සඳ කිඳුරු දා කව-සඳකිඳුරු ජාතකය

සඳකිඳුරු ජාතකය

යටගිය දවස බරණැස් නුවර බ්ර හ්මදත්ත නම් රජ්ජුරු කෙනකුන් රාජ්ය ය කරන කල්හි පිරූ පාරමිතා ඇති මහබෝසත් හිමාලය වනයෙහි සඳකිඳුරු යෝනියෙහි උපන. ඔහු ගේ අඹුව ද චන්දාන නම. මොහු දෙදෙන ම රිදීපව්වෙක්හි වෙසෙති. එ කල බරණැස් රජ්ජුරුවෝ ඇමැතියන් අතට රජය පාවා දී කළු දෑ පිළී දෙකක් ඇඳ දුන්න ය. මුගුර ය අඩයටිය ය කඩුව ය පාරාවළල්ල ය යි යන පඤ්චායුධයෙන් සන්නද්ධෙව හිමවතට වැද මුවන් මරා කා ඇවිදි‍න්නෝ සුළු හොයකට පැමිණ හොය උඩ පාත මුව හසර බලා ඇවිදින්නෝ ය.

එහි රිදීපව්වෙහි වසන්නා වූ සඳකිඳුරෝ ද වැසි සාරමස ඒ පර්වුතපාදයෙහි ම ඇවිදිති. එ කලට යට කියන ලද සඳකිඳුරු රජ්ජුරුවෝ තමන් කිඳුරාඞ්ගනාව හා සමඟ පර්වවතයෙන් බැස ඒ ඒ ස්ථානයෙහි සඳුන්හර කඩා ගා විලවුන් ගන්නාහු ය. තවද මල්පට හඳනාහු පොරෝනාහු ලිය හෝවිල්ලෙහි කෙළනාහු මිහිරි සරයෙන් ගී කියන්නාහු යට කියන ලද්දා වූ හොටය පැමිණ ඒ හොය වකෙක ගොඩ තුබූ වැල්ලකට බැස දියවළ මුල් කඩා දමා දිය කෙළ මල් පට හැඳ පෙරව රිදී පටක් බඳු වූ වැලිතෙලෙහි මල් හසුන් පනවා එක් වස්කුළලක් පිඹිමින් ගී කිය කියා කුසුමාසන මස්තකයෙහි උන්හ. එ කල්හි කින්නරාඞ්ගනාව ද මහරි මල්දම් බඳු මොලොක් අත් නැමීමෙන් නැඟීමෙන් හෙළීමෙන් නුදුරු තැන්හි සිට ගී කියා කියා විසතුරු නැටිමක් නටන්ට පටන් ගත්හ.

එ සඳ බරණැස් රජ්ජුරුවෝ ඒ ගායනා ශබ්දය අසා පියසන් නො ඇසෙන සේ සෙමෙන් අවුදින් සඳකිඳුරාණන් උන් නියාව ද නටමින් සිටි කින්නරාඞ්ගනාවන් ද දැක පිළිබඳ සිත් ඇති ව මේ කිඳුරා විද දිවි තොර කොට මෑ හා සමඟ වාසය කෙ‍ළෙම් නම් යහපතැයි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දාහ. කිඳුරාණෝ ඒ ශරප්රතහාරයෙන් වැහෙන්නා වවූ ලෙහෙයෙන් මහත් වෙදනාවෙන් මඬනා ලදු ව හඬන්ට වන්නෝ ය.

සබඳ, චන්ද්රිනකාව! මේ මා ගේ ජීවිතය තවද ආයූ ඇති ව තිබිය දී සන්තති විච්ඡෙදයෙන් නැසෙති යි සිතමි. එ බැවින් මම ති ගේ ක්රීදඩා විනොදනයෙහි නො ඇලෙමි. ලද ශරප්රරහාරයෙන් හා මා‍ ගේ ජීවිතය නොබෝ කලෙකින් කඳ සැඟවෙන්නේ ය. කකිය කකියා ගිය


                                                                                                                    255

සඳකිඳුරු ජාතකය

කබලෙක ලූ තල සෙයින් ද මුලින් සිඳ හෙළූ ගසක් සෙයින් ද නියංසමයෙහි පැන් සිඳී වියලි ගිය වලහෝකඳුරක් සෙයින් ද ක්රූමයෙන් ජීවිතවිනාශයට පැමිණෙන සේ බලව. පර්වෙතයෙක්හි වසින ලදු වක්ෂණක්ෂණයෙහි වැහෙන්නා වූ වර්ෂාි ජලධාරාවන් සෙයින් කඳුළු වැහෙන්ට පටන් ගත්තේ ය. වැලිත් මේ ශොකදුඃඛය උදක් මා හේ ම ජීවීත අපෙක්ෂාවෙන් නො වෙයි. මා මළ කල්හි මා ගේ වියොග ශොකයෙන් හඬා පෙර මා සමඟ එක් ව කෙළ ඇවිදි ලියමඬුලු වන ළැහැබ් අතළගල් ගංහිස් ගිරි මුඳුන් රුක්යට වැලිතල ආදි වූ ඒ ඒ තන්හි අඬා ඇවිදිනා ති ගේ අ‍ඳෝනා කම් අපෙක්ෂා කරන්නා වූ මම හඬන්නෙමි. යනාදීන් මෙසේ එ බෝසත් අඬා මල් ඇතිරි මත්තේ විසංඥ ව අනික් ඇළයට පෙරළී වැඳ හොත්තේ ය.

රජු ද විදි තැන ම සිටියෝ ය. චන්ද්රිාකා නම් කින්නරාඞ්ගන තොමෝ මහ බෝසත්හු මෙ ලෙස හඬතත් තමා ගේ කෙළියෙහි ඇලී මත් වන ලද්දී බෝසත්හු විත් කෑ නියාවක් නො දන්නී ය. එ තෙකුදු වුවත් මහසත්හු විසංඥ ව වැදහොත් නියාව දැක ඇයි මා ගේ ස්වාමි පුරුෂයාණන් මේ නියා වූ මා ගේ නැටුම් නො බලා වැද හෝනව කවර දුකෙක් උපන්නේ දැයි පරීක්ෂා කොට බලන්නී ප්රබහාරමුඛයෙන් වැහෙන්නා වූ ලේ දැක ප්රිෂය වූ ස්වාමිපුත්රංයා කෙරෙහි සෝක දරා ගත නො හී (ආක්රොැශ බෙණෙමින්) මහ හඬින් හඬන්නට වන්හ. සැඟවී සිටි රජ කිඳුරා මළේ වනැයි ‍හෙලින් බැස තී හඬන්නට කාරණ කවරේ දැ යි මම තී පාදපරිචාරිකා කොට සොළොස් දහසක් පුරඟනන්ට අග මෙහෙසුන් කෙරෙමි යන ආකාර දැන්වී ය.

කින්නරාඞ්ගනාව ද ඔහු දැක මේ සොරහු විසින් විදිනා ලද්දේ ය යි. භය ශොක දෙකින් වෙවුළමින් දිව ගෙන ගොස් පර්ව්ත මුඳුනට නැඟී රජහට අවන්ට පටන් ගත්හ. ඒ කෙසේ ද යත්? යම් රජෙක් මා ගේ කැමැති සමනන් කිසිලි මැඳ විදපී ද, එ තෙමේ විත් කෑ සරවේගයෙන් තැති ගත්තේ විසංඥ ව බිම වැද හොත්තේ ය. අනේ! මා ගල් මුඳුනෙක ලා මේ සා දුඃඛයක් උපදවන ලද පාපිෂ්ඨ වූ තා වැනි දොහියෙක් මා ගේ ස්වාමිපුත්රඳයාණන් මා උදෙසා ‍මැරී නම් මා ගේ ස්වාමිපුත්රයයාට පැමිණි මරණ දුඃඛය තට ම වේව යි; මට




256 සඳකිඳුරු ජාතකය

පැමිණියා වූ මේ සෝකය තා ගේ අඹුවන්ට ද වේව යි : තවද පවිටු වූ රජ, තා ගේ මවු ද තා නො දැක සොහොන් වදීව යි: තවද දුෂ්ට වූ මහරජ, තා ගේ ප්රමජාපති තොමෝ තමන් දරුවන් නො දැක නිරා වදීව යි ‍යනාදීන් ඇවිලි අවමින් අඬන්ට පටන් ගත්හ.

රජ්ජුරුවෝ ද මෙසේ හඬන්නිය අස්වසන්නාහූ මහබෝසත්හු විත් කා අඬන වේලෙහි නම කියා හැඬූ හෙයින් නම දැන ද ගිනෙර මල් බඳු ඇස් ඇති මනා වූ භාවශාවලිලාවිලාස ඇති චන්ද්රිදකාව, තෝ සෝක නො කරව. ඉදින් තී කැමැත්තෙහි වී නම් මට බිරින්ද කොට සොළොස් දහසක් පුරාඞ්ගනාවන් මද්ධ්යතයෙහි රජකුලයෙහි ප්රටසිද්ධ වව යි කීහ. එ පවත් අසා චන්ද්රිතකා තොමෝ අවලක්ෂණ තෝ මා නිසා නිරපරාධ වූ මා ගේ සමනා මැරී ද, ඔහු කෙරේ ස්නෙහයෙන් අඬා මියන පමණක් මුත් තොපට පාදපරිචාරිකා විමෙක් එකාන්තයෙන් නො වෙයි තද කොට කිව. මෙසේ කියන ලද ඒ චන්ද්රිෙකාව ගේ වචන ඇසූ රජ්ජුරුවෝ භිරුකජාති වූ පැවැත්තිය! ඉදින් ජීවත් වනු කැමැත්තේ වී නම් තලිස් පතුරු හා තුවරලා ගොදුරු කොට වසන් නවුන් තී සේ ම සමාන ජාති ඇති තිරිසනුන් රමණය කෙරෙමින් වස. වැලි තිට රජකුලයෙහි සම්පත්තීන් ප්රනයෝජන කිම දැයි කියා කිඳුරාඞ්ගනාවට ඝටා බැණ ඈ කෙරෙහි ආලය පසිඳ නැඟී ගියාහ.

ඒ කිඳුරඟන තොමෝ රජහු නිරපෙක්ෂ ව පලා ගිය නියාව දැන පර්වඳතයෙන් බැස මහබෝසත්හු සිප ගෙන ඔසවා පර්වයත මුඳුනේ ලා බොධිසත්ත්වයන් ගේ හිස තමා ගේ ඇකයෙහි තබා ගෙන අඬන්නී මා ගේ ප්රිසය වූ ස්වාමිපුත්රයයාණනි, පෙර නුඹ හා මා පර්වතත ගුහාදියෙහි සිත් සේ ඔවුනොවුන් හා සනහමින් කෙළ ඇවිද දැන් නුඹ කෙරෙන් වියෝ වූ මම කුමක් කියා ළය සනසම් ද? තවද හිමියෙනි, පුෂ්පඵල පල්ලවයෙන් අලඬ්කෘත වූ වන ළැහැබුන් හා පෙර අප කෙළ ඇවිදි සමන් ලියමඬුලු හා බලන්නෙම් තොප නො දැක කෙසේ නම් ඉවසිය හෙම් ද? තවද ස්වාමිදරුවාණනි, නුඹ යෙහෙන් සැතපෙන පිණිස අතුරන ලද තලිස් පතුරු හා කොලතිරි හා ගිරිහිසින් වැහෙන ගං හෝ ඇල කඳුරැලියෙහි පෙර අප බැස නහන තොටවල ඉඳ කෙළනා ලද වැලිතලා හා කඩා ගොතා පලඳිනා ලද ඉද්ද මල්වඩම් හා කෙළි ලිය හෝවිලි බලන්නා වූ මම කෙසේ නම් ළය සැනසෙම් ද? තවද පියකල් මහිමියෙනි, ඉතා දැකුම්කලු මන බඳනා ලද ඉඳුනිල් මැණික් කුළින් රන්ගිරි කුළට ද රන්ගල් කුළින් කෙලෙස් පව්වට ද



                                                                                                                 257

සඳකිඳුරු ජාතකය

කෙලෙස් ගල් කුළින් සත් රුවන් ‍කුළට ද පැන බැස සිත් සේ තොප හා කෙළ ඇවිද දැන් තොප කෙරෙන් වියෝ ව කෙසේ නම් ළය සැනසෙම් ද? දැන් තොප කෙරෙන් වියෝ ව කෙසේ නම් ළය සැනසෙම් ද? අනේ, හිමියෙනි! යක්ෂ රාක්ෂය සිද්ධ විද්යාමධරාදි වූ නානා භූත ගණයන් ගේ වාසස්ථාන වූ ද තවද පොලඹමින් පිටින් පිට තොලු තබ තබා ඒ ඒ තන්හි ලන පබළු පත් ඇද කමින් ඇවිදිනා ලද නොයෙක් ජාතියෙහි ජලවර පක්ෂීන් කෙළිනා ලදු ව පස් පියුමෙන් ළකල් විල් තටාක පඞ්ක්තියෙන් ද ආමූලාග්ර් ව පිපී වැනී ගියා වූ නඳුන් සඳුන් දෙව්දුරු තවරලා ආදී වූ නොයෙක් සුවඳ රුකින් ගැවසී ගත් නොයෙක් සිය දහස් ගණන් වන ඝට පඞ්ක්තියෙන් ද විරාජමාන වූ ඉතා දර්ශකනීය වූ පෘථිවිය නැමැති අඞ්ගනාව විසින් පලඳනා ලද මිණි කිරුළු අගක් මෙන් උස් ව ඉතා ශොභමාන වූ මේ හිමවුවනය පෙර තා හා සමඟ කෙළ ඇවීදි බව මුත් ඉනිබ්බ තා‍ ගේ විරහශොක දුඃඛයෙන් මඬනා ලද්දා වූ මට අඳුරු ගෙයක් මෙන් නිශ්ශොභ ව වැටහෙන්නේ ය යි යනාදීන් මහත් වූ සෝකයෙන් හඬා මහ බෝසතා‍ණන් ගේ ළෙහි අත තබා මළාහු හෝ යි බලා මඳක් පණ සැලි සැලී තුබුවා දැක මහිමි තව ජීවතැයි දැන දෙවතාවන්ට උජ්ඣායනා කොට යන පණ ඇර දෙවා ලමි යි සිතා කිමෙක් දෝ හෝ මෙ ලොව රක්නා වූ ලොකපාලක දෙවියෝ නැත් ම දෝ හෝ! අනිත් සක්වළ දෙවියෝ වෙසෙත් දෝ හෝ! නොහොත් මළාහු දෝ හෝ යි හඬා නැවත ඉදින් දෙවි කෙනෙක් මෙ ලොව ඇත් නම් මහිමිහට මේ පැමිණි දුක් නො බලා හරිද්දැයි දෙවියන්ට උජ්ඣායනා කොට හැඬුහ.

එ කල උතුම් ගුණ ඇති පතිවත් වූ ඇගේ ශොකාග්නි වේගය සුවාසු දහසක් යොදුන් උඩ නැඟී සක්දෙව්රජහු ගේ භවනය හුණු කෙළේ ය. ශක්ර්දෙවෙන්ද්රකයෝ දහසක් දිව ඇසින් ලොව බලනුවෝ මේ කාරණය දැක බමුණුවෙසක් ගෙන ඇසිල්ලෙකින් අවුත් ‍මහබෝසතාණන් ඔත් ගල්මුඳුනෙහි පෙනී කෙණ්ඩිකාවෙන් පැන් ගෙන මහබෝසතාණන් ඇඟ ඉසලූහ. එ කෙණෙහි විස නැසී වණය සුව ව කොතන විදි බවත් නො දත හැකි විය. මහබෝසත් එ විට අනුන් වෙහෙසන්ට මළ වෙස් ලා වැද හොත් එකකු පරිද්දෙන් වහා නැඟී සිට සුවපත් වූයේ ය. චන්ද්රිදකා ද එ සඳ සුවපත් ව සිටි ප්රි ය ස්වාමියා දැක බලවත් වූ සොම්නසට පැමිණ, ස්වාමිනී, යම් බඳු නුඹ වහන්සේ මා ගේ ප්රිැයකල් වූ ඇඟ අමා පැන් ඉස නිදුක් කොට මා ගේ ඒ කළකම් දුරු කොට ප්රිරය වූ


258 සඳකිඳුරු ජාතකය

අප දෙදෙනා සමඟ කළ සේක් ද? එ සේ වූ නුඹ වහන්සේ ගේ ශ්රීුපාදය වඳිමියි වැද හොත්තී ය. ඒ ශක්රමදෙවෙන්ද්රූයෝ ද උන් දැක බලවත් වූ සොම්නසට පැමිණ මෙ තැන්හි නො වසව. පර්වෙතයෙන් බැස මිනිසුන්ට අවිසය තැන වෙසෙවයි අවවාද කොට නමන් ගේ දිවයලොකයට ගියහ.

චන්ද්රි කා ද ස්වාමීනී, මෙ සේ වූ උපද්ර ව ඇති තැනින් අපට ප්රසයෝජන කිම් ද? චන්ද්ර පර්වලතයට පැමිණ ගල් ගිරිකුළු මුඳුන්වල ද ගං සිහිලවල ද මල් මුවරඳ හළ දියවළට බැස ස්නාන පානය කෙරෙමින් තුරුයටන්හි ඔවුනොවුන් සමඟ ප්රිියකථා කෙරෙමින් සැප සේ වසම්හ යි පෙර විසූ චන්ද්රපපර්ව තයට ම ගියහ යි යනාදීන් බුදුහු මේ ජාතක දෙශනාව ගෙන ඇර දක්වා වදාළ සේක

මහරජ, දැන් පමණක් නො වෙයි. යශොධරා තොමෝ පෙරත් මා කෙරෙහි ස්නෙහයෙන් අනුන් වසගයට නො පැමිණියා දැ යි ජාතකය නිමවා මහරජ, එ කල විසූ බරණැස් රජ නම් දැන් දිවැස් ඇත්තන් කෙරෙන් අගතැන් ලත් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ ය. එ කල චන්ද්රිනකා නම් කින්නරාඞ්ගනාව දැන් යශොධරා නම් තොප යෙහෙළිය ය. එ කල සඳ කිඳුරු රජ නම් මෙ කල තිලෝගුරු බුදු වූ මම් ම වේ දැ යි තමන් වහන්සේ දක්වා වදාරා මේ චන්දතකින්නර ජාතක දෙශනාව කුළු ගන්වා වදාළ සේක.

(මේ වනාහී ජාතකපාළියේ පකිණ්ණක වග්ගයේ 2 වැනි ජාතකය යි)



නිමි.