පෙරවදන

අප ගේ ජාතිය පිළිබඳ පරම්පරා කතාව, අප ගේ රජ වරුන් පිළිබඳ පරම්පරා කතාව, අප අදහන ආගම පිළිබඳ පරම්පරා යන ඈ සැටියෙන්අපත් අප ගේ වටපිටාවත් අප අතින් හරසරයට ලක් වන කරුණුත් අප අතින් හරසරයට ලක් වන අයත් පිළිබඳ යටගිය තොරතුරු පැවැසීම බොහෝ ඈත කලෙකැසිට අපේ ගත් කරුවන් ගේ රුචිය ඇදැගත් ඉසව්වක් බව පෙනේ. පරම්පරා කථා පැවැසීමේ රුචිය නිසා අපේ ඒ පැරැණි ගත්කරුවන් අතින් බිහි වුණු නොයෙක් වගයේ ග්‍රන්ථ අපේ දැය පිළිබඳ වූත් අපේ දහම පිළිබඳ වූත් අතීතය පිළිබඳ මනා ආලෝකයක් අප ගේ හදවතට විහිදුවයි. ඒ නිසා මැ අප වටා පැතිරැඇති අතීතය පිළිබඳ ගන බොල් අඳුර බොහෝ දුරට පලායන්නේ යි. දීප වංසය, මහා වංසය, ථූප වංසය යන ග්රන්ථ අපේ දැය පිළිබඳ වූත්, රට පිළිබඳ වූත් අපේ රජ වරුන් පිළිබඳ වූත් ඔවුන් විසින් කරන ලද ලෝක ශාසනික ක්‍රියා පිළිබඳ වූත් දැනීමක් හෙවත් දැනීම පිළිබඳ ආලෝකයක් අප තුළ පතුරුවයි. සංග්රකහය යන අමුතු නමෙකින් හැඳින්වුණ ද ‘නිකාය සංග්රකහය’ පවා එක්තරා වංස කතාවෙකි. ඒ වංස කතාව, බුදු සසුන පිළිබඳ ඉතිහාස කතාව අපට විස්තර කරයි. ‘ථුප වංසය’ රුවන්වැලි සෑය ප්‍රමුඛ කොටැ ඇති අපේ දාගැබ් පිළිබද ඉතිහාස කතාව පැහැදිලි කරන්නේ යි.

එ මෙන් මැ මේ ‘බෝධි වංසය’ බුදු රජාණන් වහන්සේට බුදු වීම සඳහා සුවදායි වටපිටාවක් සැපැයීමෙන් පිටුබල පෑ ජයසිරි මහා බෝධිය පිළිබඳ කතා පවත අපට විතර කෙරෙයි. බෝධි වංසය මුලින් මැ ලියන ලද්දේ සිංහල බසින් යැ. ඒ සිංහල බෝධි වංසය අනුවැ මාගධී බසින් බෝධි වංසයක් පසු කලෙකැ දී ලියන ලද බව පත පොතේ සඳහන් වෙයි. ඒ පාළි බෝධි වංසය ගුරු තන්හි තබාගෙ- නැ, මේ සිංහල බෝධි වංසය රැසැයුණ බව පෙනේ. පොළොන්නරු කල දවස, හෙළ දිවැ ඉතා උසස් ඉතා බලවත් කල දවසෙකි. නක බෙයින් තොරව සඟ සසුන බැබැළෙන්නට වුයේත් නොයෙක් වගයේ නොයෙක් මාදිලියේ පත පොතින් ලිවිසැරිය උදම් වන්නට වූයේත් මේ සමයයෙහි දී යැ. එහෙත් ඉක්බිති වැ පැමිණි කාලිංග මාඝ උවදුර නිසා හෙළ ලිවිසැරියටත් එ නිසා මැ හෙළ බසටත් ඒනිසා මැ ලෝ සසුන් දෙකටත් සිදුවු බිහිසුණු වනස ඉතා බලවත් යැ. මාඝයන් නිසා වු උවදුර දුරු කරනු පිණිසැ ඉක්බිති වැ සියවස් ගණනක් මැ සිංහල ජනතාවට දුක් විදින්නටත් වෙහෙස දරන්නටත් සිදු වියැ.‍ දඹදෙණි සමයයේත් කුරුනෑගල් සමයයේත් ලියැවුණ පත් පොත්වලින් බොහෝ සෙයින් මැ වැර දැරුණේ අර මාඝ උවදුර නිසා වු ලිවිසැරි විපත තරමකට හෝ මඟහරවා ගැනීමටයි.

වත්හිමි විජයබා දෙවැනි පැරැකුම්බා පළමු බුවනෙකබා තුන් වැනි පැරැකුම්බා සිවු වැනි පැරැකුම්බා යන මේ රජ දරුවන් ගේ කල දවස්වලැ දී - මාඝයන්ගෙන් සිදු වූ ලිවිසැරි වනස පිරිමැහීම සඳහා - බොහෝදුර පත පොත ලියනු ලැබිණ. මේ සිංහල බෝධි වංශය ලියන්නට සිදු වූයේත් ඒ පාඩුව පිරිමැසීමක් වශයෙන් මැ යැ යි හැ‍ඟේ. මෙය ලියන කල දවස වන විටැ කලින් මැ ලියන ලද සිංහල බෝධි වංසය කේරළයන් විසින් ගිනිබත් කරන ලද සිංහල පොත් රැසට ඇතුළු වැ තිබුණු බව පෙනේ. එ හෙයින් පාළි බෝධි වංසයේ හවුහරණින් මේ ගත නිමැවුණ වග පෙනෙයි.

පාළි බෝධි වංසය සමහර විටැ පැරැණි ‘සිංහල බෝධි වංශය’ වැනැසීයන්නට ඇත්තේ ‘ම‍ාඝ’ උවදුරට ද කලින් වියැ හැකි යැ. 1017 සිට 1070 දක්වා මේ රටේ බල පෑ සොලී උවදුරේ දී ඒ ‘සිංහල බෝධි වංශය’ වැනැසිගිය බවට ඒත්තු ගත හැකි කරුණු ද තිබේ. ඒ සිංහල බෝධි වංශය වැනසීයාමේ පාඩුව සිංහලයන් හට බොහෝ විටැ හැඟී ගියේ යි. ඒ හෙයින් මැ වියැ හැකි යි ගුරුළු දැමි ඇදුරාණන් විසින් පාළි බෝධි වංශයට ධර්ම ප්රුදීපිකා යන නමින් ගැට පද විවරණයක් කරන්නට යෙදුණෙත්. හැබැයි, ඔවුන් ගේ ඒ ධර්ම ප්රණදීපිකාවෙන් සිංහල ලිවිසැරියට ඉතා මනහර පහනක් දැල්වුණු බව නම් නො කියා මැ බැරි යැ. පැරැණි සිංහල බෝධි වංශය වැනැසීයෑමෙන් පසු පාළි බෝධි වංසය රටේ ඉතා පළට වූ බවට ද එයින් වැඩ ගන්නට දහමට ලිවිසැරියට ළදුන්නවුන් කොතෙකුත් පෙළැඹුණ බවට ද දැක්වියැ හැකි හොඳ සාක්ෂියෙකි ධර්මප්රළදීපිකාව. පාළි බෝධි වංසයෙන් වැඩ ගැනීමට මනා වූ දහම් විවරණයක් ලෙස ‘දහම්පදිවුව’ පහළ වුව ද, සිංහල පත පොත වෙත යොමු වූ ළැදියාව ඇත්තවුන් හට සෑහීමක් වූ වගක් නො පෙනෙයි. මේ “සිංහල බෝධි වංශය” මඳක් කල් පසු වැ ගොස් හෝ බිහි වූයේ එ හෙයින් මැ වියැ යුතු. හැබැයි මේ පොත පාළි මහා බෝධි වංසයට මුළුමනින් මැ පාහේ ණය ගැති බව තකහනියක් පැවැසිය යුතු යි. එහෙත් පාළි බෝධි වංසයට වඩා වෙනස් වූ පිටස්තර තැන් ද ඉඳැහිටැ හෝ හමුනොවන්නේ නො වේ. කේනට්ඨේන මහා බෝධි? කස්ස සම්බන්ධිනී ච සා? කිං සාධිනී? අභිත්ථුතා? කේන කත්ථ පතිට්ඨිතා? යන පැන පස විසැඳීම අරමුණු කොටගෙනැ මේ ග්රපන්ථය ද ගෙතුණු හෙයින් පාළි මහා බෝධි වංසයේ මැ අනුවාදයක් සේ මිසැ වෙන අමුතු ග්රනන්ථයක් ලෙස මෙය තකන්නට කිසි සේත් ඉඩක් නැත.

පැබැඳුම් ආර මාගධී බසින් සිංහලට පෙරැළුණ ද යම් ගතක් සිංහල බස් ආර නො වනසා සිංහල බස දොඩන්නවුන් ගේ හරි සිංහල ආරට බැට නොදී ලියැවිණි නම්, ඒ ගත සිංහල ලිවිසැරියට මහත් වැඩ සිදු කරන්නේ යි. එහෙත් බොහෝ කලෙකැ සිටැ මැ සිංහල පඬිවරුන් හට හුරු පුරුදු වූයේ සිංහල පත පොත සිංහල බසයට වඩා සකු බසට බර කිරීම යැ.රස සුන්වැ ගිය ද, තමන් ගේ සකුව දැනීමේ මහ හැකියාව පිළිබඳ මහිමතාව ලොවට හැඟී ගිය හොත් ඒ ඇතැයි යන හැඟුමට වහල් වැ මෙන් පබඳ ගෙතීමට කලෙකැ සිටැ මැ සිංහල ගත්කරුවෝ ඇබ්බැහි වුණහ. දඔදෙණි කුරුනෑගල් කල දවස වන විටැ ඒ හැඟුම මහ අමුතු මැ වගයේ වියරුවක් සේ හෙළ පඬිවරුන් ගේ හිසට වැහී තිබුණු වගක් පැහැදිලි වැ පෙනේ. නිකාය සංග්ර හය, උම්මග්ග ජාතකය, අත්තනගලු වංශය යන පොත් ඇරැඹුණු සැටි පමණක් බිඳක් විමසා බැලුව මැනැවි. “ස්වස්ති ප්රසශස්ත ශ්රීවඝන සකල ශාසන ශ්රී් හාරධාරි, ශ්රීන ලංකාද්වීප ප්රසදීපායමාන, ලෝක ශාසනානුරක්ෂණ යෙහි දක්ෂ, ගුණ නීති මාර්ගානුවර්තක, මධ්යකස්ථතාභිජාත කීර්ති ප්රෂබන්ධ, ශුද්ධ බෞද්ධ ශ්ර ද්ධාවන්ත රාජ රාජ මහාමාත්යාදීනට ආයුරාරෝග්යා්දි වූ සකලාභිවෘද්ධි වර්ධනය පිණිස”- මෙන්න නිකාය සංග්ර්හය පටන් ගැනුණු හැටි. “එක් සමයයෙක්හි ශාක්යග සිංහ වූ සමන්ත භද්ර- වූ අසම සම වූ ත්රෛයලෝක්ය තිලක වූ, ත්රි- භුවන චූඩාමාණික්යර වූ, කරුණා නිධාන වූ මෛත්රී් නිවාස වූ, ප්රිඥවට වල්ලභ වූ, සාගරයක් සේ අචින්ත්යී ගුණ ඇති”- මේ උම්මග්ග ජාතකය ඇරැඹුණ හැටියි. “ස්වස්ති ප්ර්ශස්ත ප්ර වර ද්විජ කුල කමල වන රාජි රාජ හංසායමාන වූ අක්ෂර ලිඛිත ගණිත ගන්ධර්ව” යන ආදි සැටියෙන් එක් අත්තනගලු වංශයක් ඇරැඹුණේ යැ. අනෙක් එළු අත්තනගලු වංශය ඇරැඹුණේ, “ත්රි. භුවන විදිත වූ උත්තර ගුණ යෝගයෙන් ලෝකෝත්තර වූ මේ මහා භද්ර් කල්පයෙහි ලෝකයෙහි පහළැ වැ අපරිමිත සත්ත්ව ලෝකාභිවෘද්ධිය සිද්ධ කළා වූ__” යන මේ සැටියෙන් යැ. මේ කොයි වගේ ගතෙකින් වුවු ද අපට පැහැදිලි වන්නේ, දඹදෙණි කුරුනෑගල ගම්පළ යන කල දවස්වලැ දී සිංහල වදන් ආර මරාගෙනැ සකු වදන් ඉස්මතු කැරැ පැබැඳුම් ගෙතීමේ පුරුද්ද එක්තරා වසංගතයක් මෙන් සිංහලයන් හට බෝ වී තිබුණ බවයි. මේ සිංහල බෝධි වංශය ද ඒ වහංගත ලෙඩෙන් මුළුමනින් ඈත් වූ බවෙක් නො පෙනේ. ඒ කෙසේවුව ද සිංහල බස් වැවහර නිසි සේ රැකැගෙනැ මේ පබඳ ගෙතීමට මේ ගත්කරුවා බොහෝ සෙයින් පරිස්සම් වුණු වග පෙනෙයි. එ සමඟ වැ මැ කාව්යායලංකාරයන් ගෙන් මනා වැ සරසා අසන්නන් ගේ සිත් පුබුදුවන සැටියෙන් අදහස් වැළ ඉදිරිපත් කිරීමට ද ඔහු උසහ ගත් බව පෙනේ. මේ පබඳ කරුවා ගේ හිමාලය වන වැනුමට මඳක් කන් දෙන්නැ. “ඒ හිමාලය වනය කෙබඳු ද යත්: සඳුන් රුකින් හා කපුරු තුවරලා ආදි වූ වෘක්ෂයෙන් ද සුවඳ කරන ලද්දේ යැ. මනා කොටැ පිපීගියාවු සපු ගසින් හා වැටකේ දුනුකේ හෝපලු පළොල් ඇසළ එරහැන්ද පුවඟු දොඹ කීන නා ආදි වූ අනේක ප්රලකාර සුපුෂ්පිත වූ පුෂ්ප සමූහයා ගේ මනෝඥ වූ සුගන්ධ ඇති වෘක්ෂ සමූහයෙන් ද හෙබියේ යැ. ඇතුන් අසුන් සිංහයන් ව්යාවඝ්ර්යන් වලසුන් දිවියන් මුවන් වඳුරන් ආදි අපමණ චතුෂ්පාද සමූහයා විසින් සඤ්චාරය කරන ලද්දේ යැ. උකුස්සන් ඇටිකුකුළන් සැළළිහිණියන් ඇල්කොබෙවියන් හංසයන් කොස් ළිහිණියන් ගිරවුන් පරෙවියන් කුරවිකෙවිල්ලන් මොනරුන් බකමුහුණන් ආදි වූ බොහෝ පක්ෂි සමූහයා විසින් රැවු පිළිරැවු දෙන ලද්දේ යැ. යක්ෂයන් රාක්ෂසයන් ගන්ධර්වයන් දෙවියන් අසුරයන් සිද්ධයන් විද්යා්ධරයන් ආදි වූ අනේකප්රයකාර වූ භූතයන් ගෙන් ගැවැසීගත්තේ යැ. රන් සිරියෙල් පර්වත යැ, ඉන්ද්ර් නීල මාණික්ය පර්වත යැ, මරකත මාණික්ය් පර්වත යැ, ස්වර්ණ පර්වත යැ, ස්ඵටික මාණික්යහ පර්වත යැ, යනාදි වූ සිය ගණන් පර්වත සමූහයෙන් බබලන්නේ යැ. අනේක ප්ර කාර වූ දිව්යාබඬ්ගනා සමූහයා ගේ පයෝධර නමැති ඝටයෙන් අළලන ලද දහස් ගණන් වන විලින් හෙබියේ යැ. මයුර සමූහයා ගේ නැටීමෙන් හා ලිය මඬුවෙන් හා සුදු වැල්ලේන් ද ගැවැසීගත් මනා වූ භූමියෙන් සැරැහෙන ලද්දේ යැ_” යන මේ ඈ සැටියෙන් කරනු ලබන මේ හිමාලය වන වැනුම කිවියන් ගේ කිවි ලකර මඟට එතරම් මැ ගැති නොවී තමා ගේ හිතැවිල්ලෙන් මැ උල්පවා ඉස්මතු කැරැ දක්වනු ලබන්නා වූ වැනුම් මඟක් බව අපට පෙනී යයි. එහෙත් මේ සමහර තැනෙකැ පමණෙකි. සමහර විටැ මේ කිවියා ද ඉබේට වගේ සකු ලකර දහරාවට ඇදී ගිය වග ද බොහෝ තන්හි දී පෙනෙයි. “ඉක්බිත්තෙන් කල්ප වෘක්ෂයෙහි පල්ලව පත්රියක් සේ රත් වූ පතුල් ඇති, මහනෙල් පෙති සේ කෝමළ වූ අත් ඇති, ඒ මහ බෝසතාණන් වහන්සේ රන් සිරියෙල් කල්කයක් සේ රන් වන් වූ ශරීර ප්ර්භායෙන් වන ගහනය තවරන්නාක්හු සෙයින් ද, දල්වන ලද නේත්රසයෙහි රශ්මිජ්වාලායෙන් තැවැරුණු ඇඹුල උපුල හා රත් පියුම් ද ඇති විල් දහසින් ගැවසීගත් ශරත් කාලයෙහි ශෝභාවක් දක්වන්නාහු සෙයින් ද, වන භූමියෙහි නිවාසස්ථාන භූමියක් බලන්නාහු වන්යි හස්තීන්ගේ මද ජල වර්ෂාවෙන් වස්නා ලද සුපුෂ්පිත පුෂ්පයෙන් ඒක සුගන්ධ වූ වෘක්ෂයන් ඇති ආශ්ර ම ප්ර්දේශය දැකැ, පබළු වන් සෙවෙනි ඇති, රිදී පට පැහැ සේ සුදු වූ භිත්ති ඇති, ඉන්ද්රනනීල මාණික්‍යයෙහි රශ්මීන් තරන ලද්දාක් වැනි වූ සිත්කලු බිම් ඇති සුශ්ලිෂ්ට වූ කවුළු හා දොර ද ඇති_” යන ආදි සැටියෙන් වූ වැනුම් මඟ ගැන හිත යොමු කරන විටැ ඔබට කුමක් සිතේ ද? මේ ගත්කරුවා හුදෙක් නිර්ව්යා ජ වූ වැනුම් ම‍ඟෙකැ නො වැකිවි ලකරින් හැඩ වැඩ වූ ඉමක් කොනක් නැති කැටයම්වලින් සැරැසුණු කවි සමයයට මැ යට වුණු වැනුම් පිළිවෙළෙකැ නිරත වැ සිය ගත කළ වගක් නො සිතෙයි ද? සැබැවි, සමහර විටෙ කැ හෙතෙමේ කාලිදාසාදීන් ගේ ප්රබන්ධ මාර්ගය අනුගියා පමණක් නො වැ ඒ පැබැඳුම් රස දහරා උකහාගෙනැ එයින් තම ගත සැරැසීමට පවා සැරැසුණේ යි. “මේ වංශයෙහි රජ දරුවෝ ජන්මයෙහි පටන් ගෙනැ පරිශුද්ධයහ. ඵල නිෂ්පත්තිය දක්වා පවත්නා කර්ම ඇත්තා හ. සමුද්ර් පර්යන්ත පෘථිවියට ඊශ්වරයහ. දිව්ය ලෝකය දක්වා යන්නා වූ රථ මාර්ගයන් ඇත්තා හ. විධි වූ පරිද්දෙන් පුදන ලද වහ්නි පූජා ඇත්තා හ. කැමැත්ත ලෙස පුදන ලද යාචක ජනයන් ඇත්තා හ. අපරාධ වූ පරිද්දෙන් කරන ලද දඬුවම් ඇත්තා හ. කාලය නො ඉක්මවා ප්රදබෝධ වන සුලු වූ හ. ත්යාාගය සඳහා ගන්නා කරවුවර ඇත්තා හ. සත්‍ය වචනය සඳහා මඳ කොටැ බණන බස් ඇත්තා හ. යසස සඳහා ජය ගැන්ම කැමැත්තා හ. දරුවන් සඳහා සංග්රඳහ කරන ස්ත්රී න් ඇත්තා හ. බාල අවස්ථාවෙහි අධ්යාසය කරන ලද ශාස්ත්රහ ඇත්තා හ. යෞවන අවස්ථාවෙහි අනුභව කරන ලද පඤ්ච කාම සැප ඇත්තා හ. වෘද්ධ අවස්ථාවෙහි ගන්නා ලද ප්ර ව්රාජ්යා ඇත්තා හ. පර්යන්තයෙහි සමාධීන් යුක්ත වැ හිඳැ කරන ලද කාලක්රිරයා ඇත්තා හ.” මේ වැනුම් පිළිවෙළ විමසා බලනු මැනැවි. කාලිදාසයන් ගේ රඝු වංශයෙහි වූ රඝු පරපුර වැනීම අකුරක් පිල්ලක් අතනෑරැ මේ පබඳකරුවා සිය ගත සරසනු සඳහා යොදාගත් බව මෙයින් පෙනෙයි. එහෙත් හෙතෙමේ ඉතා අවංක යැ. තොටගමුයේ සිරි රහල් තෙරුන් මෙන් අනුන් ගේ නිමැවුම් කිසි කතා බවක් නැති වැ තමන් ගේ නිමැවුම් සේ තම ගතට කාවද්දාගැනීමේ ගුණය මේ ගත්කරුවා පිළිකුල් කළේ යැ: “ජනාය ශුද්ධාන්ත චරාය සංශතේ කුමාර ජන්මාමෘත සංමිතාක්ෂරම් අදේයමාසීත් ත්ර යමේව භූපතෙර් ශශිප්රසභං ඡත්රයමුභේ ච චාමරෛඃ”


යන ආදි කාලිදස් නිමැවුම්-

“උපන් බව තම පුත් කී කීවනට තුටු සිත් බප ඇම වත් දෙවත් දෙ වත් පමණෙකි ඉතිරි ඇඳැගත්”

යන ඈ සැටියෙන් තමන් ගේ මැ නිමැවුම් සේ සිරි රහල්හු කිසි ඇඟවීමක් පවා නො කො ටැ සිය කවතුළට කාවද්දා ගත්හ. එහෙත් මේ ගත්කරුවා කාලිදසුන් ගෙන් ගත් වැනුම් ලකර උන් ගේ බව මැ

“එහෙයින් කීහ රඝු වංශයෙහි, සෝභමාජන්ම ශුද්ධානා__ මාඵලෝදය කර්මණාම් ආසමුද්ර ක්ෂිතීශාන__ මානාක රථ වර්ත්මනාම්”

යන ආදී පැවැසුමෙන් මනා වැ විදහා දක්වයි. කවර තරම් සුපුරිස් ගුණ මහිමයෙක් ද? මේ ගත්කරුවාට ඇවැසි වූයේ තමා විදහන කරුණු වැළ අසන්නාගේ සිතේ මනා වැ කාවැද්දීමට යැ. එ හෙයින් නගරයක් ගැන හෝ වේවා, ගමක් ගැන හෝ වේ වා, ගිරි දුදුළක් වන දුදුළක් ගැනැ හෝ වේ වා; නො එ සේ නම් යම් කිසි පුඟුලකු ගැන හෝ වේ වා, ඔහු විහිදන කරුණු මනසට කාවැදීයන ලෙස සරල වැ ඉදිරිපත් කිරීම ඔහු ගේ පබඳ පිළිවෙළ යැ. එ හෙයින් උපමා දීපකාදී අනේක කව් ලකරවලට තදින් වාල් වීමක් හා ගැති වීමක් ද ඔහු ගේ පබඳින් පෙනෙන්නට නැත. සුමේධ පණ්ඩිතයන් දිනූ නගරයේ සැටි ඔහු පවසන අයුරු මේ අහන්නැ: “හැම කල්හි කුසල් නමැති සත්ත්වයනට වාසස්ථාන වූ මුක්තා මාණික්යා්දි වූ දශ විධ රත්නයෙන් සමෘද්ධ වූ ක්ෂත්රිළය බ්රාුහ්මණාදි නොයෙක් ජනයා විසින් ගැවසීගත්තා වූ, විසිතුරු සල්පිලින් හා රන් තොරණ රිදී තොරණ රන් ඇගෑ රිදි ඇගෑයෙන් ද හෙබියා වු හස්ත්ය ශ්වාදි දශ විධ ශබ්දයෙන් අවිවික්ත වූ දිව්යව සමූහයන් වැනි ජනයන් විසින් ආකිර්ණ වන බැවින් අමරවතී යැයි ලබන ලද නම් ඇති_” මේ බෝධි වංශ කතුවරයා ගේ පැබැඳුම් මඟ යැ. එහෙත් මේ සරල කියුම් පිළිවෙළ ඔහු හැම තැනෙකැ දී මැ හැම විටෙකැ දී මැ අනුගියහයි නො සැලැකුව මැනැවි. සමහර වෙසෙසි තැනෙකැ දී නොයෙක් සැටි කිවි ලකරවලින් විසිතුරු වැ අදහස් වැළ ඉදිරිපත් කිරීමට ද හේ පෙළැඹුණේ යි. මේ අහන්නැ එ බඳු තැන්. මෙන්න මේ ගත්කරුවා මැ කිඹුල්වත් පුරය ගැනැ තතු පවසන හැටි: “මධ්යැ මණ්ඩලයට ආභරණයක් වැනි වූ, සුවාසූ දහසක් කුළින් හෙබියා වූ ඉතා මහත් වූ හිමාලය පර්වත රාජයා ගේ කුළු පඬ්ක්තියක් වැනි වූ සුණුවමින් ධවල වූ පවුරු වළල්ලෙකින් වට කරන ලද, සුපුෂ්පිත පුෂ්පයෙන් හා ඵල පල්ලවයෙන් හා සැදුම් ලද, අනේක ප්රෂකාර වූ වෘක්ෂ සමූහයෙන් ගැවැසීගත් උද්යා,න පරම්පරාවෙන් අලංකෘත වූ, කෛලාස පර්වත රාජයා ගේ කුළු හා සමාන වූ සිය ගණන් ප්රාසසාදයෙන් ඉතා සිත්කලු වූ, මදයෙන් මත්වූ හංසයන් හා විල් ළිහිණියන් ද නමැති මෙවුල් දම් සමූහ ඇති, නිල් වූ වන රේඛාවලින් හෙබියා වූ දෙගංතෙර හටගත් වෘක්ෂයෙන් ගිලිහුණා වූ පුෂ්පාභරණයෙන් විභූෂිත වූ පිරිසුදු වූ ජල වහනය කරන්නා වූ ගඬ්ගාංගනාව විසින් සස්වාමික කරන ලද්දා වූ, ඇවිදුනා ලද අනේක ප්රවකාර වූ ස්ත්රීද පුරුෂයන් හා ඇතුන් අසුන් හා රථසහසුයන් ද නිසා හක වූ මහත් රාජ වීථියෙහි මෘදඬ්ගභේරි ධ්වනි දහස සේ ගැඹුරු වූ හඬ ඇති, ධාරා ගෘහයන්හි බඳනා ලද පිල් මඬුළු ඇති මත් වූ මයුර සමූහයා ගේ නෘත්ය්යෙන් දෙව් දුනු කළඹින් බබළන්නා වූ මේඝ දිනයක් බඳු වූ, ගෙ දිගු විල් නිසා ගෙහි වසන්නා වූ ගෘහ කල හංස සමූහයා ගේ කොලහල ඇති, මත්තාඬ්ගනාවන් ගේ මණි වලල්ලෙහි මනෝඥ වූ හඬින් රම්ය වූ, සන්තුෂ්ට වූ බොහෝ ජනයන් ඇති, සප්ත රත්නාදි වු බොහෝ වස්තූන් ඇති කිඹුල්වත් පුරයෙහි”_ සිංහල බෝධි වංශ කතුවරයා ගේ මේ වැනුම් මඟ, සකුයෙහි කාදම්බරීකාර වාණභට්ටයන් ගේ වැනුම් මඟට බොහෝ සෙයින් අසල් වන වගක් අපට පෙනෙයි. වාණභට්ටයන් ඉතා දිගු සමාස පදවලින් ගැවැසුණු කියමන් නිතොර වැ යොදන්නට පෙළැඹීම පමණෙකි ඔවුන් දෙදෙනා අතරැ දක්නට ඇති වෙනස. වාණභට්ටයන්ගේ උපමා යෙදුම් බහුල වාග් සම්ප්‍රදායයට පවා බෝධි වංශ කරුවා සමහර විටැ අසල්වෙයි. “දෙව් දුනු දහසින් වසන ලද දස දික් ඇති මේඝ කාලයෙහි දිනයක් බඳු වූයේ, නිර්මල වූ මාණික්යා භූමියෙහි පෙනෙන්නා වූ ප්රබතිබිම්බ ඇති බැවින් වල්ලභයා කෙරෙහි ස්නේහයෙන් මහී කාන්තාව විසින් ළෙන් උසුලන්නාක් වැනි වූයේ_” යන ඈ කියමන් ගැන විමසා බලන විටැ ඒ වග සකසා පැහැදිලි වැ පෙනෙයි. ඒ පමණක් නොවෙයි; බෝධි වංශ කතුවරයා ගේ කියමන් බොහෝ විට මලින් පලෙන් බර වූ ගස් වැල් වැනි යැ. යම් කිසි පවතක් සඳහන්නට ඔහු සූදානම් වන්නේ අර අඳින්නේ ඈත සිටැ යැ. ඒ ඈතැ සිට අර අඳිමින් එන ඔහුගේ කියමන් වැළ අප අබියෙසට පැමිණෙන්නේ පුදුම විසිතුරුතාවෙකින් ඔද වැඩී ගෙන යැ. “පාදයන් ගේ නැඟීමෙන් හා හෙළීමෙන් ද හඬන ලද දහස් ගණන් නුරු වළායෙන් දොඩමලු වූ දස දික් ඇති, ශීඝ්ර ගමනින් කම්පමාන වූ ස්ත්රීොන් ගේ චඤ්චල වූ මුක්තාභාර නමැති ලීයෙන් පහරන ලද පයෝධර සථල ඇති, වෙළෙවි වැ නැඟීමෙන් ඇළැලුණා වූ මැණික් වළලු මාලාවෙන් හඬවන්නා වු හස්ත ලතිකා ඇති, වීණා යැ වස් කුළල් යැ මෘදඩ්ග භේරී යැ කංසතාල යැ යන මෙහි ලය අනු වැ පවත්නා වු මිහිරි වූ ගායනාවන් කරන්නා වු, නැටීමෙහි කෙළීමෙහි නිරත වූ, මහාමායා දේවීන් ගේ පිරිවර ජනයා විසින් අනුගත වූයේ සැලෙන්නා වූ මිණි ක‍ඬොලින් පහරන ලද කපෝල සථල ඇති, ඵලිත වූ කර්ණෝත්පල ඇති, අඩක් ගිලිහී ලෙළෙන්නා වූ මුදුන් මල් කඩ ඇති, තර කොටැ ගසන ලද මිහිඟු මද්දල පටහ කාහල සඬ්ඛ නාදයෙන් දනවන ලද ගමන් ඇති, පැවැති නැටුම් ඇති රාජ සමුහයා විසින් අනුගත වුයේ, පනින්නා වු නටන්නා වු නාටක සමුහයා විසින් අනුවැ යන ලද්දේ, සාමන්ත ජනයන් සහිත අන්තඃ පුර ස්ත්රී න් සහිත වු ප්ර්දේශ රජ දරුවන් සහිත වු බාල වැඩි මහලු ජනයන් සහිත වු නාග සුපර්ණයන් සහිත වු දෙවියන් අසුරයන් සහිත වු පොළෝ මුහුදු සහිත වූ මේරු යුගන්ධර සහිත වූ ස්ථාවර ජඬ්ගම ලෝකයා නටවන්නේ, අලුත් වූ සුණුවමින් ධවල වූ ප්රා සාද ශතයෙන් අතුරක් නැති, මැණික්මය වූ මඬ්ගල කළස යුගලයෙන් හොබවන ලද ද්වාර ප්රතදේශ ඇති නොයෙක් අභිනව පල්ලව සමූහයෙන් අතුරු නැති කොටැ දෙන ලද්දා වූ බබළන්නා වූ පතාක සහසුයන් ඇති, යමින් යමට සදා ගෙනැවුත් සිටුවන ලද අනේකප්රිකාර වූ හස්ති පඬ්ක්තියෙන් ගහන වූ නොයෙක් අශ්ව සහස්ර්යන් විසින් ඝනීභූත වූ අපරිමාණ වූ ජන සමූහයා ගේ ගහන වීමෙන් ගැවැසීගත්තා වූ රාජ කුලයට දිව්ය මනුෂ්යීයන් සහිත වූ ලෝ වැස්සන් විසින් පමුණුවන ලද මහා බෝධි සත්ත්ව තෙමේ_”

මේ සිදුහත් කුමරාණන් ලුම්බිනි වන උයනේ සිටැ කිඹුල්වත් පුර රජ ගෙදරට වැඩැමැවූ පවත යැ. ඒ පවත කිවියා කවර තරම් චමත්කාර වර්ණනයන් ගෙන් සරසා ලී ද යන වග පමණක් හෝ හිතා විමසා බලන්නැ. එසේ මැ සිය අරමුණ පිළිබඳ වැ කවර තරම් ඈතැ සිටැ මඟ එළි පෙහෙළි කළේ ද යන වගත් මෙයින් පැහැදිලි වෙයි.

අපේ පැරැණි දළදා පෙරහැර බෝධි වංශ කරුවා සිදුහත් කුමරාණන් ගෙට වඩමවන පෙරහැර බවට හැරැවූ සැටියක් ද මේ වැනුම් මඟින් හොඳට පැහැදිලි වෙයි. ඉතා දිග් ගැහුණු වාක්යඟ සම්ප්රිදායයකට යට නො විනි නම්, ඔහු ගේ මේ වැනුම්වලැ අගය සිය දහස් ගුණයෙන් තව වැඩී ලියලන බව ඔහු ගේ මැ සමහර කෙටි කියමන් හා සසඳා බලන විටැ පැහැදිලි වෙයි:

“බුදුන් ගේ සියලු ගුණ සමූහ නමැති අමෘතරසය දත් බැවින් පිහිටියා වූ ප්රේ ම ඇති සේක්, ක්ෂීණාශ්රැව නො වන සේක්. නොයෙක් ලක්ෂ ගණන් ජාතිවලැ ඔවුනොවුනට කරන ලද උපකාරයෙන් උපන්නා වූ මොළොක් සිත් ඇති සේක් වතාවත් කොටැ ඉක්බිති ගඳකිළියට වැදැ, ‘ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මේ නුඹ වහන්සේ පැන් සනහන වේලාව නො වේ ද? මේ නුඹ වහන්සේ භික්ෂූන් වහන්සේට අවවාද දෙන වේලාව නො වේ ද? මේ නුඹ වහන්සේ සිංහ සෙයියාව කරන්නා වු වේලාව නො වේ ද? මේ නුඹ වහන්සේ දැවටු දඬු වළඳන වේලාව නො වේ දැ’යි යනාදි ක්රුමයෙන් හඬන සේක්_”

මේ කියමන් හදවත විනිවිදැගෙනැ රසය කා වදින කියමන් යැ. පවතක් පිළිබඳ අරමුණු කරුණු කවර තරම් සැටියෙකින් විදහා රස ඉස්මතු කරන ලද ද යන වග මෙයින් සකසා පැහැදිලි වෙයි. එහෙත් මේ කිවියාට කොතෙකුත් හුරු වූයේ කියමන් සිය ගණනක් වුවද එකට ගැට ගසමින් පවත එකට කැටි කොටැ එක මැ වස්තුවක් ලෙස මනසට ඇතුළු කිරීම යැ. මොහු රිසි වූයේ ද ඒ කියමන් ගැට ගසා මුළුල්ලක් ලෙස පවත ඉදිරිපත් කිරීමේ පිළිවෙළට මැ යි. සමහර විටැ ඒ පිළිවෙළින් අසන්නවුන් ගේ ඇහුම්කන් දිම වඩා හොඳින් ඇදී එතැයි ඔහුට හිතෙන්නට ඇති. මහානාග යුව රජු ගේ බිසොව වූ අනුලා දේවිය මිහිඳු හිමියන් හමුවන්නට අවුත් උන් වහන්සේට නැමැඳුම් කළ පවත යැ මේ. මෙයට මනස නතු කිරීමෙන් මැ බෝධි වංශ කතුවරයා ගේ පැබැඳුම් ආර මනාව හැඟී යෙය‍ි: “අනුලා දේවී තොමෝ රජ ගෙයි වසන්නී, යුව රජ්ජුරුවන් විසින් අනුදන්නා ලදු වැ, සර්වාභරණයෙන් සැරැහී ශරත් කාලයෙහි චන්ද්රන මණ්ඩලය සේ උතුම් වු සිත්කලු වු මුව මඬුලු ඇත්තී, සුපිපි නිලුපුල් බඳු වු දිගු පුළුල් වු ඇස් ඇත්තී, කෙම් පල ‍සේ රත් වු අධර පල්ලව ඇත්තී, මාණික්ය මය වු කුණ්ඩලාභරණයෙහි මකරමය වු පත්රල භංග කෙළවරැ රශ්මීන් පහරන ලද කපෝල ඇති බැවින් කර්ණ පල්ලව සහිත වුවාක් වැනි වු මුඛ ශෝභායෙන් බබළන්නී, රන්වන් වු ශරිර ඇත්තී, ඉතා රත් අතුල් පතුල් ඇත්තී,සම්පුර්ණ වු වට මට වු නිරුත්තර වු පයෝධර යුවළක් ඇත්තී ඉතා සිත් කලු වු සිහින් වු රේඛාත්රරයයෙකින් විරාජමාන වු මධ්යම ප්ර දේශ ඇත්තී බබළන්නා වු මුක්තාහාර ලතිකාවන් ගේ රශ්මිජ්වාලායෙහි ගැලුණා වු ශරිර ඇති බැවින් ක්ෂීර සාගරයෙහි ගැලුණා වු මුහුණ ඇති ශ්රී කාන්තාවක වැන්නී, මාහැඟි වු මෙවුල් දම් හඬින් ගිගුම් කරන ලද පුඑලුකුඑ ඇත්තී, හන් පළන් විසිතුරු වු වස්ත්රාිභරණ ඇත්තී, ඇත් සොඬක් සේ ක්රුමෝන්නත වු වට මට වූ ඌරු යුවළක් ඇත්තී, ධ්වනි පවත්වන මැණික්මය නුරු වළායෙන් ගැවැසී ගත්තා වූ පාද යුගලයක් ඇත්තී, ප්රුදීප ශිඛාවක් මෙන් බබළන්නී, අභිනව වන රේඛාවක් බඳු වූ කොමළ වූ තුනු ලිය ඇත්තී, මේරු පර්වත සමීපයෙහි හට ගත්තා වූ වන ලියක් මෙන්, ස්වර්ණ පත්රසයෙන් සැදුම් ලද්දී, පන් සියයක් ස්ත්රී න් විසින් පිරිවරන ලදු වැ අවුත් ඒ ස්ථවිරයන් වහන්සේට නමස්කාර කොටැ සුවඳ මල් ආදීන් පූජා කොටැ එකත් පස් වැ වැදැහුන්නී යැ.” මේ ගත් කතුවරයා කොතෙකුත් රිසි වූයේ මෙ බඳු රැසැසුම් ආරකට යැ. උන් ගේ මේ රැසැසුම් ආර නො මැනැවැයි නො කියම් හ. එහෙත්, වෙනස් වෙනස් කියමන් එකට එක ගැට ගැසීමට යාම නිසාත් විශේෂණ පෑහීමේ දී ‘වූ’ යන පදය අපමණ වැ යෙදීම නිසාත් කියමන් වැළ අසන්නන් ගේ මනසට දික් වැඩි වී ගෙනැ ඇතුළු වන්නට යෑම නිසාත් අරුත ඇදැ ගන්නටත් රසය විඳැ ගන්නටත් කියවන්නාත් අසන්නාත් නොඇවැසි වෙහෙසක් ගත යුතු වැ ඇති.


කතාමඟ

    බුදුන් වහන්සේ පිළිබඳ යම් කිසි කුදු පවතක් සඳහන් කිරීමේ දී පවා ඈතැ දීපඬ්කර බුදුන් ගේ කල දවසැ සිටැ කතාව ඇරැඹීම සිංහල ගත්කරුවන් ගේ සිරිතෙකි.

බෝධිවංශ කතුවරයා ද ඒ සිරිතින් පිට නොපැන්නේ යැ. තම කතා පවත බුදුන් වහන්සේ පිට දුන් ‘ජය සිරි මහ බෝ දුමිඳුන්’ හා සබඳ වූවක් නමුත් මීට සිව් අසැකි කප් ලකකට පෙර බුදු වූ දිවකුරු බුදුන් දවසැ සුමේධ තවුසාණන්ගේ උපත් කතාවෙන් මැ හේ සිය ගත ඇරැඹියේ යි. “කවුරුන් ගේ බෝධියක් ද?” යන මේ ගැටළුව විසැඳීමේ දී මෙ සේ සුමේධ කථාවෙන් පටන් ගෙනැ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගේ අභිසම්බෝධි ප්ර තිලාභය දක්වා මුළු සිරිත් පවත ගත් කතුවරයා විස්තර කළේ යැ. ඔහු ගේ ඒ විතර කිරීම සඳහා සුමේධ පණ්ඩිතයන් ගේ නියත විවරණ ලැබීමේ මුළු කතා පවත ද, දිවකුරු බුදුන් හට මෑතැ භාගයෙහි කසුප් බුදුන් වහන්සේ තෙක් ලොවැ පහළ වුණු සියලු බුදු වරුන් වෙතින් විවරණ ලැබීමේ කතා පවත් ද, ඉන් ඉක්බිති වැ තුසිත දෙව් ලොවේ දී පස් මහ බැලුම් පිළිබඳ කතා පවත ද විස්තර විසින් සිය ගතට ඇතුළු කිරීමට ගත්කතුවරයාට සිදු වියැ. ඉන් පසු රඝු වංශ කතා ඇසුරින් හිරු ගොත පිළිබඳ වෑත් ඒ සමඟ වැ මැ ශාක්යු වංශය පිළිබඳ වැත්හේ විතර කළේ යි. එයින් පසු වැ සුදොවුන් රජු පිළිබඳ තතු පහයා බෝසත් උපත පිළිබඳ වැ ද කතුවරයා මනා වැ විවරණය කළේ යි. බෝසතුන් ගේ ගිහි ගෙයි විසීමේ හෙවත් රජ සිරි විඳීමේ පවත ද පසු වැ ඉන් පැවිදි වීම ද පිළිබඳ විතර ද කිවියා ඉතා චමත්කාර ලෙස වර්ණනා කැරැ තිබේ. මේ මුළු අභිසම්බෝධි කථා පවත අනුකොටස් පහළොහකට පමණ බෙදෙයි. ඒවා අතුරින් සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කථාව ද විවාහ කථාව ද අභිනිෂ්ක්රදමණ කථාව ද ක්ෂීරපායාස කථාව ද වශවර්තිමාර කථාව ද පිළිබඳ වර්ණනයන්හි දී මේ ගත් කතුවරයා අසිරිමත් කිවියාවක් විදහා දක්වයි. විශේෂයෙන් මෑ ක්ෂීරපායාස කථාවේ එන ශ්ලේෂාලංකරණය හරි මැ විසිතුරු යැ. ඔහු ගේ එක් එක් වැනුමක් අනෙක් අනෙක් වැනුමකට නිවට නොවන සේ පෙනෙයි. මේ වර්ණනයන්හි දී ඔහු දක්වන ප්රටතිභා පූර්ණ කවිත්වය ගුරුළු ගෝමීන් ගේ කිවියාවට වුව ද දෙ වැනි නොවන්නේයි. මේ බලනු මැනැවි; පැවිද්දට යන්න සැරැසෙන සිදුහත් කුමරාණන් සිය පුත් රහල් කුමරුන් දුටු පවත මේ කතුවරයා සිත්තම් කරන සැටි: “පුත්රර රත්නය දක්නා කැමැත්තෙන්, බඳනා ලද ධවල වූ මල් දම් සිය ගණන් ඇති වැ දිලිසෙන්නා වූ මඬ්ගල ප්රෙදීපයන් ඇති බිම්බා දේවීන් ගේ ශ්රිි යහන් ගබඩාවට වැදැ, නොහරනා ලද ගර්භ රාග ඇත්තා වූ සූර්යෝදයෙහි රත් වූ රශ්මි මණ්ඩල ඇති සූර්යයා වැනි වූ, සන්ධ්යාම වලා පටලයෙකින් වසන ලද රත් වූ ශරීර ඇති චන්ද්රූයා බඳු වූ, පිපියා වූ රත් පියුම් කලබක් බඳු වූ, පබළු ලිය දළුයෙන් කරන ලද්දාක් වැනි වූ ද ළහිරු රස් කලබින් කරන ලද්දාක් වැනි වූ ද පද්මරාග මාණික්ය රශ්මීන් කරන ලද්දාක් වැනි වූ ද ශරීරාවයව ශෝභා ඇති, දෙවඟනන් අතින් ගිලිහී වැටී ගියා වූ දිව්යා කුමාරයකු වැනි වූ කකියවන ලද රන් රසයක් හා සමාන වූ ශරීරාලෝකයෙන් පුරන්නාක් වැනි වූ ප්රා සාද තල ඇති, චිත්තයට වශී කරන මන්ත්රලයක් වැනි වූ නේත්රපයට ආකර්ෂණාඤ්ජනයක් වැනි වූ ශ්රීත යහන් මස්තකයෙහි ඔත්තා වූ පුත්රෂ රත්නය දැල්වූ ඇස් ඇති නිශ්චල වූ ඇසි පිය ඇති සතුටු කඳුළු පටලයෙන් පිරුණා වූ ටිංගිනි ඇති ඇසින් රූප රසය බොන්නාක්හු මෙන් බලා ද?” මේ කියමන් වැළෙහි ඉස්මතු වැ සිටුනා අරුත් දහරාවට මඳක් හිත යොමු කරනු මැනැවි. එ දා උපන් රහල් කුමරා ගේ සොබාව කිවියා කවර තරම් සොබා හුරු සැටියෙකින් ඉස්මතු කැරැ දක්වාපියා තිබේ ද? ඒ අදහස් මනසෙහි කාවැද්දීම සඳහා කවර නිරවුල් සරල උපමා ඔහු යොදා තිබේ ද? “පද්මරාග මාණික්යහ රශ්මීන් කරන ලද්දක් වැනි වූ” යන ආදි සැටියෙන් ඔහු යොදන ඒ අරුත් වැළ එදා උපන් මොළොකැටි ලේ බිලිඳකුට කවර තරම් අසිරිමත් ලෙස ගැළැපෙයි ද? “සතුටු කඳුළු පටලයෙන් පිරුණා වූ ටිංගිනි ඇති ඇසින්” යන ආදි ලෙස කවියා දක්වන, ‘තාත්තා පුතා දිහා බලා උන් ඒ සිරියාව’ කරව තරම් පණවත් ද? ඔදවත් ද? සොබා හුරු ද? මේ එක් මැ වැනුමක් පමණෙකි. මේ ග්ර න්ථයෙහි එන හැම වැනුමක් මැ පාහේ මෙ බඳු පණවත් වැනුම් යැ. ඔදවත් කියුම් යැ. එහෙත් මේ මුළු වැනුම් පිළිබඳ වදන් දහරාව එක දිගට ගලා නොබැසැ මඳක් බෙදිබෙදී ඉසුඹු යොදයොදා ගලන්නට සැලැසී නම් මේ ගත් රුවනේ අගය මීට වඩා සිය දහස් ගුණයෙන් වැවී ඉස්මතු වැ මල් ගැන්නී සිටිනු නියත මැ යි. අභිසම්බෝධි කථාව මෙහි හාපුරා කියා ඉදිරිපත් කරන කථාව යැ. ඒ අභිසම්බෝධි කථාව හා ඉක්බිති වැ එනුයේ ආනන්ද බෝධි කථාව යැ. ජයසිරි මහ බෝදුමිඳුන් ගේ ඵලයෙකින් හට ගත් බෝධියක් අනඳ තෙරුන් වහන්සේ විසින් ජේතවනාරාමයෙහි පිහිටුවීම පිළිබඳ කථාව ආනන්ද බෝධි කථාව නම් වෙයි. මේ කථා පවත පැවැසීම සඳහා බෝධි වංශ කතුවරයා බුදුන් වහන්සේ ගේ බුද්ධත්වයේ සිටැ පරිනිර්වාණය දක්වා වූ කතා පවත පිළිබඳ බොහෝ සිද්ධි වර්ණනා කරයි. ඉක්බිති වැ ශ්රීක මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව ලංකාවේ පිහිටියේ කෙසේ ද යන පවත විස්තර කිරීමේ දී සම්බුද්ධ පරිනිර්වාණයේ සිටැ ලංකාවේ දෙවැනි පෑතිස් අවදිය තෙක් ශාසන ඉතිහාසය විතර කරයි. ආනන්ද බෝධි කතාවෙහි දී ගත් කතුවරයා, දහම් දෙසීම සඳහා මහ බඹු විසින් බුදුන් වහන්සේට කල ආරාධනාව ද, බරණැස ඉසිපතනයෙහි දී බුදුන් දම්සක් පැවතුම් සුතුර දෙසුම ද , පළමු රහත් මහණන් සැට දෙනා ධර්මදූත කාර්යයෙහි යෙදැවීම ද, භද්රස වර්ගයෙහි රජ කුමාර වරුන් හට දහම් දෙසුම ද, උරුවෙල් කසුබ් ඈ තුන් බෑ ජටිලයන් රහත් පල ගැන්වීම ද, බිම්සර රජු හට දහම් දෙසුම හා වේළුවන පූජාව ද, බුදුන් වහන්සේ ගේ කිඹුල්වත් පුර ගමන ද, රහල් නන්ද ආදීන් ගේ පැවිදි වීම ද, සුදත්ත නම් සිටුවරයාට දහම් දෙසුම හා දෙව්රම් වෙහෙර පූජාව ද, බුදුන් වහන්සේ ගේ ලෝකාර්ථචර්යාව ද යන කථා පවත් දිග් ගසමින් වර්ණනා කළේ ආනන්ද බෝධි රෝපනය සඳහා වූ හේතු පිළිවෙළ විදැහීමට යැ. කාලිඬ්ග චක්රධවර්ති කථාව මේ කථා පිළිවෙළ හා සබඳ නො වෙයි. එහෙත් අනඳ හිමියන් ගේ බෝධි පූජාව අරමුණු කැරැගෙනැ බුදුන් වහන්සේ විසින් දෙසන ලද ජාතක කථාවක් වූ හෙයින් එය ද බෝධි වංශයට ඈදිණ. බුදුන් වහන්සේ ගේ පිරිනිවන් පෑම පිළිබඳ කතා පවතට උන්වහන්සේ ගේ ලෝකාර්ථ චර්යාව පිළිබඳ සාමාන්යප විස්තරයක් ද ඇතුළත් වූයේ යි. ප්රාථම සඬ්ගීති කථාව එයට හේතු පිළිබඳ හා සමඟ මනා වැ විස්තර කැරැ තිබේ. ද්වීතීය සඬ්ගීති කථාවත් තෘතිය සඩ්ගීති කථාවත් එලෙස මැ විස්තර වැ පවතියි.

බුද්ධ පරිනිර්වාණය ප්‍රථම සඬ්ගීතීය ද්විතීය සඬ්ගීතිය තෘතිය සඬ්ගීතිය

යන මේ කරුණු විස්තර වූයේ දක්ෂිණ බෝධි ශාඛාව ලංකාවට ගෙන ඒම පිළිබඳ කථාවේ නිදාන කථාවක් ලෙසට යැ. මෙසේ බලන විටැ බෝධි වංශ කතුවරයා සිය ගත පැබැඳීමේ දි දීප වංශය පිළිබඳ වැ මහා වංශ කතුවරයා නැඟූ චෝදනාවකට තමා ද ලක් වැ හිඳුනා බව අපට හඟවයි. “අවශ්යතතම සමහර පවත් ඕනෑවට වඩා සංක්ෂේප කිරීම ද සමහර පවත් ඕනෑවට වඩා දීර්ඝ කිරීම ද ඒ පැරැණි වංශ කථා කරුවන් විසින් කරන ලදි -” යන්න ඒ චෝදනාව යැ. මහා බෝධි වංස කථා කරුවා ද ඒ චෝදනාවෙන් නො මිදෙයි. හෙතෙමේ ද සමහර කථා පවත් ඉතා අනවශ්යෙ ලෙස දිග් ගසා ඇත. එ සේ මැ සමහර කතා පවත් බොහෝ සෙයින් කෙටි කැරැ ඇත. චෝදනාව නැඟූ මහාවංශ කරුවා අතින් ද ඒ වරද එසේ මැ වියැ. ඔහු අතින් ඒ වරද සිදු වුයේ ඔහුගේ හිත ගත් සමහර රජ දරුවන් පිළිබඳ වැ තොරතුරු ඉතා දිගට සඳහන් කරන්නට යෑමෙනි. එහෙත් බෝධි වංශ කථා කරුවා අතින් ඒ වරද වුයේ ඔහු ගේ කිවියාව නිසා යැ. වර්ණනාවට ගොදුරු බිමක් අසු වු කලැ හේ ඒ බිමෙහි සිය හපන්කම ඉතා හොඳින් දක්වන්නට යත්න දැරීම නිසා බෝධි වංශය පිළිබඳ වැ කියැ යුතු සමහර කථා කියන්නට ඉඩ නොලැබෙන පරිද්දෙන්හේ තෙමේ අර වර්ණනාවන් පිළිබඳ වැ සිය කලත් පොතේ ඉඩත් ගෙවා දැම්මේ යි. මෙයට හොද නිදසුනක් නම් කිරි පිඬු දන ගෙනැ ආ සුජාතා සිටු දුව පිළිබඳ වැනුම යැ. ඒ වැනුම එතරම් දිග් ගැසීම, බෝධිවංශය බඳු පොතකට කිසි සේත් උචිත නොවන වග ගත් කතුවරයාට නොපෙනීම ඉතා මැ සෝකුරු පවෙකි. බෝධිවංශ කථාවට යන්තම් අල්ප සබඳ කමක් ඇති සුජාතා සිටු දුව පිළිබඳ වැ එතරම් දිගින් දිගට මහ වැනුමක් කළ මේ ගත් කතුවරයා බෝධි වංශ කථාව පිළිබඳ වැ මුළුමනින් සබඳ කමක් පවත්නා, දුමින්දාගමන කථාව හා සම්බන්ධ ප්රපධාන උත්තමාව වු ‘සංඝමිත්තා’ තෙරණියන් පිළිබඳ වැ කවර නම් තොරතුරු විදැහීමක් හෝ වැනිමක් හෝ කළේ ද? සැබැවින් මැ ඒ රහත් උත්තමාවන් පිළිබඳ වැ, ශ්රතද්ධා සම්පන්න ශ්රෝරතෘ ජනයාගේ පහන් සංවේගය ඉබේට මෙන් ගලා ඇදැහැලෙන අතිචමත්කාර සිරිත් කථාවක් බෞද්ධයන් සතු වැ ඇත. වැනුම් පසෙකැ වේ වා, ඒ කථා පවත හෝ විතර කළා නම් මේ ගත් කතු වරයා තමා ගෙන් වියැ යුතු උසස් සේවාවක් සුපිරිපුන් බුද්ධියෙකින් යුතු වැ ඉටු කළා නම් වන්නේ යැ. ඒ කෙසේ වුව ද පාළි බෝධි වංශය හොඳ ගැදිකවක් ලෙස අපට අගය කළ හැකි යැ. ගුරුළුගෝමීන් බඳු උසස් පැරැණි සිංහල කිවියෝ ද එහි රස වින්දාහු යැ. ‘ දහම් පදිවුව’ බඳු පොත් සිංහල ලිවිසැරියට පහළ වූයේත් ඒ නිසා මැයි. විල්ගම් මුළ හිමියන් විසින් කරන ලද සිංහල බෝධි වංශය නම් වූ මේ අනුවාදය ද අනුවාදයක් මෙන් නො වැ සිංහල කිවියකු ගේ මැ නිර්මාණයක් මෙන් රස විඳිමින් කියැවියැ හැකි ලෙස පබඳින ලද්දකි. අශෝක රාජයා හා සුමන යුව රජු හා අතර වූ හටන පිළිබඳ වැනුම දෙසට පමණක් හෝ හිත යොමු කළ හොත් මේ ගතෙහි සියත් බව මනා වැ හැ‍ඟෙනු නියති. මෙහි උපමා යෙදුම් ද ඉතා රසවත් යැ: “ආකාශ නමැති මහ විලට දහසක් පෙති ඇති ප්රහධාන පද්මයක් බඳු වූ _” “බාලාර්ක මරීචි සම්පර්කයෙන් සුපුෂ්පිත වූ රේණුයෙන් රන්වන් වූ ගර්භ ඇති පද්මයක් බඳු වූ_” “මාර සේනා නමැති පුළුන් පෙදට චණ්ඩ ප්ර ලය මාරුතයක් වැනි වූ_” යන ආදි ලෙසින් යෙදුණු මෙහි උපමා හිතා මතා උරාගත යුතු වූ, අරුත් මීයෙන් බර වූයේ යි. හැබැයි මෙහි දැක්වුණු කවර උපමාවෙක් හෝ වේ වා, හෙළ ගැමි මූණූවර අනුවැ හැඩ ගැහීමක් නො සිදු වීම කණගාටු උපදවන සුලු යැ. ඒ අතින් බලන විටැ සදහම් රුවන් වැළට හෝ සදහම් ලකරට හෝ අසල් වීමේ පිනක් මේ ගතට නැත. මෙහි බස් ආර ද ඉමක් කොනක් නැති කඨෝර රළු පරළු සකු වදනින් ගැවැසී ගත් බවට මුල සිටැ අගට මැ වූ හැම කියමනක් පාහේ නිදසුනක් සපයයි. මට සිලිටි බව හෝ හෙළ හුරු බව හෝ මෙහි බස් ආර අසලෙකින් වත් ගොස් නැති. සිංහල විදු වදන් යැ කියමින් නො සිංහල අවිදු අවියත් සකු වදන් සිංහල දරුවන් ගේ මනසට කාවද්දන්නට වැර වෑයම් ගන්නා සමයයෙකැ උසස් සෝදිසි සඳහා මේ පොත ද එල්ල වීම සිංහල මැරිල්ලට බලවත් රුකුලක් බව නො කියා මැ බැරි යැ. හැබෑ යස සිංහල වදන් මරමරා ගොරෝසු රළු පරළු සකු වදන් වලට මැ තැන දුන් මෙ බඳු පොතෙකින් වුව ද, මේ සිහිමත් ව කියැවුව හොත්, බස වෙනුවෙන් බලවත් සේවාවක් සිදු කරන්නට හැකි වන හැඟීමක් ඉස්මතු වනු නියතයි. මහ බෝ හිමියන් වඩා ගෙනැ ආ අටළොස් තුලයන් හට තාන්න මාන්න දීමේ දී දෙවන පෑතිස් මහරජ සිංහල වදනට තැන දුන් සැටි කවර තරම් උසස් දැයි සලකා බලත් වා! “ලක්දිව් ජය මහ ලේ නා සුළු ලිය මහ ලේ නා සත් ගන්නා අරක් මේ නා කඩු ගන්නා බමුණු නා මහ වෙළෙඳ නා මහ බෝ රුක් නා මහ පළා වා නා අට තෙලි නා”

යන ආදි මේ එක නම් පට බැඳුමෙකැ හෝ නොසිංහල තැනෙක් වේ ද? සිංහල වැවහරට නිසි විදු වදන් වඩු වදන් තැනියැ යුත්තේ බුදු වදනට අටුවා ලියීමට තරම් ජයට සිංහල බස පැලැඹුණු ඒ ඈතැකල දවසේ වැවහර ගුරු කමට ගෙනැ බව සිංහල බස වෙනුයෙන් ළදුන්නෝ හිතට ගත යුත්තෝ යි. මෙහි කියමන් පැබැඳුමෙහි ද සමහර වෙසෙසිතා දක්නට ලැබෙයි. අගමුල පහස්සා ගන්නට අපහසු වන පමණට කියමන් දිග් ගැහීම මේ කිවියා ගේ රැසැයුම් ආරේ සැටියෙකි. ඔවුන්ගේ ගැදි පැබැඳුම් ආර මෙසේ වුව ද පැදි පැබැඳුම් ආර මෙයට වඩා සරල බව ද කෙටි කියමන්වලින් මැ ගැවැසුණු බව ද පෙනෙයි. ඒ වග මේ කිවියා ගේ මැ පැදි ගත වූ සඳ කිඳුරු දා කවෙන් පෙනෙයි. දඹදෙණි කුරුනෑගල් කල දවස නවමු සිංහල ලිවිසැරියට පදනම වූ කල දවස යි. හෙළ පැදි පබඳ කරුවන් එළි සමයෙහි හවු හරණින් කිවි කම රසවත් කරන්නට මාන බැලුයේත්, ගැදි පබඳ කරුවන් සකු වදනෙහි රළු පරළු හඬින් සිය කියමන් ඔද ගන්වන්නට මාන බැලුයේත් බොහෝ කොටැ මේ දඹදෙණි කුරුනෑගල් කල දවසෙහි පටන් යැ. ඔවුන් ගේ ඒ දෙසැටි තැත නිසා හෙළ ගැදි පැදි දෙ වැවහර මැ කෙලෙසීගිය සැටිත් රසවත් බවත් ඔදවත් බවත් හෙළ ලිවිසැරියෙන් ඈත් වූ සැටිත් ඒ නිසා මැ හෙළ දැයත් ගුණ නුවණින් හා ඔදතෙදින් ද පැරැක්මෙන් ද පිරිහෙන්නට වූ සැටිත් මේ කල දවසැ පටන් මෑතැ ලිවිසැරි නිමැවුම් දෙස මනස යොමු කරන්නා වූ ඔබට හොඳින් වැටැහෙනු නියති. ඔබ ගේ ඒ වැටැහීම පදනම් කොටගෙන හෙළ ලිවිසැරියට මඟ පෑදේ වා! ලොවේ කවර මැ හෝ රැසක් වැටෙන්නේත් නැ‍ඟෙන්නේත් බලවත් වැ පැලැඹෙන්නේත් ඒ රැසේ ඇත්තවුන් ගේ ගුණ නුවණ වගාව මත යැ. ලිවිසැරිය වනාහි රැසෙකැ ගුණ නුවණ වගාව සිදු කරන ඉහළ මැ පෙළේ උවාරණයයි. එහෙයින් අන්න ඒ උතුම් මැ ඇවැසිතාව අනුවැ ලිවිසැරිය සකස් වූ පමණට යැ රැසකට ලොවේ පැලැඹියැ හැක්කේ, බැබැළියැ හැක්කේ, වොරැඳියැ හැක්කේ. මේ කරුණු පරපුර අනුවැ, සිංහල නම් වූ මේ මිනිස් පරපුරට නියම සුනිසි ඔද කැවීමේ මහ කටයුත්තට ගැළැපෙන හැටියට සිංහල ලිවිසැරිය සකස් වියැ යුතු යැ, හැඬ ගැහිය යුතු යැ. අවුරුදු සිය ගණනක් මුළුල්ලේ වැටී පිරිහීගියා වූ අපේ ලිවිසැරිය අනුවැ අපේ ජාතිය ද ඇදැහැලුණේ යි අප යළිත් වරක් ලොවේ උසස් මිනිසුන් ලෙස හිස ඔසවන්නට නම් රසවත් බවත් ඔදවත් බවත් නො අඩු වූ ලිවිසැරියක් බවට හෙළ ලිවිසැරිය පත් කළ යුතුයි. ඒ කම අප විසින් කළ යුත්තේ අප නිදහස් වැ පැලැඹුණු උසස් වැ වැජැඹුණු අවදියේ දී බිහි වූ සාහිත්යහ කෘති පදනම් කොටැ ගෙනැයි. බෝධි වංශය වූ කලි අපේ දැය උසස් වැ බැබැළුණ කල දවසේ දී පවා අපේ දැයට එළිය දීමට අත් උදවු සැපයුණ ගතෙකි; ගුරුළු ගෝමීන් ගේ කෘති බිහිවීමට පවා පිටු බල සැපැයුණ ගතෙකි. එ බඳු බෝධි වංශයේ හෙළු පෙරැළිය වූ මේ සිංහල බෝධි වංශය අනුරා පුර දවසැ දී හෝ පොළොන්නරු දවසැ දි හෝ බිහි විණි නම්, අගය මනින්නට බැරි තරමේ ගත් රුවනක් වන්නට ඉඩ තිබිණි. එ සේ වුව ද මේ ගත දෙසැ හෝ සිහිමත් වැ මනස යොමු කිරීම, උසස් පෙළේ ලිවිසැරියක් යළි බිහිකිරීම සඳහා පදනම් ලෑමක් ද වන්නට බැරි නැත. එ හෙයින් සිංහල බෝධි වංසය නමැති මේ මහ දිය දහරාවෙහි ගිලී මැකී යෑම නො වේ ඔබ විසින් කළ යුතු. මේ දිය දහරාව ඔබ රිසි ඇළකට යොමු කොටැගෙනැ එයින් හෙළ ලිවිසැරි කෙත සුහුඹුල් කිරිමට ඔබ පෙළැඹෙත හොත් එය වනාහි උසස් පෙළැඹීමක් වන්නේ යි.


සංස්කාරක


සිංහල බෝධි වංශය

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_බෝධි_වංසය-පෙරවදන&oldid=8568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි