සස දා විවරණය-විවරණය v
201
අන්වය : –– සෙ මිණි අවුරෙහි පැහැ පත ද, වේ ගජ මුළු, සුර ගඟ පැන් උරමින් බට මේ කුළු සිය පැරැදැවී.
පදාර්ථ : –– ස්ඵටික මණි ප්රා කාරයෙහි ප්රරභාව පැමිණියේ නම්, වීථියෙහි හස්ති සමූහය තෙමේ, දිව්යෙ නදියෙහි පානීය පානය කෙරෙමින් බටුවා වූ මේඝ කූට ශතයන් පරාජිත කෙළේ යැ.
විස්තර : –– සුර ගඟෙහි පැන් සුදු යැ. ස්ඵටික මණි ප්රාකකාරයෙහි රශ්මිය ද සුදු යැ. ඒ ප්රාදකාර රශ්මිය විථීයට පැමිණියේ නම් වීර්ථඵය සුර ගඟ මෙන් වෙයි. විථියෙහි යන ඇතුන් සුර ගඟෙහි පැන් බොන්නට බට වැසි වලා කුළු පරදවන්නේ එ වැටැ යැ.
ටිප්පණී : –– 1. පත ද –– පිටපත් ‘පතන්’ යනු පාඨය කොටැ ‘ප්රා ප්ත ද’ යන අර්ථ ය දෙයි. 2. ගජ මුළු පැරැදැවී –– යෙදෙයි. ‘මේ කුළු සිය’ පරදවන්නට ගජ මුළ මැ වුව මනා
විවරණය 253
හෙයිනි. 3. පැනුරමින් –– පැන් උරමින්. පැන් උරනුව මිශ්ර‘ ක්රියයා නිපාතය අපර ක්රිනයා නිපාතයේ අර්ථ5ය දෙන්නට යෙදුණු තැනි. 4. පැරැදැවී –– පිටපත් ‘පැරැදැ’ යන්න මැ ගෙනැ ‘පරාජය කෙළේ’ යන අර්ථුය කියයි.
202
අන්වය : –– ගෙ දිගු විල් මුවරඳ අවල මඳ පවන්, පුර වමියන් රිය කෙළියෙ මිරිකි කොකුම අඟර තවර තැවැරි.
පදාර්ථ : –– ගෘහදීර්ඝිකායෙහි මකරන්දාකුල වූ මන්ද පවනය (තෙමේ,) පුර වනිතාවන් ගේ රති ක්රී:ඩායෙහි දී මිරිකුණා වූ කුංකුමාඞ්ගරාග වර්චනය ගෑයේ යැ.
විස්තර : –– පුර ස්ත්රීරන් ගේ ඇඟෙහි ගෑ කුංකුමාඞ්ගරාගය සම්භොගයෙහි දී පහ වැ යෙයි. ගෙ දිගු විලින් මල් රොන් ගෙනැ එන සුලඟ ඒ පහ වූ කොකුම් අඟර තවර යළිඳු ආලේප කෙරෙයි. සුළඟෙහි ඇති මල් රොන් ඇඟැ වැදගත් කලැ කුංකුමාඞ්ගරාගය යළි දු තැවැරූ කලක් මෙන් වෙති යි යූ සේ යැ.
සම්භොගයෙන් විඩාවට පැමිණි ගැහැනු කවුළු හැරැ සිසිල් පවන් විඳුනා බව ද, ගෙ දිගු විලෙහි බොහෝ මල් අති බව ද, මෙයින් පැවැසිණ.
ටිප්පණී : –– 1. රිය කෙළියෙ –– රති ක්රී.ඩායෙහි. ‘රති’ යන්නෙහි අරුත දෙන්නට පැරැණි බසෙහි යෙදුණේ ‘රිය’ යනු යි. ‘රති ස්වාමි’ යන්නට හෙළුයෙහි සමාන වනුයේ ‘රිය හිමි’ යනු යි. පිටපත්හි ‘අරි කෙළියෙ’ යනු මැ පෙනේ. 2. මිරිකි ––‘මලානික වූ’ යන අර්ථිය යැ පුරාණ සන්නයෙහි යෙදුණේ. ‘මැකි’ යනු සුදුසු සේ පෙනේ 3. කොකුමඟර තවර –– කොකුම් අඟර තවර. කුංකුම අඞ්ගරාග විලෙපනය, තවරනු ලබන්නේ ද ‘තවර’ නමි. ධාතුව මැ නාමය වැ සිටි තැනි.
254 විවරණය
203
අන්වය : –– පුර අඟන නුවන් ‘මම් මෙ වන් රූ නො දිස්මි. තෙපි යම් අසා ද’ වී පුළුවුස්නසින් කන් අතැ ගිය වන්.
පදාර්ථග : –– පුරාඞ්ගනාවන් ගේ නයනය තෙමේ, ‘මම මෙ බඳු රූපයක් නොදක්නෙමි; තෙපි යමක් අසවු ද’ කියා අසනු රිසියෙන් කන ළඟට ගියා වැන්නේ යැ.
විස්තර : –– පුර ස්ත්‍රීන් ගේ ඇස් කන දක්වා දික් වැ සිටි බව යැ මේ කියැවුණේ. ඒ ස්ත්රී න් ගේ රූපයට සමාන වූ අන්ය රූපයක් ඇස නම් නුදුටුයේ යැ. තමා නුදුටු නමුත්, කන වත් එ බඳු රූපයක් ගැනැ අසා ඇත් දැයි දැනැ ගන්නට ඇසට රිසියෙක් උපන. එය අසන පිණිසැ යැ ඇස කන ළඟට ගියේ.
ඉතා විසිතුරු අරුතෙකි.
ටිප්පණී : –– 1. නො දිස්මි –– ‘නො දිස්මි’ යනු මැ යැ පිටපත්හි එනුයේ. එයට පැවැසුණේ ‘නුදුටු විරීමි’ යන අරුත යි. දැන් වහරෙහි ‘දිස් ; ධාතුවට ‘දක්’ යනු අදෙස් වෙයි. එ හෙයින් සකර්මයක වූ තන්හි ‘දිස්මි’ යන රූපය නො යෙදෙයි. පෙර වහර වෙනස් බව මින් පෙනේ. ‘දිස්මි’ යන වර්තමාන රූපය යෙදුණේ මෙ බඳු රූපයක් ගිය කලැ නුදුටු බවත් දැන් නොදක්නා බවත් එක් විටැ මැ හඟවන්නට යැ. 2. මම් –– පිටපත්හි නොඑන්නෙකි. ‘තෙපි යමසා ද වී’ යැ යි දෙ වැනි පිය ගත දෙ මතෙක් අඩුයැ.එ තැන ‘මම’ යනු අවශ්ය යැ. ‘තෙපි’ යනු යෙදුණු හෙයිනි. 3 යම්-යම් කිසි මෙ බදු රූපයක් ‘යමක්’ යනු යැ වහරට හුරු. 4. අසා ද –– අසවු ද. ‘වු’ ලොප් වැ පූර්ව ස්වරය දීර්ඝ වූ කලැ ‘අසවු’ යනු ‘අසා’ වෙයි. 5. කන’තැ –– කන අතැ. ‘අත්’ යනු මෙහි සමීපාර්ථ.ය දෙයි.
විවරණය 255
204
අන්වය : –– මිණි තොරණ තර එ පුර මහ වේ අඳුරු බිඳුතු, අතුරේ මරා මිණි තොරණ රහස් යොනන් මනබඳ.
පදාර්ථො : –– මාණික්ය තොරණ රශ්මිය ඒ පුරයේ මහා වීථියෙහි අන්ධකාරය යටපත් කරන කල්හි, අන්තරයෙහි මරකත මණි තොරණය තෙමේ අභිසාරිකාවන් ගේ සිත් ගත්තේ යැ.
විස්තර: –– රත් මිණියෙන් කළ තොරණින් ආලෝකය පැතිරෙත් මැ මඟ හෙළි වැ අභිසාරිකාවෝ පෙනෙන්නට වෙති. ඔහු එය නොරුස්නෝ යැ. අතරෙහි වූ මරා මිණි තොරණින් අඳුරු වැඩි වෙයි. එයින් අබිසරුවෝ සතුටු වෙති.
එ නුවරැ තන්හි තන්හි රත් මිණි තොරණ ද අතරෙහි මරා මිණි තොරණ ද වූ බව යැ මේ කියැවුණේ.
මේ නම් මහා කවි කුමාරදාසයන් ආදියෙහි මැ දුටු අරුතෙකින් ගැනුණෙකි.
‘යත්රහ ක්ෂතොද්වෘංහිතතාමසානි
රක්තාශ්මනිලොපලතොරණානි
ක්රොාධප්රාමොදෞ විදධුර්විහාහිර්
නාරීජනස්යි භ්රතමතො නිශාසු’
[ යත්ර –– යමෙකැ, විභාහිඃ ක්ෂත උද්වෘංහිත තාමසානි –– නසන ලද වඩන ලද අන්ධකාර ඇති, රක්ත අශ්මනිල උපල තොරණානි –– රතු ගල් නිල් ගල් තොරණහු, නිශාසු භ්ර්මතඃ නාරී ජනස්යි –– රෑ සරන ගැහැනුනට, ක්රොලධප්රදමොදෞ විදධුඃ –– රොෂ තොෂ දෙක කළෝ ද –– ]
‘ඇ ති දොරැ දොරැ ඉඳු නිල් මිණි රන් තොරණ පැ ති රැ අඳුරු කැරැ හැරැ පැලැඹෙත කිරණ නි ති රෑ සරන වේ මැදැ සුර’ඟන හරණ වෙ ති මෙහි බිසරු දිගැසියො සහතුටු උරණ’
යැ යි සිරි රහල්හු එය මැනැවින් හෙළුවට නඟති.
256 සස දා
ටිප්පණී: –– 1. මිණි තොරණ –– ‘මිණි’ යැ යි අවිශෙෂයෙන් කියූ කලැ ගැනෙනුයේ රත් මිණි මැ යැ. ‘පද්මරාග මාණික්යණ’ යැ යි සන්න කාරයෝ කියති. 2. තර - රශ්මි යන අරුත දෙන්නෙකි. 3. රහස් යොනන් –– රහසින් මඟැ බැසැ යන හෙයින් අබිසරුවෝ මෙ නමට සුදුස්සෝ යැ. 4. මරා මිණි –– Emerald. ‘පව්ව’ යනු වහරෙහි එන නමයි.
205
අන්වය : –– එ පුරෙහි වමියන් මුළු මුළු වැ ලාලී කෙළුතු, සිදු, උඩුහුරු වත් සිරි බලා, තමන් රිසි සිදු කළ.
පදාර්ථර : –– ඒ පුරයෙහි කාන්තාවන් රාශි රාශි වී ලාලි කෙළනා කල්හි, සිද්ධයෝ (තුමු.) උඩට හරවන ලද මුඛයේ ශොභාව බලා, තමන් ගේ අභිලාෂය සිද්ධ කළ හ.
විස්තර : –– ඒ පුරයෙහි ස්ත්රීේන් අනුපම වූ රූපශ්රීගයෙන් විරාජිත බව යැ මේ කීයේ. සිද්ධයෝ අහස්හි වෙති. බිමැ හැසිරෙන ගැහැනුන් ගේ මුහුණු සිත් පුරා දක්නට අවසරයෙක් ඔවුනට සාමාන්යත වශයෙන් නො ලැබේ. ස්ත්රී්න් ලාලි කෙළනා කල්හි සිද්ධයන් ගේ භාග්යහය උදා වෙයි. අහසෙහි සරන ලා වට දෙස මැ බලා සිටුනා ස්ත්රීලන් ගේ මුහුණු උඩුකුරු වෙයි. එ කලැ සිද්ධෙයෝ ඒ මුහුණු රිසි සේ බලාගනිති.
සිද්ධයන් ගේ මෙ බඳු රිසියක් ඇති බව මහ පැරැකුම්බා වෝ ද හඟවති.
‘පුර කත දඟ කළ –– තල හසුන ‘හස් නැඟමට රිසි බඳ බඳ රිසි තමා –– නොසිදු සිදු කැන් නුබෙහි’
ටිප්පණී: –– 1. මුළු මුළු වැ –– සමූහයට ‘මුළු’ යනු නමෙකි. 2. ලාලී –– ලායෙන් (ලාකඩින්) කළ වට ( Balls ) තුනක් හෝ වැඩියක් ගෙනැ කරනු ලබන කෙළියෙකි.
විවරණය 257
ලා වට අහසට දමා එකකුදු බිමැ හෙන්නට නො දී, එන එන වට යුහු යුහු වැ නැවැතැ අහසට මැ යැවියැ යුතු වෙයි. වට යවන කලැ එය බලන සියල්ලෝ එක සේ ඇස් අහසට හරවාගෙනැ සිටිති.
‘එ සේ ද වුවත්, මම සක්වළ ගල හා හිමවු කුළ හා මහ මෙර හා ලාලී වට තුනක් සේ මෙ තැනැ මැ සිටැ ................ගෙනැ නැඟෙමි. නැවැතැ ඒ තුන් පර්ව.තය මැලාලී වට තුනක් සේ අහසට දමදමා, බිමැ හියැ නො දී ලාලී කෙළි නම් පෙළහරක් පවිමි’
යන ‘පූජාවලී’ පාඨයෙන්, ලාලී කෙළියෙහි සැටි මඳක් හෙළි වේ. මෙය ස්ත්රී න් ගේ ක්රීදඩාවක් බව යැ පෙනෙනුයේ. 3. උඩුහුරු –– ‘උඩුකුරු’ යනු යැ දැන් වහරෙහි එනුයේ. 4. සිදු –– ප්රළකෘතිය මැ පළමු වන විබත් බුහු බස් ගත් රුව සේ යෙදිණ. ජාත්යවපෙකෂායෙහි එක බසැ යි ද කියැ හැකි.
206
අන්වය : –– එ පුර සිරි වනත කවර කිවියර මුව පත් ? අවියත් දනා තෙපලට නුහුසු දිව වදන් මෙන්.
පුර වැනුම් සමත්.
පදාර්ථන : –– ඒ පුර ශ්රී ය වර්ණ්නය කරත් හොත් කවර (නම්) කවිවරයා ගේ මුඛය ප්රා්ප්ත ද ? අව්යඒක්ත ජනයා ගේ වචනයට නුසුදුසු වූ දිව්ය් භාෂාව මෙනි.
පුර වර්ණානය සමාප්ත යි.
විස්තර : –– මේ නගරයේ ශ්රී ය වනන්නට කවර නම් කවිවරයකු අව ද හේ පොහොසත් නො වේ. ඔහු ගේ මුව ඒ කාර්යයට පැමිණියෙක් –– සමර්ථහ වූවෙක් –– නො වේ. අව්යමක්ත ජනයා ගේ වචනයට සංස්කෘත භාෂාව යම් සේ සරි නො යේ ද, කවර කිවියකු ගේ වූව ද මුඛයට මේ නගර ශ්රීචය සරි නො යෙයි.
258 සස දා
ටිප්පණී: –– 1. මුව පත් –– මුඛය පැමිණියේ ද ? මෙහි පත් වීම නම් ඒ කාර්යය සඳහා –– එයට සමර්ථ වැ –– පැමිණීම යි. කවරකු හට වුව ද ‘කවර කාර්යයක් වුවත් කෙරෙමි, යි පැමිණියැ හැකි. එහෙත් හේ ඒ කාර්යයට සමත් නො වේ නම්, සැබැවින් එයට පත්තේ නොවේ. 2. නුහුසු –– ‘උචිත නුවූ’ යනු යැ, පුරාණ සන්නය දෙන අරුත. ‘නො හුසු’ යැ යි පද සිඳැගත් කලැ ‘හුසු’ යනු ‘උචිත’ (සුදුසු) යන අරුත දෙන්නට සිටී. 3. දිව වඳන් –– එ නම් සංස්කෘතය යි. ‘දෛවි භාෂ’ යනු එයට සංස්කෘත නාම යි. සස දා කාරයන්. සංස්කෘතයෙහි අතිදක්ෂයකු වූ බවට සැකයෙක් නැති. ඒ මතු ද?සංස්කෘතය ගැනැ ඉතා උසස් හැඟීමක් ඔවුනට තුබූ බවට මෙ තැන දෙස් දෙයි. සංස්කෘත නාටකයෙහි ඒ ඒ පාත්රත විශෙෂයට නියමිත වූ ඒ ඒ භාෂා වෙයි. එහි ලා උත්තම පාත්රහයට මැ ඇරුණෙකි සංස්කෘතය. මේ බව දත් මේ කවින් ‘අවියත් තෙපලට දිව වදන් නුහුසු’ බව කියුවා වියැ හැකි.
207
අන්වය : –– පැනැ කළ මහ ගත්නි බඹ දිනූ, සිරි වමියට සිරි නිවෙස් වන්, බඹදත් නම් රජෙක් එ පුරේ වී.
පද්ර්ථ්ර් : –– ප්රූඥායෙහි රැඳැවූ මහා ග්රවන්ථයන් කරණ කොටැගෙනැ බ්රසහ්මයා පැරැදැ වූ ශ්රී් කාන්තාව ශ්රීි නිවාසයක් වැනි වූ, බ්ර හ්මදත්ත නම් රාජයෙක් ඒ පුරයෙහි වි යැ.
විස්තර: –– බඹදත් රජ මහ ගත් උගත්තේයැ , ප්ර ඥායෙහි ඒ සියලු ගත් පිහිටුවා - ගත්තේ යැ. එයින් හේ මහා බ්ර හ්මයා ද පැරැදැවී යැ. එ තරම් ගත් මහා බ්රිහ්මයා වත් නූගත්තේ යැ. තව ද හේ ශ්රී කාන්තාවට මඞ්ගල නිවාසයක් වැනි යැ. ඇය ගේ උසස් මැ නිවාසය වැන්නැ හේ.
විවරණය 259
‘එ පුරේ පැනැ කළ මහ ගත්නි බඹ දිනූ සිරි වමියට සිරි නිවෙස් බඹදත් නම් රජෙක් වී’
යනු යැ පුරාණ සන්නය ගන්නා අන්වයය. එයට අනුවත් හොත් ––
‘එ පුරේ පැනැ - මහ ගත්නි දිනූ බඹ බඹ දත් නම් රජෙක් වී - සිරි වමියට සිරි නිවෙස්’
යන ලෙසට ගිය ගත හැකි යැ. පුරාණ සන්නය ‘සිරි නිවෙන්’ යන පාඨයට ‘ශ්රීඑ නිවාසයක් වැනි වූ’ යන අර්ථනය දෙයි. එක් පිටපතෙකැ පමණක් ‘සිරි නිවෙන්’ යන්නෙහි ‘න්’ යන්න කපා ‘ස්’ යන්න ලියන ලද්දේ යැ. එහි දු දෙන ලද අරුත නම් ‘ශ්රීන නිවාසයක් වැනි වූ’ යන්න මැ යැ. එ හෙයින් ‘සිරි නිවෙස් වන්’ යනු මැ පාඨය වූ බව සලකාගත හැකි වෙයි. ‘සිරි නිවෙස් වන්’ යනු අව්යඑක්ත ලෙඛකයාට ‘සිරි නිවෙන්’ යැ යි ලියැවෙනු නොබැරි යැ.
ටිප්පණී : –– 1. බඹ දිනූ –– භාරතීය ත්රියමූර්තියෙහි ප්ර ථමයා බ්රතහ්මයා යැ. මේ නම් මූර්තිමත් කොටැ ගන්නා ලද වෙද ඥානය යි. සංස්කෘතයෙහි ‘බ්රයහ්මන්’ නාමය වෙද ග්රි න්ථ, වෙද මන්ත්රූ, අථර්ව වෙද, වෙද ඥාන යන මේ ආදි අනෙකාර්ථ දෙන්නට ද යෙදේ. එ හෙයින් බ්ර,හ්මයා වෛදිකයන් හඟනා පරිදි සකල ඥානයට මූලය වූ වෙද ග්ර න්ථයන් අවබෝධ කිරීමෙහි ලා අග්රෙ සර බව සලකාගත හැකි වේ. මෙහි වැනෙන බඹදත් රජ තමා අවබෝධ කළ ග්රමන්ථයන් කරණ කොටැගෙනැ බ්රලහ්මයා ද දිනුවෙකි. ඇතැම් තන්හි ‘බ්රරහ්මන්’ නාමය සුර ගුරුට ද යෙදුණු බව පෙනේ. ඒ අරුත ගත හොත් ‘බඹ දිනූ’ යන්මනෙහි ‘සුර ගුරුහු දිනූ’ යනු අරුත යි. 2. පැනැ කළ –– ‘සිතැ තුබූ’ යැ යි පුරාණ සන්නය පරිකථා කෙරෙති. ඒ අර්ථිය ගන්නට නම් ‘පැනැ කළ’ යනු යොදති යි නො සිතේ. සිතැ තිබිම නම් වනපොත් කිරීම යි. පැනැ කිරීම නම් අවබෝධ
260 සස දා
කැරැ - ගැනීම යි. දෙකෙහි වෙනස ඉමහති. 3. සිරි වමියට –– කාන්තාවට. ඕ කිරි මුහුද කලඹන දවස් එයින් පහළ වූවා යැ. විෂ්ණුහු ගේ උර තෙලෙහි විසුම් ගත්තී ඕ එහි ශොභාව පතුරුවයි. ශ්රී.මතකු, සෞභාග්ය් සම්පන්නයෙකු හැඟැවුව මනා තන්හි කිවියෝ ඔහු ගේ උරෙහි සිරි වෙසෙති යි යෙති. 4. සිරි නිවෙස් –– මෙහි ‘සිරි’ යනු උසස් බව හඟවන්නට යෙදිණ. ‘සිරි පද’ යනාදි තන්හි මෙනි. බඹදත් රජ සිරි වමියට සිරි නිවෙසක් බඳු යැ. උසස් මැ නිවෙසෙහි වසන්නට වේ ද කා ගේ වුවත් කැමැත්ත. තමාට සිරි නිවෙසක් වූ බඹදත් රජ කෙරෙහි මැ වසන්නට සිරි වමිය කැමැති වත් හොත් කවර නම් පුදුමයෙක් ද ? බඹදත් රජ නිරන්තරයෙන් ශ්රීෙමත් බව යැ මෙයින් හැඟැවෙනුයේ.
208
අන්වය : –– එ රජ ගුණ නුරා ලෙවන් කෙරෙ වැදැ, නරතුරු වෙරැ රැඳී සඳුන් කොකුම් සිරිඟර ලෙසින්, සැරැහී.
පදාර්ථක : –– ඒ රජු ගේ ගුණයත් අනුරාගයත් ලෝක වාසීන් කෙරෙහි වැදී, නිරන්තරයෙන් ශරීරයෙහි රැඳුණා වූ චන්දන කුඞ්කුම චූර්ණු ආකාරයෙන්, හෙබැවී යැ.
විස්තර : –– බඹදත් රජු ගේ ගුණයත් අනුරාගයත් නොකඩ වැ මැ ලෝක වාසීනට ලැබේ. ඔවුන් කරා පැමිණැ ඒ ගුණානුරාග දෙක ශරීරයෙහි මැ පෙනෙන සේ සිටී. කෙසේ ද සඳුන් කොකුම් සුනු මෙනි.
බඹදත් රජු ගේ කාලයෙහි රට වැසියෝ ඉතා සුවපත් වූ හ. රජු ගේ ගුණයත් අනුරාගයත් රට වැසියන් කෙරෙහි පුරා පතළේ යැ. ඔවුනට හිඟයෙක් නැති. එ හෙයින් සියලු රට වැසියෝ රිසි පරිදි සඳුන් සුනු කොකුම් සුනු ගල්වා සුවය සිරුරිනුදු දක්වා සිටිති. ඒ, රජු ගේ ගුණයත් අනුරාගයත් ඇඟෙහි ගල්වාගෙනැ සිටිනු වැනි යැ.
විවරණය 261
ටිප්පණී: –– 1. ගුණ –– දයා ක්ෂමා ආදිය. ගුණ කීර්තිය ඇති කරන්නේ යැ. කවි සමයයෙහි කීර්තිය සුදු යැ. එ හෙයින් ගුණ ද සුදු සේ සැලැකේ. සඳුන් සිරිඟර ගැනුණේ මේ ගුණයට සුදුසු වන්නට යි. රජු ගේ ගුණය සියල්ලනට මැ පාන ලදි. 2. නුරා –– අනුරාගය. ඇල්ම. කවි සමයයෙහි අනුරාගය රතු යැ. කොකුම් සිරිහර ගැනුණේ මේ අනුරාගයට සුදුසු වන්නට යි. 3. සැරැහී –– සඳුන් කොකුම් සුනු වෙර (සිරුර) සරහනු වෙයි. එ හෙයින් ගුණ නුරා ද වෙර සරහන සේ කියැවේ. 4. සිරිඟර ––මෙහි ‘සිරිඟර’ නම් සුනු (චූර්ණන) යි. සකුයෙහි ‘ශෘඞ්ගාර’ යන්නෙනුදු ඒ අර්ථසය ලැබේ.
209
අන්වය : –– එ කලැ එ රජ තෙද යස දව රෑ අලු කරත්, හිරු දව සඳ කියෙලී, සඳ සේ පියුම් වෙස් ගත්.
පදාර්ථඞ : –– ඒ කාලයෙහි ඒ රාජයා ගේ තේජසත් යශසත් දිවා රාත්රිඳ ආලෝක කරත් මැ, සූර්ය (තෙමේ) දිවා චන්ද්රතයා හැඟැවී යැ, චන්ද්රය තෙමේ ශ්වෙත පද්ම වේශය ගත්තේ යැ.
විස්තර : –– රජු ගේ තේජසත් කීර්තියත් දෙක දිවා රාත්රීි කාලය එක සේ ආලෝක කෙරෙයි. එ සේ කිරීමෙන් සූර්යයා දාවල් සඳ සේ පෙනෙන්නට වියැ, චන්ද්රෙයා සුදු පියුමක් සේ පෙනෙන්නට වියැ.
මඳ අවුලෙක් මෙහි පෙනේ. කීර්තිය පමණක් පැතුරුණේ නම්, හිරු දව සඳ කියොලන ලෙසත් සඳ සේ පියුම් වෙස් ගන්නා ලෙසත් සලකාගත හැකි වේ. කීර්තියෙන් සියල්ල සුදු වෙයි. රන් වන් හිර සුදු වැ සඳ මෙන් පෙනෙන්නට වනු යෙදෙයි.සුදු හිරක් නොවන හෙයින් මේ දාවල් සඳ යැ යි ගැන්මට ඉඩ ඇති. සඳෙහි ද කැලුම් නැති වැ යන හෙයින්, රැ වුවත් සුදු පියමෙකැ වෙස් ගනු
262 සස දා
ඉවැසියැ හැකි. රතු වූ තේජස මෙහි ලා සැලැකිණි නම්, තේජසත් යශසත් පැතුරුණු බව සැබෑ වී නම්, ඒ ණතේජසෙහි රතින්කුමක් වූ සේ ගත යුතු ද ?
දෙකෙකින් එකක් වූ සේ යැ, තෙද යස යැ යි දෙක මැ මුලැ දී කී නමුත් අග දෙසට යත් මැ මේ කවිනට තෙද බඳ සඳහන් මද වියැ. නොහොත් ‘තෙද’ යනු ලියන්නන් විසින් හෙළන ලද්දේ යැ. සියලු සන්න පිටපත්හි ‘තෙජොයශස් දෙක’ යනු එක සේ එන හෙයින් දෙ වැන්න හැඳහියැ නොහැකි තරම් යැ. මේ කවීන් සෙසු තන්හි දැක්වූ ප්රසතිභාව බලන කලැ පළමු වැන්න ද හැදැහියැ නොහැකි තරම් යැ. අප අරුත් ගත් සෙයෙහි හෝ වරදෙක් වී ද ?
මේ සේ හෝ සලකමු. කවීහු මෙ තන්හි තෙදෙහි රතත් යෙසෙහි සුදත් නො ගෙණෙති, එහි උණුසුම මැ මෙහි සිසිල මැ හඟවති. රජ තෙදෙහි උණුසුම මැ පැවැතිණි හිර නිකම් දාවල් සඳ මඩල මෙන් (පැහැයෙන් නො වේ,නොතෙද බැවින්) පෙනුණා පමණෙකි. රජ යසසෙහි සොමි ගුණය මැ ඉස් මතු වැ දැනිණ. සඳෙහි කැලුම, සිසිල් බව, සඳහන් කරන්නෙකුදු නැති. කිනම් මැ සුදු පියුමක් මෙනි සඳ අහස්හි පෙනුණේ.
ටිප්පණී: –– 1. හිරු දව සඳ කියෙලී –– ‘සූර්යතෙමේ දිවා චන්ද්රසයා ගේ විලාසය හැඟැවී යැ’ යනු මැ යැ පුරාණ සන්න පිටපත් දෙන අරුත. එයට සුදුසු වන්නට නම් පෙළට ‘විලස්’ යන්නකුත් අසු වියැ යුතු යැ. එහෙත් එ බන්දෙක් නො ගැනිණ. ‘තෙද’ යනු හළ හොත් ––
‘අලු කරත් එ කැලැ - එ රජ යස දව රෑ හිරු
දව සඳ විලස් කියෙලී - සඳ සේ පියුම් වෙස් ගත්’
යි ගීය වෙයි.
විවරණය 263
අන්වය : –– එ සත්සර, ළද වමියන්, උරැ වතළ රුසිරු පියොවුරු විලසින්, මුළු ලෙව් මැ, සිනෙහෙන්, ළෙන් ඉසිලී.
පදාර්ථ් : –– ඒ සත්ත්වසාර තෙමේ, තරුණ කාන්තාවන්, වක්ෂස්හි වැතුරුණා වූ රුචිර වූ පයෝධරය මෙන්, සමස්ත ලෝකය මැ, ස්නෙහයෙන්, හෘදයයෙන් දැරී යැ.
විස්තර : –– බඹදත් රජ මුළු ලෝකය මැ තමා ගේ හෘදයයෙන් දැරි යැ. තරුණ ස්ත්රිරයක ළය මතැ වැතුරුණා වූ පයෝධරය දරන්නා සේ මහත් ආදරයෙන්දැරී යැ.
සකල ලෝක වාසීන් කෙරෙහි ආදරය ඔහු සිත්හි පැවැති බව අතිරමණීයාකාරයෙන් කියැවිණ.
පයෝධරය මෙන් ළෙන් උසුලන ලෙස මහ පැරැකුම්බා වනට ද සඳහන් වියැ.
‘රත් සඳැත සුවට –– මුහුණු රියත් ඉහි ගමන්
තනතො ‘තන සේ මා –– කිම ළෙන් නොඋසුලන්නේ’
ටිප්පණී : –– 1. සත්සර –– සතුන් අතරෙහි සර (සාර) වූයේ සත්සර යි. 2. උරැ වතළ –– ළය පුරා පැතිරී සිටි. එ තරම් මහත්.
211
අන්වය : –– එ රජ රුපු කලුන් කියඹු වැල හුණු වුවනත්, පලග අඩ ගහණ ඔත මැලැ සඳ සිරි ඉසිලී.
පදාර්ථැ : –– ඒ රාජයා ගේ ශත්රැල කාන්තාවන් ගේ අලකාවලී වැටුණා වූ වක්ත්රැය (තෙමේ,) රාහු විසින් අර්ධ ග්රරහණය කරන ලද්දා වූ මිලාන වූ චන්ද්රවයා ගේ ආකාරය දැරී යැ.
264 සස දා
විස්තර : –– බ්රජහ්මදත්ත රාජයා ගේ සතුරන් ගේ කාන්තාවෝ සිය සැමියනට පත් විපත නිසා ශොකයෙන් තැවෙති. පෙරැ මෙන්. ඔවුන් ගේ අලකා ගොතා සරසන ලද්දේ නො වේ, නිකම් මැ මුහුණට වැටී මුහුණින් අඩක් වසාගෙනැ සිටී. එ හෙයින් ඒ මුහුණ, රාහුහු විසින් අඩක් ගන්නා ලද සඳ වැන්නැ.
බ්ර්හ්මදත්ත රාජයා විසින් සියලු සතුරන් වනසන ලද බව ද ඔවුන් ගේ ස්ත්රීැන් වැලැපෙන බව ද කී පරිදි යි.
මේ අර්ථ ය කොවුල් සඳෙස් කරුවන් ගේ ද සිත් ගත් සේ යැ.
‘පලග වන් වියත් දද තුටු වන්ට බලී පලග අවි රැගත් වරැ මෙ විරු රුපු කලී පලග හුණු මුහුණු සහ දුන් කඳුළු හැලි පලග අඩ ගහණ මිලි තරිඳු සිරි ‘සිලී ’
ටිප්පණී : –– 1. කියඹු –– මුතු කුසුම් ආදියෙන් ගොතා ඉදිරි දෙ පසෙහි හෙළන කෙස් රොද ‘කියඹු’ නමි. සංස්කෘතයෙහි ‘අලක’ යනු වෙයි.
‘සත්නාහොගෙ පතන් භාති කපොලාත් කුටීලො ‘ලකඃ ශශාඞ්කඛීම්බතො මෙරෞ ලම්බමාන ඉචොරගඃ
[ කපොලාත් –– කොපුලින්, ස්තනආභොගෙ පතන් –– තන මඞලෙහි වැටෙන්නා වූ, කුටිලඃ අලකඃ –– වකුටු වූ කියඹුව, ශශාඞ්කබිම්බතඃ –– සිසි ඛිඹුයෙන්, මෙරෞ –– මෙරුයයෙහි, ලම්බමානඃ ––එල්බෙන්නා වූ , උරගඃ ඉව –– නයකු මෙන්, භාති –– දිසේ. ]
මෙයින් කියඹු වැළෙහි දිග මැනැගත හැකි වේ. කොහි සිටැ කො දෙසින් කොයට යේ දැයි ද මැනැවින් මැ හැඟැ වෙයි. කාලිදාසයෝ කියඹු මුතු ලා කොඳ කැකැළු ලා ගොතනු ලබන බව කියත්.
විවරණය 265
‘මුක්තාජාලග්රලථිතමලකං’ [ මුතු දැලින්ගොතන ලද අලකා ඇති .] ‘අලකෙ බාලකුන්දානුවිද්ධං’ [ කියඹුයෙහි තරුණ කුන්දයෙන් අනුවිදුනා ලද. ]
2. පලග –– රාහු නම් ග්රදහයාට නමෙකි. 3. අඩ ගහණ ඔත –– අර්ධ ග්ර–හණය බැහූ. අඩක් ගැනීම කළ. ‘ගම නොත’ ‘රඟොත’ යනාදි තන්හි ‘ඔත’ යනු ද විමසන්නේ යැ. පිටපත්හි එනුයේ ‘ගහණත’ යනු යි. ‘ගහණොත’ යි ගත විරිත නො පිරේ. 4. මැලෑ –– පිටපත්හි ‘මැලැ’ යනු එයි. වරද පැහැදිලි යැ. එක් පිටපතෙක් ‘මැලසි’ යනු දක්වය’ 114 වැන්න බලන්නේ යැ.
212
අන්වය : –– රණ රඟැ නරතුරු කවඳ සහස් නැටුම් ගැන්වූ එ විරු යස ගී ගා නො නටත් දියේ කෙ වත් ?
පදාර්ථන : –– රණ රඞ්ගයෙහි නිරන්තරයෙන් කවන්ධ සහස්ර යන් නෘත්යු ග්රරහණය කැරැවූ ඒ වීරයා ගේ යශොගිති ගායනය කොටැ නෘත්යය නො කරත් (හොත්) ලෝකයෙහි කවුරු පොහොසත් ද ?
විස්තර : –– බඹදත් රජ යුද්ධයෙහි අතිදක්ෂයෙකි. යුද්ධයෙහි දී ඔහු විසින් කෙළ ගණන් සතුරෝ නසනු ලැබෙති. එ හෙයින් කවන්ධ රූප දහස් ගණන් යුද්ධ භූමියෙහි නටන්නට වෙත්. කවන්ධ රූපයන් දහසුනුත් නටවන්නට සමර්ථය වූ ඔහු ගේ යශොගීතිකා ගායනය කෙරෙමින් නොනට ඉන්නට සමතෙක් මුළු ලොවැ නැත්තේ යැ. ඔහු ගේ කීර්තිය පිළිබඳ ගී ගයමින් මුළු ලොව නටනට බව මෙ සේ කියැවිණ.
266 සස දා
ටිප්පණී: –– 1. කෙ –– ‘කො’ යන සර්ව නාමයෙහි ප්ර ථම විභක්ති බහුවචන රූප යි. 2. රණ රඟැ –– ‘රණ’ නම් යුද්ධය යි. ‘රඟ’ නම් නැටුම් යැ. කවන්ධයන් නටන හෙයින් රණ රඟක් ලෙස ගැනිණ. 3. කවඳ ––කබන්ධ, සකුයෙහි කබන්ධ යන්නෙහි අර්ථර නම් ‘හිස සිඳුනා ලද’ යනු යි. ‘ක’ යනු හිසට නමි. ‘බධ’ ධාතු සිඳීමෙහි (කැපීමෙහි) වැටේ.
‘මනුෂ්යා්ණාං සහස්රෙ’ තු හතෙෂු හෘතමූර්ධසු තදාවෙශාත්කබන්ධඃ ස්යාසදෙකො ‘ මූර්ධො ක්රිනයාන්විතඃ’
[ හෘත මූර්ධසු –– පහකරන ලද හිස් ඇති, හතෙෂු –– මරන ලද්දවුන් කෙරෙහි, මනුෂ්යා ණාං සහස්රෙි තු –– මිනිසුන් ගෙන් දහසක් වූ කල්හි, තද් ආවෙශාත් –– ඔවුන් ගේ ආවෙශයෙන්, අමූර්ධඃ –– හිස නැති,ක්රිලයා අන්විතං-ක්රිායා ඇති එකංකඛන්ධ ස්යා ත්- එක් කවඳෙක් වන්නේ යැ. ]
යුදෙහි මිනිසුන් දහසක් හිස් කපා මැරූ කල්හි හිස් සුන් කඳක් නැඟී පණ ඇත්තකු මෙන් ක්රිදයා කරන්නට වන වන බව යැ කියැවුණේ.
‘මළවුන් ලක්ෂයක් වූ කලැ බඩ මූණක් ඇති එක් රුවෙක් ආකාශයෙහි නටාලයි. එ සේ වූ රූකඩ දහස් ගණන් නටන්නට පටන් ගත’
යනු ස්තූපවංශයෙහි එයි. මේ කවන්ධය මැ දැයි විමැසියයුතු. 4. සහස් –– පිටපත් ‘සුවහස්’ යන්න පෙළ කොටැගෙනැ ‘සහස්රවයන්’ යන අරුත දෙයි. අරුතට සුදුසු කොටැ පෙළ ගන්නා ලදී.
213
අන්වය : –– එ නරනිඳු සිරි සර පලඹ අත, විපක්සුපකට යම දඬු කප් තුරු සිරින්, නරතුරින් බිය තොස කෙළෙ.
විවරණය 267
පදාර්ථෙ : –– ඒ නරෙන්දුයා ගේ ශ්රීම සාර වූ ප්රටලම්බ හස්තය තෙමේ, විපක්ෂසුපක්ෂයනට, යම දණ්ඩ කල්පද්රැෙමාකාරයෙන්, නිරන්තරයෙන් භය සන්තොෂ කෙළේ යැ.
විස්තර : –– ඒ රජු ගේ එක මැ අත යමයා ගේ දණ්ඩය ද කල්ප වෘක්ෂය ද මෙන් වි යැ. වරෙකැ යමයා ගේ දණ්ඩය ද අන් වරෙකැ කල්ප වෘක්ෂය ද මෙන් වූයේ නො වේ. එක් වරැ මැ සියලු කල්හි මැ එ සේ වූයේ යැ. යම දණ්ඩාකාර වූයේ විපක්ෂයනට යි. එයින් ඔවුනට එක්වන්. ලැබුණේ බිය යි. එ හෙයිනි එය යම දණ්ඩාකාර වූයේ කල්ප වෘක්ෂාකාර වූයේ සුපක්ෂයනට යි. එයින් ඔවුනට එක්වන් ලැබුණේ තොස යි. එ හෙයිනි එය කල්පවෘක්ෂාකාර වූයේ.
රජු හිතවතුනට වැඩ ද අහිතයනට අවැඩ ද එක්වන් කළ බව යැ කියැවුණේ.
ටිප්පණී : 1. පලඹ’ත –– පලඹ අත. එල්ලෙන්නා වූ අත. වැළමිටින් පහළ කොටස පලඹත යි. 2. විපක්සුපකට –– විපක්ෂ වූයේ –– විරුද්ධ වූයේ –– විපක් නමි. තමාට යහපත් පක්ෂය ගත්තේ සුපක් නමි. ‘විපක්ෂසුපක්ෂයා හට’ යැ යි පුරාණ සන්නය අරුත් පවසයි. හෙළුයෙහි ප්රාපණි සමුදායයක් හඟවන්නට යෙදු සමුච්චය සමාසය එකවචන රූපයෙන් යෙදීම මැනැවි දැයි පිරික්සියැ යුතු වේ. මාපියනට –– අඹුසැමියනට –– අඹුදරුවනට –– යනාදිය මැ මුත් මාපියනට - අඹුසැමියනය- අඹුදරුවවවනට යනාදිය යෙදුණු තැනෙක් නො පෙනේ.
‘විපක් සුපක් දියෙ’ –– විරුහු පබඳ තෙද බිමි
දළ සෝ හුතැස් ලෙස්නෙන් –– හිදා නුරා විලස්නෙන්’
යැ යි මහ පැරැකුම්බාවෝ යෙදූ හ. ‘දියැ’ යන්නට වෙසෙසුන් කළ හෙයින් ‘විපක් සුපක්’ යනු විබත් නො ගත.
268 සස දා
‘විපක්සුපක්නට’
යනු යැ මුවදෙව් දායෙහි ආයේ. සුදුසු සේ පෙනෙනුයේ ද ඒ යැ. විපක් ද සුපක් ද විපක්සුපක්හු. උනට විපක්සුපක්නට. මෙහි දු ‘පලඹන’ යන්නෙහි ‘ප’ යන්න හැරැ ‘ලඹත’ යනු ගත් කලැ ––
‘සිරි සරෙ නරනිඳු –– ලඹ’ත විපක්සුපක්නට’
යැ යි ගීයෙහි පෙර’ඩ පිරෙයි. ‘විපක්’ ‘සුපක්’ යනු නිපුස් ලිඟු සේ ගෙනැ’විපක්ෂ සුපක්ෂ භාවයට’ යැ යි අරුත් දෙත් හොත් ‘විපක්සුපකට’ යනුත් නොයෙදෙන්නේ නො වේ. 3. යම දඬු –– යමයා ගේ අතෙහි අඬුවෙක් වේ. ඒ අධිකරණ නායකත්වය හඟවන ලකුණ යි. Staff of Office. නරක දුක් ආදි මහ වද නියම කැරෙනුයේ යමයා ගේ මේ දඬුයෙනි. එ හෙයින් සතුනට බිය පමුණුවන අත යම දඬු සිරි ඇත්තේ යැ යනු යෙදෙයි. 4. කප් තුරු –– කල්පිත වූ (අභිමත වූ) ඇ දෙන තුර කප් තුරු යි. දෙව් ලොවැ ඇති ගස් පසින් එකෙකි.
[ පඤ්චෛතෙ දෙවතරවො ]
(1) මන්දාරඃ (2) පාරිජාතකඃ
(3) සන්තානඃ (4) කල්පවෘක්ෂශ්ච
[ පුංසිවා ] (5) හරිචන්දනම්’
යනු දෙව් රුක් පස කියයි. හිතවතුනට කැමැති සැප දෙන අත කප් තුරු සිරි දෙරෙයි.
214
අන්වය : –– එ කල්හි, දෙනෙ, පණ ඩබරින් ළද කලුන් පත්ලෙන් ඔත පහර මුත්, අන් දඬක්, සිහිනෙනුදු, නොලද.
පදාර්ථත : –– එ කාලයෙහි ජන තෙමේ, ප්රඩණය කලහයෙන් තරුණ කාන්තාවන් පාද තලයෙන් දුන්නා වූ ප්රකහාරය නා, අන්ය. දණ්ඩයක්, ස්වප්නයෙන් පවා, නොලද්දේ යැ.
විවරණය 269
විස්තර : –– බඹදත් රජු ගේ රාජ්යාය කො තරම් සුවකරු වී ද යත්, රජ වැසියනට එ කලැ දඬුවමෙකැ යි කියැ යුත්තකට ලැබුණේ මැ එක යැ. එ ද වෙන එකෙක් නොවේ. ප්රේයම කලහයෙහි තරුණ ප්රියයාව පයින් දුන් පහර යැ. කො තරම් රසවත් පහරෙක් ද ? වෙන දඬුවමෙක් නම් සිහිනෙන් පවා නොලැබුණේ යැ.
මහා කවි කාලිදාසයෝ අලකායෙහි සමෘද්ධිය වනන්නාහු පණය කලහයෙන් මුත් අනෙකෙකින් විප්රඅයොගොප්පත්තියක් නොවන සේ කියති.
‘ආනන්දොත්ථං නයනසලිලං යත්රඅ නාන්යෛතර්නිමිත්තෛර්
නාන්යනස්තාපඃ කුසුමශරජාදිෂ්ටසංයොගසාධ්යා්ත්
නාප්යනන්යයස්මාත් ප්රිණයකලහාද්විප්රතයොගොපපත්තිර්
චිත්තෙශානාං න ව ඛලු වයො යෞවනාදන්ය්දස්ති’
[ යත්රන –– එහි, චිත්ත, ඊශානාං –– දනපතියන් ගේ, නයන සලිලං ආනන්ද උත්ථං –– නුවන් දිය සතුටින් නැඟුණේ යැ; අන්යෛඃප නිමිත්තෛඃ න –– අන් නිමිත්තෙකින් නො වේ; ඉෂ්ට සංයොග සාධ්යායත් කුසුමශරජාත් අන්යඃඃ තාපඃ න –– අභිමත සංයොගයෙන් පිළියම් කළ හැකි වූ මල්සර නිසා උපන්නක් විනා අන් තැවීමක් නො වේ; ප්රිණය කලහාත් අන්ය ස්මාත් විප්රියොග උපපත්තිඃ න –– පණ ඩබරින් මුත් අනෙකෙකින් වෙන් වීම සිදු වීමෙක් නො වේ; යෞවනාත් අන්යැත් වයඃ ඛලු න ච අස්ති –– යොවුනෙන් වෙනස් වූ වයසෙක් වනාහි නො ද ඇති. ]
කාන්තා පාද ප්ර්හාරය මහත් ප්රී තිය පිණිස වන බව ඔහු මැ කියති. (මේ රක්තාශොක වෘක්ෂයක් අමතා කී බසි.)
‘රක්තස්ත්වං නවපල්ලාවෛරහම ‘පි ශ්ලාඝ්යෛඃ ප්රිතයායා ගුණෛඃ ත්වාමායාන්ති ශිලීමුඛාඃ ස්මරධනුර්මුක්තාස්සඛෙ මාමපි කාන්තාපාදතලාහතිස්තව මුදෙ තද්වන්මමාප්යාාවයොඃ සර්වං තුල්යිමශොක කෙවලමහංධාත්රාාසශොකඃ කෘතඃ 270 සස දා
[ ත්වං නව පල්ලවෛඃ රක්තඃ –– තෝ ළ පලුයෙන් රත්හි යැ. අහං අපි ප්රිංයායාඃ ශ්ලඝ්යෛඃ ගුණෛඃ (රක්ත) –– මම ද ප්රිියාව ගේ පැසැසියැ යුතු ගුණයන් කරණ කොටැගෙනැ (රත්මි;) ශිලීමුඛාඃ ත්වාම් ආයාන්ති –– ශිලීමුඛයෝ තා කරා (එති;) ස්මර ධනුං මුක්තා (ශිලීමුඛාං) මාමි අපි (ආයාන්ති)- අනග දුන්නෙන් මිදුණු (ශිලිමුඛයෝ) කරා ද(එති) කාන්තා පාද තල ආහතිඃ තව මුදෙ කාන්තාව ගේ පත්ලෙන් ගැසුම තගේ සතුට පිණිසැ (වෙයි;) මම අපි තත්වත් –– මට ද එ බඳු යැ. අශොක - එම්බා අශොක වෘක්ෂය, ආවයොඃ සර්වං තුල්යිම් –– අප ගේ සියල්ල සමාන යැ; කෙවලං අහං ධාත්රා සශොකඃ කෘතඃ –– හුදෙක් මම බඹහු විසින් සශොක කරන ලද්දෙමි. ‘රක්ත’ යනු ‘රතු පැහැ ඇති’ ‘ඇලුණු’ යන දෙ අරුත ද ‘ශිලිමුඛ’ යනු ‘බිඟු’ ‘හී’ යන දෙ අරුත ද දෙන බව සැලැකියැ යුතු. හෝපලු රුක පලුයෙන් රතු යැ. මම කාන්තා ගුණයෙන් ඇලුණෙමි. හොපලු ගසට බිඟුහු යෙති. මට හී එයි.
‘ ස ක් ක ල් සදිසි ලිය පද පහර ලැබැගෙන අ ක් මු ල් නො හැරැ මල් පිපි හොපලු සොබන ’
යි සිරි රහලුන් කි සේ හෝපලු ගස ලිය පද පහර ලැබැ මල් ගනී ල. ඒ යැ එහි සතුට නම්. ]
ටිප්පණී: –– 1. අන් අඬක් –– අන්යඒ දණ්ඩයක්. වෙන අඬුවමක්. රජු ගේ රාජ්යණය කො තරම් හිතකර වී ද යත්, දඬුවම් ලබන්නෙක් එ කලැ නො වී යැ. ලැබුණේ මෙහි සඳහන් ඉතා රසවත් දඬුවම පමණෙකි. 2. පණ ඩබරින් –– සකුයෙහි ප්ර ණය යනු ප්රේමමයට ( Love ) නමි. එයින් ඇති වන ඩබරය පණ ඩබරය යි. ( Love Quarrel.)
215
අන්වය : –– එ කල්හි දෙනෙ, පටන්නට විදු හලට පුදයට දෙවොලට විනා, එලියෙන් බැහැරැ යා නොහසළ.
විවරණය 271
පදාර්ථි : –– එ සමයෙහි ජන තෙමේ, පඨනය කරන්නට විද්යාද ශාලාවට ද , පූජාව පිණිසැ දෙවාලයයට ද මිසැ, එලියෙහි බාහ්යදයට ගොස් නුපුරුදු යැ.
විස්තර : –– එ කලැ ජනයාට සියලු සැප සිය ගෙහි මැ වූයේ යැ. එ හෙයින් එලි පතින් බැහැරැ යාම නුවුව මනා යැ. ඉදින් එලි පතින් බැහැරැ ගියේ නම් කරුණු දෙකකට යැ. එකෙක් නම් පා සල්හි ඉගැනීම යි. අනෙක නම් දෙවොලෙහි පිදිම යි.
ටිප්පණී: –– 1. යා නොහසළ –– මෙහි ‘යා’ යනු ‘යා’ ධාතුයෙන් වූ පූර්ව ක්රිියා නිපාතය යැ යි දකුම්හ. පුරාණ සන්නය ‘යානයෙහි අපරිචිත යි’ යන අරුත දෙයි. ‘හසුරු’ (සංශ්රහයයෙහි –– මැනැවින් ඇසුරු කිරීමෙහි –– පුරුදු වීමෙහි ) ධාතු හි. 2. පුදයට –– සියලු පිටපත් මේ පාඨය දි ‘පූජා කරන්නට’ යන අර්ථහය කියයි. ‘පටන්නට විදු හලට’ යනු හා සැසැඳෙනුයේ ‘පුදන්නට’ දෙවොලට’ යනු යි. ‘නු’ ප්රහත්යහයයෙන් නිපන් ‘පටනු’ යන භාව කෘදන්ත නාමය පෙර තන්හි යෙදු හෙයින් එ බඳු මැ සම්බන්ධයක් දක්වන දෙ වන තන්හි දු ප්රයක්රනම භඞ්ගය නොවනු පිණිසැ නම් යෙදියැ යුත්තේ ‘පුදනු’ යන නාමය යි. ‘පුදන්නට’ යි ගත හොත් විරිත නස්නා හෙයින් ‘පුදනට’ යි ගත හැකි යැ. ‘පූජා කරන්නට’ යන අරුතැ ඒ ‘පුදයට’ යන්නට වඩා ගැළැපේ. ‘පුද’ යන්නට ‘අට’ විබත් ගන්වා ‘පුදට’ යනු නිපැදවීම යැ සස දා කාලයෙහි වහරට වැඩියක් මැ හුරු. විමසත් වා.
216
අන්වය : –– එ කල් ලෙව්, පින්පියොවුරන් දළ හරනි ලග පියොවුරු බර ඉසිලූ පියො මුත්, බර නො ඉසිලූ.
පදාර්ථප: –– එ සමයෙහි ලෝක වාසීහු, පිනපයොධරාවන් ගේ මහත් මුක්තාහාරයෙන් ලග්න වූ පයොධර හාරය දැරුවා වූ ප්රෝයොගය විනා, බරක් නොදැරුවාහු යැ.
272 සස දා
විස්තර : –– ඒ කාලයෙහි මිනිසුන් බරකට ඉසිලුයේ ස්ත්රීනන් ගේ මහත් තන පමණෙකි.
මෙයිනුදු රජු ගේ ධර්ම– රාජ්යාය නිසා මිනිසුන් සියලු බරින් මිදි සුවපත් වූ බව මැ හැඟැවිණ.
ටිප්පණී: –– 1. දළ හරනි ලග –– ‘පියොවුරු බර’ යන්නට වෙසෙසුනි. ඒ පියොවුරු කො තරම් මහත් ද යත් හොත් ගැහැනුන් ගේ ළ මැදින් වෙන් වී හැළෙන තරම් යැ. යන්තම් රඳවන ලද්දේ මහත් වූ මුක්තා හාරයෙන්, මහ කඹයෙන් මෙන්, බැඳීමෙනි. පියොවුරු බර ළයෙන් වෙන් නො වැ එහි ලැගැ සිටීමට දළ මුතු හර කරණ වූ හෙයින්’ ‘හරනි’ යන තන්හි තුන් වැනි විබත යෙදෙයි. 2. පින්පියොවුරන් –– කාන්තාවන්. පින් වූ පියොවුරු යමක ගේ ද ඕ පින්පියොවුරු. උන් පින්පියොවුරන්. 3. ලෙව් –– ‘ලෝක වාසී තෙමේ’ යැ යි පුරාණ සන්නය එක්බස් කොටැ අරුත් පවසයි. බුහුබසැ ගන්නට බාධා නැති, එක්බස් වුව ‘ඉසිලී’ යනු ආඛ්යාුතය වෙයි. එ කලැ ‘ඉසුලු’ යන්නෙහි ද්විරුක්තිය නැසෙයි. දෙ තැනෙකැ මැ ‘දෙනෙ’යන එකාන්ත එකවචන රූපය යෙදුණ ද, අනතුරු පැදියෙහි ‘දනෝ’ යන බුහුබස් රුව ද පෙනෙන හෙයින් මෙහි බුහුබසරුත් දෙනු සරස් නො වෙයි. 4 පියොවුරු බර ඉසුලු පියො මුත් ––මෙහි ‘බර’ යනු යෙදුණේ මහත් බව හැඟැවීමට යි. එ පියොවුරු බර ඉසිලීමට කළ ප්රුයෝගය මහ බරක් බව හැඟැවීමෙනුදු පයොධරයන් ගේ මහත් බව මැ සැලැකැවිණ. 5. බර –– වෙන බරක්. රජු ගේ කර (අයබදු) බර ආදියෙක්.
217
අන්වය : –– එ කල් මහ දනෝ, කෙළි මඬලේ නරතුරෝ, අහර බුදුනට කැඳවත්, මෙ පමණෙක් දුක වී හඟිත්.
පදාර්ථව : –– එ සමයෙහි මහා ජනයෝ (තුමු, ක්රීබඩා මණ්ඩලයෙහි නිරන්තර වූවාහු, ආහාරානුභව කරන්නට ආහ්වානය කරන කල්හි ‘මෙ පමණෙක් දුක යැ’ කියා සලකත්.
විවරණය 273
විස්තර : –– රටෙහි සැපතින් කිසි අඩුවක් නැති බැවින්, සතුරු උවදුරක් ගැනැ සිහිනෙනුදු හැඟීමක් නැති බැවින්, ජනායෝ නිරතුරු මැ කෙළි මඬලේ වෙති. අහර බුදුනා විටැ ඔහු කැඳවනු ලැබෙති. කෙළිපසු මැ වූ ඔහු ඒ කැඳැවීමෙහි දී දොම්නස් වෙති. ‘අපට දුක මෙ පමණෙකැ’ යි හඟිත් එ හෙයින්.
ටිප්පණී: –– 1. මෙ පමණෙක් –– පිටපත් මෙය මැ පෙළ කොටැ, ‘එ කැඳැවූ පමණෙක්’ යැ යි අරුත් දෙයි. දනන් ගේ බස් මැ වන හෙයින් ‘මෙ පමණෙක්’ යනු මැ මැනැවි. 2. නරතුරෝ –– මෙහි ‘නරතුරු’ යනු නිපාතයෙක් නො වේ. නාමයෙකි. අතුරු නොවනුයේ යමකු හට ද හේ නිරතුරු. ඔහු නිරතුරෝ. ‘නිරතුරු’ යනු ස්වර පර රූපයෙන් ‘නරතුරු’ වේ. නිපාත වන තන්හි ‘අතුරු නො තබා නරතුරු’ යනු විග්රනහය යි. 3. බුදුනට –– ‘බුදු’ (අනුභවයෙහි) ධාතු ‘රක්’ ආදි ගණ පර පදයි. බොහෝ පිටපත්හි එනුයේ ‘බුදුන්ට’ යන පාඨය යි.
218
අන්වය : –– ඉති ගුණ සර එ රජ බා බෙලෙන් ලෙව් රකුතු, හිමවූ වෙනෙ එක් පෙදෙසෙකැ විසිතුරු වන ගෙළෙක් වී.
පදාර්ථද : –– මෙ සේ ගුණසාර වූ ඒ රාජයා බාහු බලයෙන් ලෝකයා රක්නා කල්හි, හිමාලය වනයෙහි එක් ප්රුදෙශයෙක්හි විචිත්රා වන ගහනයෙක් වූයේ යැ.
ටිප්පණී : –– 1. බා බෙලෙන් –– බාහුයෙහි බලය නම් වික් ුමය යි. 2. වන ගෙළෙක් –– ‘ගළ’ යනු ගහනාර්ථතයෙහි වෙයි.
274 සස දා
219
අන්වය : ––හුල් අඟ ඉහි කන් හුවා, කඳට නඟා නරඹා, එහි ළ තඹ පල්ලන් කමින් මුව පොල්ලන් කෙළනා (ගිහ ගීයෙහි ‘වන ගෙළෙක’ යන්නට වෙසෙසුනි.)
පදාර්ථන : –– උල් වූ අං හා එක් කොටැ කන් සිටුවා, ශ්රීයවාව උස් කොටැ බලා, එ තන්හි අභිනව තාම්ර පල්ලවයන් අනුභව කෙරෙමින්මෘග පොතකයන් ක්රී්ඩා කරන්නාවූ (‘වන ගහනයෙක්’ යැයි සම්බන්ධය සලකන්නේ යැ.)
විස්තර : –– මුව පොල්ලේ අං හා එක් වැ සිටුනා සේ කන් කෙළින් කොටැ හිස ඔසොවා බලමින් ඉතා ළා දළු කමින් එ වන රොදෙහි කෙළිති.
රමණීය ස්වභාවොක්තියෙකි. මුවදොව් දා කාරයෝ ද සමානයක් කියති.
‘නඟා කඳට හුවා –– කන් කැරැ නිසල නුවන රිසි සේ බලමිනි තමා –– මහසත් සිටි මුවන් දිටි’
ටිප්පණී: –– 1. ක ඳ ට –– ගෙලට නමි. සකුයෙහි ‘කන්ධර’ යනු වෙයි. ‘කං - ශීෂිං - ධරතීති කන්ධරඃ යනු එහි විග්රටහය යි. “ක” නම් වූ සිරස ධරා නු යි “ කන්ධර” නමි’ යනු යැ අර්ථීය. 2. හුවා –– ‘හුව’ (නැඟීමෙහි) ධාතු යි. 3. හුලඟිති –– හුල් + අඟ + ඉඟි. උල් වූ අඟ සමඟ. ලියන්නාට ගැට වූ තැනෙකි. හේ ‘හුලැඟිය’ යනු මැ පෙළ කොටැගෙනැ පිටපත් කෙලෙසයි. ‘තීක්ෂණ වූ ‘ශෲඞ්ගය හා එක් කොටැ’ යන අරුත. පමණක් නො කෙලෙසා දීම නම් ඔහුට පැසැසුම් පිණිසැ වේ. එහෙත් සෝදුවෝ මුළා වූ හ. ‘තික් හුලිහිය’ යැ යි ඔහු අලුත් පෙළක් නිපැදැවූ හ. ‘තික්’ යනු ගත්තේ ‘තීක්ෂණ’ යන්නට සරි ලනු සඳහා යි. 4. පොල්ලන් –– ‘පොලු’ යනු පොතකාර්ථයය දෙන හෙළු සදෙකි. දෙමළුයෙහි
විවරණය 275
‘පිල්ලෛ’ යනු වෙයි. 5. ළ තඹ පල්ලන් –– තරුණ වූ තඹ (පැහැ) වූ දළු. ‘ළ’ යනුයෙන් මෙන් මැ ‘තඹ’ යනුයෙනුදු තරුණාර්ථුය මැ ලැබේ. පලු තඹ වන් වනුයේ ඉතා බාල අවධියෙහි යැ. එ හෙයින් ‘ළ තඹ’ යන දෙකින් ලැබෙනුයේ ‘ඉතා ළා’ යන අරුත යි. ‘පලු’ යි නො යොදා ‘පල්ලන්’ යැ යි පුම ලිඟු සදක් සේ විබත් ගන්වන ලද්දේ ‘පොල්ලන්’ යනු හා සැමැයෙනු පිණිසැ යැ.
220
අන්වය : –– මිණි තෙලෙ වැදැ රඟ ඔනා මත කිඳුරන් ලිය ගි අසා, ගොදුරැ බියැ සන් නො වැ, සීගජන් සිටුනා –– (‘වන ගෙළෙක්’ යැ යි සබඳී.)
පදාර්ථ : –– මණි තලයෙහි වැදි නෘත්ය කරන්නා වූ මත්ත කින්නරයන් ගේ ලයාන්විත ගිතය අසා, ගොචරයෙහි ද භයෙහි ද ඡන්දය නො වී, සිංහ - හස්තීන් සිටින්නා වූ –– (‘වන ගහනයෙක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර : –– කින්නරයෝ නටමින් ගී කියති. ඒ ගී කො තරම් මිහිරි ද යත හොත් සිංහයෝ ද ඇත්තු ද එක් තන්හි අසා සිටිති. ඉදිරියෙහි මැ ඇතා සිටිය ද ‘මේ මගේ ගොදුර’ යැ යි සිතෙක් සිංහයාට නූපදී. ඉදිරියෙහි මැ සිංහයා සිටිය ද ‘මේ මට මර බිය දෙන සතුරා යැ’ යි සිතෙක් ඇතාට නූපදී.
හාරවිහූ ඇල් ගෙවියන් ගේ ගීතමාධූර්යයෙන් වශීකෘත වූ මෘගි සමූහය ගොහමට ළං නුවු පරිදි දකිත්.
‘කෘතාවධානං ජිතබර්හිණධ්වනෞ සුරක්තගොපීජනගිතනිඃස්වනෙ ඉදං ජිඝත්සාමපහාය භූයසිං න ශස්යංමහ්යොති මෘගීකදම්බකම්’
276 සස දා
[ ජිතබර්හිණධ්වනෞ සුරකත ගොපී ජන ගීත නිඃස්වනෙකෘත අවධානම් –– දිනූ මොනර හඬ ඇති ඉතා ඇලුණු ගෙවි ජනයා ගේ ගී හඬෙහි කරන ලද ඇසුම්කන් ඇති, ඉදං මෘගී කදම්බකම් –– මේ මාගී සමූහය, භූයසීං ජිඝත්සාං අපහාය –– බොහෝ වූ කන රිස්ස හැරැ, ශස්යංේ ස අභ්යෙනති –– ගොයම ළඟට නො පැමිණේ. ]
මාඝයෝ ද ඒ අරුත මැ ගෙනැ යමකයක් කෙරෙති.
‘විගතසස්යද ජිඝත්සමඝට්ටයත් කලමගොපවධූර්න මෘගව්රතජම් ශ්රැූතතදීරිතකොමලගීතක - ධ්වනිමීෂෙ ‘නිමිෂෙක්ෂණමග්රකතඃ’
[ ඉෂෙ –– වප් මසැ, කලම ගොප වධුඃ –– ඇල් ගෙවිලිය තොමෝ, ශ්රැ ත තත් ඊදිත කොමල ගීතක ධ්වනිං –– අසන ලද ඇය විසින් කියන ලද කොමළ ගී හඬ ඇති, අග්රංතඃ –– ඉදිරියෙහි, අනිමිෂ ඊක්ෂණඃ –– ඇසි පිය නොහෙළන බැලුම්, ඇති, විගත ශස්ය ජිඝත්සම් –– පහ වූ ගොයම් කනු රිසි ඇති, මෘග ව්රාජම් –– මුව මුළ, න අඝට්ටයත් –– නො තැළූ යැ. ]
මේ අරුත් සිරි රහල්හු හෙළුවට පෙරළති.
‘ ඇල ගෙවි ලියන් ළඳ
ලිය ගී දනු අසා විඳ
නොකන හැල් කෙත් වැද
නිසොල්මන් මුව කැලන් දිටී සොඳ ’
ටිප්පණී : –– 1. ගියසා –– ගී + අසා. 2. රඟෝනා –– රඟ + ඕනා. නැටුම් බහන්නා වූ. නැටුම් කරන්නා වූ. පිටපත් ‘රඟොන’ යනු දෙයි. දිග හැඟැවීමටත් ලුහු අකුරු රුව මැ යෙදීම කො තරම් වරදෙක් ද යනු හඟවන තැනෙකි. රඟොන’ යනු විහිළුවක් බව දුටු ඇතැම් ලියන්නෝ
විවරණය 277
එය නො පැකිළැ ‘රඟොත’ කළ හ. එහෙත් –– ඔවුනට පින් සිදු වේ වා –– ‘නෘත්යි කරන්නා වූ’ යන අරුත වෙනස් නො කළ හ. ‘රඟොත’ යනු පෙළ වී නම් ‘නෘත්යි කළා වූ’ යනු යැ සරි ලන අරුත. ‘නෘත්යන කරන්නා වූ’ යන අරුතට සරි ලනුයේ ‘රඟෝනා’ යන පෙළ යි. 3. මත –– මත්ත. ‘යෞවනාදියෙන් මත් වූ’ යැ යි ද ‘ඉතා සතුටු වූ’ යැ යි ද අරුත් පැවැසියැ හැකි. සකුයෙහි දු හෘෂ්ටාර්ථ යෙහි ‘මත්ත’ යනු යෙදේ. 4. කිඳුරන් –– ‘කින්නරාවන් ගේ’ යැ යි පුරාණ සන්නය වෙසෙසා අරුත් පවසයි. ගායනයෙහි බෙහෙවින් මැ ගැහැනුන් යෙදෙනු සිරිති. කිඳුරනැ යි නො වෙසෙසා කී කලැ උතුරු ඉතිරි දෙ පස මැ ගැනෙති. 5. ගොදුරැ බියැ සන් නො වැ –– සිංහයෝ ගොදුරැ සන් නො වැ සිටිති ; ගජහු බියැ සන් නො වැ සිටිති. 6. සන් –– ඡන්දය. සඳ = (අන්ත්යැ ස්වර ලෝප අනුනාසික වෘද්ධි වීමෙන්) සන්ද්= (අන්ත්යස ව්යනඤ්ජන ලෝපයෙන්) සන්. 7. සීගජන් –– සී ද ගජ ද සිගජහු. උන් සීගජන්.
221
අන්වය : –– නිල් මිණි තෙලෙ නැඟී පිල් අඹළ මත සිකි කැන් බලා, තොරතුරු නො දැන, මොනර කිළි සැකී සිටුනා –– (‘වන ගෙළෙක්’ යැ යි සබඳි. )
පදාර්ථු : –– නීල මණි තලයෙහි ආරූඪ වැ පිච්ඡාවර්තනය කළා වූ මත්ත මයුර සමූහයා නරඹා, විභාග නො දැනැ, මයූරීන් ශඞ්කිත වැ සිටින්නා වු –– (‘වන ගහනයෙක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර :–– නිල් මිණි තලාවට නැඟී මොනරු පිල් විදහා නටති. සෙබඩු මොනරුන් බලාගත නොහැකි වැ භ්රානන්ත වැ සිටිති. නිල් මිණි තලාවත් පිල් විදැහූ මොනරුනුත් එක් පැහැ ඇති හෙයිනි සෙබඩුනට මොනරුන් බලාගත නොහිකි වනුයේ.
278 සස දා
චන්ද්රු රශ්මියෙහි හංසියට හංසයා හිඳිනැ-ගත නොහැකි වූ පරිදි කුමාරදාසයෝ කියති.
‘අඞ්ගණෙ ශශිමරීවිලෙපනෙ
සුප්තමින්දුකරපුඤ්ජසන්නිහම්
රාජහංසමසමීක්ෂ්යඤ කාතරා
රෞති හංසවනිතා සගද්ගදම්’
[ ශශි මරීචි ලෙපනෙ අඞ්ගණෙ සුප්තම් –– සිසි මෙරද අලෙවු දුන් මිදුලෙහි හොත්තා වූ, ඉන්දුකරපුඤ්ජ සනනිහම්, රාජ හංසම් –– සඳ රැස් පිඬක් වැනි වූ රාජ හස්නු අසමීක්ෂ්යෙ –– නො දැකැ, කාතරා –– බැගෑ වූ, හංසවනිතා –– හංසාඞ්ගනා තොමෝ, සගද්ගදම් –– ඉකිබිඳුම් සහිත වැ රෞති –– හඬයි. ]
ටිප්පණී: –– 1. මත සිකි කැන් –– පිටපත් ‘මත සිකින්’ යන පෙළට ‘මත්ත මයුර සමූහයා’ යන අරුත දෙයි. වරද පැහැදිලි යැ. 2. මොනර කිළි –– ‘මයුර කෙලියන්’ යනු යැ පිටපත්හි එන අරුත. ලියන්නන් ගේ පවෙකැ යි හැඟේ. මොනරා ගේ කිකිළිය වන බැවින්, මයුරියට ‘මොනර කිකිළි’ යනු නමි. ‘කිකිළි’ යන්නෙහි එක් ‘කි’ යන්නක් හැළී ‘මොනර කිළි’ යනු වී යැ.
‘මොනර කිළින් මැදැ කෙකා රැවින් ගයා නටන මත් මොනර ගණා’
යනු ගුරුළු ගෝමි වචන යි. මෙහි ‘කිළි’ යන රූපය සිත පලවයි. ‘කිළින්’ යැ යි යෙදිණි නම් මැනැවි. ප්ර්කෘති රූපය දෙ වන විබත් බුහු බස ගත් සේ යෙදුණු තැනුදු නැත්තේ මැ නො වේ. 3. සැකී –– ‘සක’ ධාතු ‘රක්, ආදි අත් පද යි. මේ ඉන් වූ පූර්ව ක්රි යා නිපාත යි. ‘සැකැ, යනුදු යෙදෙයි.
විවරණය 279
අන්වය : –– සඳ අල්ලේන් බජන රමණී රන් ගිරි සිරේ, සිය කලුන ඕරැ ඉස් දී, මල ළදූන් ගී ගානා –– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි.)
පදාර්ථක : –– චන්ද්රාරලෝකයෙන් භ්රාෙජමාන වන්නා වු රමණීය වූ ස්වණී ගිරි ශිඛරයෙහි, ස්වකීය කාන්තයන් ගේ ඇකයෙහි හිස තබා, කිරාත වධුන් ගායනය කරන්නා වූ –– (‘වන ගහනයෙක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ. )
විස්තර : –– රන් ගිරි කුළු සඳ එළියෙන් බබළයි. එහි වැදි ගැහැනු සිය සැමියන් ගේ ඇකයෙහි හිස තබා හෙවැ ගී ගයති.
පිටපත් දිවැසින් බැලියැ යුතු තැනෙකි. හොඳ මැ පිටපත්හි ––
‘සඳල්ලෙන් බජන රමණී රන් ගිරි සිරේ සිය කලුන් ඔර ඉස් දී මලිගිය මලදු
ගී ගානා ––’
යන පෙළට ––
චන්ද්රටලොකයෙන් හොබනා වූ රමණීය වූ ස්වර්ණ පර්වත ශීර්ෂගයෙහි ස්වකීය කාන්තාවන් ගේ ඌරුයෙහි හිස තබා කිගත වධුන් ගීත ගායනය කරන්නා වූ ස්ථාන ඇති’ ––
යන අරුත පවසයි. ඉතින් ප්රනතිභානයෙහි මුත් කවර දෙවියකු ගේ සරණ ද ?
ටිප්පණී : –– 1. සඳල්ලෙන් –– සඳ + අල්ලෙන්. අලු + එන් = අල්ලෙන්. ‘අලු’ යනු ආලෝකාර්ථ1 යැ. ‘අලු’ යනු තනි වැ යෙදෙන විටැ බෙහෙවින් විබත් ගනුයේ අලුව –– අලුයෙන් –– අලුවට –– අලුයෙහි –– යන විසින් ‘ය’ ‘ව’
280 සස දා
අගමිනි. මෙහි ද්වීරූපය පෙනේ. 2. මල ළඳුන් –– ‘මලි ගිය මලදු’ යනු මැ යැ පිටපත්හි පෙළට එනුයේ. ‘කිගත වධුන්’ යනු අරුත සේ එයි. එක් පිටපතෙකැ ‘කීගත වධූන්’ යනු දු එයි. ‘කිගත වධූන්’ යනු, ඉපැරැණි පිටපතෙකින් කළ හැක්කක් නුදුටු ලියනුවාණ කෙනකුන් විසින් බැරි තැනැ මැ හෙළන ලද්දෙකි. ඔවුන් ගේ දිරූ පිටපතෙහි ‘කිරාත වධූන්’ යනු නූගතකු විසින් කියවාගත නොහැකි සේ තුබූ බවට සැක නැති ඉතින් ‘කිරාත වධූන්’ යන අරුත දෙන්නට පෙළ කුමක් වියැ යුතු ද? ‘මලිගිය මලදු’ යන තන්හි ‘මල’ යනු කිරාතාර්ථිය දෙයි. මේ කාව්ය්යෙහි මැ 238 වැන්නෙහි ‘මල ලියෝ’ යනු ‘කිරාත වධූහු’ යන අරුත දෙන්නට යෙදිණි. ––සිරි රහල්හූ ––
‘ ත ළා අවුල් හැරැ රිටි සුඹුළු ඇඳැ නිති දු ළා වමින් ලූ සිරියෙල් තිලක ඇති වෙ ළා වරලැ සිකි පිල් සහ මල් කැනිති ලො ළා යනෙන බල මල දුනෙ වන පෙති ’
යන තන්හි ‘මල දුන්’ යනු ‘කිරාත දුහිතෲන්’ යන අරුත දෙන්නට යෙදු හ. රුවන් මලෙහි ‘මල දරු’ යනු වැදි නමෙකැ යි දැක්විණ. ‘මල’ යනු කිරාතාර්ථුය දෙන බවට දැන් සැක නැති. ඉතින් ‘වධූන්’ යන අරුත දෙන්නට කුමක් ගනිමු ද ? ලියන් –– ළඳුන් –– කතුන් –– කලුන් –– යනාදිය ඒ සඳහා ගත හැකි. තුන් මත් පදයක් මැ ගත යුතු බව විරිත කියන හෙයිනි මේ තැන් මැ ගන්නා ලද්දේ. පිටපත්හි එන ‘මල දු’ යන්නෙහි මැ ‘දු’ යන්න ඇති හෙයින් ‘ළඳුන්’ යන්න මැ යෙදුණු සේ ගැන්ම වටනේ යැ. සිරි රහලුන් ‘මල දුන්’ යැ යි යෙදු හෙයින් මෙහි දු ‘මල දු’ යනු මැ යෙදුණු සේ ගත කවර වරද ද? ‘මල දු’ යනු යෙදිණි නම් ‘කිරාත දුහිතෲන්’ යැ යි අරුත් පවසනු වෙයි.පැවැසුණේ ‘කිරාත වධූන්’ යන අරුත යැ. ‘මල ළඳුන්’ යන තැනැ විශෙෂය නොසැලැකීමෙන් ‘මල ලඳුන්’
විවරණය 281
යනු ලියැවිණි නම්, පිටපත් කරන්නකු අතින් එක් ‘ල’ යන්නක් හැළීම නොබැරි යැ. එ සේ වුව ඉතිරි වනුයේ ‘මලදුන්’ යනු යි. ‘න්’ යනු ද අඩු වූ සේ යැ. 217 වැන්නෙහි ‘බුදුනට ‘ යනු සඳහා එක් පිටපතෙකැ ආයේ ‘බුදුන්’ යනු පමණෙකි. ‘මලදුන්’ යනු ‘මලදු’ යැ යි ලියැවීම එ තරම් මැ භයානක නො වේ. 3. සිය කලුන් –– ‘ස්වකීය කාන්තාවන් ගේ’ යනු යැ පිටපත්හි දෙවුණු අරුත. කිරාත වධූන් ගේ ස්වකීය කාන්තාවන් කියනු විහිළු වන බැවින් ‘ස්වකීය කාන්තයන් ගේ’ යැ යි අරුත් දුනුම්හ. 4. ඕරැ –– ඔවුරෙහි. ඔවුරැ (‘වූ’ ලොප්වැ පූර්ව ස්වරය දීර්ඝ වීමෙන්) ඕරැ. ‘ඔවුරු’ යනු උදරාථර් යෙහි වේ. එහෙත් ඇකය හඟවන්නට ද එය මැ යෙදෙන බව ‘ඕරැ හිඳැ කෙළනා’ යන උමං දා බසිනිදු පළ වේ. පුරාණ සන්නය ‘ඔර’ යන පාඨය ගනිමින් ‘ඌරැයෙහි’ යන අරුත දෙයි. ‘ ඌරු’ අර්ථණය මැ ගත යුතු නම් ––
‘සිය කලුනුරුහි හිස් දී’
යැ යි ගී පාදය ගත හැකි වේ. ඇකය ඌරු හා සබඳ වන හෙයින් ‘ඕරැ’ යන්නට ‘ඌරුයෙහි’ යන අරුත දෙන ලද ද යනුත් විමැසියැ යුත්තෙකි.
223
අන්වය : –– පිළිමල් ඇනැ හුරිරු අද දළින් සිටි මහ ගජ, සඳ පැහැ අද ළ සඳ බඳ අත් ගිරි එ වල් පානා –– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි. )
පදාර්ථඅ : –– ප්ර තිමල්ලයනට පහර දී රුධිරාර්ද්රඳ දංෂ්ට්රාඌයෙන් සිටියා වූ මහ ගජයා, සන්ධ්යාන ප්රළභාර්ද්ර වූ බාල චන්ද්රු බද්ධ වූ අස්ත පර්වතය ඒ වනයෙහි දක්වන්නා වූ –– (‘වන ගහනයෙක්’ යැයි සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර : –– මහ ඇතා පිළිමල් ඇතා අනී –– පිළිමල් ඇතාට දළින් පහර දෙයි. එ කලැ ඒ මහ ඇතා ගේ දළ පහර කෑ ඇතා ගේ ලෙයින් තෙත් වැ රතු වෙයි. මහ
522 – J 282 සස දා
ඇතැ එ තරම් විශාල හෙයින් අස්ත පර්වතය වැනි යැ. වක් වු දළ අලුත්, සඳ වැන්නැ. ලෙයින් තෙමී රතු වූ හෙයින් ඒ සන්ධ්යාම කාන්තියෙන් වැසුණා වූ අලුත් සඳ වැනි වේ. මෙ සෙයිනි මහ ගජ එ වල්හි සඳ වැනි වේ. මෙ සෙයිනි මහ ගජ එ වල්හි සඳ පැහැනද ළ සඳ බඳ අත් ගිරි පානුයේ.
ටිප්පණී : –– 1. දළින් සිටි –– දළින් යුතු වැ සිටි. ‘දළින්’ යනු උපලක්ෂණාර්ථහයෙහි තුන් වන විබත් ගත් තැනි. 2. ඇනැ –– ‘අන’ ධාතුයෙන් වූ පූර්ව ක්රිථයා නිපාත යි. ‘පිළිමල්’ යනු එයට කර්ම්යි. දැන් ගැමි වහරට හුරු වනුයේ ‘පිළිමලුට ඇනැ’ යනු යි. 3. පිළිමල් –– ‘මල්’ (මල්ල) යනු පොර බදුවාට (Wrestler) නමි. මලුට විරුදු වැ එනුයේ පිළිමල් යැ. ‘පිළිමලු’ යැ යි දෙ වන විබතින් සිටියැ යුතු තැනි පැරැණි කිවි වහරෙහි ප්රේකෘති රූපය මැ දෙ වන විබත් ගත් සේ ද යෙදිණි. 4. ළ සඳ බඳ –– ‘බාල චන්ද්ර යෙන් යුක්ත වූ’ යනු පුරාණ සන්න යි. 5. පැහැනද පැහැ + අද = (‘න’ ආගමයෙන් ) පැහැනද.
224
අන්වය : –– නැති වරදක් හැඟැ, සිය හිමින් හැරැ සැඟැවි වන දෙවියන් කෙළනා තමලු ලිය ගුම් රඳනා –– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි. )
පදාර්ථත : –– නැත්තා වූ අපරාධයක් සිහි කොටැ, ස්වකීය වල්ලභයන් හැරැ සැඟැවී වන දෙවතාවන් ක්රීාඩා කරන්නා වූ තමාල ලතා ගුල්මයන් ශොභමාන වන්නා වූ –– (‘වන ගහනයෙක්’ යැයි සම්බන්ධ කරනනේ යැ.)
විස්තර : –– ප්රගමාණ කලහයෙහි දී නැති වැරැදි මතු කොටැගෙනැ ප්රිතයප්රිකයාවන් හින්න වනු ස්වභාව යි. මෙහි වන දිව්යාටඞ්ගනාවෝ සිය හිමියනට කිපී ඔවුන හැරැ ගොස් මේ වන ගෙළෙහි, තමලු ලිය ගොමුවට වැදැ කෙළිති. හිමින් තමන් සොයා එන තෙක් පමණ යැ.
විවරණය 283
අරුතෙහි මෙසෙස දුටු සිරි රහල්හු ද මෙය ඇදැගත් හ.
‘ නැති වරද සැක කැර
වන දෙව් ලියන් හිමි හැර
සැඟැවී සිටි දෙ තෙර
තමලු ලිය ගොමු පෙළින් මනහර ’
ටිප්පණී: –– 1. හිමින් –– පිටපත්හි එනුයේ ‘හිමියන්’ යනු මැ යි. විරිත බිඳී. ‘සැඟැවී’ යනු සඳහා (168 වැන්නෙහි මෙන්) ‘සැඟැ’ යනු මැ යෙදිණි නම් ‘හිමියන්’ යන්නට ද ඉඩ ඇති.
‘ සැඟැ සිය හිමියන් හැරැ’
යි. එ කලැ ගී පිය වෙයි. ‘හැරැ’ යනු ‘ඇරැ’ යි ගත ද ඒ ඉඩ ලැබේ.
‘ සැඟැවී සිය හිමියනැරැ ’
යි ගී පිය සැලැසියැ හැකි හෙයිනි. ‘සැඟැවී’ යනු ද ‘හැරැ’ යනු ද ‘හිමියන්’ යනු මෙන් මැ සියලු පිටපත්හි එක සේ එයි. ‘හිමියන්’ යන්නට වඩා පැරැණි බසට හුරු වනුයේ ‘හිමින්’ යන්නයි. එයට ඉඩ දෙමු. 2. දෙවියන් –– ‘දෙවි’ සද පුම ඉතිරි දෙ ගිඟුයෙහි සම යි. ‘හිමින් හැරැ’ යි කී හෙයින් මෙහි ඉතිරි ගිඟු ‘දෙවි’ සඳ යි. 3. තමලු –– සකුයෙහි ‘තමාල’ යනු වෘක්ෂ නාමයෙකි . Xanthochymus Pictorius. ‘තමාල’ යැ යි ලතා නාමයෙකුදු වේ. එයට මැ ‘තාම්රmවල්ලී’ යනුදු නමි. Phyllanthus Emblica. ‘තමලු යන්නට පර්යාය ලෙස සිංයලයෙහි සැලැකෙනුයේ ‘කොල්ලම්’ යන්න යි. එහෙත් ‘තමලු’ යැ යි යෙදු තන්හි ‘තමලුලිය’ යනු ද ‘කොල්ලම්’ යැ යි යෙදු තන්හි ‘කොල්ලම් ගස්’ යනු ද ගත් බව පෙනේ. සිරි රහල්හු ––
‘ කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි ’
යි කී හ. 4. ගුම් –– ගුල්ම. ගුම්බ. පඳුරු.
284 සස දා
225
අන්වය : –– බඳ සිතු දිවි හිම් නොදමන රසවතුන් සේ, ලියැ ලග වලග නො සිඳැ සෙමෙර අඟන සිටුනා තැන්–– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි.)
පදාර්ථැ : –– බද්ධ විත්තය ජීවිතාවසානය දක්වා නොහරින්නා වූ රසඥයන් මෙන්. ලතායෙහි ලග්න වූ වාලාග්රතය නො කඩා වමරාඩ්ගනාවන් සිටින්නා වු ස්ථාන වු –– (‘වන ගහනයෙක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර : –– රසය දන්නෝ තමන් සිත් යම් කිසිවෙකැ බඳිත් නම් එ සේ කරනුයේ එහි අගය හොඳින් මැ දැනැගෙනැ යැ. එ සේ බැන්දා වූ සිත ඒ රසඥයෝ දිවි හිම් නො දමති (නො හරිති.) සෙමෙර’ඟනන් ගේ වලග රස දතුවන් ගේ සිත වැන්නැ. ඒ වලග ලියෙකැ ලැගීම (ඇවිණීම) රසවතුන් ගේ සිත සුදුසු තැනෙකැ බැඳිම වැන්නැ. රසවතුන් බැඳි සිත නොදැමීම වැන්නැ ෙසමෙර අඟන්න් ලග වලග නොසිඳිම.
වලග කටු ළැහැබෙකැ බැඳුණු කලැ ඇද්ද හොත් එය සිඳීයෙයි. එ බව සලකා සෙමෙර අඟන එහි මැ මියත් මුත් වලග නො අදී ල.
චමරීන් වාලධිය රක්නා සේ සිල් රැක්ක යුතු බව බෞද්ධ සමයයෙහි කියැවිණ.
‘ කිකීව අණ්ඩං චමරීව වාලධිං පියං ව පුත්තං නයනං ව එකකං තථෙව සීලං අනුරක්ඛමානකා සුපෙසලා හොථ සදා සගාරවා’
[ කිරළ දෙන බිජු වට මෙන් ද සෙමෙර ‘ඟන වලග මෙන් ද එක මැ පිය පුත්රලයා මෙන් ද එක මැ ඇස මෙන් ද එ සේ මැ සිල් රක්නාහු සියලු කලැ සුපෙශල ද සගෞරව ද වමු. ]
විවරණය 285
‘බඳු සිතු දිවි හිම් නොම දන්වා නොහරන රසවතුන් සේ ලියැ ලග වලග නො මැ, සිඳ සෙමෙරඟන සිටුනා තැන්’
යනු යැ බොහෝ පිටපත්හි එන අන්වයය. ‘නොම දන්වා’ යන්නට ‘නො හරන’ යැ යි ද රසවතුන් යන්නට ‘රස ජන්’ යැ යි ද අරුත් පැවැසිණ.
ටිප්පණී : –– 1. නොදමන –– මෙහි දැමීම නම් අත් හැරීම යි. ලියන්නෝ අරුත් නො දැකැ මෙය ‘නොම දන්වා’ යන්නට පෙරැළූ හ. 2. රසවතුන් –– මෙ ‘රසවිතුන්’ වි නම් මැනැවැයි හැඟේ. රස ඇතියේ ‘රසවත්’ නමි. රස දතුයේ ‘රසවිත්’ නමට සුදුසු යැ. සකුයෙහි ‘රසවිද්’ යනු වේ. 2. නො සිඳැ –– පිටපත් ‘නොමැ සිඳැ’ යන්න පාඨය කොටැ ‘නො සිඳැ’ යි අරුත් දෙයි. 3. සෙමෙර –– සකුයෙහි ‘චමර’ යනු තිබ්බතයෙහිත් (Tibet) මධ්යයම ආශ්යා්යෙහි සෙසු කඳු පෙදෙස්හිත් වල් වැද හීලෑ වැ ද වසන්නා වූ යැක් (Yak) නම් ගව වෙසෙසකට නමි. භාරතීයයෝ ඌ මුවෙකැ යි වරදවා - ගත් හ. හේ සිනිඳු දික් ලොමින් වැසුණේ යැ. ඔහු ගේ වලග විශේෂයෙන් මැ දික්වු සිනිදු ලොමින් යුතු යැ. ඉන් කැරෙනුයේ චාමර නමින් ප්ර සිද්ධ යැ. 4. සිටුනා තැන් –– සිටුනා ස්ථාන වූ. සෙමෙර ‘ඟන එ සේ සිටුනා තැන් වූයේ ඒ වන ගළ යි. පුරාණ සන්නය ‘සිටිනා ස්ථාන ඇති’ යන අරුත දෙයි. අනුචිත අර්ථ කථනයෙකි. ‘කැන්’ යැ යි කී පමණින් ‘තැන් ඇති’ යන අරුතක් ගන්නට අවසරයෙක් නැති.
226
අන්වය : –– පුලින තල මද මරු බිඟු රැවු නඳුන් සල් පා සඳකත සිලිල් සඳ රැස්, හිමිනඹුවන් රිසි බිම් –– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි.)
286 සස දා
පදාර්ථ : –– වාලුකා තල යැ, මන්ද මාරුත යැ, භෘඞ්ග රව යැ, නන්දන සාල පාද යැ, චන්ද්ර කාන්ත සලිල යැ, චන්ද්රෙ කාන්ති යැ –– (එ හෙයින් ) දම්පතීනට ක්රීයඩා භූමි වූ –– (‘වන ගහනයෙක්’ යන්න හා සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර : –– මෙ කී සියල්ල එහි වෙයි. එ හෙයින් දිවි සපල කරනු කැමැති යුවතීපතීනට ඒ වන ගළ කෙළි බිමෙකි.
ටිප්පණී: –– 1. හිමිනඹුවන් –– හිමි ද අඹු ද හිමිනඹුවෝ. උන් හිමිනඹුවන්. මෙහි සන්ධිය ‘න’ කාරාගමයෙනි. 2. රිසි බිම –– මෙහි රිසි නම් රමණය යි –– කෙළිය යි. Pleasure. සකුයෙහි ‘රුචි’ යනු ද ඒ අර්ථය දෙයි. ‘රිසි බිම්’ යන්නට ‘ක්රී.ඩා භූමි’ යැ යි අරුත් පැවැසුණේ මේ පක්ෂය ගැනීමෙනි. ‘රිසි බිම්’ යනු ‘වන ගෙළෙක්’ යන්නට විශෙෂණ යි. 3. පුලින තල –– මේ නිකම් නම් දැක්වීමට යෙදිණ. පළමු වන වීබත් ගත්තේ එ හෙයිනි. ‘නඳුන්’ යනාදිය ද මෙ බඳු යැ. පුරාණ සන්නය මෙයට ‘වාලුකා තල’ යැ යි අරුත් දී, අනතුරු පස් තැනට ද ඒ නියරින මැ අරුත් පවසා, අගැ ‘සඳ රැස්’ යන්නට ‘චන්ද්රාරශ්මින් ද යුක්ත වැ’ යි අරුත් කියයි. නොගැළැපේ. 4. නඳුන් –– සකු - යෙහි ‘නන්දන’ යනු විෂ ඵල සහිත එක්තරා ගච්ඡ විශේෂයකට නමි. හෙළුයෙහි ‘නැඳුන්’ නමින් වහරෙහි එන විශාල වෘක්ෂ වර්ගයෙක් වේ. ‘නඳුන්පා’ යැයි ‘පා’ යනු මෙයටද සම්බන්ධ කරන්නේ යැ.5.පා-පාද. නඳුන් සල් පා’ නම් නඳුන් ගස්වලැ ද සල් ගස්වලැ ද පාද යි. (මුලැ සෙවණයි. ) වෘක්ෂ පාදයෙහි යැ ක්රී ඩා කැරෙනුයේ. ‘රුප්පා’ (රුක් පා) යනු දැනැදු වහරෙහි එයි. පුරාණ සන්නය ‘පාදප’ යැ යි අරුත් දෙයි. ‘පාදප’ නම් රුක් යැ. පාදයෙන් (මුලින්) පානය කරන හෙයින් ‘පාදප’ යනු රුකට යෙදෙන නමෙකි. 6. සඳකත සිලිල් –– චන්ද්රරකාන්තයෙන් වැහෙන දිය. ‘චන්ද්ර කාන්ත’ නම් කවි සමයයෙහි පමණක් ලැබෙන
විවරණය 287
පාෂාණ විශේෂයෙකි. සඳරැස් මිදී කැටි වීමෙන් එය නිපන් හ යි ද සඳ රැසට අසු වූ විටැ එය යළි දිය වෙති යි ද කවීහූ පවසති.
‘ සඳකත් ගඟුල් ඌල් කෙළැ’
යැ යි ගුරුළු ගෝමීහු ද කියත්.
227
අන්වය : –– වගළ නන් කුසුම් මුවරඳ රදින් ගැවැසී, ඉඳු නිල් ගඟ සිලිල් කඳ නව තඹ වතුරු කළ තැන් –– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි.)
පදාර්ථ : –– ගිලිහුණා වූ නානා කුසුමයන් ගේ මකරන්ද රජසින් මිශ්රන වි, ඉන්ද්ර නීල නදියෙහි සලිල ස්කන්ධය අභිනව තාම්රස ප්ර්වාහ කළ ස්ථාන වූ –– (‘වන ගහනයෙක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර : –– ඒ වන ගහනය නම් ඉන්ද්රු නීල නදියෙහි ජලය අලුත් මඬ වතුරු කළ තැනෙකි. කෙසේ ද ? එහි මල් ඉබොහෝ යැ. මල්හි රතු රොන් ඉන්ද්ර නීල නදියට වැටී දිය රතු කෙරෙයි. එ කලැ ඉතා නිල් වූ ද ඒ නදී ජලය අලුත් මඬ වතුරු ගැලූ ලෙසක් දක්වයි.
සිරි රහල්හු ද මේ මඟ මැ ගෙනැ සිපා ගඟෙහි දිය නව තඹ වතුරු කෙරෙති.
‘එ ගඟ වෙත ලකළා
තුරු ලිය මලින් තරළා
මුවරඳිනි වගළා
වැන්නැ නව තඹ වතුරු පතළා’
ටිප්පණී : –– රදින් –– මෙහි රද (රජස්) නම මල්හි වූ දූලි වැනි රොන් සුනු යි. 2. ඉඳු නිල් ගඟැ –– ‘ඉන්ද්රි නීල භූමියෙහි වූ ගඞ්ගායෙහි’ යැ යි පුරාණ සන්නය අරුත්
288 සස දා
දෙයි. හිමාලය වනයෙහි ඉඳු නිල් මිණි තලා ඇති සේ වනනු කවිනට ප්රි ය යැ. ඉන්ද්රඅ නීල නම් ඉතා නිල් මැණික් වෙසෙසෙකි.
ඉන්ද්රඅ නීල ලක්ෂණ මෙ සේ කියැවිණ : ––
‘ක්ෂීරමධ්යෙන ක්ෂිපෙන්නීලං ක්ෂීරං වෙනනීලතාං නයෙත්
ඉන්ද්රකනීලංමිතිඛ්යා තම් ...........................’
[ නීලං - නිල, ක්ෂිර මධ්යො ක්ෂිපෙත් - කිරෙහි දමන්නේ යැ; චෙත් –– ඉදින්, ක්ෂිරං නීලතාං නයෙත් –– කිර නිල් බවට යවාද, ඉන්ද්ර නීලං ඉති ඛ්යාැතම් ––ඉන්ද්රල නීල යැ යි කියන ලදී. ]
මුවදෙව් දා කාරයෝ ද,
‘සිදඹුවන් සරණ – තෙහි ලූ ලා රෙසෙන් සන් විමලිඳු නිල් මිණි තලට – දිවෙන කල හස් පෙළ දිටි’
යැ යි කියති. සකුයෙහි ‘ගඞ්ගා’ යනු හාගීරථි (Ganges) නදියට මැ නමි. හෙළුයෙහි ‘ගඟ’ යනු නදී පර්යාය යි.
228
අන්වය : –– ඉඳු නිල් මිණි නෙත් වට තුඩු වට අඟ දිගු වල් දළ වට කඳට රඳනා ගවර සියන් සිටුනා –– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි.)
පදාර්ථව : –– ඉන්ද්රග නීල මණි නෙත්රසයන්, වෘත්ත තුණ්ඩ, වෘත්ත ශෘඞ්ග නොහොත් වෘත්ත ශරීර, දීර්ඝ වාලධි, මහත් වෘත්ත ග්රීණවා හොබනා වු ගවල ශතයන් සිටින්නා වූ –– (‘වන ගහනයෙක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර : –– ඒ වන ගහනයෙහි සිය ගණන් ගවලයෝ සිටිති. කෙබන්දෝ ද ? උන් ගේ ඇස් ඉන්ද්‍ර නීල මාණික්ය යන් මෙන් නිල් යැ, හොඹු වට යැ, අං වට යැ නොහොත් ඇඟ වට යැ, නගුටු දිගු යැ, ගෙල මහත් යැ වට යැ.
විවරණය 289
ටිප්පණී : –– 1. වට ‘ඟ –– වට අඟ. මෙහි ‘අඟ’ යනු ශෘඞ්ග යැ ශරීර යැ යන අරුත් දෙකින් කුමකට වුව ද ගත හැකි යැ. 2. ගවර –– වන මහිෂයාට නමි. සකුයෙහි ‘ගවල’ යනු වෙයි. 3. සියන් –– ‘සිය’ යනු යැ පිටපත්හි එන පාඨය. විරිත නසයි.
229
අන්වය : –– සිසි කිරණ බමර බමන කොවුල් පිය රැවු සැමැඟි, රිය-සමර හට, නරතුරු අවල කෙළි බිම් –– (‘වන ගෙළෙක්’ යනු හා සබඳි. )
වන වැනුම්.
පදාර්ථු : –– චන්ද්රබ කිරණය ද භ්රැමර භ්ර මණය ද කොකිල ප්රිනය රවය ද සමග්රැ වූ, රති සමර දෙ දෙනා හට, නිරන්තරයෙන් රති ක්රීරඩාවට භූමි වූ –– (‘වන ගහනයෙක්’ වී යැ යි අවසන් කොටැ සම්බන්ධ කරන්නේ යැ.)
වන වර්ණම යි.
විස්තර : –– ඒ වන ගහනය රතියටත් අනඞ්ගයාටත් නිරන්තරයෙන් මැ සම්භොග ක්රීකඩාවට බීම වැන්නැ. චන්ද්රග රශ්මිය ද බමරුන් බිම්ම ද කොවුලන් මධුර නාද පැවැත්වීම ද එක් වැ එ බිම ඇති කළ සේ යැ.
නොගැළැපෙන්නෙකැ යි හැඟේ. අර්ථයෙහි විශෙෂයෙක් නැත්තේ යැ. 226 වැනි ගීයෙන් පැවැසුණේ ද මෙවැනි අරුතෙකි. මෙහි ‘සිසි කිරණ’ එහි ‘සඳ රැස්’ යැ. මෙහි ‘බමර බමන’ එහි ‘බිඟු රැවු’ යැ. වෙසෙසක් ලෙස මෙහි යෙදුණේ ‘කොවුල් පිය රැවු’ යනු පමණෙකි. එහෙත් ‘සැමැඟි’ බව ඇති කළ තැනෙකැ සැටි! ගී බඳින්නට පුරුදු වන්නකු විසින් අමුතුයෙන් රුවන ලද්දක් සේ යැ පෙනෙනුයේ.
290 සස දා
218 වැන්නෙන් ඇරැඹුණු කුලකය මෙ සේ ගී දොළොසෙකින් අවසන් වියැ. මුල් ගීයෙහි වූ ‘වන ගෙළෙක්’ යන්නට සෙසු ගි එකොළොස මැ වෙසෙසුන් වෙයි.
ටිප්පණී: –– 1. සැමැඟි –– ‘රක්’ ආදි අත් පද ‘සමඟ’ ධාතුයෙන් වූ අතිත කෘදන්ත නාම යි. 2. රිය -සමර හට –– ‘රියසමරනට’ යි වියැ යුතු සේ පෙනේ. 3. වන වැනුම් –– මෙය යෙදියැ යුතු අනතුරු පැදියටත් පසු වැ යැ යි හැඟේ. එ ද වන වැනුමෙකි.
230
අන්වය : –– සිය සිරුරු සතුරු (කැරැ,) සව් සත් වග මිතුරු කැරැ, ලද මොක් හැරැ සසරැ වන් හිමි දනන වන කෙ වනත්.
පදාර්ථු : –– ස්වකීය ශරීරය ශත්රැර කොටැ, සර්ව සත්ත්ව වර්ගයා මිත්ර කොටැ, ලද්දා වු මොක්ෂය පියා සංසාරයට වැදුණා වූ ස්වාමීහු උපදින්නා වූ වනය කවුරු වර්ණැනය කෙරෙත් ද ?
විස්තර : –– ඒ විශෙෂ වන ගහනයෙකි. කවර හෙයින් ද ? ‘සූවිසි අසෙකි සත’ නිවන් පුරයට යවන්නට පැරුම් පුරන්නා වූ බෝධිසත්ත්වයන් එහි උපදින්නට උන්නාහු යැ.
ටිප්පණී : –– 1. සිය සිරුරු සතුරු , සව් සත් වග මිතුරු කැරැ –– බෝ සත්හු අනුනට මැ වැඩ සඳහා සෙරෙති, තමන් ගේ සුව පහසු කම් ගැනැ නො සලකත්. එ හෙයින් තමන් ගේ මැ සිරුර ඔවුන්ට සතුරු සේ යැ. ‘කැරැ’ යනු දෙ තැනට මැ සබඳ වන අයුරු සලකන්නේ යැ. 2. ලද මොක් –– දීපඞ්කර සමයයෙහි දී ලැබූ නිර්වාණය. 3. දනන වන –– සියලු පිටපත් ‘දන වන’ යනු මැ පාඨය
විවරණය 291
කොටැගෙනැ ‘ජනිත වන්නා වූ –– උපදවන්නා වූ’ යන අරුත දෙයි. පෙළෙහි ‘න’ යන්නක් හැළුණු බව පැහැදිලි යැ. පෙළ කෙලෙසූ හ යි අප නො නිගනිත් වා.
231
අන්වය : –– හිමියා, සසර පුර දොර ලමින්, ඉති සිරි සර එ වන පෙදෙස්හි එක් ළැහැබෙක්හි සා යොනැ දිනී.
පදාර්ථන : –– ස්වාමි තෙමේ, සංසාර නමැති පුරයෙහි ද්වාර පිධානය කෙරෙමින්, මෙ සේ ශ්රීි සාර වූ ඒ වන ප්රරදේශයෙහි එක් ළැහැබෙක්හි ශශ යෝනියෙහි උපන්නේයැ.
ටිප්පණී : –– 1. ඉති සිරි සර –– යටැ ගී තෙළෙසෙකින් වනන පරිදි ශ්රීන සාර වූ. 2. එ වන පෙදෙස්හි –– පිටපත් ‘එ පෙදෙස්හි’ යනු පෙළ කොටැගෙනැ ‘ඒ වන ප්ර.දේශයෙහි’ යැ යි අරුත් පවසයි. 3. එක් ළැයැබෙක්හි –– ළැවුබ = (‘වු’ ලොප් වැ පූර්ව ස්වරය දීර්ඝ වීමෙන් ) ළැබ. දීර්ඝය මැද ‘හ’ යන්නක් සහිත ශ්ර ස්ව දෙකකට මාරු කිරීමෙන් ‘ළැහැබ’ යනු වෙයි. (තාළම්) තහළම්, (වීණා) විහිණා යනාදිය ද සමයන්නේ යැ. කිමෙක් ද මේ ‘ළැහැබ’ නම් ? වනයෙහි රුක් ලිය ඝන වැ වැවීමෙන් වූ ගහයෙකි. සකුයෙහි ‘ගුල්ම’ යනු ද එ බඳු තැනක් හඟවයි. හෙළුයෙහි ‘ළැවු’ නම් වනය යි. වනත්වය –– ගහනත්වය –– බොහෝ වු තැන යැ ළැවූභ (ළැබ - ළැහැබ) නම්. ‘දියබ’ යනු ද විමසන්නේ යැ. ‘ළැහැබෙක්හි’ යනු එක ද පිටපතෙකැ නො එන්නේ යැ. බෙහෙවින් මැ එනුයේ ‘ලැම්හි’ යනු යි. එකෙකැ ‘ලැහැම්හි’ යනු ද අනෙකෙකැ ‘ලැමිහි’ යනු ද වෙයි. ‘ලැහැබෙක්හි’ යන අරුත නම් සියලු පිටපත්හි එක සේ ලැබෙන්නේ යැ. අපි ‘ළැහැබෙක් හි’ යනු මැ පෙළ කළම්හ. හේතු ඉතා පැහැදිලි යැ. 4. සසර පුර දොර ලමින් –– මෙහි දොර ලීම නම් දොර වැසීම යි. තිරිසන් යොන්හි ඉපැදීම සංසාරයට ඇතුළු වැ දොර වසා - ගැනීමක් බඳු යැ. එයින් මිදී නිවන් දක්නා
292 සස දා
ලෙසක් නො සිතියැ හැකි තරම් වන හෙයිනි. ‘දොර ලෙමින්’ යනු යැ සියලු පිටපත්හි එන පාඨය. 5. දිනී –– බම ආදි ගණ ‘දින’ ධාතු යි. 6. සා යොනැ –– මෙහි ‘යොන්’ නම් ජන්මය යි.
232
අන්වය : –– එතර, එ විරු ගුණ බෙලෙන්, එක් සිගලෙක් මකුළෙක් මස්කාවෙක් මිතුරු වූ. යළි, සව් සත් මැ මෙත් උමුව (වූ.)
පදාර්ථෙ : –– ඉක්බිත්තෙන් ඒ වීරයා ගේ ගුණ බලයෙන් එක් ශෲගාලයෙක් ද මර්කටයෙක් ද ජල කාකයෙක් ද මිත්ර වූ හ. නැවැතැ, සකල සත්ත්වයෝ මැ මෛත්රීට උන්මුඛ වූ හ.
විස්තර : –– සිවල් වඳුරු දිය කා යන තුන් දෙන ඔවුනොවුන් සමඟ පමණක් නොවැ බෝ සතුන් සමඟ ද මිතුරු වූ හ. සෙසු සියලු සත්තු ද මෛත්රිසයට මැ සිත් දුන්හ. මේ සියල්ල වූයේ බෝසතුන් ගේ ගුණ මහිමයෙනි.
මුවදොව් දා කාරයෝ ද මේ වැනුම් මඟ ගත්හ.
‘වසන සෙමෙහි යෙහෙන් - තව කොටැ අප දිය පියා මෙතුමුව වී එ වෙනේ - බිහිසුණු සැඬ මුව ගෙණේ’
පිටපත්හි ඉතා අවුල් වැ එන තැනෙකි මේ.
‘එතර එ විරු ගුණ බෙලෙන් එක් සිගලෙක් එක් මකුළු එක් මස්කා මිතුරු යළි එ ගුණ, සව් සත්න මෙතුමුව වී’
යන මේ යැ එහි අන්වයයට ගැනුණේ.
‘ඉක්බිත්තෙන් ඒ ශශ බොධි සත්ත්වයා ගේ කරුණා ක්ෂමොපශමාදි ගුණ ප්රමවාහයෙන් එක් ශෘගාලයෙක් ද එක් මර්කටයෙක් ද එක් උදක මසයෙක් ද.
විවරණය 293
යන තුන් දෙන මිත්රෙ වැ විසූ හ. නැවැතැ ඒ ගුණ මහිමයෙන් සර්ව සත්ත්ව තෙමේ මෛත්රිනයට උන්මුඛ වී’
යනු යැ දෙන ලද අරුත.
ටිප්පණී: –– 1. මකුළෙක් –– ‘මකුළු’ යනු මෙහි වඳුරාට නමි. සකුයෙහි ‘මර්කට’ යනු වෙයි. 2. මස් කාවෙක් –– දිය කාවෙක්. ‘ජලකාක’ යනු සකුයෙහි එයි. කුමාරදාසයෝ ‘මද්ගු’ යන නම යෙදූ හ. දියෙහි වසන කාකයකු වැනි පක්ෂියෙකි. මස් කා රැකෙන හෙයින් හෝ මසකු මෙන් දියෙහි වසන හෙයින් හෝ ‘මස් කා’ නමට සුදුසු වූ හ යි ය හැඟේ. 3. මෙතුමුව –– මෙත් උමුව.මෛත්ර යුන් මුඛ. උමුව වීම නම් එ දෙසට මැ ඔසොවන ලද –– යොමු කරන ලද –– මුව ඇති වීම යි. යම් දෙසකට මැ මුව යොමු කොටැ සිටිනුයේ එයට මහත් ඇල්මෙක් ඇති වූ වැටැ යැ.
233
අන්වය : –– වනතුරේ ගජන් කුඹු පිළු ඇනුණු කටු දැකැ, බහසුරු තම නිය අගින් හැරැ, තුඬින් නළ පිඹැ, සැනැහී.
පදාර්ථහ : –– වනාන්තරයෙහි හස්තීන් ගේ කුම්භ පීඨයෙහි ඇනුණා වූ කණ්ටකයන් බලා, සිංහ තෙමේ තමා ගේ නබාග්ර්යෙන් පහ කොටැ, මුඛයෙන් සුළඟ පිඹැ, අස්වැසී යැ.
විස්තර : –– සිංහයා සිය ගොදුරු වූ ඇතාට මෛත්රී් කළ තරම් යැ මේ කියැවුණේ. මුවදෙව් දා කාරයෝ සිංහයා ඇතු මතැ නොපිනූ බව පමණක් කියති.
‘රන් ලිය විදුනවුල් –– ගල් වෙලෙහෙන් සසලා
නො හිණි රුදු මිහිඳු සෙණ –– මෙදෙන’ද දඬැත් මුදුනේ’
294 සස දා
ටිප්පණී : –– 1. කුඹු පිළු –– පැතැලි වැ සිටි හෙයින් ‘පිළු’ යැ යි කියන ලද. ‘තට’ ‘තල’ යනු ද මේ සඳහා යෙදේ. 2. ඇනුණු –– ‘ඇලුණු’ යනු රක් පිටපතෙකැ එයි. 3. බහසුරු –– සිංහයා. ‘බා. කරණෙන් සුරු වූයේ බාසුරු’ යනු සිදත් සඟරා කාරයන් දෙන විග්රුහය යි. සකුයෙහි ‘භාසුර’ යනු (කරුණු ඇති වැ හෝ නැති වැ හෝ ) ‘භයානක’ යන අරුත දෙන්නට යෙදෙන බවෙක් පෙනේ. පඤ්චතන්ත්ර යෙහි කථාවෙකැ සිංහයකු ගේ සංඥා නාමය වශයෙන් ‘භාසුරක’ යන්න යෙදිණ.
234
අන්වය : –– බුජඟ, තම පණ පිටුහි ළ දැදුරන් හිඳුවා, සුතන් ඇරැ කරැ අරවා රඟ ඔත පියක්හු ගින්, කෙළි.
පදාර්ථෙ ; –– භුජඞ්ග තෙමේ, තමා ගේ ඵණ පෘෂ්ඨයෙහි බාල මණ්ඩුකයන් හිඳුවාගෙනැ, පුත්ර–යන් වඩා ස්කස්ධයෙහි ආරූඪ කරවා නෘත්යඵ ගත්තා වූ පිතෘවක්හු ගේ ආකාරයෙන්, ක්රිරඩා කෙළේ යැ.
විස්තර : –– මැඬියා නයා ගේ ගොදුර යි. බාල මැඬියා ඔහුට කො තරම් මෙළෙක් අහරෙක් වේ ද ? එ කලැ නයා ළා මැඬියා දුටුයේ අහරක් ලෙස නො වේ, දරුවකු ලෙසයැ. එ හෙයින් හේ ළා මැඬියන් දුටු කලැ උන් තමා ගේ පෙණ මතුයෙහි හිඳුවාගෙනැ නටයි. සිය පුතුන් කර පැටැ නංවායෙනැ නටන පියකු මෙනි.
ටිප්පණී: –– 1. ළ දැදුරන් –– ‘ළ’ යනු ද, ‘ළා’ යනු ද තරුණාර්ථෝයෙහි වැටේ. ‘දැදුරැ’ යනු මැඬියාට නමි. සකුයෙහි ‘දර්දුර’ යනු වෙයි. 2. තම පණ පිටුහි –– ‘තම’ යනු පිටපත්හි පෙළට නොගැනුණේ යැ. එහෙත් දුන් අරුත නම් ‘තමා ගේ ඵණ පෘෂ්ඨයෙහි යනු යි. ‘තම’ යනු හළ හොත් විරිතට මත් දෙකෙක් අඩු වෙයි. 3. ඇරැ––
විවරණය 295
ඉදිරියට ගෙනැ. 4. අරවා –– ඇතැම් පිටපත් ‘ඉඳුවා’ යනු ද ඇතැමෙක් ‘හිඳුවා’ යනු ද පෙළ කෙරෙයි. ‘බුජඟ ළ දැදුරන් පණ පිටුහි හිඳුවා, සුතන් ඇරැ කරැ හිඳුවා’ යැ යි කියූ පමණින් මැ, පද්ය ය කිලුටු වූ බව කන කියයි; ‘හිඳුවා’ යනු දෙ තැනෙකැ යෙදුණු හෙයිනි. එ හෙයින් පුරාණ සන්න පිටපත් එක් හඬින් කියන ‘ආරොපණය කොටැ’ යන අරුත හා සැසැඳෙන ‘අරවා’ යනු මැ කවි පාඨය වූ බවට සැක නැත්තේ යැ. 5. ගිනි –– ‘ගි’ යනු හෙළුයෙහි ආකාරර්ථඨය දෙයි. ‘මෙ ඈ ගි’ යනු සිදත් සඟරායෙහි අනෙක ස්ථානයෙහි එයි. ‘ගි’ යනු තුන් වැනි විබත් ගෙනැ ‘ගින්’ වේ.
235
අන්වය : –– සිකි කැන්, ගිරි පිටැ අවුයේ තැවෙන ගිලන් උරා දැකැ, සිතින් පෙම් බැඳැ, පිල් මඬලින් සෙවණ කෙළෙ.
පදාර්ථ : –– මයුර සමූහය තෙමේ, ශෛල පෘෂ්ඨයෙහි ආතපයෙහි තප්ත වන්නා වු ග්ලාන වූ සර්පයන් බලා, චිත්තයෙන් ප්රෙනම බන්ධනය කොටැ, පිච්ඡා මණ්ඩලයෙන් ජායාව කෙළේ යැ.
විස්තර : –– මුවදොව් දා කාරයෝ නයා පෙරැ මෙන් තුඹසට නොවැදුණු බවෙක් කියති.
‘පෙර සෙ එ කල් තුඹස් – නො වනි ගොර බුජඟමා
රුසිරු මොනර පියා ගබැ – ගන හුණුසුමැ පුලුද්දේ’
ටිප්පණී : –– 1. තැවෙන –– පිටපත්හි පෙළට මේ නො එයි, අර්ථසයට ‘තප්ත වන්නා වූ’ යනු එයි. ‘ගිරි පිටැ අවුයේ ගිලන් උරා’ යනුයෙන් මැ අරුත පිරෙන නමුත්,සන්නයෙහි ‘තප්ත වන්නා වූ’ යන්න හා සැසැඳෙන්නක් පෙළෙහි නැති හෙයින් ද, මෙය නැත මත් තුනක් මැ
296 සස දා
අඩු වැ විරිත නස්නා හෙයින් ද ‘තැවෙන’ යනු අතීන් හෙළන ලද. 2. උරා –– ‘සර්පයන්’ යැ යි පුරාණ සන්නය බහුවචන කොටැ අරුත් පවසයි. එ කලැ වෙන වෙන උරගයනට මොනරුන් වෙන වෙන සෙවණ කළ සේ ගත යුතු වෙයි. එයින් ‘කෙළේ’ යන එකවචන රූපය නුසුදුසු වන්නේ යැ. ‘සිහි කැන්’ යනු ප්රානණි සමූහයන් හඟවන හෙයිනි. සමූහයෙන් මැ වියැ යුතු ක්රිැයාවක් කැරෙන තන්හි යැ එකවචන රූපයට අවසර ඇතියේ. ‘පිරිස් දෙකක් වැ බිඳිණ’ යන තන්හි මෙනි. පිරිස් සාධු නාද පැවැත්වූ හ’ යන තන්හි ආඛ්යාකතය බහුවචන රූප වූයේ පිරිසෙහි එකඑක වෙන වෙන මැ සාධු නාද පැවැත්වූ හෙයිනි. එ තන්හි හවුලෙක් නුවුව මනා යැ. 3. සිකි කැන්–– මයුර සමූහයා මැ එක් උරගයකුට එක් සෙවණක් කළ සේ යැ. 4. සිතින් ––ප්රේ මය අව්යාරජ බව –– නිබොරු බව –– හඟවන්නට යි මේ.
236
අන්වය : –– සදුල්, මුව කර සිසාළ වැල් මලක් දැකැ, නොසරස් වදුලින් බැහැවී, දිවැ වැදැ, දතින් කැපී.
පදාර්ථෙ : –– ශාර්දුල තෙමේ, මෘග කණ්ඪය වෙළූ ලතා පාශයක් දැකැ, වහා මැ ළැහැබින් පිටතට අවුත්, දිවැ ගොස්, දන්තයෙන් කැපුයේ යැ.
විස්තර : –– කොටියා මුවාට සතුරු යැ. එහෙත් මෙහි පැවැතුම් ඉඳුරා වෙනසි. වැලෙකින් අටවන ලද මල පුඩුවකට මුවකු ගේ ගෙල අසු වූ බව කොටියා දකී. දැකැ හේ කුමක් කෙරෙයි ද? වහා ළැහැබින් පිටැ වැ දිවැ ගොස් මල පුඩුව සිය දතින් කපා මුවා මුදා හරී.
ව්යාුඝ්රම සමූහයා සඤ්චාරය කරන මාර්ගායෙහි මුවන් රිසි සේ ඇවිදි බව මුවදෙවි දා කාරයෝ කියති.
විවරණය 297
‘මුවෝ රිසි සේ ඇවි - දියෝ වල ‘ඟන හසරෙහි
යෙහෙන් පැනුරමිනුලේ - මුව ලමිනි තඹ පල්ලේ ‘
ටිප්පණී: –– 1. සිසාළ –– ‘සිසාර’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි. සිසෑරීම නම් වටා යාම යි. වැල් මල මුව කර වට ගියේ නම් වූයේ මුවා ඒ මලෙහි බැඳීම යැ. 2. වැල් මලක් –– වැලෙකින් කරන ලද මල (පුඩුව) වැල් මල නමි. 3. නොසරස් –– සරස් නො වැ නොසරස්. ප්රහකෘති සංග්ර හ නිපාත යි. ‘අව්ය ය සමාස’ යනු සංස්කෘත ව්යායකරණයෙහි නමි. ‘කෙළින් මැ’ යනු අර්ථ යි. සරස් වැ යන කලැ කල් යේ නොරස් වැ –– කෙළින් –– යන කලැ වහා ගියැ හැකි. 4. සදුල් ––සකුයෙහි ‘ශාර්දුල’ යනු ව්යා–ඝ්රනයාට ද කොටියාට ද නම් වේ. 5. වදුලින් –– ගස් වැල් ගහන වැ අඳුරු කොටැ සිටි තැන ‘වදුල්’ නමි.
237
අන්වය : –– සල පලු විදු බඳ, ගජ ගුම් ගුම්, වන ගන, වන අග රොන් කබබ මුතු නව සදල දුරු දැනැවී.
පදාර්ථත : –– චඤ්චල වූ පල්ලව නමැති විදු ලිය බුඳුණා වූ හස්ති ගර්ජන නමැති (මෙඝ) ගර්ජන ඇත්තා වූ, වනය නමැති මෙඝය (තෙමේ,) වනාග්නි කණ නමැති ඉන්ද්ර(ගොපකයන් නිකුත් කළා වූ අභිනව ශාද්වල භූමි ඉපැදැවී යැ.
විස්තර : –– ළැවු ගිනි ද ඒ වනයෙහි ඇති නුවූයේ නො වේ. කො තරම් ළැවු ගිනි ඇති වුව ද අලුත් තණ පතෙකුදු ඉන් නො දැ යැ. දිරූ, එ හෙයින් මැ වනයට වැඩ පිණිසැ ඉන් අස් කළ යුතු වූ, ගස් වැල් දයි. ගිනි පුපුරු ද සියලු අතැ විහිදැ යෙයි. අලුත් තණ බිම්හි, ඉඳුගොව්වන් මෙන්, ඒ ගිනි පුපුරු ළා තණ අතරෙහි මැ පෙනේ. එහෙත් තණ පතක් පමණකුත් තැවෙනුදු නො වේ. සෙස්සකට ඉන් මඳ වු ද පීඩාවක් නොවන බවත් කිව මනා ද ? මේ ආශ්චර්ය සා බෝ සතුන් ගේ ඉණ මහිමයෙන් වූයේ යැ.
298 සස දා
අලුත් තණ බිම් වැවෙනුයේ වැසි වට විටැ යැ. වනය මේඝය යි. එහි සැලෙන දළු විදු ලිය යි. ඇතුන් ගේ ගර්ජනය මේඝ ගර්ජනය යි. ළැවු ගින්නෙන් විසිරී ගිය ගිනි අඟුරු ඉඳුගොව්වෝ යැ.
මුවදොව් දා කාරයෝ වනයෙහි ළැවු ගිනි නොහටගත් බව කියති.
‘ගන සා හිවි පෙණ - පෙළ ලකුණු වල් බුජඟමා නො ගත් ළැවු ගිනි ගුරුළු - කුරිරු දල කිඳු පසුරින්’
ටිප්පණී : –– 1. සල පලු විදු –– විදු ලිය රන් වන් යැ රතු වූ ළා දලු සැලෙන කලැ විදු ලිය කොටන්නා වැනි වෙයි.2.බඳ- මේඝයෙහි විදු ලිය ක්ෂණික යැ. (කෙණෙහි ඇති වැ එ කෙණෙහි මැ නැති වෙයි.) වන. මේඝයෙහි පලු නමැති විදු ලිය එ සේ නොවේ, බැඳී සිටී. 3. ගජ ගුම් ගුම් –– ‘ගුම්’ යනු ඝොෂයට නමි. ගජ ගුම් නම් ඇතුන්ගේ ඝොෂය යි. ඉතිරි ‘ගුම්’ යනු ඝන ඝොෂය (අහස් ගිගුරුම) හඟවයි.
‘ගුම් ගත් මේ කුළු වන් මතුතුන් ගේ’
යනු සිරි රහල් බසි. ‘ගන ගුම් ගිගුම් වන ගජ’ යැ යි ගැනිණි නම් වඩා මැනැවි. පිරිමැස්මක් නැති වැ මැ විරිත ද පිරෙන්නේ යැ. 4. වන ගන –– මෙහි ‘ගන’ නම් මේඝය යි. වනය මේඝය නම්, වනයෙහි පලු මේඝයෙහි විදු යි. එහි ගජ ගුම් මෙහි ගන ගුම් යැ. එහි ගිනි රොන් මෙහි කබබ යැ. 5. වන ‘ග රොන් –– වන අග රොන් ‘අග’ නම් අග්නිය යි. වනයෙහි අග වන ‘ග. ළැවු ගින්නට නමි. වන ‘ගෙහි රොන් වන ගෙහි රොන්වන ‘ග රොන් යැ. ‘ගිනි රොන්’ යනු ගිනි පුපුරට නමි.
‘ ගිනි රොන් පුපුරු ගිනි මල් ’
යනුයෙන් රුවන් මල එ බව කියයි. ‘අග’ යනු ගින්නට පර්යාය නාම වන බැවින් ‘අග රොන්’ යැ යි කිව ද ගිනි රොන් මැ ගැනේ. මහ පැරැකුම්බාවෝ එයට මැ ‘දල රොන්’ යන නම දෙති. 6. කබබ –– ඉන්ද්රටගොපක (ඉඳුගොවු) පර්යාය යි.
විවරණය 299
‘දලත විදු පෙණෙහෙලි මුත්
දල රොන්වන් කබබ පෙළ’
යනු පැරැකුම්බා බසි. දි’ලිසෙන්නා වු විදු ලිය නමැති ගිනි පෙණෙහෙලි මිදුවා වූ (ගිනි පෙණෙහෙලි හෙළුවා වූ) ගිනි පුලිඟු වැන්නැ ඉන්ද්රනගොපක පඞ්ක්තිය’ යනු අරුති. ඉන්ද්‍රගොපකයෝ නම් වැසි කලැ පොළොවෙහි ඇති වන රක්තවර්ණග කිට විශෙෂයෙකි. ඉන්ද්ර්යා (මේඝය) ගොපක (රක්ෂක) වනුයේ යමකුට ද හේ ඉන්ද්රනගොප නමි. වැසසෙන් රැකෙන හෙයිනි ඔහුට මේ නම වනුයේ. 7. මුතු ––මිදු. නිකුන් කළ. පිට කළ. ‘මුතු’ යනු ‘මුස්’ මිදීමෙහි අයින් වූ අතීත කෘදන්ත නාම යි. ඉඳුගොව්වන් මුදන ලද්දේ පෘථිවිය විසිනි. එ හෙයින් පෘථිවිය උන් මුතුයේ යැ. ‘මුතු’ යනු ‘දුරු’ යන්නට විශෙෂණ යි. ‘කබබ මුතු’ යන්නට පුරාණ සන්නය ‘ඉන්ද්රෙගොපකයන් සහිත වූ’ යන අරුත දෙයි. 8. සදල දුරු –– ශාද්වල භූමි. 73 වන ගියෙහි ‘සදල’ යන්නටද ‘ශාද්වල’ යැ යි අරුත් කියා ‘භීතිය’ යැ යි පරිකථා ද කළමු. ‘භීතණ’ යනුකෙබදු වුවද ‘ශාද්වල’ යැ යි අරුත් පැවැසීම වැරැදි බව දැන් පෙනේ. සංස්කෘතයෙහි ‘ශාද්වල’ යනු තරුණතෘණයෙන් නීල වර්ණ වූ භූමියට නමි.
‘ශද්වාලඃ ශාදහරිතෙ’
යනුයෙන් අමරසිංහයෝ ඒ බව ඉඳුරා කියති. ශාදයෝ එහි වෙත් නු යි ‘ශාද්වල’ නම් වේ. ‘ශාද’ නම් තරුණ තෘණය යි. 73 වැනි ගීයෙහි ‘නව සදල’ යන්නට ද සරි වනුයේ මේ අර්ථ ය මැ යි. නව සඳල නිල් දියුල කොටැ ගත් හෙයිනි. ‘රතිඳු ගොවු වැළ මෙවුළ්’ කළ හෙයින් ඒ අර්ථනය වඩාලා මැ සුදුසු වේ. තණ බිම්හි තණ අතුරහි ඉඳුගොවු වැළ පෙනෙනු වෙයි. මෙවුල පෙනෙනුයේ වස්ත්රා්න්තරයෙහි යැ. මෙහි දු ශාද්වලාර්ථෙය යෙදේ. ‘ශාද්වල’ යනු ‘තරුණ තෘණයෙන් වැසුණු’ යන අරුත ද
300 සස දා
දෙන හෙයින් ‘ශාද්වල භූමි’ යැ යි කිව වරදෙක් නො වේ. සංස්කෘතයෙහිදු ‘ශාද්වල ස්ථලී’ යනාදිය යෙදුණු තැන් පෙනේ. ගුරුළු ගෝමීහු ––
‘නව සදල පෙළෙවැ’
යනු ‘අභිනව ශාද්වල භූමියෙහි’ යන අරුත දෙන්නට යෙදුහ. හී තණ අරුත අපට කෙසේ පැමිණියේ ද ?
‘හී තණ, සදුල්, කුස, පිවිතුරු, යන මේ ශබ්ද හතර තණට නමි.’
යි පියුම් මල කියයි. එය මැ ගීයට නඟන රුවන් මල ද,
‘හී තණ සදුල් කුස - පිවිතුරු එක්ත් වනුයේ’
යැ යි පවසයි. මේ ‘සදුල්’ යනු ද ‘සදල්’ වැ යෙදෙයි. ‘තෙපුල්’ යනු ‘තෙපල’ වන්නා සේ යැ. ගුරුළු ගෝමීන් ගේ
‘නව සදල ගැවැසි මිහි පිටුහි සරන රතිඳුගොව් කැල යන තන්හි නම් ‘සදල’ යනු ශාද්වලාර්ථරය දෙන සේ ගත නොහැකි වේ. ‘දුරු’යනු පෘථිවි නාම යි. පුරාණ සන්නය ‘දුරු නව සදල දැනැවී’ යනු ‘අන්වයය කොටැගෙනැ ‘පෘථිවියෙහි අභිනව ශාද්වල ජනිත කෙළේ’ යැ යි අරුත් දෙයි. මේ අප නොමඟැ යැවී යැ. ‘දුරු’ යන්නට ‘පෘථිවි යෙහි’ යැ යි අරුත් බණනු අපට නොරිසියුණු හෙයින් විමැසූමූ.
238
අන්වය : –– මල ලිය, ළ අරුවන් අදහර දරණෙහි හොවා සිය කම්හි තන්හි නිකුතුවෝ නිසැකියෝ.
පදාර්ථන: –– කිරාත වධුහු, ඉතා බාල දාරකයන් අජගර භොගා වලියෙහි සතප්පා, ස්වකීය කර්මා න්තයෙහි ලා ඒ ඒ ස්ථානයෙහි නික්මුණාහු ශඞ්කාර හිතයෝ යැ.
විවරණය 301
විස්තර : –– වැදි ගැහැනුනට ද ඒ ඒ තන්හි ගොස් කළ යුතු දෑ ඇති. ඉතා බාල දරුවන් (අත දරුවන්) ඇති වැදි ගැහැනු එ බඳු කටයුත්තට කෙසේ යෙති ද ? උන් ගිය කලැ කවුරු දරුවන් බලත් ද? උනට දරුවන් බලන්නෝ වෙති. ඔහු නම් පිඹුරෝ යැ. වැදි ගැහැනු කුඩා දරුවන් පිඹුරන් ගේ දරණ වැළෙහි නිදි කරවා කිසි සැකක් බියක් නැති වැ සිය කටයුතු සඳහා තන්හි තන්හි යෙති. පිඹුරෝ දරුවන් රකිත්.
මුවදෙව් දා කාරයෝ මෙ තරම් මැ සාහසික නො වෙති. ඔහු පිඹුරන් මුව පැටවුන් නැළැවූ පරිදි කියත්.
‘සුළඟිනි වෙවුලන –– මුව පොල්ලනට පෙම් කොටැ
හොවා තම දළ දරණැ –– සැනැහී දාර තුස්මින්’
ටිප්පණී: –– 1. අදහර –– පිඹුරාට නමි. මේ ‘අදහර’ යනු මැ යැ මෑතෙකැ දී ‘දාර’ වූයේ. යටැ දැක්වුණු මුවදෙව් දා ගියෙහි මැ එනුයේ ‘දාර’ යනු යි. අදහර = (ආදි ස්වර ලෝපයෙන්) දහර = (‘හ්’ ලෝපයෙන්) ද + දර = (සමාන ස්වර දීර්ඝයෙන්) දාර. සකුයෙහි ‘අජගර’ යනු වේ. අජයා (එළුවා) ගිරණය (ගිලීම) කෙරෙනු යි හේ ‘අජගර’ නම් වී ල. මෙ නම ලබන කාලයේ කෙසේ වුව ද දැන් නම් එළුවකුට වඩා බොහෝ මහත් සතුනුදු ගිලින්නට සමත් පිඹුරෝ සිටිති. 2. මල ලිය – 222 වැන්නෙහි ‘මල ළඳුන්’ යන්නට ලියූ ටිප්පණිය බලන්නේ යැ. ඇතැම් පිටපත් ‘මලි ලිය’ යනු දක්වයි. 3. සිය කම්හි –– ස්වකීය කර්මයන්ත සඳහා. 4. නිකුතුවෝ –– සියලු පිටපත් ‘කිකුතු’ යන්න පමණක් දෙයි. ‘නික්මෙන්නා වූ’ යනු යැ පවසන ලද අරුත. ‘නිකුම්’ දයින් වූ අතීත කෘදන්ත නාමය ‘නිකුතු’ යනු යි. ස්ත්රීි ප්රහත්යටයවත් වූ කලැ ඒ ‘නිකුත්තී’ වෙයි. බුහු බස් විබත් යෙදෙන කලැ ස්ත්රීල ප්ර ත්යසයය පහ වැ ‘නිකුතු’ යනු මැ සිටී. එයට ‘ඕ’ විබත වැ ‘නිකුතුවෝ’ යනු නිපදී.
302 සස දා
239
අන්වය : –– සෙණ සී, පෙරැ, ගල් කුළු කුඹු සියන් පියැලී පළන්නේ, එ කල්, රුදු ගිරි ගිජුඳු මුදුනේ නො හිණි.
පදාර්ථ : –– අශනි නමැති සිංහ තෙමේ, පූර්වයෙහි, පර්වත කූට නමැති කුම්භ ශතයන් විදාරණය කරන්නේ (ද,) ඒ කාලයෙහි මහත් වූ පර්වත නමැති ගජෙන්ද්රයයා ගේ මස්තකයෙහි නොවන්නේ යැ.
විස්තර : –– එ කලැ බෝධිසත්ත්වයන් ගේ ගුණානුභාවය කරණ කොටැගෙනැ ඒ වනයෙහි පර්වතයකට ද හෙණ නොවන් බව යැ කියැවුණේ. එයට පෙර නම් ගල් ගුළු සිය ගණන් හෙණ වැදී පැළී යෙයි.
පර්වතය ඇතෙක් නම් පර්වත කූටය ඇත් කුඹ යි. හෙණ ඒ ඇත් කුඹ පළන සිංහයා යැ.
මුවදෙව් දා කාරයෝ මෙය අන් අතකට පෙරළා, ––
‘රන් ලිය විදුනවුල් - ගල් වෙලෙහෙන් සසලා නො හිණි රුදු මිහිඳු සෙණ - මෙදෙන’ද දඩැත් මුදුනේ’
යැ යි කී හ. එහි ‘දඩැත් ගිරි’ යැ යි නොයෙදීම අඩුවක් දක්වයි.
ටිප්පණී : –– 1. පියැලී –– ‘පියල’ (ප්රවගල්භ වීමෙහි) ධාතු ‘රක්’ ආදි අත් පද යි. ප්රහගල්භ වීම නම් අභිත විම යි –– ‘පසු නො බසිමි’ යන සිත් තද බව ඇති බව යි. 2. සෙණ ––සකුයෙහි ‘අශනි’ යන්නෙන් ‘සෙණ’ යනු බිඳැගන්නට බලන්නෝ ‘ණ’ යන්නට හේතු නො දකිති. මේ බිඳීමේ ආශාව නිසා සිංහලය පිළිබඳ පරීක්ෂණ මාර්ග ය බෙහෙවින් අවුල් වැ පවත්නේ යැ. සැලැකියැ යුත්තේ පාලියෙහි හෝ සංස්කෘතයෙහි හෝ ප්රානකෘතයෙහි හෝ යෙදුණු සැටි නො වේ, සිංහලයෙහි වැහැරැවුණු සැටි යි.
විවරණය 303
‘ දි ය ර ම් බල විකුම් පෙන්වූ මුඵ දෙරණ
ම න ර ම් මෙ නරනිඳු ගේ දිය හිය කරණ
වි හි ගු ම් බුජ’ගැ දිළි යම් දිව සෙ කුරුපණ
කග නම් රුදු විරුදු ගිරි මුදුනැ හෙන සෙණ ’
යන තන්හි ‘සෙණ’ යනු නොවෙනස් කළ හැකි සේ ‘ණ’ කාර යුක්ත වැ යෙදිණ. වෙනසකට ප්රවමාණවත් සාක්ෂ්‍ස්යක් නො දැක්වියැ හැකි බැවින් ඒ අපට පමණි.
240
අන්වය : –– වනසර පණ වැනැසුම් හැරැ, අරණ අහර බිදැ, මෙත් සිතින් තම දිවි සේ, දිවි හිමින් සත් වග රැකි.
පදාර්ථි: –– වනචර තෙමේ ප්රාමණ විනාශනය හැරැ, වන්යා හාර අනුභව කොටැ, මෛත්රීද චිත්තයෙන් තමා ගේ ජීවිතය මෙන්, ජීවිතානතය දක්වා සත්ත්ව වර්ගයා රක්ෂා කෙළේ යැ.
විස්තර : –– වනචරයා ගේ ආහාරය සත්ත්ව මාංසය යි. එය ලැබීමට ඔහු විසින් ප්රාාණඝාතය කළ යුත්තේ යැ. එහෙත් ඒ ශශ බෝධිසත්ත්වයන් ගේ ගුණානුභාවය කරණ කොටැගෙනැ එ කලැ හේ ප්රාාණඝාතයෙන් සම්පූර්ණස වශයෙන් වැළැක්කේ යැ. කෙසේ දිවි රැක්කේ ද ? එය සඳහා අරණ්යානහාර අනුභව කෙළේ යැ. තමා ගේ ජීවිතයෙහි ද අන්යේ සත්ත්වයකුගේ ජීවිතයෙහි ද වෙනසෙක් එ කලැ ඔහුට නො පෙනිණ.
ටිප්පණී: –– 1. වනසර –– වෙනෙහි සරනුයේ වනසර. වැද්දාට නමි. 2. අරණ හර –– අල මුල් පල ආදිය. අපට ලැබුණු පිටපත් එකක් හැරැ අන් සියල්ල ‘අවන අහර’ යනු මැ දක්වයි. හැරුණු එක දක්වනුයේ ‘අවන්’ අහර’ යනු යි. ‘අරණ්යාරභාර’ යනු යැ දෙන ලද අර්ථුය. 3. බිදැ ––
304 සස දා
‘බුදු’ (අනුභවයෙහි) ධාතු යි. බොහෝ පිටපත් ‘වීද’ යනු ගනී. දෙකක් ‘විඳ’ යනු පෙන්වයි. ‘අනුභව කොටැ’ යනු මැ යැ දෙන ලද අරුත.
241
අන්වය : –– ඉති එ වෙනේ සතුන් සිත් සම මෙත්නි හැසිරෙත්, ආ පමණින් කිසිදු දුකු නො (වී;) තහවුරු සුව මැ වී.
පදාර්ථ : –– මෙ සේ ඒ වනයෙහි සත්ත්වයන් ගේ චිත්තය සමාන මෛත්රි යෙන් පවත්නා කල්හි, ආයුඃ ප්රවමාණයෙන් මඳ වූ ද දුඃඛයෙක් නො වී යැ; ස්ථාවර වූ සෞඛ්යෙ මැ වී යැ.
විස්තර : –– සිටි සැටියට නම් මේ හොඳ පැදියෙක් නො වේ. ‘තහවුරු සුව මැ වී යැ’ යි කී තන්හි ‘කිසිදු දුකු නො වී’ යනුත් කියුව මනා ද ? පිටපත්හි ආ සැටියෙන් පෙනෙනුයේ පිරිසුදු ගීය අපට නොලැබුණු බව යි.
‘ආ පමණින් කිසි දුකු නො වී, තහවුරු වැ සුව වී’
යනු පසු අඩෙහි අන්වයය කොටැ - ගන්නා පුරාණ සන්නය’
‘ආයුඃ ප්රිමාණයෙන් මඳ දුඃඛයකුදු නො වි ය, ස්ථාවර ව සෞඛ්යුයෙක් ම වි’
යන අරුත දෙයි. ‘වී’ යනු පෙළෙහි දෙ තැනෙකැ මැ යෙදුණ හ යි සිතියැ නොහැකි. ‘තහවුරු ව’ යන තන්හි වැ’ යනු අධික යැ.
242
අන්වය : –– එ කල්හි, එ විර, පුනු සඳින් මැදි පොහෝ දවසක් හැඟැ, සිල් ඉටා, මිතුරන් තම පැලැගි කැරැ –– ( 253 වන පැදියෙහි ‘හැඟියෙ’ යනු හා සබඳි: )
විවරණය 305
පදාර්ථත : –– ඒ කාලයෙහි, ඒ වීර තෙමේ, පූර්ණෙ චන්ද්රයයා කරණ කොටැගෙනැ මධ්ය උපවාස දිනයක් දැනැ, ශිලාධිෂ්ඨානය කොටැ, මිත්රූයන් තමා හා සමාන කොටැ –– ( 253 වැනි ගීයෙහි ‘හැඟියෙ’ යනු හා සම්බන්ධ කරන්නේ යැ. )
විස්තර : –– දිනක් ඒ සා බෝ සතාණෝ පුනු පසළොස්වක් පොහෝ දවසක් බව පිරුණු සඳින් දැනැගත් හ. එ දා ඔහු සිල් සමාදන් වැ, තමන් ගේ මිත්ර යන් තුන් දෙනා ද තමන් සේ මැ සිල් සමාදන් කැරැවූ හ.
මෙයින් පටන් - ගැනුණු වාක්ය.ය කෙළවර වනුයේ 253 වැනි ගීයෙනි. ‘එ විරු සිල් ඉටා තුන් මිතුරන් තම පැලැගි කැරැ, “ තොප අප ගත් මෙ දම් මහතුන් අත් සර රුවනෙක්; ..............කුලුණු නුවණින් යුත්වා” ඉති බැණැ, මිතුරන් යවා, “ ..........ඔහු මන පුරමි” හැඟියෙ’ යන විසින් සම්බන්ධය සලකන්නේ යැ. ඉක්බිති ගී නවයෙන් බෝ සත්හු මිතුරනට සල් අනුසස් දෙසති. ඒ සියල්ල 252 වැනි ගීයෙයහි ‘බැණැ’ යන්නට කර්මු යි.
ටිප්පණී: –– 1. මැදි පොහෝ දවසක් –– මාසයෙහි හරි මැදැ යෙදෙනුයේ මැදි පොහෝ දවස යි. මාසය ගැණෙනුයේ සඳිනි. සඳ සම්පූර්ණ යෙන් අදෘශ්යය වූ දවසට පසු දා මාසයේ පළමු වන දිනය යි. එ දා සඳින් එක් කලාවෙක් පෙනෙන්නට වෙයි. එ දිනට ‘පැළ විය’ යනු නමි. මෙ සේ එක් එක් කලාව බැගින් පිරෙමින් ගොස් පසළොස් වැනි දිනැ සඳ පිරෙන්නේ යැ. එ දා යැ මාසයේ මැදි දිනය. එයට ‘පුර පසළොස්වක’ යැ කියති. 2. සිල් ඉටා ––ශීලය අධිෂ්ඨාන කොටැ. ‘මම මෙය කෙරෙමි’ යි සිත් තරැ කොටැ - ගැන්ම යැ ඉටීම නම්. 3. තම පැලැගි කැරැ –– තමාට සුදුසු කොටැ. තමා හා සමාන කොටැ. මෙහි සමාන කැරුණේ ශීලයෙනි. (තමා සිල් ගෙනැ) ඔවුනුදු එ සේ මැ සිල් ගන්වා යැ යු සේය යැ.
306 සස දා
අන්වය : –– තොප අප ගත් මෙ දම් මහතුන් අත් සර රුවනෙක්, ගතට විදුරු කවදෙක්, සග මොක් පුරට යතුරෙක්.
පදාර්ථ : –– තොප අප ගත්තා වූ මේ ධර්ම්ය තෙමේ, මහාතමයන් ගේ හස්තසාර රත්නයෙකි, ශරීරයට වජ්ර කවචයෙකි, ස්වර්ග මොක්ෂ පුරයට යාත්රාරවෙකි.
විස්තර : –– තමන් සිල් ගත්, මිතුරන් සිල් ගැන්වූ, ඉක්බිති බෝ සත්හු ගී නවයෙකින් මිතුරනට සිල් අනුසස් දෙසති. මෙහි සිල් වැනුම් තුනෙකි.
බුදුහු සිල් මෙ සේ වැනූ හ : ––
‘සීලං බලං අප්පටිමං සීලං ආවුධමුත්තමං
සීලං ආභරණං සෙට්ඨං සීලං කවචමබ්හුතං
සීලං සෙතුමහෙනක්ඛො සීල ගන්ධො අනුත්තරො
සීලං විලෙවනං සෙට්ඨං යෙන වාති දිසොදිසං’
[ සීලං අප්පටිමං බලං –– ශීලය අප්රසතිම වූ බලයෙකි; සීලං උත්තමං ආවුධං –– ශීලය උත්තම වූ ආයුධයෙකි; සීලං සෙට්ඪං ආභාරණං –– ශිලය ශ්රෙකෂ්ඨ වූ ආභරණයෙකි; සීලං අබිභුතං කවචං –– ශීලය අද්භූත වූ කවචයෙකි; සීලං මහෙසක්ඛො සෙතු –– ශීලය මහෙශාඛ්යට වූ සේතුවෙකි; සීලං අනුත්තරො ගන්ධො –– ශීලය අනුත්තරවූ ගන්ධයෙකි; යෙන දිසොදිසං වාති –– යමෙකින් දිශානුදිශායෙහි හමා ද, සෙටඨං විලෙපනං සීලං –– (එ බඳු) ශෙෂ්ඨ විලෙවනයෙකි ශීලය. ]
අටුවා කාරයෝ ද සිල් අනුසස් වනති.
‘ සග්ගාරොහණ සොපානං අඤ්ඤං සීලසමං කුතො ද්වරං වා පන නිබ්බානනගරස්ස පවෙසනෙ’
විවරණය 307
[ ශීල සමං –– සිල් සම, අඤ්ඤං සග්ගාරොහණසොපානං –– සග නැඟෙන අන් හිණෙක්, කුතො –– කොයින් ද? පන –– යළි නිබ්බාන නගරස්ස පවෙසනෙ –– නිවන් පුරට පිවිසුමෙහි, ද්වාරං වා –– දොරෙක් හෝ (කොයින් ද ? ) ]
සියල්ල සලකා, ගුරැළුගෝමීහු මනහර සල් වැනුමක් කෙරෙති.
‘සිල් නම් බිය මුහුද තරන මහ නැව, රූ තවරන වණ වැටිය, කුසල් සඳ දුනු කිරි මුහුද, කුසල් දින් හටන බිජු වළ, ගුණ රුවන් පිරූ විදුරු දෙණ, බුහුමන් බිඟු මුළු වතුළ කුසුම් කැන, හැම සැපත් කැඳවන අත් සන, මරණ නොබන පුරිසරු, මුළු ලෝ දස් කළ පත් කරණ, සග මහ රුක් හැම්නු’ අරුළු ය දෙරණ, නා දෙව් බඹ ගජ මුදුන් නමන අකුස්න, දෙව් ලෝ මහ පහා අරන රුවන් හිණ, සතුන් සිරිරු පහයන රසයින, දහම් සක්විතිය හට කිරුළු කුළ, හැම මන දොළ පුරන කප් රුක, සසුන් මහ විල්හි පුබුදු ගුණ ගඳ වහන මහ පියුම, තුනුරුවන් උපන් මහ සයුර, හැදැහිවිලි හස් මුළු සරන පියුම් විල, දුගී අඳුරු හරන සරා හිර, මෙත් ඌල් සිලියෙන වසා විට, කෙලෙස් ගජ කුඹු පළන සී නිය පඳුර, නිවන් පුර වදුත් එක් යාන, සසර සයුරු තරන මහ හෙය, රජ මුළු කිරුළු මිණි රස්නි දෝ පා පිළ, සිවු අවයට මහ හගුළ, දෑ ජර මරණ මහ ගිම් නිවනුවට මහ මෙය, හැම සත්නට අබාදා දහම් රජය, අට අකණ අඳුරු දුරු කරන සරා හිර, අට අරී කෙළෙඹීයන් අත්සරිය, බුදු සසුන් රක්නා මහ මතුරි.
ටිප්පණී: –– 1. මහතුන් –– මහාත්මයන් ගේ. ආර්යයන් ගේ. ‘අට අරි කෙළෙඹියන් අත්සරිය’ යනු ගුරුළු ගෝමී වචන යි. 2. අත්සර –– හස්තසාර. අත් දුටු ප්රයත්යරක්ෂ වූ ) බලය ඇති නොවරදිනා දෑ ‘හස්තසාර’ නමින් ව්ය වහාරයෙහි ගැනේ. ‘හස්තසාර ඖෂධ’ යනාදි විසිනි. සංස්කෘතයෙහි ‘හස්තසාර’ යන්නක් යෙදුණු තැනෙක් නො
308 සස දා
පෙනේ. පාලියෙහි ‘හත්ථසාර’ යනු ලැබේ. එ මැ සංස්කෘත කොටැගෙනැ නිපැදැවූ ‘හස්තසාර’ යන්නෙක් සිංහල පොත්හි යෙදිණ. 3. රුවනෙක් –– රත්නයෙක්. ආරක්ෂා ආදියටත් ඇතැම් මාණික්යලයෝ යෙදෙති. එ බඳු අත් දුටු බල ඇති රුවනෙක් අත්සර රුවනෙක් වේ. 4. විදුරු –– වජු. Adamant. වජ්ර යනු මහාර්ඝ රත්න විශෙෂයකට (Diamond) ද, කවි සමයයෙහි තද මැ වූ ලොහො වෙසෙසකට ද නම් වේ. මෙහි ගැනුණේ දෙ වැන්න යි. ‘විදුරසුන’ යන තන්හි ‘විදුරු’ යන්නෙන් ගත යුත්තේ ද මේ අරුත යි. විදුරින් කැරුණක් නො බිඳියැ හැකි. 4. කවදෙක් –– කවචයෙක්. සන්නාහායෙක්. අවි පහර වළක්වන්නට සෙබළුන් අඳනා ඇඳුම කවච නමි. ඒ ගන සමින් හෝ ලොහොයෙන් හෝ කැරෙන්නේකි. 5. සග මොක් පුරට යතුරෙක් –– ස්වර්ග පුරයටත් නිර්වාණ පුරයටත් පැමිණීමට ශීලය යාත්රා.වෙකි.
244
අන්වය : –– අවා මඟැ අකුලෙක්, කෙලෙස තමසට සැඬරස්, සව් සැපතට සුරතුරු, මුළු ලෝ එක විසීකරණ (ගිය ගීය හා සබඳි.)
පදාර්ථු : –– අපාය මාර්ගයයෙහි සඞ්කුලයෙකි, ක්ලෙශ නමැති අන්ධනාරයට චණ්ඩරශ්මි යැ. සකල සම්පත්තියට දිව්ය වෘක්ෂ යැ, සකල ලෝකයට අසහාය වශීකරණ යැ. (පූර්ව පද්යත හා සම්බන්ධ යි.)
විස්තර : –– සිල් අනුසස් සතරෙක් මෙහි පැවැසිණ. 243 වැනි ගීයට ලියූ විස්තරයෙහි ඇදැලු පාඨවලැ කවර කවර තන්හි මේ අදහන් පැවැසිණි දැ යි විමසන්නේ යැ.
ගිය ගීය හා සම්බන්ධ වන බැවින් ‘තොප ‘ප ගත් මේ දම් අවා මඟැ අකුලෙක්’ යන ඈ විසින් එක් එක් තැනැ අන්වයය සම්පූර්‍ණ කැරැගන්නේ යැ.
විවරණය 309
ටිප්පණී: –– 1. අකුලෙක් –– හෙළුයෙහි ‘අකුල්’ යනු ගන වැ වැවුණු වන ගොමුවට නමි. එය කපා හෙළා මුත් ඔබට ගිය නොහැක්කේ යැ. මඟෙකැ අකුලක් වැවුණ හොත් එ මඟ වැසුණේ නම් වෙයි. මඟ පෑදීමට නම් අකුල කැපියැ යුතු යැ. ‘අකුල්’ යන්නට සමාන සංස්කෘත නාමයක් ඇත් දැ යි නො දනිමු. ‘ගහන වූ’ යන අර්ථවය බලා පදාර්ථ කථනයෙහි ‘සඬ්කුල’ යනු යෙදුමු. ගුරුළු ගෝමි පාඨයෙහි ‘සිවු අවයට මහ හඟුළ’ යනු එයි. එහි ‘හඟුළු’ (අඟුළු) නම් අර්ගළල (bolt) යැ යි හඟිමු. 2. සැඬරස් –– සූර්යයා. සැඬ (චණ්ඩ) වූ රස් (රශ්මි) යමක්හු ගේ ද හේ සැඬරස්. 3. එක විසීකරණ –– ‘විසීකරණ’ (වශීකරණ) නම් අනුන් තමනට අවනත කරන ගුරු කමෙකි. මන්ත්රී ශාස්තුයෙහි දැක්වුණු අෂ්ට කර්මැ අතරෙහි වශීකරණය ද එකෙකි. එ වැනි අන්ය වශීකරණයක් නොමැති බැවින් ශීලය ‘එක් විසීකරණ’ (එක වශීකරණ –අසහාය වශීකරණ ) නමි.
245
අන්වය : –– ජර තොයින් අනුබඳ, වියත් දළ රළ කෙළනා,මරණ වළබ සියෝ දෑ සයුරු තරනට නැව්. ( 243 වැනි ගීය හා සබඳි.)
පදාර්ථෑ : –– ජරා නමැති තෝයයෙන් අනුබද්ධ වූ, ව්යාමධි නමැති මහත් තරඞ්ගයන් පවත්නි වූ, මරණ නමැති වඩබා මුඛයෙන් යුක්ත වූ ජාති නමැති සාගරය තරණය කිරීමට නෞකාව යැ. ( 243 වැනි පද්යාය හ සම්බන්ධ යි.)
විස්තර : –– මෙහි ශීලයා ගේ එක් අනුසසෙක් දැක්විණ. එ නම් සංසාරයෙන් එ තෙර වීටම කරුණු වීම යි. ‘සිල් නම් බිය මුහුදු තරණ මහ නැව’ යි ගුරුළු ගෝමිහු ගත් හ. එහි දු බිය නම් සසර බිය යි.
310 සස දා
ජාතිය (භවය –– සංසාරය ) සයුර යැ. මරණය ඒ සයුරෙහි වඩබා මුඛය යි. ඒ බඩබා මුඛය ද ජරා නමැති ජලයෙන් අනුබද්ධ යැ. ව්යාිධි නමැති මහා රළ එහි පවතී.
ටිප්පණී: 1. තොයින් –– තෝ + ඉන්. 2. අනුබඳ –– අනුබද්ධ. ‘සම්බන්ධ වූ’ යනු අරුති. 3. වියත් –– ව්යවධි. ‘වියදි’ යනු යැ පියෙවිය. වියදි = (අන්ත්යර ස්වර ලෝපයෙන් ) වියද් = (අඝොෂාදෙශයෙන්) වියත්. ‘පොදි’ යනු ‘පොත්’ වු සැටි ද සමයන්නේ යැ. ‘සිවුරු පොත් කොටැ’ යනාදි තන්හි ඒ පෙනේ. සියලු පිටපත්හි ‘වියන්’ යනු මැ පෙළ කොටැගෙනැ ‘ව්යාිධි’ යැ යි අරුත් දෙයි. 4. කෙලෙනා –– නැඟී බැසැ පවත්නා. සියලු පිටපත් ‘කෙලෙනා’ යනු පෙළට ගෙනැ ‘පහරණා වූ’ යන අරුත දෙයි. 5. වළබ මුව –– ලෝකාන්තිමයෙහි දී සියල්ල දවන්නා වූ ගින්න දැනුදු සයුරු පත්ලෙහි වෙළඹක ගේ වෙසින් හැසිරෙති යි කවි සමයයෙහි එයි. වෙළඹ වෙස් ගත් හෙයින් ඒ ‘වඩබාග්නි’ නමි. බෞද්ධ සමයයෙහි එනුයේ අන් ලෙසෙකි. කරකයට දිය ලද මනා කල්හි සයුරු පත්ල හා සම්බන්ධ වූ දොරෙක් හැරේ ල. එ කලැ නරකාග්නි ශිඛාවෝ බුරමින් ජල සම්පර්කයෙන් අති ප්ර චණ්ඩ වෙමින් සයුරු දිය විනිවිදැගෙනැ නික්මෙත් ල. ඒ හැරෙන දොර යැ වඩබා මුඛ නම්. 6. සියෝ –– සංයොග වූ. සංයුක්ත වූ. සහිත වූ. 7. දෑ –– ජාති. භව. සංසාර. 8. තරනට –– ‘තර’ ධාතු ‘බම’ ආදි උභය පද යි.
246
අන්වය : –– මෙ දම් රැකි කිසි සත් සියලු ලෙව් මුදුන් මැලි වෙ, තමද ලොව ද රක්නේ, සව් සකර දුක් හරනේ.
පදාර්ථර : –– මේ ධර්මිය රැක්නා වූ ඇතැම් සත්ත්වයෙක් සකල ලෝකයට මස්තක මාල්යැ වන්නේ යැ, තමා ද ලෝකයා ද රකින්නේ යැ, සර්ව සංස්කාර දුඃඛය දුරු කරන්නේ යැ.
විවරණය 311
විස්තර: –– මෙයින් බුද්ධාංකුරාදි මහා සත්ත්වයෝ ගැනුණෝ යැ.
‘මෙ දම් රැකි කිසි සත් ලෙව් සියලු සත් මුදුන් මැලිවෙ තවද ලොව රක්නෙ සව් සකර දුන් හරනෙ’
යන අන්වයය යැ පිටපත්හි එනුයේ. පදාර්ථත ලෙස දැක්වුණේ,
‘මේ ශීල ගුණ ධර්මයය රක්ෂා කළා වූ කවර සත්ත්වයෙක් ලොකයෙහි සියලු සත්ත්වයනට මස්තක මාල්ය වන්නේය තමා ද ලොක වාසීන් ද රක්ෂා කරන්නේ ය. සර්ව සංස්කාර දුඃඛයෙන් මුක්ත වන්නේ ය.
යනු යි ‘මුදුන් මැලි වැ’ යනු ඇතැම් පිටපතෙකැ එතුදු ‘මස්තක මාල්යස වන්නේ යැ’ යනු මැ යැ දෙවුණු අර්ථවය.
ටිප්පණී: –– 1. මුදුන් මැලි –– හිස් මතැ පැලැඳෙන කුසුම දාමයට මෙන් වැ කිරීටයට ද මේ නම් වෙයි. 2. සකර දුක් –– සංස්කාර දුඃඛ. ඇති වැ නැති වන සියලු දෑ සංස්කාර යැ. එ හෙයින් සකර දුක් යනුයෙනුත් සංසාර දුන් මැ ගැනේ. 3. හරනේ –– ‘හර’ දුරු කිරීමෙහි ධාතුයි.
247
අන්වය : –– ගව අඟන, සිතු මිණි, බද කළ, සුර තුරු, යදුතුරිසි දේ, මොක් සිරි නො දේ. මෙ දම් ගත හෙ ද අත් පත්.
පදාර්ථො: –– සුරහි ධෙනුව (ද,) චින්තාමණිය (ද,) භද්රයඝටය (ද,) දිව්ය වෘක්ෂය (ද,) යාචනය කරන කල්හි රුචිය දෙයි. මොක්ෂ ශ්රීයය නො දෙයි. මේ ධර්මනය ගත හොත් ඒ ද හස්ත ප්රා්ප්ත යැ.
312 සස දා
ටිප්පණී: –– 1. ගව ‘ඟන –– ගව අඟන. දෙන. ‘දෙන’ යැ යි නො කියා ‘ගව ‘ඟන’ යැ යි කී හෙයින් මෙ තන්හි විශෙෂයෙන් ‘සුරඟි’ නම් වූ දිව්ය‘ ධෙනුව ගත යුතු යැ. කැමැති කැමැති දෑ දෙන හෙයින් ඕ ‘කාමදුඝා’ නමු. දෙව් ලොවැ වසන්නී යැ.අමෘතය සඳහා කිරි මුහුදු කලඹනු ලබන කල්හි ඉන් නැඟි චතුර්දශ රත්නයන් අතුරින් එකෙකි. 2. සිතුමිණි –– චින්තාමණි. කවි සමයයෙහි සිතු මිණි සිතූ පැතූ දෑ දෙන රත්නයෙකි. නාගයා ගේ කණ්ඨ මාණික්යඟය ද සිතු මිණැ යි ඇතැම් බෞද්ධ කථා කියයි. 8. බද කළ –– භද්රය ඝටය, ගුටිකාපාතය ( Lottery ) පිණිසැ ගැනෙන්නා වු කළය මෙ නම් වේ. දිනුවවුනට සැප දෙන හෙයින් එය ද රිසි දෑ දෙන ලෙස සැලැකේ. 4. රිසි –– රුචිය. කැමැත්ත. අභිමතය. පිටපත් ‘සිරි’ යනු පෙළ කොටැ ‘ඊප්සිත ලෞකික සැපත්’ යන අරුත දෙයි. 5. මෙ දම් –– මේ ශීල ගුණ ධර්මය . 6. හෙ –– ඒ මොක්ෂ ශ්රීමය.
248
අන්වය : –– පර පණ වත්, සිය පණ සේ ගොර වස එව්, සව් මහ දනා සියන් එව් හැඟැ, සමඟ මෙත් ළෙන් සැර දෙවු.
පදාර්ථඑ : –– පර ප්රාෙණ වස්තු ස්වකීය ප්රාෙණය සේ ද ඝොර වීෂ. සේ ද සිතා, සමග්රථ මෛත්රී: චිත්තයෙන් චිර කාලයක් ජීවත් වවු.
ටිප්පණී : –– 1. පර පණ වත් –– පරා අයත් ප්රා ණයත් වස්තුවත්. 2. සමග මෙත් ළෙන් –– සම්පූර්ණ වූ (නොඅඩ වූ) මෛත්රිත චිත්තයෙන්. සියල්ලන් කෙරෙහි එක් සම කොටැ පැවැත්වෙන මෛත්රීප චිත්තය යැ සමඟ (සමග්ර–) වනුයේ. සකුයෙහි ‘සමග්රව’ යන්නට. ‘සමය’ (සකලය) ග්රතහණය (ගැනීම) කරනුයේ “සමග්රව” යැ’යි නිරුක්ති වෙයි. 3. සැර –– විර කාලර්ථතවාචි නාම යි. 4. දෙව් –– ‘දෙ’ (පණ දැරීමෙහි) ධාතු යි.
විවරණය 313
249
අන්වය : –– ලෙවන් නන් රුවන් උදුළ සව් බරණ පලන ද, පිරිසුදු මෙ සිල් බරණ නොපලඳනේ නොරඳනේ.
පදාර්ථර : –– ලෝක වාසීන් නානාරත්නොජ්ජවල වූ සර්වාභරණයන් පැලැඳිය ද, පරිශුද්ධ වූ මේ ශීල නමැති ආභරණ නොපලඳිනුයේ නොහොබනේ යැ.
ටිප්පණී : –– පලන ද –– පැලැඳි නමුදු. මෙහි ‘පලන’ යනු ‘පලඳ’ ධාතුයෙයන් වූ ආවස්ථික කෘදන්ත නිපාත අතීත රූප යි. (ව්යාඳකරණ විවරණයෙහි 372 වැනි පිට බලන්නේ යැ.) ආවස්ථියෙහි කෘදන්ත නිපාතයේ අතීත රූපය සිදු කළ යුතු තන්හි ධාතුව අතීත කෘදන්ත නාම රූපය ගනී. එයට ‘අ’ ප්රකත්ය’යය එක් වේ. ‘බස්’ ආදි ගණ ‘පලඳ’ ධාතුයේ අතීත කෘදන්ත නාම රූපය ‘පලන්’ යනු යි. පලදී - පලඳිති - පලනි, පලන්, පලන - පලනු, පලන්, පලන - යන ලෙසිනි වරනැඟීම වනුයේ. පලන් + අ = පලන. ගත –– හොත –– ඔත –– දත ––වන (වැදුණ හොත්) –– යනාදිය ද පිරික්සන්නේ යැ. ලියන්නන් වියරණ නොදත් හෙයින් පිටපතට වූ විපත මහති. ‘පලනද’ යනු ඔවුනට නුපුරුදු හෙයින් ලියන්නෝ එය ‘පලදන’ යැයි ලියූ හ. තව ද පිරිසිදු වන්නට බැලූ කිසිවෙක් ‘පලඳන’ යැ යි ඇතැමෙක් ‘පලඳනා’ යැ යි ද පෙළ වෙනස් කළහ. විපත කො තරම් බිහිසුණු වී ද යත හොත් ‘පලන ද’ යන කවි පාඨය දෙන එක ද පිටපතෙක් නො වේ. ව්යාතකරණයට –– දැන් බාලයන් අනවශ්ය යැ යි පිටමං කරන්නට දඟලන ව්යා කරණයට පින් සිදු වන්නට, කවි පාඨය දැනුදු සනාථ යැ. සිනාවට කරුණු නම් පලදන –– පලඳන –– පලඳනා –– යන කවර පාඨයක් වුව ද ‘ප්‍රසාධනය කළ ද හෙවත් විභූෂණය කළ ද’ යන ලෙසින් මැ අරුත් පැවැසීම යි. නොසැසැඳෙන බවක් දටු ශෝදකයෝ ‘පළදත’ යැ යි පාඨය වෙනස් කෙරෙති; ‘ප්රෙසාධනය කළ ද’ යන අතීතාර්ථ ය සමඟ එය නො - සැසැඳෙන බව නො දකිත්.
522 – K
314 සස දා
250
අන්වය : –– සසරැ බිරි වී නම්, කිසි දුකැ නොරිසි වී නම්, නොරහසැ රහසැ කිසි පව් නො මැ කැරැ, දැහැමින් යෙදෙවු.
පදාර්ථි: –– සංසාර භීතිය වූයෙ නම්. කිසි ද දුකෙක්හි අරුචිය වූයේ නම්, පෙනී හෝ නොපෙනී හෝ කවර ද පාපයක් නො කොටැ මැ, ධර්ම.යෙන් යුක්ත වවු.
ටිප්පණී: –– සසරැ බිරි –– සංසාරයෙහි භීත භාවය. සසරට බන (බිය වන) බව. ‘වී’ යන්නේන් උක්ත වනුයේ මේ ‘බිරි’ යනු යැ. 2. කිසි දුකැ නොරිසි –– කිසි දු දුකෙක්හි අරුචිය. කිසි දුකක් නුරුස්නා බව. දෙ වන ‘වී’ යන්නෙන් උක්ත වනුයේ ‘නොරිසි’ යනු යි. 3. නොරහසැ –– එළියෙහි. පෙනෙන සේ. 4. රහසැ –– අඳුරෙහි. නොපෙනෙන සේ.