සමාධි බුදු පිළිමය
බුදුරජාණන් වභන්සේ සමාධියට සමවැදී වැඩ සිටින අයුරු නිරූපණය කරන සිවිවන සියවසට පමණ අයත් යැයි සැලකෙන සමාධි මුද්‍රාවෙන් යුතු මෙම පිළිමය,
උසස් ශිල්පියෙකුගේ නිර්මාණයකැයි විචාරකයෝ පවසති.මෙම විශිෂ්ට පිළිමයට පුරවසන්කුලමෙන් භමුවුණු පිළිමය සබදකමක් දක්වයි.ගස්කොළන්වලින් වැසී
තිබුණු මෙම ස්ථානයෙහි වර්ෂ 1886 දී පිළිමය සොයාගන්නා විට බිම පතිත වී තිබිණි.ආසනයෙන් වෙන්වී බිමට වැටීමෙන් තුවාල වූ නැහැය සිමෙන්තියෙන්
පිළිසකර කිරීම පිළිමයේ ස්වරූපයට ගැළපෙන අයුරින් සිදුවී නොමැති බැව් ඒ දෙස බැලීමෙන් මනාව පැහැදිලි වේ.පපුවෙහි හා උදරයෙහි දක්නට ලැබෙන තුවාල
ළකුණු,නිදන් සොරුන්ගෙන් සිදුවූ ඒවා යැයි පැවසේ.
සුරත වමත මත තබා ඇත.වම් උරහිස වසා ඇති සිවුර පපුව හරහා නෙළා ඇති සියුම් ඉරෙන් හෙළිවේ.දකුණු දණහිසෙන් නැමුණු දකුණු කකුල,එලෙසම
නැමුණු වම් කකුල මත ඇත.මේ වැඩ සිටින ආසන ක්‍රමය දේශීය ප්‍රතිමාවලට ආවේණික වූවකි.මෙය වෙනුවට භාරතීය ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන්නේ පද්මාසනයයි.
මෙම පිළිමයේ පුරාණයේදී සායම් ආලේප කර තිබූ බවට දැක්විය හැකි හොදම සාධකය වන්නේ විනාශ වී නොගොස් රැකුණු සායම් කොටස්ය.
පිළිමය අඩි 7අගල් 3 ක් උසය. ශ්‍රීමත් නේරු තුමා ධේරා ධූරන්හි සිරගෙයි සිර දඩුවම් විදිද්දී මේ ප්‍රතිමාවෙහි අනුරුවක් සිර කූඩුව තුළ තබාගැනීමෙන් එයින් අස්වැසුම් ලබාගත් බව එතුමාගේ
පොතක සදභන් වේ. සමාධි පිළිමය වැඩ සිටින ස්ථානයෙහි අතීතයෙහි බෝධිඝරයක් විය.අභයගිරි විහාරයට අයත් මේ බෝධිඝරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1960දී කළ
කැණීමකදී සොයාගන්නා ලදී. බෝධිඝරයෙහි මැද වූ ගඩොල් බැම්ම තුළ බෝ රුක විය.ගඩොල් වරි නොගැලවී තවම ලඹේට පවත්නා ඒ ගඩොල් බැම්ම පුරාණ පෙදරේරුවන්ගේ දක්ෂතාව
පිළිබිඹු කරන්නකි.බෝධිඝරය තුළ බෝධියට පිට දී වැඩ හුන් පිළිම තුනක් උතුරෙහි,බස්නාහිරෙහි හා දකුණෙහි විය.උතුරෙහි වනුයේ ඉහත සදහන් සමාධි පිළිමයයි
.අනෙක් දෙපසෙහි ඇත්තේ ප්‍රතිමාවන්හි ශේෂයෝය.බෝධිඝරය නැගෙනහිරට මුහුණලා සිටි බව පෙනේ.නැගෙනහිර පසෙහි හැර අනෙක් තුන් පැත්තේම ගල් කණු
වූ බව ගොඩනැගිල්ල පෑදීමේදී අනාවරණය වී තිබේ.ගඩොල් බැම්ම වටා ඇති ගල් කණු මත වහලයක් විය.ඒ වහලයට අයත් පැතලි උළු කැබලි කැණීමේදී හමුවිය.
<බෝධිය වූ මැද කොටසට ආවරණයක් නොතිබිණ.බෝධිය පිහිටි මළුවට බැසීම සදහා ඊශාන දිගෙහි පඩිපෙළක් තිබෙන්නට ඇත. මෙහි මතුපිට තිබී ආසන ගලක් හා සිරිපතුල් ගලක් හමු වී තිබේ.සමාධි පිළිමය ඉදිරිපිට සවි කර ඇත්තේ ඒ ආසන ගලයි.කැණීමෙදී හමු වූ වට ටැඹය වැදගත්
හමුවීමකි.අනුරාධපුරයෙහි ඇති කුළුණු සතරැස් හෝ අටපට්ටම් හෝ වේ.වට ටැම් දක්නට ලැබෙන්නේ රුවන්වැලිසෑයට නැගෙනහිරින් වූ රෝහලෙහි පමණි.
මහාසේන(ක්‍රි.ව.276-303)රජුගේ කාලයට අයත් මේ බෝගෙය සිවිවන මිහිදු(ක්‍රි.ව.956-972)රජු විසින් පිළිසකර කර ඇති බව පතපොතින් පැහැදිලි වේ.
ආර්.ඒ.එල්.රත්නායක
AR/50865
AF/04/3254