16 වෙනි පරිච්ජේදය.සංස්කරණය

දේව කථා සැහැලි. ____


සැහැලි යන නාමය නියම වශයෙන්ම ලැබෙන පොත් පෙළක් ඇත. ඒ සියල්ලම කව් පොත්ය. ඉන් වැඩිහරියක්ම දෙවි දේවාතාවුන් ගැන ලියැවුන කෙටි චරිත කථාවෝ ය. ජාතක කථා කවි කොට සැහැලි නාමය දෙනු ලැබූ පොත් කිහිපයක්ද වෙයි. දේව සැහැලි බොහොමයකම දෙවියා ගේ උත්පත්තියත්, අනුභාවයත් පමණක් දැක්වෙන අතර ඇතැමෙක ඔහු හෝ ඇය පිදිය යුතු අන්දමද දක්වා තිබේ. මේ සැහැලි කථා සෑමවිටම පාහේ ලියැවී තිබෙන්නේ අල්පෙශාක්යි දෙවි දේවතාවන් ගැනය. ඇතැම්විට දෙවියන් අතර පොදු ජනතාව සමග ආශ්රයයට රුචි බවක් දක්වන්නේ අල්පේශාක්යර දෙවියා පමණක්ම නිසා විය හැකිය.

මේ රටේ සෑම බෞඬයෙකු ගේ පාහේ විශේෂ භක්ත්යා දරය දිනා සිටින දෙවිවරු දෙපළක් නම් විෂ්ණු සහ කතරගමය. ඔව්හු දෙදෙනාම ලංකා දේවගණයේ උසස්ම තැන වැජඹෙන මහේශාක්යගයෝ ය. එහෙත් ඔවුන් ගැන භාවිතවන සැහැල්ලෙක් නැති. පොදු ජනතාව මේ දෙවිවරු දෙදෙනා ගැන මහත් භය සම්ප්රෙයුක්ත ගෞරවයක් දක්වන්නෝ ය. ඒ එසේ වුවද පෙර දිගට







(422)

ආවේනිකවු තම තත්ත්ව ය දැනගෙන ඊට අනුව හැසිරීමේ හොඳ ගතිය පුරුදු කරන ගැමියෝ ඒ ‍මහේශාක්යැ දෙවිවරුන් සමඟ ලඟ ආශ්ර යට බිය වන්නෝ ය. බලවතෙකු ගේ ගෙදරහිදී කොතරම් ඇනවුවත් පුටුවක හිඳ ගැනීමට මැලිකමක් දක්වන ගැමි ගතිය මෙහිදීද බලපානසේ ය. බලසම්පන්න මහා දෙවිවරුන් ඔවුන් ගේ දේවාලයන්ට ගොස් වැඳ පුදනුවා විනා දුප්පත් ගැමියන් ගේ පැල්පත්වලට කැඳවා ගැනීමක් නොමැත්තේ ය. පැල්පතටත්, රූස්ස ගස් යටටත්, වෙල් එළියටත්. එසේම මුදු වෙරළටත් කැඳවා ගෙන පුද පෙත් පවත්වා ඇල්ම බැල්ම ලබාගත හැකි පොදු ජනතාව ගේ දෙවි දේවතාවන් සඳහා ඔව්හු සැහැලි කාව්යො ගෙතුවෝය. මේ දෙවිවරුන් ගැන නාගරිකයන්ගේ මෙන්ම උගතුන්ගේද එතරම් තැකීමෙක් නැත. ඇතැමෙකු ඔව්හු නමින් පවා නොහඳුනන්නෝ ය. මෙහිදීද පෙරකී පඩ්ක්ති භෙදය බලපවත්වතැයි සිතුවද වරදක් නොමැත්තේ ය.

පොදු ජනතාවට ඔවුන් අදහන අල්පේශාක්ය දෙවි දේවතාවන්ගෙන් ආරක්ෂාදව සැලසෙනවා පමණක්ම නොවේ. ඔව්හු ඔවුන් නිසා තුටු පහටුද වන්නෝ ය. දෙවියන් පිදීම ඉතාම දුගී පැල්පතක සිදුවුවද එය ගම්මානයටම සැනකෙළියක් වන්නේ එබැවිනි. සැහැලි කව් වලින් නියම ප්රනයෝජන ලැබෙන්නේද එවිටය. පළපුරුදු











(423)

ඇදුරන් විසින් බෙරතාලයට අනුව යති බිඳිමින් පා තබමින්. මිහිරි හඬින් සැහැළි පොත් මුළුමනින්ම කටපාඩමින් මේ “මඩු” නැටුම්වලදී කීම සිරිති. දෙවොල් මඩු ආදී ඇතැම් කංකාරිවලදී සැහැලි කිහිපයක්ම ගැයෙන්නේ ය.

_____
















(424)

ගණදෙවි හෑල්ල ______


සැහැලි කව් පොත් වලින් මුල් තැන දිය යුත්තේ ගණදෙවි හෑල්ලටය. එය එතරම්ම ප්රැචාරයට පත්ව තිබේ. ආදියෙහිදී දරුවන්ට අකුරු කරවීමේ පොත් පෙළේ සැළකිය යුතු තැනක් ඊට අයත්වූ බැවිනි. තවම පන්සල් අධ්යාපපන පුස්තක මාලාවෙන් එය තල්ලුවී නොමැත. ගණදෙවි හෑල්ල මේ පොත් පෙළට රිංගාගන තිබෙන්නේ මහනුවර කාලයේදී ය. ඊට පෙරද හාපුරා කියා අකුරු කියවීමෙදි ගණ දෙවියන් පිදීමේ සිරිත තුබුන බව සිතිය හැකිය.

රටෙහි ඇතිතාක් රස කැවිලිවලත් පළතුරුවලත් නාමයන් කෙටි කව් වලින් දැක්වෙන ගණදෙවි හෑල්ල කුඩා දරුවන් ප්රිෙය මනාපයෙන් කියැවීම ස්වාභාවික ය. මේ සියලුම කැවිලි ජාති, ගඩා ගෙඩි ජාති, ගණ දෙවියන්ට පිදෙන්නේ ඔහු මහා නුවනැත්තෙක් බැවිනි. පොත පත කියවා නුවනැතියෙක් වූ විට තමාටද මේ මිහිරි පූජාවන් ලබාගත හැකිවේයයි ලපටි සිතේ හැඟීම් ඇතිවී ඉගෙන ගැනීමට උනන්දුවීමද එසේම ස්වාභාවික ය.









(425)

කෝට්ටේ කාලයේදීද ගණපති පිදීම මෙහි ප්රනචාරයව පැවැතිබව පරෙවි1 සන්දේශයෙන් පෙනේ. දෙවිවරුන් අතරෙන් ගණෙශ පිදීම සදාකල්හි ප්ර ධාන වශයෙන් පැවැත්විය යුතුයැ යි මහා බ්ර්හ්මයා ගේ නියමයක්ද ඇත්තේය එහි වැඩි වශයෙන් නියැලුනෝ ද්රතවිඩයෝ ය.

එහෙත් අකුරු කරණයේදී ගණපති පූජා පැවැත්වීමෙක් තිබුනාදැයි සැක සහිතය. එවක තුබු සෑම සැළකිය යුතු චාරිත්රර විධියක් ගැනම ඕනෑ කමින්ම ස්වකීය කාව්යවශෙඛරයේ ඉඩ සලසා දෙන රාහුල හාමුදුරුවන් වහන්සේ මේ පිළිබඳව නිහඬ වන බැවිනි.

සේනක කුමාරයානන් අකුරු කියැවීම පිළිබඳව උන්වහන්සේ පවසන්නේ :-

“තබන ලද සිළු ඇ ති එකුමරු තියුණු නුවණැ ති එකලට රට පැව ති කියා සෝඩිය අකුරු දැන ග ති”

යන්න පමණක්ය. එදාත් අකුරු කියැවී - මේදී ගණදෙවියන් පුදන ලද්දේ නම් එය කාව්යැ ශෙඛරයෙහි නියතයෙන්ම සඳහන්වනුවා ඇති.

1. පසිදු රාම සන්දර වෙසිඳුගෙ නමි න ගණිදු විමන අලුය ම මෙරගන ගොසි න පුබුදු දෙමළ කව් මියුරන් සහ තොසි න සිනිදු කෙකා නදවන් තියු ගී කිය න







(426)

ගණදෙවියා ඥණයට අධිපතිය. හින්දු සාහිත්යතයයේ ගණදෙවිඳුට නාමයන් එකසිය අටක් දක්වා ඇත්තේ ය. “ගණ” යනු ශිව දෙවියාට මෙහෙකරන දේවාදී පිරිසය. ඔවුන්ගේ ප්රතධානියා ගණපති හෙවත් ගණෙශ ය. සියළුම හින්දුවෝ ගණපති ඇදහීම කරත්. නුවණ ලබා ගැනීමටත් අතුරු ආන්තරාවලින් මිදීමටත් ඔහු පුදති. ශාස්ත්රාරරම්භයේදී මෙන්ම සියලු මංගල අවස්ථාවන්හිදී ද, එසේම යුඬය සඳහා පිටත්වී මෙහිදී ද ගණපති පිදීම නියතයෙන්ම සිදු වන්නකි. යුඬයේ අවසානයෙන් පසු යුධිෂ්ඨීර, සහ කෘෂ්ණාදීන් විසින් ගණපති පිදු බව මහා භාරතය කියන්නේය. නිකිනි මාසයේ පුර පක්ෂපයේ සතරවෙනි දින ගණපති පිදීම සඳහා විශේෂයෙන්ම වෙන්වූ බැවින් එයට “විනායක චතුථර්‍” යැයි කියනු ලැබේ. ගණදෙවි හැල්ල කව් සතලිස් නවයකින් යුක්ත වෙයි. ගණපති පුදන අයුරු සහ ඔහුගෙන් නුවණ යැදීමද එහි සඳහන් වන්නේ ය.

එය ආරම්භ වන්නේ :-

ආයුබෝ වන සෙ තා ඉසුරු වරමින් යු තා උමාගණ දළ නෙ තා ඉසුරු එබිසෝ වෙ තා - යනුවෙනි.









(427)

ගණදෙවිඳුන්ට මාලිගය තැනුනේ මෙසේ ය :-

වැඩ ඉන්ට නිසි ලෙස ට මාලිගාවක් සොඳ ට කරවන්ට නියම කො ට ගණිත ඇදුරෙකු ළඟ ට

යවා පණිවිඩ එවි ට ගෙන්නවා එනුවර ට බිමක් බලවා සොඳ ට එබිම සමකර සතු ට

ඇදුරුවරු එතන සි ට කපා කප් සොඳ රඟ ට ආවඩා දෙපස සි ට මඟුල් කප ගෙණ ‍අත ට

වඩ වඩා සෙනෙහසි න් මඟුල් කප සිටුවමි න් දමා යට තලා දි න් වනා පරහල උම න්

වෙළානන බැඳ තදි න් එරන් උළු සොයවමි න් පදලමද තල තෙලි න් මුදුන කොත් සිටුවමි න්

බිත්ති මැටි පද ලමි න් සුණු පදම්ලා ඔපි න් මකර රුවහන්සය න් ගවර දිවි සිංහය න්




(428)

මොනරු සහ ගිරවුනු ත් කොබෙයියන් කුකුළනු ත් පරෙවි සොඳ කොවුලනු ත් ඇඳ බිත්තිවල මෙසි ත්

සිත්තරෙකු ගෙන්ව නා ආසනේ තන මි නා උඩු වියන් බඳිමි නා වට තිරද අදිමි නා

සේර අඩි තන මි නා වලු මල්ද බඳිමි නා නොයෙක් රුවනින් ම නා සඳුන් මණ්ඩප ත නා

_____

ගණපති පිදීමෙන් පසු බාලයා විසින් ගුරුන් පුදා අකුරු කියවා උගෙනීමෙහි යෙදෙන්නේ මෙසේය.

ගෙන්නවා ගුරු ඇදු රු පය සෝදවා එගු රු වතක් අඳවා සොඳු රු උසක ඉඳුවා මහ රු

තනා පස්රස මියු රු කුසුම් හැම ඇඟ තැව රු දෙවා බුලතුන් කපු රු නමා ඉස දෙපස ගු රු





(429)

ගුරුන් දෙස බලමි නේ වැඳ වැටී එම දි ‍ නේ අවසරය අරග නේ දැකුම් දී දකිමි නේ

සෝඩියද ගෙන ති නේ කියා සිත් ලෙස දැ නේ පිල්ලම්ද කියමි නේ වැල්ලේද ලිය මි නේ

නම් ගමුත් කිය මි නේ සැහැලි පොත් කියමි නේ වදන් කවි කියමි ‍ නේ බුද්ධ ගද්යිය දැ නේ

එපස්වා මෙපස් වා දහස් කල් රකිත් වා දිනේ මතු දිනේ වා දිනේවා දිනේ වා


මුල් කවියේ සිට තිස් අටවෙනි කවිය දක්වා (එයත් ඇතුළුව) කොටස් ‍ගණපති යාදින්න නමින්ද හැඳින් වෙන්නේ ය. ඉතුරු කවි එකළොස තුණුරුවන් ප්රතධාන ගණපති, සූරිය දෙවි, චන්ර්බේමසුරිඳු, කඳකුමරු ආදීන්ට කරන නමස්කාරයන් ය. ඉන් එක් කවක් පහත දැක්වේ.

ගණ දෙවියෝ නුවණ දෙන් ට සරස්වතී පහළ වන් ට සියළු රෝග දුරු කරන් ට නිතර වඳිම් තුනු රුවන් ට

_______




(430)

පත්තිනි හෑල්ල. ____

පත්තිනි ඇදහිල්ලද එක්තරා කාලයකදී ප්රපචාරයට පත්වූවකි. එය ලංකාවට සංක්රලමණය වූයේ 1 වෙනි ගජබා රාජ සමයයේදී ය. ඒ වග රාජාවලිය සඳහන් කරන්නේ මෙසේ ය.

“ගජබා රජ කෝපව මෙනුවරත් නසා අළුකර දමමි පමා නැතුව මාගේ සෙනඟට සුවිසි දහසක් දෙව” යි කියා වැලි මැඩ දිය මිරිකා පා යගදාවෙන් දියමිරිකා සොළීරජ භය ගන්වා ගෙන සුවිසි දහසක් පොළීලා සිරගෙන පත්තිනි දෙවියන් ගේ රුවන් සළඹත් ගෙන”

එවක පටන් පත්තිනියද ලක්වැස්සන් ගෙන් පුද සැලකිලි ලබන්නී ය. ඇගේ අනුග්රගහය විශෙෂයෙන්ම පතන්නේ වදුරු රෝගයන් ගෙන් සහනය ලැබීම සදහා ය. පත්තිනි හෑල්ල බෙහෙවින්ම ජන ප්රියය භාවයට පත්ව ඇත්තේ ය. එහි ඇතැම් කව් උන්සිලි වාරම් සඳහාද ගම්බදව භාවිතා වන්නේ ය. පත්තිනි චරිතය රඟ දැක්වෙන දෙවොල් මඩුවලදී මුළු පත්තිනි හෑල්ලම කපුවන් විසින් කර්ණනරසායන ලෙස ගායනාකරනු ලැබේ. එහි කව් එකසිය පනසකි. පෙරදිග රටවල දැක්වෙන පතිභක්තියේ මූර්තිය කැයි පතිනියට කිය හැකිය. ස්වාමීයා සෙවීමට යන පතිනිය හා ගොපළුන් අතර ඇතිවූ කථොප කථනයක් මෙසේ ය:-









(431)

වීදිය පසුකර ඈතට බැස ලා ගොපළුන් ඇවිදින් ඉස්සර කර ලා කොයි යනවද ලඳ තනිමග බැස ලා හිමියන් උදෙසා යමි මග බැස ලා

කනට දෙමික්කන් මේ වර දෙ ඤ්ඤයි කරට පදක්කම් මාලය දෙ ඤ්ඤයි ඇඟට රනෙන් සැට්ටේ පොරව ඤ්ඤයි අතට ගිගිරි බැඳි වලළුත් දෙ ඤ්ඤයි

පයට පදක්කම් පාමුදු දෙ ඤ්ඤයි ඉනට කසීසළු දිවසළු දෙ ඤ්ඤයි ඇඳට වියන් පට පිලි අතු ර ඤ්ඤයි අ ද ට නවාතැන් මෙනුවර දෙ ඤ්ඤයි

මෙකාරණය කිව්වත් මම නොසිටි මි හිමියන් දුටුතැන යහනේ සැත පෙ මි හිමියන් ගිය මේ මඟ බැසලා ය මි ගොපළුන් කීවත් අද මම නොසිටි මි

පත්තිනිය ගමන්ගත් මාර්ගසයේ “වෙල්ලිය” නම් අම්බලමක් විය. මිනීකන බලසම්පන්න යකින්නක් එහි විසුවාය. පත්තිනිය ඇය මැඩ පවත්වා සුමගට හරවා ඇය ගේ දිවිරැකගනු සඳහා මෙසේ කරන ලදි.

“රැකෙන්න බැරි සාමිනෙයි කියන් නේ මාගේ සරුපේ නුඹ අහපන් නේ මාගේ නරලොව පව් නොකරන් නේ ඇහැල මසට පෙරහැර අරගන් නේ






(432)

අංකෙලි පුජා නුඹ අර ගන් නේ මාගේ ඔසරිය නුඹ අරගන් නේ මාගේ අවුපොත් නුඹ අරගන් නේ මගේ රුවට රුව නුඹ අරගන් නේ

මගදී නොයෙක් හාස්කම් පෙන්වූ පත්තිනිය පඬිපුරයට පැමිණියා ය. එවිට පඬිරජු විසින් ඇයගේ ස්වාමියා සළඹ සොරෙකැයි තීරණය කොට මරවා දමා තිබුනි. සත්යනක්රිියා බලයෙන් සැමියාට පණ උපදවා ගත් ඇය සිය තනය කඩා ගසා පඞිපුර ගිණිලවා දෙව්ලොව පැමිණියාය. ඒ බව කියැවෙන්නේ මෙසේ ය.

“සෙනෙවි රජුන් සහ පඬි බිසවුන් හ ට පාවා දීලා මදුරා පුරව ට එදුක් නිසා නරලොව ගලවා සි ට වැඩියයි පත්තිනි දෙව්ලොව සැපත ට

පොත අවසන් වන්නේ :-

ඉසුරෙන් උමාව න් රුසිරෙන් පිරි කමාව න් පතිනි සිරිමාව න් මෙ අප වරදක් දුට සමාව න්

යනුවෙන් පතිනිය කමා කරවා ගැනීමෙනි.

_____







(433)

පන්තිස්හෑල්ල 1 සහ ය හ න් හෑ ල් ල _____

පන්තිස් හෑල්ල නමින් පුස්කොල පොතක් කොළඹ කටුගෙයි පුස්තකාලයෙහි තිබේ. එය තවමත් මුද්රගණයෙන් එළිදැක නැති. නම පන්තිස් හෑල්ල වුවද එහි අඩංගුව ඇත්තේ වෙනත් වෙනත් නම් වලින් හඳුන්වන ලබන කුඩා කව් පොත් එකොළොසකි.

ඒවා නම් වශයෙන් මෙසේය :-

මෙවන් පාණ කව් 21 යහන් හෑල්ල කව් 19 විත්ති හත කව් 44 අමාරසය කව් 12 වැදි පූජාව කව් 9 පතසේ කවි කව් 28 ලංකා විස්තරය කව් 18 මහ තපස් පොත කව් 18 මඩුපුර කවි කව් 25 ගෙවන් පාන කව් 7 පාඩිනළුව කව් 22


1 වර්ෂක 1868 - කර්තෘල නාමය සඳහන් නොවේ.






(434)

ශාන්ති කර්මෂයන්හිදී පන්තිස, විශිෂ්ට සංඛ්යා වක් වශයෙන් සළකන බැව් පෙනේ. 1පන්තිස් යාගය, පන්තිස් බලිය2 ආදි වශයෙනි. මෙසේ සළකා මේ කවි පඬ්ක්ති කිහිපයට පන්තිස් හෑල්ල යයි නම් කළාදැයි, නොදනිමි. මේ පොත් එකොළොසෙහිම ඇත්තේ ශාන්ති කර්ම යන්හිදී භාවිතා කිරීම සඳහා සකස් වී ඇති. පත්තිනිය පිළිබඳ පුරාවෘත්තයන්ය.

පහත දැක්වෙන්නේ යහන් හෑල්ලෙන් උපුටාගත් කොටසකි.

වතක් සඳේවත් වැනි තිලෝගුරු බුදුන් බැලි කතර දිනුවන් මෙන් තෙදස රුතින් ලෙවන් දුටු අඳුන්වර ලෙස සුළන් වැනී දෙවන් සසිරි සැප මේ ගෙට පතිනියනී

යාරජ සුරරජු දසනත මෙමට දක්වමි මේ රඟ පවතිනා පස්වා දහස සසිරි දිව සිරිලත් සිද්ද ඔරුමාල පත්තිනි සඳ

සසිරි දිව සිරි ලත් සුරිඳු උතුමා අසා මකියන තෙපුලත් සසිරි දිව සිරි ලත් වඩිනේ මෙරඟට පස්වා දහස

1 “පන්තිස් යාගය ‍ඇදුරෝ දෙසනා” පොල් උපත 2 “පන්තිස් බලියට පිරිපත දුරයෙ” බලියාගය







(435)

පසේ බුදුන්ගෙන් විවරණ ලැබ උදුල විසේ පෑ‍ය යස මුදුනේ අඳුන් කුල දිවමල් දිව සුවඳ දිව අබරණ පැළඳ

හැර උවදුරු සවුසිරි දී දිගා ලෙසින් කළු සුදු වැලි ලා පුදකළ සඳුන් මලින් සතක් කුඩා රග මඩලක් සරා ලමින් නොයෙක් දෙවි සමග දිවසින් බලා සොදින්

නොයෙක් සව් ඉසුරු දෙති ආතුරන් හට සියළු රෝග දුරුකරවන්ට වැඩ සිට සොලියා නුවර සාගතයක් ගැසු ලෙසට

මැලියා නොවී දිවසින් දැක නෙත් දහස හෙලියා නොහැරිලා ලෙස මෙදල රැස




_______







(436)

පාළඟ සැහැල්ල

පාළඟ සැහැල්ලෙන්ද කියැවෙන්නේ පත්තිනියගේ චරිත කථාවය. පත්තිනි සැහැල්ලේ මෙන්ම මෙහිද කථා නායිකාව පත්තිනිය ය. බැඳුම් විසින් පාළඟ සැහැල්ල පත්තිනි සැහැල්ලට වඩා බොහෝ සෙයින් උසස් බව කිය යුතු ය. මුද්රිැත පාළඟ සැහැල්ලේ කව් 122 ක් වන අතර කෞතුකාගාර පුස්තකාලයෙහි ඇති බෙල් ගේ අත් පොතේ දක්නට ලැබෙන්නේ කව් 111 කි. දෙපොතෙහිම කර්තෘල නාමය සඳහන්ව නොමැත.

පත්තිනි සැහැල්ල පටන් ගැනෙන්නේ සිය හිමියා ගැන සොයා බැලීම සඳහා පත්තිනිය ගමන් ඇරඹු තැතිනි. පාළඟ සැහැල්ලේ ආරම්භය පාළඟ ගේ පිටත්ව යෑමේ සිටය. එය මෙසේය :-

කු ල ඹත් පත්තිනි පරසිදු ලොව ටා සු ල ඹත් වස්තුව ගෙන එන ලෙස ටා පොළඹත් පාළඟයර හිමි සඳු ටා ස ළ ඔත් අරගෙන දුන්දැයි අත ටා

ගමන් ඇරඹු සැමියාට පෙර මග නිමිති ගැනද පතිනිය කියන්නී ය. මෙහිදී වෙනත් පොත්වල දක්නට නොලැබෙන අසිරියක් මුන ගැසෙයි. සුභ නිමිති ගැන පමණක්ම නොව අසුබ නිමිති ගැනද සඳහන් කිරීමට ඒ අමුත්ත සන්දේශාදී පොත්වල දූතයාට පවසන්නේ








(437)

පෙරමග සුබ නිමිති බැලීමට ය. පාළඟට අසුබ නිමිති මේ යැයි දක්වා ඒවා මඟ හැර සුභයැයි සම්මත නිමිති බලන ලෙස සිය පිය බිරිය කියන්නී මෙසේ ය.

ගමන කටුසු ඇටිකුළු මග අතර ට නයිනාදය සහ පරවි කපුටු දු ට දුවන මුවන් සහ වම සිට දකුණ ට ගමන නොයන් හිමි හිතැතෝතින් ම ට

කලදුන් කෑරල් සුනකය සපු නා මුගටින් සාවුන් ශලලිහිනිය නා හිවළුන් ලේනුන් දුටුමුන් මගි නා වලකින් හිමි වැඩ නැත ගිය ගම නා

සි ය මු න් සෙමළඟ දුකදුරු කොට ලග සි දි ක න් නාසා ඉසතෙල් ගෑ ඇඟ අ ඩ මි න් ඉසකෙස් බලමින් එන රග නොමයන් හිමිසඳ දුටුමුත් පෙර මඟ

හි ස් කල හිස් අතිනුත් එන අ ඟ නා බ ස් ගොළු අස් නැති අය කොර පිළුනා ගොස් දුට පෙර මග මේ සුබ නොවනා නි ස් පල වෙයි නිසකින් ගිය ග ම නා

ද ර තෙල් රතුමල් වද කල කුරිරූ ක ර ළුද දවසේ නයිසව අඟුරු ව ර සිටු කොයි දේ දැයි බස් කුරිරූ පෙර සිට කිවුවේ බාසා නපුරු






(438)

න න් පල බර සක් මද නල පැවැතී රොන් පොදි දිලිසෙන ගිනි මැල රුවැතී ගොන් තුරඟුන් මේගන මග රුවැතී ය න් හිමි මෙගමන් දුට සුබ නිමිතී

පි රි කුඹු දුල දල ගජ මද ඇතුනා පි රි සිදු මල දද මස් පිඹු සොබනා කි රි බර ඵලදෙන දුට මග සිටිනා පි රි යව යන් හිමි වැඩවෙයි ‍ගමනා

අ ඹ ඊතන වී තල කිරි සුදිනා ර ඹ වළු සේසත් ආයුද රැගෙනා ල ඹ දර පියුමුත් යුතු මස් තුඩිනා සු බ වේ මෙම දුට යන් හිමි සදිනා

පෙම් කට යුතු සහ දරුවන් රුවැතී ලැ ම කට දී බස් පිය සොඳ කැමතී පෙම් දුට පෙර මග යන් හිමි කැමතී කු ම කට පවසත මේ සුබ නිමිතී

ගෙන සොඳ මෙම කී කාරණ මනහර ගු න සොඳ අවතර සේ ගුණ ලොබකර ම න න ද පත්තිනි යන්නෙන් ගරුතර ත න මැ ද සිඹ සනසා ගතු අවසර

පාළඟ සුබ නිමිති බලා ප්රිඅයාදරිය. සිප සනසා පිටත්ව ගිය නමුදු ආපසු නාවේ ය. විකිණීම සඳහා ඔහු ගෙන ගිය සළඹ මදුරාපුර මෙහෙසිය ගෙන් සොරා ගත්තකැයි තීරණය කරනු ලැබූ






(439)

රජඅනින් හිස ගසා දමනු ලැබීය. සැමියා ගේ පෙරලා පැමිණීම ගැන කොතෙකුත් බලාසිටිය නොහැකි පත්තිනිය ඔහු සෙවීම සඳහා පිටත් වූවා ය. හමුවූ මිනිසුන්ගෙන් පමණක් නොව සතා සතුන්ගෙන් පවා පාළඟ ගැන සිත් කකිය වන බසින් තොරතුරු විතාළාය. වෙස්සන්තර කාව්ය යයේ දැක්වෙන ජාලිය සහ ක්රිරෂ්ණජිනාවන් සොයා වලපමින් වල ඇවිදි මද්රි‍ දේවිය ගේ විලාපයම අනුගමනය කර ඇති පත්තිනිය ගේ ඒ ‍අ‍ඳෝනාවෙන් කව් කිහිපයක් පහත දැක් වෙන්නේ ය.

පි ය නද කර දිගු නිල් කර ගායා සි ය සෙබළුන් කුර මත මල ගායා පි ය ලෙන මස් මොනරිඳු කර ගායා කි ය මගෙ හිමි දුටුවොත් මග ගායා

ඉ රා තුඩින් විලිකුන් අඹ උරාය උ රා වැසෙන රස විදි නිලි පුලායා ගී රා රැලිනි රඳනා වන තුරායා නු රා මහිමි දුට කිය සිත් පුරායා

ව ඳු රු රිලා උරුලෑ වලි කුකු ලේනී කි ඳු රු මයින පරවිය ඇටි කුකු ලේනී සොඳුරු තිසර පැහැසර විලි කුල ලේනී රු සි රු මහිමි කියනුව මට නොල සේනී

විවිධ වෘත්තයන්ගෙන් බැඳී ඇති පාළග සැහැල්ලේ කව් පත්තිනි කංකාරිවලදී කපුවන් විසින් මිහිරි ලෙස ගයනු ඇසිය හැකිය.

______






(440)

ගල කැප්පු සැහැල්ල 1 ____

ගල කැප්පු සැහැල්ලෙන් කියැවෙන්නේ දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳ කථාවය. දැඩිමුණ්ඩ දෙවියන්ට අළුත්නුවර දේවතා බන්ඩාර යන නමක්ද ව්යාවහාර වන්නේ ය. ඔහු පිළිබඳ තොරතුරු, කන්නලව්වක දැක්වෙන්නේ මෙසේය.

“තවද සැලකරවන්නේ අසුර යුඬයෙන් මාර යුඬයෙන් දිනා ජයගත් අළුත් නුවර දැඩිමුණ්ඩ දේවස්වාමි දරුවන් වහන්ස පූර්නක නම් යක්ෂ් සේනාපතීන්ට දාව ඉරන්දතී නම් නාග මාතාවන් කුස පිළිසිඳ දෙවුන්දරට වැඩ දෙවුන්දරින් උග්ගල් අළුත්නුවර වැඩ උක් හේනක් දැක ගල්වෙන්ඩ වරන්දී උග්ගල් අළුත්නුවර යයි යන නමකින් ප්ර්සිඬකරවා වඩිග දේශයෙන් දෙමළ යක්ෂඅයින් ගෙන්නවා මාවේ රෑනෙන් ගල් කප්පවා උඩ මළුව පල්ලේ මළුව උඩවීදිය දික් විදිය කොටවිදීයයි නම් පවත්වා සැටයාලක් කෙත අස්වද්දවා මේ සිරලක යකුන් යක්ෂිණියන්ඩ සෙනෙවිරත්න අදිකාරන් නමකින් ප්රකසිඬ වන් නාවු අළුත්නුවර මුරුතැන් මංගල්ලයත් බලා පොරොත්තුව යහතින් වැඩ සිට අළුත්නුවර දෙවිස්වාමි දරුවානන් වහන්සේට කියන කන්න ලව්ව බුදුව කරුණාවට ගන්නවයි පිනට පිහිට වෙනවයි”

 1 ප්රයකාශක - ඒ.ඩි. රොමානිස් අප්පුහාමි. 








(441)

දැඩිමුණ්ඩ යන නම සැදීමේ හේතුව ගල කැප්පු සැහැල්ල කියන්නේ මෙසේය :-

දැක වසවතු එ දා රැස් කරමාර සමු දා බුදු බවට බා දා කරපි වටලා මාර සමූ දා

බුදුන් තනිකර ලා දෙවියෝ ගියයි ඇර ලා දැඩි දෙවියෙක් සිට ලා යුද කරමි සැලකළේ වැඳ ලා

අවියක් නොගෙන ත ට රුවන් සෝළුව රැගෙන සුරත ට බැටදී දෙපළු කො ට යුද කරමි සැලකළේ මුනිඳු ට

දස දන්දී ලො ලා දස දෙනෙකු ඇති කර ලා කරනා යුද බ ලා සිටුව ඉවසන් මාර තෙප ලා

සදෙව් ලොව බලමි න නාලොව තිලොව බල මි න කෙනෙක් නැත සරිල න මුන්ඩ දැඩියයි නමක් පවස න






(442)

ලංකාවේදි දේවතා බන්ඩාර නමින්ද පළටව ගිය දැඩිමුණ්ඩ දෙවියන් විසින් දක්වන ලද වික්ර්මයක් නම් මහ ගලක් යකුන් ලවා බිඳහෙලා ඉවත් කරවා ලීමය.

කයියකට ලෙස යකුන් රැස් කරවා ඔවුන්ට කැවුම් කිරිබත්දී ගල බින්දවු පුවත කියැවෙන්නේ මෙසේ ය.

ව ඩා කැවුම් සහ කිරිබත් කැටිකො ට කු ඩා නොකරවව් එක දෙක දෙන්න ට වි ඩා ව හැර පුදකරන්ට යකුහ ට ක ඩා දමව් ගල අද රෑ සුන්කො ට

ඉ රා සදුන් ගොම පිරිබඩ ගා වා ඉ රා පුළුක් මල්වට තිර අද වා නු රා අනගි රුව අගනක් ලවු වා පු රා එතන කිරිබත් ගොඩ කර වා

ක න් ඩ සුදුසුදේ රිසි ලැබ ගල් ලා කොන්ත කඩුත් යවුළුත් අර ගල් ලා ග න් ඩ සුදුසු ආයුද අර ගල් ලා තු න් ඩ වාසි කර ගල බිඳ පල් ලා

අ හ ස ත් ගුගුරණ සෙන හඩ විල සේ පොලවත් මිහිකත කම්පාවන සේ දෙර ණත් එකලෙස වෙඩි හඩ විල සේ බි ඳ ල ත් දැමුගල පන්දු කෙළින සේ







(443)

දේ සේ හැටියට බාසේ උන් නේ ඕ සේ බෝවිය දෙමළ යකුන් නේ රෝසේ සමහරු ගෙඩි බැට දෙන් නේ වා ‍ සේ නැත සිංහලේ යකුන් නේ

උ රු දී කියමින් වෙනම බිදින් නේ වැ ර දී උනුනුන් පොර අල්ලන් නේ පැ ර දී බැටකා අහක සිටින් නේ ක ර දී සමහරු ගල් පෙර ලන් නේ

දැඩි මුණ්ඩ දෙවියන් ගේ තවත් හපන්කමක් පහත දැක්වෙන්නේ ය.

අලියෙක් ඇවිදින් මළුවේ කිතුලට වලියක් වැරලාලයි ඇන් නේ සැ ර යක් සුරතට දරමින් වැඩලා හරහට එක පාරයි දුන් නේ ක ටි යක් බි‍ඳෙමින් පස්ස වාරු නැත දැත් දෙකෙන් රිංගා නැසු නේ දැඩියෙක් ඔබ මිස මේ තුන් ලොව නැත ගල කැප්පු තැන වැඩ ඉන් නේ

කව් හතළිස් අටකින් යුත් ගල කැප්පු සැහැල්ල කංකාරිවලදී මිහිරිතාලයට කියවන්නකි.

______







(444)

නුගේ සැහැල්ල1 ___


මංගර දෙවියෝ යක්ෂායධිගෘභිත නුගයක බැඳ තිබූ සුවිශාල මීයක් කැඩීම ප්රලධාන කොට ඇති මංගර දෙවියන්ගේ චරිත කථාව කියැවෙන සැහැල්ල නුගේ සැහැල්ල නම් වන්නේ ය. මෙහි සවිස්තර නාමය මංගර සැහැල්ල හෙවත් නුගේ සැහැල්ලය. මෙහි “මංග්රෙ දෙවියන් වහන්සේගේ යාදින්න” නමින් දන්නා කොටස නියම සැහැලි වෘත්තයෙන් බැදී ඇත්තේ ය. එහි කොටසක් පහත දැක්වේ.

කුමරු වැඩෙමින් රුව ට තුන් මසින් හිරු ව ඩා සත් මසින් මේ ව ඩා බුධ සිරුව නම් ත වා

රන් මාල කරල වා රන් වලළු අතල වා රන් සවඩි ඉනල වා රන් ගිගිරි පයල වා

රන් මන්ද උරල වා රන් පොල්ල අතට දී සේනාව පිරිව රා කුමරු කෙල ඇවිදි නා

1. ඒ. ඒ. ඇස්. රුද්රියගු






(445)

රුවට පුන් සඳ ලෙ සේ තෙදට ඉරු රැස් ලෙ සේ මදුර මායා රජු ගෙ කුමරු සහ පෙම් බැ ඳා

දෙන්න සමගිව තො සේ එකම දෙනෙකුගෙ දෙත නේ බොමුව කිරි සතොසි නේ මෙලෙස කිරි බිවු තැ නේ

තන දෙකම හිස් වූ නේ කිරි වයිර බඳි මි නේ කෙලෙස මොහු මරමි නේ දිවනෙතින් බල මි නේ

____

නුගේ සැහැල්ලෙහි නුග ගස ගැන කියැවෙන්නේ මෙසේය :-

ඉ රි නු ග කිරි මා නුග මෙලෙසි න බෝ නුග දෙහි නුග පටනුග දිලෙමි න කි රි ප ලු නුග යන සත්කුල නුගයෙ න මෙ නු ග සතට මැද රන් නුග පැලවු න

උඩින් පෙනෙයි වන පෙතට උඩින් සො ඳ රන්පත්මෙන් කොළ දලු ලියලයි සො ඳ ලක්ෂතණ ඇති නුගයක් දැක මනන ද ගොස් ඒ නුග සෙවනේ වැඩ උන්ස ඳ





(446)

අහසේ ගිගුමක් සේම ඇසෙන් නේ පොලවේ ගිගුමක් සේ ලෙල දෙන් නේ උඩින් වලා සෙවනැලිද වැටෙන් නේ මේ ගස මීයක් ඇත විමසන් නේ

මංගර සමයම නමින් දන්නා ලද තොවිලෙහිදී මංගර සැහැල්ල හෙවත් නුගේ සැහැල්ල යක්දෙස්සන් විසින් මුළුමනින්ම කටපාඩමින් කියනු ඇසිය හැකි ය.
















(447)

කොසඹා සැහැල්ල

කොසඹා දෙවියන් පිදීමේ ප්රසවෘත්ති මාත්ර්යක් මෙහි දැක්වෙන්නේ ය. පිටු දසයකින් සමාප්ත වන මේ තොවිල් සැහැල්ල ගද්ය් පද්යව දෙකින්ම යුක්තය. වෙනත් කිසිද පොතක නොලැබෙන පුරාවෘත්තමය කරුණු අඩංගු කර්ණ රසායන යාදින්නක්ද මෙහි ඇත. කොහොඹ කංකාරි වලදී මේ කව් කන්නලව් යාදිනි භාවිතා කරණු ලැබේ.

පොතේ ප්රාාරම්භ කවිය මෙසේය : -

පි රි ස ක් මිහිඟු බෙර ගොසකර සවන සදා ම න ස ක් සතුටු කරවන මෙරග බැස සදා සියොසක් ලෙසින් රැකදෙන් දෙවි මහිමි සදා ව ලි ය ක් කුන් දොළොස වෙන වෙන යදිව් සදා

එහි එන කව්වලින් තවත් දෙකක් සහ යාදින්නද පහත දැක්වෙන්නේය.

ව ටා වෙමින් සිටි යක් කු දු ටා ලෙ සට නොප රක් කු ප ටා බෙ ර ට න ව ය ක් කු නටා දු ව පු සිටි යක් කු








(448)

දහ අටක් ගොප් වටට සදමින් මැදට මාලේ පස් මලි න් දහ අටක් ගොප් වටට සදමින් මැදට මාලේ සුදු වති න් දහ අටක් එහි පඬුරු ලවමින් දෙහිත් ගෙඩි එපමණට ග න් දහ අටක් ලෙඩ දුරින් දුරලයි මෙකූටක සමයම දුනෝති න්

යා දි න් න : - ..................................................... සිට වැන්දේන් නැඟු අතින් දහාස් වැන්දේන්. ඒ සක් වලින් මේ සක්වලට එකුන් පනස් දඹදිවට ඒක නායකවූ ඉරුගල් බණ්ඩාර දෙවියන්වහන්සේටයි මන් ආරාධනා කරන්නේ - සළු වඩන්නන්, කඩු වඩන්නන්, බත් වඩන්නන්, මල් වඩන්නන්, පලිස් වඩන්නන්, ආලත්ති බාන්නන්, කම් මිත්තන්, නොකම් මිත්තන්. ඈපා මාපා බිසෝවරුන්, සේසත් ගත්තන්, ඇතුළුවූ සේනාවය, අස් සේනාවය, පාබල සේනාවය, චතුරංගීනී සේනාවය, පිරිවරා ගත්තාවූ .......................................... මෑනියන් වහන්සේටයි මන් ආරාධනා කරන්නේ .................... මුල් කඩවර දේවතානන් වහන්සේටයි මන් ආරාධනා කරන්නේ ........................... අතලාගල කොතලාගල කොක්කාගල වැද්දනෝත් ..................... ............. තුං දොළ යකුන් යැදගෙන දංවඩා සෙත්වඩා බොහෝ කාලේකට ආයු රක්ෂා. කෙරෙත්වා.

________







(449)

බෞඬ සැහැලි

බෞඬ කථා සැහැලි දෙවර්ගබයකි. බෝධිසත්වෙ චරිත සහ බුඬ චරිතයේ ඇතැම් සිදුවීම් මේවායින් විස්තර කරනු ලැබේ. බෝසත් කථා සැහැලි කීපයෙන් වඩාත් ජනප්රිිය බවට පත්ව ඇත්තේ “සද්දන්ත හැල්ල1”ය. බෝධිසත්වරයානන් වහන්සේ ඡද්දාන්ත ඇත්කුලයේ උපන් වාරයේදී වැදි ජන්මයේ උපන් දෙව්දතුට බුදුබව පතා දළ දන්දුන් වගය මෙහි කියැවෙන්නේ. බෝසත් හස්තිරාජයා වනයේ කාලය ගෙවු සැටි කවියා කියන්නේ මෙසේ ය.

පන්සියයක් ගජ පිරිවර මැද් දේ බෝසත් කෙල ඇවිදියි පර සිද් දේ වාසත් කර නුග සෙවනට එද් දේ බෝසත් වැසෙනුග ඒ විල මැද් දේ

මහා සුභද්රාුවද යන නමි නා චූල සුභද්රාු දෙදෙනෙක් යසි නා බෝසත් හට අග මෙහෙසුන්‍ වෙමි නා බෝසත් ඒ විල යසසිරි විදි නා

මහා සුභද්රා වන්ඇල සිටු වා චූල සුභද්රා දකුනැල සිටු වා ඉගිලෙන මල්නටු ඔහුපිට පට වා බෝසත් උන්නේ කෙලින සුබා වා

                                  ප්රාකාශක - ඇන්. ජේ. කුරේ 






(450)

දහසක් පිරිවර සමග සියල් ලා කෙල කෙල ගොස් සල් උයන මුළුල් ලා පෙර සිට බිසවුන් සිටුවා ගොල් ලා සල්රුක සොලවති පෙර සිට ගොල් ලා

මහා සුභද්රාත දකුනේ සොල් ලා වැටුනේ මල්නටු ඉගිල සියල් ලා චූල සුබද්රාට වන්ඇල සොල් ලා වැටුනේ ඉපිලී කොඬහු කැදැල් ලා

මහත් වේග ඇතිනියද සිතන් නී පෙරත් බුදින තණකොල නුබුදින් නී නොකා කෑම සිට වයිර බඳින් නී මෙකාරනෙන් දිවි ගියයි ඇතින් නී

වෛරයෙන් මැරීගිය ඇතින්නිය මහමන්දාතු රජුට දාව උපන්නීය. ඇය උපන් වේලාව අනුව සුභා සුභ විමසන ලද්දේ පහත දැක්වෙන අයුරුය.

බිහිව පහන් ලොව කුමරිය දැක ලා සිහිව ගනිත ඇඳුරන් ගෙන්නා ලා බිහිවුනු වේලා ලකුණු බලා ලා කිව්වෝ බොළු පයි ගෙන විමසා ලා

කුමරිය වැඩිවියට පැමිණි කළ සද්දන්ත විලේ ඉන්නා ඇතු‍ගේ “දලපිට ඉස්නානයට” දොළක් හට ගන්නා බව නැකැත් බැලූ බමුණන් විසින් කියන ලදී. එය එසේම සිදුවිය.






(451)

ඇතුදළ කපාගන ඒ මේ අන්තරාය දායක කටයුත්ත සඳහා ඉදිරිපත්වූ එක් වැද්දෙක් එයට පිළියෙළ වූ සැටි සවිස්තරව දැක්වෙන්නේ ය.

අක්සුනු මුන්සුනු විලඳ සදා ග ති දෙපිට කියත් යකඩෙන් අතකොළු ග ති යකඩ තැවිලි වානේ කටු අර ග ති සිවීලනුත් යකඩෙන් කුඩයක් ග ති

වලට එලන්නට යකඩ තැටිලි ග ති ඊය බසින ලෙස කව්ළු සදා ග ති දහසක් අදිනා දුන්නක් ඇර ග ති විසපෙවු ඊයද සෙරෙප්පු අර ග ති

ඇත් දස දෙනෙකුගෙ බල ඇති වැද් දා ගත් මේ සැම බඩු ගෙන පර සිද් දා සන් පයියට පුරවා ගෙන එද් දා යන්ට නික්ම අවසර ගති වැද් දා

	කව් එකසිය දෙකකින් සද්දන්න හෑල්ල අවසන් කරන කිවියා ලේඛක න්ගේ පොදු ප්රානර්ථ නය බවට පත්ව ඇති - “මේලිව් පින් පුරා’ යන කවෙන් ලොව්තුරා බුදුබව පතන්නේය. 

_____








(452)

ධර්ම4පාල සැහැල්ල1 ____

බෝසතානන් වහන්සේ ධර්මැපාල කුමාරව උපන් අවධිය පිළිබඳ කථා ප්ර්වෘත්තිය. ධර්මඋපාල සැහැල්ලෙහි දැක්වෙන්නේය. ලුහුඬු විරිදු වෘත්තයෙන්ම බැඳි කව් සැට එකකින් එය සමන්විත වෙයි. මුළු කථා ප්ර්වෘත්තියම සම්පිණ්ඩනයකොට දෙවෙනි කවියෙන් දක්වා තිබීම මෙහි ඇති විශෙෂ ලක්ෂෘණයකි. මෙය පැරණි උගත් කවියන්ගේ චිරාගත කාව්ය සම්ප්රශදායයකි. මුවදෙව්දා, සසදා සහ කව් සිළුමිණ යන දැනට අපට ඉතිරිව තිබෙන පැරණිතම පද්යි ග්ර න්ථා තුනෙහිම මෙය දක්නට ලැබේ. ධර්මිපාල ජාතක කථාවෙහි සම්පිණ්ඩනය දක්වා ඇත්තේ මෙසේය.

පෙරුමන් පුරමින් බෝසත් සසර එනව රේ දරුමපාල නමින් උපති වරෙක සුපත රේ කුරිරු එපිය රද කුමරුට කරපු අනද රේ කරුම බලය පලදෙන සැටි අසව මෙම ව රේ

ලදරු කුමරුවාට කිරි පොවමින් සිටි බිසව රජු එහි පැමිණෙන බව නුදුටුවාය. තමා එන විට ඇය නැගී නොසිටියේ පුතා ගැන ගර්වයෙන් යැයි සිතූ රජතෙමේ තමහට දාවූ ඒ සත් මැසි. කුමාරයා වධකයා ලවා කඩින් කඩ කපා ලියවා. මරුමුවට පත්කළ අයුරු ජනකවියා කියා ඇත්තේ අසන්නන්ගේ සිත් කම්පාවන අයුරිනි.

                                 1. ප්රරකාශක - ඩී.ඇප්. දිසානායක 








(453)

වැටිලා දෙරණේ චන්දර දේවි හඩන වා කටලා දෙතනෙන් එකුමරු කිරි උරවන වා එකලා වද‍කයො ගොස් රළු බස් තෙපලන වා ඇදැලා කුමරු‍න් වදකය අතට ගන්න වා

අත් පොඩි දෙක කපා කුමරු දෙරණෙ දැමුව යි රත් වී හද බිසව හඩා දෙරණෙ හැපෙන ව යි අත් පොඩි කැපු තැනින් රු දිර බිම වැගිරෙන ව යි සිත් සෝකෙන් අත්පොඩි ගෙන බිසව සිඹින ව යි

කුරිරු එපිය රජු වදකරුවට තෙපලන් නේ ළ දරු සතුර හට තව වද කෙරුම වටින් නේ අ පු රු ලෙසට උඩ අල්වා ගෙන විගසින් නේ ඉ තු රු නොකොට කඩුවෙන් දෙක කුල් සිඳලන් නේ

එතෙපුල් ඇසු වදකය සිත දුක්නොව එක ලා සු ර තල් කුමරුව ගනිමින් උඩ එල්වා ලා දෙකකුල් සහමුලයෙන් දැමුවේය කපා ලා ව ද ම ල් ලෙස ගලන රුදිර බිම වැගිරී ලා

සිහි සන් නොමැතිව මෑණියො දෙරණෙ වැටිච් චී ගන රන් මගෙ එකම පුතා අද වැන සිව් චී දුකයෙන් කොටපුතු සිඹිනට වත් නැත නිච් චී පෙරදින් මම කළ පව් අද මට පලදිව් චී

ජාතක කථා සැහැලි තව ඇත්තේ දෙකක් පමණි. එනම් වෙස්සන්තර සැහැල්ල සහ දහම්සොඩ සැහැල්ලන්ය.

වෙස්සන්තර සැහැල්ලේ කෙටි කව් මෙන්ම දික් කව්ද ඇති අතර පැරණි දහම්සොඬ සැහැල්ල මුළුමනින්ම යාදින්නක විලාශය ගන්නේය. _______



(454)

දහම්සොඩ සැහැල්ල ____

අළුත් දහම්සොඩ සැහැල්ලක්ද ඇත්තේ ය. එහි සම්පූර්ණන නාමය “දහම්සොඩ සැහැල්ල1 සහ කේතුමාලා සිරස පාදය” ය. මෙයද තොවිල් වලද බැවහර වන්නකි. එහි එන රකුසු වර්ණනාව සිත්ගන්නා සුළුය.

පාද බකලවන් පිළි සහ පතුල් මවා ඟ ති මුද රැලසෙ ගොරහඬ දෙන බයංකාර ග ති බේද කරන දුටුවන් සිත් නපුරුගුනේ ඇ තී රකුසු වෙසක් මවා එන්ට සුරිදු සැදී ග ති

ක ට ත් දෙකොන දෙපිටට නැමි අඩ සඳවෙනි ද ත් දෙනෙත් රතුව සසල අඟුරු වළසේමයි නෙ ත් දැ ත් රතුව අත් නියපොතු උරිරු දරා ග ත් ම හ ත් නපුරු දිවි වලසැඩි දුල්සේ දෙත එ ත්

දික් කල දිව දෙතලු මැදින් නයි පෙන යක් වෙ නි බක් මස කෙටු විදුලිය මෙනි සුස්මන කල ගි නි එක් කල බැම දික් බැම රැලි පුස් පබ කල වෙ නි රුක් සිදුරක විවරයසේ සවන් දෙපිරි වැ නි

තොස් තුටුවන කුදිටු දෙ ඇස් පැසුනු වැනිය බ ටු රඹු ටු කො රල තොල ඇඟ උල් නාස දෙපිට පි ටු කකුටු වකුටු පාද වකුටු ඇඟිලී එව කු ටු යකුටු විසටු තුන් සැඩ දුන් අත්නිය අත්ව ටු

                                 1. ඩි. බී. ඒ. පොන්වීර 






(455)

නපුරු මහත් කාල උදර මේග පටල වෙ නි රුදු රු කුරිරු ඇඟ පිට ගැට කිඹුල් පිටක් වෙ නි විසු රු මහත් ඉස සැඩපළු මඩු වල්ගා වෙ නි කුඹු රු උදුන ගිනි මල් වෙති දෙපිට දෙදල ග නි

පැසුනු මහත් කැකිරි පලසෙ ඇස්ගෙඩි බිහි ති වැසුනු දෙබැම වට බැම රැලි කකුටු කුරිරු ඇ ති ගැසුනු ගලක විවරසෙ ආයන ලද කට ඇ ති ඉ සු නු උරිරු කට දෙකොනින් දෙතලු රතුව ගති

අඹර දිලෙන රන්පටසේ රන්තඹ රැවු ලු තඹර ගැසී තුන් සැඩගත් ඉසකේ විර ලු පඹර රැසසෙ ගිනි දුන්ගත් ඇඟ ලේ කර ලු බඹර හඩසෙ ගිගුන් නැගි සුසමන හඩ ලු

_____












(456)

මරඟන සැහල්ල1 ____


බුඬ චරිතයේ අවස්ථාවන් ගැන කියැවෙන සැහැළි කිහිපයෙන් විශෙෂයෙන් සඳහන් කළ යුත්තකි මරඟන සැහැල්ල. එය සකස්කොට තිබෙන්නේ තොවිල් කටයුතු සඳහාය. වසවත් මරහුගේ දූන් තිදෙනා බුදුන් පොළඹවා ගැනීමට වෙහෙසවූ තොරතුරය කථා ප්රරවෘත්තිය. මේ කථා වට බුඬ චරිතය පිළිබඳ වෙන කිසිදු පොත පතක නොදක්නා සිඬියක්ද ඈදාගෙන තිබීම මෙහි ඇති විශෙෂය වන්නේ ය.

බුදුන් හමුයෙහි නොයෙක් සරාගික විලාශයන් පාමින්, ප්රේාමාලාප බෙතෙමින්, ඒ සියල්ලෙන්ම වැඩක් නොවු බව දුටු මරඟනන් තුන් දෙන අවශානවුත් නොවරදිනවූත් ප්‍රයත්නය වශයෙන් ඉනා බෙහෙතක් සාදාගෙන නැවත වරක් බුදුන් ඉදිරියට පැමිණි බව මරඟන සැහැල්ල කියන්නේ ය. ආගම ධර්ම යන් වටා එය අදහන ජනතාව ගේ නොයෙක් පළපුරුදුකම් සහ සිතුම් පැතුම් එතී යන අයුරු පැහැදිලිවන මෙය, ජාතික සංස්කෘතික පිළිබඳ වැදගත් ආලෝකයක් නිකුත් කරන්නකි.

                   1 ප්රවකාශක - ඇන්. ජේ. කුරේ. 







(457)

බුදුන් පෙළඹවීමට මරඟනන් කළ කී දැය අවස්ථාවට උචිත පරිදි ශෘංගාර රසපො‍වා කවියා ඉදිරිපත් කරන හැටි පහත දැක්වෙන කව්වලින් සිතාගත හැකිය.

යසෝදරා මමවද වැඩි මහලු ලි යේ බාල නඟාලා දෙන්නම කන් සරි යේ කෝල වෙලා නොසිටින් අන්හට පිරි යේ ආල වෙලා දැකපන් පියයුරු පැටි යේ

ටිකිරි නඟා සැමටම වැඩි යෙන් තිල කා ඉදිරි වැඩෙන පිය යුරු දෙක රන් තිල කා සපිරි බඳට පෙති ගෝමර යස රුව කා අපිරි නොවන් නුඹ අදහන රන් මැනි කා

ඉනා බෙහෙත් පුවත සඳහන් ‍වන්නේ මෙසේය.

කියා මරඟනෝ තුන්දෙන සමග සි ට ඉනා වෙලා ඔහු දැපනේ වෙන ලෙස ට සොයාගන්ඩ අවුසද ඉනා බෙහෙ ත ට ගියා මරගනෝ අවුසද ගෙනෙන්න ට

කයිල ඉරිවේරි සස්සඳ කඳු ලැස් ස සාවදාන අත්තක බිගු නොව ලස් ස එලකටරොඩු සුළු නයි සහ උගු රැස් ස ගත්තු බේදුරා හැම මුල් සී රැස් ස

කෝවක්කාද තුඹ අල කටරොඩු රැගෙ න පාසක්කා යෝග මලයෙන් සතුන් ගෙ න මාසක්කා ඉගුරල වැල්ලල රැගෙ න අසත් පුරුස අඳුනක් තැනු මේ ලෙසි න





(458)

සදා අඳුන් බෙහෙතුත් මරඟන එදි න රදා ගලේ තොට පේකර මතුරග න එදා මදන යකු බේතට දිෂ්ටි ල න යොදා පස්තෙලෙන් අවුසද ගුලිකර න

මෙලෙස නොයෙක් දේ එක්කරලා රැගෙ න මරඟුන් තුන් දෙනා අවකාසෙට පැමි න යකුන් දැපන වෙන මල්වඩන් කරල න ඉනා වෙන්ඩ බෙහෙතුත් ජීවන් කර න

ඉනා ගුලිය අඹරාලා මතුර ගෙ න තනා දෙබැම පිට නලලේ තිලකල න මනා ලෙසට ඇඹරු බෙහෙත් ගුලි තු න ඉනා වෙලා එන්දැයි අප අදහ හෙ න

මරඟන සැහැල්ල අවසන් වන්නේ හිසේ සිට දෙපතුළ දක්වා ඇති වින කැපීමේ ‍කව්පෙළකිනි.

_____










(459)

අලව් සැහැල්ල1 ____


අලව් සැහැල්ල කව් අසූවකින් පරිමිතවේ. බුදුරජානන් වහන්සේ අලව් යක්ෂ යා දමනය කිරීම කථා ප්ර වෘත්තිය වන්නේය. පනස්නවවන කවියෙන් කථා පුවත අවසන්කොට එතැන් සිට එහි ඇතැම් සිඬි එකිනෙක මතුකර දක්වමින් ඒ අනු භාවයෙන් වින ඉගිලවීමක් කරන්නේය. පහත දැක්වෙන්නේ ඉන් කවි කිහිපයකි.

ජේත වන විහාරෙන් වැඩයකු විම නේ බී ත අලව්යකු දමනය කළ තෙදි නේ සී ත ජොර පිපුම් යකු අමියා දොසි නේ බු ත වින ඉගිල යයි මොහු සිය ගති නේ

රූ පෙ ට නැකත අසුකරවමින් ගෙ නේ පේකොට ගැසූ විනකටු උගුළුවා ගෙ නේ ඕ හ ට කළ ඇදුරු සිටිතැන් බලා ග නේ ආ පි ට වින හරින් මුනිඳුගෙ අනුහසි නේ

ලකුණේ තිස් යොදුන් වැඩ මුනිරජ එදි නේ රැකුණේ අලව් කුමරුන් මුනි අනුහසි නේ දකුණේ වම ගැසූ කටු උගුළුවා ගෙ නේ යකුණේ වින හරින් අද මොහු සිය ගති නේ

                                    ප්ර කාශක - ඇම්. පී කරුණාතිලක 






(460)

මහ බිනික්මන් සැහැල්ල සහ පිරිනිවන් සැහැල්ල බුඩ චරිතයේ ඇතැම් සිදුවීම් කියැවෙන සැහැලි කව් පොත් දෙකකි. මේ සැහැලි දෙකේ ද කව්වලින් වැඩිමනත් හරියක් වින ඉගිලවීම් පිරිපත දුරලැවීම් ආදියට අනුරූප වන පරිදි සකස් කොට තිබේ.

පසු පසු කාලවල සැහැලි කව් පොත් ලියැවි තිබෙන්නේ තොවිල් පවිල් කරන්නන්ගේම ප්රතයෝජනය සඳහා බව පෙනේ. මෙසේ එක් අංශය කටම බරවීම නිසා සැහැල්ලෙහි විකාශනය නැවතී ගියේ ය.















(461)

කැළණි හෑල්ල 1 _____ කැළණිය පිළිබඳ තොරතුරු කියැවෙන සැහැල්ල කැළණි හැල්ල ය. මෙනමින් කව් පොත් දෙකක්ම ඇත්තේ ය.

අහිංසක ගැමි ජනතාව ගේ ශ්රමඬා භක්තිය වඩවන :-

“උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ”

යන බොහෝ උපාසක උපාසිකාවන්ට වණපොත් ව තිබෙන කවිය ඇතිපොත මින් පැරණි එකය. අළුත් කැළණි සැහැල්ලෙන් එක් කවියකි පහත දැක්වෙන්නේ :-

නයින් ගේ කොලහලය බිඳුමට කැළණියට මුනි වැඩ මි යේ ගුවන් කුස වැඩ උන් මුනිඳු දැක එදා නා කැල බිය වි යේ උතුන් දර්මය සිතින් සිහිකර පිහිටුවා ගනිමින් ල යේ මැදින් මාසේ පෝය දිනයේ වඳිමු දාගැබ කැළණි යේ



________

                      1. සම්පාදක - එච්. ඒ . සයිමන් පෙරේරා 







(462)

17 වෙනි පරිච්ජේදය

වීර කථා සැහැලි ______


රටේ පිළිගත් නීතිය නොසලකා දාමරික කම් කරන්නවුන්ද වීරයන් ලෙස පිළිගැනීමේ දුර්වල තාවයක් ගැමි ජනතාව තුළ නිසගයෙන්ම පිහිටා තිබෙන්නාක්සේ පෙනේ. ඇතැම් විට නීති ගැන ඔවුන් ගේ හැඟීම් එතරම් යහපත් නොවීම මෙහි හේතුව වියහැකිය. ගැමියන් අතර මුල් බැස ගත් කියමනක් නම්, “දුජතාට එක නීතියකුයි පොහොසතාට එක නීතියකුයි ඇති බවය”. මේ හැඟීමම මුල්කොට ගෙනය,

“වැටක් නියරත් ගොයම් කානම් ‍කාට කියනෙද ඒ අමාරුව කැටක් දෙමි කලි යුගේ කාලෙට දුප්පතාටම වෙයි අමාරුව”

ආදී කියමන් ඇතිවී තිබෙන්නේ. බලවත් සමාජයේ සුව පහසුව පිනිස දුබල සමාජය මිරිකීම සඳහා නීති ඇතිකර ඇතැයි යන්න, ඒත්තු ගැන් වීමට ඉදිරිපත් කරණු ලබන තර්කතයන්ද ඔවුන් ගේ අංශයෙන් සිට බලන විට සාරවත් ලෙස නොපෙ නෙන්නේ නොවේ.






(463)

උගත් පොහොසත් අය ඔවුන්ගේ සමාජ ශාලාවල ලෝකයේ හතර දිග් භාගයෙන් ගෙන්වා ගනු ලැබූ නොයෙක් මත්පැන් වර්ගග, ඇති පදම් බොන්නෝය. බී වෙරිවී කල කෝලාහලද කර නොගන්නෝ නොවේ. ගැමියා ස්වකීය ගෙවත්තේ වැවුන කිතුලේ මලක් රා කරගන, ඇතැම්විට අසල් වැසියෙක් දෙන්නෙක් සමගද බොන්නේය. පදම දැ බොන ඔව්හු කලාතුරකින් හෝ වෙරී නොවන්නෝය. එහෙත් නීතියේ දඬු අත ඔවුන් කරා දික්වන්නේ ය. තමාගේ කිතුල් තමාගේම ප්රේයෝජනය සඳහා තමා විසින් මැද ගැනීමට නීතියෙන් අවසර ගත යුත්තේ මන්දැයි යන්න ඔහුට විසඳා ගත නොහෙන ප්රනහේලිකාවකි.

මුදල් ඔට්ටුවට තබා කුකුලන් කෙටවීම දඩුවම් ලැබිය හැකි වරදකි. කුකුල් කෙළීයෙහි යෙදෙන්නෝ ගැමියෝ ය. දුප්පතු ය. එසේම මුදල් ඔට්ටුවට තබා අසුන් දුවවීම්ද ඇත. එහි යෙදෙන්නෝ නාගරිකයෝ ය. බලවත්තුය. එයට දඩු වම් දීමෙක් නැත. ඒ වෙනු‍වට තුරඟ ක්රීසඩා සමාජවලට නොයෙක් පහසුකම් ද, සැලකිළිද දැක්වෙන්නේ ය. මෙයද ගැමියනට වටහා ගත නොහැකි තත්ව්ැලකයකි. මෙබඳු දේ තව බොහෝය. එමෙන්ම බඩ වැඩිල්ල සඳහා හේනක් කොටා ගැනීමට, වැට කොටු සඳහා කැලයෙන් ගස් කපා ගැනීමට, අවසර ලබා ගත යුත්තේ මන්දැයි ගැමියාට නොතේරේ.










(464)

නොදැනුම් කම නිසා හෝ වරදවා තේරුම් ගැනීම නිසා හෝ මෙබඳු නොයෙක් කරුණු පිළිබඳව ගැමියා නීතියට දක්වන්නේ අනාදර අහිතවත් කමකි. නීති රීති පණවන්නවුන්යයි විශ්වාස කරණු ලබන බලවතුන් කෙරේද ඔහු ගේ හැඟවීම් මීට වෙනස් නොවේ. මේනිසා නීතිය බිඳින, එසේම බලවතුන්ට හිංසා පීඩා කරන දාමරිකයන් හිතවතුන් ලෙස, වීරයන් ලෙස, සැළකීමට ගැමියා පෙළඹී ඇත්තේ ය. තමා මැඩීම පිණිස පවතින නීතිය නොසළකා හරින ක්රිීයාවන් දෙස ඔහු බලන්නේ ප්රී තියෙන් ඔද වැඩී ගිය විෂ්මයෙනි.

නීතිය නොසලකා හැර සිටින දාමරිකයන් මෙල්ල කිරීමෙහි සමත් රාජපුරුෂයන් කෙරේද, ගැමියා දක්වන්නේ ගෞරව සම්ප්ර යුක්ත බියකි. එබඳු රාජ පුරුෂයකු ගේ ශක්තියෙන්, නැත හොත් නිර්භීත භාවයෙන්. එසේත් නැත්නම් උපාය ඥනයෙන් වශීවන ජනතාව ඔහු නිසා අස් වැසුම් ලබන්නේ ය. ඔහු ගේ වීර භාවය නිසා අස් වැසුම් ලබන්නේ ය. ඔහු ගේ වීර භාවය ගැන දරුවනට සාටෝපයෙන් කියාදී ජනප්රිවාද ඉතිහාසයෙහි ඔහු අමරනීය බවටද පත්කරන්නේ ය.

සිංහලයේ පරාධීන යුගයේ ඇතිවූ වීරයන් උගතුන් ගේ ඇසට ලක් නොවු නමුදු සැහැලි කවියන් විසින් ඔව්හු සපුරා දකින ලදහ. එබන්දෙකි මොරටුවේ පුරන්අප්පු. ඔහු දාමරිකයෙකි. සාහසිකයෙකි. එහෙත් සරදියෙල් හෝ කුරුපුංචෙ හෝ මෙන් සිය දාමරික කම් සැහැසි කම්








(465)

දුබල ගැමි ජනතාව මැඩීමෙහි යොදවන ලද්දේ නොවේ. පුරන් දාමරිකයෙක් වූයේ එවකට මුළු ලෝකයේම තුබු මහ බල සම්පන්න ඉග්රී සි ආණ්ඩුවට විරුද්ඬව ය. සැහැසිකම් කළේ රණකාමී සුදු යුද සෙබලුන්ටය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඉංර්ගිේසි දඬු ක‍ඳෙහි මිරිකනු ලැබූ ලංකාමාතාව නැවතත් නිවහල් කර ගැනීමය. මේ උසස් හැඟීම් ක්රිරයාවේ යොදනු සඳහාය මොරටුවේ රාවතා වත්තේ සාමාන්යේ ගැමි ගෙදරක හැදුණු වැඩුණු පුරන්අප්පු “ඌවේ බින්තැන්නේ” මහ වනයේ ගල්ගෙයකදී රජ බවට පැමිණ සිංහල සේනා සංවිධානය කළේ. රජ බවේත් යුද හරඹයේත් පුහුණුව පුරන් අප්පුට තරුණ වයසේදීම නාඩගම් මඩුවෙන් ලබාගත හැකි විය. ‍එය 6“මොරටුවේ පුරන්අප්පු සිංහලේ රජවූ හැටි” යන කාවියමේ

සඳහන් වන්නේ මෙසේය:-

23 බ්ර න්පෝට් කතාවය නටනා විලසින් නා නාටකේට තව ජනයෝ කැඳවමි නා නාටකෙ කොටස් නිසියාකාරෙට දෙමි නා පලවෙනි නැටුම පුරන් අප්පුට බාර උ නා

24 පුරන්ට ඔලී කුමරුමෙන් සැරසෙන්ට කි යා ජුසෙ අප්පුට මොන් රෝ මෙන් එන්ට කි යා අන්දිරිස් ගුරුතුමා මූලික වී සිටි යා බ්රෙන්පෝට් නාටකෙ එමදා පුහුණු වි යා

6 කව් 60 - සින්දු 1 - සම්පාදක - කොළඹ - ඇස්. පී.ඩබ්. ප්රේොරා






(466)

26 යන කල ජුසෙ අප්පු මොන් රෝ මෙන් පැමි ණ දෙදෙනා යුද කරන්නට උනි නිසි ලෙසි ණ එදිනා පුරන් කඩුවද ගෙන සුර තින් ණ ඇන්නා ජුසෙ අප්පුගේ පපුවට එදි ණ

පුරන් රජවී යුඬ කළ අයුර මෙසේය :-

35 පුරන් මැතිඳ සේනාපති තෝරා ලා ආරක්ෂාර බටයන් තව රැස්කර ලා යුද සේනාව සවිසත්තිය යොදවා ලා පුරන් අප්පු රජවුනී ප්රීවති වී ලා

36 මේ බව ඉංග්රී්සි බටයන් හට දැනී ලා ආවයි බින්තැන්නේ කැලයට සොයා ලා කරලා යුද්ද ඉංග්රීැසි සෙන් වන සා ලා උන්නයි පුරන් අප්පුත් තේජස පා ලා

ඉංග්රී සීන්ගේ ඔද සුන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඥාතියකුගේ ද්රොසහිකම් නිසා පුරන් රජු සතුරන් අතට පත්විය. රටක් ජාතියක් නිවහල් කර ගැනීමට වෙර දැරූ පුරන් රජ්ජුරුවන් ගේ හදවත දුෂ්ට ඉංග්රී සීන්ගේ වෙඩි උණ්ඩයෙන් සිදුරුවී ගියේ ය. එහෙත් උන්ඩයට හෝ ඉංග්රීිසීන්ට හෝ ඔහුගේ - ජාත්යාුලය සෙල්විය නොහැකි විය. ඒ බව ජන කවියා කියන්නේ මෙසේය. –








(467)

49 බලහත් කාරයෙන් රජකම් කල නිව ට ලේසි දඩුවමක් නොදෙමිය මම ඔහු ට කියා අදිකරනේ ජනරල් තුම එවී ට වෙඩි තබා ප්රාජනෙ යන තුරු කිව් මරන්න ට

50 තුන් මසක් උන්න සිංහලෙ රජ වී ලා සන් තොසින් පුරන් නිර්බීතෙන් සිට ලා ගන්නට පලිය මස්සින කල දේ මෙක ලා යන්නට පරලෝකෙ ගැන සිතුවයි නුමු ලා

53 රජකම් කලත් දිනකදි ඔය පලදෙන් නේ මට වන් විපත කව්රුත් නැනයට ගන් නේ ලක්මව් බේ‍රන්ට වෑයන් කර මින් නේ ඉක්මන් ගමන් යන්නට අද සිද්ද වූ නේ

54 තුන් ගුනයෙන් රටට ආලය පෙන්වා ලා මන් ගත් වෙහෙස නිස්පල උනි අහොමෙක ලා දැන් සිංහලේ ගන අඳුරෙන් යයි වැහි ලා ඉන් ග්රීහසින්ගෙ නීතිය උඩ රට සිය ලා

56 බැද්ද වනසන්ඩ බැද්දේ ගසක් වී නා වෙන දෙයක් නැතිය කව්රුත් දැන ගන් නා ජාතිය වනසන්ඩ ජාතියෙ කෙනෙක් වි නා කව්ද වෙන ඉන්නේ ලෝකෙ බලනු මැ නා

57 කියා මෙලෙස ඔවදන් පුරන් එම ස ඳ සියා මූන පෙන්වාලා බිය නොවි ඳ ගියා බතරොයිය තිබෙනා තැන එස ඳ තියා මැරුවෙ වෙඩි අයියෝ නෙතඳ බැ ඳ

____




(468)

මෑත යුගයේදී දාමරික කම් නිසා ගැමියන් ගේ භය සම්ප්රයයුක්ත වූ ගෞරවයට පාත්රිවූවෝ දෙදෙනෙක් වෙත්. ඔව්හු නම් සරදියෙල් සහ කුරුපුංචේය. මේ දෙදෙනාම ගැමි ගීතයන්ගෙන්ද අමරනීය භාවය කරා ඔසවා තිබේ. සරදියෙල් ගැන කියැවෙන එක් තැනක් මෙසේය.

දු ප් ප තු න් හට බොහො උදව් ඇත සර්දියෙල්ගෙන් සැම දිනා පොහොසතුන් ගෙන් ගනිති උදුරා දුප්පතාහට දෙන මෙනා ඉ ස් ත්රි ය න් සහ ලමයිහට බෙහො උදව් කරනිය නෙක මෙනා නෙ ක ලෙසින් මෙය රටේ සැමතැන පතලවීලා පුදු මෙනා

මි නී ම ර ලා මංකොල්ලකා පෝසතා - ගේ දන ගෙ නා අනේ එකලා බෙදා දුන්නේ දුප්පතාහට අදරි නා කනේ අහලා සර්දියල් ගේ කාරනා ගැන සැම දෙ නා සෙනේ බැඳලා සර්දියෙල් ගැන උන්නෙ දුප්පත් දන පි නා

කුරුපුංචේ ගැන මෑනියන්දෑ වැලපුන අයුර පැවසෙන කව්. බෙම්තොට පළාතේ ගැමි ගැහැණු විෂ්මයෙන් සහ ශෝකයෙන් මුසු වූ හැඟීම් ඇතුව සිය දු දරුවනට කියා දෙන්නෝ ය. ඉන් එකක දෙපදයක් මෙසේ ය.






(469)

කුරුපුංචේ පුතනුවනේ අහපන් න මගෙ දෙතනේ කිරි බී පව් ඇරපන් න

ගැමි ජනතාව ප්රීබතියෙන් කියවනු ලබන විදේශීය දාමරිකයෙකු ගේ චරිත කථාවක්ද ඇත්තේ ය. එහි නම “මාතලන් කථාව හෙවත් චිත්රාතරම්බ සහ චිත්ර්වල්ලිය.”

කවියා ස්වකීය කාව්ය ය ඉදිරිපත් කරන්නේ මෙලෙස ය.

“ වැඳලා පළමු තෙරුවන් ගුණ කර සම ර යැදලා විෂ්ණු දෙවිඳුට පින්දී පව ර වැඳලා ගුරු දෙගුරු යටහත්වී මෙව ර පතලා මාතලන් වත කියමි කවි ක ර

එ බැ වි න් සකස සුදනනි මෙහි ඇතත් දො ස බැතියෙන් මකරකට වෙත හරිමින් නොල ස ස ව නි න් අසා මෙකතාවක බෝ සුර ස ගි ලෙමින් තුටු ග‍ඟේ පීනව් නොව අල ස

දු ටු ව න් පීනන නෙක ඉසුරෙන් යුත් රම නී නෙදතුන් වසන දඹදිව්තල යෙහි පැර නී ති ද සි න් අඩක් මිහිබට ලෙස සැදි සිරි නී සු ප ස න් පුරෙක් විය “තඤ්ඤය” යන නම් නී

එක්තරා සිටු කුමාරිකාවක් තල පැදුරක් වේලමින් සිටියා ය. ඒ රටේ රාජ කුමාරයා හා ඇය හා අතර මෙබඳු කථොප කථනයක් විය.






(470)

ර න් කඳේ නුඹ මෙතන තනියම කුමක් කරනෙද ඇසූ තැ නා ම ම් ව දේ පියසිටුගෙ කීමට මෙතල වේලම් කීවෙ නා ර න් බ ‍‍ඳේ වේලන්නෙ තල කුමකටද කියමින් ඇසුතැ නා මන්ලෙදේ සිටු කුමරි කීවයි තෙලට වේලමි කිය මි නා

ක ව ට කම් නොකර වස්තුවෙ ඇත්ත ඇති සැටි කියාප න් තලැට ඇතුලට තෙල් ලැබෙන්නේ කොහෙන්දැයි මට තෝර ‍ දෙන් එ වි ට චිත්රා වල්ලි කුමරිගෙ සිතට කෝපය ඇතිවෙමි න් බ ස ට කුමරුගෙ දුන්න පිළිතුරු අසනු සුදනති මේ ලෙසි න්

තලැ ට ඇතුළට තෙල් ලැබෙන සැටි නොදන්නෙහි නම් ඔබ තු මා කු සට මවුගේ එන්ට පළමුව වාසෙ කළ තැන මන ර මා මෙමට පළමුව කියා දුන්නොත් සැකය ඔබ සිත දුර ද මා තලැ ට ඇතුළට තෙල් ලැබෙන සැටි කියා දෙමි මම කී ර මා







(471)

අ සා එවදන චිත්ර රම්බා කුමර කෝපෙට පත් වෙ ලා අ සා දාරණ වදන් දොඩවන මෙතී සරණය බැඳ දු ලා නසා තිගෙ ඔය උඩගු අදහස එකන වැන්දුම් කරව ලා ල සා මම පළි ගනිමි කීවයි නිඟා කෙරුවට එක හෙ ලා

ම ගෙ න් පලි ඔබ ගන්ට පළමුව ඔබට නාහව කුමරු නේ සොඳින් ඔබහට දා ව මකුසින් වදා කුමරෙක් මවිසි නේ එ ව න් කුමරා ලවා ඔබහට එතල වන්නෙමි කී තැ නේ එ යි න් කෝපෙට පත්ව කුමරා කරපු දේ අස මෙලෙසි නේ

මෙහි කියැවුනු පරිදිම කුමරිය ප්ර යෝගයක් යොදා රාජ කුමරුට දාකොට පුතෙකු වැදුවා ය. ඔහුගේ නම මාතලන් විය. මාතලන් දාමරිකයෙකු බවට පත්වී නිර්භීත භාවයත් ස්ථානොචිත ප්රිඥාවත් නිසා මුළු ප්රරදේශයම පුදුමයට පත්කොට අවසානයේදී පියාණන් වන රාජ කුමාරයාට ‍පාර සියයක්ද තළා. මෑනියන් ගේ දිව්රුම ඉටු කළේ ය. මාතලන් කථාවෙහි සාරාංශය මෙය ය.

_____







(472)

නීතිය කඩා බිඳ හැර සමාජය පෙළන්නවුන් නීතියේ රැහැනට අසුකරලන රාජ පුරුෂයන්ද වීර භාවයෙන් ගැමියන් විසින් පුදන බව යට කියන ලදී. එබදු අවස්ථාවක් පිළිබඳව ලියැවී තිබෙන්නකි. “1ජීවන උපමාව සහ නෙයිනගෙ සුදුව” නමැති කව්පිංච. සත්තුභක්ත ජාතක කාව්ය යට ශ්රීු රාහුල හාමුදුරුවන් වහන්සේ කාව්යතසේකරය යැයි නම් කළ කාව්ය සම්ප්රුදාය අනුව යමින් දෝ නාමය නොදන්නා මේ ජනකවියා “නෙයිනගෙ සුදුව” ට “ජීවන උපමාව” යන උපනාමයක්ද දී ති‍ෙබ්.

මුල් කව් සයෙන් කථා ප්රදවෘත්තියේ හුඟ හරියක්ම සම්පිණ්ඩනය කරන කවියා පසුව ඒ ඒ අවස්ථාව විස්තර කර දක්වන්නේය. ඒ කථා සම්පීණ්ඩනය මෙසේය:-

ප ල මු ව බුදු රුවට වැඳ සිහි කරගන එගුනක ඳ දෙවනු ව මම නමදිමි සුගතිඳු දෙසු ඒ දම්ක ඳ තෙවනුව සඟ ගන පා වැඳ සිය සුරනට පින් දී සො ඳ කිය න ව මම නෙයිනගෙ සූදුව කවියෙන් සබ මැද අ ද

                                   1 ප්රමකාශක - එච්. ඒ. පියදාස 










(473)

සි රි න් අපගෙ සිරිලක් දිව අසුවුනි ඉංග්රි්සි රජුන් ට එ මෙන් ම අප ඉංග්රිරසි රජ රජකම් කරනා අත ර ට සොඳින් හිටියෙ තම්බි කෙනෙක් නෙයින කියල ඒ අතර ට එ මෙන් ඔහුගෙ නිවස තිබුනෙ මසන් ගස් හන්දියෙ පෙර සි ට

දවස දෙවේලේ ඔහුගෙ ගෙදර සූදුව ඇති වුනි තදේ ට පවර දහස් ගණන් යනව ඔය සුදුව කෙළින ලෙස ට දැනිලා ඉංග්රී සි ආණ්ඩුව නෙයිනගෙ සූදුව එම වි ට නොයෙකුත් වීරිය දැරුවා බැරිවිය එය අල්ල ගන් ට

ඉංග්රි සි රජුගෙ නිල දාරින් නොයෙකුත් වෙස් ගනිමින් සි ට නොයෙකුත් වීරිය කෙරුවා බැරි උනි එය අල්ල ගන් ට පතලා වීරයෙක් ඉන්නෙ කොතලාවල කියල සොඳ ට මෙකලා ඔහුගේ දස්කම් කියනව මම පෙලින් පෙල ට







(474)

ජෝන් නැමති කොතලාවල කොලොම්පුරට ලක විසු පෙ ර විමෙන් ඔන්න ඉස්කෝලෙක නැවති මුහුට ගුරු තන තු ර සොදින් ඔන්න ලදරුවන්ට ශිල්ප උගන් වමින් නිත ර එමෙන් ලැබුන ටික දිනකින් රේල්ලුවේ ලිපි තනතු ර

නෙයිනා සූදුව පැවැත්තුවේ හැංගී හොරා නොවේ. එහෙත් එය ඇල්ලීමට කිසිවෙකුට පුළුවන් නොවීය. කිට්ටුවම තුබු පොලිසිය රාජකාරියට වඩා නෙයිනව හිතවත්වූ බැවිනි. නෙයිනා පොලීසියේ පක්ෂාපාත භාවය ලබා ගත් හැටි කවියාගෙන්ම අසමු.

“කො ස් ගස් ලග පොලීසියට අල්ලස් දීලා කදිම ට ති ස් සෙම සූදුව තිබුනත් කෙනෙක් නොයති අල්ලන්න ට”

ඒ පොලීසිය සූදුව නොඇල්ලුවා පමණක් නොව අන්යග පොලිස් නිලධාරීන්වද අධෛය්‍ර්යම කළේය. එනිසාය සූදුව ඇල්ලීම ගැන කථා කළ කොතලාවලට මෙසේ කියන ලද්දේ :-








(475)

එබස අසා උන් ඉන්ස්පෙක්ටර් මහතා පවසයි මෙලෙස ට දිනක් මිතුර මෙඅපි ගියා ඒ සූදූව අල්ල ගන් ට නිමක් නැතුව සිටිය පිරිස හොඳටම දුන්නා ගුටි බැ ට එදින පසුව අද වෙනකන් නො ගියේ අප අල්ල ගන් ට

ගියොතින් වෙන්නේ කෙනෙකුට බඩ පුරාම ගුටි කන්න ට ඔබ ගොස් කොටහේනෙ පොලීසියේ සිටින් පන රැක සි ට අපි ගොස් මම වෙච්ච හරිය කිව්වේ දැන ගන්න ඔබ ට දුරටත් පවසන්නෙ ඔබට නම්බුව රැක ගන්න ලෙස ට


මෙයින් උදාසීන නොවු කොතලාවල, හෙට්ටියෙකු මෙන් වෙස් වලහගෙන ගොස් සූදුව ඇල්ලුවේ ය. සූදුපිටිය පාලනය කළ චන්ඩි ජෝන් එවක මුළු කොළඹම ප්රඇසිඬියට පත්ව සිටි චන්ඩියෙකි. එහිදී නොසිතුවක්ම සිදුවිය.




.




(476)

අරගන විඟහට පිහියක් චන්ඩි ජෝන් ඇවිත් එවි ට කොතලාවල උඹ දැනගන් මමයි ජෝන් කොළොම් පුර ට සාමදානයෙන් අපේ සෙනගත් අත්හරිනු යන් ට මෙසේ කියා ජෝන් පැන්න මහතට පිහියෙන් අනින් ට

පැන්නා මහතා පස්සට එන සැටි හොඳ නැහැ බැලුව කල ට ඇන්නා වම් පයින් එකක් බිව් රන් කිරි කටට එන් ට පාන් කියන්ටත් බැරි වුනි මල මුත්තර වැටුන කල ට ඕන් අනිත් සියලු පිරිස උන්නා බය වෙලා එවි ට

සූදුව පැවැත්තේ ගෙයි හත්වෙනි තට්ටුවේය. නෙයිනා සිටින්නේ පාතම මාලයේ ගෙට ඇතුල් වන තැන ය. සූදු කරුවන් අල්වා ගෙන එනු දුටු නෙයිනා -

ඉතින් අම්මේ ඉඳල මොටද කියමින් පැන කාමරය ට අරන් අතට කානු හතේ පිස්තෝලය වෙඩි තියන් ට නුඹට බේත මේක තමයි කොතලාවල ගනින් සිත ට මෙසේ කියා පිස්තෝලය වරක් ගැස්සුවා මහත ට




(477)

පත්තු නොවුනි පිස්තෝලය අප මහතගෙ පින් බලය ට පැන්නා පාරක් දුන්නා නෙයිනගෙ යටි බඩ හරහ ට අල්ලා කියමින් නෙයිනා බඩ අල්ලා ගෙන හැබෑ ට ඉල්ලා ගන වතුර ටිකක් නෙයිනා කැ ගාන කල ට

කවියා පොත අවසාන කරන්නේ මෙසේය:-

එතුමා කළ දස්කම් මට එක මුවකින් බැහැ කියන් ට එතුමා කළ දස්කම් නම් ඉතිහාසෙත් තියෙයි සොඳ ට අද වනතුරු සිටියා නන් රජ කරනව ලංකාව ට එතුමා සුර පුර වැඩියේ අපගෙ තියෙන අහේතුව ට


_____








(478)

18 වෙනි පරිච්ඡේදය වියත් කව් හා සැහැලි කව් සංසන්දනය ___

උගත්කවීන් හා ජනකවීන් හා අතර මහත් වෙනසක් තිබිය යුත්තේම ය. ඔවුන්ගේ දැනීම් අතර විශාල පරතරයක් ඇති බැවිනි. දැනීම් යන්නෙන් අදහස් කරනුයේ භාෂා ශාස්ත්ර්ඥානයම නම් මේ වෙනස වියතා ගේ වාසිය පිණිසම වන්නේ ය. එහෙත් භාෂා ඥානයට, විශෙෂ යෙන්ම පැරණි කවීන් ගේ භාෂාඥානයට හසුවු ප්ර දේශය ගැන සිතන විට, මෙබඳු තීරණයකට පැමිණීමට යුහුසුළු නොවීම නුවණට හුරුය. අනිත්වා කෙසේ වෙතත් මේ රටේ ජනතාව ගේ සිතුම් පැතුම් ආදී හැඩ ගැසීම පිළිබඳව නම්, උගත් කවියා ගේ ශාස්ත්ර ඥානය පරදවා නූගත් කවියාගේ ඉව ඉස්මතුවී සිටින බව පිළිගත යුතුය.

මෙහි සත්යපතාවය සෙවීම පිණිස එකම ජාතක කථාවක් පිළිබඳව වියත් කවියෙකු විසින් කරණ ලද කාව්යක ග්රින්ථයක් හා අවියත් කවියෙකුගෙන් නිපැයුණු සැහැලි කවක් හා සසදා බැලීම වැඩදායක විය හැක්කේ ය. මේ සඳහා ඉදිරිපත් කැරෙන ජාතක කථාව නම් සඳකිඳුරුදාවය. ගුත්තිල කාව්යතයටද ගුරුපොත වීයැයි සිතිය හැකි එය සිංහලයේ තිබෙන ඉපැරණිම සිව්පද කාව්යතයවීම.








(479)

මෙබඳු පරීක්ෂ)ණයකට වඩාත් උචිත වන්නේ ය. සඳකිඳුරුදා කව නිපැයුනේ දඹදෙනි අවිධියේ ය. එහි කර්තෘවන් වහන්සේ පිළිබඳව 1931 දී මුද්ර ණය කරණ ලද සඳකිඳුරුදා කව් 1සන්නයේ සංඥාපනයේ සඳහන් වන්නේ මෙසේය.

“මෙහි කර්තෘක උත්තමයා වනාහී මුලින් කියන ලද පැරකුම්බා නිරිඳු රජය අනුසස්නා කල ලක්දිව විසූ ෂඩ්භාෂා පරමේශ්වර ත්රිුපිටක වාශීශ්වර ශ්රීු රාජ ගුරු ගලතුරු මුල සඞ්ඝරාජ මහා ස්ථවීර ස්වාමී පාදයා‍ණන් වහන්සේය. මුන්වහන්සේ වනාහි බොහෝ ශිෂ්ය් සමූහයකට ශාස්ත්රර හදාරවමින් ස්වකීය ආචාය්ය්න් යන් වහන්සේ ගේ කාලයෙන් පසු සංඝරාජ ධූරය ලැබ වැඩ විසුවා පමණක් නොව, එළු පාළි සංස්කෘතාදී නානා භාෂා ශාස්ත්රැයන්හී හා ත්රියපිටක ධර්මියෙහිද තීක්ෂාණ බුඬිමත් පඬිතෝත්තමයෙකි.”

එක් දහස් අටසියයේ අවසාන භාගය තර මේදී ලියන ලද සඳකිඳුරු ජාතක කව්පොතෙහි කර්තෘ කවරෙක්දැයි දැනගැනීමට නොමැත. නොයෙක් භාෂා ශාස්ත්රතයන්හි ප්ර වීනත්වැයක් තබා සිංහල පිළිබඳවවත් උදාරම් විය හැකි තරමේ විශිෂ්ට දැනීමක් ඔහුට නොවු බව සිතිය හැකි ය. 1. වලානෙ සරණපාලාරාම විහාරාධිපති ධම්චානන්‍ද ස්ථවීර පාදයාණන් වහන්සේ.









(480)

විල්ගම්මුල සංඝරාජ සඳකිඳුරුදා කව් කවි 433 කින් යුක්ත වන්නේ ය.

“ ගොසැතිලෝ ඇ දු රූ තිරසර ගුණෙන් ඇ දු රූ රාග දොස් ඇ දු රූ වදිම් මුනිඳුන් තිලෝ ඇ දු රූ

යන නමස්කාර කවෙන් පටන් ගන්නා එහි 290 වෙනි කව දක්වා ඇත්තේ සවිස්තර බුඩ චරිත වර්ණකනාවකි.

එහිදී මාර යුඬය සඳහා කව් පනසක්ම ලියැවී තිබේ. 290 සහ 291 වෙනි කව් වලින් බෝසතා ණන් වහන්සේ සඳ කිඳුරු ඡම්මෙක - ඉපිද හීම වත් පෙදෙසක” වෙසෙන බව කියා 292 සිට 308 දක්වා ඒ වනාන්තරය පිළිබඳ විස්තරයක් කැරෙන්නේය. 314 සිට 334 දක්වා වන කව් වලින් ප්රබකාශ වන්නේ කිඳුරු රැඟුම්ය. 427 වන කවිය දන්වා ඇත්තේ කර්තෘල නාම සන්දර්ශනය සහ කර්තෘ ගේ ප්රාමර්ථ3නාදියත් ය.

පොතේ ඇති කව් 433 න් කීයක් නම් නියම කථාව සඳහා යෙදී ඇතිදැයි මින් සිතාගත හැකිය. කාව්යනයක් රසවත්වීම සඳහා වර්ණකනාවන් අවශ්යයය. එහෙත් ඒ වර්ණකනාවන් අනුචීත ස්ථානයේවීම, ප්ර්මාණය ඉක්මවීම, එසේම පුන පුනා පැවසීම කාව්‍නයයයේ ශොභාව පිනිස නොවන්නේ ය. එපමණක්ම නොව එයින් ප්රකධාන මාතෘකාව පිළිබඳ කථා මාර්ගොය කැඩී අමතකවී යෑමද සිදුවේ.








(481)

ජන කවියා ගේ සඳකිඳුරු ජාතකයේ නමස්කාරාදියක් හෝ ලෝක සත්වඳයා ආරක්ෂාර කරදෙන ලෙස දෙවියන් ගෙන් ඉල්වීමක් හෝ නොමැත. නිධාන කථාවක් දැක්වීමක්ද නොමැත්තේ ය. පිපාසිත වූවෙක් පැන් පොකුණක් කරා දිවෙන් නාක් මෙන් ජනකවියා අතරමග නොරැදී කෙළින් ම කථාව කරා පැමිණෙන්නේ මෙලෙසය.

සඳ කිඳුරුව ඉපි ද මෙ අප බෝසත් ස ඳ සමගින් කිඳුරු ල ඳ කියමි පෙරකළ සිරිත මන න ද

ඊළඟ කව් සතරෙන් කථාවෙහි පිණ්ඩාර්ථෙය දක්වන කවියා පස්වෙනි කවෙන් මෙසේ කියන්නේ ය.

එබව මෙහි පල කො ට දුටු දන සිත් සතුටු‍ කො ට කිව්රඟ දෙන ලෙස ට කිඳුරු දෙදෙනෙක් වදිතිසබය ට

ඔහු සඳකිඳුරු ජාතකය කවියට නඟන ලද්දේ කියවා අසා රස විඳීමට පමණක් නොව නටවා දැක්වීමටද බව මින් පැහැදිලි ය. බෝසතාණන් වහන්සේ ගේ ‍සඳකිඳුරු ජන්මය පිළිබඳ තොරතුරු නොදන්නා ගම්බද කිසිවෙකු සොයා ගැනී මට නොලැබෙන්නේ ජනකවියා ගේ මේ ප්රිශංසාත් මක අදහස නිසාය. නාඩගමේ, කෝලම් නැටුමේ,







(482)

පමණක් නොව, පෙරහැරේද, නටා ගයා, වයා, දැක්වෙන සඳකිඳුරු කථාව පරම්පරාවෙන් පරම් පරාවට නොනැසී පවත්නේ එයට උචිත වනසේද මේ කව් බැඳී ඇති බැවිනි.

දිසි හොයල වැල් ලේ සඳුන් තුරු සෙවනැල් ලේ මඳනල සිහිල් ‍ ලේ ඉදිති කෙළ කෙළ කුසුම් තිල් ලේ

ආදි විසින් විල්ගම්මුල හිමියන් විසින් කව් විසිඑකකින් විස්තර කෙරෙන කිඳුරු කෙළිය මෙහි දක්වා ඇත්තේ කව් දෙකකිනි.

පැරණි පොතෙහි එන ඇතැම් කව් එසේම අළුත් පොතට ද ඇතුල් වී තිබේ. ඒවායේ වෙනස් වී ඇත්තේ පද කිහිපයක් පමණකි. පහත දැක්වෙන්නේ ඒ කව්ය.

ස ඳු න් අරටු බිඳ ගලගා කලල් ගෙ න න දු න් අමු කපුරු එහිලා සිසිල් ව න එ දු න් ගතින් සමහන් විඳ මඟුල් ව න වැදු න්1 අපට අදමේ කිම තැවුල් ව න

සු ද් දේ උබය කුල යුතු අය පසිද් දේ ව ද් දේ විනා නොකරති ලොව නොවද් ‍ෙද් බැද් දේ2 ඇවිදිනා දඩයමෙහි එද් දේ වැද් දේ3 කියනු මිස මොහු රජකු වද් දේ

අලුත් පොතේ - 1 රදුන් 2 සද්දේ ඇසී ඇවිදින් ලොව පසිද්දේ 3 වැද්දෙක් නොවෙයි.





(483)

සි ප බඳ කොමලතින් මුවමි පොවා පි යා සැප විඳ කලක් සමගිව මන පිනා පි යා ල ප සඳ ලෙසින් උන්මගෙ හිමි මරා පි යා අ ප අද කුමට වෙන්6 කරපීද පා පි යා

හමන සු ව ඳ සිහිලස ලිය මඬුලු 4ව ලා ගිමන නිබ ඳ5 සතපා උනිමු ලොබ 4ව ලා එවන7 මෙසඳ තැව්ලිය ලැව් ගිනිසෙ 4ව ලා කුමන සැපද වින්දේ හිමි සමග 4ව ලා

ඇ ස ක් සදිසි පියකරු මගෙ හිමිය න් ඩ දොසක් නැතුව මෙලෙසින්8 විය මිය ය න් ඩ ප ස ක් තෙදැති මැදහත් ඉරි දෙවිය න් ඩ මි ස ක් බැරිය මෙදුකට පිහිටක් වෙ න් ඩ

ම න පි ණ මි නේ සුරඟන සමග නිසැකි නේ තැන තැන වෙනේ තුර තුර වසන නිදුකි නේ ව න දෙ වි ය නේ මට වූ මේ වියො දුකි නේ සැන සෙම් අ නේ තොපගෙන් ලත්9 පිහිට කි නේ

වැහැරි සිව්රු දරමින් යන එන ගුව න මි හි රි පලා පල රස විඳ සා නිව න එ හි රි ඔතප් යුතු තවසර ඇත මෙව න බි හි රි නුවොත් මගෙ දුක් නෑ සෙද සව න

      4 වෙලා 5 නිවා 6 වෙන් කෙරුවාද  7 නීමන නොමැත 8 අතරක 9 වන 







(484)

ද හ ස ක් නුවණැසින් බලමින් ලොව සොඳි න ඇගෙදුක්10ඇසිල්ලෙක දැක බමුණෙකු ලෙසි න පි හි ට ක් වන ලෙසින් ඇවිදින් සුර පුරෙ න බැ ස යක් රද එසඳ සඳ පව්වට යෙහෙ න

දි ය ගෙ න කෙන්ඩියෙන් මහ බෝසතුන් වෙ ර ඉ සි මි න11 වණය සුව කෙළෙ කැළල නැතිකර ර වෙහෙසන12 ලෙස අනුන් මලවෙස් ගෙණම ති ර නැ ගි ටි න එකකුමෙන්13 බෝසත් නැගිටි ව ර

විත් කෑ කිඳුරා වළප්නා අයුරු ඉතාම තාත්වික ලෙස පැරණි පොතෙහි දැක්වෙන්නේ ය. මා මෙසේ අඬන්නේ ප්රාපණය ගැන ලෝභයෙන් නොව මතු මගේ වියොවින් තොපට සැළසෙන දුක් කරදර ගැන ය. මා හ‍ා සමග පෙර මේ වනාන්තරයේ කෙළ ඇවිදි තැන් දක්නා විට කෙසේ තී සිත සනසාගන ජීවත් වන්නේ ද? මේ කිඳුරා කී සැටියයි. ජන කවියා ගේ පොත කිඳුරු අඳෝනා ගැන නිශ්ශබ්ද වෙයි. ඔහු ඒ අවස්ථාව ගැන එක එල්ලේම කියන්නේ මෙසේ ය.

ලුද් ද වඩන බඹදත් රජ සතුටු ලෙ දා බැද්ද මැදෙහි සිට දුන්නේ දෙඅත බැ දා මැද්ද තියුණු නියලා උර පුරා ඈ දා විද් ද සැරය ඇණුනයි රත් කිහිලි මැ දා

10 ඇගෙ දුක් දැකපු විගසින් බමුණෙකු ලෙසින 11 ඉසිමින කැලල වටකර වනය සුව ක ර 12 එමදන මැරුම් වෙස්පා සැතපුන විත ර 13 කෙනෙක්






(485)

කි ඳු රා ලගින්නේ ඕබඩ කැදැල් ලේ කි ඳු රී ලගින්නේ ඔහුගේ තුරුල් ලේ දෙද රා විද්ද විදමන රත් කිහිල් ලේ කි ඳු රා ගොසින් වැටුනයි පුර මඬුල් ‍ ලේ

විනෝද වෙමින් සිටි කිඳුරා නොගොරවා ගැසූ හෙණයක් මෙන් බලාපොරොත්තු රහිතව වැදුණු හී පහරින් ලෙහෙ උතුරවාගෙන සිහිසන් නොමැතිව ඇද වැටුණු කල්හි කිඳුරිය දෙස් දෙවොල් තබන හැටි දෙ පොතේම සඳහන් වන්නේ ය. පහත දැක්වෙන්නේ පැරණි පොතේ එන අයුරු ය.

හිමි සඳ මා නි සා මැරීනන් තෝ සහ සා ඒ දොස් නොවල සා ‍තාත් තගෙ අඹුවනුත් වන සා

තගෙ මවු බිසෝ ල ඳ තා නොදැකම දුකින් ත ද මිය ගොස් නිරා වැ ද පැසේවා කප් දහස් දුක් වි ඳ

පවිටු නර නින් දා නොබැලීය ලොව නින් දා කළ දෑ කුමන් දා නිරාවදිවා සහ බිරින් දා







(486)

පිය සුතන තා ‍ ගේ පිහිටක් නැතුව කා ගේ ගොසින් යමයා ගේ පුරට වන්නොත් යෙහෙකි වේ ගේ

සොළොස් දහසක් පු ර අඟනන් සමග එක ව ර මිය ගොස් රජය හැ ර තෝත් විඳුවයි නිරා කරද ර

එයම අළුත් පොතේ දැක්වෙන්නේ මෙලෙසය :-

බෝ සේ උතුම් සිරි පිරි නුවරට තොප ගේ මා සේ සතුන් අරගෙන යනු මොකද අ ගේ ආ වේ මෙවන් දුක දෙන්නට හිමිට ම ගේ වා‍ හේ වෙයන් නුවරට ගොස් මෝට ත ගේ

ර ජ ක ම් කරන අය තොප ඇස දුටු වා ද කි සි ය ම් වරද නැති කෙනෙකුට දුක දේ ද සු ප ස න් මහිමි විද කුමකට මැරු වා ද ම ට ව න් මෙ දුක් තගෙ අඹුවට නොව දී ද

කි සි ය ම් වරද නොමකළ මගෙ හිමි සඳ යා අ ද දැ න් ඇවිත් මැරි තගෙ හීයෙන් විද යා ම ට ව න් මෙදුක් ඇවිලෙයි හද තුළ කකි යා ර ජ ක ම් කරන හැටි කදිමයි බලු ජඩ යා







(487)

සඳකිඳුරු ජාතකය දේශනාකර වදාරන ලද්දේ යසෝදරාවන් ගේ මහත් ගුණ සමූදාය ප්ර කට කරවීම සඳහාය. එම කථාවෙහි මතුවී පෙණෙන ගුණ නම් ප්රේ මාවනඩ අඹු සැමි යුවළක ‘ගේ’ ප්රීෙතිමත් ප්රපණීත ජීවිතයත්, සුවිනීත භාය්යාු වක ගේ පතිභක්තියත් ය. සංඝරාජ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ගේ කාව්ය ය සඳහා මේ කථාව වස්තු කොට ගෙන වදාළේ කවර නම් කරුණක් නිසාදැයි නොදනිමු.

උන්වහන්සේ වැඩවිසූ යුගය සිංහල කවීන් පිළිබඳ එතරම් හිතවත් හැඟීම් තුබූ අවධියක් නොවේ. විශෙෂයෙන්ම භික්ෂූ න් වහන්සේලා පද්යතකරණය කෙරෙහි යොමුවීම එකල විසූ ආගමික නායකවරු නොඉවසුහ. ඒ පිළිබඳව අණ පණත් පවා පනවන ලද්දේ එහෙයිනි. එබඳු අවධියක පද්යම ග්රින්ථයක් කිරීමට ඉදිරිපත්වීමට තරම් දිරිවත් වීම ගැන උන්වහන්සේට කෘතඥ විය යුතුය. එකල විශෙෂයෙන්ම විෂය ලෝකය ගැනත් ස්ත්රීෘචරිතයේ හොඳ පැත්ත ගැනත් බෙහෙවින්ම දැක්වෙන ප්රතවෘත්තියක් කථා වස්තුව කොට ගැනීමට මහත්ම ආත්ම ධෛර්යයක් තිබිය යුතුමය. පොතේ ප්රසමාණයට ඔරොත්තු නොදෙන තරමට බුඬ චරිතය වර්ණයනා කරන්නේද විවේචකයන් ගැන සිතමින් විය හැකිය. එහෙත් කාලයත් සමාජ තත්ත්වනයත් නිසා කථා වස්තුවේ රසවත් කළහැකි. ඇතැම් තැන් ගැන නිහඩවීමට සිදුවී










(488)

තිබේ. කව්සිළුමිණේ හෝ කාව්යාශෙඛරයෙහි හෝ එන විෂය ලෝකය පිළිබඳ ආස්වාද ජනක වර්ණ නාවන් සඳකිඳුරුදාකවේ නොලැබෙන්නේ ‍එහෙයිනි. ශරීර දෙකක් තුළ එකම ප්රාඇණයක් ලෙස ‍ජීවත්වූ නවයොවුන් කාමුක යුවළක ගේ ප්රේශම හැඟීම්, සුරතෝත්සවයන් නිදහස් අස්වාද යන් විල්ගම්මුල හිමියෝ නොදක්නාසේක. යටත් පිරිසෙයින් බඹදත් නිරිඳුට සොළොස් දහසක් වන රූපසුන්දරියන් අමතකවී යෑමට හේතුවූ සඳ කිඳුරිය ගේ රූප ලාවන්යපයෙන් බින්දු මාත්රියක් හෝ සඳහන් කිරීමට නොසිතුසේක. පැරකුම්බාවන්ට හෝ සිරිරහලුන්ට හෝ මේ කිඳුරු යුවල මුන ගැසුනා නම් තපසුන් ගේ නුගමුල් පුපුරුවන වර්ණේනාවලින් ඔවුන්‍ ගේ ප්රේුමලෝකය සජීව ලෙස මවා දක්වනු නොඅනුමානය. එද ඉතාමත්ම හොඳින් ස්ථානයට ගැළපෙන පරිදි කළ හැක්කේ පෙම්කෙළිය ලඟින්ම වියෝවීමේ අවස්ථාව එළඹෙන බැවිනි. එතරම් ස්නෙහයෙන් ප්රීනතියෙන්. ජීවිතයේ මිහිර ලඟාකර දුන් කිඳුරා ගේ අකාල මරණයෙන් කිඳුරිය තුළ ඇතිවන දුඃඛ වේදනාව වඩ වඩාත් ස්වාභාවික ලෙස ඉදිරිපත් කිරීමට එයින් අවස්ථාව සැලසෙන්නේ ය.

ජන කවියා තමා ගේ ශක්ති පමණින් එය සඳහන් කරන්නේ










(489)

“කිඳුරු රජුන් කිඳුරිගෙ මුව සිඹිමින් දා වනයෙ නෙතැන් රඟ රඟදී මන නන් දා සොමි ගුනයෙන් සාවා සඳ ලපමෙන් දා ස ඳ කි ඳු ර න් වන මැද විසු මෙලෙසින් දා

කි ඳු රු ර ජු න් සමගින් සැප විඳ ලොබි නේ විගසමතොසින් කිඳුරිගෙ බඳ වැළඳ ගෙ නේ දෙදෙන යසි න් අඹුසැමි ලෙස මන නදි නේ එ ව න ති ති න් කෙළ කෙළ දවසරින දි නේ

යනුවෙනි.

කිඳුරා විත්කා වැටීහිඳ ස්ව ප්රිසයාව ගැන අඩන දොඩන සැටි ජන කවියා නොසලකා හැර ඇත්තේ ඒ ක්ෂරණයකින් මරණය සිදුවන බැව් හැඟවීමෙන් එහි භයානක බවත් දුඃඛදායක බවත් වැඩිකර දැක්වීම සඳහාය.

හදිසියෙන් කෙනෙක් මරණයට පත්වූ විට ඔහු ගේ අඹු දරු පිරිස කියා වැළපෙන බසක් නම් “අනේ එක වචනයක් වත් කථා කළා නම් කොතරම් සැනසීමක් ද” යන්නය. ගැමියන් සමග හැසිරෙන ගැමි කවියා මේ තත්ත්වනය දන්නා බැවින් කිඳුරිය ගේ දුකත් ක්රොනධයත් වැඩිකර දැක්වීම සඳහා ම,

“දෙදරා විද්ද විදමන රත් කිහිල් ලේ කි ඳු රා ගොසින් වැටුනයි පුර මඩුල් ‍ ලේ”







(490)

යනුවෙන් එකද වචනයක් වත් කථා කිරීමට සිහි සනක් නොමැතිව කිඳුරා වැටුන බව පවසන ලදදේ ය.

නිරපරාධයේ සිය පෙම්වත සැමියා විද ‍මරනු ලැබු දුෂ්ට සතුරා, වේදනාවට නිග්ර හයද ඈදන් නාක් මෙන් ඔහු ගේ බිරිය වීමට යෝජනා කළ අවස්ථාවේ කිඳුරිය ගේ සිතේ ඇතිවූ, කෝපයත්. වේගවත් ක්රෝැධයත් මවා පෑමට විල්ගම්මුල ස්වාමීන් වහන්සේ සමත්වූ බවක් නොපෙනේ. උන්වහන්සේ ගේ දෙස් දෙවොල් බිනීම, හැවිලි හැවීම වඩාත් බරව පවත්නේ අනාගතයටය, පර ලොවටය. එබඳු අවස්ථාවකට මුහුණ පානා තරුණියක් සැපින්නක් බවට පරිවර්ත නය වී, අතීත අනාගත වර්තනමාන යන කාලයත්ර්ම දා අළුවී යන විසදුම නිකුත් කරන සැටි උන්වහන්සේ දැක පුරුදු බවෙක් නොමැත. යන්තම් වචනයක්. අකුරක්, වැරදුන තරමින් ගැමි ගැහැණු කඩා පනීන සැටි ගැමි කවියා කොතෙකුත් දැක පුරුදුය. නුවුවමනා මනමාලකම් කථා කරන්නවුන්ට සෑම ගැමි ගැහැනියක්ම පාහේ කටේ තොලේ නොගෑවී එක පාරටම දෙසාබාන පද ඔහුට හුරු පුරුදුය. මතකය. එනිසාය. කියවන අසන ජනතාව ගේ අබියස ඒ අවස්ථාව මැවී පෙනෙන පරිද්දෙන්.

“වාහේ වෙයන් නුවරටගොස් මෝට ත ගේ” “රජකම් කරන හැටි කදිමයි බලු ජඩ යා”









(491)

ආදිය කියා ඇත්තේ මෙබදු යෙදුම් අශ්ලීලයැයි සිතීම නුසුදුසු වන්නේ ඒවා හුදු නියම තත්ත්වමයම පෙන්වීමට සමත්වන බැවිනි. අනිත්යිය ගැන මෙනෙහි කොට පළපුරුද්දක් හෝ. විශිෂ්ට සමාජ ජීවිතයක ඇබ්බෑසියක් හෝ නොමැති එකියක ගෙන් බලාපොරොත්තුවිය හැක්කේ මේ වාඩ්මාලාවය.

බරණැස් රජ කිඳුරියට අනුරාග දැක්වූ සැටි වියත් පොතේ දැක්වෙන්නේ මෙලෙසය.

නොකොට ඉන් සෝක ය පවතින තෙක්ම මේක ය සපැමිණ බි සේක ය විඳිමුරජ සැප මිනිස් ලෝක ය

සැහැලි කව එයම කියන සැටිය අසන්න.

අ ත ර න් වන් පය රන්වන් කිඳුරු ල ‍ඳේ තු ඩ ර න් වන් මල්පෙති ගෝමරයි බ ඳේ අ ත ර න් වලළු පයලන වලළු නද සො ‍ඳේ අපෙදැන් නුවර දකිනට යමු කිඳුරු ල ‍ඳේ

මෙහිදීද ජන කවියා වියතා පසුබා නැඟී සිටියි. අනුරාගය දැක්වීම වඩාත් ආහ්ලාද ජනක වන්නේ වක්ත්රො ක්ති යෙන් පැවසු විටය. කාමි නිය ගේ රූසපු වර්ණනනාවද ඈදාගත් සඟවා කියන වක්ත්රො ක්තී තෙපලෙහි ආකර්ශූන ශක්තිය සපුරා පවත්නේය. බලවත් චිත්තවේග ජනිත කිරීමෙහි හේතුවන අනුරාග යෝජනාවන් ක්ර ම







(492)

ක්රීමයෙන් මෙන්ම ප්රවවේශමෙන්ද ඉදිරිපත් කිරීම ශිෂ්ට සම්පන්නය. එසේ නුවුවිට දුර්වල ස්ත්රීන චිත්තය කම්පාවීමට ඉඩ තිබේ. එයින් තමා අදහස් කරන බලාපොරොත්තුවද සඵල නොවිය හැකිය. ගම්බද තරුණයෝ තම සිත ඇදී ගිය යුවතියන්ට අනුරාග දක්වන අවස්ථාවන්හි එක එල්ලේම “අපි පවුල් වෙමු” යයි කීමට ‍තරම් නොදැඩියෝය. ඔව්හු සාමාන්යා වශයෙන් දළදා පෙළහැර බැලීමට හෝ වෙනත් ආගමික උත්සව යක් නැරඹීමට හෝ යෑමට යෝජනා කරත්. මේ ගම්බද විනීත තාවය හඳුනන නිසාය ජනකවියා බරනැස් රජු ලවා කිඳුරිය ගේ හැඩනිල මඳක් වර්ණානා කරවා “ අපෙ දැන් නුවර දකිනට යමු” යයි යෝජනා කරවනුයේ.

සඳකිඳුරු ජාතකය කවිකළ ජනකවියා පැරණි සඳ කිදුරුදා කව ආශ්රඳය කර ඇත්තෙකි. එහි එන විශිෂ්ට වර්ණ නාවන් හෝ පද්ය්යන් හෝ ඔහු ගේ සහ ඔහු ආශ්ර ය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා නොසැසඳෙන බව ඔහු දත්තේ ය.

එනිසා ඔවුනට ගැලපෙන කාව්ය යන් කිරීමට ඔහුගේ සිත නැඹුරුවිය. එහිදී පැරණි පොතෙහි ඇති ජනතා හැඟීම් කියා පාන සියලුම පද්යරයන් පිටපත් කර ගත්තේ එයිත් තම කෘත්ය ය පහසුවන බැවිනි. පැරණි කවීන් අතර ඉතාම ලිහිල් භාෂාව පද්ය බන්ධනයෙහිදී උපයෝගී කරගත් වියතෙක්









(493)

වශයෙන් සඳකිදුරු දා කව් කතු දැක්විය හැකිය. එහෙත් ඔබවහන්සේ ගේ පවා උසය කවිත්වුයෙන් දැක්වුන සාටෝප වර්ණනාදිය සාමාන්ය් ජනතාවට රස විදීමට හෝ රස විඳ ජීර්ණයකර ගැනීමට හෝ බර වැඩි දේවල් විය.

හෙල - රත් සඳුන් අමු කපුරු රුක් ක ළ - ඟුරු කොකුම් තුවරල් තු රුක් දු ල - මුහුල නාසපු කුසුම රුක් ද ල - කලු එලුක් ඇති දිගු පු රුක්

යන්නෙන් පටන්ගෙන විචිත්ර කව් දහසයකින් කරන වර්ණනාව පොදු ජනතාවට ඔරොත්තු නොදෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වනයේ සුදු රතු සඳුන් ගස්, හා සපු ගස් ආදීය වී යැයි ඇසීමෙන් ඔවුන්ගේ සිත්වල අමුතුවෙන් ඇති වන හැඟීමක් නැති. මහා ප්රාදසාදවල වසන නාගරික ජනයාට නම් එයින් ආස්වාදයක් ලැබිය හැකිය. ගැමියා වනය ගැන හොඳ හැටි දන්නේ ය. වනයයැයි කීමෙන්ම එහි ඇති ගස කොළත් සතා සතුනුත් ඔහු සිතෙහි මැවී යෑම ස්වාභාවිකය. එනිසාය මේ වන පුවත “සුවිසල් වන ගැබ” යන්නෙන් පමණක්ම කියා ජන කවියා වඩාත් වැදගත් ප්රසවෘත්ති ගැන ඉඩ ආරක්ෂාන කර ගත්තේ.










(494)

සඳකිඳුරුදා කව්පොත් දෙක සන්සන්දනය කිරීමෙන්, උගත් කවියා සම්ප්රවදායයත්, තත්ව්න්නයත්, පාණ්ඩිත්ය යත් රැක ගැනීම සඳහා අනවශ්යස වර්ණනයන් ගෙන් මිරිකී ගිය කෘත්රීනම කාව්යගයන් ඉදිරිපත් කරණ අතර සැහැළිකවියා නිවහල් ලෙස ස්වාභාවික වස්තුන් දේශීය සංස්කෘතිය නොකෙළසා කියාපාන අයුර පැහැදිලි වන්නේය.

සම්භාවනීය පද්යර ග්රනන්ථයන්හී එන අතී විසිතුරු වර්ණනාවන් ගෙන් මුල්තැන ගන්නකි නළඟන රැඟුම. අපේ බොහෝ කවීන්ට සිය කෘතීන් සරසා ගැනීම සඳහා එය අවශ්ය්ම අංගයක් සේ වූ බව පෙනේ. රැඟුමක් ඇතුළු කිරීම සඳහා ඔව්හු සුදුසු පෙනේ. රැඟුමක් ඇතුළු කිරීම සඳහා ඔව්හු සුදුසු සේ ඉඩ අවසරද ලබාගත්තෝ ය. සඳ කිඳුරුදා කවෙහි කිඳුරිය වනයෙහි නැටු අතර සන්දේශ කව්වල නාට්යංඅඟනාවෝ රජ මැදුරු හා දෙව් මැදුරු නැටුම් ගැයුම් ව‍ැයුම් වලින් නින්නාද කළෝය. වීණාවාදන තරඟය පැවැත්වූ සභාමණ්ඩපය සුරඟන නැටුමකින් ගුත්තිලය අමරණීය කරන්නේය. පහත දැක්වෙන්නේ මයුර සන්දේශ යෙහි එන නලඟන වැනුමකින් කොටසකි.


රත කම ලේ ‍ පෙති සිරි ඇති ඇඟි ලිය නල එකලේ කළ කර තලි නුදු ලිය රඟ මඩලේ ඉසි පුල් මල් ඇඳි ලිය ලෙළ විදුලේ තුරු දිලි නුඹ කිය ලිය








(495)

සසො බා ලෙළ පද පද නුව නර ඹා නොතබා ‍රැව් දුන් සන්සල සල ඹා න ර ඹා සුරඟන වන් රඟ නර ඹා ඔ ල ඹා ලනු බැරි සිතු නොම කළ ඹා

ර ළ ලා උපුලා ලෙළුම තුලා ය නෙතුලා බමලා බැම බමලා ය ර ඟ ලා එකලා බැලුම සලා ය නෙතලා සිතලා බැඳ බැඳ ලා ය

ලකල රුවන් රන් බන්දී ලෙළෙන ඇතැම සිතූ බැන්දී කියලිය ගී සුරු සන්දී අසන රිසින එම කන්දී

යු ග කො පු ලා බිත උදු ලා මිණි කොඩ ලා කැර සස ලා එ ම න ක ලා රඟනක ලා ව ත ම බ ලා රිසි නොව ලා

රාජ සභාවල රැගෙන රැඟුම් දැකීමට තරම් පින් ඇත්තෝ නොවේ. සැහැලි කවියෝ. එසේම නළඟන රැඟුම් ගැන සාටෝපයෙන් වැණෙන සංස්කෘත කාව්යැයන් ගෙන් ගුරුහරුකම් ලැබීමටද ඔවුනට වාසනාවෙක් නොවීය.







(496)

එහෙත් රමනීය රැඟුම් වලින් වශීවූ ඔව්හු සිය සගයන්ට තමන් දුටු දෙය තමන් දන්නා බසින් කියා පෑමට මැලිනූවුවෝය. පහත දැක් වෙන්නේ කාමච්වි නම් නිළියක ගේ නැටුමක් ගැන නම නොදන්නා සැහැලි කවියෙකු විසින් කරණ ලද රචනාවකින් කොටසකි.

ගොඩ බැස මේ රට සිංහල දැක සිතු ලොල් ලේ උ ඩ කුඹ අග ලනු බැඳිමින් නටති මුලු ලේ තු ඩ නාරිති සෙනඟ ඇවිත් වටකර එල් ලේ වැ ඩ සිට සෙංකඩගල සානට සුවිපුල් ලේ

ළ ‍ඳේ නුඹේ රුව දුනුකේ කැකුළු මලක් දෝ සු බේ ලෙසට රුව දුනුකේ පුබුදු මලක් ‍ දෝ ලොබේ වඩන ළෑ මද පුරා ගණරන් කුඹු දෝ ක ඹේ නටන ලඳ දෙවඟන රත්න තිලක දෝ

කර ට ගොතා වෑ සපු මල් කැකුළු නෙල නෙ ලා බ ඳ ට සැට්ට මුතු මුද්රාැ දෑත සලු ස ලා ඉ ඟ ට සැට්ට පේසි කවණි අඳිති රැල් හෙ ලා රුව ට මහිමි ළඳ සබ මැද සිටිති කෙළ කෙ ලා

පී නා අනුරාග ගිහින් සැනසිලා ගීම න් මානා යුග රුචින් දිලෙයි කරට මල් වඩ න් නූ නා දඟකර බඳිමින් වරල දඟ නැමු න් ලේනා වැඩි කඹපිට රන් දෝලි යන ගම න්

බැ රි ළඳේ ඉන්ට තද දුක් බෝය සිතේ ය ට පු ර බඳේ ඉසුණු එරන් බුබුළු ළැමැද පි ට වැ ර බිඳේ ගියොත් ළඳ නුඹ ඈත රටින් ර ට ව ර ළඳේ අයෙත් නොපමා රණ කුඹ කෙළිය ට





(497)

නිසන් සලව කෙළියට ඇවිදින් රට මැද් දේ එසන් තොසින් සෙනඟ ඇවිත් වටකර යුද් දේ ඉසන් වියට කෙල්ල ඇවිත් මේ රට මැද් දේ අසන් වියතුනේ කඹ කාරිගෙ පරසිද් දේ

දු ලා වඩන වලළු බ‍ඳේ ඉසුනු ගෝම රේ ව ලා කොමළ නිල් බැදිතිත් වරල පුවත රේ දු ලා සරඹ කෙළ ඇවිදියි කඹ ලනු සත රේ බ ලා යන්ට යන් කඹකාරිගෙ අවතා රේ

පි ල් ල එසකි නිල්ල නිලට මුහුළු මන හ රා ගොල්ල සමග නල්ල එළඳ ඇවිත් පුර ක රා දු ල් ල වඩන තැල්ල දිලේ දෙකන රූබ රා න ල් ල එළලු බෙල්ල ඉසුනු රැල්ල ගෝම රා

කවීශ්වරයන් ගේ නළඟන වැණුම හා සමග මෙය සමාන කිරීම නොයෙදෙන නමුත්, මෙහිද නැටුම් මණ්ඩපයත්, නටියත්, නැටුමත් අඩුපාඩු වක් නොමැතිවම වර්ණනා කෙරෙන්නේ ය. නැටුමට උචිතවන වෘත්තයන් ගෙන් කව් බැඳීමට මොහුද සැලකිල්ල දක්වා ඇත්තේය. ඒ ඒ නාට්යය විලාශයන් නිරූපනය කිරීමෙහිද අඩුවක් දක්නට නැත. මේ සියල්ලටම වඩා මයුරයේ රඟ වැණුමෙහි නොදැනෙන දේශීය ඉමිහිරි නවමු පුස්ඹක් මින් නිකුත් වන බව කිව යුතුය.

______

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_සැහැලි_-_ix&oldid=5717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි