සස දා විවරණය-විවරණය i
සස දා විවරණය
1.
අන්වය : –– අන් බුදුනුදු වනත ගුණ ගණ නොමින්, දෙවි මුදුන් මිණි තර තොයින් දෙවි, උතුමා සරණ නමවු.
පදාථර් : –– වෙන බුදු කෙනෙකුන් වුවත් වර්ණනා කරත් හොත් ගුණ සමූහය අප්ර්මාණ වූ දෙවියන් ගේ මස්තකයෙහි, (වු) මාණික්යත රශ්මි නමැති ජලයෙන් ධොවනය කරන ලද, උත්තමයා ගේ වරණය (පාදය) වඳිවු.
විස්තරය : –– අපමණ ගුණ ඇති බුදුන් ගේ පා වඳිවු. ඒ බුදුන් ගේ පා දෙවියන් විසිනුදු කිරුළු පැලැඳි බිමැ ඔබා වඳනා ලද්දේ යැ. වෙන බුදු කෙනෙකුන් විසිනුදු වර්ණුනා කරත් හොත් ඒ බුදුන් ගේ ගුණ කෙළවර නොවනනේ යැ. කීයේ මැ නො –
‘බුද්ධො ‘පි බුදිධස්ස භණෙය්යො වණ්ණං
කප්පම්පි වෙ අඤ්ඤමහාසමානො
ඛියෙථ කප්පො වීරදීඝමන්තරෙ
වණ්ණො න ඛීයෙථ තථාගතස්ස’ ෴ යි ?
‘ඉදින් බුදු කෙනෙකුදු අනෙකක් නොකියන්නෝ කල්පයකුත් බුදුන් ගේ ගුණය කියන්නෝ නම් ඉතා දිගු කලක් අතරෙහි දී කල්පය ගෙන්නේයැ, තථාගතයන් ගේ ගුණය නොගෙන්නේ යැ’ යනු අථී යි.
විරිත ; –– යොන් ගී නමි. ‘විරිත් වැකියෙහි’ 12 වැනි පිට බලන්නේ යැ. දුෂ්කර බන්ධන වශයෙන් විශෙෂයක් අවශ්යන නුවු සියලු මේ විරිත යෙදුණු සේ යැ.
66 සස දා
ටීප්පණී : –– 1. නොමින්–මිනක් (ප්රේමාණයක්) ‘ නොවනුයේ යමෙකැ අ ඒ නොමින්. 2. බුදුනුදු – බුදුන්+දු ‘උ’ ආගම යි. 3. දෙවි – දොවුනා ලද. ‘දොවි’ (සේදීමෙහි) ධාතු යි. 4. තර – රශ්මි. 5. තොයින් – ‘තො’ යනු දියට නමි.
2
අන්වය : –– දුමන ගජ දළ දප ලත කෙසර වන්, අවිදු ගන අඳරට හිරු , උතුම් සදහම් , වෙසෙසා නමවු.
පදාර්ථ : –– දුර්ම ත නමැති ඇතා ගේ මහත් වූ දරපය සිඳුත් හොත් සිංහයා වැනි වූ, අවිද්යාෙ නමැති ඝනානධකාරයට සූර්යයා වූ, උත්තම සද්ධර්මසය, විශිෂ්ට කොටැ වඳිවු.
ටීප්ප්ණී : –– 1. ලත – කපත් හොත්. ‘ලා’ (කැපීමෙහි) ධාතුයි.
3
අන්වය : –– නන් මහරු ගුණ මැණ රිළු මහ නදන්, මුළු ලෙව්හි එක පින් කෙත්, අරී මහ සඟ අදරින් නමවු.
පදාර්ථ : –– අනන්ත මහාරහ ගුණ නමැති මාණික්යල සමූහයාට මහානිධාන වූ සකල ලෝකයෙහි අසහාය පුණ්යඅ ක්ෂෙත්රග වූ, ආර්ය මහා සඞ්ඝයා ආදරයෙන් වඳිවු.
4
දන්වය : –– ම කුදු තෙපලේ වැකුව ද, මුනිඳු ගුණ මහරු. නොරන් පත්හි ලියුව ද. එ මුනි දම් උතුම් මැ නො ?
පදාර්ථෙ : –– මාගේ ක්ෂද්ර වචනයෙහි ගෑව ද මුනීන්ද්රොයා ගේ ගුණය මාහර්හ යැ. ඒ මුනීනද්රමයා ගේ ධර්මෂය ස්වර්ණය නුවූ පත්ර්යෙහි ලියුව ද උත්තම මැ නො (වේ ද ?)
විස්තර : –– මෙයින් කවීහු . තමන් බුදු ගුණ වනන්නට තරම් විවක්ෂණ නොවන බව හඟවති.
විවරණය 67
5 අන්වය : –– කිසි දැ අඳ බිරු පිළු දුඹුල් බිලිඳෙක් ගැඹුරු සයුරු තරනට නොසෙ මන බඳ නම්, කිම් එ මට අන් ?
පදාර්ථන : –– යම් කිසි ජාත්යුන්ධ හීරුක පෘෂ්ඨග්ර්න්ර්ථි දුර්වල බාලයෙක් ගම්භීර සාගර තරණයට ඉදින් සිත බැන්දේ නම්, කිමෙක් ද, හේ මට අන්ය් ද ?
විස්තර : –– එ බඳු බාලයෙක් සයුරින් එතෙර වන්නට සිතී නම් හේ මගෙන් අන්යර නො වේ, මම ද හෙ ද එක් වැනි වම්හ. අප්රා ඥ වු මා බුදු ගුණ කියමි යි සිතීම ද දුර්වල වූ ඔහු ගැඹුරු සයුරැ තෙරෙමි යි සිතීම ද එක් බඳු යැ.
ටීප්පණී : –– 1. නොසෙ – ‘ඉදින්’ (සංස්කෘත ‘වෙත්’ ‘යදි’ –) යන අරුත්හි නිපාත යි .
‘මෙ දෙසැ මැ මල්සර
සර ලනුයෙ එ බියෙන් වන්
නොසෙ පබවත දෙසැ ලත
නුවන් සරට තෙමෙ ද ලක්’
යන කව්සිළුමිණි ගීයෙහි දු ‘නොසෙ’ යනු මේ අරුත්හි යෙදිණ. පුරාණ සන්නයෙහි ‘නොසෙ’ යන්නට ‘නිෂ්කාරණයෙහි නොහොත් නො දැනැ’ යි කී අරුත් නො ගැළපේ. 2. බිරු – හීරුක. බනසුලු. 3. පිළු – පිටෙහි ගැට ඇති. පිට ගැට කුදු. 4. බිලිඳෙක් – අතිශයින් බාල වුවෙක්. 5. තරනට – ‘තර’ (තිරුම්හි – එතෙර වීමෙහි) ධාතුයි. ‘බම’ ආදි ගණ යි.
6
අන්වය : –– ඉතිදු, මොක් ඇසිරැ බඳ මන. මුනි ගුණ එක් දෙස් මිණි මල් එව් දැක්මට, මාෙෙ ස් කිවි සෙබ යුහු කෙළ.
පදාර්ථළ : –– එ සේ ද වුවත්, මොක්ෂය ආශ්රණය කොටැ බඳනා ලද සිත, සර්වඥ ගුණයේ එක දෙශයක් මණි මාලාවක් මෙන් දැකීමට, මා ඡෙක කවි සහායෙහි දක්ෂ කෙළේයැ.
68 සස දා
විස්තර : –– ‘බුදු ගුණ කියමි’ යි මා සිතීමත් ‘ගැඹුරු සයුර තරමි’යි දුඹුල් බිලිඳකු සිතීමත් එක් බඳු වේ නම්, කවර හෙයින් මම බුදු ගුණ කියන්නට තැත් කෙරෙමි ද ? නිවන්හි බැඳුණු – නිවන් පතන – මගේ සිත මට වැර දුනනේ යැ. යන්තම් වත් බුදු ගුණයක් කී කලැ නිර්වාණයට ඒකාන්ත හේතුවක් වන්නේ යැ යන හැඟීමෙන් මම ධෛර්යවත් වීමි. මම නිවන් පතා බුදුන් ගේ ගුණයෙන් ඉතා සුළු බිඳක් ගෙනැ එය රත්න මාලාවක් සේ ගොතා–ලමි.
ටීප්පණී : –– 1 එක් දෙස් – එක දෙශයක්. එක් කොටසක්. 2. මොකැසිරැ – පිටපත්හි වනාහි පෙළ ‘මොකැසිර’ යනු දු දක්වයි. ‘මොකැසිරැ’ යන තන්හි ‘රැ’ යන්නෙහි පිල්ල ‘ද’ යන්න සේ පෙනීමෙන් වූ වරදෙකි. ‘ද’ යන්නට අවසරයෙක් මෙහි නැති. 3. ඇසිරැ – ‘අසුරු’ ධාතුයෙන් වුයේ යැ. 4. සේ – ‘ඡෙක’ (දක්ෂ) යන අර්ථීය දෙයි.
7
අන්වය: –– කිසි දන වැදැ, පැන අතින් ගත සයුර පිහිනත. පද ඇළ තරනට නොවත දෙනෙ මුව පතුයෙහි යුහු.
පදාර්ථෙ : –– යම් කිසි ජනයකු වැදී ප්රිඥා නමැති හස්තයෙන් ග්රදන්ථ නමැති සාගරය පිහිනන කල්හි, පද නමැති ඇළින් එෙගාඩ වීමට (ද) අසමර්ථන වූ ජන තෙමේ මුඛ ප්රාකප්තයෙහි (කටට ආ දෙයෙහි) දක්ෂ යි.
විස්තර : –– ඇතැම් දක්ෂ පුරුෂ කෙනෙක් ප්රඩඥායෙන් ග්රීන්ථයන් විමසා සුදුසු අරුත් ගන්නට උත්සාහ කෙරෙති. පදයක් පමණ වත් ලිහා – ගන්නට අසමර්ථ් වූ මහා මූඪයෝ වනාහි, ඔවුන් ගේ දක්ෂ කම් බලා, ඊර්ෂ්යාුව නවතා – ගත නොහැකි වැ, නිකම් කටට ආදේ කියති. ඔවුන් ගේ ඒ ක්රිලයාව, ඇළෙකිනුදු එගොඩ වීමට අසමර්ථඋ නිවටයකු, මහ මුහුදෙහි වැදැ පිහිනන්නකු හට සරදම් කිරීමක් වැන්නැ. මෙ බඳු පුහුවෝ දැන් නම් රට පුරා සිටිති. සසදා කාරයන් ගේ කාලයෙහි ඔවුන් විරල නුවූ බව මෙයින් පෙනේ.
විවරණය 69
ටිප්පණී : –– 1. පැන ––‘ප්රහඥා’ අර්ථකයෙහි වනුයේ මේ යැ. ‘පැණ’ යනු නො වේ.
‘දි න ර ත්න මාවන් තෙද යස කොත් න ඟ න
පැ න රත්න මාමිතුරින් සෙත් මඟ ම ඟ න
ව න රත්න මාලය යුතු උර තලැ ර ඟ න
ව න රත්න මාහිමි වඳු සහ මහ ස ඟ න’
යන පරෙවි සඳෙස් පැදියෙන් ඒ පළ වෙයි. 2. පතුයෙහි –පත් වූ දෙයෙහි. පැමිණියේ පතු. එහි පතුයෙහි ‘පතු’ යනු ‘පමුණු’ දයින් වු අතීත කෘදන්ත නාම යි.
8
අන්වය : –– කිවි මල්හු වැදැ මහ බෙලෙන් කවි මලු බඳුතු, පිරිසරමැ බර දැන්මෙක් නොහසළ දනට තොර නො ?
පදාථී : –– කවි නැමැති මල්ලයා වැදී මහා බලයෙන් කාව්යෙ නමැති මල්ලයා බඳනා කල්හි, පරිශ්රිමයෙහි හාරය දැනීමක් අපරිචිත (නුපුරුදු) ජනයාට තොර නො (වේ ද ?)
විස්තරය : –– කවියා මල්ලයෙකි. කාව්යවය ද මල්ලයෙකි. කවි මල්ලයා ඉදිරියට අවුත් කාව්ය– මල්ලයා බඳී. ඒ බැඳීමට ගැනෙන වෙහෙසෙයි පමණ දැනෙනුයේ එ බඳු බැඳුම් කොටැ පුරුදු වූවනට යැ. නුපුරුදු වූවනට එහි වෙහෙස නො දැනේ.
කාව්යන බන්ධනයෙහි ආයාසය කවියකුට මැ මුත් අනෙ කකුට නො දැනෙති යි යූ සේ යැ.
‘විද්වානෙව විජානාති විද්වජ්ජන පරිශ්රැමම් නහි වන්ධ්‍යා විජානාති ගුර්විං ප්රැසවවෙදනාම්’ ෴
විදුමත් මැ දනී –– විදුමත් දන පිරිසරම වඳ’ඟන නො දනී මැ යි––මහත් වෙයින වැදීමෙහි.
70 සස දා
ටිප්පණී : –– 1. මල්හු , මලු –– ‘මල්’ (මල්ල) යනු පොර බදුවාට (Wrestler) නමෙකි. 2. මහ බෙලෙන් –– මහා බලයෙන්. මෙහි ප්‍රතිහානය හෙවත් පූර්වවාසනාගුණා – නුබන්ධි නෛසර්ගික ශක්තිය ගැනේ. 3. තොර –– ‘දුර’ යනු අර්ථය යි. ‘දැනීම ඔහුට තොර යැයි’ කී කලැ හැඟෙනුයේ දැනීම ඔහුට දුර බව යි ––ඔහුට දැනීම නැති බවයි. 4. නො –– නො වේ ද? ප්රුශ්න ලීලයෙන් මේ නිපාතය අවධාරණය කෙරේ. තොර නො=තොර නො වේ ද? ‘තොර මැ යි’ යනු යැ මෙ සේ කියැවුණේ. 5. දනට –– පිටපත්හි ‘දන හට’ යනු එයි. යහ ගී ලොලුන් විසින් ඇටැවුණෙකි. 6. පිරිසර මැ –– පරිශ්රටමයෙහි. ආයාසයෙහි.
9
අන්වය : –– මද පැන ඇතියේ, අඳ මෙන්, පෙදෙහි පෙදෙහි මූළා. පැන සර, ඇස් ඇතියා මෙන්, සව් අත්හි පැලැඹෙන්නේ.
පදාර්ථන : –– අල්ප වූ ප්රෙඥාව ඇත්තේ, අන්ධයා මෙන්, පදයෙහි පදයෙහි දොහෝ නොහොත් පියවරෙහි පියවරෙහි මූඪ’ යැ ප්රනඥාසාරයා, ඇස් ඇත්තා සේ, සකල අර්ථහයෙහි දොහෝ නොහොත් සකල දිශායෙහි හැසිරෙන්නේ යැ.
විස්තර : –– අන්ධයා තමා හෙළන පියවරෙහි පියවරෙහි (පියවරක් පියවරක් පාසා) මුළා වන්නේ යැ. ඇස් ඇත්තා සියලු අතෙහි (දිශායෙහි) නො පැකිළැ හැසිරෙන්නේ යැ. එ මෙන් මැ අල්පප්ර ඥ තෙමේ නාම ආඛ්යාකත ආදි වූ පදයක් පදයක් පාසා මුළා වන්නේ යැ. ප්ර ඥාසාර තෙමේ සකල අර්ථයයෙහි මැ විශාරද වැ (නුමුළා වැ) පවත්නේ යැ.
ටීප්පණී : –– 1. පෙදෙහි –– මෙහි ‘පද’ යනු අරුත් දෙකක් දෙයි. අන්ධ පක්ෂයෙහි ‘පියවර’ යනු ද අල්පප්රේඥ පක්ෂයෙහි අර්ථ වත් අක්ෂර සමුදාය (Word) යනු ද වේ. 2. අත්හි––චක්ෂුෂ්මත් පක්ෂයෙහි ‘දිශාව’ යැ ප්රාඥාසාර පක්ෂයෙහි ‘අර්ථ ය’ යැ යි අරුත් දෙකෙක් මේ ‘අත්’ යන්නෙන් ලැබේ.
විවරණය 71
10
අන්වය : ––එ බැඳුම් ද නියෙන් එ සුවෙන්. එ ද දෙසැ දන සිරින්. එ සිරි ගුණ නුවණ ඇති මැති යුත් රජක්හු බෙලෙන්.
පදාර්ථි : –– ඒ (කාව්ය ) බන්ධනය ද (වනුයේ) ඥානයෙනි. ඒ (ඥානය වනුයේ) සුඛයෙනි. ඒ (සුඛය) ද (වනුයේ) දෙශයෙහි ධන සම්පත්තියෙනි.ඒ සම්පත්තිය (වනුයේ) ගුණය ද ඥානය ද ඇති අමාත්යියන් සහිත වූ රාජයකු ගේ බලයෙනි.
විස්තර : –– ගුණ නුවණ ඇති අමාත්යතයන් සහිත වූ රජකු රට රක්නා කලැ සාමය ඇති වේ. යුද්ධ කොලාහාලාදිය අඩු හෙයින් රට වැසියෝ නිසැක වැ තම ගේ කර්මා න්ත කෙරෙත්. එයින් රට ධන ධාන්යාසදියෙන් ආඪ්ය වේ. රට වැසියෝ සුලභ වූ අන්ත පාන ඇතතාහු කායික වෛතසික සුඛයෙන් යුක්ත වෙති. සුඛය කරණ කොටගෙනැ ඥානය උපදී. එයිනි කාව්‍ය බන්ධනය කළ හැකි වනුයේ.
කාව්යො බන්ධනයට ගුණඥානාන්විත අමාත්ය් යුක්ත වූ රාජයකු ගේ බලය අවශ්යො බව යැ මේ කීයේ. රාජයකු මැ සඳහන් කළ ප්රමාණ වතුදු, මේ කිවියෝ තමන් ගේ සිත දිනාගත් කීර්තිසේනාධිනාථ අග්රාමමාත්යපයාණන් වනන්නට අවසරයක් පතන්නාහු ‘මැති යුත්’ යනු ‘රජක්හු’ යන්නට විශෙෂණ කළ හ.
11
අන්වය: –– එ බැවින්, මෙත් සර, ලෝ වැටුම් නුවණ ඇසැ සිටි, සදප් සොළි ගජ මුළු දළ දප් සුන් කෙසරවන්––(මතු සබඳි)
පදාර්ථු : –– එ හෙයින්. මෛත්රි ය සාර වූ ලෝක යාත්රා ව ඥාන නැමැති අක්ෂියෙහි සිටියා වූ, දර්ප සහිත වූ චොළෙ දෙශවාසීන් නමැති හස්ති සමූහයා ගේ දෘඪ දර්පය සින්දු (ජින්න කළා වූ) සිංහයා වැනි –– (මතු ගීයෙහි ‘කිත් සෙනෙවි’ යන්නට විශෙෂණ යි.)
72 සස දාව
විසිතර : –– ‘මැති යුත් රජක්හි බෙලෙන්’ යැ යි පෙරැ කී හෙයින්, මතු වැනෙන ලීලාවතී රාඥිය, ගුණ නුවණ ඇති මැති යුත් බව දක්වා –ලති.
මෙහි වැනෙන අග්රා මාත්යියා මෛත්රීා සාර යැ. ලෝකය පැවැත්ම ඔහු ගේ නුවණ නමැති ඇසෙහි සිටියේ යැ. ඔහු නුවණ ඇසින් බලා සුනිති රක්ෂණය ද දුර්නීති වාරණය ද කරන හෙයිනි ලොව පවතිනුයේ. හේ සොළී බල මර්දනය කෙළේ යැ.
ටිප්පණී : –– 1. සදප් දළ දප් ––මෙහි ‘දප්’ යනු යෙදු සේ මෙනැවැ යි නො සිතේ. දර්පය සිඳින්නට නම් එය ඇති වියැ යුතු යි. දරපය සිනදේ යැ යි කී පමණින් මැ දර්පය වූ බව හැඟේ. දප් නැතියක්හු ගේ කවර දප් සිඳුමෙක් ද්? දත් නැතියක්හු ගේ කවර නම් දත් ඉඟිළුමෙක් ද ? පිටපත්හි එන ‘සහදප්’ යනු යොන් ගි විරිත නසයි. යන ගි උමතුයෙන් පෙළුණකු කළ පෙරැළයෙකි. 2. සොළී –– එ කැලැ සොලී ගජ මුළු ලක් දිව් බට පරිදි ද කීර්තිසෙන්ධිනාථයන් උන් මැඩැලු පරිදි ද පුරාණ සන්නයෙහි විසිතුරු ලෙස කියැවිණ. අගැ බලන්නැ.
12
අන්වය: –– හිමි කුලැ බඳ අදර නිති සිතු මැණ එවි රක්නා, රුවන් පා කුල කෙහෙලි, අග මැති කිතිසෙනෙවි යුත් – (මතු සබඳි.)
පදාර්ථන : –– ස්වාමි කුලය කෙරෙහි බඳනා ලද ආදරය නිරන්තරයෙන් චින්තාම්ණිථක්යගය මෙන් රකින්නා වූ, රත්න පාද කුලයට ධ්වජ වූ, අග්රාෙමාත්යක කීර්තිසෙනාධිනාථයන් ගෙන් යුක්ත වූ – (තුදුස් වැනි ගියෙහි ‘ලීලාවතී හිමි සඳ’ යන්නට විශෙෂණ යි.)
විවරණය 73
විස්තරය : –– කීරතිසෙනාධිනාථ අග්රා මාත්යවයෝ ස්වාමි කුලයට මහත් ආදර ඇත්තෝ යැ, රත්නපාද නම් කුලයෙහි උපන්නෝ යැ, ඒ කුලයට ඔහු කොඩිය වෙති ( එහි ශ්රෙනෂ්ඨයෝ යැ.)
ටීප්පණී : –– 1. කිත් සෙනෙවි –– ‘යට ගිය දවසෙහි’ 161 වැනි පිට බලන්නේ යැ.
13
අන්වය: –– හුදු සස් ගුණ අබරණ, රිවි සඳ කුල මුදුන් මල්, පසක් සිරි කත විලසින් මුළු ලෝ මන් නුවන් ගත් –– (මතු සබඳි)
පදාර්ථු : –– හුදක් සත්යඳයත් ගුණයත් ආභරණ වූ, සූර්ය චන්ද්රස කුලයට මස්තක මාල්ය වූ, ප්රරත්ය්ක්ෂ වූ ශ්රීආ කාන්තාව ගේ විලාසයෙන් සකල ලොකයා ගේ සිත් නෙත් දිනා ගත්තා වූ –– (දනතුරු ගියෙහි , ලිලාවතී හිමි සඳ යන්නට විශෙෂණ යි.)
විස්තර : –– ලීලාවති බිසොවුන් ගේ ආභරණ නම් අමිශ්රෂ වූ සත්යසයත් ගුණත් යැ. ඔහු සූර්ය වංශ චන්ද්රන වංශ යන දෙකට ම අයත් හ. රූප ශොභායෙන් ඔහු ප්ර ත්යඔක්ෂ වූ ශ්රිච දෙවිය වැන්නෝ යැ.
මේ ගිය ශුද්ධ යැ යි කියැ නොහැකි. ප්ර්ථම පාදය යොන් ගී විරිත බිඳී. ‘සස්’ යන්න මෙ තැනට සුදුසු බවෙක් නො පෙනේ. ගුණයනට සත්යයවාදිත්වයත් ඇතුළත් වන හෙයින් ‘ගුණබරණ’ යි කිව පමණි.
තෘතීය පාදයෙහි අගැ ගුරු ලුහුවක් ලෙස ගිණියැ හැකි. ‘විරිත් වැකියෙහි’ 25 වැනි පිට බලන්නේ යැ.
ටිප්පණී : –– 1. රිවි සඳ කුල –– ජම්බුද්වීපයෙහි ශ්රෙ ෂ්ඨ රාජ පරම්පරා දෙක යැ මේ. සූර්යා ගේ පුත්රෙයා යැ යි සැලැකෙන වෛවස්වතත මනු නම් රජු ගේ පරම්පරාව
74 සස දා
සූර්ය වංශය යි. මනු රජු ගේ පුත් ඉක්ෂ්වාකු යැ. අයොධ්යාශයෙහි රාම චන්ද්රවයන් ඔහු ගෙන් පැවැතුණ හ යි යෙති.මෑතෙකැ දඹදිවැ සුළඟ යන්තම් වැදුණු සියලු රජවරු සූර්යාට මැ නෑ කම් කියන්නට වූ හ. හස්තිනා පුරයෙහි (පුරාණ දිල්ලියෙහි) සෝම නම් රජෙක් වී. ‘සෝම’ යනු ද ‘චන්ද්ර්’ යනු ද පර්යාය නාම යි. ඔහු ගේ පරපුර ‘චන්ද්රවවංශ’ නම් වී යැ. සෝමයා අත්රිර නම් මහර්ෂිහූ ගේ පුත්රියා යැ . සෝමයා ගේ පුත්ර්යා බුධ නම් යැ. හේ ඉක්ෂ්වැකු නම් සූර්ය වංශ රාජයා ගේ දූ වූ ඉලා නම් කුමරිය පවා –ගත්තේ යැ. මේ දෙ දෙනා ගේ පුත් ෙඑල නම් වී. පුරූරවස් යනු ද ඔහුට මැ නමි. ෙඑලයා උර්වශිය ගෙන් ආයුස් නම් පුතකු ලද. ඒ පුතු නහුෂ නම් ද උහු පුත් යයාති නම් ද වී. යයාතිහු ගේ පුරු යැ යදු යැ යි දෙ පුත් කෙනෙක් වූ හ. චන්ද්රඋ වංශයෙහි සුප්ර සිද්ධ ශාඛා ද්වයය වැඩුණේ උන් ගෙනි. යදු වංශයෙහි කෘෂ්ණ බලරාම යන දෙ දෙන උපන් හ. ශකුන්තලා පති දුෂ්යතන්ත තෙමේ පුරු පරපුරෙහි උපන්නේ යැ. ලෝක ප්ර්සිද්ධ භරතයා දුෂ්ය න්තයා ගේ පුත්රරයා යැ. හේ යැ ජම්බුද්වීපයට භාරත වර්ෂප යන නාමය දුනුයේ. භරතයා ගෙන් නව වැන්නා කුරු යැ.මොහු ගෙන් තුදුස් වැන්නා ශාන්තනු යැ. ශාන්තනුහු හට විචිත්රාවීර්ය යැ යි පුත්රනයෙක් ද ව්යා ස යැ යි සපත්න පුත්රදයෙක් (Stem-son) ද වියැ. ව්යාරස තෙමේ වෛමාක්රෙරයයා (Half-brother) ගේ ඇවෑමෙන් පසු ඔහු ගේ වැන්දඹුවන් දෙ දෙන පාවාගෙනැ, එකක ගෙන් ධෘතරාෂ්ට්ර නම් පුත්ර්යා ද අනෙක ගෙන් පාණ්ඩු නම් පුත්රවයාද ලද.ධෘතරාෂ්ට්රම ගේ පුත්ර්යන් (කෞරවයන්) ද පාණ්ඩුහු ගේ පුත්රරයන් (පාණ්ඩයන්) ද අතුරෙහි යැ මහාභාරතයෙහි වර්ණිත වූ කෞරව පාණ්ඩව යුද්ධය වූයේ. 2. සිරිකත–ලක්ෂමී, විෂ්ණු භාර්යාව. කිරි මුහුද කලඹන කල්හි පහළ වූවා යැ. ධනයට ද සෞභාග්යයයට ද අධිපති දෙවතා යැ. රූපශ්රීහයෙනුදු අතිරමණීය යැ.
විවරණය 75
14
අන්වය: –– ලෝ සසුන් වැඩ කළ ලීලාවතී හිමි සඳ පළ කළ දම් රජ සිරි මෙ වැටුම්හි පිටු බල වී.
පදාථී : –– ලෝක ශාසන වර්ධනය කළා වූ ලීලාවතී ස්වාමීන් වහන්සේ ප්රථකාශ කළා වූ ධර්ම රාජ්ය් ශ්රීවය මේ පැවැත්මෙහි පෘෂ්ඨ බලය වී යැ.
විස්තරය : –– ලීලාවතී බිසොවුන් ගේ ධර්ම රාජ්යත ශ්රීයය කරණ කොටැගෙනැ ඇති වූ ධන ශ්රී්යෙන් සුව පත් වැ. එයින් ලද නුවණ වහල් කොටැගෙනැ මේ කාව්යූ බන්ධනය කෙරෙමි යි යූ යේ යැ.
ටීප්පණී : –– 1. ලෝ සසුන් ––ලෝක (State) ශාසන (Church) යන දෙක. ලෝ සසුන් වැඩ කළ පරිදි පුරාණ සන්නය බලා දන්නේ යැ. 2. ලීලාවතී –– ‘යට ගිය දවස්හි’ 161 වැනි පිට බලන්නේයැ. 3. දම් රජ සිරි –– පිටපත්හි ‘දහම් රජ සිරි’ යනු එයි. යහ ගී ලොලුවකු ගේ පෙරැළියෙකු යි හළුම්හ. 4. මෙ වැටුම්හි ––මෙහි වැටුම් නම් පැවැතීම යි. ‘වට’ (පැවැතුම්හි) ධාතු යි.
15
අන්වය : –– එ බැවිනි, මුනිඳු ගුණැ ලග දෙනෙ, දොසක් ඇත දුරැලා, ම වදන් රිළු, මිණි පස්කන් එව්, කන්හි සරහා.
පදාර්ථ : –– එ හෙයින්, බුදු ගුණයෙහි ලග්න වූ (ඇලුණාවූ) ජන තෙමේ, දොෂයක් ඇත හොත් (එය) දුරු කොටැ, මා ගේ වචන සමූහය, මණි කර්ණකභරණයක් මෙන්, කර්ණදයෙහි භූෂණය කෙරේ වා.
ටීප්පණී : –– 1. ලග –– ධාතු රූපය මැ අතීත කෘදන්ත නාමය වැ සිටි තැනි. ලඹ –– ළඟ. –– පුබුදු යනාදිය ද විමසන්නේ යැ. 2. සරහා –– අනතීත කාල ආඛ්යා තය
76 සස දාව
ප්රාආර්ථ්නාර්ථටය හඟවන තැනි. ‘දෙනෙ’ යනු අර්ථදයෙන් බහු වචන වුව ද රූපයෙන් ඒකාන්ත එකවචන වන හෙයින් ආඛ්යාතය ද එකවචන වී. 3. පස්කන් –– කර්ණ්භරණයට (තාඩඞ්කයට) නමක් වන බව පැහැදිලි යැ. ඇතැම් විටැ කර්ණ්භරණය තරු හැඩයට පස් කොන් (පඤ්චකෝන) කොටැ තනනු ලබේ. කන් (කොන්) පසක් වනුයේ යමකට තනනු ලැබේ. කන් (කොන්) පසක් වනුයේ යමකට ද ඒ පස්කන් යැ. දෙනුන් ගේ කනෙහි පහේ අඞ්කය ගසනු ද සිරිතෙකි. එය කනට සැරැහීමක් ලෙස සැලැකීමෙන් කර්ණනභරණයට ‘පස්කන්’ (පඤ්චකර්ණය) නාමය යෙදෙණි ද යනුත් විමැසියැ යුතු වේ.
16
අන්වය : –– මුනි විරු එ සස කල්හි සා බමුණා දැකැ, සිය මස්නි පුසිනා ළෙන් දල මුද අරා, සිසි දිසි.
පදාර්ථ : –– මුනි වීර තෙමේ ඒ ශශ කාලයෙහි, ක්ෂුධිත බ්රා)හිමණයා දැක ස්වකීය මාංසයෙන් පෝෂණය කරන සිතින් වහ්නි මධ්යාවරූඪ වැ, චන්ද්ර් මණිඩලයෙහි දෘශ්ය මාන වී.
විස්තර : –– පුදුමයෙකි ! පිනුයේ ගිනි මැදට යැ පෙනෙන්නට වූයේ චන්ද්රි මණ්ඩලයෙහි යැ.
ටිප්පණී: –– 1. සා –– කුසැ ගින්නේන් පෙළෙන. සහ= සා. ධාතු රූපය මැ අතීත කෘදන්ත නාමය වූ තැනි. ‘සහ’ (කුස ගිනි ඇති වීමෙහි -කනු කැමැත්තෙහි) ධාතු යි. 2. එ –– මෙහි ප්රළසිද්ධාර්ථෙ යි. ශශ ජාතකය ලොක ප්රේසිද්ධ හෙයින ‘එ සස කල්හි’ යැ යූ හු. 3. දල –– ජ්වාල, වහ්නි, ගිනි. 4. සිසි ––බුරුල් යෙදුමෙකි. ආධාරාර්ථකය දෙන්නට සිදුසු රූපය යෙදියැ යුතු තැනෙකි.
‘දල මැද අරා සිසිහි –– දිසි වස්නි පුස්නා ළෙන්’ යැයි යොදන ලද නම් වඩා මැනැවි. ඇතැම් පිටපතෙක් ද –– ‘දිසි මස්නි’
විවරණය 77
යනු මැ ලියා, ‘සිය’ යන්න පසු වැ එක් කළ බව දක්වයි. 5. ළෙන් –– සිතින්. ‘ළ’ සද හෘදය පර්යාය යි.
17
අන්වය : –– මෙ දා බඳ, අලෙවු පටැ වැටි සන් එව් දක්වා, විසිතුරු රඟ තවර මෙන්, පිළි මෙහි විතර පානෙම්.
පදාර්ථඅ : –– මේ ජාතක ශරීරය. ආලෙඛ්යො පටයෙහි වර්තිකා විහ්නයක් මෙන් දක්වා, විචිත්රි වූ රඞ්ග වර්වනයක් මෙන්, නැවැතැ මෙහි විස්තරය ප්රිකාශ කරන්නේමි.
විස්තරය : –– සැකෙවින් කථා ශරීරය මෙ සේ දැක්වීම සිතියම් කරන පටෙහි තෙල්ලේන් කටු සටහන කරනු වැන්නැ පසු වැ විස්තර කථාව විදහා පෑම නානාවිධ වර්ණ:යන් තවරා සිතුවම සම්පූර්ණ කිරීමක් වැන්නැ.
කුස දා, සස දා. මුව දෙව් දා යන කව් තුනෙහි මැ කට යුතු නිදෙන එක් ලෙස කැරිණ.
කුස දා ––
රජ පැමිණි බෝ සත් - සත් රජුනෙඩි මැඩැ විසී විසි තමා කැරැ කලක් - කලක් දස රජ දම්නෙන්.
ළඳ පිය පියොවුරු - බිඳු එව් මෙ දා දක්වා පින් පියොවුරු මඬලෙව් - පිළි මෙහි විතර පානෙම්.
මුව දෙව් දා ––
අප බෝසත් කලක් - රජ සිරි පැමිණි යෙහෙන් වෙසෙමිනිසැ නරක් දුටු - කෙණෙහි ඉසි වෙස් රිස්වී.
ඉති තුරුණු පැළකෙව් - මෙ දා සැකෙවින් දක්වා පලු පල් මල්නි සසිරි - තුරුවත් විතර පානෙම්. 78 සස දා
ටිප්පණී : –– 1. මෙ දා බඳ –– මෙහි ‘බඳ’ යනු ‘ශරීරය’ (කඳ) යන අරුත දෙයි. රූපයෙකැ බඳ නම් හිම් ඉරි ගසා දක්වන කටු සටහන යි. 2. ආලෙවු පටැ –– සිතියම් කරන පට හෙවත් ලෑලි රෙදි කඩ (Canvas) අලෙවු පට නමි. ‘ආෙලවු’ ධාතු (ආලෙපයෙහි - රඞ්ග චර්වනයෙහි - සායම් තැවැරීමෙහි) යෙදේ. ‘පට’ යනු වස්ත්රත වාචි යි. 3. වැටි සන් ––මෙහි ‘වැටි’ (වර්තිකා) නම් තෙල්ල යි. (Pincel.) (‘පාන් වැරටි’ යනාදිතන්හි ‘වැටි’ යනු සලකන්නේ යැ.) ‘සන්’ නම් ලකුණ යි. (චිහ්නය යි.) 4. විසිතුරු –– විචිත්ර් නානා පැහැ ඇති (Variegated-diversified.) 5. රඟ තවර –– වර්ණාුලෙපය. පාට ගෑම ‘තවර’ (ගෑමෙහි) ධාතු යි. මෙහි ධාතු රූපය මැ ක්රිහයා භාවය හඟවන්නට යෙදිණ. 6. පිළි –– ‘ඉක්බිති’ යන අරුත දෙන නිපාතයෙකි.
18
අන්වය : –– මෙ තෙ දියැ උවම් විසිනත තම වැන්නැ යත් යුත් වූ, අනේ සැපැත් සර, සැවැත් නම් නුවරෙක් වී.
පදාර්ථප : –– මේ ජගත්ත්ර යෙහි උපමාන විචයනය (පරීක්ෂණය) කරත් හොත්, තමා මැ වැනි යැ යි කියන්නට සුදුසු වූ, අනෙක සම්පත්ති සාර වූ, ශ්රාඉවස්ති නම් පුරයෙක් වී යැ.
විස්තර : –– මේ නගරයට සමාන වූ අන්යත ස්ථානයෙක් මුළු තුන් ලොවැ මැ නො ලැබේ. එ හෙයින් මෙයට උපමානයෙක් නැති. උපමානයෙක් අවශ්ය මැ වේ නම්, මේ නගරය මෙයට මැ සමාන යැ’යි කියැ හැකි.
ටිප්පණී :–– 1. සැවැත් –– ශ්රා්වස්ති, කොසොල් රජු ගේ අග නුවර යි. මෙහි වූ ෙජතවනාරාමයෙහි යැ බුදුන් වැඩි මැ කාලය විසුයේ. මෙය වු තැන දැන් ‘සහෙත්මහෙත්’ නමින ගැනෙති යි යෙති.
විවරණය 79
19
අන්වය : –– නුබ වුලුඹුනා සෙමිණි මහ අවුරු, මිහි මඬල සක්පණහු පුර නැබ පියුම් පෙති පෙළ සිරි රුකුළෙ.
පදාර්ථප: –– ආකාශය විලුම්පනය කරන්නා වූ සිඵටික මාණික්යප මහා ආවරණය (ප්රාථකාරය) තෙමේ. මහී මණ්ඬලය නමැති චක්රපපාණිහු ගේ පුර නමැති නාහි පද්මයා ගේ පත්රා පඩක්තියේ ශ්රීාය ප්රේකාශ කෙළේ යැ.
විස්තර : –– ඒ නගරයේ මහා ප්රාපකාරය ඉතා උස් යැ. කොතරම් උස් ද යත හොත්, ඒ ආකාශය ස්පර්ශ කෙරෙයි.
සකල පෘර්ථපවි මණ්ඩලය විෂ්ණු යැ යි ගත හොත්, මේ නගරය ඒ විෂ්ණුහු ගේ නාභි පද්මය යි. මහා ප්රායකාරය ඒ නාභි පද්මයේ පත්රා පඞ්ක්තිය යි. විෂ්ණු ලොව පුරා සිටී. ඔහු ගේ නාභි පද්මය වැනි වු පුරය කො තරම් මහත් වියැ යුතු ද ? එහි පවුර කො තරම් උස් වියැ යුතු ද ?
පෙළෙහි ගීය අවුලි. ‘මිහි මඬල සක්පණ -පුර නැබ පියුම් පෙති පෙළ සිරි රුකුළෙ එහි සෙමිණි - මහ ‘වුරු නුබ වුලුඹුනා’
යනු යැ පිටපත්හි ‘බෙහෙවින් එනුයේ. ‘එහි’ යනු යන්නට නො ගැනිණ. නැති වූ ගී පසු කලෙකැ බඳින්නට වූවකු අතින් සැපැයුණු අවුලක් බවට සැකැ නැති. ‘මිහි මඬල සක්පණ’ යනු ප්රඅථම පාදය වත් හොත් යොන් ගි විරිත පුපුරයි. ‘සිරි රුකුළෙ සෙමිණි’ යනු පමණෙකින් තෘතීය පාදය වත් හොතිනුදු ඒ විරිතට සෙතෙක් නො වේ. සියල්ල කවර විරිතකට වත් නො ගැනෙන බව දුටු පිළිසකසුවා ‘එහි’ යන්නක් මවාලු සේ යැ.
ටිප්පණී : –– 1. රුකුළෙ –– ‘රුකුළ’ යනු ‘රුකුරු’ (කිරීමෙහි) දයින් වූ අතීත කෘදන්ත නාමය යි.පෙර විබත් එක බස ‘ඒ’ යනු ගෙනැ ඒ ‘රුකුළේ’වී.මෙ බඳු
80 සස දා
තන්හි හ්රසස්වය රීතියෙකි. 2. සෙමිණි –– සේ මිණි , ශ්වෙත (සුදු) මණි. පළිඟුවට (ස්ඵටිකයට) නමි. පළිඟුවට (ස්ඵටිකයට) නමි. ඒ පවුර පළිඟුයෙන් කැරුණු බව මම සේ කියැවිණි. 3. අවුරු –– අවුරනුයේ (ආවරණය කරනුයේ) අවුරු යි. වැටට ද මේ නම යෙදියැ හැකි වුවද පවුරට ‘මැ ඇරුණු සේ පෙනේ. 4. වුලුඹුනා –– ‘වුලුඹු’ (විලුම්පනයෙහි –– පැහැරැගැනීමෙහි) ධාතු යි. ආකාශය පැහැරැගැනීම නම් එයට අයත් ඉඩ අත් කැරැගැනීට යි. 5. සක්පණහු –– සකක්–– වක්රඅයෙක්––එ නම් ආයුධයෙක් (Discus) –– යමක්හු ගේ පණෙහි –– පාණියෙහි –– අල්ලෙහි –– වේ ද හේ සක්පණ. විෂිණුහුට නමෙකි. 6. නැබ පියුම්–– නාභි පද්මය. විෂ්ණුහු ගේ නාභිය පද්මයෙකි. එ හෙයින් ඔහුට ‘පදිමනාභු’ යනු දු නමෙකි. බ්ර්හ්මයා සහිත වූ පද්මය දුසුයේ විෂ්ණු ගේ නාභියෙහි යැ.
20
අන්වය: –– එ පුර පිරි සිලිල් කෙළි දොළිනි බට සුර කැන්, එහි කෙළෙනා වමියන් දැකැ. නිසල ඇස්හි පල විඳියෝ.
පදාර්ථ : –– ඒ පුර පරිඛායෙහි සලිල ක්රි ඩා ලොලයෙන් බටුවා වූ දිව්යි සමූහය එහි ක්රී්ඩනය කරන්නා වූ වාමාවන් (ස්ත්රීින්) දැකැ නිශ්චලාක්ෂියෙහි ඵලය වින්දෝ යැ.
විස්තර : –– දෙවියෝ පෙරැ දිව්යන නදියෙහි දිය කෙළියො යැ. සැවැත් පුරැ අගළ දිව්ය නදියට වඩා මහත් සේ ද මනකල් සේ ද දුටු ඔහු දැන් දිය කෙළියට එහි එති. එහි දිය කෙළනා නර’ඹුවෝ සුර’ ඹුවනට වඩා මනහර රූ ඇත්යතෝ යැ. ඔවුන්රුව බලන දෙවියෝ තමන් ගේ පිය නොහෙළන ඇසින් හොඳ වැඩ ගනිති.
ටිප්පණී : –– 1. සුර කැන්........විඳියෝ –– සිංහල රීති යි. සුර මුළුයෙහි එකකු එකකු වෙන් වෙන් වැ විඳුනා හෙයින් බහු වචනාඛ්යා තය යෙදේ. ඉදින් මුළු මුළුව මැ විසින් කළ යුත්තෙක් වී නම්, එක බස යෙදේ. ‘මහත් සුර
විවරණය 81
කැන් වී 2. වමියන් –– ‘වමි’ යනු කාන්තාර්ථරයෙහි වෙයි. සංස්කෘතයෙහි ‘වාමා’ යනු ලැබේ. ‘වාමි’ යනු දු නොයෙදෙන්නේ නොවේ. 3. නිසලැස්හි –– දෙවියෝ ඇසි පිය නො හෙළති. එ හෙයින් නිසලැසිහු යැ. නොනිඳන හෙයින් ‘අස්වප්න’ නමුදු වෙත්.
21
අන්වය : –– සුර පුර ද තම ද දෙ තටු සැපතින් සපුරා, බඹ මෙර තුලා නඟත,බෙරෙන් පුර බිම් බට වන්.
පදාර්ථප : –– සුර පුරය ද තමා (ශ්රානවසිතිය) ද (යන) තටු දෙක සම්පත්තියෙන් සම්පූර්ණර කොටැ, බ්රවහ්මයා මෙරු (පර්වතය) නමැති තරාදිය නඟත් මැ, (වැඩි) බර කරණ කොටගෙනැ (ශ්‍බ ාවස්ති) පුරය බිමට බටුවා වැනි යැ.
විස්තර : –– බ්ර හ්මයා ගේ තරාදියෙහි දඬුව මහ මෙර යැ. තටු සුර පුර සැවැත් පුර යන දෙක යැ. බ්ර හ්ම දෙ තටුව සැපතින් පුරවා දඬුව නැඟී යැ. සුර පුරෙහි බර කො තරම් අඩු වී ද යත හොත් ඒ තරාදි දඬු මුඳුනෙහි මැ පිහිටියේ යැ. සැවැත් පුරෙහි බර කො තරම් වැඩි වී ද යත් ඒ බිමට මැ බටුයේ යැ.
අර්ථයෙහි විසිතුරු පුරා දුටු සිරි රහල්හු එය අඩු නොකොටැගෙනැ සිය පරෙවි අස්නෙහි පැදියක් කළ හ.
‘සුර පුර මෙ පුර දෙ තටුව සව් සිරින් පුරා මහ බඹ මෙර තුලා කැරැ බලන වරැ කිරා
ලුහු බැවිනෙ ‘දෙව් පුර රැඳුණෙ ‘ව් සුනෙරැ සිරා
බට වැනි බරින් දෙරණට මෙ පුර මනහරා’
ටිප්පණී : –– 1. තුලා –– මෙ නමින් විශේෂයෙන් ගැනෙනුයේ තරාදි දඬුව යි.
82 සස දා
අන්වය: –– එ පුර කල්, ‘රිසි වත් ගන්ව’යි රසුනෙන් හඬ එවැ, සසල දද අත් සන් කැරැ, අවහසින් සුරන් කැඳි එව්.
පදාර්ථැ : –– ඒ පුර නමැති කාන්තා තොමෝ, ‘කැමැති වස්තු ගනුව’යි කිඞ්කිණියෙන් හඬ නඟ, චඤ්චල ධ්වජ හස්ත සංඥා කොටැ අවහසයෙන් දෙවියන් කැඳැවුවා යැ යි සිතම්.
විස්තර : –– ඒ පුරයෙහි රහු බැඳි කොඩි නඟන ලදිදේ යැ. ඒ කොඩි කො තරම් ඉහළ නඟන ලද ද යත හොත් දිව්යය ලෝකයට ඒ ඉතා ළඟ යැ. සුළඟට කොඩි ලෙළිම අත වැනීමක් වැන්නැ. රහු හඬ නැඟීම කැඳැවීමක් වැනනැ. පුරය කාන්තාවකි. කොඩි ඒ කාන්තාව ගේ අත් යැ පුර කාන්තාව අත් වනා හඬ හා දෙවියන් කැඳවා, ‘තොප කැමැති වස්තුවක් ගනුව’යි කියන්නා වැන්නැ.
දෙව් ලොවෙහි ද ශ්රාාවස්තියෙහි තරම් රමණීය වස්තු නො වේ. දෙවියන් ගේ මේ හිඟය දත් පුර කාන්තාව උනට කවට කම් කරන වැනි යැ. ශ්රාවවස්තියෙහි ප්රාේසාද ඉතා උස් යැ. නඟන ලද කොඩි දෙව් ලොවැ අසලැ ලෙළෙයි. රහු හඬ දෙවියනට ඇසේ.
සිරි රහල්හු මේ විසිතුරු අරුතිනුදු සිය පරෙවි අස්න සරසා - ගන්නට බැලූහ.
‘එ පුර ‘ඔ දද අතින් සන් කැරැ නො වී ලස
බඳ රසු නද වහසී බැණැ ඇසෙන ලෙස
තොප රිසි වත් ඇරැ ගනුව යි සුරන් රැස
වෙතැ කැඳවා රවටන වැනි ඇම දවස’
පිටපත්හි ගීය එනුයේ මෙ සේ යැ : ––
‘රිසි වතුන් ගන්ව යි - එ පුර කල් හඬෙවැ රසුනෙන් කැරැ සසල දද අත් සන - වහසින් සුරන් කැඳි එව්’
විවරණය 83
ගී පෙළ අපවත් වැ සිටි කළැ, සන්නය බලා ඉන් පද’උපුටා-ගෙනැ පසු කලෙකැ මේ ගීය බඳනා ලද බවට බැහැරින් දෙස් නුවුව මනා යැ. ‘ඉච්ඡා වස්තු’ යන සන්න වචනයෙන් හිඟෙනුයේ ‘රිසි වත්’ යන්න මැ පෙළෙහි වූ බව යි. ‘වතුන්’ යන්නක් ඇටැවුණේ ප්රතථම පාදයෙහි යහ ගි ලකුණු පුරවනු පිණිස යැ.
‘එ පුර කල් හ ඬෙවැ රසුනෙන්’ යනුයෙන් පෙනීයනුයේ ගි පෙරළා බැන්දහු ඒ කාර්යයට නුසුදුසු බවෙකි.
‘කැරැ සසල දද අත් සන’ යනුයෙනුත්, පසු ගී බඳුවා ගේ සිතෙහි යහ තදින් ඇඳී සිටි බව පැහැදිලි වෙයි.
ටිප්පණී : –– 1. හඬෙවැ –– හඬ එවැ. ‘එවැ’ යනු ‘ඕ’(බැහුම්හි) දැයින් වූ පූර්ව ක්රිවයා නිපාතයි. ,ඕ යනු ‘බස්’ ආදි ගණ යි. ඔව්-ඔව්ති-ඔති-ඔතු. ‘හෙඬානා’ යනුත් පිරික්සන්නේ යැ. 2. රඝුනෙන් –– රඝු+එන් (‘න්’ ආගමයෙන්) රඝුනෙන්. 3. අවහසින් –– ‘අවහස්’ (අවහාස) යනු කවට කමට නමි. ආදි ස්වර ලෝපයෙන් මේ ‘වහස්’ යැ යි ද සිටි. අපහසයට ද සිංහලයෙහි ‘අවහස්’ නම යෙදේ. ප්රැහාස, අපහාස, උපහාස, අවහාස, විහාස, යනදියෙහි අර්ථර භෙදය සැලකියැ යුතු. 4. කැඳි –– ‘රක්’ ආදි ගණ ‘කැඳ’ ‘ධාතුයෙන් වූ අතීත ආඛ්යාථත යි. අතීත කෘදන්ත නාමය ද නොවෙනසි. ‘කැඳ’ ධාතුව සකර්මාක යැ. වහරෙහි ‘කැඳව’ යනු මැ යෙදෙයි. 5. එව් –– ‘මෙන්’ යන අරුත්හි නිපාත යි. පුරාතන භෂායෙහි ආඛ්යා තයට පර වැ ‘මෙන්’ , ‘එව්’ යනාදි නිපාත යෙදිණ.
‘පොබයා මෙන් නිරිඳු සඳ’ (මුව දෙව් දා)
‘වි එව් රත’ ( එ මැ’ )
වතිමන් වහරින් මෙය දුරු වූ සේ යැ.
84 සස දා
23
අන්වය : –– රත් මිණි ගෙ මෙරද රැඳි සඳ, එ පුර වමියන් වතට පැරැදැ, ළ හිරු වෙස් ගෙනැ, නුළු කැරැ ගිය වන්.
පදාර්ථ : –– රක්ත මණි ගෘහ මරිවියෙහි රුඳුණා වු චන්ද්ර තෙමේ, එ පුර වාමාවන් ගේ මුහුණට පැරැදී, අභිනව සූරියා ගේ වෙෂය ගෙන, වඤ්චිත කොටැ ගියක්හු වැනනේ යැ.
විස්තර : –– එ නුවර මැඳුරු රතු (පියුම් රා) මිණියෙන් කැරුණේ යැ. චන්ද්රි පථය දක්වා මැ ඒ මැඳුරු උස් වන බැවින් මැඳුරින් නික්මෙන රතු රැසෙහි සඳ රැඳී රතු වැ පෙනෙයි. ඒ සඳ, පුර ස්ත්රීනන් ගේ මුහුණට පැරැදී, කරුණ හිරු ගේ වෙස් ගෙනැ දක්කවුන් රවටා යන වැන්නැ.
එ නුවර ලියෝ සඳට වඩා මනහර මුහුණු ඇත්තෝ යැ. ලිය මුහුණු දුටු කලැ එ හෙයින් සඳට විළි උපදී. සඳ සිය පැහැය හැරැ රත් පැහැය ගෙනැ වෙස් වළා යෙයි. රතු වූ සඳ දුටු කලැ මිනිස්සු ඒ සඳ බව නො දනිති. උදය හිරු රතු යැ.
කුස දා කරැවෝ ද සඳ ළ හිරු බඳු වන ලෙසක් දකිත්.
‘රත මිණි තොරණ රැස් - රැසින් රතෙ’පුර පුන් සඳ ළ හිරු දොහොයි නොසරස් - දැනැවී සැක ‘බිසරුවන්’
ගීයෙහි තුන් වැනි පිය පිටපත්හි එනුයේ ––
‘වුවනට පැරැදැ නුළු කැරැ’
යන ලෙසට යැ. ඇතැමෙකැ ‘වු’ යන්න කටුගා ‘උ’ යන්න ලියූ බවෙක් ද පෙනේ. ‘වතට’ යනු තුබූ බව ද යහ ගී සොඬුන් විසින් ‘වු’ යන්නක් මුලට ලා ‘ත’ යන්න ‘න’ යන්නට හැරැවූ බවට ද සිතියැ හැකි.
ටිප්පණී : –– 1. රැඳි –– මෙහි ‘රඳ’ ධාතු ‘පිහිට’ ආදි ගණ යි.
විවරණය 85
24
අන්වය : –– එ පුර වමියන් දිගු නුවන් සර සරහත එ දැකැ, කම් ලක් වන බියෙන් මෙන් තෙමෙ නොදිස් වැ සර ලී.
පදාර්ථ : – ඒ පුර කාන්තාවන් දීර්ඝ වූ නයන ශරයන් සරහන කල්හි කාමයා (අනඞ්ගයා,) ලක්ෂ්යප වන්නා වූ භයින් මෙන් තෙමේ අදෘශ්යල වැ (නො පෙනී) ශර බැහී යැ. (විද්දේ යැ.)
විස්තර : –– ඒ පුර ස්ත්රී්න් ගේ ඇස් අනඞ්ග ශර වැනි යැ. බැලු මතින් රගය උපදවන හෙයිනි. ස්ත්රීසහු ඒ ඇස් නිල් අඳුන් ගෑම් ආදියෙන් සරහති. ඒ සර විස පෙවීම වැනි යැ. කීහු මැ යි සිරි රහල්හු ––
‘නිල ‘ඳුන් ගෑ ඇ ගේ දිගු නෙත් කැලුම් තර ගේ සරය මල්සර ගේ හලාහල විස පෙවු ලා ගේ’ ෴ යි.
ෙම් සැරැසිල්ල දකුත් මැ අනඞ්ගයාට බිය උපදී. අර විස පෙවූ සරයට තමා ද ලක් වියැ හැකි යැ යි සිතෙත හෙයිනි. එ හෙයින් අනඞ්ග තෙමේ තෙමේ නො පෙනී මැ සිටැ සර විදී.
අනඞ්ගයා පෙනීමෙක් නැති. ඔහු සර විඳීම නම් සිත්හි රාග ඉපැදීම යැ. මෙහි කවීහු අනඞ්ගයා නො පෙනී සිටැ විදිනුයේ ස්ත්රී්න් ගේ නුවන් සර තමාට ද වැදියැ හැකි යැ යන බියෙනැ යි ගත් හ. අනඞ්ගයා ස්ත්රීේන් ගේ නුවන් සරට ලක් වීම නම් ඒ ස්ත්රීනන් කෙරෙහි ඔහුට ද ලොභ ඉපැදීම යැ. රතිය ගේ හිමියාටත් ලොභ ඉපැදැවීමට සමත් වූ ස්ත්රීරහු කො තරම් රූ සපුව ඇතතෝ ද ?
86 සස දා
කුස දා කරුවෝ ද ළඳුන් ගේ නුවන් සරට අනඟ බිය වන ලෙසක් කියති.
‘මෙ දෙසැ මැ මල්සර - සර ලනුයෙ එ බියෙන් වන් නොසෙ පබවත දෙසැ ලත - නුවන් සරට තෙමෙ ද ලක්’
ගීයෙහි පෙර ‘ඬ පිටපත්හි එනුයේ,
‘දැකෙ දිගු නුවන් සර - සරභත එ පුර වමියන්’
යන ලෙසට යැ. පසු වැ ගීය බඳින්නට ගියවුන් ගේ නොසපන් කම් දක්වන තැනෙකි.
ටිප්පණී : –– 1. තෙමෙ –– ‘තෙමෙ ලක් වන’ යන්නට සන්නය ‘තෙමේ ලක්ෂ්යප වෙමි යන’ යි අරුත් දෙයි. ‘කම්...තෙමේ...සර ලී’ යන තනහි ‘කම්’ යනු ද ‘තෙමෙ’ යනු ද ‘ලී’ යන්නට සමානාධිකරණ උක්ත වෙයි.
25
අන්වය : –– මිණි මැඳුරැ සීවැඳුරේ දිසි පුරඟනන් වත්, සලළුවන් ඇසැ පොපි දැහැ, සුරන් හා එක්වෙස් කෙළෙ.
පදාර්ථග : –– මණි මන්දිරයෙහි සීහපඤ්ජරයෙහි දී ‘දෘෂ්ට (පෙනුණා) වූ සුරාඞ්ගනාවන් ගේ මුහුණු, සලීලයන් ගේ ඇසෙහි ස්පන්දනය හැරැ, දෙවියන් හා එකවෙශ කෙළේ යැ.
විස්තර : –– මිණි මැඳුරේ සීමැඳිරියෙහි ළඳුන් ගේ මුහුණ පෙනේ. මඟැ යන සලළුවෝ එය දැකැ, එයට මහත් ආශා උපදවා, ඇසි පිය නොහෙළනුයෙන් ඔහු දෙවියන් හා සමාන මැ වෙති.
විවරණය 87
සලළුවෝ දෙවියන් වැනි රූ සපුව ඇත්තෝ යැ. එක මැ වෙනස නම් ඔවුන් ඇසි පිය හෙළීම යැ. මෙහි ළඳුන් මුහුණු දුටු කලැ ඒ එක වෙනෙස ද ඔවුන් ගෙන් දුරු වේ. එ හෙයින් එ විටැ ඔහු දෙවියන් හා අත්යකර්ථ යෙන් සමානයෝ යැ. දෙවියන් බඳු ඔවුන් ගේ ඇස පොපි හරවන මුහුණු ලැබූ ළඳුන් ගේ රූ සපුව කො තරම් මනහර වියැ යුතු ද ?
ටිප්පණී: –– 1. සලළුවන් –– ‘ලළු’ (ලීලා) යනු ද ‘කෙළි’ (ක්රීතඩා) යනු ද සමානාර්ථි යි. Sport. ලළු සහිත වූයේ සලළු (සලීල.) මේ සලළු-සළලු-සළෙලු- යන විසින් සතර අයුරෙකින් වහරෙහි එයි. 2. එක්වෙස් –– එක (නොවෙනස්) වෙස වූයේ යමකු ගේ ද හේ එක්වෙස්.
26
අන්වය: –– තුරඟ රසු රැවින් කුර තලින් යොර-යොර උදම් එ පුර දෙරණත් මෙහෙසුරු සඳ රඟැ සකොබ ඉසිලී.
පදාර්ථස : –– තුරඞ්ගයන් (අශ්වයන්) ගේ රහු හඬින් ද කුර ගැස්මෙන් ද අනවරතයෙන් උද්දාම වූ ඒ පුර ධරණී උදරය තෙමේ මහේශ්වරයා ගේ සන්ධ්යාද නෘත්ය්යෙහි සංක්ෂොාභය දැරී යැ.
විස්තර : –– අශ්වයෝ තෙරක් නැති වැ ඒ නගරයෙහි දිවෙති. උන් ගේ සැදමෙහි එල්ලු රහු හඬ නඟයි. කුර බිමැ වැදීමෙන් නැඟෙන හඬ ද වෙයි. මෙ සේ සියලු කල්හි ඒ පුරයේ බිම් කුස මහේශ්වරයා ගේ සන්ධ්යා නෘත්ය යෙහි කලබලය පළ කෙළේ යැ.
ඊශ්වරයා, සන්ධ්යාස සමයයෙහි ඝණ්ඨාවක් වයමින් මහ හඬ නැඟෙන සේ අඩි බිම ගසමින් නටයි. අශ්වයන් ගේ රහු හඬ ඝණ්ඨායේ හඬ වැන්නැ. කුර බිම ගසන හඬ පා බිම හෙළන හඬට සමාන යැ. එ හෙයින් පොළෝ කුස ඊශ්වර නෘත්යඬයෙහි මහ කැලැඹීම උසුළනු වෙයි.
88 සස දා
ටිප්පණී: –– 1. කුර තලින්–– එකක් අනෙකකට වැදීමෙන් නැඟෙන හඬ තල (තාල) නමි. කුර බිමැ හැපීමෙන් නැඟෙනුයේ කුර තල යි. 2. උදම් –– උද්දාම. යම් කිසිවක් උස් වැ–මහත් වැ–සීමා රහිත වැ–පවතී නම් ඒ යැ උදම් විම නම්. මෙහි පුර බිම රසු රැවින් ද කුර තලින් ද උදම් වූයේ යැ. 3. යොරයොර –– අනවරතාර්ථහයෙහි නිපාතයෙකි. ඊශ්වරයා නටන තැනැ කැලැඹීම උසුළනුයේ සැඳෑ කල්හි පමණ යැ. එ පුර දෙරණත අනවරතයෙන් ‘සඳ රඟ සකොබ’ උසුළයි. 4. දෙරණත් –– ‘ඇතුළ’ යන අරුත්හි ද ‘අත්’ යනු යෙදේ. එ සේ ගත හොත් ‘දෙරණත්’ නම් දෙරණෙහි ඇතුළ යි. මේ අර්ථ යෙහි යැ ‘දෙරණත්’ යනු පුරාණ සන්නයෙහි ගැනුණේ. ‘දෙරණත්’ යැ යි ගෙනැ ‘අත්’ යනු ස්වාර්ථ තද්ධිත ප්ර්ත්ය.ය යැ යි ද කියැ හැකි.
27
අන්වය : –– රඟ ඔත වමියන් මුහුළු මහ මේ, අඹළ අත විදු, තුරු ගොස ගජුන්,ගෙ සිකින් නරතුරු නැටුම් කැරැවී.
පදාර්ථැ : –– නැටුම් ගත්තා වූ ළදුන් ගේ ධම්මිල්ල නමැති මහා මෙඝය (ද,) ආවර්තනය කරන ලද හස්ත නමැති විද්යු ත් (ද) තූර්ය ඝොෂ නමැති ගර්ජනය (ද)ගෘහ මයුරයන් නිරන්තරයෙන් නර්තනය කැරැවුයේයැ.
විස්තර : –– ලියො නටති. ඔවුන් ගේ කෙස් වැටිය මහ වැසි වලා කුළු බඳු යැ. නැටීමෙහි දී අඹරවන ලද අත විදුලිය බඳු යැ, නැටීමට පැවැත්වෙන තූර්ය ඝොෂණය (මෙඝ) ගර්ජනය බඳු යැ. වැසි වලා යැ, විදු ලිය යැ. මෙය ගර්ජනය යැ යි එය වරදවා-ගත් මොනරු සියලු විටැ නැටූ හ.
ටිප්පණී: –– 1. මහ මෙය ‘ඹළ’ත –– මහ මේ + අඹළ + අත. සන්ධි ක්ර්ම විමසන්නේ යැ. 2. මුහුළු මහ මේ –– කෙශ කලාපය නිල් වන බැවින් මහ වැසි වලා කුළක් වැන්නැ.
විවරණය 89
3. අඹළ –– ‘අඹර’ (ඇඹරීමෙහි) ධාතුව නිසා වූ අතීත කෘදන්ත නාම යි. 4.රඟ ඔත – නැටුම් බැහූ. නැටුම් ගත්. 5. ගජුන් –– ගර්ජනය. ‘ගජ’ (ගැජුමහි) ධාතු යි. භාවයෙහි ‘උන්’ ප්ර ත්යමයය යි. භාවයෙහි ‘උන්’ ප්රිත්ය‘යය ගන්නා ධාතු කිහිපයෙකි. අසුන් -දසුන්- දෙසුන්- දිසුන් - පිසුන් - වැසුන් - සසුන් - යනාදිය විමසන්නේ යැ. 6. ගෙ සිකින් –– හීලෑ මොනරැන්. (Domestic Peacocks.) ‘ගෙ’ යනුයෙන් ‘ගෙහි ඇති කරනු ලබන’ යන අර්ථනය ලැබේ. මෙයට විරුද්ධ අර්ථේය ලැබෙනුයේ ‘වල’ ‘වන’ ‘දඩ’ ‘කුළු’ යන මෙයින් එකෙකිනි.
28
අන්වය : –– උයන් සඳුන් පලු තනවමින් අද , එ පුර පවන් පියන සරත දිහි මෙ ද ? කෙළි දෙළේ හා මෙහෙයී.
පදාර්ථළ : –– උද්යාවන වන්දන පල්ලවයන් කම්පිත කෙරෙමින් අවුත්, ඒ පුර පවනය තෙමේ ප්රිළයප්රිියාවන් ගේ ශ්රාපන්ත භාවය දුරු කෙළේ මැ ද ? ක්රීවඩා ධූරයෙහිදු යෙදී.
විස්තර : –– සිහිල් සුවඳ මඳ පවන් අවුත්, ක්රීරඩයෙන් වෙහෙසුණා වූ කතුන් ගේ ගතෙහි සරතස දුරු කොටැ නැවැතැ ද ක්රීසඩායෙහි යෙදැවීයැ.
ශ්රා්න්ත වූ කලැ ක්රී ඩා එපා වෙයි. තුන් ගුණයෙන් යුත් පවන් ඇඟෙහි පහළ කලැ ශ්රාන්ත භාවය නැති වැ ක්රීාඩාහිලාපය යළි ද නැගී එයි.
සඳුන් ඉතා සිසල් යැ, ඉතා සුවඳවත් යැ. එ හෙයින් සඳුන් තුරු අසරින් එන පවන සිසල් වනු සුවඳවත් වනු යෙදේ. ඒ පවන සඳුන් තුරෙහි අතු නො තනවා නම්, පත් නො තනවා නම්, පල් (දළු) මැ තනවා නම්, එයින් හැඟෙනුයේ ඉතා මෘදු බව යි. පවන මෘදු නො වේ නම්
522-D
90 සස දා
පලු පමණක් නො වැ, අතු පමණක් නො වැ, මුළු තුර ද තනවා මැ යැ. මෙ සේ පවනෙහි ඇති වියැ යුතු වූ මාරදව (මෘදු බව) සෞරභ්යු (සුවඳවත් බව) ශෛත්යන (සිහිල් බව) යන ගුණ තුන මු එහි ඇති බව හැඟැවිණ.
‘සදුන් පලු ත න වා
හිම වන පෙතින් එ න වා
සලෙළු ගිම් උ න වා
නැවැතැ කෙළි දෙළෙහි ලොබ ද න වා’
යැ යි අලගියවන්නයෝ මේ අරුත ගෙනැ යළි පද බැඳිය හ.
තුන් ගුණ යුත් පවන කෙළි දෙළේ මෙහෙයන අයුරු අන්නු ද කියත් මැ යි. සිරි රහල්හු, ––
‘වි ඳ මුළු රෑ රති සැප සමහම් දියුණු ම ද න’ගනේ අඟනන් ඇඟැ සන්හිඳුණු ම ද පවනින් මලි ගිය රොන් සුණු වැකුණු සෙද දිලිහිණි යළි නැඟුමට පෙරැ අරුණු’
යැ යි අන් මහෙකින් ගත් අරුතක් පවසති.
‘දිහී මෙ ද පියන් සරතස’
යනු පිටපත්හි එන ගියේ තුන් වැනි පිය යි. වැරැදි බව පැහැදිලි යැ.
ටිප්පණී: –– 1.උයන් සඳුන් පලු –– මලයයෙහි මුත් අන් තන්හි සඳුන් වනනු කවි සමයයට විරුද්ධ යැ. උයනෙකැ සඳුන් ගස් වවාගැනීම කවි සමයයෙන් නො වැළැක්වියැ හැකි වන බැවින් මෙහි කවර වරද ද? උයනක් නො ගෙනැ නිකම් මැ වනයෙහි සඳුන් ගන්නා ලද නම් කවි සමයයට විරුද්ධ මැ යැ යි ගත හැකි. 2. පියන්–
විවරණය 91
මෙහි ‘පිය’ යනුයෙන් ඔවුනොවුනට ප්රියය වන්නා වූ ස්ත්රීය පුරුෂ දෙ පක්ෂය මැ ගැනෙති. ස්ත්රී නට ප්රිවය වන පුරුෂයෝ ප්රිූයයෝ යැ. පුරුෂයනට ප්රි ය වන ස්ත්රීදහු ප්රිතයාවෝ යැ. දෙ පයැ මැ හෙළුයෙහි ‘පිය’ නම් වෙති.
29
අන්වය: –– ඉහිල්වසන්, දිසිමිණිමෙවුල්, මීඔඩම්අත්, සලපලුනෙත් වමියන් මත්වළින් එ පුර නො වහළ.
පදාර්ථ්: –– ශිථිලවසන වූ, දෘෂ්ය මණිමෙඛල වූ, මධුවෂකහස්ත වූ, චපලපල්ලවනෙත්රන වූ වාමාවන් ගේ මත්තාකාරයෙන් ඒ පුරය අකෘශ වී.
විස්තර : –– බුරුල් වන්නට වත් ඇඳැ, පෙනෙන සේ මිණි මෙවුල් බැඳැ, මී විත් අතින් ගෙනැ, මත් බව දක්වන්නා වූ ලියන් එ නුවරැ සියලු තන්හි සියලු කල්හි වූ බව යැ මෙයින් කියැවුණේ.
ටිප්පණී : –– 1. ඉහල්වසන් –– ඉහිල් (බුරුල්) වූ වසන් (වත්-පිළි) යමක ගේ ද ඕ ඉහිල්වසන්. වසන් ඉහිල් වීම කිහිප ලෙසෙකින් වියැ හැකි. සමාගමයෙනුදු ඒ සේ වෙයි. ඇතැම්හු දුටුවවුන් ගේ නෙත් සිත් අදනා පිණිසැ සිතා බලා මැ නොදත්වන් වැ වසන් ඉහිල් කොටැගනිති. 2 . වසන් –– එයින් වසා නු යි වසන්. වසුත්රියට නමි. වස+අන්=වසන්. බොහෝධාතු මෙ බඳු තනහි ගනුයේ ‘අන’ පස යි. ලියන –– අඳන –– යනාදි තන්හි මෙනි. එහෙහත් කිහිප තැනෙකැ ‘අන්’ යනු පස වෙයි. මහත් (පූජා) ––ගණන් ––වදන් –– පියන් –– සියන් –– නිවන්–– යනාදිය ද විමසන්නේ යැ. 3. දිසිමිණිමෙවුල් –– මිණි––යෙන් කළ මෙවුල් මිණිමෙවුල්. දිසි වූ මිණිමෙවුල් යමක ගේ ද ඹ් දිසිමිණිමෙවුල්. මිණිමෙවුල් දිසි වීම ද නොයෙක් අයුරින් වියැ හැකි. හිණින් පහළට බැසැ සිටුනා සේ වත් හඳනා ලද නම් මිණි මෙවුල් උඩින් මැ දිසි වෙයි.
92 සස දා
‘ලෙළුකුළැ රැඳි ඉහිල් ව ස න්
අසින් පෙනෙන රුවන් ර ස න්’
‘ඇසින් නන් වසන් නන් වනින යුත් කලුන් නේ රුවන් ව න් රසන් දම් කැලුම් කැන් පෙනෙන් නේ’
යනාදියෙන් දැක්වුණේ සිහින් වත්හි විනිවිදැ රුවන් රසන් පෙනෙන බව යි. 4.මෙවුල් –– හිණ කඩට යටින් ඇඟට පැහැසි සිටුනා සේ බැඳෙන ආභරණ විශෙෂය ‘මෙඛලා’ නමි. ‘මෙහනස්යව බස්යස මාලා’ යනුයෙන් පුරාතනයෝ එහි නිරුක්තිය ඇක්වු හ. මෙහන ඉන්ද්රිසයයා ගේ මාලාව යැ යනු අර්ථි යි. ‘ඛ’ යනු ඉන්ද්රිනය පර්යාය යි. ‘මෙහනස්යන’ යන පදයා ගේ මුල’කුර වා ‘මෙ’ යන්න ද ‘ඛස්ය’ යන පදයා ගේ මුල’කුර වන ‘ඛ’ යන්න ද ‘මාලා’ යන පදයා ගේ අග’කුර වන ‘ලා’ යන්න ද ගත් කලැ ‘මෙඛලා’ යනු වේ. පදයන් ගේ මුල’කුරු ගෙනැ කළ නම් පුරාතනයන් විසිනුදු වයරවන ලද බවෙකි මෙයින පෙනෙනුයේ. වත්මන් වහරට වඩා එහි මඳ වෙනසෙකි. මුල් පදවලින් ගැනුණේ මුල’කුර යි. එහෙත් අවසන් පදයෙන් අග’කුර ගැනිණ. 5. මීඔඩමත් –– මියෙන් යුත් ඔඩම් මීඔඩම්, නොහොත් මි සඳහා කළ ඔඩම් මීඔඩම් මීඔඩම අත්හි වූයේ යමක ගේද ඕ මීඔඩමත්. ‘මී’ (මධු) නමි මධුර මද්ය–ය යි. Wine. ‘ඔඩම්’ යනු පාන පාත්ර යට (Drinking bowl) නමි. සංස්කෘතයෙහි ‘කොෂ’ යනු පානපාත්ර. පර්යාය යි. 6. සලපලුනෙත් –– සල (චපල) වූ පලු සලපලු. සලපලු වන් නෙත් යමක ගේ ද ඕ සලපලුනෙත්. චඤ්චල වූ ද දළුවක් වැනි ඇස් ඇත්තී මෙ නම් වේ. දළුව රතු යැ. ඒ ස්ත්රීෙන් ගේ ඇස ද රතු යැ. මී බී මත් වැ සිටි හෙයිනි. මත් වූවකු ගේ ඇස් සල (චපල) වන අයුරු පැහැදිලි යැ. පිටපත්හි ‘සසලපලුනෙත්’ යනු පෙනේ. එහෙත් සන්නය ‘චපලපල්ලවනෙත්රද’ යන අර්ථිය මැ දෙයි. ‘සල’ යනු මුලැ දි වූ බවට ද යහ ගී ලොලුන් විසින් ‘ස’ යන්නක් අතින් හෙළන ලද බවට ද ඒ
විවරණය 93
සාක්ෂ්යන යි. ‘සසල’ යන්නට නම් සන්නය ‘චඤ්චල’ යන අර්ථේය දෙයි. 7. මත්වළින් –– මත්ත ආකාරයෙන්. මෙහි මැ (182)
‘වැඳියෙ දසබලහු - පා හළ’වි දැහැ මත්වළ
නාලාගිරි කිරිඳු මත් - පළ පුවළ වෙළ පා මෙන්’
යන තන්හි දු ‘මත්වළ’ යනු පෙනේ. සන්නය එ තැනට ‘මත්තාව වස්ථාව’ යන අර්ථනය දෙයි. සිරි රහල්හූ, කව් සේකරයෙහි, ––
‘කිරි බර නෑඹි පෙළ
කුර ‘දන මහත් ගොන් රළ
කෙළනා නෙළුම් මොළ
බලා ගොපලුන් කරන මත්වළ්’
යන තන්හි ‘මත්වළ’ යනු යොදති. සිරි දම්රම්හු ‘මත්වළ කරන’ යන්නට ‘මත්ත වෘත්තිය කරන්නා වූ’ යැ යි අරුත් පවසත්. 8. නො වළහ –– වෑරූණේ (කෙට්ටු) - කෘශ වූයේ - ඌන (අඩු) වූයේ නො වේ. ‘වහර’ ධාතු කෘශ වීමෙහි යෙදේ. ‘ඇතා වෑරුණ ද කොරහේ නෑවියැ නොහැකි යැ.’ වැහැරේ - වැහැරෙති -වැහැරිණි, වැහිරි, වහළ - වැහැරුණු, වැහැරි, වහළ. ස්ත්රීදන ගේ මත්තභාවය නුවර පුරා පැවැත්තේ යැ යි මේ කී සැටි යි.
30
අන්වය: –– කනදම්විදු දළබලා ගජනා ගජ කුල වෙලෙ, එ පුරැ කල් යල් නො හැරැ මද පොදින් ඔනඳ බඳ.
පදාර්ථැ : –– කනකදාමවිද්යු ත් වූ, දෘෂ්ට්රාොඛලාක වූ, ගරජනය කරන්නා වූ හස්තියකුවලාහක තෙමේ, ඒ පුරයෙහි කල් අකල් නො හැරැ, මද වෘෂ්ටියෙන් නිරන්තරයෙන් බැන්දේ යැ.
94 සස දා
විස්තර : –– ඒ පුරයෙහි හස්ති සමූහය (වැසි) වලා කුළෙකි. ඇතුන් පැලැඳැ වූ රන් දම් වලා කුළෙහි විදු ලිය යි. ඇතුන් ගේ දළ වලා කුළෙහි කොක්කු (බලකාවෝ) යැ. ඇත් කුලය ගජ යි. (ගර්ජනය කෙරෙයි.) වළා කුල ද ගජ යි. ඇත් කුලය සියලු කල්හි ඒ පුරයට මද දිය නිරන්තර කොටැ දුන්නේ යැ. වලා කුළක් වැසි පොද දෙන්නා මෙනි. මද වෙනසෙකි. වලා කුළ දෙනුයේ කල් යල් බලාගෙනැ යැ. එහෙත් ඇත් කුලය කල් යල් නො බලා මැ (සියලු කල්හි) මද පොද දුන්නේ යැ.
සියලු කල්හි මද නැඟී සිටි උතුම් ඇතුන් ඒ නගරයෙහි නොතොර වූ බව යැ මෙයින් කීයේ.
‘මද පොදිනොනඳ බඳ - කල් යල් නො හැරැ එ පුරේ
කන දම් විදු දළ බලා - ගජ කුල වෙලේ ගජනා’
යන ලෙසට යැ මේ ගීය පිටපත්හි එනුයේ. විරිත රැකෙන සේ සැකැසුම් හ. අපවත් වැ ගිය ගී මෑතෙකැ දී යම් කිසිවකු විසින යළි බඳනා ලද බව දැන්ම සැකැස්මෙහි අපට පිටුබල වී යැ.
ටිප්පණී : –– 1. කල් යල් –– සුදුසු කාලය ‘කැල්’ නම් ද අකාලය ‘යල්’ නම් ද වෙයි. මේ ‘යල්’ යනු ද ‘අකල්’ යන්න සඳහා වූ ‘අයල්’ යන්නෙහි ආදි ස්වරය ලොප්. වීමෙන් සිදු වූ සේ යැ. 2. මද –– කාමොද්දීපනය වූ කලැ ඇතුන් ගේ උභයකපොල, ගුහ්ය් යනාදි ස්ථානයෙන් වැහෙන ද්රමව විශෙෂයෙක්. Ichor. රුක්අත්තණ මලේ සුවඳින් යුතු යැ යි කියත්. තුන් මද යැ. සත් මද යැ. දස මද යැ යන ඈ විසින් ඇත් මද දැක් වේ. මද වැහෙන තැන් ගණන් බැලී මෙනි මේ වෙනස වනුයේ.
‘තුන් මද ගිළි වලැතුන් පොර බිම් හා’
(කව්සේකර)
විවරණය 95
‘ගිජිඳුන් සත් ම දේ සත්පත් කැසුම් සුව දේ’
(කව්සේකර)
‘දෙ කපෝලය හා කොෂය ද යන තුන් තැනින් වැහෙන්නා වූ එක් මදයෙකින් ද, යථොක්ත ස්ථාන තුන හා දෙකක් සිදුරු හා දෙ ඇස් සිදුරු දැයි යන සප්ත ස්ථානයෙකින් වැහෙන්නා වූ එක් මදයෙකින් ද, එ මැ සප්ත ස්ථානය හා දෙ නාසා පුටුය ද ගුද මාර්ග ය ද යන දශ ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මදයෙකින් දැයි මෙ සේ ගිලිහෙන තුන් මදයෙකින් යුක්ත වූ ........................’
උමං දා බසින් පෙනෙනුයේ දස ස්ථානයෙන් වැහෙන මදය තුන් මද වන බවෙකි.
3. ඔනඳ –– අනවරත. සංස්කෘත ‘අවනද්ධ’ යනු ද පාලි ‘ඔනද්ධ’ යනු ද ‘බද්ධ’ යන අරුත දෙයි. 4. බඳ –– බැන්දේ යැ. මද පොදින් බැඳීම නම් මද පොදින් යුතු කිරීම යි. ‘බඳ’ යන ධතු රූපය මැ අතීත කෘදන්ත නාමය වැ සිටි තැනි. 5. කන දම් –– ‘කන’ ‘කනා’ යන දෙක මැ ‘කනක’ (ස්වර්ණ්) පර්යාය යි. 6. බලා –– (බලකා) කොකාට නමි. කොක්කු වැසි කලැ වෙති. එ හෙයින් වැසි වලා කුළ හා එක් කොටැ කොකුන් වැනීම කවි සමප්රදදාය යි.
31
අන්වය : –– අබිසරුවන් අලු බියෙන් රුවන් අබරණ හළ ද, විදු එව් සහතර තුනු, රෑ දනන් ඇස් වරැ සදිස්වී.
පදාර්ථළ : –– අභිසාරිකාවන් ආලෝක භීතියෙන් රත්නාභරණ හළ නමුදු විද්යුළතක් සේ රශ්මි සහිත වූ ශරීරය තෙමේ ජනයන් ගේ අක්ෂි වාරයෙහි මොනවට දැක්වී.
විස්තර : –– තමන් රත්නාභරණ පැලැන්ද හොත් එයින් නිකුත් වන ආලෝකයෙන් මැඟැ දී ජනයනට පෙනෙතී. බිය ගෙනැ අභිසාරිකාවෝ රත්නාභරණ ගලවා තබා යෙති.
96 සස දා
එහෙත් ඔවුන් ගේ මැ ශරීරය ඹවුන් ජනයනට මනා සේ දැක්වී යැ. කෙසේ ද? ඔවුන් ගේ ශරීරය විදු ලියක් මෙන් කාන්තිමත්යැ. තිසර සඳෙස් කරුවෝ මේ අරුත ගෙනැ, ––
‘ම න් ලෙස සරන එහි බිසරුවන සිය ගත
න න් මිණි බරණ හළුව ද අලු බියෙන් පත
උ න් තුනු කැලුම් උනට මැ බිය කෙළෙ නැවත
ඉ න් තම අයති නො මැ වනු නියති තම ගත’
යැ යි යොදායත් හ.
ටිප්පණී : –– 1. ඇස් වරැ –– මෙහි ‘වර’ යනු ‘ඉදිරි’ යන අරුත් ඇත්තේ යැ. ඇස් වරැ දැක්වීම නම් ඇස් ඉදිරියෙහි හෙවත් ඇසට පෑම යි. 2. සදිස්වී –– ‘ස’ පෙරටු ‘දිස්’ ධතු යි. ප්රසයුක්ති විෂයෙහි ‘ව’ විකරණ යි. සදිස්+ඊ= සදින්වී.
32
අන්වය: –– අර මඬලැ හී කෙළනා රත් උපුල දම් හර එ පුර වමියන් දසන් අයැ රත් ඔටැ පැහැ කිඳු මිමී එව්.
පදාර්ථ් : –– උරොමණ්ඩලයෙහි වැටී නටන්නා වූ රක්තොත්පල දාම ද මුක්තාභරණ ද, ඒ පුර සත්රී න් ගේ දශනාග්රටයෙහි ද රක්තෞෂ්ඨයෙහි ද ප්රෂඟා රාජ වැහුණාක් වැනි යැ.
විස්තර: –– ඒ නගර ස්ත්රී න් ගෙලෙහි පැලැඳි රත් මානෙල් මල් දම් ද මුතු හර ද ළය මතැ වැටී ළෙල දෙයි. ඒ කෙබඳු ද යත්: –– ඒ ස්ත්රී්න් රතු තොලෙහි ද දත් අගැ ද රැස් රොදු වැහෙන්නා වැනි යැ.
රත් මානෙල් මල් දම් රතු තොලේ රැස් කඳු වැන්නැ. මුතු හර දසන් අගැ රැස් කඳු වැන්නැ.
විවරණය 97
‘දසනගැ රතොටැ පැහැ කිඳු’ යන ලෙසට යැ ගීයෙහි තෘතීය පාදය පිටපත්හි එනුයේ. ඒ යොන් ගී විරිත බිඳී. ‘රතුපුල දම යර’ යනුයෙන් ගැනුණු පිළිවෙළට ‘දසනගැරතොටැ’ යනැ නො ගැළපේ.
එහෙත් ආලඞ්කාරිකයෝ එය ප්රුතිලොම ක්රතම නම් අලඞ්කාරයක් කොටැ දකිති.
රතුපුල දම් හර දසනගැ පැහැ කිඳු රතොටැ පැහැ කිඳු
යන මෙහි අනුලොම ක්රඑමයෙන් ගත හොත් රතුපුල නම් දසනගැ පැහැ කිඳු වැනි යැ යි ද, හර (මුක්තාභාරය) රතොටැ පැහැ කිඳු වැනි යැ යි ද ගත යුතු වේ. එය නොගැළැපෙන හෙයින් ගත යුත්තේ ප්ර තිලොම ක්රනමයෙනි.
‘සැරද පරෙවිඳු සඳ - පඬු වන් සුරත් සරණින්
පහළ හළ කිරි මුහුදින් - සහබළපලු සක් වන්’
යන තන්හි දු මේ අලඞ්කාරය ලැබේ.
පඬු වන් සුර සරණ
පබළ පලු සක්
යන ක්රුමයට ගත් කලැ සුද පබළ පලුවට ද, සුරත් සරණ සකට ද සමාන වෙයි. වියැ යුත්තේ සුද සකට ද සුරත් සරණ පබළ පලුවට ද සමාන බව යැ.
ආලඞ්කාරිකයන් කුමක් කියුව ද මේ නම් අවුලට හේතු යැ.
ටිප්පණී : –– 1. උර මඬලැ –– ගෙලෙහි පලඳිනු ලබන උපුල් දම් ද හර ද ළය මතට වැටී සිටී. ‘උර’ යන්නට පුරාණ සන්නහෙයි දෙවුණේ ‘ජත්රැ ’ යන අර්ථනය යි. ‘ජත්රැය’ නම් දසරැව (උරහිස) යි නො ගැළැපේ. 2. කෙළනා ––
98 සස දා
අඟ සැලෙන විටැ ළය මැතැ සිටි දෑ කෙළිනු (නටනු-සැලෙනු) වෙයි. 3. රතොටැ –– ‘රතුපුල දම්’ ගැනුණු හෙයින් මෙහි ‘ඔටැ’ යනු පමණෙකි යෙදියැ යුතු. ‘රත්’ යන විශෙෂණය නො හොබී. ඉදින් හොබී නම් ‘දසන්’ යන්නට ‘සුදු’ යැ යි විශෙෂණයක් කළ මනා යැ. 4.මිමී –– ‘බම’ ආදි ගණ ‘මම’ ධාතු යි. 5. පැහැ කිඳු –රොදු (කෙඳි) මෙන් ඇදී යන පැහැ ‘පැහැ කිඳු’ යි.
33
අන්වය : –– වෙරළු තෙලෙ වමියන් සිඳී හුණු මෙවුල් විණි, අචල මය මේ ගිගුමෙන් හපුන් අකුරු එව් වැ බිජී.
පදාර්ථන : –– වෛදූර්ය තලයෙහි ස්ත්රීෙන් ගේ ජින්න වැ පතිත වූ මෙඛලා මණීහු රති ක්රි ඩා නමැති මහා මෙඝ ගර්ජනයෙන් හැප්සැ - ගියා වූ අඞ්කුරයන් මෙන් වී හෙබියෝ යැ.
විස්තර : –– එ නුවර ගෘහ භූමි වෛදුර්ය මණියෙන් නිරමිත වූයේ යැ. ක්රීවඩා කරන්නා වූ කාන්තාවන් ගේ මෙවුල් දම් සිඳි මැණික් වෛදුර්ය භූමියෙහි වැතිරැ සිටී. එ කලැ නිල් බිමැ රතු අකුරු (අඞ්කුර) හටගැනුණා බඳු වෙයි. වෛදුර්ය භූමියෙහි රත්නාඞ්කුර හටගැනෙනුයේ මෙඝ ගර්ජනායෙනි. මෙ තන්හි මෙඝ ගර්ජනය නම් ක්රී්ඩා නාදය යි.
ටිප්පණී: –– 1. වෙරළු –– වෛදුර්ය. අඳුරු වන් රුවන් වෙසෙසෙකිග Lapis lazuli. විදුර නම් පර්වතයෙහි උපදනා හෙයින් වෛදුර්ය නම් වි ල. මෙඝ ධ්වනියෙන් විදුර භූමියෙහි රත්නාඞ්කුර හටගනිති යි කවි සමය කියයි. 2. මෙවුල් මිණි –– ක්රීරඩායෙහි දී උනුන් අතට අසු වීමෙන් මෙවුල් සිඳෙනු වෙයි. 3. හපුන්–– ‘බස්’ ආදි ගණ ‘හපුස්’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාමයි. හැප්සීම නම් බිජුවටෙකින් අකුර (අඞ්කුරය) ඇදීම යි. සංස්කෘතයෙහි ඒ ‘උද්භෙද’ නම් වේ. ගම් වැසියෝ දැනුදු වී ‘ඇස්පෙනවා’ යැ යි කියත්.
විවරණය 99
හැප්සෙන = (වර්ණග විපර්යාසයෙන්) හැස්පෙන = (‘හ්’ ලෝපයෙන්) ඇස්පෙන. 4. අකුරෙව් වැ –– අකුරු එව් වැ. අඞ්කුර වැනි වී.
34
අන්වය : –– එ පුරේ ගන ‘ඳර’ විදුනා මිණි තොරණ තර, වළබ ගිනි සිළු සිය වන් දල නිදු තෝ දත් දැක්වී.
පදාර්ථ් : –– ඒ පුරයෙහි ඝනාන්ධකාරය විදින්නා වූ මාණික්යත තොරණ රශ්මිය (තෙමේ,) වඩබාග්නි ශිඛා ශතයන් වැදුණා වූ ජලනිධි තෝයයා ගේ ඇතුළත පෙන්වී යැ.
විස්තර : –– ඒ පුරයෙහි බොහෝ මාණික්ය් තොරණයෝ (මැණිකින් කළ තොරණ) වෙති. ඝනාන්ධකාරය පැමිණැ පුරාකාශය වසාගෙනැ සිටි කල්හි සිය ගණන් මාණික්ය: තොරණ රශ්මි ඒ ඝනාන්ධකාරය විදැගෙනැ පැතිරී සිටිනු දක්නා ලැබේ. ඝනාන්ධකාරය සාගර ජලස්කන්ධයේ ඇතුළත වැන්නැ. මාණික්යණ තොරණ රශ්මි සාගර ජලස්කන්ධය විදැගෙනැ පැතිරි සිටුනා වඩබාග්නි ශිඛා වැන්නැ.
ටිප්පණී: –– 1. වළබ ගිනි –– ‘වළබ’ (වඩබා- වඩවා)යනු ඇසින්නට (අස් වෙළඹට) නමි. ලෝකාන්තිමයෙහි දී සියල්ල දවන ගින්න වෙළඹ වෙසින් සයුරු පත්ලෙහි හැසිරෙත් යි කවීහු සලකති. බෞද්ධ කථා පොත්හි පෙනෙනුයේ මුහුදු දිය නරකයට වදවන ‘වඩබා මුබ’ නම් දොරක් ඇති බව යි. මේ දොර හැරුණු කලැ නරකාග්නි ශිඛාවෝ සිය ගණන් සාගර ජලය විනිවිදැගෙනැ පැතිරැ යෙත් ල. 2. දලනිදු –– දලට (ජලයට) නිදු (නිධි - නිධාන) වුයේ දලනිදු. සාගරයට නමි. 3. තොයත් –– තො+අත් = තොයත්. ‘තෝ’ (තෝය) යනු ජලයට නමි. ‘අත්’ යනු ඇතුළතට ද කෙළවරට ද නම් වේ. මෙහි ඇතුළත ගැනේ.
100 සස දා
35
අන්වය : –– හමි තෙලේ වමියන් පහළ පෙඳ නුබ නැඟෙත ඉඟි වැ ගිය නෙතැ නිල් පෑ, සස ලෙසිනි, සඳෑ ලැහි එව්.
පදාර්ථි : –– හර්ම්යෑ තලයෙහි කාන්තාවන් ගැසූ කන්දුකය ආකාශයට නැගෙත් මැ එක් වැ ගියා වූ නෙත්රියෙහි නීල ප්රලභාව, ශශ ආකාරයෙන්, සඳෙහි ලග්න වූවා (ඇලුණා) වැන්නැ.
විස්තර : –– ප්ර සාද තලයෙහි ලියෝ පන්දු කෙළිති. උන් බිමැ ගැසූ පන්ද අහසට නැඟුණු කලැ ඔහු උඩ බලති. එ කලැ උඩට හැරැවූ නිල් පැහැය ගොස් සදෙහි ඇලෙයි. ඒ ඇලුණු නිල් පැහැය යැ දැන් සාවා ලෙසින් පෙනෙනුයේ.
නගර ප්රාෙසාද එ තරම් උස් යැ. ප්රායසාද තලයෙහි ගැසූ පන්ද උඩ ගොස් බිමැ වැටෙන්නට පෙරැ උඩ බැලූ ලියන් ගේ ඇස් පැහැය සඳ මඬලට වදී.
නගරයෙහි මහාඪ්යඋත්වය වැනූ පරිදි යි.
ටිප්පණී : –– 1. හමි තෙලේ –– හමර්යතලයෙහි. ‘හමර්ය’ යනු මෙහි ප්රාපසාදයට නමි. ‘තල’ යනු යෙදූ හෙයින් ගත යුතු ප්රාමසාදයෙහි උපරිම තලය යි. 2. පෑ–– ‘පැහැ’ යනු යැ පිටපත්හි එනුයේ. එය යෙදුව යොන් ගී විරිත බිඳේ.
36
අන්වය : –– නිරතුරු ලකළ කප් තුරු, එ පුරැ අනත සිරි ‘සර ඉසුරු සුතන් කෙළනා ගන සේ රුක වැ ගිය එව්.
විවරණය 101
පදාර්ථග : –– නිරන්තරයෙන් අලඞ්කෘත කළා වූ කල්ප වෘක්ෂය තෙමේ, ඒ පුරයෙහි අනන්තශ්රී සාර වූ අධිපති පුත්රතයන් ක්රීළඩා කරන්නා වූ දො හෝ නොහොත් අනන්තයා ද ශ්රී් ද අප්සරාවන් ද ඊශ්වර පුත්රයන් ද ක්රීකඩා කරන්නා වූ ඝනච්ඡාය වෘක්ෂය වැ ගියේ යැ යි හඟිම්.
විස්තර : –– ඒ නගරයෙහි අප්ර්මාණ සම්පත්ති සාර වු අධිපතින් ගේ පුත්රරයෝ ඝන වූ ඡායා ඇති වෘක්ෂයට නැඟී ක්රීඩා කෙරෙති. ඔවුන ‘තරැ අනන්තයා හෙවත් විෂ්ණුහු වැන්නෝ වෙති, ශ්රී කාන්තාව වැන්නෝ වෙති, අප්සරාවන් වැන්නෝ වෙති, ඊශ්වරයා ගේ පුත්ර්යන් වැන්නෝ වෙති. ඔවුන් ගේ වස්ත්රාවභරණයෙන් ගස් එක්වන් බැබැළේ. එ හෙයින් විෂ්ණු ශ්රී. අප්සරා ඊශ්වර පුත්රා යන මොවුන් ක්රීභඩා කරන්නා වූ කල්ප වෘක්ෂය ඒ නගරයෙහි ඝනච්ඡාය වෘක්ෂ්භා්වයට ගියේ යැ යි සිතේ.
ටිප්පණී : –– 1. අනත –– අනන්ත. කෙළවරක් නැති. ‘අනන්ත’ යනු විශෙෂයෙන් විෂ්ණුහුට නම් වේ. ඔහු ගේ කෙළවරක් නැති හෙයිනි. කෘෂ්ණ, බලදෙව, ශිව යන මොහු ද මේ නමින් ගැනෙත්. 2. සිරිසර –– ශ්රීබසාර. ‘සිරි’ යැ ‘අසර’ යැ යි පද බෙදා ශ්රී කාන්තා අප්සරා යන අරුත් දෙන සේ ද ගත හැකි. 3. ඉසුරු සුතන් –– ඊශ්වර පුත්රතදුහිතෲන්. ‘ඉසුරු’ යනු අධිපතියාට නමෙකි. එ නමින් මහෙශ්වරයා ද ගැනේ. ‘සුතන්’ යැයි බුහු බසින් කී කලැ පුත්ර’ දුහිතෘ දෙ පක්ෂය මැ ගැනෙති. මහෙශ්වර පුත්ර යෝ නම් ස්කන්ද ගණෙශ්වර යන දෙ දෙනා යැ. 4.කප් තුරු –– කල්ප වෘක්ෂය. කල්පිත (සිතන ලද) සැප දෙන ගස. දිව්ය වෘක්ෂයෙකි.
(පඤ්වෛතෙ දෙවතරවො)
(1) මන්දාරඃ (2) පාරිජාතකඃ
(3) සන්තානඃ (4) කල්පවෘක්ෂඃ (ච)
(පුංසි වා) (5) හරිචන්දනම්
යනුවෙන් දිව්යු වෘක්ෂ පස දැක්විණ.
102 සස දා
37
අන්වය : –– දැඟුම් රන් ලිෙයකැ සිසිමඬුලු - හස - තඹරන්, නොදිසි විරූ අසිරි, වමියෝ දනන් ඇසැ පිරූ.
පදාර්ථ් : –– ජඞ්ගම ස්වර්ණෙ ලතාවෙකැ චන්ද්ර-මණ්ඩල - හංස- තාමරසයන් (යන මේ) අදෘෂ්ටපූර්ව ආශ්චර්යයන් කාන්තාවෝ ජනයන් ගේ අක්ෂියෙහි පිරූ හ.
විසතර : –– ඇවිදින රන් වැලෙකි. එහි සඳ මඬලෙකි, හංසයෝ දෙ දෙනෙකි, පියුම් ගණනෙකි. මින පෙරැ කිසි කලෙකැ නොදක්නා ලද ආශ්චර්යයෙකි. මෙ බඳු ආශ්චර්යයක් ඒ පුර කාන්තාවෝ ජනයන් ගේ ඇසට හමු කළ හ.
රන් වන් ළඳ ලියක් වැන්නැ. මුහුණ සඳ මඬල වැන්නැ. පියොවුරු හසුන් වැන්නැ. අත් පා පියුම් වැන්නැ.
‘සු නි ල් වලා නව සඳ නිලුපුල් පබළු
වි ම ල් සක් ගිජිඳු කුඹු සිරිවැස බැබ්ළුැ
වි පු ල් පුලින රඹ සිකි ගල මුතු ළ දළු
ළ ක ල් රන ලියන් සරණා බල යහළු’
යන සිරි රහල් පැදිය ද මෙය දුටු කලැ සඳයන් වේ.
ටිප්පණී: –– 1. දැඟුම් –– ජඞ්ගම. ඇවිදින. විරුද්ධාර්ථරය ‘තහවුරු’(ස්ථාවර) යන්නෙන් ලැබේ. 2. සිසිමඬුලු - හස- තඹරන් –– සිසිහු ගේ මඬුලු සිසිමඬුලු. සිසිමඬුලු ද හස්හු ද තඹරෝ ද සිසිමඬුලු -හස - තඹරෝ. උන් සිසිමඬුලු - හස- තඹරන්.
38
අන්වය: –– එහි නළුගීමත වමියන් මුළු රෑ කෙළිතු, නිඳි කල් බලා නො හියැ එ පුර දැහැ දුරැ ගිය වන්. විවරණය 103
පදාර්ථ : –– නගරයෙහි නෘත්යසගීතමත්ත වූ කාන්තාවන් සකල රාත්රි යෙහි ක්රී්ඩා කරත් මැ, නිද්රා නමැති කාන්තා තොමෝ අවලෝකනය කොටැ නො ඉවසා, එ පුර හැරැ දුරට ගියක වැන්නී යැ.
විස්තර: –– ඒ නගරයෙහි ස්ත්රීරහු සකල රාත්රිායෙහි නටති. ගයති. එයින් මත් වැ ක්රීැඩා කෙරෙති. නින්දෙකැ වගකුත් නො සිතති. ඔවුන් එ සේ ක්රීොඩා කරත් මැ නින්ද නමැති කාන්තාව ඒ ක්රීීඩා බලා ඉවැසියැ නොහැකි වැ පලා ගියා බඳු යැ.
ඒ නගරයෙහි නිනදක් නැති බව යැ මේ කියැවුණේ.
ටිප්පණී: –– 1. නළුගීමත –– නළු ද ගී ද නළුගී. නළු ගීයෙන් මත නළුගිමත. ‘නළු’ යනු නැටුමට නමි. මත්-මත-යන රූප දෙක මැ සුදුසු යැ. 2. හියැ –– ‘ඉවසා’ යන අරුත්හි යෙදුණු බව පෙනේ. ඇතැම් පිටපතෙකැ, ‘හිය’ යනු ද, ඇතැමෙකැ ‘හියි’ යනු ද එයි. ‘ක්ෂමා නො වැ’ යන අරුත යැ සන්නයෙහි දෙවුණේ. ‘හියැ’ යනු හෝ ‘හිස’ යනු හෝ ‘හියි’ යනු හෝ පූර්ව ක්රියයා නිපාතය කොටැ උපදවන ධාතුව අප්ර කාශ යැ. පිරික්සියැ යුතු. ‘සහ’ (ඉවැසීමෙහි) ධාතුව ගත හොත් වියැ යුතුතේ ‘සැහැ’යනු යි. ‘හූව’ යනු ධාතුව කොටැගත හොත් ‘රක්’ ආදි ගණ ආත්මනෙ පද යැ යි සලකා ‘හියැ’ යැ යි රූපයක් නිපැදැවියැ හැකි යැ. හිවේ-හිවෙති-හිවිණි, හිවි-හිවුණු, හිවි-යැ යි වරනැඟීම වෙයි. ‘හුව’ ධාතුව අකර්මකක වූ තන්හි ස්වසථවීමෙහි වැටියැ හැකි. එයින් ‘හියැ’ (හිවැ - හියැ) යනු ලැබියැ හැකි. 3. දැහැ – ‘දහ’ (හැරුම්හි) දයින් වූ පූර්ව ක්රිීයා නිපාත යි.
39
අන්වය: –– දුදසුන් නිවන් පානා හව් මුනිඳුන් පෙවෙණි බිම් දේනා නම් මන නඳන් වෙහෙරෙක් එහි වී,
104 සස දා
පදාර්ථ් : –– දුර්දර්ශන වූ නිර්වණය ප්රණකාශ කරන්නා වූ සකල මුනීන්ද්රදයන් ගේ ප්ර්වෙණි භූමි (වූ) ජේතවන නම් මනොනන්දන වූ විහාරයෙක් එහි වී යැ.
ටිප්පණී: –– 1. එහි –– ‘ඒ ශ්රාිවස්ති පුර සමීපයෙහි’ යනු පුරාණ සන්න යි. 2. දේනා –– ජේතවන. ජේත නම් රජ කුමරුවා ගේ උයනෙහි කැරැවුණු බැවින් ඒ ජේතවන නම් වී. 3. මන නඳන් –– මනට නඳන්. නඳනුයේ (සතුටු කරනුයේ) නඳන්. 4. දුදසුන් –– දුක සේ (ඉතා මහත් ආයාසයෙන්කළ යුතු දසුන්(දර්ශනය-දැක්ම) යමෙක්හි ද ඒ දුදසුන්. නිවන් දැක්ම එ තරම් දුෂ්කර වන හෙයින් මෙසේ කියත්. දුෂ්ට වූ (නපුරු වූ) දර්ශනය (දැකීම ද) දුදසුන්’ නම් වේ. මේ අරුත මැ දුටු සැදැහැවත් ලියන්නෝ නිවනට ‘දුදසුන්’ යන විශෙෂණය කරනුවට නොකැමැත් තෙන්, පෙළෙහි ‘දු’ යන්න කපා ‘සු’ යන්න ලියූ හ; එහෙත් ‘දුර්දර්ශන’ යන සන්න පදයට වෙනසක් නොකළහ. 5. පානා –– නිර්වාණය ස්වභාවයෙන් මැ දුර්දර්ශන යැ. එහෙත් බුදුවරු එය සුවසේපාති, හෙවත් සුදර්ශන කෙරෙති. 6. පෙවෙණි බිම් –– පරම්පරාවට මැ අයිති වැ විඳිනු ලබන්නේ පෙවෙණි බිම් යැ. සංස්කෘතයෙහි ‘ප්රරවෙණි’ යන්නෙන් මේ අර්ථවය ලැබෙන බවෙක් නො පෙනේ; එහෙත් පාලි ‘පවෙණි’ යන්නෙන් ලැබේ. සිංහලයෙහි ද පළමු වූයේ ‘පමුණු’ යන්න යි. එයින් මැ ‘පෙවෙණි’ යනු ද වු හ යි සිතියැ හැකි.
40
අන්වය: –– එහි සෙ මිණිනි බඳ පවුරු, සක්වළ ගලැ ඉඳැ, පෙරැළී වටැ සළා දුන් මුනිඳු යස රැස් කියෙලී.
පදාර්ථන : –– එහි ස්ඵටික මණියෙන් බඳනා ලද ප්රාලකාරය තෙමේ, චක්රානවාට පර්වතයෙහි වැදි පස්සට හැරී හාත්පසැ කරකැවී ගියා වූ මුනීන්ද්රල සමූහය හැඟැවී යැ.
විවරණය 105
විස්තර : –– බුදුන් ගේ කීර්ති සමූහය ලොව පුරා පැතිරී ගොස් සක්වළ ගලෙහි හැපී පස්සට හැරී වටා කරකැවී ගියේ නම් යම් බඳු වේ ද, ජේතවන විහාරය වටා පළිඟුයෙන් බඳනා ලද ප්රාගකාරය බඳු යැ. පවුර ඉතා සුදු බව ද ඉතා විශාල බවද මෙයින් හැඟැවිණ.
ටිප්පණී : –– 1. ඉඳැ –– නැවැතී. දිවෙන යස රැස් සක්වළ ගලට පැමිණ කලැ දිවුම් නවතන්නට වෙයි. එ හෙයිනි සන්න කාරයන් ‘ඉඳැ’ යන්නට ‘පැහැරැ’ යැ යි ඇරුත් පැවැසුයේ. 2. සළා –– ඡටා. සුළි ප්ර‘වාහයකට සම්බාබාධකයක් වූ තන්හි සුළියක් ඇති වනු ස්වභාව යි. 3. කියෙලී––‘කියොල’ (හැඟවීමෙහි) ධාතු යි.‘කියාලී’ යන්න ‘කියලී’ වියැ යි ඇතැමෙක් සිතති. කෂ්ට මතයෙකි. 4. සෙ මිණිනි ––ශ්වෙත මණියෙන්. සුදු මිණියෙන්. මෙ නම් පළිඟු යැ යි කියති. කිරිගරුඬ නම් (Marble) ගල්, වෙසෙසැ යි කීම වඩා මැනැවැ යි හැඟේ. එයට ‘මණිශිලා’ යැ යි නමෙකි. කෙසේ වුව ද බිතු පවුරු පළිඟුයෙන් කළ සේ වැනීම පුරාතනයනට මහ මිහිරෙකි. පිටපත්හි පෙළ ‘සෙ මිණි බඳ’ යනු මැ දක්වයි. සන්නය ‘ස්ඵටික මාණික්යනයෙන්’ යනුයෙන් මැ අරුත් පවසයි. ‘සෙ මිණිනි’ යන තන්හි යන්න හැළුණ භ යි සිතියැ හැකි. ‘සෙ මිණි’ යැ යි ගත ද අගැ ලුහුව ගුරු කොටැ ගිණියැ හැකි බැවින්, විරිතට වන හානි නැති.
41 අන්වය : –– එහි රුසිරු පළ හෙළ රුදු දොරටුහලු, පුද හේ බිම් දෙබෙරා නැඟි අනත පණ මඩුලු වත් බිජී.
පදාර්ථන : –– එහි රුචිර වූ ව්‍යාප්ත වූ ධවල වූ මහත් වූ ද්වාරාට්ටාලය (තෙමේ) පූජා හේතු කොටැගෙනැ භූමිය විදාරණය කොටැ නැඟුණා වූ අනන්තයාගේ ඵණ මණ්ඩලය මෙන් හෙබියේ යැ.
106 සස දා
විස්තරය : –– වෙහෙර පවුරෙහි මය දොරටුයේ අටලුව වෙයි. ඒ සිත්කලු යැ, පළල් යැ, සුදු යැ, මහත් යැ, හැඩයෙන් එක්තැන් වූ නයි පෙණ සමූයහක් වැන්නැ. එ තරම් මහත් පෙණ සමූහයක් ඇති වීමට නම් නයා ඉතා මහත් වියැ යුතු යැ. එ හෙයින් අනන්තයා ගේ පෙණ සමූහය වැන්නැ යි කියනු යෙදෙයි. හේ නම් කුමට එහි පැමිණේද ? බුදුන් වසන වෙහෙරට පූජා පිණිසැ අනන්තයා ද පැමීණෙනු නොබැරි යැ.
ටිප්පණී : –– 1. රුසිරු –– රුචිර. රුසි (රුචිය) කරනුයේ රුසිරු. 2. පළ–– පැතිරි සිටියේ ‘පළ’ නමි. Wide. මෙයින් ගැනෙනුයේ පළල යි. 3. රුදු–– මහත්. Great. මෙයින් ගැනෙනුයේ සියලු අතින් විශාල බව යි. සංස්කෘතයෙහි ‘රද්ර.’ යනු වෙයි. 4. දොරටුහලු –– දොර අටුහලු. දොරෙහි කරන ලද අටල්ල (අට්ටාලය) දොරටුහලුව යි. ‘අටලු’ (අට්ටාල) යනු පියසි මතුයෙහි තනන ලද ගබඩාවට නම් වේ. පහයෙහි උපරිම තලයෙහි කැරුණු ගබඩාව ද මෙ නමින ගැනේ. ගබඩාවක් නැත ද දොර ආදියෙහි ඉහළ කැරුණු නිර්මනණය ‘අටුලු’ නමින දන්නා ලැබේ. පුරාණ කාලයෙහි මහ දොර මුදුනෙහි අටල්ලක් තනනු සිරිති. එ බඳු අට්ටයක් (අටුවක්) ඇති දොර යැ ‘දොරටු’ නමින ගැනෙන්නට වූයේ. ‘අට්ටාල’ යනු සිංහලයෙහි ‘අටලු’ ‘අටුහලු’ යනු දෙ ලෙසින් මැ සිටී. භෂාන්තරයෙන් ගැනුණු ඇතැම් ශබ්ද සිංහල වීමෙහි දී දීර්ඝය තුබූ තන්හි ‘හ’ යන්නෙක් ඇතැම් විටැ පැමිණේ. ‘විහිණා’ (වීණා) ‘තහළම්’ (තාළම්) යනාදිය ද විමසන්නේ යැ. ‘අට්ට ශාලා’ යන අර්ථ යෙහි ‘අටුයලු’ යනු යෙදෙති යි ද කියති. 5. දෙබෙරා –– දෙබේ කොටැ. දෙබේ කිරීමෙහි ‘දෙබෙර’ යනු ධාතුයි. 6. පණ මඩුලු –– අනන්තයා ගේ පෙණ දහසෙකි. පුරාතන දේවස්ථානාදිය ඉදිරියෙහි කැරුණු අට්ටාලය පෙණ මහත් ගණනක් එක් කොටැ පෑ තැනක් බඳු මැ යැ. ‘මඬුලු’ යනු මෙහි සමූයාර්ථැයෙහි යෙදිණ.
විවරණය 107 42
අන්වය : –– සඳ සඳුන් කෙලෙස ගිරි සක් කැල්මෙන් හනා දිමුතු වැලි අතුළ වන් රමණී මළු නුවන් කල්.
පදාර්ථන : –– චන්ද්ර චන්දන කෛලාස පර්වත ශඞ්ඛ කාන්තියෙන් අනා දීප්තිමත් වූ වැලි අතුළාක් වැනි වූ රමණීය වූ මාලකය නයන කාන්ත යි.
විස්තර : –– ඒ වෙහෙරෙහි මළුව (මිදුල) ඉතා සුදු වැලි අතුරන ලද්දේ යැ. වැලි කො තරම් සුදු ද යත හොත්, චන්ද්රායා ගේ ද චන්දනයෙහි ද කෛලාස පර්වතයෙහි ද ශඞ්ඛයෙහි ද කාන්තියෙන් අනන ලද සේ යැ.
ටිප්පණී : –– 1. සඳ .............සක් –– මෙහි ගැනුණේ සුදු බව ගැනැ ලෝකප්රපසිද්ධ වූ වස්තු කිහිපයෙකි. 2. සඳුන් –– අවිශෙෂ කොටැ මෙ සේ කී කලැ ගැනෙනුයේ සුදු සඳුනි. 3. කෙලෙස ගිරි –– කෛලාස පර්වතය හිමාලයයෙහි දකුණු පසැ පිහිටියේ යැ. සදා හිමෙන් වැසුණු හෙයින් ඒ සුදෝ සුදු යැ. 4. කැල්මෙන් –– ‘කල’ (ඇලුම් කළ යුතු වීමෙහි) දයින් වූ භාව නාමය ‘කැලුම්’ යනු යි. 5. රමණි සිත්කලු වූයේ ‘රමණි’ යැ. 6. නුවන් කල් –– නයනකාන්ත ඇසට ප්රි ය.
43
අන්වය :–– එහි වොරජනා නන්රුවන් වුවා ගඳ කුළු,විහි වමිය ලකළ රුසිරු කිරුළු එව් ලෝ නුවන් බඳ.
පදාර්ථ : –– එහි විරාජමනා වන්නා වූ නානාරත්නමය වූ ගන්ධකුටිය, මහී නැමැති කාන්තාව ගේ අලඞ්කෘත කළා වූ රුචිර වූ කිරීටය ෙමන් ලෝකයා ගේ නයන බන්ධනය කෙළේ යැ .
108 සස දා
ටිප්පණී : –– 1. ගඳ කුළු–– දැන් යෙදෙනුයේ ‘ගඳ කිළි’ යනු යි. බුදුන් ගේ වාසභවනය ‘ගඳ කුළු’ (ගන්ධකුටි) නමි. 2. නුවන් බඳ –– ඇස් බැඳීම නම් දර්ශනියත්වය නිසා ඇස් වසඟ කිරීම යි. Captivated the eyes. 44 අන්වය : –– එහි පොකුණු , සිහිල් සිලිලට සැඬරස් රස් වරා ගුලු පියුම් ඉළු රොන් පළලු පට පොරොළ එව්, බිජී. පදාර්ථන : –– එහි පුෂ්කරණිය, ශීතල වූ සලිලයට (ජලයට) චණ්ඩරශ්මීහු (සූර්යා) ගේ රශ්මිය වළකා ගලිත පද්ම වන රෙණු පටල නමැති පටය (වස්ත්‍රය) පෙරැවුවාක් මෙන්, හෙබියේ යැ. විස්තර : –– ඒ ජේතවන විහාරයෙහි මහ පියුම් පොකුණෙකි. එහි දියෙක් නො ෙපනේ. පෙනෙනුයේ වස්ත්රහයක් මෙන් දිය වසාගෙනැ සිටි පද්ම රෙණු පටලය යි. පියුම් වනයෙන් ගිලිහුණා වූ රොන් දිය මතැ රැදී මුළු පොකුණ වසාගෙනැ සිටියේ යැ. පොකුණ කුමක් කොටැගෙනැ සිටින්නා වැනි ද ? සූර්ය රශ්මිය වැටුණ හොත් සිලිලෙහි සිහිල් බව නැති වේ යැ යි සිතා , ඒ සිලිලට හිරු රස් නොවැටෙන පිණිසැ, පද්ම රෙණු පටල පටය පෙරෙවැගෙනැ සිටින්නා වැන්නැ.
දෙන ලද අන්වයය නිවැරැදි නම් ගීය බැඳි අයුරු නොමැනැවි. ආසත්ති ගුණය නැසෙන හෙයිනි.
‘බිජී පොකුණු ගුලු - පියමිළු රොන් පළලු පට සිහිල් සිලිලට පොරළෙව් - සැඬරස් රස් වරා එහි’
යැ යි ගත දොස් නැති.
ටිප්පණී : –– 1. සැඬරස් –– සැඬ වූ රස් යමක් හු ගේ ද හේ සැඬරස්. හිරුට නමි. 2. වරා –– ‘වර’ (වැළැක්විමෙහි- දුරු කිරීමෙහි) ධාතු යි. 3. පොරොළ ––‘පොරොර’
විවරණය 109
(පෙරැවීමෙහි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි. පොරොරා - පොරොරති - පෙරෙරී, පොරොළ - පෙරෙරූ, පොරොළෙ. 4. ගුලු ––ගිලිහුණා වූ. මේ අර්ථයෙහි ‘ගල’ ධාතු ‘බම’ ආදි ගණ යි. 5. ඉළු –– වනය. 6. පළල –– පටල. Layer. දැන් වහරෙහි එන ‘පැළැලි’ යනු මේ ‘පළලු’ යන්නෙහි විකෘතියෙකි. පළලු මැ පැළැලි. 7. පට –– වස්ත්රතය.
45
අන්වය : –– එහි සිවුකන් ලඹ නල ලොල කිකිණි රැවුනෙන් දහම් සබ තෙමෙ ද නරතුරු දහම් පිරිවන්න වන්.
පදාර්ථ : –– එහි සතර කොනෙහි එල්ලෙන ලද අනිල - ලුලිත කිඩ්කිණික රාවය කරණ කොටැගෙනැ, ධර්මඑ සභාව තෙමේ ද නිරන්තරයෙන් ධර්ම-ය පඨනය කරන්නාක් වැනි යැ.
විස්තර : –– ඒ ෙජ්තවන විහාරයෙහි සතර කොන්හි කිකිණි දැල් එල්ලන ලද්දේ යැ. සුළඟින් සෙලැවුණ වූ මේ කිකිණි හඬ නඬයි. එයින් ධර්මන සහාව ද ධර්ම ය පටන්නා (පාඩම් කරන්නා) සේ ඇසේ.
‘දහම් සබ තොමො ද’ යනු යැ පිටපත්හි බෙහෙවින් එන පාඨය. ඇතැම් පිටපතෙකැ ‘දම් සබ’ යනු ද පෙනේ. සන්නය ‘ධර්ම.සභා තොමෝ ද’ යන අරුත දෙයි. එ තන්හි එය යෙදුණ ද ‘දහම් සබ තොමො ද’ යනු හෝ ‘දම් සබ තොමො ද’ යනු හෝ ගැළැපෙන බවෙක් නො පෙනේ. ‘සබ’ යනු හෙළුයෙහි නිපුස් ලිඟු වන හෙයිනි.
‘දම් සබ’ඹ තොමො ද දහම්’
යැ යි තුන් වැනි පය ගත. හොත් මනැවින් ගැළැපේ. ‘ධර්ම සභා නමැති ස්ත්රීලය ද’ යන ඈ විසින් අරුත වෙයි.
110 සස දා
ටිප්පණී : –– 1. ලඹ –– ධාතු රූපය මැ. අතීත කෘදන්ත නාමය වැ සිටි තැනි. 2. ලොල –– මෙ ද ධාතු රූපය මැ අතීත කෘදන්ත නාම වැ සිටි තැනි. ලල-ලොල-ලෙල- යන තුන් ලෙසින් මැ ධාතු සිටී. 3. කිකිණි –– කිඞ්කිණි. ‘කිණි කිණි’ යන හඬ නඟන හෙයිනි රහුවට මේ නම වනුයේ. 4. පිරිවන්න වන්––‘පිරිවහ’ යනු වනපොත් කිරීමෙහි පිරුවහ -පිරිවා- පිරුවා- පිරිව- පිරුව- යන ස අයුරින් මැ සිටී.
‘පිරුවන නිති අකුරු’ (කවිසේකර)
‘පිරුවනා පොත’ (ව්ය වහාර)
පිරිවන්නාවන් = පිරිවන්න වන්.
46
අන්වය : –– මුවරඳ වැළ අවල නල ලොල පලු උයන් තුරු, සුර සැවු විදු කැල බඳ මහ මේ මෙන්, ගිම් එඩි මැඬි
පදාර්ථ : –– මකරන්ද ආවලියෙන් ආකුල වූ අනිල - ලුලිත පල්ලව ඇත්තා වූ උද්යමන වෘක්ෂ තෙමේ, ඉන්ද්ර්චාප විද්යරත්සමූහ බද්ධ වූ මහා මෙඝයක් මෙන්, ඝර්මදයා ගේ දර්ප මර්දනය කෙළේ යැ.
විස්තර : –– උයන් තුර මහ වැසි වලා කුළක් මෙන් ගම් නිවී යැ. උයන් තුරෙහි මල් රොන් වැළ දේදුනු වැන්නැ.
පිටපත්හි මේ ගීයේ පළමු වන පය එනුයේ, ––
‘මුවරඳ වලනවල’
යන ලෙසිනි. ‘මකරන්ද වලයයෙන් ගැවැසී ගත්තා වූ’ යන අරුත පැවැසිණ. ‘වලන්’ යන්න ‘වලයයෙන්’ යන ඇරුත දීමෙහි පොහොසත් නො වේ. ‘මුවරඳ වලනවල’ යනු නව මති. එ හෙයින් යොන් ගී විරිත බිඳේ.
විවරණය 111
‘සුර සැවු විදු කැලන් බඳ’
යනු යැ තුන් වැනි පය වැ එනුයේ. විරිත බිඳී.
ටිප්පණී : –– 1. වැළ –– ආවලී. නොකඩ පෙළ ‘වැළ’ නමි. මුවරඳ වැළ කිහිපයක් වූ කලැ ඒ දෙව් දුන්නක් වැනි වේ මැ යැ. 2. නලලොලපලු –– නෙලෙන් ලොල නලලොල. නලලොල වූ පලු යමෙක්හිද ඒ නලලොලපලු.
47
අන්වය: –– එහි නුබ වුලුඹුනා සුනිල් තුරු සා, රිවි සඳ බියෙන් එ අබිය තැන් වන් නැබුළු තම රැස් රැපෑ.
පදාර්ථන : –– එහි ආකාශය පැහැරැගන්නා වූ සුනීල වෘක්ෂශාඛාවෝ, චන්ද්ර සූර්ය හීතියෙන් ඒ අභය ස්ථානයට ප්රරවිෂ්ට වූ මහත් වූ අන්ධකාරස්කන්ධයන් ප්ර්කාශ කළහ හ.
විස්තර: –– ඒ ජේතවන විහාරයෙහි වෘක්ෂ ශාඛාවෝ ආකාශය පැහැරැගන්නෝ යැ. ඔහු අහසින් වැඩි සරියක් බලාත්කාරයෙන් තමනට අයත කැරැගනිති. එ තරම් උස්හු යැ. එතරම් මහත්හු යැ. ඝන නිල පත්රග සඤ්ඡන්න වූ ඒ වෘක්ෂ ශාඛාවන් දාවල්හි දු රාත්රිුයෙහි දු පෙනෙනුයේ මහත් අන්ධකාරස්කන්ධයන් මෙනි. රිවිහු දුට ද සඳු දුට ද ඒ අන්ධකාරස්කන්ධයෝ නො පලති. එ හෙයින ඔහු චනද්රි සූර්ය භීතියක් නැත්තා වූ ඒ සථානයට වැදුණවුන් වැන්නෝ යැ.
චන්ද්ර සූර්යයනට ද භය පැමිණි කල්හි සරණ ලබනුයේ ඒ ජේතවනයෙනි. ඉතින් ඔහු එතැනට කෙසේ නම් භය පමුණුවත් ද ?
‘නිලන කුස තණ පෙළ
පිළිබිඹු පැමිණි ගඟැ තුළ
රිවි රැස් බියෙනොසළ
අඳුරු සැඟැවුණු විලස පළ කළ’
යන තන්හි සිරි රහල්හු දු රිෙවි බියෙන් අඳුරු සැඟැවෙන ලෙසක් සලකවති.
112 සස දා
ටිප්පණී : –– 1. රැපෑ ඇරැ පෑ = (ආදි ස්වර ලෝපයෙන්) රැපෑ. ‘පා’ ධාතු ‘බස්’ ආදි පර පද යි. පවී -පවිති - පැයි, පැය්, පැය-පැයු, පැය්, පැය. ෙහළුයෙහි ‘ය්’ ‘යි’ සමාන යැ. එ හෙයින ‘පැයි’ යනු දෙ බස්හි මැ යෙදේ.
48
අන්වය : –– සිවු බඹ විහරණින් යුත් ඒ අප දිය බප්, විනේ කුමුදු දද රද මෙන් පොබයමිනි, එහි වෙසේ.
පදාර්ථො : –– සතර බ්ර්හ්ම වියරණයෙන් යුක්ත වූ ඒ අප ගේ ජගද්හාප තෙමේ විනෙය (ජන) නමැති කුමුදයන් ද්විජ රාජයා (චනද්රවයා) මෙන් ප්රයබොධ කෙරෙමින්, එහි (ඒ ජේතවන විහාරයෙහි) වාසය කෙරෙයි.
ටිප්පණී : –– 1. විනේ –– හික්මැවීමට සුදුස්සෝ. බුදුහු එ බන්දන් බලා මැ දම් දෙසති. ‘වි’ පූර්ව ‘නය’ ධාතු හික්මැවීමෙහි වැටේ. 2. කුමුදු –– හෙළ ්මානෙල්. සඳ රැසින් පිපෙති යි කවි සමය කියයි. 3. දද රද –– චන්ද්ර්යා ද්විජ රාජයා. ද්විවාරයක් ජනිත වූයේ ‘දිවිජ’ නමි. පළමු වරැ බිජුවට මෙන් ද අනතුරු වැ එයින් ද උපදනා හෙයින් කුරුල්ලෝ ද්විජයෝ යැ. පළමු වරැ හැළි යළි දු උපදනා හෙයින් දත් දිවිජ නමි. මවු කුසින් ඉපැදීම යැ. උපනයන කරන විටැ වෙදාධ්යෙයනටය සුදුසු වැ ඉපැදීම යැ යන ඉපැදුම් දෙකක් ඇති හෙයින් බ්රා හ්මණ ක්ෂත්රිෙය වෛශ්ය යන වර්ණකත්රිමයයෙහි වූවෝ ද ද්විජයෝ යැ. (මොවුනතුරින් ‘ද්විජ’ නාමයට වැඩියක් මැ හිමි කම් කියන්නෝ බ්රා්හ්මණයෝ යැ.) අත්රි මහර්ෂිහු ගේ ඇසින් පළමු වන වරැ ද කිරි මුහුදින් දෙ වන වරැ ද උපන් හෙයින් චන්ද්රයයා ද ද්විජයෙකි. සකල දිවිජයන් අතරැ ශ්රෙ ෂ්ඨ වන හෙයින් චන්ද්ර් ද්විජ රාජ නම් වේ. ද්විජයනට (බමුණනට) රජ වන බැවින් චන්ද්ර්යාට ද්විදජ රාජ යන නාමය යෙදෙති යි ද
විවරණය 113
කියත් මැ යිග 4. සිවු බඹ විහරණින් –– සතර බ්රවහ්ම විහරණයෙන්. විහරණය නම් වසන අන්දම යි. බ්රුහ්මයා (1) මෛත්රි්, (2) කරුණා, (3) මුදිතා, (4) උපෙක්ෂා යන සතරින් යුතු වැ මැ වෙසේ ල. එ හෙයින එ සතර බ්රරහ්ම විහරණ නම් වී. ‘බ්රනහ්ම’ යනු උත්තමාර්ථිය ද දෙති. එය ගත හොත් බඹ විහරණ නම් උතුම් හැසිරීම යි. බුදුහු දු සතර බඹ වෙහෙරින් වෙසෙති. 5. දිය බප් –– ලෝකයේ විද්වතා. සංස්කෘතයෙහි ‘භාප’ යනු විද්වතාට නමි. මෙහි ‘දියබප්’ යනුයෙන් ගැනුණේ බුදුහු යැ. බුදුනට වඩනා විද්වතකු ලොවැ නැති හෙයින් යෙදෙයි.
49
අන්වය: –– එහි දෙවි බඹ නා ගුරුළු කැන් අරද පුද කරත මුළු ලෝ අසිරින් පිරි ; දෙ සහන් එකලු වැ බිජී.
පදාර්ථ් : –– එහි දිව්ය බ්රදහ්ම නාග ගරුඬ සමූහයන් නිරන්තරයෙන් පුජා කරත් මැ, සමස්ත ලෝකය ආශ්චර්යයෙන් පිරුණේ යැ; දිවිසහස්රිාය එකාලොක වැ භ්රා ජිත වී යැ.
විස්තර : –– සන්නයට ගත් පෙළෙහි ගීය, ––
‘අරද කරතෙහි පුද - දෙවි බඹ නා ගුරුළු කැන් දස හස් එකලු වැ බිජී - මුළු ලෝ පිරි අසිරින්’
යැ යි පිටපත්හි දැක්විණ. යොන් ගී විරිත නසී. ‘සමස්ත ලොකය ආශ්චර්යයෙන් පුරිත වැ ගියේ. දශසහස්රිම ලොක ධාතුව එකාලොක වී’ යනු සන්න යි. සන්නයෙන් පෙනීයනුයේ එය අර ගීය බලා නොකළ බවයි. පසු වැ ආ වැකියට පළමු කොටැ ඇරුත් කියා පළමු වැකියට පසු වැ අරුත් කියන්නෝ කවුරු ද ?
ටිප්පණී : –– 1. අරද –– නිරන්තරාර්ථ යෙහි නිපාතයෙකි. 2. පිරි–– ‘බස්’ ආදි ගණ ආත්මනෙ පද අකර්ම ක ‘පුර’ ධාතුයෙන් වූ අතීත ඒකවචන ආඛ්යාත යි. පිරේ-පිරෙති-
114 සස දා
පිරිණි, පිරි, පිනි - පිරුණු, පිරි පුනු. 8. දෙ සහස් –– ද්වි–සහස්රිබ ලෝක ධාතුව. ලෝක ධාතු (සක්වළ) සහස්රියෙක් (දහසෙක්) සහස්රි ලෝක ධාතු නම් වෙයි. සහස්රීර ලෝක ධාතුව සහස්රෙයෙකින් ගුණ කළ කලැ ඒ (ලෝක ධාතු දශ ලක්ෂය) ද්වි සහස්රීත ලෝක ධාතු නම ලබයි. සහස්ර ද්වයයක් ගුණිත වූයෙන් දශ ලක්ෂය ද්විසහස්රිස නාමයට එයි. එයින් කී හ ගුරුළු ගෝමීහු , ––
‘දහසෙක් සක්වළ “සහස්රිි චුළනීය ලෝක ධාතු” නම් වෙයි. හේ සහස්රප සඞ්ඛ්යාෙයෙන් උපෙත වූයෙන් “සහස්රීන ලෝක ධාතු” නමුදු වී යැ, මධ්ය්ම ලෝක ධාතු පිණිසැ ක්ෂද්ර ක වන බැවින් “චූළනීය ලෝක ධාතු” නමුදු වී. මේ ශ්රානවකයනට විෂය යි.
මේ සේ “සහස්රිව චුළනීය ලෝක ධාතු” නම් ලද දහසක් සක්වළ එක් කොටැගෙනැ සහස්ර භාගයෙන් ගුණන ලද්දේ “ ද්විසහස්රි මධ්යඑම ලෝක ධාතු” නම් වෙයි. හේ දශ ලක්ෂයෙක් සක්වළැ. දෙ වන සහස්රායෙන් ගුණිත වූයෙන් “ද්විසහස්රිය ලෝක ධාතු” නමුදු වි යැ; මහා සහස්රීහ ලෝක ධාතු පිණිසැ “මධ්යරම ලෝක ධාතු” නමුදු වී. මේ, බුදුනට මිසැ, ශ්රාපවකයනට විෂය නොවේ” යැ යි.
සියලු සන්න පිටපත්හි, ‘දසහස් –– දසසහස්රිය ලොක ධාතුව’ යනු එයි. වරද පැහැදිලි යැ.
50
අන්වය: –– එ කල්, ස යුහු, කල් කුසුම් නෙ වතුන් ගෙනැ පිළිවෙළැ නන් දෙස්හි පැලැඹෙමින්, එහි පුද කළ වන්.
පදාර්ථ : –– ඒ කාලයෙහි, ෂඩ් සෘතූහු, කාලික කුසුමයන් (ද) අනෙක වස්තුන් ද,ගෙනැ, පරිපාටියෙන් (පැමිණැ,) නානා දිශායෙහි විජෘම්හිත වෙමින්, එහි පූජා කළ වැන්නෝ යැ.
විවරණය 115
විස්තරය : –– දිව්යළබ්රෙහාමාදි සවෙතනයෝ මැ බුදුන් පිදුවාහි නො වෙති; අචෙතනයෝ දු පිදුවාහි මැ යි. ඔවුනතුරෙහි ෂඩ් සෘතූහු ප්රදධාන වෙති. ඔහු ඒ ඒ කාලයට අයත් මල් ද තවත් නොයෙකුත් වස්තු ද ගෙන පිළිවෙළින් පැමිණැ ඒ ඒ දිශායෙහි රැඳි බුදුන් පිදුවෝ යැ.
සන්න පිටපත් පෙළෙහි ‘සයුහු. යන්න නො ඇදැ මැ ‘ෂට් සෘතුහු ගේ අනන්ත වූ’ යන අරුත දෙයි. ෂට් සෘතුහු ගේ’ යනු මැ දුෂ්ට යැ. ‘ස යුහු’ යන්නට ‘ෂට්’ සෘතුහු’ යන අරුත දී ‘තමන් ගේ අනන්ත වූ’ යන්නක් අතින් බහා, ‘කල් කුසුම්’ යන්නට විශෙෂණ කළ සේ සැලැකියැ හැකි.
ටිප්පණී: –– 1. කල් කුසුම් –– ග්රී ෂ්ම ආදී ඒ ඒ කාලයට (සෘතුවට) අයත් මල්. 2. නෙ වතුන් –– ‘හංසකෝකිලාදි නානා වස්තුන් ද’ යනු පුරාණ සන්න යි. පෙළට ගැනැණේ ‘නෙ වතුන්’ යනු යි. එහෙත් ‘න්’ යන්න නොගැළැපෙන බව පැහැදිලි යැ, මෙ තැනැ ‘වතුන්’ යනු යෙදීම සුදුසු වන්නට නම් එ තැනැ කුසුම්’ යනු නො වැ ‘කුසුමන්’ යනු යෙදුව මනා යැ, එ පමණෙක් මැ නො වේ. ‘කල් කුසුම් ගෙනැ නෙ වතුන්’ යනු රචනා රිතිය බිඳී. ‘කුසුම්’ ‘වතුන්’ යන දෙක එක් කරන නිපාතයක් නැති හෙයිනි.’වතුත්’යනු පාඨය කොටැ ගෙනැ මේ දොෂය දුරු කළ හැකි වුව ද අනෙක් දොෂයෙක් පැනැ නගී. ‘කුසුම් නෙ වතුන්’ ගෙනැ යැ යි කී කලැ කුසුම් වත් (වස්තු) නොවන බවෙක් හැඟැවෙයි. පුරාණ සන්නය ‘වතුන්’ යන්නට ‘හංස කෝකිලාදි නානා වස්තූන් ද’ යි අරුත් බැණැ, එ කී දොස මග හරවන්නට තැත් කෙරෙයි. තැත් කරනු පමණෙකි. දොෂය නො යේ. ‘වත්’ (වස්තු) නාමයෙන් සචෙතනයන් ගැනීමෙන් දොස මඟ හැරෙනු වෙනුවට වැඩි වෙයි සන්නය දෙන අරුත සුදුසු වන්නට නම් සුදුසු වනුයේ ,
‘ගෙනැ නෙ සතුනුත් පිළිවෙළැ’
යන්න වැන්නෙක්. අගැ ලුහුව අරක් කොටැ ගිණීමෙන් විරිත රැකැගැන්මෙක් එ විටැ අනවශ්‍ය වෙයි. 3. පිළිවෙළැ –– ‘පිළිවෙළ’ යනුයැ පිටපත්හි ලැබෙන පාඨය
116 සස දා
කාලය නිසා ‘ඇ’ යන්නට කළ වරද ගණනට ගත් කලැ ‘පිළිවෙළැ’ යන පාඨයට ඉඩ ලැබේ. මෙයට පුරාන සන්නය පවසනුයේ ‘පටිපාටියෙන් ගතාගත වැ තමතමනට ප්රාකප්ත කාලයෙහි’ යන අරුත යි. ‘තමතමනට ප්රාැප්ත කාලයෙහි’ යනු විස්තරයත්, ‘පටිපාටියෙන් ගතාගත වැ,’ යනු පදගතාර්ථනයත් ලෙස සලකත් හොත් ‘පිළිවෙළ’ යනු පූර්ව ක්රිායා නිපාතයෙකැ යි ගත යුතු වේ. ‘පිළිවෙළැ’ යනු ධාතු වත් හොත් වරනැඟීම වනුයේ පිළිවෙළේ-පිළිවෙළෙති- පිළිවෙළිණි, පිළිවෙළි - පිළිවෙළුණු, පිළිවෙළි- යන ලෙසට යි. ‘රක්’ ආදි ගණ ආත්මනෙ පද ධාතුවෙකැ යි සැලැකුණු විට පිළිවෙළි - පිළිවෙළැ යන පූර්ව ක්රිගයා නිපාත රූප දෙකට මැ ඉඩ ලැබේ. ‘පටිපාටියෙහි’ යන අරුත බිණුව හොත් ‘පිළිවෙළැ’ යනු පූර්ව ක්රිායා නිපාතයෙක් නො වේ. පුරාණ සන්නට දෙන ඇරුත මෙ බඳු අරුත් බිණුමකට ඉඩ නො දේ. 4. ස යුහු –– ෂඩ් ඍතූහු. ‘යු’ යනු ඍතුවට නම් වන සේ ගත් බවට සැක නැති. සිරි රහල්හු ද ––
‘අඹ මහරි මිදෙල්
පියුම් සහ කොඳ ලොත් මල්
පඬුරු ගෙනැ ස යු කල්
පිදු වැනි එක විටැ මැ දසඹුල්’
යන තන්හි ‘යු’ යනු ඍතු පර්යාය කොටැ යෙදු හ.