270. පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද තිලකුණු මෙනෙහි කිරීමටත් වඩා වීරිය කිරීමෙහි යහපත දක්වන්ට පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

‍ඒ වහන්දෑ බුදුන්ගෙන් කමටහන් ඉගෙන ගෙණ වල හිඳ මහණ ධම් කරණ සේක් උදාසන පිපියා වූ ඉද්ද මල් දවසකු ත් දෙ දවසකු ත් නො තිබී එ දවස සවස ම පරව නටුයෙන් ගැළ වෙන්නා දැක තොප තෙල නටුවලින් ගැළවෙන්ට පෙරාතු අපි රාගාදී කෙලෙස් සතුරන් ගෙන් ගැළවෙම්හ’යි වීර්ය්්ට ය‍ට පටන් ගත් සේක. බුදුහු ත් ඒ වහන්දෑ දැක ‘මහණෙනි, භික්ෂූන් විසින් නම් නටුවෙන් මල් ගැලවෙන්නා සේ සසර දුකින් ගැළවී ම යහපතැ යි වදාරා ලා ගඳ කිලියේ වැඩ හිඳ ‘යම් යම් සේ එ දවස් පිපුණ ත් ඉද්ද මල් බඳුව ද මල් ආදිය සවසට හෝ උදාසනට පරව හේ ද, එ පරිද්දෙන් තෙපි කල් යවා රැඳීමෙන් වන යහපතක් නැති.

1060 සද්ධර්මතරත්නාවලි ය

බැවින් වහා තොපගේ සතන් වලින් කෙලෙසුන් දුරු කරව’ යි වදාළ සේක. දෙශනා කෙළවර පන්සියක් දෙනා වහන්සේ ම රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් වඩන වීර්ය්වූ ඇත්ත වුන්ට සිද්ධ නො වන දෙයක් නැති බැවින් කුශල විෂයෙහි වීර්ය්කපර කොට භවක්ෂද ය කටයුතු. __ __ __ __

271. සන්තකාය තෙරුන් වහන්ස් ගේ වස්තුව

තව ද සන්හුන් ප‍ියෝ ඇති වීමෙහි යහපත හඟවන්ට සන්තකාය තෙරුන් වහන්සේ ‍ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ තෙරුන් වහන්සේගේ අනුන්ට‍ නො රිසියෙන ලෙස අත සොල්වාලීමෙක් වත් පය සොල්වාලීමෙක් වත් නැත. හැම වේලේ ම සන්හුන් පියෝ ඇති සේක. ඊට කාරණ කවරේ ද යත් - පෙරාතු ජාතියෙහි සිංහ ව උපන් සේක.

සිංහයෝ නම් ගොදුරු අනුභව කොට ලා රිදී ගුහාවකට හෝ මැණික් ගුහාවකට හෝ වැද ලා සිරියෙල් සුන්නෙන් තැවරී පියා සත් දවසක් වැදහෙව නිඳා පියා නැඟී සිට වැද හොත් තැන් බලා පියා ඉඳින් නඟුට හෝ කන්පත් හෝ අත පය හෝ සෙල වී සිරියෙල් සුණු විසිර පියා තුබුවා දුටවු නම් ‘මේ තොපගේ නිරාහාර ව වැද හොවිති. එ සේ වැද හොත් කල සිරියෙල් සුණු නො විසිරිණි නම් ‘මේ තොපගේ ජාති ‍ගොත්රහයට තරමැ’යි ගුහා වෙන් නික්ම කිලි පොළා පියා දස දිග බලා තුන් විටක් සිංහ නාද කොට පියා ගොදුරු සොය යෙති. මුන් වහන්සේ ත් එ සේ වූ සිංහ යොනින් ආ සේක.

වහන්දෑ ත් මුන් වහන්සේගේ නිසල පියොව දැක බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, සන්තකාය තෙරුන් වහන්සේගේ පියොව තරම් පියොවක් නුදුටු විරූම්හ. මහණුන් විසින් එ ලෙස ම වුවමනා වේ දැ’යි වදාරා යම් කෙණෙක් ප්රාමණඝාතාදී කිය දුශ්චරිතයෙහි නො හැසිරීමෙන් සන්හුන් තරම් ඇති ව, මෘෂා වාදාදි වාක් දුශ්චරිතයෙන් දුරු වීමෙන් තෙපුලෙනු ත් සන්හුන් තරම් ඇති ව, අභිද්ධ්යාකදිය නැති වීමෙන් සන්හුන් සිත් ඇති ව 272. නඞ්ගලකුර තෙරුන් වහන්සේ ගේ වස්තුව 1061

වෙසෙත් ද, තුන් දොරින් ම සිද්ධ වන අකුසල් නැති හෙයින්. සන්හුන් තරම් ඇත්තෝ ද, චතුර්විධ මාර්ගසඥාන නමැති මුඛයෙන් කෙලෙස් නමැති අජීර්ණ් ය වමාරා පු ද, නො සන්හුන් තරමට කාරණ ව සිටිනා කෙලෙසුන් නැති හෙයින් ශාන්ත ය’යි උන්ට කිය යුතු ය’ යි වදාළ සේක. දෙශනා කෙළවර සන්තකාය තෙරුන් වහන්සේ සියළු ලෙසින් සන්හුන් තරම් ඇති ව රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සන්තකාය තෙරුන් වහන්සේ ට ජාත්යින්තරයෙහි ත් වූ උත්තම ජාතියෙහි නිසා උත්තම ගුණ ය යම් සේ සිද්ධ වේ ද, එ මෙන් උතුම් තරම් නිසා උතුම් ගුණ ඇති ව උතුම් තැනට පැමිණි ය යුතු.

272. නඞ්ගලකුර තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද උපදෙශක ව සිටිනා තැන ත් තමා තමා හට පනත් ව ගැන්මෙහි යහපත දක්වන්ට නඞ්ගලකුර තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

එක් දුප්පත් මිනිසාණ කෙණෙක් තමන් තමන්ට පැදෙන හෙයින් අනුන්ට බැළ මෙහෙ කොට ලා ජිවත් වෙති. එක් කෙණ කුන් වහන්සේ උන් තමන් කෝණම කඩ රෙද්දක් ඇඳ ගෙණ නඟුලක් කර තබා පියා බැළ සීයකට යන්නවුන් දැක ජීවත් වන ලෙසට අනුකම්පා ඇති ව ‘තොප මෙ ලෙසට දුක් ගන්නවුන් මේ දුක් ගෙවා මහණ වූ කල නපුරු දැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මම දුක් ගත නො හී මහණ වෙම් නමුත් මා සේ වු දුක්පතියකු මහණ කරණ සේක් කවුරුන් වහනසේ දැ’යි කිවුය. ‘ඉදින් තෙපි මහණ වවු නම් මම මහණ කෙරෙමී’ කී සේක. ‘මහණ කරණ සේක් වී නම් මහණ වෙමී’ උනු ත් කී කල්හි තෙරුන් වහන්සේ දෙව්රමට කැඳවා ගෙණ ගොසින් සස්නෙහි ඇලුම් ඇති වනු නිසා සිය අතින් ම නාවා පියා මළුවේ දී ම මහණ කොට ලා හැඳ ගත් රෙදි කඩ හා සමඟ නඟුල මළු කෙළවර අත්තෙක එල්වා තබා පූ සේක.

උන් වහනසේ ද උපසම්පන්න ව නඞ්ගලකුර1 තෙරුන් වහන්සේ ය’යි ප්ර සිද්ධ වූ සේක. උන් වහන්සේ ද කිසි ත් ආයාසයක් නැති ව බුද්ධානුභාවයෙන් සුව සේ ජීවත් වන සේක් කලක දී 1. නඟලකුල 1062 සද්ධර්මරත්නාවලි ය

සස්නෙහි උකටලීව පියා උකටලිය හැර ගත නො හී සිවුරු හරනට සිතා ගෙණ හැඳගන්ට පිළියක් නැති හෙයින් කඩ රෙද්ද තුබූ අත්ත කරා ගොසින් කඩ රෙද්ද තරම ත් වැළඳගත් සිවුරේ තරමත් බලා පියා තමන් වහන්සේ ම තමන් වහන්සේට ‘ලජ්ජා නැති තැනැත්ත ව, කඩ රෙද්ද හැඳ ගෙණ සිවුරු හැර ගොසින් ශාසනයේ සිට ලත් සම්පතක් නැති මෙ ලෙස මාලු කම් කී කලට උකටලිය ත් තුනී ව ගත. නැවත අවුත් පෙරළා කීප දවසෙකින් උකටලී ව කඩ රෙද්ද තුබූ තැනට ගොසින් ආදි ලෙස ම මාලු කම් කියා තව ක් උකටලි ය තුනී වි ය. මෙ ලෙසින් සස්නෙහි ආලය නැති වූ විට කඩ රෙද්ද තුබූ තැනට ම යන සේක.

වහන්දෑ ද එක් වන් ම යන නියාව දැක ‘ඇවැත්නි, කොයි යවුදැ’යි විචාළ සේක. කඩ රෙද්ද හා නඟුල සි‍වුරු හැර පීමට ආලය හරවා අවවාද කරණ ආචාරී තැනක් වැනි හෙයින් එ ලෙස සලකා ආචාරීන් වහන්සේ කරා යම්හ’යි කියන සේක. මෙ‍ ලෙසින් දවස් ගණනෙකින් කඩ රෙද්ද හා නඟුල ම කමටහන් උගන්වන ඇදුරු කොට ගෙණ රහත් වූ සේක. වහන්දෑ ත් ඔබ වෙහෙසනු නිසා ‘ඇවැත්නි, තොප ආචාරිය තැන් කරා යන මඟ ත් දැන් වල් වි ය. ඔබ යන ගමන නැතැ’යි කී සේක. ‘එ සේ ය. ආදි එ බඳ තරමක් ඇති හෙයින් ගියම්හ. දැන් ඒ හැම නැති හෙයින් ඔබ ගමන හළුම්හ’යි කී සේක.

වහන්දෑ එ පවත් අසා ‘නැත්ත කියා තමන් රහත් නියාවක් හඟවතී’ බුදුන්ට දැන් වූ සේක. බුදුහු ‘මහණෙනි, ම පුතු තුමු ම තමන්ට අවවාද කොට නිසි ලෙසින් වැස රහත් වූ ය’යි වදාරා බණ වදාරන බුදුහු ‘මහණෙනි, අනුශාසක කෙණෙක් සම්භ නො වෙත් නම් උන් රැක නො හිඳ තමා තමහට අවවාද කළ මැනව. තමා ම තමාගේ තරම් විමසුව මැනව. එ ලෙස වසන්නාහු හැම වේලේ ම සිහි නුවණ ඇති ව වසන හෙයින් සතර ඉරියවුවෙහි ම සුවසේ දවස් යවති. අනුශාසකයන් ඇත ත් තමහට පිහිට වන්නෝ තුමූ ම ය. අනික් පිහිට වන්නෝ කවුරු ද ? තමා ම කළ දෙයකින් මුත් අනුන් කළ පිණෙකින් සඟමොක් දෙකට පැමිණෙන කෙණකුන් නැති හෙයින. එ හෙයින් ලාභ ය නිසා ආජානී ය අශ්වයකු හික්මවන්නා සේ තමා ම තමා හික්ම වනු මැනව’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.




273. වක්කලී තෙරුන් වහන්සේ ගේ වස්තුව 1063

එ හෙයින් නුවණැත්තවුන් විසින් අනුන් බලා නො හිඳ තමා ම තමාට පිහිට කට යුතු.

273. වක්කලී තෙරුන්වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද බුද්ධාතලම්බන ප්රී්තිය උපදවා වසන්නවුන්ට උත්සාහ වඩනු නිසා වක්කලී තෙරුන් වහනසේ ‍ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

උන් වහනසේ සැවැත් නුවර බමුණු කුලයෙක ඉපැද වැඩි විය පැමිණි සේක් සිඟා වැඩි තිලෝ ගුරු බුදු රජුන් වහන්සේ දැක මේ ලෙව්හි ශොභාවෙක් ඇත්නම් මුළුල්ල එක් කොට හඹා පීවාක් වැනි වූ රුව දැක බලා ඇස් ඇද ගත නො හී ‘ මෙ සේ කළ කලට බුදුන් නිරන්තර ව දක්නෙම් වේ දැ’යි බුදුන් ලඟ ම මහණ ව යම් තැනෙක සිටි කල බුදුහු පෙනෙන සේක් වී නම් එ තැනට පලා ගොසින් ධුරද්ව ය හැර බුදුන් ම බල බලා සිටිනා සේක.

බුදුහු ත් ඔබගේ නුවණ මුහුකුරණ තෙක් කුමකු ත් නො වදාරා නුවණ මුහු කළ නියාව දැන ‘වක්කලීනි, තොප මාගේ දෙ තිස් කුණු කොටසින් ගැවසී ගත් ශරීරය බැලීමෙන් ප්රහයෝජන කිම් ද ? ‘වක්කලීනි, යම් කෙණෙක් නුවණැසින් දහම් බලත් නම් ඌ මා දකිති. මා දක්නවුන් දහම් දැක්ක මැනැවැ’යි අවවාද වදාළ ත් බුදුන් පෙනෙන තැනින් අනික් තැනකට යා නො හෙන සේක. බුදුහු ත් ‘මෙ ලෙසින් මුන් දුරු කට නො හැක්කැ’යි වස් වසන ආසන්නයෙහි රජගහ නුවරට වැඩ වස් වසන දවස් ‘පලා යව, වක්කලීනි’ යි වදාරා නෙරපී සේක.

උන් වහන්සේ ත් ‘බුදුහු මා හා කථා නො කරණ සේකැ’යි තුන් මසක් මුළුල්ලෙහි බුදුන්ට කයින් ලං ව ගත නො හී ‘බුදුන් දැක්ක නො හෙන මාගේ ජීවත් වීමෙන් ප්ර්යෝජන කිම් ද, පර්වනතයට නැඟී ලා වැටී ගොසින් මියෙමි’ යි ගිජු කුළු පවුවට නැඟි සේක. බුදුහු ත් ඔබ විඳිනා ආයාස ය දැක ‘මේ මහණ මා ගෙන් අස්වැසිලියක් නො ලදින් මාර්ග ඵලොපනිශ්ර ය නසා ගත් නමුත් නපුරැ’යි තමන් වහන්නසේ දක්වන්ට රස් කඳක් විහිදුවා ලූ සේක. බුදුන් දක්නා ම ඇඹුලෙකින් මල කඩක් ‍නැති වන්නා සේ ශොක ය නැති වි ය. බුදුහු ද වැසි නැති ව වියළී තුබු වැවක් වැසි වැස පුරන කලක් මෙන් වක්කලි තෙරුන් වහන්සේට ත් ප්රීබති 1064 සද්ධර්මරත්නාවලි ය

ප්ර4මොද්යවය උපදවනු නිසා ‘හෙම්බල වක්කලීනි, යම් කෙණෙක් බුද්ධාලම්බන ප්රීසති ය බලවත් වී නම් ඌ බුදු සස්නෙහි පහන් ව වෙසෙති. අනික් සිතිවිල්ලකට අවසරයක් නැති හෙයින් සම්ය ක් ප්රසතිපදාවෙහි පිහිටා භව ක්ෂඅය ත් කෙරෙති’ වදාරා ලා - “එහි වක්කලි ! මා හායි - එලොකෙන්තො තථාගතං, අහං තං උද්ධරිස්සාමි - පඞ්කෙ සත්තංව කුඤ්ජරං

යනාදි ගාථා තුන 1 වදාරා ලා අත දික් කොට වදාළ සේක. උන් වහන්සේ ද “බුදුහු ත් මා දුටු සේක. මම ත් ඔබ දිටිමි. එව’යි යන බස් පමණකුත් ලදිමි” යි ප්රීටතිය බලවත් ව ප්රීඔති වෙගයෙන් වඩනා මඟු ත් සොයා ගත නො හී බුදුන්ට හමු වූ ආසට උද්වෙග ප්රීබති ‍බලයෙන් නැඟී ලා බුදුන් වදාළ ගාථා සලකමින් ආස දී ම ප්රීූති ය විකඹා ලා විවසුන් වඩා පිළිසිඹියා පත් රහත් ව බුදුන් වැඳ වැඳ බිමට බැස ලා ලඟ වැ‍ඩ සිටි සේක. බුදුහු ත් පසුව ශ්ර ද්ධා බහුල තැනට අග තැන තබා වදාළ සේක.

එ හෙයින් නැවණැත්තවුන් විසින් කවරත් කුශලයට ශ්රසද්ධාව මුල් වන හෙයින් සැදෑ වඩනට නිසි වූ බණ අසා සැඳෑ ඇති ව කුසල්හි හැසිරිය යුතු.

274. සුමන සාමණෙර වතසංස්කරණය

තව ද වයස බාල වුව ත් ගුණය මුකුරා තිබේ නම් එ ම ප්රහයෝජන නියාව හඟවන්ට සුමන සාමණෙර වත දක්වමු.

කෙ සේ ද යත් - එහි ලා මේ පි‍ළිවෙළ කථා ව ය. පියුමතුරා බුදුන් සමයෙහි එක කුල දරුවාණ කෙණෙක් බුදුන් සිවු වනක් පිරිස් මැද වැඩ හිඳ එක් භික්ෂු කෙණකුන් වහන්සේ දිවස් ඇති තැනට තමන් වහන්සේට ඉක්බිති කොට අග තැන තබන්නා දැක තුමු ද එ සැප ත් පතා පිණක් නො කොට ම ලද නොහැකි හෙයින් දානමය කුශලය ත් තදුපනිශ්රතය හෙයින් බුදු පාමොක් සඟනට ආරාධනා කොට ලා සතියක් මුළුල්ලෙහි මහ දන් දී ‘ස්වාමීනි , මම ද එන දවස එක් බුදු කෙණකුන් වහන්සේගේ සස්නෙහි ඒ බුදුන් විනා සෙසු දිවස් ඇති තැනට උතුම් වෙම් ව’යි පැතුහ. පියුමතුරා බුදුහු ත් මහාශ්රාටවක බොධිය කප් ලක්ෂ යකින් මුත් මෑත සම්භ නො වන හෙයින් අතුරෙක අධිගමයෙක් වේ නමුත් ය යි කප් ලක්ෂයයක් ‍මුළුල්ලෙහි බලන සේක් ප්රාකර්ථනාව සමෘද්ධ වන නියාව දැන ‘මේ 1. ගාථා දෙක 2. ඇසට 274. සුමන සාමණෙර වත 1065

මා බුදු වූ කපට ලක්ෂනයක් වන කප බුදු වන ගෞතම බුදුන් ගේ සස්නෙහි දිවස් ඇත්තවුන්ට අග්ර ව නමින් අනුරුද්ධ මහ තෙරහු ය යි ප්රගසිද්ධ ව යි’ වදාළ සේක.

කුල දරුවාණෝ ද ඒ විවරණ ය අසා මිනිස් ලොවින් අනූ ලක්ෂ යක් හවුරුදු පළමු වන නරකයට දවසක් වන්නා‍ සේ ලක්ෂයයක් වන කප ය යි වදාරා ලා සෙට දවස් වන දෙයක් සේ සිතා ගෙණ ඒ බුදුහු ත් හවුරුදු ලක්ෂයයක් විවරින් කළ මනා බුද්ධ කෘත්යකයන් නිමවා පිරිනිවි කල්හි වහන්දෑ අතින් දිවස් ලැබීමට නිසි පින්කම් විචාරා ‘පාන් පූජා කිරීම ආවෙණික පිණැ’යි කී කල්හි පියුමතුරා බුදුන් ගේ ධාතු වඩා කළ අට විසි ගවුවක් විවර උස ඇති රන් දා ගබ බට නො එක් දහස් ගණන් පාන් ඇගැ අරංගු ආදි ය කරවා ලා පාන් පූජා කර ලා එයින් සැව දෙව් ලොව ඉපැද දෙව් ලොවින් කැටි ව මිනිස් ලොවින් කැටි ව කප් ලක්ෂදය ගෙවා බුදුවරුන් වහන්සේ පස් නමකින් හෙබියා වු මේ භද්ර කල්පයෙහි එක්තරා අකුශල කර්මව බලයෙකින් බරණැස් නුවර දිළිඳුකුලයෙක ඉපැද සුමන නම් සිටාණන් නිසා උන්ගේ අසුන්ට තණ ගෙනවු ත් ලා ලා ජිවත් වෙති. නමින් අන්නනහාර නම්හ. සුමන සිටාණෝ ද එ නුවර දන් හල් සයක් කරවා ලා නිරන්තර ව මහ දන් දෙති.

ඉක් බිත්තෙන් එක් දව‍සක් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ ගඳ මහන් පව්වෙහි දී සතියක් මුළුල්ලෙහි නිරොධ සමාපත්තියට සම වැද සමාපත්තීන් නැඟී අද කවුරුන්ට සංග්ර හයක් කෙරෙම් දෝ හෝ’ යි සිතා ‘අද අන්නහාරයන්ට සංග්රදහයක් කෙලෙම් නම් යහපත. අද ම සංග්රනහයක් කෙළෙම් නම් දිළිඳු කමුත් හැරී මහ සම්පත් ලැබෙ යි. දැනු ත් ඒ තෙමේ වලින් තණ හැර ගෙණ ගෙට එන්ට එ යි, දැන වදාරාසිවුරු වැළඳ ගෙණ පාත්ර්ය පටවා ගෙණ අහසින් වැඩ අන්නහාරයන් ඉදිරියේ ව‍ැඩ සිටි සේක.

අන්නහාරයෝ ද තමන්ගේ කුශලානුභාවයෙන් දිළිඳු කමින් මුදන්ට ‍පොළොව පළා ගෙණ නැ‍ඟි කප් රුකක් වැනි වූ ඒ පසේ බුදුන් වහන්සේ දැක පාත්රො යත් සිස් නියාව දැන ‘ස්වාමිනි, සිඟමන් උපන්දැ’ යි විචාරා ‘මහ පිණැත්තව, ලබන්නමෝ වේ දැ’ යි අනාගතාපෙක්ෂානවෙන් වදාළ කල්හි ‘ස්වාමීනි, එ සේ වී නම් මඳක් වැඩ සිටිනේ යහපතැ’යි කියා ලා තණ කද බා තබා පියා වහාගෙට ‍ගොසින් ‘සොඳුර, උදවු බතෙක් ඇත් ද නැත් දැ’යි ඇඹේණියන් ඇතින් විචාර ‘ස්වාමීනි, ඇතැ ‘යි කී කල්හි පෙරළා වහා පලා


1066 සද්ධර්මරත්නාවලි ය

ගොසින් පසේ බුදුන් වහනසේගේ පාත්රල ය ආරාධනා කොට ලා ඇර ගෙණ ‘යම් දවසෙක දනක් දෙන්ට සිතීම් නම් එ දවස් දීලන්ට තිස්සක් සම්භ නො වෙයි. දි ලන්ට නිස්සක් සම්භ වු කලට දන් පිළිගන්ට නිසි තැනක් ලද නො හෙමි. අද වූ කලි පිළිගන්ට නිසි කෙණකු ත් දොර නො ඇවිද ම සම්භ වූ සේක. පිළිගන්වා ලන්ට නිස්සකු ත් ඇති විය. මට වූයේ බලවත් ලාභ ය කැ’යි සිත සිතා ගෙට ගොසින් බත් පාත්රඇ ය පුරවා පියා ගෙණ අවුත් පසේ බුදුන්ට පිළිගන්වා ලා “ ස්වාමීනි, මේ ජාති ය මෙ සේ වූ දිළිඳු කමෙකු ත් නො වේව’ යි , ‘නැතැ’ යි යන බසක් ම නො අසම්ව’යි වේව’ යි වදාරා ප්රවත්යෙික බුද්ධ ගාථාවෙන් අනු මෙවුනි බණ ත් වදාරා ලා වැඩි සේක.

සුමන සිටාණන්ගේ සේසත වසන දේවතාවාණෝ උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට දුන් දන ඉතා යහපතැ’යි තුන් විටක් සාධු කාර දුන්හ. සිටාණෝ තමන් දෙන දනට දුන් සාදු කාරයකැ යි සිතා ‘මෙ තෙක් දවස් ම‍ා දෙන දන් නුදුටු දැ’යි විචාළෝ ය. ‘මා තොපගේ දන ක් අරභයා දුන් සාධු කාරයෙක් දුන් බත් පාත්රනයෙහි පැහැද සාධු කාර දිනිමි’ කීහ. සිටාණෝ ද ‘මා මෙ තෙක් කල් මුළුල්ලෙහි දන් දී ත් දෙවියන් ලවා සාධු කාර දෙවා ලිය නුහුනුයෙමි. අන්නභාරයෝ ස්ව ප්රලධාන වාසයක් නැති ව මා නිසා ජිවත් වන තැනැත්තෝ මෙ තෙක් දවසෙක දුන් දනක් නැත ත් ඒ අද එක දවස දුන දනින් ම එයි ‍ත් බෙහෝවක් නො ව එක් බත් පාත්රදයෙන් ම දෙවියන් ලවා සාධු කාර දෙවූහ. දෙවියන් ගෙන් සාධු කාර ලත් හෙයින් උන්ගේ දන වැඩී සිටි ය. උන්ට නිසි සංග්ර්හයක් කොට ලා ඒ බත් පාත්ර ය මා සන්තක කෙරෙමී ‘යි සිතා ලා අන්නහාරයන් ගෙන්වා ලා ‘අද තොප කිසි තැනකට දුන් කිසිවක් ඇත් දැ’යි විචාළෝ ය.

‘එසේ ය. ‘ස්වාමීනි, මට ඉදි කළ බත් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට දිනිමි’ කීහ. ‘පින්වත, එසේ වී නම් තෙල කහ වණුව ගෙණ ඒ බත් පාත්රේ ය මට දෙව’ යි කීහ. නො දෙමි’ කී කල්හි ‘රන් මඳ හෙයින් නො දෙන වනැ’යි සිතා දෙ මස්සෙන් තුන් මස්සෙන්, දස කළඳින්, විසි කළඳින් , පනසින්, සැටින්, සීයෙන් ව‍ඩා ගෙණ ගොසින් දහස දක්වා දෙමි’ කිහ. අන්නභාරයෝ ද දහසට වුව ත් විකුණන්ට සිතා කළ දෙයක් නො වන




274. සුමන සාමණෙර වත 1067

හෙයින් ‘නො දෙමි’ කීහ. සිටාණෝ ද උන්ගේ තර ය දැක ‘අප තරම් උපකාරී ‍තැනට මසු දහස හැර ගෙණ ත් බත් පාත්රී ය දී ලන්ට මාළි බැවින් ඒ දහස හැර ගෙණ බත් පාත්රදයෙහි පින් දෙ ව’යි කීහ. මිල හැර ගෙණ පින් දී පී කලට පින් තමන්ට නැති ව සිටාණන්ටම වේ දැයි සිතා ගෙණ ‘පසේ බුදුන් වහන්සේ ලා කථා කොට ලා පසු ව කියා ලමී කියා වහා ම පසේ බුදුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි. සුමන සිටාණෝ මසු දහසක් දී ලා මුඔ වහන්සේට දුන් බත් පාත්ර්යෙහි පින් ඉල්වති දෙ ම ද, නො දෙම් දැ’ යි වි‍චාළෝ ය.

ඔබ දෙන්ට ත් නො දෙන්ට ත් නො වදාරා පින් දුන්හ’ යි කියා වඩනා දෙයක් මුත් අඩුවක් නැති නියාව හඟවන්ට උපමාවක් දක්වන සේක් ‘ නුවණැත්තාණෙනි, ගෙවල් සියයක් ඇති ගමෙක එගම ගෙයක පානෙක් ඇවිළේ නම් සෙසුගෙවල මිනිස්සු තමන් ගෙන් ම තෙල ගැලූ පාන් කඩ ගෙණවුත් අර පානින් පාන් අවුළුවා ගනිත් නම් පාන් කඩ එකුත් සියයකට ගියා වන්නා පළමු ඇ‍විළෙමින් සිටි පානේ ශොභාව ඇත් ද නැත් දැ යි විචාල සේක. ‘පාන් කඩවල තෙල් පාන් තුඩ ගැලි ලා ආදි විවරට ත් වඩා ඒ පා නේ ශොභාව බලවත් වන්නේ වේ දැ’යි කිවු ය. ‘එ සේ කලට පළමු තුබුපාන අර පාන්කඩ කරා නො යන නියා වේ දැ’යි වදාළ සේක.

‘එ සේය, ස්වාමීනි, කිවුය. ‘එ සේ වී නම් නුවණැත්තාණෙනි, එ පරිද්දෙන් ම යම් කෙණෙක් වැඩියක් නො වත ත් කැඳ සාළුවක් පමණ වේ ව යි බත් සැන්දක් පමණ වේ ව යි දන් දී ලා ඉදින් යම් තාක් දෙනාට පින් දුන්නු නම් ඒ තාක් ම උන්ට පින් කමු ත් වඩ්ඩී. යම්තාක් තෙපි අපට බත් පාත්රනයක් දුන්නාවා ද ? ඒ පාත්රඩ යෙහි පින් සිටාණන්ට දුන්නු නම් බත් පාත්රය‍ දෙකෙක් වෙ යි. එකෙක් තොපට ය. එකෙක් සිටාණන්ට ය. එ හෙයින් පින් කෙ තෙක් දෙනාට දුන් නමුත් ඊ අඩුවෙක් නැත. පින් දීම ත් දස පින් කිරිය වතින් එකෙකැ’යි වදාළ සේක.

උයි ත් උපමාව උගන්වා වදාළ හෙයින් තත්ත්වඉ ය දැන ගෙණ පසේ බුදුන් වැඳ ලා සිටාණන් ලඟට ගොසින් ‘පින් හැර ගත මැනැව’යි කී හ. ‘එ සේ වී නම් තෙල මසු දහස ගනුව’යි කීහ. ‘මම පත් පාත්රී ය නො විකුණෙමි. සැදැයෙන් ම දෙමී’ කිවූ ය. ‘තොපි තොප ගේ සැදෑයෙන් ම දෙව. මම ත් බත් පාත්රෙයට මිල කොට නො දෙමි. තොපගේ ගුණයට පූජා කෙරෙමි කෙ තෙක් මසුරන් දින් නමු ත් ‍තොපට සිද්ධ වූ කුශල ය මා කරා නැඟි


1068 සද්ධර්මරත්නාවලි ය

නො එයි’ කියා ගිවිස්වා ලා මසු දහසක් දීලා ‘මෙ වක් පටන් අපට කර්මාන්ත කිරීම නො කැමැත්තේ ය. තෙල වීථියෙහි ගෙයක් ඉදිකරවා ගෙණ හිඳුව. තොපට යමක් වුවමනා වි නම් මාගෙන් ම හැර ගනුව’යි කිවු ය. නිරොධ සමාපත්තීන් නැඟී තැනට දුන් දනේ විපාක එ දවස් ම පෙනෙ යි. එ හෙයින් රජ්ජුරුවෝ ද එ පවත් අසා අන්නභාරයන් ගෙන්වා ලා පින් ඉල්වා ගෙණ මහ සම්පත් දී ලා සිටු තනතුරුත් දුන්හ.

ඌ සුමන සිටාණන්ට සහාය ව ගෙණ දිවි පමණින් පින්කම් කොට එයින් සැව දෙව් ලොව ඉපැද එ වක් පටන් අප‍ෙග් බුදුන් බුදු වන තෙක් දෙව් ලොව ත් මිනිස් ලොව ත් චුත ප්ර්තිසන්ධි වශයෙන් ඇවිදිනාහු අපගේ බුදුන් සමයෙහි කිඹුල්වත් නුවර අමිතොදන නම් ශාක්යස රජ්ජුරුවන්ගේ ගෙයි පිළිසිඳ ගත්හ. අනුරුද්ධ ය යි කියා පියුමතුරා බුදුන් වදාළ නම ම තුබූහ. ඒ අනුරුද්ධ ය යි කියා පියුමතුරා බුදුන් වදාළ නම ම තුබූහ. ඒ අනුරුද්ධ කුමාරයෝ වැළි ත් මහානාම නම් ශාක්යා රජ්ජුරුවන්ගේ බාල මලණුවෝ ය. සුද්ධොදන රජ්ජුරුවන්ගේ මලණුවන් පුත් හෙයින් බුදුන්ට ත් මල් වන්නාහ. ඉතා සිවුමැල්ලහ. මහ පිණැත්තෝ ය.

එක් දවසක් භද්දිය කුමාරාදි වූ රාජ කුමාරවරුන් ය දෙනා කැවුමට ගිවිස ලා ගුළකෙළි කෙළනාකල්හි අනුරුද්ධ කුමාරයෝ පැරැද කැවුම් එවන්ට මවු බිසොවුන්ට කියා යවූහ. උයි ත් රන් තළි‍යක් පුරා ලා කැවුම් යවූහ. එක් ව වැද හිඳ කැවුම් කා ලා තවත් කෙළනා ගමනේ අනුරුද්ධ කුමාරයෝ ම පරැද ගොසින් තව ත් කැවුම් සොයා යවූහ. මෙ ලෙසින් පැරැද පියා තුන් වාර යක් ම කැවුම් ගෙන් වූ කලට සතර වැනි වාරයේ දී ගෙයි කැවුම් නැති හෙයින් නැතැ’ යි කියා යවුහ. එ බස් අසා නැතැයි යන බසක් නො ඇසූ විරු හෙයින් ඊ අර්ථම දැන ගත නො හී නැති කැවුමැ’යි ‍යන දෙයක් ඇති නියා ය යි සිතා ගෙණ ‘යව. ඒ නැති කැවුම් ගෙනෙව’යි යවූහ. ගිය තැනැත්තවුන් ‘නැති කැවුම් යවන්ට කී සේ කැ’යි කී කල්හි ‘ම පුතුන් උපන් වක් පටන් නැතැ යි යන බසක් ඇසූ විරූ නැත. එ සේ හෙයින් ඒ අර්ථ ය දත නුහුණු වු ය. එ බසෙහි අර්ථ කෙසේ හඟවම් දෝ හෝ’ යි උප දෙසක් සිතා ගෙණ රන් තළිය සෝධාවා පියා ඇතුළෙහි කිසිවක් නැත ත් අනික් රන් තළියකින් වස්වා ‘තෙලෙ ගෙණ ගොසින් ම පුතුන් ට දෙව’ යි කියා ලා යවුහ.

එ වේලාට නුවර රකවල සිටි දෙවියෝ ‘මේ ස්වාමි දරුවා‍ණන් අන්නභාර නම් දුගී ව උපන් අවධියෙහි උපරිට්ඨ නම් පසේ බුදුන්


274. සුමන සාමණෙර වත 1069

වහන්සේට දනක් දී ලා ‘නැතැ යි යන බසක් නො අසම්හ’ යි පතා ගත. අපි ඒ දැන ත් උපෙක්ෂාී වූ නම් නො මැදහත්කම නිසා අප‍ගේ හිස් පැළිණ නමුත් නපුරැ යි” දිව කැවුමෙන් තළි ය පුරා ලූහ. තළි ය ගෙණ ගොසින් රාජ කුමාරවරුන් ලඟ තබා ලා වසා ලූ තළි ය හැර පී ය. දිව කැවුමෙහි සුවඳ සියලු නුවර පැතිරිණ. කැවුම් කට තබා ලන්නා ම සත් දහසක් රස නහර පිනා සිට ගත. අනුරුද්ධ කුමාරයෝ කැවුමෙහි සුවඳ අසා ත් රස දැන ත් ‘අපාගේ මෑණියන් වහන්නේ මෙ තෙක් කලෙක මෙ තරම් කැවුමක් නො එවූ විරූ සේක. මා කෙරේ ළෙන් ගතු නැති නියාවනැ ‘යි සිතා පියා ගෙට ගොසින් මවු බිසොවුන්ට ‘මෑණියන් වහන්ස, මා කෙරේ ළන් ගතු කමක් නැති නියා දැ’ යි විචාරා ‘පුතණ්ඩණ, කුමක් කියන්නේ ද? මාගේ ඇස් දෙකට ත් වඩා හෘදය මාංශයට ත් වඩා මුඹ ප්රිිය වේ දැ’ යි කිවු ය.

“ මට මුඹ වහන්සේ ළෙන් ගතු කල මෙ තෙක් කල් මුළුල්ලෙහ මේ ‘නැති කැවුම් ‘ නුදුන්නේ හැයි දැ” යි විචාළහ. බිසවුන් සිස් තළිය ගෙණ ගියවුන් අතින් ‘තළියෙහි කිසිවක් ඇත් දැ’ යි විචාරා ‘එ සේ ය. බිසවුන් වහන්ස, තළි ය කැවුමෙන් පිරිණැ’ යි කී කල්හි බිසවු ‘ම පතුන් මහ පැණැත්තෝ ය. දෙවියන් දිව කැවුම් පුරාලූ නිය ය’ය සිතූහ. අනුරුද්ධ කුමාරයෝ ත් “මෑණියන් වහන්ස, මා මෙ තරම කැවුමක් කැවිරූ නැත. මෙ වත් පටන් මට ‘නැති කැවුම් ම’ ඉදි කරවුව මැනවැ” යි කිවූ ය. උයි ත් එව ක් පටන් තෙලු ත් නො දමා පිටිත් නො දමා ‘කැවුමක් කමී. කී විටෙක රන් තළි‍යක් සෝධවා පියා අනික් තළියකින් වස් වා ලා යවති. දෙවියෝ දිව කැවුමෙන් තළි ය පුරා ලති. මෙ‍ සේ අනුරුද්ධ කුමාරයෝ ගිහි ගෙයි වසන කල ත් නැතැ යි යන බසෙයි අර්ථ නො දැන කැවුමක් කන විටෙක දිව කැවුම් ම අනුභව කෙරෙති.

බුදුන් පිරිවරා මහණ පිරිස් ඇවිදිනා නිසා කුල පි‍ළිවෙළින් ශාක්යව කුමාරවරුන් මහණ ‍වන කල්හි මහානාම නම් ශාක්යද රජ්ජුරුවන් ‘මළ, සෙස්සවුන් ගොසින් මහණ වන තැන අප ගෙන් තව දක්වා මහණ වූ කෙණෙක් නැත. තොප හෝ මහණ වූව මැනව. මා හෝ මහණ වු ව මැනැව’යි කී කල්හි අනුරුද්ධ කුමාරයෝ ‘මම සිවුමැල්ලෙමි. මහණ වන්ට නො පිළිවනැයි’ කිවූ ය. ‘එ සේ වී නම් අප ගෙන් යමකු මහණ ‍නො වූ කල නපුර. ඇති ව සිටියවුන් අප දෙ බෑයන් වුව මම මහණ වෙමි. තොපි ගොවි කර්මාින්ත උගනුව’ යි කීහ. බත් උපදනා තැන් පමණකු ත්


1070 සද්ධර්මරත්නාවලි ය

‍නො දන්නවුන් කර්මාහන්ත දන්ට කාරණ නැති බැවින් ‘කර්මාන්ත නම් තමා කිම් දැ’යි විචාළහ.

බත් උපදනා තැන් නො දන්නා පරිදි කෙ සේ ද යත් - එක් දවසක් අනුරුද්ධ කුමාරයෝ ය, භද්දිය කුමාරයෝ ය. කිම්බිල කුමාරයෝ ය. යන කුමාරවරු තුන් දෙන බත් උපදනේ කොයින් දැ’යි කථාව ඉපැදවූහ. ඉන් කිම්බිල කුමාරයෝ එක් දවසක් වීකක් ගුළ ලන්නා දැක බත් උපදනේ මින් නියා වේ දැ’යි සිතා ‘බත් ගුළින් උපද්දී’ කිවූය. භද්දිය කුමාරයෝ ‘තෙපි බත් උපදනා තැන් නො දනුව. මම දනිමි. බත් උපදනේ සැළියෙනැ’යි කිවු ය. එ සේ කියන්ට කාරණ කවරේ ද යත් ‍- එක් දවසක් සැළියෙන් බත් තලියෙහි ලන්නා දැක බත් උපදනේ ඉනැ’යි සිතා ගෙණ කීහ. බත් වන්නේ සැලියේ දී ය යි කිවු නම් තවත් යුක්ත ය.

උන් දෙන්නා එ ලෙස කී කලට අනුරුද්ධ කුමාරයෝ ‘බත් උපදනා තැන් තෙපි දෙන්න ම නො දනුව. බත් උපදනා තැන් දන්නෙම් මම ය. මුව වීට රෙඛා සියයක් ඇති තළිය මැඳ රියනක් උස කැකුළක් ඇති රන් තළියනේ බත් උපදනේ ය’යි කිවු ය. ඒ අනුරුද්ධ කුමාරයන් විකක් අටුවේ ලන නියා වේව යි, සැළියේ තුබූ බත් තළියේ ලන නියා වේව යි දුටු විරූ නැත. රන් තළියෙහ ලා ලා ඉදිරියෙහි තබා ලූ බත් පමණක් ම දකිති. එසේ හෙයින් තළයෙන් බත් උපද්දී සිතා කිවු ය. බත් උපදනා තැන් පමණකුත් නො දන්නා කුල දරුවාණන් බතට මුල් ව සිටිනා කර්මාබන්ත දන්නේ කෙසේ ද? එ හෙයින් ‘කර්මාබන්ත නම් කවරේ දැ’ යි කීහ.

එ සේ විචාළ මළණුවන්ට දිවි හිමියෙන් ම කොට නිමක් නැති ලෙසට කර්මාවන්ත කීහ. පළමු කොට කුඹුර ගෙවඩීම් බිම් නැඟීම් කට යුතු ය. ආදි වශයෙන් සාට යුතු ය. සෑ කැට ගා කළල්ලම්1 කොට නිමි පසු වපුළ යුතුය. වපුළ පසු ඉස්නන් තිබිය යුතු ය. පූදිනා තෙක් රෑනි ආදියට කෙම් කට යුතු ය. ඉන් පසු කිරි වදනා තෙක් වැලි ඉසීම් ආදි කට යුතුය. ගොයම් පැසී ගත් කලට දිම්2 මැඩීම් කට යුතුය. පෙරළා හිපිනැලි සාට යුතු ය. වල් කෙටිය යුතු ය” යනාදීන් බැණන් කියා ලූ කර්මාන්තයෙහි සසර මුලක් නො පෙනෙන්නා සේ නියමයක් නො පෙනෙන නියාව දැන ‘මට ඒ කර්මාන්තයෙන් ප්රසයෝජන නැත. ප්රයයෝජන වන

1. කළල්කම් 2. දාම 3. රුති ආදියට - රැති ආදියට - රැදි දියට


274. සුමන සාමණේර වත 1071

කෙණකුන්ට ම වන්නා ට ය’යි මහණ වන්ට රුචි ඇති නියාව මෑණියන්දෑට කියා ලා භද්දිය කුමාරදි රාජකුමාර වුරුන් පස්දෙන හා සමඟ කික්ම අනුපිය නම් අඹ උයන්හි වැ‍ඩ හුන් බුදුන් කරා එළඹ මහණ වූ සේක.

මහණ ව ත් මනාව පිළිපැද රහත් වීමෙන් ත්රිඑවිද්යා් වඩා ගෙණ හුනස්නෙහි හිඳ ම හස්තාමලක න්යා්යයෙන් දස දහසක් සක්වළ දක්නට සමර්ථ ව ‘කුමන පිණක් කොට මේ තරම් ගුණ විශෙෂයෙක් ලදිම් දෝ හෝ ‘යි බලන සේක් පියුමතුරා බුදුන් සමයෙහි මේ තනතුරු පතා පැතූ පමණෙකින් වැද නො හිඳ කප් ලක්ෂු ය මුළුල්ලෙහි දිවස් ලැබීමට ත් රහත් වන්ට ත් නිසි පින්කම් කොට ලත් නියාව දැන ‘තව ද එක් සමයෙක බරණැස් නුවර සුමන සිටාණන් නිසා ජීවත් වන්නා වූ මම අන්නභාර නම් වීමි.

‘අන්නභා‍‍රො පුරෙ ආසිං - දළිද්දෙ ‍කාජහාරකො, පිණ්ඩපාතො මහා දින්නො - උපරිට්ඨස්ස යසස්සිනො’

යනු හෙයින් උපරිට්ඨ නම් පසේ බුදුන්ට දනක් දිනිමි. මා දුන් දනෙහි පින් අනුමෝ වු සුමන සිටාණෝ දැන් කොයි දෝ හෝ ‘යි බලන සේක් වින්ධ්යාමටවි නම් මහ වල ගල් පාවුලෙක මුණ්ට නම් නියම් ගමෙක් ඇත. ඒ ගම වසන මහා මුණ්ඩ නම් උපාසක‍යන් දෙන්නාගෙන් කුඩා සුමන ව උපන්හ’යි දුටු සේක. දැක ත් ඔබ යෑමෙන් වන ප්ර්යෝජන ක‍වරේ දෝ හෝ’යි සලකා ‘මා ඔබ ගිය කලට කුඩා සුමන කුමාරයෝ සත් හැවිරිදි වයස දිම මහණ ව කර’ගම රහත් වෙති’ දැන වස් ආසන්නයෙහි ආසින් වැඩ ගම් දොරට බට සේක.

මහා මුණ්ඩ උපාසකයෝත් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේලා පුරුද්දෝ ම ය. එ හෙයින් සිඟා යන වේලෙහි සිවුරු ගැට ගන්වන්නා දැක මහා සුමන කුමාරයන්ට ‘පුත , අනුරුද්ධ වහ තෙරුන් වහන්සේ වැඩි සේක. ඔබගේ පාත්රක ය හැර ගනුව. මම වැඩ හිඳිනා ආසන‍යක් පනවා ලමී ‘යි කිවු ය. උයි ත් ගොසින් පාත්රරය හැර ගත්හ. උපාසකයෝ ද මහ තෙරුන් වහන්සේ ගෙයි වඩා හිඳුවා ලා සකස් කොට වළඳවා ලා වස් වසන්ට ආරාධනා කළහ. මහ තෙරුන් වහන්සේ ත් ඉවසා වදාළ සේක.




1072 සද්ධර්මරත්නාවලි ය

එක් දවසක් කරණ උපස්ථානයක් මෙන් වස් තුන් මස උප ස්ථාන කොට ලා වස් නිමි දවස් තුන් සුවුරක් ද උක් සකුරු තල තෙල් සාල් ආදි ය ද ගෙණවුත් මහ තෙරුන් වහන්සේගේ පා මුල තබා ලා ‘පිළිගත මැනව, ‘ස්වාමීනි’ යි කිවුය. උපාසකයෙනි, තැන වස් විසූ තැන් ලැබ්බ යුත්ත ය. පිළිගත මැනැවැ’යි කිවු ය. එ සේ කීවත් නො කැමති වූ සේක. ‘කැප දෙය වුව මැළි හැයි ද ස්වාමීනි’ යි කිවුය. ‘අප ලඟ කැපකරු හෙරණ කෙණකුන් පමණක් නැති හෙයිනැ’ යි වදාළ සේක. එ සේ වි නම් මහ සුමන කුමාරයන් මහණ කළ මැනවැ’ යි කිවු ය. උන්ගෙන් ප්ර යෝජන නැතැ’යි වදාළ සේක. එ සේ වූ වොත් කුඩා සුමන කුමාරයන් මහණ කළ මැනවැ ‘යි කිවු ය.

මහ තෙරුන් වහන්සේ ත් ‘යහපතැ’ යි ගිවිස කුඩා සුමන කුමාරයන් මහණ කළ සේක. මහණ කරන්ට ය යි හිසකෙ කපා නිම්වා ලන්නා ම රහත් වූ සේක. කර අග රහත් නම් ඒ ය. මහ තෙරුන් වහන්සේ ත් දෙ පෝයක් විවර එ තැන රඳා ලා වස් අන්ත හෙයින් ‘බුදුන් දකිමී’ හෙරණුන්දෑගේ නෑයන්ට කියා ලා ආසින් ම ගොසින් හිමවු පියස වනවාස පැලකට බට සේක.

මහ තෙරුන් වහන්සේ පියවින් ම වීර්ය් බට ඇති සේක. එ හෙයින් පෙර යම ත් අලුයම ත් සක්මන් කරණ ගමනේ දී බඩ රුජාවෙක් පහරින්ට වන. හෙරණුන්දෑ ද ඔබ මිරිකී පියා සිටි නියා ව දැක ‘අඵාසු කිම් ද, ස්වාමීනි’ යි විචාළ සේක. ‘බඩ රුජාවෙක් පහරන්නේ ය’ යි වදාළ සේක.

‘මෙ තෙක් කලු ත් ඇද්දැ’ යි විචාර ‘ඇතැ ‘යි වදාළ කල්හි ගුණ ව ගන්නේ කුමකින් දැ’යි විචාරා අනවුතත් විල පැන් වැළඳූ කල ගුණ වෙයි’ කී කල්හි ‘එ සේ වී නම් ස්වාමීනි, ගෙනෙමී’ කී දෑ ය. ‘පිළිවන් දැ’යි විචාළ කල්හි’ පිළිවන, ස්වාමීනි’යි කී සේක. ‘එ සේ වී නම් ඒ විල පන්නග නම් නාරජ්ජුරු කෙණෙක් වෙසෙති. ඌ මා හඳුනති. උන්ට කියා ලා බෙහෙත් නිසා පැන් කළයක් ගෙනව’යි වදාළ සේක. උන්දෑ ද ‘යහපතැ’යි උපාධ්යා්යයන් වහන්සේ වැඳලා අහසට පැන නැ‍ඟී ලා ගවු දෙ දහසක් තැන් වැඩි සේක.

එ දවස නා රජ්ජුරුවෝ නා නළුවන් පිරිවරා දිය කෙළි කෙළනා කැමැති ව හුන්නෝ ය. හෙරණුන්දැ අහසින් වඩනා දැක ‘ මේ



274. සුමන සාමණෙර වත 1073

මුඩු මහණ තමාගේ පාද ධූලි මා හිස වගුරුවන්ට කරන්නාක් මෙන් ඇවිදින්නේ ය’යි කිපී ගොසින් පැනක් නිසා ආ වන. මේ විලින් පැනක් නො දෙවී’ දෙ සීයක් ගවු පමණ දිග ත් පළලත් ඇති ඒ විල මහා මලාවකින් සැළියක් වසන කලක් මෙන් පෙණයෙන් වසා ගෙණ වැද හොත්තේ ය. හෙරණුන්දෑ ත් නා රජ්ජුරුවන්ගේ සැටි දැක කිපි නියාව සලකා ලා -

“සුණොහි මෙ නාගරාජ - උග්ගතෙජ මහ්බ්බල, දෙහි ‍මෙ පානීයඝටං - හෙසජ්ජත්ථබම්හි ආගතො,.

යනු හෙයින් නා රජ්ජුරුවෙනි, උරණ තබා මා කියන බසු ත් අසව. බෙහෙත් පිණිස පැන් කළයක් සොයා ආමි. එහෙත් මට නො වෙයි. අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට බඩ රුජාවෙක් ඇති ව පැන් වැළඳුවො ත් මුත් ගුණ නො වන හෙයින් එක් පැන් කළයක් චීවර ද ව’යි කී දෑ ය. ඒ අසා නා රජ්ජුරුවෝ -

“පුරත්ථීහමස්මිං දිසාහාගෙ - ගඞ්ගා නාම මහානදී , මහාසමුද්දං අප්පෙති - තතො ත්වං- පානීයං හර”

යනු හෙයින් මේ විලට නැගෙනහිර මුහුදට හුණුවා වූ ගඞ්ගා නම් ගඟෙක් ඇත පැන් වුව මනා වී නම් ඉන් ගෙණ ගිය මැනැවැ’යි කි වුය. ඒ අසා හෙරණුන්දෑ ත් ‘මේ නයා තමාගේ අදහසින් දි නො ලයි. බලයෙන් ම මාගේ තරම් හඟවා ලා පැන් හැර ගනි මී’ යි සිතා ලා -

“ඉතොව පානීයං හරිස්සං - ඉමිනාව ‘ම්හි අත්ථිවකො, යදි තෙ ථාමබලං අත්ථිස - නාගරාජ නිවාරය.

යනු හෙයින් නා රජ්ජුරුවෙනි, උපාද්ධ්යාායයන් වහන්සේ මා ලවා මේ විලින් ම පැන් ගෙන්වන සේක් ගඟින් පැනක් ගෙණ යන්ට මා වදාළේ නැත. පැන් නම් එක් වස්තුවක් නො වත් මා නො වළකුව’ යි වදාළ සේක. ඒ අසා නා රජ්ජුරුවෝ ‘සාමණෙරයන් වහන්ස, මුඹගේ තර බලයෙක් ඇත් නම් සුරුබුහුටි ව කියා ලූ බසට ම සතුටිමි. මා නො කැමැති කරවා පැන් ගෙණ යන්ට පිළි වන් වී නම් ගෙණ ගිය මැනැවැ ‘යි කිවූ ය.

සාමණෙරයන්දෑත් එ සේ ද, මහ රජ ගෙණ යමෝ දැ’යි වදාරා පිළිවන් වුව හොත් ගෙණ ගිය මැනැවැ’කී කල්හි තුන් විටක්

1074 සද්ධර්මරත්නාවලි ය

‍කොට ම ‘ ගෙණ ගිය මැනැවැ’ යි කියවා ගෙණ ‘තෙල සිත තුබුව මැනැවැ’යි කියා ලා අප්රරසිද්ධ ලෙසින් ගෙණ යෑමෙන් ප්ර යොජන නැත. බොහෝ දෙනාට බුදු සසුනෙහි බල හඟවා ම පැන් ගෙණ යෙමී’ සිතා ලා සවු මහ රජයේ පටන් මෑත දෙවියන් කරා ගිය දෑ ය. ඌ හැම ත් අවුත් වැඳ ලා සිටියහ. ‘හෙම්බා, තෙල අනවුතත් විල කෙරේ දී පන්නග නම් නා රජ්ජුරුවන් පැනක් නිසා අපට කරණ විවාදයෙක් ඇත. සහාය වීම් නැත ත් දිනනවුන් පරදිනවුන් බලන්ට එව’ යි කී දැ ය.

මෙ ම ලෙසින් සවු මහ රජයට නායක වූ වරම් රජුන් කරා ය, දෙව් ලෝ දෙකට ම නායක වූ සක් දෙවිඳු කරා ය. යාම නම් දෙව් ලොවට නායක වූ සුයාම නම් දෙව් ‍රජ්ජුරුවන් කරා ය, තුසී පුරයට නායක වූ සන්තුෂිත නම් දෙව් රජ්ජුරුවන් කරා ය, නිම්මාණරති දෙව්ලොවට නායක වූ සුනිම්මිත නම් දෙව් රජ්ජුරුවන් කරා ය, පිරිනිම්මිත දෙව් ලොවට නායක වූ වසවත්හු කරා ය යි ප්රජධාන දෙවියන් කරා ගොසින් එ පවත් කි සේක. එ පරිද්දෙන් ම අසංඥයන් හා අරූපී බ්රවහ්මයන් හා හැර සෙසු බඹුන් කරා ගොසින් අවුත් වැඳ ලා කුමක් දැයි විචාළ කල්හි එ පවත් වදාළ සේක. උන්දෑගේ බස් අසා සියලු ම දෙවි බඹුන් අනවුතත් විල පිට නළෙක පුරා ලූ තුඹ සුණු මෙන් ආස පුරා ගෙණ සිටියහ.

දෙවි බඹුන් රැස් වූ කල්හි සාමණෙරයන්දෑ ත් ආස සිට ආදී ලෙසින් ම තුන් විටක් කොට නාරජ්ජුරුවන් ගෙන් ‘තර බලයෙක් ඇත් නම් පිළිවන් වී නම් හැර ගත මැනැව’ යි කියවා ගෙණ ආස සිට මහණ වෙස් හැර ලා අට සාළිස් ගවු පමණ උස ඇති බඹ අත් බැවක් මවා ගෙණ ආසින් බැස පියා නා රජ්ජුරුවන්ගේ ඵණ ගබ මිරිකා පා ත් බල ඔබා ලූ සේක. එ වේලෙහි ම ශක්තිසම්පන්න කෙණකුන් මැඩ ලූ මඬනා සමක් මෙන් නා රජ්ජුරුවන්ගේ ඵණ ගබ මැඬ ගන්නා ම කුඩයක ආම්යාමකක්1 නැමෙන කලක් මෙන් සන්ධි ආවෘත ව2 ඵණ මුළු හැකිළෙන්ට වන. එණය හැකුළුණු සේ තල් කඳ සා පමණ දිය කඳ නැගෙන්නට වන. හෙරණුන්දෑ අහස දී ම ඒ විල පැන් පහරන්ට නැති හෙයින් කළ ය පුරා ගත් දෑය. දෙවි බඹු සාධු කාර දුන්හ.

නා රජ්ජුරුවෝ ලජ්ජා ව හෙරණුන්දෑට කිපුණවූ ය. ක්රෝධයෙන් දිළිහී ගත් ලෙසට ඇස් දෙක ත් හුනිඳ3 ඇට සේ රත් වි ය.

1. අම්ය කක්. 2. ආක්රි්ත ව. 3. හොනිඳ


274. සුමන සාමණෙර වත 1075

මූ තුමූ තමන් පමණෙකින් කරණ දෙයකු ත් නො ව, දෙවි බඹුන් රැස් කරවා පියා ඵණ ය මැඬ ගෙණ සිට මේ සා මහත් ලජ්ජාවක් උපදවා පීහ. මුන් අල්වා ගෙණ කට ඇතුළට අත ලා ලා ලෙයි මස හෝ මිරිකා පියමි. පය අල්වා ගෙණ මූදින් එ තෙරට හෝ ගසා පියමී’ ලුහුබඳවා ගොසිනු ත් හඹා ගත නුහුණුවු ය.

හෙරණුන්දෑ ත් ගොසින් උපාද්ධ්යසයයන් වහන්සේ අතට පැන් පිළිගන්වා ලා වළඳන්ට කී දෑ ය. නා රජ්ජුරුවෝ ද පසු පස්සෙහි අවුත් ‘ස්වාමීනි, තෙල සාමණෙරයන් වහන්සේ මා සන්තක විල පැන් මා ගෙන් දීමක් නැති ව ගෙනා දෑ ය. වළඳන්ට නො කැමැත්තේ ය’ යි කිවූ ය. ‘සැබැ ද, සාමණෙරයෙනි’ වදාළ සේක. ‘එක විටක් තබා තුන් විටක් කොට ත් ගෙනෙන්ට කිවු ය. වළඳා වදාරණ බව යහපතැ’ යි කී දෑ ය. මහ තෙරුන් වහන්සේ ද රහත් හෙරණුන් බොරු නො කියති දැන පැන වැළඳු සේක. සෙස්සවුන් ට ඇල් පැන් පීමෙන් රුජා අධික වේ. නමුදු ඔබට රුජා සන් හුන.

නැවත ත් නා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, මේ සාමණෙරයන් දෑ දෙවි බඹුන් රැස් කරවා පියා තමන්දෑ ගේ සපන් කම් පමි යි මා ලජ්ජා කරවා පී දෑ ය. හෘදය වස්තුව හෝ මිරිකමි. පය අල්වා ගෙණ හෝ මුදින් එ තරට ගසා පියමි’ යි කී ය. ‘මහ රජ, සාමණෙරයෝ තමන් කුඩා පමණක් මුත් උන්ගේ ආනුභාව මහත. තෙපි උන්ට පටහැණි නො වව. එ සේ නටුවා ක්ෂඋමා කරවා ගනුව’යි වදාළ සේක. ඌ පියවින් ම ආනුභාව සම්පන්න නියාව ඵණගබ මිරිකා ලූ ගමනිනු ත් දෙවි බඹුන් රැස් කළ ගමනිනු ත් දනිති. නො දන්ට කාරණ නැත. මෙවිවරකු ත් නො කළ කලට අන්නු නො තකන්නෝ වේ දැ’යි බල සම්පන්න කම හඟවන්ට ලුහුබඳවා අවුය. කට හෙන දෙයෙක් නැත. මහතෙරුන්වහන්සේ බසින් ක්ෂහමා කරවා ගෙණ ආවෙණික මමායන ය ඇති ව ගෙණ ‘මෙ වක් පටන් අනවුතත් විල පැණින් ප්රණයෝජනයක් ඇති විටෙක මුඹ වහන්සේ වැඩිය මැනැවැ’යි නැත, මට වදාරා එවන බව ය. මම ගෙනවුත් දී ලමි’ යි කියා ලා නැඟී ගියහ.

මහ තෙරුන් වහන්සේ ද සාමණෙරයන් දෑ කැඳවාගෙණ බුදුන් කරා නික්මුණු සේක. බුදුහු ත් මහ තෙරුන් වහනසේ වඩනා නියාව දැන විශාඛාවන් කැර වූ පූර්වාරාමයෙහි වැඩ හුන් සේක. වහන්දෑ ද මහ තෙරුන් වහන්සේ වඩනා දැක පෙර ගමන් කොට ගොසින් සහළ සිවුරු ත් පාත්රහ ත් ආගන්තුක යාද නිසා හැර


1076 සද්ධර්මරත්නාවලි ය

ගත් සේක. සාමණෙර කෙණෙක් සාමණෙරයන්දෑ කුඩා ව පෙනෙන හෙයින් ආනුභාව ය නො දැන හිස අල්වා ගෙණ සලා පියා කණ ත් අල්වා ගෙණ සලා පියා කුමක් ද ? සමණෙර පැටව, සස්නෙහි ඇලුම් ඇත්තෙහි ද ? රැ බත් නැති ව හින්ද හෙයි දෑ’යි යනාදීන් කියා වෙහෙසු සේක. බුදුහු ත් එ වහන්දෑ කරණ සැටිය දැක ‘මේ භික්ෂූන්ගේ කට යුත්තෙක් නපුරු නියා ය. විෂ ඝොර සර්ප‍යකු ඇඟ අත ලන කලක් මෙන් මේ සාමණෙරයන් අල්වති. ආනුභාව නො දනිති. තවත් නො දත්තු නම් තවත් නිඟරසර කෙරෙති. අද වූ කලි සුමන සාමණෙරයන්ගේ ආනුභාව ය පහළ කළ මැනැවැ’ යි සිතූ සේක. මහ තෙරුන් වහන්සේ සාද සාමීවි විඳ ගෙණ බුදුන් වැඳ ගෙණ වැඩ හුන් සේක. බුදහු ත් උන් හා සාද සාමීචි කොට ලා අනඳ මහ තෙරුන් වහනසේ බණවා ලා ‘ආනන්දදයෙනි, අනොතත් විල පැණින් පා දෝනා කැමැත්තෙමි. සාමණෙරවරුන්ට කළ දී ලා යවා ඒ විලින් පැන් ගෙන්වව යි වදාළ සේක.

අනඳ මහ තෙරුන් වහනසේ ද ඒ වෙහෙර පන් සියයක් පමණ හෙරණ වහන්දෑ රැස් කළ සේක. ඒ හෙරණ පන් සියයට සුමන හෙරණුන් දෑ අලුත මහණ වූ හෙයින් බාල දෑ ය. මහ තෙරුන වහන්සේ හෙරණ පන්සියය ම පාළියෙහි සිටුවා ලා මුල් ප‍ාළියෙහි සිටි නම කරා ගොසින් ‘හෙරණිනි, බුදුහු අනොතත් විල පැණින් , පා දෝනා කැමැති සේක. කළයක් හැර ගෙණ ‍ගොසින් පැන් ගෙනෙව’ යි විධාන කළ සේක. මුල් පාළියෙහි සිටි හෙරණ වහන්සේ බැරි ය’ යි කියා ලා නො ගිවිසි සේක. සෙසු තැනට කී ‍ගමනේ සෙසු තැනු ත් නොගිවිසි සේක.

නො ඉවසන්ට කාරණ කවරේ ද ? එ තෙක් හෙරණ වහන්දෑ ගෙන් පිළිසිඹියා පත් රහත් තැනක් නැති නියා ද යත් ඇති දෑ ම ය. එ තෙකුදු වුව ත් රහත් තැන් ‘ මේ අපට බැඳි මල් මුළෙක් නො වෙයි. හෙවත් අප නිසා කළ විධානයෙක් නො වෙයි. සුමන හෙරණුන්ට බැඳි මල් මුළ ය. උන් නිසා විධාන කළ දෑ ය’යි සිතා ලා නො ඉවසු සේක. පුහුදුන් තැන් බැරි හෙයින් ම නො ඉවසු සේක. හැම තැනට කියා ඉක් බිති සුමන හෙරණුන් දෑට එ ලෙස කී කල්හි හැම තැන් කී ලෙස බැරි ය යි නො කියා බුදුන් ගෙන්වන කල නො ගෙණෙන්ට පිළිවන් ද ? ගෙණව මනා වේ දැ’ යි කියා ලා බුදුන් වැඳලා ‘සිවාමීනි, මා ලවා අනවුතත් විලින් පැන් ගෙන්වන්නේ ඇද්දැ’ යි විචාළ සේක. බුදුහු ත් ‘ සුමන යෙනි, එ සේ ය’ යි වදාළ සේක.



274. සුමන සාමණෙර වත 1077

උන්දෑ ද විශාඛවන් විහාර සන්තක කොට කරවා ලූ ඝන රන් කළ වලින් නිකම් කළවලින් පැන් සැට කළයක් ගන්නා මහ කළයක් ‘මෙ තරම් කළ කර තබන්නේ කිම් දැ’යි අතින් එල්වා ගෙණ ආසට නැඟි හිමවු පියස අනවුතත් විල කරා නික්මුණුදෑය. නා රජ්ජුරුවෝ ද දුරින් ම එන්නා වූ සාමණේරයන් දෑ දැක පෙර ගමන් කොට ගොසින් කළ ය හැර ගෙණ අතින් එල්වා ගෙණ යන්ට බල ඇත ත් ආදර නිසා තමන් කර තබා ගෙණ ‘ස්වාමීනි, මා තරම් කොල්ලකු ඇති කල මුඹ වහන්සේ ‍පැනට වඩ නට කාරණ ක‍වරේ දැ’යි කියා ලා පැන් කළයක් උකා ගෙණ ඔසවා කර තබාගේණ ‘ස්වාමීනි, පෙරාතු වුව මැනව. මම් ම ගෙණවුත් දී ලමි’ යි කිවු ය. “ මහ රජ, තොපි සිටුව, බුදුන්ගේ, විධානයෙන් ගෙණ යන පැන් මම් ම ගෙණ යෙමි’ කියා ලා නා රජ්ජුරුවන් රඳවා පියා එන කල ගෙනා ලෙස ම කළ ය අතින් එල්වා ගෙණ ආසින් එන දෑ ය. ආසින් එන සාමණෙරයන් දෑ බුදුහු ත් දැක වහන්දෑ බණවා ලා ‘මහණෙනි, සුමන හෙරණුන් ආසින් එන ලීලාවක් බලව. රන් වන් හංස පැටවකු මෙන් ඉතා හොබති’ වදාළ සේක. උන්දෑ ත් පැන් කළ ය. තබා ලා බුදුන් වැඳලා සිටි සේක.

බුදුහු ත් ‘සුමනයෙනි, තෙපි කී හැවිරිද්දා දැ’යි විචාළ සේක. ස්වාමීනි, සත් හැවිරිද්දෙමි’ කී දෑ ය. එ සේ වී නම් තෙපා අද පටන් උපසපනුව’යි ආවෙණික කොට දායජ්ජොපසම්පදාව දෙවා වදාළ සේක. මේ සුමන සාමණෙරයන් දෑ හා සොපාක සාමණෙරයන් දෑ හා දෙ නම සත් හැවිරිදි වයස දී තමන් තමන්දෑගේ තරම් නිසා මාලු පිවිදි ලත්දෑ ය. මෙ සේ මේ සුමන හෙරණුන් දෑ මාලු පැවිදි වූ කල්හි ධම් සොබෙයි. ‘ඇවැත්නි, මේ සාමණෙර පැට වාණ කෙ‍ණකුන්ගේ ආනුභාවයක් බැලුව මැනව. පෙරත් සාම ණෙර වරුන දුටු විරූමෝ වේ ද, මෙ තරම් සාමණෙර කෙණකුන් නුදුටු විරූම්හ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ‍ත් ධම් සබයට වැඩ වහන්දෑ කෙරෙමින් හිඳ බුදුන් දැක තබා පු කථාව විචාරා උන්දෑගේ කෙරෙමින් හිඳ බුදුන් දැක තබා පු කථාව විචාරා උන්දෑගේ ආනුභාව ගුණ කථාව නියාව අසා ඒ මුල් කොට බණ වදාරන සේක් ‘මහණෙනි, යම් කෙණෙක් මධ්ය ම අවස්ථාවට ත් ස්තවිර අවස්ථාවට ත් නො පැමිණීමෙන් බාල වුව ත් නො හොත් වයසින් බාල වුව ත් බුදු සස්නෙහි නො පමාව වෙසෙත් නම් ඌ තුමු මෙ ලොව අග්ර් මහිකා දි පඤ්චොපක්ලෙශයෙන් මිඳුණු සඳ පරිද්දෙන් බබුළුවති. වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.


1078 සද්ධර්මරත්නාවලි ය

එ හෙයින් නුවණැත්තවුන් විසින කුසල්හි නො පමා ව ලෝ සසුන් දෙක බබුළුවන්ට උත්සාහ කට යුතු __ __ __ __

275. ප්ර සාද බහුල බමුණානන් ගේ වතසංස්කරණය

තව ද තුනුරුවන්හි ප්ර_සාද බහුල ව වසන්නවුන්ට උත්සාහ වඩනු නිසා ප්රදසාද බහුල බමුණානන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

ඒ බමුණාණෝ බුදුන්ගේ බණ අසා පහන් සිත් ඇති ව තමන් ගෙන් සොළොස් දෙණකුන් වහනසේට නිරන්තර දනක් නිල කර වා වහන්දෑ සිඟා වැඩි වේලාවට පාත්රන හැර ගෙණ රහත් වහන්සේ වඩනා බව ය’ යනාදීන් කියන යම් බසෙක් ම රහත් බැවහාර ය කියා ලා ම් කියති. කියා ත් රහත් වහන්දෑ තමන් වහන්සේ රහතැ යි සිතා කියති. කියා ත් රහත් වහන්දෑ තමන් වහන්සේ රහත් නියාව දැන පු ව යි කියාත් කුකුස් කොට ගෙණ රහත් නො රහත් දෙ පක්ෂ ය ම උන්ගේ ගෙට සිඟා නො යන සේක. බමුණා නෝ ත් මුසුප්පු ව පියා නො වඩනට කාරණ කිම් දැ යි විහාරයට ගොසින් බුදුන් වැඳ ලා එ පවත් බුදුන් ට දැන්වූහ.

බුදුහු ත් වහන්දෑ බණවා ලා සිඟා උන්ගේ ගෙට නො යන්නේ කුමක් නිසා දැ යි විචාරා එ පවත් දැන්වූ කල්හි රහතැයි යන බස තෙපි ඉවසු දැ’යි විචාර ‘අප ඉවසුවේ නැතැ’යි කී කල්හි ‘පැහැදැ පහන් සිතින් කියා ලූ දෙයෙහි වරද නැත. එ මතකුදු වුව ත් උපන් කීර්ති ය නො පිරිහෙළි ය යුතු හෙයින් තෙපි රහත් නුවු කෙණෙක් රහත් වන්ට උත්සාහ කරව’යි වදාරා බණ වදාරන බුදුහු ‘හෙම්බා , මේ තෘෂ්ණාව නම් ලඝුවෙකින් සිඳ ලිය නො හැක්ක. එ හෙයින් මහත් වූ උත්සාහ වීය්ය්, ටයෙන් තෘෂ්ණාව සිඳුනා නිසා වස්තු කාමය ත් තද්විෂයෙහි වූ ක්ලෙශ කාමය ත් හරුව. ති ලකුණු මෙනෙහි කිරීමෙන් නිවන් පසක් කරව’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

බමුණානන්ගේ දෙයක් එ තැන්හි නො වදාළ ත් උන් සිස් වන්ට යුක්ති නැත. ඒ තරමුන්ට අධිගම නැත් නම් තරම්මු කවුරු ද ? ඉන්ද්රිපය පරිපාකය වූ කල්හි අධිගම ය වී ය යි දත යුතු.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ප්ර.සාද ය කළ මනා තන්හි ප්රිසාද ය කොට අධිගම සිද්ධියට ම උත්සාහ කට යුතු. 276. බොහෝ වහන්දෑ ගේ වස්තුව 1079

276. බොහෝ වහන්දෑ ගේ වස්තුවසංස්කරණය

තව ද අෂ්ටාඞ්ගික මාර්ගවය නිවනට මං වුව ත් ශමථ - විදර්ශ්නා දෙක ඊට මං වන හෙයින් රුචිය උපදවනු නිසා බොහෝ වහන්දෑ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

එක් දවසක් ඒ ඒ දිග වසන තිසක් පමණ වහන්දෑ අවුත් බුදුන් වැඳ ලා වැඩහුන් සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද ඒ වහන්ඩදෑ රහත් වන්ට නිසි පින් ඇති නියාව දැන තමන් වහන්සේ බුදුන් ලඟට ගොසින් ‘ස්වාමීනි. ධර්මට දෙකෙකැ යි කියති’ ඒ ධර්මු දෙක නම් කුමක් දැ’යි විචාළ සේක. ‘ශාරිපුත්රමයෙනි, ධර්මක දෙක යයි ශමථ- විදර්ශදනාවට ම කියති’ වදාරා ශමථ - විදර්ශතනිවෙහි ප්රමයොජන දක්වන සේක් ‘යම් කෙණෙක් ශමථ - විදර්ශානා දෙක සාධා සි‍ටියෝ වූ නම් එ සේ වුවන්ට ඇත් ‍අස් ආදීන් බැඳ රඳවන දම් පරිද්දෙන් සත්‍ිදයන් සසර යොදන්ට සමර්ථ වූ කාම යොගා දි වූ තත් මුඛයෙන් සව් කෙලෙස්හු නසිතී ‘ වදාළ සේක. දෙශනා කෙළවර තිස් දෙනා වහන්සේ ම රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පළමු ශිල විශුද්ධි ය සපයා ගෙණ ඉක්බිති ව ශමථ බලයෙන් උපවාර සමාධි - අර්පණා සමාධි ඉපැද වීමෙන් චිත්ත විශුද්ධිය ත් ඇති ව ලක්ෂාණ රසාදී විසින් නාම රූප විභාග ය දැන් මෙන් දෘෂ්ටි විශුද්ධි ය ත් උපදවා උන්ගේ ම පස පිරිගැන්මෙන් කාංක්ෂාන විතරණ විශුද්ධි ය ත් උපදවා ගෙණඔබ්බෙ විශුද්ධි තුන ත් උපදවන්ට උත්සාහ කට යුතු.

277. මාරයා ගේ වස්තුවසංස්කරණය

තව ද සසර පරතෙරට පැමිණියවුන්ට මුත් සෙස්සවුන්ට සංසාර මුක්තිය නැති නියාව හඟවන්ට මාරයා ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - ඒ මාරයා එක් දවසක් එක්තරා මිනිස් වෙසක් මවා ‍ගෙණ අවුත් උගුරට සොරා කන බෙහෙදක් සේ තමා නියාව ‍නො හඟ වන්ට සිතා ‘පාරාපාර’ ය යි කියති. ඒ කම් දැ’ යි බුදුන් අතින් විචාළහ. බුදුහු ත් මාරයා නියාව දැන ලා ‘පවිටු තැනැත්තව, දුශ්ශිලයන් ට පිළිවෙතින් ප්රනයොජන නැත්තා සේ තට ඉන් ප්රතයොජන කිම් දැ’යි වදාරා ලා ඉන් ප්රතයොජන අත්තවුන් ට දක්වන සේක් ‘හෙම්බල 1080 සද්ධර්මරත්නාවලි ය

පාර ය යි අද්ධ්යා ත්මික වූ චක්ෂුරාදී ෂඩායතන ය කියති . අපාර ය යි බාහ්යේ වූ රූපාදී ෂඩායතන ය කියති. ‘පාරපාර ය’ යි ඒ දෙක එක් කොට කියති

යම් කෙණකුන්ට මම ය යි කියා දෘෂ්ටීග්රා‘හ ය හෝ මාගේ ය යි කියා තෘෂ්ණාග්රා්හ ය හෝ නැත්තම් (ඒ) කෙලෙස් පීඩාවෙන් මිදී සිටියවුන්ට මම බාහිත පාපිත්වමයෙන් බ්රාමහ්මණ ය යි කියමි. තා සේ වුවවුන් ඒ විතාරන්නේ හැයි දැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බල්ලන් ගෙණ හෙළා වූ දඩ මස් දඩ ගියවුන්ට ප්රයයොජන වත් මුත් බල්ලන්ට ඉන් ප්ර්යොජන නැත්තා සේ මාරයන්ට ඉන් ප්ර්යොජනයක් නුවූව ත් සෙසු බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මාරයා සේ කුසල්හි අච්ඡන්දි ක නො ව සුචරිත පුරණයෙහි සොත්සාහී ව තුන් සුසිරි පුරා අධිමුක්ති වූ ලෙසින් ත්රි විධ බොධින් එක්තරා බොධියකට පැමිණිය යුතු __ __ __ __

278. එක්තරා බමුණු කෙණකුන් ගේ වස්තුවසංස්කරණය

තව ද දෑ ගොත් පමණෙකින් පන ත් පමණක් විනා බ්රාතහ්මණ නො වන නියාව හඟවන්ට එක්තරා බමුණු කෙණකුන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ බමුණානෝ එක් දවසක් ‘බුදුහු තමන් වහන්සේගේ සවුවන් ට ත් බ්රාුහ්මණය යි වදාරන සේක. මම ද වැළි ත් ජාතීනු ත් ගොත්ර්යෙනු ත් බ්රාුහ්මණයෙමි. මට ත් එ ලෙස කීම යහපතැ’යි සිතා බුදුන් කරා ගොසින් එ පවත දැන්වූහ. බුදුහු ත් ‘රහත් වුවන්ට මුත් සෙස්සවුන්ට පැවති බැවහාර ලෙසින් ම එ ලෙස බැව හාර කරත් මුත් බ්රාටහ්මණ ය යි නො කියමී’ වදාරා බ්රානහ්මණ ලක්ෂකණ ය ඇත්තවුන් වදාරන සේක් ‘ එම්බල, යම් කෙණෙක් ශමථයෙහි ත් විදර්ශණනායෙහි ත් යෙදී වෙසෙත් ද, පඤ්චවිධ විමුත්කි නමැති ජලයෙන් රාගාදී කිලුටු සෝධා හළවු ද, ගණසඞ්ගනිකා වෙනු ත් ක්ලෙශ සඞ්ගනිකාවෙනු ත් දුරු වු ද, ශ්රොවත්රා ආපත්යා දී චතුර්විධ මාර්ගෙයෙන් දුඃඛපරිජානනාදී වූ ෂොඩශ විධාකෘත්යත ය කොට නිමවු ද, කාමා ශ්ර වාදී චතුර්විධ ආශ්රපවයනු ත් නසා පු ද, එ සේ වූ වන්ට රහත් ඵල සමවතට සමවැදීම් වශයෙන් අර්හත්ඵල සමවත් පවත්වන හෙයින් බ්රා හ්මණ ය යි කියමි’ යි.

279. අනඳ මහ තෙරුන් වහන්සේ ගේ වත 1081

වදාළ සේක. දෙශනා කෙළවර බමුණානෝ සෝවාන් ව ආර්ය්යිැ ජාතියට පැමිණීමෙන් බ්රාෙහ්මණ වන්ට නියම වූහ.

එ හෙයින් සත් පුරුෂයන විසින් සෙසු කවර ත් ජාතියෙක ඇලුම් හැර ආර්ය්ින් ජාතියට පැමිණෙන්ට යත්න කට යුතු.

279. අනඳ මහ තෙරුන් වහන්සේ ගේ වනසංස්කරණය

තව ද ගුණ ශොභාව තිබැදී රූප ශොභාවෙනුත් බුදුන් ම අධික නියාව හඟවන්ට අනඳ මහ තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

පසේනදී කොසොල් රජ්ජුරුවෝ වස් නිමි දවස් සව් බරණ ලා සැරහී ගෙණ විහාරයට ගියහ. ඒ වේලාට කාළුදායි මහ තෙරුන් වහනසේ ‍ධ්යා නයට සම වැදලා විහාරය කෙළවර වැඩ හුන් සේක. කාළුදායි ය යන නම් පමණක් මුත් තමන් වහන්සේ ඉතා හෙලලු සේක. එ වේලාට හිර ත් ගල හී සඳ ත් පැන නැංග. අනඳ මහ තෙරුන් වහන්සේ බස්නා වූ හිරෙහි ශොභාව ත් නැඟෙන ස‍ඳෙහි ශොභාව ත් රජ්ජුරුවන් ගේ ශරිර ශොභාව ත් කාළුදායි මහ තෙරුන් වහන්සේගේ ශරීර ශොභාව ත් දැක බුදුන්ගේ ශරීර ශොභාව දුටු සේක. ඒ හැම ශොභාව ම සර්වඥ ශොභාව කරා පැමිණ නිශ්ශොභා වි ය. අනඳ මහතෙරුන් වහන්සේ බුදුන් වැඳලා ‘ස්වාමීනි, හිර ශොභාවට ත් සඳ ශොභාවටත් රජ්ජුරුවන්ගේ හා කළුදායි මහ තෙරුන් වහන්සේ ගේ ශරිර ශොභාවට ත් වඩා මුඹ වහන්සේගේ ශරීර ශොභාව ම මට යහපතැ’ යි කී සේක.

බුදුහු ඒ අසා ඒ මුල් කොට ‍බණ වදාරන සේක් ‘හෙම්බා ආනන්ද යෙනි, හිර තෙමේ දාවල් ම බබළයි. රැ ව යන්නා ගිය මග කවරේ ද බව ත් නො දැනෙයි. සඳ ත් පඤ්චොපක්ලෙශ විනිර් මුක්ත වී නම් රැ දවස ම බබළයි. දාවල් දවසට කවර මගක ගිය බවත් නො දැනෙයි. රජජුරුවෝ ආභරණ ලා සැරසී සිවුරඟ සෙනඟ පිරිවරා සි‍ටියෝ හොබිති. අප්ර සිද්ධ ලෙසින් සිටියොත් නො හො බිති. රහත්හු ත් ධ්යායන සමාපත්තිය ඇතුළත හොබනා ලෙස සෙසු විට හොබිනෝ නො වෙති. සර්වඥවරයන්ට රැ ය’ යි කියා ත් නැත. දාවල් ය කියා ත් නැත. හැම වේලේ ම තමන්ගේ ශීල තෙජසින් නිශ්ශීලයන් මැඩ ගුණ තෙදින් නිර්ගුණින් මැඩ, ප්ර්ඥා තෙජසින් වන්දය බුද්ධීන් මැඬ, කුශල තෙජසින් අකුසලුන් මැඬ, ධර්ම තෙජ

1082 සද්ධර්මරත්නාවලි ය

සිත් අධර්ම ය මැඬ, නිරන්තර ව ආයුඃ කල්ප ය මුල්ලෙහි බබ ළති’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ශිල තෙජසින් - ගුණ තෙජසින් - ප්රළඥා තෙජසින් - කුශල තෙජසින් යුතු ව මුළු ලොව බබුළුවන්ට උත්සාහ කට යුතු.

280. එක්තරා පැවිදි කෙණකුන්ගේ වතසංස්කරණය

තව ද බ්රා හ්මණ ලක්ෂදණ යත් ශ්රොමණ ලක්ෂතණ ය ත් ප්රළව්රතජ්යාි ලක්ෂනණ ය ත් එක් කොට දක්වනු නිසා එක්තරා පැවිදි කෙණකුන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

එක් බමු‍ණාන කෙණෙක් තීර්ථායතනයෙහි පැවිදි ව ‘මහණ ගොයුම් තමාගේ සවුවන්ට පැවිදි බැවහාර කෙරෙති. මම ත් පැවිද්දෙමි. මට ත් බැවහාර එ ලෙස කළ මනා වේ දැ’යි සිතා බුදුන් කරා එළඹ තමන්ට ත් එ ලෙස ම බැවහාර කරන්ට කිවු ය. බුදුහු ‘මම එ බඳු ගුණයක් නැති ව වෙස් ගත් පමණෙකින් සිංහ සම පෙරෙවි පමණෙකින් කැණහිලුන්ට සිංහ බැවහාර කට නො හැක්කා සේ ම තොප තරමුන්ට පැවිදි බැවහාර නො කෙරෙමි’ වදාරා ලා ‘යම් හෙයකින් රාගාදී කිලුටු තමා කෙරෙන් පිට ත් කළ හෙයින් බ්රා්හ්මණ වේ ද, අකුසලු ත් සන්හිඳවීමෙන් ශ්රනමණ ය යි කියනු ලැබේ ද, එ සේ ම රාගාදී කිලුටු දුරු කළ යෙහින් එ ලෙස කළ කෙණෙක් පැවිදි නම් වෙති. තොප වැන්නවුන්ට ඒ බැවහාර කට නොහැක්කැ’යි වදාළ සේක. දෙශනා කෙළවර ඒ පැවිද්දාණෝ සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පැවිදි වෙස් ගෙණ ත් නො ගෙණත් පාපයෙන් ම දුරු වන්ට උත්සාහ කට යුතු.

281. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද ‍ක්ෂ මායෙහි යහපත දක්වන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - එක් තැනක රැස් ව හුන්නා වූ බොහෝ දෙන ‘අනේ අපගේ ධර්ම් සෙනෙවි ස්වාමීන්ගේ ක්ෂූමාව යහපත. ශුවි අශුචි 281. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 1083

නිඃක්ෂෙසපයෙහි අනුන ය පුතිඝ රහිත පෘථිවිය මෙන් බිණුවා වුන් කෙරෙහි ත් සම අදහස් අති සේක යනාදීන් ගුණ කීහ. එක් මිසදිටු ගත් බමුණෙක් ‘නො කිපෙන්නෝ කවුරු දැ’යි විචාරා ධම්සෙනෙවි ස්වාමීන් නියාව අසා ‘කුප්පවා පියන කෙණෙක් නැත් දැ ‘යි විචාරා නැතැ යි කී කල්හි ‘එ සේ වී නම් මම කුප්පවා නාට පිළිවන් වේ දැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ සිඟා වැඩි ගමනේ දැක පිටි පස්නෙන් අවුත් ලා පිඩි පිටට අතුල් පහරක් ගසා අනන්ත කාලයකට අකුසල් සිද්ධ කොට ගත.

මහ තෙරුන් වහන්සේ පිටි පස්ස බලා පියන පමණකු ත් නැති ව කර්ම ප්රතත්ය වෙක්ෂාපව කෙරෙමින් වැඩ පී සේක. බමුණාගේ ඇඟ මුළුල්ලේ දහ වැද ගත. ඒ තෙමේ ඔබ‍ගේ තරම අනුන්ගේ බසින් හදහා ගත නොහිණි නමුත් ගසා පී පහරට නො කිපි හෙයින් එ විට අදහා ගෙණ ‘අනේ මුන් වහන්සේ යහපත් සේකැ’යි වැඳ ගෙණ වැද හෙව. ‘කමන්නැ ස්වාමීනි’යි කියා ලා ‘හැයි. කමක් දැ’යි විචාළ ‍කල්හි ‘මුඹ වහන්සේ‍ෙග් සහන ය බලන්ට පහරක් ගසා පීමි’ යි කීහ. ‘කමා කෙළෙමි වදාළ සේක. ‘ඉදින් ක්ෂහමා කළො ත් මාගේ ගෙයි වැඩ හිඳ වළඳන්ට වුව මැනැවැ’ යි කියාලා ආරාධයා කොට පාත්රා ය ඉල්වා ගත. මහ තෙරුන් වහන්සේත්. පාත්රි ය දෙවූ සේක.

බමුණු ත් මහ තෙරුන් වහන්සේ ගෙයි දී වැළඳ වී ය. පහර ගැසූ නියාව දැක මිනිස්සු මුසුප්පු ව අපගේ නිරපරාධ ස්වාමී දරුවාණන්ට පහර ගසා පී ය. මු ගෙන් දඩ පමණෙකින් යවන්ට යුක්ති නැත. මතු එ බන්දක් නො කරණ ලෙසට මරා ම පියම්හ’යි පොළු මුඟුරු හැර ගෙණ බමු‍ණාගේ ගෙදොරට ගියහ. මහ තෙරුන් වහන්සේ ත් වළඳා ලා වඩනා සේක් පාත්ර් ය බමුණානන් අතට දෙවා ලු සේක. මිනිස්සු ත් මහ තෙරුන් වහන්සේ කැටි ව යන්නවු දැක ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ පාත්රසය අතට හැර ගෙණ බමුණා රඳවා පුව මැනැවැ’ යි කිවුය. ‘කුමක් නිසා දැ’යි විචාළ කල්හි’ මේ මුඹ වහන්සේට පහරක් ගැසී ය. ඌට කළ මනා දෑ ඇති හෙයිනැ ‘යි කීහ. ‘කුමක් ද ? තුලු ගැසුයේ තොපට ද අපට දැ ‘යි විචාළ සේක. මුඹ වහන්සේට ය’යි කිවු ය. ‘එ සේ වී නම් මා ගසන විට ගසා පියා පසු ව ක්ෂළමා කරවා ගත. තෙපි යව’යි කියා මිනිසුන් යවා පියා බමුණාත් මරණින් ගළවා පියා විහාරයට වැ‍ඩි සේක.




1084 සද්ධර්මරත්නාවලි ය

වහන්දෑ ද තමන් වහන්සේ එකාසංඛ්යාකප් ලක්ෂහයක් පාරමිතා නො පිරූ හෙයින් ‘ධම් සෙනෙවි ස්වාමීන් කුමක් කළ නියා ද ? යම් බමුණකුගෙන් පහරක් ලත් සේ ක් වී නම් ඒ බමුණාගේ ගෙයිදී ම වැළඳූ සේක. ඔබට පහර ගැසූ තැනක් හකුළුවා ලන්ට නු වූ හෙයින් අනික් කොතැනක නවතී ද ? මරා ම ඇවිදිනේ වේ දැ’යි කී සේක. බුදුහු ත් ඒ අසා වදාරා ‘මහණෙනි, සැබෑ බමුණෙක් වී නම් බමුණන් කුමට මරා ද ? බමුණන් මැරූයේ නො බමුණු හෙයින. ක්රෝධ ය නම් අනැගැමි මගින් ම නැති වෙයි. වදාරා ලා බණ වදාරන සේක ‘යම් කෙණෙක් රහත් වූ නම් තමන් රහත් නියාවට රහතන්ට වුව ත් කාට වුව ත් නො ගසති. පුරාකෘත කර්මා නුරූප ව යමෙක් තමන්ට ගසාපූ නම් අනැගැමි මගින් ම කොපය සුන් හෙයින් උන්ට කෝ පත් නො කෙරෙති. යම් කෙණෙක් රහතන් මරත් නම් මම උන් නවතනු නිසා උන්ට නින්දාට කෙරෙමි.

යම් කෙණෙක් රහතන් පහළ වූ නම් අනික් ලෙසකින් නවතා නො ලා උන් මරත් නම් එයි ත් යහපතක් නො වෙයි. අනුන් නිසා කළ ත් ඒ පාප තමාට ම ය. යම් කෙණෙක් රහතන්ට බණන්නවුන් දැක නිකම් කවතො ත් මුත් තුමු නො බෙණෙත් නම් මරන්නවුන් දැක මාලුකම් කියා නවත ත් මුත් තුමු උන් නො මරත් නම් ඌ රහතන්ට ත් ඒ ගුණෙන් අඩු නො වෙති. යම් කෙණෙක් කොධ අදහසින් ඒ ගුණෙන් අඩු නො වෙති. යම් කෙණෙක් ක්රො ධ අදහසින් නවති ත් නම් එයින් ‍යහපත. යම් ‍යම් ලෙසකින් ක්රොකධයෙන් නවති ත් නම් එයිනු ත් සසර දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්ෂ්මාපරව අක්ෂ මාවෙහි ආදීනව එක්වන් සලකා අනුසස් එකොළොසක් විතර ඇති මෛත්රීප ඇති ව විසිය යුතු.

282. මහා ප්රොජාපතී ගෝතමීන්දෑ ගේ වස්තුවසංස්කරණය

තව ද යම්කිසි කෙණෙක් සියලු ලෙසින් ම නිරුපද්රීවයෝ වූ නම් උනු ත් බ්රා හ්මණ නියා ව හඟවන්ට මහා ප්රානජාපතී ගෝතමීන් දෑ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

උන්දෑ ද වැළිත් පවිත්ර ශීලි කෙණකුන් සුවඳ මල් දමක් පිළි ගන්නා මේන සිය වස් ගිය මෙහෙණින්නනු ත් එ දවස් උප


283. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 1085

සම්පන්න භික්ෂූන් වැන් ද යුතු ය. යනාදීන් අෂ්ට ගරු ධර්මේය පිළිගැන්මෙන් පන් සියයක් දෙනා හා සමග උපසම්පදාව ලත් දෑ ය. උන්දෑගේ උපසම්පදාවට ආචාය්ය්ය උපාධ්යාලය තැන් නැත. ඒ නිසා පසු ව කථාවක් උපදනේ ‘මුන්දෑ‍ගේ උපසම්පදාවට ආචාය්ය් ස උපාධ්යාැ ය තැනු ත් නැත. මහණ වීමෙහි සිවුරු දෙවා ගැන්මකු ත් නො වී ය. මහණ ත් මාලු පැවිද්දත් සැක කරණ තරම් වුව’යි මෙහෙණිනි වහන්දෑ බුදුන් ගෙන් විභාග නො දත් හෙයින් කුකුස් කොට ගෙණ උන්දෑ හා සංවාස සම්භොග ත් නො කොට බුදුන්ට ත් දැන් වූ දෑ ය.

බුදුහු ත් ඒ අසා ‘හෙම්බා මෙහෙණිනි, අෂ්ට ගරු ධර්ම ය පිළිගැන්මෙන් ම මහණ ත් මාලු පැවිද්ද ත් මා ගේන් ම ලත්හ උන්ට ආචාර්ය්‍් උපාධ්ය‍යයෝ නම් මම් ම ය’ යි වදාරා කුකුස් හරවනු නිසා බණ වදාරන සේක් ‘හෙම්බා මෙහෙණින්නෙනි, යම් කෙණකුන්ට කා විසි මුනි තුන් දොරින් සිද්ධ වන තුන් දුසිරියෙක් නැත් නම් තුන් සුසිරි ම පිරේ නම ඌ නිරුපද්දයහ. නො දැන කුකුස් කළා නමුත් ඉනිබ්බ කුකුස් නො කොට හැක්කැ ‘යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් තුන් දොරින් සිද්ධ වන අකුසලු ත් දුරු කොට සිත් සතන් සෙමෙහි තබන්ට උත්සාහ කට යුතු.

283. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද ගුරු භක්තියෙහි යහපත දක්වන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ‍ගේ වස්තුව කියමු.

‍ කෙ සේ ද යත් - උන් වහන්සේ අස්සජි මහ තෙරුන් වහන්සේ ගෙන් බණ අසා සෝවාන් වූ තැන් පටන් අස්සජි මහ තෙරුන් වහන්සේ යම් තැනෙක වෙසෙතී ඇසූ සේක් නම් සැතපෙන කල ඒ දිග වැඳ ලා ඒ දිගට හිස ලා ලා සැතපෙන සේක. වහන්දෑ ද ඒ දැක ආද්ය ත්ත ඔබ අතිනුත් විචාරා නො පියා ‘බ්රාවහ්මණ ලෙසට දෘෂ්ටි ය නො හළ නියා වේ ද ? අද දක්වා ත් දික් වැඳී ම හරනේ නැතැ ‘යි සිතා ගෙණ එ පවත් බුදුන්ට දැන්වූ සේක.

බුදුහු ත් මහ තෙරුන් වහන්සේ බණ වාලා ‘සැබෑ ද? තෙපි දික් වැඳ ඇවිදු ද’ යි විචාරා ‘ස්වාමීනි, මා දෘෂ්ටි ගතික ව දික් වඳනා නියාත් නො වඳනා නියා ත් ඔබ ම දැන වදාරත් මා කියන්නේ 1086 සද්ධර්මරත්නාවලි ය

කිම් දැ’යි කී කල්හි ‘හෙම්බා මහණෙනි, මූ තුමු දික් වඳනෝ නො වෙති. යම් දිගක අස්සජි මහ තෙරුන් වෙසෙතී දත්තු නම් උන්ගේ බණ අසා තමන් සෝවාන් වූ හෙයින් උන් ඇදුරු ව සිටි හෙයින් උන් වඳිතී’ වදාරා බණ වදාරන සේක් ‘සත්ව යෝ තුමු යම් කෙණකුන් කෙරෙන් බුදු වදන් අසා දත්තු නම් ඌ ගිනි දෙවියා පුදන බමුණන් ඒ ගිනි දෙවියාට කරණ ‍ආදර මෙන් ආදර නම්භාවනා ඇති ව වැන්ද මැනැවැ යි පිදුව මැනැවැ’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ගුරු ප්රමත්ය’ක්ඛ්යා න ය‍ නො කොට ගුරු භක්ති ඇති ව විසිය යුතු.

284. දුළුලු බමු‍ණාන කෙණකුන්ගේ වස්තුවසංස්කරණය

තව ද බාහිත පාපිත්වළයෙන් බ්ර හ්මණව ත් මුත් සෙසු ලෙසකින් බ්රායහ්මණ නො වන නියාව හඟවන්ට දුළුලු බමුණාන කෙණකුන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් - ඌ තුමු ‘මම් උභය කුල පරිශුද්ධ වූ බ්රාවහ්මණයෙමි. මහණ ගොයුම්හු තමන්ගේ සවුවන්ට බමුණු ව්යකවහාර කරණ කල මා ජාති බ්රාණහ්මණයාට ත් මෙ ලෙස ම කොළෝ නම් යහපතැ’යි සිතා ලා බුදුන් කරා ගොසින් එ පවත් කිවු ය. බුදුහු ඒ අසා ‘හෙම්බල බමුණ, තෙල විවර තරමක් හැර ගෙණ මම බමුණු ව්ය වහාර නො කෙරෙමි’ වදාරා ඒ වැවහාරයට නිස්සවුන් වදාරන සේක් ජාති පමණෙකින් හා ගොත්ර පමණෙකින් හා දළ මඬුලු බැඳීම් පමණෙකින් හා වැවහාර පමණක් මුත් බ්රාෙහ්මණ නම් නො වෙති යම් කෙණකුන් කෙරෙහි සොළොස් ආකාරයෙකින් දැන සිටි යා වු චතුරාර්ය්ම් සත්යත ය ඇත් නම් ආර්ය්යයය ජාතීන් යහපත් ජාති ඇත්තෝත් ඌ මය, බ්රාමහ්මණ වන්නෝත් ඌ ම යි’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ශීල සමාධ්යනදී ගුණෙහි ම පිහිටා භවක්ෂියට යත්න කරත් මුත් කුහක ප්රනතිපදා වශයෙන් දළ මඬුලු ධැරීම ආදියට උත්සාහ නො කට යුතු.

285. කොවුන් බමුණකු ගේ වස්තුවසංස්කරණය

තව ද කුහක ප්රයතිපදාවෙහි නපුර දක්වන්ට කොවුන් බමුණකු ගේ වත කියමු. 285. කොවුන් බමුණකු ගේ වස්තුව 1087

කෙ සේ ද යත් -

එ තෙම විසල් මහ නුවර වාසල ළඟ එක් කුඹුක් ගසකට නැඟී ලා දෙපයින් අත්තක් බදා ගෙණ බිම බල්වා ලා එලෙන්නේ ‘මට කිඹුල් වන් දෙනුන් සියයක් දෙව. පාදපරිචාරිකාවන් දෙව.ඉදින් නු දුනු නම් කඩා ගෙණ හී මිය මේ නුවර පාළු කෙරෙමි.’ කිය යි. බුදුහු ත් වහන්දෑ පිරිවරා නුවරට සිඟා වඩනා කල්හි ත් ඔහු වවුලකු මෙන් එලෙන්නා දැක සිඟාපියා සේක. නුවර ඇත්තෝ ත් ‘මේ උදායන පටන් මෙ ලෙස කිය කියා එලෙන්නේ කඩා ගෙණ හී මිය ගොසින් මේ නුවර නු නුවර කෙළේ නමුත් ය’යි සිතා ලා නුවර නසී දෝ යන භයින් යමක් යමක් ඉල්වී යකුන් කොය වුව ත් යක් දෙස්සන්ට කරණ සංග්රිහ මෙන් ගුණ කම් වුව ත් කුහක ප්රකතිපදාව දැක ම දෙන්නාහ. එයි ත් බැස පියා හැම ම හැර ගෙණ නික්මිණ.

වහන්දෑ ද වෙහෙර උවසර සිම දී දෙනුන් හඞන්නා සේ හඬ හඬා යන්නාහු දැක හැඳින ගෙණ ‘බමුණ, ඉල්වු ඉල්වු දෙය ලදු දැ’යි විචාරා ‘එ සේ ය, ලදුම්හ’යි කී කල්හි බුදුන්ට ත් එ පවත දැන් වූ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, තුලූ කොවුන් දැන් මතු නො වන්නේ වේ ද ? යට ත් කොවුන් ම වේ දැ’යි වදාරා ‘දැන් තමා සේ ම අඥානයන් කොවුන් කමින් බදා ඇවිද්දි. පෙර නුවණැත්ත වුනු ත් බදන්ට උත්සාහ කොට ත් බදා ගත නොහිණැ’යි වදාරා ඉකුත් වත් දක්වන සේක් -

යට ගිය දවස කිසි රට එක් ගමක් නිසා සැදෑයෙකින් නො ව ජිවිකා වෘත්ති ය නිසා තවුස් වෙස් ගත් එක් සොරෙක් වෙසෙයි. එක් උපාසක කුලයෙක් ගුණයක් ඇතැ’යි සිතා කවුඩු බෝයකට කරණ උපස්ථානයක් මෙන් උපස්ථාන කෙරෙති. තමන්ගේ දරු මලු කෙණකුන්ට දෙන දෙයක් මෙන් කන බොන දෙයින් දාවලටත් කොටසක් දෙති. සවස එක් කොටසක් තබා ලා දෙවන දවස් උදාසන දෙති. සවස එක් කොටසක් තබා ලා දෙවන දවස් උදාසන දෙති. එක් දවසක් සවස ගෝ මසක් ලදින් යහපත් කොට පිසවා ලා ඉන් කොටසක් තබ්බවා ලා දෙ වන දවස් ඕ හට සොර කමට යන්ට දෙන දෙයක් මෙන් දුන්හ. එයි ත් ගෝ මස් කා ලා රස දැන ගෙණ ‘මේ කුමන මසෙක් දැ’යි විචාරා ගෝ මස් නියා ව දැන මිරිස් ලුණු ආදි ය සිඟා ගෙණ පන්සලට ගෙණ ගොසින් එක් තැනෙක තබා ලා හුන්හ.



1088 සද්ධර්මරත්නාවලි ය

පන්සලට ආසන්නයෙහි එක් තුඹසෙක ගෝ රජ්ජුරු කෙණෙක් වසන්නෝ කලින් කල සැබෑ තවුසෙකැ ‘යි සිතා ගෙණ සොර තවුසා වඳිනට එති. එ දවස් ඒ සොර ද ගෝ රජ්ජුරුවන් මරණු නිසා දණ්ඩක් සඟවා තබා ලා තුඹස ආසන්නයෙහි නිඳන බඳු ව ලා දුන්හ. ගෝ රජ්ජුරුවෝ ද තුඹසින් නික්ම ලා ඌ ලඟට එන තැනැත්තෝ ම ඌ එබි කමට හුන් ලෙස ම දැක ජාති ය තිරිසන් වුව ත් නුවණ ති‍රිසන් නො වන හෙයින් තමන් මරන්ට හුන් නියාව දැන ගෙණ එ දවස් ගමන තබා පීහ. කුළු දුල්ලා ත් ඒ නියාව දැන ලා මරණු නිසා මහ දණ්ඩක් දමා ලී ය. පව් වළහන සේ දන්නවුන්ට දඬු වැළහී ම බැරි නො වන හෙයින් දමා ලූ දණ්ඩ වළහා පීහ. නොහොත් ගෝ රජ්ජුරුවන්ගේ කුශලානුභාවයෙන් දඬු කඩ ඉවත් ව හිණ. ගෝ රජ්ජුරුවෝ තුඹසට වැද ලා හිස මෑත් කොට ලා ආ පස්ස බලන්නාහු සොර‍ට තවුසා සිටිය වුට -

“සමණං තං මඤ්ඤමානො - උපගඤ්ජිං අසඤ්ඤතං , සො මං දණ්ඩෙන පාහාසි - යථා අස්සමණො තථා, කිං තෙ ජටාහි දුම්මෙධ - කිං තෙ අජිනසාටියා, අබ්හන්තරං තෙ ගහණං - බාහිරං පරිමජ්ජසි.”

යනු හෙයින් ‘තා ගුණයක් ඇතැ’යි සිතා තා කරා අයිමි. තෙපි දැන් අප මරන්ට ආරම්භ කළහ. නුවණ නැති තැනැත්තව, එ බඳු ගුණයක් නැතිව හිසට බර කොට දළ මඬුලු ඔසවාත් කම් කිම් ද ? කුණු ලබ්බෙක ඇතුලක් සේ අදහස නපුරු කල අසුචින් පිරුණු කළයක් පිටත සිත්තම් කරන්නා සේ පිටත පිරිමසා ඇවිදීමෙන් කම් කිම් ද ? තිලින් පර ලොව පිරිමැ සි ය නො හැක්කේ වේ දැ’යි කීවු ය. කුළු දුළුලු ද තමාට හැල් සාල් ඇති නියා වත් මාළුවක් ඉදි කරත ත් මිරිස් ආදි වූ කුළු බඩු ඇති නියාවත් කියා ලා ඉදින් පොලඹා ගත හැකි කෙ‍ණකුනැ’යි සිතා -

“එහි ගොධෙ! නිවත්තස්සු - භුඤ්ජ සාලිනමොදනං තෙලං ලොණඤ්ච මෙ අත්ථී’ - පහූතං මය්හ පිප්ඵලී”

යනු කිවූ ය. ගෝ රජ්ජුරුවෝ ද ඒ අසා නිවන් රසයේ මුත් සෙසු රසයෙක ඇලුම් නැති නියාව ත් ඌ එලෙස කීව ත් තමන් දුරු බා යනු කැමති නියාව ත් හඟවන් ට -

“එස හී‍ය්යො- පවෙක්ඛාමි - වම්මිකං සතපොරිසං, තෙලං ලොණඤ්ච කිං තෙහි - අහිතං මය්හ පිප්ඵලී”

286. කිසා ගොතමීන්දෑ ගේ වත 1089

යනු කිවු ය. මෙ සේ ද කියා ලා ‘හෙම්බල, මම මෙ තෙක් කල් පරසිත් දන්නා ණුවණ මට නැති හෙයින් තා ගුණයක් ඇතැ ‘යි සිතා තා කරා එළඹියෙමි. තමා දමා ලූ දණ්ඩ මා කරා අවුත් ත‍ා‍ෙග් තරම හඟවාපී ය. ආදි ගුණ ලවයක් ඇත්තෙහි වී නමුත් මා මරණු නිසා දඬු කඩ දැමූ වේලෙහි පටන් දර දණ්ඩේ මොළොක් ගුණය නැත්තා සේ ම තාගේ සිත ත් ගුණ රස නැත. තා සේ වූ සැදෑ නැති පවිටුන් දළ මඬුලු උසුලනු බලා ත් වසුන් උසුලා ඇවිදීම යහපත. අඳුන් දිවි සම් පෙරවීම් බලා ත් කැණහිල් සම් පෙරවී ම් යහපත තවුස් වෙස් ගුන්මෙන් පිටත ම පිරිමසා ඇවිදිනා පමණක් මුත් පිළියෙන් වැසුම වසා ලජ්ජා ස්ථාන ය එළි ව තිබිය දී මුණ පමණක් වසා ඇවිදිනා සේ පිරිමැසුව මනා සිත් සතන් පිරිමසා ගත නො හෙයි. මෙ වත් පටන් තා අපට හැයි දැ’යි කීහ.

බුදුහු මේ ඉකුත් වත ගෙණ හැර දක්වා ලා ‘එ කල ඒ කොවුන් තවුසා නම් මේ වවුල් තපස් කරණ තැනැත්තෝ ය. ගෝ රජ්ජුරුවෝ නම් මම් ම ය’ය් වදාරා ලා බණ වදාරන සේක් තැතක් දවසෙක කියා ලූ දෙයක් සිත තබා ගත නුහුණුවන්ට පෙරළ සඳහන් කරවන්නාක් මෙන් බොධිසත්‍ව අවස්ථාවෙහි කියා ලූ -

“කිං තෙ ජටාහි දුම්මෙධ - කිං තෙ අජින සාටියා, අබ්භන්තරං තෙ ගහණං - බාහිරං පරිමජ්ජසි,

යන මේ ගාථාව ම වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කුහක ප්රෙතිපදාවකින් දවස් නො යවා අවඞ්ක අකුටිල ලෙස දවස් ගැළවිය යුත. __ __ __ __

286. කිසා ගොතමීන්දෑ ගේ වතසංස්කරණය

තව ද දළ මඬුලු අඳුන් දිවි සම් නැති වත් සොහොන් ආදී තෙවිසි තැනකින් කඩ ගෙණ දුඹුල් තැන් පියා තර ‍තැන් ගෙණ සිවුරු කොට රඳා වැළඳ ත් භවක්ෂණයට කරණ යත්නයක් මුත් අසන්ත ගුණ සම්භාවනායෙහි ඉච්ඡානැත් නම් එ ම යහපත් නියා ම හඟවන්ට කිසා ගොතමීන්දෑ ගේ වත දක්වමු . 35

1090 සද්ධර්ම රත්නාවලි ය

කෙ සේ ද යත් - එක් දවසක් සක් දෙවිදු පෙර යම් දස පැය ගිය කලට දෙ දෙව් ලොව දෙවියන් පිරිවරා අවුත් බුදුන් වැඳ ලා එකත් පස් ව. බණ අසා හුන්හ. ඒ වේලාට කිසා ගොතමීන්දෑ ත් බුදුන් දක්නා නිසා ආසින් අවුත් සක් දෙවිඳු දැක නැවතී දෑ ය. සක් දෙවිඳු ද නැවත යන නියාව දැක බුදුන් අතින් ‘මුඹ එන්ට අවුත් ලා පෙර ළා යන සේක් කවුරුන් වහන්සේ දැ’යි කිවූ ය. බුදුහු ත් ‘හෙම්බා, තුලූ කිසා ගොතමී නම් වූ මාගේ එක් දුවණි කෙණෙක. මෙහෙණි සස්නෙහි යම් කෙණෙක් පසුල් සිවුරු ධරත් නම් තුලූන්ට වඩානෝ නැතැ’යි වදාරා ‘යම් කෙණෙක් මහණ වුව ත් මෙහෙණි වුව ත් දුවඟ පිරීම නිසා සිවුරු පසුල් ධරත් නම් රුක්ෂක වූ ප්ර්තිපත්ති පූරණ ය නිසා ගුණෙන් සීන්දෑරි කමු ත් නැත ත් වූ දුර්වරල වුව ත් වාස ඵාසුවකට නො සිතා ගණ සඞ්ගනිකාව හැර වෙන් ව වසන්නවුන්ට බ්රා‍හ්මණය යි කියමී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සුජනයන් විසින් ධුතඞ්ගප්පිච්ඡතාදි ය ඇති ව ධූතාඞ්ග පුරාණාදියෙහි හැසිර භවක්ෂධයට උත්සාහ කට යුතු.

287. එක්තරා බ්රාඞහ්මණ කෙණකුන් ගේ වතසංස්කරණය

තව ද බ්රා හ්මණ ලක්ෂඞණ යම හඟවනු නිසා එක්තරා බ්‍රාහ්මණ කෙණකුන් ගේ වත හා උග්ගසෙන සිටු පුත්රෂයන් ගේ 1 වත කියමු.

කෙ සේ ද යත් - ඒ වස්තු දෙකින් බ්රාගහ්මණ වස්තුයෙහි ඒ බමුණු තමා බ්රාරහ්මණ ජාතියෙහි උපන් පමණක් මුත් ‘මහණ ගොයුම් නො එක් කුලෙන් අවුත් තමාගේ සස්නෙහි මහණ වූවන්ට බ්රාෙහ්මණ ය’යි කිය යි. උන් හැමට කියන බමුණු කම මට ත් කිය නො හැකි දැ’ යි සිතා ගෙණ බුදුන් කරා ගොසින් තමා සිතූ සිතුවිල්ල කීය.

බුදුහු ත් බමුණු ජාතියෙහි උපන් පමණෙකින් බමුණු වැව භාර ලබන පමණක් මුත් බ්රා හ්මණ ලක්ෂමණ නො වන නියාව වදා රන සේක් ‘යම් කෙණෙක් සකෙලෙස්හූ වූ නම් බමුණු කුලෙහි උපන් පමණෙකට ‘පින්වත, පින්වත’ යි කී පම‍ණක් ගෙණ ‘හොවාදී’ ය යි කියත් මුත් බ්රා හ්මණ ව්යයවහාර ය නිර්වා ජයෙන් රහතන්ට ම 1. උග්ගසේන වත’ මෙ තැන නැත. 288. බමුණන් දෙන්නකු ගේ වත 1091

වන හෙයින් උන්ට නො කියමි. රාගාදි කෙලෙස් කසළක් නැති කාමුපාදානාදී චතුර් විධ උපාදානයෙන් ගැන්මෙක් හෝ නොහොත් පිළිසිඳ ගැන්මෙක් හෝ නැත්තවුන් ට ම බ්රානහ්මණ ය යි කියමි. තව ද යම් කෙණෙක් සසර නමැති මහා කණුවෙහි බඳනා තෘෂ්ණා නමැති බහන් සුන් බැවින් සසර භය ත් සිඳ පු ද, උන්ට බ්රාඳහ්මණ ය යි කියමි’ යි වදාළ සේක. මේ දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ඉස ගිනි ඇවිළියක් හු ඒ ගිනි නිවන්ට වන වෙළෙවියක් මෙන් භව‍ක්ෂනයට ම වෙළෙවි විය යුතු. __ __ __ __

288. බමුණන් දෙන්නකු ගේ වස්තුවසංස්කරණය

තව ද කවර බානු ත් සිඳීම් බිඳීමට ත් වඩා තෘෂ්ණා බාන් සිඳීමට ම උත්සාහ කට යුතු නියා ව හඟවන්ට බමුණන් දෙන්නකු ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - ඒ බමුණන් දෙන්නා ගෙන් එක් කෙණකුන්ගේ චුල්ලරොහිත නම් ගොනෙක් ඇත. එක් කෙණකුන්ගේ මහාරොහිත නම් ගොනෙක් ඇත. බමුණෝ දෙන්නා ම එක් දවසක් තමන් තමන්ගේ ගොන් බල ඇතැ යි ඔවුනොවුන් හා විවාද කොට ගෙණ ‘විවාද කිරීමෙන් කම් කිම් ද, බල විමසම් හ’යි අචිරවතී නම් ගඟ බඩ දී ගැලක වැලි පුරා ලා ගොන් යොදා ලූහ. ඒ වේලාට වහන්දෑ ත් ගඟට නාන්ට ය යි වැඩි සේක. බමුණෝත් ගොන් බිණුහ. ගැල බර හෙයින් සැලීමක් නැති ව ම සිට පී ය. වියබාන් කැ‍ඩිණ. ගැල බර හෙයින් සැලීමක් නැති ව ම සිට පී ය. වියබාන් කැඩිණ. වහන්දෑ ද ඒ දැක වෙහෙරට ගොසින් බුදුන්ට දැන් වූ සේක. ‘මහණෙනි, හෙම්බා, තෙල රෑන බාන් සිඳිනට කය බල පමණිනු ත් පිළිවන. නුවණ බලයකින් මුත් සිඳ ලිය නො හැක්කේ කෙලෙස් බාන් ම ය.

‘තොප හැම විසින් සුන මනා එ ම ය’යි වදාරා බණ වදාරන සේක් ‘යම් කෙණෙක් අනර්ථාවහ බැවින් පැවැති ක්රොූධයක් බඳනා ලෙසින් පැවති තෘෂ්ණාව ත් අනුසය සිත ත් දෙසැට දෘෂ්ටිය ත් සිඳ ගෙණ සව් කෙලෙසුන්ට මුල් ව සිටිනා අවිද්යායව ත් නසාපු නම් චතුරාය්ය් ස සත්යැ ය ප්ර තිවෙධය කොට සිටියා වූ උන්ට බ්රායහ්මණ ය යි කියමි’ යි වදාළ සේක. දෙශනා කෙළවර පන්සියක් දෙනා වහන්සේ කෙලෙස් බාන් සිඳ ගෙණ රහත් වූ සේක. තවත් බොහෝ දෙන නිවන් දුටහ. 1092 සද්ධර්මදරත්නාවලි ය

එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙළෙස් මළ බානකට පය නො ලන්ට සිතිය යුතු. __ __ __ __

289. අක්කොසක භාරද්වාජ නම් බමුණානන් ගේ වස්තුවසංස්කරණය

තව ද මහ පිණැත්තවුන්ට වරද්ද කළ දෙයක් නො ‍වරදන නියාව හඟවන්ට අක්කොසක භාරද්වාජ නම් බමුණානන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ බමුණානන්ගේ ධනඤජනී නම් බැමිණිනියෝ සොවාන් වූහ. ඌ තුමු කැස පියා ත් කිඹිය පියාත් පැකිල පියා ත් ‘සියපින් ලකුණු ධරන්නා වූ නිකෙලෙස් වූ ඒ බුදුන් වඳිමි’යි කියති. ඌ එක් දවසක් බමුණානන් බත් කමින් හින්ද දී බත් ලන්ට යන ගමනේ පැකිල පියා එ ලෙස ම බුදුන්ට නමස්කාර කළහ. බමුණා නෝ ඒ අසා තමා මිත්යා ලෙ දීෂ්ටික හෙයින් මුසුප්පු ව ‘යන්තම් දෙයකට ම මුඬු මහණාට නමස්කාර කෙරෙයි. බලා හිඳුව, දැන් ම ගොසින් ලා මහණ ගොයුම් හා වාද කෙරෙමි’යි කීහ. බැමිණිනියෝ ඒ අසා ‘තුන් ලෝ මුළුල්ල විමසා බැලුව ත් ඔබ හා වාද කට හෙන කෙණකුන් අපට නො දැනෙයි බල, එකෙක් නම් වාද තබා ප්රදශින විචාරව’ යි කිවු ය.

බමුණානෝ ද බුදුන් කරා ගොසින් නො වැඳ ම එකත් පස්ව සිට ‘සත්වදයෝ තුමු කුමක් නසා සුව විඳිත් ද? කුමක් නසා පී මෙන් සෝක නැත්තෝ ද? කවර එක ධර්මනයක් නසා පීමෙහි රුචි ඇත්තෝ දැ’යි විචාළෝ ය. බුදුහු ත් ‘යම් කෙණෙක් මාර්ග‍ පරම්පරාවෙන් ගොසින් අනගැමි මගින් ක්රොාධ ය නසා පූ නම්. ඌ කාමරාග ය ශොක කාරණ නැති හෙයින. හෙම්බල බමුණ, කරණ අවස්ථාවෙහිදී සලකා ගත නොහීමෙන් යහපත සේ සිතෙත් මුත් පසු ව බොහෝ අවැඩ එළවන්නා වූ ක්රොනධය පම‍ණකු ත් නසා පීවො ත් සෙස්ස නිරායාසයෙන් නැසිය හැකි හෙයින් තනි ක්රො‍ධ ය පමණක් නසා පී ම යහපතැ ‘යි කියමි’යි වදාළ සේක. බමුණා‍නෝ ද ඒ බණ අසා බුදු සස්නෙහි පැහැද මහණ ව රහත් වූහ.

අනිකුත් උන් වහන්සේගේ එ ම නම් වූ මලණු කෙණකුත් සුන්දතරීභාරද්වාජ නම් මලණුකෙණකු ත් බිළඞ්ගක භාරද්වාජ නම් වූ 290. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වත 1093

මලණුකෙණකුත් ය’යි මල්ලු තුන් දෙණෙක් ම බැණන් වහන්සේ මහණ වූ නියාව අසා මුසුප්පු ව බුදුන්ට බණන්ට අවුත් ඔබගේ බණ අසා මහණ ව රහත් වූහ. මෙ සේ සතර නම ම බුදුන්ට බණන්ට ගොසින් හැඳ පැකිළී තිල්ලේ හුණුවා සේ රහත් වූ කල්හි ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, බුදුන්ගේ ආනුභාවයක් බැලුව මැනව. සතර බෑයන් කෙලෙස බිණු ව ත් ඇඟ අසූචි ගෑවෙන්ට උන් ඇඟ සඳුන් ගානා සේ උන්ට ම පිහිට වූ සේකැ’යි කථාව ඉපැද වූ‍ සේක. බුදුහු ත් ඒ මුල් ව බණ වදාරන සේක් ‘යම් කෙණෙක් මරන්නවුන්ට වත් බණන්නවුන්ට වත් නො කිපී ක්ෂුමා පර බැවින් ඉවසත් ද එ ලෙසින් ක්ෂ මා ඇත්තවුන් සියලු ගුණයට ම ආධාර වන බැවින් උතුම් කොට කියමි’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්ෂලමා පර වීමට ම උත්සාහ කට යුතු.

290. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වතසංස්කරණය

තව ද ක්රො ධ නො වීමෙහි ම අනුසස් දක්වන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වත කියමු.

කෙ සේ ද යත් -

එ කල මහ තෙරුන් වහන්සේ පන් සියයක් දෙනා වහන්සේ හැර ගෙන සිඟා වඩනා සේක් නාලක නම් බමුණු ගම මෑණියන්දෑ ගේ ගෙදොරට සිඟා වැඩි සේක. මෑණියන්දෑ ද ගෙයි වඩා හිඳුවා ලා වළඳවන ගමනේ පුතණුවන් වහන්සේට ‘ඉඳුල් කා ඇවිදිනා තැනැත්තෙනි, ඉඳුල් පමණකුත් ලබන්ට නැති ව කබලක් හැර ගෙණ සිඟා ගොසින් ඉඳල් බත් ම ලබනු නිසා අසූ කෙළක් වස්තුව හැර මහණ වුව. තොප ‍හැම නිසා අප් ත් පරිභව ලබම්හ. නො කා හිඳුන, කව’ යනාදී කියා බෙණෙති. සෙසු වහන්දෑ ත් වළඳවන තැනැත්තෝ ‘තොප හැම දෙන අපගේ දරුවන් තොපට ම හැර ගත්තාවා ද ? අපට උන් ගෙන් කිසි ත් ප්රඅයෝජනයක් නැත්තේ වේද, ‘කව කව’යි කියා බෙණෙති. මහ තෙරුන් වහන්සේ පාත්රේ ය පිළිගෙණ ලා වේලාව ඇති බැවින් වළඳන්ට වෙහෙරට වැඩි සේක.

රහල් තෙරුන් වහන්සේ ද බත් වළදන්ට බුදුන්ට ආරාධනා කළ සේක. බුදුහු ත් ‘රාහුලයෙනි’ සිඟා කොයි ගියා දැ’යි විචාරා

1094 සද්ධර්ම්රත්නාවලි ය

‘ස්වාමීනි, අපගේ මුතුන් ලමන්දුන්ගේ ඔබ ය’යි කී කල’ තොපගේ උපාද්ධ්යාීයන්ට තොපගේ මුත්තණියන් කීයේ කිම් දැ’යි විචාළ සේක. ‘සිවාමීනි, අප‍ගේ මුතුන් ලමන්දු ඔබට බිණු ය’ යි කී සේක. ‘කුමක් කියා බිණු දැ’ යි විචාළ ක්ලහි බිණූ සැටි ය ම කිවූ සේක. ‘තොපගේ උපාද්ධ්යාකයයන් ඊට කීයේ කුමක් දැ’යි වදාළ ‍කල්හි බැණ නැඟි කුමකු ත් නැති නියාව ‍කී සේක

ධම් සෙබෙහි රැස් වූ වහන්දෑ ත් ඇවැත්නි, මහ තෙරුන් වහන්සේගේ සමාව ත් යහපත් නියා ය. මෑණියන්දෑ කෙලෙස බණත ත් මුසුප්පු පමණකුත් නො වී ය’යි වදාළ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, රහතුන්ට ක්රොටධ තැත්තේ වේ දැ’යි වදාරා සම්ප්රා.ප්ත තැනට බණ වදාරන සේක් ‘යම් කෙණෙක් ‍ක්රොේධයෙහි බොහෝ ආදීනව සලකා ක්රොරධ නො වෙත්ද, තම තමාට ප්රකති නියත වූ ධුතාඞ්ග පූරණයෙහි පවතිත් ද, පන්සිල් ආදියෙහි ත් පිහිටියෝ ද තෘෂ්ණා වසඟ නො වෙත් ද, අධිකයක් ම ඉන්ද්රිදය සංවරයෙහි පිහිටියෝ ද, පශ්චිම භවිකයෝ ද, එ සේ වූවන් උත්තම ය යි කියමී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් මෛත්රිව නමැති ප්රයළය මන්ත්රා යෙන් මහ කෝ රකුස්සාගෙන් හා ක්ලෙශොපද්ර වයෙන් දුරුවන්ට උත්සාහ කට යුතු.

291. උපුල්වන් ස්ථවිරීන්දෑගේ වස්තුවසංස්කරණය

තව ද යහපත් කොට ගිනිවර කළ රත්රන රිදි භාග ය නැත්තා සේ රහත් සතනකෙලෙස් කසළ නැති නියාව හඟවන්ට උපුල්වන් ස්ථවිරින්දෑ ගේ වස්තුව දක්වමු.

කෙ‍ සේ ද යත් -

මෙහි විස්තර කථාව මුල ම කියන ලද. ‘රහතන්ට ත් කාම පීඩාව ඇති නියා වේ දැ’යි කථාව උපන්කල්හි ඒ එ සේ නො වන නියාව වදාරන බුදුහු ‘යම් කෙණෙක් තුමු යම් සේ නෙළුම් පත පැන් බින්දු නො ඇලේ ද , පිහිටා නො සිටී ද, වැටීම හේ ද, හිදි කටු අග හබ ඇටයක් තබා ලු පමණෙකින් නො රඳා ද, වැටීම් හේද, කෙලෙස්හි ඇලුම් රහත් මඟිල් ම සුන් බැවින් නැත්තෝ වී නම් බ්රාමහ්මණ ය යි කියමි. වේ ද ඉගෙන සූත්ර් හූ කර ලා සක් හැර ගෙණ හෝම කොට ඇවිදීම් පමණකට පැවැති වැවහාර සෙයින් බමුණු ය කියත් මුත් සෙසු ලෙසින් බ්රා හ්මණ ය’ යි 293. ඛෙමා නම් ස්ථවිරීන්දැ ගේ වස්තුව 1095

නො කියමි’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත් තවුන් විසින් ස කෙලෙස් විම සොපද්රොව සෙයින් කිකෙලෙස් වන්ට ම උත්සාහ කට යුතු.

292. එක්තරා බ්රාුහ්මණ කෙණකුන් ගේ වස්තුවසංස්කරණය

තව ද කර්ම බලයකින් අනුන් දස් වුව ත් තෘෂ්ණා දාසත්ව‍යෙන් මිඳුණාහු වී නම් එ ම යහපත් නියාව හඟවන්ට එක්තරා බ්රාවහ්මණ කෙ‍ණකුන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

ඒ බමුණානන්ගේ කොල්ලණු කෙණෙක් අනුන් දාසුන්මහණ නො කොට හැක්කැයි සිඛ පද නොපැනූ හෙයින් දුර පලා ගොසින් මහණ ව ගෙණ අසුමස්සේ රහත් වන්ට නිසි පින් කළ හෙයින් රහත් වූහ. බමුණානෝ ද සොය සොයා හිඳිනෝ එක් දවසක් බුදුන් හා කැටි ව සිඟා යන්නා දැක වාසල ඇතුළේ දී ගසා අල්වා ගත්හ. බුදුහ දැක ‘තෙල කිම් දැ’යි විචාරා ‘කොලු හෙයිනැ’යි කී කල්හි ‘බමුණ, තෙලේ බර උසුළා ඇවිද්ද නො හී බර බා තබා පිය’යි වදාළ සේක.

බමුණානෝ තමන් නුවණැති හෙයින් වදාළ ‍බසින් ම රහත් නියාව දත්හ. ඒ නියාව දැන ‘එ සේ ම දැ’යි විචාළහ. බුදුහු ත් ‘එ සේ ම ය’ යි වදාරා ලා උන්ට බණ වදාරන සේක් ‘බමුණ, යම් කෙණෙක් උදාවියෙන් පෙළන හෙයින් ස්කන්ධ භාරය දුක් නියාව දනි ත් ද, එ ලෙසින් දැන කඳබර බා තබා පු නම් කඳ බර බර බා තිබී මෙන් සව් කෙලෙසුන් කෙරෙන්දුරුව සිටියා වූ ඔහු උත්තමය ‘යි කියමි’ වදාළ සේක. දෙශනා කෙළවර බමුණානෝ සෝවාන් වූහ. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තෘෂ්ණා දසත්වහයෙන් මිඳෙනු කැමැත්තො ත් පින් කම හැසිරෙන්ට උත්සාහ කට යුතු.

293. ඛෙමා නම් ස්ථවිරීන් දෑ ගේ වස්තුවසංස්කරණය

තව ද බ්රා හ්මණ ලක්ෂථණ ය ම හඟවන්ට ඛෙමා නම් ස්ථවිරින්දෑ ගේ වස්තුව දක්වමු. 1096 සද්ධර්ම්රත්නාවලි ය

කෙ සේ ද යත් -

එක් දවසක් සක් දෙවිඳු මධ්යරම රාත්රිම වේලෙහි දෙව් පිරිස් හා සමග අවුත් බුදුන් වැඳ ලා කථා කොට කොට දුන්හ. එ ‍වේ ලාට ඛෙමා නම් ස්ථවිරීන් දෑ ද බුදුන් දක්නා නිසා ආසින් අවුත් සක් දෙවිඳු හා කථා කොට කොට හුන් නියාව දැක ආස සිට බුදුන්ට වැඳ ලා ආ පස්සෙහි නික්මුණු දෑ ය. සක් දෙවිඳු ත් දැක ‘එන්ට අවුත් ලා ආ පස්සෙහි ගියා කවුරුන් දැ’යි විචාළෝ ය. ‘ශක්ර යෙනි, තුලූ මට අග්රටශ්රාසවිකා ව සිටි ඛෙමාවෝ වෙත් දැ’යි වදාරා බණ වදාරන බුදුහු ‘යම් කෙණෙක් මහ සයුර සේ ගැඹුරු නුවණැත්තෝ ද, තව ද ස්ථානොචිත ප්ර ඥා ත් ඇත්තෝ ද, මේ අකුශලය නම් දුගතියට මඟ ය. මේ කුශලය නම් සුගතියට මඟ ය යි දනිත් ද, නැවත සව් කෙලෙසුන් ගෙවා රහත් වූ ද, උන් උත්තම ය යි කියමි’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් රහත් වීමට ම උත්සාහ කට යුතු.

294. සබ්හාරවාසී තිස්ස තෙරුන් වහන්සේ ‍ගේ වස්තුවසංස්කරණය

තව ද ශීල විශ්රතද්ධියෙහි පිහිටිය වුන්ට රහත් වී ම නිරායාස නියාව හඟවන්ට සබ්හාරවාසී තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

උන් වහන්සේ බුදුන් ගෙන් කමටහන් ඉගෙණ වලට පලා ගොසින් සැප සෙනසුන් බලන සේක් කටාර නැති ගල්තල්ලකට පැමිණි සේක. පැමිණි ඇසිල්ලෙහි ම සිත ත් එකඟ වි ය. ‘මේ තැන රඳා හුනිම් නම් රහත් ව ගනිමී’ සිතූ සේක. ගල් තැනට පැමිණි සේක. මුන්වහන්සේ හා එක් ව වසන්ට ත් නො පිළිවන. මුන් වහන්සේ ත් මී ම රඳා හිඳිනට ආ සේක් ද ? අද රෑ සැතපී ලා වැඩ පියන සේකැ’යි සිතා ලා දරුවන් හැර ගෙණ ගල් තල්ලෙන් ඉවත් ව ගත. තෙරුන් වහන්සේ ද දෙවන දවස් උදාසන ම ගොදුරු ගමට සිඟා වැඩි සේක් එක් වැඩි මාලු උපාසිකා කෙණෙක් දැක දරු පෙම් උපදවා ගෙණ ගෙයි වඩා හිඳුවා ලා වළඳවා ලා වස් තුන් මස එහි වසන්ට ආරාධනා කළහ. උන් වහන්සේ මුන් මුල් ව


294. පබ්හාරවාසි තිස්ස තෙරුන් වහන්සේ ගේ වසුතුව 1097

භවයෙන් මිදී ගත ‍හැක්කැ ‘යි වස් විසීමට කළ ආරාධනාව ඉව සාලා ගල් තල්ලට ම වැඩි සේක.

දේවතා දු ත් ගල්තල්ලට ම වඩනා දැක ‘යම් කෙණකුන් ආරාධනා කළ නියා ය. ආරාධනාවට අද හෙට රඳා ලා වැඩ පියන සේකැ ‘යි සිතූ ය. මෙ සේ සිතූ උන්ට දෙ පෝයක් විවර පලා ගියේ ය. ඉක් බිත්තෙන් දවසින් දවසට කල් යන නියාව දැක’ වසුත් මි ම වසන සේක් වන, දරු කම් කටුල ත් ඇති බැවින් මුන් වහන්සේ හා එක් ව වසන්ට ත් බැරි ය. මුන් වහන්සේගේ සිල්වත් කම කවර දෝ හෝ යි දිවසින් බලන තැනැත්තෝ මහණ වූ තැන් පටන් උපසම්පදා මාලක ය අක්වා ත් එ වක් පටන් මෙ වකට ත් ධොත සඞ්ඛයක් සේ ශිල ය නිර්මයල නියාව දැන මුන් වහන්සේ සිල්වත් සේක. කිසි ලෙසකින් අයසක් උපදවා පියමි’යි උන් වහන්සේට උපස්ථාන කරණ උපාසිකාවන්ගේ වැඩි මාලු පුතණුවන් ඇඟ ආවිෂ්ට ව ලා කර අඹරා ලූ ය. ඇස් දෙක කකුළුවන්ගේ ඇස් සේ පිටතට නික්මිණ. කටින් කෙළ ධාරා ත් වැගිරෙයි.

උපාසිකාවෝ ත් එ දැක නුදුටු විරූ දෙයක් හෙයින් හඬන්ට වන්හ. දෙව් දු ද නො පැනී සිට ‘මේ කෙළේ මම ය. බිලියමි නු ත් මට කම් නැත. තොපගේ කුලුපග තෙරුන් වහන්සේ ගෙන් වැල්මී සුඟක් ඉල්වා ගෙන තෙලක් පිස ගෙන ඒ තෙලින් තුලුන්ට නස්ය කරව. එ සේ කළා නම් හැර පියමි’ කිවු ය. උපාසිකාවෝ ඒ අසා ‘රැකෙත් ව ය’. මියෙත් ව යි. මා ඔබ අතින් වැල්මී ඉල්වන්ට බැරිය’යි කිවුය. ‘ඉදින් වැල්මී ගරුතර ව තිබෙන හෙයින් ඉල්වන්ට බැ‍රි වුව ත් මුන්ගේ නාසයෙහි සුං සුඟක් ලා ලන්ට කියව’යි කිවූ ය. ‘එහි ත් කියන්ට බැ‍රිය’යි කිවුය. ‘එ සේ වී නම් උන් වහන්සේ පය සෝධවා පු පැන් ඉස ලව’යි කිවුය. උපාසිකාවෝ ඒ පිළිවන් වේ දැ යි වළඳන වේලාට වැඩි තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා කැඳ පත් වළඳවා ලා බත් වලඳන තෙක් වැඉ හුන් තෙරුන් වහනසේගේ පය සෝධා පැන් හැර ගෙන ‘ස්වාමීනි’ මේ පා දෙවි පැන් මේ දරුවන්ගේ ඇඟ හිසිම් දැ’යි විචාරා ‘ඉසුව’ යි වදාළ කල්හි එ විතරකු ත් විචාරා කළහ. දෙව් දු එ වේලේ ම පහ ව පලා ගොසින් ලෙණ දොර කඩ සිටියා ය.

තෙරුන් වහන්සේ ත් වළඳා අන්තයෙහි හුනස්නෙන් නැඟී ශරීරාවයවයක් සේ කමටහන් අත් නො හරන හෙයින් කා ගියා යී



1098 සද්ධර්මකරත්නාවලි ය

කමටහන් මෙනෙහි කෙරෙවින් නික්මුණු සේක. ලෙන දොර කඩ කරා වැ‍ඩි කලට ඒ දේවතා දුව ‘වෙදාණෙනි, මුඛ නො එව’යි කිව. උන් වහන්සේ ත් එ තැන ම රඳා සිට ‘තොපි කවුරු දැ’යි විචාළ සේක. ‘මම මේ ගල් තල්ලේ වසන දෙව් දු’යි කිවු ය. තෙරුන් වහන්සේ ත් ‘මා වෙද කමක් කළ තැනෙක් ඇත් දෝ’යි උපසම්පදා මාලකයෙහි පටන් බලන සේක් එබන්දක් නැති නියාව දැක ‘මා වෙද කමක් කළ තැනෙක් ඇත් දෝ’යි උපසම්පදා මාලකයෙහි පටන් බලන සේක් එබන්දක් නැති නියාව දැක ‘මා වෙද කමක් කළ නියාවක් මා නොදනු ත් තෙල ලෙස කුමක් නිසා කී දැ’යි විචාරා ‘නො දක්නා සේක් දැ යි කී කල්හි ‘නො දක්මී’ කී සේක. ‘කියන්ට මැළි ය’යි කිව. ‘කියව’ යි වදාළ සේක.

‘දුර කටයුතු තිබේව යි, ඒ මුඹ වහන්සේ සලකුණු ඇතැ’යි ත් නැත. උපස්ථාන කරණ උපාසිකාවන්ගේ පුතණුවන්ට අබුද්ධි විකාර ඇති වූ තැන මුඹ වහන්සේ පය සේධු පැන් උන් ඇඟට ඉස්සේ ඇත් ද නැත් දැ’යි කිව. ‘එ සේ ය, එ පමණක් කෙළේ ඇතැ’යි කී සේක. ‘එ සේ කල ඒ නුදුටු නියා දැ’යි කිව. ඒ නිසා කී නිහා දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි තෙරුන් වහන්සේ මා සැරි නියා ව ඉතා ම යහපත. දේවතා දු ත් මෙ තැනින් නෙරා ගන්ට මා ගෙන් වරදක් ම සොයන්නී මෙ විවරක් ම දුට. ඒ මේ වරදකු ත් නො වෙයි. මේ විතරක් දක්නී වරදක් වුව ත් දක්කි. මා රක්නා ගුණ දහම් ඉතා යහපත් නියා’යි බලවත් වූ ප්රීවතිය ඔබට උපන. ප්රී ති ය බලවත් ව යා නො දී ප්රිලති ය විකඹා ලා භාවනා කෙරෙමින් සිටි පියෙහි ම සිට රහත් වූහ. ‘අප වැන්නවුන්ට මෙ බන්දක් උපදවා ලා මෙ වන ලැහැබ ති රඳන්ට බැරි ය. නික් මෙත ත් තෝ ම නික්මෙ’යි කියන සේක්-

“විසුද්ධො වත මෙ වාසො - නිම්මලං මං තපස්සිතං, මා ත්වංු විසුද්ධං දුසෙසි - නික්ඛම පවනා ත්වං ”

යි වදාළ සේක. එ සේ වදාරා වස් වැස නිමවා ලා බුදුන් ලඟට ගොසින් ‘කුමක් ද ඇවැත්නි. රහත් වූයේ ඇත් දැ’යි විචාළ ක්ලහි ඒ ගල් තල්ලේ වස් විසූ වක් පටන් සියලු පවත් ම කියා ලා ‘ඇවැත්නි, තෙපි දේවතා දුව තෙල ලෙස කළ කල කිපුණෝ ඇත් දැ’යි විචාළ කල්හි ‘නො කිපිණිමි’ කී සේක. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මූ තුමු දේවතා දුවක කී කළ දෙයකට නො කිපුණුම්හ යි කියා තමන් රහත් නියාවක් හඟවති’ කී සේක. බුදුහු ඒ අසා ඔබ රහත් නියාව හඟවන ‘සේක්’ මහණෙනි, යම් කෙණකුන්ට මෙ බඳු කෙණකුන් දැක්ම නිසා ත් උන්ගේ පවත් 295. එක්තරා භික්ෂු කෙණකුන් වහන්සේ ‍ගේ වත 1099

ඇසී ම නිසා ත් උන් හා කථා නිසා ත් යම් කෙණකුන් සන්තක දෙයක් අනුභව කිරීම නිසා ත් කයින් කය පැහැරීම් නිසා ත් අස්වාදයෙක් නැත් ද, ගිහින් හා වුව ත් පැවිදිවරුන් හා වුවත් අල පත නෙළුම් පත ඔත් දිය සේ එක් වීමෙකු ත් නැත් ද, කිසි වෙක ත් ඇලුම් නැති ව වෙසෙත් ද, එ බඳු තරම් ඇති ව පුතුන් පබ්හාරවාසී තිස්සයන්ට කවුරුන් කී කළ දෙයකට ත් උරණ කොයින් ද ? එ හෙයින් ම උත්තමයහ යි කියමි’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පබ්හාරවාසී තිස්ස තෙරුන් වහන්සේගේ තරම එවා ගෙණ ලොවි ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

295. එක්තරා භික්ෂුකෙණකුන්වහන්සේගේ වතසංස්කරණය

තව ද පර වීමට උපදෙස් දක්වනු සඳහා එක්තරා භික්ෂු කෙණකුන් වහන්සේ ගේ වත කියමු.

කෙ සේ ද යත් -

ඒ භික්ෂුන් වහන්සේ ද බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙණ වලට පලා ගොසින් භාවනා කොට රහත් ව ලත් ගුණය බුදුන්ට දක්වනු නිසා වැඩ හුන් තැනින් නික්මුණු සේක. අතුරු මඟ එක් ගමෙක හිඳිනි එක් ස්ත්රි යක් සමණන් හා ඩබරක් කොට ලා උන් ගෙයි නැති තැන දෙ මවු පියන්අතුරට යන්ට නික්ම අතුරු මග දී තෙරුන් වහන්සේ දැක, ‘තනි ව යන ගමන් මුන් වහන්සේ ලා කැටි වයෙමි’ පසු පස්සෙහි නික්මුණා ය. තෙරුන් වහන්සේ උන් නුදුටු සේක.

සමණෝ ත් ගෙට අවුත් උන් නො දැක දෙ මවු පියන්ගේ ඔබ ගිය නියා යයි ලුහු බඳවා ගොසින් දැක ගෙණ මුන් තනි ව මෙ තෙක් කැන් එන්ට කාරණ නැත. කවුරුන් හා කැටි ව ආ නියා දෝ හෝ’යි බලන තැනැත්තෝ තෙරුන් වහනසේ දැක ‘මුන් කැඳවා ගෙණ යන දෑ මුන් දෑ වනැ’යි සිතා ගෙණ තෙරුන් වහන්සේට අනාදර ලෙස දෙඩුහ. උපාසික‍ාවෝ ද ‘මුන් වහන්සේ මා නුදුටු සේක. කළ කථා පමණකු ත් නැත. ඔබට නො දෙඩුව මැනැවැ’යි කිවු ය. ‘තෙපි තොප දුට ත් කථා කළ ත් කියා ද ?තොපගේ බස්වලින් සැබෑවට ගත මනා බසු ත් ඇත් ද ? තොපට කළ මනා දෙයක් තුලුන්ට ම කෙරෙමි’ ගෑනි ය කෙරෙහි කළ

1100 සද්ධර්මදරත්නාවලි ය

ක්රොහධයෙන් තෙරුන් වහනසේ තමන්ට සැක වූ සෙයින් තෙරුන් වහනසේ මරා තළා බොහෝ ගහට කොට පියා උපාසිකාවන් කැඳවා ගෙණ නික්මුණ වූ ය. කෙලෙස් ගහට නැති තෙරුන් වහනසේට ගෙඩි ගහට ය වැද ලා ඇඟ මුළුල්ලේ ම වයිරි නැංගේ ය. වෙහෙරට ගිය තෙරුන් වහන්සේ ට ආගන්තුක සාද කරණ වහන්දෑ සිත වයිර නැත ත් ඇඟ වයිරි දැක ‘මෙ කිම්දැ’යි විචාළ සේක. තෙරුන් වහන්සේ ඒ පවත් මුළුල්ලම කී කල්හි වහන්දෑ ‘ඇවැත්නි, ඌ එ ලෙස කරණ ගමනේ කීයේ කෙළේ කිම් ද, ඌ කෙරේ ක්රොවධයෙක් ඇති වී ද නො වී දැ ‘ය විචාළ සේක.

‘මට උපන් ක්රොයධයෙක් නැතැ’යි කී කල්හි ඒ වහන්දෑ බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, අපි මුන් මරණ තළන ගමනේ ක්රොදධයෙක් වී දැ’යි විචාළම්හ. මූ නැතැ යි කියා තමන් රහත් නියාවක් හඟවතී’ කී සේක.බුදුහු උන් වහන්සේට ක්රො.ධ නැති නියාව හඟවන සේක් හෙම්බා මහණෙනි, යම් කෙණෙක් සත්වරයන්ට කරන්නා වූ හිංසා පීඩා තබා පියා ඉන් වැළකි හෙයින් තුමු ත් අනුන් හිංසා පීඩා නො කෙරෙත් ද, අනුන් ලවා ත් නො කරවත් ද උන් උත්තම ය යි කියමි. එ හෙයින් තුලු ත් තමන් රහත් හෙයින් අනැගැමීන්ට ක්රොමධ නට ම හෙයින් උන් කෙරේ ‍‍ක්රොෙධ නො කළහ’යී වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ලොවී ලොවුතුරා ගුණ විශෙෂයට පැමිණීමෙහි රුචිය ඇත් නම් සියලු අවැඩට මුල් ව සිටිනා ක්රොපධය දුරු කොට සෙසු අකුසලු ත් දුරු කරන්ට උත්සාහ කට යුතු. __ __ __ __

296. හෙරණවහන්දෑ සතර නමකගේ වස්තුවසංස්කරණය

තව ද ගුණ ඇත්තවුන්ගේ ගුණානුභාව දක්වන්ට හෙරණ වහන්දෑ සතර නමක ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

එක් බැමිණි කෙණෙක් වහන්දෑ සතර නමකට දනක් සපයාලා බමුණානන්ට ‘වෙහෙරට ගොසින් වැඩි මාලු වහන්දෑසතර නමක් වහන්දෑ ගෙන් ඉල්වා ගෙණ එව’යි කිවු ය. උයිත් වෙහෙරට ගොසින් ‘වැඩි මහලුවහන්දෑ සතර නමක් මට පාවා දුන මැනැවැ’යි 296. හෙරණ වහන්දෑ සතර නමක ගේ වස්තුව 1101

කිවු ය. උන්ට සංකිච්ච සාමණෙර ය, පණ්ඩිත සාමණෙර ය, සොපාක සාමණෙර ය, රෙවත සාමණෙර ය’යි සාමණෙර සතර නමක් සත් හැවිරිදි වයස් හෙයින් වයසින් බාල වුව ත් පිළිසිඹියා පත් රහත් හෙයින් ගුණෙන් වෘද්ධ ව පැමිණි සේක.

බැමිණිනියෝ මහ ඇඟි කොට ආසන පනවා ලා සිටි තැනැත්තෝ සාමණෙර වහන්දෑ දැක ඔබගේ තරම් නො දත් බැවින් කිපී පියා උදුනේ ලා ලූ ලුණු පරිද්දෙන් තතනමින් ‘තෙපි විහාරයට ගිය තැනැත්ත, වහන්දෑ අරුමයා සේ තොපට මුනුබුරු පමණකට වත් නො සෑහෙන බාල දරුවන් සතර දෙනකු දරු ආසාවේ වඩන්ට ගෙනාවා සේ හැර ගෙණ අවුත් සිටියව. තෙල මා මහ ඇඟි කොට පැන වු හසුන්වල තුලුන් හැම හිඳිනට බැරි ය. මිටි පුටුවල හිඳුව’යි කුඩා බුඩා ලෙසට මිටි හසුන් පනවා ලා එහි හිඳිනට කියා ලා ‘යව , බමුණානෝ ත් වෙහෙරට ගොසින් සැරියුත් මහ තෙරුන් වහන්සේ දැක කැඳවා ගෙණ ගියහ. තෙරුන් වහන්සේ ද අවුත් හෙරණ සතර නම හුන්නා දැක ‘මූ බත් ලද්දා දෑ’යි විචාරා නො ලත් නියා ව අසා සපයා ලූ දන ත් සතර නමකට පමණ මුත් වඩා නැති නියාව දැන ගෙණ පාත්රා ය කට යුතු නො කරණ තෙක් ගෙන්වා ගෙණ වැඩ පී සේක

බැමිණි‍නායෝ ද ‘දන් නො වළඳා වැඩපීයේ හැයි දැ’යි විචාරා හෙරණ සතර නමකට සපයා ලූ දන් හෙයින් වැඩ පී නියාව කී කල්හි ඊ ඊ පිට ලා ලා වළඳන්ට මැළි නියා ය. ගොසින් අනික් වැඩි මාලු තැනක් ගෙනෙව’යි කිවු ය. බමුණානෝ ද වහා ගොසින් මුගලන් මහ තෙරුන් වහන්සේ දැක එ ලෙස ම කියා ලා ගෙණවුය. උන් වහන්සේ ද හෙරණ වහන්දෑ විවරට ඉදි කළ දන් හෙයින් දෙවා ලු පාත්ර. ය හැර ගෙණ වැඩ පී සේක. බැමිණියෝ ඔබ ත් වැඩ පී ‍සේක. බැමිණියෝ ඔබ ත් වැඩ පී නියා ව දැන ලා ‘වළඳන්ට මැළි ව ගිය නියා ය. බමුණන් හෝම කරණ තැනට ගොසින් ආදියෙන් ම ගෙණා ලෙසින් බාල කෙණකුන් නො ගෙණවුත් මාලු බමුණාන කෙණකුන් ගෙනෙව’යි කිවු ය.

හෙරණ වහන්දෑ උදෑසන පටන් හිඳ ත් ලත් කිසිවක් නැති වූ හෙයින් සාකුස් ඇති ව හුන්දෑ ය. ඒ තැන් ගුණානුභාවයෙන් සක් දෙවිඳුහුගේ හස්න හුණු වී ය. හස්න හුණු වීමට කාරණ සොයන්නෝ එ පවත දැන මා ඔබ ගිය මැනව’යි මාලු බමුණු වෙසක් මවා ගෙණ හැම බමුණන්ට මුල් ව හුන්හ. බමු-



1102 සද්ධර්මමරත්නාවලි ය

ණෝ ද උන් දැක ‘මේ විට අපගේ බැමිණිය සතුටු වන්නී ය’යි සිතා ගෙණ උන් කැඳවා ගෙණ ගෙට ගියහ. බැමිණිනියෝ ද උන් දැක සතුටු ව පියා හසුන් දෙද අතුළ ඇතිරිලි එක හස්නෙක අතුට ලා ‘ස්වාමීනි, තිලී හුන මැනැව’යි කිවුය. සක් දෙවිඳු ද ගෙට වැද ලා හෙරණ සතර නම පසඟ පිහිටුවා වැඳ ලා සතර නමට කෙළවර නිකම් බිම ම පලක් බැඳ ගෙණ හුන්හ. ඒ දැක බැමිණිනියෝ බමුණානන්ට ‘අනේ තොපගේ බමුණානන්ගේ තරමක් බලව. ‍ෙතාපට පිය වන තරම් තැනැත්තෝ තමන් මුණුබුරු තරමුන්ට ත් බාලයන් විඳිමින් සිටියෝ ය. දන් පසු වත් දී ගත හැක්ක. තෙල තමාගේ තරම් පමණක් නො දන්නා මාලු බමුණා ගෙන් පිටත් කරව’යි කිවුය. කී කී දෙයක් ම කරණට සිටි කීකරු බමුණානන් හෙයින් අත ත් බොටුව ත් පිටි මුල ත් අල්වා නඟා සිටුවන්ට උත්සාහ කළ ත් නැඟී නො සිටිති.

බැමිණි‍නියෝ ද බමුණන් ගන්නා ආයාස බලා ‘‍තොපි එක් අතක් අල්වා ගනුව. මම ත් එක් අතක් අල්ලා ගනිමි එ සේ කලට ගෙන් පිට ත් කොට හැක්කැ’යි දෙන්නා දෑත අල්වා ගෙණ පිටට ගුටි බාමින් දොර කඩින් පිට ත් කළහ. සක් දෙවිඳු ත් ආදි හුන් තැන ම හිඳ අත පෙරළා ලූ ය. බමුණු - බැමිණි දෙන්නා ම පෙරළා බැලුවාහු බමුණු වෙසින් ආ සක් දෙවිඳු ආදි හුන් තැනම හුන් නියා ව දැක හඬා මොරගා පියා අත හැරපූ ය. එ වේලේ සක් දෙවිඳු තමන් සක් දෙවිඳු නියා ව හැඟ වූ ය. සපයා ලූ දන් සක් දෙවිඳු ඇතුළු වූ පස් තැනට ම දුන්හ. පස් තැන ම බත් හැර ගෙණ එක් නමෙක් කැණි මඞල විනිවිද ගෙණ ගියදෑ ය. එක් නමෙක් බස්නා හිරි පල ය හිරා ගෙණ ගිය දෑ ය. එක් නමෙක් පොළොව කිමි ද ගෙණ ගිය දෑ ය. සක් දෙවිඳු ත් එක් අතකින් ගියහ. එ වක් පටන් එ ගෙට ‘පස් සිදුරු ගෙය’යි කියති.

හෙරණුන්දෑ ත් වෙහෙරට ගිය කල්හි ගෙණෙහි හුන් වහන්දෑ පවත් විචාළ සේක. හෙරණුන්දෑ ත් බැමිණියන් තමන්දෑ හැම දුටු වේලේ පටන් මුසුප්පු ව හිඳි කළ හසුන්වල හින්ද නුදුන් නියා ව ත්, තමන් දෑ ලා බාල හෙයින් වැඩි මහලු වහන්දෑ සොයා එවූ නියා ව ත්, වැඩි මහලු වහන්දෑ ට සැරියුත්-මුගලන් දෙ නම ගෙණ ගිය නියාව ත්, පසු ව හෝම කරණ තැනින් මාලු බමුණන් සොයා යවු තැන මාලු බමුණු වෙසින් හුන් ශක්රෝයන් ගෙණ




297. මහාපන්ථක තෙරුන් වහන්සේ ගේ වස්තුව 1103

ගිය නියාව ත්, උන් දැක සතුටු ව ආසන දෙකක ඇතිරිලි එක හස්නෙක අතුට ලා ඉඳිනට කී නියාව ත්, උන් ඊ නො හිඳ ම තමන් දෑ ලා වැඳ ලා. හසුන් කෙළවර බිම හුන් නියාව ත්, ඊට ත් උරණ ව බමුණන් නො එක් ප්රසයොග කොට ත් ගෙන් පිටත් ‍කරන්නා තබා නඟා සිටුවා ගත නුහුණු බවත්, පසු ව දෙමාල් ලන් දෙ අත අල්වා ගෙණ මරා තළා ගෙන් පිටත් කොට පියා පෙරළා බැලූ කලට සක් දෙවිඳු හුන් තැන ම හුන් නියාව ත්, ඒ දැක අරුන් දෙන්නා බා ගිය නියාව ත්, සක් දෙවිඳු ශක්රා නියාව දැන පස් දෙනාහට ම බත් දුන් නියාව ත්, නැඟී ආ ලෙසත් කී දෑ ය.

ඒ අසා ‘උන් හැමට උරණ වූයේ ඇත් ද නැත් දැ’යි විචාරා උරණ නැතැ’යි කී කල්හි රහත් නියාවක් හඟවන්ට නැත්තක් කීව යි සිතා ගෙණ බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා සතර නමගේ තරම් හඟවනු නිසා ‘මහණෙනි, යම් කෙණෙක් කිපිය වුන්ට නො කිපෙත් ද, හිංසා පීඩා කරන්නවුන්ට හිංසා පීඩා නො කෙරෙත් ද, දෘෂ්ටිග්රා හ වසයෙන් මම ය යි හෝ තෘෂ්ණාග්රා හ වසයෙන් මාගේ ය යි හෝ ගැන්ම නැත් ද, උන් උත්තම ය යි කියමි. මුන් සතර දෙනා එ බඳු තරම් ඇති හෙයින් බැමිණිය කුමක් කළ ත් උරණ නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවනැත්තවුන් විසින් ක්ෂ.මාව නම් දස පැරුමෙන් එකක් හෙයිනු ත් පැරුම් පිරීම නම් උත්තමයන් නියම හෙයිනු ත් තමාත් උතුම් වන්ට සිතතොත් උතුම් ගුණෙ යි පිහිටා ගත යුතු

297. මහා පන්ථක තෙරුන් වහනසේ ගේ වස්තුවසංස්කරණය

තව ද බුද්ධ වෛනෙය ව සිටිය වුන් ශ්රාහවක වෛනෙය නො වන නියා ව හඟවන්ට මහා පන්ථක තෙරුන් වහනසේගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

මහා පන්ථක තෙරුන් වහන්සේ එක ගාථාව සාරමසක් විතරි නු ත්. චුල්ලපන්ථක තෙරුන් වහන්සේට උග්නවා ගත නොහී එ දවස් ම සසරින් පිටත් වන්ට නිසි ව සිටි තැන් සිවුරු හරනා නිසා ශාසනයෙන් පිටත් කළ සේක. ගාථාව උගැන් වූ නියාව ත් උගන්වා ගත නො හී නෙරි ‍නියාව ත් පසු ව බුදුන්ගේ බලයෙන් රහත් වූ නියාව ත් චුල්ල පන්ථක වතින් දත යුතු. වහන්දෑ ද කොට 1104 සද්ධර්ම රත්නාවලි ය

ලූ සැටි ය තද ලෙසක් සෙයින් ‘රහතන්ට ත් ක්රො ධය ඇති නියා වේ දැ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ඒ අසා කළ තද ලෙසක් බව මුත් ඔබට කිපී සිත් තැති නියා ව හඟවන්ට ‘යම් කෙණකුන්ට රාග, ද්වෙෂ, මොහ තුන ත් උන්නති ලක්ෂ ණ වූ මනුත්, ගුණ නසන සුලු වූ මකුකමුත් ඉඳිකටු අග නෙ රඳා හබ හෙන්නා සේ හිණි නම් උන් උතුමැ යි කියමි. මහා පන්ථකයනු ත් වැඩක් කැමැති ව එ ලෙසක් කළ බව මිස උරණ සිත් නැති බැවින් කිපී කළ දෙයක් නො වෙ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්රිතයාවෙන් හික්මවීම් මුඛයෙන් තද කමක් හඟවත ත් සිතින් තද නො වන්ට උත්සාහ කට යුතු.

298. පිලින්දිවච්ඡ මහ තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද වාසනා දොෂ බුදුන්ට විනා සෙසු කොතැනට ත් ඇති නියා ව හඟවන්ට පිලින්දිබවච්ඡ මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

උන් වහන්සේ ගිහි වුවත් පැවිදි වුව ත් ගෑනි වුව ත් පිරිමි වුව ත් දෙවි වුව ත් මිනිස් වූව ත් දුටු යම් කෙණකුන්ට ‍සැ‍ඬොල් වැවහැර කරණ සේක. එක් දවසක් බොහෝ දෙනා වහන්සේ එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් ඔබ ගෙන්වා ලා සැබෑ දැ’යි විචාරා ‘සැබැවැ’යි කී කල්හි එ විට ඔබගේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණින් බලා වදාරා ‘මහණෙනි , තොපි පිලින්දිෙවච්ඡයන්ගේ බසට මුසුප්පු නො වව. ඌ තුමුද්වෙෂ සිත් ඇත්තෝ නො වෙති. තෙල ලෙස හෙළා පිරිහෙළා කියන්ට කාරණ කිම් ද යත් -

	‘පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි තුලු බ්රා හ්මණ ව උපන්හ. පන්සියක් ජාතියේ ම තුලුන් කියා පුරුදු බස ය. එ හෙයින් තෙල ලෙස කියතී’ වදාරා’ යම් කෙණෙක් අනුන්ට රළු පරළු කොට නො කියත් නම්, කියත ත් අර්ථවත් වූ මියුරු බසක් ම කියත් නම් කිසි ලෙසකිනු ත් අනුන් ඝැටී යන ලෙසට නො කෙරෙත් නම් උන් උත්තම ය යි කියමි. වාසනා දොෂය නිසා බස කියවී යන පමණක් මුත් අනගැමි මගින් ම ප්ර තිඝය 


299. එක් තෙර කෙණකුන් වහන්සේ ගේ වස්තුව 1105

නට හෙයින් රුෂ්ට අදහසින් කියන දෙයෙක් නො වෙයි’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් වාසනා දොෂයෙන් වැරද යන දෙයක් විනා රුෂ්ට අදහසින් අනුන් ඝැටෙන තරම් බස් නො කියන්ට උත්සාහ කටයුතු.

299. එක් තෙර කෙණකුන් වහන්ස් ගේ වස්තුවසංස්කරණය

තව ද සත්‍ යන් අනුන් සන්තක දෙයෙහි ඇලුම් හරවනු නිසා නම් ගොත් හෙයින් අප්රඅසිද්ධ වූ ඒක තෙර කෙණකුන් වහන්සේ ගේ වත කියමු.

කෙ සේ ද යත් -

සැවැත් නුවර මිථ්යා් දෘෂ්ටික වූ එක් බමුණෙක් ඩා ගඳ වැද ගනී දෝ හෝ යන අදහසින් පෙරට ගත් උතුරු සළුව ගළවා එක් තැනෙක තබා ලා ගෙට මුණ ලා ලා හුන. ඉක්බිත්තෙන් එක් රහත් කෙණකුන් වහන්ෙසේ වළඳා ලා වෙහෙරට වඩනා සේක් ඒ උතුරු සළුව දැක ඈත මෑත බලා පියා කිසි කෙණකුන් නො දැක ‘හිමියන් නැති දෙයක් වනැ’යි සිතා පසුල් සංඥාවෙන් හැරගත් සේක. උතුරු සළුව ඇති බමුණු ත් දැක දොඩ දොඩා බැණ බැණ ගොසින් ‘මුඬු මහණ, මාගේ උතුරු සළුව හැර ගතිනැ’යි කිවු ය. ‘බමුණානොනි, තොපගේ දැ’යි විචාරා ‘එ සේ ය’ යි කී කල්හි යමකු නිරාලය ව හැර පියා ගිය දෙයක් දෝ හෝ’යි සිතා පසුල් සංඥාව එළවා හැර ගතිමි. ඉඳා ය’යි කියා ලා බමුණාට ම දී පියා වෙහෙරට ගොසින් එ පවත් වහන්දෑට කී සේක. ඒ වහන්දෑ ත් ඒ අසා වෙහෙසන සේක් ‘ඇවැත්නි, ඒ හිණකඩ දික් ද ? ලුහුඬු ද ? දළ ද ? සිහින් දැ’යි කී සේක. දික් වත් කිම? ලුහුඬු වත් කිම ? දළ වත් කිම ? සිහින් වත් කිම ? ඉන් හැම ප්රේයොජන ය ඊ ආලය කරණ කෙණකුන්ට වේ ද, මා ඊ ආලයෙක් නැත. පසුල් සංඥාව එළවා හැර ගතිමි’ කී සේක.

වහන්දෑ ද ‘ආලය නැත්තෝ දැක දැක පාල අවමනා වේ ද, හැර නො ගතමනා වේ ද. හිණකඩ හැර ගෙණ මෙ ලෙස කියන්ට කාරණ කිම් දැ’යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් ඔබ නැත්තක් නො වදාරන නියා ව වදාරන සේක් මේ ලෙව්හි ලුහුඬු ව තිබෙන්නා වූ ත් දික් ව තිබෙන්නා වූ ත් පිළී ආදියෙහි ද මහත් ව තිබෙන්නා වූ ත් කුඩාව තිබෙන්නා වූත් මුතු මැණික් ආදියෙහි ත් මඳ ව තිබෙන්නා වූ ත් බොහෝ ව තිබෙන්නා වූ ත් වී සාල් ආදියෙහි ත් 1106 සද්ධර්ම රත්නාවලි ය

යහපත් ව තිබෙන්නා වූ ත් නපුරු ව තිබෙන්නා වූ ත් රත් රන් රිදී ආදියෙහි ත් ලොභය උපදවා ගෙණ සොර සිතින් හැර නො ගනිත් නම් උන් උත්තම ය යි කියමි. එ තැන කිසි කෙණකුන් නුදුටු හෙයින් හිමියන් නැති දෙයකැ යි සිතා හැර ගත් බව මුත් මුන් තමන් රහත් හෙයින් වඤ්චා සිත් නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් අනුන් සතු දාහු වැළක් වුව ත් විෂ ඝොර සපුන් කොට සිතා අයිනාදනින් දුරු විය යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxvi&oldid=5703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි