5 වෙනි පරිච්ඡේදයසංස්කරණය

විරිදු සැහැළි

භයකින් අන්තාරයකින් ගැලවී ගත් සත්වනයා ගේ සිත් සතන් තුළ ඇතිවන පහන් ගැඟීම් ශබ්දයන් ගෙන් ප්රුකාශවිම ස්වාභාව ගතියකි. සුරක්ෂිහත භාවයෙන් කුළුගැන්වුන ජයග්රාාහී ස්වරයකින් නැ‍ඟෙන දෝංකාරයක් එහි ඇත්තේ ය. මිනිසා පිළිබඳව මෙය වඩාත් ම ප්ර කට ය.

සැලෙන සිතින් වේදනාත්මක හඬ නික්මෙන්නාක් මෙන් පිපෙන සිතින් උදාර ස්වරයක් නිකුත් වන්නේ ය. සාටෝප ඕජා ගුණය එහි පිරී පවත්නේ ය.

පොරකොටා ගැනීමකින් දිණනලද කුකුළා උස් තැනක‍ට නැගී හරීරය ඍජු ව තබා ගෙල දිගුකර හිස පිටි පසට බරවන තෙක් ඔසවා ස්වරය බිඳ බිඳ මහත් උදාරම් හඬින් හඬ නගන්නේ ය. තමා සමග අං මැදිමට එළඹුණු ප්ර්තිවාදියාට නිලබලා තියුණු සිඟු යුවලින් ඇති ඔහු පලවා පන්නා හැරි වෘෂභ තෙමේ, සතර ගාතයෙන් ඝනකඩ මහා බොල් පොළොව ඉරා දැමිමට මෙන් පලව පලවා, තවත් සතුරන් නැති කළ මෙය කවරෙකු වෙත යොදන්නෙම් දැයි කියන්නාක් මෙන් අඟින් බිඳින ලද ඉවුරු වල පසින් නැහැවී ගිය හිස ඔසවමින් නැඹූරු කරමින් ගැඹූරු ස්වරයෙන් තප්පුලන්නේ ය.



(105)

සතුරන් දිණන ලද මිනිසා කෙරෙන් නික්මෙන්නේ ද කුක්කුට ගවාදීන් ගේ හ‍ඬෙහි ඇති ගැඹුරු බව ද අහංකාර බව ද වීර බව ද සම්මිශ්රව වූ පද්යීයෝ ය.

කවීන් විසින් වීර භාවය පසු කලකදී රණවීරය, දානවීරය, දයාවීරය යනුවෙන් කොටස් තුනකට බෙදා වෙන්කර දක්වා ඇතුදු ඉතිහාසයේ ආරම්භ කාලයේ සිටම වර්ත මානය දක්වා පොදු ජනතාව වීර භාවය වශයෙන් සළකනුයේ සතුරන් අභිභවනය කිරීමේදී දක්වන වික්ර මය ය. පරසතුරන් පරදවා දේශයත් ජාතියත් රැක ගැනීමට ඉවහල් වූ වීරයන්ට උසස් ම ප්රරශංසා පිරිනැමීමට ඔව්හු යුහුසුළු‍වූවෝ ය. එපමණක් ම නොව යුද්ධ වීරයන් ගේ අභාවයෙන් පසු ඔවුන් දේවත්වයෙහිලා සැලකීමට ද පෙළඹී ගියෝ ය.

යුද්ධ වීර විරිදු වලින් වීර භාවයේ බීජය ජාතියේ වැපිරී ගියේ ය. විජයග්රාරහී වීරයන් පිදීම සඳහා විරුදාවලි පැවැත්වීමේ චාරිත්රජය සෑම රටකම සෑම කලකම තුබූ බව පෙනේ. ගැමි ගීත හා ජනකවි වලින් සංයුක්ත වූ සාහිත්යනයක් ට්යුගයතනික් හා සෙල්ටික් වර්ගීය මිනිසුන් අතර පැවති බව ලුන් හා ඇම්නියෝස් මාර්සිලුනසි වැනි පඬු‍වෝ විශ්වාස කරති.

ඒ කාලයෙහි විසු සහජ කවීහු නොයෙකුත් රණ ශූරයන් ගේ වීර ක්රිලයා කවියට නැඟූහ. මහජන ප්රීසාදයට පාත්ර. වූ ඒ විරිදු සැහැලි ග්‍රන්ථායරූඪ නොවු නමුදු, පරම්පරාගත පරිශීලනයෙන් ශත වර්ෂර ගණනක් ම අභාවයට යා නොදී රැක ගන්නා



(106)

ලදී. සෙසු සෙල්ටික් හා ට්යුශටනික් සාහිත්යදවල මෙන් ම ලතින් සාහිත්යහයේ ද මේ රණ විරිදු හා ජනකව් විශේෂ ස්ථානයක් ගෙන තිබේ.

පුරාණයේ දී භෝජන සංග්රවහ සහ මධූපානෝත්සව වැනි සමාජ උත්සවයන්හි දී ගැමි ගායකයන් දේශීය ගැමි ගීත ගායනා කිරීමටත් වාදකයන් දේශීය නලා හොරණෑ ආදී ආවේණික තූය්‍ර්‍යභාණ්ඩ වැයීමටත් පුරුදුව සිටි බව කේටෝ කියයි. මේ ගැමි ගීත වූකලි රණකාමි සෙබලුන් ගේ සහ දේශප්රේබමි ජනනායකයන්‍ ගේ අභීත වීර ක්රි යා වර්ණ නාවල ද ප්රසශස්ති කාව්ය වල ද ස්වරූපය ගත්තේ ය.

වැරිලියස්මැක්සිමුස් නමැති ගත් කරුවා ද ඔහු විසු කාලයෙහි මෙබඳු සිරිතක් පැවතුන බවට ‍සාධක ගෙන හැර දක්වයි. ජාතික වීවරයන් ගේ බල පරාක්ර්ම මහිමය හා ගුණ සමුදා වර්ණැනා මුඛයෙන් එවකට පැවති සමාජ උත්සව වල දී වන්දිභට්ටයන් විරිදු ගැයූ බවක් ඔහු ගේ කෘතීන්හි සඳහන් වන්නේ ය.

වාරෝ නැමැති ග්රදන්ථ කර්තෘව වරයා ද ඈත අතීතයේ පැවැති සමාජ උත්සව වල දී තරුණ ගායකයන් රැස්වී දේශීය වීරයන් ගේ ගුණ වර්ණ නාත්මක සැහැළි ගායනයෙන් සමූහයා කුල්මත් කළ බව කියන්නේ ය. ඔගස්ටස් මහාධිරාජයාගේ රාජ්යූ සමයෙහි දී රෝමන් වරුන්




(107)

විසින් ගතානුගතික චාරිත්රා ධර්ම යට ගරු කරමින් ස්වකීය මුතුන් මිත්තන් ගේ වීරෝධාර ක්රිනයාවන් ගැන විරිදු ගැයූ බව හොරේස් කිවියා ද කියන්නේ ය.

පිලිස්තීනියන්වරු පරදවා දාවිත් සිය පුරයට පැමිණිවිට සියළුම නගරවල ස්ත්රී්න් වීණා වයමින් ගීත ගයමින්, නටමින් සාවුල් රජු හමුවීමට ගිය බව බයිබලය සඳහන් කරන්නේ ය. ඇටිලා නම් යුද්ධ දක්ෂවයා විජයග්රායහීව සියරට පැමිණිවිට ඔහු පිළිගැනීම සඳහා ගොතික් කාන්තාවන් නටමින් වයමින්, ගයමින් ඉදිරියට දිවූ සැටි ද ඉතිහාසය කියන්නේ ය.

ඇටිලා ගේ රාජ සභාවට ගිය ගමන ගැන ප්රිිස්කස් කරන විස්තරයෙහි ඇටිලා ගේ විජය ග්රටහණ‍යන් සහ යුද්ධවල දී දක්වන ලද අභීත වික්ර මයන් පිළිබඳ ව බැඳුන කව් ගී, වාසල වන්දීන් විසින් ගයනු ඇසුනු බව ද සඳහන් වේ.

ජර්මන්වරුන්ගේ ආදීම ඉතිහාසය වශයෙන් ඉදිරිපත් කළ හැක්කේ යුද්ධ ගී සැහැළි යයි කියනු ලැබේ. ලෝකයේ වෙනත් බොහෝ ජාතීන් පිළිබඳව ද මෙය සාධාරන වූවකි. මෙපමණක් ම නො ශ්රේජෂ්ඨ ජගත් සාහිත්ය කෘතීන් බොහොමයක් ම ගොඩ නැගී ඇත්තේ යුද්ධ ප්රදවෘත්තියක් මූලාහ්ර ය කොට ගෙන ය. පෙර දිග මහාභාරතයථ රාමායනය, වෙන් ම අපරදිග ඉලියඩ් සහ ඔඩෙසිය ද එබඳු මහා කාව්ය‍යෝ ය.




(108)

ස්තූති ගීතිකා හෙවත් විරුදු සැහැළි ප්රගධාන වහයෙන් තුන් කොටසකට බෙදා දැක්විය හැකි ය.

1. යුද්ධ ප්රිවේශ රණ ගීත 2. විජය ස්තුති ගීත 3. යුද්ධ ප්රතවෘත්ති ගීත යනුවෙනි.

ගුරුළු ගෝමීන් විසින් ධර්මවප්රයදීපිකාවෙහි ස්තුති මංගල ගීත දෙවර්ගයක් සඳහන් කොට ඇත්තේ ය.

1. රත්නත්ර ප්රතශස්ති 2. රාජ ප්රතශස්ති යනුවෙනි.

යුද පිටියේ දී රණකාමය අවුස්සා ගැනීමටත්, ප්රුතිවාදියා මෙල්ලකර ගැනීමටත් උනුනුත් ගටා බැනීමේ සිරිතක් පැවැත්තේ ය. සිංහල හමුදාව විසින් මේ හඬනැගීම නම් කරන ලද්දේ “කොක් හඬ තැලීම” යනුවෙනි.

ප්රිධානීහු සියනම අස්වා කොක්හඬ තැළුවෝ ය. ඇතැම්විට එය විජයග්රා‍හී කුක්කුටයා ගේ හඬ නැගීම අනුකරණයෙන් පටන් ගත්තක් නිසා එසේ නම් කළා විය හැකි ය.

කොක්හඬ තලනුයේ මහත් එඩියෙනි. එහි ශබ්දයෙහි මෙන් ම අර්ථහයෙහි ද සපුරා පවත්නේ රෞද්රහ රසය ය. සතුරා වෙත කඩාපැනීමෙහි දී නිසර්ග යෙන් ම පිටවන රෞද්රේ භයානක ශබ්ද‍යන් කොක්හඬ තැළීමට දියුණුවී එයින් රණ බිමට පිවිසෙන විට ගනු ලබන යුද්ධ ප්රමවේශ ගීත සකස් වූ බව සිතිය හැකි ය.


(109)

“යුගත රුදුරු සැඬනලයෙන් උනුන ගැවසි පහල පබඳ මහත අසනි ගොස සිය දහසක් නික්මුණු මෙන් එක බඳ දි ය ත පතළ කුසරජු නම් මම යැයි පවසා යුතු තෙද දිගත පැතිර යන විලසට තෙවිටක් සිහ නද කළ සඳ”1 යි.

අලගිය වන්නයෝ දැක්වනුයේ සත්රජුන් සමඟ යුදයට පිවිස කුස නිරිඳු සිය නම අස්වා කොක්හඬ තැලූ සැටිය ය.

එසේ ම නම අස්වා කොක්හඩ තැළීමක් ගැන ථූප වංශය සඳහන් කරන්නේ මෙසේ ය.

“එවේලෙහි රජ්ජුරුවන් සමීපයට යන දීඝජන්තු නම් යෝධයා තමා ගේ නම කියා

“මා සිටියදී ඔබ කොයි යෙහි ද? නිවට දෙමළැයි” හඬ ගැසී ය.

මාර යුද්ධයේ දී මර සෙනඟ කොක්හඬ තලාලුයේ මෙලෙස ය.

“නන්වෙස් තනවි ගෙ ණ සෙන‍ඟෙක් ගොසින් දිවගෙ ණ උනුන්මිග බැණ ගෙ ණ ගනුව ගනුවයි කියති සිට ගෙ ණ


1. කුස ජාතකය


(110)

අනු ගනු බඳු කොට ව තල මර බලා නොසිට ව අවි කැල ඇඟ පට ව කියා සෙන‍ඟෙක් සිටිති පෙරට ව”2

පංචතූර්යා නිදයෙන් යුක්තව සිංහල හමුදාව පෙරමුණූ බලද්දී ජාතික ගර්වයත් එසේ ම රණ කාමයත් ප්රංකෝප කරවනසුළු යුද්ධප්ර වේශය රණ ගීත තුබූ බව නිරනුමානයෙන් ම සිතිය හැකි ය. එහෙත් ජාතියට ඒව‍ා ඉතුරු වී තිබෙන තැනක් නො දකුම්හ.

මේ පිළිබඳව අපේ ජාතික ක්රීකඩාවන් වන ලී කෙළියත් පන්තේරු නැටුමත් සැලකිල්ලට භාජනය විය යුතු ය. පැරණි යුද්ධාභ්යාටෂ ආයතනයන් වන ඉලංගම්වල මේ නැටුම් දෙක ම හේවායන්ට පුහුණු කළ බව කියනු ලැබේ.

ලී කෙළියෙන් දක්වනුයේ සතුරු සේනාවන් වටකොට ගෙන ඉන් එකකට හෝ බේරියෑමට ඉඩක් නොතබා මුළුමනින් ම පොළු ගසා දමන සැටිය ය. අදත් ලී කෙළියෙහි දි ගයනු ලබන ගී විශේෂයක් වෙයි. එහෙත් ඒවායේ පැරණි රණගීතාලය මිස පද නො මැත. ලී කෙළි තානම සහ කවක් පහත දැක්වෙන්නේ ය.


තානම

තන තන - තම්දෙන - තාන තනම්දෙන - තානා - තනතම්දෙන තානා


2. සඳකිඳුරු දා කව



(111)

කව


ක පා ගෙනැත් ලී එක ගසකින් මැන විතරා - වියතින් තුනඟුලි නා උ පා ගුරුන් බස ලෙස දැන නළුවන් නොහැරා - එක එක මල්ලියෙ නා උ පා රුවින් අටදෙන රඟ වැස වැනි බමරා - කැරකී සැණයෙකි නා දෙපා විදුලි මෙන් එකිනෙක මාරුව මෙයුරා - දැනගනු නළු ගුණි නා

පන්තේරු නැටුම නම් රණකෙළි සඳහා යුදබිම් බලායන භටයන් විසින් පාරා වළල්ල නම් අවිය කරකවමින්, නටමින්. ගී කියමින් ගමන් ගත් විලාශය මූර්තිමත් කිරීමකි. රජවාසල උත්සවයන්හි දී ඉලංගන් පන්තේරු නැටුමට විශේෂස්ථානයක් ලැබී තිබේ. මෙය නිස‍ැකයෙන් ම රණ රැඟුමක් බව පන්තේරු උපත දක්වන පහත සඳහන් කවියෙන් පෙනේ.

අ සු ර සංහාරයෙන් සුරනට අයිතිවුන චක්රාු යුදය ගෙ න මි යු ර ගි තාලම් නැටු සුර සෙනග ජය ගොසයෙන් මත්ව ගෙ න ප ව ර ලක යුද බිමද එම සිරිත විජයෙහි පැවැත්වීමෙ න මෙයු ර පන්තේරුවට උපතකි සතර දත්වියතුන්ට දනව න


(112)

මේ භට අංශයේ රණගීත ද දැන් අභාවයට ගොස් තිබේ. ඉතුරුව තිබෙන්නේ තානම පමණකි. එය මෙසේය.

“තාන, තනෙන තම්, දාන තනෙන තම්, දාන තනෙන තානා තාන තනෙන තම්, දාන තනෙන තම්, දාන තනෙන තානා”

විජයස්තුති ගීත ගායනා කරන ලද්දේ රාජ සභාවෙහි ය. මේ ප්ර ශස්තීන් ගෙන් රාජ පරම්පරාවෙහි පරිශ්රහද්ධ භාවයත් ආදීතමයන් ගේ වීරක්රිනයා හා රාජයා ගේ යුද්ධ දක්ෂහතාවයත් ප්රධකාශ වූවා මිස කිසියම් යුද්ධ ප්රකවෘත්තියක් වෙන් වශයෙන් ගෙන නො කියැවුනේ ය. මේ ජයස්තුති ගයන ලද්දේ උගත් බ්රායහ්මනයකු විසිනි.

ස බ ද සියල් සිටුයේ දැන පිවිතුරු ව පැ ළ ඳ කසුන් හූ අබරණ විසිතුරු ව නොමඳ පෙරෙවි බමුණන් සිට නිරතුරු ව එ ස ද කියන ජයතුති නද අනතුරු ව

රන් - හූ ලූ පෙරෙවි බමුණන් රාජ සබාවේ දී විජය ස්තුති ගායනා කරන සැටිය මෙයින් දැක්වෙන්නේ ය.

අ‍ාරම්භයෙහි දී පෙරෙවි බමුණන් ගේ පරවෙනිය වශයෙන් පැවැති විජයස්තුති ගීත ගායනයෙහි තත්ත්‍ුණය සෑම ලෙසින් ම පිරිහී ගිය බව පෙනේ. මහනුවර මහවාසල කවිකාර


3. ගිරාසන්දේශය


(113)

මඩුව නමින් පැවැත්තේ පැරණි විජය ස්තොත්රබ ගායක සංස්ථාව ය. ii වෙනි රාජසිංහයන් ගේ කවි මඩුවෙහි බ්රාිහ්මණයෙක් සහ භික්ෂූන් වහන්සේ නමක් ද වූ බව කවිකාර නම් වට්ටෝරුවෙහි දැක්වෙන ගණේශ්වර දේවාලයේ බ්රා හ්මණ රාළ සහ බිම්තැන්නේ ස්වාමි යන්නෙන් පෙනේ. කවිකාර මඩුවේ මුහන්දිරම් නිලය රාජ කුළුපග වූවන්ට ම පිරිනැමුනකි. කවිකාර මඩුවේ සාමාජිකයන් අතර නානා තරාතිරම්වල අය වුහ. විජය ස්තොත්‍ර පමණක් ම නොව රාජයා හිනස්සවනු සඳහා ඔව්හු කලකොලොප්පන් ද කවියෙන් කර ගත්තෝ ය. කවිමඩුවෙහි වූ මුංකොටුවේරාළ ගේ සහ ලෝකුරුනයිදේ ගේ පද හුවමාරුව එබන්දකි.

මුංකොටුවේරාළ :-

ලෝකුරු නයිදෙගෙ නැන්දා ද ගමේ මනන්නට දුන්නා ද


ලෝකුරුනයිදේ :- (පද උදුරා ගනිමින්)

ඒකත් බොල මට නින්දා ද සාක්කියට තොපෙ අම්මා ද


මුංකොටුවේරාළ :-

රස්සාවට තඹ ලෝකඩ තිරු වා උත්සහකර පෙර පාළහ මැරු වා විපාක නැතිදේ තව බොහො කෙරු වා එපා එන්ට සබයට ලෝකුරු වා



(114)

ලෝකුරු නයිදේ :-

මහන වෙලා ගෙන් ගෙට පිඬු සිඟු වා එහෙම කරල අඹු දරුවන් තැනු වා බොහොම නිගාකර දොලොව රැවටු වා කොහොම කීද මුංකොටු හීරළු වා

යුද විරුදු ගායනය මුල් කාලයේ දී ක්ෂ ත්රිියයන් ගේ සහ බ්රාකහ්මණයන් ගේ අයිතියව තුබූ බව කලින් කියන ලදී. සිය සෙනඟ තුළ දේශාභිමානයත් ජාත්යාතනුරාගයටත් නිපදවීමෙහි ක්ෂරත්රිෙයනට යුද්ධ ගීතිකා දිව්යග මන්ත්රධයක් හා සමාන විය. වීර ග්රීහක් ක්රිමාරවරු විරිදු කාව්යත බන්ධසනයෙහි සහ ගායනයෙහි විශේෂ පුහුණුවක් ලැබූ බව සඳහන්ව තිබේ. මෑත යුගයේ විසූ කෘතහස්ත උපාය දක්ෂු අභීතම සිංහල සෙනෙවියා වන වීදිය බණ්ඩාර කුමාරයානන් විසින් ඉතා අගය කොට සළකනු ලැබූ වස්තු දෙකක් විය. සෑම යුධ පෙරමුණකට ම ඔහු පැමිණියේ මේ වස්තු වයය ස්වකීය තුප්පොට්ටියේ තබා ගෙනල. ඒ අගනා වස්තු දෙක නම් දළදා වහන්සේ නමක් සහ යුද්ධ ගීතිකා පොතක් බව පෘතුගීසි ඉතිහාසඥයෝ කියත්. 4 වීදිය බණ්ඩාර ගේ යුඬ ගීතිකා පොත ගැන “අලකේශ්වර යුඬය’’ නම් ඉතිහාස පොතෙහි ද “පැලෑඳ නුවරට ම වදිනා කල වීථීයේ රජ්ජුරුවෝ භයින් තැතිගෙන විරිදු කොඩිය ද විරිදු කවි පොත ද ඇතුළු වූ නොයෙක් විරිදු දමා” යනුවෙන් සඳහන්ව තිබේ.



4. Quyriox – Decuso 5. අමුද්රි ත පුස්කොළ පොත.



(115)

සිංහල ක්ෂ ත්රිොය කුමාරවරු යුද්ධ ගීතිකා ගැන කොතරම් නම් සැලකිල්ලක් දක්වා තිබේදැයි මෙයින් වටහා ගතහැකි.

විරාත ගේ රාජධානියෙහි වෙස්වළා සිටින කාලය තුළ කවරනම් වෘත්තියක යෙදෙන්නේ දැයි විචාරනු ලැබූ අර්ජුනයන් ගේ පිළිතුරු වූයේ, මම රජුත් රජ බිසෝවරුනුත් නිරන්තරයෙන් ගයනු ලැබූ වෘතාන්ත නිරිදු වලින් ප්රීජතිමත් කරන්නෙමියි යනුයි.6

ක්ෂනත්රිීයයන් සහ බ්රායහ්මණයන් හැර යුද විරිදු ගායනයෙහි යෙදුන තවත් කොටසෙක් විය. ඔව්හු නම් රාජ වන්දීහු ය. ඔවුන් ගේ කාර්යය වූයේ රාජයා ගේ යුද්ධ දක්ෂිතාව හා අභීත වික්ර මය පිළිබඳ රාජප්රරශස්ති රාජ සභායෙහි දී ගායනා කිරීම ය. මේ ගායනයන් සඳහා බොහෝ විට වාද්යඳ භාණ්ඩයන් ද උපයෝගී කරගත් බව පෙනේ.

වන්දි කවීහු රාජදූතයන් මෙන් ද ක්රිබයාකොට තිබේ. උත්තමයෙකු හමුවීමට යෑමේදී වන්දි කවියා පෙරාතුව යවා සාකච්ඡා ආදිය සඳහා ඔහු ලවා මූලික ‍කටයුතු යොදවා ගැනීමේ සිරිතක් පැවති බව බුදු රදුන් හා කථා මාර්ගූය ‍යොදවා ගැණීමට සක් දෙවිඳු ස්වකීය වන්දියා වන පංචශිඛ ඉන්ර්ූලිශාලා ගුහාවට යැවීමේ ප්ර වෘත්තියෙන් සිතාගත හැකි ය. 7


6. මහා භාරතය 7. සක්කපඤඤ්හ සූත්රුය


(116)

ඇන්ග්ලෝ - සැක්සන් රජවරු වන්දීන් සමඟ රණබිමට ද ගියෝ ය. යුද පෙරමුණෙහි දී දක්වන ලද නිර්භීත දක්ෂව ක්රි යා ඔවුන් ලවා කව්වලට නගා පසු දින ම හමුදාවන්ට ඇසෙනසේ කියවා ඒ වීර ක්රි යාවන් උණු උණුවේ ම ප්ර චාරයට පත්කළෝ ය. ඇන්ග්ලෝ සැක්සන් වන්දි කවියා රජවාසල ප්ර ධාන පඩ්ක්තියේ නිලධරයෙක් ද විය. විදේශීය රජවාසල් කරා යැව්න බිසෝවරුන් ගේ සහ කුමාරිකාවන්ගේ ද ආරක්ෂික අමාත්ය්යා ලෙස ගියේ මොහු ය.

ඇතුම් යුරෝපීය වන්දි කවීහු රාජයාත් ජනතාවත් රණකෙළි වික්රදමයෙහි උසිගන්වා උනන්දු කළා පමණක් නොව ඔව්හු තුමූ ම රජුනුත් සමග යුද පිටියට ද ගියෝ ය. එසේ ගියේ ද නිවී සැනසිල්ලේ කොණකට වී සිට යුද්ධ සිඬි වාර්තා කිරීමට නොවේ. ඔව්හු සටන් බිමේ මැදටම, භයානක අවිගැටුම් සිදුවන තැනට ම, කඩා පැන්නෝ ය. කඩා පැන අභිතවයත් ව රණකෙළි කෙළියෝ ය. රටත් රාජයාත් රැක ගැනීමෙහිලා ඔවුන් ගේ දිවවලුත් කඩමුණුත් එකසේ ම මුවහත් බව ක්රිජයාවෙන් ම පෙන්වූහ.

“ජයග්රාඩහක විලියම්” රජු හා ඉංග්රීමසින් හා අතර සෙන්ලැක් නම් ස්ථානයෙහි දී සිදු වූ යුද්ධයේ දී පළමුවන අනි පහර ගසන ලද්දේ රජතුමා වන්දියෙකු වන නෝර්මන් ජාතික ට්රැදලිපර් නම් කවියා විසිනි. වාලිමේන් රජු ගේ සෙන්පතියකු ගේ රණ වික්රුමය වර්ණරනා වන




(117)

ගීතයක් ගයමින්, තාලයට අනුරූපවනයේ අසිපත අහසට ලෙලවමින්, අසු අරා යුද පෙරමුණෙහි ම ගමන් ගත් හේ සතුරන් මැදට කඩා පැන රණ කෙළිය විවෘතකොට ඔවුන් දෙදෙනෙකු මරාගෙන මැරුම් කෑවේ ය.8

වන්දි කවීන්ගේ විජයස්තුති විරිදු සංග්රගහ ලෙස පැරකුම්බා සිරිත, රජසිහ සිරිත සහ ග්රීරනාමාදිය දැක්විය හැකිය.

ගී සැහැලි කීමෙන් ම ජීවිකාවෘත්තිය සළසා ගත් පිරිසක් ද විය.

1. රජුන් සඳහා ගී කියුවෝ ය 2. දෙවියන් සඳහා ගී කියුවෝ ය 3. සාමාන්ය ජනයා සඳහා ගී කියුවෝ ය

යනුවෙන් ඔවුහු කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. රාජකීය ස්තුති පාඨකයන් වන්දීන් නමින් හැඳින්වෙති. රජ නින්දෙන් අවදිවන විටත් ආහාර සප්පායම් විටත් රාජස්තුති (9) පැවැත්වීම ඔවුන්‍ ගේ මෙහෙය වේ.



8. History Of English 9. ප ර සි දු කිවිඳ තෙපුලෙන් බැඳි දසට රට මෙ නි රි ඳු විරිදු නම් නොහැරම තෙසිය සැට ‍ලෙල වි දු රතන් රැඳි වැදිගණ දෙපිට සිට ද ල නි ඳු ගොසෙව් තුති ගොස කර නැවති විට

ගිරා සන්දේශය


(118)

දේවාලයට ගීත පවත්වන්නන්, ගී කියන්නෝ හෝ ගීගනරාළලා නමින් හැඳින්වෙත්. යාදිනි විලාශයට යහමින් ම බැ වූ ඒ ගීතයන් ගේ ගැබ් වී ඇත්තේ දේවායාචනාවෝ ය. දේවාලයෙහි දී පමණක් ම නොව, ගෙවල්වල පත්තිනි දෙවියන් ගේ නමින් මල්යහන්ථ පාන්මඩු, දෙවොල්මඩු ආදිය පැවැත්වෙන අවස්ථාවන්හිදී ද ඔව්හු මේ යාතිකා පවත්වති. එනිසා මොවුන්ට පත්තිනා හාමිලා යයි ද කියති. දේව පූජාව අවශානයෙහි දී දෙවියන් නමින් මස් මාංශ රහිත දානයක් ද දෙනු ලබන්නේ ය. එයට අළු පුසුල් ව්යංංජනය අවශ්යනයෙන් ම ඇතුළත් විය යුතු ය.

දේවායාචනා ගීතයන්හි යම්කිසි පදයක් අමතකවුව ද විරිත නො බි‍ෙඳන පරිදි අතින් හෝ දමා සම්පූර්ණව කිරීමට තරම් පරිචයක් ගීගත රාළලාට තිබේ. පහත දැක්වෙන ගැමි සැහැල්ලෙහි ඔවුන් පිළිබඳ ප්රලවෘත්තිය රසවත් ලෙස සඳහන් වන්නේ ය.


පත්තිනි ගෙයි කොකා නටයි කුඩු හුණුසල් කකා නටයි

පත්ති‍නියේ බොරු නොකි යන් පුහුල් හොද්ද රත් වෙන කන්

එක ඔළුවට ඔළු දහයයි දොන්ත දිමිති තා



(119)

ජීවිකාව සඳහා ගෙන් ගෙට ගී කීම් බුඬ කාලයේ ද පැවැතිබව කසී භරාද්වාජ බ්රාෙහ්මණයා ගේ වප් මඟුල් උත්සවයේ දී - “ගී කියා ලත් භෝජන බුදුවරුන් විසින් පරිභොග නො කරනු ලැබේ” යයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබීමෙන් සුඵුට වේ.10

රබානක් හඬවමින් ගෙන් ගෙට ගී කියමින් ජීවිකාව කරගන්නා අය දැනුදු වෙත්. හිටිවන ම ගී තනා කීමෙහි හුරුබුහුටි බවක් ඔවුනට ඇත.

විජය ස්තුති

රන්කොඩි මෙන් වැඩි මුළු ලොව පසිඳු පි න් දැ ඩි යෙන් වැඩි පැරකුම් නිරිඳු ම න් එ ඩි යෙන් අඩියක් පසු නොවිඳු ක න් න ඩි මන් වැඩි විකුමෙන් පුරුදු

නෑ රි ය ජයමන් පෙරැ සිටැ පුරුදු වී රි ය බල විකුමන් සිරි මිහිදු ආ රි ය සක්විති රජකුල කුමුදු සූ රි ය හිමි දින පැරකුම් නිරිදු



10. ගාථාභිගීතං මේ අභොජනෙය්යංම සම්පස්සතං බ්රාසහ්මණ නෙය ධම්මො ගාථාභිගීතං පනුදන්ති බුඬා ධම්මේසති බ්රාුහ්මණ වුත්තිරෙසා

කසී භාරද්වාජ සූත්රිය



(120)

තෙ දැ ති රුදුරු රුපුනෙඩි මැඩි විපුල විකුම් නරාය න යු ව ති නයන මන පිනවන රුසිරැතෙනය නරාය න නැ ණැ ති තියුණු හසළ නො යෙක සතර වේද නරාය න ප ව ති සසරි පැරකම්බුජ රාජ රාජ නරාය න


ර න මිණි මුතු පඬුරු ලබන රටින් ලාඩ ගවුඩවං ග තැ න තැන වන විල් වැදැ රැඳි තුඩ වැඩි රුපු මැඩි බුජං ග දි න මිණි කුලැ විජය නිරිඳු පරපුරනා පුරකලිං ග දි න පැරකුම් බුජ රජ හිමි රාජ වෙශ්යාප බුජංග මූ ද සේ නැණ වාදයෙන් දිනු වේදයෙන් ගුරු සේ සුරා දීප යොදසේ බල වීර වික්මැති දීරවූ ගුණ බුදරා දීප සාදනු නිරිඳුන් මුදුන් දුන් පාදයුත් අනුරා පුරා දීප නා ද ගී යස ලෝ පුරා සැපසේ ඉදින් පැරකුම් නරා දීප වි හි ගු ම් ර ජ නිකර කිරණ කිරණ තරඟ ගඟ න ගංග මන රම් නි ජ යසිනලු කල සිරිලක රිවි කුලෙනි තුංග පැරකුම් බු ජ බලවිකුමැති යුවති නයන රුසිරු නංග පැරකුම් බු ජ රජ දින පර රාජ වෙශ්යා බුජංග

පැරකුම්බා සිරිත




(121)


පොතත් කීර කර ගිර සිර වර ණා සතත් ආර සර කර උර බර ණා අමසත් සාර කර හිමි මෙර දෙර ණා රකි ත් වීර වර රජ සිහ නර ණා

පිළි බ ඳ රජදම් කිසි නොවරද්ද න පර ර ද තෙකකල රණ ර ණ ව ද් ද න වනනද රජසිහ රජ ජ ය ව ද් ද න රිවි සඳ හිමිදින පුර සි රි ව ද් ද න

වාර කරකුල කීර සමුදුර උදම්දුන් පිරිතුරු රජානෙ නි වී ර සිරිකුල දාර පුලුලුර ලකර කළ රඝුරම් රජානෙ නි දී ර බුජ බල ගෝර රුපුගජ රාජසිහ කේසර රජානෙ නි සාර ලකසිරි නෑර විද දින වීර රජසිහ මහ රජානෙ නි මුක ර වසුමති කපට රුදුපර රාජ සරසිජ සේ ප‍නේ ලක ර රුසිරැති යුවනි හද මද රාජ දිසිතිනු රූ පනේ පත ර යසසැති පවර දශරථ රාජ කුළ මිණි දී පනේ නිත ර පසුපති හිමිව ජය ජය රාජ කේසරි භූ පනේ

සත පිනිපා වන නව පිනිපා වන යස පිනිනා කුමුදු ඔද සිදපා කර පරනර පා සිර සිය සිරිපා සුසැදූ තෙද සියපා තුනු සිරිකඳ තපා විකුමෙන් මිනි පා මෙබඳු තල මිහිපා රජසිහ මිනිපා සිරිවිඳු සිරි පා සරිදූ




(122)

පිළි මල් රද වෙරළ සිලිල් වැසු දුහුඹුල් කහලි යෙහිසුපුල් යසකොඳ මල් හර ගෙලෙහි ලකල් කළ දිඟුකල් බඳ සාලා සුරතල් යුතු පොරණ උදුල් සිරි ඔහු කල් යලි සරස විකුල් සහ නිලිපුල් දිසි නයන සුනිල් යුග රතුපුල් කළ ලීලා දිඟුනිල් මුදු වරල අවුල් නව මනකල් බැම යුග සහ ලොල් කළ පෙරමල් සැර නිකර විපුල් උර සිරිකල් රැඳ ලෝලා දස ඹුල් බණ ලොවෙහි සියල් සත අතැඹුල් ලෙස හසල තුමුල් බල මිහිපල් කුල තිලක නිමල් වර රජසිහ බූ පලා

රජසිහ සිරිත

ජය තුඬ්ග විසාරද රාජසිංහ නරනිදු මෙලක් මන රඬ්ග සුදුල් මිණිමුතු බරණින් සැරසී තැනක් හෙළ තුඬ්ග තුරඬ්ග නැගී එලවා රිවිමෙන් පසක් සිඳු නැඬ්ග තරඬ්ගසෙ රඬ්ග කළේ පුරවේ උදක්

පද පං ක ජ සෙවිසෙන් බිඟු මුවරද යස දෙමිනේ තුටු වන්බුජ බල සෙන් යුතු පවසන තුති ගොසිනේ වැඩ උන් නිජ යසසින් දිසි රජසිහ රජ මෙදිනේ කුම කින් රජ සිරියෙන් අඩුවිද සක්විති බැවිනේ

ශ්රීක නාමය

යුද්ධ ප්රරවෘත්තීන් පිළිබඳවම ලියැවුන පද්ය ග්ර්න්ථ ද ඇත්තේ ය. ඇතැමෙක යුද්ධ කිහිපයක් ගැනම සඳහන් වන අතර අනිකක් එකම සිදුවීමක් පමණක්ම වර්ණ නා කරන්නේ ය.




(123)

පරංගි හටන, මහ හටන, ඉංග්රීුසි හටන ආදිය පෙරකී ගණයටත් කුස්තන්තීනු හටන සහ අංකොට හටන පසුකී වර්ගකයටත් වැටෙන්නේ ය.

යනෙ න කළුගඟ එතර වැඩ සිට රුපුන් යනමන් බලව බල වා දිලෙ න රන්කග අතට අරගන විදුලියක් මෙන් ලෙලව ලෙල වා කෙළි න කෙළියක් ලෙසට සතුරන් කපා දමමින් එලව එල වා ව ඩි න වා දැක රාජසිහ රජ දුවති රුපුවල් ඉරව ඉර වා

හි රි ඳු ගි රි ඳු යුරු සුනිමල් සිංහ විරාජිත වි රි දු නි රි ඳු රඹ සුන්කල මදන සුපූජිත සි රි දු වි රි දු තද තෙදනන් තෙදියන පූ ජි ත ගි රි දු කි රි දු හිම්දින රජසිහ නර ‍ දේ ව ත

කුන්දපා කිරණ සුරගඟ පාරද කොඳ සඳ බරණ වන්දනා ගනසර සිරි පිරිය සරන්දනා සිගඟන උර සරණේ තුන්ග නාරද ලෙස බින්ද නල රණ රඟවූ පරරද රණ දරණා නංඟවා දිය දද වැජඹෙන සිරි රඟනා සුරරද පද සෙවනේ

රිවි කුල මාන කනක විමාන දිලු මිණි පාන ලෙස නිතො රා රුසිරු සමාන මදහුගෙ මාන හැරියද වාන තිනය ද රා සරි කර මාන කළ අබිමාන රුපු රජ මාන තිනය ද රා විකුමට මාන රමිඳු සමාන සොඳ අසමාන මෙනර ව රා



(124)

ප සි ඳු රාජසිහ නිරිඳුගෙ සුරත ජීව පෑ නොමින් ද වි රි දු සිපත ලෙලෙන උදුල විලස කාල අග්නි කන් ද වි හි දු දුවෙයි උලැගි දුහිලි විරිදු මිගුන් ලෙලවමින් ද ප සි දු අසිරිය ද ජයගත් නිරිදෙක් තෙදියත කොයින් ද

ඉ ඳී තෙදිය රන් ගිරිහිස බබලා හැමකල් සදී ර බි ඳී ගජන් කුඹුතල හිස යුද ලොල් හිරි දුන්න මී ර සැ දී දිගඹුවන් උරතල පිරිසිදු යසහර නොපෑ ර ලැ දී රාජ සිහ යනනම ඉන් අප නරිනිඳු උදා ර

පරංගි හටණ

සෙත් කළ තිලොවට සුර රජු ලෙසි නා ස ත් රැක වැජඹුණු රජසිහ නර නා ග ත් රජ රුපු බිඳ සිරි ලක තෙදි නා සි ත් ලෙස පවසමි කළයස පෙමි නා

සතොසින් පෙර මෙම සිරිලක වෙසෙ සේ බ ටු මෙන් සුර පුරයෙන් පුරඳර සේ ය ස සි න් බුවනෙකබා රජ සිත සේ ද හ මෙ න් රජකර වැජඹෙන දව සේ

සි රි විඳ ප්ර්තිකල් දඹදිව ඉඳ ලා සි රි සම්පත් නැව් තුළ පටවා ලා පි රි සිඳ සිඳපිට සැම දෙස වට ලා සි රි පිරි මෙම සිරිපක් දිව දැක ලා





(125)

නළොම්බුවක් වෙත නැවෙනිසලා යේ එළොම්බුකර ගෙන ආ සියලා යේ ඔළොංගුවී ප්රනතිකල් සියලා යේ කොළොම් තොටවටින් ගොඩබැසලා යේ

ල ක් තුළ වැද ප්රඩතිකල් තොස කර සි ත රොක් කර පඬුරුත් බැඳගන මුදුන ත එ ක් වම උන්හැම තොස් කර නොනැව ත නි ක් මුණු බුවනෙකබා නරනිඳු වෙ ත

නොයෙක යසින් උන් රජු දැක බැබ ලී සැ ණෙ ක තබා බැඳ ගිය රන් පිය ලී අ නෙ ක වරෙහි පුදමින් හිස් නොමැ ලී ප සෙ ක සිටියො සිරිපා වැඳ පෙර ලී මහහටන

ක ප න කොටන බිම පෙරළන ඇන ඇන එලවන තැන තැන න ළ න බඳින මිග තෙපලන ආගිය වග අඟන බල න අ ඳි න බදින දෙය උදුරන රුපු සෙනඟට නොවී සර ණ මෙරණ දෙරණ කරන විකුම් බල සිංහල සෙනඟ නොමි න

අ යෙ ක් මෙසිංහල බළසෙන් එඩි වැඩි වලතඩි ගත් තෝ නොයෙක් රුපුන් සිඳ බිඳ ඔළුගෙඩි පොඩි කර ජය ගත් තෝ අ යෙ ක් ගොසින් කන්සකබා කොඩි කුඩ උදුරා ගත් තෝ අ යෙ ක් ඔවුන් ඇතුන් අසුන් ගොන් මී ගොන් බැඳ ගත් තෝ



(126)

අයෙක් කඩති බිම පෙරලා හැට්ට තොප්පි රතු කාප්ප අයෙක් පැහැර දමති ඉදෙන බත් හැලි කබලුත් ආප්ප ආයෙක් ගනිති මුදල් පෙට්ටි සමග වීදුරු වැඩ පීප්ප අයෙක් තවත් උදුරා එති අරක්කු සහ රම් පීප්ප

පැ දු ල් ලේ නොව මාවැලි ගඟමෙන් ලේ වතුරු වැටිය පා වු ල් ලේ නුවරට සැදු අමු සෙහොනක් ලෙස පිහි ටිය වී ලොල් ලේ රැක සිටිනා රකුසු පිසස් උකුසු කැටිය වාගොල් ලේ පිටිය මෙදැන් ඉංග්රීුසි මිනි කඳන් පිටිය

ඉංග්රීහසි සිංහල යුද්ධය

නොමින් පිරුණ සිත ලජ්ජා ඌ ගේ එ යි න් නඩුවකුත් තැන ලොව කා ගේ උ තු න් සොළී රට ගොස් සිත ලා ගේ කි ය න් හටන අංකොට මී මා ගේ

පුර සත් ඉසුරෙන වැජඹෙන සොඳු රා දුටු සත් ලදරුව සෙදපිය නොහැ රා විතරත් නඩු නැත කරතත් ද බ රා සිරිලත් දඹදිව දැඩි ගම් නුව රා

ල ක ල මුනිඳු දහමට සිත නොයෙ දු නොකළ ලෙසට තම අනසක පුරු දු එ ක ල ට එපුරෙහි රජ කළ මෙබ දු ස ක ල කලා වල්ලබ නම් නිරි දූ





(127)

බ ය අඩුවක් නැත සිතේ උදාර ය සි ය ගණනක් හඬ කරන දිවාරැ ය පි ය මවුලඳටත් නොකියති වාර ය වි ය මෙලෙසින් නිතිරට අවිචාර ය

දුරට දෙරණත ගුගුල හඬ මෙන් පසඟ තුරු නද තලව තල වා එකට රණලේ වතුරු කරවා කපති ඔළුගෙඩි සලව සල වා නිවට සතකුට නඩු කියන්නට කුස තුළෙහි ගිණි මොළව මොළ වා අතට ගත් කග මුල් සි‍ඳෙන තුරු දෙමළු බැට දෙති එළව එළ වා

අංකොට හටන

නෙක යුද දිනු පෙ ර එමහත් නැවක් තර ක ර හැම මේ නිමාක ර රුවල් සහ කඹ කුඹත් සුලක ර

අවිසිප් උගත්ත න් කෙසරසෙ බුජ බලැත්තැ න් යුදයට සමත්ත න් නංවමින් දැඩි එකප් පිත්ත න්

කාලත් තුවක්කු ත් දිගුතර කයි තුවක්කු ත් වෙඩි උණ්ඩ බේතු ත් ලන්ස පටිස්තානද තන වි ත්





(128)

රන් රිදී පෙට්ටි ත් තන්වග පිලී කට්ටු ත් ලුණැඹුල් දිය දර ත් නංවමින් නන්වතුන් අනිකු ත්

යුගත සිඳු යුර වා පසඟතුරු ගොස කර වා දස දෙස දෙදර වා දහස් සුවහස් වෙඩිත් හර වා

තම දෙවි පද ල සා සුසදා තමන් සිර සා කුස්තන් තිනු ද සා නැමැති ජනරජ වෙමින් සතො සා

කුස්තන්තීනුහටන

පස මිතුරු ජාතීන් පසු බැස්මීමෙන් ලද පස්වනක් ප්රීනතිය ප්රනකාශ කිරීමට ප්රජශස්ති රචනා කළ සිංහලයා, ජාතියේ පිරිහීමත් සමගම අභ්යටන්තර වියවුල් ගැන ද විරිදු කීම රුචි කෙළේ ය.

ශ්රීු වික්ර ම රාජසිංහ රජුත් ඇහැලේපොල අගමැතිඳුත් අතර ඇතිවූ හබය කියැවෙන ඇහැලේපොල හටන හෙවත් වඩුග හටන එබඳු කාව්යියකි. මේ පෙරලිය පිළිබඳවම ලියැවී ඇති අනිත් කාව්ය යේ නම පෙරලි හටනය.







(129)

ශ්රී1 මේ සිංහල විජය රජුන්ඩත් වරුස ගණන මුල තව එපිටි න් ශ්රීත මේ සිංහල විජය රජුන්ඩත් සෙනෙවිරත්න නම තව එපිටි න් සේනානායක චන්ද්රම තිලක නම් දසනායක මුලතන එපිටි න් එදා පටන් මේ ශ්රීේ ලංකාවට ඇහැල පොලේ මුලතව එපිටි න්

කඩුව ලැබීලා වාසල එනවා අරහෙ බලාපන් බුදු අම්මේ මැනිකෙ කපාලා වනට දමාලා මාත් කොටන් දෝ බුදු අම්මේ මහවාසලයට සැලකරවාලා අප ගලවාපන් අ‍පෙ අම්මේ මෝඩ රජුන් හට කොච්චර කීවත් අප ගලවන නැතිවද අම්මේ

ඇහැලේපොල හටන

ජාතික සෞභාග්යදයත් ඒ සමගම රස වින්දන ශක්තියත් තන තනත් මේ රටින් පිරිහී ගියේ ය. එහි ප්රකතිඵලය වශයෙන් ප්ර ශස්ති කාව්යතයේ අරමුණත් තත්ත්වීයත් පහල බැස්සේ ය.

පිරිහුණු තනතුරු නැවත ලබා ගැනීම සඳහා අගමැතිදු ගේ සිත පොළඹවා ගැනීමට ශෘඬ්ගාරාත්මක යාඥා ස්වරූප විරිදු ලියැවුනේ එහෙයිනි.






(130)

පිළිමතලව්වේ අගමැතිඳුන් වෙත දුනුවිල ගජනායක නිලමේ විසින් ‍ඔප්පු කළ දුනුවිල හටන එබන්දකි.

අඟනන් තරුණ පැවසූවා සිදු කර න උතුමන් සැමගෙ සිරිතකි පෙර සිට තලු න එබැවින් කියමි මගෙ දුව තව ඇති ලෙසි න අහ පන් පෙමින් යොමු කර මෙනුඹෙ දෙස ව න

න ම ගම ගෙදර ගොඩ මඩ ගහ කොළ තිබු න සැ ම අඩු බඩු සහ මියුගව දැසි දසු න ම ම පෙර කළ පවින් නැතිවී ගිය පට න නි ම නොව විඳින දුක් පවසමි කොයි ලෙසි න

තිරකොට කියමි මගෙ දුක තව ඇති ලෙසි න පෙ ර සිට තිබුනු දුනුවිල නැතිවු පට න ගෙන තට කබල් නොසිගූ මිසක තැන තැ න වෙන මට මොකත යනමං හැබ දැන් තිබෙ න

ලො බා වඩන එමැතිඳු සඳුහට නිම ල නො බා මෙසැටි සැලකර සිත නොව වික ල ල බා දෙන්ට පෙර තිබු ලෙසට දුනුවි ල සු බා ගුණැති දුවණිය පවසන් කොම ල

සැ දු යස දිගත නොව අඩුවන තරිඳුන් ට ල දු ඉසුරෙන් සරිකළ හැකි සුරිඳුන් ට බු දු කුරු ගුණ පතළ එකි අගමැතිදුන් ට බු දු බව පිණිස කියගම ලබලා දෙන් ට






(131)

දැ න් ම ගොසින් සතොසින් මාහිමි ලඟ ට ත න් රසමුසු බස් පවසා අතුර කො ට මෙන් පෙර අවල කෙළි කෙළ හළ ‍නොව නිව ට ය න් තම් කියන කොට සිදුවේය හනික ට

තෙද ට හිරු හරණ ඒ අග මැතිදුන් ට නි ව ට නොවම දැන් පවසා‍ තේරෙන් ට සොඳට බැරිවුණොත් මා කී කර දෙන් ට නු ඹ ට නැවත නොමදෙමි ගෙදරින් යන් ට

ක ව් සත නමැති රූබර මගේ දුන ගොසි නා ලෙව් අග පත් සෙනරත් මැති ළඟ ඉද නා කි ව් අසරණකම අහගම නැති පට නා දෙ ව් වෙය මෙමට දුනුවිල් කරවා කරු ණා

දුනුවිල හටන

ශතවර්ෂල කිහිපයක් තුළ ම සිංහල ජනතාව කෙළි රණකෙළියක් නොමැත. ඇසූ රණ බෙර හඬක් නො විනත දිටු යුද අවියක් ද නො වූයේ ය. කරණු මෙසේ සිදුවීම නිසා සටන් යන්නෙහි නියම අර්ථ ය පවා සිංහලයාගේ අවබෝධයෙන් ඈත් විය. එනිසාය හුදු ගෙදර දොර අඬ දබර හටන් ලෙස සැලකීමට ඔහු පෙළඹි‍ගියේ. මේ ගණයේ වැටෙන කාව්යහකි ගුරුහටන.








(132)

යාලක් විතර වී අව්වේ වනා ලා දොලසක් විතර ඇඟ ගෝමර ඉසී ලා අතක් දිගට නිල් වරලස මිදි ලා සොකරි සිටිති වී අව්වේ වනා ලා

සොකරි කොටන්නේ කාගෙ වියක් දෝ නෙකෙටි තියෙන්නේ මේරු ගලක් දෝ නොපිපි තියෙන්නේ මානෙල් මලක් දෝ ගුරුන තේන්නේ කාගේ බසක් දෝ

කොටා මෙ වී මොකෙන්ද අපි පොලන් නේ ජටාව ගෙන ඉස් මුදුනට බඳින් නේ රටා කුල්ල ගෙන සුරතට පොලන් නේ සටන් පටන් කුළු හරඹේ වදින් නේ

වටස් සදිසි බටකොල වියපු කුල් ලේ මටත් බලන්නට සව්දන් ගැසිල් ලේ මෙරට ගෑනු කුළුහරඹෙට ලවුල් ලේ රන්මුදු ලන්ට නරකද නුඹෙ ඇගිල් ලේ

සොකරි එන්නී සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නී තාලෙට රාග කියන් නී පද අල්ලන්නී පියයුරු ලැම සොල්ලන් නී කැඩපතගන්නී සුරතින් මූන බලන් නී

අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන් නී මල් ගවසන්නී කොන්ඩේ ගොතා හෙලන් නී තෝඩු දමන්නී පවලන් මාල බඳින් ‍නී සේල අදින්නී පටකින් ඔමරි ‍දමන් නී

ගුරුහටනය හෙවත් සොකරි කථාව




(133)

හටන් කාව්යාවවලියේ පිරිහීම මෙතෙකිනිදු නැවතුනේ නොවේ. ඉංග්රීයසීන් ගේ පාලන වියගස ඉසිලීමට පත් සිංහලයා තුළින් රණ කාමය නැත්තට ම නැතිවී ගියේ ය.

දෙකන් බිහිරි කරවන රණබෙර හඬට උදම්වුන සිංහල පපුව රතිඤ්ඤාවක ශබ්දයෙන් පවා තිගැස්සී ගියේ ය. රණ පිටියෙහි උණු ලෙහෙ ගංගාවන්හි පිහිනීම විනෝදයක් ලෙස සැලකූ සිංහලයා නිය පොත්තක් කැපීමකදී හැලෙන ලෙහෙ බින්දුවක් දැකීමෙන් පවා විසඥ බවට පත්වන බිය ගුල්ලෙක් විය.

මේ තත්වය බෙහෙවින් ම බල පැවැත්වූයේ නාගරික සරු සමාජය කෙරෙහි ය. ආරයට ආ ගතිය නිසාදෝ පිටිසර නිසරු සමාජයෙහි හටන් කිරීමට කෙසේ වෙතත් හටන් ඇහීමට තුබූ ආශාව මුළුමනින් ම නිවී නො ගිය බව පෙනේ. අරාබිපාෂා නමැති ජනනායකයා මේ රටට පිටිවහල් කිරීමේ පුවත ජන කවියෙකු විසින් “අරාබි හටන”1 නමින් කවියට නඟන ලද්දේ එවැන්නන් සඳහා ය. පහත දැක්වෙන්නේ අරාබි සටනේ කවියකි.


1. කව් 75 යි - 1883 දී ප්රවසිද්ධ කරන ලදී. කර්තෘච නාමය සඳහන් නොවේ.









(134)

වි ත ර නැති සැම සිරින් ගහණවූ සතර සිප් දත් දන රැ ඳී ලොතර ලෙර සිට පතල කිත් ඇති නරන නෙක විසු පොරණ දී ක ත ර සහ රතු මූද යන මෙම දෙකට අතරේ වී මැ දී මි ස ර දේසය නමින් වේ ලොකු රටක් අස සකි සවණ දී

හටන් කාව්යා වලියේ පිරිහීම මෙ පමණින් ද නො නැවතුනි. ගම්බද ව කෙරෙන කළකෝළාහල, මිනීමුරුම් ආදි ත්රානසජනක සිද්ධීන් පිළීබඳව ද හටන් කාව්යා ලියැවුනේ ය. එබන්දෝය - කොටුවැල්ලේ හටන හෙවත් කෝරලේ මහත්මයා මරාපු පිළිවෙල. (ක්රිබ.ව. 1922) මිනීමරු හටන (ක්රිත: ව: 1923) කනවැන්දුම් හටන (1997) මැගිලින් නෝනා ගේ හටනය හෙවත් බාරෝන් ගේ වියවුල (ක්රිට: ව: 1932) ආදි ය.

සමාජ දූෂන ක්රිේයාවන්හි නිරත වන්නවුන්ට බැන වැදීම සඳහාම කරන කව්වලට පවා මාතෘකා පාඨය වශයෙන් හටන් යනු යෙදී තිබේ. කුපාඩිහටන, මගඩිහටන ආදිය මෙබන්දෝ ය.










(135)

ඇගේ ටිකක් මස් ලන කොට හිතේ බොහොම දහිරි මූනෙ ටිකක් ලොන් එනකොට සියළුම තැන පැඟිරි කුපාඩියෙක් එකතු වුනොත් අසුබ වචන නෑරි සිතාසියක් මුන් දුටුවම ගෙයි මුල්ලේ කෙඳිරි

සාක්කුවල අත දමනා පාදඩ හොර කොල්ලන් හේත්තුවෙලා ගැට කපනා කුපාඩි පර බල්ලන් ජේත්තුවෙලා ඔපලා ගෙන ජගතුන් ලෙස සෙල්ලන් කාත්තු කපා හිසකෙස් කපා පටලේන්සුව බෙල්ලෙන්

තරුණ පහේ ‍කොළු ගැටයෝ මැහැළියෝ ගෙනියන් නා ළපටි පහේ ලමිස්සියෝ නාකි සමගයන් නා පරත පහේ කසාද ලඳ දුකින් ම පසු වෙන් නා ලමය ඇහේ මේව දැකලා හිනහවෙ පන යන් නා

කුපාඩිහටන11

දඟඩි මගඩි රට තොටවල ඇති සැටි ය රැගෙන මෙතතු කල් හැරියොත් වෙයි අග ය ඉ‍ගෙණ සතට දවසැරිමට දුසිරිබ ය මෙතතු කියමි පදකර මගඩි හටන ය


10. කුපාඩිහටන හෙවත් ස්ත්රිිවලිප්පු.ව වී. කරෝලිස් අප්පු විසින් රචනාකර 1893 දෙවෙනිවරට අච්චු ගසන ලදී.





(136)

වංක කිසිත් නොමදත් අය වෙත කප ටි එක්ව දනෝ ආදර බස් දෙති ලප ටි ලස්ව මෙසේ වංචාබස් දිදී අ ටි එක්ව ගැටේ ගහලා පැනයයි බුහු ටි

මගඩි දයාවෙන් ඇඟපත අතගා ලා කපටි පිරුළු බස් යස ලෙස පවසා ලා සොඳුරු සිනාවෙන් තායම් බස් දී ලා නපුරු කරයි මේ අය සත වනසා ලා

රටතොට මගඩි සොරු සිව් කොටසට බෙදු වා ඉන් කොටසක් ඇල්වතුරට සමකෙරු වා උණු දිය සේ එක කොටසක් ඇති කී වා ලුනු සමකර සිව්වෙනි කොටසට තැබු වා

කපටි තාල එක් කොටසක් දිගැස්සී යෝ ලපටි තාල යට කොටසක් ගැටිස්සි යෝ මගඩි තාල යට කොටසක් ලමිස්සි යෝ වෙසඟතාල කොටසකි වස රකුස්සි යෝ

මගඩි හටන1

ඖෂධ සංයෝගයක ගුණ දැක්වීම සඳහා ද “හටන්” නම යොදා කාව්යංයක් කර ඇත්තේ ය. එහි නම වෙදහටනේ හෙවත් රත්නාදිගුලිය ගැණ රචනා කරණ ලද ප්ර බන්ධ යක් යන්න ය.



1. කවි 80 යි. කර්තෘද නාමය සඳහන් නොවේ.





(137)

වෛද්ය3 ශෘස්ත්රාය පිළිබඳ පොත් පත් පද්යසයෙන් කිරීම ඉතා ම පුරාතණයේ සිට පැවත ආවකි. මේ ගතානුගතික “බෙහෙත් කවි ක්රෙමයේ” වෙනසක් කිරීමට වෙද හටන් කර්තෘය අදහස් කළ බව පෙනේ. ඔහු ගේ උත්සාහය සාර්ථක වූ බවට වෙදහටනේ ජනප්රිමය භාවය ම නිදසුනකි. 1924 දී එය අටවෙනි වරට ද ප්ර සිඬ කරන ලදී. මෙයට හටන් නම දී තිබෙන්නේ දෙන්නම් කාසිවලට වෙදකම් කිරීම නිසා වෙදතුමාට විඳින්නට සිදු වූ නොයෙක් අතෝර ගැන කියැවෙන බැවිනි. වෙදකමට ගාස්තුව ලබා ගැනීමට හටනකින් දිනීමක් ලෙස සැලකූ ලෙස මෙයින් පෙනේ.

පොත පටන් ගැනෙන්නේ රත්නාදිගුලියට අවශ්යල ඖෂධ වර්ගපත් එය අඹරා ගන්නා හැටියත් කීමෙනි. අසවල් අසවල් ලෙඩවලට ගුලිය දිය යුතුයැ යි සාමාන්ය් වෙදකව් සිරිත අනුව නො දක්වන කවියා වෙදකු මවාගන ඔහුට නොයෙක් රෝගීන්ට වෙදකම් කිරීමට සිදුවන හැටිත් ඒ ඒ රෝගයන්ට වෙනත් වෙනත් අනුපානු යොදන හැටිත් කථාවක් වශයෙන් ගොතා ඉදිරිපත් කරන්නේ ය. කථාව වඩාත් ප්රිවය මනාප බවට පත් කිරීම සඳහා ඔහු ගැමියන්, වෙදුන් රැවටීමට යොදන උපක්රයමත්, සාමාන්යඳ පිටිසර ජීවිතයත් මනා සේ විස්තර කරන්නේ ය. ඒ සමගම ගැමියන් ගේ නොයෙක් මිථ්යාස විශ්වාසයන් ගැන ද හීන් සීරු වේ අතුල් පහර දෙන්නේ ය.









(138)

හෙළදිව් අබිදානවත ආදි ග්රැන්ථු යන්හි කර්තෘ්වර, කාව්යි ශාස්ත්රර විෂයයෙහි පටුතර බුඬිමත්, මාතර සරණපාල යතිඳුන් විසින් මෙය කරණ ලදැයි කියතුදු පොතේ අවසාන කවියෙහි සඳහන් වන්නේ නම් මෙසේ ය.

බඹ රැ න් දේ දොන් දිනෙස් ද සිල්වා අප්පුහාමි මම වෙදෙක් තම යි කද බැ න් නේ නැහැ කොළතඹ ගිහිල්ලා ඒ ටික පමණක් බොරුම තම යි පද බැ න් දේ කවිපෙල විමසාලා තිබුනත් ඇත්තම ඔහොම තම යි නුඹ හෙ න් දේ මේ ගුලිය ඇඹරුවොත් උඹටත් වෙන්නේ මෙහෙම තම යි

එක ම වෘත්තයේ ‍ඉතා ම ලිහිල් කවි එකසිය පහකින් සහ සින්දු අඩි හතරකින් ද නිමවන වෙදහටනෙන් එවක පිටිසර සාමයික සහ සාමාජික තත්ත්ව්ය දෙස මහත් ආලෝකයක් වැටෙන්නේ ය. පහත දැක්වෙන්නේ ද එබඳු තැනකි.

වලියක් ගොස් මම වී ඇති කාලේ ඉල්ළූවිට ‍හොඳ හැටි ඌ කී වී ඇත්නම් මට උඹට නුදුන්නට මටත් තියා කන්නට ඈ කී ගරව් නටා වෙස් පානාකොට ගසා යෑම මට ඉන් වැල කී අලුයන්රුවටම හොඳවායින් වෙස් දෙකක් පෑපු කලට එය වැල කී







(139)

ඔලී ගුරුන් නැහෙ ආවොත් මෙට මෙහි ඌට දෙන්ට වී අමුනු දෙක ක් මැනලා ගෙයි ඇත ඒක මිසක් මට වෙන ඇත්තේ නැත දෙන්ට විය ක් තිබුනත් රාලේ මෙනුබට මොට දෙනවද බෙහෙතෙන් නැතිකොට පිහිට ක් ඔලීගුරා මිස ලෙඩ හොඳ කෙරුමට උඹ මට පෑවේ කුමන වෙස ක්

හටන් නම නො යෙදුව ද සටන් පිළිබඳ ව ලියැවුන තවත් පොත් වර්ග යක් ද ඇත්තේ ය. ඒ අංශයේ පැරණිතම සිඬිය කියාපාන කව් පොත2 සිංහල දෙමළ යුඬය හෙවත් දුට‍ුගැමුණු එළාර මහා සටනය. කවි 222 කින් සමන්විත වන එහි දුටුගැමුණු රජු පිළිබඳ ඉතිහාස ප්රකවෘත්තිය සැකැවින් වුව ද නො අඩු ව සඳහන් වන්නේ ය. සිංහලයන් ගේ රණකාමය දැක්වීමට කවියා අදහස් කළ බවක් එහි පෙනෙන්නට නොමැත. ඔහුගේ උත්සාහය වූයේ සිය සගයන් වන ගැමියනට සම්පූර්ණි යුඬ ප්ර වෘත්තිය දැන්වීම බව පෙනේ. ඔහු ම එය සඳහන් කරන්නේ ය.

“පොරණ කල විසු ගු න ආරිය සිහල දන ග න දෙමළු වනසන මෙ න කරපු සිංහල යුදය මෙලෙසි න”


2. කර්තෘද නාමය නො දැක්වේ.







(140)

සුරනිමලයන් විසින් දීඝජන්තුවා නැසූ සැටි කියන්නේ මෙසේ ය:-

වැ දු න සැනෙන් එතද පහර සුරනිර්මලයා දැක සි ට සැ නි න පලිහ අතඇරිකල වැටුනයි බිම තද වේගෙ ට ත දි න පහර ගැසු දීඝජන්තු පලිහ සමග එවි ට ල සි න බිමට වැටුන එබව සුරනිර්මලයා දැක සි ට

ඔ න් න බලාපිය කියලා තමන් කඩුව ගෙන සුරත ට දු න් න පහර වැදිලා හිස දෙබෑ උනයි එකඩි නම ට ඔ න් න එබව පුස්සදේව දැකලා සකගෙන සුරත ට පු න් න ගුනෙන් පිම්බා සකි මහා නාද පැතිරෙන්න ට

පැරණි යුඬ ප්රෙවෘත්ති පැවසීමෙන් පමණක් ම ජනකවියා සෑහීමට පත්වූවා නොවේ. ලෝක සිදුවීම් ලංකාවට ද බලපානා බව වටහාගත් ඔහු ඒ පිළිබඳව ද සැළකිල්ලක් දක්වන ලදී. විශේෂයෙන් ම මහා ජාතීන්‍ ගේ නැඟීම් වැටීම් ගැන








(141)

සිය හිතවත් ගැම් ජනතාව දැන සිටීමේ අගය සැළකීම ගැන ඔහුට කෘතඥතාව දැක්විය යුතුය. නුදුරු අතීතයේ සිදු වූ සෑම මහා යුඬයක් ගැන ම ගැමියන්ට‍ උණු උණුවේ ම ආරංචි සැපයුනේ ජන කවියා ගේ “යුඬ” පොත් මගිනි. එයින් එකකි “රුසියන් ජපන් යුඬය” මෙය ලියැ වී ප්රුසිඬ වී ඇත්තේ කාණ්ඩ වශයෙනි. සුවඳ හමන ප්රරවෘත්ති සැපයීම අවශ්යම වූ බැවිනි.

තුන්වන කාණ්ඩය ප්රිසිඬ කර ඇත්තේ 1904 පෙබරවාරි 8 වන දිනදී ය. එයට පිටු අටකි. සතරවන කාණ්ඩය ද පිටු අටකින් නිමවන්නේ ය. සිංහල කාව්යඩ වංශය එක් අංශයකින් අසම්පූර්ණද වීම ගැන සියබස් ලකර ලියූ සේන රජතුමා දුක් වූ බව අපි දනිමු. එනම් චම්පු කාව්යනයන් සිංහලයේ නො මැතිවීම ගැන ය. ඒ අනුරාධපුර යුගයේ ය. මේ කොළඹ යුගය දක්වාත් ඒ අඩුපාඩු ව මහා කවීන්ගෙන් නො පිරි මුසුනේ ය. සාහිත්ය්යට තමාගෙන් සිදුවන සේවය ගැන නො දන්නා ජන කවියා තමාට හැකි පමණින් ඒ අංශය ද සම්පූර්ණජ කොට තිබේ. “රුසියන් ජපන් යුඬයේ” වාසගම් සහ කවි හරි හරියට මෙන් ඇත්තේ ය. එහි එන එක වාසගම් ඛණ්ඩයක් සහ ඒ ලඟ ම ඇති කව්පෙලෙන් කව් කිහිපයක් පහත දැක්වෙන්නේ ය.










(142)

“රුසියන් ජපන් දෙපක්‍ව ය ම ටොකුරිජී මහ යුඬයේ දී මුනගැසී සටන් කරණාතර ගිනි බෝම්බ වැදී කාලතුවක්කු සහ හේවායන් ද අශ්වයන් ද මැරී වැටුනා පමනකුත් නොව රුසියන්වරු මරභයින් ඒ මේ අත දුව පනිනා බව දුටු ජපන්නු නිර්භීත ව කඩු මුගුරු ආදියෙන් සහ වෙඩි පහර වලින් සුනු විසුනු කරදමා ජයගෙන ප්රීුති ඝෝෂාකලේ ය.”

“යාළු ගඟ බඩ දී ජපන් සේනාව හා නාවික සේනාව විසින් කොසැක් සේනාව විනාශ කිරීම -

ලෝකෙට අධිපති වෙමිණා සිටි රුසියන් මහ නරණා කිපිලා ගිනිලෙස තදිනා කී වද නේ ඒ රට නමගෙන සිටිණා යෝද කොසක්සන නමිනා මහබල රුදු යුද සේනා පිළි රැගෙ නේ චීනෙට පැන ගෙන ගොසිනා යාලු එගඟබඩ වැටුනා කාලතුවක්කුද සේනා පෙල පෙලි නේ කාහටවත් නැති ලෙසිනා ඒ රුදු අසුපිට නැඟුනා කඩු කොඩි ලන්සද රැගෙනා සිටින තැ ‍නේ

එමෙන් යුදට සැරසීලා රෑ පැමිණීලා යාලු ග‍ඟෙන් ගොඩ නැගිලා හොර රහ සේ අ සු න් සමඟ පීනාලා ඇඳුන් ද මිරිකාලා අසුන් පිටට පැන නැගිලා බල පිරි සේ උ තු න් මුනිඳු සිහිකරලා පාන්සුකූලය දීලා එමෙන් ම පන්සිලා ලබලා සිත එක සේ ග ම න් කරපි එජපන්ලා පන්දහසක් සැරසීලා මරනෙට සැරසීලා සිත එක සේ







(143)

අඹු දරු සහ දෙගුරුන් ද තම නැදෑ මිතුරන් ද මනුලොව සැප සමගින් ද හැර දම ලා තම ජාතිය සලකන්ද රටටත් නම්බු දෙමින්ද බැන්නලා පිඹිමින් ද එයන ක ලා රුසිදන වෙඩි එවමින් ද බටවැල පුපුරණ මෙන්ද ජපනුට පහර දෙමින් ද මරණ ක ලා කැළඹුනි රුදුරු ලෙසින් ද ගිනිපිට ගිනි විලසින්ද කලබොලවී ජපනුන්ද පිඹිති න ලා

හටන් නමින් පළට වන කවි කථාවන් ද ඇති බවට 1නරිහටන සහ කාබේරිහටන නිදසුන් ය. ඇතැම් කවි කෙනෙක් ආගමික ඉතිහාස ප්රේවෘත්තින් ද හටන් නමින් ඉදිරිපත් කිරීමට පෙළඹුන බව දළදා හටනෙන්2 පෙනේ.

ජයග්රාහහක ප්රටශස්ති වංශය දියුණු කිරීම සඳහා මෑත යුගයේ ජනතා කවීන්ට අවස්ථා ලැබීමේ වාසනාවක් නො වීය. වර්තමානයෙහි මේ රටේ සටන් ස්වරූපයෙහි සේයා මාත්රොයක් දක්වන්නක් බවට ඡන්ද විමසීම් පත් ව තිබේ. මැතිවරණයක් අවශානයේ දී ජයග්රාවහක අපේක්ෂවකයා ගේ පක්ෂපයෙහි වූ සාමාන්යප තරුණයෝ ඔහු සහිතවත් රහිතවත් සමූහ වශයෙන් සැදී මග තොටෙහි මහත් ශබ්ද පවත්වමින් පොදු විරුදුවක් ගයන්නෝ ය. එක ම සැහැල්ලෙහි තැනට උචිතවන සේ පුද්ගල නාමයන් යොදා ගැනීම එහි සිරිත ය.



1. කව් 178 කර්තෘන අවිනිශ්චිතයි. 2. කව් 464 අමුද්රිමතයි.





(144)

මෙහිදී සෑමවිටම දිණූ පුද්ගලයා ගේ නම කියැවෙන වාර ගණනට නො දෙවෙනි තරමට ම පැරදුන තැනැත්තා‍‍ ගේ නම ද සඳහන් වීම ස්වභාවික ය. මේ විරිදුවල ඇත්තේ පද කිහිපයක් ම පමණකි. රිත්මය නො බි‍ඳෙන සේ කවර පදයක් හෝ ඈදාගෙන සැහැල්ල දික්කිරීමට බාධාවක් නොමැති. සෑම විට ම මේ උද්වේග සැහැලි කියනු ලබන්නේ පහත සඳහන් ආකාරයට වේ.

කණ්ඩායමෙහි මූලිකයා වන මුඛරියෙක් සම හඬින් ප්රආශ්නයක් විලාසය ඇති පදයක් කියත්ම ඔහු වටවී යන සියල්ලෝ ම එක හඬින් උත්තර පදය හඬ තලන්නෝ ය. එබඳු ජය ඝෝෂා සැහැල්ලක් පහත දැක්වෙන්නේ ය.

මූලිකයා :- කව්ද රජා // පිරිස :- බන්ඩ රජා //

මූ - කව්ද හොරා පි - සිල්ව හොරා මූ - අපේ රජා පි - බන්ඩ රජා මු - සිල්ව හොරා පි - අපට එපා මු - කව්ද රජා // පි - බන්ඩ රජා //








(145)


1956 අප්රියෙල් මාසයේ පවන්වන ලද මැතිවරණයෙන් ජයග්ර4හණය කළ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් ගෝල්පේස් පිට්ටනියේ රැස්වීම් තහනම ඉවත් කරන ලදින් මැයි දින රැස්වීම පැවැත්වීම සඳහා කම්කරු ජනතා පාක්ෂිතකයෝ පෙළපාලියෙන් එහි ගියෝ ජයග්රපහාක සැහැලි හඬතලමිනි.

පහත පළවන්නේ ඉන් එකකි.

පූර්ව ආණ්ඩුව විසින් තහනම් නීතිය පැනවීමට පෙරාතුව එහි වූ රැස්වීමක් විසුරුවා හරින ලද්දේ කඳුළු ගෑස් නිකුත් කරවීමෙනි. ඒ පැරණි ප්ර්වෘත්තිය සිහිපත් කරවන ගමන් ම, ධෛර්යය, ජයග්ර හනය සහ අවඥාව පළ කරවන ඒ සැහැල්ල උද්යෝහගිමත් හැඟීම් සංකලනයක ක්ෂරණික ප්රකතිඵලයක් වශයෙන් බිහිවූවකි.

මූලිකය - අපි යනවා පිරිස - ගෝල්පේස් මු - අපි යනවා පි - ගෝල්පේස් මු - එන්න යන්න පි - ගෝස්පේස් මු - අද කොයින්ද පි - කඳුළු ගෑස් මු - කවුද දැම්මේ පි - කඳුළු ගෑස් මු - කවුද දැම්මේ ? පි - යූ.ඇන්.පී ජෝන් බාස් මු - අපි යනවා // පි - ගෝල්පේස් //





(146)

ඒ පෙළපාළීයෙහි දී ගැයුන තවත් විජයග්රානහී සමූහ (බයිලා) සැහැල්ලක් පහත දැක්වෙන්නේ ය. එහි ද ජය ඝෝෂයත්, පරිහාසයත්, සපුරා පවත්නේ ය. (පැරදුන පක්ෂජයේ ලකුණ අලියා වූ අතර දිණුම්කරුවන් ගේ ලකුණ වූයේ අත ය.)

ජෝන් මාමගේ - අලි පැටව් ටික ලිපිකරුවොයි කම්කරුවොයි වටකරගෙන කැඩුව දත් ටික - කැඩුව දත් ටික - හෝයි - කැඩුව දත්ටික //

කිසියම් කරුණක් ගැන මහජන මතය අටුවාලීම සඳහා ද උචිත පරිදි සකස් කර ගත් මේ සැහැලි කීම වර්තයමානයෙහි දී බොහෝ සේ ප්රිචාරයට පත් ව තිබේ.

භාෂා උද්ඝෝෂණයෙහිදී රට පුරා පෙළපාළි පැවැත් වූ තරුණ පිරිස ගැයූ සාමුහික සැහැල්ල මෙසේය :-

මූලිකයා - බාස දෙකක් පිරිස - අපට එපා මු - බාස දෙකක් පි - අපට එපා මු - අන්ඩර දෙමළ - පි - අපට එපා මු - බාස දෙකක් අපට එපා







(147)

පි - අපට ඕන සිංහලමයි මු - සිංහල අපට පි - දෙමළ එපා මු - අපේ රටට පි - දෙමළ එපා මු - බාස දෙකක් // පි - අපට එපා //

ක්රී1ඩා තරඟයන්හි ද මෙබඳු උද්වේගර ගැයෙන්නේ ය. පැරණියෝ පොල් කෙළියෝ මුළු ගම්මානය ම උඩුපිල සහ යටිපිල යනුවෙන් දෙපිලකට බෙදීමෙනි. ස්වකීයයන් ධෛර්ය ගැන්වීමටත්, පරකීයයන් වෙහෙසවීමටත් පොල්කෙළි පිටියේ ගැයෙන සැහැල්ලක් පහත දැක්වේ.

මු - උඩුපිලයෝ ගියෝ ගියෝ පි - තෝර කැලේ ගියෝ ගියෝ මු - යටිපිලයෝ ගියෝ ‍ගියෝ පි - හඳුන් කැලේ ගියෝ ගියෝ මු - උඩුපිල වට්ටාඩි මොටේ පි - ගෙට දුව දුව පොළොස් කතේ මු - යටිපිල වට්ටාඩි රජේ පි - ගෙට දුව දුව බුලත් කතේ මු - උඩුපිලයින්ගේ ආරේ පි - මල්ල කිහිල්ලෙන් නෑරේ මු - යටිපිලයින්ගේෙ ආරේ පි - ගිය ගිය තැන මල්වාරේ







(148)

ගුණ කියැවෙන පදයට තම තමන් අයිති පිලේ නම යොදා ගැණීම ඝොසකයන් ගේ සිරිත ය. මෙයින් දැක්වෙනුයේ පැරණි ක්රී.ඩකයන් ධෛර්යය ගැන් වූ අයුරු ය.

වලි සැහැලි

දේව පූජා වශයෙන් පැවැත්වෙන අංකෙළිය ද මුළු ගම්මානය ම උඩුපිල මහ යටිපිල වශයෙන් දෙකට බෙදී කෙරෙන තරඟ ක්රීළඩාවකි.

අං ඇදීමේ දී භාවිත වන සැහැලිවලට “වලි” යයි කියත්. පහත දැක්වෙන්නේ ඒ වලියකි.

එන වලියට හෝයියා යන වලියට හෝයියා අනංගයෝ හෝයියා මල්මදයෝ හෝයියා එන වලියට හෝයියා යන වලියට හෝයියා මින්දදයෝ හෝයියා මල්සරයෝ හෝයියා එන වලියට හෝයියා යන වලියට හෝයියා මල්මාලා හෝයියා ගිණිජාලා හෝයියා එන වලියට හෝයියා යන වලියට හෝයියා






(149)

පාළඟයෝ හෝයියා පත්තිනියෝ හෝයියා අපි දිණූවෝ හෝයියා දිණුම් පිලට හෝයියා හෝයිය පුරේ හෝයියා හෝයිය පුරේ හෝයියා

නවීන නවක ක්රීෝඩකයන් උසිගැන්වීම සඳහා යොදනු ලබන මෙබඳු සැහැලි ඇත්තේ ය. ඉපැරණි මිනිසා විසින් සටන් වල දී අනුව, ගනුව, තලව, මරව, කපව, කොටව, ඈ විසින් යම් සේ මොරගාන ලද්දේ ද, හඬින් එයට දෙවනි නොවන පරිද්දෙන් විද්යාරලයීය ගැටවරයන් විසින් වාර්ෂික ක්රිදකට් ක්රීනඩා තරඟයන්හි දී උද්යෝ්ග සැහැලි හඬ තලන්නේ ය. ස්වයංසිද්ධ රිත්මානුකූල ශබ්ද ප්රිීය තාවය සිතෙහි ඇතිවන උද්වේගයෙන් නිකුත්වන පදවලින් යුත් මේ සැහැලිවල ආදී ම ජන කවියෝ අසංකීර්ණව ස්වභාවය සපුරා පවත්නේ ය. මිනිසුන් විසින් එදිනෙදා කටයුතුවල දී පාව්ච්චිකළ ව්යරවහාර භාෂාවේ සැහැල්ලු වචන ඉපැරැණි ජන ගීතවල අඩංගු වන්නාසේ ම මේවායෙහි ද විද්යාහලයීය ගැටවරයන් ගේ හුදු කථා ව්යනවහාරය ම ඇතුළත් වන්නේ ය.

සිංහලය කෙරෙහි පාලිය බෙහෙවින් බල පැවැත් වූ අවධියෙහි ලියැවුනු ධම්පියා අටුවා දියෙහි සිංහල පද අතරතුර පාලි පද යෙදුනාක්









(150)

මෙන්, ඉංග්රීුසිය බල පැවැත්වීමට පත් වර්තදමානයෙහි සිංහල කථා ව්ය්වහාරයෙහි, විශේෂයෙන් ම නාගරිකයන් අතර, ඉංග්රීහසි වචන මිශ්රයව යෙදෙනු පෙනෙන්නේ ය. ඉංග්රීශසි විද්යානලයයන්හි ශිෂ්යසයන් පිළිබඳ ව මෙය වඩාත් ම ප්රනකටව බලපාන්නකි.

ඔවුන් ගේ උද්වේග සැහැලිවල ඉංග්රීනසි සහ සිංහල පමණක් ම නොව දෙමළ පදද ඇත්තේ පරිසරයේ සහ ආශ්රියේ ආවශ්යිකතාවයන් අනුවම ය. ජනකවිවල මූලස්වභාවය ගැන සිතා ගැනීමට මෙයින් අපට ලැබෙන්නේ මහත් ම රුකුලෙක.

රාජකීය සහ සාන්ත තෝමසුන් ගේ විද්යාටලයයන් අතර පවත්නා ප්රකසිඬ වාර්ෂික ක්රිදකට් ක්රී්ඩා තරඟ වාරවල පන්දු පිටිය ගිගුම් දෙන සැහැල්ලක් පහත දැක්වෙන්නේ ය.

මු - ගහපන් මචන් පි - සික්සර් සික්සර් මු - ජෝඩු මචන් පි - බවුන්ඩරි බවුන්ඩරි මු - සිංහො මචන් පි - සේරු සේරු මු - ඉදි අප්පන් පි - ජාරු ජාරු මු - ජිං ජිනිකං පි - තප්පු තප්පු මු - ගහපන් මචන් // පි - සික්සර් සික්සර් //






(151)

ගුරුළු ගෝමීන් විසින් සඳහන් කර ඇති ස්තුති ගීතිකා දෙවර්ගයෙන් රාජාදීන් පිළිබඳ ව ඇති ස්තුති ගීත ඉහත සඳහන් විය.

ස්වකීය ස්වාමියාට කථා මාර්ගතය සඳහා ඉඩ ලබා දීමට දේව වන්දි යෙක් විසින් ගයන ලද ගීතය ද ස්තොත්ර‍ සංඛ්යා වට ඇතුළත් වේ. ශක්ර්යා ගේ හා බුදුන් ගේ හා කථාවට පෙරාතුව පංචශිඛයා විසින් බුදු රදුන් ගේ ඉදිරියෙහි සිට ගායනය කරන ලද ගීයක් සක්ක පඤ්ඤහ සූත්රායෙහි දැක්වෙන්නේ ය. එය සරාගී භාවයෙන් පිරී ඉතිරී ‍ගොස් තිබේ.

බෙහෝ විරිදු කාව්යපවල ද ස්ත්රීගව්යා්ජයෙන් කරනු ලබන සරාගික ප්රේ මාලාප ගී ඇති බව මෙහි දී සිහිකට යුතු ය.

අසන්නාගේ සිතෙහි සරාගික කුතුහල භාවයෙන් ඉල්පී යන ප්රතසන්න තාවයක් මේ මඟින් අපේක්ෂාක කරන ලදැයි සිතිය හැකි ය.

“වන්දෙතෙ පිතරං භද්දේ තිමඛරුං සූරියවච්ඡසෙ යෙන ජාතාසි කළ්යාඡණි ආනන්දා ජනනී මම”

යනුවෙන් ආරම්භ වන පංචශිඛ ගේ පාලි ගී පෙළින් සිංහලට නගා ඇති කිහිපයක් පහත එන්නේ ය. 12


12. මයුරපාදගේ දෙවියෝ යන පොතෙනි







(152)

සූරිය වච්චසියේ - වදිමි ඔබෙ - නිම්බරු පියගදඹුන් ඔබ වැනි ලස්සනියේ - කළණ ගුණ - කතෙකු ලොවට ලැබ දුන් ඩහ දියරටවාතේ - ලෙසින් පැන් - පවසට මිරිදියසේ ඔබ මට පියයි කතේ - රහත් අය - දහමට පිය වනසේ

බෙහෙතෙන් ලෙඩක් මෙනී - බඩේ ගිනි - බොදුනෙන් නිවන, යුරී ගිනිසිලු දියෙන් මෙනී - නිවනු මැන - මගෙ හද ගිනි සොඳුරී

මල් රොන් පිරි පොකුණේ - ඇතෙකු ලෙස - රිවි තැවුලෙන් තැවුණු ඔබෙ පියොවුරු මුදුනේ - ගිලෙමි මම - අනඟ සැරෙන් දැවුණු තෝමර හෙන්ඩු - කැඩූ -කිපුණු මද - ඇතෙකුගෙ සිහිය ලෙසා මගෙ දැන් සිහිය අඩු - වෙලා ඔබෙ - ලස්සන වටොර නිසා ඔබ ගැන ගිජු බවකින් - බලාහිඳ - පෙරළුණු සිතැති වෙමි ඇම ගිලි මසෙකු ලෙසින් - මෙමම දැන් - යන්නට නොහැකි වෙමි මනහර වටොරැතියේ - වැලඳ ගනු - මඳ ලස සැලුමැ’තියේ එනු එනු කළණ පියේ - වැලඳගනු - එය මය මගෙ අටියේ

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_සැහැලි_-_iii&oldid=5711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි