සද්ධර්ම රත්නාවලිය- xxvii

300. මුගලන් මහතෙරුන් වහන්සේ ගේ වත සංස්කරණය

තව ද රහතන්ට වුව ත් පරූවපාද ඇති නියාව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වත ත්, මුගලන් මහ තෙරුන් වහන්සේගේ වත ත් දෙක ම දක්වමු.

කෙ සේ ද යත් -

සැරියුත් මහ තෙරුන් වහන්සේ ත් සඟ පන් සියයක් හැර ගෙණ දනවුවෙහි එක් වෙහෙරකට ගොසින් වස් විසූ සේක. මුගලන් මහ තෙරුන් වහන්සේ ත් සඟ පන් සියයක් හැරගෙණ දනවු වෙහෙරක වස් විසූසේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ වස් විසූ ගම මිනිස්සු ත් ‘වස් අන්ත වු කල බොහෝ වස්සාවාසික ලාභය පවත් කරම්හ’යි දෙ දෙනා වහන්සේට ම කීහ. දෙ දෙනා වහන්සේ ම වස් පවරා ලා ඒ විහාරවල වස් විසූ තැන් ලබන ලාභ ය තව සම්භ නො වන තුරු ම බුදුන් දක්නට වඩනා සේක් ඒ විහාරවල රඳා හිඳිනා තැනට ‘උපාසකවරුන් වස්සාවාසික ලාභය ගෙනා කල කොටස් කොට බෙදා පියා අප හා කැටි ව ගිය තැනට පැමිණියා එවා ලන්ට හෝ වුව මැනව. එවා ලන්ට බැරි වී නම් තැන්පත් කොට තබා ලා කියා එවන්ට වුව මැනැවැ’යි දෙ දෙනා වහන්සේ වෙන වෙනම සම්මත කොට ලා බුදුන් ලඟට වැඩි සේක.

වහන්දෑ ත් ‘අනේ මේ දෙ දෙනා වහන්සේගේ ලොභ අදහස් බලවත් නියා ය. තව වස්සාවාසික ලාභ ඇති බව ත් නැති බව ත් නො දැන ම තම තමන් වහන්සේගේ වහන්දෑ ට පිරිකර කොටස් එවන්ට හෝ තබන්ට හෝ කී සේකැ ‘යි නො සතුටු ලෙස කථා


301. රේවත තෙරුන් වහන්සේ් ගේ වස්තුව 1107

කළ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, උන් දෙන්නාට ලාභය ලොභ නැත. මිනිසුන්ට සිද්ධ වන පිණ හා ලාභීන්ට වන ලාභ නැති නුවමනා වේ දැ යි සිතා කිවු ය’යි වදාරා ‘යම් කෙණ කුන්ට කුමකු ත් ආසය නැත් නම්, එ සේ කිසිවක ත් ආස ය නැතිසව් කෙලෙසුන් කෙරෙන් වෙන් ව වසන්නවුන්ට ත් සංශයට කාරණ ව සිටිනා වස්තූන් අට දෙනා කෙරෙහි සංශ ය සෝවාන් මගින් ම නට හෙයින් යම් කෙණකුන්ට ඒ සංශය ත් නැත් නම් අමාමහ නිවනට පැමිණ සිටියා වූ උන් උත්තම ය’යි කියමි’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ලාභයෙහි කරණ ලොහ තරමට ත් පින් කම ම ලොභ ඇති ව නිවන් දහම් පසක් කට යුතු.

301. රෙවත තෙරුන් වහන්සේ ගේ වස්තුව සංස්කරණය

තව ද රහතන්ට පින් පව් දෙක ම නැති නියාව හඟවන්ට රෙවත තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

එහි විස්තර කථාව සත් වන අරහත්ත වහ ආ ම ය. එතෙ කුදු වුව ත් උන්වවහන්සේ මහ පිණැති නියාව හඟවා වහන්දෑ කථා කළ කල්හි කුශල ය ඇත් න්ම ඉෂ්ට විපාක ත් දෙ වන හෙයින් භවොත් පත්ති ය නැති වීමෙන් ම පින් පව් නැති නියාව ද දක්වන සේක් ‘යම් කෙණෙක් රහත් මගින් ම පින් පව් දෙක ම ගෙවා සිටියෝ ද, කිසි වෙක ත් ඇලුම් නැත්තෝ ද, කිසිවෙක ත් ඇලුමක් නැති බැවින් ම ශොක නැති වූ රාගාදී කෙලෙස් කසළ ත් නැති බැවින් අත්යකන්ත පරිශුද්ධ වූ ඔහු උත්තම ය යි කියමී’ වදාළ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් බොහෝ පින් කම හැසිර පින් පව් දෙක ම නසා භවොත්පත්ති ය වැළකිය යුතු.

302. චන්ද්රාවහ තෙරුන් වහන්සේ ගේ වත සංස්කරණය

තව ද අනුන්ගේ කැණියලිනු ත් කළ පින් කම උදාරතර වූ විපාක ඇති බව හඟවන්ට චන්ද්රාතහ තෙරුන් වහන්සේගේ වත දක්වමු.

1108 සද්ධර්මණරත්නාවලි ය

කෙ සේ ද යත් -

යටගිය දවස බරණැස් නුවර වසන වෙළඳාණ කෙණෙක් ‘පසල් දනව්වට ගොසින් සඳුන් දඬු ගෙනෙමි’ බොහෝ පිළී සහ ආභරණ ආදිය ගෙන්වා ගෙණ පන් සීයක් පමණ ගැලු ත් හැ ගෙණ පසල් ගමකට ගොස් ගම් දොරකඩ කෙරේ නවාතැන් ගෙණ ඒ ගම හිඳිනා එ‍ඬෙර කොලු පැටවුන් අතින් ‘මේ ගම වලට ගොසින් කර්මාන්ත කරණ කෙණෙක් ඇත් දැ’යි විචාරා ‘ඇතැ’යි කී කල්හි ‘ඌ කිනම් වූ ද දරුවෙනි’යි කීහ. මේ නම් වු ය යි නම් කී කල්හි ‘ඇඹේණියෝ කිනම් මු ද ? දරුවෝ කිනම්මුදැ’යි උන්ගේ නමුත් විචාරා ගෙණ ‘ගෙය කොයි දැ’යි විචාළ ‍කල්හි ‘ගෙය අසවල් තැන ය’යි කිවු ය.

ඌ උන් කියා ලු සලකුණෙන් මිනිසාවන් ලෙසට වාහනය කින් උන්ගේ ගෙදොරට ගොසින් වාහනයෙන් බැස පියා ගෙට වැද උපාසිකාවගේ නම කියා හඬ ගෑ ය. උයි ත් නම කියා හඬ ගැලූයේ නම් නෑ කෙණකුන් නියා වේ දැයි වහා අවුදින් හිඳිනා දෙයක් ලා ලු ය. ඌ ඊ වැද හිඳ නම කියා බණවාලා ‘අපගේ යාළුවාණෝ කොයි දැ’යි විචාළෝ ය. ‘වලට ගියෝ’ ය යි කී කල්හි අපගේ පුතණුවෝ මෙ නම්හ. අ‍පගේ දුවණියෝ මෙ නම්හ. ඌ කොයි දැ යි විචාරා ‘මේ මේ පිළීත් මේ මේ ආභරණත් ඒ අපගේ දරුවන්ට දී ලව අපගේ මිත්රේයාණන් වල සිට ආ කල උන්ට මේ පිළී හා ආභරණාදී ලව යි පිළියක් හා ආභරණයක් දුන්හ. උපා සිකාවන්ට ත් පිළී පළඳනා දුන්හ.

උපාසිකාවෝ ද උන්ට සාද යහපත් ලෙස කොට ලා සමණන් ආ කල්හි ‘ආ වේලේ පටන් හැම දෙනාගේ ම නම් කියා ලා තෙලෙ දුන් දේ ය’යි කිවු ය. උයි ත් සාද සාමීචි බොහෝ කොට ම කළහ සවස වැදහොත් වේලෙහි ‘සබඳ, තොප වල ඇවිදිනා කල බොහෝ ව නැත. අතු ත් කොළත් රතු ව තිබෙන ගස් දිටිමි’යි කිවු ය. ‘බොහෝ දැ’යි විචාළ කල්හි ‘බොහෝ ව’ යි කිවු ය.

‘එ සේ වී නම් ඒ ගස් අපට පාන්ට වුව මැනැවැ යි කියා ලා උන් හා කැටි ව ම ගොසින් රත් හඳුන් ගස් කපා ගෙණ ගැල් පන්සියයේ පුරා ගෙණ යන ගමනේ ‘සබඳ, බරණැස් නුවර අසවල් තැන අපගේ ගෙය ය. අතුර ‘තුරේ අපගේ ඔබ අව මැනව.



302. චන්ද්රා්හ තෙරුන් වහන්සේ ගේ වස්තුව 1109

එන කල ත් අනික් දෙයක් අපට ගෙණෙන්ට නො කැමැත්තේ ය. රත් අතු ඇති දඬු කපා ගෙන අව මැනැ’යි කීහ. උයි ත් ‘යහපතැ’යි කියා ලා අතුර’තුරේ උන් ලඟට යන කල ‍තමන් ඊ නම් නො දන්නා පමණක් මුත් රත් හඳුන් ම ගෙණ යෙති. උයි ත් සඳුන් අඬු ඇර ගෙණ බොහෝ සම්පත් දෙති.

ඉක් බිත්තෙන් කල් යෑමෙකින් කසුබ් බුදුන් පිරිනිවී ධාතු වඩා රන් දා ගබක් කළ කල්හි පසල් දනවුවෙහි වසන තැනැත්තෝ බොහෝ සඳුන් දඬු ගෙන්වා ගෙණ බරණැස් නුවරට ගියහ. මිත්රව ව හිඳිනා වෙළඳාණෝ ද ගෙන්වා ගෙණ බරණැස් නුවරට ගියහ. මිත්ර් ව හිඳිනා වෙළඳාණෝ ද ගෙන්වා ගෙණ ආ සඳුන් දණ්ඩෙන් සඳුන් බොහෝ කොට ගාවා ගෙණ සඳුන් මාලාවක් පුරා ගෙණ ‘යාළු, බත් පිසන තෙක් දාගබ බඳිනා තැනට යම්හ’යි කියා ලා පසල් දනව් වැසි යාළුවාණන් කැඳවා ගෙණ ඔබ ගොසින් සඳුන් කල්කයෙන් පූජා කළහ. පසල් දනවු වැසි යාළුවාණෝ ද දා ගබ කුස සඳුන් කල්කයෙන් සඳ මඬලක් ලෙස කළහ. අනුන්ගේ සමවායෙන් වුව ත් කළ පින් කම් මෙතෙක. එ තෙකුදු වු ව ත් එයින් සැව දෙව් ලොව ඉපැද අපගේ බුදුන් බුදුවන තෙක් දෙව් සැප ත් වළඳා අපගේ බුදුන් උපන් කල්හි රජගහා නුවර බමුණු මහ සල් කුලයෙහි උපන්හ. උන්ගේ පෙකිනියෙන් සඳ මඬලක් වැනි ව රස් පි‍ඩෙක් කළ පින් කම ප්රගකාශ කෙරෙමින් ඇති වි ය. එ හෙයින් නම් තබන්නාහු ත් චන්ද්රා හ ය යි නම් තබා ලුහ. කසුප් බුදුන්ගේ දා ගබ කුස සඳුනෙන් සඳ මඬල ඇඳි පින් කමින.

බමුණානෝ ද ‘මුන් පෑ ලා ලෝ වැස්සන්ගෙන් ලාභ විඳිනට පිළිවනැ’යි සිතා ගෙණ ‘යම් කෙණෙක් මුන්ගේ ඇඟ ඇල්වා ලූ නම් ඌ මෙ බඳු සම්පත් ලැබෙති’යි කියා ගෙණ ඇවිදිති. සියයක් හෝ දහසක් හෝ දුන් කෙණෙක් ම උන්ගේ ඇඟ අල්වා පියනට ලැබෙති. උයි ත් මේ ලෙස කොට ඇවිදිනාහු සැවැත් නුවරට ගොසින් නුවරට ත් විහාරයට ත් අතුරෙහි නවා තැන් ගත්හ.

සැවැත් නුවර වසන පස් කෙළවර විවර ආර්ය්ෙහි උපසකවරු පෙරවරු දවස් දන් දී ලා පස්වරු සුවඳ මල් ආදි ය ගෙන්වා ගෙණ බණ අසන්ට යෙති. අමුතු ව ලා ආ බමුණානෝ ද උන් හැම දෙනා විහාරයට යන්නවුන් දැක කොයි යවු දැ’යි විචාරා බුදුන් කරා බණ අසන්ට යම්හ’යි කී කල්හි ‘ඔබ ගොසින් කුමක් කරවු ද ? අපගේ චනද්රාරභ නම් බමුණානන් තරම් ආනු



1110 සද්ධර්ම රත්නාවලි ය

භාව සම්පන්න කෙණෙක් නැත. උන් ඇඟ අල්වා පී කෙණෙක් මේ මේ සම්පත් ලැබෙති. අවුත් උන් දකුව’යි කිවු ය. ‘තොපගේ චන්ද්රා හ නම් බමුණානන් ඇඟ ඇල්වු කෙණෙක් වේ ද සම්පත් ‍ලබන්නෝ ය. අපගේ බුදුන්ගේ නම සිහි කළ කෙණ කු ත් ලොවි ලොවුතුරා සැපත් ලැබෙති. එ හෙයින් අපගේ බුදුහු වඩනා සේකැ’යි කිවු ය. චන්ද්රා්භයන්ට පක්ෂරයෝ උන් ආනුභාවයෙන් වඩිතී කියති. දෙ පක්ෂ යේ ඇත්තෝ ම කාරණ කියා ගිවිස්වාලිය නො හෙති. ගිවිස්වා ගත නොහී ‘ ගොසින් ම දකුම් හ’යි චන්ද්රාලභයන් කැඳවා ගෙණ දෙ පක්ෂව ය ම බුදුන් කරා ගියහ.

බුදුහු ත් උන් තමන් වහන්සේ ලඟට යත් යත් උන්ගේ පෙකිනියෙන් නික්මෙන රස් පිඬ නැති කළ ‍සේක. බුදුන් ළඟට යත් යත් අභුරු පැසෙක උන් කවුඩුවකු මෙන් නිශ්ශොභා වූහ. බුදුන්ගෙන් මඳක් දුරු කොට කැඳවා ගෙණ ගිය කලට ආදි ඇති ශොභාව පෙරළා ත් අති වි ය. නැවත බුදුන් කරා යන කලට හිර මුදුන් වීමෙන් සඳ රැස් නැති වූවා සේ ම චන්ද්රානහයන්ගේ ශොභා පුඤ්ජය නැති විය. මෙ සේ තුන් විටක් විතර දුරු වීමෙන් ශොභා ව ඇති ව ලං වීමෙන් නැති වන නියා ව දැක චන්ද්රා භයෝ ‘මුන් ශොභා නැති කරණ මන්ත්ර යක් දන්නා නියා ය’යි බුදුන් අතින් ‘ශොභා නැති කරණ මන්ත්රරයක් දන්නේ ඇත් දැ’යි විචාළහ. ‘එ සේ ය, දනිමි’ යි වදාළ කල්හි’ එ සේ වී නම් මා ත් උගන්වාලුව මැනැවැ’යි කීහ. ‘ඒ මන්ත්රශය මහණ නුවූ කෙණකුන්ට ‘තුලුන් දන්නා මන්ත්ර ය උගනිම් නම් මුළු දඹ දිවට උතුම් වෙමි.තෙපි හැම රම් තැන ම රඳව .‍ මම මහණ මන්ත්ර් ය ඉගෙණ පලා එමී’ කියා ලා මහණ කරන්ට බුදුන්ට ම ආරාධනා කොට ලා මහණ ව සම්පූර්ණ විංශති වර්ෂය හෙයින් මහලු පැවිද්ද ත් ලත් සේක.

මහණ - මහලු පැවිදි කළ තෑන් කා ගියා සී කමටහන් ඉගැන් වූ සේක. ‘මේ කිම් දැ’යි විචාළ කල්හි ‘තෙල මන්ත්ර්යට පෙරාතු උගත මනා දෙයෙක. තෙල නො දත් කල මන්ත්ර’ ය තර කට නො හැක්ක. තෙල උගනුව’යි වදාළ සේක. බමුණා නෝ ත් අතර’තුර ගොසින් ‘මන්ත්රන ය උගත්තේ ඇත්දැ’යි විචාරති. ‘තව උගත්තේ නැතැ’යි කිය කියා කීප දවසෙකින් ම රහත් ව රූප ශොභාව පිටට ගුණ ශොභාව එවා ගෙණ බමුණන් අවුත් මන්ත්රයය උගත් නියාව විචාළ ‍කල්හි ‘තොප හැම යන



303. සීවලි මහ තෙරුන් වහන්සේ ගේ වත 1111

ගමනින් මම නැවැත්තෙමී’ කී සේක. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් ‘ගිහීන් කෙරෙහි ප්රනසිද්ධ වූවා සේ ම ශාසනයෙහි ත්, ප්රතසිද්ධ වන්ට දෝ රහත් නියාවක් හඟවති.’ කී සේක. බුදුහු ත් ‘උන් කියන්නේ ඇත්ත ම ය. තොපගේ කල්පනාව විරුද්ධ ය’යි ප්ර සිද්ධ වන්ට දෝ රහත්. නියාවත් හඟවති. කීසේක. බුදුනුත් වදාරාලා ‘යම් කෙණෙක් පඤ්චොපක්ලෙශයෙන් විනිර්මුක්ත වූ සඳ පරිද්දෙන් අත්යලන්ත පරිසුද්ධයෝ ද, සඳ තමන් සසල ගුණ ඇත් නමුත් රහත් වුවවුන් ට ලව මාත්රි වූ ත් ක්ලෙශ කාලුෂ්ය්ය නැති බැවින් විශෙෂයෙන් ප්රවසන්න වූ සිත් ඇත්තෝ ද, තමා කරා පැමිණි කෙණකුන් සසර මහ මුහුද ලාලන තෘෂ්ණා නැමැති මහ ගඟින් එතර වූ ද උන් මම උත්තම ය යි කියමි. චන්ද්රාරහ යෝ ත් ඒ තරම් වුහ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් රූප ශොභාව භව ක්ෂතයට කාරණ නො වන හෙයින් භව ක්ෂියට කාරණ වූ ගුණ ශොභාව ම එවා ගන්ට උත්සාහ කට යුතු.

303. සීවලී මහ තෙරුන් වහන්සේ ගේ වත සංස්කරණය

තව ද තුනුරුවන් හි ගුණ මෙනෙහි කිරීමෙන් වන යහපත දක්වන්ට සීවලී මහ තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

බුදුන්ගේ ම බන්ධු පක්ෂයෙහි වූ කෝලිය වංශයෙහි උපන් සුප්පවාසා නම් බිසවු සත් හවුරුදු සත් මස් සත් දවසක් දරු ගබ කුසින් උසුලා සත් දවසක් මුළුල්ලෙහි විළි ලන්නාහු ප්රසශව වෙදනාව බලවත් හෙයින් ‘යම් බුදු කෙණකුන් වහන්සේ මෙ බඳු දුක් නසන්ට බණ වදාරන සේක් වී නම් ඒ බුදුහු ත් සවුනේ ගෙවා දන්නා සේක. ඒ ධර්ම ය ත් ස්වාඛ්යා තාදී ගුණෙන් යුක්ත ය. මෙ බඳු දුක් ම ගෙවන්ට පිළිපදනා වූ සඞ්ඝයා වහන් සේ ත් භව සම්පත් පතා පිළිපදනා පිළිපැදීමක් නො වන හෙයින් මනා ව පිළිපන් සේක.

‘යමක් නිසා මේ දුක් නසී නම් ඒ නිවනු ත් ඉතා සැප ය’යි මේ තුන සිතමින් දුක් ඉවසන්නාහු සමණන් බුදුන් ළඟට යව. උනු ත් සුප්පවාසා නම් බිසොවුන්ගේ වැඳීමෙන් බුදුන් වැඳි කල්හි බුදුහු ත් ‘සුප්පවාසාවෝ නීරෝගී ව නීරෝගී පුතණු කෙණකුන් වදා පියක් ව’යි වදාළ ඇසිල්ලෙහි තුමු ත් නීරෝගී ව තමන් සේ ම නීරෝගී පුතණු කෙණකුන් වදා පීහ. වදා පියා බුදු පාමොක් 1112 සද්ධර්මෝරත්නාවලි ය

සඞ්ඝයා වහන්සේට ආරාධනා කොට ලා දුක් විඳපු සතියට සතියක් මුළුල්ලෙහි මහ දන් දුන්හ.

කුමාරයෝ ද උපන් දවස් පටන් ඩබරාව හැර ගෙණ ගොසින් පැන් පරහා දෙති. පසු ව නො බෝ කලකින් මහණ ව රහත් වූ සේක. වහන්දෑ ද ධම් සෙබෙයි රැස් ව හුන් සේක් බුදුන් ධම සබයට වඩනා තෙක් නිකම් හිඳිනා ගමනේ ‘ඇවැත්නි, මෙ සේ රහත් වන්ට නිසි මහ පිණැත්තාණන් මවු කුස් මහ නරකයට පැමිණ සත් හවුරුදු සත් මස් සත් දවසක් විඳපු දුකක් බලාපුව මැනව. ඒ දුක් විඳ ත් සසර දුක් ගෙවා ගත්හ’යි කථාවක් ඉපැද වූ සේක.

බුදුහු ත් ඒ අසා ඒ මුල් කොට බණ වදාරන සේක් ‘යම් කෙණෙක් කෙලෙස් නැමැති මහ මඬ ත්, සසර නමැති මහ මුහුද ත් චතුරාර්ය්. සසත්යම ය දැන ගත නො හෙන මොහ ය ත් ඉක්මවු ද කෙලෙස් මහ වතුරට නො පැමිණි නිවන් පර තෙරට පැමිණියෝ ද ශමථ - විදර්ශනා දෙක යෙදී වෙසෙත් ද, කිසිවෙක ඇලුම් නැත්තෝ ද, බුද්ධාදි අට තැන්හි හෝ නො හොත් අතීතාදී වූ සොළොස් තැන්හී පවත්නා සංශ ය නැත්තෝ ද, එ සේ වු වන් මම උතුමැ යි කියමි’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කටුවෙන් ම කටුව හරනා සේ සසර විඳ ආ දුක් ම එක්වන් සලකා දුකින් මි‍ඳෙන්ට උත්සාහ කට යුතු.


304. සුන්දුර සමුද්ද තෙරුන් වහන්සේ ගේ වත සංස්කරණය

තව ද යහපත් අදහස් ඇත්තවුන්ට වන හානි නැති නියාව හඟවන්ට සුන්දර සමුද්ද තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

සැවැත් නුවර සුන්දර සමුද්ද නම්, කුල දරුවාණ කෙණෙක් ඇත. ඌ තුමු සතළිස් කෙළක් පමණ වස්තු ඇති පොහොසත් කෙණකුන්ගේ පුතණුවෝ ය, ඌ තුමු එක් දවසක් පස් වරු වේලේ බණ අසනු නිසා දෙව්රමට යන්නා වු බොහෝ දෙනා දැක ‘කොයි යවු දැ’යි විචාරා ‘බණ අසන්ට යම්හ’ කී කල්හි ‘මම ත් එමී’ කියා ලා උන් හා කැටි ව ගොසින් බණ අසන්ට පිරිස් කෙළවර හුන්හ. බුදුහු ත් උන්ගේ අදහස දැන ලා ඇවිටි ගන්වනු නිසා පිළිවෙළ කථාව වදාළ සේක.


304. සුන්දුර සමුද්ද තෙරුන් වහන්සේ ගේ වත 1113

සුන්දසර සමුද්දයෝ ද ‘උන් වහන්සේ වදාළ බණ රජ කුලෙහි නො ඉපැද සක්විති වන්ට බැරියා සේ ගිහි ගෙයි රඳා හිඳ පුරා ලිය නො හැක්ක. ඒ බණ ලෙස පවත්නා නිසා මහණ වෙමි. මහණ වීමෙහි තර අදහස් ඇති ව බණ අසා පිරිස ගිය කල්හි මහණ වීමෙහි තර අදහස් ඇති ව බණ අසා පිරිස ගිය කල්හි මහණ කරන්ට ආරාධනා කොට දෙමවු පියන් ගෙන් මහණ වීමට විධාන නො ලද්දවුන් බුදුවරහු මහණ නො කෙරෙති’ යනු අසා ගෙට ගොසින් සුදින්න - රට්ඨපාලාදී කුල දරුවන් මෙන් බොහෝ යත්නනයෙන් දෙ මවු පියන් අනු දන්වා ගෙණ බුදුන් කෙරෙහි මහණ - මහලු පැවිදි ව ‘නෑසියන් ඇති තැන රඳා හුන් කල මහණ ධම් සිත සේ කට නො හැක්ක. දුරු බා යෙමී’ සිතා එ යින් නික්ම එක් සිය අසු ගවුවක් විවර ව තිබෙන රජගහා නුවරට ගොසින් සිඟා වළඳා හිඳිනා සේක.

සැවැත් නුවර වසන ඔබගේ දෙ මවු පිය දෙ දෙන එක් උත්සව දවසෙක සැරහී පියා උන් වහන්සේගේ යාළු මිත්රෙයන් කෙළනවුන් දැක ‘අනේ අපගේ පුතණුවන්ට මේ හැම නැත්තේ වේ දැ’යි මුසුප්පු ව හඬති. ඒ වෙලාව එක් වෙශ්යාන දුවක් එ ගෙට ගොසින් සුන්දමර සමුද්ද තෙරුන් වහනසේගේ ලමන්දුන් හඬන්නවුන් දැක’හඬන්නේ හැයි දැ’යි විචාළී ය. පුතණුවන් ‍වහන්සේ සලකුණු කොට පියා හඬන නියා ව කී කල්හි ‘දැන් උන්දෑ කොයි දැ’යි විචාරා ‘මහණ වූ සේකැ’යි කී කල්හි මෙ සේ නො දැක හඬන ගමනේ දැක දැක හිඳිනට සිවුරු හරවා පී කල නපුරු දැ’යි කිව. ‘එ සේ යහපත. උන් වහන්සේ සිවුරු හරිනට මැළි ව. එ ලෙසට අප පැරැත්ත ගිනිතී දෝ හෝ දුරු බා එක්සිය අසු ගවුවක් විවර වූ රජගහා නුවරට ගිය සේකැ’යි කිවු ය.

‘ඉදින් යම් උපදෙසකින් සිවුරු හරවා පී නම් මට කරණ සංග්ර හ කිම් දැ’යි වෙශ්යාන දුව කිවු ය. ‘එ සේ කළා නම් තොප ම උන්දෑට පවා දී ලා මේ අපගේ සම්පතට හිමි කොට ලම්හ’යි කිවු ය. ‘එ සේ වී නම් මාර්ගොපපකරණ ත් දානොපකරණ ත් දුන මැනැවැ’යි කියා ලා ඒ හැම ඉල්වා හැර ගෙණ මහ පිරිවරින් රජ ගහා නුවරට ගොසින් උන් වහන්සේ සිඟා වඩනා වීථිය දෙතුන් දවසක් විවරින් නියම දැන ගෙණ ඒ විථියේ ම නවාතැන් ගෙණ උදාසන ම මධුරාහාරයක් සපයා ලා තෙරුන් වහන්සේ සිඟා වැඩි වේලෙහි පිළිගන්වා ලා මෙ ම ලෙසින් කී ප දවසක් විවර ගිය කලට ‘ස්වාමීනි, පාත්ර යට එක විට කට යුතු කළ කළට වළඳන්ට අඵාසු ය. මේ ගෙයි දී ම වළඳන්නේ



1114 සද්ධර්මනරත්නාවලි ය

යහපතැ’යි කියා ලා පාත්රන ය ඉල්වූ ය. ඔබ ත් උන්ගේ අදහස දත නො හී පාත්රු ය දුන් සේක.

එ දවස් පිළ වඩා හිඳුවා ලා වළඳවා ලා ‘ස්වාමීනි, නුඹ සිඟා වඩිනට ආයාස ඇත්තේ වේ දැ’යි කියා ලා කීප දවසක් පිළදී ම වළඳවා ලා කෙළ ඇවිදිනා බාල දරුවන්ට කැවුම් පෙවුම් දී ලා නළවාලා ‘තෙපි , දරුවෙනි, තෙරුන් වහන්සේ අවුත් වළඳන්ට මේ පිළි හුන් වේලාට මා වැළකුව ත් ධූලිනංවව’යි උගන්වා ලුව. උයි ත් දෙ වන දවස් තෙරුන් වහන්සේ ගෙන් පිටත පිළ හිඳ වළඳවමින් හින්ද දී වෙශ්යාන දුව බසින් කියා නැවතුව ත් ඇගේ අදහස් ලෙසට වළඳන තෙරුන් වහන්සේට අඵාසු කොට ධූලි නැංවු ය. දෙ වන දවසේ වෙශ්යාව දුව ‘ස්වාමීනි, මෙ තැන දී වළඳන කලට මා කෙ සේ නැවතුව ත් තෙලෙ කනවැන්දුමු විටියළ කොල්ලෝ නො නැවත ධූලි නංවති. ඇතුළු ගෙයි දී ම වැඩ හිඳ වළඳන බවය’යි කීප දවසක් ම ඇතුළු ගෙයි දී වැළඳ වූ ය. නැව ත ත් කුඩා කොල්ලන්ට කැවුම් පෙවුම් දී ලා නළවා ලා ‘තෙපි මා වැළකුව ත් තෙරුන් වහනසේ වළඳන කල්ට අරගල කරව’ යි උගන්වා ලූ ය.

උයි ත් එ ලෙස ම කළහ. වෙශ්‍යා දු දෙ වන දවස ‘ස්වාමීනි, මෙ තැන කෝ ලාහල මහත. තෙලෙ නොවිටියළ කොල්ලෝ මා කෙ සේ කීව ත් නො නවතිති. අනුන්ගේ දරුවන් හෙයින් මරා නවතන්ට ත් බැරි ය. උඩු මාලට නැඟී ලා අරගල නො කරන්නෝ වේ ද, උඩු මාලේ දී වැළඳුව යහපතැ’යි කියා ලා තෙරුන් වහන‍ෙස් පෙරාතු කොට ලා තොමෝ පසුව ගෙණ යට මාලේ අගුළු ලා ලා උඩු මාලට නැඟී ය. තෙරුන් වහන්සේ සපදාන චාරිකා ධුතාඞ්ගයෙහි උත්කෘෂ්ට ය පුරණ සේකුත් රස තෘෂ්ණායෙහි බැඳී ගොසින් ඇගේ බසින් වළඳන්ට උඩුමාලට නැඟි සේක. නැගෙන සේකු ත් සත්මාල් පායේ උඩුමාලට නැඟි සේක. නැඟෙන සේකු ත් සත්මාල් පායේ උඩු මාලට නැඟි සේක. ඉකුත් ගෙන් ගෙණා දෙයක් හා නො සැප ත් ගෙන් ගෙණා දෙයක් නො පිළිගත් හෙයිනු ත් පත් දොර පා දුන් පමණක් විනා ගෙ පිළිවෙළ ඉක්මවා නො පී හෙයිනු ත් දුවඟට කුමක් ද ? ඒ තෙකුදු වු ව ත් මාගමක කියන කට යුතු හෙයින් ආද්ය න්න පරීක්ෂාද කොට නො පියා රජස් නැගෙන හෙයින් එක් වන් පිළීගැන්ම ආයාස හෙයින් ඇතුළු ගෙයි හිඳ වළඳත ත් අර ගලයෙන් දුරුවන් ට උඩු මාලට වැඩියේ තමන් නො රහත් හෙයින් ඇගේ අදහස දත නො හී ය.



304. සුන්දනර සමුද්ද තෙරුන වහන්සේ ගේ වත 1115

වෙශ්යාල දු ත් රස තෘෂ්ණාවේ බැඳී ගිය තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා තමා මෙ තෙක් දෑ කළා ඔලොඹා ගන්නා නිසා මුත් සැදෑයෙකින් නො වන හෙයින් මෙ තෙක් දවස් ඒ හැමයට අවසර ව හුන් වහන්සේ ම පමණක් වෙන ‍වන්ට නු වු හෙයින් ඔබ ඔලොඹනු නිසා නුවණැත්තවුන්ට පෙරමාටු සේ තිබෙන ස්ත්රීව විලාස ය දක්වන්නී ඔබගේ බසට උස් කොට තොමෝ බස් කියන්ට පටන් ගත.

කෙලෙස් රුජා පැහැර ලා හැඹරෙන්නාක් මෙන් හැඹරෙන්ට පටන් ගත. නැමෙන්ට පටන් ගත. නිය හස්සේ තුබූ කුණු හරනාක් මෙන් නිය යෙන් නිය ය කණ යි තමාගේ පය මත්තේ අනික් පය තබ යි. කොටුවෙන් කොටුව ගායි. තව ද දරුවන් වඩයි. දරුවන් බාව යි. සිටුව යි උන් හා තොමෝ කෙළි යි. අනුන් කෙළනට විධාන කෙරෙයි. දරුවන් තොමෝ සනා යි. උන් ලවා තමා සනව යි බලා හින්ද දී තොමෝ ත් ක යි. උන් ලවා තමා සනව යි බලා හින්ද දී තොමෝ ත් ක යි. අනුන් ට ත් බත් ලා ලා කව යි. තමා සන්තක දෙයක් දෙයි. අනුන් ගෙන් ඉල්ව යි. කළ ලෙස කෙරෙ යි. ඉස් උස් කොට කිය යි. ලෙඩින් ගො‍ඩ නැංගා සේ කුඩා කොට කිය යි. කාරණ ව ත් කොට කිය යි. සිහි ඇති ව කිය යි. නට යි. ගී කිය යි. බෙර ගසයි. මිරිස් සුන්නක් ඇසට පැවා සේ හඬ යි. බලා සිටිය දී සැරහෙ යි. මහත් කොට සිනා සෙ යි. මූණ බලයි. උකුළ සොල වයි. ගුය්හ ස්ථාන ය සොලව යි.කළවේ පා යි. ඇඹර වස යි. උතුරු සළුව ඉවත් කොට තන බඩතුරු පා. යි අත උසවා කිසිලි පායි. ඇස් මරයි. බැමේ උපුල්ව යි. පිටි තොල ලෝනි ය දිව දික් කෙරෙ යි. පිළි ලීල් කෙරෙ යි. පෙරළා තර කොට හිඳි යි. හිසකේ උන යි. පෙරළා බඳි යි. මෙ සේ තව ත් ස්ත්රීි විලාසයෙන් එ තැනට ලැබෙන දෙයකු ත් සම්පත් නිසා පානා විද්දත් කෙළියක් මෙන් උන් වහන්සේ ඉදිරියේ සිට -

‘අලත්තක කතා පාදා - පාදුකාරුය්හ වෙසියා, තුවම්පි ද‍හරො මම - අහම්පි දහරා තව , උහොසි පබ්බජිස්සාම - පච්ඡාජිණ්ණා දණ්ඩපරායණා’

යනු හෙයින් ‘මුඹ වහන්සේ හා මා හා ඔවුනොවුන්ට සගබාල ය මා හා දැන් ගිහී ව සැප ත් විඳ පියා පසුව මාලු වූ කල දෙන්න ම වහණ වම්හ’යි කිව. තෙරුන්වහන්සේ ත් ‘අනේ මා නො සලකා කළ දෙයකැ’යි බලවත් මුසුප්පු වූ සේක. ඒ වේලාට බුදුහු ඒක සිය අසූ ගවුවක් විවරට තිබෙන දෙව්රම් වෙහෙර වැඩ හිඳ ම


1116 සද්ධර්මරත්නාවලි ය

සසරට විෂය නොවත ත් නුවණැසින් ඒ වෙශ්යා දුව කළ විකට රාසිය ත් තෙරුන් වහන්සේගෙන් වූ අමුත්තක් නැති නියාව ත් දැක කළ විකට ය සිනාවට ම නිසි හෙයින් පහළ කරණ සිනාවක් මෙන් සිනා පහළ කළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ සිනා පහළ කිරීමට කාරණ විචාළ සේක. ‘ආනන්දරයෙනි, රජගහා නුවර දී සත් මාල් පායේ උඩුමාලේ දී සුන්ද‍ර සමුද්ද න්ම භික්ෂූ ‍වගේ හි වෙශ්යා දුවකගේ විවාදයෙක් පැවැත්තැ’යි වදාළ සේක.

‘ජය කාට ද ? පරාජය කාට දැ’යි , අනඳ මහ තෙරුන් වහන්සේ විචාළ ‍කල්හි සුන්දපර සමුද්ද තෙරුන් වහන්සේ දිනා ගිය නියාව ත් වෙශ්යා දුව මෙ ලොව පර ලොව දෙකින් ම පැරදි නියාව ත් වදාරා එ තැන වැඩ හිඳ ම රස් කඳක් විහිදුවා තමන් වහන්සේ ලං ව වැඩ හුන් ලෙසට හඟවා බණ වදාරන සේක් ‘යම් කෙණෙක් රූප ශබ්දාදී වූ පස් කම් ගුණෙහි ත් තද්විෂය වූ කෙලෙස් කම ත් ආදීනව සලකා ඒ දෙක ම හැර සසුන් වැද මහණ ව ශාසනානු කූල පිළිවෙත් ඇති ව වෙසෙත් ද, එ සේ වැස ත් අර්හත්ව ය සාධා ගත්තු නම් භවක්ෂෙ ය කළා වූ ඔවුන් උත්ත ම ය යි කියමි’යි වදාළ සේක. දේශනා‍ කෙළවර තෙරුන් වහන්සේ රහත් ව මාර්ග ය හා සමඟ අභිඥා ත් ආ හෙයින් ඍද්ධි බලයෙන් අහසට නැඟී ලා කොට වදාළ සංග්රඟහයට බුදුන්ට ස්තුති කෙරෙමින් අවුත් බුදුන්ට වැඳි සේක.

ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ද ‘ඇවැත්නි, රසතෘෂ්ණා නිසා සුන්දලර සමුද්ද තෙරහු ඇසිල්ලෙකින් නටුවේ ය. බුදුන්ට පෙනුණු හෙයින් මුත් ‘ය යි කථාව ඉපැද වූ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, රස තෘෂ්ණාව නිසා නස්නා මෝ හට පිහිට වූයේ දැන් මතු නො වන්නේ වේ ද, පෙරත් මෙ ලෙසින් නස්නට සිටි යා වූ මෝ හට පිහිට වීමි’යි වදාරා ඒ විතරකින් නො හැ‍ඟෙන හෙයින් -

‘න කිරත්ථි රසෙහි පාපියො - ආවාසෙහි ව සන්ථවෙහි වා, වාතමිගං ගෙහ නිස්සිතං - වසමානෙසි රසෙහි සඤ්ජයො.,

යනාදී මේ එකක නිපාතයෙහි වාතමිග ජාතක ය විස්තර කොට වදාරා එ කල රස තෘෂ්ණාව නිසා රජ ගෙය දක්වා ආ මුවා නම් මෙ සුන්දර සමුද්දයෝ ය. පැමිණි මරණ භයින් ගළවා ලූ ඇමැත්තාණෝ නම් මම් ම ය’යි ජාතක ය නිම වූ සේක.


305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1117

එ හෙයින් නුවණැත්තවුන් විසින් රස තෘෂ්ණාව නිසා කරණ ප්රා්ණවධාදී වු පාපයෙක් ඇත් නම් ඉන් වැළක පින් කම හැසිර ඒ තෘෂ්ණාව සියලු ලෙසින් ම නසන්ට උත්සාහ කට යුතු.

305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත සංස්කරණය

තව ද පින් කම හැසිරෙන්ට මැළියවුන්ට උත්සාහ වඩනා නිසා ජටිල තෙරුන් වහන්සේ ‍ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

යට ගිය දවස බරණැස් නුවර කෙළෙඹියෝ දෙ බෑ කෙණෙක් මහත් කොට උක් සේනක් කැරවුහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනක් කැරවූහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනට ගොසින් උක් සේන බලා පියා බෑණන්ට උක් දණ්ඩක් හා තමන්ට උක් දණ්ඩක් හා කපා ගෙණ උක් පැන් පෙරී නො වැගිරෙන ලෙසට කපා පී මුණ ත් පත් වසා බැඳ ලා අල්වා ගත්හ. එ කල උක් අඬු යත දී මැඬ මැනැවැ යි නැත. උක් දඬු කපා ලා අග හෝ මුල හෝ පාත් කොට එල්වා ගත් කල්හි ඩබරාවකින් වැගිරෙන පරිද්දෙන් උක් වසල්ල පමණක් තිබැ දී උක් පැන් තෙමේ ම පාත තුබූ වළඳට වැගිරෙයි. ඒ කෙළෙඹියාණන් උක් සේනෙන් උක් දඬු කපා ගෙණ එන වේලාට හිමව්පියස ගඳ මහන් පවුවෙහි නන්දි මුලක නම් ලෙන වසන පසේ බුදු කෙණ කුන් වහනසේ සතියක් මුළුල්ලෙහි ‍නිරොධ සමාපත්තියට සම වැදී ලා එයින් නැඟී ‘අද කවුරුන්ට සඞ්ග්රසහයක් කෙරෙම් දෝ හෝ’යි පරීක්ෂාල කොට උක් දඬු දෙක ගෙණෙමින් සිටි තැනැත් තවුන් තමන් වහන්සේගේ නුවණ දැළ බැඳුණු නියාව ත් සංග්රතහ කරන්ට සමර්ථ නියාව ත් දැන පාසිවුරු හැර ගෙණ අහසින් වැඩ උන්ට ඉදිරි ව ලා වැඩ සිටි සේක.

උයි ත් ඔබ දැක තෙල් ගා පහන් කළ පහනක් මෙන් පහන් සිත් ඇති ව උස් තැනෙක උතුරු සළුව අතුට ‘ස්වාමීනි, වැඩ හිඳිනේ යහපතැ’යි පසේ බුදුන් වහන්සේ වඩා හිඳුවා ලා පාත්ර ය නම්වා ඔබ ලවා ම වාවා ගෙණ උක් දණ්ඩේ වසා බැඳ ලු පත උනා පියා පාත්ර‍ ය මුදුනට කළහ. උක් පැනු ත් බැස පාත්රේ ය පිරිණ. පසේ බුදුන් වහන්සේ උක් පැන් වළඳා පී කල්හි කෙළෙඹියාණෝ සමාධි ව උක් පැන් රස දන්නා සේ ම පින්කම ත් රස දැන ගෙණ ඉදින් අපගේ බෑණන් වහන්සේ උක් දඬු පිළිගන්වා ලූ නියාවට මිල ගන්නා සේක් වී නම් මිල දී පියමි . ඊ පින්කම මට ම වූවා වෙ යි. දිලූ දෙයෙහි සිත පහදවා ගෙණ පින් හැර ගන්නා සේක් වී 1118 සද්ධර්මරත්නාවලි ය

නම් පින් දී පියමි. එ කල පින් කම දෙ පක්ෂයයට වූවා වෙයි’ සිතා ගෙණ ‘ස්වාමීනි, තව ත් පාත්රන ය නමා වදාළ යහපතැ ‘යි අනික් උක් දණ්ඩෙ ත් පත උනා පියා උක් පැනින් පාත්රව ය පුරා ලූහ. ‘අපගේ බෑණන් වහන්සේ උක් සේනේ උක් දඬු ඇති බැවින් අනික් උක් දණ්ඩරක් ගෙන්වා ගෙණ කන සේක. මේ උක් දණ්ඩ මා ගෙණා නියාව ත් දන් දුන් නියාව ත් නො දන්නා සේකැ’යි මේ විවර වඤ්චා සිතකු ත් අදහස ඉතා පවිත්ර බැවින් හට නො ගත්තේ ය.

පසේ බුදුන් වහන්සේ ද උක් පැන් පළමු වළඳා පී හෙයින් පසු ව ලත් උක් පැන් පාත්ර් ය උක් පැන් නො ලත් සෙසු පසේ බුදුවරුන් වහන්සේට දෙනු කැමැති ව පැන් පාත්ර ය අල්වා ගෙණ වැඩ හුන් සේක. කෙළෙඹියාණෝ ද පිළිගත් ලෙසින් හා අල්වා ගෙණ වැඩ හිඳිනා ලෙසින් ම ඔබ්බකට පිළිගන්වන්ට සිතා වැඩ හිඳිනා නියාව දැන ගෙණ පසඟ පිහිටුවා වැඳ ලා ‘ස්වාමීනි, මා පිළිගන්වා ලූ උක් පැනෙයි අනුසසින් දෙව් මිනිස් සැප ත් වළඳා කෙළවර මුඹ වහන්සේට සම්භ වූ නිවන් රස මටත් සම්භ වේව’යි පතා ගත්හ. ‍පසේ බුදුන් වහන්සේ ත් ඒ එ සේ ම වේව’යි වදාරා තමන් වහන්සේ ගඳ මහන් පව්වට වඩනා තෙක් කෙළෙඹියාණන්ට පෙනෙන ලෙසට ඉ‍ටා ලා අහසින් ගඳ මහන් පවුවට ම වැඩ උක් පැන් පාත්රන ය පන් සියයක් පසේ බුදුන්ට බෙදා දුන් සේක. කෙළෙඹියාණන් ට පින්කම මඳ නූවා සේ ම උක් පැනුත් මඳ නො වී ය.

කෙළෙඹියාණෝ ද ඒ පෙළහැර 1 දැක බලවත් ව සතුටු ව බෑණන් ලඟට ගොසින් ‘කොයි ගියා දැ’යි විචාළ කල්හි උක් සේන බලන්ට ගිය නියාව කිවු ය. ‘නො ගිය කල කුම් වු වත් උක් සේනට ගිය කල උක් දඬු එකක් දෙකක් ගෙනව මනා නො වේ දැ’යි කී කල්හි “ එ සේය, උක් සේනට ගිය ගමනේ මුඹ වහන්සේ ට උක් දණ්ඩොක් හා මට උක් දණ්ඩක් හා ගෙණාමි. අතුරු මහදී එක් පසේ බුදු කෙණකුන් වහන්යසේ දැක මට ගෙණා උක් දණ්ඩේ පැන් ඔබට ම පිළිගන්වා පියා ‘සැදෑ සිත් නැති ව මිල ගන්නා සේක් වී නම් මිල දි පියා පින්කම මට ම කොට ගනිමි. දුන් දෙයෙහි සිත පහදවා පින් ඉල්ලූ සේක් වී නම් පින් දී පියමි . එ සේ කල ඒ පින්කම මුඹ වහන්සේට ත් මටත් වන්නේ ය’යි මුඹ වහන්සේට ගෙණා උක් දණ්ඩේ පැනු ත් ඔබට ම පිළි‍ගන්වා පීමී කුමක් ද? ඊට මිල හැර ගන්නේ ඇත් ද? නො‍ හොත් පින් හැර ගන්නේ ඇත් දැ’යි විචාළහ. ‘වන්නාට උක් පැන් දෙවිටක් කොට දුන්නාවාද ‍පසේ බුදුහු ඊට කුමක් කළ සේක් දැ’යි විචාළෝ ය.

1. පෙරහර


305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1119

මාගේ උක් දණ්ඩේ පැන් තමන් වහන්හසේ වළඳා ලා මුඹ වහනසේට ගෙණෙන උක් දණ්ඩේ පැන් පිළි ගෙණ ආසින් ගඳ මහන් පවුවට වැඩ පන් සියයක් පසේ බුදුන් වහන්සේට බෙදා පිළිගැන්නූ සේක. ඒ පින්කම මුඹ වහන්සේට ත් මට ත් නො මඳ ව බෙදුණා සේම උක් පැන් පාත්රඩය ත් පන් සියයක් පසේ බුදුන්ට නො මඳ ව බෙදුණැ’යි කිවු ය. වැඩි මාලු කෙළෙඹියාණෝ ද ඒ කිය ත් කිය ත් ප්රීසතීන් පිනා ගොසින් ‘මට භව සම්පත්තින් කම් නැත. නිවන් දකිම්ව’යි නිවන් පතා ගත්හ. මලණුවෝ දෙව් සැපත් හා මිනිස් සැපත් හා නිව්න සැප ත් හා තුන පැතූහ. බෑණෝ නිවන් සැප පැතීමෙන් ම භව සැපතු ත් එන හෙයින් නිවන් සැපත් සැප පැතීමෙන් ම භව සැපතු ත් එන හෙයින් නිවන් සැපත් ම පැතූහ. මේ උන්ගේ ඒ අවධියේ කළ පින් කම. ඔහු ආයු පමණින් සිට එයින් සැව දෙව් ලොව ඉපැද එක් බුද්ධාන්තරය්ක මුළුල්ලෙහි දෙව්ලොව ම දවස් යවුහ.

උන් දේව ලොව වසන කල ම විපස්සී නම් බුදුහු ‍ලොව උපන් සේක. ඒ දෙ බෑයෝ ත් දෙව් ලොවින් සැව බන්ධුමතී නුවර එක් කුල ගෙයක වැඩි මාලු තැනැත්තෝ ‍වැඩි මාලු ව ත් බාල තැනැත්තෝ බාල ව ත් දෙ බෑ ව ම උපන්හ. ඉන් වැඩි මාලු තැනැත්තන්ට සේන ය’යි න්ම තුබූහ. බාල තැනැත්තන්ට අපරාජිත ය’යි නම් තුබූහ. උන් දෙන්නා වැඩි විය පැමිණි කල්හි තුනුරුවන් ලොව පහළ වූ සේක. ‘දන් දෙව. පින් කරව, අද අට වක් පොහොය ය, අද තුදුස් වක් පොහො ය, අද පසළොස් වක් පොහොය ය. පෙහෙ වව, බණ අසව, යනාදීන් පින් කම යොදා අවිදිති. එ සේ කියා ඇවිදිනවුන්ගේ විධාන ත් අසා බොහෝ දෙන පෙරවරු දවස් දන් දී ලා පස් වරු වේලාව බණ අසන්ට යන්නවුනු ත් දැක මහා සේන නම් කෙළෙඹියාණො ද ‘කොයි යවුදැ’යි විචාළහ. බුදුන් කරා බණ අසන්ට යම්හ’යි. කී කල්හි ‘මම ත් එමි’ යි කියා ලා උන් හා සමග ම ගොසින් බණ අසුනු නිසා පිරිස් කෙළවර හුන්හ. බුදුහු ත් උන්ගේ අදහස් දැන පිළිවෙළ කථාව වදාළ සේක. ඔහු ත් බුදුන්ගේ බණ අසා මහණ වීමෙහි රුචි අති ව මහණ කරන්ට බුදුන්ට ආරාධනා කළහ.

බුදුහු ත් ‘අනු දත මනා නෑයෝ ඇද්දැ’යි විචාරා ‘අතැ’ යි කී කල්හි එ සේ වී නම් උන්ට කියා ලා එව’ යි වදාළ සේක. උයිත් මලණුවන් ළඟට ‍ගොසින් ‘අප සන්තක සියල්ලෙක් ඇත් නම් මෙ තෙක් කල් දෙන්නා සන්තක ව තුබු ව ත් මෙ වත් පටන් තොපා ප්රලයොජන විඳුව, තොපට ම ය’යි කීහ. මුඹ වහන්සේ

1. සවස් වරු - සවස් පස්වර

1120 සද්ධර්මරත්නාවලි ය

නැ’යි විචාළ කල්හි ‘මම බුදුන් ලඟ මහණ වෙමී’ යි කීය ‘සවාමීනි, කුමක් කියන නියා ද ? දෙ මවු පිය දෙ දෙනා නැත ත් බෑණන් වහන්සේ හෙයින් දෙ මවු පිය තරමේ සිටි සේක. අපගේ සම්පත් සුඟෙක් නො වෙයි. මට මතු බොහෝව. ගිහි ගෙයි රඳා ත් පින් කට හැක්ක. මා තනි1 කොට ලා මහණ නූව මැනැවැ’යි කිවු ය. ‘මලණ්ඩ, බුදුන් ගෙන් බණ ඇසීමි. ඒ බණ ගිහි ගෙයි රඳා පුරා ලිය නො හැක්ක. මම මහණ වෙම්මැ’යි කියා ලා සම්පත මලණුවන්ට නිල කොට ලා බුදුන් ලඟ මහණ ව මාලු පැවිද්ද ත් ලදින් නො බොහෝ කලකින් ම පැතුවා නිවන් සම්පත් ම හෙයින් රහත් වූ සේක.

මලණුවෝ ද’ මහණ වූ පූජාව කෙරෙමි’යි සතියක් මුළුල්ලෙහි බුහු සඟනට මහ දන් දී ලා සති ය කෙළවර බෑණන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි. මුඹ වහන්සේ සසර දුකින් මිදී රහත් වූ සේක. මම පස් කම් ගුණෙහි ඇලී වසන හෙයින් ඇවිත් මහණ විය ත් නො හෙමි. ගිහි ගේ නම් ධ්යා.න භාවනාවට සථාන නො වත් ගිහි ව කළ මනා පින් කම් මට වදාළ යහපතැ’යි කිවු ය. එ අසා තෙරුන් වහන්සේ ‘නුවණැත්තාණෙනි, බුදුනු වසන ලෙසට ගඳකිළියක් කරව’යි වදාළ සේක.

උයි ත් යහපතැ යි ගිවිස දැව පෝරු ආදි වූ නො එක් අඬු පත් ගෙන්වා ගෙණ වඩුවන් ලවා සස්වා පියා එක් ටැඹෙක රන් බඳවා ය, එක් ටැඹෙක මැණික් ඔබ්බවා ය යි මේ නියායෙන් දැව ආදී වු දඬු පත් මුළුල්ලෙහි ම රුවන් කර්මා්න්ත කරවා ඉන් ගඳ කිලි ය කරවා ලා සත් රුවන් ඔබ්බවා කැරැවූ උළින් සොයාවා ලුහ.

ගඳ කිළි ය කරවන කල්හි අපරාජිත නම් වූ බෑනණු කෙණෙක් ඒ කරවන පින්කම තමනු ත් මුසු කරන්ට කිවුය. ‘නෑ කම නැ කම්ම ය. මේ නිසා පින්කම් තනි ව කරත් මුත් අනික් කෙණකුන් මුසු නො කරමි’යි කිවු ය. උයි ත් මුසු වන්ට උත්සාහ කොට වෙහෙසී පියා මුසු ව ගත නො හී ගඳ කිළියට ඉදිරියෙහි කුඤ්ජර ශාලා නම් වූ වැඩ හිඳ බණ වදාරන ලෙසට මණ්ඩපයෙක් වී නම් යහපතැ යි සත් රුවනින් විසිතුරු කොට කුඤ්ජර ශාලා නම් වූ සුධම් දෙව් සබයට අපහාස කරන්නාක් ‍වැනි වූ මණ්ඩපයක් කරවා ලූහ. ඌ අපගේ බුදුන් සමයෙහි මෙණ්ඩක නම් වූ සිටු වූහ.

1. නන්


305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1121

ගඳ කිළියෙහි ත් සත් රුවන් මුවා වූ කවුළු දොර තුනකු ත් කැරැවූහ. ඊට ඉදිරි කොට ලා මඬ ඇති නො වන නිසා යටින් සුණුවම් කරවා ලා පොකුණුතුනකු ත් ඉදි කරවා සිවු දෑ සුවඳ පැන් පුරවා ලා අපරාජිත නම් වු සිටු පුතුහු පස් වනක් පියුම් ගස් ඇති කැරැවූහ. කුමක් නිසා ද යත් - බුදුන් ඇතුළු ගඳ - කිළියේ වැඩ හුන් වේලාව සුළං හමා ලා රේණු සලා ගොසින් ඇඟ වැද ගන්නා නිසා ය. ගඳ කිළියේ කොත් කැරැල්ලේ බිබුළ රත්රන් ය ය. කැරැල්ල බපළු ම ය ය. කොත් කැරැල්ලට පාත සොයා ලු උළු ඉඳුනිල්මුවා ය. මෙ සේ ඒ ගඳ කිළි ය පිල් සත් විදහා ගෙණ නටන මොනරකු මෙන් ඉතා හොබ්බි. සත් රුවනින් මහත්ව තිබෙන දෙයක් පොඩි කරවා පියා සීන් ව තිබෙන දෙය එ ලෙසින් ම හැර ගෙණ ගඳ කිළි ය වට මළුව හැර ලා බඳවා ලූ පවුරු වළල්ල හස්සෙ පය ඔබා ලු කලට දන දක්වා එරී යන තරමේ සත් රුවන් පුරවා ලූහ.

මෙසේ ගඳ කිළි ය කරවා නිමවා ලා අපරාජිත නම් සිටු පුත්හ බෑණන් වහන්සේ ළඟට ගොසින් ‘ස්වාමීනි, ගඳ කිළි ය කරවා නි මවා ලීමි. ප්ර යෝජන වුන1 කල වේ ද මට පින් පිරෙන්නේ ය. ඒ ලෙසක් වුව යහපතැ’ යි කිවු ය. තෙරුන් වහන්සේ ද බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මේ අපගේ මල් සිටු පුතුහු ගඳ කිළි ය කරවා නිමවා ලා මුඹ වහන්සේ ප්රනයෝජන විදිනා කැමැති ව කියති, වදාළ සේක. බුදුහු ත් හුනස්නෙන් නැඟී ගඳ කිළි ය කරවා නිමවා ලා මුඹ වහන්සේ ප්රකයෝජන විදිනා කැමැති ව කියතී’ වදාළ සේක. බුදුහු ත් හුනස්නෙන් නැඟී ගඳ කිළි පිරිවෙණ කරා වැඩමවා ලා ලූ සත් රුවන් බලා ඇතුළු මළුවේ පය නො තබා දොරටුවේ ම වැඩ සිටි සේක. වැඩි සිටි නියාව බලා බුදුන් ගේ අදහස දත නො හී වඩනට ආරාධනා කළහ.

බුදුහු නො වැඩ සිටි සේක් ම ය. තුන් විටක් දක්වා වඩනට ආරාධනා කළ කලට බුදුහු උන්ගේ බැණ තෙරුන් වහන්සේගේ මූණ බැලූ සේක. බලා වදාළ ලෙසින් ම ඹබ අදහස දැන ගෙණ මල් සිටාණන් බණවා ලා ‘තෙල සත් රුවනේ රකවල් තොප පිළිබඳ කොට ගෙණ සුව සේ වැඩ වදාරන්ට ආරාධනා කරව’යි වදාළ සේක. උයි ත් ඔබ ගේ බස් අසා බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ලා ස්වාමීනි, යම් සේ මිනිස්සු රුප්පයක වැද හෙව ලා ඊට ආලයක් නැති ව පලා යෙත් ද, හොරු - අඟුළු ආදියට නැඟී ලා ගඟින් - හොයින් එ තෙර වුවාහු යම් සේ ඊ ආලයක් නැති ව පලා යෙත් ද, එ පරිද්දෙන් මුඹ වහන්සේ ත් තිලිනි කුමක ත් ඇලුම් නො කොට විසු ව මැනවැ’යි කිවූ ය.

1. උන්

36 1122 සද්ධර්මරත්නාවලි ය

බුදුන් ගේ පත්ල නම් සෙස්සක් නො මිරිකා රුවන් ම මිරි කන්ට නිසි වුව ගඳ කිළියට රුවන් ම මිරිකා ගෙණ නො වැඩ සිටියේ හැයි ද යත් - ‘සර්විඥවරයන් හුන් තැනට නම් බොහෝ දෙන පෙර වරු ත් පස් වරු ත් එති. ආ ආවුන් නිරායාස ව තුබූ රුවන් උකා ගෙණ යන කලට වලකා ලන්ට අපට බැරි ය. පිරිවෙණ මෙ තෙක් රුවන් ලවා ලුවා තමන් වහන්සේ ගේ උපාසක වරුන් ගෙණ යන නියාව බල බලාත් නවතා නුපුසේකැ’යි සිටු පුත් මා කෙරේ මුසුප්පු ඇති ව ඇතුළ යාන් තිබැදී1 දඬු මැසිවල වැද හෙව දඅක් විඳිනා සේ, මාළිගා තිබැදී රුප්පාපන වැද හෝනා සේ මී නියා පින් කමක් කොට ත් බොහෝ නිරා දුක් විඳී. ඌ එයින් නවතා ලුව මැනැවැ’යි මේ තෙක් කාරණ සලකා වැඩ සිටි සේක. උන් ‘රකවල් මට ම භාරය, වඩනා යහපතැ’යි ආරාධනා කළ කල්හි වැඩි සේක.

සිටු පුත්ර්යාණෝ ද සත් රුවනට රකවල් ලවා ලා රකවල සිටිය වුන්ට ‘මලු පෙට්ටිවල ලා ගෙණ වේව යි හිණ ලා ගෙණ වේව යි යන කෙණෙක් ඇත් නම් ගෙණ යා නො දෙව. අතින් මිටින් පමණක් ගෙණ යන්නවුන් නො නවතව’යි විධාන කළහ. ඇතුළු නුවර ඇත්තවුන්ට ත් ‘ගඳ කිළි පිරිවෙණ දන පමණ සත් රුවන් ලවා ලීමි. බුදුන් ලඟට ගොසින් බණ අසා පියා යන දුක් පතුන් දෑත ගන්නා පමණක් උකා ගෙණ යන බව ය. පෝසතුන් දෑතින් ගෙණ යන්ට බැරි ය. එක් අතකින් එක විට හැරගත් දෙය මුත් වඩා නො ගෙණ ගිය මැනැවැ’යි විධාන කළහ.

මෙ ලෙස විධාන කෙළේ හැයි ද යත් - සැඳෑ ඇති කෙණෙක් සැදෑයෙන් බණ අසා සසර දුක් ගෙවති. සැදෑ නැත්තෝ වස්තු ලොභයෙන් වුව ත් පණ අසා සසර දුකින් මිදෙති. සත්වොනපකාර ය ඇත මනා වේ දැ’යි මෙ ලෙස විධාන කළහ. බොහෝ දෙන ත් උන් ගේ විධාන ලෙසට රුවන් හැර ගන්ට වන්හ. එක් ‍වරෙක ලවා ලූ රුවන් නිමි කලට නිමි නිමි සේ තුන් වාරයක් දක්වා දණ පමණ රුවන් ලැවූහ. ඒ කුමක් නිසා තැබ්බූ ද යත් - බුදුන් ඇඟින් නික්මෙන රසු ත් මැණිකෙන් නික්මෙන රසු ත් එක් වූ කලට වයිතියක් බිත කළ සිත්තමක් සේ බලා ඇස් ඇද්ද නො හැක්කේ වේ දැ’යි සිතා ය. බොහෝ දෙන ත් විඳ විඳ බලති.

1. තිබියදී



305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1123

ඉක්බිත්තෙන් එක් දවසක් මිථ්යාවදෘෂ්ටික වූ බමුණෙක් බුදුන් පා මුල තුබූ අනගි මැණික හැර ගනිමි යි වෙහෙරට ගොසින් බුදුන් වඳනට යන්නවුන් ලා කැටි ව තෙ‍මේ ත් ලං වි ය. සිටාණෝ ද එන සැටියේන් ම මැණික හැර ගන්නා කැමැති ව එන නියා ව සලකා ලා මැණික හැර නො ගත්තු නම් යහපතැ’යි සිතුහ. එයි ත් බුදුන්ට වඳනා එකක්හු මෙන් මහෞෂධ පණ්ඩිත අවස්ථාවෙහි පා මුල තුබූ මැණික හැර ගත් අභ්යා්සයට පණ්ඩිත අවස්ථාවෙහි පා මුල තුබු මැණික හැර ගත් අභ්යාගසයට කෙවට්ටයන් කළ දෙයක් මෙන් අත පොවා ලා මැණික හැර ගෙණ හිණ තබා ගෙණ පලා ගියහ. ඒ සිටාණෝ එ තෙක් රුවන් උකා යන් නවුන් කෙරෙහි මුසුප්පුවක් නුවුව ත් ඒ මැණික ගත් බමුණා කෙරෙහි සිත පහදවා ගත නුහුණවු ය.

බණ වදාරා කෙළවර බුදුන් ලඟට ගොසින් ‘ස්වාමීනි, ගඳකිළිය වට කොට තුන් වාරයක් කොට දන පමණ සත් රුවන් ලවා ලූවා උකා ගනිත ත් මුසුප්පුවක් නො වෙමි. හැර ගත් හැර ගත් සේ ම සතුටු වීමි. මේ එක මැණික හැරග්ත එක බමුණා කෙරෙහි සිත පහදවා ගත නුහුණුයෙමි’යි කිවු ය. බුදුහු උන්ගේ බස් අසා ‘හැයි සිටාණෙනි, තමා සන්තක දෙය අනුන් නො කැමති කරවා හැර ගත නො හැකි ලෙසට කට නො හැකි දැ’යි වදාළ සේක. උයි ත් බුදුන් වදාළ උපදෙස දැන‍ ගෙණ බුදුනු වැඳ ලා ‘ස්වාමීනි, මෙ වත් පටන් මා සතු දාහු වැලයක් පමණක් මා නො කැමැති කරවා රජ දරු කෙණෙක් වත් සොර කෙණෙක් වත් හැර ගත නෙ හෙත් ව යි. මා සන්තක දෙය ගින්නෙනු ත් නො දව යි, දියෙනු ත් නො නසීව’ යි පතා ගත්හ. බුදුහු ත්’ ඒ එ සේ ම වේව’යි වදාළ සේක. සිටාණෝ ද ගඳ කිළි ය නිමි පුජාව කර වන්නෝ එක් ලක්ෂන අට සැට දහසක් වහන්දෑ වෙහෙර ම වඩා හිඳවා නව මසක් මුළුල්ලෙහි මහ දන් දි කෙළවර හැම තැනට ම සැවුරු පිළී දුන්හ. බාල නමට පැමිණි සිවුරු පිළී මසු දහසක් අග්ගී.

ඒ සිටාණෝ ද දිවි පමණින් පින් කම් කොට එයින් සැව දෙව් ලොව ඉපැද විපස්සී බුදුන් සමයේ පටන් අප‍ ගේ බුදුන් දක්වා එකානු කප මුළුල්ලෙහි දෙව් මිනිස් සැපත් වළඳා මේ අප ගේ බුදුන් සමයෙහි නිවන් සම්පත් විඳිනා නිසා රජගහා නුවර එක් සිටු කුලයෙක පිළිසිඳ ගෙණ නව මස් දෙ පෝයක් මවු කුස විසූහ. මවු කුසින් බිහි වූ දවස් නුවර මුළුල්ලෙහි ආයුධ දිලිහී ගියේ ය. සියල්ලවුන් ඵළන් ආභරණ ත් බබළා ගියේ ය. සියලු නුවර එකාලොක විය. සිටාණෝ ද උදාසන රජ්ජුරුවන් දක්නට ගියහ.


1124 සද්ධර්මරත්නාවලි ය

බිම්සර මහ රජ්ජුරුවෝ ද ආයුධ දිළියෙන්ට ත් ආභරණ බබළන්ට ත් කාරණ සිටාණනන් අතින් විචාළහ. ‘ඊට කාරණ නම් ස්වාමීනි, අප ගේ ගෙයි මුඹ වහන්සේගේ මිඬි පුතකු වදාපීව. ඌගේ කුශලානුභාවයෙන් තෙලෙ බන්දෙක් වී ය’යි කිවු ය. අංගුලිමාල යන්දෑ ත් උපන් දවස් එ සේ ම වු හෙයින් සොර වන් නිය දැ’යි විචාළහ. රජ්ජුරුවන් වහන්ස, එ සේ වු දෙයෙක් නැත.මහ පිණැත්තෝ ය. ඒ නිසා වී ය’යි කිවු ය. ‘එ සේ වී නම් යහපත් කොට වඩව යි. කිරි මිල වුවමනා වේ දැ’යි දවස් පතා මසු දහසක් දෙවති. උන්ට නම් තබන දවස් නුවර මුළුල්ල බබළා ගිය හෙයින් ‍ජොතිය යන නම් තුබූහ.

උන් වැඩිවිය පැමිණි කල්හි හිඳිනා ගෙවල් කරවන්ට බිම් බලන ඉදි කරණ කල්හි සක් දෙවිඳුහු ගේ හස්න හුණු වි ය. සක් දෙවිඳු ද හස්න හුණු වීමට කාරණ විමසන්නෝ ජෝතිය කුමාර යන්ට ගෙබිම් ඉදි කෙරෙති විදර්ශී බුදුන්ට උන් කරවා දී ලූ ගඳ කිළිය මිනිසුන් කළ ගෙවල වැඩ හි ඳිනා කරමට නො වෙ යි. මා ත් ඔබ ගිය මැනවැ’යි වඩු වෙසක් මවාගෙණ එ තැනට ගොසින් එ තැන කර්මාීන්ත කරන්නවුන්ට නො දන්නා බඳු ව ලා කුමක් කරවු දැ’යි කිවු ය. ‘ජෝතිය කුමාරයන්ට ගෙබිමක් කරම් හ’යි කී කල්හි ‘තෙපි හැම ඉවත් වව. තොප කළ ගෙවල හිඳුනෝ නො වෙති’යි කියා ලා බිජුවට සඞ්ඛ්යාඑවෙන් තුන් යාළ සතරමුණක් වප්යන බිම් පියස බලා ලූහ. ඒ බිම් පියස ත් ඇසිල්ලෙහි කිසුණු මඬුල්ලක් මෙන් සමතල වී ය. නැවත ‘මෙ පමණ තැන මහ පොළව පලාගෙණ සත් රුවන් මුවා සත් මාල් පායෙක් නැගේ ව’යි සිතා ලා බැලූ ය.

ශක්රැයන් ගේ ශක්රානනුභාවයට වත්තමක් ව1 ජෝතිය කුමාරයන්ගේ කුශලානුභාවයෙන් ශක්ර යන් සිතූ තරම් මාළිගාව පැන නැංග. නැවත ‘මේ මාළිගාව මධ්යන කොට හාත් පසින් සත් රුවන් මුවා පවුරු වළලු ‍සතෙක් නැ‍ඟේව’යි සිතා ලා බැලුහ. සත් රුවන් මුවා එ සේ වූ පවුරු වළලු සතෙක් නැංග. ‘පවුරු සත ගාවා කප් රුක් නැ‍ඟේව’යි සිතා ලා බැලූ කලට කප් රුකු ත් නැංග. ‘මාළිගාවට සතර කොන නිධාන සැළ සතරක් නැ‍ඟේව යි සිතා ලා බැලූ කලට විපස්සී බුදුන් සමයෙහි ගඳ කිළි ය වට කොට තුන් වාරයක් විතර ලවා ලු සත් රුවන් උකා ගත්තවුන්ගෙන් හැර ගෙණ පුරා තබා ලූවක් මෙන් නිධාන සැළ සතරෙක් නැංගේ ය. ඊ එක් සැලෙක උස ගවුවත් විතර ය. එ තෙක උස දෙ ගවුවක් විතර ය. එ කෙක උස තුන් ගවුවක් විතර ය. එකෙක උස

1. වත්තමත් ව

305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1125

සතර ගවුවක් විතර ය. මුව විට පළල කීයේ නැත. බොධිසත්වකයන්ට නැංගා වූ නිධාන සැළවල මුව විටි පළල ය. උස කලී නව ලක්ෂැ සැට දහසක් ගවු පමණය. සැළ සතර ම මැඳ කැපූ තල් පැනෙයි ඇසී 1 පිරී සිටිනා සේ සත් රුවන් පිරී තිබෙයි. මාළිගා වට සතර කොන පසේ බුදුන් වහන්සේට දී ලූ උක් පැනෙයි අමුඛ්යර විපාක හඟවමින් හිමාල ය වනයෙහි උක් දඬු තරමට ත් මහත් ව නාඹ තල් කඳ සා ව පොළෝ පල්ලෙහි ඇති රස ඕජාවක් ඇත් නම් උක් දඬු ලෙසින් නැඟි ලෙසට ඝන රන්මුවා උක් අඬු සතරෙක් නැංග. උක් කොළ ‍ඉඳුනිල මිනිමුවා ය. පරුක් රිදී මුවා ය. දොරටු සතේ ප්රතධාන යක්ෂවයෝ සත් දෙනෙක් රකවල් ගත්හ.

පළමු වන දොරටුයෙහි යමචොලි නම් යක්ෂයයා තමා ගේ පිරිවර යක්ෂුයන් දහස හා සමග රකවල් ගත. දෙ වන දොරටුවෙහි ඉපුල නම් යක්ෂරයා තමා ගේ පිරිවර යකුන් දෙ දහසක් හැර ගෙණ රකවල් ගත. තුන් වන දොරටුවෙහි වජිර නම් යක්ෂකයා තමා ගේ පිරිවර යකුන් තුන් දහසක් ගෙණ රකවල් ගත. සතර වන දොරටුවෙහි වජිරබාහු නම් යක්ෂයයා තමා ගේ පිරිවර යකුන් සාර දහසක් හැර ගෙණ රකවල් ගත. පස් වන දොරටුවෙහි සකට නම් යක්ෂ යා තමා ගේ පිරිවර යකුන් පන්දහසක් හැර ගෙණ රකවල් ගත. ස වන දොරටුයෙහි කටච්ඡ නම් යක්ෂකයා තමන් ගේ පිරිවර ස දාසක් යකුන් හැර ගෙණ රකවල් ගත. සත් වන දොරටුවෙහි දිසාමුඛ නම් යක්ෂවයා තමා ගේ පිරිවර සත් දහසක් යකුන් හැර ගෙණ රකවල් ගත. මෙ සේ මාළිගාව ඇතුළ ත් පිට ත් රකවල් ගත් යකුන් බලවත් වි ය. ‘ජොතිය කුමාරයන්ට සත් රුවන් මුවා සත් මාල් මාළිගාවෙක් පොළොව පළා ගෙණ පැන නැඟී හෙයින් මුත් විජයත් පාය අවුත් තුබුවා සේ පහළ වි ය. ‘සත් රුවන්මුවා පවුරු සතක් හා දොරටු සතකු ත් පහළ වි ය. ‘නිධාන සැළ සතරකු ත් නැංගේ ල’ යනු අසා බිම්සර මහ රජහු සිටු සේසත් යවුහ. එ වක් පටන් ‍ජෝතිය සිටණෝ ය’යි ප්රරසිද්ධ වූහ.

උන් හා එක් ව පින් කළ උපාසිකාවෝ ද උතුරුකුරු දිව යින උපන්හ. දෙවියෝ උන් කැඳවා ගෙණ අවුත් සිටාණන් සැතපෙන ශ්රී යහන් ගබඩාවේ ලුහ. උයි ත් එන ගමනේ උතුරු කුරු දිවයිනෙන් සාල් නැළියක් හා මැණික් ගල් තුනක් ගෙනා වූ හ. උන් දිවි පමණකට කෙ තෙක් දෙනා වුව ත් ඒ සාල් නැළිය ම ඇත. ඉදින් ගැල් දහස් ගණනේ ත් සාල් පුරවනු කැමැත්තෝ වූ නම් ඒ ගැල් මුළුල්ල පුරා ලා සාල් නැළි ය සාල්

1. ඇසිරි


1126 සද්ධර්මරත්නාවලි ය

නැළි ය තරමේ ම සිට්ටි, බත් පිසන ‍වේලේ දී සාල් නැළිය සැළියේ ලා ලා මැණික් තුන ළප් කැට තුනක් සේ තබා ලා සැළිය ඊ පිට තබා පිසති. මැණික් ගල් එ වෙලේ ම ගිනි ඇවිළ ලා බත් පැසී ගන්නා මැණික් ගල් නිවී යෙයි. ඒ සලකුණෙන් බත් පැසුණු නියාව දනිති. මාළු ආදිය පිසන කල ත් එ ම ලෙස ය. මෙ ලෙ සින් උන්ට දර ගිනි නැති ව මැණික් ගලින් ම බත් මාළු ආදි ය පිසෙයි1. මැණික් වල ආලොකයෙන් ම හිඳිති. ගින්නෙක ව ත් පානෙක ව ත් පෑය පමණකු ත් නු දුටු විරූ ය.

ජෝතිය සිටාණන් ගේ සම්පත් මෙ බඳු ය’යි ඒ තරම් සම්පත් මිනිස් ලොව නැති හෙයින් දඹදිව මුළුල්ලෙහි ප්ර සිද්ධ වි ය. බොහෝ දෙන ත් සම්පත් බලන්ට යෙති. සිටාණෝ ද ආ ආව වුන්ට උතුරුකුරු දිවයින සාල් නැළියෙන් බත් දෙති. කප් රුක්වලින් හෝ තුන් ගවුවක් පමණ උස ඇති නිධාන සැළින් හෝ කැමැති සම්පත් උකා ගන්ට විධාන කෙරෙති. සියලු දඹ දිව් වැස්සන් කැමැති ලෙසින් වස්තු උකා ගෙණ යත ත් විදර්ශී රුවන් හැර ගත ත් අදහසෙහි අඩුවක් නූවා සේ ම නිධාන සැළින් අඟලක් විතර ත් අඩු නො වෙයි. කප් රුක්වල ත් අඩුව නො පෙනෙයි. මෙ සේ බොහෝ දෙනා බොහෝ සම්පත් ගෙණ යන කල්හි බිම්සර මහ රජහු උණ් ගේ මාළිගාව දක්නා කැමති වත් මිනිසුන් ගේ එළඹීම බොහෝ හෙයින් අවසරයක් නො ලත්හ.

පසුව මිනිසුන් ගේ ගමන මඳ ව ගත් කලට රජ්ජුරුවෝ ජෝතිය සිටාණන් ගේ පියාණන්ට ‘තොපගේ පුතණුවන් ගේ මාළිගාව දක්නා කැමැත්තම්හ’යි කිවු ය. සිටාණෝ ද ‘යහපතැ’යි කියා රජ්ජුරුවන් වහන්සේ මුඹ ගේ මාළිගාව දක්නා කැමැති සේකැ’යි පුතණුවන්ට කීහ. ‘යහපත, වඩනා සේක්ව’යි කී කල්හි රජ්ජුරුවෝ ත් මහ පිරිවරින් ගියහ. පළමු වන දොරටුව පිස ගා ලා දමා සිටිනා කෙලී ගිය රජ්ජුරුවන් තමා අත එලී ගෙණ එන දොරටුවට නැගෙන්ට අත දික් කොට ලුව. රජ්ජුරුවෝ ද කෙල්ල නියාව දත ත් ලජ්ජාවෙන් අත නො ඇල්වූහ. සිටාණන් ගේ වාසල් පිස කසළ දමන කෙල්ලන් පවා තෙල සේ නි කසළ කලට කවුරුන් වුව ත් පවිත්රි අදහසින් පවිත්රද කොට පින් කට යුතු ය. අනික් දොරටු සය පිස කසළ දමන කෙල්ලනු ත් තමන් තමන්ගේ දොරටු කරා ගිය රජ්ජුරුවන්ට අත පොවන්නා ම සිටා

1. පිසති



305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1127

ණන් ගේ අඹු වනැ’යි සිතා ම අත නො අල්වන්නාහ. සත් වන දොරටුවට ගිය කලට ජෝතිය ‍සිටාණෝ අවුත් වැඳ ලා සෙසු පින් කළ ත් රජ්ජුරු‍වන්ට පෙරාතු වන්ට නිසි පින් නො කළ හෙයින් තුමු පසු ව රජ්ජුරුවන් පෙරාතු කළහ.

රජ්ජුරුවන්ට ත් මාළිගාවේ ඉඳුනිල් මිණිමුවා බිම සිය ගණන් බඹ විවරට ත් ගැඹුරු වළක් සේ වැටහිණ. රජ්ජුරුවෝ ත් ‘මා ආ ගමනේ අල්වනු නිසා වලක් කැණ වූ නියා ය’යි සිතා ගත්හ. එ සේ සිතා ගෙණ ලා ඇතුළු මාළිගාවට වදින්ට මැළි වූහ. සිටාණෝ ත් රජ්ජුරුවන් මැළි ව උන් ගමනින් නො කීවක් වළෙකැ’යි සිතා භයින් ඇතුළු මාළිගාවට නො වදනා නියාව දැන ‘ස්වාමීනි, තෙල ලෙස පෙනෙන පමණක් මුත් වළෙක් නො වෙයි. මුඹ වහන්සේ පසුව ගත මැනැවැ’යි රජ්ජුරුවන් පසු කොට ලා තුමු පෙරාතු වූහ. රජ්ජුරුවෝ ද සිටාණන් පෙරාතු වන්නා තුමු ත් සැක නැති ව වැද යට මාලේ පටන් මාළිගාව බලා ඇවිදිති.

එ කල නො ඉපැද ම බඩ හිඳිනා අවස්ථාවෙහි පිය රජ්ජුරුවන්ට සතුරු වූ හෙයින් අජාතසත්තු න්ම කුමරහු පියාණන් ගේ ඇඟිල්ල අල්වා ගෙණ ඇවිදිනා තැනැත්තෝ ‘අනේ, අප ගේ පියා ණන් වහන්සේ නුවණ නැති සේක. ඊටත් වඩා පින් මඳ සේක. ගොවි කුලෙහි උපන් තැනැත්තහු සත් රුවන් මුවා මාළිගාවල වසන තැන තමන් වහන්සේ දණ්ඩෙන් පතෙන් කළ ගෙවල හිඳිනා සේක. තමන් ගේ අඩු ව හඟවන්නා සේ ඒ බලන්ට ත් එනසේක. මම රජ වීම් නම් මුන් මේ ගෙයි හින්ද නොදෙමි’ තමන් පමණක් සිතා ගෙණ පින් කමින් උන් වඩනා නියාව නො සලකා මේ තරම නපුරු සිතිවිල්ලක් සිතූහ.


රජ්ජුරුවනු ත් යට මාලේ පටන් මාලෙන් මාල බලා ඇවිදිනා වුන්ට දාවල් බත් අනුභව කරණ වේලාව ආසන්න වි ය. රජ්ජුරුවෝ සිටාණන් බණවා ලා ‘සිටාණෙනි, දාවල් බත මුඛ දී අනුභව කරම්හ’යි කිවු ය. ‘පෙර වරු වෙලේ මුඛ වැඩි කල මුඛ දී මේ නිමවන නියාව නො දනුමෝ ද ? රජ්ජුරුවන් වහන්සේ මේ නිමවන්ට වසුනු ත් රැස් පිරිසට බතුත් ඉදි කැරැවුයෙම් ය’යි කිවුය. රජ්ජුරුවෝ ත් සුවඳ පැන් සොළොස් කළයක් විවරින් නා පියා සිටාණන් බත් අනුභව කරණ සත් රුවන්මුවා මණඩපයට ගොසින්



1128 සද්ධර්මරත්නාවලි ය

උන් බත් කන්ට හිඳිනා පළඟ මත්තෙහි හුන්හ. රජ්ජුරුවන්ට ය යි වෙන නිල කළ සැරහුමෙක් නැත.

ඉක් බිත්තෙන් අත සෝධන්ට පැන් වත් කෝට ලා මසු ලක්ෂනයක් වටනා තළියක හුණු කිරි බත් ලා ලා කොරඬා බත් ලෙසට තබා ලූහ. රජ්ජුරුවෝ බත සැටියෙන් අනුභව කරන්ට ලා ලූ බතකැ’යි සිතා ලා අනුභව කරන්ට ආරම්භ කළහ. සිටාණෝ අනික් කෙණෙක් නම් සිනා සී පුව මනා තැන ‘ස්වාමීනි, තෙලේ මේ නිමවන්ට නිලකල බතෙක් නො වෙයි. කොරඬා බතට ලූවාය. පත් තව ගෙණෙමින් සිටියෝ ‘යි කියා ලා අනික් ඝන රන් තළියෙක බත් ලා ලා ආදි ගෙණ ගොස් තුබූ කිරි බත් තළි ය මුදුනේ තබා ලූහ. එ ලෙස කෙළේ කුමක් නිසා ද යත් - කිරි බතෙහි උණු ගුණය නිසා මුදුනෙහි තුබූ බත් අනුභව කරන්ට සැප හෙයිනි.

රජ්ජුරුවෝ ත් මධුරාහාරය අනුභව කරණ තැනැත්තෝ එ දවසට කොසොල් රජව ගියා සේ පමණ දැන ගත නො හී අනු භවයට පටන් ගත්හ. සිටාණෝ රජ්ජුරුවන් විවරක් අනුභව කළ කලට වැඳ ලා දෝත මුදුනේ තබා ගෙණ සිට ‘ස්වාමීනි. තෙලේ විවරක් සෑහෙයි. වඩා වූවොත් දිරවා ලිය නො හැක්කැ’යි කිවුය. රජ්ජුරුවෝ සිටාණන් බත් සාහා ගත නො හී කිව’යි සිතා ලා ‘හැයි , සිටාණෙනි. අප බත් නො කෑ විරූවන් නො වත් තෙල ලෙස ම කියවුනැ ‘යි කිවු ය.

‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහනසේ ගේ කෙ තෙක් රැස් පිරිස් ගෙණා සේක් වී නමුත් වෙන බත් මාලු ඉදි කැරවුව මැනැවැ’යි නැත. මේ බත් මාලු සෑහෙයි. එතකුදු වුව ත් අයසක්1 බා ය’යි කිවු ය. ‘කුමක් නිසා දැ’යි විචාළ කල්හි ‘ඉදින් රජ්ජුරු‍වන් වහන්සේට ව්යයධි පමණක් වූව ත් රජ්ජුරුවන් වහන්සේ සිටණන්ගේ ගෙයි දී මේ නිමවාලා වැ‍ඩි සේක. මෙ ලෙසක් වූයේ සිටාණන් කළ දෙයක් වනැ’යි කියා බස උපදිති යි සිතා ය. බත් අරුමයකින් නො වෙයි” කීහ. ‘එ සේ වී නම් තළි ය ඉවත් කර ව’යි කියා ලා තළිය ඉවත් කරවා පියා අත සෝධා පීහ. රජ්ජුරුවන් මේ නිමවා ඉක් බිති රැස් වූ පිරිසු ත් බත් කැහ.

රජ්ජුරුවෝ කථා කොට හිඳ සිටාණන් බණවාලා ‘කුමක් ද ? මේ ගෙයි සිටු දුවණි කෙණෙක් ඇත් ද නැත් දැ’යි විචාළෝය. ‘ඇතැ’යි කී කල්හි ‘කොයි දැ’යි විචාළෝ ය. ශ්රීය යහන් ගබඩාවේ

1. අයසසක් 305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1129

හුන්හ. මුඹ වහන්සේ වැඩි නියා තව උන් දන්ට නැතැ’යි කීහ. ආත්ම ගර්වයකට කියා ලූ දෙයක් නො වෙයි. ඒ වේලා වනතුරු ත් ඌ තුමු රජ්ජුරුවන් ආ නියා ව නො දනිත් ම ය. සිටාණෝ ද රජ්ජුරුවන් විචාළ ලෙසින් ම සිටු දුවණියන් දක්නා කැමැති නියා දැන උන් ළඟට ගොසින් ‘රජ්ජුරුවන් වහන්සේ වැඩි සේක. ගොසින් දුටු කල නපුරු දැ’යි කිවු ය. සිටු දුවණියෝ ද වැද හොත් තැනැත්තෝ නැඟී ත් නො සිට ‘රජ්ජුරුවෝ නම් කවුරු දැ’යි කිවු ය.

‘රජ්ජු‍රුවෝ නම් තොපට ත් අපට ත් නායක ව සිටිනා කෙණෙකැ’ යි කී කල්හි නො සතුටු ව පියා ‘අනුන්ට අයති වන ගමන් හීන පිණක් කළ නියා ය. දෙන දන ත් කම්පල අහහා දී ගත නුහුණුවමෝ වනුම්හ. කරණ යම් පිණක් සිතින් නො සිතින් කළ නියා ය. ඉන් වේ ද දැන් යටත් වූවෝ ය. දැන් අප කළ මනා කුමක් දැ’යි විචාළහ. ‘තල් වැටක් හැර ගෙන ගොසින් රජ්ජුරුවන් වහන්සේට ගිම් වේලා හෙයින් පත් සලව’යි කී ය. කලට රජ්ජුරුවන් නළල බැඳි රුවන් සෝළුවෙහි මැණික් ගල් ගිනිවර කළ හෙයින් ඊ තෙජස සිටු දුවණියක් ඇසට පහළ උන් ගේ ඇස් දෙකින් නො කළ විරූ මෙහෙයක් හෙයින් මුසුප්පුව හඬන්නා සේ කඳුළු ධාරා වැගිරෙන්ට වන, රජ්ජුරුවෝ ඒ දැක සිටාණන්ට ‘සිටාණෙනි, ගෑනු නම් මායම් දන්නා හෙයින් නුවණ මඳ ය. අප තමන් ගේ සම්පත් දැක හැර ගනිති’ යි මසුප්පු වෙන් හඬති යි සිතම්හ. අප සම්පත් බලන්ට ආ පමණක් මුත් හැර ගන්ට නො ආ නියාව කියා ලා අස්වසා ලවයි’ කීහ.

ඒ අසා සිටාණෝ ‘ස්වාමීනි, හඬන නියා නො වෙ’යි කීහ. ‘නො හඬන කල කඳුළු ධාරා වැගිරෙන්නේ හැයි දැ’යි කිවු ය. ‘තෙලෙ මුඹ වහන්සේ ගේ රුවන් සෝළුවෙහි මැණික් ගල්වල තෙජස ඇස පැහැර ලා ඇසින් පැන් වැගිරෙයි. මූ තුමූ ගින්නක් වේව යි පහනක් වේව යි නො දැක මැණික් ආලොකයෙන් ම දවස් යවති. මුඹ වහනසේ රජ ව සිට ත් පහන් ‍ආලොකයෙහි හිඳිනු නියා වේ දැ’යි කිවු ය. ‘එ සේ ය, සිටාණෙනි’ කී කල්හි මෙ වක් පටන් පාන් ආලෝක ය හැර ලා මැණික් ආලෝකයෙහි හුණ මනැවැ’යි කියා ලා එ වක බමුණා හැර ගත් මැණික හැර ගෙන තබා ගත්තා සේ තියඹරාවක් සා මහත ඇති මහඇඟි මැණිකක් දුන්හ. රජ්ජුරුවෝ ද සම්පත් බලා පියා ජොතියයන් ගේ සම්පත් මහතැ යි විස්තර කොට ගෙණ ගියහ.

මේ ජොතිය සිටාණන් ගේ උත්පත්ති කථාව ය.


1130 සද්ධර්මරත්නාවලි ය

305. ජටිල තෙරුන් වහන්සේගේ වත සංස්කරණය

දැන් ජටිල තෙරුන් වහන්සේ ගේ උත්පත්ති කථාව දතයුතු.

කෙ සේ ද යත් -

බරණැස් නුවර එක් සිටු දුවණි කෙණෙක් ඉතා රූපත්හ. උන් පසළොස් හැවිරිදි වයස දී හුදකලා පමණකට එක කෙල්ලක පාවා දී ලා අසද්ධර්ම්යෙන් නවතනු නිසා සත් මාල් පායේ උඩු මාලේ ශ්රීව යහන් ගබඩාවෙක ලුහ. උන් එක් දවසක් කවුළුදොර හැර පියා පිටත බල බලා සිටි කලට අහසින් යන්නාවු විද්යාකධරයෙක් උන් දැක උන් කෙරෙහි ස්නෙහයක් උපදවා ගෙණ කවුළු දොරින් වැද ලා උන් හා සහ වාසය කෙළේ ය. උයි ත් ඒ නහවාස ය නිසා නොබෝ කලෙකින් ම දැරි ඇති වූහ. කැටි ව සිටි කෙලි ත් දැරි ඇති නියා ව දැන ‘මේ කිම් දැ’යි විචාරා ‘වන්නාට ය, කාටත් නො කියව’යි සිටුදුවණියන් කී කල්හි උන් ගෙන් ගහටයක් වෙතී යන භියින් කාට ත් නො කීව.

උයිත් දස -වෙති මස පුතණු කෙණකුන් වදා පියා නවමු සැළියක් ගෙන්වාගෙණ ඒ දරුවන් ඊ ලා ලා කඩ වස්නෙකින් වස්වාලා මතුපිට මල් වඩමක් තබ්බවා ලා ‘තෙලෙ හිස තබා ගෙණ ගොසින් ලා ගඟ දියෙන් යවා පියව. විචාළ කෙණෙක් ඇත් නම් ‘අපගේ ස්වාමි දියණියන්ට බිලියමෙකැ’යි කියව’යි කෙල්ලට සම්මත කළහ. උයි ත් විධාන ලෙසින් ම ගඟ දයෛහි ලා පුව. ගඟ පාත තොටක නාන ගෑනු දෙන්නෙක් නවමු සැළි ය දියෙන් එන්නා දැක එක් කෙණෙක් ‘තෙල සැළි ය මාගේ ය’යි කිවු ය. එක් කෙණෙක් ‘ඊ ඇතුළේ යමක් ඇත් නම් ඒ මට ය’යි කියා ලා වූ ය. හැර ත් ඇරතුළේ වැද හොත් කුමාරයන් දැක ‘සැළි ය මාගේ ය යි කිවු තැනැත්තෝ ඇතුළේ හොත් දරුවන් තමන්ට ය යි කියති. අනික් තැනැත්තෝ තමන් ආදි ම කියා ලු ලෙසට දරුවන් තමන්ට ය යි කියති. මෙ ලෙසින් විවාද කරණ පමණක් මුත් තුමු යුක්තිය දත නො හී අධිකරණ නායකයන් කරා ගියහ. උනු ත් ඒ යුක්තිය කියා ලිය නුහුණු හෙයින් රජ්ජුරුවන් කරා ගියහ.

රජ්ජුරුවෝ උන්ගේ කථාව අසා යුක්තිය ත් එ ම හෙයින් ‘සැළි ය මාගේ ය’යි කී තැනැත්තන්ට සැළිය හැර ගන්ට කියා ලා ‘ඇතුළේ දෙය මාගේ ය’යි කී තැනැත්තන්ට දරුවන් නිල කළහ. රජ්ජුරුවන් කළ නිලය හෙයින් සැළි ය ලත් තැනැත්තෝ ත්


305. ජටිල තෙරුන් වහනසේ ගේ වත 1131

ගිවිස පූහ. ඉන් යම් කෙණෙකුන් ට දරුවෝ සම්භ වූ නම් ඌ කසයින් මහ තෙරුන් වහනසේට උපස්ථාන කරන කෙණෙක. එ හෙයින් ‘මේ දරුවන් වඩා වර්ධන කොට ලා කසයින් ස්වාමීන් ලඟ මහණ කරවමි’යි සිතා ගෙණ වඩා වර්ධන කෙරෙති. උපන් දවස නාවා පියන්ට නො වූ හෙයින් හිසකේ එක් ව බැඳී ගොසින් අවුල් වියවුල් ව සිට්ටි.එ හෙයින් ජටිල යන නාමය තබා ලූහ.

උණ් පියවර ඔසවා අවිදිනා කලට කසයින් මහ තෙරුන් වහන්සේ ඒ ගෙට සිඟා වැඩි සේක. උයි ත් මහ තෙරුන් වහනසේ වඩා හිඳුවා ලා වැළඳ වූහ. මහ තෙරුන් වහනසේත් ජටිල කුමාරයන් දැක ‘කුමක් ද, උපාසිකාවෙනි, දරු කෙණකුන් ලත් නියා දැ’යි විචාළ සේක. ‘එ සේ ය, ස්වාමීනි, මේ දරුවන් මුඹ වහන්ුසේ ලඟ මහණ කරවනු නිසා වැඩිමි. උන් මහණ කළ මැනැවැ’යි කියා ලා පාවා දුන්හ. ඔබ ද උන් කැඳවා ගෙණ වඩනා සේක් මුන් ගිහි ව රඳ සම්පත් විඳිනට දෛව ඇත්තෝ දෝ හෝ යි විමසන සේක් ‘මුන් තමන් කුඩා බව මුත් පිණින් නු කුඩා වු ය. මහ සම්පත් ලැබෙති. මහණ වන්ට තව වයස ත් බාල ය. රහත් වන්ට නුවණ ත් මුකුරා නො ගියේ’යි සිතා වදාරා උන් කැඳවා ගෙණ තක්සලා නුවර එක් උපාසක කෙණකුන්ගේ ගෙට වැඩි සේක.

උයි ත් මහ තෙරුන් වහන්සේට වැඳ ලා සිටි තැනැත්තෝ කුමාරයන් දැක ‘ස්වාමීනි, කුමාර කෙණකුන් ලත් නියා දැ’යි විචාළහ. එ සේය. උපාසකයෙනි, මූ මහණ වන්ට නිසි කෙණකු තව බාල‍යෝ ය. මුකුරා ගන්නා තෙක් තොප ලඟ රඳතී’ වදාළ සේක උයිත් ‘යහපතැ’යි ගිවිස උන් දරු කොට වඩති. උන්ගේ ගෙයි දොලොස් අවුරුද්දක් විවර විකපත් වන්ට නැති හෙයින් බඩු බෝ ව පියා තිබෙ යි. ඌ අනික් ගමකට කන්නලවු වෙක යන්නෝ ඒ බඩු ‍මුළුල්ල‍ ම සල්පිළ ලා ලා වඩනා දරුවන් සල්පිළ හිඳුවා ලා ඒ ඒ බඩුවේ මිල කියා ලා’ මේ මෙතෙකට දී ලව’යි කියා ලා ගියෝ ය. එ දවස් නුවර රකවල සිටි දෙවියෝ යටත් පිරිසෙයින් මිරිස් ලුණු ආදි වූ කුළු බඩු පමණෙකිනු ත් ප්රියෝජන ඇති කෙණකුන් අනික් සල්පිළකට නො යවා ඒ බාල දරුවන් හුන් සල්පිළට ම යවුහ.

උයි ත් දොළොස් හවුරුද්දක් විකපත් නු වු බඩු අග ය නො නසා එක දවසින් විකපත් කළහ. කෙළෙඹියාණෝ අවුත් සිස් ව තුබු සල්පිළ දැක ‘හැයි පුත, බඩු නිකම් ම නසා පු දැ’යි විචාළෝ ය. ‘මා එ සේ නැසුයේ නැත. කියා ලූ ලෙස ම


1132 සද්ධර්මරත්නාවලි ය

වික්කෙමි. මේ මෙයට ගත් මිල ය. මේ මෙයට ගත් මිල ය’යි එක් කළ මිල මුළුල්ල ම පෑ වූය. කෙළෙඹියාණෝ වයස තරමට කට යුත්ත මුකුරා ‍තිබෙන හෙයින් සමාධිව ‘මු අනර්ඝ කෙණෙක, කො තැනෙක වුව ත් රැකී ගනිති’ තමන්ගේ වැඩිවිය පැමිණි දුවණියන් උන්ට පාවා දෙවා ලා හිඳිනා පරිද්දෙන් ගෙයක් ඉදි කරන්ට මිනිසුන්ට විධාන කොට ලා ගෙය කොට නිමි කල්හි ‘යව, ‍ගොසින් තොපගේ ගෙයි හිඳුව’ යි විධාන කළහ. උනු ත් ගෙට වදිනට ය යි එළිපතින් ඇතුළේ පයක් තබා ලන්නා ම ගෙ පිටි පස්සෙහි මහ පොළොව පළා ගෙණ බොහෝ ජාතිවල විපාක දෙන්ට නැති හෙයින් මේ එක ජාතියෙහි ම විපාක දෙන්ට කුසල් එක් වූවා සේ ඝන සංහත 1 ව වඩුවෙන් අසු රියන් රන් පර්වකතයක් ‘නැංග. රජ්ජුරුවෝ ද ජටිල කුමාරයන්ගේ ගෙ පිටි පස්සෙහි පර්වරත ය නැඟි නියා ව අසා ම උන්ට සිටු සේසත් යවුහ. ඌ එ වක් පටන් ජටිල සිටාණෝ ය යි ප්රකසිද්ධ වූහ.

ඒ ජටිල සිටාණන්ගේ පුතුන් තුන් දෙනෙක් වූහ. උන් වැඩි විය පැමිණි කලට සිටාණෝ මහණ වන්ට සිතා ගෙණ ඉදින් අප හා සම්පතින් සරි සිටු කුලයෙක් ඇත් නම් අප මහණ විය දෙති. නැත හොත් මහණ විය නො දෙති. මේ දඹ දිව සම්පතින් අප හා සරි සිටු කුල ඇත් දෝ හෝ’යි විමසනු නිසා ඝන රන් මුවා උළක් ද, කැටිවි ලීයක් ද, රන් පමුවක් ද කරවා ලා මිනිසුන්ට දී ලා තෙලෙ හැර ගෙණ කිසිවක් විමසන්නා සේ දඹදිව මුළුල්ලෙහි ඈවිද සම්පතින් අප හා සරි සිටු කුල ඇති නියා ව විමසව’යි යවුහ. සම්පතින් අප හා සරි සිටු කුල ඇති නියාව විමසව’යි යවුහ. උයි ත් මුළුල්ලෙහි විමසා අවිදිනාහු භද්දිය නුවරට ගියහ. මැඬ මහ සිටාණෝ උන් හැම දැක ‘කුමක් කොට ඇවිදිනා නියා දැ’යි විචාරා ‘එක්තරා කටයුත්තක් විමසා අවිදුම්හ’යි කී කල්හි ‘මුන් රන් උළක් හා රන් කැවිටි ලීයක් හා රන් පමුවක් හා හැර ගෙණ අනිකක් විමසන්ට කාරණ නැත. පොහොසතුන් විමසා ඇවිදිනා වනැ’යි සිතා ගෙණ ‘සගයෙනි, අපගේ ගෙයි පිටි පස්සට ගොසින් බලන දෙයක් ඇත, බලව’යි කීහ.

උයි ත් ගෙපිටි පස්සට ගොසින් ඒක යාළ සොළසාමුණක් වප් යන තැන පොළොව පළා ගෙන නැංගාවු ඇතැන් සා වුත් අසුන් සා වු ත් ගොන් සා වු ත් ඇළයෙන් ඇළ ය පැහැර සිටියා වූ සියලු සම් පත්තින් පිරුණු කුස් ඇති ඝන රන් මුවා එළුවන් දැක උන් අසුහස් සෙන් ඇවිද පිය නික්මුණාහ. මැඬ මහ සිටාණෝ ත් ‘ය‍මක් සොයා විමසා ඇවිදු නම් ඒ දුටු දැ’යි විචාළහ. මැඬමහ සිටාණන් සම්පතින් වැඩී සිටි හෙයින් තමන්ගේ ජටිල සිටාණන්ට වඩනා හෙයින්

1. සංගත 2. දෙන්නා ම 305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1133

දුටුම්හ’යි කීහ. ‘එ සේ වී නම් යව’යි කියා ලා යවුහ. උයි ත් ගොසින් ‘ස්වාමීනි, මුඹ වහනසේ ගේ කුමන සම්පත් ද ? භද්දිය නුවර මැඬ මහ සිටාණන් වහනසේ ගේ සම්පත් මේ තරම් වේ දැ’යි සම්පත් තමා විස්තර හෙයින් විස්තර කොට කීහ. ඒ අසා ජටිල සිටාණෝ සතුටු ව වැඩි තරම් ව සිටිනා එක් සිටු කුලයක් ලදිමි. තමත් ලද හැකි දෝ’ යි ලක්ෂසයක් වටනා පලසක් දී ලා යවා, ගොසින් තව ත් එ බඳු සිටු කුල ඇත් නම් විමසව’යි කීහ. ඌ රජගහා නුවරට ගොසින් ජොතිය සිටාණක් ගේ ගෙට නුදුරු තැනෙක ගිනි මැළයක් බැඳ ලා සිටියහ.

‘‍මේ කිම් දැ’යි විචාළ කල්හි අපගේ මහ ඇඟි පලසෙක් ඇත. මිල දී ලා හැර ගන්ට කීව ත් මහ ඇඟි හෙයින් හැර ගත හෙන්නෝ නැත. හැර ගෙණ ඇවිදිනා කලට ඊ ලොභයෙන් සොර කෙණෙක් මරා පියත් දෝ හෝ යි බාගින්නේ ලා දවා පියම් හ’යි සිතා ය’ යි කීහ. ජොතිය සිටාණෝ ත් ඒ දැක ‘තුලුන් කරන්නේ කිම් දැ’ය වි‍චාරා එ පවත් අසා කැඳවා ගෙන්වා ලා ‘මේ පලස කෙ තෙක් වටී දැ’යි විචාළහ. ‘මසු ලක්ෂකයක් අග්ගි’යි කී කල්හි පලස ගෙනවුන්ට මසු ලක්ෂදයක් දෙවා පියා ‘තෙල පලස අපගේ පළමුවන වාසල පිස කසළ දමා සිටිනා කෙල්ලට දී පියව’යි කල්හි පලස ගෙනාවුන්ට මසු ලක්ෂලයක් දෙවා පියා ‘තෙල පලස අපගේ පළමුවන වාසල පිස කසළ දමා සිටිනා කෙල්ලට දී පියව’ යි කියා ලා පලස ගෙණා වවුන් අත ම ඒ කෙල්ලට යවුහ. ඔයි ත් පලස අතට හැ‍ර ගෙණ හඬමින් වලපමින් සිටාණන් ලඟට ‍ගොසින් ‘ස්වාමීනි , මිඬියන්ගේ වරදක් දුටු කල මැරවු කල නපුරුද ? මේ දළ පිළී මිඬිය හඳනේ ත් ‍පොරෝනේ ත් කෙ සේ දැ’යි කිව. සිටාණෝ ඒ අසා ‘එම්බල, තෙල පලස හඳිනට පොරෝනට යවු දෙයෙක් නො වෙයි. මම තිගේ තරම් නො දනිම් ද ? තෙලෙ බිස්සක් සේ හකුළුවා ලා තී වැද හෝනායාන බඩ තබාලා වැද හෝනා වේලේ සුවඳ පැණින් සෝධා පු පා පිසිනට සිතා යවී මි. එ විතරකු ත් තිට බැරි නියා දැ’යි කිවු ය.

‘ ස්වාමීනි, ආදි නො දත් විසින් මුත් ඊ බැරි කවරේ දැ’යි කියා ලා ලක්ෂ යක් වටනා පලස තමා පය පිසින්ට ගෙණ ගියා ය. ජොතිය සිටාණන්ගේ සම්පතෙහි තරම සම්පත් විමසන්ට ගිය වුන්ට කෙළි ම හඟවා පී ය. විමසන්ට ගියවුන් ජටිල සිටාණන් කරා ගොසින් ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ සම්පත් රජයහ නුවර ජොතිය සිටාණන් වහන්ිසේ ගේ සම්පත දුටු කලට උන්දෑ ගේ ගෙයි මෙහෙ කරණ කෙල්ලන් තබා පළමු වන වාසල පිස කසළ දමන


1134 සද්ධර්මරත්නාවලි ය

කෙල්ලන්ගේ සම්පතට ත් නැත්තේ වේ දැ’යි කියා ලා ජොතිය සිටාණන්ගේ සම්පත් විස්තර කොට කීහ.

ජටිල සිටාණෝ උන් ගේ කථාව අසා සතුටු ව ‘මහණ විම ඉතිකින් පිළිවනැ ‘යි නුවර රජ කරණ රජ්ජුරුවන් ලඟට ගොසින් ‘මහ රජ, මහණ වනු කැමැත්තෙමී’ කීහ. ‘යහපත’යි රජ්ජුරුවෝ ත් අනුදත්හ. සිටාණෝ ගෙට ගොසින් පුතුන් කැඳවා ලා රන් මිටක් ඇති උදැල්ලක් වැඩි මාලු පුතණුවන් අතට දී ලා ‘යව, පුත. ගෙ පිටි පස්සෙහි සිටියා වූ රන් පවුවෙන් කැටියක් කපා ගෙණ ව’යි කිවු ය. ගල තලෙක පහළ කලක් මෙන් වි ය. කිපුණු දෙයක් නැත. ඒ උදැල්ල උන් අතින් හැර ගෙණ මැදි බෑ පුතණු වන්ට දී ලා යවුහ. උන්ට එ ලෙස ම විය. සුහකු ත් නො කැපිණ.

ඉක් බිති ව උදැල්ල බාල පුතණුවන්ට දී ලා යවුහ. උන් ගොසින් කොටන්ට වදනා ම බොරු පසක් කෙටෙන්නා සේ රන් පවුව සුණු ව කෙටෙන්ට වන. ඉක් බිත්තෙන් ජටිල සිටාණෝ උන් කැඳවා ලා ‘මෙ තෙක් සෑහෙයි’ කියා ලා අනික් පුතුන් දෙන්නා කැඳවා ලා හෙම්බා තෙලෙ, මේ රන් පවුව තොප දෙන්නා නිසා උපන්නා නො වෙයි. එ සේ නො වන නියා ව නො කෙටුණු ගමනින් ම දැනුව. මාගේ හා තෙල ‍තොපගේ කුඩා මලණුවන් ගේ කුශලානුභාවයෙන් උපන. තුලුත් වසයෙන් උන් මුල්ව ප්රුයෝජන විඳුව ‘යි කීහ.

කුමක් නිසා ජටිල සිටාණන් හා උන් ගේ පුතණුවන් ගේ කුශලානුභාවයෙන් රන් පර්ව ත ය උපන් ද යත් - ඒ උන් දෙන්නා ගේ ම කුශල කර්මා මහිමයෙන. ජටිල සිටාණන් ඉපැද ලා දියෙන් යන්ට කාරණ කිම් ද යත් - ඒ උන්ගේ අකුශල කර්මය බලයෙන. ඒ එ සේ මැ යි. කසුප් බුදුන්ගේ රන් දා ගබ කරණ කල්හි එක් රහත් තෙර කෙණකුන් වහන්සේ දා ගබ කර්මාේන්ත කරණ ‍තැනට ගොසින් කර්මාරන්තයෙහි අඩු වැඩි බලා පියා ‘උපාසකවරිනි, මේ දා ගබ උතුරු දිග මූණ කුමක් නිසා නො නැංගේ ද ? සතර අතින් ම සරි ව නැහෙන කල වේ ද, යහපතැ’ යි වදාළ සේක. ‘බෙත්ම වූ නියායෙන් ඒ දිගට රත් රන් මඳ යෙහිනැ’ යි කීහ. මම ඇතුළු ගමට ගොසින් සමාදන් කරවා රත් රන් එක් කරවමි. තොපි නො පමා ව කර්මායන්ත කරව’යි වදාරා ලා නුවරට වැද ‘උපාසකවරිනි, තොප හැම දෙනා කරවන දා ගබ එක් මූණ කට රත් රන් නො



305. ජටිල තෙරුන් වහන්සේ ගේ වත 1135

සෑහෙයි. අනික් තුන් මූණ කර්මාතන්ත රත් රනින් කරණ හෙයින් මේ මූණ අනිකෙකින් කරන්ට බැරි වේ ද, පින් පුරා කරවන දෙය බැවින් බලාත්කාරයෙකින් නො වන පසු රත් රන් එක් කරව’ යි සමාදන් කරවමින් බඩාල් ගෙයකට ත් වැඩි සේක. බ‍ුඩාලාණෝ ද ඒ වේලාට ඇඹේණියන් හා ඩබරක් කොට ගෙණ හුන්හ. තෙරුන් වහන්සේ ත් ‘තොපට නියම වූ මුහුණට රත් රන් මද , රන් රනක් සපයව’යි වදාළ සේක.

උයි ත් අඹුවන් කෙරෙහි කළා වූ ක්රො ධයෙන් කිපියවුන් සලකන කාරණ නැති බැවින් ‘මුඹ ගේ බුදුන් දියෙහි ලා පියන් නැ ‘යි කිවු ය. උන්ගේ ඇඹේණියෝ ද, ‘කියා ලූ නියා ව ඉතා ම නපුර.මා හා ඩබර කළ කල මට ම කරණ කියන දෙයක් මුත් නිරපරාධ බුදුන්ට කියා ලූ ලෙස තමාගේ තරමට තරම් ‍වත් ඔබට තරම් නො වෙ’යි කීහ. බඬාලාණෝ ද ඒ වේලේ සලකා පියා කියන්නා තබා සිතු ව මනා දෙයකු ත් නො වන හෙයින් ‘ස්වාමීනි, ක්ෂේමා කළ මැනැවැ’ යි කියා ලා තෙරුන් වහන් සේ වැඳ ගෙණ හොත්හ. තෙරුන් වහන්සේ ත් ‘තොප අපට වර දවා කී දෙයෙක් නැත. වරදවා කීවා බුදුන් ට වුව. ඔබ ම ක්ෂ්මා කරවා ගනිම් දැ’යි කීහ. ‘රන් මල් යෙළ යාළක් කරවා ලා දා කුස ලා ලා ඉසින් කනින් දියෙහි ගැලී තෙත් පිළී ඇති ව තෙක් හිස කේ ඇති ව ක්ෂලමා කරවව’ යි වදාළ සේක. උයි ත් ‘යහපතැ’යි ගිවිස රන් මල් කරණ තැනැත්තෝ පුතුන් තුන් දෙනාගෙන් වැඩි මාලු පුතණුවන් කැඳවා ලා පුත. හෙම්බා, බුදුන්ට වරදවා ලා කෝප බලයෙන් බසක් කියා පීමි. එ සේ හෙයින් ‍ෙම් රන් මල් කොට ධාතු නිධානයෙහි ලා ලා ක්ෂෙමා කරවමි. තොපි ත් ඊට සහා ය වව’ යි කිවු ය.

ඌ තුමු ඒ අසා ‘මා මුඹ වරදවා කියන්ට කීවා නැත. කර තොත් මුඹ ම කරන්නැ’යි කියා ලා සහාය නුවුහ. මැඳි බෑ පුත ණුවන් බණවා ලා එ ලෙස කී තැන උයි ත් මැළි ව දඬුවම් ලෙසින් වුව ත් කරණ පින් කමට සහාය නුවුහ. බාල පුතණුවන් කැඳ වා ලා සහාය වන්ට කී තැන ‘යහපත් වුව ත් නපුරු වුව ත් දෙ මවු පියන්ට පැමිණි කට යුත්ත දරුවන්ට භාර වේ දැ’යි සහාය ව රන් මල් කළහ. බඬාලාණෝ ත් වියත් සා විතර රන් මල් යෙළ යාළක් කොට ලා ධාතු නිධානයෙහි ලා ලා තෙත් පිළී හා තෙත් ඉස කේ ඇති ව බුදුන් ක්ෂකමා කැරවූහ. ක්ෂාමා කරවී ම නිසා ප්රතති සන්ධි විපාක ය නැති වුව ත් ප්‍රවෘත්ති විපාක බලයෙන් ආදි ත්



1136 සද්ධර්මරත්නාවලි ය

සවාරෙක ඉපැද ඉපැද ලා දියෙන් ගියහ. මේ කෙළවර අත් බැව ය. පසුව විපාක දී පියන්ට අවසරයක් නැති හෙයින් රහත් වන ජාතියෙ ත් ඉපැද ලා දියෙන් ගියහ. ඒ අකුශල විපාක ය ත් ගෙවිණ. යම් සේ උන්ගේ දරු වෝ දෙන්නෙක් රන් මල් කිරීමට නො ලැබුණා වූ න්ම රන් පර්වඉත ය උන් දෙන්නාට නො ලැබිණ. ජටිල සිටාණන් හා බාල පුතණුවන් රන් මල් එක් ව කළ බැවින් රන් පර්වණතයක් එක් ව උපන.

මෙ සේ ජටිල සිටාණෝ පුතුන්ට මාලු කම් කියා ලා බුදුන් ලඟ මහණ ව කී ප දවසකින් ම රහත් වූහ. බුදුහු එක් කලෙක පන් සියයක් දෙනා වහන්සේ හැර ගෙණ සිඟා වඩනා සේක් ජටිල තෙරුන් වහන්සේගේ පුතුන් තුන් දෙනාගේ ගෙට සිඟා වැ‍ඩිසේක. උයි ත් බුදුපාමොක් මහ සඟනට දෙ පෝ යක් මුළුල්ලේ මහ දන් දුන්හ. වහන්දෑ ද එක් දවසක් ධම් සෙබෙයි දී ජටිල තෙරුන් වහන්සේ බණවා ලා ‘ඇවැත්නි, අසූ රියන් රන් පර්වත යෙහි ත් පුතුන් තුන් දෙනා කෙරෙහි ත් ඇලුම නැත් දැ’යි විචාළ සේක. ‘මට එ බන්දෙක් නැතැ’ යි කී කල්හි වහන්දෑ ‘නැත කියා රහත් නියා ව හඟවන නියාදැ’යි කී සේක. බුදුහු ඒ අසා වදාරා ඔබට තෘෂ්ණාව කුමකු ත් නැති නියා ව හඟවන්ට බණ වදාරණ සේක් යම් කෙණෙක් රූපාදි වූ සාරමුණෙහි ස දොරින් පවත්නා තෘෂ්ණාව හැර ගිහි ගෙන් නික්ම මහණ වූ ද, මහණ ව රහත් වීමෙන් භව ක්ෂ ය කළා වූ ඔහු උතුමැ’ යි කියමී ‘ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිව්න දුටුහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ජටිල සිටාණන් අසූ ‍රියන් රන් පර්වහත ය පටන් මහා සම්පත් හැර ගොසින් මහණ ව භව ක්ෂ්ය කළා සේ ම ක්ෂනයට ම උත්සාහ කට යුතු.

306. ජොතීය තෙරුන් වහනසේ ‍ගේ වත සංස්කරණය

තව ද නො එක් ලෙසින් නස්නා සුලු සම්පත් හැර මහණ වීමට ත් නො නස්නා සුලු වූ නො හොත් කවුරුන් විසිනු ත් හැර පැහැර ගත නො හැකි සැපත් හැර මහණ වීමෙහි අරුවය දක්වන්ට ජොතිය තෙරුන් වහනසේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

අජාසත් කුමරහු දෙවිදතු උන් හා එක් ව ගෙණ උන්ගේ අසත් සමවායෙන් පියාණන් මරා රජ පැමිණි තැනැත්තෝ ‘ජොතිය සිටාණන් ‍ගේ මාළිගාව හැර ගනිමි’ සටන් සරහා නික්ම මැණික්


306. ජොතිය තෙරුන් වහන්සේ ගේ වත 1137

පවුරෙහි සිවුරඟ සෙනඟ සහිත වූ තමන්ගේ ඡායාව දැක ගොවියි පිත් සටන් සරහා ගෙණ නික්මිණි වනැ’යි සලකා ලා එළඹ ගත නුහුණු වු ය. ජොතිය සිටාණෝ ද එ දවස් පෙහෙව ගෙන බත් අනුභව කොට ලා වෙහෙරට ගොසින් බුදුන් ලඟ බණ අස අසා හුන්හ. පළමුවන දොරටුවෙහි රැකවල් ගෙන සිටි යමවොලී න්ම යක්ෂ යා පිරිවර යක් දහස හැර ගෙන කොයි එන නියා දැ යි කියා ලා මරා ලුහුබඳවා ගත. රජ්ජුරුවෝ බිඳී විහාරයට ම අවය. ජොතිය සිටාණෝ ද රජ්ජුරුවන් දැක ලා ‘කුමක් ද, රජ්ජුරුවන් වහන්ස’යි කියා ලා නැඟී සිටියහ. ‘සිටාණෙනි, තෙපි මා හා සටනට පිරිස මෙහෙයා ලා මුඹ අවුත් බණ අසන බඳුව ලා හුන්නා දැ’යි කිවු ය. සිටාණෝ තමන් ඒ වේලා වනතුරු නො දත් හෙයින් මාගේ මාළිගාව හැර ගන්ට වැ‍ඩියේ ඇත් දැ’යි විචාරා ‘එ සේ ය ‘යි කී කල්හි ‘මුඹ වහන්සේ එක රජ්ජුරුවන් වහනසේ තබා දහස් ගණන් රජ දරුවෝ ත් මා නො කැමති කරවා මාගේ සම්පත් ගත නො හෙන සේකැ’ කිවු ය.

‘ එ සේ කලට තොප ම රජ නියා වේ දැ’යි අජාසත් රජ්ජුරුවෝ කිපී ගියහ. මා රජ කුලයෙක නූපන් හෙයින් මට රජ කමුත් නැත. එ තෙකුදු වුව ත් මා නො කැමති කරවා මා සන්තක දා හුයක් විවර ව ත් රජ දරුවන් ආදි කවර කෙණකු ත් හැරගත නො හෙති’ යි කිවු ය. ‘සෙස්සන් හැර ගත නො හෙත ත් මම තොප නො කැමති කරවා ම හැර ගනිම්දැ’යි කිවුය. ‘එ සේ වීනම් රජ්ජුරුවන් වහන්ස, දැන් ම පරීක්ෂාය කොට හැක්ක. මා ගේ ඇඟිලි දසයේ කැටි ව මුඳු විස්සෙක් ඇත. මම එය රජ්ජුරුවන් වහන්සේට නො දෙමි. ඉදින් සපන් වුවොත් හැර ගත මැනැවැ ‘යි කිවු ය. රජ්ජුරුවෝ ත් වැළි ත් බිම කෙළිල්ලෙන් හිඳ ලා උඩ අහසට පිනූ නම් වඩුවෙන් අටළොස් රියනක් විතර පෙනෙති. කෙළින් සිට පිනූ නම් අටළොස් රියනක් විතරට පෙනෙති. ඒ තරම් බල ඇති රජ්ජුරුවෝ ත් නො එක් ලෙස යත්න කොට ත් එක මුන්දක් විවර ත් ගළවා ත නුහුණු වූ ය. මච්ඡරිය කොසිය සිටාණන් කබලු වේන කරන්ට උත්සාහ කොට වීඩා වූවා සේ විඩා ‍වූ පමණෙක.

සිටාණෝ ද සළු පට අතුට ලුව මැනවැ’යි කියා ලා ඇඟිලි ඊට නමා පෑ ලූ ය. මුඳු විස්ස ම සිටාණන්ගේ දීමෙහි අදහස ඇති වන්නා ම සළු පිට වැගිරීණ, ‘රජ්ජුරුවන් වහන්ස, මා සන්තක දෙයක් මා නො කැමති කරවා හැර ගත නො හැකි නියා ව තිලින් ම දත මැනවැ’යි කියා ලා කොට ලෟ ලෙසට මුසුප්පු ඇති ව

1138 සද්ධර්මිරත්නාවලි ය.

මා මහණ වන්ට අනුදත මැනව’යි කිවූ ය. රජ්ජුරුවෝ ත් ‘මුන් මහණ වූ කලට මාළිගාව ත් සම්පතු ත් නිරායාසයෙන් ම මට එන්නේ වේ දැ’යි සිතා දෛව යයි සිතා ගත නො හී එක බසින් ම ‘යහපත, මහණ වව’යි කිවූ ය. ජොතිය සිටාණෝ ද බුදුන් ලඟ මහණ ව මාලු පැවිද්ද ත් ලදින් නො බෝ කලකින් රහත් ව ජොතිය තෙරුන් වහන්සේ ය යි ප්ර්සිද්ධ වූහ. උන් වහන්සේ රහත් වන්නා ම සම්පත් මුළුල්ල ම අතුරුදන් විය. ඇඹෙණියනු ත් දෙවියෝ උතුරු කුරු දිවයින මා ලා ලූ ය.

එක් දවසක් වහන්දෑ ජොතිය ‍තෙරුන් වහන්සේ බණවා ලා ‘කුමක් ද ඇවැත්නි, තමන්ගේ ඒ රුවන් මහ පායේ වේව’යි සෙසු සම්පත වේව’යි, සිටු දුවණියන් කෙරෙහි වේව යි, ඇලුම් ඇත්දැ’යි විචාරා නැති හෙයින් ම ‘නැතැ’ යි කී කල්හි ‘මූ ස්වාමීනි, තැන්ත කියා රහත් නියාවක් හඟවති’කී සේක. බුදුහුත් ඔබට තෘෂ්ණාව නැති නියාව හඟවන සේක් ‘යම් කෙණෙක් සියල්ලෙහි ම ඇලුම් හැර ගොසින් මහණ ව රහත් වූ නම් භවක්ෂ්ය කළාවූ උන් උතුමැ’යි කියමි. එ හෙයින් ම පුතුන් ජොතිය තෙරුනු ත් රහත් වූ හෙයින් ඒ සියල්ලෙහි ම ආල ය නැත. තෙපි උන් කෙරෙහි අමුත්තන් නො සිතව’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ජොතිය තෙරුන් වහන්සේ භව සැපත් වළඳා කෙළවර නිවන් සම්පත් අත් කළා සේ පින් කම නො පමා ව හැසිර භව සැපතු ත් තෙල ලෙසින් ම වළඳා කෙළවර නිවන් අත් කටයුතු.

307. රහත් වූ දෙනමක ගේ වස්තු දෙක සංස්කරණය

තව ද යම් කෙණෙක් නිෂ්ප්රළයෝජන වූ කෙළී ලළුවෙහි ඇලුම් කොට ගෙණ සප්රනයෝජන වූ කුසල්හි ‍පවා වූ නම් විද්දත් ව ඉපැද ත් කෙළි ලළු හැර මහණ ව රහත් වූ දෙනමකගේ වස්තු දෙක දක්වා ප්රුයෝජනවත්නිමක් මෙ ලොව පර ලොව දෙකින් ම නැති කෙළි ලළු හරවා පින් කම හසුරුවන්නට ඒ වස්තු දෙක කියමු.

කෙසේ ද යත් -

දෙන්නම විද්දතුන්ට වුව මනා ‍නම් කෙළි ලළු ම හෙයින් කෙළ ඇවිදිනාහු බුදුන් ගේ බණ අසා මහණ ව රහත් ව ධ්යා න ක්රීළඩාවට පටන් ගත් සේක. එක් දවසක් ඒ දෙ නම බුදුන් හා කැටි ව

308. වංගීස තෙරුන් වහන්සේ ගේ වත සංස්කරණය

ගමට සිඟා ගිය කල්හි වහන්දෑ එක් විද්දතකු කෙළි පානාහු දැක විද්දත් ව මහණ වූ දෙ නමට ‘ඇවැත්නි, තෙලේ තමන් දෙ නම මහණ වන්නාට පෙරාතු කෙළි පෑ ඇවිද්දා වේ ද? දැනුත් තිලි ආල ය ඇත් ද’යි විචාරා ‘නැතැ’ යි කී කල්හි තෙලෙ ලෙස කියන්නට කාරණ කිම් ද? ශාසනික ව සිට ‘කීටා ගිරිකයන්ගේ කෙළි ලළුයෙහි පමණක් නැති හෙයින් ශාසනයෙහි ත් දුර්වවල අදහස් ඇත්තවුන් කෙ‍රෙහි නො පවත්නා නො ව ත් නැත්ත කියා රහත් නියාවක් හඟවන නිසා වේ දැ’යි සිතා ගෙණ එ පවත් බුදුන්ට දැන් වූ සේක.

බුදුහු ත් එ පවත් අසා ‘මහණෙනි, විද්දත් කුල හැර ආය්ය්සේක ජාතියට පැමිණී ම පුතුන්ට රහත් වූ තැන් පටන් ඒ අදහස් නැතැ’යි වදාරා යම් කෙණෙක් දෙව් ලෝ මිනිස් ලෝ දෙකෙහි ම ඇති ආයු ත් සම්පතු ත් හළවු ද? නවැත පස් කම් ගුණෙහි ඇලු මු ත් අරණ්යතවාසයෙහි උකටලිය ත් හැර වෙසෙත් ද? කාමයො ගාදී චතුර්විධ යොගයෙන් මිඳුනා වූ මාර්ග් ඥාන නැමැති ජලයෙන් එකොළොස් ගින්න නිවා ගත් හෙයින් ම නිකෙලෙස් වූ ඔහු උතු මැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කවර ලෙසිනු ත් නිෂ්ප්රළයෝජන දෙයෙක සිත් නො හෙළා කරණ කියන සිතන දෙයෙක් කුශල් ධම් වඩනා දෙයෙකට ම උත්සාහ කට යුතු.

309. වංගීස තෙරුන් වහන්සේ ගේ වත සංස්කරණය

තවද කෙ‍ තෙක් බාභ්යේ ශාස්ත්ර යෙනුත් ශාසනයට ප්රදයොජන නැති නියා ව හඟවන්නට වංගීස තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් - රජගහා නුවර වංගීස නම් බමුණාන කෙණෙක් මළ මිනිසුන් ගේ හිස් නිය පිටින් ගසා ලා ‘මේ නරකයෙහි උපන් කෙණෙකුන ගේ හිස ය. මේ තිරිසන් යොනියෙහි උපන් කෙ‍ණෙකුන් ගේ හිස ය. මේ ප්රෙනත ලොකයෙහි උපන් කෙණකුන් ගේ හිස ය. මේ මිනිස් ලොව උපන් කෙණකුන් ගේ හිස ය. මේ හිස දෙව්‍ ලොව උපන් කෙණකුන් ගේ හිස ය’යි ශාස්ත්රය බලයෙන් දිවසින් දක්නා සේ දකිති. බමුණෝ ද මුන් මුල් ව ලොව රවටා කා හැක්කැ යි සිතා ගෙණ උන් රත් පිළියක් හඳවා ලා රත් පිළියක් පොරවා ලා හැර

1140. සද්ධර්ම රත්නාවලිය

ගෙණ දනවුවල ඇවිදිනාහු මිනිසුන්ට ‘මේ අපගේ වංගීස නම් බමුණානෝ මළ මිනිසුන් හිස නිය පිටින් ගසා ලා උන් උපන් තැන් දනිති. තොප තොපගේ මළ නෑයන් උපන් තැන් විචාරව’යි කියති. මිනිස්සු ත් පැහැදීම් තරමට ම දස කළඳක් වුව ත් විසි කළඳක් වුව ත් සියයක් වුව ත් දහසක් වුව ත් දී ලා තමන් තමන් ගේ නෑයන් උපන් තැන් විචාරති. වංගීසයෝ ද හිස නිය පිටින් ගසා ලා මළවුන් උපන් තැන් කියති. ඒ බමුණෝ ත් මෙ ලෙසෙන් සැවැත් නුවරට ගොසින් දෙව්රම් වෙහෙරට නුදුරු තැනෙක නවාතැන් ගත්හ.

උයි ත් දාවල් බත් කා ලා හුන්නාහු බොහෝ දෙනා බණ අසන්නට යන්නවුන් දැක ‘කොයි යවු දැ’යි විචාරා බණ අසන්නට වෙහෙරට යම්හ’යි කී කල්හි ‘ඔබ ගොසින් කුමක් කරා ද? බණ අසන පමණෙක් ම වේ ද? දක්නා ඇරුම නැත්තේ වේ ද? තෙල උපගේ වංගීස නම් බමුණානෝ බලවත් කෙණෙක. මළ මිනිසුන් ගේ හිස නිය පිටින් ගසා ලා ඇසුණු හඬින් ම උපන් තැන් දනිති. තොප හැමගේම මළ නෑයන් උපන් තැන් විචාරව’යි කිවූ ය.

ඔහු ත් ඒ අසා ‘තොපගේ වංගීසයෝ කුමක් දනිත් ද? ඒ විෂයට අපගේ බුදුන් වැනි කෙණෙක් ඇත් ද? තොප ගේ වංගීස යෝ නරකාදියෙහි උපන් පමණක් දන්නා බව මුත් උත්පත්ති කාරණ වූ කර්මද විෂය1 ‘නො දන්නෝ වේද? අප ගේ බුදුහු කර්මත විෂය ත් දැන වදාරලසේකැ’යි කීහ. බ්රා ග්මණයෝ, කර්මඅ විෂය දනිත ත් නො දනිත ත් අපගේ වංගිසයෝ ම වඩිති’යි කීහ. මෙ ලෙස කියා පසු බැස්මක් නැති බැවින් කලහ වඩා ගෙණ ‘එසේ වී නම් තොප ගේ වංගීසයන් වඩනා නියා වේව යි, අපගේ බුදුන් වඩනා නියා වේව යි, එක් තැන් කොට ලා බලන්නට වුව මනා වේ දැ’යි බමුණනු ත් කැඳවා ගෙණ විහාරයට යන්ට නික්මුණාහ.

බුදුහු ත් උන් එන නියා ව දැන ලා නරකයෙහි ත් තිරිසන් යෝනියෙහි ත් මිනිස් ලොව ත් දෙව් ලොව ත් උපන් සතර දෙනකුගේ හිස් සතරක් හා රහත් තැනකගේ හිස ය යි හිස් පහක් ගෙන්වා ගෙණ පිළිවෙළින් තබ්බවා ලා උන් හැම දෙනා ආ කලට වංගීසයන්ට ‘තොපි මළ වූවන්ගේ හිස් නිය පිටින් ගසා පියා ලා උන් හැම උපන් තැන් දනු දැ’යි විචාළ සේක. ‘එ සේ ය. දනිමි’යි කී කල්හි පන්තීන් තැබූ හිස් වලින් මුල තිබූ හිස තෙලෙ කාගේ හිසෙක් දැ’යි විචාල සේක. වංගීසයෝ ත් හිස නිය පිටින් ගසා පියා නරකයෙහි උපන් කෙණකුන්ගේ ය’ කිවූ ය.

1. කර්මක විශෙෂ ය

308. වංගිස තෙරුන් වහන්සේ ගේ වත. 1141

බුදුහු ත් උන් ගේ සිත සතුටු කරවා සාධුකාර දෙවා වදාරා අනික් හිස් තුන ත් විචාරා උන් තිරිසන් යෝනියෙහි උපන් කෙණකුන් ගේ හා මිනිස් ලොව උපන් කෙ‍ණකුන් ගේ හා දෙව් ලොව උපන් කෙ‍ණකුන් ගේ හිසැ යි හිස් තුන ම තෝරා කියා ලූ කල්හි වෙන වෙනම සාධුකාර දෙවා වදාරාපස් වැනි ව තුබූ හිස පෑ ලාතෙලෙ කා ගේ හිස දැ’යි විචාළ සේක. ඌ නිය පිටින් ගසා පියා උපන් තැනු ත් නැති බැවින් ඒ දන්ට නිසි ශාස්ත්රද ය ත් තමන් කෙරෙහි නැති බැවින් නො දත්හ. බුදුහු ත් වංගීසයෙනි, ඒ හිස ඇත්තවුන් උපන් තැන් නො දනු දැ1’යි විචාරා නො දනිමි. කීකල්හි ඊ ස්වරූප මම දනිමි’යි වදාළ සේක. වංගීසයෝ ද තමන් ඒ හැම දන්නා මන්ත්රාසනුභාවයකින් හෙයින් බුදුන් ගේ දැන්ම ත් මන්ත්රඒ බලයෙකිනැ යි සිතා ‘එ ම මන්ත්ර ය මට දෙන්ට වුවමැන වැ’යි කීහ. මහණ ව උගතමනා මන්ත්රයයක් බැවින් මහණ නුවූ වන්ට දෙන්ට බැරි ය’යි වදාළ සේක.

වංගීසයෝ ද ‘මේ මන්ත්රම ය උගතිමි නම් ශාස්ත්රණ දැන්මෙන් මුළු දඹ දිවට උතුම් වෙමි’යි සිතා ලා බමු‍ණන් ‍නම් ශාස්ත්රැලොභී හෙයින් මහණ ව උපසම්පදාවත් ලැබ කීප දවසෙකින් ම විවසුන් මතුරු බලයෙන් රහත් ව රහතන් ගේ හිසු ත් රහත් හිස යි දන්ට බල ඇති ව බමුණන් අවුත් මහණ වන්ට යන ගමනේ කළ කථා ලෙසට මන්ත්රය උගත් නියා ව විචාළ කල්හි යම් මන්ත්රේයක් අරභයා විචාරත් නම් ඒ මන්ත්ර ය උගන්නට තමන් වහන්සේ අයොග්යේ නියාව ත් බමුණානන් කරා ගමන් තබා සසර ගමන් නැති නියාව ත් කී සේක.

වහන්දෑ ද එ පවත් අසා ‘මුන් මහණ වූයේ කවදා ද? මෙ තෙක් කල් මහණ වූ අප හැම හින්ද දී මුන් ම ‍රහත් වූ නියා දැ’යි ඇදහිලි නැති ව බුදුන්ට දන් වූ සේක. බුදුහු ඔබ රහත් නියා ව හඟවන සේක් ‘මහණෙනි, යම් කෙණෙක් සත්වපයන් ගේ චුති - පුති සන්ධි දෙක දිවැස් ඇති බැවින් දනිත් ද, කිසිවෙක ත් ඇලුම් නැත්යතෝ ද, පිළිවෙත මනා ව පිහිටියෝ ද, චතුරාය්ය් ඇ සත්යන ය දැන සිටියෝ ද, උන් උතුමැ’යි කියමි. දෙවියන් වුව ත් මිනිසුන් වුව ත් යම් කෙණකුන් ගේ නිවී ගිය පහණෙක ඔබ්බෙක පිහිටීම නැත්තා සේ භවොත්පත්ති ය නැති හෙයින් උත්පත්ති ය නො දකිත් ද එ සේ වූ රහතන් තෙලෙ ලෙස කියන්ට ම තරම. මෙ ලෙස කියාදී ත් තෙපි උන් කෙරෙහි හැදහිල්ල නැත්තා නම් තොපට වන හානි මුත් තෙල ලෙස


1 නො දකු දැ යි

1142 සද්ධර්මදරත්නාවලි ය

කීමෙන් උන්ට වන හානි නැතැ ‘යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙ‍යින් නුවණැත්තවුන් විසින් සොපද්රෙව වූ මන්ත්රක ශාස්ත්රා්දියෙහි ඇලුම් හැර නිරවද්යන ව තිබෙන කුශලයෙහි ම හැසිර සියලු ලෙසින් ම නිරපද්රවව වූ නිවන් ම අත් කට යුතු.

309. ධම්ම දින්නා වහන්දෑ ගේ වස්තුව සංස්කරණය

තව ද ගුණ ඇත්තවුන් ගේ ගුණයෙහි පහදු ත් මුත් ගුණමකු නොවීම් සඳහා ධම්ම දින්නා වහන්දෑ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

උන්දෑ ගිහි අවස්ථාවෙහි ස්වාමී ව සිටි විශාඛ නම් උපාසක යෝ එක් දවසක් බුදුන්කරා ගොසින් බණ අසා අනගැමි ඵලයෙහි පිහිටා ‘මා ගේ සියලු සම්පත් ම මා ඊ ඇලුම් නැති බැවින් ප්රියෝජන විඳින්ට නිසි ව සිටි ය ධම්මදින්නාවන්ට නිල කෙළෙමි. යම් යහපතැ’යි සිතූහ. ඌ තුමූ ඊට පෙරාතු ගෙට එන කල ධම්මදින්නාවන් කවුළු දොරින් බලා සිටිනවුන් දැක සිනාවක් පහළ කෙරෙති. එ දවස් ඒ දිග නො බලා ම නික්මුණා හ. ධම්මදින්නා වෝ ත් කාරණකිම් දෝ හෝ’යි සිතා ‘වන්නාට, බත්කන වේලේ දී විචාරමි’යි සිතා ලා බත් කන්ට හුන් කලට බත් ලා ලා සිටියෝ ය. මෙ‍ තෙක් දවස් විශාඛයෝ කැටි ව හිඳ බත් කන්ට ධම්මදින්නා වන් කැඳවති. එ දවස් නො කැඳවා ම බත් අනුභව කෙරෙති. එන ගමනේ මා දසාව බලා නූපූයෙ ත් බත් කන්ට නො කැඳ වූයේ ත් මා කෙරේ මුසුප්පුවක් ඇති වනැ’යි සිතූ හ.

විශාඛයෝ ත් බත් කා ලා සුවසේ හුන් වේලේ දී උන් කැඳ වා ලා ‘මේ ගෙයි සියලු සම්පත් තොපට දෙම්හ. තෝ ප්රූයෝජන විඳුව’යි කීහ. ධම්මදින්නාවෝ ත් ‘මුසුප්පුවක් ඇති කෙණෙක් සම්පත් නිල කෙරෙත් ද? කාරණ කිම් දෝ හෝ ‘යි සිතා ‘මුඹ නැ’යි කිවූ ය. මම මෙ වක් පටන් සම්පතෙක නො බැ‍ඳෙමි’යි කී කල්හි ධම්මදින්නාවෝ ත් තමන් කළ පින් ඇති හෙයින් ‘කාරා දමා පු කෙළ පිඬක් සේ මුඹ නිරාල ය ව හළ සම්පත් මට හැයි’ ද? මාත් මහණ වන්ට අනුදත ‘මැනැවැ’යි කිවූ ය. උඹත් යහපතැ’යි ගිවිස මහ පෙරහරින් උන් මෙහෙණවරට ගෙණ ගොසින් මහණ කරවූහ.

310. අඟුල්මල් මහ තෙරුන් වහන්සේගේ වත

උන්දෑ ද උපසම්පදාව ත් ලදින් විවේකාර්ථි ව මෙහෙණිනි වහන්දෑ හා කැටි ව දනවුවට ගොසින් එහි වසනා දෑ නො බෝ කලෙකින් ම පිළිසිඹියා පත් රහත් ව සෙස්සවුන්ට පිරෙන පින් නෑයන්ට පිරෙන නිසා නැවත රජ ගහා නුවරට ආ දෑ ය. විශාඛ නම් උපාකයෝ ත් උන් දෑ ආ නියා ව අසා කුමක් නිසා ආ නියා දෝ යි සිතා මෙහෙණවරට ගොසින් ස්ථවිරියන් දෑ වැඳ ලා එකත් පස් ව හිඳ සස්නෙහි උකටලී ඇති ව ආ නියා දැ යි විචාරීම යුක්ත නො වන්නේ වේ ද යි සිතා ‘ලොවුතුරා වි‍ෂයෙන් ප්රචශ්නයක් විචාරමි. ඒ ප්රවශ්න අධිගත කෙ‍ණකුන්ට මුත් කියා ලීම බැරි බැවින් කියා ලූ සේක් නම් අධිගම ලත් නියා ය. අධිගත කලට උකටලී නැත්තේ වේ දැ’යි සිතා ශ්රො ත ආපත්ති මාර්ග‍ විෂයෙහි ප්රහශ්නයක් විචාරමි. ඒ ප්රමශ්ණ අධිගත කෙණකුන්ට මුත් කියා ලීම බැරි බැවින් කියා ලූ සේක් නම් අධිගම ලත් නියා ය. අධිගත කලට උකටලී නැත්තේ වේ දැ’යි සිතා ශ්රොිත ආපත්ති මාර්ගට විෂයෙහි ප්රේශ්න විචාළයහ. ස්ථවිරයන්දෑ ද විසඳු දෑ ය. උපාසක යන් සෙදැගැමි අනගැමි - මග ත් ප්රහශ්න විචාරා රහත් මග ත් ප්රාශ්න විචාල කල්හි උන් තව රහත් නු වූ හෙයින් ‘ඒ තව තොපට විෂය නොවෙයි. කැමැත්තා නම් බුදුන් කරා ගොසින් විචාරව’යි කිවූ දෑ ය. උයි ත් බුදුන් කරා ගොසින් තමන් ප්ර්ශ්න විචාළ ලෙස ත් ධම්මදින්නාවන් දෑ විසඳූ ලෙසක් මුළුල්ල ම බුදුන්ට දැන්වූහ. බුදුහු ත් ඒ අසා ධම්මදින්නාවන් කී නියා ව ඉතා ම යහපත. මා වුව ත් තෙලෙ ප්ර ශ්න විසඳන්නේ තෙලෙ තරමේ ම ය’යි වදාරා බණ වදාරණ සේක් ‘යම් කෙ‍ණකුන්ට ගිය දවස පැවැති පස් ක‍ඳෙහි ත් මතු එන දවස පවත්නා පස්ක‍ඳෙහි ත් ඇල්මෙක් නැත් නම් සියලු ලෙසින් ම නිකෙලෙස් වූ ඔහු උතුමැ යි කියමී’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යට ගිය දවස පැවැති ස්කන්ධයන් කෙරෙහි ඇලුම් හැර ගත නුහුණු ත් දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ඇලුම් හැර ‍ෙම් ජාතියෙහි භව ක්ෂැය කට නුහුණ ත් ආයති කාලයෙහි භව ක්ෂ යට උත්සාහ කට යුතු.

310. අඟුල්මල්මහ තෙරුන් වහන්සේගේ වත සංස්කරණය

තව ද රහතන්ට භය නැති නියා ව හඟවන්නට අඟුල්මල් මහ තෙරුන් වහන්සේ ගේ වත කියමු. ‍

කෙ සේ ද යත් - මල්ලිකා බිසොවුන් ගේ නියොගයෙන් දුෂ්ට ඇතා අඟුල්මල් මහ තෙරුන් වහන්සේට කුඩ ය අල්වා ගෙණ සිටියා බලා

1144 ධර්මහරත්නාවලි ය

‘ඇවැත්නි, බා ගියේ ඇත් දැ’යි විචාළ කල්හි ‍ ‘භයෙක් නැතැ’යි කී හෙයින් ‘ස්වාමීනී, අඟුල්මල් තෙරහු නැත්ත කියා රහත් නියාවක් හඟවති’ යි වහන්දෑ ත් බුදුන්ට දැන් වූ සේක. ඔබ රහත් හෙයින් භය නැති නියා ව බුදුහු වදාරණ සේක් යම් කෙ ණෙක් නැති ගැන්මෙක් නැති බැවින් වෘෂභ රාජයක්හු වැන්නේ ද, ශීල සමාධ්යාසදි උත්තම ගුණ යොගයෙන් උතුම් වුහු ද, වඩන ලද චතුර් විධ සම්ය,ක් ප්රධධාන වීය්ය්ග ඇත්තෝ ද, මහත් වූ ශීලස්කන්ධාදීන් ගවෙෂණ ය කෙරෙත් ද, තුන් මරුන් දිනා සිටියෝ ද, අර්හත් මාර්ග, ඥාන නමැති පැණින් කෙලෙස් කුණු සෝධා නහා සිටියෝ ද, චතුරාය්ය්ර්හ සත්යන ට දත්හු ද, උන් උතුමැ යි කියමි. අඟුල්මල් තෙරුනු ත් මෙ බඳු තරම් ඇති හෙයින් උන්ට භය නැති හෙයින් ම පුත්හු තමන්ට භය නැතැ’යි කිවූ ය’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සසර භය නුව මනා වී නම් රහත් වීමට ම උත්සාහ කට යුතු.

311. දෙවංගික බමුණානන් පැන විචාළ වත සංස්කරණය

තව ද ගිලන් පස ය විනවූවන්ට ත් විරොධ නැති නියා ව හඟවන්නට දෙවංගික බමුණානන් පැන විචාළ වත දක්වමු.

කෙ‍ සේ ද යත් -

එක් සමයෙක බුදුහු ඇඟ පහරනා රුජා ඇති ව උපවාන තෙරුන් වහන්සේ හුණු පැනක් ඉල්වා ගෙණ එන්ට දෙවංගික නම් බමුණානන් ගේ ගෙට යවා වදාළ සේක. උන් වහන්සේ ත් උන් කරා ගොසින් බුදුන්ට රුජා ඇති නියා ව වදාරා හුණු පැනක් ඉල්වූ සේක. ඒ බමුණානෝ සතුටු ව ගොසින් මට වූයේ බලවත් වූ ල‍ාභයෙක. බුදුන් මා ගෙන් හුණ් පැනක් ඉල්වා එවූ ගමනින් ම මාගේ තරම් සිටියේ ය’යි සිතා ගෙණ උණු පැන් කදකු ත් මිනිසකු ලවා ගෙන්වා ගෙණ යන්ට නිල කොට ලා උක් පැණි මුලකු ත් උපවාන තෙරුන් වහනසේ අතට පිළිගන්වා ලූහ. තෙරුන් - වහන්සේ ත් ඒ ගෙන්වා ගෙණ වෙහෙරට ගොසින් බුදුන් හුණු පැණින් නාවා පියා හුණු පැනෙයි පැණි වත් කොට කලන්දු කොට ලා බුදුන් වළඳවා ලූහ. ඒ ඇසිල්ලෙහි ම රුජා නැති වි ය. බමුණානෝ ‘කවුරුන්ට දුන් දෙයෙහි විපාක බලවත් දෝ හෝ’යි ඒ බුදුන් විචාරමි’ බුදුන් කරා ගොසින්-

312. මඞ්ගල සූත්රෝ අටුවා ආදී වූ කථාන්තර සංස්කරණය

“කත්ථ. දජ්ජා දෙය්යිධම්මං - කත්ථ දින්නං මහප්ඵලං, කථං හි ය ජමානස්ස - කථං ඉජ්ඣති දක්ඛිණා”

යනු හෙයින් ‘කො තැනකට දුන්දෙයෙහි විපාක බලවත් දැ’යි විචාළෝ ය. බුදුහු ත් යම් තැනකට දුන් ‍දනෙහි විපාක බලවත් වී නම් ඒ තැන් ‍දක්වන සේක් ‘යම් කෙණෙහි ත්රිැ විද්යාිව සිද්ධ වී මෙන් පෙර විසූ කඳ පිළිවෙළ දනිත් ද, සප්ත කාම ස්වර්ගැ ය හා බඹ ලෝ විස්ස ත් සතර අපාය ත් දිවසින් දකිත් ද, රහත් වීමෙන් විශිෂ්ට වූ නුවණින් දත යුත්ත විශිෂ්ට වූ නුවණින් දැන, පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දැන, පැහිය යුත්ත පාහා, සාක්ෂා ත් ‍කට යුත්ත සාක්ෂාිත් කොට හෙවත් දුක් පිරිසිඳ දැන තෘෂ්ණාව නසා මාර්ගා හවමින් නිවන් සාධා ගෙණ සිටියෝ නම් උන්ට දුන් දෙයෙහි විපාක ත් බලවත. උන් උතුමැ’යි කියමි’ වදාරා දෙශනාව නිමවූ සේක. මේ දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. බමුණානෝ ත් තුනුරුවන්හි පැහැද සරණ සීලයෙහි පිහිටා උපාසක වූහ. මේ දෙශනාව පස්වා දහසක් මුළුල්ලෙහි බොහෝ දෙනාට චින්තා මාණික්යෙ - කල්ප වෘක්ෂම - කල්ප ලතා - භද්රයඝටාදියක් මෙන් ඉස්ටාර්ථ සාධක විය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ගිලන් තැනට උපස්ථාන කිරීම ත් බුද්ධවර්ණිත කුශලයක් බැවින් එහි හැසිර ගිලනු ත් ලෙසින් මුඳන සේ අකුසලින් දුරු ව උන් ආරොග්ය තාවෙහි පිහිටියා සේ කුසල්හි පිහිටා ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කරන්නට උත්හාස කට යුතු.

313. මඞ්ගල සූත්රා අටුවා ආදී වූ කථාන්තර සංස්කරණය

තව ද අකුසලින් දුරු වීමට හළ මනා දෙය ත් කුසල් හි පිහිටි මට කළ මනා දෙය ත් දක්වනු පිණිස මඞ්ගල සූත්රහ අටුවා ආදී වූ කථාන්තර ත් දක්වමු.

කෙ‍ සේ ද යත් -

දඹ දිව් තෙලෙහි ප්ර සිද්ධ ව තිබෙන නුවර වලින් බරණැස් නුවර ය, සැවැත් නුවර ය, ලිච්ඡවි රජුන් ගේ විසල් මහනුවරය. මිහිළි නුවර ය. අළවු නුවර ය, කොසඹෑ නුවර ය, තක්සලා නුවර ය, කාළ චම්පා නුවර ය, මදු රට සාගල නුවර ය; නුවරට බිම බලන දවස් කිඹුලකු හඬාපී හෙයින් හෝ කිඹුලකු වැනි ගල තලක් නුවර ගාවා ඇති හෙයින් සුංසුමාරගිර නම් නුවර ය. මහාමන්ධාතු ආදී වූ රජ දරුවන් විසින් පරිග්රාහ ය කරණ ලද


1146 සද්ධර්ම රත්නාවලි ය

හෙයින් හෝ ගිජ්ඣි කූට වෙ‍හරාදී පර්වතවලට මද්ධ්ය් හෙයින් හෝ නොහො ත් බබළන්නා වූ මාළිගා ගෙවල් ඇති හෙයින් රජ ගහ නුවර ය, ශාක්යි රජුන් ගේ කිඹුල් වත් නුවර ය, සාකෙත නුවර ය, කුරු රට ඉඳිපත් නුවර ය, පැළලුප් නුවර ය, ජයතුරා නුවර ය, සකස් පුර නුවර ය, මල්ල රජුන් ගේ කුසිනාරා නුවර ය, යන මෙකී නුවර වල ත් අඟු රට කම්පිල්ල රට ආදී නො එක් රට වල ත් ශාක්ය දනවු ආදී වූ නො එක් දනවුවල ත් මිනිස්සු සකල සම්පත්තීන් සමෘද්ධ කාල ය හෙයින් බොහෝ දෙන රැස් ව පියාකයට සිතට දුක් නැති හෙයින් නිකම් නො කියන හෙයින් රන්රත් රන් ආදි ය දී පියා ත් කළ මනා වූ කුශල සන්නිශ්රි්ත කථා නො ව රාම ශීතා කථා දී වූ ස්වර්ගම මොක්ෂව බාධක කථා කියවති. ඉන් එකි එකී කථාවක් ම වහා නිමවන්ට නැති ව සාර මසකින් නිම යි.

එක් දවසක් රැස් ව හුන්නවුන් ගෙන් එක් කෙණකුන් ‘මඟුලට යම්හ’යි කී කල්හි ‘මූ මඟුලට යම්හ’යි කියති. මඟුල නම් තමා ක‍වරේ දැ’යි උපදවා ගෙණ කරණ කථා අතුරට මේ මඞ්ගල කථාව ත් තමා වැඩ කරු කථා හෙයින් පහළ වි ය. රැස් ව හුන්නවුන් ගෙන් එක් කෙණෙක් ‘මඟුල් නම් අභිවෘද්ධි කාරණ ය’යි මෙ විතරකින් කියා පියා ‍තබා නො පියා නැවත ‘දන්නාතැනකින් විචාරම්හ’යි කියා ත් නො පියා ‘මම මඟුල් දනිමි. මේ ලෙව්හි යම් කිසි කෙණෙක් නිඳා නැඟි සිට සරළුවන් දකිත් ද, නැවත බෙල් යටක් හෝ දකිත් ද, දැරී ඇති කෙණකුන් හෝ දකිත් ද, වැළවළලු ලා සරහා ලත් බාල දරුකෙණකුන් හෝ දකිත් ද, නැවත පිරුණු පැන් කළයක් හෝ දකිත් ද, අලුත් රේමසකු හෝ දකිත් ද, ආජානීය අශ්වයන් හෝ දකිත් ද, ආජානීය අශ්වයෙන් යෙදූ රථයක් හෝ දකිත් ද, බැමිණුවන් දෙනුන් හෝ දකිත් ද, තවත් අනිකු ත් මෙ බන්දක් දුටුවු නම් ඒ මඟුලැ’යි කිවූ ය.

උන් ගේ බස් සමහර කෙණෙකුන් තමන් දන්නා මඟුලු ත් එ තෙ ක් ම හෙයින් ගිවිස ගත්හ. සමහර කෙණෙක් තමන් නො ගිවිස්සහ. යම් කෙණෙක් නො ගිවිස්සෝ නම් ඌ තුමූ දුටු දෙය මඟුලැ යී කීවවුන් හා විවාද කොට ගෙණ ‘ඇස නම් යහපත ත් දක්කි, නපුරත් දක්කි, ඉදින් ඇසින් දුටු දෙය මඟුප් වේ නම් දුටු යම් දෙයක් ම මඟුල් වුව මැනව. එ‍ සේ කලට ඒ යුක්ති නො වෙයි. අපි මඟුල් දනුම්හ. මේ ලෙව්හි යම් කෙණෙක් නිඳා නැඟී සිට ‘වඩත්’ යන බස හෝ ‘වඩ මනා යන බසක් හෝ ‘පුණ්ණයෙනි’ යන බසක් හෝ ‘ඵුස්සයෙනි’



312. මංගල සූත්ර අටුවා ආදී වූ කථාන්දර

යන බසක් හෝ ‘සුමනයෙනි, යන බසක් හෝ ‘ශ්රිකයා ය’යි යන බසක් හෝ ‘ශ්රිප වැඩි ය’යි යන බසක් හෝ අද නකත් මොහොත යහපත, දවස් යහපතැ’යි යන බසක් හෝ තවත් අනික් යහපත් බසක් අසත් ද කනට ඇසුණු දෙය ම මඟුලැ’යි කිවූ ය. උන් ගේ ඒ කථා ත් සමහර කෙණෙක් ගිවිස්සෝ ය. සමහර කෙණෙක් තමන් මඟුල් නො දනිත ත් නො ගිවිස ‘කනට නම් යහපත ත් ඇ‍ෙස යි. නපුර ත් ඇසෙයි. කනට ඇසුණු දෙය ම මඟුල් වේ. නම් මේ ලොව නපුරු මුව හොරා නැති නියා වේ දැ’යි වාද කළහ.

විවාද පමණෙකින් තබා පූ කලට තමන්‍ ගේ දැනුමක් හෝ නො දැන්මක් හෝ නො පෙනෙන හෙයින් ගොඩිගළ කම් හඟවා ‘අපි මඟුල් දනුම්හ. මේ ලෙව්හි යම් කෙණෙක් නිදා නැඟී සිට නාසයට ඇසෙනු සඳුන් සුවඳ ආදී වූ සුවඳක් අසත් නම් එයි ත් මඟුල. නැවත අලුත් දැවිටි දණ්ඩක් කැවූ නම් ඉදින් දිවට දැනුණු රස ය ත් මඟුල. පොළොව අල්වා හෝ නිලිගත් ‍ගොයම් අල්වා හෝ අලුත් දාපු ගොයමක් අල්වා හෝ කැස්බකු අල්වා හෝ තල ගොයක් අල්වා හෝ නා මල් සපු මල් ආදියක් අල්වා හෝ වැල වරකා ආදී වූ ඵලා ඵලයක් අල්වා හෝ යම් පහසක් ලද්දු නම් ඒ පහසත් මඟුල, මඟුල් වේ නම් මෙ තුන ය’යි කිවූ ය.

උන් ගේ කථා ත් සමහර කෙණෙක් ගිවිස ගත්හ. සමහර කෙණෙක් ‘ඒ කිම්ද? නාසයට සුව‍ඳෙක් ම ඇසේ නම්, දිවට යහපත් රස ම දැනේ නම්, ඇඟට යහපත් පහස් ම දැනේ නම් තෙල යුක්ති ය. නාසයට නම් සුවඳ ත් ඇසෙ යි. දුගඳ ත් ඇසෙයි. දිවට යහපත් රස ත් නපුරු රස ත් දැනෙ යි. කයට යහපත් පහසු ත් නපුරු පහසු ත් දැනෙයි. නාසයට ඇසුණු දෙය හා දිවට දැනුණු දෙය හා කයට හැඟණු දෙය හා හැම මඟුල් වේ නම් කුණු ගඳ ත් ඇසී ගිය කලට නාසය හකුළු වන්නේ හැයි ද? තිත්ත දෙයක් සපා පියා මූණ හකුළුවන්නේ හැයි ද? තිත්ත දෙයක් සපා පියා මූණ හකුළුවන්නේ හැ යි ද? වස කෑ කල මියන්නේ හැයි ද? ගල පිට දඬු පිට වැද හොත් කලට ‘පිට රෙදෙ යි ඇල ය රෙදෙ යි’ කියන්නේ ත් හැයි ද, තෙලේ ත් අයුක්ති ය’යි ඇසූ දෙය මඟුලැ යි කිවවුන් හා විවාද කළහ.

දුටු දෙය මඟුලැ යි කීවො ත් ඇසූ දෙය මඟුලැ යි කීවො ත් නාසයෙන් ඇසුණු දෙය හා දිවින් දත් රස ය ‍හා කයට හැඟුණු පහස ම මඟුලැ යි කීවොත් පිළිවන් ව පෙනෙන හෙයින් ඔවුනොවුන් හා විවාද කරණ පමණක් මුත් තමන් කියා කියා ලූ


1148 සද්ධමර්මමරත්නාවලිය

දෙය කාරණා කියා සිටුවා ලිය හෙන්නෝ නැත. මෙ ලෙසින් මේ මඟුල් කථාව දඹ දිව මුළුල්ලෙහි ම ප්රනසිද්ධ වි ය. දඹ දිව් වැසි මිනිස්සු මුළුල්ල ම මුළු මුළු ව පියා ‘වැළි මෙ හැම මඟුල් නො වන කලට මඟුල් නම කවරේ දෝ හෝ යි සිතන්ට වන්හ. උන්‍ ගේ වසයෙන් රකවලට සිටිනා දෙවියෝ ත් ‘ මඟුල් නම් කවරේ දෝ හෝ ’ යි සිතන්ට වන්හ. උන් ගේ වසයෙන් උන්ට මිත්රත ව හිඳිනා ගස් කොළවල වසන දෙවියෝ ද මඟුල් ම සිතන්ට වහ්න. උන් ගේ වයසෙන් උන්ට මිත්රො ව හිඳිනා සව් මහ රජයෙන් පාත අහස වසන දෙවියෝ ත් සිතන්ට වන්හ. උන්‍ ගේ මිත්ර ව හිඳිනා සව් මහ රජයෙහි දෙවියෝ ත් මඟුල් සිත්නට වන්හ. උන් ගේ වසයෙන් උන්ට මිත්ර ව හිඳිනා තව්තිසා වැසි දෙවියෝ ය. උන් ගේ වසයෙන් උන්ට මිත්රි ව හිඳිනා යාම දෙව් ලොව දෙවි යෝ ය. යාම දෙවියන්ට මිත්රඋ වූ තුසී පුර වැසි දෙවියෝ ය. උන්ට මිත්රම වූ නිර්මාමණරති දෙවියෝ ය. උන්ට මිත්ර වූ පරනිර්මිත වසවර්තී දෙවි ලොව දෙවියෝ ය යි මේ දේවතාවෝ ත් ‘මඟුල් නම් කව‍රේ දෝ හෝ ‘යි සිතන්නට වන්හ.

සිත්නට සිත් නැති හෙයින් හා අසන්නට කන් නැති හෙයින් අසඤ්ඤයන් හා සිතන්ට සිත් ඇත ත් අසන්නට කන් නැති හෙයින් අරූපී බ්රනහ්මයන් හැර සෙසු බඹ දෙවියෝ ත් මඟුල් සිතන්ට පටන් ගත්හ. මේ මඟුල් කථාව මේ දඹ දිව යම් සේ පැවැත්තේ වී නම් දෙවි බඹුන් ගේ වසයෙන් දස දහසක් සක්වල මවුළුල්ලෙහි ම පැවැත්තේ ය. ‘මඟුල් නම් කවරේ දෝ හෝ ‘යි සිතිවිල පමණක් මුත් මෙ ම මඟුලැ යි යන ලබ්ධිය නැති හෙයින් නිවන් දුටුවවුන් හැර සියලු ම දෙවි මිනිස්සු ඇසින් දුටු දෙය මඟුලැ යි ලබ්ධි ගත් එක් පක්ෂුයෙක, නාසයට ඇසුණු ගන්ධ ය හා දිවට දැනුණු රස හා කයට හැඟුණු පහස හා තුන මඟුලැ යි ගත් එක පක්ෂසයෙකැයි තුන් පක්ෂටයෙක් වූහ. මෙසේ පක්ෂස වූ පමණක් මුත් ඔවුනොවුන් ගිවිස්වා ගත නො හෙති. කොලාහල පසින් මේ මඞ්ගල කොලාහල ය සනිටුහන් නැති ව මිනිස් ලොව හවුරුදු ගණනින් දොළොස් හවුරුද්දක් පැවැත්තේ ය.

කොලාහල පසින් අනික් කොලාහල සතර කවරේ ද යත්- කප නස්නට අවුරුදු ලක්ෂලයක් තිබිය දී ම කල් තබා කාමාවචර දෙවියෝ රත් සළු හැඳ ගෙණ හිසකේ උනා පිට හෙළා ගෙණ හඬමින් වලපමින් ඉතා නපුරු වෙස් ඇති ව මිනිස් ලොවට බැස පියා ‘හෙම්බා, නිදුක්නි, මෙ වක් පටන් අවුරුදු ලක්ෂියක් ගිය කලට සත් හිර පහළ වීමෙන් කප නස්සී. කෙළ ලක්ෂම



312. මඞ්ගල සූත්ර් අටුවා ආදී වූ කථාන්තර

සක් සක් වල එක පැහැර නස්සි. මහ මුහුද වියළෙ යි. මහ පොළව ත් මහ මෙරත් නස්සි. නො නස්නා බඹ ලොව තබා සෙ‍සු බඹ ලොව පටන් උඩින් නස්සි. නිදුක්නි අනික් පිණක් නැති බැවින් ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් පතුරුවව දුක්ඛිතයන් කෙරෙහි කරුණා ත් ඇති වව. සුඛිතයන් කෙරෙහි මුදිතා ත් ඇති වව. උපෙක්ෂාැ ත් ඇති වව. දෙ මවු පියන්ට උපස්ථානත් කරව. කුල දෙටුවන් පුදව. නො පමා වව’යි කියා ඇවිදිති. මේ කල්ප කෝලාහල ය.

සක්විති රජුන් උපදනාට පෙරාතු හවුරුදු සියයක් තිබැදී කාමාවචර දෙවියෝ ම මිනිස් ලොවට බැස මෙ වක් පටන් හවුරුදු සියයක් ගිය කලට සක්විති රජ්ජුරු කෙණෙක් ලොව පහළ වෙතී කියා ඇවිදිති. මේ සක්විති කොලාහල ය.

යම් කලෙක බුදු කෙණකුන් වහන්සේ ලොව පහළ වන සේක් නම් හවුරුදු දහසක් තිබියදී ම පෙරාතු කොට ම අනැගැමි බඹු බ්රාමග්මාභරණයෙන් අමුතු‍වන් ව සැරහී ගෙන ශුද්ධාවාස බඹ ලොවින් මිනිස් ලොවට බැස පියා මෙ තැන් පටන් හවුරුදු දහසක් ගිය කලට බුදු කෙණකුන් වහන්සේ ලොව පහළ වන සේකැ’යි කියා ඇවිදිති. මේ බුද්ධ කොලාහය නම් වෙයි.

කල්ප කෝලාහලය ත් චක්රදවර්තී කොලාහල ය ත් බුද්ධ කොලාහල ය ත් දෙවි - බඹුන් කියා ඇවිදිනා හෙයින් කෝලාහල වවන්නාට ය. මඞ්ගල කථාව කෝලාහලය වූයේ කෙසේ ද යත් - අනැගැමි බඹු ම දෙවි මිනිසුන්ගේ අදහස් දැන ගෙන මිනිස් ලොවට බැස ලා ‘දොළොස් හවුරුද්දක් ගිය කලට බුදුහු මඟුල් වදාරන සේ කැ’යි කියා ඇවිදිති. ඒ තමා ත් උපදනේ බුදුන් උපන් සමයෙක. එ හෙයින් ඒ මඞ්ගල කෝලාහල නම් වෙයි.

තව ත් අනැගැමි බඹු ම මිනිස් ලොවට බැස පියා සත් හවුරුද්දක් ගිය කලට එක් කෙණකුන් වහන්සේ බුදුන් කරා එළඹ මුනි භාව ය කරන්නා වූ පිළිවෙත් විචාරණ සේකැ’යි කියා ඇවිදිති. මේ මොනෙය්යප කොලාහල නම් වෙයි.

මෙසේ මේ කොලාහල පසින් මඬ්ගල කොලාහල ය ලොව පහළව මඟුල් දැනගත නො හී මෙන් ම දොළොස් හවුරුද්දක් ගිය කලට තව්තිසා වැසි දෙවියන්ට උන්ගේ දීන වසයෙන් සත් පෑ දොළොස් විනාඩිගාවක් විතර ගිය කලට තව්තිසා වැසි දෙවියෝ එක් තැන්

1150 සද්ධර්මිරත්නාවලි ය

වලා ‘නිදුක්නි, යම් සේ ගෙහිමියෙක් ගෙයි මිනිසුන්ට මුදලි ද, ගම් මුදලියෙක් ගම් වැස්සන්ට මුදලි ද, රජ්ජුරු ‍කෙණෙක් රට වැස්සන්ට නායකයෝ ද එ පරිද්දෙන් සක් දෙවිඳුහු අප දෙව් ලොව දෙවියන්ට නායක සේක. උන් වහන්සේට මෙ පවත් කිව ‍මනා වේ දැ’යි ශක්රටයන ත් ඒ ඇසිල්ලට නිසි වූ සළු හැඳ ආභරණ ලා අඩු තුන් කෙළක් දෙවඟනන් පිරිවරා ගෙණ පරසතු රුක මුල පඬු ඇඹුල් සල හස්නෙහි විජම් දෙශනාවට පෙරාතු හෙයින් හුන්න වුන් කරා ගොසින් වැඳලා එකත් පස් ව සිට ‘ස්වාමීනි, දන්වන්නට දෙයෙක් ඇත. මඞ්ගල කථාවෙක් ලොව ඉපැද දැන් මහා කොලාහල ය. සමහර ‍කෙණෙක් ඇසින් දුටු දෙය මඟුලැ යි කියති. සමහර කෙණෙක් පියවි කනින් ඇසූ දෙය මඟුලැ යි කියති. සමහර කෙණෙක් ගන්ධ රස ස්පෂ්ටව්ය ය මඟුලැ යි කියති. එක්තරා සනිටුහනක් නො වූ හෙයින් මින් කවරක් මඟුල් බව ත් නො දැනෙයි. ඉන් යමෙක් මඟුල් වේ නම් අපට ඒ වදාළ යහපතැ’යි කිවූ ය.

සක් දෙවිඳු ද තමන් මහා නුවණ ඇති හෙයින් ‘මේ මඞ්ගල කථාව තෙපි ම සිතා ගතු ද? යමකුගෙන් ඇසූ දැ ‘යි විචාළෝය. ඌ තමන් සව් මහ රජයෙහි දෙවියන්ගෙන් ඇසූ නියා ව කිවු ය. උන් ගෙන් විචාළ තැන උන් ආකාශස්ථ දෙවියන්ගෙන් ඇසූ නියා ව කිවූ ය. උන්ගෙන් විචාළ තැන ඌ බූමාටු දෙවියන් ගෙන් තමන් ඇසූ නියා ව කිවූ ය. උන්ගෙන් විචාළ තැන මිනිසුන්ට රකවල සිටි දෙවියන්ගෙන් තමන් ඇසූ නියා ව කිවූ ය. උන් විචාළ තැන මිනිස් ලොව පහළ වූ නියාව කිවූ ය. ඉක්බිත්තෙන් සක් දෙවිඳු තරාදිය තිබැදී අතින් කිරන්නා සේ අප ආයාස ගන්නේ කිම් ද බුදුහු දැන් කොයි වසන සේක් දැ’යි විචාළෝ ය. අනික් කොයි වසන සේක් ද, මිනිස් ලොව වසන‍ සේකැ’යි කී කල්හි ඔබ කරා ගොසින් ඔබගෙන් විචාළ කෙණෙක් ඇත් දැ’යි කිවූ ය.

එ‍ සේ විචාළ කෙණෙක් නැතැ’යි කී කල්හි කුමක් ද, තොප හැම ගිනි තිබිය දි ගිනි ය යි සිතා කන මැදිරියන් තබා ලා පිඹිනා නියා ද? මඟුල් වදාරන්ට නිසි වූ නැවත දැකීම් වැඳීම් පිදීම් ආදි ය තබා තමන් වහන්සේගේ ගුණ සඳහන් කළ පමණෙකින් ම සඳහන් කළවුන්ට ‍ලොවී ලොවුතුරා සැපත් සාධා දී ලන හෙයින් තමන් වහන්සේ ත් මඟුල් වූ බුදුන් අතින් නො විචාරා කුමක් දන්නා හෙයින් මා විචාරන්ට තබා ගතු ද, මඟුල් දන්ට වුව මනා වී නම් තෙපි ත් බුදුන් කරා ගොසින් ඔබගෙන් විචාරා මඟුල් මේ ය යි.



312. මංගල සූත්රඔ අටුවා ආදී වූ කථාන්තර 1151

දැන ගනු ව. අප හැම දෙනා එක විට විචාරන්ට බැරි වේ ද, තෙපි විචාරව’යි එක් දේවතාවකුට විධාන කළහ.

ඒ දෙවි පුත් ද ඒ වේලාට නිසි ආභාරණ ලා සැරහී ගෙණ විදුලියක් මෙන් බබලමින් දස දහසක් සක්වළ දෙවි බඹුන් හා සමඟ මධ්ය්ම රාත්රි වේලේ දෙව්රම් වෙහෙරට ගොසින් ‘බුදුරජුන් වහන්ස, දහ දහසක් සක්වළ දෙවි බඹුන් මඟුල් විචාරනු නිසා මේ එක සක්වළට රැස් ව හිසකේ අගක් බහා ලන තැන දෙවි බඹුන් හා සමඟ දහයකු ත් විස්සකු ත් තිසකු ත් සතලිසකු ත් පනසකු ත් සැත්තෑවකු ත් අසුවකු ත් සියුම් අත් බැව් මවා ගෙණ රැස් වූ දෙවියන්ට වඩා දේවතා වූ බ්ර හ්මයන්ට වඩා බ්රෙහ්ම වූ මුඹ වහන්සේට ආරාධනා කෙරෙමි. සියලු දෙවි බඹුන්ගේ ආරාධනා වෙනුත් මිනිසුන්ගේ අනුමැතියෙනු ත් මඟුල් නම් මේ ය යි වදාළ යහපතැ’යි කිවූ ය.

බුදුහු ඒ අසා වදාරා ‘හෙම්බල දේවතාව, ඌ තුන් පක්ෂ් ය තෙලෙ ලෙස කියන්නා මුත් මඟුල් නම් කවරේ දැ’යි විචාළාට වැනි ව කියා ලූ බව මුත් කාරණයෙක. හෙළා නො කී බැවින් ඒ මඟුල් නො වෙ යි. මඟුල් නම් මෙ ලොවින් වු ව ත් පර ලොවින් වු ව ත් යමෙක් වැ‍ඩෙට කාරණ වේ නම් එය ය. එක ම මඟුලක් විචාළා වූ තොට මඟුල් අට ති‍සක් කියමී’ වදාරා ලා මං විචාළවුන්ට යම් සේ මං දැන කියා ලන කෙණෙක් නො යා යුතු මං පළමු කියා යා යුතු මං පසු ව කියත් ද එ පරිද්දෙන් නො කළ මනා දෙය නො කරන්නට පළමු වදාරා ලා පසු ව කළමනා දෙය වදාරන සේක් ‘හෙම්බල, යම් කෙණෙක් කරණ දෙයකුත් මෙ ලොව පර ලොව වරදවා නපුරු සේ ම කියත් ද, සිතන දෙයකු ත් පර සිත් දන්නෝ ඇත් නම් මෙ ලොව නින්දා ලබන ලෙසට ත් තමාට වුව ත් පසු තැවිලි වන ලෙසට පරලොවත් නසා සිතත් ද එ‍ සේ ‍වූ නුවණ නැති සත්වතයන් හා එක් නො වීම ත් ‍ මඟුල් අට තිසින් එක් මඟුලෙක.

මඟුල් වන්ට කාරණ කවරේ ද යත්? උන් හා එක් නො වීම මෙ ලොව පර ලොව දෙක්හි ම වැඩට කාරණ හෙයින. උන් හා එක් වීමෙන් නපුර කවරේ ද යත් - යම් කෙණෙක් බාලයන් හා එක් වූ නම් කුණු මස් වසා ලූ පත ත් කුණු වන්නා සේ කවර තරමෙක යහපත් තරම් ඇත්තහු ත් නපුරු වෙති. තවද, දධිවාහන



1152 සද්ධර්මේරත්නාවලි ය.

ජාතකයෙහි මී අඹ ගස ආදී මී අඹ යහපත් වූවා පසුව කොසඹ ගස් හා අඟුලු වැල් හා ගස මුල ඇති වීමෙන් මුල් [මුල්] හා එක් ව බැඳි කොළ කොළ හා එක් වී මී අඹ තික්ත වූවා සේ කවර තරම් ගුණ රස ඇත්තවුන් නීරස ව නිෂ්ප්රඑයොජන වන හෙයිනු ත් ,තව ද යම් සේ දියෙන් වන භයෙක් දිය මුල් ව වේ ද ගින්නෙන් නො වේ ද, ගින්නෙන් වන භයට ගිනි ම මුල් ව ත් පැන් මුල් නො‍ වේ ද, එ පරිද්දෙන් යම් කිසි භයෙක් උපදී නම් බාලයන් මුල් ව උපදුත් මුත් නුවණැත්තවුන් නිසා කිසි ත් භයක් නැති හෙයින් බාලයන් හා එක් වීම නපුර. පූරණ කාශ්යනපාදී නිවටුන්‍ ගෙන් එකක් එකක්හු මුල් ව උන් හා එක් වීමෙන් අසූ දහසක් පමණ සත්තු නරකයේ උපන්හ. නිවන් පතා පින් කළ අජාසත් රජ්ජුරුවෝ දෙව්දතුන් ගේ සමවායෙන් ඒ ජාතියෙහි ලබන නිවනින් පිරිහුණහ.

තවද අකීර්ති ජාතකයෙහි බොහෝ ව පතළ කීර්ති ය ඇති හෙයින් අකීර්ති නම් වූ බෝසත්හු ශක්රකයන් ගෙන් වර ගන්නා ගමනේ ‘දුටුවවුන්ට වැඩක් නැති‍ හෙයින් බාලයන් දැක්මක් නො වේව යි, උන්‍ ගේ පව ත් ඇසීමෙන් කිසි ත් ප්ර යොජනයක් නැති හෙයින් උන් ගේ පවතු ත් නො අසම්ව යි, උන් හා එක් ව ඇසිල්ලක් වුව ත් විසීමක් නො වේව යි, එක් ව විසීම තබා ඉදින් දැක පුව ත් කථා පමණකු ත් නො වේවයි’ කියා වර ගත්හ. එ හෙයින් උන් හා එක් නො වීම මෙ‍ ලොව පර ලොව දෙකෙහි ම වැඩට කාරණ හෙයින් උතුම් මඟුලෙක.

තව ද යම් කෙණෙක් කෙරෙන් නමුත් දන් දීම් ආදී වූ පිණක් වන දෙයක් මුත් දැන දැන ප්රානණ වධාදි ය නො කෙරෙත් ද, බසක් කියත් මුත් නිකම් කියා පියන බසෙක් වී නම් සැබෑවක් හා බණ මුසු දෙයක් මුත් බොරු ආදියක් නො කියත් ද, සිත ත් නමුත් පින් වඩනා දෙයක් මුත් පව් වඩන්නට නිසි දෙයක් නො සිතත් ද, එ සේ වූ බුදු පසේ බුදු සවුවන් භජනය කිරී ම මෙ ලෝ පර ලෝ දෙ‍ක්හි වැඩට කාරණ හෙයින් උතුම් මඟුලෙක. තව ද සුනෙත්ර නම් ශාස්තෘහු ය, මහා ගොවින්දම පණ්ඩිත ය, විධුර පණ්ෝඩිත ය, සරහඞ්ග ශාස්තෘහු ය. මහෞෂධ පණ්ඩිත ය, සුතසෝම රජ්ජුරුවෝ ය, නිමි රජ්ජුරුවෝ ය. අයොඝර කුමාරයෝ ය, අකීර්ති කුමාරයෝ ය. යානදීහු ත් භජනය කළවුන්ට කුශල සන්නිශ්රිඩත වැඩ සාධා දී ලති. එ හෙයින් ඔවුන් භජන ය කිරීම ත් අභිවෘද්ධි කාරණ හෙයින් උතුම් මඟුල.



313. දීපඞ්කර නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

‘හෙම්බල දේවතාව, බුද්ධාදීහු නම් තමන් භජන ය කළවුන්ට භයක් පැමිණි කල පහනක් සම්භ වඅඳුරු දුරු කරන්නා සේ භය දුරු කෙරෙති. එ හෙයින් තමන් භජන ය කළවුන්ට බඩ සා කලට බතක් මෙන් ද, පිපාසා කලට පැනක් මෙන් ද, පිහිට ව සිටිති. ඒ ‍එ සේ මැ’යි. සර්ව,ඥයන් නිසා ප්රුතිනියත වූ සූවිසි අසඞ්ඛ්යහ ය හැර සෙසු ත් බොහෝ දෙන නිවන් දකිති. සෙසු බොහෝ දෙනා නිවන් දක්නේ කෙ සේ ද යත්? කෙළ ගණන් විතරට ත් බොහෝ ව බුදු වූ බුදුවරුන් වහන්සේ කරා පැමිණ නිවන් දුටුවවුන් හැර මෙ කපට සාරාසඞ්ඛ්ය කප් ලක්ෂහයකින් යට බුදු වූ දීපඞ්කර නම් බුදුරජුන් වහන්සේ සුනන්දය නම් වෙහෙර දී ධම් සක් පැවතුන් සූත්ර ය දෙසූ දවස් දෙව් මිනිසුන් ගෙන් සියක් කෙළ විතර නිවන් දුටහ. නැවත බුදු රජුන් වහන්සේ තමන් වහන්සේගේ උසභක්ඛන්ධ නම් පුතණු වන් වහන්සේ මුල් ව රාහුලොවාද සූත්රස ය වැනි වූ සූත්ර යක් දෙසූ දවස් අසූ කෙළක් විතර දෙව් මිනිස්සු නිවන් දුටහ.

නැවත ඒ බුදුන් අමරවතී නම් නුවර මහරි ගස මුලදී යමා මහ පෙළහර කොට ලා තව්තිසා දෙව් ලොව පරසතු රුක් මුල්හි පඬු ඇඹුල් සල හස්නෙහි වැඩ හිඳ මාතෘ දිව්ය් පුත්රු ප්ර මුඛ දෙවි යන්ට විදම් බණ දෙසූ දවස් දෙවියෝ අනු කෙළ දහසෙක් නිවන් දුටහ. තවද සුනන්දු නම් වෙහෙර දී කෙල ලක්ෂකයක් දෙනා වහන්සේ රහත් වූ සේක. නැවත එක් සමයෙක දිවකුරු බුදු රජුන් වහන්සේ සාර ලක්ෂ යක් පමණ රහතන් පිරිවරා දඹ දිව් සැරි සරන සේක්, එක් තැනෙක බොහෝ දෙනා ගෙන් ලබන සක්කාර සම්මාන ඇති ඉතා ප්රහසිද්ධ වූ යකුන්ගේ ම විසීම ඇති ඉතා භයානක වූ වලායෙන් ගැවසී සිටිනා කුළු ඇති ගසින් කොළින් සැදුම් ලද නො එක් සිවු පාවන් විසින් ගැවසී ගත් නාරද නම් වූ පර්ව තයක් කරා වැඩි සේක. ඒ පර්වලතයෙහි ත් නාරද නම් වූ යක්ෂ යාණ කෙණෙක් වෙසෙති. ඒ යක්ෂ යාණන්ට ත් හවුරුදු පතා දඹ දිව් වැස්සෝ මිනිස් බිලියක් ගෙණවු ත් දෙති. දීපඞ්කර නම් බුදු රජුන් වහන්සේ යක්ෂෝයාණන්ට බිලි ගෙණාවුවන් නිවන් දක් වනු නිසා සාර ලක්ෂ්යක් රහතුන් වහන්සේ සතර අතට යවා පියා කරුණා පමණක් සහාය කොට ගෙන යක්ෂවයාණනු ත් නිවන් දක්වනු සඳහා නාරද නම් පවර්ත්යට නැඟි සේක.

මිනිස් මස් කෑමේ මු ත් නිවන් කෑමෙහි සිතක් නැති යකු මකුකම ඉවසා ගත නොහී බුදුන් එ තැනට වඩනා ම ක්රොිධයෙන්


1154 සද්ධර්මඑරත්නාවලි ය

දළිහී පියා භය ගන්වා පලා පියනු කැමැති ව තමාගේ ආනුභාවයෙන් පර්ව ත ය වෙවුල්වා පී ය. වෙවුල්වා පූ පර්වභතය ත් බුදුන්ගේ ආනුභාවයෙන් උන් කරා ම නමා ගෙණ යන්ට වන. තුමූ බා ගොසින් ‘ගින්නෙකින් දවා මරවා පියෙමි’ යි මහා ගිනි කඳක් මවා ලී ය. තමන් මවා ලූ ගිනි කඳ බුදුන්ගේ ආනුභාවයෙන් තමන් ම දවන්නට නමා ගත. බුදුන්ට තබා බුදුන්ගේ සිවුරෙහි හූ රළකට ත් හානි නො වී ය. යකා වැලි ත් ‘මහණ දෑ දෝ නො දෑ දෝ” යි බලන්නේ සූය්ය්ො යා ලං හෙයින් දුරුබා පලා යන තෙක් ශරත් චන්ද්රකයා බැස ලා හුන් කලක් මෙන් ඉතා ශොභාවත් ව හුන් බුදුන් දැක ‘අනේ, මේ මහණ මහානුභාව සම්පන්න ය. මෝ හට යම් අනර්ථයක් කෙළෙම් නම් ඒ මා කරා ම එ යි. පොළොව පැකිල්ලවුන්ට පොළොව ම පිහිට වන්නා සේ මුන් විනා මට පිහිටෙක් නැත. මුන්ම ආශ්රන ය කෙරෙමි’ සිතා ලා බුදුන් සක් සඟළින් ඉතා හොබනා පතුල් සඟළ වැඳලා ක්ෂුමා කරවන්ට කිවූ ය.

බුදුහු ත් අමුතු ව කරණ ක්ෂුමාවක් නො වන බැවින් පිළිවෙළ කථාව වදාළ සේක. දෙශනා කෙළවර නාරද නම් යක්ෂියාණෝ ද දහ දහසක් පමණ යක්ෂහයන් හා සමඟ සෝවාන් වූ ය.

එ දවස් සියලු දඹ දිව් වැස්සෝ බිලියම් නිසා එකි එකී ගම කින් එකි එකී මිනිසකු ගෙනවූ ය. තව ත් බොහෝ වූ සාල් තල මුං කලත් ශර්කිරා ගිතෙල් මී සකුරු ආදිය ‍ත් ගෙණවූ ය නාරද නම් යක්ෂලයාණෝ ද එ දවස් ගෙණා සාල් ආදි ය ගෙණ ගෙණාවුන්ට ම දෙපා පියා බිලියමට ගෙණා මිනිසුන් බුදුන් කරා ගෙණ ගොසින් බුදුන්ට ම පිදී ය. බුදුහු ත් උන් හැම දෙනා ‘මෙ සේ එව, මහණෙනි’යි වදාළ බස් පමණෙකින් ම මහණ මාලු පැවිදි කරවා සතියක් ඇතුළත ම රහත් කරවා වදාළ සේක. එසේ රහත් වූ වහන් දෑ ද කෙළ සියයෙක. නැවත ඒ බුදුහු සුදසුන නම් පවුවෙක වස් වැස අනූ ලක්ෂසයක් දෙනා වහන්සේ රහත් කැරවූ සේක.

313. කොණ්ඩඤ්ඤ නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු. සංස්කරණය

නැවත ඔබට ඉක් බිති ව කොණ්ඩඤ්ඤ නම් බුදුන් ලෙව්හි ඉපැද ධම් සක් පැවතුන් සූත්රබ ය දෙසන දවස් බුදුන් හා එකදා මහණ වූ දස කෙළක් විතර වහන්දෑ නිවන් දුටු සේක. දෙව් මිනිසුන්ගෙන් කෙළ ලක්ෂදයක් විතර නිවන් දුටහ. තව ද කොණ්ඩඤ්ඤ


315. මඞ්ගල නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු.

නම් බුදුන් මහා මඞ්ගල සූත්රබ ය දෙසූ දවස් සෝවාන් - සෙදැහැමි - අන - ගැමි වූවන්ගෙන් ගණන් නැත. අනූ කෙළ දහසක් විතර රහත් වූහ. යමා මහ පෙළහර කෙරෙමින් සිට බණ වදාළ ගමනේ සෝවාන් ආදි වූ තුන් මග තුන් ඵලයට පැමිණි තැන්ගේ ගණන් නැත. අසූ කෙළ දහසක් විචර රහත් වූ සේක.

තව ද කොණ්ඩඤ්ඤ බුදුහු බුදු ව ලා චන්ද වතී නුවර නිසා සඳ නම් වෙහෙර වසන සේක. එ ම නුවර සඳ නම් බමුණු කුමරුවන් හා සුභද්ද නම් බමුණු කුමරුවන් හා දෙ දෙන කොණ්ඩඤ්ඤ බුදුන් ගෙන් බණ අසා පැහැද දහසක් දෙනා හා සමඟ මහණ වූහ. ඒ දෙනම මුල් ව කෙළ ලක්ෂදයක් දෙනා වහන්සේ රහත් වූ සේක. ඉක් බිති විජිතසේන නම් පුතණුවන් වහන්සේ මුල් ව බණ වදාළ දවස් කෙළ ලක්ෂඒයක් දෙනා වහන්සේ රහත් වූ සේක. නැවත එක් සමයෙක බුදුහු, දනවු සැරි සරන සේක් උදේන නම් රජ්ජුරුවන්ට බණ වදාළ සේක. ඒ රජ්ජුරුවෝ ද බණ අසා අනූ කෙළක් දෙනා හා සමඟ මහණ ව රහත් වූහ.

315. මඞ්ගල නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු. සංස්කරණය

කොණ්ඩඤ්ඤ නම් බුදුන්ට ඉක් බිති ව මඞ්ගල නම් බුදු රජුන් වහන්සේ බුදු ව ධම් සක් පැවතුන් සූත්රි ය දෙසූ දවස් බුදුන් හා එක දා මහණ වූ වහන්දෑ තුන් කෙලක් රහත් වූ සේක. දෙව් මිනි සුන් ගෙන් කෙළ ලක්ෂකයක් දෙන නිවන් දුටහ. දඹ දිව චිත්ත නම් නුවර සපු ගස මුල්හි දී - ගැඩඹ නම් අඹ රුක් මුල්හි දී අපගේ බුදුන් මෙන් යමා මහ පෙළහර කොට ලා දෙව් ලෝ වැඩ හිඳ වීදම් බණ දෙසූ දවස් මාතෘ දිව්ය පුත්ර ප්රවමුඛ කෙළ ලක්ෂ යක් දෙවියෝ නිවන් දුටහ. යම් කළෙක සුනන්දද නම් සක් විති රජ්ජුරුවෝ මධ්යුයෙහි සිටි කලට එ කී එ කී අතින් සූ විසි සූ විසි ගවුව හා වටින් එක් සිය සිවු සාළිස් ගවුවෙක විතර පැතිර සිටි සක් විති පිරිස හා සමඟ මඞ්ගල බුදුන් කරා ගොසින් බුදු ‍පාමොක් සඟනට මහදන් දී ලා තුන් සිවුරට සෑහෙන ලෙසට කෙළ ලක්ෂුයක් රහතනට කසී සළු ත් පිළිගන්වා ලා බණ අසන්නට හුන්නු ද, එ කල මඞ්ගල බදුහු බණ වදාළ සේක. රජ්ජුරුවන් ඇතුළු අනූ කෙළක් විතර රහත් ව දුන් පිළියෙහි විපාක එ ම ජාතියෙහි පෙනෙ‍න්නා සේ ‘මහණෙනි, මෙ සේ එව, යි වදාළ බස් පමණෙකින් ම මහණ ව මාලු පැවිදි වූ සේක.

මඞ්ගල නම් ති ලෝ ගුරු බුදු රජුන් වහන්සේ මෙඛලා නම් නුවර වසන කල එ ම නුවර වසන ‍සුදෙව ය - ධම්මසෙනය


1156 සධර්මුරත්නාවලි ය

යන ලදරුවෝ දෙ‍ දෙනෙක් දස දහසක් ලදරුවන් පිරිවරා මඞ්ගල බුදුන් ලඟ මහණ ව රහත් වූහ. තව ද උත්තර නම් වෙහෙර දී නැ තැතින් ම කෙළ ලක්ෂ‍යක් දෙනා වහන්සේ මහණ ව රහත් වූ සේක. අග සව් දෙ දෙනා වහන්සේ රහත් වූ දවස කෙළ ලක්ෂ යක් දෙනා වහන්සේ ම රහත් වූ සේක.


316. සුමන නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු සංස්කරණය

මඞ්ගල බුදුන්ට ඉක් බිති ව සුමන නම් බුදුන් බුදු ව බ්ර හ්මාරා ධානාවෙන් දහම් සක මෙඛලා නම් උයන්හි දී පවත්වා වදාළ කල්හි දෙව් මිනිසුන් ගෙන් කෙළ ලක්ෂමයක් නිවන් දුටහ. සුමන නම් බුදුන් නිවන් දුටුවන් වෙන් ව හිඳිනා ලෙසට ත් ඒ කුසල් නැමැති රුවන් කෙලෙස් සොරුන් වැද ලා හැර නො ගන්නා ලෙසට ත්, සිවු පිරිසිදු සිල් නමැති මහා පවුරක් ඇති, සමාධි නැමැති අගල් ඇති විවසුන් නැමති වීථී ඇති, චතුර් විධ මාර්ග නමැති වාසල් ඇති, සිහි නුවණ නැමැති දොර ඇති, සමවත් සමැති මණ්ඩප පොකුණු ආදීන් හෙබියා වූ බොධි පාක්ෂිවක ධම් නමැති ජනයන් විසින් ගැවසී ගත් නිවන් නැමැති මහ නුවරක් කෙ තෙක් දෙනාට වුව ත් අවසර ඇති කොට මැවූ සේක. එ සේ මවා ලා ඒ නිවන් නුවර සතර සිහිවටන් නමැති රාජ වීථි සතරකු ත් මැවූ සේක.

ඒ මවා වදාළ සිහිවටන් විථී නම් සතර නැළි ගන්නා ලාසෙන් එක් යාළෙකි වී ඇට ස කෙළ තෙ තිස් ලක්ෂල සැට දහසක් වන නියායෙන් එක් සිය පනස් යාළ සතරමුණු අට ලාසෙක. වී ඇට ගණනින් හසුරු සනකට චිත්ත ප්ර්වෘත්ති ය වන හෙයින් කුසල් ජවන් නමැති බොහෝ ගෙවල් ඇත්තේ ය. ඒ වීථි ත් මායා දී රහිත බැවින් හැද පරස් නො ව ඉඳුරා සිට්ටි. බොහෝ විෂ ය ඇති බැවින් හැසී පළල් ව සිට්ටි. ඒ නිවන් නුවර සැලැසී සිටියා වූ සිහිවටන් වීථිවල ශ්රාිමණ්යල ඵල ය, පිළිසිඹියා ය. අභිඥා ය, සමාපත්ති ය, යන මේ රුවන් තිබෙන සල් පිළි ත් ඇති කළ සේක. ඇති කොට ලා ඒ රුවන් හැර ගන්ට තරමුන් අභිප්රා ය ලෙසින් හැර ගන්නා ලෙසට සදහම් නමැති බෙර ලැවූ සේක. සදහම් නමැති බෙර හඩ අසා කෙළ ලක්ෂ යක් දෙනා නිවන් දැක්මෙන් ඒ රුවන් ලත්හ.

නැවත සුනන්ද වතී නුවර අඹ රුක් මුල්හි දී යමා ‍මහ පෙළහර කළ දවස් කෙළ ලක්ෂනයක් සත්වනයෝ නිවන් දුටහ. නැවත දස දහ


317 – 318 රේවත - සොහිත බුදුවරුන්ගෙන් නිවන් දුටුවාහු

සක් සක්වල දෙවි බඹුන් මේ එක සක්වලකට රැස් ව දෙවි මිනිසුන් නිරොධ සමවත් විෂයෙහි කළ සැක දුරු කරන්නට බණ වදාළ දවස් අනූ කෙළ දහසක් සත්තු නිවන් දුටහ. තව ද මෙඛලා නම් නුවර වස් වැස කෙළ ලක්ෂහයක් දෙනා රහත් කරවා වදාළ සේක. නැවත එක් සමයෙක සකස් පුර නුවරට නුදුරු තැනෙක අරින්දාම නම් රජ්ජුරුවන්ගේ කුශලානුභාවයෙන් රන් පර්ව ත මුදුනෙහි යුගඳුරු මුදුනෙහි බබළන ශරත් චන්ද්ර යා මෙන් බබළමින් වැඩ හිඳ බණ වදාරා අනූ කෙළක් විතර රහත් කරවා වදාළ සේක. නැවත සක් දෙවිඳුහු තමන් වහන්සේ දක්නට ආ දවසෙක අසූ කෙළක් විතර රහත් කරවා වදාළ සේක.

317. රේවත නම් බුදුන් ගෙන් නිවන් දුටුවාහු. සංස්කරණය

සුමන බුදුන්ට ඉක් බිති ව රෙවත නම් බුදුන් ඉපැද ධම්සක් පැවතුන් සුත දෙසූ දවස් කෙළක් පමණ වහන්දෑ රහත් වූ සේක. තුන් මහ තුන් ඵලයෙහි පිහිටියවුන්ගේ ගණන් නැති. නැවත තුන් කෙළක් විතර මිනිසුන් හැර ගෙණ දක්නට ගිය අරින්ද.ම නම් රජ්ජුරුවන්ට බණ වදාළ දවස් දෙවි මිනිසුන් ගෙන් කෙළ දහසෙක් නිවන් දුටහ. නැවත එක් දවසෙක නිරොධ සමවත අනුසස් විචාළ වුන්ට ඊ අනුසස් වදාරා ලීමෙන් මිනිස්සු කෙළ සීයයක් නිවන් දුටහ. සුධඤ්ඤවතී නම් නුවර දී ආදියෙන් පොහෝ කරණ දවසට එ දවස් මහණ ව රහත් ව අසඞ්ඛ්ය්යක් පමණ රහත් වහන්සේ පොහොයට රැස් වූ සේක. දෙ වෙනි පොහොයට එ දවස් මහණ ව රහත් ව කෙළ ලක්ෂවයක් විතර රහතන් වහන්සේ රැස් වූ සේක. රේවත බුදුන්ගේ අග සවු වූ වරුණ නම් මහ තෙරුන් වහන්සේ ගිලන් වූ හෙයින් ඔබගේ ලෙඩ විචාරන්ට ආ බොහෝ තැනට බණ වදාරා කෙළ ලක්ෂකයක් විතර ‍රහත් කරවා වදාළ සේක.

318. සොභිත නම් බුදුන්ගෙන් නිටුන් දුටුවාහු සංස්කරණය

රෙවත බුදුන්ට ඉක් බිති ව සොභිත නම් බුදුන් ලොව පහළ ව මහ බඹහුගේ අයදමෙන් දහම් සක් පැවැත් වු දවස් දෙවි මිනිසුන් ගෙන් අසංඛ්යුයක් විතර නිවන් දුටහ. නැවත සුදසුන් නුවර පළලු රුක් මුල්හි දී යමා මහ පෙළහර කොට ලා තව්තිසා දෙව් ලොවට වැඩ විදම් ‍බණ දෙසූ දවස් මාතෘ දිව්යම පුත්රව ප්ර මුඛ අනු කෙළක් දෙවියෝ නිවන් දුටහ. නැවත එක් සමයෙක සුදසුන් නුවර ජයසේන නම් රජ කුමරහු සතර ගවුවක් විතර වෙහෙරක් කරවා ලා විහාර ය වටා හෝපලු - මුරුත - සපු - නා - දොඹ - පුවඟු - මුහුළු - අඹ ‍- කොස්- පියා ගස් - සල් - කුඹුක් - ඇටඹ - කරවූ ආදී ගසින්


1158 සද්ධර්මමරත්නාවලි ය

ගැවසී ගත් වත්කකු ත් කරවා ලා බුදු පාමොක් සඟහට දුන්හ. විහාරානිසංස මුඛයෙන් බණ වදාළ සේක. එකල්හි කෙළ දහසක් දෙන නිවන් දුටහ. සුනන්ද්වතී නම් නුවර දී බුදුන් ආදියෙන් පොහෝ කරණ දවසට එ දවස් අවුත් මහණ ව රහත් ව කෙළ සියක් පමණ රහතන් වහන්සේ පොහොයට රැස් වූ සේක. නැවත මේඛලා නම් නුවර ධම්මගණාරාම නම් විහාරයක් පිළිගෙණ වදාළ දවස් අනූ කෙළක් විතර මහණ ව රහත් වූ සේක. යම් කලෙක සොහිත බුදුහු දෙව් ලොව වස් වැස ලා වස් පවාරණය දවස් මිනිස් ලොවට බට සේක් ද - එ දවස් අසූ කෙළක් විතර මහණ ව රහත් වූ සේක.

319. අනෝමදස්සි නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු සංස්කරණය

සොහිත බුදුන්ට ඉක් බිති ව අනොමදස්සි නම් බුදුන් ලෙව්හි පහළ ව බ්රිහ්මාරාධනාවෙන් සුභවතී නම් උයන වැඩ හිඳදහම් සක පැවැත් වූ දවස් දෙවි මිනිසුන්ගෙන් කෙළ සියයක් නිවන් දුටහ. නැවත ඔසධී නම් නුවර දොරකඩ පියාගස් මුල්හි දී යමා මහ පෙළහර කොට ලා තව්තිසා දෙව් ලොව වස් වැස වීදම් බණ දෙසූ කල්හි මෑණියන්දෑ ප්ර ධාන වූ අසූ කෙළක් දෙවියෝ නිවන් දුටහ. නැවත මඞ්ගල කොලාහල ය ඇති ව මහ මඟුල් සුත දෙසන දවස් අට සැත්තෑ කෙළක් නිවන් දුටහ. සොරෙය්යහ නුවර දී ඉසිදත්ත නම් රජ්ජුරුවන්ට බණ දෙසන කල්හි පැහැද මහණ ව රහත් වූ අට ලක්‍ෂයක් රහතන් පිරිවරා බුදුහු ආදී පොහොය කළ සේක. දෙ වන පොහොය එ දවස් රහත් ව මහණ වූ සත් ලක්ෂපයක් රහතන් පිරිවරා හිඳ කළ සේක. සොරෙය්යූනුවර දී පෙරළා ත් කරණ පොහොය එ දවස් රහත් ව මහණ වූ ස ලක්ෂ්යක් රහතන් පිරිවරා කළ සේක.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxvii&oldid=5704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි