සස දා විවරණය-විවරණය ii

51

අන්වය : –– රෑ හකුළුවමින්, සක්වා සතොස වඩමින්, දිය සැනැසුමැ දිය සිත් දියුණු කැරැ , ගිම් කල් පත්.


පදාර්ථි : –– රාත්රිිය සංකුචිත (කෙටි) කෙරෙමින්, වක්ර වාකයන් ගේ සන්තෝෂය වැඩි කෙරෙමින්, ජලස්නානයෙහි ලෝකයා ගේ චිත්තය ද්වීගුණ කෙරෙමින්, ග්රී ෂ්ම කාලය පැමිණියේ යැ.



විවරණය 117


විස්තර: –– ග්රීමෂ්ම ඍතුයෙහි දී දවාල රැයට වඩා දිග යැ; සක්වා ළිහිණියන් ගේ සන්තෝෂය ‍වැඩෙයි; මනුෂ්යෂයෝ දිය නෑමට ඉතා කැමැත්තෝ යැ.


ටිප්පණී: –– 1. සක්වා –– චක්රැවාක. කවි සමයයෙහි අති ප්රතසිද්ධ පක්ෂි වර්ගපයෙකි. (Brahmany duck. Anas Casarca) සක්වාවෝ රාත්රි්ය හැකුළුණු පමණට සතුටු වෙති. හැයි ? දාවලැ එක් වැ සිටි සක්වා යුවළ රැය එත් මැ වෙන් වෙති. උන් නැවැතැ එක් වනුයේ උදයයෙහි යැ. තමන් ගේ වියොගයට හේතු වන රාත්රිතය ඔවුනට කෙසේ නම් ප්රිේය වේ ද ? චක්ර වාක වියොගය චන්ද්රෙයා විසින් කැරෙන සේ යැ. කවින් ගේ හැඟීම. චන්ද්රියා රාත්රිායට අධිපති වන හෙයිනි.


‘ග සා කරින් සක්වා වෙන් කළ පවින නි සා පිය’ඹ සහ තුරු පිරිවර ගියෙන ස සා වෙසින් දුමුරස වෙමිනි ළු මැ දින ස සා දරහු බල පල ලද උදාසන’

                                                                                    (මියුරැ සදෙස)

52


අන්වය : –– මුනිඳුහු දැක්මට සෙරෙන් ආ මලිගිය ලියන් ගැවැසී පිපි කුසුම්, ලූ මනහර උතුරු සළු වන්.


පදාර්ථ  : –– මුනීන්ද්රෙයා දැකීමට වීර කාලයෙකින් පැමිණියා වු මල්ලිකා ලතා නමැති කාන්තාව‍න් ගේ, ගහන වැ පිපුණා වූ මල් (කෙබඳු ද යත් : –– ) බහාලන ලද්දා වූ මනෝහර වූ උත්තර සාටකය වැනි යැ.


විස්තර  : –– ඉද්ද මල් ග්රීපෂ්ම ඍතුයෙහි දි වන බව යැ මේ කියැවුණේ.


ටිප්පණී : –– 1. සෙරෙන් –– ‘සර’ යනු චිර කාලාර්ථකවාචි යි. ඒ ‘සැර’ යි ද සිටී. එ හෙයිනි ‘සැර දෙ’ යනාදිය . ඇතැම් නිපාතයන් ‘අට’ ‘එන්’ (ඉන්) යන ප්රීත්යඑය දෙකින් එකක්

118 සස දා


ගෙනැ ද සිටී. දැන් - දැනට, හොත් - හොතින් , යනාදිය ද විමසන්කනේ යැ. පුරා වර්ෂ යකට පසු පැමිණි හෙයින් ‘මලිගිය ලියන්’‍ෙසරෙන් ආ ලෙස කියැවිණි. 2. මලිගිය –– සත්පෙති දෑ සමන්. ‘ඉද්ද’ යනු සාමාන්ය ව්යහවහාර යි. Oleander. ‘ඉද්ද - බොලිදි - බොලිදි - මලිගිය - මලුපු - දු එක’ත් වනුයේ’ යනු නිඝණ්ටු යි. 3. ලියන්– මෙහි ‘ලිය’ යනු ශ්ලෙෂ යි. ‘ලතා’ ‘කාන්තා’ යන දෙ අරුත මැ දෙන හෙයිනි.


53

අන්වය : –– ගබ දෙලෙන් බිහිවි සහමල් පුවක් තුරු රැස්, මද මතින් එ කල් විහිදු පණ රැඳි උරා කැල වන්.


පදාර්ථහ : –– ගර්භ දලයෙන් බාහ්යු වූ පුෂ්ප සහිත වූ පුග, වෘක්ෂ සමූහය , මද මත්ත භාවයෙන් විදහන ලද්දා වූ පෙණය රැඳුණා වූ උරග සමූහය වැනි යැ.


විස්තර: –– නයින් ගේ මදත් පුවක් මලු ග්රී ෂ්ම ඍතුයෙහි දි වන බ‍ව යැ මෙයින් කීයේ.


පුවක් ගසේ බඳ නයා ගේ බඳ යැ. පිටතට ඇදී පළල් වැ සිටි පුවක් මල නා පෙණය වැන්නැ.


ටිප්පණී : –– 1. ගබ දෙලෙන් –– ගර්භ දලයෙන්. මල ගබ කොටැගෙනැ සිටුනා කොළය යැ ගබ දල නම්. දල+එන්= දලෙන් = (ස්ව‍ර පර රූපයෙන්) දෙලෙන්. 2. බිහිවි –– ‘බිහිය’ දයින් වූ අතීත කෘදන්ත නාම යි. ‘බිහිය’ ධාතු ‘රක්’ ආදි ගණ ආත්මනෙ පද යි. බිහියේ - බිහියෙති - බිහියිණි, බිහියි, බිහිවී - බිහියුණු , බිහියි , බිහිවී. බිහියි = බිහිවි. හැඬැවීමේ පහසුව සඳහා ‘ය’ කාරයට ‘ව’ කාරාදෙශ වී. වියී = විවී, ලියී = ලිවී, යනාදිය විමසන්නේ යැ.



විවරණය 119


54


අන්වය : ––‍ සෙරෙන් ලද පියන් පියෙදු වදන් රස මෙන්, ගිමන් තත් ලෙව් සනහා මද නිරුත් මරු හමළ.


පදාර්ථන : –– චිර කාලයෙකින් ලබන ලද, ප්රි,යාවන් විසින් එළවන ලද්දා වූ වචන රසයක් මෙන්,ග්රී–ෂ්මයෙන් තැවුණා වූ ලෝකයා නිවා, මන්ද නෛර්ඍත මාරුතය හැමී යැ.


විස්තර : –– ග්රීරෂ්ම ඍතුයෙහි දී නිරිත දිගින් මද සුළඟ හමන බව මෙයින් පැවැසිණ.


එ කලැ ලෝකයා ග්රී ෂ්මයෙන් තැවුණේ යැ. බොහෝ කාලයක් මුළුල්ලෙහි ප්රිැයාව ගෙන් වෙන් වූවකු විරහ ශෝකයෙන් තැවුණා මෙනි. විරහියා බොහෝ කාලයකට පසු ප්රිායාව විසින් එවන ලද වචනයක් ලැබැ යම් සේ සැනැසේද , එ සේ මැ ඝර්ම තප්ත ලෝකයා ද නිරිත දිගින් හමන ලද සුළඟ ලැබැ සැනැහුණේ යැ.


සියලු පිටපත් ‘සෙරෙනා’ යනු මැ පාඨය කොටැ ‘චිර කාලයෙකින්’ යන අරුත දෙයි. ‘සෙරෙනා’ යනු එළි සම කවියෙකැ එළිය රක්නට නම් යෙදුණු සේ ගත හැකි. එළි නැති ගියෙකැ එ බන්දෙක් සමතකු අතින් නො යෙදේ.


සන්නය ‘පියන්’ යනු නො ගනී. ‘පියවදු වදන් රස මෙන්’ යන්නක් හෙළාගෙනැ, ‘ප්රිනය දූතියක ප්රිොයාව ගෙන් එළැවූ ප්රි්ය වචන රසයක් මෙන් යන අරුත දෙයි. ‘පියවදු’ යන්නෙක් පෙළෙහි නැති. එයට සුදුසු අරුතෙක් සන්නයෙහි දු නැති ‘එළැවූ’ යන අරුත දෙනුයේ ‘පියෙදු’ යන්න යි. ‘ප්රිමය දුතියක’ යන අරුත ලැබියැ හැක්කේ ‘පිය දු’ යන්නෙනි. ‘ප්රි ය වචන රසයක්’ යන අරුතෙහි ‘ප්රිේය’ යන්න සඳහා පෙළෙහි අකුරෙකුදු නැති.


120 සස දා


ටිප්පණී: –– 1. පියෙදු –– ‘පියොද’ (ප්ර යොගයෙහි’) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි. ‘පියොද’ යනු ද ‘පි’ පූර්ව වු ‘යොද’ දයින් වි. ‘ප’ උපසග මෙහි ‘පි’ යි සිටියේ යැ. 2. හමළ –– ‘හමුර’ දයින් වූ අතීත කෘදන්ත නාම යි. 3. නිරුත් –– නිරිත. 4. මරු –– සුළඟ. 5. තත් –– (තැවීමෙහි) ‘තව’ (අකර්ම්ක) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි. අකර්ම ක ‘ත’ ධාතු ‘බස්’ ආදි ගණ ආත්මනෙ පද යි. තැවේ - තැවෙති - තැවිණි, තැවි, තති - තැවුණු, තැවි, තතු. තතු - තත්.


55

අන්වය : –– බිඟු වහත නොවන සිවුමැලි මහරී කුසුම් කුරිරු මඟ ගිම් උසුළා , ලෙව් වතුන් අසිරි බල.


පදාර්ථව : –– භෘඞ්ගයා උසුළත් හොත් අසමර්ථක වූ සුකුමාර වූ ශිරීෂ කුසුමය (තෙමේ) ක්රෑ ර වූ මහා ග්රී ෂ්මය ඉවසයි. ලෝකයෙහි වස්තූන් ගේ අශ්චර්ය බලව.


විස්තර : –– මහරී මල් ගිම් කල්හි ඇති වේ. ඒ ඉතා සිවුමැලි යැ, බිඟුකු ඉසිළීමට ද සවියක් නැති තරම් යැ. එහෙත් ගිම් තෙද දරා සිටි.

‘බල ලෙව් වතුන් අසිරි - කුරිරු මහ ගිම් උසුළා’

යැයි ගීයෙහි පස’ඩ ගැනිණි නම් විරිතට පිරිමැසුම් නුවුව මනා යැ. සිටුනා සැටියට නම් තුන් වැනි පයෙහි අගැ දිගු මත ලුහු කෙ‍ාටැ ද සතර වන පයෙහි අගැ ලුහු මත ගුරු කොටැ ද ගැණැ විරිත පුරව‍ාගත යුතු.


ටිප්පණී: –– 1. වහත –– ‘වහ’ (ඉසිළීමෙහි) ධාතු යි. ‘බම’ ආදි ගණ යි. 2. මහරී –– ‘මදටිය’ යනු ව්යනවහාර නාමය යි.


‘මරා, විසි, වනසු - මහරී, සුවතුරු , (සමත්)’

යනු නිඝණ්ටු යි. 3. අසිරි –– ආශ්චය්ය්, , අසුරට –– අසුර ගැසිමට –– එයින් පුදුමය දැක්වීමට –– සුදුසු වූයේ අසිරි.

විවරණය 121

පාලියෙහි ‘අච්ඡරිය’ යනු ද මේ අරුත ඇත්තේ යැ. ‘අච්ඡරා’ යනු අසුර ගැසීමට නමි. සංස්කෘතයෙහි ‘ආශ්චර්ය’ යනු “ආඃ” යැ යි හැසිරීමට සුදුසු යැ’ යන අරුත ඇත්තේ යැ. මහ පුදුමයක් දුටු විටැ ‘ආඃ’ යැ යි කියැවෙනු සිරිති.


56


අන්වය : –– කුරිරු ගිම් තෙද සතුන් සතැවුලි කියමන් කුම් ? දහවල් නිඳි හේ පස් ඉඳුරෝ හා නිසවත් වන එව්.


පදාර්ථ  : –– ක්රෑතර වූ ඝර්මි තෙජස කරණ කොටැගෙනැ සත්ත්වයන් ගේ සන්තාපය කියනු කිම ? දිවා කාලයෙහි නින්ද හේතු කොටැගෙනැ පඤ්චෙන්ද්රිනයයෝ ද පවා නිශ්වෙෂ්ට වන්නවුන් වැන්නෝ යැ.


විස්තර : –– ග්රීටෂ්ම ඍතුයෙහි දී සත්ත්වයෝ දාවල් නිඳිති. එයින් ඉන්ද්රි යෝ ද මැලැවි ක්රි යාරහිතයන් මෙන් වෙති.

පිටපත්හි ගී පෙර’ඬ එනුයේ, –– ‘කියම් කුම් කුරිරු –– ගිම් තෙද සතුන් තැවුලි’

යන ලෙස යැ. සන්නය ––

‘කුරිරු ගිම් තෙද –– කර්කශ වූ ඝර්ම තෙජසින්, සතුන් තැවුලි –– සත්ත්වයන් ගේ සන්තාපය, අනිකුම් කියම් –– අනික් කුමක් කියම් ද ?’

යි අරුත් දෙයි. සන්නයෙහි එන ‘අනි’ යනු පෙළෙහි නැති. ඇතැම් පිටපත්හි ‘අනි’ යනු වෙනු‍වට ‘අනෙ’ යනු වෙයි.


ටිප්පණී : –– 1. කියමන්: –– ‘කිය’ දයට ‘මන්’ පස වී නිපන් භ‍ාව නාම යි. ‘කියමන් කුම්’ යනු සම්ප්රපදායානු කූල යැ. ගුත්තිල දායෙහි ––

‘කියනු කිම මහිමා එ ඇදුරු ගදඹ උතුමා’ 522-E 122 සස දා


යනු යෙදිණ. 2. ගිම් තෙදැ –– ගිම් තෙදින් යන්නට සමාන යැ. 3. නිසවන් –– මහත් සැක උපදවන තැනෙකි. සියලු පිටපත් එක සේ මෙය දක්වයි. සන්නය ද ‘නිශ්චෙෂ්ට’ යන අරුත මැ දෙයි. ‘චෙෂ්ට’ යනු ‘ක්රිනයා’ යන අර්ථ ඇත්තේ යැ. චෙෂ්ටයෙන්- ක්රියයායෙන් නිගත (වෙන්) වූයේ නිශ්චෙෂ්ට යි. ‘ක්රි යාරහිත’ යනු අර්ථට යි. ඉතින් ‘නිසවන්’ යනු මේ අර්ථේය දෙන්නට කෙසේ පොහොසත් වේ ද යනු යැ ප්රෙශ්නය. 4. පස් ඉඳුරෝ හා –– මෙහි ‘හා’ යනු ‘පවා’ යන්නෙහි අර්ථනය දෙන්නට යෙදිණ.


57

අන්වය : –– පෙරැ ලියසැවු මල්සර යැ මෙ නමින් පැලැඹී. මද, දුර හළහු පැලැඟින්, සැතැපැගිය වන්.


පදාර්ථන : –– පූර්වයෙහි ‘ලතාවාප’ ‘කුසුමශර’ යන මේ නාමයෙන් විජෘම්භිත වැ, අනඞග තෙමේ, ධුරය හළුවකු ගේ ආකාරයෙන්, සැතැපී - ගියාක්හු මෙනි.


විස්තර : –– පූර්වයෙහි අනඞ්ග තෙමේ ‘ලියසැවු’ ‘මල්සර’ යනාදි නමින් හැසිරෙයි. දැන් (ගිම් කල්හි) ඔහු ගේ හැසිරීමෙක් නැති. තනතුර හැරැදමා නිවාඩු ගත්තකු මෙන් පෙනේ.


ග්රීකෂ්ම කාලයෙහි කාමාශාව නූපදනා බව යැ මේ කියැවුණේ.


ටිප්පණී: –– 1. ලියසැවු –– ලිය (ලතාව –– වැල) සැව්ව (දුන්න) වූයේ යමකුට ද හේ ලියසැවු. අනඞ්ගයා ගේ දුන්න පුෂ්පවය යැ. එ හෙයින් ඔහුට ‘පුෂ්පධන්වන්’ යන නමෙක් වෙයි. ඔහුට හෙළුයෙහි ‘ලියැසවු’ යන නමෙකි. හෙළුයෙහි ‘ලිය’ යනු හෝ සකුයෙහි ‘ලතා’ යනු හෝ මලට නම් වන බවෙක් නො පෙනේ. 2. මල්සර –– මල් මැ සර වනුයේ යමකු හට ද හේ මල්සර.



විවරණය 123


‘අරවින්දමශොකං ච චුතං ච නව මල්ලිකා නීලොත්පලං ච පඤ්චෛතෙ පඤ්චවාණස්යල සායකාඃ


යනුවෙන් දැක්වුණු (1) පියුම්, (2) හෝපලු, (3) අඹ, (4) සත්පෙති දෑ සමන්, (5) නිලුපුල් යන පස අනඞ්ගයා ගේ හී යැ යෙති. 3. සැතැපැ –– අකර්ම ක ‘සතප්’ ධාතු ‘රක්’ ආදි ගණ උභය පද යි. (පර පද) සතපී - සතපිති - සැතැපි - සැතැපි. (අත් පද) සැතැපේ - සැතැපෙති - සැතැපිණි - සැතැපුණු. පර පද වූ තන්හි ‘සැතැපැ’ යනු පූර්ව ක්රි යා නිපාත රූප යි. පිටපත් ‘සැතැපි’ යනු ද ‘සැතැපී’ යනු ද දෙයි. ‘සැතැපි’ යනු අරුත නො දේ. ‘සැතැපී’ යනු විරිත බිඳි මෙහි සැතැපුම නම් අවසර ගැනීම යි. 4. දුර හළහු –– ධුරය (තනතුර) අත්යැරියහු.


58

අන්වය : –– හර සඳන සඳ සිහිලින් කඳප දප කෙළෙන් මුත්, ගිම් පියපියන් අත් ඉහිල් කැරැ, දුකු නොකෙළෙ ද ?


පදාර්ථන : –– මුක්තාහාරය ද වන්දනය ද චන්ද්ර යා ද (තමන් ගේ) ශෛත්යුය කරණ කොටැගෙනැ කන්දර්ප දර්පය කළ හෙයින විනා, ඝර්මදය තෙමේ, අඹුසැමියන් ගේ අත් බුරුල් කොටැ දුක නුදුන්නේ ද ?


විස්තර : –– අඹුසැමියන් ඔවුනොවුන් ආදරයෙන් වැලැඳැගැනීම නැති කිරීමෙන් ග්රී ෂ්ම ඍතුව දුක් ඇති කිරීමට අවසරයක් නොලද්දේ යැ. කවර හෙයින් ද? මුතු හර ද සඳුන් ද සඳ ද තමන් ගේ සිසිලින් අනඞ්ගයා ගේ එඩිය ඇති කළ හෙයිනි. එ සේ නො කැරිණි නම් ග්රීසෂ්මය එ කී දුක දෙන්නේ මැ යැ.





124 සස දා


ටිප්පණී : –– 1. පියපියන් –– පියා (ප්රි යයා) ද පිය (ප්රිසයා‍ව) ද පියපියෝ, උන් පියපියන්. 2. කෙළෙන් –– පිටපත් ‘කෙළෙයින්’ යනු මැ දෙයි. විරිත බිඳී 3. කඳප– කන්දර්පයා. අනඞ්ගයා. ‘කම්’ යනු සකුයෙහි සුඛ පර්යාය යි. එහි (සුවෙහි) දර්පිත වේ නු යි. ‘කන්දර්ප’ නමි. 4. හර සඳන සඳ –– මෙ හැම සිසිල ඇති කරන්නා වූ වස්තු යි.


59

අන්වය : –– සුපුල් පළොල් මල්, හාත්පස්හි වන හිස් දවමින් වන ගෙළේ වන් ගිමන්හු තෙද සිළු වන්.


පදාර්ථම : –– සුපුල්ල වූ පාටලි කුසුමයෝ තුමු (කෙබඳු ද?) සියලු අතෙහි වන ශීර්ෂථයන් දග්ධ කෙරෙමින් වන ඝටායෙහි වැදුණා වූ ග්රීුෂ්මයා ගේ තෙජස් ශිඛා වැන්නෝ යැ.


විස්තර : –– පළොල් මල් ගිනි පැහැ ඇත්තෝ යැ. එ හෙයින් එය සියලු අතින් වන හිස්හි පෙනෙන කලැ හාත්පසැ වන හිස් දවමින් වන සමූහයට වැදුණු ග්රී්ෂ්මයා ගේ තෙද දළු මෙන් වෙයි.


පුරාණ සන්නය –– ‘හාත්පස්හි පළොල් වන හිස් සුපුල් මල් වන ගෙළේ දවමින් වන් ගිමන්හු තෙද සිළු වන්’ යැ යි අන්වය ය ගනි.


ටිප්පණී : –– 1. තෙද සිළු –– ‘තෙද’ ‍යනු තෙජසට ද ගින්නටද නම් වේ. දෙක මැ මෙහි යෙදේ. ‘තේජස් නමැති ගින්නෙහි’ යැ යි අරුත් ගත හැකි.


60


අන්වය: –– ගිම් කුරිරු තෙද දස’නුදසැ හී වැදැ දලත නරතුරු සිරු හඬ ගත වන නො හියැ වලපින වන්. විවරණය 125


පදාර්ථහ : –– ඝර්මදයා ගේ ක්රෑීර වූ තේජස පැමිණැ දිශානුදිශායෙහි පතිත වැ වැදී ජ්වලිත වත් මැ, නිරන්තර වූ වීරිකා නාදය ගත්තා වූ වනය ඉවැසියැ නොහැකි වැ විලාප කියන්නා වැනි යැ.


විස්තර : –– ග්‍රීෂ්මය තෙමේ තමා ගේ කර්කශ භාවය සියලු තන්හි පවත්වයි. වනයෙහි රැහැසියෝ නො කඩවා හඬන්නට වෙති. රැහැසියෝ නො පෙනෙති. වනය මහ හඬක් නගනු මැ ඇසේ. ග්රී.ෂ්ම වේගය ඉවැසියැ නොහැකි වැ වනය විලාප කියන්නා වැනි යැ.


‘ගිම් කුරිරු තෙද දස ‘නුදසැ හී වැදැ දලත නරතුරු සිරුන් ගත හඞ නො හෙයි වන වලප වන්’

යන අන්වයය ගන්නා පුරාණ සන්නය, ––

‘ඝමර්යාග ගේ ක්රෑයර වූ තේජස දිශානුදිශායෙහි පතිත වැ ප්ර විෂ්ට වැ දිලිහෙන කල්හි, නිරන්තරයෙන් වීරිකාවන් අඬන අඬ තෙම ක්ෂමා නො කොටැගන්නී, විරහ විලාපයක් මෙනි’

යන අර්ථනය දෙයි.


(1) ‘අඬ තෙමේ ක්ෂමා නො කොටැ - ගන්නී විරහ විලාපයක් මෙනි’ යනු අසම්බන්ධලාපයෙකි.

(2) විලාපය කෙසේ වුව ද එය විරහ විලාපයක් බවට පමුණුවාගන්නට මෙ තැනැ අවසරයෙක් නැති.

පිටපත්හි එන ගීය යැ මේ: ––

‘දලත ගිම් කුරිරු - තෙද වැදැ දසනුදසැ හී නරතුරු සිරුන් ගත හඬ - නො හෙයි වන වලප වන්’

(1) තුන් වන පයෙහි විරිත නසී.

(2) සිවු වන පයෙහි විරිත නසී.

126 සස දා


පිටපත්හි ගියට අනතුරු වැ ‘නිරොටි’ යනු ද සන්නයට අනතුරු වැ ‘නිරොෂ්ඨ යි’ යනු ද එයි ඔෂ්ඨජාක්ෂර නැති බන්ධනය නිරොෂ්ඨ නමි. මේ පැදියෙහි ම්-ව්-ප්-යන අකුරු ඔෂ්ඨජ යි. එ හෙයින් මෙ තන්හි මේ නිරොෂ්ඨයෙක් නො‍ වේ. නිරොෂ්ඨ බන්ධනයක් තිබී අපවත් වූ හ යි සිතියැ හැකි.


ටිප්පණී : –– 1. දසනුදසැ –– දස ද අනුදස ද දසනුදස. එහි දසනුදසැ. 2. නො හියැ –– 38 වැන්නේහි ‘හියැ’ යන්නට ලියූ ටිප්පණිය බලන්නේ යැ. පිටපත් වනාහි ‘හොයි’ ‘හෙයි’ ‘හැයි’ ‘හයි’ යන විසින් පාඨය විවිධ කොටැ දක්වයි.

61


අන්වය: –– තද ගිම් ඔකඳනෙන් නව වන ගළ විදල් වත, සල ළැවු අග සිළු රැස් ගත මුළු ඉළු ළ දල ගිහිණි එව්.


අඬබමි.

පදාර්ථැ  : –– චණ්ඩ වූ ග්රී ෂ්මයා ගේ අවක්රා න්තිය කරණ කොටැගෙ‍නැ අභිනව වන ඝටාව විගත පත්රි වත් මැ චඤ්චල වූ දාවාග්නි ශිඛා රාශි ගත්තා වූ සමස්ත වනය තෙමේ තරුණ පත්රර ගහන වූ වැන්නැ.


අර්ධභ්රනම යි.

විස්තර : –– ග්රීරෂ්මය ඉතා තද යැ. කොළ වියැළී හැළීමෙන් අලුත් වනය ඉපල් වෙයි. ඉක්බිති ළැවු ගිනි හටගනී. ළැවු ගින්න පැතිරි ගිනි දළු ලෙළ දෙන්නට වන් කල්හි මුළු වනය ළා දළුයෙන් ගැවැසී ගත්තා සේ පෙනේ. රතු ගිනි දළු ළා දළු වන් වන බැවිනි.


ටිප්පණී: –– 1. විදල් –– විගත වූ (පහ වැ ගියා වූ) දල (පත්ර ) යමෙක්හි ද ඒ විදල්. මෙ බඳු සමාසයෙහි අගැ ‘අ’


විවරණය 127


යන්න ලොප් වන බව පෙනේ. පත්ර. වාචි ‘දල’ යනු ‘අ’ කාරාන්ත යි. එහෙත් ‘විදල්’ යන තන්හි අගැ ‘අ’ යන්න නැති වෙයි.විමල් (විගතමල) - නිමල් - තිපල් - යනාදිය ද විමසන්නේ යැ. 2. ඔකඳනෙත් –– ‘ඔකඳ’ යනු මෙහි සංස්කෘත ‘අවක්රාින්ති’ යන්නට සමාන වු අර්ථ් ඇත්තේ යැ. ‘අවක්රාහන්ති’ (අව + ක්රලම් + ති) යන්නෙහි අර්ථ‍ය ‘බැසැගැන්ම’ ‘පැමිණීම’ යනු යි. ඔකඳ + එන් = (‘න්’ ආගමයෙන්) ඔකඳනෙත්. 3. ළැවග –– ළැවු + අග. දා‍වාග්නිය. (වන ගින්න.) සිංහලයෙහි ‘ළැවු’ යනු ද සකුයෙහි ‘දාව’ ‘වන’ යනාදිය ද සමානාර්ථන යි. දාවයෙහි (වනයෙහි) හටගත් අග්නිය දාවාග්නි යි. ‘ළැවු’ යනු ‘උ’ කාරාන්ත යි. 4. ළ දල–– කොළ. තරුණ පත්රන. දළු. සිංහලයෙහි ‘ළ’ යනු ද ‘ළා’ යනු ද තරුණාර්ථ්ය දෙයි. මේ අර්ථ)යෙහි යෙදියැ යුතු ‘ල’ යනු හෝ ‘ලා’ යනු හෝ නොවන බවට මෙ තැන බලවත් දෙස් දෙයි. 5. අඩබමී –– අර්ධභ්රහම යි. දුෂ්කර බන්ධන ‍විශෙෂයෙකි.


‍ව න ග ළ වත විදල් න ව ත ද ගිම් ඔකඳනෙත්

ග ත ස ල ළැවග සිළු රැස් ළ ද ල ගි හිණෙව් මුළු ඉළු


ගියෙහි එක් එක් පදේ මුළ ‘කුරු සතර මෙ සේ ගප් කොටැ ලියූ කලැ, එ කොටසැ සිරිත් පරිදි වමෙහි සිටැ දකුණට කියැවුව ද ඉහළ සිටැ පහළට කියැවුව ද, එක සේ වෙයි. මෙ සේ අර්ධයක් භ්රහමණය වන හෙයින් ‘අර්ධභ්ර්ම’ යන නාමය මේ දුෂ්කර බන්ධන විශෙෂයට යෙදෙයි. ‘ළ දල’ යන තැනැ තරුණාර්ථ‘යෙහි ‘ළ’ යනු මැ වන බව තිර වනුයේ මෙ සේ යමකයෙහි යෙදීමෙනි. ‘වන ගළ’ යන





128 සස දා


තන්හි ‘ළ’ යන්න ගැනැ වාද නැති. එහි ‘ළ’ වේ නම් තරුණාර්ථ්යෙහි දු ‘ළ’ වියැ යුතු වේ මැ යැ. නුවුව හොත් මෙහි යමකයෙක් නො වේ.


62

අන්වය : –– කුරිරු ගිම් මිහි පිටුහි ලූ දැදුරු හිරි, පවන් තැවී පවසින් රසහල් ගිය මඟ වන එව්


පදාර්ථග : –– ක්රෑමර වූ ඝර්මරය මහී පෘෂ්ඨයෙහි ලුවා වූ ජර්ජර රෙඛා (කෙබඳු ද යත්: ––) මාරුතය තප්ත වැ පිපාසායෙන් රසාතලයට ගියා වූ ‍මාර්ගලය වන්නා මෙනි.


විස්තර : –– ග්රීපෂ්ම කාලයෙහි මිහි පිට පළමු වියැළෙයි. ඇතුළතැ වූ දිය මාරුව උෂ්ණ වේගයෙන් වාෂ්පයට හැරේ. ඒ විහිදී පිට වන තැන් බලයි.වෙන මඟක් නැති වූ විටැ මිහි පිටු පැළීයෙයි. ඒ එ සේ පැළීමෙන් වූ ඉරි කෙබදුද? සුළග ග්රී ෂ්ම වේගයෙන් තැවී පැන් බොනු කැමැතිවැ ,මිහි පිටැ එය නැති හෙයින්, පොළොව පළාගෙනැ රසාතලයට ගිය මඟ ත‍ව මැ පවත්නා වැනි යැ.


පිටපත්හි එනුයේ මේ ගිය යැ : ––

‘දැදුරු හිරි මිහි පිටු - හි ලූ කුරිරු ගිම්හි කැවි පවන් පවසින් - ගිය මහ වැනෙව් රසහල්’

‘කුරිරු ගිම් මිහි පිටුහි ලූ දැදුරු හිරි පවන් තැවී පවසින් රසහල් ගිය මඟ

 		        වැනෙව්’

යනු යැ පුරාණ සන්නයට ගැනුණු අන්වයය.

මේ යැ සන්නය : ––

‘ක්රෑ්ර වූ ඝර්මඅයෙහි මහී පෘෂ්ඨයෙහි ලන ලද්දා වූ ජර්ජර වූ රෙඛා තොමෝ මැ‍රුතයෙන් තප්ත ව පිපාසායෙන් පැන් සොයා රසාතලයට ගත මාර්ග්ය මෙනි.’


විවරණය 129

(1) ‘පිටුහි’ යන්න ‘පිටු’ යැ ‘හි’ යැ යි දෙකට කඩා ‘පිටු’ යනු පළමු වන පයැ අගැ ද, ‘හ’ යනු දෙ වන පයැ මුලැ ද යෙදීම නුසුදුසු වේ.


(2) ‘ගිම්’ යන්නට ‘ඝර්ම යෙහි’ යි අරුත් පැවැසූ සේ නොමැනැවි. ඒ හිරි ලූයේ ගිම යි. එ හෙයින් ‘ගිම්’ යනු අනුක්ත කර්තෘහු සේ ගත යුතු යැ.


(3) ‘පවන්’ යන්නට ‘මාරුතයෙන්’ යැ යි අරුත් කී සේ නො යෙදෙයි. තැවුණේ මාරුතය යි; පැන් සොයා ගියේ ද මාරුතය යි.


(4) ‘මෙන්’ යන අර්ථිය දෙන ‘වැනෙව්’ යන්නෙක් බස්හි ඇතැ යි නො සිතේ. ‘වැනි’ යනුත් ‘එව්’ යනුත් එක් වැ ‘වැනෙව්’ යනු වි නම් ‘මෙන් එව්’ යනු වැනි සංයෝගයෙකි.


‘දැදුරු හිරි කුරිරු - ගිම්හූ ලූ මිහි පිටුහි තැවී පවන් පවසින් - ගිය මඟ වනෙව් රසහල්’

යැයි ගිය ගත මඳක් පිරිමැසේ. මෙහි දු ‘මඟ වන එව්’ යනු බලවත් සැක උපදවයි.


ටිප්පණී: –– 1. පවසින් –– සකුයෙහි ‘පිපාසා’ නම් බොනු කැමැත්ත යි. හෙළුයෙහි ‘පවස්’ යනු ද ඒ අරුත මැ දෙයි. ඝර්මෙයෙන් තප්ත වූවහූ හට පිපාසාව උපදිනු ස්වභාව යි. 2. රසහල් –– රසාතලය. පොළොව යටැ වෙති යි ඇතැම් පුරාතනයන් සැලකූ තල සතින් එකෙකි. අතල, විතල, සුතල, රසාතල, තලාතල, මහාතල, පාතාල, යන මේ යැ සත් තල නම්. ඇතැම් විටැ මේ සියල්ලට ‘පාතාල’ නමින් මැ ගැනේ. ‘රසාතල’ යනු ද සියල්ලට යෙදෙන නමක් සේ යැ.පස් පොළොව දිය පොළොව පිටැ සිටිති යි සලකන්නෝ රසාතලයත් දිය පොළොවත් නොවෙනස් සේ සලකති. එ හෙයින් පොළෙ‍ාව මතැ දිය නැති වූ විටැ, යන්නට සුදුසු මැ තැන නම් රසාතලය යි.



130 සස දා


අන්වය : –– දුනුකේ ලියන් මේ හිමි දසනැ දෙවියන් යැදැ මුදුන්හි දුන් දෙ අත් සිරි, රඳනා කැකුළු දින්.


පදාර්ථර : –– කෙතකී නමැති කාන්තාවන් මේඝ නමැති ස්වාමියා ගේ දර්ශනය පිණිසැ දෙවතාවන් ආරාධනය කොටැ මස්තකයෙහි දුන්නා වූ අඤ්ජලියෙහි ආකාරය, රඤ්ජමාන වූ කුඞ්මලය තෙමේ දුන්නේයැ.


විස්තර : –– ග්රීරෂ්ම ඍතුයේ අවසාන භාගයෙහි දී දුනුකේ මල් කැකුළු ඇති වෙයි. දුනුකේ ගසැ මුදුනෙහි කැකුළ ඇති වූ විටැ, ඒ මුදුනෙහි දොහොත් බැන්දා සේ යැ. එ හෙයින් දුනුකේ නමැති කාන්තාවන් මේඝ නමැති ස්වාමියා ගේ දැක්ම පතා දෙවියන් යැදැ දොහොත් මුදුන්හි බැන්දා වැනි වේ.


ටිප්පණී: –– 1. දසනැ –– දර්ශනයෙහි. දර්ශනය සම්බන්ධ වැ. දර්ශනයට. 2. රඳනා –– මෙහි ‘රඳ’ ධාතු බැබැළීමෙහි වැටේ.


64

අන්වය : –– ගිම් වන් වන දවමින්, මිහි තෙලේ රස සිඳිමින්, තවසින් අදරින් වෙහෙරත්හි සොමි සිරි දී, ගිය.

ගිම් උතු.

පදාර්ථත : –– ඝර්මදය තෙමේ, ප්රසවිෂ්ට වූ වනය දග්ධ කෙරෙමින්, මහී තලයෙහි ඕජස සුන් කෙරෙමින් , තාපසයන් කෙරෙහි ආදරයෙන් විහාරාන්තයෙහි සෞම්යු ග්රීො එළවා, ගියේ යැ.


ග්රීයෂ්ම ඍතුව යි.

විස්තර : –– ග්රී,ෂ්ම ඍතුව වැදුණු වනය දැවී යැ. පොළෝ තෙලෙහි ඔජස වියැළී යැ. එහෙත් හේ ජේතවන උද්යාීනයෙහි සෞම්ය ශොභාව ඇති කෙළේ යැ. ශ්රැමණයන් කෙරෙති ආදරයෙනි.

විවරණය 131


ටිප්පණී: –– 1.දවමින් –– ‘දා’ (දැමෙහි) ධාතු යි. ප්රැයුක්ත විෂයයෙහි ‘‍ව’ වී (දා + ව) ‘දව’ යනු වෙයි. 2. වෙහෙරත්හි –– විහාරාන්තයෙහි. විහාරය නම් භික්ෂූන් වසන ගෘහය යි. විහාරන්තයෙහි වනුයේ උයන යි. එ හෙයින් ‘වෙහෙරත්’ නම් විහාරොද්යා්නයයි. 3. තවසින් –– ‘තවසි’ යනු ‘තාපස’ යන අරුත දෙයි. තවස් (තපස) ඇතියේ තවසි (තපස්වි.)


‘තපසි නො සතපි දුහඟ රැක්මෙන’ (කව්සේකර)

යන තන්හි සිරි රහල්හු ‘තපසි’ යනු මේ අරුත්හි යොදති.


65

අන්වය : –– සිකි කල් මහ කල්, වියොවුන් සියෝ කැරැ. සියොතුන් සතොස වඩ‍මින්, ගිමන්හු මන් මඞිමින්, ආ.


පදාර්ථඩ : –– මයුරයනට කාන්ත වූ මහා මේඝ කාලය තෙමේ, වියොග වූවන් සංයොග කෙ‍ාටැ,වාතකයන් ගේ සන්තොෂය වර්ධනය කෙ‍රෙමින්, ග්රී ෂ්මයා ගේ මානය මර්දනය කෙරෙමින්, පැමිණියේ යැ.


ටිප්පණී: –– 1.වියොවුන් සියෝ කැරැ –– වෙන් වූ අඹුසැමියෝ වැසි කාලයෙහි දී එක් වෙති යි යෙති. වැසි කාලය කාමය දියුණු කෙරෙයි. ප්රිඅයයා ගෙන් වෙන් වූ ප්රිෙයාවට ද ප්රිකයාව ගෙන් වෙන් වූ ප්රිතයයාට ද එ කලැ යළි දු එක් වීමේ ආශාව උපදී. වියෝ +උන් = වියොවුන්. නාමය ‘වියෝ’ වුව ද ධාතුව නම් ‘වියොද’ යනු යි. සියොද - පියොද - නියොද - යනාදිය ද විමසන්නේ යැ. 2. සියොතුන් –– ‘සියොත්’ යනු සාමාන්යොයෙන් පක්ෂියාට නම් වුවද මෙහි ‍වාතකයා (කෑඳැත්තා ––Cuculus Meleno –leosus) සඳහා යෙදිණ. කවි සමයයෙහි හේ වැස්සෙන් මැ දිය ලබයි. වැව් පොකුණු ආදියෙහි කොතරම් දිය වුවද හේ



132 සස දා


නො පියැ හෙයි. වැසි වස්නා කලැ ඒ මේ අතැ පියා හඹමින් දිය බී සැනැහේ. 3.සිකි –– මයුරයා. සකුයෙහි ‘ශඛින්’ යනු වේ. ශිඛාව (කුඩුම්බිය) ඇත්තේ ශිඛින්. මයුරයා ද වැසි කලට ඉතා කැමැත්තේ යැ. වැසි හඬ ඇසුණු පමණින් හේ පිල් සක් විදහා කෙකා නඟා නටයි. මයුරිය මේඝය නිසා මැ ගප් ගනිති යි ද යෙති. 4.කල් –– ප්රි.ය යන අර්ථ ය දෙන්නේකි. සකුයෙහි ‘කල්ය.’ යනු වෙයි.


66

අන්වය : –– ගන රජ, දුනුකේ - කැකුළු - කිරුළු -බලා- වැළ- හරින් සැදී, විදු කග ගෙනැ මුනි හට අරකට පත් එව්.


පදාර්ථග : –– මේඝ නමැති රාජ තෙමේ, ධනුකෙතකී කුඞ්මල නමැති කිරීටයෙන් ද බලාකාවලී නමැති (මුක්තා) හාරයෙන් ද සැරැසී, විද්යුැත් නමැති ඛඞ්ගය ගෙනැ, සර්වඥයා හට ආරක්ෂා පිණිසැ පැමිණියා වැන්නේ යැ.


විස්තර : –– මේඝ ඍතුව රජෙකි. දුනුකේ කැකුළ ‍ඔහු ගේ කිරුළ යැ. කොක් පෙළ ඔහු ගේ මුතු හර යැ. විදු ලිය ඔහු ගේ කඩුව යැ. එ බඳු හේ බුදුනට රැකවල් පිණිසැ පැමිණි‍යකු වැනනේයැ.


වැසි කල් පටනෙහි දුනකේ කැකුළු ඇති‍ වේ. කොක්කු ද පෙනෙන්නට වෙති. ග්රීේෂ්මාන්තයෙහි දු දුනුකේ ‍කැකුළු වැනිණ. දැනුදු සඳහන් වෙයි. ග්රී ෂ්මාවසානය ද වර්ෂා් ප්රාහරම්භය ද ‍සමාන වෙයි. ඒ ඍතු සන්ධිය යි.


දුනුකේ කැකුළු කිරු‍ළු - සැදී බලාවැළහරින් ගෙනැ ගන රජ විදු කග - අරකට පතෙව් මුනි හට

මෙහි පෙර’ඩ කිසි විරිතකට නැති බැඳුමෙකි. ‘දුනුකේ කැකුළුකිරුළුබලාවැළයරින්’ යන එක සමාය පදය මැදින් කඩා, අතරෙහි ‘සැදී’ යැ යි අන්යළ පදයක් යෙදීමට වියරණින් අවසර නැති.


133 විවරණය


ටිප්පණී: –– 1.දුනුකේ ................හරින් –– දුනුකෙයෙහි කැකුළු දුනුකේ කැකුළු. දුනුකේ කැකුළු මැ කිරුළු දුනුකේ කැකුළු. බලාවන් ගේ වැළ බලාවැළ. බලාවැළ මැ හර බලාවැළහර. දුනුකේකැකුළුකිරුළු ද බලාවැළහර ද දුනුකේකැකුළුකිරුළුබලාවැළහර. එයින් දුනුකේකැකුළු කිරුළුබලාවැළයරින්. හෙළුවට ‍නොහොබනා තරම් දිග සමාස පදයකි. ‘ඉන්’ යන එක මැ විබත ගත් හෙයින් එක් සමාස පදයක් ලෙස මැ සැලැකියැ යුතු වේ. ‘දුනුකේ කැකුළු කිරුළින්’ ‘බලා වැළ හරින්’ යැ යි දෙ තන්හි මැ විබත යෙදිණි නම් වඩා මැනැවි. එ කලැ වෙන් වූ පද ‍සයෙක් වේ. සිංහලයට වඩා හුරු එ බදු අසමස්ත පදයන් යෙදීම යැ.


67

අන්වය : –– මුනිඳු පබසර සවනක් රස් නො පතළ ද, නුබ මඬලැ බඳ සුර සැවු ලෝ බඳැදිලි - මුදුන් කෙළෙ.


පදාර්ථඳ : –– මුනින්ද්ර යා ගේ ප්රසභාස්වර වූ ෂඩ්වර්ණ රශ්මීන් නො පැතුරුණ ද , නහොමණ්ඩලයෙහි බද්ධ වූ ඉන්ද්රක චාපය තෙමේ, ලෝකයා බද්ධාඤ්ජලිමස්තක කෙළේ යැ.


විස්තර : –– මේඝ ‍කාලයෙහි දෙව් දුනු නඟී. ලොක වාසීහු එය දැකැ බුදු රස් නො පතළ කල්හි ද දොහොත් මුදුන් හි දෙති. දෙව් දුනු පැහැය බුදු රැසැ යි වරදවා ගැන්මෙනි.


ටිප්පණී: –– 1.පතළ –– අවස්ථික කෘදන්ත නිපාත යි. ‘ව්යාමකරණ විවරණයෙහි’ 372 වැනි පිට බලන්නේ යැ. 2. පබසර –– පිටපත්හි ‘පබසරා’ යනු පෙනේ. දිර්ඝය නැත ද විරිත පිරේ. අගැ ලුහුව ගුරක් ලෙස ‍ගිනියැ හැකි හෙයිනි. 3. බඳැඳිලි -මුදුන්- බඳනා ලද ඇදිලි,බඳැදිලි. බඳැඳිලි මුදුන්හි වූයේ යමකු ගේ ද හේ බඳැඳිලිමුදුන්.




134 සස දා

68

අන්වය : –– ගන රජ සියල් දිය ‍තම එක බඳු කොටැ වැජැඹැ රිවි රජු නෙතෙද කෙළෙ මෙ ද ? පියුම් සියනුදු වැනැසී.


පදාර්ථක : –– මේඝ රාජ තෙමේ, සකල ලෝකය තමා හා එකබන්ධු කොටැ දොහෝ නොහොත් එකාකාර කොටැ විජෘම්හිත වැ, සූර්ය රාජයා නිස්තෙජස් කෙළේ මතු ද? පද්ම බන්දුනුදු දොහෝ නොහොත් පද්ම සතයනුදු විනාශ කෙළේ යැ.


විස්තරය : –– මේඝය නිල් යැ. භූමියෙහි නිල් තණ වැවීමෙන් තුරු ලිය නිල් දෙලෙන් වැසි ‍යාමෙන්, සකල ලෝකය ද මේඝය හා එක් බඳු (එක් පැහැ) වෙයි. එ කලැ සූර්යා ගේ චණ්ඩත්වය ලෝකයාට නො දැනේ. වැවු පොකුණු දියෙන් පි‍රුණු කලැ පියුම් වැනැසේ.

කවීහු මේ ස්වභාවික සිද්ධි දිග්විජය කරන රාජයකු ‍ෙ‍ග් පැවැත්මක් කොටැ - ගනිති.

රජෙක් සකල ලෝකය තමාට බන්ධු කොටැ ගෙනැ පැවැතී, විරුද්ධ රාජයා ගේ තෙද බිඳැ, ඔහු ගේ නෑයනුත් යම් සේ වනසා ද, එ සේ මැ මේඝය ද සකල ලෝකය තමා හා එක් බඳු කොටැ පැවැතී, සූර්යා ගේ තෙද නැති කොටැ,සිය ගණන් පියුම් ද වැනැසී යැ.


‘එක බඳු’ ‘සියන්’ යන පද ශ්ලෙෂ කොටැ (අරුත් දෙකක් දෙන සේ) යෙදුයෙන් මෙහි විසිතුරු බව වැඩි වියැ.


ටිප්පණී: –– 1. කෙළෙ මෙ ද –– කෙළේ මැ ද. ‘මෙ’ යනු ද ‘මැ’ යනු මෙන් මැ අවධාරණාර්ථතයෙහි නිපාත යි.මෙහි කෙවලාර්ථ යෙහි (‘පමණක්’ යන අරුත්හි) යෙදිණ. ගන රජ රිවි රජහු නිස්තෙජස් කෙළේ මැ ද ? (නිස්තෙජස්



විවරණය 135


කළා පමණෙක් ද ?) මෙ සේ ප්රනශ්න කිරීමෙන් හැඟැවෙනුයේ එ පමණෙකින් නො නැවැතී, එයට වැඩියක් ද කළ බව යි. මෙහි වැඩියෙන් කැරුණේ පියුම් සියන් වැනැසීම යි. 2.නෙතෙද +නො‍ = තෙද - (ස්වර පරරූපයෙන්) නෙතද. තෙද නොවනුයේ යමකු යට ද හේ නොතෙද 3. තමෙක බඳු කැරැ –– බලවතකු හා සටනට පත් රජකු ලෝකයෙහි අන්ය යන් තමාට මිත්රක කොටැ- ගැනීම සිරිත යැ. ඔවුන් හා මිත්රහ සන්ධානයට පැමිණි කලැ බලවතු මැඩීම සූකර වන හෙයිනි. 4. පියුම් සියන්–– පද්මයෝ සූර්යා ගේ ස්වකීයයන් (බන්ධුන්) ලෙස යැ කවි සමයයෙහි ගැනෙනුයේ. ඔවුන් හිරු රැසින් පිබිදෙති යි යෙති.


69

අන්වය : –– ගන රජ වඩුතු පෙර මඟැ කෙළනා තුරු ගොස ලෙසින්, මැඞි සියන් සිය ගොස දස’නුදෙසෙහි පළ වී.


පදාර්ථස : –– මේඝ රාජයා වඩනා කල්හි පූර්ව මාර්ගෙයෙහි පවත්නා වූ තූර්ය ඝොෂාකාරයෙන්, මණ්ඩුක ශතයන් ‍ගේ ස්වකීය ‍ෙඝාෂය දිශානුදිශායෙහි ප්රගකට වී යැ.


විස්තර : –– වැසි කලැ සිය ගණන් මැඞියෝ මහ හඞ නඟති. වැසි කල රජ යැ, ඔහු වඩනා කලැ සිය ගණන් මැඬියෝ තූර්ය ඝොෂය මෙන් තමන් ගේ මැ ඝොෂය නඟති.


ටිප්පණී: –– 1. සිය ගොස –– මෙහි ‘සිය’ යනු අවශ්යූ ද? මණ්ඩුකයන් පවත්වත් හොත් සිය ගොස නො වේ ද ? නරයෝ රජු වඩනා කලැ තුරු ගොස පවත්වති. මැඩියන්ට කවර තුරු ද? තමනට තුරු (තූර්ය) නැති හෙයින් ඔහු, නරන් ගේ තුරු ගොස වෙනුවට, සිය (තමන් ගේ) ගොස පවත්වති. ඒ බව හඟවන්නට මෙහි ‘සිය’ යනු අවශ්ය යැ. 2. දසනුදෙසෙහි - දස + අනුදස = දසනුදස. දසනුදස + එහි = දසනුදසෙහි - (ස්වර පර රූපයෙන්) දසනුදෙසෙහි. ‘දස’



136 සස දා


යනු ‘දිශා’ යන අරුත් ඇතියේයැ . පූර්ව දක්ෂිණ පශ්චිම උත්තර යන මේ සතර ‘දස’ නමි. අතරැ ඇති ගිනි. නිරිත,වයඹ ,ඊසාන යන සතර ‘අනුදස’ නම් වේ. 3. කෙළනා –– මේ මෙහි ‘පවත්නා’ යන අරුත දෙයි. 4. තුරු –– බෙර වීණා නළා ආදිය .


70

අන්වය : –– සිකි පිල් සුනිල් ගල රන් වන් වුව එ පැහැ සිරින්, ගන නිල් පත් අතුරින් පත් දුනුකේ කැකුළු බිජී.


පදාර්ථ  : –– මයුරයා ගේ පිච්ඡා අතිනිල ද ග්රී්වා‍නව ස්වර්‍ණ වර්ණණ ද වුව හොත් ඒ ප්රතභාශ්රිුයෙන්, ඝන නීලපත්රාින්තරයෙන් ප්රාතප්ත වූ ධනුකේතකී කුඞ්මලය භ්රාදජිත වි යැ.


විස්තර: –– දුනුකේ පත් නිල් යැ, කැකුළ රන් වන් යැ. මයුරයා ගේ වනාහි පිල් නිල් යැ, ග්රී–වාව එයට ද වඩා නිල් යැ. ඉදින් මයුරයා ගේ පිල් සුනිල් ද ග්රීිව‍ාව රන් වන් ද වී නම්, සුනිල් පත් අතුරින් ඇදුණු දුනුකේ කැකුල ද එ බඳු යැ.


ටිප්පණී: –– 1. වුව –– ‘ව‍’ ධාතුයෙන් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි. අතීත රූප යි. ‘සිකි පිල් සුනිල් වුව ගල රන් වන් වුව’ යි දෙ තැනට මැ මෙය යොදාගත්නේ යැ.


71

අන්වය : –– එ කල් ළැවු ගිනි නැත ද වල්හි බිඟු වැළන් උදහන ලියනහලා මල්, සහදුම් හුතැස් සිළු දින්.


පදාර්ථා : –– ඒ කාලයෙහි දාවාග්නි නැති නමුත්, වනයෙහි හෘඞ්ගාවලීන් උද්වහනය කරන්නා වූ ලාඞ්ගලී කුසුමය තෙමේ ධූම සහිත වූ වහ්නි ශිඛාව දැක්වී.


විවරණය 137


විස්තර : –– මේඝ කාලයෙහි ළැවු ගිනි නැති. එය හටගන්නේ ග්රීහෂ්ම කාලයෙහි යැ. එහෙත් මේඝ කාලයෙහි ද ළැවු ගිනි ඇති විලසෙක් පෙනිණ. කෙ සේ ද ? මේඝ කාලයෙහි ලියනඟලා (නියඟලා) මල් ඇති වේ. ඒ ගිනි සිළු වැනි යැ. බිඟුහු ඒ මල් මතුයෙහි හැසිරෙත්. ඔහු ගිනි සිළු මතුයෙහි විහිදෙන දුම් බඳු වෙති.


ටිප්පණී: –– 1. වැළන් –– ‘වැළ’ යනු ‘අන්’ විබත ගත් තැනි 2. උදාහන –– ‘උදහ’ (ඉසිළීමෙහි) ධාතු යි. ‘උදයන’ යන්නට පුරාණ සන්නය ‘නැඟෙන්නා වූ’ යන අරුත දෙයි. 3. හුතැස් –– ගිනි. සකුයෙහි ‘හුතාශ’ යනු ගින්නට නමෙකි. ‘හුත’ නම් යාගයෙහි ලා දෙවියනට පිදු; දැය යි. හුතය ලනු ලබන්නේ ගින්නට යැ. ගින්න ඒ හුතය අශනය කෙරෙයි (කයි.) හුතය අශනය කරන හෙයින් ගින්න ‘හුතාශ’ නම් වේ. ඵ් ‘හුතාශ’ යන්න යැ හෙළුයෙහි ‘හුතැස්’ වූයේ. 4. දින් –– ‘දෙ’ (දීමෙහි) දයින් වූ අතීත ඒකවචන ආඛ්යාිත යි. මෙ තන්හි ලැබෙනුයේ ‘ප්රේකාශ කෙළේ යැ - දැක්වී යැ, යන අර්ථ ය යි.


72


අන්වය : ––ගිරි මුඳුනැ සිකි අඹළ පිල් වොරජනා නිල් ගල, මහ මේ නිල් පෑ කඳ වැ හුණුයෙද විසුළ වන් පෑ.


පදාර්ථව : –– පර්වත මස්තකයෙහි මයුරයා ගේ ආවර්තිත පිච්ඡය ද විරාජමාන වූ නිල කණ්ඨය ද, මහා මේඝයා ගේ නිල ප්රමභාව ස්කන්ධ වැ වැටුණේ වී නමුදු විස්තීණී වුවාක් මෙන් දැක්වී.


විස්තර : –– ගිරි මුදුනෙහි මොනරා පිල් විදහා නටයි.ඔහු ගේ ගෙල තද නිල් පැහැයෙන් යුක්තයැ; විදැහූ පිල් එ තරම් නිල් පැහැ නො වේ. ඒ කුමක් දක්වා ද? වැසි වලා කුළෙහි නිල් පැහැය ඝන වැ වැටුණු නමුත් එක්



138 සස දා


කොනෙකින් පැතිරී ගිය සැටියක් දක්වයි. ගෙල දෙස නිල් පැහැ කඳ වැ (ඝන වැ) වැටුණු සැටි ද, බඳ දෙස ඒ නිල් පැහැ කඳ යටී පසින් විහිදී (පැතිරී) ගිය සැටි ද දක්වයි. කඳ නො විහිදී සිටි තන්හි නිල් පැහැය තද යැ, විහිදී ගිය තන්හි නිල් පැහැය අඩු යැ.


ටිප්පණී: –– 1.වොරජනා –– ‘වොරජ’ (බැබැළීමෙහි) ධාතු ‘පිහිට’ ආදි ගණ යි. මේ ‘වොරඳ’ යි ද සිටී. 2. විසුළ –– ‘විසුරු ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.


73


අන්වය : –– කැණහිල් මල්, නව - සදල - නිල් -දියුල් ඉඳු - ගොවු - වැළ - මෙවුල් මිහි කත, මුනිඳු පුදට ගත සෙමෙර එව්.


පදාර්ථ : –– ශෘගාලී පුෂ්පය තෙමේ (කෙබඳු ද යත් : ––)අභිනව ශාද්වල නමැති නීල දුකූල ඇත්තා වූ ඉන්ද්රිගෙපකාවලී නමැති මෙඛලා ඇත්තා වූ මහී කාන්තාව විසින් මුනීන්ද්ර යාට පූජා පිණිසැ ගන්නා ලද චාමරය වැනි යැ.

‍ ‍විස්තර : –– පොළොව ළඳකි. අලුතැ වැවැණු හී තණ ඇය ගේ නිල් වූ දුහුල යි. ඉන්ද්රනගොපක පඞ්ක්තිය ඇය ගේ මෙඛලා දාමය යි. කැණහිල් මල ඇය බුදු පුද පිණිසැ ගත්තතා වූ චාමරය යි.


මේඝ කාලයට හී තණ වැවෙන බව ද ඉඳුගොව්වන් ඇති වන බව ද කැණහිල් මල් පිපෙන බව ද මේ කී සැටි යි.


‘නවසදලනිල්දියුල් - රතිඳුගොවුවැළමෙවුල් මිහි කත මුනිඳු පුදෙ ගත - කැණහිල්ල මල් සෙමෙරෙව්’


විවරණය 139


යන ලෙසට යැ පිටපත්හි ගීය එනුයේ, විරිතට දෙවියන් සරණ යි. සන්නයට ගැනුණේ ‘ඉඳුගොවු’ යනු පමණෙකි. ‘රත්’ යන්න එහි නො වෙයි.


ටිප්පණී: –– 1. කැණහිල්–– පුරාණ සන්නයෙහි ‘සීනිද්ද’ යැ යි කියැවිණ. රුවන් මල, ––


‘කැණහිල් කටු සෙවෙල් වේ’

යනුයෙන් ‘කැණහිල්’ නම් කටු සෙවෙල් යැ යි කියයි. සංස්කෘතයෙහි ‘ශෘගාලී’ නාමයෙන් ‘කොකිලාක්ෂා’ යැ ‘විදාරී’ යැ යි ලතා ‍විශෙෂ දෙකක් ගැනේ. 2. දියුල් – දුකුල. ඉතා සිහිල් වස්ත්රි විශෙෂයෙකි. 3. ඉඳුගෙ‍ාවු –– ඉන්ද්රයගොප. වැසි කලැ ඇති ව‍න රත් පැහැ කීට ‍විශෙෂයෙකි. ‘ඉන්ද්රල’ යනු මේඝයට නමි.ඉන්ද්රකයා ගොපක (රක්ෂකයා) වනුයේ ‍යමකු හට ද හේ ඉන්ද්රෙගොප වැස්සෙන් රැකෙන හෙයින් ඌට මේ නමි.


74

අන්වය : –– මළු අතුරෙහි රඟ ඔත සිකින් අඹළ නිල් පිල් සක්, දිගු කත ඉඳු නල අත්නෙන් සලන මිණි තල් වට වන්.


පදාර්ථ  : –– මා‍ලකාන්තාරයෙහි නෘත්ය ගත්තා වූ මයුරයන් විසින් ආවර්තනය කරන ලද නීල පිච්ඡ චක්ර ය තෙමේ. දිශා නමැති කාන්තාව ඉන්ද්රහ දිග් මාරුත නමැති හස්තයෙන් වීජනය කරන්නා වූ මණි තාල වෘනතය වැනි යැ.


විස්තරය : –– මේඝ කාලයට මයුරයෝ වැලි තලායෙහි පිල් විදහා නටති. විදැහූ පිල් සක නිල් මිණි මුවා තල් වටක්(පවන් පතක්) වැන්නැ. දිශා නමැති කාන්තාව නැ‍ඟෙනහිරි සුළඟ නමැති අතින් සලන තල් වටක් බඳු යැ.

වැසි කලට නැ‍ඟෙනහිරි දිගින් පවන් හමන බව ද මොනරුන් නටන බව ද මේ කී පරිදි යි.

140 සස දා

ටිප්පණී : –– 1. නිල් පිල් සක් –– හැම පිටපත් මැ ‘පිල් පිල් සක්’ යන්න පාඨය කොටැගෙනැ ‘පිච්ඡ නමැති පිච්ඡ චක්රලය’ යි අරුත දෙයි. 2. මිණි තල් වට –– මෙහි අවිශෙෂ කොටැ ‘මිණි’ යැ යි කියුව ද මොනර පිල් සකට සරිලන සේ නිල් මිණි සලකාගත යුතු. 75

අන්වය : –– මිහිලොල් දැවැ නී කුසුම්හී වී අවන් කෙළෙ. සිහිල් ඇල් පවන් සෙළෙ කුසුම්හී දැලැහී. හා ! ගොමුත් පදත් යමකි.

පදාර්ථ  : –– මධුලොල තෙමේ දිවැ (ගොස්) නීප කුසුමයෙහි හිදැ මධු පානය කෙළේ යැ. අතිශීතල වූ පවනච්ඡටාව තෙමේ අනඞ්ගයා ප්ර ජ්වලිත කෙළේයැ. ආශ්චර්ය යි !

ගොමුත්රියකා පාදාන්ත යමක් යි.

	විස්තර : –– වැසි කලට බක්මී පිපෙන බව ද කාමය ‍වැ‍ඩෙන බවද මෙයින් කියන ලද. 

මේ දුෂ්කර බන්ධයන ‍විශේෂයෙකි. ගැල ඇදැගෙනැ යන ගවයා බඩ දිය (මුත්ර ) හෙළූ තන්හි පෙළ අවුල් කොටැ කියැවියැ හැකි හෙයින් ගෝමූත්රි‍කා නමි.

 අ      වන්කෙ ළෙ    මි     හි    ලො ල්ද     වැ    වි     නි     කු    සු ‍    ම්හී




ප      වන්සෙ    ළෙ    සි     හි    ලැ    ල්ද    ලැ   වි     හා    කු    සු       ම්හී

පෙළැ කෙළින් කියැවුව ද , මෙහි ඇඳි ඉර ගිය සේ කියැවුව ද, එක් වැනි වෙයි.

මේ කවින් හල් අකුරත් ඉක්බිති අකුරත් එකක් කොටැ ගිණ බව පෙනේ.



විවරණය 141


ටිප්පණී: –– අවන් කෙළෙ –– ආපාන කෙළේ යැ. මධු පානය කරන තැන අවන් (ආපන) නමි.භෘඞ්ගයා බක්මි මලෙහි හිඳැ එය අවනක් (ආපනයක් ) කැරැගත්තේ යැ. 2. මිහිලොල් –– මිහියෙහි ලොලනුයේ මිහිලොල්. භෘඞ්ගයාට නමි. 3. දැවැ –– ‘දව’ (දිවීමෙහි) දයින් වූ පූර්ව ක්රි්යා නිපාත යි. 4. කුසුම්හී –– අගැ ‘කුසුම්හී’ යනු හා සම වන පිණිසැ මෙහි අගැ ස්වරය දික් කැරිණ. මනා නියරෙක් නො වේ. 4. සෙළෙ –– ‘සළ’ යනු ප්රලකෘතිය කොටැගත් සේයැ. ‘සළා’ යනු යැබහුසම්මත ප්රහකෘතිය. එයින් නම් ‘සෙළෙ’ යනු නො නිපදී. ‘සළා’ (ඡටා) යනු මෙහි ‘සමූහය’ යන අරුත දෙයි. 5. සිහිලැල් –– සිහිල් + ඇල්. ‘සිහිල්’ යනු ද ශීතල යන අර්ථ ය මැ දෙයි. එක අරුත දෙන ශබ්ද දෙකක් එක් කොටැ යෙදු කලැ අතිශයාර්ථ යෙක් ලැබේ. 6. දැලැවී –– පිටපත්හි එනුයේ ‘දැලැවී’ යනු මැ යි. මේ පාඨය රක්නට ඉහළ පෙළෙහි ‘දැවැ හී’ යනු ‘දැ‍වැ වී’ යැ යි ගන්නා ලදී. 7. හා –– පුරාණ සන්නය මෙය ඛෙදාර්ථ වාචි නිපාතයක් කොටැ ගනී. ඛෙදයට නොවැ විස්මයයට තැනෙකැ යි හැ‍ඟේ. සම්මුච්චයාර්ථා නිපාතයක් සේ ද ගත හැකි. ‘මිහිලොල් අවන් කෙළෙ; පවන් සෙළෙ හා කුසුම්හී දැලැවී.’ භෘඞ්ගයා. ආපානය කෙළේයැ; පවනච්ඡටාව ද අනඞ්ගයා ප්රළජ්චලිත කෙළේ යැ. 8. කුසුම්හී –– කුසුමශරයා. අනඞ්ගයා. රාගය. කුසුම් මැ හී වනුයේ යමකු හට ද හේ කුසුම්හී. 9. ගොමුත් පදත් යමකි –– ‘ගෝමූත්රි‍කා පාදාන්ත යමක යි’ යනුයෙන් පුරාණ සන්නය කියත අරුත එ සේ මැ මෙහි යෙදිණ. එහෙත් ‘පදත්’ යනු නොගැළැපෙන සේ යැ. යමකත්වය යෙදෙනුයේ පාදාන්තයෙහි නො වේ. පද්යාැර්ධද්වයය අතරෙහි යැ. ‘ගොමුත් යමකි’යි පාඨය ගෙනැ ‘ගොමූත්රිණකා යමක යි. යන අරුත දෙන ලද නම් වැනැවී.








142 සස දා


76

අන්වය : –– මිණි මුතු කඳුළු වන වනන් ඇසැ කඳුළු නී බඳනී බඳ මද සුළඟ නැසැ අභ ළැවැ මද සුළ දැලැවී. සඳහට .

පදාර්ථභ : –– ප්රඳබුද්ධ වූ කන්දලී වනය තෙමේ විරහීන් ගේ ඇසෙහි වාෂ්ප නදී බැන්දේ යැ. නීප (කුසුම්) සම්බන්ධ වූ මදන් මාරුතය තෙමේ, සැඟැවී, ශරීර නමැති දාවයෙහි කාම නමැති උල්කාව දැල්වී යැ.

සන්දෂ්ට යි.

විස්තර : –– පිපුණා වූ කෙසෙල් වනය දුටු විටැ වියොග වූ ස්ත්රීේපුරුෂයන් ගේ ඇසෙහි කඳුළු නදියක් මෙන් ගලන්නට වෙයි. බක්මී සුවඳ ඇදැගෙනැ එන මද සුළඟ සැඟැවී සිටැ හෙවත් නො දන්වා මැ අවුත් ශරීරයෙහි වැදී වනයකට ගිනි සුළක් දැල්ලුවාක් මෙන්, කාමාශාව උපදවයි.

පිටපත්හි එන ගියෙහි තුන් වැනි පය, –– ‘සබඳ නී මඳ සුළඟ’

යි එයි. එහෙත් සන්නය ‘නී බඳ’ යන්න ගෙනැ ‘නීප කුසුම සම්බන්ධි වූ’ යන අරුත දෙයි.

එක් එක් පදයෙකැ අගැ අකුරු පස ඉක්බිති පාදයට ගැනුණු සේ යැ.

‘මිණි මුතු කඳුළු වන කඳුළු වන නැසැ බඳ නී නැසැ බඳ නී මද සුළඟ මද සුළ’ඟ ළැවැ දැලැවී’

යන මෙහි දෙ වැනි පයැ අගැ වනුයේ ‘නැසැ බඳ නී’ යන අකුරු පස යි. තුන් වැනි පයැ මුලට ගත යුත්තේ ඒ යැ.

යහ ගී විරිත යි. විරිත් වැකියේ 49 වැනි පිට බලන්නේ යැ. එළු සඳස් ලකුණු කාරයෝ ‘සඳහට’ නම් ගී වෙසෙසක් දක්වති. යහ ගීයෙහිත් එහිත් ඇති එක මැ වෙනස නම් එහි ලා සන්දෂ්ට යමක ලක්ෂණ ඇති වීම යි. සැබෑ විසින් සඳහට වීමට කවර විරිතක් වුව ද සුදුසු යැ. විවරණය 143


ටිප්පණී : –– 1. මිණි මුතු –– පිපුණු. ‘මිණි’ යනු මල් කෙ‍ාපුවට නමි. මිණියෙන් මිදුණේ මිණිමුතු යි. 2. කඳුළු –– කන්දලී. කෙසෙල්. 3. වනන් –– ස්ත්රිනය ගෙන් වෙන් වූ පුරුෂයාට ද පුරුෂයා ගෙන් වෙන් වූ ස්ත්රිනයට ද ‘වන’ නම යෙදේ. මෙහි දෙ පස මැ ගැනෙති. 4. කඳුළු නී බඳ –– කඳුළු ගඟක් බැන්දේ යැ යි කී කලැ ගැනෙනුයේ ගඟක් ගලන්නා සේ නොකඬ වැ කඳුළු ගැලූ බවයි. 5. නැසැ –– නැඟැවී. අකර්මළක ‘නස’ ධාතු ‘රක්’ ආදි ආත්මනෙ ‍පද යි. නැසේ - නැසෙති - නැසිණි, නැසි- නැසුණු, නැසි. ‘නැසී’ ‘නැසැ’ යන දෙක මැ පූර්ව ක්රි-යා නිපාත රූප යි. සුළඟ නැසී (සැඟැවී ) පැමිණීම ඇඟට නොදැනෙන තරම් මද වැ පැමිණීම යි. 6. නී බ‍ඳ –– නීප සමබන්ධී. බක්මී මල් සුවඳ මුසු. 7. මද ––අල්පාර්ථයයෙහි ‘මද’යනු ––යෙදුණු බව මෙ තැනිනුදු 131 වැනි ගීයෙනුදු පෙනේ. 8. මද සුළ –– අනඞ්ග නමැති උල්කාව(ගිනි හුළං) ‘සුළු’යනු උල්කා වාචී යි. දෙමළෙහි ‘චුළු’ යනු වේ. 9. සඳහට –– සන්දෂ්ට. මනා සේ ඩැහැගත්. එක් එක් ‍පාදයෙහි මුල පූර්ව පාදයෙහි අග කොටස ඩැහැගන්නා හෙයිනි මෙ බඳු බැඳුම් ‘සන්දෂ්ට’ නාමට ලබනුයේ.


77

අන්වය : –– සුපුල් දුනුකේ පෙති රන් ඔඩම් සුවහස් ගෙනැ මේ මහ රකුස් වනන් ගල ලේ බොන්නට දැවැ වන්.


පදාර්ථල : –– සුඵුල්ල වූ ධනුකේතකී පත්රස නමැති ස්වර්ණන චෂක ශතසහස්රනයන් ගෙනැ මේඝ නමැති මහා රාක්ෂය තෙමේ ‍විරහීන් ගේ කණ්ඨ ‍රුධිරය බොනු සඳහා දිවැ වන්නේ යැ.


විස්තර : –– විරහීනට මේඝ කාලය අසභ්යඨ යැ. එ හෙයින් ඒ කාලය ඔවුන් ගේ ගල ලේ බොන්නට එන මහ රකුසකු ලෙස දැක්විණ. දුනුකේ මල් පෙත්ත බොන බඳුනකට සමාන යැ.





144 සස දා


‘සුපුල් දුනුකේ පෙති - ගෙනැ රන් ඔඩම් සුවහස් වනන් ගල ලේ බොන්නට - දැවැ වන් මේ මහ රකුස්.

යන ලෙසට යැ මේ ගීය පිටපත්හි එනුයේ. එහි යොන් ගී විරිත නසී. ‘සුපුල් දුනුකේ පෙති රන් ඔඩම් සුවහස්’ යනු රූපක යි. රූපක මධ්ය යෙහි ‘ගෙනැ’ යන්නක් හෙළා රූපකය අවුල් කිරීමට ශිෂ්ට සම්ප්ර දායයෙන් අවසර නැත්. ‘මනා වැ පිපුණු දුනුකේ පෙති ගෙනැ විරහීන් ගේ කණ්ඨ රුධිරය රන් ඔඩම් සුවහසක් බොන්නට’ යන අරුත දෙන්නට නම් මේ පද ප‍ිළිවෙළ සමත් වේ.


‘මහ රකුස්’ යන තන්හි ‘මහ’ යන්න පුරාණ සන්නයට නො පෙනිණි.


78 අන්වය : –– බිම් දැදුරු කැරැ, තුරු මුල් සිඳැ පත සැඬ වතුරු, මහ ඇජර මෙන් රණ ලොල් නිරිඳුන් යතුරු නැවැතී.


පදාර්ථණ : –– භූමිය ජර්ජර කොටැ‍, වෘක්ෂ මූල ජින්න කොටැ පැමිණියා වූ චණ්ඩ ප්ර‍වාහය තෙමේ, මහා ආචාර්යයන් මෙන්, රණලොල වූ නරෙන්ද්රොයන් ගේ ‍යාත්‍ාල්ව වැළැකී යැ.


විස්තර : –– පුරාතනයෙහි රජුන් යුද්ධ සඳහා යන්නට වූ කලැ යුද්ධයෙහි ආදිනව දක්නා ආචාර්ය වරයෝ ඉදිරියට අවුත් ඔවුන් ගේ ගමන් නවතති. මේඝ කාලයෙහි බිම දැදුරු කොටැ ගස් මුලිනුදුරා - ගෙනැ එන්නා වූ චණ්ඩ වූ ප්රධවායහ ද යුද්ධ ලොල රාජයන් ගේ ගමන් නවතයි.


සැඬ වතුරු ආ කලැ එයින් එතෙර වැ ‍යා නොහැකි බැවින් රජවරු යුද ගමන් නවතති.

‘කැරැ බිම් දැදුරු තුරු - සිඳැ මුල් පත සැඬ වතුරු’

යන ලෙසට යැ ගීයේ පෙර’ඬ පිටපත්හි එනුයේ. විරිත නැසේ. තුරු සිඳැ මුල් යැ යි පද අවුල් කරන්නේ කුමක් රැකැගන්නට ද ? විවරණය 145


අන්වය : ––දැව, කෙළෙඳි, කොළොඹ, කුබුබු, හින්සල්, සල් මල්, වෙහෙරත් හාත්පස්හි තුරු හිස් අස්නේ පුදා–– ( අනතුරු ගීය හා සබඳි.)


පදාර්ථ් ‍: –– ධව යැ කුටජ යැ කදම්බ යැ කකුහ යැ සල්ලකී යැ සාල යැ (යන) පුෂ්පයන් විහාරාන්තයා ගේ සමන්ත පාර්ශ්වයෙහි වෘක්ෂ ශිර්ෂැ නමැති (කුසුම්) ආසනයෙහි පූජනය කොටැ –– (අනන්තර ගිය හා සම්බන්ධ යි.)


විස්තර : –– මේ කියැවුණේ වැසි කලට මල් ගන්නා ගස් යැ. ගසු මුදුන්හි මැ තිබියැ දී මල් පිදු සැටියෙකි. මේ සියල්ලවුන් විසින් ගුරු කමට ගත යුත්තෙකි.


ටිප්පණී : –– 1. කුබුබු –– ‘කුඹුක්’ නමින ගම් වැසියන් අතරැ වැහැරැවෙන ගස යි. නම ‘කුබුබු’ යනු මැ යැ. ‘කුබුබු ගස’ යනාදි තන්හි ‘උ’ කාර ලෝපයෙන් ‘කුබුප් + ගස යනු වී , ඉක්බිති අඝොෂාදෙශයෙන් ‘කුඹුක්’ යනු ද වෙයි. මෙයින් ‘කුඹුක්’ යනු මැ නම ලෙස සැලැකෙන්නට වී යැ. ‘හිප්’ යනු ‘හික්’ වූ මෙනි. ‘කුබුබු හින්සල්’ යනු වෙනුවට පිටපත් ‘කුඹුවන් හිසල්’ යනු මැ දක්වයි. වරද වූ සැටි පැහැදිලි යැ. එහෙත් ‘පොත් පෙරළති යි’ පඬුවන් ගේ ගැරැහුම් අප බලා එයි. 2. හින්සල් –– සල්ලකී යනු සංස්කෘත නාමය යි.


80

අන්වය : –– මිදෙල් මෙවුල් දම් නව නී කුසුම් පස්කන් සැදි වන සිරි පලු දල අත්නෙන් මුනි වැඳි එව්.


පදාර්ථන : –– නිවුල (කුසුම) නමැති මෙඛලා දාමය ද නව නීප (කුසුම) නමැති තාඩඬකය ද හෙබියා වූ වන ශ්රී තෙ‍ාමෝ පල්ලව පත්රස නමැති අතින් මුනි රාජයා වැන්දියක වැන්නී යැ.




146 සස දා


විස්තර : –– වැසි කලැ මල් ගන්නා තව ද ගස් දෙ වර්ගමයෙක් කියැවිණ.

වන ශ්රීකය ළා දළු පත් නමැති අතින් බුදුන් වැන්දා වැනි යැ ඇය ගේ මෙඛලා දාමය මිදෙල් මල් යැ. ඇය ගේ කර්ණා භරණ අලුත් බක්මී මල් යැ.


ටිප්පණී : –– 1. සැදි –– අකර්ම ක ‘සද’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි. පිටපති ‘සැදී’ යන්න පාඨය කොටැගනී. එහෙත් පුරාණ සන්නය ‘අලඞ්කෘත වූ’ යන අරුත මැ දෙයි. ‘සැදී’ යනු ඒ අරුත දෙන්නට නොසමති.


81

අන්වය : –– ගිගුම් කැරැ නුබ මැඬැ මිහි තෙලේ ඔබමිනි මෙන් පැළැඹැ, මහ මේ ගිරි මෙවුල් අදරින් මෙන් පැලෑ.

                   මේ උතු

පදාර්ථ  : –– ගර්ජනය කොටැ ආකාශය මිරිකා මහී තලයෙහි හෙ‍ළන්නා සේ විජෘම්භිත වැ, මහා මේඝ නමැති ගිරිමෙඛල තෙමේ ආදරයෙන් මෙන් පලාගියේ යැ.

මේඝ ඍතු යි.

විස්තර : –– මහා මේඝයාගේ ද ගිරිමෙඛලයා ගේ පැවැතුම් එක බඳු යැ. මහා මේඝයා ගර්ජනය කොටැ අහස මිරිකා බිමැ හෙළන්නා සේ පැවැතැ. ආදරයෙන් මෙන් පලාගියේ යැ. ගිරිමෙඛලයා ද ගර්ජනය කොටැ අහස මිරිකා ගෙනැ බිමැ ඔබන්නා සේ පැවැතැ ආදරයෙන් මෙන් පලා‍ගියේ යැ.


ටිප්පණී: –– 1. පැලෑ –– ‘පලා’ ධාතුයෙන් වූ අතීත රූප යි. සියලු පිටපත් ‘පැල’ යනු මැ දක්වයි. සිංහලය හඳුනන කවර නම් ශොධකයෙක් මෙ තන්හි පිටපත් නො සලකා ‘පැලෑ’ යනු මැ යොදන්නට බයි ද? 2. ගිරිමෙවුල් –– බුදුන් හා යුදට පැමිණි මාරයා ගිරිමෙඛල නම් මහ අලියක්හු



විවරණය 147


මතැ නැඟුණ හ යි කියති. 3. අදරින් මෙන් –– සරවඥයා ‘කෙරෙහි ආදරයෙන් මෙන්’ යැ යි පුරාණ සන්නය පරිකථා කෙරෙයි.


82

අන්වය : –– කළ මුනිඳු තරු නැඟමෙන් සිලිල් විමල් කැරැ, අයු කල් ගිලන් සත්තට දිව ඔසු කල් සරා පත්.


පදාර්ථඟ : –– අගස්ත්යැ ඍෂිහු ගේ තාරකාව සලිලය නිර්මයල කොටැ, අතීත කාලයෙහි රෝගි වූ සත්ත්වයනට දිව්යර ඖෂධ වූ කාන්ත වූ ශරදෘතුව පැමිණියේ යැ.


විස්තර : –– ශරදෘතුයෙහි දී සියලු තන්හි දිය පැහැදෙයි. අගස්ති තාරකාව නැඟීමෙන් එ සේ වෙති හි කියති.

‘අගතිසිනුදා වත් වී යැ මුළු දියැ දිය පහන් පත්’

යැ යි සිරි රහල්හු ද කියති. වැසි කාලයෙහි බොර වූ දිය වැසි නැති කාලයෙහි වනු ස්වභාවය යි.


‘අයු කල් ගිලන් සත් හට - දිව ඔසු ස‍රා කල් පත්’

යන ලෙස යැ ගීයෙහි පස’ඬ පිටපත්හි එනුයේ. යොන් ගි විරිත දෙදරයි. පසු වැ ගී බැන්දහු අන්වයය මැ යෙදුවා විනා විරිත ගැනැ සැලැකීමක් නොකළ බව පැහැදිලි යැ.

ටිප්පණී : –– 1. කළ මුනිඳු තරු –– අගස්ති ඍෂිහු උපන්නේ කළයෙකැ යැ. එ හෙයින් ඔහුට ඝටයොනි –– කුම්භයොනි –– යනාදි නම් වෙයි. මිත්රක වරුණ යන දෙ දෙ මැ අගස්තිහු ගේ පියෝ යැ. මව උර්වශී යැ. හිරු සඳු තමා වටා නො ‍ගති යි කිපුණු වින්ධ්යි පර්වතය උස් වී ගොස් ආකාශ මාර්ගදය අවුරන්නට වන් කල්හි බිය වූ දෙවියන් ගේ අයැදමෙන් අගස්ති තෙමේ ඒ පර්වතය නැමී සිටුනා සේ සලස්වා දකුණු දෙසට පැමිණැ දාක්ෂිණාත්යයයනට

148 සස දා


ගුරු වී යැ. ‘අග’ යනු පර්වත වාචි යි. අගය දැමූ (අස්ති) යෙහින් හේ අගස්ති නම් ‍වී ඔහුට හිමි තරුව ද අගස්ති නමි. Canopus. 2. නැඟමෙන් –– නැඟුම් + එන් = නැඟුමෙන් = නැඟමෙන්. (‘ව්යාpකරණ විවරණයෙහි’ 37 වැනි පිට බලන්නේයැ.) 3. සත්නට –– පිටපත් ‘සත් හට’ යනු පාඨය කොටැ ගනී. 4. ගිලන් –– ග්ලාන. ලෙඩ වූ මේඝ ‍කාලයෙහි ඇතැම්හු ලෙඩ වෙති.5. කල්සරා –– පුරාණ සන්නය ‘සරා කල්’ යැයි අන්වය ගෙනැ ‘ශරත් කාලය’ යිඅරුත දෙයි. ‘අයු කල්’ යන තන්හි දු කාල‍ාර්ථ’යෙහි ‘කල්’ යනු යෙදුණෙන් එ සේ ගැන්ම පද්ය.ය කෙලෙසයි.


83


අන්වය : –– පැදුම් දෙවි සිලිලින් අබිසෙව් නැත, ද මිහිකත් ගිජිඳුන් මද දල දරින් නරතුරින් නුනු වන්.


පදාර්ථන : –– පර්ජන්යි දෙවයා ගේ සලිලයෙන් අභිෂෙක නැති වුව ද, මහී කාන්තා තොමෝ ගජෙන්ද්ර:යන් ගේ මද ජලධාරාව කරණ කොටැගෙනැ නිරන්තරයෙන් අනූන වූවක වැන්නී යැ.


විස්තර : –– මේඝයා ගේ ජලයෙන් මහී කාන්තාව අභිෂෙක ලද්දේ ගිය කල්හි යැ. දැන් ඒ නො ලැබේ. එහෙත් අභිෂෙකයෙන් අඩුවක් නුවූ සේ යැ. කෙසේ ද? ඇතුන් ගෙන් නො කඩවා වැහෙන මද ජල ධාරාව මහී කාන්තාව අභිෂික්ත කෙරෙයි.

ශරදෘතුයෙහි දී ඇතුන් ගේ මද වැහෙන බව මෙයින් කී හ.

‘නනුන වන් නරතුරු’

යනු මැ යැ තුන් වැනි පයට පිටපත්හි එනුයේ. පිරිමැසියැ හැකි ලෙසක් නොදන්නමෝ ‘නූනු වන් නරතුරින්’ යැ යි


විවරණය 149


ගතුමු. ‘නරතුරින්’ යැ යි ගත්තේ විරිත රැකැගන්නට යැ; ‘නනුන’ යනු ‘නූනු’ යැ යි ගත්තේ අරුත රැකැගන්නට යැ ‘අනූන’ යන අර්ථැය දෙන්නට හෙළුයෙහි ‘නනූන’ යනු නොසමත් යැ.


ටිප්පණී: –– 1. පැදුම් දෙවි –– ‘ප්රෙද්යුනම්න දෙවයා ගේ’ යැ යි පුරාණ සන්නය අරුත් දෙයි. සංස්කෘතයෙහි ‘ප්රදද්යු–ම්න’ යනු මේඝයට නම් නො වේ. පර්ජන්යර නාමයෙන් මේඝය ගැනේ. 2. නූනු –– නො+උනු= නූ+ උනු= නූනු. ‘අනූන’ (අඩු නැති) යනු අර්ථ. යි.


84

අන්වය : –– බිඟු රැවු, සරා සඳ රජ දසනුදස මඬලැ පැලැඹෙත වන වන් අඳුරු සතුරන් කුමරන් හඬ එව්.


පදාර්ථස : –– භඞ්ග රාවය (කෙබඳු ද යත හොත්: ––ශරච්ච න්ද්රා: නමැති රාජයා දිශානුදිශා මණ්ඩලයෙහි ‍විජෘම්භිත වත් මැ වල් වැදුණා වූ අන්ධකාර නමැති ශත්රෑ න් ගේ කුමාරයන් ගේ හැඬීම වැනනැ.


විස්තර : –– සරා කල්හි සඳ ඉතා කැලුම්වත් යැ. අඳුර වල් වදී. බිඟුහු රෑ දවල් මල්හි මී බී හඬති ඒ හඩ කුමක් වැනි ද ? රජු බල පෑ වැජැඹෙන කල්හි වල් වැදුණු සතුරන් ගේ දරුවන් හඬන හඬ වැනි යැ.


‘දස ‘නුදෙස මඬලෙහි’

යනු යැ පිටපත්හි එන පැදියෙහි පළමු වන පය. ඒ විරිත බිඳී. ඇතැම් සන්න පිටපත්හි ගැනුණේ ‘කුමරුන්’ යන්නයි.

85 අන්වය : –– ස‍රා සඳෙහි සස ලේ, රස් අතින් තර කොටැ ගෙනැ ගසා අඳුරු බිඳුතු, හිසුණු අඳුරු සුනු වන්.

150 සස දා


පදාර්ථබ : –– ශරච්චන්චන්ද්රේයෙහි ශශ ලෙඛාව (කෙබඳු ද ? ) රශ්මි නමැති හස්තයෙන් දෘඨ ග්ර හණය කොටැ පහර දී අන්ධකාරය භග්න කරන කල්හි ඉසී ගියා වූ අන්ධකාර චූර්ණ– වැනි යැ.


විස්තර : –– සස ලපය අඳුරු යැ. අඳුරු බිඳුනා කලැ චන්ද්රටයා ගේ ඇ‍ඟෙහි ද අඳුරු සුනු ඉසී ගිය වැන්නැ ඒ.


මේ නම් මහා කවි කුමාරදාසයන් දුටු අරුතෙකි.

‘අන්ධකාරනිකරංකරෛරිමං හින්දතඃ ශශධරස්යං මණ්ඬලෙ ධූලිපුඤ්ජ ඉව භාති තාමසඃ ක්ෂොභවෙගපතිතඃ ශශකෘතිඃ’

[ ඉමම් අන්ධකාර නිකරම් –– මේ අන්ධකාර සමූහය, කරෛඃ –– රශ්මියෙන් දෝහෝ නොහොත හස්තයෙන්, හින්දතඃ –– බිඳුනා වූ, ශශධරස්ය –– චන්ද්ර යා ගේ, මණ්ඩදලෙ –– මණ්ඩලයෙහි, ක්ෂොභවෙගපතිතඃ –– ක්ුෂෙ‍ාභ වෙගයෙන් හුණුවා වූ, තාමසං –– තමස්හු ප්රුතිබද්ධ වූ, ධූලි පුඤ්ජඃ ඉව –– ධූලි පුඤ්ජයක් මෙන්, ශශාකෘතිඃ – ශශ කලඞ්කය තෙමේ. භාති ‍–– හොබී ]


මෙය කලින් මැ කුමාරදාසයන් දුට බව මේ කවීනට නොපෙනීම අභාග්යියෙකි. සන්න කාරයෝ ද මෙය සඳහන් නො කෙරෙති.

‘ගෙනැ තර කොටැ අඳුරු - බිඳුතු ගසා රසතින්’

යනු යැ ගීයෙහි පෙර ‘ඬ ලෙස පිටපත්හි එනුයේ. විරිත දෙ පයින් මැ පිට පනී.


ටිප්පණී : –– 1. හිසුණු –– අකර්මපක ‘හිස්’ (ඉස්මෙහි) ධාතු ‘බස්’ ආදි ගණ අත් පදයි. හිසේ - හිසෙති - හිසිණි, හිසි ‘හිටි- හිසුණු , හිසි, හුටු. ‘වි’ පූර්වප ‘හිස්’ ධාතු ද මෙ සේ මැ,


විවරණය 151

වරනැ‍ඟේ. සකර්ම ක ‘හිස්’ ධාතු ‘රක්’ ආදි ගණ පර පද යි. හිසී - හිසිති - හිසි - හිසි. 2. සුනු –– ‘සුන්නෙන්’ යනාදි රූප ලැබෙනුයෙන් මෙහි ‘නු’ යනු යෙදේ.


86

අන්වය : –– තළා රළ වැළ ඊලේ කෙළි කළ හස පෙළ තුඬු, ලග පොකුරු දැළියෙන්, මිහි සෙවින් අකුරු දුන් වන්.


පදාර්ථ  : –– තටාක කරඞ්ග පඞ්ක්ති නමැති දෝලායෙහි ක්රිපඩා කළා වූ හංස පඞ්කතිය ගේ තුණ්ඩ යෝ (තුමූ,) ලග්න වූ පුෂකර පල්ලව ඇති හෙයින්, මධු සේකය කරණ කොටැගෙනැ අඞ්කුර ඉපැදැවූවවුන් වැන්නෝ යැ.


විස්තර : –– හංසයෝ තටාකවලැ කෙළිති. රළ පෙළට අසු වූ කලැ ඔහු හෝවිල්ලේහි ( උන්සිල්ලායෙහි) කෙළින්නවුන් වැන්නෝ යැ. උන් ගේ තු‍ඬෙහි පොකුරු දැළි වෙයි. ඒ, තුඬින් ඇදීගිය අඬ්කුර වැනි යැ. තුඬින් අඞ්කුර ඇදීමට ද හේතුවෙක් වේ. ඒ නම් තුඬට නිරතුරු මල් මී වත් - කිරීම යැ.


‘මිහි සෙවින් අකුරු දුන් වන් තුඬු ලග පොකුරු දැළියෙන් හස පෙළ තළා රළ වැළ ඊලේ කෙළි කළ’

යන විසිනි පුරාණ සන්නය අන්වය සලසනුයේ. ‘පොකුරු දැළියෙන්’ යන්න ‘හස පෙළ’ යන්නට විශෙෂණ කොටැ ‘පුෂ්කරාඞ්කුරයන් උපලක්ෂිත වූ හංස පඞ්ක්ති තොමෝ’ යැ යි අරුත් බිණු සේ නොමැනැවි.


‘කෙළි කල හස පෙළ’ යැ යි ගෙනැ ‘ක්රී.ඩා කළා වූ කළ හංස පඞ්ක්තිය ගේ’ යැ යි අරුත් දියැ හැකි ද වෙයි.


ටිප්පණී : –– 1. මිහි සෙවින් –– මධු සේකයෙන්. මල් පැණි එවීමෙන් (වත් - කිරීමෙන්.) හංසයන් නිරතුරු මල්


152 සස දා


පැණි බොන හෙයින් තුඬට මිහි සෙවිනු වෙයි. එයින් තුඬින් අකුරු ඇදෙන සේ සැලැකිණ. ‘සෙව්’ (සේකයෙහි –– වත්කිරීමෙහි ) ධාතු යි. 2. දුන් –– ‘දෙ’ (දීමෙහි) දයින් වූ අතීත කෘදන්ත නාම යි. ‘අකුරු දීම’ නම් අකුරු පිටතට නිකුත් කිරීම යි. මල් දෙන –– පල දෙන –– යනාදිය ව්යසවහාරයෙහි දු එයි. 3. පොකුරු දැළි –– නෙළුම් දළු. හංසයෝ නෙළුම් දළු කෑමෙහි ලොල්හු යැ. දළු මැ දැළි ස්වාර්ථි තද්ධිත යි.


87

අන්වය : –– දැ ලිය මල් කැකුළු, වතුරු වැළ අවුණන්නට බිඟු පොකුරු මිණි විදුනා සිසි ඉසිහු ගත විදුරු එව්.


පදාර්ථි : –– ජාතිලතා කුසුම් කුඞ්මලය (කෙබඳු වේ ද ?) මන්ත්රථ මාලාව ග්රරන්ථනය කරන්නට භෘඞ්ග නමැති පුෂ්කර මණීන් විදින්නා වූ චන්ද්රත නමැති ඍෂිහු විසින් ගන්නා ලද්දා වූ වජ්රභය මෙනි.


විස්තර : –– චන්ද්රියා ඍෂියෙකි. හේ මන්ත්ර මාලාවක් කරනු කැමැති වැ එයට බිඟුන් නමැති පොකුරු මිණි ගෙනැ අවුණනු පිණිස විදින්නට වෙයි. මිණි විදීමට වජ්රන සූවියක් (විදුරු හිදි කටුවක්) වුව මනා යැ. ඒ සඳහා ඔහු ගත් විදුර නම් දැ ලිය මල් කැකුළ යි.


පිටපත් මැ පිහිට කැරැගන්නා ලද්දේ නම් හොඳ සිහිය ඇත්තකුට සුදුසු ගීයෙක් මෙ තන්හි නො ලැබේ. පුරාණ සන්නය බැලුව මැනැවි.


ටිප්පණී : –– 1. දෑ ලිය –– දෑ සමන් වැල. 2. මල් කැකුළු –– චන්ද්රකයා හා සම්බන්ධ කොටැ ජාතිලතා කුඞ්මල වැනීම කවි සමයය හා නො ගැළැපේ. කවි සමයයෙහි සමන් මල් පිපෙනුයේ රෑ යැ. 3. මතුරු වැළ –– මන්ත්රම මාලාව. ජප මාලාව. Rosary. 4. පොකුරු මිණි ––


විවරණය 153

මේ නම් මහ ගැටයෙකි. පුෂ්කර නම් මණි වර්ගමයෙක් සංස්කෘත කොෂයන්හි නොසඳයනි. ‘බිඟු පොකුරු මිණි’ යැ යි කී හෙයින් නිල් වන් මිණි වෙසෙසක් වියැ යුතු. ‘පුෂ්කර’ යනු නිලුපුලට ද නම් වන හෙයින් පුෂ්කර වර්ණව මණි සඳහා ‘පොකුරු මිණි’ යැ යි ගැනැණ හ යි සිතියැ හැකි.


88

අන්වය : –– පෙරැ සේ සිකින් අඹළ පිල් සකින් පුද නැත ද, සුපුල් ගිරිනිල් මල් කැල එ පුද දියුණු කළ වන්.


පදාර්ථල : –– පූර්වයෙහි මෙන් මයුරයන් ආවර්තනය කළාවූ පිච්ජ චක්රුයෙන් පූජා නැති නමුදු, සුඵුල්ල වූ ගිරිකර්ණිකාර පුෂ්ප සමූහය ඒ පූජාව ද්විගුණ කළා වැන්නැ.

විස්තරය : –– මොනරුන් පිල් සක් විදහා පුද පැවැත්වූයේ ශීත ඍතුයෙහි දී යැ. මොනරුන් ගේ මැ පුද දැන් නැතත්, ගිරිනිල් මල් කැල ඒ පූජාව ද්විගුණ කළ සේ යැ. ගිරිනිල් ගස මල් ගත් කලැ පිල් විදහා නටන මොනරකු සේ පෙනේ.


‘සුහුඹුල් ගිරි නිල්ලා හා පිලඹළ පිල් වල්ලා හා’

(කව්සේකර)

යනු සිරි රහල් වදනි.

ගිරා ස‍ඳෙස් කරුවෝ නිල් කටරොළු මල් ද මෙ සේ වනති  : ––

‘තුරු යට සුපිපි නිල් කටරොළු මල් කු ල ය පැටි කොට විදා දිගු නිල් ඇස් පිල් කැ ල ය නද කොට රඟන ගෙ මොනර ගණ මන ක ල ය මුතු පට සුදුසු පිරිසුදු සුදු වැලි ත ල ය


‘ නැත ද පුද සිකිනඹ –– ළ පිල් සකින් පෙරැ සේ’ 522-F 154 සස දා


යනු යැ පිටපත්හි එන ගීයේ පෙර’ඬ. විමැසුමක් නො ඉවසයි.


89

අන්වය : –– හැල් කෙන් අද වන් කරතුරු ගිරා කැල තුඬු, ගන ගුම් නැත ද, වෙරළු තෙලෙහි රුවන් අකුරු පළ ‍කළෙ.


පදාර්ථ  : –– ශාලි ක්ෂෙත්රවයට අවුත් වැදුණා වූ නිරන්තර වූ ගිරා සමූයහන් ගේ තුණ්ඬයෝ, මේඝ ගර්ජනය නැති නමුදු, වෛදූර්ය තලයෙහි රත්නංකුරයන් ප්රතකාශ කෙළේ යැ.


විස්තර : –– හැල් කෙත් නිල් හෙයින් වෛදූර්ය භූමිය වැනි යැ. නිරන්තර වැ එහි සිටුනා ගිරවුන් ගේ තුඬු රත්නාංකුර බඳු යැ. වෛදූර්ය තලයෙහි රත්නංකුර නැ‍ඟෙනුයේ මේඝ ගර්ජනයෙන්. දැන් මේඝ ගර්ජනය නැති වැ මැ වෛදුර්ය තලයෙහි රත්නාංකුර නැඟි ලෙසෙක් දැක්විණ. (33 වැන්න ද බලන්නේ යැ;)

‘අද වන් හැලන් කෙත්’

යනු යැ පිටපත්හි එනුයේ. ‘හැලන් කෙත්’ යන්නටත් සන්නයෙහි කියැවුණේ ‘ශාලි ක්ෂෙත්රඑයට’ යන අර්ථලය යි. එහි ලා සියලු පිටපත් එකඟ යැ. ශොධකයා විසින් කළ යුත්තේ කිමෙක්ද ?

‘නැත ගන ගුම් ‍පළ කෙළේ - වෙර‍ළු තෙළෙහි රුවන් තෙළේ’

යන්න යැ ගීයෙහි පස’ඞ ලෙස පිටපත්හි එනුයේ. ඒ විවරණ‍යක් නො පතයි.


90

අන්වය : –– වෙහෙරෙහි සැදි පිපි සුරත් නොමඳ බඳු වද, එ දා මර සෙන් විහිරූ සහළ අඟරැ සිරි දැලැවී.


විවරණය 155


පදාර්ථව : –– විහාරයෙහි සජ්ජිත වූ පුබුද්ධ වූ අතිරක්ත වූ අමන්ද වූ බන්ධුක කුසුමයෝ තුමු, ඒ දවස් මාර සේනාව විසින් විසුරුවන ලද්දා වූ ජ්වල්තාඬ්ගාරයෙහි ශොභාව ජ්වලිත කළ හ.


ටිප්පණී : –– 1. බඳු වද –– රත් වද මල් යැ මෙ නමින් ගැනෙනු‍යේ. 2. එ දා –බුදු වන දවස්. ප්රාසිද්ධ හෙයින් ‘එ’ යන ‍විශෙෂණයෙන් හැඳින්විණ. 3. සහළ’ඟරැ ––සහළ + අඟරැ. සහළ අඟුරු (සසාර අඞ්ගාර) නම් ගිනි ගෙනැ දිළියෙන අඟුරු යි. සාරය (ශක්තිය) සහිත වූයේ සසාර යි. 4. දැලැවී –– මෙහි දැලැවීම නම් ප්රිකාශ කිරීම යි.


91

අන්වය : –– බිඟු - වැළ - දිය රුසිරු උගු - යට සැවූ දතෙකැ දුන් මල්හී, කැකුළු උපුල් මල් හී ගෙනැ, දියැ වැජැඹැ ගිය.


පදාර්ථ  : –– භෘඞ්ගාවලීජ්ය) වූ රුචිර වූ ඉක්ෂුයෂ්ටි චාපය ජත්රැදවෙක්හි බැහූ පුෂපවාණ තෙමේ, කර්කශ වූ උත්පල ශරයන් ගෙනැ, ලෝකයෙහි විජෘම්භීත වැ ගියේ යැ.


ටිප්පණී : –– 1. බිඟු - වැළ - දිය –– බිඟුන් ගේ වැළ බිඟු වැළ. බිඟුවැළ දිය වූයේ යමකට ද ඒ බිඟුවැළදිය. ‘සැවු’ යන්නට විශෙෂණ යි. ‘දිය’ (ජ්යා.) යනු දුනු රැහැනට නමි.අන‍ඞ්ගයාගේ දුනු දිය බිඟු වැළෙකි. එයින් කී හ.

‘මෞර්වී මධුකරමයී’

යැ යි. [ මෞර්විය හෙවත් ජ්යගය මධුකරමය යැ.(බිඟුමුවා යැ.) ] 2. උගු - යට –– උගුව (උක් ගස) යට (දඬුව) වූයේ යමකට ද ඒ උගුයට. ‘සැවු’ යන්නට විශෙෂණ යි. අනඞ්ගයා ගේ දුනු දඬුව උක් ගසෙකි. 3. දතෙකැ ජත්රැ වෙක්හි. උරහිසෙක්හි. අනඞ්ගයා දුන්න එක් උරහිසෙකැ එල්ලාගත් බව යැ කියැවුණේ 4. කැකුළු –– කර්කශ. දැඩි. උපුල් මල අනඞ්ගයා ගේ පස් වැනි හීය යි. ඒ යැ ඉතා දරුණු. එයට ‘සම්මොහන’ යනුදු නමි. ‘කැකුළු යන්නට ‘කුඞ්මල වු’ යන්න යැ පුරාණ සන්නය දෙන අර්ථ ය. 156 සස දා

92

අන්වය : –– දසැ පතළ සඳ රැස් කල්- සබඳ දන සැනැහී. මල්හී වන රැස් පණ බිලි දවහ දළ තොස්නි ගත. දද බැඳුමි.

පදාර්ථු : –– දිශායෙහි පැතුරුණා වූ චන්ද්ර රශ්මිය තෙමේ කාන්තාසහාය වූ ජන‍යා සත්තර්පණය කෙළේ යැ. පුෂ්පවාණ තෙමේ ‍විරහි (ජන) සමූයහන් ගේ ප්රා්ණ බලි නිරන්තයෙන් දෘඪ සන්තොෂයෙන් ගත්තේ යැ.

ධ්වජ බන්ධන යි.

විස්තර : –– ඔවුනොවුන් හා අවිරුද්ධ වූ අඹුසැමියෝ ලොව පුරා පැතිරි සඳ රැසින් ප්රී ති වූවෝ යැ. ඔවුනොවුන් හා විරුද්ධ වූ අඹුසැමියන් ගේ පණ අනඞ්ග තෙමේ බිලි කොටැ - ගත්තේ යැ. මරණ සමාන වූ හෘදය වේදනා ඔවුනට වූ හ යි කී සේ යැ.


ටිප්පණී : –– 1. කල්සබඳ –– කලුන් (කාන්තයන් හෝ කාන්තාවන් හෝ ) සබඳ වූයේ යමකුන් හටද ඔහු. කල් - සබඳහු යැ. 2. දවහ –– අනවරතාර්ථබයෙහි නිපාත යි. 3. දද බැඳුම් –– ධ්වජයෙකැ ලකුණු දක්වන හෙයින් මේ ධ්වජ බන්ධන නම් වේ.









විවරණය 157

93

අන්වය : –– ස‍රා සිරි කල්, හෙල්මැලි පියා කස මල් දරා, සෙරෙන් අද, මුනිඳු සිරි පා අදරින් වැඳි එව්.

                                      ගුළු-සතර

පදාර්ථ  : –– ශරත් ශ්රීල කාන්තා තොමෝ, කහ්ලාර අසන තාපිච්ඡ (යන) පුෂ්පයන් උසුළාගෙනැ අවුත්, මුනීන්ද්රනයා ගේ ශ්රීි පාදය ආදරයෙන් වැන්දා වැන්නී යැ.

ගූඪවතුර්ථ යි.

විස්තර : –– මෙහි සරා කල්හි පිපෙන ගස් ‍වර්ග් තුනෙන් දැක්විණ.


ටිප්පණී: –– 1. පියා –– ‘අසන’ යනු සංස්කෘත නාමය යි.


‘ලේ වන් පුල් කෙසරු රන් වන් මල් පියා තුරු’

යැ යි එහි සැටි සිරි රහල්හු පවසති.


2. කස මල් –– වැලිකසා මල්. 3. ගුළුසතර –– ගඪ –– චතුර්ථ . සතර වැනි පය (චතුර්ථස පාදය) ගූඪ වූ (නැඟවුණු) හෙයින් මේ ගුළුසතර නමි. මුල් තුන් පය දුන් කල්හි සතර වන පය එයින් මැ තනාගත යුතු යැ. ඒ තුන් පයෙහි වූ අකරු පමණෙකි සිවු වන පයෙහි දු වනුයේ.


සෙරෙන් අද දරා හෙල් මැලි පියා කස මල් වැඳි එව් මුනිඳු සිරි පා .......................................

මේ තුන් ගීයෙන් මැ ගත් අකුරින් සතර වන පය නො පිරේ දැයි බැලුව වැනැවි.


158 ‍ සස දා


අන්වය : –– වැලැගු- මල් - සෙමෙර උලැඟි මුවරඳ රොන් පට, දිගු දිගත් යටෙහි බඳ මින්දද දිය දද වන්.


පදාර්ථබ : –– කාශ - පුෂ්ප - චාමර වූ උල්ලඞ්ඝිත වූ මකරන්ද රෙණු පටලය තෙමේ දීර්ඝ වූ දිගාන්ත නමැති යෂ්ටීයෙහි බඳනා ලද මිනධ්වජ ජයධ්වජය වැනනැ.


විස්තරය : –– පුෂ්ප මකරන්ද රෙණු පටලය අහසට නැඟී පැතිරී සිටී. වැලුක් මල් එහි චාමර මෙන් වෙයි. ඒ කුමක් වැනි ද? අනඞ්ගයා ගේ ජය කොඩිය වැනි වෙයි. ඒ කොඩිය බඳනා ලද්දේ දික් වූ දිශා නමැති ‍රිටෙහි යැ.

සරා කල්හි බොහෝ මල් ඇති බව ද මල් රොන් අහසට නැඟී පටලයක් මෙන් ‍විහිදී සිටුනා බව ද මෙ සේ කියැවිණ.

ඒ මුවරඳ රොන් පට අනඞ්ගයා ගේ ජය ධ්වජය වැන්නැයි කීමෙන් හැඟැවුණේ.එ කලැ එය දක්නහුට බලවත් රාග උපදනා බවයි.


ටිප්පණී : ––1. වැලුගු - මල් - සෙමෙර –– වැලුගුයෙහි මල් වැලුගුමල්. . වැලුගුමල් සෙමෙර වනුයේ යමකට ද ඒ වැලුගුමල්සෙමෙර. ‘මුවරඳ රොන් පට –– මුවරඳ නම් මල් පැණී යි. රොන් නම් පුෂ්ප ධූලිය යි. මුවරඳින් යුත් රොන් මුවරඳ රොන් යැ.

‘මුවරඳ රොන් තවර ගෙනැ දවන රවන බමන බමර මුළු’

යනු ගුරුළු ගෝමී වචන යි.


95

අන්වය :–– සැළැලියන් නොහිම් වැ දැවැ යන සල සිතුවන් මද සුවඳ සරා මරු, සනහා, නන් දෙසෙන් ඔසළ.


විවරණය 159


පදාර්ථ  : –– සලීලාවන් ගේ නිඃසීම වැ දිවැ යන්නා වූ චපල චිත්තය වැනි වූ මන්ද සුගන්ධ ශරද්මාරුතය තෙමේ සන්තර්පණය කෙරෙමින්,නානා දිශායෙන් බටුයේ යැ.


විස්තර : –– ශරත් කාලයෙහි මාරුතය නානා දිශායෙන් හමන බවද එයින් ලෝකයා සැනැහෙන බව ද මෙසේ කියැවිණ.


ක්රීාඩාසක්ක වූ තරුණ ස්ත්රී්න් ගේ චපල චිත්තය සීමා රහිත යැ. ඒ කොයින් ඒ ද කොයට යා ද යනු නිශ්චය කොටැ නො කියැ හැකි. ශරද්මාරුතය ද එ බඳු යැ.


ටිප්පණී: –– 1. නොහිම් –– හිමක් (සීමාවක්) නොවනුයේ යමකට ද ඒ නොහිම්. 2. සනහා –– ලෝකයා සනසමින්. 3. ඔසළ –– ‘ඔ’ පූර්ව ‘සර’ ධාතු බැසීමෙහි ද රැස්වීමෙහි ද යෙදේ. ‘බම’ ආදි ගණ උභය පද යි.


96

අන්වය : –– දිසි මිණිමුතු කොකුම් කෙසුරු, හිමිනඹුවන් මන පෙළේ නුරා තැවැරූ සරා සිරි අතැ තෙලිමෙනි.


පදාර්ථ  : –– දෘශ්ය මාන වූ ප්රනබුද්ධ කුඞ්කුම කෙශරය තෙමේ, අඹුසැමියන් ගේ මනොපට්ටයෙහි අනුරාග වර්චනය කළා වූ තුලිකාව මෙනි.


විස්තරය : –– කොකුම් මල් සරා කල්හි පිපේ. මල් කෙසරු ඉතා රතු යැ. රතු පැහැ (සායම්) ගෑ තෙල්ලක් මෙන් පෙනේ. සරා කාලය අඹුසැමියන් ගේ සිතෙහි රාග උපදවයි. එ හෙයින් කුඞ්කුම කෙශරය සරත් ශ්රීහය විසින් අඹුසැමියන් ගේ සිත් නමැති පට්ටයෙහි අනුරාගය (ඇල්ම දොහෝ නොහොත් අනුකූල වූ රාගය = රත් පැහැය) ගෑවා වූ තෙල්ල වැන්නැ.


160 සස දා


ටිප්පණී: –– 1. නුරා –– අනුරාග. අර්ථ් දෙකක් දෙයි. එකෙක් නම් ඇල්ම යි. අනෙක නම් අනුකූල වූ රක්තවර්ණාය (රතු සායම) යනු යි. 2. හිමිනඹුවන් –– හිමි + අඹු = හිමිනඹු. ‘න’ කාරාගම යි. හිමි ද අඹු ද හිමනඹුවෝ. උන් හිමිනඹුවන්. 3. පෙළේ –– මෙහි ‘පළ’ නම් වර්ණද ගැනෙන වස්ත්ර යෙකි, නොහොත් පුවරු කඩෙකි. පළ + ඒ = පළේ = පෙළේ.


97

අන්වය : –– දඩ ඇත් කැල, මද ගඳ රොන් මමන ගනසා සත්දල දුමන්, කන් හිඳුවා, ළෙන් සහසක් වැ නැරැඹූ.


පදාර්ථඳ : –– වන්ය. හස්ති සමූහයෝ, (හස්ති) මදගන්ධවන් වූ රෙණූ වහනය කරන්නා වූ සාන්ද්ර ශාඛ වූ සප්තපර්ණි ද්රැරමයන්, කර්ණසයන් උත්ථිත කෙ‍ාටැ, සිතින් සහශඞ්ක වැ බැලූ හ.


විස්තර : –– ශරත් කාලයෙහි ඇතුනට මද ඇති වේ. රුක් අත්තන ගුසුදු මල් දරයි. රුක් අත්තන මල් ද ඇත් මද ද සමාන සුවඳ ඇත්තේ ල. මද කිපුණු වල් අලි අතු ගහන වූ රුක් අත්තන ගසින් වැහෙන මද ගඳ ඇඟැරැ (ආඝ්රා ණය කොටැ.) සිතින් මැ සැක සහිත වැ, කන් කෙළින් කොටැ බැලූහ. මද ගඳ වහන හෙයින්, අතු ගහන වැ සිටී හෙයින්, මද කිපුණු වල් අලියෙකැ යි සැක සිතා යැ බැලූයේ.


‘ගිජිඳුන් සත් මදේ සත්පත් කුසුම් සුව‍ඳේ නො මැ හැඳිනැ ඇවිදේ බමර මුළු විදි වෙහෙස නොමදේ’

යැ යි සිරි රහල්හ සත්පත්–– ඇත් මද –– සුවඳ නොවෙනස් බව කියති.

මුවදෙව් දා කාරයෝ, ––

‘මද ‘ද ගඳ ගිජිඳු - සහගුම් බිගු වැළ සියෝ නුපුළ ලෙළ ‍විපුල් රුක් - සුපුල් ගනසා සත්පත්’

විවරණය 161

යැ යි අලියා ‘මද ගඳ රොන් මමන ගනසා සත්දල දුමන්’ දුට පවත්නා අයුරු හඟවති.


ටිප්පණී : –– 1. ගනසා –– යන (සාන්ද්රු) වූ සා (ශඛා) වනුයේ යමෙකැ ද ඒ ගනසා. ‘දුමන්’ යන්නට වෙසෙසුනි. 2. සක්දල –– සතක් දල (පත්රස) වනුයේ යමෙකැ ද ඒ සත්දල. රුක් අත්තන් ගසට නමි. සත් පත් -අත්තන (සත්පන- සප්තපර්ණි) යන නම් ද ඇත්තේ යැ. 3. දැඩැත් ––දඩ ඇත්. වල් ඇත්. ‘අඩ’ යනු ‘වන’ යන අරුත් ඇත්තේ යැ. දඩයම් නම් වනයෙහි කැරෙන කම් යැ.4. සහසක් ––සහ වෟ සක්–– (ශංකා = සැක) ඇතියේ යමකුටද ඒ සහසක්. 5. ළෙන් –– හෘද‍යයෙන්. සිතින්. සැක උපදිනුයේ ළෙහි (සිතෙහි) නො වේ ද ? වේ නම් ‘ළෙන් සහසක් වැ’ යි කියනු කෙසේ නම් සුදුසු වේ ද ? මෙහි ළෙන්’ යනුයෙන් අතිශයාර්ථසයෙක් ලැබේ. එ හෙයින් ළෙන්’ සහසක් වීම නම්, අතිශයින් මැ සැක සහිත වීම යැ.

‘ඔහු හිතින් මැ හිතවත්තු යැ’ ‘මම ඔබට හිතින් මැ වැඩ පතමි.’

යනාදිය ද ‍විමසන්නේ යැ ත 6. නැරුඹු –– පිටපත් ‘නැරැඹී’ යන්න දෙයි.සිංහල රීතියට විරුද්ධ යැ.


අන්වය : –– හෙටුරු බිඳැ උලැඟී,නරඹා කුර අඳනා ඔසබ සැහැසී බිම් දෙබෙරා පිළිමල් සොයොන එව්.


පදාර්ථ  : –– තුෂ්ටි රාව පවත්ව‍ා,උල්ලංඝිත වැ බලා කුර අඳින්නා වූ වෘෂභ තෙමේ , සාහසික වැ භූමි දරණය කොටැ,ප්රාතිමල්ලයා සොයන්නා වැන්නැ.


විස්තර : ––ගොනුව ද සරා කල්හි මද නැ‍ඟෙන බව යැ මේ කීයේ.





162 සස දා

ගොන් තුටු හඬ නඟහි, හිස නභා බලයි. කුර අඳී, අභින් බිම බිඳී, පෙ‍ාළොව පළා වත් ඇනැගන්නට ඔහු ප්රලතිමල්ලයකු සොයන්නා වැනි යැ.


පිටපතින් හොඳ මැ වහල නොලැබෙන තැනෙකි. ‘උලැඟි’ යන්න ගන්නා පුරාණ සන්නය ‘උල්ලඞ්ඝිත වූ’ යන අර්ථමය මැ දෙයි, එයට විශෙෂ්යැ වන්නක් නම් නො දක්වයි; ‘අකුර අඳනා’ යන්න පෙළ කෙ‍ාටැ ‘බුරාලෙඛනය කරන්නා වූ’ යැ යි සන්න කියයි.

‘නරඹා කුර අඳනා’

යනු මැ දෙ වන පය කොටැ ගත විරිත දෙදරවයි. යම්තම් පිරිමසාගන්නට,

‘නරඹා අඳනා කුර’

යැ යි දෙ වැනි පය සකස් කළම්හ. අග ලුහුව ගුරු කොටැ ගිණු කලැ විරිත ප‍ිරේ.


ටිප්පණී : –– 1. හෙටූරු –– ‘තුෂ්ටි රාව’ යැ යි සන්නය කියයි.


99

අන්වය : –– නැබුළු වෙල්හි පැසී පඬු පැහැ වැ නැමි හැ‍ල්, රෙසෙන් අද මේ කලු වියෝ සෝ නො සැහැ ඔබල වෙස් පෑ.


පදාර්ථ  : –– මහත් ක්ෂෙත්රඬයෙහි පක්ව වැ පාණ්ඩුවර්ණි වැ නම්න වූ ශාලි (තෙමේ,) රසයෙන් ආර්ද්රු වූ මේඝ නමැති වල්ලභයා ගේ වියොග ශොක භාරය ක්ෂමා නො කොටැ, දුර්වල වේශය ප්රවකාශ කෙළේ යැ.


විස්තර: –– හැල් (ගොයම්) පැසෙනුයේ ශරදෘතුයෙහි දී යැ. පැසුණු හැල් පඩු (රන්) පැහැ වනු ද ‍නැමෙනු ද සබා යැ. මේ කවිහු හැල්, වල්ල්භස වූ මේඝයා ගෙන් වියෝ වූ මහත් ශොකය ඉවසාගත නො හී, දුර්වල වේශය පෑ බවක් දකිති.


විවරණය 163

ටිප්පණී: –– 1. පඬු ––සුදු, රතු, කසා යන තුන් පැහැය මැ මෙයින් ගැනේ. මෙහි කසා පැහැය වෙයි.


‘සුවඳැල් කෙත් රන් දම් සේ පැසීගිය’

යනාදින් පැසුණු හැල් රන් වන් බව කියැවීණ. 2. ඔබල ––අවබල. දුර්වල. පිටපත්හි පෙළ ‘බල’ යනු ද සන්නය ‘වොල’ යනු ද ගනී. ‘දුර්වල’ යනු යැ දෙවුණු අර්ථළය. 3. රෙසෙන් –– රස + එන් = රසෙන් = රෙසෙන්. ‘රස’ ජලයට ද ශෘඞ්ගාර රසයට ද නම් වන සේ මෙහි යෙදිණ. මේඝණ රසාර්ද්ර යැ. වල්ලභයා ශෘඞ්ගාර රසාර්ද්ර යැ. 4. අද –– ආර්ද්ර්. තෙමුණු. සම්මිශ්ර. වූ.


100

අන්වය : –– නිල් ‘උපුල් දිගු නෙත් තිසර වැළ හර රඳනා සෙරෙන් ආ, විල් සැළැලියෝ, තඹුරු අත්නි මුනි වැඳි එව්.


පදාර්ථැ : –– නීලොත්පල නමැති දීර්ඝ නෙත්රැ ද, හංසාවලී නමැති (මුක්තා) හාර ද රඳන්නා වූ, චිර කාලයෙකින් පැමිණියා වූ , තටාක නමැති සලීලවෝ, තාමරස නමැති හස්තයෙන් සර්වඥයා වැන්දවුන් වැන්නෝ යැ.

"https://si.wikibooks.org/w/index.php?title=සස_දා_විවරණය-විවරණය_ii&oldid=5041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි