සැහැලි වෘත්ත විකාශයසංස්කරණය

අච්චුවකට අනුව කව් වැක්කිරීමක් නොවු ඒ නිවහල් යුගයේ එකම බලාපොරොත්තුව වූයේ සපුරා අදහස පලකරලීම ය. යම්කිසි සිද්ධීයක් හෝ අවස්ථාවක් හෝ එයට අනුරූපවන බසින්, පදයෙන් කියනුවා විනා එහි පාද ගැණ, යති‍ ගැණ. වෘත්ත ගැණ කරදරවීමක් නොවී ය. කල් යත් යත් උගතුන්ගේ මැදහත්වීම නිසා පද්ය‍ය විසිතුරු ඉලංගමකට පෙරළී ගියේ ය. නොයෙක් නම් වලින් අඩයාලම් තැබූ වෘත්ත නමැති නැට්ටුවන්ගෙන් එය පිරුණි. විරිත් හංවඩුවක් නො ලද කිසිද පද්යවයක් කවි කරලියේ දක්නට නො ලැබෙන්නේ එහෙයිනි.

විසිතුරුවූත් බොහෝවූත් කව් විරිත් ගැණ කථා කිරීමට මේ ‍නො තැනි. අපේ විමසීමට මෙහි භාජන වී තිබෙන “සැහැලි” ගැණ පමනක් ම යම්තම් සඳහන් කරමු. සැහැලි විරිත් පිළිබඳව එළු සඳැස් ලකුණෙහි සඳහන් වන්නේ මෙසේ ය.

 “කඩවත්හි පිරියත - සිවු පෙදෙහි යම් විරිතක්,
 බදහොත් දන්නේ එම - උවදැනම් සැහැලියැයි.
 දසබර තුදුර සොළොස් - අටළොස් උනුද මහපුණු 
 ගාහ නමින් පළවු - විරිත් නන් සුවහස්වේ” 

(52)

“කඩවත් විරිත් අවසන්හි සිටුපද ඡන්දසක යම් කිසි වෘත්තයක් බැන්දොත් එම වෘත්තය උපජාති නම් සැහැලි වෙසෙස් යයි දත යුතුයි. දශපදය, වාදශපදය, චතුර්ද ශපදය, ෂොඩශ පදය, අෂ්ටාදශපදය, ඌන සැහැලිය, සම සැහැලිය, පූර්ණද සැහැලිය, ගාය යන නමින් ප්රඅට වූ සැහැලිදැයි සැහැලි වෘත්තයෝ නොයෙක් සිය දහස් ගණන් වෙත්”.

සිය දහස් ගණනින් ගිණිය යුතු සැහැලි විරිතෙහි ප්රෙකටම සැහැල්ල සිංහල සන්දේශ කාව්යණයන්හි සුලභව දක්නට ලැබෙන දසපද උවද සැහැලිය. අප්රයකට දුර්ලභ සැහැලි ගණයේ වැටෙන්නේ අඹහැලි ය.

සිංහල පද්යාශවලියෙහි මූලික ලක්ෂ ණ දැක්වෙන සැහැලි වෘත්තය පිළිබඳ හැඟීම කාලයත් සමගම තත්ත්ව යෙන් පිරිහී ගිය බව පෙනේ.

සිංහලයෙහි ඇතැම් වෘත්තයන්හි ආශ්චය්ය්ෂ වත් විකාශයක් කාලාන්තර වශයෙන් පහළවූ බව ගී වෘත්ත අඹහැලි වෘත්ත ශතවර්ෂාරනුකූලව පරීක්ෂාව කර බැලීමෙන් පෙනේ. සීගිරි සමයෙහි පටන් සිහංලයෙහි ගී වෘත්තය අනුක්ර මයෙන් විකාශයට පැමිණි ආකාරය සිගිරි පද්යල හා විවිධ ශිලා ලේඛන පද්යා විමසිල්ලෙන් කියවා බැලීමෙන් ‍දත හැකියි.

(53)

සිංහල ප්රාකෘත අවධීයෙහි පටන්ම පද්යමමය ශිලා ලේඛන පැවැතිබව ශිලා‍ ලේඛන සංග්රෘහයෙන් පෙනීයයි. කල් යෑමේදී ඇතැම් ගී පද්යද එළිසම කර ලිවීමට පුරුදු වූ බව ද සීගිරි පද්යය වලින් හා මුවදෙව්දාවත ආදී පැරණි ගී පොත් වලින් ද පැහැදිලි වේ. කල් යත් යත් ම ගීයෙන් කරණ ලද ඇතැම් කාව්යත සම්පූර්ණලයෙන් ම එළිවැට සහිතව නිබන්ධීනය කරන ලදී. සඳ කිඳුරුදා කව, කාව්යය ශේඛරය, ගුත්තිල කාව්යරය හා බුදුගුණාලඬ්කාරය ද ඊට නිදර්ශකනයි. කෝට්ටේ සමයෙහි දී මුල් බැසගත් මේ එළිවැට සහිත ගී කාව්යද රචනාව සිංහල සාහිත්යශයෙහි විශෙෂ අඬ්ගයක් විය. මේ කව් පොත් අනුගමනයෙන් සීතාවක සමයෙහි දී දහම් සොඬ කව හා කුසදා කව කරන ලද්දේ ය. මහනුවර සමයෙහිදී රචනා කරන ලද සුමුගුදා කව හා තවමත් අමුද්රිෙත පරංගි හටනත්, මාතර යුගයට අයත් කව්මුතුහර, කව්මිණිකො‍ෙඬාල, කව්මිණි මල්දම, කව්මිණී රන්දම හා කාව්යවදීපනියත් මේ ගී කව් ගණයට අයිති වේ. ගී කව්වලද විවිධ එළිසම ලක්ෂ්ණ අනුක්රකමයෙන් දියුණූවු සැටි කව් සිළුමිණෙහි සර්ගාඑන්ත පද්ය වලින් පමණක් නොව ගුත්තිලකව, කුසදාකව, කව්මිණිකො‍ඬොල ආදියෙන් මනාව පැහැදිලි වේ.

අපේ ගී වෘත්තයටත් වඩා ආශ්චය්ය්කවිවත් විකාශනයක් අඹහැලි නම් මිහිරි දුර්ලභ වෘත්තය විෂයෙහි පහළ වී තිබෙන බව සිංහල වෘත්ත

(54)

විභාග පරීක්ෂායකර බලන කල පෙනේ. එළුසඳැස් ලකුණෙහි දැක්වෙන1 අඹහැලි නම් වෘත්තය විසි විසි මාත්රාුව බැගින් යෙදූ කව්පද විසිහතරකින් සැදුණ දීර්ඝැ වෘත්තයක් බව කොටින් කිව හැකි ය.

අඹහැලි වෘත්තය කුමක්දැයි පළමු වරට පහදා දුන් වැලිපටන්විල දීපඬකර හිමියෝ සඳැස් ලකුණු වර්ණපනාවෙහි මෙසේ කියති :-

“මේ අඹහැලි වෘත්තය සෑදීමට මුලින් ම කව් පද එකක් හා ඊට අගින් සිවුපද කවක් යෙදිය යුත්තේ ය. ඒ යෙදූ මූල කව්පදය මාත්රා දස නවයකින් වන යතියෙන් යුක්ත විය යුතු බැව් කියා තිබේ. ඒ පස් පදය නැවතත් පදසයක් කොටද ආයෙත් එම දසපදය විස්සක් කොටද හෙවත් තනි පදයක් සහිත තනි සිවුපද කවක් බැගින් සතර වාරයක් යොදා එහි අගට තවත් සිවුපද කවක් යෙදූ විට වෘත්තය සිද්ධ වන අයුරු වටහා ගැනීමට ඉඩ තිබේ. එවිට මේ වෘත්තය තෙම කව්පද සූවිස්සකින් සමන්විත වේ යැයි නිශ්චය කළ හැකියි. ඊට දක්වන ලද නිදර්ශමන ද මෙසේයි.

 1.	දසනව මතින් ගුරු - යති කළ පදවිනම් 
 සිව් අට සතර මත්තෙන් - ගුරු යතිය තුන් පදමේ 
 මේ ගුණය කළ පස් සඳ - දස සපිරුණූ විස්සෙක,
 පිරියත්හි සිවුපද වුව ඒ දනු අඹහැලි නම්. 

(55)

 අහසගඟ තරඟ සිසි, කඩසලය සකලබා 
 දුළුලු වරලසෙහි පලු, සමතල සමලු වත්
 නදන දන සොමිගුණය, කොම ළ සිසිකල තෙනෙ ත්
 තෙද දුලන රිවිසැසය, බැහැරලන නොව නැව ත් 
 නොමද රුපු කාල අඳරු, දුරලූ රිවි කිරණ යු ත් 
  • * * *

ආදී වශයෙන් කව්පද සූවිස්සකින් පරිපූර්ණ වේ.

මෙහි සෑම කවිපදයක් පාසා ම සමභාගයකදී යතියක් වැටෙනබව කාහට වුවත් නිරායාශයෙන් ම පෙනී යයි. මේ වෘත්තයට නියමිත පරිදි මුලින් යොදන කව්පදය හා අනතුරුව එන සිවුපදය ද ඒකාකාර එලිසමයෙන් යුක්තව රචනා කරන්නට කල් යෑමෙන් පුරුදු වූ බව සලකා ගත හැකි ය. එපමණක් නොව සෑම කවිපදයක් ම සමභාග වශයෙන් යතියෙහි දී බෙදී යන හෙයින් පද මධ්යවයෙහි ද අනුක්රකමයෙන් එළිවැට ඇති වූ බව පෙනෙන්නට තිබේ. මේ ස්වරූපයෙන් රචනා කළ සම්පූර්ණා අඹහැලි පද්යව සාහිත්ය යෙන් සොයාගත නො හැකි වුවද අඹහැලි වෘත්තය උපයෝගී කර ගෙන වෘත්තගන්ධිය නම් ගද්යත රචනා විලාශය ප්රතචලිත වූ බවට අපමණ සාක්ෂි ගෙන හැර දැක්විය හැකියි.

පැරණි සංහල වෘත්තගන්ධිරමය ගද්ය් රචනා වශයෙන් ගණන් ගැනෙන්නේ දළදා සිරිත, කුවේනි අස්න, සිහබා අස්න හා රුවන් සූත්රබය ආදි විචිත්රේ ගද්ය ප්රුබන්ධ කිහිපයකි. මෙයින්

(56)

කෝට්ටේ සමයට අයත් කුවේණී අස්නෙහි ද මහනුවර සමයට අයත් සිහබා අස්නෙහි ද මෙන් ම රුවන් සූත්රහයෙහි ද තැනින් තැන නොයෙක් විට අඹහැලි වෘත්තය අනුගමනය කොට ගද්යූ රචනාව කරගෙන ගොස් තිබේ. මේ ඊට නිදසුනෙකි. කුවේණි අස්තෙන් :-

 “සිංහ පුරවර සොඳා, රජ ඉසුරු විඳ ඉඳා 
 කරන නොපනත් සදා, නැව් නඟා හළ සඳා 
 ලක්දිවට බැස එදා, නුග සෙවණ මැදා
 තනිව උන්සඳ රදා, බත් බුලත් දී සොඳා 
 රැගෙන විමනක් සදා, රෑ දෙදෙන එහි නිදා 
 වූ ස‍ඳෙහි රිවි උදා, වෙළෙඹවෙස් ගෙන සොදා 
 යකුන්ගේ පුරවැදා, මරා උන් ලුහුබැඳා 
 රජ සැපත් නුඹයොදා, දවසරින කල එදා 
 බිසෝ කරවා සදා, නොවෙන් වන ලෙස සදා
 දිවුට දෙන ස‍ඳ එදා, යකිනි බව නොදනුදා 
 දැන් මහිම නුඹ සදා, මහත් දළපෙම් බැඳා
 සමඟ වැස නුඹටදා, කොටම දරුවන් වදා 
 උන්මෙමා ඇර අදා, දැන් සෙනේ වෙන සොඳා 
 හිමි වියෝ වූ සඳා ........................................” 
 “සුපුන් සඳ උදයගින්, දිලියවට සේ 	පෙනේ
 හමන මඳනල සඳුන්, සිහිල් ගිනි සේ 	     දැනේ 
 සුවඳ මල් පෙති අතුල, යහන කටු සේ	දැනේ 
 සමද තද කොවුල් රැව්, කනත යවුලෙව් 	ඇනේ 

(57)

 මදතරද යුදට දැන්, දැනෙයි සැරපස 	ගෙනේ 
 මෙසඳ මෙවියෝ දුකින්, කෙලෙස වෑවෙමි 	අනේ”

ආදි වශයෙන් දිගින් දිගටම මේ අඹහැලි වෘත්තය අනුගමනයෙන් විසිතුරු ගද්යග රචනාව කරගෙන ගොස් තිබේ. සිහබා අස්නෙහි ද රුවන් සූත්රු සන්නය ආදී ඇතැම් සූත්රො සන්නවල ද මේ රචනා විලාසය නො කඩවා ගෙනගිය බව පෙනෙන්නට තිබේ.

නරේන්ර්බ සිංහ රජ සමයෙන් පසු පහළ වූ පද්යමමය බලි තොවිල් පොත්වල ද, තොටකඩවර අස්න, මංගර සැහැල්ල, මලයක් යාදින්න, රීරියක් යාදින්න ආදී චූර්නිකාවල ද මේ රචනා විලාසය බෙහෙවින් භාවිත කර තිබෙන බව හොඳාකාර පෙනේ. අනික් රචනාවන් තබා ‍ගණදෙවි හෑලලෙහි ද:-

“ආයුබෝවෙත සෙතා, ඉසුරුවරමින් යුත” ආදී වශයෙන් මුලට ම යෙදී තිබෙන්නේ අඹහැලි නම් වෘත්තයෙන් රචිත අස්නක් හෙවත් යාදින්නක් බව වටහා ගන්නට පුළුවන.

මෙතරම් විශිෂ්ටව විකාශයකට පැමිණි මේ අඹහැලි වෘත්තය සිංහල සාහිත්යවයෙහි අතිශයින් ප්රපචලිත වූ ජනප්රිලය වූ වෘත්තයෙකි. එහෙයින් මේ මා හැඟි පැරණි වෘත්තය සොයා පළකළ වැලිපටන්විල දීපඬ්කර හිමියන්ට සාහිත්ය රසික වූ සියලු සුධීන්ගේ ඉමහත් ගෞරවය හිමිවිය

(58)

යුතු වේ. එය එසේ වුව ද එළු සැඳැස් ලකුණට ව්යාිඛ්යායනයක් කළ පණ්ඩිත සෝරත හිමියන් මේ අගනා වෘත්තය ගැන පළකර තිබෙනනේ අනෙක් අදහසකි.

ඒ මෙසේයි :- 2

“සඳැස් ලකුණ වණර්නාේ කර්තෘැන් වහන්සේගේ මේ උත්සාහය ගැන පසසන අතර ම අනිත් කාව්ය ග්රපන්ථයක නැති, මෙහි ද ඉතා ව්යාේකූල වූ මේ අඹහැලි ලක්ය්ාව ලක්ෂරණයන් මුළුමනින් අස් කර දැමීම වඩා යෝග්ය යයි අපි කියමු. මෙය තිබීමෙන් ආධුනික ජනතාවට වැඩෙක් නම් අපට නොපෙණේ. හුදෙක් ඔවුන්ට මෙය තිබීමෙන් කරදරයක් ම වේ”.

මෙය සිංහල හෝඩියෙහි අකුරු කපා හැරීමට කරන මුග්ධ යෝජනාවට වඩා කිසිම වෙනසක් නැත. වටහා ගැනීමට දුෂ්කර වූ පමණින් රමණීය වෘත්තයක් ඉවත් කර දැමීමට මහා පණ්ඩිතයන් පවා යෝජනා කරණ කළ කාව්යය නීති රීති නො සළකා හරිතැයි සාමාන්යෝ ජන කවියාට දොස් දැක්වීම කවර යුක්ති ධර්මියකට එකඟවේ දැයි කිව නො හැක.

සිංහල කවියා හැප්පෙන තවත් තැනක් නම් “යවහන්” ය. සිංහලයෙහි යවහන් යෙදීම ද ඉහත දැක් වූ නියායෙන් ම විකාශයට පැමිණි

2. සඤ්ජීවනි ව්යා ඛ්යාද 89 පිට

(59)

සාහිත්යව ව්ය වහාරයක් බවත් කල්පනා කළ හැකිය. සිංහල පද්යි විෂයයෙහි එළිසම යෙදීම අනුරාධපුර සීගිරි අවධියෙහි සිට අනුක්ර්මයෙන් දියුණු වී ආ බව සීගිරි පද්යුවලින් හා දොළොස් වෙනි ශත වර්ෂ‍යේ ශිලාලිපි ආදියෙන් ද ප්රසත්ය‍ක්ෂ් වේ. එළිසමය දියුණුවීමත් සමඟ එලිවැටෙහි නිරර්ථක ස්වරවෘධි, ස්වරවිපය්ය්ද සාදියත්, ය, ව, හ, න් යන නිරර්ථක අකුරු යෙදීමත් පුරුදු වූ බව කිව හැකි ය. ය, ව, හ, න් යන අකුරු හැර හෝඩියේ අන්කිසි අකුරක් එළිවැටට උපකාරී වී අර්ථක ශූන්යේ ව යෙදීමට ඉඩක් නැති වූ බව පෙනේ. මේ හෙයින් ය, ව, හ, න් යන සිවුකුරු එළිවැටට යෙදිය හැකි අතිරේක අකුරු හතරක් විය. කල් යෑමේදී මේ භාවිතය කෙතරම් දුරට මුල් බැස ග්තතේ ද කියතොත් මේ සිවුකුරෙන් කිසිවක් ඊට පර්වි වූ අන්කිසි වර්ණ යක් නැතිව හුදකලා එලිවැටෙහි යෙදී ම දෝෂයක් සේ සලකන ලදී.3 ලකුණු සර, 4සිඳත් සඟරාව, 5එළුසඳැස් ලකුණ ආදි ගුරුපොත් වලින් ඒ බැව් පෙනී යයි. ය, ව, හ, න් යන

 3.	ය  ව  හ  න් සතරකුරෙන්, 
 දතඑකකුරෙක්වත් එයට ඉදිරියට 
 කිසි, එක කුරු නොපැව මහදොස් 
 ලකුණුසර 
 4.	මත්සඳ යලිදු ය  ව  හ  න් 
 සමසේ යොදා බදනේ ය    හ  ඈ වණන් මුත්, තුබුපද නොලා සඳවස් 

සිඳත් සඟරාව

 4.	ය  ව  හ  න් ලකුණු එළි - සැතපුමද දනු අතු‍රේ ඉටු ඈ සඳ පියවිහා - කිරි සත් පදද හඳුනවු 
 එළුසඳැස්ලකුණ 

(60)

සතරකුර අනිෂ්ට වර්ණ හෙයින් එලිවැටෙහි තනිව නො යෙදිය යුතුයයි නියම කරන ලද්දේ නම්, “ක, ම, ර, ජ, අ, ණ, න, ල” ආදී අනෙක් අනිටු අතුරු නො වලක්වන ලද්දේ මක්නිසාදැයි සිතාගත නො හැකි ය. අනිෂ්ටත්වය ම නිමිති කර ගෙන මේ සිවුකුරු වෙන් කර හරින ලද්දේ නම් ඒ කිනම් විශේෂයක් දැයි සොයා බැලීම ශාස්ත්රාරභිලාසින්ට අයිති යුතු කමකි.

මේ ගැන දීපඬකර හිමියන් සඳැස් ලකුණු වර්ණුනාවෙහි ද, ධර්මතරාම හිමියන්, ශ්රී් සුමංගල යන මාහිමිවරුන් සිදත්සඟරා අර්ථමව්යාහථඛ්යා‍නයන්හි ද විවිධ අදහස් දක්වා තිබේ.

(61)

4 වෙනි පරිච්ඡේදයසංස්කරණය

ආයාචනා සැහැලි

භය බිරාන්තක වූ ආදී මනුෂ්ය්යා දෙවි දේවතාවුන්ට යාඥා කිරීමට පෙළඹී ගිය සැටි මුලින් කීවෙමු. ආදිම යාඥාවන්හි ප්ර කට ලක්ෂථණය නම් බැගෑ බවයි. දන්නා තරම බැගෑ බසින්, ඇහැක් තරම් බැගෑ හඬින් කරන කන්නලව් වඩාත් ඵලදායක වන බැව් ඔහු විශ්වාස ‍කළේ ය. බසත් හඬත් පමණක් ම නොව කියන විලාශයත් බැගෑ බැව් ගැන්වීම සඳහා ඇදීම් ලෙලවීම් සහිතව කන්නලව් පැවැත්වීමට හේ පුරුදු විය.

කන්නලව්වට හෙවත් යාදින්නට නියමිත වෘත්තයක් නො මැත. මාත්රා් ගණනක් හෝ පාද ගණනක් හෝ නො මැත්තේය. එහෙත් ඒවා ගායන කරනු ලබන්නේ ගද්යහයට වඩා පද්යමයට නැඹුරුව ය. සාමාන්යන ව්යනවහාරයේදීට වඩා සෑම පදයක් ම පාහේ ලාලිත්ය ය සහිත ව ශබ්ද කිරීමත් වාක්යට කිහිපයක අගින් එන අවසාන වාසගමෙහි අන්තිම පදය හෝ පද කිහිපය වඩාත් ඇදි කියවී‍මත් යාදිනිව මූලික වෘත්තය වන්නේ වේ. වාක්යි ඛණ්ඩයෙහි අවසාන පද කිහිපයෙහි යතිය වන්නේ ය. ඉල්වීම හෝ ආශිර්වාද හෝ ගැබ්ව ඇත්තේ එහි ය. සෑම යාදින්නකම මූලික ලක්ෂශණය නම් ප්ර්තිග්රාඅහකයා ප්රූමුදිත කරවන ලෙද ඔහුගේ චරිතයත් බල ප්රෂතාපාදියත් සාටෝපයෙන් වර්ණ‍නා කොට ඊට අනතුරුව ස්වකීය වුවමනා බැගෑ බසින් පැවසීම ය.

(62)

යාදිනිවල ප්රපමාණය සීමා කිරීමක් ද නැත්තේ ය. ඇතැම් යාදිනි එතරම් දීර්ඝප නොවන අතර සමහර යාදින්නක මුළු කථා ප්රනවෘත්තියක් ම ගැබ්ව පවත්නේ ය. පැරණි යාදිනි හුදු චාං ව්ය වහාර බසින්ම විය. අස්න නමින් තවත් කොටසක් බෙදී ගියේ ගැඹුරු බවට නැඹූරු වූ යාදින්නම ය. අනුප්රාවස බහුල ව්යික්ත භාෂාව වැළඳගත්1 අස්න ආගමික පුද පූජා අවස්ථාවන් ජනප්රිබය භාවයට පත් කිරීම සඳහා යෙදි පවත්නේ ය. වඩාත් රිත්මානුකූල පදයන්ගෙන් විසිතුරුවුන2 අස්න, උගතුන් විසින් වෘත්ත ගන්ධිථ නම් කාව්යූ වෘත්තයෙහි වන්නේ යයි කියනු ලැබේ. මුලදී මුළුමනින් ම දීර්ඝෘ වාසගම්වලින් සෑදුන යාදින්න කෙටි වාසගම් වින්ද පිළියෙලවීමට පටන් ගත්තේ ය. කෙටි වාසගම් ද තව තවත් ලුහුඬුවී වචන දෙකින් දෙකට යතිය සිටින සේ සකස් වීමෙන් පද්යග ස්වරූපය ද ගත්තේ ය.

ගද්යනයෙන්ම පැවැති යාදින්න කල්යත් ම පද්යේයටද පෙරලී ගියේ මෙසේ ය.

අහිංසක සරල බසින් ආරම්භ වූ යාදිනි පද්යා වලිය නොසිතූ නොපැතූ පරිදි ගුප්තවිද්යාආ ලෝකයට ද අවතීර්ණයව සෙත්කව් හා වස්කව් නමින් ප්රසකට භාවයට පත් විය.

1. දොරකඩ අස්න, අනුශාසනා අස්න 2. කුවේනි අස්න, සිහබා අස්න

(63)

රෝගොපද්රකවයන්හිදී සෙත් සාන්ති ලබා ගනු වස් දෙවියන්ට කව් බසින් කරන කන්නලව් සෙත් කවිය. හිංසා පීඩා පාඩු අලාභාදිය කළ වුන්ට දඬුවම් දෙවීම සඳහා ඉදිරිපත් කරන දේව පැමිණිලි වස් කවිය. ආයාචනා පැමිණිලි ආදිය වාසගමෙන්ම කීමට වඩා කවියෙන් කීමෙන් දේව සැලකිල්ල පහසුවෙන් යොමු කරවා ගත හැකි යයි ගැමියා සිතුයේ කරුණු සහිතවම ය. මිනිසාට වඩා දෙවියා බල පුළුවන්කාරකම් වලින් වැඩිවුවද මිනිසාගේත් දෙවියාගේත් ආශාවන් එකහා සමාන ය. නොයෙක් කම්කටොලු වලින් පිරී තිබෙන තම සිත පවා නොදැනුවත්ව ම පාහේ කවියට නතුවන විට එබඳු කරදර කිසිවක් ම නොමැති දෙවි සිත කවියෙහි ඇලීම විය යුක්තක් ම යැයි ගැමියා සිතීම යුක්ති යුක්ත ය. තම ඇවිටිලි මෙන්ම පැමිණිලි ද දෙවියන්ට ඔප්පු කිරීම සඳහා ගැමියා ‍පෙරකි අදහසින් කව් තැනුවා මිස ඒ පිළිබඳ ගුප්ත නීති රීති යෙදුම් කිසිවක්ම නොදත්තේ ය. විශ්වාස ද නොකළේ ය. ආදි සෙත්කව් වස්කව් වලින් මෙය පැහැදිලි වන්නේ ය. පසු කලෙක උගතුන් විසින් නොයෙක් ශාස්ත්රප විධි ඈඳා ගැනීමෙන් සෙත්කව් හා වස්කව් ගුප්ත විද්යාිවේ අංගයක් බවට පත්වී පොදු ජනතාව කෙරෙන් ඉහල්වී ගියේ ය.

මුලදී යාදිනි පවත්වන ලද්දේ ප්රපධානතම දේවියාට ය. කාලයත් සමගම අනිකුත් ප්ර්බල දෙවි දේවතාවන් කරාද එය ළඟා විය. ප්රජතිග්රා හක පිරිස ඔවුනට ද සීමා වූයේ නොවේ.

(64)

ගස්, ගල්, ගාල්, ගෙවල්, කඳුරු, කුඹුරු, කමත් ආදී කුදු මහත් සෑම තැනක් ම අරක් ගෙන වෙසෙන දෙවි දේවතාවන්ට‍ පමණක් ම නොව යකුන්ට ද යාදිනි වලට ඇහුන්කන් දීමට සිදු විය.

යාදිනි, යාතිකා, කන්නලව් ආදී නම්වලින් හැඳින්වෙන මේ සැහැලි කෙතරම් නම් සුලභදැයි කියතොත් ඒ මේ අවිටිලි ඉදිරිපත් කරණු සඳහා ම නොයෙක් නොයෙක් අංශයන් පැවරීමට විවිධ දෙවි දේවතාවුන් උපදවා ගත්තාදැයි කෙනෙකුට සැක කරනු හැකි ය.

ක්රිාස්තියානි දේවස්ථානයන්හිද යාදිනි ගීතිකාවෝ ලයාන්විතව ගායනා කරනු ලැබෙති.

දේවපූජා වශයෙන් පැවැත්වෙන අංකෙළි, පොල්කෙළි ආදියෙහිද පද්යූ ස්වරූපීවූ යාදින්න ව්යිවහාරයට පත් විය.

නො පෙනෙන දෙවියන් ගෙන් යකුන් ගෙන් පමණක්ම නොව පෙනෙන රජුන් ගෙන් ප්ර්භූන් ගෙන් පිහිට ලබා ගැනීම සඳහා ද යාදිනි යොදා ගැනිමට ගැමියා පසුබට ‍වූයේ නො වේ.

යාදිනි කන්නලව් සැහැලි පැවැත්වීම අන්ධ බාල ගැමියාටම පමණක් සීමා නො වීය. ප්ර්භූහුද එහි යෙදුනෝ ය. භික්ෂූහු ද අනුබල දුන්නෝ ය. රජුන්, රජ කුමාරවරුන්, රජ බිසොවුන්, සෙන්පතියන් සඳහා යාදිනි පැවැත්වීමට මහා ස්වාමිවරු යුහුසුළු වූහ. සිංහලයේ දිනෙන් දින ලියලා පැතීරි යන ඉමිහිරි පද්යා විශේෂය වන සන්දේශ කාව්යා වලියේ ආරම්භක වස්තු බීජය වන්නේ ද යාදිනි සැහැලි ය.

(65)

ගොවි සමාජයක් වු සිංහල පොදු ජනතාව වෙත සැප හෝ දුක හෝ ළඟාවනුයේ ගොවි තැනේ සරු නිසරු බව සමගම ය. ගොවිතැන් සරුවීමෙන් ප්රීගතිමත් වන ගැමි කවියා සිය සතුට පළකරණු සඳහා ද යාදින්න උපයෝගී කරගනු ලැබේ. ඒවා බෝගයාදිනි හෝ හේන්යාදිනි නමින් දන්නේ ය.

මේ රටේ ජනතාව ගේ කන්නලව් වලට ලක්වන දෙවි දේවතාවෝ ගණනින් තිස්තුන් කෝටියකි. ඔවුන් අතර සතා සතුන් ඇතුළු මුළු ලංකා පොළොවම බෙදී පවත්නේ ය. එහෙත් ලංකා සංරක්ෂනණය මුළුමනින්න ම පැවරී ඇත්තේ සිව් දෙවි කෙනෙකු කෙරෙහි ය. ඔව්හු හඳුන්වනු ලබන්නේ සිව්වරම් දෙවිවරු නමිනි. සිව්වරම්මු නම් :-

1. කිහිරෙලි උපුල්වන් 2. සමන් බොක්සැල් 3. විභීෂණ 4. ස්කන්ද කුමාර

යන මොව්හුය.

මෙයින් ද ලංකාව භාර ප්රකධාන දෙවියා විෂ්ණු ය.1 බෝවෙන රෝගාදිය පිළිබඳව බෙහෙවින්ම අයදිනු ලබන්නී පත්තිනිය ය.

ආයාචනා පද්යියෝ සැහැල්ලු ය. සරල ය. සුන්දර ය. සංගීතවත් ය. එසේම දේව විශ්වාසයෙන් පිරීගිය ගැමි සිතෙහි ගෞරවයත් භක්තියත්

1. විෂ්ණූ සහ උපුල්වන් දෙදෙනෙකැයි මතභේදයක් තිබේ.

(66)

දනවන සුළු ය. කයිතාලමට හා බෙරයට අනුරූප වනසේ රිත්මානුකූල හඬින් ඒ පද්යඋයන් ගයනු අසන කාගේ වුව ද හද පිනා යන්නේ ය. රෝග පීඩා වේදනා තාවකාලික වශයෙන් හෝ අමතක වී යන්නේ ය.

දේවයාචනා පද්යව බෙහෙවින්ම පළවන්නේ මල් යහන් කව් නමිනි. සෑම ශාන්තිකර්මකයකම පාහේ මල් යහනක් වන්නේ ය. කෙසෙල් පතුරු ගොප්කොළ ආදියෙන් විසිතුරු ලෙස සාදා උඩට උඩු වියන් ඇද වටට වටතිර බැඳි මල් යහනේ නොයිඳුල් ‍තෙලින් පහන් දල්වන්නේ ය. නොයෙක් වර්ණමවත් සුවඳ මල් පුදන්නේ ය. දළු මුර ඔප්පු කරන්නේ ය. කිරිපැන් සඳුන් දියර ඉසින්නේ ය. කපුරු කට්ටකුමංජල් දුම් දෙන්නේ ය.

මෙසේ විසිතුරුවූත් පිවිතුරුවූත් මල්යහනට දෙවි දේවතාවුන් ගේ ඇල්ම බැල්ම ලබාගනු සඳහා පේවු ඇදුරන් විසින් සුමිහිරි ගීත ලයාන්විත වාදනයට අනුව ගයන්නේ ය. ඒ තමා මල් යහන් කවි.

රාජ මන්දිරයන්හී මෙන් ම දේවාලයයන්හි ද විශේෂ ක්ර මයක ආශිර්වාදද යාතිකා පැවැත්වීමක් වේ. එයට ආලත්තිබෑමය යි කියනු ලැබේ. ආලත්තිබෑමෙහි යෙදෙන්නෝ කාන්තාවෝ ය (1)

 (1)	“එක්දහස් අටසියයක් ස්ත්රීාන් ලවා තුන්වරෙක ආලත්ති බාවා” 
 කඳවුරු සිරිත - සිංහල සාහිත්යර ලිපි 

(67)

මහනුවර යුගයේ දී ඔවුන් හඳුන්වනු ලැබුයේ “ආලත්තිමහගේලා” හෝ ආලත්ති අම්මලා යනුවෙනි. රන් තලියක, රිදී තලියක කෙසෙල් පතුරු කැබෙල්ලක හෝ බුලතයක, තබන ලද දැල් වු පහන් තිරයක් දකුණින් ගෙන ආශිර්වාද ලබන තැනැත්තා ගේ පෙරමුණ සිට ආශිර්වාද සැහැල්ලක් කියමින් දක්ෂිුණාවෘත ලෙස අත උස් පහත් කිරීම ආලත්තිබෑම නම් වේ. මෙයින් ඇස්වහ කටවහ හෝවහ දෝෂ නැතිවේය යි විශ්වාස කරනු ලැබේ. මංගල (2) හස්තීනට ආලත්තිබෑම කරන ලද්දේ මේ නිසා විය හැකි ය.

රජ ඉදිරියෙහි දී (3) මෙන් ම දේව ප්ර්තිමා ඉදිරියෙහි දී ද (4) ආලත්තිබෑ‍මෙහි දී දැල්වූ පහන වැටි සහිත රන් රිදී තලි භාවිත කළ බව පෙනේ. රාජ මන්දිරයන්හි මෙන් ම ප්රවසිද්ධ දේවාලයන්හි ද ආලත්තිබෑම සඳහා සකස්වූ ආලත්ති මණ්ඩප විය (5)

 5.	“ආලත්ති මණ්ඩපය දොර වැඩසිට”
 කඳවුරු සිරිත - සිංහල සාහිත්යම ලිපි 
 6.	හ	ස	ව	න්	සිටී පියයුරු රන් පටින් බැ	ඳ 
 ම	න	ර	න් 	තුණූ රුසිරෙන් දන නුවන් බැ	ඳ 
 ග	නි	මි	න් 	එරන් තැටි‍ වේ දෙපස සිට ල	ඳ
 කි	ය	මි	න් 	සවනිදුට ආසිරි වදන් සො	ඳ 

කහ කුරුළු සන්දේශය

 3.	මි	ණි	බ	න් 	අනගි අබරණ දරමින් රුව	ට 
 සු	ර	ඹූ	න් 	සිරින් සැරසීවිත් දෙපස සි	ට 
 ග	න	ර	න් 	තලි රිදීතලි ගනිමින් අත	ට 
 සි	රි	නි	න් 	ආවඩා ලඳගන නැවති වි	ට 

සැවුල් සන්දේශය

(2) ජාතක පොත 475 පිට

(68)

දැනුදු ආලත්තිබෑම දළඳා මන්දිරයෙහි මෙන් ම ප්ර ධාන මහා දේවාලයයන්හි ද සිදුකරනු ලැබේ. ආලත්ති යාදින්න මෙසේ ය.

 “කප්පාන්තිරේකට ආයුබෝවේවා 
 තිරහන් කාලේකට ආයුබෝවේවා
 ඉරහඳ පවතිනාතේකට ආයුබෝවේවා
 කප්පාන්තිරේකට, තිරහන් කාලේකට, 
 ඉරහඳ පවතිනාතේකට 
 ආයුබෝවේවා, ආයුබෝවේවා” //

සාමාන්යව ගද්යු කන්නලව්ව

 පස්වාන්දහසක මෙම ශ්රී් ලඬ්කාවත් මුළු මහත් දඹදිවත දිවයින් හතරත් දහඅට දේශයත්,, මුහුදු කරදිය වලල්ලත්, බුඬ ශාසනයත් සතර දේවාලයත් යහතින් දිවස් බලා වැඩ වදාරන්නා වූ මතු බුදුවන ශ්රීෑ විෂ්ණු දිව්යය රාජොත්තමයාණන් වහන්ස, සඬ්කසීල දේවනාරායන නමකින් ප්ර්සිඬවන්නා වූ ශ්රීසමත් විෂ්ණූ දිව්යාරාජොත්තමයාණන් වහන්ස, අසුර වංශොත්භූත වූ වෛකුණ්ඨ වාසස්ථානව ගරුළු වාහනාරූඪව මතු බුදුවන දිව්ය්රාජොත්තමයාණන් වහන්ස. – 

මෙම කිලයුග වරුෂයට අඩ විෂ්ණු වහන්ස, මහ විෂ්ණු වහන්ස, මෙසේ නාම දශයකින් ප්ර සිද්ධ වන්නා වූ ඔබ දෙවියන් වහන්සේ, සතරවන කලියුල වර්ෂයයට රාවන අවතාරය,

(69)

වරසර අවතාරය, මල් අවතාරය, කිර්ති අවත‍ාරය, දෙමළ අවතාරය, ගජ අවතාරය, නාග අවතාරය, බෞද්ධ අවතාරය, නරසිංහ අවතාරය මෙසේ දශ අවතාරයකින් ප්රගසිඬ වන්නා වූ ඔබ දෙවියන් වහන්ස -

රාවණ යුඬයෙන්, අසුර යුඬයෙන්, මාර යුඬයෙන් ජයගත්තා සත්තවාදී සැබැවීනම් දූමරත්න විජය නමකින් ප්රඔසිද්ධ වන්නා වූ එබ දෙවියන් වහන්ස, මෙම මුළුලොව තුන් පියවර හමාරට පැන ලොව්තුරා බුදුනට පූජා කළා සත්තවාදී සැබෑවී බුදුවෙන දිව්යරරාජොත්තමයාණන් වහන්ස -

මෙවැනි ආතුරයින් නමින් කියන කන්නලව්ව බුදුව කරුණාවට ගන්නවයි, බලා වදාරනවයි, පිනට පිහිට වෙනවයි, පින් ගන්නවයි සිය වරද සමාවෙනවයි දැන වැරදි නො දැන වැරදි කෝටියක් ඇතත් සමාවෙනවයි අවසර ‍ලැබෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසක් ආයු‍ බොහෝ වේවා ආයු, බොහෝ-වේ-වා -

දොරකඩ අස්න (කොටසක්)

 “ සෞශිල්ල්යාවදි අමිත ගුණ ගණාඬ්ගයෙන් උපලක්ෂි-ත වූ පින්වත් ස්වාමීන් වහන්ස, විචිත්රු විචිත්රු වර්ණොවප‍සොභිත වූ මෙම මණ්ඩපවාරයෙහි මිනිස්සු ඇති - නෛක තෙජෝබල පරාක්රඬම ප්රචතාපාලඬ්කෘත සුරෙන්රා ඇතිරාධනාවට ගියා වූ දේව දූතයා වන මම මෙහි අවුත් සිටිනෙම් - 

(70)

ස්වස්තිශ්රී කර මනොරම්යය කනකගිරි ශාඬ්ග තුඬ්ගාලඬ්කාර ලඬ්කාපුර ප්රසවරාධීශ්වර වෛවසවක මනුවංශ ශ්රී මාහ සම්මත මහා රාජාධි රාජොත්තම ..........................................................................

මෙම පින්කමට ඇතුළත් දායක මුලික කාරකාදි සකල ශ්ර.ඬාවන්ත සත්පුරුෂ ජනයන්ට අරිෂ්ඨ දර්ශමනීය දිග්දාහ ..........................

සකලාන්තරාය සර්වොඅපද්රිව නිවාරණය කොට ...................... සකලඓස්වය්යාස භිවෘධි වර්ධානය කරනු පිණිස ................ සතර වරම් දෙව් මහ රජ දරුවන් ඇතුළු වූ සෑම දෙවියෝ සහ පිරිවරින් වැඩිසේකි”.

කුවේනි අස්න (කොටසක්)

 “සුපුල්මල බමර බර, ලපළුපත් සෙවෙනි ඇ	ති
 ලසල් වට විසල් ටැම්, පෙළින් සුසැදුණු රුවැ	ති 
 සුනිල් දල සමුඩු සා, මඩුලු සුදු වියන් ඇ	ති 
 සුපුල් සුපු මහලුතුරු, රන්රිදීයතින් නි	ති 
 සිහිල් නල සසල දිඟු, වැළුක් මල් සෙමෙර ඇ	ති
 විසල් වටකේත කී, කැකැළුවට පහන් ඇ	ති 
 සුනිල් හෙළ ඇඹුලුපුල, විපුල් තල් වැටින් යු	ති 
 තමල් ලියවතල ලෙළ, පුලිනතල යහන් ඇ	ති 
 යොහොඹුලිය ලැහැප්ලිය, මඩුවකට පිවිස නි	ති 
 තුසර බිදු‍නියෙනිදුල, ලපළුතළ ලෙලවමි	න්
 බමර මිණිවෙණරවන, සලෙළු අතු අතින් ගෙ	න
 පවර මිනිමුතු දිමුතු, කුසුම් කැන් තනන ත	න 

(71)

 තවර කළ සුවඳරොන්, රන් පටින් ගවසමි	න් 
 මුවර මල් කෙසරූ දස, නගින් මද සිනා ගෙ	න 
 මොණරමන් කොවුල් රැව්, ළිය ගි කිය කියා එ	න 
 නො හැර සල් පලොල් සපු, නළන් පිරිවරා ගෙ	න 
 ඇඹරෙනා ලිය ලියන්, රඟන රඟ බලා ගෙ	න 
 ළතර යෝබලන් සහ, මදක් උන් සඳ එත	න”

පද්යය ස්වරූපි සරල යාතිකා

 කළු කපුටා සුදුවන	තු රු 
 මොල් පිල්ල ලියලන 	තු රු 
 ඉඟුරු ඇස්ස පැළවෙන 	තු රු 
 එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා - 
 දෑසින් මේ ගලන 	කඳුළු 
 දෑතින් මේ වඳින 	වැඳිලි 
 යදින 	යැදිලි 
 වඳින 	වැඳිලි 
 ඇඬිලි 	දෙඩිලි 
 බිම 	පෙරලිලි 
 කානිසාද 
 ඔබ සින්දයි 
 ම‍ගේ සාමිනේ -
 මගේ සාමිනේ - - 	

(72)

මලයක් යාදින්න

 සසිරිබරි මෙසිරිලක 
 නිලෝකුඩ්ඩිය සුතුර 
 කියමි යා - දින්න කර 
 උතුම් ගවුතම මුනිඳ 
 සරණ වැද තොසින්නේ 
 පුවත මලයකුන්නේ 
 කියමි මම තොසින්නේ
 මීට පළමුව කලෙක 
 දෙයානු කල්පිහී 
 පුස්ස නන් මුනිතුමන් 
 බුදුව වැඩවුන් කලේ 
 ජයසේන රජතුමන් 
 පුස්සනන් මුනිඳු හට 
 දන් දෙමින් සිතුලෙසට 
 මෙසේ පසුවෙන කලට 
 එරජ කුමරුන් තිදෙන 
 පියරජුට වඳිමිනේ 
 වරන් ඉල්ලූ තැනේ 
 සත්වරුසෙකට එදින 
 නියම කර කීතැනේ 
 බැරිය කී රජතුමන් 
 වරින්වර අඩුව‍ගොස් 
 තුන්මසට වරන්ගෙන 
 තමන් අතවැසි අයට 
 දන් දෙන්ඩ නියම කොට 
 මෙසේ දන්දෙන ක‍ලට

(73)

 කාපිදත් සරු නොකොට 
 අවිචියේ ගොස් වැටී
 දෙයානු කල්පයක් 
 නොයෙක් දුක් විඳිමිනේ 
 එයින් චුතවී ඇවිත්
 මලයක්ව ඉපදුනේ 
 මෙ කප පළමුව බුදුවු 
 කකුසඳය මුනිතුමන් 
 ලඟට ගොස් වැඳ වැටී 
 විඩාවෙන් පෙලි පෙලී 
 බත් පැන් ද ඉල්ලමින් 
 අඬ අඬා උන්තැනේ 
 එවිට ඒ මුනිතුමන් 
 වදාලයි මේ ලෙසට
 මීට දෙවනුව ලොවට 
 පහල වෙන බුදු බවට 
 කෝනගම මුනි ලඟට 
 පැමින ඉල්වූ එවිට 
 වදාලේ මේ ලෙසට 
 එවිට සිත දුක් වෙමින් 
 දෙවනු බුදුවුන ලොවට 
 එකෝනාගම ලඟට 
 ‍ගොසින් වැඳ වැටී සිට 
 බත් පැන්ද ඉල්ලුවෙ 
 එවිට ඒ මුනිතුමන් 
 වදාලයි මේ ලෙසට 
 තෙවනු බුදුවෙන ලොවට 
 කාක්ෂ ප මුනි ලඟට 

(74)

 ගොසින් ඉල්වූ එවිට 
 සෝකයෙන් තැවි තැවි 
 වේගයෙන් අඬ අඬා
 මෙසේ කල් යවමිනේ 
 කක්ෂෙප මුනිතුමන් 
 බුදුව ලොව වැඩ වසන 
 කලට ගොස් පෙනෙමිනේ 
 බත් පැන්ද ඉල්ළුවේ 
 එවිට මුනි වදාලේ 
 සතරවන මේ කපට 
 පහලවෙන බුදුබවට 
 එගවුතම මුනිඳුහට 
 ගොසින් සැලකරපු විට 
 පෙර තොපේ ඥාතිවන 
 එබින්සර නරනිඳුන් 
 දේය බත් පැන් තොපට 
 වදාලේ මේ ලෙසට 
 එවිට මහ සතුටිනේ 
 අදද හෙටදෝ මෙසේ 
 සිත සිතා කර සෙනේ 
 මෙසේ කල් පසුව ගොස් 
 මෙඅප ගවුතම මුනිඳු 
 බුදුව වැඩ වසන කල 
 එබින්සර නිරිඳුහට 
 සොප්නයෙන් පෙනී සිටි 
 නිරිඳු බියවී එවිට 
 නොම නිදා පහන්කොට 
 උදයරිවි දටු දිනේ 

(75)

 ස්වප්නයෙන් වූ විපත 
 මුනිඳුහට සැලකළේ 
 දිවනෙතින් බලමිනේ 
 තොපගෙ නෑපිරිස ‍වන 
 පොරණ දන් කෑ පවින් 
 මල ප්රේ්තයකු උනේ 
 ඇවිත් ස්වප්නෙන් පෙනී 
 බත්තපැන්ද ලබත ලෙස 
 සීනයෙන් පෙනෙමිනේ 
 මුනිඳුහට දන්දෙමින් 
 එයින් ලැබ සන්තොසින් 
 එයින් මිය ගොස් එවිට 
 දිව සැපට පැමුණුනේ 
 එතැන් සිට පැවත එන 
 ඥාතිමලයකුන්හට 
 දෙවත් පුද නිසි ලෙසට 
 දෙරියන්ද අඟල පස 
 දිග පළල එක ලෙසේ 
 ගැබද පසකුත්ගෙනා 
 කඩසාලේ බත් උයා 
 මාළු විසිපත තනා 
 වැලවරක සමගිනා 
 පලතුරුද හතකිනා 
 දියද ගොඩ මස් ගෙනා 
 ඇට ජාති පසකිනා 
 රන්ද රිදි සමගිනා 
 තඹ ද ලෝකඩ රැගෙන 
 පරමල්ද සත්වගය 

(76)

 නොවරදා පුදමිනේ 
 අගුවෙ වන්ගෙඩිය පිට 
 තබා තටුවද රුවට 
 කළුවතක් වසමිනේ 
 කුණු පොල්ද තෙල් රැගෙන 
 පාන අවුලා මෙසේ 
 වැව් අමුණු පනස් ගැන 
 ඇල දොල ද පිලී ගැන
 ගවපට්ටි ගාල් යන 
 නොයෙක් දේපල වලට 
 ලොබවෙලා උපන්යකු 
 මලයක්ද ප්රේතයින් 
 සැටි අසව මේ ලෙසින් 
 ඉසද මුඩුයේ ගෙතී
 දෙසවනද පිටට නැමී
 නෙත් දෙකද උල්වෙමින් 
 මුකය ඇදවී ගොසින් 
 දතුත් මුකයෙන් පිටට 
 විසිර ගොස් පෙණෙමිනේ 
 අත් සතර දෙපය ඇති 
 නෙත් දෙකේ දෙකබවැළ 
 නාසෙන්ද දෙසොටුවැල 
 කුණු කෙලෙද එවැල් දෙක 
 මෙකි වැල් හය මෙලෙස 
 බඳවටේ දඟර ගැසී 
 ඇල ගැරඩියෝලෙසේ 
 දෙපටපතුලට වැටි 
 කැසය අල්ලා ගෙනේ 

(77)

 ඥාති දෙස බලමිනේ 
 දුකින් ඉඳ අඬමිනේ 
 ඉඳුල් දමනා තැනද 
 එකපලස සැදු ගෙදර 
 ලිඳ ලඟද සෙහොනේද 
 අගුවෙ වාසය කරන 
 ලිපලඟද අටුමුල්ල
 මැසි ලඟද එ ඇඳයට 
 මෙකී තැන්වල සිටින 
 ස්වප්නයෙන් බිය කරන 
 යකු පෙනෙයි තුන් යමට 
 ඇට කටුද බුදිමිනේ 
 මල ගැබද බුදිමිනේ 
 දෙතිස් දෙක අසුචී 
 රැගෙණ යකු බුදිමිනේ 
 හූ කියා වරෙන්නේ 
 අගෝර පති අනට 
 මලයකුගෙ සේනාදී 
 පති අනය මුල් කළේ 
 සතර බුදුවර අනිත් 
 හූනියන් දේවතා 
 අතින් පුද කැපකලේ 
 මෙපුද ලැබ තොසින්නේ 
 ආතුරන් දුක් මුදා 
 යන්ඩ වරමී යකුට 
 පොළොව මිහිකත අනින්
 ඉර සඳද දෙවි අනින් 
 මෙවෙනි ආතුරන්නේ 

(78)

 පැමිණි ලෙඩ මුදන්නේ 
 අමුතු ලෙඩ නොවන්නේ 
 එපස්වා මෙපස්වා 
 දහස් කල් රකිත්වා 
 දිනෙන් දින දිනේවා 
 දිනෙන් සෙත් කෙරේවා 

හේන් යාදින්න

 සසිරිබර - මෙසිරිලක 
 හේන්ගොවි - තැනකසිරි 
 කියමිදැන් - පිළිවෙලින් 
 අසනුමැන - දීසවන් 
 වරුසාව - අඩුවෙලා 
 තදනියඟ - ඇතිවෙලා 
 ඇහැලමහ - නිකින්නියෙ 
 කැතිරැගෙන - කැලේ‍ගොස් 
 පාවහන් - පයේලා 
 යන්ට බැරි - කටුකැලේ 
 වල්කොටා - ගිනිතබා 
 සොඳලෙසට - සුද්දකර 
 බිණර මස - කරුවලේ 
 වැසිබලා - දැන හොඳින් 
 කුරක්න් - තලද මුං 
 කොල්ලු තණ - මාරටු 
 පලුකැණද - මෙනේරි 
 බෝගසැත - සොයාලා 

(79)

 උදලුගෙන - වපුරමින් 
 ලබුපුසුල් - වම්බටු 
 කැකිරිතිය - ඹර මිරිස් 
 මෑ ඉරිඟු - සිටවලා 
 වල්සතුන් - ඇති නිසා 
 පිටවැටද - සදාලා 
 රැකවල්ද - එල්ලලා 
 රෑ තිසසෙ - නිදිනැතිව 
 පරිස්සමකර - සොඳට 
 දුරුතුමස - නියංකල 
 බෝගසැම පැසීලා 
 පලදරණ - කාලයයි
 එවිට හොඳ - ප්රීයතියයි 
 අක්කලත් - අම්මලත් 
 නංගිලත් - එක්වෙලා 
 ගොවිපලට - ගොස්සැනා 
 ගී සින්දු - කියමිනා 
 කුරක්කන් - කපමිනා 
 කූඩගෙන - පුරවනා 
 පියවරුන් - අයියලත් 
 ඒවගෙන - කමත්වල 
 රාසිකොට - වේලලා 
 ගෙදරගෙන - අවුවෙලා 
 ටිකින් ටික - ගෙනකොටා
 තලපසහ - පිට්ටුද 
 තව නොයෙක් රස කෑම 
 යසරඟට - සාදතී
 අනික්සැම - බෝගයන් 

(80)

 නිසිලෙසිනි - රැස්කරයි 
 කැකිරි - තියඹර - මිරිස් 
 ලබු පුහුල් - වට්ටක්ක 
 ටිකින් ටික - විකුණමින් 
 මුදල් රැස් - කරගනී 
 දකුණුලක - රුහුනෙහි 
 වන්නිරට - ගොවිතැනේ 
 මේ ලෙසට - පිළිවෙයි

මහා උගත්කම්වලට අයිතිවාසිකම් කිව නො හැකි වුන් පවා කවීන් කිරීමෙහි සහජ වාසනාවක් ගීතවත් පදවලින් පිරීගිය සිංහල භාෂාවට තිබේ. එයට බෙහෙවින් ම ඉවහල් වී තිබෙන්නේ “යාදිනි” වෘත්තය බව කිව යුතු ය. ලංකාවෝ ඇතිතාක් ගස් වැල් මල් ගෙඩි සතාසතුන් කුල ගොත් ආදියෙහි නම් සඳහන් වන වයිසි‍ඤෙඤාගේ නම්පොත එයට හොඳ නිදසුනෙකි. මහනුවර යුගයේ ලියැවී තිබෙන විහාර දේවාලයයන්ගේ නම් සඳහන් වන “නම්පොත” අනුගමනය කළ බවක් දැක්වෙන මෙහි සම්පූර්ණ නාමය “පුරාණ ගස් බිලයක තිබි සොයා ගත් වයිසි‍ඤෙඤා ගේ නම්පොත” ය. මුද්රසණ වර්ස ය පොතෙහි නො සඳහන් වන නමුදු එය මෙයට අවුරුදු හැට හැත්තෑවකට පුර්වසයේදී ප්ර සිද්ධ කල බව කියනු ලැබේ. සංස්කෘතික අංශයෙන් සප්රරයෝජන වත් වන “නම්පොතෙන්” උපුටා ලත් කොටස් කිහිපයක් පහත දැක්වෙන්නේ ය. :-

(81)

 ගස් :- 	හොරද මොර වීර පළු 
 වින කරන කටු බදුද 
 නුග ඇසටු මිලිල දෙල් 
 නා පනා වේ කිතුල් 
 අරළු බුළු රිටි මිදෙල් 
 කැට කෑර ඊරියෙල් 
 එරබදුද මිදි පලොල් 
 ලේන තැරි පුවක් පොල් 
 මෙකී තුරු මහත් මුල් 
 කසට ගැට දෙමට බට 
 දඹ ගැටද දවට ගස් 
 අත්ත දිග කටු කුරුඳු 
 පියන්නා වන ඉදැල් 
 උබ්බේරි බෙරලි ගස් 
 අන්කෙන්ද කලටිගස් 
 කැකුණ නිල් ඇසල ගස් 
 එවන මැද නොයෙක් ගස් 
 ගඩබු වන නිවිල්ලත් 
 බෝ කෑර පෙනෙල්ලත් 
 බෝවිටිය බදුල්ලත් 
 බොකටු ගස් ඇඹිල්ලත් 
 තරණ ගස් වැරැල්ලත් 
 සීන් බට රඹ බටද 
 පුරුක් කොට කළු බටද - - -

(82)

 සතා සතුන් :- 	ගජ තුරඟ ලෙම්බියන් 
 ඔටුවන්ද කොටළුවන් 
 දිවි සිංහ රැලමුවන් 
 වලස් වල් ඌරුවන් 
 අනින මද කළු ගොනුන් 
 ගෝනුන්ද තිත් මුවන් 
 මොලේ නැති බූරුවන් 
 හූ කියන රැල නරින් 
 රෑ බුරන සුනඛයින් 
 මුකටි ඉත්තාවයන් 
 හාවෝ වල් මී සතුන් 
 උඩින් අතු පැන ගමන් 
 කරන දඬු ලේනුවන් 
 රිලා කළු වදුරුවන් 
 පියාසර උකුස්සන් 
 බිම දුවන කටුස්සන් 
 මූන සුදු එබස්සන්
 මයුර කුරළූ ගොයින් 
 රාජ අලි හංසයින් 
 ගිරා සැලලිහිනියන් 
 කලු කපුටු කවුඩුයන් 
 කොන්ඩ ගොන් කවඩියන් 
	පරවි සුදු කන කොකුන් 
 කොබෙයි සහ කුරුල්ලන් 

(83)

 දිය සේරු බට ගොයින් 
 ඇටිකුකුළු කොරවකුන් 
 හබන් වලි කුකුළුවන් 
 ගොයම් ගේ කුරුල්ලන් 
 දෙමල පොල් ඉච්චියන් 
 මැසි මදුරු සැම සතුන් 
 මාළු :-	සයුරෙ ලොකු කෙලවල්ලො 
 වැවේ ලොකු ගොළුබෙල්ලෝ 
 කුඩා නැති ඇටවල්ලො 
 ගල් හුරුළු කටුවල්ලො 
 සමග මස් කාරල්ලො 
 අංජිලා දඬුවල්ලො 
 තෝරු පත් කටුවල්ලො 
 මෝරු නම නැතිවල්ලො 
 තවත් මස්ටකයින්ද 
 ගුරුවො රාගුඩුවන්ද
 තුඹයො ඇට නගුලන්ද 
 සූඩයින් රත්තන්ද 
 කුම්බලා තෙලියන්ද 
 කිරල් ගින්නටියන්ද 
 ඇටිසි හල් මැස්සන්ද 
 කොරලි කූනිස්සන්ද 
 තවත් ගල් ඉස්සන්ද 

(84)

 මිනිස්සු :- 
 කිරි ගේන බුරි අයිය
 ගස් කපන කොස්තයිය
 මස් මරන බීරයිය
 කොස් ඉරන මීරයිය 
 පොල් හිඳින ආරයිය 
 දැල් එලන බච්චයිය
 හූ කියන ජෝසයිය 
 පොල් කඩන ජුසෙ අයිය 
 පල් කෙලින මුත්තයිය 
 රා මදින ලොකු අප්පු 
 තට්ට නිකොලොස් අප්පු
 කට්ට පීරිස් අප්පු
 කෙට්ටු කොරනිස් අප්පු 
 මට්ටු නැති හෙන්දප්පු
 රට්ටු වැඩි සංඤ්ඤප්පු 
 පිට්ටු කන පුංචපු 
 ලොට්ට අබරන් අප්පු
 සරපතල දයිඅප්පු 

සෙත්කවි1

 කි	රි	සි	ඳු 	කොඳ නිහර හර තුරු පති කපු	රු 
 පි	රි	සි	දු 	යස දිගත පළකළ එක අයු	රු 
 ස	රි	සි	දු 	උරමැදුර රැඳු සුගිරිව මිතු	රු 
 හි	ර ස	ඳු 	නුඹ දෙරණ හිමිසිරි විඳු සොඳු	රු 

1. තමන් වහන්සේගේ ඇස් ලෙඩක් ගැන මිහිරිපැන්නේ ස්වාමීන් විසින් කියන ලද්දකි.

(85)

 කිරුළු මුදුන සරනා, මුහුල නව, 
 පියයුරු සිරි දර	නා 
 නළල දෙබැම දිලෙනා, දෙයිඳසැව්,
 මුදුනඩ සඳ ලෙසි 	නා 
 නිමල යුවල නයනා, රුසිර ගඟ,
 මින් යුවලෙක කෙළි	නා 
 ගුරුලු දෙදෙනි තෙව්නා, සුරිඳු අප,
 රැක සෙත දෙන් නිති	නා 
 තුංගලකල ගහනා, දෙමටතල,
 මල් සිරි පළකර	නා 
 මංගල සුරඅඟනා, පදිනොවිලි, 
 යුවලකි යුග සව	නා 
 බිම්බ පලසෙලෙලෙනා, ලවන යුග,
 සුරඹන සිතු ඇලෙ	නා 
 රංග රෙණෙහි කරනා, කවද සුර, 
 අපරකු උරයහ 	නා 
 සිරි ලබනුව උරැඳි, මෙඔබගෙල,
 සිරි අතෙහිම වොරැ	ඳී 
 නිකස වසක පැරදී, වසන කල,
 වෙනුවම් මෙලොව නි	ඳී
 ගෙල සිරි වණනු මදී, මමුව එක,
 තෙවිකුම් සිත පැහැ	දී
	නෙතු යුවලට සුවදී, මෙමට සෙත, 
 සැලසුව නැත වැර	දී 

(86)

 පුලුලුර කමලකතා, කොතඹුමිණ,
   පහනලු කල දිමු	තා 
 බිය සහතුටු සතතා, සතුරුමිතු, 
   දනහට දෙන නිය 	තා 
 දිගුපුනු යුවල අතා, යදඬු සුරතුරු,
   සිරිගති මහ	තා 
 පුවතර කමලනෙතා, මෙමගෙ නෙතු,
   යුවලට කරනු සෙ	තා 
 රවිලිඳු යුදෙහි නොබා, විකුම්බල,
   පළකරමිනි මහ	බා 
 ජය ගෙන දිගු සුරබා, උරයෙහි, 
   මුතුහර කළ ඔල 	බා 
 සිරිසර ලකළ නැබා, නොවැණියකි,
   සදිසුවමක් නොල	බා 
 අපරැක පියුම නැබා, නිතර සුව,
   සෙතකර දෙන සුල	බා 
 සුරඹර සැදි ලකලා, සුරබිගඳ,
   වහනයවන නිම 	ලා 
 සුලකල පුලුලුකුලා, වටොර යුග,
   රඹකඳ සිරි උසු	ලා 
 වටමට සිලුටුදුලා, මිණිතුයුග,	
   පරයන දන සඟ	ලා 
 සෙත සලසනු නොවලා, ගොවිඳ සඳ,
   නිරතුරු අප රැක 	ලා 

(87)

 නුපුබුදු නෙරළු කුසුම, යුවලෙක එසිරි 
  දරණ, ‍මනදඟ කරණ දෙදඟ සුම	නා 
 සුනෙර බමර සෙවුන, ගුණගඳවහන 
   කරණ, සිරිපද පියුම විලස කෙව	නා 
 දියබඳ මෙඔබ යසස, පුරසඳ කරණ 
   විලස, දස දෙස පුරනු පිණිස දිව් 	නා 
 අමරස දෙමිනි සතුටු, කළලෙස නොයෙක 
   තිදස, සෙතදෙනු මෙමට සිතිනි කරු	ණා”

වස් කවි සැහැලි

(වන්නියේ ගැමි ගොවියකු විසින් කියන ලද්දේල)

 වන්නි හ 	තේ
 හුඹහ ම	තේ 
 රන්ප ල	යේ
 රතට ර	තේ 
 කුළුමීමා 

පිට නැගලා

 වා! මංගර දෙවියනේ 
 වන්නි මංගර දෙවියනේ 
 මගේ හෙනෙ පලා නෙළුව 
 වලවලසුන් දිවිගජරල 
 නගනු අතැති කෙටේරියෙන් 
 මුල සුනුකර ඔබේ බලෙන් 
 බලා ගන්න දෙවියනේ 
 වන්නි මංගර දෙවියනේ 

(88)

වස්කවි1

 බෝ	ස	ත 	වෙණු තුමනි මතු බුදුවන සොඳි	නී 
 බොමෙ	ත 	බෙලෙන ඇති වරතර අණූ හසි	නී 
 සෝ	ර	ත 	මහිමි රැක රැක දැක සක ලෙසි	නී 
 සෝසි	ත 	පිසැර සනසන් ජයසිරි දෙමි	නී 
 අ	ර	  ක් 	ගත් සමන් සුරරද පෙර සිට 	ය 
 ර	ම	  ක් 	කෙරෙහි පිහිටට ගෙණ ගිය විට	ය 
 සොරෙක් 	හිමි කෙරෙන් ගත් ගජමුතු ඇට	ය 
 පි	රි	  ක් 	සණය කරදෙන් සුර ‍එහිමිට	ට 

ස ක ව ස එක දහස අටසිය පණස ප ස ව ල ම ස බාග තෙලෙසෙහි ඉරුදින පිවි ස මෙද ව ස බාග දහසය හිරු කුමරි රැ ස සි තරොස ඉපදවිය හොරු කරමින එදො ස

නි ල් බ ල ගිනි කදිනි සිරිලක බබල ව න දු ල් ප ළ තෙද වොරද හද උවිඳ නිල් ව න නි ල් බ ල පා බලා කළ හොරකම දු ද න ලොල්ක ළ එදැව් එතුමන් අතට යව් මැ න

කොතබු ගල සොයා කළ සිය උර හර ය දි ග ඹු උර සැරසු යසහර මනහර ය සු ර ඹූ සිළුමිණෙව් සිරිපති බුදුකුර ය කැල ඹු මැන එදා සිදු ඇලළූ යුර ය



1. මලවැන්නේ හ්රීද කවිධජ ස්වාමීන්ගේ “කව්සදකැළුම්” (තුන්වෙනි කාණ්ඩය)



(89)

නි ලා සත් බලපමින සයුරින උළැගු අගවතු පැතුමෙ නී දු ලා උත්තම යසස ලැබුපෙර උවිද තෙදසින හිරු වැ නී ප ලා ඇත් කුඹු කෙසරු මොල ලැබ සිය විකුම් පෙන්වන මෙ නී බ ලා නෙත් හැර සොයා දෙන් ගජ මුතු ඇටය රිපු දමමි නී

පු බු දු වා සිසි කුමුදු විදුරැස සසනඹුර හෙලි කරමි නේ මෙතවවා වැසි ගැඹුරු ගතු ගතු මෙහිමි සඳ දැක කුළුණි නේ ප මු ණු වා පඬි සබා මුදුනට බලපබා පතුරුවමි නේ රි පු ත වා හැර පිහිටවනු මැන සුරැක විදුදය විදු තැ නේ

සන්දේශ ආයාචනා සැහැලි1

සව් ඉසුරින් සුසැදි - කිහිරැලි පුල් සුරිඳු සඳ

සු රි ඳු න් අතින් නේවර ලදුවත් සුදු සු නි රි ඳු න් අතෝතිනි ලකරැකුමට පහ සු

එබැවින් දැන් වැජඹි - පැරකුම්බා නිරිඳු සඳ


1. තිසර සන්සෙද්ශය





(90)

ස ත රැකැ ලක එක සත් කරණුව සක ස වෙත යොමු කැරැ නිතිවත තම කුලුණු ඇ ස

ල ස නොවැ විරිදු සෙන් මන් බිඳිමින් නැව ත ය ස තෙද දිගා රූසිරු දෙවමින් සම ත ලෙස සිතු රකුතු මැනැවැයි එසුරිඳු ගෙ වෙ ත වැස මෙලෙසට අයදියැ දියුණු මින් හි ත

සුරනර බිඟු සරණ - පදතඹරැති සුරිඳු සඳ

රිවිකුල වැලැ රණහස ලියෙත බ ඳ සුවිපුල සොමිගුණෙන් පැරයූ සුපුන් ස ඳ

රජමිණි වැජඹීමෙන් - මිණිඅකර සිරි සැපැමිණි

රැඳි දෙරණම්බා මුඳුනතැ ලකර යු රු මෙම පැරකුම්බා නිරිඳු තුමහට ගු රු

සුමිතුරු බිසෝ සඳ දැක කුලුණැසින් උ දු වෙමි නොද නිතොර සැරදෙන ලෙස ලක පසි ඳු දෙමි හැම ඉසුරු රකිණුයැ කැරැ සිරි පුරු දු මමිතුරු යතිදු සඳ අයදිය එසුර නි ඳු

සිරිසඳ රැඳි සොඳුරු - උරමැදුරැති සුරිඳු සඳ

තෙරු ව න් රුවන් වැළ සලසා සිය මුදු න නු ව නි න් යෙදී ලක රකිමින් නිසැක යෙ න

සුකළ යස සෙමෙර - තුඟු දිඟු ගජන් සවනත

සැ දු රුපඹුවන් නෙතුරතුපුල විල ස රැ ඳු තෙදැති මැති උතුමන් වෙත වෙසෙ ස




(91)

යොමමි න් කුලුණු නෙත යස තෙද කැරැ දියු ණ දෙ ව මි න් දිගා විරසිරි නොමද ගුණ නැ ණ සියසෙ න් සමග රකිණුයැ මෙරජ මැති ග ණ මෙලෙසින් තොසින් අය දියැ හිමි එසර ම ණ

මල්යහන් කවි

පා ත කැළණිපුර ලක්දිව බාරව සිට ග න බූ ත යකුන්හට ගිනිදැල් දෙවා වදාර න මෑ ත කපට බුදුවන්නට විවරණ ලැබ ගෙ න නා ත දේව රත්න තිලක සුර පුර සිට එ න

ර නේ කිරුවතුන් ගවුදිග සළුව අදින වා පෙනේ විදුලි සැර මල්දම කරේ දිලෙන වා ගෙනේ දකුණු අතට එරන් කලස දරන වා අ නේ නාත දෙවියනි මල් අස්න වඩින වා

මූ නු සය වෙතා - ආනුභාව කදිර නේ බානු පෙර පතා - ආ චන්ද්රආ ගිරමෙ‍ නේ පේනු තෙද ඉතා - මෙඔබ වානු බැරි අ නේ රූ නු දිව නෙතා - මෙමල් අස්න වැජඹෙ නේ

ව ලා යටින් පායන පුන් සඳසෙ දිලෙන වා ප ලා එරන් සඳන් රුකක් සේම පෙණෙන වා හෙලා දිෂ්ටි බලා සතුන් දුකින් මුදන වා බ ලා එසිරි මෙමල් අස්න විෂ්ණු වඩින වා







(92)

ක්රි9ස්තියානි ගීතිකා

විවාහ බන්ධතනයෙහිදී

1. පෙර ඒ දන් උයනේ ආදම් සහ ඒව විවායෙදු ස්වාමි නේ දැන් අව මැනව

2. ඔබ වෙතට පෙමින් විත් පෙනී සිටින මේදාස සභා දැසී දැන් යොදනු සරණ

3. කානාහිදීයේසු නී මගුල්ගේ කට ගොස් ආසිරි දුන් ලෙසිනී මොවුන්ටත් දෙන් නොලස්

එක්කොට මොවුන්ගේ අත් ඔබගේ පෙමාතින් අනන්ත ජීවනයත් සග සැපතත් දෙන්

4. සුදත් මෙහි විලසා වැඩලා මෙවිට මෙහිදැන් දනගසා සිටිද්දී මොවුන්ට





(93)

ඔබ ආත්මෙ වගුරා සිත් සුද්ද කරලා සමාදානේ පතුරා කරනු නිමලා

5. පියපුත් සුදත් මෙහි එක්කෙනෙක්ම වී දැන් අපමැද පැමිණ දෙන් ආසිරි නොමින්

ඔබ උදවු නැතුව බෑ හොඳක් ලබන්ට එබැවින් නොපමාව වඩින් මෙතනට

රෝමානු කතෝලික ගීත 1

අහෝ මගේ දෙවිය නී වැඳ වැටි අයදි මි නමස්කාරෙන් පසස මි මාහද ආදරෙන් දෙ මි

සුරෙන් බැසා සොමී ඔබ මාතුළ වාසය කරමින් දේවමය ලේ මාංශයෙන් මබොජුවන මේ ආදරින්



1. බාලයන්ගේ ගීතිකා පොත




(94)

ඔබතුල දැන් වසමි ඔබ වෙත එකවෙමි ජේසුමගෙ ආදරය පෙම්වත් ජේසුවේ මා සැපා

දැන් ජේසුනි මා හදය ඔබටම නිතිහිමි ඔබෙ පිහිට ආසිරි සුර පුරෙන් මෙමා කරා

යකු බලෙ දුරලා ඔබ තෙද පතුරුවා පින්වත් ඔබෙ ආසනය මගෙ හද නිතිවෙවා

පසන්2

මේලෙස වූ අපගේ සුරනායක, දේව ස්වාමිදරු, බැන්දු ඒගස සහය පතේද මහෝකස, ලේම වැකී බුමේ, තිබුනේ දෝසත සෝබන දේවති මිදුකුල, බෝවමහීන බලේ, වැටුනේ මේ වස කේඩුව ත්රි, ලොව නායක, දේවස්වාමීන්ඩත්, උනා දෝ



2. දේශනානවයේ පසන් පොත - කර්තෘා ශ්රෙුෂ්ඨ පුජ්යා(චාය්ය්්ඩය වූ ජාකෝමේ ගොන්සාලිස් ධර්ම පණ්ඩිතයන් වහන්සේ.




(95)

අනේ අනේ මගේ දේවති දෙවියනි, මේ ලෙස මේවදවල් විදිනේ අනේ අනේ මේ කුමක් නිසාදෝ, ඒ ගස මුල වැටිලා ඉඳිනේ අනේ අනේ තොපි දුෂ්ට යුදෙව්වනි, මේ ලෙස දැන් කරනු, කිමදෝ අනේ අනේ මොනවරදක් පිනිසද, මේ ගස බැඳ තැළු වේ ස්වාමි.

ආරාධනා කවි

දැඩි‍තද තෙදබල අනුහස් මේ ලොව තෙදබල පාන්ඩ වැඩිකර මල් කෝවිල්වල කෙළිපුද සතොසින් ලබන් ඩ පොඩි කර ගල් පරුවතවල් විගසින් මෙරඟට වඩින් ඩ කබලෑවේ දෙවිසතොසින් මල් කෙළියට වැඩම වන් ඩ

වැඩලා සොඳ මල්කෙළියට පේන සොඳට කියා දෙන් ඩ කියා පේන සන්තෝසෙන් මේ මල් කෙළි රිසි ලබන් ඩ පමා නැතුව වැඩමවලා මල්යහනේ වැඩ සිටින් ඩ මෙම කියන කවි කෝල්මුර දිවනෙත්ලා සවන් දෙන් ඩ






(96)

සත්තපේන කියා සබේ අබිනතාල මින් නටන් ඩ තිත් තිත් තෙයි කියන මෙපද ගැසුවොත් සරඹෙත් නටන් ඩ තකු දික් තක් කිට තාලෙන් යන පදයෙන් නටා එන් ඩ ජිං ජිමිසි ජිංස පදෙන් කබලෑවේ දෙවි වඩින් ඩ

සත් තරිකිට තකි තොංකිමි කියන පදේ නටා ලන් ඩ ලත් තෙදබල පෙන්නාලා මුගුරු අතේ දරා එන් ඩ සත්ත ඇතුව පේන කියා කෝවිල්වල කෙළි ලබන් ඩ බ්රින්ග මාල ගී නැටුන් ද දැක සැනෙකින් වැඩම වන් ඩ

කිටත් දොමිසි දොමිකිට තෙයි කියා නැටුන් නටා එන් ඩ මඳක් කියන පද තාලන් සරඹෙන් පාගා නටන් ඩ ඇතත් වරද මේ කව්වල දෝස ඉවත් කර රකින් ඩ නොයෙක් දෝස දුරු කරවා අප රැකදී වැඩම වන් ඩ







(97)

කදිරපුරට පත් කන්දස්ස්වාමිගෙ දකුණු දොරටුවේ මුර කරමි න් ලකුණු ඇතුව ලේවාව තමන් කඩ තඹලගොමුව මින්නේ රටි න් විහිදි දේවසැර ගිනිජල් විලසට කෙළිපුද පූජා ගන්නා උතු න් කවර දේසයක ගොස් වැඩ සිටියත් වඩින්න කඩවර ස්වාමි උතු න්

කනක මැණික් රන්මාලද තවඩං පැළද දිලෙයි ගත මුල සිනි දූ මෙලෙක යකුන් හට අදිකාරන්පට ලැබුවයි පෙරපින් කළ පුරු දු මෙදුක බලා මුළු දිෂ්ටි හෙළාගන පේන කිවා මුකයෙන් සිනි දු හනික වඩිනවට උතුන් මෙසිංහල සෙනෙවිරත්න කඩවර මැති දු

කලා රටය තිරිකුණාමලය සහ පුත්තගම ද මන්නාරමට ත් හ තා වතද වල් හිමාල සත්ගව් වන්තිද පහලොස් පත්තුවට ත් හෙලා ඔබගෙ තෙද අල්ලිමඩංවල සියක් යොදුන් ලංකාදීපෙ ත් වලා යටින් සඳ පායන විලසට වඩින්ඩ කඩවර ස්වාමි අද ත්







(98)

ජ ලෙ නි දැලෙනි සුරන්දඹෙනි අඹෙනි උපන් නා ග ලෙ නි කුලෙනි සුළුවෙනි එක්වරෙක උපන් නා එ වෙ නි සවෙනි සත් වෙනි රන් අඹෙහි උපන් නා මෙවෙ නි පතිනි තෙදිනි මෙලක් දිව බබලන් නා

පු රා සළඹ තද ගොසකර වැඩම කරන වා නු රා ලැමද පියයුරු රන් දමෙන් වසන වා ගි රා තුඩසෙ ‍ගෝමර රන්බඳ දිලිසෙන වා ස රා ලාපු ලාපු මල් අසන්ට වැඩම කරන වා

බලා එර්දි චන්ද්ර මඩල දෙනෙත් දෙක රුවි න් නීල වර්න මැනික් තෝඩු මැනික් දම ගෙතු න් බලා මෙසක්වල දිවසින් බැල්ම එලා ල න් අඹෙන් උපන් මල් පත්තිනි මෙරඟ මඬල එ න්

ර නේ සලඹ ගෙනේ විදුලි තිනේ පලක ලා ක නේ තෝඩු ගෙනේ වරල කිනේ පලක‍ ලා මෙනේ සුවඳ ගෙනේ විදුලි තිතේ සලස ලා අ නේ පතිනියනේ මෙරඟ එනේ බල බ ලා

දේවපූජා කෙළිකවි අංකෙළි යාදින්න

සසිරිබර, මෙසිරිලක කඳ කුමරු, සාමිනේ දොළහපත්, තිනි දෙවියනේ උමාඟන, දෙවියනේ රකිති අප, හැමදෙනේ





(99)

පතිනි සිරි, කොමළඟා කැටුවහිමි, පාළඟා බැසදෙදෙන, යනමඟා විලක් එහි, දැකසොඳා එවිල මැද, සපුරුකා එගස සපු, මලුදැකා පළදන්ට, වියදුකා කිව්පතිනි, දෙවිදැකා නෙලාදෙන්, හිමියනේ විලාපය, කියමිනේ මුලාසය, දුක්උනේ කියන්පත්, තිනියනේ පතිනිතෙද, පෙන්නුවේ කෙකි කපා, ගෙන්නුවේ ගෙනා බව, දැන්නුවේ හිමියන්ට, දැන්නුවේ දෙකෙකිදෙක, ගනිමිනේ මලට කෙකි, පොවමිනේ වාතතද, සුළඟිනේ දෙකමකෙකි, ඇවුලුනේ ගලවන්ට, බැරිහදා එලාවා, දය එදා කැඩුනි, කෙක්කක් එදා

ආයාචනා සැහැලිවලට අළුතෙන් ම එක් වූ සැහැල්ල බස් සැහැල්ල වෙයි. ශ්රීත ලඬ්කාවීපයේ රාජ්යල භාෂාව සිංහලයම විය යුතු ය යන ආන්දෝලනය තරම් වේගවත් වූ ද පැතිරි ගියා වූ ද මහජනමත






(100)

යක් පසුගිය ශතවර්ෂව දෙක තුන තුළදීම මේ රටේ පැන නො නැගිනි. ගම්නියම්ගම් නගර මහා නගර එකහෙළා ආලෝලනය කරමින් පැතිරීමට පත් රාජ්යමභාෂා හැඟීම් ලැව් ගින්න වඩවඩාත් පැතිරවීම සඳහා සර තරාතිරම්වලම සිංහල කවීහුද පවන් ගැසුවෝ ය. එයින් බොහොමයක් ම දේවායාචනා කාව්ය යෝ යත සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ පුරෝගාමීත්වායෙන් කතරගම දී කතරගම දෙවියන්ට ඉදිරිපත් කරන ලද ආයාචනා සැහැල්ල පහත දැක්වෙන්නේ ය.

දෙවියනේ දෙවියනේ

දෙවි නිසා නළලැ සේ නැග උමාවන් කු සේ සත්දිමනෙන් විකුම් දද බැඳ දියත දස දෙ සේ

සුර සෙනඟ පිරිව රා මයුර වාහන අ රා දික් අඳුර බිඳ දැමූ ඔබය කිත් දිවයු රා

දුදන මඩිමින් ලො වේ සුදන රැකි රැය දෙ වේ සුර වෙසැති හුතැස්යොත් දෙව් බලය ඔබම වේ

තරු අසුර බල බින්ද රත් සැවුළු දද බැන්ද කදිර පුර වැඩ වෙසෙන සමන් දෙවිඳුනි කන්ද





(101)

සිහල දැය රකින් නේ දෙමල බල මඩීන් නේ ඔබය කිතු මුතුලතා මැද කුසුම් වවන් නේ

කවියනට ඉත කැම ති බරැස දෙවිඳනි තෙදැ ති සිහල කිවියෝ අවුත් ඔබේ පා වැඳ වැටෙ ති

දෙවියනේ

                               දෙවියනේ
  කතරගම
   දෙවියනේ 

සිංහලේ කිවි ගො ල ඔබේ පද සෙවනැල් ල මත වැතිර හඩ නගා කියති මේ ගැන විල් ල

නැගී මයුරාසනි න් අසනු මැන දිවකනි න් මෙය කියන්නට අපට කිසි කෙනෙකු නැත වෙනි න්

මීට හත් වසරක ට පෙරදි මේ දිවයින ට නිදහසක් ලැබීයයි කියති - නොදැනේ අප ට

රටක් නිදහස ලැබූ විටදි පෙර සිට තිබූ දුබලකම් තිබේ නම් කිමද නිදහස පබූ



(102)

පරසිරිත් නිමක් නෑ ගුණ වගා බිඳක් නෑ දෑ හැඟුම් වියලිලා බසට හිමි තැනක් නෑ දෙවියනේ

                               දෙවියනේ
  කතරගම
   දෙවියනේ 

සිහල බස දෙමළ බස සම තැනක තබන ලෙස සිහල අගමැති තුමා ගිය විටදි උතුරු දෙස

දුන් පොරොන්දුව පෙනී මුළු රටම තැති ගැනී රජෙහි බස සිංහලය විය යුතුයි හඬ දුනී

මහා ගින්නක් වගේ බුර බරා හඬ නැගේ පළ කෙරෙති මුළු රටම මව් බසෙහි ඇති අගේ

නගර ගම් නියම් ගම් දනව් පිබිදෙමින් කම් පනෙන් තුන් සිංහළේ නඟී ගිනි කඳින් දුම්

දෙමළ දන හුඟක් නෑ ඒ බසට ඉඩක් නෑ රජන්යට සිංහලය මෙහි මිසක් තැනක් නෑ



(103)

අප දොඩන අපගෙ බස මේ කුඩා රටෙහි මිස රැකෙන්නේ කොතැනකද දෙවි රදුනි දියත කුස

දෙවියනේ

                               දෙවියනේ
  කතරගම
   දෙවියනේ 

සිහල බස රජෙහි බස කරන සේ නඟන ගොස අප ළයට දිරි දෙන්න සටනෙහිදි දොළොස ඇස

ජය ගන්ට මෙම හ බේ පදවි ලැබ මැති ස‍ බේ වෙසෙන අය මෙහෙයවනු මැනවි බලයෙන් ඔ බේ

රන් කඩුව පිරි නමා දුටු ගැමුණු රජ තුමා දෙමල බල බිඳින්නට ඇතයු දෙවි ඔබ තුමා

සිහල ජාතිය එදා රැකි සවන් සුර රදා අද එළඹ ඇති විපත මඩිනු මැන බල යොදා

දෙබස සම තැන හො‍ඳේ කියන සිංහල හදේ ගැඹූරටම අනින්නට බැරිද වේලා යුදේ

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_සැහැලි_-_ii&oldid=8501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි