සද්ධර්ම රත්නාවලිය- xxiv
230. දාරුසාකටිකයන් ගේ වස්තුව
සංස්කරණයතව ද සම්ය්ක් දෘෂ්ටික වීමෙහි යහපත හඟවන්ට දරුසාකටිකයන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් - රජගහා නුවර සම්ය ක් දෘෂ්ටි කෙණකුන්ගේ ත් මිත්යා් දෘෂ්ටි කෙණකුන් ගේ ත් බාල දරුවෝ දෙදෙණෙක් ගුළ කෙළි කෙළිති. ඉන් සම්යක් දෘෂ්ටික තැනැත්තන් ගේ පුතණුවෝ ගුළ කෙළි කෙළි නා කල හූවට දමන ගමනේ ම බුදු ගුන සඳහන් කෙරෙමින් හූවට දමති. මිත්යාගම දෘෂ්ටික තැනැත්තන් ගේ පුතණුවෝ හූවට දමන කල පූරණ කාශ්ය.පාදීන්ට නමස්කාර කොට හූවට දමති. ඉන් බුදුන්ට නමස්කාර කොට ලා හූවට දැමූ තැනැත්තෝ හැම විට ම දිනති. තීර්ථකයන්ට නමස්කාර කළ තැනැත්තෝ පරදිති. පරදනා තැනැත්තෝ අරැන් දිනන නියා ව දැන මූ මෙ ලෙසක් කියා ලා හූවට දමා නිරන්තර ම දිනති. මම ත් එ ලෙස කෙරෙමි ’ බුදුන්ට නමස්කාර කිරීමෙහි අභ්යාස කළහ.
එක් දවසක් අමුතු ව ලා බුදුන්ට නමස්කාර කිරීමෙහි අභ්යාුස කළ තැනැත්තවුන්ගේ පියාණෝ ගැලක් හැර ගෙණ දර සොයා යන්නෝ පුතණුවන් කැඳවා ගෙණ මිල දී දර ගැලක් පුරා ගෙණ එන තැනැත්තෝ නුවරින් පිටත වාසල බඩ දි ගැල රඳවාලා ගොන් උනා පියා හිඳ බත් කැවු ය. උන්ගේ ඒ ගොන් ද පළමු සේ ම මෙ තෙක් දවස් අභ්යා සයට නුවර ඇතුළට ම නැඟී ගියහ. ගොන් ඇති තැනැත්තෝ ද ගොන් බලා ඇවිද නුවරට ගොසින් ඉතා සවස් ව ගිය කල ගොන් දැක බැඳ ගෙන යන තැනැත්තෝ වාසල්වල යතුරු නො හෙළන තෙක් යා නො හිණ. ඌ නො යන තෙක් ම වාසල් යතුරු ලා පීහ. දර පමණක් වස්තු වූවා සේ පුතු කැටි ව කැඳවා ගෙන ත් නො ගියෝ ය. පුත් පැටවා ද රෑ දවස් තනිය ම ගැල යටට වැද ලා වැද හෙව නිඳා පී ය
රජගහා නුවර පියවින් ම යක්කු බොහෝ ව. කුමාරයෝ ද වැළි ත් සොහොනක් බඩ ම හොත්හ. එ තැන්හි දී යක්කු දෙන්
230. දාරුසාකටිකයන් ගේ වස්තුව 973
ණෙක් ඔහු දුටුවු ය. එකෙක් මිත්යා දෙ දෘෂ්ටික හෙයින් ශාසනයට පටහැණි ය. එක් කෙණෙක් තමන් සම්යුයක් දෘෂ්ටික හෙයින් ශාසනයට පක්ෂතයහ. ඉන් මිත්යාණෙ දෘෂ්ටිකයා ‘ මේ අපට ගොදුරු වේ ද , මූ කම්හ’යි කී ය. සම්යමක් දෘෂ්ටික තැනැත්තෝ නො කැමැත්තේ ය ’ යි නැවතූහ. උන් නැවතු ව ත් උන්ගේ බස් නො ගිවිස බාල දරුවන්ගේ පය අල්වා ගෙණ ඇද ලී ය. ඌ තමන් බුදුන් සඳහන් කොට පුරුදු හෙයින් ඒ ඇසිල්ලෙහි ‘ නමො බුද්ධාය ’ යි කිවු ය. යකා ත් බා ගොසින් ඉවත් ව ලා සිටියෝ ය.
ශාසන භක්තියක් යක්ෂකයාණෝ ‘ කළ දැ වැරැද්දේ ය. දඬුවම් 1 කරම්හ ’ යි කියා ලා ‘ තෝ මේ කුමරුවාට බත් ගෙන ත් දී ලා රාත්රිද ය මුළුල්ල මුරෙහි හිඳුව ’ යි කීහ. සම්යතක් දෘෂ්ටික යක්ෂයාණන් එ තැන කුමාරයාණන්ට රකවලට සිටිය දී මිත්යාක දෘෂ්ටික යක්ෂගයා නුවර ඇතුළට ගොසින් රජ්ජුරුවන් අනුභව කරන්ට ඉදි කළ බතින් රන් තළියක් පුරා ලා ගෙනා ය. ඉක් බිත්තෙන් ඌ දෙන්න උන්ගේ දෙ මවු පියන්ගේ වෙස් මවා ගෙණ ඌ නඟා සිටුවා පිය බත් කවා ලා බත් ගෙනා තළියේ එ පවත මුළුල්ල ලියා ලා ‘ මේ අකුරු රජ්ජුරුවන් මුත් අනෙක් කෙණෙක් නො දකිත්ව ’ යි ඉටා ලා තළි ය ද දර ගැල හස්සේ ලා ලා රෑ දෙ වරු රකවල් ගෙණ සිට ලා උදාසන නැඟී ගියහ.
දෙවන දවස් රජ ගෙයි භාණ්ඩාරයෙක් අපවතැ ’ යි කොලහල කෙරෙමින් වාසල්වල යතුරු ලා ගෙණ මිනිසුන් පිටත යා නොදී බලා ත් නො දැක නුවරින් නික්ම ඈත මෑත බලන්නෝ දර ගැල රන් තළි ය තුබූවා දැක ‘ මේ සොරා ය ’ යි කියා ලා අර දරුවන් ගෙණ ගොසින් රජ්ජුරුවන්ට පැවු ය. රජ්ජුරුවෝ ද තමන්ගේ තළියේ තුබූ අකුරු දැක ‘ දරුව , මේ කුමන අකුරෙක් දැ ’ යි විචාරා ‘ මම , ස්වාමීනි , නො දනිමි. අපගේ දෙ මවු පියෝ ගොසින් මා බත් කවා ලා රැක ගෙණ හුන්හ. මම ත් මාගේ මවු පියෝ ම ය ’ යි සිතා භයක් නැති ව නිදා පීමි. මා දන්නේ මෙ තෙකැ ’ යි කිය. දෙ මවු පියෝ ත් පුතණුවන් රජ ගෙට ගෙණ ගිය හෙයින් රජ ගෙට ගියහ. රජ්ජුරුවෝ උන්ගෙනු ත් වෙන ම පවත ත් අසා උන්ගෙනු ත් වෙන ම පවත ත් අසා උන් තුන් පක්ෂව ය ම කැඳවා ගෙණ බුදුන් කරා ගොසින් සියලු ම පවත් බුදුන්ට දන්වා ලා ‘ ස්වාමීනි, තුනුරුවනින් බුදු රුවන් සඳහන් කිරීමෙන් ම රක්ෂානව වේ ද ? ධමුරුවන් සඟුරුවනු ත් සිහි කල යහපත් දැ ’ යි විචාළෝ ය.
බුදුහු ත් ‘ මහරජ , හුදක් බුදුන් සඳහන් කිරීම ම රක්ෂාධ ය ’ යි කියන්නේ කිම් ද? බුද්ධානුස්මෘති ආදි වූ සයෙක් යම් කෙණකුන්ගේ 1. හඬගම්
974 සද්ධර්මරත්නාවලි ය
සිත්හි හට ගෙණ තිබේ නම් උන්ට මන්ත්රෞලෂධාදියකින් ප්රුයෝජන නැතැ ’ යි වදාරා ලා ඒ සය විභාග කොට වදාරන සේක් ‘ යම් කෙණෙක් දාවල් වේ ව යි , හිඳිනා කල වේ ව යි , සිටිනා කල වේ ව යි , එන කල වේ ව යි , කන කල වේ ව යි , බොන කල වේ ව ’ යි නව අරහාදී බුදු ගුණ සිහි කෙරෙන් ද , නැවත නව ලොවුතුරා දහම්හුගේ පෙළ ධම් හා සමඟ දස වැදෑරුම් වූ දහමෙහි ගුණ සිහි කෙරෙත් ද , තව ද සියල්ලවුන් කෙරෙහි පතළ කරුණා ඇති සැරියුත් මහ මුගලන් දෙ අග සවු පරම්පරාවෙන් ආ සු පිළිපන් සඞ්ඝයාගේ ගුණ සිහි කෙරෙත් ද , නැවත කා ගියා සී කමටහන් එක් වන් මෙනෙහි කෙරෙත් ද , තව ද සියල්ලවුන් කෙරෙහි පතළ කරුණා ඇත්තෝ ද , තව ද සියල්ලවුන් කෙරෙහි මෙත් ඇත්තෝ ද , එ සේ වූ බුදු සවුවෝ නිඳන කල ත් මෙ ම මෙනෙහි කෙරෙමින් සුව සේ නිඳා පුබුදිනා කල ත් මෙ ම මෙනෙහි කෙරෙමින් සුව සේ පුබුදිතී ’ වදාළ සේක. දෙශනා කෙළවර ගුළ කෙළියෙන් දිනන්ට වුව ත් බුදු ගුණෙහි අභ්යා’ස කළ කුමාරයෝ ත් උන්ගේ දෙ මවු පියෝ ත් එ දවස් සෝවාන් ව පසු ව සසුන් වැද මහණ ව රහත් වූ හ. තව ත් බොහෝ දෙනාට මේ දෙශනා ව සප්රසයෝජන වී ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සෙසු පින් බැරෑරුම් වී නමුත් තුනුරුවන්හි ගුණ පමණක් සැලකීම හා කා ගියා සී භාවනාව හා සියල්ලන් කෙරෙහි කරුණා පමණක් හා මෙත් පමණක් වුව ත් ඇති ව සසර දුක් ගෙවන්ට උත්සාහ කට යුතු.
231. වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේගේ වස්තුව
සංස්කරණයතව ද ප්ර.තිපත්තියෙහි විසීම මඳ ව හෝ ගං ආදියෙන් එ තරව ගත නො හෙන්නවුන් පෙරළා ආ පස්සේ යන්නා සේ ශාසනාභිරති ය මඳ ව ගිහි වීයටි වත් නම් ශාසනාභිරති ය කරවනු නිසා වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සෙගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් - ඒ භික්ෂූන් වහන්සේ විසල් මහ නුවර රජ්ජුරු කෙණෙක වාරයෙන් පැමිණි රාජ්යහ ය හැර මහණ වු සේක. විසල් මහ නුවර ත් හිල් මස මැදි පොහෝ දවස් කාර්තිකොත්සව ය රාත්රි ය මුළුල්ලෙහි පවත්නා කල්හි විසල් මහ නුවරසත් දාස් සත් සිය සත් දෙණකු පමණ වොටුනු පළන් රජුන් හා එ පමණම යුව රජ සෙනෙවිරත් ආදීන් නො එක් වෙස් ගෙණ සැරසී උත්සව නිසා වීථිවලට බට කල්හි සැට රියන් පමණ සක්මන සක්මන කරණ 231. වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේ ගේ වස්තුව 975
ඒ තෙරුන් වහන්රස් පසළොස්වක් දවස් පයියකින් මෑත් කළ රිදී කැට පතක් වැනි වූ පුන් සඳ මඩල දැක සක්මන් කෙලවර පෝරුවෙහි වැතිර ගෙන සිටි සේක් -
“ එකකා මයං අරඤ්ඤෙ විහරාම - අපවිද්ධංව වනස්මිං දාරුකං
එතාදිසිකාය රත්තියා - කොසුදා ’ නි අම්හෙහි පාපියො ”
යනු හෙයින් ආභරණ ලා සැරහීමක් නැති ව සිටි හෙයින් තමන් වහන්සේ වල දමා පු දඬු කඳක් මෙන් සිතා ගෙණ අපට ත් අඩු තරම තැන් ඇත් දෝ හෝ ’ යි සිතී ගොසින් අපිස් සතොස් ගුණෙන් යුක්ත වුව ත් මහ වත යෙමින් සිට වල් හසරකට යන්නා සේ නිවන් පුරයට මහ වත් වූ පිළිවෙත් මඟ යෙමින් සිට උකටලී වල් හසරට නික්මෙන් ට සිතා පි සේක. ඒ වෙලාවට ඒ වෙනෙහි වසන දෙවියෙක් උන්දෑ ලා 1 බුදුන් කරා යවනු නිසා -
“ එකකො ත්වං අරඤ්ඤෙ විරහසි - අපවිද්ධංව වනස්මිං දාරුකං තස්ස තෙ බහුකා පීහයන්ති - නෙරයිකා විය සග්ගගාමිනං” යන ගාථාව කී ය. උන් වහන්සේ ද ඒ ගාථාව අසා උකටලි ය ත් තුනී ව බුදුන් කරා ගොසින් වැඳ ගෙණ වැඩ හුන් සේක. බුදුහු ත් උන් වහන්සේ ගේ අදහස් දැන ලා ගිහි කම් කටුලෙහි දුක් හඟවනු නිසා දුක් පසක් වදාරන සේක් ‘ හෙම්බල මහණ , සියයෙන් මෑත වූ යන්තම් සැපතක් හෝ දාසින් ඔබ්බේ වූ බොහෝ සම්පත් හෝ හැර මැඳ වූ ත් බොහෝ වූ ත් නෑයන් සියන් හැර පියා මේ සස්නෙහි ල දි මහණ වීම ත් එ බඳු අදහස් ඇති ව මුත් බැරි හෙයින් දුක. දුකින් මහන වුව ත් සිඟා වැළදීම් හා වත් පිළිවෙත් පිරීම් හා බැරි හෙයින් එයි ත් දුක. ගිහිගෙයි වසන කල රජ දරුවන්ට රාජ කාරි ය හෝ කළ මැනව. පොහොසත් කෙණකුන් නිසා වසතො ත් උන් කියා ලූ දෙය ත් කළ මැනව. තමා නිසා වසන්නවුනු ත් රැක්ක මැනව.
සිල්වත් වූ මහණ බමුණන්ට සංග්රමහ කළ මැනව. එ හෙයින් ගිහි ගෙයි විසීම නම් සිල් කළයක් මෙන් ද , මහ මුහුදක් මෙන් ද පුරා ලිය නො හැක්ක. එ හෙයින් ගිහි කම් කටුලු ත් දුක. තව ද ගිහින් වුව ත් ශාසනිකයන් වුව ත් ජාති ගොත්රි කුල භොගාදියෙන් හා බහුශ්රැකතත්වාහදින් හරිගස්වා හිඳි ත් නම් වාද විවාදයට මුත් අනිකකට අවසර නැති හෙයින් එයි ත් දුක. ඒ හැමට ත් වඩා යම් කෙණෙක් සසර රඳා හිඳීම කැමැති වූ නම් දුක් නම් ඒ ය. යම් කෙණෙක් මේ දුක් මුළුල්ල ම හළ වූ නම් යහපතැ ’ යි 1 උද්දා ලා - උද්දලා
976 සද්ධර්මරත්නාවලි ය
වදාළ සේක. දෙශනා කෙළවර ඒ භික්ෂූන් වහන්සේද පස් තැනක ම දක්වා ලූ දුකින් ඔරම්භාගිය වූ ත් සංයෝජනයන් පස් දෙන නසා රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තා වූ සත් පුරුෂයන් විසින් සසර දුක් සලකා කුසල්හි හැසිර සියලු දුක් ගෙවා නිදුක් ව නිවන් අත් කට යුතු.
232. කුඩා සුභද්රා වන්ගේ වස්තුව
සංස්කරණයතව ද සත් පුරුෂ ගුණයෙහි පිහිටියවුන්ගේ ම යහපත දක්වන්ට ආථපිණ්ඩික සිටාණන්ගේ දූ වු කුඩා සුභද්රා වන් ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
අනේ පිඬු මහ සිටාණන් බාල කල පටන් උග්ග නම් නුවර වසන උග්ග නම් සිටු පුත්රටයාණෝ යාලු මිත්ර ව වෙසෙති. ශිල්ප උගන්නා ගමනේ ත් එක ආචාරීන් කෙරෙහි ශිල්ප ඉගෙන කතිකාවක් කරන්නාහු අප වැඩි විය පැමිණි කල්හි යම් කෙණකුන්ගේ පිරිමි පුත්තු ඇත්නම් යම් කෙණකුන්ගේ දූ ඇත් නම් ඒ දූන් අර පිරිමි පුතුන්ට විචාළ කළ අප දෙ පක්ෂම ය ම බාධා කට යුතු නො වෙ’ යි කියා කතිකා කළහ. ඌ දෙ පක්ෂද ය ම වැඩි විය පත් ව තමන් තමන්ගේ නුවරවල සිටු තන තුරු ලත්හ.
එක් සමයෙක උග්ග සිටාණෝ වෙළඳාමෙහි යන්නෝ පන් සියයක් ගැල්වලින් බඩු ගෙන්වාළ ගෙණ සැවැත් නුවරට ගියහ. අනේපිඬු මහ සිටාණෝ ද තමන්ගේ කුඩා සුභද්රා් නම් දුවණියන් බණවා ලා ‘ පුත , තොපගේ පියාණෝ උග්ග සිටාණෝ අවු ය. උන්ට කළ මනා සාද සාමීචියෙක් ඇත් නම් තොපට ම භාර ය ’ යි කීහ. උයි ත් ‘ යහපතැ ’ යි ගිවිස ඒ සිටාණන් ආ දවස් පටන් සිය අතින් ම බත් මාළු ත් ඉඳි කොට දෙති. සුවඳ විලවුන් ආදිය ත් සපයා දෙති. බත් කන වේලේ ත් නහන පැන් උණු කරවා දෙවා ලා නා නිමන තෙක් කැරවුව මනා දෙය ත් කරවා ලති. උග්ග සිටාණෝ ත් උන්ගේ තරම් යහපත් නියා ව පිළිපැද ලන ලෙසින් ම දැන ගෙණ උන් කෙරෙහි පැහැද එක් දවසක් අනාථ පිණ්ඩික සිටාණන් හා කථා කොට කොට හුන්නාහු ‘ අපි බාල කල කතිකාවක් කළමෝ වේ දැ ’ යි කළ කථාව සඳහන් කරවා ලා කුඩා සුභද්රාාවන් තමන්ගේ පුතණු කෙණකුන්ට විචාළහ.
232. කුඩා සුභද්රාිවන් ගේ වස්තුව 977
ඒ උග්ග සිටාණෝ පියවින් ම සැදෑ නැත්තෝ ය. එ පවත් බුදුන්ට දන්වා ලා බුදුනු ත් උග්ග සිටාණන් සෝවාන් වන නියා ව දැක අනුදත් කල්හි ඇඹේණියන් හා ත් කථා කොට ලා ‘යහපතැ’ යි ගිවිස විශාඛාවන් සරණ දෙන ධනඤ්ජය සිටාණන් මෙන් මඟල් පෙරහැර බලවත් කොට කුඩා සුභද්රා වන් බණවා ලා ‘පුත, නැඳි මයිලන් ලඟ වසන කල නම් ඇතුළතින් ගිනි පිටත නො ලිය යුතු ය’ යනාදීන් ධනඤ්ජය සිටාණන් විශාඛාවන්ට කියා ලූ මාලු කම් දස ය ත් කියා ලා ‘ ඉදින් ම දුන් සරණ ගිය තැන බාල දරුවන් හෙයින් පෙනුණු වරදෙක් ඇත්නම් විචාරා ලව ’ යි කෙළෙඹියන් අට දෙණකු සම්මත කොට කැටි ව යන්ට නිල කොට ලා දුවණියන් සරණ යන දවස් බුදු පාමොක් මහ සඟනට දන් දී ලා සසර සිටිනා කල දුවණියන් කළා වූ සුචරිතයෙහි ඉෂ්ට විපාක ය ලෝ වැස්සන්ට පහළ කරන්නාක් මෙන් බොහෝ මඟුල් පෙරහරින් යවූහ.
උන් උග්ග නුවරට ආසන්න ව ගිය කලට නැන්දණියෝ ත් තව ත් බොහෝ දෙන ත් මහ පිණැති තැනැත්තවුන් ගියා නියා ව අසා රඳා පියන්ට බැරි හෙයින් පෙර ගමන් කොට ගියහ. උයි ත් තමන්ගේ රූප ශොභාව හැම දෙන ම දක්නා නිසා රථයකින් නුවරට වැද එකක් තුමූ හැර ගෙණ එකක් එවූ එවුවන්ට ම තමන්ගෙන් යවා ලා නුවර වැස්සන් මුළුල්ල ම නෑයන් පරිද්දෙන් සිත් ගත්හ
මඟුල් දවස් මයිලණුවෝ නිවටුන්ට සත්කාර කරන්නෝ අප ගේ යේළණියනු ත් රහතන් වැන්ද මැනවැ ’ යි කියා යවූහ. පිළී නැති ව හිදිනවුන් හෙයින් දකිනට විළි ඇති ව නො යෙති. දෙ තුන් විටක් කොට කියා යවා ත් නො එන හෙයින් මුසුප්පු ව පියා ගෙන් යන්ට විධාන කළහ. කියා ලූ විට ම යාම යුක්ති නො වන හෙයින් කෙළෙඹියන් අට දෙනා කැඳවා ලා එ පවත් කිවු ය.
උයි ත් ආද්යනන්ත විචාරා ඊ වරදක් නැති නියා ව දැන ලා බුදුන් කෙරෙහි භක්ති ඇත්තවුන් නිවටුන් කරා එළඹීම යුක්ත නො වෙ ’ යි යනාදින් කියා සිටාණන් ගිවිස්වා පීහ. සිටාණෝ ද ලා නො වඳිති ’ යි කිවු ය. සිටු දුවණියෝ ද ‘ මූ තමන්ගේ රහතන් ගේ ගුණ මුඛ නො පොහෝනා පරිද්දෙන් එක් වන් කියති. ගුණ ඇතැ ය කියා ලූ පමණෙකින් ම දැනේ ද , මුන්ගේ රහතන්ගේ
978 සද්ධර්මරත්නාවලි ය
ගුණ මුන් අතින් විචාළ මනා වේ දැ ’ යි උන් කැඳවා ලා තෙපි එක්වන් තොපගේ රහතන්ගේ ගුණ කියව. උන්ගේ සැටි කවරේ ද , උන්ගේ ස්වරූප අපට කියව ’ යි කීහ.
ඉක් බිත්තෙන් කුඩා සුභද්රාහවෝ ද බුදුන්ගේ ත් බුදු සවුවන් ගේ ත් ගුණ කියන්නාහු අපගේ රහතන් වහන්සේ සියලු ඉරියවුවෙහි ම නිසල පියෝ ඇති හෙයින් සන්හුන් සේක. කෙලෙස් සිත් නැති බැවින් සිතිනු ත් සන්හුන් සේක. සකසා හැඳ පෙර ව ගමන් වඩනා සේක් වි නම් දවසක් මුළුල්ලෙහි වඩිත ත් , එ ම පිය සිටිත ත් , හිඳිත ත් , වැද හොවිත ත් , එක ද ඉරියවුවක් නපුරැ යි කියා ලන්ට බැරි ය. සිඟා යන කල ත් උවදුරක් ඇත හොත් දුර බලා පියතො ත් මුත් විය දඬු පමණෙකින් වඩා නො බලන සේක. කියන බණන දෙය ත් ධර්ම නිශ්රිතත කථාවක් මුත් ස්වර්ගඩ මොක්ෂි බාධක කථා අත් හැර වසන හෙයින් මිතහාණි සේක. නැවත අපගේ රහතන් ගේ දැගුම් හැමදුම් තණ කසළ ගැනුම් ගෙත්තම් පන්නම් ආදි වූ දෙය ත් නිකසළ ය.
මෘෂාවාදාදි චතුර්විධ වාග් දුශ්චරිතයන් නැති හෙයින් දවා පිරිසුදු කළ රත්රනක් සේ තෙපුල් ඉතා යහපත. කුදෘෂ්ට්යාවදී මාලාපගමයෙන් සිත් සතනු ත් අති පවිත්ර ය. නැවත මේ ලෙව්හි සමහර කෙණෙක් බැලුවන්ට රිසියෙන පියෝ ඇති ව ත් අදහස් නපුරු වෙති. පුරා දෙක ම සම්භවන්ට නැත. අපගේ රහතන් වහන්සේ ඇතුළත්නු ත් පිටතිනු ත් ඉතා යහපත් සේක. රුවන් පුරා ලූ කරඬු මෙන් ගුණෙන් ම කෙලෙස් කසලකට අවසර නො පෑ පිරී සිටිනා සේක. තව ද මෙ ලෝ වැස්සෝ ලාභයක් දුටු කල රත්රන් සතර වියට ලත් සම්පත් නට කලට මුසුප්පු වෙති. අපගේ රහතන් වහන්සේ පිළිගත යුත්තක් පිළිගන්නා කල ත් පමන දැන ම හෙයින් ලාභ ය දැක උඩඟු ත් නො වන සේක. නො ලදුම්හ ’ යි මුසුප්පු ත් නො වන සේක. තව ද මෙ ලෝ වැස්සෝ කීර්තියෙක් පතළ නම් හෝ පරිවාර සම්පදාවෙක් ඇති වී නම් උඩඟු වෙති. ඒ දෙකට ම පතා නො සම්භ වී නම් මුසුප්පු වෙති. මාගේ රහතන් වහන්සේට ඒ දෙකෙයි ම අමුත්තෙක් නැත. තරාදියක් මෙන් මැදහත් ව සිටිනා සේක.
තව ද මෙ ලෝ වැස්සෝ නැති ගුණයක් වුව ත් කියා පී කල සුළං දැඩි තැන බැඳපු ආස්පතක් සේ ඉපිලෙති. නුගුණයක්
232. කුඩා සුභද්රාලවන් ගේ වස්තුව 979
කියා පු කෙණෙක් ඇත් නම් ඊට තරයේ රැහැණි වෙති. අපගේ රහතන් වහන්සේ කවුරුන් ගුණ කීව ත් නු ගුණ කීව ත් දෙ පක්ෂඅයෙහි ම මෙත් සිතින් සම අදහස් ඇති වතො ත් මුත් ඊට ඉපිලෙන්නේ ත් නැත. මුසුප්පු ත් නැති. තව ද මෙ ලෝ වැස්සෝ යන්තම් සැපයක් ලද්දු නම් ඒ තරපාරු කටයුත්තක් සේ සිතා ගෙණ උඩඟු වෙති. දුකක් වැද ගන්නා ම මුසුප්පු වෙති. අපගේ රහතුන් වහන්සේ කර්මඟ ප්ර ත්ය්වෙක්ෂාුව කොට ගෙණ ඒ දෙකට ම සම අදහස් ඇති ව ගෙණ වැඩ හිඳිනා සේක. යනාදින් බුදුන් ගේ ත් බුදු සවුවන්ගේ ත් බොහෝ ගුණ තමන් දත් තරමෙකින් කියා නැන්දණියන් සතුටු කැරවුහ.
සතුටු වූ නැන්දණියනු ත් ‘ තොපගේ රහතන් අපට පාන්ට පිළිවන් දැ ’ යි විචාළ කල්හි ‘ පිළිවනැ ’ යි කිවු ය. ‘ එ සේ වී නම් යම් ලෙසකින් අපි උන් දකුමෝ නම් එ ලෙසක් කරව ’ යි කිවු ය. උයි ත් යහපතැ යි බුදු පා මොක් මහ සඟනට දන් සරහා ලා මාළිගාවේ මතුමාලේ සිට දෙව්රම් වෙහෙර දිසාවට මූණ ලා ලා පසඟ පිහිටුවා වැඳ ගෙණ බුදුගුණ සඳහන් කොට මල් පුදා ලා සෙට දවසට බුදු පාමොක් මහ සඟනට ආරාධනා කෙරෙමි. මේ සලකුණෙන් මා ආරාධනා කෙරෙමි. මේ සලකුණෙන් මා ආරාධනා කළ නියාව බුදුහු දන්නා සේක්ව ’ යි කියා ලා දැ සමන් මල් අට මිටක් ආසට දමා ලූ ය. මලු ත් පලා ගොසින් සිවුවනක් පිරිස් පිරිවරා දෙව්රම් වෙහෙර බණ වදාරන බුදුන් හිස් මුදුනෙහි මල් වියනක් ව සිටියේ ය. අනේපිඬු මහ සිටාණෝ බණ අසා ලා සෙට දවසට බුදුන්ට ආරාධනා කළහ. ‘ සිටාණෙනි , සෙටයට අපට ආරාධනා ඇතැ ’ යි වදාළ සේක. ‘ මට පෙරාතුව ආ කෙණකු ත් නැත. ආරාධනා කොළෝ කවුරු දැ ’ යි විචාළහ.
‘ තොපගේ දුවණියෝ කුඩා සුභද්රාාවෝ ය ’ යි වදාරා ‘ ඇයි ස්වාමීනි , ම දු කුඩා සුභද්රාුවෝ මෙ තැනට සාර සිය අසූ ගවුවෙකින් ඔබ්බෙහි වේ ද ? උන් ආරාධනා කරන්නේ ත් මුඹ වහන්සේ බවසා වදාරන්නේ ත් කෙ සේ දැ ’ යි විචාළ කල්හි ඒ වදාරන බුදුහු ‘ සිටාණෙනි , රැස් කළා වූ කුසල් මුල් ඇති මහ පින් ඇති සත් පුරුෂයෝ දුර වු නමුත් සාර සිය අසූ ගවුවෙකින් ඔබ්බේ හුන් කුඩා සුභද්රාුවෝ අපගේ නුවණැසට පෙනුණා සේ පහළ වෙති. කුමක් මෙන් ද යත් - තුන් දහසක් යොදුන් දිග ඇති , එ පමන පළල ඇති නව දහසක් යොදුන් වට ඇති , පන් සියයක් යොදුන් උස ඇති , සුවාසූ දහසක් පමණ රුවන් කුළින් හෙබියා වූ හිමාල ය පර්ව්ත ය දුර සිටියවුන්ට ත් පෙනේ ද - එ මෙනි. යම් කෙණෙක්
980 සද්ධර්මරත්නාවලි ය
පර ලොව අත් හැර මෙ ලොව ම ගරු කරණ පවිටු පුද්ගලයෝ සර්වපඥවරයන්ගේ දකුණු දණ මඩල ගාවා හුන ත් නො පෙනෙති. කුමක් මෙන් ද යත් - රෑ අඳුරෙහි වලට විද පූ හී දඬු මෙන් උපනිශ්රටයක් නැති බැවින් නො පෙනෙතී’වදාළ සේක.
ශක්රපයෝ ද බුදුන් කුඩා සුභද්රා වන්ගේ ආරාධනාව ඉවසු නියාව දැන විස්කම් දෙව් පුතුන්ට කුළු ගෙවල් පන් සියයක් විචර මවා ලා බුදු පාමොක් සංඝයා වහන්සේ උග්ග නුවරට වඩවා ලව’යි විධාන කළහ. විස්කම් දෙවිපුත් ද උදාසන ම කුළු ගෙවල් පන් සියයක් මවා ලා දෙව්රම් වෙහෙර වාසල ගාවා සිටුවා ලී ය. බුදුහු ත් සුභද්රායවන් කියා ලූ ගුණ වහන්දෑගෙන් ම පෙනෙන ලෙසට රහතන් ම පන්සියයක් තෝරා ලා පිරිවර සහිත ව කුළු ගෙවල වැඩ හිඳ උග්ග නුවරට වැඩි සේක. උග්ග සිටාණෝ ත් සහපිරිවරින් පෙර මඟ බල බලා සිටි තැනැත්තෝ සුභද්රාකවන් කියා ලූ ලෙසට මහත් වු බුද්ධානුභාවයෙන් බුදුන් වැඩි නියාව දැක පහන් සිත් ඇති ව මහත් වු බුද්ධානුභාවයෙන් බුදුන් වැඩි නියාව දැක පහන් සිත් ඇති ව සුවඳ මල් ආදියෙන් පූජා කෙරෙමින් වඳ ආරාධනා කොට ගෙණ සතියක් මුළුල්ලෙහි මහ දන් දුන්හ. බුදුහු ත් උන් හැම දෙනාගේ ම අදහස් බලා රුචි බලා දෙන බතක් මෙන් බණ වදාළ සේක. උග්ග සිටාණන් ඇතුළු ව සුවාසූ දහසක් දෙන නිවන් දුටහ. බුදුහු ත් සුභද්රාණවන් කෙරෙහි අනුග්රාහයෙන් ‘ තෙපි මුඹ රඳව ’ යි කියා ලා අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ රඳවා ලා සැවැත් නුවරට ම වැඩි සේක. එ වක් පටන් එ නුවර ඇත්තෝ සැදෑ ඇති වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සත් පුරුෂොපාශ්ර ය නො හැර උන්ගේ අනුශාසනාවෙහි පිහිටා නිවන් පුර අත් කට යුතු.
233. එකවිහාරීය තෙරුන් වහන්සේ ගේ වස්තුව
සංස්කරණයතව ද විවේක වාසයෙහි යහපත දක්වන්ට එකවිහාරීය තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු. කෙ සේ ද යත් - ඒ තෙරුන් වහන්සේ හිඳිනා කල ත් තනි ව ම හිඳිනා සේක. සක්මන් කරණ කල ත් තනි ම සක්මන් කරණ සේක. සිටිත ත් තනිව ම සිටිනා සේක. මෙ ලෙසින් සිවුවනක් පිරිස් අතුරෙහි ප්රකසිද්ධ වූ සේක. වහන්දෑ ද මුන් වහන්සේගේ තරම් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ත් ඔබගේ ගුණයට ප්රවශංසා කරණ
234. සුන්දරී පරිබ්රාෙජිකාවන් ගේ වස්තුව 981
සේක් - තුන් විටෙක සාධුකාර දෙවා වදාරා සෙසු ත් වහන්දෑ විවෙක වාසයෙහි යොදනු පිණිස විවෙකයෙහි අනුසස් දක්වන සේක් - ‘ හෙම්බා මහණෙනි , දහස් ගණන් වහන් දෑ මද්ධ්ය යෙහි ත් මුල් කමටහන නො හැර මනසිකාරයෙහි යෙදි යම් කෙණෙක් හිඳිත් නම් ඔහු තුමූ ගණ සඞ්ගනිකාදී නැති බැවින් තනිව ම හුන්නා නම් වෙති. තව ද යම් කෙණෙක් ලෝවාමහාපාය වැනි වූ ප්රාෙසාදවල යහපත් කොට අතුරන ලද යහන්වල බොහෝ වහන්දෑ පිරිවරා මුල් කමටහන නො හැරීමෙන් සිහි නුවණ එළවා ගෙණ දකුණු ඇළයෙන් වැද හොවිත් ද , එ සේ වූවෝ කෙ තෙක් දෙන පිරිවරා වැද හොවිත් නමුත් තනි ව ම වැඳ හොත්තෝ නම් වෙති.
යම් කෙණෙක් කමටහන් මෙනෙහි කිරීමක් නැති ව තනි ව ම වැද හොවිත් නමුත් කෙලෙසුන් කෙරෙන් නො වෙන් වූ හෙයින් තනි ව වසන්නෝ නම් නො වෙති. එ හෙයින් විවෙක වාසයෙහි ම ඇළුම් කරව. තව ද යම් කෙණෙක් අනලස් ව ජඩ්ඝා බල ය නිසා ජීවත් වීමෙන් නු කුසී ව සියලු ඉරියවුවෙහි තනි ව ම වෙසෙත් ද , රෑ වසන තැන් දාවල් වසන තැනට වැද කමටහන්හි යෙදී මාර්ගව ඵලයට පැමිණීමෙන් හුදකලාව ම තම තමන් හික්මවා ගනිත් ද , එ සේ වුවෝ ගණ සඞ්ගනිකා හැර පවිත්රව වූ අදහසින් ආරණ්යහ - වෘක්ෂම මූලාදියෙහි ඇලුම් ඇති ව වෙසෙතී ’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙ තෙක් දෙනා එක් ව වසත ත් එක් ව නො විසු ව මනා කෙලෙසුන් හා එක් නො ව සත් පුරුෂ සෙවන ය කොට කෙලෙස් සතුරන් සාධා නිවන් රට අත් කට යුතු.
234. සුන්දරී පරිබ්රා ජිකාවන් ගේ වස්තුව
සංස්කරණයතව ද නිරපරාධයන් කෙරේ කළා වූ අපරාධ ය දැමූ දැමූ ගොන් මැස්සන් දැමූවන් කරා ම යන්නා සේ අපරාධ ය කළවුන් කරා ම පැමිණෙන නියා ව හඟවන්නට සුන්දරී පරිබ්රාඅජිකාවන්ගේ වස්තුව දක්වමු.
හේ කෙ සේ ද යත් -
එක් සමයෙක නො එක් ගංවලින් මහ වතුරු මුහුදට හඬා වදනා සේ බුදු සසුන් නමැති මුහුදට ලාභ සත්කාර නමැති
982 සද්ධර්මරත්නාවලි ය
මහ වතුරු අවුත් හඬා වදනා කල්හි අමුණු බැඳ ලූ කලට ඇළවල පැන් සිඳෙන්නා සේ ලාභ සත්කාර නැති වූ තිථයෝ හිරු නැඟි කලට කදෝ පැණියන් මෙන් නිෂ්ප්රේභා ව පියා එක් ව රැස් ව ‘ අපි මහණ ගොයුම්හු ඇති වූ තැන් පටන් ලාභ සත්කාරයෙන් පිරිහුණම්හ. ලාභ සත්කාරතබා අප ඇති නියාව දන්නෝ ත් නැත. කවුරුන් හා එක් ව මහණ ගොයුම්හට අයසක් උපද වා පියා ලාභ සත්කාර නැති කරවා පියමෝ දෝ හෝ ’ යි කථා කළහ. කථා කොට ලා උපදෙස සොයන්නෝ ‘ සුන්දරී නම් පරිබ්රාණජිකාවන් හා එක් වූවෝ නම් එ බන්දක් කට හෙම්හ ’ යි සිතා ඒ තිථයෝ එක් දවසක් සුන්දරී නම් පරිබ්රානජිකාව තමන් වසන තැනට අවුත් වැඳ ලා සිටි තැනැත්තියට බැන නො නැංගාහ.
ඕ තොමෝ තව ත් තව ත් කථා කොට ත් බස් පමණක් නො ලදින් ‘ස්වාමීනි , මුසුප්පු කුමක් දැ ’ යි විචාළී ය. ‘ හැයි පරිබ්රාකජිකාවෙනි , මහණ ගොයුම්හු අපට උපදනා ලාභ සත්කාර ත් තමාට කොට ගෙණ අපට කරණ ගහට නො දකු ද ? තව ත් ගහටයක් ඇත මනා දැ ’ යි කිවු ය. ‘ මා කළ මනා කුමක් දැ ’ යි විචාළ කල්හි ‘ තෙපි පරිබ්රායජිකාවෙනි , මනහර වූ රූ ඇත්ත ව . මිනිසාවන් කම ත් තොපගේ ඇත. මහණ ගොයුම් හට නො මිනිසාවන් කමක් උපදවා පියා තොපගේ බස් බොහෝ දෙනා ගිවිස්වා ගෙණ එක් අතෙක යන පැන් වැටියක් බැඳ අනික් අතකට නමා ලන්නා සේ මහණ ගොයුම් හට උපදනා ලාභ සත්කාර ය අප කරා නම්වා ලව ’ යි කිවු ය.
ඔයි ත් ඒ ගිවිස එ වක් පටන් මල් ගඳ විලවුන් කපුරු තකුල් ලමග ආදි ය ගෙන්වා ගෙණ සවස් වේලෙහි බොහෝ දෙනා ගොසින් බුදුන්ගේ බණ අසා නුවරට වදින වේලාවට අඳුරු ගස්වා ගෙණ තොමෝ විහාර ය බලා යෙයි. බණ අසා එන්නවුන් ‘ කොයි යවු දැ ’ යි විචාළ කල්හි ‘ මම මේ වේලේ අනික් කොයට යෙම් ද ? එක ගඳ කිළියේ ලගිනා ලෙසට මහණ ගොයුම්හු කරා යෙමි ’ කියා ලා තිථයන් හිඳිනා තැනෙක ලැග ලා උදෑසනක් සේ ම දෙව්රම සිට එන මඟට බැස ලා නුවර බලා එයි. දුටු දුටු කෙණකුන් ‘ කුමක් ද? සුන්දරීනි , කොයි සිට එවු දැ ’ යි විචාළ කල්හි ‘ වෙහෙරට ගොසින් මහණ ගොයුම්හු ’ හා සමඟ එක ගඳ කිළියේ ලැග උන්ගේ අදහසට ලැබී ලා එමී කිය යි. කීප දවසක් ගිය කල තිථයෝ වැන්දඹ 1 ලෙස ඔළ මොළ ව ඇවිදිනා නිකම් කොලු කෙණකුන්ට අත්ලස් දි ලා ‘ යව , ගොසින් සුන්දරී නම් පරිබ්රාහජිකාව මරා පියා මහණ ගොයුම්හුගේ ගඳ කිළි - 1 අපි ම මෙවා වැනි දඹ ලෙස , කුණු වැනි දඹ ලෙස.
234. සුන්දනරී පරිබ්රා ජිකාවන්ගේ වස්තුව 983
ලඟ මල් කසළ හස්සේ ලා පියා එව ’ යි කිවු ය. උයි ත් එ ලෙස ම කළහ.
තිථයෝ ද ‘ සුන්දඑරී නම් පරිබ්රා ජිකාවන් නො දකුම්හ ’ යි කොලාහල කොට රජ්ජුරුවන්ට ත් කියා ‘ සැක ඇත්තේ කා කෙරේ දැ ’ යි විචාළ කල්හි ‘ මේ මේ දවස් දෙව්රම රඳා හුන්නු ල. ගියේ ත් ඊට ල. දැන් කොයි බවක් නො දනුම්හ ’ යි කියා ලා ‘ එසේ වී නම් ගොසින් විමසව ’ යි රජ්ජුරුවන් කී කල්හි තමන්ගේ උපාසකවරුන් හැර ගෙණ දෙව්රමට ගොසින් සොයන්නාහු මල් කසළ හස්සේ මිස පියා හොත්තවුන් දැක ඇඳෙක ලා ගෙණ ඇතුළු නුවරට හැර ගෙණ ගොසින් ‘ මහණ ගොයුම්හුගේ සවුවෝ තමන්ගේ බුදුන් කළ වරද සඟවනු නියා සුන්ද‘රීන් මරා පියා මල් කසළ හස්සෙහි ලා සඟවා පී ය ’යි රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ‘ එ සේ වී නම් ගොසින් නුවර ත් කියා ඇවිදුව ’ යි කිවු ය. උයි ත් නුවර විථිවල රජ්ජුරුවන් කී ලෙස ම කියා ඇවිද පියා නැවත ත් රජ්ජුරුවන්ගේ මාළිගා දොර කඩට ගියහ. රජ්ජුරුවෝ ත් සුන්දරීන්ගේ මළ සිරුර අමු සෝනෙක මැස්සක් නංවා ලා ඊ තබ්බවා ලා රැකවල් ලවා ලූහ.
සැවැත් නුවර ඇත්තවුන්ගෙනු ත් නිවන් දුටුවවුන් හැර සෙස්සෝ බොහෝ සේ ම ‘ මහණ ගොයුම්හු ත් ලොක ප්ර්සිද්ධ ව හිඳ කළ දෑ බලව. උන් කළ තරමට ත් වඩා උන්ගේ සවුවන් කළ දෙය ත් බල ව ’ යනාදී කිය කියා ඇතුළු නුවර ත් පිටි නුවර ත් ඇවිදිති. සමහරු සිඟා ආ වහන්දෑට බෙණෙති. වහන්දෑ එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ද ‘ එ සේ වී නම් , මහණෙනි , තෙපි ත් බැණ ඇවිදිනා මිනිසුන්ට මෙ ලෙස කියව ’ යි වදාරන සේක් “ අනුන්ගේ වරද නො දැකම බොරුවෙන්ම අනුන්ට දොඩත් ද ඌ තුමූ නරකයට යෙති. යම් කෙණෙක් පව් කම් කොට පියා ත් ‘ නො කෙළෙමි ’ කිය ත් නම් උයි ත් නරකයට යෙති. ඒ දෙ පක්ෂටයේ ඇත්තෝ ම නරකයට යෑමෙන් සරියෝ ය, නො සරි කවරෝ ද යත හොත් - යම් කෙණෙක් බොහෝ කොට පව් කම් කොළෝ නම් බොහෝ කලක් නරකයෙහි පැසෙති. පව් කම් මද කොට කළාහු නො බෝ කලක් පැසෙති. කළා වූ පාප ය කළ කළ ලෙසින් අනිෂ්ට විපාක ය දී මුත් නො හරන්නේ ය ” යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙනා නිවන් දුටහ.
රජ්ජුරුවෝ ද සුන්දරී නම් පරිබ්රාවජිකාව වහන්දෑ නො මරණ නියාව දැන ‘ ඈ මැරූ කෙණකුන් දනුව ’ යි මිනිසුන්ට විධාන
984 සද්ධර්මරත්නාවලි ය
කළහ. ඉක්බිත්තෙන් මැරූ ධූර්ත කොල්ලෝ ද අත් ලස් රනින් රා හැර ගෙණ බොන්නාහු ඔවුනොවුන් හා ඩබරකට පටන් ගත්හ. එකෙකුට ‘ තෝ සුන්දනරි ය එක පහරින් මරා පියා මල් කසළ හස්සේ ලා අත්ලස් රනින් රා හැර ගෙණ බොන්නෙහි වේ ද ? තට රා ත් අරුම ද ? රනු ත් අරුම ද ? තව ත් රා මුට්ටු විටෙක අත්ලස් හැර ගෙණ මිනී මරණ බව වේ දැ ’ යි කී ය. රාජ පුරුෂයෝ ද ධූර්තයන් අල්වා ගෙණ රජ්ජුරුවන්ට පැවු ය. රජ්ජුරුවෝ ත් ‘ ඒ පරිබ්රායජිකාව මැරුවෝ තෙපි දැ ’ යි විචාරා ‘ එ සේ ය ’ යි කී කල්හි ‘ තෙපි ම සිතා ගෙණ මැරූ ද ? අන්නුගේ විධානයෙකින් දැ ’ යි විචාළෝ ය.
තිථයන්ගේ විධානයෙන් නියාව කී කල්හි රජ්ජුරුවෝ තිථයනු ත් ගෙන්වා ලා වරද මුන් කෙරෙහිම පිහිටුවා ලා “ තෙපි නුවරට පලා ගොසින් ‘ මහණ ගොයුම් හට අයසස් උපදවනු නිසා සුන්ද රීන් අපි ම මැරුම්හ. සුන්ද රීන් කියා ඇවිදි කට යුතු ත් අප ගේ උගැන්මෙනැ ’ යි කියාත් ‘ මහණ ගොයුම්හුගේ හා ඔහුෙග් සවුවන් ගේ කිසි ත් වරදෙක් නැත. වරද අපගේ ම යි ’ යි කියා ත් නිරපරාධ බුදුන් හා බුදු සවුවන් වහන්සේලාට වරද සිතට නැඟුවන්ට තොපගේ ඇති වරද කියා වරද තොප කෙරේ ම නියාව කියා සිතට නංවා ලව ’ යි කිහ. උයිත් එලෙසම කළහ. කිය කියා ලූ දෙයක් ම හදහන්නෝ එයි ත් ................... තිථයෝ ත් මනුෂ්යප වධ ය මුල් ව ලද මනා ................ බුදු සස්නට සුන්දරි ය බලා අයසස් උපදවන්නන් නැගි හෙයිනු ත් තිථයන්ට ලං වන්නවුන් නැති හෙයිනු ත් ලාභ සත්කර බලවත් වි ය.
එ හෙයින් සුජනයන් විසින් ලාභ සත්කාර දි නිසා අනුන් කෙරෙහි ඊර්ෂ්යාු නූපදවා ලාභ සත්කාරාදියෙහි ගිජු නො ව දැහැමින් සෙමෙන් දවස් යවා නිවන් අත් කටයුතු.
235. දුශ්චරිත ඵලානුභව කෙරෙහි සත්වයන් ගේ වස්තු
සංස්කරණයතව ද දුශ්චරිතයෙහි නපුර හඟවන්ට දුශ්චරිත .................... භව ය කරණ සත්ව්යන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් - මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්ෂ ණ මහ තෙරුන් වහන්සේ හා සමඟ ගිජු කුළු පවුවෙන් බස්නා සේක් නො එක් ප්රේ්තයන්
236. වග්ගුමුදා නම් හෝ තෙර වසන වහන්දෑ ගේ වත 985
ෙග් ඇටසැකිලි ආදි වූ අත් බැව් දැක සිනා පහළ කොට ලක්ෂතණ මහ තෙරුන් වහන්සේ සිනාවට කාරණ විචාළ කල්හි ‘ දැන් සිඟා යන වේලාව හෙයින් සිඟා යමින් සිට කරණ කථා නම් වත් නො වන හෙයින් යුක්ත නො වෙයි. බුදුන් ලඟ දී ම විචාළ මැනැවැ යි කියා ලා සිහිමත් 1 තැන් හෙයින් සිත තබා ගෙණ බුදුන් ලඟ දී විචාළ කල්හි ප්රේලතයන් දැක සිනා පහළ කළ නියාව වදාරන සේක් ‘ මම , ඇවැත්නි , ගිජු කුළු පව්වෙන් බස්නෙම් තුන් සිවුරු පාත්රසත් ගිනි ගෙණ දිලි සෙන්නා වූ ඇට සැකිල්ලක් භික්ෂු ලෙසින් හා භික්ෂුණී ලෙසින් හා සාමණෙර ලෙසින් හා සාමණේරි ලෙසින් හා හික්මන් ලෙසින් ඇවිදි ප්රේණතයන් දිටීමි. මම උන් දැක සංසාර දොෂයෙන් මම මිදිණි යි ’ සිනා පහළ කෙළෙමි ’ යනාදින් මහණ ප්රෙැත වත ආ ලෙසට වදාළ සේක.
බුදුහු ත් ප්රෙ ත වත ආ ලෙසින් ම කසුප් බුදුන්ගේ සස්නෙහි මහණ වුව වුන් කළ මනා ලෙස තිබිය දී දුශ්ශීල ව විසූ නියාව වදාරා ඒ ඇසිල්ලෙහි එ තැන රැස් ව හුන්නා වූ පවිටු අදහස් ඇති වහන්දෑ ට දුශ්ශීල ව වැස නරක දුක් බොහෝ කලක් විඳ තව ත් කර්මන ය නො ගෙවුණු හෙයින් ප්රේ ත ව ඉපැද ගන්නා දුකු ත් වදාරා බණ වදාරන බුදුහු ‘ මහණෙනි , යම් කෙණෙක් අදහස නපුරු හෙයින් මෙ ලොව ජීවිකාව නිසා සිවුරු පෙර ව ගෙණ දුශ්ශීල ව වෙසෙත් ද , කළා වූ අකුසල් බලයෙන් නිරා දුක් විඳ ගින්නේ පැළහී ගිය වුන් අවුවේ ලූවා සේ ප්රේවත ව ත් ඉපැ ද බොහෝ දුක් විඳිති ’ යි වදාළ සේක. දෙශනා කෙළවර පවිටු අදහස් ඇත්තාහු ඒ හැර කුසල් අදහස් ඇති ව බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කවර ලෙසිනු ත් පවෙහි නො හැසිර ත්රියවිධ ශික්ෂාසව පුරා අධිමුක්ති වූ ලෙසින් තුන් බොධීන් එක් තරා බොධියකට පැමිණිය යුතු.
236. වග්ගුමුදා නම් හෝ තෙර වසන වහන්දෑ ගේ වත
සංස්කරණයතව ද දුශ්ශීල ව විසීමෙහි නපුරු හඟවන්ට වග්ගුමුදා නම් හෝ තෙර වසන වහන්දෑ ගේ වත දක්වමු. කෙ සේ ද යත් - මෙහි කථා ස්වරූප ය විනයෙහි උතුරු මිනිස් ධම් පරිඡ්ඡෙහි ආ ය. එ කල බුදුහු ‘ මහණෙනි , බඩක්. නිසා තමා කෙරෙහි නැති මහගු ලොවුතුරා දහම් ගිහීන්ට කියා ඇවිද්දා දැ ’ යි විචාරා
1 සිඟමත් - සිඟීමත් 986 සද්ධර්මරත්නාවලි ය
‘ එ සේ ය ’ යි කී කල්හි නො එක් ලෙසින් ඒ වහන්දෑට බැණ දොඩා වදාරා ‘මහණෙනි , දුශ්ශීල ව සිට සැදෑ ඇත්තවුන් දුන් සිවුරු පොරෝනා බලා ත් ගිනි ගෙණ දිලියෙන ය පට පොරෝනේ මැනව. සැදෑ ඇත්තවුන් දුන් බත් වළඳනු බලා ත් ගිනි ගෙණ දිලිසෙන යවට ගලනු මැනව. සැදෑ ඇත්තවුන් කරවා දුන් සෙනස්නෙහි ලගිනා බලා ත් ගිනි ගෙණ දිලියෙන ලෝ ගෙයි ලග්නේ මැනව. කුමක් නිසා ද යත් - එ ම ජාතියෙහි වන දුකක් මුත් ඉන් දෙ වන ජාතියට යන දෙයෙක් නැත. දුශ්ශීල ව සැදෑ ඇත්තවුන් ගෙන් දුන් සතර පස ය අනුභව කළ කල එක ජාති ය නිසා නො එක් ජාති නස්සී ’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් බිජු වට වැපිරිමට පෙරාතු කුඹුරු සරු සාර කරන්නා සේ දායකයන්ගේ පරිත්යාජගම ය වූ කුසල් බිජුවට වපුරන නිසා සිත් සතන් නමැති කෙත්වලට නුවණ නමැති ඇළවලින් වීය්ය්ල් නමැති පැන් මෙහෙයා කුසල් නමැති සී සැමෙන් කෙලෙස් නමැති තණ කුණු කොට සැදැ නමැති බිජුවට වපුට ලොවි ලොවුතුරා සැප ත් නමැති ශස්ය ඵල සාධා ගත යුතු.
237. ඛෙම නම් උපාසකයන්ගේ වස්තුව
සංස්කරණයතව ද කුශලයෙහි ම අනුසස් දක්වන්ට ඛෙම නම් උපාසකයන්ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් - ඌ තුමූ අනේ පිඬු මහ සිටාණන්ගේ බෑණනුවෝ ය. රූපත් වන පින් කළ හෙයින් බලවත් රූ ඇත්තෝ ය. බොහෝ සේ ගෑනු මිනිස්සු උන් දැක රාගයෙන් මඩනා ලදු ව සිටි සේ සිට පිය නො හෙති. උයි ත් ගෑනු මිනිසුන් තමන්ට නැමෙන හෙයින් පරදාර කර්මොයෙහි ඇලී වෙසෙති.
එක් දවසක් ගම් රකවල්ලු ගෙයක හසු කොට ගෙණ ගසා අල්වා ගෙණ රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ ද සිටාණන් කෙරෙහි කළ සම්භාවනායෙන් සිතින් මුසුප්පු ඇත ත් කිසිවකු ත් නො කියා හරවා පූ ය. උයි ත් බරළින් 1 නැවැති පමණක් මුත් පර 1 වරලින් වරදින් , බමරළින් , මරනින් , බරවූ මරණින්
237. ඛෙම නම් උපාසකයන්ගේ වස්තුව 987
දාර කර්ම.යෙන් නො නැවත්තෝ ය . දෙ වැනි වත් ගෙවල දි හසු කොට අල්වා ගෙණ රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ සිටාණන් කෙරෙහි කළ දෙයින් ම හරවාපූ ය.
අනේපිඬු මහ සිටාණෝ ද එ පවත් අසා කැඳවා ගෙණ බුදුන් කරා ගොසින් බුදුන් කෙරෙහි ලජ්ජාවෙනු ත් හැර පිය ත් දෝ හෝ යි සිතා බුදුන්ට දැන්වූහ. දන්වා ලා ‘ ස්වාමීනි , මුන්ට මෙලෝ පර ලෝ දෙකින් ම වන්නා වූ භය දක්වා බණ වදාළ යහපතැ ’ යි කිවු ය. බුදුහු ත් උන්ට පරදාර කර්මනයෙහි දොස් දක්වන සේක් ‘ හෙම්බල සිටු පුත්රී ය , පරදාර කර්‍මයෙහි නියුක්ත වීමෙන් පමා වූවාහු දුක් සතරකට පැමිණෙති. කවර දුක් සතරකට ද යත් - බොහෝ අකුසලු ත් රැස් වෙ යි. සිත සේ නිඳා පියන්ට නැති හෙයින් නිඳි මැරීමෙනු ත් දුකෙක් සම්භ වෙ යි. තව ද බොහෝ නින්දා පරිභව ත් ලැබෙති ’
‘ එ හැම නුවූවා සේ සතර වැනි ව කටු හිඹුල් වනයට හෝ ලෝ කුඹු නරකයට හෝ පැමිණ බොහෝ දුක් විඳිති. මෙ සේ අකුශල ය නිසා අපායොත්පත්ති ය වන හෙයින් ගති ශුද්ධිය ත් නැත. තමා ත් කුමකින් කුමක් වේ දෝ හෝ යි භය පත් ව එ සේ ම භයපත් වූ ස්ත්රීලන් හා කරණ සහවාසයක් හෙයින් එයින් අකුශල සිද්ධි ය වන පමණක් මුත් ස්වල්ප සැපයෙක. රජ දරුවෝ ත් අත් පා කැපීම් ආදි විසින් බොහෝ බරළ කෙරෙති. එහෙයින් පරදාර පම්රනය ත් සෙසු ත් අකුසල් කළමනා දෙයක් නො වෙ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර ඛෙම නම් සිටු පුත්රනයාණෝ සෝවාන් ව පරදාර කර්මා ය හළවු ය. එ වක් පටන් බොහෝ දෙන ත් සුවසේ වැඩ හුන්හ.
මෙ ලෙස මුන් දුටු දුටුවන්ට ප්ර සාදාවහ වන්ට පෙර කළ පින් කවරේ ද යත් - මූ තුමූ කසුප් බුදුන් සමයෙහි මල්ලව ව ඉපැද වෛවර්ණ පිළියෙන් පතාක දෙකක් කසුබ් බුදුන්ගේ ධාතු වඩා කළ සතර ගවුවක් උස රන් දාගබ් වහන්සේට පුදා ලා පතන තැනැත්තෝ නෑ සිය ලේ ගෑනු මිනිසුන් හැර සෙසු කවර ත් ගැනු මිනිස්නු මා කෙරෙහි ඇලුම් ඇති වෙත්ව ’ යි පතා ගත්හ. එ හෙයින් මුන් උපනුපන් තැන ගෑනු මිනිස්සු සිට සේ සිටි ය නො හෙතී ’ වදාළ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පරදාර කර්මියෙහි ආදීනව අසා ඒ හරනා සේ සෙසු ත් පවු හැර කුසල්හි හැසිර නිවන් අත් කට යුතු.
988 සද්ධර්මරත්නාවලි ය
238. දුර්ව ව නමක ගේ වස්තුව
සංස්කරණයතව ද ධර්මෙ ගෞරව ය නැති වීමෙහි නපුර දක්වන්ට දූර්වදච නමක ගේ වස්තුව කියමු. කෙ සේ ද යත් - එක් භික්ෂු කෙණකුන් වහන්සේ නො දැන එක තණ ගසක් කඩා පියා පසු ව සැක ව ගොසින් එක් නමක් කරා එළඹ ‘ ඇවැත්නි , කෙණෙක් තණ පතක් කඩා පූ නම් උන්ට කුමක් වේ දැ යි ’ විචාළ සේක. අනික් නම ත් තණ පතක් කැඩී ගිය යි කියා ලෝක වැද්දයක් නො වන බැවින් ‘ කුමක් ද ? දෙසා ගන්නා වරද නැතැ යි ’ කියා ස්වල්ප මාත්රව වැද්දෙ ත් 1 භයක් නො වන ලෙසට විචාළ නම ත් යොදා ලා තමන් වහන්සේ ත් දෑතින් තණ දෙ මිටක් කඩා ගත් සේක. වහන්දැ එ පවත බුදුන්ට දැන් වූ සේක.
බුදුහු ද ඒ නමට බැණ දොඩා බණ වදාරන සෙක් ‘ යම් සේ කර තණ ආදි ය අල්වන සේ නො දැන ඇල් වූ කල අල්වා ගත් අත ම කපා ද එ පරිද්දෙන් කරණ ලෙස තබා ලා නො කරණ ලෙස කළා වූ මහණ ධමු ත් අපායෙහි උපදවා දුක් එළවන පමණක් මුත් වැඩක් සාධා ලිය නො හෙයි. කරමෝ දෝ නො කරමෝ දෝ නො කරමෝ දෝ හෝ යි සිතා පසු බැස කළ මහණ ධමු ත් නො එක් ලෙසින් කිලුටු ලෙසට පවත්නා පැවතීමු ත් සඞ්ඝසන්නිපාතයට එළඹෙන කල නිරාශඩ්ක ව එළඹ පියන්ට නැති විම ත් යහපත් නො වෙයි. එ හෙයින් කරණ දෙයක් කළමනා ලෙසක කර ත් මුත් නො කළ මනා ලෙස කිරිමෙන් ප්රහයොජන නැතැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. නොකීකරු නම ත් නො කීකරු කම් හැර විවසුන් වඩා රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් දුර්වොවත්වො ය සග මොක් දෙකට ම බාධා හෙයින් ඒ හැර සුවවත්ව් ය කර ත් . මාළුවකට ලුණු දිවීම හිතයා සේ කවර ත් කුශලයට අනුකූල බැවින් එහි පිහිටා ලොවි ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.
239. එක්තරා ස්ත්රිපයක ගේ වස්තුව
සංස්කරණයතව ද ඊර්ෂ්යාරවෙහි නපුර දක්වන්ට එක්තරා ස්ත්රිියකගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් - ඒ ස්ත්රියයගේ සමණෝ තමන්ගේ ගෙයි ම කෙල්ලක හා බැඳී ගෙණ වෙසෙති. ඕ තොමෝ එ කෙල්ල කෙරෙහි ඊර්ෂ්යා් ඇති ව 1 වැරැද්දෙක් 240. ආගන්තුක බොහෝ වහන්දැ ගේ වස්තුව 989
ඈ බැඳ සිටුවා ලා කන් නාසා කපා පියා එක් මුලු ව තිබෙන ගබඩාවෙක ලා දොර පියා ලා තමන් කල කට යුත්ත සඟවනු නිසා විහාරයට ගොසින් බණ අසම්හ යි සමණන් කැඳවා ගෙණ විහාරයට ගොසින් බන අසා අසා හුන්හ. ඉක් බිත්තෙන් ඒ උපාසිකාවන්ගේ නෑ කෙණෙක් ගෙට අවුත් දොර හැර පියා කෙල්ලට කළ මුළා දැක කෙල්ල උනා හළවු ය. ඔයි ත් විහාරයට ගොසින් සිවු වනක් පිරිස් මැද සිට තමාට කළ ගහට ය බුදුන් ට දැන්වූහ. බුදුහු ද ඒ අසා බණ වදාරන සේක් ‘ පාප ය නම් අනුන්ට නො හඟවා කිරීමට ත් වඩා බොහෝ දෙනාට හඟවා කිරීම යහපත. කුමක් නිසා ද යත හොත් අනුන් නා දත් වුව පසු තැවිලි වන්ට බාධා නැත. එ හෙයින් යමක් කළ කල සත්ව යන්ට පසු තැවිලි නැත්නම් එ සේ වූ කුශල ය අනුන්ට හඟවා වුව ත් නො හඟවා වුව ත් කිරීම යහපතැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර කෙල්ල හා බැඳී විසූ උපාසකයෝ සෝවාන් වූහ. කෙල්ලට ගහට කළ ගෑනි ද පුරා කෘත කුශල කර්ම ය බළී හෙයින් සෝවාන් වුව. ඒ කෙල්ල ද එ තැන දී ම නිදහස් කළහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ඊර්ෂ්යාදව නම් විෂ ඝොර සර්ප.යන් කොට සිතා එයින් දුරු වන්ට උත්සාහ කට යුතු.
240. අගාන්තුක බොහෝ වහන්දැ ගේ වස්තුව
සංස්කරණයතව ද ජීවිත පොෂණයට ත් වඩා කුශල පොෂණ ය අවශ්ය යෙන් කට යුතු වු නියාව දක්වන්ට ආගන්තුක වූ බොහෝ වහන්දෑ ගේ වස්තුව කියමු. කෙ සේ ද යත් - වහන්දෑ පසල් රටක වස් වැස ලා පළමු මස සුවයෙන් විසූ සේක. දෙ වන මස සොරු අවුත් ඒ වහන්දැගේ ගොදුරු ගම් පැහැර පියා කොල්ල හැර ගෙණ නැඟී ගියහ. එතැන් පටන් මිනිස්සු සොරුන් නවතන නිසා ඒ පසල් නුවර තරපාරු කොට කරන්නාහු ඒ වහන්දැට උපස්ථානයක් කොට ගත නුහුණු වූ ය. වස් තුබු අඩුවෙහි බොහෝ දුක් විඳ ත් වස් වැස නිමවා ලා බුදුන් දක්නා පිණිස සැවැත් නුවරට ගොසින් බුදුන් වැඳලා එකත් පස් ව හුන් සේක. බුදුහු ත් ඒ වහන්දෑ අතින් ‘ මහණෙනි , වස් සුව සේ විසූ දැ ’ යි වදාරා ‘ස්වාමීනි, අපි පළමු මිස සුව සේ විසුම්හ. දෙ වන මස සොරු ගම් පැහැර පූ ය. එ වක් පටන් මිනිස්සු කර්මාපන්තයෙහි හී ගෙණ උපස්ථානයක් කොට ගත නුහුණු වූ ය.
990 සද්ධර්මරත්නාවලි ය
එ හෙයින් බොහෝ දුක් වුනුම් හ ’ යි කී කල්හි ‘ මහණෙනි , ඒ නිසා මුසුප්පු නො වව ’ යි වදාරා බණ වදාරණ බුදුහු ‘ මහණෙනි , යම් සේ මිනිස්සු ඒ පසල් නුවර පිටත දිසාවෙන් අගල පවුරු වාසල් අට්ටාල ආදියෙන් තර කෙරෙත් ද , එ පරිද්දෙන් ‘ මහණෙනි , තෙපි ද රූපා දි ෂඩාලම්බන නමැති වාසල්හි ඇලී වසන්නාවූ ලොභ දොෂාදී කෙලෙස් සොරුන් චක්ෂුරාදී ස දොරින් වැද ලා ශීල සමාධ්යාදදී ගුණ බඩු පැහැර නො ගන්නා ලෙසට චක්ෂුරාදි වූ ස දොර සිහි නමැති දොර පියා සිත් සතන් නමැති නුවර රැක ගනුව. එ සෙ නො කළා නම් අෂ්ට දුෂ්ට ක්ෂිණයෙන් විනිර් මුක්ත වූ නව වැනි බුද්ධොත්පාද කාලයක් තොප හැමට වැරැද්දී. එ සේ වැරද ගිය නම් සසර නමැති මුහුද හී පියා නිවන් පර තෙර කවර කලෙක දැක්ක හෙවු දැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර ඒ වහන්දැ ද නිවනෙහි ඇල්ම නිසා සසර ඇල්ම හැර රහත් ව වදාළ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් මෙ ලොව විඳිනා දුකට වඩා පර ලොව විඳිනා දුක් ම දුක් කොට සිතා ගෙණ ඒ දුකින් මිඳෙන්ට උත්සාහ කට යුතු.
241. නිවටුන් ගේ වස්තුව
සංස්කරණයතව ද යම් කෙණෙක් ලජ්ජා නැති ව කළ මනා පිණට ලජ්ජා ඇත්තෝ වූ නම් ලජ්ජා කළ මනා පවට ලජ්ජා නැත්තෝ වූ නම් භය නො කළ මනා කුශලයට භය ඇත්තෝ වූ නම් භය කළ මනා පාපයට භය නැත්තෝ වූ නම් එහි නපුර දක්වන්ට නිවටුන් ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් - එක් දවසක් වහන්දෑ නිවටුන් දැක කථාවක් උපදවන සේක් ‘ දිය ලණුවක් විවර ත් නැති ව ඇවිදිනා ගැවියන්ට 3 වඩා පෙකණියෙන් උඩ භාගය වුව ත් වසා ගෙණ ඇවිදිනා මේ නිවට සගයෝ ම යහපත් හ. මුන් යන් තම් ලජ්ජාවක් ඇතැ යි සිතම්හ ’ යි වදාළ සේක. නිවටෝ ඒ අසා ‘ අපි ලජ්ජා නිසා අර්ධච්ඡාදක ව ඇවිදිනමෝ නොවම්හ. වැලි පස් ධූලි ආදියෙහි ත් ජීවිත ය ඇත. එ හෙයින් උයි ත් සත්වවයෝ ම ය. එ හෙයින් ඌ තුමූ අපගේ භික්ෂාව භාජනවල නුහුණු වූ නම් යහපතැ යි සිතා භික්ෂාය භාජන රක්නා නිසා වසම්හ ’ යි කියා වහන්දෑ ලා හා වාද විවාද ලෙස බොහෝ කථා කළහ. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් 1 ගැවිඹියන්ට
242. නිවට සවුවන් ගේ වත 991
ඒ මුල් ව බණ වදාරණ සේක් - ‘ මහණෙනි. භික්ෂාර භාජන කෙ තෙක් වේලා සඟවා තබා ත් සිඟන විට , බත් කණ විට එළවුව මනා ම හෙයින් ලජ්ජා කළ මනා දෙයක් නො වෙයි. ඒ සඟවා ඇවිදිම් පමණෙකින් ලජ්ජා ඇත්තා නම් නො වෙති. උයි ත් අලජ්ජිහු ම ය. භික්ෂාජ භාජනයට ත් වඩා ලජ්ජා ස්ථාන ය නම් අවශ්ය යෙන් වැසු ව මනා තැන ය. ඒ නො වස්නාහු සෙසු කො තැනක් වැසුව ත් වැසු ව මනා තැන නො වසන හෙයින් අලජ්ජි හු ම ය.
වැසු ව මනා ලජ්ජා ස්ථාන නො වසා නො වැසුම මනා භික්ෂා භාජන වැසිම නම් විරුද්ධග්රානහ හෙයින් මිත්යාක්ෂ දෘෂ්ටියේ ඇතුළත ඒ මිත්යාාන දෘෂ්ටි ය නිසා සත්ව යෝ නරකාදි වූ සතර අපායට පැමිණෙති. භික්ෂා භාජන ය නිසා තමා ලොභනීය දොසක් නො වන හෙයින් කෙලෙස් භයක් නැති හෙයින් ඒ වැසු ව මැනවැ ’ යි නැත. විරුද්ධ ලෙස සිතා ගෙණ යම් කෙණෙක් ඒ වසා ඇවිදි ත් නම් භය නො කළ මනා දෙයට භය කරන්නා නම් වෙති. ගුභ්යග ප්රකදෙශ ය නම් නො එක් භයට කාරණ හෙයින් භයට ම හැර ලා ඒ නො වස ත් නම් භය කළ මනා දෙයට භය නො කරන්නා නම් වෙති. භික්ෂා භාජන ය නො වැසිමට භයත් ලජ්ජ ස්ථාන ය නො වැසි මට භය ත් කළ මනා භයක් නො වන බැවින් මිත්ථ්ජයා දෘෂ්ටියෙහි ඇතුළත. ඒ නපුරු වු ලබ්ධියක් නිසා සත්වතයෝ අපායට පැමිණ දුක් විඳු ත් නමුත් සග මොක් සාධා ගත නො හෙති ’ යි වදාළ සේක. දෙශනා කෙළවර ඌර්ධ ව කායම වසා ඇවිදිනා නිවටවරු ලජ්ජා ඇති ව අධඃකාය ත් එක් ව වසා මහණ වූහ. හෙතු සම්පන්න ව එ තැනට පැමිණි කෙණෙක් නිවන් දුටහ. එ හෙයින් නුවණැත්තවුන් විසින් පාපයෙහි ලජ්ජා ඇති ව පාපයෙන් දුරු ව සසර දුකෙහි භය ඇති ව නිදුක් ව තිබෙන නිවනට ම තැන් පිරී ය යුතු.
242. නිවට සවුවන්ගේ වත තව ද නි වර ද වරද ලෙස හා වරද නිවර ද ලෙස සිතා විරුද්ධ ලෙස පිළිපැදීමෙහි නපුර හඟව්නට නිවට සවුවන් ගේ වත දන්වමු.
කෙ සේ ද යත් - එක් සමයෙක නිවටුන්ගේ නිවට ගුණ ඇති උපාසකවරු තමන්ගේ දරුවන් ශාසන භක්ති ඇති වීමෙන් සැදෑ උපාසක වරුන්ගේ දරුවන් හා එක් ව පියා කෙළනවුන් දැක කෙළ පියා
992 සද්ධර්මැරත්නාවලි ය
ගෙට ගියවුන් ලවා වහන්දැ නො වඳින ලෙසට ත් විහරවලට නො යන ලෙසට ත් දිවුරුවා පූ ය. ඌ හැම එක් දවසක් දෙව්රම් වෙහෙර දොරටුවට පිටත හැම එක් ව පියා කෙළනාහු පිපාසා ඇත් ව ශාසන භක්තික උපාසක කෙණකුන්ගේ පුතණු කෙණකන්ට ‘ තොපි තෙල විහාර ය ඇතුළට ගොසින් පැන් බී පියා සපථයක් කළ හෙයින් අප ඇතුළු විහාරයට යන්ට බැරි ය. අපට ත් පැන් ගෙනෙව ’ යි කියා ලා විහාරයට යවු ය.
උයි ත් විහාරයට ගොසින් පැන් බී ලා බුදුන් වැඳලා එ පවත දැන්වූ ය. බුදුහු ‘ තොප බොන පැන් බී ලා සෙස්සන් පැන් බොන්ට මුබ එ ව ව ’ යි වදාළ සේක. උයි ත් සපථයට වඩා බුද්ධානුභාව ය බලවත් හෙයින් ගොසින් පැන් පූහ. බුදුන් ත් උන් කැඳවා ලා පැන් පීමෙන් පිපාසා සන්හිඳෙ ත් මුත් කෙලෙස් ගිම් නිවෙන්ට නැති හෙයින් කෙලෙස් ගිම් නිවනු නිසා චරිතානුකූල කොට බණ වදාරා සෝවාන් කරවා වදාළ සේක.
කුමාරවරු තම තමන්ගේ ගෙවල ගොසින් එ පවත් දෙ මවු පියන්ට කිවු ය. දෙ මවු පියෝ ‘ අපගේ දරුවෝ දෘෂ්ටි ගත්හ ’ යි කියා මුසුප්පු ව ගෙණ හැඬූ ය . ඉක්බිති ගෙවල සැදෑ ඇති මිනිස්සු අවුත් මුසුප්පු හරවනු නිසා බණ කථා කීහ. උන්ගේ කථා අසා ‘ මේ දරුවන් මහණ ගොයුම්හු හා එක් වූ බැවින් ඕ හට ම පාවා දෙම්හ ’ යි නෑ සියෝ හැම විහාරයට ගෙණ ගියහ. බුදුහු ත් උන්ගේ අදහස් බලා බණ වදාරන සේක් ‘ යම් කෙණෙක් සග මොක් දෙකට කාරණ වු කුශල ය වරද ය ’ යි ගෙණ අපා ය මාර්ග වු අකුශල ය නි වරද ය ’ යි ගනිත් නම් ඒ විරුද්ධ ග්රා හ ය නිසා රත්රනැ ’ යි සිතා ගිනි හිණ ලන්නවුන් මෙන් , සඳුනැ ’ යි සිතා අමෙධ්යා ය ඇඟ ගාන්නවුන් මෙන් බොහෝ මුළාවට පැමිණෙති. එ හෙයින් යම් කෙණෙක් කුසල් කුසල් සේ ගෙන අකුසල් අකුසල් සේ ගෙණ අකුසලින් දුරු ව කුසල්හි නො වරදව ත් නම් උන්ට සග මොක් දෙක ම නො වරද්දි ’ යි වදාළ සේක. දෙශනා කෙළවර හැම දෙන ම සරණ ශීලයෙහි පිහිටා නිරන්තර ව බණ අසන්නාහු සෝවාන් වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සම්යාක් දෘෂ්ටික වීම නම් නිවනට ඉඳුරා මඟක් හෙයින් ලබ්ධි ය යහපත් කොට ගෙණ භවක්ෂියට ම උත්සාහ කට යුතු.
243. තමන් වහන්සේ ම අරභයා වදාළ වත
සංස්කරණයතව ද සහනයෙහි යහපත හඟවන්ට බුදුන් තමන් වහන්සේ ම අරභයා වදාළ වත දක්වමු.
244. හස්ති ශිල්පයෙහි දක්ෂ කෙණකුන් වහන්සේ ගේ වස්තුව 993
කෙ සේ ද යත් -
මේ කථා ව විස්තර විසින් අප්පමාද වග අටුවායෙහි ම ආ ය. අපි ත් ඔබ දී ම විස්තර කොට කියුම්හ. එ තෙකුදු වුව ත් මාගන්දිහ ය නම් බැමිණියගේ දෙඩීම් - බිණීම් තර හෙයින් අනඳ මහ තෙරුන් වහන්සේ අනික් නුවරකට යම්හ ’ යි කී කල්හි ‘ ආනන්දෙයෙනි , තොප එ සේ කීව ත් බැණ දොඩා පීව ’ යි අපි එ සේ නො යම්හ ’ යි වදාරා බණ වදාරන සේක් - ‘ හෙම්බා අනන්දදයෙනි , මම නම් සටන් බිමට පැමිනි යුද්ධ ක්ෂරම වූ ඇතු ඒ ඒ තැනින් අවුත් ඇඟ වැද ගත් හී දඬු ඉවසන්නා සේ නපුරු අදහස් ඇත්තවුන් නො එක් ලෙසින් බිණු දෙය ත් ඉවසමි. තව ද උයන් කෙළි ආදී කෙළි ලළු පවත්නා තැනට ත් ඇත් කෙණකුන් අස් කෙණකුන් ගෙණ යෙත් නමුත් පූර්ණදභද්රව නම් යක් සෙනෙවියන්ගේ හසු මෙන් හික්මුණු කෙණකුන් ම ගෙණ යෙති.
‘රජ දරුවෝ ත් නැඟෙත් නම් එ සේ වු ඇත් වාහන - අස් වාහන වලට නැඟෙති. ඊට ත් වඩා යම් කෙණෙක් කවර තරම් ව පෝසත් ව සිට ත් කවර තරම් කෙණකුනු ත් දොඩා බැණ පි දෙය ඉවසත් නම් මිනිසුන්ගෙන් ඌ ම යහපත්හ. තව ද කොටළුවාට දා ව වෙළඹ කුසින් ආජානීය අශ්වයන් වුව ත් සින්ධු දෙශයෙහි උපන් සෛන්ධව අශ්වයන් වුවත් කාලාවකාදි දශ කුලයෙහි ඇතුන් වුව ත් හික්මුණාහු වූ නම් ඌ ත් යහපත. ඒ හැමට ත් වඩා යම් කෙණෙක් උද්ධත ගුණ ය සියලු ලෙසින් රහත් මගින් නසා මුත් හික්මුණාහු නම් ඒ ම යහපතැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර අත්ලස් නිසා බිණූ පමණක් මුත් තමන් සිතා ගෙණ බිණූ ගමනක් නො වන හෙයින් බැණ ඇවිද්දෝ බොහෝ සේ ම සෝවාන් වූහ. අනික් තුන් මග තුන් ඵල ය බිණූ වරදට තිබි ගියා සේ ඒ අවධියට පමා වී ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ශුචි අශුචි නිඃක්ෂෙුපයට මැදහත් ව සිටිනා පොළොව මෙන් ප්ර්තිඝානුන ය දෙකට ම සම ව සිට සෙසු ත් ගුණයෙහි පිහිටා ලොවී ලොවුතුරා ගුන විශෙෂ ය සිද්ධ කට යුතු.
244. හස්ති ශිල්පයෙහි දක්ෂ කෙණකුන් වහන්සේ ගේ වස්තුව
සංස්කරණයතව ද තමා නො හික්ම සිටි අනුන් හික්මවීමෙහි නපුර දක්වන්ට මහණ වීමට පෙරාතු හස්ති ශිල්පයෙහි දක්ෂ් කෙණකුන් වහන්සේ ගේ වස්තුව කියමු.
994 සද්ධර්මතරත්නාවලි ය
කෙ සේ ද යත් -
උන් වහන්සේ එක් දවසක් අචිරවතී නම් ගං බඩ දි එක් හස්ත්යා චාරියකු ඇතු තමා අභිප්රාදය ලෙසට හික්මවා ගත නො හෙන නියාව දැක ලඟ සිටි වහන්දෑ බණවා ලා ‘ ඇවැත්නි , තෙල හස්ත්යා චාරියා ඇත් කෝල බලා තෙල ඇතු අසවල් තැන කොටා ලී නම් වහා ම ඌගේ අභිප්රාහය ලෙසට නැමෙ ’ යි කී සේක. හස්ත්යාමචාරියා ත් ඒ අසා ලා උන් වහන්සේ වදාළ ලෙස ම කොටා හික්මවා ගත. වහන්දෑ ද එ පවත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ත් ඒ භික්ෂූන් වහන්සේ බණවා ලා ‘ සැබෑ දැ ’ යි විචාරා ‘ සැබැවැ ’ යි කී කල්හි ‘ වළත්තෙන් 1 තට ප්රේයෝජන කවරේ ද ? යනාදින් නො එක් ලෙසින් දොඩා වදාරා එ තැනට පැමිණි තැනට වුව ත් ප්ර යෝජන නිසා බණ වදාරන සේක් - ‘ හෙම්බා , පූර්වය භාගයෙහි විදර්ශ?නා බලයෙන් හා පසු ව ආය්ය්් ස ජාතියට පැමිණෙන කළ මාර්ගට භවනා බලයෙන් තුමූ දැමුණු කෙණෙක් ඇත් වාහන ආදියට නැඟී ත් කිසි කෙණකුන් සීනෙනු ත් නො ගිය විරූ නිවනට තුමූ ම පැමිණෙති. එ හෙයින් හික්ම වන සැටි උගැන්වීමට ත් වඩා තමා භික්මවනු මැනැවැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. එ හෙයින් සත් පුරුෂයන් විසින් අනුන් හික්මවත ත් තම තමා පෙරාතු හික්ම සිට හික්ම ගත් ලෙසට තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා ලොවි ලොවුතුරා ගුණ විෂෙශයට පිහිට විය යුතු.
245. එක්තරා මාලු බමුණාන කෙණකුන් ගේ වස්තුව
සංස්කරණයතව ද අනුන්ගේ විධානයෙන් වුව ත් දෙ මවු පියන්ට උපස්ථාන කිරීමෙහි යහපත හඟවන්ට එක්තරා මාලු බමුණාන කෙණකුන් ගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත් - සැවැත් නුවර එක් බමුණාන කෙණෙක් අට ලක්ෂ්යක් පමණ වස්තු ඇත්තෝ ය. ඌ තුමූ වැඩි විය පැමිණි පුතුන් සතර දෙනකුට බමුණු කුලවලින් සරණ ත් ගෙන්වා පාවා දී ලා සතර දෙනාට සතර ලක්ෂ යකු ත් දායාද කොට දුන්හ. බැමිණිනියන් මළ පසු පුත්තු එක් ව කථා කරන්නාහු ඉදින් මුන්දෑ අනික්
1. වළතත්තෙන් - වළමිත්තෙන්
245. එක්තරා මාලු බමුණාන කෙණකුන් ගේ වස්තුව 995
බැමිණිනි කෙණකුන් ගෙනා දැ වි නම් උන් වැදූ දරුවන්ට ත් දායාද වුවමනා කලට සම්පත අපට අපවත් වෙයි. බැමිණිනි කෙණකුන් මුන්දැ ගෙණෙත ත් කෑමෙන් පීමෙන් අපාසු ව නිසා වේ ද ? කැම පීම ඵාසු කොට ලූමෝ නම් මුන්දෑට සිතිවිලි නැත්තේ වේ ද, යන අදයසින් සංග්රපහ කිරීමෙහි තර අදහසක් නැත ත් වස්තු ලොභයෙන් පලදා නිසා ගසකට පැන් දෙන්නා සේ යහපත් කොට කවන්නෝ පොවන්නෝ යහපත් පිළී දෙන්නෝ නෑවීම් ඉස් සේධීම් ආදි වූ මෙහෙවර ත් කරන්නෝ එක් දවසක් දාවල් නිඳා පියා ලැඟී සිටි කලට පුත්තු සතර බෑයෝ ම අත - පය මැඩ මැඩ හුන්නාහු වෙන වෙන ම සොයා උපයා කන කලට බත් සෙවුව මැනව. ලුණු සෙවුව මැනව. හෝනා හිඳිනා දැ සෙවුව මැනව. වාල් සරක් සෙවුව මැනව. රන් රත්තරන් ආදී වු දෙය සෙව්ව මැනව. නො සෙවු විට ම නැත. තමාගේ නැති කලට සොයා ගිය මැනව ’ යනාදින් ගිහි ගෙවල බොහෝ දුක් කියා ලා ‘ අපි සතර දෙන මුඹ දිවි හිමියෙන් මේ ලෙසින් රකුම්හ. සෙසු වස්තුව ත් දි පුව මැනවැ ’ යි කී හ. බමුණානෝ වස්තුවෙන් වන ප්රුයෝජන ත් මෙ තෙක් ම වේ දැ ’ යි සිතා පුතුන් සතර දෙනාට තුබූ සාර ලක්ෂ ය ත් ලක්ෂෙය ලක්ෂැය බැගින් දී ලා හඳිනට පොරෝනට පිළි සඟලක් විතර තමන්ට තබා ගෙණ සෙසු සම්පතු ත් සතර කොටසක් කොට බෙදා දී ලූ ය. කියා ලූ ලෙසට වැඩි මහලු පුතණුවෝ ද දවස් ගණනක් උපස්ථාන කලහ. එක් දවසක් ගඟට ගොසින් නා පියා එන කලට දොරටුවේ සිටි යේළිණියෝ ‘ හැයි , මුඹ දෑ වැඩිමාලු පුතණුවෝ ය යි දාසක් පන්සියයක් වඩා දි ලූ දෙයෙක් ඇද් ද ? දෙන දේ දී ලූවා සරියේ වුව සෙස්සනු ත් දෙ ලක්ෂ රනින් ලද. මේ ගෙට එන මග මුත් සෙසු පුතුන්ගේ ගෙවලට මං හඳුනන්නේ නැද් දැ ’ යි කිවු ය. බමුණානෝ ත් එ සේ කියා ලූ යේළණියන්ට දොඩා බැණ ගෙණ අනික් පුතණු කෙණකුන්ගේ ගෙට ගියහ. ඒ ගෙයි යේළණියනු ත් කිප දවසක් විතරින් මෙ ලෙස ම කි කලට ලජ්ජාව ගොසින් අනික් පුතණුවන්ගේ ගෙට ගියහ. මෙසේ පුතුන් සතර දෙනාගෙන් ම සම්පත එවා ගන්නා තෙක් මුත් ගිනි පිඹ ගෙන පෙනෙල්ල දැමුවා සේ මූණ ගසා දෙඩීමෙන් නෙරනා ලදු ව සි රක්නා ව සිඟා කා ඇවිදිනෝ කල් ගිය කලට ජරා දුර්වරල ව ගොසින් සිඟා ත් ජීවත් වීම දුක් හෙයින් පිළෙක වැද හෙව නිඳා පියා නැඟී සිට හුන් තැනැත්තෝ තුමූ ම තමන්
996 සද්ධර්මහරත්නාවලි ය
බලා පිය පුතුන් ගෙන් කිසි ද රක්ෂාිවක් නැති හෙයින් රැකෙන උපදෙසක් සිතන්නාහු ‘ මහණ ගොයුම්හු කවුරුන් දුට ත් මූණු දී බැණ නැඟෙතොත් මුත් කර බානා කෙණෙක් නො වෙති. සිත් ගෙණ කථා කරණ සේ ත් දනිති. නො පදෙයි කියා ගිය කෙණකුන් නිසි ලෙසකින් රැක ලිය ත් හෙති. උන් කරා ගිය හොත් රැකි ගත හැක්කැ ’ යි දයිව 1 මතු වන වකක් හෙයින් සිතා ගෙණ පවුල සකහ ගෙණ මාණ පයක් හැර ගෙණ සැරවිටි ගසා බුදුන් ලඟට ගියහ. ගොසිනු ත් සිටිනට බල මඳ හෙයින් වැද හුන්හ.
බුදුහු ත් අශක්තී ව වැද හුන් බමුණානන් හා සමඟ සාද සාමිචී ලෙස කථාකරණසේක් ‘ බමුණ , තොපි ත් දුර්වමල ව ගියා හින පවුල් පමණකු ත් තොපට ත් වඩා දුර්වෙල ය. තා රැක ලන කෙණකුන් නැති නියා දැ ’ යි වදාළ සේක. බමුණානෝ ද ‘ භවත් ගෞතමයෙනි , මාගේ පුත්තු සතර දෙනෙක් ආදි ත් සාර ලක්ෂ යක් හැර ගෙණ පසුව ත් රකුම්හ යි කියා ලා තුබූ සාර ලක්ෂුයක් හැර ගෙන ලදින් වුව මනා ප්රහයෝජන විඳ නිමවා ලා තුමූ නො පෙනි අඹුවන් ලවා දොඩවා බණවා නෙරිතී ’ කීහ.
බුදුහු ත් ‘ යම් දරු කෙණකුන් ගෙන් ප්ර යෝජනයක් විඳිමි යි සිතා වඩා වර්ධන කෙළෙම් නම් ඌ දැන් සෙසු සම්පත් හැර රනින් ම අට අට ලක්ෂෝයක් හැර ගෙණ බල්ලන් ලවා ලා හූරන් ලුහුබඳවන්නා සේ තුමූ නො පෙනී අඹුවන් ලවා ලා දොඩවා නෙරිති. දුටු කල වැඩි මාලු නෑ කම් කියන පමණක් මුත් ඉතා දුර්ජනයෝ ය. රැක්ක මනා අවධියේ දී මා අත් හළුවා වූ ඔහු පුත් සැටියේ අවුත් පෙනි ගිය යක්කු ය. ඒ මාගේ අසත් පුරුෂ දරුවන් බලා ත් මේ සැරවිට දණ්ඩ ම යහපත. කුමක් නිසා ද යත් - අනින්ට ආ ගෙරි සරක් වුව ත් කන්ට ආ බල්ලන් වුව ත් රඳවා ලයි. අඳුරු තැන දී පෙරාතු වෙයි. ගැඹුරු දියෙහි යන කල පිටිවහල් වෙයි. යන කල පැකිළ ගිය ත් එවා ලා සිට පිය හැක්ක ’ යන ගාථා සිතා ලා ‘ බමුණානෙනි එ සේ වී නම් - “ යෙහි ජාතෙහි නන්දිස්සං - යෙසඤ්ච භවමිච්ඡියං ,
තෙ මං දාරෙහි සම්මුච්ඡා - සාව වාරෙන්ති සූ කරං . ”
අසන්තා කිර මං ජම්මා - තාත , තාතාති හාසරෙ , රක්ඛසා පුත්තරූපෙන - තෙ ජහන්ති වයො ගතං , 1. දෛව - දැයිව
245. එක්තරා මාලු බමුණාන කෙණකුන් ගේ වස්තුව 997
දණ්ඩොව කිර මෙ සෙය්යොන - යෙ මෙ පුත්තා අනස්සවා. චණ්ඩම්පි ගොණං වාරෙති - අථො චණ්ඩම්පි කුක්කුරං.
අන්ධකාරෙ පුරෙ හොති - ගම්භීරෙ ගාධමෙධති, දණ්ඩස්ස වානුභාවෙන - ඛලිත්වාම පතිතිට්ඨති. ”
යන මේ ගාථා ඉගෙන ගෙණ බොහෝ දෙනා රැස් වූ තැන දි පුතුන් මධ්යට කොට ගෙණ කියා ලව ’ යි වදාළ සේක.
බමුණානෝ ද බුදුන්ගෙන් ඒ ගාථා ඉගෙන ගෙණ බමුණන් රැස් වන දවසෙක සව් බරණින් සැදී පුතුන් සතර දෙනා ත් අවුත් සභා මද්ධ්ය යෙහි බ්රාකහ්මණවරුන් පිරිවරා ගෙණ හුන් කලට මාලු බමුණු සිරක්නෝ ද ‘ මේ ගාථා කිව මනා කලැ ’ යි ගාථා බුදක් කියනු කැමැත්තෙමි. ඇසුව මැනැවැ ’ යි කියා ලා කියව , කියව , බමුණානෙනි , අසම්හ ’ යි කී කල්හි සිටි හැම දෙන හට අස්වා කියා ලූ ය. එ සමයෙහි ද වැළි ත් යම් දරු කෙණෙක් දෙ මවු පියන්ගේන් ප්රුයෝජන විඳ පුතුන් සමර්ථ ව දෙ මවු පියන් නො රකිත් නම් උන් මැරි ය යුතු ය යි මිනිසුන්ගේ පනතෙක. එ හෙයින් බමුණු සිරක්නන්ගේ පුත්තු ගාථාවල අර්ථ දැනුණු හෙයින් විචාරා තමන් නියම වුව ත් නපුරැ ’ යි පියාණන් වැඳ ගෙණ වඩා වර්ධන ය කළා සේ ම මේ මරණිනු ත් ගළවා පිය මැනැවැ ’ යි කීහ. දරුවන්ගේ තද කම කෙ සේ වුව ත් දෙ මවු පියන් මොළොක් හෙයින් හැම දෙනාගෙන් ගහටයක් වැද යෙතී සිතා මම නිකම් කියාපීමි. අපගේ දරුවන්ට ගහට නො කළ මැනව. ඌ අප රකිතී ’ කීහ. මිනිස්සු ත් උන්ගේ පුතුන් සතර දෙනාට ‘ තුලුන් තෙල ලෙස පෙරළා කියමින් සිටිය දී කුමක් කට හැකි ද ? අදට ගියේ ම ය. මෙ වක් පටන් මිය යන තෙක් යහපත් ව රකුව. එ ලෙස නො කළා නම් මරම්හ ’ යි කිවු ය. උයි ත් බා ගොසින් පියාණන් පුටුවෙක හිඳුවා ගෙණ තුමූ ම ඔසවා ගෙණ ගෙට ගෙණ ගොසින් ඇඟ තෙල් මැඩ පියා ඇඟ උලා නාවා පියා බැමිණිවරුන් කැඳවා ලා ‘ අද පටන් අපගේ පියාණන් වහන්සේට කළ මනා දෙයෙහි අප කිව නො කිව පමා නො වව , පමා වූ නම් මරම්හ ’ යි කියා ලා මධුර ආහාරයක් අනුභව කැර වූහ. බමුණානෝ ද සුවසේ කන්ට බොන්ට ඇති හෙයින් දවස් ගණනෙකින් ම ශරීර බල ත් ඇති ව ඇඟ මූණ පෑය ත් ඇති ව
998 සද්ධර්ම රත්නාවලි ය
අනික් අත් බැවක් සේ තමන්ගේ සැටිය දැක ‘ මේ සියලු ඵාසු ම මහන ගොයුම්හු නිසා වී ය ’ යි පඬුරට එක පිළී සඟළක් හැර ගෙණ බුදුන් ලඟට ගොසින් සිට නො වැඳ ම සාද සාමීචි කොට ලා එකත් පස ව හිද ඒ පිළී සඟළ බුදුන් පා මුල තබා ලා ‘ භවත් ගෞතම යෙනි , අපි බ්රාුහ්මණ වරුම්හ. භවත් ගෞතමයන් අපට ගුරු ව සිටි හෙයින් ගුරු පූජාවක් කරණු කැමත්තම්හ. තෙල පිළී සගළ පිළි ගත යහපතැ ’ යි කිවු ය. බුදුහු ත් උන්ගේ ප්ර සාද ය වඩනා නිසා පිළි පිළිගෙණ ලා බණ වදාළ සේක. බණ වදාරා අන්තයෙහි බමුණානෝ සරණ සීලයෙහි පිහිටා ‘ භවත් ගෞතමයෙනි , ම පුතුන් සතර දෙනා ගෙන් මට නිරන්තර ව දෙනසතර බතෙක් ඇත. ඉන් දෙ බතෙක් මට ඇත. දෙ බතෙක් ඔබට දෙමි ’ කිවු ය. බුදුහු ත් ‘ යහපත , බමුණානෙනි , අභිප්රාවය තැනකට එන්නමෝ වේ දැ ’ යි වදාරා ලා බමුණානන් යවා වදාළ සේක. බමුණානෝ ගෙට ගොසින් පුතුන් බණවා ලා ‘ මහණ ගොයුම්හු මාගේ යාළණුවෝ ය. තොප සතර දෙනා දෙන බත් සතරින් බත් දෙකක් උන්ට දිනිමි. තෙපි ත් තොපගේ ගෙවලට ආ කල පමා නො වව ’ යි කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස්සහ. බුදුහු ත් දෙ වන දවස් සිඟා වඩනා සේක් වැඩි මාලු පුතණුවන්ගේ ගෙට සිඟා වැඩි සේක. උයි ත් බුදුන් දැක පාත්රල ය හැර ගෙන මධුරාහාරය දුන්හ. බුදුහු දෙ වන දවස් අනික් තැනැත්තන් ගේ ගෙට ය , තුන් වන දවස් අනික් තැනැත්තන් ගේ ගෙට යැ යි පිළිවෙළින් සතර දෙනා ගේ ගෙවලට ම වැඩි සේක. හැම දෙන සරියේ ම සත්කාර කළහ. එක් දවසක් වැඩි මාලු පුතණුවෝ මඟුලක් එළඹ සිටි කල්හි ‘ පියාණන් වහන්ස , මේ මඟුලෙහි කවුරුන්ට දන් දෙමෝ දැ ’ යි විචාර ‘ අනික් නිස්සෝ කවුරු ද ? මහණ ගොයුම්හු අපට යාළු ව සිටිති. උන්ට දෙව ’ යි කී කල්හි ‘ එ සේ වී නම් සෙට දවසට පන් සියක් දෙනා වහන්සේ හා සමඟ පවරා ලු ව මැනැවැ ’ යි කිවුය. බමුණානෝ ත් එ ලෙස ම ආරාධනා කළහ. බුදුහු දෙ වන දවස් සහ පිරිවරින් උන්ගේ ගෙට වැඩි සේක. වැඩි මාලු පුතණුවෝ ද ගෙයි ගොම පිරි බඩ ගන්වා මඟුල් සැරහීමෙන් සරහවාලා ඒ ගෙයි බුදු පා මොක් සඞ්ඝයා වහන්සේ වඩා හිඳුවා පැන් නුමුසු කිරි බත් හා සමඟ මධුරා හාර ය වැලඳවූහ. කැඳ වළඳා ලා බත් වළඳන්නාට අතුරෙහි බමුණානන්ගේ පුත්තු සතර දෙන ම බුදුන් ලඟ හිඳ ‘ භවත් ගෞතමයෙනි , අපි අපගේ පියාණන් වහන්සේ යහපත් කොට ම රකුම්හ. ඊ පමාවෙක් නැත. ආදි ත් සැටිය දැක වදාළ , දැන් සැටිය ත් බලා වදාළ යහපතැ ’ යි කිවු ය.
246. පසේනදි කොසොල් රජ්ජුරුවන් ගේ වස්තුව 999
බුදුහු ත් යහපතැ ’ යි වදාරා ලා ‘ හෙම්බා , දෙ මවුපියන්ට උපස්ථාන කිරීම පෙර නුවණැත්තෝ ත් කොළෝ ම වේ දැ ’ යි තමන් වහන්සේ ඇත් අවධියේ කළ උපස්ථාන වදාරන සේක් ‘ තස්ස නා ගස්ස විප්ප වාසෙන විරූළ්හා සල්ල කීව කුටජා ව ’ යනාදින් ට කාදශ නිපාතයෙහි මාතුපොසක ජාතක ය විස්තර කොට වදාරන බුදුහු කසී රජ්ජුරුවන් හස්ත්යාහචාරීවරුන් යවා ලා නා වනයෙන් ගෙන් වූ ගිලී බස්නා මද ඇති එ හෙයින් ම නවතා ලිය නො හැකි ධනපාල නම් ඇත් , ඇත් හලට ගෙණ ගොසින් පට කඩ තිරයක් ඇද සුවඳ පිරිබඩ ත් ගෙණ ලා පට කඩ වියනු ත් ඇති පවිත්රි තැනෙක සිටුවා ලා රජ දරුවන්ගේ අනුභවයට ම නිසි බත ගෙණ ගොසින් තබා ලූ කල ත් තමා සිටිනා වෙනෙන් තමා බැඳගෙණ ආ හෙයින් නා වන ය සලකුණු කොට ඒ තරම් බත ත් අනුභව නො කොට තමාගේ මෑණියන් දෑ වනයෙහි හෙයිනු ත් මෑණියන්ට කරණ උපස්ථාන බාධා හෙයිනු ත් නා වනයට ගියොත් මුත් ඒ කුශල ය නො පිරෙන හෙයිනු ත් බත් පැනට ත් වඩා මාතුපට්ඨාන කුසලයෙන් පිරිහුණු නියාව ම සිතී ය යි බුදුහු තමන් වහන්සේගේ මේ පූර්වන චරිත ය වදාර ත් හැම දෙන ම ඇසින් කඳුළු ගනිමින් මොළොක් අදහස් ඇති ව කන් යොමු කළහ. ඉක්බිත්තෙන් බුදුහු චතුස්සත්යද ය ප්රයකාශ කළ සේක. දෙශනා කෙළවර පුතුන් සතර දෙනා හා ත් යේළණියන් සතර දෙනා හා ත් සමඟ බමුණානෝ සෝවාන් වූහ. එ හෙයින් නුවණැත්තවුන් විසින් මෙ පමණක් වුව ත් සිත තබා මවු පියන්ට උපස්ථාන කිරීමෙහි නො පමා ව එයින් ජනිත කුශලානුභාවයෙන් භව සැප ත් වළඳා නිවන් අත් කට යුතු.
246. පසේ නදි කොසොල් රජ්ජුරුවන් ගේ වස්තුව
සංස්කරණයතව ද භොජනයෙහි පමණ දැන්මෙහි යහපත දක්වන්ට පසේ නදි කොසොල් රජ්ජුරුවන ගේ වස්තුව කියමු. කෙ සේ ද යත් - එක් සමයෙක කොසොල් රජ්ජුරුවෝ මගධ නැළියෙන් සාල් සොළොස් නැළියෙක බත් ඊට සෑහෙන තරම් මාළුවෙන් කති. එක් දවසක් ඌ තුමූ බත් කා ලා භුක්තාලස්යය ත් යවා නො පියා ම බුදුන් ලඟට ගොසින් පමණක් නැති ව කා පී බත් හෙයින් බඩ ත් බර වන්නා ඈත මෑත නැමි නැමී හිඳිති , නිඳා ත් හෙති.
1000 සද්ධර්මිරත්නාවලි ය
බුදුහු ඒ දැක ‘ කුමක් ද , මහ රජ මඳක් සැත පී නො ගෙණ අවුදැ ’ යි විචාර ‘ එ සේ ය , ස්වාමීනි ’ යි කී කල්හි ‘ මහ රජ , පමණ නො දැන බොහෝ කොට කෑම නිසා තෙල ලෙස වන්නේ වේ දැ ’ යි වදාරා පමණ දැන බත් කනු නිසා බණ වදාරණ සේක් ‘ යම් කෙණෙක් බොහෝ කොට කෑම නිසා අභ්යා ස හෙයින් ඒ කෑමට මුත් සෙස්සකට නිසි නො ව හැම වේලේ ම නිඳත් ද , නිඳන විට ත් බඩ බර හෙයින් සැලී පෙරැළී හිඳිත් ද , ඌ තුමූ වඩන හූරකු කුඩු ආදි ය කා මහත් ව ගොසින් ඇත මෑත යා නො දී සුස් ම සුස්මා ගොරව ගොරවා ඇවිදු ත් මුත් ති ලකුණු පමණකු ත් මෙනෙහි නො කෙරෙති. ඒ මෙනෙහි නො කිරීමෙන් බඩ වඩා ගන්නා සේ ම සසර දුකු ත් වඩනේ ය ’ යි වදාළ සේක.
ඒ බණ අසා රජ්ජුරුවෝ භුක්තානුභව ය පිරිහෙළන ලෙස බුදුන්ගෙන් උගත් උත්තර මාණවකයන් ගෙන් දැන දවස ආලොපයක් බැගින් පිරිහෙළන්නෝ නැළියක බත් පමණ වූ කල්හි ලඝු වූ ශරීර ඇති ව බුදුන් කෙරෙහි ගෞරවයෙන් බර වූ සිත් ඇති ව සතියක් මුවල්ලෙහි මහ දන් දුන්හ. ඒ දන් බලන්ට රැස් වූ බොහෝ දෙන ත් ලොවි ලොවුතුරා සැප ත් සිද්ධ කළහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් කුක්ෂි පොෂණ ය ජීවත් වීම විතරකට එක් තරමෙක කොට සුචරිතයේ පොෂණ ය ම බලවත් කොට ස්වර්ගවමොක්ෂු පොෂණ ය කටයුතු. ________________________________________
247. සානු සාමණෙර වත
සංස්කරණයතව ද වත් පිළිවෙත් සරු වීමෙහි අනුසස් දක්වන්ට සානු සාමණෙර වත කියමු. කෙ සේ ද යත් -
ඒ සානු සාමණෙරයන් දෑ ද සැවැත් නුවර එක් කුල දුවණි කෙණෙක් මුන් දෑ බාල කල ම මහණ කරවා ලූ ය. මහණ වූ වක් පටන් ශික්ෂාෙ ගෞරවය ත් ඇති දෑ ය. වත් පිළිවෙත් සරු දෑ ය. මසකට අට දවසක් උදාසන ම නැඟී සිට පැන් පරහා ගෙණවු ත් පැන මළුවේ තබා ලා මළු මං පෙත් හැම ද පියා සවස පානු ත් දල්වා ලා මියුරු වු කට හඬින් බණට හඬ ගානා දෑ ය. වහන්දෑ ද අවුත් උන්දෑ බණ කියන්ට බල ඇති නියාව දැන ‘ බණ කියව , හෙරණිනි ’ උන්දෑට ම ආරාධනා කරණ සේක. උන්දෑ ත් බණ අස්නට පැන නැඟී ලා හිමවූ පියසින් ආකාශ ගඞ්ගාව එ තැනට කරන්නා සේ දහම් වතුරු හඬවා බණ කියා නිමවන විට ‘ මේ බණෙහි
247. සානු සාමණෙර වත 1001
පින් මාගේ දෙ මවුපියන්ට දෙමී ’ කියන දෑ ය. උන් දැ ගේ මිනිස් දෙ මවු පියෝ පින් දුන් නියා ව නො දනිති. දෙ වන ජාතියේ මවු කෙණෙක් යකිනී ව උපන. ඔයි ත් දෙවියන් හා සමඟ අවුත් බණ අසා පියා හෙරණුන් දැ දුන් පින් තමනු ත් මෑණි කෙණකුන් හෙයින් ‘ පුතණ්ඩ , අනුමෝ වීමී ’ කියති.
සිල්වතුන්ට නම් දෙවි මිනිස්සු ඉතා පැහැද හිඳිති. ඒ හෙරණුන්දෑ කෙරෙහි මිනිසුන් තබා දෙවියෝ ත් ආදර ඇති ව මහබඹාණ කෙණකුන් මෙන් ද ගිනි කඳක් මෙන් ද සිතති. හෙරණුන්දෑ කෙරෙහි ගෞරවයෙන් ඒ යකින්නැණියනු ත් උසස් කොට දකිති. දෙවතා සමාගම ආදියෙහි දී ත් යකින්නැණියන්ට සානු මාතාවෝ ය යි කියා ලා හිඳිනා ආසන ත් යහපත් දෙයක් ම දෙති. අග්රෝිදක ය හා අග්රතපිණ්ඩය ත් දෙති. මහෙශාඛ්ය දෙවියෝ ත් උන් දුටු කල අවසර පෑ ලා මඟින් තුමූ ඉවත් වෙති. දුටු කල හුනස්නෙන් නැඟෙති.
ඒ හෙරණුන් දෑ වැඩී වර්ධන ව සස්නේ උකටලී ව උපන් උකටලි ය හැර ගත නො හී හිස කේ හා නිය ත් දික් ව සිවුරු ත්කොළ ව ගොසින් යන නියාව කිසි කෙණකුන්ට ත් නො කියා පා සිවුරු හැර ගෙණ ලමන්දු උපාසිකාවන් ගෙට ගියදෑ ය. උපාසිකාවෝ ද පුතණුවන්දෑ දැක වැඳ ලා ‘ පුතණ්ඩ මුඹ පෙර එන කල ඇදුරු වත් තෙරුන් වහන්සේ ලා කැටි ව හෝ හෙරණ වහන්දෑ ලා කැටි ව හෝ එන සේක. තනි ව ඊ ම යහපත් නො ව ත් එක නමක් වුව ත්කැඳවා නො ගෙණ බැලුවන්ට ත් නො රිසි යෙන තරමේ නැඟී ආයේ හැයි දැ ’ යි කිවු ය. තමන් දෑ සස්නේ උකටලී නියාව කී දෑය. සැදැ ඇති ලමන්දු උපාසිකාවෝ නො එක් ලෙසින් ගිහි ගෙවල අවුල් වියවුල් කියා ත් පුතණුවන්දෑ ගිවිස්වා ගත නො හි තමන් දෑ ම සිතා ලා රඳා පියන දැ වී නමුත් ය යි ‘ එ සේ වි නම් රඳා හුන මැනව. කැඳත් බතු ත් වළඳවා ලා පිළි ගෙනවු ත් දි ලමී ’ කියා ලා හස්නක් පනවා දි ලූ ය. හෙරණුන්දැ හුන් දෑ ය. උපාසිකාවෝ හැසිල්ලෙකින් කැඳ අවුළු පත් ඉදි කොට දුන්හ. කැඳ අවුළු පත් වැළඳූ කලට බත් ඉදි කරණු නිසා නුදුරු තැනෙක හිඳ සාල් දොවුන් ගනිති.
ඒ වේලාට යකිනී ද හෙරණුන් දෑ කොයි දෝ , බත් ලබන සේක් දෝ හෝ යි විමසන්නාහු සිවුරු හරනට හුන් නියාව දැක මුන් වහන්සේ සිවුරු හළ සේක් නම් ලජ්ජාවෙන් දෙවියන් මුණ
1002 සද්ධර්මෙරත්නාවලි ය
බලන්ට මට ත් බැරි ය. ප්රිසිද්ධ ව මුන් වහන්සේ වසඟ ත් නියාවට මුන් වහන්සේ තකන්නෝ ත් නැත. නිකම් නිස්සාර කට යුත්තක් නිසා සීලාදි ගුණ සාරයෙනු ත් පිරිහෙන සේක. ‘ සිවුරු හරිමී ’ සිතන සිතිවිල්ලට බාධා කෙරෙමී” අවුත් ඇඟ ආවිෂ්ට ව ලානොමියන ලෙසට කර අඹරා මූණ පිටි කර දසාවට තබා ලා බිම හෙළා ලුව. කටින් කෙළ දාරා වැගිරෙයි. සාල් ගරමින් හුන් උපාසිකාවෝ පුතණුවන්දැට වූ ගහට ය දැක වහා අවුත් ආපදාව සලකා පුතණුවන් දැ ඔර වතුරුවා ගෙණ වැද හුන්හ. ගම මුළුල්ලේ ඇත්තෝ අවුත් බොහෝ ප්ර තිකාර කළහ. උපාසිකාවෝ ද “ යම් කෙණෙක් මසක් මසක් පතා තුදුස් වක මධ්ය කරන්ට තෙළෙස් වක තුදුස් වක පසළොස් වක ත් පසළොස් වක මධ්යව කරන්ට තුදුස් වක පසළොස් වක පැළවිය ත් අට වක මධ්යො කරන්ට සත වක අට වක නව වක ත් පේ වෙත් ද සෙසු ත් පින් කම පිළිවන් ලෙසක යෙදී වෙසෙත් ද , උන් හා යකුන් නො කෙළෙතී රහතන් ගෙන් අසම්හ. ඒ කෙ සේ වදාළ ත් සානු සාමණෙරයන් දෑ ලා යකුන් කෙළන නියාව දුටුම්හ” යි හඟවන්ට - චාතුද්දසිං පඤ්චදසිං - යාව පක්ඛස්ස අට්ඨමී , පාටිහාරියපක්ඛං ච - අට්ඨඞ්ගසුසමාගතං.
උපොසථං උපවසන්ති - බ්ර හ්මචරියං වරන්ති යෙ , න තෙහි යක්ඛා කීළන්ති - ඉති මෙ අරහතං සුතං . සා දානි අජ්ජ සස්සාමි - යක්ඛා කීළන්ති සානුතා.
යන මේ ගාථාව කීහ. යකින්නැණියෝ ඒ අසා ‘ පින් කම හැසිර හිඳිනවුන් හා යකුන් නො කෙළෙති වේ ද. තොප රහතන් ගෙන් ඇසූයේ. තොප හා කෙළින කෙණෙක් ඇත් නම් වේ ද රහතන්ගේ බස් නො සරි. ශාසනයෙන් පිරිහී පාපයෙහි හැසිරෙන්ට නිල වුවන් හා කෙළියෙන් කිම් ද ? අපි සානුන් හා කෙළුම්හ. ශාසනයෙන් නො පිරිහුණුවූ නම් අරුම්හ. පිරිහුණු වූ නම් අහසින් යත ත් අප ගෙන් මිඳීමෙක් නැත්තේ වේ ද ? යනු හඟවා -
“ යං වෙව පාපකං කම්මං - කරිස්සති කරොති වා න තෙ දුක්ඛා පමොක්ඛන්ති - ආකාසා ‘ පි පලායතො ’ යි.
යකින්න කියා ලා ඒ යකිනි හෙරණුන් දෑ ඇඟින් පහ වුව. හෙරණුන් දැ ත් ඇස දල්වා බලා පියා ලමන්දුන් හඬන නියාව ද ගම මුළුල්ලේ ඇත්තවුන් රැස් වූ නියාව ද දැන තමන්දෑට යක් විකාර ඇති වූ බව නො දැන ‘ මම ආදි පුටුවක් පිට හුන්නෙමි . ලමන්
247. සානු සාමණෙර වත 1003
දූ ත් නුදුරු තැනෙක සාල් ගර ගරා හුන්න. දැන් මම බිම වැටී පියා හොත්තෙමි. මේ කිම් දෝ හෝ ’ යි. “ මතං වා අම්ම රොදන් ති - යො චා ජීවං න දිස්සති ,
ජීවන් තා අම්ම පස්සන් ති - කස්මා ත්වංි අම්ම රොදසි”
යනු හෙයින් ‘ මළ කෙණකුන්ට හෝ හඬති. ජීවත් වුව ත් නො දැක හෝ හඬති. මා මළ ත් නැත. නො දක්නා ලෙසට දුර ගිය ත් නැත. හඬන්නේ හැයි දැ ’ යි විචාළ දෑ ය. ලමන්දු ත් සම්පත් හැර මහණ වූවන් පෙරළා සිවුරු හැරීමෙහි නපුර දක්වනු නිසා - “ මතං වා පුත්ත රොදන්ති - යො වා ජීවං න දිස්සති,
යො ච කාමෙ වජිත්වාරන - පුනරාවත්තතෙ ඉධ ; තං වා පි පුත්ත රොදන්ති - පුන ජීවං මතො හි සො”
‘ මළවුන් ගියවුන්ට ත් හඬති. සැප ත් හැර මහණ ව මඳානු භවයක් මෙන් යම් කෙණෙක් සිවුරු හරිත් නම් නො මළේ ත් කිම් ද ? ශාසනයෙන් මළ හෙයින් මළා හා ම සරි බැවින් ඊට ත් හඬතී ’ කියා ලා ගිහි ගෙය නම් ගිනි අඟුරු වැනි නියා ත් නරක වැනි නියා ත් ශාසන ය නම් නො එක් ලෙසින් නිරුපද්රනව තැන් නියා ත් කියන්නෝ - “ කුක්කුළා උබ්හතො තාත - කුක්කුළං පතිතුම්ච්ඡසි , නරකා උබ්බතො තාත - නරකං පතිතුම්ච්ඡසි ”
යනු කියා ලා ‘ පුතණ්ඩ , මුඹට වැඩෙක් වේව යි ගිනි ගත් ගෙයකින් වුව මනා දෙයක් පෙරාතු කොට පිට ත් කරන්නා සේ බුදු සස්නෙහි මහණ කරවා ලුම්හ. පිට ත් කළ ගමනේ පෙරළා ගිනි ගත් ගෙට ම යන්නා සේ එක් කෙණකුන් ගෙන් පැරැත්තයක් නැති ව මුඹ ම සිවුරු හරින්ට සැලෙන කල කරන්නේ කිම් දැ ’ යි හඟවා - “අභිධාවත භද්දන්තෙ - කස්ස උජඣාපයාමසෙ , ආදිත්තා නිහටං භණ්ඩං පුනඩය්හතුමිච්ඡසි ”
යනු කිවු ය. උන්දෑ ද ලමන්දුන් කියන අවවාද අසා කාරණ සලකා පියා ‘ මට ගිහි වීමෙන් කම් නැතැ ’ යි කී දෑ ය. මෑනියන්දෑ ත් සතුටු ව ගොසින් ප්රකණීතාහාර ය වළඳවා ලා ‘පුතණ්ඩ , කී හැවිරිදි දැ ’ යි විචාරා විසි හැවිරිද්දෙමී ’ කි කල්හි
1004 සද්ධර්මුරත්නාවලි ය
තමන් ශාසන සරූප දන්නා හෙයින් ඒ අඩු කලට මාලු පැවිද්ද බැරි හෙයින් තුන් සිවුරු පාත්ර් සපයා දුන්හ. උන්දෑ ත් පාත්ර සිවුරු සපයා ගෙණ ගොසින් මාලු පැවිදි වු සේක. මාලු පැවිදි වූ බවට අවවාද කරණ බුදුහු “ මේ සිත නම් පෙර හික්මවීම නැති අවස්ථාවෙහි රූපාදි වු අරමුණෙහි ඇලීම් ඝැටීම් ආදි විසින් යම් ලෙසක කැමැත්තො ත් එ ලෙස හැසිරීමෙන් බොහෝ කලක් පැවත පී ය.
‘එ සේ වූ සිත දැන් ඇතරුවකු භකුස්සෙකින් මද නැඟි ඇතකු රඳවන්නාක් මෙන් භාවනා බලයෙන් නිගනිමි. මෙ තෙක් කල් සේ විය නො දෙමී’ උත්සාහ කළ මනා වේ දැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර සානු නම් භික්ෂුන් වහන්සේ රහත් වූ සේක රැස් වූ බොහෝ දෙන ත් නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් දවස දවස පන් සිල් පොහොය අට සිල් වීය්ය්ව ඇත දස සිලු ත් ගිහි ව සිට රැක ශාසනික වුව හොත් ශාසනික වූ තැන් පටන් අනුශීලී ව ශීල සංරක්ෂසණ ය කරත් මුත් සස්නෙහි උකටලී වී මෙන් ලඝුත්වට ය නො හඟවා ත්රි විධ ශික්ෂාකවෙහි හැසිරිය යුතු.
248. බද්ධෙරක නම් ඇතු ගේ වත
සංස්කරණයතව ද සෙවිතබ්බ මානයෙහි යහපත දක්වනට බද්ධෙරක නම් ඇතු ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
ඒ ඇතා ලදරු අවස්ථාවෙහි මහ බල ඇති ව පසු ව දුර්වේල ව ගොසින් එක් මහත් විලකට බැස ලා කළල් මඬෙහි එරී ගොසින් ගොඩ නැංග නො හි සිටියේ ය. බොහෝ දෙන ත් ඔහු දැක ‘ මේ තරම් ශක්ති ඇති ඇතා පාවා දැන් දුවර්ලඝ වී ය ’ යි කථා ඉපැදවූ හ. රජ්ජුරුවෝ එ පවත අසා ඇතරුවා බණවා ලා ඇතු ගොඩ නඟන්ට විධාන කළහ. උයි ත් ගොසින් එ තැන දෙ පෙළ පිරිස් බෙදා ලවා ලා සටන් ලෙසට සටන් බෙරයකු ත් ගැස්වූ හ. අභිමාන පර ඇතා උත්සාහවත් ව වේගයක් ලා ලා ගොඩ නැගී ලා සිට පී ය. වහන්දැ ත් ඒ දැක බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා ‘ මහණෙනි , ඒ ඇත් තමා තරුණ අවස්ථාවෙහි කවර ත් යුද්ධයකට පසු නො බස්නා හෙයින් අසෙචිත වූ අභිමානයක් ඇතිව අභිමාන බලයෙන් පියවි මඩින් ගොඩ නැංග.
249. පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව 1005
තෙපි හැම දෙන බොහෝ තැන් කෙලෙසුන් කෙරෙන් දුරු ව වසන කලට ‘ අප එ සේ නො වන්ට කාරණ කිම් දැ ’ යි සෙවිතබ්බ වූ මාන ම උපදවා ගෙණ කෙලෙස් මහ මඩින් නැගෙව ’ යි වදාරන සේක් - ‘ හැම දවස් ම සිහි නුවණ ඇති ව විසීමෙන් නො පමා ව පවකට නැමී යා නො දී සිය සිත රකිනාහු යම් සේ ඒ මඩෙහි ගැලුණු ඇත් තෙමේ උත්සාහයෙන් මඩෙන් නැඟී ගොඩ සිටී ද, තෙපි ත් එ පරිද්දෙන් කෙලෙස් මහ මඬින් විපස්සනා බල ඇති ව නිවන් ගොඩට පැන නැඟෙව ’ යි වදාළ සේක. දෙශනා කෙළවර ඒ වහන්දැ රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පින් කරන්නවුන් බලා වඩ වඩා පින් කිරීමෙහි කරණ අභිමාන ය නම් සෙවිතබ්බ මානයක් බැවින් එ සේ වූ මාන ය මානයට 1 නො ගෙණ සොත්සාහීව පින් කම හැසිර හැම මන් ම රහත් මඟින් නසන්ට උත්සහ කටයුතු.
249. පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව
සංස්කරණයතව ද නුවණ නැති පාපී පුද්ගලයන් හා එක් ව විසීම බලා ත් තනි ව විසීම යහපත් නියා ව හඟවන්ට ඒ ඒ දිගින් වැඩි පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
මෙහි විස්තර කථා ව යමක වග ආ ය. එ හෙයින් මේ වස්තු වෙයි විස්තරය ත් ඉන් ම දත යුතු.
අනඳ මහ තෙරුන් වහන්සේ පිටු බල කොට ගෙණ පාරිලෙය්යස වනයට ගිය පන්සියක් දෙනා වහන්සේ බුදුන් වල්හි වැඩ හුන්නා දැක දුක් වුන්නා ’ යි සිතා ‘ ස්වාමීනි , මුඹ වහන්සේ බුදු සිවුමැලි වුව , රජ සිවුමැලි වුව, මේ වල වැඩ හුන්නේ කෙ සේද? වත් පිළිවෙත් පමණකු ත් නො ලත්හ යි සිතුම්හ ’ යි කී සේක. බුදුහු ඒ අසා ‘ මහණෙනි , තොප හැම අවුත් වත් පිළිවෙත් නො කළ ත් පාරිලෙය්ය ඇතාණෝ මට කළ මනා වත් පිළිවෙත් කොළෝ ය. මෙ බඳු සහායක් ලදො ත් ඒ එක් ව හිඳීම යහපත. එ ලෙස නැත්නම් කග විසුණු හඟක් සේ තනි ව විසිම යහපතැ ’ යි වදාරන සේක් ඉදින් ගඞ්ගොදක ය හා යමුකොදක ය සේ සම අදහස් ඇති
1 මානසය - මනසට
1006 සද්ධර්ම රත්නාවලි ය
කල්යාදණ මිත්ර කෙණකුන් ලදො ත් සිංහ ව්යා්ඝ්රාමදි ප්ර්කටොපද්රොව ත් රාග ද්වේෂා දී අප්ර කටොපද්රවත් හැර සිහිමත් ව නුවණින් යෙදි සතුටු ව වසන්නේ ය. ඉදින් කැටු ව වැස පියන්ට නිසි එ බදු සම වායක් නො ලදො ත් කල මනා කවරේ ද යත් - ‘ මහත් වූ රජ සැප ත් හැර වලට පලා ගොසින් තපස් කරණ රජ්ජුරු කෙණකුන් මෙන් උදකලා ව ම වලට පලා ගොසින් යම් සේ තෙල පාරිලෙය්යු ඇත් රජ ‘ ඇත් මුළ හා එක් ව විසීමෙන් හැම දෙනා අගින් අගින් ගසා කා පූ තණ මුල් පමණක් තණින් ලැබෙමි. දලු කොළ නෙලා කා පූ නටු මුල් පමණක් කොළින් ලැබෙමි. හැම දෙනා බැස පැන් පූ කලට බී පියන්ට බොර පැන් ලැබෙමි. නා පියන්ට ය ’ යි බට කලට කුණු පලවා ඉලිම් නැත ත් මා මධ්ය. කොට ලා දෙ ඇලයෙන් ගාවා ගෙණ යෙති’ ඇති මුළැ කළකිරී භික්ෂූන්ගේ විවාද සන්හිදුවා ගත නො හී තනි ව ම මා නැගි ආවා සේ අවුත් තනිව ම වෙසේ ද , එ මෙන් හුදකලාව ම වසන්නේ ය. මහණ වූ තැන් පටන් හුදකලා ව ම විසීම යහපත. දික් සඟියෙහි සිල් කඳු වග ආවා වූ ත්රිමවිධ ශිල ය , අල්පෙච්ඡ කථා ආදි වු දශ කථා වස්තු ය , ත්රඳයොදශ ධුතාඞ්ග ය , විවසුන් නුවණ ය, චතුර්විධ වූ ආය්ය් වස මාර්ගඳ ය , චතුර්විධ වූ ශ්රා,මාණ්යණ ඵල ය , ත්රිය විද්යාකවෝ ය, ෂඩහිඥාවෝ ය, අමා මහ නිවන ’ යි මේ හැම කෙ තෙක් කල් එක් ව වස ත් බාලයන්ගෙන් ලද නො හැකි හෙයින් බාලයන්ගේ සහා ය කමෙක් නැත.
එ හෙයින් උන් හා එක් ව විසිම තරමට තනි ව විසීම යහපත පවිටුන් හා එක් ව විසිමෙන් පවිටු අදහස් ඇති වන මුත් සත් පුරුෂ යෝ තුමූ තනි ව ම හිඳිති. එ සේ හිඳිනාහු නිවන් පතා හෙයින් පවු ත් නො කෙරෙති. යම් සේ මේ ඇතා කිසි විටෙක ත් ඇතුන් ලඟට ගියො ත් පීඩා හෙයින් උත්සාහ නැත්තෝ ද එ පරිද්දෙන් කාය ජීවිත නිරපෙක්ෂය ව සුචරිත පූරණයට නියම වූවාහු කිසිවෙක ත් උත්සාහ නො කොට තුන් සුසිරි පිරීමට ම උත්සාහ ඇතිතෝ ය. එ හෙයින් තෙපි ත් එ ලෙසට ම උත්සාහ කරව ’ යි වදාළ සේක. දෙශනා කෙළවර පන්සියක් දෙනා වහන්සේ ම රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් තනි ව හිඳිත ත් පාප මිත්රි සංසර්ග.යෙන් දුරු ව කල්යාණණ මිත්රත භජන ය කොට කුශලයෙහි හැසිර නිවන් අත් කට යුතු.