7 වෙනි පරිච්ඡේදයසංස්කරණය

ශ්‍රම සැහැලි

ඉතා පුරාතනයේදී සිටම ලංකාව කෘෂීකාර්මික රටකි. ලංකාව දියුණු කිරීම නම් කෘෂිකාර්මය දියුණු කිරීම යැයි පැරණි රජවරුන් විසින් සැළකූ බව පෙනේ. ඒ සඳහා එවකට නිපදවිය හැකිව තිබුණු සෑම ක්රූමයක්ම ඔව්හු නිපදවූයෝ ය. වතර්මාරනයෙහි මෙන් නොව වුවමනාකම් සීමා සහිතව තුබූ එකල ජනතාවගේ ඕනෑ එපාකම් සියල්ලම ගොවිතැනින්ම සලස්වා ගත හැකිවූ හෙයින් මහජනයා ද ගොවිකම අ‍ගේ කොට, එහි සාදරෙයන්ම යෙදුනෝ ය. ඔව්හු එයට කොතරම් නම් ප්රි,ය කළෝ ද යත්, ගොවි තැන් පිළිබඳ සෑම අවස්ථාවක්ම මංගල සිරියෙන්ම සාමුහිකව පැවැත්වූවෝ ය. මේ හැම අවස්ථාවකදීම ප්රීංතිය දියුණු කිරීම සඳහා ඔව්හු කවියම ද උපයෝගී කර ගත්හ. මහා පණ්ඩිත කම්වලට නෑකම් කීමට නො වෙහෙසන මේ ගීත සියල්ලම සාමාන්යහ ජනයා විසින්ම සාදා ගන්නා ලදී.

එහෙයින් ඒවා සරලතාවයෙන් මෙන්ම සුන්දර බවෙන් ද අනූන ය.

විවිධ වෘත්තයන්ගෙන් බැඳී ඇති “කෘෂිකාර්මික ගීත” ඒවාටම උචිත විශේෂ තාලයක් අනුව ගායනා කිරීමේ නියම ක්ර්මය පරම්පරාවට ජාතික දායාදයක් වශයෙන් පැවැතැවිත් තිබේ.


(197)

සාමාන්ය් වශයෙන් මේ කව් ගීත ගායනය තනු තුනක් අනුව සිදු වන්නේ ය. ඕස නමින් හැඳින්වෙන මේ රාග දික් ඕසය, නෙළුම් ඕසය, කොට ඕසය වශයෙන් ව්යශවහාර වේ. සෑම යති පදයක්ම ලෙලවමින් ස්වර ආලාප වෙන් කොට නඟමින් ගැයෙනුයේ දික් ඕසයය, මැදුම් තරමින් ලෙලවීම් ඇත්තේ නෙළුම් ඕසය ය. ලෙලවීම ඉතා ම මදව ඇත්තේ කෙටි ඕසය ය.

මේ ගීතයන් ගෙන් බොහොමයක්ම කාන්තා වන් ගේ පරවෙණිය බවට පත්ව ඇත. සිංහල කාන්තාවන් ගේ ගීත රුචිය පිළිබඳව පැරණි සාහිත්යව ග්රොන්ථ කරුණු ඉදිරිපත් කරණුයේ ගොවි ලියන් පිහිට කොටගෙනය. කුඹුරු ගොවි තැනෙහි මෙන්ම හේන් ගොවිතැනෙහිද ගොවියෝ යෙදුනෝ ය. හේන් ගොවි තැනෙහි ප්ර්ධානම ස්ථානය ගන්නා ලද්දේ කුරහන් ය. එසෙයින් කුරහන් නිසාද විවිධ විචිත්රග කාවියම් ඇතිවී තිබේ. පොදුවේ ඒ සියල්ලටම කුරහන් කවියයි කියනු ලැබේ. කෙත් රකින කාන්තාවෝ තරඟවයට ගී කී බවක් පරෙවි සන්දේශය කියන්නේ මෙසේ ය.

ලි ය න් කියන ගී පිළීමල් කඩින් කඩි න් ස සි න් සැදුණු වෙල් යායක මඩින් ගොඩි න් ක මි න් ගොදුරු බැස මුංවතු බඩින් බඩි න් සෙමෙන් සිටම සති මාවේ කඩින් වඩි න්

දැනුදු ගෙවිලියන් අතර කඩින් කඩ, පැදියෙන් පැදිය ගී කීම පවත්නේ ය. අරු කිහිපයක් ඇති ගොයම් හෝ කුරක්කන් කයි වලදී



(198)

තරඟ ගී කීම් සුලභ වන්නේ ය. ශ්රයම සැහැලි වලින් මුල්තැනම ගොවිකම් සැහැලි වලට ලැබිය යුතුය. ස්ත්රී පුරුෂ දෙපක්‍ලියම සඳහා කන්කලු සරල ගීත මහා රාශියක් එහි ලැබෙන හෙයිනි. පහත පළවන්නේ ඒ ඒ අවස්ථාවන්හි භාවිත වන ගොවි සැහැලි කිහිපයකි.

පුර වැඩුම1

බල ගල කන්දෙහි මවට කපා තනා එම විගස ට මුල් බිජු වපුරයි හනිකට සතර වරම් දෙවි සිහි‍කො ට සතර කරේ වැට බැඳුමට ගොයි හැම දෙන ආපු එවි ට පළමුව සිටි මුල් ගොයියට දෙවි පිහිටයි පුර වැඩුම ට ගෙණාගලේ පුර වැඩුමට දහසක් රජවරු වැඩ සි ට මහසක්වළ හිම මැදිකොට වැඩ කෙරු‍වෝ හැම දෙන සි ට මුල් ගොවියා ගුරු පඬුරට සදමින් කිරි මුහුදින් එවි ට කිරි මවු දහසක් එමවිට ‍ෙගන්නා දුන්නේ විගස ට



1. ගම්බද ගීත විචාරා - පණ්ඩිත දුම්බර ධම්මවජ ස්වාමි


(199)

එකෙන් දහක් වැඩි වේවා මගින් මගට වැසි වේ වා කිසි විදුරක් නොමවේවා - සරිකර දෙවියෝ දේ වා මුල් බිජු මේ වපුරන්ටයි -

                               කල් නොගොසින් උඩ එන්ට	යි 

පඳුරුලලා සැපදෙන්ටයි - බාරයි කෙත දෙවියන්ට යි සුද්ද ඇතතුව බිජු ඉසිතා - සද්ද කපුටු බලු නව තා හාපුරා පුරා කිය තා - එවෙලා වේදී නැක තා ඉන්පසු සුදු වැලි ඇරගණ - නව ගුණයන් ගෙන් මතුර න කෙතවට කර ඉස මතුරණ - ගොප්පත අරකට බඳිමි න පළමුව බිජු ඉස්ස තැනා - හබරල පැලයක් අමු නා එක වාගේ වැඩෙන මෙනා - අදිස්ටාන කරණු මැ නා

ගොයම් උපතින් කවි කිහිපයක්

අ ලං කාර කෙත සැදුවේ රජව ර ස යං ජාත රත් ඇල්ගෙන ගොඩ ක ර සු දං දිවිය පුයෙක් වැනි හැමව ර ගොයං හැණුන හැටි අසනුය විස්ත ර



(200)

ඉ න් එක දවසට අඳුරක් සේම යි පෙන් කෙළ දියයට පැළ මතුවීම යි ව න් පැළ මුතුවැට සේම දිලේම යි තු න් දවසට රන් ඉදිකුටු සේම යි

නැඟු ණේ කොළ පෙත්තයි දිය මතු පි ට පෙණුණේ නිල් පාටින් එක තරම ට වරු ණේ බැරි නිම කරන්ට ඈත ට බෙ දු ණේ කොළ ඉති දෙක තුන් දවස ‍ට

තු ණ ක් ඇදුණි කොළපෙති ජල මත් තේ ම ද ක් පමණ වෙන කොට පස් පෙත් තේ ද ණ ක් පමණ වෙනකොට සිව් පෙත් තේ ස ය ක් ඇදුණි කොළ බොරු නැත සත් තේ

ඇ දු ණි සතක් කොළ පෙති අග තුඩු දී පොරණි සුනිල් තන පත් ලෙස නද දී ඇ දු නි ය පුරුකක් ඒ නිසි කල දී පි පි ණි ගොයම් මල් නව පෙත්තේ දී

ත ඹු රු පුබුදු මල් සුවඳයි හැම වි ට බ ඹ රු ඇවිත් රොන් ගෙනියති උදය ට ම දු රු කිඳුරු නදවෙති තද වාතෙ ට නැ ඹු රු වෙලා ඉති ගෝමර තරම ට

ඇ සී නාද බමරුගෙ හඬ ලී ලා පැ සී ගොයම් පත් කිරට නැමී ලා ගැ සී සුළං වාතටෙ ඉති’ නැමි ලා පැ සී ගොයම් කෙත සුර පුර ලී ලා


(201)

කුරුල්ලන් එලවීම

අයියගෙ හේනේ වයිය කුරුල්ලා හෝ හෝ හෝ

පොල් අත්තක ඉද කවුඩෙක් අඬන් නා උණුසුම් කැකැරි දැක මේ කර කියන් නා කැකිරි කන්ඩ කව්ඩා මිණී බඳින් නා චයියා, හෝ, හෝ, චයියෝ හෝ //

ගොයම් කරල් දැන් කිරට නැමෙන වා කුරුල්ලො ඇවිදින් කරල් කඩන වා තල්පිති පොල් ‍පිති ගලේ ගහන වා තෙයියා, හෝ, හෝ, හෝ, තෙයියෝ //

අයියගේ කුඹුරේ තෙයියෝ කන වා ගලපිට කොල්ලෝ බලා ඉන්න වා අයියා ඇවිදින් අපට තලන වා තෙයියා, හෝ, හෝ, තෙයියෝ හෝ ///


අයියෑ හේනේ මීයෝ කන්නං දෙයියෝ පිහිටෙන් කුඹුර රැකෙන්ටයි උසේ හෝ - යි උසේ හෝ - යි //

උදේ සිටන් එන ගොයම් කුරුල්ලෝ වදය විදින එලවන සැටි කොල්ලෝ දෙයියෝ පිහිටෙන් කුඹූර රැකෙන්ටයි උසෙ හෝ - යි - උසේ හෝයි ///



(202)

කුඹුර මැදින් පොඩි පැල්පොත සැදු වේ එහෙයිනි අව්වැසි පින්නේ මිදු වේ කුරුණට උනබෙර හඬ ඇසුවා වේ උසේ - හෝ - යි - උසේ - හෝ - යි

දුප්පත්කම සැද දෙන ඉවසා වා කුරුල්ලො තොපගෙන් වරද නොවේ වා දෙවි පිහිටෙන් කුඹුරට වැඩ වේ වා මේවර කුඹූරට කිරි ඉතිරේ වා


අඬහැර පෑම

තිසරණ සරණයි, බුදුන් දැකපන් මගෙ හුරතල් වී මෝ උඹ උවෝ උවෝ , උවෝ හතර වරන් දෙවියන් හට බාරයි මගෙ මීවස්සා, උඹ, උවෝ, උවෝ, උවෝ, උවෝ තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි, මගෙ වහු දරුවෝ, උවෝ, උවෝ, උවෝ, උවෝ කතරගම දෙවි රැකපන් මගෙ මී වස්සා උඹ, උවෝ, උවෝ, උවෝ, උවෝ

දෙවි පිහිටෙන් ඇදපන් කෝ මගෙ වහු දරුවෝ උඹ උවෝ, උවෝ, උවෝ, උවෝ, යි බුදුන් දැක නිවන් දැකපන් මගෙ එලවස්සා උඹ, උවෝ, උවෝ, උවෝ, උවෝ හෝ මුල්ලෙන් පලයන් මගෙ කිරි මීවෝ උඹ, උවෝ, උවෝ, උවෝ, උවෝ යි ඉරු ‍දෙවියන් ඉර මුදුනේ තව නැත පලයන් මගෙ මීවස්සා උඹ උවෝ, උවෝ යි



(203)

පින් අත්වෙයි උඹලට අප්පේ දුවෝ, හෝ, උවෝ, උවෝ, උවෝ, උවෝ උඹට පව් නැත මගෙ මට්ට වස්සා උඹ උවෝ, උවෝ, උවෝ, උවෝ ගොඩට යන්ට දැන් දැන් ලඟමයි උඹ, උවෝ, උවෝ, උවෝ, උවෝ දෙවි පිහිටයි මගෙ වහු පැටියෝ, උඹලට උවෝ, උවෝ, උවෝ, උවෝ

තිසරණ සරණයි උඹලට මගෙ වහු දරුවෝ උවෝ, උවෝ, උවෝ, උවෝ අපෙ බත්පත සලසා දෙන මගෙ කිරි දූවෝ, හෝ, හෝ, හෝ, මේ වෙල් යායට උඹේ පිහිටමයි වහු දරුවෝ, උවෝ, උවෝ, උවෝ යි දැන් වැඩ ඉවරයි ගෙදර යන්ට යන් මගෙ එල වස්සා උඹ උවෝ, උවෝ, උවෝ, හෝ, හෝ, හෝ

චෝ චෝ අප්පච්චියා - වෝ වෝ වෝ වෝ වෝ වෝ කිරිසුදු වල්ලි අප්පච්චියා වෝ වෝ වෝ වෝ වෝ වෝ කිපොහොර වහු දරුවා - වෝ වෝ වෝ වෝ වෝ වෝ බුදුන් දැක නිවන් දැකපන් මගෙ අප්පොච්චියා වෝ වෝ වෝ වෝ වෝ වෝ


(204)

පිට අහබඩමුල්ලෙන් පලයන් අප්පොච්චියා වෝ වෝ වෝ වෝ වෝ වෝ මේ අතුර ඉවර කර පලයන් අප්පොච්චියා වෝ වෝ වෝ වෝ වෝ වෝ මගෙ කිරි පැන්චා - වෝ වෝ වෝ වෝ වෝ වෝයි රබ්බඩ පොහොර වස්සා කිරි අම්මා කෙලින් අතුරෙ යමන්කෝ ඕ ඕ ඕ ඕ ඕ ඕ - පොඃ පොඃ පොඃ පොඃ පොඃ ඕ ඕ ඕ ඕ ඕ ඕ

කමත් හෑල්ල

බුඬා සරණයද බලේ ධම්මං සරණයද බලේ සංඝංසරණයද බලේ මෙතුන් සරණ කමත බලේ

මහගජතුන් බැන්ද තැ නේ කණුමුල් නොතිබෙයි එ තැ නේ සැම දෙවියෝ වැඩිය තැ නේ උවදුරු නොතිබෙයි එ තැ‍ නේ

දිය බඳිමින් නියර උස ට කිරි දී කිරි වදින කල ට කරල් නැමී නැගෙන ඉර ට ගොයම් පැසී තිබෙන කල ට




(205)

කමතක් සැහැ කවය ලෙස ට කැටකර කැටකඳු එක්කො ට වටටම වට මලු එක්කො ට කමත සුද්දකර විගස ට

දවට පිළිල හරිකරග න දෙහි පිළිල හරි කරග න න‍ුග පිළිල හරිකරග න බුලත් පිළිල හරි කරග න

අරක් බෙල්ල හරි කරග න රබ්බඩ ගෙඩි හතක් රැගෙ න කදුරු කොළද හරි කරග න වරකා ගැටයක් ඇරග න

ඇත් ගෝරෙත් හරි කරග න ගොන් ගෝරෙත් හරි කරග න මුව ගෝරෙත් හරිකරග න ගෝර හතම හරි කරග න

රත්න ජාති හැකි පමණි න මුතු ඇටයක් සුරැකිව ගෙ න පබළුන් සපයා ඇරගෙ න මෙකී සෑමදේ ඇරගෙ න

හරක් ගෙනත් කමත තුළ ට බාන් වැලක් රැගෙන අත ට ගල තාලා නිසි හැටිය ට දෙවියන් සිහි කරගන සි ට


(206)

ඉරිදෙවියෝ වැඩිය තැ නේ බොල් පිනි නොතිබෙයි එ තැ නේ සඳ දෙවියෝ වැඩිය තැ නේ කරුවල නොතිබෙයි එ තැ‍ නේ

වී සහ බිජු වපුළ කල ට ගිරා නිල්ල වෙත තරම ට දිය බඳිමින් නිසි තරම ට හීත් බණ්ඩි වෙන ගොයම ට

නැකැත් බලා ගොයම් ලි යා කමතට නිසි බිමක් සො යා නැකැත් බලා කමත ලි යා කමත වටට වැල් ඇද යා

කමත මැදින් අරක්වළ ක් ඒ මැද්දේ ගොන් කනුව ක් කණුවේ අග පුවක් මල ක් ගොන් කණුවට ගළ ඔටුව ක්

දොඩම් පිළිල හරි කර ග න ඉළුක් පිළිල හරි කර ග න ගොයම් පිළිල හරි කර ග න පිළිල හතම හරි කර ග න

මී ගෝරෙත් හරි කර ග න නයි ගෝරෙත් හරි කර ග න එළු ගෝරෙත් හරි කර ග න අස් ගෝරෙත් හරි කර ග න



(207)

රිදී රත්තරන් ඇරගෙ න තඹ පිත්තල සපයා ගෙ න ලෝකඩ වානේ ඇරගෙ න යකඩෙන් දෑකැත්තක් ගෙ න

නැකැත්බලා අරක් ති යා අරක් වළේ බැතක් ති යා ඊට උඩින් ගොයම් ති යා මෙකී ලෙසට නිවර දි යා

මුදුනේ යන ගොන් රජු නේ ඊළඟ යන වේරිය නේ කලාතයන නාම් බ නේ මඩව දමව් විගසකි නේ

ගොනු යන්නේ කඳු බොඩ ලූ ගලතන්නේ කළු වැළ ලූ පළදන්නේ මුතු පබ ලූ වළඳන්නේ කිරි මදු ලූ

ඉහල වෙලේ තියෙන බැ තා පහළ වෙලේ තියෙන බැ තා අටු කොටුවල තියෙන බැ තා ඇද පුරවන් මේ කම තා

අංදෙක රන් ගාව ඤ්ඤා කන්දෙක මේවරල ඤ්ඤා හුණරේ මුතු අමුන ඤ්ඤා මෙකි ලෙසට සරස ඤ්ඤා



(208)

බුදුන් වඩින වේලාව ට කිරි උතුරන වේලාව ට කොළ මඩවන වේලාව ට කමත පිරෙන වේලාව ට

මුදුනේ යන ගොන් රජු නේ කලාතෙ යන නාඹුව නේ

අංදෙක රන් ගාව ඤ්ඤයි නකුටේ මුතු අමුන ඤ්ඤයි

සමනල මහ වෙහෙර උස ට ගෙනැත් පුරව මේ කමත ට

කැළණිය මහ වෙහෙර උස ට ගෙනැත් පුරව මේ කමත ට

රන්වැලි මහ වෙහෙර උස ට ගෙනැත් පුරව මේ කමත ට

___________

පැරණි සිංහලයා ස්වයං පෝෂිත වූයේ ආහාර යෙන්ම පමණක් නොවේ. ඔහුට අවශ්යවවූ සෑම දෙයම පාහේ මේ රටේම නිපදවා ගන්නා ලදි. ඇතැම් කර්මාන්ත විශෙෂ කුලයන්ට හිමි වූ අතර ඔව්හු ඒවා හි විශෙෂඥයෝ වූහ. කොයි කර්මාන්තයටත් ඊටම ආවේනික වූ සැහැල්ලක්, ගීතයක් තුබූ බව පෙනේ. ගෘහ කර්මාන්ත දියුණුව පැවැති අවධිවල මේ ගීතයන්ද ජනප්රි යත්වය යෙන් බොහෝ සේ පැතිරී තිබූ නමුදු විලි වසා ගන්නා රෙද්දත්, බත උයන හැලි වලඳත්, පවා කරදිය වැලල්ලේ එකරෙන් ගෙන්වා ගැනීමට



(209)

පුරුදුවීමත් සමගම අපේ සංස්කෘතියේ අමූල්ය රත්නයන් වන මේ ගීතාවලියද අතුරු දහන්වී ගියේය. පහත දැක්වෙන්නේ ව්යා පාරික ශ්රනම කාවියම් කිහිපයකි.

___________

යකඩ තැලීම

(සැහැල්ලෙන් කොටසක්)

දුම්බර මහගෙට - ඇවිලු පන්ද ම කවුද නිවන්නේ - කිරි හැල යා

දීරෝ දීරෝ කවුදැයි කවුදැයි කතා කරන්නේ කන්දේ දුරයයි කතා කරන්නේ මන්දැයි ආවේ යකඩ තලන්නට මක්ක ගෙනාවේ හාල් කූර මල්ලයි - ලුණු කූර මල්ලයි හරි හරි දුල්ලා - මාගේ දුල්ලා මන්කන කෑමත් උන්දෑ දනිතෙයි මන් බොන බීමත් උන්දෑ දනිතෙයි කුනාගෙ යකඩත් මම්ම තලඤ්ඤයි කුනීගෙ යකඩත් මම්ම තලඤ්ඤයි උන්දැගෙ යකඩත් මම්ම තලඤ්ඤයි මම්ම තලඤ්ඤයි. _________


14


(210)

සක පෝරුවේ කවි

වමතින් ගුලි හැඩ දකුණින් මැටි අළු බඳුනට පයට තදකර ගනී තෙ යි පමණින් පමණට අල්ලෙන් තලමින් පමණට ලොකු කරලා ගනි තෙ යි මෙලෙසින් විතරට ලොකු කර තළලා ඔපලා අව්වේ වන තෙ යි වේලා පමණක් ලිය වැල් මල් වැල් මල්පෙති බඳුනේ වට අඳි තෙ යි

ඇ ඳ ලා වට ඉරිමල් පෙති කුකුළන් ගිරා පරෙයි සැළ ලිහිණි ය නු ත් බි ඳ ලා පත් බෝ පෙති වලුමල් ඉඳිමල් නාමල් ඕලු නෙළුම් ම ලු ත් ස ද ලා චන්රානෙළ සූරිය මණ්ඩල මකර තොරන් රණ හංස යි නු ත් නු මු ලා ඇත් අස් ගවමෘග සිංහ දිවි වග වලසුන් හා පොළොං රු ව ත්

පීනන තිසරුන් ඉගිලෙන ලිහිණින් රූබර කිඳුරන් මී බඹරු න් දාර පිඹුරු නෙක ගෝර සපුන් ඇති මෝර කැසුප් සහ රන මයුර න් මෝරන රනහස සේමා දිනෙන් දින ආරන තන ඇති කොමළ ලඳු න් නෑර මේරු සුරතල් ලම පැටියොත් බඳුන් වටේ කරලා එකල න්


(211)

නාරි ලතා වැල් ලිය වැල් වට ඇඳ සෝඩිය කුරු පිල්ලම් ඇඳ ලා ත්රියශුලම් මැද ඕං හ්රීං ස්වර ආරක්ෂාකවට පිහිටුව ලා මයුර නාග හංස උරගද ඈ සිව් පූට්ටු සිව් කොණ ඇඳ නිම ලා මණ්ඩල නව ග්රනහ රාශි දොළස සත් විසි නැකතුත් එහි පිහිටුව ලා

පා ට කදිම ගුරු මකුළු සොයා ගත උකු පමණට දිය කර ගනිතෙයි ඊ ට මාත්තුව තෙල් වලි දිලිසෙන පමණට මුහු කරලා ගනිතෙයි මී ට පසුව අව්වේ දමලා සොදටම වේලා ගනිතෙයි ඊට පසුව ගිනි පට්ටල ල‍ා අහුරා පළමු දිනේ දුන් වද දමතෙයි

දෙවනු දිනේ පමණක් දර දමලා පමණක් ගිනි දල්වා තබ තෙ යි තෙවනු දිනේ තරමට ගිනි කරලා පදමට එන්නට පාද ව තෙ යි ඊට පසුව ගිනි ඇදලා නිවලා නිවෙන්ඩ තුන් දින පසුකර තෙ යි සිව්වෙනි දින පට්ටල නිවුනා දැන බඳුන් එකින් එක ගෙන බා තෙ යි

_______



(212)

යමාන සැහැලි

අතක් කවිසි කවී සී යා කකුල කවිසි කවි සී යා

මෙ අත අඹයි යමා නා මෙපය අඹයි යමා නා හම්පාගයි යමා නා යහලට යයි යමා නා

බොරේ විදියි යමා නා බොර ගොඩලයි යමා නා මහ බඩ ගෙඩි යමා නා කන්දේයයි යමා නා

කන්දෙ නොයන්නයි කි වේ යහලට යන්නයි කී වේ හම් පාගන්නයි කී වේ යකඩ සදන්නයි කි වේ

කපු යන්තරේ කවි

රොද්දක් අන්න තත් අටවා තියා ග න පානක් අන්න කඩතෙල්ලා තියාග න රෙද්දක් අන්න මොට්ටැක්කිලි වසා ග න ගසති පුළුන් රන් ලිය දොර වසා ග න

කටින නුල් මිල වටිනා මිලදොද මා පදින ඔරුව බඳිනා රුවලක් සේ මා විඳිනා සැපට නොවිඳින සැපත බොහොසෙ මා ගුණ නැති ලියෝ ලුණු නැති මාලුව සේ මා


(213)

අසත් පුරුසකන් නොකියන් ඉඳ ඔත න රසත් කර උයාලා බත් මම දුන් න මෙසක් වලට අක් වැසී දෙවියෝ දුන් න වෙසක් මසට සුරතල් කපු උදුරන් න

රට සිට ගෙනා වලි විරිදු යන්ත රේ මෙරට තියෙන්නේ කපු කපන යන්ත රේ ගැරඬිට මතුලාට ඌ අහද මන්ත රේ දීලත් ල‍ඳේ නුඹ කපු කපන යන්ත‍ රේ

__________

ධීවර සැහැලි

ඕඩි හෙලෙයි හෙලෙයි ලාම් // හේල හෙලෙයි හෙලෙයි ලාම් //

දෙවියන්ගේ දෙවි පිහිට යි දැල් අදිනා හෝයි යා ඉපිල රෑන හෝයි යා

ඕඩි හෙලෙයි හෙලෙයි ලාම් // හේල හෙලෙයි හෙලෙයි ලාම් //

පණමෙ දෙකයි මා ලූ ගොඩ පණමයි යා ලූ

මං ආ‍වා හාමි නේ දොර ඇරපන් හාමි නේ මම නරකද හාමි නේ

ඕඩි හෙලෙයි හෙලෙයි ලාම් // හේල හෙලෙයි හෙලෙයි ලාම් //



(214)

හාමිනේට පරා මා ලූ ගමරාලට තෝර මා ලූ හේල හෙලෙයි හෙලෙයි ලාම් //

ඉස්සන් කූනිස්සන් - කටුවල්ලන් - හා, ගන්නෙ කවුද පරා මාලු ඕඩි හෙලෙයි හෙලෙයි ලාම් // ________


හේල හෙලයි යෝ // හේලයියෝ වලි - හේල හෙලෙයි යෝ //

පාන්දරින් නැගිට ලා බත් හැලියට ලංවෙ ලා

යොතේ තිඹිරි ගාග නේ ඔරුව දියත් කර ග නේ

හේලයියෝ වලි - හේ ලයි යෝ //

මාලු අයින යටි කරීන් ලීනි අයින උඩු කරීන්

මීගමුවේ ගෑනු දැල් අඳිනා සීරු

හේලයියෝ වලි - හේ ලයියෝ //

රතු හැට්ටා කාරියෝ

        උස් කොන්ඩා කාරියෝ

හේල හෙ‍ලයි යෝ // ‍ හේලයි යෝ වලි - හේල හෙලෙයි යෝ // _______



(215)

හොයි - හොයි //හෝයි /// හෝයියා හෝයිය මලේ හෝයියා // හෝයි ඇදපන් හෝයියා ගොඩ ගන්නට හෝයියා ‍හෝයියා / හෝයියා // හෝයියා /// හෝයියා ////

කොළඹ යවන මා ලු ඔහෙ අදපන් යා ලූ මඩියත් තද වී ලූ බරටම දැනුනී ලූ

අර පනිනව මා ලූ දැල මැද නැත පා ලූ යවතැකි තව ගා ලූ හොයි : ඇදපන් යා ලූ //

තෝරුද ලොකු මෝ රු දඟලති ලඟ පා රු ඇදපන් ලඟ මා රු නො‍දොඩම කයිවා රු

හුරුල්ලො කටුව ල්ලෝ තොන්ඩයො කාර ල්ලෝ බොල්ලො කෑර ල්ලෝ ඉන්නව ලොකු දැ ල්ලෝ

පැන්නොද කිරලා වෝ ලාග්ගො කාලා වෝ සූඩයො ජීලා වෝ ඉන්නවා කොඩුවා වෝ



(216)

පුලුන්නො පන්නා වෝ කලන්දො කට්ටා වෝ මරන්දො අයිරා වෝ නගරයො පොරකෑ වෝ

සූරයො කෙලවල් ලෝ බලයොද කදරල් ලෝ අලගොඩු හැඬැල් ලෝ මැද පෙරලෙති මුල් ලෝ

කූනිද තව ඉස් සෝ ලොකු ලොකු හල්මැස් සෝ පරව්ද කටු මස් සෝ දඟලත් ලෙස පිස් සෝ

අගුලුවො සාවාල යෝ කකුළුවො වව්වාල යෝ හුංගොද ලොකු සාල යෝ ඉන්නව තව කීලි යෝ

ගින්නටි හඳපා නෝ කෑහැකි සිරිමා නෝ හොයි ඇදපන් බෑ ණෝ // මණ්ඩඩි අත පා ණෝ

පුල්ලි අන්ජිලා වෝ මඩුවො කුම්බිලා වෝ මුරලු වෙංගනා වෝ මේ හැම ගොඩ ආ වෝ හොයි / හොයි // හෝයි ///



(217)

ජලී - ජාලි - ජාලි - ජාලි - ජාලෝ // අඩි ඒලවලෙයි - ඒවාලෙයි - ඒලවාලෙයි - යේලෝ //

හයිකර - දැල්කර // ඒ ලම්මා - ඒලවලේ - එලවලයා ඒලවලේ ඒලවාල - වල - ඒලවාලවල, ඒලයියා - එලාඩෝ - ඒලවයා - එලාඩෝ

ඩක්කුව - තල්ලුව // හයිකර - දැල්කර //

ජල - ජාලි - ජාලි - ජාලි - ජාලෝ හෝයියා - හෝයියා - හෝයියා //

ඕඩි - ඒල - ඒලෙයි - එලවලි - ඒලෙයි //

ඒලෝ ඊලෝ - ඊලෝ එලිඑලේ - ඊලෝ හෝවෙලමා - හලේ සත්තන්තෝනි - හලේ දෙවියන්නේ - හලේ දේවබලෙන් - හලේ මේගුණකඳ - හලේ දියටගන්ට - හලේ මේ පාරුව - හලේ මස් මඩියක් - හලේ අල්ලගන්ඩ - හලේ අපිහැමදෙන - හලේ කතාකරල - හලේ ඇල්ලු කඹේ - හලේ


(218)

බුරුල් නොකර - හලේ ඇල්ලුවොතින් - හලේ මහමෙරවත් - හලේ යන්ටබලයි - හලේ බලය බලයි - හලේ බල පඬුරයි - හලේ මගේ යාලු - හලේ මට මිතුරු - හලේ එක එලියට - හලේ දෙවෙලි නොකර - හලේ මේ මාරිය - හලේ ඉලන්දාරි - හලේ පිරිමින්නේ - හලේ මංදැයි තොල - හලේ වේලෙන්නේ - හලේ බුලුත් විටක් - හලේ කාපන්නේ - හලේ කාපු කටින් - හලේ සාදු කාර - හලේ දීපන්නේ - හලේ උඩහ ගෙදර - හලේ රං පොංචිට - හලේ ගෙනා බුලත් - හලේ පස් විස්සට - හලේ පහක් අඩුයි - හලේ හොරා දුටිමි - හලේ දැං නොකියමි - හලේ ගෙදර ගොහින් - හලේ අඹුට කියමි - හලේ

________



(219)

සන්තානා - බායි බායි මෑනියනේ - බායි බායි මීගමුවේ - බායි බායි කල්පිටියේ - බායි බායි පුත්තලමේ - බායි බායි ලුණු අලබේ - බායි බායි උප්පු වෙල්ලි - බායි බායි කුච්ච වෙල්ලි - බායි බායි මන්නාරම් - බායි බායි කරදිරියේ - බායි බායි අයිය මගේ - බායි බායි මූලි කොටා - බායි බායි ආලි මූදෙ - බායි බායි දිය බොනවා - බායි බායි මණ්ඩඩියා - බායි බායි ගොන්තඩියා - බායි බායි සාල දැලේ - බායි බායි මදු ලිහිලා - බායි බායි කොඩුව දැලේ - බායි බායි කුම්බලාවො - බායි බායි වට කරලා - බායි බායි හත් මඩියයි - බායි බායි ආදරියේ - බායි බායි පෙම්බරියේ - බායි බායි මෙහෙම දුකක් - බායි බායි දීල ගියේ - බායි බායි රත්තරනේ - බායි බායි දෙන්කො බස - බායි බායි



(220)

කුදිප්පාඩු - බායි බායි කොල්ලො වසයි - බායි බායි ගන්ට එපා - බායි බායි සෝකළයා - බායි බායි සෑමදාම - රාම බොන්ඩා __________


අම්බාව

හේලෝ - ඊලෝ හේලෝ - ඊලෝ // යේලියෙලෝ - යේලියෙලෝ හෝ වෙලමා යේලි යෙලෝ // අල්ලාපන් අල්ල උඩ කවලිලේ කාවත්තුම් පෙරිය වන්ද නායෙ නීට කට්ටලයෝ කට්ටම් පට්ටින් කඩියෙම් පට්ට නායෙතිත්ත අල්ල උඩ කාවලිලේ කාවත්තුමා



(221)

වාරාමිල් පෙරිය වන්ද යේලි යෙලෝ - යේලි යෙලෝ // හෝ වෙල මා යේලි යෙලෝ //

_______

කය වෙහෙසා කරන වැඩ කටයුතු වලදී මාන්සිය මග හැරීමට මෙන්ම කාන්සිය දුරුකර ලීමටද කව් ගී සැහැලි වලින් පැරැන්නන් ප්ර්යෝජන ගත්සැටි අපි දනිමු. ඇතැම් වෙළ හෙළඳාම් වලදීද ඔව්හු ගීතයත් ආශ්රමය කළ බව සිතිය හැකිය. වෙළඳ ද්ර්ව්ය්යේ, අගය, ගුණය, රසය, සාටෝපයෙන් කියැවෙන සරල මිහිරි ගී නිසා වෙළෙන්දා වෙත වඩ වඩාත් ගනු දෙනු කාරයෝ ඇදී ඒම ස්වභාවිකය. වර්තමානයෙහි මෙන් නොයෙක් ආකාරයේ දැන්වීම් මගින් වෙළඳ බඩු ගැන ප්රිචාරයන් කිරීමේ පහසු කම් නො තිබූ එකල මහා ජනයා බො‍හෝ සෙයින් රැස්වුන වෙළඳ පොළවල මේ ගී උද්යොඑගීමත් වෙළෙන්දන් විසින් භාවිතා නොකළා නොවිය හැකියි.

ගී සැහැලි වලින් ද්රලව්යවයන් වර්ණභනා කිරීම සමාජයේ සිත් ගන්නා ප්ර චාරක ක්රිගයාවක් වශයෙන් නවීන ව්යාණපාරිකයන් විසින්ද සළකන බව පෙනේ. වෙළඳ ගුවන් විදුලියෙන් මෙ බඳු ගී බොහෝ ගණනක් ප්රපචාරයට පත්විය.

වෙළඳ ගීත ගැන ද්රයවිඩ සාහිත්ය යේ බෙහෙවින්ම සදහන්ව තිබේ. එපමණක් නොව මේ දක්වාම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් වෙළඳ



(222)

ගී දැනුදු ව්යදවහාරයෙහි පවත්නා බව පෙනේ. යාපා පටුනෙහි ලුණු වෙළෙන්දියන් මිහිරි සැහැලි ගයමින් සිය වෙළඳාමෙහි යෙදුන බව ද්රාවිඩ වංශ කථාවන්හි1 සඳහන් වන්නේය. ඉතාමත් ප්රරකට ද්රඩවිඩ වෙළඳ ගීත නම් දීකරි ගීතය සහ වළළු ගීතයත්ය. අද ද මේවා භාවිතයෙහි පවත්නේය.

පහත දැක්වෙන්නේ දැනටද මඩකලපුවේ ගම්බද දීකිරි වෙළෙන්දියන් විසින් ගැයෙන2 දීකිරි සැහැල්ලෙහි සිංහල පරිවර්තනයෙකි.

		දීකිරි දීකිරි - තියෙනව‍ා දීකිරි 	

මිහිපිට මහිලාවති හොඳ දීකිරි

ඊයෙම දොවලා ඊයෙම උණු කළ

                                   බලන්න අම්මෙනි

මේවයි දීකිරි මගෙ බස නිබොරුයි බැලුවොත් තේරෙයි රෑ වෙන්නට පෙර යා ගන්නට ගම,

දීකිරි දීකිරි - තියෙනවා දීකිරි මිහිපිට මහිලාවෙනි හොඳ දීකිරි _____________________________________________ I. Ancient History of Jaffna 2. විද්වාන් පණ්ඩිත ඇප්. ඇක්ස්. සී නඩරාජා මහත්මයාගේ ද්රසවිඩ සැහැලි නොගයෙනි.



(223)

මෝරපු පැටියගෙ දෙනගෙන් ගත් කිරි හොඳ හැටි උණු කොට හින්දෙව් මේ කිරි, නැවුම් වළන් වල වක්කළ මේ කිරි විගහට අරගෙන ආ හොඳ දීකිරි

දීකිරි දීකිරි - තියෙනව දීකිරි මිහිපිට මහිලාවනි හොඳ දීකිරි

ඇඹුල් රහක් කිසි නොසිතන් තිබෙතැයි ගෙඩි නැගි කල මෙන් හිස මගෙ දෙදරයි මිල නම් අම්මෙනි හය පණමක් මයි රෑ වෙන්නට පෙර ගෙට යෑ යුතුමයි

දීකරි දීකිරි - තියෙන දීකිරි මිහිපිට මහිලාවනි හොඳ දීකිරි __________

පැරණි සිංහල වෙළඳ ගීත කිසිවක් දැන් සොයා ගැනීමට නො මැත. මේ වර්ගසයේ දැනට ලැබෙන එකම ප්රරසිඬ ගීය නම් බුලත් විටි කාරයාගේ සින්දුවයි.



(224)

ගිරා අන්ඩේ බදින ලද ‍ගෙජ්ජි පොකුරක් සොලවමින් එහි තාලයට ගැයෙන බුලත්විට සැහැල්ල නිසා බුලත් සැපීමේ පුරුද්දක් නොමැති අයවල්ද බුලත් විට දෙසට ඇදීයන්නේ ය. විශෙෂයෙන් ම ගම්බද පිංකම්පොළවල් වල බාල මහලු ඇඳුමකින් සැරසී, ගිරා මිණි ගෙඩි හඬවමින් බුලත් විට වරුණ මිහිරි හඬින් ගයන සාර බුලත් කාරයාය - ගැමි තරුණ තරුණියෝ ඔහුවෙත වඩාත් ඇලුම්කම් දක්වන්නෝ ය. නියම ප්රණමාණයට පහේ යොදන ලද ඔහුගේ සාර විටෙන් කටේ සුවඳවත් දෙතෙලේ රතත් ඇති කරනවා පමණක් ම නොව, ප්රේකමයේ පණිවුඩත් හුවමාරු කරදෙන්නේය.

වර්තාමාන නාගරික තරුණ තරුණියන් ගේ පෙම් මිහිරට චොකලට් පලුව දැන් හිමිකර ගත තිබෙන තැන් ආදියෙහදී අයිතිවූයේ බුලත් විටටය. ඉතා යහපත් ලෙස අවසාන වූ විසිතුරු රාජකීය ප්රේ්මබන්ධමනයක ආරම්භක සාදර හැඟීම් බුලත් විට ඔස්සේ ගමන් ගත් හැටි මහා වංස ටීකාව කියන්නේ මෙසේය.

1එකථුණ පාසදෙ ගව්කත්වෙ සස කාවාටස්ස අභිමුඛවඨානෙව තං උපෙච්චඨිතං ඤාතිං සා උම්මාද චිත්තා තං කාවාටා සිවු බට්ඨානං උපෙච්චඨිතං දීඝ ගාමිනිං දිස්වාන රත්ත චිත්තා තස්මිං කාරරාගෙන අල්ලීන චිත්තා කො එසොති දාසිකං 1. මහවංශ ටීකා 132 පිට


(225)

ආහ. (අවොචාති සම්බ‍ෙන්ධාත තතොසුත්වාන) තව මාතුලස්ස සුතො එස ගාමිනී කුමාරො තාම ඉති එවං වුත්ත සමන්නතරාව (දාසිං තත්ථනනියොජෙසිනි) තත්ථව දුතත්ත නො සාසන තාම්බුල පෙසනාදිසු එතස්ස සන්තිකා පටි සාසන ගන්ධන මාලාදි ආභරණාදි සුඛ ඒවං අඤ්ඤ සාසන භරණ පටි භරණ කතම්මසු දාසිං සමානි යොජයීති අ‍ෙත්ථ .”

“එක් ටැම් පහයේ කවුළුව ළඟට ගොස් සිටි තමා ගේ ඤාතිවූ දීඝගාමිනි කුමරු දැක ඇලුණු සිත් ඇත්තේ කාම ආසාවෙන් තෙත්වූ සිත් ඇත්තේ මොහු කවරෙක්දැයි දාසිය ගෙන් විචාළය. ඔබගේ මාමා ගේ පුත් ගැමුණු කුමරුයයි කීවායින් පසු, තමා ගේ ලියුම් බුලත් ආදිය යැවීමටද ඔහුගෙන් ලියුම් සුවඳ වර්ග හා මල් මාලා ආභරණ ආදීය ගෙන්වා ගැනීමටද, මෙසේ ඔවුනොවුන් ගේ ලියුම් ගෙන ඊමයාම පිණිස දාසිය යොදවා ගත්තේ ය.”

චොකලට යෙහි ඇත්තේ මිහිරි පමණක් ම ය. සාරවිටෙහි එසේ නොව, මිහිරත්, හැඟීමත් එක සේ ඇත්තේ ය. චොකලටය විසිතුරු කොළ කැබැල්ලකින් ඔතා තිබෙන බව ඇත්තය. එහෙත් එයට කරන ජප කිරීමක් නැති. සාරවිට එසේ නොව තොර තෝන්චියක් නොමැතිවම ජප කරනු ලබන්නේ ය. ජප ගීතයෙන් කියනු ලබන රස ගුණ කෙරෙහි තරුණ සිත් වඩාත් ඇදී යන්නේය. එ නිසා ගම්බද පිංකම් පළවල්වලදී



15


(226)

සෑම ගැමි තරුණයෙකු ගේ ම පාහේ කාසිවලට සාරවිටි මාරුවන්නේ ය. එයින් බොහොමයක්ම කැකිරි ඇට වැනි දත්වලින් සැපී නාදළුවන් තොල් රත් මල් පැහැ ගන්වන්නේ ය. එමතුද එහි රසයෙන් සසර තෙක් නොකඩවා දිගින් දිගට යන ප්රා ර්ථ නාවන්ද සිත් සතන්හි ලියැලැවෙන්නේ ය. බුලත් විටට මෙබඳු ආසිරියක් කිරීමේ ඉතා බලය ලබා දෙන්නේ සාරවිටි සැහැල්ල ය. ඒ මෙසේ ය. ____________

බුලත්විටි සැහැල්ල

කාලබ - ලන් - මගෙ // සාර බූ - ලත් - විට // නංගි ව - රෙන් - පොඩි මල්ලි ව - රෙන් - ලොකු අයියව - රෙන් - හොඳ අම්ම ව - රෙන් - වැඩි සල්ලි නො - වෙයි - තඹ සල්ලි දෙ - කයි - කට ස‍ුවඳක - රයි - දත් පණුවො නො- කයි - කන විදුලි කො - ටයි - හඬ මිහිරි ක - රයි - තරු ණන්න ගු - ණයි - ඩඩ ඩාඩ ඩ - ඩයි - සිරි සාර බු - ලත් - විට කාලබ - ලන් - මගෙ //

_____________



(227)

8 වෙනි පරිච්ඡේදයසංස්කරණය

තේරවිලි සැහැලි

සාමාන්ය ජනතාව අතර බෙහෙවින්ම ලැබෙන්නකි තේරවිලි සැහැලි. බැලූ බැල්මටම තේරවිලි හුදු විනෝදය සඳහාම සකස්කර ගත්තක් බව පෙනෙතුදු පැරන්නන් විසින් එය වෙනත් කරුණු සඳ හාද සාර්ථක ප්රපතිඵල ලැබෙන ලෙස ක්රිණයාවේ යොදා ලු බව කිව යුතුය. තමන් ඉගෙන ගන්නා විෂයයන් වෙහෙස කරත් අප්රි ය කරත් නොවනසේ හැදෑරීමට ශිෂ්ය යනට කටයුතු සැලැස් වීම අධ්යාකපනඥයන් ගේ යුතුකමය. ලාබාල දරුවන් සඳහා මෙය විශෙෂ සැලකිල්ලකින් කළ යුත්තක්මය. නවීන අධ්යා්පන විශෙෂඥයන් විසින් මොන්ටිසෝරි ආදී ක්ර.මයන් නිපදවා තිබෙන්නේ මේ සඳහාය. එහෙත් අභාග්යසයකට මෙන් මේ රටේ වැඩි ජනතාවකට ඒ ක්රඳමයන් ගෙන් ප්රඅයෝජන ගැනීමට තරම් වත්කම් විසින් පුළුවන් කමක් නොමැත.

බොහෝ ශිෂ්යකයන් විසින් ඉතාම අඩුවෙන් ඇළුම් කරණ විෂයයක් නම් ගණිතය ය. ඇතැම් පොඩිත්තෝ ගණිත පාඩමට බෙහෙවින් ම බිය වන්නෝ ය බිය නිසාම එයට අප්රිතයද කරන්නෝය. එහි ප්රතතිඵලය වන්නේ ඔවුනට ගණිත ඥානය ලබාගත නොහැකි වීමය. ගණිතයෙන් දුර්වල ශිෂ්යගයාට පඞ්ක්තියේ උසස් තැනක් නොලැබීම ස්වාභාවිකය. ගණිතය හොඳින්








(228)

හැදෑරීමට තර්කානුකූලව සිතීමේ පුරුද්දක් අවශ්යකයයි ගණිත විසාරදයන් විසින් කියනුයේ ගණිත විද්යාේවට මුල්වන්නේ තර්කී ශාස්ත්රනය නිසා විය හැකිය.

ගණිතයටත් වඩා තර්කිය ලපටියනට නුහුරුය . එබැවින් තර්කයත් එයින්ම ගණිතයත් ඔවුන්ට නිරායාසයෙන් ම පුහුනු කරවනු සඳ හා අපේ අධ්යා්පන විශෙෂඥයන් විසින් තේරවිලි සැහැලි නිපදවූ බව පෙනේ. රිත්මානුකූලව යෙදූ ව්යේවහාරයෙහි නිරතුරුවම එන සරලවු චාං පදයන් ගෙන් කුතුහලය අවුස්සන යමක් කියවිට ළදරු සිත එය කෙරේ වහ වහා දිවයන්නේ ය. නැවත නැවත එය ශබ්ද කිරීමෙන් කන පිනා යන්නේය. දවස දෙවේලේ දකින දේවල්වල අමුතු පුදුම ගතියක් කියැවෙන එය කෙරෙහි ඔහුගේ සිතිවිලි ක්රිේයාත්මක වන්නේ ය. එයින් අදහස් කරණ දෙය විසඳා ගැනීම සඳහා මනසෙහි නොයෙක් රූපයත් අඳිමින් තේරවිල්ලෙහි සඳහන් වන්න හා සමග සසඳා බලන්නේය. සම අසම තැන් විසඳන්නේය. නැවත නැවතත් සියුම් ලෙස පරීක්ෂා කරන්නේ ය. තොර තෝන්චියක් නැතිව දස අත දිවෙන සිතිවිලි එකම අරමුනෙහි රඳවා තබාගන්නේ ය. උත්තරය සඳහා තමා විසින් වරක් සොයා ගත් දෙය ගැන නැවත නැවතත් සිතා බලා එහි අඩු පාඩු දකිමින් එය අතහැර අනෙකක් ගැන විමසා බලන්නේ ය. මේ අයුරෙන් ලපටි සිත කෙළි දෙලෙන්ම ක්රිකයාත්මක වී තර්ක-









(229)

යෙහි හුරු පුරුදු වන්නේය. කලක් ගතවත්ම ගණිතයද ප්රිඅයජනක ක්රී ඩාවක් බවට පත් වන්නේ මේ අයුරිනි.

කුඩාවුන් අතර බොහෝ ප්රිචාරයට පත් වී තිබෙන තේරවිල්ලක් නම්:

“ගහක් උඩ ගෙඩිය ගෙඩිය උඩ ගහ” යන්නය. ලපටියාට ගසත් ගෙඩියත් අමුතුවෙන් අඳුන්වා දීමක් උවමනා නො කෙරේ. ඔහු ඒ දෙක හොඳටම දන්නේය. බැලූ බැලූ අතින් ඔහුට ඒවා දැක්ක හැකිය. එහෙත් ගස් උඩ ගෙඩි මිස ගෙඩි උඩ ගස් ඇතිබවක් ඔහු සීතාවත් නොමැත. ඇත්ත වශයෙන්ම මෙබඳු හාස්කමක් නොමැත්තේ නම් තේරවිල්ලක් ‍නො ගෙතෙනු නියත ය. තමා දැක පුරුදු සියළුම ගසුත් ගෙඩිත් සිත ඉදිරියෙහි දැන් ලපටියා මවා පා ගනිමින් හොඳ හැටි විමසා බලන්නේ ය. මේ විමසීමේදී නොයෙක් ගස් වලත් ගෙඩිවලත් නාමය හැඩය ප්රියෝජනය ආදී නො යෙක් දේ ඔහු සිතෙහි පිළිබිඹු වී ඒ පිළිබඳ දැනුම ඇඳුනුම තව තවත් අලුත් වන්නේය. මෙයින් ඔහුට නිරායාසයෙන්ම ලැබෙන්නේ ප්රනයෝජනවත් අධ්යා පනයකි.

සෑහෙන වේලාවක් ‍ගතකොටත් පිළිතුරු සොයා ගැනීමට ඔහු අපොහොසත් වුවහොත් තේරවිල්ල ඇසූ අය එහි තේරුම අන්නාසි ගෙඩිය බව කියා දෙදෙනාම එකසේ ප්රී තිවෙත්. මෙබඳුම








(230)

සුප්ර3සිඬ තේරවිල්ලකි කුරුල්ලන් ගණන එය එක එල්ලේම දරුවා ගණිත ලොවට නොදැනුවත්ම ගෙන යන්නෙකි. මෙබඳු තේරවිලි වලින් කිසිඳු ආයාසයක් නොමැතිවම කුඩාවුන ගණිතයෙහි දක්ෂගයන් කරණු ලැබේ. මේ තේරවිලි කොයිවාත් පාහේ සාමාන්යය ජනයා උදෙසා සාමාන්යබ අයවල් විසින්ම නිපදවනලද ඒවාය. නවීන අධ්යා පන විශෙෂඥයන්ගේ මොන්ටිසෝරි ක්රලම වලින් ලැබෙන දැනුමට නො දෙවෙනි වන අවබෝධයක් එයින් නොමිලේ ගම්බද දරුවනට ලැබෙන්නේ ය. එපමණක්ම නො ව ඔවුන් ගේ ඉමහත් විනෝදය පිනිසද ඒ වා පවත්නේය. කුරුළු ගණිත තේරවිල්ල මෙසේය:-

කුරුළු රෑනක් ඇවිත් අතුදෙකක වාඩිගති උඩ අත්තෙ කුරුල්ලෙක් පහත එකෙකුට දොඩා අපෙන් එක් කෙනෙක් තොපි වෙතට ආවොතින් අපි දෙගොල්ලම හරි හරියි තොපි එකෙක් මෙහෙ අවොත් අපි දෙගුණයක් වෙතියි අතු දෙකේ කුරුල්ලන් කීයදැයි කියන් දැන්









(231)


පහත දැක්වෙන්නේ තව ගණිත තේරවිල්ලකි.

රුපියල් තුණ සහ නවයද එකිනෙක වටිනා බණ පොතේ දෙවගයෙ කී රුපියල් එකකට පහ ගණනේ තව කන්කලු රසකව් පො‍ත් වගෙ කී රුපියල් පණසක් මිළදී ගත්තෙමි සියලුම පොත් එක්වුනොත් ස කී රුපියල් ගණනට සමනම් කිව මැන කොපමණ ගත්තෙමි වගිනෙකෙ කී

තර්කය ගණිතය පමණක්ම නො ව සත්වව විද්යා ව, උද්භිද විද්යාගව ආදී නොයෙක් විද්යාය ශිල්පයන් කෙරෙහි ගැමි සිත යොමු කරවීම සඳහාද තේරවිලි සැහැලි උපයෝගී කරගන තිබේ. ______

ළමා තේරවිලි

අත්තක් උඩ බුම්මා ගෙන කටු රෙද්දක් පෙරවා ගෙන හෙරලි ගෙඩිය”

රදා ගෙදර යන පාරේ ඩංගු ටුකුරු ගසක් ඇතේ මල් පුස්බයි ගෙඩි තිත්තයි නො තේරුවොත් ටොකු විස්සයි කඳුරු ගෙඩිය”




(232)

ගලක් පලා ගලක් දුටින් එගල පලා දියර දුටින් දියර පලා රිදී දුටින් “පොල් ගෙඩිය”

_______

උද්භිද විද්යානත්මක

ගසට නමකි ගස මැරුනම වෙන නම කී ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නම කී මදයට නමකි මද කනකොට වෙන නම කී මෙතුන් පෙද් තෝරාලා කියන් ස කී ගොයම් ගසේ සිට බත් ඇටය දක්වා”

වැල් වැල් දික් ඇ ති මල් මල් රුව ඇ ති රාජ වංස ඇ ති කෑවොත් පණ නැ ති “නියඟලා වැල”

_________

සත්ව_ විද්යා ත්මක

ටං ටං ගාන්න තෝරා එවාපන් ටිං ටිං ගාන්න තෝරා එවාපන් මග වැලි පිසින්නා තෝරා එවාපන් දෙගම්බඩ රජා තෝරා එවාපන්

ටං ටං ගාන්නා ගෝනා නොවේ දෝ ටිං ටිං ගාන්නා ලේනා නොවේ දෝ මග වැලි පිසින්නා කුකුළා නොවේ දෝ දෙගම්බඩ රාජා කිඹුලා නොවේ දෝ



(233)

ඛනිජ විද්යාිත්මක

වනන්තරේ ගල් උනු වෙනවා හේ මා ගමේ කම්මලේ මිටියේ වැඩ හේ මා මඩ බොර දියේ පණ රැක ගත්තා හේ මා මෙතුන් පදේ කීවේ ගිරයට හේ මා _________

පද පෙරළී තේරවිලි ළදරුවා ගේ භාෂා රුචිය වැඩි කරණු සඳහා සාර්ථක ලෙස ක්රිුයාවේ යොදවනු ලැබේ. ඒ වා තුන් තේරවිලි නමින්ද හැදින් වෙන්නේය.

නුහුරු බිඩං ගෙ - නුහුරු නම් වමය - බිඩංගෙ නම් පිත්තය වම්පිත්ත - පිංවත්ත.

නුහුරු බිඩන්ගෙ සිට මම එන කල ට රොඩු පලමක් සරිලිය මගෙ ඉස්සර ට දැරැහැ තැටිය ගන්නට මිල ඇසූ වි ට ඔන්ඩු මුකේ දීලා ගන්ඩ කිව් ම ‍ට __________

නොපිට තේරවිලි

කුලි වැකලත් ‍මොන රනරත් කලක වෙ තේ හාමිරකෙක් වට කොලිගෙන් ඉඩ මහි තේ ගොටලු බැනෙක් මාරතයෙන් දුන පැව තේ වූකි නනත් ගොල තයියා නොන තක තේ


__________




(234)

අත්දුටු ඖෂධ යෝගාදිය පහසුවෙන් මතක තබා ගැනීමටත්, අන්යවයන් සතු නොවී ස්වකීයයන් අතරම පවත්වා ගැනීමටත් තේරවිලි සහාය කරගන තිබේ. මේ තේරවිලි බෙහෙත් සැහැලි ඉතාම සරල ය. හාස්යේ ජනක හෝ විෂ්මය උපදවන හෝ එසේත් එය හුදු කෙළි කවකට වෙනස් වන්නේ නොවේ. එහෙත් එහි පද පෙරළී හැර සකස් කර ගත්විට මහා බල සම්පන්න හස්තසාර ඖෂධ යෝගයක් ඉදිරිපත් වන්නේය. මේ ක්රසමයෙන් වෛද්යරකර්මසය ගැන කිසිද දැනීමක් නැතියෙකුට පවා රෝග හඳුනා ගැනීමටත්, සුදුසු පිළියම යෙදීමටත් පුළුවන් කමක් තුබූ බව පෙනේ.

මේ රටේ අමිශ්ර සිංහල වෙදකමේ හෙවත් වට්ටෝරු වෛද්යේක්ර‍මයේ උසස්ම තැනක් ගන්නකි තේරවිලි බෙහෙත් කවි අපේ ඇතැම් විෂ්මය ජනක ඖෂධ යෝගයන් මේ දක්වා ආරක්ෂා වී තිබෙන්නේ මේ කවි සැහැලි නිසා බව කිව යුතුය. බොහෝ ප්රෂදේශවල කවිය පමණක් ම රැකී අර්ථය වියැකී ගොස් තිබේ. එයින් පැහැදිලි වන්නේ සාමාන්යව ජනතාවට පැල් කවි, කරත්ත කවි ආදී වශයෙන් එද‍ිනෙදා වෘත්තින්හි පවා යොදා ගැනීමට තරම් මේ කවි පිටස්තර වශයෙන් අහිංසක විනෝදයක් ගෙන දෙන පරිදි බැඳී ඇති බවය. ගැඹුරු දේවල් ගැන ලිහිල්සේ ලිවිය නොහැකි










(235)

මහා පණ්ඩිතයන්ට අපේ ජන කවින් ගේ අහලකටවත් ලඟා නොවිය හැකි බවට මෙය හොඳ නිදර්ශනයකි. එපමණක්ම නොවේ. උගත් කවීන් ගේ ග්ර න්ථාගත පද්යියම සිංහල පද්යව සාහිත්යගයයයි ගෙන හිතුවක්කාර ලෙස නොයෙක් අඩුපාඩු දක්වන ස්වයං ආරෝපිත විනිශ්චය බුඬියකින් අසාධාරන විවේචනයන් කරණ අපේ ඊනියා විවේචකයන්ටද මෙයින් වැදෙනුයේ දෝංකාර නංවන කම්මුල් පහරකි.

පහත දැක්වෙන්නේ වෙද තේරවිලි කවකි:-

“අනේ දෙවියනේ මට මතක නැති කො ට වනේ ලා කොටා වේලා ගෙන සොඳ ට තනේ මවුන්නේ කිරි සමග එක්කො ට කනේ වක්කරන් තද බඩ රුදාව ට”

මෙයින් කියැවෙන්නේ පුදුම හාස්කමක් ඇති බෙහෙතක් ගැනය. ඉවසිය නොහෙන කුස රුජාවකින් මිදී ස‍ුවය ලබනු සඳහා බඩට කිසිද බෙහෙතක් නොගෙන කනට බෙහෙත් ඉස්ම බින්දු කීපයක් වැක්කිරීමේ අපූර්වෙ වෙදකමකි. එහෙත් ප්රීතීක‍ාරයෙන් එක් කොටසක් අමතක වී ගොස් ය. තන කිරිත් සමඟ එක්කොට කනේ වත්කළ යුතු ය යන කොටසම පමණෙක මතකේ රැඳී තිබෙනුයේ. එයට යොදන අනික් අවුසද වර්ගය වනේලා කොටා සොඳට වේලාගත යුතු බවත් මතකයේ තිබේ. එහෙත් කවර ප්රේයෝජනයක්ද? අවුසදය අමතක කල්හි එය සකස් කරන පිළිවෙල පමණක් දැන ගැනීමෙන්








(236)

කවර නම් පිරිමැස්මෙක් ද? මේ අවැඩදායක අමතකවීම ගැන කවියා දුක් වන්නේ ය. “අනේ දෙවියනේ” යි විලාප නඟා වැලපී දුක් වන්නේය. කෙතරම් නම් අවාසනාවක් ද? මෙබඳු දිව්ය ඖෂධයෝගයක් නැතිවී යෑම කවර තරමේ අභාග්යනයක්ද?

මේ කවිය කියවත්ම, අසත්ම, කවරකු ගේ හෝ සිතෙහි පහළවන අදහස් සමූහය මෙබදුවිය හැකිය එහෙත් කවියා “අනේ දෙවියනේ මට මතක නැතිකොට” යනුවෙන් කියන්නේ අමතක වීම මනුෂ්යේස්වභාවය නිසා එයින් ජය ගැනීමට ඔහු ක්රනමයක් යොදා ගත් බවය. එනම් ලෙහෙසියෙන් වන පොත් කරගැනිම සඳහාත් එසේම නිරන්තරයෙන් මතකේ තබාගැනීම සඳහාත් ඔහු තම ඖෂධ යෝගය කවියට නගාගත් බවය. ඒ එසේ නමුදු සිය මාහැගි බෙහෙද දිගා දීප්පනේ නොයෑම සඳහා වග බලා ගැනීමේ අදහසින් හේ තෙමේ සුළු පද ගැටයක් ද ගැසුවේය. “වේලා ගෙන” යන්න ඉතා අහිංසක ලෙස කවි පදයෙහි මැදට යොදා නිසොල්මන් වූ ඔහු එහි පැටලී සිහි මුළාවන්නවුන් දැක විනෝද වූවාද නිසැකය. “වේලා ගෙන” යන්නෙන් දෙන නියම අදහස නම් “වියලා ගෙන” නොව ‍ “වේලා” නමින් දන්නා බෙහෙත් පැලෑටිය රැගෙන යනු යි. මෙසේ ගත් කළ ඖෂධ යෝගය සර්ව සම්පූර්ණෙ වන්නේය.










(237)

ශ්ලේශාර්ථකවත් බෙහෙත් සැහැලිද ඇත්තේ ය. එක් තේරුමකින් සාමාන්ය් ගෘහ සිද්ධියක් පවසා සමාජය කිතිකවමින් සිත පිනවා අනිත් තේරුමෙන් සමාජ දේහය පිනවන බලවත් ඖෂධ යෝග දැක්වීම එහි සිරිත ය.

එබඳු තේරවිලි කවි කිහිපයක් මෙසේ ය.

කුට මත නාගරා අඹු සොඳ කටකා රී අට ඹු ගෙනා සිටි අඹු එකෙකුට බේ රී සිටි අඹු කනා සුණුලා සිව්දින නැ රී අට වන ජොරා බැට කාගෙන යයි බේ රී

_______

බලා වද කරණ කොල්ලෝ උන් මුල් ලූ බර බැඳ තලා අට වතුරේ දමා පි ලූ සතෙක් බැස එකෙක් මදුලා පීනා ලූ සදුදා හයට පුප්පන රදවත් නේ ලූ

________

අගලේ පස් කොටා යතුරෙන් තම්බා ලා තුඹසේ පස්කොටා පිඩ එක් කර ගල් ලා ඇස නොපෙනන බෙහෙත් කුඩුලා දීපල් ලා අගල කපන අප්පුට ගුටි ඇන පල් ලා

________

මගුලේ යන්නන් දැක ලා කුඹුරේ මඩ කළල් ක ළා වැස්සට පැලයට සිට ලා පොළොන් විසට නස්න ක ළා ________





(238)

තේරවිලි සැහැලිවල ජනප්රිපය භාවය දුටු සමාජ ශොධක ආචාර්ය් වරු එය තවත් මගකින් ජනතාව ගේ ප්රුයෝජනය සඳහා උපයෝගී කර ගැනීමට සිතූ බව පෙනේ. බුඬාගමේ පරමාර්ථශ ධර්මය කොඨාශයන් සාමාන්යන ජනතාවට අවබොධ කිරීම එතරම් පසහු නො වීය. එහිලා උගන්වනවුනුත් ඉගෙන ගන්නාවුනුත් එකසේම වෙහෙසීමට පත්වූහ. බුඬ ධර්මවය තර්කයට න්යා යයට අනුරූප වන්නකි. සාමාන්යල ජනතාව තර්කාදිය සඳහා එබී බලනුයේ තේරවිලි මගිනි. ඒවායේ ඇති විනෝදාත්මක භාවය නිසා සැපසේ තර්කයෙන් තර්කය ගැටීමට, විවිධ කරුණු සසදා බලා තීරණයන්ට පැමිණීමට, ඔවුනට භාවිතය විසින් පුරුදුවී ඇත්තේය. එබැවින් ගැමියනට උසස් ධර්මම කාණ්ඩයන් තේරවිලි මගින් ප්රතගුණ කරවීමෙහිලා උත්සාහයක් දැරීමට බෞඬ ආචාය්ය්රවි වරු නොමැලිවූහ. ඒ බව දහතුන්වන සියවස, කියැවීම් ලෝකයට සදානුස්මරණීය කාල පරිච්ඡේදයක් බවට පත්කළ සාහිත්යි ධර්ම සේන ස්වාමින් වහන්සේ විසින් ම කියන සේක්වා:-

“සෙන ලෙස නොවියතුන් - වියතුන් හිස සල සලා සොයන්නෙන් අරුතු තෙපුල් සවන මිනො දහම් ගැට”

දහම් ගැටය නමින් පොතක් කිරීමෙහි අදහස් ඉහතකී ගීයෙන් එතුමානන් වහන්සේ වදාරන්නේ, අව්යසක්තයන්ට සිනාසීමේ විනෝදයත්, ව්යමක්ත








(239)

යන්ට හිස් ‍සොලව සොලව අර්ථහය සෙවීමේ ව්යා්යාමත් ලබා දීමය. ඇතැම්විට එයින් අවියත්හු සිනා සී විනෝදවූවා පමණක් නොව පහසු වූ ප්රි්යඞකර වූ තේරවිලි මාර්ගෝය ඔස්සේ වියත් බවෙන් ඔප් නැගුනු ධර්ම‍ධර භාවයට පැමිණියා ද විය හැකිය. එනිසාම දහසය වැනි සිය වස ශොභාමත්කළ, වීදාගම මාහිමියන් වහන්සේ ධර්මසසේන ස්වාමීන්ර්භ යන්ගේ කෘතිය ගුරු පොත වශයෙන් සළකමින් දහම් ගැට මාලය නමින් ඒ ගණයේම කාව්යවයක් කර වදාළේ. මෙබඳු කවිවිලට අපේ ජනතාව ගේ අති ප්රිමය මනාප භාවය නොසිඳී පවත්නා බවට සාක්ය්බඳ යක් නම් මේ විසි වැනි නිය වසේදීත් මේ කාව්යාංාශය ලියලමින් පැවතීමය. ___________

දහම් ගැට

මී‍ දෙන දමාපී - වස්සන් උනා පී අමුඩ ගලවාමී - දිව ගොස් ලොව උදා පී __________

දහම් ගැට මාලයෙන්

කන්දෙ ලියන නයිදේටයි කියන් නේ දිරණ ගෙවල් නුඹ කුමටද තනන් නේ ගෙයක් හැර ගෙයක් නොතනා ඉදින් නේ ගෙන් ගියදා ගේ ගිනිලති බොලන් නේ







(240)

කුරක්කන් පහක් වපුලයි බොලන් නේ හරක් නොකා උන්පිටමයි ගෙනෙන් නේ නරක් කම් නොවෙයි මේ ලොව සතුන් නේ කුරක් කම් පහෙන් හැලියක් බොලන් නේ __________

නවීන දහම්ගැට1

තල්ල, කිහිල්ල - දිරාමල කොක්කු කන්ඩ පනින්ඩ - ගියා හරි - හාවා කුප්පීනො - කැප්පූ - මිනිඅර - සුද්දෝ උන්ද ඉඳින් දන - යනෙනා අස්සේ

දරලී කම්බ - ගලපිට තනවා රට වරකා කන්ඩ - හනපලු දලවේ කන වී උන්ද - අර වස බබලා දුවන තරදකර - නහන අතරවර අගල පමණ ම හ - කරවල් කන්නා 1. මඩිහේ ශ්රීප සුමිත්රේ ධර්මබස්කන්ධාභිධාන ස්වාමින්ගේ වන්දවනා ගීත.


________







(241)

9 වෙනි පරිච්ඡේදයසංස්කරණය

උපදේශ සැහැලි

කාව්ය යෙන් ලැබිය හැකි අනුසස් කියන ආචාය්ය්්මබවරු, “මද නුවණැත්තවුන්ට පවා පහසුවෙන්ම ධර්මස, අර්ථර, කාම, මොක්ෂී ඵල ලාභය කාව්යතයයෙන්ම වන්නේය”යි ප්රචකාශ කොට තිබේ.1 මෙහි ධර්මද යන්නෙන් අදහස් කරන ලද්දේ මෙලෝ පරලෝ දෙක්හි වැඩ සාදා දෙන කියා මාර්ග යට ය. පරලෝ දෙක්හි වැඩ සාදා දෙන ක්රිතයා මාර්ගමයට ය. හෙවත් සමාජයෙහි පැවැතිය යුතු යහපත් හැසිරීමට ය.

කෙනෙකු‍ගේ හැසිරිම යහපත්වීමට ඔහු තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් මෙන්ම තමා පිට පැවරී ඇති වගකීම්ද වටහා ගත්තෙක් විය යුතුය. මේ සඳහා ඔහු විසින් රාජ නීති, ලෝක නීති, ධර්මග නීති ආදිය දැනගත යුතුමය. උගතුන් විසින් උගතුන් ගේ ම හිත සුව සඳහා, උගතුන්ටම විෂය වු භාෂා විලාශයකින් කව්පොත් ලියැවුන රටක සාමාන්යහ ජනතාවට කාව්යෂයයෙන් ලැබිය හැකි ඉහතකී මහාදාශීර්වාිදයත් නොලැබී රටේ පවත්නා තත්ත්වයය එයට හාත්පසින්ම වෙනස්වූවක් යැයි කියන්නට ලැබීම මහත්ම වාසනාවෙකි. නූගත් සමාජයක තිබිය පහත් හැගීම් හැසිරීම් වලින් බොහෝ දුරටම අපේ පොදු ජනතාව විනිර්මුක්තය. සමාජයක් කොටස් වශයෙන් 1. සාහිත්යො දර්ප්න.



16





(242)

බෙදා සළකා බලතහොත් ඊනියා උගත් උපරිම සමාජය තේරුම් නොගත්, නැතහොත් තේරුම් ගෙන නුමුත් ක්රිපයාවේ නොයොදවන යුතුකම්, වගකීම්, නූගත් යැයි කියනු ලබන දිළිඳු සමාජය දන්නේ ය. පිළිපදින්නේ ය. විශෙෂයෙන්ම කිසිදු අකුරු ශාස්ත්රකයක් නොදත් පිටිසර ගැමියන් අතර පවත්නා සමාජ ශොභාකර ධර්මුයන් අසලකටවත් කිට්ටු වීමට පුළුවන් කමක් සෙයිලමේ නොමැත.

නූගත් සමාජයට මේ උසස් ගුණ ධර්ම වගාව ඇතිවූයේ උගතුන් විසින් උගතුන් සඳහා ලියැවුන පත පොතින්යයි කීම මුසාවකි. උගත්තු ඔවුන් ගේ උගත්කමත්, විශිෂ්ට පද්යී සාහිත්ය යත් සමග ඔවුන්ටම සීමාවූ ලෝකයක විසුවෝ ය. බොහෝ විට ඔවුන් ජීවත්වූයේ අවුරුදු දහස් ගණනක පැරණි අජීව ලෝකයක ය. එදිනෙදා වෙනස්වන සජීව ලෝකය ඔව්හු නොදුටුවෝ ය. පැරණි මිථ්යාද දේව කථාදියෙහි එන අපූර්වත සිදුවීම් අකුරටම විශ්වාස කරණ ඔව්හු ක්රි්යාත්මක ලෝකයේ සත්යියන් දෙස බැලීමට මැලිවූවෝ ය. ඒ වියතුන් කෙරෙන් ඇතිවුන සෑම උගත් පරම්පරාවක්ම පැරණි අච්චුවේ වක්කළ එකම විදියේ රූකඩ විය.

උගත් සිංහල කවි පරපුරේ අවශානයා වන අලගියවන්නයෝ එනිසාය:-









(243)

“පහළ පොරණ ඉසිවර මුවෙනි මන න ද දෙමළ සකු මගද නොහසළ සතට ද ද පුවළ නීති සත ගත පද අරුත් ලෙ ද සිහළ බසින් සැකෙවින් කියම් පද බැ ඳ”

යනුවෙන් පැවසිමට නිර්භය වූයේ.

ඔහුගේ ඇඟීම වුයේ සාමාන්යව ජනතාව ගේ සිංහලය තබා උගතුන් ගේ විශිෂ්ට සිංහලයවත් ලෝක නීති ධර්මේ නිති ආදිය උගන්වා ලීමට නොපොහොසත් බවය. පැරණි ඉසිවරයන් ගේ මුවින් පහළ, දෙමළය, සංස්කෘතය, මාගධිය නො උගත්තු මෝඩයෝයයි මේ මොහොට්ටාල නිගමනය කර තිබෙන්නේ ස්වකීය උගත්කම පැවත ආ අන්වයේ ඇඟීම් අනුව විය හැකිය. මෙයින්ද පෙනී යන්නේ මේ රටේ පණ්ඩිත මානී කව් පරපුර පොදු ජනතාව සඳහා පොත පත නො කළා පමණක් නොව, ඔවුන්ගේ නියම තත්ත්වවය ගැනද දැනීමක් නොමැතිව සිටි බවය.

ඇත්ත වශයෙන් ලෝක නීති, ධර්ම‍ නීති, ව්යිවහාර නීති ආදිය සිංහල ගැමියනට සහජ යෙන්ම පුරුදු වූ දේවල් ය.

එකම සඬර්මිරත්නාවලිය ඉදිරිපත් කරණ ප්රලස්ථාව පිරුළු ඒ පිළිබඳ ප්රයමාණවත් සාක්ෂිරයකි. මහා කවින්ගේ නීති උපදේශාදියෙත් පොදු ජනතාව ගේ ප්ර‍ස්ථාව පිරුළුවලත් වෙනසක් ඇති බව සැබෑව උගත්තු බොහෝ කොටම අද්භූතය ප්රි්යකළෝය. සාමාන්යෑ දෙය පවා අතිශයොක්ති- 2. සුභාෂිතය.







(244)

යෙන් අද්භූතයට නැගුවෝය. පොදු ජනතාව සෑම විටම ආශාකළේ යමක් ඇති ලෙසටම පැවසීමටය. නොහොත් යථාර්ථටවාදයට ය. මහ මේරුවටත් එහි සතර දිග පවත්නා නොයෙක් පැහැති සාගරයන්ටත් කිරි මුහුදටත් අත නො පෙවිය හැකි දුරින් පොදු ජනතාව හෝ ජන කවියන් හෝ සිටි තරමින් ඔවුන් මෝඩයන් යැයි පැවසීමට ඉක්මන් වීම අකාරුණික භාවයද ඉක්මවා යන්නක් බව කියයුතුය. කවිකාර කමත් සමගම උපන් ජන කවියන්ට කිසිදු විටක නින්දා අපහාස නොකිරීමෙන් ඔවුන් ගේ ලෝක නීති ධර්ම්නීති නිපුන තාවය පැහැදිලි වන්නේය. “පණ්ඩිතයාට ඒ දන්ඩේ යන්ට බැරියැයි” ගැමියා කීවේ පණ්ඩිත කමට කොලොප්පම් කිරීමකට නො ව එහි ඇති හරබර භාවය හැඟවීම සඳහා ය.

උගත් කවීන් නීති උපදේශාදිය පිටත්කර ගැනීම සඳහා ඉන්දියාකරයේ සෘෂින් සොයා වන වැදෙන අතර, ජන කවියා කළේ නිතර දෙවේලේ ඇහැට පෙණෙන දෙයින් තමා විසින් ම හෝ තම අසල් වැසියන් විසින් හෝ ලද අත්දැකීම් වලින් පාඩම් සකස් කර ගැනීමය. නීතිය, සමාජ ශාස්ත්රමය හා මනොවිද්යාගව ඔහු අවබෝධ කර ගන්නේ තමා අවට ඇති සමාජයේ ගති පැවතුම් වලිනි. එසේ වටහා ගත් දෙය අනිකෙකු ගේ හිත සුව සඳහා පැවසීමට ඔහු විච්චූරන උපමා අලංකාර සොයමින් නොවෙහෙසී තමාට හුරු පුරුදු චාන් බසින් ප්රරයෝජන ලබන්නේ .









(245)

මෙවැනි උපදේශ රාශියක් වෙන් වෙන්ව මෙන්ම පොත් වශයෙන්ද අපට ඇත්තේ ය. උපමා කැඩපත, උපමා කතුර, උපදේශ කාව්යඅය හා දනුමැති මාලය බොහෝ ප්ර චාරයට පත්වී ඇති උපදේශ සංග්ර,හයෝය.

විශිෂ්ටම උගතාගේ උසස්ම කෘතියෙන් පිටපත් පන්සියයක්වත් අලෙවි කර ගැනීමට අපහසු මේ රටේ දැනුමැති මාලය නැමති උපදේශ කාව්යිය 1950 දී දහතුන් වෙනි වරටද මුද්රැණය කොට තිබේ. එක් වරකට මින් පිටපත් දහස් ගණනක් මුද්රවණය වනබව දැනගන්නට ලැබුනි. පොදු ජනතාව ගේ කියවීම් රුචියටත් සුදුසු ලිහිල් පොතපත ගැන පීඩිත සමාජය දක්වන උනන්දුවටත් තවත් නිදසුන් අවශ්ය් වන්නේ නොවේ. __________


උපදේශ කව් සැහැලි

මල් පිපුනත් ගති නෑරෙයි කොසඹ රු කේ සිල් ගත්තත් බළලුට බයලු මූසි කේ කල් තිබුනත් බලු වලිගේ උන පුරු කේ සොල්පයකුත් ඇද යන්නේ නැත ඒ කේ

ඌරා මඩ කළත් ඌ වපුල බිජු නැ තී බළලා කපු කටී ඌ වියන රෙදි නැ තී මීයා ලී කපයි ඌ සඳන බඩු නැ තී නරියා සිංහ වෙස් ගත් පසුව රැව ටෙ තී







(246)

ගුණ දොස් දැක්ම හිත ඇති පැත්තට වේ ලූ හැම දුක් නිවෙන්නේ නිවනට ගිය දා ලූ බිම සක් දුවන්නේ සකි උප දෙසකට ලූ කණකොක් සුද පෙනෙන්නේ ඉගිලුන විට ලූ _______

	අනුන්ට අදිනා	 උගු	ලේ

අනුන්ට යදිනා දෙවො ලේ අනුන්ට කපනා අග ලේ තමන් වැටෙයි ගමරා ලේ ________

කලේ කල වික ලේ කලේ කම් නැත මෙක ලේ ‍බලේ දැන මුද ලේ කුලේ රිංගා ගියයි අකු ලේ ________

කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් තිත්ත තිබ්බොටු තිත්තමයි බොල තිත්තමයි

කිරෙන් කැව්වත් තෙලෙන් දෙව්වත් අසත් පුරුෂය නපුරු මයි බොල නපුරු මයි. _________

රට ගම බැහැර ආ උන් අඬගහ නොග නූ ගෙට වටකර වැට බැඳලා සවි කර නූ විට කට බුලත් උප්පත නොඉරා නොක නූ කට නැති කලේ දියවර ගෙදරට නොග නූ




(247)

නි ව ට අයට බස් පෙරලා නොකියල් ලා ක ව ට කමටවත් සොරකම් නොකරල් ලා ලොවට පැවතිලා තම වැඩ කරපල් ලා ප ව ට යෙදෙන දේකට පලි නොකියල් ලා “දැනුමැති මාලය”

න හි න දෙහින කාලෙට පින් කෙරුම යු ත ව හි න කලට කූරින් විල් වලින් එ ත බ සි න දියෙන් දෝතක් මුත් ගතොත් ඇ ත ප නි න රිලවුන්ට ඉනිමන් කමක් නැ ත _______

වෙල් යායක ගොන් බානක් කකා උ නී ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැ නී වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දු නී දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැ නී ________

යම් කිසි සිදුවීමක් මුල්කොට ගෙන එය ආදර්ශය වශයෙන් පෙන්වා අවවාද දීමෙන් මහත් වැඩ සිදුවන බවද ජන කවියා අවබෝධ කරගත්තෙන් ඒ අංශයෙන්ද සමාජ සේවයක් කිරීමට ඉදිරිපත් වූ බවට දෙස් දෙන කව් පොත් තිබේ. එබන්දකි “අවවාද මල් දම” එහි සම්පූර්ණ‍ නාමය “අළුත් කඩේ උසාවිය ලඟදී සිදුවන මරණයක් හෙවත් දුලියානු කතාව නොහොත් අවවාද මල් දමය”. කථා ප්රාවෘත්තිය ස්ත්රිනයක් නිසා ඇතිවුන හබයක් මිනී මැරුමකින් කෙළවරවීමය. පොත අවසාන වන්නේ සියලු ස්ත්රීතන්ට අවවාදයක් යන හිසින් ලියූ කිව් පෙළකිනි. මු‍ළු පොතේම ඇත්තේ කව් 24 කි. ඉන් කවි දෙකක් පහත දැක්වෙන්නේය.





(248)

සුර පුර සිරි පවර ර සිරි ලක කොළොම්පුර ව ර දුලියානුට මෙව ර සිද්දවුන මර කියමි කවි ක ර

කලක් යන සදි නේ හිමිහට ලෙඩක් පැමි නේ සුව නොවන සෙයි නේ ගියයි ඉස්පිරි සැලට දුකි නේ

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_සැහැලි_-_v&oldid=5713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි