250. මාරයා ගේ වතසංස්කරණය

තව ද වසවත් මරහුගේ අදහසෙහි නපුර හඟවන්ට මාරයා ගේ වත කියමු.


250. මාරයා ගේ වත 1007

කෙ සේ ද යත් -

බුදුන් සමයෙහි බුදුන්ගෙන් බණ අසා ත් රජදරුවෝ වස්තු ලොභයෙන් ජන පීඩාව බොහෝ කොට කෙරෙති. ඉක් බිත්තෙන් බුදුහු රජ දරුවන්ගෙන් ගහට වුන් බොහෝ මිනිසුන් දැක කරුණා අදහසින් නො මරා නො තළා දඩ මුඩු නො ගෙණ කවුරුනු ත් මුසුප්පු නො කරවා දැහැමින් රාජ්යන ය කරන්ට පිළිවන් දෝ හෝ ’ යි සිතූ සේක. වසවත් මරු ද බුදුන් සිතා වදාළ සිතිවිල්ල දැන ලා ‘ මහණ ගොයුම් රාජ්යස ය කරවන්ට පිළිවන් දෝ හෝ යි සිතී ය. බුදු වුව ත් සිඟා කැවිලි දුක් හෙයින් රාජ්යස ය ත් කොට ලන්ට සිතාපී වන. රාජ්ජය කිරීමුත් පව් පිරෙන දෙයෙක. රාජ්ජය කෙරෙත් නම් මා වෙසෙයි. පවත්වන්ට‍ අවසරය ත් ලැබෙමි. ගොසින් උත්සාහ වඩවමී ’ සිතා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි , රජ දරුවන්ගේ අධර්මිෂ්ඨ කම් නිසා මිනිසුන් විඳිනා ගහට මහත. බුද්ධ රාජ්යි ය තබා පියා ජන සඞ්ග්ර්හ නිසා දැහැමින් රජ කළ මැනව.

‘ බුදු වන්ට සිතා ගත්තෙන් සත්වොඅපකාර නිසා වේ ද , ඒ සත්වොමපකාර ය කරණ දෙය කළ හෙයිනු ත් නො කල දෙයට උපදෙස් තබා ලූ හෙයිනු ත් නිමියා හා ම සරි ය. මේ ජන පීඩාව ත් අවශ්යහයෙන් හළ මනා බැවින් රජ පැමිණ මුත් හළ නො හැකි හෙයින් අවශ්යපයෙන්ම රජ වුව මැනැවැ ’ යි බුදුන්ගේ අදහස් පුරා දත නො හී තමාගේ ගොඩිගල් කම හඟවා කි ය. බුදුහු ‘මාර ය, කුමක් නිසා තෙල ලෙස කී දැ ’ යි විචාළ සේක. ‘ ස්වාමීනි , මුඹ වහන්සේ හිමාල ය පර්ව ත ය වුව ත් රත්රන් වන්ට සිතා වදාළ සේක් වි නම් රත්රන් වෙයි. ඉනු ත් වස්තුවෙන් අඩු නැත. මම ත් අඩුවකට සිටියෙමි. ඒ නිසා කීමි ’ කියා බුදුහු ත් ඒ තැනින් නෙරනා සේක් දඬු පත් එසවිම් පමණෙකින් නො යන්නවුන් බස මහත් කොට බැණ නැඟී ලා නෙරනා සේ -

“ යො දුක්ඛ මද්දක්ඛි යතො නිදානං - කාමෙ සු සො ජන්තු කථං ‍නමෙය්යන. උපධිං විදිත්වාත සඞ්ගාති ලොකෙ- තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ ”

යන මේ ගාථාව වදාරා ලා භය ගන්වා ලා ‘ මාර ය තාගේ අවවාද නම් විරුද්ධ වාදවත් මුත් අවවාද නො වෙයි. මකුළුවන් කෑ කෑ දෙය හූ වන්නා සේ අවවාද වන්නේ මා කියා ලූ දෙය කැ ’ යි


1008 සද්ධර්මකරත්නාවලි ය

වදාරා ලා අවවාද වදාරන සේක් ‘ ගිහින්ට වුව ත් කෘෂි වණික් ආදියට යම් කෙණෙක් සහාය ව ඒ සාධා දී ලත් නම් පැවිදිවරුන්ට වුව ත් සිවුරු ගෙත්තම් ආදියට සහාය ව ඒ නිමවා දී ලත් නම් ඌ තුමූ මිත්ර ප්රුතිරූපයකු නො වන හෙයින් යහපත් මිත්රවයහ. ඒ මිත්රවයන් නිසා සැපයක් මුත් දුකක් නො වන හෙයින් ඌ යහපත්හ. තව ද ගිහීන් වුව ත් නිරවද්යප ජීවිකා තිබිය දී ම උමං බිදීම් ආදි විසින් පව් කම හැසිරෙත් ද , පැවිදි වුව ත් ධර්මන ජීවිකා තිබිය දී එක් විසි අන්වෙෂණ වසයෙන් අධර්මස ජීවිකාවෙන් දවස් යවත් ද , ඒ මෙ ලොව සැප යැ යි සිතා ඇවිදින පමණක් මුත් පර ලොව බොහෝ දුක් හෙයින් ඒ ජීවිකාව දුක් ම ය. ගිහි වුව ත් කෘෂි වණික් ආදියෙන් හා පැවිදි වුව ත් භික්ෂාසටනයෙන් ලැබ ගත් දෙයකින් මු ත් අධර්මව ලෙසකින් ජීවත් නො වෙත් නම් නැවත ශාසනිකයෝ චීවර චතුර් විධ ප්ර ත්ය්යෙහි යථා ලාභාදි ද්වාදශ විධ ආය්ය්ාටන සන්තොෂයෙන් සන්තුෂ්ට වූ නම් සැප වූ සන්තොෂ නම් එ ම ය.

‘ තව ද මියන්ට ආසන්න ව කළා වූ කුශල කර්මයයෙක් ඇත් නම් ආසන්න කර්ම ව සිට ඉෂ්ට විපාක දායක හෙයින් එයි ත් සැප ය. ඒ හැමට ත් වඩා සියලු දුක් නසන්නා වූ අර්හත්ව් ය සැ ප ය. ලෞකික කුශලයෙන් දෙ මවු පියන්ට උපස්ථාන කිරීම ත් මෙ‍ ලො ව ත් පර ලොව ත් සැප හෙයින් යහපත් වූ කුශලයෙක. දෙ මවු පියෝ ද වැළි ත් තමන්ගේ දරුවන් නො ළෙන් ගතු නියාව ත් දත්තු නම් තමන් සන්තක දෙය නිධාන කොට සඟවා හෝ යෙති. අනුන්ට හෝ දෙවා පියති. දෙ මවු පියන්ට නො ළෙන් ගතු නියාවට මේ ලොව නින්දා පරිභව ත් ලැබෙති. දෙ මවු පියන්ට නිහරසර ව පරලොව අශුචි නරකයෙහි ත් උපදිති. යම් කෙණෙක් සකසා උපස්ථාන කොළෝ නම් දෙ මවු පියන් සතු වස්තුව ත් අපවත් නො කරවා ලැබෙති. මෙ ලොව ප්රෙශංසා ත් ලැබෙති. ඒ හැම නැත් නමුත් පර ලොව සුව සම්පත් ලැබෙති. එ හෙයින් දෙ මවු පියන්ට උපස්ථාන කිරීම ත් සැප කාරණ හෙයින් සැප ය. තව ද බුද්ධ ප්ර ත්යෙනක බුද්ධාදි උත්තමයන් කෙරෙහි මනා ව පැවැත්ම ත් හෙවත් එ තැනට උපස්ථාන කිරීම ත් සුඛ කාරණා හෙයින් සැප ය.

තව ද මුත්හර තිසර සඞ්ඛලා ආදි වූ ත් පා මුදු පාඩගම් කයි ඛන්දි ආදි වූත් ආභරණ හැම දවසට ම තරම් නො වෙයි. සග බලායන් පළඳනා වුවා මාලු මිනිසුන්ට තරම් නොවෙයි. තුමූ මාලු ව සිට සඟ මිනිසුන් පළඳිනා ආභරණ හැම දවසට ම පළඳිති. තුමූ



251. කපිල නම් මත්ස්යියා‍ ගේ වස්තුව 1009

සඟ ව සිටි මාලු මිනිසුන් පළඳිනා දෙය පළඳිති. මුන් දෙ පක්ෂ1යට ම වියරු ඇති සැටි යැ යි බෙණෙති. පන් සිල් වුව ත් දශ සිල් වුව ත් කවර ත් අවස්ථාවකට යහපත. එ හෙයින් කොට ගත හෙතො ත් මියන තුරා ත් සිල් රක්ෂාත කිරීම යහපත. තව ද ලොවී ලොවුතුරා සැද‍ෑ යම් කෙණකුන්ට ඇත් නම් කවර ත් කුශලයකට මුල් ව සිටිනා ශ්රකද්ධාව සැපය ට ත් මුල් වන හෙයින් සැදෑ ඇති වීම ත් යහපත. නුවණැත්තවුන්ට කුමකු ත් බැරි නො වන හෙයින් ලොවී ලොවුතුරා නුවණ ඇති වීම ත් සුඛ කාරණ හෙයින් සැප ය. පව් නො කිරීම කොට ගත හෙන පිණක් නැත ත් වෙන වෙන ම පිණක් හෙයින් සැපයෙකැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙවියෝ නිවන් දුටහ. මර දෙවි පුත් කළ පින් නැති හෙයින් ගොයම් නො කළ එකකු ලබන පැල් දොර නැත්තා සේ සිස් ව ම පලා ගියේ ය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ලද මිනිසත් බව නිෂ්ඵල නො කොට බුද්ධොත්පාද කාලය ත් නො වරදවා පින් කම හැසිර හැම සැපයට උතුම් සැප වූ නිවන් සැප විඳ ගත යුතු. ________________________________________


251. කපිල නම් මත්ස්යරයා ගේ වස්තුවසංස්කරණය

තව ද අකුශලයෙහි ම ආදීනව දක්වන්ට කපිල නම් මත්ස්ය යා ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

යට ගිය දවස කසුප් බුදුන් පිරිනිවි සමයෙහි කුල දරුවෝ දෙ බෑ කෙණෙක් ගිහි ගෙයින් නික්ම බුදුන් පිරිනිවීය ත් වහන්දැ ලඟ මහණ වූහ. ඒ දෙ නමින් වැඩි මාලු නම සොධන නම් සේක. බාල නම කපිල නම් සේක. ලමන්දු උපාසිකාවෝ සාධනි නම්හ. නැගණියෝ තාපනා නම්හ. ඌ දෙ පුතු මවු ත් මෙහෙණි සස්නෙහි මහණ වූහ. මෙ සේ හැම දෙන ම මහණ වූ කලට දෙ බෑයන් වහන්සේ ඇදුරු වත් තෙර වත් ආදි ය කිරී මෙන් ආභිසමාචාරික ශික්ෂානවෙහි ත් හැසිර උපසම්පදාව ලදින් එක් දවසක් ආචාය්ය්සමා උපාධ්යාලයයන් වහන්සේ අතින් ‘ ස්වාමීනි , මේ සාසනයෙහි ධුර කීයෙක් දැ ’ යි විචාර ග්රයන්ථ ධුර ය හා විපස්සනා ධුරය නියාව අසා වැඩි මාලු තැනැත්තන් වහන්සේ විපස්සනා ධුර ය පුරමී සිතා ගෙණ පස් වසක් ආචාරි උපාධ්යා යයන් වහන්සේ ලඟ ම වැස රහත් වීම දක්වා කමටහන් ඉගෙන වලට පලා ගොසින් විවසුන් වඩන සේක් එ බඳු පින් ඇති හෙයින් රහත් වු සේක.

1010 සද්ධර්මපරත්නාවලි ය

මලණුවන් වහන්සේ ‘ මම තව සග බාලයෙමි. මාලු කල ත් විවසුන් වැඩිය හැක්ක. සග අවස්ථාවෙහි ග්රොන්ථ ධුර ය පුරමි ’ සිතා තෙවළා බුදු වදන් උගත් සේක. ආගමධර විමෙන් ඇසීම් පිරිවීම් නිසා අසන පිරිවාන වහන්දැ බොහෝ ඇති වූ සේක. ගණ ය මහත් වත් වත් ගණතෝ ලාභ ය වූ හෙයින් 1 ලාභ ය ත් මහත් වි ය. ආගම පණ්ඩිතත්ව ය නිසා අභිමාන යත් ඇතිව ලාභයෙහි ලොභ ය ත් බලවත් ව අනුන් කැප ය යි කී දෙය කැප ය යි කියා ත් සාවද්යත ය යි කී දෙය නිරවද්යව ය යි කියා ත් නිරවද්යද ය යි කි දෙය සාවද්යය ය යි කියා ත් නපුරු අදහසින් බණ උගත් නියාවට කියමින් ලජ්ජිපෙසල වහන්දෑ ධර්මද විනය පෑලා ‘ කපිලයෙනි , තෙල සේ නො කියව , නො කරව ’ යි අවවාද කළ තැන් කෙරෙහි ත් ශික්ෂාකයෙහි ත් ගෞරව නැති ව ‘ මුඹ වහන්සේලා කුමක් දන්නා සේක් ද ? බොල් වැනි සේකැ ’ යි යනාදී දොඩා ගෙණ බැණ ගෙණ අනාචාරී ව අනුපාධ්යා ය ව ඇවිදිනා දෑ ය.

වහන්දෑ බෑණන් වහන්සේ සෝධන තෙරුන් වහන්සේ ට ත් එ පවත් කී සේක. උන් වහන්සේ ත් මලණුවන්දැ කරා ගොසින් ‘ කපිලයෙනි , තොප වැනි බුද්ධි සම්පන්නයන් උගත් පය්යාුවන ප්ති ය පිටට සම්යලක් ප්ර තිපදාවෙකු ත් ඇත් නම් හෙන ගෙයට‍ දෙන රුකුලක් සේ ශාසනයට මහා වත්තම. තොප උගත් බණ ලෙසට ක්රි්යා කරත් මුත් අනික ලෙස ක්රිායා කොට ඇවිදිනා කලට ධර්ම යට ත් පිටි පෑ තිබෙයි. තොපට ත් අල්වන සර්පයා අල්වන සැටියේ නො අල්වා නපුරු කොට ඇල් වූ කල වන අනර්ථ සේ ම බොහෝ අනර්ථ වෙයි. තෙල ලෙස ‍නො කරව ’ යි වදාළත් තමන්දෑ ගේ අස්ථානයෙහි උගත් බුහුටි කමට එයි ත් නො ගිවිසි දෑ ය. එ සේ වුව ත් බෑ තෙරුන් වහන්සේ දෙ තුන් විටක් කොට ත් වදාරා නො ගිවිස්නා නියාව දැන ‘ තොපගේ නපුරු කටයුත්තෙන් තොපි ම පෙනෙන්නාවා දැ ’ යි වදාරා ලා වැඩ පී සේක. එ වක් පටන් සෙසු ත් ලජ්ජී වහන්දැ ශාසනයට ප්ර යෝජනයක් නැති නියාව දැන හළ සේක.

ඒ වහන්දෑ ද මය්යාජී වදාව 2 නපුරු ව ගොසින් කසළ පර්ෂ ත් ඇති ව වසන දැ ය. එක් දවසක් කසළ පිරිස් පිරිවරා පොහෝ ගෙට ගොසින් විජිනි පත්‍රයකු ත් හැර ගෙණ ධර්මාඑසනයෙහි හිඳ ‘ මෙ තැනට රැස් වූ තැන් පා මොක් වන පොත් ඇත් දැ ’ යි විචාරා ‘ මුන් ලා දෙඩීමෙන් ප්ර යෝජන කිම් ද ? සරු සාර තැනක් ලා වේ ද දෙඩුව මනා ය ’ යි නිරස්ත ව හුන් වහන්දෑ දැක ‘ ඇවැත්නි 1 නූ හෙයින් , 2 සිරියානුව , නිරසීතන ව


251. කපිල නම් මත්ස්යායා ගේ වස්තුව 1011

විනය ත් හැ යි ද ? පාමොකු ත් හැයි ද ? බණ ත් හැයි ද ? දහමු ත් හැයි දැ ’ යි කියා ගෙණ බුදු සස්නෙන් ගොඩ නැඟි නියා හඟවමින් ආසනයෙන් නැඟී දෑ ය. මෙ සේ ඒ කර්මු කළ වහන්සෙ කසුප් බුදුන්ගේ සස්න නිෂ්කලඞ්ක ව පවතිමින් සිටියා පසු බා පූ දෑ ය. සොධන තෙරුන් වහන්සේ ද සසුන් නමැති ගුවන් කුස ගුණ රසින් හොබවා පිරිනිවි සේක. කපිලයන්දෑ ත් ආයු ගෙවා ගෙණ මිය අවීචියෙහි උපන්හ. මෙහෙණි සස්නෙහි මහණ වු මෑණියන් හා නැගණියෝ ත් නපුරු තැනැත්තවුන් හා එක් ව සිල්වත් තැනට දොඩා බැණ පුතණුවන් අත් නො හැර මෑණියෝ ත් බැණන් අත් නො හැර නැගණියෝ ත් එ ම නරකයෙහි උපන්හ.

එ කල පන්සියක් දෙන ගම් පැහැරීම් ආදි වූ සොර කමින් ජීවත් වන්නාහු එක් දවසක් සොර කමෙක දී මිනිසුන් ලුහුබඳවා ‍ගන්නා වල් වැද ගොසින් ඊ ති සැඟවී ගන්නා අත් නැති ව වන වාස ව වැඩ හිඳිනා එක් කෙණකුන් වහන්සේ දැක වැඳ පියා ‘ ස්වාමීනි , අපට පිහිට වුව මැනැවැ ’ යි කීහ. තෙරුන් වහන්සේ ද ‘ තොපට මෙ තැන්හි පන් සිල් විනා අනික් පිහිටෙක් නැත. පන් සිල් හැර ගනුව ’ යි කියා ලා උනු ත් ගිවිසි හෙයින් පන් සිල් දෙවා ලූ සේක. පන් සිල් දෙවා ලා ‘ මෙ තෙක් කල් කුම් වුව ත් දැන් තෙපි සිල්වතු ව . ජීවිත ය නසිත ත් පන් සිලට හානි නො කර ව. සියල්ලවුන් කෙරෙහි ම මෛත්රීව කරව ’ යි වදාළ සේක. උයි ත් ඒ ගිවිස්සාහ. ලුහුබඳවා ආ වස්තු ස්වාමීහු ද එ තැනට අවුත් ඈත මෑත බලා සොරුන් දැක පන්සියය ම මරා පූහ. උයි ත් ඇසිල්ලෙක රැකි පන් සිල් පමණෙකින් හා කළ මෛත්රී පමණෙකින් නිසි බෙහෙදක් ලදින් ලෙඩක් ගුණ වූවා සේ නරකොත්පත්ති ය නැති ව දෙව් ලොව උපන්හ.

සොර දෙටුවාණෝ දෙව් ලොවදි ත් නායක ව උපන්හ. ඒ සත් පුරුෂ සමවායේ තරම ය. පාත දෙව් ලොව පටන් උඩ දෙව් ලොවට ය, උඩ දෙව් ලොව පටන් පාත දෙව් ලොවට ය ’ යි අනුලොම ප්ර තිලොම විසින් දහසක් හවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සත් ගවුවෙක වඩනා විතර කල් දෙව් ලොව දෙව් සැප ත් වළඳා අපගේ බුදුන් උපන් සමයෙහි සැවැත් නුවර වැසල් බඩ පන්සියක් කෙවුළන් හිඳිනා කෙවුළු ගම යහපත් ජාති ලබන පිණක් නො කළ හෙයින් උපන්හ. දෙටු දෙව් පුත් කෙවුළු මුදලියාණන් අඹුවන්ගේ බඩ පිළිසිඳ ගත. සෙස්සෝ සෙසු කෙවුළන්ගේ අඹුවන් බඩ පිළිසිඳ ගත. මෙ සේ උන් හැම දෙනාගේ මවු කුස පිළිසිඳ



1012 සද්ධර්මමරත්නාවලි ය

ගැන්ම ත් එක දා ම වි ය. දස මස් පිරෙන්නා මවු කුසින් බිහි වීම ත් එක දා ම වි ය. කෙවුළු මුදලි ද ‘ මේ ගම තව ත් අද උපන් දරු කෙණෙක් ඇත්දෝ හෝ ’ යි පරීක්ෂාක කරවා උන් හැම දෙනා ත් උපන් නියාව අසා ‘ මේ ගමට නායක හෙයින් මුන් හැම දෙනා ම දරුවන් පිරිවරා ඇවිද්ද මනා වේ දැ ’ යි උන් හැම දෙනාට ත් පොෂණ ය තමන්ගෙන් ම තබ්බවා ලූහ. ඌ හැම දෙන ත් එක් ව ම වැඩි විය පත් වූහ. කෙවුළු මුදලින්ගේ පුතණුවෝ ම සෙසු කෙවුළු කුමාරවරුන්ට මුදලි වූහ.

කපිලයෝ ද බුද්ධාන්තර‍යක් මුළුල්ලෙහි නරකයෙහි පැසි පියා තව කර්ම් ය ගෙවී නො ගිය හෙයින් චුත ව අචිරවතී ගඟැ කුඩ මසු ව උපන්හ. යහපත් ව විසූ භාගයෙහි සිල් රක්ෂාත කළ හෙයින් රන්වන් වූහ. කුණු බොරු කියා ඇවිදි හෙයින් කුණු ගඳ හමන කටක් ඇති වූහ. එක් දවසක් කෙවුළු මුදලින්ගේ පිරිවර කෙවුළු පන්සිය ය කුඩ මස්සන් මරණු නිසා ගඟට මහ දැල් දමා ලා සිටියහ. උන් දමා ලූ දැල් ඇතුළත රන්වන් කුඩ මසු හසු වි ය. ඔහු දැක ලා කෙවුළු ගම ඇත්තෝ මුළුල්ල ම ‘ අපගේ දරුවන් ආදියෙන් දමා ලූ දැලට ම රන්වන් කුඩ මස්සෙක් හසු වී ය . රජ්ජුරුවන් වහන්සේ මහ සම්පත් දෙන සේ කැ’ යි සමාධි ව එක විට ම කොක් සන් ගැසූහ. ඒ දැල් දැමූ කෙවුළු පන්සිය ය ද කුඩමස්සා හොරුවෙක ලා ගෙණ නො මියන ලෙසට පැනු ත් වත් කොට ලා හොරුව පිටින් ම රජ්ජුරුවන් කරා ගෙණ ගියහ.

රජ්ජුරුවනු ත් ‘ මේ කිම් දැ ’ යි විචාළ කල්හි කුඩ මස්සකු නියාව කිවු ය. රජ්ජුරුවෝ රන් වන් කුඩ මස්සා දැක රන් වන් වන්ට කාරණ ය කර්ම් විෂය දන්නා බුදුන්ට මුත් තමන්ට නො දැනෙන හෙයින් කුඩ මස්සා ගෙන්වා ගෙණ බුදුන් කරා ගෙණ ගියහ. කුඩ මස්සා කට දල්වා ලන්නා ම සියලු දෙව්රම දුගඳ පැතිරිණ. රජ්ජුරුවෝ ද බුදුන් අතින් ඇඟ රන් වන් වීමට ත් කට කුණු ගඳ වීමට ත් කාරණ විචාළහ. බුදුහු ‘ මහ රජ , මේ තෙමේ කසුප් බුදුන්ගේ සස්නෙහි මහණ ව කපිල නම් ව බහුශ්රැබත ව මහ පිරිවර ඇති ව ලාභ ගරුක ව අවවාද කළවුනට දොඩා බැණ ගෙණ ධර්මර විනයට විරුද්ධ ලෙස කොට බුදු සස්න පසු බස්වාපී ය. ඒ අකුශල කර්මවයෙන් අවීචි නරකයෙහි ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි පැසි ත් තව කර්මක ය නො ගෙවුණු හෙයින් දැන් තිරිසන්




251. කපිල නම් මත්ස්යසයා ගේ වස්තුව 1013

අපායෙහි කුඩ මසු ව උපන. ආදි භාගයෙහි රක්ෂා කළා වූ සීල මහිමයෙනු ත් බණ හදාරා හදාළ බණ අනුන්ට කි හෙයිනු ත් බණ කීම් මුඛයෙන් බුදු ගුණ කී හෙයිනු ත් තිරිසන් ව ත් රන් වන් වි ය. සිල්වතුන්ට බෙ‍ාහෝ කොට බැණ දොඩා ඇවිදි හෙයින් කටින් දුගඳ හමයි. මහරජ , උහු ලවා කථා කරවම් දැ ’ යි වදාළ සේක. රජ්ජුරුවෝ ‘ යහපතැ ’ යි කිවු ය.

බුදුහු ත් ‘ තෝ කපිලයා වේ දැ ’ යි විචාරා ‘ එ සේ ය ’ යි කී කල්හි ‘කොයි සිට අයි දැ ’ යි විචාළ සේක. අවීචියෙහි සිට ආ නියාව කී ය. ‘ තාගේ බෑණෝ සොධන තෙරහු කොයි දැ ’ යි විචාළ කල්හි පිරිනිවි නියාව කිව. ‘තොපගේ මවු සාධනීන් හා නැඟණියෝ තාපනාවෝ කොයි දැ ’ යි විචාළ කල්හි උන් දෙන්න ත් සිල්වත් තැනට බැණ ඇවිද නරකයෙහි උපන් නියාව කිව. දැන් කොයි යෙයි දැ ’ යි විචාරා වදාළ කල්හි උදවු මෙහෙවරෙක ආ කෙණකුන් මෙහෙවර කල් යන හෙයින් උදවුව ම යන්නා සේ කර්ම ගෙවීම් මෙහෙවර කල් යන හෙයින් උපන් තැනින් පෙරළා ත් අවීචියට ම යන නියාව කියා ලා මුසුප්පුව ත් බලවත් ව හොරු හිස ඉස ගසා ගෙණ මිය ගොසින් අවීචියෙහි ම උපන. බොහෝ දෙන ත් පාපයෙහි භය ඇති වූ හ.

බුදුහු එ විට එ තැනට රැස් වූ පර්ෂද්ගේ අදහස් බලා - “ ධම්මචරියං බ්රැහ්මචරියං - එතදාහු රසුතතමං”

යනා දී සූත්රච නිපාතයෙහි කපිල සූත්ර ය වදාරා ඉක් බිති ව ‘ යම් කෙණෙක් පින් කම් පවා වූවෝ නම් උන්ට ධ්යා නයක් වත් විදර්ශදනාවක් වත් මාර්ග යක් වත් ඵල ධර්ම්යක් වත් වඩනට නැත. වඩනේ කවරේ ද යත් - යම් ගසක් වැළඳ ගත් නම් ඒ ගස නසන්නා වූ මාලුවා ලීයයක් මෙන් ඌ තමා ඊට ම අවසර හෙයින් අෂ්ටොත්තර ශත ප්රසභෙද වූ තෘෂ්ණා ව වඩ්ඩි. ඒ තෘෂ්ණා වඩනා ම තෘෂ්ණා වශග වූ සත්වතයෝ වල්හි ඵලා ඵල කැමැති ව දුවන පනන වඳුරන් මෙන් භව ප්රාවර්ථනා බලයෙන් සසර දුක් ගෙණ ඇවිදිති.

යම් සේ පැන ඇවිදිනා වඳුරෝ ඒ අත්ත අල්වා ගෙණ මේ අත්තට පනිති. මේ අත්ත අල්වා ගෙණ ඒ අත්තට පනිති. අත්තක් නො ලද්දු නම් සන්හිඳී වැඳ හිඳිති. යම් කෙණෙක් මහා වල 1 හෙයින් නැත් ද එ මෙන් තෘෂ්ණා වශඟ වූ සත්වතයෝ භවයෙහී ඇවිදිනාහු යම් තාක් භවක්ෂ ය නො කොළෝ නම් අරමුණක් නො ලදින් තෘෂ්ණාවෙන් නැවැත්තෝ ය යි කියා ගත නො හෙති. 1 වල් හෙයින්


1014 සද්ධර්ම්රත්නාවලි ය

‘තව ද මේ තෘෂ්ණාව ඉතා ලාමක වු තරම් ඇත්තී සසර දුක් නමැති වස එළවන හෙයින් ද , නැවත ප්ර වෘත්ති විපාක ප්රඑතිසන්ධි විපාක වශයෙන් අනිෂ්ට විපාක නිපදවන හෙයින් වස මල් වස පක් ඇති හෙයින් ද විෂානුභවයක් වැනි හෙයින් ද , රූපාදියෙහි විශෙෂයෙන් ශක්ත බැවින් ද , විසත්තිකා යන නම් ලදින් යම් කෙණකුන් වෙළා ගත් නම් යම් සේ මහ වල එක් වන් පොද හෙන කලට නො එක් තණ යහපත් ව හට ගෙණ වැඩේ ද , එ මෙන් ඒ සත්ව යන්ට ත් ශොක ය වඩ්ඩි. යම් කෙණෙක් තෘෂ්ණාව නො එක් ලෙසින් ඉක්ම පූ නම් යම් සේ නෙළුම්පත පැන් බින්දු නොරඳා ද , එ මෙන් ඔහු කෙරෙති ශොක ය ත් නො රඳයි.

‘ එ හෙයින් තොප හැමට කියමි. යම් තාක් මෙ තැනට රැස් වූ කෙණෙක් ඇත් නම් ඒ තො ප හැම දෙනාට ම වැඩෙක් වේව ’ යි ආ වඩාලා ත් ‘ තර වනු නිසා කියන නියා ය. යම් සේ සැවැන්දෙමින් ප්ර්යෝජන ඇති කෙණෙක් හුදැල්ලෙකින් සැවැන්දෙට ගස් සාරත් ද අර්හන් මාර්ගර ඥාන නමැති හුදැල්ලෙන් සකල ක්ලෙශයන්ට මුල් ව සිටිනා අවිද්යාාව නසන්නා වූ සව් කෙලෙසුන් නස්නා හෙයින් තෘෂ්ණාවගේ මුල උදුරා දමා ද , ගඟක් බඩ හට ගත් හුණු ගසක් උදුරා යවන මහ වතුරක් මෙන් පස් මරහු තො‍පට හානියක් නො කෙරෙත්ව ’ යි වදාළ සේක. දෙශනා කෙළවර එක දා උපන් කෙවුළු පන් සියය සසර දුකට බා ගොසින් නිවන් පතා බුදුන් ලඟ මහණ ව නො බෝ කලකින් රහත් ව කෙවුළු ජාති නැති ව ආය්ය්න් ජාතින් සම්පන්න වූහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් අකුසලින් දුරු ව කුසල්හි පිහිටා නො පමා ව පිළිපන් කෙවුළන් පවා ලබන ආය්ය්න ජාති ය ලබන්ට උත්සාහ කට යුතු.


252. සූකර පොතිකාව ගේ වස්තුවසංස්කරණය

තව ද හවොත්පත්තියෙහි ම දොෂ දක්වන්ට සූකර පෝතිකා වගේ වස්තුව කියමු.

කෙ‍ සේ ද යත් - එක් දවසක් බුදුහු රජ ගහා නුවරට සිඟා වඩනා සේක් එක් හීරි පැටියක දැක මඩ වැකී පියා සිටි සැටියට සිනා පහළ කල සේක. සිනා පහළ කළ කලට මුඛ විවර විනිර්ග ත වූ දන්ත ‍රස්මි ශොභාව දැක අනඳ මහ තෙරුන් කාරණ විචාළ සේක. 1. අවලා - අවලාදත්

252. සූකර පොතිකාව ගේ වස්තුව 1015

බුදුහු ත් ‘ ආනන්දසයෙනි , තෙල සාරා කා ඇවිදිනා හීරි පැටිය දුටුවා දැ ’ යි විචාරා ‘ එ සේ ය , ස්වාමීනි ’ යි කී කල්හි ‘ තුලූ කකුසඳ බුදුන් සමයෙහි භොජන ශාලාවක් ලඟ උළු අවුළා කන කිකිළියක. එක් යෝගාවචර භික්ෂු කෙ‍ණකුන් විවසුන් කමටහනක් පිරිවන්නා අසා සිත පහදවා ගෙණ එයින් චුත ව රජ කුලයෙක ඉපැද උබ්බරී නම් රජ දුවක් වුවව. ඕ තොමෝ එක් දවසක් අමෙධ්යු පිණ්ඩයෙක ගලා ගෙණ හුන් පණු රැසක් දැක පුළවක සංඥාව උපදවා ගෙණ භාවනා කොට ප්ර්ථම ධ්යාුන ලාභී ව මිනිස් ලොව ආයු පමණින් සිට ස්ත්රීවන්ට ධ්යා න පස උපන ත් උපදනා ප්රමථම ධ්යාණන තලයෙහි ම හෙයින් මිය පළමු ධ්යා න තෙලෙහි උපන. චුති ප්රිතිසන්ධි වශයෙන් ඒ ඒ තැන ඉපැද ඇවිදිනි දැන් භීරි ව උපන. ඒ දැක සිනා පහළ කෙළෙමි ’ වදාළ සේක.

ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ පටන් නො රහත් බොහෝ දෙනා වහන්සේට සසර භය ත් භයාකාරය ත් ඇති වි ය. බුදුහු මේ ලෙසින් භය උපදවා ලා භව තෘෂ්ණාවෙහි ආදීනව හඟවා ලා ඇතුළු වීථියෙහි සිට ම බණ වදාරන සේක් ‘ යම් සේ ගසෙක සතර දිගට ගිය මුල් සතර ත් පාතට බට මුල ත් මුල් පස කැපීම් ඉපිරීම් නැති ව තර ව සිටි කල්හි තල් පොල් ආදියක් නො ව හට ගන්ට නිසි ගසක් උඩ ත් 1 බා තබා පීවත් නැ‍ඟේ ද , එපරිද්දෙන් රහත් මගින් තෘෂ්ණාව නසා නො පී කලට තෘෂ්ණාවට වූ හානියක් නැති බැවින් ප්රේභව ය නුසුන් කලට ගඟ දිය පවත්නා සේ ඇති වේ ම ය.

තව ද යම් කෙණකුන්ට දෘෂ්ටි සන්නිස්ශ්රිනත නොව හුදක් රූපා දි සාරමුණෙහි උපදනා තෘෂ්ණාවෝ ස දෙන ය, එ ම සාරමුණෙහි ශාශ්වත දෘෂ්ටි සන්නිශ්රි ත ව උපදනා තෘෂ්ණාවෝ ස දෙන ය. උච්ඡේද දෘෂ්ටි සන්නිශ්රිෙත ව උපදනා තෘෂ්ණාවෝ ස දෙන ය යි ස්වසන්තාන වර්ති වූ අටළොසෙක , අන්යි සන්තාන වර්ති වූ අටළොසෙකැ යි තෘෂ්ණාවෝ සතිස් දෙන තුන් කල්හි ම වීමෙන් එක් සිය අටක් අටක් පමණ වූවාහු සත්වියන් සසර නමැති මුහුද ලීමට වතුරක් වන හෙයින් ශ්රොටත නම්හ. එ සේ වූ ශ්රොතතසින් යුක්ත වූ තෘෂ්ණා තොමෝ මහත් ව පවත්නා හෙයින් ප්රොවාහ ව පවතී ද , ධ්යාරනාදියක් නො නිසා නපුරු අදහස් ඇති ඕ හට රාග සන්නිශ්රි්ත ව පවත්ති. තව ද නො එක් ආකාරයෙන් පවත්නා මේ තෘෂ්ණාවෝ සත්කාය නුවර රඳා හිඳ ලා චක්ෂුරාදී වූ වාසල්වලින් පිටත් ව බඩු ඇති තැනක් බලා ඇවිදානා වල් සොරුන් මෙන් රූපාදී වූ සාර මුණෙන් එක අරමුණකු ත් නො හැර හැම තැන ම හෙවත් තුන් භවයෙහි ම අරූප භවයෙහි මුත් මුනි දොඑ ඇති බැවින් 1 උඩ තබා


1016 සද්ධර්මවරත්නාවලි ය

පවත්ති. යම් අරමුණක්හු පැවැත්තෝ නම් ගස් වළඳන ලිය ගසින් කිසිවකු ත් නො තෝරා ගස කඩා ගෙණ හෙන මුත් වෙළන්නා සේ වෙළා ගෙණ සිටිති.

කළ මනා කවරේ ද යත් - වස ලියයක් නසන්නවුන් මුලු ත් නොරඳ වා උඳුරා දමන්නා සේ අර්හන් මාර්ග ඥාන නමැති කැපෙන යකඩින් තෘෂ්ණා නමැති වස ලිය ය මුල දී ම සිඳුව. කාරණ කිම් ද යත් - යම් සන්තානයෙක මේ1 පැවැත්තී නම් උන් සසර නමැති මහ මුහුදින් නිවන් පර තෙරට නැංග නො දී ජාති දුක් ආදි වූ නො එක් දුකට පමුණුවයි. තෘෂ්ණා වසඟය ත් මාලු ගොන් සීයට මැළි වන්නා සේ සසරින් ගොඩ නැ‍ඟෙන් ට මැළි හෙයින. තව ද තෘෂ්ණා වසඟ වූ සත්වනයෝ සංයොජන නමැති දැල බැඳී ගිය සත්තු සා දැල බැඳුණු සාවුන් මෙන් සැලෙති. පෙළෙති. සැලී පෙළී බොහෝ කලක් සසර දුක් ගනිති. එ හෙයින් නිවන් පතන්නවුන් විසින් නැති කළ මනා නම් තෘෂ්ණාව ම ය ’ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

ඒ හීරිපැටි ද ඉන් මිය ගොසින් මලයුරු පාවුරුවෙයි 2 රජකුලයෙහි උපන. ඉන් චුත ව වන වාසී නම් රට එක් කුලයක උපන. ඉන් චුත ව සුප්පාරක නම් පටුන් ගම අස් වෙළෙඳ ගෙයක උපන. එයින් චුත ව කාවීර නම් පටුන් ගම නියමුවාණ කෙණකුන්ට දූ ව උපන. ඉන් චුත ව ලක්දිව අනුරාධ පුර නුවර පෙ‍ාහොසත් කෙණකුන්ට දූ ව උපන. ඉනු ත් මිය ගොසින් අනුරාධ පුරටය දකුණු දිග හෙක්ඛන්ත 3 නම් ගම සුමන නම් කෙළෙඹියාණන්ට දූ ව සුමනාවෝ ය යි ප්ර්සිද්ධ වූහ. උන්ගේ පියාණෝ ද එ ගම හැර පියා රූණට පලා ගොසින් දිගා මඩුල්ලේ මහ මුනි 4 නම් ගම රඳා හුන්හ.

එ කල දුටුගැමුණු රජ්ජුරුවන්ගේ ලකුණ්ටක අතිම්බරු නම් ඇමැත්තකේ කිසි කට යුක්තක ඒ ගමට ගියේ සුමනා නම් ඒ කුමාරිකාවන් දැක උන් කෙරෙහි ඇලුම් ඇති ව මඟුල් කොට සරණ පාවා ගෙණ මහා පුණ්ණ නම් ගමට ගියේ ය. එකල කෙළ පව් වෙහෙර වසන මහා අනුල නම් තෙරුන් වහන්සේ එ ගමට සිඟා වැඩි සේක් සුමනා නම් කුමාරිකාව දැක වහන්දෑ ලා කථා කරණ සේක් ‘ ඇවැත්නි , හිරිපැටි පවා ලකුණ්ටක අතිම්බරු නම් ඇමැත්තාණන්ට අඹු වුව. ඉතා ආශ්චය්ය්, ි ය යි වදාළ සේක. සුමනාවෝ ද ඒ කථාව අසා සිහි නැති ව තුබූ දෙයක් සිහි 1 මොහ 2 පාවුරුවෙයි - පාරුවෙයි , පායුරුවෙනි 3 හොක්ඛන්ත - හොක්කන්ත 4 මහා ලුම්මුචචිනි , මහා ලුම්බිනි



253. සිවුරු හල කෙණකුන් ගේ වත 1017

කරන්නාක් මෙන් ජාති සිහි කරණ නුවණ ලදින් ජාති සිහි කොට පියා සසර කළකිරී මෙහෙණිනි වනු කැමැති නියාව සමණන්ට කියා ලා මහ පෙරහරින් ගොසින් මෙහෙණි සස්නෙහි මහණ ව තිස් මා 1 වෙහෙරදි මහ සීවටන් සුත අසා බිසෝ ව උපන් අවධියේ කළ භාවනොපාශ්රායෙන් සෝවාන් වූහ.

පසු ව දු‍ටුගැමුණු රජ්ජුරුවන් දෙමළුන් සාධා පි කලට නෑයන් හිඳිනා හෙක්ඛන්ත නම් ගමට අවුත් එහි වසන්නාහු කල්ලක වෙහෙර දී ආසිවිසොපම සුත්රන ය අසා රහත් වුහ. පිරිනිවන් පානා දවස් මහණ - මෙහෙණිනි දෙ පක්ෂ ය විචාළ කල්හි එ පව ත් මුළුල්ල ම කියා ලා පිරිනිවන් පානා තැන රැස් වූ වහන්දැලාගෙන් මුඩුලු වෙහෙර වසන ධම් පියා අටුවා ආවෙණික ව පිරිමසන මහා තිස්ස තෙරුන් වහන්සේට ‘ මම පෙර කකුසඳ බුදුන් සමයෙහි කිකිළි ව ඉපැද පියා උකුස්සකුට අත නැසී . රජ කුලයෙක ඉපැද පරිබ්රා ජිකා ව , ප්රදථමද්ධ්යාතන උපදවා බඹ ලොව ඉපැද , එයින් සැව සිටු කුලයෙක ඉපැද නොබෝ කලකින් මිය , ගෞතම බුදුන් සමයෙහි හීරි ව ඉපැද , ඉන් මිය මලයුරුවේ 2 ඉන් මිය වනවාසී නම් රට ඉපැද , ඉන් මිය සුප්පාරක නම් පටුන් ගම ඉපැද , ඉන් මිය කාවීර නම් පටුන් ගම ඉපැද , ඉන් මිය දඹදිව උපදිනා තැන් නිමියා සේ මෙ ලක්දිව අනුරාධ පුර නුවර ඉපැද , ඉනු ත් මිය මේ හෙක්ඛන්ත නම් ගම ඉපැද ය ’ යි මුල අත් බැව් මට තබා නිමවා දක්නට බුදුන්ට ත් පිළිවන් ද ? කිකිළි ව උපන් ජාතියේ පටන් තෙළෙස් අත් බැවෙක ඉපැද දැන් මෙ වක මට පිහිට කොට ගතිමි. මා බලා හැම තැන් ම නො පමා වුව මැනැවැ ’ යි අවවාද කොට ලා සිවුවනක් පිරිස් මැද පිරිනිවියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් සංසාර දෙෂ ය භික්ෂුණින්ට ම නො වන නියා ත් තමහට ත් වන නියාව දැන අවුල් වියවුල් සසර නො රඳන්ට ම සිතා කුසල් හි හැසි‍රිය යුතු.


253. සිවුරු හළ කෙණකුන් ගේ වතසංස්කරණය

තව ද තෘෂ්ණාව වශඟ වුවනු ත් සත්පුරුෂ සමවාය බලයෙන් පැමිණි දුකින් මි‍ඳෙන නියාව හඟවන්ට සිවුරු හළ කෙණකුන් ගේ වත කියමු.

1. තිස්ස මහ 2. අරමණයේ - ඇතැම්.



1018 සද්ධර්ම රත්නාවලි ය ‍ කෙ සේ ද යත් -

මහසුප් මහ තෙරුන් වහන්සේ ගේ සද්ධිවිහාරික නමෙක් ධ්යාැන ලාභී ව සිට ත් බඩාල් කලෙන් අවුත් මහණ වූ හෙයින් බඩාල් දුවක කෙරෙහි පිළිබඳ සිත් ඇති ව සිවුරු හළහ. සිවුරු හළත් කර්මාදන්තයට මැළි කම නො හළ බැවින් ගෙන් සපා නෙරපීහ. ඌ තුමූ රැකී ගන්නා අනික් උපදෙසක් නැති බැවින් සොරකම් කොට කති.

එක් දවසක් සොරකම් හසුකොට ගෙණ ගසා අල්වා ගෙණ පිටතල 1 භයා බැඳ ලා ඒ ඒ තැන දි සැමිටිවලින් මරන්නාහු මිනී මරණ තැනට ගෙන යෙති. මහසුප් මහ තෙරුන් වහන්සේ ද සිඟන සේක සිවුරළුවාණන් 2 දකුණු වාසලින් ගෙණ යන්නවුන් දැක බැම්ම ලිහිල් කරවා ලා ‘ පෙර තොප පිරිමසා ආ කමටහන සඳහන් කරව ’ යි වදාළ සේක. උයි ත් ඒ අවවාදයෙන් කමටහන් මෙනෙහි කොට අපවත් ව ගිය දෙයක් සොයා ගත්තා සේ ධ්යාසන සතර ම පෙරළා ත් උපදවා ගත්හ.

ඉක් බිත්තෙන් මිනි මරණ තැනට ගෙණ ගොසින් ලා මරන් නෝ ත් එක විට ම නො මරා දුක් ගෙණ මියන ලෙසට දිවස් හුලට නැංගු ය. උන්ට භයකු ත් ශඩ්කාවකු ත් නැත. ඒ ඒ දිග සිට මිනිස්සු කොන්ත තෙප් අඩයටි ආදි ය අනිනා ලෙසට පොවා ත් අන් නො බන නියාව දැන ‘ බල ව මුන්ගේ නිර්භීත කමක් ය. මෙ තෙක් දෙනා ආයුධ අල්වා ගෙන සිටිය ත් තමන් උලට නැංගු ව ත් අවෙතනික දෙයක් මෙන් භයෙක් වත් වෙව්ලීමෙක් වත් නැත. ඉතා විස්ම ය ’ යි සතුටු ව කොක්සන් ගසා ගෙණ රජ්ජුරුවන්ට ත් එ පවත් කිවූ ය. රජ්ජුරුවෝ ඒ අසා ඌ හැර පියව ’ යි කිවු ය. බුදුන්ට ත් එ පවත දැන්වූහ.

බුදුහු ත් අන් කරා රස් කඳක් විහිදුවා ලා උන්ට බන වදාරන සේක් ‘ යමෙක් ගිහි සම්පත ආල ය නැති ව තපසෙහි ඇලී මහණ ව නපුරැ ’ යි දමා පූ දෙයකට පෙරළා ත් ආල ය කරණා සේ පෙරළා ත් ගිහී සම්පතට ආල ය කෙරේ ද , ඌගේ තරමක් බලව. ආල ය හළ සම්පතෙහි පෙරළා ත් ආල ය කෙරෙයි. ආදීනවයක් දැක දමා පී දෙය පෙරළා හැර ගන්නා සේ කලට අර ආදීනව ය තදස්ථ ව සිටිනා සේ ම ආල ය හල ගිහි සම්පත ත් ආදීනව වුව ආල ය හැරී තැබූ දවස් ගණ‍නේ ආදීනව ය හැරෙන්නා නැත. හළ ගිහි සම්ප - 1. පිටි තොල 2. සිවුරුළුවාණන් - සිවුරු අළුවාණන්



254. බන්ධනාගාර වස්තුව 1019

තෙහි ආල ය කරන්නේ හැයි ද ? ඊට කරණ ආල ය නිවනට කළ මනා වේ දැ ’ යි වදාළ සේක.

උලට නැඟි තැනැත්තෝ ද මේ දෙශනාව අසා තිලකුණු මෙනෙහි කෙරෙමින් සෝවාන් ව සමවත් සුව විඳිනාහු කර්ම ය ත් එ පමණෙකින් ගෙවුන වන්නා හුලින් ගැළවි අහසට නැගී ලා අහසින් ම බුදුන් කරා ගොසින් බුදුන් වැඳ ලා මහණ ව සරාජික වූ පිරිස් මැදයේ ම රහත් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සියලු පවින් දුරු ව පින්හි හැසිර සසර නමැති මහ හුලින් නැ‍ඟෙන්ට උත්සාහ කටයුතු. ________________________________________

254. බන්ධනාගාර වස්තුවසංස්කරණය

තව ද සසර නමැති සි‍රගෙට වඩා සිර ගෙයක් නැති නියා ව ත් සුව විඳිනාහු කර්ම‍ය ත් තෘෂ්ණා නමැති බානට වඩා සත්වවයන් බැඳලීමෙහි තර බානක් නැති නියාව ත් හඟවන්ට බන්ධනාගාර වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

එක් සමයෙක උමං බිඳීම් මං පැහැරීම් ආදි වූ බොහෝ අකාරියෙහි බැඳී ඇවිදිනා සොරුන් අල්වා ගෙණ ගොසින් කොසොල් රජ්ජුරුවන්ට පැවු ය. රජ්ජුරුවෝ උන් දඬු කත් තළ ආදියෙන් මස්වා ලූහ.

පිටිසර හිඳිනා වහන් දෑ ද බුදුන් දකින්ට අවුත් දැක වැඳ පියා දෙ වන දවස් සැවැත් නුවර සිඟන සේක් ‍සිර ගෙය කරා ගොසින් මැස්මේ හුන් සොරුන් දැක වළදා අන්තයෙහි සවස් කොට ලා බුදුන් කරා ගොසින් ‘ස්වාමිනි, අපි අද සිඟා ගිය ගමනේ සිඟන්නමෝ සිර ගෙවල මැස්මේ හුන් බොහෝ දෙනා දුටුම්හ. තමන් උමං බිඳිනවුන් දම් බිද ගෙණ යන්ට බැරි නියා ද? ස්වාමීනි , මීට වඩා තව ත් තර බැඳුම් ඇත් දැ ’ යි විචාළ සේක. මහණෙනි , මේ කුමන බැඳීම් ද පෙර නුවණැත්තෝ යම් බැම්මක් සිඳ ගෙණ හිමවු පියසට ගොසින් මහණ වූ නම් තෘෂ්ණා බන්ධන ය මෙයට ලක්ෂග ගණන් තරමින් වඩිනේ වේ දැ ’ යි වදාරා ඒ වහන්දෑ විසින් ආරාධිත වූ බුදු රජුන් වහන්සේ ඉකුත් වත් ගෙණ හැර දක්වන සේක් -

1020 සද්ධර්ම්රත්නාවලි ය

යට ගිය දවස බරණැස් නුවර බ්රාහ්ම දත්ත නම් රජ්ජුරු කෙණකුන් රජ කරණ කල්හි බෝසත්හු ඉතා දුප්පත් වු ගොවි කුලෙහි උපන්හ. උන් වැඩී ගත් කලට පියාණෝ මළහ. ඌ බැල මෙහෙ කොට ලා කනවැන්දඹු මෑණියන් රකිති. උන්ගේ මෑණියෝ ද උන් කිව නො කිව එක් කුල දුවණි කෙණකුන් ගෙනවුත් පාවා දෙවා ලා පසු ව කල් යෑමකදි තුමූ ත් මළහ. ඇඹේනියන් බට ත් දරු කෙණෙක් පිහිටා ගත්හ. ඌ ඇඹේණියන් බඩ දරුවන් ඇති වූ නියාව නො දැන ම ‘ සොඳුර , තෙපි තොපට පිළිවන් ලෙස රැකෙව. මම මහණ වෙමි ’ යි කිවු ය. ‘ දැන් මහණ වන්නේ කෙ‍ සේ ද ? මා බඩ දරුවන් වුව. උන් වදා පියන්නා උනු ත් දැක මහණ වුව මැනැවැ ’ යි දරුවන් පිට ලා ලා මහණ වීමට බාධා කළහ. උයි ත් යහපතැ යි ගිවිස උන් වදාපී කල්හි සොඳුර , තෙපි සුව සේ ම වදාපීහ. ඉතිකින් මහණ වෙමි. උන් දැක පූයෙමි වේ දැ ’ යි කිවු ය.

‘ තව ද මේ දරුවන් කිරි බොන අවස්ථාවෙන් පනන තෙක් බැලුව මැනැවැ ’ යි කියා ලා එ ලෙසින් රඳවා ලා තව ත් දැරි ඇති වු ය. උපාසකයෝ සිතන්නෝ ‘ මුන්ට කියා මුන් ගිවිස්සා ගෙණ මහණ වතො ත් මුන්ට කන්නලවු නො පෙනෙන්නේ ත් නැත. අපට මහන විමු ත් නැත. මහ වත හෙළා පූ හකුලක් සේ නිවන් මග ‍වතට හකුල් වූ මුන්ට නො කියා ම පලා ගොසින් මහණ වෙමි. උන්ට නො කියා ම රෑ දවස් පලා ගියහ. ගිය ගමනේ ගම රක වල ඇත්තෝ අල්වා ගත්හ. ‘ ස්වාමීනි , මම කනවැන්දඹු 1 මෑණියන්ට උපස්ථාන කෙරෙමි. මා හළ මැනැවැ ’ යි කියා හරවා ගෙණ එක් තැනක සැතපි පියා හිමවු පියසට පලා ගොසින් මහණ ව අභිඥා හා සමග සමාපත්ති උපදවා ගෙන විසූහ. එ සේ වසන්නෝත් ‘ අනේ , තර ව මුත් සිඳ ලිය නො හැකි කෙලෙස් බාන් සිඳ පීමි ’ යි උදන් ඇනූහ.

බුදුහු ත් උන්ගේ උදන් ම මෙ තැන්හි එළවන සේක් බුද්ධාදි වූ නුවණැත්තෝ යම් යකඩින් කළ දමෙක් ඇති නම් එයි ත් , දණ්ඩෙන් පතින් ඉදි කළා වූ යම් දඬු හැකිල්ලෙක් ඇත් නම් එයි ත් කොසු ආදියෙන් කළා වූ යම් රෑන බාන් ආදියෙක් ඇත් නම් එයි ත් යකඩ ආදියෙන් කපා කඩා සිඳ බිඳ පිය හැකි හෙයින් ම තර ය යි නො කියති. තර බහන් ‍කවරේ ද යත් - රත්රන් රිදි ආදි වූ අව්ඤ්ඤාණක වස්තුයෙහි ත් වැල් සරක් ආදි වූ සවිඤ්ඤාණක වස්තුයෙහි ත් පැවැති යම් ආලයෙක් ඇත් නම් ඒ යකඩ 1. කනවැන්දුමු - කනවැන්දවු



255. ඛෙමා නම් මෙහෙණින්නන් ගේ වත 1021

ආදියෙන් සිඳ ලිය නො හැකි හෙයින් නුවණැත්තෝ ඒ තර බහන් ය ’ යි කියති.

ඒ බහනේ සැටි කවරේ ද යත් - යම් කෙණකුන් බැඳ වෙලා ගත් නම් ඇද පාත් කොට කොට අපායෙහි හෙළා ලයි. බැඳ ගත් තැන මල සම පමණකට ත් හානි නො කරයි. අළුත් නො වැටෙයි. බැඳ ගත් නියාව ත් නො හඟවා දියෙහි ගොඩෙහි වන කර්මාාන්ත ත් කට දෙයි. එ හෙයින් ලිහිල ලොභ වශයෙන් එක වරෙක ත් යම් තැනක් ඩෑ ගත් නම් ඉදුබන් ඩෑ ගත්තාක් මෙන් ගලවා ලිය නො දෙයි. මෙ සේ තර වූ කෙලෙස් බාන අර්හන් මාර්ග් ඥාන නමැති කඩුවෙන් කපාපිය ත් මුත් සෙසු ලෙසක කෙ සේ කැපුව ත් නිමවා කැපි ය නොහෙයි ’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් උනා ලිය , ගළවා ලිය නො හැකි කෙලෙස් මළෙයි ඉස් ලන්ට මැළි වුවො ත් පිණක හැසිරමුත් නිවන් සාධා ලිය නො හැකි හෙයින් කුසල්හි හැසිරිය යුතු


255. ඛෙමා නම් මෙහෙණින්නන් ගේ වතසංස්කරණය

තව ද වර්ණෙමදාදියෙහි ත් නපුර දක්වන්ට ඛෙමා නම් මෙහෙණින්නන් ගේ වත දක්වමු. කෙ සේ ද යත් - ඌ තුමූ පියුමතුරා බුදුන් සමයෙහි අග්රදශ්රාමවිකා තනතුර‍ට පතා ආ කෙණෙක. උතුම් තනතුරට පැතූ තරමට රුවෙනු ත් උතුම් ව සිටිති. රුවින් උතුම් හෙයින් වර්ණත මදයෙන් මත් ව ‘ බුදුහු රූප විරාග ය උපදවනු නිසා කවර තරම් රුවක ත් දොස් දක්වන සේක් ල ’ යි යන නපුරු අදහසින් බුදුන් කරා යන්ට මැළියෝ ය. උන් නො සිතු ව මනා සිතිවිල්ලක් සිතා ගෙණ බුදුන් ලඟට යන්ට මැළි නියාව රජ්ජුරුවෝ දැන වෙළුවන ය වර්ණිනා කොට ගී බඳවා ලා විද්දතුන්ට දෙවූහ. විද්දතුන් ඒ ගී කියන නියාව අසා නන්දාබ දේවීන්ගේ රූප වර්ණදනා ව අසා චූලනි රජ්ජුරුවන්ට නන්දා දේවීන් නො හඳුනන ලෙසට වැටහුණා සේ ඛෙමා දේවින්ට ත් ඒ උයන නො හඳුනන්නා සේ වැටහිණ. මේ කවර උයන් වර්ණමනාවෙක් ද තොප කරන්නේ ය යි විචාරා ‘ බිසොවුන් වහන්ස. මුඹ වහන්සේගේ වෙළුවන විස්තර කරම්හ ’ ය කි කල්හි අමුතු ආශ්චය්ය්. රයක්



1022 සද්ධර්මේරත්නාවලි ය

ඇසූ කෙණකුන් ඒ දක්නට රුචී ඇති හෙයින් බිසවු ත් යනු කැමැති වූහ. බුදුහු ත් ඒ නියාව දැන පිරිස් පිරිවරා වැඩ හිඳ බණ වදාරන සේක් ම තල් වැටක් හැර ගෙණ තමන් වහන්සේ ට පත් සලා සලා සිටිනා දෙවඟනක සේ මනහර රූ ධර ස්ත්රීන වෙසක් මවා ලූ සේක.

ඛෙමා බිසවු වෙළුවන විහාරයට යමින් සිට ම ඒ ස්ත්රී රුව දැක ‘ බුදුන් කවර තරම් රුවක් දුට ත් ඊ දොස් වදාරතී කියති. දැන් මුන් වහන්සේ ලඟ ත් ස්ත්රීම කෙණෙක් පත් සලසලා සිටිති. මම උන් අස සිටිනට ත් නැත. මෙ සේ වූ කෙනකුන් තමා ත් නු දුටු විරිමි. බුදුන් ලඟට එන කෙණකුන් එත නො දෙන්ට කියා ගත් දෙයක් වනැ ’ යි සිතා බුදුන් වදාරන බණෙ යි සිත නොහෙළා එ ම ස්ත්රීත රුව බල බලා සිටියෝ ය. බුදුහු ත් ඛෙමා බිසො වුන් ඒ ස්ත්රී් රුව සිත හෙළා බලනා නියාව දැන ඒ ස්ත්රීට රුව සොළොස් හැවිරිදි වයස් තරමේ ද , මද්ධ්යලම වයස් තරමේ ද, කෙළවර වයස් තරමේ ද මවා පෑ ලාකෙළවර දි ඇට‍ සම් පමණක් කොට ප්රේති රුවක් සේ මවා පෑ ලු සේක. ඛෙමා බිසවු ද සිත හෙළා ඒ රුව බලන බැවින් මෙ වැනි මේ රුව ත් ඇසිල්ලකින් ම අනිත්යමතාවට පැමිණියේ ය. සිතින් සිතා මුළා විඳිනා පමණක් මුත් කේල් ගස්වල සාරයක් නැත්තා සේ මී ත් 1 සාරයක් නැතැ ’ යි සිතූහ. බුදුහු ත් උන්ගේ අදහස් නිරායාසයෙන් ති ලකුණට නැමෙන නියාව දැන -

“ ආතුරං අසුචිං පුතිං - පස්ස ඛෙමෙ සමුස්සයං , උග්ඝරන්තං පග්ඝරන්තං - බාලානම ‘ භිපත්ථී තං.”

යන්න වදරා දිව්යප බ්රයහ්මාදීන් විසින් මැණික් ආදීන් මවා පි රුවක් නො වන හෙයින් දෙ තිස් කුණු කොටසින් ගැවසී ගත් මහනෙල් ඉපුල් ආදි වූ පවිත්රියෙකින් නො ව , මවු කුසින් පහළ වූ හෙයින් ප්රතභව ස්ථාන ය ත් නපුර. තෙමේ ත් නපුරැ ’ යි රූපයෙහි නපුර වදාල සේක. ගාථාව වදාරා නිමවා ලන්නා ම වර්ණ් මද ය හැර තව ත් තව ත් හල මනා කෙලෙසන් හැර සෝවාන් වූහ. උන් බුදුන් කරා නොගි ය ගමනා නම් නුවණ මුහු කුරණ තෙක් හුන්නාක් වැන්න. වදාළ ගාථාවෙන් සෝවාන් පමණක් ව රහත් නු වූ හෙයින් රහත් කරවනු සඳහා ‘ හෙම්බා ඛෙමාවෙනි , යම් සේ මකුළු දැල් බැඳ ලා දැල් මැද වැද හෙය දැල් කෙළවර මැස්සෙක් හෝ මදුරුවෙක් හෝ බැ‍ඳෙන්ට නිසි එකෙක් බැඳිනි නම් දැල් සෙල වි 1. මෙයිත්



256 උග්ගසේන නම් සිටු පුත්හු ගේ වස්තුව 1023

යන්නා ම ඒ සලකුණෙන් දැළ හුය හොස්සෙහි ගොසින් ලා අල්වා ගෙණ රස බී පියා පෙරළා ත් අවු ත් එන තැන ම වැද හොවී ද එ පරිද්දෙන් යම් සත්වක කෙණෙක් රාගයෙන් රැඳුණා වූ ද , ද්වෙෂයෙන් දුෂ්ට වූ ද , මොහයෙන් මුලා වූ ද ඒ සත්වා නමැති මකුළුවෝ අනුන් බැ‍ඳෙන්ට නො ව තමන් බැ‍ඳෙන්ට කොට ගත් තෘෂ්ණා නමැති දැළ බැ‍ඳෙති.

බැඳී ගිය කරුණා පුරස්සර කෙනකුන් උපදෙසින් ගළවා ලත් මුත් තුමූ ගැළවී ගත නො හෙති. නුවණැත්තෝ එ සේ වූ තෘෂ්ණා දැළත් අර්හන් මාර්ග් ඥාන නමැති ගින්නෙන් දවා පියා සියලු දුක් ගෙවමින් සුව සේ දවස් යවතී ’ වදාළ සේක. දෙශනා කෙලවර ඛෙමා බිසොවුන් පිපෙන්නට ආසන්න ව සිටි පියුමක් හිරු රැස් ගැසී ‍පිපෙන්නා සේ රහත් වූහ. පිණැති කෙණකුන් මුල් ව වැස පී සදහම් නමැති රුවන් වැස්ස බොහෝ දෙනාට ප්රහයෝජන වන්නා සේ ඛෙමා බිසොවුන් මුල් ව වැස පී සදහම් නමැති රුවන් වැස්ස බොහෝ දෙනාට ප්රායෝජන විය. බොහෝ දෙන ඒ හැර ගෙණ ලොවී ලොවුතුරා සැප ත් ලත්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් වර්ණ මදය ත් ආරෝග්‍ය මදා දී වූ සෙසු මදය ත් තත් තත් මුඛයෙන් සෙසු කෙළෙසුනු ත් නසා අමා මහ නිවන් අත් කට යුතු. බුදුහු රජ්ජුරුවන්ට ‘ මහ රජ , ඛෙමා බිසවු මහණ වන්ට හෝ වුව මැනව පිරිනිවන් හෝ පෑව මැනැවැ ’ යි වදාළ සේක. රජ්ජුරුවෝ ‘ ස්වාමීනි , ආයු ශක්ති ය ඇත් නම් පිරිනිවි කිම් ද , මහණ කර වා වදාළ මැනව ’ යි කිවු ය. බුදුහු ත් මෙහෙණවරට යවා මහණ මාලු පැවිදි කරවූ සේක. උන්දැ ත් කප් ලක්ෂහයක් පිරූ පැරුම් ඇති බැවින් අග්රසශ්රා විකා වූහ.

256. උග්ගසේන නම් සිටුපුත්හු ගේ වස්තුවසංස්කරණය

තව ද උගනිත ත් නිරවද්යම ශිල්පයක් මුත් සාවද්යණ ශිල්පයෙන් ඵෙහලෞකික ප්ර්යෝජනයක් මුත් පාරලෞකික ප්රශයෝජන නැති නියාව හඟවන්ට උග්ගසේන නම් සිටු පුත්හු ගේ වත කියමු. කෙ සේ ද යත් -

නටක විද්දතු පන් සියයෙක් හවුරුද්දෙන් ස මසින් රජගහා නුවරට අවුදින් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලෙහි කෙළි පෑ බොහෝ රත් රන් ලැබෙති. අතරතුරේ බලන සඞ්ග්රටහයේ පමණ

1024 සද්ධර්මේරත්නාවලි ය

නැත. බොහෝ දෙන ත් මැසි මත්තෙහි මැසි ගස්වා ගෙණ කෙළි බලිති.

එක් දවසක් කඹයේ නටන එකකු ගේ දුවක් හුණ‍දඬු අග ක දී නටන එකක් 1 ශිල්ප බලයෙන් උඩ අහස සක්මනුත් කෙරෙයි. නටයි. ගී ත් කියයි. එ දවස් උග්ගසේන නම් සිටු පුත් යාළණු කෙණකුන් හා සමඟ මැස්සක් මත්තෙහි සිට ආස සිට නටන ඒ විද්දත් දුවගේ භාවභාව ලීලා දැක වායොධාත්වාතධික 2 රූප කලාප විකාරයක් බලවත් නියා ය යි නො සිතා ඈ කෙරෙහි බලවත් වූ ප්රෙකම ‘ ඇති ව ලදො ත් ජීවත් වෙමී. නො ලදො ත් මීයමී ’ සිතා ගෙණ නො කා නො බී හැඳට නැඟී ලා වැද‍හොත්තාහ. දෙ මවු පියන් විචාළ කල්හි විද්දත් දුව කෙරෙහි ආලයෙන් නියාව කිවු ය. දෙ මවු පියෝ ඒ අසා ‘ පුත , තෙල ලෙස කිරීම තොපට ත් අපට ත් තරම් නො වෙයි. තරම් තැනකින් සරණක් ගෙණවු ත් පාවා දෙම්හ ’ ම් කිවු ය. ඌ නො ගිවිසිමත් ම ය. නො ගිවිස්නා උන්ගේ ‍යාළුවාණන් ද කැඳවා ලා මසුදාසක් දී ලා ‘ තෙල අහසට සිට නැටූ විද්දත් දුවගේ පියාට දිලා තමාග් දුව මපුතුන්ට පාවා දෙන්ට කියව ’ යි කියා ලා යවූහ.

විද්දතාණෝ ද ඒ අසා ‘ ම දුව විකුණන්නා නැත. රන් හැර ගෙණ නො දෙමි. අපට ත් රක්ෂා ව නම් ඌ ම වේ ද ? නො ලදොත් මියෙත් නම් මිය ප්රියෝජන කිම් ද ? අප හා එක් වන්නා ම දුව පාවා දෙමි ’ යි කිවු ය. දෙ මවු පියෝ එ පවත අසා බිඳුවන්ට 3 සිතා දේ කීහ. ‘ එ සේ වී නම් මම උන් හා එක් වෙමි ’ කියා ලා නෑයන් සියන් නො එක් ලෙසින් නැවතුව ත් සිතා ගත් සිතිවිලුල පිරිමුසූ බව මුත් කාරිය නො සලකා විද්දතුන් ලඟට ගියහ. විද්දතාණෝ ද . සිටු පුත්රොයාණන් දන්නා විද්දත් ශිල්පියක් නැත ත් ‍ඒ දෙය මේ දෙය අල්වා ගන්ට වුව ත් සහායක් වුව මනා හෙයින් දුවනියන් පාවා දි ලා උනු ත් කැඳ වා ගෙණ රට මුළුල්ලේ කෙළි ලළු පෑ ඇවිදිති.

ඒ විද්දත් දූ ත් නො බෝ කලෙකින් සිටු පුත් හට පුතකු වදා පියා නළවන කල ‘ ගැල් රකිනවුගේ පුත , ‘ බර උසුලන්නවුගේ පුත ‘ කුමකු ත් නො දන්නවුගේ පුතු ’ යි කිය කියා නළවයි.සිටු පුත්හු ද , ගැල් රඳවා ලා හුන් තැන දී ගොන්ට තන ගෙනවු ත් ලති. කෙළි ලළු පැ ඇවිදි තැන ලත් දෙයක් යන එන තැන ට අදිති. එ ම නිසා විද්දත් දූ ත් පුතු නළවන යම් විටෙක එ ම කියයි. සිටු පුත්රතයාණෝි ත් ගීයක් යමක් අනිකකු නො ව තමන් 1. එකකුට 2. වයො සාත්ව්යික 3. සිදුවන්ට


256. උග්ගසේන නම් සිටුපුත්හු ගේ වත 1025

අරභයා කියන නියාව දැන ලා ‘ මේ හැම මා අරභයා කියවු දැ ’ යි විචාළෝ ය. ‘ එසේ ය , අනික් ‍කාට කියම් ද ? තොප ම කොට ඇවිදිනා කට යුතු හෙයින් තොප ම අරභයා කියමි ’ කී ය. ‘ තොප නිසා විද්ද ත් වූවා මඳින් නපුරු ත් ඇසුව මනා ද ? පලා යෙමි ’ බිනීම් හරවා ගත හැක්කැ යි සිතා කී ය. ඔයි ත් ‘ තොප ගිය මැනව , හුන මැනව , තොප කුමකු ත් නො දන්නා තැනැත්තවු ගෙන් මට කිම් කිම් දැ ’ යි කියා ලා අවකප්පනයෙන් 1 සැදූ හසු රෑන අල්වා ඇදි ඇදි සේ දුවන්නා සේ එ ම කිය කියා පුතු නළව යි.

ඕ තොමෝ තමාගේ රූ සම්පත් හැර ගෙණ සිටු පුත්රවයාණන් තමා‍ෙග් කොල්ලකු කොට ත් නො සිත යි. සිටු පුත්රපයාණෝ ද ‘ මැගේ මේ අභිමාන ය මැට වඩා සම්පත් ඇත්තන් ඇති හෙයින් සම්පත ත් නිසා ත් නො වෙ යි. තමා ජාති සම්පන්න නො වන හෙයින් ජාතියක් නිසා ත් නො වෙයි. රූපත් හෙයින් ඒ හා තමා දන්නා ශිල්ප පමණක් නිසා ය. මෑ දන්නා ශිල්ප ත් උගත් හෙයින් මුත් සයංසිද්ධ 2 නො වන්නේ වේ ද - ඇගේ ඒ බෑවුම් පලවා මම ත් ශිල්ප උගනිමි ’ මයිලණුවන් කරා ගොසින් තමන් සමර්ථ හෙයින් උන් දන්නා ශිල්ප ඉගෙන ගෙන පයි ඇදීමෙන් හැරී ගොසින් රට මුළුල්ලේ ශිල්ප පෑ ගෙණ ඇවිදිනෝ රජගහා නුවර උපන් වැඩී නුවර නො වේ දැ යි ලජ්ජාවෙන් වළහා ත් නො පියා ඊට ත් අවුත් ‘ මෙ තනට සත් වන දවස් මම ශිල්ප දක්වමි ’ උග්ගසේන සිටු පුත් නුවරට කියා යවුහ.

සත් වන දවස් බොහෝ දෙන ත් රැස් ව මැසි මත්තේ මැසි ලා ගත්හ. උග්ගසේන සිටු පුත්හු ද සැට රියන් හ‍ුණ දණ්ඩක් බිම හිඳුවා ලා උණ දඬු අගට නැංගෝ ය. එ දවස් බුදුහු ත් අලු යම් වේලේ ලොව බලන සේක් හුණ දඬු අගට නැගෙන්නාට පෙරාතු ව තමන් වහන්සේ ගේ නුවණ නමැති හුණ දඬු අග හුන්නවුන් දැක වන්නේ කුමක් දෝ හෝ යි බලන සේක් ‘ සිටු පුත් තෙමේ ශිල්ප දක්වමි කියා ලා හුණ දඬු අග සිට්ටි. ඔහුගේ නැටීම් දක්නා නිසා බොහෝ දෙන රැස් වෙති. මම එ තැන දි ගාථාවක් කියමි. ඒ අසා සුවාසු දහසක් දෙන නිවන් දකිති. උග්ගසෙනයෝ ත් හුණ දඬු අග දී ම රහත් වෙති ’ දැන වදාළ සේක. එ සේ දැන දෙ වන දවස් සිඟා වඩනා වේලා සලකා ලා මහණ ගණ පිරිවරා රජගහ නුවරට සිඟා වන් සේක.

උග්ගසෙන නම් සිටු පුත් ද බුදුන් ඇතුළු නුවරට නො වඩනා තෙක් ම කෙළි ලළු බලන්ට රැස් වූවන් කොක්සන් ගසන 1. අවකප්පනායෙන් 2. ස්වයං සිද්ධ


1026 සද්ධර්මොරත්නාවලි ය

නියාවෙන් ඇඟිලි පෑ හිඟි කොට ලා හුණ දඬු අග සිට ලා නික්ම සිස් අහස ම සත් විටක් පෙත්තක් මෙන් සිසෑරී ලා බැස හුණ දඬ අග සිටියහ. එ වේලාට බුදුහු ත් නුවර ඇතුළට වඩනා සේක් රැස්වූ පිරිස බව අග 1 වුවත් සිටිනට සමර්ථ වූ තමන් වහන්සේ දිසාව බලත් මුත් හුණ දඬු සැට රියනක් විතර මුත් වඩා උඩ සිටිනට බල නැති උග්ගසේනයන් දිසාව නො බලන ලෙසට ඉටා වදාළ සේක. උග්ගසේනයෝ ත් තමන් පානා කෙළි තමන් ම දක්නා පමන මුත් රැස් වූවවුන් නො බලන නියාව දැන මුසුප්පු ව ගොසින් ‘ හවුරුද්දකින් සමසෙකින් අරුමයක් සේ පානා කෙළි බුදුන් අවුත් මෙ තැනට සම්භව ඔබ ම අමුතු ව පහළ වූවා සේ බලන බව මුත් මෙ නුවරට මා ආදියෙන් පානා කෙළි බලන්නෝ නැත. පැසුණු ගොයම් මුල් වුවා සේ දුක් ගෙණ උගත් ශිල්ප ය සිස් වි ය ’ යි සිතූහ. බුදුහු ත් උන්ගේු අදහස් දැන මුගලන් මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘ උග්ගසේන නම් සිටු පුත්ර යාට ශිල්ප දක්වන්ට කියව ’ යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ත් ගොසින්

ඉඩ්ඝ පස්ස නටපුත්ත - උග්ගසෙන මහබ්බල , කරොහී රඩ්ගං පරිසාය - හාසයස්සු මහාජනං ,

යන ගාථාව වදාරා බුදුන් වදාළ මෙහෙවර වදාළ සේක. කෙළි ලළුවෙහි යොදන්ට බුදුන් මහ තෙරුන් වහන්සේට විධාන කෙළේ හැයි ද යත හොත් - මත්තෙහි ඕ හට වන ප්ර්යෝජන ය සලකා ය. උග්ගසේනයෝ ද මහ තෙරුන් වහන්සේ ගේ කථාව අසා බුදුහු ත් මාගේ ශිල්ප දක්නා කැමැති නියා වනැ ’ යි සතුටු ව හුණු දඩු අග සිට ම -

‘ ඉඩ්ඝ පස්සි මහාපඤ්ඤ - මොග්ගල්ලාන මහිද්ධික , කරොමි රඩ්ගං පරිසා ය - හාසයාමි මහාජනං .’

කියා ලා හුණ දඬු අගින් අහසට නැගී ලා තුදුස් විටක් විවර අහස සිසෑරී පියා බැස ලා හුණ දඬු අග සිටියහ.

බුදුහු ත් බණ වදාරන සේක් ‘ උග්ගසේනයෙනි , කෙළි ලළුවෙහි ඇලුම් තබා ලා ගිය දවස පැවැති පස් ක‍ඳෙහි ආලය ත් හරුව. එ ම පස් කඳ එන දවස පවත්නා ඇලුමු ත් හරුව. දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලය ත් හරුව. එ සේ කළා නම් කෙළි ලළු වෙන් තබා ජාති ජරා මරණිනු ත් මි‍ඳෙව ’ යි වදාළ සේක. දෙශනා කෙළවර සුවාසූ දහසක් විතර සත්වායෝ නිවන් දුටහ. 1. භව අඟ 256. උග්ගසේන නම් සිටු පුත්හු ගේ වත 1027

උග්ගසේන සිටු පුත්රනයාණෝ ද කර ’ ග රහත් වන්නා සේ නො වන බව මුත් හුණ දඬු අගදි පිළිසිඹියා පත් රහත් ව හුණ දණ්ඩෙන් බැස පියා බුදුන් ලඟට ගොසින් පසඟ පිහිටුවා වැඳ ගෙණ මහණ කරන් ට ආරාධනා කළහ. බුදුහු ත් දකුණත දික්කොට ලා ‘ මහණ , මෙ සේ එව ’ යි 1 වදාළ සේක. ඒ වේලෙහි තුන් සිවුරු ආදි වූ අට පිරිකර ධරා සැට වස් ගිය මහ තෙර කෙනකුන් වහන්සේ මෙන් ආකල්ප සම්පන්න වූ සේක. වහන්දැ ද ‘ ඇවැත්නි , සැට රියන් හුණ දණ්ඩෙන් බස්නා ගමනේ භයෙක් නො වි දැ ’ යි විචාරා ‘ අපට භයෙක් නැතැ ’ යි කී කල්හි බුදුන් කරා ගොසින් ‘ ස්වාමිනි , උග්ගසේන තෙරහු හුණ දණ්ඩෙන් බස්නා ගමනේ තමන්ට භයක් නැතැ යි කියති. එ ලෙස කියා තමන් රහත් නියාවක් හඟවතී ’ කී සේක. බුදුහු ත් ‘ මහණෙනි , ම පුතුන් වැන්නවුන් ට භයෙක් කොයින් දැ’ යි වදාරා බ්රා හ්මණ වගින් ගාථාවක් වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් නිෂ්ප්ර යෝජන වූ කෙළි ලළු ආදියෙහි ඇලුම් හැර නිවනෙහි ම ඇල්ම කොට තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා මතු මතුයෙහි ලැබිය යුතු ලොවී ලොවුතුරා ගුණ විෂෙශයට පිහිට විය යුතු.

නැවත එක් දවසක් ධම් සෙබෙයි කථාවක් උපදවන සේක් ‘ඇවැත්නි , රහත් වන්ට නිසි මෙ වැනි පිණක් ඇති කෙණකුන් විද්දතුන් හා එක් වන්ට ත් කාරණ කිම් ද ? රහත් වන්ට නිසි ව කළ‍ පිනු ත් කවරේ දැ ’ යි කී සේක. බුදුහු ත් ව අසා වදාරා ‘ මහ‍ණෙනි , මේ දෙකට ම නිස්ස කොළෝ මූ තුමූ ම ය ’ යි වදාරා එ ම විභූත කරන්ට “ ගිය දවස කසුප් බුදුන්ගේ රන් දා ගබ කරණ කල්හි බරණැස් නුවර ඇත්තෝ සාල් බත් ගෙන්වා ගෙණ දා ගබ මෙහෙවර කරම්හ යි යන්නාහු අතුරු මඟ දි එක් තෙර කෙණකුන් සිඟා ගිය වුන් එක් කුල දුවණි කෙණෙක් දැක සමණන්ට ‘ එක් තෙර කෙණකුන් වහන්සේ සිඟා වැඩි සේක. ගෙණ යන ගැල්වල බතු ත් බොහො ව ඇත. බත් පාත්රේයක් පිළිගන්වා ගන්ට පාත්රල ය ගෙනනව මැනවැ ’ යි කිවු ය . උයි ත් නො මැළි ව පාත්රර ය ගෙනවු ය. බත් පාත්ර ය පුරා ලා ස්ථවිර භික්ෂූන්ට පිළිගන්වා ලා ‘ නිවන් දකුමෝව ’ යි පතා ගත්හ. උන්ගේ දන පිළිගන්ට සම්භ වූවෝ ත් රහත් කෙණෙක. එ හෙයින් දිවසින් බලනුවෝ ප්රාරර්ථපනාව තෙල ලෙසින් ම සමෘද්ධ වන නියාව දැන සිනා පහළ කළහ. 1 මහණ - මෙහි එව - ඇතැම්



1028 සද්ධර්ම රත්නාවලි ය

දන් දුන් උපාසිකාවෝ ද සිනා පහළ කළා දැක කාරණ ත් විචාරා නො පියා සමණන්ට ‘ මුන් වහන්සේ සිනාවක් සී පී සේක. විද්දත් කමෙක් ඇති වනැ ’ යි කිවු ය. සමණෝ ද ‘ එ සේ නො කි යව ’ යි නො කියා ‘ එ සේ සැටි ය ’ යි කියා උන් කීවා ම ගිවිස ගෙණ නික්මුණාවු ය. මේ උන් දෙන්නා කළ කී කට යුතු ය. ඌ ඊ ආයු පමණින් සිට දෙව් ලොව ඉපැද දැන් ඉන් චුත ව එ ලෙස බස කියා ලු ස්ත්රීක විද්දත් දූ ව උපන. උග්ගසේනයෝ සිටු කුලයෙහි ඉපැද ත් විද්දත් සැටි යැ යි කියා ලූ බස ගිවිසි පමණෙකින් තුමූ නො විද්දත් වත් විද්දතුන් හා එක් වු ය. රහත් තෙරුන්ට දී ලූ බත් පාත්රනයෙහි අනුසසින් උග්ගසේන තෙරහු රහත් වූ හ. විද්දත් දු ද මෙහෙණි සස්නෙහි මහණ ව රහත් වීමෙන් මනුෂ්ය ජාතීන් අඩු වඋපන ත් ආය්ය් ද ජාතීන් සරි වුව ” යි වදාළ සේක. මෙ සිත තබා අනුන්ට හෙළා පිරිහෙළා කීමෙන් දුරු විය යුතු.

257. ධනුග්ගහ වතසංස්කරණය

තව ද ශාසනයෙහි උකටලී ඇත්තවුන් ගේ උකටලී හරවනු සඳහා ධනුග්ගහ වත දක්වමු. කෙ සේ ද යත් - එක් බාල භික්ෂු කෙණකුන් වහන්සේ ලා පතින් පැමිණි කැඳත් ලැබ ගෙණ වළඳන්ට හසුන් හලට ගෙණ ගොසින් පැන් නැති හෙයින් පැන් සොයා එක් ගෙයකට වැඩි සේක. ඒ ගෙයි එක් කුමාරිකා කෙණෙක් දැක ඔබ කෙරෙහි ආලයක් ඇති ව ඉල්වා ‍ගිය පැනු ත් පරහා දෙවා ලා එ ලෙසින් වුව ත් දක්නා කැමැති ව ‘ ස්වාමීනි , තවත් පැණින් ප්රනයෝජනයක් ඇති කල මුඛ ම වඩනේ යහපතැ ’ යි කිවු ය. උන් වහන්සේ ත් එ වක් පටන් යම් දවසෙක පැන් අඵාසු වී නම් කුමාරිකාවන් ගෙන් ආරාධනා ඇති හෙයින් ඔබ ම යන සේක. කුමාරිකාවෝ ත් පාත්රු ය හැර ගෙණ පැන් පරහා දෙති.

මෙ සේ කල් යත් අතුර තුරෙහි කැඳ ත් දී ලා එක් දවසක් ගෙයි වඩා හිඳුව‍ා ලා දන් වළඳවා ලා වළඳා අන්තයෙහි ලඟ ව හිඳ ඔබ තමන්ට ලං කොට ගන්නා කැමති ව ‘ ස්වාමීනි , මේ ගෙයි වුව මනා දෙයින් නැති දෙයෙක් නැත. එක් ව ප්රායෝජන විඳ ගන්නා තරම් පිරිමි මිනිස් කෙණකුන් පමණක් නො ලබම්හ. අඩු ව නම් එ පමණකැ යි අරුන් වහන්සේට ඇසෙන ලෙස කථා කෙරෙති. ‘ මුඹ වහන්සේ සිවුරු හැර වැඩි ය මැනැවැ ’ යි අදහස දත නො හී කියා පිය නො හෙති.



257. ධනුග්ගහ වත 1029

උන් වහන්සේ ද කීප දවසක් විතර ම ඒ කථාව අසා සස්යන හි උකටලි සේක. උකටලිය මහත් හෙයින් වාරිනට වන් සේක. එක් දවසක් අමුතු ව ආ වහන්දෑ ඒ ලදරු නම වෑර ගිය නියාව දැක ‘ අඵාසු කිම් ද ? වෑර ගියේ හැයි දැ ’ යි විචාළ කල්හි සස්නෙහි උකටලිය නිසා සිවුරු හරිනට නැති හෙයින් වාරින නියාව 1 කී සේක. වහන්දැ ඒ අසා පා සිවුරු ආදියෙහි ආලයෙන් සිවුරු හරිනට ම උත්සාහ නො කරවා ඇදුරු තෙර වත් තෙරවරුන් වහන්සේ කර‍ා ගෙණ ගිය සේක.ඒ තැන් බුදුන් කරා කැඳවා ගෙණ ගොසින් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ත් සැබෑ ද ’ යි විචාරා සැබැව ’ යි ස්වාමීනි ’ කී කල්හි ‘ මහණ තෝ කුමක් නිසා මෙ බඳු බුදු කෙණකුන්ගේ සස්නෙහි මහණව ගෙණ රහතැ ’ යි හෝ අන ගැමි යයි හෝ සෙදගැමි ය යි හෝ යටත් පිරිසෙයින් සෝවානැ ’ යි හෝ කියවා නො ‍ෙගණ උකටලී ය යි කියවා ගනිත් ද ? කළ දැ නපුර. එ සේ ත් කුමක් නිසා උකටලී ද ? පිළිවෙත් පිරීම බැරි හෙයින් ද ? ගිහි කම්කටුලකට ම සිතා දැ ’ යි විචාළ සේක.

‘ ස්වාමීනි , එක් කුමාරිකා කෙණෙක් මා එ තැනට ගිය විටෙක තමන්ගේ සම්පත් ඇති නියාව ත් එක් ව ප්රරයෝජන විඳිනා ‍කෙණකුන් නැති නියාවකු ත් මා ඇසිය දී කියති. මම ඒ අසා ඒ සම්පත් එක් ව ප්රකයෝජන විඳිනා කැමති ව ශාසනයෙහි උකටලී වීමී ’ කී කල්හි ‘ මහණ , ඒ ස්ත්රිටය දැන් තාගේ බ්රතහ්මචය්යාී ව වට බාධාවට සිතීම ආශ්චය්ය්රක නො වන්නේ වේ ද ? පෙර එක් කලෙක මුළු දඹදිව දුනුවායන්ට අග්රව වූ ධනුග්ගහ පණ්ඩිතයන් වැනි වූ නිසි තරම් ඇත්තවුන් අත් හැර ඒ ඇසිල්ලෙහි දුටු සොරකු කෙරෙහි ස්නේහ ය උපදවා ගෙණ අර තරම් කෙණකුන් මරවා පීදැ ’ යි වදාරා එ පමණෙකින් නො හැඟෙණ හෙයින් ඒ තත්වෙ ය හඟවන සේක -

යට ගිය දවස චුල්ල ධනුග්ගහ පණ්ඩිත කල තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් ලඟ ශිල්ප මුළුල්ලෙන් ධනු ශිල්ප ය යහපත් කොට ඉගෙන ශිල්ප උගත් නියාවට සතුටු වූ ආචාරීන් සතුටු ලෙස හඟවා සරණ පාවා දුන් උන්ගේ දුවණියනු ත් කැඳවා ගෙණ දුන්නක් හා හී දඬු පණසකු ත් හැර ගෙණ බරණැස් නුවරට යෙමින් සිටි කර්මෙ බලයෙන් බොහෝ දෙන නැවතුව ත් නො නැවත වල් කඩ දි සම්භ වූ සොරුන් පණස හී දඬු පණසින් විඳ හෙළා පියා සොර දෙටුවා විදිනට හී දඬු නිමා ගිය හෙයින් ගසා අල්වා බිම හෙළා ගෙණ ‘ සොඳුර , කඩු පත දෙව ’ යි කී කල්හි ඒ ඇසිල්ලෙහි දුටු සොරු කෙරෙහි ස්නේහ උපදවා ගෙණ ඕහට 1 වැරෙන නියාව -


1030 සද්ධර්ම රත්නාවලි ය

කඩු පත දී සමණන් මරවා පූ නියාව ත් සොරු ද මෝ සමණන් මැරෙව්වා සේ ම මාත් මරවා පිය යි. මෑ ගෙන් මට ප්රනයෝජන කිම් දැ ’ යි සිතා ලා -

‘ සබ්බං භණ්ඩං සමාදාය - පාරං තිණ්ණොසි බ්රා හ්මණ , පච්චාගච්ඡ ලහුං ඛිප්පං - මම්පි තාරෙහි දානිතො

යනු හෙයින් අතුරු මඟදී ගඟක් දැක ලා හන් පිළි ත් පළන් ආභරණ ත් හැර ගෙණ ඈ මෙ තෙර ම සිටුවා ලා සොරු ගඟින් එ තෙර වූ නියාව ත්ඈ තමා හැර පියා යන නියාව දැන ලා ‘ මා ත් කැඳවා ගෙණ ගිය මැනැවැ ’ යි කී හෙයින් ‘ කිසි ත් පුරුදු කමක් නැති මා දැක ලා බොහෝ කලක් පුරුදු ව හුන් සමණන් මරවා පිව. මඟ එන මිනිසුන් අරුම නො වන හෙයින් අනික් කෙණකුන් දුටු නම් මා ත් මරවා පියව. එ සේ හෙයින් දුරුබා ම යෙමි ’ යි කියා ලා ගිය නියාව ත් , ඈ තමා ත් අපගත වස්ත්ර ව ගොසින් එළියෙහි සිටිනට ලජ්ජා ඇති ව කැළිල කැළයක් හස්සට වැදලා හුන් නියාව ත් , ඈට ම ලජ්ජා තර කොට උපදවනු නිසා ශක්රසයන් කැණහිල් වෙසක් මවා ගෙණ මස් කැටියක් ඩැහැගෙණ ගං වැල්ලේ ඇවිදිමින් සිටි නියාව ත් ශක්ර යන්ගේ විධානයෙන් ම කුඩමසු වෙසක් ගත් දෙවතාවකු දියස් බඩ ගාවා ඇවිදිනා නියාව ත් කැණහිලාණන් කට තුබූ දඩ මස් කැටි ය වැල්ලේ තබා පියා කුඩ මස්සා දියට ම වන් නියාව ත් කැණ හිලාණන් දඩ මස් කැටියෙනු ත් කුඩ මස්සාගෙනු ත් නො ව උපන් වනින් හිඳිනා උන් තමන් හා සරි ගස්වන්ට කළා සේ ඈ වැද හුන් කැළයට මූණ ලා ලා මුසුප්පු ව ගෙණ හුන් නියාව ත් අරුන් ඒ දැක තමාට අනුන් සෙන සිනා තමා ම සෙන්නා සේ කළයක් බිඳ පූවාක් මෙන් මහත් කොට සී පූ නියාව ත් සිනා සී පූ හඬ අසා නො දත් බඳු ව කැණහිලාණන් ‘ මෙ තැන සිනාවට නිසි වූ කෙළි ලළුවක් නැත. ‘ සී පූයේ හැ යි දැ ’ යි විචාළ නියාව ත් ඒ නු නුවණ තැනැත්තිය ත් ‘ නුවණ නැති කැණහිල , ඩෑ ගෙණ යෙමින් සිටි දඩ මස් කැටි ය දිය කෝල් බඩ ඇවිදිනා කුඩමස්සා කෙරෙහි ආලයෙන් හැර කුඩමස්සා සොයා ගොසින් කුඩමස්සා දියට වැද ගිය හෙයිනු ත් දඩ මස් කැටි ය උකුස්සා ගත් හෙයිනුත් දෙකින් ම නො ව මුසුප්පු ව ගෙණ හුන් තාගේ නුවණ නැති කම සිතා ලා සීපීමි ’ යි




257. ධනුග්ගහ වත 1031

කී නියාව ත් , පෙරළා කැණහිලා ‘ අනුන්ගේ වරදහබයකට කුඩා වුව ත් මහ මෙර සේ මහත් ව පෙනෙයි. තමාගේ වරද මහ මෙර සේ මහත් වුව ත් හබයක් විතර වත් නො පෙනෙයි. තොපි චෞර පුරුෂයාට ආල ය කොට පූර්වහ ස්වාමීහුගෙනු ත් නු වුව. චෞර පුරුෂයාගෙනු ත් නු වුව , තෙලට ත් මෙ තැන සී පියන කෙණකුන් නැති හෙයිනු ත් මුත් මෙයට වඩා සිනා නම් එ ම වේ දැ ’ යි කී නියාව ත් ඒ දුර්ජන තැනැත්ති ය ත් -

‘ කැණහිලාණෙනි , ඒ එසේ ම ය. එකෙක් නම් වැරද නො යේ ද ? මෙ විට සුදුසු ස්වාමි කෙණකුන්ට සම්භ මීම් නම් උන්ට හිත පක්ෂෙ වෙම්හ ’ යි කී නියාව ත් කැණහිලාණන් ‘ යම් කෙණෙක් මැටි මලාවක් සොරා හැර ගත්තු නම් ඌ තුමූ කළ අභ්යාෙසයට රන් තැටියක් වුව ත් සඟවති. උන් කෙරෙහි හැදහිල්ලක් කට නො හැක්ක. තෝ ආදින් තෙල තරමක් කෙළේ යි. පෙරළා ත් නැවැත්මෙක් ඇද්ද ? එ ලෙසට ම කෙරෙයි කී ය ” යනාදීන් චුල්ලධනුග්ගහ ජාතක ය විස්තර කොට වදාරා එ කල චුල්ල ධනුග්ගහ පණ්ඩිතයෝ නම් තොපි ය. ඒ ස්ත්රී නම් මේ ස්ත්රීි ය. තොප මෑ කෙරෙහි ඇලුම් කරණ බව මුත් එ වක මරවා ලුව. කැණහිල් ලෙසින් අවුත් ඈට ලජ්ජා ඉපැද වූ සක් දෙවිඳු නම් මම ය ’ යි වදාරා මෙ සේ ඒ ස්ත්රීඅ ඒ ඇසිල්ලෙහි දුටු සොරු කෙරෙහි පෙම් කොට මුළු දඹ දිව දුනුවාවනට උතුම් ව සිටි එ වැන්නවුන් මරවා පිව. තොප වැන්නවුන් කෙරේ නවතී ද ? ඈ කෙරෙහි කළ ඇල්මෙක් ඇත් නම් හරුව ’ යි බණ වදාරන බුදුහු -

‘ යම් කෙණෙක් කාම විතර්කා දි වූ චිතකි බහුල ව වෙසෙත් නම් රාග බහුලයෝ වූ නම් එ සේ වූවන්ට ධ්යා නාදී ගුණධර්මබයෙන් කුමකු ත් නැති ව ගොයම් නැති තැන තණ පිරෙන්නා සේ තෘෂ්ණා ව ම වඩ්ඩි. එ සේ වූ තැනැත්තේ උනා පියන්ට නිසි උපදෙස් නො දන්නා බැවින් හූ ලණුයේ ගැට ත් ඇද තර කරන්නා සේ තෘෂ්ණා බාන තර කෙරෙයි. යම් කෙණෙක් ධ්යා න බලයෙන් වත් කුශල විතර්ක බලයෙන් වත් . මිත්යා ධ විතර්කරයෙන් දුරු වෙත් ද , අසුබ කමටහන යෙදී වෙසෙත් ද ඌ තුමූ ක්ර ම ක්රතමයෙන් භව ප්රායර්ථනාව ත් සිඳිති. නැවත මාරයා හෙළා ලූ මලක් වැනි වූ කම් වට විවා වට කෙලෙස් වට ත් සිඳිති ’ වදාළ සේක. දෙශනා කෙළවර සස්නෙහි උකටලී භික්ෂූන් වහන්සේ සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන ලොවී ලොවුතුරා සැප ත් අත් කළහ.



1032 සද්ධර්මවරත්නාවලි ය

එ හෙයින් සත් පුරුෂයන් විසින් කාම විතර්කා දි වූ මිත්යාඅත විතර්කත නම් අනවාර්ථාවහ දෙයක් බැවින් තදඞ්ගාදී විසින් එයින් දුරු ව නෛෂ්ක්ර්ම්ය. විතර්කාාදියෙහි පිහිටා භවක්ෂවයට ම යත්න කට යුතු.


258. මාරයා ගේ වතසංස්කරණය

තව ද කවුරුන් කුමක් කළ ත් කළවුන්ට වන භයක් මුත් රහතන්ට භය නැති නියාව හඟවන්ට මාරයා ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - එක් දවසක් නො කල් නො වේලා කොට ලා බොහෝ තෙරවරුන් වහන්සේ දෙව්රමට අවුත් සැතපෙන තැන් නො සෑහෙන්නා රාහුල තෙරුන් වහන්සේ වසන තැනට ගොසින් උන් වහන්සේ උගුළුවා පියා තමන් වහන්සේ සැතපුණු සේක. රාහුල තෙරුන් වහන්සේ ද සැතපෙන තැනක් සොයා පියා අනික් තැනක් නො ලදින් බුදුන්ගේ දිව්යෙ මණ්ඩපයක් මෙන් සරහා තිබෙන වැසිකිළි පෙර මාලෙහි සැතපුණු සේක. උපසම්පන්න ව වසක් විතර ත් නො ගිය හෙයින් වයසින් බාල වුව ත් රහත් වූ හෙයින් ගුණෙන් මූකුරා සිටි සේක.

වසවත් මර දෙව් ලොව දී ම ඒ රාහුල තෙරුන් වහන්සේ වැසිකිළි පෙර මාළේ සැතපුනා දැක ‘ මහණ ගොයුම්හුගේ රෙදෙන ඇඟිල්ලක් වැනි පුතණුවන්දෑ වැසිකිළි පෙර මාළේ වැද හොත් දෑ ය. තමන් වහන්සේ ඇතුළු ගඳ කිළියෙහි සැතැපුණු සේක. ඇඟිල්ල රෙදවා ලූ කලට ඊගහට ඔබට ත් ඇති වන්නේ වේ දැ ’ යි යන දුර්බුද්ධියක් සිතා ගෙණ මඳ නැඟි මහත් ඇති වෙසක් මවා ගෙණ අවුත් ලා සොඬින් සිකනලකු හිසට නැඟි කලක් මෙන් හිස වෙළා ගෙණ භය ගන්වන්ට මහත් කොට ගසක් බි‍ඳෙන කලක් මෙන් ගුගුරා පී ය.

බුදුහු ගඳ කිළියේ වැඩහුන් සේක් - ඌ මාරයා නියාව දැන ලා ‘ මාරය , තා වැන්නෝ ලක්ෂයයකු ත් ම පුතුන්ට භයක් උපදවා ලිය හෙත් ද , ඒ නො පිළිවනැ ’ යි වදාරා ලා පුතණුවන් වහන්සේගේ තරම් වදාරන බුදුහු ‘ හෙම්බල මාර ය , මේ රහල් තෙරහුගේ මේ ශාසනයට නිෂ්ටාව නම් අර්හත්වහය ය. ඊට ත් මූ පැමිණියෝ ය. භය කාරණ මුලින් ම නසා පී හෙයින් භයකු ත් නැත්තෝ ය. කිසිවෙක ත් මුන්ගේ ඇල්මක් නැත. එ හෙයින් කෙලෙසුන්ට අවසරයෝ නො වෙති. භවොත්පත්ති කාරණත් සිඳ පීහ.


259. උපකාජීවකයන් ගේ වස්තුව 1033

තෙල තුලුන්ගේ ආත්ම භාවය ත් කඩ තෙල් නිමා සිටි පානක් මෙන් කෙළවර අත් බැව ය. පෙරළා අනික් තැනෙක උත්පත්තියකු ත් නැත. ස්කන්ධ භාව ය මෙ වක් පටන් ඔබ්බෙහි අයවීම නැති හෙයින් ස්කන්ධයන්ගේ ගැන්මෙකු ත් නැත. සිවු පිළිසිඹියායෙහි ත් දක්ෂ්යෝ ය.

‘තව ද අවයව අක්ෂවර ත් දනිති. අක්ෂෂරාත්මක වූ ශබ්ද වින්යාෙස ද දනිති. ඒ සුනිශ්චිත කොට දන්නා හෙයින් ආදි ය පෙනුණු කලට මධ්යඅවසාන දෙක නො පෙනුණ ත් ‘ මේ අකුරු මුල් ව සිටි කලට මේ මධ්ය‍ය ය. මේ කෙළවර ය ’ යි කියා ත් දනිති. කෙළවර අකුරු පෙනී ආදි මධ්යධ ය නො පෙනුණු කලට මේ අකුරට මේ මධ්ය ය , මේ ආදිය ’ යි කියා ත් දනිති. මධ්යෙයේ අකුරු පෙනුණ කලට ‍මේ අකුරට මේ අකුරු ආදිය ය. මේ අකුරු කෙළවර ය ’ යි කියා ත් දනිති. පශ්චිම භවික හෙයින් ත්රිආ හෙතුක ප්ර තිසන්ධි ක ව මහා නුවණැත්තෝ ය. පූජ්ය පුරුෂ ව සිටි හෙයින් මහා පුරුෂයෝ ය ’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. වසවත් මර තෙමේ පලා ගොසින් තමාගේ දිව සම්පත් දිට. අවිඡින්දි ක තැනැත්තවු හෙයින් මත්තට උපාශ්රිය විවරකු ත් නො වී ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අසන බණ දහම් මාරයා ඇසූ බණ දහම් සේ නො කොට භවක්ෂ්යට කල් නො වත ත් මත්තට උපාශ්රණ ය වන ලෙසට බණ අසා ඒ වූ පරිද්දෙන් පිළිපැද තෘෂ්ණා දාශත්වතයෙන් මිදෙන්ට උත්සාහ කටයුතු.


259. උපකාජීවකයන්ගේ වස්තුවසංස්කරණය

තව ද සර්වයඥවරයන් ගේ කථා මතු මත්තට උපාශ්රවය වන පරිදි හඟවන්ට උපකාජීවකයන් ගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත් - බුදුහු බුදු ව ලා බෝ මැඩට නුදුරු ව සත් සති යවා වදාරා බ්රුහ්මාරාධනාවෙන් දම් සක් පවත්වන්ට බරණැස් නුවරට වඩනා සේක් අතුරු මඟදී උපක නම් ආජීවකයන් දුටු සේක. උයි ත් ඔබ දැක බුදු වූ නියාව නො දත් හෙයින් ‘ ඇවැත්නි , තොපගේ ඇඟ මූණ පෑය යහපත. ඉන්ද්රිහකාවකාශයෝ ත් ඉතා ප්රකසන්නයහ. කවුරුන් ‍උදෙසා මහණ වූ ද ? තොපට ශාස්තෘ කවුරු ද ? කවුරුන් බණක් රුස්වා ගෙණ වසවු දැ ’ යි විචාළහ.


1034 සද්ධර්මසරත්නාවලි ය

බුදුහු ත් ස්වයම්භූ බව මුත් ආචාය්ය්යප - උපාධ්යාදය කෙණකුන් නැති නියාව වදාරන සේක් - රහත් මඟින් සව් කෙලෙසුන් නසා සිටි හෙයින් ත්රෛධලොක්ය භූමක 1 ධර්ම ජාත ය මැඩ සිටියෙමි. සාධා ගත්තා වූ බුදු නුවණින් චාතුර් භූමක ධර්ම ජාත ය මුළුල්ල ම දනිමි. වස මුසු දෙයක් බලා හරන පමණක් මුත් අනුභව ය නාත්තා සේ දත් පමණක් මුත් එහි ඇලුම් නැත්තෙමි. ඇලුම් නැති බැවින් ම නයින් නිරාලය ව සැව ගළවන්නා සේ ත්රෛමභූමක ධර්මම ජාත ය ආදීනව දැක්මෙන් හළිමි. ඇල්මක් කෙළෙමි නම් සාරාසැකි කප් සුවහස් මුළුල්ලෙහි කළා ඊ ම හෙයින් අර්හත් ඵල විමුක්තියෙහි ය. දත යුතු ධර්ම් ජාතයෙහි ආදි මුළුල්ලට ම ගුරූපදෙශ නැති ව මා ම දැන ගත් කල ආචාය්ය්සැ උපාධ්යායය කමට කවුරුන් පයිම් ද ? දැන් බුදු වූ අවස්ථාවෙහි තබා උපන් දවසු ත් මට වඩනන් තබා සරි ව සිටිනෝ ත් නැත්තෝ වෙත් දැ ’ යි වදාළ සේක. බුදුන් වදාළ කථාවට උපකාජීවකයෝ සතුටු ත් නො ව මුසුප් පු ත් නො ව හිස සලා ලා දිව ත් දික් කොට පියා එක් පියවර මං හසරකට නැඟී වැද්දන් වසන ගමකට ගොසින් වැදි දුවක රක්ෂාය කොට ගෙණ හිඳ පසු ව ඈ හා ඩබරක් කොට වදාළ කථා පමණ උපාශ්රවය කොට ඔබ කරා අවුත් බණ අසා අනගැමි ව ඒ ඇසිල්ලෙහි මිය අවිහ නම් බඹ ලොව ඉපැද උපන් ඇසිල්ලෙහි ම රහත් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කරණ කථා ත් සත් පුරුෂයන් හා ම කොට බුදුන් හා කථා කළ උපකාජීවකයන් මෙන් අර්ථි සිද්ධි ය එළවා ගත යුතු.


260. සක් දෙවිඳුන්ගේ වස්තුවසංස්කරණය

තව ද සියලු ම දුකට මුල් ව සිටිනා තෘෂ්ණාව නසා පී කලට බිජු වට නට කලට ගොයම් නැත්තා සේ සියලු ම දුක් නැති නියාව හඟවන්ට සක්දෙවිඳු ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

එක් සමයෙක තව්තිසා දෙව් ලොව දෙවියෝ රැස් ව හිඳ දනින් කවර ‍දනෙක් උතුම් දෝ ? රසයෙන් කවර රසයෙක් උතුම් දෝ ? ඇල්මෙන් කවර ඇල්මෙක් උතුම් දෝ ? අර්හත්වෙ ය කුමක් නිසා උතුම් දෝ හෝ ’ යි මේ ප්ර ශ්න සතර උපදවා ලූහ. 1. ත්රෛහලොක්යද භූමික


260. සක් දෙවිදුහු ගේ වස්තුව 1035

උපදවා ලූ පමණක් මුත් මොළවා ලූ ගිනි මහත් වූ කලට නිවා ලිය නො හෙන්නා සේ ප්ර්ශ්නයෙහි සරූප ය දැන ගත හෙන්ට එක දේවතා කෙණකු ත් සමර්ථ නො වූහ. එක් දේවතා කෙණෙක් අනික් දේවතාවණ කෙණකුන් අතින් විචාරති. ඌ අනික් දේවතාවාණ කෙණකුන් අතින් විචාරති. දස දහසක් සක්වළ දෙවියෝ ම විචාළ මනා ම ප්ර්ශ්නයක් හෙයින් දොළොස් හවුරුද්දක් මුළුල්ලෙහි ම විචාරා ඇවිද්දෝ ය. දොළොස් හවුරුද්දක් විවරිනු ත් සනිටුහනක් නො දැක දස දහසක් සක්වළ දෙවියෝ මේ සක්වළට රැස් ව සතර වරම් රජුන් කරා ගොසින් ‘ දෙවතා ‍සන්නිපාත ය මහත කුමක් නිසා දැ ’ යි කී කල්හි ‘ ප්රකශ්න සතරක් සිතා ලා ඒ ප්රිශ්නවල සනිටුහන් නො දැනෙන හෙයින් රැස්වූහ ’ යි කිවු ය.

ප්ර්ශ්න කවරේ දැ ’ යි විචාරා ප්රාශ්න ත් අසා දැන ‘ තෙල ප්ර්ශ්න වල අර්ථ නො දැනෙන්නේ තොප හැම දෙනාට මතු නො වෙ යි. අපට ත් නො දැනේ ම ය. බල , එකෙක් ඇත. අපගේ සක් දෙව් රජ්ජුරුවන් වහන්සේ නුවණින් පිණින් අප හැමට ම වැඩී සිටිනා සේක. දහසක් දෙනා සිතා ලූ ප්රනශ්න වුව ත් එක විට විසඳන්ට බල ඇති සේක. එව , ඔබ යම්හ ’ යි දෙව් පිරිස් කැඳවා ගෙණ සතර වරම්හු සක් දෙවිඳුහු කරා ගොසින් ශක්රරයනු ත් ‘ වරම් රජුනි , දෙවියන් රැස්වූ නියාව මහත. කුමක් නිසා දැ ’ යි විචාළ කල්හි වරම් රජදරුවෝ සෙසු දෙවියන් තමන්ට කි ලෙස ම ශක්‍රයන්ට කීහ. ශක්රයයෝ ඒ අසා තුමූ ඒ ප්රුශ්නවල අර්ථ විමසන්ට උත්සාහ නො කොට ‘ හෙම්බා වරම් රජ දරුවෙනි , මේ ප්රෙශ්නවල අර්ථ කියා ලන්ට බුදු කෙණකුන් වහන්සේට මුත් තොප හැමට ත් මට ත් නො පිළිවන. බුදුහු දැන් කො යි දැ ’ යි විචාරා දෙව්රම නියාව අසා ‘ තරාදිය තබා පියා අතින් කිරන්නා සේ තොප ත් අප ත් ආයාස ගන්නේ හැයි ද ? එව , ඔබ යම්හ ’ යි තමන් කරා ගොසින් රැස් වූ දෙවියන් කැඳවා ගෙණ මධ්යිම රාත්රී වේලෙහි සියලු දෙව්රම බුදුන්ගේ රස් පහළ වූ තැන් හැර බොහෝ සේ බබුළුවමින් බුදුන් කරා ගොසින් වැඳ එකත් පස් ව සිට ‘ හැයි ශක්රනයෙනි , බොහෝ දෙවියන් පිරිවරා කුමක් නියා අවුදැ ’ යි විචාර වදාළ කල්හි ‘ ස්වාමිනි , දේවතාවෝ තමන් අතුරේ ම ප්රයශ්න සතරක් සිතූහ.

ඒ ප්රදශ්නවල අර්ථ සෙස්සන්ට තබා උන් තමන්ට න් ‍නො හැ‍ඟෙ යි. තමන්ට නො හැ‍ඟෙන්නා ඌ හැම වරමුන් කරා ගියහ. වරම්හු ත් උන් හැම හැර ගෙණ මා කරා අවු ය. මම මට ත්



1036 සද්ධර්මයරත්නාවලි ය

නො හැ‍ඟෙන හෙයින් මුඹ වහන්සේ කරා අයිමි. මුහුද කෙතෙක් පළල වුව ත් වෙරලාන්තයට පැමිණ නවත්නා සේ ප්ර්ශ්න නමැති කෙ තෙක් රළ ත් සර්වෙඥ නමැති සමුද්රැ රෙඛාවට පැමිණ මුත් නො නවත්ති. වෙරලාන්තයට පැමිණ රළ බිඳී යන්නා සේ මේ ප්රරශ්න නැමැති රළ ත් විසඳීමෙන් බිඳ යන්නා සේ මේ ප්රබශ්න නැමැති රළ ත් විසඳීමෙන් බිඳ වදාළ මැනැවැ ’ යි කී කල්හි ‘ යහපත , ශක්රතයෙනි , සම තිස් පැරුම් පුරා මා බුදු වූයේ ත් තොප හැම විචාළ ප්ර ශ්න හැර පියා සෙස්සක් විසඳන්ට නො වෙයි. මහා වහ්නි ස්කන්ඛයක් ලූ ලූවක් ම නො තෝරන්නා සේ කවුරුන් විචාළ ප්රදශ්න ත් විසඳන්ට ය . විචාරාව ’ යි වදාළ සේක. ශක්රියෝ ත් දෙවියන් සිතූ ලෙස ම විචාළෝ ය.

බුදුහු ත් ඒ ප්රුශ්න විසඳන සේක් ‘ හෙම්බා ශක්රලයෙනි , යම් කෙණෙක් දිගිනු ත් පළලිනු ත් අට සාළිස් ලක්ෂ තෙ ළෙස් දහස් අට සියයක් ගවු පමණ වූ වටින් එක් කෙළ සිවු සාළිස් ලක්ෂල එක් සාළිස් දහස් සාර සියයක් ගවු පමණ වූ සක් වළ ඇතුළ මුදු මාන ය හැර සෙසු තැන් සමතල කරවා ලා බිම පටන් අකනිටා බඹ ලොව දක්වා රුවන් මණ්ඩපයක් කරවා ලා පත් කඩින් පත් කඩ ගාවා බුදු පසේ බුදු මහ රහතන් වඩා හිඳුවා ල‍ා කෙහෙල් ගොප් හා සමාන සළු කප්වා පියා සිවුරු කරවා ලා දන් දුන්නු නමුත් , එ සේ ම අති මධුරාභාර ය පාත්රා පුරා දන් දුන්නු නමුත් , මහා විහාර ය වැනි ලක්ෂග ගණන් විහාර කරවා දන් දුන්නු නමුත් , ලොවාමහාපාය වැනි ලක්ෂ ගණන් ප්රාකසාද කරවා දුන්නු නමුත් -

‘ සුරුචි බ්රාතහ්මණ ව උපන් මා මඞ්ගල බුදුන් ප්රගධාන වූ කෙළ ලක්ෂුයක් මහ රහතන්ට පාත්රබ පුරා ගිතෙල් මී සකුරු ආදි වූ බෙහෙත් බඩු දුන්නා සේ ගිලන්පස බෙහෙදු ත් 1 දුන්නු නමුත් දන් විෂයෙහි විශාඛාවන් පූර්වාේරාමයට කළ පරිත්යා ග ය සේ සත් විසි කෙළක් විතර වස්තු පරිත්යාහග ය වී නමුත් , අනේපිඬු මහ සිටාණන් දෙව්රමට කළ පරිත්යා ගය සේ සූ පනස් කෙළක් විතර වස්තු වයදම දන් විෂයෙහි පෙනේ නමුත්, ධර්මාූශෝක රජ්ජුරුවන් සුවාසු දහසක් විතර වස්තු වියදම දන් විෂයෙහි පෙනේ නමුත්, වේලාම බ්රාුහ්මණ ව උපන් මාගේ පාත්ර පත්ලේ පටන් මුව විට උසින් අට රියනක් උස ඇති මුඛ පළල නව රියන් පමණ වූ පාත්රප පත්ලේ සීන් බිජු වට අමුණක් වප්යන විතර පා මුව විට අසුන් තුන් දෙණකු යෙදු රථ ය යා හැකි සුවාසූ දහසක් රිදී පාත්රව පුරා රත්රන් හා රන් පාත්රෙ පුරා රිදී හා තඹ පාත්රහ පුරා සත් රුවන් හා දඹ දිව් වැස්සන්ට දුන්නා 1 බෙහෙතු ත්



260. සක්දෙවිඳුහු ගේ වස්තුව 1037

සේ මහත් පරිත්යාදගයක් පෙනේ නමුත් , ඒ හැමයට ත් වඩා යම් කෙනෙක් නිස්සරණාධ්යා්ශයෙන් සතර පෙදෙන් යුක්ත වූ ගාථා පමණෙකිනු ත් බණ කිය ත් නම් එ ම උතුම.

ඊට කාරණ කිම් ද යත් ? බණ ඇසී ම පින් කිරීමට මුල් ව සිටිනා හෙයින. තව ද තව ද බුදු පසේ බුදු දෙ පක්ෂි ය හැර කපක් මුළුල්ලෙහි වටුවාවූ වැස්සෙහි ත් පොද ගණන් කියා ලන තරම් නුවණැති ශාරිපුත්රා දී මහ රහතන් රහසේ ත් තමන් වහන්සේගේ ශක්තින් සෝවාන් විය නුහුණු සේක. අස්සජි ආදී වු මහතුන් ගෙන් එක් ගාථා මාත්රායයක් පමණක් වුව ත් අසා ම ලොවුතුරා ගුණ විශෙෂයට පැමිණි සේක. බුදුන්ගේ බණ අසා අග සවු තනතුරු ලත් සේක. එ හෙයිනු ත් ධර්මණදාන ය ම උතුම.

රසයෙන් කවර රසයෙන් උතුම් දැ යි විචාළ වා ද ? ඉක්ෂු - මධු ගුළ - ශර්කාරාදි වූ යම් රසයෙක් ඇත් නම් එයින් උඩ ත් පිරිසෙයින් දෙවියන්ගේ සුධාභොජන රස ය දක්වා ත් ගෙධාපන්න ව අනුභව කරන්නවුන් සසර ඇවිද්දීමට කාරණ වෙයි. පය්යාභව ප්ති මුලක වූ ප්රුතිපත්තීන් සාධා ගන්නා වු තව ලොවුතුරා දහම් රසයෙක් ඇත් නම් වෘත්ත සන්නිශ්රිරත නො වන හෙයින් එ ම උතුම.

තව ද ඇල්මෙන් කවර ඇල්මෙක් උතුම් දැ යි විචාළ වා ද ? අඹුදරුවන් කෙරෙහි කරණ ඇලුම ය , වස්තුයෙහි කරණ ඇලුම ය යනාදි වූ යම් ඇල්මෙක් ඇත් නම් සසර නමැති සර ගෙයි ලා ලා මහ දුක් විඳවයි. බඳුරා සිතින් බණ කියන්නවුන්ට වේව යි බණ අසන්නවුන්ට වේව යි එහි උපදනා ඇල්මෙක් ඇත් නම් ඒ ඇල්මෙන් රහත් වීමෙන් මුදුන් පමුණුවානු යි ඒ ධර්ම් රති ය හැමට ම වඩා උතුම අර්හතත්වහය වූ කලි සියලු දුක් ම නසන හෙයින් ම එ ම උතුමැ ’ යි වදාළ සේක. බුදුන් මේ ප්ර ශ්න සතර විසඳ ත් විසඳ ත් සුවාසූ දහසක් දෙවියෝ නිවන් දුටහ.

සක් දෙවිඳු ත් මේ බණ අසා බුදුන් වැඳ ලා ‘ ස්වාමීනි , ධර්ම දාන ය මෙ‍ සෙ ම බලවත් කල බණ වදාරා අන්තයෙහි අපට පින් නො දෙන්නේ හැයි ද ? මෙ වත් පටන් වහන්දෑ ට විධාන කොට ලා බණ කියා අන්තයෙහි පින් දෙවුව මැනැවැ ’ යි කිවු ය. බුදුහු ත් උන්ගේ බස් අසා වහන්දැ රැස් කරවා ලා ‘මහණෙනි , අද පටන් යට ත් පිරිසෙයින් අනුමෙවෙනි බණක් වුව ත් බණ කිවූ නම් බණ කියා අන්තයෙහි හැම දෙනාට ම පින් දෙව ’ යි වදාළ සේක. එ වක්


1038 සද්ධර්මතරත්නාවලිය

පටන් මෙ වක දක්වා ත් මෙ වක පටන් පස්වා දහස මුළුල්ලෙ හි ත් පවත්ති.

එ හෙයින් සෞජන්යෙයෙහි පිහිටියවුන් විසින් දෙශනාමය කුශල සිද්ධ කරන්ට තම් හට බැරි වුව ත් ‍විධාන කොට අනුන් ලවා ත් කරවා තමා කෙරේ ම පවත්වා ගෙණ එයින් ජනිත කුසලානුභාවයෙන් භව සැපත් වළඳා කෙළවර නිවන් අත් කට යුතු.

261. අපුත්තක සිටාණන් ගේ වතසංස්කරණය

කෙ සේ ද යත් -

ඒ සිටාණන් මළ නියාව අසා කොසොල් රජ්ජුරුවෝ ‘සම්පත් හිමි වන්ට නිසි දරු මලු කෙණකුන් නැති කලට මේ සම්පත් කවුරුන් සන්තක වේ දැ’යි විචාරා ‘රජ දරුවන්ට වේ දැ’යි කී කල්හි වස්තුව ත් සුඟක් නොවන හෙයින් පරිවාර යවා සත් දවසක් වීතරින් රජ ගෙට ගෙන්වා ගෙණ සම්පත පිරිමස්වා තබ්බවාලා තුමූ බුදුන් ළඟට ගොසින් ‘දවාල් කොට පියා අවුතැ’ යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, මේ සැවැත් නුවර සිටාණ කෙණෙක් මළෝ ය. සත් දවසක් විතරින් ඒ සම්පත නුවර සිටාණ කෙණෙක් මළෝ ය. සත් දවසක් විතරින් ඒ සම්පත ගෙන්වා භාණ්ඩාගාරයෙහි ලවා අවසර වු‍යේ අද ම ය.ඒ නිසා මෙ තෙක් ද‍වස් දකින්න‍ට එන වේලෙන් අද වේලාව පැන නැංග’ යි කිවූ ය.

ඒ මිය ගිය සිටාණන්ගේ සැටි නම් රන් තළියෙන් නො එක් අග්රෙ රසයෙන් යුක්ත වූ භොජන ය කන්ට ගෙනා කලට ‘මෙ සේ වූ දෙයකු ත් තමා මිනිසුන් අනුභව කරණ නියා ද? අප ‍ලා කෙළනා නියා වේ දැ’ යි අඬුපත් හැර ගෙණ බත් ගෙනාවවුන් මරා ලුහුබඳවාපියා මිනිසුන්ට වුව මනා ත් කැව මනා ත් මේ ය යි කාඩි ව ත් කරවා ගෙණ1 නිමුඬු සාලේ බත් කති. සළු සොලී 2 පිළීයක් හිඳිනට ගෙණා කල ගෙනාවවුන් මරා නෙර පියා වක්කාරි පිළිරුස්වා හ‍ඳිති. නැ‍ඟෙන්ට යහපත් රථයක් ගෙනවු නම් රථ ය ගෙනාවවුන් මරා නෙර පියා ගොන් මාල්ලන් යෙදූ මාලු රථ ය කින් යෙති. හිසට කරන්ට හෙළ කුඩ ගෙණා කලට එයි ත් හිසට නො කරවා පත් කුඩ මාලු හිසට කරවතී’ යනාදීන් සිටාණන්ගේ

1. බත්කරවා ගෙණ 2. සොලි


261. අපුත්තක සිටාණන් ගේ වත 1039

පවත රජ්ජුරුවන් දැන්වූ කල්හි බුදුහු එ ලෙස උන් කරන්ට කාරණවදාරන සේක් ‘මහ රජ, මෙයට යට ගිය දවස තගරසිඛී නම් පසේ බුදුන් දැක බතක් දෙව යි ඇඹේණියන්ට සම්මත කොට ලා තුමු තමාගේ කට යුත්තෙක ගියහ. සැදෑ නැති තැනැත්තවුන් සිරිතක් සේ කියා ලා පලා ගිය ත් උන්ගේ ඇඹේණියෝ තමන් සැදෑ ඇති හෙයින් ‘මුන් දනක් දෙන්ට කියන බසක් අද විනා මා ඇසූ විරූ නැත. මුන්ගේ අදහස් ක‍වරේ වුව ත් මාගේ අදහස් වූ ලෙසට දනක් දෙමි’ යි පසේ බුදුන් වහන්සේගේ පාත්රන ය ආරාධනා කොට ලා හැර ගෙණ මධුරාහාරයක් පුරා ලා දුන්හ.

බත් දෙන්ට විධිනයක් කොට ලා ගිය සිටාණෝ ද පෙරළා ගෙට එන්නෝ ‘මහණ, ලද්දේ කිම් දැයි විචාරා පියා පාත්රා ය අතට හැර ගෙණ බැලූ තැනැත්තෝ මධුරාහාරය දැක සතුටු වුව මනා තැන මසුරු සිත් බලවත් හෙයින් මුසුප්පු ව ගොසින් ‘ඉඳින් මෙ වැනි බතක් අපගේ කෙළි කොලු කෙණෙක් කැවූ නම් කර්මාින්ත නො මැළි ව කෙරෙති. මු තුමු බත අනුභව කොට ලා අනිත් කරණ බලන දෙයක් නැති හෙයින් නිඳති. අනේ බතෙක් නිෂ්ප්රමයෝජන වූ බන්දෙ’ යි සිතී ය. මහ රජ. මේ සිටු තගරසීඛී නම් පසේ බුදුන් ට බත් දෙන්ට විධාන කළ හෙයින් සත් ‍වරෙක කාමස්වර්ගබයෙහි උපන. දැක සිත පහදවා ගත නුහුණු අකුශලයෙන් මෙ ම සැවත් නුවර සත් ‍වරෙක සිටු කුලයෙහි ඉපැද ලද සම්පත් විඳිනට මෙ පරිද්දෙන් ම අදහස් ලද නොහින.

දරුවන් නැති වන්ට කාරණ ක‍වරේ ද යත් - සසර සිටිනා තල තමන්ගේ බෑ1 කෙණකුන් මළ තැන උන්ගේ පුත් පැටවකු මූ තමාගේ ඇඟිල්ලේ එළී ගෙණ ඇවිදිනා ගමනේ ‘මූ අපගේ පියාණන් වහන්සේ සන්තක වහල ය, සරක ය, යනාදීන් කී කල්හි කුඩා පිය ව සිටි මේ සිටා ‘මූ තුමු දැන් ම මෙ ලෙස කියති. වැඩුණාවු නම් මෙ සම්පතින් අපට කුමක් හැර ලත් දැ’යි කියා වලට කැඳවා ගෙණ ගොසින් ලා එක් ගසක් මුල දී බොටුව අඹරා මරා පියා ඒ වලම දමා පියා ඒ අකුශල කර්මක බලයෙන් හවුරුදු කෙළ ගණන් නරකයෙහි පැසී පියා අකුශල කර්මඅය තව නො ගෙවුණ හෙයින් මේ ජාති ය ඇතුළු ව සත් ජාතියෙක දරුවන් නැති සම්පත රාජ භාණ්ඩාර වී ය. මහ රජ, ඒ සිටා සිටු කුලවල උපදනට නිසි පරණ පිනුත් ගෙවිණ. අමුතුව පිණක් සිද්ධ වන්ට ත්

1. බැණා


1040 සද්ධර්මනරත්නාවලි ය

‍නො වී ය. දැනු ත් මිය මහා ‍රෞරව න්ම නරකයෙහි උපනැ යි වදාළ සේක.

බුදුන් වදාළ කථාව රජ්ජුරුවෝ අසා ‘අනේ ස්වාමීනි, සිටාණන් ගේ තරමක් නපුරු නියා ය. බත් බිජුවට ඇති ව ම ගොයම් නො කළා සේ මේ සා මහත් සම්පතක් ඇති ව මුඹ වහන්සේ වැනි බුදු කෙණකුන්වහන්සේ බල බලා ත් පිණකුත් කට නුහුණුවූ ය. පින් කරන්නා තබා තුමු ත් ප්ර යොජනයක් විඳ ගත නුහුණු වූ ය’ යි කිවු ය. බුහුහු ත් ඒ මුල් ව බණ වදාරන සේක් ‘මහ රජ’ යම් කෙණෙක් නිවන් සාධා ගත නුහුණු නම් එසේ වූ නුවණ නැත්තවුන්ට සම්භ වූ සම්පත් කකුළුවන්ට සම්භ වූ දරුවන් මෙන් නස යි. නුවණ නැත්තා වූ සත්වතයෝ වස්තු ලෝභයෙන් වෙදබ්හ ජාතකයෙහි එක් කෙණකුන් අධික යෙළ දහසක් විතර අනුනු ත් නසා තමනු ත් නැසී එක් කෙණකුන් විතරත් ඉතිරි වන්ට නු වූ වා සේ ලද සම්පත් නිසා සාර්ථක කරණ උපදෙසක් නො දන්න යෙහින් අනුනු ත් නසති. තුමු ත් නැසෙති’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ලද සම්පතෙක් ඇත් නම් අපුත්තක සිටු සේ නොව ලොවී ලොවුතුරා සැපත් ම සාධන්ට උත්සාහ කට යුතු.


262. අඞ්කුර වස්තුවසංස්කරණය

තවද සරු කෙත ලා ලූ බිජුවටක් මෙන් පුණ්ය් ක්ෂෙිත්රූයෙහි වපුළ පින් බිජුවටින් ලොවි ලොවුතුරා ශස්යව ඵල ය සකසා සිද්ධ වන නියාව හඟවන්ට අඞ්කුර වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

මෙහි කථාව විස්තර විසින් යමක ප්රා‍තිහාය්ය්ද් වත ආ ය. වදාරමින් හුන් විදම් හිණ සන්ධිර කොට ලා අඞ්කුර දෙව් පුත් හට බණ වදාරන සේක් -

‘වීවෙය්යන දානං සුගතප්පසත්ථංව - යෙ දක්ඛිණෙය්යා ඉධ ජිවලොකෙ එතෙසු දින්නානි මහප්ඵලානි - බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ

යනු හෙයින් ‘දනක් නම් දෙන කල ගොයම් යහපත් ව නැගෙන බිම් පරීක්ෂාි කරන්නා සේ දන් පිළිගන්ට නිස්සවුන් පරීක්ෂා කොට ලා දිය යුතු. සරු කෙත් බලා වපුල බජුවට සේ පරික්ෂාි

263. භික්ෂු වහන්දෑ පස්නමක ගේ වස්තුව 1041

කොට ලා දී ලු දනෙහි විපාක මහතැ’යි වදාරා තවත් වදාරන සේක්’ යම් සේ ගොයම් කළ බිම මාරතු ආදි ය ඇති වී නම් ඒ ගොයම් නසා ද, එ මෙන් යම් කෙණකුන්ගේ සන්තානයෙහි රාග ද්වෙෂ - මොහ ය හා ඉච්ජාව බහුල ව පවත්නේ වී නම් ඌ තුමු ගොඩ ගොයමට මඬ ගොයමට ගොට හෝ තරම් නො වන්නා සේ දායකයන්ගේ දන් පිළිගැන්මට තමන් සන්තාන ශුද්ධි ය නැති බැවින් නො නිස්සහ. එ හෙයින් බුද්ධ ප්රශත්යෙතක බුද්ධ ශ්රා වකයන්ට දුන් දෙයෙහි විපාක ඉන්දසක දෙවි පුතුහු අනුරුද්ධ මහ තෙරුන්ට දුන් බත් සැන්ද මෙන් විපාක මහතැ’යි වදාළ සේක. දෙශනා කෙවර ඉන්ද ක දෙවි පුත් හා අඞ්කුර දෙවි පුත්හු සෝවාන් වූහ. තව ත් බොහෝ දෙනාට මේ දෙශනාව සප්රුයොජන වී ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කල් දැන කරණ ගොයමක් සේ සුළං බලා කරණ යාත්රාතවක් සේ කරණ පින් කම් පින් කෙත් දැන ම කට යුතු.


263. භික්ෂුවහන්දෑ පස්නමකගේ වස්තුවසංස්කරණය

තව ද උපද්රතව සහිත මං සයක් ඇති ගමක් වේව’යි නුවරක් වේව’යි රක්නවුන් මං සය ම රකිතො ත් මුත් එක මඟක් රැක්කැ’යි සෙසු මං වලින් ඇති වන උපද්රසව දුරු කට නො හැක්කා සේ චක්ෂුරාදී ස දොරින් පවත්නා කෙලෙස් වියවුල චක්ෂුරාදි වූ ෂට්ද්වාරයන් අතුරෙන් එක් දොරක් ම රැක්කැ’යි නිහඬ නැති නියාව අඟවන්ට භික්ෂුවහන්දැ පස්නමක ගේ වස්තුව දක්වමු.

කෙ සෙ ද යත් -

එක් පස් දෙනකුන් වහන්සේගෙන් එක් කෙණකුන් වහන්සේ ඇසට විෂය වූ ඉෂ්ට රූපයෙහි ලොහයක් වේ ව යි. අනිෂ්ට රූපයෙහි ද්වෙෂයක් වේව’යි අසමපෙක්ඛණ වශයෙන් මොහයක් වේව යි නූපදවා චක්ෂුද්වාර ය රකිනා සේක. එක් නමෙක් කනට විෂය වූ යහපත් ශබ්දයෙහි අනුනයක් වේව යි. නපුරු ශබ්දයෙහි පුතිඝයක් වේ වයි. අසමපෙක්ඛණ වශයෙන් මොහයක් වේ ව යි නූපදවා ශ්රොරතද්වාර ය පමණක් රක්නා සේක. එක් ‍නමෙක් නාසයට විෂය වූ යහපත් සුව‍ඳෙහි ලොභයක් වේ ව යි , දුර්ගකන්ධයෙහි ද්වෙෂයක් වේව යි, අසමපෙක්ඛණ වශයෙන් මොහයක් වේව යි නූපදවා ඝ්රාකණ ද්වාර ය ම රක්නා සේක.

1042 සද්ධර්ම්රත්නාවලි ය

එක් නමෙක් ජිවහොයට විෂය වූ යහපත් රසයෙක ලොභයක් වේව යි, නපුරු රසයෙක ද්වෙෂයක් වේව යි, අසමපෙක්ඛණ වශයෙන් මොහයක් වේව යි නූපදවා ජිව්හාද්වාර ය රක්නා සේක. එක් නමෙක් කයට විෂය වූ යහපත් පහසෙහි ලොභයක් වේව යි. නපුරු පහසෙහි ප්රඑතිඝයක් වේව යි, අසමපෙක්ඛණ වශයෙන් මොහයක් වේව යි, නූපදවා කාය ද්වාර ය රක්නා සේක. කොතලයකින් හෝ කෙණ්ඩිකාවකින් හෝ පැන් පරහන කෙණකුන් කට පමණෙකින් අකැප පැන් වැද්ද නො දි කෙමියෙන් වදනා පැනෙහි අස්ථා නැත්තා සේ එකි එ කී ද්වාර ය මුත් සෙසු ද්වාරවල අස්ථා නැති සේක.

එක් දවසක් පස් නම ම එක තැන් ව ‘මම රැක්ක නො හැකි දොර රකිමි, ‘මම නො රැක්කැකි දොර රකිමි’ යි විවාද කොට ගෙණ ‘බුදුන් විචාරා දැනුම්හ’යි බුදුන් කරා ගොසින් ස්වාමීනි, අපි පස් දෙනමෝ ම චක්ෂුද්වාරාදි පස් දොරීන් වෙන වෙන එකක් එකක් රකිනමු. පස් නමින් කැටි ව පස් දොර රකිම්හ. එ කි එකී එමකට සතර සතර දොරක් නො රැකෙයි. වෙන වෙන ම රකිනා දොරවලින් කවුරුන් රකිනා ද්වාරය නො රැක්ක හැකි දැ’යි විචාළ සේක.

බුදුහු ඉන් එක් නමකු ත් පසු නො බස්වා ‍එක නමකු ත් උස් නො කොට සරිගස්වා සිටුවන සේක් ‘මහණෙනි, තොප පස්‍ දෙනා රකිනා දොරවල් වෙනවෙන ම රැක ලිය නො හැක්කේ නො වෙයි. ‘බල, එකෙක් ඇත. සෙසු දොරවල් නො රක්නා කල පත්ලෙහි සිදුරු පසක් ඇති කළයෙක එක සිදුරෙක පෙදක් ගන්වා ලා තෙල් වත් කළ යි සෙසු සිදුරු ඇස්වා නු ලූ කලට වත් කළ තෙල් නො තිබෙන්නා සේ එක දොරක් රැකි පමණෙකින් නො රැකෙ යි. වාසල් බොහෝ ඇති නුවරක් වට කළා වූ සතුරො සෙසු වාසල් මුළුල්ල හැර තබා ලා එක වාසලක් රැක්ක යි බලත් ද? එ පරිද්දෙන් අවසර ව තුබු ද්වාරවලින් නො වදිත් ද ? දැන් තමන් එ කි එ කී ද්වාර ය පමණක් රක්නාවා ද? පෙර පස් දොර නො රැක බොහෝ මුළාවට පැමිණියාවා දැ’යි වදාරා ‘කවර කල දැ’යි විචාළ කල්හි ‘යට ගිය දවස තෙපි පස් දෙන රජ කුලෙයි ඉපැද තක්සලා නුවර රාජ්යච ය ගන්ට යන්නාහු අතුරු මඟ දී යකින්නන් පොළොඹ ගන්නා නිසා මවාලූ රූපයෙහි ද, කියන ගීයෙහි ද, උන්ගේ ශරීර සුගන්ධ යෙහිද, එළවා ලූ දිව බොජුන් රසයෙහි ද, උන්ගේ ඇඟ පහසෙහි ද පෙළඹී කොස් ලායේ බැඳී ගිය මැස්සන් මෙන් ගැළවී ගත නො හිණ.



264. හංසඝාතක භික්ෂූන්දෑ ගේ වස්තුව 1043

මම එ කල ත් දැන් කෙලෙස් සතුරන් නසා බුද්ධ රාජ්ය ය සාධා ගත්තා සේ තක්සලා නුවර සාධාගත්තෙම් වේ ද’ යනාදීන් තක්සිලා ජාතක ය වදාරා ‘මහණෙනි, භික්ෂූන් විසින් නම් එක් දොර ම රකින්ට නියැලී නො හිඳ ස දොර ම රැක්ක මනා වේ දැ’යි වදාරන සේක් ‘මහණෙනි, රූපාදී සාරමුණු නමැති වල්හි ගැලී වසන රාගාදී කෙලෙස් සොරහු චක්ෂුද්වාරාදි වූ ස දොරින් එක දොරක් රැක්කැ’යි සෙසු දොරවල් නො රැක තුබූ කලට රැකි දෙරින් නැවැත්ත ත් සෙසු දොරින් නවතිත් ද? එ හෙයින් ම හැම දොරවලින් ම සිහි නමැති දොරවල් පියා ගෙණ සිත් සතන් නමැති ඇතුළු නුවර තුබූ ශීල සමාධ්ය දී ගුණ රුවන් පැහැර ගත නො දීම යහපත. එ සේ කට හුණු කෙණෙක් සප්ත විධ ආය්ය් පැ ධන ප්ර.තිලාභයෙන් නො දිළිඳුව සියලු දුකින් මි‍ඳෙති’ යි වදාළ සේක. දෙශනා කෙළවර පස් දෙනා වහන්සේ ත් සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ස දොර බොහෝ වුව ත් තුන් දොර පමණක් රැක නිවන් දහම් පසක් කට යුතු. ________

264. හංස ඝාතක භික්ෂුන්දෑ ගේ වස්තුවසංස්කරණය

තව ද කාය වාක් සංයම1 නැති වීමෙහි නපුර දක්වන්ට හංස ඝාතක භික්ෂූන්දෑ ගේ වස්තුව කියමු. කෙ සේ ද යත් -

සැවැත් නුවර වසන යා‍ළුවෝ දෙ දෙනෙක් සසුන් වැද මහණ ව විවෙක වාසයට නිසි පිළිවෙතක් නැති හෙයින් එක් ව ම වසන සේක. උපසම්පදා වුව ත් ඒ දෙ නම ගණ සඬ්ගනිකා වාස ය හැර ගත නො හී එක් දවසක් අචීරවති වති ගඟට ගොසි‍න් නහා පියා හස්සාරාමයෙන් දවස් යවමින් අවු තැප තැප සිටි සේක. ඒ වේලාට හංසායෝ දෙ දෙනෙක් අහසින් යෙති. අවු තපිමින් සිටි දෙ නමින් කමෙක් හකුරක් හැර ගෙණ ‘තිලින් එක් හංසයකුගේ ඇසට ගසාලම් දැ’ යි කී සේක. අනික් නම ගස්වනු නිසා ම බැරි ය’ යි කී සේක. ‘එ සේ වී නම් අප දසාවේ ඇස තබේ ව යි ඈත දසාවේ තුබූ ඇසට ම අතකුර ගසමි’යි කී සේක. උන් වහන්සේගේ අතකුරු ගැසීම් දක්නා නිසා ම ‘එයි ත් බැරිය’ යි කී සේක. ‘එ සේ වී නම් බැලුව වැනව’ යි කියා ලා තුනැස් හකුරක් හැර ගෙණ බුරවා ගසා ලූ සේක. හංස යා ත් හකුර හඬා ගෙණ එන හඬ අසා පෙරළී බලා ලී ය. ඒ බැලූ වේලාට වට හකුරක් හැර ගෙණ ගසා ලූ සේක. ඒ හකුරක් 1. සඤ්ඤම 1044 සද්ධර්මඤරත්නාවලි ය

නැමී බැලූ ඇස වැද ගෙණ අනික් ඇසින් පිටත් ව පලා ගියේ ය. හංසයා ත් හඬමින් කඩා ගෙණ හි ඒ වහන්දෑගේ පා මුල ම හින.

එ තැන සිටි වහන්දෑ ත් ඒ දෘෂ්ට කම දැක ‘ඇවැත්නි, තෙලෙ බුදු සස්නට තබා සැදෑ ඇති ගිහීන්ට වුව ත් තරම් කටයුත්තෙක් නො වෙ යි. දයා පමණකු ත් නැති ව ප්රාතණ වධ කරන්ට කාරණ කිම් ද? තමා පාපහීරුක නො වත ත් පරුපවාද බව මනා වේ ද, යනාදී කියා ලා ඒ වහන්දෑ කැඳවා ගෙණ ගොසින් බුදුන්ට පෑසේක. බුදුහු ත් ‘සැබෑ ද ? එ ලෙසක් කළා දැ’ යි විචාරා ‘සැබැවැ’යි කී කල්හි ‘මහණ, තෝ බුදුසස්නෙහි මහණ ව ගෙණ කුමක් නිසා පන්සිල් පමණකුත් රක්නවුන් නො කරණ දෙය කෙළෙයි ද ? පුරාතන නුවණැත්තෝ ත් ගිහි ව රැකෙන්නෝ ත් සර්වකඥානුශාසනයක් අබුද්ධොත්පාද කාල ය හෙයින් නැත ත් දැන දැන කරණ දෙය ත් නොවන බැවින් වරද නැත ත් වරද ඇත්තා සේ සිතා ගෙණ කුකුස් කළහ. මෙ බඳු බුද්ධොත්පාද කාලයෙක ඉපැද ඉනු ත් බුදුසස්නෙහි මහණ ව පාපයෙහි හැකිළීම් පමණකුත් නො කොළෝ ය’යි වදාරා පෙර නුවණැත්තවුන් කුකුස් කළ පරිදි කෙ සේ දැ’යි විචාළ කල්හි -

යට ගිය දවස කුරුරට ඉඳුපත් නුවර ධනඤ්ජය කොරව්යු නම් රජ්ජුරු කෙණකුන් රජ කරණ කල්හි පුන් පැරුම් ඇති මහබෝසත්හු ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසොවුන් කුසින් ඉපැද ‍වැඩි විය පැමිණ තක්සලා නුවරට ගොසින් ශිල්ප ඉගෙන අවුත් පිය රජ්ජුරුවන් යුවරජ තනතුරෙහි පිහිටුවා ලූ කල්හි පියාණන් මළ පසු රජ පැමිණ දස රජ දහම් පවත්නා වූ උතුරු කුරු දිව උපන්නවුන් මෙන් කුරු රට උපන්නවුන් පන්සිල් රක්ෂාඋකරණ හෙයින් බෝසත්හු ත් පන්සිල් සකසා රකිති. යම් සේ මහබෝසත්හු පනිසිල් රකිත් නම් එ ලෙස ම රජ්ජුරුවන්ගේ මෑණියො ත් අග මෙහෙසුන් බිසොවු ත් යුවරජ තනතුරෙහි පිහිටා සිටි රජ්ජුරුවන්ගේ මලණුවෝ ත් පෙරෙවි බමුණෝ ත් මණන තැනැත්තෝ ත් වාසල් රක්නා තැනැත්තෝ ත් නුවර වෙශ්යා දූත් ය යි මූ හැම ම ත් සකසා පන්සිල් රකිති.

මෙ‍ සේ මේ එකොළොස් දෙනා පන්සිල් සකසා රක්නා කලට කලිඟු රට දන්ත පුර නම් නුවර කලිඟු නම් රජ්ජුරුකෙණකුන් රාජ්යරය කරණ කල්හි උන්ගේ රට වැසී නැති වී ය.

යටුවන්.


264. හංසඝාතක භික්ෂූන්දෑ ගේ වස්තුව 1045

කුරු රට ඉඳුපත් නුවර මහ බෝසතුන්ගේ අඤ්ජන වසභ නම් වූ මඟුල් ඇතා මහ පිණැති වි ය. වැඩකරු ය. මහ මේ කුළක් මෙන් අවුත් වැද ගිය නම් ඌ‍්ගේ වැඩකරුකම් නිසා වැසි වැස පියා නමුත් ය යි දන්තපුර නුවර වැස්සො සිතා ගෙණ රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ත් ඒ ඇතු ගෙනෙනු නිසා බමුණන් යවූහ. උයි ත් ගොසින් -

‘තව සද්ධං ච සීලං ච - විදිත්වා න ජනාධිප. වණ්ණං අඤ්ජන වණ්ණෙන - කාලිඞ්ගස්මිං විනිම්හසෙ.’

යනු කියා ඇතු ඉල්වූහ. ඉල්වා ඇතු ගෙණ ගිය ත් වැසි නැති කල්හි ‘ඉඳුපත් නුවර රජ්ජුරුවන් සිල් රකිනා හෙයින් උන්ගේ රට පස් දවසින් දස දවසින් දෙ පෝයෙන් මසින් වැසි වසී ල. ඒ පන් සිල් අපි ත් රකුමෝ නමුත් ඒ දන්ට නැත. දෑහිඟුලෙන් රන් පත ඒ පන්සිල් ලියා ගෙනෙව’ යි පෙරළාත් කලිඟු රට රජ්ජුරුවෝ බමුණනු ත් ඇමත්තනුත් යවූ හ. උනු ත් ගොසින් එකොලොස් දෙනාගෙන් ම පන්සිල් ඉල් වූ කල්හි කුරුධර්ම ජාතකයෙහි ආ ලෙසින් එ විවරකින් පන් සිලට හානි නැතත් යන්තම් කුකුසක් සිතා ගෙණ මැළි වූහ. මැළි වලා ‘තෙලෙවිවරයකින් දැන කළ දෙයෙක් නොවන බැවින් පන් සිලට හානි නැතැ’යි කී කල්හි තමන් තමන් රක්ෂා කරණ පන් සිල් රන් පත ලියා දුන්හ. කලිඟු රජ්ජුරුවෝ ත් රන් පත ලියා ගෙනා පන් සිල් දැක සමාදන් ව ගෙණ යහපත් කොට ම රකිති. එ කල පන් සිල්හි අනුසසින් රට වැසි ත වැස පියා රට ත් ඉතා සමෘද්ධ වි ය. බුදුහු ත් විස්තර ලෙසින් ම මේ කුරුධර්මැ ජාතක ය වදාරා ලා කෙළ වර -

‘ගණිකා උප්පල වණ්ණාසි - පුණ්ණො දොවාරිකො තදා, රජ්ජුගාහො ව කච්චානො - දොණමත්තො ච කොලිතො

සාරිපුත්තො තදා සෙට්ඨි - අසුරුද්ධො ච සාරථි, බ්රාපහ්මණො කස්සපො ථෙරො - උපරාජා නන්දථ පණ්ඩිතො.

මහෙසි රාහුල මාතා - මායාදෙවී ජනෙත්තිකා. කුරුරාජා බොධිසත්තො - එවං ධාරෙථ ජාතක.’ යි.

ජාතක ය නිමවා වදාරා ‘මහණ, මෙ සේ පෙර නුවණැත්තෝ මද දෙයෙහි ත් කුකුස් උපන් කල්හි තමන්ගේ පන්සිල් බුන් දෝ හෝ’ යි සැක කළහ. තොප මා වැනි බුදු කෙණකුන් ගේ

1046 සද්ධර්ම්රත්නාවලි ය

ශාසනයෙහි මහණ ව ලොක වැද්දව තිබෙන කට යුත්තෙහි කුකුසක් ම නො කරන්ට කාරණ කවරේ දැ’යි වදාරා බුදුහු ‘යම් කෙණෙක් අතින් 1 කළ මනා ප්රාටණවධාදියෙන් නවතිත් ද, ප්රා‘ණ වධාදියට නො යෑමෙන් පාදගමනයෙන් සිද්ධ වන දෙයිනු ත් නැවැත්තෝ ද, මෘෂාවාදාදී වතුර්විධ වාක් දුශ්චරිතයෙනුත් නැවැත්තෝ ද, සිතින් සිද්ධ වන ත්රිවවිධ දුශ්චරිතයෙනුත් නැවැත්තෝ ද, හැම වේලේ ම භාවනාභියොගයෙහි යෙදී වෙසෙත් ද භික්ෂූ ය යි උන්ට කියත් මුත් තොප සේ හත කුරු ගසා හංසයන් මරන්නන්ට භික්ෂූ ය ය කී ම යුක්ත නො වෙ යි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ප්රාටණ වධාදීන් දුරු ව සුචරිතයෙහි හැසිර නිවන් දහම් පසක් කරන්ට උත්සාහ කට යුතු. _______

265. කෝකාලික වස්තුවසංස්කරණය

තව ද වාක් පරුෂයෙහි නපුර දක්වන්ට කෝකාලික වස්තුව කියමු.

කෙ සේ ද යත් -

දෙවිදතුන්ට අග සවුව සිටි කෝකාලික තෙමේ තමාගේ කට ම නිසා පදුම නම් නරකයෙහි උපන, ධර්ම සෙබෙයි රැස්ව හුන් වහන් දැ ‘ඇවැත්නි. කොකාලිකයෝ දෙ අගසවුවන් වහන්සේ ට බැණ දොඩා නිරෑ වන්හ’යි කථාව ඉපැද වූහ. බුදුහු ත් ඒ අසා වදාරා ‘මහණෙනි, තුලු තමාගේ තට නිසා නටුයේ දැන් මතු නො වෙ යි. යටගිය දවස හිමවු පියස එක් විලෙක ඉදුබෙක් වෙසෙ යි. හංස පැටවු දෙන්නෙක් ගොදුරු කා ඇවිදිනාහු ඒ ඉදුබා හා පුරුදු ව ගෙණ එක් දවසක් ඉදුබාට ‘සබඳ , අප‍ගේ හිමවු පියස සිතු කුළු පව්වෙහි රන් ගුහා ඉතා යහපත. අප හා කැටි ව එවු දැ’යි විචාළෝ ය.

‘මා අහසින් නැඟී යා හෙත් කෙ සේ එම් දැ’යි කීය. ‘ඉදින් තෙපි කට රැක ගත හෙවු නම් කැඳවා ගෙණ යම්හ’යි කිවූ ය. ‘මට නො පිළිවන් ව තිබෙන ගමන කරවා ලන කල පිළිවන් ව තිබෙන කට රකිනට බැරි කවරේ ද? මුවෙන් බැණ නො නැගෙන බව වේ ද ? මා කැඳවා ගෙණ ගිය මැනවැ’ යි කීය. උයිත් ‘යහපතැ’ යි කියා ලා ඉදුබා එක් අඬු කඩක් මැදින් ඩෑ ගත් කලට හංසයෝ දෙ‍න්න දෙ කෙළවර ඩෑ ගෙණ අහසට නැංගාහ. 1. කයින් 266. ධර්මාෙරාම තෙරුන් වහන්සේ ගේ වස්තුව 1047

හංසයන් දෙන්නා ඒ ලෙසින් ඉදුබා ගෙණ යන්නා දැක ගම් දරුවෝ ‘හංසයෝ දෙන්නෙක් ඉදුබකු අහසින් ගෙණයෙතී’ කිවූ ය. ඉදුබා ත් ‘මාගේ මිත්රංයෝ මා තමන් කැමති තැනකට ගෙණ යෙති. දුෂ්ට කොල්ලනි. තොපට වූයේ කුමක් දැ’යි කියනු කැමැති ව හංස ගතිය ශ්රීකඝ්ර් බැවින් බරණැස් නුවර රජ‍ගේ ඉද්දට ගිය කලට ඩෑ ගත් දණ්ඩෙන් කට ගැළ වීගොසින් සෙණ්ඩුලුවෙහි1 හී ලා දෙකක් ව බිඳී ගියේ ය.

බුදුහු මේ ඉකුත් වත ගෙන හැර දක්වා ලා -

“අධීව වත අත්තානං - කච්ඡපො ඛ්යා හරං ගිරං, සුග්ගහීතස්මිං කට්ඨස්මිං - වාචාය සකියා වධී එතම්පි දිස්වා නරවිරිය සෙට්ඨ - වාචං පමුඤ්චේ කුසලං නාතිවෙලං පස්සසි බහුහාණෙන කච්ඡපං - ව්යාසනං ගතං.”

යන ගාථා දෙකින් යුක්ත වූ බහුභාණිය ජාතක ය විස්ත්ර කොට වදාරා ‍තව ත් බණ වදාරන බුදුහු යම් කෙණෙක් අනුන්ට හෙළා නො කීමෙන් වාක් සංයම ය ඇත්තෝ ද, කියන බණන බසෙක් ඇත්නම් නුවණින් සලකා කිය යුතු බසක් ම කියත් ද, සන්හුන් සිත් ඇත්තෝ ද, යම් කෙණෙක් අර්ථත පමණක් කියා ලත් මුත් අර්ථද ප්ර තිපාදනය කොට කියා ලිය නො හෙත් ද, යම් කෙණෙක් පාළි ත් අර්ථ් ත් කියා ලියා නො හෙත් ද. උන් ගේ කථා දුවා පීමක් නැති මාළු සේ රසවත් නො වෙයි. යම් කෙණෙක් පාළි වූ ලෙස අර්ථි ත් අර්ථී විරොධ ලෙස2 පාළිත් කියා ලත් නම උන්ගේ තෙපුල් නිරර්ථක කථා නැති වීමෙන් මිහිරි ය’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් - “නාතිවේලං පහාසෙය්ය - න තුණ්හි සබ්බදා සිය, අවිකිණ්ණමිදං වාචං - පත්තෙ කාලෙ උදීරයේ.” යන්නෙහි පිහිටා වාක් සංයම ය ඇති විය යුතු.


266. ධර්මාංරාම තෙරුන් වහන්සේ ගේ වතසංස්කරණය

තව ද ධර්ම ප්රංසාද ය සත්ව්යන්ට උපදවනු නිසා ධර්මාිරාම තෙරුන් වහන්සේ ගේ වත දක්වමු. 1. සෙණ්ඩුවාලුවෙහි 2. අර්ථට විරොධ නො වන ලෙසට

1048 සද්ධර්ම්රත්නාවලි ය

කෙ සේ ද යත් -

බුදු රජුන් වහන්සේ පන් සාලිස් හවුරුද්දක් විතර ජිවත් ව සිට ලා ‘සාර මසක් විතරින් පිරිනිවන් පයිමි’ යි වදාළ කල්හි ලක්ෂල ගණන් වහන්දෑ බුදුන් පිරිවරා ගත් සේක. ඉන් පුහුදුන් වහන්දෑ හඬන සේක. වලප්නා සේක. රහතන්වහන්සේට ධර්මන සංවේග උපන. හැම තැන් ම’ කුමක් කරමෝ දැ’යි කියා ඇවිදිනා සේක.

ධර්මාඇරාම නම් තෙර කෙණකුන් වහන්සේ වහන්දෑ කරා නො යන සේක. වහන්දෑත් කුමක් කරන්නේ දැ’ යි කීව ත් බැණ නො නැඟී ‘බුදුහු ත් සාර මසක් චිවරින් පිරිනිවන් පානා සේක් ල. මම රහත් ව ගත නුහුණුයෙමි. බුදුන් ජිවත් ව හින්දදී ම රහත් වෙමි, සිතා උත්සාහ කොට බුදුන් වදාළ බණ සලකන සේක. වහන්දෑ කරණ කථාවට ත් ආලය හැර බණ හා ම කථා කරණ සේක. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි. ධර්මාේරාම තෙරුන් වහන්සේට මුඹ වහන්නේ කෙරෙහි ස්නේහ පමණකු ත් නැත. ‘බුදුන් පිරිනිවන් පානා සේක. කළ මනා කිම් දැ’යි යන කථා පමණකුත් අප හා කරන්ට නැත. වෙන් ව ලා ම ඇවිදිනා සේකැ’ යි දැන් වූ සේක. බුදුහු ත් ඔබ කැඳවා ගෙන්වාලා ‘සැබෑ ද ? තොපි තෙල සෙල කරවු දැ’යි විචාරා ‘සැබැව’ යි කි කල්හි ‘කුමක් නිසා එ ලෙස කරා දැ’යි විචාර ‘සැබැව’ යි කී කල්හි ‘කුමක් නිසා එ ලෙස කරා දැ’ යි විචාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේ සාර සමක් විවරින් පිරිනිවෙන හෙයිනු ත් මා තව රහත් විය නුහුණු හෙයිනු ත් වනු නිසා උත්සාහ කොට ගණ සඞ්ගනිකා වාස ය හැර ධර්මුය ම සිතමින් දවස් යවමී’ කී සේක.

බුදුහු ත් තුන් විටෙක සාධු කාර දෙවා වදාරා ‘මහණෙනි, මා කෙරේ ළෙන් ගතු කෙණකුන් කළ මනා තෙල ලෙස ම ය’ යි වදාරා තමන් වහන්සේ පිරිනොනිවෙන තෙක් ‘ධර්මාෙරාම තෙරුන් වහන්සේ රහත් කරවනු නිසා බණ වදාරන සේක් ‘ශමථ විදර්ශසනාදි ධර්මනයෙහි ඇලී වසන්නා වූ, කියත ත් ඊ ම දෙයක් කියන්නා වූ සිතතත් ඒ ම සිතන්නා වූ මහණ ප්රනගුණ ග්ර න්ථයක් සිතින් හැරී නොයන්නා සේ සත් තිස් බොධි පාක්ෂික ධර්මූයෙනු ත් නවලොවුතුරා දහමිනු ත් පඤ්චවොකාර භවයෙහි නාම රූප දෙක මෙන් වෙන් නො වෙති වදාළ සේක. දෙශනා කෙළවර ධර්මාකරාම තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ යෙහින් සත් පුරුෂයන් විසින් සසර දුක් අත් හරිනට සිත තොත් ධර්මහභියොග ය අත් නො හරනට සිතිය යුතු.

267. විපක්ෂත සේවක භික්ෂූන් වහන්සේ ගේ වස්තුව 1049

267. විපක්ෂත සේවක භික්ෂූන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

	තව ද විපක්ෂය භජන නපුරු නියාව හඟවන්ට විපක්ෂ සේවක භික්ෂූන් වහන්සේ ගේ  වස්තුව දක්වමු. 

කෙ සේ ද යත් - ඒ භික්ෂූන් වහන්සේ ට ද වැළි ත් මිත්ර ව හිඳිනා නමෙක් දෙව දත්ත පක්ෂකයෙහි ය. ඒ දෙවදත්ත පාක්ෂික නම ත් එක් දවසක් වහන්දෑ හා එක් ව සිඟා වළඳා පියා එන භික්ෂූන් වහන්සේ දැක ‘කොයි ද ‍ගියේ ය’ යි විචාරා ‘සිඟා වළඳන්ට අසවල් තැනට ගියම් හ’යි කී කල්හි ‘සිඟා උපන් දැ’ යි විචාළ දෑ ය. ‘උපනැ’ යි කී කල්හි ‘සිඟා ආයාස ගැන්මෙන් ප්රදයෝජන කිම් ද ? අපට උපදනා නියාව බලවත. එ කි එකී සැළීයේ බත් දස දස දෙකුට සෑහෙන ලෙසින් දවස් පතා බත් සැළි පන් සියයක් විවර උපද්දී . කී ප දවසක් රඳන්ට වුව මැනැවැ’ යි කී දෑ ය. උන් වහන්සේ ද උන් දෑගේ බසින් දවස් ගණනක් රඳා ලා රඳා හිදිනා තැනට ගිය සේක.

වහන්දෑ ද එ පවත් දැන ලා බුදුන් කරා කැඳවා ගෙණ ගොසින් ‘ස්වාමීනි, මූ දෙවිදතුන්ට පක්ෂන ව උන්ට උපන් දෙය වළඳතී’ කී සේක. බුදුහු ත් ‘සැබෑ දැ’ යි විචාරා ‘ස්වාමීනි, මම ඊ එක මිත්ර නමක් නිසා දවස් ගණනක් රැඳිණිමි. දෙවිදතුන්ට මා පක්ෂන ව හුන්නේ නැතැ’යි කී සේක. බුදුහු ත් ‘කිසි සේ ත් තොප උන්ගේ ලබ්ධි ය ගත්තේ නැත. එ තෙකුදු වුව තු දුටු දුටු කෙණකුන්ට නැමී ඇවිදුව. එ ලෙස පැවැත්ම දැන් මතු නො වෙයි. යට ගිය දවස ත් දුටු දුටුවන් කී ලෙසට නැමී ම ඇත් ම ය’ යි වදාරා ‘ස්වාමීනි, දැන් වන්නා දුටු දුටු කෙණකුන්ට නැමෙන බව ප්ර ත්ය ක්ෂ කොට ම දුටුමෝ වේ ද? යට ගිය දවස එ ලෙසක් ඇති නියාව දැනෙන්ට අප නු දුටු හෙයින් නැත. වදාළ යහ පතැ’ යි වහන්දූ ආරාධනා කළ කල්හි මහිලාමුඛ නම් ඇතාණන් ආදි යහපත් තරම් ඇති ව ත් පසු ව ලඟ හිඳ කථා කරණ සොරුන්ගේ සොර කම් පහළ රෞද්රඇ කථා නිසා චණ්ඩ පරුෂ වූ නියාව ත් පසුව බෝසතුන් උපදෙසින් ලග හිඳ කථා කරණ තාපසවරුන්ගේ කුසල් පිළිබඳ කථා අසා ඊට නැමී මෙ‍ළොක් වූ නියාව ත් වදාරන සේක් -

“පොරාණ චොරාන වවො නිසම්ම, මහිලා මුඛො පොථයම’ න්වචාරී, සුසඤ්ඤතානං හි ‍වවො නිසම්ම ගජුත්තමො සසබ්බගුණෙසු අට්ඨා” 1050 සද්ධර්මුරත්නාවලි ය

යනාදීන් මහිලාමුඛ ජාතකය විස්තර කොට වදාරා එකෙක තරයක් නැති චඤ්චල සිත් අති වීමෙන් බොහෝ උවදුරු වන හෙයින් ඒ හරවන නිසා බණ වදාරන සේක් ‘යම් කෙණෙක් සපදානචාරික ධූතඞ්ගානුරූප වූ භක්ෂානටනයෙන් වන්නා වූ ජිවිකාවෙන් ජිවත්වතොත් මුත් එක් විසි අනෙස්නෙන් ජිවත් නො වෙත් නම් ඌ තුමු තමන්ට ම වන්නා වූ ලාභ ය හෙළා දක්නෝ නො වෙති. එ හෙයින් එ ලෙස කට යුතු ය. ධර්මාළන්විත ව තමහට සම්භ වන දෙයක් මුත් අනුන්ට පැමිණෙන ලාභ ත් නො පැතිය යුතු.

අනුන්ට පැමිණෙන ලාභ ය පතන්නා වූ මහණ ඊට ම කරණ යත්නයක් මුත් උපචාර සමාධියකට වේ ව යි, මාර්ගට සමාධියකට වේව යි පැමිණ පත නො හෙයි. අල්පලාභී වුවුත් දිවි පෙවෙත් වටනු නිසා සිඟා ලද දෙයකින් ‍යපෙන්නා වූ අත්යචන්ත පරිශුද්ධ වූ ආජිව ඇති සිඟා ගැන්මෙහි කුසීත නො වන්නා වූ භික්ෂූන්ට දෙවියෝ ත් ප්රිශංසා කෙරෙති’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ලාභ ප්රා ර්ථනාවක් ඇත් නම් ඒ හැර නිවන් ම පතා කුසල් හි හැසිරිය යුතු.


268. පඤචග්ගදායක බමුණන් ගේ වස්තුවසංස්කරණය

තව ද භික්ෂූ ප්රලතිපත්තිය ම භඟවනු නිසා පඤ්චග්ගදායක බමුණානන් ගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත් -

ඒ බමුණානෝ ගොයම් කොට ජිවත් වන කෙණෙක. ඌ තුමු ගොයම් දීම දී පෙරාතු අගහස් බතක් දෙති. කොළ කල විටි ලූ කල අගහස් බතක් දෙති. කොළ මිරිකා වී රැස් කළ කල ත් අගහස් බතක් දෙති. බත් පිස ලා තළියේ නො ලන තෙක් අගහස් බතක් දෙති. තළියේ ලා ලූ කල කන්ට පෙරාතු අගහස් බතක් දෙති. මේ ලෙසින් කෙත1 අක්ඛත ය, කළවිටි2 අක්ඛතය, වී අක්ඛත ය, සැළි අක්ඛත ය, තළි අක්ඛත ය’ යි පස් අගකින් අන් දෙති. බත කන වේලාව පැමිණි කෙණකුන්ට ත් නො දී අනු භව නො කෙරෙති. එ හෙයින් පඤ්චග්ගදායකයෝ ය’යි නම තබා ගත්හ.

බුදුහු උනු ත් බැමිණියනු ත් දෙන්නා අනගැමි වන්ට කළ පින් ඇති නියාව දැන බමුණානන් බත් කන වේලාට ගොසින් 1. කෙතෙක් ‍ බත ය. 2. කළවිට 268. පඤ්චග්ගදායක බමුණානන් ගේ වස්තුව 1051

දොරකඩ වැඩ සිටි සේක. උයි ත් දොර කඩ ගෙට මූණ ලා හිඳ පත් අනුභව කෙරෙති. බුදුන් දොර කඩ වැඩ සිටි නියාව නුදුටු වූ ය. බැමිණිනියෝ ත් බත් ලා ලා සිටි තැනැත්තෝ බුදුන් වැඩ සිටියා දැක ‘මේ බමුණානෝ පස් තැනෙක අගින් දී ලා අනුභව කෙරෙති. දැන් මහණ ගොයුම්හු ත් අවුත් මිදුලේ සිටියහ. ඉදින් බමුණානෝ තුලුන් දැක තළියේ තුබූ බත් දී පූ නම් පෙරළා පිසීම ගහට ය. මෙ සේ කළ කලට බමුණු මහණ ගොයුම් දැක පිය නොහෙයි’ සිතා බමුණානන්ට පසු ව ලා බුදුන්ට තොමෝ පිටි පෑ පියා පුන් සඳ මඬල අත්ලෙන් වසන එකක් මෙන් නැඹුරු ව ලා සිටියා ය. එසේ සිට ත් ගියා දෝ නො ගියා දෝ යි තමා බැලූ නියාව ත් නො හඟවා ම වමැස් කෙළවරින් සොර බැල්මෙන් බලා ලුව.

බුදුහු බික ගෙණෙන වේලා කුම් වුව ත් නිවන් දක්වන වේලා එන‍ තෙක් වැඩ සිටි සේක. බැමිණිනියෝ ද බමුණානන්ට ඇසී යෙති යන භයින් එ තැන සිට අරුණු ය යි කියා ගත නො හී මඳක් පසු බැස ගෙණ ලා සෙමෙන් ම ඇරුණු ය යි දෙ විටක් කොට කියා ලුව. බුදුහු ත් බැමිණියන් ලවා සිනාවක් සෙවා තමන් වහන්සේ සිටි නියාව බමුණානන්ට හඟවනු නිසා ‘මම එ සේ නොයෙමී’ ඉස අවුරා සලා ලූ සේක. ලොක ස්වාමී වූ තිලෝ ගුරු බුදු රජුන් වහන්සේ ඉස අවුරා සලා ලන්නා ම මහ පොළොව වුව ත් ධරා ලිය ‍නො හෙන තරම් ඇති බුදු රජුන්ගේ හිස සැල්ම බලා ඉවසා ගත නො හී කුඩා කොට ඇරුණු කී බැවින් බැමිණි නියෝ මහත් කොට සිනාවක් සී පූ ය. ඒ වේලාට බුදුහු ත් ඇතුළු ගෙට රස් කඳක් විහිදුවා ලු සේක. බමුණානෝ පිටි පෑ ‍ලා හුන් තැනැත්තෝ බැමිණිනියන් සිනා සී පූ හඬ අසා ගෙට ගොසින් හිත්තියේ වැද ගත් සවනක් බුදු රසු ත් දැක පෙරළී බැලූ තැනැත්තෝ බුදුන් දුටු වූ ය.

බුදු රජුන් වහන්සේ නම් ගම දී වුව ත් වල දී වුව ත් හෙතු සම්පන්නයන්ට පෙනී ලා වැඩ නො පියන සේක. බමුණානෝ ද බුදුන් දැක ‘පින්වත, තෝ රාජ පුත්රනයාණන් අවුත් දොර කඩ සිටි කල මට කියා නුලුයෙනැ’යි තී මට කෙළේ මහා අනර්ථ ය. කෙළේ වැරැද්ද ය’ යි කියා කමින් හුන් බත් තළි ය හැර ගෙණ බුදුන් කරා ගොසින් ‘ මහණ ගොයුම්නි, අපි පස් තැනක දී අගින් දී ලා අනුභව කරම්හ. මේ බත් තළිය ත් පැමිණි කෙණකුන්ට දෙනු නිසා දෙ භාගයක් කොට ලා භාගයක් තිබිය දී භාගයක් අනුභව ‍කළම්හ. ඉඳුල් බත් පිළිගන්නේ ඇත් දැ’යි විචාළෝ ය. බුදුහු ‘ඉඳුල් වී න්ම නො කැමැත්තේ ය’ යි නො වදාරා ම ‘බමුණ,


1052 සද්ධර්මනරත්නාවලි ය

ඉඳුල් දෙයට ත් මම නිස්සෙමි. ඉඳුල් නො වන දෙයට ත් මම නිස්සෙමි. මා ලබන පත් ඉඳුල් වුව ත් දුන්නවුන් ලබන ‍ලොවී ලොවුතුරා සම්පත් ඉඳුල් නො වන්නේ වේ දැ’යි වදාරා ලා බුදු වුවත් තමන් වහන්සේ අනුන් නිසා ජිවත් වන නියාව වදාරන සේක් -

යදග්ගතො මජ්ඣතො සෙසතො වා- පිණ්ඩං ලහෙථ පරදත්තූපජිවි, නාලත්ථ තං නොපි නිපච්චවාදී - තං වා ‘පි ධීරා මුනිං වෙදයන්ති

යන ගාථාව වදාළ සේක. බමුණානෝ ඒ අසා පහන්සිත් ඇති ව “ ඉතා විස්ම ය. දීප ස්වාමී වූ රාජ පුත්රහයාණෝ ‘තොපගේ ඉඳුල් බතින් මට ප්රබයෝජන නැතැ’යි නො කියා මෙ ලෙස කියති. නිහතමානිත්ව්යක් යහපත් නියා ය” යි මිදුලේ සිට ම ප්රොශ්නයක් විචාරන්නෝ ‘මහණ ගොයුමාණෙනි, තෙපි තොපගේ සවුවන්ට භික්ෂූ ව්යකවහාර කරව. කුමක් නිසා භික්ෂු වෙත් දැ’ යි විචාළෝ ය.

බුදුහු කෙ සේ වූ දෙශනාවෙක් මුන්ට සත්ප්රානය දෝ හෝ යි විමසන සේක් ‘මු දෙන්න ම කසුප් බුදුන් සමයෙහි විදම් කථා කරන්නවුන් ගෙන් නාම රූප ය යන කථාව ඇසූ විරූ ය. නාම රූප ය නො හැර ම මුන්ට බණ කීම වටනේ ය යි’ සිතා වදාරා සංක්ෂොප පුඩුවෙන් එකුන් අනූවන් පමණ වූ ත්, මධ්යසම පුඩුවෙන් එක්සිය එක් විස්සක් පමණ වූ ත්, විස්තර පුඩුවෙන් බොහෝ වූ ත්, සියලු චිත්තයෙහි ත් දෙ පණසක් පමණ චෛතසිකයෙහි ත් භූතොපාදාය වශයෙන් අට විසි වැදෑරුම් වූ ත්, සියලු ම රූපයෙහි ත් මමායන ය කට යුතු කිසි ත් ලෙසක් නැති හෙයින් යම් කෙණකුන ට ත් ඊ මමායන ය නැත් නම් නැවත ඒ නාම රූප දෙක නට ත් ‘ නස්නා සුලු දෙය නට. මට ඉන් කිම් දැ’යි සිත ත් මුත් ශොක නො කෙරේ ද, භික්ෂූ ව්ය වහාරය ඕ හට නිර්ව්යකජයෙන් ලැබෙ’යි වදාළ සේක. දෙශනා කෙළවර බමුණානෝ ත් බත් දෙන්ට මැළි වූව ත් නිවන් ලබන්ට මැළි නො වූ බැමිණිනියෝ ත් දෙන්නම අනගැමි වූහ. තව ත් බොහෝ දෙනාට දෙශනාව සප්ර යොජන විය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පඤ්චග්ගදායක බමුණාණන් මෙන් ත්යායගාධ්යනශය අති ව දානාදි වූ පින් කම හැසිර එයින් ජනිත වූ කුශලානුභාවයෙන් භව සැප ත් වළඳා කෙළවර නිවන් අත් කට යුතු.


269. බොහෝ වදන්දෑ ගේ වස්තුව 1053

269. බොහෝ වහන්දෑගේ වස්තුවසංස්කරණය

තව ද කුසල ධර්ම යෙහි යම් කෙණෙක් හැසිරෙත් නම් කුසල ය උන්ට පිහිට වන නියාව හඟවන්ට බොහෝ වහන්දෑ ‍ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් - එක් සමයෙක ආයු බොහෝ වූ කසයින් මහ තෙරුන් වහන්සේ අවත්නි1 නම් දනවුවෙහි කුරරඝර නම් නුවර නිසා පවත්ත නම් පව්වෙහි වසන සමයෙහි කෙළක් වටනා ආභරණයක් කන පළඳනා යෙහින් කුටිකර්ණ සොණ නම් වූ උපාසක කෙණෙක් කසයින් මහ තෙරුන් වහන්සේගේ කථායෙහි පැහැද ඔබ ලඟ මහණ වනු කැමැති ව ඔබත් දෙ වාරයක් කොට ම ‘ශීල සංරක්ෂ ණය බැරි දෙයක් වේ දැ’යි වදාළ ‍ත් මහණ වීමෙහි තර අදහස් ඇති බැවින් තුන් වැනි වාරයෙහි තර ව කියා මහ තෙරුන් වහන්සේ ගිවිස්වා ගෙණ මහණ ව දකුණු දිග ගණ පුරක වහන්දෑ ලැබගැන්ම බැරි හෙයින් තුන් හවුරුද්දක් ගිය කලට උපසම්පදා ව ත් ලදින් බුදුන් නො හඳුනන හෙයින් බුදුන් දක්නා කැමැති ව උපාද්ධ්යාවය වූ කසයින් මහ තෙරුන් වහන්සේ ට කියා ලා ඔබ ගේ ත් මෙහෙවරීන් දෙව්රමට ගොසින් බුදුන් වැඳ ලා බුදුන් ගෙන් සාද සාමිවි ත් ලදින් එක ගඳ කිළියේ ම සැතපෙන්ට විධාන කළ කල්හි රෑ දවස බොහෝ වේලක් අබවස සක්මන් කිරීමෙන් දවස් යවා මැඳ යම් දස පැය ගඳ කිළියට වැද සැත පී ලා අළුයම බුදුන්ගේ විධානයෙන් සූත්රැ නිපාතයෙහි අෂ්ටක වර්ගාඑදී වූ සූත්රව මුළුල්ල‍ ම පිරිවූ සේක. පිරිවා අන්තයෙහි බුදුහු තුන් විටක් කොට ම සුවඳ කරඬුවෙක පිධානයක් හළුවා සේ සියලු ගඳ කිළි ය මුඛ සුගන්ධයෙන් සුවඳ කෙරෙමින් සාධුකාර දුන්සේක.

බුදුන්ගේ සාධු කාර අසා බූමාටු දෙවියන් පටන් අකනිටා බඹ ලොව දක්වා සාධු කාර නාදයෙන් එකනින් නාද වි ය. ඒ වේලාවට ම දෙව්රම් වෙහෙරට සාර සිය අසූ ගව්වකින් ඔබ්බෙහි වූ කුරරඝර නම් නුවර ඒ කුටිකරණ සොණ තෙරුන් වහන්සේගේ මවු උපාසිකාවන්ගේ ගෙයි අධිගෘහිත දෙවතාවා ත් මහත් කොට සාධුකාර දින. තෙරුන්වහන්සේගේ මවුඋපාසිකාවේ ත් ‘සාධුකාර දින. තෙරුන්වහන්සේ ගේ මවුඋපාසිකාවෝ ත් ‘සාධු කාර දෙන්නෝ කවුරු දැ’යි කියා විචාරා ‘නගණ්ඩ, මම ය’ යි කී කල්හි ‘තෙපි කවුරු දැ’යි විචාළහ. මුඹගේ ගෙයි අධිගෘහිත දේව තාවා ය’යි කිවු ය. ‘මෙ තෙක් කල් මුළුල්ලෙහි සාධු කාරයක් නො දී අද කුමක් නිසා සාධුකාර දුනු දැ’යි විචාළ කල්හි ‘මුඹට දුන් සාධු කාර නැතැ’යි කිවු ය. ‘එ කල සාධු කාර දුන්නේ කාට දැ’යි විචාළ කල්හි ‘මුඹගේ පුත් වූ කිටිකර්ණ සොණ තෙරුන්වහන්සේට ය’යි කිවු ය. 1. අවන් 1054 සද්ධර්ම්රත්නාවලි ය

සාධු කාර දෙන තරමට උන් වහන්සේ කීයේ කෙළේ කිම් දැ’ යි විචාළේ ය. ‘මුඹගේ පුතණුවන්‍ වහන්සේ අද බුදුන් හා එක ගඳ කිළියෙහි සැතපී ලා පාන්දඩ වේලේ බණ පිරිවූ සේක. බුදුහු ඔබගේ බණ අසා පැහැද සාධු කාර දිනිමි. මා තබා බූමාටු දෙවියන් පටන් බඹ ලොව බඹුන් දක්වා ත් සාධු කාර දුන්හ’යි කීහ. ‘කුමක් ද ? ස්වාමීනි, ම පුතණුවන් වහන්සේ බුදුන්ට බණ වදාළ සේක් ද ? බුදුහු ම පුතණුවන් වහනසේට බණ වදාළ සේක් දැ’ යි විචාළෝ ය. ‘මුඹගේ පුතණුවන් වහන්සේ බුදුන්ට බණ කී සේකැ’ යි දෙවතාවාණන් කියන්නා ම උපාසිකාවන්ට පස් වනක් ප්රීණති ඇඟ, මුළුල්ල පැතිරිණ. ප්රීේතින් පිනා ගොසින් ලා ‘ඉදින් ම පුතණුවන් වහන්සේ බුදුන් හා ගඳ කිළියෙහි සැතපි ලා ඔබට බණවදාරන්ට බල ඇති වී නම් මට ත් බණ වදාළ හෙණ සේක. ම පුතණුවන් වහන්සේ මුඹ වැඩි කල බණ අසමි’ සිතූහ.

සොණ තෙරුන් වහන්සේ ද තමන් වහන්සේගේ සූත්ර බණ අසා බුදුන් සාධුකාර දුන් කල්හි ‘මේ අපගේ උපාධ්යාළයයන් වහනසේ කියා එවා වදාළ මෙහෙවර කන්වන්ට කලැ’ යි බුදුන්ට පසල් දනවුවල විංශති වර්ගක සඞ්ඝයා වහන්සේ වුව ත්, දශ වර්ගඅ සඞ්ඝයා වහන්සේ වුව ත්, ලබන්ට බැරි හෙයින් විනයධර නම් ඇතුළු ව පස් නමක් විවරින් මාලු පැවිදි කිරීමට අනුදැනුම් ආදිවූ පස් වරය ඉල්වා ගෙණ කී ප දවසක් බුදුන් ලඟ ම රඳා ලා උපාද්ධ්යානයයන් වහන්සේ ලඟට යන නියාව බුදුන්ට දන්වා ලා දෙව්රමින් නික්ම ඒ ඒ තැන සැතපි සැතපි උපාද්ධ්යාදයයන් ලඟට ගිය සේක.

කසයින් මහ තෙරුන් වහන්සේ ද දෙ වන දවස් උන් වහන්සේ කැඳවා ගෙණ සිඟා වඩනා සේක් කුටිකර්ණ සොණ තෙරුන් වහන්සේගේ ලමන්දු උපාසිකාවන්ගේ ගෙට වැඩි ‍සේක. ඔයි ත් පුතණුවන් වහන්සේ දැක සතුටු ව වැඳ ලා දන් සකස් කොට වළඳවා වළඳා අන්තයෙහි ‘පුතණුවන් වහන්ස, මුඹ වහන්සේ බුදුන් හා එක ගඳ කිළියෙහි සැතපී ලා ඔබට බණ වදාළේ සැබෑ දැ’යි විචාළේ ය. ‘ලමන්දුනි, මුඹට කීවෝ කවුරු දැ’යි විචාරා වදාළ සේක. “පුතණුවන් වහන්ස, මේ ගෙයි අධිගෘහිත දේවතා වාණෝ මහත් කොට සාධු කාර දී ‘සාධු කාර දුන්නෝ කවුරු දැ’යි විචාළ හෙයින් තමන් නියාව කියා ලා ‘කුමකට දැ’ යි විචාළ හෙයින් මුඹ වහන්සේගේ බණ අසා බුදුන් සාධුකාර දුන්




269. බොහෝ වහන්දෑ ගේ වස්තුව 1055

හෙයිනැ යි කිවූ ය. මිනිස් ලොව පටන් බඹ ලොව දක්වා දෙවි මිනිසුන් මුළුල්ල ම සාධුකාර දුන් නියා ව ත් කිවුය.

මම ඒ අසා ‘ඉදින් ම පුතණුවන් වහන්සේ බුදුන්ට බණ කී සේක් නම් බණ සියලු ලෙසින් දන්නා ඔබට කියා ලිය හුණු පසු බණ වැ‍ඩියක් නො දන්නා තැනැත්තියට කියා ලිය හෙන සේකැ’යි සිතිමි. පුතණුවන් වහන්ස, මුඹ වහන්සේ බුදුන්ට බණ වදාළේ ඇත්නම් මට ත් බණ වදාළ හෙණ සේක. අසවල් දවස බණ අසනු කැමැත්තෙමි’යි කිවු ය. තෙරුන් වහන්සේ ත් ඉවසු සේක. උපාසිකාවෝ ද වහන්දෑට මහ දන් දී ලා බණ පූජා ත් සරහා ලා පුතණුවන් වහන්සේ ගේ බණ අසනු නිසා ගෙය බලා හිඳිනට එක ම කෙල්ලක රඳවා ලා සියලු ම කෙළි - කොල්ලන් හැර ගෙණ පුතණුවන් වහන්සේ බණ වදාරන තැනට බණ අසන්ට ගියහ.

එ කල සොරු නව සියයෙක් ඒ උපාසිකාවන්ගේ සම්පත මහත් යෙහින් සොරා හැරගන්ට අවසරයක් බල බලා ඇවිදිනාහු මෙ තෙක් දවස් මුළුල්ලෙහි අවසරයක් ම ලද නුහුණ වූය. අවසර නො ලබන්ට කාරණ ක‍වරේ ද යත් - උන්ගේ ගෙය වටා පවුරු සතක් හා වාසල් ‍සතෙක් ඇත. ගෙය සිසාරා වට කොට කීන බල්ලනු ත් බැඳ සිටුවති. සේනන්කනින්1 පැන් වැගිරෙන තැන වට කොට ම ගැඹුරු කොට අගලක් කණවා ලා තුඹ පුරා ලූ ය. එ දාවල් අවුවෙන් විරී හුණු ව ලෝ දිය මෙන් සිටටි. රැ දවසට තව ද ගොසින් ගල් පවුරක් මෙන් සිට්ටි. භික්තියට ත් තුඹය ට ත් 2 අතුරෙහි මහත් කොට ලා යහුල් ඝන කොට ගුඹුරේ බිම හිඳුවා ලූ ය. මෙ‍ සේ රකවල තර හෙයිනු ත් උපාසිකාවන ගෙයි හෙයිනු ත් අවසරයක් ම ලද නුහුණු වූ ය.

එ දවස් උපාසිකාවන් බණ අසන්ට ගිය නියාව දැන උමං බිඳිනාහු තුඹ අගලව ත් යහුලට ත් යටතින් බිඳ ගෙණ ගෙට වැද ලා ඉදින් අප සොර කමට වන් නියා ව දැන ගෙට එන දෑ වි නමුත් මරා පිව මැනවැ’යි කියා ලා සොර දෙටුවා උපාසිකාවන් ලඟට යවු ය. උයි ත් ගොසින් උන් ලඟ සිටියේ ය. සොරුන් ගෙට වැද ලා පානක් නඟා ගෙණ මසුරන් තිබෙන ගබඩාවේ දොර හල වූ ය. ගේ බලා හුන් කෙළි ත් සොරුන් ගෙට වැද මසුරන් තුබූ ගබඩාවේ දොර හැර රන් හැරගන්නා නියා ව දැන උපාසිකාවන් ළඟට, ගොසින් ‘ස්වාමීනි, සොරු නැතක් දෙන ම ගෙට වැද ලා

1. සේනංකනින් 2. තුඹසක් .


1056 සද්ධර්මංරත්නාවලි ය

මසුරන් තුබු ගබඩාවේ දොර හළවු ය’යි කිව. උපාසිකාවෝ සොරු තමන් දුටු මසුරන් ගෙණ යෙත්වයි. මම මාගේ පුතණුවන් ‍වහන්සේ වදාරන බණ. අසමි. මා අසන බණට බාධා නො කොට තෝ ගෙට පලා ය’ යි කියා ලා කෙල්ල යවා පු ය. සොරුන් අතට සම්භ නූ වූ දෙයක් මුත් මසුරන් මුළුල්ල ම හැර ගෙණ රිදී තිබෙන ගබඩාවේ දොර හළ වූය. කෙළි නැවත ත් ගොසින් එ පවත උපාසිකාවන්ට කිව.

උපාසිකාවෝ සොරු තමන් කැමැත්තක් කෙරෙත්ව යි. රන් රිදී හැර ගනිත ත් අද ම පුතණුවන් වහන්සේගෙන් මා ලබන දහම් රුවන් හැර ගත නො හෙන්නෝ වේ ද ? අද මා අසන බණට බාධා නො කොට තෝ ගෙට නැගීයව’ යි කියා කෙල්ල යවාපීහ. සොරු රිදී ත් අත් පත් ගා හැර ගෙණ රත්රන් තිබෙන ගබ‍ඩාවේ දොර හළ වූහ. කෙළී පෙරළා ත් කියන්නාහු කෙල්ල ‍තෝ දෙ තුන් විටක් කොට ම මා කරා එයි. සොරු තමන් කැමැත්තක් කෙරෙත් වයි. මාගේ පුතණුවන් වහන්සේගෙන් මා අරුමයක් සේ ලබන බණට බාධා නො කරව. මා දෙතුන් විටක් කොට කීව ත් පෙරළ පෙරළා ත් මා කරා එන්නට කාරණ කිම් ද? පෙරළා අයි නම් ඊට නිහඟ දනිමි’ කියා ලා යවා පීහ.

සොර දෙටුවාණෝ ත් ලඟ සිටි තැනැත්තෝ දෙතුන් විට ම උපාසිකාවන් කී කථාව අසා ලා මෙ තරම් මැදහත් කෙණකුන්ගේ සම්පත් වස්තු ලොභයෙන් හැර ගතුමෝ නම් ජිවිත ලාභය ‍ත් නැති ව හිස සත් කඩක් ව පැළී ගිය ත් නපුර. කළ මනා ම දෙ හැරගත් දෙය පෙරළා පනත් කොට ආදී තුබූ ලෙසින් ම තබව’යි විධාන කළහ. උයි ත් මසුරන් තුබූ ගබඩාවේ ද. රිදී තුබූ ගබඩා වේද, රත්රන් තුබූ ගබඩාවේ ද, ආදි තුබූ ලෙස ම තුබූහ.

යහපත් කොට පිරිමසා ගත් දෑ නැවත නැවත සිටියවුන් රක්නා සේ සුචරිත ධර්මිය ත් සුචරිත පුරකයන් රක්කි.

“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති. එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ - න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි”

යනු එ හෙයින් ම වදාළ සේක.


269. බොහෝ වහන්දෑ ගේ වස්තුව 1057

සොරු තමන් හැර ගත් වස්තුව පෙරළා ත් පනත් කොට තබා ලා වස්තුයෙහි ආල ය හළුවා සේ ම සොර කමෙත් ආල ය හැර හැම දෙන ම බණ අසන තැනට ගොසින් සිට තුබූ අ‍ඩු බණ ඇසුහ.

කුටිකර්ණ සොණ තෙරුන් වහන්සේ ත් තුන් යම් රාත්රිආ ය මුළුල්ලෙහි ම බණ වදාරා පාන් වූ කලට හස්නෙන් බට සේක. එ වේලෙහි සොර දෙටුවා බණ වදාළ තෙරුන් වහන්සේ සිටිය දි මුල් ව සිටි හෙයින් වදනා සේ උපාසිකාවන් වැඳ ගෙණ වැදහොව. ‘ස්වාමිදුවණියනි, කමන්නැ’ යි කීය. හැයි, කුමක් දැ’යි විචාළෝ ය. වස්තු ලොභයෙන් අනික් වෛරයක් නැත ත් මුඹ වහන්සේ මරන්ට ය යි මෙ තැන රැක ගෙණ සිටියෙමි. ඒ හෙයිනැ’ යි කී ය. ක්ෂීමාව නම් මෙ සේ වූ දෙයට වේ ද ? ක්ෂනමා කෙරෙමී’ කිවූ ය.

සෙසු සොරුනු ත් එ සේ ම වැඳ වැතිර පියා ක්ෂ‍මා කරන්ට කියා ‘ක්ෂයමා කරම්හ’ යි කී කල්හි ‘මුඹ වහන්සේ ක්ෂාමා කළ සේක් වී නම් අප හැම දෙනා මුඹ වහන්සේගේ පුතණුවන් වහන්සේ ලඟ මහණ කරවා ලුව මැනව. සොරකම් හැරෙන්නේ වේ දැ’යි කීය. උපාසිකාවෝ ද ‘පුතණුවන් වහන්සේ වැඳ ලා පුතණුවන් වහන්ස, මේ සොරහු මාගේ ගුණයෙහි ත් මුඹ වහන්සේගේ ගුණයෙහි ත් පැහැද මහණ වනු කැමැත්තෝ ය. උන් මහණ කළ යහපතැ’යි කිවූ ය. තෙරුන් වහන්සේ ත් යහපතැ යි ගිවිස සිවුරු කරන්ට කල් යන යෙහින් උන් හන් පිළියේ ම දවලු කපවා පියා ගුරින් රඳා පියා මහණ කොට දසසිල් වූ සේක.

ඒ නව සියය ම උපසම්පන්න වූ කලට එකි එකී සියයට වෙන වෙන ම කමටහන් දුන් සේක. ඒ නව සියයක් දෙනා වහන්සේ ම නව සියයක් කමටයන්ගෙණ කොට ඇවිදිසොරකම් හැර කෙළෙස් සොරුන් නසනු නිසා එක් පර්වයතයකට නැඟී ලා වෙන වෙන රුක් මුල්වල හිඳ මහණ ධමට පටන් ගත් සේක. බුදුහු ත් සාර සිය අසූ ගවුවෙකින් ඔබ්බෙහි දෙව්රම වැඩ හිඳ ඒ නව සියයක් දෙනා වහන්සේ වල සැඟවී හුණන් දැක චරිතානුකූල බණ නියම කොට ලා රස් කඳක් විහිදුවා ලා ලඟ හිඳ කථා කරන්නාක් මෙන් ම බණ වදාරන සේක් ‘යම් කෙණෙක් තුමු මෛත්රී ධ්යා්න උපදවා වුව ත් නිකම් වුව ත් සියල්ලවුන් කෙරෙහි මෙත් සිත් ඇති ව බුදු සස්නෙහි පැහැද වෙසෙත් ද , එසේ වූවාහු නිවනට පැමිණෙති. තව ද මහණෙනි. මෙ ම අත් බැව් නමැති නැව්වල 34


1058 සද්ධර්මමරත්නාවලි ය

මිත්යා න විතර්ක නමැති දිය උනා පිරී සිටී නම් සසර නමැති මුහුද ගලා පිය යි. එ හෙයින් විවසුන් අතින් හිස පියව. කුමක් නිසා ද යත් -

යම් සේ මුහුද යන්නා වූ නැව්වල සිදුරු වලින් වදිනා පැන් සිදුරු හැසවා ලා හිස පී කලට සැල්හු ව ගොසින් මුහුද නො ගැලී වහා පටන් තොට වලට බසී ද, එ පරිද්දෙන් මිත්යාු විතර්කට නමැති දියෙන් ම පිරුණු අත් බැව් නමැති නැව චක්ෂුරාදි වූ ද්වාර නමැති සිදුරු සංවර නමැති කීල් වසා ලා මිත්යාට බ විතර්කත නමැති දිය විවසුන් අතින් හිස පී කලට සෑල්හු ව ගොසින් සසර මුහුද නො ගැලී නිවන් පර තෙරට වහා පැමිණෙ යි. සසර නමැති කණුවෙහි බඳනා කෙලෙස් නමැති බහනු ත් විවසුන් අතින් සිඳුව. එ සේ සිඳ පු නම් රහත් ව අනුපධිශෙෂ නිර්වාුණ ධාතුවට ත් පැමිණෙ ව. තව ද පය බැඳ ලූ ලූ ලණුවක් කපන කලක් මෙන් සැව තුන් මගින් දෘෂ්ටි සංයොජනා දී වු පාත් ව තිබෙන අපායට පමුණුවන ඔරම්භාගිය සංයොජනයන් පස් දෙනා ත් සිඳුව.

තව ද බොටුව බැඳ ලු ලණුවක් කපන්නාක්හු මෙන් උඩ දෙව් ලොවට බඹ ලොවට පමුණුවන්නා වූ රූප රාගාදී උද්ධම්භාගිය සංයොජනයන් පස් දෙනා ත් රහත් මගින් නසව. ඒ උද්ධර්මසභාගිය සංයොජන‍යන්ගේ ප්රවභාණ ය නිසා ශ්රරද්ධෙන්ද්රිායාදී පඤ්චෙන්ද්රිනය ය නු ත් වඩව. යම් කෙණෙක් රාගසඞ්ගය, දොෂසඞ්ගය, මොහසඞ්ගය මානසඞ්ග ය, දීෂ්ටිසඞ්ග ය. යන පඤ්ච විධ සඞ්ග ය ඉක්ම වූ නම් කෙලෙස් මහ වතුරින් එ තෙර වූවා නම් වෙති. මහණෙනි , තෙපි ආරම්මණුපනිද්ධ්යාසන - ලක්ෂ ණූපනිද්ධ්යානනයෙහි දෝ හෙවත් සමථභාවනා - විපස්සනා භාවනාවෙහි යෙදී වසව. ප්රෂතිපත්ති පුරණයෙහි පමා ත් නො වව. තොපගේ සිතු ත් පස් කම් ගුණයෙහි නො පවත් ව ව. පමා ව වැසි නිරා දුකට පැමිණ බත් ගිලූ උගුරෙන් ලෝ ගුළි ත්1 නො ගලව 2. ඉතා දුකැ යි හඬන්ට ත් නො කැමැත් තේය. නුවණ නැත්තවුන්ට සිත එකඟ වීමක් නැත. එ සේ ම සිත එකඟ වීම් නැත්තවුන්ට විදර්ශවනා - ප්රකඥා ත් නැත. යම් කෙණ කුන්ට සමථ විදර්ශමනා දෙක ඇත් නම් ඌ නිවනට ලං ව සිටිති.

තව ද ආරණ්යැ - වෘක්ෂං මූලාදි වූ විවෙක ස්ථානයක හිඳ සන්සුන් සිතින් භාවනා කරන්නවුන්ට සමථ භාවනා වී නම් මාර්ගව ත් උපද්දී. තව ද යම් කෙණෙක් රූපස්කන්ධාදී වූ පඤ්චස්කන්ධ‍යන්ගේ උදය ලක්ෂපණය ය පස් වීසි ආකාරයෙකින් හා ව්යදය ලක්ෂ්ණය ත් පස් විසි ආකාරයෙකින් සලකා ප්රීවති ප්රරමොද්යීයක්

1. ලෝගුළුත්. ලෝ ගලාත් 2. නො ගලව. නො ලව

270. පන්සියක් දෙනා වහන්සේ‍ ගේ වස්තුව 1059

ලැබෙත් ද සප්රෝත්ය ය වූ නාම රූපය ත් විභූත වීමෙන් ඒ ප්රීකති ප්රවමොද්යස ය අමා මහ නිවනට පමුණුවන හෙයින් නුවණැත්තවුන්ට ධාතු බෙදු ද්රොවණය ත් ධාතු වූවා සේ ම නිවන් ම වෙයි. තව ද මේ ශාසනයෙහි නුවණැත්තවුන්ට ආජිව කවරේ ද යත් - චතු පාරිශුද්ධිශිලය ය. එ හෙයින් සිවු පිරිසුදුසීලත් තර ව පිහිටව, ධුර ද්වයින් පිටත් ව වසන පවිටු මිත්රලයන් හැර අත්යවන්ත පරිශුද්ධ වූ ආජීව ඇති ජඞ්ඝා බලයෙන් ම රැකෙන හෙයින් නුකුසී වූ කල්යා්ණ මිත්ර්යන් ම භජන ය කරව. තව ද ආමිස පටිසන්ථාර ධම්ම පටිසන්ථාර දෙක ම පවතු ව වත් පිළිවෙත ත් යෙදී වසව. මෙ ලෙසින් විසීමෙන් සසර දුක් ගෙවෙ යි’ වදාළ සේක. මෙ සේ බුදුන් වදාළ ගාථා නවයෙන් එකි එකී ගාථාවක් වදාරා නිමවා ලන්නා සඟ සිය ය සිය ය හුනස්නේ හිඳ ම සිවු පිළිසිඹියා පත් රහත් ව අහසට පැන නැඟී ලා ආසින් සාර සිය අසු ගවුව මඟ ගෙවා දෙව්රම් වෙහෙරට ගොසින් බුදුන් වැඳි සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ආදි සොරු ව විසූ නවසියයක් දෙන වහන්සේ යම් කෙලෙස් සොර කෙණකුන්ගේ සහායෙන් එ ලෙස කළ සේක් වී නම් ඒ සොරුන් හැම නසා සසර දුක් ගෙවුවා සේ සසර දුක් ගෙවන්ට ම උත්සාහ කටයුතු. _________

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxv&oldid=5702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි