340. සංක්ෂි පත්ත ගෞතම බුද්ධ චරිතය.සංස්කරණය

කෙලෙස් සතුරන් හා සටන ත් ප්රතයොග බලයකින් මුත් නිකම් කට නො හැක්ක යි සිතා සමථ භාවනා විදර්ශ නා භාවනා නමැති යුද්ධ ප්රටයොග ත් දැන ගෙණ කෙලෙස් නමැති සතුරන් විදිනා අකුසල් නැමති හී දඬු ඇඟ ‍වැද නො ගන්නා නිසා සිල් නමැති සන්නාහ ලා ගෙණ නුවණ නැමැති අසුන් නැඟී සමථ හස්තයෙන් අර්පණා ඵලක ය විදර්ශ නා හස්තයෙන් මාර්ගන ඥාන නමැති කඩුව හැර ගෙණ බල ධර්ම නමැති සෙනඟ පිරිවරා කෙලෙස් රණ බිම වැද කෙලෙස් සතුරන් නසා අසංඛ්යස ගණනු ත් රඳා හිඳිනට අවසර ඇති නිවන් රට සාධා ගෙණ සාධා ගත් නිවන් රට පිහිටි සිවු පිරිසිදු සිල් නැමැති කෙලෙස් සතුරන් වැද්ද නො හැකි අගළ ඇති සවිතර්ක සවිචාර සමාධි ය, අවිතර්ක අවිචාර සමාධිය, සප්රීතතික සමාධි ය, නිප්රීකතික සමාධි ය, උපචාර සමාධි ය, අර්පණා සමාධි ය, මාර්ගතසමාධි ය, ඵල සමාධි ය යි කියන ලද සමාධි නමැති බඹ ලොවට වුව ත් උස ඇති මහ පවුරක් ඇති, චතුර් විධ වූ ආය්ය්ධි මාර්ගත නමැති වාසල් සතරක් ඇති, ඵල සම වත් නැමැති අට්ටාල ඇති, සිහිවටන් නමැති වීථි ඇති චතුරාය්ය් ඇත සත්යත නමැති අංගාණි ඇති, සත් තිස් බොධි පාක්ෂික ධර්ම නමැති රුවන් තබා විකුණන සල්පිල් ඇති-

	අබුද්ධොත්පාද කාලයෙක සිස් ව ත් බුද්ධොත්පාද කාලයෙක අරී පුඟුලන් ගෙන් පිරි සිටිනා නිවන් මහ නුවරට වදනා ගමන් සර්වරඥ නමැති හිමාලය පර්ව්තයෙන් හි නිවන් මහ මුහුදට ගොසින් වන් අෂ්ටාංගික මාර්ගා නමැති පැණින් පිරුණු පය්‍ර්යහප්ති - ප්ර්තිපත්ති නැමැති මෙ තෙරක් ඇති, ප්රවතිවෙධ නමැති එ තෙරක් ඇති, සදහම් නමැති මහ ගඟින් නා පියා චතුර් විධ ආය්ය්ත්ත මාර්ගර නැමති වාසල්වලින් වැද විවසුන් මහ වෙය හොස්සේ ගොසින් එම 

341. සංක්ෂිප්ත ගෞතම බුද්ධ චරිත ය 1213

නිවන් නුවර පිහිටි විවසුන් නැමති තිර ලෙඛා ඇති, අෂ්ටාංගික මාර්ගි ජලයෙන් පිරී සිටිනා පඤ්චවිධ විමුක්ති නමැති පස් පියුමෙන් සුසන්තර සිහිවටන් ආදී වූ දහම් නැමති මසුන් ඇති, නිවන් පොකුණේ පැන් බී ගෙණ, හිරි-ඔතප් නමැති සළු හැඳ, සිල් නමැති සුවඳ විලවුන් ගෙණ, ශ්රේද්ධාදී ගුණ ධර්ම නැමැති ආභරණ ලා සැරහී ගෙණ, බල ධර්ම නමැති සෙනඟ පිරිවරා, දහ සක් නය නමැති ඇමැත්තන් පිරිවරා, මෙත්තා කරුණාදී ගුණ ධර්ම නමැති පුරඟනන් හා සමඟ, කුශල ධර්ම නමැති හට්ට වරුන් ලවා, කීර්ති නමැති ආශීර්වාකද කරවමින් එ නුවර පිහිටි ඉද්ධිපාද නමැති ටැම් ඇති, සෘධි ය නැමැති පේකඩ ඇති, ආයතන නමැති දැව වළලු ඇති, ධාතු නමැති පෝරු ඇති, සෙසු ත් ලොවුතුරා දහම් නමැති සඟල සඟාලියම් උඩුමාල් පා ගොනැස් පූට්ටු ආදි ය ඇති, නව ලොවුතුරා දහම් නමැති නව මාල් පායේ අට වැනි මාලට නැඟී ලා- ‍ තුන් ලෝ පතල කීර්ති නමැති ධවලච්ඡත්රට ය යට පනවන ලද අර්හත් ඵල විමුක්ති යහනෙහි හිඳ ප්රිත්‍ය සන්නිශ්රිඅත ශීලයෙහි ධැමින් සෙමින් උපන් සතර පසයෙහි ලොහ - ද්වෙෂ - මොහ දුරු කොට නා මනා මඳ බොහෝ නො ඉල්වා සසර කතර ගෙවන්නට කාරණ සලකා පස් විකීමෙන් අපගේ බුදුහු ගිහි අවස්ථාවෙහි පිය මහ රජුන් විසින් කරවා දුන් රම්ම ය, සුරම්ම ය, සුභ ය යන මාළිඟා තුනෙහි බිම්බා බිසොවුන් ප්ර්ධාන වූ සතළිස් දහසක් පුරඟනන් පිරිවරා ශක්රඟ සම්පත් විඳ කුසී ව මිනිස් සම්පත් විඳිනට බට ශක්ර දේවේන්ද්රර ලීලාවෙන් විසි නව හවුරුද්දක් ගිහි සැප ත් වළඳා මහණ වීම කල් යන හෙයින් පැරුම් නමැති රජ දරු වන්‍ ගෙන් මහණ වන්ට විධානයේ ආ බාල කෙ‍ණකු මෙන් බිම්බා බිසොවුන් කුසින් රහල් කුමරුන් උපන් දවස් ම අස් වාහනයකින් ගොසින් මහණ ව සාවුරුද්දක් බුදු වන්ට වීය්ය් උප කොට බුදුවන තැනට -

බුදු වන දවස් කිරි බතක් දෙමී පතා කප් ලක්ෂ්යක් පින් කළා වූ සෙනානි නම් නියම් ගම සිටාණන්ගේ දූ වූ සුජාතා නම් වූ සිටු දුවණියයන් පිසන කිරි බතට කිරි ඝන කරණු නිසා දෙනුන් දහසක් සතියක් මුළුල්ලෙහි වැල්මී වෙනෙහි කවා ගෙට බණවා ගෙණ දහස දෙ භාග කොට පන් සියයක් දෙනුන්ගේ කිරි දෙවා ගෙණ අනික් දෙනුන් පන් සියයට පොවා පියා කිරි පූ දෙනුන් පන් සිය ය තව ත් සතියක් වැල්මී වෙනෙහි කවා ගෙට බණවා ගෙන පන් සිය ය දෙ භාග කොට දෙනුන් දෙ සිය පනහකගේ කිරි



1214. සද්ධර්මනරත්නාවලි ය

දෙව ගෙණ අනික් දෙසිය පනස පොවා පියා කිරි පූ දෙනුන් දෙසිය පණස තව ත් සතියක් වැල් වී වෙනෙහි කවා ගෙණ ගෙට බණවා ගෙණ දෙසිය පණස දෙ භාග කොට එක් සිය පස් විස්සක් දෙනුන් ගේ කිරි දෙව ගෙණ අනික් එක් සිය පස් විස්ස පොවා පියා කිරි පූ දෙනුන් තව ත් සතියක් වැල්මී වෙනෙහි කවා ගෙට බණවා ගෙන එක් සිය පස් විස්ස දෙ භාග කොට දෙ සැටක් හා තෙ සැටක් තෝරා ලා දෙනුන් තෙ සැට දෙනාගේ කිරි දෙව ගෙණ දෙ සැටක් දෙනුන් පොවා පියා කිරි පූ දෙනුන් දෙ සැට දෙනා තව ත් සතියක් වැල් මී වෙනෙහි කවා ගෙට බණවා ගෙණ දෙ සැට දෙනා සම භාග කොට එක් තිස් දෙ‍නකුගේ කිරි දෙව ගෙණ අනික් එක් තිස් දෙනා කිරි පොවා ලා-

කිරි පූ දෙනුන් එක් තිස් දෙනා තව ත් සතියක් වැල් මී වෙනෙහි කවා ගෙට බණවා ගෙණ සම භාග ව බැරි හෙයින් පස ළොසක් හා සොළසක් තෝරා ලා සොළොස් දෙනා ගේ කිරි දෙවගෙණ දෙනුන් පසළොස් දෙනාට පොවා ලා, කිරි පූ දෙනුන් පසළොස් දෙනා තවත් සතියක් වැල් මී වෙනෙහි කවා ගෙට බණවා ගෙණ සත් දෙ‍නකු හා අට දෙනකු තෝරා ගෙණ අට දෙනාගේ කිරි දෙව ගෙණ දෙනුන් සත් දෙනාට පොවා ලා, කිරි පූ දෙනුන් සත් දෙනා තව ත් සතියක් වැල් මී වෙනෙහි කවා ඒ දෙනුන් සත් දෙනා ගෙට බණවා ගෙණ දෙනුන් පන් සියයකගේ කිරි ත් දෙසිය පණසකගේ කිරි ත් එක් සිය පස් විස්සකගේ කිරි ත් දෙ සැටක් දෙනුන්ගේ කිරි ත් එක් තිස් දෙනාගේ කිරි ත් සොළොස් දෙනෙකු ගේ කිරිත් අට දෙනෙකුගේ කිරි ත් යයි නව සිය තෙයානුවක් වන ගණනේ දෙනුන්ගේ කිරි ස පනස් දවසක් ඇතුළත මේ දෙනුන් සත් දෙනා පූ හෙයින් කිරි ඝන වු හෙයිනුත් පිට පිට හෙළා පණස් දවසක් වැල් මී වෙනෙහි කෑමෙන් මියුරු වූ හෙයිනු ත් ඒ දෙනුන් සත් දෙනාගේ කිරින් පිස ගන්වන ලද කිරි බත් වෙසඟ මැඳි පොහෝ දවස් වළඳා ලා බුදු වූ සේක.

ඔබ උපන් නුවර කිඹුල් වත් නම. පිය මහ රජහු ‍ස‍ුදොවුන් නම්හ. මවු විසවු මහාමායා නම්හ. දකුණ ත් සවු නම සැරියුත් නම් සේක. වම ත් සවු නම මුගලන් සේක. උපස්ථායක නම ආනන්දව ‍නම් සේක. අග්රු ශ්රාසවිකා තැනින් දකුණ ත් සවු නම ඛේමා නම්හ. වමත් සවු නම උපුල්වන් නම්හ. බෝධි වූයේ ඇසතු ගසෙක. බ්යාඋම් ප්ර භා මණ්ඩලය එකි එකී අතින් බඹ ය බඹ ය ඔබා දීන් සොළොස් රියනෙක පැතිර සිට්ටි. ඔබ තමන්



341. කාශ්යිපාදී සූවිසි බුදුන්ගේ සංක්ෂිප්ත ජීවන චරිත 1215

වහන්සේ අටළොස් රියන් සේක. බුදු ව හවුරුදු පන් සාළිසක් ජීවත් වූ සේක.

341. කාශ්ය පාදී සූවිසි බුදුවරයන්ගේ සංක්ෂිප්ත ජීවන චරිතසංස්කරණය

1 කසුබ් බුදුන් උපන් නුවර බරණැස් නම. පිය වූ බමුණු උතුමාණෝ බ්රතහ්මදත්ත නම්හ. මවු බ්රාරහ්මණීහු ධනවතී නම්හ. දකුණත් සවු නම් තිස්ස නම් සේක. වමත් සවු නම භාරද්වාජ නම් සේක. උවටා නම සබ්බමිත්ත නම් සේක. අග්ර ශ්රා විකා තැනින් දකුණත් සවු නම අනුලා නම්හ. වමත් සවුනම උරුවෙලා නම්හ. බෝධි වූයේ නුග ගසෙක. උසින් වඩුවෙන් විසි රියන් වන සේක. බුදු ව විසි දහසක් හවුරුදු ජීවත් වූ සේක.

2. කොණාගමන නම් බුදුන් උපන් නුවර සොභාවතී නම්හ. පිය වූ බමුණු උතුමාණෝ යඤ්ඤදත්ත නම්හ. මවු බැමිණිනියෝ උත්තරා නම්හ. අග සවු දෙනමින් දකුණත් සවු නම හියස1 නම් සේක. වම ත් සවු නම උත්තර නම් සේක. උවටා තෙරුන් වහන්සේ සොත්ථිජ නම් සේක. අග්ර ශ්රාකවිකා තැනින් දකුණත් සවු මෙහෙණින්නෝ සමුද්දා නම්හ. වම ත් සවු මෙහෙණින්නෝ උත්තරා නම්හ. බෝධි වූයේ දිඹුල් ගසෙක. ඒ බුදුහු උසින් තිස් රියන් සේක. බුදු ව තිස් දහසක් හවුරුදු ජීවත් වූ සේක.

2 කකුසඳ බුදුන් උපන් නුවර ඛෙම නම. පියවූ බමුණු උතුමාණෝ අග්ගිදත්ත නම්හ. මවු බැමිණි‍නියෝ විශාඛා නම්හ. විධුර නම් තෙරුන් වහන්සේ දකුණත් සවු සේක. සංජීව නම් තෙරුන් වහන්සේ දකුණත් සවු සේක. උපස්ථායක නම බුද්ධිජ නම් සේක. සාමා නම් මෙහෙ‍ණින්නෝ දකුණත් සවු වූහ. වමත් සවු මෙහෙණින්නෝ චම්පා නම්හ. බෝධි වූයේ මහරි ගසෙක. උසින් සතළොස් රියන් උස අති සේක. බුදු ව සතළිස් දහසක් හවුරුදු ජීවත් වූ සේක.

3 වෙස්සභූ නම් බුදුන් උපන් නුවර අනූපම නම. පිය මහ රජහු සුප්පතීහු නම් හ. මවු බිසවු යසවතී නම්හ. සොණ නම් තෙරුන් වහන්සේ දකුණත් සවු වූහ. වමත් සවු නම උත්තරා නම් සේක. උවටා තෙරුන් වහනසේ උපසන්ත නම් සේක. දමා නම් වූ ත් සමලා නම් වූ ත් මෙහෙණින්නෝ දෙන්නෙක් අග්රහ ශ්රාසවිකා වූහ. බෝධි වූයේ මහ සල් ගසෙක. උසින් සැටරියන් සේක. බුදු ව සැට දහසක් හවුරුදු ජීවත් වූ සේක.


1. හීයොය

1216 සද්ධර්මීරත්නාවලි ය

5. සිඛී බුදුන් උපන් නුවර අරුණවතී නම. පිය මහ රජහු අරුණ නම. මවු බිසව ප්රමභාවතී නම්හ. අභීභූ නම් තෙරුන් වහන්සේ දකුණත් සවු සේක. සම්භව ‍නම් තෙරුන් වහන්සේ වමත් සවු සේක. උවටා තෙරුන් වහන්සේ ඛෙමඞ්කර නම් සේක. අඛිලා ය, පදුමා ය යන මෙහෙණින්නෝ දෙ‍න්නෙක් අග්රව ශ්රාිවිකා වූහ. ඔබට බෝධි වූයේ ඇටඹ ගසෙක. සැත්තෑ රියන් පමණ උස ඇති සේක. බුදු ව සැත්තෑ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

6 විපස්සී බුදුන් උපන් නුවර බන්ධුමතී නම. පිය මහ රජහු බන්ධුමා නම්හ. මවු බිසවු බන්ධුමතී නම්හ. බන්ධ ය තිස්ස ය යන තෙර සඟළෙක් අග සවු වූ සේක. අසොක නම් තෙරුන් වහන්සේ උපස්ථායක සේක. චන්ද්රා ය - චන්දවමිත්තා ය යන මෙහෙණින්නෝ දෙන්නෙක් අග්රහ ශ්රාසවිකා වූහ. ඔබට බෝධි වූයේ පහළ ගසෙක. ඔබ උසින් අසු රියනක් වූ සේක. බුදු ව අසූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

7 ඵුස්ස බුදුන් උපන් නුවර කසී නම. පිය මහරජහු ජය සේන නම්හ. මවු බිසවු සිරිමා නම්හ. සුරක්ඛිත ය - ධම්මසේන ය යන තෙර සඟළෙක් අග සවු වූ සේක. උපස්ථායක තෙරුන් වහන්සේ සහිය නම් සේක. සාලා ය- උපසාලා ය යන මෙහෙණින්නෝ දෙන්නෙක් අග්රු ශ්රායවිකා වූහ. බෝධි වූයේ ඇඹුළ ගසෙක. ඔබ අට පණස් රියන් උස ඇති සේක. බුදු ව අසූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

8 තිස්ස බුදුන් උපන් නුවර ඛෙම නම පිය මහ රජහු ජනසන්ධ නම් හ. මවු බිසවු පදුමා නම්හ. බ්රනහ්මදෙව ය- උදය ය යන තෙර සඟළෙක් අග සවු සේක. සමඞ්ග නම් තෙර කෙ‍ණකුන් වහන්සේ උපස්ථාය සේක. ඵුස්සා ය - සුදත්තා ය යන මෙහෙණින්නෝ දෙන්නෙක් අග්ර ශාවිකා වූහ. බෝධි වූයේ පියා ගසෙක. ඔබ උසින් සැට රියන් වූ සේක. බුදු ව හවුරුදු ලක්ෂගයක් ජීවත් වූ සේක.

9 සිද්ධාත්ථික බුදුන් උපන් නුවර වේහාර නම. පිය මහරජහු උදෙන නම්හ. මවු බිසවු සුඵුස්සා නම්හ. සම්බල ය සුමිත්ත ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් රේවත නම් සේක. සීලවා ය සුරාමා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්ර ශ්රානවිකා වූහ. ඔබට බොධි වූයේ කිහිරි ගසෙක. සැට රියන් විචර උස ඇති සේක. හවුරුදු ලක්ෂ.යක් ජීවත් වූ සේක.


341. කාශ්යැපාදී සූවිසි බුදුවරුන්ගේ සංක්ෂිප්ත ජීවන චරිත

10 ධම්මදස්සී බුදුන් උපන් නුවර සරණ නම. පිය මහ රජහු ත් සරණ නම්හ. මවු බිසවු සුනන්දා නම්හ. පදුම ය- ඵුස්සදෙව ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සුනෙත්ත නම් සේක. ඛෙමා ය- සබ්බනාමා ය යන මෙහෙණියන්නෝ දෙ දෙනෙක් අග්රේ ශ්රාකවිකා වූහ. ඔබට බොධි වූයේ රත් කරව් ගසෙක. උසින් අසූ රියන් සේක. හවුරුදු ලක්ෂබයක් ජීවත් වූ සේක.

11 අත්ථෂදස්සී බුදුන් උපන් නුවර සොහන නම. පිය මහ රජහු සාගර නම්හ. මවු බිසවු සුදස්සනා නම්හ. සන්ත ය- උප සන්ත ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ අභය නම් සේක. ධම්මා ය - සුධම්මා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රු ශ්රා විකා වූහ. ඔබට බෝධි වූයේ සපු ගසෙක. අසූ රියන් පමණ උස ඇති සේක. හවුරුදු ලක්ෂබයක් ජීවත් වූ සේක.

12. පියදස්සී බුදුන් උපන් නුවර සුධඤ්ඤ නම. පිය මහ රජහු සුදත්ත නම්හ. මවු බිසවු චන්ද්රා් නම්හ. පාලිත ය- සබ්බදස්සි ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සොහිත නම් සේක. සුජාතා ය- ධම්මදින්නා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රන ශ්රාමවිකා වූහ. බොධි වූයේ කුඹුක් ගසෙක. අසු රියන් විවර උස් වූ සේක. අසූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

13 සුජාත නම් බුදුන් උපන් නුවර සුමඞ්ගල නම. පිය මහ රජහු උග්ගසෙන නම්හ. සුදස්සන ය- දෙවය යන තෙර සඟළෙක් අග සවු ‍වූ සේක. උවටා තෙරුන් වහන්සේ නාරද නම් සේක. නාගා ය- නාගසමාලා ය යන මෙහෙණින්නෝ දෙ දෙ‍නෙක් අග්රරශ්රාාවිකා වූහ. ඔබට බොධි වූයේ මහ හුණ ගසෙක. ඒ බුදුහු පණස් රියන් උස ඇති සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

14 සුමේධ බුදුන් උපන් නුවර සුදසුන් නම. පිය මහ රජහු සුදත්ත නම්හ. මවු බිසවු සුදත්තා නම්හ. සරණ ය - සබ්බකාමී ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සාගර නම් සේක. රාමා ය- සුරාමා ය යන මෙහෙණින් නෝ දෙ දෙනෙක් අග්ර් ශ්රාරවිකා වූහ. ඔබට බොධි වූයේ බක් මී ගසෙක. අට අසූ රියන් පමණ උස ඇති සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.



1218 සද්ධර්මකරත්නාවලි ය

15 පියුමතුරා බුදුන් උපන් නුවර හංසවතී නම. පිය මහ රජහු ආනන්දො නම්හ. මවු බිසවු සුජාතා නම්හ. දෙවල ය- සුජාත ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සුමන නම් සේක. අමිතා ය- අසමා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රන ශ්රානවිකා වූහ. සළල රුකෙක් බොධි විය. ඔබ තමන් වහන්සේ අට පණස් රියන් උස ඇති සේක. දෙ වුර හස්ස අටළොස් රියන. නළල පස් රියන. අතුල් දෙක ත් එකොළොස් එකොළොස් රියන.

ඔබට ආයු හවුරුදු ලක්ෂපයක් හෙයින් ඒ හවුරුදු ලක්ෂක ය මුළුල්ලෙහි ම යම් තැනකට වඩිතො ත් ශ්රී පාදය පිළිගන්ට පොළොව පළාගෙණ නැගෙන සුදු පියුමෙහි ත් රත් පියුමෙහි ත් ආස1 සිටිනා මහ පෙති අනු රියනෙක. කෙසරු තිස් රියන. එ කී එකී පියුමෙහි රේණු නව කළයක් විචර ය. එකොළොස් රියන් පතුල් වලින් දොළොස් රියන් පියුම් කෙමි නො විසිර රන් මර වැඩිවල සිටියා සේ වැඩ සිටි කලට නව කළයක් විවර ‍රේණු ශ්රීම පාදයේ පටන් සිරස දක්වා රන් පිළිමයක හිඟුල් රෙඛා දෙන්නා සේ නැඟී ලා පෙරළා පියුමට බැස ගන්නි. වඩනා යම් තැනකට පියුම් මත්තෙහි ම වඩනා හෙයින් ඔබට ම එ නම ත‍රම.

16 නාරද බුදුන් උපන් නුවර ධඤ්ඤවතී නම. පිය මහ රජහු සුදෙව නම්හ. මවු බිසවු අනොමා නම්හ. භද්දසාල ය - ජිත මිත්ත ය යන දෙ නමක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ වාසෙට්ඨ නම් සේක. උත්තරා ය- ඵග්ගුනී ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රව ශ්රා විකා වූහ. බොධි වූයේ මරුත ‍ගසෙක. ඔබ වූ කලි උසින් අටාසූ රියන් වූ සේක. අනු දහසක් හවුරුදු ජීවත් වූ සේක.

17 පුදුම බුදුන් උපන් නුවර රම්මක නම. පිය මහ රජහු අසම නම්හ. මවු බිසවු අසමා නම්හ. සාල ය - උපසාල ය යන තෙර සඟළෙක් අග සවු සේක. වරුණ නම් තෙර කෙණකුන් වහන්සේ උවටා සේක. රාමා ය - සුරාමා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රස ශ්රාමවිකා වූහ. ඔබට බොධි වූයේ හුණ ගස ය. උසින් අට පණස් රියන් විතර උස ඇති සේක.

18 අනොමදස්සී බුදුන් උපන් නුවර චන්දේවතී නම. පිය රජහු යසවා නම්හ. මවු බිසවු යසොධරා නම්හ. නිසභ ය- අනොම ය යන තෙර සඟළෙක් අගසවු වූ සේක. සුන්දිරී ය - සුමනා ය යන

1. අස

341. කාශ්යනපාදී සූවිසි බුදුවරුන් ගේ සංක්ෂිප්ත ජීවන චරිත


මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රූ ශ්රා විකා වූහ. බොධි වූයේ කුඹුක් ගසෙක. ඔබ උසින් අට පණස් රියන් සේක. හවුරුදු ලක්ෂරයක් ජීවත් වූ සේක.

19 සොහිත බුදුන් උපන් නුවර සුධම්මා නම. පිය මහ රජහු ත් සුධර්ම නම්හ. මවු බිසොවු ත් සුධර්මාා නම්හ. අසම ය සුනෙත්ත ය යන තෙර සඟළෙක් අග සවු වූ සේක. උවටා තෙරුන් වහන්සේ අනොම නම් සේක. නකුලා ය සුජාතා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රා ශ්රා විකා වූහ. ඔබට බොධි වූයේ නා ගසෙක. ඒ බුදුහු අට පණස් රියන් සේක. අනු දහසක් හවුරුදු ජීවත් වූ සේක.

20 රෙවත බුදුන් උපන් නුවර සුධඤ්ඤක නම. පිය මහ රජහු විපුල නම්හ. මවු බිසවු විපුලා නම්හ. වරුණ ය. බ්ර හ්මදෙව ය යන තෙර සඟලෙක් අග සවු සේක. සමහව නම් තෙර කෙණකුන් වහන්සේ උවටා සේක. භද්දා ය, සුභද්දා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රෙ ශ්රාේවිකා වූහ. ඔබට ත් බොධි වූ‍යේ නා ගසෙක. ඔබට වූ කලි අසූ රියන් සේක. සැට දහසක් හවුරුදු ජීවත් වූ සේක.

21. සුමන බුදුන් උපන් නුවර මෙඛලා නම. පිය මහ රජුහු සුදත්ත නම්හ. මවු බිසවු සිරිමා නම්හ. සරණ ය, භාවිත ය යන සතර ස‍ඟළෙක් අග සවු වූ සේක. උවටා තෙරුන් වහන්සේ උදෙන නම් සේක. සොණා ය, උප සොණා ය, යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රඋ ශ්රා විකා වූහ. ඔබට ත් බොධි වූයේ නා ‍ගසෙක. උසින් අසූ රියන් සේක, අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක. 22 මඞ්ගල බුදුන් උපන් නුවර උත්තර නම. පිය මහ රජහු ත් උත්තර නම්හ. මවු බි‍සවු ත් උත්තරා නම්හ. සුදෙව ය, ධම්ම සෙන ය යන තෙර සඟළෙක් අගසවු සේක. උවටා තෙරුන් වහන්සේ පාලිත නම් සේක. සීවලා ය, අසොකා ය, යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්රස ශ්රා විකා වූහ. ඔබට ත් බොධි වූයේ නා ගසෙක. උසින් අටාසූරියන් සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

23 කොණ්ඩඤ්ඤ බුදුන් උපන් නුවර රම්මවතී නම. පිය මහ රජහු සුනන්දස නම්හ. මවු බිසොවු සූජාත නම්හ. භද්ද ය, සුභද්ද ය යන තෙර සඟළෙක් අග සවු සේක. තිස්සා ය, උපතිස්සා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්ර ශ්රාසවිකා වූහ. ඔබට බොධි වූයේ සල් කලණ ගසෙක අට අසූ රියන් පමණ උස ඇති සේක. හවුරුදු ලක්ෂ යක් ජීවත් වූ සේක. 1220 සද්ධර්මිරතනාවලි ය

24 දිවකුරු බුදුන් උපන් නුවර රම්මවතී නම. පිය මහ රජහු සුදෙව නම, මව් බිසවු සුමෙධා නම්හ. සුමඞ්ගල ය, තිස්ස ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සාගත නම් සේක. නන්දා ය, සුනන්දාග ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්රම ශ්රාමවිකා වූහ. ඔබට බොධි වූයේ පුලිල ගසෙක. උසින් ඔබ අටාසූ රියන් සේක. හවුරුදු ලක්ෂබයක් ජීවත් වූ සේක.


342. බුද්ධ රශ්මි ප්රරමාණයසංස්කරණය

මඞ්ගල බුදුන්ගේ ශරීරයෙන් නික්මුණු රස් අනූ දහසක් හවුරුදු මුළුල්ලෙහි දස දහසක් සක්වළ මුළුල්ලෙහි පැවැත්තේ ය. පියුමතුරා බුදුන්ගේ රස් නිරන්තර ව අට සාළිස් ගවු විසි ගවුවෙක පැතිර සිටියේ ය. විදර්ශී බුදුන්ගේ රස් වටින් අට විසි ගවුවෙක පැතිර සිටියේ ය. සිඛී බුදුන්ගේ රස් වටින් දොළොස් ගවුවෙක පැතිර සිටියේ ය. කකුසඳ බුදුන්ගේ රස නිරන්තර ව වටින් සතළිස් ගවුවෙක පැතිර සිටි‍යේ ය. අපගේ බුදුන්ගේ ඇඟින් නිකුත් රස් වටින් බඹ ය. බඹයේ සිටිනේ ය. මෙ සේ වූ නියම ය සෙසු බුදුවරුන් වහන්සේට නැත.

343. දුෂ්කරක්රිියා කාලප්රුමාණයසංස්කරණය

තව ද දීපඞ්කර ය, කොණ්ඩඤ්ඤ ය, සුමන ය, අනොමදස්සිය, සුජාත ය, සිද්ධාත්ථිි ය, කකුසඳ ය යන මේ බුදුවරහු දස මසක් ප්ර්ධන් වීය්ය්ෙ කළ සේක. මඞ්ගල ය, සුමෙධ ය, තිස්ස ය, සිඛී ය, යන මේ බුදුවරහු බුදු වනු ‍නිසා අට අට මස වීය්ය්්කර කළ සේක. සොභිත බුදුහු සාර මසක් වීය්ය්ේ බ කළ සේක. පදුමය, අත්ථීදස්සි ය, විපස්සි ය, යන බුදුවරහු අට අට මස වීය්ය්ී ය කළ සේක. රෙවත බුදුහු සත් මසක් වීය්ය්මෙ කළ සේක. සොහිත බුදුහු සාර මසක් වීය්ය්යය කළ සේක. පදුමය, අත්ථසදස්සි ය, විපස්සි ය, යන බුදුවරහු අට අට මස වීය්ය්් කළ සේක. නාරද ය, පදුමුත්තර ය, ධම්මදස්සි ය, කාශ්යහප ය, යන මේ බුදුවරහු සති ය සති ය වීය්ය්,් ය කළ සේක. පියදස්සි ය, ඵුස්ස ය, වෙස්සභූය, කොනාගමන ය, යන බුදුවරහු ස මස ස මස, වීය්ය්ි කළ සේක. අපගේ බුදුහු සාවුරුද්දක් වීය්ය හළ සේක.

344. අනාගත වංශ දේශනාවසංස්කරණය

නැවත බුද්ධ වංශ දෙශනා ගමනේ ම අනාගත වංශයට අවසර තුබූ සේක. එ හෙයින් සො‍ළසාසැකි කප් සුවහස් ‍පැරුම් පුරා නිමවා තුසී පුරෙහි වසන මෙතේ බෝසත්හු අපගේ බුදුන්ට පරමායු හවුරුදු සියය ක්ර්ම ක්රරමයෙන් පිරිහී පස්වා දහස ඉකුත් ව දස අවුරුදු වයසට ගොසින් පෙරළා ධර්මු සමාදානයෙන් ක්රහම ක්රඉම 344. අනාගත වංශ දෙශනාව

යෙන් වැඩී හවුරුදු අසංඛ්ය්යට ගොසින් පෙරළා ත් අධර්මා සමාදාන ය නිසා ක්ර ම ක්ර්මයෙන් පිරිහී දඹ දිව් වැස්සන්ට අසූ දහසක් විතර ආයු ඇති කල්හි මෙතේ බුදුහු බුදු වෙති. ඒ මහා පුරුෂයාණන් විවරණ ලද්දේ කවර කලෙක ද යත්-

මෙ‍ෙත් මහ බෝසත්හු තුමූ සොළසාසැකි කප් සුවහසකින් යට දඹ දිව එක් තරා නුවරෙක ප්ර භාවත් නම් සක්විති රජ ව උපන්හ. එ කල ලෙව්හි මුහුර්ති නම් බුදු කෙණකුන් වහන්සේ බුදු ව දහම්සක පවත්වා නෙ එක් ලක්ෂ. ගණන් මහණ ගණා පිරිවරා සත්වාවනුග්රාහ කරණ සේක. ප්රතභාවත් නම් සක් විති රජහු ද බුදුන් ලොව පහළ වූ නියාව අසා එක් සිය සිව් සාළිස් ගවුවෙක පැතිර සිටි සක්විති පිරිස් පිරිවරා බුදුන් කරා ගොසින් සක් රුවන බුදුන් ට පුදා පියා බුදුන් වැඳ ගෙණ පිරිස් හා සමඟ එකත් පස් ව හිඳ බණ අසා පැහැද සක්විති සැප ත් හැර පියා ඒ බුදුන්ගේ සස්නෙහි මහණ ව රත්න තෙරුන් වහන්සේ ය යි යන නහොමද්ධ්යඒ ගත පුන් සඳ මෙන් ග්රනණ නුවණින් ප්රනසිද්ධ ව අභිඥාලාභී ව නිරායා ස ව තිබෙන හෙයින් නිවන් දකින්නට පිළිවන් වුව ත් සසර දුක් ගෙණ සිටිනා බොහෝ සතුන් දැක කරුණා අදහසින් උන් හැම දෙනා සසර නමැති වළින් නගා නිවන් ගොඩ පිට ලනු නිසා බුදු බව පතා වීය්ය්න් යාධික ව දන් දීමෙහි ත් තර අදහස් ඇති ව වසන සේක. එ කල ධම් සභා මණ්ඩපයෙහි රැස් ව හුන් වහන්දෑ මේ ස්ථවිරයන්ගේ තරම් ඉතා බලවත. මූ මතු ශක්ර් වෙත් දෝ බ්ර්හ්ම වෙත් දෝ ‍කුමක් වෙත් දෝ’යි කථා ඉපැද වූ සේක.

එ කල මුහුර්තර නම් බුදුහු සරහන ලද ධම් ‍ෙසබෙයි දහසක් රසින් මුහුදු කුස බබලන හිරුමෙන් සවනක් රසින් සියලු ධම් ‍සෙබෙයි රන් රස ධාරා ඉස්නාක් මෙන් තරු කැළ පිරිවැරූ පුන් සඳ මෙන් මහණ ගණා පිරිවරා පනවන ලද බුදු හස්නෙහි වැඩ හුන් සේක. සුපිපි රත් පියුම් වනයෙක හැසිරෙන පස් පැහැයෙකින් හොබනා බමරුන් දෙන්නකු මෙන් පස් පැහැයෙකින් හොබනා ඇස් සඟළින් මහණ පිරිස බලා ඒ වහන්දෑගේ අදහස් දැන සිවු දෑ සුවඳ පුරා ලූ කරඬුවෙක පිධානයක් හරන කලක් මෙන් මුඛ පද්මය විවෘත කොට බ්රසහ්ම නාදයට ත් වඩා ශොභාමත් වූ කට හඩින් වහන්දෑ බණවා ලා ‘එම්බා මහණෙනි රත්න ය යන නමට තරම් ගුණ ඇති තෙල මහණ ලඝු එකෙක් නො වෙ යි. බුදු බිජුවටෙක වැසි වලායෙකින් වැසී සිටියා වූ හිර මෙන් ද, වලා හස්සේ සැඟ වුණු පුන් සඳක් මෙන් ද, හළුවෙන්



1222 සද්ධර්ම රත්නාවලි ය

සැගවුණා වූ ගිනි කඳක් මෙන් ද, පසින් වැසී තිබූ මැණිකක් මෙන් ද, පොළොව යට තුබූ මහා නිධානයක් මෙන් ද, භවයෙන් වසා ගෙණ තිබෙන බුදු පැළයෙක.

ප්රයබුද්ධාසන්න වූ පියුම් කැකුළන් මෙන් ද, යුගඳුරු මුදුනට ආසන්න වූ ළ හිරු මඬලක් මෙන් ද, වඩ දියට ආසන්න වූ යුගඳුරු පව්වක් මෙන් ද, බුදු වන්නට ආසන්න ව මාගේ ශාසනසෙහි අවුත් මහණ වූ මොහු රුවන් මහ නැවෙක ඇඳී සිටිනා රන් ගල් ‍වතක් මෙන් ද, සඳ මඬලට ලං වූ තරුවක් මෙන් ද, මහ මෙරට ආසන්න වූ යුගඳුරු පව්වක් මෙන් ද, මහ සදැතක්හු ගාවා සිටියා වූ සදැත් පැටවකු මෙන් ද, සක්විති කෙණකුන් ලඟ සිටි පුත් රුවනක් මෙන් ද, මහ බඹුට ලං වූ බ්රහහ්ම පැටවකු මෙන් ද, මට ලං වූ මොහු එ සේ මෙ‍ සේ කෙණෙක් නො වෙති. මතු එන දවස සොළසා සඞ්ඛ්යට කප් සුවහසක් ගිය කලට මෙත්තෙය්යි නම් බුදු වෙති’යි විවරණ දුන් සේක.

ඒ මහ බෝසත්හු ද මුහුත්ත නම් බුදුන්ගෙන් විවරණ ලදින් සොළසාසැකි කප් සුවහස් මුළුල්ලෙහි -

‘දසතො පාරමී නත්ථි - දස තො නත්ථිස ඌනතා, අනූනා අනධිකා සබ්බා - පූරිතා දස පාරමී’

යනු හෙයින් පැරුම් දස ය පාරමිතා, උප පාරමිතා, පරමාර්ථ පාරමිතා හෙයින් තිසක් කොට පුරා නිමවා දෙවි බඹුන්ගේ අයද මෙන් බුදු වන්ට මිනිස් ලොව උපදිත් නම් එකලට දඹ දිව කෙතුමතී නම් වූ රාජධානියෙක පහළ වෙයි. එ නුවර දිගින් අට සාළිස් ගවුවක් පමණ ය. පළලින් අටවිසි ගවුවක් පමණ ය. පිරිසිදු වූ අදහස් ඇති දෙවතා සමූහයක් වැනි වූ ජනයන්ගෙනු ත් ගහන ය. සතුරන්ගෙනු ත් එ නුවරට ක්ෂතම හෙයින් කට හැක්කෙක් නැත. ධර්ම.යක් විනා අධර්ම්යකු ත් නැත. එ නුවර තබා රට දනවුව මුළුල්ලෙහි ත් නැත.

එ සේ වූ කෙතුමතී නුවර සතර මහා දිවයිනට නායක වූ සත් රුවනින් සමන්විත සඞ්ඛ නම්. සක්විති රජ්ජුරු කෙණෙක් වෙති. ඒ රජ්ජුරුවන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ හම යි. බැණ නැඟී කල කටින් මහනෙල් මල් සුවඳ හමයි. කඩු ගත් දෙවියෝ සතර දෙනෙක් උන්ට රකවල් ගෙන සිටිති. අහසින් යන්ට ශක්ති ඇත්තෝ ය.


344. අනාගත වංශ දෙශනාව

ඒ කේතුමතී නම් නුවර සඞ්ඛ නම් සක්විති රජ්ජුරුවන් ගේ කුශලානුභාවයෙන් උන් වසන පරිද්දෙන් දිගිනු ත් පළලිනු ත් දෙ ගවු දෙ ගවු පමණ වූ උසින් සියක් ගවු පමණ වූ උස ඇති නොයෙක් ධජයෙන් ගැවසී ගත් ඉඳුනිල් මිණිමුවා සිවු මැදිරි කවුළු දොර ඇති හෙබියා වූ සත් රුවන්මය මාළිගාවෙක් පහළ වෙයි. සඞ්ඛ නම් රජ්ජුරුවෝ එහි වෙසෙති.

ඒ සඬ්ඛ නම් සක්විති රජ්ජුරුවන්ට දෙවඟනන් වැනි මනහර රූ ධරන්නා වූ නො එක් ආභරණ පළන් නැටීම් ගී කීම් ආදී යෙහි දක්ෂො වූ සූවාසූ දහසක් විතර නළු ගෑනු වෙති. පුතුන් දහසකට නායක අජිත කුමාර නම් පුතණු කෙණෙක් පරිනායක රත්න වෙති. ඒ රජ්ජුරුවන් යම් තැනකට නික්මුණු කලට ගසන සිඹින අය ත් අට සාළිස් ගවුවක් විතර පැතිර සිටිති. රන් සූත්රො ලා ශාන්ති කොට සිටිනා බ්රා්හ්මණ පර්ෂකත් සියක් ගවුවෙක පැතිර සිටිති. සව් බරණ ලා සැරහුණා වූ නො එක් වෙස් ගත් අමාත්යප මණ්ඩලයා එක් සිය දෙයානූ ගවුවෙක පැතිර සිටිති.

සෙසු නිකම් පර්ෂනත් තුන්සිය සැට ගවුවෙක පැතිර සිටිති. සිවුරඟ සෙනඟ ‍ගවු දෙ දාසක් විතර පැතිර සිටිති. සතර දිග සුවාසූ කෙළ දහසක් පමණ බල ඇණි සිටිති. එ කලට දඹදිව සුවාසූ දහසක් විචර නුවර ඇති වෙයි. අනු කෙළ ලක්ෂ.යක් විතර රජ දරුවෝ වෙති. ඌ හැම දෙන ම සඞ්ඛ නම් සක්විති රජුන්ට අනුව වෙසෙති. ඒ සඞ්ඛ නම් සක්විති රජුන්ට අනුව වෙසෙති. ඒ සඞ්ඛ නම් රජ්ජුරුවෝ මෙ තරම් ශ්රීත සමෘද්ධියක් ඇති ව ඒ මාළිගාවේ වෙසෙති.

තව ද එ ම කෙතුමතී නම් නුවර -

තථාපි තස්මිං නගරෙ - නානා වීථි තහිං තහිං, සුමාපිතා පොක්ඛරණී - රමණී යා සුපතිත්ථ කා, අච්ජොදකා විප්පසන්නා - සාදු සීතා සුගන්ධිකා. සමතිත්ථාකා කාකපෙය්යාු - අථො වාලුකසන්ථතා, පදුමුප්පල සඤජන්තා - සබ්බොතුකමනා’වටා.

යනු හෙයින් ධජ පතාකාදියෙන් හා පුන්කලස් මස් ඇගෑ ආදීයෙන් හා නිරන්තරව සරහා තිබෙන්නා වූ ඇත් - අස් ආදීන්ගෙන් හා ස්ත්රීව පුරුෂ සමූහයාගෙන් පිරි සිටිනා වූ කස්තුරු කපුරු කළු වැල් ආදී වූ සුවඳ තබා විකුණන සුවඳ පිළින් හා දෑ සමන් බෝලිද්ද සිහිනිද්ද උපුල් මහනෙල් ආදී වු මල් තබා විකුණන සල්පිළින් හා

1224 සද්ධර්මිරත්නාවලි ය ‍ සළු පිළී ආදි වූ පිළි තබා විකුණන පිළීසල් හා ඇල් වී ආදි ය තබා විකුණන ධාන්යිපණ වලින් හා මුතු මැණික් ආදී වූ රුවන් තබා විකුණන රත්නාපණ වලින් හා ඉතා හොබනා වූ මුතු පට හා සමාන වැල්ලෙන් තැවරී තිබෙන නො එක් වීථි ඇත.

තව ද කේතුමතී නම් රාජධානියෙහි කුසාවතී නම් නුවර සුදසුන් මහ රජුන්ගේ කුශලානුභාවයෙන් පහළ වූ පොකුණු මැවී ගියා සේ නෙත් සිත්කලු ඉවුරු හී තිබෙන්නට නැති බැවින් බස්නට පාසු ව තිබෙන සත්රුවන්මුවා ‍රළපාණ ඇති, තව ද ප්ර්සන්න වූ සිහිල් වූ මිහිරි වූ පැන් ඇති ගොඩ හුන් කපුටුවන් තුඩ පොවා පිය හැකි තරම් හැම කල ම පිරී සිටිනා පියුම් ඉපුල් ආදියෙන් හා ‍මහනෙල් මල් ආදියෙන් ගැවසී ගත් පොකුණු ත් එ නුවර ඒ ඒ තන්හි ඇත.

තව ද ඒ කේතුමතී නුවර සිසාරා සත් රුවන්මුවා පවුරු වළලු සතෙකු ත් පහළ වෙයි. පවුරු වළලු දෙකකට මධ්යලයෙහි තල්පන්තියක් වන නියායෙන් තල් පන්ති සතෙකු ත් සත් රුවන්මුවා නුවර වටා පහළ වෙයි. ඉන් එක් තල් පන්තියෙක් රන්මුවා ය. එක් තල් පන්තියෙක් රිදී මුවා ය. එත් තල් පන්තියෙක් වෙරළු මිණිමුවා ය. එක් තල් පන්තියෙක් පිළිවහණමුවා ය. එක් තල් පන්තියෙක් රත් මැණික්මුවා ය. එක් තල් පන්තියෙක් මැසිරි ගල් මැණික්මුවා ය.

එක් තල් පන්තියෙක් සත්රුවන් මුවා ය. ඉන් රන්මුවා තල් පන්තිය රන්මුවා පවුර ගාවා සිට්ටි. රිදීමුවා තල් පන්ති ය රිදීමුවා පවුර ගාවා සිට්ටි. මැණික් මුවා තල් පත්ති ය. මැණික් මුවා පවුර ගාවා සිට්ටි සත් රුවන්මුවා තල්පන්තිය සත් රුවන් මුවා පවුර ගාවා සිට්ටි. ඉන් සත් රුවන්මුවා පවුර සැට රියනක් විතර උස ඇති ව මධ්යපයෙහි සිට්ටි. පවුරු තුනෙන් ඊට ඇතුළත ක්රටම ක්රනමයෙන් මිටි ව සිට්ටි. පවුරු තුනෙන් ඊට පිටත ක්ර ම ක්ර ම යෙන් මිටි ව සිට්ටි. තාලපන්ති උසින් අසූ රියන පමණ උස ඇති.

“වතුක්කෙ නගරද්වාරෙ - කප්පරුක්ඛො හවිස්සති, නීලං පීතං හොතඞ්කං - ඔදාතඤ්ච පහස්සරං”

යනු හෙයින් වීථි කොන්වලි ත් නුවර වාසල් ගාවා ත් පොළොව පළාගෙණ කප් රුක් නැංගේය. හේ කුමන කුශලයෙන් ද යත් -


334. අනාගත වංශ දේශනාව

කලෙක ‍කුළු‍පොතු දෙ පුතු පිය කෙණෙක් දිඹුල් දණ්ඩෙන් ගෙයක් ඉදි කොට වස් සතෙක. පසේ බුදුවරුන් වහන්සේ සත් නමක් වස් වසවා උපස්ථා ත් කොට සත් වස ම පිරිකර ත් දන් දී ඒ පින් කමින්‍ දෙව් ලොව ඉපැද අනන්ත කාලයක් දෙව් සැපත් විඳ ඒ දෙන්නා ගෙන් එක් කෙණෙක් සක් දෙවිඳුගේ විධානයෙන් පණස් දහසක් හවුරුදු දු දරු කෙණකුන් නැති හෙයින් දරුවන් පතා පේ ව හොත් සුමෙධා බිසොවුන් කුස සුරුවි රජ්ජුරුවන්ට දා ව ඉපැද මහා පනා ද නම් රජ ව දිඹුල් දණ්ඩෙක් කළ ගෙය මත්තෙහි විපාක තව ම නි‍මන්ට නැති හෙයින් සක් දෙවිඳුගේ නියොගයෙන් විස් කම් දෙවි පුත්හු මවා ලූ දිගින් පළලින් දෙ ගවු දෙ ගවු පමණ දිග පළල ඇති සියක් ගවු විතර උස ඇති සියක් මාල් ඇති මාළිගාවෙහි අසංඛ්යියක් හවුරුදු රජ සැප ත් විඳ පෙරළා අවුත් දෙව් ලොව ඉපැද සම්පත් විඳුනෝ අපගේ බුදුන් දවස නිවන් සම්පත් විඳිනා නිසා දෙව් ලොවින් අවුත් භද්දජි නම් සිටු පුත් ව සසුන් වැද මහණ ව රහත් වීමෙන් කළ පින් ගෙවා පීහ.

එක් ව පින් කළ අනික් නළකාර දෙවි පුත් දෙවි ලොව වැස මෙතේ බෝසතුන් බුදු වන්ට කේතුමතියෙහි උපදනාට පෙරාතු ව එ ම කේතුමතියෙහි සංඛ නම් සක් විති වෙයි. හුදෙක් මහාපනාද රජ්ජුරුවන්ගේ ම කුශලානුභාවයෙන් පහළ වුණු හෙයින් සංඛ නම් ‍සක්විත්තනු ත් මුසු ව කළ පින් හෙයින් උන්ට ත් මැවුව මනා වේ දැයි යන්නාක් මෙන් මහාපනාද රජ්ජුරුවන් නැති වන්නා ම තෙමේ ත් නැති නොව ආසට පැන නැඟී ආසින් ගොසින් ගඬ්ගා නම් ගං පත්ලෙහි සැඟවී ති‍බී සංඛ නම් සක්විති රජ්ජුරුවන් කුළු පොතු අවස්ථාවෙහි දිමුල් දණ්ඩෙන් කළ ගෙය ලඝු ව ත් පසේ බුදුවරුන් වහන්සේට ගන්වා ලීමෙහි පැවැති කුශල ය ලඝු නො වන නියාව ත් සංඛ නම් රජ්ජුරුවන් කුළු පොතු දෙ පුතු දෙන්නා ගෙන් අනික් තැනැත්තන් නියාව ත් හඟවන්නාක් මෙන් සියක් මාල් රුවන් පාය ගං පත්ලෙන් උඩ නැඟී මුඛ අවුත් මෙ නුවර පිහිටි ය. ‍කළ පින් කම් නම් ඒ ම නො වන හෙයින් තව ත් තව ත් ඇති හෙයින් ඒ පින් කම් විපාක අපි හඟවම්හ’යි යන්නාක් මෙන් මහ පොළොව පළා ගෙණ නුවර ඒ ඒ තැන කප් රුක් නැංග. ඒ කප් රුක්වලිනු ත් එහි වසන රජ්ජුරුවන් පටන් සියල්ලවුන්ගේ කුශලානුභාවයෙන් පහළ වූ හෙයින් දිව සළු ත් එහි ම ඇත. දිව ආභරණ ත් එහි ම ඇත. උපභොග පරිභොග වස්තු සොයා එහි වසන්නවුන් ඔබ්බකට ගිය මැනැවැ’යි නැත. ඒ සියල්ලම එහි ම ඇත.



1226 සද්ධර්මහරත්නාවලි ය

“තතො නගරමජ්ඣම්හි - චතුස්සාලං චතුම්මුඛං පුඤ්ඤකම්මාහිනිබ්බත්තො - කප්පරුක්ඛො භවිස්සති”

යනු හෙයින් නුවර මැද සිවුරැස් ව දොර සත‍රකු ත් ඇති ව තිබෙන්නා වූ ශාලාවෙකු ත් බොහෝ දෙනා රැස් ව සැතපී හිඳිනා නිසා ත් විසිතුරු වූ කර්මවන්ත කුශල නමැති වඩුවන් විසින් සකස් කොට ඉදිකරණ ලද ඒ ශාලා දොරකඩ පොළොව පළා ගෙණ කප් රුකෙන් නැංග. වීථි කොන්වල නැංගා වූ කප්රුකින්, වාසල් ගාවා නැගී කප්රුකින්, නුවර මැද නැංගා වූ කප් රුකින්, සිවුරැස් ශාලාව කෙරේ නැංගා වූ කප් රුකිනැ’යි මේ කප් රුක් මුළුල්ලෙන් කපු පිළී තිහිරි පිළී ආදී වූ පිළී ත් කැමති කැමති යම් කෙ‍ණකුන්ට සම්භව වෙති. තව ද පැළැන්ද යුතු වූ මුත්හර තිසර සංඛලා බාහුදණ්ඩි ආදී වූ ආභරණ ත් කප් රුක්වලින් ම සම්භව වෙ යි.

තව ද එකල සීයකින් වපකින් නො ව තෙමේ තමාට ම හටගත් රත් හැලෙයි එක කරලෙක වී දෙ දාස් දෙසිය දෙ සැත්තෑ යාළ සොළසාමුණු අට ලාසක් වන හෙයින් කුඹුරු විකක් නැත ත් කරලෙ දී ම දිවසෙය්යාය නැති ව, කුඩු ත් නැති ව හැල් සාලේ බත් ම එ වක උපන් මිනිසුන්ට සෑහෙන්නේ ය.

එ කල ඒ කෙතුමතී නම් නුවර වසර සත්වමයෝ ඒ ඒ තැන පහළව තිබෙන්නා වූ දෙවි ලොව නන්දාස නම් පොකුණ සේ ශොභා මත් වූ පොකුණු වලින් ගැලී නා පියා කප් රුක්වලින් හෝ නොහොත් නුවරින් ම නිරායාසයෙන් සම්භව වන සුවඳ විලවුන් ගෙණ මල් පැළඳ ගෙණ කප් රුක්වලින් තමන් තමන්ට අභිප්රාලය වූ සළු සොළි පිළි හැඳ පියා අභිප්රා ය ලෙසින් කැමැති කැමැති ආභරණ ත් පැළඳ ගෙණ නිරායාසයෙන් සම්භව වන සුවඳ හැල් සාලේ බතු ත් අනුභව කොට දිව යහන් වැනි වූ යහන් වලට වැදහෝනාහු, දෙවියන්ගේ ගී වැනි ගී අසන්නාහු, දෙවි දූන්ගේ නැටීම් වැනි නැටීම් බලන්නාහු, නිදා පියා නැවත ගී කියන හඬින ම පිබිද රන් වැටවල ඇවිළෙන සුවඳ තෙල් පහන් ආලෝකයෙන් තමන්ගේ සම්පත් බලා සතුටු වන්නාහු, කයට සිතට පීඩාවක් නැති ව සුව සේ වෙසෙති.

මෙතේ බුදුන් උපදනා හෙයින් මේ තරමක් ඇත්තේ කෙතුමතී නුවර මතු නො වෙයි. දඹ දිව මුළුල්ලේ ත් ඒ තරමේ ම යහ පත් වෙයි. කෙ‍ සේ ද යත් - දස දහසක් යොදුන් දිග පළල ඇති


334. අනාගත වංශ දේශනාව

දඹ දිවින් මිනිසුන්ට ප්රේයොජනවත් ව තිබෙන තැන නිෂ්කණ්ට ක ය; සොර භයෙක් සතුරු භයෙක් තමා ම නැත. නොහොත් හැම තැන ම මොළොක් පහස් ඇති වැල්ලෙන් හා හී තණින් ගැවසී ‍තිබෙන හෙයින් කොයි යත ත් පය ඇනෙන කටු කණු නැති, තව ද හළු ගා උඩෙර බැඳ ලබ්ධි ගෙණ ඇවිදින්නාවූන් නැති හෙයින් හෝ නොහොත් මිනිසුන් ගහණ ව සමෘද්ධ ව තිබෙන හෙයින් වල් ව තිබෙන්නට නැති හෙයින් කටු කැලෑ ආදි ය නැති ව හෙළි ව තිබෙ යි. වළ ගොඩ නැති ව අතුල් තල මෙන් සමතල ව තිබෙයි. ධූලි නො නැ‍ඟෙන්ට නිල් පලස් වසා ලූවාක් මෙනස් හැම තැන ම හී තණ ඇති ව තිබෙයි. දසයොජන සහස්සානි - ජම්බුදීපො භවිස්සති, අකණ්ටකො අගහණො- සමො හරිත සද්දලො.

යනු ඒ හෙයින් වදාරන ලද-

එ කල උපන් මිනිසුන්ට එක ද රොගයකු ත් නැත. උන් හැමට රො‍ගයෙක් වේ නම් බත් කැව මනා වේලාට ඇති වන බඩ සාය හා බත් කා පුරා පි වේලාට පෙරළා බඩසාය ඇති වන තෙක් බතට රුචි නැති වීම හා හවුරුදු අසූ දහස නිමන්ට ආසන්නයෙහි මාලු වීම හා මේ තුන ය. එකල පන් සියයක් හැවිරිදි කුමාරිකාවරුන් එතරම් ම වයස් ඇති කුමාරවරුන්ට සරණ පාවා දෙති. ආයු බොහෝ අවධි ය හෙයින් කල් යවා සරණ පාවා දුන්නා නම් වෙයි. එසේ පාවා දී ලූ කල මිය වෙන් වන තෙක් සමඟ ව වෙසෙති. සියලු මුළු ලොව නැංගා වූ ගසෙක කොළෙක් ඇත්නම් මලින් පලින් සැදී සිට්ටි. ගිමෙක ඇලෙක යන දෙයක් සත්වේයන්ට තමා ම නැත. වැසි වස්නා කල එක් තැනෙක වැස පියා අනික් තැනෙක නො වස්නේ ත් නැත. බිමි තෙමෙන පමණකට මදක් වස්නේ ත් නැත. වැව් අමුණු ආදි ය කැඩෙන ලෙසට තර ව වස් නේ ත් නැත. ගොයම් පව ආදී වුවමනා කල තබා පියා දීම් මැඩීම් ආදී ‍වූ නො වටමනා කල වස්නේ ත් නැත. පස් දවසින් දස දවසින් දෙ පෝයෙන් වස්සි

වස්නා කල ත් මධ්යගම රාත්රිවයෙහි වැව් අමුණු පුරා වැස ලා පායා පිය යි. සුළං හමන කල ත් ප්රයයොජනවත් ව තිබෙන ගස් කොළන් කඩා පලවා පියන තරම් ව ගෙවල් විදන තරම් ව නො හමා ප්රතයෝජනවත් ‍තරමෙක හමයි. හැම කල ම සෘතු සම්පන්න ව තිබෙයි. ප්ර්යෝජනවත් ව තුබු ගං හෝ ආදි ය වියලි නැති වන්නේ ත් නැත. හැම දවස ම වැස ලන සැටි ය යහපත් හෙයින්


1228 සද්ධර්මිරත්නාවලි ය ‍ පිරි ම සිට්ටි. සියලු දඹ දිව මුළුල්ල සක්විති රජ්ජුරු කෙණකුන් උයන් කෙළියට සරහා ලූ උයනක් මෙන් හැම කල ම සැරැහී සිට්ටි. දඹ දිව මුළුල්ලෙහි ම මේ ගම පිටිසේනෙන් අනික් ගම පිටි සේනට කුකුළන් පියාසර කරණ තරමට හෝ නොහොත් මෙ ගම් අතුරෙහි පටන් අනික් ගම් අතරට කුකුළන් පයින් නැගී යන තරම් ගම් ගෙවල් ගහන ය. අවීචි නරකයෙහි පැසෙන සතුන් ගහනයා සේ දඹ දිව මිනිස්සු ත් ගහන ය. සියලු සම්පතීන් ම අඩුවක් නැති ව ගෙණ වෙළඳුන් ගෙනා විකිණී බඩු ඇර ගන්නවුන් නැති ව විකපත් නො වන හෙයින් උන්ගේ බඩුයෙහි අගය ත් නස්සී. දෙවියන්ගේ අළවු මදාරා නුවර මෙන් ඉතා සිත් කලු ය.

දඹ දිව එසේ වූ අවධියෙහි මෙතේ බෝසත්හු දෙවි බඹුන්ගේ අයදමෙන් කල් දෙස් ආදි ය විමසා බුදු වන්ට කල් හෙයින් දඹ දිව මධ්යේ දෙශයෙහි කෙතුමතී නම් නුවර ඒ අවධියට බමුණු කුල ය උතුම් වැවින් සංඛ නම් සක්විති රජ්ජුරුවන්ට පුරොහිත වූ සබ්රාටහ්මණ නම් බමුණු උතුමාණන් නිසා දස මස් සත් දවසට ආයු ඇති බ්රහහ්මවතී නම් බ්රාමහ්මණීන් කුස ඇසළ මස මැඳි පොහෝ දවස් පිළිසිඳ ගෙණ දස මසක් මවු කුස වැස දස මස් අයාමෙන් බිහිවන තෙක් මහ බෝසතුන්ට ත්, වදන මෑණියන්ට ත් උවදුරු දුරු කරණ නිසා මේ මඟුල් සක්වළ සතර මහ වරම්හු කඩු හැර ගෙණ ශ්රී යාන්ගබඩාවේ සතර කොන රකවල් ගනිති.

දස දහසක් සක්වළ සතළිස් ‍දහසක් වරම්හු ග‍බඩාවේ දොර කඩ පටන් සක්වල ගල දක්වා රකවල් ගනිති. දෙවියන් විසින් ගන්නා ලද රකවල් ඇති බ්රවහ්මවතී නම් බ්රා හ්මණිනු ත් දස මස පිරෙන්නා ම කෙතුමතී නුවර මඟුල් උයන්හි දී වදති. බිමට බිහි වන තෙක් අනගැමි බඹු සතර දෙනෙක් අවුත් රන් දැලෙකින් පිළි ගනිති. උන් අතින් සතරවරම්හු අභිමඞ්ගල සම්මත වූ අඳුන් දිවි සමෙකින් පිළිගනිති. උන් අතින් ඇමැත්තෝ දුහුල් සළුවක් හකුළුවා ලා ඉන් පිළිගනිති. උන් අතින් බිමට බැස දෙ පත්ල තර ව බිම ඔබා ලා නැගෙනහිර දසාව බල බලා සිටිනාහ. පොළොව මනා කොට පතුල් පිහිටවීම නම් මහා පුරුෂ ලක්ෂාණ දෙතිසක් විතර ආශ්චය්ය්ා ක පහළ වන්නා සේ ම පහළ වන හෙයින් ඉතා එකෙක.




334. අනාගත වංශ දෙශනාව

‍ දෙතිස් මඟුල් ලකුණු වන්ට කාරණ කවරේ ද යත් - සොළොසා සැකි කප් මුළුල්ලෙහි බුදු වනු නිසා දනක් ‍ෙදත ත් ම‍ඬෙහි හිඳුවා ලූ හිරටක් සේ වෙවුලැසි නො ව තර අදහස් ඇති ව යම් බෙහෙත් ගසෙකින් මුල් කැමැති කෙ‍ණෙක් මුල් හැර ගෙණ යත් ද, ගැට කැමැති කෙණෙක් ගැට ගෙණ යෙත් ද, සුඹුළු කැමති කෙණෙක් සුඹුළු හැර ගෙන යෙත් ද කඳ කැමති කෙණෙක් කඳ කපා ගෙණ යෙත් ද, වෙළෙප් කැමැති කෙණෙක් වෙළෙප් ගෙණ යෙත් ද, අතු කැමති කෙණෙක් අතු කපා ගෙණ යෙත් ද, කොළ කැමති කෙණෙක් කොළ ගෙණ යෙත් ද, මල් කැමති කෙණෙක් මල් ගෙණ යෙත් ද, ඵල ජාති කැමති කෙණෙක් ඵල ගෙන යෙත් ද, ඒ ගෙණ යන්නවුන්ට ඒ බෙහෙ‍ත් ගස් කරණ බාධා නැත් ද, එ මෙන් රන් රිදී - මුතු මැණික් ආදිය ත් ඉස් - ඇස් - මස් ආදිය ත් ඉල්වා ආ කෙණකුන්ට බුදුවීම් අදහසෙහි තරව පිහිටා දුන්හ.

සිල් රක්ෂා් කරණ කල ත් ‘මේ සිල් නමැති පැන් නම් දහස් ගණන් ගංවල පැනිනු ත් සෝධා හළ නො හැකි කෙළෙස් කිලුටු සෝධා හැර පිය යි. සඳුන් පිනිදිය ආදියෙනු ත් හළ නො හැකි කෙළෙස් මහ ගිම් සන්හිඳුවා ල යි. තව ද සත්වදයන් සරහා ලන්නා වූ වොටුණු ආදී වූ ආභරණත් මේ සිල් නමැති ආභරණයට නො එක් ලෙසින් අඩුය. නිවන් මහ නුවරට මාවත් මඟක් හා සරි ය. සිතූ පැතූ සියල්ලක් සාධා දී ලන හෙයින් කප් රුක් ආදියක් හා සරි ය’යි සිතා ගෙණ තර ව පිහිටා ජීවිත විනාශයක් වේ නමුත් ශීල විනාශය නො කොට සිල් රක්ෂාර කළහ.

තව ද ගිහි සම්පතෙහි බොහෝ ආදීනව හා මහණ වීමෙහි බොහෝ අසුසස් දැක මහණ වෙත් නමුත් කුද්දාල පණ්ඩිතයන් ගේ කෙළවර මහණ වීම සේ තර අදහස් ඇති ව මහණ වන්ට නික් ම මහණ වූහ.

තවද කව‍ර කුමක් කරත ත් යම් සේ ජීවිතෙන්ද්රිහය නැති ව ශරීර ය නොපවතී ද, චක්ෂුර්විඥානාදීන් නැති ව හුදෙක් චක්ෂු ප්රවසාද ය තමන්ට ප්රවතිනියත වූ රූප දර්ශෂනාදි ය කට නො‍ හෙත් ද, එ මෙන් නුවණ නැතිව කුමකු ත් කිරීම නපුරැ යි සිතා නුවණින් ම කරණ යම් දෙයක් කළහ.

තව ද හීන වීය්ය්ය යන්ට සිද්ධි වන ලොවුතුරා ගුණ තබා ලොවී ගුණ ත් නැති හෙයින් ලේන ව උපන් අවධියෙහි මූද වැටී ගිය



1230 සද්ධර්ම රත්නාවලි ය

දරුවන් හැර ගන්ට නඟුට ගල ගලා මූද පැන් ඉස්නට කළ වීය්ය්න ල සේ කුශල පාක්ෂික වීය්ය්ර්යග ත් තර ව කළහ.

තව ද, ‘සහන ය කිරීම නම් ක්රොවධ නමැති ගිහි නිවන පැනෙක පවිටු පුඟුලන්ගේ රළු - පරළු බස් නමැති විෂයට දිව බෙහෙදක් හා සරි ය. ද්වේෂ නමැති මහ මුහුදට ඉවුරක් හා සරි ය. අපායට යන මඟ අවුරා ලූ අකුලක් වැන්න. සියලු ගුණයට මුල් ව තිබෙ’යි යනාදී සලකා ක්ෂඅමා කරවීමෙහි ත් තර වූහ.

තව ද සබ වස නැතිවීමෙන් ශීලාදී ගුණධර්මය ය නො පිරි‍න හෙයිනු ත් ‘මම බුදු වලා සියල්ලවුන් නිවන් දක්වමි’ යනාදීන් කියා ලූ ලෙසට පිටි පෑ තිබෙන හෙයිනු ත් අත්ථිවභඤ්ජක බොරුවක් නො කී හ.

තව ද යම් දෙයක් කෙරෙමි යි ඉ‍ටා ගතු නම් ඊ ත් තර වූ හ.

තවද සියල්ලවුන් කෙරෙහි මෙත් පැතිරීමෙන් අනුසස් ‍එකොළොසක් ඇති හෙයින් තර අදහස් ඇති ව දිසාඵරණා දී විසින් සියල්ලවුන් කෙරෙහි මෙත් පැතුරුවූහ.

තව ද හිතයන් කෙරෙහි අනුනය ‍ක‍රතො ත්, අහිතයන් කෙරෙන ප්ර තිඝය කරතො ත් දරු දන් දී දරුවන්ට ගහට දැක දරු පෙම නිසා සිත අනිකෙක් වී නම් දරු දන් සිද්ධ නො වන හෙයිනු ත් දරු දන් සිද්ධ නූ වූ කල බුදු බව ත් සිද්ධ නො වන හෙයින් සියල්ලෙහි ම මැදහත් වූහ.

ඒ හැමයෙහි අනුසසින් බුදු වන ජාතියෙහි රන් මරවඩි සඟලක් සේ බිම සම ව පිහිටන්නා වූ පතුල් ඇති දෑ ය. එයි ත් එක් පුරුෂ ලක්ෂලණයෙක.

තව ද ඒ මෙතේ බෝසත්හු ද බොහෝ කලෙක බොහෝ දෙනාට වැඩකරු ව බොහෝ දෙනාට ප්රොයෝජනවත් ව සිත් ගෙන විසූ දෑ ය. ඊ මහිමනේ යට පතුල් දෙකෙයි ඉඳුනිල්මිණි මුවා නැබ ඇති, පබළු මුවා නිම් වළලු ඇති, නැබ මැද රිදී මුවා සිදුරු ඇති, නැම්වලට ත් නිම් වළලුවලට ත්, අතුරු ව සත් රුවන් මුවා දැවී දහසක් ඇති නිම් වළලු පිට අටතුරාසියක් මඟුල් ලකුණු හා මුණ්ඩාරම් හා කුඩ කොන්ත ඇති, සක් රුවන් දෙකෙක් පෙනෙ යි. ඒ දෙවන මහා පුරුෂ ලක්ෂ ණ ය.


344. අනාගත වංශ දේශනාව

තව ද ඒ මෙතේ ‍‍වංබෝසත්හු ප්රා,ණ වධ‍ නො කරණ බැවින් පණිවායෙන් වැළැක්කහ. ඒ කුශලයෙන් පත්ල සතර භාගයක් කළ කල දෙ භාගයක් අක් පත්ලට ව භාගයක කෙණ්ඩ ය පිහිටා එක් භාගයක් විළුඹට වන හෙයින් දික් වූ විළුම් ඇත්තාහ. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂ්ණයෙක.

ඇඟිලි ත් සිරියලින් වටා ලූවා සේ මුලින් දළ ව අගින් සීන් ව දික් ව තිබෙයි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂිණයෙක.

ගාක්රි ය ත් නො නැමී බ්ර හ්මයාගේ ශස්ත්රන ය සේ ඉඳුරා ව සිට්ටි, එයි ත් එක් මහා පුරුෂ ලක්ෂැණයෙක.

තව ද ඒ මහ බෝසත්හු පැරුම් බිම දි තෑගි කමින් උස් ව සිටිනාහ. එ හෙයින් නළල් මහපට ඇඟිලිවල නිය අක් ආදී වූ සත් තැනෙක උස් ව සිට්ටි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂනණයෙක.

තව ද මහ බෝසත්හු පෙර බොහෝ කළක් ම දාන ය, ප්රි ය වචන ය, අත්ථිමචය්ය් ය, සමානාත්මතා ය යන සතර සංග්රඅහ වස්තුයෙන් ජන සංග්රවහ ය කළහ. එයින් ජාල කවුළුවක් සේ ජාල ලක්ෂ ණයෙන් විසිතුරු වූ අතුල් පතුල් ඇති බව ත් අලුත උපන් කුමාරවරුන් සේ හැම දවස ම මොළොක් වූ අතුල් පතුල් ඇති බව ය යි මේ මහා පුරුෂ ලක්ෂැණ දෙක වෙයි.

ලොක ස්වාමි වූ ඒ මහා පුරුෂයාණෝ පෙර බොහෝ කලක් ම වැඩට නිසි ව ප්ර යොජනවත් බසක් මුත් නිෂ්ප්රහයෝජන බසක් නො කීහ. එ හෙයින් පිට පතුල් රන් කකුළුවන් මෙන් නහර නොපෙනී උස් ව සිට්ටි. එයිත් එක් මහා පුරුෂ ලක්ෂකණයෙක.

ශරීරයෙහි ලොමු ත් කුණ්ඩලාවෘත්ත ව සීසැරී ලා අක් උඩුව තිබෙ යි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂෘණයෙක.

තව ද ඒ මහා බෝසත්හු පෙර ශිල්පයක් ශාස්ත්රපයක් උගන්වත් නම් සකස් කොට උගන්වති. එ හෙයින් ඒණි මුවන්ගේ කෙණ්ඩ වැනි කෙණ්ඩ වෙයි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක. තව ද ඒ මහ ‍බෝසත්හු පෙර මහණ බමුණන් කරා එළඹ ස්වාමීනි

කුසල් කවරේ ද?  අකුසල් කවරේ ද? සාවද්යි කවරේ ද? නිවරද්ය  කවරේ ද? කුමක් සේවන ය  කටයුතු ද? කුමක් සේවන ය නො කටයුතු ද?  කුමක් කළ කල 

1232 සද්ධර්මටරත්නාවලි ය

අහීතයට දුඃඛයට කාරණ වේ ද? කුමක් කළ කල බොහෝ කලක් හිත සැප එළවා දැ’යි විචාරති. එ හෙයින් ඔහු සියුම් ඡවි ඇති වෙති. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂඛණයෙක.

තව ද ඒ මහා පුරුෂයාණෝ පෙර කිසි කෙණකුන් කෙරෙ හි ත් කොපයක් නැතියහ. යම් කිසි අසත් පුරුෂ කෙ‍ණකුන් බොහෝ ආක්රොකශ පරිභව බිණුව ත් දොම්නස් නො ඉපැද වූ ය. එ හෙයින් ඔප් නැඟූ කනක රූපයක් සේ ඉතා රන් වන් වූ ශරීර ඇති වෙති. එයි ත් මහා පුරුෂ ලක්ෂකණයෙක.

තවද ඒ මහ බෝසතාණෝ පෙර බොහෝ කලක් වෙන් ව විසූ නෑයන් හා මිත්ර ජනයන් හා කුස ඔත්තවුන් හා අවශෙෂ නෑයන් කයින් සිතින් වෙනස් නො වන සේ සමඟ කර වූ ය. එ හෙයින් ඔවුන්ට කොෂයෙහි සැඟවී තිබෙන වස්ත්රස ගුය්හ ඇති වෙයි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.

තව ද ඒ මහා බෝසත්හු පෙර ජනයාට සංග්ර හ කරණ කල මොහු මෙ පමණ සත්කාරට සුදුස්සෝ ය’යි පුරුෂ විශෙෂ ය දැන සුදුසු වූ සත්කාර කොළෝ ය. එ හෙයින් සම පරිමණ්ඩල වූ නුග රැකක් සේ උස හා සම වූ බැම හා බැම හා සම වූ උස ඇති බව ය. සිටි යේ සිට නො නැමී දෑත දෙ අත්ලෙන් දෙ දණ පිරිමඳින බව ය. යන මේ මහා පුරුෂ ලක්ෂ ණ දෙකින් යුක්ත වෙති.

තව ද ඒ මහ බෝසත්හු පෙර කෙ‍ සේ මේ සත්වෂයෝ සැදැහැයෙන් වැඩි‍ දෝ හෝ කෙ සේ ශීල සම්පත ත්යා ග සම්පත පිහිටත් දෝ හෝ කෙ‍ සේ ඇසිය යුත්තක් අසා ගනිත් දෝ හෝ, කෙසේ නම් මොවුන්ට නුවණ වර්ධනය වේ දෝ හෝ කවර උපායකින් ධන ධාන්යඇ උපදවා ගනිත් දෝ හෝ, කෙසේ නෑයන් මිත්රපයන් බොහෝ කොට ගනිත් දෝ හෝ යි මෙසේ මහා ජනයාට එකාවන්වට වැ‍ඩක් ම කැමති වූ ය. එ හෙයින් සිංහයාගේ ඌර්ධව ශරීරය මෙන් සම්පූර්ළුණ වූ ශරීර ඇති බවය. පිට ද භාග ය වෙන් ව නොති බී රන් පුවරුවක් සේ සම ව තිබෙන බව ය. එ සේ ම සම ව සිටිනා කඳට ඇති බව ය - යන මේ මහා පුරුෂ ලක්ෂෙණ තුන පහළ වෙයි.

තව ද ඒ මහා බෝසත්හු පෙර කැට කැබිලිත්තකින් වත් යම් කිසි දඬු ආදියකින් වත් ආයුධයකින් වත් සත්වලයන්ට පීඩාවක් නො කොළෝ ය. එ සේ හෙයින් ඔවුන්ගේ රස දිවට


344. අනාගත වංශ දේශනාව


එක් ව උඩු බලා සිට රසග්රා ස ය කරණ රස නහර ඇති ය. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂටණයෙක.

තව ද ඒ මහා පුරුෂයාණෝ පෙර මහ ජනයාගේ මුහුණ ප්රෙ මයෙන් බැලූ ය. එ‍ හෙයින් එවුන්ට ඉතා නිල් නුවන් ඇති බව ය, අලුත වැදූ වස්සන්ගේ ඇසි පිය සේ යහපත වූ ඇසි පිය ඇති බව ය යන මේ මහා පුරුෂ ලක්ෂනණ දෙක පහළ වෙ යි.

තව ද ඒ මහා බෝසතාණෝ සසර වසන කළ මහ ජනයාට ඉදිරි ඉදිරි ව කුසල් කළහ. එ හෙයින් ඔවුන් හිස මුඳුනෙන් උඩවඩු රියනක් තැන් නැගී හැම වේලෙහි ම ජෝතිමත් ව බබළන් නාවූ රශ්මි කදම්භයක් ඇති වෙ යි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂ ණයෙක.

තව ද ඒ මහතාණෝ පෙර මුස වායෙන් වැළක සබා බස් ම කීහ. එ හෙයින් එවුන්ට එ කී එ කී රෝමයක් අට ගෙණ අඳුන් වන් පැහැ ඇති ව මුඳුන් බලා සිටිනා බව ය. දෙ බැම අතුරෙහි මකුල් තිලකයක් සේ ඌර්ණ රොම ධාතුවක් ඇති බව ය. යන මේ මහා පුරුෂ ලක්ෂ ණ දෙක පහළ වෙයි.

තව ද ඒ මහා පුරුෂයාණෝ පෙර ඔවුනොවුන් බි‍ඳෙන්නට කේළමක් නො කීහ. අසමඟයන් සමඟ කැරවූහ. සමඟයන් නො සමඟ නො වන සේ අවවාද දුන්හ. එ හෙයින් සම සතළිස් දන්තධාතු ඇති බව ය. හැම දන්තයන් සක් පත් වළලු දෙකක් සේ නො සිදුරු ව සිටිනා බව ය. යන මේ මහා පුරුෂ ලක්ෂකණ දෙකින් යුක්ත වෙති.

තව ද මහ බෝසත්හු පරුෂ වචනයෙන් වැළැක්කහ. සියල් ලවුන් සිත් ගන්නා ප්රේසමණීය වූ, මනොඥ වූ, තෙපුල් ම කීහ. එ හෙයින් දිගු පුළුලු මොළොක් වූ දිව් ඇති බව ය. මහා බ්රිහ්මයා ගේ ශබ්ද ය සේ අෂ්ටාඞ්ග සමූපෙත වූ තෙපුල් ඇති බව ය. යන මේ මහා පුරුෂ ලක්ෂ්ණ දෙක ඇති වෙ යි.

තව ද ඒ මහ බෝසත්හු පෙර ප්රෙයොජනවත් වූ නෛය්යා ග ණික බස් ම කිවූ ය. එ හෙයින් සිංහයාගේ හනු සේ සම්පූර්ණ වූ හනු ඇති වෙයි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂඑණයෙක.

තව ද ඒ මහ බෝසත්හු පෙර බොහෝ කලක් මුළුල්ලෙහි සොර වෙළඳාමක් නොකොළෝ ය. මිථ්යාළජීව‍යෙන් දුරු වසම්යයක්

1234 සද්ධර්ම රත්නාවලි ය

ආජීවයෙන් ජීවිකාවෘත්ති ය කළහ. එ හෙයින් දතක් දතකට උස් නො ව සිටිනා දත් ඇති බව ය. දුසු වූ සතර දළ දා ඇති බව ය යන මේ ලක්ෂසණ ඇති වෙයි.

මෙ සේ දෙ තිස් මහා පුරුෂ ලක්ෂනණයෙන් හොබනා වූ මහ බෝසත්හු පිටි පත්ල උගුළුවා, උතුරු දිගට මුහුණ ලා, සත් පියවරක් ඔසවා ගොසින් පියුම් මත්තෙහි සිට සිංහ නාද පවත්වා, එ වක් පටන් ක්ර ම‍යෙන් වැඩි විය පැමිණෙති. වැඩි විය පැමිණි කලට විපාක දී නිමවා පියත් බුදු වන ජාතියෙහි ම කල් මඳ වුවත් සොළසාසැකි කප් සුවහස් මුළුල්ලෙහි කළ පින් කම බොහෝ හෙයින් මහත් බඬසල් දහයෙක තුබූ විකක් කුඩා එක් බඩසලෙක පටවන කලක් මෙන්, මහා පත්තායම් දහයෙක තුබූ රුවන් එක පෙට්ටගමෙක ලන කලක් මෙන්, මහ නැව් දහයෙක තුබූ බඩු කුඩා ඔරුවෙක ලන කලක් මෙන්, සතර මහ මහුද පැන් පොකුණෙක වත් කරණ කලක් මෙන්, බුදු වන ජාතියෙහි ම විපාක දෙන හෙයින් ගිහි සම්පත් විඳුනා ‍නිසා මහ බෝසතුන්ගේ කුශලානුභාවයෙන් ශ්රීහ සම්පත්තීන් වැඩියා වූ වඩමන නම් පහයෙක් ද, සිදුහත් නම් පහයෙක් ද, චන්දතක නම් පහයෙක් ද, ත්රිවවිධ සුචරිතයෙහි විපාක ය පොළෝ ‍යට සැඟ වී තිබී ලා උඩ නැඟි කලක් මෙන් පොළොව පළා ගෙණ පැන නැ‍ඟෙ යි. ලක්ෂකයක් විචර පුරඟනෝ වන්නාහ. චන්ද්රැමුඛී නම් බ්රා හ්මණී කෙණෙක් අග මෙහෙසුන් වෙති. බ්රඟහම වර්ධණ නම් කුමාර ‍කෙණෙක් පුත් වෙති.

මාළිඟා තුන ම සත් මාල් සත් මාල් වෙ යි. එ කී එ කී මාලේ රුවන්මුවා ලක්ෂඟයෙක් ලක්ෂසයෙක් කුළු ගෙවල් වෙ යි. හැම එක් කොට එක් විසි ලක්ෂ්යක් විචර කුළු ගෙවල එ කී එ කී මාළිගාවක් වටා සත් රුවන් මුවා පවුරු වළලු සතෙක් සිට්ටි. රන්මුවා පවුරෙහි වාසල කෙරේ රිදී මුවා පවුරෙහි වාසල කෙරේ රන්මුවා තොරණ පෙළෙක් සිට්ටි. පබළුමුවා පවුරෙහි වාසල කෙරේ පිළිවහණ තොරණ පෙළක් සිට්ටි. පිළිවහණ මුවා පවුරෙහි වාසල කෙරේ පබළුමුවා තොරණ පෙළක් සිට්ටි. රත් මැණික් මුවා පවුරෙහි වාසල කෙරේ මැසිරි ගල් මැණික් මුවා තොරණ පෙළෙක් සිට්ටි. මැසිරි ගල් මැණික් මුවා පවුරෙහි වාසල කෙරේ සත් රුවන් මුවා තොරණ පෙළෙක් සිට්ටි. සත් රුවන්මුවා පවුරෙහි වාසල කෙරේ සත් රුවන්මුවා තොරණ පෙළෙක් සිට්ටි. මාළිගා තුන ම වට කොට සත් රුවන්මුවා යට අගැ නො එක් පෑයෙන් විසි තුරු ධජ පතාක ලෙළෙයි. මාළිඟා තුනෙහි ම මාලින් මාල මුත්


344. අනාගත වංශ දෙශනාව

තැන්වල දිව්යඅ ගිකීතා නාද සේ නාද පවත්වන්නා වූ රන් රසු දැල් එලෙ යි. ධජ පතාක අක්වල රන් මිණි ‍ඵලෙ යි.

මහ බෝසතුන්ගේ කුශලානුභාව ය තරමට එක සඳ මඳ හෙයින් පැන නැඟී තුන් සඳක් මෙන් තුන් විමනින් ම රස් විහිද්දී, සත් රුවන් මුවා කුළු ගෙවල් පිරිවරා සිටිනා වූ මාළිගා දෙව් දුන් ගෙන් වැළඳි වළාකුලක් මෙන් ඉතා හොබ්බි. මාළිගාවල ත් භිත්ති වල ත් පිටත දසාවෙහි නිල් මැණිකෙන් විසිතුරු වූ තල් ගස් පෙළක් හා සත් රුවන් මුවා මකර වළලු පෙළක් හා සිංහ පෙළක් හා ව්යාිඝ්රස පෙළක් හා ඇත් පෙළක් හා අස් පෙළක් හා ව්යාහළ රූප පෙළක් හා රථ පෙළක් හා මොරණ පෙළක් හා හංස පෙළක් හා කොස්වා ළිහිණි පෙළක් හො කොක් පෙළක් හා ගිජු ලිහිණි පෙළක් හා ගුරුළු පෙළක් හා දේවතා පෙළක් හා බඹ පෙළක් ළියවැල් පෙළක් හා ගස් පෙළක් හා නුවර පෙළක් හා ගං පෙළක් හා විල් පෙළක් හා මුහුදු පෙළක් හා නැව් පෙ‍ළක් හා පට්ටිගාපෙළෙකැ’යි මෙකී සියල්ල ත් සිත්තම ඇඳ ලූ දෙයක් මෙන් විභාගවත් ව පෙනෙ යි.

තව ද නිරන්තරව ම ඒ මාළිගාවල මල් වැසි වස්සී. ඒ ඒ මාළිගාවෙහි එකි එ කී මලෙක ගබඩා සත් සත් දහස් වෙයි. එ කි එකී ගබඩාවෙක එ කී එකී පලක් බැගින් වෙරළුමිණිමුවා පලක් සත් සත් දවස් වෙයි. එකී එකී පලඟකට එකක් එකක් බැගින් රුවන් කර්මලන්තායෙන් හොබනා හෙළ කුඩ සත් සත් දහස් වෙයි. එකී එකී ගබඩාවකට එ කි එකී යාන් බැගින් මහ ඇඟි කොට අතුළ සත් සත් දහස් ශ්රීි යාන් වෙ යි. ඒ යාන් ගාවා රුවන් කර්මා්න්තයෙන් විසිතුරු වූ මිටි ඇති සත් සත් දහස් කොන්ත සිට්ටි. එ කී එ කී මාළිගාවක් ම වට කොට සියලු හස්ත්ය්ලඞ්කාර යෙන් සරහන ලද ධජ පත්ති ඇති සදත් රජකු ඇති ව සත් සත් දහස් ඇත්තු සිටිති. එ සේ ම සියලු අශ්වාලඞ්කාරයෙන් සරහන ලද වලාහක ‍අශ්ව ප්රිමුඛ වූ සත් සත් දහස් අස්සු සිටිති. එසේ ම රථාලඞ්කාරයෙන් සරහන ලද ලහිරු මඬවල් සේ ඉතා ශොභාමත් වූ තමන්ගේ ශොභාවෙන් මාළිගා ගලා පියන්නාක් වැනි වූ සත් සත් දහස් රථ ත් මාළිගා වටා සිට්ටි. එකි එකී මාලෙක දෙවඟනන් වැනි මනහර රූ ධරන්නා වූ සව් බරණ ලා සැරහුණු ගී නැටීමෙහි දක්ෂන වූ යහපත් ජාති ඇති නළු ගෑනු සත් සත් සහස සිටිති.

පුරඟනන් මුළුල්ලට ත් නළු දුන්ට ත් ප්රගධාන වූ චන්ද්රමමුඛී නම් අග මෙහෙසුන්නු හැම දෙනාට වඩා විශිෂ්ට රූ ඇති වෙ යි. ඉතා



1236 සද්ධර්මදරත්නාවලි ය ‍‍ උසු ත් ‍නො වෙති. ඉතා මිටි ත් නො වෙති. ඉතා සීනු ත් නො වෙති. ඉතා බෙටි ත් නො වෙති. ඉතා කැළී ත් නො වෙති. ඉතා හෙළලි ව සුදු මැළි ත් නො වෙති. මිනිස් ලොව ගෑනුන්ගේ රුවට වැඩි සිටිති. දෙවඟනන්ගේ රුවට ආසන්න ව සිටිති. උන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ හම යි. කටින් මානෙල් මල් සුවඳ හමයි. ශරීරාලොක ය දොළොස් රියනෙක පැතිරෙයි. සියක් වර පොළා පී පුළුනක් මෙන් ඉතා මොළකැටි වෙති. ඌ තුමූ මෙතේ බෝසතුන්ට බ්රාහ්මවර්ධන නම් පුතණු කෙණකුන් වදති. සක්විති සිරිතක් මෙන් සෙසු ත් පුරඟනන් ගෙන් පුත්තු දහසෙක් ම ඇති වෙති.

එ කී එ කී මාළිගාවෙක ම සතර සතර කොන සතර සතර ගවු පමණ වූ සත්රුවන් පිරි සිටිනා නිධාන සැළවල් සතර සතර වෙයි. මාළිගා තුනට ම සතර සතරක් ඔබාදීන් කප් රුක් දොළොසෙක් පොළොව පළා ගෙන නැගෙ යි.

මෙතේ බෝසත්හු ද එකී එකී මාළිගාවේ සව් බරණ ලා සැරහී ගෙණ දෙවඟනන් වැනි වූ පුරඟනන් පිරිවරා හවුරුදු අට දහසක් සම්පත් විඳිති. එ කල මහ බෝසතුන්ගේ කුශලානුභාවයෙන් කෙතුමතී නුවර පටන් දඹ දිව සූවාසූ දහසක් නුවරවල රජදරුවෝ සංඛ නම් සක්විති රජ්ජුරුවන් ඇතුළු ව අනූ කෙළ ලක්ෂ්යක් රජ දරුවෝ සෙසු දෙවි මිනිසුන් හා එක් ව මෙතේ බෝසතුන් කරා ගොසින් ‘මුඹ වහන්සේ කීවාක් කොට ලා සිටින්ට ආම්හ’යි කියති. ඉදිරියෙහි තැන තැන සිටිති. මහ බෝසත්හු ‘අපට මෙහෙ කරන්නෝ ඇත. ගිය මැනව’යි උන් හැම යවති. එ කල මහ බෝසතුන් සමඟ දෙව්ලොවින් අවුත් කෙතුමතී නුවර ඒ ඒ උතුම් කුලවල උපන් දෙවියෝ අටළොස් කෙළක් මහ බෝසතුන්ට අමාත්ය මණ්ඩල වෙති.

මෙ සේ මෙතේ මහ බෝසත්තු දෙව් සැපට ත් වඩනා තරම් මහ සැප ත් මිඳිමින් අට දහසක් හවුරුදු ගිහිගෙයි රඳා චන්ද්රමමුඛී නම් අගමෙහෙසුනු ත් බ්රිහ්මවර්ධන නම් පුත් රුවන වැදූ කල්හි බුදුවන කලුත් ආසන්න හෙයින් උයන් කෙළියට යන ගමනේ ජරාජීණාදී අරමුණු දැක ක්රහමයෙන් යෞවන මදය ත්, ආරොග්ය මදය ත් ජීවිත මදය ත්, හැර සතර වැනි වාරයෙහි මහණ රුවක් දැක මහණ වීමෙහි රුචි ඇති ව මහණව ‘මහණධම් කට හෙම් දෝ හෝ ‘යි විමසනු නිසා කලට කිසිව ත් මහණ වීමට නිසිව ත් මහණ


344. අනාගත වංශ දෙශනාව


වන්නාට පෙරාතු ව ම සතියක් යම් දුකක් ගැනීම් වශයෙන් ප්ර ධන් වීය්ය්න කොට මැණික් ගල් ගුහාවෙක ඇලුම් හරන කෙශර සිංහයක්හු මෙන් සම්පත්තීන් පිරී තිබෙන මාළිගාවල ත් සියල්ලෙහි ත් ‍ඇලුම් හැර මහණ වන්ට නික්මෙනු කැමැති ව නික්මෙන්ට සිතන්නා ම මහ බෝසතුන්ගේ කුශලානුභාවයෙන් දස දහසක් සක්වල දෙවි බඹුහු ත් මේ එක සක්වළට රැස් වෙති. කෙතුමති ය මුළුල්ලෙහි ත් මුළු දඹදිව ත් ‘අජිත කුමාරයෝ මහභිනික්මන් නික්මෙති’යි මහා කොලහලය වෙයි.

ඒ වෙලාට සඞ්ඛ නම් සක්විති රජ්ජුරුවෝ සුවාසු දහසක් පමණ වූ නළු ආදීන් පිරිවරා මහ බෝසතුන් එ දවසට වසන මාළිගාව පිරිවරා සිටිති. සෙසු ත් රජ බමුණු ආදී හු පුන් කළස් මල් ඇඟෑ ආදී වූ පූජොපකරණ අල්වා ගෙණ පිරිවරා සිටිති. අහස දෙවියෝ ත් සැණ වෙස් ගෙණ ධජ පතාකාදිය හැර ගෙණ සාධු කාර දි දී අහස සිටිති. සක්වළ ගල පටන් අකනිටා බඹ ලොව දක්වා සිටියා වූ දෙවි බඹුන් රුවන්මුවා කරඬුවලින් දමා ලූ සුවඳ සුණු ආදි ය මහ වැස්සක් මෙන් පැවැත්ත.‍

ඒ වේලාට බෝසතුන් හුන් රුවන් මාළිගාව බෝසතුන්ගේ නළු ආදීන් හා සමඟ අහසට රන්වන් හංසයක්හු මෙන් නැගෙයි. ඒ වේලාට රැස් වූ මහ පිරිස ත් මහ බෝසතුන්ගේ කුශලානුභාව යෙන් ද, සක්විති රජුන්ගේ රාජානුභාවයෙන් ද, දෙවියන්ගේ දෙවතානුභාවයෙන් ද යම් යම් කෙ‍ණෙක් මහ බෝසතුන් හා කැටි ව යනු කැමැත්තෝ නම් ඌ ඌ අහසට නැ‍ඟෙති. මහා පුරුෂයාණන්ට මහ බඹාණ‍ කෙණෙක් හෙළ කුඩය ලති. සක් දෙවිඳුහු විජයතුරා සක පිඹ පිඹ සිටිති. සුයාම - සන්තුෂික දෙව් රජහු තල්වැට චාමර ගෙණ සිටිති. පන්සිළු නම් දෙවි පුත් වීණා ගායණා කෙරෙමින් සිට්ටි.

වරම් රජ දරුවෝ කඩු හැර ගෙන සතර දිග රකවල් ගනිති. දෙ තිස් දෙවි කුමරියෝ රන් පැණ රිදී පැණ ගෙණ සිටිති. අට විසි යක් සෙනෙවියෝ කඩු හැර ගෙණ ඒ ඒ දිග රකවල් ගනිති. අසුරයෝ දිව්යසමය ධජ පතාක ගෙණ හාත්පසින් සිටිති. නා රජහු මිණි දඬු වැට පහන් ගෙණ සිටිති. ගරුඬයෝ ස්තුති ගී කිය කියා ගායනා කෙරෙමින් සිටිති. සඳකිඳුරෝ මිහිරි කට හඬින් ගී කිය කියා ගායනා කෙරෙති. දිව නළුවන් හා දිව්යනඞ්ග නාවෝ දිව්යහමය නෘත්ය ගීත වාද්යගයෙන් පූජා කෙරෙමින් දස දිග පිරිවරා සිටිති.



1238 සද්ධර්මකරත්නාවලි ය

මෙ සේ මෙ බඳු ශ්රීය සෞභාග්යයයෙන් යුක්ත වූ දිව්ය මනුෂ්යය සෙනාව විසින් පිරිවරන ලද මහ බෝසතාණෝ පර්ව‍ත රාජ්යවයන්ගේ නැටීමෙන් හා ඇතුන්ගේ කුඤ්චනාදයෙන් හා අසුන්ගේ හෙෂා රවයෙන් හා සිංහයන්ගේ සිංහ නා‍දයෙන් හා ව්යාසඝ්රරයන්ගේ පැළඹීමෙන් හා හංසයන්ගේ සතුටු හඬින් හා දෙවියන්ගේ සාධුනාදයෙන් හා අසුර‍යන්ගේ ස්තුති ඝොෂාවෙන් හා බ්රිහ්මයන්ගේ අත් පොළසනින් හා එකනින්නාද වූ එකනි‍ර්ඝො ෂ වූ ආකාශ තල ය අලංකාර කෙරෙමින් ප්ර සාදයෙන් ම මහභිනික්මන් නික්ම මහ බෝ මැඩ සමීපයට යෙති. ඒ සත් රුවන් මහ පාය බෝ මැඩ සමීපයෙහි ආකාශයෙන් බැස ඉතා සිත්කලු වූ බිම පෙදෙසක පිහිට යි.

එ කෙණෙහි ම මහබඹා දිව්යඅමය වූ අට පිරිකර ගෙණ එ තැනට පැමිණෙයි. මහ බෝසතාණෝ මඟුල් කඩුයෙන් හිස කෙස් වැටිය කපා ආකාශයට ගෙන හැර මහබඹු අතින් සිවුරු පිරිකර ගෙණ පැවිදි වෙති. මෙ සේ මහ බෝසතුන් මහණ වූ ඉක් බිති වෙද වෙදාඞ්ගයෙහි පර තෙරට පැමිණියා වූ සූවාසූ දහසක් බ්රාෙහ්මණයෝ එදා ම මහණ වෙති. ඉසිදත්ත ය, පුරාණය යි යන ‍බමුණු දෙ බෑ කෙණෙක් වෙන වෙන ම සුවාසූ දහසක් පිරිවරා ගෙණ මහණ වෙති. ජිතමීත්තය, විජිත ය යන පණ්ඩිතවරු දෙ දෙනෙක් සුවාසූ දහසක් සූවාසූ දහසක් පිරිවරා ගෙණ මහණ වෙති.

සද්ධාත්ථි් නම් සිටාණ කෙණකුන් හා සඞ්ඛ නම් උපාසක යකු හා දෙදෙන සුවාසූ දහසක් සූවාසූ දහසක් පිරිවරාගෙණ මහණ වෙති. සුධන නම් උපාසකයකු හා සඞ්ඝ නම් උපාසක කෙණෙකුන් හා දෙ දෙන සුවාසූ දහසක් සුවාසූ දහසක් උපාසකවරුන් හා මහණ වෙති. යසවතී ය, විශාඛා ය යන උපාසිකාවරු දෙ‍ දෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පිරිවරා ගෙන මහණ වෙති. සෙසු බොහෝ නාගරික ජනයන් හා ජනපදවාසී වූ රජ බමුණු වෙළඳ ගොවි ආදි නානා ජාතියෙහි මහා ජානයෝ ද මහණ වෙති.

බෝසතාණෝ මහණ ව ලා ම සිල් සමාදන් ව ගඟට බැස පැන් සනහා චන්ද්රෝමුඛී නම් අග බිසොවුන් දුන් මිහිරි කිරි බත් වළඳා වැළඳු රන් තළි ය උඩු ගං බලා හැර පිපි මල් කැණින් හා ළපල පතින් සැරහුණා වූ සල් වෙනෙහි දිවා විහාර කොට සවස රන් වන් කෙසුරු සළා ඇති සුවඳ කුසුමයන් තුවටුයෙන් ගිලිහී මදටවන් සිවුරු මත්තෙහි හෙන්නට ‍වන් කල්හි, නා - ගුරුළු ආදීන් දිව මල් දිව සුවඳ ආදි ය ගෙණ පුදන්ට වන් - කල්හි, දස


344. අනාගත වංශ දේශනාව

දහසක් සක්වළ එක පැහැර බමන්ට වන් කල්හි, දෙවියන් විසින් සරහන ලද මඟට බැස දෙවි බඹ පිරිස් පිරිවරා ගොස් නාගසිරි බොධීන් වහන්සේ කරා එළඹ හැම බුදුවරයන් විසින් අවිජ හිත වූ නිශ්චල භූමි ය පරීක්ෂා කොට එක්තරා පුරුෂ‍යකු විසින් එළවන ලද කුසතණ අට මිටක් අගින් අල්වා ගෙණ බෝ මුල සලා වගුරුවා එ තැනින් නැඟී අපරාජිත පය්ය්් ඞ්කයට පැන නැඟී නාගසිරි බෝධීන් වහන්සේට පිට ලා නැගෙනහිර බලා සිවුරඟ ඉටා ගෙණ පලක් බැද හිඳ එ කෙණෙහි මාරයා භයඬ්කර වූ මර සෙනඟ ගෙණ තමාගේ දෙව් ලොවින් නික්ම සක්වළ ගල මුව විටට බැස මෙතේ බෝසතාණන් හුන්නා වූ විලාස ය දැක ශ්රීස මුඛ ය බලා මහා පරුෂයාණන්ගේ මෛත්රීන ආනුභාවයෙන් මෑත ආ නො හී එ තැන් හි ම සිට බිඳී පලා යෙ යි.

එ කෙණෙහි සම පනස් යොදුන් පමණ අති දහසක් රසින් බබලන හිරු මඬල නිම් වළල්ල අල්වා ගෙණ මූද ගලන ලද රන් සකක් මෙන් හස්ත ගත වෙමින් සිට්ටි. එකුන් පනස් යොදුන් පමණ ඇති සඳමඬල දස දිග අමාරස් විහිදුවමින් සක්වළ ගබ කිරි මුහුද ගලනාක් මෙන් ද, නිම් වළල්ල අල්වා ගෙණ අහසට නගන රිදී සකක් මෙන් ද, නැගෙනහිරින් නැගී සිට්ටි. සක්වල මැද තමන් වහන්සේ රන්වන් රසින් රන්වන් කිරීමෙන් ඉතා ශොභා මත් ව විදුරස්නෙහි හිඳිනා සේක.

මහභිනික්මන් නික්මුණු වෙලේ මෙන් ධවලච්ඡත්රාෙදි ය හැර ගෙණ පිරිවරා සිටිති. බුදු මඟුලේ සමහර දෙවි කෙණෙක් රුවන් තොරණ අල්වා ගෙන සිටිති. සමහර දෙවි කෙණෙක් රුවන් ඇගෑ අල්වා ගෙන සිටිති. සමහර දෙවි කෙණෙක් රන් කේල් ගස් අල්වා ගෙණ සිටිති. සමහර දෙවි කෙණෙක් රුවන් මුවා සිරිවස් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙණෙක් විල් විදුනා අල්වා ගෙණ සිටිති. සමහර දේවතා කෙණෙක් රුවන් අකුසු අල්වා ගෙණ සිටිති. සමහර දේවතා කෙණෙක් රේමස් යුගළ අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙණෙක් නදවට අල්වා ගෙණ සිටිති. සමහර දේවතා ‍කෙණෙක් භද්රකපීඨ අල්වා ගෙණ සිටිති.

සමහර දේවතා කෙණෙක් සක් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙණෙක් රුවන් කලස අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙණෙක් මල් මාල අල්වා ගෙණ සිටිති. සමහර දේවතා කෙණෙක් මල් කලප් සහිත කළ අල්වා ගෙන සිටිති. සමහර


1240 සද්ධර්මිරත්නාවලි ය

දේවතා කෙණෙක් දුම් කණෙසි අල්වා ගෙන සිටිති . සමහර දේවතා කෙණෙක් මිණිදඬු වැට පහන් අල්වා ගෙන සිටිති . සමහර දේවතා කෙණෙක් රන් කැට පත් අල්වා ගෙන සිටිති . සමහර දේවතා කෙණෙක් රිදී කැට පත් අල්වා ගෙන සිටිති . සමහර දේවතා කෙණෙක් මැණික් කැට පත් අල්වා ගෙන සිටිති . සමහර දේවතා කෙණෙක් රුවන් කැට පත් අල්වා ගෙන සිටිති . සමහර දේවතා කෙණෙක් ධජ - පතාක අල්වා ගෙන සිටිති . සමහර දේවතා කෙණෙක් කප්රුක් අල්වා ගෙන සිටිති . සමහර

එකල මහ බෝසතුන් වහන්සේ සක්වළ ගල් නමැති පට කඩ තිරයක් වටා බඳනා ලද තරු නමැති මැණික් ඔබා කළ අහස් නමැති වියනක් ඇති, සියලු රාත්රිතය මුළුල්ලෙහි තිබෙන සඳ නැමැති පහනක් ඇති, සක්වළ ගබ මද්ධ්යම නමැති රුවන් මණ්ඩප ය මැඳ බෝ රුක් නමැති නිල් කුඩයක් ඇති, විදුරස්නෙහි නළුවන් සහිත වූ දෙවි මිනිසුන් පිරිවරා පෙර යම් දස පැයින් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ උපදවා ගෙණ , මැද යම් දස පැයින් දිවස් උපදවා ගෙන, අලුයම් වේලෙහි මහ පොළොව ගුගුරුවමින් බුදු වෙති. බුදු ව සත් සති ‍යවා වදාරා උතුම් වූ දහම් සක පවත්වන සේක් ධම් සක් පැවුතුන් සූත්ර දෙශනාව අසා ගවුසාර සියයෙක පුරා සිටියා වූ මිනිසුන්ගෙන් හා සක්වළ ගබ පුරා සිටි දෙවියන් ගෙන් හා දෙ පක්ෂ යෙන් කැටි ව මිනිසුන් ගෙන් කෙළ ලක්ෂ යක් හා දෙවි බඹුන් ගෙන් අසඞ්ඛ්යනයක් නිවන් සකිති.

එ කල සඞ්ඛ නම් සක්විති රජ්ජුරු‍වෝ ද දිඹුල් දණ්ඩෙක් කළ ගෙ පතෙහි අනුසසින් ලද්කා වූ සියක් ගවු විවර උස ඇති, සියක් මාල් ඇති, දෙ ගවු දෙ ගවු පමණ දිග පළල ඇති රුවන් මාළිගාව තමන් මහණ වන්ට සිතන හෙයින් බුදු පාමොක් සඟනට පිළිගන්වා පියා බොහෝ දෙනාට බොහෝ දනු ත් දී පියා අනු කෙළ දහසක් දෙනා හා සමඟ බුදුන් කරා ගොසින් ඇති මධුර වූ බණ අසා සහපිරිවරින් සසුන් වැද මහණ ව රහත් වෙති. නිත්යි පරිවාර රහතන් වහන්සේ කෙළ ලක්ෂසයක් විචර වන සේක.

ඔබට බොධි වූ නා ගස මුල පටන් කඳ වෙළෙප තේරුණු තැනට එක් සිය විසි රියන, එ තැන පටන් අතු අගට ත් එක් සිය විසි රියන. මුල පටන් අතු අගට දෙ සිය සතළිස් රියන් පමණ කඳ ත් ගැට පපටිකා නැති ව රිදී කඳක් සේ වට ව තිබෙන සේක. බස්නා හිර අතු අග පටන් නැගෙනහිර අතු අගටත් උතුරු අතු අග පටන් දකුණු දිග අතු අගටත් දෙ සිය සතළිස් රියන් දෙ සිය


344. අනාගත වංශ දෙශනාව

සතළිස් ‍රියන් පමණ සේක. කොළ මඬුල්ල වටින් සත්සිය විසි රියන් සේක. පවත්නා තෙක් දවස් සුඹුලු ත් නො හෙයි, පතු ත් නො හෙයි. පතුත් විලික්ෂවය වේව යි නිකම් වේව යි නො හෙයි. අතුරතුරෙහි දළු ලීමක් විනා නිල් ව ම සිටිනා සේක. පත්හසු වල ගත් මල් කැකුළු හස්සෙහි දොළොස් නැළියක් විවර පැන් ගනිති. පිපී ගියා වූ මල් රථ සක් සා ඇත. එ කී එ කී මලෙහි රේණු නැළියක් විවර වෙ යි.

බුදු වන දවස් පිපියා වූ නා ‍මල් අසූ දාහක් හවුරුදු පර නො වී තිබෙයි. බෝධීන් වහන්සේ වට දොළොස් ගවුවක් විතරෙහි මල් පිපෙන්නා වූ ගස් බෝධීන් වහන්සේට වැඳුම් ගෙණ සිට්ටි. බෝධීන් වහන්සේට වටින් දෙ ගවුවක් විතරෙහි බිම රුවන් වැල්ලෙන් තැවරී සිට්ටි. ඒ වැලි තලාව මත්තෙහි දියෙන් ගොඩෙහි පිපෙන සුවඳ මල් අතුට තිබෙ යි. නිරන්තරයෙන් ම ඒ බිම අනෝජා සිඳුවර ඉද්ද සමන් පළලු සපු නා ආදී වූ මල් වැසි වස්සී. බෝධීන් වහන්සේට වට කොට මහනෙල් මල් කලස් සහිත රන් පැණ තිබෙ යි. සතර කෙළවර සන්ධික ඇත්තා වූ රුවන් මුවා වැටවල පහන් ඇවිළෙ යි. බොධීන් වහන්සේට උඩු මල් වියනකුත් සිට්ටි. මුදුනෙන් ගමන් නැත ත් ඉවතින් යන පක්ෂීන් මියුරු කට හඬින් තම හට හිත කැමති පූජා කොට ලා යන්නාහ. කඳ වෙළෙප් අතු ආදියෙහි ත් රඳා පියන පක්ෂි කෙණෙක් නැත. ඒ බොධින් වහන්සේ මෙ බඳු විස්ම ඇති වන සේක.

එකෙණෙහි බුදුන් වහන්සේ උසින් අටාසූ රියන් සේක. පත්ලෙහි පටන් දණ කරා දෙ විසි රියන් සේක. දණ පටන් පෙකණි යට දෙ විසි රියන් සේක. පෙකණියෙහි පටන් අකු ඇට දක්වා දෙ විසි රියන් සේක. අකු ඇට පටන් ඉස් මුදුන දක්වා දෙ විසි රියන් සේක. ඉස් මුදුනෙහි පටන් දෙවුරට අතුර පස් විසි රියනෙක. කන් දෙක වෙන වෙන සත් රියන් පමණ ය. කන් වැල් දෙක සැලී නැගෙන කළට විදුලිය ගසන්නා සේ ය. ඇස් දෙක ම පස් පස් රියන. රන් පර්වටතයක හුණු දෙව් දුනු සඟළක් වැනි වූ බැම සඟළ ත් පස් පස් රියන.

බැම දෙකට අතුර ත් පස් ‍රියනෙක. රන් අකුරස්සක් වැනි නාය ය සත් රියනෙක. තොල් සඟළ ත් පස් පස් රියන් විවර ය. සිනිඳු වූ මොළොක් වූ තුනී වූ රතු වූ පළල් වූ දිව සරියන. වට වූ සොඳ වූ හිස පිටින් පස් විසි රියන. සර්වාඥ නමැති අනවතප්ත


1242 සද්ධර්ම රත්නාවලි ය

විලින් සදහම් නමැති අමා ගං වැහෙන නැසින්නක් වැනි වූ මුඛය ද වටින් පස් විසි රියන. රන් කලස කරක් වැනි කර ද පස් රියන. වට වූ අත් ‍සඟළ ම වෙන වෙන සතළිස් රියන. ඝන අතුල් සඟළ ද එකෙක් එකෙක් ම පස් රියන. ඝන අඳුරෙක වුව ත් තමන් වහන්සේගේ මසැසින් එ කී එ කී අතින් අට සාලිස් අට සාළිස් ගවුවෙක තිබූ අතිසූක්ෂ ම වූ රූ ත් දක්නා සේක.

ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නික්මුණා වූ සවනක් රසු ත් අසු දහසක් හවුරුදු මුළුල්ලෙහි ම දස දිගින් ම සියක් ගවු විතරේ පැතිරි සිට්ටි. එ සේ පැතිර සිටිනා රසු ත් අහස විදුලිය කලප් මෙන් දීප්තිමත් ව සිට්ටි. ති ලෝ ගුරු බුදුහු ත් ලක්ෂ ගණන් පහනින් බබලන පහන් රුකක් මෙන් නො එක් රුවනින් විසිතුරු වූ අටාසූ රියන් ඇගෑයක් මෙන් ද හොබනා සේක. ඔබගේ ශරීරයෙහි පිහිටි දෙ තිස් මහා පුරුෂ ලක්ෂිණ ත් පිළිවෙළින් තබා ලූ සඳ මඬල දෙ තිසක් මෙන් ද, හිරු මඬල දෙ තිසක් මෙන් ද, පිළිවෙළින් සිටි සක්විත්තන් දෙ තිසක් මෙන් ද, වරම් රජුන් දෙතිසක් මෙන් ද, ශක්රවවරුන් දෙ තිසක් මෙන් ද, සුයාමුන් දෙ තිසක් මෙන් ද, සන්තුෂියන් දෙ තිසක් මෙන් ද, සුනිර්මිතයන් දෙ ති සක් මෙන් ද, වසවත් මරුන් දෙ තිසක් මෙන් ද, මහ බඹුන් දෙ තිසක් මෙන් ද, ඉතා ශොභාමත.

ඉන් බබළන්නා වූ ඔබගේ ශරීර ය තරු රසින් බබළන අගසක් මෙන් ද,

සුපිපි මහ පියුම් විලක් මෙන් ද, නො එක් රුවින් බබළන රුවන් ආකරයක් මෙන් ද, ඉතා හොබ්බි.  තම්බ නඛතාතුඬ්ග නඛතා ආදී වූ අශීත්ය නුව්යනඤ්ඡන නිසා ඔබ ගේ ශරීර ය සඳ වලායෙන් මුසු වූ විදුලිය හා දෙව් දුන්නෙන් වෙළන ලද රන් පර්වශතයක් මෙන් ද, හොබ්බි ඇඟින් නික්මෙන සවනක් රසු ත් ඉඳුනිල්මිණිමුවා කළවලින් වැඟිරෙන නිල් රස ධාරා මෙන් ද, රන් කළවලින් වමැගිරෙන කොකුම් රස ධාරා මෙන් ද, පබළුමුවා කළ වලින් වැගිරෙන අලතා ධාරා මෙන් ද, රිදී කළවලින් වැගිරෙන කිරි ධාරා මෙන් ද, මඳට වන් කළවලින් වැගිරෙන මදට රස ධාරා මෙන් ද, නික්ම යුග්ම යුග්ම පිළිවෙළින් තල් කඳ සා ව ද, රථ සක් සා ව ද, කඩ ආදිය සාව ද පවතිමින් යටින් වා පොළොව ඉක්ම, උඩින් භව අග ඉක්ම, සරසින් අනන්ත වූ සක් වළවල් ඉක්ම, ඔබගේ ශාසන ය පවත්නා තෙක් පවත්ති.

තව ද ඒ බුදුන් යම් තැනකට වඩනා කල බිම තබා ලූ පතුල් පිළිගන්ට මහ පොළොව පළා ගෙණ උපුල් පියුම් නැ‍ඟෙයි. ඒ පියුම්


344. අනාගත වංශ දේශනාව


වල මහ පෙති තිස් රියන. කුඩා පෙති පස් විසි රියන. කෙසුරු විසි රියන. පියුම් කෙමි සොළොස් රියන් වෙයි. එ කී එ කී පියුමෙහි රේණු අමුණ අමුණ වෙයි. දෙපත්ලෙන් පියුම් කෙමි දෙකක් මිරිකා ගන්නා මහ හිඟුල් සුණු වැනි වූ රන් වන් රේණු සළා පත් ලෙහි පටන් සිරස දක්වා රන් පිළිමයක හිඟුල් රෙඛා දෙන කලක් මෙන් සියල් සිරුරු තවරා නැඟී ලා පෙරළා පා මුල්හි වැගි රෙයි. බොහෝ සේ නැ‍ඟෙන්නේ රත් පියුමු ත් සුදු පියුමු ත් නැ‍ඟෙ යි. මෙ සේ ඒ මෙතේ බුදුහු අනන්ත වූ බුද්ධ ලීලායෙන් අනුපමෙය්ය‍ වූ බුදු සිරින්, දිළිහී දිළීහි මුළු ලොව බුද්ධ රාජ්යු ය කෙරෙති.

ඒ මෛත්රෙ ය බුදුන්ගේ ගඳ කිළි ය දිව්යත විමානයක් සේ දෙව් ලොව වසන දෙවියෝ නන් විසිතුරු ඇගෑ පන්තීන් නිර්මිත කෙරෙති. එයින් රන් ඇගෑ අටෙක් වෙයි. රිදී ඇගෑ අටෙක් වෙයි. මැණික් ඇගෑ අටෙක් වෙයි. පබළු ඇගෑ අටෙක් වෙයි. නො එක් දහස් ගණන් මල් ඇගෑ ‍පන්තීහු සතර දිග සැදී සිටි ත්. ඒ ඇගෑ සියල්ල ම උසින් අටාසූ රියන් පමණ වෙයි. මහ ත් ආනුභාව ඇති නාග - ගුරුළු - ගදඹ ආදීහු නො එක් පැහැ ඇති නානා රත්නයෙන් විසිතුරු වූ සිය දහස් ගණන් ධජ මාලාවෙන් ද, රන් දම් රිදී දම් මුතු දම් - මැණික් දම් එල්වා අලඞ්කාර කොට මිණි කිකිණි දැළින් වට කරන ලද රන් රුවන් මය මුදුන් මල් කඩින් හා ලම්බාමාන පෙති පතර ඇති රන් පියුම් රුවන් කෙමි ආදියෙන් යුක්ත වූ සත් රුවන්මය මාහැඟි වියනින් ද ඒ ඇගෑ මුදුන නිරන්තරයෙන් සරහා අලඞ්කාර කෙරෙති.

ඇම කළ ම දිව මල් වැසි වස්සි. දෙව් මිනිස් ලොව ඇති නො එක් ජාතියෙහි සුවඳ සුණු අහසින් බස්සී. ඒ ඇගෑ මුදුනෙහි පස්වනක් පැහැයෙන් විසිතුරු වූ දස දෙස ආලොක පැතිරෙන මනහර වස්ත්ර ජාතීහු පවන් වේගයෙන් ලෙළ ‍දි දී දස දිග හොබවා සිටිති. ඒ බුදුන් කෙරෙහි පහන් වූ දෙවි මිනිස්සු නිරන්තර ව කෙළිති. නටති. අත්පොළසන් දෙති. සාධු නාද පවත්වති. හාත්පස එකනිග්ඝොස එකනින්නාද කෙරෙති.

ගඳ කිළි දොර ඉදිරියෙහි පැන නැංගා වූ දහසක් රියන් උස ඇති රුවන් ඇගෑ හා රන් තොරණ පන්තීහු විසිතුරු ධජ මාලාවෙන් විභූෂිත ව ඒ ඒ දිග විහිදුනා රශ්මි සමූහයෙන් ශොභාමත් ව බබළති. ඒ ඇගෑ හා තොරණ පන්ති මධ්යදයෙහි මහ පොළොව පළා ගෙණ හාත්පසින් දොළොස් යොදුන් පමණ රුවන් මණ්ඩප


1244 සද්ධර්මනරත්නාවලි ය

යෙක් නැ‍ඟෙ යි. ඒ මණ්ඩප ය සතර කොන තිස් තිස් රියන් දිග ඇති මහ මිණි සතරෙක් මැවී තිබෙ යි. ඒ මිණි සතර පවනින් පහළ වේලෙහි නික්මෙන්නා වූ ශබ්දය මුළු සක්වළ පැතිර එකනින් නාද කෙරෙ යි. ඒ මණ්ඩප ය මැද සත් රුවනින් විසිතුරු වූ ඉඳුනිල්මිණි පල‍ඟෙක් මැවෙ යි. ඒ මුදුනෙහි සත් රුවන්මය දිව සේසතෙක් මැවී සිට්ටි.

එ කල ඒ ඇගෑ සතර හා තොරණ පත්ති මැද පිහිටි මණ්ඩප යෙන් බික් සඟුන් පිරිවරා මිණි පලඟ වැඩ හුන් බුදුහු බඹ ගණ පිරි වරා හුන් මහබඹා සේ ද දෙවි ගණ පිරිවරා පඩු ඇඹුල් සලසුන් නැඟී හුන් සක් දෙවිඳු සේ ද අතිශයින් බබළති.

තව ද ඒ මණ්ඩපයෙහි ඒ ඒ කොන්වල පියගඳ කුසුම් ආදීන් සුවඳ කවන ලද මිහිරි සිසිල් දිය පිරි සත් රුවන්මය වූ මහ දිය කළ පන්ති ද, සිවු දෑ ගඳින් පිරුණා වූ රුවන් කරඬු පත්ති ද, සුවඳ තෙලින් දල්වන ලද සත්රුවන්මය වූ පහන් රුක් පත්ති ද, අතුරු නො දී සතර දිග පිළිවෙළින් ත‍ිබෙයි. ඒ තොරණ ඇගෑ මණ්ඩප පියුම් ආදී වූ සියල්ල ම බුදුන් ගමන් නික්මෙන වේලෙහි කැටිව ම නික්මෙයි. උන් සිටි සැතපුණු වේලෙහි ඒ ඒ තැන ම සිට්ටි. නැවත කුල ගමට එළඹෙන වේලෙහි ද කැටි ව ම නික්මෙ යි. එ කල ඒ මණ්ඩපයෙහි මීණි ගිගිරි ශබ්දයෙන් වඩනා බැව් දැන මනුෂ්යුයෝ පෙර ගමන් කෙරෙති. මෙ සේ කුල ගමට වැද වළඳා බණ දෙසන වේලෙහි දී ඒ බුදුන්ගේ ශබ්දය අසා නො එක් දෘෂ්ටිගතුවෝ බුද්ධාලම්බන ප්රීළති උපදවා ගෙණ ඒ ඒ තැන ම සිටියාහු බුදුන්ගේ නො එක් ආශ්චය්ය් ප් දැක තමන් තමන් ගත් මිථ්යාබ දෘෂ්ටි හැර සරණ ශීලයෙහි පිහිටා ලොවී ලොවුතුරු සැප ත් සාධා ගනිති.

ඒ මෙතේ බුදුන් නො වරදවා දන්නෝ කවුරු ද, නො දක් නෝ කවුරු ද යත් - පඤ්චානන්තරිය කර්මකයෙහි හැසිර අවීචීයෙහි උපන්නාහු ත් නියත මිථ්යාා දෘෂ්ටිකයෝ ත් ආය්ය්්ච න්ට බස හෙළා දෙඩුවාහු ත් අරූතල ආදී වූ ස්ථානවල උපන්නාහු ත් නො දකිති. ඉන් ආය්ය්බස යන්ට බැණ දෙඩුවාහු ආර්යාපවාද විධි ලෙසින් දෙසා ගත්තු නම් ඌ දකිති.

එ‍ සේ කල දන්නෝ කවුරු ද යත් - මෙ කී දෙය නැති ව තව ද මෙතේ බුදුන් දකුම්ව යි සිතා දන් දුන්නාහු ත් පන් සිල් පමණක් වුව ත් සිල් රැක්කාහු ත් ති ලකුණු පමණක් වුව ත්


344. අනාගත වංශ දේශනාව


භාවනා කළාහුත්, පොහෝ නො වරදවා පෙහෙවස් විසූවාහු ත්, දාගබ් මහ බෝ පිහිටු වූවාහු ත්, පින් නිසා මල් වතු කැරවූවා හු ත්, පල ගන්නා ගස් කොළ ලැවුවාහු ත්, හේ දඬු ලැවුවාහු ත්, අම්බලම් ගොනටු කැරවූවාහු ත්, ළින් පොකුණු කැරවූවා හුත්, පසු බස්නා ශාසන ය පිහිටු වූවාහු ත්, බණ කියන්න වුන් හිඳ බණ කියන නියායෙන් බණ ගෙවල් කරවා බණ කියන්නට හිඳිනා හසුන් විජිනි පත්රන අතට දුන්නාහු ත්, තමා බණ කියා ගත නො හෙත ත් සංග්රහහ විඳුනවුන්ට සංග්රරහ කොට බණ කියවූවාහු ත්, මවු පියන්ට උපස්ථාන කළාහු ත්, කුල දෙටුවන් පිදුවාහු ත්, දස පින් කිරිය වත් පිරුවාහු ත්, තව ද මෙතේ බුදුන් දකුම් ව යි සිතා එක මල් මිටක් පමණ වුව ත්, එක පහනක් වුව ත් පිදුවාහු ත්, වඩා නැත් ත් බත් ආලෝපයක් පමණක් දුන්නාහු ත්, තමා පින් කළ නො හෙත ත් අනුන් කළ පින් අනුමෝ වූවාහු ත් බාධා නැති ව දකිති.

ඒ බුදුන් උපදනා නුවර ‍නම් දඹදිව් නමැති වොටුන්නෙහි මැඳුම් පියෙස් නමැති වොටුනු අග ඔබා ලූ මැණිකක් වැනි වූ කෙතුමතී නම් නුවර. එ වකට බමුණු කුල ය උතුම් බැවින් උභය කුල පරිශුද්ධ වූ සුබ්රාතහ්මණ නම් බමුණු උතුමාණ කෙණෙක් ඒ බුදු රජන්ට පිය වෙති. එ සේ ම උභය කුල පරිශුද්ධ වූ බ්ර හ්මවතී නම් බැමිණි කෙණෙක් මවු වෙති. අශොක නම් තෙර කෙණෙක් දකුණ ත් සවු වන සේක. බ්ර හ්මදෙව නම් තෙර කෙණෙක් වමත් සවු වන සේක.

උපස්ථායක තෙරුන් වහන්සේ සීහ නම් වන සේක. පදුමාය, සුමනා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්ර් ශ්රා විකා වෙති. සුධන ම් වූ ත් සඞ්ඝ නම් වූ ත් උපාසකවරු දෙ දෙනෙක් නිරන්තර ව උපස්ථාන කෙරෙති. යසවතී නම් වූ ත් සංඝා නම් වූ ත් උපාසිකාවරු දෙ දෙනෙක් උපස්ථාන කෙරෙති. බොධි වන්නේ නා ගසෙක. උසින් අටාසූ රියන් සේක. අසූ දහසක් හවුරුදු ජීවත් වන සේකැ යි සලකා නිවන් රස අනුභව කිරීමෙන් චිත්ත සුද්ධි යව කළ යහපති.





1246 සද්ධර්මනරත්නාවලි ය


345. ග්රකන්ථාවසාන යසංස්කරණය

සද්ධම්මට්ඨිතිමිච්ඡන්තො - ‘ධම්මසෙන’ යතීස්සරො,

අකාසි පවරං එතං - ‘සද්ධම්මරතනාවලිං’.


දසබල සෙලෙප්පහවා - නිබ්බාණ මහසමුද්දපරියත්තා,

අට්ඨඞ්ගමග්ගසලිලා - ජීනවචන නදී චිරං වහතු.


වධම්මස්සෙනවතො’ථවා යසවතො ධම්මෙන ධම්මද්ධජො,

පුණ්ණින්දුජ්ජුති ධම්මසෙන ඉති යො ථෙරොමහාවිස්සු තො

ජෙතං සො සුචිරං තිපෙටකධරො සාධූහි සම්භාවිතො.

යෙනෙ’සා රතනාවලී වීරවිතා සද්ධම්ම වාංසුබ්භවා.


පූජ්යාොචාය්යව ධර්මරසේන යතීශ්වරයන් ලියු

සද්ධර්ම රත්නාවලී නම් වූ ප්රතබන්ධය

මෙ තෙකින් නිමියේ යි.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxix&oldid=5706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි