320. පදුම නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

අනොමදස්සී බුදුන්ට ඉක් බිති ව පදුම නම් බුදුන් ලොව පහළ ව බ්රමහ්මාරාධනාවෙන් දහම් සක පැවැත්වූ කල්හි කෙළ සියයක් විතර සත්ව්යෝ නිවන් දුටහ. නැවත පදුම නම් බුදුන්ට වෙමාතික මල් වූ උපසාල කුමාරයන් මහණ වූ දවස් අනූ කෙළක් විතර නිවන් දුටහ. රම්ම කුමාර නම් පුතණුවන් වහන්සේට බණ වදාළ දවස් අසූ කෙළක් නිවන් දුටහ. යම් කලෙක භාවිත්ත නම් රජ්ජුරුවෝ පදුම බුදුන් ලඟ මහණ වූ ද එ කල පිරිවර කෙළ ලක්ෂ්යක් හා සමඟ රහත් වූහ. යම් කලෙක පදුම බුදුහු උසභවතී නම් නුවර වස් විසූ සේක් ද, එ කල තුන් ලක්ෂ්


321. නාරද නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

යක් විතර මහණ ව රහත් වූ සේක. වස් පවාරා නිමි පසු පිළියෙන් ම කෙළින් සිවුරු ත් දුන් කල්හි වහන්දෑ ඒ කෙළින් සිවුර පදුම බුදුන්ට අගසවු වූ නුවණිනු ත් ගුණෙනු ත් විසල් වූ විසල් මහ තෙරුන් වහන්සේට පමුණුවා ලූ සේක. පමුණුවාලූයෙ ත් ඔබ අග සවු හෙයින් නො වෙයි. ඔබගේ සිවුරු දුර්වළල හෙයින. කෙළින් අතුළ සිවුරු එකදා ම කොට රඳා නිමවා වැළැන්ද මනා හෙයින් සිවුරු ගෙත්තමට වහන්දෑ සහාය වූ සේක.

වහන්දෑ තබා බුදුහු ත් හිඳි කටුවේ හූ ලා දුන් සේක. කෙළින් සිවුරු කොට නිමි කල්හි බුදුහු තුන් ලක්ෂ යක් පමණ වහන්දෑ පිරිවරා සිරිසරා වැඩි සේක. එ සේ වැඩි ගමනේ ත් මල් ගෙණ ඵල ගෙණ නැමී සිටිනා අතු පතර ඇති ගසින් කොළින් ගැවසී ගත් මහනෙල් ඉපුල් නෙලුම් ආදියෙන් යුක්ත විල් ඇති, නො එක් සිවුපාවුන් හා පක්ෂීන් ඇති, මල් ගස් වලට බැස පියා රොන් ගන්නා බඹරුන්ගේ භෘඩ්ග නාදයෙන් ඉතා හොබනාවූ, ඵල රසානුභවයෙන් මත් ව නාද කරණ කෙවිල්ලන්ගේ කුරුවික නාදයෙන් ම සිත්කලු වූ දැන් මෙ වක ගොසිඞ්ග සාල වන ය වැනි වූ වලෙක වස් විසූ සේක. ඒ වල වසන බුදුන් කරා එළබ මිනිස්සු දෙ ලක්ෂ යක් විතර රහත් වූහ.

321. නාරද නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

පදුම බුදුන්ට ඉක්බිති ව නාරද නම් බුදුහු ලෙව්හි පහළ ව බ්රමහ්මාරාධනාවෙන් ධනඤ්ඡය නම් උයන්හි දී දහම් සක පැවැත් වූ සේක. එ දවස් කෙළ ලක්ෂනයක් දෙන නිවන් දුටහ. තව ද මහාදොණ නම් නුවර බඩ වූ විලෙක මහාදොණ නම් නා රජ්ජුරු කෙණෙක් වෙසෙති. මහත් වූ ආනුභාව ඇත්තෝ ය. උන්ගේ ආනුභාව නිසා බොහෝ දෙන ත් උන්ට පූජාසත්කාර කෙරෙති. යම් රටෙක මිනිස්සු උන්ට සත්කාර නො කෙරෙත් නම් උන්ගේ රටවල් නසා පියති. නාරද නම් බුදුහු ත් මහාදොණ නම් නා රජ්ජුරුවන්ට බණක් කීවොත් බොහෝ දෙනාට ප්රකයෝජන නියාව දැන බොහෝ භික්ෂූන් වහන්සේ පිරිවරා ඒ නා රජ්ජුරුවන් වසන තැනට වැඩි සේක. මිනිස්සු ත් ඔබට වඩනා බුදුන් දැක ‘ස්වාමීනි, තෙල තැන මහානුභාව සම්පන්න නා රජ්ජුරු කෙණෙක් වෙසෙති. ගහටයක් කොට පියත් නමුත් ඔබ නො වඩනා බව ය’යි කිවූ ය.

බුදුහු ත් නො ඇසූ බඳු ව ලා ම වැඩලා උන් සත්කාර විඳුනා නිසා කළා වූ මල් හස්නෙහි වැඩ හුන් සේක. බොහෝ දෙන ද ‘මුනි රජුන්කගේ සටන් බලම්හ’යි රැස් වූහ. නා රජ්ජුරුවෝ ද

1160 සද්ධර්මරරත්නාවලි ය

තමන්ට නියම මල් හස්නෙහි බුදුන් වැඩ හුන්නා දැක ඉවසා පිය නො හී බුදුන් ට ගහට කරුණු නිසා දුමා ගියහ. බුදුහු ත් දුමා ගිය සේක. නා රජ්ජුරුවෝගිනි කඳක් සේ දිළිහී ගියෝ ය. බුදුහු ත් දිළිහී ගිය සේක. නා රජ්ජුරුවෝ තමන් ඇඟින් නැඟි දුම් කඳින් හා ගිනි කඳින් බුදුන් ට වූ හානි නැත ත් බුදුන්ගේ ශරීරයෙන් නිකුත් දුම් කඳින් හා ගිනි කඳින් තැවී ගොසින් තරයේ ම කිපී පියා ‘විෂයෙන් මරා පියමි’ විෂ හළවූ ය. උන් හළ විෂ නම් දඹ දිව වුව ත් නසා පිය යි. බුදුන්ගේ ආනුභාවයෙන් ඒ විෂ ය බුද්ධානුභාව නැමැති මන්ත්රාවනුභාවයෙන් බුදුන්ට ත් කාටත් කිසිද පීඩා වක් කට නො හින. නා රජ්ජුරුවෝ ද ‘මහණහුගේ පවත් කිම් දෝ හෝ ‘යි බලන තැනැත්තෝ සවනක් රසින් බැබළීමෙන් ශරත් චන්ද්ර යාටත් වඩා ශොභාවත් වූ බුදුන් දැක ‘අනේ මුන් වහන්සේගේ ආනුභාව සම්පන්න සේක. මා කළ දෙය නපුරැ’යි සිතා බුදුන්ට ම අවනත වූහ.

බුදුහු ද හැද දැඩි දණ්ඩක් ගින්නේ තවා හැද මිරිකන්නා සේ නා රජ්ජුරුවන් හික්මවා ලා එ තැනට රැස්වූවන්ගේ සිත් පහදවනු නිසා යමාමහ පෙළහර කළ සේක. එ කල අනූ කෙළ දහසක් රහත් වූ සේක. යම් කලෙක තමන් වහන්සේගේ පුත් වූ නන්දුත්තර කුමරුන්දෑට බණ වදාළ සේක් ද, එ කල අසූ කෙළ දහසක් නිවන් දුටහ. තව ද ථුල්ල කොට්ඨිත නුවර භද්දසාල ය විජිතමිත්ත ය යන බමුණු යහළුවන් දෙන්නා කෙළ ලක්ෂොයක් පමණ පිරිවර හා සමඟ මහණ ව රහත් වූ කල්හි බුදුහු ඒ කෙළ ලක්ෂලයක් හා සමඟ ‍පොහොය කළ සේක.

යම් කලෙක නාරද බුදුහු තමන් වහන්සේගේ නෑයන් රැස් වූ තැන් හි දී තමන් වහන්සේ යම් බුදු කෙණකුන් වහන්සේගෙන් විවරණ ලත් සේක් නම් එ තැන් පටන් බුද්ධවංශ වදාළ සේක් ද එ කල අනූ කෙළ දහසක් වහන්දෑ රහත් වූ සේක. යම් කලෙක දොණ නම් නා රජ්ජුරුවන් පහන් නියාව දැන වෙරොවන නම් නා රජ්ජුරුවෝගඞ්ලා නම් වූ ගඟ තුන් ගවුවක් පමණ වූ සත් රුවන් මඬුවක් මවා ලා තමන්ගේ දන් බලන්ට සියලු රටවල ඇත්තවුන්ට එන්ට විධාන කරවා ලා තුමු ත් සහපිරිවරින් සරහී ගෙණ බුදු පා‍මොක් මහ සඟනට මහ දන් දුන්හ. වළඳා අන්තයෙහි බුදුහු මහ වතුරක් මෙන් දුන් දන් සේ ම බණ වදාළ සේක. එ කල මහණ ව රහත් වූ අසූ ලක්ෂසයක් රහතන් හා සමඟ බුදුහු පොහෝ කළ සේක.



322. පියුමතුරා නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

322. පියුමතුරා නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

නාරද නම් බුදුන්ට ඉක්බිති ව දිනන ලද පස් මරුන් ඇති, බා තබන ලද කඳ බර ඇති, මේරුව සේ ඉතා සාර වූ වනසා හැර පී සසර ඇති, බුදු වූ දවස් පටන් හවුරුදු ලක්ෂුයක් මුළුල්ලෙහි පොළොව පළා ගෙණ නැංගා වූ සුදු පියුම් පිටින් ම වඩනා හෙයින් පියුමතුරා නම් වූ කුදෘෂ්ට්යාගදී මලාපගමයෙන් අත්ය න්ත පරිශුද්ධ වූ සදහම් නමැති රස ඇති, සම්යමක් සම්බෝධි ඥාන නමැති යුගඳුරු මුහුනෙහි පහළ වූ ත්රිැවිධ බුද්ධ ‍ෙක්ෂ‍ත්රෝයෙහි දෙශනා ලොකන ශරිරා ලොක පැවැත්වීමට අසහාය සූය්ය්ම වූ සර්වවඥ සූය්ය්ක් යා ලොව පහළ ව බ්රවහ්මධාරනාවෙන් මෙහිලී නම් උයන්හි වැඩ හිඳ දහම් සක පවත්වා ලූ දවස් නො හොත් සර්වයඥ සූය්ය් න යා ගේ සදහම් රස් පවතු ත් විනේජන නමැති පියුම් කෙළ ලක්ෂ‍යක් විතර ප්ර්බුද්ධ වී ය. එහෙයින් කෙළ ලක්ෂියක් දෙනා නිවන් දුටහ.

තව ද සරද නම් තවුසාණ කෙ‍ණකුන්ගේ සමාගමයෙහි දී බොහෝ දෙන නරක ‍භයින් භය ගන්වා ලා බණ වදාළ කල්හි ස තිස් ලක්ෂොයක් නිවන් දුටහ. යම් කලෙක පියුමතුරා බුදුන්ට පිය රජ වූ ආනන්ද නම් රජ්ජුරුවෝ සිය නුවරට බුදුන් කැඳවා ගෙණෙන්ට විසි දහසක් යොධයින් පාවා දී ලා ඇමැත්තන් විසි දෙනකු බුදුන් කරා යැවූ ද, බුදුහු උන් හැම දෙනා ම රහත් කරවා මහණ කොට ගෙණ ඒ විසි දහස පිරිවරා ගොසින් හංසවතී නම් නුවර වසන සේක. වැස අපගේ බුදුන් කිඹුල්වත් නුවර උඩ අහස්හි රුවන් සක්මන් කෙරෙමින් සිට බුද්ධ වංශ දෙසුවා සේ ම පියමතුරා බුදුහු ත් බුද්ධ වංශ දෙසූ සේක. එ කල පස් පනස් ලක්ෂ යක් නිවන් දුටහ.

“යම්භි කාලෙ මහාවීරො - ආනන්දංු උපසඞ්කම් පිතුසන්තිකමුපාගන්ත්වාො - අහනී අමත දුන්දුභිං,

ආහතෙ අමත හෙරිම්හි - වස්සන්තෙ ධම්මවුට්ඨියා, පඤ්ඤාස සතසහස්සානං - තතියාභිසමයො අහු”

යනු අපගේ බුදුන් විසින් බුද්ධ වංශ පාළියෙහි එ හෙයින් ම වදාරන ලද. තව ද ආදියෙන් පොහොය කරණ දවසට එ දවස ම රහත් ව මහණ ව කෙළ ලක්ෂ යක් දෙනා වහන්සේ රැස් වූ සේක. දෙ වෙනි පොහොයට එ දවස් ම රහත් ව මහණ ව අනූ කෙළක් රැස් වූ සේක. තුන් වෙනි ව කරණ පොහොයට අසූකෙළක් විතර රහත් ව මහණ ව බුදුන් හා එක් ව පොහොය කළ සේක.

1162 සධර්මකරත්නාවලි ය

323. සුමෙධ නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

පියුමතුරා නම් බුදුන්ට ඉක්බිති ව සුමෙධ නම් බුදුන් ඉපැද බ්රුහ්මාරාධනාවෙන් සුදසුන් නම් උයන්හි දී දම් සක පැවැත් වූ කල්හි කෙළ ලක්ෂායක් නිවන් දුටහ. නැවත ඒ බුදුහු මහානුභාව සම්පන්න කුම්භකර්ණ නම් වූ යක්ෂ යා අළුයම් වෙ‍ලෙහි සමා පත්තීන් නැඟී ලොව බලන සේක් දැක නිත්යය පරිවාර වහන්දෑ තබා අග්රල උපස්ථායක තෙරුන් වහන්සේත් නො කැඳවා තනි වම ඒ යක්ෂවයාගේ විමනට වැඩ ඌ වැද හෝනා ශ්රීන යහනෙහි වැඩ හුන් සේක. ඒ යකා මකු කම් ඉවසා ගත නොහී කිපී ගොසින් භය නැති බුදුන්ට භයක් ඇති කෙරෙමී සිතා තමාගේ අත් වැබ් භයානක කොට මවන්නේ පර්ව තයක් සා ඉසක් ඇති, හිරු මඬල සේ ඇති ඇති, ඇත් දළ වැනි දළ ඇති, උස් වූ පර්වණතයක් වැනි බඳ ඇති, තල් ගස් වැනි වූ අත් පා ඇති, මැඳින් වළ ව තිබෙන නාසා ගෙඩියක් ඇති ගල් බිලයක් සේ කට ගෙඩියක් ඇති, දළ ව රතු ව තිබෙන තමා සේ ම රළු වූ ‍හිසකේ ඇති රකුසු වෙසක් ‍මවා ගෙණ බුදුන් ලඟට අවුත් දුමමින් දිළියෙමින් බුදුන්ට ගහට යට වසවත් මරහු ගෙන් උගත්තා මෙන් පහණ වැසී ආදී වූ නව වැස්සක් වස්වා ත් බුදුන්ගේ ඇඟින් ලොමයකට ත් හානි කට නො හී ආළවකයන්ට උපදෙස් තබන්නාක් මෙන් බුදුන් ගෙන් ප්ර්ශ්න විචාරා කියා ගත නුහුණො ත් මරමී’ සිතා ප්රනශ්න විචාළහ.

පැන විසඳීමෙන් ම බුදුහු යකාණන් මොළොක් කරවා තමන් වහන්සේට නම්වා ගත් සේක. දෙ වන දවසට දඹ දිව් වැස්සෝ ගැල්වලින් බතුත් ගෙන්වා ගෙණ බිල්ලට රාජ කුමාර කෙණ කුණු ත් ගෙණුවු ත් කුම්භකර්ණ නම් යක්ෂෙයාණන්ට දුන්හ. යක්ෂවයාණෝ රාජ කුමාරයන්ට බුදුන්ට දුන්හ. වන දොර කඩ මිනිස්සු ත් බුදුන් ලගට ගියහ. බුදුහු බණ වදාරා යක්ෂොයාණන් ඇතුළු ව අනු කෙළ දහසක් නිවන් දක්වා වදාළ සේක. තව ද උපකාරී නම් නුවර සිරි නදුන් නම් උයන්හි දී බණ වදාරා කෙළ සියක් රහත් කරවා මහණ කොට ඒ රහතන් හා එක් ව පොහොය කළ සේක. තවද දෙව් කුළු පව්වෙහි දී බණ වදාළ ගමනේ අනූ කෙළක් මහණ ව රහත් වූහ. නැවත සැරිසරා වැඩි ගමනෙක බණ අසා අසූ කෙළක් රහත් ව මහණ වූ සේක.



324 - 325. සුජාත පියදස්සී බුදුවරුන්ගෙන් නිවන් දුටුවාහු 1163

324. සුජාත නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

සුමෙධ බුදුන්ට ඉක්බිති ව සුජාත නම් බුදුන් ලෙව්හි පහළ ව සුමඞ්ගල නම් උයන්හි දී දහම් සක පවත්වා දෙව් මිනිසුන්ගෙන් අසූ කෙළක් නිවන් දක්වා වදාළ සේක. නැවත ඒ බුදුන් දෙව්ලොව වැඩ හිඳ වී දම් බණ ‍ෙදසූ කල්හි මාතෘ දිව්ය පුත්රත ප්රනමුඛ සත් තිස් ලක්ෂ යක් දෙවියෝ නිවන් දුටහ. පිය මහ රජුන්ගේ ආරාධනාවෙන් සිය නුවරට වැඩි ගමනේ සැට ලක්ෂ යක් නිවන් දුටහ. සුධම්මවතී නම් නුවර සුධම්මවතී උයන දී බණ වදාළ දවස් සැට ලක්ෂ්යක් මහණව රහත් වූහ. දෙව් ලොව දී විදම් බණ වදාරා මිනිස් ලොවට බට දවස් පනස් ලක්ෂමයක් නිවන් දුටහ. සුධම්වතී නම් නුවර සුධම්මවතී උයන දී බණ වදාළ දවස් සැට ලක්ෂටයක් මහණ ව රහත් වූහ. දෙව් ලොව දී විදම් බණ වදාරා මිනිස් ලොවට බට දවස් පනස් ලක්ෂ යක් රහත් ව මහණ වූහ. නැවත සුදසුන් නම් රජ කුමරුවන් මහණ වූ නිසා ව අසා සතළිස් දහසක් මහණ ව රහත් වූහ.

325. පිදයස්සී නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

සුජාත බුදුන්ට ඉක්බිති ව පියදස්සී නම් බුදුන් ලෙව්හි පහළ ව බ්රාහ්මාරාධනාවෙන් ධම්සක් පැවතුන් සූත්ර් ය උසහවතී නම් නුවර එ නම් උයනේ දී දෙසූ කල්හි දෙව් මිනිසුන්ගෙන් කෙළ ලක්ෂ යක් නිවන් දුටහ. නැවත උසහවතී නුවරට නුදුරු වූ සුදසුන් නම් පව්වෙක සුදසුන් නම් දෙව් රජ්ජුරු කෙණෙක් වෙසෙති. ඌ තුමූ මිථ්යා දෘෂ්ටිකයෝ ය. සියලු දඹදිව් වැස්සෝ ඒ දෙව් රජ්ජුරුවන්ට හවුරුදු පතා ලක්ෂ්යක් වටනා තරම් ‍ පිදේනි ගෙන යෙති. ඒ දෙව් රජ්ජුරුවෝ ද පිදේනි ගෙන්වා ගෙන ගිය රජ්ජුරුවන් හා එක හස්නෙහි හිඳ පිදේනි ඉවසති. එ කල පියදස්සි බුදුහු ඒ දෙව් රජ්ජුරුවන්ගේ දෘෂ්ටි ය හරවනු නිසා ඒ දෙව් රජ්ජුරුවන් දිව්යෙ සමාගමයට ගිය කල්හි උන්ගේ විමානයට වැඩ ශ්රීන යහනට පැන නැඟී ලා සවනක් රස් විහිදුවමින් වැඩ හුන් සේක. උන්ගේ පිරිවර දේවතාදූහු තමන් හැම සැදැ ඇති බැවින් සුවඳ මල් ආදිය ගෙන් වා බුදුන්ට පූජා කොට ලා පිරිවරා ගෙණ සිටියහ. සුදසුන් දෙව් රජ්ජුරුවෝ ද දිව්යු සමාගමයෙහි සිට එන තැනත්තෝ තමන්ගේ විමනින් සවනක් බුදු රස් නික්මෙන්නා දැක මා ගේ විමනේ මෙ සේ වූ ශෝභාවක් මෙ තෙක් කලෙක දුටු විරූ නැත. ඊට වැද ලා හුන්නෝ දේවතා කෙණෙක් දෝ කවුරු දෝ හෝ යි බලන තැනැත්තෝ උදාගිරි තෙලෙහි බලන හිරු මඬලක් මෙන් සවනක් රසින් බබලන බුදුන් දැක මේ මුඬු මහණ මාගේ දෙවඟනන් පිරිවරා ගෙන මා යානෙහි හුන්නේ ය’ බුදු වන්නට සිතා හළ

1164 සද්ධර්ම්රත්නාවලි ය

හෙයින් මුත් ගිහි අවස්ථාවෙහි විමලා නම් බිසොවුන් ප්රුධාන කොට ඇති තෙ තිස් දහසක් පුරඟනන් පිරිවැරූ මුනි රජුන් වහන්සේට උරණ ව මුන් මෙ‍ ලෙස කළ කල මුන්ට මාගේ බල පාමි යි සියලු පර්වනත ය මුළුල්‍ල ම නරක වළ පර්වවත යක් මෙන් කළහ. එ‍ සේ කොට ලා මේ ගින්නෙන් මුඬු මහණ දෑ දෝ නො දෑ දෝ හෝ යි බලනුයේ ගිනිවර කිරීමෙන් පෑ පත් වූ රන් කඳක් මෙන් ඉතා ශොභා මත් ව වැඩහුන් බුදුන් දැක ‘මේ මහණ’ ගිනි නො තබන වන. එ බැවින් දියෙහි ගලා මර පියෙමී යි තමාගේ විමන දසාවට මහ වතුරක් පවත්වාලී ය. කෙලෙස් මහ වතුරෙන් හානි නො වූ ඔබට උන් මැවූ වතුරු කුමක් කොට ලා ද, වැළඳ ගත් සිවුරෙන් හූ රළක් පමණකුත්, ඇඟින් ලොම් අගක් පමණකුත් නො තෙමිණ.

සුදසුන් දෙව් රජ්ජුරුවෝ ද මහණ පැන් බී මෙළේ ය’යි වතුරු නැති කොට ලා බැලූ තැනැත්තෝ බුදු රජුන් වහන්සේ මෙඝ මුඛයට පැමිණි ශරත් චන්ද්ර යා මෙන් විමන ඇතුළත කිසි ත් හානියක් නැති ව සවනක් රසින් විමන ගොණැස් නපුරු හෙයින් රුවන් ගොණැස් උරවන්නා සේ සවනක් රස් විහිදුවමින් වැඩ හුන්නා දැක පහන මනා තැන නො පහන් ව මෙ ලෙ‍සින් මරවා පි‍යමී’ නො එක් සැටි ඇති ආයුධ වැස්සක් වැ ස් වී ය. ඒ ආවුධ මුළුල්ල ම බුදුන්ගේ ආනුභාවයෙන් නො එක් සැටි ඇති මල් වඩම් ව ගොසින් බුදුන් දෙ පත්ලෙහි සක් ලකුණු සරහා සිටගත. ඒ විස්ම ය ත් දැක තර යේ ම උරණ ව‍ ගොසින් බුදුන් දෙ පය අල්වාගෙන තමාගේ විමනෙන් මෑත් කරණු කැමැති ව ඔසවා ගෙණ මහ මුහුද පැණ ගෙණ සක්වළ ගල කරා ගොසින් ‘මහණ මළ දෝ නො මළ දෝ හෝ’යි බලනුයේ වැඩහුන් ශ්රීණ යහනේ වැඩ හුන්නා දැක ‘ අනේ මේ මහණ මහානුභාව සම්පන්න ය. මම මොහු මින් නෙරා ගත නො හෙමි. ඉදින් යම්කිසි කෙණෙක් දැක පූ නම් මට වන්නේ අයස ය. යම්තාක් මා ‍කිසි කෙණෙක් දැක පූ නම් මට වන්නේ අයස ය. යම්තාක් මා කිසි කෙණෙක් දැක නො පිය ත් නම් එ ලෙසට මුන් අත් හැර පලායෙමී’ සිතූ ය.

බුදුහු ත් උන්ගේ අදහස් දැන ලා එතැනට පැමි‍ණි කෙණෙක් උන් දකිත් නම් එ ලෙසට ඉටා ලූ සේක. එ දවසට ද වැළිත් සියලු දඹදිව එක් සියයක් රජ දරුවෝ උන්ට පිදේනි ගෙන්වා ගෙණ අවු ය. ඌ හැම ත් බුදුන්ගේ පය අල්වා ගෙණ හුන් දෙවි රජ්ජුරුවන් දැක ‘අනේ අපගේ දෙවි රජ්ජුරුවෝ බුදුන්ගේ පය මඬිති.

1. නරාවළ පර්ව්තයක්


325. පියදස්සී නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

අනේ බුදුවරහු ඉතා අශ්චය්ය්නම් සේකැ ‘යි පියදස්සී බුදුන් කෙරෙහි පැහැද බුදුන් වැඳ සිටියහ. පියදස්සී බුදුහු දෙව් රජ්ජුරුවන් මුල් ව බණ වදාළ සේක. ඒ දැක දෙවි මිනිසුන්ගෙන් සුදසුන් දෙවි රජ්ජුරුවන් ඇතුළු ව අනූ කෙළ දහසෙක් නිවන් දුටහ.

තව ද සතිස් ගවුවක් විතර දිග පළල ඇති කුමුද නම් නුවර වසන අපගේ බුදුන්ට දෙවිදතුන් වැනි වූ සොණ නම් තෙර කෙණකුන්දෑ මහා පදුම නම් කුමාර කෙණකුන් ලබ්බවා ගෙණ උන් ලවා උන්ගේ පියාණන් මරවා පියා තුමු පියදස්සී බුදුන් උන්ගේ සහායෙන් මරණු නිසා නො එක් ප්රායොග කොට ත් ජාති මූලික මරණ විනා උපක්රයමයෙන් වන මරණ ත් බුදුවරුන් වහන්සේලාට නැති හෙයින් මරා ගත නො හී ද්රොනණමුඛ නම් ඇතු නැගෙන ඇතවරුවා1 කැඳවා ගෙන්වා ගෙණ ඔහු නළවා ගෙණ ඕහට ‘යම් දවසෙක පියදස්සී බුදුහු මේ නුවරට සිඟා අවු නම් එ කල ද්රො‘ණමුඛ නම් ඇතු මෙහෙයා ලා මරවා පියව’යි කිවූ ය.

ඇතරුවෝ ත් ‘මුන් වහන්සේ රාජවල්ලභ සේක. කියා ලූ දෙය නො‍කළො ත් අනර්ථ යක් පැමිණ ගියත් නපුරැ’යි මෙ ලොව අනර්ථි සැලකූ බව මුත් පර ලොව අනර්ථ නො සලකා යහපතැ’යි ගිවිස ගෙණ දෙවන දවස් සිඟා වඩනා වේලාව සලකා ලා යහපත් ව සැලසී සිටිනා වූ නළලක් හා කුම්භස්ථලයක් ඇති, නැඟු දුන්නක් වැනි වූ දෙ කන්නෙන් නැමී මැදින් උස් වූ ඝන ව හැසී සිටිනා පිටක් ඇති, පළල් ව මොළොක් ව පිට හුන්නවුන්ට සලන ‍තල් වැට දෙකක් බඳු වූ කන් සඟළක් ඇති, පිඟුවන් ව තිබෙන ඇස් සඟලක් ඇති, ව‍ටට ඝන ව ති‍බෙන දුවන් තල ඇති, සැඟ වී තිබෙන ගුය්හ ඇති, රිය හිස් වැනි වූ මනහර දළ සඟළක් ඇති, යහපත් වූ වාලධියකින් යුක්ත වූ සියලු හස්ති ලක්ෂ ණයෙන් සමන්විත වූ නිල් මේ කුලන් මෙන් ඉතා ශොභාමත් වූ සිංහයන්ගෙන් ගමන් බඳු ලීලොපෙත වූ ගමන් ඇති, උස මහත ඇති වීමෙන් එක් අතකට ගමන් ගත් ගල් කුළක් වැනි වූ සොඬ ය වරාඞ්ග ය වාළධිය පා සතර ය යන මේ සත් තැනින් බිම පිහිටීම් ඇති ගිලී බස්නා මඳ ඇති ද්රොිණමුඛයක් කරා ඇතරුවා ගොසින් රා පෙවීම ආදීයෙන් තරයේ මත් කරවා ලා ශතෘ මථනයෙහි සමර්ථ වූ ඒ හස්තීහු බුදුන් මරණු පිණිස මෙහෙයාලී ය.

ඒ ඇත් ද මඳ නංවා ලා හැරලන්නා ම මිනී මරමින් ලේ වැකි සිරුරු ඇති ව වාසල් පවුරු ‍තොරණ ආදි ය බිඳිමින් මොළ කම් කොට ගෙණ යන්නේ සඟ ගණ පිරිවරා බුදුන් වඩනා


1166 සද්ධර්ම රත්නාවලි ය දැක සෙලත් තැනෙකින් පර්ව ත ගලක් පෙරළුවාක් මෙන් බුදුන් කරා නික්ම ගත. ඔහු දකිමින් භයින් තැති ගත් නුවර වැස්සෝ ද මාළිගා උඩුමාල් වලට, වාසල් වලට, පවුරු වලට, ගස් උඩු වලට නැංගාහු ඇතු බුදුන් කරා නමා ගත් නියාව දැක මොර ගාන්ට වන්හ. සමහර කෙණෙක් බලී ව ඇවිත් ඇතු නවතන්ට උත්සාහ කළහ. සර්ව.ඥ නමැති ඇත් රජ්ජුරුවන් වහන්නසේ තෙල සේ වූ ඇතුන් කෙළ දහසකට කාය බල ඇති හෙයින් ඔහු කෙරෙහි අස්ථාවක් ම නො කොට කරුණාවෙන් සිහිල් සිත් ඇති ම සේක් ඔහු කෙරෙහි මෙත් පතුරුවා ලූ සේක.

බුදුන්ගේ මෙත් සිත තමා කෙරෙහි පැතිරෙත් පැතිරෙත් ඇත් රජ ද මොළොක් සිත් ඇති ව තමාගේ වරද දැක ලා බුදුන්ට ඉදිරි ව සිටිනට ලජ්ජාවෙන් පොළොවට වඳිනට නමන්නාක් මෙන් බුදුන් පා මුල්හි වැඳ වැතිරිණ. අඳුන් කුළක් මෙන් කළු වූ ඇතාණෝ ද බුදුන්ට ලං වීමෙන් සන්ධ්යාේ වලායෙන් රැඳුණු රන් පර්වනතයක් කරා පැමිණි නිල් වළාකුළක් මෙන් ඉතා හොබනට වන. මෙ සේ ඇත් රජහු බුදුන් වැඳ ගෙණ හොත් නියාව දුටුවා වූ නුවර වැස්සෝ එතරම් සරතුටක් නැති හෙයින් බලවත් සතුටු ව සාධුකාර දෙන්ට පටන් ගත්හ. ගුණ රුවනින් අඩුවක් නැති බුදුන්ට සත් රුවන් දමන්ට වන්හ. සතුටු බලවත් කල කළ මහා දෙයක් බැවින් පිළිත් හිස සිසාරන්ට වන්හ. තව ත් ආශ්චය්ය් ක පහළ වි ය.

බුදුන් වැඳ ගෙන හොත් ඇත් රජහුගේ ආත්මභාව ය සඵල කරවණු සඳහා ජාල ලක්ෂනණයෙන් විසිතුරු වූ ශ්රීඳ හස්තයෙන් හිස පිරිමැද ලා ඕ හට නිසි බණක් වදාරණ සේක් ඇත් රජ්ජුරුවෙනි, හොළ මොළ කම් තබා වැඩට නිසි ‍කියන්නා වූ මාගේ බස් අසා එලෙස කරව. තොප ගේ දුෂ්ට කමෙන් මොළ කමෙන් ඇත් නම් ඒ හැර පියා සන්හුන් තරම් ඇති මා කරා නැමුණු බැවින් තොපි ත් සන්හුන් තරම් ඇති වව. ඇත් රජ්ජුරුවෙනි, යම් කෙණෙක් මස් අනුභව කිරීම නිසා ලොභයෙන් වුව ත්, වෛර නිසා ද්වෙෂයෙන් වුව ත්, ආදීනව සලකා ගත නො හී මොහයෙන් වුව ත්, පණිවායෙහි හැසිරෙත් ද , පණිවායෙහි හැසුරුණු ඒ සත්තු නරකවල ඉපැද පියා නරකදුක් අනන්ත කාලයක් විඳිති. ඇතාණනි, මෙතෙක් කල් කෙ සේ කළ නමුත් මෙ බන්දක් නො කරව, මෙ ලෙසින් තරව මා කියන්නේ ප්රා්ණ වධ කළා වූ සත්තු අනන්ත කල්පයක් මුලුල්ලෙහි අවීචියෙහි ඉපැද දුක් ගනිති. එ තෙක් කල් මුළුල්ලෙහි ත් නරක දුක් විඳ පියා ත් ඒ ප්රාපණවධ කළා වූ සත්තු ගැළ වී අවුත් මිනිස් ලොව උපන්නු නම් ආයු



326. අත්ථපදස්සී නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

මඳ වෙති. බාල වයස දී ම මියෙති. දුටු දුටුවවුන්ට අප්රි ය වෙති. මිනිස් ලොව ඉපැද ත් අනුන්ට කළ දුක් තමන් කරා ම පැමිණෙයි.

ඇත් රජ්ජුරුවෙනි, තොප ගේ ජීවිත ය තොපට යම් සේ ප්රිවය වී නම් සෙස්සවුන්ගේ ජීවිත ත් උන් උන්ට ප්රි ය ය. තෙපි යම් සේ මියනු නො කැමැත්තෝ නම් සෙස්සෝ ත් එ සේ ම මියනු නො කැමැත්තෝ ය. පණිවා නම් තෙලෙ සලකා අවශ්ය යෙන් ම තබා බොහෝ කලක් ජීවත් වනු කැමැත්තෝ නම් හළ යුතු ය. මේ මා කියා ලූ ලෙසින් පණිවායෙහි බොහෝ ආදී නව ත් දැන පණිවායෙන් දුරු වීමෙහි බොහෝ අනුසසු ත් සලකා අහෙතුකයන්ට තබා දුහෙතුකයන්ට ත් ඒ ජාතියෙහි නිවන් තැනි හෙයින් පර ලොව දී වුව ත් ලොවුතුරා සැපත් සිද්ධ වනු නිසා සියලු ලෙසින් ම පණිවා හරුව. හෙම්බා ඇත් රජ්ජුරුවෙනි, යම් කෙණෙක් පණිවා ආදී වූ පස් පවින් ම වැළැක්කෝ නම් මෙ ලොව දී සෙස්සක් නැත ත් දුටු දුටුවන්ට ප්රණසාදාවහ වෙති. පර ලොව දී අනන්ත වූ සම්පත් ලැබෙති. මෙ ලෙව්හි උපන් සියල්ලෝම සැපයක් ම කැමති වත් මුත් දුකක් නො කැමැති වෙත් ද, එ හෙයින් අනුන්ට කරන්නා වූ හිංසා පීඩා හැර පියා සියල්ලවුන් කෙරෙහි කරුණා ත් ඇති වව’යි වදාළ සේක.

මෙ සේ බුදුන් අවවාද කරත් කරත් ඇතාණෝ නිවනට ආධාර නො වත ත් අවවාද පිළිගන්ට ආධාර බැවින් වදාළ අවවාද පි‍ළිගෙන ගුණයට තමන් අවසර වුව මනා හෙයින් නුගුණ හැර ගුණයෙහි පිහිටියහ. මෙ සේ පියදස්සී බුදුන් අප ගේ බුදුන් නාලාගිරි නම් ඇතු හික්මවුවා සේ ම ද්රෙළණමුඛයනු ත් හික්මවා ලා බණ වදාළ සේක. එ දවස් අසූ කෙළදහසක් නිවන් දුටහ. තව ද සුමඞ්ගල නම් නුවර පාලිත නම් රාජකුමාරයන් හා සබ්බදස්සී නම් බ්රා.හ්මණ කුමාරයන් හා දෙන්නා බුදුන් ගේ බණ අසා කෙළ ලක්ෂහයක් හා සමඟ රහත් ව මහණ වූ සේක.

326. අත්ථනදස්සි නම් බුදුන් ගෙන් නිවන් දුටුවාහු.සංස්කරණය

පියදස්සී බුදුන්ට ඉක් බිති ව උපන් දවස් නැතක් කලෙක අපවත් ව තුබූ නිධාන ඇත්තවුන්ට පවත් වූ හෙයින් අත්ථවදස්සී නම් බුදුන් ලොව පහළ ව අනොමා නම් නුවර එ නම් වූ උයන්හි වැඩ හිඳ දහම් සක පැවැත් වූ දවස් කළෙ ලක්ෂායක් නිවන් දුටහ. නැවත දෙවි ලොව දී විදම් බණ වදාළ කල්හි කෙළ ලක්ෂායක් දෙවියෝ නිවන් දුටහ. පිය රජුන් ගේ ආරාධනාවෙන් සොහනුවරට වැඩ බණ වදාළ දවස් කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. තව ද

1168 සද්ධර්ම්රත්නාවලි ය

සුවන්ද ක නම් නුවර වසන සන්ත නම් රාජ පුත්රහයාණන් හා උපසන්ත නම් බ්රා්හ්මණ පුත්රවයාණන් හා දෙන්න තමන් උගත් ශිල්පයෙහි සාරයක් නො දැක නුවර සතර වාසල නුවණැති සතර දෙනෙකු සිටුවා ලා ‘තෙපි නුවණැති කෙණකුන් දුටු නමුත්, පවතක් ඇසූ නමුත් අපට කිවය’යි විධාන කළහ. එ කළ අත්ථ දස්සී බුදුහු සුවන්ද්ක නුවරට පැමිණි සේක.

එ පවත දන්වන්ට සිටියෝ ද බුදුන් වැඩි නියා ව ගොසින් රාජ පුත්ර යාණන්ට ත් පුරොහිත පුත්රියාණන්ට ත් කිවූ ය. උයි ත් අසා බලවත් ව සතුටු ව දහසක් දෙනා පිරිවරා බුදුන්ට පෙර ගමන් කොට ගොසින් බුදුන් වැඳලා ආරාධනා කොට ගෙණ සතියක් මුළුල්ලෙහි මහ දන් දී ලා සත් වන දවස් නුවර වැස්සන් හා සමඟ බණ අසා රහත් ව අට අනූ ලක්ෂායක් විතර මහණ ව පළමු පොහොයට රැස් වූ සේක. තමන් වහන්සේට පුත් වූ සේල තෙරුන් වහන්සේට බණ වදාළ දවස් අටාසූ ලක්ෂ යක් රහත් වූ සේක. තවත් මහා මඞ්ගල සූත්ර්ය දෙසූ දවස් අට සැත්තෑ ලක්ෂනයක් රහත් වූ සේක.

327. ධම්මදස්සී නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු.සංස්කරණය

අත්ථලදස්සී බුදුන්ට ඉක් බිති ව ධම්මදස්සී නම් බුදුන් ලෙව්හි පහළ ව දහම්සක පැවැත් වූ කල්හි කෙළ ලක්ෂනයක් නිවන් දුටහ. තව ද තගර නම් නුවර සඤ්ජක නම් රජ්ජුරු කෙණෙක් අනූ කෙළක් සමඟ හිමවු පියස ගොසින් තවුස් වෙස් ගෙණ මහණ ව හැම ම අභිඥාලාභී වූහ. ලෞකික ගුණ ලත් සඤ්ඡය ප්ර්මුඛ තවුසන්ට ලොවුතුරා ගුණ දෙවනු පිණිස ඒ බුදුහු ආසින් තවුසන්ගේ පන්සලට වැඩ බණ වදාළ සේක. තවුසෝ අනූ ලක්ෂසය ම නිවන් දුටහ. තව ද සරණ නම් නුවර දී වෙන මවුන් දරු වූ පදුම කුමාරයන් හා ඵුස්සදෙව කුමාරයන් හා මුල් ව බණ වාදළ ගමනේ ඒ දෙ දෙනා ඇතුළු ව කෙළ ලක්ෂරයක් රහත් වූහ: බුදුන් දෙව් ලොව දී විදම් බණ දෙසා බට දවස් කෙළ සියයක් රහත් වූ සේක. සුදුසුන් නුවර දී තෙළෙස් ධූතාඞ්ගසයෙහි අනුසස් වදාළ දවස් අසූ කෙළක් රහත් වූ සේක.

328. සිද්ධාර්ථ නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

ධම්මදස්සී බුදුන්ට ඉක්බිති ව සිද්ධාත්ථීද නම් බුදුන් ලොව පහළ ව බ්රමහ්මාරාධනාවෙන් දහම් සක පැවැත් වූ කල්හි කෙළ ලක්ෂොයක් නිවන් දුටහ. තව ද භීමරථ රජ්ජුරුවන් ගේ ආරාධනා


329 – 333. තිස්ස - ඵුස්ස බුදුවරුන්ගෙන් නිවන් දුටුවාහු

වෙන් භීමරථ නුවර දී පුරවි කෙවිල්ලන් ගේ කට හඬට ත් වඩා අති මධුර වූ අසන්නවුන්ගේ කන්හි අමා වක්කරන්නාක් වැනි වූ කට හඬින් බණ වදාළ දවස් අනූ කෙළක් නිවන් දුටහ. වෙහාර නුවර දී නෑයන්ට බුද්ධ වංශ දෙසූ දවස් අනූ කෙළ ලක්ෂහයක් නිවන් දුටහ.

තව ද දිව්ය පුරයක් හා සමාන වූ අමර නම් නුවර සම්බල ය සුමිත්ත ය යන රජ දරුවෝ දෙ දෙනෙක් රාජ්ජ ය කෙරෙති. එ කල සිද්ධාර්ථ බුදුහු ඒ රජුන් දෙන්නාගේ හේතු සම්පත් නියාව දැක ආසින් අමර නුවර මැඳට වැඩ සක් ලකුණෙන් සැරසුණා වූ පත්ලෙන් පදලස දක්වා ලා අමර නම් උයනට වැඩ තමන් වහනසේගේ කරුණාව සේ සිහිල් වූ ගල් ‍තලෙක වැඩ හුන් සේක. ඒ රජදරුවෝ දෙන්න ත් බුදුන්ගේ පදලස් දැක ඒ සලකුණෙන් බුදුන් කරා ගොසින් වැඳ ලා හුන්හ. බුදුහු අදහස් බලා බණ වදාළ සේක. රජ දරුවෝ දෙන්නා ද බණ අසා කෙළ සියයක් හා සමඟ රහත් වූහ. තවද සූරසේන නම් වෙහෙර දී අසූ කෙළක් රහත් වූ සේක.

329. තිස්ස නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

ඒ සිද්ධාර්ථ බුදුන්ට ඉක්බිති ව තිස්ස නම් බුදුන් ලෙව්හි පහළ ව යසවතී නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි කෙළ සියක් නිවන් දුටහ. තව ද තිස්ස බුදුන් හා එක දා මහණ වූ කෙළක් විතර වහන්දෑ ඔබ බුදු වන්ට බෝ මැඩට වඩනා හෙයින් අනික් තැනකට වැඩ බුදුන් දම්සක් පැවැත් වූ නිසාය අසා යසවතී උයනට වැඩ බුදුන් වැඳ ලා පිරිවරා හුන් සේක. ඒ දවස් වදාළ බණින් අනූ කෙළක් දෙනා වහන්සේ නිවන් දුටු සේක. තව ද මහා මඞ්ගල සූත්රූ ය දෙසූ දවස් සැට කෙළක් නිවන් දුටු සේක. තව ද යසවතී නම් නුවර දී ලක්ෂූයක් දෙනා වහන්සේ රහත් වූ සේක. තව ද නාරිවාහන කුමාරයන් ඇතුළු වූ අනූ දහසක් දෙනා මහණ ව රහත් වූහ. තව ද ඛෙමවතී නම් නුවර දී නෑයන්ට බුද්ධ වංශ දෙසූ දවස් අනූ ලක්ෂ්යක් රහත් වූහ.

330. ඵුස්ස නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

තිස්ස බුදුන්ට ඉක් බිති ව ඵුස්ස නම් බුදුන් ලොව පහළ ව සකස් පුර නුවර ඉසිපතන උයන්හි දී දහම් සක් පැවැත් වූ කල්හි කෙළ ලක්ෂ යක් නිවන් දුටහ. තව ද සිරිවඩු නම් තවුසාණන් මුල් ව බණ වදාළ දවස් අනූ ලක්ෂුයක් නිවන් දුටහ. තමන්


1170 සද්ධර්ම්රත්නාවලි ය

වහන්සේගේ පුත් වූ අනූපම කුමාරයන්ට බණ වදාළ දවස් අසූ ලක්ෂ යක් නිවන් දුටහ. තව ද කණ්ණකුජ්ජ නම් නුවර සුරක්ඛිත නම් රජ කුමරුන් හා ධම්මසෙන නම් බමුණු කුමරුන් හා ඵුස්ස බුදුන් තමන්ගේ නුවර වැඩි කල්හි සැට ලක්ෂනයක් දෙනා හා සමඟ ගොසින් සතියක් මුළුල්ලෙහි මහ දන් දී බුදුන්ගේ බණ අසා සැට ලක්ෂායක් හා සමඟ රහත් වූහ. තව ද කසී නුවර ජයසේන රජ්ජුරුවන් මුල් ව නෑයන්ට බුද්ධ වංශ දෙසූ දවස් පනස් ලක්ෂ යක් පමණ රහත් වූහ. තව ද මඞ්ගල සූත්රස දේශනාවෙහි දී සතළිස් ලක්ෂවයක් රහත් ව මහණ වූහ.

331. විදර්ශී නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

‍ ඵුස්ස බුදුන්ට ඉක් බිති ව විදර්ශී නම් බුදුන් ලොව පහළ ව බ්ර්හ්මාරාධනාවෙන් දහම්සක පැවැත් වූ කල්හි දෙවි මිනිසුන් ගෙන් අසඞ්ඛ්යුයක් නිවන් දුටහ. තව ද ඛන්ධ නම් රාජ පුත්ර යාණන් හා තිස්ස පුරොහිත පුත්රහයාණන් හා මහණ වන ගමනේ අනු ව මහණ වූ සූවා සූ දහසට ත් බණ වදාරා ඒ සුවා සූ දහසක් නිවන් දැක්වූ සේක. තව ද තමන් වහන්සේ අනු ව මහණ වූ සුවා සූ සහසට ත් බණ වදාරා ඒ සතුන් හැම ත් නිවන් දැක් වූ සේක. තව ද යමා මහ පෙළහර දැක පැහැද ලක්ෂ්යක් රහත් වූ සේක. තව ද විපස්සී බුදුන්ට සන්හිඳුවා ලා බුදුන්ට උපස්ථාන කරන්නට වර ලදින් තමන්ගේ නුවරට ගෙණ ගොසින් උපස්ථාන කොට බණ අසා අසූ දහසක් හා සමඟ රහත් වූ සේක.

332. සිඛි නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

විදර්ශී බුදුන්ට ඉක්බිති ව ගිතෙල් හිස දීප්තිමත් කරණ ලද වහ්නි ශිඛාවක් සේ සොභාමත් වූ සිඛී නම් බුදුන් ලෙව්හි පහළ ව අරුණවතී නුවර ගාවා ‘මිගාවීර නම් උයන්හිඛ දී දහම්සක පැවැත් වූ කල්හි කෙළ ලක්ෂ යක් නිවන් දුටහ. තව ද අරුණවතී නුවර ලඟ ම වසන්නා වූ අභිඟූ ය - සයම්භූ ය යන රාජ පුත්රමවරුන් දෙන්නා මුල් ව බණ වදාළ දවස් අනූ කෙළක් නිවන් දුටහ. යම් කලෙක සුරියවතී නම් නුවර සපු රුක් මුල්හි දී තිථ යන්ගේ මන් බිඳිනු නිසා ත්, කෙලෙස් ඇලින් ඇල් වැද ගිය වුන්ට ගිනි කඳ විහිදුවා ඇල් හරනා නිසා ත්, කෙලෙස් ගින්නෙන් තැවී ගියවුන් ගේ ගිම් පලවන්ට දිය කඳ පවත්වා ගිම් හරවනු නිසා ත්, බුදුන් යමාමහ පෙළහර කරණ කල්හි ඊ ත්


333 – 334. වෙස්සභූ - කකුසඳ බුදුවරුන් ගෙන් නිවන් දුටුවාහු

පැහැද, බණ ත් අසා අසූ කෙළක් නිවන් දුටහ. අභිගූ ය - සයම් - භූ ය යන අග සව් දෙ නම හා එක් ව ලක්ෂසයක් මහණ ව රහත් වූ සේක. අරුණවතී නුවර නෑයන් ගෙන් අසූ ලක්ෂ‍යක් රහත් වූහ. ධනඤ්ජය නම් නුවර දී ධනපාල නම් ඇත් රජහු භික්ම වන දවස් සැත්තෑ දහසක් රහත් වූහ.

333. වෙස්සභූ නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු.සංස්කරණය

සිඛී බුදුන්ට ඉක්බිති ව වෙස්සඟූ නම් බුදුන් ලෙව්හි පහළ ව අරුණ නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි අසූ කෙළ දහසෙක් නිවන් දුටහ. තව ද දනවු සැරිසරා වැඩි ගමනෙහි සැත්තෑ කෙළ දහසෙක් නිවන් දුටහ. තව ද අනූපම නම් නුවර දී තිථයන්ගේ දෘෂ්ටි නැමති දැල් සිඳිමින්, මන් නමැති ධජ ලෙළවමින්, දහම් නැමැති ධජ නංවමින්, තුන් සිය හැට ගවුවෙක පැතිර සිටි මිනිසුන් හා අනන්ත වූ දෙව් බඹුන්ට යමා මහ පෙළහර දක්වන දවස් දෙවි මිනිසුන් ගෙන් සැට කෙළක් නිවන් දුටහ. තව ද සොණ ය - උත්තර ය යන අග සවු දෙ දෙනා වහන්සේ මහණ ව රහත් වූ දවස් අසූ දහසක් රහත් වූ සේක. වෙස්සභූ බුදුන් හා එකදා මහණ වූ ස තිස් ‍දහසක් පමණ වහන්දෑ දහම් සක පවත්වන දවස පසු ව ගොසින් සොරෙය්ය් නම් නුවරට අවුත් බුදුන් දැක ඊ දී රහත් වූ සේක. නැවත නාරිවාහන නම් නුවර උපසාන්ත නම් රජ්ජුරුවෝ බුදුන් තමන්ගේ නුවරට වැඩි නියා ව අසා සහපිරිවරින් බුදුන් කරා එලඹ පවරා ගෙණ මහ දන් දී බණ අසා සැට දහසක් හා සමඟ රහත් වූ සේක.

334. කකුසඳ නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

වෙස්සඟූ බුදුන්ට ඉක්බිති බුදුවරුන් වහන්සේ පස් නමක ගෙන් හෙබියා වූ මේ මහා භද්ර කල්පයෙහි කකුසඳ නම් බුදුන් ලෙව්හි පහළ ව සම්භූත නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි සතළිස් කෙළ දහසක් නිවන් දුටහ. තව ද කණ්ණකුජ්ජ නම් නුවර මහ සල්රුක් මුල්හි දී යමා මහ පෙළහර කළ දවස් කෙළ දහසක් නිවන් දුටහ. තව ද ඛෙමවතී නම් නුවරට ආසන්නයෙහි එක් තරා දෙවොලෙක වසන නරදෙව නම් මහා ප්ර සිද්ධ වූ යක්ෂනයෙක් වල් මද්ධ්යවයෙහි සිහිල් පැණින් පිරුණා වූ මහනෙල් ඉපුල් ආදියෙනු ත් හොබනා ජන සඤ්චාර ය නැති විලක් බඩ රඳා මහනෙල් ඉපුල් ආදීන් මිනිසුන් පොහොඹා ගෙන්වා ගෙණ ක යි. නැවත එ ම වල එක් තැ‍නක සැඟවී වැද හිඳ එ තැනට පැමිණිය


1172 සද්ධර්මෙරත්නාවලි ය

වුනු ත් ක යි. ඒ මඟ ත් යකුන් මිනී කතී ප්ර්සිද්ධ වි ය. ඔබිනු ත් මොබිනු ත් වන දොර කඩ කරා ආ මිනිස්සු ඈ ත් මෑ ත් වි ය ‍නො හී සිටිති. පහ වූ භවබන්ධණ ඇති කකුසඳ නම් බුදුහු එක් දවසක් අළුයම්හි කුලුණු සමවතින් නැඟී ලොව බලන සේක් නර දෙව නම් යක්ෂ යා ත් වල් කතරට පැමිණි ජන සමූහයා ත් නුවණ දැළ බැඳුණවුන් දුටු සේක.

දැක ලා අහසින් වැඩ ‍ඒ ජන සමූහයා බල බලා සිටියදී ම නොයෙක් පෙළහර දක්වමින් බුදුහු නරදෙව නම් යකුගේ විමනට වැඩ ඔහු හිඳින පලඟ ම වැඩ හුන් සේක. මිනිස් මස් කන්නා වූ යකාණෝ ද විදුලි‍යෙන් වලඳනා ලද හිරු මඬලක් මෙන් සවනක් රසින් බබළමින් තමන්ගේ විමන් නමැති උදා ගිරි තලට සර්වකඥ නමැති හිරු මඬල පහළ වූ නියාව දැක ‘බුදුන් මා කෙරෙහි කරුණාවෙන් වැඩි නියා ය’යි පැහැද තමන් පිරිවර යකුනු ත් හැර ගෙන හිමවු පියසට පලා ගොසින් සුවඳැති මලු ත් හැර ගෙණ සඳුන් ආදි වු සුවඳ ත් ගෙණවු ත් තමන්‍ ගේ මඟුල් පලඟ වැඩ වුන් බුදුන්ට පූජා කොට ලා වැඳ වැඳ සිටියහ. ඒ පෙළ හර දැක මිනිසුන් පැහැද භය හැර අවුත් බුදුන් වැඳ ලා සිටියහ. ඉක් බිත්තෙන් අන් භවයක ප්රනතිසන්ධාන නැති කකුසඳ නම් බුදුහු බණ වදාළ සේක. එ දවස් ඒ යක්ෂභයාණන් ඇතුළු වූ අසඞ්ඛ්යදයක් සතුහු නිවන් දුටහ. කණ්ණකුජ්ජ නුවර ඉසිපතන නම් උයන්හිදී සතළිස් දහසෙක් රහත් වූහ.

335. කොණාගමන නම් බුදුන්‍ ගෙන් නිවන් දුටුවාහු.සංස්කරණය

ඔබට ඉක් බිති ව කොණාගමන නම් බුදුන් ලෙව්හි පහළ ව ඉසිපතන නම් උයන්හි දී දහම් සක් පැවැත් වූ කල්හි තිස් කෙළ දහසක් නිවන් දුටහ. තව ද සුන්ද්ර නම් නුවර මහ සල් ගස මුල දී යමා මහ පෙළහර කළ දවස් විසි කෙළක් නිවන් දුටහ. යමා මහ පෙළහර කොට ලා දෙව් ලොවට වැ‍ඩ මෑණියන් දෑ ප්රටධාන වූ දෙවියන්ට විදම් බණ දෙසූ දවස් දෙවියෝ දස කෙළක් නිවන් දුටහ. තව ද සුරින්දදවතී නුවර දී සිරිදෙවතා නම් උයන වැඩ හිඳ බණ වදාළ කල්හි තිස් දහසක් දෙනා වහන්සේ රහත් වු සේක.

336. කාශ්යලප නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහුසංස්කරණය

කොණාගමන නම් බුදුන්ට ඉක් බිතිව කසුප් බුදුන් ලෙව්හි පහළ ව ඉසිපතන නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි ‍විසි කෙළක් නිවන් දුටහ. තව ද දනවු සැරිසරා වැඩි ගමනේ


337. ගෞතම බුද්ධ චරිත ය. 1173

දස කෙළක් නිවන් දුටහ. සුන්ද1ර නම් නුවර දොර පියා ගස මුල දී යමා මහ පෙළහර කෙරෙමින් බණ වදාළ දවස් පස් කෙළක් නිවන් දුටහ. පෙළහර කොට ලා මාතෘ දිව්යට පුත්ර ප්රකමුඛ කොට දෙවියන්ට විදම් බණ දෙසූ දවස් තුන් කෙළ දහසක් පමණ දෙවියෝ නිවන් දුටහ. එ කල දඹ දිව නරදෙව නම් යක්ෂදයෙක් දඹ දිව එක් නුවරක රජ්ජුරුවන්ගේ වෙස් මවා ගෙන කාට ත් නො හඟවා ඒ රජ්ජුරුවන් කා පියා පුරඟනන් සහිත වූ රට තෙමේ අත්කර ගන්නා මිනිස්සු ත් බොහෝ ව ඇත. මේ තෙමේ ද වැළි ත් ස්ත්රීඅ ධූර්තස ය. යම් දවසෙක සියුම් නුවණ ඇති ගෑනු මූ අපගේ රජ්ජුරුවෝ නො වෙති’ දත්තු නම් ඒ දවස් තෙමේ ලජ්ජා ව පියා පුරඟනන් හැම ත් කාපියා අනික් නුවර අත් ගන්නී.

මේ නියායෙන් මිනිසුන් ගසා කා ගෙණ ඇවිදිනේ බුදුන් වැඩ හුන් නුවර බලා නික්මිණ. ඒ නුවර වැස්සෝ ඔහු දැක බා ගොසින් නුවරින් නික්ම ඒ ඒ තැනට යන්ට වන්හ. කසුබ් බුදුන් උන් හැම භයින් පලන්නවුන් දැක නරදෙව යක්ෂ යාට ඉදිරි ව ලා සිටි සේක. යක්ෂහයා ත් බුදුන් වැඩ සිටි නියා දැක භය ගන්වන්ට ය යි සිතා හඬකු ත් ගසා හවා ගත නො හී ප්ර ශ්න විචාළ. ප්ර ශ්න විසඳීමෙන් ම උන් හික්මවා ලා බණ වදාළ කල්හි අසඞ්ඛ්යයයක් සත්තු නිවන් දුටහ. තව ද තිස්ස නම් තවුසාණන් ඇතුළු විසිදහසක් තවුසෝ කසුප් බුදුන්ගෙන් බණ අසා රහත් වූහ.

337. ගෞතම බුද්ධ චරිතයසංස්කරණය

කසුප් බුදුන්ට ඉක්බිතිව අපගේ බුදුහු දීපඞ්කරාදී වූ සූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේ ගෙන් විචාරණ ලදින් පැරුම් පුරා අවුත් වෙසතුරු අත් බැවින් පෙරුම් බිම් නිමන හෙයින් එ තැන දක්වා අවුත් දිවකුරු බුදුන් ගෙන් විචාරණ ලත් තැන් පටන් කවර ත් බෝසතුන්ට ධර්මාතා හෙයින් අවීචි මහා නරකයෙහි ත් සක්වළ ගලට පිටත් ව සක්වළ තුනකට මද්ධ්යනයෙහි තිබෙන ලෝ ඇඳිරි මහ නරකයෙහි ත් නො ඉපැද, සකල ශරීරය මුළුල්ල ම ගිනි කඳු ව තිබෙන ප්රෙහත ව ත්, කාලකඤ්ඡක නම් අසුර ව ත් නො ඉපැද, තිරිසන් ව උපදිත ත් වටුවන්ට කුඩා ව නො ඉපැද, මිනිස් ලොව උපදනා කල ත් ජාත්ය න්ධ නො ව ජාතීන් බිහිරි ත් නො ව, ජාතීන් ගොළු ත් නො ව, සාරාසැකි කප් පුවහස් මුළුල්ලෙහි ස්ත්රී ත් නො ව උභතො‍ඛ්යගඤ්ජනක ත් නො ව, නපුංසක ත් නො ව, ආය්ය්රි යන් කෙරෙහි ඇතුළතු ත් නො ව. පඤ්චානන්තරිය කර්මසයෙහි ත් නො හැසිර, කර්ම ක්රිෙයාවාදී ව ත් මුත්


1174 සද්ධර්මහරත්නාවලි ය

මිසදිටු ත් නො ගෙණ ස්වර්ගවයෙනු ත් පන් සියයක් ‍කපට ආයු ඇති අසංඥ බඹ‍ ලොව ත් නො ඉපැද අනගැමි නො වන හෙයින් සුද්ධාවාසවල ත් නො ඉපැද, පැරුම් පුරා අවුත් වෙසතුරු අත් බැව සිට මහ පොළොව ගුගුරුවා මහ දන් දීමෙන් පැරුම් පුරා නිමවා ලා ආයු කෙළවර එයින් සැව තුසී පුරයෙහි සන්තුෂිත නම් දිව්යප රාජන් ව උපන්දෑ ය.

මහ බෝසතුන් තුසී පුරෙහි වසන කලට පැවති බුද්ධ කොලා හල ය අසා දස දහසක් සක්වළ දෙවි බඹුන් එක්තැන් ව රැස් ව මුන්දෑ බුදු වන නියා ව නියම කොට ලා උන්දෑ ත් ඒ දෙව් ලො වින් චුත වන්ට පළන් මල් මැලම් ආදී වූ පූර්වඒ නිමිත්ත ඇති කලට එක් තැන්ව රැස් වූ දෙවි බඹහු බෝසතුන් කරා ගොසින් ‘නිදුකා ‍ණෙනි, මුඹ පැරුම් පුරන ගමෙන් ශක්රන සම්පත් බ්රසහ්ම සම්පත් ආදී යක් පතා පිරූ ‍පැරුමෙක් නැත. පැරුම් පිරූයේ බුදු බැව් පතා ය. මේ බුදු වන්ට කලැ’යි කියා කල් දැන්වූහ.

මුන් හැම දන්වන තෙක් මහ බෝසතුන් බුදු වන්ට කල් නියා ව නො දත් නියා ද යත් - නො දන්ට කාරණ නැත. බණ දෙසීමට බ්රුහ්මාරාධනාව ඇත මනා සේ මෙයි ත් ඇත මනා හෙයින.

මහ බෝසත්හු ද දෙවියන් ආරාධනා කළ කල්හි තව පිළිණ නො දී කල් දෙස් ආදි ය විමසන දෑ වුරුදු ලක්ෂහයෙන් ඔබ හා සියක් හවුරුද්දෙන් මුඹ කල් නො වන බව මුත් අතුරුකල් හෙයින් එ වකට මිනිස් ලොව ආයු හවුරුදු සියයක් හෙයින් බුදුවන්ට මිනිස් ලොව උපදනට කලැ යි කියා ත් දත් දෑ ය. තව ද මිනිස් ලොව ත් උපත මනා ස්ථාන බලන දෑ දිවයින් සතරින් දඹදිව ම ඉපැද්ද යුතු ය යි නියම දැන තව ද දඹදිව මහත දස දහසක් යොදුන. දෙශ කවරේ හෝ හෝ යි බලන දෑ ‘දිගින් එක් දහස් දෙසියක් ගවු පමණ වූ පළලින් ගවු දහසක් පමණ වූ වටින් තුන් දහස් සසීයක් ගවු පමණ වූ මද්ධ්යර මණ්ඩලයෙහි කිඹුල්වත් නම් නුවරෙක් ඇත.

ඊ මා ඉපැද්ද යුතු ය’යි නියම දැන නැවත ත් ඉපැද්ද යුතු වූ කුල විමසන දෑ සර්වැඥවරයෝ නම් ව්යානපාර කුලවල ත් ‍ගොයි කුල වලත් නො උපදිති. උපදිතොත් රජ කුලයෙක හෝ බමුණු කුලයෙක හෝ ය. දැන් රජ කුල ය. උතුම් ව සිට්ටි. සුදොවුන් මහ රජහු තරම්හු ය’යි දැන මවුවන්ට තරමුන් විමසන දෑ සර්විඥ වරයන්ට එ‍ සේ මෙ සේ වූ කෙණෙක් මවු නො වෙති. කප්ලක්ෂෑයක් බුදු කෙණකුන්ට මවුවන්ට පතා අව මැනව. උපන් තැන්


   			337.   ‍ෙගෟතම බුද්ධ චරිත ය                         1175

‍ පටන් පන් සිලු ත් රකිති. මහාමායා බිසවු ත් එතරම් හ. ඌ මට මවු වෙතී’ නියම කොට ආයු කෙතෙක් දෝ හෝ යි බලන දෑ දස මස සත් දවසකට මුත් වඩා ආයු නැති නියා ව දුටු දෑ ය.

මෙ සේ මේ හැම දැක දෙවි බඹුන්ගේ ආරාධනාව ඉවසා සෙසු දෙවි බඹුන් යවා පියා තුසී දෙව්ලොව දෙවියන් පිරිවරා ගෙණ සියලු දෙවි ලොව ම නඳුන් උයන් ඇති බැවින් තුසී දෙව් ලොව නඳුන් උයනට වැද ලා මිනිස් ලොව ව්යනවහාර ලෙසට ඇසළ මස පුර පසළොස්වක් ලද අඟහරුවාදා උතුරු සළ’නකතින් මධ්යඇම රාත්රික වේලෙහි දෙව් ලොවින් චුත ව සුදොවුන් මහරජාණන්ට දා ව මහාමායා බිසොවුන් කුස පිළිසිඳගත් දෑ ය. මවු කුස පිළිසිඳ ගත් වේලාට දස දහසක් සක් වළ පොළොව ගිගිරීම් ආදී වූ දෙතිසක් විතර පූර්ව් නිමිත්ත පහළ වි ය. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් වේලේ පටන් දෙ පුත්ර් මවුන්දෑට ම උවදුරු නවතනු නිසා දේවතාවෝ සතර දෙනෙක් කඩු අල්වා ගෙන රකවල් ගත්හ.

මහාමායා බිසොවුන්ට ත් එ වෙලෙහි පටන් දසමස් සත් දවස කින් පිරිමි වන තෙක් පුරුෂ ලොලත්වෙ ය ‍නො වී ය. ලාභයෙන් යසසින් වැඩී ගියහ. දැරී ඇති සෙස්සවුන් සේ මහාමායා බිසොවුන් තමන් මහ පිණැති හෙයිනු ත් වදන පුතණුවන්දෑ මහ පිණැති හෙයිනු ත් කිසි දුකෙක් නැත. දෑවාණමය කරඬුවෙක වඩා ලු රන් පිළිමයක් මෙන් වැඩහුන් පුතණුවන් දකිති. බෝසත්වරුන් විසූ මවුකුස් නම් ධාතු වැඩූ දාගබ් වැනි හෙයින්, අනික් කෙ‍ණකුන් ඒ මව් කුස පිළිසිඳ ගන්ට ‍නො වන හෙයින් බොධිසත්වුවරයන්ගේ මවු බෝසතුන් උපන් සත් දවසකින් මිය ගොසින් තුසීපුරයෙහි දිව්ය පුත්රස ව උපදිති. දරුවන් වදන සෙසු ස්ත්රීසහු දසමස් නුපුරා ත් දස මසකට වඩා ය යි මෙ සේ කල් වරදවා ත් හිඳ ත් ‍වැදහෙවත් වදති. බෝසත්වරුන්ගේ මවු එ සේ වදන්නෝ නො වෙති. දස මසක් කුසින් උසුලා පියා සිට ම වදති. මේ කවර ත් බෝසත් කෙණකුන්ගේ මවුන් ස්වභා‍වයෙක.

මහාමායා බිසවු දසමසක් මුළුල්ලෙහි මහ බෝසතුන් කුසින් උසුලා පියා වදන අවස්ථාවෙහි නෑයන් හිඳිනා දෙව්දහ නුවරට යනු කැමැති ව සුදොවුන් මහ රජ්ජුරුවන්ට තමන් ඔබ යනු කැමති නියාව කිවූ ය. රජ්ජුරුවෝ ත් යහපතැ’යි ගිවිස කිඹුල්වත් නුවර පටන් දෙව් දහ නුවර දක්වා මඟ සමතල කොට කරවා ලා ධජ පතාක පුන්කලස ආදියෙන් මඟ සරසවා ලා මහ මායා බිසොවුන්

1176 සද්ධර්මපරත්නාවලි ය. ‍ රන්සිවි ගෙයක හිඳුවා ලා මහ පෙරහරින් යවූ හ. නුවර දෙකට මැද දෙ නුවර ඇත්තවුන්ට ම ප්රඳයෝජනවත් වූ ලුම්බිනී නම් මඟුල් උයනෙක් ඇත. ඒ උයන ත් ඒ දවසට කොළ පතක් නැත්තා සේ මලින් ගැවසී සිට ගත. අතු හස්සෙන් හා මල් හස්සෙන් නික්මුණා වූ බමරුන්ගේ භෘඞ්ග නාදයෙන් ශොභාමත් වූ දෙව් ලොව නඳුනුයන වැනි වූ සල් උයන දැක මහාමායා බිසොවුන් උයන් කෙළියට සිත නැමිණ. ඇමැත්තෝ ද රජ්ජුරුවන්ට කියා යවා ලා මහාමායා බිසොවුන් ලුම්බිනී වනයට කැඳවා ගෙණ ගියහ.

බිසොවුන් මඟුල් සල් ගස කරා ගොසින් ලා මල් පල්ලෙන් ගැවසී ගත් යම් අත්තක් අල්වනු කැමති වූ නම් ඒ අත්ත බිසො වුන්ගේ දකුණතට ආසන්න ව පැමිණ. බිසවු ද ඒ සල් අත්ත තඹ වන් ව අගින් උස් ව සිටිනා නියායෙන් බබළන්නා වූ පියුම් පෙති පෙළක් සේ ශොභාමත් වූ මුලින් දළ ව අගින් සීන් ව තිබෙන වට වූ ඇඟිලි ඇති ව රුවන් වළල්ලෙන් ‍හොබනා දකුණතින් අල්වා ගත්හ. සල් අත්ත අල්වා ගෙණ සිටියා වූ මහා මායා බිස‍වු ද නිල් වලාකුළකට ලං වූ චන්ද්ර් රේඛාවක් මෙන් ද නැතක් වේලා පවත්නා වූ විදුලියක් මෙන් ද, නඳුන් උයනට පැමිණි දෙවඟනක මෙන් ද, බබලන්නාහ. ඒ වේලේ ම විලි ත් පහරන්ට වන. වට පටකඩ තිරයක් අද්දවා ලා මිනිස්සු ඉවත් වූහ. ඒ වේලේ ම රන් වලා ගබකින් මෑ ත් වන පුන් සඳ මඬලක් මෙන් ම මහාමායා දෙවී නැමති රන් වලා ගැබින් බෝසත් නමැති පුන්සඳ නිකුත් වි ය. එ වෙලෙහි දී රහත් බඹු සතර දෙනෙක් රන් දැලක් හැර ගෙණ අවුත් මහ බෝසතුන් පිළිගෙණ ලා බිසොවුන්ට සතුටු වුව මැනව. මුඹ වහන්සේට පිණැති පුතණු කෙ‍ණකුන් වහන්සේ සම්භ වූ සේකැ’යි කිවූ ය.

සෙස්සෝ මවුකුසින් බිහි වූ කලට වදන තැන මුසු වුවන් ඉස් සෝධා නහන තරමට ඉතා අපවිත්රි වෙති. බෝසත්වරහු එසේ අපවිත්රෙ නොවෙති. දෙ අත් - දෙ පය ත් දික් කොට ගෙණ මවු කුස කඳ ලේ ආදියෙහි ම ‍නො වැකී සිට මවු කුසිල් බිහි වන බැවින් කසී සළුවක තුබූ මිණි රුවනක් මෙන් ඉතා පවිත්ර ව බිහි වෙති. එ තකුදු වුව ත් බෝසතුන්ට ත්, මහාමායා බිසොවුන් ට ත් සත්කාර නිසා ආසින් පැන් ධාරා දෙකක් අවුත් දෙ පුතු මවුන්වදෑගේ ශරීරයෙහි සෘතු ගැන්වූහ.




 			337.	ගෞතම බුද්ධ චරිත ය                         1177

රන් දැළින් පිළිගෙණ සිටි බඹුන් අතින් වරම් රජ දරුවෝ සතර දෙන අභිමඞ්ගල සම්වත වූ සුව වූ පහස් ඇති අඳුන් දිවි සමෙකින් පිළිගත්හ. උන් අතින් බිමට බැස ලා සිට නැගෙන හිරි දසාව බැලූ දෑ ය. නො එක් දහස් ගණන් සක් වළවල් එකාලොක ව හෙළි වි ය. එහි සිටියා වූ දෙවි - මිනිස්සු සුවඳ මල් ආදිය පුදා ලා ‘ස්වාමීනී, මුඹ වහන්සේ හා සරි කෙණෙක් මෙ දිග නැත. වැඩි තරම් මුත් මුඹ වහන්සේ ය’යි කීහ.

මෙ සේ දස දිග ම බලා වැඩ තමුන් තබා සරි කෙණකුන් ත් නො දැක උතුරු දිගට මූණ ලා සත් පියවරක් ඔසවා ගිය දෑ ය. යන ගමන ත් පොළොවින් ම ගිය දෑ ය. අහසිනු ත් නො වෙයි. සළු නො හැඳ ම ගිය දෑ ය. පිළී හැඳ ත් නො වෙයි. බාල ව ම ගිය දෑ ය. සොළොස් හැවිරිදි වයසට පැමිණ ත් නො වෙයි. එත කුදු වුව ත් බලා සිටියවුන්ට ආසින් යන්නා ම සේ ද සළු හැඳ රාජාභරණ ලුවා සේ ද එ දවස් උපන ත් සොළොස් හැවිරිදි වයසට පැමිණියා සේ ද පෙණෙන දෑ ය. සත් පියවරක් ඔසවා ගොසින් සත් වන පියවරට පොළොව පළා ගෙණ නැංගා වූ සත් මුඩු ඛියුම් මත්තෙහි සිට ‘ලොවට අග්රවයෙමි. ජ්යෙසෂ්ඨයෙමි. ශ්රේ‘ෂ්ඨයෙමි. මේ කෙළවර ජාතිය ය. පෙරළා අනික් තැනෙක ඉපදීමෙක් නැත’යි කියා උතුම් වූ නාද පැවැත් වූ දෑ ය.

මහ බෝසත්හු ද අත් බැව් තුනක දී ම මවු කුසින් බිහි ව ලා ම කථා කළ දෑ ය. මහෞෂධ ව උපන් ජාතිය ය, වෙසතුරු අත් බැව ය, මෙ ම අත් බැව යයි මේ තුන් අත් බැව ය. මභෞෂධ අත් බැව් දී මවු කුසින් බිහි වන වේලාට ලොවෙහි ප්ර්සිද්ධ කරුණු නිසා ත් සක් දෙවිඳු දිව සඳුන් ගැටයක් අත තබා ලා ගියහ. උන්දෑත් මිටි මොළවා ගෙණ බිහි ව සුමනා දේවීන් ‘පුතණ්ඩ අත කුමක් දැ’යි විචාළ කල්හි ‘මෑණියන් වහන්ස, බෙහෙදකැ’යි කියා ලා බෙහෙදෙහි ආනුභාව ය ත් කී දෑ ය. වෙසතුරු අත් බැව දී මවු කුසින් බිහි ව ලා ම දකුණත දික් කොට ලා සිර ගෙය ලූවා සේ දස මසක් මුළුල්ලෙහි දනක් ම දී ලන්ට නු වූ හෙයින් දනක් දී ගන්ට සිතා ගන්නා සේ ‘මෑණියන් වහන්ස, ගෙයි කිසිවක් ඇත් ද දන් දී පියන්ට ය’ යි කී දෑ ය. ඵුසති බිසොව ද දහසින් බැඳි පියල්ලක් අත තබා ලූහ. මේ බුදු වන අත් බැව් දී මේ සිංහ නාද පැවැත් වූ දෑ ය.

මවු කුසින් බිහි වූ ඇසිල්ලෙහි ත් දෙ තිසක් විවර පූර්වද නිමිත්ත පහළ වී ය. යම් දවසෙක අප මහ බෝසත්හු ලුම්බිනි වෙනෙහි දී



1178 සද්ධර්ම රත්නාවලි ය

උපන්දෑ ද එ ම දවස් බිම්බා බිසවු ද, ඡන්න නම් ඇමැත්තාණෝ ද, අනඳ මහ තෙරුන්වහන්සේ ද, කාළුදායි නම් ඇමැත්තාණෝද, කන්ථක නම් අස් රජ ද, බෝ රුක ද, නිධාන සැළ සතර ද, උපන. ඉන් එක් ස‍ැළෙක මුව විට පළල ගවුවක් විචර ය. එකෙක මුව විට පළල දෙ ගවුවක් විවර ය. එකෙක මුව විට පළල තුන් ගවුවක් විවර ය. එකෙක මුව විට පළල සතර ගවුවක් විවරය. උස නම් පස් පොළොව බොල ය. සත්ත සහජාතයෝ නම් මොහු ය.

දෙ නුවර ඇත්තෝ බෝ සතුන් කිඹුල් වත් නුවරට ගෙණ ගියහ. එ දවස් ම ‘සුදොවුන් මහ රජ්ජුරුවන් වහන්සේගේ පුතණුවන් වහන්සේ බුදු වන සේකැ’යි තව්තිසා වැසි දෙවියෝ සතුටු ව කෙළි ලළුවට පටන් ගත්හ. එ කළ කාළදෙවල නම් තවුසාණෝ රජ ගෙයි දී බත් අනුභව කොට ලා දාවල් දවල් දවස් යවන පිණිස තව්තිසා දෙව් ලොවට ගොසින් එහි හුන් තැනැත්තෝ දෙවියන් කෙළනවුන් දැක ‘කුමක් නිසා සතුටු ව කෙළු ද? සතුටු වන්ට කාරණා කියව’යි කිවූ ය. දෙවියෝ ද ‘කිඹුල් වත සුදොවුන් රජ්ජුරුවන්ගේ පුතණු කෙණෙක් උපන්හ. බෝ මැඬ හිඳ බුදු ව දහම් සක පවත්වති. බුදු වූ ඔබගේ සර්විඥ ලීලාව ත් දකුම්හ. බණ ත් අසම්හ යි සිතා සතුටු ව නටම්’යි කිවූ ය.

උන්ගේ බස් අසා ‍කාළදෙවළයෝ දෙවි ලොවින් බැස සුදොවුන් මහ රජාණන්ගේ මාළිගාවට ගොසින් ‘මහ රජ, තොපගේ පුතණුවන් දක්නා කැමැත්තම්හ’යි කවූ ය. රජ්ජුරුවෝ ද පුත් රුවන ගෙන්වා ලා තවුසාණන් වන්දවන්ට ආරම්භයක් කළහ. මහ බෝ සතුන්ගේ සත් ලකුණෙන් විසිතුරු පතුල් දෙක නිල් වලා කුලෙක පිහිටන විදු ලිය සහළක් මෙන් තවුසාණන්ගේ දළ මඬුල්ලෙහි පිහිටා ගත. ඒ ජාතියෙහි බෝසතුන් ගෙන් වැඳුම් ලබන්ට තරම් කෙණෙක් නැත. තවුසාණෝ ද හුනස්නෙන් නැඟී සිට බෝසතුන් වැන්දහ. රජ්ජුරුවෝ ද ඒ විස්ම ය දැක පුත් රුවන වැන්දහ. තවුසාණෝ දමහබෝසතාණන්ගේ ලක්ෂාණ සමෘද්ධි ය දැක සත්විති වන පිණැත්තවුන්ට ත් දෙ තිස් මහා පුරුෂ ලක්ෂ්ණ ය සම්භව වන හෙයින් මුන් වහන්සේ බුදු වන සේක් දෝ හෝ, සක්විත වන සේක් දෝ හෝ’යි අනාගත ඥාන යෙන් බලනුවෝ සැක නැතිව ම බුදු වන නියාව දැන සමාධි ව සිනා සී පූ ය.

නැවත ‘බුදු වූ මුන් වහන්සේ ‍මම දැක්කහෙම් දෝ හෝ යි බලනුවෝ දැක නො හෙමි. අතුරෙක මිය ගොසින් බුදුන් දහ


337. ගෞතම බුද්ධ චරිත ය 1179

සක් වැඩ ත් නිවන් දක්වා ලිය නො හැකි අරූතලයෙහි උපදිමි’යි දැක ‘අනේ මෙ වැනි තැනක් දැක්ක නො හෙමි. මට වන්නේ බලවත් හානියෙකැ’යි කර්මව බලයෙන් ධ්යාකන නිකාත්ති ය හැර ගත නො හී හැඬුහ. මිනිස්සු ද ඒ දැක ‘අපගේ තවුසාණන් වහන්සේ දැන් ම සිනා සී පියා හඬන්ට ත් වන් සේක. කුමාරයන් වහන්සේට උවදුරක් ඇති නියා දෝ හෝ’යි සිතා විචාළහ. තවුසාණෝ ද ‘උවදු‍රක් නැත. සැක නැති ව ම බුදු වන සේකැ’ යි කිවූ ය. ‘එ සේ කල සිනා සී ම වන්නා යුක්ති ය. හැඬූයේ හැයි දැ’යි විචාළහ. ‘මෙ වැනි තැනක් මම මා පින් නැති හෙයින් දැක්ක නො හෙමී’ සිතා හඬා පීමි කිවූ ය.

ඉක් බිත්තෙන් බෝසතුන් උපන් පස් වැනි දවස් නාවා පියා නම් තබම්හ යි කියා රජ ගෙයි සිවුදෑ සුවඳින් පිරිබඩ ගන්වා ලා ලද පස් මල් මඟුල් පිණිස හිස ලා, පැන් අමිශ්රව කිරිබත් පිසවා ලා ත්රි වෙදයෙහි දක්ෂැ වූ අටෝරාශියක් බමුණන් ගෙන්වා ගෙණ රජ ගෙහි හිඳුවා ලා කිරිබත් අනුභව කරවා, තව ත් කළ මනා සක්කාර කොට ලා, බෝසතුන්ට වන වැඩ අවැඩ විචාළහ. ඒ අටෝ රාශියක් බමුණන්ගෙන් රාම ය, ධජ ය, ලක්ෂ ණය ය යනාදී වූ බමුණෝ අට දෙන තම තමන්ගේ මහ නුවණැති හෙයින් ලක්ෂකණ දනිති. ඒ අට දෙනාගෙනු ත් සත් දෙනෙක් ඇඟිලි දෙක දෙක ඔසවා ලා ‘මේ ලකුණු ඇත්තෝ ගිහි ගෙයි විසූ නම් සක්විති රජ වෙති. මහණ වූ නම් බුදු වෙතී’ කීහ. උන් සත් දෙනාටම බාල කොණ්ඩඤ්ඤ නම් බමුණු සුඟිත්තෝ බෝසතුන්ගේ ලකුණු දැක ‘මුන් වහන්සේ ගිහි ව රැඳීමට කාරණ නැත. ඒකාන්තයෙන් බුදු වන සේකැ’යි දැන එක ම ඇඟිල්ලක් ඔසවා ලා බුදු වන නියා ව නියම කොට කිවූ ය.

ඉක් බිත්තෙන් නම් තබන්නාහු සියලු ලෝ වැස්සන්ට අර්ථව සිද්ධි ය කාරණ හෙයින් සිද්ධාත්ථිා ය. යන නම තබා ලූහ. දෙකක් කොට නිමිත්ත‍ කී බමුණෝ සත් දෙන ද තම තමන්ගේ ගෙවලට ගොසින් පුතුන් බණවා ලා අපි මාලු ව ගියම්හ. සුදොවුන් මහ රජ්ජුරුවන්ගේ පුතණුවන් වහන්සේ බුදු වූ කලට අපි සම්භවමෝ හෝ ය, නො වමෝ හෝ ය. තෙපි උන් වහන්සේ මහණ ව බුදු වූ කලට ඔබගේ සස්නෙහි මහණ වව’යි කීහ. ඒ බමුණෝ සත් දෙන ත් ආයු පමණින් සිට ලා මිය ගියහ. කොණ්ඩඤ්ඤ නම් බමුණානෝ තව මාලු නො වූහ.

සු‍ද්ධොදන රජ්ජුරුවෝ ද පුතණුවන්දෑ මහණ වන නියාව අසා ‘ම පුතු කුමක් දැක මහණ වෙත්දැ’යි විචාළෝ ය. ‘ජරා



1180 සද්ධර්මෙරත්නාවලි ය

රුවක් ‍හා රෝගී රුවක් හ මළ රුවක් හා මහණ රුවක් දැක ය’යි කිවූ ය. රජ්ජුරුවෝ ද, ‘මෙ වක් පටන් එ බඳු කෙණකුන් ම පුතුන්ට නො පාව’යි කියා ලා සතර දිග ගවුව ගවුව රකවල් ලැවූහ. ඒ දවස් නම් තබන මඟුලට පිය පක්ෂතයෙන් රැස් වූ අසූ දහසක් නෑයන් අතුරෙන් එකි එකී කෙණෙක් ‘මුන් දෑ බුදු වුව ත් නූ වුවත් පිරිවරා ඇවිදිනා ලෙසට අප අපගෙන් කුමාරවරුන් පාවා දෙම්හ’යි කියා ලා අසූ දහසක් රාජ කුමාර වරුන් පාවා දුන්හ. ඌ අසූ දහස ත් බෝසතුන් බුදු වූවො ත් මහණ වන්ට හා සක්විති වූවො ත් සසර සිටිනට නියත වූ හ.

සුදොවුන් මහ රජහු ද පුත් රුවනට අතිදීර්ඝාදී දොෂ වර්ජිත කිරි මවුනු ත් ‍තෝරා දෙවූහ. මහ බෝසත්හු ද මහ පෙර හරින් වඩනා දෑ ය. එක් දවසක් රජ්ජුරුවන්ගේ වප් මඟුලෙක් ඇත. එ දවස් රජ්ජුරුවෝ වප් මඟුලට නුවරින් නික්මෙන තැනැත්තෝ පුත් රුවන ත් කැඳවා ගෙන ගියහ. සානා කුඹුරු බඩ ද එක් දඹ ගසෙක් ඉතා ශොභාවත. සෙවන මඬුල්ල ත් යහපත. ඒ දඹ රුප්පයෙහි යහනක් පනවා ලා උඩ රන් තරු රිදී තරු ආදියෙන් විසිතුරු වියනකු ත් බඳවා ලා වට පට කඩ තිරයකුත් බඳවා ලා කුමාරයන් දෑ එහි සතප්පවා ලා රජ්ජුරුවෝ වප් මඟුලට ගියහ.

ඒ වප් මඟුල් කරන්නේ කෙ සේ ද යත් - රජ්ජුරුවෝ රන් නඟුලක් සීයට හැර ගනිති. ඇමැති ආදීහු රිදී නඟුල් ආදි ය හැර ගනිති. ඒ දවස් නඟුල් දහසක් යොදති.

මහ බෝසතුන් පිරිවරා හුන් කිරි මවු ද ‘රජ්ජුරුවන්ගේ සම්බත් දකුම්හ’යි තිර ය ඇතුළතින් පිටත් ව ගියහ. එ කල බෝසත්හු ඈත මෑත බලා කිසි කෙ‍ණකුනු ත් නො දැක වහා නැඟී සිට පලක් බැඳ ගෙණ ආනාපානසති භාවනාවෙන් ප්රරථමද්ධ්යාැන ය උපදවා ගත් දෑ ය. කිරි මවුන් කණ බොන තැනට වැද පියා මඳක් කල් යවා පීය. සෙසු ගස්වල සෙවණවල් හිර නවා පී හෙයින් නැගෙන හිරට නැමී සිටියහ. දඹ ගස සෙවන කොත් නො නැමී පිල් සතක් මෙන් සිටී ය. කිරි මවු ‘කුමාරයන් වහන්සේෙ ලඟ කවුරු ත් නැත්තෝ වේදැ’යි වහ වහා තිර ය ඇතුළට වන්නාහු ශ්රීම යහනෙහි පලක් බැඳ ගෙණ හුන් නියාව ත් දඹ සෙවන ඉවත් නු වූ නියාව ත් දැක ගොසින් රජ්ජුරුවන්ට කිවූ ය. රජ්ජුරුවෝ ත් වහා අවුත් වැඳ ලා ‘මේ පුතණ්ඩ දෙවෙනි ව වැඳි නියා ය’යි කිවූ ය.


337. ගෞතම බුද්ධ චරිතය

මහ‍ බෝසත්හු ද කලාවෙන් කලාවට වඩනා සඳ පරිද්දෙන් සොළොස් හැවිරිදි වූ දෑ ය. රජ්ජුරුවෝ ද මහ බෝසතුන්ට තුන් සෘතුවට නිසි කොට පස් මාල් කොටත්, සත් මාල් කොටත්, නව මාල් කොට ත්, රම්ම ය, සුරම්ම ය, සුභ ය, යන මේ නම් ඇති මාළිගා තුනක් කරවා දුන්හ. මාළිගා තුනෙහි ම උස ත්රියවිධ සුචරිතයට ම සම වූවා සේ සරි ය. මාල් පමණෙක් වෙන.

නැවත සුදොවුන් රජ්ජුරුවෝ ‘ම පුත්තු වැඩි විය ත් පැමිණියහ. ඔටුණු පළඳවා ලා රජසිරි විඳිනා නියා ත් බලමි’ ශාක්යි දරුවන්ට ‘ම පුත්තු වැඩි විය පැමිණියහ ඔටුණු පළඳවමී’ බිසෝ වරුන් ඇත මනා බැවින් තමන්‍ තමන්ගේ දූවරුන් එවුව මැන වැ’යි කියා යවූහ. උයි ත් ඒ අසා ‘කුමාරයන් රූප ත් බව ඇත. දන්නා ශිල්ප නූගත් හෙයින් නැත. ශිල්පය නො දන්නා කල දාරාහරණ ය කෙ සේ ද? අපි අපගේ දූ දරුවන් නො එවම්හ ‘යි කියා යැවූහ. රජ්ජුරුවෝ එ පවත් අසා පුතණුවන්දෑ ලඟට ගොසින් එ පවත් කීහ. බෝසත්හු ද ‘කුමන ශිල්පයක් දක්ව මෝ දැ’යි විචාළ දෑ ය. ‘දහසක් දෙනා නඟන දුන්න නඟා ලීම යහපතැ’යි කිවූ ය.

මහ බෝසත්හු ද දහසක් දෙනා නඟන දහසක් දෙනා බාන දුන්න ගෙන්වා ලා සිංහාසනයේ හිඳ ම දුනු දිය පය මාපට ඇඟිල්ලෙහි වෙළාගෙන අදිමින් පය මාපට ඇඟිල්ලෙන් ම දුන්න නගාලා වම්තින් දුන්න අල්වා ගෙණ දකුණතින් දුනු දිය අත පොළා ලූ දෑ ය. සියලු නුවර ඉපිල යන කලක් මෙන් විය. “මේ කෙසේ වූ අරගලයෙක් දැ’යි විචාළ කල්හි සමහර කෙණෙක් ආස ගුගුරන නියා ය යි කිවූ ය. ඒ අසා සමහර කෙණෙක් ‘තෙල ලෙස ත් ආස ගුගුරා ද? ආස ගුගුරන නියා නො වෙයි. සිද්ධාත්ථිල කුමාරයන් දුන්න නඟා ලා දුනු දිය අත පො‍ළා ලූ හඬ ය’යි කිවූ ය. ශාක්යම රජ දරුවෝ ඒ අසා ඒ පමණකින් ම සතුටු වූ හ.

තව ද මහ බෝසත්හු ‘දුන්න නගා ලූ පමණෙකින් ශිල්ප නො නිම ත් කුමන ශිල්පයක් දක්වමො දැ’යි විචාළ දෑ ය. අටඟුල් බොල ඇති යාපත් විඳීම් යහපතැ’යි කිවූ ය. ඒ විද පියා ‘අනික් කිම් දැ’යි විචාළ කල්හි ‘වියතක් බොල ඇති දිඹුල් පෝරුවක් විඳීම යහපතැ’යි කිවූ ය. එයි ත් විද පියා ‘අනිත් කිම්දැ’යි විචාළ කල්හි වැලි ගල් ආදිය ත් විද දියෙහි එක් සිය සතළිස් රියනක් හා ගොඩ එක් දහස් එක් සිය විසි රියනක් විද


1182 සද්ධර්ම රත්නාවලි ය

පී දෑ ය. හී දඬු බස්නා පමණ තැන් අස් වලින් කරබටුවක් බඳවා ලා එල්වා ලා කරබටුව බා ලා වල් දෙපළු කළ මැනවැ ‘යි කිවූ ය. එ‍ සේ වී නම් ‘සතර ගවුවක් විතරේ බඳුව’යි බඳවා ලා දවල් විද මන් අරුම නො වන්නේ වේ දැ’යි රෑ ඝන අඳුරෙහි විද ලූ ගමනේ අස්වාල ය පලා ගෙණ හීය පොළවට වන. එ දවස් පෑ ශිල්ප නම් මෙ තෙක් නො වෙයි. මහ බෝසත්හු මෙ ලෙව්හි පවත්නා යම් ශිල්පයෙක් ඇත්නම් බුදු ව දතමනා සියල්ල ම දන්නා සේ සියලු ශිල්ප ම පෑ දෑ ය.

එ කල ශාක්යෙ රජ්ජුරුවරු ඇති ව සිටි දූ දරුවන් එ තෙක් නියා ද කිම් ද සතලිස් දහසක් බිසෝවරුන් යවූහ. බිම්බා බිසොව උන් හැම දෙනාට වැඩියුරු හෙයින් අග මෙහෙසුන් වූහ. මහ බෝ සත්හු ද අඩු තුන් කෙළක් පුරඟනන් පිරිවරා දෙව් සැපත් විඳිනා සක් දෙවිඳුහු මෙන් නළු ගන පිරිවරා දෙව් සැපත් විඳිනා දෑ එකි එකී මාළිගාවේ සාර මසක් සාරමසක් හිඳිනා දෑ ය.

එක් දවසක් මහ බෝසත්හු උයන් කෙළියට යන පිණිස රිය ඇදුරා බණවා ලා ‘රථ ය යොද ලව. උයනට යනු කැමැත්තෙමි’ කී දෑ ය. එයි ත් යහපතැ’යි ගිවිස කුඩා පමණෙකින් මුත් ශක්ර යන්ගේ විජයත් රථ ය වැනි ය යි කීය හැකි වූ රථයක් සරහා ලා සුදු වූ මඟුලසුන් සතර දෙනකු යොදා ලා බෝසතුන්ට කී ය. මහ බෝසත්හු ද දෙවි විමනක් වැනි රථයට නැඟී ලා උයන දසා වට නික්මුණු දෑ ය. එ කල දෙවියෝ ‘සිද්ධාර්ථ කුමාරයන් බුදු වන කල් උදවු වි ය. මහණ වන ලෙසට සසර කළකිරුවම්හ’යි එක් දෙවි පුතකු ජරා වැද ලා දිරා ගිය සිරුරු ඇති කොට දත් වැගිර ගියා වූ ඉස විලික්ෂක ගියා වූ වක ගැසී ගොසින් සැරයටියක් හැර ගෙණ වෙවුල වෙවුලා යන්නහු පෑවූ ය.

ඒ සැටියේ ම මවා ලූ රුව බෝසතුන් හා රිය ඇදුරාණෝ දකිති. සෙසු දක්නා කෙණෙක් නැත. මහ බෝසත්හු ඔහු දැක ‘රිය ඇදුර තුලු කවුරුද? හිසකේ ත් සෙස්සවුන්ගේ හිසකේ සේ නො වෙ’යි යනාදී මහාපනාද සූත්රුයෙහි ආ ලෙ සම විචාරා රිය අදුරාගෙන් පවත් අසා ‘ජරාවට මුල් වූයේ ජ‍ාතිය ය. ජාතිය නැත්නම් ජරාව නැත. මෙ සේ ‍කුණු වූ ජාතියක් හැර ගෙණ ත් උයන් කෙළි කෙළිම්දැ’යි සසර කළකිරී ගොසින් පෙරළා රජ ගෙට ම ගිය දෑ ය. රජ්ජුරුවෝ ද ‘ම පුත්තු කුමක් නිසා නැවත් තෝ දැ’යි විචාරා ‘මාලු මිනස් කෙ‍ණකු දැක ය’යි කී කල්හි රක



337. ගෞතම බුද්ධ චරිත ය.

වල් නපුරු නියා වේ ද’යි සතර අතින් දෙ ගවුවෙක රවල් ලැවූහ.

නැවත එක් දවසක් බෝසත්හු උයනට යන දෑ දෙවියන් මවා පෑවා වූ රෝගී එකක්හු දැක ආදී ලෙසින් ම විචාරා රෝගී එකක්හු නියාව දැන සසර ‍කළකිරී නැවත රජ ගෙට ගියදැ ය. රජ්ජුරුවෝ ද අසා මහණ වීමෙහි රුච් හරවන්ට නළුවන් ඇති කරවා ලා සතර අතින් තුන් ගවු පමණ රකවල් ලැවූ හ.

නැවත මහ බෝ සත්හු උයනට යන දෑ එ සේ ම දෙවියන් මවා ලූ මිනියක් දැක තෙලේ කිම්දැ යි විචාරා මිනියක් නියාව අසා ජරා දැක, ව්යා ධි දැක, සසර කළකිරුණු දෑ මරණත් දැක, තර ව කළ කිරී උයන් කෙළියට යන ගමන් තබා රජ ගෙට ම ගිය දෑ ය. රජ්ජුරුවෝ ද එ පවත් අසා නැවත රකවල් වඩනෝ සතර දිගින් සතර සතර ගවුවෙක රකවල් ලැවූහ.

නැවත එක් දවසක් උයන් කෙළියට යන දෑ එ සේ ම දෙවි යන් මවා ලූ සන්හුන් පියෝ ඇති මහණ රුවක් දැක’මූ කවුරුදැ’යි විචාළ දෑ ය. රිය ඇදුරා ද බුද්ධොත්පාද කාලයක් නො වන බැවින් මහණුනු ත් මහණුන්ගේ ගුණ ත් නො දන්නේ දෙවියන් ගේ ආනුභාවයෙන් “මු පැවිදි කෙණෙකැ’යි කියා ලා මහණ වීමෙහි ගුණ ත් කියා ලී ය. මහ බෝසත්හු ද මහණ වීමෙහි රුචි උපදවා ගෙණ එ දවස් උයන් කෙළියට ම ගිය දෑ ය.

බොහෝ ආයු ඇති බෝසත්හු හවුරුදු සියයක් සියයක් ගිය කලට ජරා රූ ආදි ය දකිති. අපගේ බෝසත්හු ආයු මඳ අවධියේ උපන් හෙයින් සාර මසක් සාර මසක් ගිය කල උයනට යන දෑ පිළිවෙළින් එඑකක් එකක් දුටු දෑ ය. දික් සඟි ය පිරිමසන තැන් අරමුණු සතර එක දා ම දුට යි කියන සේක.

එ දවස් උදාසන පටන් සවස් වේලා වන තුරු උයන් කෙළි කෙළ පියා මඟුල් පොකුණෙන් නහා පියගිර ගල හුණු වේලාට සැරහෙණු කැමැති ව මඟුල් ‍සල්වට හුන් දෑ ය. මහ බෝසතුන් ගේ රුචි ය දත් සක් දෙවිඳුහුගේ විධානයෙන් විස්කම් දෙව් පුත්හු අවුත් මඟුල් කපු වෙස් ගෙණ සළු පිළී දස දහසකින් පිළී වොටුන්න සලසා ලා දිවබරණින් සරහා ලූ ය. සැරහී ගෙණ නළුවන් රැස් ව කෙළි ලළු පාමින් සිටිය දී ම නුවරට නික්මෙන්ට රථයට නැඟීදෑ ය.



1184 සද්ධර්මෙරත්නාවලි ය

ඒ වේලාට බිම්බා බිසොවුන් රහල් කුමරුවන් වැදූ නියාව සුද්ධොන රජ්ජුරුවෝ මහ බෝසතුන්ට කියා යවූහ. මහ බෝ සත්හු ඒ අසා රහල් කුමරුන් ඉපැද වූයේ වියවුලෙකැ’යි කී දෑ ය. මහ රජාණෝ ද’ම පුතුන් කීයේ කිම් දැ’යි විචාරා එ පවත් අසා මුනුබුරාණන්ට රාහුල කුමාරයෝ ය යි නම් තුබූ හ. බෝසත් හු ද රථයට නැඟී ලා මහත් වූ ශ්රී් ශොභාවෙන් යුක්ත ව නුවරට වන් දෑ ය. ඒ වේලාට රුවින් හා සම්පත්තීන් කෘශ නො වත ත් නමින් කෘසාගොතමී නම් මහ බෝසතුන්ට බැදෑ වන ‍බිසෝ කෙණෙක් තමන්ගේ මාළිගාවේ මතු මාලේ සිටියාහු ඇතුළු නුවරට වදනා මහ බෝ සතුන්ගේ රූප ශොභාව දැක -

“නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතො නූන සො පිතා, නිබ්බුතා නූන සා නාරී - යස්සායං ඊදිසො පති”

යන මේ ගීය අනුරාග වසයෙන් තුන් විටක් කොට ම කී ය. මහ බෝසත්හු ද ඒ අසා ‘මම ත් නිවන් සිත සිතා හිඳිමි. මුයි ත් නිවී ගියේ ය’යි කියති. මුවහොර ය යහපත. නිවන් නිසා මහණ වන්ට අද ම යන්ට වුව මැනව. මේ තරම් මුවහොරයක් කිව වුන්ට සංග්ර හයක් ඇත මනා වේදැ’යි ලක්ෂියක් වටනා මුත්හර කරින් ගළවා පියා කෘශාගොතමී බිසොවුන්ට යවූ දෑ ය. උයි ත් මෙ තෙක් කල් එ බන්දක් නැති හෙයින් තමන් කෙරෙහි පිළිබඳ සිතක් ඇති ව යවුව යි සිතා සතුටු වූහ. මහ බෝසත්හු ද මහත් වූ ශ්රීත ශොභාවෙන් යුක්ත ව තමන්දෑගේ මාළිගාවට නැඟී ලා ශ්රීය යහනේ වැද හොත් දෑ ය.

ඒ වේලාට පුන් සඳක් හා සමාන වූ සොමි මුහුණ ඇති ව රූප නමැති සාග‍රයෙහි ගමන් ගත් පබළු මුවා නැව් වැනි වූ දසන් වසන් ඇති, රන් පවර්තාවලින් හුණු කළු ගං පරිද්දෙන් නිල් වූ හිසකේ ඇති, තව ද රුවන් මුවා මාලිගාවල ඉඳුනිල්මණිමුවා කවුළු දොර වැනි නෙත්ර් යුග්මයක් ඇති, දෙව් දුනු හා සමාන වූ බැම සඟළක් ඇති, රන් ගල් තලාවල හුන් රන් වන් හංස පැටවුන් වැනි තන සඟලවල් ඇති, මිණි මෙවුන් දම් ආදියෙන් සරහනා ලද දුවන්තලා ඇති, ඇත් සොඩ හා සමාන ව වච්චුන්නත වූ කළවා ඇති, නැටීම් - ගී කීම් - බෙර ගැසීම් ආදියෙහි ද දක්ෂා වූ දෙවඟනක් වැනි වරඟනෝ මහ බෝසතුන් පිරිවරා නැටීම් - ගී කීම් හා බෙර ගැනීමට පටන් ගත්හ. මහ බෝසත්හු ද මහණවීමෙහි අදහස් තරව ඊ ඇල්මක් නැති බැවින් නිදන්ට පටන් ගත් දෑ ය. නළු ගෑනු ද අපි යම් කෙණකුන් ඇලවන්ට සිතා සැලී පියා ආයාස ගනුමෝ නම්

337. ගෞතම බුද්ධ චරිත ය

උන්දෑ දැන් නිඳා වැතිර ගිය දෑ ය. අපි ත් නිදම්හ’යි මද්දල හිසට ලා ගෙණ නිඳන්ට වන්හ.

රන් වැටවල සුවඳ තෙල් පාන් ඇවිළෙ යි. මහ බෝසත්හු ද මහණ වන්ට නික්මෙන්ට ත් වුවමනා හෙයින් පිබිද පියා යහනට පිට පලක් බැඳ ගෙණ හුන් දෑ හිඳන නළු ගෑණුන් දුටු දෑ ය. ඒ වේලාට කවර ලෙසක වැද හොත්තෝ ද යත්- සමහර කෙණෙක් කටින් කුණු කෙළ බබා නිඳති. සමහර කෙණෙක් තමන්ගේ නැටීම නො බලා ගී නො අසා නිඳන්නාට මුසුප්පු ව දත් කන්නා සේ දත් කති. සමහර කෙණෙක් කැස කැස සෙම් ගිලෙති. සමහර කෙණෙක් නන් දොඩති. සමහර කෙණෙක් කට දල්වා ගෙණ නිඳති. සමහර කෙණෙක් අපගත වස්ත්රම ඇති ව නිඳති. සමහර කෙණෙක් හිස කේ ඉනී විසිර ගිය නියා ‍ත් නො දැන නිඳති.

මහ බෝසත්හු ද ඒ විකට දැක තරයේ ම ගිහි සම්පත් ඇලුම් හළ දෑ ය. ඒ වේලාට මහ බෝසතුන්ට දෙව් සැපතින් පිරුණු විජයත් පාය සේ ඉතා ශොභාමත් ව සිටිනා මාලිඟාව මිනිකු‍ණින් ගැවසී ගත් අමු සොහොණක් මෙන් වැටහිණ. තුන් භව ය ත් ගිනි ගත් ගෙවල් මෙන් වැටහිණ. මහණ වීමට සිත තරයේ ම නැමිණ. ‘අද ම මහණ වන්නට යන්ව වුව මැනවැ’යි ශ්රී යානෙන් බැස පියා දොර කඩ කරා ගොසින් ‘මෙ තැන කවුරු දැ’යි කී දෑ ය. එළිපත හිස තබා ගෙණ වැදහොත් සන් ඇමැත්තෝ ‘මම ස්වාමීනී, ඡන්නයෝ ය’ යි කිවූ ය. ‘අද මම මහණ වන්ට නික්මෙනු කැමැත් තෙමි. කාට ත් නොසඟවා වහා අසකු සාදා ගෙණෙව’යි කී දෑ ය.

සන් ඇමැත්තෝ ද අසුන් සදන සැත් ඊ ල හැර ගෙණ ‍අස් හලට ගොසින් රන් වැටවල සුවඳ තෙලින් ඇවිලෙන පාන් ආලෝකයෙන් දෑ සමන් මල් ඔඩම් සහිත වියන යට සිටියා වූ කන්ථක නම් අස් රජහු දැක ‘මාගේ ස්වාමී දරුවාණන් නැගී ලා වඩනට අද මේ මඟුලසු ම සදමී’ සිතා ලා කන්ථකයන් සදන්ට පටන් ගත්හ. අසාණෝ ද සදන ගමනින් ම ‘අද සාදා ලන සැටි ය මෙ තෙක් දවස් සේ නො වෙයි. ඒකාන්තයෙන් ම මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ අද රාත්රි යෙහි මහණ වන්ට නික්මෙන සැටි’යි සතුටු ව හෙෂාරවයක් පැවැත්වූහ. ඒ හෙෂාරව ය කිඹුල්වත් නුවර මුළුල්ලට ම ඇසෙන්නට ඇත. දෙවියෝ තමන්ගේ ආනුභාව යෙන් ම කිසි කෙණකුනු ත් ඇසි ය නුදුන්හ.


1186 සද්ධර්ම්රත්නාවලි ය ‍ මහ බෝසත්හු ද අසු සාදා ගෙණෙන තෙක් රහල් කුමරුන් බලා පියනු කැමැති ව බිම්බා බිසොවුන් සැතපෙන ශ්රී් යහන් ගබඩාව කරා ගොසින් ගබඩාවේ දොර හළවූ ය. ඒ වේලාට ඇතුළු ගබඩාවේ රන් වැටවල සුවඳ තෙල් පාන් ඇවිළෙ යි. බිම්බා බිසොවුන්දෑ දෑ සමන් මල් ඉද්දමල් ආදී වූ මලින් අමුණක් විතර අතුළ ශ්රීන යහනෙහි පුත් රුවන ඇඟ පිට අත තබා ලා නිඳති. මහ බෝසත්හු ද එළි පත පයක් තබා ලා ‘ඉඳින් බිසොවුන්ගේ අත ඉවත් කොට පියා ම පුතුන් වඩා ගනිම් නම් බිසවු පිබිද යෙමි. එසේ කලට මාගේ මහභිනික්මනට බාධාවක් වී නමුත් නපුර. බුදුව ලා ම අවුත් ම පුතුන් දකිමි’ සිතා ලා මාළිගාවෙන් බැස පියා කන්ථකයන් ලඟට ගොසින් ‘පුත කන්ථකයෙනි, තෙපි මා අද එක රැයින් එ තෙර කරව. මම් තොප නිසා බුදු ව ගෙණ දෙවි මිනිසුන් සහිත ලෝ වැස්සන් සසර සයුරෙන් එ තෙර කරමී’ කියා ලා උඩට පැන ලා කන්ථකයන් පිටට නැඟි දෑ ය.

කන්ථකයෝ ද කර පටින් දිගින් අටළොස් රියන් හා උස ත් එ දිග තරමට සරියෙන විතර ක් ඇත්තෝ ය. චන්ද්ර්කාන්ති පුඤ්ඡයක්සේ ඉතා ශුභ්රසයහ.

ඉක් බිත්තෙන් මහ බෝසත් අසු පිටට පැන නැඟී ලා සන් ඇමැත්තාහට අසුන්ගේ වාලධි ය අල්වා ගන්ට සම්මත කොට ලා මධ්ය්ම රාත්රීඅ වේලෙහි නුවර මහ වාසල කරා පැමිණි දෑ ය.

ඊට පෙරාතු ම සුදොවුන් මහ රජාණෝ ‘මහ බෝසතුන් වේලෙක නො වේලෙක නැඟී යෙතී’ කියා නුවර වාසල් දොර හෙයින් එකී එකී දොර ලෑල්ල ම දහසක් දෙනා හැර ලන ලෙස දහසක් දෙනා පියා ලන ලෙස එක් කොට හැර ලන්ට දෙ දාසක් හා පියාලන්ට දෙ දාසක් වන ලෙසට වාසල් දොර ලවා ලා සතර වාසල ම බෙ‍ාහෝ දෙන සිටුවා ලූහ. මහ බෝසත්හු වැළි ත් ඇතුත් ගෙන් වී නම් කෙළ දහසක් විතර ඇතුන්ට බල ඇති දෑ ය. බල මැදුම් පිරිමින් ගේ ගණනින් වූවො ත් දස කෙළ දහසකට බල ඇති දෑ ය. එහෙයින් ‘මේ වාසල නොහැරිණි නම් කන්ථකයන් පිට හුන්නෙම් මම වාලධි ය අල්වා ගත් සන් ඇමැත්තාහු හා සමඟ කන්ථකයන් කළවයෙන් බදා ගෙණ වඩුවෙන් අටළොස් රියන් පවුරු පැන පියෙමි’ සිතූ දෑ ය. සන් ඇමැත්තෝ ත් කන්ථකයෝ ත් දෙන්න ම එ සේ ම ‘පනම්හ’යි සිතූහ. වාසල වසන දෙවියෝ වාසල දොර හළවූ ය.

ඒ වේලාට මහ බෝසත්හු වඩනවා දැක වසවත් මරහු ද ‘මහබෝසතුන්ගේ මහණ වීමට ගමන බාධා කෙරෙමී’ අහස සිට - 337. ගෞතම බුද්ධ චරිත ය.

“මා නික්ඛම මහාවීර - ඉතො තෙ සත්තමෙ දිනෙ, දිබ්බන්තු චක්කරතනං - අද්ධා පාතුභවිස්සතී.”

යනු හෙයින් ‘සත් දවසක් විතරින් සක් රුවන පහළ ව ත් සක්විති රාජ්යෙය කළ මැනව. නො ගිය මැනැවැ’යි කිවූය. මහ බෝසත්හු ද ‘තෙපි කවුරු ද’යි විචාරා ‘මම වශවර්තියා’යි කී කල්හි ‘මාර ය, මා ගිහි ගෙයි රඳතො ත් සක් රුවන පහළ වන නියාව දනිමි. මට ඉන් කම් නැත. මහ පොළොව ගුගුරුවා බුදු වූ කලට දහම් සක පතළ ව මාගේ ආඥාව කෙළ ලක්ෂකයක් සක්වළ වත්තී තෝ පළාය’යි කී දෑ ය. එයි ත් එක බසින් ම අතුරුදන් වී ය. මහ බෝසත්හු ද එකුන් තිස් හවුරුද්දේ දී අත් පත් වූ සක්විති රාජ්යරය ය හැර පියා සක් විති රාජ්යතශ්රී යට ස්ථාන වූ රජ ගෙන් නික්ම ඇසළ මස මැදි පොහෝ දවස උතුරු සළ නක තින් නුවරින් නික්ම නුවර බලා පියනු කැමැති වූ දෑ ය. එ‍ සේ සිතන්නා ම ඒ බිම් පියස කුඹල් සකක් මෙන් තෙමේ ම පෙර ළින. මහ බෝ සත්හු ද කිඹුල්වත් නුවර බලා පියා එ තැන අසු නැවතී සෑය යී දා ගබකට ස්ථානයක් දක්වා ලා යා යුතු මඟට ම කන්ථකයන් නමා ලූ දෑ ය.

මෙසේ මහ බෝසතුන් මධ්ය ම රාත්රීය වේලේ නික්මුණු කලට දේවතාවෝ සැට දහසෙක් පෙරාතුව ලා රන් දඬු වැට පහන් ලා ලූ ය. දකුණැල ය දසාවේ ත් වමැළ ය දසාවේ ත් පිටි පස්සෙ ත් සැට දහසක් දෙවියෝ ම රන් දඬු වැට පහන් ලා ලූ ය. සමහර දේවතා කෙණෙක් මල් කලප් මල් වඩම් ධජ පතාකාදී වූ පූජා භාණ්ඩ හැර ගෙන ‍නික්මුණවූ ය. මෙසේ මහ පෙරහරින් යන් නා වූ මහ බෝසත්හු ද එක රැයින් රාජ්යැ සීමා තුනක් ඉක්ම එක් සිය විසි ගවුවක් විතර ගෙවා ගොසින් ‍අනොමා නම් වූ ගඟ බට පැමිණි දෑ ය. පැමිණ ලා සන් ඇමැත්තන් අතින් ‘මේ ගඟ කිනම් දැ’යි විචාළ දෑ ය. ‘අනොමා නමැ’යි කිවූ ය. ‘අපගේ මහණ වීම ත් අලාමක ය’යි සිතා ගෙණ විළුමෙන් අසුට සන් කළ දෑ ය. අසාණෝ ද එක් දහස් එක් සිය විසි රියන් පළල ඇති ගඟ පැන එතෙර සිටියහ.

මහ බෝසත්හු ද අසු පිටින් බැස පියා මුතු රැසක් වැනි වූ වැලි තලා මත්තෙහි සිට සන් ඇමැත්තන් බණවා ලා ‘තොපි මා පළන් ආභරණ ද කන්ථකයන් ද හැර ගෙන කිඹුල් වත් නුවරට යව. මම මහණ වෙමි’කී දෑ ය. සන් ඇමැත්තෝ ‘මමත් මහණ වෙමි’කීහ. ‍ ‘තොප මහණ වන්ට බැරි ය’යි කියා ලා ආභරණ ත් කන්ථකයනු ත් සන් ඇමැත්තන්ට පාවා දී ලා ‍ ‘මේ මාගේ


1188 සද්ධර්ම රත්නාවලිය ‍ හිසකේ මහණ සරුප් නො වෙයි. මඟුල් කඩුවෙන් කපමී’ සිතා ලා දකුණතින් කඩුව හැර ගෙණ වමතින් හිසකේ වැටි ය අල්වා ගෙණ කපා පී දෑ ය. හිස කෙස් කපා පූ මුල් දැඟුල් විතර ව ලා දක්ෂි්ණා වෘත්තව සීසෑරි ලා හිස ම ඇලී ගත එ දවස් කැපූ හිසකේ යෙන් පසු ව එක් පනස් හවුරුද්ද ම බෑ හිස කේයෙක් නැත. දැළි ත් එ පමණ ව ම සිටි ය.

මහ බෝ සත්හු හිසකේ කොණ්ඩ ය හැර ගෙණ ‘ඉදින් මම බුදු වෙම් නම් තෙල හිසකේ වැටි ය අහස සිටී ව යි නැත. බිම් හෙව’යි කියා ලා උඩ දමා ලූ දෑ ය. හිසකේ වැටි‍ය ත් සතර ගවුවක් විතර උඩ නැඟී ලා අහස නිල් වලා කුළක් මෙන් සටි ය. සක් දෙවිඳු දිව ඇසින් දුටු තැනැත්තෝ සතර ගවුවක් උස රුවන් කරඬුවෙක කෙස් දා ලා ගෙණ තව්තිසා දෙව් ලොව සිළුමිණි සෑ දා ගබ කළහ.

නැවත මහ බෝසත්හු ‘මේ මා හැඳ ගත් කසී සළුව ත් මහ ඇඟි ය. මහණ සරුප් නො වෙ’යි. සිතූ දෑ ය. එ සේ සිතූ කලට කසුප් බුදුන් සමයෙහි මිත්රර ව විසූ අනගැමි බඹ ලොව උපන් ඝටීකාර නම් මහ බඹාණෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි වෙන් ව විසූ බැවින් ‘අද මාගේ යාළුවාණෝ මහභිනික්මන් නික්මුණවු ය. මහණ පිරිකරක් සපයා ගිය ගමණක් නො වන බැවින් මහණ පිරිකර මම ගෙණ යෙමි’යි සිතා විවට්ට සාගරයෙහි බඹ ලොව දක්වා නැගී නෙළුම් පඳුරෙහි නෙළුම් මල මේ කප බුදු වන පස් දෙනා වහන්සේට ම විවිත වූ පිරිකර පසින් කකුසඳ, කෝණා ගමන, කසුප් තුන් දෙනා වහන්සේ මහණ වන දවස් තුනක් දුන ත් තව දෙකක් ඇති බැවින් මෙතේ බුදුන්ට එකක් තබා ලා තුන් සිවුරකු ත්, පාත්රියකු ත්, කරයකු ත්, ඉදි කටුවකු ත්, පටියකු ත්, පෙරාන්කඩකු ත් ය යි මේ අට පිරිකර ගෙණවුත් දුන්හ.

මහ බෝසත්හු ද සිවුරු වැළඳ ගෙණ මහණ වෙස්ගෙණ’ සන් ඇමැත්තෙනි, මා විචාළ නියාව අපගේ දෙ මවු පියන්ට කියව’යි කියා ලා සමු දුන් දෑ ය. ඔහු ද මහා පුරුෂයාණන් වැඳ පැදකුණු කොට ලා නික්මුණවූ ය. කන්ථකයෝ ද මහ බෝසතුන් සන් ඇමැත්තන් හා කරණ කථාව අසා ලා ‘මාගේ ස්වාමි දරුවාණන් මෙ වක් පටන් දක්නට නැති නියා‍ වේ දැ’යි ඇසට පෙනෙන තැනින් දුරුව ත් ශොක ය ඉවසා ගත නො හී ශොක ය පිරි ලා පැළී ගියාක් මෙන් ලය පැලී ගොසින් මිය තව්තිසා දෙව් ලොව කන්ථක නම් ‍දෙව්පුත් ව උපන්හ. උන් එහි උපන් නියාව විමන් වත් අටුවා



337. ගෞතම බුද්ධ චරිත ය

වෙන් දත යුතු. සන් ඇමැත්තෝ ද සෝක දෙකින් පෙළී පියා හඬමින් වලපමින් දුක සේ ගියහ.

මහ බෝසත්හු ද මහණ ව එතැන ම අනුපිය නම් අඹ උ‍යනේ සතියක් මුළුල්ලෙහි මහණ සුවෙන් දවස් යවා අට වෙනි දවස් සන්ධ්යාළ ප්ර භායෙන් රැඳුණ වේලාවෙකින් වැසුණු ශරත් චන්ද්රායා මෙන් සිවුරෙන් වැසී ලා හුදකලා වුව ත් කැටි ව නො එක් දෙනා ඇත්තා මෙන් ඒ උයන්හි වසන සිවුපා ආදීන් ඇස අමා වත් කරන්නාක් මෙන් මතතැක්හු ගමන් බඳු වූ ගමනින් නික්මෙන මඟ දෑතුරෙ ත් රත් පියුමෙන් සරහන කලක් මෙන් පා ගමනින් පෙර වරු දවස් එක් සිය විසි ගවුවක් ගෙවා ගොසින් උස්ව නැග බි‍ඳෙන රළ පතර ඇති ගංඟා නම් ගඟින් එතර ව ලා සිවුර ගැටවටු ගන්වා ගෙණ පාත්රිය පටවා ගෙන රජගහා නවුරට සිඟා වැද ගෙ පිළිවෙළින් සිඟන්නට පටන් ගත් දෑ ය.

මහ බෝසතුන්ගේ අනන්යව සාධාරණ වූ රුව දකිමින් සියලු නුවර නාළාගිරි නම් ඇතු අවුත් වන් කලක් මෙන් ද අසුරයන් වන් කලට දෙවිනුවරක් මෙන් ද, ඇළලී ගියේ ය. මහ බෝසතුන්ගේ රුව දැක්මෙන් සතුටු වූ බොහෝ දෙන බලා ඇස් ඇද ගත නො හෙති. ඉන් සමහර කෙණෙක් තෙ‍ෙල මේ තරම් කෙණකුන් මිනිස් ලොව අප දුටු විරූ නැත. රාහු කෙරෙහි භයින් රස් සඟවා ගෙණ ආ පුන්සඳ ය, තෙලෙ මිනිස් ලොවට බටුයේ ය’යි කීහ. ඒ අසා සමහර කෙණෙක් තෙලේ කුමක් කියන නියා ද? පුන් සඳක් මිනිස් ලොවට බට නියාවක් කවර කලෙක දුටු ද? බිම්සර රජ්ජුරුවන් වහනසේ ගේ ත් නුවර වැස්සන්ගේ ත් ශ්රීම විභූති ය දැක ආ අනඞ්ගයා නොවේ ද? වෙස් වලහා තෙලේ කිළියටි ආයේ ය’යි කිවූ ය.

සමහර කෙණෙක් ඒ අසා සිනාසී පියා ‘කුමක් ද, තොප වියරු හී පියා කියන නිසා ද? ඒ අනඞ්ගයාගේ ශරීර භාගයෙක් ඊශ්වරයාගේ නළලින් නැඟී ගින්නෙන් ද ගියේ ය. තුලුන්ගේ එබන් දෙක් නැත. තමන්ගේ තව්තිසා දෙව් නුවර ය යි සිතා සක් දෙවිඳු නොවෙද් ද අවුත් වන්නෝ ය’යි කිවූ ය. සමහර කෙණෙක් ඒ අසා අක්කොලින් මඳක් සී පියා අක්මුල් නැති කථා කුමකට කියා ද? අතුරක් සේ කියා පියන දෙය ත් සිනා සෙන ලෙස ම කිවමනාද? තුලුන්ගේ දහසක් පමණ නුවණැසු ත් කොයි ද? වජ්රායුධය ත් කොයි ද? ඓරාවන නම් හස්තියා ත් කොයි ද? ඒ හැම නැති හෙයින් තුලු සක් දෙවිඳු නො වෙති. බමුණන් පමා නියාවක් දැන වේදාඞ්ගාදියෙහි යොදන්ට අවුත් වන්නා වූ තුලු මහ බඹ ය’යි

1190 සද්ර්ධාරත්නාවලි ය

කිවූ ය. සමහර කෙණෙක් හැමයට ම බැන නො ගැහී සිට ලා තුලු පුන් සඳකු ත් නො වෙති. අනංගයා ත් නො වෙති. සක්දෙවිඳු ත් නො වෙති. මහ බඹු ත් නො වෙති. සියලු ලෝ වැස්සන්ට අනුශාසක ව සිටිනා ආශ්චය්ය්් පුරුෂයාණ කෙණෙකැ’යි කිවූ ය.

මෙ සේ උන් හැම කථා කොට සිටිය දී ම සමහර කෙණෙක් ගොසින් ඒ පවත රජ්ජුරුවන්ට කිවූ ය. කියන්නාහු ත් රජ්ජුරු වන් වහන්ස. දේවතා කෙණෙකුන් බව ත් කා බව ත් නො දනුම්හ. මෙ තරම් කෙණෙක් නුවර සිඟා ඇවිදිතී’ කිවූ ය. රජ්ජුරුවෝ ද ඒ අසා සඳැල්ලේ සිට ම මහා පුරුෂයාණන් දැක ඉතා විස්මව ගොසින් කියා ආ මිනිසුන්ට ‘යව, ගොසින් විමසව. ඉදින් යක්ෂඉ කෙ‍ණෙක් වූ නම් නුවරින් පිටත් ව ලා අතුරුදන් වෙති. ඉදින් දේවතා කෙණෙක් වූ නම් ආසට නැඟී ලා යෙති. ඉදින් නාග කෙණෙක් වූ නම් පොළොව කිමිද ගෙණ පලා යෙති. ඉදින් මිනිස් කෙණෙක් වූ නම් සිඟා ලත් බත එක් තැනෙක දී අනුභව කෙරෙතී’ කිවූ ය.

මහ බෝසත්හු ද සත්හුන් පියෝ ඇති ව රූප ශෝභාවෙන් බොහෝ දෙනාගේ ඇස් තමන්දෑ කරා අදනා මෙන් වියදඬු පමණෙකින් වඩා නො බලා යපෙන පමණක් ව කෙණෙහි අහර සිඟා ගෙණ සිඟා වන් වාසලින් ම පාණ්ඩව නම් ගල් තල්ලෙහි නැගෙනහිරට මුහුණ ලා ලා හිඳ පස්විකා ගෙණ වැළඳූ දෑ ය. විම සන්ට ගිය මිනිස්සු ත් එ පවත රජ්ජුරුවන්ට කිවූ ය.

බිම්සර මහ රජහු ද අසා පී තරමින් ම දක්නා කැමැති ව නුවරින් නික්ම පාණ්ඩව ගල කරා ගොසින් වාහනයෙන් බැස පියා මහ බෝසතුන් ලඟට ගොසින් සත් පුරුෂයන්ගේ අදහස සේ සිහිල් ගල තලා පිට හුන් මහ බෝසතුන්ගේ සැටියෙන් ම පැහැද මහ බෝසතුන්ට රාජ්යපය කරන්ට ආරාධනා කොට ලා තමන්ගේ රාජ්යම ය භාර කළහ. මහ බෝසත්හු ද ‘මට රාජය් බයෙන් ප්ර යෝජන නැත. කිඹුල්වත රඳා හිඳීම් නම් මට සක්විති රාජ්යමය ත් සම්භව වෙයි. එයි ත් හැර බුදුවන නිසා ආමි’කී දෑ ය. රජ්ජුරුවෝ නො එක් ලෙස ආරාධනා කොට ත් නො ලැබෙන හෙයින් මෙ තරම් තරයක් ඇති බැවින් මුඹ වහන්සේ බුදුවන බව නියත ය. බුදුව ලා පළමු කොට මාගේ නුවරට වඩනා බවය’යි කියා ලා නුවරට ගිය හ. උන් ගිය කලට මහ බෝසත්හු ද එ තැනින් ගිය දෑ ය. “අථ රාජගහං වරරාජගහං - නරරාජ වරෙ නගරන්තු ගතෙ, ගිරිරාජවරො මුනිරාජවරො - මිගරාජගතො සුගතොපි ගතො,

යනු හෙයින් කියන ලද- 337. ගෞතම බුද්ධ චරිත ය.

මහ බෝසත්හු ද සැරිසරන දෑ ආළාරක නම් වූ ත් උද්දකරාම පුතු නම් වූ ත් තවුසන් දෙන්නා කරා ගොසින් සමාපත්ති අට උප දවා ගෙණ ‘මේ බුදු වීමට ම‍ඟෙක් නො වෙයි. මේ නම් බඹ ලොවට මඟය’යි දැන එම නො පිරිමසා ප්රදධන් වීය්ය්ා කරුණු කැමැති ව උරුවෙල් දනවුවට ගොසින් ‘මේ බිම පියස සිත්කලු ය’ යි එ තැන ම රඳා බුදු වන්ට වීය්ය්ැ කළ දෑ ය.

ලක්ෂ ණ කී මාලු බමුණන්ගේ පුත්තු සතර දෙ‍නකු ත් කොණ්ඩඤ්ඤ නම් බමුණානෝ ත් පස් දෙන ම මහණ ව ගෙණ ගම් නියම් ගම් ආදියෙහි සිඟා අනුභව කෙරෙමින් උරුවෙල් දනවුවෙහි දී බෝසතුන් දුටහ. දැක ලා ‘දැන්බුදු වන සේක. දැන් බුදු වන සේකැ’යි සාවුරුද්ද මුළුල්ලෙහි ම මළු හැමදීම් පැන් පෙරා තිබීම් ආදී වත් පිළිවෙත් කරමින් ලඟ ම රැඳුණු දෑ ය. මහ බෝසත්හු ද දුක් ම ගන්නා නිසා තල ඇටකින් වුවත් බත් හුළකින් වුව ත් දවස් යවන දෑ ය. සමහර දවසෙක සුන් බත් වන දෑ ය. දෙවියන් තමන්ගෙ ආනුභාවයෙන් ලොම් පිහිටි වළින් ශරීර ගත කරණ ඕජාව ත් නො ඉවසන සේක. මෙ ලෙසින් ඉතා දුර්විල වීමෙන් අනොජා මල් දමක් සේ රන් වන් වූ ශරීර ය කළු ව ගියේ ය. දෙ තිස් මහා පුරුෂ ලක්ෂනණ ත් පුරා කෘත අකුශලයට බා ගියා මෙන් සැඟවිණ.

මහ බෝසත්හු ද කර්ම් ය නිමන තෙක් දුක් ගෙණ නිමවා පියා බුදු වීමට මේ ම‍ඟෙක් නො වෙ’ යි සිතා ගෙණ ශරීර බල ය ළුවා ගන්නා නිසා මධුරාහාර ය ලබනු පිණිස ගම් නියම් ගම් ආදි යෙහි සිඟා වළඳන කලට දෙ තිස් මහා පුරුෂ ලක්ෂිණ ය ත්1 අකුශල කර්මක නැමැති සොර භය නැති වන්නා ම එළි බස්නා සේ පියවි ශරීර ය ත් රන් වන් වි ය. පස් වග වහන්දෑ ද ‘මුන්දෑ සාවුරුද්දක් මුළුල්ලෙහි දුක් ගෙණ ත් බුදු විය නුහුණු දෑ ය. දැන් සුව සේ වළඳා ඇඟ මස් ලෙස් ඇති කරණ දෑ කෙ‍ සේ නම් බුදු වන දෑ ද? ප්ර ත්යදය බාහුලික වීමෙන් ප්රතධන් වීය්ය්බ යත් හළ දෑ ය. මුන්දෑ අපට හැයි දැ’යි හැර පියා තමා ම වෙන් කළ මනා තැන තමන් වහන්සේලා ම බරණැස ඉසිපතන නම් උයනට ගිය සේක.

මහ බෝසත්හු ද වෙසඟ මැඳි පොහෝ දවස් උරුවෙල් දනවුවෙහි සෙනානි නම් නියම් ගම සෙනානි නම් කෙළෙඹියාණන් ගේ දූ වූ සුජාතාවන් දුන් වහන ලද දිව රස ඇති කිරි බත නිල් තලා හෝ බඩ දී වළඳා රන් තළි ය උඩුගං බලා යවා නාග භවනයට රන් තළියේ “රාං” යන හඬ ත් නිඳන කාල නම් නා රජ්ජුරුවන් පිබිද්දු දෑ ය. මහ බෝසත්හු ද සවස් වේලා එන තෙක් නිල්තලා2

1. පුර්ෂ ලක්ෂිණයන් 2. නිල්තරා 1192 සද්ධර්ම්රත්නාවලි ය

හෝ බඩ පිපී වැනි ගිය සල් ගසින් ඉතා ශොභාවත් වූ සල් උයන්හි දවල් දවස් යවා සවස් වේලෙහි දෙවියන් සරහා ලූ මගින් බෝ මැඩට නික්මුණු දෑ ය. දිව්යල බ්ර හ්මාදීහු’ත් පූජා භාණ්ඩ හැර ගෙණ කැටි ව නික්මුණාහ. ඒ වේලාට සොත්ථිබය නම් බමුණාන කෙණෙක් හී තණ හැර ගෙණ පෙර මඟට එන්නෝ නම් පුරුෂයාණන් බුදු වන්ට නික්මුණු නියාව දැන හී තණ අට මිටක් දුන්හ.

මහ බෝසත්හු ද හී තණ හැර ගෙණ අඳුන් කුළක් සේ නිල්ව ශොභාවත් වූ තමන් වහන්සේ ගේ කරුණාව සේ සිහිල් සෙවණ ඇති උඩින් අජටාකාශ ය දක්වා ජන සඤ්වාර සහිත වූ මඳ පවනින් සැලෙන අතු වලින් ප්රී තින් පීනන්නාක් වැනි වූ ඇසතු බෝ රුක් මුලට ගොසින් බෝ රුක තුන් විටක් පැදකුණු කොට ලා ඊශාන කොණෙහි සිට හී තණ අගින් අල්වා ගෙණ සලා බිම වගුරුවා ලූ දෑ ය. මහ පොළොව ගුගුරුවා ලූ ය. ඒ ඇසිල්ලෙහි තුදුස් රියන් උස ඇති විදුරස්නෙක් පහළ වී ය. ඒ හි තණ ත් සිත්තම ඇඳ ලූවාක් මෙන් අස්න වටා සිටීය. මහ බෝසත්හු ද තුදුස් රියන් විදුර‍ස්නෙහි පසු ව දස දිග පැතිරෙන තෙක් එක් ව සිටියා වූ කීර්ති පුඤ්ඡයක් වැනි වූ පනස් රියන් උස ඇති බෝ රුකට පිට දී බුදු ව මුත් නැඟී නො සිටිමි’ යන තෙර අදහස් ඇති ව පලක් බැඳ ගෙන හුන් දෑ ය. රන් වන් සිවුරෙහි වැගිරෙන්නා වූ බොධි දලු උතුරු මුහුද පතළ පබළු දලු මෙන් ඉතා හොබ්බ.

මහ බෝසතුන් බුදු වනු නිසා හුන් කල මාර දෙව් ‍පුත් ‘සිදුහත් කුමරු මා මැඩ පවත්නට සිත යි. එ ලෙස කොට නො දෙමි’ මර සෙනඟට ත් එ පවත් කියා ලා තම අදහස් ඇත්තවුන් හෙයින් මර සෙනඟ හැර ගෙණ බුදු බව උගුළුවන්ට නික්මිණ ඒ මර සෙනඟ ද මාරයාට පෙරාතු ව අට සාළිස් ගවුවෙක එතී. දකුණ ත් පසිනුත් වම ත් පසිනු ත් එ සේ ම අට සාළිස් අට සාළිස් ගවුවෙක එතී. දකුණ ත් පසිනු ත් වම ත් පසිනු ත් එ සේ ම අට සාළිස් අට සාළිස් ගවුවෙක පැතිර එති. පිටි පස්සෙන් බෝ මැඩ පටන් සක් වල ගල දක්වා පැතිර සිටියහ. උසින් සතළිස් ගවුවෙක පැතිරි සිටියහ. මර සෙන‍ඟෙහි පිරිස් ගිඟුම සාර දාස් ගවුවෙහි පටන් පොළව ගුගුරන්නා සේ ඇසෙයි.

ඒ වේලාට මහ බෝසතුන් ලඟ සක් දෙවිඳු එක්සිය විසි රියන් පමණ දිග ඇති විජයතුරා සක පසු ව දම්සක් පිඹින බෝසතුන්ට පිඹ පිඹ සිටියහ. පන් සිළු නම් ගඳඹ දෙව් පුත් තුන් ගවුවක් දිග ඇති බෙලුව නම් වීණාව මඟුල් ගී කිය කියා යාගනා


337. ගෞතම බුද්ධ චරිත

කෙරෙති. සූයාම නම් දෙව්රජ තුන් ගවුවක් පමණ දිග ඇති ශරත් චන්ද්රකයාගේ චන්ද්රය කාන්ති පුඤ්ඡයක් වැනි වූ චාමරයකින් පවන් සල සලා සිටියේ ය. සන්තුෂිත නම් දෙව් රජ තුන් ගවුවක් පමණ වූ ඉඳුනිල් මිණි මුවා තල් වැටක් සලමින් සිටියේ ය. දස දහසක් සක්වළ දෙව් බඹහු රන් කලස ආදී වූ පූජා භාන්ඩ හැර ගෙණ ආවඩ වඩා සිටියහ.

මර දෙව් පුත් තෙමේ ස සියක් ගවු පමණ දිග ඇති තුන් සිය සැට ගවුවක් පමණ උස ඇති හිමවු ගිරි කුළක් සේ ඉතා ශොභාමත් වූ ගිරිමෙවුල් නම් ඇති වාහනයකට නැගී ලා පසු ව හිස ලන අත් නො දකිත ත් අත් දහසක් මවා ගෙණ නො එක් ලෙස් ඇති ආයුධ දහසක් ගත. මර සෙනඟ ද කඩු කොන්ත ආදී වු නො එක් ආයුධ ත් හැර ගෙණ රාක්ෂ ස රූපාදී වූ භයානක ‍නො එක් රූ ත් මවා ගෙන බුදු මඟුලෙහි පුරමාට්ටු පාන්නට ආ කොමා ලින්1 මෙන් බෝසතුන් පිරිවරා ගත්හ.

මර සෙනඟ ලං ව එත් එත් ශක්රධ බ්රමහ්මාදීන් අතුරෙන් එක් කෙණෙකු ත් රඳා සිටි පිය නො හී ඉස් ලූ ලූ අත දිවූහ. සක් දෙ විඳු තෙමේ මිටි තැන සිට පිඹි කල දුරු ‍ෙනා ඇසෙන හෙයින් උස් තැනකට යන්නා සේ සක පිට එල්වා ගෙණ සක්වළ ගල මුවවිට සිටි ය. සහම්පතී නනම් මහ බඹු තෙමේ දොළොස් ගවුවක් පමණ මහත ඇති හෙළ කුඩ ය නිකම් බිමෙක හෙළා පියා නො පියා සක් වළ ගල කෙළවර තබා පියා බඹ ලොවට ම ගියේ ය. කාළ නම් රජ්ජුරුවෝ ද කැටි ව ආ නා නළුවනු ත් හැර පියා පොළොව කිමි ද ගෙණ ගවු දෙ දාසක් දිග පළල ඇති මාඤ්ජෙරික නම් නාග භවනට පලා ගොසින් මර දෙව් පුත් හට මූණ අත්දෙන්නා සේ අතින් මූණ වසා ගෙණ යානේ වැද හොත්තෝ ය. එක දේවතා කෙ‍ණකු ත් බ්ර හ්ම කෙණකු ත් බැද්දකට වැදලා වුව ත් සිට පිය නුහුණවූ ය. මහ බෝසත්හු කවුරුන් පලා ගිය ත් සිස් විමණෙක මහ බඹක්හු මෙන් හුදකලාව ම හුන්දෑ ය.

වසවත් මරහු එතැනට එන්නාට පෙරතු ව ම අවලක්ෂනණ ලෙසින් ඌ තමා හිස නුහුණත් ඒ ඒ තැන ගිනි සෙණ හෙන්ට වන. මූ තමාගේ සිත නුනුවණින් අඳුරු වූවා සේ ම දුද්දින බලා දවස ත් අඳුරු වි ය. තව ද සිත් පිත් නැති මහ පොළව ද සිත් පිත් ඇති එකක මෙන් දිව්ය් බ්රාහ්මාදීනු ත් පලා ගොසින් මහබෝසතුන්


1 කොමලුන්

1194 සද්ධර්ම්රත්නාවලි ය

තනි ව ගියාට ‘තනි බෝසතුන් හැර ගෙණ මූ ඛලී තැනැත්තවුට කුමක් කට හැකි දැ’යි භයින් වෙවුලා ගියාක් මෙන් දෝ හෝ නො හොත් මහ බෝසතුන්ගේ ගුණ භාරයෙන් වෙවුලා ගියාක් මෙන් වෙවුලා ගියා ය. තවද මර සෙනඟට ත් මරුට ත් දෙවි - බඹ නා - ගුරුළු ආදීන් කට හැක්කක් නැත ත් ගලා මරන්ට කාරණ දෙයක් මෙන් මුහුද ත් උප්පාතික වන්ට වන. යට ගං බලා යන ගඟු ත් පිට පුරා සිටින්නට එන්නා සේ උඩු ගං බලා නමා පී ය. මරු හා මර සෙනඟ එන මහ හකුල් එළන්නා සේ ගල් කුළු හා ගස් කොළන් උදුරා ගෙණ වැගිරෙන්නට වන.

තව ද මරු හා මර සෙනඟ සු‍ළ‍ඟේ පලවන්ට කරණ දෙයක් මෙන් මහ සුළඟ හමා ලා සෙණ ත් ගසන්නට වන. මරු හා මර සෙනඟ එත නො දෙන්ට කරන්නාක් මෙන් හිරු ආලෝක ත් නැති ව මහ අඳුරු වි ය. පැරුම් නැමති යොධ භටයන් කරා අවුත් හිස් කප්පවා ගන්නාක් මෙන් හිස් නැති මිනිස් අහස පවත්නට වන්හ. මෙ සේ වූ අවලක්ෂ ණ ඇති ව මහ බෝසතුන්ට ගහට කරණ නිසා එන්නා වූ වසවත් මරහු දැක දිව්ය බ්රමහ්මාදීහු අනුකම්පාවෙන් ‘අනේ මේ කිම් දැ’යි කියන්ට වන්හ. මහ බෝසත්හු ඒසා මර සෙනඟක් මැදට පැමිණ ත් කෙතෙක් පක්ෂීන් කෙරෙහි ත් භයක් නැති ගුරුළු රජ්ජුරු කෙ‍ණකුන් මේ ද සියලු සිවුපාවුන් කෙරෙහි භයක් නැති සිංහයාණ කෙණකුන් මෙන් ද ඉස් ඇස් ආදි ය දීමෙහි භයක් නැත්තා සේ භයක් ශඞ්කාවක් නැති ව හුන් දෑ ය.

වසවත් මරහු ද ‘සිදුහත් කුමරුන් බවා පලවා පියමි’යි මහ සුළං මුසු වැස්සෙක, කල්පාන්ත වර්ෂාවක් වැනි මහ වැස්සෙක, පහණ වැස්සෙක, අව් වැස්සෙක, අඟුරු වැස්සෙක, හුණු හළු වැස්සෙක, වැලි වැස්සෙක, කළල් මඩ වැස්සෙක, අඳුරු සහිත වැස්සෙකැ යි වැසි නවයක් වස්වා ත් වැස්සූ දෙය පූජොපකරණ වන හෙයින් මහ බෝ සතුන් උගුළුවා ගත නො හී උරණ ව ගොසින් ‘හැයි. කොල, සිටිනැ යි. සිදුහත් නොසිදුහත් කරවා මරව, කොටව’ යනාදීන් මර සෙනඟට ත් විධාන කෙරෙමින් තෙමේ ත් ගිරි මෙවුලා පිට හිඳගෙණ එක් අතකින් හීයක් නටව නටවා මහ බෝසතුන්ට ලං ව ‘සිදුහතිනි, පලඟින් නැඟී සිටුව’යි කීහ. මර සෙනඟ ත් සවුලයන් හෙයින් බොහෝ කොට දෙඩූහ.

මහ බෝසත්හු ද ඒ සා මහත් මර සෙනඟක් සමතිස් පැරුම් නමැති යොධ භටයන් තිස් දෙනා පමණෙකින් හිර ගලා නො


337. ගෞතම බුද්ධ චරිතය 1195

හෙන තෙක් සාධා පියා පෙර යම් දස පැයින් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ උපදවා ගෙණ, මැද යම් ‍දස ‍පැයින් දිව ඇස් උපදවා ගෙණ, අළුයම් වේලෙහි විවසුන් වඩා රහත් මඟින් සව් කෙලෙසුන් ගෙවා රහත් වීමෙන් ම බුදු ව වදාරා ‘අනේක ජාති සංසාරං’ යනාදී වූ උදනු ත් අනා වැඩ හුන් බුදුහු ‘මම මේ පලඟ නිසා සාරාකැසි කප් සුවහසක් මුළුල්ලෙහි බොහෝ දුක් ගතිමි. පලඟ නුගුළුවා හිඳ බුදු වෙමි. එ හෙයින් මේ පලඟ ඉතා වැඩකරු ය. ‍බුදු වූ පමණෙකින් නැඟී නො සිටිමි’ නිවන් රස අනුභව කෙරෙමින් කෙළ ලක්ෂබ ගණන් ඵල සම වතට සම වදිමින් සතියක් මුළුල්ලෙහි විදුරස්න වැඩ හුන් සේක.

එ සේ වැඩ හුන් කලට සමහර දේවතා කෙණෙක් තව බුදු වි ය. නුහුණු නිසා වේ දැ’යි සිතූහ. බුදුහු උන්ගේ අදහස් දැන ඒ සිතිවිල්ල හරවනු නිසා අහසට නැඟී යමා මහ පෙළහර දක්වා දෙවියන්ගේ සැක හරවා ලා අහසින් බැස පලඟට ඊසාන කොන වැඩ සිට වැඩ හුන් පලඟට ත් වැඩ සිටි වැඩ යහුන් පළඟට දල්වා ලූ ඇස නො පියා සතියක් මුළුල්ලෙහි නෙත්රඩ පූජාව කළ සේක. තව ද වැඩ හුන් පලඟට ත් වැඩ සිටි තැනට ත් අතුරෙහි රුවන් සක්මණක් මවා ලා සති යක් මුළුල්ලෙහි ඒ රුවන් සක්මණ සක්මන් කළ සේක. සතර වන සතියෙහි බෝධීන් වහන්සේට වායව්ය් කොණයෙහි දෙවි යන් මැවූ රුවන් ගෙයි වැඩ හිඳ විදම් පිටක ය සලකමින් සති යක් යවා වදාළ සේක. මෙ සේ බෝ රුක් මුලින් වැඩ අජපල් නම් නුග ගස මුල දහමුත් සලක සලකා සම වත් සුවෙනු ත් දවස් යවූ සේක. එතැනින් මිදෙල් විල කරා වැඩි කලට සති යක් මුළුල්ලෙහි වැඩ හුන් සේක. වැඩ හිද ලා සතිය ඉකුත් කලට කිරිපලු ගස කරා වැඩ සමවත් සුව විඳිමින් සත් වන සති ය යවා වදාළ සේක.

මෙ පමණෙකින් සතළිස් නව දවසක් පිරිණ. මේ දෙදෑතුරෙහි1 බුදු වන දවස වැළඳූ බත ම පතට නිල කොට නිවන් රස වැළඳූ සේක. බුදුහු බුදු වූ දවස් පටන් එකුන් පනස් වැනි දවස් සක් දෙවිඳුහු ගෙණා නාලිය දැහැටි වළඳා ලා අනොතත්ත විල පැනින් කට සෝධා පියා කිරිපලු ගස මුල වැඩ හුන් සේක. ඒ වේලාට තපුස්ස ය - භල්ලුක ය යන වෙළෙන්දෝ දෙ‍න්නෙක් පූර්ව ජාති යෙහි තමන්ට නෑකමක් ඇති දෙවතාවාණ කෙණකුන්ගේ නියොග


1 මෙ දැරෙහි


1196 සද්ධර්මහරත්නාවලි ය

යෙන් අත්සුණු සහ අග්ගලා ගෙණවු ත් පිළිගන්නා ලෙසට බුදුන්ට ආරාධනා කළහ. ‘බුදුන් මහණ වන දවස් අට පිරිකර ත් සම්භ වූ පාත්ර ය කිරි බත් තළි ය පිළිගත් ‍දවස් අතුරුදන් වූ හෙයින් පාත්රසයක් නැත. කුමකින් පිළිගනිම් දෝ හෝ’යි සිතූ සේක.

බුදුන්ගේ අදහස් දැන වරම් රජ දරුවෝ සතර දෙන සතර දිගින් ඉඳුනිල් මිණිමුවා පාත්ර සතරක් ගෙනාහ. බුදුහු මහණ සරුප් නො වන හෙයින් නො පිළි ගත් සේක. නැවත මුං වන් සල ගල් පාත්රු සතරක් ගෙණවු ය. බුදුහු වරමුත් කෙරෙහි කරුණා වෙන් එකක් හැර ගෙන සෙස්ස හළොත් සෙස්සන් මුසුප්පු හෙයින් පාත්රෙ සතර එක පාත්රසයක් වෙන්ට ඉටා එක් වූ කල්හි ඉන් අත් සුණු සහ අග්ගලා පිළි ගෙණ වළඳා ලා වෙළඳුන් දෙන්නාට අනුමෙවෙනි බණ වදාළ සේක. ඒ දෙ බෑ වෙළෙන්ෙදෝ ද තව සඞ්ඝයා වහන්සේ නැති බැවින් බුදුරුවන් ධමුරුවන් සරණ ගියහ.

බුදුහු කිරිපළු රුක මුල දී වළඳා ලා අජපල් නම් නුග ගස මුලට වැඩ එ තැන්හි වැඩ හුන් සේක. එ තැන වැඩ සිටිය බුදුන්ට තමන් වහසන්සේ සියුම් නුවණින් දත් ධර්මු ය සෙස්ස වුන් දත නො හෙන හෙයින් අනුන්ට ‘බණ නො කියමී’ යන අදහස ඇති වි ය. ඉක් බිත්තෙන් සහම්පතී නම් බඹාණෝ දස දහසක් සක්වල දෙවි බඹුන් පිරිවරා අවුත් බණ දෙසන්ට ආරාධනා කළහ. බුදුහු ඒ ආරාධනාව ඉවසා ‘කවුරුන්ට බණ කියම් දෝ හෝ’ යි විමසන සේක් පස් වග වහන් දෑ උපකාරී හෙයින් ඒ පස් දෙනා වහන්සේ සඳහන් කොට ‘දැන් ඌ කොයි වෙසෙත් දෝ හෝ’ යි විමසන සේක් බරණැස් නුවර නිසා ඉසිපතන නම් උයන්හි වසන නියාව දැන ‘ඔබ ගොසින් දම් සක් පවත්වමී’ කීප දවසක් බෝ මැඩට ආසන්නයෙහි ම සිඟා වදාළා වැඩ හිඳ ඇසළ මස මැදින් පොහෝ දවස් බරණැසට වඩනා නිසා පා සිවුරු හැර ගෙණ දෙ සැත්තෑ ගවුවක් විතර ව තිබෙන මඟ වඩනා සේක් අතුරු මඟ දී උපක නම් ආජීවකයන් දැක මතු උන්ට වන ප්රනයෝජන සලකා උන්ට තමන් වහන්සේ බුදු නියාව හඟවා ලා එ දවස් සවස් වේලාට ඉසිපතන නම් උයනට වැඩි සේක.


පස් වග වහන්දෑ ත් දුරින් ම වඩනා බුදුන් දැක ‘ඇවැත්නි, මේ මහණ ගොයුම්හු සුව සේ සිඟා වදාළ දුර්ව ල කම ත් හැරී ගොසින් මස් ලෙස් ඇති ව ප්රුසාදාවහ ව පියා එති. දුක් ගන්නා


338. මඞ්ගල කාරණා

අවධියේ බුදුව ගත නුහුණු කලට දැන් කෙසේ බුදු ව ගත හෙත් ද? වැදීම් පිදීම් නොකරම්හ. හිඳින් අසුන් පමණක් පනවම්හ’යි කතිකා කළ සේක. බුදුහු ඒ වහන්දෑගේ අදහස් දැන සියල්ලවුන් කෙරෙහි සාමාන්යනයෙන් පතළ මෙත් සිත් අවේණික ව ඒ පස් නම කෙරේ පවත්වා වදාළ සේක. මෛත්රිළයෙහි ආනුභාවයෙන් බුදුන් ලං ව ත් ලං වත් කතිකා වත පිහිටා ගත නො හී වැඳීම් ආදි ය කළ සේක.

බුදුහු ද ‘ඇවැත්නි’ කිය කියා කථාවට පටන් ගත් වහන්දෑට තමන් වහන්සේ බුදු වූ නිසා ව හඟවා ලා පනවා ලූ බුදු හස්නෙහි වැඩ හිඳ උතුරුසළ නකතින් අ‍ටළොස් කෙළක් බඹුන් පිරිවරා පස්වග වහන්දෑ බණවා ලා දහම්සක් පැවැත් වූ සේක. එ දවස් අ‍ටලොස් කෙළක් බඹුන් හා සමඟ කොණ්ඩඤ්ඤ නම් මහ තෙරුන් වහන්සේ නිවන් දුටු සේක. නැවත මහා මඞ්ගල සූත්ර්ය හා රාහුලොවද සූත්රදය හා දෙක දෙසූ දවස් අසඞ්ඛ්ය්යක් නිවන් දුටහ.

338. මඞ්ගල කාරණාසංස්කරණය

මෙ සේ යම් කෙණෙක් නුවණැත්තෝ නම් බුදුන් උන් හැමට උත්කෘෂ්ට හෙයින් බුදුන් භජනය කළා වූ අසඞ්ඛ්ය් ගණන් සත්තු ලොවී ලොව්තුරා සැපත් සාධා ගත්හ.  සැරියුත් - මුගලන් ආදී වූ අසූ මහ සවුවන් වහන්සේ භජනය කිරීම වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද පිදිය යුතු වූ බුදු පසේ බුදු සවුවන්ට කරන්නා වූ පූජා ත් අට නැළියක් විචර දෑ සමන් මල් අට මිටක් කොට බුදුන්ට පූජා කළ සුමන නම් මාලාකාරයාණන් අට පැයක් නො ව, අට ‍දවසක් නො ව, අට මසක් නොව, අට හවුරුද්දක් නො ව, අට සියක් හවුරුදු නො ව, දහසක් හවුරුදු නෙ‍ා ව, කප් ලක්ෂදයක් මුළුල්ලෙහි නරකාදි වු සතර අපායට නො ගොසින් දෙව් ලොව දෙව් සැප ත් වළඳා, මිනිස් ලොව සැප ත් වළදා කෙළවර සුමන නම් පසේ බුදු වූ හෙයිනු ත් සඞ්ඛ නම් බමුණු ව උපන් අප මට බෝසතුන් සූසීම නම් පසේ බුදුන්ගේ දා ගබට කළ යන්තම් විතර පූජාවක් නිසා බුදු වූ අවස්ථාවෙහි නා ලොව පටන් අකනිට බඹ ලොව දක්වා සක්වළ ඇතුළ පැවැති පූජා සත්කාර ගඞ්ගාරොහණ වතින් පෙනෙන බැවිනු ත් ලොවී ලොවු තුරා වැඩට කාරණ හෙයින් මඟුල.



1198 සද්ධර්මෙරත්නාවලි ය

තව ද මධය්ය දෙශාදි වූ යම් දෙශයක සිවුවනක් පිරිස් වෙසෙත් නම් දානාදී වූ දස පින් කිරිය වත පවතී නම් තෙවළා බුදු වදන් පවතී නම් එසේ වූ නිසි තැන විසීම ත් ලොවී ලොවුතුරා වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද සත්විත්තන් වුව ත්, පසේ බුදු වුව ත්, රහතන් වුව ත්, දඹදිව නැගෙනහිර දිසාවෙන් කජඞ්ගලා නම් නියම් ගමට එපිට සල් ගසින් හා ගිනි කොනින් සලලවතී නම් වූ ගඟින් හා දකුණු දිග ශ්වෙතකර්ණික නම් නියම නමින් හා බස්නාහිර ථුන නම් බමුණු ගමින් හා උතුරු දිග උසීරද්ධජ නම් පර්ව්තයෙන් හා එපිට පසල් දනවුව ය. මැද මධ්යන දෙශ ය. එහි උපදිති. ඉන් සක්විත්තන් හා පසේ බුදුන් උපන් සමයෙහි එ තැන්ගේ අවවාදයෙහි පිහිටා ලොවී සැප ත් ලැබෙති. බුදුන් උපන් සමයෙහි ලොවී ලොවුරා සැප ත් දෙක ම ලැබෙති. එ හෙයින් එ‍ සේ වූ කාලයෙහි එ සේ වූ දෙශයෙහි විසීම ලොවී වූ ත් ලොවුතුරා වූ ත් වැඩට කාරණ හෙයින් මඟුල.

බුද්ධාදීන් අරභයා පෙර කළ පින් ඇති බව ත් බුද්ධාදීන් කරා පමුණුවා ලා ලොවී ලොවුතුරා සැප ත් සාධා දී ලන හෙයින් මඟුල.

තව ද යම් කෙණෙක් පන් සිල් පමණකුත් නො රැකීමෙහි ආදීනව සලකා පන් සිල් පමණක් වුව ත්, වඩා වුව ත්, සිල් රකිත් ද මකුළු හුයක් යටි පිටින් දා උඩු පිටින් කළු වන් නො වන තෙක් රැකි පන්සිල් පමණක් අනන්ත දිව සැපත් සාධා දී ලන හෙයින් මඟුල.

තව ද යම් කෙණෙක් සැදෑ නැති කල ගල තල පිට ගොයම් හට නො ගන්නා සේ කුසල් නැමැති බිජු වටින් ලොවී ලොවුතුරා සැප ත් නමැති ශස්ය ඵල ලබන්ට නැතැ යි සැදෑ ඇති වූ නම් ඒ නිසා අනාථ පිණ්ඩික - විශාඛා ආදීන්ට මෙන් කුශල සිද්ධි ය. වන හෙයින් එයි ත් මඟුල.

තව ද අදින්නපුබ්බක, මඩ්ඡරීය කොසියාදීන් මෙන් තද මසුරු වූ කලට දානමය කුශල නම් තෑගි කමක් මුල් ව මුත් මසුරු ව කට නො හැක්කැ යි තෑගි වූ නම් ඒ තෑගි කම නිසා දානමය කුශලය ත් සෙසු කුශලය ත් සිද්ධ වන හෙයින්තෑගි වූ නම් එයි ත් මඟුල.

තවද බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ත් විදර්ශි ආදී බුදුවරුන් සත් දෙනකුන් වහන්සේ සමයෙහි ආගමාභියොග ය.


338. මඞ්ගල කාරණා

කළ කොට්ඨීල මහ තෙරුන් වහන්සේට අපගේ බුදුන් සමයෙහි අධිගම ය නිරායාස වූ හෙයින් එයි ත් මඟුල.

තව ද යම් ශිල්පයක් උගැන්ම නිසා මෙ ලෝ පර ලෝ දෙකින් ම අවැඩක් නො වේ. නම් එ සේ උගන්නා නකත් ආදී වූ අගාරිකයන්ට නිසි වූ අගාරික ශිල්ප උගැන්ම ත් අනගාරික තැනට නිසි වූ සිවුරු ගෙත්තම් ආදී වූ ශිල්ප උගැන්ම ත් තමන්ට ත් අනුන්ට ත් මෙ ලෝ පර ලෝ දෙකින් වැඩ සාදන හෙයින් මඟුල.

ගිහි වූවො ත් පණිවා ආදීන් දුරු වන දාන මානනාදියෙහි හැසිර ම ත් පැවිදි වූවො ත් සිවු පිරිසිදු සිල් පිහිටීම ත් ලොවී ලොවුතුරා සැපතට පිහිට බැවින් මඟුල.

තවද බොරු නො වන කේලාම් නො වන රළු පරළු නො වන නිෂ්ප්රුයොජන කථා නො වන තෙපුල් කීම ත් මෙ ලෝ පර‍ ලෝ දෙකට වැඩ කාරණ හෙයින් මඟුල.

නොහොත් නිස්සරණධ්යාොසයෙන් අනුන්ට බණ කීමත් බණ කියන්නවුන්ට අමා මහ නිවන් දෙන හෙයින් එයිත් මඟුල.

තව ද දෙ මවු පියන් නම් වදා පූ දරුවන්ට ඉතා උපකාරී හෙයින් පිටත කෙළ පියා ආ දරුවන් දැක ඇඟ වැලි පස් පිස පියා හිස සිඹ පියා උපදවා පී ස්නෙහ ය හවුරුදු සියයක් වුව ත් දාසක් වුව ත් මුළුල්ලෙහි බිම බා නො තබා දෙ මවු පිය දෙන්නා කරින් උසුලා ත් ගෙවා ලිය නො හැකි හෙයින් දෙ මවු පියන් නෑවීම ‍හිස් සේධීම් කැවීම් පෙවීම් ආදියෙන් උපස්ථාන කෙරෙත් ද මෙ ලෝ පර ලෝ දෙක්හි ම බොහෝ වැඩ සාධා දී ලන හෙයින් මඟුල.

තව ද අඹුවන්ට හා දරුවන්ට උන් කෙරෙහි හරසර ඇති වීමෙන් හෙළ‍ා නො දැක්මෙන් උන් හික්ම නො පැවැත්මෙන් ඉසුරු උන්ට අත් හැරීමෙන් ආභරණ කරවා දීමෙනැ යි මෙ ලෙස සංග්රෙහ කිරීමෙන් අඹුවෝ වුව ත් ගෙය දඩ ඉඳුරා විචාරති. දරු වෝ වුව ත් ඉතා පක්ෂී වෙති. ගෙයි ඇති කෙලි කොල්ලෝ හිත පක්ෂච වෙති. ස්වාමීහු ඉක්ම පවත්නෝ ත් නො වෙති. උපයා රැස් කළ දෙය නො නසා රැක ත් ලති. සියල්ලෙහි ම අනලස ත් අප්රතමාද ත් වෙති. අඹුවන්ට හා දරුවන්ට සංග්රිහ කරන්නෝ- “ යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තො උපාසිකා ධම්මෙන දාරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලී” 1200 සද්ධර්මෙරත්නාවලි ය

යනු හෙයින් ශක්රෙයන් ගෙන් පවා වැඳුම් ලැබෙති. එහෙයිනු ත් මෙ ලෝ පර ලෝ දෙකට කාරණ හෙයින් මඟුල.

තව ද නො කිරීම ය, කල් ඉක්මවා කිරීම ය, නපුරු කොට කිරීම ය, මැළි ව කිරීම ය යනාදිය නැතිව කල් දැන නිසි ලෙසින්‍ නො මැළි ව කොට ගන්නා වූ සී වප් ආදි වූ කර්මාින්ත ඇති බවත් ධන ධාන්යන සම්පත් ඇතිවීමට කාරණ බැවින් මඟුල.

“පතිරූපකාරී ධුරවා - උට්ඨාතා වින්දරතෙ ධනං” යනු ත්- “න දිවා සුප්පන සීලෙන - රත්තිනුට්ඨාන දස්සිනා. නිච්චං මත්තෙන සොණ්ඩෙන - සක්කා ආව සීතුං ඝරං” යනු ත්-

“අතිසීතං අති උණ්හං - අතිසායමිදං අහු, ඉති විස්සෙට්ඨකම්මන්තෙ - අත්වාය අච්චේන්ති මානවෙ.

යොච සීතඤ්ච උණ්හඤ්ච - තීණා හී‍ාෙය්යන න මවඤ්ඤති. කරං පුරිසකිච්චානි - සො සුඛා න විභාගති” යනු ත් - “භොගෙ සංහරමානස්ස - හමරස්සෙව ඉරියතො, භොගා සන්තිවයං යන්ති - වම්මිකො චුපවියති.” යනුත් - එ හෙයින් වදාරණ ලදී.

තව ද කුඩු කැවුම් දුන්නා වූ මාලාකාරීන් දූන්ට පවා බිසෝ පට ලබන හෙයින් පාත්රවය සෝධන්ට කොළ පමණක් ‍කඩා දුන්න වුන් රුක්දෙවි ව උපදනා හෙයින් දන්දෙන ගෙවලට අත ඔසවා මං පෑවවුන් අතින් කල්පලතාවෙකින් මෙන් අභිමතාත්ථිල සිද්ධ වන හෙයිනු ත් කම් පල අදහා දන් දීම ත් මෙ ලෝ පර ලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද දන් දීම්, සිල් රක්ෂා් කිරීම්, පින් දීම් පින් අනුමෝ වීම, බණ කීම්, බණ ඇසීම් ආදී වූ දස පින්කිරි ය වත හැසිරීම ත් ස්වර්ගෝපත්තියට කාරණ බැවින් මඟුල.

තවද මවු පක්ෂ් ය පිය පක්ෂද ය සත් වන කුල පරම්පරා ව පටන් පැවත ආ දුක් පත් ව ගොසින් තමා කරා ආ නෑයන්ට බල පමණින් බත් පිළී ආදිය දීමෙන් සංග්රොහ කිරීම ත් මෙ ලෝ පර ලෝ වැඩට කාරණ හෙයින් මඟුල. 338. මඞ්ගල කාරණා 1201

තව ද පොහෝ දවස් නො වරදවා පෙහෙ වීම, ගුරුන් වතුන් කුල දෙටුවන්ට මෙහෙ කිරීම හා මල් වතු පැන් පොකුණු උයන් ගොනටු අම්බලම් හේ දඬු ආදිය පින් නිසා කිරීම ත් මෙ ලෝ සැපත් වැඩට කාරණා හෙයින් මඟුල.

තව ද ‘මේ අපගේ ජාතියට අපගේ තරමට නිසි නො වෙ’යි සිතින් ම සලකා පියා පවින් වැලැක්ම ත් මෙ බන්දක් මෙ වක් පටන් නො කරම්හ’යි කියා ලා නො කිරීම ත් පවින් වැලක්ම ත් මෙ ලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද රා පුව වුන් කාරණා කාරණා නො දන්නා හෙයිනු ත් මවු පියන් වුව ත් කුල දෙටුවන් වුවත් බුදු පසේ බුදු මහ රහතන් වුව ත් නො හඳුනන හෙයිනු ත් මෙ ‍ලොව වියරු වෙස් ගෙණ ඇවිදිනා හෙයිනු ත් පර ලෝ අපාය දුක් විඳිනා හෙයිනු ත් එයින් නැවත් ම ත් මෙ ලෝ පර ලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද කරණ පින් කමු ත් සකස් කොට කිරීම, එක් වන් කිරීම, නො තබා කිරීම, නො මැළි ව කිරීම, වීය්ය්් ඇති ව කිරීම, සිහි ඇති ව කිරීමැ යි මෙ සේ පින් කම් නො පමා වීම ත් නිවන් නො පමා වන හෙයින් උතුම් මඟුල.

තව ද ගරු කළ මනා උසස් කළ මනා බුදු පසේ බුදු මහ රහ තනු ත් දෙ මවු පිය නැඳි මයිල් බෑ බුන් ආදී නු ත් ගරු කෙරෙත් ද එ සේ වූවන් දෙව් ලොව ඉපැද බොහෝ සම්පත් ලබන හෙයින් මිනිස් ලොව උපදිත ත් උසස් කුලයෙහි උපදනා හෙයින් අභිවෘද්ධි කාරණ වේ නු යි ගරු කළ මනාවුන් ගරු කිරීම ත් මඟුල. තව ද ගුණෙන් - නුවණින් කවර තරම් තරමක් ඇති වත් නිහනමානී බැවින් පා පිස්නා බිසි වැනි ව, සිය්ලලවුන්ට ම යටත් ව පැවැත්ම ත් කීර්ති ආදි ගුණයට හේතු බැවින් මඟුල. තව ද යම් භික්ෂුන කෙණෙක් යහපත් වුව ත්, නපුරු වුව ත් සිවුරු පිඬු පා සෙනසුන් ගිලන් පස යන සිවු පස ය ලදින් ලද දෙයින් ම යැපෙත් ද, අනිකක් නො පතත් ද, ඉදින් රෝගීහු වී නම් බර සිවුරු වළැන් ද නො හෙත් නම්, රූක්ෂා්භාරය වළඳා ගත නොහොත් නම් අයප සෙනස්නෙහි සැතපිය නො හෙත් නම්, රූක්ෂාාහාර වූ බෙහෙත් වැළඳිය නො හෙත් නම්, සභාග තැනට ඒ දී පියා එ තැනින් විහිත දෙයක් හැර ගෙණ ප්රහයොජන විඳි ත් ද ඉතා මා හැඟි වූ සිවුරු හෝ වත් හෝ සෙන සුන් හෝ ගිලන් පස හෝ ලදින් මහලු සබ්ර ම්සර තැනට දී පියා 1201 සද්ධර්මාරත්නාවලි ය

පසුල් සිවුරෙන් හා සිඟා ලත් කෙණෙහි අහරින් හා රුප්පා අබවස් ආදියෙන් හා ගෝ මු අරළු පමණෙකින් සතුටු වෙත් ද ඒ මෙලෙසින් පැවති ද්වාදශ විධ ආය්ය් අි සන්තොෂ ය ත් ඒ ඒ දෙයෙහි ඉච්ඡාව හා බොහෝ දෙයෙහි ඉච්ඡාව හා තමා කෙරෙහි නැති ගුණ හැඟවීමෙහි ඉච්ඡාව හා නසා ලොවී ලොව්තුරා ගුණ විශෙෂය සාධා දී ලීමට කාරණ බැවින් මඟුල.

තව ද මඳක් වුව ත්, බොහෝ වුව ත්, අනුන් තමන්ට කළ උපාකර දන්මත් ඒ නිසා උන්ට උපකාර කිරීම මුඛයෙන් කුසල්හි හැසිරෙන හෙයින් එයි ත් මඟුල.

අනුන්ට උපකාර කරන්නෝ ත් කළ උපකාර සලකන් නෝ ත් අරුමයෝ ය යි බුදුහු වදාළ සේක.

තවද යම් වේලෙක සිත උඩඟු ව පවතී නම් ඒ වෙලෙහි ත් නිරන්තර ව බැරි වුව ත් පස් පස් දවසින් වුව ත් බණ ඇසීම සියලු කුශලයට ම මුල් ව සිටිනා හෙයින් මඟුල.

තව ද යම් කෙ‍ණකුන් කලාබු නම් කසී රජහු කළ අපකාර උපකාර මෙන් සැලකූ ඛන්තිවාදි තවුසන් මෙන් සහන ය ඇත් නම් එයි ත් උන්ට ඛන්තිවාදි තවුසන් කළ සහන ය බුදු බව සාධා දී ලූවා සේ අභිවෘද්ධි කාරණ හෙයින් මඟුල. සරහංග බෝසත්හු ත් සහනයෙහි ම යොදා - කොධං විධිත්වාස න කදාවි සොචති- මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ- එතං ඛන්තිං උත්මමාහු සන්තො.” යනු කිවූ ය. සක් දෙවිඳු ත් කවර ත‍රමෙක අනර්ථ කරන්නට බලි වූව ත් සහන යම කරන්නට කිවු ය. බුදුහු ත් සහන ය ම උතුම් කොට නො එක් තැන වදාළ සේක. කුශල විෂයෙහි යොදා අවවාද කළ කල මුසුප්පු ත් නො ව කළ අවවාදයෙ හි වේව යි අවවාද කළවුන් කෙරෙහි වේව යි නිහරසරත් නො ව රාහුල තෙරුන් වහන්සේ මෙන් කීකරු වීම ත් මෙ ලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද ගුණ ඇත්තවුන් කරා එළඹීම ය. උන්ට උපස්ථාන කිරීම ය. උන් එක් වන් ව සිහි කිරීම ය. උන්ගේ පවත් ඇසීම ය. 338. මංගල කාරණා

සිත් පහදවා බලා පී වන්ට නො එක් දහස් ගණන් ජාතිවල ත් ඇසට වන ‍රොග නැති හෙයින් දැකී ම ය යන මේ සියල්ල ත් භික්ෂුන සඬ්ඝයා වහන්සේ පිරිවරා වෙදිය1 නම් පර්වමතයෙහි වැඩ හුන් බුදුන් දැක සිත පහදවා බලා පී බකමූණා පවා කප් ලක්ෂ1යක් මුළුල්ලෙහි දුගතියකට නො ගොස් හොඳ මුහුණු ඇති ව දෙව් සැප ත් වළඳා කෙළවර සොමනස්ස නම් පසේ බුදු වන හෙයින් ගුණ ඇත්තවුන්ගේ දකීමු ත් මඟුල.

තව ද පෙර යම හෝ අළුයම හෝ සූත්ර පිටකයෙහි අභ්යා ස ඇති තැන් සූත්රප කථා කරණ සේක් ද, විදම් දෙසීමෙහි අභ්යායස ඇති තැන් විදම් කථා කරන සේක් ද, ජ‍ාතකයෙහි අභ්යාිස ඇති තැන් ජාතක කථා කරණ සේක් ද, අටුවායෙහි අභ්යාථස ඇති තැන් ඉන් කථා කරන ‍සේක් ද, ඒ කථාව ආගම ව්යවක්ති ආදී වු ගුණයට කාරණ බැවින් මඟුල.

තව ද යම් කෙණෙක් චක්ෂුරාදී වූ ස දොරට විෂ ය වූ ඉෂ්ට රූපා දී සාරමුණෙහි ඇලුමු ත් නො වෙද්ද, අනිෂ්ට දෙයෙහි ඝැටී ‍මුත් නොවෙත් ද, එලෙසින් ඉන්ද්රිමය සංවර ය හො කෙළෙසුන් පවත්නා වූ වීය්ය්ඝැ ය හෝ ඇත් නම් එ තෙමේ ධ්යාදනාදීන්ගේ ප්රසතිභායට කාරණ බැවින් මඟුල.

තව ද යම් කෙණෙක් මෙවුන්දමින් වැළැක්කෝ ද, සෙසු ත් මහණ ධම්හි යෙදී වෙසෙත් ද, ප්ර තවෙධය පසු කොටත් පය්යාහ ප්ති ප්ර තිපත්ති දෙක්හි යෙදි වෙසෙත් ද, ඒ සියල්ල ම ලොවී ‍ලොවුතුරා ගුණ ලැබීමට කාරණ බැවින් මඟුල.

තව ද යම් කෙණෙක් භාවනාභියොගයෙන් මාර්ගාධිගම ය ඵලාධිගම ය කළෝ නම් සසර දුකින් මිදීමට කාරණ හෙයින් මඟුල.

මාර්ගා්ධිගම ඵලාධිගම දෙකිනු ත් රහත් වීම ජාති දුක් ආදී වූ සියලු දුක් ගෙවන හෙයින් උතුම් මඟුල.

තව ද යම් කෙණෙකුන්ට කිසිවෙක ත් ශොක නැත් නම් නැවත රාගා දී වූ රජසු ත් නැත් නම් කෙලෙස් සතුරන් ගෙන්


1. වෙදියක


1204 සද්ධර්මනරත්නාවලි ය

උපද්රයව නැත් නම් සියලු ලෙසින් ම ඒ හැම සම්භ වන්නා ම රහතන්ට හෙයින් නිශ්ශොකී වීම ත් නිකෙලෙස් වීම ත් බබුරන් වුව ත් ශක්රාෙදීන් ගෙන් වැඳුම් ලබන ලෙසට කරවා ලන හෙයින් මඟුල.

බුදුහු “අසෙවනා ච බාලානං” යනාදී වූ ගාථා දහසයකින් මඟුල් අට තිසක් වදාළ සේක. මඬ්ගල සූත්ර ය දෙසා වදාළ කල්හි දෙවියෝ කෙළ ලක්ෂ්යක් රහත් වූහ. සෝවාන් සෙදගැමි අනගැමි වූවෝ අසඬ්ඛ්යවයෙක.

දෙ වන දවස් බුදුහු අනඳ මහ තෙරුන් බණවා “ආනන්දියෙනි, ඊයේ රෑ එක දෙවතාවෙක් මා කරා අවුත් මඟුල් විචාළ. මම ඕහට මඟුල් අට තිසක් කීමි. ආනන්දවයෙනි, මේ මඬ්ගල සූත්රල ය ඉගෙන ගෙන භික්ෂූන්ට උගන්ව’යි වදාළ සේක. ඔබ ත් ඉගෙණ වහන්දෑ ඉගැන්වූ සේක. එ හෙයින් එ වක් පටන් මෙ වක් දක්වා ත් මෙ වක් පටන් පස්වා දහස මුළුල්ලෙහි ත් මේ සූත්රඑය සප්රකයෝජන වන්නා සේ ම නුවණැත්තවුන් හා එක් ව නුවණැත්ත වුන් භජන ය කොට පිදිය යුත්තවුන් පුදා, සුදුස පියස පෙර කළ පින් බැවින් තමා යහපත් ව නිරවද්යි ශිල්ප ඉගැන් මෙන් බොහෝ ඇසූ පිරවූ තැනු ත් ඇති බැවින් සුපිළිවෙතින් සස්න හොබවා කියන ‍බසෙක් ඇත් නම් යහපතක් ම කියමින් දෙ මවු පියන්ට උපස්ථාන කිරීමෙන් සාලිකෙදාර ජාතකයෙහි ගිරා ව උපන් බෝසතුන් කී ලෙස දරණ ණය ගෙන්වා ගෙණ අඹු දරුවන්ට සංග්රතහ කිරීමෙන් මත්තට නිසා පොලී පිට ලා ගෙණ නිරවද්යඹ වූ කෘෂි වණික් ආදි ය ඇති වීමෙන් ධනධාන්යාසදි සම්පත් ඇති ව දන් දීමෙන් හොගයෙහි සාර ය හැර ගෙණ ශීල සංරක්ෂයණයෙන් ජීවිත සාර ය හැර ගෙණ නෑයන්ට සංග්රිහ කිරී මෙන් ස්වපක්ෂ ය හිත කරවමින් නිරවද්යව වීමෙන් අනුන් හිත කරවමින් පවින් පැළැක්වීමෙන් ජන පීඩා ත් නැති ව ‍රාමෙරෙන් දුරු වීමෙන් තමාට වන පීඩා ත් නසා නො පමා වීමෙන් කුසල් ධම් වඩමින් පිණට සිත් නැමුණු බැවින් ගිහි සැප ත් හැර මහණ ව,

බුද්ධාදීන් කෙරෙහි ගෞරව ත් ඇතිව උද්ධතා වාස ය ශාසනානු රූප නොවන බැවින් කො තැන් කෙරෙහි ත් යටත් වූ පැවැතුම් ඇතිව, වත් පිළිවෙත් සාර ව, චතුර් විධ ප්ර ත්ය යෙහි ද්වා දශ විධ




339. දානානිශංසාදී අනුශාසනා

ආය්ය්ෙත් සන්තොෂ ඇති බැවින් පසයෙහි‍ ලොල් බැව් හැර හළ දෙයෙහි ගුණ දන්නා බැවින් සත් පුරුෂ ව, පින් කම්හි මැළි බවෙක් ඇත් නම් බණ ඇසීමෙන් දුරු කොට ක්ෂ මා කරවීමෙන් සියලු උවදුරු නසා කීකරු බැවින් සියල්ලකට ම නිසි ව ගුණ ඇත්තවුන්ගේ දැක්ම නිසා උන්ගේ අනුශාසනාවෙන් තමා ත් ගුණ ඇති ව කුසල් විෂයෙහි උපන් සැක ඇත් නම් නුවණැත් තවුන් හා කථා කිරීමෙන් ඒ දුරුකොට ගෙණ සිවු පිරිසිදු සිල්හි පිහිටීමෙන් ශීල විශුද්ධිය සපයා ගෙණ සමථාභියොගයෙන් චිත්ත විශුද්ධිය උපදවා, දෘෂ්ටි විශුද්ධි ආදි ය නැති ව ඥාන දර්ශයන විශුද්ධි ය සපයන්ට බැරි බැවින් ලක්ෂුණාදි විසින් නාමරූප නිශ්චයාදී විසින් සෙසු විශුද්ධි ත් සපයා ගෙන මාර්ගට පිළිවෙළින් ගොසින් රහත් ව සුළ‍ඟෙකින් මහමෙර සොලවා ලිය නොහැක්කා සේ අෂ්ටලොක ධර්මි නැමැති මහ පවනින් නො වෙවුලා නිශ්ලශොක වීමෙන් නිකෙලෙස් වීමෙන් හැම තැන්හි ම නො පරදනා ලද අත් බැව් සාර්ථක කට යුතු.

340. දානානිශංසාදි අනුශාසනාසංස්කරණය

අප විසින් කරණ සද්ධර්මු රත්නාවලිය අද්ය න්ත කොට අසා කවර ත් ශාස්ත්රනය සුනිශ්චිත කොට දැන ගැන්ම බැරි වුව ත් අඥානයන්ට නො දැන්ම පිළිවන් වන්නා සේ කිරීම බැරි වුව ත් නො කිරීම පිළිවන් ව තිබෙන කුශ‍ලයෙහි මහ මෙර ඔසවන්නට කරණ යත්නයක් සේ තර ව පිහිටා ගොතා ලූ මල්වඩම් නො වී දීම වඳුරන්ට බැරි වුව ත් විදා පීම පිළිවන් සේ නො කිරීම බැරි වුව ත් අඥාන වුව ත් කිරීම පිළිවන් වූ පවින් දුරු ව දෘෂ්ටි විශුද්ධි පරම්පරාවෙන් ගොසින් ඥාන දර්ශීන විශුද්ධි ය සපයා නිවන් පුර වදනවුන් දන් දීම නම් දස පින්කිරි ය වතට මුල් ව සිට්ටි. විවරණ ලදින් බුදුකුරු ධම් සොයන බෝසත්වරුන්ට පළමු ව පෙනෙ යි.

පිළිවෙළ කථාවට ත් මුල් ව වෙස්සන්තර ජාතකයෙහි වෙසතුරු ව උපන් ‍බෝසත්හු උපන් ඇසිල්ලෙහි දන් දෙන්ට නිස්සෙක් ඇද්දැයි ඵුසති බිසොවුන් විචාරා අතුල් සුඟිත්තෙහි දහසින් බැඳි සියල්ලක් තබා ලූ කල්හි එ තැනට පැමිණියවුන්ට බෙදා දුන්හ. අට ඇවිරිද්ද ඇතුළත පලන් -කුමරපළඳනා අට වරෙක කිරි මවුන්ට දන් දුන්හ. පසු ව සොළොස් ඇවිරිද්දෙහි රජ පැමිණ කලිඟු රට සිට දන් ඉල්ලා ආ බමුණන්ට ඇතු පටන්



1206 සද්ධර්මපරත්නාවලි ය

සූවිසි ලක්ෂධයක් අගනා මුත්හර එබූ මැණික පටන් අනගි වස්තු සයක් හා අනගි වූ පණ්ඩර නම් වූ ඇතු තමා ත් දන් දුන්හ. ඇතු දන් දුන්හ යි දෙවියන්ගේ වශයෙන් නුවර වැස්සන් මුසුප්පු ව පියා රටින් යවන හෙයින්රටින් යන ගමනේ සියල්ලන් සත් සත් සියය ඔබාදීන් සතසතු මහ දන් දුන්හ.

නො සිතින් වුව ත් තපස් නිසා වක්ගල් කුසට නික්මුණු ගමනේ සතසතු මහදනට පසු ව පියා ලුහුබඳවා ගිය බමුණන්ට රථයෙහි යෙදූ අසුන් දන් දුන්හ. පසු ව දන් ඉල්වා ගිය බමුණන්ට රථ ය දන් දුන්හ. ගොසින් වක්ගල් කුස හිඳිනා ගමනේ දුනු විටි නම් බමුණු ගම සිට අඹුවගේ කැණියලින් වාස් දනන් ඉල්වා ගිය දුගී දුවක1 බමුණාට දරු සඟළ දන් දුන්හ. අඩු තුන් කෙළක් පුරඟනන් ඇත ත් අඹු දන් ඉල්වා බමුණු වෙසින් ගිය සක් දෙවිඳු හට මද්රි් බිසොවුන් දන් දුන්හ.

පිය මහ රජුන්ගේ අයාමෙන් සිය නුවරට ගොසින් ගිය සවස් වැසූ පූ සත් රුවන් දන් දුන්හ යි හිමව් මහ මෙර ආදි ය හා සමග මහ පොළව වෙවුල් වා දුන් මහ දන් සිහි කොට දන් දීමෙහි යෙදී - තව ද කවර ත් ම පිණකට ගං වලට හිමවත මුල් වන්නා සේ නුවණ මුල් ව සිටිනා හෙයින් උමංදායෙහි මහෞෂධ ව උපන් බෝසත්හු සත් හැවිරිදි අවස්ථාවෙහි තමන් සත් හැවිරිදි වුව ත් නුවණ සත් හැවිරිදි නො වන හෙයින් දහසක් දෙනා නුවණින් උකුස්සාගෙන් එළවා ගත නුහුණු මස් කැටි ය තුමු තනි ව නුවණින් එළවා ගත්හ.

ගොන් යුක්තයෙහි දී ගොන් ගෙය ගෙණ ගිය සොරු‍ට ගොන් කෑ තණ ලවා දොස් කියෙව්වා සේ, බේතින් වැකූ පැන් ගොන් පොවා තණ නංවා පියා උඳු හා තල මුරුවට ගොන්‍ නො නැඟූ හෙයින් ගොන් සොරු නුවණින් ම හසු කළහ.

ගැටහූ පළඳනාව සොරා හැරගිය තැනැත්ති ය කෙසේ ගැට කම් කළ ත් සුවඳ කවන තැන සිටියා සේ පුවඟු මල්වල සුවඳින් ම ඒ සෙරගේ සොර කම ත් නුවණින් ම හසු කළහ. හූ වැටි සොර කම ත් සොර තැනැත්ති ය කියා ලූ කපු ඇට ය නො ව තිබඹිරි ඇට ය හෙයින් අනි ත් දෙසුන් තැන ත් තැඹිරි ඇටින් ම දොස් කියවා සොරකම් හරවා ලූහ.


1. පූජක


339. දානානිශංසාදි අනුශාසනා

දරු ඩබරේ දී යකින්න ලබා තමා යකිනි නියාව කියවා ලා කුමරුන් දරුවන් ඇති තැනැත්තවුන්ට ම දෙපා පීහ.

ගොලකාළයාගේ අඹු ඩබ‍රෙහි උන් තුන් දෙනාගේ ත් දෙ මවු පියන්ගේ ත් නම් විචාරා දික්පිටියාගේ කථා සුඟකු ත් සිරි නො වන දික් තලගේ කථාවෙනුත් ගොලකාළයන්ගේ කථා වෙනු ත් දික් තලගේ හා දික්තලයන්ගේ දෙ මවු පියන්ගේ නම් සරි හෙයින් ගොලකාළයන්ගේ ත් උන්ගේ දෙ මවු පියන්ගේ ත් නම් විචාරා දන්නා නම් ම වඤ්වා නිසා නො කී ‍නියා මුත් තමාගේ නම ත් දෙ මවුපියන්ගේ නමුත් ගොලකාළයන් කියාලූ සැලැස්ම කියා ලූ හෙයින් ගොලකාළයන්ගේ ත් උන්ගේ ද මවු පියන්ගේ ත් දික්තල දන්නා නියාවට නියම කොට ලා ගොලකාළයන්ට ම දික්තල පාවා දුන්හ.

රථ යුක්තියෙහි දී දහසක් දෙනා විචාළ ප්ර ශ්න එක විට විසඳන තරම් නුවණ ඇති ශක්ර යන් ශක්රි නියාව උන් ලවා ම කියවා විජයත් රථ යඇති ශක්ර යන්ට එ‍ සේ වූ රථවලින් ප්රියෝජන ම නැති හෙයින් රථය ඇති තැනැත්තවුන්ටම ම රථය නිල කළහ.

ලියවා පී වියතක් දිග කිහිරි දණ්ඩෙහි අග මුල නුවණ නැමැති තරාදියෙහි ලා කිරා බරින් මුල ත් සැහැල්ලු කමින් අග ත් දත්හ.

සම් වගුළ මිනි හිස් දෙක දැක පිල්වන්න කියවා ලා වස්තුයේ නියම දන්නා සේ ම මැස්ම දැක ම ගෑනි හිස ත් පිරිමි හිස ත් දත්හ.

නුවණ විමසන්ට ම එළවා ලූ සපු හා සැපින්න දැක නියම ය කියා ලූ කෙ‍ණකුන් නැතිව ‘මූ සර්පද වන්නට මේ කාරණය, මෑ සැපිනි වන්ට මේ කාරණය ය’යි පසුව දතහෙන මහ බෝසත්හු අරේ දැන ගන්ට සලකුණු ඇති ලෙසින් දත්හ. පය හං ඇති1 ඉස් මුදුනෙහි මොල්ලියක් ඇති තුල් වේලේ හඬන ගොණකු යවන්ට කියා යැවූ තැන ‍හැළි කුකුළකු යවූහ.

අට තැනකින් වත් තුබූ මැණික දිරා ගිය තුබූ පරණ ලණු ව හැර පියවන්නට ත් අලුත් ලණුවක් අවුණා ලන්ට ත් නැති ව තුබුවා තමන් ගෙන් කුඹුවන්ට විධානයක් ඇත්තා සේ උන් ලවා පරණ ලණුව ත් හරවා අලුත් ලණුවක් මැණික වක් වුව ත් ‍නුවණ නො වක් හෙයින් ලබා ලා රජ්ජුරුවන්ට යවූහ. 1. පය අං ඇති 1208 සද්ධර්මඅරත්නාවලි ය

මඟුල් ගොනුගේ ගං මුලට බා කපවා පියා හිවූ උඳු කවා බඩ දැ රි ඇති බඩක් සේ මහත් කරවා පියා වදවා වසු පස්සේ ලා එවන්ට කියා යවූ තැන එම වේදෙහ රජ්ජුරුවන් ලවා ම තුන් කල් පිරිමින් දරුවන් වැදු තැනක් ගෑනු ව උපන් කලට මුත් නැතැ යි කියවා මඟුල් ‍ෙගානා ත් නො වදන නියාව සාධ ලූහ.

නො සාල් නො දිය නො ගිනි නො දර නො ළිප් නො සැළි යක දී ගෑනුන් ලවා, නො පිරිමින් ලවා, පැසි බතක් පිසවා ලා නොමඟකින් යවන්ට කියා යවු තැන සුන් සාල් පිනි පැන් ආදීන් පැසි බත් පැසවා ලා නමින් පැසි බත වුව ත් නුවණින් නො පැසි බත යවූහ.

ලණු කඹ බැඳ කෙළිනා කෙළියට වැල්ලෙන් කඹයක් අඹරවා පියා යවන්ට කියා යවු තැන වැල්ලෙන් කඹ තබා වියටක් දිග ලණුවකු ත් ඇඹරිය නො හැකි නියාව ළු ම රජ්ජුරුවන් ලවා ම කිය වූ හ.

දිය කෙළියට පොකුණක් හා උයන් කෙළියට උයනක් යවන්ට කියා යවූ තැන ඈඳා ගෙණ එන්ට පොකුණ හා උයන් ඉල්වා යවීමෙන් ම එ ම ලෙස උයන් හා පොකුණු ගෙනෙන්නට බැරි නියාව තුමු නො කියා එම රජ්ජුරුවන් ලවා ම නුවණ නැමැති දෙතානුභාවයෙන් කියවූ ය.

හැම තැන දී ම පියා පුතුට වැඩි නො වන නියාව කිසි තැනක දී වත ත් ඒ බොහෝ නො වන නියා ව අනර්ඝ වූ සෛන්ධව අශ්වයාට පිය වූ කොටළුවා අට මස්සක් විතරින් වඩා නුපුස්නා නියාව කියා සරාජික පර්ෂ ත් ගිවිස්වා ලූහ.

පය බරවායට පිරි කර බෙහෙත් බඳනා සේ මැණික තල් ගස උඩු තිබිය දී පොකුණේ පැන් ඉස්වා මඩ හැර වූ සේනක පණ්ඩිත යන් නො දැක්මෙහි පවා කවුඩුවා අවුත් කියා ලූවා සේ මැණික බාවා රජ්ජුරුවන්ට දුන්හ. ‍ කටුසු පැනෙහි රත්රන් සතර වියටක් නිසා කටුස්සාට ඇති වූ අභිමාන ය බුදු වූ අවස්ථාවෙහි අදහස් දන්නා අනික් ලෙසකින් වුව ත් මේ ආකාරයෙන් ම දත්හ.

ශ්රී කාන්තාව හා කාලකණ්ණියා එක තැනක නො වසන හෙයින් පිංගුත්තරයන් උදුම්බරා බිසොවුන් නො කැමැති වූ නියාව දැන රජ්ජුරුවන් ගිවිස්වා උදුම්බරා බිසොවුන් දිවි රැක තුමු බොහෝ දවසක් ජීවත් වූහ.

339. දානානිශංසාදි අනුශාසනා

මෙණ්ඩක ප්ර ශ්නයෙහි රජ්ජුරුවන් ප්රැශ්න විචාළ ලෙසින් ම දැක කියා ලූ බව මුත් සිතින් සිතා කියා ලූ දෙයක් නො වන නියා ව දැන උදුම්බරා බිසොවුන් කියා ලූ ලෙසින් රජ්ජුරුවන් එළුවාගේ හා බල්ලාගේ ක්රිඋයාව දැන ම කී නියා ව දත්හ.

අමරා දේවි ත් සඟවා කියා ලූ යම් දෙක් ම කප් ලක්ෂකයක් මුළුල්ලෙහි පිරූ පැරුමට සාරාසැකි කප් සුවහස් පිරූ පැරුම් බොහෝ සෙයින් තුමූ නො සඟවා ම දත්හ.

සිරිමන්දත ප්රකශ්නයෙහි නුවණ තැත ත් සම්පත් අත්තහු උතුමැ යි යන කාරණ ය දෘෂ්ටාන්තයට ගෝරිමන්ද්යන් පෙනෙන හෙයින් බොහෝ දෙන ගිවිසිත ත් දුක් පත් වුව ත් නුවණ නැමැති ධන ය යම් කෙණකුන්ට ඇත් නම් ඒ ධනයට වඩනා අනික් ධනයෙක් නැති බැවින් උන් ම උතුම් නියා ව නො එක් කාරණ කියා ගිවිස්වූහ.

දේවතා දූව විචාළ බජ්ජොපනක ප්ර ශ්න ය විසඳා දේවතා දුවගෙන් සත් රුවන් හා රජ්ජුරුවන්ගෙන් සෙනෙවිරත් පට ලත්හ.

පඤ්ච පණ්ඩිත ප්ර ශ්නයෙහි සෙනකාදි පණ්ඩිත වරුන් සතර දෙනා තමා සිත ඇති රහස් කටයුතු මුන් මුන්ට කීම යහපතැ යි කීව ත් තුමු කාට ත් කීම නපුරැ යි කියා ලා කීමෙහි නපුර දෙවන දවස් උන් උන් ගෙන් ම පෑ ලූහ.

නැවත කෙටට්ටයන්ගේ උපදෙසින් චූලනි රජ්ජුරුවන් එක් සියක් රජුනු ත් අටළොස් අ‍ෙක්ෂෟ හිණියත් විවර සේනාව ත් හැර ගෙණ මියුලු නුවරට සටනට ආ තැන කිසි කෙණකුන්ගේ ‍ත් ජීවිතයට හානි නො කොට පසු ව වසවත් මරු හා මර සෙනඟ බිඳ පලවන්නා සේ ම පලවා පියා මා ඇඟි වස්තු මියුලු නුවර වැස්සන් දෙ පෝයක් විචරින් ඇද නිමවන විචර යකඩ ලෝකඩ ආදී වූ දෙය සාරමසක් විචරින් ඇද නිමවා ගන්නා විචර කොල්ල ලත්හ. පසු ව එ ම කෙවට්ටයන්ගේ උපදෙසින් පඤ්චාල චණ්ඩි නම් වූ දුවණියන් සරණ පාවා දෙම්හ යි කියා ලා සරණ පාවා දෙන්ට ඔබ ගෙන් වූ කල චූලනී රජ්ජුරුවන් කළ ප්රායෝගයෙහි සිතා කළා කුමක් වුව ත් බසින් කීවා සැබෑ කොට උමං සොර කමින් ගෙන්වා ගෙණ ඒ සා මහත් රජ සෙනඟක් උපකාරී නුවර වටා සිටියදී ම වෙදෙහ රජ්ජුරුවන්ට පඤ්චාලචණ්ඩි කුමාරිකාවන් සරණ පාවා දී ලා එක රැයින් ම මියුලු නුවරට යවා වෙදෙහ රජ්ජුරුවන්ගේ අභිමතාර්ථ ය සිද්ධ කළහ.

1210 සද්ධර්ම්රත්නාවලි ය

පසු ව තුමු ත් තමන් කළ යම් දෙයක් චූලනී රජ්ජුරුවන් සිත් ගන්ට කළා සේ උන් පහදවා ගෙණ පහන් රජ්ජුරුවන් ගෙන් රත්රන් පස් විසි දහසක් හා හවුරුදු පතා අසූ ලක්ෂ්යක් බද්ද නිමන ගම් අසූවක් හා‍ කෙල්ලන් සාර සියක් හා කම්මිත්තන් සියයක් හා තවත් බොහෝ දෑ ලදින් කෙලෙස් සතුරන් සාධා සර්වමඥ ගුණ නමැති බොහෝ සම්පත් ලදින් කිඹුල්වතට ගියා සේ ම මියුලු නුවරට ගියහ. වෙදෙහ රජ්ජුරුවන්ගේ අයාමෙන් උත්තර පඤ්චාල නුවරට ගිය පසු හෙරි පරිබ්රාමජිකාවන් හස්ත මුද්රි්කාවෙන් විචාළ ප්රකශ්න හස්ත මුද්රිනකා යෙන් ම විසඳා පරිබ්රාමජිකාවන්ට තමන්ගේ නුවණෙහි තරම හැඟවූහ. පරිබ්රාවජිකාවන්ගෙන් තරම් අසා රජ්ජුරුවන් එක පැහැර සම්පත් දී පුරා පී හෙයින් කවර අදහසෙකින් දුන් බව ත් නො දැන තමන් රජ්ජුරුවන්ගේ අදහස් දැන්ම තරම් නො වන හෙයින් හෙරී පරිබ්රාැජිකාවන් ලවා දිය රකුසු පැනයෙන් ලෙන් ගතු ව ම සම්පත් දුන් නියා ව දත්හ.

මෙ හැම නුවණ හෙයින් කරණ කියන සිතන යම් දෙයකට නුවණ ම පෙරදැරි කොට තව ද විධුර ජාතකයෙහි විධුර පණ්ඩිත ව උපන්‍ බෝසතුන් ඉරන්දරතී නම් නාග කන්යාහවන්ගේ නියොගයෙන් වෙසවුණු රජ්ජුරුවන්ගේ බැණ වූ පූර්ණක නම් යක් සෙනෙවියන් කුරු රට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්යි රජ්ජුරුවන්වන් දු කෙළ පරදවා වඩ්ඩියට ලදින් මරා පියා හෘත් මාංශ ය හැර ගෙණ යන්ට නො එක් ප්රනයොග කළ ත්, වානරින්දහ ජාතකයෙහි වඳුරු ව උපන් බෝසතුන් හෘත්මාංශ ය හැර ගන්ට කිඹුලා කළ උපදෙස් දැන හෘත්මාංශ ය ගළවා ගත් ලෙස තිබී ගියා සේ ම මරණු නිසා දෙසිය සතළිස් ගවුවක් උස ඇති කාළගිරි නම් ගල් මුදුණට නැඟි ලා දෙ පය අල්වා ගෙණ හිස ගසා මරන්ට අල්වා ගත් තැන ‍ගල නො ගසන තෙක් ‘සාධු නර ධර්මර වහ බණක දනිමි. මා මළො ත් ඒ නියා බණක් අපවත් වේ ද, ඒ බණ අසා පියා මරව’යි කියා ඒ බණ කියා මරණින් ගැළවූණා සේ සියලු පවින් වැළහී -

තව ද නාරද කාශ්යරප ජාතකයෙහි නාරද නම් මහ බඹ ව උපන් බෝසතුන් අංගාති රජ්ජුරුවන් ගුණෙන් නිර්ගුණි වුව ත් නමින් ගුණ නම් වූ නිවටාගේ සමවායෙන් දෘෂ්ටි ගත් නියාව දැන උරුවෙල් කසුබු දමනයෙහි තුන් දහස් පන්සියයක් පමණ පෙළහර දක්වා හරවන දෘෂ්ටිය තුනී කරවන්නාක් මෙන්




339. දානානිශංසාදී අනුශාසනා

අංගාති රජ්ජුරුවන් කරා ගොසින් බණ කියා දෘෂ්ටි ය හරවා අපායොත්පත්ති හැරවූවා නම් සත්ත්වාාපකාර ය නිසා හෙයින් තමාත් සත්වා්නාකපකාරය නිරත ව-

කණ්ඩහාල ජාතකයෙහි ඛණ්ඩහාල නම් පුරොහිත බමුණු යන්තම් කටයුත්තෙකින් නිරපරාධ බෝසතුන් කෙරෙහි බද්ධ ආඝාත ඇති ව තෝරා ලා කිරීම යුත්ත නො වන හෙයින් නිරපරාධ බොහෝ දෙනා ත් එක් කොට ගෙණ යාග පිට ලා ලා කරන්ට සිතූ අවැඩ උඩු සුළඟ සිට දමා ලූ හළු ආදි ය දැමූවන් ඇඟට ම යන්නා සේ ඛණ්ඩහාලයන්ට ම පැමිණි හෙයින් ඒ බන්දෙක නො හැසිර අනුන්ට වැඩෙහි හැසිරීමෙන් ඒ වැඩ ගොන් මැස්සා දැමූ දැමුසේ දැමුවන් කරා ම යන්නා සේ තමා කරා පමුණුවා ගෙණ

භූරිදත්ත ජාතකයෙහි භූරිදත්ත නම් නා රජව උපන් බෝසත්හු පෙහෛවස් නිසා සොපද්රූව වූ මිනිස් ලොවට ගොසින් පාම්බට්ටියකුට සම්භව ව කෙළවා ඇවිදිනා ගමනේ සුදර්ශන නම් බෑණන් හා එක පියන්ට දා අවිචීමුඛී නම් නැඟණියන් දැක ලජ්ජා වූවා සේ පාපයෙහි ලජ්ජා ඇති ව-

නිමි ජාතකයෙහි නිමි ‍රජ ව උපන් බෝසතුන් කලාර ජනක රජුහු1 සිඳ පූ දානප්රිවෙණි ය පෙරළා පවත්වා ලූවා සේ කරන්නවුන් නැති වීමෙන් අපවත් ව තුබූ කුශල ය පවත්වමින්

සාම ජාතකයෙහි සාම බෝසතුන් ඇස් නැති දෙ මවු පියන් රැක්කා සේ රකින්නන් ඇති ව මුත් තමා ම තමාට නො රැකෙන කුසල් ධම් රැක ගෙණ-

මහා ජනක ජාතකයෙහි මහා ජනක රජ්ජුරුවන් නැඟී නැව නටත් එ තෙර වන්ට සත් දවසක් මූද පීනුවා සේ පින් කිරීමෙන් සසර සයුරෙන් එ‍ තෙර වන්ට වීය්ය්් ඇති ව-

මුගපක්ක ජාතකයෙහි තෙමිය බෝසතුන් ජාති සිහි කරණ නුවණින් එක් කලෙක බරණැස රජ ව ඉපැද විසි අවුරුද්දක් දැහැමෙන් සෙමෙන් රජ ‍කොට අසූ දහසක් හවුරුදු ඔසුපත පැසුණු නියා ව දැක රජ කම් කිරීමට මැළිව නො ගොළු ව ගොළු ලෙසින්


1. රජ කරණ රජහු


1212 සද්ධර්මකරත්නාවලි ය

හා නො බිහිරි ව බිහිරි ලෙසින් හා නො පිළි ව පිළි ලෙසින් හා සොළොස් පැයක් විතර ත් අනුන්ට බැරි වූවා සොළොස් හවුරුද්දක් දවස් යවා නිෂ්ප්රියොජන එකෙකැ’යි අමු සොහොනෙක වළලන්ට යවූ තැන එ ලෙසින් රජ ගෙය නමැති සිර ගෙන් ගැල වී ගෙණ රාජ්ජ ය කිරීම ගොළු - බිහිරි - පිළි වුව ත් තපසට පැමිණෙනු නිසා එ හැම නැති ව මහ වල් වැද මහණ ව අභිඥාලාභී වූවා සේ ම සියලු පවු හැර කුසල්හි පිහිටා ‘චිත්ත ශුද්ධි ය කර තො ත් අදක ඊයෙක නො ව වල් සොරුන් පරිද්දෙන් අනන්ත කාලයෙක සතුරු ව ආ කෙලෙස් සතුරන් නසා නිවන් රට සාධා මුත් බැරි ය. නිවන් රට ත් කෙලෙස් සතුරන් නසා මුත් සාධා ලිය නො හැක්ක.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxviii&oldid=5705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි