විශ්ව නාට්ය පුස්තක මාලා අංක 1

ස්වප්න වාසවදත්තා

(ශ්රී භාස)



පරිවර්තනය

පියදාස නිශ්ශංක


සංස්කාරක

ආචාර්ය ඊ. ආර්. සරත්චන්ද්ර්




පෙරවදන

සංස්කරණය

හිත්යන කෘතියක් නිපදවීම මෙන් ම, එහි සරය නොමැරෙන සේ අන් බසකට පෙරළී ම ද දුෂ්කර වූවකි. සාහිත්යකයෙන් කැරෙනුයේ එකකුගේ අත් දැකීම්, ඒ අත් දැකීම් ලැබු මනසේ ස්වභාවයත් සමගම අනෙකකුගේ මනස තුළට ඇතුළු කිරීමයි. මෙහිදි රචකයාගේ මනසත්, පාඨකයාගේ මනසත් අතර පවත්නේ එකකුගේ මනසේ ස්වභාවය අනෙකාගේ මනස දක්වා ගමන් කරවීම සඳහා උපකරණයක නියායෙන් පාවිච්චි කරනු ලබන භාෂාව පමණි. එහෙත් පරිවර්තකනයේදී ඔවුන් දෙදෙනා අතරට පරිවර්තනකයා පැමිණිය යුතුයි. ඔහු රචකයාගේ මනස මෙන් ම පාඨකයාගේ මනස ද තේරුම් ගත යුතුය. අනතුරුව රචකයාගේ හැඟීම් ඒ සැටියෙන්ම පාඨකයාගේ මනසට ඇතුළු කළ යුතුය. පරිවර්තඒකයාගේ ප්රනධාන යුතුකම විය යුත්තේ කවියාගේ මනසේ ස්වභාවය ඒ වූ සැටියෙන්ම පාඨකයාට දැක්විමයි. එනිසා හේ භාෂාවට හෝ වියරණයට වහලෙක් නොවිය යුතුය. පරිවර්තටනය යනු එක් භාෂාවක් කථා කරන්නකුගේ අදහස් - උදහස් රුචි - අරුචිකම් හා හැඟීම් ආදිය වෙනත් භාෂාවක් කථාකරන්නකු‍ගේ මනසට දැක ගත මැකි තත්ත්වයට ගෙන ඒම විනා, එක් භාෂාවක වචන වලට වෙනත් භාෂාවකින් අර්ථක කීම නො‍වේ.


ස්වප්නා වාසවදත්තා පරිවර්තකනයේදී ඉහත දැක්වුනු ගුරුහරුකම් කොතෙක් දුරට පිළිපැද තිබේදැයි කිව නොහැක. එහෙත් මෙය බසට වඩා හැඟීමට මුල් තැන දී සකස් කිරීමට හැකි තරම් වෑයම් කළ බව පමණක් කිව යුතුය.


මේ පරිවර්ත්නය සකස් කිරීමේ සම්පූර්ණව ගෞරවය හිමි විය යුත්තේ ශ්රීර ලංකා විශ්ව විද්යාසලයයේ, ආචාර්ය ඊ. ආර්. සරච්චන්ද්රව මහතාණන්ටය. මේ කාර්යයෙහි ලා අප සිත මෙහෙයැවූයේත්, අගනා උපදෙස් දෙමින් අපට මඟ පෙන්වූයේත් එතුමාණන් හෙයිනි.


ආචාර්ය සරච්චන්ද්රන මහතුන් විදේශ සංචරයක යෙදී සිටන මේ අවධියෙහි මේ පොත මෙතරම් ඉක්මනින් සිංහල පාඨකයා


අතට පත් කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් පී.බී. දසනායක මහතාණන්ටත්, හැඳින්වීමක් ලියා දුන් ආචාර්ය ආනන්ද ගුරුගේ මහතුන්ටත් “සීමාසහිත නව ආසියාතික වෙළ‍ඳ සංගමයට” ටත් අපගේ හෘදයංගම ස්තුතිය පිරිණැමෙන බැව් ද සඳහන් කළ මනාය.


පියදාස නිශ්ශංක

15956 පෙබරවාරි 10 දින

මණ්ඩාවල දීය.




1912 වැන්නට පෙර භාස ගැන ප්රා චීන විද්වතුන් දැන සිටි දෑ අල්ප ය. කාලිදාස මහාකිවියාණනට පෙර වැජඹුණු ශ්රේාෂ්ඨ කිවියන් දෙදෙනකු වශයෙන් භාස හා සෞමිල්ල මාලවිකාග්නි මිත්රවයෙහි සඳහන් කැරැණ. නැවත සත්වැනි සියවසේ දී භාෂචරිතය ලියූ බාණ විසින් නාන්දී ශ්ලෝක සහිත නාට්යන රචනා කළ කෙනකු වශයෙන් භාස නම් කරනු ලැබීය. ඒ හැර සමහර සංස්කෘත ලේඛකයන් විසින් භාස නාටක චක්රනයට අයත් යැයි සැලකුණු ශ්ලෝක උපුටා දැක්විණ. එසේ ම භාස ගේ හා කාලිදාස ගේ කෘති සන්‍දනය කරමින් විචාරකයන් විසින් කියන කද “භාසො භාසඃ කවිකුලගුරුඃ කාලිදාසො විලාසඃ” යන්න ද ප්රටචලිත විය. මේ සියල්ලෙන් ම කාලිදාසට පෙර භාස නමින් ලේඛකයකු වූ බවත් ඔහු නාට්යප රචනා කළ බවත් දැන ගත හැකි ව තුබුණු නමුදු ඔහු ගේ කෘති කිසිවක් නොවීය.


1912 දී දකුණූ ඉන්දියා වේ ත්රිීවන්දදරුම් නගරයෙහි විසු මහාමහොපාධ්යාමය ටි. ගණපති ශාස්ත්රි විසින් භස විසින් රචිත නාට්යම හැටියට නාටක දහතුනක් ප්රමකාශයට පමුණුවන ලදී.


ස්වප්නවාදත්තම්

ප්රපතිඥ යෞගන්ධරායණම්

දරිද්රවචාරුදත්තම්

ප්රදතිමානාටකම්

බාලවරීතම්

ඌරුහඬ්ගම්

පඤ්චරාත්ර ම්

දූතවාක්යරම්

මධ්යාමව්යා්යොගම්

කණභාරණම්

දූතඝටොත්කවම්

අභීෂෙක නාටකම්

අවිමාරකම්


යන ඒ නාට්යක දහතුන භාස ගේ කෘති ලෙස පිළිගැනීමට බොහෝ විද්වත්හු මැළි වූහ. භාස නාටක චක්රැයට අයත් ශ්ලෝක ලෙස උපුටා දක්වා තුබුණු ශ්ලෝක මෙම නාට්යන වල නො තිබිම ඊට එක් කරුණක් විය. නොයෙක් දෙනා විසින් බරීක්ෂා කොට බලනු ලැබූ මේ නාට්යක ගැන එකල ප්රෙකාශ කැරුණු මත රාශියකි. විද්වතුන් රුවටීම සඳහා ගණපති ශාස්ත්රිු විසින් මේවා රචනා කරන ලැදැයි ද සමහරු කීහ. මෙම විවාදයට සහභාගී වූවන් අතුරෙන් බොහෝ දෙනෙක් ම පහත සඳහන් කරුණු පිළිගත්හ.

(1). බාණ විසින් සඳහන් කුරුණු පරිදි මෙම නාට්යව දහතුනේ ම නාන්දී ප්රිථම ශ්ලෝකය යොදා තුබුණේ අන්යඳ සංස්කෘත නාට්යද වල යෙදුණු අන්දමට වෙනස් ව ය. භාස ගේ යැයි සැලකුණු මේ නාට්යට වල ඒ ශ්ලෝකය සූත්ර ධාරී විසින් ගැයූවකි.

(2) ‍ මෙම නාට්යව වල නිරූපණය වූ කථාවස්තු මහාභාරතය, රාම‍ායණය යන වීරකාව්ය වලින් ක්රි‍ස්තුවර්ෂූයට පෙර පැවැතුණු ජනකථා වලින් ගනු ලැබීය.

(3) කාලිදාස ගේ නාට්යක වල දක්නට ලැබෙන තත්ත්‍වයට රචනා විලාසය හෝ සිද්ධි සංඝටනය හෝ චරිත නිරූපණය හෝ දියුණුව නො පැවතිණ.

(4) සාමාන්ය සංස්කෘත නාට්යහ රචකයනට වඩා හාස්යණ රසයට සැලකිල්ලක් දක්වා තුබුණි.

මේ කරුණු අනුව ඒවා භස ගේ කෘති ලෙස සැලකිය යුතු බව ඔවුන් ගේ නිගමනය විය. මෑතක දී භාස විසින් රචනා කරන ලදැයි සැලකෙන තවත් නාට්යය දෙකක් ප්රදකාශයට පමුණුවන ලදී. වීණා වාසදත්තම්, යාඥඵලම් නම් වූ ඒ දෙක අන්යන නාට්යක වලට සැම අතින් ම සමාන වන හෙයින් ඒ පිළිබඳ මත භේදයක් පැන නැඟී නැත.

භාස ගේ කෘති පසළොස අතුරින් ඉතාමත් ජනප්රිිය වූ ද සාහිත්යික වටිනා කමින් උසස් වූද නාට්යපය ස්වප්නවාසවදත්ත යි. පාලි සාහිත්යියේ පවා සඳහන් වන උදයන රජු ගේ චරිතය ඇසුරු කොට රචිත මේ නාට්ය යෙන් භාස ගේ රචනා කෞශල්යයය පිළිබඳ වත් කාලිදාසයට පෙර පැවැති නාට්යෙයේ තත්ත්‍වය පිළිබඳවත් මනා වැටහිමක් ලබාගත හැකි ය. සංවාදයත් ශ්ලෝකයත් පිහිට කොට ගෙන නොයෙකුත් සිද්ධින් මෙන්ම ම උද්වේග නිරූපණය කිරීමට භාස අතිදක්ෂයෙක් විය. කාලිදාස ගෙන් පසු රචනා කැරුණු නාට්යප වල දක්නට ලැබෙන වර්ණවනාත්මක ශ්ලෝක හා වුවමනාවට වැඩියෙන් විස්තර කැරෙන සිදුවීම් භාස ගේ කෘති වල නො මැත. මේ කරුණු නිසා ඔහු ගේ කෘති නූතන පාඨකයා ගේ සිත් ගන්නේ ය. කියන්නට තෝරා ගත් කථාව ඉඳුරා පාඨකයාට වටහා ගැනීමට පුළුවන් වන සේ දක්ෂ ලෙස ගලපන ලද සංවාද මගින් ගෙන හැර පෑමට භාස දැක්වූ සැලකිල්ල සංස්කෘත නාට්යග රචකයන් විසින් නො කඩවා දැක්විණි නම් සංස්කෘත නාට්ය යේ තත්ත්‍වය සහමුළින් ම වෙනස් වී මනා ස්වරූපයක් ගන්නට තිබුණි.


සංස්තෘත නාට්ය යක පරිවර්තනයක් කියවන තැනැත්තකු විසින් දත යුතු වූ කරුණු කීපයක් ඇත. පළමු කොට ම හේ තමා කියවන නාට්ය ය කුමන අවධියකදි රචිත දැයි දත යුතුය. ස්වප්නවාසවදත්තාව ලියන්නට ඇත්තේ ක්රිවස්තුවර්ෂදයෙන් තුන්වැනි සියවසේ දී බව සාමාන්යඇ පිළිගැනිම යි. එහෙයින් එහි ඇතුළත් වී ඇත්තේ එකල පැවැති සාමාජික තොරතුරු ය. දෙවනුව සංස්කෘත නාට්ය ය ගද්යැයෙන් රචනා මෙන් ම පද්ය යෙන් වන බව දත යුතු ය. සංවාදයක් හුදු ගද්ය යෙන් ම නොපැවැත්වේ. අතරින් පතර ශ්ලෝක ද තිබිය යුතු ම ය. සාමාන්යැයෙන් ශ්ලෝක යෙදුනේ වර්ණබනාත්මකව කිව යුතු දෑ ප්රුකාශ කිරීමට ය. එහෙත් භාස විසින් එවැන්නක් නො සලකා සෑම සංවාදයකදීම ගද්යශයත් පද්යතයත් එක සේ යෙදුවේ ය. එය ඔහු‍ෙග් නාට්යිවල විශේෂ ලක්ෂණයකි. සිංහල පරිවර්තිනය කියවන විට හමුවන සිංහල කවි සමහර විට පාඨකයාලේ විවේචනයට ලක් විය හැකියත එහෙත් සංස්කෘත නාට්යවයේ තත්ත්‍වය රැකීමට දරන ලද තැතකි, ඒ. තෙවනුව, සංස්කෘත නාට්යනය භාසා කීපයකින් රචනා කැරැණු බව සැලකිය යුතුය. කථා කරන භාෂාවෙන් නිරූපිත වූ චරිතයෙහි සාමාජික තත්වය ගෙන හැර පෑම සාමාන්යක සිරිත විය. උසස් පෙළේ අය සංස්කෘත භාෂාවෙන් කථා කළ අතර අවශේෂ ජනයා තමතමන් ගේ තත්ත්‍වයට අනුකූල වන ප්රාඅකෘත භාෂා කථා කළහ. මෙසේ සකස්වුණු සංවාද එක ම භාෂාවකට පරිවර්තභනය කිරීමේ දී මේ වෙනස ගෙන හැර පෑම සඳහා කළ හැක්කේ කථා ව්යාවහාරයෙහි යෙදෙන භාෂාව හා අනිකුත් ග්රා ම්යේ යෙදුම් වහල් කොට ගැනීම ය.


භාස ගේ දක්ෂතාව මැනැවින් වටහා ගැනීමට පාඨකයා විසින් කියවිය යුතු වූ තවත් නාට්යැ දෙකක් ඇත. එනම් ප්ර තිඥා යෞගන්ධරායණය හා ප්ර,තිමා නාටකය යි.


ආනන්ද ගුරු‍ගේ

ස්වදේශ කටයුතු භාර අමාත්යාංශය

කොළඹ.





ස්වප්න වාසවදත්තා


(දේව පූජාවට අනතුරුව සූත්ර‍ධාරියා පිවිසේ)


සූතුධාරියා : සිරි ලඳ නිති පැළැඹෙන මන නඳනා නව සඳ වන් පැහැයෙන් බඳ නයනා බල තෙද බල දෙවි බා යුග බෙලෙනා සිරි විඳ විඳ ඔබ සැරැදෙත් ! යෙහෙනා

පින්වත්නි : මම තමුන්නාන්සේලාට දැනුම් දෙන්ට යන්නේ - හඃ - මොකක්‍ද මේ ගෝසාව ? - මොකද්ද ? මේ. කියන්ඩ ලෑස්ති වෙන කොටම පටන් ගත්ත ගෝසාව. - හොඳයි; මම බලන්නම් මොකක්ද කියල.

(තිරය පිටිපසින්) ඉවත්ව යන්න; ඉවත්ව යන්න - පින්වති; ඉවත්ව යන්න.

සූත්රිධාරියා :- දැන් දන්නව. ඒ මොකද්ද කියල.

මගද රාජ කුමරියගෙ සේවයේ යෙදී කියන සැටිම කරන රාජ දූතයන් විසින් තවුස් තහම් පුරන්නවුන් කෙලෙස් මලින් මිදී තපෝ වෙනෙන් ඉවත යවන ලසෙකි. කිමද මේ ?

(නික්ම යයි)


ස්ථාපනා නිමි.



1 වැනි අංකය

සංස්කරණය

සෙබළුන් දෙදෙනා : (පිවිසෙමින්) ඉවත්ව යන්න; ඉවත්ව යන්න - පින්වත්නා; ඉවත්ව යන්න. (සන්නාසි වෙස් ගත් යෞගන්ධරායණන් අවන්ති දේශීය ඇඳ‍ ුමෙන් සැරසුණු වාසවදත්තාත් පිවිසෙති)

යෞගන්ධ්රායණ : (ඇහුම්කන් දෙමින්) මොනවා ? - මේ තාපස වරුන්ටත් ඉවත්ව යන්ඩ කියලනෙ.

සැනැහෙන පල - පල්ලව ඈ අ හ රි න් හා ඇඳුමෙන් රිටි සුඹූලින් සැ කැ සු උතුරු මිනිස් දම් සුරකින දිවි සේ තවුසනටත් හිරිහැර කළ සේ දෝ ?

තපෝ වනය මේ නිසළ බවෙන් යුත් පතුරා සිය අණ ගමකට පෙරැ ලු තැන්පත් බව, සීලය හා ගුණ දම් නොතකන හේ කවරෙක්දැ ? යි නොහැ‍ඟේ.

වාසවදත්තා : පින්වත ; කවුද මේ තාපසවරුන් එලවන්නේ ? යෞගන්ධ්රායණ : කවුද ඉතින්? - කිසි ආගමක්, දහමක් නැති කෙනෙක් මිසක්. වාසවදත්තා : අනේ ! මම ඇහැව්වේ එකක්. කියවුනේ වෙන එකක්. - පින්වත ; මටත් යන්ඩ කියයිද ? යෞගන්ධ රායණ : පින්වතිය ; හොඳට අඳුනන්නේ නැත්නම් දෙයියන්ට උනත් මිනිස්සු නින්දා කරනව නෙ. වාසවදත්තා : ගමන් වෙහෙස උහුලන එක නම් ඒ තරම් අමාරුවක් නෙමෙයි. මේ නින්දා අපහාස තමයි මට විඳගන්ඩ බැරි. යෞගන්ධ්රායණ : පින්වතිය ; ඉස්සර න්ම ඔබත් බොහොම ගරු බුහුමන් ලැබුව කෙනෙක්. ඒත් දැන් ඒව අත්හැර දාලා. - ඒ ගැන හිතීමෙන් දැන් වැඩක් නෑ.


2 3 1 වැනි අංකය

ඔබත් මෙසේ උදාරවූ පෙරහරින් මහත් ගමන් කෙ‍ළෙහි වෙලී නොයෙක් රජ සිරින් එදා. දික් විජයෙන් හිමිගෙ යළිත් ලබයි එවන් කලක් දුක - සැප දෙක නිති පෙරැළෙයි රිය සකක් ලෙසින්.

සෙබළුන් දෙදෙනා : ඉවත්ව යන්න ; ඉවත්ව යන්න - පින්වත්නි ඉවත්ව යන්න. (කංචුකී පිවිසෙයි) කංචුකී :- සම්භෂක, තාපසවරුන් ඉවත් කරන්ඩ ඕනෑ නැහැ. කොහෙත්ම ඕනෑ නැහැ.

නගරයෙ කලබල දිවියෙන් වෙන් වූ තවුසන් හට මේ අසපුවෙ වෙසෙනා ගරු සරු දැක්වුව මැනැවී . එ මතු ද? රජුනුදු අපවාදෙන් රැක ගත යුතු.

සෙබළුන් දෙදෙනා : හොඳමයි ; පින්වත ; හොඳමයි

යෞගන්ධ්රායණ : ඔහු හොඳ ඤාණවන්තයෙක් වගෙයි. දුව ! අපිත් යමුද ? එහාට වාසවදත්තා : යමු. යෞගන්ධ්රායණ : (ඔහු ලඟට ගොස්) පින්වත ; මොකටද? මේ තාපසවරුන් ‍පිට කරන්නෙ. කංචුකි : ස්වාමීන් වහන්ස යෞගන්ධුරායණ : (තමාටම) ස්වාමීණ්වහන්ස කියන එක නම් උසස්ම ආමන්ත්රකණයක් තමයි. ඒත් මගෙ හිතට නම් ඒක හරි නෑ. නුපුරුදු නිසා වෙන්ඩ ඇති. කංචුකි : ස්වාමීන් වහන්ස ; මේ අපේ දර්සක රජතුමාගෙ නංගී, පද්මාවතී කුමාරි. අද මේ අසපුවෙ ඉන්න මව් බිසොවුන් වහන්සේ බැහැ දකින්ඩ යහපත් වෙලා - උන්වහන්සේගෙන් අවසර ලැබිල තියෙනව රජගහ නුවරට යහපත් වෙන්ඩ. නමුත් කුමාරිකාවගෙ කල්පනාව අද මෙහිම නවතින්ඩයි.



4 ස් ව ප් න වා ස ව ද ත් තා

කරනසේ තවුස් වත් - පිළිවෙත් නිසි ලෙ ස ය දර, දිය කුසුම් ඈ තවුසන්ගේ ද න ය රැස් කර දෙන්න යුතු බව කියයි කු ම රි ය මේ කුල සිරිති, ඇගෙ සුරකින සිය ස ම ය

යෞගන්ධ රායණ : (තමාටම) දැන් දන්නව - එහෙනම් මෑ තමයි මගද රජ්ජුරුවන්ගේ දූ - පද්මාවතී කුමාරි. පුෂ්පක භද්රහයි අනික් සාත්තර කාරයොයි අපේ රජතුමාට අග බිසොව වෙනවයි කියල තියෙන්නේ මෑ තමයි.

යමක් කෙරෙහි සිත එලවන අයුරින් බුහුමන හෝ දොස උපදි මනසේ ඈ මා රජුබහට මෙහෙසුන් වේවී සිතෙත්ම බැති පෙම් වැඩිවෙයි මසිතේ

වාසවදත්තා : (තමාටම) ඈ රජකුමරියක් කියන කොට මට සහෝදරියකට වාගෙ ආදාරේ හිතෙනව. (පිරිවර හා සේවිකාව සමග පද්මාවතී පැමිණේ) සේවිකාව : යහපත් වෙන්ඩ ; කුමාරිකාවුන් වහන්ස ; යහපත් වෙන්ඩ (ඔවුහු ඇතුළු වෙති. තපස්වරියක් වාඩිවි සිටි) තාපසී  : රජ කුමරියට සෙත් වේවා ! වාසවදත්තා : (තමාටම) ඒ කුමාරිද මේ ? ඇත්තෙන් කුලේටම ගැලපෙන රූපෙ. පද්මාවති : ඔබ වහන්සේට නමස්කාර වේවා ! තාපසී : ආයු සම්පත් ලැබේවා ! එන්න ; දරුව ! ඇතුළට එන්න. අසපුව අමුත්තන්ට ගෙදර වගෙයි නෙ. පද්මාවති : එහෙමයි ; ස්වාමීනි ; මට මෙහෙත් රජ ගෙදර ව‍ ගේමයි. කතාවෙන් බහෙනුත් ආදර සැලකිලි ලැබුණා. වාසවදත්තා : (තමාටම) රූපෙ විතරක් නෙමෙයි. ඇගේ කට හඬත් හරිම මිහිරියි. තාපසි : පින්වතිය ; මේ රජතුමාගෙ නැඟණිය ගැන තවම නැදද් කවුරුවත් රජ කෙනෙක් ගේ බලාපොරොත්තුවක් හේම ?




1 වැ නි අං ක ය 5

සේවිකාව : මොකද නැත්තෙ ? - අර උදේනි නුවර පද්යොනත රජ්ජුරුවෝ ඉන්නෙ. ඒ රජ්ජුරුවන්ගේ කුමාරයා ගැන අහලා තියෙනව. වාසවදත්තා : (තමාටම) කදිමයි. එහෙනම් ඈ දැන් මගෙ නෑයෙක්. තාපසී: ඇත්තෙන්ම මෙහෙම රූපෙකට ලැබෙන්ඩ ඕන ඒවගේ උසස් ගව්රවයක් තමා - අපි අහල තියෙනව. ඒ රාජ පරම්පරාවත් බොහොමයක් උසස් ලු. පද්මාවතී : ස්වාමීනි, තපස්වරු අපෙ ඉල්ලීමට ඇහුම් කන් දෙයිද ? උන්වහන්සේලගේ ඕනෑ - එපාකම් හොයල බැලුවොත් හොඳයි. ඒව සපයල දෙන්ඩ ඕනෑ. කංචුකි : ස්වාමිනී : මේ මගද කුමාරිකාවුන් වහන්සේ ඔබවහන්සේල‍ා ගැන හොඳටම පැහැදිලා. ඔබවහන්සේලාගේ පුද පූජාදියට අඩු පාඩු මොනවද ? අහනව.

කලස්, ඇඳුම් ඈ ඇවැසිද කා හය ? ගුරු පුදයට දෑ කිසිවෙක් රිසිවෙද ? ගුණවත් රද දූ දෙන්නට කැමැතියි දන්වනු මැන කාටද? කිම? ඕනෑ

යෞගන්ධ රායණ : (තමාටම) වාසනාව ! - මම දන්නව දැන් හොඳ උපායක් (ශබ්ද නගා) පින්වත ; මට උවමනාවක් තියෙනව. පද්මාවතී : අසපුවට ආපු මගේ ගමන සාර්ථකයි. තාපසි : මේ අසපුවෙ ඉන්න කාටවත් කිසි දේකින් අඩු පාඩුවක් නෑ. සමහර විට මොහු අමුත්තෙක් වෙන්ඩ ඇති. කංචුකී :- අවසර ! _ ඔබවහන්සේගේ උවමානව මොකද් ද? යෞගන්ධ රායණ : මේ මගෙ නංගී - ඇගෙ ස්වාමියා දුර ගමනක් ගිහින්. ඒ නිසා මට උවමනා කරන්නෙ ටික දවසකට නංගිව රැක බලා ගැනීමයි.

රන් මිල වස් ඈ දෙයකින් මෙමට වැඩ නැති බඩ වැඩුම උදෙසා නොදරමි තවුස් පිරිකර ආගම කුල සිරිත් නියර නොබිඳින පින්වත් කුමරිය ; මේ මගේ නැඟනිය රකිනු යාපති.




6 ස් ව ප් න වා ස ව ද ත් තා

වාසවදත්තා : (තමාටම) හ්ම් ! එහෙනම් යව්ගන්දරයා‍ණගෙ කල්පනාව මාව මෙහි නවත්වන්ඩයි. හොඳයි ! මොනව උනත් කල්පනා නොකර කරාවියැ ? කංචුකි : කුමාරිකාවුන් වහන්ස : ඔහුගෙ ඉල්ලීම බොහොම වග කීම් සහිත එකක් - බරපතල වග කීම් සහිත එකක් - කොහොමද ! අපි ඒ ඉල්ලීම බාර ගන්නෙ ?

දානය හෝ දිවි දෙනු තවුස් වත හෝ සපුරනු අපහසු නොවේ එනමුත් නොහැක සුරකිනු වතක් අන්සතු

පද්මාවතී : ඕනෑ එපාකම් මොනවද ? කියල ඇහැව්වට පස්සේ දැන් එය පිළිගන්ඩ බෑ කියන එක හොඳ නෑ. ඒ ඉල්ලීම කොහොම හරි අපි ඉටු කරන්ඩ ඕනෑ. කංචුකි : ඔව් ! ඔබ වහන්සේගේ කීම හරි. සේවිකාව : කුමාරිකාවුන් වහන්සෙ කි‍යන්නෙ හැබෑව. උන්වහන්සේට දීර්ඝායු ලැබෙන්ඩ ඕනෑ. තාපසී. කුමාරිකාවුනි, ඔබට ආයු සම්පත් ලැබේවා ! කංචුකී : හොඳයි ; එහෙනම් බාර ගනිමු. (ළඟට ගොස්) ඔබවහන්සේගේ නංගිව රැක බලා ගන්ඩ කුමාරිකාවුන් වහන්සේ සතුටු ලු. යෞගන්ධරරායණ : කුමාරිකාව අපට කළේ ලොකු උදව්වක් නංගී.‍ අපිත් යමු එහාට. වාසවදත්තා : (තමාටම) මොන උදව්වක්ද ? කාලකණ්ණිකමට කියන කියන තෙනට මමත් යනව. පද්මාවතී : හොඳයි. ඉතික් අද හිට ඈ මට බාරයි. තාපසී : මැගෙ කඩවැසුමෙ හැටියට මට නම් සැකයි - මෑත් රාජ කුමාරියක් වත් ද? සේවිකාව : හැබෑව - මටත් පේනව මෑ හොඳට සැප විඳල පුරුදු කෙනෙක් බව යෞගන්ධමරායණ : (තමාටම) හරිම වාසනාවක් නෙ. - බරෙන් බාගයක් දැන් ඉවරයිත සේරම සිද්ද වෙන්නේ ඇමතිවරු පිළියෙල කරපු හැටියට ම යි. රජතුමා ආයෙත් බලයට පැමුණුනාම මම




1 වැ නි අං ක ය 7

එතුමාට බිසව ආපහු බාර දෙනව. මේ මගද කුමාරිකාව තමයි ඇපකාරි.

පද්මාවතී කුමරි මේ අප නරනිඳන්ගේ මෙහෙසුන් වෙනව නියතයි ; ගණිතැදුරනගේ බස් සේ උන්ගේ අනාවැකි සියල්ලම වීය එලෙසින් ඉරනම නැකත් දත්තවුන් නැණැසට පෙනේ මැයි.

(බ්රාතහ්මණයෙක් පිවිසෙයි)

බ්රාබහමණයා : (උඩ බලා) මද්දහනත් වෙලා - මට නම් බොහොම ‍තෙහෙට්ටුයි. කොහෙද ටිකක් නතර වෙලා යන්ඩ හොඳ තැනක් තියෙන්නෙ. (මඳක් ඉදිරියට ගොස්) මේ තියෙන්නෙ හොඳ තැනක්. මේ තපෝ වනයක් වෙන්ඩ ඕනෑ.

නිදහස් ලෙස මුව කැල හැසිරේවී. මල් - පල බර වූ තුරු පෙළ බැබැළේ තණ කන දෙනුනුත්, දුම් නැඟි පැල් පත් දකිතැක ඔව් මේ තපෝ වනය මැයි.

මම යන්ඩ ඕනෑ ඇතුළට. (ඇතුල් වී) හෝ ! මෑ නම් අසපුවක ඉන්ඩ ඕන විදිහෙ කෙනෙක් නෙමෙයි. (වෙන දිසාවක් බලා) මේ ඉන්නෙ තාපසවරුන් - සමාවන්න මෙහෙන් ගියාට වරදක් නැද්ද ? කංචුකී : නැහැ. කිසි වරදක් නැහැ. අසපුව කාටත් පොදු ස්ථානයක් නෙ. වාසවදත්තා : ඈ අමුත්තන්ට පේන්ඩ හිටින්නෙ නෑ - ඈ රැක බලා ගැනිම ඒ තරම් අමාරු දෙයක් වෙන එකක් නෑ. කංචුකී : පින්වත; අපි ඇවිදින් දැන් හුඟක් වෙලා - මේ ආගන්තුක සත්කාර ඔබ පිළිගන්න. බ්රාිහ්මණයා : (ආගන්තුක සත්කාර අවසානයේ දී) දැන් නම් මගෙ මහන්සියත් ඇරුන. යෞගන්ධයරායණ : පින්වත ; ඔබ එන්නෙ ‍කො‍හේ ඉඳලද ? යන්නේ කොහාටද? කොහොද ඉන්නෙ.




8 ස් ව ප්න වා ස ව ද ත් තා

බ්රාසහ්මණයා : මම ආවෙ වේද ඉගෙන ගන්න. රජගහ නුවර ඉඳල. දැන් ඉන්නෙ වත්ස රටේ ලාවනක නුවර. වාසවදත්තා : (තමාටම) මොනව ? ලාවනක නුවර - අහෝ ! ලාවනක නම මතක් වෙන කොටත් මගෙ පපුව පැළෙන්ඩ එනව. යෞගන්ධෙරායණ : දැන් ඉගෙනිම අවසානද? බ්රා්හ්මණයා : තවම නෑ. යෞගන්ධෙරායණ : ඉගෙනීම අවසන් නැත්නම් මොකද මේ යන්නෙ ? බ්රා්හ්මණයා : එහෙ මහා භයානක විපත්තියක්. යෞගන්ධෙරායණ : මොනව ? භයානක විපත්තියක් ? බ්රා්හ්මණයා : ඔව් ! එහෙ ඉන්නව උදයන කියල රජ කෙනෙක්. යෞගන්ධෙරායණ : ඔව් ; උදයන රජ්ජුරුවන් ගැන අපි අහල තියෙනව - ඉතින් රජුතුමාට මොකද ? බ්රාුහ්මණයා : රජතුමාගේ බිසව ; වාසදත්තා - අර ! අවන්ති රටේ රජ්ජුරුවන්ගේ දුව - රජ්ජුරුවෝ ඒ බිසවට බොහොම ආදරෙන් නොවැ හිටියෙ. යෞගන්ධුරායණ : වෙන්ඩ පුළුවන් - ඉතින් ? බ්රා්හ්මණයා : ඉතින් රජතුමා දඩයමට ගියෙද්දී ලාවනක නුවර ගිනි ගත්ත. ඒ ගින්නට අහු වෙලා බිසව පිච්චිලා මළා. වාසවදත්තා : (තමාටම) මම මළායැ ? ......... කරුමයක් පටිසන් දුන්න මිසක්. යෞගන්ධ්රායණ : ඉතින් ඉතින් ? බ්රා්හ්මණයා : යව්ගන්දරායණන් බිසව බේරාගන්ඩ ගිහින් ඒ ගිනි මැලේටම වැටුණා. යෞගන්ධ්රායණ : හැබෑට ? - එහෙනම් යව්ගන්දරායණන් පිච්චිලා මළා ? බ්රා්හ්මණයා : ඔව් ! - රජතුමා ආපු හැටියෙ මේ බව දැන ගත්තා. බිසවගෙයි, අමාත්ය්යගෙයි මරණය උහුලන්ඩ බැරුව රජතුමාත් ඒ ගිනි මැලේටම පනින්ඩ ‍ගියා. නමුත් ඇමතිවරු බොහොම වැයම් කරල එය වැලැක්කුව. වාසවදත්තා : (තමාටම) ඔව් ! මම දන්නව. මගේ ස්වාමියා මට දැක් වූ ආදරයක තරම. යෞගන්ධතරායණ : ඉතින් ! වෙන මොකද උනේ ?




1 වැ නි අං ක ය 9

බ්රා්හ්මණයා : රජතුමා බිසව පැළඳ ගෙන හිටපු ගිනි ගෙන දිලිහෙන ආබරණ ටික බදා ගත්ත. එයින් හොඳටම පිච්චිලා රජ්ජුරුවෝ සිහි නැතුව වැටුණ. සියල්ලෝම : හා ! වාසවදත්තා : (තමාටම) දැන් ඉතින් යව්ගන්දරායණගෙ අදහස ඉටු කර ගත්තෑකි. සේවිකාව : කුමාරිකාවුන් වහන්ස : ඈ හොඳටම අඬනව. පද්මාවතී : එයා බොහොම හිත උණුවෙන කෙනෙක්. යෞගන්ධතරායණ : මොකද මේ ? මොකද ? - ඔහොම තමයි එයාගෙ යැටි. පොඩ්ඩක් ඇත්නම් හිත උණු වෙනව. - ඔව් ඉතින්. බ්රාඩහ්මණයා : පස්සෙ රජතුමාට ටිකින් ටික සිහිය ආව. පද්මාවතී : බේරිලා තියෙන්නේ ලොකු වාසනාවකින්නෙ. සිහි නැති උනයි කියන කොට මගෙ පපුව කඩා හැලුන වාගෙ උනා. යෞගන්ධොරායණ : ඔව් : පින්වත : ඉතින් ? බ්රා්හ්මණයා : රජතුමා දූවිලි නෑවිල ගුරු පාට වෙනකල් බිම පෙරලි පෙරලි හිටිය. පස්සෙ හදිස්සියෙම නැගිට්ට. නැගිටලා අ‍ඳෝනා කියන්ඩ පටන් ගත්ත. - අපෝය් ! මගේ වාසවදත්තා ! - අය්යෝ 1 අවන්ති රජුජුරුවන්ගෙ දූ !! - අනේ මගෙ රන් කඳ !!! - කිය කියා වැළපෙන්ඩ පටන් ගත්ත.

සක්වා ලිහිණින් හෝ අන් අඹු - සැමි යෝ නොතැවෙති වැද මෙ ලෙස විරහ දුක් සිය හිමි පරමාදරයෙන් පුද ලද පින්වතියක ඈ දැවුණත් ගින්නෙන්

යෞගන්ධිරායණ : පින්වත ; කවුරුවත් රජතුමා සනසන්ඩ වෑයම් කළේ නැද්ද? බ්රාදහ්මණයා : මොකද නැත්තෙ ? - රුමන්වාන් අමාත්යැය රජතුමා සනසන්ඩ දන්න තරම් වෑයම් කළා.


රජු මෙන් ඔහුද වැළපෙයි නොගනී අහ ර දිව - රෑ ළඟම හැසිරෙයි රජු අත නෑ ර හදවත ඔහුගෙ සෝ ගිනි දැන් වලින් බ ර පුපුරනු නියති රජුගේ දිවි වුවොත් තො ර


10 ස් ව ප්න වා ස ව ද ත් තා

වාසවදත්තා : (තමායම) දෙය්යන්නෙ පිහිටෙන් මගේ සුවාමියට ඉතාම සුදුස්සගෙ ආරස්සාව ලැබිල තියෙනව. යෞගන්ධසරායණ : (තමාටම) රුමන්වාන් කර ගහල තියෙන්නෙ බරපතල වගකීමකට නේ.

ඇති මුත් මා හට මඳ සැනසීමක් කරදරයකි ඔහු විඳිනේ නැති හිම් රජු දිවි සුරැකෙන ඔහුගේ අතිනුයි පල ගැන්විය යුත්තේ මෙ උපායේ

(ශබ්ද නගා) ඈ ! පින්වත : දැන් රජතුමාගේ හිත් වේදනාව අඩු වෙලාද ? බ්රාශහ්මණයා : ඒ ගැන නම් මම දන්නෙ නෑ; - රජතුමා නොයෙක් විකාර දොඩවන්ඩ පටන් ගත්ත. - මෙන්න ! මම ඈ සමග හිනහ වෙනව. මෙන්න දැන් කතා කරනව. දැන් තරහ වෙලා. ඔන්න ! දැන් ඈ සමඟ නිඳි - ඔය විදිහට දොඩවන්ඩ පටන් ගත්ත. පස්සෙ ඇමතිවරු එකතු වෙලා රජතුමා පිටිසර ගමකට කැඳවා ගෙන ගියා - රජතුමා ගියා විතරයි මුළු ලාවනක නගරෙම අන්දකාර උනා. හරියටම හඳයි තරුයි නැති රෑ වාගෙ. තාපසි : ඇත්තෙන්ම ඒ රජතුමා ඉතා ගුණවන්තයෙක් වෙන්ඩ ඕනෑ. ආගන්තුකයින් පවා ප්ර ශංසා කරන ඒ රජතුමා කවුද ? සේවිකාව : දැන් බැරිද ? වෙනින් කුමාරිකාවකට ඒ රජතුමාගෙ බිසව වෙන්ඩ. පද්මාවතී : (තමාටම) ඈ කතා කරන්නෙ හරියටම මගෙ හිත දැන ගෙන වාගෙ නෙ. බ්රා හ්මණයා : ස්වාමීන් ; ඉතින් මට යන්ඩ අවසරද ? දෙදෙනාම : හොඳමයි ; ඔබට යහපතක්ම වේවා! බ්රානහ්මණයා : ඔබටත් එසේම වේවා ! (නික්ම යයි) යෞගන්ධකරායණ : මාත් යන්ඩ ඕනෑ. - කුමාරිකාවගෙන් අවසර අරගෙන. කංචුකී : කුමාරිකාවනු වහන්ස : ඔහුටත් යන්ඩ ඕනැලු. ඔබ වහන්සේ ගේ අවසර පතනව. පද්මාවතී : ඔබ ගියාම නංගීට කණගාටු හිතෙයි නේද ?




1 වැ නි අං ක ය 11

යෞගන්ධතරායණ : නෑ - උත්තමයින් ළඟ ඉන්න කොට එහෙම හිතෙන එක්කන නෑ. (කංචුකී දෙස බලා) මම ගිහින් එන්නම්. කංචුකී : හොඳමයි. ගිහින් එන්න. යෞගන්ධ රායණ : හොඳමයි (නික්ම යයි) කංචුකී : කුමාරිකාවුන් වහන්ස : දැන් අසපුව ඇතුළට යහපත් වෙනව නම් හොඳයි. පද්මාවතී : ස්වාමීන් ; ඔබ වහන්සේට නමස්කාර වේවා ! තාපසි : දරුව ! ඔබට සුදුසු ස්වාමි පුත්ර යෙක් ලැබේවා. වාසවදත්තා : ස්වාමීනි ; ඔබ වහන්සේට නමස්කාර වේවා ! තාපසී : දරුව ! ඔබට ඉක්මනින් ඔබේ සුවාමියා මුණ ගැසේවා ! වාසවදත්තා : ඔබ වහන්සේට යහපතක්ම වේවා ! කංචුකී : කුමාරිකාවුන් වහන්ස : මෙහෙන් යහපත් වෙන්ඩ. මෙහෙන් යහපත් වෙන්ඩ.

කුරුල්ලො සැම කූඩු බලා එති තවුසන් දියට යනව අසපුවෙ ගිනි දෙවි වැජඹෙයි දුම් කඳ අහසට නැ‍ඟෙනව රන් පැහැ රිවි කිරණ වැදී එය තව තව ඔප වැටෙනව රිවි දෙව් රද අස් ගිරි පව් මුදුනට රිය මෙහෙයවනව

(සියල්ලෝම විසිර යති)

1 වැනි අංකය නිමි.








2 වැනි අංකය

සංස්කරණය

(සේවිකාව පිවිසෙයි)

සේවිකාව : කුංජරිකා ! කුංජරිකා !! - කෝ ? කුමාරිකාවුන් වහන්සෙ. - මොනවා ? - මාධවී පඳුර ලඟ සෙල්ලම් කර කර හිටිය ? එහෙනම් යන්ඩ ඕනැ එහාට. – (මඳක් ඉදිරියට ගොස් බලයි) ආ ! මේ එන්නෙ. පන්දුවක් උඩ දම දමා - අනේ ! ඇත්තට - අද කුමාරිකාවුන් වහන්සේගෙ ලස්සණ. දාඩිය බින්දු පේ‍න්නෙත් මුතු ඇට වාගෙ. මම යන්ඩ ඕනැ ළඟට. (නික්ම යයි)

ප්ර වේශකය නිමි

(පන්දු ක්රීේඩා කරමින් පද්මාවතී, වාසවදත්තා හා පිරිවර පැමිණෙති)

වාසවදත්තා : මිතුරිය ; මෙන්න ඔබේ පන්දුව. පද්මාවතී : දැන් ඇති - මම හුඟක් වෙලා, සෙල්ලම් කළා. වාසවදත්තා : ඔව් ; ඔබේ අතුත් රතු පාට වෙලා. හරියට අනුන්ගෙ අත් වාගෙ. සේවිකාව : කුමාරිකාවුන් වහන්ස ; තව සෙල්ලම් කරන්න - තරුණ කාලෙදි සෙල්ලම් කරල සන්තෝස වෙන්ඩ එපායැ. පද්මාවතී : මිතුරිය මොකද ? මා දිහාම බලන්නෙ - හිනා වෙන්ඩ වත්ද ? වාසවදත්තා : අනේ ! නෑ - අද ඔබ හුඟක් ලස්සණයි. මම බලා හිටියෙ ඔබේ ලස්සණ මූණ දිහා. පද්මාවතී : ඔබ මට විහිළු කරනව වාගෙ. වාසවසත්තා : හ්ම් ! එහෙනම් මම නිකම් ඉන්නම් - ඔබ නොවැ මහාසේන රජ්ජුරුවනගේ ලේලි වෙන්ඩ ඉන්න කුමාරිකාව. පද්මාවතී : කවුද ; ඔය මහාසේන කියන්නේ ? වාසවදත්තා : මහාසේන කියන්නෙ උදේනි නුවර පද්යො ත රජුජුරුවන්ට. මහා සේනාවක් සිටින නිසා එතුමාට මහා සේන රජ්ජුරුවෝ කියනව.





12 2 වැ නි අං ක ය 13

සේවිකාව : ඒ රජ පවුල ගැන කුමාරිකාවුන් වහන්සේගෙ බලාපොරොත්තුවක් නෑ. වාසවදත්තා : එහෙනම් කා ගැනද බලාපොරොත්තු ? සේවිකාව : වත්ස රටේ උදයන රජතුමා ගැන. එතුමාගෙ ගුණ යහපත් කම ගැන කුමාරිකාවුන් වහන්සෙ බොහොම පැහැදිලා. වාසවදත්තා : (තමාටම) එහෙනම් ඇගේ බලාපොරොත්තුවත් මගෙ සුවාමියා ගැනමයි. (ශබ්ද නගා) මොන ගුණ - යහපත් කමක්ද ? සේවිකාව : එතුමා‍ බොහොම කරුණාවන්තලු. වාසවදත්තා : (තමාටම) ඔව් ; මමත් දන්නව. මට හැදුණෙත් ඔය පිස්සුවමයි. සේවිකාව : කුමාරිකාවුන් වහන්ස ; ඒ රජතුමා ලස්සණ නැත්නම් ? වාසවදත්තා : මොකද නැත්තෙ ? - ඒ රජතුමා බොහොම ලස්සණයි. පද්මාවතී : ඔබ කොහොමද දන්නෙ ? වාසවදත්තා : (තමාටම) සුවාමියාට තියෙන දැඩි ආදරේ නිසා නොකිය යුතු දේත් කියවෙනව. දැන් ඉතින් මොකද කරන්නෙ ? - ‍හොඳයි ; වෙන දෙයක් උනාවෙ. (ශබ්ද නගා) උදේනි නුවර මිනිස්සු එහෙම කියනව. පද්මාවතී : ඒක වෙන්ඩ පුළුවන්. ඔහු උදේනි නුවර ඕනෑම කෙනෙකුට දැකගන්ඩ පුළුවන් කෙනෙක්. සියල්ල‍න්ගෙම හිත් දිනා ගන්ඩ පුළුවන් කම තමයි නියම වාසනාව.

(කිරි මව් පැමිණෙයි)

කිරි මව් : ජය වේවා ! ජය වේවා !! - කුමාරිකාවුන් වහන්ස ; ඔබ දැනටමත් සරණ පාවා දීල අවසානයි. වාසවදත්ත : කාටද ? මිතුරිය ; කාටද ? කිරි මව් : වත්ස රටේ උදයන රජතුමාට. වාසවදත්තා : ඉතින්වත් රජතුමාට යහපතක් වෙයිද ? කිරි මව් : ඔව් ; එතුමා සුවසේ යහපත් උනා. කුමාරිකාව බිසව හැටියට පිළිගන්ඩත් කැමැති උනා. වාසවදත්තා : අහෝ ! අවාසනාව. කිරි මව් : මොකක්ද අවාසනාව ? වාසවදත්තා : නෑ- ඒක ඒ තරම් ගණන් ගන්ඩ දෙයක් නෙමෙයි. - එතුමා කලින් බිසව ගැන වැළපුණු හැටියට නම් දෙවෙනි



14 ස් ව ප් න වා ස ව ද ත් තා

බිසවක් ගැන වැඩි සැලකිල්ලක් කරයි කියල හිතන්ඩ අමාරුයි. කිරි මව් : උත්තමයින්ගෙ හිත එහෙම තමා. කණගාටුවට බොහොම තදින් දැනෙනව. නමුත් පස්සෙ පළමු තත්ත්‍වයට පහසුවෙන්ම පත්වෙනව. වාස්වවදත්තා : පින්වතිය ; රජතුමා කුමාරිකාවගෙ කැමැත්ත ඇහැව්වද ? කිරි මව් : නෑ - රජතුමා ආවෙ වෙනින් කටයුත්තකට යි. එතුමාගෙ කුලය, වයස, ගුණවත්කම හා රූපය ගැන පැහැදුණු රජතුමා ඈ තනි කැමැත්තෙන්ම පාවල දුන්න. වාසවදත්තා : (තමාටම) මගේ සුවාමියා වැරදිකාරයෙක් නෙමෙයි. ඔහුට ඒ ගැන දොස් පවරන්ඩ බෑ. (තවත් සේවිකාවක් පැමිණේ) සේවිකාව : ඉක්මන් කරන්න ; පින්වතිය ; ඉක්මන් කරන්න. අද හොඳ මඟුල් නැකත් දවසක් ලු. බිසවුන් වහන්සෙ කියනව මංගල කටයුතු අදම ඉවර කරන්ඩ ඕනෑ කියල. වාසවදත්තා : (තමාටම) ඈ ඉක්මන් කරන්ඩ කියන කොටම මතේ හිත් වේදනාව තව තවත් වැඩි වෙනව. කිරි මව් : එන්ඩ ; කුමාරිකාවුන් වහන්ස ; එන්ඩ

(සියල්ලෝම යති)

2 වැනි අංකය නිමි





3 වැනි අංකය

සංස්කරණය

(සිතිවිලි බරව වාසවදත්තා පැමිණෙයි)

වාසවදත්තා : පද්මාවතී අන්තඃපුරයෙ මගුල් මඩුවෙ නවත්වල මම ප්රනමාද වනයට ආවා. අය්යෝ ! කාලකණ්ණි කමක මහත. මට තියෙන්නෙ ඉතින් දුක් උහුලන එකම තමයි. (ඇවිදිමින්) අහෝ ! මට පලදුන් කරුමෙක හැටි ? දැන් ඉතින් මගෙ සුවාමියත් අනුන්ගෙ. මෙතන ඉඳගන්ඩ ඕනෑ. (ඉඳගනි) සුවාමියාගෙන් වෙන්වුණු සක්වා ලිහිණි දෙන මැරෙණව ලු. ඒකත් එක වාසනාවක්. - මට එහෙම වාසනාවක් වත් නෑ. ආයෙත් සුවාමියා දකින්ඩ ලැබෙයි කියන බලාපොරොත්තුව නිසා ජීවත් වෙන්ඩයි මට වෙලා තියෙන්නෙ. (මල් පැසක් ගත් සේවිකාවක් පැමිණෙයි) සේවිකාව : කෝ අවන්තිකා ? කොහේ ගිහින්ද ? (ඇවිද බලයි) ආ ! අර ඉන්නෙ. පුව‍ඟු වැල යට ගල් පෝරුව උඩ. ආබරණ නැතුවට මොකද ඈ කොච්චර ලස්සණද? හරියටම මීදුමෙන් වැහුණු හඳ ව‍ාගෙ. (ළඟට යමින්) මම කොච්චර වෙලා ඔබව වැහුණු හඳ ව‍ාගෙ. (ළඟට යමින්) මම කොච්චර වෙලා ඔබව හෙව්වද ? වාසවදත්තා : මොකටද ? සේවිකාව : බිසොවුන් වහන්සෙ කියනව ඔබ උසස් කුලයක උපන් බොහොම හොඳ කරුණාවන්ත කෙනෙක් කියල. ඒ නිසා ඔබට කියල මේ මල් දම් ගොතවන්ඩ ලු. වාසවදත්තා : කාටම මල්දම් ? සේවිකාව : කුමාරිකාවනු වහන්සේට. වාසවදත්තා : (තමාටම) මේකත් මගෙ අතින්ම ගොතන්ඩ සිද්ද උනානෙ - අහෝ දයිවයක හැටි. සේවිකාව : පින්වතිය ; ඉතින් කල්පනා කර කර ඉන්ඩ වෙලාවක් නෑ. ඉක්මනට ගොතන්න. රජතුමා අර මැණික් පො‍කුණෙ නානව දැන්.



15 16 ස් ව ප් න වා ස ව ද ත් තා

වාසවදත්තා : (තමාටම) මම මොනව කල්පනා කරන්ඩද ? සුවාමියා ගැන මිසක්. (ශබ්ද නගා) මිතුරිය ඔබ රජතුමා දැක්කද ? සේවිකාව : දැක්ක - කුමාරිකාවුන් වහන්සේගෙ උදව්වෙන් යන්තම් බලාගත්ත. වාසවදත්තා : කොහොමද ? - රජතුමා හොඳ ද? සේවිකාව : පින්වතිය ; එච්චර ලස්සණ කෙනෙක් මම නම් මීට ඉස්සර කවදාවත්ම දැකල නෑ. වාසවදත්තා : ඒ තරම්ම ලස්සණද ? සේවිකාව : ලස්සණදත් අහනව - ඊතලයි දුනුයි නැතුව ආපු අනංගයා වාගෙ. වාසවදත්තා : ඇති, ඇති. ඔය කිව්ව ඇති. සේවිකාව : මොකද ඒ ? - කියන්ඩ හදන කොට ඇති කියන්නෙ. වාසවදත්තා : අනුන්ගේ සුවාමි පුරුසයන් ගැන තොරතුරු හොයන එක නොහොබිනා කමක් - නේද ? සේවිකාව : හැබෑව - එහෙනම් ඉක්මනට මල් දම ගොතන්න. වාසවදත්තා : මේ ගොතනව - තව මල් ගේන්ඩ. සේවිකාව : මෙන්න මල්. ඉක්මන් කරන්ඩ. ඉක්මන් කරන්ඩ. වාසවදත්තා : (මල් දෙස බලා) මොකද්ද? මේ මල්වල නම. සේවිකාව : මේවට කියන්නෙ - අවිධවාකරණ. වාසවදත්තා : (තමාටම) වැඩියෙන් ගොතන්ඩ ඕනෑ මේව. මාත් පද්මාවතිත් දෙන්නම සඳහා. (ශබ්ද නගා) මේ මල් ? සේවිකාව : මේවා - සපත්නි මර්දන වාසවදත්තා : මේව එපා. සේවිකාව : මොකද ඒ, වාසවදත්තා : රජුජුරුවන්ගේ ඉස්සෙල්ල බිසව මැරිල. ඒ නිසා මේවෑන් වැඩක් නෑ.

(තවත් සේවිකාවක් පැමිණේ)

සේවිකාව : ඉක්මන් කරන්න. පින්වතිය ; ඉක්මන් කරන්න. දැන් විවාහක කාන්තාවන් විසින් රජතුමා මගුල් මඩුවට කැඳවාගෙන යනව.


3 වැ නි අං ක ය 17

වාසවදත්තා : ආ ! - මේ මල් දම ඉක්මනට ගෙනියන්ඩ. සේවිකාව : කදිම මල් දම - අපි යන්නම්.

(මල්දම රැගෙන දෙදෙනාම යති)

වාසවදත්තා : අය්යෝ ! කාලකණ්ණි කමක මහත ? මගෙ සුවාමියත් දැන් අනුන්ගෙ. නින්දවත් යනව නම් මේ දුක ටිකක් අඩු කර ගන්ඩ බැරියැ ?

(නික්ම යයි)

3 වැනි අංකය නිමි



4 වැනි අංකය

සංස්කරණය

(විදූෂක පිවිසෙයි)

විදූෂක : (සොම්නසින්) මේක තමයි වාසනාව කියන්නෙත වත්ස රජ තුමාගෙ විවාම මංගලෝත්සවයත් දැක්ක. - මේ මාරක දිය සුලියට පැනපු අපට ආයෙත් ගොඩ එන්ඩ ලැබෙයි කියල හිතුවෙ කවුද ? - මම ඉන්නෙ දැන් මාලිගාවෙමයි. නාන්නෙ අන්තඃපුරේ පොකුණු වලින්. කන්නෙත් දිවිය බෝජන වාගෙ‍ ආහාර. මට මොනවද දැන් හිඟ ? මම විඳින්නේ දිවිය සම්පත්නෙ. දිවියාංගනාවන් විතරයි නැත්තෙ. ඒත් - තව පොඩි අඩු පාඩු වත් නම් තියෙනව. - මම කන කෑම හරියට දිරවන්නෙ නෑ. ඒකයි මෙච්චර සැප පහසු යහන් වල උනත් නින්ද යන්නෙ නැත්තෙ. හරියට උස්මුරුතාව හැදිල වාගෙ. - අනේ හැබෑට ; හොඳ කැමයි නිරෝගී කමයි නැත්නම් මිනිහෙක් ජීවත් වෙලා මොකටද ? ‍ (සේවිකාවක් පැමිණේ) සේවිකාව : වසන්තක කොහේ ගිහින්ද ? (ඇවිද බලයි) ආ ! මේ ඉන්නෙ. වසන්තක. (ළඟට යමින්) මම කොච්චර වෙලා ඔබව හෙව්වද ? විදූෂක : මාව හෙව්ව ? මොකටද මාව හෙව්වෙ ? සේවිකාව : බිසවුන් වහන්සේ අහනව රජතුමා නාල ඉවරද ? කියල විදූෂක : මොකටද ? සේවිකාව : මොකටද ඉතින් ? නාල ඉවර නම් මල් - සුවඳ ජාති හේම ගෙනියන්ඩ වෙන්ඩ ඇති. විදූෂක : ඉවරයි ; ඉවරයි ; ගිහින් ඕනෑ දෙයක් අරන් එන්ඩ. - කෑම නැතුව ඕනැ දෙයක්. සේවිකාව : මොකද මේ හැටි කෑම එක්ක තරහ. විදූෂක : මම මහ අවාසනාවන්තයෙක් - තිස්සෙම මගෙ බ‍ඩ පෙරලනව.



18 4 වැ නි අං ක ය 19

සේවිකාව : ආ ! එහෙමද ? එහෙම වෙලා මදි. විදූෂක : ඉතින් යන්ඩ. - මමත් එන්නම් රජ්ජුරුවෝ ඉන්න දිහාට. (දෙදෙනාම යති)

ප්රූවේශකය නිමි

(අවන්ති දේශීය ඇඳුමෙන් සැරසුණු වාසවදත්ත සහ පිරිවර සමග පද්මාවතී පැමිණේ)

සේවිකාව : බිසොවුන් වහන්ස, මොකටද ? මේ ප්රඉමදා වනයට යහපත් උනේ. පදිමාවතී : සේපාලිකා පඳ‍ුරෙ මල් පිපිලද බලන්ඩ. සේවිකාව : පිපිල. පිපිල. හරියට අතරට පබලු දාල අමුණපු මුතු වැල් එල්ලල වාගෙ. පද්මාවතී : එහෙනම් මොකද තව බලා ඉන්නෙ ? ඉක්මනට මල් ටිකක් කඩා ගෙන එන්ඩ. සේවිකාව : මම මල් කඩා ගෙන එන කල් ඔබ වහන්සේ මේ ගල් පෝරුව උඩ වාඩි වෙන්ඩ. පද්මාවතී : අපි මෙතන වාඩි වෙමු. වාසවදත්තා : හොඳයි. වාඩි වෙමු.

(දෙදෙනාම වාඩි වෙති)

සේවිකාව : (මල් නෙලා) මේ බලන්ඩ. බිසවුන් වහන්ස ; මල් ටිකේ ලස්සණ. - මල් වලින් දෝත පිරිල. පද්මාවතී : (එ දෙස බලා) අපූරු මල් ටික. මිතුරිය ; මේ බලන්ඩ. වාසවදත්තා : හැබෑට, කොච්චර ලස්සණද ? සේවිකාව : තව කඩා ගෙන එන්ඩද ? පද්මාවතී : හා ! හා !! - ඔය ඇති. වෙන හේම කඩන්ඩ එපා. වාසවදත්තා : මොකද එපා කියන්නෙ ? කඩාගෙන ආපුවාවෙකො. පද්මාවති : මගේ සුවාමියා දැන් මෙහෙත් එයි. හුඟක් මල් පිපිල තියෙනව දැක්කාම ඔහු සතුටු වෙයිත ඒක මට ලොකු ආඩම්බරයක් නෙ. වාසවදත්තා : මිතුරිය, ඔබ සුවාමියාට හුඟක් ආදරේද ?



20 ස් ව ප් න වා ස ව ද ත් තා

පද්මාවති : මට ඒක කියන්ඩ බෑ. නමුත් සුවාමියාගෙන් වෙන් උනොත් නම් මට කණගාටු හිතෙයි. වාසවදත්තා : (තමාටම) ඇත්තෙන්ම සුවාමියගෙන් වෙන් උනොත් නම් මට කණගාටු හිතෙයි. වාසවදත්තා : (තමාටම) ඇත්තෙන්ම සුවාමියාගෙන් වෙන්ව සිටීම නම් අමාරු දෙයක් තමා. එයා කියන්නෙත් ඒකමයි. සේවිකාව : බිසවුන් වහන්සෙ ආදරෙයි කිව්වද ? පද්මාවතී , මට නම් - පොඩි සැකයක් තියෙනව. වාසවදත්තා : මොකක්ද ? මොකක්ද සැකය ? පද්මාවතී : මගේ සුවාමියා මට ආලය කරන තරමටම වාසවදත්තාටත් ආලය කළාද ? දන්නෙ නෑ. වාස්වවදත්තා : අපොයි ! ඊට හුගක් වැඩියි. පද්මාවති : ඔබ කොහොමද ඒව දන්නෙ ? වාසවදත්තා : (තමාටම) අ‍හෝ ! සුවාමියට තියෙන ආදරේ නිසා මම සීමාවටත් වැඩිය කතා කළා. දැන් ඉතින් මෙහෙමවත් කියන්ඩ ඕනෑ. (ශබ්ද නගා) ඈට එහෙම ආලය නොකළ නම් ඈ නෑදැයන් අත්හැරලා එයිද ? පද්මාවතී : හ්ම් ! එහෙමද ? සේවිකාව : බිසවුන් වහන්ස ; ඔබ වහන්සේත් සුවාමියට කියන්ඩ වීණා වාදනය ඉගෙන ගන්ඩ ඕනෑ කියල. පද්මාවතී : මම කිව්ව. වාසවදත්තා : ඉතින් රජතුමා මොකද කිව්වෙ ? පද්මාවති : මොකුත් නෑ - හුහුල්ලල නිකා උන්න. වාසවදත්තා‍ : ඔබ දන්නවද ? ඒ මොකද කියල ? පද්මාවතී : දන්නව. ඒ වාසවදත්තා මතක් වෙලා. මා ඉදිරියේ වැළපෙන්ඩ බැරුව හුහුල්ලල විතරක් නිකම් හිටිය. වසවදත්තා : (තමාටම) සත්තකින්ම මෙය හැබෑවක් නම් මාත් වාසනාවන්තියක්.

(රජ සහ විදූෂක පිවිසෙති)

විදූෂක : හෝ ! ප්රතමදා වනය හරි ලස්සණයි නෙ. එක අතකින් මඳ සුළඟ. - අනික් අතින් මල් ගොඩ ගැහිල. - - මෙහාට එන්ඩ ; රජතුමනි ; මෙහාට එන්ඩ රජ ; මේ එනව. වසන්තක මේ එනව.


4 වැ නි අං ක ය 21


අවන්ති රජ දූ කුමරිය ලක් වූ කෙණෙහිම දෙනෙතට පන්සැර සිය මල් හී සැම එවි මහද වත පෙළුමට වේදනාව එයින් නැඟුණූ දුරු වන්ටත් පෙර මෙලෙසට කෙසේද ? මේ සයවැනි හීයක් ලැබුණේ අද ඔහු හට

විදූෂක : පද්මාවති බිසව කොහේ ගිහින්ද ? ලිය ගොමුවට ගියාද ? පර්වමත තිලක ආසනේ සකස් කරන්ඩ ගියාද ? කොහේ ගියාද ? ආසනේ මල් අතුරන්ඩවත් ගියාද ? එහෙම නැත්නම් අර ! සිව්පාවුන්ගෙයි කුරුල්ලන්ගෙයි රූප ඇඳල තියෙන ලී කන්දට ගියාද ? (උඩ බලා) හෝ! රජතුමනි ; බලන්ඩ අර කොක්කු රංචුවෙ ලස්සණ. රජ : මම දැක්ක.

වරෙක විහිදී ය යි යළී පේළියට දිස් වෙ යි තරු කැළසෙ සුදිලෙ යි නැවත සුදු නයකු සිරි හඟව යි

සේවිකාව : බිසවුන් වහන්ස ; මේ කොක්කු රංචුවෙ ලස්සණ. හරිය‍ට සුදු නෙළුම් මල් ගොඩක් වාගෙ. ආ ! - බිසවුන් වහන්ස ; අන්න රජතුමා. පද්මාවතී : මිතුරිය ; අන්න රජතුමා. මමත් හැංගෙන්න. - අපි මේ මාදවී පඳුර අස්සට රිංගමු. වාසවදත්තා : ඔව් රිංගමු.

(ඔවුහු මාධවී පඳර අස්සට රිංගති)

විදූෂක : පද්මාවතී බිසව මෙහි ඇවිදින් ගිහිල්ල වාගෙ. රජ : කොහොමද දන්නෙ ? විදූෂක : මේ බල්නඩ. මේ සේපාලිකා ගස්වල මල් දැන් නෙලල තියෙන්නෙ. රජ : ඔව් ; වසන්ත - ඒ සේපාලිකා ගස් ටික නම් බොහොම ලස්සණයි වේද ? වාසවදත්තා : (තමාටම) වසන්තක කියල කියන කොට මට දැනෙන්නෙ හරියට උදේනි නුවර ඉන්නව වාගෙයි.



22 ස් ව ප් න වා ස ව ද ත් තා


රජ : වසන්තක : පද්මාවතී බිසව එන කල් අපි මේ ගල් පෝරුව උඩ වාඩි වෙමු. විදූෂක : ඔව් ; වාඩි වෙමු. (වාඩිවී යළි නැගිටිමින්) මෙතන අව්වනේ - යමු අර මාදවී වැල ළඟට. රජ : හොඳයි ; යමු - ඔබම ඉස්සර වෙන්ඩ. විදූෂක : හොඳයි.

(දෙදෙනාම යති)

පද්මාවතී : වසන්තක තමා මේ සේරම අවුල් කරන්නෙ. දැන් ඉතින් මොකද අපි කරන්නෙ ? සේවිකාව : මම මේ මල් වැල හොලවන්න. මීමැස්සෝ ඉහිරුණාම රජතුමා එන එකක් නෑ. පද්මාවතී : ඔව්. හොලවන්න.

(සේවිකාව මල්වැල හොලවයි)

විදූෂක : හා ; හා ; රජතුමනි ; නවතින්න. රජ : මොකද ? සවන්තක ; මොකද ? විදූෂක : මේ යස්ස මී මැස්සන්ගෙන් බේරෙන්ඩ බෑනෙ. රජ : අපි එන සද්දෙටයි උන් බයවෙලා තියෙන්නෙ. උන්ඩ හිරිහැර කරනඩ හොඳ නෑ.

මත් බමරු මීයෙ න් පිය ගැටෙන හඬ අසමි න් වෙන් වී යති මලි න් ගියසෙ මා හැර මපිය බිසොවු න් අපි මෙතන වාඩි වෙමු. විදූෂක : හොඳයි ; වාඩි වෙමු. (දෙදෙනාම වාඩි වෙති) රජ: (ආසනය දෙස බලා)

මේ මල් සියුමැලි පිය්කදට මිරිකුණු හා උණුසුම ගල් තලයෙන් මතු වන කිසියම් අඟනක හිඳ මෙහි බෝ කල් දැන්, දැන් ගිය බැව් පවසන්නා වැනි සේවිකාව : බිසවුන් වහන්ස ; අපි දැන් කොටුවෙලා.


4 වැ නි අං ක ය 23


පද්මාවතී : ආ ! මගේ සුවාමියා මෙතන වාඩිවෙලානෙ. වාසවදත්තා : (තමාටම) දෙය්යන්ගෙ පිහිටෙන් මගේ සුවාමියා දැන් හොඳට සනිපනෙ. සේවිකාව : බිසවුන් වහන්ස ; ඇගේ ඇස්වල කඳුළු පිරිල. වාසවදත්තා : මේ කෙස මල් ‍ෙර්ණූ ඇහැට වැටුන. පද්මාවතී : උඩ බැලුවාම ඔහොම තමයි. විදූෂක : ප්රබමදා වනය පාලුයි. - රජතුමනි ; මට ඔබ තුමාගෙන් අහන්ඩ දෙයක් තියෙනව. අහන්ඩ අවසරද ? රජ : ඔබේ කැමැත්තක්. විදූෂක : ඔබතුමා වැඩිය ආදරේ කාටද ? ඉස්සර වාසවදත්තටද? දැන් ඉන්න පද්මාවතීටද? රජ : මොනවද ඔය අහන්නේ? - ඕවට උත්තර දෙන්න පුළුවන් කාටද ? පද්මාවතී : බලන්න - කොච්චර අමාරු දෙයක්ද ? ඇහැව්වෙ. වසවදත්තා : (තමාටම) මමත් ටිකක් වාසනාවන්තියක්. විදූෂක : කියන්ඩ - කැමති දෙයක් කියන්ඩ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මැරිල. අනික් එක්කෙනා දැන් ළඟ නෑ. රජ : බෑ - කියන්නෙ නෑ. - ඔබ මහ වාචලයෙක්නෙ. පද්මාවතී : නොකිව්වට දැනටමත් ඒක පැහැදිලි නෙ. විදූෂක : මම දිව්රන්නම් - කා එක්කවත් කියන්නෙ නෑ කියල. රජ : ඒක කියන්ඩ තරම් දහිරියක් මට නෑ. පද්මාවතී : අහෝ ! - ඔහුගෙ හිතේ හැටි ඔහුම දන්නෙ නෑ. විදූෂක : හොඳයි ; එහෙනම් කියන්නේ නැද්ද ? - නොකියනම් ඔබ තුමාට මෙතනින් එහාට එක අඩියක්වත් යන්ඩ බෑ. රජ : මොනව - ඔබ හදන්නේ බලහත්කාරකමෙන් අහගන්ඩද ? විදූෂක : ඔව් - බලහත්කාරකමෙන් අහගන්ඩ. විදූෂක : ඉවසන්න. රජතුමනි ; ඉවසන්න. ඔබතුමා එය නොකිව්වොත් මම යාළුකම ගැන දිව්රනව. රජ : මේ මොන කරදරයක්ද ? - ‍ එහෙනම් ඔන්න අහගන්ඩ.

සිත්කළු වූ ගති පැවතුම් ඇති මුත් දෙනෙතට රසඳුන් වන් රූ දැරුවත් වාසවදත්තා වෙත බැඳි මා සිත් ගැනුමට පද්මා නොවුවා පෝසත්


24 ස් ව ප් න වා ස ව ද ත් තා


වාසවදත්තා : (තමාටම) මම විඳින දුක වෙනුවට මටත් යමක් ලැබිල තියෙනව. මගේ වෙස්වලාගෙන සිටීම නිස්පල නෑ. සේවිකාව : බිසවුන් වහන්ස ; රජතුමා කරුණාවන්ත කෙනෙත් නෙමෙයි වාගෙ. පද්මාවති : එහෙම කියන්ඩ එපා. ඔහු කරුණාවෙන් පිරිල. ඒකයි ඔය තවත් වාසවදත්තා‍ගෙ ගුණ සිහිකරන්නෙ. වාසවදත්තා : ඔබ කිව්වෙ ඔබේ කුලේටම ගැලපෙන උසස් කීමක්. රජ : මම කිව්ව. දැන් ඉතින් ඔබ කියන්ඩ ඕනෑ. - වඩා හොඳ හිටපු වාසවදත්තාද? දැන් ඉන්න පද්මාවතී? කියල. පද්මාවතී, ඒ ගමන සුවාමියත් වසන්තක වාගෙ වෙලා. විදූෂක : රජතුමනි, මගෙ වාචාල කමෙන් වැඩක් නැහැ නොවැ ? මම දෙන්නටම ගරු බුහුමන් කරනව. රජ : මෝඩය ! බලහත්කාරකමෙන් මගෙන් අහගත්ත. - මොකද ? දැන් ඔබ නොකියන්නෙ. විදූෂක : මොනව ? - ඔබතුමා හදන්නෙ බලහත්කාරකමෙන් අහගන්ඩද ? රජ : ඔව්, බලහත්කාරකමෙන් අහගන්ඩ. විදූෂක : එහෙමනම් මගෙන් අහන්ඩ ලැබෙයි. රජ : ඉවසන්න ; බ්රානහ්මණය: ඉවසන්න. ඔබට කැමති දෙයක් කියන්න. විදූෂක : රජතුමනි, මම වාසවදත්ත බිසවට බොහොම ගරු බුහුමන් කළා. ඒත් - පද්මාවතී කුමාරි ලස්සණයි. තරුණයි. නිහතමානියි - තරහ යන්නෙත් නෑ. කතාකරන්නෙත් මිහිරි වචන වලින්. - කොටින්ම ඈ වැඩිය හොඳා. නිතරම මට හොඳ කෑම බිමත් දෙනව. කොහොද ගියෙ කියලත් හෝදිසි කරනව. වාසවදත්තා : (තමාටම) හොඳයි ; හොඳයි වසන්තක - ඔය වචන අමතක කරන්ඩ හේම එපා. රජ : මම කියන්නම් කො - වාසවදත්තා එක්ක. විදූෂක : වාසවදත්ත එක්ක ? - වාසවදත්තා කොහොද ඉන්නෙ ? - ඈ මැරිල දැන් බොහොම කල්. රජ : (කණගාටුවෙන්) ඔව් ; වසන්තක. - ඈ මැරිල.

රවටා උපායෙන් මා සිත් නොමඟ හැරියෙන් සුපුරුදු මේ වදන් අහෝ ගිලිහිණි මගේ මුවගින්


4 වැ නි අං ක ය 25


පද්මාවතී : අපූරු සාකච්චාව. - අර ලේ පපුකමක් නැති මිනිහ ඒක අවුල් කළා. වාසවදත්තා : (තමාටම) තවම බලාපොරොත්තු සහිතයි. ළඟ නැති කෙනෙක් ගැන එහෙම කතාකරනව අහන්ඩ ලැබෙන එක කොයි තරම් වාසනාවක්ද ? විදූෂක : කලකිරෙන්ඩ එපා ; රජතුමනි ; කලකිරෙන්ඩ එපා. - අපට බෑ ඉරණම වෙනස් කරන්ඩ. වෙන්ඩ තියෙන දේ කොහොම හරි වෙනවමයි. රජ : මට උහුලන්ඩ වෙලා තියෙන දුක ඔබට තේරෙන්නෙ නෑ.

ආලය හද පත්ලෙන් නැඟ ආ මුලිනුපුටනු නොහැකියි කිසි විටෙකත් හද උණු වී ඇද හැලෙනා කඳුලින් ණය ගෙව්මයි එහි මඟ සැනසීමේ

විදූෂක : ඔන්න ; ඔබතුමාගේ මූණේ කඳුළු පෙරිල. මම මූණ හෝද ගන්ඩ වතුර ටිකක් ගේන්නම්. (පිටත්ව යයි) පද්මාවතී : රජතුමාගෙ ඇස්වල කඳුළු පිරිල. දැන්ම අපි යමු. වාසවදත්තා : ඔව් ; යමු. - ඒත් ඔබ නවතිනවනම් හොඳයි. කණගාටුවෙන් ඉන්න සුවාමියා තනිකරල යන එක හොඳ නෑ නේද ? _ එබ නතර වෙන්ඩ. සේවිකාව : එහෙම තමා හොඳ. ඔබවහන්සේ ළඟට යන්ඩ. පද්මාවතී : එහෙනම් මම යන්ඩද ? ළඟට. වාසවදත්තා : යන්ඩ ; ළඟට යන්ඩ. (පිටත්ව යයි) ( පද්මාවතී රජු ඉදිරියට යයි) විදූෂක : (නෙළුම් කොළයකට වතුර රැගෙන එයි. පද්මාවතී බිසව. පද්මාවතී : වසන්තක මොකද මේ? විදූෂක : මොකද ? තමා ඉතින්. පද්මාවතී : කියන්ඩකො වසන්තක; අනේ කියන්ඩකො. විදූෂක : කසමල් රේණු ඇස්වල වැටිල - මේ වතුර ටින ගිහින් දෙන්ඩ මූණ හෝදගන්ඩ. රජ : ආ ! පද්මාවති - මේ මොකද ? වසන්තක. විදූෂක : (රජුගෙ කණට කර) ඔහොම තමා ඕවෑ හැටි.


26 ස් ව ප් න වා ස ව ද ත් තා


රජ : හොඳයි වසන්තක ; හොඳයි. (මුහුණ සෝදා) පද්මාවතී වාඩි වෙන්ඩ.

සුදු සරා සඳ ව න් කස මල් රේණු සුළඟි න් විසිරෙත වැද නුව න් තෙමිණි දෙකොපුල් නැඟුණු කඳුලි න්

(තමාටම) පැවසුම දැන් එය සිදු වූ සැටියෙන් මෑ සිත් තැවුලට කරුණක් වියැ කී මූකළ නුවණැති මුත් මේ පද්මා ගැහැණුන්ගේ ගතියෙහි වෙන ? වෙනසක්.

විදූෂක : රජතුමනි ; දැන් මගද රජ්ජුරුවෝ මිතුරන් පිළිගන්න වෙලාව. ඔබතුමයි ඉස්සෙල්ල යන්ඩ ඕන. වැඩිය සැලකිලි ලබන්ඩ නම් අනුන්ඩත් වැඩි වැඩිය සැලකිලි කරන්ඩ ඕනෑ. කාටත් සන්තෝස වෙන්ඩ පුළුවන් එතකොටයි. රජතුමනි ; නැගිටන්න. රජ : (නැගිටිමින්) කදිම කල්පනාව.

උසස් ගුණයෙන් යු ත් මෙරමා වැඩෙහි යෙදු සි ත් උතුමෝ වෙති එහෙ ත් ඔවුන් හඳුනන අය දුලබ වෙ ත්


4 වැනි අංකය නිමි




5. වැනි අංකය

සංස්කරණය

(පද්මිනිකා පිවිසෙයි)

පද්මිනිකා : මධුකරික ; මධුකරික ; ඉක්මනට එන්ඩ. මධුකරික : මේ එනව - මොකද හදිස්සියක්ද ? පද්මිනිකා : ඔබ දන්නේ නැද්ද ? පද්මාවතී බිසවට හිස රදයක් හැදිලා. මධුකරික : හිසරදයක් ? පද්මිනිකා : ඉක්මනට ගිහින් අවන්තිකාට කියන්ඩ. මධුකරික : මොකටද ? අවන්තිකා ? පද්මිනිකා : අවන්තිකා කතන්දර කියලම හිසරදේ සනීප කරයි. මධුකරික : ඒක හරි. - කොහොද බිසව ඉන්නෙ. පද්මිනිකා : සමුද්ර ගෘහයේ - මම යනව වසන්තකට කියන්ඩ. එතකොට ඔහු රජතුමාට දන්වයි. මධුකරික : හොඳයි ; (නික්ම යයි) පද්මිනිකා : වසන්තක කොහෙද ඇත්තෙ ? දැන්. (විදූෂක පැමිණෙයි) විදූෂක : වාසවදත්තගෙ මරණයෙන් කණගාටුවට පත් උන වත්ස රජතුමා ඇවිස්සුවෙ පද්මාවතී බිසවයි. ඒත් මේ මංගල්ලෙ නිසා එතුමා නැවතත් වාසනාවන්තයෙක් උනා. (පද්මිනිකා දෙස බලා) ඔහෝ ! පද්මිනිකා ; මොකද ? මේ කල‍බලෙන්. පද්මිනිකා : ඇයි? දන්නෙ නැද්ද ? - පද්මාවතී බිසවට හිසරදයක් හැදිල නෙ. විදූෂක . නෑ - මම දන්නෙ නෑ. පද්මිනිකා : එහෙනම් ගිහින් රජතුමාට කියන්ඩ. මම හිසේ දැන්ඩ තෙල් ටිකක් අරන් එන්නම්. විදූෂක : කොහෙද බිසව ඉන්නෙ? පද්මිනිකා : සමුද්ර ගෘහයේ. විදූෂක : හොඳයි ; යන්ඩ. මම රජතුමාට කියන්න. (දෙදෙනාම නික්ම යති)


ප්රූවේශිකා නිමි. 27



28 ස් ව ප් න වා ස ව ද ත් තා

(රජ පිවිසෙයි)

රජ : හිමියකු සතු වගකීමෙන් යළි දූ මා හිස බර වන බැව් දැන් වැට හේ එනමුත් ගිනි දැල් මැද වැද නැසුණු අවන්ති රද දූ සිහිවෙයි තවමත්.

විදූෂක : (පිවිසෙමින්) රජතුමනි ; ඉක්මන් කරන්න. රජ : මොකද ? මොකද ? වසන්තක ; - මොකද ? විදූෂක : පද්මාවති බිසවට හිසරදයක් හැදිල ලු. රජ : කවුද කිව්වෙ ? විදූෂක : පද්මිනිකා රජ : අහෝ ! පින්වත ;

ගුණවත් බිරියක් ලද මුත් රූපත් තවමත් හද කකියයි පෙර පහරින් යළි ඒ බඳු ඉරණමකින් මා හද නොතැවිය හැක. හඳුනමි සෝ ගිනි දැල්.

බිසව ඉන්නෙ කොහෙද ? විදූෂක : සමුද්රු ගෘහයේ ලු. රජ : යමු බලන්ඩ .- ඔබ ඉස්සර වෙන්ඩ ඇති. විදූෂක : එන්ඩ, රජතුමනි, එන්ඩ. (දෙදෙනාම යති) විදූෂක : රජතුමනි, මේ තමා සමුද්රව ගෘහය. යන්ඩ ඇතුළට. රජ : ඉස්සෙල්ල ඔබ යන්ඩ. විදූෂක : හ්ම් ! මම යන්න. (පවිසෙමින්) නවතින්ඩ, නවතින්ඩ, රජතුමනි, නවතින්ඩ. රජ : මොකද ? වසන්කත, මොකද ? විදූෂක : නයෙක් - නයෙක් - පාන් එළියට යන්තම් පේනව. රජ : (ඇතුල් වී බලයිත යළි මඳ සිනාවකින් යුතුව) අනේ ! මෝඩයා ! මේකද? මේ නයා.

තොරණින් ගිලිහී බිම හුණු මේ මල් දම දැක බිය වෙහි නයෙක්ය කියමින් . මඳ සුළඟින් ඇඹරෙන එය දෙපසට පවසයි සිරි නයෙකුගෙ ලැසි ගමනේ

5 වැ නි අං ක ය 29

විදූෂක : (ළංවී බලමින්) ඇත්ත තමා - මේක පෙනුනෙ හරියමට නයෙක් වා ගෙ නෙ. (ඇතුල්ව බලමින්) බිසව ඇවිදින් ගිහින් වාගෙ. රජ : නෑ - ඈ තවම ඇවිත් නෑ. විදූෂක : කොහොමද දන්නෙ ? රජ : මේ බලන්ඩ. ඇ‍ඇඳේ ඇතිරිලා දිහා.

නොතැලුණු ඇ ති රි ලි ය කොට්ට ඈ දේ නි ම ලි ය රෝගියකු නි යැ ලි ය බවට ලකුණක් නොහේ දැ ක ලි ය

විදූෂක : එහෙනම් රජතුමනි ; එනකල් මෙහෙන් වාඩිවෙන්න. රජ : (වාඩිවෙමින්) මට ටිකක් නිදිමතයි. කතන්දරයක් කියන්ඩ. විදූෂක : මම කියන්නම්. හැබැයි ඔබතුමා හූමිටි දෙන්ඩ ඕනෑ. රජ : හ්ම් ! විදූෂක : ඔන්න එකමත් රටක උදේනි කියල නුවරක් තිබුණ. ඒ නුවර බොහොම ලස්සන පොකුණූ තිබුණ. රජ : මොන උදේනි නුවරද? විදූෂක : ඔබතුමා මේ කතන්දරේට කැමති නැත්නම් මම වෙන එක්ක කියන්නම්. රජ : ඒ කතන්දරේ හොඳ නෑ.

නෑසියනගෙ නෙත් කඳුලින් තෙත් කර සිට රට දෙගුරුන් හැර මා සමඟින් පැමුණුනු ආදර බර දේවිය ඒ සමරමි දිවිතෙක් පෙරටුව බැති පෙම්.

තවද : උගන්වද්දි වෙණ වැයීම අහසේ අත් ලෙලදෙවමින් මා මුව දෙස බලා සිටිය හැටි ඈ තවමත් සිහි වෙයි.

විදූෂක : එහෙනම් වෙනින එකක් කියන්ඩද? ඔන්න එකමත් එක රටක බ්රූහ්මදත්ත කියල නුවරක් තිබුණ. ඒ නුවර කම්පිල්ල කියල රජ කෙනෙක් හිටිය.

30				ස් ව ප් න   වා ස ව ද ත් තා 

රජ : ඒ මොකක්ද කියන්නේ ? විදූෂක : එහෙනම් වෙනින එකක් කියන්ඩද? ඔන්න එකමත් එක රටක බ්රූහ්මදත්ත කියල නුවරක් තිබුණ. ඒ නුවර කම්පිල්ල කියල රජ කෙනෙක් හිටිය. රජ : මෝඩයා ! බ්රිහ්මදත්ත රජ්ජුරුවෝ ; කම්පිල්ල නගරෙ විදූෂක : මොනව ? රජ්ජුරුවෝ බ්රතහ්මදත්ත - නගරෙ කම්පිල්ල රජ : අන්න හරි. විදූෂක : එහෙනම් ටිකක් ඉන්ඩ. පාඩම් කරගන්න කල්. රජ්ජුරුවෝ බ්රූහ්මදත්ත ; නගරෙ කම්පිල්ල; (කීප වරක් කියයි) දැන් පාඩම්. රජතුමනි ; දැන් අහන්ඩ. ආ ! රජතුමාට නින්ද ගිහින්නෙ. අද හරියට හීතලයි. මම ගිහින් පෙරවන්ඩ කම්බිලියක් ගේන්ඩ ඕනැ. (නික්ම යයි)

(අවන්ති දේශීය ඇඳුමෙන් සැරසුණු වාසවදත්තාත් සේවිකාවකුත් පැමිණෙති)

සේවිකාව : එන්ඩ. ඉක්මනට එන්ඩ. බිසවට හැදිල තියෙන්නෙ බොහොම තද හිසරදයක්. වාසවදත්තා : අහෝ ! කෝ බිසව ? සේවිකාව : සමුද්රෝ ගෘහයේ. වාසවදත්තා : යමු බලන්ඩ - ඔබ ඉස්සර වෙන්ඩ. (දෙදෙනාම යති) සේවිකාව : මේ තමා සමුද්ර ගෘහය. යන්ඩ ඇතුළට. මම ගිහින් හිසේ දාන්ඩ තෙල් ටිකක් ගේන්නම්. (පිටත්ව යයි) වාසවදත්තා : දෙය්යන්ටවත් මාව පේන්නේ නෑ. පද්මාවතිත් එහෙම තමයි. කණගාටුවේන ඉන්න ම‍ගේ සුවාමියා සනසන්ඩ පද්මාවතිට බෑ - යන්ඩ ඕනෑ සමුද්ර ගෘහය ඇතුළට. (ඇතුල් වෙමින් උඩ බලා) අනේ ! හැබෑට - සේවකයන්ගේ කිසි සැලකිල්ලක් නැති හැටි. පද්මාවතී ළඟ තනියටවත් කවුරුවත් නැහැ නෙ. මේ පානෙ හැටි එකෙ එළියත් නෑ - පද්මාවතීට හොඳටම නින්ද ගිහින් වාගෙ. මමත් ළඟින් ඉඳගන්ඩ ඕ‍නැ. වෙන තෙනකින් ඉඳගත්තොත් වැඩි ආදරයක් නැති නිසා එහෙම කළා කියලා හිතයි. (වාඩිවෙයි) ආ ! - අද ඇ ළඟින් වාඩිවෙන කොටම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. දෙයියන්ගෙ පිහිටෙන් ඈට ඇති අසනීපයක් නෑ - දැන්




5 වැ නි අං ක ය 31

හිසරදය නැවතිලා ඇති. ඇ‍ඳෙන් බාගයක් ඉඩ තියල තියෙන්න මටත් නිදාගන්ඩ වෙනුඩැ. මාත් නිදා ගන්ඩ ඕනැ. (ඈ නිදයි) රජ : (සිහිනයක් දැක) හෝ ! වාසවදත්තා !! වාසවදත්තා : (වහා නැගිටිමින්) දෙයියෝ සාක්කි. මේ පද්මාවතියැ ? මගෙ සුවාමියා නෙ - මාව දැක්කද දන්නේ නෑ. දැක්ක නම් යව්ගන්දරායණගෙ උපාය හරියන්නෙ නෑ. රජ : අහෝ ! අවන්ති රජතුමාගෙ දියණිය ! වසවදත්තා : ඒ කතාකරන්නෙ හීනෙන්. දැන් මෙහෙ කවුරුවත් නෑ. මම ටිකක් නතර ‍වෙන්ඩ ඕනෑ. ඒක මගෙ හිතට ලොකු සැනසීමක්. රජ : අහෝ ! මගේ ප්රිගයාව ! කතා කරන්න. වසවදත්තා : ඇයි ? සුවාමීනි ; රජ : ඔබ මා එක්ක තරහද ? වාසවදත්තා : නැහැ - මම ඉන්නෙ කණගාටුවෙන්. රජ : තරහ නැත්නම් මොකද ඔබ ආබරණ පළඳින්නෙ නැත්තෙ ? වාසවදත්තා : මීට වැඩිය මොන ආ‍බරණ ද? රජ : ඔබට මතකද ? විරචිකා. වාසවදත්තා : (තරහෙන්) මොන විරචිකා ද? විරචිකත් දැන් මෙහෙද ? රජ : නෑමම විරචිකා මතක් කළේ ඔබට තරහ යන හැටි බලන්ඩ. (ඉදිරියට දෑත් විහිදයි) වාසවදත්තා : (තමාටම) මම හුඟක් වෙලා හිටිය. දැන් ඉතින් කවුරුවත් එන්ඩ ඉස්සෙල්ලා යන්ඩ ඕනෑ - රජ්ජුරුවන්ගේ පාතට වැටුණු අත ඇඳ උඩ තියල යන්ඩ ඕනෑ. (ඈ එසේ කරයි) රජ : (වහා නැගිටියි) යන්ඩ එපා ! වාසවදත්තා ; යන්ඩ එපා !! අහෝ !

කලබලයෙන් මම පිටත දිවෙද්දී දොරටුවෙ හැපුනෙමි නොදැනම එහි තතු එහෙයින් මේ මගෙ මන දොළ සැබැවින් ඉටුවිමෙක් දැ? යි නොම දතහැකි වී. විදූෂක : (පිවිසෙමින්) ආ ! රජතුමා අවදිවෙලානෙ. රජ : ඔබට සුබාරංචියක් කියන්ඩ තියෙනව. වාසවදත්තා ජීවත්ව ඉන්නවා.





32 ස් ව ප් න වා ස ව ද ත් තා

විදූෂක : පිස්සුද ? - වාසවදත්තා මැරිල දැන් හුඟක් කල් නෙ. රජ : එහෙම කියන්ඩ එපා; ඈ තවම ජීවත්ව ඉන්නව.

මා හිතවත් සබඳ පියබඳ පුබුදුවා මා ගියා ඈ දැනුවැ යි කිව්වෙ අග මැති මහ මුසාවෙකි

විදූෂක : රජතුමනි, මේක නම් හිතන්ඩ බැරි දෙයක් - ඔව් ; කොහොමවත් බැරි දෙයක්. මම උදේනි නුවර පොකුණු ගැන මතක් කළානෙ. ඔබතුමා ඒ ගැන හිත හිතා නිදාගන්ඩ ඇති. - මේ පෙනිල තියෙන්නේ හීනයක්. රජු : එහෙනම් ඒ හීනයක්.

වතහොත් මමිතුර ඒක සිහිනයක් හේතුවකි නින්දෙම පසු වී නම් නැතහොත් මනසේ නැඟි කැළැඹීමක් නම් දිගු කල් ඒ එලෙසම වේව.

විදූෂක : රජතුමනි ; මේ නගරෙ අවන්ති සුන්දරී කියල යස්සණියක් ඉන්නව. ඈ වෙන්ඩ ඇති ඔබතුමා දැකල තියෙන්නෙ. රජ : නැ හැ . සත්තකින්ම නැ හැ

අවදි වූ කෙණෙහි ම නොපිනූ කල සිරිත් ඉ ම ආයගේ මුව පියු ම නෙත් පුරා හොඳ හැටි දුටිමි ම ම

මල් දම් වැනි සුකොමළ අත දිගු කර මා අත ඇල්ලු කෙණෙහි දයාවෙන් ලොමු දැහැගත් හැටි නින්දෙන් වූ නමුත් තවමත් දකිතැකි. මෙ බැලුම මැන වී.

විදූෂක : රජතුමනි, ඔය වැඩක් නැති දේ ගැන කතාකළා දැන් ඇති. අපි යමු අර අමුත්තන්ගේ රැස්වීම් සාලාව දිහාට. කංචුකී : රජතුමනි ; ඔබතුමාට ජය වේවා ! - රජතුමනි ; දර්සක රජතුමා කියනව රුමන්වාන් අමාත්ය ය විසාල සේනාවක් පිරිවරාගෙන ඇවිත් ලු. අරුණි සමග සටනට යන්ඩ. රජතුමාගෙ 5 වැනි අංකය 33

චතුරංගනී සේනාවත් සූදානම් ලු. රජතුමනි ; ඔබතුමාත් සූදානම් වෙන්ඩ.

බිඳැර සතුරු සෙන් මඟ රැකවල් ලා බල සෙන් දැන් ලඟ තරණය කරති මහ රජ ; පින්වත් මහරජ ; ඔබ හට අයිතියි ඒ මහ වත්ස රටම දැන්

රජ : (නැඟී සිටිමින්) හොඳයි. මමත් සූදානම්.

මුහුද ගොඩ ගත් සේ සිව්රඟ සෙනග සමගින් ආ අරුණි බලවත් බිඳැර ලමි ජය නියති මා හට



5 වැනි අංකය නිමි










6 වැනි අංකය

සංස්කරණය

(කංචුකි පිවිසෙයි)

කංචුකී : කව්ද ? මේ දොරටුවෙ මුර කරන්නෙ. දොරටු පාලිකාව : පින්වත ; මම - විජයා කංචුකී : පින්වතිය ; කරුණා කරල උදේනි රජතුමාට දන්වන්ඩ. රයිඛ්යු කංචුකීත්, අංගාරවති බිසවගෙ පණිවුඩයක් ගෙනාපු වාසවදත්තාගේ කිරි මවුත් මේ දොරටුව ළඟ ඉන්නවයි කියලා. දොරටු පාලිකාව : දැන් එවැනි දැන්වීමකට හොඳ වෙලාවක් නෙමෙයි. කංචුකී : මොකද හොඳ නැත්තො. දොරටු පාලිකාව : සූරියමුක මාලිගාවෙ ඉඳල කවුද වීණාවක් වාදනය කළා. රජ්ජුරුවෝ එක අහල කිව්ව ඒ හඬ හරියටම ගෝසවතී වීණාවේ හඬ වාගෙයි කියල. කංචුකී : ඉතින් ? දොරටු පාලිකාව : ඉතින් - රජතුමා ගිහිල්ල ඇහැව්වා. ඔහුට විණාව ලැබුනෙ කොහෙන්ද කියල. ඔහු කිව්ව නර්මදා ගං ඉවුරෙ උණ පඳුරක් අස්සෙ තිබුණයි කියල. ඔනැ නම් එය රජතුමාට ගන්ඩත් කිව්ව. රජතුමා විණාව අරගෙන උකුල උඩින් තියාගත්ත විතරයි. සිහි නැතුව ගියා. - සිහි උනාට පස්සෙ අඬ අඬා කියන්ඩ පටන් ගත්ත ගෝසවතී න්ම දැක්ක. නමුත් තවම ඈ දැක්කෙ නැ කියල. මේ නිසයි, මේ වෙලාව හොඳ නෑ කිව්වෙ. - කොහොමද ඉතින් රජතුමාට තවත් කරදර කරන්නේ. කංචුකී : පින්වතිය ; කොහොමහරි මෙය දන්වන්ඩම ඕනෑ. අපි ආවෙත් ඒකටම සම්බන්ධ කාරණයක් ගැනයි. දොරටු පාලිකාව : හොඳයි ; එහෙනම් දැනුම් දෙන්නම් - ආ ! අර එන්නෙ රජතුමා. සූරියමුක මාලිගාවෙ ඉඳල. මම එතෙන්දීම දැනුම් දෙන්නම්කො.

(දෙදෙනාම නික්ම යති)

මිශ්රෙ විෂ්කම්භය නිමි 34




6 වැ නි අ‍ං ක ය 35

(රජ සහ විදූෂක පිවිසෙති)

රජ : මීරි නාදෙන් දෙසවන් නලවා කලෙකදි ගරු බුහුමන් - ලැබ දේවිය උකුලේ පියයුරු මඬලේ සැතපුණු නේ සිරියෙන් ‍ගෝසවතිය ; ඔබ මේ මහ වනයෙහි තනිවම නිහඬ බවෙන් - යුතු වම සියොතුන් නැඟු දූවිලි කඳ මැද සැනසුනෙදෝ කෙලෙසින් ?

ඔව් ; ගෝසවතී; ඔබ කෙළෙහි ගුණ දන්නෙ නෑ. ඔබට අසරණබිෙත සව ගැන මත නෑ.

පිරිමැද ඔබේ ගත පුළුලුකුලෙහි හි ඳු වා යලි තුඟු පින් පියොවුරු මඬ‍ලෙහි ර ඳ වා ඉමිහිරි ගීත රසයෙන් දෙසවන් පු ර වා ඔබ සන්සන්න ඈ අපමණ වෙර දැ රු වා

විදූෂක : රජතුමනි ; ඒ ගැන කණගාටු උනා දැන් ඇති. රජ : ඔබ එහෙම කියන එක හරිද ? වසන්තක. වීණාව දැක්මෙන් ඇවිලේ මහදැ ආලය එනමුත් එ පිය කළ මපිය බිසොවුන් නොවේ ඇස්සමු වසන්තක ; ඉක්මනට ගිහින් වීණාව අලුත්වැඩියා කරගෙන එන්ඩ.

විදූෂක : හොඳමයි ; රජතුමනි ; (වීණාව රැගෙන යයි) දොරටු පාලිකාව : (පිවිසෙමින්) ජයවේවා ! දේවයන් වහන්ස ; ජය වේවා ! - මහ‍ාසේන රජතුම‍ාගෙ කංචුකීත් ; අංගාරවත‍ි බිසවගෙ පණිවුඩයකට ආපු වාසවදත්තගෙ කිරිමවත් ඔබ වහන්සේ බැහැදකින්ඩ ඇවිත් වාසල් දොර ළඟ නැවතිලා ඉන්නව. රජ : එහෙනම් ඉස්සර වෙලා පද්මාවතී බිසවට කතාකරන්ඩ කියන්ඩ. දොරටු පාලිකාව : හොඳමයි ; දේවයන් වහන්ස ; (නික්ම යයි) රජ : මේ තරම් ඉක්මනට මහාසේන රජ්ජුරුවෝ කොහොම ද මේව දැනගත්තෙ ? (පද්මාවතී හා දොරටු පාලිකාව පැමිණේ)


36 ස් ව ප් න වා ස ව ද ත් තා

දොරටු පාලිකාව : එන්න ; බිසවුන් වහන්ස ; එන්න. පද්මාවති : ජයවේවා ; ඔබ තුමාට ජයවේවා ; රජ : පද්මාවති ; ඔබ දන්නෙ නැද්ද ? මහාසේන රජතුමා රයිඛ්ය කංචුකීත්, අංගාරවති බිසව වාසවදත්තාගේ කිරි මව් - වසුන්දරාත් එවල ලු. දෙන්නම අර වාසල් දොර ළඟ ඉන්නව ලු. පද්මාවති : මගේ නෑයන් සුවසේ ඉන්න බව දැන ගන්ඩ ලැබීමත් සතුටට ක‍්ාරණයනක්. රජ : ඔව් ; පද්මාවති ; වාසවදත්තා‍ගේ නෑයෝ ඔබෙත් නෑයො නෙ - පද්මාවතී ; මෙහෙන් වාඩි වෙන්ඩ - මොකද ? ඔබ වාඩිවෙන්ඩ අකමැතිද? පද්මාවතී : රජතුමනි ; මේ සෙනග බලාඉන්දැද්දි එහෙම වාඩිවෙන එක හොඳ නෑ. රජ : මොකද හොඳ නැත්තෙ ? පද්මාවතී : මම ඔබතුමාගෙ දෙවෙනි බිසවනෙ. මම ළඟින් වාඩිවීම ඔබතුමාට මදි කමක් නේද ? රජ : පද්මාවතී ; වාඩිවෙන්ඩ - කැමති අයට තමන්ගේ බිරිඳ බලාගන්ඩ ඉඩ ලබානොදෙන සුවාමියා දොස් ලැබිය යුත්තෙක් - පද්මාවතී වාඩිවෙන්ඩ. පද්මාවතී : (වාඩිවෙමින්) මහාසේන රජතුමාගෙයි අංගාරවති බිසවගෙයි පණිවුඩය මොකක්ද කියල දැන ගන්න කල් මට නම් ඉස්පාසුවක් නෑ. රජ : ඔව් ; පද්මාවතී ; මටත් නෑ.

ඔව් ; මම දන්නෙමි ඔහු නිව යුතු දෑ බලයෙන් ගෙනවුන් දියණිය ඔහුගේ ඈ රැක ගැනුමට කිසිවක් නොම කළ මා තුළ ඇත්තේ මහ බියකුයි

පද්මාවති : රජතුමනි ; වෙන්ඩ තියෙන දෙයක් කොහොමවත් වළක්වන්ඩ බෑ. දොරටු පාලිකාව : දේවයන් වහන්ස , කංචුකීයි , කිරි මවුයි, තවමත් වාසල් දොර ළඟ. රජ : ඉක්මනට ඒ දෙන්න කැඳවා ගෙන එන්ඩ. දොරටු පාලිකාව : හොඳමයි ; දේවයන් වහන්ස. (නික්ම යයි) (කිරි මව්, කංචුකී සහ දොරටු පාලිකාව පැමිණෙති)


6 වැ නි අං ක ය 37

කංචුකි : අප රජුගේ නෑසිය රජෙකුගෙ රට කට පැමිණීමෙන් උපදි සොම්නස එනමුදු බිසවට වූ දෙය සිහිවත නිම නැති සෝ ගිනි ඇවිලෙයි හද තුළ

එම්බා ! දයිවය ‘බට නොක ළැක්කක් මේ ලොව කිසි තැනෙකත් ඇති වී නැහැ සතුරන්ගෙන් රට බේරා ගත්තෙන් බිසවුන් ලැබුණෙත් බලයෙනි ඔබගේ

දොරටු පාලිකාව : මේ ඉන්නෙ රජතුමා. යන්ඩ ඉස්සරහට. කංචුකී : (ඉදිරියට යමින්) රජතුමනි ; ඔබතුමාට ජයවේවා ! කිරි මව් : රජතුමනි ; ඔබතුමාට ජයවේවා ! රජ : (ගෞරවාදරය සහිතව) පින්වත්නි !

රද පෙළපත රකි න සිය අණ දිග’ත පතුර න රජුත් සෙස්සන් ගැ න කිමද තොරතුරු වහා කිව මැ න

කංචුකී : මහාසේන රජතුමා ඇතුළු සියලු දෙනාම සුවසේ ඉන්නව - එතුමා මෙහේ ඉන්න නැදෑයන්ගෙ සුවදුක් විචාරණව. රජ : (නැගිටිමින්) මොකක්ද ? මහාසේන රජතුමා‍ගෙ පණිවිඩය. කංචුකී : රජතුමනි ; මහාසේන රජතුම‍?ාගෙ පණිවුඩය ඔබතුමාගෙ සතුටට කාරණයක් - වාඩිවෙන්ඩ ; මම කියන්නම්. රජ : කියන්න ; කියන්න ; පින්වත (වාඩිවෙයි) කංචුකී : සතුරන් අල්ලගෙන තිබුණු රාජ්ජය ආපසු ගත්ත.

දුවල බිය ගුල්ලන් අත බලය නොරැ‍ඳෙනු ඇත‍ නර පතියකුට හිමි බලය රැකෙනුයෙ වීරයන්ගෙනි. රජ : පින්වත ; මෙයත් මහාසේන රජතුමාගෙ බලයෙ ප්රාතිඵලයක් පළමුව පැරදුණු මුත් යළි ජය ගෙන ඔහු දූ කුමරිය බලනේ ගෙනාවෙමි තවම පියකු සේ සලකයි ඔහු මට කිමද කරුණ මා ඔහුගෙන් රට ගත් 38 ස් ව ප් න වා ස ව ද ත් තා

කංචුකී : ‍රජතුමනි ; ඔය කිව්වෙ මහාසේන රජතුමාගෙ පණීවුඩයයි. බිසවුන් වහන්සේගේ පණිවුඩය කිරි මව් කියයි.

රජ : පින්වතිය බිසොවුන් සොලොසකට නායක මෑණියන්ගේ සුව - දුක් කෙසේදැ ? යි නොවළහා දන්වනු මැන.

කිරිමව්: බිසවුන් වහන්සේ සුවසේ සිටින බවත් ; ඔබ වහන්සේ ඇතුළු සියළු දෙනාගෙම සුව - දුක් විචාරණ බවත් කියන්ඩ කිව්ව. රජ : සුවදුක් ? - සුව තමා ඉතින්. කිරි මව් : රජතුමනි ; මේ දුක් උහුලන්ඩ පුරුදු වෙන්ඩ ඕනෑ. මහාසේන රජතුමගෙ දියණියමැ ුළා. දැන් කරන්ඩ දෙයක් නෑ - අපි ඈ ගව්රවයෙන් සිහි කරමු.

මහ වනය පසෙකින් දැවෙයි පෙරැලෙයි යළිදු ලියලයි මිනිස් දිවියත් එ බඳුයි වැටෙයි පෙරැලෙයි යළිදු නැගිටියි

රජ : එහෙම කියන්ඩ එපා. පින්වත ; එහෙම කියන්ඩ එපා.

මහසෙන් රදුගෙ දූ මපිය බිරිඳගෙ පෙම්බර රුව සිතු බිතෙහි ඇඳි මකා ලන්නට නොමැත සමතෙක්

කිරි මව් : රජතුමනි ; බිසවුන් වහන්සේ කියනවා ; උන්වහන්සේත්, රජතුමාත් උන්වහන්සේලාගේ දරුවන් දෙන්නට වගේම ඔබතුමාටත් ආදරෙයි කියලත දියණිය පාවා දුන්නෙත් ඒ නිසාම ලු. ඔබතුමා ඉක්මන් කළ නිසා ලු අග්නිපූජාදියෙන් යුත් මංලෝත්සවයක් පවත්වන්ඩ බැරි උනේ. - ඒත් ඔබතුමා ආවට පස්සෙ ඔබතුමාගෙයි, වාසවදත්තගෙයි පින්තූර දෙක අන්දවලා සිරිත් විරිත් සහිතව විවාහ මංලෝත්සවය පැවැත් වූ බව කියන්ඩ කිව්ව. ඒ පින්තූර දෙකත් ඔබතුමාට පිළිගන්වන්ඩ කිව්ව. - දැන් ඉතින් එය බලාවත් සැනසෙන්ඩ වෑයම් කරන්ඩ.

6 වැ නි අං ක ය 39

රජ : අහෝ ! බිසවුන් වහන්සේ මට දක්වා තියෙන්නෙ ලොකුම ආදරෙකුයි ගව්රවේකුයි නෙ.

මා කළ මුත් යම් යම් වැරැදී දෑ ඈ සිය දරු සෙනෙහස අඩු නොකළා සියයක් රටවල් ජය ගැනුමට වැඩි සතුටකි මේ වන් බසක් ඇසීමත්

පද්මාවතී : වැඩිහිටියෙකුගෙ පින්තූරයක් නිසා මම එයට ආචාර කරන්ඩ ඕනැ. කිරි මව් , මේ බලන්න ; බිසවුන් වහන්ස ; හේ බලන්න. (පින්තූරයක් පෙන්වයි) පද්මාවතී : (පින්තූරය බලා කමාටම) හ්ම් ! හරියටම අවන්තිකා වාගෙ නෙ. (ශබ්ද නගා) මේ පින්තූරය අවන්තිකා වාගෙ නේද ? රජ : නෑ හරියටම වාසවදත්තා වාගෙ. අහෝ ! දේවිය ;

රූ සිරියෙන් ඈ ඈටම සම කර තොත් මිස අනිකක හට සම නොකළැකි නෙත් කළු පැහැයත්, පෙම්බර මුහුණත්, අහෝ ! කෙලෙස දැවිණිද ? වැද ගිනි දැල්.

පද්මාවතී : ඉස්සර වෙලා රජතුමාගෙ පින්තූරෙ බල්නඩ ඕනැ. එතකොට අනිත් පින්තූරෙ අවන්තිකාවාගෙද කියල දැන ගත්ත්තැහැකි. කිර මව් : මේ බලන්න ; බිසවුන් වහන්ස : මේ බලන්න. පද්මාවතී : (පින්තූරය බලා) රජතුමාගෙ පින්තූරෙ නම් හරියටම හරි - වාසවදත්තාත් මේ පින්තූරෙ වාගෙම වෙන්ඩ ඕනෑ. රජ : පද්මාවතී පින්තූරෙ දැක්ක හැටියෙ ඔබ සන්තෝස උනා. නමුත් පසසෙ කණගාටු උනේ ඇයි ? පද්මාවතී : රජතුමනි ; හරියටම මේ වගේ කෙනෙක් මෙහෙත් ඉන්නව. රජ : මොනව ? - වාසවදත්තා වාගෙ කෙනෙක් මෙහෙ ඉන්නව ? පද්මාවති : ඔව් ඉන්නව. රජ : එහෙනම් ඉක්මනට ඈ එක්ක එන්ඩ. පද්මාවතී : රජතුමනි ; මට ඈ බලාගන්ඩ කියල බාර දුන්නෙ බ්රා හ්ම්ණසයෙක්. ඔහු කි‍ව්වෙ, ඔහුගෙ නංගි කියලයි. ඈත් සුවාමියාගෙන් වෙන්වුණූ කෙනෙක් කියල වැඩි පුර කාටවත් පේන්ඩ නැවිදින් හැංගිලා වාගෙයි හිටියෙ. අපි ඈ කිරි මව්ට පෙන්වමුද ?

40 ස් ව ප් න වා ස ව ද ත් තා

රජ : බමුණුගේ නැඟණිය විය හැක අ‍නෙක් අඟනක් එකියකගේ රූ සිරි දරයි. අනෙකක් මෙ ලෝ දහමෙකි.

දොරටු පාලිකාව : (පිවිසෙමින්) දේවයන් වහන්ස ; උදේනි නුවර ඉඳල බ්රාුහ්මණයෙක් ඇවිත් වාසල් දොර ළඟ ඉන්නව. - ඔහු ආවෙ බිසොවුන් වහන්සේ ළඟ නවත්තපු ඔහුගෙ නංගිව ආපහු එක්ක යනුඩ ලු. රජ : පද්මාවති ; ඈ බාර දුන්නු බ්රා හ්මණයාද ඒ ? පද්මාවති : වෙන්ඩ ඇති. රජ : සුදුසු සැලකිලි සහිතව ඔහු වහාම කැඳවා ගෙන එන්න. දොරටු පාලිකාව : හොඳමයි ; දේවයන් වහන්ස ; (පිටත්ව යයි) රජ : ඔබත් ගිහින් ඈ එක්ක එන්ඩ පද්මාවතී : හොඳමයි (පිටත්ව යයි)

(යෞගන්ධරායණ හා දොරටු පාලිකාව පැමිණෙති)

යෞගන්ධගරායණ : (තමාටම)

රජුගේ යහපත හා අප සම්පත් උදෙසා බිසොවුන් සඟවා මෙලෙසින් කළ දෑ සපල වූ මුත් ඔහු මුව’ගින් කෙබඳු බසෙක් ගිලිහේ දෝ ? සැකයෙකි.

දොරටු පාලිකාව : අවසර දේවයන් වහන්ස ; ඔහු කැඳවාගෙන ආව. යෞගන්ධපරායණ : (ළඟට යමින්) ජයවේවා ! රජතුමනි ; ඔබතුමාට ජයවේවා! රජ : කට හඬ නම් පුරුදුයි වාගෙ. බ්රාජහ්මණය ; ඔබේ සහෝදරියක් පද්මාවති බිසොව ළඟ නැවැත්තුවද ? යෞගන්ධළරායණ : නැවැත්තුවත රජ : ඉක්මන් කරන්න ; ඔහුගේ සහෝදරී මෙහෙ ඉන්නව ලු. දොරටු පාලිකාව : හොඳමයි ; දේවයන් වහන්ස (නික්ම යයි) (පද්මාවතී, අවන්තිකා සහ දොරටු පාලිකාව පැමිණෙති)

පද්මාවති : එන්න ; පින්වතිය ; එන්න - ඔබට සුබාරංචියක්


6 වැ නි අං ක ය 41

අවන්තිකා : සුබාරංචියක් ? - මොකක්ද ? සුබාරංචිය. පද්මාවතී : අය්යණ්ඩි ඇවිත් ල. අවන්තිකා : දෙවියන්ට පින් සිද්ද වේවා ! - ඇති යන්තම් මාව මතක් උනා. පද්මාවති : (ළං වෙමින්) රජතුමනි ; මෙන්න ඒ පරෙස්සම් කරන්ඩ බාර දීල ගිය නංගී. රජ : ඈ ආපහු බාර දෙන්න. හැබැයි පරෙස්සමට තිබ්බ වස්තුවක් ආපහු දෙක කොට ඒකට සාක්කි තියෙන්ඩ ඕනැ - හොඳයි ; මේ ඉන්නෙ කංචුකීත් කිරිමවත් සාක්කියට. පද්මාවති : පින්වත ; මෙන්න නංගි - ආපහු බාර ගන්ඩ. කිරි මව් : (අවන්තිකා දෙස තියුණු බැල්මක් හෙලා) හෝ ! මේ වාසවදත්ත බිසව නේද ? රජ : මොනව ? මහාසේන රජතුමාගේ දියණියද? එන්ඩ ; එන්ඩ; පද්මාවති බිසවත් එක්ක ඇතුළට එන්ඩ. යෞගන්ධ රායණ : නැ නෑ ඒ මගෙ නංගී. රජ : පින්වතිය ; මොකක්ද ඔබේ අදහස ? මහාසේන රජතුමාගෙ දියණිය බව සහතිකද ? යෞගන්ධ රායණ : බරත කුලේ දිනු සුපතල ගුණවත් ඔබ ‍ඈ බලයෙන් ගත‍හොත් නොහොබි පැණවත්පනිරිඳනි ; ඔබ සිය කුලදම් මැනැවින් සුරුකිය යුතු වෙයි දිවි සේ.

රජ : හොඳයි ; අපි බලමු - මේ හිස් වැස්ම අහක්කරන්ඩ. යෞගන්ධනරායණ : මගේ රජතුමාට ජය වේවා ! වාසවදත්තා : මගේ සුවාමියාට ජය වේවා ! රජ : හෝ ! මේ යව්ගන්දරායණ නෙ - මේ මහාසේන රජතුමාගෙ දියණිය නෙ.

ඇත්තමද මෙය නැත හොත් සිහිනයක් වත් දෝ ? යළී මම දුටිමි ඈ අහෝ ! උන් මා රැවැටු සැටියෙකි.




42 ස් ව ප් න වා ස ව ද ත් තා

යෞගන්ධ රායණ : රජතුමනි ; බිසව ඔබතුමාගෙන් සඟවා තැබීමෙන් මා කළේ බරපතළ අපරාධයක් - සමාවන්න ; රජතුමනි ; මට සමාවන්න. (රජුගේ දෙපා මුල වැටෙයි)

රජ: (ඔහු ඔසවමින්) සත්තකින්ම ඔ යව්ගන්දරායණද ?

බොරුවෙන් උමතුවෙන් යුදයෙන් හෝ උවදෙසින් මහත් වෑයමකින් අප වැසනයෙන් මිදුවෙහි.

යෞගන්ධවරායණ : රජතුමනි : අපිත් ඔබතුමාගෙ වාසනාවෙ කොටස් කාරයො නෙ. පද්මාවතී : හෝ ! මේ වාසවදත්තා බිසවද ? - මම ඔබට වැඩිහිටියෙකුට මෙන් නොසැලකුවෙ නොදැනුවත්කම නිසයි. මට සමාවෙන්ඩ (වැඳ වැටෙයි) වාසවදත්තා : (පද්මාවතී ඔසවමින්) නැගිටින්න ; - පින්වතිය ; - නැගිටින්න - ඒකට වැරදිකාරි වෙස්වලාගෙන හිටපු මමයි. පද්වමාවති : ඔබට ජයක්ම වේවා ! රජ : යව්ගන්දරායණ ; ඔබ බිසව සඟවා ගෙන ගියේ ඇයි ? යෞගන්ධ්රායණ : අපට ආණ්ඩු කරන්ඩ ලැබිල තිබුනෙ කව්සම්බි දේසය විතරක් නෙ. රජ : ඈ පද්මාවතිට බාර දු‍න්නෙ මොකද ? යෞගන්ධ රායණ : පද්මාවති කුමාරි ඔබතුම‍ාගේ බිසව වෙනවයි කියල පුස්පකබද්රටයි , අනික් සාත්තර කාරයොයි කියාපු නිසා. රජ : මේ බව රැමන්වාන් දන්නවද ? යෞගන්ධබරායණ : නොදන්න කෙනෙක් නෑ - රජතුමනි ; ඇමතිවරු සේරම දන්නව. රජ : රුමන්වාන් කොයි තරම් කපටියෙක්ද ? යෞගන්ධබරායණ : රජතුමනි ; රයිඛ්යුටයි, කිරිමව්ටයි අදම ආපහු ගිහින් බිසව සුවසේ ඉන්න බව මහාසේන රජතුමාටයි බිසවුන් වහන්සේටයි කියන්ඩ කිව්වොත් හොඳයි නේද ? රජ : නැහැ - පද්මාවති බිසවත් එක්ක අපි සේරම යමු. යෞගන්ධතරායණ : රජතුමනි ; ඔබ තුමාගේ කැමැත්තක්.


6 වැ නි අං ක ය 43

භාරත වාක්ය ය

හිම ගිරි මිණි කො‍ඬොලින් නිති බැබැලෙන සමුදුර හිම් කොට පැතුරුණු මිහිකත් සනසා සේසත් නංවා දැහැමින් වැජැඹේ යහතින් අප නරනින්දා.

(සියල්ලෝම විසිර යති)

6 වැනි අංකය නිමි.



ස්වප්න වාසව දත්තා නිමි

"https://si.wikibooks.org/w/index.php?title=ස්වප්න_වාසවදත්තා&oldid=6300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි