නැති නේ මෙලක්ෂමනේ දුටු අය සිත පිරුණා - අනෙසකි, පලන් රජ වරු නා බඹරිදු රොන් ගෙනෙනා - සෙට යති, ගිජිඳු පිටින් වඩි නා රජුගෙ ගුණ වරුණා - කියා නිමැ, වන්නට බැරි හිත නා සියලු සෙනග ලසිනා - රජ හා ඇමති සදෙන තුටි නා
මෙහි ඇතැම් කවි ඔංචිලි වාරම වශයෙන්ද භාවිත වන්නේය. ඉන් එකක් පහත දැක්ිවේ.
වැද්දා වනයට ගොසින් බසින් නේ විද්දා සැරයක් ඇතුට වදින් නේ සද්දා වෙන් දළ කපා ගෙනෙන් නේ වැද්දා නිරිඳුට දීපු ගොසින් නේ
මුතු කුමාරිගේ කථාව පිළිබඳ එම පොතේ පසු පිට කොළයේ තිබෙන දැන්වීම මෙසේය. 1
මුතු කුමාරිගේ කථාව
“මෙම කථාන්තරය වනාහි මධූර මනෝහර කාව්යේ රචනාවෙන් ගලපන ලද්දා වූ ඇසුවන් සිත් ප්රිෝය උපදවන විස්ම ජනක ප්ර වෘත්තිවලින් සමලඬ්කෘතවු කථෘ මාලාවක්ය. කවි බසින් රචනා කරන ලද්දා වූ නානාවිධ රචනාවල් අප රටේ විද්යා මාන වූවත් කර්ණර රසායන යෙන් සහ චිත්ත ප්රචබෝධයට හේතුවූ කරුණු අන්තර්ගත මෙබඳු කථාන්තර ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. විවේක කාලයන්හිදී කාව්ය මය රචනාවල් කියවීමෙන් සිත් සතුටුකර ගැණීම සියලුම මනුෂ්යකයන් තුළ පවත්නා සිරිතක්ය. එබැවින් අප රටවාසීන් ගේ විවේක කාලයන්හි දී කියවීමෙන් අර්ථයරසය ලබා ගැනීමට හේතුවූ මෙම පුදුම කථාන්තරය බොහෝ අමාරුවෙන් සපයා ගෙන හැකි තරමින් ශුඬකොට මා විසින් අච්චු ගසා ප්රමසිද්ධ කළ බව සහ :- 2 1951 මුද්රොණය
මේ දැන්වීම පොත පිළිබඳ හැඳින්වීමක් වශයෙන් ද සැළකිය හැකිය. මෙහි කියා තිබෙන කරුණූ ගැන ගැමියන් ගේ ඒකමතික අනුමතිය ලැබෙන බැවිනි.
මුතු කුමාරි කථාව මුල සිට අග දක්වාම ඒකාකාර විෂ්මය ජනක අද්භූත භයඬ්කර සිද්ධි රැසකි. කඳුළු මුතූ වන කුමාරිය, කථා නොකරන තවුසා, මිනිසුන්ට මෙහෙ කරන යක්කු, මිනීමස්කන යකින්න, රූස්ස ගස් නමා හෙළන තෙල්, මිනිසුන් වඳුරන් කරන ගෙඩි, ඒවායින් සමහරකි.
කථාවේ පසුබිම පැරිස් පුරවරය බව කවියා කියන්නේ මෙසේ ය:-
සුගත සැම දෙවිය න් යැද අවසර ගෙන ම න් පොරණ යෙදුනවු ඉ න් මුතුකුමාරිගෙ වරුන පවස න්
පැරිස් නම් ලත් වූ නොරිස්සන දන නැත් වූ සතොස් සිරිමත් වූ පැරිස් පුරවර අසව තත් වූ
මුතු කුමාරි සොයා යෑම සඳහා ඇස්නීසන් කුමාරයාට යකින්න පාර කියා දෙන අයුරු :-
මෙතන සිටන් සිව් යොදුන ක් යනු මේ මග නොවම බිය ක් ඇදිරි වනය ලඟම උද ක් සම්මුබවේ මහා ගස ක්
එම මහගස උඩ නගිනු ය තුන් බල උඩ තෙලක් ඇති ය තෙල් කුප්පිය අතට ගනු ය එක්සනෙකින් එගස නැමෙ ය
සිව් යොදුනක් පමණ උසැ ති එපමණ දුර හිමයක් ඇ ති නැමී ගොසින් එම ගස නි ති වෙන ගසකට හාන්සි වෙ ති
තොප ගිය ගස අත්හැර ලා අනිත් ගසට මාරු වෙ ලා අත තිබු තෙල් ගස තිය ලා බසිනුය නොමවී එමු ලා
විගසට බැසලා එගසි න් සතක් එනිය ගසට අනි න් දොරක් ඇරිලා එතනි න් ලැබේය තෙල් කුප්පි රුව න්
ලැබෙන රුවන් තෙල් කුප්පි ය අරගෙන දෝතට නොව බි ය එතන සිටන් සිව් යොදුන ය මුතු කුමරිගෙ නුවර ලඟ ය
කුමාරයා වඳුරෙකු වූ හැටි :-
කටේ එමපල වැටුන සැනයෙන් රජ කුමරු වඳුරා වෙ ලා තුටේ වඩවන වඳුරු රැල සිටි ගසට පැන ගන ගිය ක ලා කටේ එම පල දැමු වානර රජා ඇසුවෙන උනු මු ලා වටේ හිමගත ඇවිද ගසමුල සැතපුනේ කිම උඩ බ ලා
මුතු කුමාරියගේ වග :-
එලි වෙනකන් මුතු කුම රි අඬමින් කඳුළුත් වැහි රි වැටෙන කඳුළු බිම සපි රි මුතු ගොඩ විය උසම පි රි
දුකක් සිතිලා කුමරි ට ඇඬුවොත් සුදනනි එම වි ට වැටෙන කඳුළු නෙතින් බිම ට මුතුවෙයි සේරම සහතු ට
කවියා ස්වකීය කෘතිය අවසාන කරන්නේ මෙසේය :-
මම් මෙම කෙරුවෙමි ලෙස සිත තුටි නේ චන් දස් පද ලගුන් ගරු යවහන් නොදැ නේ දැන් මෙලොවෙහි සිටිනා සියළු පඩි ද නේ මින් දොස් දුටත් හැරලනු මට නොව උර නේ
ම ව් පිය ගුරුවරුන් හට පින් දෙමි නිත රේ දෙව් පිරි සිටත් පින් දීවස් ඇර වතු රේ ම න් තොස වඩන මුතු කුමරිෙග කතන්ත රේ ක ව් තුන් සිය හතරින් පොත ඉවර ක රේ
මෙලක් දිවයින අහස පොලවෙහි වසන සම්දිටු දෙව් තුමෝ හැ ම සු ර ක් සිත දේවාල කෝවිල් වලෙහි අධිපති සියලු මුරු සැ ම අ ර ක් බඳිමින් මෙමා වටකර මෙකව් වල දොස් දුර දමා සැ ම ස ර ස් වති ගන මුකය පිහිටා මෙමා රැක දෙන් දෙවියනෙ පෙ මා
අහසින් ගමනා ගමනය පිළිබඳ හැඟීමක් මිනිසාට ඉතා ඈත අතීතයේ සිටම තිබූ බව පෙනේ. කුළු දෙකක් දෙඅතේ බැඳ ගෙන පියෑඹීමට උත්සාහ කළ ග්රීබක් ජාතික “ඩයිඩේඩස්” ගෙන් ඇරඹුන අහසින් යැම පිළිබඳ අපර දිග උත්සාහය ඇමරිකන් ජාතික රයිට් සහෝදර වරුන්ගේ නව නිෂ්පාදනය වූ අහස් යානයෙන් සඵලවත් වූ බව අපි දනිමු. ඩයිඩේඩස් ගේ කුළු බැඳීමට පෙරාතුවද එක්තරා ක්ර්මයක අහස්යානයක් ගැන පෙර දිගුන් දැන සිටි වට තුඩු දෙන ජන ප්ර වාද තිබේ. රාවණ ගේ පුෂ්පයාන පුවත ඉන් එකකි. එයටත් දුරාතීතයේ බරනැස් නුවර බ්රසහ්මදත්ත නම් රජෙකු රජ කරන කාලයේදී යන්ත්ර6යකින් අහස් ගමන් ගිය බව කියැවෙන ප්රනවෘත්තියක් වෙයි. එහි නම දඬු මොනර කථාවය. ඉන් පැවසෙන්නේ ලීයෙන් කළ මොනරෙකුගේ හැඩය ඇති යන්ත්රියකින් ගොස් බරණැස් රාජ පුත්රමයා කළිඟු රාජ දූහිතෘවගෙණ ඒමේ වගය. එහි මුල් කව මෙසේ ය.
“සපිරි සිරි ඉසු රෙ න ගජරිය අසුන් වෙන වෙ න කිරි සයුර පරද න ලෙසට ඇත එහි ඉසුරු නොපම න”
මෙසේ පටන් ගෙන දහසය වෙනි කවිය දක්වාත් නගර වර්ණෙනාව කෙරෙන්නේ නගරයේ නමක් සඳහන් නොකටය. නගර නාමය පළමු වෙනි වරට කියනු ලබන්නේ දහහත්වෙනි කවේදිය.
සව් සිරි පිරි එපු ර බරණැස් නමින් පලක ර දස දමින් රජ ක ර නිරිඳු බරනැස් වසති එමපු ර
මේ නම් වෙන කිසිදු කව් පොතක දක්නට නොලැබෙන පිළිවෙලකි.
එ නුවර අසබඩ වනයෙහි වැද්දෝ වෙසෙති. ඔවුන් තම ආහාරය පිළියෙල කර ගන්නේ මෙසේය.
එහි වසන වැදි ද න මී කඩා පැනි අරගෙ න සතුන් විද මරමි න දමා මස් මී පැනිත් සමගි න
පියන් පොත වසමි න ඔරුව පෙරලා තබමි න කල් පසුව ගිය තැ න බුදිති වැදි දන එමස් අරග න
රාජ පුත්රදයාට නම් තබන ලද්දේ පෞරානික චාරිතානු කූලවය.
කුමරු හට ඔබි නා නමක් ලන ලෙස සොබ නා නිරිදු අන ලෙසි නා කලේ නම සුබ අකුරු වලි නා
කුමරුගෙ රුව බ ලා තැබු නම බමුණු සිට ලා රූතංග නිම ලා නිරිදු හට එය දුනී ලිය ලා
ඒ පැරණ අහස් යානාව පදවන ලද්දේ ලනු වලිනි. එහි ලනු තුනක් වෙයි. එක ලනුවක් ඇද්ද කළ දඬු මොනරය අහසට නැගෙන්නේ ය. එකක් ඇද්ද කළ නවතින්නේ ය. අනික ඇද්ද කල්හි බිමට බසින්නේ ය. දඬු මොනරය පැදවූ කුමාරයා ගේ ප්ර මාදයකින් එය ගහක ඇද වැටුනු හැටි පවසන්නේ මෙසේ ය.
එබස අසමින් කුමරි බලවත් වේදනාවෙන් සිටිය එම තැ න අලස නොව මොනරා පිටට පැන පැදන් ගියෙ එම කුමරු ගුවනි න විගස කුමරු එලිය අර ගෙන නැගුනි මොනරා පැදන් අහසි න වෙහෙස යෙන් එන කලට ලනුදා වැටිනි මොනරා ගඟක වේගෙ න
පොතේ අවසාන කවිය වන 181 ක් වැන්නෙන් කතුවරයා සිය ප්රා ර්ථනනය ඉදිරපත් කරන්නේ ය.
මිස දිටු කුලයක නොයිපද ගන්ඩ යි රස මෙන් දහමය නිතර අසන්ඩ යි තිස රණ ගෙන මෙත් මුනිඳු දකින්ඩ යි යස ලෙස මගෙ අදහස් සිදු වෙන්ඩ යි
කව් 455 කින් යුත් සෙලෙස්තිනා කථාවද, විෂ්මය, භය, සන්ත්රාමසය සහ ශෝකය ද දනවන ප්ර වෘත්තියකි. මෙහි එයට තැනක් ලැබෙන්නේ ඒ කරුණු නිසා නොවේ. ජනතා සාහිත්යකයය පෝෂණය වූ එක් මගක් එයින් හෙළිවන බැවිනි. අනිත් කොයි සාහිත්යයයයකටත් දෙවෙනි නොවන තරමේ විසිතුරු ජනකථා ලැබන්නකි ද්ර්විඩ භාෂාව. ද්රෙවිඩය හා සමග අපේ සම්බන්ධයද ඉතා දීර්ඝ කාලයක සිට පැවතෙන්නකි. වියරණය, නීතිය ආදිය සඳහා උගත් කවීන් විසින් ද්ර්විඩ ග්රන්ථයන් ආශ්රපය කළ අතර ජන කවීහු එහි ඇති විසිතුරු ජන ප්ර්වාද ලිහිල් කවියට පෙරලා ගත්තෝ ය. ඒ බව සෙලෙස්තිනා කථා කර්තෘව කියන්ලනේ මෙසේ ය:-
ති බු නා මෙවග දෙමලෙන් පෙරදි දැක අ මා බැ ති නා සිංහලෙන් කවිකර කිමි මෙ මා සොබනා කතන්දරයට කවිකර පේ මා බ දි නා මෙකව් ආ බ්ර්හ්ම යන කිවිඳු තු මා
යුඬයක් දිනා රජු සිය නුවරට පෙරළා එන ශ්රී විභූතිය පැවසෙන්නේ මෙසේය.
විරිදු මෙරජ වඩිතෙයි තෙතෙයි තෙයි පිරිවර ඉඳ බල තෙ යි යුද ජයගෙණ වඩිතෙයි තෙතෙයි තෙයි අල්වා රජගෙණ තෙ යි ඒ රජ සෙනග එතෙයි තෙතෙයි තෙයි බලමින් මඟ වඩි තෙ යි සියළුම සත වඩිතෙයි තෙතෙයි තෙයි බලනට යස උපතෙ යි 15 වෙනි පරිච්ඡේදය
ආගමික චරිත කථා
සැහැලි අංශයට වැටෙන ආගමික චරිත කථාවෝද වෙත්. එයින් මුල්තැන දිය යුත්තේ යසෝදරාවතට ය. මෙතරම් ගම්බද ජනතාව, විශේෂයෙන් ම ගැමි ගැහුණුන් විසින් ප්රි ය කරනු ලබන තවත් චරිතයක් නොමැත. ගැහැනියකට මුහුණ පාන්නට නොහැකි තරමේ කම් කටොලු වලට භාජනය වූ යසෝදරාව ඒ සියල්ලම ඉවසා විඳ දරා අවශානයේ දී රහත් වී නිවන් දුටුවා ය. එ නිසා ඇය සියලු කාන්තාවන්ට මහඟු ආදර්ශයකි. ඒ උත්තමාව ගේ චරිතයේ ගැමියන ගේ සිත් ගන්නා සැම අංශයක්ම ඔවුනට උචිත වන බසින් කවියට නඟා ජනතා කවියකු විසින් සකස් කරන ලද යසෝදරාවතේ පිටපතක් ගම්බද සෑම ගෙදරකින්ම පාහේ ලබා ගත හැක.
යසෝදරා චරිතය බොහෝ කවියන් ගේ ද සිත්ගත් වස්තුවකි. මෛථිලිශරණ ගුප්ස නමැති හින්දි කවියා ගේ යශෝධරා(සිරි සීවලි හිමියන් විසින් මෙහි සිංහල පරිවර්තරනයක් කර තිබේ) ජනප්රිකය කෘතියක් වශයෙන් ප්රැසිඬියක් උසුලන බව් ප්රනකටය.
දිවංගත හික්කඩුවේ බී. එච්. අමරසේන කවියා විසින් යශෝධරා චරිතය රමනීය ලිහිල් කවිට නඟා යශෝදරාව නමින් කළ පොත ද කියවන්නන්ගේ සාදරය දිනාගන තිබේ. එහෙත් හින්දි යශෝධරාවට හෝ අමරසේන ගේ යශෝධරාවට පැරණි යසෝදරාවත පැරදවීමට නොහැකි විය. නිරනුමානයෙන්ම යෙදුම් විසින්, වියරණ විසින්, නවීන යශෝධරාව උසස්ය. එහෙත් ගැමියෝ ඒවා තුට්ටුවකට ගණන් නොගන්නෝ ය. ඔවුන්ට ඕනෑ ඔවුන්ගේ බසින්, ඔවුන් දන්නා අඳුනන මිනිසුන් ගැන හෘදයට කියන යශෝධරාවකි. එයින් යශෝදරාවත පරිපූර්ණිය. එ නිසා ඒ කෙරෙහි ඔවුන් ගේ ඇති ඇල්ම, පම්පරාවෙන් පරම්පරාවට ලියලා ගන ආ ආවේනික ඇල්ම, තව යශෝදරා කාව්යප දහසක් ලියුවත් බින්දුා මාත්රචයකින් හෝ අඩු කළ නොහැක. යසෝදරාවතේ කවි 130 කි. පටන් ගන්නා නවිය මෙසේ ය :-
සාරා සංක්යන කප්ලක්ෂවය පෙරුම් පු රා සොලසා සංක්යො කප්ලක්ෂසය පෙරුම් පු රා සූවිසි සංක්ය කප්ලක්ෂසය පෙරුම් පු රා මෝරා පුබුදු මල ලෙස බුදුවු ලොවු තු රා
මෙය ඇසෙන විටම ගැමි සිතෙහි ඇති වන්නේ බුදුබව ලබැ ගැනීම සඳහා පෙරුමන් පිරිය යුතු කාල සීමාවෙ දීර්ඝබ බව ය. ආරම්භයේ දීම විෂ්මයත්, ගෞරවයත්, සිතු තුළ දනවා, ඊ ළඟට බෝසතානන් වහන්සේ ගේ උත්පත්ති කථාව කවියා විස්තර කරන්නේ ය. බෝසතුන් පිළිසිඳ ගත් දින මහාමායා බිසව දුටු සීනය ඔහු කියන්නේ මෙසේ ය.
රන් යහනේ සැතපෙන කළ බිසවුන් ට පුන් සඳ මඬල අහසින් ඒ යහන පි ට රන් කඳ ලෙසින් වැඩියා සුදොවුන් ලඟ ට තුන් ජාමෙට පෙනුනා සඳ මඬල ම ට
ද න ක් පමණ මල් අතුරපු දිව යහ නේ පමණක් බිසව් සැලපෙන කල දුටු සී නේ මැණිකක් දකින කොට ගැබ ඇතුලට වැදු නේ මොන මොන දෙයක් දෝ නොදැනෙයි සුවාමි නේ
මහ මායා සැතපෙන කළ මල් යහ නේ අහ සින් රිදී පරුවතයක් එම යහ නේ දහ සක් බිසෝවරු වටකර මුර සිටි නේ මහ රජ හට සැල කෙරුවා මේ සී නේ
නේරංජනන් ගංගාවේ සුදු වැල් ලේ නේරංජනේ ඉස්නානේ නෑවිල් ලේ පැන්නා වට කරට සුවඳට මන ලොල් ලේ පෙන්නා දිදී දු සිහිනය පෙලින් පෙ ලේ
දෙනෝ දහක අඟනෝ මට මල් නෙළු වා අ නෝ තත්ත විල මැද යහනක ඉඳු වා ක න්යාත ලියෝ දෙදෙනෙකු පැන් නෑ වෙව් වා අ නෝ තත්ත විල මම සිහිනෙන් දුටු වා
සුදු සත ලෙසට ඇත් පැටියෙක් විත් යහ නේ සුදු සොඬ ටිකෙන් මගෙ බඩ පිරි මදිති අ නේ සුදු යම් දෙයක සිදුවෙයි මට දුටු සී නේ සුද සුන් නිරිඳුනේ මොකදැයි ඔය සී නේ
සිද්ධාර්ථ කුමාරයානන් වහන්සේ ගේ සම්පූර්ණ චරිත කථාවම පැවසෙන යසෝදරාවතේ උත්කර්ෂ්වත්ම කොටස නම් අභිනිෂ්ක්රාමණය ය. පැවැදි බවට පත් බෝසතානෝ ඡන්න අමාත්යතයාට අයශාන වශයෙන් කියන්නේ මෙසේ ය.
ආබරන ද අවසර ඇමති හ ට සාගර ජලෙන් පලයන් පසු නොබැස සි ට පිය නිරිනිදුට කිය මගෙ පුතු දැක ඉන් ට යසෝදරා දේවිට කිය සැන සෙන් ට
ඇමතියා ආපසු විත් මේ සියල්ල එසේම පැවසුවේ ය. එවිට එහි වූයේ අඳෝනා සැඩ සුළඟත්, ලමැද අත් ගැසුම් ගෙරවීමත් සමග උතුරා ගිය යසෝදරා දේවිය ගේ කඳුළු සාගරය ය. සෑම ගැහැණියෙක මෙන් ම යසෝදරාවද අදෝනා කියමින් හැඬුවා ය. පරණ සිදුවූම් හඬ නගා පවසමින් හැඬුවා ය. ඔහු සැතපුන යහන දෙස බලමින් ඉකි බිඳ බිඳ වැලපුනා ය. එපමණක්ම නොව තමා මතුවට කල දවස ගෙවන හැටි පිළින කරමින් ද අනේ අහිංසක දේවිය හැඬුවා යත වැලපුනා ය, විලාප නඟමින් හඬමින් සිහිසන් නැති ව පොළොවෙහි වැතුරුනා ය.
යසෝදරා වැලපුම කව් තිස්දෙකකින් පවසන කවියා එය පටන් ගන්නේ මෙසේ ය.
ඡ න් න ඇමති නුවරට ගිය කල එදි නේ ඇ න් න පැනපු සිහ දෙන ලෙස බිසව් අ නේ ඡ න් න යාළු මගෙ හිමි සඳ අද කොත නේ ගෙන්න වරෙන් මගෙ හිමිසඳ දකින මෙ නේ
පෙර ජාති සිහි කරමින් හැඬුයේ මෙබඳු කව් වලිනි. එනම් :-
එ දා ගියේ තපසට දෙන්න සහ කැ ලේ ව ඩා දෙදරුවන් උකුලට රැගෙන ලො ලේ බෙදා උනිමි පන්සල් දෙකම එක කැ ලේ මෙදා මොකද තනිකර යන්ට මම ක ලේ
දරුවා ගේ අනාගතය ගැන විලාප නැඟුයේ මෙසේය :-
උන්නෙමි අපි ඉපිද ලෙහෙනුන් කුලේ එ දා වැටුනේ ජලය මැද සමුදුරයේ බිලි දා දැනුනේ කරපු වීරිය ගොඩ ගන්ට එ දා හිමි රජුනේ මග ඇරියේ මන් ද මෙ දා
ඇ තා වෙලා හිමයේ ඔබ උපන් එ දා සි තා ඇවිත් විද හෙළුවේ වැදි නොවෙ දා ප තා අහිරිගා සිටියේ මම නොවෙ දා පු තා දමා වැඩියේ ඇයි මහිමි ස දා
රු ව ඇති පුතුන් වැදුවා මා වැරදී ද රු ව ගුණ තේජසක් මගෙ අඩුවුනා ව ද ග රු සරු නැති කමක් මාතින් යෙදුනා ද ම රු බිඳ බුදුවෙන්ඩ සීනෙන් පෙනුනා ද
යහන දෙස ඇස ගැසෙත්ම යසෝදරාව ගේ මුවින් :-
පිරිය ලෙසට සැතපුන අපෙ මල් යහ නා බැරිය ඉතින් දැකලා මගෙ පපුව ද නා වීරිය බුදු බවට බාදා නොව වඩි නා සූරිය මඬල වෙති ඔබ සැතපුන යහ නා - යි
කියමින් හැඬුනේ ය. කිසි වරදක් නොකළ තමාත්, එදා රෑම වැදූ ලේ කැටි බිළිඳාත් අත්හැර පලා ගිය සැමියාට ඒ ගුණවත් බිරිය ආසිරි පැතුවේ මෙලෙස ය.
සු ව ඳ බොජුන් වැළඳු මගෙ හිමි සඳ ට නි බ ඳ බොජුන් රසකර දුන් වළදන් ට සු ව ඳ පලා පල වැවියන් හිමියන් ට සු ව ඳ මල් නිතර තිබියන් රන් කඳ ට
කැ ලේ තිබෙන කොයි දේවත් රස වේ වා ම ලේ බමරු ලෙස පිරිවර ලැබේ වා අ ව් වේ තියෙන රැස් මාලා අඩු වේ වා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේ වා
හිමි වියොවින් තැවුණූ ඇය අනාගතය ගැන කියන්නේ මෙසේ ය.
වෙහෙස උනත් තද දුක් මම ඉව සඤ්ඤයි අ හ ස පොළොව ලෙස හිමි සිහි කර ඉඤ්ඤයි ර හ ත් වෙන්ට මම වෑයම් කරඤ්ඤයි ඇ හැ ට දකින තුරු නවගුණ පුර වඤ්ඤයි
යසෝදරාව මහණව රහත් වූවා ය. ඒ ධාතු පිහිටුවා බඳින ලද දා ගැබට බුදු හාමුදුරුවන් වහන්සේ ද මල් පූජා කළ සේක. කවියා මෙයින් සකල ස්ත්රීහ වර්ගහයාටම මහත්ම ගෞරවයක් සිදිවු බව කියන්නේ මෙසේ ය.
බැඳපු දා ගැබත් එහි ධාතු පිහිටු වා පිදූ සැම දෙන එක මල් වරු සා වා සිදු හත් බුදු වෙලා පින් කඳවරු සා වා බුදුවී හස්තයෙන් සෑයට මල් පිදු වා
යසෝදරාවතේ අවසානයේ දී කවියා කාන්තාවන්ට අවවාද දෙන්නේ මෙසේය :-
දු ක ක් වන් කලට අතමිට හිඟ වෙමි න සෙත ක් වන් කලට වැඩියෙන් දයා වෙ න ඇ ද ක් නොව කතුනි හිමි සැලකුවෝ ති න කිමෙ ක් මොක් දකිනු ලැරි යසෝදරා මෙ න
රැ ක පතිදම් යසෝදර බිසවුන් ලෙස ට දු ක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙස ට එ ක හිමි පතා සිටියොත් ලඳුනි බැති කො ට සැ ක නැත සග පවග සැප මතු ලැබෙන ව ට
ඉ න් නි සා ලියෙහි හිමිහට යටහති නී දොම්න සා නොවී ලෙඩ දුකෙහි සත ති නී අ න්දෙ සා නොබල සිතු යසෝදරා මෙ නී පි න්රැ සා කරව් සගමොක් ලබන මෙ නී
යසෝදරාවත මෙන්ම ජනප්රි ය භාවයට පත් තවත් ආගමික චරිත කථවක් ඇත්තේ ය. එහෙත් එය යසෝදරා චරිතයට හාත්පසින්ම වෙනස් වූ චරිතයකි. එහි කියැවෙන්නේ මෘදු මොළොක් දයා කරුණාදි ගුණයන් ගැන නොවේ. ඒවායේ අනිත් පැත්තය. සියළු සතුන් වෙත කරුණාවෙන් ඇස් ඉස් මස් දන් දුන් බුදුහාමුදුරුවන් වහන්සේ වෙත අකාරණයෙහි වෛර බැඳ පන්සිය පනස් ජාතියක් මුළුල්ලේ ඡායාවක් මෙන් වෙන් නොව පසු පස යමින් හිංසා පීඩා කළ දේවදත්තයන්ගේ නුගුණ ගැණය.
සිංහල ගැමි සමාජයෙහි දෙව්දත් හට අනුකම්පාවක් දක්වන කෙනෙක් නැත. ඊර්යාට අ ක්රෝ ධාදියට ක්රෑවර බවට නිදසුන් කොට දක්වන්නේ ඔහුය. ගැමි සිත්වල මේ හැඟීම තහවුරු කරන ලද්දේ දෙව්දත් කථාව මගින් යැයි කීම නිවරදි විය හැකිය. එතරම්ම හය ගොඩවල්වල ප්රනචාරයට පත්වී තිබේ.
වෘත්ත කිහිපයකින් යුත් කව් 412 කින් සමන්විත කථාව ආරම්භ වන්නේ නමස්කාරයෙනි. එය මෙසේය :-
සෙත් සිරි දෙන සුග ත් ස ත් හැම අමා පුරට ත් ප ත් කරවා රැග ත් අ ත් මුදුන් දී වදිම් එසුග ත්
එළු පාලි වශයෙ න නාගර ග්ර න්ථමවෙන වෙ න සංස්කෘත යයි ය න බසින් ඇති දම් වඳිම් බැතියෙ න
සැරියුත් එමුගල න් සඟනට කෙරෙන් මන ර න් මේ සඟුන් රහතු න් වඳිමි සිරසත් නමා තෙරුව න්
ඊලඟ කවියෙන් දෙව්දත් ගේ මුල් වෛරය පිළිබඳ කථාව පටන් ගැනෙන්නේ ය. එතැන් සිට ඒ ඒ ආත්ම භාවයන්හි දී ඔහු බෝසතුන්ට හිංසා කළ පුවත් එකින් එක පැවසෙන්නේ ය. අනතුරුව පළවන්නේ බුඬ චරිතය ය. එහි මාර යුඬය සඳහන් වන්නේ ඇසු ඇසු සිතෙහි භයත්, සන්ත්රාළසයත් උපදවන අයුරෙනි. ඒ සඳහා කව් 17 ක්ම යොදවා තිබේ. එහි තත්වය වටහා ගැනීම සඳහා කව් දෙකක් පමණක් ඇද දක්වන්නෙමු.
ඉසෙන් නැගීයන ගිනි ජාලාවෙන්
ගිනිමල් පිපිරී විහිදෙන් නේ ස ව න් දෙකෙන් නික්මෙන ගිනි කඳුදෙක දේ දුනු දෙක ලෙස වටයන් නේ ක ටි න් දෙනාසෙන් විහිදෙන ගිනි කඳ අහස් තලේ දක්වා යන් නේ බු දු න් බීතකර පලවන්නට වසවතු එන ලක්ෂ්ණ දැන ගන් නේ
ග ල් වැහි මඩ වැහි සමගින් සුලන් මේඝ වැසි වසි මින් නේ ලොල් වන ගන වැහි අඳුරු වැසිද සහ අඟුරු වැස්සකින් ගිනි ගන්නේ නි ල් මිණි දුම් වැහි නව විද වැස්සක් වස්වා වසවතු බල මින්නේ ම ල් මද වස වතු ලකුණු බැලුකල එතනත් ජය නැත සිත මින් නේ
බුදුන් සමීපයෙහි දෙව්දත් මහනවූ සැටිත් වරම් පසක් ඉල්වා නොලැබීමෙන් වෛරවූ සැටිත් සවිස්තරව පැවසෙන්නේ ය. දෙව්දත්තෙර ඉල්වා සිටි තුන්වන වරය නම් සංඝයාට පිණ්ඩපාතයෙන්ම ජීවත් වන ලෙස නියම කිරීමය. එයට එකඟ නොවීමට හේතුවූ කරුණු කවියා පවසන්නේ මෙසේ ය.
වෙහෙරට ගෙණ දුන් දානය නුබුදින අංගය පිරුමෙන් වෙන දේන න් ව ය ස ට පැමිනී සිටින සඟුන් සහ ලෙස දුක් පැමිනී සිටින සඟු න් එ ම වි ට ඩිංගිරි බාල සඟුන් සහ පිංඩපාත යන්නට බැරිවූ න් උ න් හ ට කවුරු ද සිඟා ගෙණෙන්නේ නිවන් කියා උන් නහිනාක න්
දෙව්දත් තෙරණුවන්ට ඉතා හිතවත්ව සිටියේ කෝකාලික නම් සඟනමකි. දෙව්දතුන්ට පක්ෂසව සිටි පන්සියයක් සංඝයා ඔහු ඇත්හැර ගියේය. එවිට කෝකාලික දෙව්දතුන්ට කළදේ ගැමි කවියා මහත් අභිරුචියකින් පවසන්නේ මෙසේ ය.
කෝකාලික තෙර පිබිද බැලුකල කවුරුත් නැති බව දැන ගන් නේ මේකා තව මර නිදිද කියලා පාර දෙකක් විළුඹෙන් ඇන් නේ කෝකාලික සඟ ඇනපු දෙපාරට ලේ ඇල්මක් වමනේ වෙන් නේ මේ කාරණයෙන් නව මස් ගණනක් ලෙඩින් දේවදත් තෙර උන් නේ
මෙසේ රෝගීවූ දෙවිදත් තෙර බුදුන් දැක වැඳ සියලු වරද කමාකරවා ගන්නාමෙන් ඇඳක තබා උසුලවා ගෙන දෙව්රම් වෙහෙර කරා ගියේ ය. ජේතවන සීමාවේදී ඔහු ඇඳෙන් බැස්සේ ය. එවිටම පොළොව පලා ගිනිදැල් මතුවී ඔහු තිරයට ඇදගන යෑමට පටන්ගතු. කර කියාගත හැකිදෙයක් නොමැතිව ඒ අවාසනාවන්තයා නොයෙක් ඇවිටිලි කියා මොර දෙන්නට පටන් ගත්තේය.
සු ද සු න් මහ නිරිඳු මගේ ඇවැස්ස මාමන් ඩී මෙරජුන් ගේ එබුදුන් මට ඇවැස්ස හුරන් ඩී එ බු දු න් ගේ කුමරු මෙමට ඇවැස්ස බෑනක් ඩී එ තනින් මේ අනඳ තෙරිඳු ඇවැස්ස හූරන් ඩී
නැගනින් මගෙ යසෝදරා වැදු පුත් මගෙ බෑ නේ මු නි ඳුන් ඔබගේ පිය රජහට සැලකර සො ඳිනේ මු නි ඳුන් මට අහිත් ඇතත් කමාකරන් බෑ නේ මෙදුකින් මා ගලවා ගනුවයි අප මුනි රජු නේ
මේ අඳෝනාවලින් වැඩක් නොවීය. පාපකාරී පුද්ගලයා පණ පිටින්ම අපායට ඇදගෙන යනු ලැබීය. ජන කවියා ගේ ඇතුළේ ඉන්නා නියම ගැමියා ඉදිරිපත් වන්නේ මෙවිටය. “කළ කළදේ - පලපලදේ” යන ගැමි පිරුල සිහියට නඟාගත් ඔහු දෙවිදතුට මෙසේ සිදුවීම යුක්ති යුක්තයැයි කියන්නේ ය. මැරී වැටුන සතුරා වටේ ගී කියමින් නැටු වනවාරී යුගයේ මිනිස් ගතියේ දේශ මාත්ර යක් ඉල්පී ගිය කලක මෙන් කවියා එක්තරා ඔජ වැඩවීමක් ලෙස දෙව්දතු ගේ අපරාධකාරී චරිතය පැවසීමට කවිවිසි පහක්ම යොදන්නේ ය. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
බුදුන් කරා මහණ වෙලා සිටියාවද මුන්දෑ බුදුන් අතින් මේ විපතය නෑසුවේ මන්දෑ බුදුන් මරණ කලියාවක් පහල වුනේ මන්දෑ බුදුන් මරමි සිතුවායින් බව කීලේ ඉන්දෑ
මු නි ඳු න් ගේ ළඟට වෙලා මහණ වුනේ මන්දැ එ බු දු න් ගේ සීලය ගෙණ දෙවෙස් වුනේ මන්දැ මු නි ඳු න් ගේ පතුලෙන් ලේ සෙල්ලුවේ මන්දැ තෙරි ඳුන් මේ අකුසලයෙන් බව කී ලේ ඉන්දෑ
පෙරත් මුනිඳු ඇත් කුලයක උපදින බව දැන්දෑ ම හ ත් දේවදත්ත තෙරිඳු දිළිඳුව උප දින්දැ එ ද ත් තෙවෙනිවර සපනෙක් දත් කැපුවේ මන්දෑ එ ද ත් නිරේ මේ වාගේ වැටුනා ඇත මුන්දෑ
වි ස් තර අප මහ බෝසත් වානර කුල වෙන්දෑ තොස් කරමල් බෑයෙක් සහ මව් රැකගෙන උන්දෑ ඇ ස් නැති වැඳිරිත් තුන් දෙන විද මැරුවේ මන්දෑ වි ස් තර ඇති බව කීලේ එදත් වැටුනි මුන්දෑ
සිංහල කවියෙන් බණ කීම ගැන මිනිසුන්ගේ තුබු කුහුල මග හැරවීමට දෙව්දත් කථා කර්තෘම කරුණු ඉදිරිපත් කරන්නේ මෙසේ ය.
ම ග දෙ න් කීවත් දහම් රසේම ය සිලොවෙන් කීවත් දහම් රසේම ය එ ලු වෙ න් කීවත් දහම් රසේම ය ක වි යෙ න් කීවත් දහම් රසේම ය
අත්දුටු බේතක් සිලෝ වචනයෙ න් අත්දුටු බේතක් එලුවග වසයෙ න් අත්දුටු බේතක් දෙමළ කතාවෙ න් අත්දුටු බේතක් සිවුපද වසයෙ න්
සිලොවෙන් තිබුනත් ගුණ එක ලෙසම ය එ ලු වෙ න් තිබුනත් ගුණ එක ලෙසම ය දෙම ළෙන් තිබුනත් ගුණ එක ලෙසම ය ක වි යෙන් තිබුනත් ගුණ එක ලෙසම ය
බොහෝ සැහැලි කාව්යතවල දකින්නට නොලැබෙන්නෙකි දිනය සහ කර්තෘැ නාමය. මේ අංශයෙන්ද දෙව්දත්කථාව සම්පුර්ණ.ය. එපමණක්ම නොව මෙහි දක්නා කර්තෘා නාමසන්දර්ශනයෙන් සමාජය දෙසද ආලෝක ධාරාවක් නිකුත් වන්නේ ය. කවියා තමා ගැන කියා ගන්නේ මෙසේය.
ලො ව් තුරු මුනිඳුගෙ තෙද බල යෙන් දා දෙ ව් දත් තෙර බිඳහැර ලුහු බැන් දා ප ව් පින් දෙක එලිකර කවියෙන් දා කි ව් මේ බණ පොත කිනම් කිවින් දා
මුලින් උපත පෙර බමුණුගෙ වන් සේ එයින් මෑත එක්විය ගොවි වන් සේ උපන් එකර ගහ ගෙදර එවන් සේ නමින් වනිජ සූරය මුදියන් සේ
බුද්ද වරුෂයෙන් දෙසිය දෙදහසි න ලද්ද ගණන් වරුෂය තිස් පහකි න සුද්ද එසක වරුෂය එක දහසි න ලද්ද එසය සිය දස සතරක් ව න
_____
ගැමි ජනතාව විසින් ආශාවෙන් භාවිතා කරණු ලබන ආගමික චරිතයන්ගෙන් තවත් එකකි. ඉතිකුමාරි කථාව. එහි සම්පූර්ණ. නාමය, “ඉතිකුමාරිගේ කථාව හෙවත් ගෞතම බෝසතානෝ ස්ත්රීගව ඉපද පිරිමි බව පැතීම” යන්නය. නාමයෙන්ම කථාවෙන් කියැවෙන දේ ගැන සිතා ගැනීමට හැකිය. මෙය නානා වෘත්තයන් ගෙන් යුත් කව් 141 කින් යුක්ත පොතකි.
පිරිමි බව ලැබීමට වරමක් දීපංකර බුදුහාමුදුරුවන් වහන්සේගෙන් ඉල්වා සිටි ඉති කුමාරියට තිලෝගුරුන් වහනසේ වදාළේ මෙලෙසය.
අ ස න් නැගනියනි මා බස් ගෙන සිත ට ව ර න් දෙන්ට බැරිමට පිරිමි බවක ට ඉ ති න් තොපගෙ හිමියාගෙන් මිස ඊ ට වෙතින් කෙනෙක් හට බැරි වරය දෙන්න ට
එ නි සා තොප ගොසින් හිමියා ඇති නිව ස සතොසා නොයෙක් වැඩපල කර සිට නිදො ස නොලසා හිමි සතුටුකර තොප නමා හි ස නි දොසා පිරිමි බවකට වරය ගනු ය ස
අන්න දුගී භාවයේ සිටි එඩේර ඉතිකුමාරිය නිසා රජබවටද පැමිණියේ ය. එහෙත් ඒ සියළු යස ඉසුරු සාදා දුන් තම ප්රේකමනීය භාය්යාන ග ව අත්හැර ඔහු වෙන බිසවක් පාවා ගත්තේ ය. නොබෝ කලකින්ම හේ යලිත් දිළිදු විය. මීට හේතුව අළුත් බිරියයැයි ඔහු සිතූ සැටි කවියා පවසන්නේ මෙලෙසය.
තිබුන වස්තුව නැතුව දුගී රජ සිව් නිදානය බැලු වි ටා පමන නැති දන තිබු නමුත් පෙර මොකුත් නැතිවිය දකින ටා ඉතින දුගි රජ ඉතා දුක් වැද මෙලෙස සිතුවයි එම වි ටා අමන විලසින් ගත්තු බිසවගෙ දෝසමයි මෙය සැබව ටා
ඉ ති න් මේ හැතිරිගෙන් නම් කම් නැත කියා දුගිරජ එම දි නේ ල සි න් පෙර සිටි ඉති කුමාරිය වෙතට පැමිණි සැබවි නේ උ තු න් සොදුරේ සමාවීමට තොපට කල නින්දා ගැ නේ මෙදැන් පවසනු පෙරසේ වස්තුව ලබන උපදෙස නුඹ අ නේ
හිමියා ගේ වරද ගැන උරන නොවූ ඉති කුමාරිය ඔහුට පෙරසේම සංග්රදහ කොට පිරිමි බව ලැබිමේ වරය ලැබුවාය.
කවියා ස්වකීය කෘතිය අවසාන කරන්නේ ස්ත්රීැ පුරුෂ දෙපක්ෂසයටම දෙන අවවාද මාලාවකිනි.
ත ම න් හිමියා නොයෙක් විලසට දුකක් දුන් මුත් සැම දි නේ එ යි න් කෝපය නොගෙන ඉවසනු වඩා ආදර නිතියෙ නේ ගුනෙන් එම ලෙස පැවතුනෝතින් මහත් පින් සිදු කර ග නේ නි ව න් සැප මතු දිනේ ලැබෙතිය දිවිය සැප විඳිමින් අනේ
පෙලක් අඟනෝ තොගේ මස්කමි කියා හිමිහට බනින් නේ පෙලක් අඟනෝ මෝට.............. වෙයන් කියමින් පතන් නේ පෙලක් අඟනෝ දුකක් ලැබුනොත් දෙගුරු නිවසට දුවන් නේ පෙලක් අඟනෝ නෙදුක උනමුත් ඉවසමින් එය සිටින් නේ
අඟනු සින්දා තමන් ජීවිත රකින පිරිමින් බෝ ඇ තේ අඟනු සින්දා ඇඳුම් පැළඳුම් අඳින සමහර අය ඇ තේ අඟනු සින්දා නොයෙක් උවටැන් ලබන සමහරු ඇති වෙතේ අඟනු සින්දා කෙලෙස ලැබුනත් නොතකමින් සමහරු ඇ තේ
දෙදෙන අඹු සැමි සමගි වීමෙන් පනේ පන ලෙස විසුවොති න් දි ලෙ න පහනක් සේ එනිවසට සියළු යසසිරි දෙයි නිති න් එ මෙ න් නොමවී නිතර කරදර ඇතොත් දෙදෙනා නොම සිති න් සි ටි න රුදු යකු වනයසේ බව දැන ගනිව් සුදනෝ මෙතී න්
_____
මෙතෙක් කියැවුනේ බෞඬාගමික චරිත කථාවන් ගැනය. පෘතුගීසීන් සමග මේ රටට සංක්රිමණයවූ රෝමානු කතෝලික කිස්තුභක්තියද ඔවුන් ගේ පාලනය යටතේ පැවැති මුදු බඩ පළාත්වල මුල් බැස ගත්තේ ය. රෝමානු කතෝලික ජනතාව ගේ ශ්රවඬාභක්තිය දියුණු කිරීම සදහා කතෝලික ජන කවියන් විසින් දරන ලද පරිශ්රගමයද සිංහල සැහැලි කාව්යත පොහොසත් කිරීමට උදව්වී තිබේ. කතෝලික ආගමික චරිත සැහැලි එතරම් නොමැත. ආගම කෝක වුවද ජනකවියා ගේ හැඟීම් නම් එක බඳුමය. එනිසා බෞඬ ආගමික චරිත සැහැල්ලකින් කතෝලික ආගමික චරිත සැහැල්ල වෙනස් වන්නේ පුද්ගල ස්ථානාදියෙහි නාමයන් සම්බන්ධයෙන් පමණකි. කථා මගත්, කථාව ඉදිරිපත් කරන ආකාරයත්. වින්දන මතු කිරීමත් දෙකෙහිම එක හා සමානය. උපමා අලංකාරාදිය
සෑම විටම කව් සමයයෙහි එන මිථ්යාහ විශ්වාසයන් උඩ ගොඩ නැඟුනුදේය. මෙය නූගත් ජන කවියන් පමණක් නොව උගත් කවි ගණයට ඇතුළත් වූ අලගියවන්නයන්ට පවා සාධාරන වුවක් බව කුස්තනතීහු හටන යෙන් පෙනේ.
කතෝලික චරිත කථා සැහැලි කීපයෙන් එකකි1. සිල්වේයත්රීැ මුනිඳුන්ගේ ජීවිත කථාව එහි ඉදිරි පිට කොළයේ සිංහල කවි කථාවන්හී දක්නට නොලැබෙන්නක් වෙයි. එනම් පොතේ නම ඉංග්රිොසියෙන් “The Life of Saint Sylvestri” යන්නෙන් උඩින්ම සඳහන්කර තිබීමය. මෙද සමාජයීය බල පැවැත්වීම් වලට ජනකවියා අනුකූලතාවය දැක්වූ සැටි පෙන්වන්නකි.
වෘත්ත කිහිපයෙකින් බැඳුන කව් 84 කින් යුත් සිල්වේසත්රීි මුනිඳුන්ගේ ජීවිත කථාව පටන් ගන්නේ මෙසේය.
සත්දිනක් තුළ සත්වයින් සහ මවා ලෝකුස රැක දෙ නා පිත් පුත්වූ ඉස්ප්රීනත්තුවූ එක් දෙවිඳුහට නිති වඳිමි නා ගැත්වූ අපහට නිතර ආශ්රීූවාද පිහිටය ඉල්ල නා සත්ත්ය සිල්වේස්ත්රීල මුනිඳුගෙ චරිතෙ පවසමි කවියෙ නා
1. කර්තෘ් ඇම්. ජී. කේ. ජෝන් ප්රේුරා. සිල්වේස්ත්රී) මුනිඳුන්ගේ අවවාද පරිදි කිතු සමය වැළඳ ගත් ස්වකීය පුත්ර) රාජයාව මව් බිසව අවවාද කරන්නීය.
කු රු සේ ඇන ගසලා නුමුලා මැරුන ජේසු වැඳ ලා එ ක සේ අදහාලා මෙකලා ගැල වෙනු කොයි ලී ලා නොලසේ මෝඩ වෙලා වැටිලා යක් මායම් යෙදි ලා දොහොසේ වී නුමුලා මැරිලා නිරයට යති මෙක ලා
නොයෙක් හාස්කම් පාමින් සිල්වේස්ත්රීි මුනිඳු අන්යා්ගමිකයන්ගේ බල බිඳ සකල ජනතාව කිතු සමය ගන්වන ලදී.
පි ඹු රා යේ මුකය බැඳ පෙන්නුව එබ ලේ නොගුරා රැස් උනිය සේනා එක එල් ලේ ප තු රා කිතු සමය ගැන සිත පැහැදිල් ලේ එ ව රා ජේසුතුම වැඳ පිහිට ගති ලො ලේ
පොතේ අවසාන කවිය මෙසේය :-
ග රු ව න් සමස්ථ ශ්රෙහෂ්ට ගුරු ප්ර්සාදීවෙලා සිල්වේස්ත්රිි මු නී ප නමෙන් රකිමින් කිතු සාසනයද දේව වරන් ලබමින් යසි නී දෙ ව මි න් ඔවදන් ලෝකේ සෙනඟට දේව බලේ පෙන්නා තුටි නී ග න නි න් තුන්සිය විසි වෙනි වරුසෙදි මෝක්ෂල පුර ලද්දයි යසි නී
ජනතාව තුළ ශ්රලඬා භක්තිය දැනවීම සඳහා පිළියෙළවූ ජන කාවියම්ද බොහෝ ගණනක් ඇත්තේය. මෙයිනුදු වන්දනා ගමන්වලදී භාවිත වන පොත් විශේෂාදරයට භාජනයවී පවත්නේය. එයින් ශ්රාඬාවත් විනෝදයත් එකවිටම ලැබෙන බැවිනි. වන්දනා නඩයේ ගුරා උගුරේ රැල් බුරුල් හැර කියන කව්පදය සියල්ලෝම එක ලතාවට හඩ නගා කියවන්නෝය. මේ කව් පිළියෙලවී ඇත්තේ ද එසේ හඩනඟා ලෙලවා පහසුවෙන් කියවිය හැකි ලෙසය.
සිංහල ගැමියන්ගේ වන්දනා ගමන් වලින් මුල්ම තැන ගන්නේ ශ්රීලපාද වන්දනා ගමනය. එතරම් අසීරු තවත් ගමනෙක් නැති. වෙහෙස වූ තරමට කුසලද වැඩිවන බව විශ්වාස කරන ගැමියා ඒ ගමන ගැන මහත් ආශාවක් දක්වන්නේ කරුනු සහිතවය. මාර්ග යන්හී බස් අරක් ගැනීමට පෙරාතුව ගමනේ සෑම කොටසක්ම ගියේ පයින්මය. ඒසා දීර්ඝී මාර්ගීයේදී ඇතිවන ගමන් විඩාව සිංසිඳවා ගැණීමටත්, නොයෙක් අරමුණුවල නොදුවා සිත භක්තියෙහිම රඳවා තැබීමටත් ඔව්හු ආගමික කවි කීයෝය. බසයෙන් දුම්රියෙන් වන්දනා ගමන් යන මෙකල පවා ඕසයට ඇද හඩ නඟා තොර තෝංචියක් නොමැතිව කවි කීමට තරම් මේ පුරුද්ද සමාජයේ මුල් බැසගන තිබේ. සිරීපාදය කරුණා කරන්නන් විසින් බෙහෙවින්ම භාවිතා කරණු ලබන පොත් දෙකක් නම් සමනලහෑල්ල සහ තුන්සරණයයි. නවීනවන ලෝකය අනුගමනය කරන ඇතැම් නාගරිකයන් විසින් වඩාත් පහසුවෙන් කියැවිය හැකි වන පරිදි තනාගත් බයිලා සහ සින්දු ආදියද සිරිපා ගමනෙහි දී කියන බව පෙනේ. එහෙත් මුළු ලෝකයේ සිටින තාක් සෑම නාගරිකයන් විසින්ම උත්සාහ කළද ගැමි ජනයාගෙන් පරම්පරාවෙන් පරම්පරාවට ඔවුනට ආ සමනලහෑල්ල සහ තුන් සරණය ඉවත් කරවා ඒ වෙනුවට කොතරම් රමනීය වුවද අනික් කියමනකට ඇබ්බැහි කරවීම කළ හැක්කක් නොවේ. සමනල කන්දේ ගල් කැටයක් ගානේ කියැවී ඇති මේ කාවියම් එහි අහසේද රැව් පිළිරැව් දෙනු ලබන බැවිනි.
සමනලහෑල්ලේ සම්පූර්ණක නාමය දක්වා තිබෙන්නේ, “පුරාණ සමනල විස්තරය හෙවත් ග්රීය පාදය නරසත්වියින්ට වැඳ පුදාගන්ට ලැබෙන පිළිවෙල අන්තර්ගඑතවූ ශ්රීනපාද වන්දනාව සහ සමනලහෑල්ල” යනුවෙනි.
බුදු හාමුදුරුවන් වහන්සේ සමනල මුදුනට වැඩමවා ශ්රීන පාදය පිහිටවු සැටිත් දිව්යාංේගනාවක ගේ මග පෙන්වීම අනුව එක්තරා වැද්දෙක් ශ්රීට පාදය සොයාගන ඒ බව ලෝකයට පළකළහැටිත් පවසන සමනලහෑල්ල එතැන් සිට කියන්නේ දෙවියන් යැදගෙන සිරිපා ගමන යායුතු සැටිය ය.
පොතේ මුල් කොටස කව් 95 කින් නිමවන්නේය. මේ කොටස සිරිපා කඳු නැගීමේදී කියවීම පිණිස ය. අනිත් කොටසට කවි 31 ක් අයත් ය. එහි මාතෘකාව “පාත බැසීමට කියන පින්දෙන කවි” ය.
පොත පටන් ගන්නා කවිය මෙසේ ය:-
සරණයි සරණයි බුද්දන් සරණ යි සරණයි සරණයි ධම්මන් සරණ යි සරණයි සරණයි සංඝන් සරණ යි සරණයි සරණයි මෙම තුන් සරණ යි
කන්ද නැගීමේදී කියන්නේ මෙබඳු කව්ය :-
සමන් දෙවිඳු අන දැන ගණ සරි යේ ගිමන් නිවා ගන යමු සන්තොස යේ සුලන් සතරවට දිගින් හමා යේ යමන් වඳින්නට මුණි සිරිපද යේ
පාත බැසීමේදී කියැවෙන කව් මෙබඳුය :-
දෙ දෙ ව් ලොවට මම අධිපති වෙන්ඩ යි කොදෙව් සතරවට කෙළ ඇවිදින්ඩ යි මෙ දෙ ව් ඉදිරිපිට සිට දෙස්වන්ඩ ට ස දෙ ව් ලොවේ දෙවියෝ පින් ගන්ඩ යි
සි ය ළු නරක වල සිටින සතුන්ඩ යි ය හ ළු මිතුරු ගුරු නෑදෑයින්ඩ යි කු රුළු කොබෙයි සහ නපුරු සතුන්ඩ යි සි ය ළු දෙනාමත් මෙපින් ලබන්ඩ යි
තුන් සරණයේ කව් 127 ක් ඇත. රත්නත්ර යේ ගුණ, දෙවියන්ට පිදීම සහ ප්රා්ර්ථනාත් මෙයින් කියැවේ. කතුවරයා තමා ගැණත් තම උත්සාහය ගැනත් කියන්නේ මෙසේ ය.
තුන් සරණ පදය න් නිමවනු බැරිය මදකි න් ඉඳිකටු සිදුරකි න් බැළූ පමණක් දෙසමි මෙදහ න්
පියසක තාඹුග ල වැඩිවිය පැමිණි නිකස ල අඳුරෙක ඉඳ දුද ල මඳක් පවසන් නොවේ පුරබ ල
නමින් පෙර ඉසිව රු වලියෙන් පාලි ලෝ ක රු සෑමේ මන්ත්රී ග රු එවැනි ආචාරින්ගේ මුනුබු රු
මගද බාසෙන් පෙ ර තිබු බන පාලි පොත් ක ර එබව සිංහල ක ර මෙකවි කීවේ නොදැන පරතෙ ර
ලොව් තුරු මුනිඳු ගු ණ දැන ගණ නිවන් යන මෙ ණ කවි බැන්දට රොසි ණ නොවි සැම දෙවි පිහිට මට වෙ ණ
සිව් වරන් දෙවි යෝ සව් සත රකින දෙවි යෝ පදවරද අයි යෝ සමාකර මා රකින් දෙවි යෝ
වන්දනා කාලයේදී මහ හිමය ගිගුම් දෙවමින් පැතිරී යන තුන් සරණයේ කව් ලිහිල් මෙන්ම හැඟීම්ද දනවන සුළුය. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
පෙරයම බුද්දන් සරණේ ගඤ්ඤයි මද්දිම දම්මන් සරණේ ගඤ්ඤයි අළුයම සංගන් සරණේ ගඤ්ඤයි තුන්යමටම තුන් සරණේ ගඤ්ඤයි
ලි ඳ ක් කපා උල්පත දුටු ලෙසි නේ නැතක් දහම් පද වෙන වෙන රැගෙ නේ පොතක් ලියමි මුනි ගුන පුර වරු නේ ම ඳ ක් කියමි කවිකර තුන් සර නේ
ස ම් මා සම්බුදු වෙන මුනි රජු නේ ද ම් මා දස අකුසල් අත මිදු නේ නම්මා ගන සිත දහමට යෙදු නේ අ ම් මා වැනි කුසලට තුන් සර නේ
මේ ර ට සතහට ගෞතම සර නේ පා ර ට බත් බැඳ ගියහොත් ගම නේ පී ර ට ගත්තා වෙනි තද වා නේ වෙහෙරට රන් කොත වැනි තුන් සර නේ ________
පොදු ජනතාවට භයානක රසය සඳහා “කාළගෝල කථාවත්” ගෘගාරය සඳහා “ස්වර්ණ තිලක කථාව” සහ “රථවතී කථාව” ත්, එසේම විෂ්මය සඳහා “පත්මාවතී කථාව” සහ “තුන් යහළු කථවාවත්” ආගමික අංශයෙන් ගෙන මැනැවින්පිළියෙළකර ඇත්තේ ය.
මේ වර්ගතවලට ඇතුළත් කළ හැකි තව නොයෙක් කව්පොත් ඇතද ඒ ඒ අංශයේ නායක බව දැරීමට පහත සඳහන් කළ පොත් මහාජන ඡන්දයෙන් තේරී පත්ව තිබේ.
කාලගෝල, ස්වර්ණමතිලකා, රථවතී. හා පත්මාවතී ආදිය මහා කථා වස්තුන්හී එන අතු කථාවෝ ය. සම්පූර්ණර කථා වස්තුවම කවිකරනුවට වඩා ගැමියන් ගේ ප්රවසාද සංවේගයට හේතුවන අනුකථාවන් උපුටා කවිකොට ඉදිරිපත් කිරීමට ජනකවියා සතුට දැක්වූ බව පෙනේ. මෙයින් දැක්වෙන්නේ ඔවුනගේ කම්මැලි බවක් නොව ගැමි සිත් හැඳිනීමේ දක්ෂන බවය. ජන කවියෙකු විසින් සම්පූර්ණව උම්මග්ග ජාතකයම කවියට නඟා තිබේ. මේ දක්වා මුද්රයනයෙන් ප්රූචාරයට පත් බවක් නොදැක්වෙන ඒ උම්මග්ග ජාතක කවේ ඇත්තේද සුන්දර චාන් කව්ය.
මේ සුවිශාල කාව්‍යයයට එලි දැක්මුට පිනක් නොතිබුනද උම්මග්ග ජාතකයේ අතුරු කථාවක් වන කාලගෝල ප්රතවෘත්තිය 19 වෙනි වතාවටද මුද්රයනයවී තිබේ.
කාලගෝල අස්න හෙවත් කාලගෝල කථාව විශේෂයෙන්ම සඳහන් කීරීමට සුදුසුකම් කිහිපයක්ම ඇත්තේ ය. එහි ජනතා සැහැල්ලෙහි මූලික ලක්ෂමණ සියල්ලම සංකර නොවී ආරක්ෂා වී තිබේ. සතර පද කව් හෝ දස පද සැහැලි හෝ එහි නොමැත්තේ ය. පද ගණනක් හෝ පාදයක අකුරු ගණනක් හෝ නියමව යෙදී නොමැත. ඕසයකින් පටන් ගෙන සංගීතවත් සේ යති තුබු පද සමූහයකින් කථාවේ එක්තරා කොටසක් සම්පූර්ණසවනසේ කියා ආරම්භ කරනු ලැබූ ඕසයෙන්ම එය අවසාන වන්නේ ය. ඊලඟ කොටසේ ආරම්භය හා අවසානයද ඒ අයුරෙන්මය. මෙබඳු කොටස් දහහතකින් කථාව සම්පූර්ණද වෙයි. මේ කොටස්වල සමතාවයක් නොමැත. එක කථා කොටසක් පාදයන් විස්සකින් සම්පූර්ණනවන කල තව කොටසක් පාදයන් අටකින් නිම වන්නේ ය. එහිදී අදහස් කොට තිබෙන්කනේ කථාවේ එක් සන්ධි ස්ථානයක් දක්වා කියා ගෙන ගොස් විශ්රාටම ගැනීම මිස පාදයන් හෝ පදයන් සමකොට යෙදීමක් නොවන බව මෙයින් පැහැදිලි වේ.
කවියා ස්වකීය කෘතිය පලිප්පු දැමීම පිණිස ජාතක කථාවේ නොමැති දෙයද ඉතා සමර්ථි ලෙස ඇතුල් කොට තිබේ. කැවුම් ගණන, දෙමාපිය නම්, ඉන් සමහරෙකි.
“සංගීතය” නමින් පොතෙහි දැක්වෙන ඕස පදය මෙසේය. “සාගරේ සාගරේ සාගර සංසයුර සාගරේ”. ස්වකීය දෙමාපියන් දැකීමට යෑමට කථාකෙළෙන් බිරිය කාල ගෝලයාට “තුන් කොන්ඩා රියෙන් වැටෙන්නට මෝල් කෙටියෙන් කන්සට ගැසූ” නමුදු ඇය ගමනට පොළඹවා ගැනීම සඳහා ඔහු මෙසේද කියන්නේය.
3. දෙවෙනු නැගිට ගෝළකාල පවසන්නේ, අඩියෙයි මගෙ අයියෙක් ඇත, මලයෙක් ඇත, මන්වා ගේ නොවේය උන්, ගස්යෑමට පොල් කැඩුමට, මී ගැරුමට වී කෙටුමට, ටොකු කෑමට ගුටි කෑමට, ගමන් යන්ඩ හී හාන්ඩ, ගොයි හාන්ඩ හොඳ හපන්නු- උන් දෙන්නා බලා එන්ඩ යමුව කී විටා - සාගරේ සාගරේ සාගර සංසයුර සාගරේ -
දික්තලාදී, එනම් කාලගෝල බිරිය ගමනට සැරසී පිටත් වූයේ මෙසේය :-
4. උන්දෙන්නා නොබෝ දිනක් කල් අරිමින්, දික්තලාදි සිත සතොසින්, තෙල් පිටි පැනි සපයාගෙන, කැවුම් මල්ලකුත් සදමින්, තෙල් ගා ඉස පීරාගෙන, කුරු සතර ගවසා ගෙන, සේල කච්චියක් ඇඳගෙන, හැට්ට පොඩියකුත් ලාගෙන, කන්දෙක මේවර ලාගෙන, මුදු වලලුත් අතළාගෙන, නොයෙක් ලෙසට සැරසීලා කැවුම් මල්ල ගෝල කාලයා හටදී, උන් දෙන්නා සමගි වෙලා යන්ඩයති මෙසේ- සාගරේ සාගරේ සංසාර සයුර සාගරේ - //
ගංගාවේ භයානක කම පෙන්වනු සඳහා දික්පිටියා කළ කීදේ :-
6. දික්පිටියා පවසන්නේ, කැවුම් මල්ල උර බැඳගෙන, ලිය කරපිට ඉඳුවාගන, වැලි දෝතක් ගෙන සුරතට, මේ වැලි පමන නොවන, කිඹුලෝ මේ ජලේ වැසෙන,
අපි ඇර වෙන බැස්සෝතිත්, ඇටකටු පමණක් නොතිබත්, විකාල භෝජන කරවත්, දික්පිටියා වැලි මතුරා ගඟ ඉහලට ඔහෙ ඉහිළු ගඟ පහලට මෙහෙ ඉහිළු මෙකී මෙබොරු බස් පවසා උන් දෙන්නා බැසපි සාගරේ සාගරේ සාගරේ සංසාර සයුර සාගරේ, //
මහෞෂධ පඬිතුමා දික්තලාදිගෙන් ප්රෂශ්න කිරීම.
දික්තලාදි ගෙන්නා සිට, අඩි යෙයි තිගෙ අප්පගෙ නම අම්මගෙ නම කින්ද ඇසුවිටා දික්තලාදි පවසන්නේ සාමිනි මගෙ අප්පගෙ නම සාම සලෙළු විරිදු සමනොලී - සාමිනි මගෙ අම්මගෙ නම කාම සලෙලු විරිදු බාලොලී - සාගරේ සාගරේ සාගරේ සංසයුර සාගරේ //
පොතේ අවසාන සැහැලි අඩිය මෙසේය :-
දික්පිටියා ගෙන්නා ලා කම්බ කනුවෙ බන්දා ලා දහසක් ගුටි බැට දී ලා ඌටත් පන්සිල් දී ලා තුන් විඩයක් වැඳ වැටි ලා
උගේ ගමට ඌත් යන්ඩ ගියේ මෙසේ - සාගරේ සාගරේ සාගර සංසයුර සාගරේ -
____