සිංහල සැහැලි - vi
10 වෙනි පරිච්ඡේදය
සංස්කරණයඋපහාස සැහැලි
ස්තුති කටයුත්තෙහිදී ප්රතශංසා කිරීමත් නින්දා කටයුත්තෙහිදී ගර්හා කිරීමත් යහපත් සමාජයක් පවත්වා ගැණීමට හේතුවන ප්රගධාන කරුණු දෙකකි. ප්ර මාණය ඉක්මවා කෙරෙන ස්තුතිය හෝ නින්දාව අවැඩදායක ය. සීමාව ඉක්මවා ස්තුති කරන්නන් චාටු වංචාකාර ගණයට වැටෙන අතර නින්දාවෙහි සීමාව ඉක්මවන්නෝ දුෂ්ට අතර නින්දාවෙහි සීමාව ඉක්මවන්නෝ දුෂ්ට ඊර්ෂ්යා්කාරී කොටසට අයත් වෙත්. සුදුසු සේ කරනු ලබන ස්තුතියෙන් තව තවත් යහපත් වැඩ කිරීමට පුද්ගලයා මෙන්ම සමාජයද යොමු වන්නේය. එසේම ප්ර මාණවත් පමණට කරන නින්දාවෙන් වරද කිරීමෙහි බිය සැක වැඩි වන්නේ ය. සෑම පුද්ගලයෙකු ගේ ම සමාජිකත්වය උඩ පවතින සමාජය හොදින් පවත්වා ගැනීම සඳහා සිය යුතුකම් කොටස ඉටු කිරීමට, එය කෙනෙකුට හෝ පක්ෂයයකට කොතරම් අමිහිරිවූවද, නොබා ඉටු කිරීමට සෑම අයෙක්ම ඉදිරිපත් විය යුතු ය. අප්රවශංසාවට කැමතිවන කිසිවෙකුත් නැති. එනිසා අප්රමශංසාවෙන් මුළු මනින්ම ඈත්වුවහොත් එයම සමාජයේ මාරාන්තික පිළිකාව වන්නේ ය. විශෙෂයෙන්ම පඞ්ක්ති භෙදය බල පවත්වන රටකට මේ තත්ත්වනය ඉතාමත් අවැඩදායක ය. එසේ වූවිට ඒ සමාජය ආ වැඩුම් ලබන්නන් ගෙන් සහ ආවඩනවුන් ගෙන් සෑදුන බලිමඩුවක් වන්නේය.
(250)
ප්රනජාතන්ත්රලවාදීය සමාජයක කිසියම් දූෂිත කමක පැල්ලමක් දුටුවිටම එයට පහරදිය යුතුය. වේදනා වන ලෙසම පහර දිය යුතුය. එහෙත් එෙස් පහර දීමට ඉදිරිපත් විය යුත්තේ පෘථුල හැඟීම් විසින් කුළු ගැන්වුන ධෛය්ය්ටම යකිනි. චෝදනා කළයුත්තේ වරදට ය. අප්රඑශංසා කළ යුත්තේ එවැනි වැරදි වැළැක්වීමට ය. එසේ කරනු ලබන ගර්හාව අපහාස තත්ත්වවයට දරුණු නො විය. යුතුය. එය නාශක විවේචනයක් නොව සාධක විවේචනයක් විය යුතුය.
මෙබඳු සමාජ දයාවෙන් මෙහෙයනු ලබන සිතකින් කෙරෙන සාධක විවේචන හැදින්වෙන්නේ උපහාස නමිනි. අපහාසයේත් උපහාසයෙත් දළ වශයෙන් බලන විට එතරම් වෙනසක් නැති සේ පෙනී යතුදු එහි සියුම්වූත් ගැඹුරුවූත් භෙදයක් තිබේ.
අපහාසය නාශක ගුණයෙන් යුක්ත ය. උපහාසය සාධක ගුණ ඇත්තේ ය. අපහාසය අත්ය න්තයෙන්ම කර්කශ ය. උපහාසය ප්රසසාද ජනකය. සුදුසු ලෙස සකස්වූ උපහාසයෙන් මිරිකනු ලබන තැනැත්තහුට පවා එහි මිහිරි දැනෙන්නේ ය. අපහාසය තියුණුවූ පොරොවකි. එයින් සමාජ වෘක්ෂහයේ මුලටම කෙටෙන්නේ ය. ඒ හේතුකොටගෙන සමාජ ගසෙහි ඵලදාවත් ආයුෂත් කෙටි වන්නේ ය. උපහාසයද අපහාස යම වැනි ඇතැම්විට ඊටත් වඩා තියුණුවූ පොරවකි. එයින් කොටන්නේ ද සමාජ ගසටමය. එහෙත්
(251)
මුලට හෝ කඳට හෝ නොවේ. අතු ඉතිවලට ය. එයද වටා වැඩීගිය අතුවලටය. ගසට ආලෝකය වලහන ඵලදාව තුනී කරන අනවශ්යඑ අතුවලටය. එයින් වූයේ ගස වඩ වඩාත් ප්රකයෝජනවත් තත්ත්වතයකට පැමිණවීමය.
සමාජයට මෙතරම් හිතකරවූ උපහාසය, සමාජය සකස් කිරීමෙ වරම් ලබා ඇති කවියෙන් මේ රටට කවර තරමකින් ලැබී තිබේදැයි සෙවීම වටනේ ය. මේ රටේ සමාජය ප්රබධාන අඞ්ග තුනකින් යුක්ත විය. එනම් පාලකයා ය, අනුශාසකයාය, පාලිතයා ය යනුවෙනි. පාලක පක්ෂසයට රජුන් නිලධරයන් අයත් වන්නේ ය. අනුශාසක පක්ෂතය බෞඬ භික්ෂූෙන් වහන්සේලා ය. ආදියෙහි දී බ්රාිහ්මණයන් මේ තත්ත්වබය භජනය කළ බව පෙණෙන්නේ ය. රජුන් විසිනුත් භික්ෂුනන් විසිනුත් පාලනය කරණු ලැබුවෝ නම් සමාන්යෙ ජනතාවය ය. සමාජ දූෂිත ගති පැවතුම් වඩාත් ලෙහෙසියෙන් පැතිර යන්නේ පාලක, පක්ෂ.ය අතරය උගතුන් සහ කවියන් පැළඹෙන්නේද එම පක්ෂ්යේම ය . එනිසා පැරණි කවියන්ට උපහාසය එල්ල කිරීමට ලැබී තිබුණ ඉඩකඩ ප්ර මාණය අඩුබව කිව යුතුය. එහෙත් ගතානුගතික හැඟීම් වලට වාල් නොවී සමාජ ශොධනය ගැන අවංකවම කල්පනා කළාහු නම් ඔවුන්ට උපහාසය ජාතියේත් සාහිත්යකයයේත් වැඩ සඳහා යෙදවීමට පුළුවන්කම තිබුණේ ය.
(252)
අපේ උසස් කවිපොත් දෙස බලනවිට පෙනී යන කරුණක් නම් සිංහල කවියා සියල්ලෙහිම හොඳම දක්නා පුදුම වාසනාවන්තයකු බවය. ඔහුට හමුවන ප්රමධානයෝ දශරාජ ධර්මයය නොඉක්ම වූ මල් නොතලා රොන් ගන්නා බමරුන් මෙන් අය බදු ගනිමින් දැහැමින් සෙමින් පාලනය ගෙන යන්නෝය.
අනුශාසකවරු:-
“තෙවළා රුවන කර උඩු යැටි කර රුව ට අ ල ළා ගැඹුරු පදරුත් මිණි දෙන ලොව ට” උසස් උගත්තු ය. මහා සිල්වත්හු ය.
අනිකක් තබා මග තොටේ හමුවන කාන්තාවෝ සියල්ලෝම පාහේ රූප සුන්දරියෝ ය. මේ තත්ත්වමය ඇත්ත වශයෙන් පැවතුනා හෝ සිතින් මවා ගත්නා හෝ එයට පටහැනි විය නොහැක්කේ සම්ප්ර දායානු ගීත කාව්ය් රීතින් විසින් එබඳු තත්ත්වකයක් කවීන් හමුවට පත්කොට තිබුණ බැවිනි.
උපහාසයෙන් සිංහල සාහිත්ය්යයටත් සමාජයටත් සේවයක් සිදුකළ මහාකවියාණන් වශයෙන් වීදාගම මාහිමියානන් වහන්සේ සැළකුම් ලැබිය යුතුය. ඔබ වහන්සේ ගේ බුදුගුණ අලංකාරයෙහි ඉතාමත්ම රසවත් කොටස වශයෙන්ද පවත්නේ උපහාසය පිළිබිඹුවන පද්යතයන් ය.
කෝට්ටේ අවධිය වන විට පිරිසිදු ථෙරවාද බුඬාගමට මහායාන මත බොහෝ සෙයින් ඇතුළුවී තිබුණේ ය. නොයෙක් තරාතිරම්වලවූ කෝටි
(253)
ගණනින් ගණන් ගැණෙන දෙවි දේවතා ගණය, සමාජයත්, බුඬාගමත් වෙන්කර අවුරා තිබුන ටකරන් වැටක් වැනි විය.
සාමාන්යඅ නූගත් බෞඬයා පමණක් නොව ධර්ම. විනයෙහි අගතැන් පත් මහා ස්වාමින් වහන්සේලාද සෑම කරුණක් සඳහාම පිහිට බලාපොරොත්තුවූයේ දෙවි දේවතාවන් ගෙනි. ඉමක් කොනක් නැති මේ දෙවි වරුන් ගෙන් සමාජය ගලවා ගෙන පිරිසිදු බුද්ධ ධර්මකය දෙසට යොමු කරවීමට අදහස් කළ උන්වහන්සේ දෙවිවරුන් ගේ දුර්වල කම් පෙන්වීම සඳහා වෙනම ග්රකන්ථේයක් කිරීමට නොසිතූ සේක. විශාලා මහා නුවර සිදුවූ ජනපද රෝගයක් පිළිබඳ පුවත ගෙන බුඬ ගුණයේ මහන්තත්වටය විදහා දැක්වීමටත් එයින් ම දේව භක්තිය ගත්තවුනට පහර දීමටත් උන්වහන්සේ මග පාදා ගත්තේ ය. එපමණක්ම නොව දේව විශ්වාසයන් මේ රටේ වගා දිගා කරමින්, බෞඬ භික්ෂූවන් හා සමග එක්තරා ක්රහමයක තරඟයක යෙදී සිටි බ්රානහ්මණයන්ටද නිර්දය ලෙස පහර ගැසීමටද මෙයම යොදා ගැනීමට සමත් වූහ.
වීදාගම ස්වාමි දෙවියන් උපහාසයට ලක්කොට තිබෙන්නේ මෙසේය:-
නරලොව දෙන පුද ට රිසිවන දොරින දොර සි ට සුරනැයි යනු කුම ට දුගී යාචකයන්ට එනිව ට
(254)
ගිනි දෙවියා කැම ති ගෙයි ගෙයි තබා කර රු ති නොනිවා රකින නි ති මෙලොව ගෑනුද දැනුදු ලෙඩවෙ ති
ඇමතැන උවිඳු ඇ ත සීතාව වෙන්වනු ඇ ත එනිසා යුදත් ඇ ත කුමට පැවසීද මේ බොරු මැ ත
වඳුරකු පිනු මුහු ද එතරව යා නොහී ඉ ඳ ගියෙල රම් හේ බැ ද මෙසේ වෙද මෙලොව දෙවියන් තෙ ද
අසම බස සත් තේ නොදනී මේ තැනැත් තේ ඔහුට බිය ඇත් තේ එයින් යගදා යුදය ගත් තේ1 _______
ආගමික අංශයේ මෙන්ම වෙනත් අංශ වලද සමාජයේ ඒ ඒ කාලවල ඇතිවී ගිය වැරදි උගත් කවීන් ගෙන් මෙබඳු උපහාසයන්ට ලක්වුනි නම් මේ රටේ සමාජය සෑම ලෙසින්ම මීට වඩා දියුණු තත්ත්වුයක පවතිනු නො අනුමාන ය.
උපහාසය අපේ උගත් කවීන්ට නුහුරු සේ පෙනෙතුදු ජනතා කවියාට නම් එය ඉතා හුරුවූවකි. සමාජයේ දූෂිත තැනක් දුටුවිට 1. බුදු ගුණ අලංකාරය.
(255)
ඔහුට නිහඬවී ඇහැත් කනත් පියාගන අයින්වීමට නොහැකි විය. ඔහු තමාගේ තත්ත්ව)යත්, ජීවිතයත් ගැන උගත් කවියන් මෙන් අන්යමයන් ගේ අනුග්රතහය බලා පොරොත්තු නොවූ බැවිනි. ඔහු දුටුවේ වරද මිස එය සිදුවූ ස්ථානයේ උස් මිටි බවක් නොවේ. එනිසා රජ ඇමති ආදීන්ගේ සිට ගම්බද ගැහැනිය දක්වා වන සමාජයේ සෑම අංශයකම වරද හරි ගස්වනු සඳහා ඔහු උපහාස අවිය පාවිච්චි කිරීමට පසුබට වූයේ නොවේ. මේ පිළිබඳ පැහැදිලිම නිදර්ශනය දැක්විය හැක්කේ කෝලම් වලිනි. සමාජයට බරක් වූ උස් පහත් සෑම නිලධාරියාම කෝලම් සැහැල්ලෙහි සරදමට ලක්කොට තිබේ. මෑත අතීතයේ පොදු ජනතා ලෝකයේ ශ්රෙලෂ්ඨම බලවතා වූ මුදලිඳුය කෝලමෙහි වැඩිමතත්ම උපහාසයට එල්ලවී තිබෙනුයේ. ගම් ගොඩවල අවුරුද්දකට කීප වතාවක්ම නටන කෝලම් ගැන මුදලිවරු නො දන්නෝ නොවෙත් ඔව්හුද තමනට එල්ලකොට ඇති උපහාසයේ රස විඳිමින් ජනතා කවියන් ගේ නිදහස් හැඟීම් වලට තව තවත් දිරි දුන්නෝ ය. එමගින් සමාජයේ සංශෝධනය වන හැටි ගම් ප්රවධානීහු වන ඔව්හු දුටුවෝ ය. වටහා ගත්තෝය.
වෙන කවදාටවත් වඩා මෙකල උපහාසය ඉතා අවශ්යතයේ පෙනේ. අපහාසය නිසා ඇතිවන භයානක ප්රේතිඵල උපහාසයේ රස විඳීමට සමාජයට පුරුදු කළවිට බොහෝ දුරට නැති කළ හැකි. එමෙන්ම අපහසායට වඩා උපහාසයට මූණ පෑමට වරද තැති ගන්නේ ය. එදිනෙදා ජීවිතය පිළිබඳ
(256)
මහත් සටනක යෙදෙන්නන්ට උපහාසයෙන් මිහිරත්, අවබෝධයත්, අවවාදයත් එකවිට ලැබෙන්නේ ය.
පහත දැක්වෙන්නේ ජනතා සාහිත්ය්යයේ එන උපහාස සැහැලි කීපයකි.
අරුම පුදුම ර ටේ පනමට පොල් හැටේ _______
ආච්චිලාට කරන උ ද වු මුං ඇට බැද කටේ ද ම වු සීයලාට කරන උ ද වූ හැර මිටි කප ලිපේ ද ම වු _______
හැට්ටේ පොලොයි මදි කම්බයෙචෝලියෙ - උස්සලා පස්ස ටිකක් ඇදපන් පාරට්ටු ලඳේ නුඹෙ පිට්ටු කොන්ඩෙ පෙනෙ- හවරි නැට්ට බැඳපන් _______
හැලප කන්ඩ බැරුව පු තේ තලප කන්ඩ ගියා පු තේ තලප කාල ඉතින් පු තේ ඇගිලි ගෙවී දනව පු තේ
(257)
අප්පුහාමි පිට්ටු හො රා මල්බලියේ කැවුම් හො රා වෙලේ ගහේ පොලොස් හො රා හඳ පානේ ගෑනු හො රා _______
ජයා උපන් දා ජය කොඩි බැන් දා ජයාගෙ අම්මා කලිසන් ඇන් දා ________
අගුරා නම් කළුවා ය කළුවා නම් මගුරා ය මගුරා නම් රැවුලා ය රැවුලා නම් බළලා ය බළලා නම් මලලා ය මලලා නම් වළලා ය ________
කන්කානම් මො ටේ අළුගාගන හො ටේ එදා දුන්න බැ ටේ තව වෙනකන් පි ටේ ________
මොකද ජුවන් අඬන් නේ හිර නැතුවයි අඬන් නේ හිර කොතනින් ගෙනෙන් නේ රූනු රටින් ගෙනෙන් නේ
17
(258)
මොකා පිටින් ගෙනෙන් නේ ඇතා පිටින් ගෙනෙන් නේ මොන බුලත්ද දෙන් නේ දළු බුලතුයි දෙන් නේ මොන පුවක්ද කන් නේ මඬ පුවකුයි කන් නේ _______
සිරිවත වත සිරිවත වත නිවුඩු හාලෙ බ ත සිරිවත වත සිරිවත වත බටු ඇඹුලෙන් යු ත සිරිවත වත සිරිවත වත මෙබත පිසූ ක ත සිරිවත වත සිරිවත වත අපෙ සොබනට යු ත ______
ඉරැට ඉඹුල්කොළ රතු බත් බෝජ න අපට පුහුල් හොඳි බතලත් සමගි න වෙදුට නොයෙක් ලෙස රසවත් බෝජ න ඔබට සැපත දෙති වෙදුගේ බලයෙ න _______
මක්කම සිරිපා තඹු රූ ඔක්කොම හාමුදුරුව රූ දන් කෑමට ඉතා සු රූ නිරුවානේ යෑම බො රූ _______
1වසක් වැරදී මෙලංකාවේ වෙසක් මංගල්යෙ දෙකක් වුනෙං කෙසෙක් ගානෙ වෙසක් නොගනිං බෙලෙං වේ සුබ මඞ්ගලං _______
1. ලකඟනට බලි සාන්තිය වී. බී වත්තුහාමි.
(259)
තකු බුකු තන්දිර මේ කොස්ගොඩ බකල මුහන්දිර මේ
කොළඹට යන ගම නේ නොන්නොගෙ අප්පු කඩේ වැදූ නේ
සල්ලියෙ තුන ගණ නේ කෙසෙල් ගෙඩි තුට්ටු හයක කමි නේ
සාක්කුවෙ අත ලමි නේ බලාපන් කාසිය බිම වැටු නේ ________
හිසේ මොකා වැසෙන්නේ ය1 හිස උකුණා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය හිසේ රෝග බසින්නේ ය
ඇසේ මොකා වැසෙන්නේ ය ඇස් පඬුවා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය ඇසේ රෝග බසින්නේ ය
කනේ මොකා වැසෙන්නේ ය කන්වෑයා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය කනේ රෝග බසින්නේ ය
දතේ මොකා වැසෙන්නේ ය දත් වෑයා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය දතේ රෝග බසින්නේ ය 1. ගම්බද ගීත විචාර
(260)
ලොමේ මොකා වැසෙන්නේ ය ගෝපයියා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය ලොෙම් රෝග බසින්නේ ය
බඩේ මොකා වැසෙන්නේ ය බඩ පණුවා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය බඩේ රෝග බසින්නේ ය
ඉණේ මොකා වැසෙන්නේ ය ඉණ උකුණා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය ඉණේ රෝග බසින්නේ ය
සමේ මොකා වැසෙන්නේ ය අලුහන් පනු වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය සමේ රෝග බසින්නේ ය
නියේ මොකා වැසෙන්නේ ය නිය පිරිතා වැසෙන්නේ ය උන්ගේ අනුහසින්නේ ය නියේ රෝග බසින්නේ ය _______
කක්කුටු සංවල්! කොයි යන ගමනා තට්ට සුවාමිනි ගෙයි ඉඳ දොරටා උත්තම දානෙට හොඳ ළුණු මිරිසා තට්ටෙම පැලියන් ඔය කිව් බනටා ________
(261)
වැස්සෙ පින්නේ තෝ කොයි යනවද දණ්ඩීය කුරයියෝ මංයන ගමනක් තොට මොකට බොල හොක්ක පුම්බන වැලිගොයියෝ _______
ඉකිණි ලෙඩින් උකුණා බලි පටන් ග තී මහ උකුණා පන්දම කර තබා ග තී ලේඩි නටති කුඩු ඇල්මුවො බෙර ගස තී දැලේ නටා ඉනිකුණු අත කඩා ග තී _______
ආරච්චි කෝලම1
විදානත් ලැබගෙ න බස්තමද ගෙන සුරති න කාරිය කරන මේ න ඒය යමෙයකු ලෙසින් දුව ගෙ න
නසා දුප්පත් හැ ම අසාදාරන කරයි නිතර ම අසා කෙත් වතු හැ ම මෙසේ එන්නේ ආරච්චි කෝල ම ________
මුදලි කෝලම1
ඉස්තානේ සොයමින් බලා ඇවිදිමින් කොස්
පොල් බුලත් විපරිමි න්
රොස් පාමින් තම වැසියනුත් මා කෙරේ පානා
විලස් මයි සිති න්
කෙස් ගානේ ණයවී මැතිට අවුලක් ඇත්තේ
තමයි ඒ සෙයි න්
කස්තානේ උර පැළඳලා එනු සොඳයි පින්වත්
මැතින්දා මෙදැ න්
1. කෝලම් කවි පොත
(262)
මෑත කාලයෙහි විසූ උපහාස රුසියන් අතර හෑගොඩ සුමංගල මහාස්ථවිරයාණන් වහන්සේ කැපී පෙනෙන්නෙකි. හෑගොඩ, බෝපේ, ආදී විහාරාරාම කිහිපයකම ආධිපත්යෙය දැරූ උන්වහන්සේ ආශ්රෙය කළ සියලු දෙනාගේම හොඳ හිත දිනා ගත් උපන් කවියෙකි. තමන් වහන්සේ නිරන්තරයෙන්ම විදිනා තියුණු හාස්යප රසය අන්ය්යන්ටද බෙදා දෙනු සඳහා හෑගොඩ හාමුදුරුවන් විසින් පද බඳින ලද විකට කාවියම් සිය ගණනින් ගිණිය හැකිය. ඒ කව්වල ඇති විශෙෂ ලක්ෂණය නම් උපහාසය ඇතුළතින් පමණක් ම නොව පිටතින්ද ගලා හැලෙන ලෙස පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්රී සි හා සිංහල පද ගීතාවත් ලෙස සම්මිශ්රනණය කොට යෙදීමය. පහත දැක්වෙන්නේ ඒ කාවියම් වලින් කිහිපයකි. _______
සුනාමි මැරුණා දුම්බර ථෙර පාදං අනේ ඉතින් ගාලු යන්නේ කිමත්ථං සිනාසිසී කෑවෙමු දාන නිච්චං ඒකාංශ පැත්තත් පලච්ච බැද්දේ
දෙපැත්තෙ ගොප්පන් බොහෝම එල්ලා ලැපැත්ත පෙන්නා සංඝංච ගච්ඡෙ සහස්ස සේනා සමගින් දවුල් හා අරං ගියා දුම්බර ථෙර ජීරං ________
ගාල්ලෙ රට්ඨෙ නිවාසි යස ශ්රැ්ති ධෘතිමාන් සාමි තාම්බුල ගාමෙ ගුඩ්මෝනින් හාමුදුන්නේ මෙහි වැඩි ගමනේ ආයු රක්ෂන්තු දෙවෛඃ යේලු යෙට්ටු දවස්හී මෙහි වැඩ සිටියොත් දීර්ඝයකාලං ජයොස්තු අද්ධා අඤ්ඤම්ජි වත්ථුංස අපට තිබෙනවා ඩංස මකසා බහුති _______
(263)
අභෙජ්ජ මිත්තො සුභදො සහායකො ඒකාංශ චීවර ධරො සුමනො මහද්ධනො ථෙරො වරො ධම්මදස්සී මහා ඉසී තුවං කුථොමාර අරං ගියාදෝ
ඨිතො ප්යොහං තස්ස බලං ගහෙත්වා අහො මෙතෙක් කල් ගජශ්රෙසෂ්ඨයෙක් මෙන් දානම්පි කෑ මුත් තස්ස පස්සෙන් ගොහිල්ලා දානං තබා දානි යාගුංපි ඉල්ලේ ________
මගීන් ගේ දුක් පීඩා ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන බස් ව්යා්පාරිකයන් කෙරෙහි එල්ල වුන උපහාස කාවියමකි පහත දැක්වෙනුයේ. මෙය ඉරිදා ලංකාදීප පත්රායෙහි පළ වූවෙකි.1
තිස් තුන් කෝටියම තෙරපා දෙවි ගො ල්ල අස් සක් නොහැර තෙද පතුරන ලක තු ල්ල පස් වා දහක් බුදුවන මරු කර මෙ ල්ල බස් දෙවි සවනැ සෙත්වා මගෙ මැසිවි ල්ල
සවත් තෙද දකන ලක නොමැ ඉක් මැ වි යේ අළුත් නුවර මය පුල්වන් බල ස වි යේ මෙලක් බිම වසා යසලිය ලිය ලැ වි යේ තවත් ඇද්ද දෙවියෙක් ඔබ සරි තෙ දි යේ 1. මුල්ලපිටියේ කේ . එව්. ද සිල්වා
(264)
සත් වග මෙන්ම රජයද නටවන අ ල් ලේ කිත් තෙද පතළා බස් සුරිඳු නි සුවි පු ල් ලේ අත් කර ගනු පිනිස පිහිටක් සැන සි ල් ලේ සෙත් සිහිලස සොයමි සිරිපා ගඟු ලැ ල්ලේ
ඔබ සිරිපා ඔබත වල ගොඩැලි සම වෙ ත ඔබ හඬ නගත හැම සත්වග මඟ හ රි ත ඔබ නම ඇසෙන සියොලඟ කිළි පොලා ය ත ඔබ මය සමත බස් සුරිඳුනි තෙදිය කො ත
දුක් පත් නිවට මහදන කුවෙරයන් කො ට එක් හුස් මෙන්ම ගෙනයන ගරු පබු කු ල ට ලක් දිවයින අරක්ගත් බස් සුරිඳ සෙ ට සක් විති රුවන නම් ඔබමය දෙරණ බ ට
ද ජ බැඳ පලවමින් හය ගව රිය සෙ වි යේ රජ යෙන් තැකුම් ලද සිරිගත් කුසුම වි යේ වැජ ඹෙන විකුම් පා බස් සුරිඳුනි ස වි යේ රජ මාවත් සියළු ඔබ නිජ උරුම වි යේ
කස් තානය විනිස කරු ඈ ගරු ප ද වි තිස් සානන වෙතම බස් සුරරද රැ ද වී විස් වාසය දිනා මහතැන් වල ඔ ද වී පස් වා දහස් කල් තව වැජඹෙනු මැනවි
උතුරු මතුරු සෙබ මුලසුන් තෙක් ද ක් වා පතුරු වන තෙදන රන්මල් වැසි ව ස් වා අතුරු නොහැර මගතොට දන පෙළ ග ස් වා යතුරු බස් සුරන දින දහසක් ප ස් වා
(265)
අව් වැසි සුළං මඩ දුහුවිලි ගොහොරු ගැ බේ ගව් රවයෙන් සිටින සිටිවනම යට නු බේ ගව් ගණනින් ගිණිය හැකි පෝලිමෙහි ඔ බේ යව් වනයෝ මහළුවෙත් සුර රඳුනි ඉ බේ
කාන් කණුව ඇස් ඉස්පිරිතාලෙ ව ටේ පාන් දර සිටන් රැස්කන මිනිස් ව ටේ සාන් තව නඟන දුක්හඬට මේ ර ටේ ආන් ඩුවද? බස් දෙවියොද? බදුරු ග ටේ
සළ කුන ඔබගෙ නැඟු හැමතැන එක ලෙස ට වැල නොකැඩී ඇදෙන දන කියනුද කුම ට පැළ වෙන දෙයක් නම් මගියා මෙලහක ට බල තැක මිනිස් ගස් පෝලින් මඟ දිග ට
වස්තුවෙන් තෙදින් ගරු බුහුමතින් දැ පී ඇස් පියන් මගින් දුක නොතකා හැර පී බස් තියන් ලගෙන් වන ගැහැට ගැන අ පී සිත්බියෙන් කියන් නෙමු ඔබ වෙත වැළ පී
පහ ළොස් පැයක් පෝලිමේ සිටි පිය නොපියා මහ වැහි වලට තෙමි හෙම්බත් වුන ම ගි යා වහ ලෙන් වහින කුණු මඩගොඩ උඩු හෙ වියා පහ සුව තමා මේ සලසන බස් දෙ වියා
දහ පහළොස් ලස්සෙ වතුපිටි අදී ර ජ යේ මහ පට බැඳුම් ලැබ තෙද පතුරන තෙදියේ මහ බස්නාවරුන් හට පල ලද දි වි යේ මහ පාඩුලු කිමෙක නොබලනු බස් දෙවියේ
(266)
සොයා බැලිය යුතුයැයි බස් ගමන් ත තු කියාලුව සැනෙන් සැළකළ සියළු ග තු දයා බරවූ රජනිලදාරියන් ස තු වි යා පාරයකි ඔබෙ තෙලක කළ ත තු
පින් පෙත් පමුණුවා වැඳ සරණ සිය ප ත දන් වන දුකට පිහිටක් වෙනුව යහ ප ත දුන් නත් නුදුන්නත් වෙන සහනයක් ඉ ත චන්ඩින් ලවා අත් පා නොකැඩුවෝත් ඇ ත
_________
(267)
11 වෙනි පරිච්ඡේදය
ප්ර_බන්ධ් (කථා) සැහැලි
සමාජයේ කුතුහලය අවුස්සන සිද්ධීන් ජනකවින් විසින් කවියට නැගූ හැටි ප්ර්වෘත්ති සැහැලි යටතේ කීවෙමු. එකම සිදුවීම අඩුපාඩුවක් නො තබා එකම කවියෙන් මෙන්ම කවි පේළියකින්ද පැවසීමට සමත් වූ ජන කවියෝ එයින් සෑහීමට නො පත්වූහ. ස්වකීය රචනයන් ගැන ජනතාව දක්වන ප්රියයමනාප භාවය ගැන ඔව්හු බැඳී ගියෝය. එයින් සමාජය යහ මගට හැඩ ගැසෙන සැටි ඔවුන් දුටුවේ ආදරයෙන් සහ ප්රීවතියෙන් උද්දාමවූ ඇසිනි. මෙසේ ධෛය්ය්ෙ සම්පන්න වූ ඔව්හු ජනතාවට වඩාත් හොඳින් සේවය කිරීමට අදහස් කළෝය. මේ හැඟීමේ ප්රවතිඵලය තමා කථා සැහැලි පහළවීම.
සාමාන්යප වශයෙන් බලන කළ සෑම රටකම පාහේ සැහැලි කාවියම් සඳහා රැගෙන තිබෙන මාතෘකාවල සමාන බවක් පෙනෙන්නට තිබේ. දේශය හා ජාතිය කුමක් වූවද මානුෂික හැඟීම්වල පොදු භාවය මෙහි ප්රේධාන හේතුව ය. ඇතැම් සිඬීන් දේශ සීමාවන් ඉක්මවා යෑමට තරම් ජනප්රි්යවීම අනිත් හේතුවය. රාජාදීන් ගේ විශෙෂ ගුණයන් ප්ර කට කිරීම සඳහා මහවංශයේ මහ ඉහලින්ම වර්ණදනා කරනු ලබන ඇතැම් සිඬීන්, නම් ගම්වල පමණක් වෙනස්කම් ඇතුව ඉන්දීය රජවරුන් පිළිබඳ වංශ කථාවන්හි දක්නට ලැබෙන්නේ ය.
(268)
සම්භාවනීය ඉතිහාස ග්ර්න්ථයන් පිළිබඳවද එවැනි තත්ත්වරයක් ඇති කළ අනිකුත් සෙසු ප්ර බන්ධන ගැන කවර කථා ද?
සැහැලි කථාවලට මාතෘකා සපයන කරුණු පහත දැක්වේ
ආගමික ප්රාවෘත්ති ජනප්ර වාද ගැමිකථා ඇදහිලි විස්මය ජනක සිදුවීම් සාහසික චරිත වීර ක්රිරයා
දේවාදීන් ගේ හාස්කමුත්, වීරයන් ගේ වික්රථමත් විශෙෂයෙන් ම සැහැලි සඳහා යොග්යතයේ සලකනු ලැබූ බවක් පෙනේ. ආගමික පරිසරයක් විසින් හසුරුවනු ලැබූ සිංහල ජනතාව සඳහා ඒ අංශයේ සැහැලි බෙහෙවින් පිළියෙල වී තිබීම විය යුත්තෙක්ම ය. බුදුගොස් හිමියන් සිංහල අටුවා පාළියට පෙරළා ලංකාවේ බුඬ ධර්මතය මුළු මනින්ම පාලි භාෂාවෙන් පැවැත්වීමට පටන් ගත් සමයේ සිටම සිංහලය ආගම ය කෙරෙන් ඈත්වන්නට වූවා ය. මෙය වැඩිවශයෙන්ම පද්යම කෙරේ බලපවත්වන ලද්දේය. වල් නෙලමින්, මල් නෙලමින්, ගෙවිලියන් ගැයූ ධර්මාමන්විත සිංහල ගීතිකා වලින් යෝගාවචරයන් නිර්වාණය කරා පැමිණවීමට පොහොසත් වූ නමුදු, සාමාන්යා ජනතාවට ප්රිේයමනාප වන පරිද්දෙන් ධර්මමය අවබෝධ
(269)
කරවනු සඳහා ධර්මුධර නරවරයන් විසින් සිංහල කවිය යොදවනු ලැබූ නමුදු, කල් යත් යත් ධර්මයය පිළිබඳව යෙදවීමට එය නුසුදුසුසේ සම්මත වූ බව සිතිය හැකිය. එනිසා ය, වීදාගම ස්වාමීන් වහන්සේ,
එබැවින් එලුවෙන් කීවයි අන දර නොවමින් බැතියෙන් අදරින් නම කර සතොසින් මෙදහම් ඇසුවොත් මන හර සැබවින් සිදුවෙයි සඟමොක් සිරි සර1
යනුවෙන් අසන්නන් ගෙන් සිංහල කවියෙන් බන කීමට අවසර පැතුයේ. නිදහසට කරුණු ඉදිරිපත් කර සිංහලයාට සිංහලයෙන් දෙලොව ගැලවීමේ මාර්ග්ය කියාදීමට ඉදිරිපත් වීම ගැන වීදාගම හාමුදුරුවන් වහන්සේට කෘතඥවිය යුතු ය.
ඔබ වහන්සේට තුබූ ධෛය්ය්තඥ ය බොහෝ සිංහල උගතුන්ට නොතිබුනේ ය. උගත්කම පෙන්වීම සඳහාත්, සම්ප්රනදාය ආරක්ෂාතකර ගැනීම සඳහාත්, ඔවුන් බණත්, අණත් අන් සියලුම දේත් දීමට ආශාකළේ සිංහල නොවන භාෂාවන් ගෙනි. ඒ මහා උගත්තුය. ජනකවියා එසේ නො වේ. ඔහු දන්නා ශ්රෙෙෂ්ඨ භාෂාවක් නොමැත. දැන ගැනීමට වුවමනාවක් නොමැත්තේ ය. තමා ගැනීමටද වුවමනාවක් නොමැත්තේ ය. තමා දන්නා දෙය හුරු පුරුදු ගොඩේ භාෂාවෙන් ඔහු ස්වකීය සහෝදරයන් වෙත හෘදය විවෘත කොට කියා පෑවේ ය. ධර්මවයත්, ධර්මුය පිළිබඳ ඉතිහාසයත්, 1. ලෝවැඩසඟරාව
(270)
ශාසන වංශයත්, එයට අදාල අනිකුත් අතුරු කථාත් තමන්ට හැකි තරමින් කවියට නගා ප්රෝචාරයකර හැරියේය. එනිසා ය උගතුන්ට දෙවෙනි නො වන නැත්නම් එයටත් වඩා ශ්රචඬා භක්ති සම්පන්න අය පොදු සමාජයයෙහි බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ.
ආගමික සැහැලි කථා පිළිබඳ වස්තු ලබා ගැනීමට ජනකවියාට බෙහෙවින් උපකාර වී තිබෙන්නේ සඬර්ම රතනාවලිය සහ ජාතක පොතය. ඉනුත් සඬර්මඬරතනාවලිය වැඩි වශයෙන් පිහිටවූ බව පෙනේ. ඇතැම් විට රතනාවලි කර්තෘ්න් වහන්සේ තරම් ගැමි සිතැගි දත් එසේම ගැමියනට අනුකම්පා කළ තව එකද උසස් ග්රනන්ථි කර්තෘේවරයෙකු වඩා හොඳින් පොදු ජනතාවට කා වැද්දවීම සඳහා සෑම විටම උපමා වශයෙන් ඉදිරිපත් කරණ ලද්දේ ගැමියන්ට පෙනෙන, සිතෙන දේවල්ම ය. ඔබවහන්සේ ලිහිල් වාසගම් වලින් කියන ලද ඒ උපමා අලංකාරාදිය ජන කවියා එවැනිම ලිහිල් පදවලට පෙරලන ලදී.
ජන කවින්ට උපකාර වශයෙන් ඉදිරිපත් වූ අනිත් ග්රැන්ථ දෙක නම් සඬර්මාලංකාරය සහ සඬර්ම රත්නාකරය ය. ඇතැම් බණ කථා ගැමියන් සඳහා කෙතරම් නම් උචිතවී තිබේදයත් එකම කථාව එකසේම සඬර්මනරතනාවලියෙහි සහ සඬර්මථරත්නාකරයෙහි ද සඳහන්ව ඇත්තේ ය. මෙබඳු කථා ලිහිල් කවියට පෙරලූවිට පොහොසත්
(271)
පුරුෂයෙකු ලැබුන තරුණ වැන්දඹුවක් මෙන් ගම් ගොඩවල් ප්රීනතියෙන් උද්දාමවන බව වටහා ගැනීමට තරම් නුවණින් ජන කවියා තොරවූවා නොවේ.
එක්තරා කුමාරිකාවක පිළිබඳ වර්ණනනාව සඬර්මාූලංකාරයෙහි දැක්වෙන්නේ මෙසේ ය:-
“පුන්සඳ මඬලක් වැනි මුහුණක් ඇතියහ. තිල පුෂ්පාකාරවූ උස් නාසිකාවක් ඇතියහ. ලියනගලා පෙතිසේ ලීලෝපේතව වටවූ ඇගිලි පෙළක් ඇතියහ. රන්හස් පැටවුන් වැනි මනහර තන සඟලක් ඇතියහ. ඉතා මොළොක්වූ බාහු යුග්මයක් ඇතියහ. උඩුබලා සිටින තඹවන් නිය පතර ඇතියහ. නිලුපුල් පෙති පරයන දිගු පුළුල්වූ නිල් නුවන් ඇතියහ. කොඳ කැකුළුසේ සුදු සිනිඳුවූ දන්ත පංක්තීන් ඇතියහ. රණෝ විලි දෙකක් වැනි කන් සඟලක් ඇතියහ. උතුරු මුහුදු දිය සලාවක්සේ ගැඹුරු වූ නාභි මණ්ඩලයක් ඇතියහ. රන් පෝරුවක් සේ පළල්වූ පිටක් ඇතියහ. කෙම්වැල දෙකක්සේ රත්වූ තොල් සඟලක් ඇතියහ. බඹරවැල් දෙකක්සේ නිල් වු බැම සඟලක් ඇතියහ. රන් කළස කරක්සේ වටවු ග්රීදවයක් ඇතියහ. අක් බඹුරු දික් මොළොක් වූ නිල් කෙස් වැටියකි ඇතියහ.”1
සැහැලි කවියා මේ සියළුම උපමා අලංකාරාදිය කවි වලට පෙරලා ස්වකීය කථාව සරසා ගත්තේය. මෙහි එන සෑම උපමා අලංකාරාදියක්ම ඔහු 1. 178 පිට
(272)
හොඳින් පිටපත් කරගත්තා පමණක් නොව ඒ අනුසාරයෙන් තව නොයෙක් රසවත් උපමාදියද තනාගත්තේය. ජම්බුමල්, නාදළු, කැකිරි ඇට, ඔහු පිළිවෙලින් යුවතියන්ගේ කම්මුලට, තොළට හා දතට ඉතාමත් උචිත වන සේ යෙදීමට ආභාසය ලදුයේ මෙලෙසය.
සාමාන්ය සිංහල ගැමියා ගේ ආගම, විශ්වාසයන් කිහිපයක විචිත්ර සංකලනයකි. ඔහු උත්පත්තියෙන්ම ලාංකික බෞඬයෙකු වන්නේ ය. එනිසාම හින්දුආන්ගේ සෑම දෙවියෙකු ගැනම විශ්වාසය තබනවා පමණක් නොව ඔවුන් ගෙන් මෙලොව ජීවිතය ගැන උපකාරද බලාපොරොත්තු වන දේව භක්තිකයෙකි. සිංහල ජාතියට ඇති උරුමය ඔස්සේ ඔහුගේ සිත තුළට විජය ගේ කාලයේ සිට මේ රටේ පැවැත එන යකුන් කාලයේ සිට මේ රටේ පැවැත එන යකුන් පිළිබඳ හැඟිම් පැමිණ ඇත්තේ ය. එනිසා ඔහු යකුන් ගැන සළකන්නෙක්ද වෙයි. පාරම්පරික චාරිත් යයන් නිසා මළගිය ඥාතීන් සිහිපත් කිරීමට ඔහුට සිදුවන්නේ ය. එයින් ඔහු මළවුන් අදහන්නෙක් ද වන්නේ ය. එපමණක් ම නො වේ. ජාතික ගර්වය වවා වඩා ගැනීම සඳහා වීරාභි වාදනයෙහි නියුක්ත සමාජයකට ඔහු ඇතුළත්ය. වීරයන් පිදීමද ඔහුගේ ආගමයේ එක් කොටසක් බවට මෙසේ ඇතුළත්ව තිබේ. එකවිටම බුදුන් දෙවියන්, යකුන් මළවුන් සහ වීරයන් අදහන සිංහල ගැමියා ගේ ආගමික හැගීම් අතිශයින්ම අවංකය. භක්තිමත් ය. ඔහු බුදු රජාණන් වහන්සේ අදහනුයේ දිවි දෙවෙනි කොටය. තමා පිරිසිදු
(273)
බෞඬයෙකු මිස අන් කවරෙකු හෝ නො වන බව ඔහු අවංකවම විශ්වාස කරන්නේ ය. ඔහු ගේ ඇදහීම් මණ්ඩපයේ උච්චම ස්ථානයෙහි බෙජෙන්නේ රත්නත්රසය ය. ජීවිතය පිළිබඳ නොයෙක් කුදු මහත් උවමනාවන් සඳහා දෙවියන්, යකුන්, මළවුන්, ආදීන්ගෙන් පිහිට පැතීම වරදක් ලෙස ඔහු යම් තමකින් හෝ සලකනුයේ නොවේ. එසේ සැලකීමයටද හේතු නො මැත්තේය. දෙවියන් යැදීමේදී ගැමියාට අසන්නට ලැබෙන්නේ “හොඳයි පළමුකොට බුඬ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය තිරත්නය ත්රිඳවිධ රත්නයේ ගුණානුභාවය මුදුන් පත්කොට කියන්නේ - නම් - ඒ සක්වලේ මේ සක්වලේ දස දහසක් සක්වලේ දිවයින් සතරේ, ජම්බුවීපයේ දිෂ්ටිලා වැඩ සිටින්නා වූ මහා විෂ්ණුන් වහන්ස”
යනුවෙන් බුද්ධාගමට මුල් තැනදී කරන යාදින්නකි. එසේම සාමාන්ය අල්පේශාක්ය දෙවියෙකුට පින් අනුමෝදන් කරවීම සඳහා දෙන කිරිදානයක දී පවා:-
“පළමුව බුදුන් වැ ඳ දෙවනුව දෙසු දහම් වැ ඳ තෙවනුව සඟුන් වැ ඳ පටන් ගනිමුව සව්මුරුන් වැ ඳ
ඉසුරෙන් අමාව න් රුසිරෙන් පිරි පබාව න් ගහදේවතාව න් මෙ අප වරදක් දුටු කමාව න්”3 3. ගහ දේවතා උපත
18
(274)
හිස කැක්කුමට තෙල් මැතිරීමේ සිට සමයන් නැටීම දක්වා ඇති සෑම යක්කමකදීම කියැවෙන මන්ත්රම වලදී ලැබෙන්නේ:-
“නමො සතළොස් දහස් පන්සිය නව අසූ දහස් සංඛ්යාීත ධර්මනස්කන්ධ යේ ගුණානුභාව පරිකීර්තතති මහා මෞද්ගල්යාදන නන්දම ආනන්දම කුමාරකාශ්යපාදී අසූමහ සව්වන් වහන්සේලා ගේ ආනුභාව සම්පූර්ණුව මහේන්ර්ාද ජ්වර ඊශ්වර මහෙශ්වර නාථෙශ්වර සිව වටුක අඳුන්ගිරි බාහිර ශාස්ත්ර් මර්කඊට ඉන්ර්්වරසෝම භාරද මාජ කුවේර............................................... නමඃ1...............................
ආදීන් විසින් බුදුගුණ මහන්තත්ව.ය ප්ර.කාශ වන කියුම් ය.
පෙරේත ගොටුවක් දීමේදීත් සියල්ලටම පළමුව පිහිටුවනු ලබන්නේ බුදුගුණ මේ නිසා මහෙශාක්ය අල්පේශාක්යය සෑම දෙවිවරුන්, යක්ෂහයෝත්, ප්රේේතාදීනුත් රත්නත්ර්යට භය පක්ෂ් පිරමාන කම් ඇතියවුන් නිසා ඔවුන් සේවනය කිරීම ඔවුන් ගෙන් යම් යම් උපකාර ලබාගැනීම, තම අයිතියක් මෙන් ගම්බද බෞද්ධයා සලකන්නේ ය. මහා උගතුන්ට කෙසේ වෙතත් සාමාන්යත ගැමියාට ඒ තර්කය සියලු ලෙසින්ම සාරවත්ය. මෙහි ප්රයතිඵලය වී තිබෙන්නේ ගැමි ජනතාව ගේ ඇදහීමේ වැඩි මනන්ම කොටස දෙවියන්, යකුන්,මළගියවුන් සතුව තිබීම ය. ජනතාව කවියා ගේ 1. ශ්රීන බුද්ධ සංහාරය.
(275)
උපකාරය ගැමියනට වඩාත්ම වුවමනාවූයේ මෙතැන්හිදී ය. ස්වකීය සහෝදර පිරිසට පිටුපාන්නෙක් නො වේ, ජන කවියා. ඔහු ඔවුන්ගේ වුවමනාවන් ඉතා හොඳින් ම ඉටුකර දුන්නේය. එ නිසාය, සිංහල භාෂාවෙන් ඇති සැහැලි පොත්වලින් සියයට අනූනවයක් තරමම ආගමික අංශයට බරව පවත්නේ. එද ගැමියන් ගේ ආගමික අංශය බව අමතක නො කළ යුතුය.
මෙය ජනකවියාට ඉබේම පෑදුන ඉරි නෙරිංචියකි. ගැමියනට වුවමනා කරන සෑම රසයක්ම නිරායාසයෙන්ම මෙයින් දිය හැකි විය. බොහෝ දේව කථාවන්හී අද්භූත ආශ්චය්ය්සයෙ සිදුවීමුත් හාස්කම් හා වික්රදමයත් සපුරා පවත්නේය. සෑම දෙවියෙක්ම පාහේ යම්කිසි ක්රි යාවක් නිසා විරත්වයටද හිමිවූවෙක. ගැමි ජනයා ගේ කුතුහලය අවුස්සාලිය හැක්කේ මේ රස විලනි. දෙවියන් වටා ගෙතී තිබෙන ජන ප්රැවාදයන් ද කව් බවට පෙරලීම නිසා වඩ වඩාත් ජනප්රියය භාවයට පත් විය.
බොහෝ සැහැලි කථා පටන් ගැනෙන්නේ නමස්කාරයෙනි. ප්රෝවෘත්තියෙහි ආරම්භක ස්ථානයෙන් පටන් ගැනෙන සැහැලි කථාද අතරින් පතර දක්නට ලැබෙන්නේ ය. එහෙත් කිසිද සිංහල සැහැල්ලක් කථාව මැදින් පටන් ගන්නේ නොවේ. යුරෝපීය සැහැලි කරුවෝ කථාව මැදින් පටන් ගන්නා ක්රනමය ප්රියය කළ බව පෙනේ.
(276)
උගතුන් විසින් උගතුන් හැසිරවීම සඳහා බඳින ලද වියරණ, කාව්ය් සම්ප්ර දා දී කටුවැට වලට සැහැලි කථාවල ඉඩක් නො මැත. පද සතරම එකම අකුරකින් අවසාන වීමෙන් සියළු නීති රීති ඉටුවූවා වන්නේ ය. බොහෝවිට කවිවල පෙර එළිවැට ගැන සළකනු ලබන්නේය. කවිකොළ පරම්පරාවෙන් පටන්ගැණුන ලිහිල් කවි සම්ප්ර දායම වෙනස් නොවී දිගින් දිගට ගෙනයෑම එහි සිරිතය. අනවශ්යා වර්ණයනා අලංකාරයන් ගෙන් බර නොවන්නාසේම කථාවද කඩතොලු නොවී එක හුස්මටම කියවාගන යෑහැකි සේ පිළියෙල වී ඇත්තේ ය. මූලික මාතෘකාවෙන් බෙදී යෑමක් හෝ අතුරු කථා ඇඳීමක් හෝ නො වන බැවින් පෙරකී දෙයෙහි හා පසුව එන දෙයෙහිද සම්බන්ධාය මැනවින් පවත්නේය. බොහෝවිට අනිකෙකුගේ පද මුළුමනින්ම ඇදගනු ලැබේ. එහෙත් මහා කවීන් මෙන් පද හොරකම් කර මුහුණුවර වෙනස් කිරීමක් නොමැත.
බොහෝ සැහැලිවල ඔවු නොවුන් ගේ කථා හුවමාරුව කර්තෘ ගේ මාර්ගයෙන් නො ගොස් ඔවුන්ට ම කර ගැනීමට ඉඩ තබා තිබේ.
විශෙෂම පරිශ්රනමයක් දරා ඇත්තේ පදයන්ගේ ගීතවත් භාවය කෙරෙහි ය. එය සැහැල්ලෙහි ප්රායණය වන බැවිනි. ගීත ස්වරයෙන් පහසු වෙන්ම කියවිය හැකි එහි තාලය වාන්වුද ගැමියන්ට උචිතවූද එකක්ම වෙයි. පාදයක තිබිය යුතු මාත්රට ගණය ගැන කිසිඳ සැලකිමක් නො
(277)
දැක්වෙන්නේ ය. එහෙත් පද ලාලිත්ය්ය ගැන මහත්ම සැලකිලි යොමු වන්නේ ය. මෙසේ කියවන අසන සගයන් ගේ ප්රයසාදය පිනිස සකස්වන සැහැල්ල සෑමවිටම අවශාන වනුයේ එක්කෝ ආශිර්වාගදය කිනි. නැත්නම් අවවාදයකිනි.
සැහැලි යන නම නො යෙදුවද මුළුමනින්ම සැහැලි විලාශය අනුගමනය කොට ලියන ලද ජාතක කථා කව් පොත් කිහිපයක්ම ඇත්තේ ය. ඒ සියලුම ජාතක සැහැලි පිළිබඳව කථා කිරීමට මෙහි අවකාශ නොමැත. ජනප්රිාය භාවයට පත් ව තිබෙන බොහෝ ජාතක සැහැලි අතුරෙන් තුනක් පමණක් විශෙෂයෙන් ම සඳහන් කළ යුතුව තිබේ. එනම් මුව ජාතකය, සඳ කිඳුරු ජාතකය සහ වෙස්සන්තර ජාතකයත් ය. මේ පොත් තුනම ගැමියන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට සාදරයෙන් භාවිත කරණු ලැබෙත්. මේවා කීවරක් මුද්රමණය කළාදැයි කිය නොහැකි. කවියන් මෙන්ම ප්ර්කාශකයන්ද නවීන ප්රදචාරක උපක්රදමයන් නො දන්නා සැහැල්ලු මිනිසුන් බැවිනි එහෙත් අළුත්ම මුද්ර්නවල පිට කොළය කථාවට උචිතවන සිතියමකින් අලංකාර වී තිබේ. ඇතම් විට මෙය යන්ත්රප කරුවන්ට තවත් මුදල් ටිකක් උපයා ගැනීම සඳහා ඔවුන් විසින් දෙනු ලැබූ උපදේශයක ප්රයතිඵල විය හැකිය.
බෝධිසත්වපයානන් වහන්සේ මුව ආත්මයෙහි උපන් වාරයෙහි දහසක් වන පිරිවර මුවන් හා සමග මස්ලොල් රජෙකු විසින් කොටුකරනු ලැබීය.
(278)
දිනකට එක් මුවෙකු බැගින් රජ්ජුරුවන් ගේ මසට යැවීමට නියම විය. එක් දිනක් වාරය පැමිණියේ ගැබ්ගත් මුව දෙනකට ය. ඇගේ අඳෝනාවෙන් කම්පාවූ බෝසත් මුව රජ ඈ වෙනුවට මරණයට ඉදිරිපත් විය. මේ පුවත සැලව එහි පැමිණි රජ හට මුව රජතුමා ප්‍පතාණ ඝාතාදී පාපයන්හි දොස් දක්වා සියළු සතුන්ට අභය දෙවා ඔහු යහපත් මිනිසකු කළේය. මුව ජාතකයෙහි කථාව මෙයය.
මේ කථාව කවි 110 ට නගා පොත නිම කර තිබේ. මෙයට නමස්කාරය, ආශිර්වාදය, ප්රා රම්භය, නගර වැනුම, මුවැත්තිය ගේ විලාපය, දහම් දෙසුම සහ ප්රානර්ථයනාවද, ඇතුළත් වන්නේය. මේ සියල්ලෙන්ම ගැමි සිත බෙහෙවින් වශීවන කොටස නම් මුවැත්තියගේ විලාප සහ පින්පල වැණුමය. විලාපය කොතරම් නම් ස්වභාවිකවත් හැඟීම් දනවන ලෙසත් කියා තිබේදැයි බලන්න. මාතෘ ස්නේහය උතුරා පැතිරී යන පරිද්දෙන් එයට අනුචිත වනම පදත් තාලයත් යෙදීමට ජනකවියා සමත් වී තිබේ.
දරුලත් මුව දෙනු දරුවන් කිරි දී පෙම් කෙළි දැක දැක ඉ න් නා මමලත් කුළුදුල් මගෙ දරු සුරතල් නුදුටිමි පවසා ග න් නා යටගිය ජාතියෙ බොල් දී බොරුබස් කීවා මට පල දු න් නා මටවන් මේ දුක කාට කොතන මම කොයි ලෙස පවසා ල න් නා
(279)
මාගේ කුළුදුල් දරුවන් දෙන්නේ වදා ගන්ට බැරිවුනි මර ගි න් නේ සුරතල් නුදුටිමි මම දරු ව න් නේ කාටද කිය නෙමි මම මෙලෙ සි න් නේ
මගෙ සුරතල් දරුවන් නේ සුරතල් නුදුටිමි උන් නේ කිකලද පෙම් කෙළ එන් නේ කෙලෙසද මම සැනසෙන් නේ
දුකසේ මම ලත් දරු වෝ කෙළ කෙළ එන්නේත් දරු වෝ සුරතල් දැක සිත් පිරු වෝ විගසට ආවයි මරු වෝ
දරුවන් ඇති අම්මා ලා දරු සුරතල් පෙන්වා ලා දරුවන් නැති අම්මා ලා නිකන් ඉඳිති බුම්මා ලා
දරුවන් ඇති මුවැත්ති යෝ සුරතල් දැක කැමැත්ති යෝ කිරි පොවමින් නැවැත්ති යෝ මාගේ තැත පැවැත්ති යෝ
දරුවන් ඇති දෙනගෙ ත නේ දරුවෝ කිරි බොති බැති නේ දරු සුරතල් නුදුටු මෙ නේ මරුවා ආකල ඉති නේ
(280)
උ රා තනේ කිරි කවදා පොවන්න දෝ නු රා කරණ සුරතල් නුදුටු වෙන් දෝ පු රා තනක කළ පව්පල දුනින් දෝ ද රා මගේ සිත කෙලෙසක ඉඳින් දෝ
එ න් නේ කවදාද පෙම්කෙළ මුළුල් ලේ බොන්නේ කවදාද නුඹ මගෙ තුරුල් ලේ ඉ න් නේ කවදාද නුඹ මගෙ තුරුල් ලේ ය න් නේ කවදාද මගෙ සිත තැවුල් ලේ
ද රු ව න් වදා ගන ඉන්නා කලට අ නේ සු රුව න් කර තිබූ දන සම්පත් ලෙසි නේ එ රුව න් බල බලා ඉන්ඩත් නූනි අ නේ ම රුව න් පැමිණි කළ නැත ඉන්ඩ දරුව නේ
ඉ ව ර නොවන දරු ලෙයි සෝක ගින් නේ පැහැ ර නොගොස් කුසයට කර කැවෙන් නේ මෙ වර දුකට කව්රුද පිහිට වෙන් නේ ක ව ර කලද මෙදුකින් මම මිදෙන් නේ
ත නේ ගෙනේ කිරි බොන කලට දරුව නේ මෙනේ තෙනේ පෙම්කෙළ එන කලට අ නේ සැ නේ සැනේ ගිණි ඇවිලෙයි කුසයටි නේ අ නේ අනේ එක තැන මරමැයි ඉති නේ
ද හ ස ක් මුවන් මැද කෙළ කෙළ ඉඳ නිති නේ ම හ ස ත් ගුණෙන් දරුවන් වදිමි සිත මි නේ මෙලොවත් ඉන්ඩ මම කළ පින් මදි සෙයි නේ කා ට ත් මෙ දුක පවසනු කිම්ද ඉතිකි නේ
ය න් ඩ ත් බැරිය වැට අස්සෙන් පිටත් වෙ ලා ඉ න් ඩ ත් බැරිය අහසට දෙරණ රත් වෙ ලා ක න්ඩ ත් බැරිය පෙර ලෙස බුදින තන ප ලා ය න් ඩ ත් බැරිය හුනුමෙන් ඇවිදිති වෙවු ලා
(281)
අ ටි ය වඩන දරුවන් බඩට ලත් තී තැටි ය පළු ලෙසින් කිරි බුරුළු ඇත් තී කෙටිය හෙට මරණ සැන්තිය පැවැත් තී වැ ටි ය තැනින් තැන ඇවිදිති මුවැත් තී
ම න් අද රෑ කුළු දුල් දරුවන් වද මී පෙ න් කෙළිනා දරු සුරතල් හෙට දකී මී ස න් තොස වෙලා නාවාලා කිරි පොව මී තු න් දවසට නැගිදා මස් පලටය මී
සි ත බිය වෙලා මරණට පත්ව ඉන් නී ග ත වෙවුලා ගිය ගිය තැන වැටෙන් නී නෙත හුනු කඳුළු දෙනුවන් පිරි වැහෙන් නී වෙ ත සිට මුව රජුගෙ මුව දෙන් අඬන් නී _________
පින්පල වැණුම
එක පුටුවක් දුන්නු පිනෙන් ලැබෙයි රණෙන් සිංහාස න එක යහනක් දුන්නු පිනෙන් ලැබෙයි උන්ඩ එරන් යහ න ඉටි කුඩයක් දුන්නු පිනෙන් කුඩ කොඩි සේසත් බබල න මෙසේ මෙපින් කළ අයහට ලැබේය සිත නො වේය දැ න කිරිපිඬු දන් දුන්න පිනෙන් ඇත් පස් දෙනකුගෙ බල ඇ ති රෙදි අඟලක් දුන්නු පිනෙන් කප් රුක් දස සතක් ලබ තී පාන් කඩක් දුන්නු පිනෙන් දහස් ගණන් එලිය ලබ තී පල රසයක් දුන්නු පිනෙන් සොළොස් යොදුන් උයන් ලබ තී.
(282)
බණ අස්නක් සරසා බණ ඇසූ අයහට ලැබෙන සිරි ති බණ අස්නට පිදුව බුලත් යොදුනක් මුව සුවඳ හම ති එක පනමක් දුන්නු පිනෙන් දන සම්පත් මෙතෙකැයි නැ ති වෙන සරණක් නොවී උන්ඩ බුදුන් සරණ අනුවම ය ති ________
සඳකිඳුරු ජාතකය.
සඳ කිඳුරු කථාව තරම් සිංහල ජනතාව ගේ සිත්ගත් තවත් ජාතක කථාවක් නැති තරම්ය. එම කථාව සැකෙවින් මෙසේ ය:- බෝසතානන් වහන්සේ එක් ආත්ම භාවයකදී සඳ කිඳුරුව ඉපිද ස්වප්රිේයාව සමග වනයෙහි වාසය කරනසේක. දඩයමෙහි ආ බ්රසහ්මදත්ත රජ කිඳුරිය ගේ රූපශ්රී යට ඇල්ම කොට ඇය අත්පත් කරගනු සඳහා අහිංසක කිඳුරා විද මැරුවේ ය. කිඳුරිය දුෂ්ට නරපල්ලා ගේ අදහසට එකඟ නොවී දෙස් දෙවොල් තබා බැන ඔහු එලවා ගන්නා ලදී. ඇයගේ පතීවෘතාවේ සත්ය් ක්රිලයාබලයෙන් කිඳුරා සුවපත්වී ඔව්හු සතුටින් කාලය ගෙව්වෝය.
මේ ජාතක කථාව මුලින්ම කවියට නඟන ලද්දේ 14 වෙනි ශත වර්ෂ යේ මුල් භාගයේදී විල්ගම්මුල සංඝරාජ මහා ස්වාමින් වහන්සේ විසිනි. කව් 432 කින් යුත් එහි නම “සඳ කිඳුරු
(283)
දා කවය.” භික්ෂු2න් වහන්සේ නමක් විසින් කරණ ලද පළමුවෙනිම පද්ය් ග්රකන්ථ”ය වශයෙන් මෙන්ම භික්ෂූේන් අතර කාවය විප්ලවයක් හා සාහිත්යය විප්ලවයක් ඇතිකළ මුල්ම ග්රශන්ථභය වශයෙන් ද 4 විවේචකයන් විසින් හඳුන්වන මෙය ලිහිල් බසින් ලියා ඇත්තේ ය.
එහෙත් මේ කවි 432 කින් වැඩි හරියක් ගතවී තිබෙන්නේ බුඬ චරිතයත්, මාර යුඬයත්, වන වැණුම් දිය කෙළි වැණුම් ආදී නොයෙකුත් බාහිර වර්ණවනාවනුත් සඳහා ය. මේ වැණුම් කෙතරම් ස්වභාවික ලෙසත් චමත්කාර ජනක ලෙසත් කර තිබේදයත්, ගුත්තිල කර්තෘ න් වහන්සේ විසින් ස්වකීය අසහාය නිර්මාණය සඳහා අනුගමනය කර තිබෙන්නේ මේ වර්ණීනාවන්ය. උගතුන්ට එසේ වුවද සාමාන්ය ජනතාවට මේ වර්ණ්නාත් නිදා න කථාදියත් වැඩිමනත්දේ ය. කිඳුරු උපත කියන්නට ගොස් මාර යුඬය ගැන කාලය ගත කිරීමට ඔවුන්ට ඉස් පාසුවක් නැත. ඊටත් වඩා ඒවා එක එල්ලේ කියා ගන යන කථාවට බාධාවල් ය. එනිසා සංඝරාජ මහා ස්වාමින් ගේ ඒ සා විශිෂ්ට කාව්යල රත්නය උගතුන්ටම තබා පොදු ජනයා ඔවුන්ගේ කවියෙකු ලවා ඔවුන්ට සඳකිඳුරු ජාතකය කවි කරවා ගන තිබේ. විල්ගම්මුල සඳ කිඳුරු දා කවේ මුල් මුද්රුණයේ පිටපත් සියල්ලම අලෙවි 4. සිංහල ග්රමන්ථවංශය - බද්දේගම විමලවංශ ස්ථවිර.
(284)
වූවාදැයි සැක සහිතය. එහෙත් කර්තෘ ගේ නාමයවත් නොදන්නා සඳ කිඳුරු ජාතකය දහ පහළොස් වාරයකටත් වඩා මුද්රදණය වී තිබේ.
සඳ කිඳුරේ ප්රි ය මනාප භාවය මෙයින් නැවතුනේ නොවේ. කෝලම් නැටුමේ ද සඳ කිඳුරු කථාව රඟ දක්වනු ලැබේ. එපමණක්ම නො වේ. සිංහල අවුරුදු කාලයෙහි ගම්බද පළාත් වල සුමිහිරි කවි ගීත ගයමින් සඳ කිඳුරෝ ගෙයක් ගෙයක් පාසා ගොස් නටන්නෝ ය. සඳ කිඳුරු නැටුමක් නොමැතිව පිටිසර පෙරහැරක් අඞ්ග සම්පූර්ණ නොවන්නේ ය. ගම් ගොඩවල් වල කාරණාකාරයන්ට සඳ කිඳුරේ කව්, විශෙෂයෙන්ම කිඳුරිය බඹදත් රජ්ජුරුවන්ට බැන වැදුන කව්, කට පාඩමෙන් කිව හැකි ය. මුළු සඳ කිඳුරු ජාතකයටම ඇත්තේ කව් 57 කි. මුල් කවිය මෙසේය.
සඳ කිඳුරුව ඉපි ද මෙ අප මහ බෝසත් ස ඳ සමගින් කිඳුරු ල ඳ කියමි පෙරකළ සිරිත මන න ද
කවි පොත පටන් ගන්නේ මෙසේ නමුත් කෝලම් නැටුමේ කථාව ආරම්භ වන්නේ:-
බඹදත් නිරිඳු ත ද මුව දඩයමට ලොබ බැ ඳ දුනුහී රැගෙන සො ඳ එ රජ වන මැද ඇවිදිනාස ඳ”යන්නෙනි.
(285)
කිඳුරියගේ විලාපය
කිඳුරා ලගින්නේ ඕබඩ කැදැ ල් ලේ කිඳුරී ලගින්නේ ඌගේ තුරු ල් ලේ දෙදරා විද්දේ විදමන රත් කිහි ල් ලේ කිඳුරා ගොසින් වැටුනයි පුර මඩු ල් ලේ
ඇද ගණිමින් කුණ පරුවත මුදුන ඉ ඳා ඉස තබමින් උකුලත සිප බඳ වැල ඳා අත තබමින් හිස දෙනුවන් කඳුළු වැ ඳා රජට මෙවන් බස් පැවසිය වියරු වැ ඳා
සතුරු ලබිය නැති මේ වන මැද දිය සා කිඳුරු රජුන් බිම හුන බව දැක දෙ ඇ සා නපුරු රජුන් බිසවට පැවසීය මෙලෙ සා කඳුළු සලා අඬමින් සිටි දුක වීම සා
සුරඟන විලස තුණු රුසිරැති මෙනුඹ ල මා ඇස දැක සතොස් වී වාගණු බැරිය ලැ මා වන මැද මෙදුක් විඳ ඉන්නේ මෙනුඹ කි මා අපවෙත අවොත් අග බිසො කොට තබමි ත මා
බෝසේ උතුම් සිරිපිරි නුවරට තොප ගේ මාසේ සතුන් අරගන යනු මොකද අ ගේ ආෙව් මෙවන් දුක දෙන්ටද හිමිට ම ගේ වාහේ වෙයන් නුවරට ගොස් මෝට ත ගේ
රජකම් කරණ අය තොප ඇස දුටුවා ද කිසියම් වරද නැති කෙනෙකුට දුකදේ ද සුපසන් මහිමි විද කුමකට මැරුවා ද මටවන් මෙදුක තගෙ අඹුවට නොවදී ද
(286)
සි ප බ ඳ කොමළතින් මුව මී පොවා පි යා සැ ප වි ඳ කලක් සමගිව මන පිනා පි යා ල ප ස ඳ ලෙසින් උන් මගෙ හිමි මරා පි යා අ ප අ ද කුමට වෙන් කරපීද පා පි යා
කි සි යම් වරද නොමකළ මගෙ හිමි සඳ යා අ ද දැ න් ඇවිත් මැරි තගෙ හීයෙන් විද යා ම ට ව න් මෙදුක ඇවිලෙයි හද තුළ කකි යා ර ජ ක ම් කරණ හැටි කදිමයි බළු ජඩ යා ________
පුරාණ වෙස්සන්තර ජාතකය වනාහි සුවිශාලම සැහැලි කාව්ය ය වන්නේ ය. එහි කවි 975 කි. ගැමියන් විසින් විවිධ කරුණු සඳහා රිසිසේ භාවිතා කරණ මෙබඳු තවත් එකද පොතෙක් නැති. ඔව්හු බණ සඳහා එය භාවිතා කරන්නෝ ය. දරුවන් නැලවීම සඳහාත්, ඔංචිලි වාරම් සඳහාත් එහි කව් භාවිතා කරන්නෝය. ඇතැම් කව් රබන් පද මෙන්ද යොදා ගන ඇත්තේ ය. ගොයම් කපන වල් නෙලන ගෙවිලියෝ මෙන්ම පැල් රකින ගොවියෝ ද ඒ කව්වලින් ප්ර යෝජනය ලබන්නෝය. ඇතැම් පළාතක මළ ගෙවල්හී සති ගණනක් යනතෙක් වෙස්සන්තර ජාතකය සමූහ වශයෙන් සෑදී කියවීම කරත් කෙතරම් දීර්ඝය වුවද එක හුස්මට ම කියවාගත යෑමට රුචි උපදවන පරිද්දෙන් පිළියෙලවී තිබීම එහි විශෙෂ ගුණයකි. ගැමියනට ආවේනික සෑම හැගුමක්ම විශෙෂ හැඳිනීමකින් යුතුව සුදුසු වෘත්තයන්ට නගා තිබීම නිසා කියවීමේ ආශාව මුලසිට අග දක්වා එකසේ පවතින්නේ ය. පහත දැක්වෙන්නේ හැඟීම් දක්වන ස්ථාන කිහිපයක් සංෙක්ෂිප වශයෙන් ඉදිරිපත් කිරීමකි.
(287)
මන්ත්රී් බිසව තපසට පිටත් වීම
බාලේ පෙම්බර කොන්ඩා බැන්දත් තපසට නොගිනිති වන්නා දෙකනේ පුස්කොළ තෝඩු තිබුවත් තපසට නොගිනිති වන්නා කන්නඩි කැඩපත් මූන බැලූවත් තපසට නොගනිති වන්නා දෙකණ දෙමික්කම් මේවර ළූවත් තපසට නොගනිති වන්නා
කරට පදක්කම් තැලි පැලඳුවත් තපසට නොගනිති වන්නා වංගි දෙවංගි තනපොට බැන්දත් තපසට නොගනිති වන්නා දෑතේ සුලැගිලි රන්මුදු ලූවත් තපසට නොගනිති වන්නා නෙරිය තියාලා සේල පැලැන්දත් තපසට නොගනිති වන්නා
බාලේ පෙම්බර කොන්ඩා බැන්දට සැඩපලු ෙගාතවා ගඤ්ඤයි දෙකනේ පුස්කොළ තෝඩු තිබූවට බණපොත් ලියවා දෙඤ්ඤයි කන්නඩි කැඩපත් මූණ බැලූවට විසිරී පතක් ලැබ ගඤ්ඤයි දෙකන දෙමික්කම් මේවර ළූවට මුද්රාෙ කනලා ගඤ්ඤයි
(288)
කාර පදක්කම් තැලි පැළඳූවට නව ගුණ වැල් කර ලඤ්ඤයි වංගි දෙවංගි තන පොට බැන්දට ඇග දිවි සම් පොර වඤ්ඤයි නෙරිය තියාලා සේලය ඇන්දට වට අඳනා පල දිඤ්ඤයි ලොවුතුරු බුදුබව සිතින් දරාගෙන තපසට යන්නට එඤ්ඤයි _________
දාන වස්තු
මගුල් ඇතුන් සත්සිය යයි සැදුනු අසුන් සත්සිය යයි ඇතින්නියන් සත්සිය යයි අස් වෙළඹුන් සත්සිය යයි
ඇත්තලයින් සත්සිය යයි අස්සලයින් සත්සිය යයි කිරිමීදෙන් සත්සිය යයි හී මීදෙන් සත්සිය යයි
පටවන ගොන් සත්සිය යයි එල දෙන්නුන් සත්සිය යයි දැසිද දසුන් සත්සිය යයි කම්මිත්තන් සත්සිය යයි
ලද කෙලි කොලු සත්සිය යයි හී වස්සන සත්සිය යයි කුරන් කුදුන් සත්සිය යයි අරක් කැමින් සත්සිය යයි
(289)
සිංහාසන සත්සිය යයි සුදු මුතු කුඩ සත්සිය යයි දල කඩ ඇඳ සත්සිය යයි සොඳ රන් පුටු සත්සිය යයි
රත් කලහත් සත්සිය යයි රන් පැදුරුත් සත්සිය යයි රන් කම්බිලි සත්සිය යයි පරමාදන සත්සිය යයි
ඇඳ ඇතිරිලි සත්සිය යයි කොට්ට මෙට්ට සත්සිය යයි රන්කෙන්ඩිත් සත්සිය යයි රන් චාමර සත්සිය යයි
තිර ජීවනි සත්සිය යයි අනගි කොට්ට සත්සිය යයි වට බැඳි තිර සත්සිය යයි උඩු වියනුත් සත්සිය යයි
සළු ඔලියල් සත්සිය යයි ඉස් ඔලියල් සත්සිය යයි සොඳ ඔලියල් සත්සිය යයි පට ඔලියල් සත්සිය යයි
දේව අංග සත්සිය යයි ගුජර අංග සත්සිය යයි දේව ගිගිර සත්සිය යයි කෝජා සළු සත්සිය යයි
19
(290)
සීන්සේල සත්සිය යයි ඔසරි සේල සත්සිය යයි පලස් වියන් සත්සිය යයි කම්බුලියන් සත්සිය යයි
කරික්කනුත් සත්සිය යයි පොත් තෙලප්පු සත්සිය යයි පිලි මක්කන් සත්සිය යයි කව් ඔලියල් සත්සිය යයි
පලඩනියන් සත්සිය යයි මුතු මිණිරන් සත්සිය යයි නව රූයන් සත්සිය යයි පච්ච වඩම් සත්සිය යයි
කෝල සීල සත්සිය යයි රන් රූනන් සත්සිය යයි නිසි ජයසක් සත්සිය යයි වට්ට වැන්න සත්සිය යයි
රන් ඔටුනුත් සත්සිය යයි ෙහාඳ රන්පටි සත්සිය යයි රුවන් තෝඩු සත්සිය යයි මැණික් මාල සත්සිය යයි
සොඳ ලන්සඳ සත්සිය යයි හස්ත පටිත් සත්සිය යයි තල්ල පටිත් සත්සිය යයි ඒක වලළු සත්සිය යයි
(291)
පත්ර2 වලළු සත්සිය යයි රන්දෙරිසන් සත්සිය යයි ගිගිරි වලළු සත්සිය යයි රිදී කෙන්ඩි සත්සිය යයි
රන් කල ගෙඩි සත්සිය යයි රිදී දරනු සත්සිය යයි රන් මන්ඩා සත්සිය යයි රිදී තැටිත් සත්සිය යයි
රංගවලළු සත්සිය යයි රිදී තාලි සත්සිය යයි රන් පන්දම් සත්සිය යයි රිදී කඳන් සත්සිය යයි
කිල්ලෝටා සත්සිය යයි ගිරා කැතිත් සත්සිය යයි රන් කැඩපත් සත්සිය යයි රන් නිය කටු සත්සිය යයි
නිසි රත් රන් සත්සිය යයි බඩු පිරි ගැල් සත්සිය යයි රන් තල්වැට සත්සිය යයි මිණි තල්වැට සත්සිය යයි
පොරෝ කෙටිත් සත්සිය යයි වෑනියනුත් සත්සිය යයි උදවු යවුල් සත්සිය යයි කැති කතුරුත් සත්සිය යයි
(292)
රන් උල්කටු සත්සිය යයි නිසි රන්දුනු සත්සිය යයි රන් ඉඳිකටු සත්සිය යයි රන් දත්කටු සත්සිය යයි
රන් විය දඬු සත්සිය යයි රිදී කෙවිටි සත්සිය යයි රන්සීවැලි සත්සිය යයි රිදී නගුල් සත්සිය යයි
සොඳරන් ඉඳි සත්සිය යයි රිදී ලනුත් සත්සිය යයි රන් උතු කටු සත්සිය යයි රිදී ඔටුනු සත්සිය යයි
කොන්ඩ මාල සත්සිය යයි රුවන්මාල සත්සිය යයි තාර තැලින් සත්සිය යයි පත්කඩවල් සත්සිය යයි
උරමාලත් සත්සිය යයි රන් තනපට සත්සිය යයි මැණික් කූරු සත්සිය යයි රිදී සවරි සත්සිය යයි
පේරැස් මුදු සත්සිය යයි වට රන් මුදු සත්සිය යයි මිණි බැඳිමුදු සත්සිය යයි රන් පා මුදු සත්සිය යයි
________
(293)
දෙදරුවන්ගේ හැඬීම් _______
පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
ව ම් මා කඳුලැලි ඉස ඉස ඇවිදින් - දැයි අම්මා
අ ම් මා අප නොදැක ඉතින් -
කෙලෙසක වෑ වෙම්මා
ස ම් මා සම්බුදු වෙනදා නිවන් - දකින් අම්මා
සැට දහසක් රජුන් මැද්දේ ඉපිද - සොඳේ අම්මා ර ට දහසක් වල බැළුවත් නුඹසේ - නුදු ටිම්මා ක ට දහසක් ඇතුව කිවත් නුඹෙ - ගුණ නැත නිම්මා ව ට දහසක් ගව්හිමයේ ගියෙදෝ - අපෙ අම්මා
දුක්විඳ දස මස් උසුලා වැදු දැයි අපෙ අම්මා අඳුන් තෙලින් නිති සරසා ඇතිකළ දැයි අම්මා රස පලවැල නෙලා දිදී රස්සා කළ අම්මා සතර අපාවල නො ඉපද නිවන් දකින් අම්මා
රස තුරු පලවැල අරගෙන එන්දැයි අපෙ අම්මා විසිතුරු සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා නිලතුරු වල සෙවනැලිවල කෙළකෙළ උන් නෙම්මා වෙසතුරු පිය රජුනි ඔබට බාරයි අපේ අම්මා
දෙන්නා දෙව් කුලෙන් වඩා ආදැයි අපෙ අම්මා ඇරලා පන්සල ගමණක් ගියෙදෝ නොද නිම්මා බමුණා දැන් යන රටකට දෙන්නම යමු දැම්මා රෑ දාවල් කී මෙහෙවර කරන්ට නොද නිම්මා
_________
(294)
ජූතක බමුණා
ඉසකෙස් පුපුරැටි තඹ රැවුල යේ පළල් නලල් ඇති තට්ටොළුවා යේ ඉගිල ඉසිර සිටි ඉස් සොරියා යේ පිරිකල ගිලි ඇස් කඳුළු පුරා යේ
වැහෙන පිරෙන දිය එකන් කුනා යේ නාස දෙපිට කැටි සොටු වගුරා යේ නිකට උල්ව සිටි මූක දැලියා යේ කෙළි තොළු බොල්ලෑ දත් කැටියා යේ
බුලත් නොකා කට කිරි වවුලා යේ පිටත් ඇසිරි සිටි කන් කොරියා යේ පිට තොල දත්කා බස වෙවුලා යේ කැසිත් තදව එන මුහ ගැටයා සේ
නහර ඉගිලි සිටි ඇට සැකිලා යේ කිඹුල් පිටක් වැනි ගත රළු වා යේ නිබද ඉගිලි සිටි කොරල හමා යේ බඩවක පිටවක උදර මොටා යේ
රුදුරු වියරු ගුණ අවගතියා යේ ඇඳිරෙදි කඳවට දඟර ගසා යේ වේයන් කෑ දඬුවැනි කලවා යේ දන උතු වාදම් දෙපය කොරා යේ
නැඹුරුව කොරලැති පයබකලා යේ කෙන්ඩ ඉදිමි සිටි පය බරවා යේ නිය පිරිත්ත ඇති පතුල් කුනා යේ මෙවැනි ලකුණු ඇති එකා යකා යේ
________
(295)
මන්ත්රී_ දේවිය දෙදරුන් සෙවීම
ඌරන් ගෝනුන් මේ වල නැද් දෝ රිළවුන් වඳුරන් ගවරුන් නැද් දෝ මා වැනි දරුවන් වැදු අය නැද් දෝ මට ඇති දරු දුක් තොපටත් නැද් දෝ
මිහිරිව හඬලන වල් කකුලාන නි තරකොට හඬලන ගම් කුකුලාන නි අතු අග හඬලන ඇටි කුකුලාන නි දරු දුක එක මෙන් කාටත් මවුව නි
කනකොක් විල් කකුළු ව නේ සුදු කොක් හා ගෙරි කොකු නේ කට්ටොලු කරවැල් කොකු නේ කුමරුන් දුටුවෙත්ද අ නේ
මේ වන කිඳුරු නේ පැන යන වඳුර නේ රග දෙන මොනරු නේ කිය මගෙ දරුව නේ
ගිරා පරෙයිය නේ පරවි කොවිල්ල නේ තාරා කපුටුව නේ කිය මගෙ දරුව නේ
ඌරන් දත් දිවියන් නේ ගෝනුන් මුව පැටවුන් නේ ලේනුන් වල් මීයන් නේ දෙදරුන් කොයි පවසන් නේ
(296)
ඌරු රැලිනි වනේ ඉත්තෑ මුග වනේ ගවර රැලිනි වනේ කිය මගෙ දරු වනේ
කොබෝ කුරුලු වනේ එබෝ සතුනි වනේ හබන් කුකුලු වනේ කිය මගෙ දරු වනේ ________
වාල් ඊල් පිරිවර සැවොම දුර ද මා වාල් උනෙම් මගෙ හිමි නමට කර පෙ මා ඊ ල් වන මෙමගෙ දරුවන් දෙදෙන ල මා හාල් දන්ඩනේ නුදුටුද තොපිත් ත මා _________
ජාතක කථා සැහැලි කොතෙකුත් ඇත්තේය. මේ අංශයේ කව්පොත් ලියැවී ඉවර නැත. තවමත් ජන කවියන් විසීන් ජාතික කථා කවියට නඟනු ලැබේ. එකම කථාව කිහිප දෙනෙකුන් විසින් තම තමාගේ සමත්කම් අනුව ගැමියන් ඉදිරියට පත්කරන්නෝය. මේ වා සියල්ලම ඉදිරියට පත්කරන්නෝය. මේවා සියල්ලම ගැන කථා කළත් විධුර ජාතකය ගැන සඳහන් නො කළහොත් ජාතක කථා සැහැලි මාලාව අසම්පූර්ණ ය. ජාතක කථා කාවියම්ද ක්රම ක්රජමයෙන් උගතුන්ගේ කෘති අනුගමය කරන තත්ත්වවයට පත්ව ඇත්තේ ය. බැලූ බැල්මට එය දියුණුවක් සේ පෙනෙතත් ඇත්නම්, එයට
(297)
විශෙෂමවූ ගුණාංගවලින් එය ඈත් වී සංකීර්ණයවීමය. මූලික සැහැලි කව්යර ලක්ෂෂණවලින් අනුනවූ ජාතක සැහැල්ල නම් විධුර ජාතකය ය. උගත් කවියන්ට නෑකම් කීමකට හෝ මවාගත් උගත්කම් පෙන්වීමට හෝ එහි උත්සාහයක් නොමැත්තේ ය. මුල සිටි අග දක්වාම ඇත්තේ ගැමි හැඟීම් ගැමි කටින් පිටවන අයුරුය . එහි ආරම්භය මෙසේය.
තොසන් වඩන බුදු බව ගන්ට ආ සැටී ව ස න් නොකර බණ පොත්වල ලිවූ සැටී අ ස න් කන් තමා දහමේ ගුනේ සැටී කි ය න් විදුර ජාතක කවි කරපු සැටී
නාග රජ්ජුරුවන් ගේ බිසව හොර ලෙඩ ගත්තීය. අසනීපය දොළදුකක් බව ඇය සැමියාට කියන්නීය. එවිට ඇතිවූ කථොප කථනය මෙසේය.
ද න වා පපුව නුඹ ගැන නාග දේවියේ දෙ න වා කියන් කීදේ සපය දේවියේ ය න වා කියන් කීදේ සපය දේවියේ මොනවා කන්ට සිතුනද නාග දේවියේ
පින් ඇ ති ඔබට මගෙ දොළ පහ කළෝ ති න මන් නැති මෙකිදේ නැත්නම් මම නසි න තු න් සි ත පහදවා කුරුරට බණ කියා න ප න් ඩි ත යින්ගේ හදවත කන්නට සිතු න
මෙය නා රජ්ජුරුවන්ට කිසි ලෙසකින් වත් නො කළ හැකි දෙයකි. ඔහු බිසව ගේ දොළ සංසිඳවනු නො හැකිව මහත් කනස්සල්ලෙන්
(298)
පසුවෙයි. ඔවුන් ගේ දුවනිය එරන්දතී පණ්ඩිත යන්ගේ හදවත ගෙනැත් දෙන එකෙකු සමග සරණ බවට පොරොන්දු වන්නීය. පූර්ණ ක නම් යක්ෂඑයෙක් ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ මෙසේය.
විඤ්ඤා නේ බැළුවා කළදේ මොක ද යඤ්ඤා බලන්නට කුරු රටට මම අ ද දෙඤ්ඤා ගොසින් නුඹ යන්නේ කොතනක ද දෙඤ්ඤා හදය වස්තුව සරණ සත්ත ද
විධුර පණ්ඩිතයෝ අයිති කුරුරට රජ්ජුරුවන්ටය. රජු ප්රේසිඬ සූදුකාරයෙකි. ඔහු තම රට ඔට්ටුවට තබා පූර්ණඩක සමග දූ කෙළියි තමා ආ කරුණ පූර්ණික රජුට දන්වන්නේ මෙසේය:-
සූ දූ කෙළිය මේ මුළු ලොව පැතිරය තී වාදු කමට එන අය පැරදීලාය තී සාදු ලෙසින් අසූ උනිනම් වැඩ කර තී සූදු කෙළින්නට මම ආමි නරප තී
රජ පැරදුනේ ය. බලවත් අකැමැත්තෙන් පූර්ණූකට පණ්ඩිතයන් දීමට සිදුවිය.
දෙන්න සමග දූ කෙළලා වේච්ච එ ක දු න් න මගේ රට ගන්නට නැති ය දූ ක දෙන්න මතුවටත් උපදිමු නුවර ක ඇන්න ඉතින් පල පණ්ඩිත මානව ක
හදවත ගැනීම සඳහා විදුර පණ්ඩිතයන් මැරීමට යක්ෂූයා නොකළ දෙයක් නැත . ඔහු මහත් වේගයෙන් අසූ පැන්න වූයේ ය. යොදුනක්
(299)
අහසට පණ්ඩිතයන් විසී කෙළේ ය. දෙකකුලීන් ගෙන ගලේ ගැසුවේ ය. මේ කිසිවකින් පණ්ඩිතයන්ට හානියක් නොසිදු විය. අවශානයේදී උන් වහන්සේ සිය කැමැත්තෙන්ම හදවත දීමට එකග විය. එවිට පූර්ණවක මෙසේ කියයි.
වැද වැටිලා කියමින් මානවක අ නේ සිත වෙව්ලා සිටි තැන දෙරණ උණු උ නේ මට නුමුලා හිර ගන්නට ගොසින් අ නේ බණ අසලා බය උනි හාමුදුරුව නේ
නාරජ දේවියට, එනම් විමලාවට, උවමනා වුනේ හදවත මස් කෑමට නොව පණ්ඩිතයන් ගෙන් බණ ඇසීමට ය. එය සිතූ සේ ඉටුවුන සැටි කියැෙවන්නේ මෙසේ ය.
අසලා බණ සත් දවසක් සිත සතු ට විමලා දේවි සහ රජ කි පෙර ලෙස ට දී ලා උන් බාරේ මානවකය ට ඇරලා පණ්ඩිත අද කුරු රට ට
සන්න ගැටපද ලිවීමකට හෝ සංස්කරණයක් කිරීමට හෝ අසූනොවී විධුර ජාතකය මෙසේ පවත්නාතාක් කල් එය ගැමියන්ගේ ප්රිොයමනාප වස්තුවක් වශයෙන් පැවතීම නියතමය.
________