8. බෝධි රෝපන කථාවසංස්කරණය

මෙසේ අනේක..සංස්කරණය

මෙසේ අනේක ප්‍රකාර වූ ආශ්චර්ය්ණන් වූ ප්රාැතිහාර්ය්න යෙන් සත්ත්වයන් විනයනය කොටැ සූ විසි අසඞ්ඛ්ය්යක් දිව්ය මනුෂ්ය යන් නිර්වා්ණ නැමැති අමෘතය පානය කරවමින් බුදු වූ තැන් පටන් විසි අවුරුද්දකට පැමිණි සේකැ. එසමයෙහි සර්වැඥශාසනයෙහි බුද්ධ වචනය ඉගෙනැ ධෘතිස්සෘතිසම්පත්ති බලවත්නට අග්ර වූ, සිටිපියෙහි සිටැ සැටදහසක් ධර්මය බුදුන් වදාළ පරිද්දෙන් නො පිරිහෙළා උගත් බැවින් ඥාන ගතිමත්නට අග්රව වූ, බුද්ධවචනය උගන්නා වූ වීර්ය්න ය ද අධ්යැයන වීර්ය්සත ය ද බු‍මඬෝ උපස්ථාන වීර්ය්රිහය ද අනන්යන සාධාරණ වන බැවින් ධෛර්ය්ි අවත්නට අග්රත වූ, සෙසු ස්ථවිරයන් සේ විච්ඡෙද නො කොටැ උපස්ථායකස්ථාන ලද දවස් පටන් ගෙනැ ආරබ්ධවීර්ය් ව වැ බුදුන් සිත් ගෙනැ උපස්ථාන කරන බැවින් බුද්ධෝපස්ථායක භික්ෂූනට අග්ර් වූ, බුදුන් වදාළ සූවාසුදහසක් ධර්මනස්කන්ධ නිධාන කළ භාණ්ඩාගාරයක් වන බැවින් ධර්මබභාණ්ඩාගාරික නම් වූ, බුදුන් කෙරෙන් අට වරයක් ලදින් අර්ථෝත්පත්ති වශයෙන් ආගමන සම්පදායෙන් විණිවශිතායෙන් ගුණාධිකත්වයෙන් උපස්ථානයෙන් අග්රදස්ථානයට පැමිණැ ආගම සම්පත් අධිගම සම්පත් පූර්වගහේතු සම්පත් තිත්ථවාස සම්පත් යෝනිසෝමනසිකාර සම්පත් යන සම්පත්තීන් සමූපේත වැ සතර ආශ්චර්ය්මන අද්භූත ධර්මූයෙකින් යුක්ත බැවින් ආනන්ද නම් ලද ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ; සර්වම කාමයෙන් සමෘද්ධ වන පහ වු මල මාත්සර්ය්රුන ඇති කරුණාදිගුණයෙන් යුක්ත ඇම කල්හි අනාථ සත්වයනට තේරිමක් නැති වැ පිඬු දෙන හෙයින් අනාථ පිණ්ඩික යැ යි නම් ලද සුදත්ත නම් ගෘහපතීහු විසින් “ස්වාමීනි! මේ ජේතවන විහාරය ලෝක ස්වාමි වූ සර්වගඥයන් වහන්සේ සැරි සරා වැඩි කල්හි කුසල් කරන්නා වූ සත්වයනට පිහිටි නො වෙයි. සාවැත් නුවර වාසි වූ සත්ත්වයෝ ගඳ දුම් මල් පහන් ගත් අත් ඇත්තාහු. පුදන්නට නිසි වූ අන්ය ස්ථානයක් නො ලැබැ ගඳකිළි දොරකඩැ ලා පියා යන්නාහු යැ. එසේ කර්න්නා වූ පූජායෙන් ඒ සත්ත්වයෝ උදාරතර වූ ප්රීනතිප්රරමෝදය ඇත්තාහු නො වෙති. ස්වාමිනි! යාච්ඤා කෙරෙමි. භාග්යීවත් වූ බුදුරජාණන් වහන්සේට මේ කාරණය දන්වා පුදන්නට නිසි වූ එක් තැනක් අනුදත මැනැවැ”යි. ආරාධනාකරන ලදු වැ “යහපතැ”යි ගිවිසැ ගොස් තමන් වහන්සේ විශාරද වන බැවින් “ස්වාමිනි! චෛත්යව කොපමණෙක් දැ?”යි බුදුන් පිළිවිසි සේකැ.


එවේලෙහි බුදුහු “ආනන්ද ස්ථවිරයෙනි! චෛත්ය යෝ තුන් දෙනෙකැ”යි වදාළ සේකැ. ස්වාමින්! කවර තුන් දෙනෙක්දැ?”යි. විචාළ සේකැ. “ශාරීරික යැ; පාරිභෝකි යැ, උද්දේශික යැ”යි. වදාළසේකැ “ස්වාමිනි! නුඹ වහන්සේ ජීවත් වැ වැඩ හින්දැදි මැ චෛත්යව කරන්නට පිළිවන් දැ”යි විචාළ සේක. “ආනන්ද ස්ථිවරියනි! ශාරිරික චෛත්යද කරන්නට නො පිළිවනැ. බුදුන් ගේ ශාරිරික ධාතු: පිහිටුවා කළමනා වූ ඕ චෛත්යනය වනාහි බුදුන් පිරිනිවිකල්හි වන් නේ යැ. බුදුන් උදෙසා ගුණ සඳහන් කොටැ කරන සත්කාරයට හේතු වූ ප්ර තිමා උද්දේශික චෛත්යන නම් වෙයි. ඒ උද්දේශික චෛත්යරය අවස්තුක යැ. සිතින් ගුණ සඳහන් කිරිම් මාත්රියෙකින් වන්නේ යැ. බුදුන් විසින් ප්රියෝජන විඳිනාලද බෝධිය වනාහි ඒ සර්වනඥයන් විද්යරමාන කල්හි දු පිරිනිවිකල්හි දු චෛත්යරය මැ වෙ”යි වදාළ සේකැ.


එවේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමිනි! නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ ජේතවන මහවිහාරය කුසල් කැමැති සත්වයනට පිළිසරණ නො වෙයි. මුනුෂ්යයයෝ පිදියැ යුතු ස්ථානයක් නො ලබති. එසේ හෙයින් ශ්රීව මහා බෝධියෙන් බිජුවටක් ගෙන වුත් ජේතවන දොරටුව සමීපයෙහි රෝපණයකරවම් ද ස්වාමිනි?”යි විචාළ සේකැ. එවේලෙහි බුදුහු “යහපත ආනන්ද ස්ථිවිරය! රෝපණය කරව එසේ කල්හි ජේතවනයෙහි මා ගේ නිරන්තර වාසයක් මෙන් වන්නේ යැ”යි වදාළ සේකැ. ශ්රී් මහා බෝධිය බුදුන් තමන් වහන්සේ හා සම කොටැ වදාළ බැවින්, බුදුනට පූජා කරන කලක් මෙන් ශ්රීන මහා බෝධින් වහන්සේට පූජා කට යුත යි. එයින් කීහ.


“චේතියං වන්දිත්වා බෝධියඞගණං පත්තේනාපි බුඞස්ස භගවතෝ සම්බුද්ධා විය පරමනිච්චාකාරං දස්සෙත්වා බෝධි වන්දිතබ්බේ”යි.


එකල්හි අනඳ මහ තෙරුන් වහන්සේ කොසොල් රජ්ජුරුවන් අනේපිඬු මහා සිටාණන් විසාඛාවන් ආදි වූ උපාසක උපාසිකා වරුනට කියා, ජේතවන දොරටු සමීපයෙහි බෝධිරෝපනය කරවන්නා වූ ස්ථානයෙහි මහත් කොටැ වළ ගස්ටා පිරිසිදු කොටැ; මුගලන් මහ තෙරුන් වහන්සේට “ස්වාමිනි! ජේතවන දොරටු සමීපයෙහි බෝධියක් රෝපණය කරවමි. ශ්රී, මහා බෝධියෙන් මට බෝධි ඵලයක් ගෙනහැරැ දුන මැනවැ”යි වදාළ සේකැ. එවේලෙහි ඒ මුගලන් මහ තෙරුන් වහන්සේ ආනන්ද ස්ථිවිරයන් වහන්සේ කී බස් ‘යහපතැ’යි පිළිගෙනැ ආකාශයෙන් බෝමැඩට ගොස් තුවටු යෙන් ගිලිහී හෙන්නා වූ එක් ඵලයක් භූමියට පැමිණියැ නො දී අකාශයෙහි දි මැ සිවුරින් පිළිගෙනවුත් ආනන්ද ස්ථිවරයන් වහන්සේට දුන් ‍සේකැ. එකල්හි ආනන්ද මහ තෙරුන් වහන්සේ “අද බෝධි රෝපණය කෙරෙමි”යි කොසොල් මහ රජ්ජුරුවන් ප්ර ධාන කොටැ ඇති සියලු උපාසක උපාසිකා වරුනට කී සේකැ,

ඒ අසා රජ්ජුරුවන්..සංස්කරණය

ඒ අසා රජ්ජුරුවන්සවස් වේලෙහි මහත්වූ රාජානුභා‍වයෙන් පෘථිවි තලය බිඳිනා කලක් මෙන් ද, සාගරය පෙරළන කලක් මෙන් ද, විචික්රෙ වේශයෙන් ශෝභමාන වූ මහත් වූ සේනාවෙන් පිරිවරන ලදු වැ ස්වර්ණ්කටාහයක් ගෙන්වා ගෙනැ, සර්වා භරණයෙන් විභුෂිත වූයේ, රන් කලස රිදි කලස රන් කැටත් රිදී කැටපත්, සුවඳ මල් පිරූ රන් කරඬු රිදී කරඬු රන් දද රිදි දද රන් කෙහෙලි රිදී කෙහෙලි රන් තොරණ රිදී තොරණ ගන්නා ලද සර්වාදභරණයෙන් සැරහුණා වූ ස්ත්රීර සමූහයා විසින් පිරිවරන ලදු වැ, මඞ්ගල ගීතිකා ශබ්දයෙන් හා මඞ්ල තූර්ය්ී ස ඝෝෂාවෙන් ද දසදික් පුරවමින් ජේතවන මහා විහාරයට ගියාහු යැ.

සැවැත් නුවර අනේපිඬු මහා සිටාණන් විශාඛාවන් ප්රලධාන කොට ඇති පස් කෙළක් පමණ ආර්ය්ිටා ශ්රා්වකයෝ ද දෙකෙළක් පමණ කල්යා ණ පෘථග්ජනයෝ ද ගඳ දුම් මල් පහන් ආදිය ගෙනැ සර්වායභරණයෙන් විභූෂිතව වැ තව්තිසා වැසි දෙවියන් මෙන් බබළමින් රැස් වූවාහු ය. අනඳ මහා තෙරුන් වහන්සේ බෝදි රෝපනය කරවන්නා වූ ස්ථානයෙහි මහත් වූ ස්වර්ණ කටාහය තබා යටින් සිදුරු කොටැ, ගඳකළල් පුරවා, “මේ බෝදි ඵලය රෝපණය කරන්නැ මහරජ්ජුරුවෙනි!” කියා කොසොල් රජ්ජුරුවන් අතට දුන් සේකැ.

එ වේලෙහි ඒ කොසොල් රජ තෙමේ මෙසේ සිතී යැ. “රාජ්යජය ඇම කල්හි අප අතැ සිටුනේ නො වෙයි. අප කෙරේ වෛරී වූ කිසියම් රජදරු කෙනෙක් වූ නම්, අප කළ දෙයට උපද්රඅව කෙරෙති. එහෙයින් මේ බෝධි ඵලය මා විසින් අනේ පිඬු මහාසිටාණන් ලවා රෝපණය කරවන්නට ව‍ටනේ ය”යි සිතා කොසොල් රජ ඒ බෝධි ඵළය අනේපිඬු මහාසිටාණන් ගේ අත්ලෙහි තුබුයේ යැ. එකෙණෙහි අනේ පිඬු මහා සිටාණෝ ගඳකළල් පිරා බෝදි ඵලය ඒ ස්වර්ණ කටාහයෙහි එළුවාහු යැ. ඒ බෝධි ඵලය අනේ පිඬු මහ සිටාණන් අතින් මිදුණා පමණක් ඇති කල්හි සියලු සත්ත්වයන් බලබලා සිටියදී මැ නඟුලිසක් පමණ බෝ කඳ පනස් රියනක් පමණ උස නැංගේ යැ. සතර දිසාවට ද උඩට දැ යි පඤ්ච මහා ශාඛාවෝ පනස් රියන් පමණ වැ නික්මුණාහු යැ. මෙසේ ඒ බෝධීන් වහන්සේ එකෙණෙහි මැ වනස්පති වෘක්ෂයනට ප්රසධාන වැ නිල් වූ පත් හා රත් වූ අඞ්කුර ද ඇති වූයේ පබළු ලියෙන් වලඳනා එද මරකත මාණික්යවමයවූ සාගරයක් මෙන් බබළමින් සිටි සේකැ. මෙසේ මහත් වූ ප්රාතතිහාර්ය්න් වූයේ යැ. ඒ ආශ්චර්ය්ාන දැක කොසොල් මහාරජ අටෝරාශියක් පමණ රන් රිදී කළස් සුවඳ පැනින් පුරා නිලුපුල් මල් මිටි ආදියෙන් සරහා මහා බෝධින් වහන්සේ වට කොටැ පූර්ණන ඝට පඞ්ක්තියක් තැබ්බුයේ යැ. සත් රුවන්මය වූ පියවසාවක් බඳවා රන්සුණු මුසු වූ වැලි අතුටැ ප්රබකාරයෙකින් පරික්ෂේප කොටැ සව්රත්නමය වූ දොරටුවක් කරවුයේය යැ.

මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ මහත් වූ පූජා සත්කාර කරවා බුදුරජාණන් වහන්සේ කරා එළැඹ “ස්වාමීනි! නුඹ වහන්සේ විසින් ශ්රීන මහා බෝධීන් වහන්සේ ගේ සමීපයෙහි වජ්රාූසනාරූඪ වැ සමවන්නා වූ සමාපත්තියට මා විසින් රෝපණය කරවන ලද බෝධීන් වහන්සේ සමීපයෙහි වැඩ හිඳැ මහජනයාට හිත වැඩ පිණිසැ සමවැණ මැනවැ’යි කී සේකැ. එකෙණෙහි බුදුහු වදාරන සේක් “ආනන්දයෙනි! කුමක් කියවු ද? මා විසින් මහාබෝ මැඩැ සමවත් සමවන් සමවැදැ හුන් කල්හි අන්යය වූ ප්රවදේශයක් ධරන්නට අසමර්ථා වන්නේ යැ” යි වදාළ සේකැ. ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමිනි! සත්තවකරුණාව නිසා මේ භූමි ප්රතදේශයට සෑහෙන පමණෙකින් මේ බෝධි ද්රැණමය සමීපයෙහි ද ඵලසමාපත්ති සැපය අනුභව කොටැ වදාළ මැනවයි කී සේකැ. ඒ අසා සියලු සත්ත්වයනට හිතවැඩ කිරීමෙහි ඇලුණා වූ බුදුරජාණන් වහන්සේ ඒ ඵලරුහ මහා බෝධිය සමාපත්ති සැපයෙන් එක මැ රාත්රිරයක් ප්රයයෝජනය විඳැ වදාළ සේකැ. අනඳ මහ තෙරුන් වහන්සේ කොසොල් රජ්ජුරුවන් ආදි වූ නොයෙක් උපාසක උපාසිකා වරුනට කියා බෝධි පූජා නම් වූ අතිමනෝහර වූ පූජාවක් කරවු සේක. ඒ බෝධිය අනඳ මහ තෙරුන් වහන්සේ විසින් රෝපණය කරැවූ බැවින් ආනන්ද බෝධි යැයි ලෝකයෙහි පුසිද්ධ වූයේ යැ.


9. ධර්ම සභා සාකච්ඡා කථාවසංස්කරණය

ඉක්බිත්තෙන් එක් දවසක්..සංස්කරණය

ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂුන් වහන්සේ ඒ ඒ තැනින් අවුත් එක තැනකට රැස්ව; පරෙවියන් ගේ කකුල් සේ රත් පැහැ ඇති සූර්ය්ක‍යයා අස්ත පර්ව්ත සමීපයට ගිය කල්හි, අපර සාගර ත‍ටයෙන් නැංගා වූ පබළු ලිය කලබක් මෙන් සඳ වලා පෙනෙන්නට පටන් ගත් කල්හි, සූර්ය් න යා නැමැති ප්රිෙය වල්ලභයා ගේ වියෝගයෙහි ශෝකයෙන් බෙදයට පැමිණියා වූ විල් වමීයන් විසින් බමර වැළැ නැමැති මිණිවලලු ශලවන්නට මෙන් පියුම් නැමැති අත් හකුළුවන්නට පටන් ගත් කල්හි, ධර්ම් සභා මණ්ඩපයෙහි රැස්වැහිඳැ, රත්පලස් තිරයෙකින් වට කරන කලක් මෙන් බුද්ධාසනය පිරිවරා හිඳැ “ආවැත්නි! ආයුෂ්මත් වූ අනන්ද ස්ථවීරයෝ බුදුන් ධරමාණ කාලයෙහි මැ බෝධිරෝපණය කරවා මහා බෝධි පූජා කොළෝ යැ. අනේ! ආනන්ද ස්ථවිරයෝ මහත් ගුණ ඇත්තාහු යැ” යි ඒ අනඳ මහ තෙරුන් වහන්සේ ගේ ගුණ කථාව ඉජැදැවූ සේකැ.

එකල්හි දිව්ය අසුරයන් ගේ ශිඛා මාණික්ය් රශ්මි සමූහයෙන් සුඹුනාලද පාද නඛ රශ්මි ඇති ලෝකස්වාමි වූ සර්ව‍ඥයන් වහන්සේ, රන්වන් වූ මනෝඥ වූ සුවඳ ඇති මල් පූජායෙන් සැදුම් ලද භූමි ප්රවදේශ ඇති ගඳ කිළියෙහි වැඩ හැඳැ මහා කරුණා සමාපත්ති ආදි වූ අනේක ප්ර කාර වූ සමාපත්තියට සම වඩනා සේක්, දිව්යූශ්රෝඇත්ර ධාතුවෙන්, ධම්සභා මණ්ඩපයෙහි රැස්වැ හුන්නා වූ භික්ෂූන් වහන්සේ ගේ කථාප්ර වෘත්තිය අසා’ “මේ භික්ෂුහු ආනන්ද ස්ථවිරයන් විසින් කරන ලද බෝධි පූජාව අරබයා උන් ගේ ගුණ කථාව කියති. මොවුනට වූ කලි පෙරැ ඒ ආනන්ද ස්ථවිරයන් විසින් කරන ලද බෝධි පූජා අප්ර කාශ යැ. මට මැ ප්රනකාශ යැ. මා ගිය කල්හි තමන්ගේ ඒ කථාව අනවශේෂයෙන් මට කියති. ඉක්බිත්තෙන් මම ඔවුනට ඒ කථාව අර්ථෝපත්ති කොටැ පූර්ව ජනමයෙහි ආනන්දශ ස්ථවිරයන් විසින් කරන ලද බෝධි පූජාව විභාග කරන්නෙම්, උන් ගේ ගුණයන් ප්ර කාශ කොටැ මහමෙර ඔසොවා පානා කලක් මෙන් ද, ස්වර්ණ කුන්තයෙකින් ආකාශය පහරන්නාක්හු මෙක් ද, හිරු දහස් සඳු දහස් නඟා පානා කලක් මෙන් ද, සතර භිත්තියක් ඇති සර්වප්රිච්ඡන්න ගෘහයෙක්හි දහස් ගණන් පහන් අවුළුවන්නාක්හු මෙන් ද ප්රචකාශ කොටැ කාලිඞගබෝධි ජාතකය දෙසමි. ඒ ධර්ම දේශනා තොමෝ මා පිරිනිවි කල්හි දූ පන් දහසක් හවුරුදු මුළුල්ලෙහි සත්ත්වයන් අමෘත මහා නිර්වාණයට පමුණුවන්නී යැ”යි සිතා, බුද්ධාසනයෙන් නැගී ලාක්ෂා රසයෙන් රඳනලද අලුත පිපි රත්කොබලීල මල් දමෙක පැහැ සමාන වූ අතිරක්ත වූ දෙ පට අඳනය සංවිධාන කොටැ ත්රිකමණ්ඩල ප්රඅතිච්ඡාදනය කෙරෙමින් හැඳැ, එන් පමුදමෙකින් පබළු ලිය කලබක් වට කරන කලක් මෙන් විද්යුනල්ලතා සශ්රීෙක වූ කායබන්ධනය බැඳැ, රත්පලසෙකින් රන් ඇත් කුඹක් වලඳනා කලක් මෙන් ද සියක් රියන් උස ඇති රන් අගෑයකට පබළු දැලක් දමන්නාක්හු මෙන් ද, රන් දාබෙක්හි රත් පලස් හැට්ටයක් බහා ලන්නාක්හු මෙන් ද, යන්නා වු පූර්ණ චන්ද්රුයා රත් වලා කඩෙකින් වසන්නාක්හු මෙන් ද: ස්වර්ණ් පර්වත මස්තක යෙක්හි මනා කොටැ කකියවනලද ලක්ෂා රසයක් වක්කරන කලක් මෙන් ද. චිත්රතකූට පර්වත මස්තකය බඳුවද මල් දමෙකින් වසන්නාක්හු මෙන් ද, න්ය ග්රෝතධ ඵල සමාන වූ පැහැ ඇති අතිරක්ත වූ උතුම් වූ පාංශුකූල චීවරය පෙරවැ; ද්වාරාන්තරයෙන් හා කවාටාන්තරයෙන් ද නික්මැ දිවන්නා වූ බබළන්නා වූ බුද්ධ රශ්මියෙන් ප්රතකාශ කරන ලද නික්මීම් ඇති සේක්. රන්ගල් ගුහායෙකින් නික්මෙන්නා වූ අභීත කේශර සිංහ රාජයක්හු මෙන් ගඳකිළියෙන් නික්මැ, අසම බුද්ධ වේශයෙන් අප්රුමාණ වූ බුද්ධ විලාසයෙන් ගොස්; රාජ භවනයෙහි විභුතිය මඩනාක් වැනි වූ, දිව්ය් විමානශ්රිළයට අපහාස කරන්නාක් වැනි වූ, ශ්රීැකාන්තාවට වාසස්ථානයක් වැනි වූ, දිව්යස මනුෂ්යවයන් ගේ නේත්ර් නැමැති ලිහිණියනට එක මැ පැන් තොටක් වැනි වූ, ධර්ම‍ සභා මණ්ඩපයට වැඩැ සරහනලද රත්න මණ්ඩපයෙහි මනා කොටැ පණවන ලද උතුම් වු බුද්ධාසන මස්තකයට පැනැනැඟී යුගඳුරු මුදුනෙහි දිලියෙන්නා වූ ළහිරු මඬලක් මෙන් ෂඩ්වර්ණී වූ ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදුවමින් වැඩැ හුන් සේකැ.

ඒ බුද්ධරශ්මීහු වනාහි කරකැවී කරකැවී දසදහසක් සක්වළ ඒකවෘත් වැ යටින් වා පොළොව ඉක්මැ මත්තෙන් භවාග්රිය ඉක්මැ ශාසනයා ගේ අන්තර්ධානය දක්වා අතුරක් නැති වැ අනන්තාපරිමාණ සක්වළෙහි පවත්වමින් දිවැ ගියාහු යැ. එදවස් සියලු දශ දිශාවෝ දික් කොටැ විදහන ලද රත්නයෙන් විසි රු වූ ස්වර්ණත පටයන් මෙන්ද, එන් රසයෙන් තෙමන ලද්දවුන් මෙන් ද, සිය ගණන් මිණී දඬු වැට පහනින් ගැවසි ගත්තවුන් මෙන් ද, අතුරු නැති කොටැ විසුරුවන ලද කිණිහිරි මල් මෙන් ද. වාත වේගයෙන් විසිරැගිය සින්දුර කල්කයෙන් සම්පුර්ණර වූවන් මෙන් ද, අනේකප්රයකාර වූ රත්නාභරණයෙන් දිලියෙන්නවුන් මෙන් ද හෙබියාහු යැ. ඒ බුද්ධශ්රීරය වනාහි දැකැ නොයෙක් ලක්ෂ ගණන් ක්ෂත්රිාය බ්රාපහ්මණ ගෘහපතීහු ද, බොහෝ සේ දසදහසක් සක්වළ දෙවතාවෝද. “නොයෙක් කල්ප කෝටි සතසහස්රදයෙකිනුත් දුර්ලභ වූ ද, දර්ශන ඇති, ව්යාකම ප්රරභා මණ්ඩලයෙන් වට කරන ලද අසූ අනුව්යෝඤ්ජනයෙන් හෙබියා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ගැවසිගත්තා වූ සිත් කලු වූ ශරීර ඇති, අනල්ප වු දර්ශන ඇති, අතිමධුර වූ ධර්ම්ඝෝෂා වන් ඇති, යථාභූත ගුණාධිගමයෙන් ලෝකයෙහි ‘අරහත්තයහ’යි ලබනලද නම් ඇති, අර්හත් වු සම්යරක් සම්බුද්ධවරයන්ගේ ප්රෂසාදයෙන් සෞම්යා වු නේත්රස දල්වා දර්ශන මාත්රදයකුත් ඉතා යහපත් වන්නේ යැ; වැඩ එළවන්නේ යැ; සැප එළවන්නේ යැ. ඉදින් අෂ්ටාඞ්ගයෙන් සමන්විත වු බ්රනහ්ම ස්වරයෙන් ධර්ම් දේශන කරන්නා වූ සර්වඥයන් ගේ එක පදයකුත් අසන්නට ලදුමෝ නම් ඉතා යහපත් වන්නේයැ”යි මෙබඳු වූ අධ්යායශය කොටැ තමන් තමන් ගේ සියලු කටයුතු හැරැ සතුටු වූ සිත් ඇති වැ එකෙණෙහි රැස් වූවාහු යැ.

ඒ නිර්මවල ප්‍රභා ඇති..සංස්කරණය

ඒ නිර්මවල ප්‍රභා ඇති සර්වඥයන් වහන්සේ පිරිවරා හුන්නා වූ සකසිත පරහිත දෙක දැන්්මෙහි සමර්ඛ වූ ශ්ර මණ සමූහයේ සියල් ලෝ මැ ධූත ගුණයෙන් යුක්ත වන බැවින් අල්පේච්ඡජියහ. ද්වා දශවිධ සන්තෝසයෙන් සතුටු වන බැවින් සන්තුෂ්ටයහ. කාය විවේක චිත්ත විවේක උපදි විවේක යැයි කියන ලද ත්රිහවිධ විවේකයෙන් යුක්ත වන බැවින් විචික්තයහ. කුලෙහි ගෙණෙහි නො ඇලෙන බැවින් අසංසට්ඨියහ. තමා ගේ ස්වල්පමාත්රඇ වූ දෝෂයෙක්හි ද භය දක්නාසුලු බැවින් ගිරුකයහ. මෙරමා ගේ ස්වල්ප වූත් දෝෂයක් නිමිත්ත කොටැ දක්වා බැවින් වෝදකයහ. පාපි පුද්ගලයනට නින්දා කරන බැවින් පාප ගරහී වන්නාහ. චතුර්විධ සම්යපක්ප්ර්ධාන ලක්ෂන වීර්ය්ප ගයෙන් යුක්ත වන බැවින් ආරම්ධ වීර්ය්ය හ. සර්වඥ කල්ප වැ ධර්මගදේශනා කරන බැවින් වක්තෲ හ. සඞ්ග්රාරම භූමියෙහි අසි ශක්ති තෝමර ප්ර හාරයෙන් අකම්පිත හස්තියක්හු මෙන් බොහෝ දුර්ජනයන් ඇති ලෝකයෙහි පරුෂ වචනයෙන් අකම්ප්ය වන බැවින් වචනක්ෂමයහ.


එයින් වදාළහම:-


“තුදන්ති වාචාහි ජනා අසඤ්ඥතා

සරේහි සඞ්ගාම ගතංච කුඤ්ජරං

සුත්වාන වාක්යංන ඵරුසං උදරිතං

අධිවාසයේ භික්ඛු අදුට්ඨචිත්තෝ”යි.


චතුර්විධ පාරශුද්ධි ශීලයෙන් පිරිසුදු වන බැවන් ශිලසම්පන්නයහ. චිත්තෛකාග්රුතාවෙන් යුක්ත වන බැවින් සමාධි සම්පන්නයහ. විදර්ශතනා ප්රවඥාවෙන් යුක්ත වන බැවින් ප්රමඥා සම්බන්නයහ. පඤ්චවිධ විමුක්තීන් සමූපේත වන බැවින් විමුක්ති සම්පන්නයහ. අර්හත් ඵලඥානයෙන් යුක්ත වන බැවින් විමුක්ති ඥානදර්ශන සම්පන්නයහ. වමාරනලද රාගාදි දෝෂසන් ඇති වන බැවින් වෘන්ත දෝෂයහ. භග්න කරනලද සකල ක්ලේශයන් ඇති වන බැවින් භින්න ක්ලේශයහ. නසනලද තෘෂ්ණා නැමැති අවුල් ඇතිවන බැවින් විජටිත ජටයහ. සිඳුනාලද සංසාර බන්ධනයන් ඇත්තාහ. මෙබඳු වූ ඒ සියලු භික්ෂුහු මැ නහෝමධ්යඳගත වූ පූර්ණබ චන්ද්රබ මණ්ඩලයක් හට මෙන් සර්වඥයන් වහන්සේට මැ නමස්කාර කෙරෙමින් උන්නාහ.

ඔවුන් විසින් පරිවරනලද භාග්යසවත් වූ බුදුරජාණන් වහන්සේ රත් පලෙසෙකින් පරික්ෂේප කරනලද්දා වූ ස්වර්ණ ස්කන්ධයක් වැනි සේකැ. රක්ත පද්ම වන මධ්යායට පැමිණියා වූ ස්වර්ණ් නෞකාවක් වැනි සේකැ. ප්රතවාලමය වේදිකාවෙකින් පරික්ෂේප කරනලද්දා වූ ස්වර්ණ ප්රාපසාදයක් වැනි සේකැ.

මෙසේ සියලු ජනයාට මස්කත ප්රාලප්ත වැ සිටි ඒ සර්වඥයන් වහන්සේ වීතරාග වූ සේක් තමන් වහන්සේ මෙන් විතරාග වූ භික්ෂුන් වහන්සේ විසින් පිරිවරනලද සේකැ. තමන් වහන්සේ වීතද්වේෂ වූ සේක් තමන් වහන්සේ මෙන් වීතද්වේෂ වූ භික්ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේකැ. තමන් වහන්සේ සසරින් එතෙරවැ සිටි සේක් ‍තමන් වහන්සේ මෙන් සසරින් එතෙර වැ සිටියා වු භික්ෂුන් වහන්සේ විසින් පිරිවරනලද සේකැ. තමන් වහන්සේ නීඃක්ලේශ වූ සේක්තමන් වහන්සේ මෙන් නිඃක්ලේශ වූ භික්ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේකැ. තමන් වහන්සේ දුඃඛ සුමුදය නිරෝධ මාර්ගන යැ යි.කියනලද සතුස්සත්යා්ව බෝධය කළ සේක් තමන් වහන්සේ මෙන් චතුස්සත්යාිව බෝධය කළා වු භික්ෂූන්වහන්සේ විසින් පිරිවරනලද සේකැ.

තව ද, බුදු රජාණන් වහන්සේ පෙත්තෙන් පිරිවරන ලද්දා වූ කෙසුරු මෙන් ද කෙසුරින් පිරිවරනලද කෙමියක් මෙන් ද, අට දහසක් ඇතුන් විසින් පිරිවරනලද ෂඞ්දන්ත නම් හස්තිරාජයා මෙන්ද, අනුදහසක් හංසයන් විසින් පිරවරන ලද ධෘතරාෂ්ට්රය නම් හංස රාජයා මෙන්ද, සතිස් යොදනෙකැ පැතිරැ සිටි සේනාවෙන් පිරිවරනලද සක්විතරජක්හු මෙන් ද, බ්රතහ්ම සමූහයා විසින් පිරිවරනලද පූර්ණ චන්ද්රකයා මෙන් ද බබළන සේකැ.

තව ද, ඒ සර්වඥයන් වහන්සේ ගේ ව්යාරම ප්රිභා මණ්ඩල පරික්ෂේපයෙන් විලාසවත් වූ ද්වාත්රිං ශත් මහා පුරුෂ ලක්ෂණ මාලාවෝ ගොතා පිළිවෙළින් තබන ලද චන්ද්ර‍මණ්ඩල මාලාවන් දෙතිස් දෙනකුන් ගේ ද, සූර්ය්්ර මණ්ඩල මාලාවන් දෙතිස් දෙනකුන් ගේ ද, පිළිවෙළින් සිටි චක්රදවර්ති රජ දරුවන් දෙතිස් දෙනෙකුන් ගේ ද, ශක්රෙ දේවේන්ද්ර්යන් දෙතිස් දෙනෙකුන්ගේ ද, මහා බ්ර හ්මයන් දෙතිස් දෙනකුන් ගේද ශ්රීර සමෘද්ධිය තමන්ගේ ශ්රීත සමෘද්ධියෙන් මඩනා ලද්දාක්හු වැන්නෝ යැ. මෙසේ ප්රගමාණතික්රාදන්ත වු කාලයක් මුළුල්ලේ රැස් කරන ලද කුශල බලයෙන් උපන්නා වූ චින්තාවිෂයාතික්රාන්ත වූ උපමාවිශයාතික්රාන්ත වූ සර්වඥ විලාසයෙන් විශේෂයෙන් ප්රවසන්න වූ ආකාශ තලයෙහි දිලියෙන්නා වූ පූර්ණි චන්ද්රෂයා මෙන් භාග්යවවත් වූ බුදු රජාණන් වහන්සේ දිලිසෙන කල්හි, නීල පීත ලෝහිතාදි වූ සවනක් පැහැ ඇති දෑ සමන් මල් සපු මල් සීනිද්ද මල් රතුපුල් නිලුපුල් මුහුල මල් නිකමල් යනාදී වූ පුෂ්පයෝ ද අති සුගන්ධ ගන්ධ චූර්ණ යෝද සතර මහා ද්වීපයෙහි එක පැහැරැ වස්නා මේඝයෙන් හරනා ලද ජල වර්ෂා සෙයින් පූජා වශයෙන් දිව්යව මනුෂ්යායන් විසින් ඉස්නා ලද ගඳ සුණු හා දිව කුසුම් වර්ෂාවෝද වටහ. ආතත යැ විතත යැ ආතත විතතයැ ඝන යැ සුසිර යැ යන පඤ්චාංගික තූර්ය ඝෝෂාවෝ ද බුද්ධ ගුණ ධර්ම ගුණ සඞ්ග ගුණයෙන් යුක්තවු ස්තුති ඝෝෂාවෝ ද දසදික් පිරුවාහු යැ. දිව්යණ මනුෂ්යු නාග සුපර්ණ යක්ෂ රාක්ෂසාදීන් ගේ නේත්ර යෝ අමෘත පානයක් මෙන් බුදුන්ගේ රුපාමෘත පානය ලද්දාහු යැ.

එකල්හි නිර්මල වූ ප්රපභා ඇති ඒ බුදුරජාණන් වහන්සේ නේත්ර රශ්මිජ්චාලා නමැති පවිත්ර් ජලයෙන් මහජනයා තෙමන්නාක්හු මෙන් බබළන සේක්, සුපුෂ්පිත වූ අවිකල වූ රත් පියුම් වනයක් මෙන් හුන්නාවු භික්ෂු පර්ෂසද දැකැ. “මේ භික්ෂු පෂර්දන ඉතා හොබනේ යැ. එකද භික්ෂුවක්හුගේත් හස්ත පාදයන්ගේ චලන මාත්රහයෙක් වෙවායි ආශ්වාස ප්ර්ශ්වාස ශබ්දයෙක් වේ වායි නැත. සර්වාාභරණයෙන් සැරහී සමීපයට පැමිණියා වූ නාටක ස්ත්රීයන් සහිත වූ ක්ෂත්රි. පර්ෂිදක් බ්රාහහ්මණ පර්ෂණදක් ගෘහපති පර්ෂ දක් චාතුර්මහා රාජික පර්ෂ‍දක් තාවතිංස පර්ෂබදක් යාම පර්ෂ්දක් තුෂිත පර්ෂෂදක් එක ද භික්ෂුවෙක් හෝ නොබලන්නේ යැ සියලු භික්ෂුහු මා බල බලා ඉඳිති මේ භික්ෂුවහු ද බුද්ධ ගෞරවයෙන් සගෞරවයහ. බුද්ධ තෙ‍ජසින් තැති ගත්තාහ. මාගේ අයුෂ් කාලය මුළුල්ලෙහි මා කථාවක් නුපදවා හුන් කල්හි පළමු කොට කථාවක් උපදවා බුද්ධ ගෞරවයෙන් නොකියති. එසේ හෙයින් මම් මැ පළමු කොටැ කථාවක් උපදවමි”යි අනන්තා පර්යන්ත කල්ප කෝටිශතසහස්රුයෙහි අතුරු නැති වැ පවත්වන ලද වාක්සුචරිතානුභාවයෙන් දිව්යෝ සුගන්ධයෙන් පරිභාවිත වු අනේක පුකාර වූ සුගන්ධ ද්රාව්යටයෙන් පුරනලද රුවන් කරඬුවක් හරනා කලක් මෙන්; පාරමිතා නමැති ජලයෙන් උපන්නා වූ සර්වකඥතාඥාන නැමැති සූර්ය්මැත රශ්මින් විකසිත වූ මොළොක් වූ තුනි වූ පළල් වූ ජ්හ්වා නැමැති පියුම් කෙමි ඇති. උතුම් වූ සම වු පිරිසිදු වූ අවිචර වු උභය දන්ත පඞ්ක්ති නැමැති පියුම් කෙසුරු ඇති අතිරක්ත වූ ඔෂ්ඨද්වය නැමැති පෙති පිරිවර කොටැ ධර්ම නැමැති මධු බින්දු වහනය කරන්නා වූ සශ්රීික වූ මුඛපද්මය විවෘත කොටැ මධුපානයෙන් සන්තුෂ්ට වූ ලීලෝපෙත වූ බුදු ගුණ මෙන් ගැඹුරු වූ දික් වූ හඬ ඇති ඇලුම් කටයුතු වූ ‍ම‍නෝඥ වූ කුරවික නාදයක් හා සමාන වූ මධුර ස්වර විහිදුවා, යටින් අවිචිය හා මත්තෙන් භවාග්රූය ද පැහැරැ මධුර ස්වරයෙන් දස දහසක් සක්වළ වසමින් “මහණෙනි! මෙතැන්හි දැන් කවර කථාවෙකින් උපලක්ෂිත වැ උන්නුද, තොප අතුරෙහි අඩාල කරන ලද්දේ කවර කථාවෙක් ද? මම තොපගේ කථා විච්ඡේදයක් පිණිසැ අයෙම් නොවෙමි. මම වූ කලී සර්වගඥ වූ බැවින් තොපගේ කථා නිෂ්ඨා කොටැ මස්තකප්රාටප්ත කොටැ දෙමියි අයෙම් වෙයි”යි ශ්රාිවකයන් හා ප්ර ත්යොක බුද්ධයන් හා අසාධාරණ වූ සර්වනඥ ප්රාචාරණ යෙන් පැවැරූ සේකැ.

එකල්හි ප්රි ති සෞමනස්යයයෙන් සන්තුෂ්ට වු සිත් ඇති භික්ෂුන් වහන්සේ, “ස්වාමිනි! ආනන්දට ස්ථිවරයන් විසින් කරන ලද බෝධි පූජාව අරබයා උන් ගේ ගුණ කථාව අප විසින් අඩාළ කරන ලද්දේ යැ. රජා කාථාදි ස්වර්ග මෝක්ෂයට බාධක වු කථාවක් කොටැ අඩාළ කරනලද්දේ නො වෙයි. එකල්හි බුදුරජාණන් වහන්සේ මෙතැනට පැමිණි සේක. දැන් අප ගේ ඒ කථාව මුදුන් පමුණුවා වදාළ මැනැවැ”යි ආරාධනය කළ සේකැ.

එකල්හි තුන් ලොව එකාලෝක කරන්නට සමර්ථ වූ ඥාන ඇති බුදුරජාණන් වහන්සේ “මහණෙනි!දැන් මතු නො වෙයි. පළමුත් අනන්දර ස්ථිවරයෝ පිරිවර සහිත වූ සතර මහද්විපයෙහි මනුෂ්යෙයන් ගෙනැ බොහෝ සුවඳ මල් ගෙන්වා මහා බෝ මැ‍ඬෙහි මහත් වූ බෝධි පූජාවක් කරවූවෝ වේ දැ”යි සංක්ෂේපයෙන් දක්වා, ඒ ආශ්චර්ය ඇසීමෙහි ඇවිටියෙන් යුක්ත වූ සිත් ඇති භික්ෂුන් විසින් ආරාධිත වූ සර්වෙඥයන් වහන්සේ දේශනාව ගේ ආදි මධ්යිවසානය එකඟ වැ අසීමෙහි අභිලාෂ ඇති සියලු භික්ෂු පර්ෂද දැකැ; හිම ගර්භයක් පලාපියා පුන්සඳ මඩල පිටත් කොටැ ජනාක්හු මෙන් ද. කඩතුරාවක් පහ කොටැ විචිත්රම වූ චිත්රුකර්මාන්තයක් දක්වන්නාක්හු මේන ද, මහ දඹදිවට සලකුණු වූ සියක් යොදුන් මහ අඹ ගස මුලැගෙනැ සල්වන්නාක්හු මෙන් ද, ආකාශ ගඞ්ගාව බානා කලක් මෙන් ද, පෘථිවි පත්ලෙහි අම ඔජස ගෙනහැරැ සියලු සත්වයනට බෙදා දෙන්නාක්හු මෙන් ද යොද නක් පමණ මීවදයක් ධක්ර්යන්ත්රෙයෙන් පෙලාපියා සියලු සත්වයන් මධුපානය කරවන්නාක්හු මෙන් ද, පූර්ව ජනමයෙහි ආනන්දට ස්ථිවිරයන් විසින් කරන ලද මහා බෝධි පූජාව විභාගකරන්නා වූ බුදුරජාණන් වහන්සේ ඉකුත් වත ගෙනැහැරැ දක්වා වදාළ සේක.


10. කාලිංක චක්රයවර්ති කථාවසංස්කරණය

යටගිය දවසැ කලිඟු රට..සංස්කරණය

යටගිය දවසැ කලිඟු රට දන්තපුර නුවරැ කලිඟු නම් රජෙක් වියැ. ඒ රජහු ගේ මහා කාලිඞ්ග යැ චුල කාලිඞ්ග යැයි පුත්රජයෝ දෙදෙනෙක් වූ හ. ඔවුන් දෙදෙනා අතුරින් සුලුකලිඟු රජහු නිසා මදු රජහු ගේ දුව කුසින් උපන්නා වූ කලිඟු කුමාර නම් පුත්රලයෙක් වී යැ. ඒ කාලිඞ්ග කුමාර තෙමෙ හදාරනලද සියලු ග්රනන්ථයන් ඇත්තේ, පැමිණෙනලද සියලු චතුෂ්ෂෂ්ටි කලාවන් ඇත්තේ. සියලු ජනයනට සිත්කලු වූ උතුම් වූ රූපය ඇත්තේ, දන්තපුරයෙහි රජ වැ අභිනව යෞවනයෙන් ලලිත වූ රාජ්යඇ සැපය සැප සේ අනුභව කරන්නේ, අවශේෂ රාජ සමූහයාට සම්මාන කරන්නේ යැ; ශ්රුමණ බ්රානහ්මණ සමූහයා පුදන් නේ යැ; ප්රාජාව පරිපාලනය කරන්නේ යැ; බන්ධු වර්ගයා සතුටු කරවන්නේ යැ; මිත්රලයන් හා අමාත්යාේදි වූ අවශේෂ සත්ත්වයා විසින් පිරිවරන ලදු වැ දවස් යවන්නේ යැ. ඒ කාලිඞ්ග රජහු ගේ ; සකල ග්රින්ථයට හා චතුෂ්ෂෂ්ටි කලාවට වැදැ විනිවැදැ සිටියා වූ ගැඹුරු වූ නුවණැති, ප්රහකාශ වූ ප්රෂඥා ඇති කාලිඞ්ගභාරද්වාජ නම් පුරෝහිත බ්රා හ්මණයෙක් ඒ කාලිඞ්ග රජ්ජුරුව්න ගේ මහා පුරුෂ ලක්ෂණ දැකැ දශවිධ වූ සක්විතිවත් කීයේ යැ.


ඒ දසසක්විත්වත් කවරේ ද යත් :

1. එරජ දශකුශල කර්මපථ සමාදානය කොටැ ඊට සත්කාර ගුරුකාර නමස්කාර කොටැ වසන්නේ. අන්තෝජනසංඛ්යාරත පුත්රක දාරදීන් ශීල සංවරයෙහි පිහිටුවයි. ගන්ධමාලාවස්ත්රාකභරණාදීන් සංග්රරහ ද කෙරෙයි. බත් වැටුප් ආදිය දීමෙන් රක්ෂා ද කරන්නේ යැ.

රාජ්යිභිෂේකයෙන් අභිෂේක කරනලද රජදරුවනට එසේ මැ රක්ෂා වරණ ගුප්තසංවිධානය කෙරෙයි. යහපත්වූ හස්ත්යැශ්වාදි යානවාහනාදීන් සංග්රාහ ද කරන්නේ යැ. අභිෂේක නොකරනලද සේවක රාජ කුමාරවරුනටත් එසේ මැ රක්ෂාවරණ ගුප්ත සංවිධාන කරන්නේ යැ. ඔවුනට සුදුසු සුදුසු වූ යානවාහනාදිය දී සත්තෝෂ ද කරවන්නේ යැ. සේනාවට ආරක්ෂා සංවිධාන කෙරෙයි. කල් නො ඉක්මවා බත් වැටුප් වියදම් දීමෙන් ඔවුන් සන්තෝෂ ද කර වන්නේ යැ. බමුණනට අන්නපාන වස්ත්රාකභරණාදි දේය ධර්ම දානයෙන් හා ගොවිනට බත් බිජුවට නගුල් සරක් ආදිය දීමෙන් ද සඞ්ග්ර්හ කෙරෙයි. ඔවුනට රක්ෂා සංවිධානය ද කරන්නේ යැ. නියම්ගම්වාසිනට හා ජනපද වාසිනට ද බත් බිජුවට ආදිය දීමෙන් සඞ්ග්රමහ කෙරෙයි. රක්ෂා සංවිධාන ද කරන්නේ යැ. ශමිතපාප වූ ද බාහිත පාප වූ ද ශ්ර්මණ බ්රාකහ්මණයනට රක්ෂාසංවිධාන ය කෙරෙයි. ශ්රෙමණපරිෂ්කාරාදිය දීමෙන් සඞ්ග්ර හය ද කරන්නේ යැ. මෘගයනට හා පක්ෂිනට ද අභය දීමෙන් ආශ්වාස උපදවයි. රක්ෂා සංවිධානය ද කරන්නේ යැ. අධර්මයෙන් කරවුවර ගැනීම් ආදිය ද වළකන්නේ යැ. වස්තු නැත්තනට වස්තු දෙන්නේ යැ. අන්තඃපුර ජනාදීන් කෙරෙහි සුදුසු සුදුසු පරිද්දෙන් සඞ්ග්ර්හ ද රක්ෂාවරණගුප්ති සංවිධාන ද කරන්නේ යැ. මෙසේ ඒ රජ දශකුශල කර්මපථ ධර්මයෙන් ආඥචත්රිය පවත් වන්නේ යැ. එයින් වදාළහ.


“ඉධ භික්ඛු රාජා චක්කවත්ති ධම්මිකෝ ධම්මරාජා ධම්මංයේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරෙන්තෝ ධම්මං අපවායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්යෝ් ධම්මිකං එක්ඛාවරණගුත්තිං සංවිදහති අන්තෝ ජනස්මිං පුනවපරං භික්ඛු රාජා චක්කවත්තී--පෙ--ධම්මිකා රක්ඛාවරණගුත්තිං සංචිදහති ඛත්ති යේසු අනුයුත්තේසු--බල කායස්මිං --බ්රාතහ්මණගහපතිකේසු--නේ ගමජානපදේසු--යමණ බ්රාේහ්මණේසු-- මිගපක්ඛිසු. ස ඛෝ සෝ භික්ඛු රාජා චක්කවත්තී --පෙ--ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිද හිත්වා අන්තෝ --ජනස්මිං-- ඛත්තියේසු අනුයත්තේසු -- බලකා යස්මිං --බ්රා.හ්මණගහපතිකේසු --නේගමජානපදේසු--සමණ බ්රාසහ්මණේසු--මිගපක්ඛිසු ධම්මිකං රක්ඛාවරණ ගුත්තිං සංවිද හිත්වා ධම්මේනේව චක්කං වත්තේති. නං හෝති චක්කං අප්පතිවත්තිය කේනවි මනුස්ස භූතේන පච්චත්ථිකේන පාණීනා.”යි.

මෙ සේ ඒ කාලිඞ්ග භාරද්වාජ නම් පුරෝහිත බ්රා”හ්මණ තෙමේ මෙබඳු වූ දශවිධ චක්රලවර්ති වත් කියේ යැ. ඒ කලිඟු රජ තෙමේ දශවිධ චක්රනවර්ති වත් පුරා පසළොස් වක් ලත් උපෝසථ දිනයෙහි උදෑසන මැ ලක්ෂයක් වස්තු වියදම් කොටැ මහ දන් දී. සුවඳ පැන් සොළොස් කළයෙකින් ඉස් සෝධා නහා. පෙරවරු වේලෙහි කරනලද මේ නැමැවීම් ඇත්තේ, අතිධවල වූ උතුරු සළුවක් ඒකාංශ කොටැ බහා, ප්රාීසාදයා ගේ මතු මහල් තලයෙහි උතුම් වු ශ්රීර යහන් මස්තකයෙහි පර්ය්ර ඞ්ක බන්ධනයෙන් හැඳැ. තමා ගේ දානාදිමය වූ කුශල සමූහ අවාර්ජනා කෙරෙමින් හුන්නේ යැ. මේ සියලු චක්ර වර්ති රජ දරුවන්ගේ මැ ස්වභාවයෙක් වන්නේ යැ. මෙසේ ඒ චක්රසවර්ති රජදරුවන් තමන් ගේ දානශිලාදිමය වු කුසල කර්මය අභෝග කෙරෙමින් සිටියදී මැ උක්ත ප්රරකාර වූ කුශලය මැ ප්රවත්යකය කොටැ ඇති හේතුයෙන් උපන්නා වූ ඉන්ද්රරනීල මාණිකං්යර සමූහයක් බඳු වූ ද නැ‍රඟෙන හිර සමුද්රත ජල තලය බිඳුණාක් වැනි වූ ද ආකාශය සරහන්නාක් වැනි වූ, ද දහසක් දැවී ඇති නිම් වළලු සහිත වූ නැබ සහිත වූ සර්වාකාරයෙන් සම්පූර්ණ වූ දිව්ය් චක්රි රත්නය පහළ වන්නේ යැ. එසේ වූ චක්රා රත්නය කලිඟු රජ්ජුරුවනටත් එපරිද්දෙන් මැ පහළ වූයේ යැ.

යම් නාභියක් නිසා ‘ඒ චක්රුරත්නය නැබ සහිත යැ’යි කියන ලදදේ වී නම් ඒ නාභිය ඉන්ද්රයනීල මාණික්යරමය වන්නේ යැ. ඒ නාභි මධ්ය යෙහි රජතමය වූ ජිද්රභයෙන් පිරිසිදු වූ සිනිඳු දන්ත පඞ්ක්තියෙන් සිනා සෙන්නාක් මෙන් බබළන්නේ යැ. මැදින් සිදුරු වු සඳ මඬලක් මෙන් පිටත දෙකෙළවර රිදිපාටින් කරන ලද පරික්ෂේප වන්නේ යැ. ඒ නාභිය ගේ නාභිච්ඡිද්රරය පරික්ෂේප පට්ටයෙහි සුදුසු සුදුසු වූ ස්ථානයෙහි පරිච්ඡේද රේඛාවෝ මනා කොටැ විභාගකරන ලදු වැ මැ පෙනෙති. මේ වූ කලි ඒ චක්රඛරත්නයා ගේ නාභියෙහි සර්වාකාරයෙන් සම්පූර්ණ බව වන්නේ යැ.

යම් දැවියක් නිසා මැ “ඒ චක්ර් රත්නය දහසක් දැවි ඇත්තේයැ”යි කියන ලද්දේ වී නම්, ඒ දහසක් දැවී සත්රුවන්මය වන්නේ යැ. සූර්ය්ා රශ්මි මෙන් ප්රදභා සම්පන්න යැ. ඒ දැවියෙහි ද කොතුරුපත් හා කුදුමහත් බුබුළු හා පරිච්ඡේද රේඛාදිහු මනා කොටැ විභාග කරන ලදු වැ මැ පෙනෙන්නාහු යැ. මේ චක්රද රත්නයා ගේ දැවියෙහි සර්වාකාරයෙන් සම්පූර්ණ බව වන්නේ යැ.

යම් නිම් වළල්ලක් නිසා ඒ චක්රහරත්නය නිම් වළලු සහිත යැ යි කියන ලද්දේ වී නම්, ඒ නිම් වලල්ල බාලාර්ක මරිචි සමූහයා ගේ ශ්රීක සමෘද්ධියට අපහාස කරන්නාක් මෙන් ඉතා රත් වූ පිරිසිදු වූ සිනිඳු වූ පබළුමය වන්නේ යැ. නිම්වළලු සන්ධින්හි සන්ධ්යාු වලා පටල සේ සශ්රී ක වූ රක්ත ජාම්බුනද ස්වර්ණපට්ටයක් හා සමාන වට වූ රේඛා වෝද මනා කොටැ විභාග කරනලදු වැ මැ පෙනෙති. මේ චක්ර රත්නයා ගේ නිම් වළල්ලෙහි සර්වාකාරයෙන් සම්පුර්ණ බව වන්නේ යැ.

ඒ චක්ර් රත්නයා ගේ නිම් වළලු පිටැ දැවි දසයක් දසයක් අතරෙහි පිඹිනා වස්කුළල් සෙයින් ඇතුළක සිදුරු වූ වට සිදුරින් විසිතුරු වූ පටන් ගන්නා වූ පබළු දඬු සියයෙක් වන්නේ යැ. පවනින් පහරන ලද්දා වූ යම් ප්රනවාල දණ්ඩක්හු ගේ ශබ්දය තෙමේ අතිදක්ෂ වූ වාද්ය කාර යක්හු විසින් මනා කොටැ වයන ලද පඤචාඞ්ගික තූර්ය්්නේ නාදයක් මෙන් ම‍නෝඥ වේ ද, ඇලුම් කටයුතුත් වේ ද, දවසක් මුළුල්ලෙහි ඇසීමෙනුත් තෘප්තියකට නො පැමිණෙන හෙයින් සිත්කලුත් වේ ද, පුරුෂ මදාදිය උපදවනහෙයින් මද ජනකත් වේ ද. ඒ පබළු දඬු මත්තේහි ධවලච්ඡත්රමයෙකැ දැලයෙහි එල්වනලද මල්දම් ඇති අඩයටි දෙකෙකැ දෙකෙකැ යි මෙසේ එල්වන ලද මල්දම් ඇති අඩයටි දෙසියයෙකින් පිරිවරන ලද ධවලච්චත්රයයෙකැ දැලයෙහි එල්වනලද මල්දම් ඇති අඩයටි දෙකෙකැ දෙකෙකැ යි මෙසේ එල්වන ලද මල්දම් ඇති අඩයටි දෙසියයෙකින් පිරිවරන ලද ධවලච්ඡත්රේ සියයක් දරන්නා වූ පබළු දඬුසියයෙකින් හෙබියා වූ නිම්වළලු ඇති, චක්රර රත්නයා ගේ නාභිච්ඡිද්රු දෙදෙනා ගේ ඇතුළෙහි සිංහ මුඛ දෙකෙන් වන්නේ යැ යම් සිංහ මුඛ දෙකෙකින් නාඹ තල්කඳ පමණ වු චන්ද්රි මරිචි සමූහයක් සේ සශ්රී ක වූ ළහිරු මඬලක් වැනි වූ රත්පලස් හූවට කෙළවර කොටැ ඇත්තා වූ ආකාශ ගඞ්ගා අතිශෝභාව පරදවන්නාක් ‍වැනි වූ මුතුලැලි කඳු දෙකක් එලේ ද, චක්රදරත්නය හා සමඟ ආකාශයෙහි, පෙරැළෙන්නා වූ යම් මුතුලැලි කඳු දෙකෙකින් චක්රශ තුනක් එක් වැ පෙරැළෙන්නාක් මෙන් වැටැහේ ද, මේ චක්රනරත්නයා ගේ සර්වප්ර්කාරයෙන් ස්ර්වාකාර සම්පූර්ණත්වය වන්නේ යැ.

මෙසේ සර්වාකාරයෙන් සම්පූර්ණ වූ..සංස්කරණය

මෙසේ සර්වාකාරයෙන් සම්පූර්ණ වූ ඒ චක්රසරත්නය වනාහි පි‍යොවින් සවස බත් අනුභව කොටැ තමන් තමන් ගේ ගෙදොරවල පනවන ලදු අසුන්වල හිඳැ මනුෂ්යභයන් කථා කරන්නට පටන්ගත් කල්හි. විථි චතුෂ්කාදියෙහි බාලදරුවන් කෙළින්නට පටන් ගත්කල්හි, ඉතා උස් නොවන්නා වු ඉතා මිටි නොවන්නා වු වන ලැහැප් මුදුනට ආසන්න වූ ආකාශ ප්රනදේශයෙහි වෘක්ෂ ශාඛාග්ර යන් පොළොඹන්නාක් මෙන් ද, දොළොස් යොදනකැ පටන් අසනු ලබන්නා වූ මධුර ස්වරයෙන් සත්ත්වයන් ගේ කන් තමා කෙරෙහි පිටිටුවන කලක් මෙන් ද, යොදනෙකැ පටන් අනේක ප්රකකාර වූ ප්රටභා සමූහයෙන් දිලිසෙන්නා වූ වර්ණයෙන් සත්ත්වයන් ගේ ඇස් තමා කරා අදනාක් මෙන් ද, සක්විත රජහු ගේ කුශලානුභාවය අඬගා කියන්නාක් මෙන් ද, මහත් වූ ධ්වරනි පවත්වමින්-ඒ චක්රොරත්නය-අභිමුඛ වැ එන්නේ යැ. ඉක්බිත්තෙන් ඒ චක්රවරත්නයා ගේ දැක්ම හා සමඟ “මේ ධ්වනි තෙමේ කොයින් එන්නා වූ ශබ්දයෙක් දෝහෝ”යි “කා ගේ ශබ්ද යෙක් දෝහෝ”යි කල්පනා කරනලද සිත් ඇති වැ පූර්වදිග්භාගය බලන්නා වූ ඒ මනුෂ්යෝයන් අතුරින් එකෙක් එකකුට මෙසේ කියන්නේ යැ. “පින්වත! ආශ්චර්ය් අතයක් බලව. පුන්සඳ මඬල පෙර උදකලා වැ නැ‍ඟෙන්නේ යැ. අද වූ කලි තමාට දෙවෙනි වූ පුන්සඳ මඬලක්ගෙනැ නැංගේ යැ. රාජහංසයන් දෙදෙනකු මෙන් පූර්ණ චන්ද්රර යුගලය නො පසු වැ නො පෙරටු වැ ආකාශතලයට නැංගේ යැ”යි කී යැ. ඒ අසා ඕහට අනෙකෙක් මෙ සේ කියයි : “සබඳ තෝ කුමක් කියයි ද? තා විසින් පූර්ණ චන්ද්ර යන් දෙදෙනකු එක් වැ නැගෙන්නා කොතැනක දුටු විරූ ඇද්ද? ස්වර්ණරසධාරා සේ රන් වන්වූ රශ්මි ඇති මේ සූර්ය්දුටයා නො වේ ද නැංගේ යැ”යි කියයි. ඒ අසා ඕ හට අනෙකෙක් සිනාසී මෙසේ කියයි: “කිමෙක් ද? තෝ උන්මාද ඇත්තෙහි ද? දැන් මැ සූර්ය් ස යා අස්තයට ගියේ නො වේ ද? එසේ වූ සූර්ය් ඇත තෙමේ මේ පුර්ණචන්ද්ර්යා පසු පස්සෙහි අවුත් කෙසේ නම් නැංගේ ද? එකාන්තයෙන් මේ ‍අනේක ප්රමකාර වූ රශ්මි ස්කන්ධ සමූහයෙන් බබළන්නා වූ කිසි මැ පිනැත්තක්හු ගේ විමානයෙක් වන්නේ යැයි” කියයි.

ඒ අසා ඔවුන් හැම දෙනාට අපහාස කෙරෙමින් සමහර කෙනෙක් මෙසේ කියති. “බොහෝ කොටැ කුමක් පිණිසැ ප්ර ලාප දෙඬුව ද? මෙ තෙමේ පූර්ණ චන්ද්රහයෙකුත් නො වෙයි. ඒ චන්ද්ර්සූර්යාඬ දීනට මෙබඳු වූ ස්වර සම්පත්තියෙක් නැත. මේ වූකලි චක්ර රත්නය විය යුතු යැ’යි කියති. මෙසේ ඒ මහජනයා කථා කොට කොටැ සිටියැදි මැ චන්ද්රර මණ්ඩලය පසු කොටැ චක්රයරත්නය අභිමුඛ වැ ඒන්නේ යැ. ඉක්බිත් තේන් ඒ මනුෂ්ය යන් විසින් “කවරක් හට මේ පහළ වී දො‍හෝ”යි කියන කල්හි මෙසේ කියන්නාහු වෙති: “අන් කරවක් හට පහළ වේද? අප ගේ මහ රජ්ජුරුවන් වහන්සේ පුරනලද සක්විති වත් ඇතිසේකැ. එසේ හෙයින් උන් වහන්සේට මේ චක්රලරත්නය පහළ වී යැ”යි කියති.

ඉක්බිත්තෙන් මහා ජනයාත් අන්ය් වූ යම්කිසිවෙකුත් චක්රචරත්නය දුට‍වෝ වූ නම් සියලු ජනයෝ තුමු චක්රිරක්නය මැ අනු වැ යන්නෝ යැ. ඒ චක්රිරත්නය ද රජ්ජුරුවන් නිසා මැ තමා ආබව ප්රුකාශ කරන්නාක් මෙන් සත්වරෙකැ පවුරු වළල්ල මුදුනේ මැ නුවර සිසාරා ඇවිදැ රජ්ජුරුවන්ගේ අන්තඃපුරය පැදකුණු කොටැ අන්තඃපුරයට උතුරු සීමැදුරු කවුළුව සමීපයෙහි ගඳ දුම් මල්පහන් ආදීන් සැප සේ පූජා කරන්නට යම් සේ පිළවන් ද එපරිද්දෙන් ඒ චක්රදරත්නය අකුරක් ගැසූ කලක් මෙන් සිටිනේ යැ. මෙසේ සිටියා වූ ඒ චක්රරරත්නයා ගේ ප්රගභාසමූහයන් කවුළු දොර සිදුරු ආදියෙන් වැදැ අනේකවර්ණරත්නා ලෝකයෙන් දිලිසෙන්නා වූ අන්තඃප්රායසාදය ඒ ප්රකභාසමූහයෙන් බබළන්නා දැකැ. චක්රරරත්නය දක්නා පිණිසැ රජතෙමේ උපන්නා වූ අභිලාෂ ඇති වන්නේ යැ. ඒ රජහු ගේ පිරිවර ජනයෝ ද ප්රිැය තෙපුල් නැමැති පඬුරින් යුක්ත වැ අවුත් ඒ කාරණය දන්වන්නෝ යැ. ඉක්බිත්තෙන් රජතෙම බලවත් වූ ප්රීැති ප්රඒමෝදයෙන් පතළා වූ ශරීර ඇත්තේ. පර්ය්ත්තඞ්ක බන්ධනය හැරැ හුනස්නෙන් නැගී. සීමැඳුරු කවුළුව සමීපයෙහි සිටැ චක්ර්රත්නය දැකැ ක්ෂත්රි්ය ජාති ැති ක්ෂ්ත්රිගයාහි ෂේකයෙන් මස්තකයෙහි අභිෂේක කරන ලද පසළොස්වක් පොහෝ දිනයෙහි, ඉස හා සමඟ ස්නානය කොටැ උපෝසථ සීලය සමාදන් වැ ප්රාිසාදයෙහි මතුමාල්තලයට පැමිණියා වූ යම් රජක් හට දහසක් දැවි ඇති නිම් වළලු සහිත වූ නැබ සහිත වූ සර්වාකාරයෙන් සම්පූර්ණ වූ දිව්ය් වූ චක්ර රත්නය පහළ වේ ද. එතෙමේ සක්විතිරජ වන්නේ යැ”යි මා විසින් මේ කාරණය පළමු අසන ලද් දේ මැයැ. එහෙයින් මම රත්න චක්ර”යෙන් පවත්නා හෙයින් ද, ප්රිතිරූප දේශ වාස සත්පුරුෂ සංසේවා සද්ධර්මශ්ර වණ කෘත පුණ්යනතා යැ යි කියන ලද චතුර්විධ සම්පත්ති චක්රවයෙන් පවත්නා හෙයින් ද, එහි අනුන් පවත්වන හෙයින්ද, පර වැඩ නිසා පවත්වනලද ඊර්යාන පථ චක්ර ඇත්හෙයින් ද. චක්රධ සඞ්ඛ්යාඩත වූ චකුර්විධ ආර්ය් ඊර ධර්මයන් හා සතර සංග්රඇහවස්තුයෙන් සමන්විත වන බැවින් ද, අනුන් විසින් මැඩ පැවැත්ත නො හැක්කා වු ආඥා චක්ර් ඇති බැවින් ද, එහි අනුන් පවත්වන බැවින් ද චක්ර වර්ත යැයි ලබන ලද නම් ඇති සක්විතිරජ වෙම් දො‍නහෝ”යි සිතන්නේ යැ. කලිඟු රජ්ජුරුවනට ද ඒ සියල්ල එපරිද්දෙන් මැ වූයේ යැ.

සියලු චක්රවවර්ති රජදරුවනට මැ උතුරු සළුව ඒකාංශ කොටැ බහා, වමතින් ඇත් සොඬක් බඳු වූ කෙම් ඇති ස්වර්ණ හෘඞ්ගාරය ඔසොවාගෙනැ දකුණතින් චක්රඬරත්නයට පැන් වඩා. “පින්වත් වූ චක්රැරත්නය බො‍හෝ කල් පවතිවායි. පින්වත් වූ චක්ර්රත්නය සතුරන් ජය ගෙනැ සිටීවා”යි යන මේ වචනය හා සමඟ මැ ආකාශයට පැන නැඟී ආකාශයට පැනැ නඟින්නේ යැ. ඉක්බිත්තෙන් ඒ රජහු ගේ ඡත්රඟවාමරාදිය ගත් ඇත් ඇති පරිවාර ජනයා ද අන්තඃපුරජනයා ද, ඉක්බිත්තෙන් අනේකප්රිකාර වූ සැට්ටසන්නාහ ආදි වූ සැරහීමෙන් සැරහුණා වූ අනේක ප්රෙකාර වූ ආභරණාලෝක සමෘද්ධින් දිලියෙන්නා වූ නඟනලද ධ්වජ පතාකායෙන් අලඞ්කෘත වූ තම තමන් ගේ සේනාව හා සමඟ යුව රජ්ජුරුවන් හා සෙනෙවිරදුන් ප්රමධාන කොටැ ඇති අමාත්යහයෝද ආකාශයට පැනනැගී රජ්ජුරුවන් මැ පිරිවරා ගන්නාහු යැ.

තව ද රාජ පුරුෂයෝ පිරිවර ජනයාට සඞ්ග්රජහ පිණිසැ නුවර වීථියෙහි “එම්බා පින්වත්නි! අප ‍ේග රජ්ජුරුවන් වහන්සේට චක්ර“රත්නය පහළ වී යැ. තම තමන්ගේ විභවානුරූප පරිද්දේන් සැදී රැස්වුව”යි බෙර ලවති. මහා ජනයෝ ද ස්වභාවයෙන් චක්රට රත්නයා ගේ ඝෝෂාවේන මැ තමන් තමන් ගේ සියලු කටයුතු හැරැ මල් පහන් ආදිය ගෙනැ රැස් වූවාහු යැ. ඒ සියලු මහා ජනයෝ ද ආකාශයට පැනැනැගී රජ්ජුරුවන් මැ පිරිවරා ගන්නාහු යැ. යමක් හට රජ්ජුරුවන් හා සමඟ යනු කැමැති සිතෙක් උපන්නේ වී නම්, ඒ ඒ සත්ත්ව තෙමේ ආකාශගත වූයේ මැ වෙයි. මෙසේ දොළොස් යොදනක් පමණ දිග පුළුල ඇත් චක්රයවර්ති පර්ෂද වන්නේ යැ. ඒ චක්ර්වර්ති පර්ෂද් අතුරි් එක පුරුෂයෙකුත් සුන්බුන්නා වූ ශරීර ඇත්තෙක් හෝ කිලුටු පිදුහන්නේක් හෝ නැති. ඒ එසේ මැ යි. සක්විති රජ තෙමේ අතිපරිශුද්ධ වූ පිරිවර ඇත්තේ යැ. චක්රෂවර්ති පර්ෂද නම් විද්යා්ධර පර්ෂදක් මෙන් ආකාශයෙහි යන්නේ යැ. ඉන්ද්රෙනිල මාණික්ය මය වූ භූමිතලයෙක්හි විසුරුවනලද සත්රුවන් සමූහයක් මෙන් හොබනේ යැ. කලිගු රජ්ජුරුවනටත් එපරිද්දෙන් මැ වුයේ යැ.

ඒ චකුරත්නය වනාහි වෘක්ෂයන් ගේ මතු මත්තෙන් ඉතා උස් නො වන්නා වූ ආකාශ ප්රවදේශයෙන් වපත්තේ යැ. යම් සේ වෘක්ෂ යන් ගේ පුෂ්ප ඵල පල්ලවයෙන් ප්රරයෝජන ඇත්තා වූ සත්ත්වයෝ ඒ පුෂාපාදීන් සැප සේ කඩාගන්නට සමර්ථ වෙද්ද, තව ද යම්සේ භූමියෙහි සිටියා වූ සත්ත්වයෝ “මු රජ්ජුරුවෝ යැ, මූ යුවරජ්ජුරු වෝ යැ මූ සෙනෙවි රද්දු යැ”යි සලකන්නට සමර්ථ වෙද්ද, එබඳු වූ නොඋස් නොමිටි ආකාශ ප්රිදේශයෙන් යන්නේ යැ ස්ථාන නිෂද්යාෝදි වූ ඊර්යාොඋස පථයන් අතුරෙහිදු යමෙක් ඉඳීම් සිටිම් ආදි වූ යම් ඊර්ය් නිපථ යෙකින් යනු කැමැත්තේ වී නම්, එතෙම ඒ ඒ ඊර්යාම් පථයෙන් මැ යන්න් යැ. මේ සේනාවෙහි සිතියම් ආදි ශිල්ප කර්මාන්තයෙහි නිරත සත්ත්වයෝ ද තම තමන් කළමනා කටයුතු කෙරමින් මැ යන්නාහු යැ. භූමියෙහි දී යම් සේ සියලු කාර්ය්ු සමෘද්ධ ද එපරිද්දෙන් මැ ඒ ඒ සත්ත්වයන් ගේ සියලු කටයුතු ආකාශයෙහි දී සමෘද්ධ වන්නේ යැ. මෙ සේ චක්රහවර්ති පර්ෂද හැර ගෙනැ ඒ චක්රයරත්නය වමැලයෙන් මහාමෙරු පර්වතය පහ කොටැ මහා සමුද්රැය මතු පිටින් සත් දහසක් යොදුන් පමණ ඇති පූර්ව විදේහයට යන්නේ යැ. ඒ පූර්ව විදේහයෙහි දිගින් පුළුලින් දොළොස් යොදනක් පමණ ඇති වටින් සතිස් යොදනක් පමණ ඇති පර්ෂද වාසය කරන්නට යෝග්යස වූ සුලභ වූ ආහාරපාන වර්ගාදි උපකරණ ඇති ඡායාවෙන් හා ජල යෙනුත් සමෘද්ධ වූ පවිත්රප වූ සමතල වූ රම්යව වූ භූමි පුදේශයෙක් වේ ද ඒ භූමි ප්ර්දේශය මත්තෙහි චක්රිරත්නය අකුරක් ගැසුවාක් මෙන් සිටි නේ යැ. ඉක්බිත්තෙන් ඒ සලකුණින් ඒ සියලු සත්ත්වයෝ බිමට බැසැ සැප සේ කැමැති පරිද්දෙන් ස්නාන භෝජනාදි සියලු කටයුතු කෙ‍රෙමින් වාසය කරන්නාහු යැ. කාලඞ්ග චක්රනවර්ති රජ්ජුරුවනට ද ඒ සියල්ල එපරිද්දෙන් මැ වුයේ යැ.

මේපරිද්දෙන් මෙසේ ..සංස්කරණය

මේපරිද්දෙන් මෙසේ චක්ර්වර්ති රජ්ජුරුවන් වාසයට පැමිණි කල්හි ඒ පූර්වවිදේහයෙහි යම් රජ දරු කෙනෙක් ඇත්නම්, ඔහු හැමදෙන සතුරු සේනාවක් ආවා යැ”යි අසා තම තමන්ගේ සේනාව රැස් කරවා යුද්ධයට නො සැරැහේනනාහු යැ. ඒ එසේමැ යි. චක්රස රත්නයා ගේ උත්පත්තිය හා සමඟ යමෙක් සතුරු සංඥාවෙන් ඒ චක්රැවර්ති රජ්ජුරුවන් උදෙසා ආයුධයක් ඔසවන්නට සමර්ථ වන්නේ වී නම් එසේ වූ සත්ත්වයෙක් කිසි තැනෙක්හි නැත්තේ යැ. මේ චක්රනරත්නයා ගේ අනුභාවයෙක් වන්නේ යැ. ඒ රජ්ජුරුවන් ගේ චක්රයරත්නානුභාවයෙන් සියලු මැ සතුරෝ යම් හෙයෙකින් දමනයට පැමිණෙන්නාහු ද, එසේ හෙයින් මැ ඒ රජ්ජුරුවන් ගේ චක්රනරත්නය සතුරන් දමනයෙහි ලනබව හෙතු කොට ගෙනැ අරින්දම යැ යි කියනු ලැබේ.


එහෙයින් කියන ලදී:-


“චක්කානුභාවේන හ තස්ස රඤේඤෝ

අරී අසේසා දමථං උපෙන්ති.

අරින්දමං නාම නරාධිපස්ස

තේනේව තං වුච්චති තස්ස වක්කං”යි.


එහෙයින් සියලු මැ රජදරුවෝ තම තමන් ගේ රාජ්යජ ශ්රීල සමෘද්ධියට සුදුසු සුදුසු වූ පඬුරු ගෙනැ ඒ චක්රේවර්ති රජ්ජුරුවන් කරා එළඹැ නමස්කාර කොටැ තමතමන් ගේ ඔටුනු මිණි රස් නැමැති අභිෂේක ජලයෙන් ඒ රජ්ජුරුවන් ගේ පාද පූජාව කරන්නාහු: “මහරජ්ජුරුවන් වහන්ස. වැඩිය මැනැව. මහ රජ්ජුරුවන්වහන්ස, නුඹවහන්සේ වැඩියා වූ ගමන ඉතා යහපත් ගමනේක වන්නේ යැ. මහ රජ්ජුරුවන් වහන්ස, මේ රාජ්ය යට අනුශාසනා කොට වදාළ මැනැවැ යි, ඒ චක්රවවර්ති රජ්ජුරු වනට තමන් විසින් කළ මනා කටයුතු කෙසේ කරමෝදැ”යි පිදුවිස්නා බවට පැහිණෙන්නාහු යැ. කාලිඞ්ග චක්රතවර්ති රජ්ජුරුවනට ද එපරිද්දෙන් මැ කළාහු යැ.

මෙසේ කීකල්හි චක්රිවර්ති රජ තෙමේ “මට අවුරුද්දක් පාසා මෙතෙක් අය පඬුරු දෙව”යි නො කියන්නේ යැ. එකක්හුගේ වස්තු උදුරා අනිකක් හට නො දෙන්නේ යැ. තමා‍ ගේ ධර්මරාජ බවට සුදුසු වූ නුවණින් පාණාතිපාතා දිය පරික්ෂා කොටැ ප්රිිය කටයුතු වූ මිහිටි කටහඬින් මෙසේ කියන්නේ යැ. “එම්බා පින්වත් වූ සත්ත්වයෙනි! බලවු, ප්රා ණඝාත නම්: අසෙවන කරන ලද්දේ වඩනා ලද්දේ මතුමත්තෙහි බොහෝ කොටැ කරන ලද්දේ නරකයට පමුණුවන්නේ යැ” යන මේ ආදි ක්රකමයෙන් ධර්මදෙශනා කොටැ “ප්රාාණවධ නො කටයුත්තේ යැ. අනුන්සන්තක වස්තු නො ගත යුත්තේ යැ. කාමමිත්යාතචාර නො කට යුතුතේ යැ. බොරු නො කිය යුත්තේ යැ. සුරා නොපිය යුත්තේ යැ. තොප තොපගේ භුක්තිය වූ පරිද්දෙන් මැ රාජ්යනශ්රීන අනුභව කරවු”යි අවවාද කරන්නේ යැ.


එයින් වදාළහ:-

“ද්වෙ ‘මේ භික්ඛවේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති; බහුජනහිතාය බහුජනසුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ චෙ ? තථාගතෝ ව අරහං සම්මාසම්බුද්ධෝ ; රාජා ව වක්කවත්ති”යි කාලිඞ්ග නම් චක්ර්වර්ති රජ ද එපරිද්දෙන් මැ සියල්ලනට අවවාද අනුසාශනා කෙළේ යැ.


“කිමෙක් ද, සියල්ලෝ මැ චක්රගවර්ති රජ්ජුරුවන් ගේ මේ අවවාද ගනිද්ද යත් : බුදුරජාණන් වහන්සේ ගේ අවවාදන පවා සියල්ලෝ නො ගනිති. අනෙක් කෙනකුන් ගේ අවවාද කිමෙකැ ගනිද්ද? එසේ හෙයින් යම් කෙනෙක් නුවණැත්තෝ වූ නම් ඔහු ගනිති. අවශේෂ වූ සියලු සත්ත්වයෝ වනාහි රජ්ජුරුවනට අනු වැ පවත්නාහු යැ. ඉක්බිත්තෙන් මෙසේ පූර්වචිදේහවාසි වු සත්ත්වයනට චක්ර වර්ති රජ්ජුරුවන් අවවාද දුන් කල්හි, චක්රදවර්ති පර්ෂද පෙරවරු බත් අනුභව කළ කල්හි චක්රවරත්නය ආකාශයට පැන නැඟී නැගෙනහිර සමුද්රවයට බස්නේ යැ. ඒ චක්රපරත්නය යම් යම් පරිද්දෙකින් සමුද්රියට බස්නේ වී නම් ඒ ඒ පරිද්දෙන් ; ඖෂධ ගන්ධයක් ආඝ්රා්ණය කොටැ ඵණ ගර්භය හකුළුවන්නා වූ නාග රාජයකු මෙන් හැකිළැ ගියා වූ රළ පතර ඇති වැ පසුබස්නා වූ සමුද්රඒජලය, යොදනක් පමණ පසුබැසැ සමුද්රසය ඇතුළෙහි වෛදූර්ය්සුබමය වූ හිත්තියක් මෙන් සිටිනේ යැ.

ඒ ඇසිල්ලෙහි මැ චක්රසවර්ති රජ්ජුරුවන් ගේ කුශල සමෘද්ධිය දක්නා කැමැත්තාක්හු මෙන් මහා සමුද්රත තලයෙහි විසිරැ සිටියා වූ අනේක ප්රදකාර වූ රත්නයෝ ඒ ඒ ස්ථානයෙන් අවුත් ඒ ප්‍ුරදේශයෙහි පිරෙන්නාහු යැ. එකල්හි රාජ සේනාව නොයෙක් රත්නයෙන් පිරුණා වූ මහා සමුද්රැය දැකැ. කැමැති පරිද්දෙන් ඔඩොක්කු ආදියෙන් උකාගන්නාහු යැ. කැමැති පරිද්දෙන් ඒ රාජ සේනාව සත් රුවන් උකාගත් කල්හි, චක්රකරත්නය පෙරළා නික්මෙන්නට පටන්ගන්නේ යැ. ඒ චක්රකරත්නය පෙරළා නික්මෙන්නට පටන් ගත් කල්හි, රාජසේනාව ඉදිරියෙහි යන්නී යැ. රජ්ජුරු‍වෝ මධ්ය යෙහි යන්නාහ. චක්රේරත්නය හැමට කෙළවර යන්නේ යැ. ඒ සම්රමද්රග ජලය ද චක්රරරත්න සමෘද්ධි යෙන් පොළඹන කලක් මෙන් ද, රත්න වියෝගය සහනය කොටැ ගත නො හෙන්නාක් මෙන් ද, නිම්වළලු කෙළවර ගැසෙමින් ගොඩට එන්නේ යැ. මෙසේ ඒ චක්රනවර්ති රජ පූර්ව සමද්රරය කෙළවර කොටැ ඇති පූර්වවිභේදය ජය ගෙනැ දකුණු සමුද්ර්ය කෙළවර කොටැ ඇති ජම්බුද්වීපය ජය ගන්නා කැමැති වැ, චක්ර‍රත්නය විසින් පානා ලද මාර්ගයෙන් දකුණු දිගට අභිමුඛ වැ යන්නේ යැ. කාලිඞ්ග නම් නරොත්තමයා ද එපරිද්දෙන් මැ ගියේ යැ.

මෙසේ පවත්නා වූ චක්රිරත්නයා ගේ පවත්නා ක්රිමයද, සේනාව ගේ රැස්වීම් ද, ඒ ද්වීපවාසී වූ සතුරු රජ දරුවන් ගේ ඊම ද, ඔවුනට අනුශාසනා කිරිම ද, දකුණු සමුද්රායට බැස්ම ද, රළපතර නැති වැ ඉන්ද්රා නීල මාණික්යපමය භත්තියක් මෙන් සමුද්රද ජලය පසුබැසැ සිටීම ද, සියලු සත්ත්වයන් සත්රුවන් උකාගැන්ම ද යන මෙ සියල්ල පළමු කියන ලද ක්රැමයෙන් මැ දත යුත්තේ යැ. මෙසේ දස දහසක් යොදුන් ඇති ජම්බුද්වීපය ජය ගෙනැ දකුණු සමුද්ර යෙන් උඩ නැඟි, සත්දහසක් යොදුන් පමණ ඇති අපරගෝයාන ජය ගන්නා සඳහා යට කියන ලද ක්රකමයෙන් මැ ගොස්, සමුද්ර ය කෙලවර කොටැ ඇති ඒ අපරගෝයානයද පළමු පරිද්දෙන් මැ ජය ගෙනැ බස්නාහිර සමුද්ර්යෙන් උඩ නැඟි, අටදහසක් යොදුන් පමණ ඇති උතුරුකුරුදිවයින ජය ගන්නා සඳහා පළමු පරිද්දෙන් මැ ගොස්, සමුද්රරපර්ය් ජ න්ත වූ ඒ උතුරුකුරු දිවයින ද එසේ ම ජය ගෙනැ උතුරු සමුද්රසයෙන් උඩ නැ‍ඟෙන්නේ යැ. මෙ පමණෙකින් චක්රෙවර්තිරජහු විසින් චතුස්සමුද්රරය අවසන් කොටැ ඇති පෘථිවි මණ්ඩල‍යෙහි නායකත්වයට පැමිණෙන ලද්දේ යැ.


මෙසේ දිනනලද ජගත් ඇති ඒ චක්රනවර්ති රජ තෙමේ තමා ගේ රාජ්යත ශ්රී‍ සමෘද්ධිය දක්නා පිණිසැ පර්ෂද හා සමඟ තුන්සියයක් යෙදුන් පමණ උඩ ආකාශතලයට පැනැ නැඟී, සුපුෂ්පිත වූ පද්මොත් පල පුණ්ඩරීක වනයෙන් විචිත්රට වූ සයඤ්ජාත මහවිල් සතරක් මෙන් පන්සියයක් පන්සියයක් ක්ෂුද්රෙ ද්වීප පිරිවරකොට ඇති සතර මහා ද්වීපය චක්රිරත්නානුභාවයෙන් මේරූ යුගන්ධරාදීන් ආවරණයක් නැති වැ බලා, චක්රරරත්නය විසින් පානාලද මාර්ගයෙන් ක්රආමයෙන් තමා ගේ රාජධානියට මැ පෙරළා එන්නේ යැ. ඉක්බිත්තෙන් ඒ චක්රකරත්නය රජ්ජුරුවන් ‍ගේ අන්නඃපුරද්වාරය හොබවන්නාක් මෙන් සිටිනේ යැ.මෙසේ චක්ර රත්නය පිහිටි කල්හි රජ්ජුරුවන් ගේ අන්නඃපුරයෙහි විලක්කු‍වෙකින් වේවායි පහනෙකින් වේවායි කිසි මැ ප්රඅයෝජන‍යෙක් නැත්තේ යැ. චක්රේරත්නාලෝකයැ මැ රාත්රියයෙහි අන්ධකාර දුරු කරන්නේ යැ යම් කෙනෙක් අන්ධකාර කැමැත්තෝ වූ නම් ඔවුනට අන්ධකාර මැ වන්නේ යැ. කාලිඞ්ගචක්රවවර්ති රජ්ජුරු වනට ද ඒ සියල්ල එපරිද්දෙන් මැ වූයේ යැ.


මෙසේ පහළ වූ ..සංස්කරණය

මෙසේ පහළ වූ චක්රක රත්නය ඇති සක්විති රජ්ජුරුවන් ගේ අමාත්යි යෝ, පළමු මඟුලැති සිටියා වූ ස්ථානය සමතල කොටැ පවිත්රද කරවා, සඳුන් ආදී වූ සිවුදෑගඳින් පිරිබඩ ගන්වා, යට විසිතුරු පැහැ ඇති සුවඳමල් තනවා, මත්තෙහි රන් තරුයෙන් රිදී තරුයෙන් හා අතුරෙහි එල්වන ලද මනෝඥ වූ මල්දමින් ද හෙබියා වූ වියන් බඳවා, දිව්යල විමානයක් මෙන් සරහා. “ මෙබඳු වූ හස්ති රත්නයක්හු ගේ ඊම දෙවියන් වහන්ස! සිතුව මැනව” යි කියති. එවෙලෙහි රජ්ජුරුවෝ පළමු කියන ලද ක්රයමයෙන් මැ මහදන් දි සිල් සමාදන් වැ එම කුශල සමෘද්ධිය ආවර්ජනය කෙරෙමින් හිඳිනාහු යැ. ඉක්බිත්තෙන් ඒ රජ්ජුරුවන් ගේ කුශලානුභාවයෙන් මෙහෙයන ලද ඒ සත්කාර විශේෂය අනුභව කරනු කැමැත්තා වූ ළහිරු මඬලක් සේ විශේෂ යෙන් රත් වූ සතග පයින් හා ග්රිවවයෙන් හා මුඛයෙන් ද හෙබියා වූ පිරිසිදු වූ ධවල වූ ශරීර ඇති. සප්තස්ථානයෙකින් භූමිය ස්පර්ෂ කරන්නා වූ මනා වැ වැඩී තිබෙන්නා වූ අවයවයන් ගේ පිහිටීම ඇති, සුපුෂ්පිත රක්ත පද්මයක් බඳු වූ මනෝඥ වූ සොඬ අගක් ඇති.සෘද්ධිමත් වූ යෝගාවචරයක්හු මෙන් ආකාශයෙන් යන්නට සමර්ථ වූ, රන්සිරියෙල් සුන්නෙන් රැඳී ගියා වූ පර්ය්ර්ථන්ත ඇති, රිදී පර්වතයක් වැනි වූ හස්තිරාජ තෙමේ ඡද්දන්ත කුලයෙන් හෝ උපෝසථ කුලයෙන් හෝ අවුත් සරහා පිළියෙල කරන ලද ඇත්හලැ සිටිනේ යැ. ඡද්දන්ත කුලයෙන් එන්නේ හැමට බාල වූ ඇත් රජ එන්නේ යැ. උපෝසථ කුලයෙන් එන්නේ හැමට ප්රහධාන ඇත්රජ එන්නේ යැ. කලිඟු රජ හට වනාහි උපෝසථ කුලයෙන් අවුත් සිටියේ යැ.


මෙසේ පහළ වූ හස්ති රත්නය දැකැ ඇත් ගොවු ආදිහු තුටුපහටු සිත් ඇති වැ වහා ගොස් රජ්ජුරුවනට කියති. රජ්ජුරුවෝ ඒ අසා වහවහා දිවැ අවුත්. හස්තිරත්නය දැකැ ප්රතසන්න වූ සිත් ඇති වැ. “ පින්වත්ති! හස්තියානය ඉතා‍ යහපතැ. ඉදින් දමනයට පැමිණියේ වී නම් ඉතා යහපතැ” යි සිතමින් අත දික්කොටැ ලන්නාහු යැ. ඉක්බිත්තෙන් ඒ ඇත් රජ තමා ගේ ගෙයි දෙනක වැදු තනාගත් වස්සකු මෙන් කන්තල එල්වා හික්මුණු බව දක්වමින් රජ්ජුරුවන් කරා එන්නේ යැ. එවේලෙහි රජ්ජුරුවෝ ඇතුට නැගෙනු කැමැති වෙති. ඉක්බිත්තෙන් රජ්ජුරුවන් ගේ අභිප්රාජය දැනෑ පරිවාර ජනයෝ ඒ හස්ති රත්නය රන් දද රිදී දදයෙන් හා ස්වර්ණාලංකාරයෙන් හා රන් දැලින් ද සරහා, රජ්ජුරුවන් සමීපයට එළවති. රජ්ජුරුවෝ ඒ ඇත් රජු නො බා හිඳුවා මැ රුවන්මය හිනෙකින් ඇතු පිටට පැනැ නැහී, ආකාශයෙන් යන්නට නැමුණා වූ සිත් ඇති වෙති. රජ්ජුරුවන් සිතූ සිත හා සමඟැ ඒ ඇත්රජ රාජහංසයකු මෙන් ඉන්ද්රෙනීල මාණික්යැ රශ්මි සමුහයක් සේ නිල් වූ ආකාශ තලයට පැනැ නැ‍ඟෙන් නේ යැ. ඉක්බිත්තෙන් චක්රයචාරිකායෙහි කියන ලද ක්රහමයෙන් මැ මෙසේ සතිස් යොදනෙකැ පැතිර සිටියා වූ සේනාව හා සමඟ ඒ චක්රරවර්ති රජ්ජුරුවෝ පෙරවරු මේ නිමැවීමට පළමු කොටැ මැ සතිස්ලක්ෂ දසදහස් තුන්සියපණස් යොදුන් වට ඇති සියලු පෘථිවි මණ්ඩලය සිසාරා ඇවිදැ තමන්ගේ රාජධානියට පෙරළා එන්නාහු යැ. මෙසේ චක්ර වර්ති රජ්ජුරුවනට මෙබඳු වූ මහත් වූ ඍද්ධි ඇති හස්ති රත්නය වන්නේ යැ. කාලිඞ්ග නම් පෘථිවීශ්වරයා හට ද එබඳු වූ හස්තිරත්නය වූයේ යැ.


මෙසේ පහළ වූ හස්තිරත්නය ඇති චක්ර්වර්ති රජ්ජුරුවන් ගේ පුරුෂයෝ පළමු මඟුලසු සිටියා වූ ස්ථානය සමතල කොටැ පවිත්ර් කරවා, මල්දම් ආදීන් සරහා, පළමු පරිද්දෙන් මැ එම අශ්ව රත්නයා ගේ ඊම සිතනු පිණිස රජ්ජුරුවනට උත්සාහ උපදවති. ඒ රජ්ජුරුවෝ ද යට කියනලද ක්ර මයෙන් මහදන් දි සිල් සමාදන් වැ කරන ලද පූජා සත්කාර ඇති වැ ප්රකසාදතලයෙහි සැප සේ හුන්නාහු. තමන් කළා වූ කුශල සමෘද්ධිය සිහිකරන්නාහු යැ. ඉක්බිත්තෙන් ශරත් කාලයෙහි විදුලියෙන් වලඳනාලද ධවල වූ වලාහක සමූහයක් සේ සශ්රී ක වූ, රත් වූ කුර හා රත් වූ මුඛ ද ඇති, චන්ද්රශ මරීවි සමූහයක් සේ පිරිසිදු වූ ධවල වූ සිනිඳු වූ ඝන වැ ගැවසි වටමට වැ සම්පූර්ණ වැ තිබෙන්නා වූ ශරීර ඇති; කපුටු කරක් මෙන් ද ඉන්ද්රඝනීල මාණික්යන සමූහයක් මෙන් ද නිල් වූ පැහැ ඇති හිසින් යුක්ත බැවින් කපුටු කරක් බඳු වූ හිස් ඇති, මනා කොටැ සරියේ කපා සිටුවනලද මුදුතණ වැනි වූ සියුම් වූ වට වූ කෙළින් නැංගා වූ කේශයෙන් යුක්ත බැවින් මුදු තණ බඳු වූ කෙස් ඇති, ආකාශචාරී වූ වලාහක නම් අශ්වරජා යෙක් ඒ රජ්ජුරුවන් ගේ කුශලානුභාවයෙන් මෙහෙයන ලදු වැ සෛන්ධව කුලයෙන් අවුත් ඒ සරහා පිළීයෙළ කරනලද මඟුල් අස්හලැ සිටිනේ යැ. කාලිංග රජ්ජුරුවනට ද එබඳුවූ මැ අශ්වරත්නය පහළ වූයේ යැ. සෙ‍සු චාරිකා ආදී වූ සියල්ල හස්ති රත්නයෙහි කියන ලද ක්රශමයෙන් මැ දත යුත්තේ යැ.


මෙසේ පහළ වූ අශ්ව රත්නය ඇති, චක්රසවර්ති රජ්ජුරුවනට සතර රියනක් පමණ දිග ඇති, ගල්නැබක් පමණ වට ඇති, දෙ කෙළවර කෙමි කෙළවරින් නික්මුණා වූ ඉතා පිරිසිදු වූ මුතු ලැල් කලඹින් හා රන් පියුම් දෙකෙකින් ද සැරහුණා වූ, සුවාසූදහසක් මැණික් පිරිවර කොටැ ඇති, තරකා සමූහයා විසින් පිරිවරන ලද පූර්ණ චන්ද්රූයා ගේ ශ්රීවසමෘද්ධියට ස්පර්ද්ධා කරන්නාක් වැනි වූ මාණික්යච රත්නය වේපුල්ල පර්වතයෙන් එනනේ යැ. මෙසේ ආවා වූ ඒ මාණික්ය්රත්නය මුතුසාල්ලෙකැ තබා හුණ දඬු පරම්පරා වෙන් සැට රියනක් පමණ ආකාශයට නඟා තුබූ කල්හි රාත්රිත භාගයෙහි වටින් යොදනක් පමණ ඇත්තා වූ ප්රතදේශයෙහි ආලෝක පැතිරෙන්නේ යැ. යම් මාණික්යාමලෝකයෙකින් ඒ සියලු ආකාශය, අරුණු නැගෙන වේලාවක් මෙන් ඒකාලෝක වේ ද, ඒ ආලෝකයෙන් ගොවීහු සී සෑම ආදී වූ ගොවිකර්මාන්ත කෙරෙති. වෙළෙන්දෝ සල්පිල් සදති. ඒ ඒ ශිල්පකර්මාන්ත දන්නා වූ සත්ත්වයෝ ‘දහවල’ යි සිතා ඒ ඒ කර්මාන්ත කරන්නට පටන් ගන්නාහු යැ. නරලෝකාධිපති වූ කලිඟු රජ්ජුරුවනට ද මේ සියල්ල එපරිද්දෙන් මැ වූයේ යැ.


මෙසේ පහළ වූ මාණික්ය රත්නය ඇති ඒ චක්රනවර්ති රජ්ජුරුවනට පංච කාම සැපයට විශේෂ කාරණ වූ ස්ත්රිිරත්නය පහළ වන්නේ යැ. ඒ චක්ර්වර්ති රජ්ජුරුවනට මදුරට සාගල නුවර රජ්ජුරුවන් ගෙන් හෝ අග්රචමහිෂිය ගෙනෙති. උතුරු කුරු දිවින් හෝ කුශලානුභාවයෙන් තොමෝ මැ එන්නී යැ. ඒ ස්ත්රින තොමෝ දක්නවුන් ගේ ඇස් පිනවන හෙයින් විශිෂ්ට වූ රූ ඇත්තී යැ. සොම්නස් වසයෙන් සිත පහද වන බැවින් ප්රඇසාද එළවන්නී යැ. ප්රාසාදාවහ වූ බැවින් උතුම් වූ වර්ණ සෞන්දර්ය්ෂ්ටයෙන් යුක්ත යැ. ඉතා උස් නො වන්නී යැ. ඉතා මිටි නො වන්නී යැ. ඉතා කෘශ නො වන්නී යැ. ඉතා ස්ථුල නො වන්නී යැ. ඉතා කැළි නො වන්නී යැ. ඉතා හෙළලු නො වන්නී යැ. මනුෂ්යා රූපය ඉක්මැ සිටියා යැ. දිව්යන රූපයට නො පැමිණියා යැ. ඒ එසේ මැ යි. මනුෂ්යකයන් ගේ ශරිරාලෝකය පිටතට නොනික් මෙන්නේ යැ. දෙවියන් ගේ ශරීරාලෝකය ඉතා දුරට නික්මෙන්නේ යැ. ඒ ස්ත්රිරය ගේ වූකලී ශරීරාලෝකය දොළොස් රියනක් පමණ ප්ර්දේශ බබුළුවන්නේ යැ. ශරීරස්පර්ශය වනාහි ප්රොසන්න ගිතෙලෙහි බහා තබන ලද සියක්වර පෙළු හිඹුල් පුලුන්පෙඳක්හු ගේ හෝ කපු පුලුන්පෙඳක්හු ගේ හෝ ස්පර්ශය හා සමාන වූ විශේෂස් පර්ශ වන්නේ යැ. රජ්ජුරුවනට ශීත අවස්ථාවෙහි ඒ ස්ත්රි්ය ගේ ශරීරය සීතල වන්නේ යැ. හැම කල්හි මැ යහපත් කොටැ අඹරණලද අළුත් වූ සිවුදෑ ගඳ හා එක් කොටැ යොදනලද සඳුන් සුවඳ වැනි වූ සුගන්ධය ශරීරයෙන් හමන්නේ යැ. සිනාසෙන්න‍ට හා කථා කරන්නට ද පටන් ගත් කල්හි ඈගේ මුඛයෙන් එකෙනෙහි පිපීගියා වූ මහනෙල් මල්හු ගේ සුවඳක් වැනි වූ ඉතා මනෝඥ වූ සුගන්ධය හමන්නේ යැ. මෙබඳු වූ රූප සමෘද්ධි ස්පර්ශස සමෘද්ධි ශරීර සුගන්ධ සමෘද්ධීන් යුක්ත වූ ඒ ස්ත්රිස තොමෝ රජ්ජුරුවන් දැකැ තමා උන්නා වූ අස්නෙන් ශරීරයෙහි ගිනි වැදගත් එකක මෙන් පළමු කොටැ නැඟී සිටින්නී යැ. ඒ රජ්ජුරුවන් අස්නෙහි උන්කල්හි රජ්ජුරුවනට තල්වැටින් පවන් සැලිම් ආදී වූ කළමනා දෑ කොටැ පසු වැ ඉඳිනී යැ. “ රජ්ජුරුවන්වහන්ස!කුමක් කෙරෙම් ද? යන වචනයෙන් හැම වේලෙහි මැ කළමනා කටයුතු විචාරන්නී යැ. රජ්ජුරු‍වනට යමක් සිත්කලු වී නම් ඒ මැ කරන්නී යැ. රජ්ජුරුවනට ප්රි්ය වී නම් එ මැ කියන්නි යැ. රජ්ජුරුවන් හැරැ අන් පුරුෂයකු සිතිනුත් නො පතන්නී යැ. අනංගයා බඳු රූ ඇති ඒ කලිඟු රජ්ජුරුවනට ද එබඳු වූ මැ ස්ත්රිැරත්නයක් පහළ වූයේ යැ.


මෙසේ පහළ වූ ස්ත්රිීරත්නය ඇති ඒ චක්රයවර්ති රජ්ජුරු වනට වස්තු වෙන් කළමනා කට යුතු සැප සේ සිද්ධ කරනු පිණිසැ ගෘහපති රත්නය පහළ වන්නේ යැ. ඒ ගෘහපති පුත්රණ ස්වභවයෙන් මහත් වු උපභෝග පරිභෝග වස්තු ඇත්තේ යැ. මහත් වූ භෝග ඇති කුල යෙහි උපන්නේ යැ. රජ්ජුරුවනට වස්තු රාශිය වර්ධනය කරන්නා වූ සිටු ගෘහපති වන්නේ යැ. ඕහට චක්රගරත්නානුභාව සහිත වූ කර්ම විපාකයෙන් උපන්නා වූ දිවැස් පහළ වන්නේ යැ. ඒ දිවැසින් පොළොව ඇතුළ යොදනක් පමණ ගැඹුරෙහි තුබූ නිධාන දක්නේ යැ. ඒ සිටුපුත්රළ තමා ගේ දිවැස් සමෘද්ධි දැකැ සතුටු වූ සිත් ඇති වැ ගොස් “ රජ්ජුරුවන් වහන්ස! නුඹ වහන්සේ වස්තු සෙවීමට උත්සාහ නො කළ මැනැව මම නුඹ වහන්සේට වස්තුයෙන් කළ මනා කටයුතු කෙරෙමි” යි රජ්ජුරුවන් ධනයෙන් පවරා, රන්මසු පිරුණාවූ සැළක් උඩ නගා ගෙනැ “ මහ රජ්ජුරුවන් වහන්ස! මෙ පමණක් සෑහේ ද? මහ රජ්ජුරුවන වහන්ස! මෙ පමණක් සෑහේ ද? මහ රජ්ජුරුවන් වහන්ස! මෙප‍මණක් මා විසින් කරන ලදැ” යි කියා සියලු වස්තුයෙන් කළ මනා කට යුතු සමෘද්ධ කරන්නේ යැ. පින්පිඬ ක් වැනි වූ කලිඟු රජ්ජුරුවනට ද එපරිද්දෙන් මැ සමෘද්ධ කෙළේ යැ.


මෙ‍සේ පහළ වූ ගෘහපති රත්නය..සංස්කරණය

මෙ‍සේ පහළ වූ ගෘහපති රත්නය ඇති ඒ චක්ර වර්ති රජ්ජුරුවනට සියලු කාර්ය්ෙන විධානයෙහි සමර්ථ වූ පරිණායක රත්නය පහළ වන් නේ යැ. ඒ පරිණායක රත්නය නම් රජ්ජුරුවන් ගේ ප්ර ධාන පුත්රළයා මැ වන්නේ යැ.ස්වභාවයෙන් මැ නුවණැත්තේ යැ. විශද වූ ඥනයෙන් යුක්ත යැ. ස්ථානෝචිත ප්ර්ඥවෙන් යුක්ත යැ. සංවිභාග ශීලි යැ. ඕහට රජ්ජුරුවන්ගේ කුශලානුභාවය නිසා තමා ගේ පූර්ව කර්මානුභාවයෙන් පරසිත් දන්නා නුවණ පහළ වූයේ යැ. ඒ පර චිත්ත විජානන ඥනයෙන් දොළොස් යොදනෙකැ පැතිරැ සිටියා වූ පර්ෂද ගේ සිත් හසර දැනැ සමීප කළ මනා කෙනෙකුන් සමීප කරන්නට ද, දුරු කළ මනා කෙනකුන් දුරු කරන්නට ද, ඒ ඒ තනතුරෙහි තබන්නට නිසි කෙ‍නකුන් ඒ ඒ තනතුරෙහි තබන්නට ද, රජ්ජුරුවන හට හිතයත් අහිතයත් නිශ්චය කරන්නට ද සමර්ථ වන්නේ යැ. ඒ ප්රනධාන පුත්රි රත්නය ද තමාගේ අනුභාවය දැකැ, සතුටු වූ සිත් ඇති වැ ගොස්, “ රජ්ජුරුවන් වහන්ස! නුඹවහන්සේ ගේ සේනාවට අවවාද අනුශාසනා කරන්නට උත්සාහ නො කළ මැනව. සැප සේ රාජ්‍යශ්රීා අනුභව කොටැ වදාළ මැනැව. මම සේනාවට අවවාද අනුශාසනා කෙරෙමි. සේනාව විචාරීම් ආදී වු සියලු කටයුතු මට මැ භාර යැ” යි රජ්ජුරුවනට පවරන්නේ යැ. කාලිංග රජ්ජුරුවනට ද එපරිද්දෙන් මැ පැවැරුණේ යැ.


මෙසේ පහළ වූ චක්රැරත්නාදී වූ සප්ත රත්නයන් ඇති කාලිංග චක්රෙවර්ති රජ තෙමේ එක් දවසක් සර්වාභරණයෙන් සැරහී, මල් පැලදැ, සුවඳ විලෙවුන් ගල්වා, රාජ සමුහයා ගේ කිරීට මාණික්යන නැමැති භෘඞ්ගයන් විසින් සුඹුනා ලද පාපියුම් ඇත්තේ, සතිස් යොද නෙකැ පැතිරැ සිටියා වූ සේනාව විසින් පිරිවරන ලදු වැ. සර්වඞ්ග ධවල වූ කෛලාස කූටය හා සමාන වූ හස්ති රත්නය පිටට පැනැනැගි, ලෝකවාසී සත්ත්වයන් ගේ ඇස් සඵල කෙරෙමින්, මහත් වූ ශ්රීග විලාසයෙන් දෙමාපියන් වසන්නා වූ ආශ්ර ම ප්රරදේශයට නික්මුණේ යැ. ඉක්බිත්තෙන් සියලු සර්වඥ වරයනට ජය භූමි වූ පෘථීවි නැමැති වක්ර යට නැබක් වැනි වූ මහබෝමැඩ මතුපිටින් ඒ චක්රටවර්ති රජ්ජුරුවන් ගේ හස්තිරාජයා යන්නට නො පොහොසත් වී යැ. රජ්ජුරුවන් විසින් නැවත නැවත විදුරු එබූ අකුස්සෙන් කොටා මෙහෙයන ලද්දාවූත් ඇත් රජ යන්නට අසමර්ථ වි යැ.


ඉක්බිත්තෙන් කලිඟු රජ්ජුරුවන් ගේ පුරෝහිත බ්රානහ්මණ ද රජ්ජුරුවන් හා සමඟ යන්නේ “ආකාශයෙහි පැකිළිමෙක් නැත්තේ යැ. රජ්ජුරුවන් වහන්සේ හස්ති රාජයා මෙහෙයන්නට කවර කාරණයෙකින් අසමර්ථ සේක් ද? එහෙයින් පරීක්ෂා කෙරෙමි” යි ආකාශයෙන් බැසැ, සියලු සර්වඥවරයනට ජය පර්ය්ස්තඞ්ක වූ පෘථිවි නැමැති චක්රසයට නැබක් වැනි වූ මහ බෝ මැඩ දුටුයේ යැ. එකල්හි ඒ ස්ථානයෙහි රාජමානයෙන් කිරියක් පමණ තැන සාවුන් ගේ දැළි පමණ වත් තණ පතෙක් නම් නැත්තේ යැ.රිදී පටෙකැ පැහැ සමාන වූ වැලි තැනී තිබෙන්නේ යැ. හාත්පසින් තෘණ ජාතීහු හා ලතාවෝ හා වෘක්ෂ යෝ ද බෝමැඩ පැදකුණු කොටැ කැරකැවී බෝමැඩට අභිමුඛ වැ මැ සිටිනාහු යැ. පුරෝහිත බ්රාැහ්මණයා ඒ භූමි ප්ර්දේශය බලා “මේ සියලු සර්වඥයන් ගේ කෙලෙසුන් නසන්නාවූ ස්ථානයෙක් වන්නේ යැ. මීට මතු පිටින් ශක්රව දේවෙන්ද්රාසදීන් විසිනුත් යන්නට නො පිළිවන් වන්නේ යැ” යි සිතා කාලිංග සක්විති රජ්ජුරුවන් සමීපයට ගොස් මෙසේ කී යැ.


“මහරජ්ජුරුවන් වහන්ස!බැසැපුව මැනැව. මහ රජ්ජුරුවන් වහන්ස! මේ භූමිප්රගදෙශය සියලු සර්වඥවරයන් විසින් වර්ණනා කරනලද්දේ යැ. නසනලද සියලු කෙලෙස් අඳුරු ඇති සියලු සර්වඥවරයෝ ළහිරු මඩලක් මෙන් මෙහි හිඳැ බබළති, දෙලක්ෂ සහළිස් දහසක් යොදුන් බොල ඇති පෘථිවි චක්ර යට නැබක් හා සමාන යැ. චතුස්සමුද්රුය අවසන් කොටැ ඇති පෘථිවියට නිශ්චල ස්ථානය යැ. සියලු සර්වඥවරයන් ගේ කෙලෙස් සමූහය නසන්නාවූ මේ ස්ථානයට නමස්කාර කළ මැනැව. පූජා සත්කාර කළ මැනැව. චක්රනවර්ති රජදරුවනට හස්තිරත්නය වූ උපෝසත කුලයෙහි උපන්නාවූ යම් ඒ හස්ති රාජ කෙනෙක් ඇත්නම් ඒ සියල්ලෝ මැ මේ ප්රපදේශයට පැමිණ වජ්රා ඞ්කුශයෙන් කොටනු ලබන්නාහු ද සමීප වියැ නො හෙති. මේ හස්ති රාජයා විසිනුත් මෙතෙකින් වඩා යන්නට නො පිළිවනැ. කැමැති සේක් වී නම් වජ්රා ඞ්කුශයෙන් කොටා ඇතු මෙහෙයා ලුව මැනැවැ” යි කීයේ යැ.


රජ්ජුරුවෝ පුරෝහිතයන් ගේ බස් අසා “මොහු ගේ වචනය ඉදින් සත්යු දොහෝ! අසත්යො දොහෝ ! යි අපි දනුම්හ” යි පරීක්ෂා කරන්නාහු. විදුරු එබූ අකුස්සෙන් කොටා ඇතු මෙහෙයාලු හ. ඒ හස්තිරාජයා ඒ චක්රපවර්ති රජ්ජුරුවන් විසින් වජ්රාොඞ්ක්රයශයෙන් කොටා මෙහෙයන ලද්දේ, ප්ර්තිධ්වනියෙන් හරිත වූ දසදික්කුහර ඇති ධ්වනි පවත්වා, පසුපස්සෙන් බැසැ. සොඬ උඩට නඟා, කර නමා, මහත් වූ භාරයක් උසුලා ගනු නො හෙන්නාක්හු මෙන් ආකාශයෙහි මැ උක්කුටු කයෙන් හිදැ කේශර සිංහ රාජයන්හු නියපඳුරින් ඉස්මොළ පලන කලක් මෙන් රජ්ජුරුවන් විසින් නැවත නැවත අකුස්සෙන් කොටා විදුනා ලබන්නේ, කොස් ලිහිණියකු පරිද්දෙන් ගර්ජනා කොටැ, වේදනාව ඉවසා ගත නො හී, කාලක්රිහයා කෙළේ යැ. රජ්ජුරුවෝ ඇතු මළ නියාව නො දන්නාහු ඇතුපිටැ මැ උන්නාහු යැ.


එකල්හි කාලිංගභාරද්වාජ නම් බ්රායහ්මණ තෙමේ “මහ රජ්ජුරුවන් වහන්ස! නුඹ වහන්සේ ගේ ඇතු නිරුද්ධ වැ ගියේ යැ. ඇතුපිට නැංගාවූ නුඹ වහන්සේ විසින් කෙ‍තෙක් උත්සාහ කොටැත් බෝධි මණ්ඩලය මුදුනින් යන්නට නොපිළිවන් වන්නේ යැ. අන්යත වූ හස්ති රාජයක්හු එන්නට සිතුව මැනවැ” යි කීයේ යැ. රජ්ජුරුවන් ගේ කුශලානුභාවයෙන් අන්යක වූ හස්තිරාජයෙක් උපෝසථ කුලයෙන් අවුත් පිට පෑ ලූයේ යැ. රජ්ජුරුවෝ ඒ ඇතු පිටට පැනැනැගි, මළාවූ ඇතු බිම හෙන්නා දැකැ, විස්මය පත් වැ ආකාශයෙන් බැසැ, බෝධි මණ්ඩලය බලා, ඒ ප්රාැතිහාර්ය්ස් ය දැකැ, කාලිංගභාරද්වාජ යනට ස්තුති කරන්නාහු, “ ස්වබුද්ධින් සියල්ල දත්තාහුත් තෙපිමැ යැ. සියලු පදාර්ථ විශේෂයෙන් දත්තාහුත් තෙපි මැ යැ. සර්වාකාරයෙන් සියල්ල දන්නාසුලු වූවාහුත් තෙපි මැ” යි කියා ස්තුති කළාහු යැ. පුරෝහිත බ්රාුහ්මණ ඒ අසන්තගුණ සම්භාවනා නො ඉවසා, තමා යටත් තනතුරෙහි තබා සර්වඥයන් මැ උසස් කොටැ වර්ණනා කරන්නේ, “මහ රජ්ජුරුවන් වහන්ස, අපි ශ්රාාස්ත්රෙයක් දැකැ කියන්නට සමර්ථයම්හ. සමත්රිංනශත් පාරමී ධර්මයන් නිරවශේෂ කොටැ පුරා සම්යකක් සම්බෝධි ඥන සමධිගමය කළාවූ සර්වඥ බුද්ධයහ, ඊට උනු කොටැ පාරමී ධර්මයන් පුරා ප්රයත්යේක බෝධි ඥන සමධිගමය කළාවූ ප්රේත්යේක බුද්ධයහ, ඊට ද උනු කොටැ පාරමී ධර්මයන් පුරා ශ්රාේවක බෝධි ඥන සමධිගමය කළාවූ චතුස්සත්යර බුද්ධයහ. බොහෝ ශාස්ත්රශ යන හදාරා පිරුවා බහුශ්රැකත වූවාහු බහුශ්රැ්ත බුද්ධයහ යි කියන ලද චතුර්විධ බුද්ධයන් අතුරින් අපි ශ්රැශත බුද්ධයම්හ අනන්ත ගුණ නුවණ හා ප්රාලතිහාර්ය්රා ද ඇති සම්ය‍ක් සම්බුද්ධවරයෝ වනහි සියලු පදාර්ථ දකිති. සියලු ලෝකත්ර‍යය විනිවිදැ දනිති. තව ද, සර්වඥවරයෝ අතීත අනාගත වර්තමාන යැ යි කියන ලද කාලත්රුය වර්ති වූ සර්වධර්මයන් සර්වාකාරයෙන් පරෝපදේශ රහිත වැ දන්නාහු ද වෙති.ශාස්ත්ර යෙකින් කියන්නාහු නො වෙති. අපි වූකලි ආගම පුරුෂයම්හ. අප ගේ ශාස්ත්රි බල යෙන් මැ දනුම්හ. ඒ ශාස්ත්ර බලයෙන් දන්නමෝත් ස්වල්පයක් මැ දනුම්හ. සර්වඥවරයෝ වනාහි සංස්කාර විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්ර ඥප්ති සඞ්ඛ්යායත සියලු පදාර්ථය හස්තාමලකයන් මෙන් නිරවශේෂ කොටැ දනිත්” යැ යි කීයේ යැ.


කාලිඞ්ග චක්රවර්ති..සංස්කරණය

කාලිඞ්ග චක්රවර්ති රජ බුදු ගුණ අසා සතුටු වැ, සියලු සක්වළ වැසි සත්ත්වයන් ලවා බොහෝ වූ විසිතුරු වූ වස්ත්රා භරණ හා සුවඳ මල් දම් ආදිය ද ගෙන්වාගෙනැ සමුද්රනතීරය කෙළවර කොටැ ඇති සියලු ජම්බුද්වීපය එක මැ මණ්ඩපයක් මෙන් සරහා, ගන්ධ පුෂ්ප දීප ධූපයෙන් හා ධ්වජ පතාකයෙන් හා විසිතුරු වූ සඳුන් සුණු වර්ෂාවෙන් හා වීණා වස් කුළල් මිහිඟු බෙර ආදී වූ මධුර නාදයෙන් හා සිත්කලු වූ තරුණ ස්ත්රී න් ගේ නෘත්යහ ගීතයෙන් ද රම්ය් වූ බෝධි පූජාවක් සතියක් මුළුල්ලෙහි කරවා, ඒ බෝධි මණ්ඩල ප්ර්දේශයෙහි අටළොස් රියනක් පමණ උස ඇති මන්දර පර්වතය මෙන් බබළන්නාවූ ස්වර්ණස් තම්භයක් හිඳුවා, සත් රුවන්මය වූ නිම්වළලු ඇති පිල්කඩක් කරවා එහි සත් රුවන් වැලි තනවා, සත්රුවන්මය වූ පවුරක් වට කොටැ බඳවා, සත්රුවන්මය වූ දෙව්දුනු කලඹක් මෙන් බබළන්නාවූ දොරටු වක් කරවා, දවසක් දවසක් පාසා සැට දහස් යාළක් මල් රැස් කරවා, දිවි පමණින් මහා බෝධි පූජා කරවා තව්තිසා භවනයට ගියේ යැ. එහෙයින් වදාරණ ලදී :


“සට්ඨි වාහ සහස්සානි පුප්ඵානං සන්නිපාතයි,

පූජේසි රාජා කාලිඞ්ගෝ බෝධිමණ්ඩවරුත්තමේ” යි.


මෙ සේ නිර්මල වූ ඇස් ඇති සර්වඥයන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාරනසේක්, කෙළවර එකි එකී සත්යකයෙක්හි සත්යඥ ඥන කෘත්යඑ ඥන කෘත ඥන වශයෙන් නැගෙන්නා වූ තුන් තුන් මහා ඥනයෙන් ද, සභාග විසභාග පර්ය්න න්ත වූ පසළොස් කොටසින් ද, විජම් අටුවායෙහි දක්වනලද සැට දහසක් නයින් ද විභාග කොටැ, උත්පත්ති වශයෙන් ද ප්රකතිවේධ වශයෙන් ද නො දැක්කැ හැකි බැවින් ගැඹූරු වූ ; ගැඹුරු බැවින් නො දැක්ක හැක්කා වූ, දුඃඛ සමුදය නිරෝධ මාර්ග ලක්ෂණ වූ චතුරාර්ය්ැඹු සත්ය්යන් ප්ර කාශ කොටැ නොයෙක් දහස් ගණන් දිව්ය මනුෂ්යඹයන් දේශනා නැමැති අමෘත පානය කරවා, ම‍හණෙනි! දැන් මතු නො වෙයි. පළමු වැත් ආනන්ද ස්ථිවිරයෝ දිව්යම මනුෂ්ය,යනට විස්මය උපද වන්නා වූ බෝධි පූජාවක් කළෝ වේ ද” යි වදාරා, තෙරුන් වහන්සේ ගේ බෝධි පූජාව සඳමඬලෙහි පහරන කලක් මෙන් ඔසොවා සාගරය පිට සුවඳ තෙල් විසුරුවන කලක් මෙන් හැම තන්හි පතුරුවා, සත් රුවන්මය වූ මාලිගාවෙකැ අග්ර මාණික්ය,යෙන් කුළු ගන්වන්නාක්හු මෙන් අනඳ මහ තෙරුන්වහන්සේ ගේ බෝධි පූජා නැමැති අග්රම මාණික්යයයෙන් දේශනායෙහි කුළු ගන්වා, “ එසමයෙහි කාලිඞ්ග චක්රයවර්ති රජ්ජුරුවෝ නම් දැන් මේ මහා බෝධි පූජා කර වූ ආනන්ද ස්ථිවිරයෝ යැ. එසමයෙහි කාලිඞ්ග රජ්ජුරුවනට සර්වඥවරයන් ගේ ගුණ කියා බෝධි මණ්ඩලට මහත් වූ පූජා කරන පරිද්දෙන් අවවාදානුශාසනා කළා වූ කාලිඞ්ගභාරද්වාජ නම් වූ පුරෝහිත බමුණා නම් මම් මැ වේ දැ” යි වදාරා ජාතකය නිමවා වදාළ සේකැ.


මෙසේ ඵලරුහ මහා බෝධිය බුදුන් ධරමාණ කාලයෙහි ජේතවන දොරටුව සමීපයෙහි පිහිටැවූ සේකැ.


මෙසේ යථොක්ත කුමයෙන් උතුම් වූ නුවණැති තුන්ලෝවාසීන් විසින් පුදනලද සර්වඥ පුත්ර් වූ අනඳ මහ තෙරුන් වහන්සේ ඵලයෙන් උපන්නා වූ උතුම් වූ බෝධියක් ජේතවනාරාමයෙහි මනා කොටැ පිහිටුවා පූජා කරවා බුදු රජාණන් වහන්සේ විසින් “කරනලද ලෝවැඩ ඇත්තේ යැ” යි වර්ණනා කරනලද ගුණ ඇති වූ සේකැ.


එහෙයින් කියන ලදි :


“ ඉති ජේතවනේ මුනිරාජසුතෝ

ඵලසම්භවබෝධිචරං වරධි,

සුනිධාය විධාය මහං මහිතෝ

මුනිනා කතලෝකහිතෝ” ති ථුතෝ” යි.


ආනන්දන බෝධි කථා යි

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_බෝධි_වංසය-ix&oldid=4898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි