සාකච්ඡාව:මා දුටු සංකාරා

මා දුටු සංකාරා

සංස්කරණය
උඩු සිත වගෙ නෙවෙයි යටි හරි දගයි

යටි සිත හරි දගයි.......

        ප්‍රසන්න ජය‍කොඩි,සෝමරත්න දිසානායක, හා රේණුකා බාලසූරිය,යන කලාකරුවන් ත්‍රිත්වයේ උත්සාහයක ප්‍රතිඵලක් ලෙස බිහිවුණු සංකාරා චිත්‍රපටය නැරඹීමට ලැබීම මා නෙත් ලද පිනැකැයි සිතමි. තාක්ෂණයේ දියුණුවත් සමගම ඇතිවු පෙරළියක ප්‍රතිඵලයකි චිත්‍රපටය. ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ඉතා විශිෂ්ට අන්දමින් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විවිධ ගනයේ සිනමා පට බිහිනවමින් පවතී. මෑත කාලීන ශ්‍රී ලංකාවේ බිහිවූ ඉතාමත් වටිනා චිත්‍රපටයක් ලෙස සංකාරා ගත හැක.මන්ද මෙය බුද්ධියට කතා කරන චිත්‍රපටයකි.පරම්පරාගතව එන කතාන්දර ස්වරූපයෙන් මිදීඒකාකාරීත්වයෙන් මිදී නවතම ආරකින් හැනූ චිත්‍රපටයකි මෙය.

        චිත්‍රපටය පුරාවටම කතාව දිග හැරීමේදී ප්‍රේක්ෂකයන්ගේ බුද්ධිය අවධදි කරන්නට සමත් වේ.දෙබස් අඩුය.වචන දහසකින් ප්‍රකාශ කළ නොහැකි දේ එක් රූපයකින් ප්‍රකාශ කළ හැක. එය නම් සැබෑවකි.එහි ඇත් තවතවත් තීවෘ කිරීමට මේ චිත්‍රපටය සමත් වේ.මන්ද එහි ප්‍රධාන චරිතය වන ස්වාමීන් වහන්සේගේ යටි සිත නිරූපනය කරන්නේ ගිහි පුද්ගලයකුගෙනි. ගිහියාගේ චරිතය ස්වාමීන් වහන්සේගේ චරිතය පණ පෙවීමට මහත් රුකුළක් වී ඇත. ස්වාමීහ් වහනයස් ගමට පැමිණෙන විට ගිහියා පුපසින් පැමිණේ.නමුත් ස්වාමීන් වහන්සේ ගමෙන් පිටව යනවිට ගිහියා යන්නේ ඉදිරියෙනි.මෙහි ගැඹුරු අර්ථයක් ඇත.එනම් ස්වාමීන් වහන්සේ ගමට පැමිනෙනනේ පිරිසිදු සිතිනි.කෙලෙස් නැත.නමුත් පන්සලේදී මුහුණ දුන් සිද්ධීන් සමග සසදන කල උන් වහන්සේටත් නොදැනිම සිත දූෂණය විය.

        චිත්‍රපටය පුරාවටම බොහෝ දුරට නිහඩතාවයක් ඇත.අවශ්‍ය අවස්තාවලදී පරිසරයේ මොනරුන්ගේ හඩ,කිරලුන්ගේ හඩ,එසේම නිසල දියකට ගලක් දැමිම.කැද කෝප්පය, ගින්න, චිත්‍රයේ ඉරක් ඇදීම, කණාටුව මෙකී සියලුම දේ සංකේතයන්ය.මේ සියල්ලකින්ම ප්‍රකාශ වන්නේ ස්වාමීන් වහන්සේගේ යටි සිතයි.

        ස්වාමීන් වහන්සේ ගිහිගෙයින් නික්මී සිටියද රහත් වී නොමැත. පරිසරය,සමාජත් සමග ඕනෑම අයෙකුගේ සිතුම් පැතුම් වෙනස් වේ. මේ හිසාම පන්සලේදි දකින තරුණියක් නිසා උන්වහන්සේගේ බුදධියත් හැගීමත් අතර යම් ගට්ටනයක් ඇතිවේ.සැලකිල්ලෙන් කිවයුතු යමක් ඇත.එනම් මා පරිසරය අනුව වෙනස් විය යුතුය කියා ස්වාමින් වහන්සේ කාන්තාවට ආදරය කිරිම කිසිසේත්ම අනුමත නොකරමි.මේ චිත්‍රපටියේදි තරුණිය සෑම අවස්තාවකදීම ස්වාමින් වහන්සේගේ සිතද ත්‍රමයෙන් වෙනස් වේ.එහෙත් කළ හැකි දෙයක් නොමැත.මානසිකව ඇදවැටීමක් පෙන්නුම් කරයි.සිත කෙලෙස් නසා ගැනිමට උත්සාහ කරන සැම අවස්තාවකදීම බුද්ධිය පරදා හැගීම් ඉස්මතු වේ. එය මනාව ගණ්ටාරයේ කුලුණු දිගේ ඉහළට ගමන් කිරීමට උත්සාහ දරන පළගැටියෙකුගන් අසීරු උත්සාහයකින් මනාව ප්‍රකට වේ.

        චිත්‍ර ඇද අවසන් වූ විට ඒ සැම චිත්‍රචිත්‍රයකින්ම ස්වාමින් වහන්සේට පෙනෙන්නේ ඇයගේ රුවයි.අවසානයේ චිත්‍රසියල්ල කොණ්ඩ කටුවකින් සූරා දමයි.පසුව ස්වාමින් වහන්සේ නැවත නැවත චිත්‍ර පිරියම් කරයි.චිත්‍ර විනාශ වූ පසු පිරයම් කළ හැකි වුවද සිතක් දුෂිත වු පහළ පිරියම් කළ ‍‍‍නොහැක.

        එසේම එක් අවස්තවකදී තරුණියගේ කොණ්ඩයේ කොණ්ඩ කටුව ගසයි.එසේ කරන්නේ වහන්සේගෙ යටි සිතට එබීබැලූ අවස්තාවකි. මේ ආකාරයට චිත්‍රපටය පුරාවටම දිවයන්නේ ස්වාමීන් වහන්සේගේ යටි සිතේ ඇතිවන සිතිවිලි සමුදායකි.මෙය කල්පිතයක් නම් නොවේ. මන්ද මෙය වර්තමාන ස්වාමීන්වහන්සේලාගේ යටි සිත කියා පෑමකි.මේ චිත්‍රපටයේ තිබූ සියලු අත්දැකීම් නැතත් වෙනයම් හෝ එක් අත්දැකීමකට හෝ අපේ හාමුදුරුවන් වහන්සේලාත් මුහුණ දි ඇතිබව නම් ඇස් දැකීම් වදැකීව් වලින් දන්නා කරුණකි.එයින් බේරීමට නම් කිසිවකුට නොහැක.

        ච්‍ත්‍රපටයක් නැරඹිමේදී වයස් බේදයකික් තොරව බාල තරුණ මහලු යන ඕනෑම අයෙකු සහභාගී වේ. නමුත් මේ චිත්‍රපටය නැරඹීමේදී තේරුම්ගත හැක්කේ උගත් ප්‍රබුද්ධ පිරිසකටය පමණි‍.මෙය ප්‍රබුද්ධ පිරසම ඉලක්ක කොටගත් චිත්‍රපටයක් යැයි මගේ දැනීමට අනුව මට සිතේ.කෙසේ වෙතත් හතුපිපෙන්නා වාගේ ළුන චිත්‍රපට කලාවෙන් බිහිවන දුර්වල ගනයේ ච්ත්‍රපටයක් ලෙසත් හැදින්විය හැක. ග්‍රාමීය පරිසරයක් උපයුක්ත කොට ‍ගෙන උචිත සංකේත යොදා අඩු චරිත සංඛ්‍යාවකින් ගැලපෙන වර්ණ භාවිත කරමින් ගැලපෙන ශබ්ද ආදිය යොදාගනිමින් අඩු චරිත සංඛ්‍යාවකින් ගැඹුරු අරුතක් දෙන චිත්‍රපටයක් සංකාරා තුළින් ස්මතු වේ.

සැලකිය යුතුයි.මෙය අධ්‍යයන කටයුත්තක් සදහා කළ බැවින් වෙනස් කිරීම් විකෘති කරීම් වලින් වැලකි සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

නම හේවාගමගේ තුෂාරි.
ලි‍යා ප.අං. 54/597.
විභාග අංකය 3910.
විෂය භා‍ෂාව සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය.
Return to "මා දුටු සංකාරා" page.