සිංහල බෝධි වංසය-විවරණයii

15. සම්යෝක් සම්බුද්ධ කථාව සංස්කරණය

චණ්ඩ ප්ර.ලය මාරුතයක් වැනි වූ - සැඩ වූ කැළැඹුණා වූ හුළඟක් වැනි වූ මෙහි සඳහන් ප්ර ලය මාරුතය නිකම් මැ එසේ මෙසේ කැළැඹීගිය හුළඟෙක් නො වේ. කල්පාන්ත‍ යේදී කැළඹී ගියා වූ හුළඟ යැ.

විධවංසනය - වැනැසීම අභේද්ය පර්යංකය - නොබෙදි යැ හැකි අසුන ප්රදසාදය - පහන් බව ප්රදමෝදය - බලවත් සොම්නස දේව දානව නාග සුපර්ණාදීන් විසින් - දේවියන්, නයින්, අසුරයන් ගුරුළන් විසින්

ගන්ධර්ව පූජාවෙන් - නැටුම්, ගැයුම්, වැයුම්, පිදුමෙන්

ඒක ශෝභායෙන් උජ්චලිත කොටැ - තනි මැ ලස්සන කමින් බැබැළීම කැරැ

අගාධ වූ අපාර වූ ප්ර තිත්ය සමුත්පාද නමැති සාගරායහි - පත්ලක් නැත්තා වූ හෙවත් ඒ තරමට මැ ගැඹුරු වූ, ඉවුරක් නැත්තා වූ හෙවත් ඒ තරමට මැ දිගු පුළුල් වූ පටිච්ච සමුප්පාදය නමැති මහ මූදෙහි.

වර්ත විවර්ත වශයෙන් - වට්ට විවට්ට විසින්. පැවැතුම් නොපැවතුම් විසින්, අව්ජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං යනාදී වසයෙන් වූ පැවැතුම් පිළිවෙළ වර්ත නමි. අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ නාම රූප නිරෝධා යනාදි ලෙසින් වූ නොපැවැතුම් පිළිවෙළ විවර්ත නමි.

සම්මර්ශනය - මනසින් ස්පර්ශ කිරීම. සලකා බැලීම ලක්ෂණ රස ප්ර්ත්යුපස්ථාන වශයෙන් - සලකුණු හෙවත් හැඩ නිල යැ: පල විපා යැ; සිහිය නිසි හැටිය‍ට පැමැණැ වීම යැ යන සැටියෙන්. අනුලෝම - මුල සිටැ අග තෙක් ප්රලතිලෝම - අග සිටැ මුල තෙක් උභතෝවර්ධන - මැදැ සිටැ මුලත් අගත් තෙක් දෙ පසට වැඩී යාම

මධ්යව සංක්ෂේප - මුලැ සිටත් අග සිටැත් මැදට හැකිළීම. ශතෝත්තර විංශති ප්රෂත්ය-යාගත නය - හේතු කරණු පිළිවෙළන් පැමිණීම ප්රශත්යරයාගත නම් වෙයි. එසේ හේතු කරුණු පිළිවෙල අනුවැ පැමිණුණු දහම් නය; ශතෝත්තර විංශති ප්රටත්යහයාගත නය නම් වේ.

වාසනා සහිත වූ කාමාදි ආශ්රතවයන් සිඳැ - සවාසනා සකල ක්ලේශයන් නසා. වාසනා නම් පින් යැ පව් යැ නොපින් නොපව් යැ යන තුන් පිලිවෙලේ තුන් වගයේ සංස්කාරයි. මේ සංස්කාරයන් සහිත වූ කාම, රූප, අරූප, භව පිළබඳ සියලු බැඳුම් වැනැසීමයි. සවාසනා සකල ක්ලේශයන් නැසීම යැ කියනු ලබන්නේ.

පඤ්ච විධ මණ්ඩලය - පස් ආකාර වූ දැනුම් වටාව. සංස්කාර යැ විකාර යැ ලක්ෂණ යැ නිර්වාණ යැ ප්රමඥප්ති යැ යන පස් අයුරු දැනුම් මඬල.

පදාර්ථය - පදයෙකින් පැවැසිය යුතු අර්ථය ඇත්තේ යමෙක් ද ඒ පදාර්ථය නමි. මෙ ලො වැ හෝ එ ලො වැ හෝ ලොවින් එතෙරැ හෝ වූ තාක් සියල්ල පදාර්ථය නම් යැ.

ජාත්රංග මාණික්ය් රත්නයක් මෙන් - දෑ රඟ මිණි රුවනක් වගේ. උපතින් මැ බැබළෙන මිණි රුවන ජාති රංග නමි.

නිරවශේෂ කොටැ - අවශේෂ නොකැ ටැ. ඉතිරි නොකැරැ. භව දුර්ගය - ගමන් අපහසු පෙදෙස දුර්ග නම් වෙයි. භවය නැමති දුර්ග තෙමේ යැ භව දුර්ග නම්. විවිතෝපචිත පාරමිතා සම්හරණයෙන් සිද්ධ වූ - විවිතෝපචිත - විචිත; උපචිත, විමසනු ලැබුවා වූත් රැස්කරනු ලැබුවා වූත්, පාරමිතාවන් රැකීමෙන් සිදුවුණු.

ස්වයම්භූඥනය - තමා විසින් මැ උපදවා ගන්නා ලද නුවණ.

යථා ස්වභාව ප්රමතිවේධ ලක්ෂණ ඥනය - වූ සැටියෙන් මැ වටහා ගැනී සලකුණු වූ නුවණ. ස්වභාව යම් සේද; ඒ යථා ස්වභාවයි. සොබායෙහි හැටියෙන් මැ වටහා ගැනීම යි යථා ස්වභාවය ප්රටතිවේධ නම්, යථා ස්වභාව ප්ර තිවේධය ලක්ෂණ ය වූ, එය මැ හැඩ නිල වූ ඥනය තමා යථා ස්වභාව ලක්ෂණ ඥනය නම්.

ස්වර්ග මෝක්ෂ සැප - සග සැප; මොක් සැප; දෙව් ලෝ සැප; නිවන් සැප. නරේන්ද්ර - මිනිස් දෙටු. රජ අපරිමාණ ගුණ සමූහය යට පැමිණෙන හෙයින් අචල ප්රැතිෂ්ඨා වේද? - අපමණ වූ, ඉමක් කොනක් තරමක් මිම්මක් නැත්තා වූ, ගුණ රැසට පැමිණෙන නිසා නොසෙල්ලෙ න උදවුව වේ ද?

ඵලරුහ මහා බෝධිය - පලයෙන් හට ගත් මහ බෝදිය


1. බ්ර්හ්මාරාධනා කථාව සංස්කරණය

අනන්ත වූ කල්ප කෝටි ශත සහස්රධයක් - කෙළවරක් නැති කප් කෙළ සිය දහසක් . අනන්තයක් නැති තරම් දිග් වූ කල්පය අනන්ත කල්පය යි. එහෙවු අනන්ත කල්ප කෝටියේ මිටි සිය සහසක්.

යමක ප්රා්තිහාර්යය - යමා පෙළහර. දකුණු ඇසින් දිය කඳ විහිදීම යැ, වම් ඇසින් ගිණි කඳ විහිදීම යැ යන ආදි ලෙසින් එක විටැ දෙක බැගින් දක්වනු ලබන පෙළහර.

ප්රේ.මයෙන් භරිත වූ  - දයාවෙන් බරවුණු 

අනිමිෂ චෛත්ය‍ය - බුදුන් විසින් තමන්ගේ නොපියන ලද ඇස සිරි මහ බෝධියට පිදුණේ යම් තැනෙකැ හිඳගෙනැ ද; අන්න එ තැනැ පිහිටුවනු ලැබූ සෑය.

අනන්ත නය සමන්ත පට්ඨාන ලක්ෂණ වූ ධර්මය - ඉමක් නැති පිළිවෙළ හා සියල්ල පිහිටුවීමත්; හැඩ නිල වසයෙන් පවත්නා දහම. බුදු දහම කෙසේ වූ දහමෙක්ද යනු වටහාගැන්ම සඳහා එහි පවත්නා හැඩ නිල දෙකෙක් මෙයින් දැක්විණ. එකක් නම් අනන්ත නයයි. අනන්ත නය නම් ඉමක් කොනක් අගක් ඉවරයක් නැති ක්රකමවත් බවයි. අනෙක් ලකුණ හෙවත් අනෙක් හැඩ නිලය තමා සමන්ත පට්ඨානය. බුදු දහම ඔහි ආවට ගියාට මුල මැද අග පරස්පර වන සේ දෙසුනු දහමෙක් නො වේ. එහි අකුරක් පාසා වදනක් පාසා හැම තැන මැ මනා සේ පිහිටුණේ වෙයි.

විලඳ වට - පොරි ගුළි

අතෘප්තිකර - නොසෑහන. කොතරම් මැ රස විඳියැ ද දැන් ඉතින් ඇති යැ කියා සෑහීමකට නො පැමිණෙන.

ප්ර ණීත - මියුරු. අවවරණය - හැසිරිම. පණ්ඩිත වේදනීය - වියත් ජනයා විසින් විඳියැ යුතු. ගල ලෝහිත - ගෙලැ ලේ. කපනු ලැබූ ගෙලෙන් වැගිරෙන ලෙය. ජීවිත පරිත්යා ගය තෘණ ලවයක් මෙන් කරන්නා වූ ද? තණකොළ ඇබිත්තක් වගේ සුළු කොටැ සලකා ජීවිත පරිත්යා්ගය කරන්නා වූද.

ශීල ව්ය්තික්රාමය පොළොව පෙරැළීමක් මෙන් සිතන්නා වූද - රක්නා සිල් පදයක් එහා මෙහා කිරීම, සිල් බිඳ ගැන්ම පොළොව පෙරළාදැමීමක් වගේ බැරෑරුම් කොටැ සලකන්නා වූද.

ඡෙද්ය භේද්යව - සිඳුනු බිඳිනු ලැබීම. කුළු ගෙයක් සා ගලක් - කුඩාරමක් තරම් ගලක්. භව්යාගභව්ය වශයෙන් විභාග කොටැ - භව්ය අභව්ය්, සුදුසු යැ නුසුදුසුයැ යන ලෙසින් කොටස් කොටැ.

2. ධම්මචක්ක පවත්තන කථාව සංස්කරණය

ශාස්තෘ - ශාසනය කරන්නා; ගුරු බස්, ඔවා බස් දෙන්නා. පරෝපදේශ රහිත වැ - අනුන්්ගේ උවදෙසක්, ගුරු කමක් නැති වැ.

අනුත්තර සම්ය ක් සම්බුද්ධ - දතයුතු තාක් සියල්ල එක් කොටැ මනාසේ දන්නා ලද්දේ සම්බුද්ධ නම් යැ. නිවැරැදි වූ සැබෑ වූ හරි වු සම්බුද්ධ යැ, සම්ක්ියල සම්බුද්ධ නම්. තමාට වඩා උතුම් කෙනෙකු තව ද නොවූ සම්යබක් සම්බුද්ධ තෙමේ “අනුත්තර සම්ය‍ක් සම්බුද්ධ” යන නම ලබයි.

අවිහ තෙලෙහි - ඒ නමින් යුතු බඹලොව වැ . අවිහය අනාගාමි බඹුන් ගෙන් යුතු වූයේ යි. අතප්ප යැ සුදස්ස යැ සුදස්සී යැ අකණිට්ඨ යැ යන සතර තලය ද එසේ යැ.


3. වේළුවනාරාම කථාව සංස්කරණය

මිගදාය - මුව වනය. මුවන් ගෙන් ගැවැසුණු වන පෙදෙස. විනේය ජන - හික්මැවීයැ යුතු සෙනඟ ජයස්තම්භය - ජය ටැඹ අසහාය රාජ වැ - සහායක් නැති රජ වැ. තමා මැ එක මැ එක නයුවා වූ රාජයා වැලා.

භව බන්ධනය - බවයෙහි බැඳුම. සසර බැඳුම. වන ඝණ්ඩය - වන ලැහැබ. වීනයනය කොටැ - හික්මවා ඒහි භික්ෂුභාවයෙන් - එව මහණුවමින්; “මහණ මෙහි එව” යනුයෙන් බුදුන් තෙපලන්නා හා මැ ඉදුහයෙන් පහළ වූ මහණ වෙස් හා පිරිකර හා ඇති වැ මහණ බව ලබන මහණකම ‘එව මහණුව ම’ නමි.

ක්ලේශ ජටාවන් - කෙලෙස් දුළුලු. මුළුමනින් මැ හැඩ පළු ගෙතුණු අවුල් වැ ගුළි ගැහුනු හිස කෙස ජටා නමි. එ බඳු කෙස් වදුල ඇති සවුසෝ ජටිල නම්හ. පව් නැමති; කෙලෙස් නමැති ජටා යැ ක්ලේශ ජටා නම් ජටිලයන්ගේ, ජටාධරයන් ගේ ජටාව වනාහි මුළුමනින් දුහුලියෙන් කිලිටි බැවින් පිරුණෙකි. එ හෙයින් ඒ ක්ලේශයනට උපමා කරනු ලැබීමට ඉතා මැනවී. අභ්ය න්තර ගත වූ කෙලෙස් අවුල් නමැති අන්තර්ජටා ද ඉස් මුදුනෙහි බඳනා ලද දළ මඬුලු නමැති බාහ්යන ජටා ද විධ්වංසනය කො ටැ - බුදුන් විසින් ජටිලයන් ගේ ජටා දෙකක් වැනැසූ වග මෙයින් පැහැදිලි වේ නු? කෙසේද ඒ? ජටා නම් ගැට යැ; අවුල් යැ. අභ්යදන්තරමෙහි හෙවත් මනසෙහි පවත්නා කෙලෙස් අවුල් හෙවත් ඇතුළු අවුල් අන්තර් ජටා නමි. ඉහ මුඳුනේ වූ කෙස් අවුල දුරු වෙයි. ඒ දුරු වත් මැ කෙස් අවුල සිඳැ දමාපියා පැවිදි වෙයි. ඔන්න ජටා විධ්වංසනය වූ හැටි.

ක්ෂීණෘශ්ර වයන් - ආශ්රටවයන් ක්ෂීණ කළවුන්; රහතුන්.

අනවරතයෙන් - නිතොර වැ. නිරතුරින්. අතරක් ඉඩක් නැති වැ.

ලතා මණ්ඩපය - ලිය මඬුව. මඬුවක් සේ වැ වැල් එතී සකස් වුණු ලිය ගොමුව.

මුහුකුරුවනලද - මෝරවන ලද; මෙය මුහුකුරනලද යන සේ යෙදිණි නම් ඉමැනවි.

උපමා විෂයානික්රාින්ත - උපමා විෂය අතිත්රා න්ත; උපමා අරමුනු ඉක්මැවුණු; උපමාවක් කොයි ලෙසින් හෝ දැක්වියැ නොහැකි. මේ කියමනට ගැළැපෙන යෙදුමක් මයුර සන්දේශ කරුවෝ ද යෙදූ හ.

අතින් කොමළ බැවිනළ තද යැ රන් දමා නෙතින් බලන සිරි කොද ඉඳුවරන් දමා ගතින් නොසරි වනුයෙන් සුර සරන් දමා ඉතින් මේ ලොවැ උවමට කියනු කින්ද මා ?

යන පැදියේදී.

ඉතින් මේ ලොවේ උපමාව සඳහා මා කියන්නේ කිම් ද? යනුයෙන් ඔවුන් විසිනුද දක්වනු ලැබුයේ උපමා වි‍ෂය අතික්රා න්ත බවෙකි.

කුන්තය - කොතවිය. කුන්තය ඔසොවා ගැන්ම රාජාඥාව ඔසොවා ගැන්මෙකි. එය පෙරටු කොටැ ගත් කලැ සියලු නොසන්සුන් කම් රජ අණින් සන්හිඳී සෙනඟ සමාධියට, සන්සුන් බවට පත් වෙයි. එ හෙයින් “සමාධි නමැති කුන්තය ඔසොවා” යනු බඳු කියුම් නොමනා නොවේ.

ඊර්යයාපථ - ඉරියවු.

4. න්‍යග්රෝුධාරාම කථාව සංස්කරණය

බුදුනට වල්ලභ වූ - බුදුන් හට කළුපග වූ

පුත්රට රත්නය ගෙනවුත් නේත්ර් රසාඤ්ජනය කරව - රසාඤ්ජනය නිසා නෙත පිනැවෙන්නාක් මෙන් පුතා දක්වා පිනවීම කරවයි කියූ සේ යි.

දශබලධාරී වූ - නුවන බල දසයකුත් සිරුරු බල දසයකුත් දරති බදුහු. එහෙයින් ඌ තුමූ දශබලධාරී යන්වෙන් වෙසෙසා හැඳින්වෙති.

මල් හළුයෙන් කිලුටු වූ ඉවුරුතල ඇති - මල් රොනින් කෙලෙසීගිය ඉවුරු තලා ඇති; මල් රොනින් හැඩි වීම ද එක්තරා ලකර වීමෙක් නො? එහෙයින් කිලුටු යව වදන යෙදුණ ද එයින් හැඟෙනුයේ විල් ඉවුරේ මනහර බවෙකි.

ලෝක කුහරයෝ - අහස්හු ලකරනය පිණි සැ නොයෙක් ගිණියෙන්, බහු වචනයෙන්, යෙදුනේ යි.

වෛදූර්යය මාණික්ය-මය - වෙරළු මිණි මුවා; වෛරෝඩී නම් මැණික් ජාතියෙන් මැ වැස්ස.

පෘථිවි මණ්ඩලයෝ - පොළෝ මඩුලු, බිම් පෙදෙස්, පුෂ්පකර වර්ෂාව - නෙළුම් වැස්ස මරකත මාණික්යාමය - මරා මිණි මුවා, මරා මිණි නම්; “ඉදුනිල් මිණි” යන සෙයින් වියත් වහරේ දිත් “පච්ච ගල්” යන සෙයින් හඩු වහරේ දීත් ඇඳින්වෙන කොළ පාට මැණ්ක ගල් වෙසෙසෙකි.

ගමන් ගත් රුවන් මෙර ගිරි සිරින් - ගමන් කිරීමට පටන් ගත්තා වූ මැණික්මය වූ මහ මෙර කන්දේ හැවියෙන්

කරවුවර - අයබදු රත්න කෝෂ්ඨාගාර - රුවන් කොටාර. රුවන් ගබඩා. චීතරාගීන් වහන්සේ - පහ වුණූ රාග ඇති උතුමන් වහන්සේ, රහතුන් වහන්සේ.

සැලෙන්නා වූ චූඩාමාණික්යද රශ්මි කදම්බයෙන් රන් වන් වූ බද්ධාඤ්ජලී ඇති - බුදුන් වැඳීමට දොහොත් මුදුනේ තබාගත් විටැ යැ, මේ කී ශෝභාව පහළ වන්නේ රජ දරුවන්ගේ වොටුන්නේ වූ මුදුන් මැණිකේ කාන්තිය රැළි දී දී හාත් පසැ විහිදෙයි. බුද්න් වැඳීම සඳහා මුදුනේ ඇඳිලි බැඳැගත් දෙ අත අර මැණික් කාන්තියෙන් රන්වන් වෙයි.

පාද පරිචාරිකා - බිරිය, ඉතා ඈතැ කලදවසේබිරිය හිමියාගේ පා මෙහෙවර කරන දාසියක බඳ වස්තුවකි. ඒ හෙයින් පාද පරිචාරිකා, පා පිරිහැරිය, පා දැස්ස යන නම ඇයට යෙදිණ.

අනංගයා ගේ ධ්වජය බඳු වූ - “දුටු පමණින්මැ රාගය උපදින්නා වූ” යන අදහස මේ කී සැටියි.

අනුඥවෙන් - අනුදැන්මෙන්. එකත් පස්වැ - එක් පැත්තකට වැලා.වඩා ඉහළින් යැ; වඩා පහළින් යැ; වඩා ළඟින්යැ; වඩා දුරින්යැ; ඉදිරියෙන් යැ; පස්සෙන්යැ; උඩු හුළං අතින් යැ; යටි හුළං අතින්යැ; යන අට දෙසින් ඈත් වැ එක් පැත්තකය වී.

මා දක්මී - මේ වියරණ නියර හරිද ? ඉතා මැ හරි යි. මෙහි දක්මි යන්නේ උක්තය ‘මා’ යන්න නොවේ. මා යන්නෙන් සඳහන් වුණේ බුදුන් පිළිබඳ වැයි. “දක්මි” යන්නෙන් සැඳැහුණේ බිම්බා දේවිය පිළිබඳ වැයි. මම බුදුන් දක්මි යන ආශාවෙන් බිම්බා දේවිය බලා උන් වග බුදුන් හිතන හැටියි; ඒ කියමනින් පැවැසෙන්නේ.

උදය පර්වත අස්ත පර්වත ද්වයට පැමිණියා වූ චන්ද්රන සූර්යය දෙදෙනා ඇති වැ ගමන් ගත් රුවන් මෙරක් මෙන් - මේ සඳහන් වුණේ පසළස්වක දා ගොම්මං වේලාවේදී පෙනෙන දසුන අනුවැ මවාගත් කිවි සිත්තමෙකි. ඒ පසළොස්වක යැයි සිතමු.අප දැකැ නැතත් මහ මෙර ගිර මැද්දේ වේ යැයි හිතමු. එ විටැ නැඟෙනහිරි මුහුද දෙසින් බැසැ යන ඉරත් ඒ හා එක විටැ දිසි වෙයි. ඉතින් ඔය මහමෙර ගිරත් ඒ දෙපසින් වූ ඉර හඳත් අපි ටිකින් ටික ගමන් කරවමු. අන්න ඒ ගමන වගේ තමයි අග සවු දෙනම දෙපසින් වඩින ගමන් බුදුන් වහන්සේ යසෝදරාවන් ගේ මාලිගය දෙසට ගමන් ගත්තේ.

ඉරත් හඳත් ගොම්මන් වේලාවට බටහිරි මුහුදේත් නැඟෙනහිර මුහුදේත් බැබැළෙන හැටි කිවිසුරු කිවියාණන් ද දුටු වග පෙනෙයි.

“වන් සඳැ සඳ රිවි බිඹු සමුදුරේ දුරේ

රන් කිරුලගැ බඳ ඉඳු මිණි වරේ යුරේ”

යන කියමන හැගේ.

රන් සිරියෙල් සුන්නෙහි පෑ සමාන වූ - රන් හිරියෙල් කඩුවලැ පාට වැනි වූ. හීමෙන් - වැගිරීමෙන්. අක්බඹුරු - අගින් කරකැවී ගියා වූ. ශෝක ස්නේහ නමැති මාරුත වේගයෙන් අළලන ලද්දී - කනගාටුව යැ ආදරයැ යන සුළං සැරේට කැළැඹෙන ලද්දී.

ජඞ්ඝා ද්වයය - කෙංඩා දෙක. අල්තා කල්ක - ලතු.අතුල් පැහැමත් කිරීම සඳහා ලා රස හා යුතු වැ සකස් කරනු ලැබූ ව්ලෙවුන් වෙසෙස.

මධ්ය ප්ර දේශය - උකුළ. කළුවැල් සුනු කල්කයෙන් පත්රේ බංගය පයෝධර භාරයෙහි නො අදවන්නී යැ. - කළුවැල් නම් කළු අගිල් නමිනුදු හැඳින්වෙන එක්තරා වැල් වෙසෙසෙකි ඒ ඉතා කළු පාට යැ. ඒ වැලේ කුඩු වලින් තැනූ තලපය කළුවැල් සුනු කල්කය යි. ඒ කල්කය රන්වන් සිරුර හැඬ වැඬ කිරීම සඳහා පැරැණි දවසේ යෙදිණ. ඒ කල්කයෙන් ඇඟේ තැන්තැන් වලැ සටහන් ඇඳීම පාරැණි සිරිතෙකි. පියාපත් සටහන පත්ර භඞ්ග නමි. සිදුහතුන් පැවිදි වන්නට ගිය පසු යසෝධරාව; “කළු වැල් තලපයෙන්; ඇයගේ බර පියොවුරන් මතැ පියා පත් සටහන ඇඳැවූයේ නැති.

ගොරද - ගෝරෝචන. ගවයන් ගෙන් ලබාගන්නා සුවඳ වෙසෙසෙකි. මුක්තාභාර - මුතු වැල්. මුතු මාල. මුතුහර. සිරිකන් - කන් පළඳනා වෙසෙසෙක්. ශිරෝජාල - මුතුයෙන් රනින් කරන ලද හිස් පළඳනාවෙකි. ක්ෂණක්ෂණයෙහි ඛේදයට පැමිණෙන්නා වූ - මොහොතින් මොහොතැ කනගාටු වන්නා වූ

පුෂ්පයෙන් ධවල වූ - මලින් සුදු වූ. ශෝක දුඃඛයෙන් විශේෂයෙන් පීඩිත යැ - සෝ දුකින්, කනගාටුව නිසා මැ උපන් දුකින්, අමුතුයෙන් මැ පෙළෙන්නී යැ.

මන්ද මාරුතයෙන් - මඳ සුළඟින්. කඳුළු ධාරා - කඳුළු වැල්. නො කඩවා දිගට මැ ඇදැහැලෙන කඳුළු ‘කඳුළු ධාරාව’ නමි.

පක්ෂ මාරුතය - පියාපත් ගැසීම නිසා උපදින හුළඟ. වාෂ්ප ජලයෙන් තෙත් වූ තුනු ලිය ඇත්තී යැ- කඳුළු දියෙන් තෙමුණු වැලක් බඳු වැ බබළන සිරැර ඇත්තී යැ.

හෝවිලි යානාව - උන්චිල්ලාව. නිර්මල වූ නිලෝත්පලයන් හා සමාන වූ නේත්රය ශ්රීින් භරිත වූ - පිරිසිදු නිල් මහනෙල් මල් හා එකවැනි ඇසේ ලස්සන කමින් බරවුණු.

ජල ප්රකවාහනය - සැඬ දිය පහර වියෝග ශෝක දුක් නමැති වහ්නිය - වෙන්වීම නිසා හටගත් කනගාටු දුක නමැති ගින්න .

පඤ්ච කල්යාණයය - 1. වයස පිළිබඳ යහපත් බව. 2. මස් වැඩීම පිළිබඳ යහපත් බව. 3. කෙස් වැටිය පිළිබඳ යහපත් බව. 4. දත් දෙ පෙළ පිළිබඳ යහපත් බව. 5. සම පිළිබඳ යහපත් බව.

ඕෂ්ඨයෝ බිම්බී ඵල සේ වර්ණ සම්පන්න වැ සම වැ සුපිහිත වැ සිටිති - තොල්, කෝවක්කා ගෙඩි වගේ පැහැයෙන් යුතු වැ වඩා ලොකු පොඩි නො වී සමාන වැ; දෙතොළ අතරෙහි සිදුරු නැති වැ හොඳට පිය වී සිටි.

දිව්යි චතුරඞ්ග සංගීතය - ගැයුම වැයුම නැටුම හා නළු කමත් චතුරඞ්ග සඞ්ගීත නමි. එය දිව්යමමය වූයේ දිව්යක චතුරඞ්ග සඞ්ගීත නමි.

නිරුත්තර වූ ධර්ම රත්න - උතුම්තම වූ දහම් රුවන්. චතුස්සත්යාූවබෝධය - හතර හැබෑව පිළිබඳ වූ වැටහීම. දුක, දුකට හෙය, සැප, සැපට මඟ යනුයි හතර සැබෑව නම්.

අබවසැ - එළිමහනැ. වල්ලභයන් - කුළුපගයන්; යහළුවන්;



5. ජේතවනාරාම කථාව සංස්කරණය

භගිනිපති - සෝවිරියගේ හිමියා. සුහුරා.

අබ්භ්රත යැ මහික යැ ධූම යැ රජස් යැ රාහු යැ යන පඤ්චෝපක්ලේශයෙන් විනිර්මුක්ත වූ - වලාකුළු යැ. මීදුම් යැ දුම් යැ දුහිලි යැ රාහු ගිලගැන්ම යැ හෙවත් පොළෝ හෙවනැල්ලට අහුවීම යැ යන උපක්ලේශ පසින් මිදුණා වූ. අසලට අවුත් කිලිටි කරන්නෝ උපක්ලේශයෝයි.

අභිනවෝද්ගත් - අභිනව උද්ගත.අලුතින් පැණ නැඟුණු. ශරව්චන්ද්ර් මණ්ඩලය - සරා සඳ මඬල; සරත් ඍත්තුයේ හඳ මඬල. සරත් ඉරිතුව වැහි වලායෙන් තොර යැ.එ හෙයින් අහස ඉතා පහන් යැ. ඒ නිසා මැ හඳ මඬල වෙසෙසින් බැබැළෙන්නේ යැ.

පාද පද්මය උත්තමාඞ්ගයෙන් පිළිගෙනැ - පා නමැති පියුම හිසින් පිළිගෙනැ. දෙ පා වැඳලා.

අජර වූ - නොදිරන්නා වූ අමර වූ - නොනුසෙන්නා වූ. නිර්මල වූ - මල රහිත වූ. මල නම් කිලිටි යි. අසදෘශ වූ - සදෘශ නොවූ. අසමාන වූ. අමෘත වූ - අමා බඳු වූ.මිහිරි වූ. ශාන්ත වූ - සන්හිඳුණා වූ අසංස්කෘත වූ - යළි යළි සකස් කිරීමක් නොලැබුවා වු. සහජයෙන් නිර්මල වූ. අතෘප්තකර - සෑහීමකට පත් නො වන්නා වු. ඉත්වර සත්වයන් - ලාමක සතුන් නය - පිළිවෙළ, ක්රාම. අනන්තරෝක්ත ක්ර මයෙන් - අතරක් නැති සේ පවසන ලද පිළිවෙළින්

දහසක් නයින් ප්රවතිමණ්ඩිත - දහසක් සැටියෙන් හෙබුණු; දහසක් පිළිවෙළින් ලස්සන වූ.

සත් භවයක් ඉක්මැ නොපවත්නා වූ සෝවාන් ඵලයට - සෝවාන් ඵලයට පැමිණි තැනැත්තෝ; අනෙක් සෙදගැමි ආදි පලයකට නොපිමිණැ මළ හොත් උඩත් පිරිසෙයින් උපදින්නේ හත් වරෙකි. අට වැනි අත්බැවෙහි නූපදියි. දෙවැනි තුන්වැනි හතර වැනි නැත හොත් පස් වැනි අත් බැවෙහි හෝ නිවන් පසක් කරයි. ඒ වග සලකා යි මේ කියමන පැවැසුණේ.

නිෂ්පාපී වූ; අතුච්ඡ වාදී වූ - අකුසල් නොරැස් කරන්නා වූ, අකුසලින් දුරු වූ; අරුතක් නැති නිවට දෙඩුමෙන් ඈත් වූ.

ජන විචික්ත ස්ථානයෙහි ඇලෙති - ජනයා ගේ නිතොර නිතොර හැසීරීමෙන් දුරු වූ තැනට කැමති වෙති.

ඡායූදක සම්පන්න - ඡායා උදක සම්පන්න- හෙවණින් හා ජලයෙන් ද යුතු. කහවණු ඔටින් සිටුවා - කහවණු හුළඟට හිටුවා. මේඝ පටලයෙන් සුඹුනා ලද ශිඛර මාලා ඇති - වැහි වලාකුළුවලැ ගෑවෙන කොත් කැරැලි ඇති. වැහි වලාකුළු තරමක් පහතින් ගමන් කරයි. ජේතවන වෙහෙරේ ගොඩනැඟිලි කවර තරම් උස ද යත් එහි කොත් කැරැලි ඒ වලාකුළු වලැ ද ගෑවෙන්නා සේ යැ.

වෛජයන්ත ප්රායසාදය - විජයහොත් පහය. සක් දෙවියාගේ විමන.

බුමු - මහල් නිකසළ - පිවිතුරු. කසළින් තොර සුපුෂ්පිත - මනා වැ පිපුණු.. දිව්යාපසුරයන් - දිව්යව අසුරයන්. දෙවියන්; අසුරයන්. ධර්ම වර්ෂාවෙන් - දහම් වැස්සෙන්. වැස්සක් ඇදැ හැලෙන්නාක් මෙන් නොකඬවා දහම් දෙසීමෙන්. ස්ඵටික මාණික්යස - පළිඟු මිණි. පූර්ණ ඝට පඞ්ක්තියෙන් - පුන් කළස් පෙ‍ළෙන්. ස්වර්ණරස ධාරා පරිශේකයෙන් - රන් දිය දහරාවන් ඉසීමෙන්. කුරඞ්ග මෘග - කුරු මුවෝ. මිමීන්නෝ. සාරඞ්ග මෘග - තිත් මුවෝ. කුසුම ස්තබක රේණූයෙන් රන්වන් වූ - මල් කැන්වලැ රොනින් රන් පාට ගැහැණු.

6. ලෝකාර්ථචර්යයා කථාව සංස්කරණය

දෘෂ්ටි මානාදීන් ප්රචභාණය කළ හෙයින් - වැරැදි ලෙස දැකීම යැ උඩඟුව යැ යනාදීන් වැනසූ නිසා. මෙහි දෘෂ්ටි යනු දස සංයෝජන ධර්මයන්ගේ මුල යැ. “මාන’ යනු එහි අට වැන්නයි. මේ දෙක ආදී කොටැ ගෙනැ ප්රැභාණය කළ බව කීමෙන් හැඟැවුණේ මුළු දස සංයෝජන දහම මැ ප්රබභාණය කළ බව යි. සක්කාය දිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාසය, කාම රාගය, ව්යාවපාදය යන හත මැ ප්රමභාණය කළ වග දිට්ඨි ආදි යන වදනින් හැගැවිණ. මානය, උද්ධච්ච කුක්කුච්චය, අවිජ්ජාව යන නතු මැ ප්රනභාණය කළ වග මාන ආදී යන්නෙන් හැඟැවිණි.

ශෝක පරිදේව ආදි - සොව වැ වැලැපීම යැ යන ආදිය, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනු මෙහි ආදි ශබ්දයෙන් හැඟවිණ. සංසාර බන්ධනයෙන් - සසර බැඳුමෙන් බුද්ධ චක්ෂුස - බුදු ඇස. සියල්ල දක්නා නුවණ නැමති ඇස. හීනාධිමුක්තික සත්ත්වයන් - සසරින් මිදීමට අපහසු දුඹුල් සතුන්, සැදෑව අඩු සතුන්. ප්රෑණීතාධීමූක්තික සත්ත්වයන් - හොඳ සැඳෑව ඇත් සතුන්.

කාමරාගානුශය භවරාගානුශය - කම් ඇලුම් කිලුට, බව ඇලුම් කිලුට. අෂ්ටෝත්තර ශත ප්රගභේද වූ - බෙදුමෙන් එක්සිය අටක් වූ තෘෂ්ණා සංඝාටය - කාම තණ්හා යැ භව තණ්හා යැ විභව තණ්හා යැ යන තණ්හා සමූහය නමැති අඟුළ. සතුන් සසර සයුරේ ඔබ මොබ සරවන නිසා තණ්හාව අඟළක් ලෙස සැළකිණ. තෘෂ්ණා ජාලය - තණ්හාව නමැති දැල. හකය - මැඳිරිය නිර්වාණ ක්ෂේමභූමිය - නිවන නමැති කෙම් බිම. මහ කාන්තාර මැදැ පිහිටි සාරවත් බිම් පෙදෙස් කෙම් බිම් නමින් ගැනේ. ප්රේපාතය - කඳු බෑවුම පලිපය - මඬ ගොහුර දක්ෂිණාවර්ත වැ - දක්ණට කරකැවී. රේඛාත්රවයයෙකින් - තුන් ඉරෙකින් පරික්ෂේප කරන ලද්දාක් වැනි වූ - පොරොවන ලද්දාක් වැනි වූ; වට කරන ලද්දාක් වැනි වූ.

විජෘම්භණ භූමියේ දී මැ - පැළැඹෙන තැනේ දී මැ. රජස් කිලිපොළා හරනේ - සිරුර ගස්සා දුහුලි බැහැරැ කරනුයේ. අන්ධකාරයෙහි සිසාරන්නා වූ අලාත චක්ර්යක් මෙන් - අඳුරේ කරකැවෙන්නා වූ ලා රස වළල්ලක් මෙන්. සන්ත්රා්ස - තැතිගැනීම් ගන්ධ මණ්ඩල මාලය - ගඳ කිළි යැ හාත්පස වූ පෙදෙස. චතුර් වෛශරාද්යය ඥනය - සිව් පොළෙකැ පවත්නා විසාරද බව පිළිබඳ නුවණ. ෂඩ් අසාධාරණ ඥන - අනෙක් අයට සාදාරණ නො වන්නා වූ නුවණ හය. බ්රණහ්ම ස්වරය - බඹ හඬ. බඹුගේ බඳු ගැඹුරු කටහඬ. අනිත්යායෙහි නිත්යන සංඥා ඇති - අනිත්යගය පිළිබඳ නිත්යම යැ යන වැටැහීමක් ඇති.

මන්දෝත්සාහ බව - උත්සාහ හීන බව. ඇලි මෑලි බව. සිව්වනක් පර්ෂද් - මහණ යැ මෙහෙණ යැ උවසු යැ උවැසි යැ යන හතර වගයේ පිරිස.

දශ අකුශල කර්ම පථය - දස අකුසල් පිළිබඳ කර්ම මාර්ගය. කල්යාුණ ධර්ම පුද්ගලයන් - යහ දහමෙහි හෙවත් සදහමෙහි හැසිරෙන තැනැත්තන්.

පාණාති පාතාදීන් විරත වූයේ - පණ නැසීම යන ආදීයෙන් වෙන් වූයේ. මෙහි ආදී ශබ්දයෙන් ආදින්නා දාන යැ කාමේසු මිච්ඡාචාර යැ, මුසාවාද යැ යන තුන තකහනියක් සැලැකැවිණ. විරත වීම නම් නොඇලීම යි. එහෙයින් මැ වෙන් වීමයි. ස්ථානාන්තරය - තනතුර. අනේක සහස්රය ක්ෂත්රිනය පණ්ඩිත කෙනෙක් ඇදිද - නොයෙක් දහස් ගණන්, රජ කුලැ උපන් නුවණැතියෝ වෙති ද?

ගූඨ වූ ද ප්ර‍ච්ඡන්ත වූ ද ප්රයශ්නයන් - අදහස නොපැහැදිලි වූද, අදහස සැගැවුණා වූද ගැටළු.

ඒකචාරී කේහර සිංහ රාජයක්හු - තනි වැ හැසිරෙන කෙසර සිහ රජකු; බෙල්ල හාත්පසැ ගන සැරේට දිගට ලොම් වැවෙන වගයේ සිංහයෝ “කේසර සිහ” නම් වෙති.

ත්රිනමද ගලිත හස්ති රාජයක් හූ - තුන් මද ගිලිහෙන මහ ඇතකු. දෙ කොපුල යැ ලිඟුව යැ යන තුන් පළින් මද වැගිරෙන ඇත්තු “ත්රිිමද ගලිත හස්තීහු” යැ.

උග්රර තේජස ඇති ආශීවිෂයක්හු - දරුණු මැ තෙද ගුණය ඇති නයකු. දළයෙහි විස ඇති හෙයින් සපුවා “ආශීවිෂ” නමි.

නිෂ්ප්රවභ වැ සිටුනා ජර ශාගාලයන් මෙන් - නොබැබැළෙන්නා වූ මහලු හිවලුන් වගේ. කුශල සම්භාර - පින් සමූහ ප්රලශ්න ව්යා කරණයෙන් සන්තුෂ්ට වූ - ගැටළු විසැඳීමෙන් සතුටු වූ. සත්ත්ව විනයනය - සතුන් හික්මැවීම. සත්ය්ක්රිවයාව - යම්කිසි සාදාරණ සැබෑවක් සිහිපත් කොටැ ඒ බෙලෙන් මෙසේ වේ වායි පැතීම. කර්මාවර්ත, කේලේශාවර්ත, විපාකාවර්ත - කම් යැ කෙලෙස්යැ විපාක යැ යන තුන් සැටියේ කරකැවීම. ආවර්ත නම් බිමීමයි; කරකැවීමයි; පෙරැළීමයි. ප්රීතිසන්ධිය - පිළිසිඳැගැන්ම. ච්යු තිය හා අනතුරු වැ මැ ඇති වන බැඳිගැන්ම.


යාගු - කැද. අනාවරනඥාන - තතු හෙළි පෙහෙළි කිරී‍ෙම් නුවණ. ව්යාරමප්රදභාමණ්ඩල - බුදුන් සිරුරින් බඹයක් ඈතට සොබා ලෙසින් මැ විහිදෙන්නා වු දිස්නය වටාව.

ඉන්ද්රෙචාප - දේදුනු. ප්රා්තිමෝක්ෂ සංවර ශීලාදි - ලොවුතුරා දහම් ‍දොරට පිවිසීම පිලිබඳ වු හික්මීම හා සබැදි සන්සුන් බව,ප්රාුතිමෝක්ෂ සංවර ශීල නමින් ගැනේ. මෙහි ආදී ශබ්දයෙන් ඉදුරන් ගේ පිරිසිදු බව පිළිබඳ හික්මීම හෙවත් ඉන්ද්රිපය පරිශුද්ධ සංවර ශීලයත්; දිවි පැවැත්මේ පිරිසිදු බව පිළිබඳ හික්මීම හෙවත් ආඡිව පරිශුද්ධ සංවර ශීලයත්; පස් විකා - ප්රදත්යා්වෙික්ෂා කොටැ - සිවිපසය බුත්ති විඳීම පිළිබඳ හික්මීම හෙවත් ප්ර්ත්යය සන්නිශ්රිමත සංවර ශීලයත් යන තුන ගැ‍ෙනයි.

විදර්ශනා ප්රයඥා- වෙසෙයි විසින් දැකීම පළිබඳව නුවණ.

ප්රරදාලනය - කපා සුන් කිරීම.

බෝධ්ඪිනගණය - වැටහීම නැමැති සහන් එළිය.

රත්න වාලුකා මැණික් එළිය. සතර සෘද්ධිපාද - ඉදුහයට පදනම් වු පැවතුම් හතර. ඡන්දය යැ විරිය යැ විමංසා යැ යන හතර.

චතර්විධ බ්රරහ්ම විහරණ - මෙත්තා කරැනා මුදිතා උපේක්ඛා යන පැවතුම් හතර.


සතර සතිපටිඨාන - කය අනුවැ බැලීම, ඇඟීම අනුවැ බැලීම හිත අනුවැ බැලීම, දහම අනුවැ බැලීම යන සිහිය පිහිටුවීම හතර. චන්ද්රය මරිචි - සඳ කැන්.

චතුර් විධ ආර්ය මාර්ග - සෝවාන්, ‍‍ෙසදගැමි,අනගැමි අරහත් යන සිව් මඟ.

ඓහ ලෞකික - මෙලොව පිළබඳ.

තීර්ථක ලබ්ධිය - තීර්තකයෝ නම් එක්තරා මිසදටු තකාටසකි. තමන් නිවන් තොටට ආ හෙයින් තමන නිවන් තොටහි ඉඳැ සතුන් නිවන් තොටට පමුණුවන හෙයින් තුමු වනාහි “තීර්ථක” නම්හ යි ඌ තුමු මැ කියති. එහෙවු තීර්ථකයන් ගේ දර්ශනය තීර්ථක ලබ්ධි නමැ.

සන්තා්ෂ ලෝචනය - සොම්නසින් පිරැන ඇස.

7. යමක ප්ර්තිහාර්ය කථාව සංස්කරණය

දිව්ය ශ්වේතචඡත්රනය - දිව සේසත. දෙව් රජයේ සුදු කුඩය.

ඕදාත කසින සමාප්තිය - සුදු පැහැ අරමුනු කොටැ ගෙන හිත එකඟ කිරිම.

අභිඥාපාදක - අභිඥාව පදනම් කෙ‍ාට ඇති.

නාඹ තල් කඳක් සා - නොපිදුනා වු තරැණ තල් ගසක කඳ වැනි. ඌර්ධව ශරිරය - සිරැරේ උඩු කොටස; සිරැරෙහි නැබෙන් උඩු පෙදෙස. බහු ප්රඋකාර - බෝහෝ සැටි.

අස්ඛලිත වැ - පැකිළිමක්, ගැටිමක් නැති වැ.

ස්වර්ණ ඝට‍ෙයකිනනෙික්මුනා වු ඉන්දුනීල මාණික්ය් රස ධාරා වැනි වු - රන් කළයකින් පිවත් වූ ඉඳුනිල් මිණි දිය දහරාවක් බදු.

භවාංග පරිවාසය ලඝු බැවින් - හිත භවාංගගත වැ වසන්නා වු කාලය ඉතා කෙටි නිසා.

ආවජ්ජන, සමාජ්ජන, වුට්ඨාන, අධිට්ඨාන, ප්ර්ත්යාතවෙික්ෂා - ඇවිදිම, නැඟිටීම, සමවැදිම, නැඟිටිම, ඉටීම, පස්විකීම. ඇවිදිම නම් සමවත පිළබඳ අරමුණු කිරිමයි සමවැදිම නම් සමවතට සිහිය පිහිටුවීමයි. නැඟිටීම නම් සමවතින් මෑත් විමයි. ඉටිම නම් බලවත් වැ සනිටුහන් කිරිමයි. පස්විකීම නම් පල විපා විසින් සලකා බැළිමයි. වශිතාව = වසඟ බව; හික්මුම් බව. වාග්විෂයාතික්රා න්ත - චදනට අරමුණු වන මිම්ම ඉක්මැවුණු. ක්ෂුද්රණ පීඨය - කුඩා පිටුව. සප්ත ප්රුකරණ සංඛ්යා ත - ප්රමකරණ හතෙකින් ගණන් ගැනුණු. ධර්ම සංගණිය, විහඪිගය, කථාවස්තුව, පුද්ගල ප්රමඥප්තිය, ධාතු කථාව, යමකය, ප්රෙස තානය යනුයි ඒ හත.


8. බෝධි රෝපන කථාව සංස්කරණය

ධෘති ස්මෘති - සිහියට ගෙනැ දරාගැන්ම ධෘති නමි. යළි සිහිකිරිම ස්මෘති නමි. අනන්යිසාධාරණ - අනුන් හා සම නො වු.

විච්ජේද නො කොටැ - නො කඩ කොටැ; අතරින් පතර නො නවතා. වීර්ණ වශිතායෙන් - පුරැදු තරන ලද හික්මුණු බැවින්. ආගම සමප්රතදායයෙන් - තෙවළා දහම් මනා සේ දාරා ගැනිමෙන්. ආගම සම්පත් - තෙවළා දහම දැරිම. පිළිබඳ සැපත අධිගම සම්පත් - ධමර්‍ාධිගමය හෙවත් දහම් වැටැහිම පිළිබඳ සැපත. යෝනිසෝමනසිකාර සම්පත් - මුල පටන් සිහි කිරිම, නුවණින් මෙනෙහි කිරීම, පිළිබඳ සැපත. මල මාත්සය්යෙය - මසුරැ මල, මසුරැ කම නමැති කිලුට. ස්වර්න කටාහයක් = රනින් කරන ලද මහ තලියක්; රන් කල්දේරමක්. නඟුලියක් - නඟුල් දණ්ඩක්. පිය වසාවක් - මුල් වැසී යෑමට වැලි බොරළු පිරැවීම සඳහා ගස හාත් පසින් ඉදි කරන මැටි බිත්තිය.

9. ධර්ම සභා සාකච්ඡා කථව සංස්කරණය

අනවශෙෂයෙන් - මුළුමනින්. සවර්ණ කුන්ත‍ෙයකින් - රන් හෙල්ලෙකින්; රනින් කරන ලද කොතවියෙකින්. ලාක්ෂා රසයෙන් රඳන ලද - ලතු දියෙන් පැහැගල්වන ලද; ලාකඩ දියරෙන් පාට කරන ලද.

ත්රිෂමණ්ඩල ප්රයතිවඡාදනය කෙරෙමන් - තුන් මඬුලු වසමන්. නැබ හා දෙ දණත් ඵක් කොටැ සලකන විටැ ඒ ත්රිහමණ්ඩල නමින් ගැනේ. රන් පමුදම - රන් හවඩිය. ඇගෑය - පහන් ටැඹ. පාංශුකූල විවරය - සොහොනින් මඟ තොටින් අහුලා ගත් රෙදි ක ත්රිණමණ්ඩින් මසා තනා ගත් සිවුර. සකහිත පරහිත දෙක දැන් මෙහි සමථ - තමා ගේ වැඩි දියුණුවට මුල් වු කරැණුත්; අනුන් ගේ වැඩි දියුණුවට මුල් වු කරැණුත් දැනගැන්මේ හපන්. අසංසට්ධියහ - නොමුසු චුචෝ යැ. ආරාබ්ධ වීර්යයහ - අරඹන ලද වීරිය ඇත්තෝ යැ. ඇරැඹි මොහොතේ දී වීරිය ඉතා දැඩි යැ.කොතරම් කල් ඉක්මුණ ද ඇරැඹි මොහොතේ දී මෙන් දැඩි වීරිය ඇත්තෝ යැ යනුයි මෙන් කවන අරැත. වක්තෲහ - දේශකයෝ යැ; දෙසන්නෝයැ. වචනක්ෂමයහ - කියන ලද්ද ඉවසන්නෝ යැ. බිණුමකට ගැරැහුමකට රොස් නො වන්නෝ යැ. විත්තේකාග්රාසතාව - හිතේ එකැඟි බව. පඤ්චවිධ විමුක්ති - තදඩ්ග විමුක්තිය. විස්කම්භණ විමුක්තිය, පටිපස්සද්ධි විමුක්තිය, නිස්සරන විමුක්තිය, සමුච්‍ෙඡ්ද විමුක්තිය යන විමුක්ති පස. ද්වාදශවිධ සන්තෝෂ - සිවුරැ පිළි, අහර,සෙනෙසුන්, ගිලන් පස යන මේ සිව් පස පිළිබඳ වැ; ලැබෙන සැටියෙක් සතුටු වීම, කැප සැටියෙන් සතුටු වීම, තිබෙන හැටියෙන් සතුටු වීම යැ යන දොළොස් හැටියෙන් සතුටු වීම. වාන්ත දෝෂය - දුරැ කර දොස් ඇතියෝ යැ. විජටිත ජටයහ - ලිහන ලද අචුල් ඇතියහ. නහෝ මධ්යටගත වු - අහස් මැදට ගියා වු. පරික්ෂේප කරන ලද - වට කරන ලද. අඩාල කරන ලද්දී - අඩක් විවර කරන ලද්දී.අඩහල් යන සෙයින් ද වැවහරේ වදනෙක් එයි.එහි අරැත අඩක් පියූ, බාගෙට වැසූ, යනු යි.

10. කාලිංග චක්ර වර්තී කථාව සංස්කරණය

අභිනව යෞවනයෙන් ලලිත වු - අලුත් තුරැනු කැමින් බැබැළුනා වු. පරිපාලනය - හාත් පසින් රැකබලාගැන්ම. කර්ම පථය = කර්ම මාර්ගය. කර්ම පිළිවළ. දස කුසල් කර්ම අතරින්පතරැ අඩු පාඩු නො කොටැ පිළි- වෙළින් සමාදන් වීම. දශ කුශල කර්ම පථ සමාදානය නම්. රක්ෂාවරන ගුප්ත සංවිධානය කෙරෙයි. - රැකවල් ද පාලන පිළිටවළ කිරිම්ද කෙරෙයි. දේය ධර්ම දානයෙන් - දිය යුතු දේ දීමෙන්. ශමිත පාප - සන්හිදුවන ලද පව් ඇති. බාහිත පාප - බැහැර කරන ලද පව් ඇති. ශ්රිමන පරිෂ්කාර - මහණ පිරිකර. අභය දීමෙන් - බිය නුපදින සොභාවක් ඇති කිරිමෙන්. කරවුවර - අය බදු. මේ නිමැවුම් - අහර ගැනිම්. පය්යිර්ඪික බන්ධනයෙන් ඉදැ - එරැමිණිය ගොතා ගැනිමෙන් වාඩි වී. ආවර්ජනා කෙරෙමින් - සිහි පත් කෙරෙමින්. ආභෝග කෙරෙමින් - සිහි ගන්වමින්. සිහි පත් කෙරෙ- මින්. නාභිය - මැද කොටස. - රෝදයකැ අලවංගුයෙහි ගැටෙන්නාවු කොටස නැබ. බොස් ගෙඩිය. ඡිද්ර්ය - සිදුර. පරිච්ජේද රේඛාවේ -බෙදුම් ඉරි හාත්පසින් බෙදීම පිණිසැ යොදන ඉරි. දැවි - රෝදයක බොස් ගෙඩියේ සිටැ නිම් වළල්ල දක්චා චිහිදී ඇති පරාල; ගරාදි.

‍ෙකාතුරැපත් හා කුදු මහත් බුබුළු හා පරිච්ඡේද රේඛාදිහු ද - ඈත කළ දවසේ කලාව කනර තරම් ජයට පෙර දිගු රටවලැ බැබැළුනාද යනවග ඇඟවීමට මේ හොද නිදසුන් කියමනකි. රෝදයෙකැ ගරාදිචලට පවා ඵ් කලදවසේදී එක එක සැටියේ කැටයම් යැ; වට හැඩයට කළ කැටයම් බුබුළු නමුන් ගැනේ. එක් එක් කැටයමක් සඳහා ලියවනු ලබන -හාරා කොටනු ලබන-ඉරි පරිච්ජේද රේඛායි. බාලාර්ක මරිවි - බාල හිරැ රස්. අරැණේදි දී දිස් වන රතු පාට ඉරැ එළිය. රක්ත ජාමිබුනද ස්වර්න පට්ටයක් සේ - රත් දඹ රන් පටක් සේ. අමු රන මනා සේ දවා පිරිසිදු කළ විටැ දඹ රන් නමි.ඒ දඹ රන තවදු පිරිසිදු කළ කලැ රත් දඹ රන් නම් වේ.

වස් කළල් - බට නළා. පවන් ගන්නා වු - හුලඟට පැද්දෙන්නා වු.

රත් පලස් හූ වට - රතු පාට පලස් නූල් පන්දුව. රතු පාට ලොම් නූල් ගුළිය.

ප්ර ලාප - හිස් බස්.

අකුරක් ගැසු කලක් මෙන් - ගල ගැහුනා ව‍ෙග්. නො සැලි. අන්තඃ ප්රාුසාදය - ඇතුළු පහය. මාලිගාවේ ඇතුළත පෙදෙස.

ප්රෙතිරෑප දේශ වාස - ගැළැපෙන පෙදෙසෙහි වීසිම සත් පුරැෂ සංසේවා - සුදනන් ඇසුරැ කිරීම. සද්ධර්ම ශ්රංවන - බණ දහම් ඇසීම. කෘත පුණ්ය්තා - පෙර වාසනා ඇති බව. ඊර්ය්යා්පථ චක්රව - ඉරයවු සමූහය. ස්වර්ණ හෘඩ්ගාරය - රන් කෙන්ඩිය. ආභරණාලෝක සමෘද්ධීන් - අබරනවලැ දිස්න සමූහ- යෙන්. විභවානුරෑප පරිද්දෙන් - වත් පොහොසත් කමට ගැළැ- පෙන සැටියෙන්. චක්රසචර්තී පර්ශද - සක්විති පිරිස. සථාන නිෂද්යාරදි වු ඊර්ය්යා පථයන් අතුරෙහි දු - ඉඳිම් හිටීම් ආදි වු ඉරියවු අතරෙහිත්. ඖෂධ ගන්ධයක් ආඝ්රායණය කොටැ එන ගර්භය හකුළු - වන්නා වු - බෙහෙත් ගඳක් ඉඹැඛලා, එහි සැර ගතිය නිසා පෙනය අකුළුවන්නා වු. වෛදුයර්යමය වු - වෙරළු මිණියෙන් මැ තැනුණු; වෛරෝඩි ගල් වලින්ම තනනලද. පද්මෝත්පල ප්ණ්ඩරික වනයෙන් - රත් නෙළුම්, මහ නෙල්, සුදු නෙළුම් කැලෑවෙන්. සිව් දෑ ගඳින් - කොකුම්, තුවරලා, තූරැක්තෙල්, යොන් පුප් යන සුවඳ ජාති හතරෙන්. රන් සිරියෙල් සුන්නේ රැඳිගියා වු පයර්යන්ත ඇති රිදී පර්වතයක් වැනි වූ - රන් සිරියෙල් කූඩු වලින් පාට ගැහැණු කොන් ඇති රිදි කන්දක් වගේ.

වේපුල්ල පර්වතය - රජ ගහ නුවර වටා පිහිටි කඳු පසින් එකෙකි.වේහාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලි, ගිජ්ජකූට යනු යැ ඒ කදු පස.

සාල්ල - මහල් කිහිපයකින් යුතු පහයෙක එක් එක් මහලට නැඟීමට පැරැණි දචසේ දී ඉවහල් වූ අවාරණයෙකි. -සහනුයේ අසුලනුයේ සහු යැ ඒ මැ "ලු’’ ප්රනත්යකය යෙදීමෙන් සහලු නම් වේ. – අපේ දැය ඇද වැටුණ පසු සාල්ල නමින් ගැවෙන්නට වුරය් පිරිවැස්ස යැ.

ප්රෙසාදාවහ වු - ප්ර සාද + ආවහ.-පහන් බව; සොම්නස ගලබස්නා වූ. වර්න සෞන්දර්යයෙන් - පැහැයෙන් සොදුරැ කැමින්. ගෘහපති රත්නය - ගැහැවි රැවන. සිටුවරයා නමැති රැවන. විශද වු - හපන් වු ස්ථානෝචිත ප්රයඥාව - සථාන උචිත ප්රටඥාව - තැනට නිසි නුවණ. විදුරැ එබු අකුස්සෙන් - දියමන්ති ඔබනලද හෙණ්ඩුයෙන්. රාජ මානයෙන් කිරියක් පමණ තැන - රජයේ සම්මත මිම්මෙන් කිරියක් පමණ චු හරියේ - කිරිය අමුණු හතරෙකි. සාචුන් ගේ දැලි පමණ වත් - හාචුන් ගේ අඩු රැවුළ පමණට හෝ.

වජ්රාහඩ්කුශයෙන්. වජ්රන අඩ්කුශයෙන්. දියමන්ති ඔබන ලද හෙණ්ඩුයෙන්. ප්රහතිධ්වනියෙන් හරිත වූ දස දික් කුහර ඇති ධ්වනි පවත්වා - දස දිග් අහස දෝංකාරයෙන් මැ බර වන්නට හඬ නඟා. ඟර්ජනා කොටැ - ගුගුරා. නිරැද්ධ වැ ගියේ යැ - මළේ යැ. පදාර්ථ - පදයෙකින් අර්ථය පැවැතිය යුතු සියල්ල පදාර්ථ නම්. පදයකින් අදහස පැවැසිය යුතු නිසා ලොවේ වු තාක් සියල්ල පදාර්ථ නමින් ගැනේ. සම්ය ක් සම්බෝධි ඥාන සමධිගමය කළාහු - හැබෑ නිවැරදි - සම්බුදු නුවණ වටහා ගත්තාහු. ස්වර්ඥ බුද්ධයහ - සියල්ල දත් බුදුහු වෙති. ප්රරත්යේක බෝධි ඥානය සමාධිගමය කළාහු - පසේ බුදු නුවණ වටහා ගත් ඇත්තෝ. කාලත්රටය වර්තී වූ - තුන් කළ පවත්නා වු. සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්රාඥප්ති - පඤච විධ ඥෙය මණ්ඩලය නමින් හැඳින්වෙන්නේ මේ පසයි. හැම පදාර්ථයකැ මැ මේ පස වෙියි. ලොව්තුරා බුදුහු එක් එක් පදාර්ථයක වු මෙ පස සර්වාකාරයෙන් දනිති.

ගන්ධ පුෂ්ප දීප ධුප - සඳුන්, කොකුන්, අගිල්, තුවරලා වැනි සුවඳවත් දෑ ගන්ධ නමැ. පෂ්ප නම් මල් වෙසෙස් යැ. පහන් දිප නමින් ගැනේ. අගිල් කපුරැ ඇයෙන් නැංඟු දුම ඳුප නම් වෙයි. සත්යැ ඥාන - සැබෑව වටහා ගැන්මෙි නුවණ. කෘත ඥාන - කළ යුත්ත වටහා ගැන්මේ නුවණ; සත්යඥ ඥාන, කෘත්යත ඥාන, කෘත ඥාන, යන මේ තුන එක් එක් සත්යනයෙකැ ත්රි්පරිවෘත්ත - තුන් සැටියේ පැවැත්ම - නම්න් ගැනේ. මේ තුන් තුන් සැටිය නිසා උතුම් සතර සැබෑව-චතුරාර්ය සත්යතය- -දොළොස් අයුරකට බෙදෙයි. සභාග පර්යන්ත - සභාගයන් ගෙන් පර්යන්ත වූ; නොවිරැදු දහම්වලින් කෙළවර වු. විසභාග පරියන්ත - වරැදු දහම්වලින් කෙළවර වු. සඳ මඬ‍ෙලහි පහරනා ‍කලක් මෙන් - සඳ මඩලේ ගාවන වේලාවෙකැ දී වගේ. අග්රව මාණික්යායෙන් කුළු ගන්වන්නාක්හු මෙන් - උසස් මැ මැණිකෙන් කොත් කැරැල්ල සරහන්නාක්හු වගේ. දේශනායෙහි කුළු ගන්වා - දෙසුම අවසන් කොටැ. ධරමාන කාලයෙහි - දිවමන් අවදියේ.ජීවත් වැ ඉදුනා අවදියේ.

දශබල පරිනිර්වාන කථා කෙසේ පිහිටි සේක් දැයි යත හොත් - කොයි හැටියෙන් පිහිටි සේක් දැයි කියත හොත්. ආසහඨානඨායි -ආසහ + ඨාන + ඨායි= උතුම් තැන පිහිටියා වූ. සර්ව සත්ත්වෝත්තම - සර්ව සත්තච උත්තම, සියල් සත්නට උතුම් වු. රඤ්ජනය - බැබැළැවීම. හෙබැවීම. ධර්ම ප්රුදීප වු - දහමට පහන වු. ධර්මයට ප්ර්තිෂ්ඨා හෙයින් ධර්ම ශරණ වූ - දහමට පිහිටි වන හෙයින් “ධර්ම ශරණ” යන නම ඇති වු. සවයන්භූඥානයෙන් - සියත් නුවණින්. තමාසතු වු නුචණින්

නීල පීත ලෝභිතාදාත මාඤ්ජිෂ්ඨ ප්රතභාස්වරයෙන් - නිල්, කහ, රතු, මදට, පබසර යන පැහැයෙන්.

පරික්ෂිප්ත - වට කරනලද

රශ්මිජ්වාලා ශෝභායෙන් - දිස්න දැල් වල ලස්සන කමින්. ශීග්රජ චාරිකා පකරන සේකැ.

දඬුවැට පහන් - පන්දම්, විලක්කු. ප්රිැති ප්ර මෝද වශයට - සතුටින් සොම්නසින් වසඟ වීමට.

විනේය ජන නැමැති බන්ධුනට - හික්ම විය යුතු ජනතාව නමැති නෑයන් හට.

පදපරම සත්වයන් - මේ අත් බැ‍වෙහි දි මැ නිවන වටහාගැන්මට තරම් නුවණ මූකුරායෑමක් නොවූ සතුන්. ධර්ම භේරිය පහරනා සේකැ - දහම් බෙරය ගසන සේකැ. ධර්ම ධ්වජය - දහම් දදය, හම්ද නැමැති කොඩිය

ධර්ම කුන්තය - හම්ද නැමැති හෙල්ල.

පද්මාකරය - පියුම් ආර විල.


ද්වාත්රිංතෂද්වර මහා පුරැෂ ලක්ෂණ අසූ අනුව්යමඤ්ජන බ්යාවම ප්රාභා කේතු මාලාලංකාරයෙන් විරාජමාන වූ රෑප ශ්රි න් ද- දෙතිස් උතුම් සහ පුරිස් ලකුණු; අසූ අනු ලකුණු; පඹ පැහැය; ‍ෙකාත්මල යන ලස්සන කම්වලින් බැබැලෙන්නා වූ රෑපයෙහි සිරියා‍ෙවන්ද. ශබ්දයෙන් ප්රූසන්න වු - හ‍ඬෙහි පැහැදුණා වූ. රැක්ෂ ප්රපතිපත්ති - රළු පිළිවෙත. රළු ගෝරෝසු පැවැතුම. අල්පේච්ඡතා - මඳ රිසියාව. මාහා වජ්රාඥාන - වීදුරැ මෙන් තියුණු බලවත් නුවණ.

සතර සෘද්ධි පාද - ඉදුහ බලය ඉපැදැවීම සඳහා උදව්වන පදනම් හතර; ඡන්ද, චිත්ත, වීරිය, විමංසා, යනුයි, ඒ හතර නම්. සතර සම්යපක් ප්රරධානය - උපන් අකුසල් හිත් තෙරිම සඳහා වැර වැඩීම, යන නූපන් අකුසල් හිත් නොඉපැදීම සඳහා වැර වැඩීම ,උපන් කුසල් හිත් ඉපැදීම සඳහා වැර වැඩීම, යන නිවැරැදි වෑයම් කිරීම් හතර.

පඥ්ච බල - ශ්රනද්ධා, ශීල, ශ්රැත, ත්යා ග, ප්රිඥා, යන බල පස.

සප්ත බෝධ්යැඩ්ග - සෝවාන්, ‍‍ සෙදගැමි, අනගැමි, අරහත් යන සතර මහ සතර පලයට පැමිණිම බෝධි නම්. ඒ බෝධිය සඳහා අඩ්ග වසයෙන්, අවයව වසයෙන් සිටුනා දහම් හත සප්ත බෝධ්ය ඩ්ග නම් වේ. සතිය, වීරිය, පීතිය, ධම්ම විචය, පස්- සද්ධිය, සමාධිය, උපේක්ඛාව යනුයි, ඒ සත නම්.

සප්ත ත්රිං්ෂත් බෝධි පාක්ෂික ධර්ම - නිවන පසක් කිරීම සඳහා එකඟවන්නා වු දහම් තිස් හත.

අනන්යඑ සාධාරණ - අන්ය සාදාරණ ‍ෙනා වූ.

පරිදාහ - එහෙන් මෙහෙන් දැවෙන දැවිල්ල.

ලෝකාර්ථ චර්යාව - ලෝ වැඩට හැසිරිම. ලෝ වැඩ සදහා සැරි සැරීම.

ව්යා ධි - ලෙඩ. නිරෑපධිශේෂ - උපධිශේෂ නොවූ; උපදි ඉතිරි නොවූ; යළි ඉපැදිමට හේතුවන ස්කන්ධ පස උපදී නම්න් ගැනේ. දේවාරෝහණ - දේව ආරෝහණ. දෙව් ලොවට න‍ැඟිම. සඩ්ඛ්යාණපතාතික්රා න්ත වූ - ගිණුම් ඉද්ද ඉක්මැ වූ; ගැණැ- ගන්නට තරම් නොහැකි. ගණ ජ්‍‍යේෂ්ඨ - සමූහයට නායක. බුඩ්ඪ පබ්බජිත - මහලු කල්හි පැවිදි වුණු.

සංඝ සන්නිපාකයක් - සඟ රැස් වීමක්. සංඝ සමූහයා එක් රැස් වීමක්.

අන්තර්ධාන - අතුර දහන්. මේ වදනේ මුල් අදහස දැහැනට සමවැදීමයි. එහෙත් පසු වැ, හදිසියේ නැති වී නො පෙනියාමට අතුරැදහන් යන වදන යෙදෙන්නට විණ. මෙහි ලැබෙනුයේ ඒ දෙවැනි කී ලියලු අරැතයි.

ශාස්තෘ - අනුශාසනය කරන්නා. වීර පථායි - බොහෝ කල් පවත්නා. ඝනවා පටින් - හණ රෙද්දෙන්. රැපාරැප අෂ්ට සමාප්තිය - රෑ අරමුණු සමවත් හතර හා නොරෑ අරමුණු සමවත් හතර දැ යි යන සමවත් අට.

සංඥාාවේදයිත නිරෝධ සමාපත්ති- ඇඟුමෙන් දැනුමෙන් තොර නිරෝද සමවත. නවානුපූර්ව විහරණයන් - අනුපිළිවලින් පවත්නා වූ විසුම් නචය.

උත්තරි මනුෂ්යහ ධර්මය - උතුරැ මිනිස් දහම, සතර මඟ සතර පලය. අලග්න වූ - නො ඇලුණා වූ. හීනෝත්කෘෂ්ට මධ්ය ම - හීන, උත්කෘෂ්ට, මධ්යමම; පහත්, උසස්, මෑදි. අනෘණභාවය - නොණය බව. උදාරථර - ඉතා උසස්. නවාඩ්ග ශාස්තෘ ශාසනය - අංග නවයකින් යුතු බුදු සසුන. සුත්ත යැ ගෙයිය යැ වෙයියාකරණ යැ ගාථා යැ උදාන යැ ඉතිවුත්තක යැ ජාතක යැ අබ්භූත ධම්ම යැ වේදල්ල යැ යනු යි ඒ අංග නවය නම්.

පය්යනර්‍ාප්ත - බුදු සසුන තුන් සැටියෙකි, පර්යාප්ති යැ ප්රයතිපත්ති යැ ප්රතතිවෙධ යැ යන සෙයින්. බුදුන් දෙසූ, අසූහතරි දහසක් වූ දහම් කධු මුළුල්ල පර්යාප්ති නමි. නිවන් දහම පසක් කිරීම යැ ප්රයතිවෙධ නම්.

පෘතග්ජන - පුහුදුන්. සිව් මඟ සුව පලයට නොපත් අය. ශුෂ්ක විදර්ශක - අර්ථ යැ ධර්ම යැ නිරැක්ති යැ ප්රපති- භාන යැ යන මේ සතර පටිසම්හිදාවට නොපැමිණී හුදක් කෙලෙසුන් නැසූ රහත් බව. ක්ෂීණාශ්රෙව - ආශ්ර වයන් - සසර බැඳුම්, ගෙවාලූ.

එත්දණග්රර පාලිය - මේ තෙමේ මේ කරැණින් අගපත් චන්නේයයි බුදුන් විසින් කරන ලද තනතුර දීමනා දෙසුම. උනුපන්සියය - හාරසිය අනූනවය.

පිරිසිඳැගෙනැ - වෙන් කොටැගෙනැ.

අශෛක්ෂ ප්රනතිසංවිදාවට පැමිණියා වූ - රහත් බවට පැමිණි.

පරෑපවාදය - අනුන්ගෙන් නැගෙන චෝදනා. අනුඥායෙන් - අනුදැන්මෙන්. ඡන්දය ද්වේෂය වමා්හය භය - සබවස දැකැදැකත් කෙනකු නොසබවස ඉහට ගැන්ම සඳහා හේතු; වන කරැණු හතර; මේයැ සතර අගතිය. වන කරැණු හකර මේයැ සතර අගතිය. ධර්ම ගර්ජනා - දහම අරමුණු කොටැ කරනු ලබන වේගවත් හඩ නැඟිම්. විද්යා මාන කාලයෙහි - පවත්නා කලැ. ළය තද කොටැ - හිත දැඩි කොටැගෙන. පෑළවිය දවස් - පසලොස්වකට පසු දාත්, අමාවකට පසු, දාත් පැලැවිය නමින් ගැනේ. මේ දෙදින පිළිවෙලින් අව පැලැවිය. පුර පැලැවිය යන නමින් ගැ‍නෙයි. වේහාර පර්වත - රජගහ නුවරැ අසලැ වූ පර්වත. පසින් එකෙකි. පාණ්ඩව, ගිජ්ඣකූට, ඉසිගිලි, චේපුල්ල යනුයි අනෙක් හතර. සප්ත පර්ණි ද්වාරය - අත්තන ලෙන් දොර. මහ යෝද අත්තන ගසක් ‍ ලෙන දොරැ වූ හෙයින් මේ ලෙන අත්තන ලෙන නමින් පළට වූයේ ල.


භිත්ති ස්ථම්භ සෝපාන - බිතු, ටැම, පියගැට.

මාලා කර්ම ලතා කර්මයෙන් - මල් කැමින් ලිය කැමින්.

ඕලම්බ කුසුම දාමයන් - එල්බෙන මල් දම්. දර්ශනීය වූ දැකුම්කලු වූ.

සාර භූෂණයන් - වැදැගත් ලකරනයන්. වැදැගත් සේ කරනලද අලංකාරයන්. පසතුරැණු - අසුන්. දළ කඩමය වූ විජිනි පත්රුයක් - ඇත් දලින්ම කරනලද පවන් පටක්, වටා පතක්. ශෛක්ෂයව - හික්මීමට, ශික්ෂනයට, සුදුසු තැනැත්තෙහි යැ. තව රහත් පලයට නොපත් තැනැත්තෙහි යැ.

කාය ගතා සති කර්මසථැාන - කයනුගියා, කමටහන. කය අනුව බලන්නා වූ, කය අනුව සිහිය පිහිටු- වන්නා වූ භාවනාව. සතර සති පට්ඨානයෙහි මුල් මැ සතිපට්ඨානය යැ මේ. වියර්ය සමත්වය - වැර දැරීමේ සමතාව. ඉතා කද බල වැත් නො වැ, ඉතා මද වැත් නො වැ වැර දැරීම.

කන්වයින - තකාට්ටය.

කාමාදි ආශවයන් - කම් හැඟුම් ආදී කෙලෙස් හැඟුම්.

වෘද්ධ පරිපාටියෙන් - වැඩි මහලු පිළිවෙලින්.

මාණිකමළ්යප වූ සන්නාහයෙන් සන්නද්ධ - මැණික් වලින් මැ තනනලද සැට්ටයෙන් සැදුණු.

සග මහලු පිළිවෙළ - බල වැඩි මහලු පිළිවෙළ.

ජාතිරංග මාණික්ය යක් - දෑරඟ මිණක්. උපතින් මැ සොබායෙන් මැ දිලියෙන මැණික දෑ රඟ නම්.

බාලාර්ක මරිච් සම්පර්කයෙන් - ළා හිරි රැස් ගැටීමෙන්.

සුපුෂ්ෂිත වූ - මනාව පිපුණු.

ඇචැන්ති - ආ ඇත්තෙනි. ආ ඇති ආවත් යැ, ආවත්> අවත්> ඇවැත්,

ප්රා්ප්ත වූ කල් ඇත්තේ වී නම් - පැමුණුණු කල් ඇත්තේ වී නම් . සුදුසු වේලාව වී නම් යනුයි මෙහි සරල අරැත. ඒකාංශ කොටැ - එකස් කොටැ.එක් උරයක් පමණක් වසා හැඳැගෙනැ. ආයුෂ්මත් වූ - ආයු ඇත්තා වූ. මෛථුන ධර්මය - යුවළ දහම. සමහම් පැවැත්ම. මිථුන නම් යුවලයි. මිථුනයෙහි භාවය මෛථුන නම්යැ. ප්රයඥප්තිය - පැනැවුම.

අනුප්රනඥප්තිය - අනුපැනැවු‍ම. යම් කිසි මුලින් පනවන ලද පනතක් අනුවැ දෙවැනිවැ පනතක් පැනැවුම අනුපැනැවු‍ම නමි. ආපත්තිය - ඇවැත. අනාපත්තිය - නොඇවැත. පාරාජිකා කාණ්ඩ - පරිජි කොටස. හතර පාරාජිකා පිළිබද පනත් විතර වන කොටස.

සඩ්ග්ර හයට නඟා - එක්තැන් කිරීම කොටැ. තෙළෙස් සඩ්ඝාදිසේස - සඩ්ඝාදිසේස දහතුන. සඟ වෙසෙස් දහතුන. සතර පරිජිය නම් සඟ බැවින් නෙරැපෙන දරැණු වරද හතරයි. ඒ ළග මැ සිටුනා එයට වඩා රැදුරැ කමින් අඩු වරද සඟ වෙසෙස් නමින් ගැනේ. දෙයානුව - අනු දෙක. කීර්තනය කොට - පවසා. උභය විභඩ්ගය - භික්ඛු විභඩ්ගය යැ භික්ඛුනි විභඩ්ගය යැ යන විභඩ්ග දෙක.

බහුශ්රැත වූ - බොහෝ ඇසූ පිරෑ තැන් ඇති. බොහෝ කීම් බිණිම් දෙසීම්වලට ඇහුම් කන් දුන් අයට බෝහෝ දැනුම් තේරැම් ඇති වන නිසා දැනුමැති යන අරැත සදහා බහුශ්ත යන වදන ඉස්සර කලැ දී යෙදුණේ යැ. ඥාන ගති ඇත්තා වූ - දැනුම් සොබාව ඇත්තාවු. ස්මෘතිමත් - සිහිමත්. අර්ථෝත්පත්තියෙහි - තේරැම් පැහැදුම් කිරීමෙහි. ධර්ම විභාගයෙහි - දහම බෙදා විමැසුමෙහි. නිරැක්ති ප්රහභේදයෙහි - විසැඳුම් ‍ෙවසෙස්හි. ප්රැතිභාන චිත්රයයෙන් විසිතුරැ වූ - මවාපාන්නාක් බඳු පණවත් සිතුවමින් ලස්සන වූ. අනේකප්රිකාර වූ මිථ්යාම ජීවන හා කුහක ලපනාදිය ද විධ්වංසනය කරන්නා වූ - නොයෙක් සැටියේ වැරදි ලෙස දිවි පැවැත්වීමත් රැවටිලි බව, අනුන් පාගා තමන් කැපී පෙනෙන්නට වෑයම් කිරීම යන ආදියත් වනසන්නා වු. දෘෂ්ටි ප්රනභේද - වෙනස් වෙනස් දෑ කීම්. වෙනස් වෙනස් විදියේ දසුන්. ප්රිශ්න විසර්ජනානු ක්රයමයෙන් - පැන විසැඳීමේ පිළි- වෙළෙන්. වර්ග ක්ර‍යයෙකින් සඩ්ගෘහිත වූ සූත්රය සූතිසෙකින් හෙබියා වූ - තුන් වගෙකින් එක් තැන් කරන ලද සූතුරැ තිස් හතරෙකින් යුත්. නිඃශ්රිතත භික්ෂූන් - පිරිවර මහණන්. සුසැට බණවරක් - බණවර හැට හතරක්, අකුරැ දෙතිසක් පමණ අැති ගී දෙසීය පනසක් එක් බණ වරෙකි. යන මේ ප්රමභේදය ව්ය වස්ථා කොටැ - යන මේ මනා බෙදීම මෙසේ වියැ යුතු යැයි පනතක් වසයෙන් පැනවීම කැරලා. ප්රිීති ප්ර මෝදය - සතුටු සොම්නස. අවකාශ ලෝකය ශරීරාලෝකයෙන් හා සත්ත්ව ලෝකය ඥානාලෝකයෙන් හා බබුළුවා - අහස, ඇඟේ දිස්නයෙන් බබළවා; සතුන්, නුවණ දිස්නයෙන් බබළවා. වහ්නිස්කන්ධයෙන් මෙන් දිලිහි - ගිනි කඳන් වගේ බැබළි. නසන ලද සන්තානගත වූ මෝහ නමැති අන්ධකාර ඇති - සිත් සතන් තුළැ වූ මුළාව නමැති අඳුර දුරැ කළ. ජීවිත මදය - ‘’අපට මරනය නැති, අපි ජීවත් වන්නම්හ යන’’ හැඟුම නිසා ඇති වන මත් ගතිය.

ද්විතීය සඩ්ගීති කථා සංස්කරණය

1.නිධාන කථාව සංස්කරණය

ප්රිතිභාහනය කරන පණිසැ - මැඬැ පවත්වනු සඳහා. වළක්වනු සඳහා. ගෞතම තීර්ථය ගංගා නදියේ වූ තොටු ප‍ළෙකි. ගෞතම බුදුන් වහන්සේ මගධ දෙසෙහි සිටැ විසාලා මහ නුවරැ වැසියන් ගේ රෝ දුක් සන්ස්ඳැවීම සදහා එදෙසට යෑම පණිසැ නදිය තරනය කළ තොටුපළයැ. උන් වහන්සේගේ නමන් ඒ ගෞතම තීර්ථ නම් වි යැ. කීයේ මැ නෝ ? - කීයේ මැ නො වේ ද? ඇවෑමෙන් - පරලෝ යෑමෙන්. අභාවයෙන්. වදෑ රට - වජ්ජී නම් ‍ෙපදෙස. යාව කාලික වස්තුව - මහණන් හට පෙර වරැයේ වැළැඳියැ හැකි අහර. ඉර නැඟි වේලේ සිටැ මුදුන් වනුයේ යම්තාක් ද එතෙක් ‘‘යාවකාල’’නම්. යාවකාලයේ ගත හැකි අහර යාව කාලික වස්තුයි- යව් කැලි.

සන්නිධි නො වෙයි - තැන්පත් කිරීමෙක් නො වෙයි. ඉර නැමී දැඟුලක් දක්වා - ඉර හැරී අඟල් දෙකක් පමණ සෙවණ වැඩෙනතුරැ. පැවැරී ඇවැදී කැප නොකළ භෝජනය -- නොපිළිගන්නා- වූත්, පිළිගැනීමෙන්, ඇවැතට පැමිණෙන්නා වූත් කැප කරනු නො ලැබූ බොජුන. ඇතුළු සීමායෙහි සිටියවුන් ගෙන් සඳ පිරිසුදු නො ගෙනැ- ඇතුළු සීමායෙහි වූ සඟුන්‍ ගෙන් කැමැත්ත පිළිබද පිරිසුදුතාව නොලබා ගෙන. පැවැරී වැ අමත් දී කැප නොකොටැ වළදන්නට වටනේ යැ - බොජුන් පැවැරෑ ඉක්බිතිවැ, වළදා නම වූ පසු, මත් ගෑමත් නොකළ දී, මිදුණු කිරි, කැප කිරීම නො කොටැ වළදන්නට සුදුසු යැ. දහ නැති නිසදුන් සිවුරැ - දහවලු නැති අඳන සිවුරැ.

2. සංගීති කථාව සංස්කරණය

ශාසන විපත්තිය - සසුන් විපත. සසුනට වන සැනසුම. අනඳ මහ තෙරැන් වහන්සේ ගේ සද්ධි විහාරික වු - අනඳ මහ තෙරැන් වහන්සේ හා සමඟ එක වෙහෙරේ විසූ. දුටු විරැ - දැකැ පුරැදු. යව් කැලි - පෙරවරැ අහර. යව් කලෙහි වූයේ යව් කැලි යැ. විසර්ජනය කරවා - විසඳිම කරවා. ශාසතෘ ශාසනයෙන් - ශාසතෘන් වහන්සේ ගේ ශාසන- යෙන්. බුදු දහමින්. ශාසන මලය - සසුනට ඇතුළු වූ කිලුට. ත්රි පිටක ධාරි - විනය, අබිදහම්, සුතුරැ දහම් යන තුන් පිටකය දරන්න වූ. තුන් පිටකය මැ කට පාඩම් වූ. අංග වශයෙන් - අවයව වසයෙන්. කොටස් වසයෙන්.

3. නිකායෝත්පත්ති කථාව සංස්කරණය

අචාර්යය වාදයක් - ගුරැන්ගේ තෙපැලුමක්. ආචාර්යය වාදය වනාහි ගුරැවරැන්ගේ දෙසුම් එකතුවක් විනා බුදුන් ගේ දෙසුම් එකතුවෙක් නොවේ. එහෙයින් එය බුදු බණින් පිටස්තර වූවෙකි. වන්දනස්කන්ධයෙකින් නික්මුණා වූ වහ්නි කලාපයක් මෙන් - හඳුන් ක‍ඳෙකුන් පිට වූ ගිනි කඳක් වගේ. භික්ෂු වේශ - මහණ වෙස්. තීර්ථකයෝ - තොටුචෝ. මූ තුමූ ජෛන ආදී මිසදිටුවෝ යැ. සංසාරයෙන් එතෙර වැ නිර්වාණ නමැති තීර්ථයට ආ හෙයින් යැයි තමන් මැ කියා ගන්නා නිසාත්; පුණ්ය් තීර්ථ නමින් හැඳින්වෙන තවුස් අරම්වලැ වසන නිසාත් තීර්ථක නමින් මොහු හැඳින්වෙති.

පෘථක්ජන ලෝක වාසීන් - සෝවාන් ආදී සතර මඟ සතර පලයට නොපැමිණි තැනැත්තන්. මධුරමු ඵලයක් - මී අඹ ගෙඩියක්. කිම්පක්ක - කදුරැ බඳු විස ගෙඩි ඇති ගස් වෙසෙසෙකි.

අධර්මය ධර්ම වේශයෙන් දක්වා - දහම් මුණූවරින් අදහම පෙන්වා. සදහමේ සැටියෙන් අදහම ඉදිරිපත් කොටැ. ආකාශ ගංගා ජල ප්රවවාහය මෙන් නිර්මල වූයේ - අහස් ග‍ඟේ දිය දහරාව වගේ පිරිසුදු වූයේ. පද්ම පත්රේය - නෙළුම් කොළය. අසම්මිශ්රේ වැ - කළවම් නො වී. අමෘත රසවහනය කරන්නා වූ - අමා රස වෑහෙන්නා වූ.

තෘතිය සංගීති කථා සංස්කරණය

1. නිධාන කථාව. සංස්කරණය

දස බෑ රජ දරැ කෙනෙක් වු හ - සොහොවුරැ රජදරැවෝ- ඔවු‍ෙනාවුන් සොහොයුරනර වූ රජදරැවෝ, දස දෙනෙක් වූ හ.

විඬූඩහ සංග්රානමය - මහානාම නම් ශාක්යද රජු ගේ මාලිගායෙහි වූ වහලියක කුසින් උපන් තුරැණුවියක් ශාක්යා කුමරියක මෙන් වෙස් ගන්වා, කොසොල් රජුට පාවාදෙනු ලැබුවා යැ. කොසොල් අජුට දා වැ ඇය කුසින් උපන් විඩූඩහ නමැත්තේ, ශාක්යුයන් විසින් තමා හට කරනලද එක්තරා නිගැන්මකට පළි ගැනීම සඳහා ඔවුනට එදිරි වැ රණ බිමට වන්නේ යැ. ඒ මහා හටනින් ශාක්යසයෝ වැනැ - සුණහ. මේ සැඳැහෙන්නේ අන්න ඒ හටනයි.

චන්ද ගුත්ත - චන්ද්ර ගුප්ත රාජයා. මොහු ගේ පුතා බින්දුසාර නමි. අශෝක, ඒ බින්දුසාරයන් ගේ පුතු යැ. අවන්ති දේශය - උ‍ෙද්නිය අගනුවර කොටැ ඇති රට. මෙය යමුනා ගං ඉවුරේ වූයේ යැ. බුදුන් දවසැ මෙහි රාජයා චණ්ඩ ප්ර ද්යෝත නම් යැ. මහ කවි කාලිදාස වැනි මහා කිවිවරැන් හටත් වික්රතමාදිත්‍ය වැනි මහ රජවරැන් හටත් මේ පෙදෙස උපන් බිම වය.

ලෝකානන්දකර වූ - ලොච පිනවන්නා වූ. අට, අනූවක් - අනූ අටක්. ශූර මහා යෝධයන් විසින් සස්වාමික කරනලද්දා වූ - හපන් වූ මහ සෙබළන් ගේ නායක කම ඇති. උර්ධව මුඛ වූ - උඩුකුරැ වූ. ඛංග පත්රඛ - කඩු පත්. අකාශ මධ්ය ගත වූ - අහස මැද්දට පමුණුණා වූ. අඩයටි - කෙටි මුගුරැ, තුන් වියතක් පමණ දිගු ඇති පොලු. දවහත් තරැ වැළක් මෙන් - ඉරබටු තරැ රැසක් වගේ. හස්ති අශ්ව රථ පදාති - ඇත් අස් රිය පාබළ යන සිව්රඟ සෙනඟ. ආයුධ ප්ර.හාරයෙන් - අවි පහරින්. අනේක හස්ති සන්නාහයන් ගේ දිලිහීමෙන් - නොයෙක් සැටියේ ඇත් සැට්ටහවලැ දිලිසීම නිසා.

ඇතුනට අඳවන යුද ඇඳුම්හස්ති සන්නාහ නමි.

අග්නිජ්වාලා නමැති විදුලිය සළායෙන් - ගිනි දැල් නැමති

විදුලිය සුළියෙන්.

ශර වර්ෂාවන් - ඊතල වැහි. වැස්ස මෙන් නො කඩවා ඊතල රැස විදිනු ලබන විටැ එය ශර වර්ෂා- නමින් ගැනේ. ස්වර්ණ කිංකිණික ජ්වාලාවන් ගේ ඣඞ්කාර නාදයෙන් ඒක නින්නාද වූ - රන් කිකිණි දැල්වල, රන් ගෙජ්ජි වැල් වල, කිණි කිණී යන හඞින් එක දිගට මැ පිළිරැවුව - පිළිරැවු හඞ - ඇති වූ. අනේක ප්රවකාර වූ රක්නාලෝකයෙන් දිලිසෙන්නා වූ ඉසවිළී ඇති - නොයෙක් සැටියේ මණික්වලැ එළිය නිසා දිලිසෙන හිස් වෙළුම් ඇති. ප්රාලය සාගර ජලයෙහි තරංග සමූහයක් මෙන් - යුගාන්තයේ දී, කල්පය කෙළවරැ දී, කැලැඹුණු මහ මුහුදු ජලයෙන් නැඟුණු රළ වැළක් වගේ. යුද්ධ නැමති මහෝත්සවයේ සන්තෝෂයෙන් භරිත වූයේ - යුද නැමති මහ උලෙළ නිසා උපන් සතුටින් බර වුණේ. වික්රණම - විකුම්. හපන්කම්. අභිලාෂ - කැමැත්ත. යටි හිතින් මැ ඇති වන

කැමැත්ත.

ශත්ත්රු සේනා - හතුරු සෙනඟ. වඩබාග්නිය - මහ මුහුද මැද වූ මකර කටින් නැඟෙන ගින්න. වළබ ගින්න. වඩබා නම් වෙළඹ යැ. කල්පය අවසනැ දී ලොව නසන ගින්න පොළොව ඇතුළෙහි වෙළඹක ගේ වෙසින් ඇවිදියි ලු. කල්පය අවසන් වත් මැ ඒ ගින්න මුහුද මැද වූ මකර

කටින් නිකුත් වේ ලු.

ශත්ත්රු මථනය කොටැ - සතුරන් කළම්බා. යුව රාජ නැමති චන්ද්ර්යා අස්තයට ගිය කල්හි - යුව රජු මළ පසු. රාජ කුමාරයා නැමති තාරකා සමූහයා අන්තර්ධාන කොටැ - රජ කුමරුන් රැස මරා දමා.

පැළලුප් නුවර නමැති ස්වකීය බන්ධු වර්ග

නැමති පද්ම වනය දිලියෙන්නා වූ සූර්යයා මෙන් ප්රතබෝධ කොටැ - පැළලුප් නුවර වසන නෑයන් සතුටු කොටැ. සූර්යයා විලේ නෙළුම් මල් පුබුදු කරවයි. අශෝක රජ නැමති සූර්යයා ගැළලුප් නුවරැ නැමති විලේ වූ තමන්ගේ නෑයන් නැමති නෙළුම් පුබුදු කළේ යැ. ඒක රාජ්යාබභිෂේකය - එක මැ , තනි මැ රජකු වගේ අබිසෙස් ලැබීම. සියලු ජම්බුද්වීපයෙහි ඒක රාජ්යා භීෂේකය - මුළු දඹදිව පුරාට මැ එක තනි මැ රජු වගේ අබිසෙස් ලැබීම. අනවතප්ත විල - හිමාලයේ වූ වි‍ෙලකි. එහි දිය ඉර අවුයෙන් කැකෑරෙන් නැති. එහෙයින් ඒ අනවතප්ත නමි. අන්+අවතප්ත. නාලිය දැවටූ දඬු - බුලත් වැල් වෙසෙ‍ෙසකින් තැනුණු දැහැටි කූරු. බෙහෙත් ඇඹුල - බෙහෙත් පිණීසැ ගන්නා නෙල්ලි. දිව කඩුපුල් මල් - දෙව් ලොවේ වූ කඩුපුලු මල්. කණුවලැ හටගන්නා උපුල් කඩුපුල් යැ. අද උඩ වැඩියා නමින් හැඳින්වෙනුයේ මේ කඩුපුල් ජාති යි. සදත් දහතළාව - සදත් විල, සද්දන්ත නම් විල. හිමාලය අඩවියේ වූ විලෙක් ලු! ෂඬ්දන්ත නම් කුලයේ ඇතුන් ගේ දිය නෑම සිදුවන්නේ මේ විලින් ලු! සදත් දහතළා වෙනෙන් - සදත් විල අසලැ වූ කැලෑවෙන්. ස්වයඤ්ජාත - ඉබේ හටගත්. කුඩු තෝ නැති කරන ලද - පොතුත් කුඩුත් අයින් කළ. මුළු තැන් ගෙවල් - අහර සකස් කරන ගෙවල්. කුරුවි ‍ෙකවිල්ලන් - මනා හඩ ඇති කොවුලන්; කූ කූ යනුයෙන් රැවු ඇතියේ කුරැවි නමි; වාග් විෂයාතික්රායන්ත - වදනින් අරමුණු කැරැගන්නට පිළිවන් මිම්ම ඉක්මුණු; වදන් මිම්ම පසු කළ. රාජර්ධිය - රජ මහිමය. රාජ කෘත්යියෙන් නිර්වෘත්ත වැ - රජ කිසෙන් අයින් වී. රාජකාරියෙන් ඈත් වී. පාෂණ්ඩයන් - පා නම් වේද ධර්ම යි. ඒ වේද ධර්ම නිෂ්ඵල කැරැවෙනුයේ පාෂණ්ඩ නමි. වේදය‍ට බැණැවදින, වේද මන්තරවලැ දොස් පවසන තවුස් කොටසෙකි. මේ පාෂණ්ඩ තවුස් නිකාය නාගැනුමට ලක් කරනු සඳහා බුදුනුවෝ ඔවුන් ‘පාෂණ්ඩ’ නමින් හැඳින්වූ හ. ත්රැස්ත වැ - තැති ගැනි. උපාධ්යාණයයන් වහන්සේ - ගුරුන් වහන්සේ. ඉස්සර කලැ ගුරුහු තම සැසියන් තමා ළඟ මැ තම නිවෙසේ මැ ඉඳුවා ගෙනැ හැදෑරැවු හ. ඒ නිසා ගුරුහු උපාධ්යෘාය නම් වූ ල! වේදයෙන් කොටසක් හෝ වේදාඞ්ග හෝ හදාරවන ගුරුවරයා උපාධ්යා ය නම් වෙති යි සමහරු සකු වියුත්හු කියති. රාජාඞ්ගනය - මහ මිඳුල, රජ ගෙදර මිඳුල. ශත්ත්රු ජනයාට තැවුලි කරන්නා වූ - සතුරන් තවන්නා වූ. කිලිටි කරන ලද ශත්ත්රු වනිතාවන් ගේ මුඛ පද්ම ශෝභාවන් ඇත්තා වූ - රජු හා හටනේ දී හතුරන් නැසුණු හෙයින් උන් අඹුවන් ගේ මුහුණු කඳුළින් කිලිටි වූ වගයි‍ මේ පැවසුණේ. ශත්ත්රු වනිතාවන් - හතුරු අඹුවන්, හතුරන්ගේ අඹුවන්. මුඛ පද්ම ශෝභාව - මුහුණ නැමති නෙළුම් මලේ ලස්සන කම. අලෝක විලෝකන සම්මචඤ්ජන පසාරණදි වූ සමෘද්ධ ඊඊර්‍්ම්්යනපථයන් ඇති - ඉදාරි පස බැලීම, වෙසෙසින් බැලීම, හැකිළැවීම, විහිදැවීම යන ආදී වූ දියුණු වුණු ඉරියවු පැවැතුම් ඇති. ධර්ම දේශනා නමැති දර්පණ තලයෙහි - දහම් දෙසීම නමැති කැඩ පතෙහි. කලාපායුෂ්ක වූ - කල්පයකට ආයුෂ ඇති. රාජ පර්ය්කපතඞ්කය - රජ අසුන, සිහසුන. චෛත්යරයෙන් ප්රූතිමණ්ඩිත වූ - සෑයෙන් හෙබුණා වූ, චෛත්යකය නිසා අලංකාර වූ. අන්තඃපුර ස්ත්රීනන් - ඇතොරන්, බිසෝ මාලිගාවේ අඟනන්. ලෝක විවරණ ප්රාීතිහාර්ය් ව යෙහි අනුභාවයෙන් - ලෝ තතු විදහා දක්වන පෙළහරෙහි මහිමයෙන්. උදාරතර වූ - ඉතා උසස් වූ. සළු පෙරළන්නා වූ - ඇඳි වත් මාරු කරන්නා වූ. වැලැඳැ අළ සිවුරු - ඇද පොරවා අයින් කළ සිවුරු. සබ්රම්සරුන් වහන්සේට - පැවිදි උතුමන් හ‍ට, බ්රසහ්මරී උතුමන් හට. කර්ම ඵල සම්බන්ධයෙහි දූ - කර්ම විපාක පිළිබද වැ ද. සම්භාවන - ඇදැහිලි, හරසර. පොහොයට - පොහොය දවස්වලැ සීමා ගෙය තුළට රැස් වැ සඟුන් විසින් කරනු ලබන පාමොක් උදෙසීම නම් වූ විනය කර්ම‍ය ට. පවුරුණුව - වස් අවසනැ සීම‍ා ගෙයැට රැස් වැ සඟුන් විසින් තමන් තමන් ගෙන් වූ වරද දෙසනු ලැබීම පිළිබද විනය කර්මය. සඞ්ඝ කර්මය - සිව් නමකට වැඩි සගුන් විසින් එක් වැ කරනු ලැබිය යුතු විනය කර්මය. ගුණ කර්මය - තුන්නමක් එක් වැ කරණ විනය කර්මය. පඤ්චතාප තප්පනය - සතර දෙස සැ උඩ යැ යන පස් පැත්තෙන් කරනු ලබන තැවීම. රසාතලය - මහ පොළොවේ ඇතුළු පෙදෙස. උපභෝග පරිභෝග වස්තු - ළගින් බුත්ති විදුනාත් හාත්පසින් බුත්ති විඳුනාත් වස්තු. කැම බීම ඇඳුම් පැළැඳුම් උපභෝග යැ. ගේ දොර වතු පිටි පරිභෝග යැ. වචන සෞන්දර්ය්ය යෙන් - කීමෙහි බිණිමෙහි සොඳුරු කැමින්. බ්රානහ්මණ මාණවකයා - බමුණු තුරුණුවා. ක්ෂත්රී්ය විද්යාවව - කැත් කුලයෙහි වූවන් විසින් තකහනි- යක් මැ හැදෑරිය යුතු විදුව. ග්ර න්ථිස්ථාන - ගැට තැන්. නො වැටැහෙන සුලු තැන්. උත්පත්ති ක්ෂණයෙහි - උපන් මොහොතේ. නිරෝධ ක්ෂණයට - නිවීම මොහොතට. භඞ්ගක්ෂණයෙහි - බිදෙන්නා වූ මොහොතෙහි. ව්යුැති විත්තය පිළිබඳ වූ මොහොතෙහි. නිරුද්ධ වෙයි - නිවෙයි. නිවන් කරා අරමුණු වෙයි. චිත්ත යමක ප්ර ශ්නය - සිත පිළිබද දෙපිට ගැටලුව. කායගතා සති කර්මස්ථානයෙහි භාවනා මනස්කාර කොටැ - කය අනුවැ බැලීමේ සිහිය පිළිබද කමට- හනෙහි භාවනාවන් මෙනෙහි කැරැලා. තදඞ්ග විමුක්තිය - නිවන් අරමුණු කොටැ ගෙනැ එයට මග අවුරා සිටි දහම් වලින් මිදීම. - කෙලෙස් යටපත් කිරීම. විශ්කම්භන විමුක්තිය - පඤ්ච නීවර්නයෙන් මිදී හිත සමවත්හි පිහිටුවා කෙලෙස් යටපත් ‍කැරුම. සමුච්ඡේද විමුක්තිය - සෝවාන් සෙදගැමි අනගැමි අරහත් යන උතුම් මඟ නුවණින් කෙලෙස් මුල් සිඳීම. ප්රඋතිප්ර්ශ්රුබ්ධි විම්ක්තිය - කෙලෙස් මුල් පිසැදැමීමෙන් පල සිත් ලැබීම. නිස්සරණ විමුක්තිය - නිවන් පසක් කිරීම. උත්පල - මහනෙල්. පදුම - පියුම් - නෙළුම් - රත් නෙළුම් පුණ්ඩරික - ප‍ඬෙර - සුදු නෙළුම්. ශතපත්රි - මහ නෙළුම්. විදර්ශනා නැමති තිර රේඛා ඇති - විදසුන් නැමති ඉවුරු අද්දර ඇති. ශුෂ්ක විදර්ශක - තෙවිදුව හෝ අට විදුව හෝ පසබිදැනුම හෝ නැති හුදෙක් කෙලෙස් නැසූ රහත්හු ශුෂ්ක විදර්ශක නම්හ. අභිඥා ප්රා ප්තහය - වෙසෙසි දැනුම් ලද ඇත්තෝ යැ. -පඤ්චාභිඥ‍ාවට පැමිණි ඇත්තෝ යැ. ප්රඥකෘති ශ්රාටවකයහ - සාමාන්ය් ශ්රා වකයෝ යැ. මහා ශ්රා‍වකයහ - මහා ශ්රා වකයෝ යැ. මහ සෙව්වෝ යැ. ප්ර ත්යේක බුද්ධයහ - පසේ බුදුහු යැ. සම්යශක් සම්බුද්ධයහ - සැබෑ සම්බුදුහු යැ. පාක හංසයහ - පියෙවි හස්සු යැ. මොන්යෙ හංසයෝ යැ. ධෘත රාෂ්ට්ර හංසයහ - රන්ටින් රට පියාඹා යන හංසයෝ යැ. කලූෂය - පව - කිලුට. අනුබද්ධ වැ - බුදුන් වැනි වැ. එළවනලද - පමුණුවන ලද. අධිකරණය - විසැදිය යුත්ත. දීර්ඝ දර්ශී - දුර දක්නා. පසල් දනව් - පිටිසර පෙදෙස්. වන්ය හස්තියකු - වල් ඇතකු. කෙසුර සළා නැමැති දන්ත පඞ්ක්තින් - මල් රොන් සුළී නමැති දත් පෙළෙන්. අත වැටු ගැලකට - අතින් තල්ලු කරන රයක‍ට. වඩ‍ාගෙනැ ගොස් - වැඩම කරවාගෙන ගොස්, කැඳවාගෙනැ ගොස්. හස්ත ප්රා ප්ත - අතට පැමිණි; අතැපත්. භව දුර්ගය - බව දුදුළ. බවය නැමති ගෙවාගොස් නිම කරන්නට අපහසු පෙදෙස. සවාසන සකල ක්ලේශයන් - සසර පුරුදු කම් සහිත වූ සියලු කෙලෙස්. සංසාර නමැති මලින් මුදමින් - සසර නමැති මල පුඩුයෙන් ගලවමින්. විනේජන - විනේය ජන. හික්මැවිය යුතු ජනයා. විනැයීම නම් ඉගැන්වීම යි. විනැයියැ යුතු; හික්මැ වියැ යුතු; ඉගැන්නියැ යුත් ජනයා විනේජන නම්හ. විනැයි + ජන විනේජන - බුදු දසුන ඉගැන්නියැ හැක්කේ ඒ ඉගැනනීම‍ට සුදුසු පමණට නුවණ පිරි - පැසුණුවුන් හට යැ. වානේජන නමින් ගැනෙන්නෝ ඌ තුමූ යැ. ඇඹුල වනය - ඕළු මල් වදුල. ධර්ම මාතෘ වර්ෂාව - දහම නමැති අමා වැස්ස. සද්ධර්ම ප්රරතිරූපක සූත්රම - සදහම් මුණුවරින් යුතුවැ ඉදිරි පත් වන අදහම් පිළිබඳ කරුණු දැක්වුණු සුතුරු දෙසුම්. යමා හලැ - සල් තුරු දෙක අතරැ. රත්නමඤ්පූෂායෙහි - රුවන් ම‍ඳොස්හි. මැණික් කරඬු- යෙහි. මැණික් ගල් තැම්පත් කරන පෙට්ටියෙහි. දුර්ලබ්ධි උද්භූත කළ පරිදි - දුලැදියාවන් හටගැන්නූ හැටි. අයපත් ඇදහිලි ඉපැද්දූ පිළිවෙළ. භික්ෂු ප්රඋතිරූපක තීර්ථකයන් - මහණ රූකඩ මෙන් පෙනී සිටීන ‘තොටු’ නමින් ගැනෙන මිසදිටුවන්; මේ හැඳින්වෙන්නෝ තොටුවෝ යැ. ඌ තුමූ ලාබ යසස් සඳහා මහණ වූ නමුත් මහණ නො පුරා නිකම් පෙනුමට පමණක් මහණ රූකඩ මෙන් පෙනී සිටියහ. ප්රිභව ස්වරූපයෙන් සිටියා වූ - මුල ලෙසින් සිටියා වූ. නිකායන්තරලබ්ධි - නොයෙක් නොයෙක් පිටස්තර නිකායන්වල ඇදැහිලි. අභ්රයමහීකා, ධූම, රජස්, රාහු, පඤ්වෝපක්ලේශ - යෙන් - වලාකුළු යැ, මීදුම් යැ, ද්ම් යැ දුහුලි යැ රාහු නම් වූ හෙවනැල්ල යැ යන පස් කිලිටියෙන්. සමායන්තර - පිටස්තර දසුන්, පිටස්තර ආගම්.


2.සඞ්ගීතී විස්තර කතාව සංස්කරණය

ඒකත්යඞ ශාශ්වත වාදීහු - සක්වළැ වූ සමහර වූ කොටසක්

පමණක් නිත්යග යැ, සදා පවත්නේ යැයි අදහන අය. අන්තානන්තික වාදීහු - අගක් ඇති යැයි ද අගක් නැති යැයි ද කියා අදහන්නෝ. අමරා වික්ෂේප වාදීහු - “එය එසේත් වෙයි. එය මෙසේත් වෙයි” යන සැටියෙන් පවසනවා විනා එක්තරා තිර අදහසක් නොදෙන, ආඳුන් මෙන් ලිස්සා යන දසුන් වාදීහු. අධිත්යි සමුත්පත්තික වාදීහු - සත්වයා කුසල් අකුසල් ආදී හේතුවක් නැතිව හට ගත්තේ යැයි පවසන අය. ජලුකාවන් - දිය කූඩැල්ලන්. තෘෂ්ණා නිර්වෘත්තිය - තණ්හාව සංසිඳීම. ආසාව නීවීයැම. ලොබ නොපැවැත්වීම. ත්රියපිටක පර්ය්යාපප්තිධර වූ - තෙවළා දහම දරන්නා වූ. තුන් පිටකය මැ කට පාඩම් වූ. චතුස්ප්රායප්තිසංවිදාප්රා ප්ත වූ - සිව් පාළිසිඹියා පත් වූ. අර්ථ යැ ධර්ම යැ නිරුක්ති යැ ප්රංතිභාන යැ යනුයි සිව් පිළිසිඹියා නම්. ශාසන ස්ථීතිය - සසුන් පැවැත්ම.


ලංකාවතරණ කථා සංස්කරණය

1. දේවානම් පියතිස්ස කථාව සංස්කරණය

වික්රතමය මැ අසහාය කෘත්ය ය කොටැ ඇත්තේ - හපන් කම මැ තනි කටයුත්ත කොටැ ඇති තැනැත්තේ. පඤ්චායුධ සන්නද්ධ වැ - පස් අවියෙන් සැරැහී. කඩුව යැ, දුන්න යැ, අඩයටිය යැ, හෙල්ල යැ, පරා- වළල්ල යැ යනුයි පස් අවිය නම්. අභිනව මේඝධ්වනියක් හා සමාන වූ - අලුත් වැහි වලාකුළෙකැ ගගිරිල්ලක් වැනි. අශනිපාතයක් මෙන් - හෙණ ගැහීමක් වගේ. මැලෑඬුරෙහි - මලය නුරෙහි. කඳුකරයෙහි. බිසෙවු ගෙනැ - අබිසෙස් මඟුල පවත්වා. අසම්භින්න - නොකඩ වුණු. නෙකඩවා වැල දිගට මැ පැවැතුණු. පැහැසරවත් වූ - දිස්නය විහිදෙන. කාන්තිමත්. භක්ති ප්රේවමයෙන් අවනත වූ - බැති පෙමින් නැමුණා වු. උපසම්පදා මාලකය - උපසම්පදා මළුව. හෙරණන් හට උසස් සිල් පද දමාදන් කරවන මළුව. අන්තේවාසික - අතැවැසි; ගුරු නිවසේ මැ ඉඳැ හැද‍ෑරීම කරනු ලබන සැසියෝ අතැවැසි නම්හ. ඡින්නභින්න පඨධර වූ - සිඳුණු බිඳුණු රෙදි හැදගත්. දුමමින් - දුම්නඟමින්. පර්ෂද් මධ්ය යට - පිරිස් මැදට. යෙළ දහසක් - එක් දහස් පන්සියයක්.

3.මහින්දාගමන කථාව සංස්කරණය

ළමන්දුන් -මෑණියන්. පණ්ඩුපලාස - පැවිදි වීමට සැරසී හිඳුනා තැනැත්තේ පණ්ඩු පලාස නමින් ගැනේ. පදලාඤ්ඡනයෙන් පවාත්රන වූ - පද සලකුණින් පිරිසිදු වූ. පරිනිර්වාණ මඤ්චකයෙහි - පිරිනිවන් යහනෙහි; බුදුන් පිරිනිවන් පෑම සදහා සැතපුණා වූ සයනෙහි.


නගර ප්රපවේශ කථා

1. සම්මුඛ කථාව සංස්කරණය

නක්ෂත්රප ඝෝෂණය - සැණ උලෙළෙකැ දී, අහර පිළියෙළ කිරීම සඳහා මේ නැකැත යැ, අහර වැළැදීම සඳහා මේ නැකැත යැ යන ආදී ලෙස නැකැත් පතළ කැරැවීම. වික්ෂිප්ත වැ - කැලැඹී. දැන් වික්ෂිප්ත වැ ප්ර මාද වැ සිටි තැනැත්තවු විදිනට තරම් නො වෙයි - මුවා දැකීම නිසා කැලැඹී, කලබල වී; අහර ගනිමින් ඉඳීම නිසා පමා වැ ඉන්නා වූ ඒ මුවා විදීම මා වැන්නකුට සුදුසු නො වෙයි. දුනු දිය අතැ පොළා - රං යන හඬ නැඟෙන සේ දුනු ලනුව අතින් ගස්සා .

සර්වඥ ශ්රාතවක වූ ශ්ර මණයම් හ - බුදුන්ගේ සවුවන් වූ මහණෝ වමු. අදෘෂට මිත්රැ - නොදිසි යහළු. ලියුම් කියුම් මඟින් ඇසුරු කිරීම නිසා මැ බැඳුණු යහළු කම් ඇති එහෙත් හමුවීමන් කොදා හෝ නොවූ යහළුවෝ අදෘෂ්ට මිත්රමයෝයි.

ස්වයම්භූඥනයෙන් - තමා සතු වූ නුවණින්. තමාගේ මැ නුවණින් අරහත් ඵල සංඛ්යායත විමෝක්ෂය - අරහත් පල යැයි කියනු ලබන නිවන හෙවත් වෙසෙසි මිදුම.

සව් නේ දත් - සියලු නය දත් සංස්සාර වෘත්තයෙහි - සසර පැවැත්මෙහි. නෛර්යාණික ධර්මය - නිවන් පමුණුව දහම දෘෂ්ටි ශීල ශ්රා ණ්යියෙන් - නිවන් අරමුණු කොටැ සිල් රක්නා මහණ කමින් අෂ්ටාර්ය්ය පුද්ගල සංඝයා - අට අරි පුඟුල් සඟහු; අරි පුඟුලන්,උතුම් ඇත්තන්, අට දෙනා වූ සහසු සෝවන් ආදි මහ හතරටත් පැමුණුණු අය අට අරි පුඟුල් නම්හ. රත්නත්රහය - රුවන් තුන. බුදු දම් සඟ යන රුවන් තුන. මෙහි රුවන් යැයි ගැනුණේ අගනාබව තකා යැ. චේතෝ පරිච්ඡේදක ඥානය - හිත පිරි සිඳීමේ නුවණ; හිත බෙදා විබෙදා පිරිසිඳ දැන්මේ නුවණ. දිව්යෙශ්රෝබත ධාතු - දිව කන්. ප්ර්ඥා විශේෂයෙක් - විශේෂ වූ ප්රබඥාවෙක්. අමුතු වූ මනා දැකීමෙක්. ශරණ ශීලයෙහි - සරණ පැවැත්මෙහි. “මම බුදු සරණ යමි. මම දම් සරණ යමි. මම සඟ සරණ යමි” යන ලෙසින් ඉටා ගැන්මත් ඒ අනුව පැවැත්මත් ශරණ ශීලය නමි. බත් වසුන් - සකසා අසුරන ලද කෑම පොදි; කෑම අඩුක්කු. විකාල භෝජනය - අවේලාවේ අහර ගැන්ම. තුටු පහටු වූ සිත් ඇති වැ - සතුටු වූ මනා වැ සතුටු වූ ; සිත් ඇති වැ. අභිඥා පාදක චතුර්ථධ්යා නයට - උසස් දැනුම පදනම් කොටැ ඇති සිව් වැනි දැහැනට; මෙහි සඳහන් උසස්ම දැනුම නම්, ‘පඤ්චාභිඥා’ යන තන්හි සඳහන් උසස් දැනුම් පසයි.- තුඹු සුණු පිරූ නළක් මෙන් - තඹ කුඩු පිරැවූ බටයක් වගේ. නීරන්ද්ර. - නොසිදුරු.

2. පුර ප්රනවේශ කථාව සංස්කරණය

අනවතරතයෙන් - නිතොරැ. පයෝධර නැමති ඝටයෙන් අළලන ලද - තන නමැති කළයෙන් කලම්බන ලද. කලහංස - ඉතා මනහර හෙයින් කල නමන් වෙසෙසා හැදින්වෙන හංසයෝ කලහංස නම් වෙති. ඔව්න් හට සුදු පා‍ට බඳත් රතු පාට පාත් තුඬත් ඇත්තේ යැ. මෙදෙන් උදම් වූ - මදයෙන් උඩඟු වූ. ඉතා ප්රඋසාදාවහ - ඉතා ප්ර සාද ආවහ; ඉත‍ා මැ පහන් බව ගලා බස්නා වූ. අසුන් පනවා - අසුන් පිළියෙළ කොටැ. සර්වා ලංකාරයෙන් සැරැහුණා වූ - සියලු පළඳනායෙන් මැ සැරැහුණු. ගන්ධමාදන පර්වත ප්රායන්තයක් වැන් වූ - ගන්ධමාදන නම් කන්දේ බෑවුමක් වැනි වූ; මේ හිමාලය කඳු වැටියේ උස් මුදුනෙකි. ඒ ඇසුරින් හමා බස්නා හුළඟේ තද සුවඳට මත් ගතිය ඇති වන නිසා මේ නම වීල. චීන පට - චීන දෙසින් ගෙනෙන ලද දුහුල් රෙදි. දෙවාඟ - දිව දුහුල් බඳු පිළි වෙසෙසෙකි. අච්චිඡින්න - නො සිඳුණු; විච්ඡින්න නො වූ; නො කඩවා පවත්නා. පුණ්යප නැමති ජලයෙන් පිරිසිදු කරන ලද පාප නමැති මල ඇති - පව් නැමති කිලුටු පින් නැමති ජලයෙන් සේදූ. මන්දර පර්වතයෙන් අළලන ලද්දා වූ ක්ෂීර සාගරය මෙන් - මඳර ගිරෙන් කැලැම්බූ කිරි මූද වගේ. සුරා සුර හටනේ දී මඳර ගිර කිරි මුහුදේ බහා කැලැම්බි- මෙන් අමාවආදී වස්තු දහහතරෙක් පැනනැඟිණී. භාවනාව ලීලා කටාක්ෂයෙන් - අනඟ රස විහිදුවන ලීලාවන් යුතු නෙත් කොනින්. චතුරඞග සංගීතයෙන් - ගැයුම යැ, වැයුම යැ, නැටුම යැ, නළුකම යැ යන සිවු පිළීවෙළේ සගයුවෙන්. ස්වර්ණමාලාවෙන් හා මුතුලැල් කළඹින් ද සරහන ලද ධවලඡත්රා ඇති - රන් මාලාවලින් ද මුතුවැල් සමූහ - යෙන් ද සරහන ලද සේසත ඇති. කෙම්පල සේ - කෝවක්කා ගෙඩි වගේ. අධර පල්ලව - තොල් දලු; දලු වැනි තොල්. මුක්තහාර ලතිකා - මුතු වැල් සමූහය. ක්ර්මෝන්නත වූ - පිළිවෙළින් උස් වූ. ඌරු යුගලය - කළවා දෙක. ප්ර්දීප ශීඛාව - පහන් සිළුව. අභිනව වන රේඛාවක් බඳු වූ - අලුතැ ලියැ ලූ වන රොදක් වැනි. අනවසර යැයි - ඉඩ නැත්තේ යැයි.


මහා විහාර ප්රවතිග්ර හණ කතා.

1. මහාමේඝවන ප්රරතිග්රණහණ කථාව සංස්කරණය

ප්ර ලය සාගරයෙහි - කප් කෙළවරැ හුළඟින් කැලැඹුණා වු මහ මුහුදෙහි. ඉතා හක යැ - ඉතා කුඩ‍ා යැ. පුෂ්ප ඵල පල්ලවයෙන් භරිත වූ - මල් ගෙඩි කොළ වලින් බර වුණූ. පුෂ්ප නමැති දන්තයෙන් දෙවියන් සතුටු කරවන්නා වූ- මල් නමැති දත් දැක්වීමෙන් දෙවියන් සතුටු කරවන. “මල් නමැති හිනායෙන් දෙවියන් සතුටු කරවන” යනුයි මෙහි කෙළීන් අරුත. කැල බැඳැ කෙළිනවුන් වැනියහ -රංචු ගැහී සෙල්ලම් කරන්නවුන් වැන්නෝ යැ. චිත්තෛකාග්රැතා - සඞඛ්යාචත වූ - සිතේ එකඟ බව යැයි සලකනු ලබන. සමාධියට අනුකූල වූ - සමාධියට, හිත එකඟ කිරීමට ගැළපෙන්නා වූ. ප්රපමද වනය = රජතුමා සිය බිසෝවරුන් හා සමඟ සොම්නස් වන උයන. සරුප් - සුදුස, කැප, ගැළැපෙන. ස්වර්ණ හිඞ්කාරය - රන් කොතලය. ප්රරභාත කාලය මෙන් රම්ය වූ උද්යාපනයෙහි - උදය වේලාව වගේ මනහර වූ උයනේ. ගිනිහල් පොකුණ - මුළුතැන් ගෙට ඇවැසි පැන් ලබා ගන්නා පොකුණ. වර්ණ ගන්ධ රසයෙන් යුක්ත වූ - පැහැමත් සුවඳවත් මිහිරි. ලාබත් - ලහ පිණීසැ දෙනු ලබන බත්; ලහපත්; ටිකිති; ටිකැට්වලට දෙනු ලබන බත්. සංඝ සන්නිපාතය වන්නා වූ - සඟුන් එක් රැස් වන්නා වන්නා වූ. චතුශ්ශාලාව - බික් සඟුන් හට දන් පිළිගන්වනු සඳහා මහ වෙහෙරෙහි ඉදි කොටැ තුබුණු හල මෙ නමින් හැදින්විණි.


2. අතීත කථාව සංස්කරණය

විෂමජ්වරය - සන්නිපාත උණය හෝ කැලෑ උණය හෝ වෙතියි සිතේ. නභෝමධ්යතගත - අහස් මැදට පැමීණි. ස්වර්ණකටාහය - රනින් කරන ලද මහ හැළිය. මහරි මළුව - මාරා ගිසින් මනහර වූ මිඳුල. ඩබරාව - දිය ගන්නා කැටය. දේව දානවයන් - දෙවු අසුඅරයන්; අසුර නමින් හඳින්- වෙන කුලයේ ඇත්තන්. ජල සාටිකාව - දිය සළුව; දිය සැනැහීම සඳහා අඳනා අඳනය. අතුටැ - අතුරා. සමුද්රි පර්ය්යඅන්ත කොටැ - හාත්පසින් මුහුදින් අවසන් කොටැ. මිණි පලඟ - මැණික් පුටුව. සෙවුනා ලද්දේ යැ - ඇසුරු කරන ලද්දේ යැ. ද්රෝනණයක් - දහසය නැළියක්.

3. රත්නමාලී චෛත්ය කථාව සංස්කරණය

ශාකා මණ්ඩලය - අතුවටාව. සෙල් වියන් - රෙඳි ඇතිරීමෙන් තනන ලද වියන්. කිඞ්කිණික ජාලා - ගිගිරි වැල්. දුටුගැමුණූ මහ රජ - ධෘෂ්ට ගාමිණී මහ රජ. මේ රජු ගේ නියම නම යැ ඒ. බුහුටි ගැමුණූ යනුයි ධෘෂ්ට ගාමිණී යන්නේ අදහස. “ධෘෂ්ට ද්යුිම්න” යන ඈ තැන් විමසා බලන්නැ. මේ නම පාලියට ධුට්ට ගාමිණි යන සේ යැ වියැ යුතු. එහෙත් දුට්ඨ ගාමිණී යන සේ එය පෙළ බසට නැඟූ අය ඒ රජුගේ උතුම් නම කෙලෙසාලූ හ. සත් තලක් - වඩු රියනින් එකොළොස් රියන් හමාරක් එක් තලෙකි. එ බඳු හතක් සත් තලෙකි. ඓහ ලෞකික - මෙ ලෝ පිළිබඳ. පාර ලෞකික - පර ලෝ පිළිබඳ. සත් රුවන්මය වූ දිව්ය බ්රිහ්ම පර්ෂද් ඇත්තේ යැ - සත් රුවනින් මැ තනන ලද දෙව් බඹ පිරිස් ඇත්තේයි.

4. සීමා බන්ධන කථාව සංස්කරණය

රන් කේලි - රන් කොඩි. ධවලාතපත්රී - සේසත්, සුදුකූඩු ඉන්ද්රතකීලයක් - වාසල් දොර ටැඹක්. නුවරට වදනා මහ කඩ වතෙහි දොර බාව සවි කොටැ. පවත්නා ටැඹ ඉන්ද්රිඛීල නමි. නිමිත්ත කීර්තනය - සලකුණු කීම. දහස් සුවහස් ගණන් - දහස් සිය දහස් ගණන්. අභ්ය න්තර නිමිත්තයන් හා සීමාන්තර නිමිත්තයන් ද කිර්තනය කොටැ - ඇතුළත් සලකුණු හා මායිම් අතරැ සලකුණුවන් පවසා.

5. ශාසනාන්තර්ධාන කථාව සංස්කරණය

අධිගම අන්තර්ධානය - සෝවාන් ආදි සිව් මහත් සිව් පලයත් පසක් කිරීම පිළිබඳ හැකි කම නැති වීම. ප්රතතිපත්ති අන්තර්ධානය - පිළිවෙත් පිරීමෙන් අයින් වීම. දහමට අනුවැ පැවැත්මෙන් තුරන් වීම. පර්යාප්ති අන්තර්ධානය - දහම අතුරුදහන් වීම. ලිඩ්ග අන්තර්ධානය - පහණ සලකුණු - පැවිදි සලකුණු අතුරුදහන් වීම. ධාතු අන්තර්ධානය - බුදුන් ගේ ශාරීරික ධාතුන් අතුරු දහන් වීම. එයින් මත්තේ - එයින් පසු. ජීවතක්ෂයෙන් - මරණයෙන්. චතුශ්පාරීශුද්ධ ශීලය - සිව් පිරිසිදු සිල්. ඉන්ද්රිරය පරිශ්ද්ධතා සංවර සීලය, ආජීව පරිශුද්ධතා සංවර සීලය. ප්රවත්යස සන්නිශ්රියත සංවර සීලය, ප්රා තිමෝක්ෂ සංවර සීලය යන සිල් පිරිසුදුතා හතර.

ආර්ය ධර්ම - බුදු දහම. උතුම් දහම. නව ලොවුතුරා දහම. වැර විහිදැ කුසීත වීමෙන් - වීරිය දුරු කැරැ අලස වීමෙන් කුකුස් - සැක. ථුල්ලච්චයාපත්තියට අවදිති 0 මහ දොස්වලට පැමිණෙති. මහ ඇවැත් සිදු කෙරෙති. ගරුකාපත්තියට අවදිති - සඟ වෙසෙස් ආදී බර වැරදි වලට පැමිණෙති. සතර පාරාජිකා - හතර පරිජි. පැරැදි හතර. පහණකු පහණ කිමින් නෙරනු ලැබීම සිදුවන පරපතළ වැරදි හතර. සස්යක සමෘද්ධිය - අස්වැන්නේ සුහුඹුල් බව. පලදාව දියුණු වීම. ප්රුත්ය. දායකයෝ - ප්රුත්ය.ය දෙන්නේ. සිව් පස පුදන තැනැත්තෝ. පර්යාප්ති ධරන්නට - බණ දහම හිත්හි තැන්පත් කැරැගන්නට. අභිධර්ම පිටකය මස්තකයෙහි පටන් ගෙනැ - විජම් පිටකය මත්තේ සැටැ. මස්තකයෙහි පටන් ගෙනැ - මත්තේ සැටැ. ඔබ කෙළ වරේ සිටැ. ප්ර තිලෝම ක්රිමයෙන් = අග සිටැ මුල දක්වා පිළිවෙළඝින් නිදානෝද්දේශ මාත්රමයෙහි - හේතු කතාව පැවැසීම පමණෙකින්. රත්නත්ර්යෙහි ප්රයසන්න - තුනුරුවන් කෙරෙහි පැහැදුණු. දහසින් බඳ පියල්ලක් තබා - දහසක් ඇහුරූ පොදියක් තබා. බෙර පිවි කරවා - බෙර පතුරුවා. විවරග්රිහණ - සිවුරු දැරීම. පාත්ර් ග්රහහණ - පාත්තර දැරීම. සම්මිඤ්ජන - ඇකිළීම. පසාරන - විහිදීම. ප්රරසාදාවහ නොවෙයි - පහන්බව ගලන්නේ නොවෙයි. පහන් බව උපදවන්නේ නැති. සාල්ලෙහි ලා එල්ලාගෙනැ - පිරිවැස්සෙකැ දමා එල්ලා ගෙනැ. සිවුරු රැඳීම් සරුප් නො කොටැ දන්ත වර්ණ කොටැ රඳා ඇවිදිති - කැප පිළිවෙළට සිවුරු පඬු නො පොවා සුදු පාට සිවුරු ඇඳෑ ඇවිදිති. දා සිඳැ - දාවලු කපා. වාටිය කපාදමා. සිවුරු කඩකඩා වලට දමාපියති - සිවුරු කැබැල්ල කඩාලා කැලේට දමති. සා වපුටැ ජීවිකා කොටැ ඇවිදිති - හාලා වපුරාලා එයින් දිවි රැකැගෙනැ හැසිරෙති. මේ ප්රදපඤ්ව යැ - මේ පමාව යැ. සිවුරු දරා ඉඳීම පමාවට, හිරිහැරයට, කාරණ යැ. අසථානයෙහි = නොතන්හි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශිත්ය.නුව්යලඤ්ජන බ්යාසම ප්ර්භා කේතු මාලාලංකාරයෙන් ද සම්පූර්ණ වැ තිස් දෙකක් මහ පුරිස් ලකුණින් ද අසූවක් අනු ලකුණින්ද බඹ පැහැයෙන් ද කොත්මල් ලකරින් ද සපිරී. - බුදුන් ගේ සිරුරෙහි මහ පුරිස් ලකුණු තිස් දෙකෙකි. අනුලකුණු අසූවෙකි. බඹයක් දුරට විහිදෙන පබාව වෙයි. මුදුනෙහි කොත්මල් ලකර වෙයි. මේ අප ගේ පශ්චිම දර්ශන යැ - මේ අප ගේ අවසන් දැක්ම යි. පස් වැදෑරුම් ශාසනාන්තර්ධානය - පස් පිළිවෙළේ සසුන් අතුරුදහන. සත්ත්ව වනයනය කෙරෙමින් - සතුන් හික්මවමින්. නාග ඵණාකාර වූ - නා පෙණය වැනි වූ. සන්නිප‍ාත ශාල‍ාව - රැස්වීම් හල. රාශි මාලකය - සමූහ මළුව. බොහෝ දෙන‍ා එක් රැස් වන මිඳුල. සිංහ වික්රීවඩිත කොටැ - සිංහයකු‍ ගේ කෙළි හැසිරීමක් ලෙස සකස් කැරැලා. රාත්රිැස්ථාන - රෑ හිඳුනා, ලගන‍ා, තැන්. දිවාස්ථාන - දවල් හිඳුනා තැන්.

         චෛත්යිගිරි විහාර ප්රහතිග්රලහණ කථා 

ජන සඞග්ර හය කරන සේක් - මහ ජනයාට සගැනීම කරන සේක්. මහ ජනතාවට හිත සුව සලසන සේක්. ඉතා විරිතීගියා වූ සුවරූපයෙන් - ඉතා මැ වෙහෙසුණු හැටියෙන්. ආර්ය්යන මාර්ග නැමති පොකුණේ ගැලී - උතුම් මඟ නමැති පොකුණේ ගිලී. සෝවාන් මඟට පැමිණැයි කියූ සේයි. පඤ්ච විමුක්ති - තදංග විමුක්ති යැ විෂ්කම්භන විමුක්ති යැ යන ආදී වූ විමුක්ති පස.

                          ධාත්වාගමන කථා

රජත ඝටයෙකින් නික්මුණා වූ ක්ෂීර ධාරායෙන් - රිදී කළයෙකින් පිටත් වුණු, වැගිරුණ, කිරි දහරාවෙන්. චතුරුපක්ලේශයෙන් විනිර්මුක්ත වූ - උපක්ලේශ හතරින් අයින් වුණු. උපෝසථ ශීලය - පෙහෙවස් සිල්, අටසිල්.

ඒක නිඞ්ඝෝෂ කරව‍ා - එක මැ ප්රටතිරාවයට හඬ නංගා. හස්ත්යාඝලංකාර - හස්ති + අලංකාර, ඇතකු සරසනු ලබන සැරැහීම්. කාර්තිකෝත්සවය = කඳ කුමරා වෙනුයෙන් ඉල් මසැ පුර පසළොස්වක් දා පවත්වන උලෙළ. පොකුරු වැසි - හරියට නෙළුම් මල් වගේ, අවුවට දිලිසෙන ලොකු දියබිඳුවලින් යුතු වැ වහින වැස්ස. බස්නාහිරට අභිමුඛ වැ - බස්නාහිර දෙසට මුහුණ ලා. සිඟුරු වැල් - හිඟුරු පට්ටා නමැති කටු වැල් වෙසෙස. තළවුව - පදනම. අත්තිවාරම. සීන්කෙඬක් උසට - කුඩා කඳු ගැටයක් තරම් උසට. අභ්යකන්තරගත වූ ක්ලේශ දාහය - ඇතුලත වූ කෙලෙස් දැවිල්ල.


දුමින්දාගමන කථා

1. භික්ෂුණී ප්ර ව්රනජ්යාරව සංස්කරණය

රෂ්මි කදම්භය - රස් කළඹ. දිස්නෙ රොද. අනුදන්නා සේක් වී නම් - අනුමත කරන සේක් වී නම්. සමුගෙනැ - අවසර ගෙනැ. මෙහෙණවර - මෙහෙණන් වසන පන්සල. මෑණීයෙනි - උත්තමාවෙනි. සඟමිත් රහත් මෙහෙණන් තමන් ගේ දියණියන් වුව ද, දහම්සෝ රජ ඔවුන් මෙසේ ඇමැතූයේ බලවත් හරසර බව තකා යැ. මා ගේ අත් සුන්නක් මෙන් කොටැ - මා ගේ අත් සිඳී ගියාක් මෙන් කොටැ.

2. දක්ෂිණ ශාඛා ග්‍රහණ කථාව සංස්කරණය

කල්පාන්ත වහ්නිය - කල්පය අවසනැ දී ලොව නසන ගින්න. ශස්ත්ර් ඝාතයට යෝග්යට නොවන්නා වූ - අවියක් හෙළා සිඳීමට බිඳීමට නුසුදුසු වූ. ලද පස්මල් - ලද නම් පොරි යැ. ඒ මුල් කොටැ ඇති මල් පස් වර්ගය. පොරි, සුන්සහල්, එළ අබ, සමන් කැකුළු, ඊතණ යන වගය. මේ මල් නෙ වූව ද මල් බදු වැ සලකනු ලැබේ. සුදුවැලි තනවා - සුදු වැලි අතුරවා. සුදු වැලි ඉසැ බිම තැනීම; සුදු වැලි තැනැවීම යන සේ සිංහල වැහැරේ යෙදේ. “සදවා සුදු වැලි පිවිතුරු බඳවා රන් දඳ පියකරු” යන ගුත්තිලයේ යෙදුම ද හිතා බලන්නැ. ස්වර්ණකාර වේශයක් ගෙනැ - රන්කරුවකු ගේ වෙසක් ගෙනැ. අටඟුලක් බොල ඇති - අඟල් අටක් ගනකම ඇති. ඇත් නාඹකු ගේ - නහඹ ඇතකු ගේ; තුරුණු ඇතකු ගේ. මුව විට - මෝවිට. වාටිය. ගැටිය. ප්ර කාශ වූ කිරීට මාණික්යාේලෝකයෙන් - පැහැදිලි වූ වොටුනු මැණික් එළියෙන්. ‘දිස්නය දෙන්නා වූ. කාන්තිය විහිදෙන්නා වූ වොටුනුවලැ මැණික් එළියෙන්’ යන අරුත ද මෙයින් ලැබේ. ‘ප්ර කාශ’ යන්නෙන් දිස්නය යන අරුත ද ලැබෙන හෙයිනි. කර්ණ රන්ධු - කන් සිදුරු. මුඛරවය - කටින් නඟන හඬ. කාහල නාද - නළා හඩ. හෙරනෑ හඩ. තුන් යළක් - තුන් වරක්. රන් තෙල්ල - රනින් කරනලද මිට ඇති තෙලිකූර. පින්සලය. විමතිය - සැකය. ගඳ කළල් - සුවඳ මඬ. පපටිකා - පතුරු. ගවාක්ෂ ජාලාවක් - ගවැස් දැලක්. වටකුරු කවුළුව. ගවාක්ෂ නමි. එබඳු කවුළුවකට ලනලද කම්බි දැල ගවාක්ෂ ජාලාව යැ. ඔවුනොවුන් හිවමින් - ඔවුනොවුන් මහමින්. එක් එක් මුලක් අනෙක් අනෙක් මුලු අඩින් යටින් විහිදැ වැස්මක් මෙන් දක්වමින්. පිඹැ පුරා පූ තොල බෝ විතක් මෙන් - තොල බෝ මල් කොපුව ගැලැවුණු පසු පණ නැති පාහේ ඇකිළී පවතියි. එය පිම්බූ විටැ හුළං පිරී මහත් වැ යෙයි. එසේ පුම්බනලද තොල බෝ මල් කොපුවක් වගේ. දිව්යු භේරි නාද - දිව බෙර හඬ. ඒක කෝලාහල වියැ - එක මැ කලබැගෑනියෙක් වියැ. රුවන් ගොනැසින් වලඳනා ලද්දක් මෙන් - මැණික් පරාල වැද්දූ වේලාවක් වගේ. දිස්න දහරායෙන් මුළු වටපිටාව වැසීගිය වග මේ කියූ සැටියි. ශාඛා ප්රිශාඛා සමූහයෙන් - අතු කිනිති රැසින්. අසන්ධි මිත්රාව - ධර්ම‍ාශෝක රජුහු ගේ අග බිසව වූ මිත්රා දේවිය. ඇයගේ සිරුරේ සන්ධි තැන් නොපෙනෙන ලෙස මනා වැ මස් වැඩීගොස් ඇති හෙයින් “අසන්ධි” යනුවෙන් ඕ වෙසෙස් කොටැ හැඳින්වුණු ල! හිම ගර්භ සප්තාභය - හිම වලාකුළු අතරේ හුන් සත් දවස. සරත් කුල - රජ දරු ආදී උතුමන් හට සත් ඔසොවන, කුඩ ඉහලන, කුලය. කිලිඟු කුලය - රජ දරු ඈ උතුමන් හට මල් සපයන කුලය. බලත් කුලය - මුරසේවාවේ නියුතු කුලය. ඔසු දවටු කුලය - ඔසු ඒදන පිළියෙළ කරන කුලය. ස්වර්ණභෘඞ්ගාර - රන් කෙණ්ඩි. සමුද්රභ වේලාන්තයෙහි - මුහුදු වෙරළේ. දක්ශීණාවර්ත ශ්වේත ශඞ්කය - දකුණු අතට කරකැවුණු සුදු හක් ගෙඩිය. රශ්මි ජ්වාලාවන් දිවන්නා වූ - දිස්න දැල් විහිදෙන්නා වූ. හඬා වැලැප වැළැක්කෝ යැ - හඩා වැලැපී නැවැතුණෝ යැ. සෘද්ධි විකූර්වණය - ඉදුහ පෑම. ඍද්ධිය දැක්වීම. පක්ෂ මාරුත වේගයෙන් - පියා පතින් නැඟෙන හුළං සැරේ නිසා. ප්රේලය කාලයේ සූර්ය්යද මණ්ඩලය - කප් කෙළවරැ දී හිරු; ලොව වැනැසීමට නැඟෙන හිරු මඬල; කවර තරම් දිස්නයෙන් යුතු ද යන වග හෝ කීයැ යුතු නෑ නොවැ? විෂ සාගරය - විස නමැති මහ මූද. භවාග්රගය - අහස්කුසේ කොන. විෂය නොවන්න‍ා වූ - අරමුණු නොවන්නා වූ. අසු නෙවන්නා වූ. දඹුලු තොට - දඹ කොල තෙට. දඹ දිව් පැත්තේ, දඹදිව් කොනේ වූ තොටු පළ. දඹ කොන තොට> දඹ කොල තොට> දඹොල තොට> දඹොලු තොට> දඹුලු තොට.

4.ශ්රී> මහා බෝධී ප්ර තිෂ්ඨාපන කථාව. සංස්කරණය

සමුද්රත ශාලා වස්තුව - මූදු හල් වත්ත. මූදු හල නම් වූ ගොඩනැඟිල්ල පිහිටි බිම් පෙදෙස. සූර්ය්යල රශ්මි සන්තාප ඉර අවුවේ තැවිල්ල. එළු සන් - “හේළි ‍හෙළේ හෙළෙයියා” යන හඩ. අත්පොළසන් - අතුල් එකට ගටා නඟන හඬ. කළුවැල් - කාලාගුරු. කළු අගිල් නම් සුවඳ වැල් වෙසෙස. අනුපූර්ව විදර්ශනා වඩා - අනුපිළිවෙළින් විදසුන් වඩා. ශුෂ්ක ගර්ජනාව - වැහි නැති ගෙරැවිල්ල. අනිමිෂ ලෝචන යුගලය - නොපියනලද දෑස

5.ස්ථානාන්තර ප්රලදාන කථාව සංස්කරණය

මෝරපා පිරිවෙන - මයුරපාද නම් පිරිවෙන. අග්නි කෝනයෙහි - ගිනි කොන දෙසැ. අන්ධච්ඡත්රෙය - ආන්ද්රෙ දේශයෙහි කූඩය. ආන්ද්ර රජයේ රජ සලකුණ. මංගල තූර්ය්ය. නාදයෙන් - මඟුල් තුරු හඩින්. උත්සවය පිණිසැ වයනලද තුරුබඩුවල හඩින්. මංගල තූර්ය්ය නාදයෙන් ගෘහ මයුරයන් නටවන්නා වූ - ගෘහ මයුරයෝ; ගෙමොනරු නම් හීලෑ මොනරු- යැ. මඟුල් තරු හඬ අසා මේඝ ගර්ජනයෙකැයි හිතා ගෙමොනරු නටන්නට වෙති. අන්න ඒ සැටියෙන් මොනරුන් නටවන්නා වූ. අසම්භින්න වූ - නොකඩවා පවත්නා වූ. පුරඞ්ගනා නමැති විල්වමියන්ගේ - පුර අඹුවන් නමැති විල් අඹුවන්ගේ. නේත්රඅ නමැති නිලුපුල් දහස් ගණනින් පුදනු ලබන්නා වූ මඞ්ගල මහා වීථීයෙහි - මඟුල් මහා වීදියේ වඩිනා පැදකුණු පෙරහැර දෙස දහස් ගණන් පුරඹුවන් බලා උන් වග මේ කියු සැටියි. මලය රජ තනතුර - මලය කරයේ, කඳු කරයේ, රජ තනතුර. මහ රැ‍ටිනා - මහ මුදලි තනතුර. දිසාපතිවරුන් ගේ රටේ මහත්වරුන්ගේ නායක තනතුර. කොතුරුගානා තනතුර - මහ බෝධීන් වහන්සේට රන් කොතලයෙන් පැන් වැඩීමේ නායක තනතුර. -කොතුරු ගනු නා> කොතුරු ගන්නා> කොතුරු ගානා. සත්ගන්නා තනතුර - සත් උසුලන්නවුන් ගේ දෙටු තනතුර, සත් ගනු නා. අරක් මේ නා - අරක් ගන්නා, රකවල් ගන්න‍ා, මෙහෙ- යෙහි දෙටු. බන්ධු පරම්පරායෙන් - නෑ පරපුරින්. අබ මාලා - අබ දුම් ගස්වන දුම් බඳුන් දුනුවා කුල - දුනු දරන කුලය. පෙහෙර කරු කුල - රෙදි වියන කුලය. හූ රෑන් - නූල් යැ ලනු යැ යන දෙවග විල් මාලා - දිය බඳුන්. සන්නාලින් - මැහුම් ගෙත්තම් කරුවන්. මුළු තැන් වැ‍ට - කුස්සියේ පැවැත්ම. කුස්සියේ වැඩ පිළි‍ෙවළ. කර තතුරු කියත් පත් - දැලි පිහි, කතුරු කියත් තල. කඹුරු නා - තඹුරන් ගේ දෙටු. තාරාලුන් - තර හලුන්. රන් රිදී කරුවන්. අටතෙලිනා තනතුර - රන්කරුවන් ගේ දෙටු තනතුර. වියන් මඩුලු - වියන් වටාවල්. වියන් මෙන් හිටින්නට සවිකරන ලෑලි තට්ටු. මුදුන් තරුව නා - වියන් සිත්තරුවන් ගේ දෙටු. මහ පළාවානා - මහ පළහ වයන්නවුන් ගේ දෙටු. පළහ, පටහ, එනම් බෙර වෙසෙස. මාගමුන් - අඟනන්. සික්ඛාමානා සාමාණේරීන් - දැනැඋගත් හික්මුණු හෙරණ- ණියන්. විශිෂ්ට වූ - ඉතා උසස් වූ. වෙසෙසින් හැදුණා වූ. මහ ලේණා - ලියුම් කියුම් සන්නස් කෙටුම් පත් පිළියෙළ කිරීමේ දෙටු. රත්නාකාර නමැති මෙවුල්දම ඇති - රුවන් ආර නමැති ඉඟ පළඳනාව ඇති. දිව්යඳ මිථුනයන් ගේ නේත්ර යට - දෙවු යුවළයන් ගේ ඇසට. ජෝඩු ජෝඩු ලෙස ඉඳුනා දෙවිවරුන් ගේ ඇසට. පූග ඵල - පුවක් ගෙඩි. රත් වූ පූග ඵල - ඉදුණු පුවක් ගෙඩි. පල්ලව භාරයෙන් භරිත වූ - දලු බරින් බර වූ. මලය වන ගහන නමැති කේශ කලාප ඇති - කඳුකර කැලෑ නමැති කෙස් වැටි ඇති. අග්ර මහීෂීය ගේ - අග බිසොව ගේ. ස්වර්ග මෝක්ෂයට මාර්ග වූ - සඟ මොක් දෙකට මඟ වූ. නේත්රගයට රසාඤ්ජන වූ - ඇහැට රසඳුන වූ. ඉන්ද්ර නීල මාණික්යවමය වූ ඝටයෙන් - ඉඳුනිල් මිණිමුවා කළයෙන්, මරකත මැණික්වලින් තැනුණ කළ- යෙන්. යථෝක්ත ක්ර්මයෙන් - සම් සේ කියන ලද්දේ ද ඒ පිළීවෙළීන්. අභිසම්බෝධි කතා - අභිසම්බෝධියට පැමිණීම පිළීබඳ කථා, බුදුබව ලැබීම පාළිබඳ කථා. ආනන්ද බෝධි කථා - අනඳ හිමියන් මුල් වී සිටුවන ලද බෝධිය පිළීබඳ කථා. ලඞ්කාවතරණ කථා - බුදුන් පිරිනිවන් පෑම නගර ප්රරවේශ කථා - නුවරට පිවිසීමේ කතා. මහා විහාර ප්ර ථිග්රීහණ කථා - මහවෙහෙර පිළිගැනීමේ කතා. ධාත්වාගමන කථා - ධාතු + ආගමන = ධාතූන් පැමිණීමේ කතා. දුමින්දාගමන කථා - දුමින්ද + ආගමන කථා, මුමිඳුන්; බෝ ගස් රජුන් පැමිණීමේ කථා.

කර්තෘ නිර්දේශය සංස්කරණය

(1). කර්ණ රසායන - කනට රසායනයක් වැනි, කනට රස ඇඳීමක් වැනි.

උත්පත්තිස්ථාන - උපන් තැන.

වර්ෂා, අවර්ෂා අතිවර්ෂා නොකො ටැ- වැස්ස වනාහි ඉඩෝරයත් හද්දාවැස්සත් නො කො ටැ, වැස්ස වනාහි මුළුමනින් දුරු වීමත් නොවී, ඉතා වැඩි වීමත් නො වී.

සම්යමග් වර්ෂා කෙරේවා - යහපත් වැස්ස කෙරේ වා. තමන් තමන් ගේ විෂයයෙහි - තමන් තමන්ගේ අරමුණු හරියෙහි, ශාන්ත ප්ර ණීත වූ - සන්හිඳුණා වූ මිහිරි වූ. නිරුත්තර වූ - උතුම් මැ උතුම් වූ. සංසාර බන්ධනයෙන් - සසර බැඳුමෙන්. ඉෂ්ටාර්ථ් ප්රවසවය කරන්නා වූ - යහ වැඩ පමුණාවන්නා වූ. සමස්ත සාමන්ත භූපාල ඡූඩාමණි මරිචි රඤ්ජිත වරණාරවින්ද ඇති - සයලු පෙදෙසි රජුන්ගේ සිළුමිණි දිස්නයෙන් (වොටුන්නේ මුදුන් මැණිකේ කාන්තියෙන්) බැබැළුණ පතුල් පියුම් ඇති.

සූර්යවංශෝදයාවල ශිඛර - සූර්යය වංශ උදයාවල ශිඛර හිරු කුලය නමැති පෙරගිරේ මුදුනට.

තරුණාරුණ මණ්ඩලායමාන - තරුණ අරුණ මණ්ඩල ආයමාන; අලුත් ඉරුමඬලක් වැනි වූ.

ශ්රීන ලංකා කාලිංග වංශෝද්භූත - ශ්රී ලංකා කාලිංග වංශ උද්භූත , සිරිලකැ වූ කලිඟු පෙළපතේ උපන්නා වූ.

කිර්තිශේෂ නෛක රාජ රාජි රඤ්ජිත - කිතු ගොස ඉතිරි වූ, පරලෝ සැපත් වූ නොයෙක් රජුන් සමූහයා විසින් හොබවනු ලැබූ, කීර්ති ශේෂ වීම නම් මරණයට පැමිණීම යි.

රාජ වංශ නමැති විශයදතර තාරාහාර මධ්ය තරලායමාන - රජ කුලය නමැති ඉතා පිරිසිදු තරු බඳු මුතු වැලෙහි මැද මිණ වැනි වූ

ශ්රී ලංකාද්වීපෛක දීප ප්රූතිනිධි වූ - ශ්රීක ලංකාද්වීප ඒක දීප ප්රලතිනිධි වූ; සිරිලක් දිවට එක මැ පහන වැනි වූ.

සුවිශද ප්රිඥාතිශය නමැති මන්දර ගිරි ප්රලමථිත - මනා පිරිසිදු මහත් නුවණ නමැති මඳර ගිරෙන් කළඹන ලද.

ත්රි පිටකාර්ථ සාර නමැති ජලනිධි කුහරයෙන් ගන්නා ලද - අරුතින් සරු වූ තුන් පිටකය නමැති මුහුද තුළින් ගත්.

සාරාර්ථමෘතයෙන් විබුද්ධ ජන මනෝනන්දනය කෙරෙමින් රාජ්ය් සුඛානුභවය කරන්නා වූ - සරු වූ හැඟුම් නමැති අමාවෙන් වියත් ජනයා ගේ හිත පිනවමින් රජ සැපත විඳින්නා වූ.

සකල ලංකා රාජ්යප ස්ථාපනාවාර්ය්ය ද්විතීය භුවනෙකබාහු ප්රි ය පුත්රං වූ - සියලු ලක් රජය නිසල කිරීමේ ඇදුරා වූ දෙවැනි භුවනෙකබා රජුගේ පියකරු පුත් වූ .

සකල යාචක ජනප්රි ය බාන්ධව වූ - සියලු යදි දනන් ගේ පියකුරු නෑයා වූ.

කරුණාසර භාවිත අත්තඃ කරණ ඇති - කුලුණු රසය හුරු පුරුදු කළ ඇතුළත ඇති.

සකල ජන නයන රසායන වූ - සුයලු දනන්ගේ ඇසට රසඳුනක් වූ.

ස්වවික්රවමාක්රායන්ත රිපුරාජ වික්රනම ඇති - සිවවික්රපම ආක්රාකන්ත රිපු රාජ වික්රතම ඇති; තමාගේ හපන් කැමින් මඬනා ලද හතුරු රජුන්ගේ හපන්කම් ඇති.

භවිෂ්ය ත් කාලයෙහි - මතු කල්හි.

ශ්රෂද්ධා බුද්ධි සම්පන්න - සැදැහැයෙන් හා සිහි නුවණින් ද යුතු.

ධර්මි ශ්ර වනයෙහි තත්පර වූ - බණ ඇසීමෙහි නියැලුණා වූ.

ශෝතෘ ජනයා - අසන සෙනඟ; අහුම්කන් දෙන ඇත්තන්.

ශ්රතවණ රමණීය - කන්පිනවන සුලු. ස්වභාෂායෙන් - සිංහල බසින්

සාධු ජනයෝ සැප සේ අසා ස්වර්ග මෝක්ෂ සම්පත්ති සාධනය කෙරෙති - යහපත් ඇත්තෝ හොඳින් අහාලා සගමොක් සැප සදාගනිති.

සඤ්චෝදිත - අදහස් කරන ලද

සුවිමල ශීලස්කන්ධයෙන් සුරභී කෘත දිගන්තර ඇති - දිසා පෙදෙස් හොඳ පිරිසිදු සිල් කඳින් සුවඳ කැරුණු.

ත්රිණපිටකය පර්ය්යාලපන්න සමස්ත සද්ධම් නමැති රත්නාංකූර - යනට රත්නාකරයක් වැනි වූ - තුන් පිටකය පිළිබඳ සියලු සදහම් නමැති මැණික් පැළවලට මැණික් පතලයක් වැනි වූ.

පූර්ව පර්වත ශිඛරය - පෙර ගිරි මුදුන. ශීල සමාධි ප්රිඥා දයාදි ගුණ ගණාධාර තපෝනිධාන ප්රැධාන වූ - සීල යැ සමාධි යැ ප්රදඥව යැ දයාව යැ යන ආදි ගුණ සමූහය දැරීමට ආධාරය වන්නා වූ තපෝනිධානයන් හට; බික් සඟුන් හට; නායක වූ. ගංතලා කරඹවලාන් පරපුරින් පැමිණි - ගංතලාවේ කරඹවලාන නම් ගමේ පෙළපතින් පැමිණුණා වූ; පැවැතැ අවා වූ. සුවිශුද්ධ ප්රමභූත ගුණ ගණ මහනීය - මනා පිරිසිදු වැ පවත්නා වූ ගුණ සමූහය නිසා පිදියැ යුතු වූ. ප්ර්ශංසනී සශ්රී ක නිර්මල වංශ සම්භූත - පැසැසිය යුතු සිරිමත් පිවිතුරු ගොතෙහි උපන් . කීර්ති ශ්රීු මේඝවර්ණ රාජාධි රාජ කල්යාවණි විහාරාධිපති වූ - කිත්සිරි මෙවන් කැලණි වෙහෙරට අධිපති වූ.

හස්තිශෛල පුරාධීශ්වර - කුරුනෑගල් පුර මහ නයුවා වූ. පරාක්රෛමභුජ ක්ෂතිප තිලකායමාන - පැරකුම්බා රජුන් හට තිලකයක් බඳු වූ.



භක්ති ප්රෙුමාතිහාරාවනතෝත්තමාඞ්ගයෙන් - භක්ති ප්රෙිම අතිභාර අවනත උත්තමාඞ්ගයෙන්; බැති පෙම් මහ බර නිසා නැමුණු හිසින්.

මූල භාෂායෙන් ප්ර වෘත්ත වූ - මගද බසින් පැවැතුණා වූ බෝධී වංශාභිධාන ප්රැසිද්ධ ප්රඞබන්ධය - බෝදී වංශය යන නමින් පතළා වූ පබඳ. පූර්වෝක්ත ගුණ ගණෝපේත - පූර්ව උක්ත ගුණ ගණ උපේත; පෙර කියන ලද ගුණ රැසින් යුතු. සුඛාවබෝධය පිණිසැ - හොඳින් වැටැහීම සඳහා.

ස්වභාෂාවෙන් ලියවා මස්තකප්රාිප්ත කොටැ වදාළ සේකැ - සිය බසින් ලියවා මුදුන් පත් කොටැ වදාළ 

සේක් යැ. සිංහල බසින් ලියවා නිම කළ සේක් යැ.


නිමි