මහාවිහාර ප්‍රතිග්‍රහණ කථා


1. මහා මේඝවන ප්‍රතිග්‍රහණ කථාවසංස්කරණය

ඉක්බිත්තෙන්සංස්කරණය

ඉක්බිත්තෙන් ප්ර ලය සාගරයෙහි රළ පතරක් මෙන් ස්ත්රීි පුරුෂ සමූහයා එන්නට පටන් ගත් කල්හි, “මඟුල් ඇත්හල ඉතා හකයැ” යි දකුණු වාසල් දොර සමීපයෙහි පුෂ්ප ඵල පල්ලවයෙන් හරිත වූ වෘක්ෂ සමූහයෙන් හෙබිනා වූ පුෂ්ප නැමැති දන්තයෙන් දෙවියන් සතුටු කරවන්නා වූ නන්දානෝද්යාුනයට අපහාස කොටැ පලුපත් නැමැති අතින් කැඳවා මා හා සම වන්නට තා‍ ගේ ආයාසයෙන් ප්රලයෝජන නැති,යි පක්ෂි නාදයෙන් හා භෘඞ්ග නාදයෙන් ද ගර්ජනා කරන්නාක් වැනි වූ නන්දතන නම් සමීප වනයෙහි අසුන් පැන වූ කල්හි එතැන්හි දු වැඩහිඳැ මැදුම්සඟියැ උපරිපණසැ බාල පණ්ඩිත සූත්රාුන්ත දේශනාව කොටැ ස්ත්රී න් දහසක් දෙනා හට ශ්රෝඩතාපත්ති ඵල නැමැති උත්තම අත්නයදී, පැමිණි පිසිණිය‍වෙූ කුලස්ත්රීතන් හා සමග ධර්මයෙන් යුක්ත කථා කරන සේක්, සවස් වේලෙහි හුනස්නෙන් නැඟී මිශ්ර්ක පර්ව්තයට අභිමුඛ වැ වඬනා සේක්, “ස්වාමිනී! දැන් ඒ සෑගිරියට වඩින්නට කල් නො‍ වෙයි. මේ නන්ද නෝද්යාමනය ආර්යයන් වහන්සේට වාසස්ථාන වේ වා”යි කි කල්හි “මහරජ්ජුරුවෙනි! ඒ නන්දනනෝද්යාසනය නුවරට ආසන්න යැ”යි ප්රඛතික්ෂේස කොටැ “එබැවින් ස්වාමිනි! මේ මහමෙවුනා නම් උයන මා ගේ පියාණන් වහන්සේ විසින් ඇති කරන ලද්දේ යැ. නුවරට ඉතා නුදුරු වන්නේ යැ. ඉතා නොළා වන්නේ යැ, එන යන කල අයාස බලවත් නොවන බැවින් සැප වූ ගමනාගමන ඇත්තේ යැ. ඒ මහමෙවුනා උයන්හි ස්ථවිරයන් වහන්සේ වාසය කරන සේක්වා”යි කි කල්හි “යහපත, රජ්ජුරුවෙනි” කියා වැළකැ, අනේක ප්ර කාර වූ පුෂ්ස ඵල පල්ලවයෙන් සැදුම් ලද වෘක්ෂ ගණයෙන් ගැවසි ගත්තා වූ, මදයෙන් උද්දමෙ වූ අනේක ප්රදකාර වූ භෘඞ්ගයන් විසින් නාද කරනලද්දා වූ තවද එහි භෘඞ්ගයෝ භෘඞ්ගාඞ්ගනාවන් හා සමඟ බොණ පමණ මල් මී බී, මුවරඳපට පෙරවැ භෘඞ්ග නාදයෙන් ගායනා කෙරෙමින්, කැල බැඳ නෙළිනවුන් වැනියහ. එසේ හෙයින් මෙබඳු වූ බෘඞ්ගනාද ඇති - පවිත්ර් වූ නිර්මූල වූ සිහිල් වූ විල් පොකුණු ආදියෙන් සස්වාමික කරන ලද්දාවූ, චිත්තෛකාග්ර තා සඞ්ඛ්යාලත වූ සමාධියට අනුකූල වූ මහමෙවුනා නම් උයනට වැදැ එහි දිව්යි විමානයක් හා සමාන වූ රාජ භවනයෙහි දිව යහනක් බඳු වූ සේනාසනයෙහි සමාපත්ති සැපයෙන් වුසු සේකැ. දෙවන දවස් උදෑසන ආවා වූ ලඞ්කාධිපති වූ දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් “කිමෙක්, ස්වාමිනි! මේ ප්රවමාදා වනය සැප දැ”යි විචාළ කල්හි, “එසේ යැ, මහ රජ්ජුරුවෙනි! මේ උද්යායනය ශ්රයමණයන් වහන්සේ ගේ වාසයට සරුප් වන්නේ යැ”යි කී කල්හි, ඒ උයන සංඝයා වහන්සේට ප්රාවේණි ‍කොටැ දෙනු කැමැත්තා වූ රජ්ජුරුවන් විසින් “සිවාමිනි, භික්ෂු සංඝයා වහන්සේට ආරාමය කැප දැ” යි විචාල කල්හි “කැප යැ මහ රජ්ජුරුවෙනි, බුදු රජාණන් වහන්සේ විසින්, මහණෙනි! ආරාමය අනුදන්මි’ යි. වේළුවනාරාමය පිළිගෙනැ අනුදන්නාලද්දේ යැ” යි කී කල්හි. ඉක්බිත්තෙන් ප්රීවතියෙන් හා ප්රුසාදයෙන් ද සම්පූර්ණක වූ සිත් ඇති රජ්ජුරුවන් විසින් ස්වර්ණ්භිඞ්කාරය ගෙනැ “මේ මහා මේඝවනෝදයානය සංඝයා වහන්සේට දෙමි” යි තෙරුන් වහන්සේ ගේ අත්ලෙහි ඉඳනිල් මිණි වන් පැන් වත් කොටැ දුන් කල්හි, එකෙනෙහි කම්පා වන්නා වූ මහ පොළොව දැකැ, “ස්වාමීනි! කවර කාරණයෙකින් මේ මහි කම්පාව වේ දැ” විචාළ කල්හි, “මහ රජ්ජුරුවනි! තෙපි නො බවු. මේ ලඞ්කාද්වීපයෙහි සර්වචඥයන් වහන්සේ ගේ සස්න පිහිටන්නේ යැ. මේ උපන ද පළමු වන විහාරස්ථානය වන්නේ යැ. එසේ හෙයින් මේ මහී කම්පා වන්නට පූර්වදනිමිත්ත යැ” යි කියා රජ්ජුරුවන් පැහැදැ වූ සේකැ. ඉක්බිත්තෙන් ලඞ්කාද්වීපයට ප්ර දීපයක් බඳු වූ ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ ලංකාධිපති වූ රජ්ජුරුවන් ඇරගෙනැ හිම බින්දු යෙන් සිහිල් වූ පවනින් ගිලිහුණා වූ පුෂ්ප සමූහයෙන් ගැවසී ගත්තා වූ, අලුත පිපි වැනි ගියා වූ පුෂ්ප සමූහයෙහි ඝන වූ ප්රිහය සුගන්ධ ඇති, ප්රතභාත කාලයෙන් රම්ය වූ උද්යාහනයෙහි ඇවිදුනා සේක්. ශ්රී, මහා බෝධීන් වහන්සේට බස්නාහිරැ දොරටුවෙන් පිටතැ කරනලද රජ ගෙට දකුණු දිග් භාගයෙහි පුළිල රුකක් මූලට ගොස්, “පූර්වග සර්ව්ඥවරයන් තුන් දෙනා වහනසේ ගේ බුද්ධෝත්පාද කාලයෙහි මෙන් උපෝසථ පවාරණදි වූ සංඝ කර්ම පිණිසැ දැනුන් මෙතැන මලුයෙක් වන්නේ යැ”යි මහී කම්පා කෙරෙමින් ඒ ස්ථානයට දෑසමන් මල් අටමිටෙකින් පූජා කළ සේකැ.


ඉක්බිත්තෙන් රජ ගෙට උතුර දිශා භාගයෙහිසංස්කරණය

ඉක්බිත්තෙන් රජ ගෙට උතුර දිශා භාගයෙහි පස්වනක් පියුමෙන් ගැවැසි ගත්තා වූ මධුර ජලයෙන් සම්පූර්ණෙ වූ ඉතා සිත්කලු වූ විලට ගොස් “ මේ සංඝයා වහන්සේට ගිනිහල් පොකුණ වන්නේ යැ”යි පෘථිවිකම්පා කෙරෙමින් ඒ ස්ථානයට ද දෑසමන් මල් අට මිටෙකින් පූජා කළ සේකැ. ඉක්බිත්තෙන් රජ ගෙයි දොරටුවට ගොස් “පූර්වේ සර්වෙඥවරයන් තුන් දෙනා වහනසේ ගේ ජය මහා බෝධියෙන් දක්ෂිණ ශාඛාව ගෙනවුත් මෙතැන්හි පිහිටුවන ලද්දේ යැ. ඇන් අප ගේ සර්වුඥයන් වහන්සේ ගේ දක්ෂිණ බෝධි ශාඛාව ද මේ ස්ථානයෙහි මැ පිහිටන්නේ යැ” යි භූමිකම්පා කෙරෙමින් ඒ ස්ථානයට ද දෑ සමන් මල් අට මිටෙකින් පූජා කළ සේකැ. ඉක්බිත්තෙන් මන්ද මාරුතයෙන් කම්පා වන්නා වූ තරුණ වූ රත් වූ කොමළ වූ පල්ලව වූ බුදු රජාණන් වහන්සේ ගේ පුත්රවයෙනි! කොයි යවු ද? මෙසේ එවු අප ගේ ශ්රීන සමෘද්ධිය අනුභව කරවු” යි කියන්නාක් වැනි වූ ලියඟනන් විසින් පිරිවරන ලදු වැ මහ මිදෙල් මළුවට ගොස්, “මේ සංඝයා වහන්සේට මතු පොහෝ ගේ වන්නා වූ ලෝහකූට මහා ප්රූසාදයට ස්ථාන වන්නේ යැ” යි භූමිගර්ජනා කෙරෙමින් ඒ ස්ථානයට ද දෑසමන් අට මිටෙකින් පූජා කළ සේකැ. ඉක්බිත්තෙන් පැනඹමාලක ස්ථානයට ගොස් රජ්ජුරුවන් විසින් එළවනලද වර්ණි ගන්ධ රසයෙන් යුක්ත වූ විලිකුන් ආම්රි ඵලයන් එතැන්හි මැ වාඩහිඳැ වළදා, භූමිස්වාමි වූ රජ්ජුරුවන් ලවා රෝපණය කරවා, පාත්රැව සේදූ පැන් එහි වත් කොටැ, එකෙණෙහි නික්මුණා වූ අඹ දළු ඇති පතළා වූ වෙළෙප් හා අතු හා කොළපත් ද ඇති, එටලන්නා මා භල ඇති, ගිලිහී වැටෙන්නා වූ විලිකුන් ඵල ඇති, පැමිණෙන ලද භෘඞ්ගයන් හා කෙවිල්ලන් හා ලෙහෙනුන් ද ඇති. මී අඹ ගස බලා, “මේ සංඝ සන්නිපාතය වන්නා වූ ලාබත් බෙදන්නා වූ ස්ථානය වන්නේ යැ”යි පොළෝ ගුගුරවමින් ඒ ස්ථානයට ද දෑසමන් මල් අට මිටෙකින් මැ පූජා කළ සේකැ.


ඉක්බිත්තෙන් ඔල වෘක්ෂයෙන් ගැවැසිගත්තා වූ චතුශ් ශාලාව පිහිටන්නා වූ ස්ථානයට ගොස් “මේ පූර්ව් සර්ව්ඥවරයන් තුන් දෙනා වහන්සේ ගේ උයන් පිළිගන්නා දිනයෙහි හාත්පසින් ද්වීපවාසී වූ සත්ත්වයන් විසින් ගොනනලද පඬුරු තබා බෙදූ තැන වන්නේයැ.දැන් ඒ බත් බෙදන්නා වූ ස්ථානය වන්නේ යැ”යිමහී නාද පවත්වමින් ඒ ස්ථානයටද දෑසමන් මල් අට මිටෙකින් මෑ පූජා කළ සේකැ. ඉක්බිත්තෙන් ඇතුළු උද්යානනයෙහි ඉතා නිර්ම ල වූ සිහිල් වූ ජලයෙන් පිරුණා වූ, ඇඹුල උපුල රත් නෙළුම් හෙළ නෙළුම් ආදී වූ අනේක ප්ර්කාර වූ පුෂ්ප නැමැති ආභරණයෙන් සැරැහුණා වූ, ජලාශ්රි ත දෙවතාවන් ගේ නුරුවළා ධ්වනියක් බඳු වූ කලහංසයන් ගේ නාද ඇති, අනේක ප්ර කාර වූ ලිහිණි සමූහයාට වාසස්ථාන වූ ශරත් කාලයෙහි විල් සමෘද්ධියෙන් නුකුඩා වූ කුබුකන් නම් කුදු වෑ ඉස්මත්තේ දිය සමීපයෙහි රුවන්මැලි මහ සෑය පිහිටන්නා වූ ස්ථානයට ගොස් ශූමි කම්පා කෙරෙමින් ඒ ස්ථානයට ද සපු මල් අට මිටෙකින් මැ පූජා කළ සේකැ.

2. අතීත කථාවසංස්කරණය

ඉක්බිත්තෙන් මිහිදු මහ තෙරුන් වහන්සේසංස්කරණය

ඉක්බිත්තෙන් මිහිදු මහ තෙරුන් වහන්සේ ලඞ්කාධිපති වූ දෙවන පැතිස් රජ්ජුරුවන් විසින් “ස්වාමිනි, පෘථිවිතලය කවර කාරණයෙකින් ගර්ජනා කෙරේ දැ” යි විචාළ කල්හි “මහරජ්ජුරුවෙනි, මේ ස්ථානය සර්වරඥයන් සතර දෙනෙකුන් වහන්ිසේ විසින් සෙවුනා ලද්දේ යැ. ඒ එසේමැ යි. මේ කල්පයෙහි පළමු වැ පහළ වූ කකුසඳ නම් බුදුන් සමයෙහි මේ මහමෙවුනා උයන මහාතිර්ථපක වන නම් වි යැ. නුවර නැගෙනහිරි දිශා භාගයෙහි අභයපුර නම් වියැ.


එහි අභය නම් රජ්ජුරුකෙනෙක් වූහ. මේ ලඞ්කාද්වීපය ඕජදීප නම් වි යැ. පිලයකූටය දේවකූට නම් වී යැ, එමසයෙහි බුදු රජාණන් වහන්සේ බලවත් වූ විෂමජ්වරයෙක් පීඩිත වූ ඕජදීප වාසී වූ සත්ත්වයන් දැක මහා කරුණායෙන් මෙහෙයන ලද සිත් ඇති සේක්, සතළිස් දහසක් පමණ අර්ය්යෙනයන් වහනසේ විසින් පිරිවරන ලදු වැ ආකාශයෙන් අවුත් දේව කූටයෙහි පිහිටි සේකැ. එකල්හි ඕජදීපවාසී වූ: සත්ත්වයෝ බුද්ධානුභාවයෙන් පහ වූ විෂමජ්වර ඇත්තාහු තාරකා සමූහයා විසින් පිරිවරනලද නභෝමධ්යව ගත වූ පූර්ණ් චන්ද්රක මණ්ඩලය මෙන් සියලු ඕජදීපය එකාලෝක කොටැ සවනක් රස් විහිදුවන්නා වූ කකුසඳ නම් බුදු රජාණන් වහනසේ දැකැ වහා එතැනට රැස් වූවාහු යැත අභය රජ්ජුරුවෝ මහා ජනයා හා සමඟ බුදු රජාණන් වහනසේ වැඳ පුදා, නුවරට නුදුරු වූ මණ්ඩපයෙහි පනවනලද උත්ම් වූ රත්න පර්යංුදා කයෙහි වඩා හිඳුවා, සතළිස් දහසක් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ හා සමඟ බුදු රජාණන් වහනසේ අනේක ප්රිකාර වූ උතුම් වූ මධුර වූ ආහාර පාන වර්ගබය වැළඳ වූවාහු යැ.


ඉක්බිත්තෙන් සර්වැඥයන් වහන්සේ වළඳා අන්තයෙහි නොකැලැ පිපෙන්නා වූ මලින් සැරහුණා වූ මහාතිර්ථව වනය මහීකම්පා කෙරෙමින් පිළිගෙනැ ධර්මලදේශනා කරන සේක්, සකළිස් දහසක් ප්රාිණීන් මාර්ග්ඵලයට පමුණුවා එතන්හි දිවා විහාර කොටැ, සවස් වේලෙහි බොධීන් වහනසේ පිහිටන්නට සුදුසු වූ ස්ථානයට ගොස් එතැන්හිදී සමාපත්තියට සමවැදැ එයින් නැඟී, “මා ගේ මහරි බෝධීන් වහන්සේ ගෙන් දක්ෂිණ මහා ශාඛාව ගෙනැ රාජනන්දා නම් භික්ෂුණී මේ ස්ථානයට ඒවා “යි ඉටු සේකැ. ඒ රාජනන්දා නම් භික්ෂුණිය ‍ සර්වාඥයන් වහන්සේ සිතූ සිතිවිල්ල දැනැ, එකෙණෙහි මැ ඛේමවතී නම් රාජධානියෙහි ඛෙම නම් රජ්ජුරුවන් කැඳවාගෙනැ මහාබෝධි සමීපයට ගොස්, දක්ෂිණ මහා ශාඛාවෙහි රන් හිරිලියන් භිරක් ඛෙම රජ්ජුරුවන් ලවා හඳවා, තෙමේ මැ සිඳි ස්වණ කටාහයෙහි පිහිටියා වූ ඒ බෝධි ශාඛාව ගෙනැ පන්සියයක් භික්ෂුණින් හා දේවතාවන් විසින් පිරිවරනලදා වැ ඍද්ධියෙන් මේ ඕජදීපයට අවුත් සර්වහඥයන් වහන්සේ විසින් දික් කරන ලද දක්ෂිණ ශ්රිා හස්තයෙහි ස්වර්ණ් කටාභය සහිත වූ මහා බෝධිය පිහිටැවූ සේකැ. ඉක්භිත්තෙන් මහා බෝධිය සර්වකඥයන් වහන්සේ අභය රජ්ජුරුවනට දී, ඒ රජ්ජුරුවන් ලවා මහා තිථිවනයෙහි මහා බෝධිය පිහිටුවා, ඊට උතුරු දිශා භාගයෙහි මහරි මළුවට ගොස්, එතැන්හි වැඩහිඳැ ධර්මවදේශනා කොටැ විසිදහසක් ප්රාළණීන්හට චතුස්සත්යැ ප්රඳතිවේධය කොටැ ඊටත් උතුරු දිශා භාගයෙහි වු ථූපාරාමය පිහිටන්නා වූ ස්ථානයට ගොස්, එතැන්හි වැඩහිඳැ සමාපත්තියට, සම වැදැ, ඒ සමාපත්තියෙන් නැී ධර්මහදේශනා කොටැ, දසදහසක් ප්රාූණීන් මාර්ග ඵලයට පමුණුවා, මනුෂ්යඋයන‍ට වැඳැ පුදාගන්නා සඳහා තමන් වහන්ාසේ ගේ ඩබරාව දී , පිරිවර සහිත වූ රාජනන්දා නම් ස්ථවිරයන් හා භින්ෂූන් දහසක් දෙනා වහනසේ හා සමඟ මහා දේව ස්ථවිරයන් වහනසේ මේ ඕජදීපයෙහි රඳවා, ඉක්බිත්තෙන් නැගෙනහිරි දිශාභාගයෙහි රුවන් මළුයෙහි සිටැ, ද්වීපවාසී වූ සත්ත්වයනට අනුශාසනා කොටැ, ශ්රාුවකයන් වහන්සේ හා සමඟ ආකාශයට පැනනැඟී ජම්බුද්වීපයට වැඩි සේකැ.


තවද මහා රජ්ජුරුවෙනි!සංස්කරණය

තවද මහා රජ්ජුරුවෙනි! කකුසඳ නම් සර්වසඥයන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහනසේ ගේ ශාසනය ද අන්තර්ඞාන වූ කල්හි, දෙ වැනි වැ පහළ වූ කොනාගමන ‍නම් සර්වශඥයන් වහන්සේ සමයෙහි මේ මහමෙවුනා උයන මහා අනෝම වන නම වියැ. නුවර දකුණු දිශා භාගයෙහි වර්ධමාන පුරය වී යැ. සමෘද්ධ නම් රජ්ජුරුකෙනෙක් වූ හ. මේ ද්වීපය වර දීප නම් වියැ. පිලය කූටය සුමන කූට නම් වියැ. එ කල්හි කොතාගමන නම් සර්වවඥයන් වහන්සේ කලට වැසි නො වැසීමෙන් පීඩිත වූ වර දීපවාසී වූ සත්ත්වයන් දැකැ, තිස්දහසක් භික්ෂූන් වහනසේ විසින් පිරිවරන ලදු වැ ආකාශයෙන් අවුත්, සුමන කූටයෙහි වැඩ සිටැ මනා කොටැ වර්ෂාවව වට කල්හි සියලු වර දීපවාසී වඋ සත්ත්වයන් හා සමගැ සමීපය‍ට පැමිණියා වූ සමෘද්ධ නම් රජ්ජුරුවන් විසින් නුවරට නුදුරු තන්හි මහා අනෝම වනයට වඩා ගෙනැ යන ලද සේක්. එතැන්හි කරවා සරහනලද මණ්ඬපයෙහි පනවන ලද උතුම් වූ පර්යංලද සක මස්තකයට පැන නැඟී, ශ්රාවවක සමූහයා විසින් පිරිවරන ලදු වැ වැඩහිඳැ වළඳා, අන්තයෙහි අකාල පුෂ්පයෙන් හොබනා වූ මහා අනෝම වනය පෘථිවි තලය කම්පා කෙරෙමින් පිළිගෙනැ, අනූමෙවෙනි ධර්ම දේශනා කරන සේක් සිය දහසක් ප්රාමණීන් මාර්ග ඵලය‍ට පමුණුවා පළමු බෝධි පිහිටි තැනට වැඬ. එතැන්හි දී සමාපත්තියට සම වැද එයින් නැඟී, මාගේ දඹුල් බෝධියෙන් දක්ෂිණ මහා ශාඛාව ගෙනැ කනකදත්තා නම් භික්ෂුණී මේ ස්ථානයට ඒවා”යි සිතූ සේකැ. ඒ භික්ෂූණී බුදුරජාණන් වහන්සේ ගේ සිතිවිල්ල එකෙණෙහි මැ දැනැ. සෝභ රාජධානියෙහි සෝභ නම් රජ්ජුරුවන් කැඳවා ගෙනැ මහා බෝධීන් වහනසේ සමීපයට ගොස් දක්ෂිණ මහා ශාඛාවෙහි රත් හිරියෙලින් ගිරක් සෝභ රජ්ජුරුවන් ලවා හඳවා, තෙමේ මැ සිඳී ස්වර්ණ කටාභයෙහි පිහිටියා වූ ඒ බෝධිශාඛාව ගෙනැ පන්සියයක් භික්ෂූණීන් හා දේව දානවයන් විසින් පිරිවරන ලදු වැ ඍද්ධියෙන් මෙ ද්විපයට ගෙනවුත්, බුදු රජාණන් වහනසේ විසින් දික් කරන ලද දක්ෂිණ ශ්රී්හස්තයෙහි ස්වර්ණකටාහ සහිත වූ මහා බෝධිය පිහිටුවූ යැ. ඒ මහා බෝධිය සර්ව්ඥයන් වහන්සේ සමිද්ධ රජ්ජුරුවන් ලවා මහා අනෝම වනයෙහි පිහිටුවා ඊට උතුර දිශා භාගයෙහි නාමලුවට ගොස්, එතැන්හි වැඬහිදැ ධර්ම දේශනා කොටැ, විසි දහසක් ප්රාුණීනට චතුරාර්ය්්හි සත්යැ ප්ර තිවේධය කොටැ, ඊටත් උතුරු දිශා භාගයෙහි ථූපාරාමය පිහිටන්නා වූ ස්ථානයට වැඩැ, එතැන්හි දී සමාපත්තියට සමවැදැ එයින් නැඟී, ධර්ම දෙශනා කොටැ දසදහසක් ප්රාාණීන් මාර්ග ඵලයට පමුණුවා, මනුෂ්යනයන් විසින් වැඳපුදා ගන්නා පිණිස පටිධාතූන් වහනසේ දී, පිරිවර සහිත වූ කනකදත්තා නම් භික්ෂුණීන් හා භික්ෂූන් දහසක් දෙනා හා සමඟ මහා සුස්ස ස්ථවිරයන් වහනසේ මේ ද්විපයෙහි රඳවා, ඊට නැ‍ඟෙනහිරි දිශා භාගයෙහි සුදර්ශන නම් මලුවෙහි සිටැ, වර දීප වාසී වූ සත්ත්වයන් හට අනුශාසනා කොටැ භික්ෂු සංඝයා වහන්සේ හා සමඟ ආකාශයට පැන නැඟි ජම්බුද්වීපයට වැඩි සේකැ.


තව ද මහරජ්ජුරුවෙනි! කෝනාගමන නම් සර්වජඥයන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේ ශාසනයත් අන්තර්ධාන වූ කල්හි, තුන්වැනි වැ පහළ වූ කාශ්යමප සර්වසඥයන් වහන්සේ සමයෙහි මේ මහ මෙවුනා උයන මහ සාගර වන නම් වියැ. නුවර පශ්චිමදිසා භාගයෙහි විශාල පුර නම් වැ යැ. ජයන්ත නම් රජ්ජුරු කෙනෙක් නම් වූහ. මේ ද්විපය මණ්ඩදීප නම් වී යැ. පිලය කූටය සුභ කූට නම් වී යැ. එකල්හි කාශ්යමප සර්වීඥයන් වහන්සේ රජ යුවරජ දෙදෙනෙකුන්ගේ යුද්ධයෙන් උපන්නා වූ සත්ත්ව විනාශය දැකැ. කරුණා බලයෙන් මෙහෙයවන ලද සිත් ඇති වැ, විසිදහසක් ක්ෂිණාශ්රීවයන් පිරිවරා ආකාශයෙන් අවුත් සුභ කූටයෙහි සිටැ දිලිසෙමින්, යුද්ධය නසා සියලු මණ්ඩදීපවාසී වූ සත්ත්වයන් හා සමඟ සමීපයට පැමිණියාවූ ජයන්ත නම් රජ්ජුරුවන් විසින් නුවරට නුදුරු වූ මහා සාගරවනයට වඩා ගෙනැ එන ලදු වැ එතැන්හි කරන ලද මණ්ඩපයෙහි බබළන්නා වූ උතුම් වූ පර්යංජය කයට නැඟී වැඩහිඳැ. භෝජනාවසානයෙහි නො කලැ හටගත් මල්පල්ලෙන් ගැවැසී ගත්තා වූ මහා සාගර වනය භූමිගර්ජනා කෙරෙමින් පිළිගෙනැ ධර්මදේශනා කොටැ විසිදහසක් ප්රානණීන් මාර්ග ඵලයට පමුණුවා, මහා බෝධිය පිහිටන්නා වූ ස්ථානයට වැඩැ, එතැන්හිදි සමාපත්තියට සම වැඳැ එයින් නැඟී, “මාගේ නුග මහා බෝධියෙන් දක්ෂිණ මහා ශාඛාව ගෙනැ සුධර්ම නම් භික්ෂුණී මේ ස්ථානයට ඒවා” යි ඉටු සේකැ. ඒ භික්ෂුණී බුදුන් ගේ අභිප්රායය දැනැ, එකෙණෙහි මැ බරණැස් රාජධානියෙහි බ්රකහ්මදත්ත රජ්ජුරුවන් කැඳවා ගෙනැ මහා බෝධි සමීපයට ගොස්, දක්ෂිණ මහා ශාඛායෙහි රත් සිරියෙලින් හිරක් බ්ර හ්ම දත්ත රජ්ජුරුවන් ලවා හඳවා තෙමේ මැ සිඳි ස්වරණ කටාභයෙහි පිහිටියා වූ ඒ බෝධි ශාඛාව ගෙනැ පන්සියයක් භික්ෂුණීන් හා දේව සමූහයා විසින්ද පිරිවරන ලදු වැ ඍද්ධියෙන් මේ ද්විපයට අවුත්, බුදුන් විසින් දික් කරන ලද දක්ෂිණ ශ්රීු හස්තයෙහි ස්වර්ණටකටාහ සහිත වූ මහා බෝධිය පැහැටැවී යැ.


ඉක්බිත්තෙන් බුදුහුසංස්කරණය

ඉක්බිත්තෙන් බුදුහු ඒ මහා බෝධිය ජයන්ත රජ්ජුරුවනට දී, ඒ රජ්ජුරුවන් ලවා මහා සාගර වනයෙහි මහා බෝධිය පිහිටුවා ඊට උතුරු දිශා භාගයෙහි හෝපලු මලුවට ගොස්, එතැන්හි දී ධර්ම දේශනා කොටැ සාර දහසක් ප්රාපණීනට චතුස්සත්යහ ප්රීතිවේධය කොටැ ඊටත් උතුරු දිශා භාගයෙහි ථූපාරාමස්ථානයට ගොස් එහි වැඩහිඳැ සමාපත්තියට සමවැදැ, එයින් නැඟී ධර්ම දේශනා කොටැ දසදහසක් ප්රාිණීන් මාර්ගැ ඵලයට පමුණුවා මනුෂ්යියන් වැඳපුදා ගන්නා සඳහා ජල සාටිකාව දී, පිරිවර සහිත වූ සුධර්මා නම් ස්ථවිරාවන් හා දහසක් භික්ෂූන් හා සමඟ සර්වනන්ද නම් ශ්රාිවකයන් මේ ද්වීපයෙහි රඳවා ඊට නැ‍ඟෙනහිර දිශාභාගයෙහි සොම්නස් නම් මලුවෙහි සිටැ මණ්ඩ දීපවාසී වූ සත්ත්වයනට අනුශාසනා කොටැ සංඝයා හා සමඟ ආකාශයට පැනනැඟී ජම්බු ද්වීපයට වැඩි සේකැ.


තවද මහ රජ්ජුරුවෙනි, කාශ්යැප සර්වඟඥයන් වහන්සේ පිරිනිවි කල්හි, ඒ සර්වමඥයන් වහන්සේ ගේ ශාසනයද අන්තර්ධාන වූ කල්හි, සතර වැනි වැ පහළ වූ අප ගේ බුදු රජාණන් වහනසේ බුදු වූ නව වන මසැ දුරුතු පුණු පොහෝ දිනයෙහි, යක්ෂයන් ගෙන් ගැවසා ගත්තා වූ ලංකාද්වීපයට යැඩැ ලංකා මධ්යෙයෙහි තුන් යොදනක් දිග හා යොදනක් පුළුල ද ඇති මහානාග වනෝද්යාේනයෙහි මහා යක්ෂ සමාගසයෙහි දී ආකාශයෙහි සි‍ටැ ප්රදලයකාලයෙහි උපන්නාවූ වැසි සුලභ හා සමාන වූ වර්ෂාඇවෙන් හා මාරුතයෙන් ද ලෝකාන්තරික නරකයෙහි අන්ධකාර හා සමාන වූ දරුණු වූ අන්ධකාර සමූහයෙන්ද ශීත නරකයෙහි ශීත හා සමාන වූ ඝන වූ ශිතලයෙන් ද කල්ප විනාශ කාලයෙහි උපන්නා වූ වාතයෙන් ඇලළී ගිය තද වූ මේඝ ගර්ජනාවක් හා සමාන වූ ආකාශ ගර්ජනාවෙන් හා මහී ගර්ජනාවෙන් ද යක්ෂයනට හය උපදවා, ඔවුන් විසින් යාවඤා කරන ලද අභය ඇති බුදුහු “තෙපි හැමදෙන සමඟ වැ මට ඉන්නා තැනක් දෙව” යි කියා “ස්වාමිනී! නුඹ වහනසේට සියලු ලංකාද්වීපයට දෙම්හ. නිදුකාණන් වහන්ස, අපට අභය දුන මැනවැ” යි කී කල්හි ඒ වැසි සුළඟ ආදී වූ, සියලු උපද්රාව අන්තර්ධාන කොටැ, යක්ෂයන් විසින් දෙන ලද භූමියෙහි සම්කඩ අතුටැ, එතන්හි වැඩ හිඳැ හාත්පසින් දිලියෙන්නා වූ සම්කඩ තමන් වහන්සේ ගේ අනුභාවයෙන් සමුද්රිපර්ය්නා න්ත කො‍ටැ විදා, කල්පාන්ත වහ්නි සමූහයක් හා සමාන වූ වහ්නීන් මඩනා ලද්දා වූ, සමුද්රත ජලයට භය පත් වැ වෙරළ වට කොටැ දිවන්නා වූ යක්ෂයනට ගිරි දිවයින අනුභාවයෙන් හැරැ චක්වා, ඒ භයපත් වූ සියලු යක්ෂයන් ගිරිදිවයිනැ පිහිටැ ගිය කල්හි, ඒ ද්විපය ඒ ස්ථානයෙහි පිහිටුවා, සම්කඩ හකුළුවා වැඩ හිඳැ, එකල්හි රැස්වූ දේව සමාගමයෙහි ධර්ම දේශනා කොටැ, නො එක් කෙළ ගණන් ප්රාචණීන් අමා මහ නිවන් දක්වා සමන්ත කූටයෙහි වසන්නා වූ සුමන නම් දෙවි රජ්ජුරු‍වන් ශ්රෝහතාපත්ති ඵලයට පැමැණැ තමන් විසින් වැඳ පුදගන්නා සඳහා කරන ලද ආරාධනාවෙන් හිස පිරිමැඳැ නිල් වූ කේශ ධාතු මිටක් ඒ සමක් ඒ සමන් දෙවි රජ්ජුරුවනට දී ජම්බුද්වීපයට වැඩි සේකැ.

දෙවන වාරයෙහි, බුදු වූ පස්වන හවුරුද්දෙහි දියැ ගොඩ වසන්නා වූ චුලෝදර මහෝදර දෙමයිල් නා රජ්ජුරුවන්ගේ මිණි පලඟ නිසා උපන්නා වූ මහා යුද්ධයෙහි නයින් ගේ විනාශය දැකැ, බක්මසැ අව පොහෝ දිනයෙහි උදෑසන මැ සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවකාවා විසින් ධවලච්ඡතුයක් මෙන් සිරසට අනුලා ගෙනැ එනලද කිරිපළුරුකක් ඇති සේක් නාග දීපයට වැඩැ, යුද්ධ මධ්යායෙහි ආකාශයෙහි වැඩ හිඳැ, ළනාන්ධකාරයෙන් නාගයන් තැති ගත්වා, නැවැතැ අස් වසමින් ආලෝක දක්වා, ඒ දැකැ සතුටු වැ සමීපයට පැමිණියා වූ නයිනට සමඟ බවට සුදුසු වූ ධර්ම දේශනා කොටැ දෙමයිල් නාරජ දරුවන් විසින් පොළෝ පිට පිහිටි මිණිපලඟ මත්තෙහි වැඩ හිඳැ, නයින් විසින් දිව්යා ආහාර පාන වර්ග ගෙනැ අවුත් වැළදැ වූ කල්හි දියැ ගොඩැ වසන්නා වූ අසූකෙළක් පමණ නයින් ශරණ ශීලයෙහි පිහිටුවා ඔවුන් විසින් නමස්කාර කරන පිණිසැ මාණික්ය පර්යංප කය හා කිරිපළු රුක එහි පිහිටුවා ජම්බුද්වීපයට වැඩි සේකැ.


තුන් වන වාරයෙහි බුදු වූ අටවැනි හවුරුද්දේ මහෝදර නාරජ්ජුරුවන් ගේ මයිල් වූ මණිඅක්ඛික නම් රජ්ජුරුවන් විසින් ආරාධනා කරන ලද බුදුහු වෙසක් මසැ පොහෝ දිනයෙහි පන්සියයක් ශ්රාවවකයන් පිරිවරා කැලණි ප්රකදේශයෙහි මණිඅක්ඛික නම් රජ්ජුරුවන්ගේ භවනයට වැඩැ, එතැන්හි ඔහු විසින් මවනලද සිත්කලු වූ රත්න මණ්ඩපයෙහි රම්ය් වූ පර්යංඩැ කයෙහි වැඩ හිඳැ දිව්යල වූ ආහාර පාන වර්ග වළඳවා, නාග මානවිකා සමූහයා විසින් පිරිවරන ලද ඒ නාරජ්ජුරුවන් විසින් දිව කඩුපුල් මල් හා සුවඳ විලවුන් ආදියෙන් ද පූජා කරන ලද සේක්. එතැන්හි දී ධර්මදේශනා කොටැ, හුනස්නෙන් නැඟි, සමන්තකූටයෙහි පාදලාඤ්ඡනය දක්වා, පර්ව,ත ප්රානන්තයෙහි දිවා ආහාර කොටැ එයින් වැඩැ දිගානක දාගබ පිහිටිය මනා තැනද මෙනුවර ශ්රීො මහා බෝධිය පිහිටිය මනා තැන ද මේ රුවන්මැලි මහසෑය පිහිටිය මනා තැන ද ථූපාරාමස්ථානය පිහිටිය මනාතැනද පන්සියයක් ක්ෂීණශ්ර වයන් හා සමඟ වැඩ හිදැ, සමාපත්තියට සමවැදැ එයින් නැඟී, මිහින්තලෙහි සල දාගබ පිහිටිය මනා තැන ද සිටැ දෙවියන් හා නයින්ද හට අනුශාසනා කොටැ ජම්බුද්වීපයට වැඩි සේකැ. “මෙසේ මහ රජ්ජුරුවෙනි” මේ ස්ථානය සර්විඥයන් සතර දෙනෙකුන් වහන්සේ විසින් සෙවුනා ලද්දේ යැ. මෙතන්හි මතු භාග්යලවත් වූ බුදු රජාණන් වහනසේ ‍ගේ ද්රෝදණයක් පමණ ධාතූන් වහන්සේ විසින් සර්ව‍ඥ රූපය මවා ගෙනැ සැතපෙන ලද, එක්සිය විසිරියන් උස ඇති රත්නමාලි නම් අසදෘශ වූ චෛත්යසයක් වන්නේ යැ” යි වදාළ සේකැ. තව ද රත්නමාලි චෛත්ය ය අසදෘශ වූ පරිදි කෙසේ ද යත්:


3. රත්නමාලී චෛත්‍ය කථාවසංස්කරණය

ඒ දාගබ ඉන්ද්රානීල මාණික්යාමය වූසංස්කරණය

ඒ දාගබ ඉන්ද්රානීල මාණික්යාමය වූ භූමියෙහි අටළොස් රියන් රිදී කඳින් හා රන් රිදී පබළු වෛදුර්ය්මාණ මාණික්යහමය වූ ශාඛා මණ්ඩලයෙන් ද බබළන්නා වූ මහා බෝධි වෘක්ෂයෙක් ඇත්තේ යැ. හාත් පසින්ම එලෙන්නා වූ මාණික්ය් කිංකිණික ජාලයෙන් හා සතර කොනැ එලෙන්නා වූ නවලක්ෂයක් අගනා වූ මුතුලැල් කලබින් හා සත්රුවන්මය වූ මල් දම් පියුම් දමින් හා චන්ද්රු සූර්ය්ය ක තාරකාවන්ගෙන් හා ධ්වජ මාලායෙන් ද සැදුම් ලද්දා වූ සෙල් වියන් ඇත්තේය යැ. සත්රුවනින් කරන ලද වේදිකාවෙන් හා මහත් වූ මුතු පතරින් හා රන් රිදී මැණික්ම ය කලස් පංක්තියෙන් ද පිරිවරන ලද මහා බෝ රුක් මුල්හි වට සොළොසෙක් ඇත්තේයැ. එර්යං් ද ක මස්තකයෙහි මාර සේනාව විධවංසනය කොටැ දිව්යඇ බ්ර හ්මයන් විසින් පිරිවරමින් කරන ලද පූජා විඳිමින් උන්නා වූ සර්ව ඥයන් වහන්සේ බඳු වූ සත්රුවන්මය වූ ප්රරතිමා සොළොසෙක් ඇත්තේ යැ. විසිතුරු වූ සත්රුවනින් සරහන ලද කෙළක් කෙළක් අශනා රිදි යහන් ඇත්තේ යැ. හාත්පසින් සර්වරඥයන් වහන්සේ බුදු වූ තැන් පටන් ගෙනැ මහා පරිනිර්වා නය දක්වා සත් රුවනින් කොටැ දක්වන ලද බුද්ධචරිත ඇත්තේ යැ ඉක්බිති දීපංකර පාද මූලයෙහි පටන් ගෙනැ සම්යොක් සම්බෝධිය දක්වා රත්නමය කොටැ දක්වන ලද බෝධිසත්ත්ව චරිත ඇත්තේ යැ. නොයෙක් පංක්තියෙහි අනේක ප්රදකාර වූ විසිතුරු වූ පූජා භාණ්ඩ ගෙනැ සිටි සත්රුවන්මය වූ දිව්යද බ්රවහ්ම පර්ෂූද් ඇත්තේ යැ. වට කොට කඩු ගෙනැ දිවන්න‍ා වූ සන්ධින් යුක්ත රත්නමය වූ දිව්යජ පුත්රත ඇත්තේ යැ. සතර දිශාවෙහි ස්ඵටික මාණික්ය්මය වූ ඇගැ මුදුනෙහි දිලිසෙන්නා වූ මහාර්ඝ වූ මැණික් සතරක් ඇත්තේ යැ. සතර කොණ රශ්මි විහිදුනා රන් රුවන් ගොඩ සතරෙන් ඇත්තේ යැ. ධාතු ගර්භොය සැරැහීමට සතර දිශායෙහි පිහිටුවන ලද බඳුවල මල් පෙත්තෙකැ පෑ හා සමාන වූ රත්පැහැ ඇති මේවන් පාෂාණ භිත්තියෙහි විශේෂ කොටැ කරන ලද විදුලිය මෙන් බබළන්නා වූ දිව්යය කුමාරිකා ඇත්තේ යැ. නොවියැළෙන සුවඳ හා නොමිලෙන මල් හා නො නිවෙන පහන් ද ඇත්තේ යැ.


එහි දුටුගැමුණු මහරජ ධාතු නිධාන කරන දවස් ධාතු කරඬුව රජහු හිස් මුදුනෙන් ආකාශයෙහි සත් තලක් පමණ තැනට නැංග එකල්හි ධාතූන් වහනසේ කරඬුවෙන් නික්මැ සර්ව ඥ විලාසයෙන් ආකාශයෙහි සිටැ යමාමහ පෙළහර දක්වා සවනක් රස් විහිදුවා සියලු ලොව එක‍ාලෝක කොටැ නොඑක් කෙළ ලක්ෂ ගණන් දිව්යි මනුෂ්ය යන් මාර්ගොඵලයට පමුණුවා බුද්ධ වේෂය හැරැ දා කරඬුවට වැදැ ආකාශයෙන් බැසැ රජහු හිස් මුදුනෙහි පිහිටියේ යැ, ඒ රජ දාකරඬුව ගෙනැ තුන්යළක් පැදකුණු කොටැ සරහා තබන ලද රිදී යහන සමීපයට එළැඹැ රත්න පර්යංව ක මත්තෙහි තබා කරඬු පියන උගුළුව‍ා සිටැ ඉදින් මේ ධාතූන් වහනසේ පස්වා දහසක් මුළුල්ලෙහි ලක්ෂ ගණන් මාරයන් විසිනුදු පහ කොටැ පියා නො දී සියලු සත්ත්වයනට චින්තාමාණික්යදයක් මෙන් හිත සැප සිද්ධ කෙරෙමින් සිටිනා සේක් වී නම්, මේ යහන්හි මහා පරිනිර්වා ණ මඤ්චකයෙහි සැතපෙන්නා සේ සැතපෙන සේක්ව” යි සිතී යැ. ධාතූන් වහන්සේ බුද්ධවේශය මවාගානැ න්යා,ග්රෝ ධ ඵලයක් හා සමාන වූ සුගත චීවරය හැඳැපෙරවැ විදුලිය කලබක් හා සමාන වූ පටිධාතුව බැඳැ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුව්ය ඤ්ජනයෙන් බළමින් සවනක් රසින් දිලිසෙමින් කෙළක් අගනා රදීයන්හි උතුරු දිගට හිස ලා දකුණු දිගට පය ලා දකුණැලයෙන් සැතැපුණු සේකැ. මෙසේ පන්සාළිස් හවුරුද්දක් මුළුල්ලෙහි සියලු සත්ත්වයනට ඵෙහ ලෞකික පාරලෞකික සියලු වැඩ සාධා සිටැ සැතැපෙන්නට වැඩ හොත් බුඳුන් බඳු වූ ධාතු ශරීරයෙන් පවිතු වන බැවින් ඒ දාගබ් අසදෘශ වියැ. ධාතු ගර්භුය රත්නමාලායෙන් අලංකෘත වන බැවින් රත්නමාලි නම් වි යැ. “මෙසේ මෙ බඳු අසදෘශ වූරත්නමාලී නම් චෛත්යියෙක් මතු මත්තෙහි පිහිටන්නේ යැ.”යි වදාළ සේකැ.


ඒ අසා එවේලෙහිසංස්කරණය

ඒ අසා එවේලෙහි දෙවනපැතිස් රජ්ජුරුවෝ “ස්වාමිනී! ඒ චෛත්ය ය මම කරවමි”යි කිවු යැ. තෙරුන් වහනසේ “මහ රජ්ජුරුවනි! තොප කළ මනා කටයුතු බොහෝ යැ. ඒ සියලු කාර්ය්රු තෙපි කරවු. තොප ගේ මලණුවන් මහානාග රජ්ජුරුවන් ගේ පුත්ර් කාවන්තිස්ස නම්‍ වේ. ඔහු ගේ පුත්රල දුට්ඨ ගාමණි අභය නම් වන්නේ යැ. ඒ රජ තෙම මහා යෝධ වූයේ දස මහ යෝධයන් විසින් පිරිවරන ලදු වැ, මහා යෝධ වූ ක‍වඬොලැතා පිටට නැගි; මලය දේශයෙන් අවුත් එළාර නම් දෙමළ රජ්ජුරුවන් හා යුද්ධ කොටැ ජය ගෙනැ යුද්ධ නැමැති සමුද්රම ජලය ඇළැලීමට සමර්ථ පර්ව තයක් වැනි වූයේ, ගන්නා ලද සියලු භූමි මණ්ඩලය ඇතියේ, මහත් වූ චතුරංගිණී සේනාව ඇතියේ, සමුද්ර් තිර නැමැති මෙවුල්දමින් සැරහුණා වූ මහී කාන්තාවට ස්වාමි වූයේ, තොපට මුනුබුරු වූයේ, - ඒ දුටුගැමුණු මහරජ - මෙතැන්හි අසදෘශ වූ රත්නමලී චෛත්යුය කරන්නේ යැ” යි කියා රජ්ජුරුවන් පැහැදවූ සේකැ. එකල්හි රජ්ජුරුවෝ “ඉදින් ස්වාමිනි, මාගේ මුනුබුරාණෝ කවරත් නම්, මා විසින් කරවන ලද්දේ මා”යි කියා දොළොස් රියන් ගල් ටැඹක් ගෙන්වා “දෙවනපෑතිස්ස රජ්ජුරුවන් ගේ මුනුබුරු වූ දුට්ඨ ගාමිණී අභය නම් රජ්ජුරු කෙනෙක් මේ ප්රදදේශයෙහි ථූපයක් කරවතියි” අකුරු කොටව‍ා එතැන්හි පිහිටුවු හ.


මෙසේ මිහිඳු මහ තෙරුන් වහන්සේ ලංකාද්වීපයට වැඩි දෙවන දවස් මහමෙවුනා උයන පිළිගෙනැ, එහි අට තැනෙකැ මල් පූජා කෙරෙමින් මහ පොළොව ගුගුරුවා සහපිරිවරින් නුවරට වැදැ, රජ ගෙයි දී වළදා නන්දන වනයෙහි වැඩහිඳැ අග්ගික්ඛන්ධෝපම සූත්රටය දේශනා කොටැ දහසක් දෙනා මාර්ගි ඵලයට පමුණුවා මහ සෙවුනා උපනට වැඩි සේකැ. තුන් වන දවස් රජගෙයි දී වළදා නන්දන වනයෙහි දී ආශීවි‍ෂෝපම සූත්රො දේශනාව කොටැ පුරුෂයන් දහසක් නිවන් දකවා මහමෙවුනා උයනට වැඩි සේකැ. එදවස් රජ්ජුරු‍වෝ මහමෙවුනා උයනට ගොස්, තෙරුන් වහන්සේ වැඳැ, ස්වාමිනි! මේ ලංකාද්වීපයෙහි සර්වඥ ශාසනය පිහිටියේ දැ?”යි විචාරා “මහරජ්ජුරුවෙනි! තව නොපිහිටියේ යැ” යි කි කල්හි “එසේ කලැ ස්වාමිනි! සර්වමඥ ශාසනය කවර කලැ ද පිහිටන්නේ?” යැයි විචාරා “යම් දවසෙකැ මෙහි බුදුන්ගේ ආඥායෙන් සීමා බඳනා ලද්දේ වී නම් එදවස් ශාසනය පිහි‍ටියේ නම් වෙන්නේ යැ”යි කී කල්හි “ස්වාමිනි! බුද්ධාඥාව ඇතුළත මම් වෙසෙමි, නුවර ඇතුළත් කොටැ ඉම් හිස බැන්ද මැනැව‍ා”යි කියා “එබැවින් මහ රජ්ජුරුවෙනි, සීමාව යන්නා වූ ස්ථානය දනුව”යි කී කල්හි “යහපත ස්වාමිනි,”යි ගිවිසැ නුවරට වන්නාහු යැ.



4. සීමා බන්ධන කථාවසංස්කරණය

මිහිඳු මහ තෙරුන් වහනසේසංස්කරණය

මිහිඳු මහ තෙරුන් වහනසේ සතර වනු දවස් රජගෙයි දී වළදා නන්දන වනයෙහි දී අනමනග්ගිය නම් වඋ සූත්රව දේශනාව කොටැ දහසක් ප්රාීණීන් හට අමෘත පානය කරවා මහමෙවුනා උයනට වන් සේකැ. එදවස් දෙවනපෑතිස් රජ්ජුරුවෝ උදාසන මැ නුවර බෙරලවා විහාරයද මාර්ගවය ද නුවර ද සරහා, තුමු සර්වාරභරණයෙන් විභූ ෂිත වැ එසේ මැ ස්ර්වාරභරණයෙන් සැරහුණා වූ දෙවඟනන් බඳු වරඟනන් පිරිවරා, ශක්ර් දේවේන්ද්රැ ලීලාවෙන් සරහා පිළියෙළ කරවනලද උතුම් වූ රථයකට පැනනැඟී, හස්ති අශ්ව රථ පදාතිලක්ෂණ වූ සිවුරඟ සෙනඟ පිරිවරා නුවර සිසාරා ඇවිදිනාහු, මහමෙවුනා උයනට ගොස්, තෙරුන් වහන්සේ වැඳැ, ඒ තෙරුන් වහන්සේ හා සමඟ කොළොම් හොය සීමා ‍තොටින් මත්තේ පහණ තොටට ගොස්, එහි කොත් මලුයෙහි සිටැ මඟුලැතුන් දෙදෙනකු යොදන ලද රන් නඟුලක් ගෙනැ හීවිටක් දක්වමින් විහාරය හා නුවර ද පැදකුණු කොටැ සීමා මාර්ගැයෙහි හිවිට ලමින් පහණ තොටට මැ පැමිණියෝ යැ.


මහාපදුම යැ කුඤ්ජර යැ යන මඟුලැතුන් දෙන්නකු පළමු වන කොත්මලුයෙහි දී රන්නගුලෙහි යොදාගෙනැ සිවුරඟ සෙනඟ පිරිවරා, ස්ථවිරයන් වහනසේ හා සමඟ ඒ දෙවන පෑතිස්ස රජජුරුවෝ රන් නගුල ගෙනැ හිවිටක් දක්වමින් සරහන ලද පුන්කලස හා රන්දද රිදීදද හා රන්තලි රිදිතලි හා කස්තුරු කපුරු කළුවැල් තුවරලා සඳුන්සුණු හා මිණිදඬුවැටපහන් හා දුමලොසු ආදී වූ සියලු භාණ්ඩයෙන් ද රන්කැටපත් රිදී කැටපත් රන්කේල් රිදීකේල් මල් පිරූ රන්කරඬු රිදීකරඬු හා මල්ඇගෑ යන ආදී වූ ජූජාභාණ්ඩයෙන් ද සර්ව්ශරණයෙන් සැරහුණා වූ පුරාඞ්ගනාවන් විසින් ද පිරිවරන ලදු වැ, හෙළ නෙළුම් වනයක් බඳු වූ ධවලාතපත්රණ සමූහයෙන් යුක්ත වැ මහා සේනාව පිරිවරා පඤ්චංගික හා මංගල ගීතිකාවෙන් ද දස දික් පුරමින්. සාධු නාදයෙන් හා දහස් ගණන් පිළි හිස නටව‍ා ඔල්වර හඬ ගැසෘම් ද සංඛ්යාාත වූ මහතත් උත්සවයෙන් පූජායෙන් යුක්ත වැ, විහාරය හා නුවරත් පැදකුණු කෙරෙමින් සීමා මාර්ග්යෙහි හිවිට ලා ගෙනැ කොලොම් හොයැ පහණ තොටට මැ පැමිණියාහු යැ.

එහෙයින් කියන ලදි.

“මහාපදුමෝ කුඤ්ජරාවෝ ව උහෝ නාගා මුසඞ්ගලා

සුවණ්ණ නඬ්ගලේ යුත්තා පඨමෙ කුන්තමාලකේ


චතුරඞ්ගමහාසේනෝ සහ ථෙරේහි ඛත්තියෝ,

ගහෙත්වා නඞ්ගලං සිතං දස්සයන්තෝ අරින්දමෝ


සමලඞ්කතං පුණ්ණඝටං නානාරාගධජං හුභං

පාතිං චන්දනචුණ්ණා ච දීපං ධූපකටච්ජුකං

ආදාසං කදලිං පුප්ඵසමුග්ගං කුසුමග්ඝියං,

සිමන්තිනුභි ඡත්තාදිං ගහෙත්වා පරිචාරිතෝ.


නානාතුරියසංඝුට්ඨෝ බලෝඝපරචාරිතෝ,

ථුතිමංගලගීතෙහි පූරයන්තෝ චතුද්දියං


සාධුකාරනිනාදෙහි වේලුක්ඛෙපසතේහි ච,

මහතා ඡණපූජාය කසන්තෝ භූමිපෝ අගා.


විහාරඤ්ච පුඤ්වෙච කුරුමානෝ පදක්ඛිණං

සීම‍ාය ගමනනට්ඨානං නදිං පත්වා සමාපයි”යි


ඒ සීමා මාර්ගාය මෙසේ දත යුතුසංස්කරණය

මේ ඒ සීමා මාර්ගය කොලොම් හොයැ පහණ තොටින් කුඹල් වළට ගියේ යැ එයින් කොරමයිල්ට ගියේ යැ. එතැනින් මුරුත පොකුණට ගියේ යැ. එයින් විජයාරාම නම් උයනෙහි උතුරු දොරටුවට ගියේ යැ. එයින් ඇත් කුඹු පහණට ගියේ යැ. එයින් තෝවිටි මැදට ගියේ යැ. එතැනින් බයා වැව කොග්ගලට ගියේ යැ. එතැනින් මහසෝන් මැදට ගියේ යැ. එයින් දිග්ගල්විලට ගියේ යැ. එයින් පෙහෙලි නම් සැඩොල්ගම වම්භාගයෙන් ඉවත් කොටැ කඹුරු දෙවොලට වමත් පැස සැඩොල් සොහොනට ගියේ යැ. එතැනින් හිම නුගයට ගියේයැ. එයින් බෙලඟණට ගියේ යැ. එතැනින් නික්මැ ජෝතිය යැ ගිරි යැ කුම්භණ්ඩ යැ. යන නම් ඇති නිගණ්ඪයන් තුන්‍ දෙනා ගේ ආශ්රයමයන් ඇතුළත් කොටැ නො එක් පරිබ්රාමජකයන් ගේ අරම්වලින් ඉවත් කොටැ හියගල් සමපයෙහි දියවස් නම් බමුණා ගේ දෙවොලට ගියේ යැ. එතැනින් තෙලුම් පෙළට ගියේ යැ. එතැනින් තල චතුෂ්කයට ගියේ යැ. එතැනින් කලස කලා තොටට ගියේ යැ. එතැන් පටන් සීමා මාර්ගිය හෝ ඉවුරින් සිංහ ස්නාන නම් නිථියට ගොස්, හෝතෙරින් මැ යන්නේ පහණ කොට කූඩවලපහණට ගොස් එතැන්හි දී සීම‍ාව ගැළපුණේ වි යැ. මිහිඳු මහ තෙරුන් වහන්සේ මේ සීමා මාර්ඟදය අනුවැ වට කොටැ ඇවිදිනා සේක් නිමිත්තය ගැළැපුණු කල්හි “ලංකා ද්වීපයෙහි ශාසනය ඉන්ද්රාඛීලයක් මෙන් ස්ථීර වැ මනා කොටැ පිහිටියේ යැ”යි කියා නො එක් දහස්සූවහස් ගණන් දිව්ය මනුෂ්යහයෝ සාධුකාර පැවැත් වූවාහ යැ.


එයින් කියන ලදි:-


නදීපාසාණතිත්ථමහි පාසාණකුඪවාටකං

තතෝ කුම්බලවාටඤ්ච මහානිපං තතෝ අගා.


තතෝ කකුධපාලිඤ්ච මහා අඞ්ගණකං තතෝ

තතෝ බුජ්ජමාතුලඤ්ච මරුත්තපොක්ඛරණීං තතෝ.


විජයාරාමඋය්යාලනේ උත්තරද්වාරකොඨතෝ,

ගජකුම්ඟකපාසාණං ථුසවට්ටිකමජ්ඣතෝ.


අහසේඛලාකපාසාණං මහාසුසානමජ්ඣතෝ,

දීඝාපාසාණකං ගන්ත්වා කම්මාරදේව චාමතෝ.


නිග්රොාධ්මඞ්ගණං ගන්ත්වා ඟියගල්ලසමීපකේ,

දියවාසබ්රාසහ්මණස්ස දේවෝකං පුබ්බදක්ඛිණං.


තතෝ තේලුමපාලිඤ්ච තතෝ තාලවතුක්කගෝ,

අස්සමණ්ඬලවාමෙන සසපාණං තතෝ අගා.


තතෝ මරුම්බතිත්ථඤ්ච තතෝ උද්දං නදිං අගා,

කූලන්තේනේව සෝ යාව තිත්ථං මඬ්ගලසම්මතං.


සිහසිනානතිත්ථෙන උග්ගන්ත්වා තීරතෝ වජං,

පාසාණතිත්ථං ගන්ත්වාන නිමිත්තං ඝට්ටයි ඉසි.


නිමිත්තේන නිමිත්තෙන්තු ඝට්ටිතේ දේවමානුසයා,

සාධුකාරං පවත්තේසුං සාසනං සුප්පතිට්ඨිතං” යි,


මෙසේ මිහිඳු මහ තෙරුන් වහන්සේ දෙවනපෑතිස්ස රජ්ජුරුවන් විසින් දක්වා ගෙනැ යනලද හිවිට ඇති මහ සීමායෙහි නිමිත්ත කිර්තනය කොටැ ථූපාරාම මලුව ආදි කොටැ ඇති දෙතිස් ඛණ්ඩ සිමාවන් පිණිසැ අභ්ය න්තර නිමිත්තයන් හා සීම‍ාන්තර නිමිත්තයන් කීර්තනය කොටැ මහපොළොව ගුගුරුවමින් සියලු සීම‍ාවන් බැඳි සේකැ. කර්මව වාක්ය්යා ගේ කෙළවර මැ සීමා නිමිත්තයන් පිට කොටැ කොටැ සියලු සීමාවෝ යටින් දියපොළොව අවසන් කොටැ බටුවාහු යැ. මෙසේ මිහිඳු මහ තෙරුන් වහන්සේ ලංකාද්වීපයට වැඩ සතර වන දවස් මැ යම් තාක් ශාසනය අන්තර්ධන වේ නම් ඒ තාක් පවත්නා සීමා බන්ධනය කළ සේකැ.


5. ශාසනාන්තර්ධාන කථාවසංස්කරණය

තව ද ශාසනාන්තර්ධානය නම් කවරේ යැ යත්:සංස්කරණය

අධිගම අන්තර්ධානය, ප්ර තිපත්ති අන්තර්ධානය, පර්යාෙන් ප්ති අන්තර්ධානය, ලිඞ්ග අන්තර්ධානය, ධාතු අන්තර්ධානය යන මේ පස යි. මෙහි අධිගම නම් සසර මාර්ග යැ. සතර ඵල යැ. සතර ප්රමතිසංවිදා යැ, ෂඩ් අභිඥා යැ ත්රිමවිද්යා, යැ ය් යන මේ අධිගමය පිරිහෙන්නේ පටිසම්හිදා පටන් පිරිහෙයි. බුදුන් පිරිනිවී දහසක් හවුරු දක්වා ප්රිතිසංවිදා උපදවන්නට සමර්ථ වෙති. එයින් මත්තේ ෂඩහිඥා උපදවති. එයින් මත්තේ ත්රිරවිද්යාන උපදවති. කල් යත් යත් එයින් උපදවන්නට අසමථ වූවාහු ශුෂ්කවිදර්ශමක වෙති. මෙසේ අනුක්රිමයෙන් අනගැමි වෙති. සෙදගැමි වෙති. සෝවාන් වෙති. මොවුන් ඇති කල්හි අධිගමය අන්තර්හිත නම් නො වෙයි පශ්විම සෝවාන්හු ගේ ජීවිතක්ෂයයෙන් අධිගමය අන්තර්ධාන වෙයි.

මේ අධිගම අන්තර්ධාන යැ.සංස්කරණය

ප්රඅතිපත්ති අන්තර්ධාන නම් ධ්යාින විදර්ශහන මාර්ගයඵල උපදවන්නට අසමර්ථු වුවාහු චතුෂ්පාරිශූද්ධි ශිලය මැ රකිති. කල් යත් යත් සිල් සම්පූර්ණ කොටැ විර්ය් ච ද කරම්හ. මාර්ගලඵල උපදවන්නට අසමර්ථොයම්හ. ඇන් ආර්ය්ාිඥ ධම්ර්‍ ප්ර්තිවේධ නැති; වැර විහිඳැ කුසිත වීමෙන් ඔවුනොවුනට චෝදනා කාරණා නො කොටැ ඔවුනොවුනන් කෙරෙහි කුකුස් නො කොටැ වාසය කෙරෙති. එතැන් පටන් ගෙනැ කුදු මහත් ශික්ෂාපද මර්දනය කෙරෙති. කල් යත් යත්ථුල්ලච්චයාපත්තියට අවදිති. ඉක්බිති ගරුකාපත්තියට අවදිති. පාරාජිකා පමණක් රක්ෂා කෙරෙති. සතර පාරාජිකා පමණක් රක්නා භික්ෂූන් ඇති කල්හි ප්රෂතිපත්ති අන්තර්හිත නම් නො වේ. පශ්විම භික්ෂුන් ගේ ශීල භෙදයෙන් හෝ ජීවිතක්ෂයෙන් හෝ අන්තර්ධාන වේ. ‍

මේ ප්ර්තිපත්ති අන්තර්ධාන යැ.සංස්කරණය

පර්යාර් පති නම්: ත්රි පිටක බුද්ධ වචනයෙහි පාලි හා අථිකතා ‍යම් තාක් කල් පවතී නම් ඒ තාක් කල්ර්ය්ත ප්ති සම්පූර්ණ නම් වෙයි. කල් යත් යත් කලි යුගයෙහි රජ දරුවෝ අධර්මිෂ්ඨ වෙති. ඔවුන අධර්මිෂ්ඨ වූ කලැ රාජමාත්යානදීහු අධර්මිෂ්ඨ වෙති. ඔවුන් බලා ර‍ට වැස්සෝ ද දනව් වැස්සෝ ද අධර්මිෂ්ඨ වෙති. ඔවුන්ගේ අධාර්මිකතායෙන් කලට වැසි නො වෙයි. ශස්යන සමෘද්ධිය නැති විමෙන් ප්ර ත්යාය දායකයෝ භික්ෂු සංඝයා වහන්සේට ප්ර්ත්යෘය දෙන්නට අසමථී වෙති. භික්ෂුහු ප්රයත්යකයෙන් මිරිකුණාහ පර්ය්ත්යප්ති ධරන්න‍ට අසමර්ථ වෙති. කල් යත් යත් පර්ය්ාර්ප්ති පිරිහෙයි. අර්ථප වශයෙන් ධරන්න‍ට අසමර්ථට වූවාහු පාලි වශයෙන් ධරති. කල් යත් යත් සියලු පාලිය ධරන්නට ද අසමර්ථථ වෙති.


පළමුවැ අභිධර්මරපිටකය මස්තකයෙහි පටන් ගෙනැ පිරහෙයි. ඒ පිරිහෙන්නේත් ප්ර‍ස්ථානප්රෙකරණයෙහි පටන් ගෙනැ ධම්සඟුණු දක්වා අනුක්රනමයෙන් සප්තප්ර්කරණය පිරි‍ඟෙයි. මෙසේ අභිධර්ම පිටකය පිරිහුණු කලැ මස්තකයෙහි පටන් ගෙනැ සූත්රර පිටකය පිරිහෙයි. එ ද පිරිහෙන්නේ අඞ්ගෝත්තර සඟියෙහි ඒකාදශ නිපාතයෙහි පටන් ගෙනැ ඒකකනිපාත දක්වා අනුක්ර්මයෙන් පිරිහෙයි. මෙසේ අඞ්ගෝත්තර සඟිය පිරිහුණු කලැ මස්තකයෙහි පටන් ගෙණ සංයුත් සඟිය පිරිහෙයි. එ ද පිරිහෙන්නේ චක්රැ පෙය්යාෙලයෙහි පටන් ගෙනැ ඕඝතරණය දක්වා පිරිහෙයි. මෙසේ සංයුත් සඟිය පිරිහුණු කලැ මස්තකයෙහි පටන් ගෙනැ මැදුම් සභිය පිරහෙයි. එ ද පිරිහෙන්නේ ඉන්ද්රිමය භාවනාවෙහි පටන් ගෙනැ මූලපර්යාිිරි දකවා පිරිහෙයි. මෙසේ මැඳුම් සභිය පිරිහුණු කලැ මස්තකයෙහි පටන් ගෙනැ දික් සඟිය පිරිහෙයි. එ ද පිරිහෙන්නේ දශෝත්තරසූත්රියෙහි පටන් ගෙනැ බ්රදහ්මජාල සූත්රෙය දක්වා පිරිහෙයි. දික්සඟිය පිරිහුණු කලැ පිටකය පිරිහී ගියේ නම් වෙයි.

මෙසේ පිටකද්වයය පිරිහුණු කලැ විනය පිටකය හා ජාතක මෙ පමණක් ධරති. එහි විනය පිටකය ලජ්ජිහු මැ ධරති. ලාභ කැමැත්තෝ ජාතක මැ ධරති. ඔහු දූ කල් යත් යත් ජානක ධරන්නට අසමත්ථි වෙති. එහි පළමු කොටැ වෙස්සන්තර ජාතකය පිරිහෙයි. ඉක්බිති ප්රකතිලොම ක්රභමයෙන් අපණ්ණක ජාතකය දක්වා පිරිහෙයි. විනය පිටකය ද කල් යත් යත් මස්තකයෙහි පටන් ගෙනැ පිරිහෙයි. එ ද පිරිහෙනනේ පිරිවාරයෙහි පටන් ගෙනැ භික්ඛු විහඞ්ගය දක්වා අනුක්ර.මයෙන් පිරිහී මාතෘකායෙහි සිටිනේ යැ. මාතෘකාව පිරිහී නිදානෝද්දේශමාත්රරයෙහි සිටින්නේ යැ. නිදානෝද්දේශය පිරිහුණු කල්හි විනයපිටකය අන්තර්ධිත නම් වෙයි. යම්තාක් කල් පිරිහුන් මනුෂ්යණයන් කොරහි සකර පදයෙන් යුක්ත වූ ගාථාවක් පවතී නම්, ඒ තාක් කල් පර්යාකල් ප්ති අන්තර්ධාන නො වේ. යම් කලෙකැ සැදෑ ඇති රත්නත්ත්රළයෙහි ප්ර සන්න රජ්ජුරු කෙනෙක් බණ අසනු කැමිති වැ ඇත්කඳ මත්තෙහි රන් කරඬුයෙකැ දහසින් බඳ පියල්ලක් තබා බුදුන් වදාළ සතර පදයකින් යුක්ත ග‍ාථාවක් දන්නා කෙනෙක් ඇත්නම් මේ දහසින් බඳ සියල්ල ගනිත්වා”යි නුවර බෙර පියවි කරවා, ගන්නක්හු නො ලදින් “එක් වාරයෙකැ බෙර ලැවු කල අසන්නෝත් වෙත් මැ යැ නො අසන්නෝත් වෙත් මැ යැ” යි තුන් වායෙකැ බෙර ලවා රාජ පුරුෂයෝ


මහාවිහාර ප්‍රතිග්‍රහණ කථාසංස්කරණය

ගන්නක්හු නො ලදින් දහසින් බැඳි පියල්ල රජගෙට මැ ගෙනවුන් දෙත් නම් එකල්හි පර්යාලදිනප්ති අන්තර්හිත නම් වියැ.


මේ පර්යාර්යාප්තිඅන්තිතර්ධාන යි.සංස්කරණය

ලිඞ්ගාන්තර්ධාන නම්: කල් යත් යත් භික්ෂුන් ‍ගේ චිවර ගහණ පාත්ර ග්ර්හණ සම්මිඤ්ජන සපාරණ ආලෝකන ප්රතසාදාවහ නො වෙයි. නිඝණ්ඨයන් ගත් ලබු පාත්රහ මෙන් භික්ෂුහු පාත්රතයන් අත්කරින් එල්වා ගෙනැ ඇවිදිති. කල් යත් යත් අග්රරබාහුයෙන් බහා අතින් ගෙනැ හෝ සාල්ලෙහි ලා එල්ලා ගෙනැ හෝ ඇවිදිති. සිවුරු දූ රැදීම සරුප් නො කොටැ දන්ත වර්ණල කොටැ රඳාගෙනැ අවිදිති. කල් යත් යත් සිවුරු රැදිමුදු නො වෙයි. දා සිඳ දෙකෙළවර මැසීමුදු කැප කිරිමුදු නො වෙයි. තව ද කල් යත් යත් දෙකැ මැ නො කොටැ දා සිඳ පරිව්රාිජකයන් සේ ඇවිදිති. කල් යත් යත් සිවුරු කඩක් අතැ හෝ කරැ හෝ කෙහෙයෙහි හෝ බැඳ ගෙනැ කුටුම්බසණ්ඨාපනය කො‍ටැ සා වපුට ජීවිකා කොටැ ඇවිදිති. එකල්හි දන් දෙන්නා වූ සත්ත්වයෝ සංඝයා උදෙසා ඔවුනට මැ දෙති. මෙසේ දෙන්නාවූ දානය අසඞ්ඛ්යත අප්රාමේය වන්නේ යැ. එයින් වදාළහ බුදුහු:-


“හවිස්සන්ති බෝ පනානන්ද අනාගතමද්ධානං ගෝත්ර්භූනෝ කාසාවකණ්ඨා දුස්සීලං පාපධම්මා. තේසු දුස්සිලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති, තදාපහං ආනන්ද සංඝ ගතං දත්ඛිණං අසංඛෙය්යංඝ අප්පමෙය්යසන්ති වදාමි” යි.

ඉක්බිත්තෙන් කල් යත් යත් අනේකප්රදකාර වූ අකුශල ධර්මඝයන් කරන්නාහු “මේ ප්ර්පඤ්ච යැ. අපට මින් කම් කිම් දැ” යි සිවුරු කංකංා වලට දමාපියති. එකල්හි වේශය අන්තර්හිත නම් වේ.


මේ ලිඞ්ගානතර්ධාන යි.සංස්කරණය

ධාතු අන්තර්ඞාන නම්: ඒ ඒ තන්හි සත්කාර සම්ම‍ාන නොලබන ධාතූන් වහන්සේ බුදුන් ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනට වඩනා සේකැ. කල්යත් යත් හැම තන්හි සත්කාර සම්මාන නො වේ. එකල්හි මේ ලක්දිව ධාතූහු රැස් වූ රුවන්මැලි දාගබට වඩනා සේකැ. රුවන්මැලි දාගබින් නාග දීපයෙහි කිරිපළු චෛත්යැයට වඩනා සේකැ. එයින් මහබෝ මැඩට වඩනා සේකැ.නාග ලෝකයෙහි ද පිහිටියා වූ ධාතූන් වහනසේ මහබෝමැඬට වඩනා සේකැ. අබ ඇටයක් සා මහාබධිප්ය ර්ංකයෙහි රැස්වැ සර්ව ඥවෙශය මවා ගෙනැ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශිත්යමනුව්යිඤ්ජනඛයාමප්රෂභා කේතුමාලාඞ්කරයෙන් ද සම්පූර්ණැ වැ මහ බෝමැඩ පර්යංෙ ක බන්ධනය කොටැ වැඩහුන් සර්වඞඥයන් ගේ ශරීර ශෝභාව දක්වා ගණ්ඩම්බ වෘක්ෂ මූලයෙහි දී කළ ප්රා තිභාර්ය්්ව ය මෙන් ප්රාදතිභාර්ය්ංෙ ය කොටැ සවනක් රස් විහිදුවා දසදහසක් සක්වළ ආලෝක පතුරුවන සේකැ. එතැනට යන්න‍ා වූ මන්ෂ්ය යෝ නැත. දසදහසක් සක්වළ දිව්ය බ්රාහිමයෝ රැස් වැ “අප බුදුහු අද පරිනිර්වා්ණය කරන සේකැ. මේ අපගේ පශ්විම දර්ශාන යැ. මෙතැන් පටන් මුළු ලොව ඒකාන්ධකාර වෙ” යි කියා සජීවි සර්වදඥයන් පරිනිර්වානණය කරන දවසට වඩා මහත් වූ කරුණායෙන් එඬති. අනාගාමීන් හා ක්ෂිණාහ්රනවයන් හැරැ අවශෙෂයෝ ස්වභාවයෙන් සිටිනට අසමර්ථඑ වෙති.


එකල්හි ධාතු ශරීරයෙන් කේජෝ ධාතු උද්ගත වැ බ්රෙහ්ම ලෝක දක්වා නැ‍ඟෙයි. අබ ඇටක් ධාතුව කුදු ඇති කලැ එකාකාරයෙන් සිටැ දිලිසෙයි. ධාතු හැම දිලිහි නිවී ගිය කල්හි ධාතු පරිනිර්වාවණ නම් වෙයි. මෙසේ මහත්වු අනුභාව දක්වා ධාතු අන්තර්ඬාන වූ කල්හි දිව්යි ප්රාහ්මයෝ බුදුන් පිරිනිවී දවස් මෙන් දිව්ය වූ ගඳ දුම් මල් පහන් ආදියෙන් තූවළුර්‍ ඝෝෂායෙන් ද පූජා කොටැ තුන් යළක් පැදකුණු කොටැ වැඳැ “අනාගතයෙහි උපදනා බුදුන් දකුමෝව” යි කියා තමන් තමන්ගේ වාසස්ථනයට යෙත්. මේ ධාතු අන්නර්ඞාන යි.


මෙසේ මිහිඳු මහ තෙරුන් වහන්සේ ලංකාද්වීපයට වැඩි සතර වන දවසේ මෙ බඳු වූ පස් වැදෑරුම් හාසනාන්තර්ඞානය දක්වා පවත්නා වූ සීමා බන්ධනය කළ සේකැ. පස්වන දවස් රජගෙයි දී වළඳා නන්දන වනයෙහි දී බජ්ජනියපර්යාකැ පය නම් වූ සූත්ර දේශනාව කොටැ දහසක් දෙනා අමෘත පානය කරවා, මෙසේ සවන දවස් ගෝමයපිණ්ඩි නම් සූත්රළදේශනාවක් ද සත්වන දවස් ධම්සක්පවතුන් සූත්රස දේශනාව ද කොටැ සතියක් ඇතුළත අටදහස් පන්සියයක් ප්රාකණීන් අමා මහ නිවන් දක්වා සත්තව විනයනය කෙරෙමින් ලෝකයෙහි ධර්ම දේශනා කරන්නන් නොලද හකි බැවින් අන්තැනකට නො ගොස් මනුෂ්යේයනට කුශලවර්ඞනය කෙරෙමින් ඒ මහමෙවුනා උයන්හි මැ වුසු සේකැ. ලෝකයෙහි ධර්ම දේශකයෝ දුර්ලභයෝ මැ යි. එයින් වදාළහ, බුදුහු:


පඤ්චන්නං ලිව්ඡඡවී රතනානං පාතුභාවෝ දුලලබෝ ලෝකස්මිං කතමෙසං පඤ්චන්නං ? තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභවෝ දුල්ලභෝ ලාකස්මිං. තථාගතප්පවේදිතස්ස ධම්ම විනයස්ස දේසේතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං තථාගතප්ප වෙිදිතස්ස ධම්මවිනයස්ස දේසිතස්ස විඤ්ඤාතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං, කතඤ්ඤෑ කතවේදී සුග්ගලෝ දුල්ලහෝ ලෝකස්මිං, ඉමේසං බෝ ලිච්ඡවී පඤ්චන්නං පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මි’” යි.


එකල්හි දෙවනපෑතිස් රජ්ජුරුවෝ මහමෙවුනා උයන්හි යම්‍ සේ සිංහයා ගේ වාලධි කෙළවර වැදගත් තැනැ බෝධි ගෙය වේ ද, දකුණු පස පිහිටි තැනැ නාග ඵණාකාර වූ මහා ප්රාතසාදය වේ ද, වම් පය පිහිටි තැනැ සන්නිපාත ශාලාව වේ ද, නාභිස්ථානයෙහි ධාතු ගෙය වේ ද, වමැලයෙහි රාශිමාලකය වේ ද, දකුණත පිහිටි තැනැ භෝජන ශාලාව වේ ද, වම් අත පිහිටි තැනැ බුබ්බුලාකාර වූ රත්නමාලී චෛත්ය ය වේ ද, ග්රිඅවය පිහිටි තැන කණ්ඨ නම් පුෂ්කරණීය වේ ද, කර පෙරළා දකුණැලයෙන් බලන්න හුගේ දෘෂ්ටිය හුණු තැනැ මහපිළිම ගෙය වේද, එපරිද්දෙන් මැ සිංහ වික්රිෂඩිත කොටැ පළමු පන්සියයක් රහතන් පිරිවරා අවුත් එ් ඒ ස්ථානයෙහි සමාපත්තියට සමවැදැ වැඩ හිඳැ සර්වළඥයන් වහන්සේ වැඩිසේකැ. පසු වැ මිහිඳු මහ තෙරුන් වහනසේ රහත් භික්ෂුන් පිරිවරා අවුත් පොළොව ගුගුරවා උයන් පිළිගත් සේකැ. එසේ හෙයින් මෙබඳු වූ - මහතුන් ගේ වාසයට යෝග්යග වූ විහාරය මහා විහාරය නම් වේ” යි කියා, එහි කාලප්රුසාදය යැ, ලෝවා මහා ප්රාමසාදය යැ, ලාබත් ගෙ යැ, ‍ෙභා්ජනශාලාව යැ, සුණහාත පිරිවෙණ යැ, දික්සක්මන් පිරිවෙණ යැ, ඵලග්ගු පිරිවෙණ යැ; තෙරවස් පිරිවෙණ යැ, මුරුගණ පිරිවෙණ යැ, දික්සඳසෙනෙවියා පිරිවෙණ යැ, රාත්රි ස්ථාන යැ, දිවාස්ථාන යැ, සක්මන් යැ, පොකුණු යැ යන මේ සියල්ලෙන් සරහා විහාර ප්රරතිෂ්ඨාපනය කළ සේකැ.

දෙවනපෑතිස් රජ යැ යන වචනයෙන් හැඟවුණා වූ නම් ඇති සුන්දර වූ ප්රනඥා ඇති ඒ රජ මේ ලංකාද්වීපයෙහි නිර්මසල වූ ප්ර ඥා ඇති මහ මිහිඳු මහ තෙරන් වහන්සේ නිසා පළමු කොටැ මේ මහා විහාරය කැරැවූයේ ය.

එයින් කියන ලදී;

“දේවානම්පියවචනෝ පගූළ්හනාමෝ

ලංකායං පඨමිමං මහාවිහාරං,

රාජා සෝ සුමති මහා මහින්දථෙරං

ආගම්මලමතිමෙත්ථ කාරයිත්ථ”යි


මහා විහාර ප්‍රතිග්‍රහණ කථා යි.

චෛත්යිගිරි ප්‍රතිග්‍රහණ කථාසංස්කරණය

ඉක්බිත්තෙන් මිහිඳු මහ තෙරුන් වහන්සේ නුවර සිඟා ජන සංග්රවහය කරන සේක්, රජගෙයි දී වළඳා රාජ්ය සංග්රවහය කරන සේක්, තමන් වහන්සේ ලංකාවට වැඩි සවිසි වන දවස් මහමෙවුනා උයන්හි පිහිටි තිස්සාරාම විහාරයෙහි වැස, මිහින්තලයෙහි දූ විහාරයක් පිහිටුවනු කැමැති වැ ඇසළ මස මැදි පුරතෙළෙස්වක් දිනයෙහි රජ්ජුරුවන් ගේ අන්තඃපුරයෙහි දි ආගෝත්තර සඟියැ ඒකාදශ නිපාතයෙහි මහා අප්රුදාන යූත්රාරන්ත දේශනාව කොටැ නැගෙනහිරි වාසල් දොරින් නික්මැ සෑගිරියට විඩි සේකැ. එකල්හි රජ්ජුරුවෝ “තෙරුන් වහන්සේ අපට කර කොටැ අවවාද කළ සේක. ඉදින් වැඩ පියන සේක් දෝහෝ” යි සිතා රථයට පැන නැගි, බිසෝවරුන් දෙදෙනාත් රථයෙහි මැ ලා ගෙනැ මහා සේනාව පිරිවරා සෑගිරියට ගොස්, බිසෝවරුන් දෙදෙනා එක් තැනෙකැ ඉවත් කොටැ රඳවා,ඉතා මිරිකීගියාවූ ස්වරූපයෙන් තෙරුන් වහන්සේ සමීපයට පැමිණැ “මහ රජ්ජුරුවෙනි! තෙපි කුමක් සඳහා මෙබඳු වූ උෂ්ණ වේලායෙහි මිරිකෙමින් අවුදැ”යි කි කල්හි “ස්වාමීනි, දැන් ‘ස්ථවිරයන් වහන්සේ වඩනා කැමති සේක් දෝහෝ’යි සිතා අමි”යි කිවු යැ. මහරජ්ජුරුවෙනි, අපි යනු කැමැත්තෝ නො වම් හ එතෙකුදු වූවත් මෙහි වසම්හ”යි කී කල්හි එකෙණෙහි මැ කාඤ්ච නචෛත්යාංපගණය පිරිවරා අට සැටක් ගල් ලෙන්වල කර්ම්න්තයට පටන් ගන්වා නුවරට මැ ගියෝ යැ. එදවස් මැ රජ්ජුරුවන් ගේ බෑනණු වූ මහා අරිට්ඨ නම් අමාත්යය පුත්ර තෙම රජ්ජුරුවන් අන්දන්වා පස්පනසක් පමණ මල් බෑයන් හා සමඟ තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වැ, ආර්ය්් හ මාර්ගස නැමැති පොකුණෙහි ගැලී මාර්ගේඥාන නැමැති ජලයෙන් කෙලෙස් නැමැති මල සෝධා, භය ළැඡ්ජා නැමැති සළු හැඳැ, සිල් නැමැති සුවඳ වි‍ෙලවුනගෙල්වා, අරිහත් ඵල නැමැති ආභරණයෙන් සැරැහි, පඤ්ච විමුක්ති නැමැති මල්දම් පැළැඳ සතර සෘද්ඩිපාද නැමැති මිරිවැඩි පයැ ලා, නිර්වාතණ නැමැති පුරයට වැඳැ, ධර්මල නැමැති ප්රා සාදයට නැඟි, නිවන් නැමැති මාලේ වෙසෙමින්, විත්තෛකාග්රටතා සැපයෙන් යුක්ත වැ වසන්නේ යැ. එ කල්හි දෙසැටක් පමණ ක්ෂිණාශ්ර වයන් වහන්සේ ඇසළ මසැ පුණු පොහෝ දවස් රජ්ජුරුවන් විසින් දෙන ලද විහාර ඇති සේක්. පෑලවිය දවස් වස් වැස, දිව්යි මනුෂ්යරයනට සංග්රවහ කෙරෙමින් සෑගිරි විහාරයෙහි විසූ සේකැ.

තවද, ඒ දිව්යන මනුෂ්යු සමූහයෝ ආර්ය්්සේ ගණයා විසින් පිරිවරන ලද ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ ද ගුණයෙන් දශ දිග්හි පතළා වූ යසස් ඇති ඒ ආර්ය්ු ම ගණයා ද, චතුර්විධ ප්රරත්යය සදහා තමන් කරා පැමිණියවුනට තුමු ඔවුන් කරා එළඹැ බලවත් වූ ප්රීේති ප්ර මෝදයෙන් සුක්ත වැ පූජා සත්කාරා දී වශයෙන් සම්භාවනා කරන්නාහු බොහෝ වූ කුශල රාශියක් රැස් කළාහු යැ.


එහෙයින් කියන ලදී;

“දෙවමනුස්සගණෝ ගන්නන්තං

තඤ්ව ගණං ගුණවිත්ථතකිත්තිං,

යාතමුප්පෙච්ච ව මානයමානා

පුඤ්ඤවයං විපුලං අකරිසුං”යි


චෛත්යවගිරි විහාර ප්රුතිග්ර්හණ කථා යි

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_බෝධි_වංසය-xiii&oldid=4904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි